කව්මිණි මල්දම-iv

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

“පාදාද්යස අව්යරපෙත යමකයි” 300. තළා තළා කන කිරඟන මු ළුයා තළා තළා එන මුව පො ළුයා තළා තළා බට හසඟන මු ළුයා තළා තළා යෙති මග මග සු ළුයා

“පාදාද්යි අව්යයපෙත යමකයි”

301. වරා වරා ඔසළව ‍ සේ නේයා වරා වරා උදුරණ සේ නේයා වරා වරා ගිවුලිය සේ නේ යා වරා වරා දැක ගියො සේ නේයා “පාද මඩ්යාිනක අව්යේපෙත කවාට ලක්ෂණ යමකයි” 302. ඇවිස සරඟ දල දල බොන දළ දළ පිවිස සරඟ දල දල බොන දළ දළ ඇවිස සරඟ දල දල තුරු දළ දළ පිවිස සරඟ දල දල තුරු දළ දළ “පාද එතුෂකාද්යලනත එකස්වරූප අව්ය පෙත යමකයි” ‍1. පවණා 2. තිබෙණා 3. පැමිණා 4. සෙවු 303. වත පියවන නිල්ගෙල වණ පියවණ වන පියවන විල්හස වණ පියවණ වන පියවන රැව්දෙන වණ පියවණ වන පියවන උන්දුටු වණ පියවණ

	“පාද චතුෂකාද්යණන්ත එක ස්වරූප අව්ය පෙත යමකය”

304. මුව මුව නුගි සහ ගොස් සිට මුව මුව මුව මුව ලදලැ‘ති නෙක තිත් මුව මුව මුව මුව සැදි නව දලසා මුව මුව මුව මුව බැලු උන් දැක උන් මුව මුව “ පාද චතුෂ්කද්යඋන්ත එකස්වරුප අව්ය පෙත යමකයි”

305. ලිය ලිය වෙළුමැති නෙවගෙහි ලිය ලිය ලිය ලිය ‘විල් කෙළි කිඳුරණ ලිය ලිය ලිය ලිය දෙස හැම මලිගිය ලිය ලිය ලිය ලිය මල රැඳි දැක සිතැ ලිය ලිය

“ පාද චතුෂ්කාද්යකන්ත එකස්වරූප යමකයි”

306. සර සර සිරි රඳනා මහ සර සර සර සර පැහැසර සරතී සර සර සර සර මීබොන තුඩුලා සර සර සර සර එ දෙදෙන දුටු යන සර සර “ පාද චතෂ්කාදි මඞ්යා න්ත එක ස්විරූපයමකයි”

307. මල මල හැර මල මල වැද මල මල මල මල බොන මල මල බිඟු මල මල මල මල රැවු ‘මල මල සිළු මල මල මල මල ගියො මල මල දැක මල මල “පාදාද්යමන්ත අව්‍ළුපෙත යමකයි”

308. බිඳ බිඳ දෙව්දුරු මොලැතුන් බිඳ බිඳ විඳ විඳ එන ගඳ ඉවලා මඳ මඳ ලද ල ‘ද රඹවන තටවන් සෙ‍ාඳ සෙ‍ාඳ සඳ සඳ බියෙනු ‘න් දැක ගියො සෙද සෙද ‘ මහා යමක පාදා ග්යාකස”යි

309. පියා පියා අඹ තුරු ලය පිය පිය පියා පියා අඹ තුරු ලය පිය පිය පියා පියා අඹ තුරු ලය පිය පිය පියා පියා අඹ තුරු ලය පිය පිය


310. ඇති පැළඹෙන වග වලසුන් දරු නා නිති සරණව යන ඉගැණුම් විසි නා නැති සිත රුතිවන එකුමරු දෙදෙ නා ඉති වන සිරිසර දැක දැක ගොසි නා

