Jump to content

කව්මිණි මල්දම-ගැටපද විවරණය-vii

Wikibooks වෙතින්

601. අන්වය:- එ කී වදන්, සවනත් නුදුරුවා, සුසැදු ගුණයුත්, දිගායුනම්, එ රද කුමරුවා, නුවන් ලෙස මී පා, සොඳුරුවා, පිය නිරිඳ බිසරුවා ඔවා මෙමාහට කිවේ; කිමෙක?

අර්ථය:- ඒ කී වචන, කතට ලංකොට, මනාව සුසැදුණු ගුණයෙන් යුක්තවූ, දීර්ඝා යුෂ් නම් වූ, ඒ රාජ කුමාරයා නෙත්ර්යන් පරිද්දෙන්ම පෘථිවිය පාලනය කරන්නාවූ, සුන්දාරවූ පිය රජතුමා බුහුවිට ඔය වචන මට කුවේ කුමක් හෙයින්ද;


602. අන්වය:- පිය ලෙද සිටි, නිබඳ බොහොම, උවැටැන් කරණා, අරුම ගුණ දැරූ, මන නඳවන, දිනිතිසඳ; මම ලද වයසෙහිම මළ බව ඇසිමි. පියරද, ඔබ අත්හැර මම කෙලෙසින් රැකෙමි?

අර්ථය:- ප්රිතය පරිද්දෙන් සිටියාවූ, නිරන්තරයෙන් අඩු නොවන්නාවූ, උපස්ථාන කරන්නාවූ ආශ්චර්ය්ිය වූ ගුණ දරන්නාවූ, සිත් පිනවන්නාවූ, මව; මා බාල කාලයෙහිම මළ බැව් ඇසීමි. පිය රජ්ජුරුවන් වහන්ස, නුඹවහන්සේ අත්හැරදමා කවර ආකාරයකින් රක්ෂා වෙම්ද? (නොහැකිමයි)


603. අන්වය:- තර පවර එනිසා ඔබ තවට යතහොත්; සම විසම යම් අරණ පිවිසා, හැමවිට නොසලා, නිති සරණ, මත ගජ අනුව පිවිට, සකසා පසුව යන; ඇත්පිලු එකලෙසට;

අර්ථය:- නරොත්තමය, එසේ හෙයින් නුඹ වහන්සේ තපසට යතහොත්; සම විෂමවූ යම් ආරණ්යකයකට පිවිස, සියලු කාලයෙහි අලස නොවී, නිතර සැරිසරන්නාවූ මත් ඇතාට අනුව පිවිසී, සකස්ව පසුව, යන්නාවූ, ඇත් පැටවෙකු මෙන්;


604. අන්වය:- එමෙන් මමද, මෙහි නොරැඳි සිට, ඔබ පා අතරින් රැගෙන, සෙ විලස දින දින පා නොව, පෙමින් කැටිව යෙමි. මට රද ඉසුරු එපා; කුමරු කීවෙන් රද දැහැවිව මෙ ගළපා වී,

අර්ථය:- එපරිද්දෙන් මමද, මේ රාජ්ය යෙහි රැඳී නොසිට, නුඹවහන්සේගේ පාත්රපය අතින් ගෙන, ඡායාව පරිද්දෙන් දවස් පතා වෙන් නොවී, ප්රේ‍මයෙන් සමග යෙමි. මට රාජ සම්පත්තියෙන් කම් නැතැයි; කුමාරයා කී හෙයින් රජතෙම උදහස්ව මෙය ගළපා කී.


605. අන්වය:- වෙළඳ දන, වතුන් පිණිස වෙන දෙසකට යනු පැහැදේ, නැවින් මුහුදේ වැද, යන සඳ; එ මහරදේ යෙහෙන් තෙරට පැමිණෙණු නොව නොමින් සරණ; දැතී මෝරැමින් ඉවර නොදේ.

අර්ථය:- වෙළඳ ජනයා, වස්තූන් උදෙසා අන්යහ දෙශයකට යාත්රාවවට පැහැදී, නැවින් මුහුදට වැදී, යන කල්හි; එම සාගරයෙහි යෙහෙන් ‍තෙරට නොපැමිණ ප්රසමාණ රහිතව සැරිසරන්නාවූ; දැති මෝරාදී සියලු මත්ස්යණයන්ගෙන් අවකාශ නොලබයි.


606. අන්වය:- නොහොත්, එහි වසන, දිය රකුසුගෙන්වත් නැතහොත් සැඬ පහර, මහ දිය සෙලෙන්වත් තවත් නිති හමන තද රුදු වෙයින්වත්, කොයි ලෙසින්වත් මහත් වනස පැමිණෙයි.

අර්ථය:- එසේ නොවේනම්, ඒ සාගරයෙහි වාසය කරන්නාවූ, ජල රාක්ෂයන්ගෙන් හෝ එසේත් නැතහොත්, සැඬපහර ඇත්තාවූ, මහත් දිය සුලියෙන් හෝ අන්යඑවූද නිරන්තරයෙන් හමන්නාවූ, දැඩිවූ රෞද්රිවූ වාතයෙන් හෝ, මෙකී කොයි ආකාරයකින් නමුත් මහත් විනාශයට පත් වන්නේය.


607. අන්වය:- එමෙන් අද, සරුවා නොව, මහ මුවෙහි සිට ගෙන, නිවරද මබස නොම පිළිගෙන, අකිකරුවා, පිය රද මෙරද සැප නොකමැති මෙම දරුවා, එකබඳ මතවසට සුරවා අනදර කෙරෙ.

අර්ථය:- එපරිද්දෙන් මේ දවසෙහි, සරු නොවී, මාගේ ඉදිරියෙහි සිට ගෙන, වරද රහිතවූ මාගේ වචනය පිළි‍ නොගෙන, අකීකරුව, පිය රජු සතුවූ මේ රාජ සම්පත්තිය කැමති නොවන්නාවූ මේ දරුවා, ඒකාකරව මාගේ තාපස බවට දක්ෂමව අනාදර කෙරෙයි.


608. අන්වය:- මැතියෙනි, එනිසා සෙද මූ රද විමනතට තොප රිසි ලෙසට කැඳෙමින්; සකසා යවව්. එවිට ඉවසා සිටින, සුරඹෙව්, නඵ ලිය, සොඳට පවසා, වෙසසා මූ මන පොළඹති.

අර්ථය:- මන්ත්රීසවරුනි, එසේ හෙයින් වහාම මේ කුමාරයා රාජ විමානයට තොප සිත් පරිදි කැඳවමින්; සකස්ව ගෙනයව්. එ කල්හි ඒ රාජ විමානයෙහි වාසය කර සිටින්නාවූ, දිව්යක ස්ත්රී.න් වැනිවූ, තාටක ස්ත්රීයහු, සුන්දලරව (නෘත්ය ගීත නාදය) ප්රසකාශකොට, විශේෂයෙන් මොහුගේ සිත වසඟ කෙරෙත්.


609. අන්වය:- එකුමර සඳ, මුවෙන් නොබැන සිටිනතර; මැතින් ඉහිව, නිසිලෙස රද බිසෙස් කර, විමන් වඳින; නිරිඳු පිරිවර සහ රදය හැර, එවර පෙමින් හිමවත් බිජියේය.

අර්ථය:- ඒ උතුම් කුමාරයා, කිසිත් කථා නොකොට. සිටි කල්හි; මන්ත්රීහවරු රැස්ව, යොග්යන ලෙස රාජ්යානභිෂෙක කොට, විමානයට වදිත්ම; රජතෙම පරිවාර සහිතවූ රාජ්යාය හැරදමා, එදවස්හි ප්රේයමයෙන් හිමිවත භජනය කළේය.


