Jump to content

කාලිංග බොධි ජාතක කාව්‍ය-කාව්‍ය iv

Wikibooks වෙතින්

301. මහ කලිඟු කුමරිඳු ඇවෑමෙන් පිය නරනිඳු කලිඟු රට පරසිඳු ලබයි රජ සිරි 1 කීය නැණෙනිදු

302. සුළු කලිඟු කුමරා යුවරද වෙමින් බැහැරා ගොස් වෙන'ත ඉඳුරා තවුස් වෙස් ගෙන රැකෙන අතරා

303. ඒ කුමරු වෙනුවට උපන් කුමරෙක් එන තුට සක්විති රජ සැපට පැමිණ වසති යි කීය තිර කොට

1 කිව්ව. (39) 304. නොබෝ කල් ගිය වර කළුරිය ‍කෙළේ නර වර දෙට කුමර එම වර සැපත් විය රජ කමට එ නුවර

305. සුළු කලිඟු කුමරිඳු එ පුරවර වී යුවරඳු සව් සිරි විඳ නොමඳු වසන සඳ එහි විලස රිවි සඳු

306. පෙර විප් කී ලෙසින මෙ අපි රද යුව රද වුණ ම පුතු සක්විති වන බවත් බොරු නො ම වේය නියතින

307. සක්විති රජක් හට පිය තනතුරක් ලබනට සිටින මම මේ කලට නො වෙමි අවනත වෙතින් රජෙකුට

308. සිතා ඒ යුව රද සඳහන් නො කර මහ රද උඩගු වී සිත සෙද වසන සඳ නෙක ඉසුරු විඳ විඳ

309. එ කල නරනිඳු සඳ නො සතුටු වෙමින් යුවරද ගෙනෙවයි පැවසූ සඳ ඇමතියෙක් ගොස් ගුණැති මන නඳ

310. යුවර රදහට සොබොන ඇමති පැවසිය මෙලෙසින නරනිඳු වී උරණ මෙ ඔබ අල්වා යන්ට විගසින

311. යෙදුනෙය නිරිඳු ගෙන එ බැවින් මෙ ඔබ විගසින තැනෙකට දිවි රැකෙන පලා ගිය හොත් යෙහෙකි කීවෙන

1 කිව්ව. (40) 312. එ බස'සා යුවරද නො ඉඳ එහි සිත බිය වැද ඉටු මිතුර මනනඳ ඇමතියෙකු හට ගුණැති හැම සඳ

313. පලසෙක සිනිඳු තුට මුදු සහ කඩුව ගෙන'තට දක්වාලා ඔහුට රැගෙන මෙ ලකුණු ම පුතු ආ විට

314. මෙහි රද ඉසුරු සර දෙවයි කියමින් කර තිර තනි ව ම එම කුමර යන්ට නික්මිණි එ පුරවර හැර

315. පරසිඳු එ යුවරද සිරි පැහැර රහසිනි සුපුරුදු වර සරන් හද ලමිනි වියො ගිනි පිරිසිදු එ පුර සිරි නරඹා සිය ඇසිනි කුමරිඳු ගියේ බැස වේ මගට නො ලසිනි

316. පුවතර එහි දෙ පස සැදි නිති එක ලෙසින මනහර සුනිල් මිණි රන් තොරණ කිරණින ගන'ඳර පැතිර හෙලි කර බබළයි එයින පසුකර ගියේ වේ මඟ සැණින නිසැකින

317. රඟා‍ කරන සෙබඩුන් මැද සිකි දිමුතු ළඟා ඉඳ පීය'ඹු සහ නද දෙන සමතු රඟා නඳුනුයන පල රස නුවු අමුතු මහා මඟ ගියේ කුමරිඳු උයන් වතු

318. පුලී නිල් නයන සුපිපුණු සර වදනී අලී වැල බැමති නිල් සෙවෙල මුහළිනී කලී රන තිසර පිරි තන කොඳ දසනී බැලී කුමරු විල් සිරි ගත් වර රමණී

