කව්සිළුමිණ-කව්සිළුමිණ-iii

Wikibooks වෙතින්

11.සග[සංස්කරණය]

499. (1) නහන මෙහෙ 1 නියුතූ2 - දෙනෙ අද සොයා විල්වත්, සදා මඟැ කර විසිතුරු3 - ගෙණැ මිටුසක් වියි මේ.

500. (2) සුරසිදුකලුන් ලු - නුවන්පැහැනද වන් වූ, සුනිල් සිලිල් ‍ෙතල තරඟ - වැලෙන් ඔබල කළ1 පවන්.

501. (3) පිළිබිඹු ලෙසින් වන් - රිවිරජහට ලැගු සත්1, දහස්2 සිරිසර විඳුනා - විසිත් පියුමින් රඳනා.

502. (4) ගජමේහි ගැජමෙන් - සිලිල්තල වෙරළු තෙලේ1, දූනූ රුවනකුරුදහස් - සිරි අළ තඹුරු කැකුළෙන්.

503. (5) ඉති සිරිසර විලඹු1 - තරඟත වටා නටමින්, තඹර මියෙන් බමරගී - ත දක්න මෙනෙන් කියනෙව්2.

504. (6) ඉති වියත නරනිඳු - ඇතොරදහස් කැ‍ඳෙමින්, මුවරඳබර රළනෙලෙන් - සැනහෙමිනෙ විල්තෙර පත්.

505. (7) ල හෝපලු කුසුමු දු1 - දී මුහුලු කරැ මුහුලු, කොකුමඟරා තවර2 කළ - සුරත වසනත රඳනා.

506. (8) දිමුතු මුතු සේ විමල්1 - පුලිනතල පත වමියෝ, කියලූ කිරණෙවුයෙහි2 - පබළ ලියපෙළ රඳනා.

507. (9) බසුත් සැදි1 පියන් - පනුතෙතර2 දිය තෙර හිම්, පබවතකත සමෑමෙන්3 - තුටිනුතෙළෙව් විල් යෙහෙළි4.

508. (10) ගලත ගලත පබ - වත සොමි වුවන1දිස්නා, මිණිමුතු පියුම්සිරි හා - වෙනසක් නො දත් බිඟුරජ.


(1) 1. මේ 2. නියුත් 3. විසිත්. (2) 1. ලියෙනොබල කොමල. (3) 1. රජහට සත් දහස් 2. ලැඟු (4) 1. වෙරළතළේ . වෙරළු අතළේ (ලෙ) (5) 1. විල් 2. තඹර මියෙන් ගී කියනෙව්. තඹරමියෙන් තදක්න මෙනෙන් බමර ගී කිය එව්. (7) 1. කුසුම්බද 2. තැවරූ (8) 1. මුතුවිමල්. 2. කියලුහු කිරණ වූයේ. (9) 1. සැදි 2. පනතෙතර. 3. සමාමෙත් 4. යෙහෙළිවිල් (10) 1. පබවත ගලත සොමි වුවනත.


509. (11) පහළ පියොවුරැනෙන්1 - සසල විල්සිලිල් බිජු2, වැලගි සපුසල්සේ නා - බිය දැනැවි පුරපියන්.

510. (12) පියොවුරු තො උකහත - පිහිනත උඩුමුව ව මුව,1 පියුමැයි බිඟුනෙත් කලක්2 - කිමිඳැ ගනගබැ විදු පෑ.

511. (13) කතක මුත් වරලස1 - දොඹ දෙත්2 අවටැ හිවි දල, දලබරකෙමි බමරවල - සිරි ලද සේ මහපියුම්.

512. (14) ලඟා එතා නිරිඳු - කතක1 මල්පලුසිරිසියො, මුහුලස ගැලෙත එය හළ2 - පහළතැ නුළූ3 බිඟුවැල.

513. (15) වුහුටත්යතුරුතෝ - පියා පියක පියොවුරු,1 කනකලසෙවු පුලුපු දුන් - නරනිඳු2 බිසෙවුමඟලේ.

514. (16) ගෙණැ තනකොකුම් දිය - බිඳු1 හෙත වුහුටු දියපිය2, කලක පහළැත්කුඹුනෙන් - ගලන හුරිරද මුතු පෑ.

515. (17) මුතඳුනැසැ සුරතොටැ - දෝ වුවනත නහමත, වැලලූ කලක් එනිරිදු - වැළැහෙමිනද පිටුදෙසෙන්.

516. (18) නෙත සුනිල් සුරතොට - පියත පැහැ එ පුර1 පියන්, තරඟින් උලැගි නිලුපුල් - තඹරු උඩුහුරු ලද වන්.

517. (19) දිගැසියක නිරිඳු - නැඟතෙස දොඹටහල්ලට, ලොමුදෙහෙනුර1 පියපහස් - නො මැ ලද පිය උරපහස්.

518. (20) නිරිඳු සවණත ලග - දලදරනෙන් මීයෙන් ලු, කලකෙක්1 රහස්දඬුයෙන් - මෙනෙ සමරහු කියා මෙන්.


519. (21) මුවරඳ ගෙණ සදත1 - පබවත දොකොපොල්පත්, මුවපියුමැවිසි බිඟුපෙළ - නො වූ සරත’ත2 ගෙල් කා.

520. (22) මැඬිලි දුන් දියෙහි - බමරවලකොකුමඟරින්1, නරවිරු කෙළි සරත විල් - සුරතැස් ලා බලා මෙන්.


(11) 1. පියවුරුනි 2. සිලිල්හි විදු. (12) 1. උඩුමුව වුවන් 2. කලක් පියුමැයි බිඟුනෙත්. (13) 1. වරල් 2. හෙත් (14) 1. සහ 2. මුහුලස කතක ගැලෙන - හළ 3. නුළුවූ. (15) 1. පියා වුහුටත් යතුරු - හෝතා පියක පියවුරු, වුහුටුත් යතුරු තෝ පියවුරෙ 2. පියා නරනිඳු (16) 1. කොකුම බිඳු 2. දිය පියා. (18) 1. පැහැ පුර. (19) 1. දෙහෙන් (20) 1. කලක් (21) 1. සදත ගෙණ 2. සරත සත (22). 1. බමරවුල කොකුමඟරා.


521. (23) දිවයුරුහු පත් වැරැ1 - අදවේ ගිමින් මේ වන්, දෙනෙමින් පැදුම්හු කුසා - නෙළුඹුදල වදලේ වන්.

522. (24) නැසී පොකුරුපත - තුරෙ සිටි කුසා දක්මින්, බැමහවු කැරැ කලක් එක් - පිළිපන් ඇතොරනන්කැන්1

523. (25) සොමි සිසිමඬලෙහි1 දු - ගහණො‘ත රා‘සුරිඳු මෙන්, ලොහොකතට ලොහොකඬ මෙන් - දැවැ වැලැඳි කල කුසරජ.

524. (26) අහෝ දියරකුසෙක්1 - ගත මා වියමිනෙකෙණෙහි, පබවත බිය බොහෝ පත් - සිපුම්2පහසොහු සැක පත්.

525. (27) පියුම් සරතී යේ1 - දෙනෙ2 පුල්පියුම්විල්හි, මෙ වැනියන්හට මෙ නො තන්3 - වී හැඟැ කුසාබව් දත්.

526. (28) බැඳැ මුළු තැනින් තැනැ1 - දිය කෙළෙනා පමාදෙනෙ, නරනිඳු කොවා2 යා ගත් - පබවත ඉහි ගමන් ගත්.


527. (29) පබවතකගෙ වදන් - වදන්මඟැ හෙත එ යොනන්,1 මිලී2 ගිය වත්හි විලස් - මුහුලු පියුමිළු පෑ මෙන්.

528(30) පියොවුරිනුතුළ තෝ - වළඟ පිරිමැඳැ මඳ වත්, පබවතකත වන බියෙන් - වහළෙව් යෙහෙළි විල්කල්.

529. (31) දැහැ යන තෙරට පබ - වතිහි1 දළරළ දැවැ ගත, නො හොයීමෙන් වියෝදුක් - ගමන් ඔත් මෙන් විල්3කල්

530. (32) සරණතල පබවත - වෙළලත සදත විල්කල් තරඟතිති වැලලා මෙත් - බිමැ ඇපිළැ හී ගුගුරා.

531. (33) මේ යක් ලු මා හිමි - පබවත් ලු ඔහු විඳිනී, නිසයුරු අඳුරු කො සමග -ගොවළුයෙ කො හස්ඉස්බුම්.

532. (34) පබවත කියමිනිති - ගමනොත වරැ සියනුවර, ඇමතිසක් ඔවානෙනි1 - පිළිපදනවස් මේ වී.


(23) 1. දිවුයුරු පත්තු වරැ. (24) 1. ඇතොරත් ඇතොරන්නා වූ ඇතොවුරන් (24) 1. සිසිලේහි (26) 1. රකුස්. 2. සැපින් (27) 1. පියුම්සර වෙති යෙති 2. මු. දෙනො 3. මෙවැනියනට මෙ තොතත්හි (28) 1. තැන තැන මු. මුලුන් තැන තැන 2. පමා (මෙ) නරනිඳු කොවා. (29) 1. ගෙනබෝනන්. 2. මිලිය (31) 1. තෙර පබවත ඉහි 2. ගමනොත් යෙහෙළි විල් (34) ඔවානන්.


533. (35)තොප හිමි කුසනිරිඳු - සරණත දියටඹ පිහිටී1, නිරිඳු බිරිඳුන් දඹදිවැ - නරඹා කිරුළුකුළුහි.

534. (36) රසහවුදුඹුළුහුන්1 - සුබසිවදනොද හිමියා, සවන්දොහො2 අතිනදමින් - සිරි විඳුම තොප3 ලගනේ.