610. අන්වය:- ඉක්බිති ඇමති ගණ, සසොබන, රද පෙරහරින් ගුණ නඳන, එකුමරු නුවර පැදකුණු කරවමිනි ගෙන;

අර්ථය:- ඊට පසුව අමාත්යද සමූහයා, ශොභා සහිතවූ රජ පෙරහරින් ගුණයෙන් නන්දඊතවූ, ඒ කුමාරයා නගරය ප්රූදක්ෂි්ණා කරවමින් ගෙන;


611. අන්වය:- රුසිරු රද විමනට, සක් දෙවිඳු සිරි පළකොට, සෙට සහ පිරිවරින්, යුහුව සහ තුට කැඳවා ගියෝ.

අර්ථය:- රුචිරවූ රාජ විමානයට, ශක්ර දේවේන්ද්ර ශ්රීණය ප්රවකාශකොට, ශ්රෙයෂ්ඨවූ පිරිවර සහිතව, වහා සතුටුව කැඳවා ගියහ.


612. අන්වය:- එසඳ, එකුමරු දැක, සොළොස් දහසක් පුර ලද, සිත්කලු සොඳ රුවැති, මෙතොප දෙවියෙක්ද නැත සුරිඳුද?

අර්ථය:- ඒ කාලයෙහි. ඒ කුමාරයා දැක, දහසය දහසක් පුර ස්ත්රීපහු, සිත්කලුවූ සුන්දයරවූ රූප ලාවණ්ය යෙන් යුක්තවූ, මේ නුඹ වහන්සේ දෙවතාවෙක්ද නැතහොත් සුරෙන්ද්රදයාද?


613. අන්වය:- නැත ගදඹ දෙව්වෙද? කිනම් කාගේ දරුවෙද දැනගත නොහෙමු. වෙද කියා; තතු ලෙද පුළුවුත් ස‍ඳෙහි;

අර්ථය:- එසේත් නොවේනම්, ගාන්ධතර්වව දේවතාවෙක්ද? කවර නාමයක් ඇති කවරක්හුගේ දරැවේදැ?යි දැනගත නොහැක්කෙමුයයි. කියා; තත්වූ පරිද්දෙන් විචාල කල්හි;


614. අන්වය :- සග වැසියෙකු නොවෙමි. සක් දෙව් රදද නොවෙමි. ගදඹයෙකුත් නොවෙමි. කසී නිරිඳුගෙ උරස පුත් වෙමි.

අර්ථය:- දිව්ය ලොක වැසියෙකුත් නෙවෙමි. ශක්ර; දෙව රාජයාද නොවෙමි. ගාන්ධ ර්වසයෙකුත් නොවිමි කසී රජතුමාට දාව පුත්රෙයෙක් වෙමි.


615. අන්වය:- දැන් මේ මුළු රටට, වෙසෙසින් මෙමම සෙට විමි. ඉන් මට තෙපි හැම සතුට සුරැක උවටැන් කරනු මැන.

අර්ථය:- මේ කාලයෙහි මේ මුළු රටට, විශේෂයෙන් මම ශ්රෙිෂ්ඨවිමි. එසේ, හෙයින් මට තෙපි සියලු දෙනාම සතුටින් මනාව රක්ෂාකොට උපස්ථාන කරවි.


616. අන්වය:- නරණ පැවසුයෙත්, නැවත වරඟන, මෙඅසත්. හෙ තත් ගුණ සරුවන, තපිල රද කොයිබද සැකමෙන ඇසූ,

අර්ථය:- රජතුමා ප්රදකාශ කළ හෙයින්, පසුව උතුම් ස්ත්රී්හු, මෙසේ විවාරත්, එසේවීනම් ගුණයෙන් සාරවන්නාවූ, තාගේ පිය රජු කොතැන්හිදැ? යි සැක සිතින් ඇසූහ.


617. අන්වය:- එසඳ, ඔහු බව ගුණ වෙසෙසිනි සිහිපත් ඇතිව, දෙලොවටම නිසිවත, මෙසේ නියමිත තෙපුල් පැවසී.

අර්ථය:- එසේ විචාල කල්හි, ඒ රජතෙම භවයෙහි අගුණ විශේෂයෙන් සිහිපත්ව, දෙලොවටම යොග්යහ වන්නාවූ, මේ ආකාර නියම පරිද්දෙන් වචන ප්රිකාශ කළේය.


618. අන්වය:- වත්, කෙළෙස්කම්, යන ලකුණු කලලින් නගිමින, හැමදින කෙළෙස් කටුයෙන් විරත, පැවිදි පල ලබමින්;

අර්ථය:- වස්තුකාම, කේලෙශකාම, කියන ලක්ෂ ණවූ මඩින් නගිමින්, සියළු දවස්හි කෙළෙස් නැමති කටු වලින් වෙන්වූ, පැවිදි ඵලය ලබා ගෙන


619. අන්වය:- මිස දුටු ලැදි සොයන, ගහණ රහිතව සැපවත, සග මොක් සියෝ වන ගමන් නිරිඳු සකසිත යෙදූයෙය.

අර්ථය:- මිථ්යැදෘෂ්ටිස ලබ්ධිය සොයන්නාවූ, ආශාවෙන් තොරව සැපවන්නාවූ, සවර්ගද මොක්ෂෙ සඞ්ගත වන්නාවූ, ගමන රජතුමා සකස්ව යෙදුයේය.


620. අන්වය:- මෙසඳ, මමවූ කලී, කෙළෙස් කටුයෙන් ශිවි, තද, දිටු ගහණින් නොමද, දුගති පමුණන කරුණු පිළිබඳ;

අර්ථය:- මේ කාලයෙහි, මම වනාහි, කෙළෙස් කටුවලින් උස්වූ දැඩිවූ, දෘෂ්ටි ගැනීමෙන් බොහෝවූ, දුගතියට පමුණු වන්නාවූ කාරණයක් පිළිබඳවූ;


621. අන්වය:- තණ බවට ගැතියෙමි. බව දුක් කඳ නොපිසියෙමි. ගහ වෙස් මග සෙවීමි මපියරද දුන් ඔවා ඇසුවෙමි.

අර්ථය:- තෘෂණාවට ගැතියෙක් වීමි. භව දුක් සමූහය නොහැරියෙමි. ගිහිවෙස් සෙවන ‍කළෙමි. මාගේ පිය රජතුමා දුන්නාවූ අවවාද පිළිපැද්දෙමි.


622. අන්වය:- මෙබස් ඇසූ වරඟන නිති අපමණ සසොබන නිරිඳු සඳ මෙ ඔබ රදවන ඊම මැනවි.

අර්ථය:- මෙ වචන ඇසුවාවූ උත්තම සත්රීඅහු, නිරන්තරයෙන් අප්ර.මාණවූ ශොභා සහිතවූ රජතුමනි, මේ නුඔ වහන්සේගේ රජවීම ඉතා යහපත්යයි. (කීහු)


623. අන්වය:- රත්ගල් ගුහාවෙක, අබිරු කෙසරෙක විලස, රුපුන් ඇත් සක බිදැර, අප සහ මෙපුර වැසි නෙක;

අර්ථය:- රත්ගල් ගුහාවෙක්හි වාසය කරන්නාවූ, හස රහිතවූ කෙශර සිංහයකු පරිද්දෙන්, සතුරන් නැමති ඇත් සමූහයා බිද හැර දමා, අප සහිතවූ මේ නග‍රයෙහි වාසය කරන්නාවූ, අනේකවූ;


624. අන්වය:- දනාහට හැමවිට සතර සහරා විලසට ඔවාදී, නිසිකොට අද පටන්කොට, රද රිසි විඳුව

අර්ථය:- ජනයාට සියලු කාලයෙහි සතර සංග්රසහවගේ විලාශයට අවවාද දී, යොග්ය පරිද්දෙන්, මේ දවසේ සිටරජ සිරි විඳිනු මැනවි.


625. අන්වය:- යනුයෙන් පිය වඩන, සුමියුරු තෙපුල් කියමින, තටනු ගනුව යමින, වරඟන නිරඳු සිත් කලු කළෝ.

අර්ථය:- යනාදීත් ප්රීඳතිය වර්ධහනය වන්නාවූ, අති මිහිරි වචන වලින් කියමින්, නෘත්ය් ගීත වාද්ය යෙන්, උත්තමාඞගනාවෝ රජතුමාගේ සිත් සතුටු කළාහ.


626. අන්වය:- එයිනික්බිති, නොමඳ රදසිරි මනාලෙද විඳ; ඉසුරු මදයෙන් බඳ? සොඳුරු පිය රඳ සිහි නොකොට ඉඳ;

අර්ථය:- ඊට පසුව, බොහෝවූ රජසිරි සිත්වූ පරිද්දෙන් විඳ; ඵෙශ්වසර්‍ය්යි මදයෙන් බැදි, සුන්ද රවූ පිය රජු සිහි නොකොට ඉඳ;


627. අන්වය:- දීගායු නම් රද, දස රද දහම් වූ ලෙද පබඳ රට රකිමින් සැවව, කම්ලෙද, පරලෙව් බිජි.

අර්ථය:- දීර්ඝා,යු නම් වූ රාජයා; දශ රාජ ධමර්ය වූ පරිද්දෙන්, ප්රණසිඪවූ රාජ්ය්ය කරමින් චුතව, කර්ම යවූ පරිද්දෙන් අන්යබ ලොකය භජනය කෙළේයි.


628. අන්වය:- පුන් පෙරුම්, බෝසත්, යම් දවසෙක්හි පුත් හැර හිමිවත් සෙවියේද; එවර යුත් බාහිර පැවිදිවී.

අර්ථය:- පුරණ ලද පාරමිතා ඇති, බොධි සත්ත්වදයන් වහන්සේ, යම් දවසක පුත්රියා හැර දමා හිමාලය සේවනය කෙළේද; එදවසෙහි යුක්තව බාහිර තාපස භාවයෙන් පැවිදිවී.


629. අන්වය:- ගිහිණි වචනයෙහි, මහසත් සිතට රමණි, පෙදෙසෙක්හි නැතිනී කිමූ, පන්සලට සුවෙති වැඩ;

අර්ථය:- ගහණවූ ඒ වනාන්තරයෙහි, මහා සත්ව්යාගේ සිතට රම්යදවූ, ප්රථදෙශයෙක්හි උත්සාහයෙන් නිර්මා,ණය කළාවූ, පන්සලට සැපසේ ගොස්


630. අන්වය :- වනමුල්, පලා පල, නිකසල රසයෙන් යැපි, වතාවත් පිළිවෙළ ලෙසින්, උදකල සැපසේ විසි.

අර්ථය:- අල ජාතිය, පලා ජාතිය, ඵලය, යන මොවුන්ගේ කසල රහිත වූ රසයෙන් යැපි, වතාවත් පිළිවෙළ අනුව, හුදකලාව සැපසේ වාසය කළේයි.


631. අන්වය:- එ මහබෝසත්, වත සන්සුන් නිසා එහි වෙත වසන, සිවුපා සත නිබඳ දැකුමෙන් බිය සිත නැතුව;

අර්ථය:- ඒ මහා බොධි සත්ත්ව යා ව්රසතය කරණ-කොට ගෙන, සන්සිඳුනු හෙයින් ඒ (වත) සමීපයෙහි වාසය කරන්නාවූ, සිව්පා සත්ත්වලයන් නිරන්තරයෙන් දැකීමෙන්, බිය සිතින් තොරව;


632. අන්වය:- නිතර තම තම සහ පෙර බඳ, වෛර නොමසර කෙරෙමින්, හැමවර නිසි අයුර, මෙසේ මිතුරුව වෙසෙති.

අර්ථය:- නිරන්තරයෙන් තම තමන් හා පූර්වෙයෙහි බඳිනලද වෛර සිහි නොකර, සියලු දවස්හි යොග්යත ලෙස, මෙලෙසින් මිත්රිව වාසය කරති.


633. අන්වය:- එවන රැදි, සබරුන් දැක, බිය නොවී, සෙමරුත් ලදරුත් වලින්වල තැවරුත් ලෙසින්, කෙළ කෙළ සරති.

අර්ථය:- ඒ වනාන්තරයෙහි රැඳුනාවූ, වැදි සමූහයා දැක, භය රහිතව, සෙමෙර පැටව් වල්ගයෙන් වල්ගය තවරන ආකාරයෙන්, ක්රී ඩා කොට හැසිරෙති.


634. අන්වය:- නිතියෙන මලවල ලඳුන් වලගුන් කර රැගෙන, අනිත තුනු පිරමැද, ඔවුන් නිති පෙළ වෙත වෙත ගිණු.

අර්ථය:- නිරන්තරයෙන් වැදි සත්රීතහු දිවියන්ගේ බෙල්ල ගෙන, අතින් සිරුර පිරිමැද, ඒ ව්යා ඝ්රගයන්ගේ තිත් පෙළ වෙන් වෙන් වශයෙන් ගණන් කළහ.


635. අන්වය:- නිතරේ වලගුන් යන, සැරේ බිය සිත් නොවී, මුව මඬුලු බැහැරේ නොගොස්, මුව පතරේ සුන් කෙරෙත්.

අර්ථය:- නිරන්තරයෙන් සතුන් යන්නාවූ, විල්වල බිය සිත් නැතුව, මුව සමූහය පිටත නොගොස්, කටින් පත්රන බිදිත්.


636. අන්වය:- වන පෙතෙහි ඇතුරූ, දඟල් රැල දැක, නුදුරු සා මඬුලු ගොදුරු නමුත් ලෙසින්; කෙළියෝ.

අර්ථය:- වන පෙළෙහි ඇතුරුනාවූ, කදෝපැණි සමූහයා දැක, සමීපවූ හාවුන්ට (උන්) ගොදුරු නමුත් මිත්රෝයන් පරිද්දෙන් ක්රීොඩා කලහ.


637. අන්වය:- කදෝ කිම රුපු කැල වෙත දඬු පෙළ පත් ස‍ඳෙහි; ඔසල එකතැන්වී, හැම කල නිසලයෙන් කෙළ සිටිති.

අර්ථය:- සාවුන් සමීපයට සිවලුන් පැමිණි කල්හි; රැස්වී එක් තැනකට පැමිණ, සියලු කාලයෙහි නිශ්චලව ක්රීණඩා කරමින් සිටිත්.


638. අන්වය:- හැමවර, මියුරන්ගේ පිල්බර සෙවණෙහි රඳන, උරගුන් පතර ගල වැළඳ, හැම වර කෙළ කෙළ සිටිති.

අර්ථය:- සියලු දවස්හි, මොනරුන්ගේ පිල් සෙවනෙහි රඳන්නාවූ, නාගයෝ මහත්වූ බෙල්ල වැළඳගෙන, සියලු දවස්හි ක්රී ඩා කරමින් සිටිති.


639. අන්වය:- නිතින් මැඩියන් දුටු කලට, නයි කැළ පෙම් කොට, පෙණ සෙවනෙහි අවට හොවා, අහිත් මුල් පුට සැතපූ.

අර්ථය:- නිරන්තරයෙන් මඩුවන් දුටු කල්හි, නාග සමූහයා ප්රෙපමකොට, පෙණ සෙවනෙහි හාත්පස ශයනය කරවා, වෛරය මුලින් උදුරුවා සන්තර්පණය කළහ.


640. අන්වය:- එකල, ගිම් දිය නෙත සියලු ලෙව් වත තවමින් නොතැවෙන, නුබ රඟට හුනැස් වෙස් ගත්, නලෙව් සෙද පත.

අර්ථය:- ඒ කාලයෙහි, ග්රී ෂ්ම සූර්ය්ද පතෙම සියලු ලොක වසතුව නොහොත් සියලු ‍ලෝක වාසීන්ගේ මුහුණ තවමින් නොනැවතී අවකාශය ලක්ෂතණ කොට ගත්තාවූ, රග බිමට ගින්නෙහි ආකාරය ගත්තාවූ, නෘත්යත කාරයෙකු මෙන් වහා පැමිණියේය.