319. නිලා වරල පීරා බැඳ කුසුම් පටී දුලා තනන තන මත ගා සඳුන් කැටී නිලා ලියෙව් දුටු සලෙළුන් වඩන අටී බලා ගියේ ඔහු ගම් වැසි ලඳුන් සැටී


(41) 320. පෙම් වන් තමන් සුත සිඹ සනහන බැවින රන් දම් ලෙසින් කිරි වැද කරබා පැසෙන තන් වන් සුවන් කපමින් කරල් ගෙන යන මන් සන් තොසින් නැරඹිය මඟ කුමරු දැන

321. පැහැද සපිරි තන පෑ රන් කරඬු සැටි සබඳ මියුරු බස් දෙන බොළඳ මොළ කැටී නොමඳ ගමඹු නරඹා විලස මග සිටී කෙසෙ ද ගියේ කුමරිඳු එසඳ පා පිටී

322. දිලින සුවා කුර වන් මුදු ගත් කොමල දුලින වසා බිම හෙව කර නෙක නැසල කෙළින කුමරු ගම් මැද තුරු සෙවණ වල තිළින බල බලා ගියේ ඔහු නොව විකල

323. නිල් දිගු වරල් කුසුමන් බැඳ ගොතාලා පුල් රතු උපුල් මල් සවනත සදාලා ඇල් ගෙවි කල් කියන ලිය ගී අසාලා ලොල් හැර ගියේ කුමරිඳු මන පිනාලා

324. දිගැස 1වටදුනැ'ඳලා ගෙල මිණි මාලා? නොලස කරම මඳහස දසන'ඟ පාලා මහ'ස සිටිය වරඹුන් සැටි බලාලා කෙලෙස ගියෙද කුමරිඳු පය නඟාලා

325. කුරිරු රිවි රැසින් නොමඳව තැවීලා සපිරු සිලිල් විල් තුළ වැද ගැලීලා පොකුරු දැලි කමින් ගෙන්'තින් කඩාලා කුමරු ගියේ සිය ගත ගිම් නිවාලා

326. පෙරස වරණ රන නැඟ සෙනඟ සමඟින විලස සුරිඳු ඇවිදපු කුමර නිදුකින වෙහෙස වී පතුල් දෙක තුරුම ඉදිමෙන නොලස යතුරු කෙළෙ ගල් බොරළු මඩිමින

327. තැන් තැන් වලම ඉද මඟ තුරු සෙවණ තුර නන් නන් කුසුම් මුවරද පිස ගෙන නොහැර සත් වන් සිහිල් මඳ නල විඳ විඳ පවර මන් මෙන් ගියේ කුමරිඳු තුනු ගිමන් හැර

1වටු දූ හැඳළා (42) 328. මෙලෙසින් රජ දනව් සහ ගම රට නොමින බලමින් එහි තිබෙන සිරිසර සිය ඇසින කරමින් පසු ගොසින් කිසි දුකෙක නොවමින සතොසින් 1හිම පෙතට කුමරිඳු සඳ පැමිණ

329. උල් කාපාත විලසින් නිලඹර දිලෙන තුල් මතැතුන් යුදයෙහි දළ ගැහැටෙමින නිල් වන තුරෙහි ගිලිහෙන ගන දළ නොමින ලොල් කර කුමරු නැරඹී එවන තැන තැන

330. මත් මුව රදුන් එවනෙහි සරන හැම විට ඇත් කුඹු පැහැර නිය පඳුරෙන් දෙබැ කොට මුත් ඉන් දිමුතු මුතු රැස් තිබෙන තුරු යට සිත් ලෙස නැරඹි එගුමරු මඟ යමින් සිට

331. ගත‍ කුල් මැදෙහි දිලිසෙන නෙක විදුලි තුලා ගත නිල් පදින් ගොස් වන තුළට මන කලා පැහැ දුල් සිදඟනන් බසින නොව මුලා කර ලොල් ගියේ කුමර නොලස උදකලා

332. රැගෙන කුසුම් මුවරඳ පිපි තුරු මුදුන දවත රවන බමතා බිඟු දලළමින හමන සිසිල් මඳ නල විඳ දැහැ ගිමන එවන මඳක් සිට ගොස් කුමරු සසොබන

333. කමල් පුල් උපුල් හෙලැඹුල කොඳ නුමුන ළකල් සිද'ඹු විදුදර නහන නො නැවත ලෙහෙල් කුරි පෙටි රැල කෙළිනා මහන නිමල් පහන් සිහිලඹ හෙන ගඟක් වෙත

334. සොබමන් සුළු කලිඟු කුමරිඳු සඳ සුබැසී මනරම් සුපිරිසිදු පියසක් බලා නිසී කරමින් අසපුවක් තවුසන්ට වන රිසී සතොසින් තවුස් වෙස් ගෙන නොලස එහි විසී

1 හිම පෙදට



(43)

සාගල පුර වර්ණෙනය.

335. පවර මදුරට'තුර සව් සිරි සපිරි නොවිතර සාගල 1නම් පවර විය නුවරෙක අයුරු සග පුර

336. වෙනු රද විසු උදුල තරඟ වැල හෙළ හය රැල එපුර කිරි රද දල පවුර පිළිමිණි නත දරණ තුල

337. පිපි පුල් කමල'වල මුවරඳ වැහෙන හැම කල සිහල'ම පිරි විපුල කෙලෙස පවසමි විලස දිය'ගල

338. යෙදූ නෙක සුදු සිඳු හෙමි සත් සැදූ පැහැවිදු එපුරෙහි රත පසිඳු ගණන් තබනට කවුරු වෙති ඉදු

339. තරඟුන් කුර ගසින 2 නැඟුනු දුහුවිලි වෙසෙසින මෙනා මද වහරින හළේ දුරු කර එපුර හැම තැන

340. එහි රත මිණි කොතින නිකුත් කිරණින් නොපමණ පිරි සඳ රතු වුවෙන සිතු නව රිවි උදාවූ මෙන

341. හළ දොර මුවෙනි දිලි විමන් නෙත හෙල වැලී පිලි යුත් ගෙවුයන් මුහලි එ පුරවර වර සරෙක සිරිසිලි

1 සාගල් 2 නැගි විදු හුලී

(44)

මදු රද වැනුම.

342. ගුණ පිරි සඳක්වී 1තෙ'දණට නුබ මිණක්වී කුලුණට පසක්වී එපුරවර ධර මදු ර‍ෙඳක් වී

343. ඔහු යස තරින්දා යස දස දිගත අන්දා විරිඳු මන් බින්දා කෙළේ ඔවුන'ඹුවන්ට නින්දා

344. රුසිරෙන් තරින්දා නුවණින් හර ගනින්දා නර ගුණ ගිරින්දා සබා බස හරි සඳු නිරින්දා

345. රූ අඳුන නන්දා ලියන් නෙත නෙත අන්දා නම කිතු පබන්දා හෙබී දිගු යට'ග දද බන්දා

346. මදු නිරිඳු මෙලෙසින දස රජ දමින් නොලසින රස සැපත විඳිමින වසන සඳ අග බිසෝ සමගින

347. එ නිරිඳුට මනහර දා කර එම බිසෝවර රූ සිරි යුතු පවර කුමරියක වැදූ ඉතා මනහර

348. එ ස‍ෙඳහි නිරිඳු සඳ දත්සව් සතර පිරිසිඳ ගෙන්වා නැණැති දද ඇසී සුබ අසුබ දෙක නිවරද

349. එවිට එ බමුණු වර මෙ උපන් කුමරි සිරි බර තසස් කොට වනතුර රකී දිවි ගොස් මෙහි ඉසුරු හැර 1 තෙදසට (45)

350. මැ පුතෙකු වැදූ කල ඔහු ඇති බැවින් පින් බල මහත් මේ සක්වළ පතුරුවයි අණ නොමඳ නිකසල

351. සක්විති රජ ඉසුරු ලැබ ගෙන විලස පුරඳුරු වසතී මෙදිය තුරු කීහ බමුණෝ නොවී සිත ගරු

352. නව සඳ මෙන් වැඩෙන එ කුමරිය තුනු ලකුණෙන සිය දෙගුරුන් කි'රණ ඔද කළේ වැඩි වැඩි දින දින

353. ඒ කුමරිගෙ මුදු පමණ නො ම වන රූ සිඳු ලොමින් ගත් දිය බිඳු ලෙසින් පවසමි මඳක් රූ රැඳු

354. ගනනිල් මල'වුල් ඇගේ දිගු වරලට ගෙලනිල් පිලකුල් කර කිව මඳකට පැහැදුල් සුරතල් කෙළිනා හැමවිට හිමසෙල් කුළ තුල් වැනි සුළු පිළකට

355. මන කල් පැහැපත් ඇගෙ පටු නලළට ගන කුල් අස දිසි දියවක තරිඳුට කර කුල් කියතොත් යම්තම් උවමට වුණුබොල් අබැටක් කී වැනි සුනෙරට

356. දෙබැම ඇගේ දිසි ඉඟුසැව් දෙපිලෙක මහිම තමයි කීවොත් යම් වියතෙක අගම යුගය පත් තෙද රැස දිය සක කරම කතට ගස කළ වැනි නොව සැක

357. ඉඳුවර නිල් මිණි ඇගෙ දිගු නුවනට සමකර පැවසුවෝතින් උවමට රදසුර වසනා විජයොත් පායට සමකර වැති ගාලක් ගව ලගිනට

(46)

358. පසන් අගේ තුඟු ගහනත මොනවට කුසුම් දෙමට තල රන'කුස සරි කොට උවම් කළොත් යම් කිවි‍ෙඳකු මඳකට ඇතුන් සෙ කී වැනි ගුල්ලකු මහතට

359. මනනඳ සක්පත් ලු පැහැ දුල්ලා එම ලඳ යුග සවනත වන ලොල්ලා මද රද රිය සක කිව ‍නොපැකිල්ලා පිනි බිඳ සිඳු දිය කළ වැනි තුල්ලා

360. දුල් දළ අවිවර කෙමියෙන් නොකිලිට ලොල් මුවරද අම වද නැති වන තුට පුල් රත සර සිරි කිව ඇගෙ මුකයට තුල් කළ වැනි කප් තුරපිල ගසකට

361. වට මට සුසිලිටු නෙහිරැති ඇගෙ ගෙල වනතුට මනහර හිරි රැදි රනකල සරිකොට කිව යම්තම්වත් නොපැකිල උරිඳුට ගැඩවිළුවකු සරි කළ තුල

362. යුගතා එලදගෙ ලෙළ දෙන මනහර සතනා ඔවිලින් බසිනා පෙණ කර කියනා රන් සප් දෙදෙනෙකු එක හර නිතෙනා සේ එක රඟ යයි කී යුර?

363. සුපුන් දෙ පියයුරු එළඳගෙ සොඳුරු දිලින් එදිවි ඔප කළ නොව අතුරු රුවන් කරඬු යුවලෙක කිව සමරු සුවන් තිසර සරි කළ වැනි මදුරු

364. රන් බර පියබඳ සම වන විගසිනි රන් ලිය නිග කළ රුසිරෙන් වෙසෙසිනි රන් පෝරුව කිව ඇගෙ පිට නොලසිනි රන් ගැබ වලිමුව එක සරි කි වැනි

365. වසා රොදට ඇගෙ බබළන ළකුලූ හසා කළොත් බිගු වැල ලිය තමලූ පසා ර නොවනා විකුමට නැබුලූ ලෙසා මුවිඳු කිව් වැනි උනහපුලූ

(47)

366. සැට විට උසුලා පිරි පියයුරු යුග වන තුට වැහැරී ගියෙ ඇගෙ සිහි නිඟ දුනුමිට සරි යයි කිව හොත් වියො වග ගුරුළුට සිහිනිපියෙකු සරි කළ රඟ

367. තිවට නුමුත් දුටුවොත් ඇති විලසට සතුට වඩන එ ලඳගෙ පුළුලුකුළට තිවට සතුරු රිය සක කිව උවමට උසට රාහු සරි කළ වැනි කුරෙකුට

368. සිප් තම දන් පරසිඳු කර තිලොවට ගැප් රන මැව් එ ලඳගෙ උරු යුවලට ඔප් කළ රන් ටැම් යුග කිව උවමට කප් ලිය තුල් කළ වැනි උඳු වැලකට

369. වන මුදු එ ලඳගෙ ඇම සඳ බබලන පිරිසිදු වට මට සුසිලිටු යුග දන රන සිඳු නැගි බුබුළෙව් කිව වෙසෙසින පරි සඳු තුඹසට එක තුල කිව මෙන

370. පෙමා වඩන එ ලඳගෙ දඟ යුවලට යොමා කළොත් රන සිකිගෙල උවමට තුමා සුරිඳු නැගි එරවණ ගිජිඳුට සමාන කළ වැනි ඔටුවෙකු බලනට

371. පරසිඳු කුමරිගෙ නිරතුරු බැබළු සසිනිඳු දැලැ'ගිලි පෙළ රැඳි ළකුළු කියතුදු තුල් කර පිපි රත කමලු කිරිසිඳු සහ තුල කළ වැනි හොසුළු

372. කව්කළ සැටි මේ ඇගෙ රූ රාසී තෙද බල බොජ රජ රද යස රාසී පෙර කල බමුණෙකු කව් බැඳ මෙලෙසී තුල කළ කී වැනි දළ සන්නාසී

373. දිමුත එකත තුනු රූ සිරු නුමුතය කියත දියත කිවි‍ෙඳක් නැත සමතය වනත සවත සුර ගුරු බඹ එකතය වතන අතන මඟ තොත් සක සමතය

(48) 374. මෙ ලෙස රූ අපමණ ඇති බවත් නෙතු හොබවන පුතකු සක්විති වන වදයි යන බස අසා සතොසින

375. මුළු දඹදිව වසන රද කුමරුවෝ අවුදින එපුර වට කර ගෙන කීහ1 මදු නරනිඳුට මෙලෙසින

376. මෙ තොප දුව සසොබන දුනොන් මිස'පට විගසින නැතොත් යුද කරමින රැගෙන යමු කීවෝය වෙසෙසින

377. එවිට මදු නරවර මොටුන් එකෙකුට තිර කර මෙ මගේ දූ දුන් වර කෙරෙත් නෙක යුද අනික් තරවර

378. සිතා ඒ මදු රද දුව සහ බිසව මනනඳ කැඳවා ගෙන එසඳ සෙමින් නුවරින් නික්ම වල් වැද

379. සුළු කලිඟු කුමරා වැසි පන්සලට නුදුරා උඩු ගඟ'සල තරා විසූ තව වෙස් රැගෙන ඉඳුරා

380. රජු සහ බිසෝ සඳ පැවිදි ව මෙ ලෙස එහි ඉඳ අසපුවෙහි මනනඳ කුමරි සිටුවා දෙදෙන වනැ'විද

381. පලා පල කඩමින ගෙනැ'විත් කමිනි තුන් දෙන බස'කර 2අරුත මෙන විසූ වෙනසක් නැතුව සතොසින

382. එකල යුව රද සිරි වෙත් වූ වෙන් පත් හිමැසිරි හරිනා මෙන් පැහැරි වහර කල් සපැමිණිය සිකි පිරී

1 කිව්ව 2 අරුණ (49)

වැසි කල් වැනුම්

383. එ කල කල් වියො ලදු සුළු කලිඟු නම් කුමරිඳු මරකත සෙල් පවුදු කඩා හුණු පභළු මෙත් පැහැ විදු

384. නව දිලිති සසොබන මිහි පිට සරත වෙසෙසින රතිඳු ගොව් බලමින කුමරු උන් සඳ තනි ව ඒ වන

385. ගන කල් මිහි ලෙලෙන විදු රන් දමට වෙසෙසින ලියනගලා කලුන දිගු කරපු දිසි 1සුරත්අත් මෙන

386. පිපි කුසුම් තැන තැන දකිමින් වෙනෙහි සසොබන දස'ඟන නිල් වෙලෙන වරල බැඳි මල් දමෙව් වෙසෙසින

387. නෙයෙක් පැහැ වොරැදින දෙව් දුනු නැරඹි වෙසෙසින ඒ කුමරු සසොබන යළිදු ඒ වන ගැබෙහි තැන තැන

388. ලියනගල ලිය ලිය කුසුම් 2 රත'තෙහි බැබලිය දිසි මුත් හර තුලිය මලින් හෙන දිය දහර බැබළිය

389. විදුලි රන් දම් තුල කොක වැල උදුල දළ දළ නිබඳ 3 මද පොද දුල බැලී මේ කුළු සදිසි ගජ රැල

390. වන පලු මුහුළු සර පිස ගෙන හමන නල තුර විඳවත් ඒ කුමර මඳක් අස් වස් නො ලදි ගිම හැර

1 සුරන් 2 රතනෙහි 3 නිබිඳු (50) 391. නො දැක හිමි රිවි කල වන පත් වූවෙන් 1 දස කළ නැවත හිමි එන කල නිල් වලා පෙළ වරලසිනි දුල

392. ඉසිතා ගත පොදින මී සිඳු වරන් විලසින නැවත ගන ගිගුමෙන විසර ගිය මේ වලා බලමින

393. වැද කොලොම් වන වෙත මුවරඳ කුසුම වලපත සිහිල් නල සහ යුත වහර කල් නො වෙ ඔහුට යහපත

394. මේ ගිඟුමෙන් විසර ගිය මං බලා පෙර හැර සමග ව ඒ කුමර කල් විරහ වූයේ ය ගන තර

395. වලා තල සමගින 2 තිහඬුරු ලමින් වියොගිනි විදුලි හා සමගින වෙවුලීය සිත ඔහුගේ වෙසෙසින

396. වහර බිඳු සමගින නොමඳ ව නෙත් කඳුලු හින ඒ කුමරුට සොබන පෙර පුරුදු කල් වියෝ මෙලෙසින

397. ගත වලා සුදු විය ‍ සෙවෙල දා ගිය තැන් විය සර රොන් දූලි විය වියේ මේ ලෙස ඔහුට දැක්විය

398. හිම මිරිඟු දිය මෙන කුමරහට ඒ කල'ඟන සිත ගත නිති තවන මහත් ගිම් කල් වීය වෙසෙ සින

399. කලුන්ගෙන් වියො වින කලිඟු කුමරිඳු වත වන තනි ව ඉද එසො වින ඉකුත් සඳ වහර කල් වෙසෙ සින

1 සඳ 2 ධර්මප්රෙදීපිකාවෙහි - "නුඬුහුරු" යයි දැක්වේ (ධ.ප්ර්. 207 වැනි පිට) (51)

සරා කල් වැනුම්

400. සරත් සිරින් මුළු දියත පහන් වී දිමුත් සුපුන් සිසි කැලුම් පහන් වී නිසිත් සුපිපි මල් ගඳට පහන් වී දිමුත් බමන බිගු දැක නො පහන් වී

401. අටිය වඩන තුරු හිමි ගත සිප ගෙන තුටිය වෙමින් අතු ඇකයෙහි තැන තැන සිටිය අමා බිතු ගී රැව් බැණ බැණ දිටිය එ මලිගිය ලීය ඔහු වෙසෙ සින