Jump to content

කව්මිණි මල්දම-ගැටපද විවරණය-viii

Wikibooks වෙතින්

701. අන්වය:- මහ සඟන නඳකර: නිසිලෙද පෙර’පර යොදා, පබඳ සෝනක දා, මුනිසඳ, මෙසේ නිමවූ සේක.

අර්ථය:- මහා සඬ්ඝයා සතුටුකොට, යොග්යූ පරිද්දෙන් පූර්වා්පර සන්ධීඳන් යුක්තකොට, ප්රඝසිඬවූ සෝනක ජාතකය, බුදුන් වහන්සේ, මෙපරිද්දෙන් නිමවා වදාළ සේක.


702. අන්වය:- නොමඳ ගුණ, නැන, සිරි, හැම සඳ සපුරා සිටින, සරසවිය සිරිසඳ තුඩඟ, උරතල, ලොබ බැඳ වසන;

අර්ථය:- බොහෝවූ ගුණය, ඥාණය, ඓශ්චර්ය් ූරය, යන මෙයින් සියලු කාලයෙනි සම්පූර්ණබව සිටින්නාවූ, සරස්වතී හා ශ්රීු කාන්තාව මුව අගද, උරෙහිද ලොභ බැඳ වාසය කරන්නාවූ;


703. අන්වය:- පවර හෙළ දිව්තල, ඇතිර විසිර පරදෙස්වල තිරතුර පුරා ගැවසී සිටින පිරි යස කිත් වතුර;

අර්ථය:- උතුම් වූ ලඬකාවීප තලයෙහි, ඇතිරි විසිරී ගොස්, පර දෙශයන්හි නිරන්තරයෙන් පුරා ගැවසීගෙන සිටින්නාවූ; පූර්ණවවූ යශස් කීර්ති නමැති ජලය ඇති.


704 අන්වය:- වියතුන් සබා මැද පැමිණෙන, දෙවන වියතුන් නොමැතිමෙන් වියතුන් පුරුදු, පරදෙස බසින් වියතුන්;

අර්ථය:- ව්යපක්තයන්ගේ සභා මධ්ය්යෙහි පැමිණෙන්නාවූ විනීය ව්යථක්තයන් නැත්තාක් මෙන්, ව්යතක්තයන්ට පුරුදු වූ අන්ය දෙශ භාෂාවලින් ව්යකක්තවූ,


705. අන්වය:- දිලුම්කළ තෙදනලින්, මොළ රිපු නිලු ලයේ දවාහරිනා: දිග‘ඹ උර තොසේ අරද අලෙව්කරනා, නොහිම්වන යස සඳුන්, ගොසින් වැද සරසවිරසේ හෙළ රදුන් සබ ගැබ පොලඹනා, සියන් සහ යටහතුන් සිරි නිති ‍හොබවනා, මිණි කිරුළසේ;

අර්ථය:- දීප්තිමත් කළාවූ තෙජස් නමැති ගින්නෙන් චණ්ඩ සතුරන් නමැති වනය සීඝ්රතව දවා හරින්නාවූ; දිශා නමැති ස්ත්රීින්ගේ උරයෙහි සතුටින් නිරන්තරයෙන් අලේප කරන්නාවූ, අප්රනමාණවූ කීර්ති නමැති සඳුන් ඇත්තාවූ, ගොසින් වැදී වාග් රසයෙන් සිංහල රාජයන්ගේ සභා ගර්භසය පොළඹවන්නාවූ ස්වකීයයන් හා යටත් වාසීන්ගේ මස්තකය නිරන්තරයෙන් බබලවන්නාවූ, මාණික්යක කිරීටයක් වැනිවූ;


706. අන්වය:- කිරි සයුරවන් සක්, උබස පරපුර කෙරෙන් නිකසලවම එන, රදුන් අණින් ගරුතර, නෙතනතුරු සහ රුවන්, රණදම් ලැබය, සිය අභිත් ඇත් සබයකර, මාතොට හෙම ගුහා රක් කෙ‍සරුවන්, අබයසිරි වද්දන ඉළංගක්කෝන, මහ මැති ඇසුරුවන්;

අර්ථය:- කිරි මුහුදට පිවිසි සක් ගෙඩියක් පරිද්දෙන්, (මාතෘ පීතෘ සංඛ්යාිත) උභය පරම්පරාවෙන් නොකිලිටිව පැවත එන්නාවූ; රාජාඥාවෙන් අතිශයින් ගරු වූ නොයෙක් ස්ථානාත්තර සහිතවූ, රත්න සහිතවූ, ස්වර්ණ දාමද ලැබී, තමන්ගේ සතුරු නමැති ඇතුන් භය සහිතකොට, මහා තිත්ථ නමැති ස්වර්ණව ගුහා රක්ෂැකවූ සිංහයෙකු වැනිවූ අභය ශ්රීැ වර්ධහන ඉලංගක්කෝන් නම් වූ, මහා අමාත්යතයාණන් ආශ්රකය කළාවූ.


707. අන්වය:- මුනිඳු, මුනි දම්, සඟ, තෙරුවන් කෙරේ, සිත රහ සිර, දිව‘ග කරයුග, එක රඟ නිබඳ අවනත කරන;

අර්ථය:- මුනීන්ද්ර යාය, ඒ මුනීන්ද්ර යාණන්ගේ ධර්මෙය, ආර්ය්හ ස සඬඝයාය, යන ත්රිෝවිධ රත්නය කෙරෙහි; සිත්වූ පරිද්දෙන් ශීර්ෂනයද, දිව අගද අත් දෙකද ඒකාකාරව නිරන්තරයෙන් නමින රකන්නාවූ.


708. අන්වය:- වස දසක, දෙක ඉන් උනුවක්, වැඩි එක නොමැති, ලද වයසෙක, මුනි දම් සතර පමණෙක දැන;

අර්ථය:- වර්ෂල සම්බන්ධිාවූ විස්සක්ද, (වැලින්) දෙකක්ද (එකතුව) විසි දෙකක් පිරුණාවූ ඒ දෙවිසි හවුරුද්දෙන් අඩු බවක් හෝ වැඩි බවක් හෝ නැත්තාවූ (සමදෙවිසි හවුරුදු වූයයි සේයි) බාල වයසෙක්හිදී බුඬ ධර්මියද ශාස්ත්රූයද ලෙශ මාත්රුයක් දැන;


709. අන්වය:- ඌරුවිටි ගෙපියස, සුදී කිවි සිවි, නිසි ලෙස අත් පරවැඩ පිණිස, මුනිදම්, පදරස කවිහී බහා;

අර්ථය:- ඌරුවිටිගේ නම් ගෘහස්ථ පරම්පරා ඇති, සත් පුරුෂවූ කාව්යි ශිල්පී තෙම සුදුසු පරිද්දෙන් ස්වාර්ථථ පරාර්ථ, අභිවෘද්ධිය සඳහා, මුනීන්ර් ලෙ ධර්මුය පද්යප රස සඬඛ්යාදතවූ කාව්යමයෙහි ඇතුළත් කොට;


710. අන්වය:- අප දියනා වසින්, දෙදහස් තෙසිය සොළසින් පිරි, වෙස‍ඟෙහි පුණු පෝදා හී; තිසින් ‍සතොසින් මෙනිමු.

අර්ථය:- අප ජගත් නාථවූ (ලොකයට පිහිටවූ) සර්ව‍ඥයන් ගේ (පරිනිර්වානණ) වර්ෂලයෙන්, දෙදහස් තුන්සිය දහස වැ‍න්නෙන් පුර්ණ‍වූ, වෙසක් මාසයෙහි පුණු පොහෝ දිනයෙහි; යොග්යො පරිද්දෙන් සතුටින් මේ කාව්යහය නිමා කෙළේයි.