641. අන්වය:- දස දෙස, ඇති තාක් ජල රස සමග පල රස නොතබාම, ගිම් රැස බිවෙවි දියත එකලෙස පළවි.

අර්ථය:- දශ දිශාවෙහි, ඇති තාක් විල් ජලය හා ගෙඩි රසද, නොතබාම, ග්රීයෂ්මශ සූර්ය්, ස රශ්මිය පානය කළාක් මෙන්, ලොකයෙහි එකාකාරව ප්රීකාශවිය.


642. අන්වය:- එකවිට ඇවිල ගත්, රුදුරු, බලවත්, ලවගෙව් වතවත්, හිදැල්විය සියොත් කැන් බිය හඬින් නුබපත්.

අර්ථය:- එකවරම ඇවිලී ගත්තාවූ, රෞද්ර වූ, වේගවත්වූ වන ගින්නක් මෙන්, වනපථය( නොහොත් වනවස්තු සමූහය) භය ශබ්දයෙන් අහස්ගත විය.


643. අන්වය:- ගජකැන්, හුරු බිමට දවගොස් පවසට නොවා, සතුටුවී අත් දෙත බමකොට, ඉස්ලු: අතින් දිවෙත්.

අර්ථය:- ඇත් රැළ, පුරුදුවූ දිය ඇති තැනට ගොස්, පිපාස‍ය ඉවසා ගත නොහැකිව, සතුටුවී සොඬ දෙත්ම (ජලය රත්වී ඇති හෙයින්) කරකැවී, ඉස්ලූ දිශායෙන් දිවෙත්.


644. අන්වය:- ඔත් මියුල‘ඟත නෙත පවසින්, කඳුලු: වැගිරෙන; වෙහෙලිදු සිත දුක්ව රත් නෙත් මිණි විත, කඳුලු දුනෙවි.

අර්ථය:- හොත්තාවූ මෘග ධෙනුන්ගේ ඇසින් පිපාසය කරණකොටගෙන, කඳුලු වැගිරෙන කල්හි; මෘගෙන්ර්, හයා සිත දුක්ව රත් නෙත් නැමති මාණික්ය් භාජනයෙන්, කඳුලු නමැති ජලය දුන්නාක් වැන්න.


645. අන්වය:- තන රත්බෙයද වන, මුත්හර අලිතෙත් සසොබන, කලුන් තුනු විල්, රුදු ගිමන ඈර, යෙහෙත දත කුමුටූ වී.

අර්ථය:- පියයුරු නැමති ස්වර්ණන පර්වුත ප්රාසන්තයෙන් වැගිරෙන්නාවූ, මුතුපට නමැති ජල ධාරාවෙන් ශොභා සහිතවූ, කානතාවන්ගේ ශරීර නැමති විලෙහි; රෞද්රශ ශ්රී්ෂ්මය හැර දමා, යෙහෙන් ජන තෙම නිමග්න වූයේය.


646. අන්වය:- එසඳ ගිමනින් දුබලවත්, ලෝ වැසියන් සනහනවත්, ගත කලට කිසිවත් සුපනත්, දිගින් හැමවී.

අර්ථය:- ඒ කාලයෙහි ග්රිඳෂ්මයෙන් දුර්ව ලවූ, ලෝකවාසීන් සහනය කරන්නාක් මෙන්, වර්ෂාිකාලයට යොග්යව වන්නාවූ මනොඥ වාතය දිශාවන්ගෙන් හැමුයේය.


647. අන්වය:- විදු සල, ලපලුනෙත්, බලා කැප පිපි මල්නෙත්, පොදද මී බිඳුනෙත්, ගත, එකනෙත් වනගළෙව් ඟිවි.

අර්ථය:- විදුලිය නැමති චඤ්චලවූ, ලා පාත්රඟයන්ගෙන්ද කොක් පෙළ නමැති පිපුණාවූ මල් වලින්ද, වැසි බින්දුය නමැති මී බින්‍දු වලින්ද, යුක්තවූ මෙඝය, එකහෙලා වන පඞකනියක් මෙන් උස්වී.


648. අන්වය:- දලදරහු දලදර වහනය කෙරෙත්. එමවර මළතුර, බලා කැල පිල් බර මල් දලන් දැරුවෙනි.

අර්ථය:- මෙඟයෝ, ජල ධාරා වගුරුවත්. ඒ කාලයෙහි මළ ගස්, කොක් සමූහය හා මොනර සමූහයා නමැති පුෂ්ප හා පත්ර. දැරුවාක් මෙනි.


649. අන්වය:- පෙළ පෙළ සැදී, කඳුල සල පියවුරෙන් සුල කළ කිලිට‘ඹරෙන් පුවළ ගතකල විරග ලිය පිරි ඉසිලි.

අර්ථය:- පඞකති පඞකතිව සජ්ජිතවී, වර්ෂාක ධාරාවෙන් දෝ හෝ නොහොත් කඳුලින් ද සෙලවෙන්නාවූ මෙඝයෙන් දෝ හෝ නොහොත් චංචලවූ පියයුරු වලින්ද, අලඞකාර කරන ලද (වලා පටලින්) කිලිටි අහසින් දෝ හෝ නොහොත් කිලිටි වස්ත්රඝයෙන් ප්රෞනඪවූ, මෙඝ කාලය විරහ ස්ත්රි යගේ ශොභාව ඉසිලීය.


650. අන්වය:- මඳ පොද කෙසර පෙළ, කොකා වැල දළ දළ යුතු, වතල ගන ගුම් නද, පැහැදුල පැදුම් සී රද වැජඹි.

අර්ථය:- මඳ දිය බිඳු නැමති කෙශෙර පඞකති ඇති, බලාකාවලි (කොක් පෙළ) නමැති දැඬිවූ දළවලින් යුක්තවූ, පැතුරුණාවූ මේඝ ගර්ජනා නමැති නාද ඇත්තාවූ, පුභාවෙන් දිලිසෙන්නාවූ සිංහරාජතෙම වැජඹුණේය.


651. අන්වය:- නුබ තල ගත නිල් ඉහි; මින් දළ දල එහි සෙවි. පෙළ පෙළ මඳ බිඳු හී අමිල සෙලෙහි නිලගල හඬා රඟ.

අර්ථය:- අහස් තලය තද නිල් පාටින් ගැවසයේය. පක්ෂිල සමූහ තෙම දැඩිවූ ආලයෙන් ඒ අහසෙහි ක්රී්ඩා කෙළේය. පඞකති පඞකතිව මඳ වැසි බින්දු පතිත විය. නිර්මිලවූ ගල්වල මොනරු රග කළහ.


652. අන්වය:- දළ ගිම් ඔකඳකළ, නුබ තල දල දර සෙවි. සියල තුර දළදා, සිකිකැල, ඉඟිව දළව නද ලිය.

අර්ථය:- දැඩි ග්රීිෂ්මඟය මැඩ පැවැත්වාවූ, අහස් තලය ජල ධාරා තොමෝ සේවනය කළාහ. සියලු ගස්වල පත්ර‍ හටගත්තේය. මොනර සමූහතෙම එක්ව තදින් නාද පැවැත්විය.


653. අන්වය:- ගන කල්, වලා දිති දිසා තම දැල් දිසි වණකල්, මුළා බිති දිසා අමද ඇල් දිසි.

අර්ථය:- වර්ෂාව කාලයෙහි, වලාපටල පෙනෙන්නට විය. සතර දිශාවෙහිම අඳුරු ජාලා පෙනුණි. විරහ කාන්තා තොමෝ, නිශ්චල වියෝග දුක කීවාය. දිශාවන්හි බොහෝවූ දිය ඇලි පෙනුණි.


654. අන්වය:- අත් බලා නල හැමි. යුත් වැසි පොද හිවි. මත් බලා කැල බිම. මද වැසි කත් තැවි.

අර්ථය:- දිශාන්තයෙන් දැඩි වාතය හැමිය. යුක්තවූ වැසි පොදින් ගැවසියේය. මත් කොක් රැළ භ්රඩමණය කෙළේය. අනඞගතෙම ආවෙශවී කාන්තාවන් තැවීය.


655. අන්වය:- බිමි ලියගල් හෙවි. බිම් පිය මල් සෙවි. මිහිය කල් බී තැවි. තුල් බිම් දෙවි.

අර්ථය:- භූමියෙහි වැල් සමූහය හෙවිනේය. බිගු කැල ප්රිසයවූ මල් සේවනය කෙළේය. අනඞග තෙම කානතාවන් රාග භීතියෙන් තාපනය කෙළේය. විරහ ස්ත්රීග තොමෝ ස්වභකීය පා සලඹ කරකවා නාද කරවීය.


656. අන්වය:- දිගත පතළ, දල දර, අනිල මුලු. වන ගළ ලද ලව වැසි. එකල දල දල දැක, හස මූසවි. සිහි කැල රව කර රඟ ගතු.

අර්ථය:- දිශාවන්හි පතළා වූ, ජලධාරා සහිත වූ, වාතය තෙම, සියලු වන ඝටය අතිශයින් රෞද්රශව වර්ෂාූ කෙළේය. ඒ කාලයෙහි ජලය දැක, හංස සමූහතෙම (ප්රීරතියෙන්) කුල්මත් වුයේය. මයුර සමූහය රාවකොට නෘත්ය කළහ.


657. අන්වය:- ගන ගන විදු, කිඳුන් ඉගිවී. වන නව දල කඳින් ඉඟිවී. තැන තැන තුරු මුලින් ඉඟිවී වණ නවදල කඳිති හිමි.

අර්ථය:- ඝනවූ මේඝය ඇති කල්හි, විදුලි කාන්තිය එක්විය. වනයද අභිතව ජලස්කන්ධ යෙන් ගැවසුණේය. ඒ ඒ තැන්හි වෘක්ෂි සමූහය මුලින්ම (ඉදිරි) එහි වැටුණි. විරහ කාන්තා තොමෝ අභිතව රාග ගිනි කඳින් උත්සන්න විය.


658. අන්වය:- මල්හී වණ කල් දල විය. මල්හි වණ කල් දල විය. මල්හී මනකල් තුරු විය. මල්හී මනකල් තුරු විය.

අර්ථය:- මල්වල වණ්ය්ී ම යහපත්ව දැල්විණි. අතඞගතෙම විරහ ස්ත්රී)න්ට රාගය ඇති කරවිය. වනයෙන් මනකල්වූ වෘක්ෂ‍ ඇති විය. වනයෙහි වැවෙන්නාවූ සිත් අලවන්නාවූ පක්ෂික සමූහයා ඇති වුයේය.


659. අන්වය:- වන පෙත්, තුරු අම පල ලද. වෙන පත් තුරු, එහි පල ලද. හැම තැන හැලි දොල වැද ගත්දිය, හැම තැන ගඟ තුළ දෙත්.

අර්ථය:- වන පඞ්කතීන්හි, ගස්වල මිහිරි රසැති ගෙඩි හට ගත්තාහ. ඒ වෘක්ෂස සමීපයට පැමැණියාවූ පක්ෂීිහු, ඒ ඒ ගෙඩිවල ලාභයෙහි ප්රායෝජනය ලද්දාහුය. සියලු තන්හි ඇල දොලවලට පිවිසියාවූ ජලය, සියලු තන්හිම ගංගා තුළට වැදෙත්.


660. අන්වය:- වනත් මුහුදු මිනි මුතු විය. වණන් මුහුදු මිනිමුතු විය. ලියන් වැලදි තුරු පළ විය. ලියන් වැලදි උතුරු පළවි.

අර්ථය:- කැලෑවල වකුල වෘක්ෂ සමූහය (මූන මල් ගස්) මල් පිපි ගත. විරහිනීන්ගේ කේශ කලාපය (බන්ධනයෙන්) මිදුනි. ලතාවන් විසින් වැලඳ ගන්නා ලද්දා වූ වෘක්ෂයෝ අලංකාර වූහ. ස්ත්රීනන් විසින් පොරෝනා ලද පොරෝනා සළු ප්ර කට විය.


661 අන්වය:- පිය පියවුරු, රසින් ඉසිලී. වන විලවුන්, තිසර සලි, පිය පියවුරු රසින් සිලි. වණ විලවුන් තිසර සිලී.

අර්ථය:- ප්රි ය වූ මෙඝය තෙම, ජලය ඉසිලීය. වන විල්වල වාසය කලාවූ, හංස සමූහය විසිර ගියහ. (වර්ෂාූව අධික හෙයින් ඉගිල ගියෝයයි යී ‍සේයි.) වල්ලභයෝ පයෝදර රසයෙන් සතුටු වූහ. විරහ ස්ත්රී හු විලේපනයන් ද මුතු පටද ඉවත් කළහ.


662. අන්වය:- දසත පවන, සසල මද අද, දලසර ලා අප ගන සරනද රසඟන ජල රස ලද දද මල් සඅස නව අප නසද

අර්ථය:- දශ දිශාවෙන් හමන්නාවූ වාතය කරණකොටගෙන, (ගස්) සෙලවුණාහ. මදයෙන් තෙත්වූ, මත්ස්යොයෝ අලුත් දියෙහි සමූහව සංචාරය කළහ. ජනයන්ගේ දිව අග ඵල රස ලැබූහ. පක්ෂිමාලාතොම ආශා සහිතව අලුත් ජලය සේවනය කෙළේය.

ප්රතතිලොම පක්ෂයෙහි පක්ෂි හු පර්ව්තයන්ට සතුටින් පැමිණ සැදී සිටියාහ. ජනතෙම වර්ෂාඅ ජලය කරණකොටගෙන කාම රසය ලැබූයේය. මාර්ග්ය කොල්ලන් ගසින් ගැවසුණේය. මෙඝ නාදය කරණකොටගෙන, අසතුටුවූ දිශාවන්හි වාසය කරන්නා වූ, තපස්විවරයෝ වනයෙන් චංචලවී ගමට පිවිසියහ;


668 අන්වය:- දළව අවල, දල, දල, දනව දලරස, සහදරද, සතව. දළද, නව. දද හඳනව, දල අලක වණ අද අසද දනව.

අර්ථය:- මහත්ව ආකූලවූ, (පියුම්) පෙතිද, ජලයද, ජනිතව ජලයෙහි රසින්, පෘථිවි රාජිතොමෝ. ජනප්රාිපත වූවාය. දැඩි බවින් තෙත්ව ශාඛාවෝද (ජල බරින්) නැමී ගත්හ. පක්ෂිාහුද සතුටුවූහ. පීරා හැරියාවූ කියඹු රාජී ඇති විරහීනීන්ගේ හෘදයෙහි රති ආශාවද ජනිත වූයේය.

ප්රහතිලෝම පක්ෂයෙහි වනයෙහි ලා කොළ දැඩි වශයෙන් ආකුලද වූයේය. විරහ ස්ත්රීුහු කමාශ්ර වයෙන්, නිරන්තරයෙන් ගැවසුනාහ. හංසයෝද විල් දුරු කළහ. ජලයද මෙඝ නාදයද පැමිණියේය. වනබිම කුසතණින් ගැවසී ගතී. වැසි කලුවෙන් දශ දිශාවෙන්ද වැසුනේය.


664 අන්වය:- වනසර, ගණ කදල රැඳි, රැඳි සර, කදල වන ගන. වණසර, ගන කදල, රැඳි. වනසර කදල ගණ, රැඳි.

‍අර්ථය:- වනවිල්, මහත්වූ දිය කඳින් රැඳුනාහ: රැඳි සාරවූ, කෙසෙල් ගසින් වනය ඝන විය. විරහ ස්ත්රී්හු, ඝන කටුලින් රැඳුනාහ. වනයෙහි හැසිරෙන්නාවූ කෙසෙල් මුව රැළ, රැඳුනාහ.


665. අන්වය:- වණසර ගන, දෙලෙවිය. සරඟ නදෙලෙවිය. වන සරඟ දෙලෙවිය. වණසර ගන දෙලෙවිය, අඹරද නිලදවණ විය. වනඹ අරද නිලදල විය. වණ අඹර නලදල විය අවිය.

අර්ථය:- වර්ණ යෙන් සාරවූ මෙඝය තෙම, ජලය වහනය කෙළේය. නොහොත් වනයෙහි චාතක පක්ෂි‍හු, නාද කළාහ නොහොත් වනයෙහි මෘග සමූහයා, ක්රී‍ඩාවෙහි නියුක්ත වූහ. නොහොත් විරහ ස්ත්රීාහු, විරහ ගින්නෙන් දිලිසුනාහ. අකාශයද නිල්පාට විය. නොහොත් වානාභ්යහන්තරය නිරතුරුවම නිල්පාට විය. නොහොත් විරහිනීන්ගේ වස්ත්රව කිලිටිවිය නොහොත් වෙන් නොවී, තරුණ (පිරිසිදු) ජලය ජල රාජයා කරා පිවිසියේය. වනයෙහි මොනර සමූහයා නාද කළහ. නොහොත් විරහිනීහු අමිහිරි රාගාශ්රිපත ස්වර කීහ. නොහොත් වන මී ඌරු යන මොවුහු පසු නොබැස සංචාරණය කළහ. නොහොත් වල් මීයෝද සාවෝද රාශි වුහ. වනවිල්ද නව ජලයෙන් කිලිටි වූයේය. නොහොත් වනචාරි වැදි සමූහයා මලානික වූහ. නොහොත් අසාර වන්නාවූ වැදි සමූහයා මලානික වූහ. නොහොත් අසාර වන්නාවූ රාග මදය ඇතිවූ ජන සමූහයා ලීතස්ථාන ගතවූහ. නොහොත් සාරත්වයෙන් (තෙත්වූ) ගැවසුනාවූ ජලය කැළඹී ගියේය.


666. අන්වය:- පෙරද දවන දලරද, නුඹ රණට සෙද ලඟම, විදු අසිපත ලෙලෙන, පතඟ රද එතර මැලව ගිය.

අර්ථය:- ඉදිරියෙහි දිවන්නාවූ මෙඝ රාජයා, අහස නමැති යුඬ ස්ථානයට වහා ආසන්නව, විදුලි නමැති කඩුව ලෙලවා, සූර්ය්යු රාජතෙමේ එකෙණෙහිම මලානිකව ගියේය.


667. අන්වය:- මැඩිලි ඇවිස, දනු වෙනද. නලද තන පල ගලිහී. තම දෙලෙහි රඟ විහිද, දසනු දස නිලද ලද.

අර්ථය:- මැඬියන් ඇවිස්සී, රාවයෙන් තෙත් විය. අධික සුළඟින් සෙලවුනාවූ ගෙඩි වැටුණි. අඳුරු ජාලාවෙහි ආකාරය විහිදී, දිශා හා අනුදිශාවන්හි නිල් පාට ලද්දාහ.


668. අන්වය:- වනසරඳ, නවදල අද. වනද ලද දල දනව. වණද අනුනව සල ලද වනනු සතව සර ලද.

අර්ථය:- වන විල්ද, අභිනව ජලයෙන් තෙත්වූහ. වනයෙහි ලපටිවූ කොළ ජනිත වූහ. විරහ ස්ත්රීනන්ගේ හෘදය අඩුවක් නැතිව රාගයෙන් චංචල විය. අඹු සැමි දෙදෙනා අභිනව සහිතවු රාග ක්රිදඩා ලද්දාහුය.


669. අන්වය:- එගත කල නා, ලිහිණි, රත, හසල, සසල නීරල, නල සතර සෙන් එරද හට අරක් කළ.

අර්ථය:- ඒ මෙඝ කාලයෙහි ඇත්තුය, ලිහිණිය, රථ සේනාය තරුණ අශ්වය, මනොඥ ශෛල නමැති පාබල සේනාවය (යන ‍මොහු) ගංගා රැළ පෙළය. සුළඟය යන සතුරු සේනාවගෙන් (නො පෙළා) ඒ අරින්ද ම රජුට ආරක්ෂා කළෝය.


670. අන්වය:- නී, නව පිපී වන පිපිනි වන ලද. නවවි ලදවි. ලම විලන, අමල තලවි. වණ නව විලන නලවි.

අර්ථය:- ගංගා, අභිනව ජලය කරණකොටගෙන සතුටු වූහ. වනය සුපුෂ්පිත විය. කැලය, පත්රය සමූහය කරණකොගෙන අභිනව විලාසය ලද්දේ විය. ලපටි වූ විල්, නිර්ම ල වූ වාතයෙන් ආකූල විය. විරහ ස්ත්රීනන්ට අභිනව විලේපනයන් ගින්නක් මෙන් විය.


671. අන්වය:- තුරු සුමුදු, නුදුලු වූ. කුඳුරුනුදු, මුල් දුවු තුනු දුඹුල වූ. පුලුදු රුදුරු වූ.

අර්ථය:- තාරකා සමූහය, නො දිලුනේය. පෘර්ථ වියද, මඬ සහිත විය. ශරීරය දුර්විණ වූ වැදි සමූහයා ගේ අනඬගයයි. කියන ලද රාගය, රෞද්රි වූයේය.


672. අන්වය:- නිති සිලිලිනි, විපිපි. වී රිසි දිනි හිවි දිවි. සිකි තිළිවි, පිලිදිති. රිවි මිලිවි මිදිසිවි.

අර්ථය:- නිරන්ත‍රයෙන් ජලය කරණකොටගෙන (ශ්රී.ෂ්මයෙන් මලානික වූ පුෂ්ප ආදිය) විශේෂයෙන් ප්රයබෝධ විය. පක්ෂිාතෙම රුචි පරිද්දෙන් අහසට උස්ව දිවීය. මයුර සමූහතෙම සතුටුව පිල් කළඹ විසිරවී. සූර්ය්තෙ යා මලානිකව නොපෙනී ගියේය.


673 අන්වය:- මෙහිමිගෙ හැලි පහස ලැබ, දසගනන් සහතොස සරණට කැඳන ලෙස, සරණ තුරු රැව් දසදෙස පළවි.

අර්ථය:- මේඝ නමැති ස්වාමිහුගේ ශීතල ස්පර්ශ්ය ලැබී, දිශා වනිතාවන් විසින් සතුටින් සංචාරය පිණිස කැඳවන පරිද්දෙන්, සංවාරය කරන්නාවූ, පක්ෂි්න්ගේ රාවය, දශ දිශාවෙහි ප්රසකාශ විය.


674 අන්වය:- කොමල ගඳ වහන් එත, පිය පිය සුදහරෙවි, පළ එකල, වණ ලියනට, නොකොමල දවන, ගන මහ තලෙවි.

අර්ථය:- මොලොක් සුලඟ හමන කල්හි, අඹු සැමියන් හට ශේවතඞග රාගයක් මෙන්, (ඒ) ප්රවකාශ විය. ඒ කාලය, විරහ ස්ත්රීනන්ට, රෞද්රළ වූ, දවන්නාවූ, නො සිඳුනාවූ, මහා ගිනි කඳක් මෙන් විය.


675 .අන්වය:- විල් හි වතුරු, හළ. සරා හද දල, තුරුහී. තළා හස තුරුහී වහා හමුලුව, යතුරුහි පත.

අර්ථය:- විල්වල පතිතවූ ජලය, ඉතිරී ගියේය. චාරිකාවන්ගේ හෘදයාලය අන්තර්ධාන විය. විල් හංසයෝ වෘක්ෂ‍යන්හි වසා ගනිමින් රැස්වී, යාත්රා් කිරීමෙහි නියැලුණාහ.


676. අන්වය:- වන වන නිවනවී. නිවන නව වන තනු වී, නිවනෙන වන අනු වී. නේනිවන වන තිනා වනු වී.

අර්ථය:- පිවිසෙන්නාවූ ජලය නදිය හා සමාන විය. නදියට පැමුණුනාවූ අභිනව වූ ජලය එකතුවී, නීප වනයෙන් එන්නාවූ ජලයට අනුව නොයෙක් නදීන් කරා පැමිණෙන්නාවූ ජලය මහා සාගරයට පිවිසියේය.


677. අන්වය:- දදද උදද ඇද ඉදුද අදේ දදදු අදද උදුද අදේ දද අදද උදද දෙ දුදුද අදද අදොද අදෙ

අර්ථය:- චන්ද්රඅයාගේ උදාව නොහොත් ප්රදභාවද, ආදියෙහි මෙන් සෘජුවද නුදුනි තාරකාවන්ගේ වනාහි ගැවසීමත්, වෘඞය නොහොත් අලෝකයද, නොදුන්නේය. පක්ෂිැන්ගේ හෘදයෙහිද, උද්දාමය ජාත විය. දුක දුහිතෲන්ගේ නෙහොත් අභිසාරිකාවන්ගේ හෘදයෙහිද, අසන්තෝෂය හෙවත් රාග අ‍දෝනාව හට ගත්තේය.


678 අන්වය:- සිකි පිල් වරල් බැඳ, පිපි කුසුම් සොඳ උතුරු ලා, බිඟු නද ගී විහිද, ලිය ලියන්, කෙළින් අද රඟන වැනි.

අර්ථය:- මොනර පිල් නමැති කෙශ කලාපයන් බැඳ, පිපුණාවූ කුසුම් නමැති සුන්දරවූ උත්තරසාටක බහා ගෙන, භෘඞග නාද නමැති ගීතාකාවන් විහිදුවමින්, ලතා නමැති කාන්තාවන් විසින්, ක්රීිඩාවෙහි නියැලි නෘත්යේ කරන්නාක් ‍වැන්න.


679. අන්වය:- මුව හිමි, මුව පහස නිසි ලෙස ලද, දලඟනෝ, වන පියනද සුබස යොදා, නව දල අදර දෙනෙවි‍ ලෙස;

අර්ථය:- මෘග නමැති ස්වාමියාගේ, මුව ස්පර්ශසය යොග්ය ලෙස ලැබුවාවූ; පත්රය නමැති ස්ත්රීසහු, කොකිල නාද නමැති යහපත් වචනය යොදා, අළුත් කොළ නමැති තොල් ජනිත වූවාවක් මෙනි;


680 අන්වය:- අරද මිහිලොල් හිවි, සුවිපුල්, ගිණි ලිය කුසුම්; වියෝවිනට සකුහුල්, මලවි සැර වැද, ගලන ලේතුල්.

අර්ථය:- නිරන්තරයෙන්ම භෘඞ්ගයන්ගෙන් ගැවසියාවු, ඉතා මහත් වූ, ලියනඟලා මල් කෙසේද යත්; විරහ ස්ත්රීැන්ට කුහුල් සහිත වූ අනඬ්ගයාගේ හීය වැදී ගලන්නාවූ ලේ හා සමානය.


681. අන්වය:- වන හිස දිලි කදෝ, මෙහිමි පහසට සහතොස, මිහිලියගේ මුහුලස නොවලස වෙළු; සිඳු වරදමෙව්,

අර්ථය:- වන හිසෙහි දිලෙන්නාවූ කනමැදිරියෝ, මේඝ නමැති ස්වාමියාගේ ස්පර්ශනයට සතුටුවී, පෘථිවි නමැති කාන්තාවගේ කෙශ කලාපයෙහි අලස නොවී වෙළුවාවූ; නික මල් දමක් වැන්න.


682 අන්වය:- නිති රදන, බිඟු කැල හොබවන දුනුකේ කැකුළු; වනඟන, මෙහිමිහට දිලෙව්; දුම් සහ වැටුප් පෙළ මෙන.

අර්ථය:- නිරන්තයෙන් රඳන්නාවූ, භෘඬ්ග සමූහයා හා ‍ශොභමානවූ දුනුකේ කැකුළු කෙසේද යත්; වන නමැති කාන්තාව විසින්, මේඝ නමැති ස්වාමියා හට(බුහුමන් පිණිස) දල්වන ලද; සුවුඳ දුම් සහිතවූ පහන් පෙළක් වැන්න.


683. අන්වය:- වන ගිණිලිය කුසුම්, මුළුවන ලවග ගත්තෙවි ඉන් මුත්, ගණ රොනින් නොපමණ, රතිඳු ගොවි කැළ දිසි.

අර්ථය:- ව‍නයෙහි වූ ලියනඟලා මල් කරණකොටගෙන, මුළු වනයම ගිනි ගත්තාක් වැන්න. ඒ මල් වලින් මිදුනාවූ, ඝන රේණුවලින් අප්ර මාණවූ, රත් ඉඳු ගොවි සමූහයා දෘශ්ය මාන විය.


684. අන්වය:- වන සිරිනි වන ලඳ, තඹ වතුරු සොඳ උතුරුලා, පොද කඳුලෙන් නිබඳ, බෙය තනග එකබඳ තෙමන වෙති.

අර්ථය:- විරහ ශ්රී යෙන් යුක්තවු, වන නමැති කාන්තාව විසින්, තඹ පාටවූ; දිය නමැති සුන්දරවූ උතුරු සළු හෙලාගෙන, වැසි පොද නමැති කඳුලෙන් නිරන්තරයෙන්ම පර්ව ත නමැති පියයුරු අග ඒකාකාරව තෙමන්නාක් මෙනි.


685. අන්වය:- දොඹ කුසුම්, සපුමල්, තාලිස්, තුවරලා මල්, සායර්වා සකහුල්, සඳ කිඳුරු, ගිරිබිලතුල් විසු.

අර්ථය:- ‍දොඹ මල්ය, සපු මල්ය තාලීස මල්ය, තුවරලා මල්ය, (යන මේ මල් රාශිය) ක්ෂ යවී (එකල්හි) කුහුල් සහිතව, සඳ කිඳුරියෝ, පර්වසත කුහර (ගල් ගෙවල්) තුළ වාසය කළහ.


686. අන්වය:- සුවඳ මල් තනවා එන, වා පහස් ලොල් විද, සුහුඹුල් වන දෙව් ලියෝ, මනකල් පියන් සහ විසූ.

අර්ථය:- සුවඳ මල් සොලවමින් එන සුළ‍නඟ ස්පර්ශ ය ලොභයෙන් විඳ, අතිශයින් තරුණ වූ වන දිව්ය් ස්ත්රී‍හු සිත් කලුවූ වල්ලභයන් සමග වාසය කළහ.


687. අන්වය:- පිපි මල් වෙලෙප් බැඳ, පැහැ ඈ, දුනුකේ කැකුළු වනගෙද, ලිය යහන දසඹ, සෙද මෙමිහිට සුසුදියෙව්.

අර්ථය:- පිපුණාවූ මල් නමැති වියන් බැඳ, පැහැයෙන් තෙත්වූ (යුක්ත වූ) දුනුකේ කැකුළු වලින් යුක්තවූ වනය නමැති ගෙයහි, ලතා නමැති ශයනය, දිශා නමැති ස්ත්රිනය විසින්, වහා මේඝ නමැති ස්වාමියා හට මනාව සජ්ජිත කළාක් වැන්න.


688. අන්වය:- පෙද පෙළ මරල වැල, ඉඳු සැව් පබල කුරු පෙළ, වතළ හෙන සෙත ගොස, මෙසිඳු සරතිසි මුවට සුපතළ,

අර්ථය:- වැසි පොද පඞ්ක්ති නමැති වැලි තලා ඇත දේදුනු නමැති පබළු පැලෑටි පෙළ ඇති, පැතිරී පතිත වන්නාවූ අකුණු නමැති ඝෝෂා ඇති, මේඝ නමැති සාගරය, සරත්කාල නමැති (අගස්ති) සෘෂියාගේ මුඛයට මනාව පිවිසියේය.


689. අන්වය:- සරා කුසුම් තුරු, මඳ මඳ ලෙලවා, සුවඳැලවා, වෙනු පද සෙදින් අරා, විරා ලියන් මන පුළවා, සොඳ ලෙස සරා සුලන්, එක බඳ දුලබා හැමි.

අර්ථය:- සරත් කාලයට ප්රාථම හටගත්තාවූ වෘක්ෂයන්, ටිකින් ටික ලෙලවා, සුවඳ අලේප කොට, ආකාශ මාර්ගවයට වහා නැගී, විරහ ස්ත්රීින්ගේ සිත ප්රෞ,ඬ කරවා, යහපත් පරිද්දෙන් සරත් කාලයේ සුළඟ, ඒකාකාරව ජ්වලිතව හැමුයේය.


690. අන්වය:- නෙතරම් මහවෙල්හී, ලකුළු රැඳි, වෙසෙසින් පඬු පැහැවී නැමි කුරුලු, සුපසන් මෙහිමිගේ, නැඹුළු වියොවින්, සැනසුම් නොව, දුඹුලු වෙස් පෑ වැනි,

අර්ථය:- නොයෙක් ප්ර්මාණවූ මහා කුඹුරුවල, අලඬකෘතව රැඳුනාවූ, විශේෂයෙන් පඬු පාටවී නැමුනාවූ වී කරල්, අතිශයින් සතුටට පත්වූ මේඝ නමැති ස්වාමියාගේ මහත් වූ වියෝගයෙන්, සැනසීමක් නැතුව, දුර්ව ල වෙෂය ප්රවකාශ කළාක් වැන්න.


691 අන්වය:- නල සහ හමනා මත් ඇත් මද ගඳ, සත්පත් මල් සුවඳය සැක සිතිනා නොව සරණා, මත් ඇත්, කන් හිඳුවා, නිතිනා නෙත් සිත් යොමුකර නැරඹූ.

අර්ථය:- සුළඟ සමග හමන්නාවූ මත් ඇතුන්ගේ මද සුවඳ, ශත පත්රස පුෂ්ප සුවඳ සුවඳ යයි සැක සිතින් සංචාරය නොකොට, මත් ඇත්හු, කන් උඩුකුරු‍ කොට නිරන්තරයෙන් ඇස් හා සිත් යොමමින් නැරඹූහ.


692. අන්වය:- පිරි සොඳ සොමි සඳ, කැලුම් දරාලිය. තිසරද සුමියුරු සරින් සරාලිය. මියුරුද එක බඳ සෙලින් ‍වරාලිය. දියහුද මන සහ තොසින් පුරාලිය.

අර්ථය:- සම්පූර්ණ වූ සන්දරවූ සෞම්යෙ චන්ද්රියා කාන්තිය දැරුවේය. හංසයෝද අති මධුරවූ ස්වරයෙන් සැරසුනෝය. මොනරුද ඒකාකාරව පර්වෝත වලින් පහවී ගියහ. ලොකවාසීහුද සිත් සතුටින් පිරුණෝය.


693. අන්වය:- එවනේ, මත් කොවුලන් රමණී සර, පත් සුර ගද ‘ඹුන්, පෙමිනේ අලුයෙන් යුත් නිසිනේ; ඒ වසන් රා ගීයෙන්, සත් නිරිඳුන් මත, පොලඹන ලෙසිනේ.

අර්ථය:- ඒ වනයෙහි, මත් කෝකිලයන්ගේ සිත් කලු වූ ස්වරයෝ කෙබඳුහුද? (වනයට) පැමිණියාවූ දිව්යක ගාන්ධෙර්ව? ස්ත්රීැන් විසින්, ප්‍ේ( මයෙන් ශරීරාලොකයෙන් යුක්තව යොග්යනවූ; ඒ විෂම රාග ගීතිකාවෙන්, සරත් සෘතු නමැති රජතුමාගේ සිත, පොළඹවන ආකාරයයි.


694 අන්වය:- වනවත්හි විසිතුරු ගිම් මේ, සරා විසිතුරු, තුරු වෙසෙස් විසිතුරු සහ මෙහි සැරූ; ලියන් සබඳය,

අර්ථය:- හිමාලයෙහි විසිතුරුද, ග්රී,ෂ්ම සෘතුවය, වර්ෂාව සෘතුවය, සරත් සෘතුවය යන මෙහි අලඬකාරයද, වෘක්ෂ විශේෂයන්ගේ අලඬකාරය සමග ‍මේ වනයෙහි සැරි සැරුවාවූ; ලතා සම්බන්ධි අලඬකාරයද ප්ර්කාශ කොට ඇත්තේය.


695 අන්වය:- බෝසත් හිම වතෙහි ඉසි පත්; සවිතුන් විසින් එකයුත් පුදුන, අනෙ පුදවත් යෙහෙන් විඳිමින් වසා

අර්ථය:- බොධිසත්වඅතෙම හිමාලය ප්රිදෙශයෙහි සෘෂි ප්ර්ව්රරජ්යාාවට පැමිණියේ; (හෙමන්තාදී) ෂට් සෘතූන් විසින් ඒකාකාරව පුදනු ලබන්නාවූ, අනෙක විධ (පුෂ්පෝහාරාදී) පූජා වස්තුන් යෙහෙන් විඳිමින් වාසය කොට;


696 අන්වය:- බඹ විහරණ බෙවුන්තර, සැපවන පසබි නැණ, සසොබන අට සමවන, කුසල් විලසිත උපදවාගෙන;

අර්ථය:- බ්රිහ්මවිහාර භාවනාකොට, සැප ගෙන දෙන්නාවූ පඤ්චාභිඥාවද, ශොභා සහිත වු අෂ්ට සමාපත්තියද දක්ෂ ලෙසින් උපදවාගෙන;


697 අන්වය:- මරණින් මතුව, ගොස් බව දොස් කලක් නොදිනන; බඹලොව් තුළ, සකස් ඉපිද, සුපහස් යන විඳයේය.

අර්ථය:- මරණයෙන් මත්තෙහි ගොස් භව දෝෂය කාලයක ජනිත නොවන්නාවූ; බ්ර හ්ම ලෝක තලයෙහි, මනාකොට ඉපිද, සුව පහස් වූ ධ්යා්න සුඛය වින්දේය.


698. අන්වය:- එසෙමේ; පසේ මුනි, නිවනින් සැනසීයේ මේ පසුව රදවුවමේ; රහල් තෙරිඳුය දනුව.

අර්ථය:- ඒ කාලයෙහි, පසේ බුදුන් වහන්සේ, නිර්වා්ණයෙන් සන්හුන්සේක්මය, (හෙවත් අනුපාදිශේෂ පරිනිර්වාතණ ධාතුවෙන් පිරිනිවිසේක්මය) නැවත රජ බවට පැමිණියේ; මේ කාලයෙහි රාහුල ස්ථවීරයයි දනු මැනවි.


699. අන්වය:- එ පසේ මුනිඳුගෙන් බණ අසා, ගිහිගෙන් නික්ම, බවවන තවස් අගෙන් දවා, බඹගෙන් පැසසුම් යෙදූ.

අර්ථය:- ඒ පසේ බුදුන්ගෙන් බණ අසා, ගිහි ගෙයින් නික්මී, භව නමැති වනය තපස් නමැති ගින්නෙන් දවා, බ්රුහ්මයාගෙන් ප්රකශංසාව යුක්ත කළාවූ,


700. අන්වය:- අරින්දම් නම් ලද නිරිඳු බුදුවූ මම්වද පවසා, සිරිත් ලෙද එකබඳ අනගි, සිව් සස් දෙසා;

අර්ථය:- අරින්දම නම් ලැබූවාවූ රජතුමා, නම් බුදු බවට පැමිණියාවූ මමමැයි පවසා, (තථාගත) චාර්ත්රබයයේ ඒකාකාරව අනර්ඝූවූ, චතුරාර්ය්ාන සත්යයය දේශනා කොට;