කහකුරුළු ස‍න්දේශය

Wikibooks වෙතින්

කහකුරුළු ස‍න්දේශය


දූතාශිර්වා‍ද කරති.[සංස්කරණය]

1. සැරද කාසා1 කුරුලිඳු - සුල කළ රුවන් රැවන්!

(අ) පැහැද දිලෙයි විසිතුරු රන් රස ලෙසි න නිබඳ අමා තෙපුලෙන් වෙයි2 ලෙව් නද න

(ආ) තොප ගුණ යසරුසිරු3 - පැවසි හෙතිද කවුරු4

සැපදුක් විචාරති.[සංස්කරණය]

(ඇ) සිරි සඳතින් හළ රන් පියුමය යන සිතින් දැක සිඳඹුවන් යළ නොපැළදියොද5 උනු මතින්

(ඈ) පිරි රුසිරෙන් තොප පැමුණුනු කල ගුව නා දුටු ලෙව්මන් තුටුවත පඬුවන් ගති නා ගුණරහතුන් මේ යයි සිතු පැහැදද නා සැප එනිවන් නොලබති කවුරු පවස නා

2. සිනිඳු ගමන් තොප ගුවණින් යනෙන ස ඳ මුනිඳු රුවන් රැස්කඳ බැසැයි7 සිතු පැහැ ද පසිඳු සුරන් තොප වෙත පත්8 වෙමිනෙස ඳ කෙබඳු සිරිත් තොප වෙත නො කළෝද පු ද

3. සුරන් අතින් ගිලිහුණු රන්තෝඩුවෙ ක නරන් වෙතට පැමිණෙන වට9 සිතා සැ ක සවන් බරණ දැරුමට ලෙව් සත නොයෙ ක සිතින් තුටුව අත දිගු නො‍කළෝද දැ ක

1. සැරද කහ කුරුලිඳු-සුලකළ රුවන් රුවනා මුද්රි ත, සුලඛල රුවින, කෞ: මු: සි: 2. කර මු: සි: උ: වැ: 5. සිදඹුවන්නොපැළදියෝද උකුමතින් මු: සි: වැ: උ: කෞ: 6. පැහැදමිනා. ‍ෙකෟ: මු: සි: 7. මැයි: මු: 8. සෙදළගපත්, මු: 9. පැමිනෙන වීම, කො: මු:


4. ඉදුමිණිවන් දිලිහෙන සිරසින්2 පැහැ දී රනකුරුවන් පදයුග නිතියෙන් වොරැ ඳී සුමි‍යුරුවන් තෙපුලෙන් ලෙව් නදත දි දී තොප දුටුවන් මෙමම3 සඳ දුටු කිරණ ලෙ දී

5. අසාලා මුනිඳු වදහළ දහම් ක ඳ නිසාසසර දුක් මතු සැප ලබන ලෙ ද කසාවන් දැරූ වැනි තොප සසුන් වැ ද නිසා මෙ තොප ලදුවා4 අප පිනෙක සො ඳ

ගෙන යන සන්දේශය අසාගන්නට දන්වති.[සංස්කරණය]

6. ලෙවන් සිත සතුටු කරවන මෙන් නිති නී මෙවන් ගුණ රුසිරු මමිතුරු5 තොප විසි නී සවන් පින වූ අමරස තෙපුලෙන් මෙවැ නී නිදන් කර මෙතොප ලෙහි ම පුවත යෙහෙ නී

සන්දේශය ගෙන ගොස් සවත් සුරිඳුට දිය යුතු බව පවසති.[සංස්කරණය]

7. මහත් ඉසුරු තෙද විකුමෙන් මුලු දිය ත පවන් ‍වමින් ඔද සිඳ6 රුපු සෙනඟ දි ත වනත් යස තෙදග7 කවරෙක්8 මිස අන ත සවත් සුරි'දු හට සැලකරව මෙ පුව ත

හේම කුරුලු නිකුත්වන පෙදෙස වර්ණුනා කරති.[සංස්කරණය]

8. ගුණෙන් කුළුණු යෙදුනෙන් මිතුරු ස‍හතො ස ලදින් මෙතොප පිනකින් පෙරකල් වෙසෙ ස බසින් මෙමා මතු සිදුවන වැඩ පිණි ස තොදැන් සිට නිකුත් මෙපියස වෙසෙස අ ස


2. රු‍සිරෙන් මු: සි: උ: 3. මෙමට මු: සි: කෞ: හට, මූ: 4. ලදුයේ, මු: 5. මමිතුරෙ මු: 6. පවත්වන සිදැරඹද, මු: 7. යස නැනක් 8. කවරෙකු මු: කහකුරුළු සන්දේශය 3

9. ‍ සහ‍තොස්නා දනගන1 රඳනා නිත ර සිරි‍ තොස්නා සුරපුර සැප දෙන පව ර පුද වස්නා පවතින තෙරුවන නිත ර ජලවස්නා නමකි මෙපියසට වැවහ ර

10. පැණසරු යති තුමන්ගේ පිළිවෙළින් එ න ලොව්තුරු දහම් නිමලා දැනගත් නැණි න හිමි ගුරු2 මෙමා යතිතුම දෙව්මිත් නමි න නිරතුරු රඳන වෙහෙරකි එපියස නද න

සුවිත්ර 4 පවිත්රව චාරිත්ර ගුණරත්න භූෂණ සකල ජන හෘදයානන්දකර මනොහර සකල ශ්රීර පූරිත පරම රමණීය ශෛලග්රාචමවාසික ඒ යතීශ්වරයාගේ විහාරයෙහි වණර්නාක කථනයක් කෙරෙමි. ඒද තා ශ්ර‍වණාලංකාර කර,

ගලගම වෙහෙර වර්ණෙනා කරති.[සංස්කරණය]

11. සඟා රාම කර පෙර සිරි ලක එවි ට සඟා තබා මිහිලිය දුන් වැනි මොහු ට

12. විහිද කුළුණු ගුණ කිරණින් නිති දිලෙ න පැළඳ තමන් නිතියෙන් ගුන මිණි බර ණ ‍ ප‍බොද කර ලෙවන් නිති එයතිඳු වස න පැහැද බල සබඳ එවෙහෙර සිරි නද න

13. වෙහෙර අවට සැදි කුසුමන් තුරු රැස ය5 නිතර ‍එ මුවරද ලොල් බමරුන් ගොස ය අතර තුරනෙරළු වළු බර තුරු රැස ය නිතර ‍එවෙන6 සැදි විසිතුරු මේලෙස ය

14. නිතිනා ‍‍වෙත පැමිණි සත දම් පින් ලොබි න දෙමිනා දැක එවෙන තුරු තම තම විසි න ලබනා ලෙස සැපත් මතු දම් දෙන සිති න සිටිනා වැනි මියුරු පල ගෙන අතු අති න


1. දනයන්, මු: 2. මිහිගුරු, කෞ: මු: සි: උ: වැ: 3. දෙව් මිතුරු දන, කෞ: මු: සි: 4. සුමිත්රව, මු: සි: 5. පිරියසස, කෞ: මු: උ: 6. එවෙත, මු: 7. මෙහි ඵළියමය මුද්රි:ත පොත් තකාරයෙන් ගෙන තිබේ.


15. පැහැද1 දිලෙන පිවිතුරු සපු කිනිහිරිය ය නිබද දෙසන දම් අසමින් සුමිහිරි ය පැහැද තමන් සසරින් ගැලවෙනු සිරි ය වැළඳ සිව්රු සිටි වැනි උවමට සිරි ය

16. දිලෙන දවල වැලිමලු අවට පිවිතු රු සිටි තැන තැන වළුබර රන් තැඹිලි තු රු පිපි කුසුමින් තෙව්නා මල්තුරු සොඳු රු සැදි බබලන විසිතුරු රන් තොරණ යු රු

17. පසෙක වෙහෙර සිඟිලඹ නිතියෙන් පිරු න හොයන ලකුළු ගිම්2 සහනය කරන ද න නිසැක3 රැව් එවෙන සියොතුන් තුරු මුදු න එසැක 4සිතෙයි සුරඟන මුනි ගුණ කිය න

18. රිව් තැව්ලේ ගිම් දුරුවන පිරි රඹ ය තුරුපු වලේ වළුබර5 පල මිහි රඹ ය මියුරුපලේ පලගෙන සිටි කැන් රඹ ය වෙතසියලේ6 එවෙහෙර සිටිනා රඹ ය

19. පැවති නොයෙක් මෙසියල්ලෙන් එ අසා ය රැකෙති නිවත් සත නිතියෙන් එනිසා ය එයති සඳුන් වැසිගුණ දම් නොනසා ය ගනිති දෙලෝ වැඩ සිදුකර සකසා ය

20. නොයෙක කුසුම් පලබර තුරු නැමී ග ත තැනෙක සුසැදි විසිතුරු පුදට9 එසුග ත අයෙක පුහුණු කරනා බණ එහි සත ත නොයෙක එසිරිසර බලමින් සිට නැව ත


1. විහිද, මු: 2. ගොසකර කුළු මිහි, මු: සි: 3. එ දැකැ රැව් නගන, මු: 4. නසැක, මු: 5. වල වළු බර, මු: 6. වෙනි මු: 7; දිලෙනා මු: සි: 8. මෙ සියලුදෙන්, 9. යුදමලු, මු: සි:


21. අතුරු නොහැර එහි නිරතුරු සැදි පව ර මැදුරු මැද පිවිස විමසා බල එම ර උතුරු දිග පිහිටි විසිතුරු මුනි මැඳු ර සොඳුරු මිතුරු ඒ දැක සිත තොස සපු ර

22. මැදුරු තුළ පිවිස විසිතුරු දැක පැහැ ද සොඳුරු පිළිම රූ සහ දා කරඬු ඳ ඇදුරු යති තුමන් වැඩ හිඳ දෙසන සො ඳ සොඳුරු දහම් අස තා තුන් සිත පැහැ ද

23. සුගත් සසුන් විලහට ගනිමින් වැඩු න මහත් දල පතර සිල් බුදුදින කුළු න සරත් මහිමි ගුණ සුවඳැති තල හම න සෙවින් ලෙවන් බිගුදම් මුවරද2 ලෙසි න

24. සුරගුරු නැණ සියුන් පිවිතුරු ගුණ ගිහි ණි හැරදුරු සිත කුකුස් නිති දෙසන දහම් ණි නිරතුරු දෙන දෙනින් යුත් සුරතුරු පැමි ණි ලොව්තුරු සැප ලැබෙනු සැක කිම හිමි මෙව නි

25. සඳනද කරලෙවන් පදරුත් පහළ කො ට එම සඳ දෙසා සුමිහිරි දම් ඉකුත් වී ට ගුණ බද මිතුර! ගොස් හිමි සිරිපා වෙත ට දිලිබැඳ බැතින් නමකර සිටි සඳ එවි ට

26. එහිමි පද තඹර නියරැස් ගඟ විපු ල පැමිණි සඳ තසිත තුටු වදනින් සිහි ල ලදිනි මද වේය සිහි මපුවත එක ල නදිනි මද කල්ක වැස සිහිව මතෙප ල

27. වන්තේ ගුණ හිමි වෙත පසෙක සිට ගෙ න බන්තේ4 ඔබගෙ සිරිපා සෙවනෙහි වැඩු න අන්තේ වාසික යතිඳුගෙ මෙහෙවරි න බන්තේ යමි කියා සැලකර මේ ලෙසි න

1. මයුරා මු: 2. සිල්මුවරද, මු: 3. සිල් මුවර‍දකු එන, මු: 4. සන්තේ, මු:


28. මිතුරු නව ගුණය තෙරුවන් මෙනෙහි ක ර මිතුරු දෙව් යතිඳු වැඳ රැගෙන ‍අවස ර පතුරු වන ලෙසට තොප යස තෙදිය'තු ර යතුරු කර ම බස ගෙන සතොසින් මිතු ර

29. දිලෙන සා මඩුළු නිල්මේ කුළක යු රු විහිදි රන් කිරණ පිරි කුසුමින් සොඳු රු දැදැරිමිණි කුසුන් තොපගත එක අයු රු කුරුළිඳු1 යෙහෙ‍න් හිඳ කිනිහිරි තුරෙක ස රු2

සන්දේශය රැගෙන නික්මෙයි.[සංස්කරණය]

30. සුබමොහොතින් ගුරුදින රිවී උදා ක ල කුමරිරැසින් තුරුසල රිවි හිමි3 ලක ල නුබනැගෙමින් සිහිකර දෙවිඳු තොප කු ල යනු මෙලෙසින් සුබ4 මග පෙර නිමිති බ ල

31. සුලකල දවල කුසුමන් පිරි කුඹු සිසි ල මනකල නිමල කුමරිය පිය බස් තෙප ල තුටු කල උදුල සේසන් ගජ හය දව ල යන කල විපුල සුබ මෙලකුණු මිතුර බ ල

32. අතුරු නුබ පිවිස කුළුණෙන් වඩා පෙ ම පතුරු වා දියත තොප යස මනෝර ම එතුරු රැව් මෙනෙව් සිඳු ගොස දැන නිය ම මිතුරු බලව විසිතුරු ඕකෑරග ම6


1. කුරුලු, මු: 2. ගරු, කෞ: 3. යළි පෙර සුබනිමිති, මු: 4. තුරුසල නැකතින්, මු: 5. දු‍ටුකල, මු:

6. ඇතැම් පිටපත් හි මේ කව දක්නට ලැබෙන්නේ මෙසේය.

මයිටු තොප යෙහෙන් ගුවනත පත් වහ ම සනිටු හන් කරත් දෙන සමුදුර ගිගු ම කණිටු පුර වරට යන මග දැන නිය ම පෙරටු කර මිතුර බල ඕ කෑලග ම


33. නිලඹ පෙනෙයි නිලඹට සුරතින් බැර ම සුරඹ මිණි මෙවුල් මුහුලස වෙනි හෙළු ම ලතඹ වතුරු රළතින් වැළඳි නිබඳ ම තරඹ හීනි මෝදර වැල්ලේ ඉඩ ම*

34. නීල දේහ යුතු සුමුදුර සිරි නොමි න තුල ‍දවල වෙරළින් පියවිලි සෙයි න ලීල නොව එමග සත නිතියෙන් යනෙ න සාල සිරිනි සිලිපත පෙරදිග නය න

35. කලා සපිරි සඳ මෙන් වන බැබ ලීය තලා සපිරි පියයුරු හස බැඳ ලීය ලොල කෙලින වරඟන සිරි නිසි ලීය බලා කදුරු පොකුණෙන් යව නොමැ ලීය

36. මගතුරු සරනු දුටුවන් මන් තුටුව න්ඩ නිරතුරු කියන ලිය ලිය ගී ඇසුව න්ඩ ලියතුරු වෙතට පත් උව නො දෙයිය න්ඩ මමිතුරු පල්ලි කුඩමෙන් යාගන් ය න්ඩ

37. නොහල කුදිටු එපවිටු පස මිතුර න්ඩ අසල විය නොදෙනු මැන 4නෙක විරිදු න්ඩ ලකල කළ එපුර වියවුල් වලක න්ඩ විපුල තුඟු පවුර නරඹා යවය න්ඩ

33. * ඇතැම් පිටපත් හි මේ කව දක්නා නොලැබේ. ඒ වෙනුවට ඇත්තේ, මෙහි පහත එන කවයි.

නිසැකව එහි නොරඳා මද කලක් සිට ලසනොව නුඹ නැගෙමින් සිත සතුටු කොට පුලිනව රිදී පිට මෙන් පෙනෙන එම විට බැසයව සීනි මෝදර වැල්ලේ මගට


1. සැදුනෙය දැකණ මු: 2. නො යන, කෞ, මු: සි: උ: 3. මුද්රිනත පොතේ ට යන්නෙන් එලිසමය; 4. කර මු: 5. මෙහිද එලිසමය ට යන්නෙන් මුද්රිේත පොත් හි දක්නා ලැබේ.


පාරු පොකුණ මෙසේ වණති.[සංස්කරණය]

38. පසා රයෙන් තොප යන කල ගුවනි න්ද ගසා තරග බබලයි පිරි සිලිලි න්ද නිසා පාරු පොකුණැයි දැන ලකුණෙ න්ද කසා කුරුළු වැද සරසිය වෙත න න්ද

39. පැහැදුල් නිමල් සුවිපුල් එහි සිලිල පි ට කෙළිලොල් එකල් ඉපිළීපිළි වෙමින් තු ට වියවුල් සියල් නොව වන මින්කැල සතු ට1 බලලොල් එකල් තගෙ යුග නෙත යොමා සි ට

40. වෙත පැමිණෙන දන කැන් නිසි නි ස්සෝය තුට වඩවන ගව මී වැසි ව ස්සෝය2 ගත සරතැස මුදමින් සිහි ලැ ස්සෝය සිටි කොමලඟ උනුනට දිය ඉ ස්සෝය

41. සිටි නඹුවන් සැදි වෙත පොකුණ තේය පිළි බිඹුවන් සිලිලින් දුටු ම තේය එවි ලඹුවන් සමගින් කෙළි ම තේය උර නඹුවන් පත් උවමෙන් සි තේය

42. එහි පමාන නොමවන ලෙව් සත නිති න මුනිනිදාන දාගැබ වඳිනට බැති න පැමි‍ණ‍නාත වුන් සහ සිරිසර පොකු න දැක සමාන කල්සිට මමිතුර තොසි න

43. තොප කුල සිය සතුන් පත් වූවහොත් එදින සැප සුවදුක්5 විමසා සිට 6මන තුටින වප සිලිසෙන් ගත සුදු කොට බැස පොකුණ තොප ගමනම සිහිකර නරඹන් දකුණ


1. කල. මු: සි: උ: 2. වැස්සෝය, කෞ: මු: සි: උ: 3. සිලිලට දුටුසතේයා, මු: 4. දකින මාන, මු: 5. සැපදුක් සැම, මු: 6. දැන, මු:


44. යටහ බඳ ‍ලෙලෙන දද නිති මද නලි නේ සුරඟ න වුත් තිදස1 මුනිපුදට සිටි මෙ නේ සිතඟ පැතුන් බැදි2 රන් රසුදැල් නදි නේ බග මිතුර! මෙ ලකුණු මහ වෙහෙර පෙ නේ

45. මුනිඳු දාතු වඩිමින් නිසි ලෙස සොඳු රු නිරිඳු මිණි කිරුළු කරවූ සෑය ග රු පසිඳු සුර නරන් පුදකරන නිරතු රු දිනිඳු අවර මදු වෙහෙරට පොළොන්න රු

පොළොන්මාරු වෙහෙර මෙසේ වණති.[සංස්කරණය]

46. නිතර ලෙවන් කරනෙව් තන් පුද වති නී පැතිර වයන නිතියෙන් පසතුරු ගොසි නි අතුර පහන් අළුකර බිහිදොර සියෙ නී වෙහෙර වෙත පැමිණි තසිතට සැප මෙයි නී

47. නිවා සතා3 මුනි සිව් සතිය විසූ පු රා මවා දුන් රැවන් පහ වැනිය පුරඳ රා නිවා කන් වෙහෙර වෙත කළ මුනි මැඳු රා පවා දුටු වන්ට සඟමොක් ලැබෙයි ති රා

48. අතුර ‍වෙහෙර තුරුලිය වල අ නාදි නිතර මිණි දැදිරි දැක සිතු පි නාදි බමර රැව් එවෙන තුරු අග ම‍ නාදි එසුර ලියන් කියනෙව් මුනි ගු ණාදි

49. බිහි ‍දොර ලු පහනින් අඳුරු දුරු කෙරේ සිහි කර එවිට මුණිගුණ වෙහෙරනම කෙරේ විහි දි සා මඬුලු වෙත සැදි කොන් තුරේ එහි සුවසේ සැතපෙව රෑ දිනි මිතු‍රේ


1. සුරඟන වුත් තිදසිනා, මු: 2. ලෙසින් බද මු: සි: උ: මු: 3. සවාසනා, කෞ: මු: සි: උ: වැ:


50. දුටුනෙක් අරුණු රැස ඇස නිදි ලොබ පසි ඳ හැර ඉක් බිති ලැගි නිවෙසින් තැගි එස ඳ තෙවිටක් දාගැබට පැදකුණු කොට නැම ඳ එයිනික් බිති නුබ නැග යාගන් සබ ඳ

51. ස ලා දුලා මහ සමුදුර දුල්ලේය වෙලා පලා වුත් රළවැනි වැල්ලේය කලා පිලා තොව යන තැවු ගොල්ලේය බලා බලා යව තන්ගළු වැල්ලේය

52. ලෝල්ලේ කමල් කල්වෙන් අල්ලන නිරද පල්ලේ2 එසිටි මුතුරැස නැගෙමින් විහිද දුල්ලේ වෙරළ රැස් වූ වැනිවුත් එසඳ වැල්ලේ මන්කඩින් ගොස් වනතුරට වැද

53. තුරු මුදුනේ ලියලවනේ3 කුසුමැල්ලා මද නලිනේ ගෙන එමිනේ සුවදැල්ලා සිහිලසිනේ දැහැගිමනේ ගතපුල්ලා නුබ වඩනේ තුරු සෙ‍වනේ සුවිපුල්ලා

54. කඩා කමින් නිතියෙන් ළපළු මනරහා වඩා සුතන් සාමුව කෙලෙන තුරුඅගා විඩාවතොප එහි පැමිණුන වේයසුභා කුඩා තොට මඳක් කල් හිඳුව සිතුරගා

55. එයි නික්බිනි තොප යන කල වැද ගුව න වෙයි සිත් අටි දුය එහිමින් රල කෙළ න එයි නොරඳා ගොස් තන්ගළු මෝදරි න වෙයි තොපහට ගිම් නිවුමට කඩොල් ව න

56. ලෙවන් නිති කරන පව්කම්හි නොව මැලි5 නොමින් දැල් හෙළති මල් ලොබයෙන් නියැලී යමින් සිට එදුටු6 තිලකුණු සිහි වෙකලී පෙරැන් කල්එලිය දැක යන්න නොව මැලී


1. දැල්ලේය, කෞ: 2. පුල්ලේ, කෞ: 3. ලියගහනේ, මු: 4. පැමිණෙත, මු: 5. සිතඇලී, මු: 6. දුටුව, මු:


57. නුඹ සිය සතුන් දැක එහි පැල ඹෙන්න ලොබේ සිතින් ලියවෙන සිතු නොහෙලෙන්න ගැබේ වනතුරින් පලරස විඳ පන්න1 දබේ පොකුණ දැක රැකවට යා ගන්න

58. විහිදා පියා නිලඹර යන කළ එයිනී සුසදා තිබෙන වළුබර ගිනිතුරු රැසිනී පැහැදා සිලිල්පිට කෙළි මින්රල පෙනුනී කහඳා මෝදරින් යව මිතුර නොල සිනී

59. දිනිඳු රැසින් නොතැවී යන එන සතට තුරු පෙදෙසින් සුසැදිනි එහි මග දෙපිට නල පහසින් සිසිලස විඳ විඳ සතුට සවස ගොසින් වදු නිල්ලාවට වනට

60. යනෙන සතුන් නිතියෙන් සැතපෙන සෙයිනේ නිවන කන්3 ලකල කළ අම්බලම පෙනේ නදන තුරු එවෙ‍නවෙත4 පසෙක සිට ගෙනේ එදින නරඹ ලැගුමට නිසිතුරක් වෙනේ

61. සැපසේ පිවිස එහි පලතුරෙක මත මෙනි5 තොපසේ ලියෙක සමගිව ලැග රෑ යෙහෙනී නොලසේ අරුණු රැස් එනු දැක පෙර මගිනි තම සේ8 නොවි ලැගි නිවෙසින් යව එදිනි

62. තෙර සිටි රැපුරජුන් එනු ලක7 නොනැර ඉඩ කළ වැටි8 පවුරු සේ පෙනෙනුය9 සයුර බඩ එහි සිටි10 ගිරිකුළන් දැක සිතු පසු නොමැඩ11 කළමැටි මෝදරින් මමිතුර තුටුව වැඩ

63. එන ගොල්ලේ මුවරල බලමින් සිටිය සිව් මැල්ලේ රුසිරැති ළඳගන සිටිය දැක ලොල්ලේ උන්වෙත නොළැ‍ගෙනු වටිය ගල්මුල්ලේ නොරඳා ඉන් යා යටිය

1. විඳිමිනන, මු: 2. යන ලෙස, මු: 3. නිවනගිම්, මු: 4. එවෙනවන, මු: 5. සපැමිණි, කෞ: 6. කමසේ, මු: 7. දැක, කෞ: මු: සි: උ: 8. හැටි, කෞ: 9. පෙනෙනා, මු: 10. සුපිහිටි, 11. සිතුබැසුම්මැඩ මු:


64. සොඳුරා අවට සිටිතුරු ලියවල කුමුදු නොහැර රැගෙන විත් කළවැනි තොපට පුද ඉඳුරා පෙනෙයි දවලට ලුණු කැටි එසඳ ගැඹුරා කලබලා1 ලුනවට යව සබඳ

65. පිහිද පැසෙන එහි කෙත්වත් වලට වැදේ දැන පමණින් බුදිමින් නිසි තැනෙක හිඳේ එහි තැන තැන ලියගී දනු2 අසා ඉඳේ යව නොලසින් දුටු දන මන නුවන් බැ‍‍‍‍‍ඳේ

66. යකුන් විසින් යුද කළ දින3 සිරුර මැඩ ලෙයින් වගුල රතුවිය බින්4 පැහැය මැඩ මසින් ගොඩව ගිය වැනි ඒ බැවුල් කඩ යමින් බලා5 කුරුලිඳු ඒ උයන් ගොඩ

67. මනකල් නිමල් පැහැදුල් සුදුපුලින තල තුරුමුල් තුමුල් මුවමුල් කෙළෙන ගජ කැල පිපිමල් කැකුල් එහිලොල් බමන බිඟු වැල බ‍ලලොල් එකල් සුවි පුල් වැලිපටන් විල

68. ගණේ අඳුරු මෙන් ගජරළ පලින් පල මෙනේ විදුලි මුව මී පොර පෙළින් පෙළ ඉනේ තුනු ගිමන් හැර6 සිහිලැලින් ලෙල පෙනේ එළිය7 දකුණත් පස තමළු විල*

1. කල්බලා, මු: 2. නද මු: 3. කළදින මු: කළදිනු මු: සි: වැ: 4. රතුවුවෙන් මු: 5. බලන් මු: 6. වැද, කෞ: මු: මු: සි: වැ: 7. එවිල, මු:

  • ඇතැම් පිටපත් හි මේ කව දක්නට නැත. ඒ වෙනුවට ඇත්තේ මෙහි පහත එන කවයි.

68. නොමරළු පරළු මගතුරු ගෙවමින් එකල බලසිළු ලකුළු විසිතුරු තවාලු විල මඟ සිළු ගමළු එහිතුරු මුල මුදා හල වැඩසිළු යහළු දිගතුරු මද තැනක් පල


69. ගල් මත්තේ හිඳවුත්1 එලි බැස නිතින පිල් සත්තේ විදහා රඟන මියුරන කල් නැත්තේ යයි නොසිතා බල යෙහෙන මල් පෙත්තේ මග බැස යව කෙළි ලොලෙන

70. මලීනා එනා නලිනා සුවඳ මනහර ගිමනා උනා ගතිනා යන කල එවර සිටිනා මනා තුරිනා එහි ගඟ දෙතෙර පෙනෙනා දිනා ගොසිනා අම්බලන් තෙර

71. තසිත ලෙසින් ගන් තෙර ඉඳ සිලිල් ලැබ නැවත2 සිලිල් සනසා එගඟට එලඹ එවෙත තිබෙන දාගැබ වැඳ සිතින් සුබ නැවත එවල ගිය ගඟ වෙත3 සිරිත රඹ

තවද ජලප්රගවාහ4 හරිත සුවිසුද්ධ අති මනොහර වාළුකා තලයෙන් හා විකිණි සථ්ත5 දෘම වල්ලරි සුපුෂ්ඵිත කුසුම ශ්රෙරනීන් ජනිත ජල හරිත රාජිත නාගමූග මනුජ සතත නිසෙවිත වියත් නදීසමාන ඒ නදී ශ්රෙෙනියගේ මෙද එක් වර්ණූනා කථනයෙක, තා ශ්රනවණය කර!

වලවේ ගඟ මෙසේ වණති.[සංස්කරණය]

72. පෙර ගිරි හිසින්6 හුණු මෙන් දිසි සිසි කිරණ ගිර සිර සින් නිති සිලිලැල්7 වැ‍හෙන මෙන

1. හිද, මු:

මේ කව ඇතැම් පිටපත් හි මෙසේ ද පෙනේ.

70. වලිනා එනා නලිනා සුවඳ වන් විට ගි මනා උනා ගිනිනා යනන කල එමට සිටිනා මනා තුරිනා එහි ගඟ දෙපිට පෙනෙනා දිනා ගොසිනා අම්බලන් තොට


2. කැමත: මු: 3. බඩ, මු: 4. ප්රිවාහ, මු: සි: 5. මිනීරඨින, කෞ: 6. හිරිගින්, මු: 7. සිහිලැල්, කෞ: මු: සි: උ: වැ:


73. සමන් ගිරි මුදුන මුනි රජු වැඩිය දිනේ සමන් සුරිඳු බැතියෙන් සිරිපා දො‍වනේ එයින් ගිරි මුදුන සිටවුන් වගුළ පැනේ සෙයින් සිතෙයි දුටි ඒ ගඟ සිරි නොමනේ

74. සැදි එහි ගන්තෙරේය යුග තෙරේ ය සිටිමින් තුගු තෙරේය තුරු සිරේ ය පිපිමල් රොන් සිරේය නොම හැරේ ය1 එන ගගුලැල් කෙරේය2 සුදු කෙරේ ය

75. වැද එන ගිරි කුළේය නොපැකි‍ ළේය ගඟුලැලි ඇද හැළේය ගොස කෙ ළේය අසමින් සිකි වළේය හිඳ ලො ලේය මේ ගොස යයි කෙළේය රඟ කෙ‍ ළේය

76. නිති හෙන ගඟු ලැලිය සිහිලැලී ය බබලන සුදු වැලීය පැහැදිලි ය ගජ රළ දහ ගැලීය3 මුව මුලී ය හැමකල් එහි වෙලීය දිය කෙළි ය

77. එ ගඟ වෙත් පිපෙන නිතියෙන් නාරි ලතා4 ඉගිලි වුත් සිලිල් පිට වැගිරෙණු කෙවෙනා සුරඟන වුත් එවෙන තුරු වෙළප හිඳ ගතා පැන කෙලින් සිතෙයි දුට එගඟ නිති පතා

78. දෙතෙර තිබෙන වළු බර නෙරළු තුරු වලා පැතිර ගඟ ලෙලෙන පිලිබිඹුව දුටු කලා නිතර දිය කෙළින ලිය රුසිරැති දැක ලා වැතිර එන උරඟ බව නැයිඳු5 සිරි සුලා


1. ගන සැරේය, මු: 4. නිතිමිණි දැදිරිලතා, කෞ: මු: සි: උ: වැ: 2. තෙරේය, මු: 5. උරඟ කැල සෙයිනි, මු: 3. ගජ ලොල් සිහිලැලිය. කෞ:


79. පිහිනා ‍යනෙන මියුලැස් මුහුල හුනු විට සකිනා බලා සෙවෙලැයි මින් කළෙ සතුට බුදිනා ලොබින් වෙත පත් දැන ඇති රඟට බියෙනා හැකිල දුවනා වැනි ඉපිළ පිට1

80. වෙසෙන එගඟ බැස කෙළෙනා කළු න්නේ2 කෙලෙස එක මුවෙන් රුසිරැ වන න්නේ ‍ නිදස සුරඟනන් ඇසි පිට නොහෙ‍ න්නේ වෙනස නම් තිබෙන එපමණකි ද න්නේ

81. ලොල් කර එගඟ ඉව්රස නිතියෙන් කෙළන මල් සැර යුද දිනු රුසිරැති ලද සොබන ලොල් කර ඔවුන් වෙත ගිය බැරිවෙයි ගමන කල් නොයවා යන ලෙස නරඹන් බැතින4

82. මිතුර එගඟ සිරි නරඹා සිතු ලෙස ට එතර5 ගඟින් ඉව් රැස සිට ගෙන සතු ට කතර ගම සුරිඳු සිහිකර ගෙන එවි ට6 අඹර දිසි මැදුර කුස එලඹෙව එවි ට

83. නිලවේ පැමිණ යනකල තොප සිතු ලෙසි නේ නිලවේ බද7 කෙත්වල පැල ගොයම පෙ නේ ඇලවේ පැසී සිටි කෙත්පල8 රතට පෙ නේ වලවේ කොහොඹ ගහ වැටියද බල සොදි නේ

84. පැසී තිබෙ‍න කෙත්වත්වල හිදින නිතී නිසී වඇල් ගෙවිලිය ලියගී කිය තී ඇසී සවන අමමෙන් සිතු ඇලී යතී හැසී නොව ඔවුන් වෙත සිතු යනුව යුතී9


1. ඉපිළි පිට, මු: 2. ළඳු‍න්නේ, මු: 3. උන්නේ, මු: 4. මෙහි එලිසමය නා යන්නෙන් ගෙන තිබේ. මු: 5. එතරව ගඟින් ඉවුරස සිට පළමුකොට, මු: 6. පිහිට මු: 7. නිබඳ මු: 8. කෙත්වල, මු: 9. ඉතී, මු:


85. මහරන් රතලවන දිලි බිඹු පල මෙන්ද බදිමින් වරල ගවසා මල් පටි යෙන්ද අගනන් එහි සරණ මඳයුද අටි යෙන්ද බලමින් පළායව මැදගම කුරුලි න්ද

86. ලැබදිගා මිතුර නිතියෙන් වැඩ සිදුව යනමිනා තොපව කිසිදුක් නොව සිදුව1 ඇතිරඟා එවෙන බලමින් පෙම් සිදුව2 මහලිගා තැන්න දැක අට රට වදුව

87. උදුල තුගු තුරඟ සාමුව පනිනවර වගුල පල පුලිත තොපහට එවනසුර3 විසුල නිල්මිණෙව් පුදකොට සිතෙයි තිර එවළ සකින් බලමින් කර පියාසර

88. නොහැර එක්ක සමගිව පැටි පැටව් ගෙන දුරැර දුක්ක එලිබැස ගජ මද මුවන නොවිය හැක්ක අතරක් ගන කුළු සෙයින අහර බොක්ක එලිදැක වඩමින් යෙහෙන*

89. පිවිස4 යනෙන සතගත ගිම් නිවාහල පැහැස සිලිල් සියපත් නිතියෙන් ලකල මගස තිබෙන නෙළුම්පත්විල බැස එකල පවස නිවා ඉන් නැගියා ගන් පුවල*

  • 88 මේ කව බොහෝ පිටපත්වල නැත. ඒ වෙනුවට ඇත්තේ පහත එන කවයි :-

ගෝර උක්ක තලමින් මද ගජ මුවන නේවිහැක්ක අතුරන් ගනකුළු සෙයින පාරදක්ක මින් ඇන පුලිඟු ඉසිමින ආරබොක්ක එලිදැක වඩමින් යෙහෙන

  • 89 ඇතැම් පොතක මෙසේ ද පෙණේ :-

දිගස ‍යනෙන සතගත ගිම් නිවාහලු පැහැස සිසිල සියපත් නිතියෙන් බැබලූ මගස තිබෙන නෙළුපත්විල බැස ලකුලූ සවස නිවා සඳකුළු ලෙසට වෙතලූ

1. ලදුව, මු: 2. එසිරි බලමින් පෙම් බඳුව, මු: 3. එවනයුර, මු: සි: උ: වැ: කො: 4. නෙදෙස, මු:


90. පොරණ සිට පැවති සිරිතකි එයින් එක කරණ අය නිබඳ රජගෙට සුන් ගමෙක සිටින නිලමලත් අය අය මුදල දැක පැමිණ සිටුව ආයන්පල මදකල ක

91. වෙසෙසා එයින් යන කල තොප පෙර මගව සතොසා වෙමින් මහිකත් පියවිල1 අතුට විලසා ලවණ රැස2 දවලට දිලෙන විට විමසා බලා යව මහ ලේවාය තුට

92. මනරන් රුවින් දිලිසෙන දිව සරන් රඟා සිහිඟින් දෙකන උසුලා වැහැර ගිය රඟා නිතියෙන් එහි සරණ අඟනන් බලා රඟා කොහොලන් කලින් මමිතුර වඩිනු සිතු රඟා

93. නිබද සැලිය පවතින් ගිම් නිවා කල ඉපිළ පිළිය කෙළිමින් රළ පිරි සිලිල නොව හැකිලිය එහිමුව මී ‍පොරවන ල මලල එළිය සිරිදැක සිතු දයා කල

94. අසල් ව එහි සැදී මඩමෙහි සිතු ලෙසට සිහිල් කර ගිමන් වඩමින් දොල වෙතට කිඹුල් කැල එදුටු මුනිගුණ3 මතුරු කොට සිලිල් සනසමින් එතරව යව එපිට

95. සුනිල්ලේ දිලෙන තුරුලිය මඩුල්ලේ වදුල්ලේ කෙළින බුදිමින් ළපල්ලේ අසල්ලේ එමඟ බුදිමින් මුළුල්ලේ ඇස්ල්ේලේ ගොසින් බලසකි4 අදල්ලේ

96. නුරා අටිය කරවන නෙත් රූ කැටිය කිරා පැටිය කළවැනි5 තන යුග දිටිය දරා මැටිය6 හිදිකර ලඳ ලිය සිටිය වරා විටිය සැනෙකින් වදුකර අටිය


1. පියවෙලි, කෞ: 2. ලවන රස, මු: සි: උ: වැ: කෞ: 3. දුටුව, මු: 4. වදු, මු: 5. කළුවැනි, 6. මිටිය, මු: වුසි, උ:



97. සිහිලැල් පවන් විඳ විඳ යන කල නැවත තුගුතුල් තුරු සුසැදුණු දෙතෙර පැහැ පත මනකල් එවෙන1 සැනෙකින් පිවිස නොනැ වත මදකල් සිට සැනසෙව කිරිඳි ඔය වෙත

98. මුතු පට වන් තුට පුලිනට බැසසිට එමවිට සිලිලට බැස සොදි නේ සුදුකොට ගතතුව ගිමනට එමවිට එතරට ගොස්සිට සිතුලෙයි නේ එමවිට සහතුට පිහිටට තොපහට සිවි කොට සිරිඳුට නිතෙන් තෙ නේ තිහවට සිතතුව සවසට ලැගුමට ‍වෙහෙරට වදිනට යව එදි නේ

99. සපැමිනා2 රිවිකුලමනා සුරිඳුන් මෙනා නිරිඳුන් දිනා මතු එනා සගමොක් මනා සිතු අදරිනා සලකා ගෙනා වඩමිනා අප මුණි දුනා දාතුවගෙනා3 බැඳවූ මනා4 බබලනා මහසෑ මනා සිට බලමිනා වෙත සපැමි නා

100. ගුණ දරා බඹ සුරනරා නිතියෙන් පුරා පුදකරන නිර තුරු ලකනුරා ලියමනදරා කිරුළඟ අරා බබලිමින් විසි තුරු මමිතුරා තගෙ නෙත පුරා එහි නොමහැර සිට බලා විසි තුරු තොසපුරා නිවනත් කරා එම කරා සිටි ස‍‍‍‍‍ඳෙහි එ අ තුරු

101. දිවයුරු සිහ අවර ගිරි ලෙනට වන් විටේ ගණඳුරු මතඟ පැමිණෙයි ලොවට එම විටේ මමිතුරු එදැක එහි තුරු සිරෙක වදෙ විටේ හැර දුරු විඩා සැතපෙව තුටුව එම විටේ


1. මනලොල් කරන මු: 2. සතුටිනා, මු: 3. තෙනා මු: 4. දනා, මු: 5. වන්විට, මු: සි: 6. දිසි සරු, මු:


102. දිනපති රද උදය ගිරි රණ බිමට යු තු පැමිණෙති අඳුර රුපු නිරිඳුන් වනස සි තු ලෙල වති කිරණ කගපත දැක බියෙන් සි ‍ තු වැදගත් ගොසින් ගිරි ලෙන බල පමන න තු1

103. එකල් පැමිණි නිස යුරු අවරඹ වෙ තට කුහුල් සිතින් නිසඟන හිමි වියෝ වට අවල් කෙළි ළොලෙහි නොපැකි‍ලයෙදුනු විට ලිහිල් වත් අදින වැනි පෙරදිග එ විට

104. සරස් වළා පෙළ යුත් හැද විදාව ත කුකුස් වතින් හඬනෙව් විට නිසා කත වෙසෙස් නුවන් කඳුලෙව් පිණි බිඳු වැහෙත නිදොස් අරුණු රැස් පැතිරෙයි පෙර දිග ත

105. එ දා වියෝ රිවි හිමි නැවත එන විට යොදා ඉදුවරන් නෙත් විලඹුවෝ දුට සෙදා හළ බමර මිණි වැල නැවතෙ විට යොදා තබරවත් පොබයා වෙතිසතු ට

106. මෙලෙස කරුණු පැමුණුන කල මන් තු ටුව2 වෙසෙස එයින් ඇස නිදි ගැට හැර ප ටුව නිවෙස ලැගි නැගිට කුලදෙවිමන් ඉ ටුව අලස නොව අරා නිලඹර යන් ඉ ටුව

107. යන මෙ ඔබා පෙර මග වන ග ළානේ තුරු ලැහැබා ඇද සිටි ගජ ර ළානේ දැක පසු බා නොගොසින් වල් ව ළානේ සිරි නර ඹා යව සකි මූක ළානේ

108. පුද ට උදය කළ පසතුරු ගොස පබ ද සතුට අසා දිවයුරු එනු දැක විහි ද නැගිට ලැගි නෙතින් හැර නිදි ගැට3 පසි ඳ නමකොට මහ සෑය ඉන් නැගි යව සබ ද


1. තතු, මු: 2. වනැ, මු: 3. ඇස නිදා හැර පසිඳ, කෞ:


සිත්තරා විල මෙසේ වණති[සංස්කරණය]

109. සත් සරා කරසෙ දිසිගත තුනු රුවි න සත් සරා විලින් බිඳ රැගෙන කෙළිමි න සත් සරා යුදෙහි ජයගෙන බල සරන න සිත්තරා1 විලෙහි සිරි නරඹව තුටි න

110. සුරතල් තු‍ටුකරන දෙව්තුරුසෙ දිසි යුතු මනකල් සුසැදි බෝතුරවෙත පැමි‍ණි යුතු සිහිලැල් පවන් විදිමින් ගිම් නිවිය යුතු මදකල් සිට එවිල සිරි සර බලව යුතු

111. ගජන් මන්2 ලොබින් පැන් වෙනින් වන් එතැ න්නේ විලින් පැන් බොමින් පුන් පියුම් කැන් බිදි න්නේ බිගුන් ඉන් බියෙන් මෙන් ගොසින් හුන්තුර න්නේ බමන් නන් අසන්නෙන් හඬන් නන් ලෙසි න්නේ3

112. තඹරින් වත් නෙතිඳුවර මුහුල සෙවලැ ති හසවන් දෙනත බිඟු නුපුර වසා යු ති මෙව්ලෙන් විල්ලිහිණි සියොසන් තෙපුල් ඇ ති නිතියෙන් එවිල වරඟන සිරි රැපැයී යු ති

113. නිතියෙන් සරන ‍ගම් වැසි ලිය එවිල් නෙ ර බඳිමින් රැගෙන සියපත් නෙළුඹු දැලි හැ ර බුදිමින් ගොපළු අඟනන් ලෙස එහි නිත ර ගවයින් රකින අඟනන් සැටි බල මිතු ර

114. වෙලී නිබඳ මුව මී රැළ එවිල ව ට කෙළී පැටි පැටව් සමගිව වෙමින් තු ට බැලී මෙන් තනෙන් ලත්පල විඳ සතු ට ගිලී එවිල සිලිලෙහි පිරිසිදුව සි ට


1. සිත්සරා, කෞ: 2. මත්, කෞ: - පැන්, මු: සි: 3. සිතෙන්නේ කෞ: මු: සි: 4. යුනි, කෞ: මු:


115. වෙසෙස් විකුම් තෙදබල මහසෙන් පව ර නිවෙස් කර රඳන නිතියෙන් ගිරි මැදු ර කෙළෙස් කුළසෙ පෙනනුය සිට බල උතු ර සතොස් ව දැක බැතිපෙම් සිත දියුණු ක ර

116. බලමින් එහි පවන් විමසා සිට නො‍යෙ ක ගනවන් කුළසෙ දිටි සාමඩුලින් නිසැ ක දුමිඳුන් වැඳ සගමොක් ලැබුමට යස ක එතනින් පියාසර කර දකු සුරත් දෙ ක

117. ලන්දු තුනුරුවින් වෙතවන සත්1 බැදු ණු සින්දු තුනුගිමන් සිහිලඹයෙන් පිරු ණු රැන්දු නිති දනන් බැතිපෙම් කර දියු ණු බැන්දු වැව බලන් මමිතුර ගුණ කුළු ණු

118. මහත් තෙද බලැති සම්මුක සිරිඳුගෙ න මහන් කුළුණු නෙක තනතුරු ලැබ යෙහෙ න වෙසෙන්2 අදිකරණ මැති එහි ගුණ නද න තසිත් ලෙස පනාගම්මන බල ‍සොදි න

119. එකල් අත් ගිරට දිනකර පැමිණි වි ට තුමුල් ඇදුරු ක‍ඳ පැතිරෙණු3 දැක එවි ට ළකල් තල් රුකක් මුදුනත පිවිස සි ට කුහුල් දුරැර සැතපෙව රෑ දින සතු ට

120. නගිමින් උදය ගිරි මේ කුළ නිසි ලෙස ට වසිමින් රිවිකිරණ වැසි ලෙව් සියොත් තු ට හැසෙමින් සිටි අඳුරු ගුණ4 සෙවෙල හළ පු ට නිවෙසින් ලැගි නැගිට යව මිතු‍රෙ5 එම වි ට

121. තුට වඩවන තුරු පෙදෙසින් මග දෙපි ට සිට පලරස විඳ බඩසා පමණක ට අට දිගතුන් කුඹු තොප යසඳුන් එවි ට තුට කර අලෙව්දී කටගමු බල සතු ට


1. සක්, මු: 2. වෙසෙස්, මු: සි: කෞ: 3. පැතිරෙයි, මු: 4. ගන, මුඥ 5. මිතුර, මු:


122. නිල පළස් ගතෙහි පෙරවි ලෙසින් දු ට බිඳ තුඹස් බුදිති1 මී නිබඳ සහ තු ට සිටි තරස්2 එදැක3 සූකර එක ලෙස ට යව නොලස් එයින් මහතා කඩිනෙපි ට

පළුවින්න මෙසේ වණති.[සංස්කරණය]

123. මගසන්නේ සැදි නෙක තුරු4 සිරි නොමි න ගතවන්නේ මේකුළ සේ නිති ‍දිලෙ න සිරිවන්නේ නම් මදකට නදුන් ව න පළුවින්නේ සිරි නරඹව සිතු ලෙසි න

124. දිසිඑවන්නේ මුතුජටවන් පුලින පි ට තුරුපෙතිනේ සුසැදුනි එහි නිසි ලෙස ට දැහැගිමනේ සිහිලස විඳ විඳ සතු ට බල සොදිනේ එහි විසිතුරු සිතු රඟ ට

125. පියුමසුරා ඔද සිදි මහසෙන් එක ල එපුරවරා සතුටුව එදැක සිතු ලො ල නැගයන5 රා නඳුනුයනින් අඩක් හ ල ලෙස පවරා දෙව්පුර වෙත සැදි එව6 ල

126. පලුද මොර ද ගිවුළු ද සියඹලා නු ග මොරද විරද දෙළුමුද සපු නා පත ඟ අඹ ද දඹද කිගිරිද දොඹද රෑ ර ඟ පරද හොරද පෙහෙරද කොළොඹ නාර ඟ

127. මදර පඟර දෙව්දුරු වෙලඟ අන්ද ර ඩෙබර තුවර මානුග ලමග කළු හ ර ඇටර ‍යබර හැලඹද පෙතඟ නොවතු ර නොහැර මිතුර මගතුර බලග විසිතු ර


1. බුදින මු: 2. වලස්, මු: 3. සිටිය, මු: 4. විසිතුරු, මු: සි: වැ: උ: කෞ: 5. නුගයනරා, මු: 6. මෙවලා, මු:


128. එවනතුරේ තු‍රු අතරේ ලිය නොහැ රේ වැළඳ කෙරේ වෙළපතුරේ පිපි නිතො රේ අතරතුරේ රැව් බමරේ රොන් විසි‍ රේ නළ පැතිරේ සුවඳ කෙරේ එවනතු රේ

129. තුරු පතරා අතරතුරා සිටි නිත රා එවනතුරා හැන උපුරා බිඳ වගු රා මත සිඳුරා කෙළ නිතොරා බුදිනව රා එවන තුරා සිටි නිතරා1 ගිරි අයු රා

130. තුරු ‍සෙවනා සිට පුලිනා නිති කෙළි නා මුවපුලිනා තොලු දෙමිනා ළපලු ම නා නිති බුදිනා එහි සිටිනා රඟ පොරැ නා බලසොදිනා සිරි එවනා මිතුර ම නා

131. මෙනේ සුරඟනකි2 සියොතුන් රැව් ගියෙ න රොණේ කුසුන් ලොබ බිගු කන්කළු රුචි න වෙණේ වයන වෙති3 සවතිඳු යස ගොසි න වෙනේ එදුටුවන් මන සවන පිනව න

132. දකිමින් ගිරි මුදුන සිට හවන විසිතු රු පිළඹරා නැගෙන නිති සතුටුව මියු රු එවනසිරි නුදුටු සිය නෑ ‍හට සොඳු රු හඬගා කියන වැනි නිතියෙන් ගොස මිටු රු

133. සරා මුහුල මල් ගවසා සුඹුළු හැ‍‍ඳේ කැරා4 තිලක සිරියල් නලළත නිබ‍ඳේ දරා අතින් ගිරවුන් සැළලිහිණි ස‍ඳේ කිරාත අඟනන් බලසකි එවන පෙ‍ඳේ

134. එවන ලිය ලියන් ගජමුළු දැක බියෙන පැමිණ තුරු මුදුන සා මුව සුතන් ගෙන පිපෙන කොඳ මුවෙන් බිඟු‍සන් යුතු බසින දපන වැනි මතුරු එහිසිට තව බියෙන

1. නිකරා, මු: 2. සුරඟ, මු: 3. වැනී, මු: 4. කරා, මු:


135. එවන ගැබේ විසිතුරු නිතියෙන් 1පබද දකින නුඹේ නෙත් සිත් වඩවාය 2ඔද නිතින පොබේ කොදනළ වැද එන සුවඳ පවන ලැබේ3 ඉන් නැගි යාගන් සබඳ

136. පුරඟ කඳ සුරිඳු සිරිසර බලන ලෙසා නොළඟ වෙමිනි බියනැඟි මොනරිඳුන් නිසා නිලඟ අසන හැර උන් අනත සිටි ලෙසා බලග උරග පෙනගල ම මිතුර සතොසා

137. දීර තෙද බලැති සම්මුක සුර පවර සාර කර වසන නිති හිම කුළු අයුර සාර සිරි පිහිටි කඳු දැක වම් පස4ර වීර ගස් ඉඩම බල නොහැරම මමිතුර

138. හිමසෙල් පිටින් එන සිසිලැල් ගොස පැතිර පැහැදුල් අහස් ගඟ සිරි නොහැර පළකර ගෙල නිල් නදන පුරවෙත පතල මනහර කැරලොල් මැණික් ගඟ වෙත එලඹෙව මිතුර

139. සිතැඟි ලෙසින් අප සිදුකර දෙන සතුට සිත දහසින් මගතුරුගෙවමින් සතුට තිදිව ලෙසින් සවනිඳු පුර දැක සතුට සිට‍සතොසි න්5 ගඟ සිරි නරඹව සතුට

මැණික් ගඟ මෙසේ වණීනා කරති.[සංස්කරණය]

140. දෙතෙර සිටි තුරඟ පිපි මල්8 රොන් රැසය වගුළ සිලිල් පිට7 නිතියෙන් වෙයි දිසය සුවඳ හමා එන සිහිලැල් පිට බැසය කෙ ළි ති ළමා නිතියෙන්8 සිදඹුන් ලෙසය9


1. මෙලෙසින්, මු: 2. වඩවා සබඳ මු: 3. සීහිල, මු: යසැර, මු: 5. සිය සහසින්, මු: 6. තමා සිටි තුරු මල්, මු: 7. වගුළ අමාපිට, මු: 8. කත් ගත්, මු: 9. වේසය, මු:


141. නිතියෙන් එගඟ බැස කෙළනා ලඳ රුවැ ති දකිමින් උවන් පියුමැයි බිඟුකැන් දිවෙ ති ‍ සලෙළුන් ලොමින්1 පත්පියුමැයි සිතා ඉ ති කුහුලින් උබය නොළඟව බලමින් සිටි ති

142. නිති‍යෙන් යටග බඳ දද එපුර වේ ම ග අඟනන් එහි සරණ රුසිරෙන් සරිපුර ඟ වදිමින් එගඟ තුළ පිළිබිඹු පෙනෙන ර ඟ එසුතන් සමග සුරකල් කෙළින වෙනි2 ග ඟ

143. නිරතුරු කෙළන වරඟන එගඟ මනහ ර පියයුරු සඳුන් සේදී ගොස් ගඟවතු ර නොවතුරු විරැස3 රලීනී ගොස් සිටිදෙත ර සමහරු නොදැන තෙපලති පුලිනතල ක ර

144. පිහිනා උඩුකුරුව යන කො‍මලඟ එව ර දිලෙනා උවන් පියුමට පසුපස නොහැ ර දෙනතා හස එතුඩු දිගුකර නා අයු ර විලිනා මෙන් එදැක4 කලහස ගිය5 බැහැ ර

145. ගඟ තුල බැළුවිට සව්සිරි පිරි එපු ර පැහැදුල පෙනෙන සේයා වැනි විස දෙපු ර දිය තුල ගිලී කෙළෙනා ළඳ ලිය නිත ර රහසල6 පිවිස බලනා විලස සැක හැ ර

146. සඳ රැස වන් දිසිවැලි පිට එගඟ වෙ තී හිද කෙළෙනා කොමලඟ මුහු‍ලසෙහි නි තී එද ලොබයෙන් ගොදුරට නොදැන ඇති ග තී වැද මින් කැල සෙවෙලැයි රැවටී දිවෙ තී

147. දෙසා කවුරු විසිනුත් නිමවිය නොහ න ලෙසා එගඟ සිරි සර7 බලමින් යෙ‍හෙ න කසා කුරුළු සිට ‍මදකල් සිතුලෙසි න බැසා එගඟ8 සිලිලෙහි පිරිසිදුවෙමි න

1. ලොබයෙන් සෙලෙලු, මු: 2. වැනි, මු: 3. රැස්ව, මු: 4. දකින, මු: 5. ගියෙ, මු: 6. රසතල, මු: 7. එසිරිසර, මු: 8. තොලඟ, මු:


148. නොමතුර කෙළෙන රණලියවන් ලිය දෙතෙ ර පැහැසර තොප රුවින් නෙත්සිත් සතුටු ක ර මනහර මැණික්1 ගඟිනෙතරව ගොස් එව ර සිරිබර කතරගම් පුරවර වදු මිතු ර

කතරගම්පුර මෙසේ වණති[සංස්කරණය]

149. ගො‍සවේ නිබඳ පසතුරු එපුරෙහි වය න ලෙසවේ යුගත සැඩ නළවන් සයුර මෙ න අසවේ දෙපස හිඳ රස ගී ලිය කිය න බැසවේ තුරට සිත සවනත කර නද න

150. සුරිඳු කඳ වදන් මිණි සිය සිරෙන් ද රා නිරිඳු ගැමුණු කර වූ එපුර මනහ රා පසිඳු දෙව්මැදුර සුසැදුනි දිග උතු රා එයිදු පෙණෙයි මුතිඳා රැඳි කිරි වෙහෙ රා

151. තෙදිය විරාජ සිරි තෙද නැණ විකුම් බල රුවිනිවීරාජ දිතරුපු සෙන් දෙපා හල යසසුවිරාජ දෙව්රජ මහසෙන් ලකල දකුණවිරාජ සිහසුන් දෙව් මැදුර බල

152. තැනෙක සුසැදි බිහිදොරවල නන් රත න කනක යටෙහි බඳරන් කෙහෙලි වොරැදි න නොයෙක රතන පහකිරණින් එකළුව න නිසැක යෙහෙන් බල එපුරෙන් සිරිනද න

සමසත බුවනතල පුරප්රසවර තිලකායමාන සකලශ්රී නිවාසිත සමභූමිතල සමපතන සුරක්ෂිපත අතිමනොහර වාළුකාසථපවීථිනිම්නභූසිත අමරපුර ශ්රී ධර සකල නගරාඟශ්රී න් විරාජමාන නෛක සත නිසෙවිත නානාදෙ‍සොපවිත නෙකරතනාකුල සම්මුඛ සුරෙන්ද්රනයාගේ පුරයෙහි ‍මේද එක් වර්ණමනාකථනයෙක තාසවන් මෙනෙහිකර.*


1. ඒ මැණික්, මු: ‍* මේ වාක්ය‍ මුද්රිසත පොතේ නැත


153. සවත් සුර මැදුර රැඳි නිවෙස වෙණු1 යු ර

	මහත් සෙන් තරඟ මහමේ වෙරල යු 	ර
	වයත් පසඟ තුරු ගොස ගොස යුතු සයු 	ර 

බලත් එපුර නිතියෙන් වැනි කිරිසයු ර

154. බරකර වසන සිරි නරඹමිනි සිය නෙත හැරකර සක අසුන් සිළු වෙහෙසින් මෙපත සිරකර නඳන වෙණ විසුවාවත් සැපත පරකර ‍මලය ලූ වැනි දරණා අනත

155. උනුනොව පිරි ඉසුරු දිසි අලක පුර දු ල සව්ඉසුරෙන් මෙපුරට සම නොවෙති බ ල උතුරු දිගිඳු විලියෙන් නොවසා අස ල සියපුර රැගෙනගොස් වන් වැනි කෙලෙස කු ළ

156. තිදස සිරිඳු පුරසිරි නොසමත මෙපු ර නිවෙස කර විසුව තම2 ගිරි හිස සුණෙ ර අනිස මෙසුරනිඳු සිරි සැප වෙමින් බ ර පිවිස දෙරණ පිහිටුන වැනි මෙපරව ර

157. නොයෙක් දෙසෙන් රැස්වන නිති දන නොමි න පසක් කොට මෙපුර සිරි කිම අමුතු ව න උදක් දෙලොව වැඩ මෙපුරෙන්ම සිදුව න මිසක් අනුරපුර කිම මෙපුර සිරි ව න

158. පහගණ කුළු ගජදළ කොක වැල විපු ල බඳරන් පොරොදු ඉදු දුණු ලෙල දල විදු ල දෙන පසතුරු මේ ගොස ගජ මද සිසි ල3 දැක මේ සියළු ගෙමියුරු නද මියුරු ක ල

159. සව් ඉසුරෙන් පිරි මෙපුරෙහි පහ කොත න බැව් මිණි රන් රැස් විහිදී ගොස් වැදු න තැව් නුසෙයින් කළුවිය නිලඹර එයි න එව් සමගින් කළුවූ වැනි සොමිලපි න


1. වෙනි, මැ: සි:, කෞ: 2. තව, මු: 3. වතල, මු: සි: උ: ‍ෙකෟ:


160. දිලෙන එපුර මහවේ කිරණ සිරි සි ලූ සරණ වරඟනන් උරඟන රුවිනිසි ලූ නගන දදයටඟ1 මිණිනද නලින් ලෙ ළු පැමිණ සිටින වැනි ගුවනත ගුරුළුමු ළු

161. සොබමන් විසල් වහ සල් සියෙති බිහිදො ර මනරන් රුවන් පිරි සල්පිල් සැදි පව ර නිතියෙන් රඳන සිරිමත් දන2 එහි අත ර ඉසුරෙන් අලක පුරයද3 ජයගති මෙපු ර

162. ලඹදෙන යටඟ නන් දද මදනළින් ලෙ ලී පද අගබඳ නදදෙන මිණි කිකිණි දැ ලී අමරසර පැමිණ පුර බඹරෙහි සිට ලෙ ලී දලනෙත් නදන තුති ගී කියනෙව් එක ලී

163. වඩමින් සමන් මිහිපති රුව වරණ පි ට ඉසුරෙන් නොයෙක් මහසෙන් පිරිවර අව ට වයමින් පසඟ තුරුපුරවේ නිකුත් වි ට සුදසන් වේ සුරිඳු පත් සිරිපැයි එවි ට

164. හසවන් සිටි පියයුරු රන්පටින් බැ ඳ මනරන් තුනු රුසියෙන් දන නුවන් බැ ඳ ගනිමින් එරන් තැටි වේ දෙපස සිට ල ඳ කියමින් සවතිඳුට ආසිරි වදන් සො ඳ

165. නගන පහන් පුරවේ තොරණ තැන තැන සවන් සුරිඳු යස ගුණ වදනිඳු විසි න උදය පටන් ගැන ලක් තබමින් නොදැ න කුසි බැවින් විසිරුණ මිණිරැස් ලෙසි න

166. තුඟුපියයුරු රණ කුඹු යුවලෙව් දිලෙ න දිලෙන අයුරු කොමලත් රන්දම් ලෙසි න ලෙසින රුසිරු සුරඟන දුටුවන් නද න නදන මිතුරු බල එපුරෙහි ‍ලිය සර න


1. නීති මදනළින් හෙළුෑ, මුද්රි ත 2. දන ගණ පැතිර, 3. අලකපුර, මු:


පුරඟනන් මෙසේ වණති.[සංස්කරණය]

167. වැජඹී එපුරවර අඟනන්ගෙ පියයු රූ බරනිසුලා වැහැරුණු සිහිනිඟ අයු රූ සලෙළුලොබින් සිටි එහි බලමිනි සොඳු රූ අදිනනුවන් නිල් රැහැනක විලස දැ රූ

168. පුරසරා දිලෙන වත දැක සිය ඇසි නී පිරිවරා එතුරා සෙන් ගුවනත1 පැමි නී ලපදරා තමන් සරි නොම වන බැවි නී නිසයුරා විලින් ගොස් පැළදෙසහි ව නී

169. වතිනිපුල් නෙතිඳුවර මුහුලස සෙවෙ ලී තිසර තනවසා බිඟු ලිහිනින් මෙවු ලී බමර රැව් නිබ‍ඳ දෙන පියසන් තෙපු ලී එපුර ලකල් කල් ‍බඳසේ ගෙදිගු වි ලී

170. සුරඹුවන් දිලෙන රුසිරෙන් සිරි කැ ල්ම2 කෙලිනවුන්3 සඳළුතලවල සැම ක ල්ම පුරඟනන් සරනු දුටුවන් නෙත් කැ ල්ම රසඅඳුන්4 කුමට වෙන අදිනෙද ලො ල්ම

171. නාලියවන් දිසි රත දරිණි නාලිය නාලියවන් ගමනින් යුග ත නාලිය නාලියවන් පියයුග බැඳ ම නාලිය නාලියවන් පැරද සිය පුර ව තාලිය

172. පැමිණක එපුර වේ හස6 ගෙදිගු විල් වෙ තී දකින කළුන් පුරවේ7 සරණ රුසිරැ තී බඳින රන් පටින් තන හස නිගාදෙ තී බියෙන පළාගොස් දැන් මෙරපුර8 නොලැගෙ තී


1. ගුවනට, කෞ: මු: සි: උ: 2. ලෙසින් දිලෙමින් තුනු කැල්ම: මු: 3. කෙලිලොලින්, මු: 4. දෙන අඳුන්, මු: 5. පයගී මු: 6. පැමිණ වැතිර සිටි, මු: 7. පුරතුල, මු: 8. එපුර, මු: 9. නොලැබෙති, මු: සි: උ:


173. ඉඳුනිල් කවුළු වෙත දිසිමිණි මැදුරුව ල බඳකල් කෙළෙන වත සිරි නරඹා ලක ල සුහුඹුල් පියුමකැයි අත දිගුකර නොස ල ගජමුල්1 විලින් හැසිරෙති එපුර හැමක ල

174. නන් රතනින් රැඳි පහ තොරණ රැස් වැ ද වන් ගණදුරු දුරලා රතු සුපුන් ස ඳ උන් අබිසරු සලෙලුන්2 එහි සරණ සො ඳ මෙන් දිනකර සැකයෙන් බලමින් එස ඳ

175. පැහැසරවන් පහබිතු පෙලෙහි අබිය ස රණලියවන් වරඟන සිටිනා වෙසෙ ස පිළිබිඹු වන් වදිමින් එහි පෙනෙනලෙ ස බිතුසිතියන් නැතිවන් ඇති වූ විල ස

176. පුරසර ලියන් තුණුරුවිලෙහි හට ගෙ න3 පියයුරු4 ගහන් කෙමි ලවනත් පත් දස න4 මුවරඳ බරින් වත් පියුමෙහි මන නද න සෙවි6 ලොබනිතින් මත් සලෙළුන්7 නෙත් බිඟු න

නැවත පුරයද මෙසේ වණති.[සංස්කරණය]

177. ගජතුරඟුන් රියපාබල සෙන් සතු ට8 වසන නිතින් සිරිමත් මේ පුර වර ට අප මුනිඳුන් වැඩ වැඩහුන් තැනෙකතු ට ‍ සොයනුඑයින් කිවියර උපමා කුම ට

178. තෙදබල විකුන් පෑ දිතසෙන් මැඩතෙද ග බඳහළ තමන් යසදද දසදිගු යට ග නද කර එපුර කිරණව9 දිසි තරිඳු ර ඟ කඳසුර නිඳු වැජඹෙති එපුර සිතුර ඟ


1. ගරමුල්, සි: වැ: ගජලෙෘල්, කෞ: 2. සලෙලෝ, මු: 3. පැලඹුන: මු: 4. පියකර, මු: මු: සි: කෞ: 5. හස්ත, මු: 6. යැවු, මු: 7. ස‍ලෙලෝ, මු: 8. එමට, මු: 9. කිරණෙහි, මු:



179. එසුරන් හට නරන්1 යොදුනක් උව අස ළ වෙසිසිත් ගෙළෙහි බැඳි කුනපයසෙ පිළිකු ළ කුළුණෙන් ලෙවන් රකිනාලෙස ඒ නොස ළ තිදසින් බැස මෙපුරවර විසුව හැමක ළ

180. සතුත අනත කිවි සුරගුරු කඳ කුම රු සකත බලත කිවි සරසවිය ගුරුගු රු මහත සැපත පිරි මෙපුරෙහි පැවතියු රු සමත වනත මේ මුරු2 හැකි වෙති කවු රු

181. නිරතුර3 රඳන මැතිවරු එහි සිරි නොමි න දොරදොර රඹතොරණ පුන්කළසින් තෙව් න සිරිසර නොයෙක් දකිමින් දෙපසෙහි නද න මමිතුර යව නොලසව ඒ මහවෙයි න

182. බඹසුරා මුදුන් දුන් සිරි පද කම ල තිදිවරා4 වැඩමකර හුන්තැ්නෙහි ක ල වසුදරා කිරුළු මිණි දිසි5 වෙහෙර දු ල මමිතුරා පෙරටුකර එළඹෙව ලක ල

183. පුදමින් වඳින ඉසුරට නිරතුරු බැති න නිතියෙන් තියු වදන් ගොස දෙමළෙන් කිය න සතතින් වසන ගුරුවන් මඩම දකිෂි න පසකින් දෙව් මැදුර නොලසවයව එයි න

184. ලබන සිතින් මතුසඟ සිරි මනනද න පුදන ලෙසින් වෙහෙරට හෙළ මල් දමි න විසින අදිකරණ මැතිකරවූ යස න වඩින මැනවි මමිතුර ඒ වීදියෙ න


1. එසුර‍ඟනන් අවයොදුනක්, මු: සි: උ: වැ: කෞ: 2. මොහුවෙත, මු: 3. නිළතුරු, මු: සි: උ: වැ: කෞ: 4. නදිවරා, මු: 5. සදිසි, මු:



185. තිරසර ගුණ නැණැතියන් මතු සැප පිණි ස ජිනවර දාතු වඩමින් කර වූ යස ස පුදකර වඳින නන්දෙසනා දනා රැ ස මමිතුර මහ වෙහෙර වෙත එළෙඹෙව සතො ස

186. බැතියෙනි දිව නදන මුනිඳුන් වෙත පැහැ ද තවිසිනි1 පැදකුණෙන් දාගැප් හිමි තැම ද එහෙයිනි2 ලබව3 සගමොක් සිරි මතු සබ ද නොලැසිනි නැවත දෙව්විමනත වෙනට වැ ද

187. සුරතුරුවන් සව්සිරිදෙන මනා ලෙ ස වැඳ පිදුවන් ගෙන සිටුවන සුදුද්ද ස පිරිසිදුවන් දුමරදු මේකුළක් ලෙ ස මමිතුරුවන් නමදුව ‍තගෙසිත ‍සතො ස

188. පසන් කර ලොවග පත් හිමි ‍තිලෝ තු ම නිසන් කමුනි දුටුමෙන් බැති සිතින් පෙ ම කලන් කනොව ගෙයි වැඩසිටිනා පිළි ම සිවන් කසිරි ලැබුමට වඳු හෙව දර ම4

189. නන් දිගඹුන් හරයසඋර පළඳමි න නන් ඉසුරෙන්5 විඳසුරසෙන් පිරිවරි න උන්6 සුරිඳුන් සුරඟන සහ නිති‍දිළෙ න මන් ‍ස‍තොසින් දෙව්රජගෙට වදුසිරි න

190. නිසිත අගරු කළුවැල් තුවර දුම්කොස ට මඩිත සඳුන් මෙහැමින් සුවඳ හැම වි ට පිහිත වේය දෙව්රජවිමන එමවි ට තසිත සැපත මමිතුර එහි පැමිණ වි ට


1. තපසිති, මු: සි: වැ: කෞ: 2. වෙසෙසිනී, මු: 3. ලබනු වස්, මු: 4. කෞතුකාගාර පොතේ මේ කව නැත 5. ඉසුරෙන්, මු: 6. දුන්, කෞ: මු: සි:


191. වන්1 ඉසුරෙන් සෙන් සමගින් නන් දෙසි න නන්2 බරණින් සැදි සුරකුමරුන් ලෙසි න මන් පිනවන දෙව්රජ3 මඩුවෙහි ‍දිලෙ න මන් තුටුකර බල එහි සිටි මැතිවර ණ

192. ලත් මේ සුර පවර කුළුණෙන් නේසිරි න සිත් මේ වසන නිතියෙන් එහි ගුණනැණි න දත් මේ දෙ‍ලෝ තතු තෙරැවන් ගුණ දර න බෙත් මේ උබස මැතිවරු සිටිති පසකි න

193. අමර ගුරු නැණින් රම්4 නදනෙව් රුවැ තී නොහැර ලෙව් සිරිත් සහදැන සිව් ‍නිමි ති නිතර සවතිඳුගෙ යුතු ලෙස මෙහෙපැව ති පවර අදිකරණ මැති සෙබෙහි වැජඹෙ ති

194. නිල කරනා එහි පැවතෙන හැම නොහැ ර සිතැඟි මෙනා දෙව්රජ පැවති නිර5 තු ර සිටිනමනා මැතිවරු නිති සබය තු ර බලසොදිනා මමිතුරා සිත සතුටුක ර

195. පිවි‍සසබා මඩුවට සැදි නන් සිරි න රුවිනි රඹා6 නදනෙව් නිතියෙන් දිලෙ න එමැති සබා ලෙස පැවසිය හැකිනොහෙ න මන‍පොලඹාජ ඒ7 කිවියර දන තිළි න8

196. සියකුල උබය පිරිසිදු සක කිරිලෙසි න නද කළ කිවි කුමුදු ති‍ළිනෙන් තරිඳුමෙ න සුනිමල එදෙව් මැදුරන අබියස දිලෙ න සිටිකල එමැතිවරු ඒ සබෙහි ඔරැදි න

197. සිරි ලක බන්කාල9 අරමණ කස්මීර ට වඩිගක ලිඟු නේපල් ගෞඩ නේ10ර ට ගෙනනෙක පුද පඬුරු නිතියෙන් සවතිඳු ට බලසැක නොව මිතුර මහසෙන් සිටි අව ට

1. නන්, මු: සි: කෞ: 2. හන්, මු: 3. දෙවසබ, මඩු, මු: 4. රම්රද, කෞ, මු: සි: උ: 5. නිලතුර, කෞ, මු: සි: උ: වැ: මු: 6. ලඹා, මු: 7. ලු, ඇතැම්, ලයි, මු: 8. නිතින, මු: 9. බන්ගාල, මු: 10. නෙකරට, මු:



198. තුනු රුසිරෙන් බබලන සුරලිය සෙයි න නත්1 බරණින් සැදෙමින් වරඟන දිලෙ න රැගෙන රුවන් රැව්2නලි දෙපස සිටගෙ න පැවති ලෙසින් ආවඩමින් නැවති තැ න

නළඟනන් මෙසේ වණති[සංස්කරණය]

199. සුනි මල් දුහුල් ගැඳමිණිඅබරණ පැළ ඳ දිඟු නිල් වරල් දැසමන් දම් ගොතා බැ ඳ මන කල් රුවින් නෙත රසඳුන් තනා ඇ ඳ බලලොල් සිතින් නළඟන රඟන එමස ඳ

200. බරත සතෙහි පැවතෙන පෙරකී ලෙස ම දෙනෙත යුගත දෙපසෙහි1 පමණ සරිව ම රඟත තාල මද්ද‍ලගිය නොවරද ම විසිත තලඹ දුටුවන් දිවසරන් මෙ ම

201. බෙහෙද නිසි ‍තාල දැනගත සිතු ලෙස ට පැහැද වයන මද්දචල සුද්දනාදෙ ට විරොද නොවනගන අතපය හෙලනවි ට සබඳ බල රඟන නළඟන සිතුලෙස ට

202. තුනුරුවින් සුර ඹුන් ලෙසින් මුහුලසමලින් ගවසා යු තේ මුවමදින් කොකුමෙන් සඳුන් පිනිදි‍යලෙවු3 න් තවරා ග තේ තනහසුන් ගණ රන් පටින් බැඳ අබරණින් සැරසී යු තේ රස නුසුන් තෙපු ලෙන් ගියෙන් නලඟනරැගුන් බලපානෙ4 තේ


1. නන, මු: කෞ: මු: 2. රිදී, මු: 3. ලෙවින්, මු: සි: උ: කෞ: 4. පෑයුතේ කෞ: මු: සි: උ: වැ:




203. දිගුනෙතේ අඳුනෙන්සුනේ පත්සවනතේ මිණි‍වළලුලා අ ‍ ත් සරන තේ සරඹින් යු තේ පටුනලළතේ කොකුමෙන් තිලකදෙ ත් රඟ දෙනේ සුරඹන් යු තේ නලදිගුනෙතේ දුටු‍වන් කෙරේ ම ත් පවසතේ නතනන්යු තේ දගසින්වතේ අන්කෙබඳු හැකිවෙ ත්

204. විදිමිනේ සිතියන් පටන් ගෙන පෑමෙනේ නලඟන බැ සේ තබමිනේ පාලෙල දිදී අත් බරතසත නිවැරදි ලෙ සේ වයමිනේ බෙර සුද්දතාලෙන් රාගදනු ගී එකලෙ සේ බලමිනේ නෙත් දඟසිතේ නිමවිය හැකි ද උන් ඇතිලෙ සේ

205. පෑ දිසේ රන්රුවලෙසේ අත් ලෙලදිදී විදුලිය ලෙ සේ සේදි‍ සේ පිරිසඳ‍ලෙ සේ උවතින් දසන් පෑ මදහ සේ පෑමෙසේ රඟනොකමසේ දිඟුනුවනගින් බැල්මෙන් ල සේ මේ ලෙසේ නලඟන රැසේ දුටුතවසරන් දන් කොයිලෙ සේ

206. සුර සබා මඩුවට පබා දිසි බැස නොබා සිටි කකුව පාදේ ලෙස පබා නලඟන සුබා දුටුවන් ලොබා කර තබන පාදේ ඉනලඹා මිණිමෙවුල බා පද එ සලඹා ගීතා ලබේ‍ දේ දැනනොබා නලඟන සුබා රඟදෙන සොබා දුටුවන් නොයාදේ


207. සුර ඹුන් රුසිරෙන් ලෙසවන් නලඹුන් ර‍ඟදෙන සෙද තොවලසි නේ පදයෙන් පදයට කියමින් ‍ගීතය ලෙලදුන් යුග කොමලතී නේ ගණරන් රස එක් උවමෙන් බේද‍යනොවමින් රඟදුන් සදි නේ බලමින් මෙලෙසින් නලඟන රඟදී අවසන් වූ විට නොවලසි නේ

සම්මුක සුරිඳුන් මෙසේ වණති.[සංස්කරණය]

208. රුවිනිවිරා ජිත රන් කිරුළිස පැළ ඳ පැහැ විසුරා මිණිබන් අබරණ පැළ ඳ දිවසකරා මෙන් තෙදඟි1 නි යුතු පබ ඳ ‍ තනෙතපුරා දකු‍සම්මුක සුරිඳු ස ඳ

209. තෙදයසසින් සුරසෙන් පිරිවර නොමි න දිලිසිහසුන් පිටවැඩඋන් සක්සෙ යි න කඳකුමරුන් වෙතගොස් සිට මනතු ටි න අදරබැතින් නමදුව ඒ හිමි සර ණ

210. රුවින් ඔරැදි එසුරිඳු උතුමඟ ලකු ළු නොහින් රැස් විසිර බබලන රන්කිරු ළු නිතින් කෙළෙන සතු‍ටුව බැස රුවන් ක ළු රුව2 න් මියුරු සදෙනෙක් සිරි පැයිලකු ළු

211. දෙරණට පැමිණි පුරඳුරු ඉසුරු පැසි දු ලේ වටකොට සුරසෙනඟ වැඩහිඳින සුවි පු ලේ සැමවිට දිලෙන3 රන් පට සැදි නළල් තෙ ලේ එකවිට ලෙලෙන විඳු කිඳු සයක සිරි දු ලේ


1. තෙදණින්, මු: 2. සුවන්, මු: 3. දිසෙමු, මු:


212. සහතුට වඩන මෙසුරිඳු බැමනිති ‍දිලෙ න එකවිට පහළ ඉදුදුනු දොළසක් ‍එමෙ න සැමවිට පුබුදු නෙතිනිදුවර දැක සොබ න ලොබකොට ලෙලෙන බිඟුවැල සිරි ගති නිති න

213. සවන් සුරිඳුගේ නිති දිසි නෙත් දෙස ය මහත් කුළුණු සයුරෙහි කෙළි ‍මින් ලෙස ය කියත් මදක් උවමට ඉඳුමිණි රැස ය අනත් ගෙළ මිණට සරිකළ කැටලෙස ය

214. හිමිසඳ තුඟු ගහන් සයරණ කුසු වැ නිය තුඩුදුන් මුවකමල් රණහස පෙළ වැ නිය යෙදු ‍උවම‍න් ලෙව්සතවැනි කෙලෙසි නිය කෙසරපෙළට සරිකළ කැණහිල් වැ නිය

215. තෙදින් මෙ ම‍හසෙන් හිමිසරිවන දෙව න වෙනින් තවත් සුරි‍ඳෙක් කිම දියත මෙ න උවන් දිමුත්1 පුන්ස‍ඳ සියකි පළ ව න කියන් එහිත්2 කැලලකි අඩුවෙ දින දි න

216. දසන වසන දල දළ3 මුව රදදිමු ත දිව්කෙමිදුල ගෙළෙනළ කමල පෙළයු ත මුව සුරනිඳු සරිකර කියන්4 සිය ප ත සොමි මඩලට දපනය සරිකරනු5 යු ත

217. නිතින් දිලෙන රන් ඕවිලි ලෙස සොබ න සවන් දැරු මහඟු මිණිකිරණ ඔරැඳි න රුවන් කුළෙක අබියස එකවිට පැමි න කියන් ළහිරු දොළසෙක් දිලි‍නන් එමෙ න

218. සිරිසඳ නිතින් වසනා රන් මැදුර යු රු පුළුලුරමඬල රණගලතල එසුරවි රු කොමල කමල වැනි පැහැගත් වූ සොඳු රු කුකුළුසිලට සමකොට පවසති කවුරු රු

1. කීවොත්, මු: 2. එයින් කැලලකි හෙද, මු: 3. දර, කෞ: මු: සි: උ: 4. කියත, කෞ: මු: සි: උ: 5. කරන, කෞ:


219. කර තල සුර රජුගෙ1 රතැඟිලි නවදලි න කිර ණ නිය කුසුම් සෙවිබිගු මිණි බර ණ සුර නර නඳන කර සව්සිරිපල දෙන න සුර තුරු අතුදොළසෙක සිරි ගති සොබ න

220. සොබන කලිඳු‍ගඟ පළකර පාන ල ද පබසර කිරණ දිසි මෙසුරිඳු වසා රො ද නැබ පියුමට ගමනොත බිඟුවැලෙව්2 සො ද සුබ එවනත්3 සක්විති සැප සම කල ද

221. මනහර මෙසුරනිඳු පුළුලුකුළ සිරිබ ර4 පුවතර රුවන් වැලිතල විලස පළ ක ර දිරිතර තුනු සුනෙර හටගත් හෙම්සයු ර සිරි කර මෙලෙස පැවසිය හැකිවෙති කව ර

222. ගජනත් කතාරඹපැල යුවලෙව් දිලෙ න සිරිමත් සුරනිඳුගෙ දෙවටොරට සරි ව න උවමත් යෙදූ කිවියර පොරණ කෙලෙසි න සිදුහත් ගැබට ලෝකුස සමකල ලෙසි න

223. දිලෙන සොඳුරු යුගදණ මඩල පැහැප ත එතුනු 5කරන හෙම්රැස් දොස් දවා ග ත රන්උතුයුග කිබිසිනි කොට තැබුව ගො ත සදිසි වේද හිමි සුරනිඳුට මෙ පුව ත

224. පරසිදු දියත මහසෙන් සුර රජුගෙ තො ස පැහැබඳු රුවන් යුගදඟ වැනියැකි6 කෙල ස සිකිනිඳු කර තැඹිලි දුනුකේ කැකුළු ලෙ ස කොයිබඳු7 වීද? උවමට ඒ කියන බ ස

225. මහත් පිය පතර දිඟැගිලි ‍දලපෙළි න දිමුත් බරණ ඉඳුමිණි බිඟුකැන් සර න සෙවිත් නිතින් සුරතර කැල හස පෙළි න රැගත් රතකමල සිරි මෙසුරිඳු සර ණ

1. රජගෙ, මු: 2. බිඟුවැල කිවද, මු: 3. එවනක්, මු: 4. සරිකර, මු: සි: ඌ: 5. කැරුණු, මු: 6. වැනිවිය, කෞ: 7. කොසබඳු මු:


226. රන් මිණි බරණ දැරූ සවතිඳු රූ සයු ර දුන් නෙත් කැළුන් සුරඹුන් කෙළි මින් අයු ර මන් සන්තොසින් සිරිසඳ වසන නිරතු1 ර බන් නන් රුවන් මැඳුරෙව් රුසිරෙන් සොඳු ර

227. පසිඳු වන මේ හිමි වැජඹින නැත සි නිදු සිනිඳු ගුණෙන් විකුමෙන් කවරෙක් මෙ බඳු මෙබඳු තෙදින් දිය දද බන්දා වි රුදු විරිඳු දින රුපුන් මැඩ පුම්බා වි රුදු

228. රුසිරෙන් උතුම් මෙසුරිඳු දැක එසිරිස ර විසු වෙන් අවුත් සතතින් කෙරෙ මෙ සුරව ර තැවෙමින් සොවින් කළුවිය වෙන් කළේ බ ර එලෙසින් නොවිය රැකියෙන් සතන බඹ ස ර

229. ගණරන් අනගි නවමිණි අබරණ රුව ට දරමින් සිකි යහන් ‍නැගෙමින් සිතු ලෙස ට නඟමින් සැව්දයද දිව තද තෙද විහි ට රුපුසෙන් දිතදපා හළ බල පෑ ලොව ට

230. පවර මෙ මහසෙන් හිමි සුරරජුගෙ තො ස විතර නොවන සිරිතෙද නැණ විකුම් ය ස සතර වත සහස නෙත තවවාම මි ස කවර අනික් කිවියර වණති ඇති ලෙ ස

231. සහස කිරණවන් මෙසුරිඳු‍ පා තඹ ර තසිර පැළඳ සිටගෙන පසෙක ම මිතු ර ම බස සිතින් සිහිකරමින් ‍තතු නොහැ ර ඇයැදි ලෙසින් අප මේ පුවත පළ ක ර

232. ශ්රීු සෞභාග්යහ සකලාභිවෘද්ධිවර්ධළන ජිනවරශාසන පාලන ලෝක සංරක්ෂණ දක්ෂවිවක්ෂණ ප්ර්වර වික්රෘමප්රසතාප සමන්විත ශ්රීක ෂණමුඛ දෙවස්වාමින්ගේ ශ්රී පාදරවින්ද සබඳ තාගේ මස්තකාලංකාර කෙරෙමින් සිට....


1. නිලතුර, මු:


අස්න මෙසේ පවසති.[සංස්කරණය]

233. පැහැද වෙතෙහි තෙරුවන් ගිය මුනිසර ණ සබඳ වීමි යතිඳකු සහ ගුණ නඳ න මෙසඳ ආමි හිමිවෙන එ යතිඳු බසි න මෙලෙද කියා සකි සැළකර පළමුවෙ න

234. සව් සිරි දී කුළුණෙන් ලෙව් ‍සතරකි න දෙව් සෙනවී සුරිඳු වෙත සිට ‍මනතුටි න පව් දුසිරිත් මිසදිටු දුරලා නිති න ලෙව් සාසන රකිනා ලෙස අයදිමි න

235. තරිඳු ගුණෙන් තෙදණින් යුතු සහස ක ර පසිඳු වීර පැරකුම් ලකිසුරු පව ර ගිරිඳු වියත් සමුදුර දෙරණ හිමි ක ර අයදු නිතින් රකිනව සිකියහන් සු ර

236. පිරි යසසින් සිව්රඟ සෙන් මැති සම ඟ සිතැඟි යෙහෙන් සිදුකර සිය නෑ සම ග අහිත රුපුන් දුරුකර නිතියෙන් තොළ ඟ අප නිරිදුන් රකිනව අයදු සිතු ර ඟ

237. ලත් තනතුරු අගමහෙසුන් හට පබ ඳ කින් සිරිලක සාසන මතු රකින ලෙ ද පුත් රුවනක් දෙන ලෙස මහ පිනැති සො ඳ කොත් අත දැරූ සුරිඳුට අයදු සකි ස ඳ

238. අප හිමි යති සඳුගෙ සිත ඉඟි සිඳුව තො ස දප බිඳ රුපුන් අමිතුරු දුරලා නොල ස සැප සව්සිරි ආසිරි දී රකින ලෙ ස අප යැදුමෙන් සැළකර සුරනිඳුට තො ස

239. වත පැමුණුනු උවදුරු දුරු කර බැහැ ර ගත සියළුම රෝදුක් දුරලා නිත ර ඉත මිතුරන් සමගිව සිතැගි ‍සිදු ක ර සෙත දී අප රකිනට සැළකර මිතු ර


240. මනමෙන සතන් සව්සිරි දෙවනා නිති න සුරිඳුට සවත් සැළකර යදුව මෙලෙසි න දිව සවනත යොමු කර කුළුණු අදරි න ඔබ මහිමෙන් යස නැණ සිදුවන ලෙසි න

241. ම නැණ පමණ පැවසූ කිවියර බසි නී නොගෙන වරද දුට හැර පොකුරඹ ලෙසි නී වඩන කුළුණු අප වෙත සිරි දී තොසි නී රකින ලෙසට අයදුව මිතුර නොලසි නී

242. පිරිසිදු ගුණ දිමුත් රුසිරැති තොප විසි න සකි නුඳු යහන් සුරිඳුට අප අයදුමෙ න වැඩ සිදු වන මෙහැම ම තෙපුල් දන්වමි න කුරුළිඳු යෙහෙන් පවතුව සහ නැසිය න

243. පීන් සිරි සකල දිඟුවැලි පියස ග රූ පේම වඩන කඳවුරුකුලග පිවිතු රු සාමණේර යති සඳු ‍නිමල ගුණ දැ රූ හේමකුරුළු මෙහසුන් පැවසී මියු රූ

"https://si.wikibooks.org/w/index.php?title=කහකුරුළු_ස‍න්දේශය&oldid=4333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි