කහකුරුළු ස‍‍‍ඳෙස-උපග්‍රන්තය

Wikibooks වෙතින්


මුද්රි්ත ‍පොතෙහි එන පහත සඳන් කවි ශුද්ධියේ දී අප පරීක්ෂාකළ කිසිම පිට පතක දක්නට නැති බැවින් සන්දේශයෙන් අස් කොට මෙසේ දැක්වීමු.


නිසා වැණුම්


100. පැමි‍ණෙන අවර දිගුලිය වෙතට දින කර අවනත විළඹු ගළවත මිණි වැල බ මර හැකිළෙන තඹුරු වත ගනඳුරු එයි පැ තිර එපවත සකින් බලමින් සිටිසඳ මි තුර

101. එ දා සහස කර හිමි තම වෙතට පත සදා අවර ගිරි යහපනන එදි ගු කත යොදා අඳුරු මැදුරත තුළ වැදී ගත සඳා වළා පෙළ හැඳිවත විදා ගත

102. සොඳුරු කිරණ විහිදා තුරු පිරි වරින ඉඳුරු දෙසින් නිසයුරු පැමිණෙන ගුවන සොඳුරු මිතුර ඒ දැක පලතුරු මුදුන නුදුරු එහිම සැතපෙව රෑ දින යෙහෙන

103. කුමුදු සිය රැසින් හෙළි කරන දිගු බිත පුබුදු වනසිරෙහි තුරු ලැහැබෙහි දි මුත සිනිඳු සුවඳ මදනල ගෙන එන සිත විහිදු වමින් ගිම් දුරුවෙයි නුඹේ ගත

104. උදය ගිරි මතඟ පුන් සඳ කිරණ අතින් බිඳය අඳුරු තුර කනුවන් පහත් ගතින් එදය පෙනෙන වැනි පිටතට සසල පතින් නදය කර මිතුර සිකි කිරණ පැහැ පතින්

105. කැළුන් විහිද එන පුන් සඳ වටා පත පසන් උදය ගිරතින් ගෙන නිසා කත ගිමන් නිවා හෙසුණු මගැ නුඹේ ගත පවන් සලන විලසින් මද නල හ මත

106. තුසර කර තමන් හිමවෙත ආබැ වින අඹර දිසි මැදුර යහනත සරස මින අතුර කුසුම් අසෙනිය දිසි තුරු රැ සින නොහැ‍ර පහස විඳ නිසඟන සිතු ලෙසින