Jump to content

කව් මිණි කොඬොල-කාව්‍ය v

Wikibooks වෙතින්

481. 482. පින් කරනා නි තින් සිල් ඇ සැම කු සල් සුදනන් කෙරේ කැම තින් ගුණ යුත් සිතින් නික සල් උන් ගුණ ගණ බැ තින් මෙනෙ කරනු නොව සල් වණනු පැසසුම් පිණිස නියතින් අනුසි නම්වේ කියති එ කු සල්


96 කව් මිණි කො‍ පඬොල

481. නිතර පින් කරන්නාවූ සුදනන් කෙරෙහි රුචියෙන් ඔවුන්ගේ ගුණ සමූහය භක්තියෙන් (යුක්තව) වර්ණනනා කිරීම ඒකාන්තයෙන් ප්ර ශංසා පුණ්ය් කර්මමය යි.

482. ශීලය ආදි කොට ඇත්තා වූ සකල කුශල ධර්මකයන් ගුණයෙන් යුක්ත වූ පිරිසිදු සිතින් යුතුව නිශ්චලව මෙනෙහි කිරීමය යන ඒ කුශලය අනුස්මෘති නම් වේ යයි පවසති.

483. 484. මෙ කියන ඇම කු සල් එහි නිති පව තිනා කරනා සතන් නොස සල් අයෙක් ඇත නොනව තිනා ළං නොවම නිර සල් සුදනමය බැ තිනා සෙත් පුරට සපැමිණෙති සුවි සල් ඔහු සෙවිය වැඩ වඩයි ‍නි තිනා

483. මේ කියන ලද සියලු කුශලයන් අචඤචලව කරන්නාවූ සත්වුයෝ නරකාශ්රරයට ළං නොවීම ඉතා උතුම් වූ ශාන්ති පුරයට (නිර්වානණයට) සම්ප්රාසප්ත වෙත්.

484. ඒ කුශල ධර්මනයෙහි නිතර පවතින්නා වූ, පසු නො බසින්නා වූ පුද්ගලයෙක් ඇත්නම් (ඒ පුද්ගලයා) සාධු ජනයෙක් මැයි; භක්තියෙන් ඒ සත්පුරුෂයා සේවනය කෙළේනම් නිතර යහපත දියුණු වේ.

485. 486. ඉන් නිරිඳුනි, ප සන් ඉති කරමින් රහා සුදනන් සමග සුප සන් නොවනෙව් සදම් වි රහා නිරතුරුව ම ව සන් සිවු ගත් සත රහා මහත් වැඩ වෙයි නිවන් අවසන් දෙසී නද දද සරින් ස රහා

485. එසේ හෙයින් ප්රසසන්න වූ නරේන්ර් සායාණෙනි, සුප්රතසන්නවූ සාධු ජනයන් හා එක්ව නිරතුරුවම වාසය කරනු මැනවි. නිර්වාාණය අවසන් කොට මහත් වු යහපතක් සිදුවේ.

486. මෙසේ රසකොට, සද්ධර්මේය විරහ නොවන මෙන්, ශතාභීවූ ගාථා චතුෂ්කය නන්ද නම් බමුණු තෙම (ස්වරයෙන් සජ්ජිත කොට) සුමිහිරි ලෙස දේශනා කෙළේයි.


97 කව් මිණි කො‍ නඬොල

487. මෙ ලෙ සි න් දෙසු දම් අදරින් අස මිනි වෙ‍ සෙ සි න් නරනිඳු සඳ තොස වඩ මිනි ම සු ර න් සිවු දහසක් පුද කර ‍මිනි නොල සි න් එ බමුණු සහ තුටු කර මිනි

487. මේ ආකාරයෙන් දේශනා කළාවූ ධර්මකය ආදරයෙන් (යුක්තව) අසමින් රජතුමා විශේෂයෙන් ‍ප්රීාතිය වර්ධතනය කරමින් (රන් මසු) සාර දහසක් පූජා කොට ඉක්මනින් ඒ බ්රා්හ්මණයා සතුටු කරමින්,

488. නැ ව ත ත් ගුණ යුතු එ නිරිදු වි සිනා ය හ ප ත් රතයක් සරලා ල සිනා එ හි ප ත් කර ඔහු දන හා නි සිනා ‍ සො ඳ ත ත් සල පුර යවමින් තො සිනා

488. ‍ගුණවන්නවූ ඒ නරේන්ර්ය යා විසින් නැවතත් වහාම සුදුසුවූ රථයක් සරසා ඒ බ්රාබහ්මණයා වස්තුව සමග යොග්යස පරිද්දෙන් නොහොත් සුදුසු වූ (ආරක්ෂරක) ජනයන් සමඟ ඒ රථයෙහි පමුණුවා සන්තෝෂයෙන් යහපත් වූ තක්ෂආශිලා නගරයට යවමින්

489. එ ම දා යකු හට කී බස විල සින් ප න දා උදයම වනයන’දහ සින් ගි රි දා යුරු දැඩි ගුණ දැරු වෙහෙ සින් නි රි ඳා සිහසුන නැග එම ‍විග සින්

489. ඒ දිනයෙහි යක්ෂහයාහට කී වචනය පරිද්දෙන් දෙවැනි දවසේ උදෑසනම වනයට යන අදහසින් මෙහෙයුරු සේ විශේෂයෙන් දෘඪ ගුණ දැරුවා වූ නරේන්ර්දෑස තෙම ඒ ඇසිල්ලෙහි සිංහාසනාරූඪව

490. සු ප ස න් එ අලින සිත් කුමරි න්දා සු ත පෙ ම් හඟවා තම වෙත කැ න්දා සි ඹි මි න් සනසා අබියස ඉ න්දා මෙ‍ ලෙ සි න් තතු පවසයි නරනි න්දා

490. සුපසන්වූ ඒ අලීන චිත්ත කුමාරෙන්ර්ි නයා පුත්රම ප්රේවමය පෙන්වා තමන් වෙත කැඳවා ගෙන සිප සනසා සමීපයෙහි හිඳුවා ගෙන නරේන්ර්දා තෙම තත්ව්ය මේ ආකාරයෙන් ප්රනකාශ ‍කරයි.


98 කව් මිණි කො‍නරඬොල

491. සොබන අලින සිත් කුමරෙනි ම නදන සොඳින කරව ම කියන බස ම නදන ත ම න නොමැලිවම මෙ දිනම සෙ නෙදන ක ල න රදබිසෙස් ‘පැමිණි මෙ නදන

491. මාගේ පුත්රන වූ ශෝභන වූ අලීන චිත්ත කුමාරයෙනි, චිත්තාකර්ෂපණය කරන්නාවූ ම කියන බස යහපත් සේ පිළිගනුව, තොපගේ චිත්තයෙහි නොමැලිවම ජනයන් කෙරෙහි ස්නේහයෙන් කල්යාපණ වූ මේ ප්රීපති‍මත් වූ රාජාභීෂේකයට අදම පැමිණ,

492. පෙ ර අප වැඩු දස රජ දම් ප ඳුරා තො ර නොමකොට තොපි රකිමින් ඉ ඳුරා ප ර සැප නියමින් මිස නොව උ දුරා සු ර සැප බඳු මෙ සැපත් විඳු සො ඳුරා

492. පෙර කල අප විසින් වඩන ලද දස රාජ ධර්මා සමූහය තොපි, තොර නොකොට නොවරදවා රකිමින් අන්යවයන්ගේ සම්පත් ‍නියමයෙන් මිසක් කඩ නොකොට දිව්යව සම්පත් වැනි වූ මේ යහපත් වූ රජ සැප විඳුව.

493. තොප රට දන සිය පර යන වෙන සිත නොසිතට ගෙන එක මැති මෙන් ‍සතො සින ලෙ ව න ට පැවතී පරවැඩ’ දහ සින ද හ ම ට යුතු ලෙස රජ කර වෙසෙ සින

493. තොපගේ රටේ ඥාති ජනයාය, අන්ය ජනයා යයි වෙනස් භාවයෙන් කල්පනා නො‍කොට එකම ඇමතියකු මෙන් සිතට ගෙන ‍සන්තෝෂයෙන් පරර්තාථ කරණාධ්යාමශයෙන් ලෝකයාට පැවතී දහමට එකඟ ලෙස විශේෂයෙන් රාජ්යාය කරව,

494. මෙලෙසින් තොප රට රැකි කල නිර තුරු නෙලෙවන් පවසති යස තුති විසි තුරු එ ස ව න් කල වන සුර පිවිතුරු තුරු බු හු ම න් අද රට දුරලති නෙක තුරු

494. තොප විසින් මේ ආකාරයෙන් රට රැකි කල නිරන්තරයෙන් නොයක් ලෝකවාසීහු විසිතුරු වූ කීර්ති හා ස්තුතීන් ප්රලකාශ කරත්. එය ඇසු‍ණු කල්හී පිවිතුරු වූ උත්තම වූ දේවතාවෝ බුහුමන් සිතින් රටේ නොයෙක් උවදුරු බැහැරලති. 99 කව් මිණි කො‍දේඬොල

495. 496. මෙ ලෙසින් නරනි ඳුන් හිමි සදිනි, ම පි තර කී සඳ ඒ කුමරි ඳුන් ඔබ යම් කරුණකින් තර යුවලත් බැඳ මු දුන් යුහුවම නොව වි තර මෙසේ සුමිහිරි වදන් අම දුන් ම මේ අබිසෙස් අදම කර තර

495. රජතුමා මේ ආකාරයෙන් කී කල්හි ඒ කුමරිඳුන් දෙ අත් මුදුනෙහි බැඳ මේ හැටියෙන් සුමිහිරි වචන නමැති අමෘතය දානය කෙළේය.

496. මාගේ පියවූ ස්වාමීන්ර්ෘතයයාණෙනි, ඔබ වහන්සේ ස්ථිර වූ යම් කාරණයකින් යුහුවම, අදම, මාගේ අප්රයමාණ වූ මේ රාජ්යානභිෂේකය ස්ථිර කොට හෙවත් මා අද ම රජ බවට පමුණුවා

497. 498. අවවාදත් ත රින මට නො දැනෙන බැ වින් දෙවා අප වෙත අද රින නො වෑයෙමි මම ළසො වින් යන බව මෙ නුව රින් හිමි සදිති එ බැ වින් වදාළේ හිමි කරුණු කව රින් වදාරණ බව යෙහෙකි සැබ වින්

497. ස්වාමිනි, අප කෙරෙහි ආදරයෙන් ස්ථිරලෙස අවවාදත් දෙවා මේ නගරයෙහි (බැහැරව) යන බව වදාළේ කවර කාරණයකින් ද?

498. මට දැනුමක් නැති බැවින් මම ළසොවින් ඉවසිය නොහෙමි, එ බැවින් හිමි සඳුනි, සැබවින් (එම කරුණු) පවසනු යෙහෙකි.

499. 500. පවසමින් මෙ හැ මත් රජ සැපට වැ ඩියා යළි එ කුමරිඳු සිරි මත් දෙ ගුරුන් රැක්ම ‍දැ ඩියා ඔබ විරතව ම මත් දනෝ නැණ වැ ඩියා මෙ රජ නොකරමි පැයක් තරමත් මදක් වත් පසු නොලති එඩියා

499. ශ්රීක මත් වූ ඒ කුමරිඳු මේ සියල්ලත් පවසමින් නැවත (කීයන්නේ) මම ද ඔබ වහන්සේගෙන් වෙන්ව පැයක් පමණවත් මේ රාජ්යඳය නොකරමි.

500. රජ සැපට වැඩියෙන් දෙ මා පියන් ආරක්ෂා කිරීම දැඩි වන්නේය. (‍එහෙයින්) නුවණින් වැඩුනාවූ ජනයෝ මඳක්වත් එඩිය පසු නොලති. 100 කව් මිණි කො‍ිනඬොල

501. 502. එ බැවින් අමර සැප කුමරිඳු මෙලෙ සිනා දිනතත් මෙ වැනි රජ සැප පියසූ ස‍දෙහි නි සිනා ඔබ හැර එ වැනි සැප නිරිඳු සඳ වි සිනා ලදත් නිර දු‍කසේ නො වේ සැප මෙසේ ඇතිතතු කියයි බ සිනා

501. එ බැවින් මෙ වැනි රජ සැප දෙව් සැප දිනතත් ඔබ වහන්සේ හැර එබඳු සම්පතක් ලදුයේ නමුත් නිරා දුක වැනිය. සැපයෙක් නොවේ.

502. උතුම් වූ කුමාරයා මේ ආකාරයෙන් සුදුසු පරිද්දෙන් පැවසූ කල්හි නරේන්ර් යා (විසින්) මේ අන්දමින් අතිතතු වචනයෙන් කියයි.

503. 504. තොප ‍කවිසි මන සින් අද උදය දි නයේ නුදුටිමි වරද මවි සින් මුව දඩෙහි ගොස් ව නයේ ඉන් තොපට නොරි සින් මෙ පුර එන තැ නයේ මයන ගමනෙක් නොවේ මෙදෙ සින් ‍යකෙක් පිහිටුණු දරුණු ගුනයේ

503. තොපගේ කය - වචනය - සිත යන මෙයින් (සිදුවන) වරදක් මම නුදුටිමි. එහෙයින් තොපට අරුචියෙන් මේ දේශයෙන් මා යන්නාවූ (ගමනක්) යාමක් නොවේ.

504. අද දින උදාසන වනාන්තර යේ මුව දඩයමෙහි ගොස් (ආපසු) එන කල්හි රෞද්රන ගති ඇති යක්ෂේයෙක්.

505. 506. මාත අල්ව මිනා බමුණෙකුගෙන් බ නක් මස් කන ලොබින් නො මිනා අසා ඔහු හට තිලි නක් සිට සඳ කිපෙ මිනා දෙමැයි යන පම නක් ඔහුට යදුමක් මෙසේ ‍ වෙමිනා කියා ගැලවී ආමි ගම නක්

505. මගේ අත අල්වාගෙන මස් කන ආසාවෙන් බෙහෙවින් කිපෙමින් උන් කල්හි ඒ යක්ෂමයා හට මේ ආකාරයෙන් යාඥා වෙමින්

506. බ්රා‍හ්මණයෙකු ගෙන් බණක් අසා ඔහුට ත්යානගයක් දෙන්නෙ මැ යි යන පමණක් කියා (ඔහුගෙන්) ගැලවී ගමන ආයෙමි.

101 කව් මිණි කො‍කිඬොල

507. 508. ඉන් බණැ’සුමට යුතු එනිසා තොපි ද රුව නිමවා කෙළෙමි කට යුතු මෙ පුර රජ කර මහ රුව යෙමි යකු වෙත නො යුතු ‍වසව ලෙස සොඳු රුව පැවසූ සත්බස කඩනොකළ යුතු කිවෙත් රජු මවි කුමරු අබිරුව

507. එහෙයින් ධර්ම ශ්රිවණයට යොග්යු වූ කටයුතු නිමවා කෙළෙමි. අයුක්තියෙහි පිහිටි යක්ෂමයා වෙත යෙමි. කියන ලද සැබෑ වචනය කඩ නොකළ යුත්තේය.

508. ඒ නිසා දරුව, තොපි මහරු වූ මේ නගරයෙහි රාජ්යැය කොට යහපත් ලෙස වාසය කරවයි රජ තුමා කී හෙයින් කුමාර තෙම භය නොවී මෙසේ කීයේ ය.

509. 510. රජ කෙරුමට ත රම් එතකුදු වත් සො ඳින් පිය පුත් ලදිම් මන රම් රද දිරි බෙලෙන් නොම ඳින් ඔබ යකු වෙත බි රම් ඔබ යනු දැක සෙ දින් පැමිණ යාමද වේය නොන රම් උනොත් පල කිම මා දිවි ලදින්

509. රාජ්යනය කිරීමට තරම්, මනෝරම්යනවූ ප්රි ය පුත්රේයකු ලැබූ හෙයින් ඔබවහන්සේ භයානකවූ යක්ෂමයා සමීපයට යාම ද නොතරම් වේය. (සුදුසු නොවෙයි.)

510. එසේ වූයේ නමුත් යහපත් අන්දමින් බොහෝ වූ රාජ‍ ධෛර්ය්ය බලයෙන් (යුක්තව) වහා ඔබ ගේ යාම බලා උන්නේ වී නම් මාගේ ජීවිත ලාභයෙන් කවර ප්ර යෝජනයක්ද?

511. 512. එබැවින් නිරිඳු සඳ අසවල් කුමරු සඳ ඔබ ගෙ කටයුතු හැම සඳ කරන කටයුතු හැම සඳ කරත හොත් ලෙස සඳ නිවරද යයි ප සඳ මෙ මට උපදිනු කවර අය සඳ ලොවැසි සත් තුති‍කරති ලෙසසඳ

511. එසේ හෙයින් රජ තුමනි, ඔබ වහන්සේගේ කටයුතු සියලු කල්හි සිත් වූ පරිද්දෙන් කරත හොත් මේ මාහට ඇති වන්නේ කවර අයසද?

512. අසවල් උතුම් කුමාරයා හැම කල්හි කරනු ලබන්නාවූ කටයුතු නිවරදයයි අප සඳහා ලෝක වාසී සත්වඇයෝ ස්තුති කෙරෙත්. 102 කව් මිණි කො‍සඳඬොල

513. 514. ඉන් එම යකු වෙ තය වෙසෙමින් නිති පෙ මින් දැන් ම යෙමි නොව නැව තය සත් රැකවරණ කෙරෙ මින් මෙන් පොරණ සිරි තය ලෙව් සසුන වව මින් නන් මෙ රද සිරි නොලා ඉවතය ඔබ ම රජ කළ මැනවි දැහැ මින්

513. එහෙයින් ඒ යක්ෂසයා සමීපයට නොනැවති දැන්ම යෙමි පුරාණ චාරිත්රා.නුකූලව අනෙක් විධවූ මේ රජ ඉසුරු ඉවත නොදමා;

514. නිතර ප්රේූමයෙන් වාසය කරමින්, සත්ව;යන් ආරක්ෂාප කරමින්, ලෝක ශාසන බය වර්ධනනය කරමින් දැහැමින් ඔබ වහන්සේ ම රජ කළ මැනවි.

515. 516. ඉති ඔබ නොසිත මින එ බැවින් මා ගො සින් යකු වෙත ගියොත් නොබ මින හසුවනු නොවලකු’වි සින් ඔහුට’ සුවි දැහැ මින රට රැක ඔබ වි සින් මිදි ඒමද නොහැක ළපෙ මින විසිය පෙර ලෙස යෙහෙක සතොසින්

515. ඔබ වහන්ස් මේ කාරණය (ගැන) නොසිතා භය නොවී යක්ෂ්යා සමීපයට ගියේ වීනම් ඔහුට අසුවී ධර්මියෙන් ළපෙමින් ගැලවී ඒමද හැකි නො වෙයි.

516. එසේ හෙයින් මා ගොසින් ඒ යක්ෂෙයා හට අසුවීම නො‍වළක්වනු මැනවි. ඔබ වහන්සේ රට රැක පෙර ලෙස සතුටින් වාසය කළ මැනවි.

517. 518. ඉති කුමරිඳු වි සින් යන සඳ යකු වෙ තින් විය යළි කියයි ‍මෙ ලෙ සින් වන අවැඩ දැන නිය තින් පිය නිරිඳුනි, තො සින් ඔබ සමගම බැ තින් ම කියනා බස් නොගෙන වෙසෙ සින් මම ද එමි මෙහි නොසිට එක තින්

517. මෙසේ ‍උතුම් කුමාරයා විසින් කියා නැවත මේ ආකාරයෙන් කියයි. පිය නිරිඳුනි, වෙසෙසින් ප්රී තියෙන් මා විසින් තියන ලද කීම පිළි නොගෙන,

518. යක්ෂ,යාගෙන් සිදුවන්නා වූ අවැඩ නියමයෙන් ජානනය කොට (ද) යන කල්හි මම ද ඒ කාන්නයෙන් මේ රාජ්ය යෙහි නො සිට භක්තියෙන් ඔබ වහන්සේ කැටුවම ‍එන්නෙමි. 103 කව් මිණි කො‍‍කඬොල

519. 520. පිය රදුනි, එ නිසා මෙලෙසින් කුමරි දුන් අප මෙහි නොමැති පි නිසා පියසු සදෙහි නිරි දුන් රට අසරණ නිසා වීමෙන් සිත රි දුන් ඉවත අත් දෙයි නොවී වි නිසා මෙසේ සුමිහිරි පිය වදන් දුන්

519. පිය රජ්ජුරුවන් වහන්ස, ඒ යක්ෂවයා වෙත යාම හේතුකොට ගෙන අප (දෙදෙනා) මෙහි නොමැති හෙයින්, රට වැසි ජනයා අසරණ බැවින්, (හිමියෙක් නැති හෙයින්) අවිනිශ්චිතව පිට රජුන්ට අත්දෙයි. (පිර රජුන්ට රට අයිති වෙයි.) 520. උතුම් කුමාරයා මේ ආකාරයෙන් පැවසූ කල්හි (පිය) රජතුමාගේ සිත වේදනා වීමෙන් මේ ආකාරයෙන් සුමිහිරි වූ ප්රිසය වචනයන් ප්රයකාශ කෙළේය.

521. 522. පුත් කුමර, පැහැ පත දරුණු ගුණ එ යකා තොප කී බස ද යහ පත වෙතට තොප හැර පැ යකා වින්ද දී තො සැ පත මවිදි සැප නො යෙකා මා ම ගොස් අසුවීම යහ පත නිරා දුකටත් වඩා බි ‍ යෙකා

521. ලස්සණ වූ පුත් කුමරුවනි, තොප කී වචනය ද යහපත තොප (රජ සිරි) සැපත විඳිද්දී මා ම (යකු වෙත) ගොස් අසුවීම යහපත් වෙයි. 522. රෞද්ර ගති ඇති ඒ යක්ෂ,යා සමීපයට තොප යවා පැයක් (පමණ වත්) මා විසින් විඳිනු ලබන්නාවූ අනේක සම්පත්තීන් නිරා දුකටත් වඩා භීතියෙකි.

523. 524. ඉන් තොප මෙහි රඳා එබසැ’සු අලින සිත් රට රකුව නොම ව රදා කුමරිඳු නොවී සැක සිත් මම යෙමි නොව රදා පිය නිරිඳුනි, සු සිත් කීවෙන් දියතග පසිඳු එ රදා අසව මකියන බසක් කර සිත්

523. එහෙයින් තොප මේ රාජ්යනයෙහි නැවතී (අවිරුඬ කොට) වරදක් නොකොට රට රකුව, මම නොවරදවා යෙමි යි ලොක ප්රෙසිද්ධ ‍වූ ඒ නරේන්ර්කොටයා කී හෙයින්, 524. එබස් ඇසූ අලින සිත් කුමරිඳු (තෙමේ මෙසේ කියයි) සිතේ සැකයක් නැතිව, යහපත් සිත් ඇති පිය රජතුමනි, මකියන බසක් මෙනෙහි කොට අසනු මැනවි.

104 කව් මිණි කො‍ බඬොල

525. 526. මා දිවි ඔබ ප නය යකු වෙත මා ගි යත් ඔබ දිවි සිතමි මප නය ඔබ රජ සැපට සිටි යත් ගනු දෙනු එ ප ම නය එක සැටි යයි කි යත් කළත් වෙනසක් වේද කුමනය ලො වැසි සියලුම දනෝ සුවියත්

525. මාගේ ජීවිතය ඔබ වහන්සේගේ ප්රායණය යයි ද, ඔබ වහන්සේගේ ජීවිතය මාගේ ප්රා ණය යයිද සිතමි. ගනු දෙනු එ පමණය. වෙනසක් කෙළේ නමතු කුමක් වේද? 526. යකු වෙත මා ගියේ නමුත්, ඔබ වහන්සේ රාජ්යු සම්පත්තිය පිණිස සිටියත් එකාකාරය යි ලෝක වාසීවූ ඉතා ව්යමක්තවූ සියලුම ජනයෝ පවසති.

527. 528. එයි’නොබ මට පෙ මින නොහැරම පව සනා දිවි පිඬු වැඩුම් කර මින එකුමරු වදන් අ සනා සියලු සත රකි මින නරනිඳු සුප සනා විසිය මැනවිය රජව දහ මින මෙසේ සලකති සිතින් එ සනා

527. එහෙයින් ඔබ වහන්සේ මට ප්රේිමයෙන් ජීවිත පිණ්ඩය වර්ධිනය කරමින් සියලු සතුන් රකිමින් රජව ධර්ම්යෙන් (යුතුව) වාසය කළ මැනවි. 528. අත් නොහැරම (වෙනසක් නොකොටම) කියන්නා වූ ඒ කුමාරයාගේ වචනයන් අසන්නා වූ සුපසන් වූ නරේන්ර් ප් තෙම ඒ ක්ෂනණයෙහි සිතින් මේ ආකාරයෙන් සලකා බලයි.

529. 530. ම පුතු මෙ අලින සිත් එ බැවින් මෙ කුම රිඳු කුමරිඳු වේය දැඩි සිත් ගුරුළු මෙනවක යකු රිඳු බල පැරකුම් කි සිත් ගුණයෙන් ලෙස ත රිඳු නුවුය අඩුවක් පසු බාන සිත් නදන කරවයි උයින් එනි රිඳු

529. මාගේ පුත්රත වූ අලීන චිත්ත කුමාරයා දෘඪ චිත්තයක් ඇත්තේ වෙයි. බල පරාක්රඅමයන්ගෙන් කිසිත් අඩුවක් ද පසු බස්නා සිතක් ද නැත්තේ ය.

530. එසේ හෙයින් මේ උතුම් කුමරුවා යක්ෂ් නමැති නාගයාට ගරුඬ පෝතකයෙක් වැනිය. ඒ යක්ෂමයා ද (මොහුගේ) ගුණය කරණකොට ගෙන චන්ර්ආකායා පරිද්දෙන් සතුටු කරවාය යි ඒ රජතුම කව් මිණි කො‍ුටඬොල 105

531. මෙ ලෙසින් සිත මිනා කුමර සඳ වෙත පෙ මිනා ඇති තතු කිය මිනා යනව’සර දින එරද දැ මිනා 531. මේ අන්දමින් සිතා (බලා) කුමාරයා වෙත ප්රේ මයෙන් ඇති තතු කියමින් ඒ රජතුමා දැහැමින් යාමට අවසර දුන්නේයි. 532. අ ග ප ත් නිය අලින සිත් මහතු දැහැ මිනි පි ය ප ත් බිය හෙළෙද වන යනලෙස පෙ මිනි ම හ ස ත් දියට තිමිනෙව් අඳුරු විද මිනි සි ය ප ත් සිය එතර උදයගට සසැ මිනි 532. නුවණින් අග පැමිණි අලීන චිත්ත මහාත්මයන් විසින් දැහැමින් ප්රේ මයෙන් වනයට යන පරිද්දෙන් පියාට පැමිණි භය දුරු කරන ‍ලද්දේද? මහසත්හුගේ (ඒ) ජයග්ර හණ‍යට නිමිත්තක් මෙන් අන්ධමකාරය විධ්වංසනය කරමින් එකල්හි සූර්ය්ේමයයා උදය පර්වරතාශ්ර යට සම්ප්රානප්ත වූයේ. 533. තු රු ර ද ‍හිමි වෙතෙහි විසූ නිස’ඟන න දිනි දි න ර ද රැස’ සිපත දැක බිය වැද ත දිනි නොවර ද මෙන් ගියෙන් හුනු කඳුලැලි ලෙ දිනි තු ස ර ද විය දෙරණ තැන තැන මද ම දිනි 533. චන්ර්ෙන් නමැති ස්වාමීහුගේ සමීපයෙහි ප්රීදතියෙන් වාසය කළාවූ රාත්රීු නමැති කාන්තාව හිරුගේ රශ්මි නමැති අසිපත දැක දැඩි ‍තරව, නොවළහාම බිය වැද ගියෙන් මෙන් පතිත වූ කඳුළු ලෙසින් පොළොවෙහි තන්ගි - තන්හි මන්දා මන්දම භාවයෙන් පිති ද වූයේය. 534. ස රා ස ර එතර රිවි පිය වෙත ර තිනි හැ රා ස ර උවන මදහස කර බැ තිනි පු රා උ ර දිලෙන හස පියයුරු නි තිනි නු රා ක ර ණ වැනි වසමින් රල ව තිනි 534. ඒ කාලයෙහි විල් නමැති කාන්තා තොමෝ සූර්ය්ි යා නමැති ස්වාමීහු ‍කෙරෙහි ආලයෙන් පියුම් නමැති මුඛය විවෘත කොට ගෙන භක්තියෙන් මඳ සිනා පා හංස නමැති සම්පූර්ණුවූ උර ‍දිලෙන පියයුරන් රැළ නමැති වස්ත්රහයෙන් වසමින් අනුරාග කරන්නාක් මෙනි. 535. සු පි න් කලලතෙහි දිනු සසර සර තුලේ ප ස න් එ මහසත් පිරි කමල පැහැ තුලේ වි කු න් සුවඳ පළ විය පොබව නොව තුලේ ලෙ ව න් බිඟු බමනි තියු ගොසිනි එක තුලේ

106 කව් මිණි කො‍න්ඬොල

535. සංසාර නමැති විල තුළෙහි වූ යහපත් පින් නමැති කලල තුළ ජනිත වූ ප්රාසන්නවූ ඒ මහා බෝධිසත්වන නමැති අතුල්යා ප්රවභා ඇති සම්පූර්ණර පද්මය ප්රනබෝධව අසමාන වූ වික්රරම නමැති සුගන්ධහයෙන් ප්ර කාශ වූයේය. ලෝ වැසි නමැති බමරු ස්තුති නමැති ඝෝෂාවෙන් යුකත්ව එකාකාරයෙන් භ්රතමණය කරති.

536. එ ස ඳ අලින සිත් කුමරිඳු න දිනා නැ ම ද දෙ ගුරුවර වරදැර සො ඳිනා සු හ ද ඇමති ‍මඬලට එක බ ඳිනා නොම ඳ ඔබා බස් දී අම ලෙ දිනා

536. එකල අලින සිත් කුමරිඳු සතුටින් දෙමාපියන් නැමද යහපත්ව වරද ඇර (කමා කරවාගෙන) හිතවත් ඇමති මඬලට එකාකාරයෙන් බොහෝ වු අමා වැනි ඔවා බස් දී,

537. බියකරු එ යකුගෙ බිඳු වන ලෙස සද යග මුරු කග දුනු අඩයටි සිරි සඳ විසි තුරු මෙ පසවි දරමින් එම සඳ එ කුමරු වන යන ලෙස නික්මුණු සඳ

537. බියකරු වූ ඒ යකුගේ ශක්තිය භග්න කරන පරිද්දෙන් යකඩ මුගුරය, කඩුවය, දුන්නය, අඩයටිය, කිරිච්චිය යන විසිතුරුවූ මේ පඤචායුධයන් දරමින් එකල්හි ඒ (අලින සිත්) කුමාරයා වනාන්තරයට යාම පිණිස නික්මුණු කල්හි,

538. 539. දෙ ගුරු ද නැගනි යන් මේ හැම පිරිව රින අග මෙහෙසියද තෙ ලි යන් නික්මී තමන් නුව රින සමග රට වැසි යන් වන සර වැද දි රින පසු ගමන් ගතු නොයෙක් මැති යන් යන සෙ සමුගෙන කුමරු අදරින

538. ‍දෙ මා පියන් ද නැගනියන් හා අග මෙහෙසියද අනේක ස්ත්රීින් සහිත වූ රට වැසියන් හා නොයෙක් මන්ත්රීපහු ද පසු ගමන් ගත්තාහුය.

539. මේ සියලු පිරිවරින් යුක්තව තම නුවරින් නික්මී ධෛර්ය්ේක යෙන් (යුක්තව) වන මාර්ගුයට ප්ර්විෂ්ටව යාම පිණිස ආදරයෙන් කුමාරයා සමුගෙන,


107 කව් මිණි කො‍)යඬොල

540. 541. දනන්හට නො මිනා රන් ගිරි ලෙන් කු සින් නෙක කරුණු පවස මිනා නිකුත් කෙ‍සරිඳු විල සින් රැ‍දෙව් සමු දෙ මිනා නොබමින් සහතො සින් එසඳ වන අබියසට පැ මිනා කුමරු යනු දැක දිනිති මෙහෙ සින්

540. ජනයන්හට බොහෝ වූ නොයෙක් කරුණු ප්රනකාශ කරමින් රැදෙවයි අවසර දෙමින් වන හමුවට පැමිණ ඒ කාලයෙහි.

541. රන් ගිරි ගුහාවක් තුළින් නිකුත් වන්නා වූ සිංහ රාජයක්හු පරිද්දෙන් බිය නොවමින් ප්රීගතියෙන් කුමාරයා ගමන් කරන්නාහු බලා මවු බිසොව

542. 543. ළ සෝ නල ප ත්වී පිය රද එ දකි මින වෙර මුල් සිඳුන ර ත්වී රද’බිමන් සිත නොව මින රන් ලියක යු ත්වී දෙ කර හිස තබ මින යුහුව එහි බිම වැටී ඔ ත්වි හැඩි නිහඬුරු ලලා සොව මින

542. හෘදයෙහි ශෝක නමැති ගන්න ඇති වී රත් වී ධෛර්ය්බ නමැති මුල් සිඳී ගිය ස්වර්ණබ ලතාවක් මෙන් (එකෙණෙහි) ඉක්මනින් එ තැන්හි බිම වැටී වැද හොත්තාය.

543. පිය රජ තෙම ඒ දකිමින් සිතෙහි රාජාභිමානය නැතිවීමෙන් දෙ අත් හිස තබමින් ශෝක කරමින් සුසුම් ලබා හැඬුවේය.

544. 545. අග බිසෝ යුව තින් වැද යුගතෙහි ප වන් මෙ රුසිරැති හිමි ම නෙ සින් මුලිති’ගිලි ලිය සෙ රු වන් නොදැකුම් විය ඉ තින් සෝ නෙලෙන් ලෙහි වන් සිතා කඳුලැලි හෙලා දෙනෙ තින් එහි ම බිමහිනි ලෙසින් මුස වන්

544. අග්රා මහේෂිකා යුවතිය මේ රුසිරැති හිමියා මාගේ නෙතින් මෙතැන් පටන් දැකුමක් නැතිවීයයි සිතා දෙ නෙතින් කඳුළු හෙලා,

545. යුගාන්තයෙහි මාරුතය වැදී මුලින් ඉදිරී ගිය ස්වර්ණ ලතාවක් සේ හදවතෙහි වූ ශෝක නමැති ගින්නෙන් මුර්ඡා වූ පරිද්දෙන් එහි ම බිම වැටුනාය.


කව් මිණි කො‍ෝකඬොල 108

546. 547. යළි නැගණිය වි සින් අග මැති සෙනෙවි යන සෝ නල පත්ව අසෙ සින් දිසාපති මුකවෙටි යන වලපමින් වෙසෙ සින් සමග වට සිටි යන හැඬූ ලෙස් ම කියම් ද කෙලෙ සින් හැඬූ එක ලෙස ලෙසින් මෙ කි යන

546. නැවත නැගණිය විසින් සර්වඬප්රලකාරයෙන් ශෝකාග්නි ප්රාේප්තව වෙසෙසින් විලාප කියමින් හැඬූ ආකාරය මම කොයි හැටියකින් කියම්ද?

547. අග මැති ද, සේනාපතියන් ද, දිශාපතියන්ද, මොහොට්ටාල වරුන්ද (යන මොවුන්) සමග අවට සිටි ජනයෝ මෙකී යන ලෙසින් එකාකාරයෙන් හැඬූහ.

548. නිල් මුහුලස් වැටී මුදමින් එක සැටී නෙත් නිපලුල් ගැටී වී රත් සර සැටී කඳුලැලි නිති වැටී මෙන් වියෝ ගඟ සැටී හඬති දනෝ සිටී කියමින් මේ සැටි

548. නිල් කෙස් වැටි එකාකාරයෙන් මුදමින් නෙත් නමැති නිලුපුල් ගැටීමෙන් රක්ත පද්මාකාරව නිති කඳුලැලි වැටීමෙන් වියද් ගඬ්ගාව බදුව සථිත වූ ජනයෝ මේ සැටි කියමින් හඬති.

549. අප කුමරිඳු සදා මෙනුවර ඇම සදා දුක’ඳුරු විය විදා පත් මෙන් රිවි සදා රුදු යකු එ ප ණිදා ගහණය කළ සදා විය දුරු මෙ පුර ද වානේ කෙලෙ සදා

549. අපගේ කුමාරොත්තමයා සියලු කල්හි මේ නගරයෙහි දුක් නමැති අඳුරු පහකොට පැමිණියා වූ හිරු - සඳු වැනි වූයේය. ඒ කුමාරයා ‍රෞද්රහවූ යක්ෂ්යා නමැති රාහු විසින් (ගිල) ගත් කල්හි මේ නගරය ද අඳුර විය. ඉවසන්නේ කෙලෙසද?

550. නෙතු පු ල් වත සරා යුග දර රත සරා මෙ සියල් ලෙන් දරා සිටිනෙන් පැහැ සරා එ ම ක ල් රු ව යු රා මෙකුමරු සිරි සරා ගි ය ක ල් අප හැරා යෙමුදෝ කොයි සරා 550. නෙත්රොනත්පලය, වක්ත්ර පද්මය, අධර යුග්ම නමැති රක්ත පද්මය යන මෙ සියල්ලෙන් ධාරණය කොට සිටි හෙයින් ප්රැභාසාර වූ ඒ පද්ම රූපකාර වූ ශ්රීර සාර වූ මේ (අලින සිත්) කුමරුවා අප හැර ගිය කල්හි කොයි මග යමුදෝ, 109 කව් මිණි කො‍ ධඬොල

551. බැ ලු ව වි ම ස මි නි යුග නෙත් සරි මිනී මි හිර ඬ ලෝ මිනි ලොමු දැහැ නිල් මිනි අ ප කු ම රි ඳු මිනි කළ රුව මෙන් මිනී ය න සැ ටි දකි මිනි නොසහමු නිය මිනී

551. විමසමිනී බැලුවහොත් නේත්රද යුග්මය මාණික්යනයන් හා සමානය. මිහිරි ශබ්දය කයිතාලම් නාදය සමානය. ලෝමයෝ නිල් මැණික් පැහැ ඇත්තේය. (මෙසේ) මැණික් වලින් තැනූ රුවක් සමාන වු අපගේ කුමාරෝත්තමයා යන්නාවූ ආකාරය දකිමින් ඒකාන්තයෙන් ඉවසාගත නොහෙමු.

552. පිට ගැබ යුග දනා පොරු කුඹු උතු රණා ඉට වනැගිලි රනා පලු පෙල විහ රණා දුට මෙ කුමරු දනා කියන රුවෙක රණා රට නොමසිටි යෙනා අපටය අස රණා

552. පිටය, උදරය, දන යුවලය, යන මොහු (පිළිවෙළින්) සවර්ණව පෝරුවය, සවර්ණඅ කුම්භය, රන් උතුය යන මොවුන් සමානය. දර්ශමනීය වූ ඇඟිලි රන් දළු පෙළ හා සමාන විය. දර්ශමනය කළහොත් ජනයන් විසින් රන් රුවකැයි කියන මේ කුමාරයා රටෙහි නොසිටිය හෙයින් අසරණය අපටය.

553. ගුණ - දහමට අවනත කළ බැ තින් පණ - ටත් ලොබ නොසිතා නොනව තින් ය න - මෙ කුමරු ‍සඳහට සිත රු තින් ව න - සැම දෙය න් පිහිටය ඉ තින්

553. ගුණ ධර්මනයට නැමුනාවූ (පියරජතුමා වෙත) භක්තියෙන් පණටත් ලොබ නොසිතා නොනැවතී සිතේ ආශාවෙන් යන්නාවූ මේ (අලීන සිත්) කුමාරයාහට මෙතැන් පටන් වනයෙහි වූ සියලු දෙවියන්ගේ පිහිටයි.

554. ම හ - තුරු පව් හිස නිති සෙව් යෙනී නොහ - රන තෙද බූමටු දෙවි යෙනී ප හ - කර යකු බිය තොප ‍සවි යෙනී ය හ - පත මෙ කුමරු එව් නොමි යෙනී

554. මහත් වූ වෘක්ෂන පර්විත මුදුන් වල නිතර සේවනය කරන්නා වූ තේජස් සහිත වූ බූමාටු දේවතාවනි, ඔබගේ ශක්තියෙන් යක්ෂන භය පහකොට මරණයෙන් මුදා යහපත් වූ මේ කුමාරයා (අපවෙත) එවනු මැනවි.

කව් මිණි කො‍ූ ඬොල 110 555. ස ව් - ලෝ දුක’දුරු හළ නිව මිනේ සි ව් - වර සුරිඳුනි, යුත් දැහැ මිනේ සි ව් - මැලි කුමරුට සෙත දෙව මිනේ එ ව් - වොත් මැනවිය මෙහි ළපෙ මිනේ

555. සියලු ලෝකයාගේ දුක නමැති අන්ධමකාරය නිවමින් දුරු කළා වු සතරවරම් දෙවියනි, ධාර්මික වූ, සුකුමාර වූ කුමාරයා හට සත දෙවමින්, ළපෙමින්, මෙ නගරයට එව්වොත් යහපති.

556. ස ක් - වළ තුළ හැම සත නර ඹනා ස ක් - දහසැ’ති සුරිඳුනි, සසො බනා ස ක් - වන් මෙ කුමරු දන පොල ඹනා ස ක් - ලෙස රැක මැනවිය ඇ’තො බනා

556. සක්වළ තුළ සියලු සත්වියන් බලන්නා වූ, ඇස් දහසක් ඇත්තා වූ ශක්රකදේවෙන්ර් සියිනි, සසොබන වූ ජනයන් පොළඹන්නාවූ ඇසක් බඳු වූ මේ (අලිනසිත්) කුමරුවා ඔබ අණ ඇතොත් ඇසක් ‍පරිද්දෙන් රක්ෂා කළ මැනවි.

557. 558. මෙ ලෙසින් කිය මිනා සෝමය, වරුණ යන වැලපී දනන් නො මිනා ඈ ලෙව් පාල දෙවි යන දුක් තුනී වෙ මිනා දිනිදුය, සඳුය ‍යන සිටින බැව් නරනිඳු දකි මිනා දෙවියනට ‍යදිනේය මෙකියන

557. මේ හැටියෙන් කියමින් බොහෝ සෙයින් ජනයන් වැලපී දුක් තුනී වෙමින් සිටින බැව් නරේන්ර්ියමයා දකිමින්,

558. සෝම දේවතා, වරුණ දේවතා යනාදි ලෝකපාල දෙවියනට ද, හිරුය, සඳුය යන මෙකී දෙවියනට ද (මතු දැක්වෙන හැටියෙන්) යාඥා කරන්නේය.

559. 560. මපුතුන් රැක දෙ මින අයදිමින් මෙලෙ දින කිසිවත් දුකක් නොව මින හඬා වැලපී නොම දින තොප අනුසස් ක මින යකු මුකයෙන් සෙ දින මෙ පුර එනු සලසවව් ළපෙමින මිදී එව පුත, කියා හඬ දින

559. මාගේ පුත්රනයා ආරක්ෂාද කර දෙමින් ඔබ වහන්සේලාගේ අනුහසින් කිසිත් දුකක් නොවී ‍ළපෙමින් මේ නගරයට ඊම සලස්වනු මැනවි.

111 කව් මිණි කො‍ නඬොල

560. මේ ලෙසින් යාඥා කරමින් බොහෝ සෙයින් හඬා වැලපී, පුතේ, යක්ෂහයාගේ මුඛයෙන් වහා මිදී එව යි කියා මුරගැසුවේය.

561. 562. නැවතත් එ නර නිඳු යම් සේ බරණැ’ සෙක් ළසොවින් යුතුව නොසි නිඳු රාම නම් වූ මිනි‍ සෙක් නොයෙක් ලෙස විසි නිඳු මවු පිය දෙදෙනැ’ සෙක් මෙසේ සත් කිරි කෙරේ සසිනිඳු ලෙසට බැතියෙන් රකින ‍දවසෙක්

561. ඒ රජ තෙම නැවතත් දළ ‍ළසොවින් යුතුව නොයෙක් ලෙස ඍජු වචනයෙන් මේ අන්දමින් සස්නිග්ධ වූ සත්ය‍ක්රිුයා කරයි.

562. යම් සේ බරණැස් නුවර රාම නම් වූ එක් මිනිසෙක් මවු පිය දෙදෙනා ඇසක් ලෙස භක්තියෙන් රක්ෂා් කරන කාලයෙහි,

563. 564. වෙළෙදාම් අ රයා වැලි පහණ ආ දින දඩකී නරව රයා වනස් වැසි වසිනා දින කුඹුවත් නුව රයා මවු පිය වෙත සො ඳින පැමිණ සිටිනා ස‍දෙහි ත රයා සගුණ සඳහන් කෙළෙන් නොමඳින

563. වෙළෙදාම් පිණිස දණ්ඩකි නම් රජහුගේ කුම්භවතී පුරයෙහි පැමිණ සිටින කල්හි තදින් (වැරෙන්)

564. වැලි වැසි - ගල් වැසි ආදි වූ විනාශක වැසි වස්නා දවසෙහි මවු පියන් කෙරෙහි යහපත්ව, බෙහෙවින් සුගුණ සඳහන් කළ හෙයින්

565. 566. ඔහු සැදැහැ දැහැ මින එමෙන් මෙම’ලින සිත් සුරන් සිත් තුටු වඩ මින කුමරු සඳ අපවෙත සිත් සිය පුරවර පැ මින ඇති බව මිස කි සිත් වූහ මවු පිය සතුටු කර මින දොසක් නොදකිමි කළව ගුණසිත්

565. ඔහුගේ ශ්රිද්ධාව හා ධාර්මික භාවය හේතුකොට ගෙන දෙවියෝ සිත් තුට වඩමින් මවු පියන් සතුටු කරවමින් ස්වකීය නගරවරයට පැමිණ වූවෝද?


112 කව් මිණි කො‍වුඬොල

566. එමෙන් මේ උතුම්වූ (ගුණ ඇති) අලීනචිත්ත කුමාරයා අප කෙරෙහි සිත ඇති බව මුත් අවගුණ චිත්තයෙන් කළා වූ ස්වල්ප වූ දෝෂයක් (වත්) නොදනිමි.

567. 568. එම බැතිය සුල දින මෙලෙසින් එ නර වර සිටි මපුතු ගුණ වොරැ ඳින සත් දහම් පියසූ වර සක් දෙවි‍ගෙ තෙ දින නැගණි කුමරිය වර මෙ පුර එත්වයි කෙළේ අයදින මෙසේ සත් කිරි කෙරේ එමවර

567. ඒ මාතෘ පිතෘ භක්තිය යහපත්ව ලැබූ හෙයින් ගුණයෙන් බබළමින් සිටියා වු මාගේ පුත්රියා ශක්රව දේවේන්ර්ෙන යාගේ තේජස කරණකොට ගෙන මේ පුරයට පැමිණේවා යි ආයාචනය කෙළේය.

568. ඒ නර ශ්රේළෂ්ඨයා මේ අන්දමින් යහපත් ධර්මබයන් නොහොත් සත්යාක්රිළයාව ප්රේකාශ කළ කල්හි උතුම් වූ නැගණිය වූ කුමාරිකාව එකල මෙසේ සත්යතක්රිකයා කර යි.

569. 570. රහසින නොරහ සින එ රුදුරු යකු මු කින් කියනුය තබා මත සින ගැලවී යෙහෙන් සැණෙ කින් අනදරෙක’පව් සින නොව කිසිම දුක කින් නොයොදවා සත් විනම් ‍ වෙසෙසින ම සොහොවුරු මෙහි එවයි නිසකින්

569. රහසින් හෝ නොරහසින් හෝ කියනු තබා සිතින් පමණවත් අනාදරයෙක් අප විසින් විශේෂයෙන් නො යෙදුවා සැබෑනම්,

570. (ඒ සත්යශය කරණකොට ගෙණ) ඒ රෞද්රන යක්ෂ්යාගේ මුඛයෙන් ගැලවී යහපත්ව ක්ෂඅණයකින් කිසියම් දුකක් නොවී ඒ ස්ථානයෙන් මාගේ සහෝදරයා මේ නගරයට නිසැකින් පැමිණේවා යි.

571. 572. ඉති නැගණිය වි සින් මහිමි එක දව සක් සත් කිරි කළා නෙලෙ සින් වත් ලොබින් අන් දිගැ සක් යළි මෙහෙසිය වි සින් වෙත ‍බැල්මක් බ සක් මෙසේ සත්කිරි කෙරේ වෙසෙසින් පමණ කළ මට නූය වෙන සක්


113 කව් මිණි කො‍ කඬොල

571. මේ ආකාරයෙන් නැගණිය නොයෙක් පරිද්දෙන් සත්යන ක්රි යා කළාය. නැවත මෙහෙසිය විසින් මේ ලෙසින් විශේෂයෙන් සත්යර ක්රි යා කරයි.

572. මාගේ ස්වාමියා එක් දවසක් පමණක්වත් ආශාවෙන් අන්යි කාන්තාවන් කෙරෙහි බැල්මක් - බසක් පමණවත්, මට කළාවූ ආදර විනාශයක් නුවුයේය.

573. 574. එ මෙන් යළි ම වි සින් විඳ මෙ බස් ස ත්වා අන් පුඟුල් වෙත කෙලෙ සින් සුරන් නෙත් සිත් ල ත්වා කා විසි ද මන සින් යකුට’සු නොවෙ ත්වා දෙයක් නො‍කෙළේ පමණ රහ සින් මහිමි සඳ කඩිනමින් එ ත්වා

573. නැවත එසේම මා විසින් අන්යස පුද්ගලයන් කෙරෙහි කවර ලෙසකින් කයින් - වචනයෙන් - සිතින් යන මෙයින් රහසින් පමණවත් දෝෂයක් නොකරන ලද්දේමය.

574. මේ වචන සත්යය වචන වූ නම් දෙවියෝ නෙත් සිත් යොමු කරත්වා. යක්ෂේයාව අසු නොවෙත්වා. මාගේ ස්වාමියා ඉක්මනින් පැමිණේවා.

575. තෙදෙන’මෙක ස රියා කර මෙලෙස සත් කි රියා ළ සොවින්ම පි රියා ගොසින් වන්නුය පුරට හැ රියා

575. තුන් දෙනාම එක සමානව මේ ආකාරයෙන් සත්යක ක්රිායා කොට හෘදය ශොකයෙන් පිරී හැරී ගොස් පුරයට පැමිණියෝය.

576. බලවත් විලසට ළ සොනල ප ත්වී එහිපත් සත නවතා නොනැවැ ත්වී මහසත් තුම එ සදෙහි දිරි යු ත්වී සිරිමත් වන මග තුරට සැප ත්වී

576. බලවත් අන්දමින් හෘදයෙහි සෝ ගිනි ඇතිවී එ තැනට පැමිණියාවූ ජනයන් නවත්වා, නොනැවතුණු බෝසත් තුමා එ කල ධෛර්ය්ී එයෙන් යුක්තව සිරිමත් වූ වන මාර්ගවය තුළට පැමිණියේ.


කව් මිණි කො‍බලඬොල 114

577. තෙ ක ලා දැකලා දෙසු මුනි ව දනා රැ ක ලා ලකලා අද කර නි දනා සැ ක ලා විකලා කරමින් නෙ දනා එ ක ලා එකලා වම ගුණ න දනා (පාදාදිව්යාපෙත යමකය)

577. කාලත්රලය දර්ශ්නය කොට දේශනා කළාවූ බුද්ධ වචනය අලංකෘතවූ හෘදයෙහි (නිදන් කොට) ධාරණය කොට ගෙන රක්ෂාළ කරමින් අනේක ජනසන් සැකයෙහි ලා විකල කරවමින් එකල ගුණ නන්දධන වූ බෝධිසත්වරයෝ හුදකලාවම,

578. රිසිනා ගුණ දම් දිවි නොව රි සිනා විසිනා සදහම් කර නම් වි සිනා බසිනා අමවන දිලි තුනු බ සිනා ලසිතා කුමරිඳු යෙති නොවල සිනා (පාදාද්යනන්තව්යවපෙත යමකය)

578. ජීවිතයෙහි ආසා නැතිව සෘෂි නායකවූ බුදුන් වහන්සේගේ ගුණ ධර්ම‍ය ද සද්ධර්ම්ය ද නාම වශයෙන් විචින්තනය කරමින් අමා වැනි වූ වචනයෙන් ද බබළන්නාවූ ශරීර කාන්තියෙන්ද යුක්තවූ උතුම්වූ කුමාර තෙම අනලස්ව අශිඝ්ර ව ගමනය කරයි.

579. මො ර මිහිරඹ පලු ගිවුලු ද බෙ ලියා ප‍ ර සමදර කිණිහිර කොබල ලියා අ ර ලු ද සැඩවක දැව සලිම ලියා දි ර තර කුමරිඳු දිටි නොවමැ ලියා

579. මොරය, මී අඹය, පලුය, ගිවුලුය, බෙලිය, පරය, සමදරාය, කිණිහීරිය, කොබෝලීලය, අරලුය, හැඩවකය; කිහිරිය, හිඹුල්ය යන මේ වෘක්ෂදයන් අතිශයින් ධීර වූ උතුම් කුමාරයා නොවමැලිව දිටී.

580. පුලි ල නුග ද ඇසතු ද එරහැ ඳියා ලක ල පුවගු රුකගුණ සෙව්ගෙ ඳියා පිය ල ලමග තුරු දැක මන බැ ඳියා උදු ල කුමරු සඳ එහි නොව රැ ඳියා

580. පුලිල හා නුගය, ඇසතුය, එරහැඳිය, ලස්සණ වු පුවඟුය, රැකගුණය, සර්වවකෙන්ද, පියලය, ගමඬ්ග වෘක්ෂැය, යන මොවුන් දර්ශීනය කොට සිත් බැඳුනා වු (දැඩි සිත් ඇති වු ) බබළන්නනා වු උතුම් වු කුමාරයා ඒ ස්ථාුනයෙහි නොරැඳුනේය. කව් මිණි කො‍් ඬොල 115

581. ම හ ‍ස ත් හට එම වන පෙදෙ සේයා වෙ‍ හෙ ස ත් නොව යන මෙන් සැප ‍සේයා සු ර ස ත් ලූ මෙන් සැදි තුරු සේයා වෙ සෙ ස ත් බෙහෙවින් කියම් කෙ සේයා

581. බෝසත් තුමාහට එම වන පෙදෙසෙහි වෙහෙසද නොවී සැපසේ යන මෙන් දෙවියන් විසින් කුඩ එසවූ පරිද්දෙන් සැදුනාවූ තුරු සෙ‍වනැලිවල විශිෂ්ට භාවයත් බෙහෙවින් කෙසේ කියම්ද?

582. සු ව නේ පළ කර දෙසු දම් ස වනේ ස ව‍ නේ කරමින් දුරු කළ ප වනේ ප ව නේ විඳ ගුණ දම් කළා සෙ වනේ සෙ ව නේ යෙති කුමරිඳු සඳ එ වනේ (සන්දවෂ්ට යමකය)

582. නොයෙක් සුව පළ කොට දේශනා කළාවූ සර්වදඥ ධර්ම‍ය ශ්රශවණය කරමින් නෙයෙක් පව් දුරු කළා වූ ද, ගුණ දම් සේවනය කළාවූ ද උතුම් කුමාරයා පවන් විඳිමින් ඒ වනයෙහි සෙවනෙහි ගමන් කෙරේ.


583. ගි න් ම න් මැඩි සිසිලැති සඳ රැ ‍ස්සේ න න් ව න් වන පිපි කුසුමැති ග ස්සේ රො න් ව න් පිරිසුදු වන මග ඔ ස්සේ ම න් මෙ න් යෙති කුමරිඳු නොව ල ස්සේ

583. සඳ රැස් පරිද්දෙන් සිහිල් ගුණය ඇතිව ග්රීේෂ්මය මර්දනය කළාවූ නොයෙක් පැහැති පිපුණු මල් ඇත්තා වූ අනේක වෘක්ෂියන්ගේ රේණු වැදීමෙන් පිරිසිදු වූ වන මග දිගේ කුමරිඳු අනලස්ව සිත් වූ පරිද්දෙන් ගමනය කෙරේ.

584. ර ත් තුඩු රැඳි කරලින් හෙම ලෙ ව්වන් ප ත් විදහා පැහැපත් වන දෙ ව්වන් න ත් සුවරැස් අකණන් සුර සැ ව්වන් යෙ ත් දැක දැක මහසත් සිත පො ව්වන්

584. රත්රන් ආලේප කළාක් වැනිවූ කරල්වලින් යුක්ත වූ රත්හැල් කුඹුරුද, පියාපත් විදහා අහසට නැංගාවූ ද, විදුලීය හා දෙව්දුනු බඳුවූ ද, නොයෙක් ‍ගිරා කැල හා සිංහ පෝතකයන් ද දැක දැක මහා බෝධිසත්ව යෝ ගමන් කෙරෙත්.

කව් මිණි කො‍ හඬොල 116

585. ත ල මි න් තල මි න් හඬ ගොර බී රන් කෙ ළ මි න් කෙළමින් ගා ගත මී රන් පු ල මි න් පු ල මි න් සිටිනා ඌ රන් බ ල මි න් බ ල මින් යති රුව සේ රන්

585. ගොර බිරම් හඬ තල - තලා මිනිරන් ඇගේ ගාගෙන ක්රීනඩා කර - කර මයිල් කෙළින් සිටුවමින් සිටින්නා වූ සූකරයන් බල - බලා රන් රුවක් ‍වැනි බෝසතාණෝ ගමන් කරති.

586. වි ලි කු න් මී අඹ තුරණා අරණා ස ම තු න් නදිනෙක හරණා කරණා කෙ ස රු න් සමගව සරණා වරණා ද කි මි න් යෙති විසිතුරණා අරණා (පාද මධ්යනන්තව්යසපෙත යමකය) 586. ආරෝහනය කරන්නාවූ කෝකිලයන් විසින් එකාකාරයෙන් කරන්නාවූ නදින් යුත්වූ ඉදුණු ගෙඩි ඇති මී අඹ රුක් ද, සිංහයන් හා හැසිරෙන්නාවූ ඇතුන් ද, දකිමින් විසිතුරුවූ වනයෙහි ගමන් කරති.

587. දුල වන ගත හෙම කිරණා කිරණා තම පිළිමල් ඔද හරණා හරණා පොර’නින මුව මුළු අරණා අරණා දැක යෙති කුමරිඳු සරණා සරණා (පාදමධ්යමන්ත අව්යරපෙත යමකය) 587. ස්වර්ණව කාන්තියෙන් ගැවසී ගත්තා වූ බබළන්නා වූ ශරීර ඇති තමන්ගේ ප්රයතිමල්ලවයන් ගේ ඔද දුරු කර - කර පොර අනින්නාවූ මුව රංචු (ද) වනයක් වනයක් පාසා දර්ශ්නය කොට අසරණ සරණ වූ උතුම් වූ කුමාරයා ගමනය කරයි. 588. ව න ස ර පිපි දිසි බිඟු බිම් වනසර ව න ස ර දල තර කෙළෙනා වනසර ව න ස ර නොවතුරු යනෙනා වනසර ව න ස ර දුල මග මින් යෙත වනසර (පාදාද්ය න්ත අව්යෙපෙත යමකය) 588. වන විල් වල පිපී පෙනෙන්නා වූ භෘංගයන්, භ්රූමණය කරන්නාවූ පද්මයන් ද, වර්ණි සාර ඇති ජලාන්තරයෙහි සෙල්ලම් කරන්නාවූ මත්ස්යණයන් ද, වන මග අතුර නැතිව යන එන වැද්දන් ද බලමින් ගුණසාර වූ බෝසත් තුමා ‍බබළන්නාවූ වන මාර්ග යෙහි ගමන් කරයි.

117 කව් මිණි කො‍ූ ඬොල

577. දල දල දු ල ද ල දල මින් කැ ල යා දල දල ස ර ද ල දල ස ර පෙ ල යා දල දල බි ඟු ද ල දල දැක ලො ල යා දල දල හැ ර ද ල දල ගිය ලො ල යා (ආදි මධ්‍ාලවව්යමපෙත යමකය)

589. ජලාසයක් ජලාසයක් පාසා බබළන්නා වූ මහත්වූ ද කුඩා වූ ද මත්ස්යි සමූහයා ද, මහත් වූ ද කුඩා වු ද විල්වල බබළන පෙති ‍ඇති නෙළුම් මල් පේලිද, නෙළුම් මල් පෙත්තක් - නෙළුම් මල් පෙත්තක් (නෙළුම් රේණුවක් - නෙළුම් මල් ‍රේණුවක්) පාසා ලලිතව බබළන්නාවූ බිඟු දැල්ද දැක දාහය (විඩාව) හැර (ජීවිත පරිත්යාකග) ලෝලයෙන් දිලිහි - දිලිහී එතුමා ගමන් කෙළේයි.

590. දල දල දර යුරු වන තුරු දල දල දල දල ඇන යුද වන් ගජ දල දල දල දල හැර කන මුව මුළු දල දල දල දල යන කුමරිඳු දිටි දල දල (පාදාද්ය‍න්ත අව්යටපෙත යමකය)

590. දිලිසෙන්නාවු මේඝ කූටාකාර වූ පත්රයයෙන් ගහනවූ වනාන්තර යෙහි දළින් දළ පැහැර සටන් කරන්නාවූ මහත් වූ දළ ඇති ඇතුන් ද, ගොරෝසු කොළ පහ කොට ලාදළු කන්නා වූ මුව රංචු ද (යන මොවුන්) ගිනි දළුවක් මෙන් දිලිහි දිලිහී ගමන් කරන්නා වූ උතුම් කුමාරයා දිටී.

591. සර සර ව න සර සර දි ව සර සර සර සර දු ල සර සර හ ස සර සර සර සර බි ඟු සර සර ද න සර සර සර සර දි ටි සර සර පැ න සර සර

591. දෙවඟනන් ගේ හඬ බඳුවූ රසත් වූ ගීතිකා කරමින් හැසිරෙන්නා වූ සිද්ධාංගනාවන් ද, විලක් පාසා හැසිරෙමින් ස්වර නගන්නාවූ විල කුකුළන් හා බබලන්නාවූ හංසයන්ද ස්වකීය රසයෙන් (මල් පැණියෙන්) රඤ්ජිතවූ පද්මයක් - පද්මයක් පාසා ගුම් නද දෙමින් හැසිරෙන්නාවූ භෘංගයන්ද (යන මොවුන්) මාර්‍ක්යන්හි ගමන් ගත්තා වූ, ප්රනභාසාරයෙන් උතුම් වූ සාර වූ උතුම් නුවණ ඇති බෝධි සත්වා තෙම දිටී.



118 කව් මිණි කො‍‍ගඬොල

592. පි පි දිසි වන සල ලය වන සල ලය පි වි තුරු වන සදුලය වන සදු ලය සර දිසි වන කමලය වන කම ලය දිටී තොස වන තමලය වන තම ලය (පාද මධ්යානන්ත අව්ය පෙත යමකය)

592. වනයෙහි පිපියාවූ දෘශ්යනවූ ලීලා සහිත වන්නාවූ සල් රුක්ද, පිවිතුරුවන්නා වූ හීතණ ද, වන දිවියන්ද, දෘශ්ය්වන්නාවූ උතුම් කෝමල වූ නෙළුම් වනයන් ද, තම හද පිනවන්නාවූ වන තමාල ලතාවන් ද දර්ශවනය කෙළේ.

593. න ද ක ර මි න් මියු රණ රඟ මියු රණ තැ න තැ න ව න් සබ රණ වන සබ රණ ක ර ව න ම න සපු රණ පිපි සපු රණ දැ ක යෙ ති ස ත බිය රණ නොව බිය රණ (පාද මධ්යාෙන්තව්යේපෙත යමකය)

593. මධුරවූ කෙකා ධ්වනි නගමින් රඟ කරන්නා වූ මොනරුන් ද, තැන - තැන ජලයෙහි පෙටි‍යන් ද, වන වැද්දන්ද, සිත සපුරා ලන්නාවූ සපු වනයන් ද, දැක සත්වජයන්ගේ භය දුරු කරන්නා වූ බෝසතාණෝ බිය නොවී වනාන්තරයෙහි ගමනය කරති.

594. ලියනු ගි ක ල අ ර ග ල සෙද අරගල ලියකි ඳු ර න නි ල ග ල දිසි නිලගල විලිරැ ඳි හැ ලි ව ල ග ල රොණවලගල ඉතිවි සි තු රු ව න ග ල දිටි වනගල (පාද මධ්යඳන්තව්යකපෙත යමකය)

594. වහා පර්වයතාරූඪව ලයාන්විකත ගීත ඉතා උස් හඬින් (ගැයීම) කරන්නාවූ ලිය කිඳුරන් ද, නිල් ගෙලින් දිසිවූ මොනරුන් ද, රැලියෙන් රැඳුනාවූ දිය ඇලිවලින් ආකුල වූ ගිලිහුණු රේණුවලින් ගැවසි ගත්තාවූ ගල් තලාවන්ද, මෙසේ විසිතුරු පර්ව තයන් විරහ ගිනි දුරු කළාවූ බෝසත් තුමා වනයෙහිදී දිටි.

595. මි නි මු තු පුප් හර ගෙලෙ මුහුල සලා හෙ ල ර තු දෙසඳුන් ගා ඇඟ නො සලා යු තු යු තු තැන සිටි මල ඟන ඔ සලා සි තු මු තු විය කුමරිඳු සඳ ඇ සලා


119 කව් මිණි කො‍රිඬොල

595. පිපුනා වූ මල් මාලාවන් ග්රීමවයෙහි ද කේශ කලාපයෙහි ද දමා ගෙන සුදු හඳුන් හා රත්හඳුන් ශරීරාලේපකොට නොසැලී සුදුසු - සුදුසු තැන් වල රැස්ව සිටියාවූ වැදි අඟනන්ගේ සිත් උතුම් කුමාරයා දැකීමෙන් උමතු විය.

596. නි ලු පු ල් නෙත් පිපි තඹරන් උවනා හ ස තු ල් පිය යුරු බිඹු පල ලවනා නොකි වි ල් සර පිය කර බස් දෙවනා පි ය ක ල් ලෙස දිටි විසිතුරු ‍එවනා

596. නිලු පුල් නමැති නෙත් ඇති පිපියා වූ නෙළුම් මල් නමැති මුහුණු ඇති හංසයන් නමැති මහත් වූ පියයුරු ඇති (ඉදුණු) කෝවක්කා ගෙඩි වැනි තොල් ඇති නොයෙක් කෝකිලා වන්ගේ නාද නමැති පියකර බස් දෙන්නාවූ ප්රිුය කාන්තාවක් බඳු වූ විසිතුරු ඒ වනය දිටී.

597. ස ඳ කැ න් බඳු ඇල් පවනුන් බ ඳිනා බි ඟු කැ න් පරපුටු දෙන පිය න දිනා ව න න න් සිරි කුමරිඳු දිටි එ දිනා කෙ‍ ලෙ සි න් මම පවසමි ඇති ලෙ දිනා

597. සඳ කැන් මාණික්ය යන් මෙන් සිහිල් වූ, සුළං සමඟ මිශ්රාවූ ද, භෘංග සමූහයන් හා කොවුලන් විසින් දෙන්නා වූ ප්රි‍ය නාදයෙන් යුක්තවූ ද, වනයෙහි එ දවස, කුමරිඳු දුටුවාවූ නොයෙක් සිරි ඇති සැටියට මම කෙලෙසින් පවසම්ද?

598. 599. මෙ සියල් සිරි ඉ තින් දිලි මෙකුලෙව් ර සද තරඹා කුමරු දෙනෙ තින් ගන නිල් පතැති හැම සඳ පිය නිරිඳුන් වෙ තින් නුග රුක දැක එ සඳ ඇසූ සලකුණු බලා කැම තින් අබිමුවට අබිරුව ම එන සඳ

598. නිතින් මේ සියලු සිරිය කුමාරයා දෙනෙතින් බලා පිය රජතුමාගෙන් ඇසූ සලකුණු කැමති පරිද්දෙන් බලා,

599. ජලයෙන් ගැවසී ගත් මේඝ කූටයන් මෙන් බබළන්නාවූ සියලු කල්හි තද නිල් කොළ ඇත්තා වූ නුගරුක දර්ශ නයකොට අභීතවම එකල (එහි ) පැමිණෙන කල්හි


120 කව් මිණි කො‍ූ ඬොල

600. 601. නර යකු එවිග සින ඔහු ඉනද මගෙ’ මින සැක සිත් සතා මෙලෙ සින සිටි දැයි බලමි සිත මින රජ දරුවන් වි සින නුග තුර’ ගට පැ මින යොදනු’පා දත නොහැකවෙසෙසින බලාඉඳිනා ස‍දෙහි තැවෙ මින

600. නර යක්ෂොයා ඒ ඇසිල්ලෙහි රජ දරුවන් විසින් යොදනු ලබන්නා වූ මායම් විශේ‍ෂයෙන් දත නොහැක්කේ ය යි මේ ආකාරයෙන් සැකසිත් උපදවා,

601. එහෙයින් ඒ රජු අද දවසෙහි මග එමින් සිටීදැයි බලමියි සිත - සිතා නුග රුක මුදුනට නැගී තැවි - තැවී බලා හිඳින කල්හි

"https://si.wikibooks.org/w/index.php?title=කව්_මිණි_කොඬොල-කාව්‍ය_v&oldid=5388" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි