Jump to content

කාව්යශේඛර-එකොළොස්වන සග

Wikibooks වෙතින්

එ කො ළො ස් ව න ස ග


1. මහසයුර සිලි ල

වැටෙමින් කෙනෙක් ගංව ල

මෝරුන් කිඹුල් කැ ල

බත්ව වැනසෙති කෙනෙක් වැද ව ල



2. හුණු1 ව ද දහන් දැ ල

සෙලිනුත් රිකින් හුණු2 ක ල

ගෙලෙහි වැල් ලු ක ල

කෙනෙක් වැනසෙති ඇනී උල්3 ව ල



3. යුද මැද වැද නො බා

දිව දිව උනුන් පසු බා

නන් අවි මුණ4 ලැ බා

කෙනෙක් වැනසෙති සතන්5 කල ඹා



එකොළෙ‍ාස් වනසග


1.කෙනෙක්-ඇතම්හු, මහසමුදුර සිලිල-මහාසමුද්රුජලයෙහි ද, ගංවල -ගංගාවන්හි ද , වැටෙමින්-පතිතව, මෝරුන්-මකර යන්ට හා කිඹුල්කැල-කුම්භීර සමූහයන්ට, බත්ව-ආහාරවැ වැනසෙති-විනාශ වෙති. කෙනෙක්-ඇතැම්හු, වල වැද-අරණ්ය යට ප්රාවිෂ්ටවැ (විනාශ වෙත්)

2.කෙනෙක්-ඇතැම්හු, දහන්දැල-වහ්නිජ්වාලයෙහි, හුණුව ද-‍ පතිතව ද, සෙලිනුත්-පර්වතයෙන් හා රිකින්-වෘක්ෂයෙන්, හුණුකල-පතිත කල්හි ද, ගෙලෙහි-කණ්ඨයෙහි, වැල් ලු කල- රැහැන් ලු කල්හි ද, උල්වල-ශූල‍යන්හි, ඇනි-ආවිද්ධව ද , වැනසෙති-විනාශ වෙත්.

3.කෙනෙක්-ඇතැම්හු, නොබා-අභීතවැ, යුදමැද-යුද්ධ මධ්ය.යට, වැද-ප්රෙවිෂ්ටවැ, උනුන්-අන්යෝවන්ය යන්, පසුබා- පශ්වාද්භූත කොට , දිව දිව-ධාවනය කොට කොට, නන් අවි මුණ-නානායුධ මුඛයන්, ලැබා-ලබ්ධවැ, සතන්-ස්වසන්තාන යන්, කලඹා-ක්ෂෝඟ කොට , වැනසෙති-විනාශ වෙත්.

1.හුනු-බොහෝ 2.රුකින් හුනු-බොහෝ 3.හුල්-මුද්රිත 4.මුන-බොහෝ 5.මනන්: සතුන්-ඇතම් 230. කාව්‍ැනෙශඛර 11.සර්ග ය




4 වැටෙමින් නරාව ළ1

ගොර වස විස කසමින් ය ළ

ගන සීතෙන් ඇකි ළ

පිසස් සිවූපා විසින් පළක ළ2



5 කා විතර නොම දැ න

නොයෙක් රෝදුක් වැදගෙ න

රොසින් දිව ඇදගෙ න

කෙනෙක් වැනසෙති සපුන් විස යෙ න



6 දාදෙසමල විසි න

මෝර‍ා දොස් වැඩීමෙ න

වැනසෙත් ‍නොදහමි න

කෙනෙක් රජ සොර සතුරු බියයෙ න3



4.නරාවළ-නරකාවාටයන්හි, වැටෙමින්-පතිතව ද , යළ-‍ නැවත, ගොර-ඝෝරවූ වසවිස-විෂවිශේෂයන් , කමින්-අනු භව කොට ද, ගනසීතෙන්-නිරන්තර ශෛත්යෂයෙන්, ඇකිළ- සඞ්කුචිතව ද, පිසස්-පිශාචයන් හා සිවුපා විසින් -චතුෂ්පදයන් විසින් පළ කළ-ප්රවකාශ කරන ලද(උපද්ර වයෙන් ද) , (කෙනෙක් වැනසෙති යනු අධ්යාුයාරයි)

5.කෙනෙක්-ඇතම්හු, විතර නොම දැන-(භෝජනයෙහි) මාත්රතඥනොවම, කා-අනුභව කොට, නොයෙක් රෝදුක්- අනේක රෝග දුඃඛයන් , වැදගෙන-ස්පර්ශ කොට ගෙන ද, රොසින්-කෝපයෙන් , දිව ඇදගෙන-ජිහ්වාකර්ෂණය කොට ගෙන ද, සපුන්-සර්ප‍යන්ගේ, විසයෙන-විෂ (වේග) යෙන් ද, වැනසෙති-විනාශ වෙත්.

6. කෙනෙක්-ඇතම්හු, දාදෙස්මල විසින-(ව්යාවපන්නවූ) ධාතුදෝෂ මලයන්ගේ වශයෙන් ද, මෝරාදොස්-මෝහ රාග ද්වේෂයන්, වැඩීමෙන-වර්ධනයෙන්වූ, නොදහමින-අධර්ම යෙන් ද, රජ සොර සතුරු බියයෙන-රාජ චෝර ශත්රැො භීතියෙන් ද, වැනසෙත්-විනාශ වෙත්.

1.නිරාවල-බොහෝ	2.පළ  පළ-ඇතම්		3.බියගෙන-මුද්රිත

11.සර්ගවය සංජීවනි වයාෙන්ඛ්යා 231.



7 මෙ ඈ නරලොව තු රු

විමසා සියලු උවදු රු

කුමකින් මේ අතු රු

වෙදොයි1 සිතමින් කෙණෙක පඬිවි රු



8. මෙතෙල කරලා සි ටි

පයියට2 නයෙකු වන් සැ ටි

ඉති බෝසත් බුහු ටි

සිතා එපවත් ඇම නොහැර3 දි ටි



9 යළි4 බමුණු පිටිප ස

පැහැර ද කයින් මෙපිරි ස

අසා කොලහල බ ස

සෙමෙන් ඉන්නෙන්5 නිසොල්මන්6 ලෙ ස



7.නරලොවතුරු-මනුෂ්ය ලෝකාභ්ය්න්තරයෙහි වූ, මෙ ඈ- මේ ආදීවූ, සියලු උවදුරු-සකල උපද්ර වයන්, විමසා-විමර්ශ කොට, මේ අතුරු-මේ අන්නරාය තෙම, කුමකින්-කවර කාර ණයෙකින්, වෙදෙයි-වන්නේදෝ හෝයි, පඬිවිරු-පණ්ඩි තෝත්තම තෙම, කෙණෙක-ක්ෂණයෙක්හි, සිතමින්-චින්ත නය කෙරෙමින් - (මතු කව හා සම්බන්ධයි)

8.මෙතෙල-මේ සමීපව (පැනෙන්නාවූ), කරලා සිටි- ස්කන්ධාසක්තව තිබූ, පයියට-ප්රාසේවිකාවට, නයෙකු-නාග යකු, වන්සැටි-ප්රයවිෂ්ටවූ ආකාරය , ඉති-මෙසේ, බුහුටි-ප්ර තිභා එ ඇම පවන්-ඒ සියලු ප්ර වෘත්තිය, නොහැර -නිරවශේෂ කොට, දිටි-දර්ශනය කෙළේ.

9. යළි-ඉක්බිත්තෙන් , බමුණු-බ්රා,හ්මණය‍ාගේ, පිටිපස - පෘෂ්ඨපාර්ශවයෙහි, මෙප‍ිරිස-මේ පර්ෂද විසින්, කයින් -ශරිර යෙන්,පැහැර ද -ප්ර‍භතව ද, කොලහලබස-කෝලාහල කථාව, අසා-ශ්රැවණය කොට ද, සෙමෙන්-ශාන්ත ස්වභාවයෙන්, නිසොල්මන් ලෙස-නිශ්චලාකාරයෙන්, ඉන්නෙන්-උපවේශ නය කරන හෙයින්-(මතු කව හා සම්බන්ධයි.)‍‍

වෙදෝ-ඇතම් 2.පයියට:පයිතුළ-ඇතම් 3.සිතා නොපවත් නොහැර හැම:

සිතා එපවත් එම නොහැර-ඇතම්	4.යලි-බොහෝ 5.උන්නේ-සමහර

නිසොල්මන්-ඇතම් 232. කාව්‍) ෙශඛර 11.සර්ග ය




10. කිසි බිය1 නැති ළදැ ඩි කළුනයෙක මේ විසදැ ඩි

සිතූ ලෙස මහප ඬි මඳ ද2 නඟනුව3 තිලජයකො ඩි



11. රකුසා කුස පිවි ටු කරඬුතුළ විදුදරදෙ ටු

ඉසිව දිවැසින්4 දු ටු‍ සරිද ඒ මේ5 නුවණැසින්6 දු ටු



12. නයි පයිතුළ7 වදි න බලාසිටි කෙනෙකුන්8 මෙ න

පිරිස්මැද වොරදි9 න මෙවී10 උතුමා මියුරු තෙපුලෙ න



10.මේ-මෙ (සර්ප) තෙම, කිසි බිය නැති-කිසිසේත් භීති යක් නැත්තාවූ, ළදැඩි-දෘඪවිත්තයක් ඇත්තාවූ, විසදැඩි-ඝෝර විෂ ඇති, කළුනයෙක-කෘෂ්ණසර්පයෙකැයි, මහපඬි-මහා පණ්ඩිතයාණන් විසින්, සිතූ ලෙස-චින්තනය කළ ආකාරය, තිලෝ-තෛලෝක්යමයෙහි, ජයකොඩි-ජයධ්වයන්, නඟනුව- ආරෝපණය කරනු පිණිස, මඳ ද? -අපය්ය් ප්ත ද?

11.රකුසා-රක්ෂසයාගේ, කුස පිවිටු-කුක්ෂිය‍ට ප්රරවිෂ්යවූ, කරඬුතුළ-කරණ්ඩාභ්යකන්තරයෙහි (විසු) විදුදරදෙටු-විද්යා ධර ජ්යෙතෂ්ඨයා ඉසිව සෘෂිභූතව , දිවැසින්-දිව්ය වක්ෂුසින්, නුව ණැසින් දුටු-ඥනචක්ෂුසින් දර්ශනය කළ‍ාවූ, මේ-මෙය හා සරි ද-සමාන වේ ද(නොවේ මැයි),

12.පයිතුළ-ප්ර සේවිකාභ්යවන්තරයට, වදින-ප්ර වේශ වන්නාවූ, නයි-නාගයා, බලා සිටි කෙනෙකුන් මෙන-අවලෝකනය කෙරෙමින් සිටි එකක්හු මෙන්, පිරිස්මැද-පර්ෂද් මධ්ය-යෙහි, වොරදින-විරාජමානවූ, උතුමා-(මහාසත්ව)උත්තම තෙම, මියුරු තෙපුලෙන-මධුර වචනයෙන්, මෙවී -මේ(වක්ෂ්ය මාණා කාරය) කථනය කෙළේ.


1.කිසිබස-ඇතම් 2.මඳද-ඇතම් 3.බඳිනුව:නගනුව-සමහර 4.දිවසිත්- සමහර 5.ලෙසද සරිවේ-මුද්රිත: ලෙසද සරිමේ-ඇතම් 6.නුවනැසින්- බොහෝ 7.පඟියට-ඇතම්:පයියට-මුද්රිත 8.කෙනෙකුන්-බොහෝ 9.වොරැදි-මුද්රිත 10.මෙකී-බොහෝ 11.සර්ගපය සංජීවනි වයාකුනඛ්යාි 232.




13. අගතිසිහු දියරැ ස ඇඳිලින් ගතෙව් දියරැ ස

දතයුතු තිලෝකු ස නැණින් පිරිසිඳ1 දුටිමි2 මේ ලෙ ස



14. දද අද මඟ එමි න මහවල පැන්පාසු තැ න

රුකක්මුල හිඳගෙ න මුදා තොප උපකරණ පියියෙ න3



15. ගෙනහැර අත්සුනු4 කා පයි5 කට බඳිනු තර6 කා

නොවීමෙන් මත කා නැඟිට යාදී සිලිල් සල කා



13.අගතිසිහු-අගස්ති සෘෂිහු විසින්, දියරැස-සමුද්රනයාගේ, දියරැස-ජලස්කන්ධය, ඇඳලින්-අඤ්ජලියෙන් (දෙහොතින්) ගත් එව්-ග්ර්හණය කළාසේ, තිලෝකුස-(ස්වර්ග මර්ත්යර පාතාල සඞ්ඛ්යා්ත) ‍ෛත්රනලෝක්යල කුක්ෂියෙහි. දතයුතු-ඥතව්යාවූ අථීයන් නැණින්-ඥානයෙන් , පිරිසිඳ-පරිච්ඡින්න කොට, මේ ලෙස- මේ (කියනු ලබන) ආකාරයෙන්, දුටිමි-දර්ශනය කෙළෙමි.

14.දද-ද්විජය අද-ඒ තද් දිනයෙහි, මඟ එමින-මාර්ගයෙහි ආගමනය කෙරෙමින්, මහවල-මහාරණ්යියෙහි, පැන්පාසු තැන- පානීයයෙන් එසුවූ තැනෙක්හි, රුකක් මුල-වෘක්ෂයක්හුගේ සමීපයෙහි, ඉඳගෙන-නිෂද්යා් කොට , තොට-යුෂ්මත්හු , උප කරණ පයියෙන -මාර්ගෝපකරණ (බහලු) ප්ර්සේවිකායෙන්, මුදා- (බන්ධන)මුක්ත කොට-(තුන් කවකින් කුලකයි.)

15.අත්සුනු-ශක්තුවූර්ණාය , ඇරගෙන-ග්රයහණය කොට, කා- අනුභව කොට,තරකා-ස්ථිරසේ , පයිකට බඳිනු-ප්රයසේවිකා මුබඛන්ධනය මතකා නොවීමෙන්-ස්මෘත නොවීමෙන්, නැඟිට- උත්ථීතවැ: සිලිල් සලකා -ජලය උදෙසා, යාදී-ගමනය කළ කල්හි-


1.පිරිසුදු-බොහෝ 2.දිවි-මුද්රිත 3.පහියෙන-ඇතම් 4.අත්සුණු-බොහෝ 5.පහී-ඇතම් 8.තරෙ-මුද්රි

234. කාව්‍ිදෙශඛර 11.සර්ග ය




16. පවනින් යන බැහැ ර අත්සුනු සුවඳ ඉව කැ ර1

රැඳි එක් රුක්සිදු ර පිවිසි කළුරළු නයෙක් පයි2 තු ර



17. ඔහු නොදැන වන් නා සම්පයිය3 බැඳ ගන් නා

මෙ නුඹ නික්මෙන් නා බලා දෙවියෙක් රුකෙක4 ඉන් නා



18. එළඹ5 මේ සබය ට දැනිලා කියන බව ම ට

කී පැනයක්6 තොප ට එයිදු7 තොරතුරු කිනම් පළ කො ට



16.පවනින්-වාතයෙන්, බැහැර යන-පිටත යන්නාවූ, අත් සුනු සුවඳ-ශක්තුවුර්ණත සුගන්ධය , ඉව කැර-ආඝ්රා ණය කොට, එක් රුක් සිදුර- අන්යුතර වෘක්ෂච්ඡද්රැයෙක්හි, රැඳි-වාසය කළාවූ, කළු-කාලවර්ණතවූ, රළු-රෝද්රදවූ, නයෙක්-නාගයෙක්, පයිතුර- ප්ර සේවිකාභ්යදන්තරයට, පිවිසි-ප්රතවිෂ්ටවී.

17.ඔහු-ඒ නාගයා,වන්නා-ප්රකවිෂ්ට වූවහු, නොදැන-ජාන නය නොකොට, සම්පයිය-වර්මවප්රපසේවිකාව, බැඳ ගන්නා- බන්ධනය කොට ගන්නාවූ ද, නික්මෙන්නා-නිෂ්ක්රාින්ත වන් නාවූ ද , මෙනුඹ-මේ යුෂ්මත්හු, රුකෙක-වෘක්ෂ (විමාන) යෙක්හි, ඉන්නා-වාසය කරන්නාවූ, දෙවියෙක්-දෛවතයෙක් තෙම, බලා-අවලෝනකය කොට-(මතු කව හා සම්බන්ධයි.)‍‍

18.මේ සබයට -මේ සභාවට, එළඹ-(තා) උපස්ථිතවැ, මට- අස්මත්හට, කියන බව-ආරෝවනය කරන භාවය , දැන‍ලා- ජානනය කොට, තොපට -යුෂ්මත්හට, පැනයක්-ප්ර‍ශ්නයක්, කී-කථ‍නය කෙළේය, එයිදු-ඒ ප්රසශ්නයෙහිදු, තොරතුරු- ප්රනවෘත්තිය , පළකොට-ප්රදකාශ කොට, කියම්-කථනය කෙරෙම්.

1. කර-බොහෝ 2.පහි-ඇතම් 3පහිය-ඇතම් 4.රුකක-ඇතම් 5.එලබ-ඇතම් 6.පැණකි-මූද්රිත 7.එහිදු-බොහෝ

11.සර්ග-ය සංජීවනි වයාුතමඛ්යාම 232.




19. තොප ගිය කල බැමි ණි

අතොබයි පයිය1 සපැ2 මි ණි

කයි නයි විසගිහි ණි

එයින් ගෙට ගිය නසියි3 ගුරුහි ණි


20. අතරමඟ නුඹ ව යි

අත්සුනු4 කන්ට ගෙන ප යි

අතෙළුව5 හොතින් න යි

නපුර මඟ ලැග් ගොත් න යි


21. එසෙයින්6 සෙබෙහි මෙ ම

බා තබමින් පයිය බි ම

මුදමින් බැඳි බැඳු7 ම

රැගෙන දන්ඩක් එහි පැහැර තො ම


තොප-යුෂ්මත්හු, ගිය කල-(ගෘහයට) ගමනය කළ කල්හි, සපැමිණි-සම්ප්රාරප්තවූ, බැමිණි-බ්රා)හ්මණී තොමෝ, පයිය-ප්ර සේ විකායෙහි, අත-හස්තය, ඔබයි-ප්රයක්ෂේප කෙරෙයි, විසගිහිණි-‍‍ විෂයෙන් ගහනවූ, නයි-නාග තෙම , කයි-දෂ්ට කෙරෙයි, එයින්-ඒ කරණකොට ගෙන, ගෙට ගිය-ගෘහයට ගියහොත්, ගුරුහිණි-ගෘහිණි තොමෝ, නසියි-නසිනීය.

20.අතරමඟ-අන්තර මාර්ගයෙහි (ලැග්ගාවූ), නුඹ-යුෂ්මත් තෙම, වයි-ශීඝ්ර්ව, අත්සුණු-ශක්චූර්ණ-ය, කන්ට -අනුභව කරනු පිණිස, පයි ගෙන-ප්රයක්ෂේප කලහොත්, නයි-නාගතෙම, කඩා කයි-ඛණ්ඩනය කොට දෂ්ට කෙරෙයි, මඟ-මාර්ගයෙහි,ලැග් ගොත්-ලග්න වුවහොත්, නපුර-(මේ) අනිෂ්ටය (වේ)‍‍.

21.එසෙයින්-එසේ හෙයින්, මෙම සෙබෙහි-මේ සහායෙ හිම, පයිය-ප්ර සේවිකාව, බිම-භූමියෙහි, බා තබමින්-බහා තබා,බැඳි-බද්ධවූ, බැඳුම-බන්ධනය, මුදමින්-මුක්ත කොට , දන්ඩක්-කාෂ්ඨයක්, රැගෙන-ග්රකහණය කොට තොම-යුෂ්මත් තෙමේම, එහි-ඒ ප්රයසේවිකායෙහි, පැහැර-ප්ර්හරණය කොට- (මතු කව හා සම්බන්ධයි.)

1.පහිය-ඇතම් 2.සැප-බොහෝ 3.නසී-බොහෝ 4.අත්සුණු-බොහෝ 5.අතෙලුව- බොහෝ 6.එබැවින්:එහෙයින්-සමහර 7.බැම-බොහෝ 236. කාව්‍මහෙශඛර 11.සර්ගුය



22. පෙණ කැර දිව් ලෙළෙ න විසදිය කොළින්1 සිලියෙ න

දැක නයිඳු නික්මෙ න දැන්ම සැක හරු ඇත නැතැයි ය න



23. බමුණු මහබොස ත් මෙකී බසස‍ා බියප ත්

හඬ2 ගසමින් මහ ත් හෙළා3 පයිකඩ ඉවත4 පැනග ත්



24. ඔහු මහසබයට මැ ද වදහළ රඟට5 හිමිස ඳ

දන්ඩෙන් පහළ ස ඳ නිකුත් සූ ගා කළුනයිඳු සෙ ද



22.පෙණ කැර-ඵණය කොට දිව් ලෙළෙන-ජිහ්වා චාලනය කරන්නාවූ, කොළින්-කපෝලයෙන්, සිලියෙන-ගලිත වන් නාවූ, විසදිය-විෂජලයෙන් (යුක්තවූ), නික්මෙන -(ප්ර සේවිකා යෙන්) නිෂ්ක්රානන්ත වන්නාවූ, නයිඳු-නාගේන්ද්රෙයා, දැක-දර්ශනය කොට. ඇත නැතැයි යන-ඇත්දෝහෝ නැත්දෝහෝ යන, සැක-ශඬ්කාව, දැන්ම-මෙකල්හිම, හරු-වර්ජනය කරව.

23.බමුණු-බ්රානහ්මණ තෙම, මහබෝසත්-මහාබෝධිසත්වයන් විසින්, කී - කථනය කරන ලද, මෙබස්-මේ (පුර්වෝක්ත) වචනයන් , අසා -ශ්ර්වණය කොට බියපත්-භයප්රාාප්තවූයේ, මහත් හඬ ගසමින්-මහාශබ්ද කෙරෙමින්, පයිකඩ -ප්රසවේසිකා ඛණ්ඩය හෙළා-පතිත කොට , ඉවත-ඈතට, පැනගත්-ලඬ්ඝ නය කෙළේ (පැන්නේය යූසේයි).

24.ඔහු-ඒ (බමුණහු) විසින්, මහසබය මැද-මහාසභා මධ්ය යෙහි, හිමිසඳ-ස්වාමීන්ද්ර යන් විසින් වදහළ රඟට-කථනය කළ පරිද්දෙන්, දන්ඩෙන්-කාෂ්ඨයෙන්, පහළ සඳ-ප්රයහරණය කළ කල්හි, කළුනයිඳු-කාලනාගේන්ද්රෂ තෙම සූ ගා -සූ යන ශබ්ද පවත්වා, සෙද-ශීඝ්රගව, නිකුත්-නිෂ්ක්රා න්ත වී.

1.කොනින්: කොටින්:  හොටින් -සමහර  2.අඬ-බොහෝ	3.ඵලා:එළ-

සමහර 4.එපිට-සමහර 5.ලෙසට -ඇතම්

11.සර්ගඑය සංජීවනි වයා2ිෂඛ්යාහ 237.



25. උන් මා නොදනි යා වැඩ ඉඳ1 තැනෙක මෙනි යා

සොඳ යයි දුටු නි යා දෙදිව් සොලවා කියන වැනි යා



26. හිමි පැනපැරමිබ ර ලී දැලිඅකුරු ගන2 කැ ර

පොතක් විදහන යු ර රැපැයි පෙණකුස3 සොවැති විසිතු ර



27. දළ දරණ වැළ4 ද ර නිලිපුල්දමෙව් පැහැස ර

සුස්මා පෙණේ කැ ර බලා සිටියේ සෙබෙහි5 විසඳ ර



25.නොදැනියා-(කිසිවකුගේත්) ජානනයක් නැතිව, උන්- උපවිෂ්ටවූ, මා-අෂ්මත්හු, මෙනියා තැ‍ෙනක-මෙවැනි (සභා) ස්ථානයෙක්හි, වැඩහිඳ-උපවිෂ්ටව, දුටුනියා-දර්ශනය කළ ආකාරය, සොඳ යයි-සුන්දර යයි, කියන වැනිය‍ා-කථනය කරන්නාක් මෙන් , දෙදිව්-ජිහ්වාද්වය, සොලවා-චලනය කොට-(මතු කව හා සම්බන්ධයි.)

26.හිමි-(මහාබෝධිසත්ව_ස්වාමිහුගේ, පැනපැරුම්බර -ප්රසඥ පාරමිතා සමූහය, දැලිඅකුරු-මසි අක්ෂයෙන්, ගන කැර- සාන්දු කොට,ලී-ලේඛනය කළාවූ, පොතක්-පුස්තකයක්, විදහන යුර-විවෘත කරන ආකාරයෙන්, පෙණකුස-ඵණාහ්යසන් තරයෙහිවූ, සොවැති විසිතුර-සෞවස්තික විවිත්ර-ය, රැපැයි- ගෙනහැර දැක්වී.

27.දළ-දෘඨවූ, දරණවැළදර-භෝගවලියක් දරන්නාවූ. නිලි පුල්දමෙව්-නීලෝත්පල දාමයක්සේ, පැහැසර-ප්රනභාස්වරවූ, විස දර-විෂධර තෙම, සුස්මා-ධමානය කො‍ට, පෙණේ කැර-ඵණ්‍ විස්තාරය කොට, සෙබෙහි-සහායෙහි, බලාසිටියේ-අවලෝක නය කෙරෙමින් ස්ථීත වී.

1 හිඳ 2 හන- 3 පෙනකර- 4 වැල-ඇතම් 5.සබෙ විසිතු

238. කාව්‍‍ගෙශඛර 11.සර්ග ය



28. එකෙනෙහි මහවිය ත් කී ලෙස1 මෙතතු බෝස ත්

නොහැර සව්නේ ද ත් වදන් මෙන් වී මුනිමුවෙන් ප ත්



29. නැඟුණු2 සෙයින් යකුන්3 අමු තු මත්වූ මෙන් ලෙසින්4 උම තු

බලා සියැස5 දනෝ මෙත තු තදන් තමන් බව නොම ද තු



30 සමඟ උතුරුසළු තුළු ලී දැමු බමුණු6 මිණිකො‍ ලීඩො ලී

රජදරුවෝ හැම7 එක ලී දැමු රුවන්කිරුළු දි ලී



28.එකෙණෙහි-තත්ක්ෂණයෙහි, මහවියත්-මහාව්යලක්තවූ, බෝසත්-බෝධිත්වයන් විසින් මෙතතු-මේ (ප්රවශ්නයාගේ) තත්වය, කී ලෙස-කථනය කළාවූ ආකාරය, සව්නේ-සකල ඥෙය ධර්ම,ය, නොහැර-නිරවශේෂ කොට දත්-ජානනය කළාවූ, මුනි-සම්යනක්සම්බුද්ධ කෙනෙකුන්ගේ. මුවෙන්-මුඛ යෙන්, පත්-ප්රානප්තවූ, වදන් මෙන් වී-වචනයක් හා සමාන වී

29.අමුතු-ආගන්තුකවූ, යකුන්-යක්ෂයන්, නැඟුණු සෙයින්- ආරූඪවූවන් මෙන් ද, මත්වූ මෙන්-(සුරාදියෙන්) මත්තවූවන් මෙන් ද, උමතු ලෙසින්-උන්මාදප්රාධප්තයන්ගේ විලාසයෙන් ද, දනෝ-ජනයෝ තුමු, මෙ‍තතු-මේ තත්වය, සියැස-ස්වකීය නේත්රදයෙන්, බලා-ආත්මභාවය, නොම දතු-ජානනය නොකළාහුමය.

30.බමුණු-බ්රාබහ්මණයෝ තුමු, තුළුලී-ආලිඞ්ගිතවූ (පෙරෙවී යාවූ), උතුරුසළු සමඟ-උත්තර ශාටකයන් හා සමග්රතව, මිණි කොඩොලී-මණිකුණ්ඩලයෙන්, දැමු-(පුජා පිණිස) ප්රඞක්ෂේප කළහ, එකලී-තත්නාගයෙහි, හැම රජදරුවෝ-සියලු නරතීහු, දිලී- ජ්වලිතවූ, රුවන් කිරුළු-රත්න කිරීටයන්, දැමූ-පූජා පිණිස ප්රලක්ෂේප කළහ.

1.බස 2නැගුනු 3.අකුන් 4.වෙසින් 4.වෙසින් 5.සියලු-ඇතම් 6.බමුණෝ 7.ඇම

239. කාව්‍ීටෙශඛර 11.සර්ග.ය



34. පසිඳු නියම්ගම් වැස් සෝ රටරටවල නිසිනිස් සෝ

පුද කොලහල බදිරිස් සෝ පැළඳි බරණ ගෙන ඉස් සෝ



35. ලෙළුකුළ1 බැඳි සිහින්2 වස න් අසින්3 පෙනෙන රුවන් රස න්

රතොට වතළ රසින් දස න් කියු තියු ගී ලියෝ පස න්



36. හිසින් වැඳ වැඳ සි ට නුවනින් බල බලා සි ට

සිතින් බුහුමන් කො ට නොසැතපිණි4 ලෙව් මුවෙන් තුති කො ට



33. පසිදු- ප්ර සිද්ධවූ , නියම්ගම්වැස්සෝ- නිලමග්රා මවාසීහු ද, රටරටවල-දේශදේශාන්තරයන්හි , නිසිනිස්සෝ- යෝග්යැයොග්ය (පභූජන) යෝ ද, පුදකොලහල-පූජෝත්සවයෙහි , බදරිස්සෝ- බද්ධෙච්ඡා ඇත්තාහූ , පැළඳි බරණ- ( තම තමා) පැළැන්දාවූ ආභ රණයන්, ගෙන- ග්රඳහණය කොට , ඉස්සෝ- විකිණි කළහ.

34. ලෙළ-ලීලෝපේතවූ, උකුල- නිතම්බයෙහි , බැඳි-බදධවු, ස්හින් වසන් අසින්- සූක්ෂ්ම වස්ත්රහයන්ගේ අංශුවෙන්, පෙනෙන- දෘශ්ය්මානවූ, රුවන්රසන්- රත්නමය රසනාදාමයෙන් ද, රතොට- රක්තාධරයෙහි , වතළ-ව්යා්ප්තවූ , දසන් රසින්-දන්තයන්ගේ රශ්මිවෙන්ද ( යුක්තව) , පසන්- ප්ර්සන්නවූ , ලියෝ- ස්ත්රීමහු, තියුගී- ස්තුති ගීතයන් , කියු- කථනය කළෝ.

35. ලෙව්-ලෝවැසි තෙම , හිසින්-ශීර්ෂයෙන් , වැඳ වැඳ- වන්දනය කෙරෙමින් , සිට-ස්ථිතව ද, නුවනින්- නේත්රවයෙන්, බල බලා -අවලෝකනය කෙරෙමින් , සිට-ස්ථිතව ද, සිතින්- චිත්තයෙන්, බුහුමන් කොට -බහුමාන කොට ද, මුවෙන්- මුඛ යෙන්, තුතිකොට -ස්තුති කොට ද , නොසැතපිණි- සන්තෘප්ත නොවිණි.

1. ලෙලුකුල 2.ඉසිල්-මුද්රිත 3.ඇසින් 4.නොසැතපනු

11.සර්ගකය සංජීවනි වයා.ිතඛ්යාර 241.



37. උතුමා පැන වෙසෙ ස සියලු දෙවියෝ එදව ස

බලාසිට නුබ කු ස කළෝ මල්වැසි සමඟ තියුගො ස



38. පරසතු ඇසළ ම ල් ගන රන්සුනු1 කොළඹ2 ම ල්

පෙතිබර පුල්කම ල් කළෝ සකුගුරුකඳහු පුද ම ල්



39. කඩුපුලෙනි3 මනහ ර පෙණමිණිගෙණෙන් පැහැබ ර

මහසතුට පුද කැ ර අනත තියු කෙළෙ සමඟ පිරිව ර



36. උතුමා- මහාසත්වයාගේ, පැන වෙසෙසා- ප්රිඥාවශේෂය, එදවස-තද් දිනයෙහි , සියලු දෙවියෝ - සකල දෛවතයෝ, බලා- අවලෝකනය කෙරෙමින් , නුබකුස- ආකාශ කුක්ෂියෙහි , සිට- ස්ථිතව, මල්වැසි සමඟ - පුෂ්ප වර්ෂහා සමග්රිව , තියුගොස- ස්තුතිඝෝෂය , කළෝ- කළාහුය.

37. සකුගුරුකඳහු; සක්-ශක්ර.ය , උ-ඊෂ්වරය , ගුරු- වෘහස් පතිය , කඳ- සුබ්රකහ්මණ්යරය , අහු-විෂ්ණුය යන මොහු (යථා ක්ර ම යෙන්) පරසතු- පරිජාතකුසුමය , ඇසළමල්- ආරග්වධපුෂ්පය , ගනරන්සුනු - ඝණස්වණ්ර්ර‍ වූණ්ය් කොළඹමල් - කදම්බපුෂ්පය , පෙතිබර -පත්ර හරිතවූ , පුල්- ඵුල්ලවූ , කමල්- (නීල) කමලය හෙවත් නීලෝත්පලය( යනමොවුන් ) , පුද මල් කළෝ- උපහාර කුසුම කළාහු .

38. අනත- අනන්ත ( නාගරාජ) තෙම , පිරිවර සමඟ -පරිවාරයන් හ‍ා සමග්රගවැ , මනහර-මනොඥවූ , කඩුපුලෙනි -කාණ්ඩෝත්පල පුෂ්පයෙන් ද , පැහැබරඉ-ඉප්ර ණාහරිතවූ , පෙණමිණිගෙණෙන්- එණ නමැති මාණික්ය් සමූහයෙන් ද , මහසතුට - මහාසත්වයා හට, පුද කැර - පූජනය කොට , තියු කෙළෙ- ස්තුති කෙළේ.

1.පුණු 2.සොලොම් ‍: කොසනි-සමහර 3.ෂුද

242. කාව්‍ොසෙශඛර 11.සර්ගයය



40. යුගකෙළ ගනහඬෙව් දෙරණත පැළෙන යු ර

සියලුම පතළ සත්වළගැබ එක පැහැ ර

සකුහුල් සුරනරන් තියුකොලහලිනෙව ර

නොහිපිලි1 සිතින් එකරඟ හුනි හිමි පව ර



ඉති එකොළොස්වන සග


39. එවර- තත් කාගයෙහි , යුගකෙළ- යුගාන්තයෙහිවූ , ගන හ‍ඬෙව් - මේඝධවනිය මෙන් ද , දෙරණත - ධරණීතලය, පැළෙන යුර - ප්රාදාලිත වන්නාක් මෙන් ද, සියලුම සක්වළගැබ- සකල චක්ර‍වාලගර්භයෙහිම , එක පැහැර -ඒක ප්රයහාරයෙන් , පතළ- ව්යා‍ප්තවූ , සකුහුල්- කුතුහල සහිතවූ, සුරනරන් - දෙවිමිනිසුන්ගේ , තියුකොලහලින්- සුතුති කෝලාහලයෙන් , නොහිපිළි- උද්ධත නොවූ, සිතින්-චිත්තයෙන් , එකරඟ- ඒකාකාරවැ(අවික්ෂිප්තවැ). හිමිපවර -ස්වාමීන්ද්රු තෙම , හුනි- උපවිෂ්ට වී.


ඒකාදශසග්ර්න‍ ව්යාරඛ්යාහව නිමි