කව්සිළුමිණ-කව්සිළුමිණ-xvii
මදුරජුගේ සිගැජුම්
651
අර්ථ:- එකල්හි මදුනිරිදු තෙමේ යැවූ ඒ දූතසන්දේශය කරණ කොට ගෙන රජුන් සහිත අමාත්යිශතයන් (=සියගණන් ඇමැතියන්) සඞ්ගත (=එක් ) වූ සභාව මධ්ය යෙහි මේ වචනය කී ය.
652 අර්ථ:- වීරරසයෙන් උජ්ජලිත වූවන් (කහි දු හා=) කවරෙකු සමග වුව ද යෙදෙන්නා වූ (යුදුහි=) යුද්ධයෙහි (වහල්=) උපකාර සිතා (අන් කැත්=) අන්යවක්ෂත්රිඋයයන් බැඳ ගෙණ යුද්ධ (දෙත=) කරතොත් ඒ නොම (ලගනේ=) සුදුසු ය.
විස්තර:- වීරරසයෙන් බබලන්නත් කොතරම් බලවතෙකු සමඟ වුවද කරණ යුද්ධයෙහි දී උපකාර සඳහා අනික් රජුන් සම්බන්ධ කරගෙන යුද්ධ කිරීම සුදුසු නොවේ. වීරයෝ අන්යජයන්ගේ උපකාරය නො සොයත්.
‘කහි’ යන්න ‘කාහු’ යන්නෙහි උපකාරයට ඉකාර ද ආයන්නට හ්ර්සව ද වී සිද්ධ යි. සසදා 261 වැනි ගීයෙ හිද මේ පදය යෙදුනේය.
653
අර්ථ:- බොහෝ ජනයා වුවත් තෙද පැලැඹීම් (=තෙජසින් බලවත්ව පැවැත්ම) තමාගේ (=මාගේ) නො හමුයේ (=අනගභිමුඛයේ)ය. මද සහිත හස්ති රාජයන්ගේ (පුවළ=) ප්රෞඹසීය (නො බාසුරු සී හමුයේ=) භාසුර (=වීර) වූ සිංහයක්හු නොවන්නක්හු අභිමුඛයෙහි ය.
විස්තර:- එකම භාසුර (=වීර) සිංහයක්හු ඉදිරියෙහි බොහෝ වූද මත්ගජරජහු දීන වෙති. උන්ගේ ප්රෞනඪිය (=එඩිය) පවත්නේ සිංහ නොවනක්හු ඉදිරියෙහි ය. පබවත ඉල්ලා පැමිණි රජුන් බොහෝ වුව ද, මා ඉදිරියෙහි ඔවුන්ගේ තෙද පැලඹීමක් විය නොහැකි ය. ඔවුන්ගේ තෙද පැලඹුමක් වේ නම්, එය මා නැති තැන ය. (පැරැණි සන්නකාරයෝ කුමක් කියත් දැයි බලනු)
654
අර්ථ:- ඉක්ෂවාකුනරේන්ද්රන නමැති දිවාකරයාගේ ජ්වලිත වූ ස්තබ්ධ තේජස මේ (රාජ) කුලය නමැති පද්මය (පොබයත්=) ප්රතබුද්ධ කරත් (මිසැ=) මුත් තැවීම නොක ල විරීය.
විස්තර:- “කළවීරී” යන්න ‘කළවිරු’ යන්නෙන් අතීතඛ්යාරත ඊ ප්ර්ත්ය-ය වී සිද්ධ යි. ‘විරූ’ යන්න ‘පූර්ව’ යන්නට සමානය. කෘතපූර්ව=කළවිරූ, ගතපූර්ව =ගිය විරූ, දෘෂ්ට පූර්වන=දුටුවීරූ යනාදිය සසඳනු. ‘පෙර කෙළේ = කළවිරූ’ යනු විග්ර්හ යයි. ‘නො කළවිරූ’ යන්නෙහි අර්ථය නම් ‘පෙර කිසි විටෙක නො කෙළේය. යනුයි. ‘තැවුලි’ යන්න ‘තව’ දයින් භාවයෙහි ‘උලි’ ප්රරත්යි වී සිද්ධ ය ි. මේ ප්රෂත්යයය යෙදුනු ශබ්ද විරල ය. එහෙයින් ‘ඉලි’ ප්ර ත්යරයට ‘උලි’ ආදේශය යි කිව ද සුදුසු ය.’
655
අර්ථ:- දඹදිව (ඔකාවස් රජු හැර) අන්යඋරාජ නමැති මුහුද ඔද (=ඔක්සිජන්+ශක්තියෙන්) වැඩෙමින් දිව අවුත් මගේ සේනාව නමැති වෙරළ මැඩුම (=ඉක්මවා යාම) මාගේ කඩුව නමැති (අගසත්ය ) ඍෂියාගේ (නො හමුයේ) අනභිමුඛයෙහි ය.
විස්තර:- ඔකාවස් රජු හැර අන් රජුන් නමැති මුහුද මාගේ කඩුව නමැති ඍෂියාගේ ඉදිරියට අව හොත් බේරි යන්නට ඉඩ නො ලැබේ. මාගේ කඩුව නමැති ඍෂියා ඒ මුහුද බී සිඳුවනු එකාන්තය. මා සමඟ යුදට එන අන් සියලු රජුන් මගේ මේ කඩුවෙන් දෙපළු කර මරමියි කී නිසා යි. අගසත්ය ඍෂියා මුහුදු දිය පානය කළ පරිදි ප්ර සිද්ධ ය. (පැරණි සන්නය හා සසඳනු.)
656
අර්ථ:- (විඳි=) විධිය (=දෛවය-ඉරණම) (හැඟියක් හු දෙසෙහි=) තමාට කැමතියක් හු කෙරෙහි (දිය=) ජය සලකන්නේ වී නමුදු මේ බඞ්ගය නමැති රකුසා (රුපුන්=) සතුරන්ගේ ගෙලෙහි ලේ බොන කල්හි ආවරණයක් (=වැළැක්මක්) නැත.
විස්තර:- ජය ලැබෙන්නේ විධියෙහි (=දෛවයෙහි) නියමය ලෙසටය. මම දෛවසම්පන්නයෙක් නම්, ජය ලබමි. දෛවය නැත් නම් පරදිමි. එහෙත් මගේ මේ කඩුව නමැති රකුසා සතුරන්ගේ ගල ලේ බිම් වළක්වන්නට කිසිවෙක් හෝ කිසිවක් සමර්ථ නො වේ.
සංස්කෘතයෙහි ‘විධි’ ශබ්දය මෙන් සිංහලයෙහි ‘විදි’ සද දෛවවාචී ද වේ. (රැවන් 918, 501, සි.ල.222)
657
අර්ථ:- මහත් වූ සත්ව ගුණයෙන් (=එඩියෙන්) යුත් කුස නිරිඳුගේ (දවහ=) නිරන්තර වූ නො මඳ වූ වැඳීමෙන් (හුන්=) ඉඳුනු (=හට ගත්) (පද කරල්) පයෙහි කරගැට නො බලා මේ ප්රැවෘත්තිය යැවීය. (හා=) පුදුම යි!
විස්තර:- අරක්කැමි වෙසින් සිටින කුසරජ මදුරජුගේ පා නිතර වඳියි. එතුමාගේ හිස ගැටීමෙන් මදුරජුන් පයෙහි කරගැටද හිඳී ගියේය. (මේ අතිශයොක්තියකි.) මදුරජ තෙමේ ඒ වඳින්නේ කවරෙක් දැයි නොසැලකී ය. “හුන් පද කරල් නො බලා” යි කියේ එහෙයිනි. කුසරජු එහි සිටින බව නො සලකා මතු සඳහන් පුවත (= පනිවුඩය) කියා යැවීය. ‘කරල්’ යනු කරගැටයටද නමකි. (රුවන්.520) පෙදෙහි කරල් = ‘පදකරල් (සන්නකාරයෝ ‘පදකර මුදුන්’ යන පාඨය ගෙණ මූඛාරූඪයක් ම කියති.)
මදුරදුගේ හස්න.
658
අර්ථ:- පබවත (ඇරැයූ=) ඉල්ලු රාජරාශීන්හට අද මා (සහන්=) ඉවසත් හොත් (සරවරන්=) උතුම් දෙවඟනන් දෝ හෝ නොහොත් (සරඅවරන්=) ඊ හා චණ්ඩාලයන්ද (පියොදම්=) යවමි. (දූයෙන්=) දූතයෙනි, මේ වචන පවසමු.
