Jump to content

කව්සිළුමිණ-කව්සිළුමිණ-xiii

Wikibooks වෙතින්

10.සර්ග’ය. සරා වැණුම්.

456 අර්ථ:- අඟනන්ගේ අමර්ෂ ය (=කොපය) දුරු කළා වූ සිත්හි (වතළ=) පැතුරුණු (සනා පෑ=) ස්නෙහය දක්වා (ගනවදල=) ඝන වූ අඳු නොහොත් වැසිඅඳුර (විදහත් වත්=) දුරු කිරීමට සමර්ථ වූ ශරත්කාලය ලොකයෙහි (පා බඳ=) පා තැබීය.

විස්තර:- මෙඝාවසානයෙහි ශරත්කාලය පැමිණියේ ය. වප් ඉල් දෙ මස ශරත්කාලය යි. ඒ කාලය ගනවදල විදහීමෙහි සමර්ථ ය. ඝන වූ අඳුර පවත්නේ අඟනන්ගේ සිත්හි ය. අගනන් මෙඝකාලයෙහි බැඳි අමර්ෂරය දුරු කළ නමුත් සිත්හි අඳුර හෝ කනස්සල්ල පවතී. ශරත්කාලයෙහි දී ඒ සිත්හි ස්නෙහය උපදී. එයින් ඒ කනස්සලු නමැති අඳුර දුරු වේ. මෙසේ ශරත්කාලය පැමිණෙන විට වැසිඅඳුර සමග ම මැසි අඳුර දුරු වේ.

457 අර්ථ:- (සරානෙලෙ=) ශරත්කාලමාරුතය තෙමේ හැමී ය. (සරාසිසි=) ප්රනභා සහිත චන්ද්රමතෙමේ සෞම්යැය උද්වහනය කෙළේ ය. මයුර තෙමේ පර්වරත නමැති රඬ්ග (=නෘත්ය ) භූමියෙන් (සිලී=) ච්යු.ත වී ය. හංසසමූහයා මධුරස්වර ලූහ. (=පැවැත්වූහ)

‘සිලී’ යනු ‘සල - ගිලිහීමෙහි’ දයින් සිද්ධ අතීතක්රිසයා යි.

458 අර්ථ:- (දසකත්=) දිශා නමැති කාන්තාතොමෝ (ගනපියා=) මෙඝකාල නමැති ප්රිීයයා යත් ම (=යන විට) මොනරුන් විසින් ඇඹරූ (=කරකැවූ) පිල් නමැති නිල්මහනෙල්රැස ද (බලාවැල=) කොක්පෙළ නමැති මලිගියමල්දම් ද (හල=) දුරු කළා ය.

විස්තර:- සරාකල්හි මොනරුන් පිල් විදහා ගෙණ නැටුම් ද බලා වැල ද නැත. මොනරපිල් නිල්මහනෙල් වැනි ය. බලාවැල මලිගියමල්දම් වැනි ය. ඒ නැති වීම කෙබඳු ද? දිශාකාන්තාව ස්වකීය ප්රි්යයා වූ මෙඝයාගේ විනාශය දැක ශොකයෙන් නිල්මහනෙල්මල්දම් හා මලිගියමල්දම් ද ගලවා තැබුවා වැනි ය. 459 අර්ථ:- හංසයන් (දිගුවිලැ=) ගෘහදීර්ඝිකාතඩාගයෙහි (සියෝ=) සඬ්ගත (=රැස්) වන කල්හි මානය දික් වූ (=දික් වූ මානය ඇති) විලාසිනීහු (=කාන්තාවෝ) ප්රියයාලමල්පොකුරට (රෙසි=) කුපිත ව ලොධ්රිරජසින් (ලොත්සුඹුළුසුත්නෙන්) තන සෑදූහ.

විස්තර:- මෙහි ‘මානය’ නම් ස්වප්රි්යයා අන්යාොසක්ත වුව (=අන්තැනක ඇලුනේ) යි සැක කිරීමෙන් කානතාවන් තුළ හට ගන්නා කොපය යි. (සසදා. 3 -199) හංසයන් දිගුවිල්හි රැස් වන්නේ ශරත්කාලයෙහි ය. දික් වූ - කලක් පවත්වන - මානය ඇති කාන්තාවෝ ශරත්කාලයෙහි දී පියල්මල්වලට රුෂ්ට වෙති. කවර හෙයින් ද? ශරත්කාලයෙහි දී රාගය වැඩේ. පියල් මල ඊට බෙහෙවින් උපකාර වෙ යි. රාගය හා මානය ද එක සිතෙහි පැවැත්විය නො හැකි ය. මානවතීහු මානය පැවැත්වීමට ම කැමති වෙති. එහෙත් පියල්මල් ඊට බාධා කරයි. පියල්මලට කිපෙන්නේ එහෙයිනි. පියල්මල් රොන් ඇස්හි වැටීමෙන් මුවන් තුළ පවා රාගය උපදනා බව කුමාර 3 – 31, සසදා 131 යන තැන්වලින් හැඟේ. ලේ වන් කෙසරු ඇති රන්වන් ඒ මල් මැගියන්ගේ සිත්හි රාගය උපදවන බව සිරිරහල් හිමියෝ ද හඟවති. (කා.ශෙ 7 – 19) ඒ මල් මානවතීන්ගේ රොෂය තිරසනය (=දුරු) කරණ බව මාඝකවීහු ද කියති. ශිශුපාලවධ 6 – 41) එහෙයින් මානවතීහු පියල්මලට කිපී ලොධ්රීරජසින් පියොවුරු සරසා ගණිති. ඊට ද හේතු දෙකකි. එකක් නම් රැවටීමකි. ස්නෙහහරණයට ලොධ්රිකල්කය යොදනු ලැබේ. ස්නෙහ ශබ්දය තෛල, ප්රෙයම යන අර්ථයන්හි වැටේ. මෙහි ස්නෙහහරණය නම් තෙල්කුණු පහ කිරීම යි. මේ කාන්තාවෝ ‘ස්නෙහ’ ශබ්දයට ප්රෙෙමාර්ථය දී ඔවුන්ගේ සිත්හි ප්රිෙයයන් කෙරෙහි පවත්නා ප්රෙමමය ලොදරෙදෙන් දුරු කළ හැක්කැ යි සිතා එය පියොවුරු වල ගාති. මෙය රැවටීමෙන් කරන්නකි. අනෙක නම් ලොධ්රු ශීතගුණයෙන් යුක්ත වීම යි. කොපයෙන්ද ශරීරයෙහි දාහය උපදී. ලොත්සුණු ගෑමෙන් ඒ දාහය නිවේ. ලොත්මල් ශිශිරඍතුවට ම අයත් ය යි කවීහු කියති. (සසදා 55 වැනි ගීයෙහි පැරණි සන්නය හා 116 වැනි ගීය) ‘පියා’ යනු මොරය යි කියති. ‘අසන, පියල්’ යනු ද ඊට ම නමි. මානතිරසනය කරණ හෙයින් ‘අසන’ යන නම වී ය යි මාඝටීකාර මල්ලිනාථයෝ කියති. ‘දිගු විල්’ නම් ගෙවල් අසල තනනු ලබන දික් පොකුණු යි. පැරණිසන්නයෙහි ගීපෙළත් අර්ථත් මීට වෙනස් වෙයි.

460 අර්ථ:- (මීගඳ=) මගන්ධණය ගර්භි කොට ඇති (=ඇත්මද සුවඳ ඇති) පවන් ඵුල්ල වූ (හත්වණ=) සප්තපර්ණි (=රුක්අත්තණ) වනයෙන් එන කල්හි (තෙ මී මත් ඇත්=) ත්රිධමදයෙන් යුක්ත මත්තහස්ති තෙමේ කපොලයෙන් (මමන=) වෑහෙන (මිනි=) මදයෙන් ගෙල තෙමී ය.

විස්තර:- ‘මී’ සද මෙහි මදවාචී ය. (මිහි=මී. රුවන් 343) සරා කල්හි අත්තණගස් මලින් සැරසේ. ඒ මල් සුවඳ ඇත්මද සුවඳ වැනි ය. (කා. ශෙ 7-18) ඒ මල් සුවඳ ඇසූ ඇත්තු අන් ඇතුන්ගේ මදගඳැ යි රැවටී ඊර්ෂ්යා් කරති. එයින් උන්ගෙන් ද මද වැගිරෙන්නට පටන් ගණී. (රඝු 4-22) ‘තෙමී’ නම් ඇතුන්ගේ මද තුණයි. එය උමන්දාවෙහි මෙසේ දක්වන ලදී:- ‘දෙ කපොලය හා කොෂය යන තුන් තැනින් වැහෙන්නා වූ එක් මදයකින් ද, යථොක්ත ස්ථාන තුණ හා දෙ කන්සිදුරු හා දෙ ඇස්සිදුරු ය යි යන සප්තස්ථාන‍යෙන් වෑහෙන්නා වූ එක් මදයකින් ද, එ ම සප්තස්ථානය හා නාසාපුට ය ගුද මාර්ගවය ද: යන දශස්ථානයෙන් වෑහෙන්නා වූ එක් මදයකින් දැ යි මෙසේ ගිලිහෙන තුන් මදයකින්” යි. දෙ ‍කපොලය හා කොෂය ද යන තුන් තැනින් වැගිරෙන මදය තිමද ය යි සමහරු කියති.

461 අර්ථ:- (හී උලැගි බිගු දැල් වූ=) වැටී උඩට නැංගා වූ භෘඬ්ග සමූහයා සහිත වූ කෑල (=එරබදු) මල් (කෙබඳු ද?) (මල්හී=) අනඬ්ගයා විසින් විරහීන්ගේ ඇඟ තවන අදහසින් දල්වන ලද දුම් සහිත (දල එව්=) ගින්න මෙනි.

විස්තර:- කැලෑමල් ගිනි වැනි ය. බසින නගින බිඟුපෙළ දුම් වැනි ය. කැලෑමල් ද රාගොත්පත්තියට හෙතු වන බව මෙයින් හැ‍ඟේ. කැලෑමල් දැක්මෙන් වියාගිනීන්ගේ සිත්හි රාගය ද එයින් ඇ‍ඟෙහි දාහය ද උපදී. එහෙයින් කෑලමල් අනඬ්ගයා විසින් දැල්වූ ගින්නක් වැනි ය. මෙහි පද්යැයන්ගේ දුරුවිනි‍ෙක්ෂඑපය පෙණේ. ඊට හේතුව යමක බන්ධයය යි.


462 අර්ථ:- වැගිරෙණ (මී=) මල්පැණිබිඳු ඇති ලොධ්රටරජශ්චක්රෙය. (=ලොත්මල් රොන් රැස විසින්) වසන කල්හි වෘක්ෂබමස්තකය තෙමේ (පොදසමවලා=) වැසිබිඳුවලින් සමාකූල වූ (=ගැවසුනු) හිමවලාකුළකින් (පිහිකුළු=) වැසුනු (ගල් ගී වී=) පර්ව(තයක් වැනි වී ය.

විස්තර:- ලොදරද සුදු ය. තුරු නිල් ය. තුරුමත මල්පැණි සහිත ලොදරදරැස වැටෙන විට ඒ තුරු දියබිඳු සහිත හිමවලාවකින් වැසුනු ගල් (=පර්වරත) සේ පෙණේ. ‘පිහිකුළු’ යනු ‘පිහිත’ ශබ්දයෙන් එන ‘පිහි’ යන්න හා ‘කර’ ධාතුවෙන් නිපන් ‘කුළු’ යන්න ද එක් වීමෙන් සිද්ධ යි.

463 අර්ථ:- පද්මයෙහි ඝොෂ සහිත භෘඬ්ග තෙම් (යහයහන්හි=) සුඛශයනයන්හි ප්රි යයන්ගේ ද ප්රිෘයාවන්ගේ ද (=අඟ) ශරීර (පහසාලා=) සම්බන්ධේ කොට (පියුම්හි=) (එය) හැරීමෙහි සිත් දුරු කෙළේ ය.

විස්තර:- ශරත්කාලයෙහි පියුම්හි හඬා වහන බිගුන් රාගොත් පත්තියට හෙතු වන බව මෙයින් හඟවති. ‘පහසා’ යන්න ‘පහස්’ දයින් පූර්ව ක්රිුයා ආ ප්රතතයය වී සිද්ධ යි. ‘පාස්සා’යි වර්තඟමානව්යිවහාරයෙහි පෙණේ.

උයන්කෙළි වැනුම්

464 අර්ථ:- මෙසේ ශරත්කාලය සම්ප්රාහප්ත සමයෙහි (මේයෙන්=) මෙඝකාලයෙන් (පිරිබුන්=) හාත්පසින් බිඳුනු ජලක්රීෙඩාචිත්ත ද පද්ම වන ද ප්රනබන්ධි වන වන කල්හි නරවීර තෙමේ-

විස්තර:- මෙඝකාලයෙහි දියකෙළිසිත් ද පියුම්වන ද වැනසෙයි. එහෙත් සරාකල් පැමිණි විට ඒ දෙකම නිරතුරුව ඇති වෙයි. ‘පබඳ වීම’ නම් අතර නැති ව පැවැත්ම යි.


465 අර්ථ:- දහවල්හි කාන්තාවන්ගේ දර්ශනනය නමැති අමෘතය නෙත්රයයෙහි අඳින (මෙනෙන්=) අදහසින් (කැතියන්=) වර්ණරදාසීන්ගේ හෙවත් අන්තඃපුරස්ත්රීේන්ගේ උයන්කෙළි දියකෙළි පිළිබඳ රුචිය ඇමතියන්ට (හැගවී=) දැන්වී ය.

විස්තර:- කැතියන් දියකෙළි උයන්කෙළි කෙළනට කැමැති බව ඇමතියන්ට දැන්වූයේ තම‍ාගේ අනෙක් රිසියක් සපුරා ගණු පිණිස ය. එනම් පබවත නෙත පුරා දැක ගැණීම යි. ‘කැති’ යනු වර්ණතදාසීන්ට නමකි. වර්ණසය හෙවත් රූපශොභාව නිසා දාසීන් වැනි වූවෝ වර්ණ්දාසීහු යි. එනම් වෙශ්යාරවෝ යි. රජුන්ගේ අන්තඃපුරස්ත්රීවහු ද එබඳු වෙත්. ‘කැති’ සදෙහි අර්ථ ආදිය ශ්රීණ සුමඬ්ගල ශබ්දකොෂයෙන් දත හැකි ය.

466 අර්ථ:- එකල්හි (නියුත්=) නියොග කළ ඇමැති තෙමේ ගොසින් උද්යා-නවාස්තුව (=උයන්වත්ත) (සොයා=) ශුද්ධ කොට සරහා ආරක්ෂාා දී (=සලස්වා) (අද=) අවුත් පුරවිථිමාර්ගරය ද විසිතුරු කර-

විස්තර:- ‘සොයා’ යනු ‘සොය’ දයින් සිද්ධ පූර්‍වක්රිදයා යි. 467 අර්ථ:- ගොස් ඒ නිරිඳු නැමැති සඳුගේ සුඛදර්ශයනයෙන් අත් නමැති තාමරසයන් මුකුලිත කර (=දෙ අත් එකතු කර වැඳ) ඒ වචන ශ්රීිය නමැති (පස්කැන්=) තෝඩුපලඳනාව දිනි.

468 අර්ථ:- යුවරාජ තෙමේ සතුටු සිත (නුමුස්නා=) නො මුදන ශුඬාන්තය (=අන්තඃපුරය) හා ආමන්ත්රඩණය කළ (=කැඳවූ) ගන්ධ‍ර්වු සමූහයා හා සමග සෙනඟින් යුතු ව නික්මුනේ ය.

විස්තර:- මෙහි ‘යුවරද’ යන තන්හි හැම පිටපත්හි ම එන්නේ ‘එ නිරිඳු’ යන්න ය. ඒ සදොස් ය. 471 වැනි ගීයෙහි යුවරද පුරවමියන් සමඟ උයන් වන් බව කියවෙන හෙයිනි. මෙබඳු තන්හි කුසරජු උදෙසා පෙණෙන්නේ රූමත් වූ යුවරද ය.

469 අර්ථ:- නරසිංහ තෙමේ (දොරපුර එව්=) චාරකාපුරය මෙන් මහාචාරය (උරින්=) වක්ෂ(සින් සැරසූයේ මතු ද? (නො වේ) රත්නාභරණයන්ගේ කාන්තියෙන් (‍ෙදවි=) ධොවනය කළ (අසිනි=) කඩුව කරණ කොට නන්දදකය ගත්තේ ද වී ය.

විස්තර:- ‘නරසී’ යනු රජුට ද විෂ්ණුට ද නමි. ‘දොරපුර’ යනු විෂ්ණුහුගේ අවතාරයක් වූ ශ්රීනක්රියෂ්ණයාගේ නගරය යි. එය ගුජරාටිදෙශයෙහි බස්නාහිරින් මුහුද අසල පිහිටියකි. ඒ නගරය පිළිබඳ වර්ණෙනාවක් ශිශුපාලවධයෙහි තෘතිය සර්ගේයෙහි (33 – 63) ද මහාභාරතයෙහි සභාපර්වතයෙහි 39 වැනි අධ්ය යයෙහි ද පෙණේ. ‘නන්දෙක’ යනු ශ්රී3ක්රිනෂ්ණයාගේ කඩුවෙහි නම ය. (ශිශුපාලවධ 3 - 19) ශ්රීනක්රිවෂ්ණයා චාරකාපුරය ස්වචක්ෂඃකශ්රීෂන් හෙබවූවාක් මෙන් මේ නරසිංහ තෙමේ ද මහාචාරය සැරසී ය. එපමණක් නොව අබරණකැලුමින් විසිතුරු වූ සියකඩුව කරණ කොට නන්ද්කය ද ගත්තේ ය. ශ්රී ක්රිොෂ්ණයාහට සියකඩුව නන්දාක (=සන්තොෂජනක) වූවාක් මෙන් මේ නරසිංහයාට ද සියකඩුව නන්දණක වී ය. (පැරණි සන්නය කියන අරුත් බලනු.)

470 අර්ථ:- නරෙන්ර් තෙමේ කරීන්ර් ව (=හස්තිරාජ) නමැති නැවට නැගී ප්රිනයාවන්ග් නෙත්රිප්රරභා නමැති තොයයෙන් (=දියෙන්) පිරුණු මහාවීථිය නමැති ග‍ඟෙහි බහිර්වාරය (=පිටත‍ දොරටුව) නමැති තීරයට යෙහෙන් පැමිණියේ ය.

471 අර්ථ:- උයන නමැති කාන්තාව විසින් (පියදූ=) යවන ලද වාතය නමැති දූත තෙමේ (පත්=) පැමිණි රජහට භ්රතමරභාරය (බිඟුසමූහය) නමැති අකුරු ඇති මල් රොන් පටලය නමැති පත්රාය (=ලියමන) (රැඳි = ඇරැ දී=) ගෙණවුත් දී සිත් ගත්තේ ය. විස්තර:- ‘උයන දෙසින් හැමූ බිඟුන් වන් මල් රොන් සහිත පවන බිහිදොරට පත් රජු පිණවී ය’ යනු ඉතා විසිතුරු ලෙස මෙයින් කියන ලදී. උයන කාන්තාවකි. රජ ඇගේ ප්රි යයා ය. ඕතොමෝ ඔහුට පෙම්පතක් යැවූ ය. එනම් මල් රොන් පටලය යි. එහි අකුරු නම් බමරු ය. ඒ පෙම්පත ගෙනගිය දූතයා නම් වාතය යි.


472 අර්ථ:- සුසජ්ජිත (=මොනවට සැරසුනු=) පුරාඬගනාවන් සමග (වරදහු=) යුවරජු (වන්=) වැදුනු උයන සුරාඬ්ගනාවන් සමග (තිදසිඳු=) ශක්රයයා වැදුනු න‍ ෙන්දනනොද්යාාන වැනි වී ය.

473 අර්ථ:- තරු (-වෘක්ෂු) පඬ්ක්තිතොමෝ නරෙන්ර් යා තමාගේ (=වෘක්ෂරපඬ්ක්තියගේ) තාම්ර පල්ලව (=තඹවන් දළු) නමැති මොළොක් අත ගන්නා විට (මී=) මල්පැණිපොද කරණ කොට තුටු (ඇස්දර=) කඳුළු කුසුම් නමැති ඇසින් ගත්තා ය.

විස්තර:- රජු තුරුපෙළෙහි ලාදළු අල්ලන විට මල්වලින් මීබිඳු වැටෙන්නට වී ය. එය ප්රිුයයා වූ රජු තමාගේ මොළොක් අත ඇල්ලීමෙන් සතුටු වූ වෘක්ෂයපඬ්ක්තිය හෙළූ තුටුකඳුළු වැනි ය. තඹපලු තුරුපෙත්හි මොළොක් අත් වැනි ය. කුසුම් ඇස් වැනි ය. මීපොද ඇස් දර වැනි ය

මෙහි හා අනතුරුව තිබෙන ගීවල ද ‘නිරිඳු, රජ, නරනිඳු’ යනාදිය යෙදුනේ යුවරජු උදෙසා ය.

‘මොළොකත්හි’ යනු ‘ගණුතු’ යන්නෙහි කර්ම,ය යි. ‘ගන්’ දයෙහි කර්ම්ය අදර විබත ද ගණී. “ආගීවිෂයක්හු ග්රීොවායෙහි ගන්නවුන්” (ධ: ප්රත: 246 පිටුව) “රතත්පල්ලෙහි ගෙණැ” (ධ: ප්ර 274). “වරල්හි ගත්” (මුව. 75) “කඳටහි ගෙණැ” (මුව. 159) යනාදිය ද බලනු.

474 අර්ථ:- (මලුපුලියෙන්=) ඉද්දමල්වැලින් හ‍ා නොයෙක් කුසුම් වලින් ද ඵලයෙන් ද (දුමරිළු=) වෘක්ෂලශ්රෙිණිය ද, කලහංසයන්ගේ (සන්=) සවන (=නාද)ය, උත්පලය යන මෙයින් ක්රීසඩාතඩාග ද ඔහුගේ සිත තුටු කෙළේ ය.

විස්තර:- වෘක්ෂහසමූහය මලුපුලියෙන් හා නන්කුසුමින් ද ඵලයෙන් ද ක්රීීඩාතඩාග හංසනාදයෙන් හ‍ා උත්පලයන්ගෙන් ද ඒ රජුගේ සිත තුටු කෙළේ ය. ‘මලපු’ යනු මල්පොකුරට ද ඉද්දගසටද නමකි.

475 අර්ථ:- එතර උද්යාකනපාලක තෙමේ (අද=) අවුත් පුරප්රි යාවන් කැඳවා නොයෙක් උද්යාේනාශ්චර්යය දක්වා ඒ ලොකපාලයා (=රජු) තුටු කෙළේ ය.

විස්තර:- මෙහි සිව්වැනි පාදය සිදතෙහි දෙරූවිදියට නිදසුන් ලෙස යොදන ලදී.

476 අර්ථ:- (තනන=) කම්පිත වන ලතා නමැති අඬ්ගනාවෝ ප්රියයාවන්ගේ (තුනුහව්වට=) ශරීරලීලාවට පැරදී පුෂ්ප නමැති (මියෙන්=) මුඛයෙන් උතුරා ගිය භ්රතමරයන් නමැති ශොකාශ්වාසය (=දුක්සුසුම්) අරද (=නිතර) ලන්නවුන් වැන්නෝ ය.

විස්තර:- උයනෙහි වැල් සෙලවේ. එවිට එයින් බමරු ඉගිළී යති. එය කෙබඳු ද? උයන්සිරි නැරඹුමට ආ අන්තඃපුර ප්රිීයාවන්ගේ ශරීරයෙහි ලීලාවට පැරදී දුකින් සුසුම් හෙළන්නාක් මෙනි. මල් වනාහී වැල්හි මුව වැනි ය. එයින් නික්ම යන බමරු කළු හෙයින් සෝසුසුම් වැනි ය. ශොකය කළුවන් සේ සැලකේ. ලතා දික් හෙයින් ද නො මහත් හෙයින් ද කාන්තාවන් සේ සැලකේ. ‘ලත්’ යනු ‘ල’ දයින් නිපන් වර්තලමානාඛ්යා තබහුවචනයි.

477 අර්ථ:- (තුනුවියන්=) තන්වින් (=නො මහත් කාන්තාවන්) වන් ගුමු ගුමු යන නද සහිත බිඟුන් ගැවසී ගත් වැල්ගොමුව තෙමේ (තතනන=) ගොරවන (විදුකිඳු බඳ=) විදුලියරොද බැඳුනු (ගනගබ=) මෙඝගර්භඟය (අඹා=) එලවා (=පරදවා) නෙත්රි ගත්තේ ය.

විස්තර:- වැල්ගොමු නිල්වන් ය. එහි බිඟුහු හඬා වදිති. පුරප්රිබයාවෝ රන්වන්හ. ඔහු ඒ වැල්ගොමු තුළට වදිති. එවිට ඒ වැල්ගොමු විදුලියරොදවල් බැඳුනු ගොරවන වලාකුළුවලට ද වඩා දර්ශගනීය ය. වැල්ගොමු වලාකුළු මෙන් ද, බිඟුහඬ වලාකුළු තැතනුම මෙන් ද, තුනුවියෝ විදුකිඳු මෙන් ද වෙති.

‘තතනන’ යන්න ‘තතන’ දයින් සිද්ධ යි. ‘තැතනුම’ නම් නොමහත් හඬ කිරීම ය. ඒ දය තැටමීම, පිපිරීම යන අරුත්හි ද යෙදුනු තැන් තිබේ. ‘අඹා’ යනු ලුහුබැඳීමෙහි වැටෙන ‘අඹ’ දයින් සිද්ධ පූර්ව ක්රිියා යි. මේ දය ‘හඹ’ යි ද සිටී. අඹවනු ලබන්නේ පැරදුනෙකි. ‘අඹා’ යන්නට ‘පරදවා’ යි අර්ථ කීයේ එහෙයිනි.

478 අර්ථ:- ප්රිඅයවචනයෙහි (වහල්=) උපකාර ලබා (මද=) අනඬ්ග තෙමේ ලතාචාපය (හයා=) ඇද ලියන්ගේ (=වැල්හි නොහොත් කාන්තාවන්ගේ) අවුලෙහි වැදුනු (කල්නට=) කාන්තයන්ට (=කාමීපුරුෂයන්ට) (සඳ දුරැ ලන සර ලී යැ=) සිත හෝ සිහිය දුරු කරණ ශරය විද්ඳේ ය.

විසුතර:- ලිය අවුලට (-වැල්ගාළෙහි කාන්තාවන් සමූහය අතරට) වැදුනු කාන්තයන්ගේ සිහිය නැති වී ය. මෙබඳු අවස්ථාවන්හි සිහිය නැති වන්නේ අනඬ්ගයාගේ සමෙමාහන නමැති පස්වැනි ශරය වැදීමෙනි. ඒ ශරය ලීමට අනඬ්ගයාට අනෙකක් ද ඉවහල් වී ය. එනම් ප්රි යාවන්ගේ ප්රිෙයවචන යි. ප්රිුයාවන්ගේ පිය තෙපුල් අසා ප්රිීයයන් තුළ රාගය ඉපදීමෙන් සිහි මුළා වී ය යි කී සේ යි. (පැරණි සන්නය සසඳනු).

479 අර්ථ:- කාන්තාවෝ නෙත්රයයෙන් (සල=) චඤ්චලභාවය (=පියහෙළුම්) (උනා=) මුදා (=නැති කොට) පිපුනු තුරු (=රුක්) බැලුවාහු මතු ද? (නො වෙති) වනදෙව්ලියන්ගේ විලාසය ද ජනයන්ගේ නෙත්රදයන්හි (පිරිමැදියෝ=) ඇන්දාහු ය. (=දැක්වූහ.) විස්තර:- කාන්තාවෝ ඇසිපිය නො හෙළා සූත්ඵුල්ලවෘක්ෂු යන් දෙස බලා සිටින විට හැම අතින් ම වනදෙවඟනන් වැනි ම වූහ.

480 අර්ථ:- එක් කතක් නිරිඳුහුගේ (=යුවරජුගේ) උරබිත (=ලපැත්ත) පල්ලවයෙන් (=දළුවලින්) සජ්ජිත කළා පමණක් ද? (නො වේ) ඔහුගේ හෘදය බැඳ ගන්නා වූ තමාගේ අනුරාගය (=ස්නේහය) නමැති ස්ථිර පාශය (=දැඩි මලපුඩුව) ද පෑවා ය.

විස්තර:- එක් කතක් රජුගේ ලපැත්ත ලාදළුවලින් සැරසුවා ය. එයින් රජු කෙරෙහි ඇගේ අනුරාගය මෙබඳු ය යි ද දැක්වූවා ය. ලා දළු රතු ය. අනුරාගය ද රතු සේ සැලකේ.

481 අර්ථ:- එක් කතක් නැමී මනා ව පිපුනු ලැහැබෙක අත ලා බමරුන් පෙළ උඩ නැ‍ඟෙන විට ම (බා=) බිය ව අනඬ්ගයාගේ (දිය=) ලනුව කැඩුනු දුන්නෙහි (සිරි=) ආකාරය දැරුවා ය.

විස්තර;- එක් කාන්තාවක් නැමී පිපුනු පඳුරක් ඇල්ලුවා ය. එයින් එහි සිටි භෘඬ්ගයෝ උඩට නැංගහ. ඒ කත බමරුන් දැක බිය ව වහා ඍජු ව සිට ගත. ඒ ඍජු වන අවස්ථාවෙහි ඕතොමෝ අනඬ්ගයාගේ දිය කැඩී ගිය දුන්න වැනි වූ වාය. දිය බැඳුනු විට නැමී තිබෙන දුන්න එය කැඩුනු විට වහා ඍජු වෙයි. ‘බා’ යනු බිය වීමෙහි වැටෙන ‘බා’ දයින් සිද්ධ පූර්වයක්රිායා පද යි.

482 අර්ථ:- ලතාගුල්මයට (=වැල්ගොමුවට) වැදුනු පුළුල් උකුළ (හිමි=) තෙක් (දිස්නා=) පෙණෙන යුවතියක් මල්පොකුරු පැලැන්දා පමණක් ද? (නො වේ) ලියකිඳුරු ිරිය ද ගත්තා ය.

විස්තර:- වැල්ගොමුවකට වන් ලියක් මල් පලඳිමින් සිටියා ය. ඇගේ ශරීරයෙහි පෙණුනේ ඉ‍ඟෙන් උඩ කොටස පමණි. එවිට ඕතොමෝ ලියකිඳුරඟනක මෙන් වූවා ය.

සිංහලපොත්හි (බු. ස314 පිටුව, සැළ 75 කව ) සඳහන් වන ලියකිඳුරන්ගේ සැටි ‍ෙමයින් සලකා ගත හැකි ය. අශ්ව ශරීරයෙහි මනුෂ්යුමුඛය ඇති කොටසෙක, මනුෂ්යහශරීරයෙහි අශ්ව මුඛය ඇති කොටසෙකැයි කිඳුරෝ දෙ කොටසකට බෙදෙති. ලියකිඳුරෝ ඒ දෙකොටසට ම අයත් නො වෙති. උන්ගේ උඩුකය මිනිසුන්ගේ වැනි ද, යටිකය ලතාගුල්මයක් වැනි ද වෙයි. යන බව මෙයින් හැ‍ඟේ. උන් ලියගී නඟා නටන බව වෙස්සන්තර ජාතකයෙහි සඳහන් වෙ. ‘පලන්, ගත්’ යන දෙ පදය ‘පලඳ, ගන්’ ධාතුවලින් නිපන් අතීතාඛ්යා ත බහුවචන යි.

484 අර්ථ:- (සුන්=) සිඳී ගිය නානා ආභරණ ද (රසන්මිණි=) මෙවුල්දමෙහි මැණික් හෝ මිණිගෙඩි ද මුතුහර ද මල්දම් ද (ඔබල=) දුර්විල වූ (=තැළුනු) බාලපල්ලවපත්ර (=දළුකොළ) යහන් ද ඇති (ලියවිමන්=) ලතාමණ්ඩප ජනයන් (ඇලැළී=) කැලඹී ය.

විස්තර:- සිඳි වැටුනු අබරණආදියත් තැළී ගිය කොළ යහනුත් කාන්තාවල්ලභයන් සඬ්ගමක්රී ඩා කළබවෙහි ලකුණු ය. එය දුටු ජනයන්ගේ සිත් ද කැලඹුනේ ය.

‘ලපලුදලයහත්’ යනු සැතපෙනු සඳහා ඇතිරියක් සේ අතුළ දළු හා කොළ යි. ‘ලියවිමන්’ යනු වැල්වලින් වට ව ගෙයක් සේ සෑදුනු තැන් ය.

485 අර්ථ:- මල්බරින් (නත=) නැමුනු එක් යුවතියක පිපුනු වැලක් හා (හැනෙත=) ඇනෙන (=මිශ්රැ සමාන- වන) කල්හි බමර තෙමේ (සල=) සෙලවෙන දළුවෙන් (ගෙල්=) පහර ලැබ (අද=) අවුත් මොළොක් අතෙහි පහරෙහි (ඇවිසි=) වැහුවේ ය.

විස්තර:- මල්බරින් නැමුනු තරුණ ලිය ද පුල්මල් ඇති ලිය ද සමාන ව බමරාට පෙණෙන්නට වන පුල්ලියෙහි රොන් ගණිමින් හුන් බමරාට හුළගින් සෙලෙවෙන ලපල්ලෙන් පහර වැදෙ යි. එවිට එයින් ඉගිළී මල්බරනත ලිය සැබෑ වැලක් ම ය යි සිතා ඇය වෙතට පියඹා යයි. එහි ද බමරාට වහන්නට ලැබෙන්නේ සලපල්ලක් වැනි මොළොක් අත්හි පහරෙහි ය. අඟන බමරුන්ට බිය වෙයි. තමා වෙතට එන බමරාට මොළොකතින් පහර දෙ යි. මොළොකත රතු හෙයින් ලපලු වැනි ය. ‘ඇවිසි’ යන්න ‘අවුස්’ දයින් සිද්ධ අතීත්යයඛ්යාඑත යි.

486 අර්ථ;- රජහුගේ නෙත්රඅය ප්රිොයාවකගේ කුසුම් (ඔබල=) දුර්ව ල (=අඩු) වූ ඉ‍ෙඟහි (ලැගැ=) ඇලී එකරාජ්ය්ය කරණ කල්හි අන් පියක් එය දකිමින් (=දැක) (කුසුම් ඕනා=) මල් දමන ලෙසින් (එය) වැසුවා ය.

විස්තර:- ‘හිඟ’ සදින් උපචාරවශයෙන් තදාසන්නස්ථාන ද ගැණේ. ‘එකරජ’ නම් අන් කෙනෙකුනට යටත් නැති රාජ්යසය යි. අන් අරමුණකට යටත් නො වී හි‍ඟෙහි ම ලැග (=හිඟ දෙස ම බලා) සිටි හෙයින් රජහුගේ නෙත හිගැ ලැගැ එකරජ කළා නම් වෙ යි. කතකගේ හිගෙහි එක් තැනක මල් ඔබල වී ය. (=මල් අඩුවිය.) රජ එ දෙසම බලා සිටියේ ය. අනෙක් කතක් එය දැක ඊර්ෂ්යාි කොට මල් දමන ආකාරයෙන් එතන වැසුවා ය.

‘ඕනා’ යනු ‘ඕ’ දයින් ‘නා’ පස වී සිද්ධ යි. ‘ඕ’ දය බැහීමෙහි (=දැමීමෙහි) වැටේ.

487 අර්ථ:- රජතෙමේ සිය අත කතකගේ පියොවුරෙහි (මල්) රොන් තැවරීම නො ගෙවන කල්හි (අතෙහි) ඒ විලාසයට අසන්තුෂ්ට ව මෙන් (සිය) නෙත (ඇ‍ගේ) ඉහිල් වූ (=ලිහුනු) (දියුල්=) පටසළුව දෙසෙහි දුන්නේ ය.

විස්තර:- රජුගේ හස්තය තෙමේ කතකගේ පියොවුරක මල් රොන් ගෑ ය. බොහෝ වේලා ගත වූ නමුත් අත ඒ ක්රි යාවෙහි නිමාවකට නො පැමිණියේ ය. ඒ අතර ඇගේ පටසළුය ලිහී ශරීරය පෙණෙන්නට වන රජ එ දෙසට නෙත් හැරවී ය. එය අතෙහි කම්මැළිලීලාව දැක නො සතුටුව රජු අහක බලාගත්තාක් වැන්නැ යි කවීහු උත්ප්රෙ ක්ෂා කරති. සැබැවින් වූයේ අනෙකකි. මල් රොන් තැවරීම වහා නිමවීම රජුගේ අදහස නො වේ. අත එය හැකි තාක් පමා කරණු දැක්මට රජ කැමති ය. රජුගේ නෙත අන් දෙසකට හැරුණේ එදෙස බැලුම අධික ප්රීබතියක් ගෙන දෙන හෙයින් විය යුතුය. (පැරණි සන්නය කියන අර්ථ තේරේ දැයි බලනු)

488 අර්ථ:- (අවු=) භාවය (ලීලාව-විලාසය) නො‍හොත් අව්ව (=ප්රකභාව) දැරූ ප්රියයාවක රතු ඇගිලි කැලුම් (වුදු=) වැදුනු මලිගියමල් ගොතන කල්හි නරප්ර‍වර (=රජ) තෙමේ සර්පතජාතිලතාවෙහි මල් ය යි සැක කෙළේ ය.

විස්තර:- විලාසවත් වූ හෝ කාන්තිමත් කාන්තාවන්ගේ ඇඟලි වලින් රතුකැලුම් විහිදෙ යි. එබඳු කතක ඉද්ද මල්දම් ගොතන විට ඇඟිලි පැහැය මල්හි වැදෙයි. මල් කබර ලා ගත්තාක් මෙන් සුදු රතු පුල්ලිවලින් යුතු ව සර්ප යෙකුගේ ඇඟ මෙන් පෙණෙන්ට වෙයි. රජ තෙමේ ඒ දැක ඒ මල් සප්දැවැලේ මලැ යි සැක කෙළේ ය. ‘සප්දැලිය’ නම් සර්පා කාර මල් පිපෙන ලිය යි.

489 අර්ථ:- දිලිසුනු නානාභරණ මණිකාන්ති ඇති (ඊලේ=) උන්සිල්ලාවෙහි ක්රීලඩා කරණ ප්රිමයාවක් වනය (=උයන) නමැති අහසෙහි (තෙවුනා=) බබලන දෙව්දුන්නක කාන්තිය (=ආකාරය) ඉසුලුවා ය.

විස්තර:- උයන නිල්වන් හෙයින් අහස වැනි ය. එක් කතක් එහි උන්සිල්ලා පදී. ආභරණ මණිකාන්තියෙන් බබලන ඕතොමෝ උන්සිල්ලාවෙහි වේගය අධික හෙයින් අර්ධිචක්රානකාරව දෙව්දුන්නක් සේ පෙණේ. මෙ බඳු දෙව්දුනු වතොත් වනඅඹරෙහි ය. සැබෑ අඹරෙහි දෙව්දුනුවල දෙ කෙළවර පොළොව දෙසට ද මැද උඩට ද හැරී තිබෙතත් මේ දෙව්දුන්න ඊට වෙනස් වෙයි. ‘වනඅඹරැ’ යි වෙසෙසූයේ එහෙයිනි (කා. ශෙ. 4-13 සසඳනු).


490 අර්ථ:- එ නිරිඳු මුවරඳින් (අද=) තෙත් රොන් ගෙණ කතකගේ පත්රහලෙඛා සදමින් (ලවනත=) තොල් නමැති පබළුමුවා ඔඩමින් මුඛමධුව (හැයි=) ඇද්දේය (=උරා ගත්තේ ය.)

විස්තර:- ‘පතලේ’ නම් මුහුණෙහි කස්තුරි, සඳුන්, කොකුම් ආදී විලෙවුන්වලින් කරණු ලබන පත්රා=කාර චිත්රු යි. (රඝු 6- 72) පැරණිසන්නය ‘පතලේ’ යන්නට ‘පාදතලයෙහි’ යන අර්ථ දෙයි.

491 අර්ථ:- (මැසි=) කුපිත ප්රිලයාවකගේ, ඒ නරෙන්ර්ොකුයා විසින් මහනෙල් මල්දමින් වැළැක්වූ (සරණතපල්ලේ=) පාද නමැති පල්ලවයෙහි (ගෙල්=) පහර රොමොද්ගම සහස්රදයන් වැළකීය.

විස්තර:- කතක් කුපිත ව රජුට පයින් ගැසූ ය. රජ මහනෙල් දමකින් ඒ පහර වැළැක්වී ය. ඒ වැළකුනු පහර ද අනෙකක් වැළැක්වී ය. ඒ අනෙක නම් ලොමුදහදහස් ය. ඒ පහර වැදුනේ නම්, රජුගේ ඇඟෙහි ලොමුදහ දහස්ගණන් වෙ යි. ප්රි යා ස්පර්ශහයෙහි දී රොමොද්ගමය වන හෙයිනි.

‘වැළකි’ යන්නෙහි කර්තෘණ ‘ගෙල්’ යන්න ය.

492 අර්ථ:- දීර්ඝාික්ෂිරයක (=කතක)ගේ සුරකත වූ හස්තයෙහි වැටී බබලන නාමල තෙ‍මේ සන්යා‍ර්ත (තරපතරැ=) කාන්ති සමූහයෙහි රැඳෙන (=පවත්නා) සිත් නෙත් බැඳගන්නා වූ (සිසි) ශශාඬ්කයා (=සඳ) (අළ=) ඉදිරිපත් කෙළේ ය. (=දැක්වී ය.)

විස්තර:- කාන්තාවන්ගේ අත රතු ය. එහි තිබෙන නාමල සන්යාරාම කාන්තියෙහි රඳනා ශශාඬ්කයා වැනි ය. ‘සිසි’ යන්න යෙදුනු තැන ‘සඳ’ සද යෙදුනේ නම් අනුප්රා්සය දියුණු වෙයි. එසේ නො යෙදුනේ නා මලෙහි මැද රන්වන් රොන් කොටස සිසිහුගේ සා ලකුණ වැන්නැයි හඟවනු පිණිස ය. ‘සස’ යනු හාවා යි. සසහු ඇත්තේ ‘සිසි’යි. ‘සිසි’ යි සිංහලයට එන්නේ ‘සසි’ යන්නෙනි.

‘රඳනා යන්න ‘නැවතුනු, බබලන, සායම් පොවනු ලබන යන අර්ථ දෙයි. ‘අළ’ යනු ‘අර’ දයින් සිද්ධ යි.

493 – 494 – 495 – 496 – 497 අර්ථ:- නෙතින් නිලුපුල් ද මුහුලසින් (=කෙශකලාපයෙන්) තමාලලතාවන් ද, සුරත්අත්ලෙන් පල්ලව ද, පියොවුරින් චක්රලවාකයන් ද පෑවා වූ- චරණයෙන් සුරක්තොත්පලයන් ද, වෘත්තොරුයෙන් ස්වර්ණ් රම්හා (=රන්කෙසෙල්ගස්) ද, ගනනිල්වසාරොදින් බමරවැල ද, තෙපුලින් කොවුල්හඬ ද පෑවා වූ- තොලින් ඉදුනු බිඹු (=කෙම්-කෝවක්කා) ගෙඩි ද දශනාග්රඉයෙන් (=දත්කෙළවරින්) සැරහුනු (=පෙළට තැබූ) නිකමල් ද තුනී (=නො මහත්) වූ තනුවෙහි (=ශරීරයෙහි) හව්වෙන් (=ලීලාවෙන්) සුලඟට අනුගත වූ (ලෙල=) සෙලවෙන ලතාවක විලාසය ද පෑවා වූ- වුවනින් පුල්පියුම් ද, මඳසුසුමෙන් සුගන්ධ= (නල=) වාතය ද, කණින් වැල්උන්සිල්ලා ද, නළලින් මල් රොන්පට ද, පෑවා වූ- පබවත් තොමෝ එහි වූ ඝන වූ ශාඛාවන්ගෙන් සෑදුනු ලියගොමුවෙහි වැළහුනු (=සැඟවුනු) කුසනිරිඳුගේ නෙත් ඉදිරියෙහි නෙත් බඳනා උයන් සිරිකත යි.

විස්තර:- මේ ගී පසින් පබවත වර්ණ නා කළහ. පබවත උයන් සිරිකත වැනි වූවා ය. සිරිය නම් සමාඬිය යි. උයනක සිරිය පබවත වෙත ද තිබේ. උයන්හි වන නිලුපුල් ආදියට සමාන දෙය පබවත තුළ ද වන හෙයිනි. මෙහි “නෙතින් නිල්උපුලන්” යන ආදී ගීයෙහි පෙණෙන ‘පෑ’ යන්න තදනන්තර ගී තුණ හා ද සම්බන්ධි වේ. ‘තමදුලිය’ යනු කොල්ලම්ගස්ය. සමහරු ‘රටගොරක ගසැ යි’ කියති. ‘බිඹුවැල’ යනු ඉදුනු කෙම් (=කෝවක්කා)ය. ‘බිම්බඵල’ යන්නට “මැටිවැල්වැළ”යි (ධ. ගැ118 – 1) කසුප් රජහු අරුත් කීහ. (මේ හා පැරණි සන්නය ද සසඳනු.)

498 අර්ථ:- (සරා=) ශරත්කාලයෙහි (මියුලැසාන සහසාන=) මෘගාක්ෂී:න් (=අඟනන්) දහසුන් ද අමාත්යු සමූහයන් ද සමග නරෙන්ර්ී යාගේ උයන්කෙළිය පවසා කළ මේ සර්ගකය

දසවැනි යි

දශම සර්ගියෙහි ව්යාාඛ්යායව නිමි.







11.සර්ගගය

දියකෙළි වැණුම් 499 අර්ථ:- ස්නානාය සම්බන්ධ මෙහෙයෙහි නියුක්ත ජනතෙමේ තඩාගවාස්තුව (=විල පිහිටි ඉඩම) ශුද්ධ කොට මාර්ගුය විසිතුරු කර සරහා අවුත් මිටු නමැති හග්ගෙඩිය ගෙණ (=ඇඳිලි බැඳ) මෙය කීහ.

විස්තර:- වඳිනු සඳහා අත් එකතු කළ විට මිටු වේ. එය හක්ගෙඩියක් වැනි ය. ‘මිටුසක්’ යි කීයේ එහෙයිනි. ‘වීයි’ යනු ‘විය’ දයින් සිද්ධ අතීතාඛ්යා ත යි.

500 අර්ථ:- සුරසිද්ධ කාන්තාවන් විසින් ලන ලද නෙත්රී ප්රයභාවෙන් ආර්ද්ර් වූවාක් වැනි වූ ඉතා නිල් වූ සලිලතලයෙහි තරඬ්ගපඬ්ක්තීන් ඔබල කළ පවන් ඇති- (විල්)

විස්තර:- මේ විල ඉතා රමණීය ය. දෙවඟනෝද සිඳඟනෝ ද ඉතා ආශාවෙන් මෙ දෙස බලති. ඔවුන්ගේ නෙත්පැහැ වැදීමෙන් මෙන් මෙහි දිය ඉතා නිල්වන් ය. එසේ ම තරඬගපඬ්ක්ති ඔබල ය. තරඬ්ග ඔබල වන්නේ මඳ සුළඟිනි. තද සුළඟ වුවොත් මහත් රළ නැ‍ඟේ. මෙයින් ඒ විල ජලක්රීිඩාවට සුදුසු ය යනු දක්වති. දිය පිවිතුරු ය. සුනිල් වූයේ එහෙයිනි. තද රළ පහර නැත. ඇති වූවොත් ජලක්රී ඩාවට සුදුසු නො වේ. තද සුළග ද නැත. එ බඳු තැන ප්රී්තිදායක නො වේ. ‘පැහැන්’ යනු ‘පැහැති’ යන්නෙහි අන්ත්යැ ඉකාරය ලොප් වීමෙන් සිද්ධ යි