711. අන්වය:- සමා සමා සුර තරන විසින් දෝ, සතරණව විසින් දෝ උයොමා යොමා අනිමා වෙසෙසින්දෝ නුදුටුය. අසමා පවසනු කෙලෙසින් දෝ සමා

අර්ථය:- ශාන්තවූ හෙවත් ධ්යාුන ගුණ විශේෂ ඇති සියලුම දිව්ය් මනුෂ්යනයන් විසින්ද, ශාස්ත්ර නමැති මුහුදෙහි පරතෙරට පැමිනියාවූ සච්චකාදීන් විසින් ද අධික උත්සාහයෙන් ඥාන නමැති ඇස මෙහෙයාත් මේ ධර්මීයාගේ නිමාවක් විශේෂයෙන් නොදක්නා ලද්දේය. පුර්වෝටක්ත පණ්ඩිතානීන්ට සමාන නොවු මාගේ මේ ප්රෂකාශය (හෙවත් මේ කාව්යර බන්ධනය) කවර ආකාරයකින් වත් ධර්මාය මෙන් නිර්දෝෂ වේද නො වේමය.


712. අන්වය:- ලමා ලමා, මවිසින් කිවිසින්දෝ, අමා අමා දෙන මුනි දහමින්දෝ, ලමා අලමා කුළුණැති නුවනින් දෝ, ලපෙමින් යොමා යොමා තුටුවව්.

අර්ථය:- අතිශයින් ‍බාල (වයස්) වූ, මා විසින් කියන ලද හෙයින්ද, අමෘතයක් බඳු වූ නිර්වාිණ දායකවූ සර්වුඥයන් වහන්සේ ගේ ධර්මයය වූ හෙයින්ද, හෘදයෙහි ලාමක නොවූ කරුණාව ඇත්තාවූ ඥානයෙන් උත්තමයෙනි, චිත්ත ප්රේමමයෙන් පරීක්ෂා කොට සතුටු වව්.


713. අන්වය:- ති‍ලෝගුරු මුනි සඳ මහඟු ගුණ ගෙන, පද බැඳ කිව්, මගේ සිතැඟි ලෙද, ලොව්තුරා බුදු පද ලැබේවා!

අර්ථය:- තුන් ලොවට ගුරුවූ මනිඳුන්ගේ මහාර්ඝුවූ ගුණයන් ගෙන, පද බැඳ කී මගේ සිත් වූ පරිද්දෙන් ලොකොත්තර බුඞ පදවිය ලැබේවා!


714. අන්වය:- රුදුරු දුක් අත්වන, බහදුරු සෙත් ගුණය හළ, ලොවැදුරැසේ නැණ තත්, හීන කුල සේවනය දුරු කර;

අර්ථය:- රෞද්රලවූ දුක් අත් වෙන්නාවූද, යහපත්වූ ශාන්ති ගුණය හැරියාවූද, බ්රවහ්මයා පරිද්දෙන් ඥානය ඇතිවූයේ නමුත් නීච ජාතිකයන් සේවනය කිරීම දුරු කර;


715. අන්වය:- මෙපින් බල මුල්කොට, මද මා උපනූපන්විට, මුනිඳු ගුණ කීමට පොහොම්, වියත් බැව් මට වේවා!

අර්ථය:- මේ පින් බලය ප්රිධාන හේතු කොට අනාගතයෙහි මා උපන් උපන් කල්හි සර්ව ඥ ගුණය කීමට පොහොසත් බවද, ව්ය ක්තතාවද මට ඇති වේවා!


716. අන්වය:- සුගත් ගුණ කීමට, අනියුරු ගුන නොකීමට, එබඳු ගුණ කීමට, මෙන් මුනි දැකීමට ලැබේවා!

අර්ථය:- සර්වමඥ ගුණ‍යන් කීම පිණිසද, අන්යම ඊශ්වරාදීන්ගේ ගුණ නොකිරීම පිණිසද, ඒ බුඞ ගුණයන් කිරීමටද, මෛත්ර ය සර්වදඥයන් දැකීමටද ලැබේවා!