විස්තර:- පබවත ඉල්ලා එවූ රජුන්ට ඕතොමෝ සුදුසු නො වේ. එතරම් ‘වීර” යන්ට ඇය වැනි හිමියා හළ ගැහැණියක් කෙසේ නම් සුදුසු වේ ද? ඔවුන්ට සුදුස්සෝ නම් දෙවඟනෝ ය. දූතයෙනි, අද මා ඉවසුවොත්-මා අද මේ එක දවසට නො මැරී ජීවත් වුවොත්-ඒ “වීර”යන්ට මම සරවරන් යවමි. දූතයෙනි, ඒ බව තොපගේ රජුන්ට කියවු. “අදට මා ජීවත් වුවොත් යුද කොට ඒ රජුන් මරා දමමි”යනු මෙහි සැඟවුනු අදහස ය. ‘සරවරන්’ යන්නට අර්ථ දෙකක් දක්වන ලදි. ‘ඒ රජුන්ට උතුම් දෙවඟනන් යවමි’ යි කියුවත්, ‘ඊ හා චණ්ඩාලයන් යවමි’ යි කියුවත් ඇඟෙන්නේ ‘ඒ රජුන් මරමි’ යන අදහස ය. යුඬයෙහි මළවුන් දෙව්ලොව ඉපද දෙවගනන් ලබන බව අන්‍යභක්තික සමහරු විශ්වාස කරති. එහෙයින් ම වහ්නිපුරාණයෙහි සඬ්ග්‍රාමප්‍රශංසාධ්‍යායයෙහි- “ජිතෙන ලභ්‍යතෙ ලක්‍ෂමීර්මෘතෙනාපි සුරඬ්ගනාඃ ක්‍ෂණවිධ්වංසනි කායෙ කා චින්තා මරණෙ රණෙ” යනු කියන ලදී. (සි.ල 117 හා මහාභාරත ස්ත්‍රීපර්‍ව 2- 13 ද බලනු) යුද කර ඒ රජුන් මැරූ විට ඔවුන් දෙව්ලොව උපදනා බව මදුරජ විශ්වාස කෙළේ ය. එහෙයින් ‘මරමි’ යන රළු වචනය නො කියා එයින් ලැබෙන අදහස ම ‘සරවරන් යවමි’ යි යනුවෙන් කී ය. පහසුවෙන් ම ගීයෙහි යෙදිය හැකි ‘දෙවඟනන්’ යන්න හැර ‘සරවරන්’ යන්නම යෙදූයේ “ඒ රජුන්ට ශරද යවමි. (=ඊයෙන් විද මරමි) ඔවුන්ගේ මිනී වළ ලන්ට අවරන් (=සැඩොලුන්) ද යවමි” යන අදහස වුව මනා කෙනෙකුන්ට ගත හැකි වනු සඳහා ය. “හිමියා හළ ගැහැණියක ඉල්ලා සිටින ඔහු වීරයෝ නො වෙති. රාජ නාමයෙන් පෙණී සිටින දීනයෝ ය. රජුන්ගේ මෘතශරීරයයන් රාජගෞරවයෙන් ආදාහන කළත්, ඔවුන්ගේ මිනී ඒ ගෞරවය ලැබීමට සුදුසු නො වේ. එ බඳු දීනයන්ගේ මිනී අශරණ - දිළිඳු මිනිසුන්ගේ මිනී මෙන් චණ්ඩාලයන් විසින් වළ ලෑමට සුදුසු ය” යනු “අවරන් එවමි” යි කීමෙන් දක්වති. පුරාතනයෙහි මිනී වළ ලූවෝ සැඩොල්ලු ය (මහාවංශ 10 – 92 ) ‘සර’ සද දිව්‍යාඬ්ගනාවාචී ද වේ. (රුවන්36) උතුම් දෙවඟනෝ ‘සරවර’ නම් වෙති. ‘අවර’ සද චණ්ඩාලාර්ථයෙහි ද වැටේ. (රුවන් 402) ‘ඇරැයූ’ යන්න ‘අරය’ ධාතුවෙන් සිඬ යි. මේ ධාතුව ‘අරව’ යි ද සිටී. ‘දුයෙන්’ යනු ‘දු’ සදින් ආලපන විභක්ති ‘එන්’ පස හා යකාරාගම ද ඌකාරය භ්‍රස්ව ද වී සිඬයි. (පැරණි සන්නය සසඳනු)
යුද වැණුම් 659 අර්ථ:- මෙසේ පවසමින් නරවාරණ (=රජ) තෙමේ (රණහේ=) යුද සඳහා (සෙබලන්=) ජෙකභටයන්ගේ වක්ත්‍ර හා (දත්පිළු=) ඡත්‍රැ වෙදිකාව (=දසරු-උරහිස්-පිළ) ද (නෙත්- දත්රැසින්=) නෙත්‍ර කාන්තියෙන් ද දන්තකාන්තියෙන් ද නහවා පිරිමැන්දේ ය. (=පිරිසිදු කෙළේ ය.)
විස්තර:- රජ තෙමේ භටයන්ගේ මුහුණ බලා යුද සඳහා සැරසෙන්ට නියම කෙළේ ය යි කී අයරු යි. රජු සෙබළුන්ගේ මුහුණු බලන විට ඔවුන්ගේ වක්ත්‍ර රජුගේ නෙත් කැලුමෙන් නැහැවේ. පිරිමැදේ. වචන නිකුත් වනවිට දත් රැස් ද ඒ හා නික්මෙ යි. වචන යන්නේ කණට ය. දත්පිළු (=උරහිස) තිබෙන්නේ කණලඟ ය. එහෙයින් වචන කියන විට එය අසන්නන්ගේ දත්පිළු දත්කැලුමින් නැහැවේ. ‘පිළු’ සද වේදිකාර්ථයෙහි යෙදේ. වෙදිකාව වැනි වූයේ ද ‘පිළු’ නමි. උරහිස වෙදිකාවක් වැනි ය. පදනම වෙදිකාවක් වැනි හෙයින් පැරණියෝ ඊට ‘පිළු’ යි යෙදූ හ. ‘පිරිමැද’ යනු ‘පිරි’ උපසර්‍ග පූර්‍ව ‘මද’ දයින් සිඬ අතීතක්‍රයාපදයි. (පැ. ස සසඳනු)
660 අර්ථ:- ඒ වචනයෙන් (=නියොගයෙන්) යුගාන්ත- මාරුතයෙන් (ගස්=) ඝර්‍ෂණය (=පහර) ලත් සමුද්‍රය මහීතලයෙහි දිවූ විලාසයක් දක්වමින් සිවුරඟසෙනඟ ගමන් ගති.
661 අර්ථ:- පසු ව ඒ දූතයෝ ගොස් (ඉන්=) එයින් (=මදුරජුගේ වචනයෙන්) නරවරයන්ගේ (සවන්=) කන්සැදූ හ. (=ඒ වචන කීහ.) රාජ සමූහතෙමේ ඒ බසින් (අඟ=) ශරීරය රොමොද්ගමයෙන් සදමින් (=සරහමින්) දිවී ය.
විස්තර:- ‘දිවි’ යන්නෙහි කර්‍තෘ ‘රජරැස්’ යන්න ය. එය ප්‍රණීසමූහවාචී වුව ද අවයවප්‍රධාන ව නො ව සමූහප්‍රධානව ක්‍රියා වෙහි යෙදුනු හෙයින් ක්‍රියාපදය එකවචනාන්ත වී ය. සමූහයෙහි කොටස් වෙන් වශයෙන් ක්‍රියාවෙහි යෙදෙන විට ප්‍රාණිසමූහවාචී ශබ්දය එකවචනාන්ත වු ව ද ක්‍රියාව බහුවචනාන්ත ම වේ.
662 අර්ථ:- සෙනා දෙක්හි (වම්පොරොළ ගත්=) වර්‍ම (=සන්නාහ යුධ ඇඳුම්) පෙරෙවූ ගාත්‍ර (=ශරීර) ඇති නොයෙක් භටසමූහයෝ (තහත=) නිරන්තරයෙන් ආයුධ සරහමින් (ඇත්=) හසත්‍යාරොහක, රථාරොහකයන් සමග පැලඹුනාහු ය.
විස්තර:- මෙයින් දෙ සෙනඟෙහි සිවුරඟ සන්නඬ ව යුධට සැරසුනු බව දක්වති. ‘බළරැස්’ යන්නෙන් පදාතීන් (=පාබලයන්) ගත්හ.
663 අර්ථ:- උභයසෙනාචක්‍රය (=සමූහය) නො මඳ (=බොහෝ) සේ (කඬපතිනි=) හීයෙහි බැඳි පත්‍රයෙන් ඔවුනොවුන්හට (තමන් තමන්ගේ ) දර්‍ප සහිත වූ (මෙළි=) මොළ (=චණ්ඩ) කම් ද කරණලද ප්‍රතිඥා ද නම් ද හඟවා (=දන්වා) හසුන් (=සෙන්‍දශ) දුන්හ.
විස්තර:- එක් එක් භඉයා විදින හීයෙහි ලියුමක් වෙ යි. එහි ඔහුගේ නම ද, ඔහු කළ මොළකම් ද, ‘හීයෙන් විද තා මරමි. කඩුවෙන් දෙපළු කරමි’ යනාදි ප්‍රතිඥා ද සඳහන් වෙයි. එ බඳු ලියුම් සහිත ඊ දෙසෙනඟෙහි භටයෝ දෙපසට යැවූහ. යුඬ භටයන් අතර මෙබඳු සිරිතක් ඇති බව කාලිසාසයෝ ද- “ස්වනාමවිහ්නං නිචඛාන සායකම්” (රඝු 3 –55 ) “බාණාක්‍ෂරෛරෙව පරස්පරස්‍ය නාමොර්ජිතං චාලහෘතඃ ශශංසුඃ” (රඝු 7 – 38) “ඊවල ලියූ අකුරුවලින් ඔවුනොවුන්ගේ ප්‍රසිඬ නාමය ධනුර්‍ධරයෝ පැවසූහ” යනුවෙන් පවසති. එහෙත් ඊවල ලියුම් බැඳි බවක් නො කියති. ‘කඬපත්’ යන්න ‘කඬෙහි බැඳි පත්=කඩපත්’ යි ද, ‘කඬ ම පත්=කඩපත්’ යි ද දෙ අයුරකින් විග්‍රහ කළ හැකි ය. දෙ වැන්න කාලිදාසයන්ගේ කථාව හා ගැළපේ. ‘මෙළි’ යන්න ‘මොළ’ සදින් ඉ ප්‍රත්‍යය ව සිද්ධ යි. 664 අර්ථ:- දෙ සෙනඟ (වුහුටු=) යවන (=විදින) ලද (කඬින් කඩ ලැගැ=) ඊයෙන් ඊය ඇලී (සෙද=) වහා අහස වසන කල්හි චතුරඬ්ගසෙනාව (නො රෑ වැ ද=) රාත්‍රිය නුවුවත් ඔවුනොවුන්ට (ලක්=) ඉලක්ක බව (නො බිජු=) භජනය නො කළහ.
විස්තර:- දෙ සෙනඟ විදි ඊ කොතරම් අධික වී ද? යත් ඒ ඊ එකින් එක වැදී අහස වසන්නට තරම් වී ය. පොළොවට වැටෙන සූර්යයාලොකය ද එයින් නැවතින. රැයක් නුවුව ද අඳරු වී ය. එහෙයින් භටයෝ විද්ද යුතු ඉලක්කය බලා ගන්නට අසමර්ථ වූහ. කිසිවෙක් කිසිවෙකුගේ ඊපහරට ලක් නො වී ය. ‘බිජු’ යනු ‘බජ- බිජුම්හි’ දයින් සිද්ධ අතීතාඛ්‍යාත බහුවචන යි.
665 අර්ථ:- (අසිගස්නෙත්=) අසිඝර්‍ෂණයෙන් (=කඩු ගැටීමෙන්) (උදහන=) උඩට නැඟෙන ගිනිරොණින් (=ගිනිපුපුරු වලින්) දිව්‍යප්සරාවන් (ඇලැළෙත=) කැලඹෙන කල්හි සේ නා දෙක විද්දා වූ ශරයෝ (=ඊ) (අප්සරාවන්ගේ) බිය (බා=) බහා (=දුරු කර) නුබතෙලෙහි (=අහසෙහි) බැඳි ජාලවරණයක් දැක්වූහ.
විස්තර:- නව්‍යවල්ලභවරණාගතදිව්‍යකන්‍යකාජනයෝ යුදබිම් අහසෙහි සිටිති. යුද වැදුනු සෙබළුන්ගේ කඩු ගැටීමෙන් උපදනා ගිනිපුපුරු අහස පුරා විහිදී ය යි. එයින් දෙවඟනෝ බිය වෙති. එවිට ම සෙනඟ දෙ පස සිට විදිනා ලද, දෙ පසට යන ඊ, දැලක් මෙන් වීමෙන්, ඒ ගිනි පුපුරු අහසට නැඟුම වළක යි. එයින් දෙවඟනන්ගේ බිය පහ වෙයි. ‘බ’ යනු ‘බහ-බැහුම්හි’ දයින් සිද්ධ පූර්‍වක්‍රියා යි. බහා=බා (පැ.ස. සසඳනු)
666 අර්ථ:- වීර (බළන=) භටයෙනි, අද (විරු සග=) වීරය්වර්‍ගයට පැමිණෙවු. මේ යමරජුගේ අණ (ඉති=) ය යි (සපත්=) ලියුම් සහිත ව පැමිණි දූතයන් මෙන් ශරරාශිය දෙ සෙනඟෙහි දිවී ය.
විස්තර:- ‘විරුසග’ යනු යුද්ධයෙහි දී මළ වීරයන් උපදිතැයි වෛදිකයන් විසින් සැලකෙන ස්වර්‍ගය යි. “විරසග්ගාදි අත්‍ථං යුද්ධාදිවසෙන”යි විසුද්ධිමග්ගටීකාවෙහි ද “විරස්වර්‍ගදීන් පිණිස යුද්ධාදීන් කෙරේ”යි විශුඬිමාර්‍ගසන්නයෙහි ද (7 කාණ්ඩයේ 78 වන පිටුවෙහි සංස්කරණයේ තුන්වන කාණ්ඩයේ 1423 පිටුවේ) ද ‘වීර’ යි පෙණෙන්නේ මේ ‘වීර’ යන්නේ අශුද්ධපාඨයකි. දෙ සෙනඟෙහි ඊරැස දෙ පසට දිවෙ යි. මේ ඊවලින් පහර ලැබූවෝ නියතින් ම මැරෙති. යුද්ධයෙහි මළහු වීරස්වර්‍ගයෙහි උපදිත් ලු. යමයා නම් මරණයට අධිපති වූ දෙවියා ය. දෙව්ලොව ඉපදීමට හෙතු වන දෙය කළවුන් දෙව්ලොවට යැවීමත්, අන්‍යයන් අන්‍යස්ථානවලට යැවීමත් ඔහුගේ කාර්යයකි. දෙව්ලොව ඉපදීමට සුදුසු දෙය වීරභටයෝ කරති. ඔවුන්ගේ මරණයට හෙතු වන ඊ ඔවුන්ට දෙව්ලොවට යන්නට යමරජුගේ ආඥාව ගත් දූතයන් වැනි වෙයි. යමරජු ගැණ බෞද්ධග්‍රන්‍ථයන්හි ද සඳහන් වේ. කඩුව යමරජුගේ හසුන් පතක් සේ පද්‍යචූඩාමණිකාරයෝ ද (1- 34) දකිති. (මෙය හා පැරණිසන්නය ද සසඳනු.)
667 අර්ථ:- යොධභටයෝ ගිජිඳුන්ගේ (බඳ=) ශරීරය දෙ බෑ කර (ඉදිරියට) දුවන කල්හි (සමරඟණැ=) යුද්ධභූමියෙහි (නස්නා=) නටන (සියකවඳැ=) සියගණන් කබන්‍ධරූපයන්හි ද (සලක්=) සැලකිල්ලක් (=ආදරයක්) නො කළාහු ය.
විස්තර:- යොධභටයෝ ඇතුන් ද දෙපළු කර ගෙණ ඉදිරියට යති. එවිට නටන්නා වූ කබන්‍ධ සිය ගණන් හමු වෙයි. කබන්‍ධයන් නටන යුද්ධභූමිය අතිශය භයානක ය. මේ භටයෝ කබන්‍ධයන්ට ද නො බිය ව “මේ නටන්නේ මිනිසුන් නො ව කබන්‍ධ ය. එහෙයින් සැලකිල්ලක් දැක්විය යුතු ය. මළ මිනී වූ කබන්‍ධයන්ට පහර දීම අයුතු ය” යි කියා වත් නො සිතා ඊට ද පහර දී ගෙණ ඉදිරියට ම යති. මෙයින් භටයන්ගේ වීරභාවය දක්වති. ‘කවඳ’ යනු යුදබිමෙහි නටන, හිස නැති මළකඳට නමකි මිනිසුන් දහසක් හිස් කපනු ලැබ නැසැනු විට එයින් එකකට පිසාචයෙක් ආවෙශ වෙ යි. එවිට ඒ මළමිනිය නැඟිට නටන්නට පටන් ගණියි. ‘කබන්‍ධ’ නම් එය යි. (සි. ල. 283) මේ යුද බිමෙහි සියගණන් කබන්‍ධයෝ වූහ. කබන්‍ධ සියයක් වීමට නම් හිස් සුන් මිනී ලක්‍ෂයක් විය යුතු ය. හිස් සිඳීමෙන් පමණක් එතරම් මැරෙණ විට අනික් ලෙසින් මැරුණවුන් කෙළගණන් විය යුතු ය. ‘යෝබළහු’ යන්න ‘දවත, කොළෝ’ යන දෙක්හි ම කර්‍තෘ ය. එයින් ‘දවත’ යන්න අප්‍රධාන ය. ‘කොළෝ’ යන්න අවසාන ක්‍රියාව හෙයින් ප්‍රධාන ය. ප්‍රධානක්‍රියාව සලකා ම ‘යෝබළහු’යි ප්‍රථමාවිභක්ති ගැන්විය යුතු ය. ‘යෝබළන්’ යි යෙදීම වැරදි ය. ‘සලක්’ යනු ආදරාර්ථයෙහි යෙදේ. එය ම ප්‍රකෘති යි. (රුවන් 318) (අධොලිපියේ දැක්වූ පාඨ පිළිගන්නා පැරනිසන්නය කියන අර්ථ ගැළපේ දැ යි සලකනු. සන්නකාරයන් ‘සලක්’ යන්නට නිවැරදි අර්ථය දෙන්නේ පැරණි ගැටපදයක වහලින් විය යුතු ය.)
668 අර්ථ:- (බෙළෙක්=) භටයෙක් තමාගේ අත (සැකින්=) චක්‍රයෙන් (ලූ=) කැපූ (වරණහු=) ඇතා (රණට=) යුද්ධයට (යොදා) ගෙණ කඩුව සහිත වූ ඒ සිඳින ලද අත ම (පොවා=) දිගු කොට මනොරථය (සෑහී=) සිද්ධ කෙළේ ය.
විස්තර:- හස්තීහු චක්‍රායුධ ගෙණ යුද කෙරෙති. දුටුගැමුණු රජුගේ කඬුලැතා රියසකක් ගෙණ යුද කළබව මහාවංශයෙහි (25- 45) සඳහන් වේ. ඒ රියසක ය යි කියන ලද්දේ රියසකක් පමණ වූ චක්‍රායුධයකැයි හැඟේ. ගජසන්නිපාතයෙහි (=ඇත් යුදෙහි) චක්‍රායුධය යෙදෙන බව කාලිදාසයෝ ද කියති. (රඝු 7 – 46) මේ යුද්ධයෙහි ඇතෙක් සියසොඬින් ගත් චක්‍රායුධයෙන් භටයෙකුගේ අත කැපී ය. ඒ භටයා එයින් පසුබට නො වී ඒ ඇතු හා යුදට වනි. තමාගේ කඩුව ඒ කැපී වැටුනු අතෙහි ය. අනික් අතින් කඩුව සහිත වූ ඒ අත ඔසවා ගෙණ දිගු කොට පහරදී සියමනදොළ සම්පූර්‍ණ කළේ ය. මනදොළ නම් විරොධියා මැරීම යි. (පැ. ස. සසඳනු. ‘ලූ’ යන්න ‘ල’ -සිඳීමෙහි දයින් කර්‍තෘකාරක ‘ඌ’ ප්‍රත්‍යය ව සිද්ධ යි. ‘වරණ’ යන්නට විශෙෂණ යි. ‘පොවා’ යනු ‘පොවදිගු කිරීමෙහි’ සයින් සිද්ධ පූර්‍වක්‍රියා යි. “අත් බුදුන් දසාවට පොවපොවා” (පූජා. 182 – 9) යන්නෙහි ද මෙය මේ අර්ථයෙහි යෙදින. ‘සෑහි’ යනු ‘සාහ-සෑහීමෙහි’ දයින් සිද්ධ අතීත ක්‍රියාපද යි.
669 අර්ථ:- භටයෙකු කවච (=සන්නාහ) සහිත හස්තිකුම්භය (සෙද ලූ=) වහා කැපූ කඩුපත (ඉතිරි වේනෙන්=) ඉතිරි (=අධික) වූ වේගයෙන් හිස අවට භ්‍රමණය කොට පුඬුවක් (=මිටක්) සහිත ඡත්‍රයක (=කුඩයක) ශ්‍රීය භජනය කෙළේ ය.
විස්තර:- භටයෙක් සිය කගපතින් ඉතා වේගයෙන් ඇත්කුඹ කැපී ය. ඇත්කුඹ කැපීමට වඩා වෙගය ඉතිරි වී ය. එහෙයින් ඇත්කුඹ බිම වැටෙන්නට ද මත්තෙන් ඔහුගේ හිස වට ද කඩුපත (එහි අග අමුණුනු) ඇත්කුඹත් සමග වෙගයෙන් කරකැවුනේ ය. එවිට එය කුඩයක් මෙන් පෙණින. ඇත්කුඹ කුඩයෙහි වයල මෙන් ද, කඩුව එහි පුඩුව මෙන් ද වී ය. ‘පුඬුව’ නම් ඡත්‍රදණ්ඩ යි. (=කුඩමිට යි.) කඬ්ඛාවිතාරණපිටපොතෙහි (110 – 29 ) ‘ඡත්තදණ්ඩං’ යන්නට ‘කුඩපුඬුව’යි අර්ථ කීමෙන් හා සද්ධර්‍මාලඬ්කාරයෙහි (632 – 633) “මනොඥ වූ නාසිකාව භ්‍රෑයුග්ම නමැති නිල්පට්ටිකාවක් ඇති නලල්තල නමැති ස්වර්‍ණච්ඡත්‍රයෙහි රන්පුඬුවක් හා සමාන ය” යන පාඨයෙන් ද ඒ බව හැඟේ. කුඩය මුදුනෙහි තිබන අවයවය ‘පුඬුව’ ය යි කීම වැරදි ය. ඒ බව “මුදුනෙහි රන්මලින් විසිතුරු වූ දළපුඬු සේසත්” යන සද්ධර්‍මාලඬ්කාරපාඨයෙන් (204 -32 ) හැඟේ. මෙහි ‘ලු’ යන්න කරණකාරකයෙහි සිද්ධ ය. කැපීමට උපකාර වූයේ කගපත යි. ‘ඉතිරි’ යන්න ‘උතුර’ දයින් සිද්ධ කෘදන්ත යි. (පැ. ස. සසඳනු)
670 අර්ථ:- හස්තිශරීරය (හිඹිළි=) සින්දා වූ ලේ සහිත වූ (කඬ=) ඊ භටයන්ගේ (උර ලගුත්=) පපුවෙහි ඇණෙනවිට කෝපය නමැති වහ්නිය තෙමේ හෘදයෙන් (නො සෑහී=) තෘජන නො වී (නුබඳ=) අනුබද්ධ වූ (එකට බැඳුනු) (කිඳු=) රාජී-වැල් (දී=) ඇති කර උතුරා ගියාක් මෙනි.
විස්තර:- ඊ ඇතුන්ගේ ශරීර සිඳ ගෙණ ලේ සහිත ව අවුත් භටයන්ගේ පපුවෙහි ඇනෙ යි. එවිට ඒ ඊ ගිනිදැල් වැනි වේ. කවර නම් ගින්නක් ද? කොප නමැති ගින්න යි. භටයන් ගේ හෘදයෙහි කොපාග්නිය වෙ යි. කොපාග්නියෙහි පමණට හෘදය ඉඩ මඳ ය. එහෙයින් හෘදය පමණකින් තෘප්ත නො වී එයින් කොපාග්නිය උතුරා ගියේ නම් ඒ ඊ එබඳු ය. ‘හිඹිළි’ යනු ‘හුඹුස්’ දයින් සිද්ධ ය. එය ඡෙදනාර්ථයෙහි වැටේ. ‘හුඹුස්’ යන්න හා හුමුස්’ යන්න ද සමාන ය. ‘හුමුස්’ දයින් සිද්ධ ‘හුමූසූහ’ යන පදය “ඡෙදනමකංසු” යන්නට අර්ථ කීමට කසුප් රජහු යෙදූහ. (ධ ගැ. 107 – 1) ‘හුමසූහ’ යනු ලෙඛකදොෂයි. ‘තුස්’ දයින් ‘තිළි’ යි සිද්ධ වන්නාක් මෙන් ‘හුඹස්’ දයින් ‘හිඹිළි’ යි සිද්ධ වේ. පැරණිසන්නය ‘හිඹිළී’ යි ගෙණ ‘නික්මැ’ යි අර්ථ දක්වති.
671 අර්ථ:- වෙගය නමැති (නල=) මාරුතයාගේ ඝර්‍ෂණයෙන් (=ගැසීමෙන්) හැනුනු (=මිශ්‍ර වූ) හස්ති නමැති මෙඝයුග්මයාගේ ගැටීමෙන් (වූ) කුම්හරුධිරධාරව (සෙන‘ග=) හෙනගින්න ද මුතුරැස (වැහි) පොද රාශිය ද පෑයේ ය.
විස්තර:- හෙන ඇති වන්නේ වාතවෙගයෙන් මෙඝ (=වලාකුළු) දෙකක් එකට හැපීමෙනි. හස්තියා මෙඝයකි. උගේ ජවවෙගය වාතය යි. ඒ වෙගය නමැති වාතයෙන් හස්තිමෙඝ ඇනෙ යි. (=එකිනෙක හැපෙ යි.) ඒ ගැටුමෙන් (=පහර දිගැණුමෙන්) කුම්භස්ථලයෙන් රුධිරධාරා ගලන්ට වෙ යි. ඒ හෙනගින්න වැන්න. ඇතුන්ගේ කුම්භයෙහි (ගජ) මුතු වෙ යි. කුම්භය බිඳී ගිය විට ඒ මුතු පිටත වැගිරෙයි. එය වැහි පොද වැනි ය. පුරාතනයන් ද හෙන හටගන්නා සැබෑ පිළිවෙළ දැන සිටි බව මෙයින් හැඟේ.
672 අර්ථ:- (ඉයෝර=) තුනීරය (=හී දමන කොපුව) හිස් වත් ම තමන්ගේ පපුවෙන් (උපුරා=) උගුළා ඊ ඇර ගෙණ විදිනා කල්හි ඇතැම් දක්‍ෂ භටයෝ පපුවෙහි පළලට සතුටු වූහ.
විස්තර:- භටයෝ සිය හියොවුරෙහි ඊ අවසන් වූ විට ද නිකම් නො සිටිය හ. සතුරු පක්‍ෂය විසිනන් විදි ඊ ඔවුන්ගේ පපුවෙහි තිබෙ යි. ඔහු හියොවුරෙහි ඊ ඉවර වූ විට පපුවෙහි ඇනී තුබුනු ඊ උගුළා ගෙණ විදින්ට වන්හ. ඔවුන්ගේ පපුව පළල්වීම මහත් වාසියක් වී ය. ඊ වැඩි ගණනක් ඇනෙන්ට ඉඩ ලැබුනු හෙයිනි. එහෙයින් ඔහු තමාගේ පපුව පළල් වීමට සතුටු වූහ.
673 අර්ථ:- හස්තීන් උඩට නැඟුනු ඊ සියදහස්ගණනින් උජ්ජ්වලිත වූ දක්‍ෂ භටයෝ පර්‍වත නමැති රඬ්ගමණ්ඩලයෙහි පිල් (අඹළ=) විහිදවූ (=මොනරනළන්) මොනරනළුවන්ගේ (=නටන මොනරුන්ගේ) විලාසය ගෙණ ඇර දැක්වූහ.
විස්තර:- ඇතුන් මත හුන්නා වූ ඇඟෙහි අනුනු බොහෝ ඊ ඇති සෙබළෝ කඳු මත පිල් විදහා ගෙණ නටන්ට සැරසුනු මොනරනළුවන් වැනි වූහ.
674 අර්ථ:- කුම්භස්ථලයෙහි (සමහර=) කොටසක් ප්‍රවිෂ්ට වූ (හුරිරු අද=) ලේ වැකුනු (සක්අවි=) චක්‍රායුධය තෙමේ සන්‍ධ්‍යා ප්‍රභාවෙන් අලඬ්කෘත වූ අපරපර්‍වතකූටයෙහි චන්‍ද්‍රලෙඛාව දැක්වී ය.
විස්තර:- චක්‍රායුධ ඇත්කුඹ කපා ගෙණ ඇතුල් ව මඳක් පිටතට පෙණෙන සේ තිබින. එය ලෙයින් රත් වී ය. එවිට එය අපරපර්‍වතයෙහි රැඳුනු රක්තවර්‍ණසන්‍ධ්‍යාකාන්තියෙන් හෙබුනු සඳකලාව වැනි වී ය.
675 අර්ථ:- පහර දෙන ලද හස්තිකුම්භයෙන් (මුතු=) ගිලිහුනු මුතු ද, ලේ වැකුනු කුන්තායුධපඬ්ක්තිය ද විජයශ්‍රී (කාන්තාව) එන්නා වූ මාර්‍ගයෙහි දෙන (=යොදන) ලද විලඳ (=වීපොරි) වල ද වැටුප්වල (=ප්‍රදීපයන්හි) ද විලාසය ලද්දේ ය.
විස්තර:- ගජමුතු විලඳ මෙන් ද, ලේ වැකුනු කුන්තායුධ පහන්සිළු මෙන් ද පෙණිනි. ‘කුන්ත’ නම් ‘ලන්ස’ (=Lance) නම් ආයුධය යි සංස්කෘතකොෂකාරයෝ කියති. කසුප්මහරජහු “කුන්ත නම් විසූචි යැ” – (සූචි- උල් දෙකක් ඇත්තේ කුන්ත නමැ යි) (ධ. ගැ 260– 24) කියති.
676 අර්ථ:- ඛඬ්ගඝර්‍ෂණයෙන් මිදුනු ගිනිපුපුරු (සරපත්කඩ නෙලෙන්=) ඊයෙහි වූ (පක්‍ෂ) පත්‍රඛණ්ඩයෙන් හටගත් මාරුතයෙන් දිලියෙන (=මෙළවෙන) කල්හි නැංගා වූ ධූමරාජිය (=දුම්රොද) අප්සරාවන්ගේ අක්‍ෂුසඤ්චාරය (=බැල්ම) දුරු කෙළේ ය.
විස්තර:- කඩුගැටීමෙන් ගිනිපුපුරු හටගණී. ඒ ගිනිපුපුරු ඊවල බඳනා ලද ලෝතුඩුපියාපත් කැබලිවලින් නගින සුළඟින් මෙළවෙ යි. එවිට එයින් දුම් නඟි යි. ඒ දුම නිසා (යුදෙහි දී මැරීමෙන් දෙව්පුතුන් වන, අළුත් සැමියන් ලැබුමට ආ දෙවඟනන්ට යුදබිම දැක්ක හැකි නො වෙ යි.
677 අර්ථ:- ඡත්‍ර නමැති පියුම් ඇති, ධ්වජ නමැති මීන (=මත්ස්‍ය) සමූහයන් ඇති, (හය=) අශ්වයන් නමැති තරඬ්ග ඇති, (සර=) ඊ නමැති භෘඬ්ගයන් ඇති, යුද්ධභූමි නමැති විලෙහි සෙබළෝ කඩු නමැති දියදහරින් ක්‍රීඩා කළහ.
678 අර්ථ:- එකෙණෙහි විසුරුණා වූ ඔටුනු අතුරෙහි ඇතුන්ගේ (ලූ=) කැපූ (මස් සල=) මස් චඤ්චල වන (=නටන) (අත්=) සොඬ වැල් (වමිසියන්=) වල්මික (=තුඹස්) සියගණන්හි වදින්නා වූ සියගණන් නාගයන්ගේ (හවු=) ලීලාව (අළ=) එළවී ය.
විස්තර:- මේ යුදබිමෙහි වැටුනු වොටුනු සියගණනකි. ඒ හුඹස් මෙන් පෙණේ. ඇතුන්ගේ කැපූ සොඬවැල් එ අතර වැටී දඟලයි. (ජීවමාන සත්ත්‍වයෙකුගෙන් කපා වෙන් කළ අවයවය මඳ වේලාවක් යන තෙක් චඤ්චල වෙයි.) එසේ දඟලන ඒ සොඬවැල් හුඹස්වලට වදනා නයින් වැනි ය.
679 අර්ථ:- (ඇතෙකු විසින්) දෙදළින් උරබිත් (=ලපැත්ත) බිඳ උඩට නඟනලද සෙබළාගේ කඩුපහරින් වැටෙන්නා වූ (අවරණා=) අධොරණයාට (=හස්ත්‍යාරොහකයාට) (සිය සතර=) ස්වකීය සතුරා (වරණා=) හස්තියා වී ය.
විස්තර:- ඇතෙක් පපුවට දළින් ඇන අවුණා ගෙණ භටයෙකු එසෙවී ය. වීරභටයා ඒ ජීවිතසංශයාවස්ථාවෙහි ද ස්වකීය කාර්යය විස්මෘත නො කෙළේ ය. සිය කඩුපතින් ගසා ආධොරණයා (=නැඟීඋන්නහු) කැපී ය. ආධොරණයා වැටින. වැටුනේ ඔහුගේ සතුරෙකු මත ය. සිය සතුරා වරණා වූයේ එහෙයිනි. “හෙන’වරණා සිය සතර වී වරණා” යන්න “හෙත වරණා සිය දතරැවී වරණා” යි වෙනස් කළොත් “ආරොහකයා වැටෙන කල්හි වාරණයා සිය දත (=දළය) හැරවී ය” යි අර්ථ කිය හැකි ය. “ඇතා තමා අරා හුන්නහු මැරී වැටෙත්ම දෆළහි අමුණා ගණු ලැබූ භටයා දළෙන් ගලවා පිට උඩ හිඳුවා ගත්තේ ය” යනු අදහස යි. ඇතුගේ දළ විනිවිද ගිය හදවත ඇති භටයා ඇත්දළෙහි ඇමිණී සිට ගෙණ ම හස්ත්‍යාරොහකයා මරන්නට සමර්ථ වේ නම්, ඔහු ම දළෙන් ගැලවී ඒ ඇතු පිට ම නැඟීම නො විය හැක්කක් නො වේ. සන්නාහසන්නද්ධයෙකුගේ ශරීරය ඊ ආදියෙන් විනිවිද නමුත් වහා නො මැරෙණ බව බන්‍ධුලමල්ලසෙනාපතීන්ගේ කථාවෙන් හැඟේ. එය සඬ්ර්‍මරත්නාවලියෙහි පෙණේ. (මේ හා පැරණි සන්නය දෙන අර්ථ ද සසඳනු.
680 අර්ථ:- මහඊපහරින් (ඔරයුග=) ඌරුයුග්මය වැටෙන කල්හි (ගජරුවා=) හස්ත්‍යාරොහකයා උදයගිරිශීර්‍ෂයට (අරුණා=) ආරූඪ වූ අරුණයාගේ ශ්‍රීය (=ආකාරය) නො වින්දේ ද නො වී ය. (වින්දේ ම ය. ලැබී ම ය)
විස්තර:- ‘මහකඬ’ නම් අඩසඳ වැනි තලය ඇති ඊය යි. එය යෙදෙන්නේ ඉලක්කය කැපීමට ය. ඇතු පිට හුන් ඇතරුවාගේ ඌරුයුග්මය චන්‍ද්‍රාර්‍ධමුඛ ඇති මහඊයෙන් කපා හෙළන ලදී. එවිට හෙතෙමේ උදලපර්‍වතමස්තකාරූඪ වූ අරුණයාගේ ආකාරය ලැබී ය. කවර හෙයින් ද? ඌරුයුග්මය නැති හෙයිනි. ඇතරුවාගෙන් වැගිරෙණ ලෙයින් රතු වූ ඇතා උදාගිර වැනි ය. ‘අරුණ’ යනු දෙවියෙකු වශයෙන් කවීන් විසින් මූර්‍තතිමත් කරණ ලද අරුණාලොකය යි. එය සූර්යයාට පෙරටුව යන හෙයින් සූර්යයාගේ රියදුරා ලෙසද තකනු ලැබේ. “ඌරු කලවා-පා-නැත්තා’ යන අර්ථ ඇති ‘අනුරු’ යන නමක් ද අරුණයාහට තිබේ. මොහුගේ මව ලෙස සැලකෙන විනතාව මොහු බිජුවට තුළ වැඩෙන්ට නිසි කල් ගත වන වන්ට මත්තෙන් ඉපදවූ හෙයින් මෙතෙමේ ‘අනූරු’ වී ල. (මහාභාරත- අනුශාසන පර්‍ව 12 අධ්‍යාය) ‘අරුණා’ යනු ‘අරුණු’ සදින් සිද්ධ ය. විශේෂණයන්ගෙන් පර ව යෙදුනු විබත් ලොප් කිරීම සිංහලයෙහි ප්‍රචලිත රීතිය වුවත් සමහර තැන් විබත් නො ලොපා ද යොදනු ලැබේ. මේ එබඳු තැනකි. ‘අරුණු’ සද ආරූඪ වීමෙහි වැටෙන ‘අර’ දයින් නිපදේ. මෙහි අකාරයට ඇකාරය වීම අනියත ය. එහෙයින් ම කසුප්රජහු “උදෙනා අරුණු ඇත්හු වරා” (ධ. ගැ. 68- 27) යන තන්හි ද සිදත්සඟරාකතුවරයෝ “අනුරුත්අරුණුසද” යන තන්හි ද ආරූඪාර්ථයෙහි ‘අරුණු’ සද ම යෙදූ හ.
681 අර්ථ:- ඡෙක වූ රිපුභටයෙක් සංරොෂයෙන් (=අධික කොප යෙන්) සැව්ව වට කොට (=වටේට කරකවා) හයන (=අදින) කල්හි තමාගේ හිස කපතැ (වී=) යි දෙසෙනඟෙහි භටයන්ගේ සැකය ඉපදවී ය.
විස්තර:- භටයෙක් අවට කරකැවෙමින් දුන්න නැඟි ය. හේ අධිකරොෂයෙන් යුක්ත වී ය. ඒ දුටු උභය සෙනාවෙහි ම භටයෝ ඔහු තමතමාගේ ම හිස කපතැයි සැක කළහ. ස්වපක්‍ෂයෙහි භටයන් සැක කෙළේ ඒ භටයා සරොසින් සිටි හෙයිනි. අධිකකොපයෙන් යුක්ත වූයේ කර්‍තව්‍යකර්‍තව්‍ය විස්මරණය කෙරෙ යි. “කපත් වි” යන්න “කපත් යි” යන්නට සමාන ය. සංශය ගර්‍භක්‍රියාපදයක් හෙයින් බහුවචනාත්න්ත වී ය. එහි කර්‍තෘපදය වශයෙන් ‘ඔහු’ ‘මොහු’ යන දෙකින් එකක් අධ්‍යහාර කටයුතු ය. “බෙළෙක්” යන්න ‘දැනැවී’ යන්නෙහි උක්තකර්‍තෘපදය යි.
682 අර්ථ:- (ඩහටොට=) දෂ්ට ඔෂ්ඨ (=විකා ගත් තොල්) ඇති (කගත=) කඩු ගත් අත් ඇති (සුන් මැද=) මැදින් කැපූ (කෙළින්) හුන්නා වූ දරුණු වූ යොධශරීර රුධිරාර්ද්‍රභූමියෙන් දානවයන් (දනන=) උපදින විලාසයක් දැක්වී ය.
විස්තර:- දානවයෝ නම් ක්‍රෑර යක්‍ෂ කෙනෙකි. (ජා.ගැ. 67 - 29). යොධශරීරයන්හි තිබෙන සේ මෙහි දැක්වූ ලක්‍ෂණ දානවශරීරයන්හි ද තිබේ. එහෙයින් ඒ යොධශරීර යුද්ධභූමිෙයහි මරණ ලද දානවයන් නැවත උපදින අකාරයක් දැක්වී ය. යුද්ධ- භූමිෙයහි දෙවියන් විසින් මැරූ දානවයන් අසුරගුර වූ ශක්‍ර තෙමේ විද්‍යාබලයෙන් නැවත ඉපදවී ය යි මහාභාරතයෙහි (ආදිපර්‍ව 60- 6, 7) සඳහන් වේ. ‘ඩහටොට’ යන්න සමහර පිටපත්හි ‘ඩැහැටොට’යි පෙණේ. සියබස්ලකරෙහි (309 ගීය) ද මේ පදය ම යෙදින.
683 අර්ථ:- (සුන්=) කැපූ (සුහුණු=) ඉතා උණුසුම් වූ හස්තිශීර්‍ෂ කබන්‍ධශරීරයන්හි (සුහුණු වැ හෙත=) සුස්පෘෂ්ට (=හොඳට පෑස්සෙන) සේ වැටෙන කල්හි ඒ යුද්ධයෙහි සාහසික ව නටන ගණදෙවසමූහයාගේ විලාසය ලැබී ය.
විස්තර:- මේ රණබිම්හි කබන්‍ධශරීර (667 ගීය බලනු) නටයි. කැපූ ඇත්ඔලු බෙල්ලට බෙල්ල හොඳට පෑස්සෙන සේ ඒ මතුවෙහි වැටෙයි. එවිට ඒ කබන්‍ධරූපයෝ නටන්නා වූ ගණදෙවි සමූහයක් මෙන් පෙණෙත්. ගණදෙවියා නම් උමාවගේ පුතෙකි. මෙහෙසුරාගේ සෙවක ගණයාට අධිපති හෙයින් ‘ගණපති’ ‘ගනදෙවි’ යනාදී නම් යෙදේ. ඔහුගේ ගෙලෙන් උඩ ඇත්මුහුණකි. යට මිනිස්සිරුර වැනි ය. ඔහු ලදරු කල්හි සෙනසුරා විසින් බැලීමෙන් ම හිස වනසා දමන ලදී. පසු ව විෂ්ණු ඒ කඳට ඇත් හිසක් පෑස්සී ය. ඔහුට මුල දී දළ දෙකම තුබුනු නමුත් පසුව පරශුරාමයා සමග වූ කලහයකදී එකක් බිඳී ගියේ ල. ගණදෙවිහෑලිකාරයෝ “අඹ ගෙඩියක් උදෙසා තම චිත්තේ ලොබ කොට දිව ගොස් දළ බිඳ ගත්තේ” ය යි කියති. ඒ කබන්‍ධරූප සමාන වන්නේ දළ දෙක ම ඇති ව සිටි ගණ දෙවියාට ය දැන් සිටින ගණදෙවියාට සමාන වන්නට නම් එක් දළක් බැගින් කැපිය යුතු ය. ‘පුහුණු’ යන්න ‘ඉතා උණුසුම්’ යන අර්ථය දෙයි. සුහුණු නුවුවොත් පෑස්සීම නොහොඳ වෙ යි. අනික් ‘සුහුනු’ යන්න ‘සු’ පූර්‍ව ‘හෙ’ දයින් සිද්ධ ය යි හැඟේ. ‘හොඳට වැටුනු-හැපුනු’ යනු අර්ථ යි. මේ පදය “පියන ඉකිලිය ගස් (=හා) සුහුණු නො වන සේ” (ධ.ගැ.237 -26) යන තන්හි ද පෙණේ. “සුඵස්සිතං” යන්නට අර්ථ කීමට (ධ. ගැ 118 – 2) යෙදුනු “සුවුනු’ යන්න ද ‘සුහුනු’ යන්නෙහි හකාරයට වකාරය වීමෙන් සිද්ධ ය. ධම්පියාඅටුවාගැටපදයෙහි 200 වැනි පිටෙහි 18 වැනි පෙළෙහි යෙදුනු ‘සුවුනු’ යන්න ද ‘සුවුනු’යි හෝ ‘සුහුනු’යි විය යුතු ය. පැරණිසන්නකාරයෝ මේ අර්ථය තබා පදය වත් නො දකිති.
681 අර්ථ:- රිපු සේනාව (තම සෙනඟ) මඬනා කල්හි (පසුගත්=) පශ්චාද්භාගය (=පසු බැසීම) ගත්තා වූ තමාගේ සෙනඟ බලමින් එකෙණෙහි මඳ මඳ (දසන් මෙරජිත්=) දන්තකාන්තීන් (ලවනත=) තොල් සරහමින් (=සිනාසෙමින්)-
685 අර්ථ:- මදුනිරිඳු තෙමේ එ දවස්හි සාහසික වෙමින් (කිරිඳු=) ඇත්රජු (මෙහෙයා=) ඉදිරියට දක්කා සතුරන්ගේ මුදුනෙහි වැටනු කඩු නමැති හෙන (සුවහසින්=) සියදහසින් අත්දහස් දැක්වී ය.
විස්තර:- මදු රජුගේ සෙනඟ රුපුසෙන් හා වීර ලෙස යුද කර පසු බසින්ට වී ය. යුදට සැරසි ආ සත් රජකෙනෙකුන්ගේ සත් සෙනඟකින් එක රජකෙනෙකුන්ගේ, යුද සඳහා නො සැරසී සිටි, එක සෙනඟක් පැරදෙනු පුදුමයක් නො වේ. සියසෙනග පසු බසිනු දුටු මදුරජ තෙමේ ස්වකීය වීරත්‍වය දැක්වීමට අවස්ථාව ලැබීමේ ප්‍රීතියෙන් මඳ සිනාවක් කෙළේ ය. මඳ සිනා කරණ විට මඳමඳදසන්මෙරජින් ලවනත සැදෙ යි. ඉක්බිති සැහැසෙමින් සිය ඇත්රජු මෙහෙයා රුපු සෙනඟ මැදට වැදී රුපුන් මත ලක්‍ෂ ගණන් කඩුපහර නමැති සෙනපහර දෙන්ට වී ය. ඒ සා පහර දීම අත් දහස්ගණනක් නැතියෙකු විසින් නො කට හැකි තරම් වී ය. ‘අත්දහස් පෑ’ යි කීයේ එහෙයිනි.
686 අර්ථ:- එනිරිඳු තෙමේ ඇතුන්ගේ ශරීර (සෙද ලා=) වහා කපා පුරුදු කළ ඛඬ්ගය (අවැටහි රුපුන් ඔසුන් කළ ද=) හාත් පස්හි සතුරන් අවච්ඡින්න (=සිඳීම) කළත් ඉලක්කය නො ගත්තේ (=පහර වැරදවී) ය යි සිතින් සිතී ය.
විස්තර:- මදුරජ කඩුසරඹයෙහි ඉතා පුහුණු ය. ඇත්කඳන් පවා වහා කපා පුරුදු ය. එදා එතුමාගේ කඩුව සතුරන් ලක්‍ෂ ගණන් වැනසී ය. එහෙත් එතුමා එයින් තෘප්ත නො වී ය. තමාගේ කඩුව පහර වරදවුව යි අතිශයින් සිතී ය. රජුගේ වීරත්‍වයත් රුපුසෙනඟෙහි අතිශයාධික්‍යයත් ඊට හෙතු ය. ‘ඔසුන්’ යන්න ‘ඔ’ පූර්‍ව ‘සිඳු’ දයින් සිද්ධ ය, ‘හැඟි ලෙන්’ (=සිතින් සිතී) යන්න අතිශයාර්ථයක් දෙන හෙයින් නිදොස් ය. නො එසේ වුවොත් විශෙෂණාපෙක්‍ෂකදොෂය හෝ අධිකපදතා දොෂය වෙයි.
687 අර්ථ:- මදුරජ නැඟි ගජරජ තෙමේ ඒ යුද්ධයෙහි (නො රජුන්=) ක්‍ෂත්‍රීය නො වූවන් නො ගත්තේ ය. (පලඟ=) රාහු තෙමේ නභෘස්ථලයෙහි පුන්සඳ මිස ග්‍රහතාරකා ගිලී ද?
විස්තර:- රාහු පුන්සඳ ම මිස ග්‍රහතාරකා නො අල්ල යි. එ මෙන් ම මදුරජුගේ ඇත්රජ ක්‍ෂත්‍රිය නුවූ සතුරන් වෙතට නො ගියේ ය. ‘පලඟ’ යනු රාහුට නමකි. (රුවන් 69) ‘ගහතරු’ නම් සූර්යයා අවට භ්‍රමණය කරණ චන්‍ද්‍ර, කුජ, බුධාදී නම්වලින් හඳුන්වනු ලබන තාරකා යි. අපේ සූර්යයා අවට භ්‍රමණය කරණ තාරකා බොහෝ ය. ඒ තරු ‘ගහ’ නම් නො වේ. මෙහි ‘ගහ’ යන්නෙන් චන්‍ද්‍රයා හැර සෙසු ග්‍රහතාරකා ද, ‘තරු’ යන්නෙන් අන්‍යතාරකා ද ගැණේ.
688 අර්ථ:- එ නිරිඳු හස්ති නමැති මෙරුමත්‍ථයෙන් (රුදු=) මහත් වූ සතුරු (සෙනග) නමැති සයුර අලළන (=කලඹන) කල්හි (අඹරැ=) අහසෙහි සුරයුවතීන්ගේ ස්තුතිශතසහස්‍ර නමැති අමෘත රසය වින්ඳේ ය.
විස්තර:- මදුරජු ඇතු පිට නැඟී රුපුසෙනඟ මැදට වැද රුපුන් මරණ විට අහසෙහි සිටි ලක්‍ෂගණන් දෙවඟනෝ ඔහුට ස්තුති කරන්ට වන්හ. යුදෙහි මැරෙණ වීරයන් ඔවුන් වෙත උපදින හෙයින් හොඳ හොඳ නව්‍යවල්ලභයන් තෝරා ගැණීමට ඒ රජු උපකාර වන හෙයිනි. ‘මත’ නම් කැලඹීමට ගන්නා දණ්ඩ යි. බොහෝ සිංහල කවීන් සයුර කැලඹීමට මෙරුපර්‍වකතය මන්‍ථනදණ්ඩකොට ගණිතත් සංස්කෘත කවීහු මන්‍දරපර්‍වතය ම යෙදූහ. සිරිරහල්මාහිමියෝ ද සංස්කෘත කවීන්ට අනුගත වූහ. (පරෙවි 50) අධොලිපියෙහි දැක්වූ පාඨ ගන්නා පැරණි සන්නකාරයෝ කුමක් කියත් දැ යි බලනු.
689 අර්ථ:- රිපුසෙනා තොමෝ මදුනිරිඳුහුගේ මත්ගජරජුගේ කුම්භයට (වුහුටු=) යැවූ (=විදිනාලද), සන්‍ධ්‍යාප්‍රභාවෙන් ආර්ද්‍ර වූ චන්‍ද්‍රලෙඛාවෙහි ශ්‍රීය කළා වූ, (කඬතුඩු=) ඊතුඬු (=ඊතල) දුටුවා ය.
විස්තර:- ඇතුගේ කුම්භස්ථලය අපරපර්‍වතය වැනි ය. කුම්භය විනිවිද ගොස් අනික් පසින් මඳක් නිකුත් වූ, ලේ තැවරුණු, ඊවල තල අපරපර්‍වතයෙහි රඳන සන්‍ධ්‍යාකාන්තිය වැකුනු සඳකලා වැනි ය. සතුරු සේනාව කඬතුඩු දුටුවා පමණකි. එයින් වූ හානියක් නුදුටුවා ය. ඇතු නො මළ හෙයිනි. ඒ ඇතා එතරම් බලවත් ය. පීඩා ඉවසීමෙහි සමර්ථ ය.
690 අර්ථ:- විභෙද (=දෙ බෑ-දෙ පළු) කළ සාගරයෙහි ජල භිත්ති හාත්පසින් (දවත්=) දිවෙන කල්හි (ඒනි=) එයින් මිදුනු ගරුඩෙන්‍ද්‍ර යාගේ දර්‍පය (ඉඳු=) රජතෙමේ රුපුන් මැදෙහි පෑයේ ය.
විස්තර:- ‘ගුරුළු’ යනු නයින්ට සතුරු වූ මහාපක්‍ෂි විශෙෂයකි. ඔහු මුහුද පත්ලෙහි වසන නයින් අල්ලා කති. නාලොවට යනු කැමැත්තාහු පියාපතින් නැංවූ වාතයෙන් මුහුදු දිය දෙබේ කරති. දෙබේ කළ දිය එක් නො වන තුරු නාලොවට බැස නයින් අල්ලා ගෙණ අවුත් නියෙන් හිස පළා මේදස් අනුභව කරති. (බු. ස නෙන්‍දපනන්‍ද දමනය) මුහුදු දිය එක් වන්නට මත්තෙන් නො නැංගොත් ගුරුළා පෙරළා ඉස නො හැකි වෙ යි. (පණ්ඩරනාග ජාතකය බලනු) මුහුදුදිය දෙබේ කර පතුලට වදින්ට හා එයින් නැඟෙන්ටත් ගුරුළා ගත කරණ කාලය ඉතාමත් ස්වල්ප ය. ඒ සඳහා ඔහුට මහත් ජවයක් හා දර්‍පයක් ද අවශ්‍ය ය. මදුරජ සතුරන් මැදට වහා වැද සතුරන් මරා ඔවුන්ට අසු නො වී සිය සෙනඟ මැදට පැමිණියේ ය.
691 අර්ථ:- රුපුන්ගේ ගෙලෙහි ලෙයින් ඉපිලි (=පා වූ) අත් කඳන් ඇති රණදෙරණ (වනාහි) අඤ්ජනකූටපර්‍වතසහස්‍රයන්ගෙන් ආකූල වූ (පැළ=) පශ්චිමසාගරය (කියලී=) ප්‍රකාශ කෙළේ ය.
විස්තර:- ඒ යුදබිමෙහි මළ ඇතුන්ගේ සිරුරු සතුරන්ගේ කැපූ ගෙලෙන් වැගුරුණු ලෙයින් පා වන්නට වන. එහෙයින් ඒ යුදබිම අඳුන්ගල්කුළු සියදහස් ගණන් ගැවසුනු පශ්චිම සාගරය වැනි වී ය. ඇත්සිරුරු අඳුන්ගල්කුළු වැනි ද, යුදබිම පශ්චිමසාගරය වැනි ද වී ය. ‘පැළමුහුද’ නම් මහමෙර පශ්චිමදිශාවෙහි සාගරය යි. මහමෙර පශ්චිමදිශාව පබළුමය යි. එහෙයින් එ දිග මුහුද පබළුයෙහි පෑ සේ රත. (බු. ස 77 අංශය)
692 අර්ථ:- (බුන්=) බිඳුනා වූ තමාගේ සිවුරගසෙනඟ (ඉහි=) සමග (යා ගත්=) ගමන් ගත් මදුරජ තෙමේ (දිතබලන්=) දෛත්‍ය (=අසුර) භටයන් අතින් (ගෙල් ලද=) පහර ලබා (පුර=) (සිය දෙව්) පුරයට දුවන (මුරුන්=) දෙවියන් දැක් වී ය.
විස්තර:- සුරාසුරයුද්ධය සද්ධර්‍මරත්නාවලියෙහි මහාලී ප්‍රශ්න වස්තුව ආදියෙන් දත හැකි ය. මහාභාරතආදියෙහි ද මේ සුරාසුරයුද්ධය වර්ණිත ය. දෙවියෝ බලවත් වුව ද, වීරතර වුව ද, සමහර විට පැරදෙත් ල. පැරද තව්තිසා දෙව්ලොවට පලා යෙත් ල. ‘දිත’ යනු අසුරයන්ට නමකි. ‘දිති’ නමැත්තියගේ දරු මුනුබුරන් හෙයින් ඒ නම යෙදේ. ‘ලද’ යනු ලද්ධා’ යන පාලි පූර්‍වක්‍රියාපදයෙන් බිඳුනු, සිංහලයෙහි නිපාතවිධියෙන් සිද්ධ කරණු ලබන, පූර්‍වකියානිපාතපදයකි. සිදතෙහි “මෙහෙයුම් ලද නො ලද” යන තන්හි මේ පූර්‍වක්‍රියාපදය යෙදින. ‘ලදින්’ යන රූපය ‘ලද්ධාන’ යන්නෙන් එයි.
මදුරජුගේ ප්‍රකාශය හා මා බිසෙවු වැලපුම.
693. 694. 695 අර්ථ:- ඒ නිරිඳු තෙමේ බියෙන් කැලඹී පබවත කැඳවී ය. මෙය ද කී ය:- “මේ (හව්) සියලු නිරිඳුන් මුදුනෙහි පා නිය (තර=) රැස් (බිසෙවු=) අභිෂෙක දුන්නා වූ - “මහාසත්‍ව ඒ වීරයා (ඉහි=) හා ඒ ගෘහවාසයට ගර්‍හා කොට ආවා වූ තී හෙතු කොට පත් විපත්රැස, ප්‍රභාවතිය, දැන් (පිළිබහන්=) ප්‍රතිබාධනය කරණු (=වළක්වනු) “තී සත් කොටස් කොට (=සතට කපා) මේ ආවා වූ රජුන්ට (පියොදා=) යවා මට ද මාගේ සිවුරඟසෙනඟට ද (පිරිපත් මුත්=) පරිපන්ථයෙන් මුක්ත (=උවදුරින් තොර වූ) ශාන්තිය දරමි. (=යහපත කරමි)”
විස්තර:- “හව් නිරිඳුන්” යනාදීන් කුසරජුගේ පා මුල මේ රජුන් හිස තබා වඳින බවත්, එයින් ම කුසරජ අධිරාජ ය යන බවත් දක්වති. ‘මෙ ද වි’ යන තැන ‘ද’ නිපාත අන්වාචයාර්ථ යි. වාක්‍ය දෙකක් හෝ ක්‍රියා දෙකක් සම්බන්‍ධ කරන්නේ අන්වාචය යි. ‘පිළිබහන්’ යනු ‘පිළිබහ’ ධාතුවෙන් සිද්ධ ‘පිළිබහුනු’ යන්නෙහි උකාරලොපයෙන් සිද්ධ යි.
696 අර්ථ:- ‘බෙදා යවමි’ යි කියත් ම පබවත් තොමෝ (කැපෙමින්=) කම්පිත වෙමින් (කඳුළුමුඩු) කඳුලින් මණ්ඩිත (=සැරසුන හෝ ගහන) වූ නොහොත් (උළු කඳ මුඬු=) උඩු (=තාරකා) සමූහයෙන් හිස් වූ (වුවන්සඳ=) වක්ත්‍රචන්‍ද්‍රයා එ නිරිඳුගේ පාපියුමෙහි (කිබිසි කළ=) නැමුවා ය.
විස්තර:- “වුවන්සඳ” යනාදීන් රජුගේ පාමුල පබවතගේ මුහුණ යටිකුරු කර තැබූ බව දක්වති. එසේ වන්නේ පාමුල හිස තබා වැඳීමෙනි. ‘කැපෙමින්’ යනු ‘කප’ දයින් ද ‘කිබිසි’ යනු ‘කුබුස්’ දයින් ද සිද්ධ යි. “කුබුස්වා’යි ජා. ගැ. 41 – 32 වැනි පෙළෙහි පෙණේ. “මුඬු” යන්න ‘මුසු’ යි ගෙණ ‘යුක්ත’ යි පැරණි සන්නය අර්ථ කියතත් පැරණි පිටපත්හි ගීපෙළෙහි එන්නේ ‘මඬු’, ‘මුඬු’ යන පාඨ ය. ‘මුඬු’ සද ‘මුඬුබිම්’ යනාදි තන්හි ‘හිස්’ යන අර්ථය ද “මුවරඳ මුඬු මීබිඳු මමන කල්හි” (ධ. ප්‍ර. 54 අංශය) යනාදී තන්හි ‘මණ්ඩිත, ගහන’ යන අර්ථය ද දෙ යි.
697 අර්ථ:- (කියත්පත්=) ක්‍රකචපත්‍ර ගෙණ අවුත් (ලිය අනු=) ලතාවක් වැනි ඒ කාන්තාව (ලියනුවස්=) කපනු පිණිස ඇණවූ (=නියොග කළ) කල්හි අන්තඃපුරස්ත්‍රීන් හා (මා=) මවුබිසෙවු තොමෝ විලාපයෙන් මේ වචන කියුවා ය.
විස්තර:- “නියොග කළ කල්හි” යි පාඨයක් පැරණි සන්නය දක්වතත්, ඒ අර්ථය දෙන වචනයක් සන්නයෙහි හෝ එහි ගී පෙළෙහි හෝ නැත. මෙහි ‘අණවත’ යන්න යෙදුනේ ඒ ඌනත්‍වය පුරවනු පිණිස යි.
698 අර්ථ:- පදාර්ථයන්හි (=ද්‍රව්‍යයන්හි) යම්සෞම්‍යයක් (වූයේ) නම් (එය) මහිෂයානාවස්ථාවට ලං වී ය. අද කන්‍දර්‍පයාගේ දර්‍පය ද බිඳුනේ ය. සිත නමැති ගෘහයෙහි දිලියුනු (වැට=) ප්‍රදීපය නිවුනේ ය.
විස්තර:- ද්‍රව්‍යයන්හි යම් සුන්‍දරභාවෙයක් වේ නම්, එය පබවත හිමි කොට ඇත්තේ වේ. පබවත ම සෞන්දර්යයේ සාරය වේ. පබවත නැති වන්ට ආසන්න වූ මේ අවස්ථාවෙහි ද්‍රව්‍යයන්ගේ ඒ සෞන්දර්යසාරය ද මිහියන්වරට- දශවත අවස්ථාවට- මරණයට ආසන්න වී ය. අනඬ්ගයා එඩි සහිත වූයේ පබවත නිසා ය. අද අනඬ්ගයාගේ ඒ එඩිය ද බිඳුනේ ය. පබවත නිසා සිත් ආලොකවත් වී ය. එහෙයින් පබවත අපගේ සිත් නමැති ගෙවල්හි දැල්වූ පහන ය. අහෝ! අද ඒ නිවී ගියේ ය. ‘පදඅත්’ යනු ද්‍රව්‍යයන්ට කියන නමකි. ‘පද’ යනු අර්ථප්‍රකාශක වචන ය. සියලුම ද්‍රව්‍යය වචනයන්ගෙන් හඳුන්වනු ලැබේ. එහෙයින් ‘පදයන්ගේ අර්ථ’ යන අර්ථ ඇති ‘පදාර්ථ’ ශබ්දය ද්‍රව්‍යවාචී වේ. ‘මිහියන්වරට’ යන්න ‘මිහිපැන්වරට’ යි ගෙණ “මධුපානාවස්ථාවට” ය යි අර්ථ කියා “දශවන අවස්ථාවට ය යි සේ යි” යන විවරනයක් ද පැරණිසන්නය දෙයි. මධුපානාවස්ථාව හා දශවන අවස්ථාවත් එකක් නො ව දෙකකි. මධුපානය වනාහී තරුණාවස්ථාවෙහි සිටියන් විසින් ප්‍රීතියෙන් කරණු ලබන්නකි. (මෙහි 281 – 305 ගි බලනු) දශවන අවස්ථාව නම් ජීවිතයක් බෙදන අවස්ථාවන්ගෙන් අන්තිම එක වූ ශයනාවස්ථාව හෝ මරණ අවස්ථාව යි. පූජාවලියෙහි ගඬ්ගාරොහණපූජාකථාවෙහි පෙණෙන “එ කෙණෙහි දශවන අවස්ථාවෙහි ලෙඩින් මියන්ට හොත් සත්‍වයෝ” යන පාඨයෙන් ද මහල්ලන්ට නමක් වූ “දශම්ස්ථ” යන්නෙන් ද “දශමේ මරණම් භවෙත්” යනුෙවන් ද දශවන අවස්ථාව මරණාවස්ථාව ය යන බව ස්ඵුට වේ. ප්‍රීතිදායක වූ මධුපානාවස්ථාව දුඃඛදායක වූ දශවන අවස්ථාව ය යි කීම වැරදි ය. ‘මිහිපැන්’ යන අපපාඨය මේ වැරැද්දට හෙතු වි ය. ‘මිහියන්’ යන්න ‘මිහිපැන්’ යි අව්‍යකතලෙඛකයන් විසින් වැරදවීම ඉතා පහසු ය. ඒ වැරදි පාඨය දුටු, වැඩිදුර නො සැලකූ සන්නකාරයන් පුරාණ ගැටපදවිවරණයක වූ “මහිෂයානාවස්ථාවට දශවන අවස්ථාවට ය යි සේ යි” යන්නෙහි ‘මහිෂයානාවස්ථා’ යනු ‘මධුපානාවස්ථා’ යි ෙවනස් කළහ යි හැඟේ. ‘මිහියන්’ යනු යමයාට නමකි. මහිෂ යෙකු (=මීගොනෙකු) යානය -වාහනය කොට සිටින හෙයින් හේ ඒ නම් වේ. (රුවන් 39) යමරජ මරණයට අධිපති දෙවියා ය. එහෙයින් දශමාවස්ථාවට ද ඔහු අයත් ය. ‘මිහියන්වරට ලඟ වී’ යනුවෙන් මරණයට -විනාශයට- ලඟ බව හඟවති. ‘බින්’ යනු ‘බිඳ’ දයින් සිද්ධ අතීතාඛ්‍යාතඑකවචනය යි. ‘යම්’ සද යෙදුනු තැන ‘එ’ සද නො යෙදුනත් එය අධ්‍යහාර කරණු ලැබේ. ‘යම් සොමි’ය යොදා ‘එ මිහියන් වරට’ යි ‘එ’ සද නො යෙදුනේ එහෙයිනි.
699 අර්ථ:- අද සංසාරය නිස්සාර වී ය. මුළුලොව හිස් වූ පැතුම් අත්තේ වී ය. අද විශ්‍රම්භාකරය සුන් වී ය. (=සිඳුනේ හෝ ශූන්‍ය වී ය. අද ලොකයාගේ (නුවන්සැණ=) නෙත්‍රොත්සව (හළ=) හැරුණේ ය.
විස්තර:- සසර සරු වූයේ පබවත නිසා ය. ඇය නැත්නම් සසරෙහි කිසි ම සරුබවක් නැත. පබවත නැති වන අද සසර නිසරු වී ය. මුළුලොවට පතන්ට දෙයක් අද ඉතිරි නො වේ. එහෙයින් මුළු ලෙව්හි පැතුම හිස් (=නිෂ්ඵල) වී ය. පබවත ම විශ්‍රම්භයට - ප්‍රෙමයට - ආකාර ය. එය ද අද නැති වේ. ලොකයාගේ නෙත්‍රසුඛානුභවය ද අද දුරු වී ය. ‘අද’යි මේ ගීයෙහි තුන් තැනක යෙදින. මෙ බඳු විලාපයන්හි එබඳු පුනරුක්ති අලඬ්කාරය පිණිස ම වේ.
700 අර්ථ:- මෙසේ නිරන්තරයෙන් විලාපය වන කල්හි (කලකුළු=) (එයින්) වෙහෙසුනු පියරජ තෙමේ ‘ශ්‍රී සාර වූ කුශප්‍රියයා (පියා=) හැර ආ බවෙහි ලාභය ලැබේ’ ( ය යි) කී ය. විස්තර:- ‘කලකුළු’ යනු ‘කලකුරු’ දයින් සිද්ධ යි. ඒ දය ක්ලාන්ත වීමෙහි (=වෙහෙස වීමෙහි) වැටේ. “න කිලමිත්‍ථ=නො කල කුළුව ද” (ධ.ගැ 97-22) “මහගිමින් කලකුළු සුලුකලුඟු කුමරහු” (ධ. ප්‍ර 271 පිටුව) යන පාඨයන්ගෙන් ඒ අර්ථය පැහැදිලි වේ. “අකාරණයේ කකුල් කලකුරුවා නො ඇවිද” (අමාවතුර -නාලාගිරිදමනය) යන තන්හි ධාතුප්‍රකෘතිය පෙණේ.