535. (37) නො යැදැ1 මැ දෙවිබඹුන් - නො සැරු2 දහමි දිගැසියෝ පියනට කළ උවසරින් - සගසිරි3 වෙත් දිගැ සියෝ.

536. (38) දඹදිවැ හවුනිරිඳු - තොප හිමි පා මැ වටනෝ,1 කො තොප මනදොළ පුස්නෙක් - පිළි ඔහු මුත් මෙලෙව්2

537. (39) පසසන සුගුණ1 මුත් - විලසින් කිම මහත්මන්, පියගඳ පළොල්මලැ2 සේ - බුහුමන් කිම කිණිහිරේ.

538. (40) සුරූ සිකිඳු සුපිපි - ලියට කවර ඉසිර දේ1, තමපිඬු වන් බිඟුන් හෙත් - එන ඉසිර හඟු2 හිමියෙනි.

539. (41) නිසැමි අඹු1 ගිහිගේ - උවදුරු කෙසේනි2 දෙහේ, පියාවන දද කුම් සේ - ගමනුකහා ගුවන්හි.

540. (42) දුම ඇසිරැ වත් පුල් - ලිය වේ බමරපිරිවර, නිරැසිරි ලෙසින් වත්1 හොත් - නුසුහු2 ද කා මැඩමට.

541. (43) නො බැවරති1 හිමිසඳ - හිමි‘හි වඩු රජමහලට,2 රෝහිණිය මෙන් ඉඳු හා3 - පවතු දිගැ කුසඉඳු4 හා.

542. (44) තමා වස වත ඔහු - වස වත මට මෙ දෑහි, කො ඉසිර කො පියවදනිනි - වියා පියා කුසපියා.1

543. (45) රෙසි ගමනොත් පබ - වත කත1 එදා නො සරස්, ගමනින් ලද දිය කෙණෙකැ2 - කලහසුනතැ තබා යල.


(35) 1. සරණත පිහිටි දියටඹ. (36) 1. මු. දුන් 2. දෝ 3. තා (37) 1. වැඳැ 2. දෙවියන් සැරැ නො. 3. සඟමොක් (38) 1. වටනේ 2. මුත් ලෙව්හි (39) 1. පහසත (පසන්) ගුණ 2. මල් (40) 1. සුරු සිකිනිඳු සුපිපි ලියවරැ කෙ ඉසුරු දෙරේ. 2. ඒ ඉසුරු හැඟු (41) 1. නිසැමියඹු 2. කේහෙනි. (42) 1. නිරැසිරසින් පවන්. නිරැසරසින් වත්. 2. නුසුදුහු (43) 1. නො බැවිරත. නො බැවතු. නො මැ විරත්. 2. හිමිසඳ වඩුතු රජ මහාලට. 3. රෝහිණිය හා ඉඳු මෙන් 4. දිග කුසා (44) 1. කෙ ඉසුර කෙ පියවදන් - වියා ගමනොත් පබවත්. (45) 1. රෙසී ඔත් ගමන් පබවත් 2. කෙණේ.


544. (46) තොප පියරජහට - පිරිපත් මැ නො කැරෙන්නේ,1 කළ මෙ නිබඳිති සබඳති - සිමිඳිනු2 අනාකල් හා.

545. (47) යල නුසුන් දිවියෙන් - යෙහෙකැයි සගල් යත් යත්, යෙහෙළියනෙතර එකතර - පත් පබවත් ඉති කියූ.

546. (48) ඔහු වසනා දෙසෙහි - වස වත එ මැ මරුකතර, පුවහා1 වහා ආ මට - මලගල්ගඟුල්හැලි මේ.

547. (49) මෙසේ අනන්මනන් - බැණැ පබවත් සගල් පත්1, වියොවින් නො රඳනා වන් - පුරඅඟන රඳනා2 වන්.


548. (50) සමග පබවත ස රා ය කෙළි ස රා ය දූලූ, කල දෙසැ නු රා ය නිරිඳු පව රා ය මෙ කියූ සග.

එකොළොස්වනු.


(46) 1. පිරිපත් නො මැ කරන්නේ 2. සිමිනු (48) 1. පවහා (49) 1. එ සාගල් 2. රඳවා. මු. රඳවනා.


12. සග[සංස්කරණය]

549. (1) කුසවිරු එතර වැඩ - වැඩු තැනින් රජමහලට,1 වනසොවුනෙන්2 යහන් පත් - නරතුරෙනිති වලප ගත්.

550. (2) මෙ දෙසැ මැ මල්සර - සර ලනුයෙ එ බියෙන් වන්, නොසෙ පබවත දෙසේ ලත -නුවන්සරට1 තෙමෙ ද ලක්.

551. (3) ඔවුන් අසද ඉහි - රූසිරි වෙසේ කුම් සේ? දලනිදුහි වැසැ වැ සහා - පැලැඹුමෙව’මා වස හා1.

552. (4) දිරියබල හා ඇය - අසද බළාම් දක්මෝ, මද ද මැදහත් සිත්නෙන් - ලියසැව්ව පිරිමට නම්.

553. (5) කෙසේ දනිත් දැන‘න් - සරතස1 ඔහු තමාගේ, වළඟට පිනිපියොවුරෙන් - දුවනින් දඟට දුක්දා?

554. (6) තමා යහදසනෙන් - නුවන් පියතෙපලින් කන්, පහසින් ගත් ගෙණැ කෙසේ -මන නො දී1 මා සිත් ගත්?

555. (7) වැළකී මෙ ද පිරි - මෙ කඳළ එදෙස් දස්නෙන්, තත් සෙලෙහි සිලිල් මෙන් - ලෙයි දල දියුණු කෙළෙ හා!1

556. (8) අලළවා නුවනත1 - කැලුම් ගමන්2 නිලුපුලන්, කලහස්න දැනැවූ මා - තබා ගියෝ අසදහු ලු3

557. (9) නො ලතු දු1 මදෙසැ හා - විරත දිගැස ද දිගැසිය,2 නො වැ උනු3 දසුන් ඉස්නා4-මනුවන කෙසේ රක්නෙම්5?

558. (10) පුරා නුරා ඇති - මා ලෙහි දිදී පියොවුරු,1 සැරහූ වන් පෙරදවස් - හිදා නො තැවේ ද කෙසේ?


(1) 1. එතර වැඩු තැනින් රජ මහාලට. තැනින් වැඩි මහ(හලට) 2. සෙවුනෙන්. (2) 1. සර ම. (3) 1. වැසැ වස හා - පැලඹුම අමා වැ සහා. (5) 1. කෙසේ ද දනිත් දැන් - සැරතැස. (6) 1. දිහි. (7) 1. දල හා දියුණු කෙළෙ. (8) 1. නත. මු. නෙත. 2. ලසගමන්. 3. තබා අසදහු ලූ ඒ නුගියෝ. (9) 1. ලත 2. විරුති දිගැස දිගැසින් 3. නො වැනූ. 4. ඉසි. ඉසිස්. ඉස්නෙන්. 5. ඔවුතිගි කෙසේ රැකියෙම්. (10) 1. පියොවුරු දිදී ලෙහි මා.


559. (11) රතොටැ රත ඇදියෙම්1 -කොපොලැ2 පතලේ බිඳියෙම්3, තනහස මුස කෙළෙම්4 - නිදොසිම් ලු හා නුගියට!

560. (12) හෙ හස සමත1 පවන් - කල්හර සඳිඳුවර තෙජ, පැරැදැ ඇයැ’යැතියෙන්2 හා - කුරුරස ව ම දුඹුල්හට.

561. (13) අස’ද ලග මේ සිත් - ගුණලග දිය දුරූයේ,1 අස’ද මෙ දනා සිත්නෙන් - පරවනු යැ2 හා කුම් සේ!

562. (14) කලහස සර සමත - සර බිඹුවැළ නිලුපුලෙන්, ගමන් පියතෙපල ලවන් - නුවන් දැකැ ද නො වැහැවෙම්.1

563. (15) යන පබවත සමද1 - ගියෙ සිතු ම දෙස නො බලා, නරතුරු වෙයින්2 විඳුනෙම් - පරමත අතුරු3 නො කෙළෙම්?

564. (16) කෙලෙසතෙලෙ හෙම්ලිය - වෙළපා හොත් යහන් මේ! තන කොකුමෙවැ වැලැඳි මේ - සිහිලැල්කැඳි පිළිටැඹ!

565. (17) රිසි සේ හැගී ඇල්1 - කැඳි පියයුරුමඬලෙහි, ම තවා2නු හා එක්වන් - පිවිතුරු උතුරුසළු මේ3!

566. (18) මෙනෙත්මිණිකැලුමෙවැ1 - සලසා එ ඇඟිලිපහස්, ලියූ පත් මේ2 මුත්හර - පිවිතුරු පින්පියොවුරින්!

567. (19) නො පලගති මා මන - නුරාබිජු උන්වන්නෝ,1 විසිතුරු සකරබිම්හි - සුහුඹුල්තුරු දුමුවිරු2?

568. (20) *දැනැවූ1 හළ වැඩු - මුවරදදා ඉඳු සමත්, හරා පලඟ රිටුමුළු - වනනට සතුරු ලෙවු. මෙවු!

569. (21) පියවත් පහස් ගඳ - රස රූ සද ද1 නො තිබී. යහදසන ‘යැති යැ තමා - තබා ගිය2 වන් එ නුවර!


(11) 1. රතොට රතැදියෙන්. 2. කොපොල්. 3. බිඳීයෙන්. 4. කෙළෙන්. )12) 1. හෙ සමත. හසවත. හසසමත. 3. ඇයතියෙන්. (13) 1. දුරු සේ. 2. සිත් දැන් පෙරවනුයේ (14) 1. නො වෙහෙම් (15) 1. සමග පබවත යන 2. මෙවේ. 3.පරමතුරු (තර තරු) තුරු. (17) 1. ගැලී එ ඇල් 2. තවා 3. පිවිතුරු තුරුසළු මෙ වේ (18) 1. නෙත් මිණිකැලුමෙටැ 2. මෙ පත්. (19) 1. බිජු (දු) වැ(උ)න් (ලවන්)වන්නෝ. 2. දුටුවිරු තුරු. (20) 1. නො දැවු *මේ ගීයෙහි 2, 3, වැනි පාද 3, 2, වැනි සේ පිටපත්හි එයි. (21) 1. සදන් 2. ගියෙ.


570. (22) ම සඳහනිනි ඔවුන් - නොමින මැසි1 මැ වඩන්නේ, අහෝ! හෙ නො මඳ ද2 තමා -විසිනා නො දන්නෙත් මුත්

571. (23) තුනුහෙම්ලිය වතළ - මෙනෙ මැසි1 කිණු කෙසේ වී? සැදූ තනැගැ2 බරණ හෙම් - කිණූ මුත් නැත් නො කනවන්3?

572. (24) යුගතදල වනෙ මරු - කතර කෙසේ නො ගෙවත්,1 නුවනතැ බැලුම්දල හුණු - නිවමින් ගඟුල්හැලි දෙත්?

573. (25) දී ඉඳුපයට ඉස් - මලවියා පහරට උර, වියොවැ ද වහර වූ දන - හට ඔහු දළ මිදිබියෝ*!

574. (26) වැහැවෝ නෙතින් තෙප් - දෙසැ දෙසැ එ රූ දස්නෙන් සවණින් කොවුල්කිල්මෙන් -වැහැවෝ ගතින් කුම් සේ?

575. (27) පියගත්නි සොමි තොප - පියත්1 සවණත්නෙත්සිත්, මෙ තෙක් මෙ දෙසින්1 ගතුයේ - නො නුරා ද එ පුරුද්දන්?

576. (28) වියොදෙලෙනුදුලන - හිද මැදැ ඔවුන් වස්වා, වමෝ ලු හා දැන් ඇපි - මිනිසි1 ගුණ රක්නෝ2 නම්!

577. (29) නැති අග1 මෙ තමහට - කෙසේ දෙත් ද එ නුගියෝ2? නැත ද බිජු දම්බිම්හි - ගනසා සැදි තුරු දෙනේ. 578. (30) ලොමුදහ ගත් ගතින් - සෙද වැලලූ වරදට, යදඬු සමවලා1 - තමහට ඔහු කළෝ වෙත්.!

579. (31) පිරි සඳැ1 ඔවුන‘සද - නිබඳ වැ මැ2 වත මෙ දෙසේ, වහලෙ ලැබැ හා මෙ වලා3 - දිරියබල ඔබලෙ තමා!

(22) 1. මෙසී 2. අහෝ නො මඳ ළ අහෝ ගෙතමදල අහෝ හෙත දල (23) 1. සෝ 2. සැරහූ තෙනෙ. 3. නෑත් කනා වන්. (24) 1. ගෙවෙත්. (25) * මේ ගීය පිටපත්හි නොයෙක් ලෙසින් අවුල්ව තිබේ. කීපයක් මෙසේයි:-

දි ඉඳුපා ඉස් උර දී මලවියා ඔහු ලමිදියො වද ඔහු වහර වූ දනයිහට ලමිනිමියෝ.

දී ඉඳුපා ඉස් උර දී මයෝ වැඳ ඔහු වහර වූ දනහට ලමිනිමි (බි.වි)යෝ (විදිමියෝ, මිදිවියෝ)


(27) 1. පියවත්හි සොම්නා ගතින්. 2.මෙදෙසින් මෙතෙක් (28) 1. ඇප් දැන් මිනිසු 2. රක්නා (29) 1. නැතග (හ) නැතගා (හා) 2. දෙවු ද නුගියෝ (30) 1. යද (සාලා- යන) පහරස මෙවලා (වතලා). මු. දෙයදො පහරස මෙබලා. (31) 1. පිළි (එ) බඳ. පිළිසඳ 2. නිබඳ වැ 3. මෙ බලා.


580. (32)වැලලවා1 ගෙලෙහි - උරිනුසුලා පියොවුරන්, සිඟුවළඟහට මා වූ - වහලුදු නො හැඟියෝ හා!

581. (33) නොවත් තුනුමැද මා - යුගදඟ නො වත් යතුරෙන්, පියොදනු යැ1 දුක් කුම් සේ -මනනෙත් කැලි දිගැසියන්?

582. (34) විදුතු සොවු හදවත1 - නුරාබැර සිත් නො පෙණේ, විදුතු පියුම්රාමැණා2 - සුරතස නො දිස්නා සේ!

583. (35) අසදබිජුනෙන් වේ - නුරාලිය මනතැන්නේ,1 ගිහිනි නෙකටු කරළ2 දම් - වේබිජුනි රඹ වන්නේ!


584. (36) රත්සඳනැත1 සුවට - මුහුණ’රියත ඉහි ගමන්, තනතෝන2 තන සේ මා -කිම ලෙන් නො උසුලන්නේ?

585. (37) කියමින් ඉති නිරිඳු1 - සගල්නුවරට යා ගත්, නෙළුඹස මතැත්හරණෙන් - මැතිසක්ඔවා සිඳුමින්.

586. (38) දෙපන්දහස් දෙතුන් - සියඅනූ එක හඬ යුත්, කොකුමුවවෙණ බර රැගත්1 - ග‍ඳෙව්සුරි වුන් ගත් ගත්.

587. (39) දැහැ යතිහි මැති සිය - සියන් හුදු එකැතිමෙනෙන්1, නො ලා මහසත් එකලා - ගියෙ එ මහසත් එකලා.

588. (40) බිහි වත් දැකැ එ මහ - සත්1 පුරනෙකසරනෙන්, මුවරඳරොන්සළාසක් - ගෙණැ නලසෙවු පළමු වී .

589. (41) රොන්සහලඟර ඔත1 - බිඟුදුම් මල් මෙ මල් ලා2, ලපලු3 අත්ලෙන් විදුනා - ලියනට4 නො ලී රජ නෙත්

590. (42) මඳනල සසල1 දුන් - පිනිනද අඳල2 ගුම්බිඟු, ලියෝ සැනැහූ නරනිඳු - දෙළෙනොබලැ’යවිලස් පෑ.

591. (43) සල දෙන ලතඹපලු - පවනින් යතුරුමඟැහි පබවත දුනත්සන් සැකි - මනනෙන් ගති නරවරා.


(32) 1. වැළඳවා (33) 1. පියොදෙනුයෙ. (34) 1. සෙවියන් සිතූ. 2. මැණ පියුම්රා. (35) 1. නුරාමනලිය තෝ තැන්නේ 2. ගිහිනි කටු කර. (36) 1. සඳුනැත 2. තනතෝ. (37) 1. කියමිතිති නරනිඳු. (38) 1. කොකු මුවා වෙණබැර දත්. (39) 1. ඉහි යන මැති සියන්-දැහැ හුදු එකැතිය මෙනෙන්. (40) 1. දැකැ මහසත් යනෙ (41) 1. සහළගුරොත. 2. මල් මෙලේ ලා 3. පලූ. 4. විදුන් ලිය පියනට (42) 1. සල. 2. අදල.


592. (44) තඹුරුපියුමාරෙහි - විමලිඳුනිල්මිණිතෙලේ, ලාරෙසෙන් අද1 පියසන් - පබවත සැකි වනඅදන්2

593. (45) මඳමරුපහස් ලද - කොකුමුව වෙණොත සරනෙන්, හේ දිටි සිටි1 ගිජිඳුමුළු - දැකැ කන්තළ ඉහි ගමන්.

594. (46) වග බිය ගෙණැ දිවූ1 - වෙහෙලුන් ඉහි මියුල්කැන්, දිදී සවණබියෙස් වත් - වනසොවිනෙ රජ මුස විත්.

595. (47) පහළමතින් මරු - තිරිසන්කණැ ද යහදා, එ වෙණේ එ අත්පල්ලේ - පහසො ‘ත කෙ සා මියුරෙක්.

596. (48) මිදෙලි1 යොහොඹු කුසුම් - දැකැ විල්සිලිල්පිටුහි, වගළ මිණිබිමිහි පබළ - මුතු සඳහන් කෙළෙ නිරිඳු.

597. (49) කැරැ සඳහන් එ පියො - වුරු හුණු1 මඟැ ගියෙ නිරිඳු, ඔසුසඳහනින් දෙනෙ දුරු - සහලඟර පා බඳනේ.

598. (50) ඉති තරැ මරුකතර - සගල් සපත් එ නිරිඳු, බජත දිවයුරු හත්ගිරි - කෙළෙ ඇත්හල් යහන්තන්.

599. (51) පබවත යතුරු ගතාය සෝ ප තා ය කුසා,

 පතා ය ඇය එ සගල්1

සපතා ය සෙ කියූ සග

දොළොස්වනු.

(44) 1. ලාරෙසනද 2. වන නදන් (45) දුටු සිටු. දිටු සිටි (46) 1. වග බියෙන් දිවු. (48) 1. මිදෙල් (49) සඳහනෙ පියොවුරු එ හුණු (51) ඈ එ සාගල්.


13. සග[සංස්කරණය]

600. (1) මදිඳුඈරජහු ද - එනුවරැ1 යහයහන්හි, නො හුත්හු රෑ කප්මින් - එ තර නිරනිඳු තෙදනෙත්.

601. (2) සම මඳර තර ඔලි - දෙවිසිහඬ තෙගම් සරා,1 උනුපණස්තන් මුසුනෙක් - විසි සරසත් වජඹනා2

602. (3) එදා එ වෙණෙහි1 ඇත - රුවනට අතොත් කල්හි, තිදසුඳු රෙසෙන් මත් වී - මුළුලොවෙලකොලහල3 වී.

603.(4) පබවත එතර හෙත - සවණැ නරවිරු වෙණරැවු, පසක් කළ හො කුසවරා - පිළිපන් සේ සියනුවර.

604. (5) එ වෙණ අසා මදිඳු - තුට‘දහස් දිනී, දැරැ ඒ පැසුළු ඇත්ගොවු - දෙටහට දිනි නරපවර.

605. (6) එකත රූබඟහර - බොත නුවනතබොල්ලෙන්, මෙ තන් නො තන් මැ වී1 ගොස් - මල්ගොවුනා නිවෙස් වන්.

606. (7) සියුරැස් තෙඇස් වට - විසිතුරු රිවින1 මල්දම්, පියොදත්2 ගොතා තුටු රජ - දින් දූසඳ පලඳනට.

607. (8) දැවැ දැරැ ‘රැ1 මල්දම් - මහ2 සොම්නසින් පබවත්, බලමිනෙහි3 නන් අසිරි - විල්කෙළියෙ අත්කම් දුටු.

608. (9) තෝකෙළි පෑ එ රූ1 - මගමින් වෙමින් ඇසිරි2, වී මෙ සිජ අන් නොවිසා3 - කුසා ඉහි මැ4 තමා දුටු.

609. (10) දැහැ අතිනෙ මල්දම් - සුරතසරණින් මඬිමින්1, සිරි අළ2 සිනා මඬනා3 - ලවනත කැලුම් වඩනා.


(1) 1. මදිඳුහු ඈ රජ නුවරෝ (2)1. තෙගම් රා 2. සරසත් උනුපණස්තැන් මුස එක්විසි වජඹනා (3) 1. වෙණ. 2.ඇතොත්. 3. මුළුලෝ එකලහල (6) 1. නො තැන් වි. (7) 1. රුචිත. 2. පියොදත් (8) 1. දැරැ’ 2. සහ. 3. බලමින් (9) 1. නො කෙළිය පැටි. ( වි.මි.) රූ. මු. තෙ කෙළියේ. පැටිරූ 2. අමින් අසිරි. 3. වී අන් (අනෙන්) (මේ) සිපි ‘ඒ) නො වසා මු. වී අන් නො විසා මෙ සිප්. 4. කුසුම් එහි. (10) මඩමින් 2. හළ 3. වඩනා


610. (11) මෙ මැ ගින් එ1මහසත් - කණතැ සිතැ නෙතැ2 නොපහළ කුඹල්කම් නළවර3කම් - කරැ ද‘ස්වසක් නො ලදින්.

611. (12) පිළි1 පිළිබඳින යහ - කැතැ පිළිබඳින උවයක්,2 සිතා දත් එ විසඹසොඬ - මුළුතැන් වන් තිළීලෙන්.

612. (13) දැකො ‘හු මුළුනා තා - දන්නෙ කිම්දැ යි 1 පිළිවිත්, පිළි මා දන්නෙ2 මුළුමෙහෙ - වියත එ විමසන්නෙන්.3

613. (14) රස සුන් මසැට දී - රසක් කරහයි මෙහෙයා, මුළු සමගිනේ මුළුදෙට - ගියේ බුදුනා මහලට.

614. (15) ගෙණැ ඒ රොළැටමස් - පිසින සෙමෙහි මහත්මා, සිවුයොදුන් සව්නුවරැහි1 - විසුළෙ සුවඳ දුහුන්හි2

615. (16) විසිනත කිමෙක වී - නිරිඳු මුළුනා මේ වී, බොජුන්වස්1 නිමස් ඇට - පිසමන් හෙ අත්වැරියකු2

616. (17) එ තර ගෙණැ එනු1 කැරැ - විඳැ විඳැ එ රස මියුරු, මෙ බඳු අමරස2 රසයින් - පබවත් සඳ පැලැඟි වී.

617. (18) පිසමනැ නියුතු කෙළෙ - මෙ ද ඔහු කලට කල් රජ1, දින් හා ගිමිනදන්හට - සිහිලැල් විලසැහි මෙහේ.

618. (19) මුළුතන් එ රජ ගත - සිකිනිඳුහට ගනසමා, මදමතගඳගිජිඳුහට - සිලිලුතුළ විල් නු මහත්?

619. (20) සිදු කැරැ බොදුන් ඔද - දැරැ දැතිනළ කල නිවෙස්, රූසයුරැය1 ලොබනෙලෙන් - නෙතනැව් උපෑ පෑ මෙන්.

620. (21) එ රජහු1 පෑටි විලස් - ලියරජ නො දන්වනු වස්, නළවා යුත් යෙහෙළියන් - සියරස බොදුතෙ2 නො බුදු.

621. (22) යෙහෙළියන් අළ හෝ - එ රසහුන් බොජුන් ම බුදු1, මියුරස පදඅත්හි2 නො වැ - හිදඅත්හි මැ වසන3 වන්.


(11) 1. මෙමගිනෙ 2. සිතැසැ. 3. තුනා (12) 1. යළැ(ලි) 2. යහකතැ (කතෙහි පිළිබඳනා උවක්. (13) 1. (ඔහු) දැකැ මුළුනා දන්නෙ ත කිමද (ඹහු) 2. පිළිමුදත්නෙ. 2. දුම්හි (16) 1. බොදුන් (බුජු -දු-න්) හේ 2. අත්වැටියකු මු. අත්වැසියකු (17) 1. ගෙණෙනු 2.අසිරි (18) 1. පිසමන්හි යුතු රජ කෙළ මෙ ද ඔහු කලට කල් (20) 1. සයුරෙ යැ. (21) 1. එ රජු 2. යෙහෙළි(ලි) යනෙ සියරස බොදුන්. (22) 1. බොජු 2. මියුරු රස පද අත් 3. අසන.


622. (23) වරෙකදහක් මෙහෙ - වඩත් රජමහාලට, හදහනුව1 ඇය සිත්වට2 - ගිනින් හිති හේ නළලෙන්.

623. (24) පලවතෙ1 පුවත හෙත - කණතැ2 දැව ගොස් හිමියා, බලමිනි සසල3 නැත්තා - මිහිකත වැලැඳැ හොත්තා.

624. (25) තනන පියයුරු ඉහි - හර වෙවුලුමෙවැ1 සුස්මෙන්, වුවනත්හි සෝබිඳු යල - ඉහි දනවමින් ඇස්දර.

625. (26) ගහටත රතතලෙන් - ගලනැස්දරිනඳන දෙවැ1, නුවනතැ සුනිල්කැල්මන් - පියන විලසක් පාමින්.

626. (27) තබා වටො‍ෙරාහු1 හිස් - හිදමැදැ රතතල ද බා2, හිද නො වැහැ ඇලැළැ බමත් - පබවත් ඉති වලප් ගත්.

627. (28) දැහැ රජමැතිවරන් - මා හෙයින් ඇතොවරන්1, කළ පාමිලි2 දෙවසරන් - යෙහෙ මේ ලද ගුණවරන්.!*

628. (29) රජසක් මබජ ඈ - දනවට වටා හිඳුවා, සිහසුන් අරා1 කළණත් - මෙ වී හා!2 මා හිමියෙනි.

629. (30) මෙහෙයෙනිති සුවඳ - දැලිදුමි කෙලෙසි කැසපට1, උපුල් වැරලි සරළු ගත් - අහෝ! ලීලාදඬු වී !

630. (31) පහණ අත්වරැ1 සිහ - සුන් ගෙ පිරි දුම්2 සේසත්, උරැ සෝ බිඳු දිමුතු හර - බඳ කෙහෙ මෙ මුඬුවොටුනු2!

631. (32) සඳැ විරිත් දැනවූ - අඟහර දෙවඟ1 රඟහි, හවු2 යුත් නළුබැඳුම්3 මෙ ද - සෙරෙනා නුගි පුරුද්දෙන්!

632. (33) නේනිරිඳුන් කිරුළු - කුළුමිණිරස්දිදුලෙහි1, වැටුනු මේ පා හිමියෙනි - උදුනග සිළුපහස් ලද.

634. (34) සැල1 මුතු නුගිනුරා - රස විඳුත2 පින් නැතියෙම්, ත මේ විලසැසැ ඔතුයෙම් - නුවනැතියෙ ලබ විඳියෙම්!


(23) 1. හදහනුයේ 2. වැටී, වැට, වැර (24) 1. පබවතෙ 2. හෙතැ. කැණැත. 3. සල (25) 1.ඉහි වෙවු(වි)ලුමෙවැ. (26) 1. ගලතඳන දෝ ඇස්දර (27) වටොර 2.තබා (28) 1. ම හෙයිනැතොවරන්. 2. පාමැලි * මේ ගීයෙහි 2,3,පාද 3,2 වැනි ලෙස පිටපත්හි පෙණේ. (29) 1. සිහසුනරා 2. මෙහෙ වි හා (හෝ) මෙ වියො හා (30) 1. (ගී පෙළෙහි) කෙරෙ ය කපුරට. (සන්නයේ) කෙසි (ස්) (කපු ස්) පට (31) පහණත් වර. 2.දුමත් 3. කෙසෙ මුළු වොටුනු මේ. (32) 1. ග‍ඳෙව් තැන් තැන අඟහරු දෙව්. 2. සිවි. 3. බඳුම්. බිඳුම්. මු. විඳුම් (33) 1. දිදුලේ , විදුලේ, දිදිලේ. (34) 1. සැළ 2. විදිත


634. (35) නියැළුම් පුරුද්දත් - කෙ නො දනිති සිත් ඇතියෝ? අහෝ! සිතැතියා සේ - යහහා1! ලෝ නුළූ සේ!

635. (36) කිසි සේනි පැටිය ද - සියවෙස් පහළ වන වනැ1, ලෝ2 මිනිසුනතුරෙහි නූ3 - ගුණදම් මඳැ යි4 රැකි සේ!

636. (37) නියැළි මෙතෙක් මැ මා1 - විසඹරැහැ දන්නා සේ, බැහැවුනු අහෝ!2 මෙ බොලඳ - සෙරෙනා නුගි පුරුද්දෙන්!


637. (38) මේ හිම්නි නැත් නුරා! - මේ හිම්නි නැත් හිමියෝ! සැල මුතු විසඹ1 ලෙව්හි - වුවන2 බලා හෝ කවර?

638. (39) තිබියේව මෙ හිදා1 - නුරාරසයින් වුන්නෙන්!, මේ ඔබලවෙස්දස්නෙන් - තරහි තෝ2 නෙතු කුම් සේ?

639. (40) සැලමුතු විසඹසොඬ - මිනිසිගුණසිරිනදනෙන්1, සත්මත්පණත් ලද මා2 - නියැළී ලද යෙහෙ ද මේ?

640. (41) සෙරෙනා පුරුදු ගුණ - නො දතුම් නො ද මිනිස්ගුණ, වෙහෙස ද නියළීමෙන් මුන් - දිවි1 රක්න සේ මැ දතුම්2!

641. (42) වැලපින් ඉති සරත - පබවත වතපියුම්හි, මුවරඳ දිනි සැපිනි ඉඳු1 - දැහැ හිස් හො නැඟි මහලට.

642. (43) යහදස්න ලොල් ක තා ය ඉඳු ප තා ය මෙහෙ, කළ සෝ ප තා ය දිගැසි ප ව තා ය මෙ කියූ සග.

තෙළෙස්වනු.

(35) 1. යාහා. (36) 1. වන් වත, 2. මෙනේ. 3. මිනිසැතුරේ ගිනු 4. ගුණදම් මැනව (වි). ගුණ දම් මැඳවි. (37) 1. මෙතෙක මා 2.වැහැවුනු වැ හෝ. (38) 1. වැසඹ. 2. වුවනත. (39) 1. තිබියෙ වැ මේ හිඳ. 2.තරවි හො (40) 1. මිනිසුගුණට සිරි නදන් 2. මට (41) 1. නියළුමෙන් මුන් වුන් දිවි 2. දතුයෙම්. (42) මු. සැපිනිසිඳු. සැපැ නිරිඳු


14. සග[සංස්කරණය]

643. (1) කල මුළුගෙහි1 දෙළෙන් - දවසරණා2 සමාහි, මහසත් පත් වෙහෙස්නෙන් - අසුනිඳුහු නොසිහිල් වී.

644. (2) කිමෙකැ වී බලා දැනැ - ඉඳු සත් රජ කෙනෙක්නට,1 මඳුරජු හසුන් ගත් ගී2 - පියොදනුයෙ සත්3 දූරැස්

645. (3) රඳවත හොත දෙළෙහි1 - පබවත ම දූසඳලේ, විසිනත් නැතත් තා මුත් - මෙහෙසුරුහු නම් ලෙව්හි.

646. (4) ඉති වදන් යුත්1 පත් - පියදී යැ සත් රජනට, බලමින් එ2 පත් රජරැස් - සකුස් සහසොම්නස් ලෙන්

647. (5) දසුනුදෙසනා ඒ - රජරැස් සහ පිරිවරින්,1 ඔසළ ව2 කුම්3 හේනෙනි - ඉති ඔවුනොවුන් පිළිවිසි.4

648. (6) මදුඉඳු1 ආවාහේ - පියදී දුන් සහසුන්,2 පබවත පහස්ගඟුලේ - ගැලෙන මෙනෙනාමු යි වී.3

649. (7) පැසුළු නිරිඳුහු සත් - රෙසී සීසැහැස්මෙනි,1 පබවත අප සියල්නට - පියොදා දැ යි දැපියෝ.

650. (8) මදිඳුහට පිය දූ - සැහැසිහස්නෙන් පියදූ,1 සපතුම්හ2 තා පියදූ - පියොද යි දුන් පියදු.

651. (9) එතර මඳුනිරිඳු - පියදූ එ දූහස්නෙන්, සහරජ මැතිසියසියෝ - සබමැදැ මෙ තෙපල වියී.

652. (10) විරුරෙසෙනුදුලවුන් - යෙදෙන යුදුහු කහි දු හා,1 සිතා වහල් කැතන්2 බැඳැ - යුදු දෙත එ නො මැ ලගතේ

(1) 1. මුළුගෙ. 2.ද(දි)වසර(රි)ණා. (2) 1. කිමැ වී බලා දැක- දඹදිව්හි සත් රජනට. 2. රජහු හස්නගින්. 3. පියොදනු යැ පත්. (3) 1. දෙළෙන් (4) 1. වදනින්. 2. බලමිනෙ. (5) 1. පිරිවරනෙන්. 2. වැ 3. ක. 4.හේනෙ ඔවුනොවුන් පිළිසුම් දින්. (6) 1. මදිඳු 2. පියදී (පියන්දී) - සහසුන් දනන්. 3. මෙනෙනා සේ වී. (7) 1. සැහැස්මෙන්. (8) 1. තදූ සැහැස්හස්නෙන්. 2. සපතුමු. සපත්මු . සපතුම. (10) 1.රෙසෙනුතුළවුන් යේ දෙසුදුකැ හිදු හා 2. කැන් 3. දෙන නො පළඳනේ

653. (11) බොහො දන වුව ද තෙද - පැලැඹුම් නො හමුයෙ තමා, සමද ගජරජන පුවළ - නො බාසුරු සී2 හමුයේ.

654. (12) ඔකාවස්නරනිඳු - දිවයුරුහු දුලු තදතෙද,1 මේ කුලපියුම2 පොබයත් - මිසැ තැවුලි නො කළවිරි.

655. (13) දඹදිව්හි අන් රජ - මුහුදු ඔද1 වැඩෙමින් දිවැ,2 මසෙන් වෙළලමැඬුම් මා3 - කගඉසිමුව නො හමුයේ4

656. (14) සලසා නමුදු විදි - දිය හැඟියක්හු දෙසෙහි1, මේ කග රකුස්හු රුපුන් - ගලලේ බොත නැත වරණ.

657. (15) මහසත් කුසනිරිඳු - දවහ නොමඳ1 නැමැඳමෙන්, පදකරල් හුන්1 නො බලා - පියදී යැ මෙ පුවත් හා!

658. (16) පබවත ඇරැයූ1 - රජරැස්නට සුරවරන්, පියොදම් අද සහත්2 මා - පවසා දුයෙන් මෙවදන්.

659. (17) *පවසමින් ඉති නර - වරණ රණ හේ සෙබළන්, වත් දත්පිළු ද පිරිමැදි - නෙත්දත්රැසින් නහවා.

660. (18) වදනිනෙ1 යුගත්නල - ගස් ලද මුහුදු මිහිතෙලෙ, දිවූ විලසක් පාමින් - සිවුරඟ සෙනඟ2 යා ගත්.

661. (19) පැසැළු ගොසින් එ දු - සැදූ සවන්1 නරවන් එ බසින් අඟ ලොමුදෙහෙන් - සදමින් දිවි රජරැස්.

662. (20) තහත සරහමිනවි - දෙ සෙනැඟැති නන්බළරැස්, ඇත්අස්රියරුවන් ඉහි - පැලැඹුනු1 වම් පොරොළ ගත්.

663. (21)දෙසෙන්සක් නො මඳ වැ1 - කඬලතිති ඔවුනොවුනට, සහදප් මෙළි2 කළ පිළිණ - නම්3 හඟවා හසුන් දුන්4


(11) 1. බොහොදන වුව ද හොතෙ. 2. බාසුරු නො සී (12) 1.දිවයුරුහු හා දුලුතෙද. 2. මෙකුලපියුමන් (13) 1. මුහුදු ද. 2. දිවත්(න්) 3. වෙළලද මඬිමින්. 4.නො උමු වේ. (14) 1. සලසන් නමුදු දිය - (දිවි) හැඟියක්හු ) (ස)දෙසේ (15) 1.නමඳ 2. කරමුදුන් 3. පියදුහ. (16) 1. අරයු. අමියූ අරියූ 2. යහත්. (17) * පවසමිනි නර-වරණරණ හෙබළන් වත්, පිරිමැදැ (දි) නෙතින් දන් පිළු-නහවා දසන් රස්නෙන්, (18) 1. වදනෙ. 2. රජ සිවුරඟින්. (19) 1.කන් (20) 1. ඇතරුව ඉහි අසරුවන් පැලඹිනි. (21) 1.සක්බඳ මැද වැ 2.එඩී 3. තම 4.දින්.


664. (22)වුහුටු දෙසෙන් කඩින් - කඬ ලැගැ සෙද නුබ වසත්,1 සිවුරඟසෙන් නො රෑ වැ ද2 - ඔවුනොවුන් ලක් නො බිජූ

665. (23) අසිගස්නෙනුදහන - ගිනිරොණිනසරනැළලෙත,1 දෙසෙන් විදි සර බිය බා2 - නුබැ බඳ දලවරණ පෑ.

666. (24) පැමිණෙවු1 අද බළන - විරුසග2 යමා මේ අණ, ඉති සපත් පත් දූනෙව්3 - සරරැස් දෙසෙන්හි දිවි.

667. (25) දවත යෝබළහු1 - ගිජිඳුන් බඳ කැරැ දෙ බේ, සමරඟණැනස්නා2සිය -කවඳැ ද සලක් නො කොළෝ.3

668. (26) තම අත සැකින් ලු - වරණහු රණට1 ගන්මින්, සහකග සුනත මැ පොවා - බෙළෙක් මනදොළ සෑහී.

669. (27) සහකවද ඇත්කුඹ - බළකු1 සෙද ලූ කගපත්, බැමැ‘තිරි වේනෙනිස වටැ2 - සහපුඬු සත්සිරි බිජී.

670. (28) ගජබඳ1 හිඹිලි කඬ - සහලේ බළනුර ලගුත්2 ලෙන් නො සෑහී කෝදෙලෙ3 - උතුළෙව් නුබඳ කිඳු දී.

671. (29) වේනලගස් හැනී - ගජමේයුග ගැහැටමෙන්, කුඹුහුරිරු1 දහර සෙනග2 - මුතුරැස් පොදපතර පෑ.

672. (30) ඉයෝර සිස් වත - තමන් උරිනුපුරා ගී, ගෙණැ විදුතැතැම්1 සෙබළෝ - උරෙහි පුළුලට තුටු වූ.

673. (31) ගජනුඩු නැඟුනු1 සර - සුමහසිනුදුල සෙබළෝ, පිල් අඹළ ගිරිරඟැහි2 - මොනරනළන් අළ3 විලස්.

674. (32) හුරිරු අද1 අවිසක් - කුඹුතල පිවිටු සමහර, සඳපැහැ ලකළ2 අවර - ගිරිකුළුහි සඳලේ පෑ.


(22) 1. දෙසෙන්-නුබවත් කඩකඩින් ලැගැ. සෙ‍නඟ වැ තොරැ. (22)1. රොණිනැසරනැලැළුම් 2. බිය බා දෙසෙන් වුදු සර නුබෙ (24) 1. පැනෙතින වී. පැණෙන්නේ වී 2. විරූසගහි. 3. යමා අණත සහපත් දුනෙව්. (25) 1. බළන් 2. සමහර ලු නසා 3.කවඳ සලක් කොළො නො මැ (26) 1. වරණ රජහට (27) 1. කවදැත්කුමට බළා 2. බැමැත ඉතිරි වෙනෙන් හිස බැමැ ඉස වෙතෙතෙන් (28) 1. බඳිති 2.ලගන් 3. සැරැහී කෝදල. (29) 1. කුඹුහු විරු. 2. යෙත (30) 1. විදුතැතැම්. (31) 1. නැගූ 2. කුඹුකල ගිරරඟහී. 3.නලානල නළතළත (32) හුරිරඳ වැ. 2. මු. ලකළා.


675. (33) පහළැත්1කුඹිනි මුතු - මුතු හුරිරුඅද2 කොත්පෙළ, විදැ3සිරි එන මඟැ දුන් - විලඳ වැටුප්විලස් ලද.

676. (34) සරපත්කඬනෙලෙන් - කගගස්නි මුත් ගිනිරොන්, දිලියෙත නැගි දුම්රජ1 - සරනැස්හසර දුරැ ලී

677. (35) සත්1පියුම් දදමින් - කැල හයතරඟ සරබිඟු2, රණබිම්විල්හි සෙබළෝ - කග දලදරින් කෙළියෝ.

678. (36) ලූ ගජන් අත් මස් - සල1 විසුළ වොටුනතුරේ, වමිසියන්2 වදනා නා - සියන් හවු අළ එ කෙණේ.

679. (37) බිඳැ උරබින් දෙ දළ - නෙත්1 උඩු නැඟු සෙබළා2, අසිගස්නි හෙන’වරණා 3 - සියසතර වී වරණා.

680. (38) හෙත මහකඬපහර - නෙත් ඔයුරග ගජරුවා, උදාගිරිහිස් අරුණා - සිරි නො ද නො වින්1 අරුණා.

681. (39) භයත් වට කැරැ සැවු - සරොසිනි සේ රිපුබෙළෙක්1, කපත් වී2 හිස් තමා සැක - දැනැවී දෙසෙනඟැ3 බළන්.

682. (40) ඩහටොට1 කගත සුන් - මැද හුන් දරුණු යෝබඳ, හරිරදබිමින් දන්වා - දනන2 විලසක් දැක්වී.

683. (41) සුන්ගජහිස් සුහුණු - සුහුනු වැ1 හෙත කවඳබඳැ2, නටන සැහැසී එරෙණේ3 - ගණදෙවිගණවිලස් ලද.

684. (42) රුපුසෙන් මඬුත් බල - මිනි පසු ගත් තමා සෙන්, දසමෙරජින් මඳ මඳ - ලවනත සදමිනෙකෙණේ.

685. (43) මෙහෙයා මඳුනිරිඳු - කිරිඳු සැහැසෙමිනෙ දවස්, රුපුමුඳුනැ හුනු කගසෙන - සුවහසිනත්1 දහස් පෑ.

686. (44) ලා ගජන්1 බඳ සෙද - පුරුදු කළ කග එ නිරිඳු, කළ දො ‘සුනවටැහි රුපුන් - ලක2 නො ගත වී හැඟි ලෙන්.


(33) 1. පහළ ගජ 2. හුරිරද 3. විදු (34) 1. රජදුම් (35) 1. නෙසත්. 2. සැරබමර (36) 1. ගජනැත් මැ (ව) සසල. 2. සිය 3. සිය හව්ව හළ. (37) 1. දෙ දළින්. 2. සෙබළෝ 3. එතර අවරණ. (38) 1. අරණා සිරිනද වින්. (39) 1. සතොස්ති සේ රිපුබළ 2. ව. වැ. 3. දෙසෙන්හි. (40) 1. ඩැහැටොට 2. දන්නා. දන්න (41) 1. හිස්සු හුනු වැ 2. බඳහි. 3. සෑහී එකෙණේ (43) 1. සුවහසිනැත්. (44) 1. ගජ. 2. ලැකැ.


687. (45) මඳිඳු නැඟි ගජරජ - නො ගත් නොරජුනෙ රෙණේ, ගෙලේ ද පුන්සඳ මුත් - පලඟ ගහතරු1 නුබතලැ2

688. (46) ගජමෙරමතින් රුදු - රුපුසයුර අලළතඹරැ1 සුරයොනන් තියුසුවහස්2 - අමාරස වින් එ නිරිඳු.

689. (47) රුපුසෙන් මඳුනිරිඳු - මත්ගජරජ කුඹැ1 වුහුටු, සඳපැහැන් අද2 සඳලේ3 - සිරි රුකුළ4 කඬතුඬු දුටු5

690. (48) දෙබේ කළ සයුරේ - දලබිත් හාත්පස්නෙන් දවතේනි මුත් දප් පෑ - ගුරුළිඳු ඉඳු රුපුන් මැදැ.

691. (49) රුපුන් ගලලෙයිනි - ‘පිලි1 ගජබඳ රණදෙරණ, කියලී අඳු ගල්කුළු - සුවහසකුල පැළමුහුදු.

692. (50) බුන් තමා සියුරඟ1 - ඉහි මඳනිරිඳු2 යා ගත්, දවනා3 පුර මුරුන් පෑ - දිතබළනතින් ගෙල්4 ලද.

693. (51) බියෙනැලැළැ එ නිරිඳු - පබවත කැඳි මෙ ද වී1, මෙ හව්නිරිදුන් මුඳුනේ - පානියතර2 බිසෙවු දුන්. 694. (52) එ විරුහු මහසතිහි - එ1 ගරවස් ගරහා ආ2 තී3 හේ පත් විපත්රැස් - පබවත දැන්4 පිළිබහන්.

695. (53) කොටැ කොටස් තී සත් - මෙ ආ රජනට පියොදා, මට ද මා සියුරඟට ද - පිරිපත් මුත් සෙත් දෙරෙම්.

696. (54) බෙදා පියොදමි යත් - පබවත් කැපෙමිනෙ නිරිඳු, කිබිසි කළ පාතඹුරේ - කඳුළුමුඩු වුවන්සඳ.

697. (55) ගෙණැ ඇරැ1 කියත්පත් - එ ලියනු2 කත ලියනුවස්, අණවතැතොරන් ඉහි මා3 - වැලැපින් කියූ4 මෙ වදන්.

698. (56) පද අත්හි1 යම් සොමි - මිහියන්2 වරට ලඟ වී3, කඳපහු දප ද අද බින්4 - නිමිති මනගේ දුලු5 වැට.


(45) 1. පලගය තරු. 2. තෙලේ. (46) 1. සයුරත් දුළඹරත්. 2. දහස් (47) 1. කුඹු. 2. පැහැනද 3. ලී 4. රුකළ 5. දිටු (49) 1. ලෙසිනි පිලිනු (50) 1. සිවුරඟ 2. රජ 3. දවන්. 4. ගෙලෙ (51) 1. මෙ වි. 2. නියරත පා (52) 1. එ මහසත්හු එ 2. හරහා. 3. ත. 4. දත්. (55) 1. හැර 2. පත් ලියනු 3. ඇතොරත් සමඟ මව් (ඔවුන්) 4. මු. කිවු. (56) 1. හත්හි 2. සොම්හි ( මහ-මහා) පැන් 3. ලගව 4. කදප අද මින්. 5. දිලු.


699. (57) සසර්ද නිසර වී - මුසුලෝ සිස්පැතුම්1 වී, විසඹාර අද2 සුන් වී - අද හළ ලෝනුවන්සැණ.

700. (58) ඉති නරතුරු වලප - වත කලකුළු1 පියනිරිඳු, සිරිසර කුසපිය පියා - ආබැවැ ලබ ලැබේ වී.

701. (59) බලා කොවින් සුලාක් - සලා හිස් ඒ නරවර1, කැඳැ එනුවස්2 ලියනුවන් - වුවනත් බැලී මැතියන්.

702. (60) එ වදන1 සමග පබ - වත් සලලවන්කිසලිහි2, පියොවුරු මුත්හරවළා - වැල වෙවුලුමෙවැ3 මෙ වියූ.

703. (61) නො පතෙ විරු මෙ දෙස - සව්1 පිරිපත් නො මුස්නෙම්, බප් හිම් යැ2 එ නිරිඳු මා - බොජුන් නිවෙසැ වසන්නේ.

704. (62) බිය එළැඹැ මුවපත් - කියතෙ කෙ නු1 අදහනුවෝ, රජසිරිසර එ විඳුනා - දැහැ ඒ ද එ2 නිරිඳුනා.

705. (63) ඉඳින් අප1 පින්වෙසෙ - සකැත කුසවිරු වඩනේ, අප සියල්නට2 එ නිරිඳු - සෙත් කෙරේ වී මදුඉඳු.

706. (64) ලැබැ නියෝ1 මුළුතැන2 - සුදුකම් කරැ3 වසනුයේ, මලිගිය මල්දමැ ඒ4 - වෙසෙසත්තම් කෙළෙ කුසා.

707. (65) එ හසුන් අසා තිසැ1 - වැලැඳැ පබවත් දූසඳ, හෙ වෙසෙ ද යම් තන්හි ඒ - නිදෙස්වා වී නරවර2.

708. (66) මුළුතැන්හි යැ1 කියත - පබවත ඉහි පුරපියන්, මදුරජ මැතිගණා හා - සහ සොම්නසින් යා ගත්.

709. (67) එ සඳ සරාසඳ - පිළිරූ එක්කලා හුන්, සමගිනි උනු සඳ විරූ - දිගැස1 පෙරමඟ මගනේ2

(57) 1. සිත් පැතිර පැවති. 2. විසඹාර ද විසඹ රස (58) 1. ඉති කලකුළු (ඉති) (59)1. කොවින් සුලාස හිස් නරවර මු. කොවින් සලා සුලාස හිස් නරපවර, 2. කැඳෙනු වස් (69) 1. වදනෙ 2. කිසල හා ඉහි මැ 3. හර වැල - වෙවුළුම් හෙවැ. (61) 1. සහ. 2. හිලි යැ හිමි යැ හිමි ය මු මහිමි. (62) 1. කෙ නො 2. රජසිරි විඳුනේ දැහෙ ද ඒ මු. රජ සිරිසර විඳුනා දැහැ ඒ (63) 1. ඉදිනප 2. මදුරජ අප සියල්ලට 3. කෙරේ වී (64) 1. නියෙන් 2. තැන්හි 3. සුද කැර. 4. දම් ඈ (65) 1. හසුනසා තුස වැ (තිස) 2. වෙසෙ ද යම් තන්හි නිදෙස් වී නරපවර (66) 1. තැන්හි තැන් වඩු (67) 1. දිගස 2. මඟන්නෙ.

710. (68) ගලමිති එහි1 දනන් - තුනුහෙම්කැලුම්වතුරේ2, කනාලිය එඩි3 මඬනා - පබවත හෙ දිටි4 වඩනා.

711. (69) පකුන්විල්දෙළෙ1 ලොල් - මත්ගිජුඳුහු පුවළසර, මැඬැ මැඬැ මඬ කෙළෙ දියෙන් - මුළුතැන් තැනෙ මහත්මා*.


712. (70) පබවත ඉහි මදිඳු - නැමැදැ සරණත වතළේ; ඇය වරලස බිඟුපෙළ - කුස පාතඹුරු අවුළූ.

713. (71) වරලස එ1 පබවත - විරූ සරණත රඳනේ, සසරැ ලස් කරවනු වස් - ලු පස් කඳප් දප්සර.

714. (72) එ හිමිපා1 සඳසඳ - හටෙදා2 පුණුපොහෝදා, මුත් දළසෝපලඟගග3 - වුහුටු සිතා4 මෙරජරජ.

715. (73) වෙහෙස පරවිටිලිය1 - විසඹරජඉසිරැ2 බිසෙවු, උනඟගට පෙරපඬුරු - පබවතෙ3 බදැඳිලි විලස්.

716. (74) ගෙණැ මහසත්හු ඒ - සරණතලඹරත්නෙන්, මදුඉඳු1 සෙවිනදන් පත් - වදනින් සෙමෙන්2 මේ වී.

717. (75) අවුදින් එකසර වැ1 - දැහැ අගරජසිරි සියල්, වුනුව තෙපි මෙ වලා යහ - යහ නු හැමට2 ගියදවස්.

718. (76) මිණිමුතුපිරි නිවෙස් - පිරිවර ගියනොවා දුන්, තැරැසී1 යන දියපියන් - නැරැඹුම් නැත් දියපියන්.

719. (77) නොමඳ බොලඳ සල - තැරැසුම් නොදුරු නැරැඹුම්, නරනිඳුනි1 පියන් සැබැව් - විසිනත නැතෝන සැබැව්.

720. (78) බෙහෙවින් ඉති පියෝ1 - සහදොස්හු මැ යැ මෙ2දියේ, විසිනත හොත නිරිඳුනා - ගුණ නම් කිමැත් විඳුනා.


(68) 1. එ 2. වතුරේ ගලමින්. 3. ලියනෙව් 4. දුටි (69) 1. දොල (69) * මේ ගීය මේ සගියෙහි 67 වැනි ගීය සේ පිටපත්හි පෙණෙතත්, එය ලියන්නන් කළ අවුලකැයි හැ‍ඟෙන හෙයින් ඊට නිසි වූ මෙ තැන ම යොදන ලදී. (71) 1. වරලස (දම්) හෙ (ත) (72) 1. හිමිය 2. සඳට - එදා 3. පලඟග 4. සිනේ. (73)1. විටිලි. 2. රජසිරු 3. පබවත (74) 1. මඳිඳු 2. තෙමේ (75) 1. අවුදු වැ එක්සර 2. මෙ වළ යහ යහා හැමට. මෙවළා ය හැමට (76) 1. තැවරුසින්. මු. තැරැසි වැ (77) 1. නරනිඳු (78) 1. පියෙන් 2. දොස්හු මැ මුළු


721. (79) ගුණ නො ගෙණෙත් මහ - සත් ඇසිරියන්1 රක්නා, වැලැඳි ලිය සා මඬුතු දු - ගුණ නො ගැණැ2 රුක රක්නේ.

722. (80) වෙහෙස ද දුන් දනන් - යහ විඳුවත් මහත්මෝ, මිරිකත සඳුන් සසිනිඳු - පියගඳ නො මඳ දෙන්නේ.

723. (81) නරවිරු බි‍ඳෙ ද මේ - රුපුසෙන් නො තා වික්මෙන්, දලනිදුසිලිල් නොගුරුළු - පියපහරින් නො බිඳේ.

724. (82) එ තෙපල අසා විරු - සිඳුවර රතුපුලදෙලෙන්1, පෑ ලවනතින් වඩනා2 - දසනඟ රසින් මේ වී.

725. (83) කරුණු තබා1 යුදු - තමා කොවු2 බැලුමෙක්දෙස් ලැබැ සිටුනා දෙනෙ කවර - නරනිඳු මෙ තුන්ලෙව්හි.


726. (84) බිඳේ මෙ ද අද1 රුපු - රජසෙන් මහඬිනි තිලෝ2, සැසැලේ සා මුස ද 3 වේ - නරනිඳු තො නො කර කුහුල්.

727. (85) පවසමිනි කුසා - විසින් නිරිඳබරණෙන්, සැදිනි මෙ ද නිරිඳුගත් - කෙළෙ හා ලොමුදෙහෙන් සන්.

728. (86) එතර සුසැදැ1 සැදි - පබවතකත ඉහි නිරිඳු, වරවරණකඳ රඳවා - පුරෙන කෙළෙ යා යුදඟණ.

729. (87) එරවණ අරා1 හුන් - තමා විලසුදු මඬනා, සීසර එ කුස2හිමියා - ගෙලෙ කෙළෙ මිණි3 සියහුනන්.

730. (88) වැලැඳැ පබවත දුන් - නරවිරු විත් යහපහස්, වතොවුනසද ද මියුරු1 - මියුරට2 කො තෙපල තමා.

731. (89) උදා කෙළෙ හෝ උද - යගැ1 පුන්සඳ සියල් ලෝ, නො නො දැනැවී2 රියට සැක - උනඟවුවන් රජවුවන්.

732. (90) නරනිඳු කිරිඳුකඳ - උදයගැ රිවිවිලස් දෙත්, අඹ’ඹට මින්කැලක්1 මෙන් - දැවැ අද වතුළෙ රජරැස්.


(79) 1. ඇසිරැයින් 2. ගෙණ (82) 1. දෙලේ. 2. ලවනත මඬනා (83) 1. කරණ තරවරැ කරණ නරවරු. කරණවර. 2. කැවු 3. දෙසෙ (84) 1. බිඳෙ (ඳො) ව අද. 2. මා හඬිනි 3. තිලො සසානෙ හා මුස. (86) 1. සුසැදු (87) 1. සරා. 2. සිරිසර කුසා. 3. මිණි ගෙලෙ කෙළෙ. (88) 1. වත මියුරුවන. සඳ 2. මු. මියුරු වැ (89) 1. උදයගැහි. 2. නො දැනවිය (90) 1. අඹට මිණෙක් කැලක්.


733. (91) යුගත පවනින් රඹ - වනකෙව් අපොළ1 හඬනෙන්, කුසා සහරජ බළරැස් - බිමැ ඇපිළැ2 හීතන් ගත්.

734. (92) බලමිනොවුන්1 කැපී - පබවත යදුන් සත්සර, සියතින් ඔවා දිත් මෙ ද - කෙළෙ හා ලෝ යෙසෙන් හෙල.

735. (93) පිවිටි මෙ ද නරනිඳු - සසෙනඟ එපුර මනකල්, කල ඉහි මදිඳු සිත්රඟැ - නැටවී හා තුරුනළත්*

736. (94) නිරිඳුන සත් කතාය අද ප තා ය නුවර, කළ යුතු සෙතාය නිරිඳු ප ව තා ය මෙ කියූ සග.

තුදුස්වනු.

(91) 1. අපෙළ. 2. ඇපිළි (ලි) (92) 1. නරනිඳු බලනොවුන්. (93) මේ ගීය පිටපත්හි එන්නේ මෙසේයි:-

“පිවිටු නරනිඳු සසෙන - ගිනෙ පුර කැල මන තමා, කෙළෙ මෙ ද මදිඳු දූ සිත් - රඟ නැටවා තුරු නළන්”.

15. සග[සංස්කරණය]

737. (1) සියොසිරි මෙ මෙර1 ලා - සලා විසඹරසමුහුදු, නොසැල ගුන මෙ විඳැ2 අමා- පමා සහ සොම්නස්ලෙන්3.

738. (2) කුසවිරු නොලස වැ මැ - යාමැ1 බඳ රිසි සියපුර2, අමතා මැතිගණ කියී - දෙනෙ ද පිළියෙලැ3 හිඟු වී.

739. (3) නිකුත් කපතැ සයුරු1 - සෙයින් වෙළලස2 මඬනා, නරවිරු සෙනඟිනි මහත් - විසිතුරු යතුරුතුරුනෙන්.

740. (4) තුරඟකුරගසින - හසැ1 පා බඳ රජපබඳ, වී සුරගඟැ සරනා - කෙළෙ නුබ’නුබඳ සරණා.

741. (5) පුරදොර සපත් වත් - නිරනිඳු රියයහන්සිය1, තුරඟ ගජබළ සුවහස්2 - පුරමඟ3 අතුරු නො තුබූ4

742. (6) විල්නලදෙදෙ ද රොන්1 - සළාකනසක් මීතෝ, බිඟුපිවිතුරු ගොස්වේ - ගොසින් ගියෙ විරුහු පෙරට.

743. (7) නැඟි රජරැස් දද - බමන නල අනු1 රත්සත්, සෙනෙ’මින්2වතුරු මින්කැන් - සළා සහ මහ3 ඟග වන්4

744. (8) කුසුමවල නාතුරු - රජරැස වසත නිරතුරු, සඳපතරෙහි1 කුමුටු - ගහරැසබර ගුවන් පෑ.

745. (9) මඳනල සසල1 දුන් - තුරසාඅතින් ඉස්නා, සිරි ලද විලඳ පෙරමඟැ - ගෙන සදලේ කරඳමල්.

746. (10) ගඟුල් දොළ දොළ1 හැලි - ලියගෙ විසිතුරුතුරුපා, සිරි පබවත ඉහි නිරිඳු2 - විදුමින්3 පුරබියෙස් වී.

747. (11) එතරැ’මැති මැතිසක් - මහවෙයැ දිමුතුමුතු වන්, පුලිනතරාකනකලස - පුලුපින් සදා නොසරස්.


(1) 1. සිරි මෙර 2. ගුණ විඳැ 3. නෙන් (2) 1. නොලස වැ යමෙ. 2. නුවර 3. පිළිවෙ(පෙ)ළ 3. සයුරත් 2. වෙළෙල (4) 1. හස්ගී (5) 1. සී 2. සහස්. 3.යොග 4. මු. නිමි. නිමි තබී. (6) 1.නළ දද රොන් (7) 1. බමණ නලනු. 2. සෙනඟ 3. සළා මහ 4. මු. වන් වී. (8) 1. සඳපතරහි (9) 1. සල (10) 1. ගඟල් දොලන් 2. පබවත ඉහි සිරි කිරිඳු 3. විඳිමින්.


748. (12) සමෝරඹ තැඹිලි - නවමල්1 මලෝලඹු දී, වේමිණිතොරණැ නේ රන්2 - දද බැඳ විදුදහස් වන්3

749. (13) නඟා කුලා1 දද - පහා2 අතුරෙ කනමුවා, පුරසයුරෙනදනා නා - සියන් ගුරුළුදහස් වන්.

750. (14) කුසවත් ඉති විසිත් - කැරැ නුවරත් අතොවුරත්1, ඉහි ගොස් දසුන්දොළ විත් - පබවත හා නරවරා.

751. (15) කල ඉහි ඇත්කඳ - බජන නරනිඳු දෙනෙ දිටි1, සැදූ එවරණගිජිඳු - ලද තිදසඳුම‍ඬොරලෙස්2.

752. (16) යුගතැ සියු1 සයුරැ - දලරැස් උතුළ වැ සහා, ගොසිනෙක මුහුදු වදනා - විලසින් සෙන් පුර බිජු.

753. (17) දොරටහලුඋදයග - ලඟ වත1 කුසදිවයුරා, පුරඅඟනන් ඔසළ වී - වුවන්පියුම්2 සිරිසියෝ.

754. (18) සැලයුතු විලස්නෙන් - තුරිනුතුළ වමියන් කැන්, දළලොබිනවුදු බඳ මුළු - බුජඟුන් දඟ කළ1 දියුණු.

755. (19) සිවුරඟ සෙනඟ1 මහ - මේ ඔනා නංවත්වත්2, සරැහූ3 සෙබළ කගහිය - සරාවිදුලිය සිරි දින්4.

756. (20) දෙත1 නුවනත කලුන් - වටැ වැටු නැටුමැ රඟැහි2, රෙසී පබවත විරුහට - නරතුරු බැලුම් කළ මඳ.

757’(21) දනහට සැණමඟුල් - දිගැසුන් නුවන් රසයින්1, බැලුමිගියෙන් ඇමැතියන් - කැරැ තුටු රජ විමන් වන්.


758. (22) a. එතර දෙගුරුවුවන් - දසුන් ලොල් කුසනරනිඳු, [සැනැහී බැලුම් පිවිතුරු - තොයින් ගතවොත් යොර යොර]

b. සතොසින් ඇදැ වැලඳි - පබවත වතිඳු මෙරදින්, දෙගුරු නුවනත සඳකැන් - මිණිනි වගුළැස්දරතෝ.


(12) 1. නව(වැ) මල්දම් 2. තොරණේ රන් 3. දහස් විය දහස් වන් විය (13) 1. කලා 2. පහ (14)ඇතොරන් (15) 1. දිටු. 2. ගිජිඳු කඳ ද සිඳුම‍ඬොර විලස් මු. සැදූ එරවණ ගිජිඳු කඳ තිදසිඳු ලද ම‍ඬොර විලස් (16) 1. සිව් (17) 1. ලගත 2. අඟතනොසල වුවන් පියුමන් වී. (18) කෙළෙ (19) 1. යන සිවුරඟසෙන් 2. ඔනා වත් වත්. 3. සැරැ 4. සිරිනුදු සිරිනුදු (20) 1. හෙත 2. කලුන් වැටු නැටුම් රඟහි (21) 1. නුවනු සරසින්.


759. (23) පැසුළු එ ස දන්1 හල් - කැරැ නන්වතින් විස්හල්2, කැරැ නෙ3 දිළිඳුන් සඟරා - කෙළෙ නන්වතින් සඟරා.

760. (24) ගැහැටුම් නමේ සෙමෙහි - පියන් පියයරු1 මඬලේ, ගුණසිඳුම් නම් කෙළිදෙළෙ2 - ඔවුන් මිණිමෙවුලෙ මැවී.


761. (25) වසන්පැහැරුම්1 නම් - පියන් මනදොළකෙළියේ, පිරිහිඹිනි2 වත්සෙවුමෙක් - ඔවුන් දෙස මෙ සමාහි3.

762. (26) සමරපැලැඹුම් නමෙ - සෙමෙහි මනදොළකෙළියේ, නොහොත කල්කල්1 වියෝහි - පියන් දෙස මැ දිසිනි2 බොහෝ.

763. (27) නාපැලඹුම් නමුදු1 - මෙහෙසුරුහු ගල2 මඬලේ, නොහොත් පෙණිනි3 එසෙමේ - නරනිඳුකිරිඳුකල්හි.

764. (28) කුරුරු කරපැලැඹුම්1 - දිවයුරුවිමන්මඬලේ, නොහොත් කෙළිදෙළෙහි දළ වැ -වැලලූ2 කලුන් අතුරේ

765. (29) දළදන්පියවදන් - සමඅත්බවත්සර යන,1 සිවුසඟරාවතින් ලෝ - සිත් ගතෙ නරවර ‘රියොර2

766. (30) ලදින් එකල නුරා - සිතුසිතුමැණ රජදහම් නො මැ මැඬැ සගපවගහේ - කැරැ රැස් රජ සැර විසී.

767. (31) සියොසිරි පත් ක තා ය පුර ප තා ය කුසා, කළ නන් සෙතා ය දියට ප ව තා ය කියූ මෙ සග

පසළොස්වනු.


(23) 1. පැසුළු සදන් 2. විල්හල් 3. එ (24) 1. පියවුරු 2. සිදුම් නම් ගුණ දෙළේ (25) 1. ගැණුම් 2. පිරිහිඹුනි. 3. වත් සෙවුවෙක් දෙසෙ ඔවුන මෙ සෙමෙහි (සලාහි) (26) 1. නො හොත කල. 2. දෙසෙ දිස්නෙ (27) 1. නම් 2. දළ 3. පෙණේ (28) 1. පැළඹුම් කර කුරුරු 2. දෙළේ හි වැළලු. (29) 1. සම අතිනි අත සරණෙන් 2. සිවුසඟරවත් නෙත් ලොසින් ගත් නරවරා අරියොර.


768. 1. සියබස් සකු මගද - මහසත්සයුරුතෙර පත්, කලිකල්සරසවිය නම්1 - දෙව්සිරි කළ අයැදමෙන්.

769. 2. කළ මහමේ දඟ - අඩයටියෙන් සියසයුරැ වැළකූ බූමෙහෙගත් - පඬුඉඳුහු පරපුරෙනා.

770. 3 සඳකුලැ කැත් කොත් - වහත් දෙරණත් නත් වන්, මෙත් කිත් පතළ කලිකල් - සැවැණි නිරිඳු කෙළේ මෙ.


නිමි


(1) 1. සරසවිය නම් කලිකල්.