කව් මිණි කොඬොල-ප්‍රස්තාවනා

Wikibooks වෙතින්

කව් මිණි කො‍ෙඬාල නම් මේ සුලලිත, මධුර මනෝහර පරම රමනීය කාව්ය‍ ග්රනන්ථය වූ කලී කීර්ති ශ්රී රාජසිංහ - රාජාධි රාජසිංහ රජුන් දවස රුහුණු පළාතේ (දොළොස් දහස් ගිරි පාද රට බද) තංගලු පුරවරයෙහි විසූ මහාකවි දොන් ජාංවි ද සිල්වා අභය ගුණවර්ධන සමරජීව පත්තායමේ ලේකම් තුමා විසින් රචනා කරන ලද්දකි. මෙතුමා එවකට රාජකීය ධාන්යේ කෝෂ්ඨයන්හි ලේකම් තනතුර දැරූ හෙයින් පත්තායමේ ලේකම් යන නාමයෙන් ප්ර්සිද්ධ වීය.

කව් මිණි කො‍ෙඬාල යන නාමය ගන්ථ කර්තෘව විසින් ස්වකීය කෘත්යියට තබන ලදී. එයින් අදහස් කරනුයේ කව් නමැති මැණික් වලින් විසිතුරු කළ කුණ්ඩලාභරණය යනුයි. ජයද්දිශ ජාතකය මෙහි කථා ශරීරය යි.

"හැම කවු පදන දෙ යකුරු මහඟු මිණැ තිවා කළ කවු තෙවිසි තුරු සත් සියය පෙමැ තිවා නිසි කවු මිණි කො‍ෙඬාල යන පසිදු නමැ තිවා ලොව කවු කැල කණත හොබවමිනි පව තිවා"

(සියලු කව්වල පාදන්තයෙහි දෙයකුරු නමැති මැණික්වලින් සරසා ප්රේසමාන්විතව කරන ලද කව් හත්සිය විසි තුනකින් සමන්විත වූ සුදුසු වූ කව් මිණි කො‍ෙඬාල යන ප්රවසිද්ධ නාමයක් ඇති (මේ කාව්යරය) ලෝකයෙහි කවි සමූහයාගේ කන් හොබවමින් (ඇසුවන්ගේ සතුට දියුණු කරවමින්) පවතීවා යි කර්තෘදගේ ප්රා ර්ථනය යි.

පරදේශීන්ගේ පැමිණීමෙන් හා සතුරු උවදුරුවලිනුත් බොහෝ කලක් මුළුල්ලේ පිරිහී ගොස් තුබුණු සිංහල කාව්යන ශාස්ත්රුය අටළොස් වැනි ශත වර්ෂයේ මධ්යී භාගයෙහි පටන් යළිත් බැබළෙන්නට වන.

නායක්කර් වංශිකයෙක් වූ කීර්ති ශ්රීය රාජසිංහ රජතුමා බුද්ධ ශාසනයේ හා සිංහල භාෂාවේත් දියුණුවට කටයුතු කළේ ය. එතුමාගෙන් පසු රජ පැමිණි නායක්කර් වංශික රාජාධි රාජ සිංහ රජතුමා දක්ෂ කවියෙකි. ක්රි්. ව. 1780 දී රජකමට පත් වු මෙතුමා මහනුවර රාජධානිය කොටගෙන අටළොස් වසක් රාජ්යරය


4 කව් මිණි කො‍ෙඬාල


විමසීය. මෙතුමාගේ කාලයෙහි මූදු බඩ පෙදෙස් ඕලන්දයන් යටතේ පැවතිණි. ඕලන්දයෝ මේ රජතුමා සමඟ සාමදානයෙන් දවසැරියෝය.

ආරෝහ පරිනාහ දේහයකින් බැබළුණු මෙතුමා දුටුවන් සිත් ගන්නා පුද්ගලයෙක් විය. මෙතුමාගේ දේහ විලාසය ගැන හියු බොයිඩ් නම් ඉංග්රී සි තානාපතියා මෙසේ කියයි. "රාජාධි රාජ සිංහ රජතුමා ප්රොඥාවන්තයෙකුගේ පෙනීමක් ඇති, කළු පැහැති උස් මිනිසෙකි. සාමාන්යය දේහ ලක්ෂණය ගැන සැලකූ කල්හි අපේ අටවැනි හෙන්රි රජතුමා සිහිපත් වෙසි."

මෙසේ විදේශිකයන්ගේ පවා ප්රජශංසාවට ලක් වූ තේජස් වී රාජාධි රාජසිංහ රජතුමා මොරතොට ධර්මපස්කන්ධස යති ප්රජමුඛ කවියන් ආශ්රකය කළේය. සත් කවීන් හට තුඩු පඬුරු ගම්වර ආදිය දීමෙන් ධෛර්යයවත් කළේය. ආසදෘශ ජාතිකය තෙමේ ම කවියට නඟුවේ ය.

මහා වංශයෙහි එ පුවත මෙසේ දැක්වේ. 'මාගධ සංස්කෘතාදි නොයෙක් ශාස්ත්රයයන්හි දක්ෂ වූයේ නිත්යට දානයෙහි ඇලුනේ රුවින් මලවියා බඳු ඒ (රාජාධි රාජසිංහ රජ) තෙමේ ම ශබ්ද ශාස්ත්ර්යෙහි විශාරද වූයේ අසදෘශ ජාතකය සිංහල තිරුක් තියෙන් කවිකොට ලියවී."

අසදෘශ ජාතක කාව්ය යෙහි දැක්වෙන මාර්ග් වර්ණවනාවකි මේ.

"තිබෙනා සුහුඹුල් කෙත් වල තැන තැ න බුදිනා දද කැල එලවන විලිස න කරනා කොලහල කට හඬ පාමි න සොබනා ගෙවිලිය දැක හිමි වඩිමි න

මුහුලු ද බැඳ සොඳ වන පස මලු ප ල මුකුලු හසින් වඩිමින් සලෙලුන් ලො ල උකුලු සිරෙහි තබමින් කිරි, දී ක ල ගොපලු ලියන් දිටි එනවා. පෙළ - පෙ ල

අටි අටි කර සිත උනුනුන් බ න්දු පැටි පැටි කල රන් බිඹු ද ඔරැ න්දූ කැටි කැටි කල රන් බිඹු ද ඹරැ න්දූ දිටි දිටි සපුරා ඒ කුමරි න්දූ


5


රස රස කර කියමින් ගී සි න්දූ ඇස ඇස සත තම රූ දුන් ඇ න්දූ හස හස ගමනින් සරණා ල න්දූ තොස ලෙස නරඹා වැඩි කුමරි න්දූ

මෙ රජතුමා හා මොරතොට හිමියන් පිළිබඳ මුඛ පරම්පරා ගතව එන කථාවකි මෙහි මතු දැක්වෙනුයේ.

මොරතොට ධර්ම ස්කන්ධ සාමීන් මල් වතු වෙහෙර වෙසෙන කල ඒ සාමින් හා යමිකිසි කාන්තාවක් නොනිසි සම්බන්ධ‍යෙන් යුත්ව රාත්‍රී කාලයෙහි තෙරුන් වහන්සේ කරා එන්නීය" යි ආරංචියක් පැතිර ගියේය. තෙරුන් වහන්සේගේ සතුරන් විසින් පිලිගැනීම් විසින් පතුරුවන ලද මේ ආරංචිය රජතුමාටත් සැල විය. දිනක් රජ තෙමේ ඒ පිරික්සා බලනු වස් ගැහැණියක් මෙන් වෙස් වලා ගෙන රෑ පැයුළු යම තෙරුන් වහන්සේ සැතපී සිටි ගබඩායෙහි කවුළුව වෙතට පැමිණ අතෙහි වළලු සොලවන්නට වන. වළලු හඬ අසා අවදිවූ මොරතොට යතිඳුට කාරණය අවබෝධ විය. එතුමා සිය යහන මත වැඩහිඳ,

"ලකල මුව තඹර සිය ගත සිවු මැ ලියේ ඇසල මස දුටිමි යනවා දෙව් කෙ ළියේ අසල ක නම් දැක - දැක ඉන්ටත් ති ලියේ සකල සිරි ලකට අග රජ නුඹ ද ලියේ"

යන කව කීයේලු. ඊට පිළිතුරු විසින් රජතුමා එ සැණෙහිම කී කවය මේ.

"අඹර ගුරු හරණ සත දත් පිනා වන් විතර නොවන ගුණ නැණ සපිරිනා වන් පවර නමැති මොරතොට යති මනා වන් සසර වසන තුරු මට වාසනා වන්"

මොරතොට යතිතුමන්ගේ හා රාජාධි රාජසිංහ රජතුමාගේ කවිත්ථිවය මේ දෙ කවෙන් මොනවට පැහැදිලි වේ.

රට පාලනය කරන රජතුමා කවියකු වූ හෙයින් කවියනට තැනක් ලැබිණි. අළු යට සැඟවී තුබුණු ගිනි පුපුරක් සුළඟක් වැදුණු කල පෑදෙන්නාක් මෙන් පර සතුරු උවදුරු වලින් පෙළෙමින් බැගෑ බවට පත්ව තුබුණු ලාංකික කවියන්ගේ කවීත්ථඋවය රජතුමාගේ ත්යාිගශීලී භාවයෙන් උදාවන්නට වන. 6

6 කව් මිණි කො‍ෙඬාලය


ලක්දිව නානා පළාත්වල කවියෝ රසබර කව්, ලියන්නට වන. ඇතැම් පඬිවරු ගද්යි ග්රදන්ථ් සම්පාදනයෙන් ද කවියෝ පද්යය ග්රකන්ථඇ සම්පාදනයෙන්ද සාහිත්ය් දියුණු කර ලිවීමෙන් සිංහල භාෂාවට ඉමහත් සේවයක් කළෝය.

තිබ්බටුවාවේ හිමි මහා වංශයෙහි කොටසක් ද, ස්යායමෝප සම්පදා වත ද, සීනටිකුඹුරේ සුමංගල හිමි මිලින්ද ප්රයශ්නය ද, මිරිපැන්නේ ධම්මරතන හිමි ප්රටබන්ධක රාශියක් ද, සාලිඇලේ මණි රතන හිමි කව් මුතුහර හා ප්රානතිහාර්යය ශතකය ද, තල්ගහගොඩ රතනපාල හිමි අභිනව නාමාවලිය ද, විමාන වස්තු ප්රිකරණයේ සිංහල පරිවර්තානය ද, රනස්ගල්ලේ හිමි ලෝකෝපකාරය ද, (මාතර) හොරණ හිමි මුනි ගුණ රත්න මාලය ද, කිරම ධම්මානන්දු හිමි සිය බස් මල්දම ද, තල්අරඹේ හිමි දිය සැවුල් අස්න හා අන්ධ භූත ජාතක කාව්ය‍ය ද, කරතොට ධම්මාරාම හිමි බාරස කාව්යැය (බරනම ගබ සක) නම් දුෂ්කර බන්ධබනය ද, දික්වැල්ලේ බුද්ධ රක්ෂිිත හිමි කාව්යැ දීපනියද, අත්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමා කාරක පුෂ්ප මඤජරී, සුධීර මුඛ මණ්ඩත, බුද්ධ ගද්යබය යන පොත් හා සාර සංක්ෂේප (වෛද්යර ග්රින්ථඛයට) ව්යාමක්යාිනයක් ද, තෝමිස් සමරසේකර දිසානායක මුදලිතුමා මකර ධ්වජ නම් කාව්යණයක්ද, කෝකිල ස‍න්දේශයට සන්නයක් හා ගංගාරෝහණ වර්ණානාව ද, දුනුවිල රාජකරුණා ඒකනායක පණ්ඩිත මුදියන්සේ (ගජනායක මුදලි) තුමා කාලිංග බෝධි ජාතක කාව්යකය හා රති රත්නාලංකාරය ද, බරණ ගණිතාචාර්යය තුමා නීල කොබෝ සන්දේශය, වායස නිමිත්ත හා අෂ්ට නාරි සන්දේශය ද, කටුවානේ දිසානායක මුහන්දිරම් තුමා කව් මිණි මල්දම ද, දොන් ජාංචි ද සිල්වා අභය ගුණවර්ධාන සමරජීව පත්තායමේ ලේකම් තුමා වියොවග රත්න මාලය, රතවතී කාව්යාය හා කව් මිණි කො‍ ලෙඬාල ද, මුංකොටුවේ අබේසිංහ රාළ සහරාජ වත හා මොරතොට වත ද, ශිල්පාධිපති ගණිතාචාර්යය තුමා, නාරි සත් සන්දේශය ද, අභයකෝන් විජය සුන්දර මුදලි තුමා වලින් මාතා කාව්ය්ය ද කළෝය.

‍රෝහන ජනපදයේ මාතර පුරවරයෙහි ජන නායකයෙක් ව විසූ දාවිත් ද සරම් විජයසේකර මුදලි තුමා විසින් නිල්වලා නදියෙහි කරන ලද පින්කමක් වර්ණ නා මුඛයෙන් තෝමිස් සමරසේකර දිසානායක මුදලි තුමා "ගංගා රෝහණ වර්ණානා" නම් සුලලිත සුකොමල කාව්යාය රචනා කළේය. එතුමා සරම් යන නාමය පද්ය යට ඇතුළත් කළේ මෙසේය.


7


"සසර සරණ සව් දත් දම් අමාවෙන් සතොස්වා සග පවග සැපත් දුන් දම් රදුන් දම් සඟුන් සෙව් පෙර මැද'ග වණින් මේ තුන් ගෙණේ මුල් කෙමෙන් නම් පතළ මැති ස‍ෙඳක් වී මේ පුරේ කිත් දෙදෙක් වන්"

ගංගා රෝහණ වර්ණුනාවෙහි කතු තුමා එය සරම් මුදලි තුමන් වෙත පිළිගන්වන ලදී ස්වකීය පුන්ය් ක්රිියාව වර්ණමනා මුඛයෙන් බැඳුණු පද්යන ග්ර න්ථඇය ලැබීමෙන් අපමණ සතුටට පත් වුණු සරම් මුදලි තුමෝ එයින් පිටපත බැගින් සිය හිතවතුන් වෙත යැවූහ.

මාතර කවීන්ගේ ප්රරසංශාවට පාත්රප වූ ගංගා රෝහණ වර්ණවනා වෙන් පිටපතක් ගාලු කෝරළයෙහි අබේසිංහ මුදලිතුමන් වෙත යවමින් ගාලු පළාතේ කවියන්හට ඒ පොත පෙන්වා එහි කිසි යම් වරදක් ඇතහොත් තමන් වෙත දන්වා එවන මෙන් සරම් මුදලි තුමෝ ආරාධනය කළෝය.

අබේසිංහ මුදලි තු‍මෝ ඒ පද්යත කාව්ය ය (ගංගා රෝහණ වර්ණිනාව) සුප්රබසිද්ධ මහා කවියෙක් ව වැඩවිසූ මීරිපැන්නේ ධම්මරතන හිමියන් වෙත පිළිගන්වා එහි දොසක් ඇතොත් දන්වන ලෙස ඇයද සිටියාහ.

එහෙත් ධම්මරතන හිමයෝ ඒ යෝජනාවට එකඟ නො වී "මෙය මුදලි තුමනට ද මට ද කිසිසේත් නුවුවමනා වැඩකැ" යි පවසා ඒ ආරාධනය ප්රිතික්ෂේප කළහ. මුදලි තුමා නැවත නැවතත් පො‍තේ දොස් දක්වන ලෙස ඇවටිලි කරන්නට වූයෙන් ගංගා රෝහණ වර්ණවනාවෙහි සරම් මුදළිඳුගේ නම සඳහන් වන ""සසර සරණ සව්සත්දම් දමාවෙන් ස‍තොස්වා" යනුවෙන් පටන්ගත් (ඉහතකී) සිලෝවෙහි දොස් දක්වා පහත දැක්වෙන සිලෝ තුන ධම්මරතන හිමියන් විසින් ලියා දෙන ලදී.

"කාගේවත් වරදක් කියන්නට කමන් ඇත්තේ නැතැ යි මා විසින් පින්වත් වූ මැතිඳුන්ට මම් එම පවත් දන්වා එවූවා තමයි ඒ ආකාර ලියා එවූ සඳ යළිත් මේ කව්හි යන්තම් නමුත් ඇත්නම් යම් කිසි දෝසයක් මෙහි ලියා එව්වහොත් හොඳයි කි නිසා

සසර සරණ සව් සත් දම් කිවු තුන් ගෙණේ හි අගකුර නරකයි කිව්වා තමයි ඒ මිසක්වා සඳ වියරණ ලක්නෙත් දොස් පෙනෙන්නේ නොමැත්මයි මෙම පොත පද බැන්දා ඒ ඉතාමත් කදිමයි


8 කව් මිණි කො‍ෙඬාලය


එක ගුරු දෙමතෙක් වෙයි තුන් ගුරෙක් මත් සයෙක් වෙයි එතකොට දෙගණෙක් වෙයි තුන් ගෙණේ කී තැනේහී නියමය වරදීලා සිව් ගෙණෙක් වී තිබෙන්නා හොඳ හැටි සිහියෙන් යුත් වී බැලූවාට මන්දෑ

අබේසිංහ මුදලිතුමෝ ද ඒ පැදි තුන සරම් මුදලි තුමන් වෙත යැවූහ. සරම් මුදලි තුමෝ ඒ පැදි තුන තෝමිස් සමර සේකර දිසානායක මුදලිතුමන්ට දැක්වූහ. දිසානායක මුදලි තුමෝ ඊට පිළිතුරු වශයෙන් මිරිපැන්නේ ධම්මරතන හිමියන් වෙත මේ සිලෝ දෙක යැවූහ.

"කව් සත් සිත් මෙන දත් පසස් නදැන සව්සත් දම් වියූ මේ ගෙණේ දක්නා තුන් ගුරු මත් තමින් වණ සයෙක් වේ ඉන් කීවෙම් අක් වණැස්"

දන්නෝ බේ වන හල් ම යන්තම ගනිත් කීවා විනා මේ යළිත් කී තන්හි යවහන් න යන්නද වණෙක් වී නම් තිදොස් වේ මබස්

ඉන් ඒ කී නිදොසින් වදන් ගෙන ඉසින් දොස් මෙන් සිතා කී නමුත් කව් දොස් එක් ව පෙනී තිබෙයි ඔබ වහන්සේ කී නොයෙක් තැන් වලත්

ඒ දේවල් විමසා බලා සිතු ලෙසින් නාසා අනුන් කී තෙපුල් එක් වී සිත් සැක අත් හරින්නට දොඩා ආවොත් හොඳයි මා කරා"

එයට පිළිතුරු වශයෙන් මිරිපැන්නේ ධම්මරතන හිමියෝ ද සිලෝ කීපයක් ලියා යැවූහ. වාදය එතෙකින් නැවතිණි.

එහෙත්වාදය අවසන් වී අවුරුදු හැට හතකින් පසු ගරු කටයුතු ජේමිස් ද අල්විස් මන්ත්රී තුමෝ සිදත් සඟරාවට ඉංග්රීටසි විවරණයක් ලියමින් මීරිපැන්නේ හිමියන් ගංගා රෝහණ වර්ණ නාවෙහි සිවු වැනි සිලෝව ගැන කළ විවරණයෙහි දොස් දැක්වූහ.

මේ විවරණය දෙබරයකට ගල් ගැසූ කලක් මෙන් විය. එදා ලක්දිව විසූ සකල කවියෝ ම දෙපිළක් වී වාද ක‍ළෝය. එක් පක්ෂයක් යතලබ මඟරාව මඟින්ද, අනෙක් පක්ෂය ශාස්ත්රා ලංකාර සඟරාව මඟින් ද ලිපි පළකරන්නට වන.

එවකට ලක්දිව උන් කවි‍යෝ දෙපසට බෙදී ස්වකීය නාම යන්ගෙන් හා ව්යා ජ නාමයන්ගෙන් ද කව් ලියමින් විවාදයට සැපත් වූහ. සරදම් යාගය, සව් සත් දම් වාදය ආදී පොත්


					9

ප්ර ස්තාවනාව


රැසක් පළ වූයෙත් මේ වාදය මුල්කොට ගෙනය. උභය පක්ෂූයම ශාස්ත්රී්ය කරුණු ගෙන හැර පාමින් කරන ලද මේ වාදය ද ලක්දිව ඇතිවුණු අනෙක් වාදයන් මෙන් ම එක් පසකටවත් ජය පරාජයක් නොමැතිව නැවතිණි.

ගංගා රෝහණ වර්ණ නාවෙහි දැක්වෙන සිලෝ පෙළකි මේ.[සංස්කරණය]

තෙල් මල් පහන් සුවඳ දුම් සඳුනෙන් පුද න්නෝ අත්දි මුදුන් සවනමා සදහම් අස න්නෝ දත් දම් අරුත් විමසමින් තුටු සිත් වඩ න්නෝ රැස් වී පලින් - පල නිදස් පුර මොක් පත න්නෝ

නන් කම් තැනින් තැන ගොසින් විමසා බල න්නෝ එක් වී පෙළින් - පෙළ සැදී වෙසෙසුන් න න්නෝ නන් වෙස් දරා විරිදු ගී කියමින් නට න්නෝ දැක්මෙන් අනුන් සිත'දරින් බුහුමන් කර න්නෝ

මල් කත් අරන් වහ - වහා සතුටින් දුව න්නෝ පොල් තෙල් පිරූ කළ බඳුන් ගෙන ගොස් තබ න්නෝ දැල් වූ පහන් ඉස තබා නිසලී සිටි න්නෝ මල් පැස් පුරා ගෙන ගොසින් එපවත් කිය න්නෝ

පන්සිල් ගනිව් බණ අසව් අඬගා කිය න්නෝ බත් පැන් බුලත් කව පොවස් කියමින් බෙද න්නෝ අල්වා කතුන් දරුවනුත් බැහැරින් සිටි න්නෝ දුක් වී ඇතැම් ළදරුවන් තැතිවී සොය න්නෝ

දල්වව් පහන් පුදව මල් තෙපලින් බණ න්නෝ සිල්වත් දනන් වෙත ගොසින් සුවදුක් අස න්නෝ වත් කම් මදින් පුද කිරීමට සිත් තැවෙ න්නෝ දන්නා දහම් ගැට අරුත් පවසා අස න්නෝ

ගිව් කන් පලත් බරණ'තින් ගලවා පුද න්නෝ රන් මල් රිදී මල'දරින් ගෙන ගොසින් ඉසි න්නෝ තල්-පොල් පුවක් වලු කපා ගෙන ගොස් බඳි න්නෝ සාදා නොයෙක් ගද පදින් තියු ගී කිය න්නෝ

ගංගා රෝහණ වර්ණ නාවෙහි දොස් දැක්වීමට ඉදිරිපත් වූ මිරිපැන්නේ ධම්ඹරතන හිමියන්ගේ කව් පෙළකි මේ. පිට පට ගසමින් අවිදින් සුරා පාන සලා වට වැද කොට ගන්නක් රා බොමින් මත්ව ඌලා කට කෙළ රැවුලේ හොස්සේ කොණින් වැක්කිරීලා කොට කොට ඇවිදීමෙන් ගෙන් ගෙටත් කෝලහාලා


10 කව් මිණි කො‍ෙඬාලය


ගරු කමක සිතා බී මත්වෙලා රා-අරක්කු නිරිවතිනි කටත් දල්වා වැටීලා නිදද්දී බලු කැල අවුදින් එක් පාදයක් උස් කිරීමෙන් සුලු දිය මුව තුල්හි වත් කෙරෙත් මැය් ඔවුන්ගේ

ඇස ද රතු වෙලායා රෑ දවල් සිත් මූ ළායා කැස-කැස වෙව් ලායා රා බොමින් මත් වෙ ලායා අඹු දරු පවු ලායා කොයි ගියාදැයි බ ලායා ඇවිදිති එක ලායා සිත්හි දුක් පත් වෙ ලායා

නිර ලඹ අහසේ එල්ලෙන්නට වෑයම් කරත් මැය් ඉර සඳ උදුරා ගන්ටත් අහස් හි පනිත් මැය් පොර වැද උනුනුන් හා තන්හි-තන්හී වැටෙත් මැය් ගර ගඳ කුණු රා බී රොස් පරොස් බස් කියත් මැය්

මෙලොව ද මෙලෙසින් නින්දා ම පත් වී බොහෝ සේ පරලොව නරකාදී සිව් අපායේ මහත් වූ දුක සහ පරෙව්නී වේ කියාලා බුදුන්ගේ සැක හැර දහමේ තිබ්බා තමය් ඉන් නිසා දැන්

දුලබ වන මිනිස් අත් බැව් ලබාලා මෙතැන්දී නොලබ තැකි දහම් සිත් යේ අසන්ටත් තිබෙද්දී අව දුක ගෙන දෙන්නා වූ එ පස් පව් කිරීමෙන් දවසැර වසනා බැව් නම් ඉතාමත් නොසෑහෙය්


මිරිපැන්නේ ධම්මරතන හිමියන්ගේ සං‍ක්ෂේප ජීවන චරිතය මෙසේය.[සංස්කරණය]

මිරිපැන්නේ පන්සල අසල ගඟුලේ පිට්ටනිය (වෙද ආරච්චි වත්ත) නම් පෙදෙස මුන්වහන්සේගේ ජාතභූමිය විය. කුමර සිංහ ආරච්චිගේ දොන් පිලිප්පු ද සිල්වා වෙද ආරච්චි රාළහාමි මුන්වහන්සේ ගේ පියාණෝය. මේයත්රීි සට්ටඹිගෙයි කරලිනා උපාසිකා තොමෝ මුන්වහන්සේගේ මෑණියෝ ය.

බාල කාලයෙහි පටන් සුවිනීත ගති පැවතුම් ඇතිව සිටි (ධම්මරතන) ළදරුවාගේ ජන්ම පත්රනය පරීක්ෂා කළ නක්ෂතත්රණ පාඨකයෝ "මේ ළදරුවා කවදා හරි මහ පඬිවරයකු වන්නේය" යි අනාවැකි පළ කළහ. සත් හැවිරිදි වියෙහි පටන්ම මිරිපැන්නේ පන්සලට ගොස් පොත-පත ඉගෙනීමට පටන් ගත් මේ ළදරුවා සමත්කම්


ප්රනස්තාවනාව 11


පාමින් ගුරුන්ගේ සිත් දිනා ගත්තේය. සො‍ළසැවිරිදි වියෙහිදී කුටුකුරුන්දේ ධම්මාරාම තෙරුන් වහන්සේ මේ ළදරුවා ධම්මරතන යන නමින් පැවිදි කළ සේක.

බාලයෙහි පටන් ම එළු. පාලි, සංස්කෘත, ඡන්ද.ස් අලංකාරාදිය හා බුධ ධර්මරය ද දැන සිටි මුන්වහන්සේ ශ්රමමණ භූමියට ඇතුළත් වූ දින ම දහම් දෙසීමෙන් වියත් බැව් පළ කළ සේක.

සොළසැවිරිදි වියෙහි පටන්ම ප්ර‍බන්ධම කරණයෙහි සමර්ථයෙකු වූ මුන්වහන්සේ පස් විසි හැවිරිදි වියට පැමිණෙත්ම අත් පා වෙවුලුම් ගතියක් ඇතිවී ඇස් නොපෙනී ගියේ ය. එහෙයින් එතුමන් කියන කවි - සිලෝ ආදිය ගෝල - බාලයන් විසින් පිටපත් කරණ ලදී. මුන්වහන්සේ ක්රිය: ව: 1851 අප්රිරයෙල් මස 30 වැනි දින දෙව් සබයේ කව් කීමට වඩින තුරුම රස - කව් සිලෝ වලින් ලක් වැසියන් සිතුටු කළ සේක.

මෙතුමන් හා සමකාලිකව වැඩ විසූ සාලි ඇලේ මණිරතන හිමියෝ කව් මුතුහර හා ප්රාාතිභාර්යය ශතකයක් කළහ. දශරථ ජාතකය (රාම ජාතකය) කව් මුතුහරේ කථා ශරීරයයිය. එහි එන කව් පෙ‍ළකි මේ.

"සුවිනිත යස හර දිගඹු'ර ල ම්බා වුවනත සිරිමත් පිරි සිසි බි ම්බා බවවත තෙදගින් රුපු'නෙද ත ම්බා දසරත රජ තිළිතෙන් සුර කු ම්බා

දිගුනෙත පිය තුනු සිරි සරි ම ල්හී උරබිත සරසන සර ගුරු ම ල්හී විසිතන මනු පිළිවෙළ රැ දව ල්හී දසරත රජු එහි වැජඹෙන ක ල්හී

රුවින'ග පත් බිසොවක් රජු වෙ ත්වී ඇය ඔහු සිත් පොබයා එක අ ත්වී විසූ සඳ සිත් ලෙස සිරි සැප ම ත්වී අප මහ සත් එ බිසොව කුස ප ත්වී

දසමස් ඇවෑමෙන් දුකින් නොවැ ක්මී ගහරැස් තුඟු බා බෙජෙන නො ඉ ක්මී දියකුස් සව් සත සිත බිය ඉ ක්මී දිය ඇස් ‍එ ස‍ෙඳහි ඇ කුසින් නි ක්මී


12 කව් මිණි කොඬලය


කඳපා දප හල පබසර රූප ත් සතපා ගුරු හද සහ හැම ලෝස ත් ලපපා කළ සඳු බඳු මුළු ලෝප ත් තනපා කල් ගෙවී අප මහ බෝස ත්

බුදුන් වහන්සේ වරින් - වර පෑ ප්රානතිහාර්යය සම්බන්ධායෙන් බැඳුණු සිලෝ සියයකින් යුත් වූ හෙයින් ප්රා තිහාර්යය ශතක නම් වූ ග්රධන්ථ්යෙහි පෙළකි මෙහි මතු දැක්වෙනුයේ :-

දිගඹර ඇදුරා ගොස් කී එවාසීම සෑසී පුලින කළ ගෙලේ දී වන් එවල් විල් සලිල්හී පවිටු නිවටු තෙක් වූ නන් දිගත් යත් මෙලෙස් පෑ පෙළහැර පැවසුත් වස් සක් යදුත් පා මුදුන් දී

පරවැඩ ඇදුරාණෝ ලෝ සියල් එක් තෙනා ණෝ දියටෙක වියතාණෝ මොක් පුරේ එක් රජා ණෝ බවසිඳු පසුරාණෝ තිත් නළත් මත් ගජා ණෝ සුරනර ඉසුරාණෝ සව් සැපත් කජ රුකා ණෝ

අවිදු සකර පස් ඈ මීන් කිඹුල් ඈ කුලෙන් සත් බව ගොර සයුරේ ලූ හේ විලස් සෙත් තෙරේ හා දෙපසිනි අගපත් වූ පා පෙළින් යුත් මෙ රන් වූ නිමවි මුනි රුවන් නම් සක්මනක් සක්වළෙහි

සුරිඳු සරසු තෙක් කල් වක් නොවත් රූ විලස්වන් රුවිනිදුල එසක්මන් පත් එසක්මන් තිලෝනා ඔසළ ගුණ රුවන් රැස් ගත් සිරී නිදු ගබ්හි එසඳ වැජඹියා ගත් සක් රුවන් මෙන් පසස්තා

පෙළහර පැවසුත් වස් දැන්හි සිත් ලත් සුගත් ඒ අඟ පසඟ තුරෙන් යත් යත් හුතැස් රැස් සිලිල් හා විදු කළඹ සහස්තෙන් සත් විලස්තෙන් ගුවන් වී යුගත නල වෙයින් යුත් නීදු ලෙස් මෙන් දිගත් වී

නළල නෙත හුතැස්නෙන් දෙව් ගඟුල්ලේ වැටීමෙන් පැහැසර ඉසුරා මෙන් අත් නොදිස්නා තැටීමෙන් බමන ඇලි සියෙන් හා රක්දරින් හෙම් කුළක් මෙන් වතති දද ‍සදෙව් ලෝ තෝ හුනැස් යුත් එදම් නා


13 ප්රිස්තාවනාව


තල්ගහගොඩ රතනපාල හිමියෝ අභිනව නාමාවලිය හා විමාන වස්තු ප්රගකරණයේ සිංහල පරිවර්තානය ද කළහ. අභිනව නාමාවලියේ කවකින් එතුමා විසින් ම කර්තෘරවරයා හඳුන්වා දෙන ලද්දේය.

"තින රද තල නිවැසි මුනි සුත යති රත න දැන තතු ලෙස පොරණ කිවි තැණ බසින් ගෙ න වන මිනි පද වියත් බැව් වන ලෙස ඇඳි න ගෙන මෙකි නම් වෙසෙස කෙළෙ ඒ යති විසි න"

රනස්ගල්ලේ හිමියන්ගේ ලෝකෝපකාරය ගීයෙන් බැඳුණු ඔවා රැසකි. එහි එන ගී පෙළකි මේ.

"දෙගුරුන්ටත් වඩා - දරුවන්ටමයි දනෝ සෙනෙහස මෙලොවත් රැක මළත් - සහ මොක් දෙන බැවින් කරව් පින් රන් බ‍ෙඳහි කෙසර - තෙල් අඩු ‍නොවී පවතින මෙන් උතුමන් හද සපිරි - කුළුණු මෙත් අඩු නොවී පවතියි

මේග ගම් පලතුරු - පරහටම වැඩ පමුණුවන මෙන් සුදනන් ලත් ඉසුරු - සව් සතට වැඩ වේය නියතින් දෙගුරුන් විසින් තම - දරුවන්ට දෙන නොමඳ දන නම් වියතුන් සබා මැද - ඉන්ට ඉදිරිව සිල්ප දෙනුමැ යි"

මාතර (හොරණ) තෙරුන් වහන්සේ නමින් පතළව සිටි මහා කවියා අතින් ලියවුණු මුනි ගුණ රත්න මාලය විචිත්රන කාව්ය යෙකි.

යමක බන්ධයනයෙන් අනුන වූ මේ කාව්යසයේ කර්තෘවවරයා එළි වැට රකිමින් ම සිය අදහස් පළ කිරීමෙහි සමත් විය. කව් එකසිය හතරකින් යුත් මේ කවේ අවසන් කවෙන් කතුවරයාගේ නම් ගම් ඈ පළවේ.

"තෙ දියත ඉන්දු අග සිරි පැමිණි දිනක රේ ගුණ මිණි රැන්දු සග මොක් ලබන අනද රේ පැණසර ඇන්දු කිවි මිණි ගැඹර සරබ රේ ගෙන පද රැන්දු මාතර හොරණ සඟයු රේ"

බුද්ධ චරිතය අලලා ලියවුණු මුනි ගුණ රත්න මාලයේ ඇතැම් කව්වල (සමරජීව කවීන්දුයාගේ) වියොවග රත්න මාල්ය්, කව් මිණි කොඬල ආදී කාව්යමයන්හි මෙන් පදාන්තයෙහි යමක බන්ධානය කොට ඇත.


14 කව් මිණි කොඬලය


"සතන නිතෙන ගෙලෙ උර බර සුරා සුරා පොතත සවත සොමි කිවි දින කරා කරා සතත අතත ගජ වත කතඟරා ගුරා රකින මෙ අප මුළු කජ හිම් තිරා තිරා

දිලෙතොත් බරණ සුර සිරි යස සරා සරා නගිතොත් සුසිරි මත් තුරඟුව දරා යුරා වඩිතොත් අමර දිව පුර සිරි නුරා වෙරා කියතොත් මුනිඳු ගුණ මිස අන් කරා කරා

තෙදියත රත්න ලීල ය එ මහතා යුතා නමදිමි රත්න ආලය කරවතා ලතා මුනිගුණ රත්න මාලය එ පුවත කතා ලොවසත රත්න නෑරය අස සිතා ඉතා

සවන යුතා විදු දියතා යුතා වෙතා බරණලතා මිණි දිමුතා ගොතා ලතා තරිඳු වෙතා ගුණ සිරිතා ඉතා හිතා කරන කතා දෙවඟනතා වෙතා යතා

ඉඳු දුනු සේ බැම යුග සේ දිසේ මෙසේ මිණිපෙළ සේ දිසි දෙය සේ රැසේ තොසේ ‍සොමි සඳ සේ කැලඹෙන සේ දෙසේ එසේ දෙවඟන සේ ලද දෙප සේ යසේ ගොසේ

වුවත දිසේ දින පති සේ යසේ රැසේ දල කොඳසේ මුතු දම සේ මෙසේ ලසේ එපුර දිසේ දෙවඟන සේ බසේ රසේ මඳහු ‍රොසේ විදි සැර සේ වැසේ කෙසේ

රිවිබිම්බා ළැමකුම්බා ඇතී නිතී සිසිරම්බා සිසිරම්බා වෙතී ගතී මනරම්බා ගුණරම්බා රුතී සිතී ලඳරම්බා රතකුම්බා රතී පතී

රන් සළු ඇඳ තිගාය සිහි තියාය පුන් කුඹු සිරි ලඟාය පෙල ලඟාය පුන් සඳ ලෙස නගාය දිසි නගාය උන් පුර ලඳ මහාය ඉඳ මඟාය


ප්ර ස්තාවනාව 15


කිරිම ධම්මානන්දත හිමියන්ගේ සිය බස් මල්දම ද මේ වකවානුවට අයත්ය. කව් දෙසිය විසි නවයකින් බැඳුණු මේ කව නානා වෘත්තයන්ගෙන් විචිත්ර ය. සුප්පා දේවියගේ හා සිංහයාගේ පුවත මෙහි කථා ශරීරයයි. සිය බස් මල්දමෙහි දැක්වෙන සිංහයාගේ විලාපයකි ‍මේ.


‍ "එක - දිවි ලෙස විසූ ම බිසෝ සඳා නෙක - සුරතල් බස් දෙන හැම සඳා සක - යුරු මගෙ දරු දෙදෙනා සොඳා කීක - ලෙක ‍දකිනෙමි මම සිතු ලෙදා

අන් - තිරිසන් සත් ලොව නොකළ දේ දැන් - කළ මට ළය දුක් විය ත දේ සුන් - කළ හොත් නියමය මෙම ලෙ දේ ඉන් - කාටත් දුක් පැමිණෙයි ත දේ

අර - නෙහි පවිටෙක් නැත මා තු ලා පෙර - පවකිනි'පිදැ තිරිසන් කු ලා සුර - ඟන වන් බිසොවට ලොබ වෙ ලා ගොර - තර දුක් විය මට දැන් ක ලා

මත් - වුන මම කම් සැපතෙහි අ ටින් කන් - සමගවැ වැසලා සහතු ටින් ලත් - සැප දැන් මතුවි' යෙහෙම පි ටින් අත් - පිට පව පල දුන් සැටි දු ටින්

වෙළ - ඳකු හා යන බිසොවක් දැ කා දුල - රු දැලට අසු වී නොමල කා ඵල - ඳුන් ගෙනවුත් කම් සැප ත කා බල - ගිරි ලෙණ ලාහර දී රැ කා

උන් - සමඟින් කම් සැප විඳිමි නා අන් අප කුල සිදෙනුන් හරිමි නා මන් - කළ එම නො දැනුම් කම් ගැ නා දැන් - මට පැමුණිනි දුක් අපම නා

ඉන් - අප කුල සිදෙනුන් දුටු තැ නේ උන් - වත කෙසෙ බලනෙමි දෙවිය නේ පින් - නැණ මඳ තිරිසන් බව ගැ‍ නේ දැන් - ලියො තිර නැති වග නොදැනු නේ


කව් මිණි කොඬලය 16


පිය - සුත'තඹු පින්වත තැන මෙ දා පිය - යුරු සිඹිනෙමි මම කවර දා ගිය - කල අඹු දරු මා හැර සෙ දා විය - මට මේ දුක් සිහබා ස දා

තුරු - පති සස ලප ලෙස සමගි නේ දරු - දෙදෙනෙකු වනතුරු වසමි නේ දුරු - කර ම වෙතට තුබු තද සෙ නේ කරු - මය මයි මගෙ උන් සැඟවු නේ

සැම - සැප දෙන හිමි හට කරම දා සම - දරු දසයක් ඇතිවත් ව දා කම - නැති හොරා හිමියෙකු දුටු ස දා පෙම - වෙති කත් ඔහුට ම වැඩි ත දා

අප - සිය කුල සිදෙනුන් සිටිය දී කැප - ගෙන බිසවක් සමඟින් යෙ දී අප - කළ නොතරම් කම මොලොව දී සප - ලව අත් පිට දුක් වන ල දී


මාතර පළාතේ රිහිරිගල් දෙවොල වැඩ සිටි තල්අරඹේ ධර්මිස්කන්ධක යතීන්දළයන් විසින් ස්වකීය ශරීර ගත කිසියම් අබාධයක් ගැන සෙත ඉල්වා කඹුරුගමුවේ සිට කතර ගම දිව්යරරාජයා වෙත යවන ලද දිය සැවුල් අස්න මනහර කවකි. එහි දැක්වෙන කව් දෙකකි මේ.


සරා සරා ලෙල දුල දුල තුරා තුරා සරා සරා දල දල මල තුරා තුරා සරා සරා හෙල දල තුල තුරා තුරා සරා සරා පෙල බල පල තුරා තුරා

පිය පිය මුවා වත වත සරඳ ලිය ලිය ලිය ලිය මුවා තැන තැන වසන විය විය විය විය රුවා මන මන නුදුල පිය පිය පිය පිය මුවා වෙන වෙන මිතුර ගිය ගිය

අන්ධපභූත ජාතක කාව්යරය ද මෙතුමන්ගේ ම කෘතියකි. තාල දෙතිසකින් හා කව් එක සිය සූ විස්සකින් යුත් මේ කව සිළුමිණ යන අපර නාමයකින් ද ප්රයසිධය. අන්ධඑභූත ජාතකය මෙහි කථා ශරීරය යි. එහි කර්තෘන නාමය දැක්වෙන කව මෙසේයි.


17



රිහිල් ගල් දෙවොල තල‍රමෙහි විසූ සිතූ සේ සසිරි තල් අරඹේ දම් කඳ බිදන් යති ය සේ සපිරිලොල් පතා මොක් සැපත කව් කළ මෙ සේ නෙසිරි දුල් මෙ කව් සිළුමිණ'ග පලඳිව් තො සේ

මෙහි මතු දැක්වෙනුයේ (සිළුමිණ) අන්ධසභූත ජාතක කාව්ය යෙහි දැක්වෙන කව් දෙකකි.

නැණ මද වන එක බමුණෙකු පොර නා තම ලඳ බස ගෙ'න ඇති තතු නොදැ නා රෙදිබඳ වා ඇස ටොකු ලද කරු නා කරපඳ පවසමි මම හෙළු බසි නා

සිත් යුරා සිය ගත් දරා සඳුනුත් වරා ගඳ සුදඟ රා මත් පුරා මල් දම් සරා මිණිමුතු හරා ගෙල උරස රා තෙත් සැරා විදිමින් පුරා රඟදෙනවරා ලෙස දිවස රා අත් හැරා කවරෙක් නුරා යෙත්දෝ සරා එම නොමව රා

කරතොට ධම්මාරාම නායක ස්ථවිරයන් වහන්සේ විචක්ෂ ණ බුද්ධිමතෙකි, උගතෙකි, උපන් කවියෙකි. එතුමෝ ශ්රීි පාද ස්ථානයෙහි නායක පදවිය ද දරමින් මහනුවර මල්වතු වෙහෙරෙහි වැඩ විසූහ.

කල් යත් යත්, කරතොට හිමියෝ උඩ - පාත දෙරටෙහි ම මහා නායක පදවිය ද තමන් වහන්සේට ම පත් කරන සේක්වයි කියා රාජාධි රාජසිංහ රජතුමා වෙන සනේදේශයක් යැවූහ. මේ ඉල්ලීමෙන් රජ්ජුරුවෝ උදහස් වූහ. නා හිමියන් නගරයෙන් පිටුවහල් කරන ලෙස එතුමෝ නියම කළහ. (සම්භාවනීය පුද්ගලයන් කෙරෙහි රාජ උදහසක් ඇති වුවහොත් නගරයෙන් පිටුවහල් කිරීම එවකට සිංහල රජුන්ගේ සිරිතකි) මහ වැලි ගඟ මහනුවර අවටින් ගලා බසී. ගැටඹේ තොට, කටුගස්තොට ආදී තොට වලින් ගඟ තරණය කොට මහනුවරට පැමිණිය යුතුය. එහෙයින් කරතොට නා හිමියන් ද පිටුවහල් කිරීම් වශයෙන් කටුගස්තොටින් එතර කොට සිර ආරක්ෂාන ඇතිව වාසය කරවීය.

ආරක්ෂාර වරණයෙන් ආවරණයට පැමිණි කරතොට නා හිමියෝ තමන් වහන්සේගේ ශ්රේරෂ්ඨ පාණ්ඩිත්ය ය ප්රනකාශ කොට යැවීම නිදහසට ප්රමධාන කරුණක් ලෙස සලකා කව් තුණකින් කවි



18 කව් මිණි කොඬල


දොළොසක් කියවෙන පරිදි තල්පතක ලියා පිහිටුවන ලද බාරස කාව්ය නම් දුෂ්කර පද්යව ප්රතබන්ධටය රචනා කොට රජ තුමන් වෙත යැවූහ.

මෙම රජතුමා ද සිංහල භාෂාව පිළබඳ මනා දැනීමක් ඇති අසදෘශ ජාතකය කවි කළ කවීන්දසයෙකි. නමුත් මෙම කාව්යඅය තේරුම් ගත නොහැකි වූ රජතුමා ද ශාස්ත්රකඥානය පිළබඳ ව ඉතා දීන භාවයට පත්වී ය. එසේ හෙයින් රජතුමා එවකට මල්වතු විහාරයෙහි වැඩ වසන උගතුන් සහිත රාජ සභාවට මෙම ප්රෘබන්ධසය කියවා පැහැදිලි කරන ලෙස භාර කෙළේ ය. මෙම සභාවෙහි සිටි ප්ර‍සීධ උගත්තු කාව්යා ගර්භදයෙහි කවි දොළොස වෙන වෙන ම කීමට හෝ අදහස් පැහැදිලි කිරීමට අසමත් වූහ. අහෝ ප්රොඥා මහිමියක බලය කෙතරම් ද? එලෙසිනුදු පිහිටක් නොලත් හෙයින් තවත් දීන භාවයට පත් රජතුමා අන්තරගම රාජගුරු බණ්ඩාර පඬිතුමාගේ මෙහෙයීමෙන් කරතොට නා හිමියන්ගේ ම පිහිට සෙවී ය. වහා කරතොට ස්වාමීන්ර් ක යන් සිර භාරයෙන් නිදහස් කොට මෙම සභාවට වැඩමවා ගෙණ එන ලෙස නියම කළේ ය. ඉක්බිති රාජ නියෝගය ලෙස රාජ සභාවට පැමිණි කරතොට ස්වාමීන්ර්ළේ යන්ට ප්රාබන්ධසය කියවා අදහස පැහැදිලි කරණ ලෙස රජතුමා නියම කළේ ය. නා හිමියෝ තම මධුර ස්වරය විහිදුවමින් කාව්ය රසාස්වාදන නැමැති සහස්රජ රශ්මීන් රාජ සභා නැමැති පියුම් වනය පුබුදුවමින් යථොක්ත පද්යයය කව් දොළොසකට වෙන් කර එහි අර්ථය ද වෙන් වෙන් ව කිසිත් ප්ර්ස්ඛලනයක් නොමැති ව පැහැදිලි කළහ.

මහා ප්රා ඥයන්ට විෂය වූ ගම්භීර වූ දුෂ්කර කාව්යද ප්ර බන්ධටය ඇසීමෙන් උගතුන් සහිත රාජ සභා තොමෝ ප්ර්මුදීත වූවාය. කව් සිළුමිණ ආදී කිසිත් කාව්ය‍ ප්ර්බන්ධයයක නොමැති නා හිමියන්ගේ ස්ව බුද්ධියෙන් නිපදවන ලද මෙම දුෂ්කර ප්රුබන්ධ්ය ඇසීමෙන් සාතිශය ප්රී තියට පත් ශ්රීව රාජාධි රාජසිංහ මහරජ තුමා පණ්ඩිත ශිරොමර්ණෙ භූත නා හිමිතුමන් කෙරේ අතිශයින් ප්ර සන්න විය.

රජ තුමාණෝ අගනා පිළී කට්ටුවක් පුදා අනතුරුව සපරගමු දිසාවේ අටකලන් කෝරාළයේ පිහිටි සංඛපාල විහාරය ඇතුළු පල්ලේබැද්ද නම් නින්දගම මෙම කාව්යර කර්තෘංන් වහන්සේට සිවු පසය වෙනුවෙන් ප්රමයෝජන ගැණීමට අග්ර හාර (පමුණුගම්) වශයෙන් තඹ සන්තසකින් ප්රුදානය කොට මුළු පාතරට නායක පදවිය ද පත් කළෝ ය.


19


අනතුරුව රජතුමා මා විසින් පල්ලේබැද්ද ඔබ වහන්සේට නින්ද ගම් කොට පූජා කළ බව කවියෙන් දැන් ප්ර්කාශ කළ මැනවයි දැන්වූයේ ය. එ කෙණෙහි නා හිමිතුමා කවි දෙකක් පුස්කොලයක ලියා ගැයීය. මිට ද ප්ර සන්න වූ රජතුමා නැවත ද රන් පන්හිඳක් සහ රන් තිය ‍පොතක් ද පිදීය. පසුව මිහිපල්තුමා නා හිමියන් බැවසූ කවි දෙක යොදා ශ්රීහතාම්බු සන් හස් පත්රියක් ලියවා රාජ මුද්රාුව පිහිටුවා කාව්යද කර්තෘෙන් වහන්සේට පිදූහ. දිගින් රියනක් පමණ වූ මෙම සන්නසෙහි එක් පැත්තක වෙන් වෙන්ව දිග අතට කවි දෙක ද අතින් පැත්තේ සතර මායිම් ද ලියා තිබේ. හේ මෙසේය:-

ශ්රී පල්ලේ බැද්ද යන ගමේ තඹ සන්සනයි.[සංස්කරණය]

සක වසිනෙක් දහස් සත්සිය දෙසිව් වන ලක සිරි රජදී රජසිහ නිරිඳුට ස වන නික රජ ගුරු ගෝල දම්රම් යති රු වන සක කෙළෙ මෙබර කව් ගැබ් නම් අමුතු වන

මෙනිරිඳු මෙසක තරඹා සිය සකිනිඳු රා තෙවිරිඳු කිවිඳු කැල ගෙලවන් පා සයු රා පරිසිදු මෙනෙන් පල්ලේ බැද්ද ගම් ව රා මෙයතිඳු හට පිදී මිහි පවතිනා තු රා

සෙසු ලැබුම් සේ නොව මෙම පල්ලේ බැද්ද යන ගමට නියම කළ මායිම් ලකුණු නම් නැගෙන ඉරට පරඬවල් පෝටාව බැලවානේ ගල සහ දෙබෑ පලුගහ ද බස්නා ඉරට ගල් ලිඳ සහ වැටිලි ආර ද දකුණු දිගට තඹ ගමු ගහ ද


තුඩපත පල්ලේබැද්ද යන ගමේ තුඩපත යි.[සංස්කරණය]

"පාතරට තනතුරට පත් කරතොට ධර්මා.රාමනායක උන්නාන්සේ විසින් බාරස කාව්යත ගර්භ නාම වක්රා නම් වූ අති දුෂ්කර ප්රිබන්ධ ය කොට - ශ්රී් ලංකේශ්වර වූ - උතුම් - ශ්රී. රාජාධි රාජසිංහ මහ වාසලට දක්වාපු දවස ශ්‍රී නෙත්ර-යෙන් බලා වදාරා කාව්යක ශාස්ත්රභඥ බැවින් කවි තුනකින් දොළොසක් ද අචිරුඬව තිබෙඬ කිරීම


20 කව් මිණි කොඬලය


ඉතා දුෂ්කර ය. ආශ්චර්යය අද්භූතයයි විශෙෂයෙන් පැහද වදාර මින් ස්තුති ප්ර ශංසා සමග අනර්ඝච පිළි කට්ටුවක් ලැබී අනතුරුව සපරගමු දිශාවෙන් අටකලන් කෝරාළය බද තඹගමු පත්තුවෙන් සංඛපාල විහාරය පිහිටි පල්ලේබැද්ද යන ගම ලැබෙඬ කරුණා වට එත්තු වී සෙසු ලැබුම් සේ නො ව මෙම ගම සතර මායිමට ඇතුළත් වූ උඩ වැල්ලාවේ අස්වැද්දුම පටන් ගොඩ මඩ සියලු ම බිම සහ එහි මිනිසුන් හරකුන් ආදී සියලුම සජීව අජීව වස්තූන්ට ද දිශාපති දිසාවැසි කොයි තරම් කෙනෙක් විසින් වත් කිසිම අරෝවක් තහනමක් බලයක් පුළුවන් කමක් කරඬ කරවඬ බැරි ලෙසට ද මෙම නායක උන්නාන්සේගේ ම මනාප අභිප්රුයක් කිරීමට පුළුවන් ලෙසට ද බලෙත් සමග සියළුම ගම නිරවුල් කොට කැප සරුප් වශයෙන් සිවුපස පිණීස නින්දබත් ගම් කොට පූජා කර වදාළ බවට සකවර්ෂක එක්වා දහස් සත්සිය අටට පැමිණි මේ වර්ෂ යෙහි දුරුතු පුර දසවක් ලත් ගුරුදින මේ තුඩපත ලියවා තුන්යේදීත් -

ඒ වගත් මෙසේම - යටිනුවරට අතපත්තු වූ ද මහ අර මුදලේ මන්ත්රීල නිලේ ද සළුවඩන නිලේ ද ගිලීමලේ බඹර බටුව සපරගමු දිශාව ඇතුළුව මහනුවර උඩගම් පහේ මහ අදිකාරම් නිලමේ කරවන දොඩම්වෙල වික්රතමසිංහ චන්ර්මන්සේකර කරුණා තිලක සෙනෙවිරත්න පණ්ඩිත මුදියන්සේ රාළහාමි වම්හ"

මෙම සංඛපාල විහාරය දුටුගැමුණු මහ රජතුමාගේ දසමහා යොධයන් අතුරෙන් ඵුස්සදෙව නම් යොධයා විසින් කරවන ලද්දකි. ඒ බැව් එම විහාරය පිළිබඳ ඉතිහාසයෙන් පෙනේ මෙය ගල් විහාරයකි. බුධ ප්රැතිමාව ද බිත්ති ද ගලින් නෙලන ලද්දෝය. විහාරය තුළ සෙල් ලකුණු දෙකක් පිහිටුවා තිබේ. එකක් සක් ලකුණකි. අනික පහන් කණුවක ලකුණකි. මේ යොධයා සක් පිඹීමෙහි දක්ෂයෙකි. මේ ඵුස්සදෙව යොධයා විසින් කරවූ විහාරය සංඛපාල විහාරයයි සලකනු ලැබේ. ඵුස්සදෙව සක් පිඹීමෙහි දක්ෂයෙකු බැවින් තමන් හැඳින්වීම පිණිස සක් ලකුණ පිහිටු වූයේ යයි හැ‍ෙඟ්. තවද අශොකාක්ෂ ර වැනි අකුරු කීපයකින් යුත් සෙල් ලිපියක් ද මෙම සක් ලකුණට උඩින් පිහිටුවා තිබේ. සංඛපාල විහාරයෙහි බාරස කාව්යකය ද ඇඳ තිබේ. මෙම ගම අම්බලන්තොට සිට රත්නපුරයට යන බස් පාර සමීපයෙහි රත්නපුර දිස්ත්රිඩක්කයට සමීපයෙහි පිහිටා තිබේ.


21



මෙසේ තමන්වහන්සේගේ පණ්ඩිත චක්ර වර්තිභාවය නිසා ම රාජපූජිත කරතොට නාහිමියෝ උඩරට වාසය අතහැර බු: ව: 2329 දී මාතර පුරයට සම්ප්රපප්ත වූ සේක. නාහිමියන් උඩරටින් පිටත් ව එද්දී රජතුමන්වෙත ඔප්පු කරණ ලදැයි ප්රසසිද්ධ ප්රහබන්ධටයක් මේසේ ය.

අස පිස රසි ජාසි ස්වප්රිියා වාස වෘක්ෂක වමහිසු රිපු කෙතු ස්වප්රි‍යා වාස වෘක්ෂේ සගටන භ්රිද භුමිඥානමෛත්රායාංගනායඃ රමදට ද මහා ශ්රීු දේහි මේ පාර්ථිවෙන්ර්ං

මෙය ගැඹුරු අර්ථයක් පැවැසෙන පද්යංයෙකි. මෙහි මුල සිට පාතට අකුරු සතරක් බැගින් පිළිවෙළින් කියවූ කල, අවසර, සමගම, පිහිටද, සසුනට යන සිංහල වචන සතරක් ප්රපකාශ වෙති. තවද මෙහි ලා සැලකිය යුත්තක් නම්, කරතොට නාහිමියන් සපරගමු දිශාවේ වාසයට නො පැමිණි හෙයින්දෝ මෙතුමන් වහන්සේට පත්ව තිබුණු ශ්රීවපාදස්ථානයේ නායක පදවිය මොරතොට ධම්මක්ඛන්ධත නාහිමියන්ට පත් වූ බව සැලකිය යුතුය.

බාරස කාව්ය ගර්භ වක්රාය.


23

බාරස කාව්ය ය.[සංස්කරණය]

1. සිසි සිසි දයල නිති නිති නිරජ ලල ල ල සිරි වල දියන වසවමු සිනද කුස ක ල සඳි බව ගිමණ රඟ'නගමිණ පළුන ස ල සිරි ගත නිරත නමදිම් නවන නුව ත ල

සිසි, වින්ර්ද යාට බඳු වූ, සිසි, සිතල වූ; දයළ, කරුණා සිත් ඇති; අත ඉති; සත්ව යන් (භව බන්ධ නයෙන් මුදන්නාවූ; නි. පඥා නමැති; නී, ගංගාවන්ට; නිරජ, සමුද්රතය වැනි වූ; ළ (සව) චිත්තසන්තාන යෙහි වූ, ල, ලාමකත්වදය, ළ, චිත්තයෙන්; අළ, දුරකළා වූ; හෙවත් සකලකෙලශයන් නැසුවා වූ; සිරි, අනුපම බුධ ශ්රීළන්; අවල, ගැවසී ගත්තා වූ; දියත, ලොකනායක වූ; වස, කාම වශගත්වය; වමු උද් ගිරණය කලා වූ; සිතද. ගෙහසිත සෙනහය ද; කුසකළ, ඡෙදනය කළා වූ; තොහොත් කුසකල කුසරජ කාලයෙහි; සිතද, සිංහ සමාන ස්වර ඇත්තා වූ; සිඳි, වියලනලද හෙවත් පහකරණලද; බව ගිමණ සංසාර නමැති ග්රි ෂ්ම ඇති: රඟ අනගමිණ, අභිප්රාහයාර්ථ දායක අනර්ඝණ මාණික්ය් රත්නයක් බඳු වූ; පළු, නිපුණ වූ; නොහොත් පථ, ප්ර කාශිත වූ; නසල, අකම්ප්ය මාන වූ; නවණනු, නගරවර්ණණනා ස්ත්රීර වර්ණ්නාදිය, නොකරන්නා වූ; වතළ, විස්තෘත වූ; හෙවත් ලොක ප්රඟසිද්ධ වූ; සිරිගණ, සර්වනඥරාජොත්තමයානන්වහන්සේට; නිරත, අතවරතයෙන්; නමදිමි, (භක්ති ප්රෙනමාති භාරාවනතොත්තමාංගය කරණකොට ගෙණ සාදරයෙන් නමස්කාර කෙරෙම්.

2. නව රද නවස සිරි පතළ මර්ණා මන ර ක නර මණ නතත වසුලව තමසු පස ස ක තත සඳ දමන තල'සති රුසිරු නද පි ක තව නු සතද පුරණ රසු නමුදු විනය ක

2. නව රද, නිරවද්යි වූ; සිරි (සකල රාජ්යම) සම්පත්තියෙහි; නවස, වසග නොවූ නොහොත්; වරදන, (සතර මහා නිධානගත මුක්තාමාර්ණ ක්යාිදී) උතුම් ධනයෙහි; වසන වසඟ නු වු; මණ, සිතු මිණි රුවණක් මෙන්; පතළ, ප්රිසිද්ධ වූ මනරක, මනො සංරක්ෂඟණය කරන්නා වූ; නරමණ, කිසිවෙක්හි නො ඇලෙන්නා වූ; නතණ, තෘෂ්ණා රහිත වූ; අව, සතර අපාය; සුලව, මනාකොට සිඳුනා වූ; නමසු, මාත්සයර රහිත වූ; පසසක, (දිව්ය චක්ෂුාරාදී) පඤච වක්ෂුටස් ඇත්තාවූ නනසඳ, චන්ර්යර යාට බඳු වූ මුඛශ්රීව ඇති; දමන (පුරුෂ) දම්යු වූ; තලඅසති, නාගෙන්ර්ර්ණයන්ට හෙවත් තත්පයාර්යෙන් සියලු සත්වයන්ට; රුසිර, සනෙතාෂාවහ වූ රූපශ්රී( ඇති; නද පික,


24 කව් මිණි කොඬල

කුරවීක නාදප්රිතිභාග මධුර ස්වර ඇති; නව අනුස ක්ලේශානුසය රහිත වූ; නදපු, දපී රහිත වූ, හෙවත් ශාන්ත වූ; රණරසු, (ශ්රී; ශරීරයෙන් නගිත) ස්වර්ණා රශ්මි කදම්බයක් ඇති, විතයක, විනයක වූ සර්වෙඥරාජොත්තමයානන් වහන්සේට; නමුදු; (සාදරයෙන්) තමස්කාර කරව.

3. ගත යදි සතොස දඟනුන දවනි දමන ද ගරු පිසු වඳු වනර සත තව ගතත'ම ද ගණ නද නකළණ පියසි හරන නප'ප ද ගග ගග නරති සස සස නජර දද ද ද

ගත යදි සතොස ගන්නාලද යාචක සන්තුෂ්ටිතා ඇති; නොහොත්, ගත් අයදි, ප්රයතිග්රදහණය කරණ ලද (බ්රාහ්මාදීන්ගේ) ආරාධනා ඇති; සතොස, (චතුර්විධ සනෙතාෂයෙන්) සන්තුෂ්ට වූ; දගනුත, ජගත් ප්ර)සිඬ වූ; නොහොත් සංස්තුත වූ; දවනි, ජවන ප්රකඥා ඇති; දමනඅද, (ක්ලෙශාපගමයෙන්) දමිත වූ විත්ත සන්තාන ඇති, නොහොත්; දම්අනද, සඬර්මාතඥදායක වූ; ගරුපිසුළ, ගර්වං පුඤ්ජනය කළා වූ; නොහොත් ගරුපිසූ මාතාපිතෘ ගුරුවරාදීන් පුදන සුලුවූ; නර, මනුෂ්ය යන්ට; සත, සෙනහ ඇත්තා වූ නොහොත් නරසන, සත්වලයන් නිවන් සැපතින් සනහන්නා වූ; නොහොත් නරසන අරස්සවරූප නොවන්නාවු නවග, වර්ගව නොවන්නාවූ; හෙවත් සාමග්රින භාවය කැමැති වන්නා වූ; නොහොත්, න අවග, අපායගත නොවන්නා වූ; අමද, නිර්වැණාමෘතදායී වූ; ගණ නදන කළ, ගණයා සනෙතාෂ කළා වූ; නපියසි, ග්රා්මයන් හෙවත් වතු නැත්තා වූ, නොහොත් ගණ නදන, ආර්යයගණ සංඝයා ම පුත්රර කොට ඇති; කළණ, කල්යාොණ ධර්ම,යෙහි; පිය ඉසි, ප්රිරයෙව්ජා ඇති; අනපඅපද, අතල්ප වූ විපත්තීන්; හරණ, දුරුකරන්නා වූ; අගිඅග (සකල) සත්වායන්ට අග්රය වූ; අග'ග, සංසාර කොටිප්රාගප්ත වූ හෙවත් නිර්වා ණ පුරයට පැමිණියා වූ; නරති, ආලය රහිත වූ, සස සස, ප්රනශස්තයන් විසින් ප්රවශස්ත වූ; තජර, ජරා රහිත වූ, දද දද; දායකාතිදායක වූ; නත, සර්වරඥයන් වහන්සේට, වඳුව, නමස්කාර කරව.

4. ලල'ලල විදසි කක ක කන ගන ද දද ද ලක සත දුරම රස පිය බිදම'නම ප ද ලස නව ස‍ෙඳස නසදන සවන, මත ප ද ලකුළුණු නිදිසමපත විසිකරණ දන ත ද

ලල, (තමන්වහන්සේගේ) විත්තයෙන් අන්ය යන්ගේ චිත්තය; අලල ආලොලනනය කරමින්; විදිසී, විශෙෂයෙන් දක්නා වූ; දද

25 ප්රලස්තාවනාව

ධජකොට ඇති; කක, කුත්සීත වූ මේ ශරීරය; අකක, අකක් කොට ද; හෙවත් මදට දෙකහමාරක් කොට ද; තඅගන, අගය නොකරන්නා වූ; හෙවත් කදලිස්කකනෝධාපමාදීන් නිස්සර කොට දක්වන්නා වූ; ලකසත, ලක්‍ෂණ ශාස්ත්රකයෙහි දොහෝ නොහොත්; ලකසත, පාප විභ්නිත සත්ව්යන් කෙරෙහි;දු රම, ඇලුම් නැත්තා වූ; අබිදම, අභිධමර්ය, සම්බන්ධිත වූ; රස, අර්ථරසය දොහෝ නොහොත් ධර්ම් රසය; පිය, ප්රිමය කළා වූ, දොහෝ නොහොත් පානයකරන්නා වූ; තව සදෙස, අභිනව පූර්ණාචන්ර් න යා මෙන්, ලස, බබලන්නා වූ; නසදන, අනගාර්ය වූ; නොහොත්, තදසන, පාප ප්ර්තිවඡාදක නො වූ; නොහොත් නසතදන, (ලොකයෙහි) පහ වූ දනයන් ඇති; අමත පද නිර්මරණාමෘත ප්රනදානය කරන්නා වූ; කුළුණු තිදි, කරුණාවට නිධාන වූ, ල, සිත් ඇති; සමහා, මනාවූ අර්ප ණ සමාධියෙහි; විස කණ, විචක්ෂයණවූ; දතනද, සත්වල සනෙතාෂකර වූ; සවන, වර්වූඥයන් වහන්සේගේ; පද, ශ්රිව චරණ යුග්මය; නම, (සාදරයෙන්) නමස්කාර කරව.

5. නිමුගමි දමන තව'නිසුදරිසි තණ සි ස නිවන දිය දද පලසර දන තිනු සය ස නිසගම 'රහසිරි' සුල නවඳු වගර'පි ස තිවරණ නිමද සිවනරනව සඳ න ත ස

නිමුගම්, නිමාකරණ ලද සංසාර ගමන් ඇති; දමන, දැමිය යුත්තන් දමනය කරන්නාවු, නවනඉසු, කෙලශතාපතෙවජාව ඇති; නොහොත්, ඉසු; ඊර්ෂ්යාුචිත්තයන්; තවන, තාපනය කරන් නාවූ; දරිසි, (සියල්ල) දක්නාවූ; තණ සිස, තෘෂ්ණාව සිස්කළාවූ; නිවන, කෙලශපරිතාප නිවන්නාවූ; දියදද, අම්බුධරොපමමූ; නොහොත්, දියදද, තුන් ලොවට නැගූ ධජයක් හා සමාන වූ; පලසර, කර්මතඵලානුස්මරණය කරන්නාවූ; නොහොත්, පලසර (මාර්ගලඵල සංක්යා්ත,) සාරඵල ඇති; දනතිනු, (සමස්ත) ජනයන් විසින් සංසතුතවූ; සයස, ස්වකීයවූ යසස් ඇති; නිසගම, කෙලශ සංගම විරහිතවූ; අරහ සිරි, පූජාර්හරවූ ශ්රි‍ය; උසුලන, උද්වහනය කරන්නාවූ; ගරු, ගෞරවස්ථානීයවූ; නොහොත්; ගරු සියලුලොවට ගුරුවූ; අපිස, අලෙපච්ඡවූ; තිවරණ, පහවූ ආවරණයන් ඇත්තාවූ; හෙවත්, නිරාවරණය වූ, නිමද’ මදරහිතවූ; සිවන, නිර්වාවණයට නායකවූ; අරණවස, අරණ්යවවාස ඇති; දතන ධ්යාිනාන්තය; හෙවත් ධ්යාවන නමැති ආහාරය; අසා, අනුභව කරන්නාවූ; නොහොත්, දතන, ජයග්රාහණය කරණලද; අසා ආශා සංඛ්යාරත තෘෂ්ණා ඇති; (සර්ව‍ඥයන් වහන්සේට,) වඳුව, (භක්ත්යාතදරයෙන්) නමස්කාර කරව.


31141

26 කව් මිණි කොඬල

6. සිලවන ගණ නඳන දසතප නිදි සුද සිවබග නපුන රමසනු වඳුව ය' පිණ සිරි දිරි සරස වරන'වනද වතරුණ සිසි සිසි නදන තන' තන දුමිඳ ගග ග

සිල්අවන, සිලපාතය කරන්නාවූ; ගණනදන, සර්ව්ගණයා සන්තුෂ්ට කිරීමෙහි, අදහස, අභ්යාිසය ඇති; නපනිදි, තපො නිධානවූ; සුදග, (නිර්දෝෂවූ) ශ්රීව ශරීර අවයවය දොහෝ නොහොත්; විශුඬ බොඬ්යරඬග ඇති; සිවබහ, නිර්මාදණ භාගීවූ ; රමසනු, ස්ත්රීලන් කෙරෙහි සෙනහයක් නැති; නපුන, නැවත නොම ඇත්තාවූ; අය, සැපතින් හා; පිණ, පුණ්යෙයෙන්; අග, අග්ර වූ; සිරි, බුධ රාජ්යඥශ්රිීය; දිරි, දරන්නාවූ; සරස, රූපරස; ධර්මෙ රස සහිතවූ වරණ, වළකනලද; වනදව, තෘෂ්ණා ධාවනය ඇති තරුණග, (මෘදු තරුණවු ශ්රිෙ) ශරීරාවයව ඇති; සිස් ඉස්, ක්ෂීයවනලද (පාප) ඉච්ඡාවන් ඇති; සිනද අභිරු සිංහනාදී වූ; තත් අතන, නොයොක් ප්රා්ණීන්; අත, නිර්වවණ ප්රපවෙශ කරන්නාවූ; දුමිඳු, බොධිද්රැ;ම මුල යෙහි වජ්රාණසනාරූඪ ව වැඩහිඳ; අග්ග, පාපප්රදහාණය කොට; හෙවත්, සම්යබක් සම්බුද්ධත්ව යට පැමිණියා වූ ඒ බුදුරජානන් වහන්සේට; වඳුව, (ආයුර්වණණාදී චතුර්විධ ආනිශංස ප්ර්ති ලාභය පිණිස සාදරයෙන්) ප්රුණාමය කරව.

7. දද'දද රජන සස සස කිරන ගග'ග ග දප’පන තරහ සියපිණ ලකණද ත ග දමතන ගවන නසරණ වඳුව සුපිරු ග දනමද නිවද තනුගද සතොස දිය ත ග

දද, විඤඤුබ්රණහ්මණයන්ගේ; අද, චිත්තයෙහි; අද, රජන, ලක්ෂඅණප්රීකාශ ප්රදශ්නව්යා කරණාදී කාරණයෙන් ආදර නිපද වන්නාවූ; සස, ප්ර ශස්ත වූ; සස, චතුරාර්යය සත්ය් ධර්මලයන් ඇති; තගග, සුනෙරු පර්ව්තය මෙන්; තිර, ස්ථිරවූ; අගග,

නිෂ්පාපීවූ; හෙවත් පව් නැසුවාවූ දප්අපන, කෙලශාදී දර්පත දුරු කළාවූ; නරහ නිරහසවූ හෙවත් රහසිනි දු පව් නො කරන්නාවූ, සිය පණ ලකණ, ශතපුණ්යප ලක්ෂසණධර වූ; දනනග, සමස්ත ජනයාට අග්රදවූ; නොහොත්, දනනග, අනංගයා ජයගන්නාවූ; දමත්, ධර්මයයත්; දන, සත්ව‍යන්ට; අඟවන, අවබොධ කරවන්නාවූ; නසරණ, ප්රා;ණවධ නො කරන්නාවූ නොහොත් අණ සරණ, සත්වරයන්ට පිහිටවූ; සුපිරු, ලක්ෂ‍ණව්යාරඤජයෙන් සම්පූර්ණණවූ; අඟ, දෙහශ්රීණ

27 ප්රිස්තාවනාව

ඇති; නොයෙක් සුපිරු, මනාකොට පුරණලද; අඟ (සොසාතිකංගාදී) ධුතාංඝ ඇති; දන, (කෘතාධිකාර) ජනයන්ට; අමද, නිර්මාණාමෘත දායකවූ; නිවද, නිර්වගවන ඇති; නොහොත්, දන අමද, බොහෝ වූ ජනයාගේ; නිව් අද, නිවන ලද චිත්තසන්තාන ඇති; තනුගද, පතළාවූ ව්යනක්ත වචන ඇති; නොහොත්, අතනු අගද (ශීතොෂ්ණාදී) ශරීරාබාධයක් නැත්තාවූ; දියතග, ජග දින්ර්ක්තයාහට හෙවත් බුදුරජානන්වහන්සේට; සතොස, විත්ත ‍සනෙතාෂයෙන් යුක්තව, වඳුව, නමස්කාර කරව.

8. කයන විදුමන සුරනර පුදන තනුව න කපිදන රුසිරි නිසලන නමද දසත න කස'සපසුමන වලසුවනතනව ත මර න කරනම නිමල තපරිසි සවන දරව න

කයන, ක්ෂනය නොවන්නාවූ; විදුමන, පණ්ඩිත මන් ඇති, හෙවත් අක්ෂනය ප්රමතිහාන ප්රරඥා ඇති; නොහොත්, කයන, අහසින් යන්නාවූ; විඳුමන, (සෘඬිවිධාදී) විද්යාිවන් දන්නාවූ; සුරනර පුදන, දිව්ය මනුෂ්යනයන් විසින් පුදන ලද්දාවූ; සනුවණ, ෂට් අසාධාරණ ඥාන ඇති; කපිදන, කාය පිධානය කරන්නාවූ, හෙවත් ත්රිනමණ්ඩල ප්ර තිච්ඡාදනය කොට, සිවුරු වළඳනාවූ; රුසිරු; (වාත්රිංණශත්වර මහා පුරුෂ ලක්ෂඅණයෙන් හෙබියාවූ) රූපශ්රීව ඇති; නිසලන, (ලාභාලාභදීවූ ලොක ධර්ම යෙහි) නිශ්චල වූ, නමද, පුරුෂ මදාදී තදුපවාරවූ ‍ගොරක්ෂාල වර්ණ්ක් කර්මාොදිය; අසප, අසත්ප්රාූයකොට (වාසය) සැපය කොට ඇති; තනණ, තෘෂ්ණා රහිත වූ; නමරණ, (පුනර්භව විරහිත බැවින්) මරණ නැත්තාවූ; නිමල කෙලශමල විරහිත බැවින්) නිර්මුලවූ; තපසිරි, කෙලෙසුන් තවනු කැමති; දර නමකර, (භක්ත්යාමදරයෙන්) නමස්කාර කරව.

9. ලතවනු නවන මිදිමන තරණි න'ගරි සි ලසනලු පණමි ගණ ගරණස මගිව බඳි සි ලකසකු දන සිමුව සවන යදි ලව රි සි ලල ලල ජරණි නිති නිති ලයද සිසිසි සි

9. ලතවනු නවන, චිත්තසන්තාප නොවන්නාවූ; මිදිමන, (කෙලෙසුන් කෙරෙන්) මුක්ත වූ සිත් ඇති, නො‍හොත්, මිදිමත, (සත්වෙයන් සංසාරයෙන්) මුක්ත කිරීමෙහි පැවති විත්ත ප්රතවෘත්ති

28 කව් මිණි කොඬල

ඇති; තරණි, (සංසාර ප්රොතරණයට) නෞකාවක් වැනිවූ: නඅගරිසි, පාපයට නො රිසිවූ; නොහොත්, අනගර ඉසි, අතගායර්යභාවය ඊප්සිතවූ; ලසනඅල, බබලන්නාවූ; ශ්රීත ශරීරාලොක ඇති; ගණග, ගණප්රිධානවූ; අරණ, (කෙලශ) යුධ රහිතවූ; මගි, චතුරාර්ය මාර්ග‍යන් ඇත්තාවූ; නොහොත්, රණ (කුක්කුට වට්ටකාදී) යුධයන්; අමගී නොබලන්නාවූ; නොහොත් අමගී සධර්මාවමෘත ගායනා ඇති; අව අබද ඉසී; සතර අපායෙහි ‍නො බැඳීම කැමති වන්නාවූ; ලක සකුදන, අලංකාර සංසකෘතාහ්යාඬස ඇති ජනයන්ට; සී, සිංහවූ හෙවත් උත්තමවූ; මුවසවන, මොහ වසඟවන්නාවූ, යදි යාඥාවෙහි, ලවරිසි ස්වල්ප වූ ඉවඡා ඇති; හෙවත් අකැප ආරාධනා පිළි නො ගන්නාවූ; නොහොත් ලකසතු, ලක්ෂ සංඛ්යායතවූ, දන, ජනයාට; සිමුව, සිංහ මෘගසමානවූ; යදි, යාචකයන්ගේ; රිසි, ධනෙව්දාව, ලව, ඡෙදනය කළාවු; ළ, චිත්තයෙන්, ලෝ ලෝකය, අලල, අලලා, බලන්නාවු ; අජර, තුන්ලොවට ගුරුවූ; අණ්නියෙන , ප්රතඥප්ති ආඥාව කරණකොට ගෙණ; නී, සත්වතයන් මොක්ෂොයට පමුණුවන්නාවූ; නී ප්රිඥාවට; නිලය, වාසභවනයක් වැනිවූ, අද සිත් ඇති; සිසි, සිහිඇත්තවුන්ට උතුම්වූ; ඉසි, ඉසි, ඍෂින්ට ඍෂිවූ; සවන සර්වෂඥයන්වහන්සේට, පණමි, (භක්ත්යාකදරයෙන්) ප්රූණාමය කෙරෙමි.


10. ගග ගග දමිඳු තන තන නදන සිසිසි සි ගන රුතවදන වනරම සර සරිදි රි සි ගණපිය වඳුව නුසමර නපුන ගබ ව සි ගද සුදිනිපන සදනදන නගනවල සි

අගග, දුක් නසන්නාවූ; අගග, අග්රායති අග්‍රවූ; දමිඳු, ධර්‍ාඥයධි පතිවූ; නෙ අණන, නොයෙක් සත්ව යන්ගේ, තන, වක්ත්රායන් හෙවත් මුහුණු; අදන, (තමන්වහන්සේගේ දිශාවට) ආකර්ෂනණය කරන්නාවූ; සී (ධවල දශත රශ්මි කදම්බ පරිවෘත්ත ශොභන) සිනා ඇති; නොහොත්, තන නා නා විධවූ; අණත, සත්ව(යන් විසින්, නදනසි, කරණලද සනෙතාෂ සෙවන ඇති; සඉසිසි, ෂට් විධවූ ඍෂින්ට ඍෂිවූ; හෙවත් උතුම්වූ; ගණරුතවදන, මෙඝ ධ්වනි සමාන බස් ඇති; නොහොත්, ගණරුතවදන, අර්ත්වියෙන් අවිරල වූ වචන ඇති; සරසවන, රසස්හිත වන්නාවූ; රව, ශබ්ද ඇති; හෙවත් මධුරොදාර නාද ඇති; රිදිරිසි, මනොඥවූ ඍඬි ඇති, නපුනගවසි, නැවත ගර්භාවවාසයක් නැත්තාවූ; හෙවත් පුනර්භුව රහිතවූ; ගද, (තමන් වහන්සේගේ මූල භාෂානුගත ශුධ මාග්ධික) වචනයන්; සුදි, පණ්ඩිත ජනයන්ගේ; නිපත, ශබ්ද නිෂ්පත්තියට;

29 ප්රතස්තාවනාව

සදන, සාධනවූ; හෙවත් කාරකවූ; දනනග, ජනාග්ර්වූ, නොහොත්, දන අනග, මකරධ්වාජයා ජය ගත්තාවූ; තවලසි, කෞසීදා විර හිතවූ; ගණපිය, ගණයාට ප්රිොයවූ; නොහොත්, ගණපිය, ගණසංග ණිකාරාමයෙන් දුරුවු; නොහොත් ගණපිය, සංඝ පිතෘවූ බුදුරජානන්වහන්සේට; අනුසමර, ගුණානුස්මරණය කොට; වඳුව, (භක්ති ප්රෙවමයෙන් සකසා) නමස්කාර කරව.

11. සණන ද සවන'රණවසි දමනි නරව ති සපිරග වඳුව තලසුරිසි හරමග ස නි සයසනුනිනද රසලපදද යදිනව නි සසි තත සිරිද සුනි වතනමද මිගමු නි

සතනද, ක්ෂතණ සනෙතාෂ කරන්නාවූ; නොහොත්, සන අද, සකල ලොකවාසීන්ගේ සිත් සනසන්නාවූ; සවණ, නීල පිතාදී ෂට්වර්ණ්ඝන බුධරශ්මීන් ඇත්තාවූ; අරණවසී, අරණ්යූවාස ඇති; දමනි, ධර්මනන්යාසය ඇති; නරවති, නිශ්ශබ්ද වූ; නොහොත් නරඅවති, මනුෂ්ය යන් පායනය කරන්නාවූ, සපිරිඅඟ සම්පූර්ණධවූ දෙහ ශ්රී ඇති; නොහොත් සපිරි අඟ, සම්පූර්ණන කොට පුරණලද ධුතාංග ඇති; නලසු, අනංගයාගේ; රිසි, ඉච්ඡාව; හර, දුරු කළාවූ, මගසනි; මාර්ගා භාවනා ආහාර කොට ඇති; නොහොත්, මග අසනි නිරොධා මෘතය අනුභව කරන්නාවූ; සයසනු තිතද, යසස් සහිතවූ සතුනි ඝොෂ ඇති; රසලප, (අත්ථවව්යවඤජන රසොපෙත) මධුරාලාප ඇති; යදි, යාචකයන්ට; නවනි, විරුඬ නොවන්නාවූ; දද, අභිප්රා්යාර්ථ දායකවූ; සසි, ශාක්යස සිංහවූ, තන, ලොකනාථවූ; සිරිද, ලෞකික ලොකොත්තර සැප දායකවූ; සුති වත, සුනිවස්තවූ; හෙවත්, තෙම ඬුලු වසා මොනවට අඳනාවූ; තම, වැන්ද යුතුවූ; නොහොත්, තම (සියලු ලොවැසියන් තමන්වහන්සේ කරා) නමන්නාවූ; දම්, (නව ලොකොත්තර ධර්මනයන් ඇත්තාවූ; නොහොත්, දම්, දමිතවූ, අග මුනි (ෂට්විධ මුනීන්ට) අග්ර‍වූ ඒ බුදුරජානන් වහන්සේට, වඳුව, නමස්කාර කරව.

12. දන නද නකස විනප මසදිනි නුලු කු ල දපන මනවස නදසන සෙද සවන ස ල දපම නමද බියපි සරමරදු තස ක ල දද දද නගණ කකක'ක සිඳවි ලල ල ල

දන නද, ජතානන්දිකරවූ; තකස, කෘෂිකර්මද රහිතවූ; නොහොත් තකස (රාගාදී කෙලෙස්) කසට රහිතවූ; විනප, අතල්පවූ, අම අස, අමෘතානුභව ඇති; නුලුකුලා ලඝුනොවූ කුලයෙහි, හෙවත් ශාක්යජ රාජවංශයෙහි; දිනි, ජනිතවූ; තමන්දප, තමන්වහන්සේගේ

30 කව් මිණි කොඬලය

වීර්ය සංඛ්යාලත දර්පවයාගේ; අවසන දසත, (බුධත්වරයට පැමිණීමෙන්) කෙළවර දුටුවාවූ, නොහොත්; තමන් දප, තමන්වහන්සේගේ සධර්මධ වචන සංඛ්යාණත ජලපනය; සවනසල සෙද ශ්රූවණය කරන්නාවූ ඇසිල්ලෙහි; අවසන දසන, භව කොටිය දක්නාවූ; හෙවත් නිර්මාරණය දක්නාවූ; දපම, ප්‍රමාණවූ වචන ඇති හෙවත් මිත ගාර්ණනවූ, නොහොත්, දප අම; වචනාමෘත ඇති; බියපිසර, (සකල සංසාර) භය දුරු කළාවූ; මරදු, (තණ්හා රතී රගා සංඛ්යා;ත) මාර දුහිතෲන්; තසකළ, ත්රමස්ත කොට හැරියාවූ; දද, (ලොකත්රායට අස හාය) ධ්වජවූ; දද නගන, (ඒ ඒ බුදු මඟුලෙහි සියලු ලොවපුරා නංවන ලද;) ධ්වජමාලා ඇති; ක, ජලය, ක, ආකාශය; ක, පෘථිවිය යන සියලු තැන්හි පැවති; අක, ඇස් ඇති; හෙවත් පෘථිවි සමුද්රච ආකාශාදි සියල්ල දක්නාවූ දිවැස් ඇති; සිඳි අවිල, ක්ලෙශ කෙෂාභය, හෙවත් කැඩීම සිඳිනා ලද චිත්ත සන්තාන ඇති; ලල, (අනුපමවූ බුධශ්රීෙත්) ලීලොපෙත ඒ බුදුරජානන් වහන්සේට; තමද, (ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුධො යානාදී බුධ ගුණ සිහි කිරීමෙන්) නමස්කාර කරව.

(කරතොට වත)

ශ්රීක රාජාධි රාජසිංහ රජතුමා විසින් එවකට පහත රට විසූ උගතුන් කවුරුදැ යි විමසා මාතර ඉලන්ගක්කෝන් මහ මුදලි තුමා වෙත එවන ලද්දේ යයි පැවසෙන කවියකි මේ.

"සන් වර සතර සිල් පිරිසිදු මිතුරු සො ඳ ලෙන් දැරු සසුන සිවු සික පද කසුන බ ඳ මෙන් සුරගුරු ලකුණු දැරු එළු සකු මග ද දැන් විසිතුරු යති මාතොට කොපමණ ද

එයට පිළිතුරු විසින් යැවුණු කවිය යි මේ.

"කර තොට බෝවල ද ගාල' කුරැසි නමි න කිර මද කිවිඳු දෙනගම දමකින් පටු න තෙර සත් ගල් ඇටුඹේ දම බහු වටි න පර සිදු සමත් යති රට පාත මෙපම න"

(1) කරතොට ධම්මාරාම පහත රට නායක ස්වාමීන්ර්ි පයන් වහන්සේද, (2) මාතර පළාතේ පෙතන්ගහ වත්තේ පන්සලෙහි හා හිතතටියේ රජ මහා වෙහෙර ද වැඩ විසූ බෝවල ස්වාමීන්ර් පනයන් වහන්සේ ද, (3) ගාල්ලේ මේධංකර නායක ස්වාමීන්ර්ෝව යන් වහන්සේ ද, (4) අකුරැස්සේ සුවණ්ණජෝති ස්වාමීන්ර්ම යන් වහන්සේ ද, (5) කිරම ධම්මානන්ද ස්වාමීන්ර්ටියයන් වහන්සේ ද, (6) දෙනගම


31 ප්රාස්තාවනාව

ධර්ම5කීර්ති ශ්රී ගුණරතන ස්වාමීන්ර්, ේයන් වහන්සේ හා (7) ගල් ඇටුඹේ පියදස්සි ස්වාමීන්ර්ෝව යන් වහන්සේ ද එවකට පහත රට විසූ පඬුවන් බැව් මේ කවියෙන් දැක් වේ.

දික්වැල්ලේ ශ්රීර බුධරක්ෂි්ත ස්වමීන්ර්ත රයන් වහන්සේ ද දක්ෂ කවියෙකි. මෙතුමන්ගේ කාව්යරදීපතියෙහි දැක්වෙන කව් දෙකක් මෙසේ ය.

"දියනා සසුන රන ගිර කෙළි හෙළ හ සය රකිනා බඹ සරත් පිරිසුදු ගුණ රැ සය සිටිනා මලුවෙ තෙරිඳුන් අබතුරෙ වැ සය ඉගෙනා සකු, මග ද කව් සද සුබ ලෙ සය

සුගත් සසුන් වැද බර්ණම'ගෙන නිදොස් වත රකිත් සියැස මෙන් සංවරය සිවු වත දියත් පසිඳු කුලඹර පුන් තරිඳු වත වියත් සිරි බුද්ද රක්කිත තෙරිඳු වත

මකර ධ්වජය ගංගාරෝහණ වර්ණ නාව සකස් කළ තෝමිස් සමරසේකර දිසානායක මුදලි තුමන්ගේ කෘතියකැ යි ඇතැමෙක් කියති.

"ඉගෙන කව් සතර හෙළු සඳ යුත් විය ර රඳන සරසවිය කත නිති මුව තඹ ර සොබන දිසානායක මුදලි පැනස ර බඳින මෙ කව් පස රස නොවිඳිති කව ර"

මෙයින් පැවසෙන් පරිදි දිසානායක නම් මුදලි කෙනෙකුන් මකර ධ්වජයෙහි කර්තෘ් බව දැක් වේ. එහෙත් පුංචිබණ්ඩාර සන්නස්ගල පඬිතුමන්ගේ අදහස මේ කාව්ය්යත් කටුවානේ දිසානායක මුහන්දිරම් තුමාගේ කෘතියක් බවය. එතුමා ඒ බවට සාධක දක්වන්නේ මෙසේය.

මකර ධ්වජයෙහි කර්තෘම දිසානායකයන් ගැන හෝ ඔවුන් විසූ කාලය පළිබඳ කිසිදු පුවතක් මෙ කවෙහි සඳහන්ව නැති. එබැවින් මෙහි කතුවරයා හා කාලය ගැන සිතා ගතයුත්තේ අනික් කරුණක් ම සංසන්ද නය කර බැලීමෙනි. වියොවග රත්න මාලය, රතවතී කාව්යරය, කව් මිණි කොඬල, කව් මිණි මල්දම හා මකර ධ්වජය යන මේ කාව්ය යෝ සමකාලීන කෘතීන් හැටියට සලකනු ලැබෙත්. මෙයින් මකර ධ්වජය හැර අනික් රචනා කිහිපය සමකාලික බව ඒ ග්රටන්ථතයෝ තුමු ම දක්වති.


32 කව් මිණි කොඬල

පත්තායමේ - කටුවානේ යන දෙකවියෝ ස්වකීය සාමාර්ථය දක්වන මහ කව් දෙක ඉලංගක්කෝන් මුදලිඳුන් වෙත පිළිගැන්වූහ. තමන් පිළිබඳ මහත් වණර්න යක් ආ කව් මිණි කො‍ෙඬාල දුටු මුදලි වරයෝ මහත් සේ පහන් වැ කතුවරයාට සැපත් දුන්හ. එහෙත් කව් මිණි මල්දම දුටු මුදලි තුමෝ නො පහන් වූහ තරුණ කවියා එය ලියන ලද්දේ සරසවියගේ ආරාධනයෙනි.

"මා මුවගෙහි රඳ න සරසවිය නම් දෙවඟ න මුනි බණක් එළු වෙ න කියව මදිවට අයැද සිටියෙ න"

(කව් මිණි මල්දම)

(ඉලන්ගක්කෝන්) මුදලි තුමන් ගැන උසස් වර්ණනනයක් ද එහි නො අයේය. ඒ කවියා ද කව් මිණි කො‍ෙඬාල් කරුවා ‍මෙන් ම මුදලි තුමන්ගෙන් ප්රිසාද හා යස ඉසුරු බලාපොරොත්තු වූ නමුත් "නුඹ සරසවිය ගෙන් ඉල්ලා ගනින්නැ" යි පිළිතුරු ලැබුනේලු.

මහලු වියට ලඟාවීගෙන ‍උසස් ධනවතුන් වර්ණයනයට ඉතා කැමැත්තවුන් බවත් ඔවුන්ගෙන් සැප සම්පත් ලැබිය හැක්කේ එසේ කළ කල්හි පමණක් බවත් තරුණ කවියාට වැටහුණේ ඉන් පසුවය. එබැවින් හෙතෙම මකරධ්වජයට පැමිණ,

"එයින් නැණ ගුණා යුතු වියතුනි, සක සා වෙතින් වෙන උනා බල මැන විය ම බ සා උනුන් මන මනා දෙය කීවත් විම සා අනුන් ගුණ වනා මිස නොලබති යස සා"

වියතුන්ගේ ප්ර යෝජනය පිණිස මෙය ගම්භීර භාෂාවෙන් ලියවුණු ග්රයන්ථ,යකි.

කටුවානේ දිසානායකයන්ට මුදලි නාමයක් ලැබුණු බවක් සඳහන්ව නැත. "සොබන දිසානායක මුදලි පැනසර, බඳින මේ කව් පදරස නොවිඳිති කවර" යනු කියමන පිලිගනිතොත් සන්නස්ගල පඬිතුමන්ගේ මතය තහවුරු නොවී තෝමිස් සමරසේකර දිසානායක මුදලිඳුට ජය අත් විය යුතුය. මකර ධ්වජයෙහි කව් දෙකකි මේ.


33 ප්රකස්තාවනාව

"යුත් සිකි පිල්ල දිගු නිල් කන්තල ව ල්ල නෙත් නිලුපුල්ල තුඟු නැහැයුරු මල් ති ල්ල රත් බුඹුපල්ල දර වුවනත රතු පු ල්ල සක් යුරුබෙල්ල දුටුවන් කරවන ලො ල්ල

මත නෙතු ලොබ වඩන තුනු රුවැති මියුලැ සා තන ගිරි කුසින් පියකරු යොන් තල පිවි සා පෙන කොට තුමුල නැබ මුල ලොමු රොදින් ව සා බොන අම සප් රදෙව් බබළාය රොද ව සා

දුනුවිල රාජකරුණා ඒකනායක පණ්ඬිත මුදියන්සේ (ගජනායක නිලමේ) නමැති කවීන්ර්ුණායා කාලිංග බොධි ජාතක කාව්යෙය කෙළේය. මේ කව අභයකෝන් නම් මුදලි කෙනකුගේ ආරාධනයෙන් කළ බැව් පොතෙහි ම දැක්වේ.

"විජය සුන්දර ව ර සෙනෙවිරත් වන පුවත ර අබය කොන් පඬිව ර මුදලි නමකුත් ලබා මනහ ර

මෙ අගමැති කුළුණෙ න දහමක් ගැඹුරු එළුවෙ න කවි කර කියත මෙ න කෙළෙන් ආරදනා සතො සි න"

රතිරත්නාලංකාරය ද මෙතුමන්ගේ කෘතියකි. කවීන්ර්ක බරණ ගණිතාචාර්ය තුමා නීල කොබෝ සන්දේශය, වාස්යො නිමිත්ත හා අෂ්ටනාරි සන්දේශයත් කළ බැව් කියති. එහෙත් අෂ්ටනාරි සන්දේශයෙහි හා නාරි සත් සන්දේශයෙහිත් කර්තෘකවරයා එක ම කවියෙක් විය යුතු යයි අනෙක් මතකයයි.

බරණ ගණිතාචාර්ය තුමා වස් කව් කීමෙහි ද සමතෙක් විය. හිටුවනම කව් කීමෙහි බරණ ගණිතාචාර්ය තුමා තුළ පැවැති චතුර භාවය (කලින් වන පොත් කොට ගෙන, තැනට සුදුසු පරිදි කව් යොදන) වත්මන් ඇතැම් කවි මඩු කාරයනට ආදර්ශයෙකි. දිනක් කිරින්දේ සිට තම ගම් පියසට අවුත් පෙරළා යන රූබර ලලනාවක් දැක මෙතුමා හිටුවනම කී කව් දෙකකි මේ.

34 කව් මිණි කොඬල

'සුරින් දගේ අඟනන් මෙන - බරින් බිමට බටු සන්දන කිරින් දෙ සිට අවුදින් යන - බිරින් ද ගේ සොබ නා රුවින් ඇගේ යසසින් වන - රනින්දු ගේ ඔද සින්ද න ලෙසින් කියමි එ ලඳුන් ගුන - සිතින් හැ‍ෙඟන පම නා තදින් තකිට දිමිතොත්යන - පෙදෙන් නටන ඇගෙ පුන් තන එරන් තිසර පැටියන් මෙන - තෙනිත් නෙතට පෙණු නා මෙවන් අඟන මට දැන් ගෙන - විදින්ට රතිසැප දුන් තැන ඔවුන් ට දෙමි මසුරන් ගැන - රැකෙන්ට මට තිබෙ නා

රුවින් සදිසි සිරි කල් වන, නුවන් යුගැති ඉඳුනිල් වත කුසුම් වරල සිකි පිල් වන, ගහන් අකුස විල සා ලෙවන් අදර වදමල් වන, දසන් පෙළ ද කොඳතුල් වත වදන් කියන සුරතල් වන, පෙමින් බලන අඩැ සා සුපුන් දෙතන සුලකල් වන, පෙදින් පෙදට නිති සෙල් වෙන සෙදින් සලෙලු මන අල් වන, ලෙසින් හසිනි නොල සා මෙවන් රුසිරි නුඹෙදුල් වන, කුසුම් සරුගෙ ඔද සොල්වන විදින් ඩරති සැප කල් වන, වරෙන් පියඹ විග සා"

මේ කර්ණඩ රසායන නිබන්ධ නයෙහි දක්නට ලැබෙන එළිවැට එළිසමයෙන් තොරව කව් ලියන දුබල කවියනට ආදර්ශයයක් විය යුතුය.

වස්කව් කීමෙහි අතිදක්ෂියෙක් වූ බරණ ගණිතාචාර්යවරයාට සතුරු පිරිසක් ද විය. තම නිවසෙහි මඟුල් උලෙලක් වී එය සෑහෙන මාලුවක් නොලදින් යම්කිසි දඩයමක් සොයා ගනුවස් අප කවීන්ර්ුල්යා තුවක්කුවත් රැගෙන වනයට ගියේය. එහිදී ඕලු මුවකු දැක තුවක්කුවේ කොකා ගැස්සූ නමුත් සතුරු ගුරුකමක් නිසා පත්තු නොවීය. මේ සිද්ධියෙන් ශෝකයට හා කෝපයට පත් වූ කවියා එතැන්හිම සිට මෙහි මතු දැක්වෙන කවිය කීවේය.

"යාලු වේ මෙ මට කළ අව මාන්නෙ ට වේලු වේ තිත්තකඩයින් බඳින්න ට මාලු වේ දෙයක් නැත මුසු කරන්න ට ඕලු වේ නොගොස් සිටපන්න මඟුල ට

මුවා නැවතිණි, කවියාගේ මනදොළ පිරිණි.



ප්රාස්තාවනාව 35

කෙමිනක් සොරු ගත්තාට කී වස්කවි පෙළකි මේ. මුරුඅණ බෙලෙන් රෝදුක් ගත වැඩී ගත් දොරු වත වදින ඉස්සන් බඩ ඉරා ගත් කිරුමෙන තරාදිය බරණින් බලා ගත් ගුරුදින කෙමින ගත්තෙකු යකු මරා ගත්

බහින ජලය මෙන් සිය ගත ඇදී යන් නගින ගහෙන් උගුරෙන් උල ඇනී යන් බහින බැම්මවල හැරපට කැඩී යන් කෙමින ගත් සොරා හතරට පැලී යන්

කලුවන තනය යන් රෑ පාන නොවැල කු මැලි නොව සිතේ කැපකර ගන්න බිල්ල කු මුළු ලොව බලන තෙද ඇති මහ සොහොන් ය කු අළු කර ගන්න අල්ලා කෙමින ගත්තෙ කු

දිනක් රෑ සොරු ගස්වලම සිටගෙන කුරුම්බා කමින් බිමදමන බැව් මොහුට ඇසී අවුත් ඈත සිට‍ ගෙන මෙසේ කීලු. "මොකා දෝ එකා මට නොදැනෙයි මේ කා කකා කුරුම්බා ගෙඩි බිම දමන එ කා යකා ඇට නහර මස් බිලිගත් සැනෙ කා විකා මහ සොහොන් දෙවි දිවි හරින් ම කා

තෙළිදිය සොරකම් කළාට කී කවක්:-

"ලා වෙලා තුබු ළා කිතුල් මල තුබූ තෙළිදිය ගෙන අළුත් ඒ බලා නුමු ලා සොරෙක් බීලා ගියා සැළ ගෙන අළුත් ලෝ තුලා තුබුලා පසිදු යස තෙස බලැති දෙවියනි අළුත් ඌ හෙලා නුමු ළා ගසින් හළ මැනවි දැන් නො තබා අළුත්‍‍

මෙතුමා සමකර ස්ථානවලදී නිර්දය ලෙස මුදලි - මුහන්දිරම් ආදී නිලධරයනට නාර්මාාලාප සහිත කව් කියා තිබෙන බව පෙනේ. දිනක් මෙතුමා කිසියම් වලව්වකට පැමිණෙත් ම එහි ප්ර භූවරයන් පිරිසක් මාලු පුලුස්සා කමින් රා බොනු දැක මේ මතු දැක්වෙන කව කීලු. "පෙර රැස නගා පලහා අන්තිම රා සි නොම රැස එක් ගහන් දස එක් වෙති රා සි යුග රැස වත් දනෝ එකතුව කර පැ සි පස රැස ලෙසින් විකුමෙන් බස් දෙති වා සි"


36 කව් මිණි කොඬලය

මෙහි ප්ර භූවරයන්ගේ ක්රි්යාව හෙලා දකිමින් ඔවුන් ගොනුන්ට උපමා කොට තිබේ. එක් සැන්දෑවෙක මේ කවියා දුරබැහැර පිහිටි වලව්වක මුදලි තුමකු හමුවීම පිණිස ගියේය. ඒ මොහොතේදී මුදලි තුමා වලව්වේ නොසිටියේය. කවියාගේ වටිනාකම හරිහැටි නොදත් ළමාඑතනී අතුරුපස පිණිස සේවකයෙකු අත (කිරිජ්ජ) කිරිකැඳ කෝප්පයක් යැව්වාය. මෙයින් නොසතුටට පත් වූ බරණ ගණිතාචාර්ය තෙමේ කිරිකැඳ නොබී මෙහි මතු දැක්වෙන කවිය පුස්කොළ කැබැල්ලක ලියා කිරිදැඳ කෝප්පය මත තබා යන්ට ගියේය.

"පාට එ විසිතුරු කදිමයි නිල පහ ඇති මහ ව ලව්ව ඊට ඉඩම්පල සැදුනේ පිළිමතලව්වෙ ව ලව්ව කාට වුවත් නොකියා බැහැ මට හැළවුණු මල ඉ ලව්ව රෑට ගිලන් පසට හිලව් කිරිකැඳ බොන හත්ති ලව්ව "

මේ කවියා පත්තායමේ ලේකම් තුමා සමග මිත්රවත්ව"යෙන් විසූ බැව් පෙණේ. මෙතුමා වරක් තම දිළිඳුකම පත්තායමේ ලේකම් තුමාට දන්වා යැවූ පරිදි මෙසේය.

"සමත වරණ මගෙ අබතුරයට ම වැ දී මසුන අගන වෙහෙසයි සුද දලය දි දී උදිත සමරජීව ලිපි මැති සඳුනි සු දී ඉවත වුනෙද? ඔබ මෙන් සිහි නදය නො දී "

බරණ ගණිතාචාර්ය තෙ‍ම ලිවීමෙහි හා කීමෙහි ද දක්ෂයයෙක් විය. කටහඬ සුමිහිරිය. අත් අකුරු සිත්කළුය. එහෙත් වස්කව් කීම් ආදියෙන් පැමිණි ගැහැට නිසා ගම්පළාතේ බොහෝ දෙන මේ කවියා සමඟ අමනාප වූහ. එහෙයින් කොඩිවින අනවින හදිහූනියම් ආදියෙන් කවියාට උවදුරු කිරීමට ඔවුහු දිවා රාත්රීි දෙක්හි වෙහෙස දැරූහ.

කෙසේ හෝ වේවා. බරණ ගණිතාචාර්යයා රෝගාතුරවීය. ඔහුගේ සකල ශරීරයෙහි අප්රිමයකරු රෝගයක් හටගත්තේය. අතුල් පතුල්වල සම් ඉගිලී ගොස් ඇඟ හැමතැනම වණ ඇති වී හේ ඔත්පල විය. ස්වරභෙදය ද ඇති විය. මේ සිද්ධියෙන් බලවත් දුකට පත්වූ ආචාර්යතෙමේ රෝග ව්යවපසමනය පිණිසත් ශාන්තිය ලබා ගැනීම පිණිසත් නීලකොබෝ සංදේශය කෙළේය. ඒ බැව් මෙහි මතු දැක්වෙන කව් වලින් පෙණේ.



37 ප්ර්ස්තාවනාව

"වාත රෝග සියොලඟ විහි දී ගාත වල දෙයටිපලු සමි'ගුලුම සැ දී නීත කුරිරු මේ මේ රෝගෙන්ම සැ දී බීන නිසරු වියවුල නද වෙහෙස වි දී

තද බල රෝග පත් උගෙ උනෙ එවෙනි සිය ග ත තද නිල වන්වෙල ලෙස සිඳම නොනැව ත තෙද බල මහිම යසසින් ඔබගෙ බරනෙ ත සිදු කළ මැනවි පවතින උසිත අබිම ත

වගා කර වමින් මතු අතුරක් නොව න ලඟා කර සියත් සහ ඉත මිතුරු ද න නිගා කර සිටිය රුපු ඔද සිඳලම් න දිගා කර ඔහුට ජය දී සිතුලෙසිත න

රුදා සහ සන්දිවල සැදි සියලු ලෙ ඩ සිඳා හැර ලමින් දී ඔහුට කට හ ඬ යොදා එව් හසුන නම් මේ පඬුර දී ඩ නදා සිතින් පිළිගත මැනවි තනස ඩ

පත්තායමේ ලේකම් තුමා හා සමකාලික කවියෙක් වූ කටුවානේ දිසානායක මුහන්දිරම් තුමා සෝණක ජාතක කථාව ගැබ්කොට කව්මිණි මල්දම නම් ශ්රෙහෂ්ඨ කාව්යදය සංග්ර හ කෙළේය. එම දින ඒ සුබ මොහොතින්ම පත්තායමේ ලේකම් තුමා ජයද්දීස ජාතක කථාව කථා ශරීරය කොට ගෙන 'කව්මිණි කො‍ෙඬාල' නම් සුමධුර කාව්ය ය සම්පාදනය කෙළේය. මෙසේ මේ කවියන් දෙදෙනා විසින් තරඟයට කරන ලද ඉහත කී කව් පොත් දෙක එවක් පටන් සකල සුධී ජනයන්ගේ ම ගෞරවාදරයට පාත්රකව පවතී. (මින් එක් එක් කාව්යගයක් කවි සත්සිය තෙවිස්සකින් යුක්තය.) කව්මිණි මල්දමෙහි නළඟන රැඟුමක් දැක්වෙන අයුරු මෙසේය.

රත් නෙළුම් නෙත් පැහැය මනහර දිගුනුවන් රසඳුන් සදා ලා මත් බිඟුන් නෑ මුහුල මල්දම් සදල නෙත් ගවසා වඩා ලා පත් සුපුන් සඳ කැලුම් සිරි රැඳි සිනිඳු සුදු සළුවෙන් විසා ලා යුත් දුවන් හිස් පටන් පෙළ පෙළ රැලි ලලා ඇඳ අඳ වඩා ලා

38 කව් මිණි කොඬලය

නිරිඳු වදනින් සදාලු නෙක අවන්හල් තුළ පිවිස දිගැසි න් රැගෙන සියතින් තියුණු රන විත් පුරා මී බී හේම කලිසි ත් දදුරු කරමින් සලෙලු දන මන නුවන් සැර සරසා ලනි ත් සොඳුරු රන්ලිය පෙළක් විලසට නොබා රඟහල වැද ගොසි න්

රත් වලා පිල් රාසියක් රිවි අවර වරඹර නැඟුණු විල සින් මත් තළා හසඹුන් මඬුල්ලක් එක් පියුම්හි තුඩලු විල සින් රත් නෙළුම් මල් පෙළක් සිරසුන් තබා නිරිඳුට පුදන විල සින් සිත් ඇළුම් කර නිරිඳු පදසර නැමද පෙර සිට එනළු විල සින්

එරද දිනකර සතුටු කිරණින් පිපී යන රත් පියුම් සේ දුරද නොව රත දන පතුල් යුග විදා හරිමින් දෙ අං සේ විහිද මනහර දෙ අත සිතුයම් කරන විලසින් පහන් සේ පැහැද සිටිනෙම තැනම මඳ මඳ සසලවා ඇඟ සියුම් සේ

රුවට මුරුතට සතට වැඩසිටි මලවි දෙවිඳුගෙ රැඟුම් සා ලේ පෙළට පිළිවෙළ ලෙසට ලූ මඳ මඳ පවන් ලෙල පහන් ලී ලේ නැගිට යළි සිට පෙරට ගොස් ආපසු ඇවිත් බමමින් සිතා ලේ සතුට කරමින් සලෙලු හද අනුරාග පළ කරමින් රඟා ලේ

නඟා සත් සර වයන වෙණ'නුව කියා ගී අම තුඩ තුඩා මගා සබතුර සියල් තුනු පෙද සසලවා සිට වඩ වඩා ලගා වුවනට බෙදන විලසට නෙත් උපුල් පෙති කඩ කඩා වගා කර සිය විදුලි සිරිසර විදා අත්තල ඉඩ ඉඩා

තබන පද වට ගිවෙණ අනු කර බලා සුළැඟිලි කෙළව රේ මුදුන මැද පෙද නොබිඳ ඉඳුකර සසලවා තන රන් ගි රේ ලවන මඳ මඳ යුතු සිනාවෙන් සපලකර අනුරා බ ‍ රේ සොබන නළු ලිය රැඟුම් ගත්තුය පමා දන හද පොබ කැ‍ රේ

පත්තායමේ ලේකම් තුමා හා කටුවානේ මුහන්දිරම් තුමාන් එකිනෙකාට නො පරදිනා කවියෝය. එහෙයින් තම තමන්ගේ සමත්කම් හගවනු සඳහා කලින් කල ගුඨාර්ථයන් ගෙන් යුක්ත ප්රනබන්ධ යන් කොට ගනුදෙනු කරගන්නා සිරිතක් පැවතිණ. මෙහි මතු දැක්වෙන කවද ගූඨාර්ථයෙන් යුක්ත ය. "වත වත වෙසෙස් කළ ලොව තුළ වියන් වියන් ඇත නැත යසස් ගෙන දෙන තම සියන් සියන් නෙත සිත සතොස් වන ගුණ මිණි ලියන් ලියන් ඉත ඉත මයැස් නද කෙළෙ මෙද පියන් පියන්"


39 ප්රඉස්තාවනාව

කටුවානේ මුහන්දිරම් කවීන්ර්ළු තෙමේ මේ කව ලියා එවකට පහතරට ජනනායකයෙක් ව විසූ ඉලංගක්කෝන් මහමුදලිඳු වෙත අවුත් ලක්වැසි කවර උගතකු ලවා නමුත් මෙයට සන්තයක් ලියවා දුනහොත් ඒ සන්ත කර්තෘක මාගේ ගුරු කෙනෙක් මෙන් පිළිගනිමි" යි කියා කව සහිත පුස්කොළ කැබෙල්ල මහ මුදලිඳුට පිලිගැන්විය.

එතුමා ද එය සාදරයෙන් පිළිගෙන සන්නයක් ලියවීමට කවියන් කීප දෙනෙකුට ම ආරාධනය කල නමුත් කිසියම් කෙණෙක් එයට සන්නයක් ලිවිමෙහි අපොහොසත් වූහ. කල් යත් යත්, සන්තයක් නොමැතිව මුහන්දිරම් තුමාගේ කව සහිත පුස්කොළ කැබෙල්ල පමණක් මහ මුදලිඳුට ලැබිණි.

මුහන්දිරම් තුමාගේ අහංකාර වචනයන්ගෙන් චඤචල වී ගිය සිත් ඇති මහමුදලි තුමා මේ කව තංගල්ලේ ධාන්යෙ ගබඩාවේ ලේකම් ධුරයට පත්ව විසූ සමරජීව කවිවරයා වෙත යැව්වේය. පත ගෙන ගිය වේලාවේදී තමා රාජකාරියෙහි යෙදී සිටි බැවින් පත්තායමේ ලේකම් තුමා මහමුදලිඳුගේ දූතයා සාදරයෙන් පිළි ගෙන සිය නිවෙසට යවා සවස කාබී සම්පූර්ණ ව පත බලා සිනාසී "කටුවානේ විසින් මා පරීක්ෂාව කරණු පිණිස රචනා කරන ලද්ද කැ'යි තම බිරිඳ සමග කියා මෙහි මතු දැක්වෙන සන්නය ලියා දෙවන දවස් උදෑසන ම මහමුදලි තුමන්ගේ දූතයා අතට දී පිටත් කොට හැරියේය.

ඒ මෙසේයි :- ලොව, මේ සත්වදලෝකයෙහි; (ක්ලෙශ කාමයෙහි මොහයයි කියනලද) අඳුරෙන් පිහිත වූ නුවණැස් ඇති; වතවත, කීමෙහි වත්වූ හෙවත් කාව්ය ප්රරබන්ධාුදියෙහි සමර්ථ වූ; දෙන, ජනයයි කියන ලද; සියත්, අනෙක ශතයන් විසින්; අවියන්, අව්යධක්ත වූ හෙවත් (පාරලෞකිකාත්ථින සිධියක් නොව අනත්ථිු පමුණුවන හෙයින්) නොකිය යුතු වූ; ඇති තැන, ඇත්තේ නැත්තාවූ නොහොත් විශෙෂයෙන් සදාශ නොවතුදු ගෙන හැර පාන්නාවූ; (කෙසේ ද යත්?) පියඹ, තිගේ අක් බඹුරු දික් මොලොක් සිනිඳු ගත සුනිල වන කුසුම දමිනව ලකළ කියඹු පෙළ මියුරුපිල තමල ලිය සමාන යයි ‍නො කියමි. සලෙල ගන මොනරකැල නඳන වන විදුලිදිලි කලබකුළකැයි කියමි. තවද සොඳුරු! අර්ධවචන්රාකල නුකාරවූ තීගේ ලලාටසඵලය ප්රනමාද ජනයන්ගේ වියොග නමැති හිරුරැස් වැලකීමට නාසිකා නමැති යෂ්ට්යකග්ර‍යෙහි බහාලු ස්වර්ණගච්ඡත්ර්යක් හා සමාන

40 කව් මිණි කොඬලය

යයි නොම කියමි. සොඳුර! නිම්බ පත්රාෂනුකාර වූ තීගේ ග්රෑර යුග්මය නෙත්රු නමැති නීලෝත්පලයන්ගේ මකරඤ ග්රරහණයට රැස්වහුන් කාල හෘඩග පංකති යුගලයකැයි හඟිමි. තවද ප්රි ය දේහිතිය, තීගේ දිගු පුලුල්වූ ඉන්ර්ි හනීල මාණික්යැද්වයක් වැනි පැහැපත් වූ සුනීල ‍නෙත් සඟල කාමදේවයා විසින් සල්ලාල ජනයන්ගේ හෘදය විදාරණයට සජ්ජිත කරණ ලද නීලොත්පල ශර ද්වයකැයි හඟිමි. නිර්ථාාන ස්ථනයෙක්හි බබළන ප්ර දීප ශිඛාවක් වැනි තීගේ උස් වූ නාසිකාව ධූර්තායන් නමැති මතැන් සමූහයා වෙනතකට යා නොදී තමන් කරා හයාගන්නා ස්වර්ණූඬ්කුශය කැයි හඟිමි. විද්යුනල්ලතා සදෘශවූ තීකේ කන්වැල් සහල අතංගදෙවයා නිරතරව ආලය වී කෙළනා රන් උන්සිල්ලා දෙකකැයි කියමි රන් කැපටතක් හා සමාන වූ තීගේ මුව මඩල සල්ලාල ජන නමැති කුමුද වනයන් ප්රනබොධ කරවන ශිශිරාමෘත රශ්මීන් යුක්තවූ සම්පූර්ණැ චන්ර් මණ්ඩලය කැයි හඟිමි. ජිහ්වා නමැති කෙමියකින් හා දන්ත නමැති කෙශර පංකතියකින්ද ඔෂඨ නමැති පත්ර්ද්වයකින් ද විරාජමාන වන හෙයින් තීගේ මුඛ ගර්භකය සුපුෂ්පිත වූ කොකනද පුෂ්පයකැයි හඟිමි. සුරක්ත කෙම් පල දෙකක් හා සමාන වූ තීගේ තොල් සඟල පඤචබානයාගේ ආපානාගාරයෙහි සුසජ්ජිත මිදිරස පිරූ පියුම් රා මිණි මඩම් දෙකක් යයි ගඟිමි. ගනරන් කලසක කරක් වැනි වූ වලිත්රූයකින් විරාජමාන වූ තීගේ වට වූ ග්රිතවය කාම දෙවයාගේ තෘන්ය් මණ්ඩලයෙහි රාශිභූත තූර්ය භාණ්ඩ වූ ස්වර්ණ මෘදංග හෙරියකැයි හඟිමි. රූප නමැති සාගරයෙහි උල්ලංසිත තරංගයන් වැනි වූ තීගේ මොලොකත් යුවල මකරධ්වජයාගේ ගෙලෙහි බහාලන ලද කණක කුසුමදාම යුගලකැයි හඟිමි. කාමී පුරුෂයන් විසඥ කරවන රන් පව් දෙකක් සමාන වූ දැඩි වූ සම්පූර්ණජ වූ තීගේ පයොධර යුග්මය මලවි දෙවියාගේ නිවාසස්ථානයෙහි අලංකාරය පිණිස තබන ලද මී පිරූ ස්වර්ණක ඝට යුග්මයකැයි හඟිමි. තවද ප්රිසයාම්බිකාව, තෝතැන්නක් වැනි වූ තීගේ නැබ මඬල ප්ර‍භවකොට ඇති වාස රාජිය ශරීර නමැති ලතා චාපයෙහි සමරහු විසින් නඟන ලද බිගුදියෙකැයි හඟිමි. පයොධර භාරයෙන් වැහැර ගියා වූ තීගේ සිඟුවලඟ මීන කෙතුහු ගේ දුනු මිටකැයි හඟිමි. සමෙහාගයට යොග්යය වූ තීගේ පෘථුල වූ ශ්රොෙණි ප්රිදෙශය රාම පුත්රායාගේ රථ චක්ර යකැයි හඟිමි. ස්වර්ණත රම්භාසකන්ධ්කාරවූ තීගේ වට මට සිලුටු වූ ඌරු යුග්මය යෞවන පුරුෂයන් නමැති මත්න හස්තීන් බැඳ රඳවන ස්වර්ණව සථමහ යුගලයෙකැයි හඟිමි. උත්තර සාගරයෙහි නැංගා වූ රන් බුබුලු දෙකක් හා සමාන වූ තීගේ ජානු යුක්මය ශෘංගාර රසය

41 කව් මිණි කොඬලය

හා රූප රසය කිරා මහා බ්රුහ්මරාජයා විසින් යටිකුරු කොට තබන ලද ස්වර්ණං කපාල යුගලයකැයි හඟිමි. ස්වර්ණ් මයුර ග්රීිවා කාර වූ තීගේ ජංඝා යුග්මය තුනු හිරුගේ ශඬානතයැ අලංකාර පිණිස තබන ලද කෙතකි කුඩ්මලවයකැයි හඟිමි. නබ නමැති රෙණුයෙන් හා අංගුලී නමැති පත්රතයෙන් විරාජමාන වූ සලඹ මිණි භෘංග සමූහයා විසින් පිරිවරන ලද තීගේ සුරක්ත වූ පාද වන්ද ය තාමරස යුක්මයකැයි හඟිමි. බොහෝ කොට කියනු කවරේ ද? තිගේ සලක්ෂජණ වූ දෙහය දිවිදළින් ඔබ් නැගූ ජාම්බුනද සවර්ණව රූපයක් හා සමාන වන්නේම යයි කියා ද නොහොත් එම්බා චන්රිකොට කාව තීගේ මුඛ නමැති පත්මයෙහි ඔෂඨ නමැති පත්ර්යන් පුරා තිබෙන්නා වූ අමාපොකුරු මී පානය කර මාගේ වි‍යෝග නමැති පිපාසය කවර දා සංසිඳුවා ගනිම් ද? ලා හෙල්මැල්ලකට බඳු වූ මෙලෙකක් ඇති තීගේ ශරීර සපශර්යස කවර දවසක ලබම් ද? යන මේ ආදී යසස් ගෙන, කීත්ති සමූහය; වියත්, වර්ණූනා කිරි මෙන්; තුල, සමාන කොට; වෙසෙස් කළ විශෙෂ කළා වූ; නෙත සිත සතොස්, නෙත්ර යන්ට හා විත්තයන්ට සනෙතාෂ දෙන්නා වූ; වන, වර්ණසයෙන් යුක්ත වූ; අමිති, ප්රනමාණ රහිත වූ හෙවත් බොහෝ සේ, අගුණ, ගුණ නැත්තා වූ හෙවත් අනාචාරයෙහි හැසිරෙණ සුලු වූ දුෂ්ට සිත් ඇති; ලියන් ලියන්, ලයාන්විත ලලනාවන් හෙවත් තරුණ ස්ත්රීබන්; ඉත, තමන් කෙරෙහි පෙර පුරුදු ඇති; අන් පියන්, අන්යා ප්රිණයයන් කෙරෙහි හෙවත් සල්ලාල ක්රි යාවෙහි කොටි ප්රාලප්ත අනියත සැමියන් කෙරෙහි; නඳ කෙළෙ මෙද, මනොනන්දකනය කෙළේ මතු නොවෙයි හෙවත් අධිකතර වූ ආලයක් ඇද්ද (එමෙන්) ඉත, මිත්රෙයාණෙනි (තොපගේ දශ්රරන යෙහි ද); ම ඇස්, මගේ අක්ෂිලහු; පිය, ප්රි්ය වන්නේ මැයි"

මෙසේ ලියා එවූ සන්නය බලා ප්රටමුදිත වූ මහ මුදලි තුමා දිශානායක මුහන්දිරම් කවියාට පත් යවා ගෙන්වා සන්නය සහිත කව දුන් කල බලා විස්මය පත්ව මෙය කවරෙකු විසින් ලියන ලද්දක්දැයි පිළිවිස සමරජීව කවියා විසිනැයි අසා සතුටුව කද මලු සහිති තෑගි බෝග ගෙන්වා ගෙන තංගලු පෙදෙසෙහි විසූ සමරජී පඬිතුමන් කරා ගොස් ප්රි ය සම්භාෂණයෙන් කීප දිනක් ගත කොට තම තමන්ගේ කවිත්ව්වය ලක පුරා පතළ කරමු යැයි දෙදෙනා සාකච්ඡා කොට ගෙන ජයද්දිස ජාතකය හා සොණක ජාතකයත් කව් බසට නැඟීම එකම දින එකම සුබ මොහොතකින් අරඹා කව් සත්සිය තෙවිස්සකින් යුත් කව් මිණි කො‍ෙඬාලත් නිමවූහ. කව්මිණි

42 කව් මිණි කොඬල

කො‍ෙඬාල පත්තායමේ ලේකම් තුමා අතින්ද කව්මිණි මල්දම කටුවානේ මුහන්දිරම් තුමා අත්නිද ලියවිණි. මේ පද්යද බන්ධ්නයට දෙවර්ෂමයක් ගත වී යයි කියති.

උම්මග්ග ජාතකයෙහි ගිරා පණ්ඩිතයන් විසින් කාමයෙහි අසදෘශ භාවය දක්වා සැළලිහිණි ධෙනුව පොළඹවා ගැනීමේ කථාව සිත් ඇද ගන්නා රසවත් තාලයකින් යුතුව කවියට නඟමින් සැපයුණු රතවතී කාව්යදය ද පත්තායමේ ලේකම් තුමාගේ විචිත්ර ප්රණබන්ධ්යෙකි. මේ එහි දැක්වෙන කව් දෙකකි.

"සොඳ සන් කෝකිල මොනරුන් සැළළිහිණි නා දෙනා ගිරවුන් කොබො සහ ලිහිණින් ඇති අහසි නා යනා දිවියන් සිහ වග වලසුන් සිටි ගවරු නා රනා බලමින් රතවති සමගින් යති පිනමි නා මනා

මෙලෙසින් දිව සර විල සින් එන කිඳුරි ගේ ර‍ෙඟ් දකිමින් තවසර රැකි දම් ගිය ජල වගේ ග‍ෙඟ් කිපෙමින් යුදයට මනයොත් වැදි තල සු‍ෙඟ් නැ‍ෙඟ් ගිලෙමින් තවසර අම වන් සැප රති ‍ග‍ෙඟ් ඇ‍ ගේ"

වියොවග රත්න මාලය පත්තායමේ ලේකම් තුමාගේ ප්ර්ධාන ප්ර‍බන්ධ ත්රහය අතුරෙන් එකකි. මෙය ස්වකීය ප්රිපයාව ගෙන් වියෝ වී ප්රි්ය විප්රියෝග දුක්ඛයෙන් පෙළෙමින් සිටිමින් ලියන ලද්දක් මෙන් රචිත ය. කව්මිණි කො‍ෙඬාල අරඹද්දී "පිරි නෙක වන නිමල, නිමල රස දරණා, සතතැම රිසි දෙවන" ආදි පද්යපත්ර්යකින් රත්නත්රි ප්රනණාමය කළ මේ කවියා ඉනික්බිති "සත අත තුසර කර" යනාදි කවකින් දේවයාචනයක් ද කෙළේය. වියොවග රත්න මාලය ආරම්භයේදී "සිසිර කර සකත හිරු දින ගුරා ගුරා" යනාදී කවකින් චන්ර්රම , විෂ්ණු, සූර්ය, සිකුරු ආදී ග්රයහයනට ආයාචනයක් කෙළේය. එහෙත් රතවතී කාව්යචය ඉෂ්ටදේවතා ප්රරණාමයකින් තොරව රචිත වූවකි.

බෝසතුන් පවා නානා ජාතකයෙහි දී කාන්තා විරහයෙන් දුක් වූ බවත්, එහෙයින් තමා සත්රිජ විරහයෙන් විකලත්වුයට පැමිණීම පුදුමයක් නොවන බවත් කව් කීපයකින් දක්වා ඉක්බිති මේ කවියා සව ප්රිවයාව පිළිබඳ වර්ණුනයක් කෙරේ. සිය ඇඹේතියගේ හිස පටන් දෙපතුල දක්වා අංග ප්රාත්යං්ගයන් විස්තර කරමින් බැඳුණු මේ පද්යි සමූහය අතිශයින් විචිත්රද ය.

43 ප්රපස්තාවනාව

මේ සා රූසිරියකින් හෙබි පියවියගෙන් වියෝවීම පිළිබඳව සුසුම් හෙලන කවියා ඉක්බිති රාත්රීන වර්ණෙනයක් කොට "කල් විරතව ඉඳින මා දකිමින් සැනේ" යනාදි කවකින් අනංගයාගේ සම්ප්රාීප්තිය දක්වා සිය බිරිඳ සිහි කොට වැලපෙයි. අනතුරුව‍ වෙතට පැමිණි පියවිය සමග සතුටින් වැස උදෑසන යුවති-පති යුවල ඔවුනොවුනට ආශිර්වාවද කර ගනිති.

යමක බන්ධවනයන්ගේ විචිත්ර මූ වියොවගරත්න මාලය රස වෑහෙන කව්වලින් ම ගහනය. මෙහි සැටවැනි කවේ සත් සත්තෑවැනි කව දක්වා දැක්වෙන කව් අටළොසින් සතළොස කම මූල එළිසමය බැඳීමේදී කතුවරයා අමුතුම මඟක් ගෙන ඇත. කා. ගා. (චා) ජා. ඈ. විසින් (සෝඩි‍යෝ) පිළිවෙළින් බඳුණු මුල අකුරත් එකසේ යෙදීම විශෙෂ ලක්ෂ ණයකි.

"සිලු සෙම කාකා වත හිම බ‍ෙඳ් ත‍ෙඳ් සැරඅනෙ කා කා සොහොවුරු විදේ හ‍ෙඳ් දැක මෙදු කා කා රය විත් නදේ ලෙදේ ලඳ හනි කා කා මය හරු ඔදේ බි‍ෙඳ්

සඳ සනගා ගා සැර කර මින මුනා නල සුනැඟා ගා රතහර මනා මෙනා රුදු අතගාගා යන කර මිනා රනා එය මළඟා ගා නිය නොලැ ගුනා යිනා

තද කොංවා වා තක හඬ මෙ නේ දැ නේ බණ පං වා වා පහි පස ගෙ නේ තිනේ නොව කිං වා වා රය විඳි නෙ තේ රනේ කර මුං වා වා ටුව වර ග නේ අනේ

මුවර දජා ජා තක දුව මෙනා මනා ලිය සහජා ජා ලය බැඳ ගෙනා පිනා පවක නිජා ජා තව වෙන් වුනා යිනා ඉඳිමිමෙජා ජා තිය කඳු ළෙනා න නා"

සඟරාජ වත වූ කලි අසරණ සරණ සරණංකර සඟරාජ තුමන්ගේ චරිතාපදානය පැවසෙන කව් පොතකි. මුං කොටුවේ අබේසිංහ රාළ නම් කවියා එහි කතුවරයායි. එහි දැක්වෙන කව් දෙකකි මේ.



44 කව් මිණි කොඬල

"සදම් සිඳු තුළ වැ ද තෙර දුටු ගැඹුරු විනිවි ද මොර තොට දහම් ක ඳ තෙ වැනි නායක තෙරිඳු මනන ඳ

සඟ රජ ගුණ නොම ඳ වතත ලෙස තුති පද බැ ඳ කළ අයජමිනි සො ඳ මතැණ පමණට කියමි මද ව ද"

මොරතොට ධර්මිස්කන්ධ හිමියන්ගේ චරිත කථාව කව් බසට නැගීමෙන් අබේසිංහ රාළ අතින් සකස් වුණු පොතය මොරතොට වත. මේ එහි දැක්වෙන කවකි.

"දුසිරි හිම දුර ල න දන මන කමල පොබ ව න මුනි මුව ගිර රඳ න සදම් දිනකර වඳිම් දින දි න

නාරිසත් සන්දේශයෙහි කතුවරයා ශිල්පාධිපති ගණිතාචාර්ය වරයාය. මෙතුමා සත්කෝරළයේ පහළ දොළොස් පත්තුව බද මැටි ඔලුව නම් ගමෙහි විසුවේය. තානගත නම් ගම විසූ කාන්තාවන් සත්දෙනෙකු ගේ ප්ර ධානත්වරයෙන් ග්රාවමවාසීන්ගේ ද සහෝගය ඇතිව රන්ගිරි දඹුලු විහාරය වැඳීමට ගිය මාර්ගත විස්තරයකි මෙයින් දැක්වෙනුයේ.

මෙහි ආරම්භය මාර්ගද අස්න නමින් හැඳින්වෙන ප්රාවස පදයන්ගෙන් අලංකාර වූ රසවත් ගද්යායෙකි. ගද්යියෙහි වූ අදහස් යළිත් පද්යකයට නැගීමෙන් නාරිසත් සන්දේශය, රචිතය. නානා වෘත්තයන්ගෙන් බැඳුනු කව් එක්සිය දෙපණසක් මෙයට ඇතුළති.

ඇරඹුම : - ස්වස්ති වර කුල කමල රාජහංසාභිමෘත - නිමල මර්ණ ඝන කිරණ - එකල මුව ගරුඩ පල - ලකල් හේරත් විමල - සපල කඳු ගිරි නිමල - වැජඹි රවි කුල කමල - නාන ගන ගිරි අසල් - පාත මැටි ඔලුව වෙල් - සීත ජල වැවෙනි පුල් - දෝත කර්තෘරත එසිල් පාධිපතියා විසින් - කිවිරත්න කාරකං කාර ආඩම්බරින් - සකස් වස් එක් දහස් - සත් සියක් පස් පණස් - වු වයින් වෙසක්.

45 ප්ර ස්තාවනාව

පුර - බුදනුරය තෙළෙස්වක - අරුණ රිවි මිථුතයෙන් - වෙසෙස් නොව නිදොස් වූ ලහස් වම පසැස් වඳිනා ලෙසට ගමන් ගත් සුර ධෘතිකාරකම් කාර යුත් මාර්ගක වර්ණ නා වෙහි බට -

සොඳුරු තල් කිතුල් වත් - ඉඳුරු ගිරි කදින් මත් වඳුරු රුක් ලෙහෙණ හොත් - නුදුරු වල් පළිත් විත් - සිදු සිලින් දොළ අලින් - මුදු නලින් වැද ගිමන් - සෑදූ හළුන්නේ ගමින් - කඳු බොඩින් යා යමින් - හැර නුදුරු මුවා සිලි - කඳුරැසින් මෙවා කෙත්වත් පටුන් එවා තද නල නලින් ගෙවා කඩිහාර - යෙන් විත් ගෙවලා කුඹල් පියසකින් - ඒ වෙලෙන් යා යමින් - නිමල් වූ කිඹුල් තුරු වා නලින් ගිගුම් ගත් - තිබොල් ගිරියාවතින් - මා වතින් යා යමින් - නො හැර නුදුරුව එතල් - තල පවන ගෙන තුටුව - ළදරු එලඳුන් දුටුව - තඹරු විල මල් අටුව - සොඳුරු බමුණා කොටුව - ලා ගෙවාලා යමින් - ලකුණු නානා විමන් - මුකුලු සේනා ලියන් - කැකුළු පීනා කුසුම් වූ ලියන්ගෙන් අසා - එකල කළු කෑල විත් යා යමින් උතුම් තුන් රන් රම් රදන් ගිමන් ගත් ගොන්නමින් ඉඳුරු දිග විදුරු කග - නුදුරු ලඟ සොඳුරු රඟ - රන් විමන් කොත් කැලුම් දැකීමෙන් සූර බල රාම නම් ගොවින්ද මහා ප්රාිසාදයක් බලා වැඳ - ඈ විසින් මඟ වැණුම් දැක්වේ.

පද්යං්ශයෙහි කව් කීපයෙකි මෙහි මතු දැක්වෙනුයේ.

කුසුම් පෙත් පියුම් වත් හැඳ කළෝ බ ර හසුම් වත් තිසර පියබඳ මුවා වෙ ර සුසුම් ලත් නිදුක් ලිය පුත් නිසා පෙ ර කසුම් වත් දුහුල් ගෙන කුඹු මුවා ක ර

තැන්පත් කමින් තුසරද මුකුලු ලා ති‍ රේ මන්මත් බිගුන් පික මල් හදිනි කේස රේ නන්ගොත් ලඳුන් ලියවර රඟන ආද රේ රන්පත් සවන් ලු මුතු බරණ ලා ක රේ

රූපත් නෙතට නර ඹන සඳ ඊල් ලණු ලාගත් කරට මිණි දනකර මාල් ලණු මේකත් ලියට වරගන සරි කාල් වෙණු ජීවත් ලෙසට ඇරගෙන පොල්හාල් ලුණු

46 කව් මිණි කොඬල

ගුණ නැණ සකස් කර සිත වන්දනා වේ පින වන කෙලෙස් කර දුරු ඉන්දනා වේ රන ලිය ස තොස් සර පින ගන්දනා වේ යන ලෙස පසස් දකිනට වන්දනා වේ

ගානා දුනුත් අකණය තන් සොඳුරු ස ර නාන නුමුත් විද කිවි ලිය බුබුල ව ර පීනා කුඹුත් පිට මුතු පෙති කුඹුලු ව ර නූතා සුගත් වඳිනට යමු දඹුලු පු ර

නඳලා රඹෙ න් සක් පසතුරු ගොස නදි නි කොඳලා කුසු න් තල් තල රුක අතු අගි නි විඳලා සිරින් මෙ සුරඹ ගෙන රණ ගිරි නි වැඳලා ව රන් ගෙන ගිනි පතිනිය අති නි

පුල් තුඩු නීල කම් කොඳ තුරු ලකා රය මල දඬු තාල ගුම් නල නැගි අකා රය සල් සොඬු සාල කැම් උක් සපු පබා රය ගල් වඩු නාත ගම් වැඳ ගිරි විහා රය"

අෂ්ට නාරි සන්දේශය බරණ ගණිතාචාර්ය වරයාගේ කෘතිය කැයි ඇතැමෙක් කියතුදු මෙහි භාෂා විලාසයෙන් ද දූත මෙහෙවර අරඹන ලද ස්ථාන නාමාදියෙන් ද ඒ මතය බිඳ වැටේ. බරණ ගණිතාචාර්යවරයා රෝහණ පුත්රැයෙකි. මහා කවියෙකි. අෂ්ටනාරි සන්දේශයේ කතෘවරයා උඩරට විසූ කවියෙකැයි කිවහැක.

නාරි සත් සන්දේශය ලියූ කවියා විසින් ම අෂ්ටනාරි සන්දේශයත් ලියන ලදැයි සිතීමට ද කරුණු ඇත. මේ සන්දේශ දෙකෙහිම දූත ගමනෙහි ආරම්භය නාතගත නම් ග්රා මයෙන් ම සිදුවී ඇත. මේ සන්දේශ දෙකේ ම කව් එක හා සමානය, දුත ගමනෙහි කාන්තාවන් යොදවා ඇත.

දෙවි පිහිට අයදිමින් ස්කන්ධ කුමාර දිව්ය රාජයා වෙත යන ලද්දක් සේ ගැළපුණු කව් සැත්තෑ සයකින් අෂ්ට නාරි සන්දේශය සකස් වී ඇත. මෙහි කර්තෘණවරයා කාන්තාවන් අට දෙනෙකු දූත මෙහෙවරෙහි ‍යොදවන ලද හෙයින් මේ කාව්යණයට අෂ්ටනාරි සන්දේශය යන නාමය අන්නයර්ථය.

47 ප්ර්ස්තාවනාව

"මිතුර දකුණු දිග දැක වඳු සුමන ගි ර" (නාරි සත් සන්දේශය)

"දකුණු දිග බලව සකි සඳ සුමන ගි ර" (අෂ්ටනාරි සන්දේශය)

"ඉසානා කොණින් දකු දොළු ගිරි කන්ද" (නාරි සත් සන්දේශය)

"සොඳුරු බල උතුරු දිග දිලි දොළු කන්ද" (අෂ්ටනාරි සන්දේශය)

"ලොල්ලා‍ කොඳ නිති තුල්ලා සහතන නැලවි ල්ල අල්ලා සළු රැලි පු ල්ලා සිහිනිඟ කැරකි ල්ල දුල්ලා මුතු කර වැ ල්ලා ලෙල කුඹු කුඩනි ල්ල නිල්ලා වරලස ලො ල්ලා ලඳ ඉස පැටලි ල්ල (නාරි සත් සන්දේශය)

"ලොල්ලා වත සොමි පුල්ලා සොඳ ලඳ ලැම තැ ල්ල තෙල්ලා ඉස පැටලි ල්ලා වරලස ගැවසි ල්ල නිල්ලා වත රැලි අ ල්ලා රණ හස නැලවි ල්ල වැල්ලා ගල දැක ප ල්ලා අඟනති, පුර න ල්ල (අෂ්ටනාරි සන්දේශය)

මෙහි ඇතැම් කව් සැළළිහිනි සන්දේශයෙහි කව් හා සමානය. "තොප දැකුමෙන් අප පින් කළ බව දනී ණි" (සැළළිහිණි සන්දේශය)

"සොඳුරු කතුන් දැක පින් කළ බව හැඟු ණි" (අෂ්ටනාරි සන්දේශ්යප)

"පව් රද කඳ නා ලෝ මුල් ගිගතු බ ර ලෙව් තුරු සුසැදු යස මිණි මුතු මල් පන ර සව් සිරි පිරි සුර පුරවන් කැලණි පු ර දෙව් මෙ හසුන් විබිසණ සුරිඳුව පව ර (සැළළිහිණි සන්දේශය)

48 කව් මිණි කොඬල

"ගිරි රද කඳ නාලෝ මුල් තුරු සුබ ල සිරි මත් මෙ නර ලොව මිණි මුතු මල් උදු ල පිරි සිරි එ සුර පුර වන් දිද්ිදෙනි දෙවො ල පිරි ය සිතින් දෙව් මෙ හසුන් හුතැස් බ ල" (අෂ්ටනාරි සන්දේශය)

"නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙ ඩි පුල හෙළ කුසුම පිය තෙපල රන් කෙ ඩි සල සුදු සෙමෙර සේසත් ගිජිඳුනොද වැ ඩි බල සුබ නිමිති පෙර මඟ නැකතටත් වැ ඩි" (සැළළිහිණි සන්දේශය)

"මියුරු සුවඳ පිරි කුඹු ඈ නොයෙක ප ල කුමරු ළදඟනන් හා මියුරැති තෙපු ල සෙමරු සමඟ සේසත් ගජ තෙදැති බ ල සොඳුරු නිමිති බල පෙර මඟ විපුල බ ල (අෂ්ට නාරි සන්දෙශය)

"සල් සපු, කීණ, දොඹ, රෑරඟ, නා, මිදෙ ලි පුල් එරහැඳි, හෝපලු, මී අඹ, පළො ලි පොල් පුවකිගු, රඹ, මල බුලත, සලිම ලි නිල් ගතසා සෙවණලු දෙ තෙර මනක ලි" (සැළළිහිණි සන්දේශ)

"සල් සප්, කීණ, අඹ, දඹ, මී අඹ, පළො ලී දෙල් මොර, කැන්ද, සුවිසල් සොඳ නා, මිදෙ ලී තල් කිතුලින් ද, පොල්, පුවකිගු, එ සලිම ලී මල් කැල බරින් සැදි තුරු කැල බලනු ලො ලී" (අෂ්ට නාරි සන්දේශය)

මෙසේ සැළළිහිණි සන්දේශයේ කව් අරුතින් හා පද විසින් ද උපුටා ගත් තැන් කිහිපයෙකි.

වල්ලි මාතා කාව්යනය මාතර අභයකෝන් විජය සුන්දර මුදලි තුමාගේ කෘතියකි.



49 ප්රිස්තාවනාව

"පොබය තෙද, පතළ කළ තෙදිය සවති ඳු ලොබය වන කතාවක් දෙමළ බස රැ ඳු අබය කෝන් විජේ සුන්දරය මුදලි ඳු ලොබය සිතින් සිංහල බසිනි පද බැ ඳු"

ග්රයන්ථා වසානයෙහි එන මේ පද්යෝයෙන් ගත්කරු හා ග්රගන්ථ ස්වරූපය ප්රනකාශ වේ. ගණපති, ස්කන්ධි කුමාර නමස්කාරයෙන් ඇරඹුණු මේ කාව්යුයෙහි ප්රනස්තුතය මෙසේය.

"හිමි සඳුන් බර ක ර කළ විවා මඟුලක් පෙ ර ඇසූ පමණ ගෙන හැ ර කියව් එළුවෙන් මඳක් කවික ර"

මෙහි සඳහන් විවාහය කතරගම දෙවියන්ගේ හා වල්ලි මාතාවගේ විවාහය යි. එහි එන රජතුමාට දිගා සිරි පැතුමකි මේ.

"පතල යස තෙද දියත හැම තැන රුදුරු ගුණ යුත් නෙ යු රා නැබල ඔද බිඳ සැවුළු දද බැඳ රන මයුරු නැගි මනහ රා නිමල රුසිරැති වල්ලි මාතා සතුටු කළ හිමි බර ක රා සකල සෙත දී අසිරි සලසති මෙ අප සමිඳුට තිරස රා"

කව් මිණි කො‍ෙඬාල ලියවුණු වකවානුවෙහි දී උඩ පාත දෙරටෙහිම දක්ෂ කවියෝ තරගයට මෙන් කව් පොත් කළෝය. මාතර පුරවරයෙහි වාසය කළ අභය සිරිවර්ධන ඉලංගක්කෝන් මුදලිඳුගේ උපකාරය එකල විසූ කවියන් බොහෝ දෙනෙකුට ලැබිණ. මෙතුමාගේ ආයාචනයෙනි සමරජීව පත්තායමේ ලේකම් කවියා කව් මිණි කො‍ෙඬාල සම්පාදනය කෙළේ. එදා පටන් මෙදා වනතුරු මේ කාව්ය ය සත් කවියන් විසින් උසස් ප්රේබන්ධතය කැයි සලකනු ලැබේ. එහෙත් කව් මිණි කො‍ෙඬාලෙහි පිටපත් සුලභ නොවීමෙන් නූතන කවියෝ එහි නාම මාත්ර ය මුත් පිට පතක් නුදුටුවිරූය. මෙසේ කාලාන්තරයක් මුළුල්ලේ තුබුණු අඩු පාඩුව පිරිමසාලනු වස් අපි මේ (කව් මිණි කො‍ෙඬාල) සුගම සන්නය සකස් කෙළෙමු.

මේ ග්රාන්ථය සම්පාදනයෙහිදී අතිගරු වැලිපටන්වීල දීපංකර මාහිමියන්ගේ කව් මිණි කො‍ෙඬාල ව්යිඛ්යාලතය අපට ඉතා පිහිට වූ බැව් ගෞරවයෙන් සඳහන් කරමු.

50 කව් මිණි කොඬල

තවද මේ ව්යාඬපාරයෙහි දී කොළඹ කෞතුකාගාර පුස්තකාල යෙහි අධිපති සී. ඇම්. ඔස්ටින් ද සිල්වා මහතාණන්ගේ අනුග්රකහය නොමසුරුව ලැබුණු බැව් කෘතඥතා පූර්ව‍කව ප්රිකාශ කරමු.

ශාස්ත්රපචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල පඬිතුමන්ගේ සිංහල සාහිත්යණය වංශය ද, ජී. සී. ඩබ්ලිව්. බ්රො‍හියර් මහතාණන්ගේ ලංකා සාහිත්යා වංශය හා විනයාචාර්ය වෙහෙරගම්පිට නන්දා.රාම ස්වාමීපාදයන් වහන්සේගේ කරතොට වත නමැති ග්රයන්ථයන් මෙහි ප්ර‍ස්තාවනාව පිළියෙළ කිරීමේදී ඉතා ප්රරයෝජනවත් වූ බැව් ස්තූතියෙන් සඳහන් කරමු.


මෙයට - ලෝවැඩ කැමති,

ටී. ඇස්. ධර්ම බන්ධුි

12.6.55 එගොඩඋයන




ජයද්දිස ජාතකය[සංස්කරණය]

තවද එක් සමයෙක්හි සත්වයන් ජාති කාන්තාරාදීන් නිස්තරණය කොට නිර්මා්ණ ක්ෂෙවම භූමියට පමුණුවන හෙයින් ශාස්තෘ නම් වූ අභීත අවින්ත්යය අවාව්යග අවෙද්ය් අනන්ත ගුණ ඇති අප බුදු රජාණන් වහන්සේ මේ ජයද්දිස ජාතකය මවුපියන්ට උපස්ථාන කළ එක් භික්ෂු වක්හු අරභයා වදාළ සේක.

මෙහි වර්ත මාන කථාව ‍සාම ජාතකයෙහි විස්තර වශයෙන් එන්නේය. එකල සැදැහැ ඇත්තවුන් දුන් අන්ත පානාදිය ගෙන දෙමවුපිය දෙදෙනාහට දී පෝෂ්යනය කරණ මහණකු දැක සෙසු භික්ෂු හු එම්බා මහණ. සැදැහැ ඇත්තවුන් දුන් දෙය ගෙන ගිහියන් පෝෂ්ය ය කිරීම නුසුදුසු යයි. එ කල්හිම බුදුරජාණන් වහන්සේ සමීපයට යම්හයි 'ඔහු නො කැමති කරවා කැඳවා ගෙන දම් සභා මණ්ඩපයෙහි පනවන ලද බුද්ධාසන මස්තකයෙහි යුගදුරු මුදු‍නෙහි දිලිසෙන ලහිරු මඬලක් මෙන් වැඩ උන් බුදුරජාණන් වහන්සේට දක්වා මෙ පවත් දැන්වූහ.

එවේලෙහි බුදු රජාණන් වහන්සේද කුරවීක නාදයට අපහාස කරන මධුර වූ කටහඬ විහිදුවා වදාරණ සේක. "එම්බා මහණෙනි, මොහු කළේ පුරාතනයෙහි නුවණැත්තවන්ගේ ප්රරවේනි ධර්ම යක, එසේ හෙයින් ම පුරාතනයෙහි උත්තමයෝ රන් කමින් විසිතුරු සේසතින් යුත් සියලු රජ සිරි හැර ගොස් දෙමවු පිය දෙදෙනාහට උපස්ථාන කළෝ වේදැ" යි වදාරා වැඩ හුන් බුදු රජාණන් වහන්සේ අතින් අසා "ඒ කෙසේදැයි ස්වමිනී, මහ සැපත් හැර දෙමවුපියන්ට උපස්ථාන කළෝය" යි ඒ භික්ෂුන් විසින් ආරාධිත වූ බුදු රජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙන හැර දක්වා වදාළ සේක.

ඒ කෙසේදයත්,

යටගිය දවස කම්පිල්ල දේශයෙහි උත්තර පඤ්චාල නම් නුවර පඤ්චාල නම් රජ්ජුරු කෙනෙක් දශ රාජ ධර්ම යෙන් රාජ කෙරෙත්. එකල ඒ රජුහුගේ අගමෙහෙසුන් දේවිතොම පිහිටි දරුගැබ් ඇතිව දසඑකඩ මසකින් දරු කෙනෙකුන් වැදුය. මේ බිසවුන්ට පූර්ව ජන්මයෙහි සැතිරී වූ එක් ස්ත්රිගයක් තොම සිත් ඉතිර පවත්නා කෝපයෙන් තොප උපනු‍පන් ජන්මයෙහි තොප වැදු දරුවන් කන්ට සමර්ථා වෙම්වයි ප්ර්ර්ථජනා කොට යකිනිව උපන්නීය, ඕ තොමෝ මේ ජන්මයෙහි අවසරයක් ලදින් දරු


52 කව් මිණි කො‍ෙඬාල


වැදූ මෑනියන් බල බලා සිටියදීම අලුත් මස් වැදැල්ලක් මෙන් වැදහොත් කුමාරයන් ගෙ මුරු මුරු යන අනුකරණ කෙරෙමින් අනුභව කොට ගියාය. දෙවෙනි වාරයෙහිත් එපරිද්දෙන්ම කළාය. තුන්වෙනි වාරයෙහි වනාහී ඒ යකිනිය දරු වදන සූතිකා ගෘහයට වත් කල්හි ගෙය වට ‍ෙකාට ගෙණ රැකවල් කළහ. ඒ දරුවන් වැදූ දවස් ඉකුත්කොට නැවත අවුත් දරුවන් අල්ලා‍ගත. එකල්හි බිසෝ මහත් කොට හඬා නැගූහ. ආයුධයෙන් යුක්ත අත් ඇති රැකවල සිටි පුරුෂයෝ බිසවුන් කී සලකුණෙන් යකින්න ලුහුබුඳවා ගත්හ. ඒ යකින්නී තොම දරුවන් කන්ට අවසරයක් නොලබන්නී දිවගන ගොසින් දිය යන සොරොවුවෙහි සැඟවී ගියාය. එ දවස් දරුවෝද මෑණියෝය යන සංඥාවෙන් යකින්නගේ තනය මුවෙන් ගත්තුය. එකෙණෙහි ඕ තොමෝ පුත්ර සෙනහ උපදවා මිනිස් දරුවෝ යයි යකින්න නොසිතා තමන් වසනා සොහොන සමීපයෙහි ගල්ලෙනෙක්හි තබා කිරි පොවා පෝෂ්යාය කරන්නීය. මෙසේ ක්රතමයෙන් වැඩෙන කුමරාහට තමා කන මිනීමස් ගෙන හැර දුනි. එ තෙමේ ද මිනිමස් අනුභව කෙරෙමින් වැඩුනේය. එතැන් පටන් දෙදෙනම එක්ව අමුසොහොන් ආදියට ගොස් එක්වම මිනී මස් අනුභව කොට විසූහ. ඒ කුමරුවා ද තමා මිනිස් බව නොදන්නේය. මම යකින්නගේ දරුවෙමි සිතාත් ආත්මභාවය හැර අන්තර්ඨාතන වෙන්ට නොපෙ‍ාහොසත් වූයේය. ඉක්බිති ඔහ‍ුගේ මවු යකිනී තොම අන්තර්ඨානන වන පිණිස එක් බෙහෙත් මුලක් මොහුට දුන්නීය. එ තෙමෙ බෙහෙත් මුලෙහි ආනුභාව සෙන් අන්තර්ඨා නව අනුන් ඇසට නොපෙනෙන්නේ මිනී මස් කාගෙන ඇවිදින්නේය. යකිනී තොම වෙසමුණු රදුහට මෙහෙ කරණු පිණිස ගියේ එහිම කාලක්රිනයා කළාය. එනුවර පඤ්චාල රජ්ජුරු‍වන්ගේ බිසවූ තොම සතර වෙනි වාරයෙහි අනික් දරු කෙනෙකු‍න් වැදූය. ඒ උපන් කුමර තෙම යකින්න මළ හෙයින් කිසි උපද්රවවයක් නැතිව වැඩෙන්නට වන්නේය. මෑණීයන්ට සැතිරී යකින්න ජය ගෙන උපන් හෙයින් ඕහට ජයද්දිස කුමාරයෝය යි නම් තුබූහ. එ තෙම වැඩිවිය පැමිණියේ අෂ්ටාදය ශිල්පයෙහි ද සූ හැට කාල‍යෙහි දැයි සියලු ශිල්ප ශාස්ත්ර යෙහි අග්ර ප්රා ප්තව සතුටු වූ දෙමවුපියන් විසින් දෙන ලද රාජ්යියෙහි නගන ලද සේසත් ඇති සිංහාසනයේ ඉඳ, අභිෂේක කළේ දැහැමෙන් රාජ්යය පරිපාලනය කරන්නේය. එකල්හි පුරන ලද පාරමිතා ඇති අනන්යැ සාධාර‍ණොත්තම සුරගන මණි රත්නා ලංකෘත අප මහා බෝධිසත්වතෙමෙ ඒ රජුහුගේ අගමෙහෙසුන් දේවින් කුස ප්රනතිසංන්විධ ග්ර්හණය කළේය. මවු කුසින් බිහි වූ


ප්රයස්තාවනාව 53


මහ‍ෙබෝසතානන්ට නම් තබන්නාහු අලීනවිත්ත කුමාරයෝ යයි නම් තුබූහ. ඒ කුමාර තෙම වැඩිවිය පැමිණ උගන්නා ලද ශිල්ප ශාස්ත්රූ ඇත්තේ යුවරජ තනතුරට පැමි‍ණියේය. ඒ පළමු කියන ලද යකින්නගේ පුත්රූයාත් තමා අනුන්ට නොපෙනෙන්නේම වනැයි මව් යකින්න විසින් දෙන ලද බෙහෙත් මුල ද තමන් අතින් ලදුකමින් වල දමා අන්තර්ඨාින වෙන්ට නො පොහොසත් වූයේ පෙනෙන්නා වූ ශරීර ඇත්තේ අමු සොහොන්හි මිනී මස් කා ඇවිදින්නේය. මනුෂ්යනයෝ ඒ දැක භයපත්ව ඇවිත් රජ්ජුරුවන්ට මුරගා පමුණන්නාහු දේවයන් වහන්ස! එක් මිනිසෙක් නොවැළහී කිසි භයක් නැතිව මිනිසුන්සේම දෘශ්යනමාන ශරීර ඇතිව මිනීමරා කා ඇවිදිනේය. මේතෙම් මෙපරිද්දෙන් පුරුදුව ගියේ වී නම් භය නැතිව නුවරට වැද මිනිසුන් කන්නේය. පළමුකොට මොහු යම් උපායකින් අල්වා ගත යුතු යයි දැන්වූහ. රජ්ජුරුවෝත් යහපතැයි ගිවිස ඔහු වහා අල්ලවව යි නියෝග කළෝය. එකෙණෙහි මනුෂ්යුයෝ ඔද වැඩි සිත් ඇතිව පංචායුධයෙන් සන්නද්ධ වූ බල ඇතිව මොහු වසන සොහොන වටකොට ගත්හ. ඒ යකින්නගේ පුත්රතයා ද ගහන වූ වනයේ දරුණු වූ වෙෂ ඇත්තේ මරණ භයින් තැති ගෙන මුරගාමින් මනුෂයයේ යෙන් අතරට මහත් වූ වේගයෙන් අවුත් වන්නේය. රැක වල සිටි මනුෂ්යේයෝ මේ යක්ෂනයෙකැ යි කියා මහත් වූ මරණ භයින් ඔහුට මග හැර දෙ‍කක්ව බෙදී ගියාහ. එවේලෙහි යකින්නගේ පුත්රමයාද ඒ ස්ථානයෙන් දිවගෙණ ගොස් වලට වැද ගියේ නැවත තමා වසන්නා වූ ඒ වනයෙන් මනුෂ්යත පථයට නොබැස සත්වයන් වසන්නා වූ කාන්තාර මාර්ගායට සමීපයෙක්හි වනය ඇසු‍රුකොට වසන්නේය. මග යන එන සත්වයන් අල්වා ගෙන වනයට වැද එම සත්වයන් මරා කනුයේ එක් නුග ගසක් මුල වාසය කළේය; ඉක්බිත්තෙන් එක්තරා ගැල් ගෙන්වා යන බ්රා හ්මණයෙක් වන දොරකඩ රැකවල් සිටියවුන්ට මස්සෙන් දහසක් දී පන්සියයක් පමණ ගැල් හා සමග ඒ මාර්ගවයට පැමි‍ණියේය. එවෙලෙහිත් ඒ වන ලැහැබ සිටි යක්ෂගතෙම මහ හඬින් හඬා මනුෂ්යපයන් ලුහුබඳවා ගත්තේය. ඔහු දැක්මෙන් භය පත්වූ මිනිස්සු ඔහු ඇස දල්වා බලන්ටත් භයපත් වූවාහු මුහුනින් හුන්හ; එවේලෙහි යකින්න‍ගේ පුත්ර්ද ගැල් සාත්තු නායක බමුණා ඇරගෙන නික්මුණු කල්හි වේගයෙන් තබන ලද එක් පසක තියුණු වූ හුලෙක් ඇනුනේය. එවිට වන දොර‍කඩ රැකවල සිටිය වුන් ලුහු බඳවා ගත් කල්හි බමුණා එතැන්හිම දමා තමා මෙතෙක් කල් වසන රුක් මුල්හිම ගොස් වැද හොත්තේය. ඔහු එතැන්හි



54 කව් මිණි කො‍ෙඬාල


වැද හොත් සත්වෙනි දවස් ජයද්දිස රජ්ජුරුවෝ මුවදඩයන්ට නියෝගකොට මහ සෙනග පිරිවරා නුවරින් නික්මුණේය. එසඳ තක්සලා නුවර සිට නන්ද නම් එක් බ්රා හ්මණයෙක් තමාගේ දෙමව්පිය දෙදෙන හට උපස්ථාන කරන පිණිස සම්පත් සොයනු කැමතියේ සතාරහා නම් වූ ධර්මගදීපනී ගාථා සතරක් ඉගෙන පඤ්චාල නුවරට එනුයේ රජ්ජුරුවන් නුවරදීම දුටුයේය. රජ්ජුරුවෝත් ඔහු අතින් සතාරහා ගාථා අසනු කැමතිව ඕහට නවාතැන් දී වැටුප් වියදම් දෙවා තුමු මුවදඩ ගොස් යමක් හු සිටි කඩින් මුවා පලා ගියා නම් ඕහට දහසක් ‍දඩයයි නියෝග කළෝය. ඉක්බිත්තෙන් එක් පසද නම් මුවෙක් ඉපිල රජ්ජුරු වන්ගේ අභිමුඛයට අවුත් ඔහු සිටි කඩින්ම දිවපුයේය. එවේලෙහි අමාත්‍්ගයෝ පරිහාස කොට? දේවයන් වහන්ස, යමක් හු සිටි කඩින්ම මුවා පලා ගියා නම් ඕහට ‍දඩයයි පළමු නුඹ වහන්සේ විසින් වදාරණ ලද්දේ වේදැයි කීහ. රජ්ජුරුවෝද එවේලෙහි රාජාභිමානයෙන් ගර්විතව කඩුව ඇරගෙන මහත් වේගයෙන් ඒ මුවා පසු පස්සේ ලුහුබඳවාගෙන තුන් යොදුනක් දිව කඩඩුවෙන් මුවා දෙකඩ කොට ගසා එවේලෙහි සිතන්නාහු මම ගොසින් අමාත්යියන්ට මුවා මැරුවයි කියේ නම් ඔවුහු අදහා නොගණිතියි සිතා මුවා කද බැඳ ගෙණ එන්නේ ඒ මනුෂ්යේ යක්ෂඅයා වුන් ගසමුලට පැමිණ ඉඳ මදක් සැතපී යන්ට ආරම්භ කෙළේය. එ වේලෙහි ඕහට මනුෂ්යද යක්ෂයා කියනුයේ එම්බල පුරුෂය? නොයව තෝ මට ගොදුරු වූ යෙහි හුන් තැනින් නැගී සිට ගොස් ජයද්දිස රජ්ජුරුවන් අත අල්වාගෙන සිට මෙසේ කියයි ලුහුබැඳ මිනිසුන් අල්වාගන්ට අසමර්ථවව නිරාහාරවත් පිපාසයෙන් පීඩිත වූ මට දැන් මේ සත්වෙනි දවස්හි තෙපිම ඇවිදින් මට සම්ප්රා ප්තවූවාද එසේ හෙයින් බොහෝ දවසකින් මා කැමැති භෝජනය නිරායාසයෙන් තෙමේම අවුත් පැමිණියේය. එබැවින් තෙපි කෙබඳු ජාති ඇති කෙසේ වූ කෙනක්ද කොයි සිට ආ කෙනෙක් දැයි විචාළේය. එබස් අසා ඒ රජ තෙම මෙලෙසින් කියන්නේය. සබඳ යක්ෂදය? මුවදඩ කෙ‍ළියෙහි, ලොභයෙන් පර්වලත ප්රා්න්තයක් පාසාද වනයක් පාසාද ඇවිද විඩා වූ මම සාමාන්ය එකෙකු නොවෙමි, පඤ්චාල දේශයට අධිපති වූ ජයද්දිස නම් රජවෙමි. එබැවින් මේ පසද මෘගයා අනුභව කරව? මා හැරපියවයි කීයේය. එකෙණෙහි මනුෂ්ය් යක්ෂයතෙම මෙලෙසින් කියන්නේය. මේ මුවා මට දී තෙපි ගැලවෙමියි යන යම් වෙළදාමක් ගනුදෙනු කිරීමෙක් ඇද්ද? ඉන් ‍ප්රමයෝජන කවරේද? ‍ෙතාපි අනුභව කළ කල්හි මුවා කොයි යන්නේද? බල එකෙක් ඇත, දෙකෙක් කෑවිට දෙවේලක් පිරි



ප්රේස්තාවතාව 55


මැසී යන්නේය, මෙලෙස තිබියදී මරණ භයින් නන්දෙඩිම තොප වැනි ධීර පුරුෂයන්ට සුදුසු නොවන්නේ යයි කීයේය; එබස් අසා ජයද්දිස රජතෙම නන්ද නම් බ්රාටහ්මණයාගෙන් බණ අසන්නටද ඔබ ගොස් ආ කල යයි යන ප්රසතිඥාවෙක් සඳහන් කොට නුවරට ගොස් එන පරිද්දෙන් අවසර ඉල්වනු කැමතියේ මෙලෙස කීය. රජ්ජුරුවෙනි මරණ ළංව සිටි තොප අසමුර්ධක වූ යම් කටයුත්තෙක් සිතා පසුතැවිලි කරවාද ඒ කටයුත්ත ඇසු කල්හි දුටු නියායෙන් ගොස් එමි යන තොපගේ බස ඇදහිලි කොට අවසර දියහැක්කේ වේද, ගියමනා කාර්යය කවරේදැයි විචාළේය. ඊට කාරණා කියන රජතෙම මෙලෙස කියන්නේය. එසේ වී නම් මා මුවදඩ එන කලට දුර රට සිට නන්ද නම් බමුණෙක් සතාරහා ගාථා සතරක් ඉගෙන ගෙන මට බණ කියන පිණිස ආයේය, මම එකෙණෙහි මුවදඩ ගොස් ආ කල බණත් අසා ධර්මියට පූජා කරමියි ඕහට ධ‍ නයෙහි ආසා වර්ධ නය කොට ආමි, නැවත මෙයින් ගැලවී ගොස් ඒ කළ නිශ්චය මුදා ආන්තම් පළමු කී ලෙසට නොවරද වීමෙන් ඒ සැබවසත් රැක නොලැබ හැකි ධර්ම් නමැති ධනයකුත් ලදින් නැවත අවුත් තොපට කී සැබවසත් රැකී කල්හි මට බොහෝ ප්‍ නයෝජන වන්නේය. මා මරණ බිය කෙණෙකැයි නොසිතා ඊට මෙහි සැකයක් නොකොට අවසර දෙවයි කීයේය. එකෙණෙහි යක්ෂටතෙම වන්නාටය බණ අසා මෙසේ වූ ධනයකුත් දෙමි යන වචනයෙන් සිද්ධ වූ නයින් මිදී සැබවස රැක්ක යුතුයයි කියා අවසර දුන්නේය. ඒ රජතෙම අභීත සිංහයක්හු මෙන් සැකයක් නැතිව සිට සබඳ යක්ෂසය ‍‍තෝ සැකයක් නොසිතව, මම ගොසින් රාත්රි යෙහිම සියලු ‍කාර්ය් ස සමුර්‍ි ෙකාට උදෑසණක් සේම එන්නෙම් වේදැයි එතනින් නික්ම මග ලකුණු සලකුණු කරමින් තමන් ‍ෙස්නාව කඳවුරු බැඳ උන් තැනට ගොස් මහ සෙනග පිරිවරා නුවරට වැද නන්ද නම් බ්රෙහ්මණයා කැඳවා මහාර්ඝන ආසනයෙක්හි හිඳුවා එකියන සතාරහා ගාථා අසා සාර දහසකින් පූජාකොට යානාවකට නන්වා මොහු තක්සලා නුවරට ඇරලවයි. මිනිසුන්ට පාවාදී බමුණා ගමන් කරවා දෙවෙනි දවස් යක්ෂ යාගේ ප්රවතිඥාවට යනු කැමතියේ පුතනුවන් කැඳවා ලං‍ෙකාට සිඹ සනහා මෙලෙස අවවාද කරන්නේය. පුත අලීන චිත්ත කුමා‍රයෙනි? අදම තෙපි රාජ්යාවභිෂේකය කොට දශරාජ ධර්මියෙන් කොප්යන නොකෙට රාජ්යක කරව? තොපගේ රට මොහු ස්වජනයෝය, මොහු පරජනයෝය යන මමත්වයක් නොවේවයි හැමදෙනම එක මැණියන් පරිද්දෙන් පැවැත මෙලෝ පරලෝ වැඩ සාදද්ද එපරිද්දෙන් රාජ්යෙ පරිපාලනය කරවයි කීයේය. එබස් අසා අලින විත්ත කුමාරතෙම


56 කව් මණි කො‍ෙඬාල


කියනුයේ පියානන් වහන්ස? යම් හෙයකින් නුඹ වහන්සේ යුහුව මට අබිෂේක කරවා අවවාදත් කොට වසනු කැමති සේක්ද? එබැවින් කුමක් ‍කළසේක්ද? ඉදිරියේ කුමක් කරනු කැමැති සේක්ද? එතකුදු වුවත් නුඹ වහන්සේ හැර රාජ්යක නොකරමි. රාජ්ය යටත් වඩා දෙමව්පියෝම වෙද්ද රැක්ක යුත්තෝයයි කීයේය. එබස් අසා කාරණා කියන පියරජතෙම මෙලෙස කියන්නේ අලීන චිත්ත කුමාර‍යෙනි, කයින් වචයින් මනසින් තොපකළ නපුරකින් රට හැර යන්නෙම් නොවෙමි අද උදෑසන මුවදඩ ගොස් මා එන්නාහු එක් යක්ෂනයෙක් මස් කන පිණිස අල්වා ගත්තේය. එකල්හි මම මේ බ්රානහ්මණයාගෙන් බණ අසා ඕහට සත්කාර කොට එමි යක්ෂතයා හට ප්ර්තිඥා කොට ආමි එබැවින් මා යායුතුය. තෙපි රාජ්යෂය කරවයි කීයේය. එබස් අසා කුමාරතෙම මෙලෙස පියරජහට කියන්නේය. මෙබඳු ප්රි ය පුත්රයයක්හු ඇතිව ඉඳ ඒ යක්ෂරයා ළඟට යනකල බලා ඉදින් නම් මාගේ දිවි ලැබී මෙහි ඵල කවරේද? එබැවින් නුඹ වහන්සේ යා යුතු කාරියෙහි මම යෙත් නම් යහපතැයි ලෝ වැසියන්ටම හැ‍ෙඟන්නේය. එබැවින් යක්ෂැයා ළඟට මම්ම යෙමියි නුඹ වහන්සේ සියලු රජසිරි විඳිමින් ප්රේජාපාලනය කළ මැනව ඉදින් මම්ම යෙමි සිතන සේක වී නම් ඒ පවිටු වූ යක්ෂනයා අතින් ගැලවී ගැනීම බැරිය, එබැවින් මම ගියේ නම් රට රකින්න නුඹ වහන්සේම යෝග්ය‍ සේක. මෙලෙස මා කියන බස් නොගිවිස යන සේක් වී නම් ඒ කාන්තයෙන් මමත්, එක්වයෙමි ‍එසේ කල්හි රාජ්යියන් ප්රිජාවත් පිරිහෙන්නේ නොවේදැයි කීයේය.

එබස් අසා පියරජතෙම කියනුයේ දරුවෙනි! අලින චිත්ත කුමාරයෙනි! ඒකාන්තයෙන් මේ තොප කීයේ සත් පුරුෂ ධර්ම්යෙක්මය, එතකුදු වුවත් මා ගොස් යක්ෂ යා අතින් මියයාම යහපත, මාදිව් තිබැදී ඒ කල්මාස්පාදවූ ඔහු ළඟට තොප යැවී මට වඩා මරණය මට දුකැයි නොසිතමි, එබැවින් තොපි රඳව මම යෙහි කීයේය. එබස් ඇසූ අලීන විත්ත කුමාර තෙම් එසේ නොකිය මැනව, දේවියන් වහන්ස! ම‍ා‍ෙග් ප්රාරණය නුඹ වහන්සේට දී නුඹවහන්සේගේ ප්රාවණය මට ගෙණ ‍ගනුදෙනු කරන හෙයින් යන්නා වූ මම නම් නුඹ වහන්සේමය මේ රාජ්ය්ය රකින නුඹ වහන්සේ නම් මම්මය, එලෙස ප්රාඹණ පරිවර්තනය කළහෙයින් නුඹ වහන්සේ යනසේක් වී නම් වේද මා මරණයට පැමිණෙන්නේය. මේ කාරණයෙන් මා කෙරෙහි සෙනග ඇතිසේක් වී නම් නුඹ වහන්සේ රැඳුන මැනව මම්ම යෙමියි රාජකුමාරයෝ කීවෝය.


ප්රකසතාවනාව 57


එබස් අසා රජතෙම පුතනුවන්ගේ නුවන බලපරාක්ර්ම දන්නේ යහපත් දරුවෙනි! ‍ෙතපිම යවයි ගිවිස්සේය. එවිගස අලීන චිත්ත කුමාර තෙම දෙමව්පියන් දෙදෙනා වැඳ ක්ෂිමා කරවා අවසර ඉල්වාගෙන අමාත්යත මණ්ඩලය හට අවවාද දී පඤ්චායුධ සන්නද්ධව රාජයවාසීන් අඬ අඬා සිටියදී නුවරින් නික්මුණේය. එසඳ දෙමවුපිය දෙදෙනාද බහුණ‍තියෝද අගමෙහෙසුන් බිසව ද අමාත්යේ මණ්ඩලයාද පරිවාර යෝද හැම සමග නික්මුණාහ. ඒ කුමාර තෙම නුවරින් නික්ම පියාණන් අතින් මග විචාරාගෙන මොනවට සිත තබාගෙන නොයෙක් කාරණා කියා දෙමව්පියන්ද ඇමැති මඬුලු ආදීවූ මහසෙනගද නුවරටම යවා අසමභිත කේ සරසිංහ රාජයක්හුමෙන් නිශ්සංකව වනමාර්ගරයෙහි නික්මුණේය. ඔහු යන්නා බල බලා සිට මෑණියෝ සෝක දරාගත නොහී ස්වබභාවයෙන් සිටිය නොහී හඬා වැටී මුසපත් වූහ. පිය රජ්ජුරුවෝද දත ඉසතබා මහ හඬින් හැඬුහ. අගමෙ‍හෙසුන් කුමාරිකාතොම මෙබඳු ස්වාමි පුත්ර යකු කවර‍කලෙක ලැබේදැයි හඬමින් වැළපෙමින් මුලින්සිඳී රන් ලියක් මෙන් වැටී හැඬූහ. ඊට අනතුරුව මහ සෙනඟ රාජ කුමාර‍යන්ගේ ගුණ කියමින් හැඬූහ. ඔවුන් හැම දෙනාගේ‍ ශෝක තුනී වූ ඇසිල්ලකින් මාගේ දරුවන් ගියකළ ගියතෙන දුකෙක් නොවේවයි කියා පිය රජ්ජුරුවන් කළ ආශිර්වාද වචනය ද නැගණියන් හා බිරියන්ද විසින් කළ සත්යුක්රිරයා වචනයද මෙපරිද්දෙරන් වූයේය. ඒ කෙසේද සතුරාට අභිමුඛව යන දරුවන්ද බලමින් දොහොත් මුදුනේ තබාගෙන සොම්ය් වරුණය යනාදී ලෝකපාල දෙවියන් ඉර සඳ දෙවියන් ප්රුධාන කොට ඇති සියලු දෙවියනි මපුත්නුවවන්ට අරක්ගනුව තොප විසින් රක්නා ලද මේ රාජකුමාරුතෙම ඒ මිනීමස් කන යකුගෙන් ගැලවී ඔහු විසින් අනුදන්නාලදුව සියනුවරට එවයි මේ අප කී සත්ය වචනයෙන් ඒ යක්ෂඔයාගෙන් ගැලවී වහා එවයි දරුවෙනි! අඬගා කීහ.

යම් සේ බරණැස් නුවර වසන රාම නම් පුරුෂ තෙම මව්පිය දෙන්නා තමාගේ ජීවිතය මෙන් සිතා රකිනේ වෙළඳාම් පිණිස දඬකී නම් රජ්ජුරුවන් ගේ විජිතයෙහි කුම්භවතී නම් නුවර වාලුකාපාණාණ වර්ෂාසදි නව විධි වර්ෂාේවකින් නස්නා කල්හි දෙමව්පියන් දෙදෙනාගේ ගුණ සඳහන් කොට සිටි කෙනෙහි ඔහුගේ ධර්මෂයෙහි සතුටු දෙවියන් විසින් සිය නුවර ‍ගෙනැවිත් දෙමව්පිය දෙදෙනා ඇස දක්වන ලද්දේ සුවත් වී ද, එපරිද්දෙන්ම මේ අලීන චිත්ත කුමාරයෝත් දෙමව්පියන් කෙරෙහි ඇති භක්තියෙහි විපාකයන්ද සක්දෙව් රජුහු ආදී දෙවියන්ගේ අනුභාවයෙන්


58 කව් මිණි කො‍ෙඬාල


ඒ යක්ෂෙයා අතින් මිදී සිය නුවරටම එන්වයි අයදියේය. ඉක්බිති නැගනියෝ සත්යභ ක්රි්යා කරන්නාහු සියලු සතුන් උපන් කෙණෙහිම සුවපත් කළ හෙයින් අලීන චිත්ත නම් වූ මා බෑනන් වහන්සේ කෙරෙහි ප්රතකාශයෙහි වේවයි රහස වේවයි කියන්නා තබා සිතිය යුතු වූ දෝෂයකුත් නොදනිමි. මා විසින් බෑනන් වහන්සේ කෙරෙහි සීනෙනුත් අනාදරයක් නොකෙළේ සත්යදය, මේ සත්යෑ ක්රිෙයා‍ව හේතුකොටගෙන ඒ යක්ෂනයා අතින් ගැලවී වහා අවමැනවයි නැගනියෝ සත්ය ක්රිහයා කළහ. ඉක්බිති සත්යත ක්රිනයාකරණ භාර්යාී තොම මෙලෙස කියන්නී ස්වාමී පුත්ර යානන් වහන්ස! මා ආ දවස් පටන් සිතින් ඇසිල්ලකුත් අප්රි‍ය නොව විසූ සේක ද මමත් ඔබ වහන්සේ ඇර සිතිනුත් අන් පුරුෂ‍යක්හු නොපැතීම්ද, ඒ සත්ය්යෙන් ගිය තැන්හි නුඹ වහන්සේට දුකෙක් නොපැමිණෙයි එබැවින් ඒ යක්ෂුයාගෙන් මිදී වහා වැඩිය මැනවයි ස්වාමිනී! කිව මෙලෙසින් බන්දුඑ මිත්රා්දීන්‍ හඬා හඬා සිටියදී ඒ කුමාරතෙම පිය රජ්ජුරුවන් විසින් කියන ලද මං සලකුණු නොවරදවා ඔහු වසන ස්ථානයට අභිමුඛව නික්මුණේය. ඒ වෙලාවට යක්ෂසයා සිතනුයේ රජ දරුවෝ නම් බොහෝ මායම් දන්නාහ. කුමකින් කුමක් වෙන බවත්, නොදන්නෙමියි සිතා වෘක්ෂමයකට නැගී රජ්ජුරුවන් එන පෙර මග බල බලා උන්නේය. එවිගස රාජ කුමාරයන් දුර එන්නහු දැක සිතනුයේ පියානන් වලහා පුත්ර් තෙම ආයේම වන්නේය. මින් මට භයක් නැත්තේ යයි කල්පනාකොට ඕහට පිටි පෑල හුන්නේය. එකෙණෙහි රාජ කුමාරයා අවුදින් ඒ යක්ෂයයා ගේ අභිමුඛයෙහි භයක් චකිතයක් නැතිව ගොස් සිටියේය. එකෙණෙහි යක්ෂ්තෙම රාජකුමාරයා හා කතාකරණුයේ මස්සු පිරිසිටිනා මුහුණක් හා පුලුල් වූ වක්ෂනසථල හා දික් වූ බාහු ඇති කුමාරයෙනි! රෞද්රු වූ මිණීමස් කන මා වසන මේ ස්ථානයට තමාට සැප කැමැත්තා වූ කවර නම් පුරුෂයෙක් දැන දැන වදනේද එබැවින් තෙපි නොදැන ආවයි සිතමි, තෙපි කවුරුද කොටිසිට ආයේදැයි විචාළේය. එකෙණෙහි තමා කරා ආ කාරණා කියන රාජ කුමාර තෙම කියනුයේ මිනීමස් ගොදුරු කොට ඇති පෝරිසාදයාදය? තොපි මෙතැන්හි වසන තියාව නොදන්නෙම් නොවෙමි. දතිම්මය සැබෑ බසම ජීවිතය මෙන් රක්නා මපියානන් වහන්සේ මාරුවේ ආමි, එබැවින් මා අනුභව කොට උන්වහන්සේ කළ ප්ර්තිඥාව මුදව, තොපගෙන් උන්වහන්සේ මිදුනුසේක. මම ‍ෙගාදුරුව ආමි කීයේය. ඉක්බිති ඒ යක්ෂ තෙම කියනුයේ රජ්ජුරුවන්ගේ පුතනුවන් තියාව තොපගේ මුහුණුවරින් දනිමි. එතකුදුවුවත් පියරජ්ජුරුවන්ගේ ජීවිතය ගලවා දී



ප්රකසතාවනාව 59



යකුට ගොදුරුවෙමි. සියපතින් ආ තොප විසින් කෙළේ උගහටය. නොසිතිය හැක්කේයයි කීයේය. ඉක්බිති රාජ කුමාරතෙම මෙලෙසින් කීයන්නේ සබඳ යක්ෂකය? පියානන් පිණිස වේව යි මෑණියන් පිණිස වේවයි යම් කෙනෙක් ජීවිත පරිත්යායග කොට මරණ කැමැතිවෙද්ද ඒ අරුමයෙක් නොවන්නේය. ඒ කුමක් නිසාදැයි සිතයි නම් මෙලොවින් යසස් ලැබ මව්පියන්ට කල උපකා‍රයෙහි කුසලයෙන් සවර්ග යෙහිත් සැප විදින්නේය. එබැවින් මව් පිය දෙදෙනාහට ජීවිත පරිත්යා්ග කිරීම, දෙව්ලොව සැප කැමැත්තාවුන් විසින් කළහැක්කේමය. එහි බැරි කවරේදැ යි කීයේය. එබස් අසා යක්ෂැතෙම සබද රාජකුමාරයෙනි! මරණට නොබන සත්වයෙක් නම් නැත. තොපි කවර හෙයකින් භය නැත්තේදැයි විචාළේයි. මෙසේ විචාළ යක්ෂමයාහට මරණට තමන් නොබන්නාවූ කාරණා කියනුයේ මම වනාහි දත් තැන් පයන් කයින් වචසින් මනසින් එසත් පවක් නොකළෙමි. එබැවින් පරලොව දුකට කාරණා නො දනිමි. තවද යක්ෂකයානෙනි! මරණ නම් ඒ කාත්තය. ශරීර අනිත්යාය, මෙලොව යම්සේ ජාති ජරා මරණාදිය වන්නේ ද ඒ පරිද්දෙන්ම පරලොවත් වන්නේය. ඒ බැවින් මරණ නම් අසවල් ජාතියක නැතැයි යන හිමක් නැති හෙයින් මීට භයගැනීමෙන් කීමෙක් දැයි කියා මේ හැම කීමෙන් ප්රනයෝජන කිම්ද මේ ශරීරය හැරගෙන තොප කැමැත්තක් කර ගනුව, මේ ශරීරය තොපට දෙන ලද්දේය. ඉදින් මේ ශරීරය මරාපිය දෙනු කැමැත්තේ නම් මේ ගස අගින් බිම වැටී හෙමි. එකල්හි තොප කැමැති මධුරමාංස රිසිසේ අනුභව කරවයි කීයේයි.

යක්ෂ තෙම ඔහුගේ බස් අසා මෙතෙම මහා පුරුෂයෙක, මොහු කා දිරවාලිය නොහැක්කේය. උපායකින් මොහු යවාපිය යුතු යයි සිතා කථා කරණුයේ මෙලෙස කීයේය. රාජකුමාරයෙනි? තොපගේ ජීවිතය පරිත්යාරග කොට පියරජ්ජුරුවන්ගේ ජීවිතය ගලවා දී කළ උපකාරය මටත් එක් ප්රපයෝජනයෙක. බැදිවටින් දරකඩා කැටි කොට ගිනි දල්වාලව, එකල්හි තොප මරා මස් ගෙන අඟුරු පිටලා පලහා කන්නෙම් වේදැයි කීයේය. එබස් අසා කුමාර තෙම ඔහු කී පරිද්දෙන් ගිනිකොට අඟුරු බස්වා යක්ෂීයාට හට ගොසින් කීයේය. යක්ෂි තෙම එක්‍ුර ණයෙහිම ගිනි දල්වා ආ කුමාරයන් මුහුණ බලා මේ පුරුෂ සිංහයෙක, මරණයෙහි භය නැත්තේය. මා විසින් මෙතුවක් කල් මෙසේ වූ අභීත පුරුෂ‍යක්හු දුටුවේ නැතැයි ස‍නෙතාෂයෙන් ලොමු දැහැගත් ශරීර ඇත්තේ නැවත නැවත රාජකුමාරයන් දිසාව බල බලා



60 කව් මිණි කො‍ෙඬාල



හුන්නේය. එකල්හි මොහුගේ ක්රිුයාව දුටු රාජ කුමාරතෙම යක්ෂ‍යානෙති? දුර දිග නොබලා රෞද්ර වූ ක්රිහයාව කරණ ස්වභාව ඇති තොප විසින් තව බලා හිඳිනේ කීමෙක්ද? වහා මේ ශරීරය මස් කොට ගෙණ අභිප්රා ය ලෙස අනුභව කරවයි කීයේය. එසඳ යක්ෂමතෙම කියනුයේ රාකුමාරයෙනි? කවර නම් සත්වයෙක් ගුණධර්මෞයෙහි පිහිටි සබවස රැකියා හැකි ධෛර්ය්යෙන සම්පන්න පුරුෂයෙක්හු මරණේද ඉදින් මැරී නම් ඔහුගේ ඉස සත් කඩක්ව පැලීයන්නේය. එබැවින් තොප වැනි ධර්මිෂ්ට කෙනෙකුත් මරාපීම බැරියයි කීයේය. එබස් අසා අලීන චිත්ත කුමාරතෙම කියනුයේ ඉදින් තොපි මා මරන නොකැමැත්තේ වී නම් මා ලවා දර ගෙන්වා ගනිද්ද? මා ලවා මෙතෙක් යත්න කෙළේ කුමක් පිණිස දැයි විචාරා අවසර දැක පලායෙද්දෝ හෝයි සිතායයි යක්ෂමයා කී කල්හි බෝධිසත්ව තෙම දැන් තෙපි කෙසේ මා පරීක්ෂාකරවුද ‍මම තිරිසන් අපායෙහි උපන්නේමුත් සක්දෙව් රජුහු විසිනුත් අඩුවක් දක්නා ලෙස නොකළෙමි. මාගේ දානාඬ්යා්සයෙහි බලයෙන් ඔහු ලවා මාගේ රුව සඳ මඬලෙහි අඳවා ගතිමි. එතැන් පටන් චන්ද්ර තෙම ශශංකයයි යන නම් ලදුයේය. එසේ හෙයින් තිරිසන්ව පවා ශරීරමාංස දීමෙහි නොපසු බටුයෙමි. මිනිසත් බව සිය කාරණා කාරණා දැන ශරීරමාංස දීමෙහි කෙසේ නම් භය ඇත්තෙම් දැයි කීයේය.

එබස් අසා යක්ෂයතෙම ප්රබසන්නව අවසර දී යවනුයේ. කුමාරයෙනි? රාහුගෙන් ගැලවුණු සඳමඬල මෙන්ද හිරු මඬල මෙන්ද පොරිසාද නම් වූ මා කෙරෙන් ගැලවුණු තොපි බන්ධුද වර්ගනයා නමැති තරු කැලන් මැද බොහෝ දවසක් බැබැලීමෙන් කඳුළු වැකි මුහුනින් යුක්ත තොප දෙමව්පියන් සතුටු කරවා අවශේෂ බන්ධුී මිත්රා දීහුද සතුටු කරත්වයි කියා අවසර දී යන පරිද්දෙන් සම්මත කළේය. ඒ කරුණා පුරසසාර වූ මහා බෝධිසත්වයෝද ඔහුගේ පාපධ්යාවස නැමැති විෂ විනාශ කොට දිවි හිමියෙන් ප්රාෝනඝාතාදි පස් පව් නොකරණ ලෙස අවවාද දී පන්සිල් ගන්වා මදක් සිට මේ යක්ෂෝයෙක් දෝ හෝ නොවේ දෝ හෝයි විමසනුයේ යක්ෂායන්ගේ ඇස් ඔළිඳ ඇට සේම රත්ව තිබෙන්නේය. ඇසිපිය නොමරන්නේය. ඡායාව නොපෙනෙන්නේය. කිසිවෙක්හි භය නැත්තාහ. මේ සලකුණෙන් පිටත් හෙයින් මේ යක්ෂනයෙක් නොවෙයි. මිනිසෙක්ම යයි සිතා සනිටුහන් කොට තවද පරීක්ෂාම කරනුයේ අපගේ පිටරජ්ජුරුවන් වහන්සේගේ වැඩිමාලු තුන් බෑ කෙණෙක්ම යකින්නියකු විසින් ගෙනයන ලදහුද එයින්



ප්රෙස්තාවනාව 61


දෙන්නකු අනුභව කොට එක් කෙනෙක් දරුකොට වඩන ලද්දාහු වෙති. එබැවින් මොහු එසේ විය යුතුයයි නියම කොට සිතා මොහු ගෙණ ගොස් මපියාන් වහන්සේට කියා රාජ්යයයෙහි පිහිටුවෙමි සිතා භවත! තෙපි යක්ෂ්යෙකිමි නොසිතව, මපියානන් වහන්සේට වැඩිමහලු බෑයෝය. එබැවින් මා හා සමග වැඩිය මැනව. කුල සතු රාජ්යඩයෙහි අභිෂේක කොට සැපත් වුව මැනවයි කීකල්හි පෝරිසාද තෙම තොපි කියන්නේ කිමෙක්ද? මා මනුෂ්යකයකු නොවත් උව යකින්නගේ දරුවන් උව තොපගේ බස් අදහා නොගණිමි යි කීයේය. එකල්හි අලීන චිත්ත කුමාර තෙම් කියනුයේ එසේ වී නම් අසවල් තැන දිවස් ඇති තාපස කෙනෙක් වෙසෙති. එතනට යම්හයි යක්ෂ යා කැඳවා ගෙන ගියේය. එකෙණෙහි තාපසයෝද මොවුන් දෙදෙනාහු දුර එන්නවුන් දැක පියානන් හා පුතනුවන් මේ වනයෙහි කුමක් කොට ඇවිදින නිසාදැයි කියන බසින්ම නෑ බව හැගවූයේය. එකෙණෙහි පොරිසාද තෙම එබස් අදහාගෙන දරුවෙනි තෙපි නුවරටම යව, මම එක ආත්ම භාවයෙහිම දෙකෙක්ව උපතිමි, මට රාජ්යයයෙන් ප්රමයෝජන නැත්තේය. මම පැවිදි වෙමි යි කියා තාපසයන් සමීපයෙහි තාපය ප්රෙවෘජ්යාූවෙන් පැවිදි වූයේය. ඉක්බිති කුමාරයෝද ඔහු වැඳ සමු ගෙණ නුවරටම ආවේය. එකල්හි නියම්ගම් වාසීහුද දනව් වාසීහුද පඬුරු ගෙණ පෙරමගට දිවූහ. ඇතරු‍වෝද අසරුවෝද පාබල සෙනගද දොහොත් මුදුනෙහි තබා වඳිමින් ආවඬමින් සිවු දිගින් රැස්වූහ. රාකුමාරතෙම යක්ෂතයා අතින් ගැලවී නුවරට ආවයි යනු අසමින්ම බොහෝ සත්ව්යෝ පෙර ගමන් කොට රැස්වූහ. රාජකුමාරතෙමේත් මහාජනයා පිරිවරා ඇවිදින් පිය රජ්ජුරුවන් වැඳ එකත් පස්ව සිටියෝය. එකෙණෙහි පියරජතෙම සන්තෝෂව පෝරිසාදයා අතින් කෙසේ ‍ගැලවුනාද දරුවෙනි? විචාළේය. එසඳ කුමාර තෙම කියනුයේ පියානන් වහන්ස! ඒ යක්ෂගයෙකු නොවෙයි. නුඹ වහන්සේ වැඩිමහලු බෑයන් වහන්සේ යයි සියලු ප්රෂවෘත්තිය කියා සිටි කල්හි මෙබස් ඇත්තෙක්ම වී නම් ගොස් දැක්ක යුතු වේදැයි නුවර බෙර පියවි කරවා අමාත්යස මඬලින් හා සේනා වාහනින් පිරිවරන ලදුව මහානුභාව ඇති තාපසයන් සමීපයට ගියාය. එකෙණෙහි දිවස් ඇති තාපසයෝ මොහු යකින්නිය විසින් ගෙනා නිසාද, නොකා දරුකොට වැඩූ නිසාද මුන් යක්ෂ යෙකිමි කියා දැපී උන්නියාද සහෝදර බෑනන් වහන්සේ බව දැයි යන මෙම සියල්ලම විස්තර වශයෙන් තාපස තෙම කීයේය. එකල්හි ජයද්දිස රජතෙම වැඩිය මැනව බෑනන් වහන්ස? රාජ්යයය කළ



62 කව් මිණි කො‍ෙඬාල


මැනවැයි කීයේය. එතෙම නොකමැතිමි. මහරජයි කියා නො ගිවිස්සේය. එසේ වී නම් අපගේ උයනෙහිම විසුව මැනව. සිව්පසයෙන් උපස්ථාන කෙරෙමියි ආරාධනා කෙළේය. පෝරිසාද තාපසද යහපතැයි ගිවිස්සේය.

ඉක්බිති නුවරට යන ජයද්දිස රජතෙම බෑනන් විසූතැන්හි ඒ තපොවනයට නුදුරු තැන්හි පර්වයත දෙකකට අතුරෙහි මහත් වැවක් කරවා බොහෝ කුඹුරු තනවා මහදන ඇති කුලන් දහසක් ගෙන්වා මහ ගමක් කරවා තාපසවරුන්ට සිව්පසයෙන් උපස්තාන කළාහ. ඒ ගම චුල්ලකම්මාස්සදම්ම නම් වූ නියම් ගමවිය. බුදුරාජණන් වහන්සේ මේ ජාතක ධර්ම් දේශනාව ගෙන හැර දක්වා වදාරා පූර්වාිපරසන්ධිගලපා නිමවා වදාළ සේක. ඒ වතුස්සත්යනයාගේ අවසන්හි මාතෘපෝෂක ස්ථවිරතෙම සෝවාන් පෙළෙහී පිහිටියේය. එ සමයෙහි දෙමව්පිය දෙදෙනා නම් සුදො‍නුන් මහ රජ්ජුරුවන් හා මහාමායා දේවී වුහ. එ සමයෙහි දිවස් ඇති තාපසයෝ නම් දැන් ශාරිපුත්ර් ස්ථවිරයෝය. එ සමයෙහි පෝරිසාද නම් යක්ෂප තෙම දැන් අගුලිමාල ස්ථවිරය. නැගනියෝ නම් දැන් උත්පලවර්ණහ මහස්ථවිරීය. අගමෙහෙසුන් බිසෝ නම් රාහුල මාතා යශෝධරා දේවීය. අලින චිත්ත කුමාරයෝ නම් බුදුවූ මම්ම යයි වදා‍ළසේක.