කව්මිණි මල්දම-ගැටපද විවරණය-vi

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

501. අන්වය:- නිරිඳු සඳ, එයිනුත්, පස්වෙනුවත් මහණුන්ට මහත් පහසුම වෙයි යුත් මෙමා බස, නිසැක අදහව.

අර්ථය:- රජතුමනි, ඒ කරණකොට‍ගෙන, පස්වැනිවද ශ්රටමණයන්ට මහත්වූ පහසුවක්ම වෙයි. යොග්ය වූ මේ මාගේ වචනය, ශඞකා රහිතවම ඇදහුව මැනව.


502. අන්වය:- මහරද, මෙසෙයින්ම මුඵනුවර සොර මුඵ වැඳ, කොල්ලට ගෙනගියද; එහිත් මහණුන් අයිති කිසිවද;

අර්ථය:- මහරජ්ජුරු‍වෙනි, මේ ආකාරයෙන්ම මුලු නුවරට සොර සමූහය වැදී, බලාත්කාරයෙන් ගෙන ගියත්; ඒ නගරයෙහිත් ශ්රමමණයන්ට අයත්වූ කිසිවකුත්;


503. අන්වය:- එනුවර සුරැකිකොට, එමවිට තබා නැත්තෙන්, වට දනු නොහැකියෙන්, මහණනට සවනුවත් පහසුය.

අර්ථය:- ඒ නගරයෙහි සුරක්ෂිතව. එම කාලයෙහි තබා නැති හෙයින්; වස්තුව දහනය විය නොහැකි බැවින්, ශ්රිමණයන්ට හවැනිවද පහසුම වේ.


504. අන්වය:- යුතු වත්සමාදම ඇතිවූ, යම් මහණතෙම? අටපිරිකරම ගෙන, නොහැරම දරා, ගමනෙහි යනුය.

අර්ථය:- ‍යොග්යුවූ ව්රයත සමාදාන ඇත්තාවූ, යම් ශ්රතමණයෙක් වේද? හෙතෙම අටපිරිකරම ගෙන, අත් නෑරම දරමින් ගමනෙහි යන්නේය.


505. අන්වය:- මාලද, මෙවැනි දෙය, අසවල් තැනෙහි ඇතිවෙද? උවදුරු බොහෝ වෙද? කියා ලතැවෙන දෙයක් නැතිවෙද?

අර්ථය:- මා විසින් ලැබුවාවූ මෙබඳු ද්රදව්යහයක්, අසවල් ස්ථානයෙහි ඇත්තේ නොවේද? ඊට උපද්රවව බොහෝ වේයයි කියා තැවීමට පමුණුවන්නාවූ දෙයක් නැත්තේ නොවේද?


506. අන්වය:- වත් පිණිස ගෙහි වැද අනුබද ඉල්වනු නොවේ මහරද, ඉනුත් සත්වෙනිවද, මහණනට පහසුමය.

අර්ථය:- වස්තුව සඳහා, ගෘහයන්ට වැදී, නිරන්තරයෙන් නොයිල්වන්නේමය. මහරජ්ජුරු‍වෙනි, ඒ කරණකොට ගෙනත්, සත්වැනි වරද, ශ්රතමණයන්ට පහසු ඇත්තේමය.


507. අන්වය:- ගෙය හැර, මහණ වූයෙම; කුලයෙහි නොලැගිවම, යම් දෙයකට යාම කැමති වීනම්; එතෙම එ‍කෙණෙම;

අර්ථය:- තමන් ගෘහය අතහැර දමා මහණ බවට පැමිණි හෙයින්ම; නෑයන් කෙරෙහි නොරැදී, යම් දිශාවකට යනු කැමති වූයේනම්; එ නැතැත්තේ ඒ ඇසිල්ලෙහිම;


508. අන්වය:- ගම බිම ගේ දොරක පිරිකර, මෙ ඈ කිසිවෙක, ලොබැරම, නිසැක යෙති. එයින් අටවෙනුවමත් සුවයෙක,

අර්ථය:- ගම් බිම් ගේ දොර පිරිකර, මේ ආදීවූ කිසිවෙක්හි, (හෙවත් මේ සියල්ලෙහි) ලෝභය අත්හැර, සැක රහිතවම යෙති. ඒ කරණකොටගෙනද අටවැනිවත් සැපයක්ම වේ.


509. අන්වය:- සමණබද නම්ලද, මෙ ඈ අටගයකින් සොඳ, ඔවාදම් දෙන සඳ; එනරනිඳු සඳ එබස සිඳ හැර;

අර්ථය:- ශ්රේමණ භද්ර් යන නාමය ලැබුවාවූ, මේ ප්රාකාර ඇති, ගාථා අටකින් සුන්දඳරවූ, අවවාද ධර්මයය දෙන කල්හි; ඒ රජතුමා ඒ වචනය සිඳ හැර;


510. අන්වය:- ලිය සොඬුව, කම්සැප නිතර සිතමින්, හිමි, තොප සමණ බදුරෙන් අප ලබන කම්සැප දෑ නැත්තේය.

අර්ථය:- ස්ත්රීද ධූතීව, කම්සැප ස්ථිරව සිතමින්, ස්වාමිය, තොපගේ ශ්රදමණ භද්රයයෙන්, අප විසින් ලබන්නාවූ කාම සැපතට අයත්, යම් දෙයක් නැත්තේය.


511. අන්වය:- නොරිසියහ. පවසා පස්කම් ගුණෙහි රිසියග විසිහය, මුළාබස් ගෙන, පියසූකර මෙසේ ඇසියහ.

අර්ථය:- (එසේ හෙයින් තොප බස්) රුචි නොවේයයි. ප්රැකාශ කොට පඤ්වකාම බන්ධ නයෙහි රුචි ඇත්තම්හයි යන වචන ප්ර තිබඞවූ, මුළා බස් ගෙන, ප්ර්කාශ කොට මේ ආකාරයෙන් ඇසුවේය.


512. අන්වය:- හිමි නවසර, අසව. හැමවර දෙව් මිනිස්වම කම් කෙලෙස් නොමහැර, තර කර විඳිනු මසිතට රිසිය.

අර්ථය:- ස්වාමීවූ තපස්වීන් වහන්ස, ශ්රරමණය කළ මැනව. සියලු කාලයෙහි, දිව්යන මනුෂ්යඅවම කාම කෙලශයන් අත් නෑරම, ස්ථිරකොට විඳීම මගේ සිතට අභිමතය.


513. අන්වය:- එනිසා ඔබ විසින්, මට එ‍වෙනි දොල නොලසින් නිසින් සිදුවෙනුපා කියව; නිරිඳු සකසින් යදියෙන්;

අර්ථය:- එහෙයින් නුඹ වහන්සේ විසින්, මට ඒ ආකාර කැමැත්ත වහා යහපත්ව සිඬවන්නාවූ උපාය කියනු මැනවයි; රජතුමා ‍ගෞරවාදර පෙරටුකොට යාඥා කළ හෙයින්.


514. අන්වය:- විසිනා පසේ මුනි බෝසත් සිතැගි ලෙසිනා; නිසනා රස බසින්, දහම් රසිනා මෙසේ පවසත්.