717. අන්වය:- සර්වඞ ලෙව්හි සුරඳන, අපමණ සතුන්, කිසි අවියක් නොගෙන, දැහැමින මඬනු යෙහෙයින් ගුණ ලැබේවා!

අර්ථය:- සකල ලොකයෙහි වාසය කරන්නාවූ, අප්රසමාණවූ සත්ත්වයන්, කිසිම ආයුධයක් නොගෙන ධර්මෙයෙන් මර්දිනය කිරීම යහපත් වන්නේය. ඒ කාරණයෙන් එබඳු තෙජො ගුණය ලැබේවා!


715. අන්වය:- මිසදිටුව පැවතුම්, අනුන් අතවැසිව පැවතුම්, දුරදවෙත පැවතුම්, මෙකී පැවතුම් මට නොවේවා!

අර්ථය:- මිථ්යායදෘෂ්ටි පැවතීමද, අන්ය!යන්ට ‍අනේතවාසිකව පැවතීමද, නපුරු රජුන් සමීපයෙහි පැවතීමද: (යන) මෙකී පැවතීම් සියල්ලම මට සිඞ නොවේවා!


719. අන්වය:- රුදු සතුරන් දුරුව, මිතුරන් පොහොසත් වෙමින්, අනියම් අතුරන් නොවමින්, විරහ අතුරන් නොම යෙදේවා!

අර්ථය:- රෞද්ර වූ සතුරන්ගෙන් දුරුව, මිත ලාභයෙන් පොහොසත් බවට පැමිණෙමින්, අනියම් අන්තරායන් සිඞ නොවී, ප්රිලය විප්රවයෝග අන්තරායයන්ද සිඞ නොවේවා!


720. අන්වය:- හිවි තුන් බවයෙහි, සර්වප සුර කැලන් පියවී මෙ අනුමෝදන්වී, අපවග සියවී, බැතින් සැනසෙව්.

අර්ථය:- මහත්වූ (හෙවත් උස්වූ) තුන් භ‍වයෙහි, සියලු දිව්යද සමූහයා ප්රියයව, මේ ධර්මන කථාවෙන් හටගත් පින සතුටින් පිළිගෙන නිර්වාමණය ස්වකීය කොට ඇතිව, ආදරයෙන් සංසිදේව්!


721. අන්වය:- රෝබිය නොවේවා! ලෙව්සස් නොපිරිහේවා! සව් සත වැඩේවා! තිලෝ කුස හැම නිදුක්වේවා!

අර්ථය:- රෝග භීතිය විද්යමමාන නොවේවා! ලොකය හා ශාසනය පරිහානියට නොපැමිණේවා! සියලු සත්ත්වයා සියලු සැප සම්පත්තියෙන් වර්ධානය වේවා! තුන් ලෝ කුසෙහි සියලු සත්ත්වතෙම දුක් රහිත වේවා.


722. අන්වය:- සොඳවා පදරසැති, මහ කවි ලකුණු රඳවා, නදවා, සුබඳවා කළ, නෙ විසිතුරු, සත්සියය කවි.

අර්ථය:- සුන්දෙරවූ පද්යස රස ඇති, මහා කාව්යද ලක්ෂණයන් රඳවා, සතුටුව මනාව බැන්දාවූ, විසි තුනකින් අධිකවූ, සත් සියයක් පමණවූ කාව්යවයන් ඇති;


723 අන්වය:- මෙකවිමිණි මල්දාමය, යන නම රඳාමය. රිවි සඳාමය,‍ යෙහෙන් ලෙව්හි, සැම දාමය දිලේවා!

අර්ථය:- මේ කාව්යස මණිමාලා දාමය, යන නම රඳාමය. චන්ද්‍ර සූර්ය් ල යන් පරිද්දෙන්, යහපත්ව ලොකයෙහි, සියලු කල්හිම, බැබලේවා!