කව්මිණි මල්දම-iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

201. ඉදුනිල් මිණි ගෙය ‘තුල නිති ‘නොස ළෝ සුවිසල් නෙමිහිඟු පහරින් ගොස ළෝ හැමකල් නුලුවී සැකයෙන් සස ළෝ ගනකල් මුත් ගෙමියුරු නද නොක ළෝ


202. සුනි මල් රැස්කදඹින් නිති බබල න එකතුල් මිණිපහවරණින් සසොබ න පැහැදුල් තමු ‘වන් දැක තොස් වරග න හැමකල් විසිනා නොම ‘ළෙය නෙදප න

203. සලෙල දනන් ලොබදනරා සකොම ල නළඹ කැලන් නිති රැස්වී සඳලුව ල අසිරි ලෙසින් කෙළනා ලා ලිනු ‘දු ල නිසල නෙතින් දිවසර සිරි පළක ළ

204. පුරද බිසරුවන් අලුබියෙනැ ‘ස ද හළද නෙරුවන බරණ ගෙණ නොපැල ද පබද විදුලි තරගෙව් සොදතුනුපෙ ද නිසද සඳෙහි දන නැ ‘ස දිසි වී නොම ද

205. නිතර කෙළෙස්කුළු හිස පවැද නිවස න පතර සුපිළි බඳනා දෙළේ නො ‘රැඳ්රන න නොහැර කොමල පියසඳුනු ‘රෙ වලඳි න ඉසුරු විලස් ලදි එපුර පමා ද න

206. මියුරන් මුහුලස පුණුපල පිම්යු රු සමතුන් නඳ මන හර ලිය ගිමියු රු ලදලින නවපලු තොලැ ‘ගිලි පිවිතු රු ගෙඋයන් පුරඟන සිරිසිලි විසිතු රු

207. සුනිල් සෙවෙල් පෙළ මනහර මුහුල ස නිමල් උපුල් සුලකුණු දැරු දිගු ඇ ස සුපුල් කමල් මුවහස තන සුවිල ස විපුල් ලකල් පොකුරුණි ලියෝ එකලෙ ස 208. මිනිසුන් හට නිසිවන නෙවතුන්ගෙ න මෙදැසින් නොමැතැයි යන බස දුරුවු න වෙසෙසින එපුරෙහි විසිතුරු නෙකව න කෙලෙසින් පවසමි නොහැකිය නියති න

209. සැපතින් සරිකල විදුරවි යාහා රුසිරෙන් නෙතඳුන කුසුමවී යාහා දිරියෙන් එකගන මෙරගිරි යාහා නුවනින් පරසිඳ ගණදෙවි යාහා

210. දැනුමෙන් මිහිබට විලස ගු රාහා රුපුකැන් ගජකුම්හී කෙස රාහා පැරකුම් බුජබල සිරිනි හ රාහා තෙද ‘ගින් සැඬකර සරා ක රාහා

211. සිතමින් ඇති දුක් බවෙහි බිර ම්වු නිතියෙන් පින්කම්හිම ඇසුරැ ම්වු වෙසෙසින් එපුරෙහි දැනකු ‘සු ම්වු මෙලෙසින් නිරිදෙක් වී මගද න ම්වු

212. එනිරිදුගෙ යසස ට ඉමවෙයි මුළු දියතන ට නැණට සහ තිළිණ ව ට කලා යදි මන ඉමය හැමවි ට

213. ගුණ මුවරඳ පම න ලෝනෙත් කැළුම් බිඟුව න රුපු නැස්මට පම න නොහිම් එනිරිඳු තෙද කැළුම් ව න

214. මොහු කග මෙයු ‘දව න රූප ‘ඹුන්ගෙ මන මොනරු න අලක් පිල් වලුගෙ න නළල් රන්ගල් අතුළ විගසි න

215. රුපු ලකුණු සයු රේ උලැගි කොලකුණු වත රේ මෙතෙද වඩවා රේ දැවි නොවැඩෙන ලෙසින් බැහැ රේ

216. රුපු ලියන් මන කෙ ත මොහුගෙ තෙද බිජු වපුර ත සිතිවිලි පැලනැගෙ ත හැගේ රත්නෙත් දෙපෙති පැහැයු ත

217. පැළඹි මොහු තෙදරැ ස පෙරදික් රුප ‘ඹු තන ග ස පුඩුතුඩු උරවිල ස කුමුටුවන් වී හගිම් සෝකු ස

218. මොහු යස හෙළ රැසි න පැළදිගු බිත්ති පැළඹෙ න රූප ‘ඹු නෙතු ‘පුල් කැ න විගස සුදුකරලීය වෙසෙසි න


219. මොහු ගජන් මෙකු ල වතළ හඩනෙත් එමක ල තුරුදෙස රූප ‘ඹු පෙ ල සොබන තනහස් හර පොකුරු හ ල

220. දියත ‘හසෙහි දිලෙ න මෙනිරිඳු උළිඳු කිරණි න දකුණුදිග පැලඹෙ න රූප ‘ඹු මුවසර මිලී හැමදි න

221 පැදුම් දෙස මලග ල වෙත සැදි සදුන් තුරුව ල උරසිරි මිණි ලක ල ඉසින් උසුලන වැනි මෙතෙද දු ල

222. යදි දන සතොස් ක ර තිළිණ දෙන මොහු යුග ක ර සිතුමිණද සුතු ර විලස් පළකර සිටියෙ නිර ‘තු ර

223. දිළිදු දුක් ගිනි රැ ස දැල් වූ සඳෙහි දස දෙ ස මොහුගෙ දන් සිහිල ස වතුර ඉස ඉස නිවී එකලෙ ස

224. දසදෙසෙහි දැල්වෙ න මොහු තෙදරැස් නොසැහැයෙ න දියබද ගෝ යහ න කිරණවුල කෙලෙසට පිවිසිමෙ න


225. යුදයට දස මුවා සහ වෙණු ගියෙන් හ මුවා හැරවිත් උග මුවා වසන වෙනි සිරි මොහු ‘ර ස මුවා

226. මෙරද කප්තුර ඉ දු දැවටුනු රන්ලියක් බ ඳු ගුණනුවණින් පසි දු සොඳුරු අගමෙහෙසියක් විය මු දු

227. පැහැපත් එලඳගේ රුවිලස් තැබු ලූ බලතොත් එකදෙස් තිදසිදු වත් ලූ කියතොත් එවිලස අනත සමත් ලූ එවුවත් සෙසු මෙලෙසින් වණමේ ලූ

228. රුවින ‘ද එලඳගෙ සොද පද කම ලේ එඩි සිඳ හැර නැගි තියරැස් ලක ලේ හැමසඳ එම පද පියුමට පහ ලේ එකසඳ හසිනෙ ‘ව් නියපෙළ උදු ලේ

229 . කසුන් ලියෙව් මනහර ඇගෙ යුග ද ග දුවන් විමන වන් මදහට එක ර ග දිලුන් කරපු නිසසල රැදි සිත ර ග පහන් සඟලයයි හගිනෙම් මනර ග

230. එලදුන් මද රස රූ රස නැබු ලූ කිරමින් මහඹඹු කිබිසිනි කර ලූ සොබමන් රත් 1 තුතු සඟලෙව් ලකු ලූ වෙසෙසින් කෙකියත් යුග දණමඬු ලූ 1තුතු 231 මුලු දිය ජයගත් මද මල් රිසිලෙ ද ඇගෙ සොඳ දුවනත් රන්ගිරි තලැ සෙ ද හිඳ වූ පැහැපත් රන්ටැම් යුග බ ද දෙවටොර කෙකියක් වෙසෙසින් ඇති ලෙ ද

232. සුලකළ මුත්හර සුරගඟ වෙත සො ඳ පැහැදුල යුත් දුවන ‘නතත් විල ලෙ ඳ සසොබන සිරිමත් හිමගිර බෙය බ ඳ ඇය පුලුලු කුලත් කෙකියත් නිසිලෙ ඳ

233. මනයෙන් මිටු සිරිපානා හැමව ර 2 තිවිලින් යතු තුනුලිය සැව්වෙහි ස ර බිගුකැන් දියගත් සොද එවසා බ ර කවුරුන් පවසත් ඇතියේ විසිතු ර

234. ඇය මනහර නැබ මදරද වී සිනා සියලුම ලෙව් දිය සදහා තො සිනා පියකරු දුවන ‘ත රණබිම් ගො සිනා හිය දෙත දුනුකෙළ වන්තැන ලෙ සිනා

235. දුවන ‘ත් පියයුරු බලමින් පැහැප ත් මහමුත් කියුමෙහි නොපොහොයි බඹව ත් ලොවසත් පවසන බස් මැඩ කැටිව ත් ඇයයුත් මැදපෙද මැවු වැනි සිව්ව ත්

236. සැරසුම් කළ මල්සර රඟහල ගෙ න මනරම් රත්කුඹුසඟලෙව් බබල න එලඳුන් තන තිසරුන් යුවලෙව් ය න උවමෙන් නින්දයි නොපවමි කිවිද න

237. රඳනා නියරැස් කෙමැලිනි පබ දේ දිලෙනා රතැගිලි පබලැති නිබ දේ සොබනා තරගෙව් ඇය රූ මුහු දේ කෙවනා මොලොක ‘ත් යුග සිරි පැහැ දේ

238. සරඟන ගල සිරිහළ ඇය දිගු ග ල රඟදින රියහිමි වෙත ගෙණ සුලක ල සතොසින ගම් රා නැගි කල පැහැදු ල සසොබන ගනරන් නාලොව් හැමක ල 2.විලියෙන් 239. පියුම් වනැයි මෙලඳගෙ වත උවම ට කියුම් බැරිය කිම් කරුණැත මෙලෙස ට පියුම් වමිය අතලෙන් පහ ලැබ සි ට පියුම් කියති ලොවැ හැඟුනෙය මසිත ට

240 නිතින් දිලෙන එලදගෙ පිරි උවන ට පසන් තරිදු සමයයි බැරිකිම ට දිනෙන් දිනම සිසි අඩු වෙන කො ට එයින් සුදුසු නැත හැගුනෙය මසිත ට

241. කමල ‘ගනෙව් නව රුසිරෙන් බබල න කොමල හසින් දන මන දග කරව න නොමල පෙමැති උවනට ඇය සසොබ න නිමල ඵලද වදනම සම තැන වෙ ත

242. සොඳ එලදුන් මුව රණවී විත සැ දි ලද රතුපුල් දල යුවලෙක සිරි රැ දි නඳ දෙඅදර සුළු කුළු දන මන් බැ දි එද වෙසුසුන් පවසනු මා මුව ම දි

243. දන මත් කරවන රුසිරෙන් තැබු ලු මුව දත් පුල් පියුමමෙහි රැදි ලකු ලු බඹකත් පළදින කඩමල් කිය ලු ඇයදත් සිරි කෙලෙසින් වණ මේ ලු

244. නළලේ ඇදි සඳලේ නව ගොබැ තී බැමලේ පැහැසර මුදු යුග දලැ තී කොමලේ රණ පැලයක රුවැ තී නිමලේ ඇගහණ පවසත් කෙව තී

245. රුසිරෙන් අඟපස සපිරුණ සොද සේ එළදුන් දෙසවණ මද රද සිත සේ නගිමින් පදිනා රනොවිලි විල සේ වෙසෙසින් කෙවණා සිරිසර නොලෙ සේ

246. සුනි මල් එලඳගෙ මුදු දිගු දෙනෙත ට ඉඳු නිල් මිණියයි නොකියමි දැඩිකො ට හැමකල් මදරද සරහන නිසිකො ට නිලුපුල් සරයයි හැගුනෙය මසිත ට

247. නිමල් සරා සිසිබිඹු වෙත අනුබ ඳ විපුල් නිලබ සිරි රැඳි නිල් පැහැ බ ඳ ලකල් රුසිරු දැරු එලඳගෙ මන න ඳ වරල් කලඹ පවසනු මා මුව ම ඳ

248. මෙලෙසින් එලඳගෙ රූ සිඳු වෙත වැ ද නියගින් දිය ගෙන පාමින් දන මැ ද කියුමෙන් සලකුණු බලවයි දලර ද මඳකින් පැවසිමි එලඳගෙ රූ බ ද

249. ගුණ නුවණින් මහ ත් ඉතිරි ලකුණෙන් අගපත් ත් තම පිය සිතැගි ද ත් සොදුරු එබිසෝ කුසෙහි සිරිම ත්

250. මේ අප බෝසත් ස ද පිළිසිද එහි කලක් හි ද මස් ගණන වු ස ද පහන් ලොව දිටි බිහිව නිසිලෙ ද

251. පින්වත් කුමරු ග ත පැහැයෙන් විහිදි අමයු ත අඳුරු මැඩැ එහිවෙ ත තිඹිරි ගෙය තුළ හෙබී නොනැව ත

252. රන්වන් පුතු උප ත තම බප් නිරිඳු කණහෙ ත පැමිණි කිරි සයුර ත සුපුන් සඳකැන්සෙ නඳ විය සි ත

253. අපගේ නරනිඳු ට මහ පිණැත් වූ මොනව ට පුත් රුවනෙක් සතු ට උපන් වේදැයි කියා එනුන ට

254. නිරිඳු සඳ සහතු ට නන්වත් රැගෙන කැටිකො ට දෙවමින් තෑගිකො ට කිවු උන්බස්හි පල පළකො ට

255. සවේදය ද න්නා බමුණන් වෙතට ගෙ න්නා අසුන් දී ඉ න්නා නිරිඳු ඉතිකී තොස් තොයි න්නි

256. දදරැස්නි දැනමු තු අද මා නිසා සිත යු තු දැරු රුවනක් අමු තු වැදූයේ වෙද උගේ පින්ත තු

257. දිවඇසෙව් මොනව ට තොප දෝසතින් විසිකො ට සුබාසුබ පළකො ට කියව් ඇති ලෙස බලා දැන්ම ට

258. කී සඳ තරවර න සොම්නස් වෙමින් දද ද න බිහි කල් අසා දැ න ගිණුම් ඇරඹූ මෙසේ වෙන වෙ න


259. මතු බුදු වන ලොව ට එකුමරු උපන් මඟුල ට මිහිකත් මනා කො ට ඉසපු අසෙනිය ම ‘ලෙව් මිහිපි ට

260. සලා බෙලු පයි ගෙ න සුදුකර බලා ගණිමි න ගහන් සිටි විලසි න මෙසේ දුනුපත ලියූ යොදමි න

261. සුර අජර කිවිහු ද රිවිසුත තරිඳු බුදුහු ද ගිම්රැස් මිහිසුත ද නොදැක පවිටුන් සිටින ගෙට වැ ද

262. තම තම හිමි බව න වල සිටිබැවින සපැමි න 1සුව කෙත් වන එයි න සදා බරරුස් කෙමෙන් යොදමි න

263. නිමා දාපත ගෙ න නරනිදු 2 හමුව සිටගෙ න ඔසවා දකුණති න මෙසේ තුති බස් යෙදු දද ද න

264. මහබා අප නිරි ද ඔබ සහ ලදරැ කුමරු ද සව්සිරි විද නොම ද සැරද රෝබිය අහිත් මුලු සි ද

265. පවසා නිරිඳු ස ද පොබ කරමින් පැසුලු 3 ද ද සිරිතින් ගහන් යැ ද එදා පත නරනිඳුට දුන් ස ද

266. පොදි බැඳ නොයෙක් ද න දදනට දෙවා යවමි න සතියක් තම නඳ න උපන් සුමගුල් නිරිදු විදියෙ න

1. තුගු කෙත් 2.උමුව 3. එ ද

267.	පැසුලු එකුමරු හ	ට

යෙදු විප්දන සුදුකො ට මොහොතින් මනාකො ට සතුටු දෙගුරුන් විසින් එමවි ට

268. බමුණන් ලවා සු රු කුමරුන් දෙපස එකයු රු සිටුවා වෙද මතු රු කියා සෙත් කරවමින් පිවිතු රු

269. බත් කවා ළපෙමි න අරන්දම කුමරුය ය න නම තබා 1 සතොසි න සිතැඟිසේ ඇති කළෝ යහති න

270. එමදින පෙරවි ද ද නිසා ඔහුගේ පිය බ ද ඔද වඩන දුටු සු ද සොදුරු කුමරෙකු වැදූ සිරි ලෙ ද

271. මහ බා එ කුමරු ට බත් දෙන දිනෙහි නැකත ට තම මව්පිය නම ට තැබු සෝනක කුමරුයයි තු ට

272. දෙපුල් සර නගි මින් මිපා දෙබිඟු තර මින් මවුනුකුල නගි මින් ඔවුන් තනපා වයස ගෙව මින්

273. අව කුරුලු වයස ට බොලඳ වදනින් රැස්කො ට දුටු දන ‘නැස වෙත ට ලසේ කැදවා ගණිති පියකො ට

274. බිලිඳු සහ ස ක්වන් කෙළියෙන් වසන එ ක්වන් රූ සයුර අ ක්වන් පබ ‘ලකුරු යුවලක්සෙ එ ක්වන් 1. සසොබන 275. ඔහු දෙදෙන පින්ස රු ඓහෙනියුරු රෙහෙනිය යු රු සමගිව වී මිතු රු උවෙන් වැඩිවිය පැමිණ පියක රු

276. එක්තරා දවස ක් එකුමරු දෙදෙන පමණ ක් සිටෙක ‘තැන වෙනස ක් නොවී මෙකිවොය වදන් පුවත ක්

277. පිරිසිදු කුලෙහි මු ත් රතිහිමි සදිසි රුවත ත් පුරඳුරුසෙ දනැ ‘ත ත් උගත් සිප් නැත සෙබෙහි නොහොබි ත්

278. දිළිදු කුල උපන ත් රූසිරු විසුලු වුව ත් මනා සිප් දතහො ත් මහරු නිරි‍දෝ පවා එපුද ත්

279. 1 යහ පඬුරු ලෝප ල් කිසිකල නොවේ එකතු ල් දෙස පුදත ලෝප ල් වියත් දසදෙස පුදත් හැමක ල්

280. උගත් කිසි දෑ ඇ ත රද සොර සතුරු නොගණි ත ගමනෙහිදු බරනැ ත එයින් සිප්සරි අනගි වත්නැ ත

281. යම් තැනෙක පැළඹෙ න මහ කව්ලකුණු විදු ද න සබතුළට ගොස් ව න වියත් බැබලේ මහ රුවන මෙ න

282. කිසිවක් නොද ත්තහු පැමිණෙත සෙබෙහි වැ ත්තහු විලසින්ම ගැත්තහු ඉදිත එක වැනි කතා නැත්තහු 1. සහ පඬුරු. 283. ඉන ‘ප දෙදෙනා ඉ හී මඳකල්වත් නොසිට මෙ හී උවරණැ ‘ර යතුරෙ හී ගමන යෙහෙකැයි වී මෙපුරෙන් බී හී

284. ඉගෙණුමෙහි ලොබ ලා තම මව්පියන් හැර ලා ගමනට සැරි ලා යතුරු මග වැද බිජුහු එක ලා

පඤ්වම සර්ගදය 285. සිරිසර මිණිරතන පැහැසර දිගු වත ල හැමවර රණ කෙහෙලි පෙළ මුදුන සුලක ළ පුවතර රද වරද මැති දනැති සුනිම ල සුරපුර සිතා ගියෙ දැක පහ පෙළ ලක ල

286. විසිතුරු සීමැදුර හළ කවුළුවෙන් සො ඳ පිවිතුරු වේ දෙසට ‘වනතව සිටි පබ ඳ පියකරු වර ‘ඹුවන් සඳ නරඹා පැහැ ද එක ‘යුරු සුර වෙසැර ගියො නිසලැසිනි සෙ ද

287. ත ම ත ම පි ය න් සමගින් වැද සිලිල් කෙ ලී ගෙ ණ හි ම ස ඳු න් තුනු පෙද ලෙව් කර නිම් ලී නෙ ත ඇ ඳ අ ඳු න් පිටු දෙස රැඳි මුතුවර ලී යු තු පුර ‘ඟ න න් දැක රන්ලිය සිතා බැ ලී


