Jump to content

කව්මිණි මල්දම-ගැටපද විවරණය-iv

Wikibooks වෙතින්

301. අන්වය:- වරා වරා, සේ‍ෙන්යා ඔසලව; වරා වරා උදුරණ තේසේයා වරාව; රාශී වූ ලිය දැක සේනේයා වරා සේනේයා වරා ගියො. ‍ අර්ථය :- දවසක් දවසක් පාසා හේන් වලට රැස්වී; පැසී කෙළවරවූ අමු උදුරන්න‍ාවූ‍, නොයෙක් ජායාවලට මුවාවී; රාග ගීතිකා කියන්නාවූ ස්ත්රීුන් දැක, ස්නේහයෙන් ගමන වලකා ඡායාවන්හි නැවතී ගියහ.

302. අන්වය:- ඇවිසි දල දල, දළ දළ ඔබන සරග, දල පිවිස දල බොන; දළ දළ සරග, දල දල දළ දල තුරු ඇවිස සරග, දල දළ දල දළ තුරු සරග;

අර්ථය :- කිපී ( ක්‍ෙ ඇාධයෙන්) දිලිහි දිලිහී, දළයෙන් දළය හටගන්නා වූ ඇතුන්ද, ජලාශයන්ට පිවිස ජල පානය කරන්නා වූ මහත් මහත් වූ මෘර්ගයන්ද, ලපටිවූ පත්රවයන්ගෙන්ස, වැසී ගියාවූ පතුයන්ගෙන්ද (යුක්තවූ) වෘක්ෂයන්ටූ නැගී සිටින්නාවූ පක්ෂීන්ද ජලයට( ඇති) මහත් ආශාවෙන් මහත් වූ රාව (කරන්නා) වූ වාතකයන්ද;

303. අන්වය:- වන පියවන, පියවන වණ නිල් ගෙලෙ, වන පිය වන, වණ අපිය වන විල් ගස; අවණ පියවන දෙව, රැව් වන වන පිය, වන පියවන, පියවන වණ, උත් දුටු.

අර්ථය :- වනයට ප්රිුය වන්නාවූ, ප්රි යවූ වර්ණ ඇති මොනරුන්ද ජලයට ප්රිනය වන්න‍ාවූද, ව්රගය අප්රිපය වන්නාවූද, හංසයන්ද, අමිහිරි හඩ ඉක්මවා දෙන්නා වූ රාව ඇත්තාවූ කෝකිල පක්ෂීන්ද, වනය ඉක්මවා යන්නාවූ වර්ණ ඇති ; ඒ කුමරවරු දෙදෙන දුටහ.

304. අන්වය:- මුව මුව සග නොගී ගොස්, මුව මුව සිට, මුව මුව ලදලැති; නෙක තිත් මුව මුව, මුව මුව, නව දල සැදී සාමුව, මුව අමුව, උන් දැක, උන් මුව මුව බැලූ.

අර්ථය :- මෘගයෙකු පාසා එක්ව ගොස්, අභිමුඛව සිට මුඛයෙන් පාසා ලා දලු කන්නාවූ; නොයෙක් තිත් මුවන් හා අනෙකුත් මුවන් ද, මුඛයෙන් පාසා දළුයෙව් වදුරන්ද, වාත මෘගයන්ද, ඒ කුමාරවරු දෙදෙනා දැක, ඒ මාගයන් සැමගේ මුහුණු බැලූහ.

305. අන්වය:- ලිය ලිය වෙළුමැති. තෙවගෙහි ලිය ලිය, ලිය ලිය ඔවිල් කෙළි; ලිය කිදුරන ලිය, හැමදෙස ලිය ලිය, මලිගිය ලිය ලිය සල රැදී, ලිය අලිය දැක, සිතැ ලිය ‘ලිය.



අර්ථය:- ලතාවක් පාසා වෙළුම් ඇති නා නා වර්ගසයෙහි ලවයාන්විත වූ ලතාවන්ද, ලපටිවූ ලතා උන්සිල්ලාවන්හි ක්රී ඩා කරන්නා වූ; ලීලා සහිත වූ, නිත්තරඞ්ගනාවන්ද, හැම දිශාවන්හි ලියලමින් පවත්නා වූ, මාලතී ලතාවන්ද, මල් වලින් ගැවසී ගත්, ලතාවන්හි බිඟු පෙළද දැක, සිත් අලව අලවා (ගියාහ).

306. අන්වය:- සර සර සිරි රඳනා, මහ සර සර, සර සර සර, සර සර, සර සර සර; තුඩුලා මී බොන; පැහැසර තිසර, සර සර; එදෙදෙන, යන අසර අසර දුටු.

අර්ථය :- සාර ස්ත්රී න්ගේ ශොභාව උසුලන්නාවූ, මහි විලක් පාසා, ස්වර නඟ නඟා වේගයෙන් පියුමක් පාසා සඤචාරණය කොට, හොටින් ඇන මී බොන්නාවූ; පැහැයෙන් සරුවූ හංසයන් සරි සරන්නාවූ; ඒ කුමාරවරු දෙදෙන, යන මාර්ග යක් පාසා දුටුහ.

307. අන්වය:- මල මල හැර, අමල අමල මල මල වැද, මල මල, මල මල බොන; අමල බිඟු මල, මල මල, රැවුම් අල, මළ සිළු මල, මළ මල මළ දැක, අමල අල, අමල හියො.

අර්ථය :- පරව ගියාවූ මල් ඉවත් කොට, නිර්මැල නිර්ම,ලවූ මලක් පාසා පැමිණ, අපවිත්රා හැරදමා, මල් පැණි බොන්නාවූ; කිලිටින් ‍තොර බිඟුවැල පර්වවතයක් පාසා, ශබ්ද කළාවූ, මත් මොනර කැලද, (සතුන් මරන්න‍ාවූ) මළ පුඩු ඇති පාප මල ඇති වැදි සමූහයාද දැක, පාප මල රහිතවූ, (කුමාරවරු දෙදෙන) ආලයෙන් මලාන නොව ගියහ.

308. අන්වය:- මොළැතුන් දෙව්දුරු බිඳ බිඳ, බිඳ බිඳ, මඳ මඳ එන, ගඳ ඉවලා විඳ විඳ; සොඳ සොඳ, ලදල අද, රඹ වන්නට වත්, උන් දැක, බියෙන් සඳ සඳ සෙද සෙද ගියො.

අර්ථය :- චණ්ඩ හස්තීන් දේවදාර වෘක්ෂයන් කඩ කඩා අනුභව කිරීමෙන්, මඳින් මඳ එන්නා වූ, ඒ දේවදාරු සුගන්ධනය ඉව කරමින් විඳ විඳ; යහපත් යහපත්වූ, ලපටි කොළ වලින් ආඬ්යඩවූ, කෙසෙල් වනයට පැමිණියාවූ; ඒ ඇතුන් දැක, බියෙන් (හා) තැති ගැන්මෙන් (යුක්තව) වහා ගියහ.

309. අන්වය:- පියා පියා, පිය ලය පියා, අඹතුරු පියා ආ, ලය අඹතුරු පියා පිය පිය පිය පිය පියා පියා අඹතුරු අලය පිය පියා අඹ අපිය පිය තුරු ලය පිය පියා.

අර්ථය:- සියලු පක්ෂීඹහු, ප්රීිතිය හෘදයෙහි මහා (ප්රීලතිය උපදවා ගෙන) අහසට පියාසරකොට අවුත්, සිත් සතුටු කරවන්න‍ාවූ ජල මැද‍ට ප්රීාතියෙන් පිමිණ; පියාපත් වලින් (ජලය) නගා ප්රිජයාඬ්ගනාවන් සමග පියාසරකො‍ට අවුත්, අඹ ගස්වල‍ට නැගී, ප්රීනතිය හැර (අශාව දුරු වන තුරු) අඹ‍ෙගඩි වල පැණි (අඹ පැණි) බොන්නාවූ, කුරුල්ලන් කෙරෙහි සිත අලවා පහව (ගියහ).

