Jump to content

කව්මිණි මල්දම-ප්‍රස්තාවනාව

Wikibooks වෙතින්

මාතර සාහිත්‍යය

[සංස්කරණය]

18 වන ශත වර්ෂාරම්භය, සිංහල සාහිත්‍යය පිරිහිණු යුගයක් වශයෙන් හැදින්වුව නිවැරදය. සිංහල සාහිත්‍යාම්රභය, ඝන අඳුරු පටලයකින් වැසී තිබුණි. ‘සිංහල අකුරු ලිවීමට පවා, දත් අය සුලභ නොවීමෙන්, භාෂා‍තවේත් සාහිත්‍යයේත් පිරිහීම කෙතරම්’දැ?, සිතා ගැන්ම අපහසු නොවේ.

වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ, ව්‍යායාම‍යේ ප්‍රතිඵලයක් වශයෙන්, සාහිත්‍ය දියුණුවට මග සැලසුණි. උන් වහන්සේ‍ගේන් ආභාසය ලත් පඬිවරු රැසක් උන්වහන්සේ පිරිවරා සිට විශිෂ්ඨ සේවයක් කළහ. හේසජ්ජ මඤ්ජුසා සන්නය, බෝධිවංශ සන්නය, සාරාර්ථ සංග්‍රහය. රූපමාළි,හා අභිසම්බෝධි අලංකාරය යන ග්‍රන්ථ රැස, වැලිවිට සරණංකර හිමියන්ගේම කෘතීහු වෙත්. කුරැණෑගල වන්නි බුවනෙකබාහු කල සිට, සිය අනුගාහක කීර්ති ශ්‍රී රාජසිංහ රජ කල දක්වා ,චූල වංශය ලියූ, තිබ්බොටුවාවේ තෙරණුවෝද, ධම්මරක්ඛිත හා රඹුක්වැල්ලේ යන තෙරවරැද, විශිෂ්ඨ සාහිත්‍යය සේවයක් කොට , කීර්තියට පත් වූ වැලවිට සරණංකර හිමියන්ගේ ශිෂ්‍යයෝ වූහ.

ක්‍රිස්තු වර්ෂ 1739 දී, නරේන්ද්‍රසිංහ රජු ඇවෑමෙන්, අභාවයට ගිය සංහල රාජ වංශයට පසු, ලක් රජය හිමි කර ගත්තෝ නායක්කර් වංශිකයෝය. ශ්‍රී රාජාධී රාජසිංහ (1782-1798) රජතුමාද, සාහිත්‍ය දියුණුවට මහත් රුකුලක් දුන්නේය. ඒතුමාගේ යුගයේ, කරතොට ධම්මාරාම යතිඳුන්ගේ පාණ්ඩිත්‍යයෙන් ,සාහිත්‍යාම්භරය තව තවත් ආලෝකමත් විය.සාහිත්‍යයට යේවයක් කළ අයට, රජතුමා ත්‍යාග, ප්‍රශංසා පිරිනැමීය. සිංහල කාව්‍යය නඟා සිටුවීම සදහා කවිකාර මඬුවක් අරඹන ලදි. එපමණක් නොව අසද්රටය ජාතකය නම් මනහර පද්‍ය කාවයක් නිබන්ධනය කිරීමෙන් රාජාදි රාජසිංහ රජතුමා විසින්, අන් ග්‍රන්ථ කර්තෘවරැන්ටද ආදර්ශයක් දුන් බැව් කිව යුතුය.

මේ අවධියේදී සාහිත්‍යය පිළිබඳ උනන්දුවක් දැක්වූවෝ කවරහුදැ? යි, දැන ගැනීමට ඉවහල් වන එක්තරා වෘතාන්තයක් ඇත.

