කුස්තන්තීනු හටන-ප්‍රස්තාවනා

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

මේ පොත අලගියවන්න මුකවෙටි තුමන්ගේ කෘතියෙකි. මීට අවුරුදු 313 කට පෙර සිටි අන්තෝනි බරෙත්තු නම් දාමරිකයෙකුට විරුධ ව යුද්ධ කොට ඔහු පරදවා ජයගත් කොන්ස්තන්තිනු ද සා නම් වූ පුරුතුගිරිසි ආණ්ඩුකාරතුමෙකුගේ ශෞය්ය්තින වීය්යාසි ආතිශයය වර්ණගනා කිරීම මෙය රචනා කි‍රීමේ පරමාර්ථය යි. මෙය ක්රියස්තු භක්තික වූ අලගියවන්නයන්ගේ ප්ර්ථම කෘතිය මෙන්ම අන්තිම කෘතිය ද වන්නේය.

මේ පොත ලියන කාලයෙහි දි අලගියවන්නයන් රෝමානු කතෝලිකාගම වැලඳ ගෙණ සිටි බව පෙණේ. ඔහුගේ ඒ භක්ති විපය්යාග සයට ක්රිනස්තියානි ධර්මභය දැනීම නොව අනිකක් ම හේතු වූ බව කිය හැකි යි. ඒ අනික නම් උසස් රාජකාය්ය්හුගයක් පිළිබඳ ආශාව විය යුතු යි. මේ පොතෙහි නොයෙක් තැන තිබෙන “තෙරුවන් අනුහසින්” යනාදි පාඨවලින් පෙණෙන්නේ ඔහු පෙන්වීමෙන් මිස ඇදහීමෙන් රෝමානු කතෝලිකයෙකු නුවූ බවයි. එබඳු තැන් කමිසමයයයට ඇද දමා, මේ පොතෙහි කර්තෘු අබෞද්ධයෙන් ම ය යි කිමට ඉඩක් නැත. මේ කාලයෙහි දී අලගියවන්න තුමා ප්රෘවඡන්න බෞද්ධයෙක් ව සිටියේ ය යි කීම වඩා ගැළපේ. අලගියවන්නයන්ගේ පියා ද පඬිවරයෙකි. ගිස්සැල්ලේ ධර්මකධ්වජ පණ්ඩිත යන නාමයෙන් එතුමා ප්රයසිද්ධ ව සිටියේ ය. මවුගේ නම දතහැකි නුවුවත් ඇය ද වැදගත් කුලකාන්තාවක බව පමණක් කිය හැකි ය. අලගියවන්න උපන්නේ 1552 දී ය. ක්රියස්තුභක්තික වූ පසු දොන් ජෙරෝනිමෝ යන්න ද එතුමාග් නමෙහි මුලින් ආදින ලදි. එතුමාගේ භාය්යාමෝ ව ද දෝන ලුවිසා නම් වූවා ය. අලගියවන්නයන් ගැඹුරු සකු මගද කව් නළු සිඳු කිමීදි බව ඔවුන් විසින් කළ සැවුල් අස්නෙහි කියන ලදි. හෙතෙම සංස්කෘත කාව්යි ග්රින්‍ අයන්හි පරිචිතිය ඇත්තෙකි වූයේ නම්, සංස්කෘත පද්යයයන්ගේ අර්ථයන් ගෙණ ස්වකීය කෘතීන් හොබවා ගණු නියතය. ඔහුගේ කාව්යනයෝ පුරාතන සිංහල මහා කවින් විසින් කරණ ලද කාව්යකයන් ගෙන් ගෙණ යෙදූ දෙයින් ම පොහොසත් වූහ. මේ කාව්ය්යෙහි ද එබඳු තැන් බොහෝ ය.


ii


මේ පොතෙහි වර්ණ්නා කළ සටන වූයේ 1618 දී ය. නොහොත් 1619 දී ය. සටන් අවසන් වූ නොබෝ කලකින් මෙහ කරණ ලද බව හැ‍ඟේ. 1620 දී කොන්ස්තන්තීනු ද සා ඉන්දිනයාවට ගියේ ය. මේ පොතෙහි ඒ බව සඳහන් නො වීමෙන් හැ‍ඟෙන්නේ මෙය ඊට මත්තෙන් කළ බව යි. ස්තාන්න්තර ලොභයෙන් හෝ වේවා, ක්රිමස්තු ධර්මවය කෙරෙහි පැහැදීමෙන් ම හො වේවා, අලගියවන්නයන් ක්රිටස්තු භක්තිකයකු වීමෙන් පසු සිංහල බෞද්ධයන් ඔහුට තබා ඔහුගේ අන්තිම කෘතියට වත් ගරු නො කළ බව මේ පොත මෑතක් වන තෙක් නාම මාත්ර්යෙන් වත් ප්රොසිද්ධ නො වීමෙන් ම ඔප්පු වේ. මේ පොතෙහි ග්රකන්ථ් කර්තෘදගේ නාමය ‘සඳහන් නොවූවත් මෙය අලගියවන්නයන්ගේ කෘතියක් ම ය යි නිශ්චය කළ හැකිය. කුශජාතක කාව්යත, සැවුල් අස්න යනාදී අලගියවන්නයන්ගේ අනික් කෘතීන්හි හා මෙහි ද පෙණෙන්නේ එක ම කවිත්වශයකි. මෙහිද බොහෝ වැරදි ‍තිබෙන බව ද කිය යුතු ය. බෙ‍ාහෝ කාලයක් මුළුල්ලෙහි අප්ර කට ව තිබුනු මේ පොත මෑත දී ප්රෝකාශයට පැමිණියේ ය. අධ්යාකපන මණ්ඩලය මගින් 1939 වැන්නෙහි කනිෂ්ඨ ප‍ාඨශාලා සහතික පත්ර විභාගයට නියම කරණ ලදී. සිංහල පාඨශාලා ශිෂ්යකයන්හට ගැළපෙන පරිදි මේ පොත පිළියෙල කර දුන මැනවැයි ඇම්. ඩී. ගුණසේන සහ සමාගම විසින් අපට දන්වන ලද හෙයින් මේ පොත පිළියෙල කෙළෙමු. මෙහි පදගත සන්නයක් නැත. ශිෂ්යටයාගේ නුවණ මෙහෙයා පද්යෙයන් තේරුම් ගන්නා පරිදි ම සකස් කෙළෙමු. කාව්යය පොතකින් වියරණ උගන්වන්ට සැරසීම අයොග්යග හෙයින් වැඩිදුර වියරණ ඉගැන්වීමට ව්යාඋවෘත නො වීමු. අධික විස්තර සහිත ග්රටන්ථ‍යන් ඉගැන්වීම ශිෂ්‍වීයන්ගේ පරීක්ෂුණ බුද්ධිය හීන වීමට හෙතුවක් බව පලපුරුදු ගුරුවරු දනිති. මෙහි අපගේ ප්රාමාදයෙන් වූ දොෂස්ථාන ඇති විය හැකි ය. එවැන්නෙහි ගුරු මහත්වරු අප කෙරෙහි කමත්වා.


ඇඩ්වීන් රණවක.

“රණගිරි” රාජගිරිය.

23-3-38.