311. සියල් දෙසින් රැස්වන පඬුරු නීසැ දී ලකල් දදපතර රළ තියු ගොස විහි දී විපුල් සිලිලාර සිරි අඟනා පැහැ දී නිමල් සිව් කුලයන්ගෙන් ගහණව ඔරැ දී

312. සහසැස් පුර නිගා දුන් සැපතින් නූ න බළරැස් ගජ තුරඟ රත සෙනඟින් ගහ න විදු රැස් නිති පැළඹි සබ මඬලින් සොබ න බරණැස් පුරට පැමිණී එකුමරු දෙදෙ න

313. එක බිජු සිලිල් දො ඹ සපු කිණිනහිරිය මී අ ඹ හනවත් සහ කොළ ඹ කුඹුක් එහැරදී පළොල් කසර ඹ


314. හෝපළු පුවගු ස ල් නාරුක් පනා බෙලි දෙ ල් පුලුප් තුරු සහ තල් ල් යුවල පත් දෙව්දුරු මිනිල ක ල්

315 විසිතුරු වෙලෙප් සැ දී දුටු දන මන බැඳුම් රැ ඳි මහ ගඳ රොන් විහි දී අමා සිහිලැල් පවන් සිරි රැ ඳී

316. එහි නිරිඳුගෙ පව ර මඟුල් අයනට සිරි බ ර එකුමරු දෙදෙන ස ර පිවිස තැන්පත් ලදු විඩා හැ ර

317. එදින රෑ සතො සේ එකුමරු දෙදෙන සැප සේ විඳ ගඳ සුපහ සේ උයන සැතපී දෙවන දව සේ


318. උදෑසන රිසි සේ උයනෙන් නික්ම සක සේ වේ මගට පිවි සේ ඇතුළු නුවරට වඩුත් නො ල සේ



319. එදවස් නුවර වැ සී සමහර කෙනෙක් තම රි සි බමූණන් කර රා සි දනක් දෙන සිරිතෙක් වී නොවල සී

320. ඊට නිසි උවර න කිරිබත් ඈ යොදා ගෙ න අසුන් පණවා ගෙ න සිටිත් බමුණන් එනු බලා ගෙ න

321. එකලෙන කුමරු වන් දෙදෙන දැක පෙරමග වන් මුන ‘ප සිත රඟ වන් දනට නිසියෝ වනැයි තුටු වන්

322. තෙපළා පෙරට ගො ස් කැඳවා අවුත් නොසර ස් නිසි තැනක සුපහ ස් ඉන්ට සැලසූ යුවළ ‘සුන් හි ස්

323. අරින්දම කුමරු ට සුදු සිනිඳු පලසක් ‘තු ට සෝනක කුමරිඳු ට සුරත් පලසක් රැගෙන ‘තුළවි ට

324. දුටු එලකුණු නිමි ති සෝනක කුමරු දැනුමැ ති මෙ යහළු මහ පිනැ ති නිසැක බරණැසට අගරද වෙ ති

325. එවිටො ‘හු මට රු තින් සෙනෙවි තනතුරු නිය තින් පමුණුවයි පුව තින් ඉමට නොරිසිය සිති සිරි තින්


326. දෙන ලද අහර කි ස අවසන් කල්හි එවිග ස එකුමරු දෙදෙන තො ස මඟුල් උයනට ගියෝ පෙර ලෙ ස

327. බරණැස් තරවර න එහි රද ඉසුරු විඳිමි න එදවසට සත්ව න දවස ‘සැවගොස් අපරලෙව් ව න

328. ඔහුට නිසි දූද රු කෙනෙක් රට රකිනා යු රු නැත්තෙන් ඇමතිව රු සමග එක් වී සුදුසු එනුව රු

329. අනු ‘වදුරු දුරු ක ර අප සහ මෙපුර සිරිස ර රැකගැන්මෙහි ලත ර

                 කෙනෙක් සොයමුව කියා  එමව	ර


330 සහ සෙමර සේස ත මිරිවැඩිසඟල කගප ත නළල්පට පැහැයු ත රැගෙන ඉතිපස් බරණ නොනැව ත

331 මඟුල් රිය සර සා

            ඉබහා  මෙහැම සක	සා

සිව්රගසෙන් රැ සා පස ‘ඟ තුරු නද දෙවා සතො සා

332. එමගුල් රිය පව ර නික්මෙවු සඳ පෙරට ක ර පිළිවෙළින් මඟ ‘තු ර ගෙවාගෙන ගොස් අනුව පිරිව ර

333. එනුවර උයන් දො ර පැමිණි රතය මනහ ර ඉවසන ‘ප සත් ස ර නගින විලසින් සිටියෙ බමක ර

334. එසඳ මහ ගුණ ස රු සෝනක කුමරු පියක රු තුරු ගොස ‘සා බිස රු මෙසේ සැලකී සිතින් වැඩක රු

335. අරින්දම කුමරු ට නගිනා පිණිස නිසි කො ට සිව්රඟසෙන් පිවි ට ගෙනා යුමඟුල් රතෙකි මෙතන ට

336. ඉන ‘ද මොහු වෙසෙයි න මෙපුර රදවෙයි තියති න එවිටො ‘හු මට යොද න සෙනෙවිතනතුරු එපා එකැති න

337. උපරද වී විමන ට යනතුරුම මම මෙහි සි ට නික්ම ගොස් නොම සි ට මහණවෙමි යනු සිතා තරකො ට

338. මුහුකළ කුසල් ඇ තී නස්නා ඉසුරු නො කැමැ තී සෝනක කුමරු රු තී ගොසින් පිළිසන් තැනෙක සිට ග තී

339. ගිය පෙරහැර රැගෙ න පෙරවී බමුණා එතරි න උයනට වැද ගොසි න නිදන අප බෝසත්හු දකිමි න

340 බල විමසන පිණි ස ගනගුම් සිය දහස් ලෙ ස

	නුදුරුව සිට නො ල	ස

කරවි එකවිට පස’ඟතුරු ගො ස



341. ඊට අප බෝස ත් බියසිත් නොවී මදකු ත් යහන ‘තෙහිම දිමු ත් වසා නිසලව ඇතිව සිහිප ත්

342. එවිගස පිබිදගෙ න සැපසේ අනික් ඇලයෙ න මඳ කලක් හෙවමි න නැගිට සල්වට පළක් බැඳ ගෙ න

343. උන් උන්හට අබි රු පෙරවි බමුණා ගුණස රු නමකර පද තඹු රු පසෙක සිට මේ විය පියත රු

344. මහබා හිමිසඳි නි මෙපුර රදසිරි වෙසෙසි නි ඔබ සතුවන ලෙසි නි අයැද සිටිනෙමු වේද කිවිසි නි


345. මහපුරිසා සත ට සිහියෙන් යුතුව නිසිකො ට බමුණ තොප නිරිඳු ට නැද්ද දූ දරු කෙණෙක් මෙපුර ට



346. ඇසූ බස කණ සැ දි පෙරවි බමුණා මනබැ ඳි එසෙය හිමි ගුණ නි දි කිවෙන් ඔහු බස් ගිවිස මනරැ ඳි

347. නරවිරු ගුණ නොම ඳ එසේ වීනම් දද අ ද තොප සුබැසි වදන ද මම ද පිළිගතිමි දනු එමලෙ ද

348. එමහසත් පෙරගි ර වසන මෙතෙපුල් නිසයු ර ඉති පහළ වූ ව ර පෙරවි දද මන කුමුදු වි ස ර

349. මහසත් හට එස ඳ දකුණු සක් ගෙණ මනන ද උයනෙහිදිම පබ ඳ රද බිසෙස් කර සිරිත් වුලෙ ද

350. වඩා රිය යහන ට ඇත ‘ස් පාබළ සහතු ට නුවර පැදකුණු කො ට ගියෝ මහපෙරහරින් රජගෙ ට



351. අරින්දම නිරිඳු ට සෝනක කුමරු එමවි ට සිහිපත් නොව සිත ට ගියේ යසසින් මත්ව‍ වි තු‍ ට

