කව්මිණි මල්දම-ගැටපද විවරණය-v

Wikibooks වෙතින්

401. අන්වය:- ගිවෙණ අනුකර, අවට තබන පද සුළැඟිලි කෙළවරේ බලා, මුදුන, මැද පෙද, නොබිඳ ඉදුකර තත රන්ගිරේ සසලවා; මඳ මඳ සිනාවෙන් යුතු ලවන අනුරාබරේ සපලකර, සොබන නළුලිය, පමාදන හද පොබකැරේ, රැඟුම් ගත්තුය.

අර්ථය:- ගීතිකාවට හා වීණා නාදයට සමාන කොට, හාත්පස තබන ලද පාද වල සුළගිලි කෙළවරේ බලා, මුදුනද, මධ්යහ ප්ර දේශයද, නොබිඳ ඍජු කො‍ට පියයුරු නැමති ස්වර්ණ පර්වකතය චංචල කරවා; මඳ සිනාවෙන් යුතු තොල් වලින් අනුරාගයෙන් බර බව ප්රදයෝජනවත් කොට, ශොභනවූ නාටක ස්ත්රීලහු, ප්ර මාද ජනයන්ගේ හෘදයන් ප්රචබොධකොට, න්යුත්ය‍ කළාහ.

402. අන්වය:- රඟ ඔත් වමිකැන්, මුහුදු මහමේ, අත හලඹ විදූ, තුරුහඬ ගොසින්, සහතොසින් සෙබෙත් වටකොට,මඬුලු බැඳගෙන රැගුමටින් සිටි; අතත් සලෙලුන් මියුරු කැල, සොඳසේ, නිසිත් නඳකෙළේ මතු, එවෙත් විසු ගෙසිකිකැන්, මුළුරෑ එක ලෙසින් රඟකැරවී.

අර්ථය:- නෘත්යයයෙහි තත්පරවූ ස්ත්‍රී සමුහයා, කෙශ කලාප නමැති මහාමෙඝයෙන්ද, අතෙහි නුපුර නමැති විදුලියෙන්ද, තූර්ය් ම ශබ්ද නැමති මෙඝ ගර්ජනයෙන්ද, සන්තොෂයෙන් සභාවත් වටකොට, මුළු මුළුව නෘත්යන(දක්නා) ආශාවෙන් සිටියාවූ; අනන්න්තවූ සල්ලාල නැමති මයුර සමූහයා, යහපත්ව, යොග්යාාකාරයෙන් සතුටු කෙළේය. එපමණකුත් නොව, ඒ සමීපයෙහි වාසය කළාවූ, ගෘහ මයුර සමූහයා ලවා, සියලු රාත්රි යෙහි ඒකාකාරව නෘත්යස කරවීය.

403. අන්වය:- බානපසහිමි නියම ලියවත් මියුලැසක්, රැඟුමෙහි නි‍තොර වී; පමාදන නෙත් කැන් සිසිල් විල් කුමුටුවී, ගාන වෙණ සහ අත්ල රාවය නඟනකල; අවනතය වී ලගත්, පීන, පියයුරු උවනත, උතුම් පියුම් සිරිත් ඔරැඳවී,

අර්ථය:- අනඞ්ග ස්වාමීහුගේ නියම ස්ත්රි ය වැනි වූ ස්ත්රියයක්, නෘත්ය්යෙහි නිරන්තරයෙන් යෙදී; ප්රාමාද ජනයාගේ නෙත්රි කාන්ති නමැති විල්වල ගැලී, ගායනා කරන්නා වූ වීණාවෙහි හා අත් තලෙහි ශබ්දය නන්වන කල්හි; ඊට නැමී හෘදයෙන් ගන්නාලද. පිරිනාවූ, පියයුරු ඇති ස්ත්රි න්ගේ මුහුණ, උතුම්වූ පියුමක සිරියෙන් බැබල විය.

404. අන්වය:- උදක් දැගුම් රනලිය විලස් පළ කළ; මනහර නළු ලියක්, නැතක් මුදුවිත් කෙරෙන් තෝරා රැගත්; පිවිතුරු රනවිතක් මී රස. අඩක් පමණ බොන කල; සරා සිසි බිඹු වැඳ, පසක් මඳක් සැකකර, අත කලදෝවිතක් කොයින්දෝ; බැලුවෙය.

අර්ථය:- සියලුආකාරයෙන් ජඬ්ගමවූ රන් ලියක විලාශය ප්රිකාශ ප්ර.කාශ කළාවු; මනොඥවූ නාටක සත්රිනයක්, අනන්තවූ මී භාජන අතරෙන් තෝරා ගත්තාවූ; පිවිතුරු වූ රන් භාජනයෙක්හි සුරාව, අඬක් පමණ බොන කල්හි; චන්ර්වූක බිම්බයක් වැනිවූ, ඡායාව වැදී, පාර්ශවයකින් මඳක්( සුදු පැහැය දැක) සැක කොට, අතෙහි රිදී තැටියක් කොයින්දැ!යි; බුලුවේ ය.

405. අන්වය:- කැලුම් පෙති තුළ, රතැගිලි බහා ගොතන මලිගිය මල් වඩම් සහ නිලුපුල් කලඹ ගතතින්; මතගනක්, සියමිණි ඔඩම් වහා තුඩුදී පියත්; එහි ඇය නුවන් පිළිබිඹු හුනු ඉඩම්, අහා නිලුපුල් පතෙක සැකකොට, මුව විඩම් නොව පිඹලුවා.

අර්ථය:- කානති ඇති පෙති තුළ, රත් ඇඟිලි බහා ගොතන ලද, මාලතී පුෂ්පදාම හා නිලිපුල් සමූහය, ගත්තාවූ අතින් ලක්ෂණවූ; මත් ස්ත්රීොයක්, ස්වකීය මැණික් තැටි ඉක්මනින් කට තබා පානය කරත්ම; ඒ මැණික් තැටියෙහි ඒ කාන්තාවගේ ඇස්වල ඡායාව පතිතවූ තැන්, (දැක) අතේ නිලෝත්පල පත්රේයෙකැයි සැක කොට කටට සන්සිඳීමක් නැතුව පිම්බාය.

406. අන්වය:- කාම දෙවියන් සිතසෙ සැතපෙන, යානවත්; රමණී ලියක්, තාමරස සඟලෙව්, රතන්තල මී රැඳි විතක් තබාගෙන, ඊම් වෙසෙසා පියත්; ඇය මුතු අලක්මාලය හී, පසක් මඳක් දුරලන සේම, එරද දිවගොස්, ලවන් මී බීයෙය.

අර්ථය:- අනඞ්ගයා සිත්වූ පරිද්දෙන් සැතපෙන්නාවූ, යානාවක් වැනිවූ; සිත්කලුව ස්ත්රිවයක්, නෙළුම්මල් දෙකක් වැනිවූ රතු අත් තලයෙහි මී රැඳුනාවූ තැටියක් තබා ගෙන; එහිම බහා පානය කරත්ම; ඒ කාන්තාවගේ මිදුනාවූ අලකාවලිය වැටී, මුහුණ ( වැසුණු කල්හි) මඳක් දුරු කරණ පරිද්දෙන්ම ඒ රාජයා දිවගොස්, තොල් මී පානය කළේය.

407. අන්වය:- බොලඳ, තුනුපෙද පෙණෙන විලසට හිඳැල්වී, සිනිඳු සළුවක් පැලඳ, රඟහල මතඟනක් දැක; නොසැක රද විලිතිඹුල්වී, පියබඳ වැළඳ, ඉත තුරුල් වී, වත සරොරුභ සිඹින කළ; එලළු පිය යුරු පහස, නිරිඳුට හිම සඳුන්මල් සිසිල්වී.

අර්ථය:- සිවුමැලිවූ, ශරීර ප්රසදෙශය පෙණෙන ආකාරයට ඇහිදැල්වූ, (විනිවිද පෙනෙන සුලුවු) සිනිඳුවූ සාටකයක් පැලඳ, නෘත්ය ශාලාවහි සිටි මත් ස්ත්රිනයක් දැක; ඉවසිය නොහැකිව, රාජයා ලජ්ජාවෙන් තොරව, ප්රියය දෙහෙනිය වැලඳ ගෙන, අතිශයින් තුරුල්ව, මුහුණ නැමති පියුම සිඹින කල්හි; ඒ කාන්තාවගේ පයොධර ස්පර්ශරය, රජතුමා ට හිමි සඳුන් මල් බඳු සිසිල් විය.

408. අන්වය:- තාලයද, වන්නම, ගි වෙණ පද, වෙන වෙනම දක්වා; වියෝකර; පියෝකර අරමුණු, රැඟුම් ඇති, ලිහිල සක්වා වත මතගතක හිසපටන්, සුසිලිට, පයෝදර කාමදෙවිඳුගෙ බවන දක්වා, එනිරිඳු මඳ සිනා දක්වා; නෙත් කැලුම් සියෝකර බහාලු.

අර්ථය:- දෙතිස් ආකාර තාලයද, නෘත්යාබඬ්ගයද, ගීතිකා හා විරහා පදයන්ද, වෙන් වෙන්ව දක්වා, වාදනය කොට: පාදයන් හා අත් අරමුණු කොට ඇති, නෘත්යව ඇත්තාවූ; ලිහිල කැටි කරන ලද මුහුණක් ඇති, මත් ස්ත්රිියකගේ හිස පටන්, ඉතාම සිලිටුවූ, පියයුරු හා කාම දෙවියාගේ භවනය දක්වා ඒ රජතුමු මඳ සිනා දක්වා; ‍නෙත්රි කාන්තිය එකතුකොට බහාලූහ.

409. අන්වය:- කල හසුන්, වර නිලුපුලන්, බිඹුවැල, සුපුන් ‘සඳ, කෝකිලාවන් මඳගමන් යුතු; දිගු නුවන්, දෙ අදර, උවන්, ලාවන්, පියබසැති; නළුනිළියන්, විසිතුරු රැඟුම් ගෙන නෙක රති කලාවන් හඟවමින්, දුටු දනන් මන නුවන් ඇද ඇද, වෙළුම්කර සිහි මුළාවන් කර;

අර්ථය:- කාලහංසයන්ය, උතුම්වූ නීලෝත්පලයන්ය, බිඹුපලය, සම්පූර්ණ:වූ ච්නද්රෙයාය, කොවුලන්ය (යව මොවුන් හා සමානවූ) ලස ගමනද යුක්තවූ; දීර්ඝුවූ නෙත්රනයද, තොල් දෙකද, මුහුණද, මිහිරිවූ ප්රිකය වචනද, යන මොවුන් ඇත්තාවූ; නාටක ස්ත්රිූන්, විචිත්රමවූ නෘත්ය ගෙන නොයෙක් රතිමායම් අවබෝධ කරමින්; දුටු ජනයන්ගේ සිත් හා නෙත් අදිමින්, වෙළුම්කර සිහි මුළා කොට.

410. අන්වය:- සොඳ රතොට මඳ මඳ සිතා සදිමින්, යොවුන් සිත් න‍ඳේකර; පද රඟට රඟමිනි, සෙදින් තුනු, පදේ, විඩාහරිනසේ; නලඹුන් එකලෙසට තදින්, නිතඹ අත්ගසා සිටිනා ලෙදේ; සබමැදේ නැබමුලට සලකුණු තෝරා කියන්නෙව්.

අර්ථය:- සුන්දෙරවූ රතුවූ තොල් මඳ සිනාවෙන් සදා, තරුණ සිත් සතුටුකොට: ගීතිකා පද ආකාරයට නෘත්යත කරමින්, වහා ශරීරයෙහිද පා දෙකෙහිද විඩා හරින්නාක්මෙන්; නාටිකාවන් ඒකාකාරව තදින්, උකුලෙහි අත් ගසා සිටිනා ආකාරය; සභා මාධ්යෘයෙහි තාභි මූලයට විනා ලක්ෂණ තෝරා කියන්නාක් වැන්න.

411. අන්වය:- නුරා ගිනි කඳ මොළව මොළවා, තරුණ තද මන විහටුවත්කර; විරුදු නළුලිය වත් පියුම් පෙළ, නොහිරු දුටුවන් මලව මලවා; නව තට නො නටුවන් රඟන කල නිරිඳුසඳ හද, වෙළව වෙළවා එනැටුවන් දැක, පෙමින් සිට, පුලව පුලවා දෙඇසම, සවන් රස ලද.

අර්ථය:- අනුරාග ගිති කඳ දල්වමින් තරුණ ජනයාගේ සිත විනාශකොට; විරුඬ නාටක ස්ත්රිනයගේ මුහුණ නැමති පියුම් පෙළ, චන්ර්්ෂණයා දුටුවන් මෙත් මලානික කරමින්; තව නාට්යේ රසය විනාශ නොකලාවූ ස්ත්රි න්, නෘත්යන කරණ කල්හි; රජතුමාගේ හෘදය, වහ වහා ඒ නෘත්යන කළවුන් දැක, ප්‍රේමයෙන් සිට, (සතුටු වෙමින් ) දෙඇසෙහිද, කණෙහිද, ඵලය ලද්රදේය.

412. අන්වය:- රන් විත්පුරා, මී තමාගෙන, බිබි වන් හිම සඳුන් නල විඳ, තුනටු දලුවෙන් ලවන් ගිරාතුඬු ලෙස පැහැය වඩවා ගෙන; නුරා ගමනින්, දුටන් උමතුකර, අසිරිමත් රඟ හල වන්; එතළ රඟලකුණු, සරා, සිසි බිඹු දෙ‍ටලෙන් උදුල්වන, කිරිසයුර රළවන්.

අර්ථය:- රන් භාජන පුරා, සුරා ලොකු භාජන වලින් නමාගෙන, පානය කො‍ට පිමිණියාවූ; හිමිවන සඳුන් රුක්හි වැදී එන සුළඟ විඳ, බුලත් දලුවෙන් තොල් ගිරා තුඩු ලෙස පැහැය වඩා; අනුරාග ගමනය හේතු කොටගෙන, දුටුවන් උමතුකොට, ආශ්චර්යමත්වූ නෘත්යේ ශාලාවට පැමිණියාවූ; ඒ නාටිකාඞ්ගනාවන්ගේ නෘත්යශ ලක්ෂණය, සරත් කාලයෙහි, චන්ර් නා බිම්බයාගේ දීප්තියෙන් දිලෙන්නාවූ, කිරි සයුරෙහි තරඞ්ග වැන්න.

413. අන්වය:- පෙර සි‍ට, කම් සැප පසෙක කියත එපසට මුල්ව සිටියේ; දෙකෙක කිමෙක මදරස සමග රූරස යයි, කියා වෙනසද මෙසැටියේ එදෙක මේ මේ යැයි නොදතුහට, බුහුටියේ පිය සුකර පානෙව්; රතිවඩන නම් රැගුමකුදු ගෙන, අටියේ නොයෙක ලෙස පළකළෝ,

අර්ථය:- පෙර ප‍ටන් කාම සම්පත් පස් දෙනෙකැයි කියත්. ඒ පසට ප්රථධානව සිටියේ; දෙකකි. ඒ කවරේද? මද රසය හා රූප රසයයි, යන විශේෂ පද; මේ ආකාරය ඒ සම්පත් දෙක මේ ‍මේවාය කියා නොදන්නවුන්ටප දක්ෂව ප්රථකාශකොට පාන්නාක්මෙන්; රතිවර්ධින නම්වූ නෘත්යපයක්ද ගෙන, ආශාවෙන්, නොයෙක් ආකාරයෙන් ප්රපකාශ කළාහ.

414. අන්වය:- නේනුවන් සැරලා, පමාදන, ලා හසින් වත් දෝ, ඉසුරු රූ කැලුම් අවලා කරලා, නොහිම් සත් නොවලා නදෝකර හසලා බලා තුඬුලා, මී බොමින්; කුසිත දෝ, රැඟුම් ගත්, ඒ රැඟුම් දැකලා, දෙපා උගුළා ගියෝ ලොව කවුරුදෝ?

අර්ථය:- නොයෙක් නෙත්රආ නැමති ශරයන් හෙලා, ප්රුමාද ජනයාද, මඳ සිනාවෙන් යුක්තවූ, මුහුණ කරණකොට ගෙන චන්ර් හෙයාද, පසු කළාවූ රූප කාන්තියෙන් ආකුල කොට, ප්රරමාණයක් නැති සත්ත්වබයා වහා සතුටු කොට චංචලව බලා, මුඛය දමා සුරා පානය කරමින්, කිලිටි සිත සෝදා, නෘත්යච කළහ. ඒ නෘත්යසය දැක දෙපා උගුළා ගියාහු ලෝකයෙහි කවර තැනැත්තෝදෝද?

415. අන්වය:- ඉගි රගසිරි බලන නරනිඳු, සිතැඟු විලසින සබ ගැ‍බ පැතිර යන ලෙසින්, ගී සක්, මෙයින පබඳ කී, ‍ අර්ථය:- මෙසේ නෘත්යීශ්රීරය බලන්නාවූ රජතුමා සිත්වූ පරිද්දෙන්, සභා ගර්භයයෙහි පැතිරී යන පරිද්දෙන්, ගීතිකාවන්, මේ මතු දක්වන ආකාරයෙන් ප්රභබන්ධ කොට කීයේය.

416. අන්වය:- සොඳ හේ තළඹුවෙනි, මෙමා සමඟිනි. සෙරෙනා, දද කුල කිරුළ, මිණි, මිතුරු සෝනක කුමරු වෙසෙසිනි.

අර්ථය:- සුන්දිරවූ කොල නාටක ස්ත්රීවවරුනි, මාහා කාලයක පටන් මිත්රරව ආවාවූ, බ්රා‍හ්මණ වංශ නමැති කිරීටයෙහිවූ, මාණික්ය්යක් බඳුවූ, මාගේ මිත්ර,වූ සෝනක නම් කුමාරයා විශෙෂයෙන්;

417. අන්වය:- අසෝතැන සපැමිණ වසනා බවක්, යමෙක් අසමින දැන කීනම්; ඔහුට, රන්මසු සියක් ගැණ දෙමි.

අර්ථය:- අසවල් ස්ථානයට පැමිණ වාසය කරන බවක්, යම් කෙනෙක් අසමින් දැන කීයේනම්; ඒ අයට, රන්මසු සියයක් ගැන දෙමි,

418. අන්වය:- යම්කිසි කෙණෙක්, සැක නොව දැක අවුත් කිවූනම්; උන්ට, කසුන් මසු දහසක විගසෙක මනා දෙමි.

අර්ථය:- යම් කිසිවක්, සැක නොව දැක අවුත් කීවෝ නම්; ඒ අයවලුන්ට, රන් මසු දහසක් වහාම සතුටින් දෙමි.

419. අන්වය:- එරද මුවතඹරන, මෙගී මී රස වැගිරෙන; අද ලොබවස්, තුඩන දෙවු, මත් හසඟනෙව් සිහිවත.

අර්ථය:- ඒ රජුගේ මුඛය නමැති නෙලුමින්, මේ ගීතිකා නමැති මී රසය වැගිරෙන කල්හි ; හෘදයෙහි ලොභය කරණ කොට ගෙන, තුඩින් පානය කළාවූ, මත් හංසාඞ්ගනාවක් වැනි සිහියෙන්;

420. අන්වය:- සසොබන නළු ළියක්; එම ගීය වෙහෙසින ඉගෙන, එතැනෙහිම සිටගෙන, ඇසෙන විලසින, ගයනකළ සඳ;

අර්ථය:- ශොභා සහිත වූ නාටක ස්ත්රිණයක්, එම ගීතිකාව විශෙෂයෙන් ඉගෙන, ඒ ස්ථානයෙහිම සිට, සභාවට ඇසෙන ආකාරයට, ගායනා කළ කල්හි;

421. අන්වය:- එබස තුළ රැස්උන, එපුරෙහි දනෝ සැම දෙන, නිරිඳුගෙ සිතැති දැන, උනුන් පරයා, එහි ඉගෙන උන.

අර්ථය:- ඒ සභාව තුළ රැස්වූ, ඒ නගරයෙහි සියලු ජනයෝම, රජුගේ සිතේ අදහස දැන, ඔවුනොවුන් පරාජය කොට, එම ගීතිකාව ඉගෙන උන්හ.

422. අන්වය:- ආවන, එතරවර, නළුලිය සමග නොවිතර අවන් කෙළි, රගවර, එක්ව සිසි අවරගිර රැදිවි.

අර්ථය:- තමා කැටිව ආවහුගෙන්, වියෝවූ (හෙවත් මිතුරා කෙරෙන් වෙන්වූ) ඒ රජතෙම, නාටිකාවන් හා අප්රිමාණ වූ ආපාත ක්රීුඩාව ද, නෘත්යබ වාරය ද (යන දෙක) සමග චන්ර්ූ කයාද අපර පර්ව,තයෙහි රැඳවිය. (සඳ බැසීම හා සමගම අවන් කෙළි රඟවර දෙකද නැවැත්වීයයි කී පරිදියි.)

423. අන්වය:- තිසාකල් කෙළවර, පෙරවර නුබෙහි, මනහර රිවි, සිසි, දිසි අයුර; සිරිසර සවණ තෝඩු යුවලෙව්.

අර්ථය:- රාත්රිරය අවසානයෙහිදී, පූර්වාර’පරාකාශයෙහි, මනොඥ වූ සූර්ය්යු යා ද, චන්ර් පයාද, දෘශ්ය මාන වූ ආකාරය කෙසේද යත්; ශ්රී. කාන්තාවගේ කන්හි තොඩු යුවලක් වැන්න.

424. අන්වය:- එතර, වනමල් පෙල නොහැර, එකවර මුහුලු කරහැර නැඟී; දිනකර, පැහැසර උලිඳු, පියවිලි කෙළෙව්.

අර්ථය:- ඒ කාලයෙහි, වනමල් පෙල අත් නෑර එක පහරින්ම මුකුලිත කොට නැංඟා වූ; සූර්ය්ර යා, ප්රනභාවෙන් සාර වූ චන්ර් ළියා පාවාඩයක් කෙළේය.

425. අන්වය:- සිසිකල් ඉවර යන; වනපෙත් ලියෝ සෝකර, මියුරු ඉඳුවර බර, හැලි සඳකැන් එමුතුහර, හළෝ.

අර්ථය:- චන්ර් සඳ නැමැති ස්වාමියා ඉක්ම යන කල්හි; වන පෙළ නමැති ස්ත්රීබහු ශොක කොට, මයුර නමැති ඉඳුවර බරද, සුදු වූ, චන්ර්කාර කාන්තිය නැමැති ඒ මුතු පටද, හැරියෝය.

426. අන්වය:- රිවි පිය, රැස් සළුව දුන්සඳ; විලඹු, තුරුලුව; පියුම් උවනින් දුලුව, රූ පෑ, රොන් දද හසෙව්, බැබලුව.

අර්ථය:- සූර්යයා නැමති හිමි‍යා ගේ, රශ්මි නැමති සළුව දුන් කල්හි; විල් නමැති කාන්තාවෝ, තුරුලු වී ( වැලඳ ගෙන) පියුම් නමැති මුහුණින් ජ්වලිතව, රෑප පා, රේණු නමැති තුඩු ඇති, හංසයන් මෙන්, බැබලුණාහ.

427. අන්වය:- එකල්, නරවරනා, පිරිවරට සමු දෙමිනා, මනා මහලෙන් බැස, පෙමිනා යහන්ගෙය තුළ බීජී.

අර්ථය:- ඒ කාලයෙහි, රජතුමා, පිරවර සෙනඟට අවසර දෙමින්, යහපත් වූ නෘත්ය ශාලාවෙන් බැස, ප්රේරමයෙත් ශ්රීෙ යහන් ගැබ තුළ බැබලුණේය.

428. අන්වය:- එතැන්සිට, එනුවර සියලුම ‍දනෝ, හැමවර, මුව මුව එක පැහැර රදහු මනහර ගීයම කියති.

අර්ථය:- ඒ කාලයෙහි පටන්, ඒ නගරයෙහි සියලුම ජනයා, සියලු දවස්හිම, මුඛයක් පාසා, ඒකාකාරව රජයා ගේ මනොඥ වූ ගීතිකාවම කියති.

429. අන්වය:- එ මහරද, මෙසේ නොමඳ දූ දරැ සහ දීගායු තම කුමරුද ඇතිව; අවුරුදු බඳ පණසෙක් වි.

අර්ථය:- ඒ මහා රාජයා මේ ආකාර බොහෝ වූ පුත් දූ වරුන් සමග දීඝායු නම් වූ කුමාරයාද ඇතිවී; අවුරුදු සම්බන්ධී වූ පණසක් වූයේය.

430. අන්වය:- එසඳ, එපසේ මුනිඳු, වියොවින් වසන; නරනිඳු දිවැසින් දැක, ලසිදු පිරසිදු නැණින්, මෙසේ සැළකි.

අර්ථය:- ඒ කාලයෙහි, ඒ පසේ බුදුන් වහන්සේ, වියොගයෙන් වාසය කරන්නා වූ; රජතුමා දිවැසින් දැක, වහා පිරිසිදු වූ ඥනයෙන්, මේ ආකාරයෙන් සැලකී.

431. අන්වය:- අරින්දම නරපති, දැන් නිතින් මඳ සුන් සොයා, එම නොලැබ ළතැවෙති. එයින් මම නොනැවති, උවෙන ගොස්;

අර්ථය:- අරින්දම නම් වූ රජතුමා මේ කාලයෙහි නිරන්තරයෙන්ම මගේ දැකීම සොයා, ඒ මා නොලැබි තැවෙත්. එසේ හෙයින්, මම නොනැවතී, ඔහුගේ සමීපයට ගොස්;

432. අන්වය:- පස්කම්හි අගුණය, තවුස් වෙස්හී සුගුණය සත්ගුණ, කිපයා, මහණ වනසේ ළ ගුණය යොදමි.

අර්ථය:- පස් කම්හි දෝෂයද තාපස වෙෂයෙහි යහපත් ගුණයද, සත්යු ගුණයද කියා, පැවිදිවන මෙන් හෘද ගුණය ධර්මතයෙහි යොදමි.

433. අන්වය:- ඊට, දැන් කල්වන් යාමත් මට සුදුසුවන් සිතා ගෙන, පස්වන් බලා, පෙර වැඩ උන් උයන්වන්.

අර්ථය:- ඒ කාරණයට, මේ කාල සුදුසු වන්නේය. එහි යාමත් මට යොග්ය් වන්නේමයයි සිතා, පස්වරු කාලය බලා, පූර්ව්යෙහි වැඩ උන්නා වූ උයනට වන් සේක.

434. අන්වය:- එදින, එක්තරා දුක්පත් ලියක්, පුරා අවුරුදු සතක් වයසක් ගිය, එක්තරා කුමරෙක්, උදක් දර එක්තරා එම දුරක් හළේ.

අර්ථය:- එදවසෙහි. එක්තරා දුප්පත් ස්ත්රි්යක්, (තමාගේ) සම්පූර්ණ,වූ අවුරුදු හතක් වයස් ගතවූ, එක් කුමාරයෙකු,”බොහෝ සෙයින් දර එකතු කර ගෙණෙව”යි; ඈතක හැරියා.

435. අන්වය:- උද, ගොස් වහා උයන් පිවිසි, උස් පසේ මුනි වැද, සිටි අහා අදලස්, දරක නෙලමින් බහා, සොඳ තොස් පුරුදු ගිය කියනා.

අර්ථය:- ඒ කුමාර තෙම්ද, ගොස් කඩිනමින් උයනට පිවිසී, උත්තමවූ පසේ මුනිවරයා වැඳ, සිව් දිශාවට අවුත්; දර ටිකක් කඩමින් දමා, සුන්දඅර වූ, සතුටු ඵලවන්නා වු පුරුදු ගියම කීය.

436. අන්වය:- එකලෙහි, වෙත විසූ එපසේ මුනි දැක, එවයි බණවා උසු කැ‍ඳෙමින්; කුමර, නො රසමුසු එක ගීයම නෙකවර පවසනු කිම දැයි ඇසු.

අර්ථය:- ඒ කාලයෙහි, සමීපයෙහි වැඩවාසය කළා වූ, ඒ පසේ බුදුන් වහන්සේ දැක, එවයි ආමන්ත්රසණය කොට, වහා කැඳවා; කුමාරය, තොප රස මිශ්රේ වූ එක ගීතිකාවම නොයෙක් වාර ගණන් ප්රකකාශ කරන්නේ; මන්දැයි ඇසූ සේක.

437. අන්වය:- එබසට, එකුමරු, මෙසේ දැන්විය මයැසට බොසේ හිතවත; හිමිසඳ, නෙසේ, හැමවිට, අප රදුට එමම හිනයෙන්, මම තුටම ලසේ කියනනමි.

අර්ථය:- ඒ වචනයට, ඒ කුමාරයා, මේ ආකාරයෙන් දැන්විය. මගේ ඇස‍ට බොහෝ සෙයින් හිතවන්නාවූ; ස්වාමි උත්තමයාණෙනි, නොයෙක් ආකාරයෙන්, සියලු කල්හිම, අපේ රාජයාට ඒ ගීයම රුචි හෙයින් මම සතුටුව වහා කියනෙමි.

438. අන්වය:- එ පසේමුනි, එවදන අසමින්; කුමරු තෝ නිති බෙහෙවිනි පුරවන පියවන ගිනදට එකමුතුවෙනි පවසන ගී ඇසූද? නැත කී විසිනි;

අර්ථය:- ඒ පසේ බුදුන් වහන්සේ, ඒ වචනනය අසමින්; කුමාරය, තෝ නිතර බොහෝ සෙයින් පිරිවහන්නාවූ ප්රිවයවන්නා වූ ගීතිකා නාදයට ඒකාකාරව ප්රෙකාශ කරන්නාවූ, ගීතිකාව ශ්ර වණය කළාහුඳැ?යි (අසා) නැතැයි කී හෙයින්;

439. අන්වය:- එහෙනම්, තෙල තගොසින් නිරිඳු හා පවසන්නට හැකිනම්; මම පිළිතුරු ගීයක් නොවලහා දැන් ඉගෙනුම් කරවමි කී බස් අහා;

අර්ථය:- එසේවීනම්, තා ගොස් රජතුමා සමග ප්රිකාශ කරන්නට පිළිවන්නම්; මම පිළිතුරු ගීයක් වහා මේ වේලෙහි උගන්වමි” යි; කීවාවූ වචන අසා;

440. අන්වය:- එකුමරු මෙලෙසට යොදා, “විසිතුරු රුසිරැති, මගෙ හිමිසඳ, මේ ඔබ කියනා ලෙදා පිළිතුරු ගී මිහිසුරුට කියනු හැකියෙම් වෙදා”?

අර්ථය:- ඒ කුමාරයා මේ ආකාරය‍ට යොදා ප්රුකාශ කෙරෙයි. “විචිත්රිවූ රූප ශ්රී: ඇත්තාවූ, මගේ ස්වාමි උත්තමයාණෙනි; මේ ඔබ වහන්සේ විසින් කියනා පරිද්දෙන්, පිළිතුරු ගී රජතුමාට කියනු හැකිවෙම්”ද? (යනුයි)

441. අන්වය:- පැවසූ එවදන සවනත සෑදූ, ඉවිසු, මුදා එපසේ මුනිසඳ; සුදු ගිවිසු ඉගෙනුම් කරවා; කුමරුට උදු මෙ ඔවා පියසූ.

අර්ථය:- ප්රඇකාශ කළාවූ ඒ වචචනයෙන් කණ සැදූ, එහි වාසය කලාවූ, (නොහොත් එය ඉවසූ) මෘදු ගුණ ඇත්තාවූ, ඒ පසේ මුනිවරයා; ශූඬවූ පොරොන්දුය වූ පිළිතුරු ගී ඉගැන්වීම කරවා; කුමාරයාට ඍජුව මේ අවවාදයන් ප්රොකාශ කළ සේක.

442. අන්වය:- කීකරු කුමරුව, ත මනස තොසින් නරනිඳු වෙත ගොසින්, මේ පිළිගී කීකල; තෙල තට නිසිත් සතුටුව, එරද තෙ ඉසුරු දෙයි.

අර්ථය:- කීකරුවූ කුමාරය, තාගේ සිතේ සතුටින් රජු සමීපයට ගොස්, මේ ප්රහතී ගීතිකාව කී කල්හි, තට සුදුසු පරිද්දෙන් සතුටුව, ඒ රාජයා නොයෙක් සම්පත් දෙයි.

443. අන්වය:- ඒ ළදරුවා, කීවා අසමින්, අබිරුවා සිට, මේවා පැවසී. හිමිසඳරුවා, බෝවා අසමින්, මේ ගී පිළිරුවා පාවාදී;

අර්ථය:- ඒ බාල දරුවා, කී වචනය අසමින්, භය රහිතව සිටගෙන, මේ වචනය ප්ර:කාශ කෙළේය. ස්වාමි දරුවාණෙනි, බොහෝකොට අසමින්, මේ ගීතිකා ප්රපතිරූපය බාරදී;

444. අන්වය:- අප නරනිඳු සඳ, එහි නොරඳවා එකැඳවා, හිමිවෙත මා එනතුරු හැමවිට නොමඳවා සැපදෙන; මෙහි සගඳවා බිඳ කුපසරුලෙස ඉද්රා;

අර්ථය:- අපගේ රජතුමා, ඒ සාග‍රයෙහි නොරදවා ඔහු කැදවාගෙන, ස්වාමීන් වහන්සේගේ සමීපයට මාගේ ඊම දක්වා සියලු කාලයෙහිම බොහෝ සෙයින් සැප දෙවන්නාවූ; මේ උය‍නෙහි සුවඳ වාතය විද, කැපවූ, සුදුසුවූ, ආකාරයෙන් වාසය කළ මැනවයි;

445. අන්වය:- කියමින්, එකුමරු සස් බස් දොඩා, විගසින් තවසිඳු වැඳ, පෙම් වඩා, තම උදෙසා ගිය වැඩ, හරිමින්, ළපෙමින් සිය ගෙය ඇතුළට වැඩ;

අර්ථය:- කියමින්, ඒ කුමාරයා සත්යස වචන ප්රනකාශ කොට, වහා තාපසයාට වැඳ, ප්රේ ම වඩා, තමන් සඳහා (සිතාගෙන) ගියාවූ වැඩ අතහැර දමා, හෘදය ප්රේෙමයෙන් තම ගේ තුළට වැඩ;

446. අන්වය:- සොඳ ගුණ යුත්, මව සඳ, නුඹ විසින්, අද පිරිසිදු රසින් සෙඳ මාතුනු යහපත්ලෙස දෙවිකරලා, නිසිත් සළු ගෙන, තොසින් සොඳසේ සැරුවොත්;

අර්ථය:- සුන්දෙරවූ ගුණයෙන් යුක්තවූ, මාතෘ උත්තමය, නුඔ වහන්සේ විසින්, මේ දවසෙහි පිරිසිදු වූ ජලයෙන් වහා මාගේ ශරීරය යහපත්‍ ලෙස සෝදා; යොග්යේ වූ සාටක ගෙන, සතුටින් මනොඥ ලෙස සොඳසේ සැරුවොත්;

447. අන්වය:- හැමදා ඇති, තද දුක්පත් කමක්, අද එකදා දැමින් පහ කරනෙමි, මෙලෙදා, එකුමරු කී බස ‘සමත් පැහැදා, මව් පෙමින් සරහාලිය. අර්ථය:- සියලු දවස්හි ඇත්තාවූ, තද දුක්පත් කමත්, අද එක දවසෙහි ධර්මයයෙන් දුරු කරන්නෙමි; මේ ආකාරයෙන්, ඒ කුමාරයා විසින් කීවවූ වචන අසමින් පැහැදී, මව්තොමෝ ප්රේිමයෙන් සැරසුවාය.‍

448. අන්වය:- තොසේ ඒ කුමරු විගසින් දිවගොස්, නොවලසේ, රද මැදුරට වදිමින්, එ දොරටුපල් දකිමින්, රසේ ඇති තෙපුල් මෙලෙසින් නොකමසේ පැවසීය,

අර්ථය:- සතුටින් ඒ කුමාරයා වහා දියගොස්; අලස නොවී, රජ මැදුරට වැදි; ඒ (රජ මැදුරෙහි) දොරටු පලයා දකිමින්; රස ඇති වචන, මේ ආකාරයෙන් නොනැවතී ප්රිකාශ කළේය.

449. අන්වය:- සබඳිනි, අපරද අබියෙස්, නොගොසින්, වෙසෙසිනි නරනිඳු සහ සකස් සිට, ළපෙමිනි පිළිගීයක්, කියනුවස් සපැමිණ; කුමරෙක් සිටි කිය;

අර්ථය:- යහළුව, අපගේ රජ්ජුරුවන්ීගේ ඉදිරියට, තෝ ගොස්, විශේෂයෙන් රජතුමා හා යහපත්ව සිට, චිත්ත ප්රේඉමයෙන් ප්රරතිගීතිකාවක්, කියනු පිණිස පැමිණුනාවූ; කුමාරයෙක් සිටින්නේයයි කියවයි;

450. අන්වය:- මෙලෙසින් පවසත්; ඒ දොරටුපල්, එහිමිපල් වෙත සෙද පත්වී සිට, මුදුනත් බැඳ, කිපුවත් සේතෙපුල් තෙපලත් එනිරිඳු සඳ සුපුල්වී.

අර්ථය:- මේ ආකාරයෙන් ප්රෙකාශ කළ කල්හි; ඒ දොරටුපාලයා ඒ රජතුමාගේ සමීපයට වහා පැමිණ දොහොත් මුදුන් දී බැඳ, ඒ කුමාරයා විසින් කියනලද ප්රමවෘත්තිය ව්ය්කත ලෙස කී කල්හි; ඒ රජතුමා සතුටින් පුබුදුවි.


451. අන්වය:- පියකරු එකුමරු, සෙද වෙත කැඳා, සුමියුරු වදනින්, හිස පිරිමැඳා; ගුණ සරු ළදරුව, මට රිසිලෙඳා, පිළිතුරු ගීයක් කියමියි විඳා?

අර්ථය:- ප්රි:යඞ්කරවූ ඵ් කුමාරයා වහා සමීපයට කැඳවා ඉතා මිහිරි වචනයෙන් යුක්තව, හිස පිරිමැද; ගුණයෙන් සාරවූ ළඳරුව, මට රුචිවන පරිද්දෙන්, පිළිතුරු ගීයක් කියමියි කීයෙහිද?

452. අන්වය:- එ කුමරු, නිරිඳුට එබසට තොබා; පෙම කොට නොම තබා පවසමි කිවි ඵමවිට නරවර ලොබා, විය විය සුබා උ, අමුකොට පවසයි.

අර්ථය:- ඵ් කුමාරයා, රජතුමාගේ වචනයට භය නොවී; ප්රේ මකොට, නොතබාම ප්රකකාශ කරමැයි කීයේය. එවිට එම කාලයෙහි නරවරයා ලෙ:භයෙන්, කියවයි කියේය. යහපත් වූ ඵ් කුමාරයා, අමෘතයක් කොට (මෙසේ) ප්රරකාශ කෙරෙයි.

453. අන්වය:- අන් තරනිඳු ඉස බැඳි, කිරුළුවන්; පින්සර නිරිඳුනි, ඔබපිරැළුවන්, කිරුළුවන් මම් මුදුනෙන් ඉසිලිමි එ උවත් බුරැළුවන් දැන් නොකියමි.

අර්ථය:- අන්ය: නරේන්ර්දුනයන්ගේ හිසෙහි බැඳි, කිරීටයක් වැනි වූ; පුණ්යමයෙන් සාරවූ රජතුමනි! නුඹ වහන්සේගේ වචන කිරීටයක් මෙන්, මම් මුදුනෙන් දැරුවෙමි. එසේ වූයේ වී නමුත්; ලඝු ආකාරයෙන් මේ වේලෙහි නොකියමි.

454. අන්වය:- හිමි, එබ විසින්, මෙපුර වටා සෙද බෙර ලමින්, දන රැස්කොට; තුටා නරනිඳු අසුන් හිස ඉඳ මට කී ලසින් එහි ගොස් සිටා;

අර්ථය:- ස්වාමීනි, නුඹ වහන්සේ විසින්, මේ නගරය හාත්පස වහා බෙර ලවා, ජනයා රැස්කොට; සතුටින් රාජාසන හිසෙහි ඉඳ, මට කී වහාම ඒ ස්ථානයට ගොස් සිට;


455. අන්වය:- කියනා සුමියුරැ, ගී සඳරැසේ, සොබනා සබ නුඹ ලයේ යොදවා; ඔබ අද කිරණව, තිසිනා, තොමිනා ඔද ඔබ කී ලෙසේ දෙමි.

අර්ථය:- කියන්නාවූ අතිශයින් මිහිරි වූ, ගීතිකා නැමැති චන්ර්කී රශ්මිය, ශොභන වූ සභා නමැති අහසෙහි වහා යෙදවා; නුඹ වහන්සේගේ හෘදය නමැති කිරි මුහුදට, සුදුසු ලෙස, බොහෝවූ සතුට, නුඹවහන්සේ කී ආකාරයෙන් දෙමි.

456. අන්වය:- එතර, එකුමරු දෙවූ එවදන් සිහිලැලේ, නරනිඳු කුමටු වී; විවිලස නොහැර, එපුර හැමතැන, එකහෙලා බෙර පියවී කැරැ, අමර සබමඬු වෙව්.මනෝහර කරවා මඬුවක් සරා ඉවරවී; පතර මැතිසෙන් පිරිවරාගෙන, මිහිඳු සඳ සිහසුන් අරාවී.

අර්ථය:- ඒ කාලයෙහි, ඒ කුමාරයා කී ඒ වචන නමැති සිහිල් ජලයෙහි, රජතුමා ගිලී; කී ආකාරය අත් නොහැර, ඒ නගරය සෑම තන්හි, ඒකාකාරව අණබෙර ප්රනසිඞ කොට, දිව්ය සභා මණ්ඬපයක් මෙන් මනෝරම්ය කොට මඬුවක් සරා නිමාවී; මහත් වූ මන්ත්රීය සමූහයා පිරිවරාගෙන, රජතුමා සිහසුනට ආරෑඪ වී.

457. අන්වය:- පසුව, පැණවූ, සුදුසු අස්නක සතොස කර කුමරු ඉඳුවා; කුමරුනි, මගෙ සිත තව කුකුස් නොකර, මෙවිට පිළිගී කියව; නරනිඳු ලසව, මෙවී වදනට පටන්, ඔබ ගී වෙසෙස් කිව; පසුව මම කියමි; කියටිව සිටි කුමර සස් බස් පිළිගෙන;

අර්ථය:- ඉක්බිතිව, පණවන ලද්ඳා වූ, සුදුසු වූ ආසනයක සතුටු කොට කුමාරයා හිඳුවි; කුමාරයෙනි, මගේ සිත තව තව ශංකා සහිත නො කොට, දැන් ප්රිතී ගීතිකාව කියවයි; රජතුමා ඉක්මන්ව, මේ කීවා වූ වචනයට ප්රදථම කොට, නුඹ වහන්සේගේ ගීතිකාව විශේෂයෙන් කිවහොත්; ඉක්බිතිව මම කියමියි; කියනු කැමතිව සිටි කුමාරයා ගේ සත්ය් වූ වචන පිළිගෙන;


458. අන්වය:- එදා, ලෝපල් සඳ, නො මඳා නළුලිය එක්ව, පියසූ, ගී පබඳා විහදා, පළමුකොට පළ කෙළේ.

අර්ථය:-	ඒ දවසෙහි, ලෝකපාල උත්තමයා, බෝහෝවූ නාටක ස්ත්රීයන් සමග, ප්ර කාශ කළාවූ, ගීතිකා ප්ර්බන්ධයය විහිදුවා, පළමුකොට ප්ර්කාශ කළේය.

459. අන්වය:- සොඳ එ කුමරු,පැසුලු තම උගත්, මන නඳ; පිළිහී; නරිඳුග සිතැඟි ලෙද, නදකර සෙබෙහි, මෙසේ පවසයි.

අර්ථය:- සුන්දිර වූ ඒ කුමාරයා, ඉක්බිතිව තමන් විසින් ඉගෙන ගත්තා වූ ම‍නොනන්ද්නීයවූ ප්ර ති ගීතිකාව; රජතුමාගේ සිතේ අදහස්වූ පරිද්දෙන්, සතුටුකොට සභාවෙහි මේ ආකාරයෙන් ප්රරකාශ කෙරෙයි.

460. අන්වය:- පවර අප තරවරන, මෙ ඔබ සමගින, සෙරෙන ආ සෝනක කුමරුවන, මෙකල්, වසනා තැනක් වෙසෙසිත;

අර්ථය:- උතුම් වූ අපගේ රජතුමාණෙනි! මේ නුඔවහන්සේ සමග, චිරාත් කාලයකට පෙර ආවා වූ සෝනක කුමාරයන්, මේ කාලයෙහි, වාසය කරන ස්ථානයක් විශේෂයෙන්;

461. අන්වය:- අසා, කී යමෙකුට, එකවිට සියයක් දෙමැයි; පැවසිය. එයින්, මට අඩු වැඩි නො කොට පමණට දෙවයි;

අර්ථය:- අසා, කීවාවූ යම් කෙනෙකුට, එකවර මසුරන් සියයක් දෙමැයි; ප්රථකාශ කෙළෙහිය. එසේ හෙයින්, මට අඩුවක් හෝ වැඩියක් නොකොට ප්රථමාණයට දෙවයි; (කියාද)

462. අන්වය:- එ තුම දැක සෙද ඇවිත් කීවුත් හට, දහසක් දෙම; කිව. එයින් සොඳසෙම, කරුණ දැන වයි මෙමටම දෙවයි.


අර්ථය:- ඒ උතුමා දැක වහා ඇවිත්, කී අයට දහසක් දෙමැයි; කීයෙහිය. එහෙයින් යහපත් ආකාරයෙන්ම, කාරණය දැන වහා මටම මසු දහස දෙවයි; (කියා)

463. අන්වය:- ඉසුරාණනි, ඔබට වැලි කෙළියේ සිට පුරුදු, වණ වනතෙක් සතුට මොනවට සභා; සෝනක යහඵ;

අර්ථය:- අධිපතියාණන් වහන්ස, නුඹට වැලි කෙළියේ පටන් පුරුදු වූ, වෙන් වනතුරු සතුටින් මනාකොට සමග ආවාවූ; සෝනක නම් මිත්රියා;

464. අන්වය:- දැන් ලපෙම් කොට, ඔබගේ ඇසට පෙන්වා ලමි; මෙයින් පිළිබඳ තුට ගීය, රස කොට කුමරු පවසත්;

අර්ථය:- මේ වේලෙහි හෘදය ‍ප්රේතම කොට, ඔබවහන්සේගේ ඇසට පෙන්වන්නෙමියි; පූර්වො ක්ත මේ අදහසින් පිළිබඳ වූ සතුට දෙවන්නාවූ ගීතිකාව, රසවත් කොට කුමාරයා ප්ර කාශ කළ කල්හි;

465. අන්වය:- නිරිඳු මන නඳවී, අමකොට, මෙසේ පියවි පියවී කුමරුවෙනි, මැනවි කිනම් නුවරෙක ගමෙක;

අර්ථය:- රජතුමා සිත් සතුටට පැමිණ, අමෘතයක් මෙන්, මේ ආකාරයෙන් ප්රිනයව (මෙසේ) ප්රශකාශ කෙළේය. කුමාරයෙනි, යහපත කවර නම් වූ නගරයක හෝ ගමක;

466. අන්වය:- මාගේ ඇසක් වැනි, අමිණි ගුණ සෝනක කුමරු, වසනා බව යෙහෙනි දුටොත්; ඒ විසිනි මට කියව.

අර්ථය:- මගේ ඇසක් වැනි වූ, අප්ර.මාණ වූ ගුණයන් ඇත්තාවූ; සෝනක නම් කුමාරයා, වාසය කරනා බව, යහපත්ව, දුටුවහොත්; ඒ කරුණ වහා මට කියව.


467. අන්වය:- මේ කියවසන් රදුට, එකුමරු නිසිකොට, සුමට විසිත් තුරු තෙපුලක්, මෙ ලෙසට ලකුණු අඟවා කියයි.

අර්ථය:- මෙය කියා, නිම කළාවූ රාජයාට ඒ කුමාර තෙමේ යොග්යට කොට ඉතා මෘදුවූ විසිතුරු වූ උත්තර වචනයක්, මේ අකාරයෙන් ලක්ෂණ හගවමින් කියයි.

468. අන්වය:- මුහුළු සිකින් ඔරැඳී; තෙඃලැඟිලි ලපලු විහිදි; තන පුණුපල සැදි; පැහැදි දිගැස් සිරිසර රඳන;

අර්ථය:- කෙශ කලාපය නමැති මොනරුන්ගෙන් බැබලුනාවූ; තොල් හා ඇඟිලි නමැති ලා දලු විහිදුනාවූ; පියයුරැ නමැති පූර්ණො ඵලයෙන් සෑදුනාවූ; පැහැදිලිව ස්ත්රිායකගේ ශ්රීර සාරය රැඳුනාවූ;

469. අන්වය:- මිහිකත‍ගෙ පැහැදුල්; වරලෙහි හැමකල් වෙළූ; මනකල් කොඳහරෙව්; සයුකල් සුපිපි; නවමල් පෙලැති;

අර්ථය:- මහී කාන්තාවගේ ප්රීභාවෙන් දිලිසෙන්නාවූ; කෙශ කලාප‍යෙහි සියලු කාලයෙහි වෙළුනාවූ; සිත්කලුවූ, කුන්දූ මාලයක් වැනිවූ; ෂඩ්විධ සෘතුන්ට අයත්, සියලු කාලයෙහි මනාව පිපුනාවූ; අඵත් මල් පෙළ ඇති;

470. අන්වය:- සිරිකත ඇලුම්වන; මියුරු රැව් ‍දෙන, බිඟුමුළු; දින දින තුරු පෙල සා නිවන, නෙවග විලිකුම් පල ඇති;

අර්ථය:- ශ්රී, කාන්තාව ආලය වන්නාවූ; මධුර වූ රාවය දෙන්නා වූ, භෘඞග සමූහයාද; දවස් පතා පක්ෂිව පඬ්ක්තීන්ගේ බඩගින්න නිවන්නාවූ, නොයෙක් වර්ගයවල ඉදී ගිය ගෙඩිද ඇති;

471. අන්වය:- ඇතුළත ඔවුල් ඇති; පිටත සුපිහිටි හර ඇති; ඇතුළත්හි හර ඇති; එසේ පිටතින් පිහිටි, ඔවුල් ඇති;

අර්ථය:- ඇතුළතෙහි ඵලය ඇත්තාවූ; පිටිත මනා සේ පිහිටියා වූ සාරාය ඇති; ඇතුළෙහිත් සාරය ඇන්නා වූ; එපරිද්දෙන් පිටිත පිහිටියා වූ, ඵලය ඇත්තාවූ;

472. අන්වය:- තුරු සෙයින්, සැමතැන බිම රිවි මගින් වලකන; කඳු පෙලින් සුරඳන; නන් තුරු සිරිත් බබලන;

අර්ථය:- ගස් හෙවනැල්ලෙන්, සියලු තන්හි භූමියෙහි සූර්ය්ර රශ්මිය වලක්වන්නාවූ; කඳු පෙළින් අතිශයින් විරාජමාන වන්නාවූ, නොයෙක් ගස්වල ශ්රීූයෙන් බබලන්නාවූ;

473. අන්වය:- දුට දනන් නුවනේ නොමිනේ රමණි වඩන; කෙළි ලොබිනේ රදුන් නිතර පැලඹෙන. මෙපුර උයනේ;

අර්ථය:- දුටුවන්ගේ ඇස්වලට බෝහෝ සෙයින්ම රම්යිත්ව,ය වඩන්නාවූ; ක්රීයඩා ලොභයෙන් රාජයන් නිරන්තරයෙන්ම වසන්නාවූ; මේ නගරයෙහි උයනෙහි;

474. අන්වය:- ඉදුව සිටි කඳ ඇති, සුනිල් දල, මල්, පල, ඇති; කඳු සහ, වෙලෙප් ඇති, හීව සිට වෙන වෙන වෙළුමැති;

අර්ථය:- සෘජුව සිට කඳ ඇත්තා වූ, ශොභන වූ නිල් පාටැති පත්රහද, පුෂ්පද, ගෙඩිද, ඇත්තාවූ, කඳන් සහිතවූ, විටප ඇත්තාවූ පතීතව සිටියා වූ වෙන් වෙන් වශයෙන් වූ වෙළුම් ඇති;

475. අන්වය:- පීනය මේ කුලෙව්, මඟුල් සප මුල, හීතයි කම් උපාදානය කෙරෙන් වෙන්වී; අසමානය සැප;

අර්ථය:- පිරුණු මේඝ කූටයක් වැනි, මඟුල් සල් ගස මුල, ලාමක වූ කාමොපදානයෙන් වෙන්ව; (අන්යව සැපයකට උපමා නොකල හැකි බැවින්) සමාන නොවූ සැපයෙන් යුක්තව;


476. අන්වය:- සතුන් වැනසීමය, අන්සතු දෙය ගැනීමය, පරඟන සෙවීමය, සමග මුසවා සුරා බීමය;

අර්ථය:- සත්ත්වගයන් විනාශ කිරීමය, අන්යැයන් සන්තක දෙය ගැනීමය, අන්යය ස්ත්රී්න් සේවනය හා මුසාවාදය රහමෙර පානය කිරීමය;

477. අන්වය:- කියන කේලාමය, දළ රළුබස් බිණීමය, මුවාවෙස් කීමය, අවිදු, විසපා, කුදිටුවීමය;

අර්ථය:- කියන්නා වූ කේලාම් වචනය, දෘඪවූ රෞඳ්රී වචන කීමය, ප්රථලාපයන් කීමය, අවිද්යවය, ව්ය්පාදය, මිථ්යා් දෘෂ්ටිවීම යයි;

478. අන්වය:- ඉති කියන, එකොළොස් ගින්නෙන් දවන; දතරැස් කෙරෙන් වෙන්වී ගොස්, කෙලෙස් ගින්නෙන් නිවී; සිතතොස්;

අර්ථය:- මෙසේ කියන්නා වූ, එකොළොස් ගින්නෙන් දවන්නාවූ; ජන රාශියෙන් ඉවත්ව ගොස්, කෙලෙස් ගින්නෙන් නිවී; සිත් සතුටට පැමිණියාවූ;

479. අන්වය:- පවර සෝතක නම්, පින් සර, අරි උතුමා දන් බාවනා කර තිර; පසන්, රන් පිළිමයක් මෙන්;

අර්ථය:- උතුම් වූ සෝනක යන නමක් ඇත්තා වූ, පුණ්ය යෙන් සාරවූ, ආය්යොරතමයා ධ්යා ත භාවනාවෙන් කොට ස්ථිරවූ; ප්රනසන්න වූ, රන් පිළිමයක් මෙන්;

480. අන්වය:- නිසිලෙස පැමිණ, සහ තොස, එකලාවම් වසනුය; ඉති කියත; කුමරු බස අසා සහතුටු එරද එවිගස;

අර්ථය:- යෙග්යාබකාරයෙන් පැමිණ, සතුටින් යුක්නව හුදකලාවම වාසය කරන්නාහයි; මෙසේ කී කල්හි; කුමාරයාගේ වචනය අසා සතුටුවූ ඒ රජතුමා ඒ විගස;


481. අන්වය:- නුවර සිට උයනට; මඟ නිසිකොට තනවමින්; සිව් සයුර ගොඩබට විලස් දුටු දනන්හට පාමින්;

අර්ථය:- නගරයේ පටන් උයන දක්වා, මඟ යොග්යඅ කොට සදවමින්; සතර සාගරය ගොඩ බැස්සාවූ, ආකාරය දුටුවාවූ ජනයන්හට, ප්රනකාශ කරමින්;

482. අන්වය:- සිව්රඟ සෙන් විසින් පිරිවරණ ලද; සතොසින් උයනට ගොසින් වැද, වෙසෙසින් නිවුන, සිත් ඇතිව, උන්;

	අර්ථය:-	චතුරඞ්ගිනී සේනාව විසින් පිරිවරන ලද්දේ; සතුටින් උයනට ගොස් වැද, විශෙෂයෙන් කෙලෙස් නිවුනාවූ, සිතින් යුක්තව, වාසය කලාවූ;

483. අන්වය:- පසේ මුනිඳුන් දැක, සබඳ ගුණසක නොසිතා, කම් කෙලෙසක ඇලුන නිසා; නොවැඳම එපසෙක සිටන්;

අර්ථය:- පසේ බුදුන් දැක, යහඵ ගුණ සමූහය (ගැන) නොසිතා, කාම ක්ලේශයන්හි ආසකත වූ හෙයින්; නොවැඳම එක් පසෙක සිට;

484. අන්වය:- එම විට, නරනිඳු, එ පසේ මුනිඳුට ගරුසරු නොමකොට, මෙලෙසට බසෙක් කී. නීති ඉස මුඬුකොට දෙපටට සිවුරක් අනිසිකොට ඇඳගෙන, කිසි කටයුතු නට;

අර්ථය:- එම කාලයෙහි, රජතුමා, ඒ පසේ බුදුන්ට ගෞරවාචාර නොකොට, මේ ආකාරයට වචනයක් කීයේය. නිරන්තරයෙන්ම හිස මුඬුකොට දෙපට සිවුරක් අයොග්යචකොට ඇඳගෙන කිසි කමකට නැත්තා වූ;


485. අන්වය:- දෙමව්පියන් නැති, කිසි සරණක් නැති, නිති දුගියෙකු මෙන්, රුක්මුල වැද, ඉති එකයති දුක්වම ඉඳුනු, කවර ගති; නොනැවතී සිතමින් මූ තෙම පලනැති;

අර්ථය:- මව් පියන් දෙදෙන නැත්තාවූ, කිසිම පිහිටක් නැති, නිරන්තරයෙන් දුගියෙකු මෙන්, ගස් මුලට වැද, මෙසේ නිරන්තරයෙන් දුක් සහිතවම ඉඳීම්, කවර ස්වාභාවෙක්දැයි; නැවතීමක් නැතිව සිතමින්, මේ තැනැත්තේ නිශ්චල තැනැත්තෙකි.

486. අන්වය:- නරනිඳු, සිහි මුළා මෙතෙපුලා කියතුදු; දුලා එපසේ මුනි, මනකලා, එරදුගේ මුව බලා, ඉනිසිව එකතුලා සුමියුරු, පුවතක් එකහෙලා එවිගස, මේ තෙපලා.

අර්ථය:- රජතුමා, සිහි මුළාවෙන් මේ වචන කියන කල්හි; දිලිසෙන්නා වූ ඒ පසේබුදුවරයා, මනොඥවූ ඒ රාජයාගේ මුව බලා, ඊට යොග්ය;ව නිරන්ත‍රයෙන් අති මිහිරි වූ, ප්රනවෘත්තියක් එකවරම ඒ ඇසිල්ලෙහි, මේ ආකාරයෙන් ප්ර‍කාශ කෙරෙයි.

487. අන්වය:- මහරද, වයි අස. මෙලොව බඳ, යමෙකු, සොඳ ගුණැති, නවලොව්තුරු දහම් කඳ ඉගෙන, තමා අද නිසිලෙස නොවරද, හැම සඳ පෙම් බැඳ සිහිකර වසතොත්;

අර්ථය:- මහාරාජය, වහා මා කියන්නක් අසව. මේ ලෝකය හා සම්බන්ධ-වූ, (හෙවත් මෙලොව වසන්නාවූ) යම් තැනැත්තෙකු සුන්දොර ගුණ ඇත්තාවූ, නවවිධ ලොකොත්තර ධර්ම් ස්කන්ධයය ඉගෙන, තමාගේ හෘදයෙන් යොග්යාූකාරයෙන් නොවරදවා, සියලු කාලයෙහි පෙම් බැඳ සිහිකරමින් වාසය කරතොත්;

488. අන්වය:- ඹහුට දුගීනම් නැත දනු, ඒ කිම? මෙලොව යමෙකු, තමලම ගුණ නොමැතිව, සැමකල් දස කුසලම දුරුකර හැර, අනුවණසෙ, අදමයෙහි පවතින එම;

අර්ථය:- ඒ තැනැත්තාට දුගී නම් නැත්තේයැයි දනුව. ඒ කුමක් හෙයින්ද? මේ ලෝකයෙහි යම් අයෙක් තමාගේ සිත්හි ගුණ ධර්මනයක් නැතිව, සියලු කාලයෙහි දශවිධ පුණ්ය්යම දුරුකොට, අඥානවූ ආකාරයෙන්, අධර්මලයෙහි පවතින්නාවූ එබඳුවූම;

489. අන්වය:- දුටු ලැමක දනහට, උතුමෝ, පෙර සිට නිතර, කටින් කට දුගියයි යෙති. ඉති කියත; මිහිසෙට එපසේ මුනිඳුට, උවසරකර සිට, තෙපලින් රස කොට;

අර්ථය:- දූෂ්ට වූ පවිටු ජනයාට, උත්තමයෝ, පූර්වවයෙහි පටන් නිරන්තරයෙන්, කටින් කට දුගියයි කියති. මෙසේ වදාළ කල්හි; පෘර්ථකවීශ්වරයා ඒ පසේ බුදුවරයාට, ආදර ගෞරව කොට සිට, වචනයෙන් රසවත් කොට;

490. අන්වය:- ඹහු නම් ගොත්, ඹබ දෙස ඇති ලෙස පවසා, මෙවෙහෙස වන්නෙත් කිමෙකැයි පින්වත් රජ, ‍ෙතාසයෙන්; ඇසූ මේ බස, එහිමි, මෙබස් රැස පෙන්වත්;

අර්ථය:- ඒ සෝනක නම් පසේ බුදුනුගේ නාම ගොත්රදයන්ද, උන්වහන්සේ ජාත දෙශ ගුණයද, ඇත්තාවූ පරිද්දෙන් ප්රසකාශකොට, මේ වෙහෙස පැමිණෙන්නේ කුමක් පිණිසදැයි, පුණ්යසවන්තවූ රාජායා, සතුටින් විවාළාවූ, මේ වචනයට, ඒ ස්වාමී පාදයෝ මේ වචන රාශිය ප්රකකාශ කරති.

491. අන්වය:- මහබා, දියුණුවන, මහරද, මෙතබා අසුබා දුකෙන් නම්, කිසිත් නැත දනුව; නොතබා මම හළෙමි.

අර්ථය:- මහා භාග්යන ඇත්තා වූ, අභිවෘධියට පැමිණෙන්නාවූ, මහ රජ්ජුරුවන් වහන්ස, මේ කාරණය තබා අශුභ වූ දුඃඛයෙක් නම්; කිසිසේත් නැත්තේමයයි; දනුව; (සියලු දුක්) ඉතිරි නොකොට මම දුරු කෙළෙමි.

492. අන්වය:- මහරද, අරියනට ලොල් දැහැ හෙයින්, හැම සඳ සංසුන් පැවතිවෙද? එයින්, එකබඳ සැපවන්නේය,

අර්ථය:- මහ රජ තුමනි! ආර්යයන්ගේ තෘෂ්ණාව දුරු කළ හෙයින්, සියලු කාලයෙහි, සංසිඳුනාවූ ප්රබවෘත්ති ඇත්තේ නොවේද? ඒ කරණකොට ගෙන, එකාකාරවම සැප ඇතිවන්නේමය.

493. අන්වය:- මහණහු, කිසිකලෙක කොටුවෙක සැළ තාලියෙක මලුපෑස් ආදියෙක සස් වග පුරා තබා, ගේ රැක;

අර්ථය:- ශ්රකමණයෝ, කොයි කාලයකවත් කොටුවක සැළියක හෝ තාලියක හෝ මලු පැස් ආදී යමක හෝ ශස්යා වර්ගය පුරා තබා, ගෘහය රක්ෂාකොට,

494. අන්වය:- දිවිරක්නෝ නොවෙති යළි කෙලසින් රැකීයෙති? මහණව ගෙයැර, නිති පමණැති දෙපට සිවුරක් පෙරව;

අර්ථය:- ජීවිත ආරක්ෂා කරන්නෝ නොවෙති එසේ වීනම් කවර ආකාරයකින් රක්ෂාවෙත්ද, ශ්රවමණ වෙශධාරීව ගෘහය හැර, නිරන්තරයෙන් ප්රරමාණ ඇත්තාවූ, දෙපට සිවුරක් පොරවා;

495. අන්වය:- මැටිපා අතින් ගෙන, පිළිවෙළ නොහැර, නියමිත ගෙයි ගෙයි සිඟාගෙන අවුත්; දැහැමින යෙහෙන් රැකි.

අර්ථය:- මැටි පාත්ර ය අතින් ගෙන, පිළිවෙළ අත් නොහැර; නියම ආකාරයෙන් ගෙයක් පාසා සිඟා ගෙන අවුත්; ධර්මවයෙන් යහපත්ව රක්ෂිතවී.

496. අන්වය:- අබපටලින් වීරත, පැහැපත, පිරිසඳ ලෙසින්, වත්කෙලෙස්කම් සිත කෙරෙන් දුරැවී; දුහඟවන රැක;

අර්ථය:- වළා කුළින් වෙන්වූ, ප්රඟභා ප්රා ප්තවූ, පූර්ණස චන්ර්විියා පරිද්දෙන්, වස්තු කාම ක්ලෙශ කාමයන් ඇත්තාවූ, සිතින් දුරුව; ධුතාංඟ ව්ර තය රැක;

497. අන්වය:- ඇවිදින යම් මහණ කෙනෙකුන් හට, සසර වන, සහ සොස් නැදි ලෙසින, කිසිවෙක්හි වන ඇල්මක් ඇද්ද?

අර්ථය:- ඇවිදින්නාවූ යම්බඳුවූ ශ්රනමණ කෙනෙකුන්හට, සංසාරයෙහිදී වන්නාවූ, ශොෂ සහිතවූ නන්දි වශයෙන් කිසියම් අරමු‍ණෙක්හි වන්නාවූ ආලයක් ඇත්තේද? නොවේමැයි.

498. අන්වය:- පසිඳු නරනිඳු, හැමසඳ, සිතට ඉදු පිය; එබඳු තවුසනට සිව්වෙනිව නොමදු කළ‍ණමය,

අර්ථය:- ප්රදසිඞවූ නරේද්ර යෙනි! සියලු කාලයෙහි, සිතට සෘජුවූ ප්රීවතිය ඇති; ඒ ආකාරවූ තාපසයන්ට සතර වෙනිවත් බොහෝවූ කළ්යා‍ණ භාවයම වේ.

499. අන්වය:- සිල්වත් මහණවරණට, තුන්සිවුරු පා හැර, උපාසක පරපුර තබන පිරිකර කිසිවක් නොම ඇත.

අර්ථය:- සිල්වත්වූ ශ්රඇමණ උත්තමයන්ට, ත්රීරචීවර පාත්රඋ හැර, උපාසක පරම්පරාවෙහි තබන්නාවූ පිරිකර කිසිවෙකුත් නැත්තේමය.

500. අන්වය:- එබැවින්, මුඵනුවර ගිනිගෙන එකවර දවත; එවර, ඔහුගෙන් දන කිසිත්, බැහැර රැස්කර නැත්තෙය.

	අර්ථය:-	එසේ හෙයින් සියලු නගරය ගිනිගෙන දිලී එකවරකින්ම දාගියත්; ඒ දන කල්හි, ඒ ශ්ර මණයාගෙන් දන්නාවූ කිසිවකුත්, පිටතක රැස්කර නොම ඇත්තේය.