රාජාධි රාජසිංහ රජතුමා, පහතරට සිටින උගත් අය පිළිබඳ, තොරතුරු දැන ගැනීමට රුචි විය. ඔහු මේ බව අසා, පහත රටට,

සංවර සතර සිල් පිරිසිදු මිතුරැ සොඳ

ලෙන් දැරු සසුන සිව් සික පද කසුන බද

වෙන් සුණු ගුණ ලකුණු දැරු හෙළු සකු මගද

දැන් විසිතුරු යති මාතර කෙපමණද


යනුවෙන් පණිවුඩයක් යැවූ අවස්ථාවේදී,

කරතොට බෝවලඳ ගාලකුරැස	නමින

කිරමද කිවිඳු දෙනගම දම්කිත් පටුන

  • තෙර සත් දත් ගල් ඇටුඹේ බහු වටින

පරසිදු සමත් යති රට පාත මෙපමන

(*පරසිදු ගල් ඇටුම්මේ යති බහු වටින)

යනුවෙන් , මාතරින් පිළිතුරු යැවීලු.


මේ කවෙන් කියැවෙන පරිදි, කරතොට, බෝවල, ගාල්ලේ, අකුරැස්සේ, කිරම, දෙනගම සහ ගල් ඇටුඹේ යන ස්වාමින්වහන්සේලා, එකල සිටී ප්රසධාන පැවිදි උගතුන් වශයෙන් සැලකිය හැක. මේ හැර මිහිරි පැන්නේ ස්ථවීරයන් වහන්සේත්, පත්තායමේ ලේකම්, කටුවානේ දිසානායක මුදලි , තෝමස් මුහන්දිරම්, ලුනුවිල ගජනායක නිලමේ , බරණ ගණිතාචාර්යා යන අයත් , ගජමන් නෝනා නම් කිවිදියත් එකල සිටි අන්ය ප්රනධාන ලේඛකයෝ වූහ.

සිංහල, පාලි, සංස්කෘත පිළිබද උගතෙකු වශයෙන් එකල ප්රිසිද්ධව සිටි මුන් වහන්සේ වෙතින්, එක්තරා ඕලන්ද ආණ්ඩුකාරයෙකු සිංහල ආණ්ඩු ක්ර්මය පිළිබඳ තොරත්රදරුත්. ජෝන් ඩොයිලි දිසාපතිතුමා සිංහල භාෂාවත්, උගත් බැව් යෙති ප්රුසිද්ධියට පත් මුන් වහන්සේ, ශ්රී් රාජාධීරාජසිංහ රජතුමා විසින්, සපරගමු දිශාව ඇතුළු ශ්රීහ පාදස්ථානයේ නායක පදවියට පත් කරන ලදහ.

කරතොට ස්වාමීන්ගේ පද්යා රචන ජෙකත්ව්ය නිසා පැහැදුනු රජතුමා , උන් වහන්සේට, පල්ලේ බැද්ද නම් ගම් වරයකින් ද පිදීය. මේ අවධියහි ප්ර්සිද්ධව සිටි, සාලි ඇලේ මණිරත්න ස්වාමීන් වහන්සේ විසින් ලියූ පද්යධ අතර , කව් මුතුහර, ප්රාරතිහාරීය ගතකය සහ අමා රසය ප්රූධාන තැනක් ගනියි. කාඤචන දේවී කථාව, හා සියබස් මල් දම රචනා කළ, කිරම ධම්මානන්ද ස්වාමින් වහන්සේත්, මේ කාලයෙහිම විසූ සේක. දඟකාර කොලු රැළක් දැක කියන ලද කවක් මෙසේය.

න පු රු කලට හැදෙනා කොල්ලෝ දැනට

අ කු රු පිට ලලා ඇවිදින් පන්සලට පොකුරු බොරු කියා හැම වරද නැති කොට

හ කු රු ටික කාපු ගෙනවුන් දුන් පිනට


මේ හැර පාරමුල්ලේ හිමියන්, ගල් ඇටඹේ පියදස්සි, අකුරැස්සේ සුවණ්ණජෝති සහ ගාල්ලේ මෙධඞකර යන යතිඳහු මේ කාලයහි විසූ පැවිදි කිවිවරු වෙති. ගිහි කවීන් අතරින් ජනප්රිොය වූවෝ, පත්තායමේ ලේකම්, කටුවානේ මුහන්දිරම්, බරණ ගණිතාචාර්ය, දිසානායක මුදලිඳු, සහ තෝමිස් මුහන්දිරම්ද වෙති.


පූර්වෝක්ත කටුවාණේ දිසානායක මුහන්දිරම්;

ව ත ව ත වෙසෙස් කළ ලොව තුල වියන් වියන්

ඇ ත නැ ත ය ස ස් ගෙණ දෙන තම සියන් සියන්

නෙත සි ත සතොස් වණගුණ මිණි ලියන් ලියන්

ඉ ත ඉ ත ම යැ ස් නඳ කෙළෙ දෙ පියන් පියන්


	යන කව ලියා , පහත රටට අධිපතිව  විසූ ඉලංගක්කෝන් මහ මුදලිතුමන් කරා  පැමිණ, කවර උගතෙකු ලවා නමුත්  මීට සන්නයක්  ලියවා දුන හොත්; ඒ සන්න කර්තෘ ගුරු තන්හි ලා සලකන බැව් කියා, කව ලියු පුස් කොළය මුදලි තුමාට පිළිගැන්වීය. මුදලි තුමා එය එවකට සිටි ප්රපකට කවීන්ට පෙන් වූ නමුත්, ඊට සුදුසු  පිළිතුරක් නොලැබුණේන්; ඒ කව පත්තායමේ ලේකම් තුමාට (දොන්, ජාඤ්වී, ද සිල්වා අභයගුණවර්ධන සමරජීව) යැවීය.

කවිය කියවා බලා “ මා පරික්ෂා කරනු සඳහාම කටුවාණේ විසින් රචනා කරන ලද්දෙ කැ”යි සිතා සිනාසී; ඊට සන්ත ලියා, දූතයා අත මුදලිතුමාටම යැවීය. පත්තායමේ ලේකම් විසින්, ඒ කවට ලියන ලද සන්නය බලා, පහන් වූ කටුවාණේ; පූර්ව ප්ර තිඥාව පරිදි, කදමලු සහිත ත්යාබග වස්තූන් ගෙන්වාගෙන, තංගලු ප්රවදේශයෙහි විසූ, සමරජීව පඬිතුමන් කරා ගොස්, මිත්රාත්වය තහවුරු කොට ගෙන කාව්යේ ග්රපන්ථඬ දෙකක් රචනා කිරීමටද තීරණය කරගත්තේය. ජයද්දිස ජාතකය අළලා පත්තායමේ ලේකම් ලියූ, කව්මිණි කොඬොලත්, සෝණක ජාතකය වස්තු කොට කටුවාණේ දිසානායක මුහන්දිරම් ලියූ; කව්මිණි මල්දමත් බිහිවූයේ; තත් කවීන්ගේ යථෝක්ත තීරණය හේතු කොට ගෙනයි.වියොවග රත්න මාලය හා රතවතී කථාව, පත්තායම් ලේකම් ගේ කෘතීහු වෙති. කටුවාණේ, මකර ධජය නම් පද්යා ග්රේන්ථමයක්ද රචනා ‍කෙළේය.

වස් කවි කීමටත්, නැකැත් සෑදීමටත්, දක්ෂව සිටි, ජනප්රි්ය කවියෙකි, බරණ ගණිතයා. හේ තමාට වැලඳුණු දරුණු කුෂ්ඨ රෝගයකින් හා වාත ආබාධයකින් මිදෙනු සදහා, නීලකොබෝ සංදේශය රචනා කළේය.


වා ත රෝග ඔහුගේ සියොලඟ විහි දී

ගාත වල දෙයටි පලු සමිගුලුම සැ දී

භී ත කුරිරු මේ මේ රෝගෙන්ම සැ දී

බී ත නිසරු විය’වුල තද වෙහෙස වි දී


මෙසේ ඔහුගේ රෝගය ගැන, නීල කොබෝ සංදේශයෙහි සදහන්ය.බරණ ගණිතයා ගේ බිරිඳ, වරක් ඔහු අතහැර ගිය අවස්ථාවේදී; හේ කඳ කුමරුට තර්ජනාත්මක ලෙස, මෙසේ කීවේලු.

“ප ව රා කදිර පුර පුද ලබනා තුම්මා

නොහැරා මම කියමි මගෙ දුක වැද නිම්මා

ප ව රා නුදුනි නම් මග දිගැසිය නම්මා

උ දු රා ගතිමි මම තගෙ වල්ලි අම්මා”


	 ජලයෙහි පවත්වන ලද, පින්කම්  විස්තර වන, “සර්වායන් දම් වාදය” නමින් හැදින් වු වාදයකට ද හේතුභූතවූ; ‘ගංගාරෝහණ වර්ණනාව,’ මේ යුගයේ රචිත ප්රදසිද්ධ පද්යෙ ග්රෝත්ථවයකි. ගජමන් නෝනා නම් ප්රැසිද්ධ කිවිවරියද, තමන්ගේ අසරණකම ගැන, බොහෝ කව් ලියුවාය. සිය අසරණකම සදහන් කරමින් , ‘ජෝන් ඩොයිලි’ දිසාපතිතුමාටද, මෙසේ ආයාචනය කළාය.

“සිත් ලෙසින් ද යා බැදි බැදි වැඩි සිය සුතන

බත් දි ය න් කි යා ඉඳ අඬති තැන තැන

පත් මෙදැන් නොයා මේ තතු ඇති ලෙසින

අත් මු දු න් ති යා සිට කියමි වැද ගෙන.”

කව්මිණි මල්දම

[සංස්කරණය]

සිංහල භාෂා සාහිත්යද පෝෂණයට තුඩු දෙන, පැරණි ග්රින්ථත වැඩිහරියක්, බෝසත් චරිත, වස්තු බීජය කොට ගත් ඒවාය.ආගමික භක්තියෙන් ඔපලූ, සිත් සතුට පදනම් කර, මානුෂික සභ්යලත්වය, නඟාසිටුවීමේ යෝග්‍යතාවය සැලකූ පැරණි කවීහු, සමාරම්භයේ පටන්ම, ඒ පිණිස ‘ජාතක පොත් වහන්සේ’ අසහාය පිටුබලයක්කොට ගත්හ.

තවම සිංහල සාහිත්ය්යෙහි, මහ ඉහළින් කැපීපෙනෙන, දඹදෙණි යුගයට අයත්, “කව්සිළුමිණි මහා කාව්යපයෙහි;

“කිවි බැව් කිවි දුමේ - කුසුම් සැපතෙහි විපුල් පෙලෙ

බෝසත් සර වැනුම් - වියතෙ මුව පවත් වේවා” යි


යනුවෙන් කරන දේශනය; පසු කල පහළ වූ කවීන්ගේ විශේෂ සැලකිල්ලට භාජනය වූ බවට, ගද්යූ පද්යි වශයෙන් රචිත, උමංදා, දහම් සොඬ, විදුර ගුත්තිල, ජයද්දිස, කුසදා ආදී බොහෝ වූ ‍ බෝසත් චරිතයෝම, සාක්ෂි දරත්. සෝණක ජාතකය වස්තු කොට ගෙන රචිත, මේ කව්මිණි මල්දම, පූර්වොාක්ත මහා කාව්යාතරාධනය ගරු සරුව ඉවසීමක් ලෙසද සැලකිය යුතුය.

පත්තායමේ ලේකම් සමඟ ඇති කරගත් ප්‍රතිඥාව පරිදි, පද්‍ය 724 කින් පරිමිත කොට, ක්‍රි: ව: 1773 දී කටුවාණේ දිසානායක මුහන්දිරම් විසින්, කව්මිණී මල්දම රචනා කරන ලදි. සාලි ඇලේ මණීරතන හිමියන්ගේ ශිෂ්‍ය, පරපමුල්ලේ හිමියන්ගෙන් කාව්‍ය ශාස්ත්‍රය උගත් දිසානායක, දකුණේ විසූ ප්‍රකට කවියෙකි. මකර ධ්වජයද ඔහුගේම අනෙක් කෘතියකි.

“වස දසක දෙක දෙක

උනුවක්ද ඉන් වැඩි යෙක

නොමැති ලද වය සෙක

ඉගෙණ මුනිදම් සතර පම ණෙක”


යනුවෙන්, කව්මිණි මල්දමෙහිම දැක්වෙන පරිදි, මෙය රචනා කරනලද්දේ; කටුවාණේ දිසානායක දහර වියෙහි සිටියදීමය.එනම් සම දෙවිසි වයස්හිදීය.ලාබාල වියේ පසුවෙද්දීම , මෙවැනි කෘතියක් කිරීමෙන්, ඔහු මාතර සාහිත්යය කරැවන් හා සාහිත්යණ ලෝලයින්ගේ සම්මානයට පාත්රහ වන්ට ඇතැයි සිතේ.


	“ඌරැ විටි 	ගෙපියස

සුදී කව්සිපි නිසිලෙස

අත් පරවැඩ පිණිස

	 බහා මුනිදම් කව්හි 	  පදරස”


යන කවෙන් පමණි, කව්මිණි මල් දමෙහි කතුවරයාකවුරැදැ?යි හඳුනාගතහැක්කේ.ඌරැවිටිගේ කාව්ය ශිල්පියා, කටුවාණේ බැව් තීරණය කර ගැනීමට, කව්මිණි කො‍ඬොල හා කව්මිණි මල්දම පිළිබඳ මුඛ පරම්පරාගත කථාව බෙබහවින්ම ප්රතයෝජනවත්ය. එයම ප්රිමාණවත්ය.

“මා මුව‘ගෙහි රඳන

සරසවිය නම් දෙව‘ඟන

මුනිබණක් එලුවෙන

කියව’ මදිවට අයැද සිටියෙන”


මේ කාව්ය’ය ලිවීමට ආරාධනා කරන ලද්දේ; සරසවිය යැයි කවියා කියයි. පත්තායමේ ලේකම් මෙන්ම , කටුවාණේද ඉලංගකෝන් මුදලි ඇසුරේම විසිය. කව්මිණි කො‍ඬොලත්, කව්මිණි මල්දමත් නිමවා පිළිගැන්වූවිට , මුදලි තුමා පත්තායමේලේකම්ට තාන්න මාන්න දෙවීය. කව්මිණි මල්දම් කරුවා සමඟ නොපහන්ව, “නුඹ සරසවියෙන් ඉල්ලාගනින්” යයි කී. පත්තායමේ ලේකම්ට තරම් කටුවාණේට, මුදලිතුමාගේ අනුග්ර හය නොලැබෙන්ට ඇත.

“මිසදිටුව පැවතුම්

අනුනත වැසිව පැවතුම්

දුරද වෙත පැවතුම්

නොවේවා! මට මෙකී පැවතුම්”


යනුවෙන්; තමා උකටලී වූ බ‍වෙක්, කව්මිණි මල්දමෙහි ප්රිකාශ කරනුයේ, ඒනිසාද?


“බුදු වසිනි දෙදහස

තෙසිය තුදුසෙහි ලකහස

තෙදගින් නොව පහස

බිජි නිරිදෙක් පබ “දහස”


කව්මිණි කොඬොල ඇරඹූ වර්‍ෂය, ඉන් කියැවිණි.

‘අප දියනා විසින්

දෙදහස් තෙසිය සොළසින්

පිරි වෙසෙගෙහි නිසින්

මෙනීමු පුණුපෝදාහි ස තොසින්”(කව්මිණි මල් දම)


කව්මිණි මල්දම අවසන් කල වර්‍ෂය, ඉන් කියැවිණි. මේ අනුව බලන විට, කව්මිණි මල්දම කිරීමට ගිවිසගත් කාලය, වර්‍ෂ දෙකක් බැව් පෙණේ. දෙකව් පොත්හි, කව් 724 බැගින් ඇති හෙයින්, දිනකට කව බැගින් ලියන ලද යයි සිතා ගත හැකිව ඇත. බුඬ වර්‍ෂ 2314 වෙසක් අව අටවක දින කාව්‍ය කර්‍තෘවරන් විසින් ප්‍රතිඥා කරන ලද නම් ; 2316 වෙසක් පුණු රැසට, කව් 724ක් බැඳ නිමා කළ හැකිවෙයි. දෙදෙනම රාජකාර්‍ය්‍යයෙහි නියුක්තව සිටියවුන් හෙයින්,කාව්‍යකරණයෙහිලා ඔවුන් ගතකල ඒ කාල සීමාව, දීරඝ වූවකැයි නොසැලකිය හැක.

අතීත කථාව, රජගහ නුවර, මගධ රජ, මගද රජ මෙහෙසිය, කුමර උපත, කුමාරවරුන් ගිය මාර්ග ය, නෘත්යය මණ්ඩපය, දරට ගිය සත් හැවිරිදි දරුපුවත, රජු තපසට යෑම වැලැක්මට ඇමතියන් කළ කථාව, ග්‍රීෂ්ම, සරත් හා වර්ෂාක සෘතු අළලා පද්යාතත්මක වර්ණයනා කෙරෙමින් කර්තෘි නාම සන්දර්ශන හා කාව්යම කර්තෘ ගේ ප්රාකර්ථතනයන් පළ කරමින්, නිම වී ඇති කව්මිණ මල්දමෙහි; විටෙක කව් සිළුමිණ, කාව්යකශේකර ආදි පැරණි ග්රමන්ථයයන්ගෙන් ලත්, ආභාෂයේ ඡායාව පෙනේ. ඇමතියන් රජුට කළ අයැදුම, මාර්ග වර්ණ්නය ආදී කවියාගේ ප්රවතිභාව නිරූපනය කරන වර්ණුනා ද ඇත. ධ්වජ බන්‍ධන (652 කව) , පක්ෂ පත්‍ර (653 කව) , ගොමූත්‍රිකා (654 කව), අවුල් ජාල (655 කව ) අඨ භ්‍රම (656 කව) අඞ යමක (657 කව), අඞ චන්ද්‍ර (658 කව) කවාට බන්ධණ (659 කව), සමුද්ගය යමක (660 කව),මහා යමක (664 කව) චතුරශ්‍ර ජාල (66,667 කවි) සර්‍වතොභද්‍ර බන්‍ධන (680 කව), ත්‍රිශූල බන්‍ධන (673 කව), හා මුරජ බන්‍ධන (675 කව), වැනි දුෂ්කර බන්‍ධන මේ යුගයේ අනෙක් පද්‍ය ග්‍රන්‍ථයන්හි මෙන්ම, කව්මිණි මල් දමෙහි ද දැකිය හැක.

කව්මිණි කො‍ඬොලෙහි, වියරණය මරා එළිය රැකි අවස්එා සුලභය. ක්ලිෂට පද යෙදීම නිසාත් භාෂා ප්රරයෝගයන් හි දොස් රැසක් පෙණේ. කව්මිණි මල් දමෙහිද එළිසමය නිසා “න,ල” කාර විපර්යාම සය හල් “ම” කාර “න” කාර අහේද නිරූපනය හා වාක්යව විරෝධතාත් පුනරැක්ත දෝෂාදියද ඇතත්; ඒකකයක් වශයෙන් ගත් කල සමකාලින කාව්ය්යක් වූ කව්මිණි කො‍ඬොලට වඩා වැදගත් තැනක් දිය හැකිවෙයි. මේ සංස්කරණය පිළියෙල කිරීමෙහිදි, ගරු ඇකිරියේ සඞාතිස්ස ස්වාමීන් වහන්සේගේ සංස්කරණයත් (1903 මුද්‍රිතයි) අප මිත්‍ර කීර්ති කළහේ මහතා විසින් සපයා දුන් පුස්කොළ පොතත්, පාරම්පරිකව ලැබුණු අත් පිටපතක් හා කොළඹ කෞතුකාගාරයෙන් ලබාගත් පුස්කොළ පොතක්, පරික්ෂා කෙළෙමි.

මේ කෘතියේදී අපට සහාය වූ ඩී. බී. ර්. සමරනායක, මල්ලිකා පරණවිතාන හා පුස්කොළ පොත්ක් සපයා දුන් කීර්ති කළහේ යන හිතැතියන්ටත් සහයෝගය හා ‍ධෛර්ය්න් ය දුන් ඇම්. ඩී. ගුණසේන සහ සමාගමටත් අපේ අවංක ස්තුතිය මෙයින් පිරිනැමේ.


ඩී.පී.ර් සමරනායක

ධර්මමපාල විද්යාිලය, පන්නිපිටිය.

1961. අගෝස්තු 8දා.