අර්ථය:- කීමෙහි බිණිමෙහි සමර්ථනවූ, පසේ බුදුහුවූ බෝධි සත්වායාගේ සිතෙහි අදහස පරිද්දෙන්; යොග්යෝවූ රස වචනයෙන් යුක්තව, ධර්මන රසයෙන් මේ ආකාරයෙන් ප්රිකාශ කරත්.


515. අන්වය:- මහරද, මෙලෝ වැසි, අනුවණ දනෝ, නොව ලසී පස්කම් ගුණෙහි රිසිවඩා, එක ලෙසී, කුසලින් වැලක;

අර්ථය:- මහරජ්ජුරැවෙනි, මේ ලෝකයෙහි වාසය කරන්නාවූ, නුවණ නැති ජනයෝ, අලස නොව පඤ්චකාම ගුණයෙහි රුචිය වඩා, ඒකාකාරව කුසලයෙන් වැලකී.


516. අන්වය:- නැතක් පව් රැස්කර, සීතෙන් පමණ සැපතක් නොලදැකි, රුදුරු උදක් දුක් අපාවත් වෙත්; දනු.

අර්ථය:- අනන්තවූ පාපය රැස්කොට, සිහිනෙනුදු සම්පත්තියක් නොලැබිය හැක්කාවූ, රෞද්රකවූ හුදෙක් (තනිකර) දුක් ඇති අපායට පැමි‍ණෙත්යයි දනුව.


517. අන්වය:- පින්වත් වූ යමෙක්, වත් කෙලෙස්කම් උදක් නිස අක් ලූ කෙළ එව් දුරැර; අපමණ අක් ගිගිගෙන් තික්ම;

අර්ථය:- පුණ්ය්වන්තවූ යම් කෙනෙක්, වස්තුකාම ක්ලෙශකාමයන් නිරන්තරයෙන් අලුයම දමාලූ කෙළ මෙන් දුරුකොට; අප්ර මාණවූ දුකු ඇති ගිහි ගෙයින් නික්ම ගොස්;


518. අන්වය:- රා දොස් ඇයින් වන කිසියම් බියෙක් නොවමින, කය සිත නොබරවන විලස, හැසිරෙන ගුණ නැණ එබඳු;

අර්ථය:- රාග වෙෂාදියෙන් වන්නාවූ යම්කිසි භීතියක් නොවමින්, ශරීරය හා සිත බර නොවන්නාවූ විලාශයෙන්, හැසිරෙන්නාවූ ගුණයෙන් හා ඥානයෙන් යුක්තවූ ඒ ආකාරවූ;


519. අන්වය:- පැවිදි, දුගතියට දුකකට පැමි‍ණෙනු නොවේ. යතිනි ගෙන පළකොට තවත්, මෙලෙසට එහිමි පවසති.

අර්ථය:- ප්රකව්රසජ්යාිවෙන්, දුගතියට හෝර දුකට පැමිණෙන්නේ නොවෙයි. උත්සාහයෙන් ගෙන ප්රරකාශ ‍කොට අන්යග කාරණාද, මේ ආකාරයට ඒ ස්වාමීහු ප්රෙකාශ කරති.


520. අන්වය:- නිරිඳ, ලොව සමහර පැණවත් දනෝ, නොවිතර මනහර උවමෙනුත් පුවතර කරුණු සිතට ගන්නා.

අර්ථය:-	රජ තුමනි, ලෝකයෙහි ඇතැම් ප්රමඥාවත් ජනයා, අප්රනමාණවූ මනොඥවූ, උපමාවෙනුත් ප්රිසිඞවූ කාරණයන් සිතට ගත්හ.


521. අන්වය:- නිරඳ, ඉන් මවිසින් තහදහනසේ, සකසින් ගෙනහැර දක්වන; උවමක් සකසින් අසව.

අර්ථය:- රජතුමනි, එසේ හෙයින් මවිසින් තොප අදහන ආකාරයෙන්, සකස්ව ගෙනහැර දක්වනු ලබන්නාවූ; උපමාවක් යහපත්ව අසව.


522. අන්වය:- රත්සර වුවනින්, නිලුපුල් දල ඇස්, පත් රන නිසරුන් පියයුරු, සතොස් යුත් රස කැලුමෙන් සෙවෙල් මුහුලස්; කත් තුනු රුසිරෙන් වෙසෙස් බබලන;

අර්ථය:- රත් පියුම් නැමැති මුහුණින් යුක්තවූ, නිලුපුල් නමැති ඇස් වලින් යුක්තවූ, පැමිණියාවූ රන් හංස නමැති පියයුරු වලින් යුක්තවූ, සන්තෝෂයෙන් යුක්තවූ ජල කාන්තියෙන් යුක්තවූ සෙවල නමැති කෙස් කළඹින් යුක්තවූ; කාන්තාවගේ ශරීර ශ්රීසයෙන් වි‍ශේෂයෙන් බබලන්නාවූ;


523. අන්වය:- මිහිකත් පලඳින, නිමල් මෙවුලෙව්, දෙපසෙහි ලකල් සිරිමත් වැලිතල; සරණත් තුඩ රත් පැහැ තිසර දැල් එහි පත්වන, සිය විදු සිරිත් උදුල්;

අර්ථය:- මහී කාන්තාව විසින් පලඳින්නාවූ, නිර්මිලවූ මෙඛලාදාමයක් වැනි, දෙ පසෙහි අලඞකාර කරන ලද, ශ්රීනමත්වූ වැලිතලා ඇති; පාද තුඩද රත් පැහැ වූ, හංස ජාලාව එහි පැමිණෙන්නාවූ, සිය ගණන් විදුලිය ශ්රීියෙන් බැබලෙන්නාවූ;


524. අන්වය:- පබලු යුත්, සයුර පැහැසර රැඳි, රත් පියුම් වනෙහි නිති මන බැඳි, මී රස ලැදි, මත් රනහස් පෙළ ගත් මනහර නද, රැඳී අසමින්;

අර්ථය:- පබලු වලින් යුක්තවූ සාගරයේ ප්රතභා සාරය රැඳුනාවූ, රත් පියුම් වනයෙහි නිරන්තරයෙන් සිත බැඳුනාවූ, මී රසයෙහි ලැදි, මන් රන් හංස සමූහය ගත් මනහර නාදය, නැවතී අසමින්;


525. අන්වය:- නිතින් දුළ, හෙල පියුම් වනයෙහි දළ, මී ලොලින් මතින් සරන; නේ හෙලහසුන් දිනනා සිතින්, පෙළපෙළ නොමින් තැතින් නද දෙන;

අර්ථය:- නිරන්තරයෙන් දිලිසෙන්නාවූ, සුදු පියුම් වනයෙහි දෘඪ වූ, මධු ලොලයෙන් මදයෙන් යුක්තව සැරිසරන්නාවූ; නොයෙක් සුදු හංසයින් ජය ගන්නා සිතින්, පෙළ පෙළ සැදී ප්ර;මාණ රහිතව උත්සාහයෙන් නාද කරන්නාවූ;


526. අන්වය:- උන් හඬ මඩිමින් දියනා මෙනේ, හෙලැඹුල් වෙනේ පෙම්කර පැලඹෙන උන්, කලහස්, වෙනේ වෙන වෙනේ තැත්කර දුන් තද ඇති;

අර්ථය:- ඔවුන් ගේ හඬ මර්ද්නය කරමින් ජය ගන්නා පරිද්දෙන්, හෙල පියුම් වනයෙහි ප්රේුම කොට වසන්නාවූ; කාල හංස සමූහය, වෙන් වෙන්ව උත්සාහ කොට දුන්නාවූ නාදය ඇත්තාවූ;


527. අන්වය:- උන්ගේ හඬ අමිහිරි කරමිනේ, දැන් දැන් පරයමු යයි සිතමිනේ; නිලුපුල් වෙනේ රොන් ගෙන සරන, හැමදිනේ සන් දෙන බමරුන් කැල,

අර්ථය:- ඒ කාල හංසයන් ගේ හඬ අමිහිරි කරමින්, මෙ කල්හි මෙ කල්හි පරාජය කරමුයයි සිතමින්; නිලුපුල් වනයෙහි රොන් ගෙන හැසිරෙමින්, සියලු දවස්හි නාද කරන්නාවූ බමර රැළ ඇති;


528. අන්වය:- උන් උන්හට රොසයෙන් තැති ගෙනේ, ඉදමල් වෙනේ වෙන වෙනේ මෙලෙසින් දෙන සත් අසමින්, සතොසින් එහි වෙත වනේ කුල්නා; අනේ කොවුලන්;

අර්ථය:- අන්යොනන්යසයන්ට රොෂභාවයෙන් භයවී, ඉද්ද මල් වනයෙහි වෙන් වෙන්ව මේ ආකාරයෙන් හිඳ දෙන්නාවූ ශබ්ද අසමින්, සතුටින් ඒ නදියට සමීප වනයෙහි නාද කරන්නාවූ; නොයෙක් කොවුලන් ඇත්තාවූ;


529. අන්වය:- නෙක ඌලෙන් උනමින් එන, සිලිල් සමඟින් හැලි; දොල දොල සිහිල් දිය, සිලිල් යුතු; ගඟ නවරස විඳිමින්, ලකල් වන දෙව්ලිය කෙළියෙන් සෑදි;

අර්ථය:- නොයෙක් උල්පත් වලින් උනා බසිමින් එන්නාවූ ජලය සමග දිය ඇලි ඇත්තාවූ; දොලක් පාසා ශීතල ජලයද, ශීතලින් යුක්තවූ ගඞගාවෙහි අළුත් දිය ස්පර්ශනය විඳිමින්, අලඞකෘතවූ වන දෙවඟනන්ගේ ක්රීඞඩාවෙන් සැදුනාවූ;


530. අන්වය:- හැමදිනේ, වෙන් බඳ සිරි පානා, මින් රැළ දියතිනේ ඉපිලෙන පැන් පිට කෙළ හුනු, නී මල් විගසිනේ නියඟන නී හිමිහට දුන්;

අර්ථය:- සියලු දවස්හි, විපණුහු ගේ මධ්යි ප්රිදේශයෙහි ශ්රීිය ප්රිකාශ කරන්නාවූ, මත්ස්යහ සමූහයා ජලාන්තයෙන් ඉල්පෙන්නාවූ ජලය මතුයෙහි ක්රීනඩා කොට පතිත වූ, බක් මී මල් වහා ගෙන, නදී නැමති ස්ත්රිරය ජල ස්වාමියාට (මුහුදට) දුන්නාවූ;


531. අන්වය:- බාගීරත ග‍හඟෙහි, වැටී ඉල්පී දිය පත යන, ඇත්කුණ, නියත නුවණ නැති කපුටුවෙක් දැක, සිත;

අර්ථය:- භාගීරථී නම් ගංගාවෙහි, වැටී මතුවී ජලප්රා තපව යන්නාවූ, ඇත් කුණ; ඒකානතයෙන් ඥානය නැත්තාවූ කවුඩෙක් දැක, සිත්හි;


532. අන්වය:- බැඳි බලවත් ලොබිනි, ඉතා රිසිවත් නිසි යානාවකුත් විපුල රසවත් ගොදුරකුත් මම අද;

අර්ථය:- බැන්දාවූ බලවත් ලොභයෙන්, අතිශයින්ම රුචි ඇත්තාවූ යොග්ය වූ යානාවක් හා මහත්වූ රස ඇත්තාවූ ගොදුරකුත් මම අද;


533. අන්වය:- එකවිටම ලදුයෙමි. ඉන් වෙනතක නොයා යෙමි. සැප දුක් මුදාලමි. මින් මහත් සැපතට පැමිණියෙමි.

අර්ථය:- එක වාරයෙහිම ලැබුවෙමි. එහෙයින් අන්ය දිශාවකට නොම යා හැක්කෙමි. කුසෙහි දුක් මුදා ලමි. මේ කරණකොටගෙන මහත් සම්පත්තියට පැම්ණියෙමි.


534. අන්වය:- මස් අනුබව කරමි. සිහිල් ගඟ පැන් ගෙන බොමි. දිව රෑ මෙහි වසමි. දෙපස වනසිරි බල බලායෙමි.

අර්ථය:- මාංසය අනුභව කෙරෙමි. ශීතල වූ ගංඟා ජලය ගෙන බොමි. දිවා රෑ දෙක්හි මේ ඇත් කුණෙහි වාසය කෙරෙමි. දෙ පස වනසිරි බලා බලා යමි (යනු)


535. අන්වය:- සිතාගෙන සතුටුව ඇත්කඳ මුදුන පිවිටුව නුවණ නැති පවිටුව සතොසින් එහිම විසි.

අර්ථය:- සිතාගෙන සතුටුව, ඇත් කඳ මුදුනට නැග, ඥානය නැත්තාවූ පාපිෂ්ඪ වූ ඒ කපුටා, සතුටින් ඒ ඇත් කඳෙහිම වාසය කෙළේය.


536. අන්වය:- එවිට, ඇත් කුණුපය, සියොත්නට අවිසයවූ මුහුදට ගඟින් ගොස් පැමිණ, සම් මස් බිදුමට උවෙන්;

අර්ථය:- ඒ කාලයෙහි, ඇතාගේ මළ කුණ, පක්ෂීන්ට විෂය නොවූ මහා සාගරයට ගංඟාවෙන් ගොස් පැමිණ, සම් හා මාංස බිඳී ලිය හෙයින්.


537. අන්වය:- ඇටකිලිල දියෙහිම ගිලුණු පසු, එකපුටුතෙම රිවිවත සිව් දිගම පියාසර කර, විඩාපත්වම්;

අර්ථය:- ඇට සැකිල්ල ජලයෙහිම ගිලුණු පසුව, ඒ කපුටා ආකාශයෙහි සතර දිශාවෙහිම පියඹා ගොස්, විඩාවට පැමිණම;


538. අන්වය:- කිසි පිහිට නොලදින්, දියපිට වැටී උන් සඳ; දැතිමුවරුන් ඇයට ගොදුරු වූයෙන් වනසට පත්වී.

අර්ථය:- කිසිම පිහිටක් නො ලැබ, ජලය මතුයෙහි වැටී උන් කල්හි; දැති මෝරුන් ආදීන්ට ගොදුරුවූ හෙයින් විනාශයට පත්විය.


539. අන්වය:- මහරද, තෙපිද, අනිකුදු, කම් කෙලෙස් පිළිබඳ නොහොළාද;ඔවුන්හට මහතුමෝ අනුබඳ;

අර්ථය:- මහරජතුමනි, තොපිත්, අන්යඅයෝත්,කාම කෙලශයෙන් බැඳුනාවූ සිත නොහැරියෝද; ඒ අයට මහොතනමයෝ නිරන්තරයෙන්ම;


540. අන්වය:- මුළාවම සිඳුවැද, මරපත් කපුටුවාසෙම, අදම නුවණැතියයි, නිවරද තැණින් විහිදම් කියති.

අර්ථය:- මුළාව සාගරයට වැදී, මරණයට පත් කපුටා පරිද්දෙන්, අධම ඥානය ඇත්තාහයි; වරද රහිත වූ ඥානයෙන් විසදාම කියත්.


541. අන්වය:- මිහිපා, මමද, එයින්, මෙඋවම ගෙනපා කීමි. දැන් තොපා ලද්දේය නොවපා, මෙමා දුන් ඔවා රැගෙන;

අර්ථය:- මහීපාලය, මමද ඒ කරණකොට ගෙන, මේ උපමාව ගෙන කීමි. මේ කාලයෙහි තොප විසින් ලබන ලද දෙය ප්රමකාශ නො කොට, මා විසින් දෙන ලද අවවාදය ගෙන;


542. අන්වය:- වත් කෙලෙස් කම් තොස නොවලස, අලුයෙහි විනම්; අමා රස විඳිනුය ඉඳින් නොඅළේ වීනම් කම්ලෙස;

අර්ථය:- වස්තුකාම, කෙලශකාමයන්හි ආශාව අලස නොවී, හැරීයෙහි නම්, අමෘත රසය විදින්නේය. ඉතිකින් නොඇරියේ වීනම් කම්වූ පරිද්දෙන්;


543. අන්වය:- මියගොස් නිරාවැද, තද අනේ දුක් විඳුනුය. බවරුක අරලුලෙද, මහරද, අපමණ කලක් සිටි.

අර්ථය:- මැරී ගොස් නරකයන්ට වැදී, තදවූ නොයෙක් දුක් විඳින්නේය. සංසාර නමති ගසෙහි ප්ර රෙඝයක් පරිද්දෙන්, මහා රාජය, අප්ර.මාණ කාලයක් පවතී.


544. අන්වය:- උවමෙහි වසානම්, අනවර සසර නම්වෙයි ග‍ඟෙයි ගිය කුණ නම්, මුළා පස්කම් ගුණට නම්වෙයි.

අර්ථය:- උපමාවෙහි ගංඟාව නම්, අනවරාග්ර වූ සංසාරයට න‍මෙක්වේ. ගංඟාවෙහි ගියාවූ කුණුපය නම්, මුසපත් කරන්නාවූ පංචකාම ගුණයට නමෙක් වෙයි.


545. අන්වය:- එහිවිය කපුටු තෙම, අණුවන සත් විලස් විය. මස්කා පැන් පිවිය, කෙමෙන් සතුටු කාලය කියවිය.

අර්ථය:- ඒ ඇත් කුණෙහි වාසය කළාවූ කපුටා, අඥාන සත්වලයන්ගේ ආකාරය ප්රයකාශ කළේය. මස් අනුභව කොට පැන් බීමෙන්, ක්රනමයෙන් සතුටු කාලය කියවූයේය.


546. අන්වය:- රසෙහි සතොස්වූ අනුවණ තෙම, කුණ දැක අවෙස්වූ සිරි දිස්වූ කාලය අරිටුවන එකලෙස්වූ;

අර්ථය:- පංචකාමයෙහි සනෙතෘෂවූ අඥානයා, ඇත් කුණු දැක පියාසර කොට වැහුවාවූ, ශ්රීන වශයෙන් දුටුවාවූ කාලය ගෙවුවාවූ, කපුටා හා ඒකාකාරවූයේය.

547. අන්වය:- මහරද, අනුවණ දනාවන, අස්වත් විසින් නඳවන, කාලයට සමවන, මෙමාගේ බණ දනුව,

අර්ථය:- මහරජතුමනි; අඥානවූ ජනසමූහයා අස් වැසීම වශයෙන් සතුටු වන්නාවූ, කාලයට සමවන්නාවූ, මාගේ දෙශනාව දනුව.


548. අන්වය:- අටතිසක් ලකුණැති, අරමුණු දැකුම් ඇති යුති, පඨව් කසින ඈ; නරපත් කලට සමවන්නේය.

අර්ථය:- තිසි අටක් ලකුණු ඇත්තාවූ, ආලම්බන දර්ශදන ඇත්තාවූ, යුක්තවූ පෘථිවිකසිණාදිය; නරශ්රේෂ්ඨය, කාලයට සුදුසු වන්නේය.


549. අන්වය:- ඇත්කුණ ගොසින් සමුදුරට වන්සඳ, දියපිට කාලය උනු අරිට පවිටුදන පස්කම්හි ලොබකොට;

අර්ථය:- ඇත් කුණ ගොස් මුහුදට ගිය කල්හි, දියපිට කාලය ගෙවූ කාලය පරිද්දෙන්, පාපිෂ්ට ජනයා පංචකාමයෙහි ලොභකොට;


550. අන්වය:- පින් පිහිටක් නොලද, අවෙහි උපදින කල්වෙද? පස්කම් ගුණයෙහි බද දනන්, මෙහෙමය මහරද සිතව,

අර්ථය:- පින් පිහිටක් නොලැබ, අපායෙහි උත්පත්ති කාලය නොවේද? පස්කම් ගුණයෙහි බැඳුනාවූ ජනයා, මේ ආකාර දුකට භාජනයයි මහාරාජය සිතව.


551. අන්වය:- පසේ මුණි සඳ, ඉති සග සියෝ වන උවමෙනි, කරුණු පාමින, අපමණ ඔවා කරමින, කුලුණෙන තවත්;

අර්ථය:- පසේ බුදුවරයා, මෙසේ ස්වණර්ග;ගාමීවූ උපමාවෙන්, කාරණා ප්රථකාශ කරමින්, අප්රමමාණවූ අවවාද කොට, කරුණාවෙන් නැවතත්;


552. අන්වය:- කීවා තර කරන නිසා, මෙලෙසින පැවසූ. මහරද, කුඵණු දන ඔවා වසයෙන් කියන, නිසි බණ;

අර්ථය:- කී වචන ස්ථිර කරනු පිණිස, මේ ආකාරයෙන් ප්රසකාශ කළසේක. මහරජතුමනි! කරුණාවත් ජනයෝ අවවාද වශයෙන් කියන්නාවූ, යොග්ය්වූ දෙශනාව;


553. අන්වය:- අවැඬකරු මේයයි, දෙලෝ වැඩකරු මේයයි, යනුයෙන් දෙතුන් වර මිසක්, නොවදුරු නොකියති.

අර්ථය:- අනඟිවෘඞිකාරණා මේවා යයි, දෙලොව වැඩ පිණිස අභිවෘඞිකාරණා මේවා යයි, යනාදියෙන් දෙතුන් වාරයක් මිස, මතුයෙහි නොකියත්.


554. අන්වය:- එයින් මත්තේ සිට, වැඩිකොට කිව නුසුදුසුය; තව දැඩිකොට කීවොත් ‍කෙබඳුදැයි පවසතොත්; උවමට.

අර්ථය:- ඒ දෙතුන් වාරයෙහි මතුයෙහි පටන්, වැඩි වශයෙන් කිවහොත් සුදුසු නොවේය. තවත් දැඩි ලෙස කීවොත් කොයි ආකාරදැයි ප්රශකාශ කරතොත්, උපමා වශයෙන් මෙසේය.


555. අන්වය:- හිමි ඉදිරියේ සිට, කියතා දසෙකු විලසට. ඔවා තිස්සාරට පැමිණියෙයි යනුයෙන්, නොයෙක් විට;

අර්ථය:- ස්වාමියාගේ ඉදිරියේ සිට, කියන්නාවූ දාසයෙකුගේ වචන ආකාරයෙන්, අවවාද නිස්සාරත්වයට පැමිණියෙයි යනුවෙන්, අනෙක වාරයෙහි;


556. අන්වය:- නිරිඳුට නොමඳවා, සොදවා, මෙඔවා දෙමින්; පසේ මුනි, නදවා අහසට නැගී, සුගඳවා වීඳ;

අර්ථය:- රජතුමාට බොහෝවූ, සුන්ද රවූ, මේ අවවාද දෙමින්; පසේ මුනිවරයා, සතුටින් ආකාශයට නැගී, සුගන්ධ වාතය විඳා;


557. අන්වය:- යනවා බලාසිට ඇසට, අවිසය වෙනවා සමග, සිත තනවා, එරද බව රතී සුරති උනවා;

අර්ථය:- යනවා බලමින් සිට, ඇසට නෙපෙනීයාම සමග, සිත කම්පා කරවා, ඒ රාජයා භවාලෙහිවූ දැඩි ආලය මුදවා


558. අන්වය:- ඳඳවස්හි දාඋන මෙමහණ තෙමේ, රදතුලෙහි දාවන, පසිදු මාවත තිරිදෙකු, මනා වන හිසැ;

අර්ථය:- බ්රා:හ්මණ වංශයෙහි උපන් මෙි ශ්රරමණ තෙම, රාජ වංශයෙහි උපන්, ප්රාසිඞවූ මා වැනි රජකුගේ, මනොඥවූ හිසෙහි;


559. අන්වය:- පිය රොන් වගුරුවා, ගුණ රැස් රස උතුරුවා, ඔහු යස පතුරුවා ගුගුරුවා ඔවසින් ගියේවද?

අර්ථය:- පාදයෙහි ධූලි විසුරුවා හැර, ගුණරාශි නමැති ජලය උතුරැවා හැර, ඔහුගේ කීර්තිය පතුරවා, ගුගුරවා අවකාශයෙන් ගියේ නොවේද?


560. අන්වය:- මා විසිනුත් මහණ විය යුතුය, දුත් බෙහෙවන මෙවෙනි රද ඉසුරෙන අවැඩ මිස, මට වත වැඩ කම්ද?

අර්ථය:- මා විසින්ද මහණවිය යුතුය. දුක් බොහෝවන්නාවූ, මේ ආකාරවූ, රාජඵෙශවය්යවර්යෙන් අනහිවෘඬිය විනා, මට වන්නා වූ අභිවෘධිය කුමක්ද?


561. අන්වය:- මරණය අද නියත, සෙට වනතුරු සැබෑ නැත, ආයුස පමණ නැත; එයින් මඳකුත් පමා සිත නොව;

අර්ථය:- ජීවිත හානිය මෙ දවසෙහි නියතමය හෙට වනතෙක් (පවතිය යනු) සත්යත නොවේ ආයුෂයාගේ ප්රටමාණයක් නැත්තේය. එසේ හෙයින් ස්වල්පයකුත් ප්රාමාද හිත නැතිවැ;


562. අන්වය:- අද දින මහණ වෙමි. සසර සිට දුක් නොව්ඳිමි, අනුවතින් දිය බීමි. කපුටු විලසින්; රසෙහි නොබැඳෙමි.

අර්ථය:- මේ දවසෙහි ශ්රසමණ වෙමි. සසරෙහි දුක් නොවිදමි. අඥානභාවය කරණකොටගෙන ජල පානය කොට මුළාවූ, කපුටා පරිද්දෙන්; පංච කාමයෙහි නොබැ‍ඳෙමි.


563. අන්වය:- ඇමතියෙනි, අදසිට මෙරට පාවා ගනිව්; කී බසට ඇමතිගණ මෙලෙසට, නිරිඳුට දන්වනුය.

අර්ථය:- ඇමතියෙනි, මේ දවසේ පටන් මේ රට භාර ගනිව්යයි; කී වචනයට, අමත්යෙ සමූහයා මේ ආකාරයට, රජතුමාට දන්වන්නාහුය.


564. අන්වය:- දස දෙස් මහ මුහුදෙහි, නිති පෙරලන, යස රැස් රළ ඇති, සැඬරැස් කුලයට අදිපති, මේලොවැති ගුණ රැස් මහරද;

අර්ථය:- දශ දිශා නමැති මුහුදෙහි, නිතර පෙරලන්නාවූ, කීර්ති රාශි නමැති රළ පෙළ ඇති, සූර්ය්යෙ වංශයට අධිපතිවූ, මේ ලෝකයෙහි පතලව ඇත්තාවූ ගුණ රශි ඇත්තාවූ මහරජානනි!


565. අන්වය:- ඇතැම් කෙනෙක්, තම පරපුර සියන් පිරිහියෙන්, ගොරතර දුකින් අසරණවැ, කරදර සිතින් ගෙය හැර මහණ වෙති.

අර්ථය:- සමහර අයෙක්, තමන්ගේ පරම්පරාවෙහි සවකීයයන් පිරිහුන හෙයින්, අතිශයින් ඝොරවූ දුකින් පිහිටක් නැතිව, (අනාථව) කරදර ඇති සිතින් ගෙය හැර දමා පැවිදි වෙති.


566. අන්වය:- මහරද, ලොව ඇතැම් කෙනෙක්, තමන් කුලෙහි සෙරෙනා, නොමඳ වතුන් පිරිහෙයින්, එම සඳ රිසි බැඳ ගොසින් මහණවෙති.

අර්ථය:- මහරජතුමනි, ලොකයෙහි සමහර කෙනෙක්, තමන්ගේ වංශයේ කලක් මුඵල්ලේ පැවැති, ප්රයමාණ නැති වස්තූන් පිරිහුන හෙයින්,ඒ කාලයෙහි ආශාව බැඳ ගොස් ශ්රවමණ වෙත්.(පැවිදි වෙත්)


567. අන්වය:- එහෙම සමහර සත් ‍ෙකනෙක්, තම පරපුර බිම අඩුවෙන්, ගම හැර රදගෙයි වැඩවම,ළම පෙම කර, තවසට යෙති.

අර්ථය:- එසේම සමහර සත්ව‍ෙකනෙක්, තමන්ගේ පරම්පරාවෙහි භූමිය අඩු හෙයින්, ගම හැර රජගෙයි වැඩ ඇති හෙයින්ම, හෘදය ප්රේිම කොට, තාපස භාවයට යති.


568. අන්වය:- මහරද, ලොව වෙනින් කෙනෙක්, සොඳ පුද නිතින් ලබන ලෙස, තමන් ළගුණ අඟවමින් අද, අනිසිලෙද, නොසින් මහණවෙති.

අර්ථය:- මහරජානන් වහන්ස, ලෝකයේ අන්යෙ සත්වන කෙනෙක්; සුන්දරරවූ පූජාවන් නිරන්තරයෙන් ලබන ආකාරයෙන්, තමන්ගේ හෘදයෙහි ගුණ අවබොධ කරවමින් අවුත්, නුසුදුසු ආකාරයෙන්, සතුටින් මහණවෙති.(පැවිදි වෙති)


569. අන්වය:- ලොව සමහර සත්, වෙසෙසින් පුවත් ඉගෙනුම් සඳහාම, නොලෙසින් ගෙය හැර, බලවත් ළපෙමින්, මහණට සුසිවිත්.

අර්ථය:- ලොකයෙහි සමහර සන්ව කෙනෙක් විශේෂයෙන් ප්රණවෘතීන් ඉගෙනීම පිණිසම, වහා ගෙය හැර දමා, බලවත් විතන ප්රේ මයෙන්, මහණවී මනාසේ සිටිත්.


570. අන්වය:- අවසෙස් යම් කෙනෙක්, රුවට දියවස් ගියෙන්, මහලු විට, නිසි පස්කම් ලොබහැර, ගැහැට ගිහිවෙස් ලා තවසට යෙති.

අර්ථය:- අවශෙෂවූ යම් අහයක් තමන්ගේ රූපයට ශත වර්ෂයකි ගතවූ හෙයින්, වෘඪ වයසට පත්වූ කල්හි, යෙග්ය වූ පඥකාම ලොභය අත්හැර දමා, පීඩාවූ ගිහි වෙෂය හැර දමා තාපස භාවයට යෙත්.


571. අන්වය:- සමසම රදකුලයෙහි නම්, දෙදෙනෙක් රදවස් යුදවම, ඉනෙකෙක් දියවම රදුවොත්; ළම බියවස් උ මහණවෙයි.

අර්ථය:- සමානවූ රාජ කුලයෙහි නම්, කුමාරවරු දෙදෙනෙක් රාජ්යයය පිණිස යුඪවම්, ඔවුන් දෙදෙනාගෙන් එකෙක් ජයවම රජවූවොත්; හෘද භීතිය පිණිස (ඒ පැරදුන කුමාරයා) ශ්රජමණවේ.


572. අන්වය:- නිරිඳ, මෙයින් කිසිත් නැතුව, වෙනින් සතුරු බියක් නැතිව, අපෙන් නොරිසි දෙයක් නැතිව, මෙබස් තොසින් අයතුව කිවේ.

අර්ථය:- රජතුමනි, මේ කී දෙයින් කිසිවෙකුත් නැතුව, අන්ය.වූ සතුරු බියකුත් නැතුව, අපෙන් රිසි නොවන දෙයක් නැතිව, මේ වචන සන්තෝෂයෙන් අයුත්තෙන් කීවෙහිය.


573. අන්වය:- මුලක් නොමැති, රුදුරු බවෙහි දුකට කරුණැති, සුරු පසක් තුනින් දැන, සිතයුරු සමහරු උදක් මහණවෙති.

අර්ථය:- අග මුල නැත්තාවූ, රෞද්රණ භවයෙහි නොයෙක් දුක් වලට කාරණ ඇත්තා වූ බැව්, ශූරවූ ප්ර ත්ය‍ක්ෂ ඥානයෙන් දැන, සිත් ආකාරයෙන් ඇතැම් කෙනෙක් හුදකලාව මහණවෙති.


574. අන්වය:- හිමිසඳ, ඔබගෙන් මතුරට පැමිණෙ ගුණනට නිරිඳුන්, හැමවිට අදරුම වීනම්; දසරද වනසට යෙයි.

අර්ථය:- ස්වාමී උත්තමයාණෙනි! නුඹවහන්සේගෙන් මත්තෙහි අපගේ රටට පැමිණෙන්නාවූ; නෂ්ට ගුණ ඇති රජවරුන්, සියලු කාලයෙහි අධර්මිෂ්ඨ වීනම්; දශරාජ ධර්මරය විනාශයට පැමිණෙයි.


575. අන්වය:- එවිට කලට වැසි නොවසී, වසිතන්, විසමවම වසී. පෙරසේ සොඳට සස් නොපෑසී, සියලු දනා වැනසී යෙයි.

අර්ථය:- එසේ ඇති කල්හි සුදුසු කාලයට වැසි නොවස්, වසිතත්, සම නොවීම වසී. පුථියෙහි පරිදිදෙන් යහපත්ව ශස්යව පැසීමකි නැතිව, සියලු ජනයා විනාශව යන්නේය.


576. අන්වය:- පෙරසේ, ඉර සඳ දෙදෙනා යන මඟ සකසේ නොම යෙති. එමසේ රෝඛිය පැමිණෙයි. ලෝ සස්නට වනසේ වෙයි.

අර්ථය:- පළමු පරිද්දෙන්, ඉර සඳ දෙදෙනා යන්නාවූ මාරිගයෙහි මනාව නොයත්. ඒ ආකාරම රෝග බිය පැමිණෙයි. ලෝක ශාසනයට විනිශය පැමිණෙන්නේය.


577. අන්වය:- එයින්, නිරිඳු සහ සරොසව, දනන් මනස වෙනසව යෙයි. එමෙන්, සතුරුබිය නොලසව වෙමින්, සියලු වනසව යෙයි.

අර්ථය:- ඒ කරණනකාටගෙන, රජතුමා හා ක්රොකධ සහිතව, ජනයන්ගේ සිත් වෙනස්ව යයි. එපරිද්දෙන්ම සතුරු බිය අනලස්ව හටගෙන, සියල්ල විනාශව යෙයි.


578. අන්වය:- එලෙස නැතහොත්, රටට දෙවන ‍ෙදක් පැමිණ, දස දහමින රද කළමුත්; ඔහු ලොව හැඳින ගත හොත්; කලකිත් වන.

අර්ථය:- ඒ ආකරනැත්නම්, අපගේ රටට දෙවන රාජයෙක් පැමිණ, දශරාජ ධර්මඒයෙන් රාජ්යඳ කලත්; ඒ රාජයා ලොකය දැන ඇඳින ගත්තොත්; එය කාලයකින් වන්නේය.


579. අන්වය:- එතකල් මුත්, පමණ නොදැන, පෙර නොසිරිත් කෙළඳ; නෙක දනවත් කුලැතිගෙ මත, නිති ගැහැටෙත්. ඉනද නොමැත.

අර්ථය:- ඒ කාලය දක්වා මුත්, ප්රහමාණය නොදැන පළමුකොව අනාචාරය කළේනම්; නොයෙක් ධනවත් කුලවතුන්ගේ සිත, නිරන්තරයෙන් වෙහෙසට පැමිණෙති.ඒ කරණකොටගෙනද මනා නොවේමය.


580. අන්වය:- අපහැම සුවදුක් අඳුනන, තොප වැනි නිරිදෙක්, අදදින නොපමණ, රදසිරි හරිමින ගොසින, නවට සපැමිණිකල;

අර්ථය:- අප සියල්ලගේ සුවදුක් අදුනන, නුඹ වහන්සේලා වැනි ර‍ෙජක්, මේ දවසෙහි ප්රදමාණ රහිතවූ, රාජ්යදග්රීකය හරිමින් ගොස්, තපසට පැමිණි කල්හි;


581. අන්වය:- නිතින් මෙපුර වසනා, දද, උනුත් සතුරුවම කෝ බැඳ, බලෙන් අනඩු කරනා සඳ; ගොසින් කියනුයේ කාටද?

අර්ථය:- නිරන්තරයෙන් මේ නගරයෙහි වාසය කරන්නාවූ, මෝඩ ජනයා, ඔවුනොවුන්ට විරුද්ධවම ක්රෝසගි බැඳ, බලාත්කාරයෙන් අනට නීති පනවන කල්හි; ගොස් කියන්නේ කවරෙකු හටද?


582. අන්වය:- නරවර තවසට ගිය කල, ලකල මෙපුර කඵවර වෙයි. මනහර පුඹ උවන් කමල, එකවර හැකිල පරවේ.

අර්ථය:- රජතුමා තපසට ගිය කල්හි, අලංකෘතවූ මේ නගරය අඳුරුවෙයි මනෙඥවූ පුර ස්ත්රි න්ගේ මුහුණු නැමති පියුම් සමූහය, එක පහරින්ම හැකිල මැලවී යන්නේය.


583. අන්වය:- පෙර සිව්රඟයෙන් එකබඳ පිරිවරමිනි, රිසිලෙද යෙති.හිමි ඈ උදකල යන සඳ, අපි මෙහි කෙලෙසින් ඉඳිමුද?

අර්ථය:- පූථියෙහි වතුරඪගිනී සේනාව ඒකාකාරව පිරිවරකොට, රුචි පරිද්දෙන් යති. ස්වාමීනි! මේ දවසේ හුදකලාව යන කල්හි, අපි මේ නගරයෙහි තවර ආකාරයකින් වාසය කරමෝද?


584. අන්වය:- සසර දුක් සලකා, රද සැපත නොම සලකා නොවලකා යනමුත්; ඔබට සණෙකා දුක් නුපුරුදුය.

අර්ථය:- සංසාර දුක සලකා බලා, රාජ සම්පත්තිය ගරු නො කොටම නොනැවතී යන තමුත්; නුඹවහන්සේට මොහොතනදු දුක් (විඳි) පුරුදු නැත්තේය.


585. අන්වය:- නිති රසමස වූලෙන් තුටුලෙන් සැනසී, විසූ නිරිඳසඳ! කටුලෙන් තුටුලෙන්, කෙසේ දවසරිනේද?

අර්ථය:- නිරනිතරයෙන් රසවත් මස් හා කැවිලි වර්ගන කරණකොටගෙන, සතුටු සිතින් සැනසී, වාසය කළාවූ, රජතුමාණෙනි, කඪොරයෙන් සතුටු සිතින් අලඞකාරවී, කවර පරිද්දෙකින් දවස් යවන සේක්ද?


586. අන්වය:- හිමිවතෙහි නොපමණ, සිහ, දිහ, දිවි, වග, වලස්ගෙන හැම සඳ එකගහණ. එයින් දින දින සිහිපත් ඇතිව;

අර්ථය:- හිමාලයෙහි ප්ර මාණ රහිතවූ, සිංහය, දිවිය, ව්‍යාඝ්ර ය, වලස්ය යන මොවුන්ගේ සියලු කාලයෙහි එකාකාරයෙන් ගැවසී තිබෙයි. ඒ කරණකොටගෙන දවස් පතා සිහියෙන් යුක්තව විසුව මැනව.


587. අන්වය:- රූබර හිමිසඳිනි, අප බෝකර කියන මෙබස්, ඔබ නවසට අතදර කරණුයයි; එකවර නොවසිතව.

අර්ථය:- රූපශ්රිය ඇති ස්වාමි උත්තමයාණෙනි, අප බොහෝකොට කියන්නාවූ මේ වචන, නුඹ වහන්සේගේ තාපස භාවයට ැනාදර කිරීමක් යයි; එකවිරයකුත් නොසිතුව මැනව


588. අන්වය:- අපට මෙතුවක් කල්, දසරදදහම් විලසට, රදකර අද යනවට, නොසැහැ, පළකොට කියනෙමු වේද?

අර්ථය:- අපට මෙපමණ කාලයක් මුඵල්ලේ, දශරාජ ධර්මසයවූ පරිද්දෙන්, රාජ්යනකොට, මේ දවසෙහි යන හෙයින්, ඉවසාගත නෙිහැකිව, ප්ර්කාශකොට කියන්නෙමු නොවේද?


589. අන්වය:- තවුස්කළ, මැනවිය මෙරද තනතුරු මැනවිය, පවත්වනු මැනවිය මහත් ගුණසරු ඔබගෙ මැනවිය,

අර්ථය:- තපස් කළහොත්, යහපත්වීනම් හෝ මේ රාජ ස්ථානතර යහපත්වීනම් හෝ පැවැත්විය යුතුය. (එසේ නොකැමැති වී නම්) මහත් ගුණයෙන් සාරවූ නුඹ වහන්සේගේ කල්පනාව වේ.


590-591. අන්වය:- පියකරු රුවින් සර, ඔබගේ පත්වූ, මනහර දීගායූ එකුමර, වෙතට කැඳවා, රදබිසෙස්කර වුව නිරිඳු කුමරු එතනට කැඳවා;

අර්ථය:- ප්රි යඞ්කරවූ රූපයෙන් සාරවූ, නුඹ වහන්සේගේ පුත්ර්වූ, මනොඥවූ දීඝායූනම් ඒ කුමාරයා, සමීපයට කැඳවා, රාජ්යහ කෙරේයයි කී කල්හි; ඒ වචනයට සිත් සතුටුවූ රජතුමා ඒ ස්ථානයට කැඳවමින්;


592. අන්වය:- නිබඳ පිරි ඉතිර, දනඹින් සැදි, දසදෙසග, හැමවර සිතැඟි විලසට, නෙදනන් රඳන; සොඳ ගම් සැට දහසකින් එකවිලස අග, පවර අග බිමිවන මෙ මගදරට සමග;

අර්ථය:- නිරන්තරයෙන් සම්පූර්ණසව ඉතිරෙන්නාවූ, වස්තු ලක්ෂණ ජලයෙන් සෑදුනාවූ, දශ දිශානත ඇති, සියලු කල්හි සිත්හි අදහස පරිද්දෙන්, නොයෙක් ජනයන් රදන්නාවූ; සුන්ද රවූ ගම් සැට දහසකින් එකාකාරව අලනාවූ, උත්මිවූ අග්රසභූමියවූ මේ මගධ නම් ජනපදය සහිතව;


593. අන්වය:- හොබවන රූවන් සැත්, රන්පොරොද්රස, සැරහුන; රණඟන ගොසින් වැද දියනඳකර සිටින කෝහා, අකුසු, ගෙන; ඇතරූන විසින් නැගි එපමණ ගණන් මත ලජ රැලගන් හොබන;

අර්ථය:- ශෙභමානවූ ස්වර්ණමයවූ ඡතය, රන් පොරොද්රදය යන මෙයින් සැරසුණාවූද; යුද ඉිමට ගොස් වැද ජය ඝෝෂා කොට සිටින්නාවූ මුතු කුඩය නොහොත් පලිහද, අංකුසයද, (හෙන්ඩුවද) ගෙන; ඇතැරුවන් විසින් නැගෙන ලද්දාවූ, එපමණ සමූහයක් (හෙවත් හැට දහසක්) මත් ඇත් සමූහයාගෙන් ශොභනවූ;


594. අන්වය:- ලසින් විහිදන සියුම් දව වෙයද, ඇතිවන රණතැන රූපුන් දැක සෙද පෙරටුව දිවන දුනු ගියවුරු රැගෙන, අසරුන විසින් තෑගි, එපමණ අසුන් රැලකින් නිරතුරු හොබන;

අර්ථය:- අර්ථය ඉක්මන්ව විහිදුවන්නාවූ සීඝ්රදවූ ජව වෙිගයද විද්යාසමානවූ යුධස්ථානයෙහි සතුරන් දැක වහා ඉදිරියෙහි දිවෙන්නාවූ දුනු ඊතල රැගෙන අශ්වාරෝහකයන් විසින් නැගී, සැට දහසක් ප්රෙමාණ අශ්ව සමූහයකින් නිරන්තරයෙන් ශෙභනවූ;


595. අන්වය:- දිවි වලස් සම් රැගෙන, පිරියම් කරන, නොපමණ, කෙහෙලි මඬලින් දුට; පෙම්වඩන පැදුමෙහි බර නොවන, රතරුණ නරගෙනලද, එපමණ උතුමිරියසෙනගින්ද සසොබන;

අර්ථය:- දිවි වලස් හම් ගෙන, ප්ර තිකර්ම කරන්නාවූ, ප්රමමාණ රහිතවූ, (බඳිනලද) කොඩි සමූහයෙන් දුටුවහොත්; ප්රේකම වර්ධනය කරන්නාවූද පැදීමෙහි බර නොවන්නාවූ, රථාචාරීන් විසින් නැගෙන ලද්දාවූ; සැට දහස් ප්රීමාණම උත්තම රථ සේනාවෝද ශොභා සහිතවූ;


596. අන්වය:- පසකලණයෙන් යුතු එවැහැප්රද රඳනා හැමසඳ පිරිවර ලමින් මඬුලුව සිටින, පැමිණි නෙක රන බඳුන් පුරමින් කිරිදෙන, එපමණ දෙනුන් රැසකින් අනුබඳ හොබන;

අර්ථය:- පංච කල්යා ණයෙන් යුක්තවූ, ඒ වෘක්ෂ රාජයාණන්ගෙන් රදන්නාවූ, සියලු කල්හිම පිරිවර ලවා වටකොට සිටින්නාවූ, පැමිණි නොයෙක් රන් භිජන පුරමින් කිරිදෙන්නාවූ, එපමණමවු දෙනුන් රැසකින් නිරන්තරයෙන් ශෙභනවූ;


597. අන්වය:- පියකරු රැවින් දුටුදුටු දන මන බඳින, පිවිතුරු රුවන් මිණිමුතු බරණින් එකයුරු දිලෙන, පසන් හෙලඹර ඉතිපිරිකරින විසිතුරු ලෙසින් සැරසී, දින දින හොබන;

අර්ථය:- ප්රිරයඞ්කරවූ රූපයෙන් දුටුවන්ගේ සිත් බඳින්නාවූ, පවිත්රුවූ රන්මයවූ මිණි හා මුතු ආභරණයෙන් ඒකාකාරව දිලිසෙන්නාවූ, ප්රමසන්නවූ සුදු වස්ත්රක ආදී මේ ආකාර පිරිකරින් හෙවත් ආභරණයෙන් විසිතුරු ලෙස සැරසී, දවසක් පාසා ශොභමාන වන්නාවූ,


598. අන්වය:- හැමවර, පුරුදු ඉතා හිමි ගුණ රැස අඳුනන, තිසි, වර, කොමල, රන් අනුකරණ පියවන, රුදිරූ නොම ඉවර, රත් හිමි තුනුපෙද වසන, නමහර සොළාස් දහසක් පුරගන හොබන;

අර්ථය:- සියලු කල්හි, සේවනයෙන් මිත්ර වූ, ස්වාමියාගේ ගුණ රාශිය හදුනන්නාවූ, යොග්යසවූ, උතුම්වූ, සිව්මැලිවූ, රත් අනුරාගයට ප්රිනයවන්නාවූ, රූපශ්රිනයෙන් අවසානයක් නැත්තාවූ, අනඞ්ගයා ශරීර ප්රිදේශයෙහි වාසය කරන්නාවූ, මනෙඥවූ දහසය දහසක් පුර ස්ත්රි,න්ගෙන් ශෙභනවූ,


599. අන්වය:- සොදුරුවා කුමර, මහරු මෙරද තනතුරු සැවොම, අද රුවා, පොරණ පබඳ, රද දම් විසිරුවා නොහැර, වසන නොමඳ, රුපු කැල යුද එඩි හසුරුවා, මෙරද සිරි විඳුව.

අර්ථය:- සුන්දොරවූ කුමාරය, මනොඥවූ මේ රාජස්ථානාත්තර සියල්ලම, සිත තබාගෙන, පුරාණවූ, ප්රවසිඞවූ, රාජ ධර්ම,ය ඉවත නොදමා, වාසය කිරීමද බොහෝවූ සතුරු සමූහයාගේ යුධ එඩිය හසුරුවමින් මේ රාජ්යදශ්රිරය විඳුව.


600. අන්වය:- නොමඳ ගොදුරකට අකරවන, රුදු සසර වැද, නිබඳ පෙළෙන බව මහද සිහිවිය, ඉන් රද සැපත ලොබ සිඳ, පැහැද, මෙහි නොසිට, අද තවට හිමිවතට යෙමි; රද කිවෙ,

අර්ථය:- බොහෝවූ නපුරු දුකට ආකරයක් වැනිවූ, රෞද්රශවූ සංසාරයට වැදී, නිරන්තරයෙන් පීඩාවන බැව් මගේ හෘදයට කල්පනා වූයේය. ඒ හේතුනකාටගෙන රාජ සම්පත්තියෙහි ලොභය සිඳ, ප්රලසනතව, මේ රාජ්යකයෙහි නොසිට, මේ දවසෙහි තපස් කිරීම පිණිස, හිමාල වනයට යෙමියි; රජතෙම කීවේය.