Jump to content

කව් මිණි කොඬොල-කාව්‍ය ii

Wikibooks වෙතින්

121. 122. හෙල වැලි මලු තරේ පිපි කැල තුරු රැස හුනු සෝ කුසුම් ප තරේ වෙනසක් නොවී මස් රැස දිලි කිරණව තරේ දිලෙනෙත් එහි හැ රැස පවල'කුරු සිරි සිලී නි ත‍රේ බලා නුළු වෙති නිති සිඟල් රැස

121. සුදු වැලි සහිත මලු වල වැටුනා වූ ‍අශෝක කුසුම් පෙති කිරි මුහුදේ බබළන්නා වූ පබළු පැළ වල ශෝභාව නිතර ඉසිලී.

122. ඒ විහාර භූමියෙහි පිපුනා වූ කැල ගස් සමූහය මාංශ රාශිය හා විශේෂයක් නොමැතිව බබළන හෙයින් සිවල් සමූහයෝ ඇස් ඇර‍ බලා නිතර රැවටෙති.

123. 124. ඇසුරු කළ බිඟු නද සිඳුවර මල් අ සල් ගම් හිඹුරු මල් පැහැ නද සුපුල් එහි කිණිහිරි සල් මුනි පුදට මන නද මුතුලැලැති නල සල් සුරන් නිමු හෙම් කිකිණි මෙනි නද දිලෙති හෙම් වියන'යුරු සුවි සල්



කව් මිණි කො‍ෙඬාල 27

123. භෘංග නාදය ආශ්රලය කළා වූ මනොඥ වූ පැහැ ඇති සූරිය මල් (කෙසේද?) බුද්ධ පූජා පිණිස සිත් සතුටින් දෙවියන් විසින් නිර්මිත කරන ලද රත්රන් කිංකිණි වැන්න.

124. ඒ විහාර භූමියෙහි නික මල් අසල මොනවට පිපුණා වූ කිනිහිරි ගස් සුළඟ ඇසුරු කළ මුතුවැල් ඇති ඉතා විශාල වූ රත්රන් වියන් මෙන් බැබළෙති.

125. 126. එහි අවට වන තුරු වැලිගු සහ නා මල් සුපිහිටි සුපුල් සල් තුරු සෙමෙර සේසත් සුවි මල් මුනි පුදට පිවි තුරු ගෙන වන දෙව් නි මල් ලූ පහන් ලෙස දිලෙති විසි තුරු පුදන වැනි මුනි සඳුට සුනි මල්

125. ඒ විහාරයෙහි හාත්පස වනාන්තරයෙහි මනාසේ පිහිටියා වූ මොනවට පිපුනා වූ සාල වෘක්ෂහයෝ පවිත්රය වූ බුදුන් වහන්සේට පූජා පිණිස තැබුවා වූ විසිතුරු පහන්මෙන් දිලෙති

126. වන උක් හා නා මල් නමැති අතිශයින් පිරිසිදු වූ චාමර හා සේසත් ගෙන නිර්මෙල වූ වන දේවතාවන් අතිශයින් නිර්මිල වූ බුදුන් වහන්සේට පූජා කරන්නාක් මෙනි.

127. 128. දෙව්දුරු අගරු තුරු දැව සල් සලල දුන් තල තල් කිතුල් දෙල් තුරු කදඹ දොඹ කිණ නැ දුන් ලඹ රඹ නෙරලු තුරු තුරු වෙසෙස් සුසැ දුන් සැදී එවනත දිලෙයි විසි තුරු සුපුල්වම දිසි උයනසෙ න දුන්

127. දේවදාර ගස්ය, අගිල් ගස්ය, තල ගස්ය. තල් ගස්ය, කිතුල් ගස්ය, දෙල් ගස්ය, එලෙන්නා වූ කෙසෙල් ගස්ය, පොල් ගස්ය, යන මෙයින් සැදුනා වූ විසිතුරු වූ ඒ වනාන්තරය බැබළෙයි.

128. කිහිරිය, සල්ය, හොරය, කුඹුක්ය, බක්මීය, දොඹය, කිණය, නැදුන්ය, (යන මේ) ගස් වලින් මොනවට සුසැදුණු (ඒ වනාන්තරය) පිපුණු මල් සහිතය නඳුන් උයන මෙන් පෙණිනි.



28 කව් මිණි කො‍ෙඬාල

129. 130. ගී ගයනා නි සින් සුනෙර ගිරි සත් කුළු සර ‍ගදඹ කැන් විල සින් ගඳමදන් ඈ සව් කුළු නද දෙන නොව ල සින් මුනි දෙසට සුල කුළු සරති එහි මත කෙවිල් සතො සින් නැමී ‍නමනෙව් වී නොපිහිකුළු

129. නිතර ගී ගයන්නා වූ දිව්යී ගන්ධ ර්වි සමූහයාගේ විලාශයෙන් නොවලසින් නදදෙන්නා වූ මත්ත කෝකිලයෝ ඒ විහාර භූමියෙහි සන්තෝෂයෙන් හැසිරෙත්.

130. සුනේරු පර්වවතය, සප්තකූට පර්ව.තයෝය, ගන්ධෙමාදන පර්වඹතය, ආදී වූ මොනවට අලංකාර වූ සකල පර්වරත කූටයන්ම මුවහ නොවි බුදුන් වහන්සේ දිසාවට නැමී නමස්කාර කරන්නවුන් මෙන් වී.

131. 132. සුර නර සසි ත්වු දිනෙක හිම් සැරි යුත් තුරු ලිය පර්වකද සි ත්වූ ඉදිරිව අනෙක සිරි යුත් මෙලෙසින් මහ ත්වු මහ ‍සඟන ගුණ යුත් පුද කරන සඳ අසිරිම ත්වු මනා ලෙස හැඳ පෙරවපෙම යුත්

131. සචිත්තක වූ දෙව් - මිනිසුන් ද, අචින්තක වූ වෘක්ෂි ලතා - පර්වවතයන් ද මහත් වූ, අසිරිමත් වූ පූජා කරන කල්හි,

142. එක් දිනක් අනේකශ්රීජයෙන් යුක්ත වූ සාරිපුත්රු ස්වාමීන් ප්ර මුඛව ගුණවත් මහා සංඝයා යහපත් පරිද්දෙන් නිවාසන පාරුපනය කොට ප්රේසමයෙන් යුක්තව,

133. 134. මිණි කැකුම නො තුල දියත'ග පත් ප වර විහිදෙන දිගත එක තුල අැවැත්නී අප මුනි වර සුදම් සබ වන තුල පිරිසිදු ගැඹුර වර රැස්ව වැඩ හිඳ දහම් සෙබ තුල ගුණ නැණින් දිලි සේක හැම වර

133. අතුල්ය වූ මාණික්යන කාන්තිය දිගන්තයන්හි ඒකාකාරයෙන් විහිදෙන්නා වූ සුධර්මාය නම් දිව්යන සභාව හා සමාන වන්නා වූ ධර්මය සභාව තුළ රැස්ව වැඩිහිඳ,

134. ආයුෂ්මත්නි, ලෝකයෙහි අගතැන් පත් වූ, උතුම් වූ අපගේ බුදුන් වහන්සේ පිරිසිදු වූ, ගැඹුරු වූ, ගුණයෙන් හා ඥා‍නයෙන් හැම කල්හි දිලිසේක.

කව් මිණි කො‍ෙඬාල 29

135. 136. ගැඹුරු ගුණ මහ සිඳු තෙවිඳු සිටු වෙස රද විපුල ගුණ දර සෙ ප සිදු පසක් මගපල සත රද නිසල වූ ගුණ රැ සිදු සිවුසැස් සිසත රද මුනිඳු සුනෙරෙව් දිලෙයි පරසිදු යෙහෙන් දැනගත් සේක මුනි රද

135. මුනීද්ර යන් වහන්සේ ගැඹුරු ගුණයෙන් මහා සාගරය වැනිය. මහත් වූ ගුණයෙන් පොළොව මෙන් ප්රරසිද්ධය. ඍජු වූ, නිශ්චල වූ ගුණ රාශියෙන් සුනේරු පර්වෙතය මෙන් ප්ර සිද්ධව බැබළෙයි.

136. ත්රිෙවිද්යාරවද, චතුර් වෛශාරද්ය , ඥානයද, ප්රයත්යවක්ෂදයෙන් මාර්ග් සතර හා ඵල සතරද, චතුස් සත්යවයන්ද, චතුරනුස්මෘතීන්ද මුනි රාජයන් වහන්සේ යෙහෙන් දැනගත් සේක.

137. 138. පස් ගති පා ස තර අනපන් සී සො ළොස රා දොස් මුලා නොවි තර දස බල රු කඳ අට ‍ ළොස පස් කඳ ඉදු ස තර සරණ දම් පස ‍ ළොස වෙසෙස් දත්තෙය මුනිඳු ගරු තර ‍සමග අවෙනික දහම් අටළොස

137. අතිශයින් ගරු වූ මුනීන්ර්‍ රයන් වහන්සේ (සත්වයන්ගේ) පඤ්ච ගතියද, අපාය සතරද, අපමණ වූ රාග - දෙවෂ - මෝහයන්ද පඤ්චසක්න්ධයය ද, චතුර් ඍධියද (යන මොවුන් ගේ) විශේෂ‍ය දත්සේක.

138. ආනාපණ සති සොළොසද, දශවිධ ඥාන බල හා අටළොස් ආකාර වූ රූපසකන්ධ.ය ද, ප‍සළොස් වරණ ධර්මශයන් සමග අටළොස් අවේනික ධර්මගයන්ද,

139. 140. තුදුස් බුදු නැණ සත් පෙරෙදා දුටු නැ නද බොජග මෙත් පලෙ'කොළ සත් නා කල් පැවති නුව නද පරමිත් දම් ති සත් දිවස් තාවර නද නැණින් අලලා කෙළේ එක සත් යෙහෙන් දතුයේ මුනිදු මන නද

139. චුද්දස්ස බුද්ධ ඥානයද, සප්ත බෞද්ධ්යාංනග ද, මෛත්රී ඵල එකොළසද, පාරමිතා ධර්මක තිහද, නුවණින් අලලා එකසත් කළසේක.



30 කව් මිණි කො‍ෙඬාල

140. පූව්ර්ත‍ නිවාසානුස්මෘති ඥානය ද, අනාගත කාලය පිළිබඳ නුවණද, දිව්යා වක්ෂුතරභිඥානයද, අනාවරණ ඥානයද, මනොඥ වූ මුනී න්ර් ේනයන් වහන්සේ යෙහෙන් අවබෝධ කළ සේක.

141. 142. නත තණනු අනු බල අලව් යකු කර දර නත තණ සයට අනු බල වෙත අවුත් කළ කර දර නත තණ කැලලු බල සිතට නොමගෙන දර නත තණ වැනසි පවර දස බල කෙළේ මුනි රජතුමා ගුණ දර

141. අනන්ත වූ තෘෂ්ණාවට අනුබල නු වු ද, අනන්ත වූ තෘෂ්ණාව ගේ ක්ෂධය කිරීමට අනුබල වූ ද, අනන්ත වූ තෘෂ්ණ සමූහයාගේ බලය බැහැර කළා වුද, උත්තම වූ සර්වවඥයන් වහන්සේ අනන් වූ තෘෂ්ණාව විනාශ කළ සේක.

142. ක්රෑවර ධාරී වූ ආලවක යක්ෂවයාගේ සමීපයට එළඹ (ඔහු විසින්) කළා වූ කරදර සිතට නොගෙන ගුණධාර වූ මුනි රාජයන් වහන්සේ ගේ ආදරය හෝ ආධාරය කළ සේක.

143. 144. අජපල් නුග සෙ වන රා බී හුනු වී කර උන් සඳ ලොවිඳු සනු වන දනපල් වරණ කෝ කර මරඹුන් වුත් ර වන වෙතෙ'ත තම මෙත් කර බසුදු නොව කෑ කෙනෙක ‍ෙදස වන කෙළේ සිල් අබරණින් සුළ කර

143. ෂට් අසාධාරණ ඥාන ඇති ලෝක නායකයන් වහන්සේ අජපල් නුග සෙවනෙහි උන් කල්හි, මරඟනන් අවුත් කියන්නා වූ චනයන්ද දෙසවන්හි නොවැ කෑ කෙනෙක.

144. රා බී වියරු වැටුනා වූ ධනපාල ඇතා කෝප කරවා තමන් වහන්සේ සමිපයට එන කල්හි මෛත්රී කොට ශීල නමැති ආභරණ යෙන් මොනවට අලංකාර කළ සේක.

145. 146. ගරු තර දිරිය බල ඉති අසිරිම ත්වු ලා හිඳ තනිව මර බල ගුණයෙන් ලොවග ප ත්වූ බිඳලු කල දම බල මුනි සසුන යු ත්වු කියනු කිම පළ කර විකුම් බල පැවිදි ලැබ අප සෙ මුනි පු ත්වු


කව් මිණි කො‍ෙඬාල 31

145. අතිශයින් ගරු වූ ධෛර්‍්වි ය බලයන් ලා වැඩහිඳ හුදකලාව මාරයාගේ බලය දසබලයන් වහන්සේ බිඳ ලු කල්හි (උන්වහන්සේගේ) වික්රනමය හා බලය ප්ර කාශ කොට කියනු කිම?

146. මෙසේ අසිරිමත් වූ ගුණයන් කරණ කොට ගෙන ලෝකාග්රු භාවයට පත් පත්වූ මුනීන්ර්ත යන් වහ්නසේගේ සාසනයෙහි සුදුසු වූ පැවිදි බව ලැබගෙන අප මෙන් බුඬ පුත්රනවු,

147. 148. අසෙ මහණ ඇව තිනි දෙන දන් සුමිහි රින් නොකටයුතු වන නිය තිනි සත ගැලවෙන සෙ සස රින් ගිහි දන පිහි නි තිනි දෙගුරු වෙන අද රින් අහෝ අවඩැක් කෙරේ විම තිනි කවා උවටැන් කෙරේ නොහිරින්

147. ආයුෂ්මත්නි, අසවල් ශ්රොමණයා නියමයෙන් නුසුදුසු වන්නා වූ ගෘහස්ථ ජනයා නිරන්ත‍රයෙන් පොෂ්ය ය කොට විමතියෙන් අවැඩක් කෙරේ. කණගාටුවට කරුණකි.

148. සත්ව යන් විසින් සසරින් ගැලවෙනු පිණිස සුමිහිරි ලෙස (සකස් කොට) දෙන්නා වූ දන් දෙමාපියන් වෙත ආදරයෙන් කවා ලජ්ජා් නැතිව උපස්ථාන කරයි.

149. 150. නොවන කිසි ආ රිය මෙලෙසට මහ ස ගණ ගිහින් කර ගෙන ආ රිය වසන දෙගුරුන් රැක ගණ සිතයි නො වී රිය ‍යති‍ෙඳකුගෙ ගුණ ගණ බලව මොහු මේ කරන කා රිය අගුණ මෙන් පළ කොට සිතටැර ගණ

149. කිසිත් ආර්ය්යත නොවන්නා වූ ගෘහස්ථයන් ආර්ය්යරයන් කොට ගෙන ‍(ප්ර ධාන) වීර්යනය නොසිතයි. මේ ශ්රනමණයා ‍කරන මේ කාරිය බලව.

150. මේ ආකාරයෙන් මහා සංඝයා විසින්, දෙමාපියන් රැකගෙන වෙසෙන යතින්ර් යෙකුගේ ගුණ සමූහය අගුණ මෙන් (සලකා) සිතට ඇරගෙන ප්රොකාශකොට.