288. තැන තැන තරග රග හල බිමසෙ නීරතු රේ දින දින ග‍ඳෙව් ලිය ගී වතල අම ‘යු රේ දිවගන සදිසි නළ ‘ගන රඟන සිත ‘යු රේ දකිමින යෙහෙන් ගියෝ ඒ දෙදෙන මග ‘තු රේ

289. පැලද නොමින් මුතු බරණින් සරා ලිය නොමද කසුන් නූල ඇවුනුන් පවා ලිය සරද සුපුන් සඳ උවනින් දිනා ලිය වෙලඳ ලියන් දැක සුරඹුන් සිතා ලිය

290. දිවයුරු උදය එලිබැස සිට එක තැනෙ ක පියකරු කෙළි මඬුලු බැඳ සිටිනා නොයෙ ක එක ‘යුරු බොළඳ වයසෙහි ලදරු ලිය දැ ක රණ ‘කුරු සිතා ගියො ඒ දෙදෙන ගුණස ක

291. ලොල් කර තමන් හිමියන් ගෙන දෙන සතු ට තුල් කර කුසුම් තෝරා රැගෙණ සුදුකො ට මල් කරු ලියන් අත්තම් සිරි බලාසි ට දුල් විදු සියන් සලකා ගියො වී සතු ට

292. බැඳලු නෙළුන් සිටිකල තම හිමි එත න ඹපලු කසුන් කලදෝ නෙක බඳුන් ගෙ න බුරුලු තදින් ඇද ඇද කිරි වගුරුව න ගොපලු ලියන් දැක ගියො සතුටුව දෙදෙ න

293. දිගු නිල් වරල උනමින් සවඳ දු ම්දි ගතකුල් ලෙසට බඳිමින් කුමුදු ද මිදී

	සුරකල් විලස සැරෙමින් සිටි නෙතැ	න්දි

මනකල් වෙ ‘සඹු දැක ගියො නෙත් පුදෙ න්දි

294. මින් දද සොඳුරු රඟබිම සිරි සපල තො සේ ඉන් තොව වැසි පමා දනවන්හල් සහ සේ රන් කළ සිරස නැගි ම පෙන දැක විල සේ උන් සිහි කළොය ‘තුරු සිඳු ලකුණු එ විග සේ

295. නොහැර දද පැටව් විදුහල් තුළ හිදි න ඇජර වදන් තෙලියෙන් ගත් රූ අදි න ඉවර නොව උසුරුවන ඉරුවේ නදි න බැහැර නොගොස් අසමින් ගියො පුරා ම න


296. මල් පල සපිරි වන වැද විදසුන් වඩ න තුල් කර සිවුරු දරමින් මැටි පා රැගෙ න කල්දැන ගෙපිළිවෙළ ලෙස පිඬු සිඟා ය න සිල් යුතු තවුස් ගණ දැක ගියො උදැස න

297. ගජරැස් රිය තුරඟ මේකුළු ගොස 1පව න හියැරැස් වැසි වලාවෙන් ඹරැඳි 2 තිබෙ න සුවහස් දෙපස රුපුසෙන් එකතැන 3 පැමි ණ සඳහස් සිලිල් කෙළි නැරඹු රණ 4 දෙර ණ

298. යාගත් කල සුවත් මග නිදුකින් යෙහෙ න සිරිමත් සියපුරෙහි ඉති සිරි සහ තොසි න වැදගත් විසි දෙපස නිති නොසළව සිටි න දන්නෙත් කැළුම් විඳ විඳ ගොස් ඔහු දෙදෙ න “සන්දකෂට යම්කයි”

299. වැසිනේ මොළ සිකිපිල් වර ල සිනේ ලසිනේ පිපි මල් උවනැති දි සිනේ දිසිනේ ගිරි තන බිගු නද බ සිනේ බසිනේ වන විලසින් 5 සෙවි ගො සිනේ


“පාදාද්යි අව්යයපෙත යමකයි” 300. තළා තළා කන කිරඟන මු ළුයා තළා තළා එන මුව පො ළුයා තළා තළා බට හසඟන මු ළුයා තළා තළා යෙති මග මග සු ළුයා

"https://si.wikibooks.org/w/index.php?title=කව්මිණි_මල්දම-iii&oldid=4715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි