කාව්යශේඛර-ප්‍රස්ථාවනාව
ප්‍රස්ථාවනාව
සනරාමර ලෝකගුරු වු සර්ව ඥයන්වහන්සේ ජාතකාඛය පුර්වාාවද්රවනචරිතයක් සත්කාව්යේකුසුමාඤජලිෙයකිනපෙුදනු මහාකාව්යය ශේඛර කැමති ෂඩ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ්රි් රාහුල සඞ්ඝරාජෝත්තම යන් විසින් ප්රරනීත වු මේ කාව්ය්ශේඛර මහාකාව්යිය එළිසම කොට බඳනා ලද සියලු මහාකාව්යුයන් අතුරින් අග්ර්ගණ්යි වේ. කාව්යඳයන්ගේ ශේඛරය (මුදුන් මල්කඩ ) කාව්ය ශේඛර නම්. “ශිඛාස්වාපීඬශේඛරෞ” - නිඝණ්ටු හෙයින් මෙහි ‘ශේඛර’ ශබ්දය හිස පලදනාව මල්දමෙහි වැටේ. ‘කාව්යහ’ යනු යෙන් මෙහිලා අභිප්රමත වුයේ සෛංහලකාව්යෙ හෙයින් සිංහලභාෂාවෙන් රචිත වු සයලු කාව්යව අතුරින් මේ කාව්යලශේඛරය
ශ්රෙවෂ්ඨ බව මෙයින් හැගේ.සත්තුභස්තජාතකය ඇසුරු කොට විරචිත මේ කාවයට ‘සක්තුභස්ත්රහජාතක මහාකාව්යරය’ යයි හෝ ‘සේනක මහාකාව්ය ’ යයි හෝ නම් කළ යුතුව තිබියදී එසේ නොකොට ‘කාව්යභශේඛර ’යයි නම් කරන ලද්දේ කුමක් හෙයින් දැයි මෙහිලා ප්රටශ්නෙයක් උපදී.එයට ප්ර ත්යු්ත්තර වශයෙන්
කරුණු ස්වල්පයෙක් දක්වනු ලැබේ.
බුද්ධඝෝෂ නම් ආචාර්ය කෙනෙකුත් විසින් බුද්ධ චරිතය වර්ණධනා කිරීම වශයෙන් සංස්කෘත භාෂාවෙන් කරන ලද පද්යම චුඩාමානී නම් කාව්යරයෙක් වේ. “මෙය සිංහල අටුවා මාගධ භාෂාවට පෙරළූ ශ්රියමත් බුද්ධඝෝෂාවාරීන්වහන්සේගේ කෘතියෙක’යනු බොහෝ දෙනාගේ පිළිගැනීමයි. සර්ව්ඥ පණ්ඩිත
පරාක්ර මබාහු මහරජාණන්ගේ කුශජාතකාක්ය කව්සිළුමිණෙහි (කාව්යරචුඩාමාණියෙහි)ත් මේ පද්යාචුඩාමාණියෙහිත් නම් වශයෙන් සටානාත්වයක් පෙනේ. ‘පද්යත’යනු ශ්ලෝක ප්යා්ර්ය්ය නාමයෙකි. සිංහල භාෂාවෙන් රචිතවු පද්යෙයන්ට ‘කව්’ යැයි ව්යයවහාර කරනු ලැබේ. ‘චුඩාමාණී’ යනු ‘සිළුමිණ ’යි සිංහලයට බිඳේ .මෙසේ ගත්කල්හි සර්ව්ඥ පණ්ඩිත පරාක්ර මබාහු මහරජාණෝ තමන් විසින් කල කුශජාතක කාව්ය යට ‘පද්යහවුචුඩාමාණී ’ ප්රාභව කොට ඇති ‘සිළුමිණ ’ යන නාමය තැබුවෙහි සිතේ.අන් කෙනෙකුගේ ග්ර‘න්ථනාමයක් සිංහල භාෂාවට පෙරළා තමන්ගේ ග්රෙන්ථයකට ව්යථවහාර කිරීම පැරකුම්බා නිරිඳුන්ගේ පණ්ඩිත්යරය
පිළිබඳ න්යුරනතාවෙකැයි සමහරුන්ට සිතන්නට අවකාශ ඇති නමුත් එසේ සිතීම අන්යාය්යිය. අමුතුවෙන් නිපදවන ලද ග්රබන්ථ යකට අමුතු නමක් තැබීම පැරකුම්බා නිරිඳුන් වැනි මහපඬි වරුන්ට එතරම් දුෂ්කර කාරණයක් නොවේ. මහා කව්වු ශ්රීෙමත් බුද්ධඝෝෂ ස්ථවිරයන්වහන්සේට ගෞරව කිරීම වශයෙන්
පැරකුම්බා මහරජාණෝ ද ‘කව්සිළුමිණ ’යි ස්වකීය ග්රීන්ථයට නම් තැබුහ.සසදාවත පිළිබදව අපරනාමයක් වු ‘කාව්යීතිලක ’ යනු ද මේ ‘චුඩාමාණී’ නාමයම ප්රවභව කොට ඇත්තේ යයි සිතේ. තොටගමුවේ ශ්‍රි රාහුල සඬ්ඝරාජෝත්තමයෝ ද අර්ථ කථාචාය්ය් මහ ශ්රීමත් බුද්ධඝෝෂාවාරීන් වහන්සේට ගෞරව කිරීම
වශයෙන් තමන් විසින් කළ මහා කාව්යබයට ‘කාව්ය ශේඛර’ යි නම් තැබුහ. ‘පද්යාචුඩාමාණී - කාව්යෂශේඛර’ යන නාමද්වයෙහි ශබ්ද
වශයෙන් වෙනසක් ඇත ද අර්ථ වශයෙන් නම් ඵබඳු වෙනසක් නැත්තේය.ඵහෙයින් ‘පද්යවචුඩාමාණී’ යනු ‘කව්සිළුමිණ’ යි ගත්තාක් මෙන් ශ්රිද රාහුල සඬ්ඝරාජෝ ද ඵහි අර්ථය පමනක් ගෙන ‘කාව්යදශේඛර’ යි අන්ය වචනද්වෙයකින් ස්වකීය කාව්යකයාගේ නාමය තැබුහ.
සිංහල භාෂාව
[සංස්කරණය]මේ මහාකාව්‍ාමෙශඛර සිංහල භාෂාවෙන් රචිතවුවක් හෙයින් සිංහල භාෂාව මුලදී දඹදිව කිනම් දේශයකට අයත් කිනම් ජාතියක් විසින් ව්යවහෘත වුවක් දැයි දැනගැනීම ප්රතයෝජනවත්ය. ඵතෙකුදු වුවත් ඵ් සම්බන්ධව නිශ්ශේෂාවබෝධයක් ඇති කර ගැනීමට දුෂ්කරය. ඵයට හේතුව සිංහලයන්ගේ ආදි පුරුෂයවු විජය රජු හා පිරිස දඹදිව මෙකල ව්යෘවහාර වන නම්වලින් යුත් කිනම් පෙදෙසක සිට ආවාහුද? යි නිශ්චයකට බැසගන්නට නොහැකි වීමයි. විජය රජු පැමිනියේ ගුජරාත් දේශයේ යැයි සමහරු කියති. සමහරු වඟුරට හෙවත් බෙඬ්ගාලයේ සිට යයි කියත්. මේ මතද්වයම මහාවශංය හා දීපවංශය විශ්වාස නොකරන නවිනයන් විසින් උපදන ලද්දක් හෙයින් ඵතරම් ආදරණීය නොවේ. ඵසේ හෙයින් විජය රජුගේ ලංකාවතරණය ප්රයකාශවන ඵෙතිහාසික ග්ර්න්ථවු මහාවශංයට හා දීපවංශයට අනුව විජය රජුගේ ජාතභූමිය පිහිටි පෙදෙසක දැක්වීම ඉතා යෝග්යය වේ.
වගුරජුගේ දුවණියන් මගධරට බලා නික්මෙන ශකට සමුහයක් පසු පස්සේ යන විට ලාටරට වනවයේදී සිංහයකු විසින් අල්වා ගන්නා ලද බව මහාවශංයේ සඳහන් වේ. ලාටරට පිහිටියේ මෙකල ‘බෙඬ්ගාල’ යයි ප්රේසිද්ධ රටටත් අතරෙහි බව මෙයින් පෙනේ. ලාටරට ලාටරට වනවයේදී අල්වා ගත් නමුත් සිංහයා කුමරියන් රුගෙන ඈත රටකට යන්නට ඇතැයි මෙහිදී සමහරුන්ට සැකයක් උපදවන් නට අවකාශ තිබේ. ඵතෙකුදු වුවත් -
“ලාළරට්ඨෙ තහිං රාජා සීහපුත්තෝ මහබ්බලෝ,
අනුසාසි මහාරජ්ජං සිඟපුරවරුත්තමේ”-
යන දීපවංශ පාඨයෙන් එබඳු ශඩ්කාවකට ද අවකාශ නැත.
සිංහපුරය ලාටදේශයේ රාජධානිය වූ නමුත් දැනට ඒ නාමය
ව්යහවහාරයෙහි නැත.ඒ වෙනුවට මාරු වු තත්සදෘශය හෝ
විසදෘශවු නම් තැබිය හැකිය.බුද්ධකාලයෙහි සියලු නගරාලඞ
කාරයෙන්හෙබි ශ්රාැවස්ති නගරය දැන් “ සහෙත්මහෙත්”යයි ව්යයව
හාර කිරීම මීට නිදර්ශනයි. දඹදිව සෙසු පළාත්වල ද ‘සිංහ
පුර’ යන නාමයට සමාන වූ නම් ඇති නගරග්රාළමයන් තිබිය හැකි
නමුත් එපමණෙකින් විජයරජුගේ ජාතභූමිය වූ සිංහපුරය නිශ්චය
කර ගැනීම නුසුදුසුය.සුමාත්රාූද්වීපය සමීපයෙහි ද ‘සිංගපූර්’
(සිංගප්පූරුව) නමින් යුත් ප්රපදේශයක් තිබේ.ඒ නමද සිංහපුර
යන්නට අතිශයින් සමානය.යම් කිසිෙවක් නාමසාම්යිය සලකා
විජයරජු පැමිණියේ එහි සිට යයි කියා නම් එය කොතරම් වැරදි
මතෙයක්ද යනු මෙහි විස්තර නොකළ ද සියලු දෙනාටම
වැටහේ.මෙසේ හෙයින් විජය රජුගේ ජංමභූමිය වගුමගද
දෙරට අතර පිහිටි රටෙක වූ යයි නිශ්චය කර ගැනීම ඉතිහා-
සානුකූලය.
විජය රජුගේ භාෂාව කවරෙක් දැයි මී ළඟට සෙවිය යුතුවේ. එය ප්රාුකෘතයක් බව-
“ශෞරසෙනි ව ගෞඩි ව ලාටි චාන්යා ව තාදෘශි,
යාති ප්රාෞකෘතමිත්යොවං ව්යිවහාරෙපු සංනිධිම්”-
යන ශ්රිසදණ්ඩ්යාිවාය්ය්යා වචනයෙන් ස්ඵුට වේ. එපමණක් නොව
ලාටරට කවීන්ගේ අමුතුම කාව්යිරීතියක් තුබු බව ආලඩ්
කාරිකයෝ කියත්.වෛදර්හි-පඤාචාලි- ගෞඩි-ආවන්තිකා-
ලාටී-මාගධී’යයි භෝජරාජයන් විසින් දැක්වූ ෂඩ්විධරීතියට ද
මෙය ඇතුලත් වී තිබේ.දර්පණකාරයන්ගේ චතුර්විධ රීතියෙහි ද
ලාටීය අත් නොහැර තිබෙන බව පෙනේ.‘ජේකානුප්රාිසය-
වෘත්ත්යායනුප්රානසය-ශ්රැනත්යාසනුප්රාවසය-අත්ත්යාේනුප්රා සය-ලාටානුප්රාලසය’
යි දැක්වූ පඤ්වවිධ අනුප්රා සයට ද ලාටානුප්රාපසය අන්තර්ගතය.
මේ නයින් සලකා බලන විට ලාටරට භාෂාවපුරාණ කාලයෙහි
ලෝවිඛ්යා ත භාෂාවක් තිබූ බවට කිසිම සැකයෙක් නැත.
මෙසේ හෙයින් විජය රජුගේ භාෂාව ලාටිභාෂාව යයි සිතීම
යුක්ත්යාිනුගතය.
විජය රජු කථා කල භාෂාව ලාටීවූ නමුත් පසුව ‘සිංහල’ යයි
ව්යවහෘතවූව. මිහිඳු මහරහතන්වහන්සේ විසින් දෙසු ධර්මය
දෙවනපෑතිස් රජු විසිනුත් අවරෝධයන් විසිනුත් සාමාන්ය් ජනයා විසිනුත් මැනවින් අවබෝධ කළ බව ඉතිහාසයෙන් පෙනෙන
හෙයින් මේ කාලයත් දක්වාත් දේශාන්තර සංක්ර මණයෙන් ලාටි භාෂාවේ වෙනසෙක් නුවුයේ යයි සිතිය හැකිය.ඒ කාලයේ
පැවති සිංහල භාෂාව කෙබඳු වූවක්දැයි දැන ගැනීමට අපට ක්රලම යක් නැති නමුත් ඉතා ගැඹුරු අදහස් ඇතුලත් වූ පාලි ත්රිරපිටකයේ අර්ථයන් ප්ර කාශකිරීමට පවා පොහොසත් භාෂාවක් අපි
දැනුම්හ.
හෙළුබසින් ලියූ අටුවා තුනක් තිබූ බව පුරාතනාචාය්ය්හොසවරයෝ
කියත්. එකක් අහඅටුවා නම. අනෙක පසරු අටුවා නම.තුන් වැන්න කුරුඳුඅටුවා නම.තෙලිඟුඅටුවා නමින් ප්රපසිද්ධ තවත් අටුවාවක්ද තිබූ නමුත් එය තෙලිඟුබසින් ලියූවක්ද නැතහොත්
හෙළුබසින් ලියූවක්දැයි පුරාතනයෝ නොකීහ. තෙලිඟුබසින්
හෙළුබසට පෙරළුැ එනමින් ප්රාසිද්ධ අටුවාවකැයි ද සිතන්නට
අවකාශ තිබේ.මේ හෙළුඅටුවා සියල්ලම රාජ්යපවිප්ලවාදීයෙන් හා නපුරු රජුන්ගේගිනි ලැවීම් ආදී දුෂ්ටක්රියයායෙන් ද විනාශයට
ගොස් තිබෙන හෙයින් බුද්ධවර්ෂයෙන් තුන්වන ශතවර්ෂයේ
හෙවත් දෙවනපෑතිස් රජුගේ කාලයේ පැවති සිංහල භාෂාව කෙබඳු වූවක් දැයි දැනගැනීමට එයින් පිහිටෙක් නොලැබේ.එතෙකුදු
වුවත් පෙර රජුන් විසින් පිහිටුවන ලද ශිලාලේඛයෝ- බුද්ධවර්ෂ
යෙන් 3වන ශතවර්ෂයේ භාෂාව කෙසේ නමුත්-ඒ සමීප කාලයේ
ප්ර්චලිත වූ භාෂාව දැනගැනීමට ඉතා උපකාරව පවතිත්.මේ
කාව්ය ශේඛරයේ පවත්ානා භාෂාෙව් ද පුරාතන භාෂාෙව් ද වෙනස
දැනගනු කැමතියන්ට ප්රදයෝජනවනු පිණිස ඒ ඒ ශතවර්ෂ වල ව්යකවහෘතවූ භාෂාවෙන් ලියන ලදැයි සිෙතන ශිලාලේඛපාඨ
කතිපයෙක් පිළිවෙළින් මෙහි උපුටා දක්වනු ලැබේ.භාෂාවක්
කල්යාමේදී වෙනස් වන ආකාරයත් මෙයින්ම දත හැකිවේ.
වෙස්සගිරි ශිලාලේඛය (බු: ව: 4 වන ශතවර්ෂ)
[සංස්කරණය]“තලදර නගහ පුත දෙවන ලෙණෙ අගත අනගත චතුදිස සගස”
රිටිගල ශිලාලේඛය (බු: ව: 5 වන ශත)
[සංස්කරණය]“මහමත බඹදත පුත පුරුමක බහිත පුරුමක අසගුතෙ පුරුමක මිත පුරුමක තිසෙ එතෙහි කරිතෙ අරිට මහගම”
මෝලාහිටියවෙල්ගල (බු: ව: 6 වන ශත)
[සංස්කරණය]“දෙවනපියතිස මහරජහ මරුමණක කුඩකණ රජහ ජෙට පුතෙ රජ අබයේ අතරගගහි ගණ...තකහ අඩි පිළිපවත විහරහි බීකුසගස සොවණ කොතුරුනි නියතෙ.”
විහාරේගල (බු: ව: 7වන ශත)
[සංස්කරණය]“වහබරජ පුතෙ තිසරජෙ තිසරජහ පුතෙ ගමිණිඅබ රජෙ සබ රජහ දිනක උපලදොණික වවි පොහත කරහි ජිණඩවය බීකුසගහටය පඬිදිනෙ.......”
තෝණිගල (බු: ව: 9 ශත)
[සංස්කරණය]“පුවිය මහසෙන මහරජහ පුත සරිමෙකවණ අබ මහරජහ වත ලෙගිතක තිණවනක වසහි නකරහි උතරපසහි කළහුමනක නියමතනහි සිය අවිය කිණයෙහි නිකත කඩුබලගමකෙහි වසනක අමෙති පහෙජ සිවයහ පුත දෙවයහ යහිසපවය නව වෙහෙරකෙහි දින අරියවස වටවී දෙහකඩ දස අමණක වී ඉව ස අමණක උදි ඉව බයලි දස අමණ ඉව.........”
ලබුඇටබැඳිගල (බු: ව: 10ශත)
[සංස්කරණය]“සිද්ධම්-නකරහි පජින පසහි මහ තබක නියම තනහි දෙවගරිය මහවිහරහි අමෙති සගයහ පුත සිරිනකයි උවනි කෙව කොටු අරියවස වටටය එකසතක කහවන දිනි............”
ගැරඬිගල (බු: ව: 13ශත)
[සංස්කරණය]“දඹදිව් දුනු සිරිසංබෝ මපූර්මුකා තුන්වන්නෙ මිහිද් මහපාණන්.....ගොම්බියෙන් පහන්හින්ද්වා දුන් කිරියක් කුම්බූර් ඉසා බුද් මහමලුන් මහබෝ දෙනියෙන් පහණ් හින්ද්වා දුන් දෙපයක් කුම්බූර් ඉසා.. මහමලුන් මිහින්නරියෙන් පහණ් හින්ද්වා දුන් කුම්බූර් දෙපයක් ඉසා මෙලෙණ (සෙනසැන)බැන්දැ දෙව.සිද්ධිම් දානපතීන් සිගා මෙලෙණට් බහාලු කුම්බුරට් අවුල් කළ කෙනෙක් බුදෙනා බත් නොලැෙබත් පරදන්මයෙ බලු කවුඩු වෙත්වයි.....”
කළුදියපොකුණ (බු: ව: 14ශත)
[සංස්කරණය]“සිරිසංග්බොයි මපූර්මුකා දොළොස්වන්නේ පොසෙනැ පුර විසෙනි දළනාමි දකිනිගිරවෙහෙරැ මහසහ්නට් ලහාබතව තෙවිසි කළඳක් රන් දි දවස් පතා මහබුන්ද්නෙන් දෙයඞ්මනාක් සාලෙ බත් ඉසා මූත් පනින් පෙරෙ. බුන්ද්නෙන් එකඞ් මනාක් දිහි ඇතුලත් කෙට් හිර්සන්ද් ඇති තාක් සැන්දැ පවත්නා ඉසා සාල් නොදි බත් ගෙ පිසැ බත් දෙනු ඉසා වෙහෙරැ වියගුරක් ඇත. මෙබත් කවුඩුබල්ලනට ඔතා ඉසා මෙ විභඞග කළ කෙනෙකුන් මහමෙතෙ සම්මාසම්බුදුන් දොරින් යත් නොනැංගිය හෙනු කොට දළනාමි මෙබත් දින්මිධි සිමි මමද් මෙ කාරණෙයෙහි ගිවිසැ බතක් දින්මියි........”
මේ කාලයෙ පටන් වර්ථමාන කාලය දක්වා පැවති භාෂාව දැන ගැනීම එතරම් දුෂ්කර නොවන හෙයින් ඒ සඳහා ශිලාලිපි පාඨ නොදක්වනු ලැබේ.බු:ව:1460දී රජවූ පස්වන කසප් නිරිඳුන්ගේ ධම්පියාගැටපදය බුද්වර්ෂයෙන් 15වන ශතවර්ෂයෙ පැවති භාෂාව දැනගැනීමට ඉතා උපයෝගී වේ.සිඛවළඳ හා සිඛවළඳ විනිස කිනම් කලෙක රචිත වි දැයි නිශ්චයකට නොපැමිණිය හැකිවුවද කාරණානුමේය වශයෙන් සළකා බලන විට ධම්පියා අටුවා ගැටපදය හා සමකාලිනයයි සිතේ. සතරවන සේන නිරිඳුන් විසින් කාව්යාහදර්ශය සිංහල පද්යපයට නැභීම් වශයෙන්කරන ලද සියබස්ලකර ද බුද්වර්ෂයෙන් 16 වන ශතවර්ෂයේ භාෂාව දැන ගැනිම ඉතා උපකාරී වේ.හෙරණසිඛ- හෙරණසිඛවිනිස-ජාතක ගැටපදය යන පොත් ද මෙයට ටිකකලකට පසුව රචනා කරන
1. මේ ශිලාලිපි පාඨයෝ සර් ඩි. බි. ජයතිලක අමාත්යතතුමාගේ ධම්පියඅටුවාගැටපද සංඥාපනයෙන් උද්ධෘතවූහ
ලදැයි සිතේ. බුද්වර්ෂයෙන් 18 වන ශතවර්ෂය මැදදි පමණ
රචනා කරන ලද ග්රෘන්ථ නම් ධර්මප්රාදිපිකාව හා අමාවතුරද වේ.
1 වික්ර්මබාහු නිරිඳුන්ගේ දුවක්වූ රත්නාවලිය කාව්‍ය නායිකා
කොට ශ්රීවහර්ෂදේවයන්ගේනමින් රචනා කරන ලද රත්නාවලි නාටකයෙන් උපුටාගත් ශ්ලෝකයක් ධර්මප්ර දිපිකාවෙහි
පෙනෙන හෙයින් වික්ර්මබාහු නිරිඳුන්ගේ කාලයෙහි හෝ ඊට පසු කාලයෙක්හි ගුරුළුගෝමී පඬිවරයා සිටියේ යයි නිශ්චය කර
ගැනීමට ද ඒ ශ්ලෝකය වැදගත් සාක්ෂියකි. ‘අභිධර්මාිත්ව සංග්රටහසන්නය’ මහලුපැරකුම්බා නිරිඳුන්ගේ කාලයෙහි රචනා වූවෙකි. ‘සසදාවත’ ලීලාවතී බිසවගේ කාලයෙහි රචිත බව එහිම කියා ඇත.මුවදෙව්දාවත මෙයට පසුව සමීප කාලයෙහිම
රචිතවූවෙකැයි සිතේ.විශුද්ධිමාර්ගසන්නය-කව්සිළුමිණ-පූජාවලි
යන පොත් බුද්වර්ෂයෙන් 18 වන ශතවර්ෂයේ පැවති භාෂා
රීති දැනගැ දැනගැනීමට ඉතා උපකාරි වේ.
මේ කාලයේ විසූ සඞඝරක්ෂිත මහාස්වාමීන් විසින් විරචිත
ගාථාවක් සද්ධර්මරත්නාවලියයෙහි පෙනෙන හෙයින් සද්ධර්ම
රත්නාවලිය මෙයට ටික කලකට පසුව රචනා කරන ලදැයි සිතීම
යෝග්යවවේ. ථූපවංශය මයුරපාද පරිවේණාධිපතින්ගේම කෘති
යෙක්යැයි ඇතැම් පූජාවලි පිටපත්වල එන ගාථාපන්තියෙකින් ප්රිකාශවේ. ‘විද්යාාචක්ර්වර්තී’ යන නාමයෙන් හඳුන්වනු ලබන්
නේත් මුන්වහන්සේ දෝ හෝයි මෙහිදී සැකයෙක උපදී.
එසේ නම් බුත්සරණ-දහම්සරණ-සඟසරණ යන පොත්ද මුන්
වහන්සේගේ ම කෘතීන් වියයුතුයි. බුත්සරණයේ එන පාඨ
කීපයක් ථූපවංශයේ ද එසේම ඇතුලත්වී තිබීම එයට තවත්
සාක්ෂ්යථයෙකි. බුද්වර්ෂයෙන් 19වන ශතවර්ෂයේ පැවති
භාෂාව අනාගතවංශදේශනා-මහාබෝධිවංශ-පන්සියපනස්
ජාතක-සද්ධර්මාලඞකාරය-නිකායසංග්ර හ යන පොත් වලින් දැත
හැකිය.පඤ්විකාප්රකදීප-සද්ධර්මරත්නාකර යන පොත් බුද්ධ
වර්ෂයෙන් 20වන ශතවර්ෂයේ භාෂාව දැන ගැනීමට උපකාරී වේ.
මේ කාව් ගෙශ්ඛරය ද බු:ව:20 වන ශතවර්ෂයට ඇතුලත් වූවකි. ඒ කාලයේ භාෂාවේ ද වර්ථමාන කාලයේ භාෂාවේ ද
වැඩි වෙනසෙක් නැත.සාමාන්යායෙන් බලන විට අභිධර්මාථ සංග්ර හසන්නය කළ කාලයේ පටන් වර්ථමාන කාලය දක්වා
පැවති භාෂාවේ සංස්කෘත වචන බහුල පවත්නා බැවින් භාෂාව එක සමාන යැයි කිවයුතුවේ.එසේ හෙයින් බුද්වර්ෂයෙන් බු:ව:20 වන ශතවර්ෂෙය් පටන් මේ අතර කාලයෙහි පැවති භාෂාව සම්බන්ධව විස්තරයක් කිරීමට අපි නෙවෙහෙසෙමු. සිංහල භාෂාවේ
තත්වය දැන ගැනිමට ු මේ තාක් ලියු දේ ප්රයමාණවන නෙහයින් මින් පසු කාව්යමශාස්ත්රය පිළිබඳව ද දතයුතු කරුණු ස්වල්පයක් ෙමහි දක්වනු ලැස්ත්රබේ. කාව්‍තුල ෙශ්ිනඛරය හදාරනුවනට ඵය අත්යු ප න් ෙයා්ගිවනු නිසැකය.
කාව්යපශාස්ත්රය
[සංස්කරණය]භාෂාවක වචන නිරවුල් පිළිවෙිවළෙකින් ව්යනවහාර කරන්නට උගන්වන ශාස්ත්රාය “ව්ය කරණ” යයි කියනු ලැබේ.ඵසේම ඵ් ව්යාවකරණානුකූල වචනයන් අසන්නවුන්ගේ සිත් ගන්නා ෙලස නන් අයුරින් වාක්‍ානු යෙහි ුෙයදීම උගන්වන ශාස්ත්රය කාව්යසශාස්ත්ර නම් වේ.’සාහිත්ය්’ යනු ද ‘අලන්කාරශාස්ත්ර ’ යනු ද තත්පය්යා ය නාම ් යෝයි. ත්රිපිටක පාලිදයෙහි ’කෙටූහ’ නාමයෙන් ව්යයවහෘත වනුඅයේත් මෙයම යැයි සිතේ. “වතුරචේතශ්මත්කාරකාරි කුචෙ: කර්ම කාව්යැම්” යනු අලඪකාරානුශාසන හෙයින් උග තුන්ගේ සිත් ආකර්ශනය කරන්නාවු කවීහුයගේ කර්මය කාව්යල නම් වේ. ඵ් කාව්යී වනාහි ‘දෘශ්යාකාව්යාය,ශ්රිව්ය කාව්ය්ය’ යැයි දෙවැදෑරුම්‍වේ. දෘශ්යකකාව්යඪය නම් නාටකයෝයි. නාට්‍ව්නේ දැක්කයුතු හෙයින් ‘දෘශ්ය ’ යැයි කියනු ලැබේ. දැකිාමෙන් සම්පුණ්ර්ය රසය ලැබ්ය හැකි හෙයින් පුරාතනයන් ව්සින් මෙසේ කියන ලද නමුත් මෙහි ශ්රාව්යනත්වයක් ද අප්රිධාන වශබයෙන් ඇති බව පෙනේ. ශ්ර්ව්යනකාව්යශ නම් නාටකයන් කෙරෙන් අන්යකවු සියලු කාව්‍ෙනයෝයි. ඇසිමෙන්ම සම්පුණ්ර්න සය ලැබ්ය හැකි හෙයින් ‘ශ්රේව්යය’ යැයි කියනු ලැබේ.
ඵ් ශ්රැව්යකාව්යි ‘ගද්යබය පද්යනය ම්ශ්රයය’යි ත්රිමව්ධවේ. ගද්ය නම් ඡන්ද: ශාස්ත්රනය ඇසුර ැ නොකොට හුදෙක් පදසමුහයෙන් රච්ත වුයේයි. කාදම්බරි-දශකුමාරචරිත-හර්ෂචරිතාදිය ගද්යෙ කාව්යයි. ඡන්ද: ශාස්ත්ර්ය ඇසුරු කොට කරන ලද රාමායණ-මහාභාරත- රඝුවංශාදිය පද්යශ කාව්යමයි. ගද් කයෙන් හා පද්‍රතයෙන් ම්ශ්‍ත කොට රච්තවුදයේ ම්ශ්‍ර කාව්යි යි.’චම්පු’ යනුද තත්පය්‍ාය්ර්යි නාමයෙකි. ඡාතකමාලාදිය ඵයට ඇතුළත් වේ.ගද්ය කාව්ය්යද ආඛ්යාණයිකා- කථා යයි දෙවැදෑරුම් වන බව ආලඩ්ර්කාිරිකයෝ කියත්.එයින් ආඛ්යායයිකාව කාව්ය්නායකයා ව්සින්ම කිවයුත්තී යැයිද කථාව නායකයා විසින් හෝ තද්යාන්යයයකු විසින් හෝ කියයුත්තී යයිද කියත්.ඵසේම පරිච්ඡේද්රාරම්භයෙහි වක්ත්රා පරවක්ත්රා ඡන්දසුන් යෙදීමද; පරිච්ඡේදයන් උච්චාවාසනාමයෙන් ව්යකවහාර කිරීම ද, ආඛ්යාායිකා ලක්ෂණ ලෙස සලකත්. ඵතෙකුදු වුවත් ශ්රිමදණ්ඩ්යාය චාය්‍ී වයෝ මෙකි ලක්ෂණ කථායෙහි ද ඇතිව්මට බාධාවක් නැති හෙයින් ආඛ්යා යිකා-කථා දෙක්හි වෙනසෙක් නැතැයි කියත්.” ඵය ගද්ය යට ව්යිවහාර කරනු ලබන නම් දෙකෙක” යනු ඔවුන්ගේ පිළිගැන්ම නමුත් තදන්යකවු ආලඩ්ර්කාරරිකයෝ ආඛ්යාවයිකා-කථා දෙක්හි වෙනසක් ඇතිබව කියත්.ඵ් මෙසේයි;
සමහර තැනෙක ආය්යාට ද ඇතිව සමහර තැනෙක චක්රාය් ප වක්ර චන්දසුන් ද ඇතිව ආරම්භයෙහි පද් ඇයෙන් නමස්කාර හා දුර්ඡනාදීන්ගේ චරිතය ප්රතකාශ කිරීමද කථාලක්ෂණ වේ. කව්හුගේ වංශය ප්ර කාශ කිරීම ද, සමහර තැනෙක්හි අන්ය කවීන්ගේ ඉතිවෘත්ත හා පද්ය්යන් ගැනිමද පරිචිඡේදයන් ආශ් වාසනාමයෙන් ව්ය්වහාර කිරිමද ,උච්ඡවාසාරම්භයෙහිදී ආය්යමර් වක්ත්ර-අපවක්ත්රචන්දසුන් අතුරෙන් යමිකිසිවෙකින් මතු පහළවන කාරණය ප්ර-කාශ කිරිමද, ආඛ්යාචයිකා ලක්ෂණ වේ. මොවුන්ගේ මතය ලෙස කාදම්බරි ආදිය කථායෙහි ඇතුළත් වේ. හර්ෂචරිතාදිය ආඛ්යා යිකායෙහි ඇතුළත් වේ.
සමහර ආචාය්යරවරයෝ ‘ආඛ්යාඇයිකාය,කථාය,කණ්ඩකථාය, පරිකථාය,කථාලිකාය’යි ගද්යද කාව්යය පඤ්චව්ධ කොට දක්වත්. ඹවුන්ගේ ව්ස්තර ග්රාන්ථාන්තරයෙන් දතයුතු වේ.මුක්තකය, වෘත්තගන්ධ්ය,උත්කලිකාප්රාරයය,චුණික යැයි ගද්ය් කාව්ය්ය පිළිබඳ අන්යතවු ද ප්‍්රා ෙභ්ද සතරෙක් ඇත්තේය.”ගුරුවීවසි පෘථුරු රසි”යනාදිය මෙන් සමාස රහිතවුයේ මුක්තක නම්.”සමර කණ්ඩුලනිබිඩභුජදණ්ඩ,කුණ්ඩලිකෘත කෝදණ්ඩ.ශිඤ්ඡිනි ටඩ්කානරොඡ්ඡාගරතවෛරිනගර” යනාදිය වෘන්තගන්ධි නම්. මෙහි ව්හ්නිතවාක්යාය අනුෂ්ටුප්පාදයෙකි. මෙසේ කිසිතැනෙක වත්තයට අනුව වාක්යකය යෙදෙන හෙයින් මෙයට වෘන්තගන්ධි යයි කියනු ලැබේ. අතිදීර්ඝවු සමාස ඇත්තේ උක්තලිකාප්රා ය නම්.උදාහරණ සුගම හෙයින් නොදක්වනු ලැබේ.”ගුණරත්න සාගර.ඡගදේකනාගර ,කාම්නිමදන,ඡනරඤඡන” යනාදිය මෙන් අල්පසමාස ඇත්තේ චුණික නම්. තවද ගද්යන පද්ය වශයෙන් කරන ලද රාඡස්තුතිය ‘ව්රුද’ යැයිද නානාහෂාමය ගද්ය පද්යා යෙන් කරන ලද් දේ ‘කරම්භක’යයිද ව්යවහාර කරන බව ආලඩ්ර්කා රිකයෝ කියත්.විරුද මණිමාලාව හා ෂෝඩෂභාශාමය ප්ර්ශස්තිරත්නාවලිය පිළිවෙළින් මේ ප්‍න්භේදද්වයට ඇතුළත් වේ. ගද්යර කාව්යත පිළිබඳ ව්ස්තර මෙතෙකින් අවසන් කරනු ලැබේ.
සිංහල භාෂාවෙහි ද මෙකි ගද්යත භේදයන් අතුකරෙන් සමහරෙක් දක්නා ලැබෙත්.දළඳාසිරිත හා කුවේණිඅස්න වෘන්තගන්ධ භේද යට ඇතුළත් වේ. මහාබෝධ්වංශ-සද්ධර්මලඩකාර -දහම්සරණ- අත්තනගලුව්හාරවංශාදිය උත්කලිකාප්රාුය භේදයට ඇතුළත් වේ.
ධර්මප්රුදීපිකාවෙහි පැනෙන කාලිඞ්බෝධිජාතකය-අමාවතුර-
ආදිය චූණිකභේදයට ඇතුළත්වේ.මුක්තකභේදය සිංහල
භාෂාවෙන් කරන ලද පුරාතන ග්රවන්ථයන්හි දුර්ලභවේ.
පද්ය ය වනාහි ‘මුක්තකය,යුග්මකය,සන්දානිතකය,කලාප කය,කුලකය,’යි පඤ්මවිධවේ. අන්පද්ය්යක් හා සම්බන්ධ නිරපේක්ෂව බඳනාලද්දේ මුක්තක නමී.පද්යඅද්වයෙක්හි සම්බන්ධය ඇත්තේ යුග්මක නම්.පද්යපත්රයයෙක්හි සම්බන්ධය ඇත්තේ සන්දානිතක නම්. පද්ය. චතුෂ්ටයෙක්හි සම්බන්ධය ඇත්තේ නම්. පද්යය පඤ්චකයෙක්හි හෝ එයට අධික වූ සඞඛ්යානයෙක්හි සම්බන්ධය ඇත්තේ කුලකය නම්. “ද්වාදශා න් තෛඃ කුලම් ”යයි කාව්‍් ානුශාසනයෙහි කියන ලද්දේ භූයෝ වෘත්තයෙනි.මෙබඳු පද්යයෙන් බඳනා ලද කාව්යූය පද්යන කාව්යහ
නමි.ඒ පද්යම කාව්ය ය වූකලි ‘ඛණ්ඩකාව්යයය,කෝෂකාව්යය,
මහාකාව්යිය’යි ත්රි විධවේ. කාව්යාය පිළිබඳ එකදේශයක් අනුගම නය කළ මේඝාදුතාදිය ඛණ්ඩකාව්ය නම්.හිත්ති ඇති හින්නවූ ක්රියයා ඇති කෝෂාකාරයෙන් පිහිටුවන ලද ස්වප්රඇධානවූ ශ්ලෝකසමූහය කෝෂකාව්යයය නමි. මුක්තාවලී ආදිය එයින් නිබද්ධයි. සර්ගය වශයෙන් බඳනාලද රඝුවංශ-ජානකීහරණාදිය මහාකාව්යය නමි.එහි ලක්ෂණ මෙසේයි:
ඉතිහාස කථාවක් හෝ අන්යකවූ සජ්ජනචරිතයක් හෝ ඇසුරු කොට මහාකාව්යඉය බැඳිය යුතුයි. ‘ධර්මන-අර්ථ--කාම-මෝක්ෂ’ යන චතුර්වවර්‍යයය හෝ එකෙක් හෝ එහි ඵලයයි.ආරම්භ යෙහි නමස්කාරය හෝ ආශිර්වාදය හෝ වස්තුනිර්දේශය හෝ කටයුතුයි.කිසිතැනෙක්හි දුර්ජනනින්දා හා සජ්ජනගුණවර්ණආනා වෝ ද වෙත්.බොහෝ සෙයින් එක් සර්ගදයෙක්හි එකම වෘත්තයෙකින් පද්යත බන්ධනය කොට තද්යිනවෘත්තමය පද්යම එකෙකින් හෝ එයට අධික සංඛ්යාබයෙකින් හෝ සර්ගද අවසන් කළයුතුය. එක්සර්ගඑයෙක්හි දෙසියයකට අඩුවූ ද තිසකට වැඩිවූ ද පද්යකයන් වුව මැනව සර්ගියන් තිසකට අඩුව ද අටකින් වැඩිව ද වුව මැනව. මෙබඳු මහාකාව්ය ය වර්ණ නීය විෂයයෝ දණ්ඩාචාය්ය්ථ යන්ගේ මතය ලෙස අටලොසෙකි.ඒ අටලොස:
“නගරාර්ණසවශෛලර්තුචන්ද්රාර්ක්කෝදයවර්ණ්ණනෛඃ උද්යනනසලිලක්රීශඩාමධුපානරෙතාත්සවෛඃ-
විප්රගලම්හෛර්විවාහෛශ්ව කුමාරෝදයවර්ධනෛඃ මර්ත්රරදූතප්ර්යාණාජිනායක‍්ාහ්යුතදයෛරපි”-
යන මේ ශ්ලෝකද්වයෙන් නිර්දිෂ්ටයි.1 නගර 2 සමුද්රව 3 පවිත්රප
4 චන්ද්රෝෙදය 6 සූෙය්යානර දය 7 උද්යාවනක්රීණඩා 8 ජලක්රීටඩා
9 මධුපාන 10 සූරතෝත්සව 11 විප්රමලම්හ 12 විවාහ 13 කුමාරෝ
දයවර්ධන 14 මන්ත්රව 15 දූත 16 යුද්ධගමන 18 නායකාහිවෘද්ධි
යන මේ අටළොස මහාකාව්ය0යෙහි වර්ණනා කටයුතුවේ.යම්
හෙයකින් මේ අටළොසින් යම් කිසි අඞගයක් අඩුවුව ද වරදෙක්
නැත්තේය.අපගේ මේ කාව්යවශේඛරය ද මහාකාව්යමයෙකි.
නිදර්ශන වශයෙන් කාව්යශේඛරයෙහි මෙකී අඞගයන් වර්ණවනා
කළ ස්ථාන කිහිපයෙක් දක්වනු ලැබේ.
I සර්ගුයේ 30 පටන් 38 දක්වා ද II සර්ගායේ 1 පටන් 9 දක්වා ද නගරවර්ණහනාය. III සර්ග්යේ 7 පටන් 16 දක්වා කුමාරෝදය වර්ණනනාය. IV සර්ග3යේ 8 පටන් 25 දක්වා පර්වතවර්ණානාය. V සර්ගණයේ 11 පටන් දක්වා කුමාරවර්ධනවර්ණටනාය.එහිම 13 පටන් 37 දක්වා විවාහවර්ණ නාය.45 පටන් 47 දක්වා සුරතෝත් සවවර්ණරනාය. VII සර්ගණයේ 15 පටන් 20 දක්වා ශරදෘතුවර්ණණනාය. 21 පටන් 33 දක්වා උද්යානජලක්රීටඩාවර්ණ2නාය. 38 වන කවිය චන්ද්රෝගදයවර්ණ3නාවෙකි. මේ ක්රනමයෙන් සෙස්ස ද දත යුතුයි.
කවිසමය
[සංස්කරණය]මෙකී සියලු කාව්යායන්හිම කවීන් විසින් සම්මතවූ ව්යතව හාරයෝ වෙත්.ඔවුහු ‘කවිසමය’ යයි කියනු ලැබෙත්. ඒ සම්බන්ධව කියන ලද ශ්ලෝක කතිපයෙක් මෙහි දක්වනු ලැබේ.
“මාලින්යංන ව්යොයමනි පාපෙ යශසි ධවලතා වණ්‍් ව්යශතෙ හාසකීර්ත්යෙ - රක්තෞා ච ක්රෝංධරාගෞ සරිදුදධිගතං පඞකජෙන්දීවරාණාම තොයාධාරේ’ඛිලේ’පි ප්රෞසරති ච මරාලාදිකඃ පක්පිසංඝෝ ජ්යොධත්ස්නා පෙයා වාකාරෛර්ජලධරසමයෙ මානසං යාන්ති හංසාඃ
(ස්ත්රීයණාං ස්පර්ශාත්ප්රිලයංගුර්විකසති බකුලඃ සීධුගණ්ඩුපසෙකාත් පාදාඝාතදශොකස්තිලකකුරබකෞ වික්ෂණාලිඞගනාහ්යා ම්: මන්දාරො නර්මවාක්යාකත් පටුමෘදුහසනාචිචම්පකොවක්ත්ර වාතාව් වුතො ගීතාන්නමෙරුර්විකසිති ච පුරොනර්තනාත් කර්ණිකාරඃ)
පාදාඝාතදශොකො විකසිති බකුලො යෙපිතාමාස්යපමද්යෛ ර්- යූනාමඞගෙෂු හාරා ස්ඵුටති ච හෘදයං විප්රකයොගස්යය තාපෛඃ; මෞර්වී රෙලම්බමාලා ධනූරථවීශිඛාඃ කෞසුමාඃ පුෂ්පකෙතොර්- හින්නං ස්යාහදස්යම බානෛර්යුවජනහාදයං ස්ත්රිමකටාක්ෂෙණ තද්වත්.
අග්න්යíම්භෝජං නිශායං විකසිති කුමුදං චන්ද්රි්කා ශුක්ලපක්ෂේ මෙසධවානෙෂු නෘත්යංජ හවති ව ශිඛිනාං නාප්යසශොකෙ ඵලං ස්යා ත් න ස්යානජ්ජතී වසන්තෙ න ව කුසුමඵලෙ ගන්ධසාරද්රැුමාණා- මිත්යානද්යුීන්නෙයමන්යිත් කවිසමයගතං සත්කටිනාං ප්රතබන්ධෙ.”
භාවය
[සංස්කරණය]“කාව්යසශාසාත්රසයෙහි ආකශය හා පපාය කෘශ්ණවර්ණ-ය.යශස් සිනා කීර්ති යන මෙහු ශුහ්රවණයහ.ක්රෝධ රාග දෙදෙන රක්තවර්ණ්නයෙන් යුක්තයහ.නදීසමුද්රෝයන්හි පියුම් හා උපුල් ඇත්තේය.ජලය ඇති සියලුම තන්හිම හංසාදී පක්ෂ සමූහයාගේ සඤ්චාරය ඇත්තේය. ඇටිකුළන් විසින් සඳරස් බොනු ලැබේ. මේඝ කාලයෙහි හංසයෝ මානස නම් විලට පැමිණෙත්.
ස්ත්රීින්ගේ ස්පර්ශයෙන් පුවභුගසේ මල් පිපේ.මුව පුරා ගත් මද්ය ය ඉසීමෙන් මූනමල්ගසේ මල් පිපේ;පයින් ගැසීමෙන් හෝපලූගසේ මල් පිපේ. බැලීමෙන් මඳටගසේ මල් පිපේ. වැලඳ ගැනීමෙන් රතකරව්ගසේ මල් පිපේ.සරදම් තෙපුලෙන් පරසතුගසේ මල් පිපේ.ව්යේක්තවූ මොලොක් සිනායෙන් සපුගසේ මල් පිපේ. මුවසුළඟින් අඹගසේ මල් පිපේ. ගී කීමෙන් කීණ ගසේ මල් පිපේ. ඉදිරියෙහි නැටීමෙන් කිණිහිරිගසේ මල් පිපේ.
තරුණ තරුණියන්ගේ ගෙළෙහි හා වක්ෂඃස්ථලයන්හි මුතුහර ඇත්තේය. වියෝගය පිළිබඳ තාපයෙන් ළය පැළෙන්නේය. අනඞගයාගේ දුනුදිය බමර පෙෙළකි. ශරයෝ පුෂ්පයෙන් කරන ලදහ.ඔහුගේ ඒ ශරයන් කරණකොට ගෙන තරුණයන්ගේ ළය පැළෙන්නේය.අභනුන්ගේ නුවනග බැල්මෙන් ද එසේම ළය පැළෙන්නේය.
දිවාකාලයෙහි පියුම් ද රාත්රිළයෙහි කුමුදු ද පිපේ.ශුක්ලපක්ප යෙහි සඳරස් ඇත්තේය.මේඝගර්ජනය ඇති කල්හි මොණර නැටුම් ඇතිවේ. හෝපලූගසේ ගෙඩි නැත්තේය.වසන්ත කාලයෙහි දෑසමන් නැත්තේය.සඳුන්ගසෙහි ගෙඩි හා මල් නැත්තේය. යනාදිය කවිසමයයි.පූර්වදිශාවට උදය පර්වපතයයි ද. පශ්චිම දිශාවටඅස්තපර්වතයයි ද ව්යයවහාර කිරීම කවිසමයයි. පීතරක්තවර්ණවයන්ගේ හා නීලකෘෂ්ණවර්ණහයන්ගේ අවිශේෂය ද කවිසමයයි. මේ ආදිය ශ්ලෝකයෙහි ආදිශබ්දයෙන් අභිප්රෙවතය.
අලඞකාර
[සංස්කරණය]ශරීරය සරසන ආභරණයන් මෙන් කාව්ය ශරීරය ද සැරසීමට උපකාර වන්නාවූ ආභරණ විශේෂයෝ වෙත්.ඔවුහු අලඞකාර නමින් දක්නා ලැබෙත්.ඒ අලඞකාරයෝ ශබ්දය,අර්ථටය යන මෙවුන්ගේ වශයෙන් ද්විවිධ වෙත්.එහි ශබ්දාලඞකාරයෝ චිත්ර්ය,ශ්ලේ.ශය,අනුප්රාතසය,වක්රෝ්ක්තිය,යමකය පුනරුක්ත වදාහාසයයි ෂඩ්විධ වෙත්.අර්ථලඞකාරයන්ගේ වනාහි සංඛ්යාය නියමයෙක් නැත්තේය.එතකුදු වුවත් රාමශර්ම දි පුරාතන ලඞකාරිකයන් විසින් උද්භාවිතවූ ලඞකාරයෝ සතිස්දෙනෙක් වෙත්.පසුකාලයෙහි ඇතිවූ මම්මට-ජයදේව-ශ්රීප විශ්වනාථාදී ආචාය්ය්ව වරයන් විසින් මෙයින් අන්යවවූ අලඞකාරයෝ ද උද්භාවිත වූහ.ශ්රීා විශ්වනාථයන්ගේ මතය ලෙස ඔවුහු පන්සැත්තෑ(75) දෙනෙක් වෙත්.
“1 උපමා 2 අනන්වය 3 උපමෙයෝපමා 4 ස්මරණ 5 රෑපක
6 පරිණාම 7 සන්දේහ 8 හ්රාන්තිමත් 9 උල්ලේඛ 10 අපහ්නුති
11 නිශ්චය 12 උත්ප්රෙේක්ෂා 13 අතිශයෝක්ති 14 තුල්යපයෝගිතා
15 දීපක 16 ප්රවතිවස්තූපමා 17 දෘෂ්ටාන්ත 18 නිදර්ශන 19
ව්ය තිරෙක 20 සහෝක්ති 21 විනෝක්ති 22 සමාසෝක්ති
23 පරිකර 24 ශ්ලේෂ 25 අප්ර ස්තුතප්රකශංසා 26 ව්යාිජස්තුති
27 පය්ය් ීයොක්ත 28 අර්ථා න්තරන්යකස 29 කාව්ය්ලිඞග 30
අනුමාන 31 හේතු 32 අනුකූල 33 ආක්ෂේප 34 විභාවනා
35 විශෝෂෝක්ති 36 විරෝධ 37 අසංගති 38 විෂම 39 සම
40 විවිත්රු 41 අධික 42 අන්යෝින්යම 43 විශේෂ 44 ව්යා ඝාත
45 කාරණමාලා 46 මාලාදීපක 47 එකාවලි 48 සාර 49 යථා
සඞඛ්යාශ 50 පය්ය්ීපකය 51 පරිවෘත්ති 52 පරිසඞඛ්යාි 53 උත්තර
54 අර්ථාාපත්ති 55 විකල්ප 56 සමුච්ය 57 සමාධි 58 ප්රඞත්ය නීක 59 ප්රථතීප 60 මිලිත 61 සාමාන්යච 62 තද්ගුණ 63 අතද්ගුණ 64 සූක්ෂම 65 ව්යා5ජොක්ති 66 ස්වාභාවෝක්ති 67 භාවික 68 උදාත්ත 69 රසවත් 70 ප්රෙසයස් 71 උර්ජස්වි 72 සමාහිත 73 භාවෝදය 74 භාවසන්ධි 75 භාවසම”-යන මොහු කාව්යව ශරීරය සරසන හෙයින් අලඞකාර නම් වෙත්. සංසෘෂ්ටි-සංකර ද්වය ද ගත් කල සත්සැත්තෑ දෙනෙක් වෙත්. අලඞකාරයන්ගේ ස්භාවය දැනගැනීම පිණිස මෙහි දක්වන ලද්දේ නම් පමණෙකි. විස්තර සාහිත්යසදර්පණයෙන් දත යුතුයි.අපගේ මේ කාව්ය ශේඛර මහාකාව්යායෙහි පූර්වෝක්ත ෂඩ්විධ ශබ්දාලඞකාරයන් අතුරෙන් අනුප්රායසය හා යමකයද,අලඞකාරයන් අතුරෙන් වැඩි දෙනෙක් ද දක්නා ලැබෙත්.
ඡන්දස්
[සංස්කරණය]අලඞිකාරශාස්ත්රඞය මෙන්ම ඡන්දඃශාස්ත්රයය ද කාව්යවයට ඉතා උපයෝගී වේ. අලඞිකාරශාස්ත්රනයෙහි භාෂාවෛෂම්යයෙන් විශේෂ යක් නැතිවූව ද ඡන්දඃශාස්ත්රසයෙහි ඒසේ නොවේ. සංස්කෘත ඡන්දඃශාස්ත්ර ය අනෙකෙකි. සිංහල ඡන්දඃශාස්ත්රසය අනෙකෙකි. සංස්කෘත ඡන්දඃශාස්ත්රරයෙහි ඡන්දස්හු සවිසිදෙනෙක් වෙත්. සිංහලයෙහි වනාහී තුදුස්දෙනෙක් වෙත්. සඳ-සිරි-මැදුම්-පිහිටි- සුපිහිටි-උතු-සෙල්-ගජ-රැඳි-රවුළු-තෙනෙත්-හිරැ-මී-මදු යන මොහු ඒ තුදුසට ව්යනවහාර කරනු ලබන නාමයෝයි.සංස්කෘත යෙහි අක්ෂරයන්ගේ නියමය ඡන්දසයි. සිංහලයෙහි(එළුසඳැස් ලකුනෙහි) හුදෙක් මාත්රා වන්ගේ නියමය ඡන්දසයි. මේ ආදී වශෙයන් සළකා බලනවිට සංස්කෘතච්ඡන්දසෙහි ද සිංහලච්ඡන්ද සෙහි ද වෙනසක් පෙනේ. සිංහල ඡන්දඃශ්රානස්ත්ර ය ප්ර ථමයෙන් කවුරුන් විසින් කරන ලදදැයි කිය නොහැකිය.ඒසෙම ඊට ප්ර ධාන වශයෙන් අාදර්ශ වූාය් කිනමි භාෂාවක ඡන්දසෙක් දැයි කීම ද දුෂ්කරය. එතකුදු වුවත් සියබස්ලකරෙහි-
“කලාගුරැසුළුපා වැසි වූ කුළුණු නුවණ යුත්; කලණමිතෙවියතුන් ගත්හි පියුම්ලකුණු ඈ”-
යන ගීයෙන් සිංහල ඡන්දඃශාස්ත්රතය ඉතා පැරණි වූවක් බව හැඟේ.
අබයගිරි විහාරයෙහිවූ කලාගුරුසුළුපායෙහි විසූ කල්යා ණමිත්ර නම්
යතිවරයෙකු විසින් කළ ඡන්දෝ ග්රළන්ථයක් තුබූ බව ඒයින්
ප්රවකාශ වේ. මේ යතිවරයන් විසූ කාලය එහි කියා නැති නමුත්
සියබස්ලකර රචනා කල කාලය හෝඊට පෙර හෝවිය යුතුයි.
සිංහල පද්යා බන්ධනය
[සංස්කරණය]සිංහල භාෂායෙන් පද්ය බන්ධනය කිරීම ඉතා පුරාණ කාලයේ සිට පැවති බව ඉතිහාසයෙන් පැනේ. හෙළුකවියෙන් කී ධර්ම ය අසා සැටනමක් රහත් වූ බව සංයුත් අටුවායෙහි සඳහන් වන යෙහින් යටත් පිරිසෙයින් හෙළුඅටුවා මගදබසට පෙරළූ මහා නාම රජුගේ කාලයෙන් පෙර ද හෙළුබසින් පද්යළ බන්ධනය කිරීම පැවතියෙ යයි සිතිය හැකිය. එතකුදු වුවත් ඒ කාලයෝ පැවති භාෂාවෙන් ගෙතූ ඒකම පද්යයයෙක්වත් දැන් අපට දක්නට නැත. දැනට තිබෙන සිංහල පද්යය ග්ර න්ථයන් අතුරෙන් ඉතා පැරණි වූවක් ලෙස සලකනු ලබන්නෝ සියබස්ලකරයි. ඒහි වූ සියලුම පද්ය්යෝගී ලකුනෙන් යුක්තයහ.සැළලිහිණි සන්දෙශාදියෙහි පෙනෙන ඒළිසම කව් එහි නැත්තෝය.මීට පසු කාලයෙහි විරචිතවූ සසදා-මුවදෙව්දා-කුසදා ආදියෙහි ද බොහෝ සෙයින් පැනෙනුයේ ගී ලකුණින් බැඳි පද්යිය.මෙය ප්ර මාණ කර ගත් ආධුනික වු බොහෝ දෙනෙක් “ඉතා පුරාණ කාලයෙහි ගී ලකුණින් කව් බැඳීම මුත් එළිසම කොට කව් බැඳීම සිංහල භාෂාවෙහි නොපැවතියෝය”යි කියත්.දැනට අවිනෂ්ටව පවත්නා පුරාතන පද්ය් ග්රඅන්තයන් අනුව සළකා බලන විට නම් ඒ මතය මදක් විශ්වාස කල හැකිය. එතකුදු වුවත් එළුසඳැස් ලකුණින් පෙනෙන එළිසම කොට බඳිනා ලද බොහෝ පද්යකයෝ ඔවුන්ගේ ඒ මතයට අවකාශ නොදෙත්.ඒ පද්ය යන් අතුරෙන් සමහරක් ඉතා පුරාතණ ග්රතන්ථයන්ගෙන් උද්ධෘතවූහයි සිතේ. හින්දි ආදී දෝශ භාෂාවන්හි ද එළිසම කොට පද්යද බන්ධනය කිරීම ඇත්තෝය. එසේ නමුත් එළිවැටෙහි වෙනසක් පෙනේ. සතර පදයෙහි එකම අකුරින් එළිවැට පිහිටුවා කළ පද්යතයෝ සිංහල පද්ය යන් හා සමාන වෙත්. ප්රැථම ද්විතීය පාදයන්හි එක් එළිවැටක්ද තෘතීය චතුර්ථ.පාදයන්හි එක් එළිවැටක් ද ඇතිව බඳනා ලද පද්යයයෝ සිංහල පද්යියන් හා අසමාන වෙත්. එය දැනගැනීම සඳහා අවුරුදු 1184 කට පෙර රචනා කරන ලදැයි සිතෙන හින්දි පද්යද යෙක් මෙහි දක්වනුලැෙබ්-
"මුලරහිඅ ජො වින්තඉ තත්ත ගුරැඋවඑසෙ එත බීඅත්ත;
සරහ හණහි බට ජානහු වංගෙ චිත්තරූඅ සංසාරහ භංගෙ” යනුයි
මෙසේ සළකා බලන විට හෙළුබසෙහි එළිසම කර කව් බැඳීම ද
ඉතා පුරාණ කාලයෝ සිට පැවත ආයෝ යයි සිතේ.
තොටගමුවෙ ශ්‍රී රාහුල සංඝරාජයෝ
[සංස්කරණය]“ශාස්ත්ර ප්ර මාණාං පුරුෂප්රෙමාණාත්”-යනු ආප්ත වචන හෙයින් යම්කිසි ග්රරන්ථයෙක් පණ්ඩිතජනයන් විසින් පිළිගනු ලබන්නෝ ග්රකන්ථය රචනා කල තැනැත්තවුන්ගේ ප්රිමාණය සළකා බැලීමෙනි. මේ කාව්යශේඛරය ද පණ්ඩිතජනයන්ගේ සම්භාවනාවට යෝග්යර වූවෙකි. කවරහෙයින යත්? මෙහි කර්තෘ වූ තොටගමුවේ සිරි රහල් හිමියන් නානාශාස්ත්රෙප්ර?විණ පුජ්ය තම මහපඩිරුවනක් හෙයින්.මුන්වහන්සෙගේ ශාස්ත්රෙ නෛපුණ්යයය මෞද්ගල්යානයන පඤ්චිකාවකට ලියූ පඤ්චිකාප්රසදීප නම් නිබන්ධයෙන් ප්රමතිබිම්බිතව පෙනේ.එහි දැක්වූ ග්ර්න්ථනාමාවලිය දෙස බලන විට කෙතරම් ග්රේන්ථ රාශියක් මුන් වහන්සේ විසින් හදාරන ලදදැයි සිතා ගැනීම පවා දුෂ්කරය.ටීකාචාය්ය ර් ශාරිපුත්ර මහාස්වාමීන්ගෙන් පසු
මෙතරම් බහුශ්රැථත මහපඞිවරෙයක් ලක්දිව නොසිටියේ යයි සිතේ. මුන්වහන්සේගේ පාණ්ඩිත්ය්ය මාගධීසංස්කෘතාදී භාෂා වන් සම්බන්ධව පමණක් සීමා වූවෙක් නොවේ. න්යාසයාදී දර්ශන ශාස්ත්රබ සම්බන්ධවද මුන්වහන්සේ කුශාග්රීමය බුද්ධිමතෙකි. සංස්කෘත සාහිත්යබය හා න්යාදයාදී දර්ශන සම්බන්ධව භාරතවර්ෂීයයන් අතරෙහි ද සිරිරහල් හිමියන්ට සම කළ හැකි අය ස්වල්ප දෙනෙ කැයි සිතේ.
සිරිරහල් හිමියන් ෂඩ්භාෂායෙක්හි පර මේශ්වරව විසූ බව ශාරිකාසන්දේශ ව්යාඩඛ්යා නාදියෙන් පෙනෙ. මෙකල සමහරු ඒ ෂඩ්භාෂාවන් සම්බන්ධව විවිධ මත පහළ කෙරෙත්.ශුද්ධ මාගධීභාෂාව ද සිංහල භාෂාව ද ද්ර විඩ භාෂාව ද ෂඩ්භාෂාවන්ට ඇතුලත් යැයි ඔවුහු කියත්.එය භ්රාන්තියෙකි. ශ්රී රාහුල සඞ්ඝ රාජයන්වහන්සේ පූර්වෝක්ත භාෂාත්රපය මැනවින් දැනසිටි බව නම් නිර්විවාද කාරණයෙකි.විශේෂයෙන්ම ශුද්ධමාගධිය හා ස්වභාෂාව සම්බන්ධව මුන් වහන්සේට සම කළහැකි පඞිවරයෙක් ඒ කාලයෙහි නොසිටියේය.එතකුදු වුවත් මේ භාෂාත්රෙය පූර්වෝක්ත ෂඩ් භාෂාවන්ට ඇතුලත් නොවේ. සංස්කෘත,ප්රාකෘත, මාගධී,පෛශාවි,සෞරසෙනි ,අපභ්රංශ යයි කව් සම්මත භාෂාවෝසදෙනෙක් වෙත්.ඒ බව රුද්රවටාලඞකාරයෙහිද -
“සංස්කෘතප්රාතකෘතමාගධී-පිශාවභාෂාශ්ච සෞරසෙනී ච;
ෂෂ්ඪෂ්ව භූරිභෙද්රෙස දෙශවිශෙෂාදපභ්රංශ”-
යන ශ්ලෝකයෙන් දක්වා තිබේ.මෙහි අපභ්රංශ නම් ගොපලු ආදීන්ගේ බාෂාවෝයි. ව්යා්කරණයෙහි වනාහී සංස්කෘතය
හැර සෙසු භාෂාවෝ අපභ්රංශ වෙත්.සිරිරහල් මාහිමියන්ගේ
පර මේෂ්වරත්වය අභිප්රේරතවුයේ මෙකී කවිසම්මත ෂඩ්භාෂාවන් සම්බන්ධව විනා ද්රාේවිඩ්යාරන්දීන් සම්බන්දව නොවේ.