352. එසඳ ගුණෙන ‘ග ප ත් සෝනක කුමරු යහප ත් පිළිසන් තැනින ‘වූ ත් මඟුල් සල්වට පිවිසැ විසින ත්

353. සල්ගසින් විය ලී නටුවෙන් වෙන්ව‍ ඉගි ලී මියෙහි හුනු දුඹු ලී පතක් දැක ඒ විගස නිය ලී‍ ‍ 354. ඊම අරමුණ කො ට බවදුක් ගෙන මෙනෙහි කො ට හුනු මෙපත විලස ට ජරා නියතය අහෝ සතහ ට

355. සිහිකළ එතැනේ හී පුහුදු බැව් ගියේ වැන හී පසිළි බුදුනම හී මහණවෙස් ලැබ තෙමේ සැන හී



356. සෝනක කුමරු තෙ ම අද විය පසිළි බුදු න ම ඉතිකින් බව බිර ම සමග උපතුදු නැතැයි යුවළ ම

357. ඉති මියුරු සුබැ සින් පවත්වා යළි ‍සතො සින් එපසේ මුනි ල සින් නික්ම ගොස් එ උයනින් විග සින්

358. නන්දමුලක න ම් ගල්ලෙනට වැඩ මනර ම් තෙපසේ මුනි සුබි ම් එහිම සැපසේ විසූ දිවිහි ම්

සප්තම සර්ග ය 359. බෝසත් හට පෙර පුරුදු සක් සිය පත් රූ සිරි විඳ ප සක් ගිය මත් අවුරුදු සාළි සක් සිහිපත් වී තමහට උ දක්

360. සිතතුළ වන් දුක් නුහුසු ලා ළපැළී යන්නෙව් එකහෙ ලා මඳමඳ නෙත් කඳුලැලි ග ලා ඉති වණසෝ කිව්වෙය මු ළා



361. යන යන ‍සේ විලසින් ම ගේ වෙත නොහැරම ආ සිතර ගේ සෝනක නම් යහළුවූ ම ගේ දැන් කොතනකදෝ ඔහුගෙ ගේ

362. ස‍ඳේ සසල මෙන් නිති ප තා ඉ‍2ඳේ එකම පණ ලෙස සි තා ස‍ඳේ පමණ නැතිවම ඉ තා සො‍ඳේ මවිඳි රජසිරි ඉ තා

363. එක ‘යුරු වෙහෙලිඳු අනුග තා සුමි යුරු පියබස් කර ක තා නොවදුරු මාසහ අනුග තා කිමි ‘සුරු කම් මගේ උවිර තා

364. බල වත්ලෙස දනවත් වූවො ත් කවුරුත් වෙනු නියතයි උම ත් වුවමුත් වෙත සත ඉසුරුම ත් මා මුත් උන් මෙලෙසට නොවෙ ත්

365. උතුම් නෑසිය මිතුරු හා වෙනින් නැත කිවු බස ම හා සිතින් දැනගෙන නොවළ හා ඔවුන් සිහි නොකළෙම් අ හා 366. යහපත් ඉත වියො සදහ සේ කැපුනොත් සිත කැලලට එ සේ බෙහෙතුත් නැතකිවු ඉසිබ සේ මම අත් පිට දුටුවෙමි ඇ සේ

367. අගේ ඉසුරු ලදුවෙන් ත මා මගේ සිතට සිහිනුවෙ උ මා රගේ පුරුදු ගුණ ඇති හැ මා උගේ සිතට සිහිනුවේ කි මා

368. මේ වියොදුක් මගෙ නොවිම සා ඌ සිටිනේ බැහැරක වැ සා සෝනක යන ඒ නම නි සා සො නැතුවාදෝ ඔහු කු සා

369. සැපත් දෙලොවෙහි වැඩි වියෝ මහත් අව ගුණ ලිය වියෝ වුවොත් ඉත පුරුදුවු වියෝ තවත් නැත වියො වියො වියො

370. හිස් නොකොට දෙලොවෙහි පියෝ බස් දෙවන වැඩකරු පියෝ පස් තැනෙක උවසර පියෝ අස් උනොත් එමවද පියෝ

371 මුවෙන් කිරිගඳ නොම වියෝ එතැන් සිට මිතුරුව වියෝ පසන් සෝනක නම් වියෝ උවෙන් මට එම යයි වියෝ

372. කඩ නොකොට දින දි න දින මුව වෙතට සපැමි න මගෙ සුව දුක් අස න පසිදු මැතියෙනි මෙතෙපි හැම සද න

373. මා සමග එකවි ට මෙ පුරෙහි මඟුල් උයන ට පිවිස විසු සහතු ට යහළු සෝනක කුමරු මොනව ට

374. යම් තැනකට පැමි න වසනා බවක් නියති න ඇසු දුටුවොති න වහා ඒ මට කියව් වෙසෙසි න

375. මෙලෙසට නොයෙක් ව ර ගිවස්වා ඒ සත්ස ර ඇසිමු දිටුවෙමු පෙ ර කෙනෙකුත් නොදැක පසුක ර


376. රන් කළ සිරස ලූ කුසිමන් පෙළැති නෙර ලූ 1මුවලඹ රඹමු ලු තැඹිලි පල සිය ටැම්හි බැබ ලූ

377. ලඹ කන් මලින් ප ත් වෙරළු මිණි 2 බඳුනෙන් යු ත්

    	ලඹ මුතු දැල් දිමු	ත්

ලකල් පිවිතුරු සියෙන් අගප ත්


378. මතු මහල් මොනව ට වෙලෙප් බඳවා නිසි කො ට එහි විප් ලඹ කො ට විසින් කරවා මුදුන මෙලෙස ට

379. අබ විලඳ ඊත න සහ සුන්සාල් ගණිමි න සමන් පුප් සමගි න අනා ලද පස් මලින් ඉසිමි න

1. මුවබර 2. බඳුනෙත්

380. සුදම් දෙව් විමන ට නිගා කරනෙව් එකවි ට සුලකර පෑ සුම ට පවර නරනිඳු මහල් තලය ට

381. රුසිරෙන් සිරි කිය ලු නරඹුන් සමඟ සුලකු ලූ 1 පිරිවර සහ සිය ලු

	ගොසින් පැමිණ සබය කර අ	ලු

382. දන නෙත් කැලුම් වි ද පමා ලිය මන නෙත් බැ ද සෙමර වාලෙන් සො ද ලඳුන් දෙන ලද පවන් සිරිවි ද


383. තිකුළග මැඳුර ගි ර ඉසුරු පාමින් පුවත ර නිරිඳු සද මනහ ර නියුත් සිහසුන් හෙබි එමව ර

384. මලගල සඳුන් ග ස් තනා සුවඳැර නොසර ස් යළි පියුම් විල්ග ස් උලැහි එනවා පහස් දිනි තො ස්

385. තුරු සිරස ලගි නා මොනර ගණ මන කතාසි නා වෙත ‘මළ පවති නා පිලිදු කරවී කෙකා නදි නා

386. රිවි පිය පරලොව ට විල ‘ඹුන් පියා යනවි ට මත් බිඟුකැන් හඩ ට අනුව වනසෝ සුලන් එහිබ ට

387. එතර රිවි මිණි ගෙ න නිස ‘ඟන විසින් සකසි න සිඳු සමුගෙනහි ලසි න නිදන් කොට පියන තඹ දුන්ව න

1. පිරිවර


388. සහ තම සඳ කැලු ම් දිලි විලස ගුවන ‘ත හැ ම් නිසකත් පැලඳි පෙ ම් සුපුල් කඩුපුල් මලෙව් මන ර ම්

389. රවි හිමි නොදැක්මෙ න සැඳැග වදිනා දි’වග න විසුළ මුතු හර මෙ න දිසි ගහරැස් වියත හැමතැ න

390. විමල ‘ඹර විල සැ දි තමරැස් සෙවෙල් ලොබ බැ ඳි බිදුමට කර විහි දි හසෙව් මද සද දිසි සිසිරැ ඳි

391. සෙමරෙව් දිගැන්ත ට සිඳුවර විලස නිස ‘ඹු ට අගරෙව් මිහිකත ට සුපුන් සිසිකැන් වැජඹි මෙලෙස ට

392. මල්දම් මිහිපඬු රු සදුන් මුත්හර එකපු රු මල්සර දූ අයු රු සැරූ කෙළි කල් අඟා පුරතු රු

393. එසද රහනට ක ල් වූබව සිතැගි ලෝප ල් නළු ලියනට ලක ල් කියා අවසර දිනී මනක ල්

394. එකල නළඹුන් පෙ ල සදුනැ ‘ග සදා රූ ද්රල ල අවුනා කියඹු වැ ල තෙලින් ගලතා මුදු සරණ ත ල

395. රත් නෙළුන් තෙත් පැහැය මනහර දිගු නුවන්රසඳුන් සදා ලා මත් බිගුන් නෑ මුහුල මල්දම් සදලනෙන් ගවසා වසා ලා පත් සුපුන් සද කැලුම් සිරි රැඳි සුනිදු සදු සඵවෙන් විසා ලා යුත් දුවන් හිස් පටන් පෙළ පෙළ රැළි ලලා ඇඳ ඇඳ වඩා ලා

396. නිරිඳු වදනින් සදාලු නෙක අවන්හල් තුළ පිවිස දිගැ සින් රැගෙන සිය ‘තින් තියුණු රණවිත් පුරා මී බී හේම කල සින් දැදුරු කරමින් සලෙලු දන මන නුවන් සැර සරසා 1ල සින් සොඳුරු රන් ලිය පෙළක් විලසට හොබ රඟහල වැද ගො සින්

397. රත් වලා පිල් රාසියක් රිවි අවර වර ‘ඹර නැගුණු විල සින් මත් තලා හස ‘ඹුන් මඬුල්ලක්

	           එක් පියුම්හී තුඩුලු විල	සින්

රත් නෙලුම්මල් පෙළක් සිරසුන් තබා නිරිඳුට පුදන විල සින් සිත් ඇලුම්කර මිහිඳු පදසර නැමද පෙරසිට එනළු විල සින්

398. එරද දිනකර සතුටු කිරණින් පිපි යන රත් පියු ම්සේ දුරද නොව රත දන පතුලු යුග විදා හරිමින් දෙ අං සේ විහිද මනහර දෙඅත සිතුයම් කරන විලසින් පහ න්සේ පැහැද සිටිනෙම තැනම මඳ මඳ සසලවා ඉග 2 සියු ම්සේ

1. තරසිත් 2. පියුම්සේ


399. රුවට මුරුනට සතට වැඩ සිටි මලවි දෙවිඳුගෙ රැඟුම් සා ලේ පෙළට පිළිවෙළ ලෙසට ලූ මඳ මඳ පවන් ලෙල පහන්ලී ලේ නැගිට යළි සිට පෙරට ගොස් ආපසු ඇවිත් බමමින් සිතා ලේ සතුට කරමින්සලෙලු හද අනුරාග පළකරමින් රගා ලේ


400. නගා සත්සර වයන වෙණ ‘නුව කියා ගී අම තුඩ තුඩා මගා සබ ‘තුර තුනුපෙද සසලවා සිට වඩ වඩා ලගා උවනට බෙදන විලසට නෙත් උපුල් පෙති කඩ කඩා වගා කර සිය විදුලි සිරිසර විදා අත්තල ඉඩ ඉඩා

"https://si.wikibooks.org/w/index.php?title=කව්මිණි_මල්දම-iv&oldid=4716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි