Jump to content

කහකුරුළු ස‍‍‍ඳෙස-කහකුරුළු වණ්නාව-iii

Wikibooks වෙතින්


101. දිව යුරු සිහි අවර ගිරි ලෙනට වන් විට ගණඳුරු මතඟ පැමිණෙයි ලොවට එම විට මමිතුර එදැක එනිතුරු සිරෙක වැදෙ විට හැරදුරු විඩා සැතපෙව තුටුව එම විට

අර්ථුය: දිවයුරු සිහ, දිවාකර නැමැති සූයර්යායා; අවර ගිරි ලෙනට, අපරදිග නැමැති ගල් ලෙනට, වන් විට, වන් කල්හි; ලොවට, ලෝකයට, ගණඳුරු මහඟ, අන්ධකාර නැමැති හස්තියා; පැමිණෙයි, එයි; එමවිට, එවිට; මමිතුර! මගේ මිත්රාය! 122 කහකුරුළු සන්දේශ වර්ණණනාව

ඒ දැක, එය දැක; එහි ඒ ආරාම‍යෙහි; තුරු සිරෙක, ගස් බෙනයක; එවිට වැද, එකල පිවිසී; වීඩා දුර හැර. වෙහෙස දුරුකොට; එම විට, එකල්හි; තුටුව, සැත‍ෙපව; සතුටින් නිදා ගනුව;

වියරණ: දිවයුරු දිවාකර (පාලි) නිසයුරු, නිසාකර ආදියද සලකන්න.

මතහ: මාතංග, (පාලි) මාතඟ සදින් ඇතුන් කියවේ.

102. දින පති රද උදය ගිරි රණ බිමට යුතු පැමිණෙති අඳුරු රුපු නිරිඳුන් වනස සිතු ලෙල වති කිරණ කග පත දැක බියෙන් සිතු වැද ගති ගොසින් ගිරි ලෙන බල පමණ නතු

අර්ථගය: දිනපති රද, සූයර්යත නැමැති රජ; අඳුරු රිපු තරිඳුන්, අන්ධකාර නැමැති සතුරු රජුන්; වනස සිතු යුතු, විනාස කරන සිතින් යුක්තව; උදය ගිරි රණ බිමට, උදය පර්වසත නැමැති යුද්ධ භූමියට, පැමිණෙති, පැමිනෙයි; කිරණ කගපත, රශ්මි නැමැති කඩු පත, ලෙලවති, ලෙලවයි; ඒ දැක, එය බලා; දැක සිතු බියෙන්, සිතේ භයෙන්; (අදුරු) ගොසින්; අන්ධකාරය, ගොස්; ගිරි ලෙන වැද ගති, පර්ව ත‍යන්හි ලෙන් වලට රිංගා ගත්තේය, නතු පමණ බල! අවනත වූ ප්රුමාණය; බලන්න!

වියරණ: උදයගිරි: උදය පර්වරතය, සූයර්යලයා උදාවන පෙරදිග උදය පර්වණතය ලෙසද, සූර්ය්ය යා, බැසලන බස්නාහිර අවරගිර ලෙසටද කවීහු සලකති.

කගපත : ඛංග පත්ර,; (සං) ඛංග පත්තබ (පාලි) මෙයද තනිවචනයකින් නොව වචන දෙකකින් බිඳී පැමිණියකි.

103. එකල් පැමිණි නිසයුරු අවරඹ වෙතට කුහුල් සිතින් නිසඟන හිමි වියෝ වට අවල් කෙළි ලොලෙහි තොපැකිල යෙදෙණු විට ලිහිල් වත් අදින වැනි පෙරදිග එවිට

                                                   කහකුරුළු සන්දේශ වර්ණ‍නාව 	123 

අන්වය: එකල් අවරඹ වෙතට පැමිණි නිසයුරු හිමිවියෝවට නියඟන කුහුල් සිතින් අවල් කෙළි ලොලෙහි නොපැකිළ යෙදුනු විට පෙරදිග ලිහිල්වත් හිඳින වැනි.

අර්ථිය: එකල්, ඒ කාලයෙහි: අවරඹ වෙතට පැමිණි, බස්නාහිර ආකාශයට පැමිණි‍යා වූ; නිසයුරු හිමි, චන්ද්රර නැමැති ස්වාමියාගේ; වියෝවට, වෙන්වීම නිසා; නිසඟන, රාත්රීන නැමැති කාන්තාව; කුහුල් සිතින්, කලබල වූ සිතින්; අවල් කෙළි ලොලෙහි, රාති ක්රීමඩාවෙහි; නොපැකිළ යෙදුණුවිට, කිසි තැති ගැනීමක් නැතිව යෙදුනු කල්හි; එවිට පෙරදිග, ඒ වේලාවට නැගෙනහිර අහස; ලිහිල්වත්, ලිහිල් වී ගිය රෙදි, අදින වැනි, අඳින්නාක් මෙනි.

විස්තරය: චන්ද්රායා ස්වාමියා‍ය, රාත්රිතය භාර්යාරීඩාවය, දවල් කාලයෙහි වෙන්වී සිටි චන්ද්රි රාත්රීර දෙදෙන එක්විය. එහෙත් අලුයම තමා සමග රාත්රි යේ සැ‍පසේ වාසය කළ ස්වාමියා වෙන් වී යන බව දුටු නිසා කත කලබල විය. ප්රි‍යාවගෙන් ප්රියයයා වෙන්වන අවස්ථාවකදී මෙනි. ඒ වේලාව පෙරදිගින් හිරු රැස් විහිදී එන සැටිය මේ කවියා කියන්නේ, අමුතුම රසික තාවයකිනි. බස්නාහිරට බැසයන සඳත් නැගෙනහිරින් පායන ඉරත්, අතරත කලබල වී සිටින නිසාකත රති ‍ස්මෙභාගයේදී ලිහිල් වී ගිය රෙදි නැවත සකස් කරගන්නා සේ යයි දක්වයි.

වියරණ: අවරඹ: අවර+අඹ, අපරාරාමබර, සං.

කුහුල්: කුහුල් සඳ, සැකය, ඇවිස්සීම, දැකීමට ආශාව, කැමැත්ත, නුපුරුදු කම ආදී නොයෙක් අරුත් පවසයි. මෙහි සුදුසු වනුයේ කලබල ගතිය පැවසීමටයි.

අවල්: මෙය රති ක්රී ඩාව සඳහා යොදති. යුද්ධය, සණඩුව, තද සම්බන්ධය යන අරුත්ද පවසයි.


124 කහකුරුළු සන්දේශ වර්ණධනාව

104. සරස් වළා පෙළ යුත් හැඳ විදා වත කුකුස් වතින් ‍හඬනෙව් විට නිසා කත වෙසෙස් නුවන් කඳුලෙව් පිණි බිඳු වැහෙන නිදොස් අරුණු රැස් පැතිරෙයි පෙර දිගත

අර්ථසය: යුත් සරත් වලා පෙළ වත, සරත් කාලයෙහි සුදු වළාකුල් නැමැති වස්ත්රයය; හැඳ විදා, ඇඳ විහිදා හැර; එවිට, එකල්හි; නිසා කත, නිසා නැමැති කාන්තාව; කුකුස් වතින් හඬන එව්, දොම්නස් සහිත මුහුණින් යුතුව, හඬන්නාක් මෙනි; වෙසෙස්, වෙනස නම්; නුවන් කැඳුලෙව්, ඇස් කඳුළු බඳු, පිණිබිඳු වැහෙත, පිණි පොද වැහෙන කල්හි; පෙර දිගත, පෙරදිග; නිදොස් අරුණු රැස් පැතිරෙයි, පිරිසිදු ළහිරු රැස් පැතිරේ;

විස්තරය: අලුයම හිරු උදාවීමත් රාත්රි ය ගෙවීයාමත් යන කරුණු දෙකම මේ කවියා වර්ණුනා කරන්නේ අතිශය චමත්කාර ලෙසය; සරත් වලා නැමැති වස්ත්ර ය හැඳ විහිඳුවා පසු තැවිලි සහිත මුහුනින් යුක්තව වඬන්නාක් මෙනි. වෙනස නම්,න හඬන නිසා කතගේ කඳුළු මෙන් පිණි පොද වැහෙන කළ පෙරදිග අරුණු රැස් පැතිරීමයි. බලන්න කොපමන ස්වාභාවික වර්ණකනයක්ද කියා,

වියරණ: සරස්: සරත් යන්න මෙහි එලිසමයට සරස් යයි යෙදුණි. යුත්, යුත් යන්නේ කිසිදු තේරැමත් නැත.

කුකුස්: කුක්කුවව (පාලි) හිතේ ඇතිවන පසුතැවිලි වන ස්වභාවයයි.

105. එදා වියෝ රිවි හිමි නැවත එන විට යොදා ඉඳුවරන් නෙත් විලඹුවෝ දුට සෙදා හළ බමර මිණි වැල නැවතෙ විට යොදා තඹර වත් පොබයා වෙති සතුට



                                                        කහකුරුළු සන්දේශ වර්ණයනාව 	125 

අර්ථ ය: එදා වියෝ රිවි හිමි, පෙරදින වෙන් වී ගිය සූර්ය් දු නැමැති ස්වාමියා නැවත එන කල්හි; ඉඳුවරන් නෙත් යොදා, නිල් මහනෙල් මල් නැමැති නෙත් යොදා; විල් අඹුවෝ දුට, විල් නැමැති කාන්තාවෝ දැක්කාහ; එවිට, සෙදා හළ එකල්හි වහා අත්හැරිය; බමර මිණි වැල, බමරණ නැමැති මාණික්ය් දාමමය; නැවත යොදා, නැවත යොදාගෙන; (විල් අමුවෝ) තඹරවන් පොබයා, නෙළුම් නැමැති වත් පුබුදු කර; සතුට වෙති, සතුටු වෙත්;

විස්තරය: සූර්ය් යා ස්වාමියාය, විල අඹුවය, කලින් දින එක්ව සිට පසු දිනක එන ස්වාමියා දැක්කේ නිල් මහනෙල් මල් නැමැති ඇස්වලිනි. අලුයම මහනෙල් පිපීම ස්වාභාවිකය. කවියා මෙහි එය ගැලපූ අයුරු ඉතා අගනේය. විල්කත එදා හිමියා වෙන් වෙනවාත් සමගම බමර නැමැති මිණි වැල මුදා හැරියා. හෙවත් නෙළුම් හැකිලෙන විට බමරු ඉගීලී ගියහ. එය ස්වභාවිකය. එහෙත් පසු දින රිවි උදාවන විට නෙළුම් පිපුණේය. ඒ සමගම බමරුද ආහ එය කවියා දකින්නේ අමුතුම හැටියකටය. හිමියා එනු දැක මිණි වැල නැවත යොදා තඹරවත් පුබුදු කොට විල්කත බලනසේය. මෙබඳු උචිත වර්ණානයන් නිසා අන් සෑම සංදේශයක් මෙන්ම මෙයද උසස් සාහිත්යි කෘති ගණයට වැටෙන බව අමුතුවෙන් කියයුතු නොවේ.

වියරණ: ඉඳුවර: බන්දීවර (සං)

විල්අඹුව: මෙහි විල් යනු එක් ශබ්දයකි. අම්බිකා සදින් බිඳුණු අඹුයනු අනික් ශබ්දයකි. .

සෙද: වහා යන අරුත්හි නිපාතයකි.

තඹර: තාම රස සදින් අවකි.

106. මෙලෙස කරුණු පැමුණුන කල මන් ‍ තු‍ටුව වෙසෙස එයින් ඇස නිදි ගැට හැර පටුව නිවෙස ලැගි නැගිට කුලදෙවි මන් ඉටුව අලස නොව අරා නිලඹරයන් ඉටුව

	126                                            කහකුරුළු සන්දේශ වර්ණබනාව 

අර්ථ1ය: මෙලෙස කරුණු පැමුණුන කල, මෙසේ කරුණු ඇති වූ කල්හි; මන් තුටුව සිත සතුටුව; වෙසෙස, විශේෂයෙන්; පටුව, ව්යසක්තව; එයින් ඇස නිදි ගැට හැර ඒ ස්තානයෙන් ඇසේ නිදිමත ගති හැර; කුලදෙවි මන් ඉටුව, සිතේ කුල දේවතාවන් ඉටා; ලැගි නිවසින් නැගිට, ලැගි නිවෙසින් නැගිට; අලස නොව, අලස නොවී; ඉටුව, තරයේ අදහස් ඇතිව; අරා, නැගී; නිලඹරයන්. නිල් අහසෙහි ගමන් කරන්න.

වියරණ: නිදි ගැට නිද්රාේග්ර න්ථී - සදින් ආවක්සේ පෙනේ. අරා, නැගී, සිහිසුන් අරා ආදිය සලකන්න. මෙය දෙමල ඒර් යන්න ඇසුරෙන් ආවකි.

