Jump to content

කව්සිළුමිණ-කව්සිළුමිණ-xviii

Wikibooks වෙතින්

701 අර්ථ:- ඒ නරවර තෙමේ (කොවින්=) කොපයෙන් බලා හිස (සුලාත්=) මඳක් සලා (=සොලොවා-වනා) ලියනුවන් (=කපන්නන්) කැඳවා ගෙණ එනු පිණිස මැතියන්ගේ වුවනත් (මුහුණු) බැලී ය.

විස්තර:- ‘සුලාක් සලා හිස්’ යන්න එකක් හැර අනික් හැම පිටපත්හි ම ගීපෙළෙහි ‘සුලාස හිස්’යි පෙණේ. එක් පිටපතෙක්හි “සුලාසලාස හිස්”යි එයි. සන්නයෙහි ද එක් පිටපතක ‘සුලන’ යි ද අනික් පිටප‍තෙක්හි ‘සුලහ’ යි ද යෙදින. නැති වූ ‘ක්, ලා’ යන අකුරු දෙක නිසි තන්හි යොදන්නට අසමර්ථ වූවන් නිසා ම මෙවිෂම පාඨ වී ය. ‘සුලාස’ යන්න නො ව ‘සුලාක්’ යන්න ම ශුද්ධ පාඨය යි. (ධ,ගැ 13-20, 58-8, 76-33, 141-34, 189-18 බලනු.) ‘මඳක්’ යනු එහි අර්ථය යි.

සබා පැවසුම්

702 අර්ථ:- ඒ වචන පබවත් තොමෝ චඤ්චල වූ තොල් නමැති (කිසල ඉහි=) දළු හා පයොධර ද මුක්තාහාර ද වළලු ද (වැල=) මෙවුල්දම ද (වෙවුලු මැ එවැ=) වෙවුලුම්හි බහා (=වෙවුල්වා) මෙය කියූ.

විස්තර:- තොල් ආදිය වෙවුලූයේ බියෙනි.

703 අර්ථ:- ඒ විරුහු මෙ දෙසට නො පත් කල්හි සර්‍වපරිපන්‍ථයත් (=සියලු උවදුරු) නො මුදම්’ යනු (බප්හිම් යැ=) පියානන් වහන්සේට සීමා ය. ඒ නිරිඳු මාගේ (බොජුන්නිවෙසැ=) පචනාගාරයෙහි (=කුස්සියෙහි) වසන්නේ ය.

විස්තර:- “ඒ කුසරජු මෙ දෙසට නො ආව හොත් සියලු උවදුරින් නො මිදෙමි ආව හොත් මිදෙමි” යනු පියානන් වහන්සේට ම සීමා (=අයත්) වූ වචනයකි. මම එය නො අදහමි. මාගේ බොජුන්නිවෙසෙහි වසන්නේ ඒ නිරිඳු ය. එහෙයින් එ නිරිඳු මෙ දෙස නො පතුයේ නො වේ. පතුයේ ම ය. එසේ කල්හි පිරිපත් නො මුස්නේ කිම? ඒ නිරිඳු මෙ දෙස පැමිණීම අපගේ පිරිපත් මිදිමට හෙතු නො වන බව එයින් නො හැඟේ ද? එහෙයින් පියානන්වහන්සේගේ කථාව පිළිගන්නේ කෙසේ ද? (ප.ස. සසඳනු)

704 අර්ථ:- “බිය (එළැඹැ=) පත් ව මුඛප්‍රාප්තයක් (=කටට ආවක්) කියන කල්හි අදහනුවෝ (කෙ නු?=) කවුරු ද? විඳින්න වූ ඒ (=ප්‍රසිද්ධ වූ) රාජ්‍යශ්‍රීය (දැහැ=) හැර ඒ නරෙන්‍ද්‍රනායක තෙමේ ඒ ද?

705 අර්ථ:- “ඉදින් (=යම් ලෙසකින්) අපගේ පුණ්‍යවිශෙෂයක් ඇත හොත් කුශවීර තෙමේ මෙහි වඩින්නේ ය. ඒ නරෙන්‍ද්‍රතෙමේ අප සියල්ලන්ට සෙත් කෙරේ” (ය යි) මදුරජ තෙමේ කී ය.

706 අර්ථ:- නියොග ලැබ මුළුතැන්ගෙයි සූදකර්‍මය (=පිසමන්) කර වසන්නේ (ද), මලිගියමල්දම් ආදී ඒ විශෙෂ හස්තකර්‍මාන්ත කෙළේ (ද) කුශ තෙමේ යි.

707 අර්ථ:- ඒ ශාසනය (=කියමන) අසා (තිසැ=) සතුටු ව පබවත් නම් වූ උතුම් දුව වැලඳ ගෙණ ‘ඒ (කුස) තෙමේ යම් තැනෙක්හි වෙසේ ද, එය (නිදෙස්වා=) දක්ව’යි (මදු) නරවර තෙමේ කී ය.

විස්තර:- ‘තිසැ’ යනු ‘තුස්’ දයින් සිද්ධ පූර්‍වක්‍රියා යි. මෙය ‘තිස’යි එක් පිටපතෙක්හි පමණක් පෙණේ. අනෙක් පිටපත්හි ‘තුස වැ’ යන්න ම එයි. එය ‘තුටු වැ’යි වුවොත් නිවරද ය. ‘නිදෙස්වා’ යනු ‘නි‍ෙදස්’ දයින් සිද්ධ විධික්‍රියා යි.

මදුරජ මුළුතන්ගෙට යාම.

708 අර්ථ:- මුළුතැන්ගෙහි ය යි කියත් ම (=කියන විට ම) මදුරජ තෙමේ පබවත හා අන්තඃපුරප්‍රියාවන් ද මැතිගණයා ද සමග සොම්නසින් යුක්ත ව ගමන් ගත්තේ ය.

709 අර්ථ:- එ සඳ (=එකල්හි) එක් කලාවක් (හුන්=) ශූන්‍ය වූ ශරච්චන්‍ද්‍රයාට (පිළිරූ=) ප්‍රතිරූපක (=සමාන) වූ (සමගිනී=) සමාගමයෙන් ඌන වූ (සඳ=) අධ්‍යාශය ඇති වීරතෙමේ (දිගැස=) කාන්තාවන්ගේ පෙරමග (මඟනේ=) බලන්නේ-

විස්තර:- කුසරජතෙමේ එක් කලාවක් අඩුවූ සඳ වැනි ය. කාන්තාව හා සමාගමයෙන් ඌන (=අඩු)වූ සඳ (=අදහස) ඇත්තේ ය. අනික් අදහස් සම්පූර්‍ණ නමුත් කාන්තාසමාගමය පිළිබඳ අදහස අසම්පූර්‍ණ ය. එහෙයින් එය ඌන ය. ‘කලා’ යනු චන්‍ද්‍රමණ්ඩලයෙන් සොළොසින් කොටසකි. ඒ එක් එක් කොටසට අමෘතා, මානදා, පූෂා, තුෂ්ටි , පුෂ්ටි, රති, ධෘති, ශශිනී, චන්‍ද්‍රිකා, කාන්ති, ජ්‍යෙත්ස්නා, ශ්‍රී, ප්‍රීති, අඬ්ගදා, පූර්‍ණා, පූර්‍ණමෘතා ය යි නම් ද වෙ යි. පුරපක්‍ෂයෙහි එක් එක් තිථියෙහි දි මේ එක් එක් කලාව වැඩේ. පුරපසළොස්වක් දවසෙහි කලා පසළොසක් පිරුණු සඳ අපට පෙණේ. අනික් කලාව පිරෙන්ට මත්තෙන් දෙවියෝ සඳමඬලෙහි පිරවූ අමෘතය බොන්ට පටන් ගණිත් ලු. එහෙයින් ‘පූර්‍ණමෘතා’ නම් කලාව නො වැඩේ ල. සත්‍යය නම් පෘථිවියෙහි පරිභ්‍රමණය නිසා සඳමඬලෙහි සොළොස්වැනි කොටසට සූර්යයරෂ්මිය නො වැටීමෙන් එය අපට නො පෙණෙන බව යි. එක් කලාවක් ඌන චන්‍ද්‍රයා නම් පසළොස්වක් දවසෙහි පෙණෙන සඳ යි. අපට පෙණිය හැකි සියලු කලා පිරිපුන් හෙයින් ඒ ‘පුන්සඳ’ යි කියනු ලැබේ. එක් කලාවක් අඩු සඳ ද ඉතා ශොභම‍ාන ය. ඒ කලාවත් පිරුණහොත් අතිශය ශොභම‍ාන වේ. එහෙයින් ම ගුරුළුගෝමීහු ‘සොළොස් කලායෙන් පිරිහුන් සඳක් හෙයින් බුදුන් දෙතිස්මහපුරිස්ලකුණින් පිරිහුන් සේ දැක” (අමා. 183-25) යනු කියති. ‘සමග’ සද සමාගමයෙහි වැටේ. (රුවන් 324.)

710 අර්ථ:- එහි ජනයන් (තුනු=) ශරිරයෙහි හෙම (=ස්වර්‍ණ) කාන්තිය නමැති වතුරෙහි ගිල්වමින් ස්වර්‍ණලතාවෙහි එඩිය මඬනා වූ වඩනා වූ පබවත හෙතෙමේ දිටී.

711 අර්ථ:- (පකුන්විල්=) පඬ්කපල්වලයෙක්හි (=මඩවිලෙක්හි) නොහොත් (විල් පකුන්=) විලකට වැදුනු (දෙළෙ=) ක්‍රීඩාධූරයෙහි (=සෙල්ලම් කිරීමෙහි) ලොල් වූ මත්ඇත්රජෙකුගේ (පුවළසර=) එඩියෙහි හරය ඇති. ඒ මහාත්ම තෙමේ මුළුතැන්ගෙය පිහිටි තැන (මැඬැ මැඬැ=) පාගමින් දියෙන් මඩ කෙළේ ය.

විස්තර:- කර්‍දමාර්ථයෙහි මෙහි යෙදුනු ‘පකුන්’ සද ‘පැකුම්’ යි රුවන්මලෙහි (142) පෙණේ. ‘පඬ්ක’ ශබ්දයෙන් බිඳී ඉය හැක්කේ ‘පක්’ යන්න ය. ‘මඩ සහිත’ යන අර්ථ ඇති ‘පඬ්කිල’ ශබ්දයක් නම් සංස්කෘතයෙහි තිබේ. එයින් මෙය පැමිණිය හැක්කේ ය. ඉ. ල වර්‍ණයන්ට ‘උ, ත්’ වර්‍ණ වූ තවත් තැන් සිංහලයෙහි ඇත්තේ ය. ‘වැදුනු’ යන අර්ථයෙහි වැටෙන ‘පකුන්’ සද ‘පකුස්’ දයින් සිද්ධ වේ. ඒ දය “පක්ඛන්‍දාපෙන්තං පකස්වන්නන්” (ධ. ගැ 214 -18 ) යන තන්හි පෙණේ. ප්‍රස්කන්‍දනය නම් වැඳීම යි.

712 අර්ථ:- පබවත සමග මදිඳු තෙමේ (කුසරජු) වැඳ (ඔහුගේ) පාදයෙහි (=පා ලඟ) වැතුරුණේ ය. ඇයගේ වරලස (=කෙශ කලාපය) නමැති බිඟුපෙළ කුසරජුගේ පාදතාමරසය (අවුළූ=) ආවරණය කළහ.

විස්තර:- අවුළූ යන්න ‘අවුර - අවුරුම්හි’ දයින් සිද්ධ අතීතාඛ්‍යාතබහුවචනාන්තපදයකි. ඒ දයින් ඒ අර්ථයෙහි ‘ඇවිරූ’යි ද රූපයක් ලැබේ. සිදත්සඟරාහි කතුවිබතට උදාහරණ දක්වමින් යෙදූ- “සරණතඹර වරල - සෙවෙල’වල කැරැ අරියන, රදුව පෙර කළ අවමන් - කුසනිරිඳු නො මැ සෙමෙළේ” (කුසරජුගේ සරණතඹර තමාගේ වරලස නමැති සෙවෙලින් අවුල් කර ආරාධනා කරණ රාජදුහිතෘව විසින් පෙර කළ අවමන් කුසනිරිඳු තෙමේ සිහි නො කළේ ම ය.) යන ගීය කව්සිළුමිණෙන් ගත්තක් නම් මෙ තැන තිබිය යුතු ය. කිසි ම පිටපතක ඒ ගීය නො පෙණේ. පැරණිසන්නය ලියූවහුට ලැබුනු අශුද්ධ පිටපතින් ඒ ගීය ගිලිහී තුබුනා විය හැකි ය. දැන් තිබෙන කව්සිළුමිණිපිටපත් සියල්ල ම සන්න කර්‍තෘට ලැබුනු පිටපතෙහි දරුමුනුබුරුපිටපත් ය. එය මෙයින් නො ගත්තක් නම් කව්සිළුමිණට ද වඩා පැරණි වූ කුසදාකවක් තුබුනුබව සිතිය හැකි ය. එළුසඳැස්ලකුණෙහි යාගීවිරිතට නිදසුන් සේ යෙදූ ගීය ද ඒ කුසදාකවෙන් ගත්තක් විය හැකි ය.

713 අර්ථ:- පබවතගේ ඒ වරලස (කුස) විරුහුගේ) සරණත රඳන්නේ සංස‍ාරයෙහි (ලස්=) පමා කරවන පිණිස අනඬ්ගයා විසින් ලූ පාශයෙහි (=මලපුඩුවෙහි) දර්‍පසාරය යි.

විස්තර:- පබවතගේ වරලස කුසරජුගේ පා මත රැඳුනේ ය. ඉතා බලවත් වූ මලපුඩුවක එඩියක් වේ නම්, ඒ වරලස ඒ එඩියෙහි හරය වැනි වී ය. කා විසින් කුමට ලූ මලපුඩුවක ද? කුසරජු සංස‍ාරයෙහි පමා කරණු සඳහා අනඬ්ගයා විසින් ලූ මලපුඩුවක ය. අනඬ්ගපාශ ඉතා බලවත් ය. මේ වරලස ඒ අනඬ්ගපාශයන්ගේ නො ව එහි දර්‍පයෙහි අරටුවක් වැනි ය. මේ වරලස නමැති පාශයෙහි බැඳුනෙකු පහසුවෙන් නොමිදෙන හෙයිනි.

714 අර්ථ:- එදා (=ඒ දවස) ඒ ස්වාමිපාදයන්ගේ දාඪාශොකය නමැති (පලගගහ) රාහුග්‍රහයාගෙන් (මුත්=) මිදුනු සිනාව නමැති මරිචිරාජීන් (=රශ්මිධාරා) විහිද වූ (සඳසඳහට=) සිත හෝ අදහස නමැති චන්‍ද්‍රයාහට පුණුපොහෝදිනයකි.

විස්තර:- චන්‍ද්‍රයාගේ සම්පූර්‍ණ ශොභාව හා බලයත් ඇති වන්නේ පුණුපො‍හෝදවසෙහි ය. කුසරජහුගේ සඳ (=සිත) සඳක් වැන්න. රාහුග්‍රහයා චන්‍ද්‍රයාට උපක්ලෙශයකි. මේ සිත්සඳට ද එ බන්ඳක් වී ය. එනම් දළසෝ යි. එහෙයින් දළසෝ පලඟගහ වැනි ය. දළසෝ පලඟගහයාගෙන් අද ඒ සිත්සඳ නිදහස් ය. සිනා නමැති රැස් විහිදින. බලවත් වී ය. එහෙයින් එ දා ඒ සිත්සඳට පුණුපො‍හෝදවසක් වැනි වී ය.

715 අර්ථ:- පබවතගේ ඒ බද්ධාඤ්ජලීවිලාසය තෙමේ (පරවිටි- ලිය=) පරාඬ්මුඛභාවයට (=අහක බලා ගැණිමට හෝ වියොගයට) වෙහෙසකි (= දුකකි) විශ්‍රම්හාරාජ්‍යඓශ්චර්යයෙහි අභිෂෙකයකි. අනඬ්ගයාට පූර්‍වප්‍රභාරයකි.

විස්තර:- පබවත ගොස් කුසරජු ඉදිරියෙහි දෙ අතුල් එකතු කර වැඳගෙණ හුන්නා ය. ඒ විලාසය විරහයට වෙහෙසකි. විහිළු කිරීමකි. විරහය නම් පරාඬ්මුඛභාවය යි. හෙවත් අහක බලා ගැණිම හෝ වෙන් වීම යි. මේ බැඳැඳිලියෙන් හඟවන්නේ එක් වීම යි. එක් වීම විරහයට දුකක් - වෙහෙසක් - අමාරුවක් විය යුතු ය. එසේ ම මේ බැඳැඳිලිය සන්‍ථව නමැති රාජ්‍යඓශ්චර්යයෙහි අභිෂෙකයක් වැනි ය. රාජ්‍යඓශ්චර්ය ලැබීමෙහි දී පළමුවෙන් ම වන්නේ අභිෂෙකය යි. ඓශ්චර්යය විඳින්නේ ඉන් පසු ව ය. එහෙයින් මේ බද්ධාඤ්ජලීය සන්‍ථවරස විඳීමට කරණ පූර්‍වකෘත්‍යයක් වැනි ය. එසේ ම එය අනඬ්ගයාට පළමු කොට දෙනුලබන පඬුරක් - තෑග්ගක්- වැනි ය. තමාට පක්‍ෂපාත කර ගැණුමට පළමු කොට දෙන පඬුර ‘පෙරපඬුර’ යි. මේ බද්ධාඤ්ජලීයෙන් පසුව අනඬ්ගයා හොඳට ම පක්‍ෂපාත වෙ යි. ‘පරවිටිලි’ යනු වියොගයට නමක් සේ රුවන්මාලෙහි (363) ද දක්වන ලදී. දළදාසිරිතෙහි (49 -19) මරණාර්ථයෙහි යෙදින. සිඛවලඳවිනිසෙහි 35 වැනි පිටුවෙහි ‘පරාඬ්මුඛ’ යන අර්ථයෙහි ඒ සද යොදන ලදී. එහි ගැටපදවිවරණයෙහි (100 පිටුව) ‘පරවිටි’ යි ද පාඨාන්තරයක් තිබෙන බව දක්වන ලදී. ධ. ගැ. (143 -18) හි ‘පරම්මුඛා’ යන්නට ‘පරවිටියෙහි’ යි අර්ථ කියන ලදී. මෙයින් පෙණෙන්නේ ‘පරවිටි’, පරවිටිලි’ යන රූප දෙක ම ව්‍යවහාරයෙහි පැවති බව යි. ‘පරවිටි’ යන්න ‘පරාවට්ටි’ (=පරාවෘත්ති) යන්නෙන් පැමිණිය හැකි ය. ‘පරවිටිලි’ යන්න ‘පර’ පූර්‍ව ‘වට-පැවතුම්හි’ දයින් ‘ඉලි’ ප්‍රත්‍යය හා නිපාතන විධියෙන් වකාරස්ථ ආකාරයට ඉකාරය ද වී සිද්ධ වේ. මෙ බඳු තැන අකාරයට ඇකාරය වීම සාමාන්‍යවිධියි.


716 අර්ථ:- (සෙවින් අදන්=) ශොකයෙන් බින්න (=බැගෑපත්) වූ මදුරජතෙමේ ඒ මහසත්හුගේ වරණතල නමැති තාමරසය අතින් ගෙණ (පත්=) ප්‍රාප්ත - සුදුසු වචනයෙන් සෙමෙන් (=හෙමින්) මේ (මතු කියන) කරණු කී ය.

මදුරදුගේ යැදුම

717 අර්ථ:- සියලු අගරජසිරි (දැහැ=) හැර (එක්සර වැ=) එකචාරී ව (=තනි ව හැසිරෙන්නෙක් ව) අවුදින් තෙපි (මෙ වලා=) මෙ බඳු (=මුළුතැන් මෙහෙ කිරීම වැනි ) (යහ=) සැප (වුනුව=) වින්දහු ය. හැම දෙනහට (ගිය=) ගත වූ දවස් (යහ නු=) සැප නො වේ ද?

විස්තර:- ඔබවහන්සේ සියලු අගරජසිරි හැර තනි ව අවුත් මෙ බඳු දුක් විඳි සේක. දැන් ඊට කළ හැක්කක් නැත. ගත වූ දෙය සිතීමෙන් පලක් නැත. ගිය දවස් හැම දෙනාට සුව ම නො වේ ද? ගිය දවස්හි දුක් වින්දත්, ඒ පසු වූ හෙයින් සුවය යි සිතීම සුදුසු ය. පසු වූ දෙය උසස් කොට සිතීම ලොව බොහෝ දෙනාගේ සිරිත ය. ඔබවහන්සේ ද එසේ සිතන සේක් වා. ගියදවස් උසස් සේ සැලකීම ලොකයෙහි කවදත් සිරිත ය. බුදුරජානන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු විසිපහක් වත් ගත වන්ට මත්තෙන් පාරාසරියතෙරුන් එකල්හි සිටි භික්‍ෂූන් හෙළා දකිමින් බුද්ධකාලයෙහි සිටි භික්‍ෂූන් ම උසස් කොට කියා පෑමත් (ථෙරගාථා 20 -1.10) අර්ථකථාචාර්යබුද්ධඝොෂ මාහිමියන් තමන් වහන්සේට පුරාතනයෙහි සිටි තෙරුන් ම වර්‍ණනා කිරීමත් මිසර දෙශයේ පිරැමිඩ් නම් සොහොන්ගැබ්හි තිබී සොයා ගත් අවුරුදු පන්දාහක් පමණ පැරණි වූ සමහර ලිවල පවා ඊට පෙර සිටියන්ගේ උසස්බව වර්‍ණනා කර තිබීමත් ඊට ස‍ාධක ය. ‘වුනුව’යනු ‘විඳ’ දයින් සිද්ධ අතීතාඛ්‍යාතමධ්‍යමපුරුෂ බහුවචන යි. වුනුහ=වුනුව. “මෙ වලා යහ” යනු කාකුවෙන් (=වෙනස් කළ හඬින්) කියවිය යුත්තකි. එවිට සුඛාර්ථය නො ව අසුඛාර්ථය ම ලැබේ.

718 අර්ථ:- (දියපියන්=) ජගත්පිතෘ වූ කුසරජතුමනි, ලොකයෙහි ප්‍රියාවන් (තැරැසී=) තරහ වී යන කල්හි මිණිමුතුවලින් පිරුණු නිවෙස් ද පිරිවර ද (හියන්=) හිතවතුන් දුන් (ඔවා=) අවවාද ද (නැරැඹුම්=) බැලීමක් නැත.

විස්තර:- ‘තැරැසී’ යනු ‘තරස්- තරහ වීමෙහි දයින් සිද්ධ පූර්‍වක්‍රියා යි.

719 අර්ථ:- නරෙන්‍ද්‍රය, නොමඳ වූ බොලඳබව ද, (සල=) චපල බව ද, (තැරැසුම්=) කිපීම ද, නොදුර බැලීම ද (යන මෙය) ප්‍රියාවන්ගේ (සබැව්=) ස්වාභාවය යි. පරීක්‍ෂා කරත හොත් (ඔන=) ඔවුන්ගේ (සබැව්) සැබෑවෙක් (සත්‍යයක්)නැත.

විස්තර:-ස්වාභාවයෙන්ම ගැහුණු බොහෝ මෝඩ ය. චපල ය. දුර නො බලන්නාහු ය. එහෙයින් ම ගැහැණුන් ට ‘චඬ්ගුපලඤ්ඤ’ (=අඟල් දෙකකට වඩා දුර නො පෙණෙන්නෝ) යි පුරාතනයෝ ද කීහ. පරීක්‍ෂා කර බලත හොත් ඔවුන්ගේ සත්‍යයක් නැත. ගැහැණුන්ගේ දොස් ධ.ප්‍ර 18 වැනි අංශයෙහි පෙණේ. ‘ඕන’ යනු ‘ඔවුන’ යන්නෙන් හෝ ‘එවුන’ යන්නෙන් සිඬ යි. ‘ඔ, එව්’ යන ශබ්ද දෙක සමානාර්ථ ය. පළමුවැනි ‘සැබැව්’ යන්න ස්වාභාව ශබ්දයෙන් එයි. දෙවැන්න ‘සභ්‍ය’ ශබ්දයෙන් ආ ‘සැබැ’ සද හා හව් සදින් වූ ‘අව්’ යන්න ද සන්‍ධි වීමෙන් සිඬ යි.

720 අර්ථ:- මෙ සේ මෙ (දියේ=) ලෙව්හි ප්‍රියාවෝ බෙහෙවින් දොස් සහිතයෝ මැ යි. පරීක්‍ෂා කරත හොත්, නරෙන්‍ද්‍රනායක, (විඳුනා=) ලබන්නා වූ (=දැනගනු ලබන්නා වූ) කවර නම් ගුණ ඇත් ද?

721 අර්ථ:- (ඇසිරියන්=) ඇසුරු කළවුන් රක්නා මහාසත්‍වයෝ (ඔවුන්ගේ) ගුණ ‍(නො ගෙණෙත්=) ගණනකට නො ගණිත්. (=නො සලකත්) වැලඳ ගන්නා වූ ලිය (=වැල) ශාඛා මර්දනය කරණ කල්හි ද වෘක්‍ෂය තෙමේ ගුණ නො (ගැණැ=) සලකා (එය) කී. 722 අර්ථ:- මහාත්මයෝ වෙහෙස දුන් දනන් (ලවා) ද (යහ=) සුව විඳවත්. (ඒ එසේ මැ යි.) ඉතා සිනිඳු වූ සඳුන් (මිරිකත=) පොඩි කරණ කල්හි නො මඳ වූ ප්‍රියගන්‍ධය (=සුවඳ) දෙන්නේ ය.

විස්තර:- මෙහි දැක්වූ නිදර්‍ශනය සුප්‍රසිඬ ය. පුරාතනයෝ ද එය කීහ.

723 අර්ථ:- නරවීරය, (නොතා=) ඔබ නො වන්නෙකුගේ (=අන්‍ය යෙකුගේ) වික්‍රමයෙන් මේ රුපුසෙන් බි‍ඳේ ද? (ඔබගේ විකමය නැති ව නො බි‍ඳෙ යි සේ යි.) (ඒ එසේ මැයි) ජලනිධිසලිලය ගුරුළු නො වන්නෙකුගේ පියා (පත්) පහරින් නො බි‍ඳේ.

විස්තර:- මුහුදු දිය දෙබේ කිරීමට ගරුඬයෙකුගේ පක්‍ෂ ප්‍රහාරය ම අවශ්‍ය ය. අන්‍ය පක්‍ෂියෙකුගේ පියා පහරින් එය නො කට හැකි ය. එ මෙන් ම මේ සතුරු ‍සෙනග බිඳීමට ඔබගේ වික්‍රමය අවශ්‍ය ය.


කුසරජුගේ වීරවචන

724 අර්ථ:- වීර තෙමේ එ තෙපල රක්තොත්පලදල (=පත්‍ර) යකින් (වඩනා=) යන්නා වූ සිඳුවර (=නිකමල්) පෑ (=දක්වා) තොලින් (වඩිනා=) නිකුත් ව යන්නා වූ දත්කෙළවර රශ්මියෙන් (යුක්ත ව) මේ කී ය.

විස්තර:- කුසරජුගේ තොල් රතු ය. රතුපුල්පත් වැනි ය. (කුබුබුවැළදල වැන්නැ යි යට දක්වන ලදී) කථා කරණ විට දත්කැලුම් නික්මේ. ඒ සුදු ය. ඒ තොල්වලින් නිකුත් වත දන්තකාන්තිය රතුපුල්මල්පතක් උඩින් නිකුත් ව යන නිකමල් වැනි ය.


725 අර්ථ:- නරෙන්‍ද්‍රය, යුද කරණු තබව. මේ තුන්ලෙව් හි (තමා=) මාගේ කොපයෙන් කරණ බැල්මෙහි එකදෙශයක් (=එක් කොටසක්) ලබා (සුව සේ) සිටිනා ජනතෙමේ කවරෙක් ද?

විස්තර:- රජතුමනි, යුද්ධ කරණු තිබේවා. මාගේ මඳ රවා බැලීමක් වත් ලබා සුවසේ සිටිය හැකියෙක් නැත. සම්පූර්‍ණ කොපනිරීක්‍ෂණය කියනු ම කවරේ ද?

726 අර්ථ:- අද මාගේ හඬින් රුපුරජු සෙනඟ බි‍ඳේ. (මෙ ද=) එ පමණක් ද, තිලොව (සැසැලේ හා=) කම්පිත ද වෙ යි. (මුස ද වේ=) මූර්ඡිත ද වන්නේ ය. නරෙන්‍ද්‍රය, තෝ (කුහුල්=) සැක නො කරව.

727 අර්ථ:- කුසරජතෙමේ මෙසේ පවසමින් විචිත්‍ර නරෙන්‍ද්‍රා- භරණයෙන් සැරසුනේ මතු ද? (ඒ මදු) නිරිඳුගේ (ගත්=) ශරීරය ලොමුදෙහෙන් (සන්=) සඤ්ජන්න (=ගැවසුනක්)ද කෙළේ ය.

විස්තර:- කුසරජ රාජාභරණයෙන් සැරසුනේ ය. ඒ දුටු මදුරජ තෙමේ අතිශයසන්තුෂ්ට වී ය. එයින් ඔහුගේ සිරුරෙහි ලොම් කෙළින් සිටියේ ය.

728 අර්ථ:- එකල්හි සුසජ්ජිත සේ සැරසුනු ප්‍රභාවතීකාන්තාව සමග (කුස) නිරිඳුතෙමේ (වරවරණකඳ=) උතුම් ඇත්බඳ (රඳවා=) හොබවා ඒ පුරයෙන් යුද්ධාඬ්ගණයට ගමන් කෙළේ ය.

විස්තර:- ‘සුසැද’ යන්න ‘සැදි’ යන ක්‍රියාව වෙසෙස යි. ‘මනා කොට සැරසුනු සේ’ යනු එහි අර්ථ යි. එය ‘සු’ පූර්‍ව ‘සද’ දයින් සිද්ධ පූර්‍වක්‍රියාපද ද ක්‍රියාවිශෙෂණ වේ.

729 අර්ථ:- (සියහුනන්=) ශක්‍රතෙමේ ඓරාවණයා ආරූඪ ව හුන්නා වූ තමාගේ විලාසය ද (මඬනා=) පරදන සිංහස්වර (= සිංහ යෙකුගේ වැනි හඬ) ඇති ඒ කුශස්වාමීහුගේ ගෙලෙහි (=බෙල්ලෙහි) මාණික්‍යයක් කෙළේ ය. (=පැළඳවී ය.)

විස්තර:- සීසර (සිංහනාදය) බිය උපදව යි. කුසරජුගේ හඬ ද සතුරන්ට එ බඳු ය. එහෙයින් කුසරජ සිහගේ සර බඳු සර ඇත්තේ ය. ‘මිණි’ නම් අෂ්ටවඬ්කමාණික්‍යය යි. ඒ මැණික අට තැනකින් වක් ය. එහි දිරා ගිය හුය මහෞෂධපණ්ඩිතයන් වහන්සේ ඇවුණු පරිදි උමන්දාවෙහි පෙණේ. ‘සියහුනන්’ යනු ශක්‍රයාට නමකි. ‘හුනන්’ සද යාගවාචී ය. (රුවන් 312 සි. ල 278) අශ්වමෙධයාග සියයක් කොට ශක්‍රත්‍වය ලැබූ හෙයින් හේ සියහුනන් (=ශතක්‍රතු) නම් වීල.

730 අර්ථ:- නරවීර තෙමේ පබවත විසින් (තමා) වැලඳ ගෙණ දුන් සුඛස්පර්‍ශය වින්දේ ය. ඔවුන්ගේ (=ඒ ප්‍රභාවතීන්ගේ ) අශ්‍රද්ධාව (=අප්‍රෙමය) ද මධුර වන කල්හි (මියුරට=) මධුර වූවට (තමා=) මාගේ කවර තෙපුලක් ද?

විස්තර:-කුසරජු පිටිපසින් ඇතු පිට හුන් පබවත සිය දෙ අත් කුසරජුගේ බඳ වටා යවා ඔහු වැලඳ ගත්තා ය. පබවතගේ අප්‍රෙමය පවා කුසරජුට මිහිරි වූ කල්හි සැබැවින් ම මිහිරි වූ ඒ වැලඳ ගැණීම වර්‍ණනා කරන්ට කවීශ්වර ද වූ මට වචන නැත. ඒ වැලඳ ගැණීමෙන් වූ සුඛස්පර්‍ශය කුසරජුට කොතරම් මධුර වී ද යනු වර්‍ණනා කළ නො හැක්ක.

731 අර්ථ:- (රජවුවන්=) කුසරජුගේ මුහුණ තෙමේ (උදයගැ=) උදයපර්‍වතයෙහි පුන්සඳ උදය කෙළේ (=නැංගේ) දෝ හො යි සියලු ලොකයාට සැක (නො දැනැ වී=) නො ම නො ඉපදවී ය. (=ඉපදවූයේ ම ය.) (රියට=) රතියට (උනගවුවන්=) අනඬ්ගයාගේ වක්ත්‍රය පිළිබඳ සැක නො නො දැනවී.

විස්තර:- ශක්‍රයා ගෙලෙහි පැලඳවූ මිණිරුවනෙහි අනුහසිනුත් පෙර කළ පව් එදා ගෙවුනු බැවිනුත් පබවත දුන් යහපහසින් වූ සතුටිනුත් කුසරජුගේ මුහුණ එදා සුරූප වී ය. එය දුටුවෝ උදයගෙහි නැගි සුපුන්සඳ දෝ හො යි සැක ඉපදවූහ. ‘රිය’ (=රතිය) යනු අනඬ්ගභාර්යාව යි. අනඬ්ගභාර්යාව පවා සිය හිමියාගේ මුහුණත් කුසරජුගේ මුහුණත් වෙන් කොට ඇඳින ගත නොහැකි වූවා ය. අනඬ්ගයා ඉතා රූපශොභාසම්පන්න සේ සලකනු ලැබේ. කුසරජ එදා ඒ අනඬ්ගයා සේ ම ශොභමාන වී ය.

732 අර්ථ:- (කුස) නරනිඳු (කිරිඳුකඳඋදයගැ=) හස්තියාගේ කඳ නමැති උදයපර්‍වතයෙහි රවීහු (=හිරු)ගේ විලාසය දෙත් ම (දක්වන කල්හි) රාජරාශිතෙමේ (අඹැ=) ජලයෙහි (අඹට=) ආමිෂයට (ගොදුරට ඇමට) (මින් කැලක්=) මතස්‍යසමූහයක් මෙන් දිව අවුත් (වැඳ) වැතුරු‍ෙණ් ය.

විස්තර:- ‘අඹ’ සද මෙහි ජල, ආමිෂ යන අර්ථයන්හි යෙදින. (රුවන් 138, 378) රුවන්මලෙහි 626 වැන්නෙහි ‘අඹ’ සද දෙන අරුත් දක්වමින් ‘පෙලඹුම් වත’ යි කීයේ ඇම සඳහා ය පෙලඹුම සඳහා යෙදෙන දෙයට ‘ඇම’ යි අද ද කියනු ලැබේ. ධ. ගැ. යෙහි (49 -22) ‘ආමිසං’ යන්නට ‘අඹ යි අර්ත කියන ලදී. ජ. ගැ. යෙහි (193 – 24) ‘ඇම’ යන්න ම යෙදුන ද ‘අඹ’ යන්න ද පැරණි පිටපත්හි තිබෙනබව අධොලිපියෙන් පෙණේ. එහෙයින් ‘අඹ’ යන්න ‘අම’ යි පෙරළීම අයුතු ය.

733 අර්ථ:- (කුසා=) කුසරජු (අපොළ=) අත්පිඩි ගැසූ හඬින් යුගාන්තවාතයෙන් රඹ (කෙහෙල්=) වනයක් (බිම ඇපිළෙන්නා) මෙන් රජුන් සහිත භටරාශි තෙමේ (බිම ඇපිළැ හී=) බිම හැපී වැටී (තන් ගත්=) ස්ථානග්‍රහණය කෙළේ ය. (නැවතුනේ ය.)

විස්තර:- මෙහි ‘බිම ඇපිළැ හී” යන පාඨයට ලං වූ පාඨයක් බුත්සරණෙහි (පැරණි පිටපත්හි) අංගුලිමාලදමනයෙහි “සිව්රඟ සෙනඟ බිම හැපිලියා කළම්හ” යන තන්හි පෙණේ. එය අප විසින් “බිම ඇපිළි” යි වෙනස් කරණ ලද්දේ කව්සිළුමිණෙහි මේ පාඨය සහ ගුරුළුගෝමීන්ගේ “බිම ඇපිළි කෙරෙමි” (අමා 18 පරිච්ඡේද) යන පාඨයන් හා සම වනු සඳහා ය. සියබස්ලකරෙහි 309 වැනි ගීයෙහි ද ‘බිම්හැපිලි’ යි පෙණේ. සන්නය ඊට ‘ව්‍යසනප්‍රාප්ත’ යි අර්ථ දෙ යි. මෙසේ විෂමපාඨ ඇති වෙනස් අර්ථ කියනු ලබන මෙය පරීක්‍ෂා කට යුතු යි. බුත්සරණෙහි ඒ පාඨයෙහි පෙණෙන ‘අත් පෙළූ’ යන්න ‘ඇපෙළූ’ යි ශුද්ධ විය යුතු යි. මෙහි ‘අපොළ’ හා ‘ඇපෙළූ’ යන්න ද ‘අපොළ’ දයින් සිද්ධ වෙ යි. ‘ඇපිළැ’ යනු ‘අපුළ- ඇපිළීමෙහි’ දයින් සිද්ධ පූර්‍වක්‍රියා යි.

734 අර්ථ:- ඔවුන් (=ඒ රජුන්) බලමින් (කැපී=) කම්පිත වූ පබවත යාච්ඤා කරණ කල්හි සත්‍වසාර (=කුසරජ) තෙමේ ඔවුන්හට ස්ථාන (=රජතනතුරු) ද අවවාද ද දුන්නේ මතු ද? (නො වෙ යි) යශසින් ලොව (හෙල=) ධවල (=සුදු) ද කෙළේ ය.

විස්තර:- පබවතගේ ඉල්ලීම පරිදි කුසරජ තෙමේ රුපු රජුන්ට සියරජකම් හා අවවාද ද දුන්නේ ය. එයින් ද කුසරජුගේ කීර්තිය ලොව පුරා පැතිරිණ. සත්‍වගුණයෙන් (=වීරත්වයෙන් හෝ බලයෙන්) සාර හෙයින් කුසරජ තෙමේ ‘සත්‍වසාර’ නම් වේ.

735 අර්ථ:- සෙනඟ සහිත නරනිඳු තෙමේ මනස්කාන්ත වූ කාන්තාව සමග ඒ පුරයට (පිවිටි=) ප්‍රවිෂ්ට වූයේ මතු ද? (නො වෙ යි.) මදිඳුහුගේ සිත් නමැති රඬ්ගයෙහි (=නෘත්‍යභූමියෙහි) තුරුනළන් (=සන්තොෂ නමැති නළුවන්) නැටවූයේ ද වී ය.

විස්තර:- අධොලිපියෙහි දැක්වූ පාඨය ගන්නා පැරණි සන්න කාරයන් කියන අර්ථ ගැළපේ දැ යි බැලිය යුතු.

736 අර්ථ:- සත්නිරිඳුන් කාන්තාව පතා (සගල්) නුවරට (අද=) අවුත් කළ යුද්ධ ය, (කුස) නිරිඳු (කළ) සෙත ය (යන මේ) පුවත කියූ සර්‍ගය

තුදුස්වැනි යි.

චතුදිශ සර්‍ගයෙහි ව්‍යඛ්‍යාව නිමි.



15. සර්‍ගය.

කුසරජු සියරට යාම

737 අර්ථ:- (සියොසිරි මෙ=) සඬ්ගමශ්‍රී නමැති මෙරුව (ලා=) බහා විශ්‍රම්භරස නමැති සමුද්‍රය (සලා=) අලළා (පමා=) කාන්තාවගේ (නොසැල=) අව්‍යාජ (=නිබොරු=නොරවටන) ගුණ නමැති අමෘතය සොම්නස් සිතින් විඳ-

738 අර්ථ:- කුශවීර තෙමේ නොලස (=නො පමා) ව ම සියපුරට යාමෙහි බැඳි සුරිය මැතිගණයා අමතා කී ය. (ඒ) ජන තෙමේ ද (ගමන්) පිළියෙලෙහි (=සැරසීමෙහි) (හිඟු) ශීඝ්‍ර වී ය.

739 අර්ථ:- නරවීර තෙමේ කල්පාන්තයෙහි වෙලාන්තය (=ඉවුර) මඬනා සයුර සෙයින් මහත් සෙනඟින් ද විසිතුරු වූ යාත්‍රාතූර්යයන්ගෙන් ද යුක්ත ව නික්මුන් ය.

විස්තර:- ‘යතුරුතුරු’ නම් ගමනට විශෙෂ වූ තාල අනුව වයනු ලබන තූර්ය යි.

740 අර්ථ:- තුරඟුන් (=අසුන්) ගේ කුරපහරින් අහසෙහි (පා බඳ=) පාදන්‍යාස කළ (=අහසට පැමිණි) රජඃප්‍රබන්‍ධය (ධූලිරාශිය) තෙමේ (සුරඟඟැ වී ආ සරන්=) දිව්‍යනදි ය යි ආවා වූ දෙවඟනන්ගේ (නුබැ=) අහස්හි (අනුබඳ=) නිරන්තරයෙන් (සරණා=) හැසිරීම කෙළේ ය. (කරවී ය.)