310. අන්වය:- ඉගැණුම් විසිනා අසරණව යන, සිත රුති නැතිවන; එ කුමරු දෙදෙන, නිති පැළ‍ෙඹන, දරුණු වග වලසුන් ඇති; වන සිරි සර ඉති දැක දැක ගොසිනා; ‍ අර්ථය :- ඉගෙනීම පතාගෙන පිහ‍ිටක් නොමැතිව යන්නාවු සිත් සතුටක් නොමැති වන්ගනාවූ; ඒ කුමාරවරු දෙදෙන නිරන්තරයෙන් වැජඹෙන්නාවූ, ‍ෙරෟදවූ ව්යාූඝ්‍රයන් හා වලසුන් ඇත්තාවූ; වනයෙහි ශ්රීඉ සාරය මෙසේ දකිම්න් ගොස්;‍‍‍‍

311. අන්වය:- සියල් දෙසින් රැස්වන, පඬුරු නී සැදී , ලකල්, පතර, දද රළ විහිදි, තියු ගොස, විපුල් පැහැදි සිලිලාර සිරි අගනා; නිමල් සිටි කුලන්ගෙන් ගහණව ඔරැදි;

අර්ථය:- සියලු දිශාවෙන් රැස් වන්න‍ාවූ, පඬුරු නැමති ගංගා වලින් සැදුනාවූ; අඞකෘතවූ, මහත්වූ, කොඩි නැමති රළ ඇති විහිදුන‍ාවූ, සතුති නැමති ඝෝෂා ඇති, මහත්වූ පැහැදුනාවූ මුහුදෙහි ස්වභාවය ප්රඩකාශ කරන්නාවූ; පිරිසිදුවූ චතුර්විධ කුලයන්ගෙන් ගැවසී බැබලෙන්නාවූ;

312. අන්වය:- නූන සැපතින්, සහසැර පුර නිගා දුන්; බළ රැස්, ගජ, තුරග, රත සෙනගින්, ගහණ; නිති විදුරැස් පැලදි; සබ මඬලින් හොබන, බරණැස් පුරට පැමිණි; එකුමරු දෙදෙන;

අර්ථය :- අඩු නොවූ සම්පත්තිය හේතුකොට ගොන ශක්ර; පුරයට නිග්ර්හ කළාවූ; භට සමූහයෙන්ද, හස්තීන්ගෙන්ද, අශ්වනයන්ගෙන්ද, රථ වලින්ද, යන චතුරඞගිනී සේනාවෙන් ගැවසී ගත්තාවූ; නිරන්තරයෙන්ම පණ්ඩිත සමූහයා වැජඹෙන්නාවූ; සභා මණ්ඩලයෙන් ශොභමානවූ බරණැස් නගරයට පැමිණියාවූ, ඒ කුමාරවරු දෙදෙනා;

313. අන්වය:- එක් බිජු, සිලිල්, දොඹ, සපු, කිණිහිරිය, මී අඹ, හනවත් සහ කොළඹ, කුඹුක්, එරහැදි, පලොල්, කස රඹ;

අර්ථය :- කරඳය, හිඹුල්ය, දොඹය, සපුය, කිණිහිරිය, මී අඹය, රුක් අත්තන හා කො‍ළොම්ය, කුඹුක්ය, එර හැඳිය, පළොල්ය, කස ගස්ය, කෙසෙල්ය;

314. අන්වය:- හෝපළු, පුවඟු, සල්, නාරුක්, පනා, බෙලි දෙල්, පුලුප්තුරු සහ තල්, යුවල පත්, දෙව්වරු, මිනිල, කල්;

අර්ථය:- අශොකය, රුක් ගස්ය, සල් ගස්ය, නා ගස්ය, කොස්ය, බෙලිය, දෙල්ය, පොල් ගස් හා තල් ගස්ය, ‍කොබලීලය, දේවදාරය, මිල්ලය, කැලය; (යන)

315. අන්වය:- විසිතුරු වෙළෙප් සැදි, දුටු දන මන බැඳුම් රැඳි; විහිදි මහ ගඳ රොන්, දමා සිහිලැල් පවන් සිරි රැඳි,

අර්ථය :- විසිතුරු ගස් වලින් සැදුනාවූ, දුටු ජනයන්ගේ සිත් බැඳගත්තාවූ; විහිදුනාවූ බොහෝවූ සුවඳ රේණු ඇති, අමෘතයක් බඳුවූ ශීතල ගුණය බහුලකොට ඇති වාතයාගේ සිරි රැඳුනාවූ;

316. අන්වය:- පවර එහි, නිරිඳුගෙ සර සිරිබර මඟුල් උයනට, එකුමරු දෙදෙන පිවිස විඩා හැර තැම්පත් ලදු.

අර්ථය :- උතුම්වූ ඒ (බරණැස්) නගරයෙහි, රජතුමාගේ සාරවත් වූ සිරිබර ඇති මඟුල් උයනට, ඒ කුමාරවරු දෙදෙන පිවිස විඩා සන්සිඳුවා, ආශ්වාස ලදහ.

317. අන්වය:- සතොසේ එකුමරු, සැපගේ ගඳ සුපහසේ විඳ, එදින රෑ උයන සැතපී, දෙවන දවසේ;

අර්ථය :- සතුටුවූ (සතුටට පත්) ඒ කුමාරවරු දෙදෙන, සැපවූ පරිද්දෙන් සුවඳවත් වූ මනා ස්පර්ශුය විඳ; එදින රාත්රිව උයනෙහි නිදා, දෙවන දවසේ ;

218. අන්වය:- උදෑසන රිසිසේ සකසේ උයනෙන් නික්ම, වේ මගට පිවිසේ; නොලසේ ඇතළු නුවරට වඩුත්;

අර්ථය :- උදය කාලයෙහි කැමති පරිද්දෙන් යහපත්ව උයනෙන් පිටත්ව, වීථි මාර්ගදයට පිවිස; වහා ඇතුළු නුවරට වඩිනා කල්හි;

319. අන්වය:- එදවස් නුවර වැසි, සමහර කෙනෙක්, තම රිසි බමුණන් රාසිකර; නොවලසි දනක් දෙන සිරිතෙක් වී.

අර්ථය :- එදවසෙහි නගරවාසී වූ, සමහර කෙනෙක්, තමන් කැමති වූ පරිද්දෙන් බ්රාදහ්මණයන් රැස් කරවා; ප්රනමාද නොවී දානයක් දෙන චාරිත්රනයක් වූයේය.

320. අන්වය:- ඊට නිසි කිරිබත් ඈ උවරණ යොදා ගෙන; අසුන් පනවාගෙන, බමුණන් එනු බලාගෙන සිටිති.

අර්ථය :- ඒ දානයට යොග්යෙවූ කිරිබත් ආදීවූ උපකරණ යොදාගෙන; ආසන පිළියෙළ කොට, බමුණන්ගේ ඊම බලාපොරොතුවෙන් සිටිති.

321. අන්වය:- එකල පෙරමග වන් එන, කුමරුවන් දෙදෙන දැක; මුන් අප සිත රඟවන් දනට නිසියෝ වනැයි;

අර්ථය :- ඒ කාලයෙහි පෙර මඟට එන්නාවූ, කුමාරයන් දෙදෙන දැක; මේ දෙදෙන අපගේ සිත් ආකාරයට දානය නිසි අය වන්නෝය’ යි සතුටුව.

322. අන්වය:- තෙපලා පෙරට ගොස්, තොසරස් කැඳවා අවුත්; නිසි තැනක, සුපහස් අසුන් යුවළ හිස්, ඉන්ට සැළසූ.

අර්ථය :- කථා කොට ඉදිරියට ගොස්, වහා කැඳවා අවුත්; සුදුසු තැනක, මනා ස්පර්ශි ඇති ආසන දෙකක් උඩ, වැඩ හිඳීමට සැළැස්වූහ.‍

323. අන්වය:- අරින්දම කුමරුට සුදු සිනුඳු පලසක් අතුට; සෝනක කුමරිඳුට සුරත්, පලසක් රැගෙන අතුළ විට;

අර්ථය :- අරින්දපම කුමාරයා‍ට සුදුවූත් සිනිඳුවූත් කම්බලයක් අතුරා; සෝනක කුමාරයාට අතිශයින් රතුවූ, කම්බලයක් ගෙන ඇතුරූ කල්හි;

324. අන්වය:- එ ලකුණු නිමිති දුටු, දැනුමැති සෝනක කුමරු, මහ පිනැති මේ යහළු, නිසැක බරණැසට අගරද වෙති.

අර්ථය :- ඒ නිමිති ළකුණු දුටුවාවූ, දැනීම ඇත්තාවූ සෝනක කුමාරතෙම, මහා පුණ්යිවන්තවූ මේ යහළුවාණෝ, එකාන්තයෙන්ම බරණැසට අගරජ වෙත්.

325. අන්වය:- එවිට ඔහු නියතින් සෙනෙවි තනතුරු, රුතින් මට පමුණුවයි පුවතින් සිරිතින්, ඉමට නොරිසිය සිති.

අර්ථය :- එකල්හි ඒ රජතුමා ‘ඒකාන්තයෙන් සේනාපති ධූරය, කැමැත්තෙන් මට දෙන්නේය. ස්වභාවයෙන්ම චාරිත්රියෙන්, එය මට රිසි නොවේය’ යි සිතුනේය.‍

326. අන්වය:- දෙන ලද අහර කිස අවසන් කල්හි; එ කුමරු දෙදෙන තොස එවිගස, පෙර ලෙස මඟුල් උයනට ගියො.

අර්ථය :- දෙන ලද්දාවූ ආහාර පිළිබඳවූ කෘත්යලය අවසානවූ කාලයෙහි; ඒ කුමාරවරු දෙදෙනා සන්තොෂයෙන් ඒ ඇසිල්ලෙහි, පෙර පරිද්දෙන් මඟුල් උයනට ගියහ.

327. අන්වය:- බරණැස් නරවරන, එහි රද ඉසුරු විඳිමින; එ දවසට සත්ව්න දවස, සැවගොස්, අපර ලෙව් වන.

අර්ථය :- බරණැස් රජතුමා, ඒ බරණැස් නුවර රජ ඉසුරු විඳිමින්; ඒ කුමාරවරුන් වැලඳු දවසට සත්වැනි දිනයෙහි, චූතව ගොස්, පර‍ ලෝකයට වති.

328. අන්වය:- ඔහුට, රට රකින යුරු, නිසි, දූ දරු කෙනෙක් නැත්තෙන්; ඇමතිවරු සමග සුදුසු එ නුවරු එක් වී;

අර්ථය :- ඒ රජුට රට රකින පරිද්දෙන්; යොග්ය වූ, දුවක හා පුතෙක් නොවූ හෙයින්; ඇමතිවරුන් සමග යොග්යිවූ ඒ නුවරවාසී ප්රාභූ ජනයා එකතු වී;

329. අන්වය :- “අන් උවදුරු දුරුකර, සිරිසර, අප සහ මෙපුර රැක ගැන්මෙහි, ලතර කෙනෙක් සොයමුව ‍එම වර,”

අර්ථය :- “අනෙක් උවදුරු දුරුකොට, ශ්රී”යෙන් සාරවූ, අප හා මේ නගරය රැක ගැනීමෙහි, පොහොසත් කෙනෙක් සොයමුය” යි කියා එ දවසෙහි;

330. අන්වය:- සෙමර හා සේ සත, මිරිවැඩි සඟල කහ පත, පැහැයුත නළල් ප‍ට, ඉති පස් වරණ නොනැවත රැගෙන;

අර්ථය :- චාමරය හා සේසතද, මිරිවැඩි සඟලද, කඩුවද, පැහැයෙන් යුක්තවූ නළල් පටද යන මේ පස් ආභරණයන් වහා රැගෙන;

331. අන්වය:- සකසා මඟුල් රිය සරසා, මෙහැම ඉබහා, සිවුරඟ සෙන් රැසා සතොසා පසඟතුරු නද දෙවා;

අර්ථය :- සකස්කොට මඟුල් රථය සරහා, මේ සියල්ල ඒ රථයට දමා, චතුරංගනී සේනා සමග සතුටින්, පඤ්චතූර්ය්යට නාදය කරවා;

332. අන්වය:- පවර එමඟුල් රිය පෙරට කර නික්මෙවූ සඳ; මඟතුර පිරිවර අනුව පිළිවෙළින් ගෙවාගෙන ගොස්;

අර්ථය:- උතුම්වූ ඒ මඞ්ගල රථය පූර්ව යට කර නික්මෙවූ කල්හි; මාර්ගා-න්තරය. පරිවාර ජනයාට අනුව පිළිවෙළින් ගෙවාගෙන ගොස්;

333. අන්වය:- එනුවර උයන්දොර පැමිණි මනහර රතය ඉවසන අප සත්සර නගින විලසින් බමකර සිටියෙ.

අර්ථය :- ඒ නගරයෙහි උයන්දොරට පැමිණියාවූ සිත්කලුවූ රථය, එහි වසන්නාවූ, බොධිසත්ත්වදයන් වහන්සේ, නගිනා ආකාරයෙන් හරවා සිටියේය.

334. අන්වය:- එසඳ මහා ගුණසරු, පියකරු සෝනක කුමරු; බිසරු තුරු ගොස අසා, වැඩකරු සිතින් මෙසේ සැලකී.

අර්ථය :- ඒ කාලයෙහි මහත් ගුණයෙන් සාරවූ, ප්රිකයඞ්කරවූ සෝනක කුමාරතෙම; කඩිසරවූ තූර්ය්් ඝොෂාව අසා, අභිවෘධිදායක සිතින් මේ ආකාරයෙන් සැලකුවේය.

335. අන්වය:- අරින්දම කුමරුට නගිනා පිණිස නිසිකොට, සිවුරඟ සෙන් පිවිට, මෙතනට ගෙනා සුමඟුල් රතෙකි.

අර්ථය :- අරින්දම නම් කුමාරයාට නැගීමට යොග්යසකොට, චතුරඞ්ගිනී සේනාව පිරිවරා, මේ ස්ථානයට ගෙන ආවාවු මනාවු මඞ්ගල රථයෙකි.

336. අන්වය:- ඉන්, අද මොහු, වෙසෙසින මෙපුර නියතින රදවෙයි, එවිට ඔහු මට යොදන සෙනෙවි තනතුරු, එකැතින එපා.

අර්ථය :- එහෙයින්, අද මේ කුමාරයා, විශෙෂයෙන් මේ නුවර එකාන්තයෙන් රජ වෙයි. එවිට ඒ කුමාරයා විසින් මට දෙනු ලබන්නා වූ සේනාපති ධූරය, එකාන්තයෙන් එපාමය.

337. අන්වය:- “උ රදවි විමන‍ට යනතුරුම, මම මෙහි සිට සිට නොමසිට නික්මගොස්, මහණ වෙමි” යනු තරකොට සිතා;

අර්ථය :- “ඒ කුමාරයාණන් රජවී රාජ භවනයට යන තුරුම, මම මෙතන් පටන් නොසිට, ගිහිගෙන් නික්මගොස්, පැවිදි වෙමැ”යි ස්ථිරකොට සිතා;

338. අන්වය:- මුහුකළ කුසල් ඇති, තස්නා ඉසුරු. නොකැමති සෝනක කුමරු, ගොසින් රුතී පිළිසතැනෙක සිටගති.

අර්ථය:- මේරුවාවූ කුසල් ඇති, පින් ඇත්තාවූ, නසින සුලුවූ, ඓශ්චර්ය්: ය කැමති නැත්තාවූ, සෝනක කුමාරතෙම, ගොස් කැමතිවූ මුවහ තැනක සිටගත්තේය.

319. අන්වය:- පෙරහැර රැගෙණ ගිය, පෙරවී බමුණා එතරින නොසිත උයනට වැද නිදන; අප බොසත්හු දකිමින.

අර්ථය :- පෙරහැර රැගෙන ගියැවූ, පුරෝහිත බමුණා ක්ෂරණයකින් සතුටින් උයනට වැද නිදන්නාවූ; අප බෝධිත්ත්වහයන් දකිමින්;

340. අන්වය:- බල විමසන පිණිස, ගනගුම් සිය දහස් ලෙස, නුදුරුව සිට, “නොලස එකවිට පසඟතුරු ගොස කරවි”

අර්ථය :- රාජ බලය විමසන පිණිස, මෙඝ ගර්ජ”නා ලක්ෂ්යක් පරිද්දෙන්, ලංව සිට; අලස නොවී එකවරම පඤවාඞ්ගික තූර්ය්‍කි ඝොෂා කරවූයේය.‍

341. අන්වය:- අප බෝසත් ඊට මඳකුත් බියසිත්නොවි; දිමුත් යහනතෙහිම සිහිපත් ඇතිව, නිසලව වසා;

අර්ථය :- අපගේ බෝධිත්ත්වියන් වහන්සේ ඒ ශබ්දයට ස්වල්පයක්වත් බිය නොවී; දීප්තිමත් වූ යහනා‍වෙහිම සිහියෙන් යුක්තව, නිශ්චලව වාසයකොට.

342. අන්වය:- එවිගස පිබිදගෙන සැපසේ, අනික් ඇලයෙන මඳකලක් හෙවමින; නැගිට සල්වට පළක් බැඳගෙන;

අර්ථය :- ඒ වහාම පිබිදී සැපයූ පරිද්දෙන්, අනික් පාර්ශවයෙන් ස්වල්ප වේලාවක් ශයනය කොට; නැගිට සල් ගසමුල පර්ය් පාඞ්කයක් බැඳ; (අරමිණිය ගොතා හිඳ)

343. අන්වය:- උන්හට අබිරු උන්, ගුණසරු ‍පෙරවී බමුණා, පදතඹුරු නමකර; පසෙක සිට, පියකරැ මේ විය.

අර්ථය :- ඒ පිරිස‍ට භය රහිතව හුන්නාවූ, ගුණයෙන් සාරවූ පුරෝහිත බ්රා-හ්මණයා, පා පියුම් වැඳ, පැත්තක සිට ප්රි,යඞ්කර වචනයෙන් මෙය කී‍යේය.

344. අන්වය:- “මහබා හිමිසඳිනි මෙපුර රදසිරි ඔබ සතුවන ලෙසිනි, අයැද සි‍ටිනෙමු වේද කිවිසිනි”;

අර්ථය :- “මහා භාග්යි ඇත්තාවූ ස්වාමි උත්තමායණෙනි; විශෙෂයෙන් මේ නගරයෙහි රාජ්ය් ශ්රීඇය, නුඔ වහන්සේ සන්තක වන ආකාරයට, ආරාධනාකර සිටි‍නෙමු නොවේදැ”? යි කී හෙයින්:

345. අන්වය:- සතුටු මහපුරිසා, සිහියෙන් යුතුව නිසිකොට. බමුණ; තොප නිරිඳුට, මෙපුරට දූ දරුකෙණෙක් නැද්ද?

අර්ථය :- සතුටු වූ මහා පුර්ෂයා, සිහියෙන් යුක්තව, යොග්යර කොට බ්රා-හ්මණය; තොපගේ රජතුමාට, මේ නගරය රක්ෂාො කිරීමට, සුදුසුවූ දූදරු කෙනෙක් නැත්තේදැ?(යි);

346. අන්වය:- ඇසූබස කණ සැදී පෙරවී බමුණා, මන බැඳි; ගුණ නිදි හිමි, එසෙය කීවෙන්; ඔහු බස් ගිවිස මන රැඳි;‍

අර්ථය:- ඇසුවාවූ වචනය කණෙහි සජ්ජිත කළාවූ, පුරෝහිත බ්රායහ්මණයා, සිත් අලවා; ගුණයට නිධානයක් වැනි වූ ස්වාමීනී, එසේය කී හෙයින්; ඒ බ්රා,හ්මණයාගේ වචන ගිවිස්වා සිතෙහි රඳවාගෙන;

347. අන්වය:- නොමඳ නරවිරු ගුණ දද, එසේ වී නම්; අද තොප සුබැසි වදනද එමලෙද මම ද පිළිගනිමි දනු.

අර්ථය:- බොහෝවූ මනුෂ්යො වීරයන්ට අයත් ගුණ ඇති බෝසත් තෙමේ, “බ්රා:හ්මණය එසේවූයේ නම්; අද තොපගේ යහපත් වචනය එපරිද්දෙන්ම, මමද පිළිගනිමි;” දනුව.

348. අන්වය:- එමහසත් පෙරගිරි වසන මෙතෙපුල් නිසයුරු ඉති පහළවුවර; පෙරවි දද මන කුමුදු සරවී.

අර්ථය:- ඒ මහා සත්ත්වම නැමති පූර්වල පර්වදතයෙහි වාසය කරන්නාවූ, මේ වචන නැමති වන්ද්රඒයා මෙසේ පහළවූ කල්හි; පුරෝහිත බ්රා හ්මණයාගේ සිත නැමති කුමුදු සමූහය පිපුණේය.

349. අන්වය:- එසඳ, මහසත්හට, මනනඳ දකුණු සක් ගෙන; පබඳ උයනෙහිදීම, සිරිත්වූ ලෙද රදබිසෙස් කර;

අර්ථය:- ඒ කාලයෙහි, මහා සත්ත්වකයා, සිත් පින වන්නාවූ, දකුණට කැරකැවී ගිය සක ගෙන‍; ප්ර සිඞවූ උයනෙහිදීම, සිරිත්වූ පරිදි රාජ්යාබභිෂේක කොට;

350. අන්වය:- රිය යහනට වඩා, තුට ඇතස්පාබළ සහ, නුවර පැදකුණු කොට; මහ පෙරහිරින් රජගෙට ගියෝ.

අර්ථය:- රථයෙහි (සාදන ලද) යානාවට වැඩමවා, සතුටින් ඇත් ඇස් පාබළ සෙනඟ කැටිව, නගරය පැදකුණු කොට, මහත්වූ පෙරහරින් යුක්තව රජගෙට ගියහ.

351. අන්වය:- එමවිට, අරින්දම නිරිඳුට, සෝනක කුමරු සිතට සිහිපත් නොව; යසසින් මත්ව තුටුවී ගියේ.

අර්ථය:- ඒ (රාජ්යු පද ප්රාදප්ත) කාලයෙහි, අරින්දම රජුට; සෝනක කුමරු සිතට සිහිපත් නොවී; ඓශ්චර්ය්රාපයෙන් මත්වී සතුටුවී ගියේය.

352. අන්වය:- එසඳ, ගුණයෙන් අගපත් යහපත්, සෝනක කුමරු, පිළිසන් තැනින් අවුත්; මඟුල් සලවට පිවිසැ, විසිනත්;

අර්ථය:- ඒ කාලයෙහි, ගුණය කරණකොටගෙන අගතැන් පැමිණි, යහපත් සෝනක කුමාරයා, මුවඟ වී සිටි තැනින් අවුත්; මඟුල් සල් ගස මුල‍ට පිවිස, පිරික්සා බලන කල්හි;

353. අන්වය:- වියලි නටුවෙන් වෙන්ව, සල් ගසින් ඉගිලී, මියෙහි හුනු, දුඹුලී පතක් දැක; ඒ විගස නියලී;

අර්ථය:- වේලීමට පැමිණ නැට්ටෙන් වෙන්ව, සල් ගසින් ඉගිල, පොළවට වැටුණු, දුර්වනල වූ කොළයක් දැක; ඒ විගසම ඥානය යොදවා;‍

354. අන්වය:- ඊම අරමුණු කොට, බව දුක් ගෙන මෙනෙහි කොට, හුනු මෙපත විලසට, සතහට ජරා නියතය අහෝ!

අර්ථය:- ඒ කාරණයම අරමුණු කොට භව දුක් ගෙන සිහි කොට, (බිමට) වැටුනාවූ මේ කොළය ලෙසට, සත්ත්ව යාට ජරාව නියම වන්නේම ය. අහෝ දුකට කරුණකි.

355. අන්වය:- සිහිකළ එතැනෙහි, පුහුදු බැව් වැනහි ගියෙ. පසිළිබුදු තම හා මහණ වෙස් ලැබ, තෙමේ දැනහී,

අර්ථය:- සිහිකළාවූ ඒ ස්ථානයේදී, පෘථග්ජන භාවය විනාශව ගියේය. පසේබුදු යන නම හා මහණ වෙස් ලැබ, තමන් වහන්සේ ශාන්තව;

356. අන්වය:- සෝනක කුමරු තෙම, අද පසිළිබුදු නම විය. ඉතිකින් බව බිරම උපතුදු යුවල, නැතැයි;

අර්ථය:- සෝනක කුමරු තෙමේ, මේ දවසෙහි පසේබුදු නම් වූයේය; මෙපමණකින් භව භීතිය හා උත්පත්තියද යන දෙක, නැත්තාහයි;

357. අන්වය:- ඉති මියුරු සුබසින් පවත්වා, යලි සතොසින් එපසේමුනි, ලසින් එඋයනින් නික්ම ගොස් විගසින්,

අර්ථය:- මෙසේ මියුරු වූ යහපත් වචන කියා, නැවතත් සතුටින් ඒ පසේමුනි තෙම, ඇසිල්ලකින්ම ඒ උයනින් නික්මී වහාම;

358. අන්වය:- තෙපසේමුනි සුබිම්; මනරම්, නන්ද මුලක නම්; ගල්ලෙනට වැඩ, දිවිහිමි, එහිම සැපසේ විසූ. අර්ථය:- අනේක පසේමුනිවරයන්ට සිඞභූමිවූ, මනරම්වූ නන්ද‍ මුලක යන නාමයෙන් යුක්ත වූ; ගල් ගුහාවට වැඩ, ජීවිතය සීමා කොට, ඒ ගල් ලෙනෙහිම සැපසේ වාසය කළ සේක.

359. අන්වය:- පත්, පසක්, සියරද සිරි විඳ, අවුරුදු සාළිසක් ගියමත්; බෝසත්හට පෙර පුරුදු, සක් තමහට සිහිපත් වී; උදක්;

අර්ථය:- පැමිණියා වූ , ප්රහත්ය;ක්ෂද වූ , ස්වකීය රාජ්ය ශ්රී ය විඳ, අවුරුදු සතළිසක් ගෙවුනාට පසුව; බෝධිත්ව්යා ගේ පෙර පුරුදු ඇති, මිත්ර්යා තමන්ට සිහිවී; බොහෝ සෙයින්;

360. අන්වය:- සිත තුළ වන් දුක් නුහුසුලා, එක හෙලා නෙත් මඳ මඳ කඳුලැලි ගලා, ලපැලී යන්නෙව්; ඉති මුළා වණසෝ කිවුවේය.

අර්ථය:- සිත තුළ වන්නා වූ දුක් දරාගත නොහී, එකවරම ඇසින් ටිකින් ටික කඳුළු වගුරුවා, ළය පැලී යන්නාක් මෙන්; මෙසේ මුසපත්වී විරහ ශොක වාක්ය යක් කීය.

361. අන්වය:- යනයන මගේ සේ විලසින් නොහැරම, සිතරගේ වෙත ආ මගේ සෝනක නම් යහළු වූ ඔහුගෙ ගේ, දැන් කොතනකදෝ!

අර්ථය:- යන්නාවූ මාර්ගහයෙහි ඡායාව පරිද්දෙන් අත් නෑරම, සිත් වූ පරිද්දෙන් සමිපයෙහි ආවා වූ; මගේ සෝනක යන නමින් යුත් මිත්රර වූ ඒ කුමාරයාගේ ගෙය, මෙකල කවර තැනක දෝහෝ!‍

362. අන්වය:- නිතිපතා; ස‍ඳේ සසල මෙන් එකම පණලෙස සිතා ඉ‍ඳේ; ඉතා ස‍ඳේ පමණ නැතිවීම, මවිඳි රජසිරි ඉතා සොඳේ.

අර්ථය:- නිරන්තරයෙන්, චන්ර් ්දයාගේ සා ලකුණ පරිදි එක පණමෙන් සිතා වාසය කොට; මිත්රියා සිහි කිරීමකුත් පවා නැතුව, මා වින්දා වූ රාජ්යස ශ්රී ය ඉතාම හොඳය.

363. අන්වය:- වෙහෙලිඳු අනුගතා එකයුරු, සුමියුරු පියබස් කථාකර, දුරුනොව මා සහ අනුගතා; උචිරතා මගෙ ඉසුරුකම් කීම;

අර්ථය:- මෘගෙන්ර්; තයා හා පසු පස යන අන්යු මෘගෙන්ර්බස යෙකු මෙන් මියුරු වූ ප්රිමය වචන කථාකොට, දුරු නොවී මා සමග එක්ව හැසුරුවාවූ; ඒ කුමාරයාගෙන් වෙන් වූ මගේ රජකම කුමටද? ‍ 364. අන්වය:- බලවත් ලෙස දනවත් වුවොත්; කවුරුත් උමත්වෙනු නියතයි. වෙන සත් ඉසුරුමත්වූ මින් මා මුත්, උන් මෙලෙසට නොවෙත්.

අර්ථය:- බලවත් ආකාරයෙන් ධනවත් වී නම්; සියල්ලන්ම උමතුවන නියතයි. අන්යා සත්ත්වායෝ සැප සම්පතින් මත් වුවත්; මා හැර; ඒ ඉසුරුමත්හු මේ ආකාරයට නොවෙත්මය.

365. අන්වය:- උතුම් මිතුරු හා වෙතින් සිය නෑ නැත; කිවු; මහාබස, සිතින් නොවළහා දැනගෙන, ඔවුන් අහා සිහි නොකෙළෙමි. අර්ථය:- උතුම් වූ මිත්රුයා සමාන අන්යක වූ ස්වකීය නෑයෙක් නැතැයි; කියන ලද්දාවූ, උතුම් වචනය, සිතින් අත් නොහැර දැන, ඒ මාගේ මිත්ර;යා අනේ සිහි නොකෙළෙමි.

366. අන්වය:- යහපත් ඉත වියො සඳහසේ, සිත කැපුනොත්; එසේ කැලලට බෙහෙතුත් නැත; කිවු, ඉසි බසේ, මම ඇසේ අත්පිට දුටුවෙමි.

අර්ථය:- යහපත් වූ මිත්රවයන් ගේ වියොග දුක නමැති කඩුවෙන්, සිත කැපී ගියහොත්; එසේ වූ කැලලට බෙහෙතකුත් නැතැයි; කියන ලද ඍෂි වචනය, මම ඇස් ඉදිරිපිට දුටුවෙමි.

357. අන්වය:- උ, මගේ සිතට සිහි නුවෙ; අගෙ ඉසුරු ලදුවෙන් තමා හැම රගේ පුරුදු ගුණ ඇති, උගේ සිතට මා සිහිනුවේ කිමා!

අර්ථය:- ඒ මගේ මිත්රඇයා, මගේ සිතට සිහි නුවුයේ; අනර්ඝමවූ සැප සම්පත් ලත් හෙයින්මය. සියලු ආකාරයෙන්ම පුරුදු කරන ලද ගුණ ඇත්තාවූ, ඒ මාගේ මිත්රමයාගේ සිතට, මා සිහි නුවුයේ ඇයි?

368. අන්වය:- මගේ මේ වියොදුක් නො විමසා, ඌ බැහැරක වැසා සිටිනේ; සෝනක යන ඒ නම නිසා, ඔහු කුසා සෝ නැතුවාදෝ! අර්ථය:- මගේ මේ වියොග දුඃඛය නො විමසා, ඒ මිත්ර යා පිතක වාසයකොට සිටින්නේ; සෝනකය යන ඒ නාමය හේතුකොටගෙන, ඔහුගේ කුසෙහි ‍ශොක නැති හෙයින් දෝ!

369. අන්වය:- මහත් අවගුණ ලිය වියෝ; දෙලොවෙහි සැපත් වැඩිවියෝ. පුරුදුව ඉත වියෝ; තවත් වියෝ නැත වියො වියො.

අර්ථය:- බොහෝවූ අගුණ ඇත්තාවූ ස්ත්රී න්ගෙන් වෙන් වුවහොත්; (මෙ ලොව පරලොව යන) දෙලොවෙහිම සම්පත්තිය වැඩිවේ. (එහෙයින් එය වියෝගයක් නොවේයැයි සේයි) කාලයක්ම හිතවත්ව විසූ මිත්ර යකුගෙන් වියෝග වුවහොත්; ඊට වැඩි තරම් වූ වියෝගයක් නැත්තේයයි; ව්ය්ක්තයෝ කීහ.

370. අන්වය:- දෙලොවෙහි පියෝ හිස් නො කොට, වැඩකරු පියෝ බස් දෙවන; පස් තැනෙක උවසර පියෝ, අස් උනොත්; අපියෝ එම වද?

අර්ථය:- දෙලොවෙහිම ප්රැයෝජනයත් හිස් නො කොට, වැඩ දායකවූ ප්රියය වචන දෙවන්නාවූ; පස් තැනෙක්හි (බැහැර නො කොට) ආදර ඇත්තාවූ මිත්රෙයා, ඉවත් නො වුවහොත්; අප්රි ය දෙය නම් ඒ කාරණයම වද?

371. අන්වය:- මුවෙන් කිරිගඳ නොම වියෝ, එතැන් සිට මිතුරුව වියෝ; පසන්, සෝනක නම් වියෝ උවෙන්; මට වියෝනම් එමයයි.

අර්ථය:- කටින් කිරි සුවඳ පහ නොවු, ඒ බාල කාලයේ පටන් මිත්ර ව සිට වෙන්වූ; ප්රිසන්න වූ, සෝනක නම් කුමාරයා වෙන්වූ හෙයින්; මට වියෝගය නම් එකමයයි. (කීය.) 372. අන්වය:- දින දින දිනමුව කඩ නො කොට, වෙතට සපැමිණ, මගෙ සුවදුක් අසන පසිඳු මැතියෙනි මෙ තෙපි හැම දෙන;

අර්ථය:- දවසක් දවසක් පාසා අලුයම් කාලයෙහි කඩ නො කොට, සමීපයට පැමිණ, මගේ සුවදුක් විචාරන්නාවූ; ප්ර සිඬ වූ, මනත්රීෙවරුනි, මේ තෙපි සියලුදෙනාම;

373. අන්වය:- මා සමග එකවිට, මෙපුරෙහි මඟුල් උයනට සහතුට පිවිස විසූ; සෝනක කුමරු මොනවට;

අර්ථය:- මා හා එක වරම, මේ නගරයෙහි මඟුල් උයනට සතුටුව පිවිස වාසය කළාවූ; මාගේ මිත්ර්වූ සෝනක නම් කුමාරයා මනාකොට;

374. අන්වය:- යම් තැනකට පැමිණ වසනා බවක්, නියතින ඇසූ දුටුවෝතින; වෙසෙසින වහා ඒ මට කියව්.

අර්ථය:- යම් තැනකට පැමිණ වාසය කර බවක්, ඒකාන්තයෙන් දුටුවහොත්; විශේෂයෙන් ඉක්මනින් එය මට කියව්.

375. අන්වය:- මෙලෙසට ඒ සත්සර, නොයෙක් වර ගිවිස්වා; පෙර ඇසිමු, දිටුවෙමු, කියන කෙනෙකුන් නො දැක පසුකර;

අර්ථය:- මේ ආකාරයට ඒ සත්ත්වෙසාරයා, නොයෙක් වාරයෙහි ගිවිස්වා; මීට ප්රටථම ඇසුවෙමු දුටුවෙමුයි; කියන කෙනෙක් වත් නො දැක කල්යවා;

376. අන්වය:- රන්කල සිරසි ලු නෙරළු කුසුමන් පෙළැති. මුව ලඹ රඹ මුළු, සියටැම්හි බැබලු, තැඹිලි පල;

අර්ථය:- රත් කළ මුදුනෙහි දැමුවාවූ පොල් මල් ඇති, මුව එල්ලෙන්නාවු කෙසෙල් ගස් සමූහ ඇති, සිය ගණන් කනුවල බැබලෙන්නවූ, තැඹිලි ගෙඩි (වලු) ඇති;

377. අන්වය:- ලඹ කත්මලින් පත් වෙරළුමිණි, බඳුනෙන් යුත්; ලඹ මුතු දැල් දිමුත්; ලකල්, පිවිතරු සියෙන් අගපත්;

අර්ථය:- එල්ලෙන්නාවූ කන්මලින් පැමිණියාවූ, වෛදුර්ය් ැඹ මාණික්යම භාජන වලින් යුක්තවූ; එල්ලෙන්නාවූ මුතු දත් වලින් දීප්තිමත්ව; අලඞකාරව, පිවිතුරුවූ, වහලින් අගතැන් පැමිණි;

378. අන්වය:- මතු මහල මොනවට වෙලප් බඳවා, නිසිකොට එහි මිප් ලඹකොට, මුදුන මෙලෙසට විසින් කරවා;

අර්ථය:- උඩු මහල් තලය මනාකොට වියන් බඳවා, යොග්යම ලෙස ඒ මතු මලෙහි මල් එල්වා, මුදුන මේ ආකාරයට විසිතුරු කරවා,

379. අන්වය:- අබ විලඳ ඊතන සහ සුනුසහල් ගනිමින, සමන් පුප් සමගින, ලද පස්මලින් ඉසිමින;

අර්ථය:- අබ විලඳ ඊතණ සමග කඩ සහල් ගනිමින්, සමන් මල් හා මිශ්ර කොට, ලද පස් මලින් ඉසිමින්;

380. අන්වය:- සුදම් දෙව් විමනට එක විට නිගා කරනෙව්; සුමට සුලකර පෑ; මහල් තලයට නරනිඳු;

අර්ථය:- සුධර්මා නම් දිව්යි සභාවට එකවර නිගා කරන්නාක් මෙන්; ඉතා මට්ටම් ඇතිකොට මනාසේ අලඞකාර කොට පෑවා වූ; උඩු මහලට රජතුමා;

381. අන්වය:- රුසිරෙන් සිරි කියලු සුලකුළු; නරඹුන් සමග සියලු පිරිවර සහ සබය අලුකර ගොසින් පැමිණි;

අර්ථය:- රූපශ්රීිය කරණ කොටගෙන ශ්රී කාන්තාව ප්රුකාශ කළාවු, මනාසේ අලඞකාර කරන ලද; ස්ත්රීටන් සමග සියලු පිරිවරද සමග සභාව අලෝක කොට පැමිණි; 382. අන්වය:- දන තෙත් කැලුම් විඳ, පමාලිය මන නෙත් බැඳ, සෙමර වලාවෙන් ලඳුන් දෙන පවන් සිරි විඳ;

අර්ථය:- ජනයන්ගේ නෙත්රි කාන්තිය විඳ ප්ර මාද ස්ත්රී න් ගේ සිත් හා ඇස් බැඳ, සුන්දගරවූ සෙමෙර වලගින් ස්ත්රීතන් විසින් දෙන ලද පවන් සිරි විඳ‍;

383. අන්වය:- තිකුළග මඳුරු ගිර ඉසුරු පාමින්; පුවතර නිරිඳු සඳ එමවර, තියුත් මනහර සිහසුන් හෙබි.

අර්ථය:- ත්රි: කූටාග්රුයෙහි වූ මන්දාීර පර්වලතයෙහි ඓශ්වර්ය් භයට ප්රුකාශ කරමින්; ප්ර සිඞවූ රජතුමා එදවස්හි නියුක්තවූ මනොඥ වූ සිංහාසනය ශොභමාන කෙළේය. (එහි වැඩහුන්නේය.)

384. අන්වය:- මලගල, සඳුන්ගස් තනා තොසරස් සුවඳැර; යලි පියුම් විල් ගස් උලැගි එන; තොස් වා පහස් දිති.

අර්ථය:- මලය පර්වතතයෙහි, සඳුන් ගස් කම්පා කොට වහා, සුවඳ විහිදුවා; නැවත පියුම් විල්වල වැදී නැඟ එන්නාවූ; සත්තොෂ ගෙන දෙන වාත ස්පර්‍ශය වින්දේය.

385. අන්වය:- තුරු සිරස ලගිනා, මොනර ගණ මන නොසිත වෙත අමළ, පවතිනා; නදිතා එකෙකා කෙකා නදිනා පිල් ඉදි කරවි.

අර්ථය:- ගස් මුදුනෙහි ලගින්නාවූ මොනර කැල සිත් තොසින් සමීපයෙහි හැමුවාවූ, වාතය කරණ කොටගෙන; සතුටින් එකිකෙකාගේ පිල් සෘජු කරවිය.

386. අන්වය:- රිවි පිය විලඹුන් පියා පරලොවට යනවිට; මත් බිඟුකැන් හඬට අනුව, වණසෝ සුලන් එහි බට. අර්ථය:- සූර්ය්සෝ නැමති හිමියා විල් නැමති කාන්තාවන් අතහැර, පරලෝකයට යන කල්හි; මත් බිඟු කැලගේ හඬට අනුව විරහ ශෝක නමැති සුලඟ එහි පහළ විය.

387. අන්වය:- එතර, රිවිමිණ, තිසඟන විසින් ගෙන, ලසින සිඳු සමුගෙහි සකසිත නිසන් කොට, තම පියත දුන්වත.

අර්ථය:- ඒ සන්යාතර කාලයෙහි, සූර්ය්ෙන නැමති මාණික්යුය, රාත්රි නැමති ස්ත්රීිය විසින් ගෙන, වහා සාගරය නමැති කරඬුවෙහි සකස්ව නිධාන කොට, අඳුර නැමති පියන දුන්නාක් වැන්න.

388. අන්වය:- සහතම සඳ කැලුම, හැම ගුවනත දිවි විලස? තිසකත්, පෙම පැලඳි මනරම් සුපුල් කඩුමල් මලෙව්.

අර්ථය:- අන්ධ:කාර සහිතවූ සන්යාුවන කාන්තිය, සියලු අහසෙහි දිලිසුනාවූ ආකාරය කෙසේද? රාත්රිා නමැති කාන්තාව ප්රේදමයේ පැලැඳි මනරම් වූ පිපුණාවූ කඬුපුල් නම්වූ මල් වැන්න.

389. අන්වය:- රිවිහිම් නො දැක්මෙන සැඳැග වදිනා, දිවඟන විසුළ මුතුහර මෙන්, ගඟරැස්, වියත හැම තැන දිසි.

අර්ථය:- සූර්ය් ද නැමති ස්වාමියා නො දැකීමෙන් සන්යානාව නමැති ගින්නෙහි වදින්නාවූ, දහවල් නැමති ස්ත්රි ය විසින් විසුරුවා හරින ලද, මුතුමාලය මෙන්; තාරකා සමුහය; ආකාශයෙහි සියලු තන්හි පෙනුණි.

390. අන්වය:- විමල අඹර විල සැදි, තමරැස් සෙවෙල් ලොබ බැඳි, බිදුමට කර විහිදි හසෙව් මඳ මඳ රැඳි සිසි දිසි.

අර්ථය:- නිර්ම්ල වූ ආකාශ නැමැති විලෙහි සජ්ජිත වූ, අන්ධ කාර රාශී නමැති සෙවෙලට ලොභ කොට, අනුභවය පිණිස රශ්මිය පැතුරුවාවූ හංසයකු පරිදි ටිකින් ටික රැඳුනාවූ චන්ර්ස යා පෙනුණි.

391. අන්වය:- දිගැත්තට සෙමරෙව්, තිසඹුට සිඳුවර විසල මිහිකතට අහරෙව්, මෙලෙසට සුපුන් සිසි කැන් වැජඹී.

අර්ථය:- දිශා නැමති ඇතුන්ට සෙමෙර මෙන්ද, රාත්රිා නැමති ස්ත්රිමයට නිකමල් මෙන්ද, මහී කාන්තාවට විලේපනයක් මෙන්ද, මෙකී ආකාරයේ සම්පූර්ණෙවූ චන්ර් සෙයාගේ කාන්තිය වැජඹී.

392. අන්වය:- මල්දම්, මිහිපඬුරු, සඳුන්, මුත්හර, එකපුරු මල්සර දූ අයුරු; පුරතුරැ කෙලිකල් අඟා සැරූ. අර්ථය:- මල්දම්ය, රාසොඬුය, සඳුන්ය, මුතුපටය, කපුරුය, යන මොව්හු, අනඞ්ගයාගේ දූතයන් මෙන්; තගරයෙහි ක්රිමඩා කාලය අඟවමින් සංචාරය කළහ.

393. අන්වය:- එසඳ, ලොපල්, රඟනට කල් වූ බව, සිත ඇගි, ලකල්, මනකල්, නළු ලියනට කියා අවසර දිනි.

අර්ථය:- ඒ කාලයෙහි, ලෝකපාල තෙමේ, නෘත්යව කරණු පිණිස කාලයවූ බැව්, සිතට ඇඟවී. අලඞකාරවූ, සිත්කලුවූ, නා‍ටක ස්ත්රීකන්ට කියා අවසර දුන්නේය.

394. අන්වය:- එකල රෑ දුල, නළඹුන් පෙළ, ඇඟ සඳුන් සදා, කියඹුවැල අවුනා, මුදු සරණතල තෙලින් ගලතා;

අර්ථය:- ඒ කාලයෙහි රූපයෙන් දිලිසෙන්නාවූ, නාටිකා ස්ත්රී්න් සමුහය, ඇඟ සඳුන්ගා; අලකාවලිය අමුනමින්, මෘදුව පා යුග තෙලින් ගල්වා;

395. අන්වය:- මනහර රත් නෙළුම් නෙත් පැහැ, දිගු නුවන් රසඳුන් සදාලා මත් බිඟුන් නෑ, මුහුල මල්දම් සදලනෙත් ගවසා වසාලා; පත් සුපුන් සඳකැලුම් සිරි රැඳි; සිනිඳු, විසාලා, සුදු සළුවෙන් යුත්, දුවන් හිස් පටින් පෙල පෙල රැලි ලලා, ඇඳ ඇඳ වඬලා;

අර්ථය:- මනොඥවූ රතු වස්සන්ගේ නෙත් පැහැය ඇති, දිගුවූ ඇස් රසඳුන් ගා මත් භෘඞ්ගයන්ට බන්ධුහවූ, කෙශ කලාපය මල්දම් නැමති දලුවලින් ගවසා වසාලා; පැමිණියාවූ සම්පූර්ණ‍වූ චන්ර්ූ ඇ කාන්තිය රැඳුනාවූ; සිනිඳුවූ, විශාලවූ. සුදු සළුවෙන් යුක්තවූ, උකුල පෙදෙස දක්වා, පෙලින් පෙල රැලි ලමින්; ඇඳ ඇඳ වර්ධ නය කොට;

398. අන්වය:- නිරිඳු වදනින් සදාලු; නෙක අවන් හල් තුළ දිගැසින් පිවිස, හේමකලසින්, මී තියුණු රණවිත් පුරා සියතින් රැගෙන බී; සලෙලු දන මන නුවන් සැර සරසා ලසින් දැදුරු කරමින්, සොඳුරු රන්ලිය පෙලක් විලසට හොබා, ගොසින් රඟහල වැද;

අර්ථය:- රජතුමාගේ වචනයෙන් සජ්ජිත කොට ලූවාවු; අනේකවූ ආපන ශාලා තුළට ස්ත්රීරහු තුමු පිවිස, රත්මය කළයෙන්, සුරාව රන් භාජන පුරා තම අතින් ගෙන බී; සල්ලාල ජනයන්ගේ සිත ඇස් නමැති හී වේගයෙන් වහා සිදුරු කරමින්; සුන්දතරවූ රන්ලිය පෙලක විලසට ශොභාමත් ‍කොට, ගොස් රඟ හලට පිවිස;

397. අන්වය:- රිවි අවරවර අඹර නැගුණු; රත්වලා පිල්රාශියක් විලසින්, මත් තලාහසඹුන් මඬුල්ලක් එක් පියුම්හි තුඩුලු විලසින්, රත් නෙළුම්මල් පෙළක් සිරසුන් තබා නිරඳුට පුදන විලසින්, එනළුවිලසින් සිත් ඇලුම්කර පෙර සිට නිරිඳුගෙ පදසර නැමද;

අර්ථය:- සූර්යයා අවරට ගිය කල්හි; ආකාශයට නැගුණාවූ, රත්වලා පටල සමුහයකගේ විලාශයෙන්ද, මත්වූ තටාක හංසාඞ්ගනා මණ්ඩලයක් එක් පියුමක තුඩ ගැසුවාවූ ආකාරයෙන්ද, රත් නෙළුම් පෙළක් හිස නැමති ආසනයෙහි තබා රජ තුමාට පුදන විලාශයෙන් පූජා කරන ආකාරයෙන්ද, ඒ නාටක ස්ත්රීතහු, සිත් ආලයකොට ඉදිරියේ සි‍ට රජතුමාගේ පා පියුම නැමද,

398. අන්වය:- එරද දිනකර සතුටු කිරණින් පිපි යන, රත් පියුම් සේ දුරද නොවී; දෙ අංසේ රත දණ, පතුල් යුග, විදාහරිමින්, මනහර දෙ අත විහිද සිතුයම් කරන විලසින් පහන් සේ පැහැද එමතැනම සිටින, ඉඟ සියුම් සේ මඳ මඳ සසලවා;

අර්ථය:- ඒ රාජ නමැති සූර්ය්සත ගේ සතුටු නැමති රශ්මියෙන් පි‍පෙන්නාවූ රත් පියුම් ලෙසින්, දුරත් නොවී; අංශ දෙකෙහි රතුපාටවූ දණහිසද, පතුල් දෙකද, විදහා හැර සිත්කලු වූ දෙ අත දිගහැර, සිතුයම් කරන ආකාරයෙන් ප්රදදීප පරිද්දෙන් පැහැදී; ඒ ස්ථානයේම සිටින්නාවූ, ඉඟ පෙදෙස ශීඝ්රාරකාරව ටික ‍ටික සොලවා; 399. අන්වය:- මුරුනට, සතට, රුවට වැඩි සිටි, මලවි දෙවිඳුගෙ රැඟුම්සාලේ පෙලට පිළිවෙළ ලෙසට ලූ, මඳ මඳ පවන් ලෙල පහන්ලීලේ සිතාලෙ නැගිට, යලි සිට පෙරට ගොස්, ආපසු ඇවිත්, බමමින්, රඟාලේ සලෙල හද, අනුරාග පළකරමින්, සතුටු කරමින්;

අර්ථය:- දෙවියන්ගේද, අන්යත සත්ත්වේයන්ගේද, රූපයට වැඩියෙන් සිටියාවූ, අනඞ්ගයාගේ නෘත්යද ශාලාවෙහි පිළිවෙල ලෙසට දැල්වූ, මඳ සුලඟින් ලෙලදෙන්නාවූ; පහන්වල ආකාරයෙන් සිත් ආශාවෙන් නැගිට, නැවත, සි‍ට පෙරට ගොස්; නැවත පස්සට පැමිණ, බ්රලමණයක කරමින්, නෘත්යහ ශාලාවෙහි සල්ලාලයන්ගේ හෘදයන්ට, අනුරාගය පහළ කරමින්. සතුටුකරමින්;

400. අන්වය:- සත්සර නඟා වයන, වෙණ අනුව, තුඩ තුඩා අම ගී කියා, උවනට නෙත් උපුල් පෙති කඩ කඩා බෙදන විලස‍ට, සබතුර මගා; සියල් තුනුපෙද වඩ වඩා සසලවා සිට, සිය විදුලි සිරිසර වගා කර, අත් තල ඉඩ ඉඩා විදා;

අර්ථය:- සප්ත ස්වරය නටවා වාදනය කරන්නාවූ, වීණාවට අනුව, මුඛයෙන් පාසා අමෘතයන් බඳු ගීතිකා කියා, ලංවූ අයට නෙත්රඅ නමැති උපුල් පෙති සිඳිමින් බෙදන්නාවූ ආකාරයෙන් සභා මධ්යසය බලා; සකල ශරීර ප්රිදෙශය වැඩි වැඩිව චංචල කරවා සිට, සිය ගණන් විදුලියගේ ශ්රී සාරය වගාකර, කයිතාලම ගසමින් විදාහැර;