ඉටුව : ඉටා, අධිටඨභිත්වා (පාලි)

107. යන මෙ ඔබා පෙර මග වන ගලානේ තුරු ලැහැබා ඇද සිටි ගජ රළානේ දැක පසුබා නොගොසින් වල් වළානේ සිරි නරඹා යව සකි මූ කලානේ

අර්ථ ය: මෙ ඔබායන මග, මේ නුඹ යන මාර්ගවයෙහි; වනගළානේ, වන පන්තියෙහි; තුරු ලැහැබා ඇද සිටි, ගස් ගොමුව අදමින් සිටිය; ගජ රළානේ, ඇත් රංචුවය; වල් වළානේ දැක පසුබා නොගොසින්, වනය හා වළවල්ද දැකලා පසුබට නොවී ගොස්; සකි මිතුර! මූකලානේ සිරි නරඹා යව, මූකලානෙහි ශෝභාව බලා යන්න!

වියරණ: වන ගළානේ: වනඝඨ (පාලි) එනම් වන පන්තියයි.

108. පුදට උදය කළ පසතුරු ගොස පබඳ සතුට අසා දිවයුරු එනු දැක විහිද නැගිට ලැගි තෙනින් හැර නිදි ගැට පසිඳ නමකොට මහ සෑය ඉන් නැගි යව සලද


                                                 කහකුරුළු සන්දේශ වර්ණිනාව	 127 

අර්ථ ය: උදය යපුදට, උදය කාල‍යෙහි පූජාව පිණිස; කළ, කරන ලද; පබඳ පසතුරු ගොස, අතරක් නැතිව ඇසෙන පඤ්චාංගික තූයර්යා ඝෝෂාව; අසා. සතුටුව; විහිද, රැස් විහිදා දිවයුරු එනු දැක, සූයර්ය7යා එනවා දැක; ලැගිතෙනින් නැගිට රාත්රි යෙහි නතරවී හන් ස්ථානයෙන් නැගිට; (ඇස) නිදිගැට පසිඳ හැර, ඇසේ නිදිමත හැරදමා; මහසෑය නමකොට, මහා වෙහෙර වැඳ; සබඳ මිත්රසය! ඉන් නැගියාගන්, එයින් නැගිට යන්න!

විස්තරය: මෙහි දැක්වෙන මහ සෑය අනිකක් නොව තිස්සමහාරාමයෙහි වෙහෙරයි. එදින රාත්රීන ලැග්ගේ එහිය. පසතුරු ගොස, විහාරස්ථානවලත්, කෝවිල්වලත් අලුයම පූජාව සදහා ශබ්ද පූජාකිරීම පැරණි සිරිතයි. අද තේවාව යයි කියති.

වියරණ: නිදිගැට, 106 වැනි කවේ වියරණ බලන්න.

විශේෂ: 106 වැනි කවෙන්ද පවසන්නේ ඇස නිදිමත හැර ගමන් අරඹන ලෙසයි. මේ කවෙන්ද මහ සෑය වැඳ ගමන් ආරම්භ කිරීමට කියයි. මේ කව පමණක් පිටත්වීමට ප්රේමාණය. 106 වැන්න අවශ්යද නොවේ. එහෙත් බොහෝ පිට පත්හි ආ බැවින් මෙහිද යෙදුවෙමු.

සිත්තරා විල වැනුම

109. සත් සරා කරසෙ දිසි ගත තුනු රුවින සත් සරා විලින් බිඳ රැගෙන කෙළි මින සත් සරා යුදෙහි ජය ගෙන බල සරන සිත්තරා විලෙහි සිරි නරඹය තුටින

අර්ථතය: ගත තුනු රුවින, ශරීර ශෝභාවෙන්; සත්සරා කරසෙ දිසි, නෙළුම් වනයක් මෙන් පෙනෙන; විලින් සත්සරා බිඳ රැගෙන, විලෙන් නෙළුම් කඩාගෙන; කෙලිමිනා, ක්රීගඩා කරමින්; සත්සර යුදෙහි ජයගෙන, අනංග යුද්ධයෙන් ජය ගෙන; සරන අඟනන් බල, හැසිරෙන අඟනුන් දැක; සිත්තරා විලෙහි, එනම් විලෙහි තුටින, සතුටින්; සිරි නරඹව, ශෝභාව බලන්න! 128 කහකුරුළු සන්දේශ වර්ණසනාව

විස්තරය: සිත්තරා විලේ අඟනෝ ක්රී ඩා කරති. ඔවුන් ශරීර ශෝභාවෙන් රතු නෙළුම් වනයක් සේය. විලින් රතු නෙළුම්ද කඩාගෙන ක්රීවඩා කරති. අනංග යුද්ධයෙහිදී අනංගයා පරාජය කොට ජයගත්තන්සේය.

110. සුරකල් තුටු කරන දෙව්තුරසෙ දිසි යුතු මනකල් සුසැදි බෝතුර වෙත පැමිණි යුතු සිහිලැල් පවන් විදිමින් ගිම් නිවිය යුතු මදකල් සිට එවිල සිරිසර බල යුතු

අර්ථ්ය: සුරකල් තුටු කරන, දිව අඟනන් සනෙතාෂ කරන්නා වූ දෙව්තුරසෙ, දිව්යිවෘක්ෂයසේ, දිසියුතු, පෙනේන්නා වූ මකල්, මහහර වූ; සුසැදි බෝතුරවෙත, බෝගස වෙතට; පැමිණියුතු, පමිණිය යුතුය; සිහිලැල් පවන් විදිමන්, සිහිල් දිය සහිත සුළගේ පහස විඳිමින්; ගිම් නිවිය යුතු. දාහය නිවාගත යුත; මඳකල් සිට; ටික වේලාවක් නතරව සිට; එවිල සිරිසර, ඒ විලේ සිරි ශෝභාව; බලවයුතු, බලන්න.

111. ගජන්නන් ලොබින් පැන් වෙතින් වන් එතැන් නේ විලින් පැන් බොමින් පුන්පියුන්කැන් බිඳින් නේ බිගුන්‍ ඉන් බියෙන් මෙන් ගොසින් හුන් තුරන් නේ බමන් නන් ඇසෙන් නන් හඬන්නන් ලෙසින් නේ

අර්ථනය: තන්ගජන්, නොයෙකුත් ඇතුන්, පැන්ලොබිහ්න පැනට ආශායෙන්; වෙනින් වන් එතැන්නේ, කැලයෙන් පැමිණියාක් බඳු එතැන්; විලින් පැන් බොමින්, ඒ විලෙන් පැන් බොමින්; පුන් පියුන්කැන් බිඳින්නේ; පිපුණ පියුම් රාශිය බිඳින්නේය; ඉන් බියෙන් මෙන්, එයට භයින් මෙන්; ගොසින් තුරන්නේහුන්, ගස්වල උන්, බිඟුන්, බමරුන්; හඬන්නත් ලෙසින්නේ, හඬන්නාක්මෙන්, ‍බමන් නන් ඇසෙන්නන්, ඉගිළෙනු ඇසේ;

                                                  කහකුරුණු සන්දේශ වර්ණනනාව	 129 

විස්තරය: වනයෙන් පැන් ලොබින් පැමිණි ඇත්තු ඒ විල පැන් බොමින් එහි ඇති පිපුණු නෙලුම් කඩාදමති. එයට බියෙන් මෙන් එහි සිටි බිගු කැල ඉගිලී අවට ඇති ගස්වලට ඉගිලෙති. බමරුන් ඉගිලෙන කළ "රුං රුං" යයි හඬ නැගේ. ඒ හඬ උන් අඬන්නාක් මෙනැයි කීමෙන් කවියාගේ කිවිත්වය ආරක්ෂා කරගත් සැටි සැබැවින්ම චමත්කාරය.

112. තඹරින් වත් නෙතිඳු වර මුහුල සෙවෙ ලැති හසවන් දෙනෙත බිගු නූපුර වසා යුති මෙව්ලෙන් වි්ල ලිහිණි සියොසන් තෙපුල් ඇති නිතියෙන් එවිල වරඟන සිරි රැපැයි සිති

අර්ථයය: තඹරින් වත්, තාම රසයන්ගෙන් මුහුණද, ඉඳුවරනෙත්, නිල් මහනෙලින් ඇස්ද; සෙවෙල මුහුලැති, සෙවෙල් වලින් කෙස් රොදද ඇත්තා වූ; හසවන් දෙතන, හංසයන් වැනි දෙපියොවුරුද; බිඟු නූපුර වසායුති, බමර නාද නැමැති නුපුර හඬින්ද, වසා රොදින්ද යුක්ත වූ; විල් ලිහිණි මෙවුලෙන්, විල්ලිහිනි නැමැති මෙවුන් ‍දමෙන්ද, සියොතුන් සන් තෙපුල් ඇති, පක්ෂීන්ගේ නාද නැමැති වචනයෙන්ද යුත්; එවිල, ඒ විල; නිතියෙන්, නිතර; වරඟන සිරි, උතුම් ස්ත්රිරයකගේ ශෝභාව; ඇරපැයි සිති, ගෙන හැර පෑවේ යයි සිතේ;

විස්තරය: කවියෝ ස්ත්රී න්ගේ සුකුමාර ශරීරාංගයන්ට උපමා කිරීමට සොයා ගෙන තිබුණු සියල්ල මේ කවියා එක සිත්තරා විලෙන් සොයා ගත් සැටි බලන්න. කහකුරුළුව ස්ත්රීසන් ගැන පවසන්නේ ඉතාම කලාතුරකිනි. එහෙත් මේ කවියාගේ කවීත්වය මැන ගැනීමට සෑහෙන චමත්කාර ජනක කියුම් නො කියේද නොව්. වෙනසකට ඇත්තේ වසා රොදට තනිකර උපමාවක් සොයා නොගැනීමය. එකම බිඟු වැල නුපුරයනට හා වසා‍රොදටද උපමාකරති.



130 කහකුරුලු සන්දේශ වර්ණමනාව

සැළයෙහි දියවන්නා හොය -

රැදි රත තඹර පෙල රන තිසරුන් රුවැ ති විදි දිය දහර ලෙලදෙන දිගු නරු පැටැ ති රැදි රළ රළැති හොය දියන්නා නැමැ ති ඇදි පුර අඟන පටසළු සිරි රැපැයි නි ති

113. නිතියෙන් සරණ ගම් වැසිලිය එවිල් තෙ ර

	බුඳිමින් රැගෙන සියපත් නෙළුඹු දැලි හැ	ර 

බුදිමින් ගොපලු අඟනන් ලෙස එහි නිත ර ගවයින් රකින අඟනන් සැටි බල මිතු ර

අර්ථනය: එවිල්තෙර ඒ විල්තෙරෙහි; නිතියෙන් සරණ ගම්වැසිලිය, නිතර හැසිරෙන.ගම්වැසි වනිතාවෝ; සියපත් බදිමින්, නෙළුම් පඳුරු සාරමින්; නෙළුඹු දැලි හැර, නෙළුඹු දැලි රයෙන් රැගෙන බුදිමින්, අරගෙන කමින්; එහි නිතර ඒ විල් තෙර නිතරම; ගොපලු අඟනුන් ලෙස, ගොපලු ස්ත්රී;න් මෙන්, ගවයින් රකින, හරක් බලන; අඟනුන් සැටි, කතුන්ගේ විලාසය; මිතුර! බල! මිත්රරය! බලන්න!

විස්තරය: ඒ විල් තෙර සරක් බලමින් සිටින කාන්තාවෝ නෙලුම් පඳුරු බඳිමින් නෙළුඹු දැලි සාරාකති. ඔවුන් කරන්නේ ගොපලු අගනුන් නිති කරන වැඩකි. එහෙත් ඔවුන් ගොපලු අඟනෝ නොවෙති. ගම් වැසි ලියන්ය.

නෙළුඹු දැලි - එනම් නෙළුම් පඳුරේ මඩ යටින් තිබෙන සුදු පාට මුල්ය. මේවා හංසයන්ගේ ප්රමධාන ආහාර යයි. අඟනෝද මේවා කති. අද බෙහෙතක් හැටියටත් ආහාරයක් හැටියටත් මේවා ගනිති.

114. වෙළි නිබඳ මුව මීරල එවිල වට කෙළී පැටි පැටව් සමගිව වෙමින් තුට බැලී මෙන් ‍තනෙත් ලත් පල විඳස තුට ගිලී එවිල සිලිලෙහි පිරිසිදුව සිට

                                            කහකුරුළු සන්දේශ වර්ණනනාව 	131 

අර්ථ ය: මු මී රළ, මුවන් හා මී මුන් රංචු; නිබඳ එවිල වට වෙළී, නිතර ඒ විල අවට රොක් වී; තුටවෙමින්, සතුටු වෙමින්, පැටි පැටව් සමගිව, පැටි පැටවුන් සමගින්; කෙළී, සෙල්ලම් කරති; බැලීමෙන්, ඒ බැලීමෙන්; න නෙත් ලත් පල විඳ, නුඹගේ ඇස් ලැබූ පලය විදිමින්; සතුට, සතුටු වී; එවිල සිලිලෙහි ගැලී, ඒ විලේ ජලයෙහි ගිලී; පිරිසිදුව සිට, පිරිසිදු වී සිට;

වියරණ; මුවරළ‍ කෙළි මෙහි රළ යන මහුහාර්ථ වාචී කර්තෘි පදයට ක්රිණයාව යෙදිය යුත්තේ බහු වචනයෙනි. තමන් මන දොල පුරති බිඟුරළ, ආදී යෙහි මෙනි. එහෙත් මෙහි එළි සමය රැකීමට කෙළී යන ඒකවචනයෙන් යොදා ‍තිබේ.


115. වෙසෙස් විකුම් තෙද බල මහ සෙන් පව ර නිවෙස් කර රඳන නිතියෙන් ගිරි මැදු ර කෙලෙස් කුළසෙ පෙනෙනුය සිට බල උතු ර සතොස් ව දැක බැති පෙම් සිත දියුණු ක ර

අන්වය: වෙසස් විකුම් තෙද බල පවර මහසෙන් නිතියෙන් නිවෙස් කර රඳන ගිරි මැදුර කෙළෙස් කැළ සෙ උතුර පෙනෙනුය, සිට බලව; දැක සතොස්ව සිත බැතිපෙම් දියුණු කර!

අර්ථසය: වෙසෙස් විකුම් නොදබල, විශේෂ වික්රනමය හා තේජසද බලයද ඇති; පවර මහසෙන්, උතුම් මහසෙන් දෙවියෝ, නිතියෙන් නිවෙස් කර ‍රදන, නතර නිවාසය කරගෙන රඳන්නා වූ; ගිරිමැදූ, පර්වසතමන්දිරය; කෙළෙස් කුළ සේ කකෙලාස, පර්වයය සේ උතුර පෙනෙනුය, උතුරු දිග පෙනේ; සිට බලව, නතරව බලන්න! දැක බලා; සතොස්ව, සතුටුව සිත බැති පෙම් දියුණු කර; හි‍තේ භක්තිය හා ප්රේලමය දියුණු කරගන්න!

විස්තරය: සිත්තරා විලේ සිට උතුර දිග බැලූ විට පර්ව තයක් පෙනේ. එය අනිකක් නොව, මහසෙන් දෙවියන් වසන තැන සේ සලකන පර්වනතයයි.


132 කහකුරුළු සන්දේශ වර්ණවනාව

සැලලිහිණි: පෙනේ දකුණ මහසෙන් දෙව්රදපාය.

මහසෙන්දෙවි: බුදුරජාණන් වහන්සේ කතරගම් පුර වැඩි ගමනේදී බණ අසා සෝවාන් වූ රැහුණු රටේ රජතුමාය. මහා තේජස් සම්පන්න රජෙකි. බුදුරදුන්ට කිහිරි වනයේ මහා කිහිරි ගසක් මුල අසුනක් පනවා දුන්හ. කිරිවෙහෙර කරවූයේ එතනය. මහමෙන් රජද මරණින් පසු මහානුභාව ඇති දෙවියෙක්ව ඉපදී කරගමට අරක් ගත් බව පැවසේ.

කෙළෙස් කුළ: කෛලාසකුට (සං) හිමාලය කඳු වැටියෙහි මෙහෙශ්වර දෙවි‍යා වාසය කරන කඳුමුදුනට කෙළෙස් කුළයයි කියති. මේ කඳු මුදුනේද මහසෙන් දෙවියෝ වසති. එබැවින්ය කෙළෙස් කුළ සේ යයි කීයේ. දැනුත් මේ කන්දේ පැරණි මාලිගා තිබුණු බවට ලකුණු තිබේ. මහසෙන් මාලිගා තිබුණේ මෙහිලු.

116. බලමින් එහි පවත් විමසා සිට නොයෙ ක ගනවන් කුළසෙ දිසි සා මඩුලින් නිසැ ක දුමිඳුන් වැඳ සගමොක් ලැබුමට යස ක එතනින් පියාසර කර දකු සුරත් දෙ ක

අන්වය: විමසා සිට එහි නොයෙක පවත් බලමින් සාමඬුලින් නිසැක ගනවන් කුළසේ දිසි යසක සගමොක් ලැබුමට දුමිදුන් වැඳ එතනින් පියසර කර සුරත් දෙක දකු,

අර්ථනය: විමසා සිට බලා, විමසීමෙන් යුක්තව සිට; එහි නොයෙක පවත් බලමින්, එහි සිදුවන නොයෙකුත් පුවත් බලාබලා; සාමඩුලින් අතුපතරින්; නිසැක ගනවන් කුළ සේ දිසි, සැක නැතිවම ඝන මේඝ කූටයක් සේ පෙනෙන; යසක සගමොක් ලැබුමට, උතුම් ස්වර්ගමෝක්ෂ සම්පත් ලැබීමට දුමිදුන් වැඳ, බෝධි වෘක්ෂරාජයා වැඳ; එතනින් පියාසර කර, ඒ ස්ථානයෙන් පියාඹා; සුරත් දෙක දකු, එනම් ස්ථානය බලව;

වියරණ: කුළ, කූට සදින් ආවකි. කෙළෙස් කුළ , මේ කුළ වළාකුළ ආදිය සලක්න.

                                                        කහකුරුළු සන්දේශ වර්ණඑනාව 	133 

යසක, මෙහි කයන්නෙන් අමුතු දෙයක් නොකියයි. පදයපුරා එලිය රැකීමයි එහි ප්ර යෝජනය.

117. ලන්දු තුනු රුවින් වෙත වන සත් බැදු ණු සින්දු තුනු ගිමන් සිහි ලඹ යෙන් පිරු ණු රැන්දු නිති දනන් බැති පෙම් කර දියු ණු බැන්දු ‍වැව බලන් මමිතුර ගුණ කුළු ණු

අර්ථදය: වෙතවන ලන්දු තුනු රුවින්, ළඟට එන ලන්ඳුන්ගේ ශරීර ශෝභාවෙන්; සත් බැන්දු. සත්වයන් බැඳුනා වූ තුනු ගිමන් සින්දු, ශරීරයෙහි දාහය සිඳ වූ; "සිහිලඹයෙන්; පිරැණු සිහිල් දියෙන් පිරුණා වූ; නිති, නිතියෙන්; දනන් බැතිපෙම් දියුණු කර, මිනිසුන්ගේ සිතේ භක්තිය හා ප්රේිමය දියුණුකර; රැන්දු (ළඟ) රඳවන්නා වූ; කුළුණු ගුණ මමිතුර, කරුණා ගුණයෙන් යුත් මගේ මිත්ර;ය! බැන්දු වැව බලන්! බැන්දා වූ වැව බලන්න!

විස්තරය: බැන්දුවැව නමින් මිනිසුන් ව්ය(වහාර කළ වැවක් එහි ඇත. එහි පැන් සැනහීමට ආ ලඳුන්ය, ඒ ලඳුන්ගේ ශරීර ශෝභාවෙන් මිනිසුන් ගේ සිත් බැදේ. මිනිසුන්ගේ ගිම් නිවන සිහිල් ජල යෙන්ද යුක්තය. ඒ අසල නිතර මිනිසුන් හැසිරෙති. මෙබඳු වැව බලන්නයයි පවසති.

118. මහත් තෙද බලැති සම්මුඛ සුරිඳු ගෙන මහත් කුළුණු නෙක තනතුරු ලැබ යෙ හෙන වෙසෙත් අදිකරණ මැති එහි ගුණ න දන තසිත් ලෙස පනාගම්මන බල සො දින

අර්ථ්ය: මහත් තෙද බල ඇති, මහත් වූ තේජස් හා බලයද ඇති; සම්මුඛ සුරිඳු ගෙන, කඳ කුමරුන්ගෙන්; මහත් කුළුණු, මහත් කරුණාවද; නෙක තනතුරු ලැබ, නොයෙක් පදවිද ලැබ; ගුණනදන, ගුණයනට නිධානයක් වැනි; අදිකරණ මැති යෙහෙන් එහි වෙසෙත්, අධිකරණ අමාත්යකයා ඒ ස්ථානයෙහි, සැපසේ වාසය කරයි. තසිත් ලෙස, නුඹගේ අදහස් පරිදි; සොදින, සොදින්; පනාගම්මන බල! එනම් ගම බලන්න;

134 කහකුරුළු සන්දේශ වර්ණ!නාව

විස්තරය: පනාගම්මන නම් ගමේ එකල අධිකරණ අමාත්යියා වාසය කළ බව මින් කියවෙයි. ඔහු ඒ තනතුරු ලබා ගත්තේ අන්කිසිවක් නිසා නොව සම්මුඛ සුරිඳුන්ගේ අනුග්රා හය නිසාමය යන්නද විශේෂයෙන් කියයි. කොපමන තද ‍බෞද්ධයෙක් වුවද දෙවියන්ගේ කරුණාව මෙලොවට වැඩට අදත් බලාපොරොත්තු වෙති.

වියරණ: අදිකරණ මැති වෙසෙත්. යි එකවචන කර්තෘ්ට බහුවචන ක්රි්යා යෙදී තිබේ. මෙහි මැතියනන්න ගෞරවාර්ථණයෙහි යෙදුනක් සේ සැලකුව හොත් වරදෙක් නැති.

119. එකල් අත් ගිරට දින කර පැමිණි විට තුමුල් අඳුරු කඳ පැතිරෙණු දැක එ විට

	ලකල් තල් රැකක් මුදුනට පිවිස 	සිට 

කුහුල් දුරැර සැත පෙව රෑ දින ස තුට

අර්ථලය : එකල් අත් ගිරට, එකල්හි හස්තපර්වපතයට; දින කර පැමිණිවිට, හිරු පැමිණි කල; තුමුල් අඳුරු කඳ, ඝන අන්ධකාර සමූහය; පැතිරෙණු දැක, පැතිරීයනු දැක; එවිට, එකල්හි; ලකල් තල් රුකක් මුදුනත, මනහර තල්ගසක් මුදුනට; පිවිස සිට, පිවිසි සිට; කුහුල් දුරැර, සැක දුර හැර! රෑ දින, රාත්රීහ කාලය; සතුට සැත පෙව, සතුටින් සැත පෙන්න.

විස්තරය: පනාගම්මන තල් ගසක මුඳුනය වැද නිසැක සැතපෙන ලෙස කහ කුරුල්ලාට කියයි. පිටත් වූ තැන් පටන් මේ ‍ලැගුම් ගන්නේ සතර වැනි රාත්රි යයි. මෙයට පෙරදින ලැගුම් ගත්තේ තිහව අරවේ ගසෙකය.

120. නගිමින් උදය ගිරි මේ කුළ නිසි ලෙස ට වසිමින් රිවි කිරණ වැසිලෙව් සියොත් තු ට හැසෙමින් සිටි අඳුරු ගුණ සෙවෙල හළ පු ට නිවෙසින් ලැගි නැගිට යන මිතුරෙ මන්තු ට

අර්ථසය: උදය ගිරි මේ කුළ, උදය පර්‍වත නැමැති වලා කුළ, නිසි ලෙසට නැගෙමින්, නිසි පරිදි නගිමින්; ලෙව් සියොතුන් තුට, ලෝ වැසි නැමැති පක්ෂින් තුටු කරමින්; රිවි කිරණ වැසි වසිමින්; හිරුරැස් නැමැති වැස්ස වසිමින්;

                                                      කහකුරුළු සන්දේශ වර්ණසනාව 	135 

හැසෙමින් සිටි, එකට මිරිකෙමින් සිටියා වූ; අඳුරුගුණ සෙවල, අන්ධකාර ගුණය නැමැති සෙවෙල; උපුට හල මුළු මනින් නැති කළ; (කල්හි) ලැගි නිවෙසින්, ලැග්ගා වූ තැනින්; මන්තුට නැගිට, සතුටින් නැගිට; මිතුරෙ යව! මිත්රැය යන්න!

වියරණ: හැසෙමින්, තරයේ එකට තදවෙමින්, හැසුණු - පුන් පියොවුරැ (කව්සේකර)

121. තුට වඩවන තුරු පෙදෙසින් මග දෙ පි ට සිට පලරස විඳ බඩ සා පමණ ක ට අට දිගුතුන් කුඹු තොප යසඳුන් එ වි ට තුට කර අලෙව් දී කටගමු බල ස තු ට

අර්ථකය: තු‍ට වඩ වන, සතුට ගෙන දෙන; තුරු පෙදෙසින් (යුතු) මග දෙපිට, ගිසින් යුක්ත වූ මග දෙපසෙහි; සිට, නතරව; බඩසා පමණ කට, බඩගිනි ඇතිතර මට; පලරස විඳ, පලතුරු කා; අටදිගුතුන්, කුඹු, අට දිශා නැමැති ඇතුන් කුම්භ ස්ථලයෙහි; තොප යස සඳුන්, නුඹගේ කීර්ති නැමැති සඳුන් (කල්කය), තුටුකර අලෙව්දී, සතුටින් අ‍ාලේප කර; එවිට, කටුගමු බල, එකල කටගමුව බලන්න!

විස්තරය: අට දිගැතුන් කුඹු - යසස සුදුවන් බැවින් සඳුනට සමානය. තමාගේ යසස නැමැති සඳුන් අට දිශා නැමැති ඇතුන් ගේ කුම්භස්තලයෙහි ආලේප කරන්නැයි කීයේ. අට දිශාවෙහිම තමාගේ කීර්තිය පතුරවන්න කියයි. දිගැතුන් කුඹු අලෙව් දුන්, ආදියද සලකන්න.

වියරණ: කුඹු (කුම්භ (සං) අලෙව්, අලේප - (සං) ශබ්ද බිදී එනවිය "ප" හට බොහෝ සෙයින් ව, වීම රීතියයි. පාප, පව් චාප; සැව්, දීප දිව් ආදිය මෙනි.



136 කහකුරුළු මන්දේශ වර්ණපනාව

122. නිල පලස් ගතෙහි පෙරවී ලෙසින් දු ට බිඳතුඹස් බුදිති මී නිබඳ සහ තු ට සිටි තරස් එදැක සූකර එක ලෙස ට යවනොලස් එයින් මහතා කඩි නෙ පි ට

අන්වය: ‍ගතෙහි නිල පලස් පෙරවී ලෙසින් දුට, සුඹස් බිඳ නිබඳ සහ තුට මී බුදිති. සුකර එක ලෙසට සිටි ඒ තරස් දැක, එයින් මහතා කඩින් එපිට නොසල් යව,

පදාර්ථො: ගතෙහි, ශරීරයෙහි, නිලපලස් පෙරවී ලෙසින්, නිල්වන් පලස් පෙර වූවාක් මෙන්, දුටු, පෙනෙන; නිබද සහතුට, නිතර සතුටින්; සුඹස් බිඳ, හුඹස් බිඳිමින්; මී බුදිති, මී වද කති; සූකර එකලෙසට සිටි, හූරන් හා සමානව සිටිය; ඒ තරස් දැක, ඒ වළසුන් දැකලා; එයින් මහාතාකඩින් ඒ මහතා කඩ නම් ස්ථානයෙන්; නොලස්, පමානොවි; එපිට යව ඈත යන්න;

විස්තරය: මහතා කඩ වළසුන් නිතර ගැවසෙන තැනකි. නිල්පාට පලස් පෙර වූවාක් මෙන් ඔවුන් ද නිල් පාටය, හුඹස් බුදිමින් මී ද කති. හුඹස් බිඳීම නිසා මඩ තැවැරණු වලසුන් හූරන් මෙනි. උන් දැක වහායන්නැ යි කියති.

මී බුදිති, වලසුන් මී කෑමට ඉතා ප්රිනය බව ප්ර්සිද්ධය. වනයේ හුඹස් වල හෝ ගස් බෙනවල තිබෙන මී කඩාගෙන වැල හින්නත් සමග ප්රීවතිවෙමින් මී කන බව පවසති. ගම්මුන් අතර පවතින වලස් මී කඉන කෝලමද මේ නිසා ඇති වූවකි.

වියරණ: තරස්, තරච්ඡ (පද්ම)

නිල පලස්, නිල් වූ යේද ඒ මැ පලස් වූ යේද, නිල පලස්, වෙසෙසුන් සමස් බුමුතුරුණු හැටියටත්, පෙරවීමටත්, යොදා ගන්නා අගනා ඇතිරිලි විශේෂයකි.


                                                    කහකුරුළු සන්දේශ වර්ණානාව 	137 

පළුවින්න මෙසේ වර්ණ නාකරති.

123. මග‍සන්නේ සැදි නෙකතුරු සිරි නොමි න ගනවන්නේ මේ කුළසේ නිති දිලෙ න සිරිවන්නේ නම් මඳකට නදුන් ව න පළුවින්නේ සිරි නරඹව සිතු ලෙසි න

අන්වය: මගමන්නේ සිරි නොමින සැදි නෙකතුරු, මේ කුළසේ ගතවන්නේ නිති දිලෙන, මඳකට සිරිවන්නේ නම් නදුන්වන පළු වින්නේ සිරි සිතු ලෙසින නරඹව.

අර්ථ ය: මග සන්නේ සිරි නොමින සැදි, මග අසල ශෝභාවෙන් නො අඩුව සැදුනු; මේ කුළ සේ, මේඝ කූටය සේ; ගතවන්නේ නිති දිලෙන, අඳුරු වර්ණුයෙන් නිතර බබලන; මදකට සිරිවන්නේ නම්, ටිකකට වත් සමාන වන්නේ නම්, නඳුන් වන, නඳුන්වනයි; සිතු ලෙසින, සිත් සේ; පළු වින්නේ සිරි නරඹව, පළුවින්න නම් ස්ථානයෙහි ශෝභාව බලන්න!

විස්තරය: පළුවින්නේ මග දෙපස සැදී තිබෙන වලාකුලක් සේ පට ඇති තුරු පන්තිය ඉතා හොබනේය; ටිකකට හෝ උපමා කළ‍හොත් සමානවන්නේ නදුන්වනය බව කවියා පවසයි. එහෙත් නන්දන වනය ද පරදවයි. වෙන සමාන කළයුතු වස්තුවක් නැති හෙයින් මෙසේ කියති.

වියරණ: මගසන්නේ - මග ආසන්න, මාර්ගාකසන්න. (සං) ගන වන්නේ - ඝණවර්ණා, සං, එනම් කළු පැහැයයි. "ගනවන් මේ කුළක් ‍ෙස් නිති දිලෙන, සැල;

මේ කුළ - මේඝ කූට සදින් බිදී ආවකි.

124. දිසි එවනේ මුතු පටවන් පුලින පි ට තුරු ‍පෙතිනේ සුසැදුනි එහි නිසි ලෙස ට දැහැගිමනේ සිහිලස විඳ විඳ සතු ට බලසොදිනේ එහි විසිතුරු සිතු රඟ ට 138 කහකුරුළු සන්දේශ වර්ණ නාව

අන්වය: එවනේ මුතු පටවන් දිසි පුලින පිට එහි නිසිලෙසට තුරු පෙතිනේ සුසැදුණි, එහි සතුට සිසිලස විඳ විඳ සොදිනේ ගිමනේ දැහැ එහි විසිතුරු සිතුරඟට බල!

අර්ථතය: එවනේ, ඒ වනයෙහි; මුතු පටවන් දිසි, මුතු පටසේ පෙනෙන: පුලින පිට. වැලිතලාව මත; නිසිලෙසට සුදුසු පරිදි; තුරු පෙතිනේ සුසැදුණි, ගස් පෙළින් මොනවට සැදුනේය; එහි, ඒ තුරු පන්තියෙහි; සිහිලස විඳ විඳ, සිහිල විදිමින්; සොදිනේ ගිමනේ දැහැ, හොඳින් ගිමන් හැර; එහි ඒ වන පෙතේ අලංකාරය; සිතුරඟට බල, සිත් සේ බලන්න!

වියරණ: තුරු පෙත, තරු පංකති. (සං)

සුසැදුණි. මෙය යෙදිය යුත්තේ සුසැදිණි කියායි. සූපුර්වහ සද සැදුම්හි ධාතුවයි. නිරැත්සාහික ක්රි යාවෙහි ඉණ විකරණය යෙදී නිපැදිණි.


125. පියු මසුරා ඔද සිදි මහසෙන් එක ල එපුර ඳරා සතුටුව එදැක සිතු ලො ල නැගයනරා නුදු නුයනින් අඩක් හ ල ලෙස පවරා දෙව් පුර වෙත සැදි එව ල

අන්වය: මහසෙන් පියුමසුරා ඔද සි; එකල එපුරඳරා එදැක සිතු ලොල සතුටුව; රා නැඟ යන නඳුනුය නෙත් අඩක් හළ ලෙස එවල පවරා දෙව් පුරවෙත සැදි.

අර්ථ ය; මහසෙන්, කඳකුමරුන් විසින්; පියුමසුරා පද්ම නම් අසුරයාගේ; ඔද සිඳි, එබිය සින්දා වූ; එකල, ඒ කාලයෙහි; එපුරඳරා; ශක්රයයා, එදැක, ඒ කාරණය දැක; සිතුලොල සතුටව, සිත්සේම සතුටු වී; රා නැගයන, අනුරාගය ඇති කරවන; නුදුනුයනින්, නන්දවනයෙන්; අඩක් හළ ලෙස, භාගයක් අත්හැරියාමෙන්; එවල, ඒ වනය; පවරා දෙව්පුර වෙත සැදි උතුම් දිව්යභ පුරය වෙත සැදුනේය;

                                              කහකුරුළු සන්දේශ වර්ණ;නාව 	139 

විස්තරය: මහසෙන් යනු කඳ කුමරැටද නමකි. එකල කඳකුමරු පද්මනම් අසුරයා ජයගත් බවක් මෙයින් පැව‍සේ. කතරගම දෙවියෝ කවරෙක්ද යන්න ප්රඅසස්තාවනාවෙහි දැක්වේ.

126. පළුද මොරද ගිවුළුද සියඹලා නු ග කරද විරද දෙළුමුද සපුනා පත ඟ අඹද දඹද කිහිරිද දොඹද රෑ ‍ර ඟ පරද හොරද පෙහෙරද කොහොඹ නා ර ඟ

අර්ථහය: පළු,‍‍ුේෙම‍ාර, දිවුල්, සියඹලා,නුග, කරදච වීර, දෙළුම්. සපු, නා පතගි, අඹ, දඹ. කිහිරි. දොඹ, රෑරඟ, පරද, හොරද, පෙරද, කොහොඹ හා නාරන්ද;

විස්තරය: රෑ රැඟ මෙබඳු ගස් වර්ග‍යක් ගැන කුමාර සම්භවයෙහිද හිමාල වර්ණදනාවෙහි එයි. මේ ගස් රාත්රීක කාලයට දිලිසෙන වර්ගරයකි. ඖෂධි වෘක්ෂයයිද කියති. ලක්දිව පෙරතිබුණත් දැන්නම් එබඳු ගස් වර්ගකයක් ගැන අසන්නට නැත.

127. මදර පගර දෙව් දුරු වළඟ අන්ද ර ඩෙබර තුවර මානුග ලමග කළුහ ර ඇටරයබර හැළඹද පෙතඟ ‍ෙනාවතු ර නොහැර මිතුර මහගුර බලග විසිතු ර

අර්ථරය: මදාර, පඟර, ‍ෙදවදාර, වළඟ, අන්දර, ඩෙබර, තෝර මහනුග, ළමග, කළුවර, ඇටර, හැලි අඹ හා පෙතන්ය යන මේ වෘක්ෂයන් ගෙන් තොර නොවී සැදුණ මාර්ග යෙහි අලංකාරය මිත්රමය! අත නොහැර බලන්න!

විස්තරය: සන්දේශකරුවෝ වනවර්ණඅනා වලදී ගස් වල නම් කීමට නොමැලි වෙති. මෙහි දැක්වූයේ ඉතා ස්වල්පයකි. එහෙත් ගිරා වෙහි බොහෝ දක්වා ඇත. මෙබඳු වර්ණ නා වලින් එකල පැවැති ගස් වර්ගහ හා ඒ කවීන්තුළ පැවැති තෘණ විද්යාබත්මක දැනීම්ද පැහැදිලි වේ.

140 කහකුරුලු සන්දේශ වර්ණගනාව

වියරණ: බලග, බල බැලීමෙහි විධානර්ථරයෙහි 'ග' යෙදී නිපදී තිබේ මේ සංදේශයෙහි මේ ක්රි යාව ලැබුනේ මෙතැනම පමණකි සැළලිහිණියේ බොහෝ සෙයින් යෙදී තිබේ.

128. එවනතුරේ තුරු අතරේ ලිය නොහැ‍ රේ වැළදකෙ‍රේ වෙළෙපතුරේ පිපි නිතො‍ෙ ර් අතරතුරේ රැව් බඹරේ රොන් විසි රේ නලපැතිරේ සුවඳ කරේ එවන තු රේ

අනුවය: එවනතුරේ තුරු අතර නොහැරේ ලිය වැළඳ කෙරේ නිතොරේ පිපි ‍වෙළප‍තුරේ රැව්බඹරේ රොන් අතරතු‍ෙර් විසිර; එව තුරේ පැතිර නල සුවඳ කෙරේ.

අර්ථරය: එවනතුරේ, ඒ වනයෙහි; තුරු අතර නොහැරේ, ගස් අතර ඉඩක් නැතිව; ලිය වැළඳ කෙරේ, වැල් වැළඳ ගනියි; නි‍තොරේ පිපි නිතර පිපිණු, වෙළෙපතුරේ, ගස්දෙබල්වල; රැව් බඹරේ, නාදය ඇති බඹරෙහි; රොන් විසිර, පැණි විසිරී, එවනතුරේ; ඒ වනය තුළ; පැතිරි නළ, පැතුරුණු සුළඟ, සුවඳ කෙරේ, සුවඳ කරයි.

විස්තරය: ඒ වනයෙහි ගස් අතනොහැර වැලින් වෙලී ඇත. පිපිණු මල් ඇති ගස් දෙබෙල්වල නිතර නාද කරන බඹරැන් ඇති බඹරය. ඒ බඹර වලින් විටින් විට ඉහිරෙන රොන් නිසා එහි හමන සුළඟ සුවඳ විය.

වියරණ: රැව්, රාව සදින් බිඳුනකි.

වෙළෙප, විටප (සං)

129. තුරු පතරා අතර තුරා සිටි නිත රා එවන තුරා හැන උපුරා බිඳ වගු රා මත සිඳුරා ‍කෙළ නිතොරා බුදින ව රා එවන තුරා සිටි නිතොරා ගිරි අයු රා

                                                       කහකුරුළු සන්දේශ වර්ණ;නාව 	141 

අන්වය: එවන තුරා අතර තුරා නිතරා සිටි මත සිඳුරා පතරා තුරු හැන උපුරා බිඳ වගුරා නිතොරා කෙළ බුදිනවරා, එවන තුරා නිතොරා සිටි ගිරි අයුරා.

අර්ථ ය: එවනතුරා, ඒ වනයෙහි; අතරතුරා නිතරාසිටි, අතර තුර සිටිය; මත සිදුරා මදවත් ඇත්තු; පතරා තුරු, විශාලගස්; හැන (දළින්) ඇන; උපුරා, උදුරා; බිද වගුරා, බිඳ බිම දමා; නිතොර කෙළ, නිතර ක්රී ඩා කරමින් බුදින වරා, කන විට; එවන තුරා, එවනයෙහි පැතිරී; නිතොර සිටි, නිතර සිටිය; ගිරි අයුරා, පර්වතතසේය.

විස්තරය: ඒ වනයෙහි විශාල ඇත්තු ගස් වලට ඇන බිඳ බිම දමා ගෙන නිතර ක්රීවඩා කරමින් කති. එසේ සිටින ඇතුන් ඒ වනයෙහි පෙනෙන්නට තිබෙන පර්වරත සේයයි මින් පැවසේ; මෙහි සිඳුර, සදින් ඇතුන් කීවේ.

129. තුරු සෙවනා සිට පුලිනා නිති කෙළෙ නා මුව මුලිනා තොලු දෙමිනා උපලු ම නා නිති බුදිනා එහි සිටිනා රඟ පොරැ නා බල සොදිනා සිරි නොමිනා මිතුර ම නා

අන්වය: තුරු සෙවනා, පුලිනා සිට නිති කෙළනා මුව මුලිනා, තොලු දෙමිනා මනා ළපලු නිති බුදිනා පොර ඇනා එහි සිටිනා රඟ සිරි. මනා මිතුර! සොදිනා බල!

අර්ථමය: තුරු සෙවනා, ගස් සෙවන ඇති, පුලිනා සිට, වැලි ‍තලයෙහි හිඳ; නිතිකෙළනා, නිතර ක්රීනඩා කරන; තොලු දෙමිනා, තොලු දෙමින්; මනා ලපලු, මනහර ලපලු නිති බුදිනා; මුවමුලිනා, මුවරළ; පොරැනා, පොර ඇන ගනිමින්; එහි සිටින රඟ සිරි, ඒ වනයෙහි සිටින ශෝභාව මනා මිතුර! යහපත් මිත්ර ය! සොදිනා බල! හොඳින් බලන්න!


142 කහකුරුළු සන්දේශ වර්ණෝනාව

විස්තරය: තොලුදෙමිනා, තොලු දීම නම් ටික ටික කෑමයි. තොලු නම් අධරයයි. තොලු ගානවා යයි ව්ය වහාරයෙහි එයි දැන් "එය ඔහුගේ හොස්සේ ගෑනෙන්ටත් මදිවිය. කුඩා මුව, මී වසු පැටවුන් ක්රීරඩාවට මෙන් ලාදලු වල තොල් ගානා සැටි කාටත් හුරු පුරුදු දැකුමකි.

බුදුගුණාලංකාර යෙහි: තොලු ගානා තණක් දියතලු තෙමෙන පමණක් නැතිව තුරු සෙව ණක් දුකකි සිවුපානට දියුණුක්

131. මෙනේ සුරඟනකි සියොතුන් රැව් ගියෙ න රොනේ කුසුම් ලොබ බිගු කන් කළු රැව් න වෙණේ වයන වෙති සවතිඳු යස ගොසි න වෙනේ එදුටු වන් මන සවන පින ව න

අන්වය: සියොතුන් රැව් ගියෙන, කුසුම් රොන් ලොබ බිගු කන් කළු රැවින, සවතිදු යස ගොසින එදුටුවන් මන සවන පින වන වෙනේ සුරඟනකි වෙනි මෙනේ.

අර්ථනය: සියොතුන් රැව් ගියෙන, පක්ෂීන්ගේ රාවය නැමැති ගීයෙන්ද; කුසුම් රොන් ලොබ බිගු, මල් රොන්වල ලොහි වූ බමරුන්ගේ; කන් කළු රැවින, මිහිරි නාදයෙන්ද; සවතිඳු, කඳ කුමරුගේ; යස ගොසින, කීර්ති නැමැති ඝෝෂාවෙන් ද; වෙණේ වයන, වීණාව වාදනය කරන; දුටුවන් ගේ සිත හා කන්ද සතුටු කරවන; වෙනේ, වෙනය. සුරඟනකි වෙනි මෙනේ, දෙවඟනක් සෙන්ය;

විස්තරය: මේ කවෙන් ඒ වනය වීණා වාදනය කරන සුරයුවතියට උපමා කෙරේ. වීණා නාදයත් සමග ගීතයත් නික්මෙයි. වනයෙහි පක්ෂීන්ගේ නාදය ගීතයයි. වීණා වෙහි තත් නද පැතිරේ, වනයෙහි බමර නාදය පැතිරේ, විණා නද අස්න්නෝ සතුටින් ප්රීිති ඝෝෂාකරති, වනයෙහිද

                                                   කහකුරුළු සන්දේශ වර්ණෙනාව 	143 

කඳ කුමරුන්ගේ යස ඝෝෂාව පැතිරේ, වීණා නාදයෙහි වන්නේ කන පිනවීම හා සිත සතුටු වීමද වේ, මෙහි ද එසේය. එබැවින් මේ වනය වීණා වාදනය කරන සුරඟනක් සේය.

131. දකිමින් ගිරි මුදුන සිට එවන විසිතු රු පිළඹරා රඟන නිති සතුටුව මියු රු එවන සිරි නුදු‍‍ටු සිය නෑ හට සොඳු රු හඬගා කියන වැනි නිතියෙන් ගොස මියු රු

අන්වය: ගිරි මුදුන සිට එවන විසිතුරු දකිමින් නිති සතුටුව පිල අඹරා රඟන මියුරු සොඳුරු එවන සිරි නොදුටු සිය නෑ හට නිතියෙන් මියුරු ගොස හඬගා කියන වැනි.

අර්ථරය: ගිරි මුදුන සිට, කඳු මුදුන්වල සිටගෙන; එවන විසිතුරු දකිමින්, ඒ වනයෙහි අලංකාරය දකිමින්; නිති සතුටුව, නිතියෙන් සන්තෝෂව, පිල් අඹරා රඟන, පිල් විදහා නටන්නා වූ; මියුරු, මොනරු; සොඳුරු එවන සිරි, යහපත් ඒ වනයෙහි ශෝභාව; නුදුටු, නොදැක්ක; සිය නෑ හට, තම ඥාතීන්ට; මියුරුගොස, මයුර නාදයෙන්; හඬගා කියන වැනි, හඬගා කියන්නාක් මෙනි.

විස්තරය: ඒ වනයෙහි කඳු මුදුන්වල පිල් විදහා නටමින් නාද කරන මොනරු සිටිති. ඒ මයුර නාදය, වනයෙහි ශෝභාව නුදුටු තම නෑයන්ට හඬගා කියන්නාක් මෙනි. තමන් දුටු අමුතු දෙයක් එය නුදුටු නෑදෑ හිතවතුනට මේ බලන්න! මේ බලන්නැයි හඬගා කීම ලොව සිරිතය, මෙහිද ‍ෙමානර නද එසේය.

වියරණ: පිලඹරා - පිල්+අඹරා, අඹර ඇඹරී මෙහි ධාතුයි, පූර්වී ක්රීණයායා, පිල් විදහා යයි මෙහි අරුත් ගත යුතුය.

රඟන, රඟ රැගී මෙහි ධාතු, "න" ප්රඬත්යනයවී නිපදුණු භාව කාරක කෘදන්ත යකි. මියුරු - මයුරු - සදින් මියුරු යයි බිඳී එයි. 144 කහකුරුළු සන්දේශ වර්ණ.නාව

132. සරා මුහුල මල් ගවසා සුඹුළු හැ‍ෙඳ් කැරා තිලක සිරියෙල් නළලන නි බ‍ෙඳ් දරා අතින් ගිරවුන් සැළලිහිනි ස‍ෙඳ් කිරා ත අඟනන් බලසකි එවන පෙදේ

අන්ථ ය: මුහුල මල් ගවසා සරා, සුඹුළු හැදේ නිබ‍ෙඳ්. නළලත සිරියෙල් තිලක කැරා ස‍ෙඳ් සැලලිහිණි ගිරවුන් අතින් දරා එ වන පෙදේ කිරාත අඟනන් සකි! බල!

අර්ථතය: මුහුල, කේශ කලාපව, මල් ගවසා සරා, මල් ගසා සරසා ගෙන; සුඹුළු හැදේ, සුඹුළු වස්ත්රව හැඳ; නිබ‍ෙඳ්, නිතර, නළලත, න‍ළලෙහි; සිරියෙල් තිලක කැරා, සිරියෙල් වලින් තිලකය තබා; සදේ සැළලිහිණි ගිරවුන්. සෙනෙගයෙන් සැළ ලිහිනින් හා ගිරවුන් ද; අතින් දරා, අතින් ගෙන සිටින; එ වන පෙදේ, ඒ වන ‍පන්තියෙහි; කිරාත අහනන්, වැදි අඟනන්; සකි! බල! මිතුර! බලන්න!

විස්තරය: ඒ වනයෙහි වැදී අ‍ඟනෝ සිටිති. ඒ අ‍ඟ‍නෝ මල් වලින් කෙස් රොද සරසා ගනිති. සිනිඳු පට වස්ත්රස නැතත් රැක් සුඹුලු හිඳිති. සදුන් නැතත් වනයෙහි පහසුවෙන් සපයා ගත හැකි ගුරුවලින් න‍ළලේ තිලක තබා ගනිති. එසේම ඉතා ආදරයෙන් සැලලිහිණින් හා, ගිරවුන්ද අතේ දරා ගෙන සිටිති.

සිරියෙල් තිලක නළලේ සඳුනෙන් හෝ අන් කිසි දෙයකින් තිලකය (පොට්ටුව) තැබීම පෙරදිග සිරිතකි. කිරාත අඟ‍නෝ සඳුන් නැති නිසාදෝ වනයෙහි ඔවුන්ට පහසුවෙන් සපයා ගත හැකි සිරියෙල් වලින් පොට්ටු තබති. ගිරවුන් අතින් දරා ගම් දැරියන් ආදරයෙන් සතුන් හදන්නා සේම කිරාත අඟනෝ ද සැළලිහිණින් හා ගිරවුන් ආදරයෙන් අතේ තබා ගෙන සිටිති.

වියරණ: සිරියෙල්, හරිතාල (සං) අද දක්වා සිවන් ගුරුවැනි රත් පැහැති ගුරුවර්ගෙයකි. ස‍ෙඳ් - සඳ සද නොයෙක් ඇරුත් පවසයි. මෙහි යෙදෙනුයේ සෙනෙහස යන ඇරුතිනි.

                                              කහකුරුළු සන්දේහ වර්ණදනාව 	145 

135. එවන ලිය ලියන් ගජ මුළු දැක බියෙ න පැමිණ තුරු මුදුන සාමුව සුතන් ගෙ න පිපෙන කොඳ මුවෙන් බිඟුසන් යුතු බසි න දපන වැනි මිතුරු එහි සිට තව බියෙ න

අන්වය: එවන ලිය ලියන්, ගජ මුළු දැක බියෙන සාමුව සුතන් ගෙන තුරු මුදුන පැමිණ, පිපෙන කොඳ මුවෙන්, බිඟුසෙන් බසින් යුතු එහි සිට තව බියෙන මතුරු දපන වැනි.

අර්ථසය: එවන ලිය ලියන්, ඒ වනයෙහි වැල් නැමැති ස්ත්රීටහු ගජ මුළු දැක, ඇත් රළ දැක; බියෙන, බියෙන්; සාමුව සුතන් ගෙන, ශාඛා මෘග නැමැති දරුවන් ගෙන; ගුරු මුදුන පැමිණ, ගස් මුදුනට පැමිණ; පිපෙන, පිපෙන්නා වූ; කොඳ මුවෙන්, කොඳමල් නැමැති මුඛයෙන්; බිඟුසන් බසින යුතු බමරුන්ගේ නාදය නැමැති වචනයෙන්; එහි සිට, ඒ ගස් මුදුන්වල සිට; තව බියෙන, තවත් බියෙන්; මතුරු දපන වැනි, මන්ත්රඛ ජප කන්නාක් මෙනි.

විස්තරය: එවන ලියන්ගේ දරුවෝ රිලා වඳුරු ආදීහුය. මුව සුදුව පිපුණු කොඳ මල්ය. උන්ගේ හඬ නම් බමරුන්ගේ නාදය විය. මේ අයුරු ඇතුන් දැක බියෙන් ගස් මුදුනට වී මතුරන්නාක් මෙන්ය.

කුසදා කවෙහි මෙබඳු යෙදුමක් :-

එවුයන ලිය ලියන් තුරු හිමි වළ දිමින ලෙලදෙන අතු අතින් සාමුව සුතන් ගෙන න සුපිපෙන ලත ලවන් යුත් කුසුමන් අතින නළවන වැන්න බිගුසන් සුරතල් බසින


136. එවන ගැබේ විසිතුරු නිතයෙන් ප බඳ දකින නුඹේ නෙත් සිත් වඩවාය ඔද නිතින පොබේ කොඳ නල වැද එන සු වඳ පවන ලැබේ ඉන් නැගියා ගන්ස බඳ 146 කහකුරුළු සන්දේශ වර්ණ.නාව

අන්වය: පබද එවන ගැබේ, විසිතුරු, නිතියෙන් දකින, නුඹේ නෙත් සිත් ඔද වඩ වාය, පොබේ කොඳ වැද නිතින එන සුවඳ නල සිහිල ලැබේ, සබඳ! ඉන්න නැගි යාගන්!

අර්ථ ය: පබඳ එවන ගැබේ, ප්රනසිද්ධ වූ ඒ වන ගැබෙහි; විසිතුරු, අලංකාරය; නිතියෙන් දකින, නිතර දකින්නා වූ නුඹේ, නුඹගේ; නෙත් සිත්, ඇසත් සිතත්, ඔද වඩවාය, ප්රීරතියෙන් පිනා යාමය; පොබේ කොඳ වැද, පිබිදුණු කොඳ මල් වල වැදී, නිතින එන, නිතර එන, සුවඳ නල සිහිල, සුවඳ පවනෙහි සිහිල, ලැබේ, ලැබෙයි, සබඳ! මිත්රිය! ඉන් නැගියාගන්, ඉන් නැගී ගමන් කරන්න;

වියරණ: පබද - සද ප්රනසිද්ධ යන අරුත්හි යෙදේ.

පොබේ, පොබ, ධාතුයි, පොබයයි, පොබයති ආදී වශයෙන් වර නැගේ,

137. පුරග කඳ සුරිඳු සිරිසර බලන ලෙ සා නොළඟ වෙමිනි බියෙනැගි මොන රිදුන් නි සා නිලග අසන හැර උන් අතන සිටි ලෙ සා බලග උරග පෙණ ගල මමිතුර සක සා

අන්වය: කඳ සුරිඳු පුරග සිරිසර බලන ලෙසා, නැඟි මොනරිදුන් නිසා බියෙන් නොළඟ වෙමිනි නිලග අසුන අත හැර උන් අනත සිටිලෙසා මමිතුර! උරග පෙණ ගල සකසා බලග!

අර්ථලය: කඳ සුරිඳු පුරග, කඳ කුමරුන්ගේ පුරයෙහි; සිරිසර, ශ්‍රී ශෝභාව, බලනා ලෙසා, බලන පරිදි; නැගි මොණරිඳුන් නිසා, නැග සිටින මයුරාසනය නිසා; බියෙන්, භයෙන්, නොළඟ වෙමිනි, ළං නො වෙමින්; නිලග අසුන අත හැර, තමන්ට හිමි ස්ථානය අත හැර දමා; උන්; උන්නා වූ; අනත සිටි ලෙසා, අනන්ත නාගරාජයා සිටියාක් වැනි; මමිතුර! මගේ මිත්රඅය! ‍උරග පෙණගල, නයිගල; (නයිපෙණගල) සකසා බලග, හොඳින් බලන්න!


                                                         කහකුරුළු සන්දේශ වර්ණෙනාව 	147 

විස්තරය: කඳ කුමරුගේ පුරයෙහි ශෝභාව බැලීමට අනන්ත නා රජුට ආශා ඇති විය. එහෙත් කඳ කුමරු මොනරා පිට නැග සිටින බැවින් නාරජුට අසලට ඊමට නොහැකිය. පුරසිරි නම් බැලිය යුතුමය. එ බැවින් තම ස්තානය අතහැර දමා ඈත සිට පුරසිරි බලන්නාක් මෙනි, නයි ගල දෙස බලන්නකුට පෙනෙනුයේ.

උරඟපෙනගල - නයි පෙණ වැනි මුදුන් ඇති හෙයින් මේ නම ව්යපවහාරවී ඇත. නයිගල යන ව්යනවහාර නම කවියට යෙදු‍ෙය් උරග පෙණගල කියායි.

අර්ථලය: මොහු නා‍ ලොව රජුය. මුව දහසක් ඇත්තෙක් යයි පවසති. තමන්ගේ පෙණ ගොබින් පොළෝ දරාගෙන සිටී යයි ද කියති. මිනිසෙකුට විස්තර කළ නොහැකි තරම් දෙයක් දක්වන තැන්වලදී එය මුව දහසක් ඇති අනන්තයා මිස අන් කවුරු පවසන්න දැයි කිම කවියන්ගේ සිරිතය.

නිලග අස්න - නිලග සදින් සෙනසුරු හා විෂ්ණු ද කිය වේ. මෙහි ඒ අරුත් නොයෙදේ. තනතුරට නිලඟයයි කියති. තමනට හිමි ස්ථානයයි. අරුත් ‍ගැනීම මෙතනට සුදුසුයයි හඟිමු. විමසිය යුතු තැනකි.

138. දීර තෙද බලැති සම්මුක සුර පව ර සාර කර වසන නිති හිම කුළු අයු ර සාර සිරි පිහිටි කඳු දැක වම් පස ර විරගස් ඉඩම බල නොහැරම මිතු ර

අන්වය: දීර බල ඇති පවර සම්මුඛ සුර හිම කුළු සෙයින නිති සාර කර වසන වම් පස සාර සිරි පිහිටි කඳු දැක මිතුර! නොහැරම වීරගස් ඉඩම බල!

පදාර්ථ  : දීරතෙද බල ඇති, ධෛය්යීහය හා තේජසද බලය ද ඇති, පවර සම්මුක සුර, උතුම් කඳ කුමරු, හිම කුළු සෙයින, හිමාලය කඳු මුදුනසේ, නිති සාර කර වසන, නිතර සාරවත් කරමින් වාසය කරන; වම් පස (ර)

148 කහකුරුළු සන්දේශ වර්ණානාව

පිහිටි, වම් පැත්තේ පිහිටියා වූ; සිරි සාර, ශ්රී යෙන් සාර වූ, කඳු දැක, කන්ද බලා, මිතුර! මිත්රයය! නොහැරම, අත නො හැරම; වීරගස් ඉඩම, වීරගස් ඉඩම නම් තැනද; බල; බලන්න!

විස්තරය: නුඹ යන මග වම් පස කන්දක් ඇත. එය විෂ්ණු මෙහේෂ්වරාදි දෙවියන් හිමාලයෙහි කඳු මුදුන සෙයින් සාරවත්ය. කඳ කුමරු විසීම නිසා තවත් සාර විය. එය බලා විර ගස් ඉඩම නම් තැන ද බලන ලෙස දන්වයි.

වියරණ: වම් පසර, පසර යයි ශබ්ද‍යක් තැන. ඇත්තේ පස ශබ්දයයි. එහෙත් එලි සමයට පසර යයි ගත් සැටියක් පෙනේ.

සම්මුඛ ෂන්මුඛ (සං) එනම් කඳ කුමරුයි.

139. හිමසෙල් පිටින් එන සිසිලැල් ගොස පැතිර පැහැදුල් අහස් ගඟ සිරි නො හැර පළ කර ගෙල නිල් නදන පුර වෙත පතල මනහර කැර ලොල් මැණික් ගඟ වෙත එලඹෙව මිතුර

අන්වය: සිහිලැල් ගොස පැතිර හිම සෙල් පිටින් එන පැහැදුල් අහස් ගඟ සිරි නොහැර පළ කර ගෙල නිල් නදන මනහර පුර වෙත පතළ මැණික් ගඟ වෙත ලොල් කැර මිතුර! එළඹෙව!

අර්ථකය: සිහිලැල් ගොස් පැතිර, සිහිල් දිය පහරේ ඝෝෂාව පැතිරී; හිම සෙල් පිටින් එන, හිමගල් තලාවෙන් ගලා බසින; පැහැදුල්, බබලන; අහස් ගඟ සිරි, ආකාශ ගංගාවේ ශෝභාව; නොහැර පළකර, නොහැරම ප්රපකාශ කොට; ගෙලනිල්, කඳ කුමරු; නඳන, සන්තොෂවන, මනහර පුර වෙත, යහපත් පුරය සමීපයෙහි; පතළ, පැතිරී ගිය; මැණික් ගඟ වෙත, මැණික් ගඟ නමින් ප්රමසිද්ධ වූ ගංගාව වෙතට; ලොල් කර, ආශා උපදවා, මිතුර! මිත්රිය! එළඹෙව, යව;


                                                    කහකුරුළු සන්දේශ වර්ණආන‍ාව 	149 

විස්තරය: අහස් ගඟ, ගංගානම් නදිය හිමාලය කඳු වැටියෙන් පටන් ගනී. පර්වඅතයේදී ගංගාව විශාල ගල් පරයක හැපී දියපහර උඩට නගී, ඒ උඩට නගින දිය පහර අහස් ගඟ යයි ව්යවවහාර කරති. ආකාශ ගංගා, වියන්නදී ආදී නම්වලින් ද මෙය හඳුන්වනු ලැබේ. එහෙත් අහසෙහි ගංඟ‍ා කෙසේ ‍ලැබේද? සංස්කෘත කවීහු අහස් ගඟ යයි බොහෝ වර්ණෙනා කළේ මෙයයි.

ගෙල නිල් නදනපුර: එනම් කතරගම් පුරයයි. නිල් ගෙල යනු විෂ්ණුහටද නමකි. එහෙත් මෙහි එය නො යෙදේ. මෙහි මයුරාසනයා සතුටුවන පුරයයි ගත යුතුයි.

මැණික්ගඟ: කතරගම් පෙදෙසින් ගලා බස්නා ගංඟාවයි. මෙයට පුරාණ කාලයෙහි පටන් ව්යරවහාර වූයේ මේ නමය. ග‍ෙඟහි මැණික් ඇති බැවින් මේ නම් වී යයි සිතිය හැකිය.

110. සිතැගි ලෙසින් අප සිදු කර දෙන සතුට සිත දහසින් මගතුරු ගෙවමින් සතුට තිදිව ලෙසින් සවතිඳු පුර දැක සතුට සිට සතොසින් ගඟ සිරි නරඹව සතුට

අන්වය: අප සිතැගිලෙසින් සතුට සිදුකර දෙන සිත සතුට අදහසින් මගතුරු ගෙවමින් තිදි‍වලෙසින් සතුට සවතිඳු පුර දැක සතොසින් සිට සතුට ගඟ සිරි නරඹව!

අර්ථ ය: අ ප සිතැගි ලෙසින්, අප සිත් වූ පරිදි: සතුට සිදු කරදෙන, සන්තොෂය සිද්ධකරදෙන; සිත සතුට අද හසින්. සිතේ සතුටු අදහසින් යුක්තව; මගතුරු ගෙවමින් මග ගෙවමින්; තිදිව ලෙසින්, දෙව්පුරය ලෙස; සතුට, සතුට ගෙන දෙන, සුවතිඳු පුර දැක, කඳ කුමරැගේ පුරය දැක; සතොසින් සිට; සතුටින් සිට; සතුට, සතුටින්; ගග සිරිනරඹව, ගංගාවෙහි ශෝභාව බලන්න!


150 කහරුළු සන්දේශ වර්ණ්නාව

විස්තරය: කහ කුරුල්ලා සන්දේශ කර්තෘ ගේ අදහසේ හැටියට ගලගම සිට මග ගෙවමින් දැන් කතරගම් පුරයට පැමිණියේය. සන්දේශ කර්තෘසට එය මහත් සතුටකි. ඒ නිසා වියයුතුය මේ කවෙහි බොහෝ තැනක සතුටු සද යෙදුයේ. දැන් කතරගම් පුරය බලා ඉන් පසු ගඟද බලන ලෙස දන්වයි.

වියරණ: තිදිව, ත්රිගදිව (සං) එනම්. දිව්ය ලෝකයයි.


මැණික් ගඟ මෙසේ වර්ණිනා කරති.

141. දෙතෙර සිටි තුරග පිපි මල් රොන් රැසය වගුළ සිසිල් පිට නිතියෙන් වෙයි දිසය සුවඳ හමා එන සිහිලැල් පිට බැසය කෙළිති ළමා නිතියෙන් සිඳ ඹුන් ලෙසය

අන්වය: දෙතෙර සිටි තුරග පිපි මල් රොන් රැසය වගුළ සිලිල් පිට නිතියෙන් දිසය වෙයි. සුවඳ හමා එන සිහිලැල් පිට බැසය සිඳඹුන් ලෙසය නිතියෙන් ළමා කෙළිති.

අර්ථයය: දෙතෙර සිටි, ගංතීර දෙකෙහි පිහිටි, තුරුඅග, ගස් මුදුන්හි, පිපි, පිපුනාවූ, මල්රොන් රැසය, මල්වල රේණු රාශිය, වගුළ, වැගිරී; සිලිල් පිට, ජලය මතුපිට, නිතියෙන් දිසය වෙයි, නිතර දක්නට ලැබේ; සුවඳ හමා එන, සුවඳ වහනය වෙමින් ගලා එන; සිහිලැල් පිට බැසය සිහිල් ජලයට බැස; සිඳඹුන් ලෙසය, සිද්ධාංගනාවන් මෙන්; නිතියෙන්, නිතර, ළමා කෙළිති, ගැහැනුළමයි සෙල්ලම් කරති.

විස්තරය: ඒ ‍ග‍ෙඟහි සුවඳවත් වූ දිය පිට සිද්ධාංගනා වන්සේ ගැහැණු ළමයි ක්රී ඩා කරති, දිය සුවඳවත් වූයේ දෙතෙර ඇති ගස්වල මල්රොන් වැගිරී මෙනි.


                                               කහකුරුළු සන්දේශ වර්ණසනාව 	151 

වියරණ: ළමා - සිතට මිහිරි, තනතුරක් දරන්නාගේ භාර්යටයාව, යන අරුත් ළමා සදින් දෙයි. එහෙත් මෙහි ඒ සඳහා නොව ගැහැණු ළමයින් සඳහාය, ගැහැණු ළමෝ ආදියද සලකන්න.

142. නිතියෙන් එගඟ බැස කෙළනා ළඳ රුවැ තී දකිමින් උවන් පියුමැයි බිගුකැන් දිවෙ තී සලෙළුන් ලොබින් පත් පියුමැයි සිතා ඉ තී කුහුලින් උබය නොළඟව බලමින් සිටි තී

අන්වය: නිතියෙන් එගඟ බැස කෙළනා රැවැති ළඳ උවන් දකිමින් පියුමැයි බිඟු කැන් ලොබින් දිවෙතී. සලෙලුන් පියුමැයි ලොබින් සිතා පත් ඉති උබය කුහුලින් නො ළඟව බලමින් සිටිති.

අර්ථඋය: නිතියෙන්, නිතර; එගඟ බැස කෙළනා, ඒ ගඟට බැස ක්රීරඩා කරන; රුවැති ළ‍ඳ, රූමත් කතුන්ගේ; උවන් දකිමින්, මුහුණු දකිමින්, පියුමැයි, පද්මයක් යයි; බිගුකැන්, බමර සමූහයා; ලොබින් දිව එති, ලෝභයෙන් දුවගෙන එති, සලෙලුන්, සල්ලාල ජනයන්, පියුමැයි, පියුමැකැයි සිතා, අදහස් කොට; පත්, පැමිණියා හුය; ඉති, මෙසේ; උබය, බමරුන් හා සලෙලුන් යන කොටස්, දෙකම කුහුලින්, සැකයෙන්, නොළඟව, කිට්ටු නොවී; බලමින් සිටිති, බලමින් සිටිත්.

විස්තරය: ඒ ග‍ෙඟහි දිය ක්රී්ඩා කරන රූමත් කතුන් ගේ මුහුණු දැක බමරුන් හා ‍‍සලෙලුන් රැවටුණු සැටිත් දැක්වේ. බමරු පියුමක් යයි සිතා දිව ආ නමුත් ළං නොවූහ. සල්ලා‍ලයෝ පියුමක් යයි සිතා පැමිණියා හුය. එහෙත් සැකය නිසා බමරුන් හෝ සලෙලුන් ද ළං වුයේ නැත.

වියරණ: පත් පියුම්, මෙහි පත් සඳ නොයෙක් අරුත් පවසයි. පත්, පැමිණියාහුය යි අරුත් පැවසුයේ තැනට සුදුසු සේය විමසිය යුතු තැනකි.



152 කහකුරුළු සන්දේහ වර්ණිනාව

උබය: උභය, (සං) බමරුන් හා සලෙලුන් ද මෙහි උබය සදින් ගැනේ.

143. නිතියෙන් යටග බඳ දද එපුර වේ මග අඟනන් එහි සරණ රුසිරෙන් සරි සුරඟ වදිමින් එගඟ තුළ පිළි බිඹු පෙනෙන රඟ එසුතන් සමග සුරකල් කෙළින වැනි ගඟ

අන්වය: නිතියෙන් යටග බඳ දද එපුර වේ මඟ රුසිරෙන් සුරඟ සරි සරණ අඟනන් පිළිබිඹු එගඟ තුළ වදිමින් පෙනෙන රඟ එසුතන් සමග සුරකල් ගඟ කෙළින වැනි.

අර්ථලය: නිතියෙන්, නිතර; යටග බද දද, රිටි මුදුනෙහි බැදි කොටි ඇති, එපුර වේ මග, ඒ පුරයෙහි වීථිමාගර්යුන්හි; රුසිරෙන්, රූප ශ්රී,යෙන්; සුරඟ සරි, දිව්යාංවගනායන් සමාන; සරණ අඟනන්, හැරිසෙන කතුන් ගේ; පිළිබිඹු, ඡායාව; එගග තුළ වදිමින් ඒ ග‍ෙඟ් වැටෙමින්; පෙනෙන රඟ; පෙනෙන විලාසය; එසුතන් සමග, දරුවන් සමග; සුරකල්, දිව්ය කාන්තාවෝ; ගඟ කෙලින වැනි, ග‍ෙඟ් ජල ක්රී ඩා කරන්නාක් බඳුය;

විස්තරය: ඒ පුරයෙහි වීදිවල රිටි අග බැදි කොඩිවල පිළිබිඹුන් ඒ මාර්ගරයෙන් යන සුරඟනන් බදු කතන් ගේ පිළිබිඹුවනුත් සමග ගඟට වැටෙයි. එවිට පෙනෙනුයේ දරුවන් සමග සුරඟනන් ජල ක්රී ඩා කරන්නා සේය. සුරඟනන්ට දරුවන් නැත. ඔවුන්ගේ ඇකයේ හෝ විමානයේ පහළවන දෙවියන් දරුවන් සේ සලකති. මෙහි නැති දරුවන් සමග ක්රීගඩා කරන්නා සේයයි පවසයි.

වියරණ: පිළිබිඹු - පටිබිම්බ - (පාලි) ප්රාතිබිම්බ (සං) එසුතන්, සුත යනු තන්සම ශබ්දයකි. පාලියෙහි හා සංස්කෘතයෙහිද එ‍ෙස්මය.



                                                     කහකුරුළු සන්දේශ වර්ණ නාව 	153 

144. නිරතුරු කෙළන වරඟන එගඟ මන හ ර පියයුරු සඳුන් සේදී ගොස් ගඟ වතු ර නොවතුරු විරැස රළිනී ගොස් සිටි දෙතෙ ර සමහරු නොදැන තෙපලති පුලින තල ක ර

අන්වය: නිරතුරු එගග කෙළන මනහර වරඟන පියයුරු සඳුන් එගඟ වතුර සේදී ගොස් ගඟවතුර නොව තුරු රැසවී රළිනී ගොස් දෙතෙර සිටි සමහරු නොදැන පුලින තලකර තෙපලති.

අර්ථහය: නිරතුරු, නිතර; එගඟ කෙ‍ළන, ඒ ග‍ෙඟහි ක්රීසඩා කරන, මනහර වරඟන, සිත් ගන්නා වෙසඟනුන්ගේ; පි‍යොවුරු සඳුන් එගඟ වතුර සේදී ගොස්, ඒ ගඟේ වතුරට ‍පයෝධරයන්හි, ආලේප කළ සඳුන් සේදී ගොස්; ඉතුරු නොවී, ඉතුරු වීමක් නැතිව එකතුව; රළිනී ගොස්, රළ වේගයෙන් ගොස්; දෙතෙර සිටි, ගං දෙබඩසිටී; සමහරු, ඇතැම් අය; නොදැන, එය නොදැන, පුලින තල කර, වැලි තලා වන් යයි; තෙපලති, කියත්;

විස්තරය: ඒ ‍ග‍ෙඟ් නිතර කාන්තාවෝ ජල ක්රීතඩා කරති. ජල ක්රීයඩා කරන කතුන්ගේ පයෝධරයන්හි ගා තිබුණු සඳුන් සේදී ගොස් රළ නිසා ග‍ෙඟ් තිර දෙකේ එක්වී සුදුපාටට පෙනේ. බොහෝ මිනිසුන් නාන තොටුපලක අද සබන් සේදී ගොස් ඇති වන පෙන සේය. ඒ දුටු සමහරු සඳුන් බව නොදැන වැලි තලා යයි සිතන බව මින් ‍පැවසේ. මෙය භ්රා්නතිමත් අලංකාරයයි.

විශේෂ: මෙහි නොවතුරු යනු ඉතුරු නොව යයිද විරැස යනු රැස් වී යයිද යොදා ගත යුතුයි.

145. පිහිනා උඩුකුරුව යන කොම ළඟ එව ර දිලෙනා උවන් පියු මට පසු පස නොහැ ර දෙතනා හස එතුඩු දිගු කරනා අයු ර විලිනා මෙන් එදැක කල හස ගිය බැහැ ර


154 කහකුරුළු සන්දේශ වර්ණානාව

අන්වය: එවර පිහිනා උඩුකුරුවයන කොමළඟ දිලෙනා උවන් පියුමට නොහැර පසු පස දෙතනා හස එතුඩු දිගු කරනා අයුර, එදැක විලිනා මෙන් කල හස බැහැර ගිය,

අර්ථනය: එවර, කල්හි; පිහිනා උඩුකුරුව යන, උඩු අතට හැරී පීනමින් යන; කොමළඟ, කොමල කතුන්ගේ; දිලෙනා, දිලෙන; උවන් පියුමට, මුහුණු පද්මයට; නොහැර පසු පස, අත නොහැර පසු පස්සෙන්, දෙතනා හස, දෙපියයුරු නැමැති හ‍සෙයන්; එතුඩු දිගු කරනා අයුර, තුඩු දික්කරන ආකාරය; එදැක, දැක විලිනා මෙන්, ලැජ්ජාවෙන් මෙන්; කල හස, කාල හංසයන්; බැහැර ගිය, පිටතට ගියාක් මෙනි.

විස්තරය: ඒ ග‍ෙඟහි රූමත් කාන්තාවෝ දිය කෙළිති. උඩුකුරුව පිහිනති. එවිට ඔවුන්ගේ මුහුණු පියුම් මෙන් බබලයි. පියුමට ලොල් කරනා හංසායාය. උඩුකුරුව පිහිනන කතුන්ගේ පියයුරු මුහුණු පියුමට ලොල්ව පසු පස අත‍ නොහැරම දුවන්නාක් මෙන් යයි කීම, වැඩිපුර කියමක් නොවේ. ඒ දුටු ග‍ෙඟ් වසන කාල හංසයෝ පියවුරු හසුන් ගේ වැඩයෙන් ලැජ්ජාවී ගඟ හැර ගියාක් මෙන් යයි පවසයි.

විශේෂ කලහස, සුදුහංස, රාජහංස, මිලිනහංස, කාලහංසයයි හංසයෝ නොයෙක් වග්ර්ඟ ‍ සිටිති.මෙහි දැක්වු‍කයේ දුඹුරැ හංසයන්ය. සුදු හංස යන්ට තිසර යයිදද රත් පා හා තුඩු ඇත්තවුනට රාජහංසයයිද, දුඹුරැවන් පා තැඩු ඇති හංසයන්ට මිලින හංස යයිද පවසති.

146. ගඟ තුළ බැලූ විට සව්සිරි පිරි එපු ර පැහැදුල පෙනෙන සේයා වැනිය දෙව් පු ර දිය තුළ ගිලී කෙළනා ළඳ ලිය නිත ර රහසල පිවිස බලනා විලස සැක හැ ර

අන්වය: සව් සිරි පිරි එපුර ගඟතුළ බැලූ විට පැහැදුල පෙනෙන සේයා දෙව් පුර වැනිය, නිතර දිය තුළ ගිලී කෙළනා ළඳලිය සැකහැර රහසල පිවිස බලනා විලස.


                                                  කහකුරුළු සන්දේශ වර්ණකනාව 	155 

අර්ථ ය: සව් සිරි පිරි එපුර, සකල ශ්රීකයෙන් පිරුණු ඒ පුරයෙහි; ගඟතුළ බැලූ විට, ග‍ෙඟහි බැලුකල්හි; පැහැදුල පෙනෙන සේයා, දීප්තිමත්ව බබලන ඡායාව; දෙව්පුර වැනිය, දිව්ය පුරය වැන්නේය; නිතර, නිතරම; දියතුළ ගිලී කෙළනා දියේ ගිලී ක්රී,ඩා කරන; ළඳලිය, බොළඳ කතුන්; සැකහැර, සැකයක් නැතිව; රහසල පිවිස, රසා තලයට පිවිසී; බලනා විලස, බලනා විලාසය පෑය;

විස්තරය: ඒ පුරයෙහි සේයාව ග‍ෙඟ් වැටී ඇත. එය දීප්තිමත්ව පෙනෙන දෙව් පුරය සේය. මැණික් ග‍ෙඟ් නිතරම ගිලී බොළඳ ලියෝ නාති, ඔවුන් ‍නාලොවට පිවිස සැක හැර බලන්නාක් මෙනි.

වියරණ: රහසල, රසානල, (සං) ශබ්දය බිදී ඒ මේදී ව්ය වහාරය අනුව රහසල යයි සෑදී තිබේ. එනම් නාග ලෝකයයි.


147. සඳ රැස් වන් දිසි වැලි පිට එගඟ වෙ තී හිඳ කෙළනා කොමළඟ මුහුලසෙ හිනි තී එද ලොබයෙන් ගොදුරට නොදැන ඇති ග තී වැද මින් කැල සෙවලැයි රැවටී දිවෙ තී

අන්වය: එගඟ වෙත සඳරැස්වන් දිසි වැලි පිට හිඳ නිති කෙළනා කොමළඟ මුහුලස් හි ගොදුරට ලොබයෙන් ඇති ගති නොදැන මින් කැල වැද එද සෙවලැයි රැවටී දිවෙති.

අර්ථඑය: එගඟ වෙත, ඒ ගඟ අසල; සඳ රැස් වන් දිසි, සඳ රැස්සේ පෙනුණු; වැලිපිට හිඳ, වැලිමත්තේ හිඳ; නිති කෙළනා, නිතර ක්රී ඩා කරන, කොමළඟ මුහුලස්හි, බොළඳ කතුන්ගේ කේශ කලාපයෙහි: ගොදුරට ලොබයෙන්, ගොදුරට ආශාවෙන්; ඇති ගත් නොදැන, ඇති ස්වභාවය නොදැන; මින්කැල වැද, මත්ස්යග සමූහය වැදී; එය, එයද සෙවලැයි, දිය සෙවෙලයයි; රැවටී දිවෙති, රැවටී දුවත්;


156 කහකුරුළු සන්දේශ වර්ණවනාව

විස්තරය: ඒ ගඟ අසල සුදුවැලි තලාවෙහි කොමළ කතුන් හිඳ සෙල්ලම් කරති. ඔවුන්ගේ කේශ කලාපය දුටු මත්ස්යුයෝ ගොදුරට ලොභයෙන් කේස් කලඹ බව නොදැන එහි වැදී සෙවල නොවන බව දැන පසුව ආපසු දුවත්. කවියා මෙයින් අදහස් කළේ වරලස උනා, වැලි මත්තේ හිඳ කතුන් ක්රී.ඩාකරන බවය. වළවේ ගඟ වර්ණගනා වේදීද මේ අදහස්ම වෙනින් වචනවලින් දැක් විය.

148. දෙසා කවුරු විසිනුත් නිම විය නොහෙ න ලෙසා එගඟ සිරි සර බලමින් යෙහෙ න කසා කුරුළු සිට මද කල් සිතු ලෙසි න බැසා එගග සිලිලෙහි පිරිසිදු වෙමි න

අන්වය: කවුරු විසිනුත් දෙසා නිමවිය නොහෙන ලෙසා එගඟ සිරිසර යෙහෙන බලමින් කසාකුරුළු මද කල් සිට සිතු ලෙසින එගඟ සිලිලෙහි බැස පිරි සිදු වෙමින.

අර්ථලය: කවුරු විසිනුත් දෙසා, කවුරු විසින් හෝ කියා; නිමවිය නොහෙනලෙස, නිම විය නොහැකි පරිදි වූ, එගඟ සිරි සර, ඒ ග‍ෙඟහි ශෝබාව; යෙහෙන බලමින්, හොඳින් බලමින්; කසාකුරුළු, කහ කුරුල්ල! මඳකලක් සිට. ටික වේලාවක් නතර වී සිට; සිතු ලෙසින, කැමැති පරිදි; එගඟ සිලි ලෙහි බැසා, ඒ ගගේ ජලයෙහි බැස, පිරිසිදු වෙමින, පිරිසිදු වෙමින්;

විස්තරය: මැණික් ග‍ෙඟ් ශෝභාව වචනයෙන් වර්ණගනා කර ඉවරයක් කළ නොමැකිදෙයකි. එබැවින් නුඹම එය සිත් වූ පරිද්දෙන් බලන්නැයි කහකුරුලුට කවියා කියයි. මෙතනදී කවියා කාටත් පුරුදු අනන්ත නාග කතාව අමතක කර දමා අමුතු මඟක් ගත් බව පෙනේ. එයින් පසු ටික වේලාවක් සිට ඒ ගඟට බැස නා පිරිසිදු වෙන ලෙස දන්වයි.



                                              කහකුරුළු සන්දේශ වර්ණ නාව 	157 

සිද්ධාන්තයකට යන විට හෝ වැදගත් දේකට ඉදිරි පත් වන විට නා පිරිසිදු වීම පෙර සිරිතකි. කතරගම් පුර ශුද්ධ ස්ථානයට පිවිසීමට පෙර සන්දේශ භාරකයාට ද නා පිරිසිදු වන ලෙස කීයේ එබැවින්ට. අදත් සමනළ නගින අය පවා දෙහි ගා නා පිරිසිදු වන හැටි සලක්නන. කතරගම් යන්නෝද මැණික් ‍ගඟෙන් නා පිරිසිදු වෙති. එබැවින් නා පිරිසිදු වීමට යුක්ති සහගතය.

149. නොමතුර කෙළන රනළියවන් ලිය දෙ තෙ ර පැහැ සර තොප රැවින් නෙත් සිත් සතුටු ක ර මනහර මැණික් ග‍ගි තෙතරව ගොස් එව ර සිරිබර කරත ගම්පුර වර වදු මිතු ර

අන්වය: දෙතෙර නොමතුර කෙළන රනලියවන් ලිය පැහැසර රුවින් තොප නෙත් සිත් සතුටු කර, එවර මනහර මැණික් ගඟිනෙතරව ගොස් සිරිබර කතරගම් පුරවර මිතුර වදු.

අර්ථ ය: දෙතෙර, ගංගාතීර දෙකෙහිම; නොමතුර කෙළන, නිතරම ක්රී ඩාකරන; ලිය පැහැසර රුවින්, කතුන් ගේ පැහැපත් රූපයෙන්; තොප නෙත් සිත් සතුටුකර, නුඹගේ ඇසත් සිතත් පිනවා; එනර, එකල්හි; මනහර මැණික් ගඟින් එතරව, රමනියවූ මැණික් ගඟින් එතරව; ගොස්, ගමන් කොට; සිරිබර කරගම් පුරවර, සිරිබරින් යුත්, උතුම් කරගම් පුරයට; මිතුර! මිත්රරය! වදු, පිවි සෙන්න!

වියරණ: නොමතුර - නොම තොර යන්නය කවියාට නොමතුර යයි යෙදුනේ. දහස් වරකටත් වඩා මේ කවියා යෙදුවේ නිතර, හා නිතරම යන්නය. ඒ වෙනුවටය මේ අලුත් වචනය යෙදුවේ.

පැහැසර: ප්රටභාසර සදින් ආයේය.

සිරිබර: ශ්රීයබාර - (සං)


158 කහකුරුළු සන්දේශ වර්ණහනාව

කතරගම්පුරය මෙසේ වර්ණ නා කරති.

150. ගොස වේ නිබඳ පසතුරු එපුරරෙහි වයන ලෙස වේ යුගත සැඬ නලවන් සයුර මෙන අස වේ දෙපස හිඳ රස ගී ලිය කියන බැස වේ තරට සිත සවනත කර නදන

අන්වය: එපුරෙහි නිබඳ වයන පසතුරු යුගත සැඬ නලවන් සයුර මෙන ගොසවේ. වේ දෙපස හිඳ ලිය කියන රස ගී, වේතුරට බැස අසා සිත සවනත නදන කර!

අර්ථසය: එපුරෙහි, ඒ කතරගම් පුරයෙහි, නිබඳ වයන පසතුරු ගොස, නිතර වාදනය කරනු ලබන පඤ්චාංගික තූය්‍් ග්ර්බ‍ ඝෝෂාව; යුගත, යුගාංතයෙහි, සැඩ නලවන්, චණ්ඩ‍ මාරැතය වැදුනු; සයුර මෙන, සාගරය මෙන්; ගොසවේ, ඝෝෂා වෙයි; වේ දෙපස හිඳ, වීඡියෙහි දෙපැත්තේ හිඳ; ලිය කියන රස ගී, කතුන් කියන රසවත් ගීතයන්; වේතුරට බැස අසා වීථියට බැස අසා; සිත සවන නදන කර! සිතද කණද තුටු කරගන්න;

විස්තරය: ඒ පුරයෙහි නිබඳවම පසඟතුරු ගොස ඇසෙයි. අද කොළඹ වැනි නගරවල මෙනි. ඒ ඇසෙන පසඟ තුරු ගොස කල්පාන්තයෙහි සැඬ සුළගින් කැළඹුණු සයුර මෙන් ඝෝෂා ඇතිවෙයි. ඒ පුරයෙහි ‍වීදි දෙපසේම ලියෝ හිඳ රසවත් ගීත කියති. එය ඇසීමට අහසින් වීදියට බැස අසා නෙත් සිත් පිනවන්නැයි කියයි.

පසඟතුරු : ආතතය, විතතය, ආතතවිතතය, ඝනය, සුසිරය යන අංග පසින් යුත් තූය්‍්තත්ර් ‍ නාදයයි.

සුගත සැඬනල: කල්ප විනාශය කීප ක්රතමයකින් සිදුවේ. ජලයෙන්, ගින්නෙන් හා වාතයෙන් ද සිදු‍වේ. කල්ප විනාශය වාතයෙන් සිදුවන කල්හි මහා වාතවේග ඇති වී මහ සයුර කැලඹී යිය. මේ පුරයෙහි නිබඳ වයන පංඤ්චාංගික තූර්ය නාදයද, කල්ප විනාශයේදී ඇති වූ සයුර ඝෝෂාව මෙනි.

                                              කහකුරුළු සන්දේශ වර්ණ නාව  	 159 

වියරණ: වෙ: වීථි සදින් බිඳී ආවකි. සැඬ, චණ්ඩ, (සං)