විස්තර:- අසුන්ගේ කුර පහරින් අහසට නැඟි ධූලිරාශිය අහස් ග‍ඟෙහි (සුදු) ජලය මෙන් පෙණෙ යි. දෙවඟනෝ එය දැක අහස් ගඟ ය යි රැවටී නහන අදහසින් එහි එති. එවිට මුල දී පෙණුනු ගඟ එහි නො ව අනෙක් තැනක පෙණෙ යි. දෙවඟනෝ එ තැනට යති.එහි ද අහස්ගඟ නැත. තවත් තැනක දැක එතැනට යති. එහි ද අහස්ගඟ නැත. මෙසේ ඒ ධූලිරාශිය දෙවඟනන් අහස්හි ඇවිදවී ය. ‘පා බඳ’ යනු සමාධිප්‍රාණය පොෂණය කරණ හෙයින් සුසාධු ය. (සි. ල 60) ධූලියට පා නැත. එහෙත් ගමන් කරයි. එහෙයින් නැති පා ඇති සේ කීම සමාධිප්‍රාණ යි.

741 අර්ථ:- නරනිඳුගේ රථයාන සියගණන් (සගල්) පුරදොරටුවට සම්ප්‍රාප්ත වන විට ම තුරඬ්ගගජභටශතසහස්‍රයෝ පුරමාර්‍ගයෙහි අන්තරයක් (=ඉඩක්) නො තැබූහ.

විස්තර:-‘යහන්’ යනු ‘යාන’ ශබ්දයෙන් ආ ‘යන්’ යන්නෙහි මැද හකාරය වීමෙන් සිඬ යි. ‘ශයන’ ශබ්දයෙන් එන ‘යහන්’ සදක් ද වෙයි. මේ එය නො වේ.

742 අර්ථ:- (විල්නලදෙදෙ=) තඩාගමාරුත නමැති විජ (බමුණු) තෙමේ ද රොන්සුළි නමැති කනකශඬ්ක ඇත්තේ (මීතෝ=) මල් පැණි නමැති දිය සහිත වූයේ භෘඬ්ගයන් නමැති (පිවිතුරු=) කුස තණ ඇත්තේ (මාරුත) ඝොෂ නමැති වෙද (උච්චාරණ) ඝොෂණ යෙන් යුක්ත ව එ විරුහු පෙරට (ගිය=) ගියේ ය.

විස්තර:- උතුමන් එන විට දක්‍ෂිණවර්‍තශඬ්ඛාදිය ගත් බමුණන් පෙරට යනු ද පෙර සිරිතසි. වලින් හමන පවන බමුණෙකු වැන්න. එහි රොන්සුළි, මල්පැණි, බිඟුගොස් යන මේ තිබේ. ඔවුන් පිළිවෙළින් රන්මුවා හග්ගෙඩි, පුණ්‍යතීර්ථජලය, කුශතණ, වෙ‍ෙදාච්චාරණශබ්ද යන මොවුන් වැනි ය.

743 අර්ථ:- නැංගා වූ රජොරාශි ද, ධ්වජ ද, භ්‍රමණය කරණ පවනට අනුගත වූ රන්කුඩ ද ඇති සෙනාව (අමින් වතුරු=) අප්‍රමාණ ප්‍රවාහ ද මීනසමූහයා ද සුළි සහිත මහගඟ වැනි ය.


744 අර්ථ:- නිරන්තරයෙන් (රජරැස=) ධූලිරාශීන් වසන කල්හි කුසුම් (අවල=) ගැවසුනු නාගවෘක්‍ෂයෝ (සඳ=) සන්‍ධ්‍යාකාන්ති සමූහයෙහි (කුමුටු=) ගිලුනු (ගහ=) තරුරැසින් බර වූ අහස පෑහ.

විස්තර:- රජස් සමූහය සන්‍ධ්‍යාකාන්තිය වැනි ය. නාගස් නිල්වන් අහස වැන්න නාමල් තරු වැන්න.

745 අර්ථ:- (සදලේ=) ශාද්වලයෙහි (තණකොළ මතුවෙහි=) හෙන්නා වූ කරඳමල් (වනාහී) මන්‍දමාරුතය විසින් (සසල=) සෙලවීම දුන්නා වූ වෘක්‍ෂයන් ශාඛා නමැති අතින් පෙරමඟ ඉසින විලඳවල ශ්‍රීය (=ආකාරය) ලැබී ය.

746 අර්ථ:- ගඬ්ගානිර්ඣරය, දොළ ය, (දොළ) රමණීය වන පෙදෙස් ය, (හැලි=) සිහිල් වූ ලතාමණ්ඩප ය, විසිතුරු වූ රුප්පා (=ගස්මුල්)ය යන මෙහි ශ්‍රීය (=සම්පත) පබවත සමග නිරිඳු තෙමේ විඳිමින් (පුරඅබියෙස්=) කුශාවතීපුරයට සමීප වී ය.

විස්තර:- ‘දොළ’ සද රමණි වනපෙදෙස්හි ද වැටේ. (රුවන් 477)

747 අර්ථ:- එතර (ඇමති=) කැඳවූ අමාත්‍යචක්‍ර (=සමූහ) තෙමේ (නො සරස්=) වහා මහාවීථියෙහි දීප්තිමත් මුතු වැනි (පුලින=) වැලි අතුරා රන්කලස් (පුලුපින්=) පොල්මලින් සදා-

විස්තර:- ‘ඇමති’ යනු ‘අමත’ දයින් සිඬ අතීතකර්‍මකාරක කෘදන්ත යි.

748 අර්ථ:- වීථියෙහි මණිතොරණයෙහි (සමෝරඹ=) මුවසහිත කෙසෙල්ගස් ද, තැඹිලි ද, නවමාලිකා (=දෑසමන්) නොහොත් අළුත් මල් ද, (මලෝලඹු=) එල්බෙන මල්දම් ද (දී=) යොදා විදුලිය දහස් ගණන් වැනි නොයෙක් ස්වර්‍ණධ්වජ බැඳ- 749 අර්ථ:- පුර නමැති සාගරයෙන් නාගශතයන් (=සියගණන් නයින් ) අදින්නා වූ ගරුඬසහස්‍රයන් වැනි වූ කුලාදද කනකමය ප්‍රාසාද අතුරෙහි නඟා (ඔසොවා)-

විස්තර:- මෙහි ‘කුලාදද’ ය යි දැක්වූ ධ්වජ කෙබඳු දැ යි අවිනිශ්චිත ය. පැරණිසන්නකාරයෝ ද අනික් පර්යාවචනයක් දීමට අසමර්ථ වෙති. සමහර පලාත්හි මිනිස්සු වැලින් තැනූ පාලම්වලට ‘කුලව, කොලව’ යන නම් ව්‍යවහාර කරති. ගඟ දෙ‍ ගොඩ තිබෙන ගස් දෙකක වැල් බැඳ වැල්පාලම් තනති. සමහර විට ගඟ මැද ද කණු සිටුවා පාලමෙහි මැද එහි බඳිති. මෙහි සඳහන් කුලාදද ද එබඳු ය යි හැ‍ඟේ. කුලාදද නැඟුනේ පහ අතුරෙහි ය. ධ්වජවල පාකොන් ප්‍රාසාදයන්හි ද හිස්කොන් මැද සිටවූ කණුවක ද බැඳි විට ‘කොලොව’ මෙන් වේ. එහෙයින් මේ ‘කුලා’ යන්න හා හිනිදුම්පත්තුවේ මිනිසුන් ව්‍යවහාර කරණ ‘කුලව, කොලව’ යන වචන ද අතර සමානත්‍වයක් පෙණේ. කුලව වැනි දද = කුලාදද ය යි කිය හැකි ය. මැද කණුව නයා මෙන් ද දෙ පස ධ්වජ ගරුඬයාගේ පියාපත් මෙන් ද පෙණේ. ගුත්තිලකවෙහි 95 වැනි කවියෙහි ද ප්‍රාසාදග්‍රයෙහි යෙදුනු දද නයින් අල්ලා ගත් ගුරුළන් වැන්නැ යි කියන ලදී.

750 අර්ථ:- කුශාවතීනගරය මෙසේ විචිත්‍ර කොට නාගරිකයන් ද අන්තඃපුරස්ත්‍රීන් ද සමග ගොස් පබවතගේ හා කුසරජුගේ ද දර්‍ශනය නමැති (දොළ=) දෞහෘදය (ආශාව හෝ ආශා කළ දෙය) වින්දේ ය.

විස්තර:- ‘වින්’ යන්නෙහි කර්‍තෘපදය 747 වැන්නෙහි ආ ‘මැතිසක්’ යන්න ය. එය සමූප්‍රධානව ක්‍රියාවෙහි යෙදුනු හෙයින් ක්‍රියාපදය එකවචනාන්ත වී ය.

751

අර්ථ:- ඓරාවණගජෙතද්රනයා (සෑදූ) සැරහු (=ඓරාවණයා අරාහුන්) (තිදසඳුම‍ෙඬාරලෙස්=) ශක්රවයාගේ හා ‘ම‍ෙඬාර’ නම් ශක්රු භාර්ය්යා්වගේ ද ආකාරය ලද්දා වූ,(කල ඉහි=) කානතාව සමග ඇන්කඳ භජනය කරණ (කුස) නරතිඳු ජනතෙමේ දිටීය.

විස්තර:- ඇතු අරා හුන් පබවන සහිත කුසරජ ඓරාවණ හසතියා මත හුන් ප්රිදයාව සහිත ශක්ර යා වැනි විය.

තිදසිඳුගේ භාර්ය්යායව ‘ම‍ෙඬාර’ නමැති මෙයින් හැගේ. රුවන් මලෙහි (31) ද ‘ම‍ෙඬාරපිය’ යි ශක්රතපයර්යනාමයක් ලෙස යෙදුනේය. ශක්ර3යාට එනම් ඇති බව අප්රයසිඬ ය. පැරණි සන්නයෙහි “මණෙඩාදයර්යගේ” යි මීට අර්ථ කියන ලදි. ‘මණෙඩාදයර්ය’ ශබ්දයෙන් එතත් ‘දමෝර’,’ලඹෝර’ යනාදීහි මෙන් ඔකාරය දීර්ග විය යුතුය. එහෙයින් මේ ‘ම‍ඬොර’ යන්න සැක උපදවන තැනකි. ‘මතොදරී’ නාමය නම් සුප්රේසිද්ධය. නිතර සිහි කට යුතු ය යි නියම කළ අහල්යාපදිපතිව්රයතානාමපඥවක යට ද එය ඇතුළත් වේ. මනෝන්ද්ර‍රී ශක්රයයාගේ නො ව රාවණාගේ භාර්ය්යායව යි. ශක්රමභාර්ය්යාරව පුලොමන් (=වෙපචිතති) නම් අස්ර රාජයාගේ දුවකි. මනෝන්ද්ර‍රී වනාහි අසුරයන්ගේ වඩුවා වු මය නමැත්තහුගේ දුවකි.

752

අර්ථ:- යුගානතයෙහි චතුසසාගරයෙහි උතුරා ගිය ජලරාශිය(සභා වැ) එකතු ව ගොසින් එක මුහුදකට වදනා විලසින් සෙනාව පුරය භජනය කළහ.

විස්තරය:- මෙහි කී ‘යෙන්’ නම් කුස රජ හා පැමිණ සෙනඟයි.

753 අර්ථ:- කුසරජු නැමැති දිවාකරයා ටාරාටටශාලා නැමැති උදයපථිතයට ලං වන විට (ඔසළ=) රැස් වූ පුරඟනන් ගේ මුහුණු නැමැති පියුම් ශ්රිංසඩගත වී ය.

‘දොරටහලු’ යනු ‘දොර+අටහලු’ යන වචන එක් වීමෙන් සිඩ යි. ‘අටහලු’ යන්න ද ‘අට්ටාල’ හෝ ‘අට්ටශාල’ යන වචනයන්ගෙන් එන්නකි. නගරප්රාටකරය හා ප්රානසාදයන් ද මසතකයෙහි තනනු ලබන උස් වූ ගෘහවිශෙෂයක්’ ‘අටලු’ නම් වේ. නගරළුරය මතුවෙහි සෑදූ අටහල්ල “දොරටුහලූ’ නමි.

754 අර්ථ:- (වමියන් කැන්=) කානතාසමූහය දෝ හෝ නොහොත් වල්මික (=තුඹස්) සමූහය (සැලයුතු විලස්නෙන්=) ජලයෙන් (=ව්යාතජයෙන්-රැවටිල්ලෙන්) දෝ හෝ නොහොත් තිමොකයන්ගෙන් (=හැවවලින්) යුකත වූ විලාසයෙන් ද (උතුළ තුරින්=) උතුරා ගිය (=අධික වූ) සනෙතාෂයෙන් දෝ හෝ නොහොත් පිටතට නික්මෙන තුරු (ගස්=) වලින් ද(දළලොබින්=) දැඩි වූ ලොභ යෙන් අචුත් දෝ හෝ නොහොත් (දළල=)දාඨාවන්ට (=දළවලට) ආලය (=නිවාස ) ,වූ (ඔබින්=) බැහැරින් අවුත් (මුළු බඳ=) සමූහ බන්දනය කළ (=රැස් වූ) භුජඩනයන්ගේ (=ධූතියන් ගේ හෝ නොහොත් සපීයන්ගේ) (දඟ-) බන්ධනය (=හිරය) දියුණු කළහ. නොහොත් කෙළේ ය.

විස්තරය:- මේ ශෙලෂයකි.’’වමියන් කැන්’’ යන්න හා ‘’බුජගුන්’’ යන්න අර්ථ දෙක දෙක දෙයි.’වම්’ යනු කාන්තාවන්ටද තුඹස්වලට ද නමකි. කානතාවෝ බුදඟුන් (=ධූතියන්) දඟ කිරීම (=බැඳීම) දියුණු කරති. තුඹස් ද බුජඟුන් (=සර්පයන්) හිර කිරීම දියුණු කරයි. කුමකින් ද? සැලයුතු විලස්නෙන් හා උතුලතෙරනුත් ය.කානතාවෝ ජලයෙන් යුකත විලාශයෙන් හා අධිකසනතාෂයෙන් ද, වචමිකයෝ (=තුඹස්) සැව(301 ගීය) සහිත විලාසයෙන් ද සිදුරු වලින් උතුරා ගිය (=උඩට නැඟුනු) ගස්වලින් ද එය කරති. කෙබඳු බුජඟුන් ද ? දඏ ලොබින් අවුත් මුළු බුජඟුන්ය ධූනතියෝ දාඨලොබයෙන් අවුත් රුස්ව සිටිති. සජියෝ දළලයෝය. (=දාඨාවන්ට ආලය - නිවාස) යෝ ය. ඔබින් (=පිටතින්) අවුත් රුස්ව (තුඹස් හි) සිටින්නෝ ය.

සැල (=නිමොක-හැව) තිබෙන තැනින් සපියෝ නොයත්. හුඹස් හි බෙනවල සපියන් ගේ සැව රුදී තිබෙන විට ඇතුළෙහි සිටන සපියන්ට පිට වීම අමාරු ය. තුඹස් බුජඟුන් හිර කර ගන්නාමෙන් කානතාවෝ සලෙලුවන් හිර කළහ යනු භාව යි.

‘තුරින්’ යන්නට ‘සනෙතාෂයෙන්, තූර්යනාදයෙන්, වෘක්ෂයෙන්’ යන අර්ථ කිය හැකිය. කානතාපක්ෂයෙහි දී පළමුවැන්න ද වල්මිකපක්ෂයෙහි අනෙක් දෙකද ගැලපේ. තූර්යනාදයට සපියෝ ඉතා රුචි කරති. පිටත කරන තූර්ය නාදය තුඹස්හි බෙනවලින් ඇතුල්ව සපියන් දඟ කරයි. ගස් ද තුඹස් වලින් උතුරා පිාට වූ විට ඇතුළට ගිය සපියන්ට පිට වන්නට ඉඩ නො දෙයි.

‘වමියන්’ යනු ‘වම්’ සදිත් ‘අන්’ ප්ර්ත්ය’ය වඩ යි. 755

අර්ථ:- සිවු රඟසෙනඟ නැමැති මහාමේඝය (ඔතා=) ‘ඔ හෝ’ යන නාදය නංවන තංචන කල්හි සරහනලද (=පහර දීමට මෙන් පිටතට ඇදගත්) සෙබළුන්ගෙන් සියගණන් කඩු (සරා=) ප්රුභා සහිත විදුලියහි ශ්රීනය (දීති =) දුන්නේ ය.

විස්තර:- සෙනාව ‘ඔ හෝ!’ යන නාදය ද මහාමෙඝය “හෝ හෝ ” යන නාදයද නංව යි.

‘නංවත්වත්’ යන්න ‘තඟ’ දයින් සිදධ ‘නංවත්’ යන්න චිත්වව චිත්වයෙහි අවසාන අවයවයෙහි ධාතුප්රනකෘතිය ලොප් ව යාමෙන් සිදධ යි. මෙසේ ධාතුප්රසකෘතිය නැති වැ ‘වත්’ යන්න පමණක් ඉතිරි වූ තවත් තැන් තිබේ. “දිනිඳු මැඩ රැස් නවත්වත්වත්’’ (බු.ල.473). “පසඟතුරුගොස පවත්වත්වත්’’ (බු.ල.474) යනුද එයින් දෙතැනකි. ඛදිරඩගාරජාතකයෙහි යෙදුනු‘කර කැවිකැවී’ යන්න ද මී‍ට වෙනස් වූ නිදසුනකි. එහි ධාතු ප්රුකෘතියෙහි ම කොටසක් ඉතිරි වී තිබේ. 756

අර්ථ:- (වටැ=) හාත්පස්හි රඞ්ග (භුමි) කාන්තාවන් (වැටූ=) පැවැත් වූ නැටුමෙහි ‍ෙනත්රටය දෙන කල්හි (කුශ) වීරයාහට පබවත් තොමෝ රූ‍ ෂ්ට ව නිරන්තරයෙන් බැලීම මඳ කළාය.

විස්තර:- දැන් කුස රජු අන් අඟනක දෙස බලනුද පබවතට නොරිසියෙ යි. එහෙයින්ම කාන්තාවන් පැවැක්වු නැටුම් කුසරජු බලන විටද පබවත අසතටුව කුස රජුගේ බැල්ම අඩු කළිය.

757 අර්ථ:- ජනයාහට ක්ෂණ (=උත්සව) මඞ්ගල වූ, දීර්ඝා්ක්ෂීන්ට නෙත්රිරසායන වූ, බැලුමින් හා ඉඟියෙන්ද ඇමැතියන් තුටු කර රජතෙමේ විමානයට වන්නේ ය.

විස්තර:- කුසරජ තෙමේ ඇමතියන් දෙස බැලීමෙන් හා හිස වැනීම් ආදි ඉඟියෙන් ද ඔවුන් සතුටු කළේය. කුසරජුගේ බැල්ම මහජනයාහට උත්සව මංගලයක් වැනිය. ඒ බැල්ම වැටුනු තැන දුකක් දොම්නසක් වන්ට ඉඩ නො ලැබෙන හෙයිනි. එසේ ම එය කාන්තාවන්ට නෙත්ර රසායනය කි. නෙත්ර රසායනය නෙත්ර සුඛය දියුණු කෙරෙයි. කාන්තාවන්ට කුසරජුගේ බැල්ම ද එසේය.

“දනන් සැණමඟුලින් දිගැසුන් නෙත් රසයිනින්” යි වෙනස් කළොත් “ජනයන් උත්සව මංගල්ලයෙන්ද කාන්තාවන් නෙත්ර රසා‍ෙයනයෙන්ද අමැතියන් බැලුම් ඉඟියෙන්ද තුටු කර රජතෙමේ විමන් වනි” යි අර්ථ කිය හැකිය.

758

අර්ථ:- එකල්හි දෙගුරුන්ගේ මුහුණ දැක්මෙහි ලොල් වූ කුසරජ තෙමේ බැලුම් නමැති පිවිතුරු ජලයෙන් ඔවුන්ගේ ශරීරය (යොර යොර=) නැවත නැවත (සැනහී=) නෑවීය.

සන්තොෂයෙන් ඇඳ වැළඳ ගත්තා වූ පබවතගේ වක්ත්ර. නමැති චන්ද්රයයාගේ මරිවීයෙන් (=කාන්තිය කරණ කොට) දෙගුරුන්ගේ නෙත්රබ නමැති චන්ද්රරකාන්ත මණියෙන් අශ්රැකධාරා නමැති (තෝ=) ජලය වගුළේය.

විස්තර:- මේ ගී දෙකම සියළුම පිටපත් හි ව්යා කූල වී තිබේ. (සමහර පිටපත් වල 755 වැනි ගීයෙහි පටන් 770 වැන්න දක්වා ගී හා සන්න ද නැත.) මේ ගී දෙක හා සන්නය ද පිටපත් හි පෙණෙන්නේ මෙසේ යි.

“එතර දෙගුරුවන් දසුන් ලොල් කුස නිරිඳු පබවතිඳු මඬලෙන් ගුරුන් නුවනත සඳකැන් මිණින් වගුළැස්දර තෝ.”

“එතෙර එවීගස්හි, දෙගුරුන් දසුන් ලොල් වැලදි සන්තෝෂයෙන් ඇද වැලැන්දා වූ , පබවත වත් ඉඳු මඬලෙන් ප්රදභාවතියගේ වක්ත්ර චන්ද්රැමණ්ඩලයෙන්, දෙගුරු නුවණත සඳකැන් මිණින් - මවු පිය දෙදෙනාගේ නේත්රණ ලක්ෂණ චන්ද්රතකාන්ත මාණික්ය්යෙන්, ඇස්දරතෝ වගුළ-අශ්රැල නමැති ජලය වගුළේ” යනු යි.

ගී දෙකක පද හා අර්ථද මිශ්රැ වී තිබෙන බව පැහැදිලි ව පෙණේ.

759

අර්ථ:- එ (රජ) තෙමේ පසුව ෂඩ්දානශාලාවන් නානා වස්තුවෙන් (විස්හල්=) විශාල කොට නොයෙක් දිළිඳුන් (සඟරා=) රැස්කොට නානා වස්තුවෙන් සංග්රරහ කෙළේය.

විස්තර:- ‘ස දනහල්’ නම් නුවර දොරටු සතරෙහි සතරෙක, මැද එකෙක, රජ මැඳුර අසළ එකෙකැ යි සයක් වූ දාන ශාලායි. ‘දාන සහිත ශාලා’ යන අර්ථය ද ‘සදන්හල්’ යන්නෙන් /ත හැකිය. ‘විස්හල්’ යනු ‘විස්සල්’ යන්නට සමාන ය. එය ‘විශාල’ ශබ්දයෙන් එන්නකි. ‘විල්හල්’ යි පිටපත් හි පෙණේ. පරීක්ෂ්යස යි.

760

අර්ථ:- එසමයෙහි ගැටහුම් නම් ප්රියයාවන්ගේ පයෝධර මණ්ඩලයෙහි ම වීය. ගුණ සිඳීම් නම් ක්රීරඩාධූරයෙහි දී ඔවුන්ගේ මණීමේඛලාවෙහි ම වීය.

විස්තර:- ‘ගැගැටුම්’ යන්න ‘ආඝාතය, තදින් හැපීම, කරදර කිරීම, පෙළීම’ යන අර්ථ දෙයි. කුසරජු දැහැමින් සෙමෙන් රාජ්ය,ය කරණ කාලයෙහි පියන්ගේ පියයුරුමඩලෙහි වන ගැහැටුම (=ඝට්ටනය-තදින් එකිනෙක හැපීම) මිස අනික් ගැහැටුමක් නො වීය.

‘ගුණ’ සද මෛත්රීනකරුණාදිය, නූල්, ලනු යන අර්ථයන් හි වැටේ. කුසරජුගේ රාජ්යේ කාලයෙහි ප්රිගය- ප්රිනයාවන්ගේ ක්රී ඩාවෙහි දී ප්රිටය යන්ගේ අතින් ප්රිායාවන්ගේ මිණිමෙවුලෙහි ගුණ සිඳුම (=නූල-ලනුව-කැඩීම) මිස අනික් ගුණසිඳුමක් (=ගුණධර්මෙ විනාශයක්) නො වීය.

761

අර්ථ:- වසන්පහැරුම නම් ප්රිගයයන්ගේ මනොරථ ක්රීොඩාවෙහි ම ය. (පිරිහිඹිනි=) පරිශ්ර මයෙන් වත් සෙවීමක් (වී නම්, එය) එ සමයෙහි ඔවුන් (=ඒ ප්රිකයාවන් දෙස මය. )

විස්තර:- ‘වසන්පැහැරුම්’ යන්නෙන් වස්ත්ර් පැහැර ගැණීම, ව්ය්සනයන්ගෙන් පහර වැදීම යන අර්ථද, ‘වත්සෙවුම’ යන්නෙන් ‘වස්ත්රය සෙවීම, වස්තු සෙවීම’ යන අර්ථ ද ලැබේ. ඒ කුසරාජ්ය්කාලයෙහි ප්රිමයයන්ගේ මනෝරථ ක්රීමඩාවෙහිම වසන් පැහැරුම (=ප්රිසයාවන්ගේ වස්ත්රි පැහැර ගැණිම) වීය. අනික් තැනක අනික් වසන් පැහැරැමක් (=ව්ය්සනයන්ගෙන් පහර වැඳීමක්) නොවී ය. පරිශ්ර්මයෙන් (=මහන්සියෙන්) වත්සෙවුම (=ප්රිනයයන් පැහැර ගත් වස්ත්රා සොයා ගැණීම) ද ඒ ප්රිගයාවන් කෙරෙහි ම වී ය. අනික් වත්සෙවුමක් (=වස්ත්රත-ධන-සෙවීමක්) අනික් තැනක එකල්හි නොවීය.

‘පිරිහිඹිනි’ යන්න ‘පරිස්සම’ ශබ්දයෙන් ආ ‘පිරිහිඹු’ සදින් සිඬී යි.

762

අර්ථ:- එ සමයෙහි සමර පැලැඹුම නම් මනොදොහද ක්රීමඩාවෙහි ය. නොහොත් මනොඥනකාන්තාවන්ගේ වියොගයෙහි බොහෝ ප්රිනයයන් දෙ සම (දිසිනි=) පෙණුනේය.

විස්තර:- ‘සමර’ සද අනංග, සමරණ (=සිතිවිලි), යුද්ධ යන අර්ථයන් හි වැටේ. එකල්හි සමර පැලඹුම (=අනඞ්ගා බලවත් ව පැවැත්ම) මනදොළකෙළියෙහි ම වීය. නොහොත් ඒ සමර (= සිතිවිලි) පැලැඹුම ප්රිළයකාන්තාවන් වියෝ වූ විට ප්රිසයයන් අතරෙහි ම වී ය. අනික් තැනක අනික් සමර පැලඹුමක් (=යුද පැවැත්මක්) නො වීය.

763

අර්ථ:- (එකල්හි) නැපැලඹුම් නමුත් මහේශ්වරයාගේ ග්රිපවාමණ්ඩලයෙහි ය. නොහොත් (නාපැලඹුම) එ සමයෙහි රජුගේ (කිරිඳුහල්හි=) ඇත්ගාළෙහි පෙණින.

විස්තර:- ‘නා’ සද නාග. (=සර්ප), හස්ති), නායක යන අර්ථ දෙයි. එකල්හි නා (=සපීයන්ගේ) පැලඹීම මෙහෙසුරුගේ ග්රී්වාමණ්ඩලයෙහි මය. (මෙහෙසුරුහු සර්පඩයන් මාලා සේද වලලු සේද පලඳින බව ප්ර්සිද්ධ ය. පැරණිසන්නය ‘ගලමඬලේ’ යන්න ‘දළමඬලේ’ යි ගෙණ “ජටාමණ්ඩලයෙහි” යි අර්ථ කියතත් මෙහෙසුරුහුගේ දළමඬ‍ෙලහි නයි නැත.) නොහොත් එය (=තා පැලඹුම=නාගයන්ගේ - හස්තීන්ගේ බලවත් ව පැවැත්ම) රජුගේ ඇත් ගාළෙහි ම වීය. අනික් තැනක අනික් නා (=නායක-ප්රගධාන-යන්ගේ) පැලැඹීමක් නො වීය. කුසරජු හැර අනික් නායකයෙකු නුවූ හෙයිනි.

764 අර්ථ:- ක්රෑ.ඍ වූ කරපැලඹුම දිවාකරයාගේ (=හිරුගේ) විමාන මණ්ඩලයෙහිම විය. නොහොත් ක්රීලඩාධූරයෙහි දෘඪව වැලැඳ ගත් කාන්තයන් අතුරෙහිම වීය.

විස්තර:- ‘කර’ සද රශ්මි, හස්ත, අයබදු යන අර්ථයන්හි වැටේ. ක්රෑනර වූ කර (=රශ්මි) පැලඹුම නම් එකල්හි සූර්ය්යෘ මණ්ඩලයෙහිම වී ය. නැතහොත් ඒ කුරුරු කරපැලැඹුම (=තදව අත පැවැත්ම) ක්රී්ඩාධූරයෙහි (ප්රිඒයාවන්) තදින් වැලඳ ගත් ප්රි)යයන් කෙරෙහිම වීය. ප්රි යසඞ්ගමයෙහි දී නිදීයදෘඪාලිඞ්ගනය කවීහු වර්ණතනා කරති. ඒ දෙපලෙහි මස අනික් තැනක ඒ කාලයෙහි අනික් කුරුරු කරපැලඹුමක් (=තද අයබදු පැවැත්මක්) නො වී ය. 765 අර්ථ:- ඒ නරවර තෙමේ (අරියොර=) නිරන්තරයෙන් (දළ=) මහත් දානය, පි්රඒයවචනය, සමානාත්මභාවය, අර්ථචර්යාව යන චතුස්සඞ්ග්රකහවස්තුවෙන් ලොකයාගේ සිත ගත්තේය.

විස්තර:- ‘සිවුසඟරාවත්’ 91 වැනි දා සඳහන් වීය.

766

අර්ථ:- රජතෙමේ (එකළ=) ඒ කාන්තාවගේ අනුරාග චිත්තය නමැති චින්තාමාණික්යරය ලදින් රජදහම් මදිනය නොකට ම ස්වර්ගාඅපවගී හෙතු (=පින්) රැස්කොට (සැර=) බොහෝ කලක් විසීය.

විස්තර:- ‘රජදහම්’ පස්වැනි ගීයෙහිදි දක්වන ලදී.

767

අර්ථ:- කාන්තාවන්ගේ සඞ්ගමශ්රී්යට පත්, (ක්රෝශාවතී) පුරයට පැමිණියා වූ, කුසරජු (දියට=) ලොකයට කළ නොයෙක් සෙත පිළිබඳ ප්රිවෘත්තිය කියූ මේ සගීය



ප‍සළොස්වැනි යි.

පඤ්චදශ සගීයෙහි ව්යා ඛ්යා්ව නිමි.



කතු නිදෙස්

අර්ථ:- ස්වභාෂාය, සංස්කෘතය, මාගධී ය යන මෙයින් කළ මහාග්රදන්ථ නමැති සාගරයෙහි (පර) තෙරට පැමිණි කලිකාල සරස්වතී නම් වූ දෙවි ඊශ්වරිය විසින් කළ අයැදීමෙන්-

768

අර්ථ:- අඩයටියෙන් මහාමෙඝය (දඟ=) හිර කළාවූ (=අඩයටිය දක්වා වැස්ස නොදුන්නා වූ) සතර සාගරය නැවැත්වූ භූතයන් අතින් (මෙහෙ=) වැඩ ගත්තා වූ පාණ්ඩ්යසරාජයාගේ වංශයෙන් පැවත ආවා වූ-

770

අර්ථ:- චන්ද්ර් වංශයෙහි ක්ෂත්රිරයන්හට කොතක් වූ ධරණිය (වහන්=) ඉසීලීමට (නත්=) අනන්තයා වැනි මෛත්රිජය හා කීර්තිය පතළා වූ කලිකාලසර්ව්ඥනරෙන්ද්ර තෙමේ මේ කාව්යෛය කෙළේය.

විස්තර:- මෙහි පළමුවැනි ගීයෙන් මේ කාව්යයය කිරීමෙහි බාහ්යූ නිමිත්ත දක්වන ලදී. මීට බැහැරි නිමිති වූයේ ආරාධනයකි. එය කළේ ‘කලිකල් සරසවි’ නම් දේවියක විසිනි. “කලිකල් සරසවි” යන්නද ප්රයධාන නාමයක් නොව උපාධිනාමයක් විය යුතු ය. එනම් ඇති දේවියක ගැණ ඉතිහාසයෙහි සඳහන් නොවේ. එහෙත් මහපැරකුම්බා රජහුගේ දේවිය කැයි සිතිය හැකිය. මහපැරකුම්බා රජු විසින් කරවූ කෘත්ය මණ්ඩපයකට ‘සරස්වතී’ නාමය තබන ලද්දේ ඒ දේවියට සැලකිල්ල සඳහා විය යුතුය. පැරකුම්බා රජුට ලීලාවතිය, රෑපවතී යයි මෙහෙස්නෝ දෙදෙනෙක් වූහ. දෙවනි බිසොව වූ රූපවතිය ‘චන්ද්ර වතී’ යන නාමයෙන්ද ප්රයසිද්ධ වූ බව-

“ලංකාධිනාථො යො ධීරො ජිනාණත්තිං විසොධයී, පඨමං කාරිතං තෙන විහාරං සකලං ඉමං.

පරක්කමනරින්දස්ස මහෙසී තස්ස ධීමතො, රජේජ ඪීතාසා කාරෙයි විහාරං සකලම්පුන.

තසෙස්ච නරදේවස්ස දූතියං යා අග්ගනං ගතා, සා රාජිනී චන්දවතී තාය කාරිත මණ්ඩපො” (3-240)

යන ශිලා ලේඛනයෙන් හැගේ.

ලීලාවතී බිසොව සියලු කලාවන්හි පරතෙරට පත් බව ශිලාලෙඛනසඞ්ග්රසහයෙහි පළමුවැනි කාණ්ඩයේ 179 වැනි පිටෙහි තිබෙන ලෙඛනයෙහි සඳහන් වේ. කලාතෙර පත් වූ හෙයින් ඒ බිසොවට ‘කලිකාල සරස්වති’ යන උපාධිය ලැබුනේ ය යි සිතිය හැකි ය. කලිකල්සරසවි දෙව්රැජනගේ අයැදෙමින් මෙය කළ කවිවරයා ඒ බිසවට මහත් ගෞරවයක් දක්වන්නෙකු බව ඉසිරි(=ඊශවරිය ) යන වචනය යෙදීමෙන් ඔප්පු වේ. මහපැරකුම්බා රජහු විසින් මේ කරණලද නම්, මේ වචනය නෙ‍ා යෙදේ. මහරජතුමෙක් සිය බිසවට ‘දෙව්ඉසිරි’ යි නොයොදයි. ‘සිරි’ යන්න ‘සිරු’යි වෙසසනතරජාතක ගැටපදයෙහි යෙදුනේය. එය මෙතැන සුදුසු නො වේ.

දෙවැනි ගීයෙන් කාව්යහයකෘතිහුගේ පරම්පරාව දක්වන ලදි. පෙර පඬුරජෙක් අඩයටිය දක්වා මහාමෙඝය වසින්ට නො දී නැවැත්විල. චතුසසාගරය වැළකී ල. සමුද්ර්ය පානය කළැ යි. ප්රරසිදධ අගසත්යය සෘෂියා පාණඩ්යගරජහුගේ සෞසනාතික (=අශවමෙඩ යාගයෙන් පසුව හොඳට ජලසනානය කළේ දැයි අසන්නා) වූ. බව කාළිදාසයෝ කියති. (රඝු.6-61) ඒ අඟසත්යකසෘෂියා විසින් කළ සමුද්ර(නිවාරනය පඬුරජ කෙරෙහි ආරොපණය කිරීමෙන් මෙසේ ක‍ියන ලද දැයි පරීක්ෂා කට යුතු ය. ඒ පඬුරජ භූතයන් අතින් ද මෙහෙ ගත්බව මෙයින් පෙණේ. එතරම් බලවතෙකුගෙන් පැවතෙන්නා ද මහාශ්රෙමෂඨයෙකු විය යුතු ය.

තුන්වැනි ගීයෙන් කර්තෘ දක්වන ලදි. මේ කාව්ය යෙහි කර්තෘ චන්ද්රනකුලයෙහි කේෂත්රීලයයන්ට කොතක් වැනි ය. මෙත්කිත් පතළේ ය. කලිකල් සවැණි නම් ය. ‘කලිකල් සවැණි යනු සංඥා නාමය නො වේ. උපාධියකි. ග්රෂන්ථ කතෘ වූ සෙසු රජහු තමන්ගේ ප්ර්ධානනාමය ම දැක්වූහ. සියබස්ලකර, ධම්පියා අටුවාගැටපදය, විශුද්ධි මාර්ග යන්නය යන පොත් ඊට නිදසුන්ය. එහෙත් මෙහි උපාධිය පමණක් යොදන ලද්දේ කවර හෙයින් ද?

කව්සිළුමිනහි කර්තෘ මහ රජෙක් නො වේ. උප‍ර‍ෙජකිමෙහරජ වන්නට බලාපොරොත්තුවෙන් සිටියෙකි. මහරජ වීමෙහි දී අනෙක් නමක් ගන්නට බලාපොරොතුත් වුවෙකි. එතුමා නම් මහ පැරකුම්බා රජතුමාගේ බෑනා වූ කීර්ති ශ්රිුමේඝ යුවරජතුමාය. මහපැරකුම්බා රජහු මෙන්ම එතුමාද චන්ද්රූවංශය අයත් පඬුරජ පරපුරහි උපන්නෙකි.ලීලාවතී දෙවියගේ සහොදර වූ ම‍ානාභරණ ඈපානන්ගේ හා මහපැරකුම්බාරජුහුගේ සහොදරියක වූ ප්රමභාවතියගේ ද පුතෙකි. මානාභරණ ඈපානන්ගේ මරණයෙන් පසු මහ පැරකුම්බා රජු විසින් ගෙන්වා ගෙණ කාව්යුලඬකාරාදී ඩථීශාසත්රේයෙහි නිපුණ කරවන ලද්දෙකි. කවීශවරයෙකි. මහාපණ්ඩිතයෙකි. ඇවෑමෙන් එතුමාරජ විය. මහපැරකුම්බාරජුහුගේඇවෑමෙන් එතුමා මහරජ විය. එවිට ප්රමසිදධ වූයේ “පණ්ඩිත විජයබාහු’’ නාමයෙනි. එසේ වෙනස් කරන්නට අදහස් කළ නම නො යොදා තමාට ලැබී තිබුනු උපාධිය ම මෙහි යෙදී ය. ප්රසදාන නාමය නො යෙදීමට හේතු මසේ ය.

‘කිකාලසර්වඥ’ උපාධිය දැරුවේ දෙවැනි පැරකුම්බා රජතුමා නොවේ ද? කව්සිළුමිණ කළේ එතුමා නො වේ ද? නො වේ. දෙවෙනි පැරකම්බා රජතුමාට තිබුනේ මේ උපාධිය නො ව මීට වඩා දික් වූ උපාධියකි. ඒ රජ තුමා උපදින්නට ද පෙර කවිසිළුමිණ කළ බව ලීලාවතී රාඥයාගේ කාලයෙහි කළ සසදාවතට මෙයින් නොයෙක් දෙය ගැණීමෙන් ඔප්පු වේ. එබඳු තැන් රාශියක් මේ ව්යා ක්යාැනයෙහි දක්වන ලදි. එහෙයින් දෙවන පැරකුම්බා රජු විසින් කව්සළුමිණ කරණ ලදැ යි යන මතය අහෙතුකය. මේ ව්යාුඛ්යානතයට ලියූ සංඥාපනයෙහි මෙහි කර්තෘ පිළිබදව විස්තරය දක්වන ලදි.

මෙහි කර්තෘ උපරජෙක් නම් “ වහත් දෙරණත් නත් වන්” යන උපමාව සුදුසු ද? නුසුදුසු නො වේ.අනනතයා ධරණිය උසුලන නමුත් විශ්ණුහුගේ යටතෙහි සිටී. එ මෙන් උපරජු ද මහරජුගේ යටතෙහි සිටීමෙන් ධරණීය උසුලයි. (=පාලනය කර යි.)

‘තිරිඳු’ යන්න උප රජකුට යෙදේ ද? යෙදේ. මේ කවහි කීප පලකම උපරජු සදහා ‘තිරිඳු’ යන්න යෙදින.

සමහර පිටපත්හි සන්නය අවසන්හි

“ මෙ කව් කැරැ කලි(යලි) කල් සැවැණ නද දහස් දත් එකල් ලෝ පද අත් මේ පිරික්සා” යන්න පෙනේ. මෙය පැරණි කව්සිළුමිණිගටපදවිවරණයක අග යෙදී තිබුනු ගීයක සුන්බුන්යයි හැගේ. අර්ථයක් ලැබෙන සේ මෙය.

“මෙ කව කළ කලිකල් - සවැණියන් අදහස් දත් (කලිකල් සරසවි) එ කල් - ලී පදත් මෙ පිරික්සා ” යි

සකස් කළ හැකිය. එවිට මෙහි අදහස නම් “මේ කාව්යයය කළ කලිකල් සවැණියන්ගේ අදහස් දත්, කලිකාල සරස්වතී නම් ඒ කාන්තාව විසින් ලියූ මේ පදාර්ථ පිරික්සව්” යනුයි. මේ සංස්කරණය නිවැරදි නම් කව්සිළුමිණට ගැට පද විවරණයක් යථොක්ත දෙව්සිරිය විසින්ම කළබව මෙයින්ම හැඟේ.

දැන් තිබෙන පැරණිසන්නය නම් කාව්යයකෘර්තෘෙගේ අදහස් දත්තෙකු විසින් නොකළ බව නොයෙක් තැනින් ප්රයස්ඵුට වේ.



කව්සිළුමිණි කුසදාකවට කළ කල්පලතාව්යා්ඛ්යා්ව නිමි.