151. 152. දම් සෙබ තුළ ප තර මහරු ගඳ කිළි තුළ තෙපලන එබස් පුව තර පිරිසිදු කොඳු පලස් තුළ තිලොවෙක නෙත් ස තර සිරි යහනින් අ තුළ අසා දින කන් යොමා ගරු තර නැගී මුනි රද සමවතින් තුළ 32 කව් මිණි කොඬොල

151. මහත් වූ ධර්ම සභාව තුළ කථා කරන්නා වූ ඒ වචනය ප්රනසිද්ධ වූ තුන්ලොවට නෙතක් බඳු වූ ශාස්තෲන් වහන්සේ ගරුතර දිව කන් යොමා අසා

152. පූජ්ය ගන්ධ කුටියෙහි පිරිසිදු වූ කොඳු පලස් අතුරනලද අතුල්යව වූ ශ්රීේ සසනයෙන් අසමාන වූ සමාප්ත්තියෙන් නැගී

153. 154. දැන් මෙ සඟන ස ගුණ එයිනෙ'හි ‍මම ගො සින් ලෙස තම තමන් සිතැ ගුණ ‍ පෙරම පුවතක් සක සින් එ මහණහුගෙ සු ගුණ කියමින් නොවල සින් කෙරෙති සෙබ තුළ ලෙසට අව ගුණ ඔවුන් සැක දුරු කෙරෙමි වෙස සින්

153. දැන් ගුණවත් වූ මේ භික්ෂු්හු තම තමන්ගේ සිත් වලට වැටහුණු පරිද්දෙන් ඒ භික්ෂුනවගේ යහපත් ගුණයන් අව ගුණ ලෙස සභාව තුළ ප්ර්කාශ කරති.

154. එහෙයින් ‍මම ඒ ධර්ම් සභාවට ගොස්, පෙර මාගේ ප්රයවෘත්තියක් නොවලසින් කියමින් ඒ භික්ෂුුන්ගේ සැකය විශේෂයෙන් දුරු කෙරෙමි.

155. 156. ඉති සිතා මුනි සඳ පෙර පිණින් නොවි තර සක් ලකුණ දිසි හැම සඳ මිහිරා නැගුණු එය තර සිරි පා පියුහෙ සඳ මුවරද'වල ප තර දිග කරත තො'සෙලවා මිහි සඳ පියුම් පිට සිට සිරිනි ගරු තර

155. මුනීන්ර්ා මයන් වහන්සේ මෙසේ සිතා සියලු කල්හි චක්රක ලක්ෂ්ණයෙන් බබළන ශ්රී පාද පත්මය එකල්හි මහී කාන්තාව සතුටු කොට දිගු කරන කල්හි,

156. අපමණ වූ පෙර පින් කරනකොට ගෙන එ කෙණෙහි පොළොව පළා ගෙන මතු වූ, මකරන්දනයෙන් ගැවසී ගත්තා වූ, මහත් වූ පියුම් පිට ඉතා ගරු අන්දමින් වැඩ සිට,

157. 158. ලා රසින් තෙත් කළ පැහැපත් සුරත් වන් මුරුත මල් පැහැ යුත් කළ පියුම් පෙති පෙළ රන් වන් රැසිනු'දුලන ල කළ කතුරෙන් කපනු වන් දෙ පට අඳනා සිවුර මන කළ වසා තෙමඬුල හැඳ නිදොස් වන්


කව් මිණි කොඬොල 33

157. ලාක්ෂා රසයෙන් තෙමන ලද්දා වූ මුරුත මල්වල ප්රකභාවයෙන් යුක්ත වූ රශ්මියෙන් බබළන්නා වූ අලංකාර වූ මනොඥ වූ දෙපට අඳනා සිවුර,

158. ඉතා රත් පැහැයෙන් යුක්ත වූ පියුම් පෙති පෙළ රන් වන් කතුරෙන් කපන්නාක් මෙන් තෙමඬුලු වසා නිදොස් පරිද්දෙන් හැඳ,

159. 160. රන් ගිරක'ව ටිනා දිලෙන රත් ප ලසා දිලෙන විදු කිඳු ව ටිනා වැසු රුවනැ ගැ වි ලසා යළි එමතු පි ටිනා සදිසි නුග ප ලසා පටී දා බැඳ යුවල ප ටිනා මතු සිවුර පොරවමින් ‍නො ලසා

159. රත් රන් පර්ව තයක හාත්පසින් දීප්තිමත් වූ විද්යාකල්ලතාවක් අගනා වූ, පටී ධාතුව නැවත ඒ (සිවුර) මතු පිටින් දෙපට කොට බැඳ,

160. දිලෙන්නා වූ රත් පලසකින් රුවන් ඇගෑවක් වැසුවාක් මෙන් නුග පල වැනි වූ සිවුර යළිත් අනලස්ව පොරවමින්,

161. 162. දෙතිස් ලකුණෙ රැ දුනු කසුන් ගිර වට කල පුරිස් කායෙහි සැසැ දුනු දෙව් දුනු සිරිත් මන කල අසූ අනූ විය දුනු නොවන තුරු හැම කල ලකළ කොත් මල් සිරින් පැහැ දුනු බැම පබා මඩලින් ද සුල කල

161. දෙතිස් මහා පුරුෂ ලක්ෂැණයෙන් විරාජමාන වූ ශරීරයෙහි සුසැදුනු අසීති අනු ව්ය්ඤං‍ජනයෙන් හා ප්රබභා දානය කළා වූ කේතු මාලා ශ්රීීයෙන් අලංකාර වූ,

162. රත්රන් පර්වපතය වට කළා වූ සියලු කල්හි නො සිඳී පවත්නා වු දෙව්දුනු සිරිත් සිත් කළු වූ භ්යාපම ප්රහභා මණ්ඩලයෙන්ද මොනවට අලංකාර වූ

163. 164. දහසක් සුවහ සක් මේ ගැබ තුරෙන් පත් රිවි මඬුලු කළ වෙන සක් පුන් සඳ සිරිත් පැහැ පත් තුනු කැලුමැ'ති ප සක් ගඳ කිළි තුළින් පත් කෙසේ පවසමි රුසිරු දිය මක් නිකුත් සඳ මුනි රජ ලොවග පත්


34 කව් මිණි කො‍ෙඬාල

163. සූර්ය්ෙඬා මණ්ඩලයන් දහසක් හා ලක්ෂනයක්හුගේ විශේෂයක් කළා වූ ප්රේත්යසක්ෂෙ වූ දේහ කාන්ති ඇති (ජගත් නේත්රහ) බුදුන් වහන්සේගේ රූපශ්රීරය කෙසේ ප්රේකාශ කරම්ද?

164. මේඝ ගර්භාන්තරයෙන් නිකුත් වූ පැහැපත් වූ පුන්සඳ සිරිත් පැමිණියා වූ හෙවත් වැඩ උන්නා වූ ගඳ කිළියෙන් ලොවෙහි අගපත් වූ මුනි රාජයාණන් වහන්සේ නිකිත් වූ කල්හි,

165. 166. වඩන බව සැ සිනා ඉඳු නිල් මිනි රැ සක් දන්වන දු රැස් ලෙ සිනා නොහොත් කසමල් වෙසෙ සක් පෙරටුව ම ල සිනා ‍සිදිසි ව නිල් රැ සක් දිවී ‍සවණක් රැස් මෙලෙ සිනා දිසී දස දිග නොවී වෙන සක්

165. ශාක්ය් සිංහ නායකයා වඩිනා බව දක්වන දූත සමූහයක් පරිද්දෙන් (උන්වහන්සේගේ) පෙරටුවම අශීඝ්රවව මේ ආකාරයෙන් සවණක් රැස් දිවී,

166. ඉන්ර් මනීල මාණික්යේ රාශියක් හා නොහොත් කස මල් වෙසෙසක් හා සමානව නීල (වර්ණ‍) රශ්මියක් දශ දිශාවෙහි වෙනසක් නොමැතිව දිවී.

167. 168. කිණිහිරි කුසුම් වන් බඳු වද විල සිනේ තුරු සිඳු තරග පෙළ වන් පියුම් රා මිණි ලෙ සිනේ දිව කැලුම් රන් වන් සුරත් බුදු රැ සිනේ කෙළේ සිඳු ගිරි තුරුද රන් වන් සුරත් විය දසදෙ'සෙක ලෙසිනේ

167. කිණිහිරි මල් වැනි වුද, උත්තර සාගරයාගේ රැළ පෙළ වැනි වුද, රන් පැහැති රශ්මිය ධාවනය කොට සමුද්රදයද, පර්වෙතයන්ද, වෘක්ෂනයන් ද, රන් වන් කෙළේයි.

168. බදු වද මල් මෙන් ද, පත්ම රාග මාණික්යරයන්ගේ ශොභායෙන්ද, (යුක්තවූ) ඉතා රතු පැහැති බුද්ධ රශ්මිය කරණ කොට ගෙන දශ දිශාව ඒකාකාරයෙන් ඉතා රතු පැහැ වූයේය.

169. 170. ලෙස සුරඟන ත රඟ මිස රතිඳු ගොව් වන් කල දෝ රසෙව් මන රඟ අන් වතෙක් නොම සම වන් සුදු බුදු රැස් මෙ රඟ දිගලු කර එක වන් දිවී දස දෙස නොහැර එක රඟ දිවී බුදු රැස් කඳ මඳට වන් කව් මිණි කො‍ෙඬාල 35

169. අහස් ග‍ෙඟහි රැළ වැනි වුද, කලධෞත රසයක් මෙන් මනෝරඤ්ජන වුද, ධවල බුද්ධ රශ්මිය දශ දිශාවන් නොහැර එකසේ දිවී.

170. රතිඳු ගොව්වන් මිස (පැහැයෙන්) අනෙක් දෙයකට සම නොවන්නා වූ මදට වන් බුදු රැස් කඳ දිශාවන් ආලෝක කොට එකසේ දිවී.

171. 172. ලොවැම පෑ වෙසෙ සින සවණක් රැස් සි තුරු එක්කරලාලු විල සින කඩක් විදනෙව් විසි තුරු දිලි පබසර ර සින පැතිර ගත නොව තුරු වැසුනි සව් ලොව නොහැර විග සින ‍සළාදෙමි' නැඹරෙමින් අන තුරු

171. ලෝකයෙහි සියලු පැහැයන් විශේෂයෙන් එක් කොට හලුවාවූ පරිද්දෙන් බැබළෙන ප්රෙභාස්වර රශ්මියෙන් සකල ලෝකය නොහැර විගසින් වැසිණි.

172. ෂඩ් වර්ණ‍ රශ්මිය චිත්රස වස්ත්ර යක් දිග හරින්නාක් මෙන් විචිත්ර්ව සුළි නංවමින් ඉක්බිති ඇඹරෙමින් අතුරක් නැතිව පැතිරිණි.

173. 174. බඹ ලොව වසා ගෙන ඉති සවණක් රැ සින් වා පොළොව කිමිදී ගෙන දස දිග'ලු කර වෙසෙ සින් සක්වළ පැතිර ගෙන මහ ගඳ කිළි කු සින් දිවි බුදු රැස් ලොව පුරා ගෙන නිමක් සත පත් පියවිලි හි සින්

173. බ්රපහ්ම ලෝකය වසා ගෙන වා පොළොව කිමිදී ගෙන චක්රකවාටයෙහි විහිදී ගෙන ලෝකය පුරවමින් බුද්ධ රශ්මිය දිවී.

174. මෙසේ ෂඩ් වර්ණු රශ්මියෙන් වි‍ශේෂයෙන් දශ දිශාවන් ආලෝක කොට මහා ගන්ධ.කූටි විහාරය තුළින් පත්ම පාවාඩ මස්තකයෙන් නික්ම

175. 176. නිති සුවඳ හ මවා උදය ගිරි හි ස්නේ සිටි බිඟු දැල් සෙ බ මවා පත් දින කරෙ'ව් දි ස්නේ මිණි කිකිණි ර මවා සෙබ මැදෙහි අ ස්නේ දහම් සෙබයට මුනි වැඩ මවා අරා ඉඳ විඳ සුවපහ ස්නේ


36 කව් මිණි කො‍ෙඬාල

175. නිතර සුවඳ හමන්නා වූ භෘංග ජාලාවන් පරිද්දෙන් කැරකෙන්නා වූ මාණික්යබ කිංකිණියන් සිත්කළු වූ ධර්මා සභාවට බුදුන් වහන්සේ වැඩම කොට,

176. උදයගිරි පර්ව ත මස්තකයට පැමිණියා වූ, බබළන්නා වූ සූර්ය් ය යා මෙන් සභා මධ්ය.යෙහි ආසනාරූඪව සුව පහසු ලෙස වැඩ හිඳ

117. 178. මුනි දිවයුරු ර සින් මහණෙනි, තොපි මෙ වර පොබබ රත් සරන් විල සින් රැස්ව දම් සෙබ තුළ වර සන්හුන් වන වෙ සින් ඉඳ පුවතක් ක වර උන් සඟන දෙස බලා සියැ සින් පළ කළෝදැයි මුනිඳු ඇසු වර

177. බුද්ධ නමැති සූර්ය්තක රශ්මියෙන් ප්රවබුද්ධ වූ රත් පියුම් මෙන් ‍ශාන්ත විලාශයෙන් උන්නා වූ සංඝයා දෙස (බුදුන් වහන්සේ) සියැසින් බලා,

178. මහණෙනි, දැන් යුෂ්මත්හු උතුම් වූ දම් සෙබ තුළ රැස්ව හිඳ කවර ප්රාවෘත්තියත් (කතාවක්) ප්ර්කාශ කළාහු දැයි බුදුන් වහන්සේ විචාළ කල්හි,

179. 180. එබස'සමින් සි නිඳු සිරි සරණ සිය පත් සඟුන'තුරෙ උන් නැණි නිඳු මුදුන'ත් දෙමින් පැහැ පත් තෙපුලෙන් යුතු යි නිඳු වඳිමින් එහි සැ පත් සෙබෙන් යති‍ෙඳක් තැගිට එ මු නිඳු තෙපුල් මෙලෙසින් පැවසී යහපත්

179. ස්නිග්ධවූ (සුමිහිරි වූ) ඒ වචනය අසමින්, සංඝයා අතර උන්නා වූ ඥානයෙන් ඍජුවූ ස්නිග්ධ (සුමිහිරි) වචනයෙන් යුක්ත වූ යතීන්ර්් දයෙක් සභාවෙන් නැගී සිට ඒ මුනීන්ර් තැයන් වහන්සෙගේ,

180. පැහැපත් වූ ශ්රී පාද නමැති පත්මය මුදුනත් දී වඳිමින් එහි සම්ප්රාංප්තව මේ ආකාරයෙන් යහපත් වචනයන් ප්ර‍කාශ කළේය.





කව් මිණි කො‍ෙඬාල 37

181. 182. හිමි සඳ ගුණ අ ණව මොහු කරන මේ සඳ ඔබ සස්න වැද මහ ණව කරුණු පැවසිමු හිමි සඳ පිළිවෙත්හි නො මැ ණව කියමින් එ යති සඳ ගිහින් රකිමින් වසන සුම ණව ඉදිරියට පෑ ස‍ෙඳහි මුණි සඳ

181. ගුණ මුහුදක්වූ ස්වාමීන්ර්ි හයන් වහන්ස, ඔභ වහන්සේගේ සසුන් වැද පැවිදි බව ලැබ ප්රුතිපත්තියෙහි යහපත් නොවී. සතුටු සිතින් ගිහියන් රකිමින් වාසය කරන්නා වූ,

182. මේ ශ්රහමණයා විසින් දැන් කරනු ලබන කරුණු පැවසිමු ස්වාමීන්ර්ලැ යාණෙනි, (මෙසේ) කියමින් ඒ යතීන්ර්්න්යා ඉදිරියට පෑ කල්හි මුනීන්ර්නු යන් විසින්.

183. 184. මහණ තා එ ලෙ සින් එ බසා සිත පි රුණු ගිහින් රකිදැයි තො සින් තුටු රිවී කැලුම් පැහැ රුණු පුලුවත් සඳ තො සින් කොකනදෙව් විසු රුණු සැබව දෙගුරුන් රකිමි කවි සින් විදා මුනි මුව හසින් සපි රුණු

183. ශ්ර මණය, යුෂ්මතා ඒ අන්දමින් අනලස්ව ගිහින් රකි දැයි ප්ර්ශ්න කළ කල්හි, සැබව, සතුටින් දෙමාපියන් රකිමි යි කී හෙයින්,

184. බුදුන් වහන්සේ ඒ කතාව අසා සිත පිරුණා වූ සන්තෝෂ නමැති සූර්ය්ගි රශ්මිය වැදී රත් පියුමක් විකසිත වූ හාස්යා ලිලාවෙන් සපිරුණු මුඛය විවෘත කොට,

185. 186. කුරවී කෙවිල් නද මොහු කළ මෙ සිරි තය පහස කළ සුමිහිරි නද පෙර මහතුන්ගෙ සිරි තය විහිදමිනී දිය නද ලැබපු රජ සැප තය දම් සෙබෙහි උන් සඟන කර නද හැර දෙ ගුරුවර නිසා ඉව තය

185. කෝකිල පක්ෂීුන්ගේ නාදයට අපහාස කළාවූ සුමිහිරි නාදය විහිදුවමින් (ජගත් නන්දන වූ) බුදන් වහන්සේ ධර්මඅ ‍සභා මණ්ඩපයෙහි උන්නා වූ සංඝයා සන්තෝෂ කොට,


38 කව් මිණි කො‍ෙඬාල

186. මේ භික්ෂුෂව විසින් කරන ලද මේ චාරිත්ර‍ය පුරාණ උත්තමයන්ගේ චාරිත්රකයක්ය, ලබන ලද රාජ සම්පත්තිය දෙ මාපියන් නිසා ඉවත ලා,

187. 188. ‍මහ වනයට වදී තෙපලා මෙ පම ණක් යකු මුවට බිය නො වදී නොබැණ උන් වෙන වද ණක් දෙ ගුරුනට සු වදී මුනිඳු වෙත මහ ණක් සුරැකියෝ යයි තුමෝ බ වදී ගොසින් බිමො'බා පසඟ තෙගුණක්

187. සසර සැරිසරද්දී උත්තමයෝ මහා වනයට පැමිණ යක්ෂොයාගේ මුඛයට ‍භය නොවි දෙමාපියනට සුවය දී යහපත්ව රැකියෝයයි,

188. මෙපණක් දේශනා කොට අනෙක් වචනයක් නො බැණ වැඩ උන්නා වූ බුදුන් වහන්සේ වෙත එක් සඟනමක් ගොසින් පසඟ පිහිටුවා තෙවරක්


189. නැම - නැමද සතො සින් එ බන පවසන විල සින් අයදි කල වෙස සින් ඉකුත් වත් දෙසි මුනිඳු මෙලෙ සින්

189. සන්තෝෂයෙන් නමස්කාර කරමින් විශේෂයෙන් ඒ කතාව ප්ර කාශ කරන ලෙස ආයාචනය කල කල්හි, මුනීන්ර්න් යන් වහන්සේ මේ ආකාරයෙන් අතීත කථා වස්තුව දේශනා කළ සේක.

190. මහරු තිදස පුර මිස සුර ස රණා ඉසුරු නො සමකළ හැකි මුළු දෙ රණා සොදුරු එකම්පිල්ලය දෙස ව රණා උතුරු පසල් නුවරෙක් විස පො රණා

190. දෙවියන් වාසය කරන්නා වූ මහරු වූ දෙව් පුරයෙහි මිස මුළු ලෙව් හි (අන්ය.වූ) ඓශ්චයර්යහ හා සම කළ නොහැකි වූ යහපත් වූ උතුම් ඒ කම්පිල්ල දේශයෙහි පුරාණ කාලයෙහි උත්තර පඤ්ඤාල නම් නගරයක් වූයේය.




කව් මිණි කොඬොල 39

191. මහවුරු වෙරළ සපිරි සිරි දෙ ලිනා නිරතුරු වන කිරි ගිරි හය ර ලිනා විසිතුරු වන බිහි දොර නැව් පෙ ලිනා සුරවිරු බල සෙන් මින් කැල කෙ ලිනා

191. මහා ප්ර්කාර නමැති වෙරළ ඇති ඓශ්චයර්ය නමැති ජලයෙන් සපිරුණු ඇතුන් නමැති පර්වමතයෙන් හා අශ්වයන් නමැති රැළවලින් ගහණ වූ බිහිදොර නමැති නැව් පෙළින් විසිතුරු වන්නා වූ සූරවීර භට සේනා නැමැති මත්ස්යබ සමූහයා ක්රීිඩා කරන්නා වූ,


192. පිරිසිදු කලදෝ යට දිසි කෙහෙ ලීය උරගිඳු ගත් ගුරුළුන් පෙළි'නුදු ලීය පරසිඳු පසතුරු නද ගොස කිය ලීය එයිනුදු එනුවර සිඳු සිරි ඉසි ලීය

192. පිරිසිදු වූ රිදී පොලුවල දිසි කොඩි නමැති, නයින් (එල්වා) ගත් ගුරුළු පෙළින් බබළන්නා වු ප්රිසිද්ධ වූ පසඟතුරු ගොස නැමැති (සමුද්රර) ඝෝෂාව කථනය කළා වූ ඒ නගරයට ඒ කාරණයෙන්ද සමුද්රධ ශ්රීගය ඉසිලීය.

193. 194. තුරු පසල් එනු වර ඔහු දිගත් පිවි තුරු එකක පත් කර හැම වර අමිතුරුහට ද සුමි තුරු පසල් නම් නර වර ලෙස'ය දඬු කප් තුරු වීදි රජ සිරි ලෙසින් සුර වර ‍ කළෝ බිය සහ සතොස් නිරතුරු

193. උත්තර පඤ්චාල නම් වු ඒ නගරය සියලු කල්හි ඒකාත පත්රරකොට පඤ්චාල නම් නර ශ්රේ්ෂ්ඨයෙක් සුරේන්ර් ස යා මෙන් රජ සිරි විදී,

194. ඒ රාජයාගේ පවිත්රන දීර්ඝ් හස්තයෝ සතුරන් හට ද, හිත මිතුරන් හට ද යකඩ කඳන් හා කප්තුරු ලෙසින් භීතිය හා ප්රී‍තියත් නිතරම කළාහුය.

195. 196. ඔහු තෙද යස ල කල රණට ඔහු මන කල දිව රෑ හෙලි කරන කල සුරත කග පත ලෙල කල හිරු දිවා සඳ කල රුපු දිගැසින් ල කල උළිඳු සෙ පියුම් වැනිය පළ කල දෙනෙතු රතුපුල් දෙලෙව් පළකල


40 කව් මිණි කො‍‍ඬොල

195. ඒ රාජයාගේ තේජස ද අලංකාර වූ කීර්තිය ද දිව්යප රාත්රීකන් ආලෝක කරන කල්හි දහවල් සූර්ය්තේ යා ද, රාත්රිරයෙහි චන්ර් ආලයා ද සඳ හා හෙල පියුම ‍පළ කළ වැනිය. 196. ඒ රාජයා යුද පිණිස ලස්සන සුරතෙහි කඩුව ලෙල වන කල්හි සතුරු (රජ මෙහෙසියන්) කාන්තාවන්ගේ අලංකාර දෙනෙත් නමැති රකෙතාත්පල පත්රරයන් ප්ර)කාශ කළාක් වැනිය.

197. 198. එ රජ රාපු කල නත් උරත කළ සැර සිලි කියුඹු වැල හුනු උව නන් ලද කත් තෙනෙව් දිලි සිලි පළඟ අඩ ගහ නන් තම වෙතැ’ති ඇද සිලි මැලිසි සඳ ඉසිලිනොව නත් ලෙවන් අදරින් එරද ලෙනි සිලි

197. ඒ රාජයාගේ අනන්ත වූ ශත්රැ් කාන්තාවන්ගේ කියඹු වැල පතිත වූ මුහුණ රාහු අසුරිඳු විසින් අඩක් ගිල ගැනීමෙන් කාන්ති රහිත වූ චන්ර්ති යාගේ ශ්රීතය නො වෙනස්ව ඉසිලී, 198. උරතලෙහි කරන ලද සැරසිලි බාල කාන්තාවන්ගේ පයෝධරයන් මෙන් දීප්තිය ඉසිලී. තමා කෙරෙහි භක්තිමත් වූ ලෝකවාසීන් ඒ රාජයා ආදරයෙන් චිත්තයෙන් ඉසිලී.

199. 200. සුර පුර වන් එ වර එනිරිඳු පිය ද සුන් අනත සිරි පිරි එනු වර සිරි යහන කළ පිවි සුන් දස රජ දම් ප වර දිලි ලිය වන් ක සුන් සුරැකි ඒ රජ රජ කරන වර බිසෝ රුවනක් වි අගමෙහෙ සුන්

199. එකල සුර පුර සේ අනන්ත ඓශවර්ය්ින්යෙන් පිරුණා වූ ඒ නගරයෙහි උතුම් වූ දශරාජ ධර්ම යන් සුරැක ඒ රජතුමා රාජ්ය්ය කරන කාලයෙහි 200. ඒ රජ තුමාගේ ප්රිමය දර්ශුන වූ (සිරි යහනෙහි ප්රගවිෂ්ට වීම කළා වූ) සිරි යහනට පැමිණියා වූ රත්රන් ලතාවක් මෙන් දිලිසෙන්නා වූ බිසෝ රුවනක් අග්රර මහේෂිකාව විය.

201. 202. එ බිසෝ සඳ සිරී උවනත නො දි ලිවී එ රද වෙණු වෙත හැ සිරී සියලු ගත සුදු මැ ලිවී විඳ පස්කම් සිරී පියයුර’ග ති ලිවී දරු’පතක් වූ බැවින් ස සිරී උපන්නෙන් දොළදුකක් බි ලිවී 41 කව් මිණි කො‍‍ඬොල

201. ඒ මහේසිකා උත්තමාව නමැති ශ්රී කාන්තාව ඒ රාජයා නමැති විෂ්ණුහුගේ සමීපයෙහි වාසයකොට පස්කම් සැප සිරි විඳ ශ්රීර සහිත වූ දරු උපතක් (ඇති) වූ බැවින් 202. මුහුණ දිලිසුම නොවීය. සකල ශරීරය සුදුමැලි විය. පියයුරු අග නිල් පැහැය ඇතිවිය. (මෙසේ) බලවත් ව දොළ දුකක් ඇති වූ හෙයින්

203. 204. රති සැප අල සවී එබව දත් නර වර සුවඳ බොජුනෙම ලෙ සවී කැඳවා සම’තැදුරු වර ඇඹුලට සතො සවී ගැබ පෙරහැර ප වර දුඹුල් රසයද අමා ලෙ සවී කළේ පෙර විදි ලෙසට එම වර

203. මෛථුන සේවනයෙහි උනන්දුව අඩුවිය. සුවඳ බොජුන් ද එමලෙස විය. ඇඹුල් කෑමට සතුට ඇතිවිය. දුඹුල් රසය ද අමෘතයක් ලෙස විය. 204. ඒ බව දැනගත්තා වූ රජතුමා සමත්ථ්දි ආචාර්ය්යක් වරයන් කැඳවා උතුම් වූ ගහී පරිහාරය පූර්වද (චාරිත්රි) විධි පරිද්දෙන් එම වර කෙළේයි.

205. 206. ද සෙකඩ මස ගො සින් එ බිසවට මන කල විළි පැහැර නද විල සින් රොසින් අඟනක් පෙර කල නොව කිසි අයහ සින් පැතී දරු වැදූ කල වැදුව පුත්රුවනක් ‍සහතො සින් මරා කමි මම උපනුපන් කල

205. දසෙකඩ මසකගේ ඇවෑමෙන් තදින් විළි පැහැර කිසි අපාසුවක් නොවී ප්රීවතියෙන් පුත්රෑ රත්නයක් ප්රහසූත කළා. 206. පුරාණ කාලයෙහි එක් අඟනක් සිත්කළු ඒ බිසවට රොසින් උපන් - උපන් ආත්මයන්හිදී (තී) දරුවන් වැදූ කළ මම (උන්) මරා කමියි පැතුවාය.

207. 208. ඉති කියා පැතු සර එ බිසව වැදු කෙ ණින් යකිණි ව ඉපද වන සර යකිණිය අවුත් අර ණින් රද දු වදන’ව සර කුමරු ගෙන උර ණින් තරඹ - තරඹා නිතර දව සර කැවයිමුරු-මුරුයනනුකර ණින්


42 කව් මිණි කො‍ෙනඬොල

207. මෙසේ කියා ප්රාදර්ථනා කළා වූ කාන්තාව යකිණිව ඉපිද වනචාරී ව, රජ මෙහෙසිය ප්ර සූත කරන්නා වූ අවස්ථාව බල-බලා නිතර දවස් යවා 208. ඒ බිසොව දරුවා ප්රනසූත කළ සැණෙකින් යක්ෂණිය ආරණ්යපයෙන් අවුත් කෝපයෙන් කුමරුව ගෙන මුරු - මුරු ගගා කෑවා ය.

209. ‍මෙ ලෙසින් තව ව රෙක එ බීසව වැදූ කුම රෙක කැව දුටු අවස රෙක අහෝ, සැටි පෙර කලෙක වයි රෙක

209. මේ ආකාරයෙන් තව වාරයෙක්හි ඒ මෙහෙසිය වැදූ කුමරුවා අවසරයක් දැක කෑවාය. අහෝ, පෙර කලෙක වෛරයක සැටි.

210. ම න් න ඳ එබිසෝ වරයෙහි තෙ වෙනී පි න් බ ඳ කුමරෙක් ගැබ දුනු වු වෙනී උ න් ව ද නා දින යක් ලඳ එ වෙනී ව ත් ස ඳ වැදූ නිවෙසට පළමු වෙනී

210. සිත් සතුටු කරන්නා වූ ඒ බිසවගේ ගැබෙහි තුන් වැනි වරටත් පින්වත් කුමරෙක් ජාත වූ බැවින් ඒ බිසව ප්ර සූත කරන්නා වූ දවසෙහි එබඳු වූ සකිණිය පළමුවෙනි දරුවා වැදුවා වූ නිවෙසට ආ කල්හි.

211. ව ට ක ර මි න් අවියෙන් අවි ග වසා සෙ බ ළු වි සි න් රැක ගත්තෙන් අ වසා සි ත බි ය මි න් යකිනිය එහි නො වසා පි ට ත ගොසි න් පසුකර ඒ ද වසා

211. ආයුධයෙන් ආයුධය ගැටෙන පරිද්දෙන් හේවායන් විසින් අවශ්ය1යෙන් ආරක්ෂා කොට ගත් හෙයින් සිත බිය වී යක්ෂනණිය ඒ ගෘහයෙහි වාසය නො කොට පිටත ගොසින් ඒ දිනය පසුකොට,

212. ප සු දින විත් වැදු නිවෙසට වදි මින් අ සු කර ගත් සඳ එකුමරු දකි මින් ගැ සු හඬ එ බිසෝ සඳ නෙක තර මින් ඇ සු සෙබළුන් හැම විත් වට කර මින්


කව් මිණි කො‍කරඬොල 43

212. පසුවදා අවුත් ප්ර සූත කළා වූ නිවෙසට ප්රනවිෂ්ට වෙමින් ඒ කුමරුවා දකිමින් අල්ලා ගත් කල්හි ඒ බිසව විසින් බොහෝ සෙයින් කරන ලද ශබ්දය ඇසුවා වූ සියලු හේවායෝම අවුත් වටකරමින්

213. ළ සොවි න් පිරිදෙවනා නෙ ක ලෙ සිනා බි ස වු න් ගෙන් එයසා නොවල සිනා බෙ හෙ වි න් අවිගත් සෙබළුන් වි සිනා ලු හු බ න් නෙත් යුහුවම තද රො සිනා

213. සිතේ කනගාටුවෙන් නොයෙක් ලෙසින් විලාප කියන්නා වූ බිසවගෙන් ඒ කාරණය අසා අනලස්ව බොහෝ සෙයින් ආයුධගත් හේවායන් විසින් කෝපයෙන් වහාම ලුහුබැඳ ගිය හෙයින්

214. කු ම රු න් අනු බවයට අවකා සය නොව මි න් ඈ දිවයන වී වෙහෙ සය දැ ක පැ න් සොරොහොටුවක් එම බිය සය සැ ඟ වු න් විය එහි යට එම විග සය

214. කුමරුවා අනුභව කිරීමට ඉඩක් නැති ‍වූයෙන් ඒ යක්ෂනණිය වෙහෙසවී දිවයන කල්හි ඒ සමීපයෙහි වූ දිය හොරොව්වක් දැක වහාම එ‍හියට සැඟවුනාය.

215. ලු හු බ න් එ සෙනග යකිණිය බල මින් නොදැ කු න් වම ගිය සඳ නොවරද මින් නොම දි න් අවගුණ ඇය වෙත නිය මින් සු ප ස න් එ බිළිඳු මව යයි සිත මින්

215. ලුහුබැඳ ගියාවූ ඒ සේනාව යකිණිය සොයාබලා දක්නට නො ලැබ වැටලීම අත්හැර ගිය කල්හි බොහෝ සෙයින් නපුරු ගුණ ඇත්තා වු ඒ යකිණිය කෙරෙහි නියම මව යයි සිතමින් මොනවට පැහැදුණු ඒ (රාජකුමාර) බිළින්දා

216. මු වෙ න් නොහැර තන පුඩු ගත් ස ඳිනා ය කි න් න පුත් පෙම් ඉපදී ත දිනා න ර න් ගෙ දරුවෙක නොසිතා එ දිනා ඇ ර න් ගොසින් සුරැකිව සිතු ලෙ දිනා



44 කව් මිණි කො‍න්ඬොල

216. කටින් අත් නොහැර තන පුඩු ගත් කල්හි යකිණිය තුළ බොහෝ සෙයින් පුත්රක ප්රේරමය ඇතිවී, මනුෂ්යසයන්ගේ දරුවෙක් යයි නොසිතා, එදින (කුමාරයා) රැගෙන ගොස් හිතේ හැටියට සුරැකිව,

217. හැ ම ක ල් සිය පුත් රුවණක් බ ඳුවා ත ම ග ල් ලෙන කිරි පොවමින් ඉ ඳුවා ළ ම ක ල් හැරි කල ඒ කුමරි ඳුවා ත ම ලොල් නර මස් කන ලෙස යෙ දුවා 217. නිතරම ස්වකීයට පුත්රෙ රත්නයක් මෙන් තමාගේ ගල් ලෙනෙහි කිරි පොවමින් ඉඳුවා, ළමා කාලය ගත වූ විට ඒ උතුම් කුමරුවා තමන් කැමති වූ මිනී මස් කන ලෙස යෙදුවා ය.

218. එ තු ම ද දින දින නර මස් බුදි මින සි තු ලෙ ද ‍තර වී සිරුර ද වැඩෙ මින යු තු ලෙ ද නොව සොහොනෙහි සැරිසර මින ළ තු ළ’ ද මෙන් දවසැරි සැක නොව මින 218. ඒ උත්තමයා ද දින පතා මිනී මස් කමින් ශරීරය ද ස්ථුලව වැඩෙමින් සුදුසු පරිද්දෙන් නොවී, ‍සොහොනෙහි හැසිරෙමින් සිත තුළ වූ අධර්මුයෙන් ශංකා නොවමින් කල් ගත කරයි.

219. එ ක් ලෙ ද නර මස් බුදිමින් නිර තුරු ය ක් ල ඳ මවයයි නොම දැන තොර තුරු දු ක් වි ඳ වසනා මිස එම තොර තුරු ය ක් ල ඳ දදසන බැව් නැත පුර තුරු 219. ඒකාකාරයෙන් මිනීමස් කමින් නිතරම යකිණිය මව යයි (සිතාගෙන) නියම තොරතුරු නොදැන, දුක් විඳ වාසය කරන නමුත් යක්ෂ(ණියගේ ද එම ප්රමවෘත්තිය පුරය තුළ දර්ශ න භාවය නැත්තේ යි.

220. මෙ සේ වසන සඳ ඒ යක් න රයා තො සේ වඩන මව’ඟන එම ව රයා වි සේ සයෙන් අදසන වන යු රයා ල සේ දිනෙක ඔසු මුල් දුනි ති රයා 220. ඒ නර යක්ෂ යා මෙසේ වාසය කරන කල්හි සතුට වඩන මවු යකිණිය එම කාලයෙහි දිනක් විශේෂයෙන් සිතු පරිදි අදර්ශරනය (නොපෙනී යන) ආකාරයෙන් ප්රිත්යික්ෂර වූ (අත්දුටු) ඖෂධ මූල‍යන් දුන්නා ය.


කව් මිණි කො‍න්ඬොල 45

217. එ තැ න් පටන් දිව රෑ එක විල සින් කොතැ න් පිවිස මුත් ඔහු සිත ‍සතො සින් ප ස න් එ ඔහු මුල් තෙද බල’නුග සින් න ර න් ගෙ ඇසකට නොපෙණෙයි වෙස සින්

221. එ දවස පටන් දිවා රාත්රිෙ දෙක්හි ඒකාකාරයෙන් ‍ඒ නර යක්‍ෂයා සිත සතොසින් කොතැනට පැමිණියේ නමුත් ප්රිත්යෙක්ෂය වූ ඒ ‍ඖෂධ මූලයන්ගේ තෙද - බල - අනුහසින් මනුෂ්ය්යන්ගේ ඇසකට විශේෂයෙන් නො පෙනෙයි.

222. එ බැ වි න් කිසි බිය නොවමින් මෙ නෙහි ව ස මි න් සෙහො’නැසුරුව එම වෙ නෙහි බු දි මි න් අමු මිනි මස් නොපම නෙහි මෙලෙ සි න් ඔහු දවසරිනා දි නෙහි

222. ඒ නිසා සිතෙහි කිසියම් බියක් තැතිව, එම වනාන්තරයෙහි සොහොන ඇසුරු කොට ‍වාසය කරමින් අප්රතමාණ වූ අමු (අළුත්) මිනීමස් අනුභව කරමින් මේ ආකාරයෙන් ඒ නර යක්ෂ යා වාසය කරන කල්හි

223. 224 මවු යක’ඟන එ වර ගිය ගමනෙහි පි රිය අලකමඳ නම් පුර වර ඈ කල් ඉක්මි වැහැ රිය වෙසවුණු රද ප වර නියම කල් නොපි රිය වෙතෙහි කරනා බැවින්‍ මෙහෙ වර රුදුරු එයකිණි කළා කලු රිය

223. ඒ කාලයෙහි මවු යක්ෂලණී ආලකමන්දාර පුරවරයෙහි උතුම් වූ වෙ‍සුවුණු දිව්යි රාජයා ‍සමීපයෙහි මෙහෙ කරනා බැවින් 224. ප්රීජතියෙන් (එහි) ගිය ගමන් (ඕ තොමෝ)‍ කල් ඉක්මි කෘශව, නියම කාලය අසම්පූර්ණරව රෞද්රයවූ ඒ යක්ෂ ණී කාලක්රි්යා කළා ය.

225. 226 නුවරෙහි පසල් වන එබිසවට සුල කල් නරනිඳුගෙ සුනිමල් වන සැතිරිව සිටිය වූ කල් බිසෝ මනකල් වන නැසුනෙන් පිරි කල් සතර වෙනි වර වදන කල් වන උපති කුමරිඳු තුමෙක් මන කල්



46 කව් මිණි කො‍වදඬොල

225. පඤ්චාල නම් වූ නගරයෙහි නරෙන්ර්ිඳුයාගේ අතිශයින් නිර්ම‍ල වූ සිත් කළු වූ බිසව සතරවෙනි වර ප්රනසූත්ර්කරන කාලය විය. 226. ඉතා ලස්සණ වූ ඒ බිසවට වෛරව සිටියා වූ භූත කාන්තාව කාලය සම්පූර්ණ.ව නැසුණු හෙයින් සිත්කළු වූ උතුම් වූ කුමාරයෙක් උපන්නේ ය.

227. 228. එ කුමරු පිනැන් ‍ තෙන් පමණවත් සිහි නෙත් යකඟන ද ජය ගත් තෙන් කිසිත් උවදුරු නූ නෙන් පවතින සෙ නිත් තෙන් රන් රුවන් හර නෙත් ජයද්දිස නම්ලු කැමැත් තෙන් වැඩුති පෙර මස සඳුසෙ ලකුනන්

227. ඒ කුමාරයාගේ පුණ්යනවන්ත භාවය නිසාද, යක්ෂ ණිය ජයගත් නිසාද, සදහට පවතින අයුරු (දෙ ගුරුන්ගේ) කැමැත්තෙන් ජයද්දිස යන නාමය තැබූහ. 228. සිහිනෙන් පමණවත් කිසියම් උවදුරක් නොවී රන් රුවක් සමානව පුර පස චන්ද්රායාගේ ලක්ෂ්ණයෙන් වැඩිණි.

229. 230 නැණින් සුරඟු රුවන් යොවුනෙන් දිමුත් විය ලෙව් සැමට සුරතු රුවන් සිප් මුහුදු තෙර පත් විය ගුණෙනි තිසයු රුවන් යසිනි සිරිමත් විය ජයද්දිස නම් ඒ කුම රුවන් එ දුටු මවු පිය දෙදෙන තොස් විය

229. නුවණින් බෘහස්පතී වැනි වූ සියලු ලෝ වැස්සනට කල්ප වෘක්ෂවය බඳු වූ ගුණයෙන් චන්ර්ුවණයා සමාන වූ ජයද්දිස නම් වූ ඒ කුමාරයා 230. තරුණ භාවයෙන් බැබළුණේය. ශිල්ප නමැති මුහුදේ තීරයට පත් වූයේය. කීර්තියෙන් ශ්රීේමත් වූයේය. ඒ දුටු දෙමාපියෝ සතුටු වූහ.

231. 232. දළ පුඬු සේය තින් එ නීරිඳු සඳ සො ඳුරු යුතු වන නොයෙක් සිරි තින් විද ‍හලෙව් දුක් ගන ඳුරු සිහසුන ලා රු තින් රජ දම් කරනු දුරු රදබිසේකය කළේ නිය තින් නිතර සිරි විදි විලස පුර ඳුරු


47 කව් මිණි කො‍ නඬොල

231. ඇත් දතින් කළ මිට සහිත සුදු කුඩයෙන් හෙබියාවූ සිංහාසනයෙහි කැමැත්තෙන් (කුමාරයා) වාඩිකරවා අනේක චාරිත්රකයෙන් යුක්තව නියම පරිද්දෙන් රාජාභිෂේකය කෙළේයි. 232. යහපත් වූ ඒ නරේන්ද්රෝ)ත්තමයා ලෝකයෙහි දුක් නමැති ගනඳුර පහකොට රාජ ධර්මපය සමීපයෙහි කොට ශක්රරයාගේ විලාසයෙන් නිතර ඓශ්වර්ය්පහක වින්ද නය කෙරේ.

233. 234. එ නිරිඳුගෙ පැන සර ඇය පද පියුම් බඳු තුනු විල කෙ‍ළන සිරි සර සලඹ මිණි බිඟු අනු බඳු රණ හස ලියෙව් සර හැගෙනු අන් කෙ බඳු මෙහෙසි අඟනක් වීය පින් සර රණිබු පිටු යුවලක්ම එක බඳු

233. ප්රයඥාවන්ත වූ ඒ නරේන්ර්ුිණයාගේ ශ්රී්යාවන්ත වූ ශරීර නමැති විලෙහි ක්රීිඩා කරන්නාවූ උතුම් වූ ස්වර්ණර හංසියක වැනි වූ පින්වත් බිසවක් වූවාය. 234. ඒ බිසවගේ පාද‍යන් නෙළුම් මල් වැනිය. ස‍ලඹෙහි මැණික් භෘංගයන් වැනිය. අන් කවරක් වැනිදැයි හැගෙන්නේදයත්, රන් ඉබි පිටු යුවලක් ම ඒ හා සමානයි.

235. 236. කසුන් මොනරිඳු කර රණ උතු පරද වන නිගා කළ ඇගෙ පිය කර ඇය දනුතු සිත් ඇල වන දඟ යුවල සුල කර උතුරු සිඳු තුර වන හොබී දුටු දන නෙත් විසී කර නිරව’දුලු රන් බබුලු සම වන

235. උතුම් වූ රන් මොනරෙකුගේ ග්රීවවයට නිග්ර්හ කළා වූ ඒ බිසවගේ ප්රි යංකර වූ ලස්සණ කොණ්ඩා දෙක දුටු දනන්ගේ නෙත් ‍වසඟ කොට ශෝභමානව වේ. 236. ස්වර්ණ කලාපයන් පරදව්නාවූ සිත්වල ආශාව ඇති කරන්නාවූ ඒ බිසවගේ දන උතු උත්තර සාගරය තුළ පවත්නා වූ ස්ථිරව බබළන්නාවූ රන් බුබුලු සමාන වන්නාහුයි.

237. 238. දැගුම් රන් රු ලෙ සින් වැනි තිසක දිගු සක දිසි තුනු කැලුම් වෙසෙ සින් ඇපුලුලු’කුලට නොව සක ඇගෙ දෙවටොර නි සින් මදහුගෙ දෙරිය සක දිලෙසි රන් ටැම් යුවල විලසින් මිසක්ඃඋවමක් කියමි කෙලෙසක


48 කව් මිණි කො‍න්ඬොල

237. ඇවිදින්නාවූ රන් රුවක් මෙන් විශිෂ්ට වූ ශරීර කාන්ති ඇති ඒ බිසවගේ කලවා දෙක රත් රන් කුලුණු දෙකක් මෙන් බබළයි,

238. මහේශ්වරයාගේ දිර්ඝුක්ෂිය (උමා දේවිය) වැනි වූ ඒ දේවියගේ පුලුල් වූ උකුලට සැකයක් නැතිව (උපමා කරතහොත්) අනංගයාගේ රථ චක්ර ය හැර උපමාවක් කවර ආකාරයකින් කියම් ද ?

239. 240. රණ ලියෙව් මන කල දිය දනන මද රද තුනු රුසිරැති එ රද කල තුනු ලිය සැව්හි නිව රද ලෙල සිහිනි’ඟ ල කල සැදි විළි රැඳි අ රද දිලෙයි මද දුනු මිටෙව් හැමකල බිඟු දියෙව් හෙබි ඇය වසා රද

390. සවර්ණට ලතාවක් මෙන් සිත්කළු වූ ශරීර‍ සෞන්දෙර්ය් දේ ඇත්තා වූ ඒ රාජ කාන්තාවගේ ලස්සණ වූ ලෙල දෙන්නා වූ සිහින් වූ ඉඟ අනංගයාගේ දුන්නේ මි‍ටමෙන් සියලු කල්හි දිලෙයි.

240. ලෝකය ජයගන්නා වූ අනංගයාගේ ශරීර නමැති ලතාවාපයෙහි නිවරදව සැදුනා වූ වලියෙන් රඤජිත වූ ආරක්ත වූ භෘංග ජ්යාායක් මෙන් ඒ බිසවගේ වසාරද බැබළෙයි.

"https://si.wikibooks.org/w/index.php?title=කව්_මිණි_කොඬොල-කාව්‍ය_ii&oldid=5385" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි