කුස්තන්තීනු හටන-විවරණය i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

කුස්තන්තීනු හටන විවරණය

ආරම්භය 1. බස’කර අරුත මෙ න වෙනස නොම පෑ පවති න පිතු, පුත්, විදි ය න තෙ වක් එක් සුර වඳිම් අදරි න

අන්වය : බස අකර අරුත මන වෙනස නොම් පැ පවතින පිතු, පුතු, වීදි යන තෙවක් එක් සුර අදරින වඳිම්.

පදාර්ථ : වචන, අක්ෂරර, අර්ථ යන තුන මෙන් වෙනසක් නො දක්වා පවතින්නාවූ පිය, පුත් හා ව්යා‍පීන් (ශුඬාත්මයාණන්) යන තෙවක් වූ ( වඩක ත්රකයයක් = භෙද තුනක් ඇත) එක ම දෙවියන්වහන්සේ ආදරයෙන් අභිවාදනය කෙරෙමි.

ක්රිය: කා: ප: ස: (මම) තෙවක් එක්සුව වඳිම්.

ටිප්පණි. 1. බස’කර අරුත - වචනය ද ඒ හා සම්බන්ධක වූ අක්ෂකර ද අර්ථව ද යන තුන, ‘බස’ යනු ශබ්ද යි. ‘අකුරු’ යනු ශබ්දයකින් කැඩිය හැකි කුඩා ශබ්ද යි. ‘අර්ථ’ යනු ශබ්දයන්ගේ තේරුම යි. මේ තුන නිත්යයයෙන් සම්බන්ධව ව පවති. බස + අකර - පූර්වේ සවර යෝප සන්ධිනය යි.

2. පෑ - පා (පෑමෙහි) දයින් නිපන් පූර්වේ ක්රියයා යි.





(2)

3. පිතු, පුත්, විදි- පිය, පුත්, හා ව්යානපීන් (සුදත්) යන තිදෙන. ක්රි.ස්තියාන් ආගමේ දැක්වෙන පරිදි පිය යන්නෙන් යොහෝවා වහන්සේද, පුත් යන්නෙන් එතුමාණන්ගේ පුත් වූ යේසුස් ක්රි ස්තුස් වහන්සේ ද, විදි යන්නෙන් සෑම තැන ම පැතිරී සිටින ශුඬාත්මයාණන් වහන්සේ ද ගැනෙති.

4. විදි = විහි දි, හකාරලොපයෙන් හා සවර්ණශ දීර්ඝ්ත්ව‍යෙන් ද විදී යනු සිඬ යි. 2. සව් ලෙව් සත මු දුන් සිය සිරි පා කමල දුන් මෙත් ගුණ පිරි න ඳුන් වඳිම් ජේසුස් ක්රි්ස්තු සුරි ඳුන් අන්වය : සව් ලෙව් සත මුදුන් සිය සිරි පා කමල දුන් පිරිමෙත් ගුණ නඳුන් යේසුස් ක්රිෙස්තු සුරිඳුන් වඳිම්.

පදාර්ථ : සියලු ලෝ සතුන්ගේ මස්තකයෙහි ස්වකීය ශ්රීර පාද නැමැති පද්මය දානය කළා වූ පූර්ණල වූ මෛත්රීෙ ගුණයට නිධානයක් වැනි වූ යේසුස් ක්රි ස්තු සුරෙන්ර්රීෙයන් අභිවාදනය කෙරෙමි.

විස්තර : පා වඳින්නට හිස බිම තබන විට වඳිනු ලබන්නහුගේ පය වඳින්නහුගේ මුදුනෙහි ගෑවේ. යේසුස් ක්රිවස්තු සුරෙන්ර්නහුයන්ගේ ශ්රීු පාද නැමැති පද්මය සකල ලොක සත්වනයන්ගේ මුදුනෙහි දීම නම් ඒ ශ්රී පාදයට ඔවුන් ලවා අභිවාදනය කරවීම යි. මේ පද්ය යාගේ පූර්වාඔර්ධවයෙන් ක්රිනස්තුස් වහන්සේ සියලු ලෝක වාසීන්ගේ ගෞරව සම්මානයට භාජන වන බව කියති.

ටිප්පණි. 1. දුන් - දෙ (දීමෙහි) දයින් නිපන් අතීත කෘදන්ත නාමය යි.




(3) 3. රිවි කැන් පහණ කි න නිකුත් නල සිළු විලසි න කන්නි මරි කුසෂය න පහළ සුරිඳුන් වඳිමි බැතියෙ න

අන්වය : රිවි කැන් පහණකින නිකුත් නල සිළු විලසින කන්නි මරි කුසයෙන පහළ සුරිඳුන් බැතියෙන වඳිමි.

පදාර්ථ : සූර්යෙකාන්ත පාෂාණයකින් නිකුත් වූ වහ්නි ශිඛාවක් පරිද්දෙන් කන්නි මරිය වහන්සේ ගේ කුසින් ප්රා‍දුර්භූත වූ සුරෙන්ර්වූ යන් වහන්සේ භක්තියෙන් අභිවාදනය කෙරෙමි. ක්රිහ: කා: ප: ස: (මම) සුරිඳුන් වඳිම්. ටිප්පණි.

1. රිවි කැන් පහණ - සූර්යාකාන්ත පාෂාණ හෙවත් පළිඟු යි. පළිඟු ගල සූර්යණරශ්මියට ඇල්ලූ විට ගිනි උපදි. 2. නල සිළු : - වහ්නි ශිඛාව හෙවත් ගිනි දැල්ල. 3. කුසයෙන - ‘කුසින’ යි විය යුතු තැනි. කුස් සදින් ස්වාර්ථයෙහි අ ප්ර්ත්යමය කොට සිද්ධ කර ගත් ‘කුස’ සදින් හෝ සිද්ධ යි.

4. මිහිලියගෙ පැහැප ත් නළල තිලකෙක සිරිග ත් ප්ර තිකල් නමින් යු ත් දෙස උපන් සව් සිරිති අගප ත්

අන්වය : මිහිලි‍යගෙ පැහැපත් නළල තිලකෙක සිරි ගත් සව් සිරිනි අග පත් ප්රවතිකල් නමින් යුත් දෙස උපන්





(4)

පදාර්ථ : මහී කාන්තාවගේ ප්ර භා ප්රා ප්ත වූ ලලාටයෙහි තිලකයක ශොභාව ග්රරහණය කළ සකල ඓශචය්‍්ෙ නේ අග තැන් පැමිණි ප්රාතිකාල් යන නාමයෙන් යුක්ත වූ දෙශයෙහි උපන්නා වූ.

ක්රිව: කා: ප: ස: ආක්ඛ්යාණතයක් නැති බැවින් මේ කවිය ට ක්රිියා කාරක පද සම්බන්ධ්යක් නැති.ආකඛ්යාූත (අවසාන ක්රිතයා) නැති කිසි ම පද්යනයක ක්රි යා කාරක පද සම්බන්ධ:යක් නැති බව මෙයින් අවබොධ කරන්න.

ටිප්පණි. 1. මිහි ලිය - පොළෝ නැමැති අඞ්ගනාව

2. නළල තිලකෙක සිරිගත් - නළලෙහි කොකුම් කස්තුරි ආදියෙන් තිලක තැබීම ස්ත්රී්න්ගේ සිරිත විය. මහී කාන්තාව‍ ගේ ලලාට තිලකයක් වැනි යයි කිමෙන් ප්ර්තිකාල් දේශයාගේ උසස් බව වැනිණ.

5. සක පිරි කිරි ලෙ සා උබය කුල යුත් නිදො ස‍ා කුස්තන්තිනු ද ස‍ා නැමැති ජන රජ තුමා වෙසෙ සා

අන්වය : සක පිරි කිරි ලෙසා නිදොසා උබය කුල යුත් කුස්තන්තීනු ද සා නැමැති වෙසෙසා ජන රජ තුමා

පදාර්ථ : සඞ්ඛයෙහි පිරි ක්ෂීසරය පරිද්දෙන් නිර් දොෂ වූ උභය කුලයෙන් යුක්ත වූ කුස්තුන්තිනු ද සා නමින් යුත් විශිෂ්ට වූ ජන රාජොත්තමයා -



(5)

විස්තරාර්ථ  : සක නම් සංඛය හෙවත් හක් ගෙඩිය යි. එය සුදු ය. ක්ෂීිරය ද සංඛය මෙන් ම සුදු ය. සකෙහි කිරි බහා ලූ විට දෙකෙහිම සුද අධික වේ. මෙයින් වර්ණනනාකරනු ලබන්නහුගේ මවු පිය දෙකුලය ද පිරිසිදු හෙයින් එකිනෙකට ඉතා ගැළ‍ෙප්. කුස්තන්තිනු ද සා උභය කුලයෙන් (මව් පියදෙ කුලයෙන්) ම අතිශයින් ම පරිශුඬ බව මේ පද්ය යෙන් අදහස් කෙරෙ යි.

ටිප්පණි. 1. නැමැති - නම් + ඇති - නැමැති. 2. කුස්තන් තිනු ද සා - මේ තුමා ගේ සම්පූර්ණි නාමය දොන් කොන්ස්තන්තීනු ද මෙහෙසෙස් ද නොරොඤ්ඤා යනු යි. ප්රිතිකාල් දෙශයේ රදල පවුලක. උපන් මෙ තුමා ලිස්බන් නුවර ජේසු විද්යාරලයෙහි ඉගෙනීම ලැබුවේ ය මෙ තුමා තරුණ වයසට පත් වූ කල අප්රි‍කාවේ බාර්බරි ප්රයදේශවල රාජකාර්යේයෙහි යෙදී සිට රණ ශූරයකු වශයෙන් ප්රිසිඬිය ලැබුවේ ය; ඉන් පසු ඉන්දි යාවට පැමිණ සේවයෙහි යෙදුන ස තෙමේ ක්රිස: ව: 1618 දී ප්රයධාන සේනාපතියා වශයෙන් ලක්දිවට පැමිණ දෑවුරුද්දක් පමණ කාලයක් රාජකාර්ය:ය කෙළේ ය. මෙ තුමා මේ කාව්යයයේ දැක්වෙන ජයග්රනහණය ලැබුවේ මේ කාලය තුළ දී ය. ප්රකතිකාල් දේශයේ මහ රජ තුමාගේ ආඥාව පරිදි කොන්ස්තන්තීනු ද සා තුමා ක්රිම: ව: 1623 දී ප්රාධාන සේනාපති වශයෙන් නැවතත් ලක්දිවට පැමිණියේ ය. අවඞක වූ ද, සෘජු වූ ද මේ තුමා ලක්දිව ආණ්ඩු කළ පෘතුගිරිසි සේනාපතීන් අතුරෙන් අති ශ්රෙුෂ්ඨයකු ලෙස ගණන් ගැනේ. තමා යටතෙහි සේවය කළ සිංහල මුදලිවරුන්ගේ කූට උපායයන් නිසා ක්රිඞ: ව: 1630 අගෝස්තු මස 24 වැනි දින රන්දෙණිවල කන්දේපහළ නම් ස්ථානයේ දී කුස්තන්තීනු ද සා තුමා ස්වකීය සේනාව සමග විනාශයට පත් වි ය.




(6) 6. සිය සෙන් ගෙන නොමි න සිරි ලක ට ගොඩ බසිමි න කළ රණ සමුදුරෙ න බිදක් දක්වම් මනැණ පමණි න

අන්වය: නොමින සිය සෙන් ගෙන සිරි ලකට ගොඩ බසිමින කළ රණ සමුදුරෙන බිඳක් මනැණ පමණින දක්වම්. පදාර්ථ : බොහෝ වූ ස්වකීය සේනාවන්ගෙන ශ්රීි ලඞකා වීපයට ගොඩ බැස කරන ලද යුද නැමැති සාගරයෙන් බින්දු් මාත්රඞයක් මාගේ ඤාණ ප්ර මාණයෙන් ප්රීකාශ කරමි.

ක්රිප: කා: ප: ස: (මම) බිඳක් දක්වමි. ටිප්පණි. 1. බසිමින - බස් (බැසීමෙහි) ධාතුවෙන් නිපන් මිශ්ර1 ක්රිමයාවයි. මෙහි පූර්වය ක්රි.යාර්ථය දෙයි. පූර්වැ ක්රි්යා පද වෙනුවට මිශ්ර1 ක්රිමයා පද ද බොහෝ විට යෙදේ. 2. රණ සමුදුරෙන - “රණම සමුදුර” යනු සමාස විග්ර හ යි. විශෙසණ සමාස යි. ලක වියවුල් 7. පෙර’තුරු කප මහ ත් බඹ උපතින් ලොවට ප ත් විවස්වත් මනු ගො ත් කිරුළ අග රඟ මිණෙක සිරි ග ත්

අන්වය : මහත් අතුරු කප පෙර බඹ උපතින් ලොවට පත් විවස්වත් මනු ගොත් කිරුළ අඟ රඟ මිණෙක සිර ගත්. පදාර්ථ : මහත් වූ අන්ත කලාප‍යාගේ ආදියෙහි බ්ර්හෙමාතපත්තියෙන් ලෝකයට පැමිණි වෛවස්වත මනු රජහු ගේ වංශ (නැමැති) වොටුන්නෙහි අග්රව වූ (ජාති) රඞග මාණික්යනයක්හුගේ ශොභාව ග්රුහණය කළ -



(7)

ටිප්පණි. 1. පෙර + අතුර - පෙරතුරු , පූර්වො ස්වර ලොප සන්ධි.ය යි. 2. අතුරු කප - අන්ත කලාපය, මිනිසුන්ගේ ආයුෂ දශවර්ෂසයේ සිට අවුරුදු අසඞඛ්යකය දක්වා ක්ර මයෙන් වැඩි වී ගොස් නැවත දශ වර්ෂ්ය දක්වා ක්රසමයෙන් බැසීමට ගත වන කාලය එක් අන්තඃ කල්පයකි. 3. බඹ උපතින් -ලොකයාග් ආරම්භයෙහි දී බ්රලහ්ම ලොකයෙහ් බ්රවහ්මයන් පැමිණ වාසය කරන්නට පටන් ගත් බව කවීහු කියති. මේ වෛවස්වත මනු රජ ඒ බ්රබහමයන්ගෙන් පැවතෙන්නෙකි. එහෙයින් මෙ සේ කියන ලදී. 4. විවස්වත් මනු - වෛවසත්ත මනු රජ මහා ජනයාගේ සම්මතයෙන් රජකමට පත් කර ගත් හෙයින් මහා සම්මත යනු ද මොහුට ඇති තවත් නාමයකි. වෛවස්වත යනු සූර්ය යාගේ පුත්රය යන අර්ථට යි. විවස්වත් මනු ගොත් කිරුළ අග රඟ මිණක් වැන්නැ යි කීමෙන් රාජසිංහ රජු සූර්ය. වංශයෙහි උපන් අන්ය රජුන්ට වඩා ශ්රෙනෂ්ඨ බව හඟවති. 5. කිරුළ අග රඟ මිණ - වොටුන්නෙහි අග බඳිනා ලද බබලන මාණික්යරය.

8 රජ සිහ රජු මහ ත් කරමින් මෙ ලක එකස ත් රජ සිරි විඳ නුමු ත් සත් වුයෙන් සුර පුරට සිරිම ත්

අන්වය : මහත් රජ සිහ රජු මෙ ලක එකසත් කරමින් නුමුත් රජ සිරි විඳ සිරිමත් සුර පුරට පත් වූයෙන් පදාර්ථ : උදාර වූ රාජසිංහ රාජයා මේ ලඞකා බීපය එකච්ඡත්රජ කරමින් අමුකත වූ රාජ සම්පත් විඳ ශ්රීිමත් වූ දිව්ය පුරයට ගිය හෙයින්





(8) ටිප්පණි. 1. රජ සිහ රජ - මායාදුන්නේ රජහුගේ පුත්රඡ වූ පළමු වැනි රාජසිංහ රජ තුමා සීතාවක නුවර වාසය කෙළේ ය. මෙ තුමා පියා මැරීමෙන් වූ අකුශලය ගෙවීම පිණිස සිවාගම වැලඳ ගෙන බොහෝ වෙහෙර විහාරාරාමයන් නැසුවේ ය: දහම් පොත් දැවීමෙන් ද සිංහල සාහිත්යායට මහත් හානියක් ගෙන දුන්නේ ය. අලගියවන්නයෝ ස්වකීය කාව්ය‍යන් සියල්ලේ ම පෘතුගිරිසින්ගේ පරම හතුරා වූ මේ රජතුමාගේ ගුණ වර්ණයනා කළෝ ය. 2. එක්සත් - එකච්ඡත්ර.: ඡත්රතය නම් කුඩයයි; රටක් එකච්ඡත්රා කිරීම යන්නෙන් රය රක් රජෙකුගේම අණසක යටතට ගැනීම හඟවනු ලැබේ. 4. පත් වූයෙන් - පත් වූ බැවින් 5. සිරිමත් - සිරි ඇත්තේ ය යනඅර්ථනවත් තඩිතයකි. වත් ප්රරත්ය්ය අකාරාන්ත ශබ්ද‍යන් ගෙන් පර වද මත් ප්රනත්ය‍ය ය ඉ කාරාන්ත ශබ්දයන් ගෙන් පර වද යෙදේ. 9 දඹ දිව් තල පත ර රජුනෙඩි මැඩි විකුම් ස ර ප්රනතිකල් රජුට ති ර මෙ ලක අත් පත් විය පුවත ර

අන්වය : පතර දඹ දිව්තල රජුන් එඩි මැඩි විකුම්සර තිර ප්රයතිකල් රජුට පුවතර මේ ලක අත් පත් වී ය.

පදාර්ථ : මහත් වූ ජම්බු බීප තලයෙහි රජුන්ගේ දර්ප ය ඔදිනය කළා වූ වික්රථමයෙන් සාර වූ පෘතුගිරිසි රාජයාහට පෞඪ තර වූ මෙ ලඞකා බීපය හස්ත ප්රාලප්ත විය.

ක්රි : කා: ප: ස: - ලක අත් පත් වී ය.



(9) ටිප්පණි 1. දඹදිව් තල - ජම්බු බීප තලය - මේ කල ඉන්දියයාව යන නාමයෙන් දක්නා ලැබෙන රට. 2. රජුනෙඩි - රජුන් + එඩි =රජුනෙඩි , ස්වර සන්ධිනය යි. 3. ප්රනතිකල් රජුට - පෘතුගාල් රටේ දෙ වැනි fපිලිප් රජු ට 4. වී (ය) - ව (වීමෙහි) ධාතුවෙන් නිපන් අතීත ආඛ්යාිත පදය යි ‘ය’ යනු පද පුරණයෙහි යෙදෙන නිපාතයකි. “‍ය” නිපාතය පර කල්හි වී යනු හුස්ව විය.

අන්තෝනි බරෙන්තු.

10. එතුවක් සිට දුහ ද කීපයක් පෙරළිත් ත ද සමන්තා කර සු ද ජන තුමන් සිවු දෙනකු නිමි ස ඳ

අන්වය : එතුවක් සිට දුහද කීපයක් තද පෙරළිත් යුද (ත්) කර සමන්නා ජන තුමන් සිවු දෙනකු නිමි සඳ - පදාර්ථ : එකල පටන් සතුරන් හා සත්බ්ධවූ කැරළි කීපයක් ද යුද්ධ ද කොට සන්සිඳුවා ජනොත්තමයන් සතර දෙනකුන් සමාප්තවූ කල්හි- ටිප්පණි. 1. එ තුවක් - ‘තුවක්’ යනු නිපාත යි. 2. සමන්නා - සමන්වා = සමන්නා, පූර්වද රූප සන්ධිනයි. 3. ජන තුමන් - මේ කාව්ය්යේ දැක්වෙන පරිදි එ කල සිටි සිංහලයෝ පෘතුගිරිසි ආණ්ඩුකාරයකට ජනතුමා, ජනමැති, ජන රජ යනු ව්යුවහාර කළහ.





(10) 4. සිවු දෙනකු - ලක්දිව ආණ්ඩු කළ පෘතුගිරිසි ආණ්ඩුකාරවරු සිවු දෙනෙක් i දොන් ජෙරෙනිමෝ ද අසවේදු (ක්රිර: ව: 1594 – 1612) ii දොන් fප්රෙන්සිස්කු මෙනෙයස් (ක්රි‍: ව: 1612 – 1914) iii මනුවෙල් මස්කරෙඤඤාස් හෝමෙම් (ක්රි : ව: 1614 – 1616) iv නූනෝ අල්වාෙරෙස් පෙරේ‍රා (ක්රි:: ව: 1616 – 1618)

11. ජේසුස් කිරි ස්තූ දෙවි සමයට ම ප ත්තූ අන්තොනි බරෙ ත්තූ නැමැති සෙබළෙක් නුගුණ යු ත්තූ

අන්වය : ජේසුස් කිරිස්තු දෙවි සමයට ම පත් වූ නුගුණ යුත් වූ අන්තෝනි බරෙත්තු නැමැති සෙබළෙක් (වි ය.) පදාර්ථ : ජේසුස් ක්රිිස්තුස් දෙවියන්ගේ ආගමට ම පැමිණි අවගුණයෙන් යුක්ත වූ අන්තොනි බරෙන්තු නැමැති යුඬ භටයෙක් වි ය. ක්රිත: කා: ප: ස:- සෙබළෙක් (වි ය.) ටිපපණි. 1. දෙවි සමයට ම - දේවාගමට ම 2. පත්තූ - පත් වූ යනු එළි සමය පිණිස පත්තූ ය යි යෙදිණ. 3. අන්තොනි ‍බරෙන්තු - ක්රි ස්තියානි ආගම වැලඳ ගෙන පෘතුගිරිසීන් ගේ සේවයට පත් මේ තෙමේ කලක් දොන් ප්රපනාන්දු සමරකෝන් මුදලි තුමා යටතෙහි මෙහෙ කෙළේය. ඉන් පසු ක්රි්: ව: 1603 දී පෘතුගිරිසින්ට විරුධව කැරැල්ලක් ගැසූ මේ තෙමේ ක්රිෝ: ව: 1620 දක්වා අනවරතයෙන් ම ඔවුන් හා විරුධව කට යුතු කෙළේ ය. පෘතුගිරිසින්ට යටත් ව තිබුණු සබරගමුව,





(11) මාතර යන දිසාවන් දෙක ම යටත් කොට ගෙන ප්රිභූ රජ ලීලාවෙන් කුරුවිට නම් ග්රාමමයෙහි විසූ මේ තෙමේ කුරුවිට රාළ, කුරුවිට මැති යන නාමයන් ගෙන් ද ප්ර සිඬ වි ය. ඉන් පසු ව සෙනරත් රජ තෙමේ කුරුවිට රාළ හට ප්ර්ධාන සේනාපති ධූරය ද, ඌවේ රජකම් ද දුන්නේ ය.

කල්යාමේ දී සෙනරත් රජ පෘතුගිරිසීන් හා සමාදානයෙන් කල් යැවූයේ ය. එයින් කෝපයට පත් බරෙත්තු තෙමේ රජුට විරුධව අවුත් රජු නුවරින් පලවා ලඞකාවේ අග රජ කම පිණිස දඹදිව සිටි මායාදුන්නේ රජු ගෙන්වා‍ ගත්තේය. ක්රිර: ව: 1620 දී මාතර දිසාපති තැන මොහු මැරුවේ ය. 4. යුත්තූ - යුත් වූ යනු එළිසමය පිණිස යුත්තූ යයි යෙදිණ.

12 සෙබළිඳු කාන්ග ර පෙරළි කළ සඳ ලක තු ර තුමු ද පෙරළී ක ර ගොසින් සෙන්කඩගලඩ පුවත ර

අන්වය : කාන්ගර සෙබළ‍ිඳු ලක තුර පෙරළි කළ සඳ තුමු ද පෙරළි කර පුවතර සෙන්කඩගල ට ගොසින් -

පදාර්ථ : කාන්ගර නැමැති යුඬ භටෙන්ර්ක තයා ලඞකාභ්ය න්තරයෙහි කැරළි ගැසූ කල්හි තමා ද කැරළි ගසා ප්රනසිඬ වූ සෙන්කඩගල පුරයෙහි ගොසින්

ටිප්පණි.

1. සෙබළිඳු - සෙබළ + ඉඳු = සෙබළිදු, ඉඳු යනු ගෞරවාර්ථගයෙහි යෙදිණ. සේවයට පැමිණි බළ = සෙබළ



(12)

2. කාන්ගර; කාන්ගර ආරච්චි - අළුත්කූරු කෝරළයෙහි උපන් මෙතෙමෙ කලක් පෘතුගිරීසින් යටතෙහි සේවය කෙළේ ය. ක්රි්: ව: 1603 දී අසවේදු ට බලෙන් දී මහත් පරාජයක් වි ය; සිංහල‍යන් මහත් සමූහයක් ඒ ස්ථානයේ දි පෘතුගිරීසීන් අත් හැර ගියේ කාන්ගර ආරච්චිගේ කුමන්ත්රථණ සා ය. බලනේ දී පෘතුගිරීසි සේනාව අත් හැර ගිය කාන්ගර ආරච්චි තෙමේ නො බෝ කලකින් ස්වකීය සහචරයන් සමග ගොස් ‍බරෙන්තුට එක් වී ය; මේ කාව්ය‍යේ දැක්වෙන යුඬයෙන් පෘතුගිරිසින්ට අසු වි සබරගමුවේ දී ජීවිතක්ෂේයට පමුණුවනු ලැබි ය. 3. තුමූ - ප්රවථමා විභක්ති බහු වචන වූ මේ පදය මෙහි නො ගැළපේ. 13. පෙරළියන් සහ ල ක උඩ රට නරනිඳුන් දැ ක පළ කර සුගුණ නෙ ක නො පෑ මඳකුත් සට කපට සැ ක අන්වය : ලක උඩ රට නරනිදුන් පෙරළියන් සහ දැක නෙක සුගුණ පළ කර මඳකුත් සට කපට සැක නො පෑ

පදාර්ථ : ලංකාවේ උඩ රට ට අධිපති රජුන් පෙරළි කරුවන් සමග දැක (ස්වකීය) අනෙක සුගුණයන් ප්ර කාශ කොට ස්වල්පයකුදු කපටි සැක ගුණයක් නො දක්වා

ටිප්පණි. 1. උඩ රට නරනිඳුන් - සෙනරත් රජුන්, ගෞරවාර්ථ යෙහි බහුවචන යි. 2. සු ගුණ - මනා ගුණ = සු ගුණ 3. මඳ කුත් - ස්වල්පයක් වත්




(13) මඳක් + දු = මඳකුදු = මඳකුත් ය යි සිඬ යි. දු නිපාතය පර කල්හි පූර්ව3යට උකාරාගම වේ. පොතුත්, පතුත්, ස්වල්පයකුත්, අකකුත්, අනිකුත්,බිඳකුත් යන ආදිය ඊට උදාහරණ යි.

14. උඩ රට නිරිඳු ගෙ න ඌව, තුන්කිඳ ලැබ‍ ගෙ න බදුල්ලෙහි ඉඳගෙ න තන’වි සහ සෙබළුන් සදා ගෙ න

අන්වය : උඩ රට නිරිඳු ගෙන ඌව තුන්කිඳ ලැබ ගෙන බදුල්ලෙහි ඉඳ ගෙන නන් අවි සහ සෙබළුන් සදා ගෙන - පදාර්ථ : උඩ රට රාජයා ගෙන් ඌවෙහි වූ තුන් කිඳ ලබා ගෙන බදුල්ලෙහි වාසය කොට නා නා විධ ආයුධයන් හා යුඬ භටයන්සම්පාදනය කර ගෙන

ටිප්පණි. 1. තුන් කිඳ - උඩු කිඳ, මැද කිඳ, හා යටි කිඳ යන කෝරළ තුන. 2. තන’වි - තන් + අවි = තන’වි, ස්වර සන්ධිළය යි

15. වෙල්ලස්ස, දෙ ගොඩ ත් මඩකලපුව, පාණම ත් කඳුකර කොස්ගම ත් වැල්ලවා සහ එතෙරවාව ත්

අන්වය : වෙල්ලස්ස දෙ‍ ගොඩත්, මඩකලපුව ත්, පාණමත් කඳුකර කොස් ගම ත්, වැල්ලවා සහ එතරවාවත් පදාර්ථ : වෙල්ලස්ස දෙ‍ ගොඩ ද, මඩකලපුව ද, පාණම ද කඳුකර කොස් ගම ද, වැල්ලවා සහ එතරවාව ද





(14)

16. එ දෙස අනිකුත් ර ට නතු කර ගෙන තමන් හ ට තම සෙන් සහ කප ට සපර පුර කඳවුරට යුද කො ට

අන්වය : එ දෙස අනිකුත් රට තමන් හට නතු කර ගෙන තම කපට සෙන් හා සපර පුර කඳවුර ට යුද කොට පදාර්ථ : ඒ දිශාවෙහි වෙනත් රටවල් ද තමන් හට යටත් කර ගෙන ස්වකීය කපටි සේනාව හා සබරගමුවේ කඳවුරට යුඬ කොට

ටිප්පණි. 1. නතු කර ගෙන - වශග කර ගෙන, යටත් කරගෙන 2. සපර පුර - සබරගමුව

17. දෙනවක පස් රට ත් ම‍ාතොට දේස බලව ත් කුකුළු පස්යොත්න ත් අවුල් කරමින් සදා පෙරළි ත්

අන්වය : දෙනවක පස් රට ත් බලවත් මාතොට දේස (ත්) කුකුළු, පස්‍ යොත්නත් අවුල් කරමින් පෙරළිත් සදා -

පදාර්ථ : දෙනවක පස් රට ද බලවත් මාතොට (මාතර) දිසාව ද, කුකුළු (කෝරළය ද), පස්‍ යොදුන්කෝරළය ද, ආකුල ‍කෙරමින් පෙරළි ඇති කොට

ටිප්පණි.

1. සදා - සඳ (සැදුම්හි) ධාතුවෙන් නිපන් පූර්වක කියාවකි.



(15)

18. වර ලැබ ඉසුරු ගෙ න යළි දු ඔහු වනසන මෙ න ලුහු බැඳ ගිය තදි න බස් ම නම් අසුරිඳුන් විලසි න

අන්වය : ඉසුරු ගෙන වර ලැබ යළි දු ඔහු වනසන මෙන තදින ලුහු බැඳ ගිය බස්ම නම් අසුරිඳුන් විලසින -

පදාර්ථ : ඊශ්වරයා ගෙන් වර ලබා නැවත ඔහු (ඊශ්වරයා) විනාශ කරන ලෙස තදින් පසු පස්සේ එළවා ගිය හස්ම නම් වූ අසුරෙන්ර් පසයාගේ විලාසයෙන්

19. තනතුරු දුන් නොම ඳ උඩ රට රජුට වෙර බැ ඳ නන් අවි ගත් පබ ඳ මහත් සෙනගක් රැගෙන ගොස් වැ ඳ

අන්වය : නො මඳ තනතුරු දුන් උඩ රට රජුට වෙර බැඳ නන් අවි ගත් පබඳ මහත් සෙනගක් (ඇ) රැගෙන ගොස් වැද

පදාර්ථ : බොහෝ වූ ස්ථානාන්තරයන් දුන් උඩ රට රාජයා හට වෛර බැඳ නානා විධ ආයුධයන් ගත් ප්රයසිඬ වූ මහත් සෙනාවක් ඇරැගෙන ගොස් ප්රුවිෂ්ට ව- ටිප්පණි. 1. දුන් - දෙ (දීමෙහි) යන දයින් නිපන් කර්තෘව කාරක කෘදන්ත යි. 2. බැඳ - බඳ (බැඳීමෙහි) දයින් නිපන් පූර්ව් ක්රිසයා යි.


		20.	වාසල සිට මහ				ත්

ගරුතර ඇමති වරුනු ත් රැකවල සිටියනු ත් ඇන දමා සරු නො කොට මද කු ත්

(16) අන්වය : වාසල සිටි මහත් ගරුතර ඇමැති වරුනු ත් රැකවල සිටියනුත් මදකුත් සරු නො කොට ඇන දමා-

පදාර්ථ : වාසල සිටි මහත් උදාර වූ (ද) ගරු කටයුතු වූ (ද) අමාත්යව වරයන් හා ආරක්ෂාොවෙහි (නියුක්ත ව) සිටියවුන් ද ස්වල්පයකුත් නො තකා ඇන දමා ටිප්පණි. 1. වාසල - ‘වාසල’ යන්නෙන් බහිර්වාරය හෙවත් ගේට්ටුව යන අර්ථය ලැබේ. උපවාර වශයෙන් මාලිගාවට ද වාසලය යි කියනු ලැබේ. මෙහි යෙදුණේ මාලිගාව යන අර්ථයෙහි ය.

2. රැකවල සිටියවුන් - ආරක්ෂාිවෙහි යෙදී සිටියන්, මුර කාරයන්

21. සුනෙර උපුටන මෙ න තැන් කරන්නකු විලසි න උඩ රට රජු නස න ලෙසට සදි මායම් යෙදූ තැ න

අන්වය : සුනෙර උපුටන මෙන තැත් කරන්නකු විලසින උඩ රට රජු නසන ලෙසට සදි මායම් යෙදූ තැන

පදාර්ථ : මේරූ පර්වැතය උපුටන අයුරුතැන් කරන්නකු ගේ විලාසයෙන් උඩ රට රාජයා විනාශ කරන ලෙස කූට උපායයන් යෙදූ කල්හි- ටිප්පණි.

1. සුනෙර - මහා මේරු පර්වූතය වනාහි විශාල වස්තුවකි. එය උපුටාලීමට යමෙක් උත්සාහ කෙරේ නම්, ඒ මොඩයෙකි.

2. උපුටන - උපුට (ඉපිටීමෙහි) ධාතුවෙන් සෑදුණු භාව කෘදන්ත පද යි. 3. සදි මායම් - ද්රො(හොපායයන් 4. යෙදූ - යොද (යෙදුම්හි) ධාතුවෙන් නිපන් ආධාර කාරක කාදන්ත යි.

(17) 22. තෙරුවන් මහිමෙ නු ත් සුරවරන් අනුහසිනු ත් එ රජු පින් බෙලෙනු ත් උවදුරක් නො ම වී ය මදකු ත්

අන්වය : තෙරුවන් මහිමෙනුත්, සුරවරන් අනුහසිනුත්, එ රජු පින් බෙලෙනුත් මඳකුත් උවදුරක් නො ම වී ය. පදාර්ථ : රත්නත්ර යාගේ මහිමයෙන් ද, සුරවරන්ගේ අනුභාවයෙන් ද, ඒ රජහුගේ පුණ්ය: බලයෙන්ද, ස්වල්ප උපද්ර,වයකුදු (රජුට) සිදු නෙ‍ා වී ය. ක්රිග: කා: ප: ස: උවදුරක් නො වී ය. ටිප්පණි. 1. තෙරුවන් - බුඬ, ධර්ම,, සඞ්ඝ, යන ත්රිුවිධ රත්නය. 2. සුරවරන් - (සුර + වර + අන්) සුර ශබ්දයෙන්පරව උත්තමාර්ථ ය දැක්වීම පිණිස වර ශබ්දය ද සම්බන්ධාුර්ථය දැක්වීම පිණිස “අන්” ප්ර්ත්ය ය ද යෙදිණ. 3. අනුහසිනුත් - අනුහසින් දු = (උකාරාගමයෙන්) අනුහසිනුදු = (අනත්යන උකාරලොපයෙන්) අනුහසිනුද් = (ද් යන්නට තකාරාදෙශවීමෙන්) අනුහසිනුත්, බෙලෙනුත් මඳකුත් යන තන්හි ද මෙසේ ම මැයි. 4. වි (ය) - ව (වීමෙහි) ධාතුව කෙරෙන් පරව ඊ යන ප්ර්ත්යයය යෙදී සෑදුණු අතීත කාල කර්තෘ කාරක ප්ර්ථම පුරුෂ එක වචනෙක ආඛ්යාුත පදය යි. “ය” යනු පද පුරණයෙහි යෙදුණු නිපාතයෙකි.

23. සත් ගුණ යුත් රජු ත් රජ කුමරුවන් ති දෙන ත් ගැලවුණු පමණ මු ත් වෙනින් ගැලවී සිටි කෙනෙක් නැ ත්




(18)

අන්වය : සත් ගුණ යුත් රජුත් රජ කුමරුවන් තිදෙනත් ගැලවුණු පමණ මුත් ගැලවී සිටි වෙනින් කෙනෙක් නැත්. පදාර්ථ : සත් ගුණයෙන් යුත් වූ රාජයා ද, රජ කුමරුවන් තිදෙනා ද, පමණක් මිස ගැලවී සිටි අන්යන කෙනෙක් නැත්තාහ.

ක්රි්: කා: ප: ස: කෙනෙක් නැත්. ටිප්පණි. 1. සත් ගුණ යුත් - යහපත් ගුණයෙන් යුක්ත වූ 2. රජුත් - සෙනරත් රාජයි ත් 3. රජ කුමරුවන් තිදෙනත් - කුමාරසිංහ, විජයපාල, රාජසිංහ යන තිදෙනා; සෙනරත් රජු ගෙන් පසු ක්රිර: ව: 1635 දී රාජසිංහ කුමාරයා මහනුවර රජ කමට පැමිණියේ ය. 4. ගැලවුණු - ගලව (ගැලවීමෙහි) ධාතුවෙන් පරව ‘උණු’ ප්ර ත්යයය යෙදී සෑදුණ කර්මම කාරක අතීත කාල කෘදන්ත පදයකි.

24. රුදුරු රකුසන් ලෙ ද යළි එ සෙන් රජ ගෙට වැ ද පෙට්ටි පියලි ද බි ඳ කොල්ල කා මුතු මැණික් බරණ ද

අන්වය: යළි එ සෙන් රුදුරු රකුසන් ලෙද රජ ගෙට වැද පෙට්ටි පියලි ද බිඳ මුතු මැණික් බරණ ද කොල්ල කා පදාර්ථ : නැවත ඒ සේනාව රෞද්රන වූ රාක්ෂදසයන් මෙන් රජ ගෙට ඇතුල් වී පෙට්ටි හා පොටලිකාවන් ද බිඳ මුක්තා මාණික්යාරභරණයන් ද කොල්ල කා-





(19) ටිප්පණි.

1. වැද - වද (වැඳීමෙහි - ප්රකවිෂ්ට වීමෙහි) ධාතුවෙන් සෑදුණ පූර්වය ක්රිීයාව යි. 2. බිඳ - බිද (බිඳීමෙහි) ධාතුවෙන් සෑදුණ පූර්වද ක්රිෑයාව යි. 3. පියළි - පොටලිකා (පොට්ටනි.)

25. උඩ රට හිමි පබ ඳ අග බිසෝවරු දෙ දෙන ඳ දැසි දස් පිරිවර ඳ සමග කැඳවා අවුත් එක බ ඳ

අන්වය : පබඳ උඩ රට හිමි අග බිසෝවරු දෙ දෙන ද දැසි දස් පිරිවර ද සමග එක බඳ කැඳවා අවුත් පදාර්ථ : ප්රරසිඬවූ උඩ රට ස්වාමියා (රජු) ගේ අග බිසෝවරුන් දෙ දෙනාද දාසි දාස පිරිවරා ද, සමග එකාකාරයෙන් කැඳවා අවුත්. ටිප්පණි. 1. උඩ රට හිමි - උඩ රට රජු ගේ 2. අග බිසෝවරු දෙ දෙන - සෙනරත් රජ හට සූරිය මහ අදහසින් ද අනන්ත අදහසින් ද යන බිසෝවරු දෙ දෙනෙක් වූහ. මේ දෙ‍ දෙනා අල්ලා ගනු ලැබූ බවක් ඉතිහාසයෙහි සඳහන් වී නැත. බරෙත්තු විසින් කුමරියෝ දෙ දෙනෙක් අල්ලා ගනු ලැබූහ යි සිතිය හැක. 3. දැසි දස් - දාසියන් හා දාසයන් 4. කැඳවා - කැඳ (කැඳීමෙහි) ධාතුවෙන් සෑදුණ ප්ර යොජ්ය් පූර්වද ක්රිවයාව යි.




(20)

26. කඳු දුදුළැති නොම ඳ එතෙරවා කෝරළ බ ඳ එක් ගමෙක සිතු ලෙ ද නුවර කර තම යෙන් සමග ඉ ඳ

අන්වය : නොමඳ කඳු දුදුළ ඇති එතෙරවා කොරළ බඳ එක් ගමෙක සිතු ලෙද නුවර කර තම යෙන් සමග ඉඳ - පදාර්ථ : බොහෝ පර්වඳත දුගීයන් ඇත්තා වූ එ තෙරවා කෝරළය බඬ එක් ගමෙක සිත් වූ පරිද්දෙන් නගරය කොට ස්වකීය සේනාව හා සමඟ ඉඳ - ටිප්පණි. 1. කඳු දුදුළාති - (කඳු දුදුළ + ඇති) කඳු හා දුර්ග්යන් ඇති “දුදුළ’ නම් යාමට දුෂකර වූ ස්ථානයි.

27. අන්තොන් බරෙන්තු ත් පෙරළි මැතියන් සැවොම ත් එ දෙස බද වන්නි ත් එක් ව උනුනුත් වෙමින් එක සි ත්

අන්වය : අන්තොන් බරෙන්තුත් පෙරළි මැතියන් සැවොමත් එ දෙස බද වන්නිත් එක් ව උනුත් එක් සිත් වෙමින් පදාර්ථ : අන්තොනි ‍බරෙන්තු ද, රාජ ද්රො හී මන්ත්රිබන් සියලු දෙනා ද ඒ දිසාවට අයත් වන්යඅයන් ද රාශී භූත ව අන්යෝන්ය්යන් එක් සිත් ඇත්තවුන් වෙමින්

ටිප්පණි. 1. උනුනුන් - (උන් + උනුන්) අන්යොසන්යායන් 2. එක සිත් වෙමින් - එක සිත් ඇතියවුන් වෙමින්




(21)

මායාදුන්නේ රජ 28. අප සෙන් සහ පබ ඳ තැනින් තැන දි කර යු ද පැරද ගොස් බිය වැ ද සොළී රට එක් ගමකතුර වැ ද

අන්වය : පබද අප සෙන් සහ තැනින් තැන දී යුද කර පැරද බිය වැද ගොස් සොළී රට එක් ගමක තුර වැද

පදාර්ථ : ප්රකසිඬ වූ අප සේනාව හා තැන් තැන් වල යුඡ කොට පරාජිත ව භය ප්රාළප්තව ගොස් සොළී රට එක් ගමක් අභ්යාන්ත‍රයට වැද

ටිප්පණි. 1. අප සෙන් - කාව්යක කර්තෘ තෙමේ අපේ සේනාව යන්නෙන් පෘතුගිරිසි සේනාව අදහස් කරයි. 2. පැරද - පරද (පැරදීමෙහි) දයින් වූ පූර්වය ක්රිගයා යි. 3. සොළී රට - දකුණු ඉන්දියාවේ මයිසූර් ප්ර්දේශයෙහි දකුණු කොටසෙහි පිහිටි දෙශයකි. කාවෙරී ගඟ ගලාබස්නේ සොළී රට උඩිනි. 4. ගමකතුර - ගමක් තුළට.

29. උන් තනි වෙමි න්නේ නිරිඳු මායා දු න්නේ පත් බස් නොමි න්නේ යවා කැඳවා ගෙන්වමි න්නේ

අන්වය : තනි වෙමින්නේ උන්, මායාදුන්නේ නිරිඳු නොමින්නේ පත් බස් යවා කැඳවා ගෙන්වමින්නේ




(22) පදාර්ථ : තනිව උන් මායාදුන්නේ නරෙන්ද්රමයා බොහෝ සන්දේශයන් හා දූතයන් ද යවා කැඳවා ගෙන්වා ගෙන

ටිප්පණි. 1. තනි වෙමින්නේ - තනි වෙමින් ය යි යෙදිය යුතු තැන තනිවෙමින්නේ ය යි යෙදුණේ මායාදුන්නේ යන්න හා සම කොට එළි වැට රැකිම පිණිස ය. නොමින්, ගෙන්වමින් යන වචන ද, නොමින්නේ, ගෙන්වමින්නේ ය යි එ ලෙස ම යෙදිණ. ‘වෙමින් , ගෙන්වමින්’ යන දෙක පූර්වය ක්රිෙයාර්ථයෙහි යෙදුණු මිශ්ර, ක්රිනයා පදයි.

2. පත් බස් - පත්ර‍යන් හා වචනයන්, පත්ර,යන් යන්නෙන් සන්දේශ ද, වචන යන්නෙන් දූතයෝ ද ගැණෙත්.

80. රජ සිරි බැ ක ර බිසොවුන් ද සහ පිරි ව ර තැන තැන පෙරළි ක ර ඉඳින සඳ රුපු සෙනග නො විත ර

අන්වය , රජ සිරි සහ පිරිවර බිසොවුන් ද බාර කර නොවිතර රුපු සෙනග තැන තැන පෙරළි කර ඉඳින සඳ. පදාර්ථ : රාජ්ය ශ්රිබය ද පිරිවර සහිත වූ බිසොවුන් ද භාර කොට අප්රරමාණ වූ ශත්රැ සේනාව ඒ ඒ තැන පෙරළි කොට ඉඳින කල්හි

ලක් දිව පවත් ගෝවට ලියා හැරීම


81. කොළඹ රැඳි නැණව ත් පාදිරි සහ පදානි ත් සබනායක වරු ත් තතු විලස අසමින් ම එ පව ත්



(23) අන්වය : කොළඹ රැඳි නැණවත් පාදිරි සහ පදානිත් සබනායක වරුත් එ පව තතු විලස අසමින් ම - පදාර්ථ : ‍කොළොම් පරයෙහි වාසය කළා වූ ඥානවත් වූ පාදිලිවරුන් හා ප්රලධානයෝ ද සභා නායකයෝ ද ඒ ප්රාවෘත්තිය තත් වූ පරිද්දෙන් ශ්රධවණය කරමින් ම-

ටිප්පණි. 1. පාදිරි - (Padre) පියා, ක්රිහස්තියාන් ආගමේ පූජක වරයෙකුට මේ නම යෙදේ. 2. අසමින් - අස (ඇසුම්හි) ධාතුවෙන් සෑදුණ මිශ්රත ක්රිජයාව යි. පූර්වි ක්රි.යාර්ථය දෙයි.

32. රැස් ව එක තැන ඉඳ ලක් දිව පවත් තතු ලෙද ලියවමින් නිව රද ගෝව පුරයට හළෝ එ ම සඳ

අන්වය : එක තැන රැස් ව ඉඳ ලක් දිව පවත් තතු ලෙද ලියවමින් එම සඳ ගෝව පුරයට හළෝ පදාර්ථ : එක ස්ථානයෙහි රැස් වී ඉද ලඞ්කා ද්වීපය පිළිබඳ ප්ර වෘත්ති තත්වාකාරයෙන් නිරවද්ය් ව ලියවාඑකල්හි ගෝව පුරය‍ට යැවූහ.

ටිප්පණි. 1. තතු ලෙද - තත්වාඑකාරයෙන්, ඇති සැටියේ 2. ලියවමින් - ලිය (ලිවීමෙහි) ධාතුවෙන් සෑදුණ ප්රියොජ්යක මිශ්රා ක්රිවයාව යි; පූර්වථ ක්රියයාර්ථය දෙයි. 3. ගෝව පුරය - ඉන්දිඑයාවේ නිරිත දිග පිහිටි නගරයකි. ආසියාවේ පෘතුගිරිසීන්ට අයත් ප්රාදේශයන්හි ප්රිධාන ස්ථානය වූ මේ නගරය මේ දක්වා ම පෘතුගාලයට අයිති ය.



(24) 4. හළෝ - හර (හැරුම්හි) ධාතුවෙන් සෑදුණ කෘදන්ත නාමය යි. මෙය මේ පද්ය)යේ ආඛ්යාදතය වශයෙන් යෙදිණ. හළ + ඕ = හළෝ.

33. එ ගිය ගමනේ සෙ ද ගෝව පුරයට ගොස් වැ ද විසුරේ දැක පබ ද අස්න දක්වා අස් ව සිටි ස ද

අන්වය: ඒ ගමනේ ගිය සෙද ගෝව පුරයට ගොස් වැද පබඳ විසුරේ දැක අස්න දක්වා අස් ව සිටි සඳ පදාර්ථ : ඒ ගමනෙහි නියුක්ත වූ තැනැත්තා වහා ගෝවා පුරයට ගොස් ප්රරවිෂ්ට වැ ප්රයසිඬ වූ ප්රාතිරාජ තුමා දැක අස්න පෙන්වා අස් ව සිටි කල්හි ටිප්පණි. 1. ඒ ගමනේ ගිය - ඒ ගමනෙහි නියුක්ත වූ තැනැත්තේ 2. විසුරේ - (Viceroy) අග්රා්ණ්ඩුකාරයා හෙවත් උප රජ; එ කල්හි ගෝවෙහි ප්රසතිරාජයා වූයේ දොන් කුතිඤ්ඤෝ කොන්ඩේ ඩ රෙ ඩොන්ඩෝ (ක්රිා: ව: 1617 - 1619) නැමැත්තා ය.

විසුරේ උදහස් වෙයි 34. අසා එහි තතු ලෙ ස අණ බෙර ලවා පුර කු ස සෙන් රැස් කර නො ල ස මෙ සේ පවසයි වෙමින් උදහ ස

අන්වය : එහි තතු ලෙස අසා පුර කුස අණ බෙර ලවා නොලස සෙන් රැස් කර උදහස වෙමින් මෙ සේ පවසයි.




(25)

පදාර්ථ : එහි තත්වේ ප්රුකාරය අසා නගරය තුළ අණ බෙර හසුරුවා වහා සේනාව රැස් කොට කෝප වෙමින් මෙ සේ ප්ර්කාශ කර යි.

ක්රිව: කා: ප: ස: විසුරේ මෙ සේ පවස යි.

ටිප්පණි. 1. පුර කුස - පුර කුක්ෂි යෙහි, නගරය තුළ; 2. පවස යි - පවස (පැවැසුම් හි) ධාතුවෙන් සෑදුණ කර්තෘ කාරක වර්ත.මාන කාල ප්ර ථම පුරුෂ එක වචනෛක ආකඛ්යාඅත පදය යි. පවස + ආ + යි. = පවසයි. “යි” නිපාතය යෙදෙන කල්හි අන්ත්යහ ස්වරය හුස්ව වේ 35. අප නිරිඳුගෙ ‘තෙද’ ණ හිමිව පවති සතර ණ එ බැවින් වෙමිනුර ණ ඉදින රජෙකුත් ඇද්ද මෙ දෙර ණ

අන්වය : අප නිරිඳුගෙ තෙද අණ අතර අණ හිමි ව පවතී. එ බැවින් උරණ වෙමින් ඉදින රජෙකුත් මෙ දෙරණ ඇද්ද? පදාර්ථ : අප රාජයාගේ ආඥා තේජස චතුරර්ණිවය සීමා කොට පවතී. එ බැවින් උරණ වෙමින් ඉදින රජෙකුත් මෙ දෙරණ ඇද් ද? ක්රින: කා: ප: ස: i තෙද’ණ හිම් ව පවතී. ii රජෙකුත් ඇද්ද? ටිප්පණි. 1. තෙද’ණ - තෙද + අණ, තෙජස හා ආඥාව; 2. සතර.ණ - (සතර + අණ) චතුරර්ණකවය හෙවත් සතර මහා සාගරය.





(26)

86. කෙසරුන් වසන ව න ගිජිඳකු රඳන විලසි න අප අයිති රට වෙ න රජකු නො යෙදෙයි බඳිනු බලයෙ න

අන්වය : කෙසරුන් වසන වන ගිජිඳකු රඳන විලසින අප අයිති රට වෙන රජකු බලයෙන ඉඳිනු නො යෙ‍දෙ යි. පදාර්ථ : කෙශර සිංහයන් වාසය කරන්නා වූ වනයෙහි ගජෙන්ර් ර යකු වාසය කරන පරිද්දෙන් අප සතු ‍රටෙහි අන්යය රාජයකු බලයෙන් වාසය කිරීම යුක්ත නො වේ. ක්රින: කා: ප: ස: බදිනු නෙ‍ා යෙදෙ යි. ටිප්පණි. 1. කෙසරුන් - කේසරින්, කෙශර සිංහයන්, සිංහයාගේ බෙල්ලෙහි කෙසරු (ලෝම) රාශියක් ඇත්තෙන් ඕහට කේශර යන නම යෙදෙ යි. 2. වසන - වස (වැසුම්හි) ධාතුවෙන් සැදුණ ආධාරකාරක වර්ත්මාන කාල කෘදන්තය යි. 3. රඳන - රඳ (රැදුම්හි) ධාතුවෙන් සෑදුණ වර්තකමාන කාල භාව කෘදන්ත යයි. 4. ගිජඳකු - ඇත් රජෙකු. ගජ + ඉඳු + අක් + උ = ගිජඳකු. 5. ඉඳිනු - ඉඳ (ඉඳුම්හි) ධාතුවෙන් සෑදුණ භාව කෘදන්ත යයි.

87. ඉන් මෙ යුද ජය ගෙ න ලක තිල ලන්ට සුරු ව න මහ සෙනඟ අතුරෙ න කවුද? විමසා බලා නුවණි න





(27)

අන්වය : ඉන් මහ සෙනඟ අතුරෙන මෙ යුද ජය ගෙන ලක නිල ලන්ට සුරු වන කවු ද (යයි) නුවණින විමසා බලා - පදාර්ථ : එ හෙයින් මහා සේනාව අතුරෙන් ලංකාවේ ආරක්ෂාස තබන්ට සමර්ථථ වන්නෝ කවුරු දැයි නුවණින් විමසා බලා -

ටිප්පණි. 1. නිල ලන්ට - රැක ලන්ට , ආරක්ෂා් තබන්ට

කුස්තන් තිනු ද යා

88. පසක් සක් සරි ව න ප්ර්තිකල් රජුට මන මෙ න සළු අබරණ වඩ න මහත් ගරුතර කුලෙන් පැවතෙ න

අන්වය : පසක් සක් සරි වන, ප්රාතිකල් රජුට මන මෙන සළු අබරණ වඩන මහත් ගරුතර කුලෙන් පැවත එන - පදාර්ථ : ප්රැත්ය-ක්ෂ ශක්ර යා හා සදාශ වූ ප්රනතිකාල් රාජයා හට සිත් වූ පරිද්දෙන් ශාටකාභරණයන් අන්දවන මහත් වූ ගරුතර කුලයෙන් ප්රාවෘත්ත ව එන්නා වූ -

ටිප්පණි. 1. පසක් සක් - ප්ර්ත්ය-ක්ෂෂ ශක්රායා. ‘ශක්රරයා’ නම් දෙව් රජ ය. හේ මිනිසුන්ට නො පෙනේ. යම් ලෙසක්න් ඔහු මිනිසුන්ට ප්ර ත්ය්ක්ෂව වුවොත් (= පෙණුනොත්) මේ රජ ඔහු වැනි වෙ යි. 2. සළු අබරණ වඩන කුලෙන් - සළු අබරණ අන්දන්නාවූ කුලයෙන් ; සළු වඩන නිලම පරම්පර‍ාවෙන් 3. පැවතෙන - (පැවත + එන) ප්රසවෘත්ත ව එන්නා වූ



(28)

39. මවු පිය පර පුරෙ න සක කිරි සෙ පිරිසිදු ව න තම කුල’ඹර දිලෙ න සරා පුන් සඳ සිරින් හැම දි න

අන්වය : මවු පිය පරපුරෙන සක කිරි සෙ පිරිසිදු වන හැම දින තම කුල අඹර සරා පුන් සඳ සිරින් දිලෙන - පදාර්ථ : මවු පිය දෙ පරම්පරාවෙන් සඞඛයෙහි (දැමූ) ක්ෂී‍රය මෙන් පරිශුඬ වූ ද හැම දින කුල නැමැති ආකාශයෙහි ශරත් කාලයෙහි වූ පූර්ණද චන්ර්ආ යා ගේ ශ්රීදයෙන් දිලෙන්නා වූ ද ටිප්පණි. 1. සක කිරි - 5 වැනි පද්යයයාගේ ටිප්පණියෙහි සකකිරි යනු විස්තර වි ය. 2. කුල’ඹර - (කුල + අඹර) කුල ම අඹර = කුලඹර. 3. දිලෙන - දිල ( දිලුම්හි) ධාතුවෙන් සෑදුණ කර්තෘ කාරක වර්ත මාන කාල කෘදන්ත පද යි. දිල + එ + න = දිලෙන 4. සරා පුන් සඳ - ශරත් කාලයෙහි පූර්ණ චන්ර්ු යා ; වප් ඉල් යන දෙ මාසය ශරත් කාලයට ඇතුළති. ශරත් කාලයෙහි වන්ර් ශ යා අතිශයින් දීප්තිමත් ය. 5. සිරින් - ශ්රිශයෙන්, ලක්ෂ‍ණයෙන්

40. යුද කොට රටින් ර ට නොයෙක විරිදුන් මුලුපු ට එ තම කිතු මුතු ප ට සරා ලූ අට දිග’ඹුවන් ක ට

අන්වය : රටින් රට යුද කොට නොයෙක විරිදුන් මුලුපුට එ තම කිතු මුතු පට අට දිග’ඹුවන් කට සරා ලූ



(29) පදාර්ථ : රටින් රට යුඬ කොට නොයෙක් විරෝධීන් මුලොත්පාටනය කොට ඒ ස්වකීය කීර්තිති ලක්ෂ ණ මුකතා කලාපය අෂ්ට දිශා නැමැති ස්ත්රීකන් ගේ කණ්ඨයෙහි සජ්ජිත කළා වූ

ටිප්පණි. 1. මුලුපට - මූලොත්පාටනය කොට, සහමුලින් ම උදුරා දමා 2. කිතු මුතු පට - කීර්තනති ලක්ෂ ණ මුතු වැල. 3. අට දිග’ඹුවන් කට - අෂ්ට දිශා නැමැති කාන්තාවන් ගේ කණ්ඨයෙහි 4. ලු - ලා (ලීමෙහි) ධාතුවෙන් සෑදුණු අතීත කාලික කර්තෘි කාරක කෘදන්ත පද යි.

41. බාල කල පටනු ත් කෙළිනා හැම කෙළියෙනු ත් අවි සිප් සරඹිනු ත් නැණැතියන්ගෙන් ඉතා තුති ල ත්

අන්වය : බාල කල පටනුත් කෙළිනා හැම කෙළියෙනුත් අවි සිප් සරඹිනුත් නැණැතියන්ගෙන් නිතොර තුති ලත් පදාර්ථ : බාල කාලයෙහි පටන් ම ක්රීිඩනය කරන්නා වූ සකල ක්රී්ඩාවෙන් ද ආයුධ ශිල්පාහ්යරසයෙන් ද, ඥානවත් වූ අය‍ ගෙන් නිතර ස්තුති ලැබුවා වූ

ටිප්පණි. 1. අවි සිප් සරඹ - ආයුධ ශිල්පාභ්යයසය.





(30)

42. දෙස පුරුදුකා ලේ සව් සිරි විඳ විසා ලේ පටන් සිට බා ලේ වැඩුණු රජ කුමරුවන් වා ලේ

අන්වය : පුරුදුකාලේ දෙස විසාලේ සව් සිරි විඳ බාලේ පටන් රජ කුමරුවන් වාලේ වැඩුණු

පදාර්ථ: ප්රුතිකාල් දෙශයෙහි මහත් වූ සකල ඓශචර්යජ විඳ බාල කාලයෙහි පටන් රජ කුමාරයන් ගේ උපකාරයෙහි සිට වැඩුණා වූ ටිප්පණි. 1. පුරුදුකාලේ දෙස - ප්රැතිකාල්දෙශයෙහි 2. වැඩුණු - වැඩ (වැඩුම්හි) ධාතුවෙන් සෑදුණ අතීත කාල කර්තෘන කාරක කෘදන්ත පද යි. 3. වාලේ - වහලේ = වාලේ; ‘වහල’ යනු ‘උපකාර’ යන අර්ථයෙහි ද යෙදෙන සදකි.

43. තම රජු ගෙ සි ත්තූ ලෙස පැවත යහප ත්තූ ආ බද කිරි ස්තූ සමග ලත් තනතුරු මහ ත්තූ

අන්වය : තම රජු ගෙ සිත්තූ පැවත යහපත්තූ ආ බද කිරිස්තූ සමඟ මහත්තූ තනතුරු ලත්

පදාර්ථ : ස්වකීය රාජයා ගේ සිත් වූ පරිද්දෙන් ප්රරවෘත්ත ව යහපත් වූ ආබද කිරිස්තූ නැමැති උපාධිය හා මහත් වූ ස්ථානාන්තරයන් ලද්දා වූ



(31) ටිප්පණි. 1. සිත්තූ - සිත් + වූ - සිත් තූ, පූර්වා රූප විධියෙන් සිඬ යි. යහපත් තූ , මහත් තූ, යන වචන‍යන්ගේ සිඬිය ද මේ අයුරු ය. 2. ආ බද කිරිස්තූ - මෙය ක්රිඬස්තුස් වහන්සේගේ ශ්රෙ ෂ්ඨ පඞක්තියේ නෛට් පදවිය පිළිබඳ උපාධිය යි.

44. සැදි කො වේ මා වේ පුරවර ලුවිස බෝ වේ මහ රජුට සේ වේ පිණිස ඇවිදින් සිටිය ගෝ වේ

අන්වය : කොවේ මාවේ සැදි ලුවිසුබොවේ. පුරවර මහ රජුට සේවේ පිණිස ඇවිදින් ‍ගෝවේ සිටිය

පදාර්ථ : කුඩා වීථින් හා මහා වීථීන්ගෙන් සැදුම් ලද ලිස්බන් නැමැති පුරවරයෙහි මහා රාජයා හට සේවය කිරීම පිණිස අවුදින් ගෝව පුරයෙහි සිටියා වූ

ටිප්පණි. 1. කොවේ මාවේ - කුඩා වීථි හා මහා වීථි 2. ලුවිසූ බෝවේ පුරවර - Lishon - ප්ර තිකාල් රටේ අග නුවර වූ ලිස්බන් නැමැති නගරය 3. සේවේ - සේවය (Service)

45. නෙක විරිදුන් න සා දිග’ත පිරවූ යස සා කුස්තන්තිනු ද සා‍ නැමැති උතුමා ගුණැ’ති වෙසෙ සා




(32) අන්වය : නෙක විරිදුන් නසා දිග’ත යසසා පිරවූ කුස්තන් තිනු ද සා නැමැති වෙසෙසා ගුණ ඇති උතුමා පදාර්ථ : නොයෙක් විරෝධීන්නසා දිශාන්තයෙහි කිර්තසතියට සම්පූර්ණත කළ කුස්තන්තීනු ද සා නැමැති විශිෂ්ට ගුණයෙන් යුක්ත වූ උත්තමයා ටිප්පණි. 1. නෙක විරිදුන් - නොයෙක් සතුරන් 2. දිග’ත - දිශා‍න්තයෙහි 3. නැමැති - නම් + ඇති = නැමැති = නාමයෙන් යුක්ත වූ

46. කැඳවා නො ව ල සා අදර දක්වා වෙසෙ සා කරවා සිත තො සා මෙ‍ සේ නැණවත් තෙපුල් පව සා

අන්වය : නො ව ලසා කැඳවා වෙසෙසා අදර දක්වා සිත තොසා කරවා මෙ‍ සේ නැණවත් තෙපුල් පවසා පදාර්ථ : අනලස ව කැඳවා විශෙෂයෙන් ආදරය පෙන්වා සිත සතුටු කොට මෙ ලෙස ඥානවත් වූ වචනයන් ප්රසකාශ කර යි. ක්රිෙ: කා: ප: ස: (විසුරේ) තෙපුල් පවසා. ටිප්පණි.

1. නො ව ලසා - අනලස් ව, වහා 2. පවසා - පවස (පැවසුම්හි) ධාතුවෙන් සෑදුණ කර්තෘර කාරක වර්තලමාන කාල ප්රඥථම පුරුෂ එක වචන ආකඛ්යාසත පද යි.






(33) 47. “මැඩියන් ගොදුරු ග ත් නා කැල නොමඳ වෙසෙත ත් දැරිමට දෙරණ ත් අනත උරගිඳු තුමා මය ව ත්

අන්වය : මැඩියන් ගොදුරු ගත් නොමද නා කැල වෙසෙතත් දෙරණත් දැරිමට වත් අනත උරගිඳු තුමා ම ය.

පදාර්ථ : මණ්ඩුකයන් ගොදුරු කොට ගත්තා වූ බොහෝ නාග සමූහයා වාසය කරතත් ධරණීතලය (පොළොව) දැරීමට සමර්ථා වූයේ අනන්ත නම් වූ නාගෙන්රොණ්ඩ ත්තමයා ම ය.

ක්රිත: කා: ප: ස: - වත් අනත උරනිදු තුමා ම ය.

ටිප්පණි. 1. වෙසෙතත් :- වෙසෙත් යනු “වස” ධාතුවෙන් සෑදුණු අසම්භාව්ය ක්රි.යාව යි. ‘ත්’ යන්න ‘ද’ නිපාතයෙන් සිද්ධ වූවකි. 2. අනත උරගිඳු - අනන්ත නම් නාග රාජයා. මෙතෙම පොළො උසුලාගෙන සිටීලු.

48. මෙ තොප සිතුවොත් වැ ර තුඹසෙක තුඟු සුනෙර ගි ර කිඳලෙක මහ සයු ර මෙ දඹදිව මිදුලෙක තමන් දො ර

අන්වය : මෙ තොප වැර සිතුවෙත් තුඟු සුනෙර ගිර තුඹසෙක, මහ සයුර කිඳලෙක.මෙ දඹදිව මිදුලෙක තමන් දොර මිදුලෙක




(34)

පදාර්ථ - මේ යුෂ්මත්හු වීය්ය්ො ය චින්තනය කළ හොත් උත්තුඞග වූ‍ මහමෙර තුඹසෙකි. මහා සාගරය කුඩා ඇලකි. මේ ජම්බු චීපය ස්වකීය ගෘහ වාරයෙහි වූ මිදුලෙකි

විස්තරාර්ථ - ගැඹුර ඇති සාගරය කුඩා ඇලකටද උස් වූ මහා මේරු පර්ව තය තුඹසකට ද, බොහෝ ගැඹුර අත් විශාල වූ දඹ දිව ගෘහ වාරයෙහි වූ මිදුලකට ද, උපමා කිරීමෙන් සා ගේ විය්යායෙ තිශය දක්වන ලදී.

ක්රින: කා: ප: ස: - i සුනෙර තුඹසෙක ii සයුර කිඳලෙක iii දඹදිව මිදුලෙක

ටිප්පණි. 1. තුඹසෙක - තුඹසෙක් ය යකාරය ලොප්ව ‘තුඹසෙක’ කියා සන්ධිෙ මේ. කිඳදලෙක, මිදුලෙක යන වචන යන් ගේ පද සිඬිය ද මෙසේ ම ය.

49. මෙ තොපි සරි කළ’ස ක රණ සමුදුරට සුනෙරෙ ක අප මහ සෙන් නොයෙ ක රකින තර සර විදුරු පවුරෙ ක

අන්වය : - අසක මෙ තොපි සරි කළ රණ සමුදුරට සුනෙරක; නොයෙක අප මහ සෙන් රකින තර සර විදුරු පවුරෙක.

පදාර්ථ : - ස්වල්පයකුදු මේ යුෂ්මත්හු සදාශ කළ හොත් යුඬ නැමැති සමුද්ර යට මහා මේරු පර්ව්තයකි; අනෙක වූ අසමදීය මහා සේනාවන් රක්ෂාය කරන්නා වූ ස්ථිර සාර වූ වජ්රහ ප්රාමකාරයකි.


(35)

ක්රි3: කා: ප: ස: - i තෙපි සුනෙරෙක. ii තෙපි වීදුරු පවුරෙක.

ටිප්පණි. 1. සරිකළ’සක - කළ + අසක = කළ’සක; අසක අංශුවක් හෙවත් ස්වල්ප මාත්රළයක්. 2. රකින - “රක්” (රැකිමෙහි) දයින් නිපන් කර්තෘ කාරක වර්තහමාන කාල කෘදන්තය යි. 3. විදුරු - වජ්රක හෙවත් දියමන්ති.

50. ඉන් මෙ යුද ජය ගෙ න ලක නිල ලන්ට සුරු ව න මහ සෙනඟ අතුරෙ න මෙ තොප මිස මෙහි කෙනෙක් නැත වෙන

අන්වය : ඉන් මහ සෙනඟ අතුරෙන මෙ යුද ජය ගෙන ලක නිල ලන්ට සුරු වන කෙනෙක් මෙහි මෙ තොප මිස නැත.

පදාර්ථ : එහෙයින් මහා සේනාව අතුරෙන් මේ යුඬය ජය ගෙන ලංකාව ආරක්ෂා වෙහි තබන්ට ශූර වන්නා වූ අනික් කෙනෙක් මෙහි මේ යුෂ්මතුන් විනා නැත්තාහ.

ක්රිු: කා: ප: ස: - කෙනෙක් නැත

51. මෙ ලෙස නෙක තුති කො ට අනගි ව න් දි තුටු ‍ෙකා ට සිරි ලකට යුදය ට යන සෙ සමු දිනි නිසි අදර කො ට




(36)

අන්වය : මෙ ලෙස නෙක තුති කොට, අනගි වන් දී තුටු ‍ෙකාට නිසි අදර කොට සිරි ලකට යුදයට යන සෙ සමු දිනි.

පදාර්ථ : උක්ත ප්රිකාරයෙන් අනෙක ස්තුති කොට අනර්ඝක වස්තු දානය කොට සන්තුෂ්ට කොට නිසි සේ ආදරය කොට ශ්රීට ලඞකාවට යුඬයට යන ලෙස අවසර දුන්නේ ය.

ක්රිට: කා: ප: ස: - හේ සමු දිනි.

ටිප්පණි. 1. දිනි - “දෙ”(දීමෙහි) දයින් නිපන් අතීත ආකඛ්යා.ත ප්රතථම පුරුෂ එක වචනය යි. 2. සමු - සම්මුති හෙවත් අවසර.

ලක්දිව් ඊමට සැරසීම.

52. නෙක යුද දිනූ පෙ ර එ මහත් නැවක් තර ක ර හැම මේ නිමා ක ර රුවල් සහ කඹ කුඹන් සුලක ර

අන්වය : පෙර නෙක යුද දිනූ එ මහත් නැවක් තර කර හැම මේ නිමා කර රුවල් කඹ සහ කුඹත් සුලකර (කර)

පදාර්ථ : පූර්වසයෙහි අනෙක යුඬ‍යන් ජය ග්රාහණය කළා වූ ප්ර්සිඬ වූ විශාල නෞකාවක් ස්ථිරිකෘත කොට සියලු කර්මියන් නිමවා රුවල් ද කඹ සහ කුඹ ද ස්වලඞකාර කොට ( = සරසා = පිළියෙල කොට)



(37)

53 අවි සිප් උග ත්තන් කෙසර සෙ බුජ බලැ ත්තන් යුදයට සම ත්තන් නංවමින් දැඩි එ කප්පි ත්තන්

අන්වය : - අවි සිප් අගත්තන් කෙසර සෙ බුජ බලැත්තන් යුදයට සමත්තන් දැඩි එ කප්පිත්තන් (නැවට) නංවමින්.

පදාර්ථ : - ආයුධ ශිල්පය ඉගෙන ගත් කෙශර සිංහයන් සේ බාහුලව ඇත්තා වූ යුඬයට සමර්ථා්වූ දාඪ වූ ප්ර්සිඬ කප්පිත්තන් නැවට නංවා -

ටිප්පණි. 1. කෙසර සෙ බුජ බලැත්තන් - කෙශර සිංහයන් සේ බාහු බල ඇති කෙසරින් යනු සිංහයාට නමෙකි. කෙසර නම් දික් ලොම් ය. කෙසර ඇතියේ කෙසරින් ය. කෙසර + ඉන් + කෙසරින්. ‘බාහු’ නම් අතයි.

2. කප්පිත්තන් - යුඬ නිලධාරීන් (Captains)

54. කාල’ත් තුවක්කු ත් දිඟු තර කසි තුවක්කු ත් වෙඩි උණ්ඩ බේතු ත් ලන්ස පටිස්තාන ද නන’වි ත්

අන්වය : කාල තුවක්කුත් දිඟු තර කයි තුවක්කුත් වෙඩි උණ්ඩ බේතු ත් ලන්ස පටිස්තාන ද නන් අවිත්.




(38)

පදාර්ථ - කාල තුවක්කු හා අත් තුවක්කුද අතිශයින් දික් වූ අත් තුවක්කු ද වෙඩි උණ්ඩ සහ වෙඩි බේත් ද ලන්ස ද පටිස්තාන සහ නානා විධ ආයුධයන් ද.

ටිප්පණි. 1. කාල’ත් - කාල + අත්. 2. කයි තුවක්කු - අත් තුවක්කු: මේ ශබ්ද දෙක ම ද්රකවිඩ භාෂාවෙන් භින්න යි. 3. ලන්ස - හෙල්ල 4. පටිස්තාන - තෝමර. තෝමර නම් දමා ගසන ආයුධ විශෙෂයකි.

55. රන් රිදී පෙට්ටි ත් තන් වග පිළි කට්ටු ත් ලුණැ’ඹුල් දිය දර ත් නංවමින් නන් වතුන් අනිකු ත්

අන්වය : රන් රිදී පෙට්ටිත් තන් වග පිළි කට්ටුත් ලුණු ඇඹුල් දිය දරත් අනිකුත් නන් වතුන් නංවමින් -

පදාර්ථ : - රත් රන් සහ රිදී පෙටිටි ද නානා වර්ගීය රෙදි පොදි ද ලුණු ඇඹුල් දිය (සහ) දර ද අන්යෙ වූ නොයෙක් වස්තූන් ද (නැවට) ආරූඪ කරවා.

ටිප්පණි. 1. කට්ටු - මිටිය (දෙමළ) 2. ලුණැඹුල් - ලුණු + ඇඹුල් = ලුණැඹුල්.




(39)

56. සුගත සිඳු යු රවා පසඟ තුරු ගොස ක රවා දස දෙස දෙද රවා දහස් සුවහස් වෙඩිත් හ රවා

අන්වය : සුගත සිඳු යුරවා පසඟ තුරු ගොස කරවා දස දෙස දෙදරවා දහස් සුවහස් වෙඩිත් හරවා.

පදාර්ථ : යුගාන්තයෙහි සමුද්රයය බඳු වූ පඤවාඞගික තූර්ය ඝොෂා පවත්වා දශ දිශාවන් දෙදරවමින් සහස්රි ශත සහස්ර ගණන් වෙඩි (ශබ්ද) ද හරවා -

ටිප්පණි. 1. සුගත - යුගාන්තය, හෙවත් කල්ප විනාශය. 2. පසඟ තුරු - පඤචාඞගික තූර්යව. ආතත, විතත, විතතාත, ඝන, ශුෂිර, යන පස. ආතත - එක් මුහුණු බෙර. විතත - දෙ මුහුණු බෙර. විතතාත - දෙ පැත්තේ ද මැද ද මුහුණු ඇති බෙර. ඝන- කයි තාලම. ශුෂිර - වස්, සක්දඬු, හොරණෑ ආදිය. 3. දසදෙස - සතර දිසා හා සතර අනු දිශා ද උඩ හා යට ද යන පැති දසය.

57. තම දෙවි පද ල සා සුසදා තමන් සිර සා කුස්තන්තිනු ද සා නැමැති ජන රජු වෙමින් සතො සා




(40) අන්වය :- තම දෙවි පද ලසා තමන් සිරසා සුසදා කුස්තන්තිනු දසා නැමැති ජන රජු සතොසා වෙමින්-

පදාර්ථ : - ස්වකීය දෙවියන් ගේ පාදය වහා තමන්ගේ මස්තකයෙහි සු සජ්ජිත කොට කුස්තන්තීනු ද සා නම් වූ ජන රාජයා සන්තොස වෙමින් -

ටිප්පණි. 1. ලසා - වහා හෙවත් ශීඝ්රා ව.

58. කග පලග ගෙන’ත ට අසුර බටයකු විලස ට සැර සෙමින් යුදය ට නැඟුණ සඳ තුඟු විසල් එ නැව ට

අන්වය :- කග පලඟ අතට ගෙන අසුර බටයකු විලසට යුදයට සැර සෙමින් තුඟු විසල් එ නැවට නැඟුණ සඳ -

පදාර්ථ :- කඩුව හා පලිඟ හස්තයට ගෙන අසුර භටයකු ගේ විලාසයෙන් යුඬයට සැරසෙමින් උස්වූ ද විශාල වූ ද ඒ නෞකාවට ආරූඪ වූ කල්හි -

ටිප්පණි 1. ගෙන’තට - ගෙන + අතට = ගෙණතට, පූර්ව ස්වර ලෝප සන්ධි.ය යි.

2. අසුර බටයකු - ප්ර ජාපතිකාශ්යයපයන්හට දිති අදිති යන භාර්යාවවෝ දෙ‍ දෙනෙක් වූහ. දිතිය ගේ පුත්තු දෛත්ය යන නාමයෙන් ද, අදිතිය ගේ පුත්තු




(41) ආදිත්ය් යන නාමයෙන් ද දන්නා ලද හ; කල් යාමේ දී ආදිත්ය්යෝ අසුර යන නාමය ද ගත්හ. අසුරයන් ප්ර්ථමයෙන් වාසය කෙළේ මහා මේරු පර්වගතයාගේ මස්තකයෙහි ය; සූරයෝ යුඬ කොට අසුරයන් එයින් පන්නා දැමූහ; ඉන් පසු අසුරයෝ මහා මේරු පර්වසතයේ අධොභාගය වාස භූමි කොට ගත්හ.

59. මාලිම සතර ලෙ ස තුරු පෙළ බලා නුබ කු ස ලක්දිවට එන ලෙ ස රුවල් අදිමින් හළෝ සිදු කු ස

අන්වය: - මාලිම සතර ලෙස නුබ කුස තුරු පෙළ බලා ලක්දිවට එන ලෙස රුවල් අදිමින් හළෝ සිදු කු හළෝ.

පදාර්ථ : - නෞකා ශිල්පානු කූල ව ආකාශ කුක්ෂිබයෙහි තාරකා පඞ්ක්තිය අවලෝකනය කො‍ට ලංකා බීපයට එන මෙන් රුවල් ඇද (නැව) සමුද්ර කුක්ෂි යෙහි හැරියෝ ය.

ක්රින: කා: ප: ස: - (නැවියෝ නැව) සිදු කුස හළෝ.

ටිප්පණි. 1. මාලිම සත :- නෞකා ශිල්පය

2. තුරු පෙල බලා :- තාරකා පඞක්තිය බලා පුරාතනයේ නැව් ගමන් කෙළේ තාරකා ලකුණු බලා ගෙන ය. කොම්පාස් නම් දිශාඥාපනය යන්ත්ර ය නිසා දැන් ඒ ක්රමමය අවශ්යඥ නො වේ.





(42)

60 මොහු පින් මහිමෙනු ත් යේසු දෙවි අනුහසිනු ත් නො වී කිසි දුකකු ත් අතර දිවයින් ගෙවා නොයෙකු ත්

අන්වය : - මොහු පින් මහිමෙනුත් යේසු දෙවි අනුහසිනුත් කිසි දුකකුත් නො වී අතර නොයෙකුත් දිවයින් ගෙවා.

පදාර්ථ :- මේ ජන රාජයා ගේ පුණ්ය මහිමයෙන් ද යේසුස් (ක්රි්ස්තුස්) දෙවියන්ගේ ආනුභාවයෙන් ද කිසි දුකක් නො වී අතර තුර පිහිටි අනෙක වූ දූපත් පසු කරමින් -


61 නෙක රුපු සපුන් ග ත් රුවල් පිය පතරින් යු ත් නැවි ගුරුළිඳු මහ ත් කොළොම්තොට මුණයට වී ය ප ත්

අන්වය :- නෙක රුපු සපුන් ගත් රුවල් පිය පතරින් යුත් මහ නැව් ගුරුලිඳු කොළොම් තොට මුණයට පත් වි ය.

පදාර්ථ :- නොයෙක් සතුරන් නැමැති සර්පපයන් ග්ර හණය කළා වූ රුවල් නැමැති පක්ෂළ පත්ර යෙන් යුක්තවූ මහත් වූ නෞකා නැමැති ගරුඩෙන්ර්්ෂළයා කොළොම් තොඑටට ප්රා්ප්ත වූයේ ය.

ක්රිෙ: කා: ප: ස: - නැව් ගුරුළිඳු තොට මුණයට පත් වී ය.

විස්තරාර්ථෂ :- ගුරුළිඳු සර්ප යන් (නාගයන්) හා වීරූඩ ය. නාගයෝ පෙ‍ාළොව යට පිහිටි පාතාල ලොකයෙහි වසති. විෂ්ණුහු ගේ වාහනය වූ ගුරුළු තෙමේ මුහුදට පියා පත් වලින් ගසා දිය දෙබේ වූ කල්හි දක්නා ලැබෙන නාගයන් ගෙන අහසට පනී.


(43)

ටිප්පණි. 2. පිය පතරින් - පියා පත් සමූහයෙන් , පිය පතර + ඉන්

ලක් දිවට පැමිණීම.

62 මහත් නියගින් ත ද සස් කෙතක් නස්න ලෙ ඳ ගන ගුම් කර නොම ඳ වැසපු මහ මේ කුළක් ලෙස ට ද

අන්වය :- මහත් තද නියගින් සස් කෙතක් නස්නා ලෙද නො මඳ ගන ගුම් කර වැසපු මහ මේ කුළක් ලෙසට ද

පදාර්ථ :- මහත් වූ දරුණු නිදාඝයෙන් ශස්ය් ක්ෂෙගත්ර්යක් විනාශ වන්නාක් මෙන් බොහෝ මෙඝ ගජිනය කොට වැස්සා වූ මහා මේඝ කූටයක්හුගේ විලාසයෙන් ද,

ටිප්පණි 1. සස් කෙතක් - ශස්යා (ධාන්යෙ) ක්ෂෙයත්රනයක් 2. මහ මේ කුළක් - මහා මේඝ කූටයක්, මහා වැසි වලා කුළක්

63 රෝ දුක් වැද එස ඳ පෙළෙන සත හට එක බ ඳ අම ඔසු ගෙන නො ම ඳ සැපත් වූදිව වෙදකු විලස ඳ

අන්වය :- එසඳ රෝ දුක් වැද පෙළෙන සත හට එක බඳ නො මඳ අම ඔසු ගෙන සැපත් වූ දිව වෙදකු විලස ද



(44)

පදාර්ථ :- ඒ කාලයෙහි රෝග දුඃඛයන් පැමිණ පීඩිත වූ සත්වුයා හට එකාකාරයෙන් බොහෝ වූ දිව්යඒ ඖෂධයන් ග්ර්හණය කොට සම්ප්රාෙප්ත වූ දිව්යක වෛද්ය්යකු ගේ ආකාරයෙන් ද

විස්තරාර්ථ  :- කුස්තන්තීනු දසා අම ඔසු රැගෙන පැමිණි දිව්යය‍ වෛද්යරයකුට සදාශ කිරීමෙන් , එකල මහත් වියවුල් පැවැති බැව් අදහස් කැරිණ.

ටිප්පණි. 1. වැද - ‘වද’ ධාතුවෙන් සිද්ධ හෙත්වබත්වය පූර්ව් ක්රිවයා යි. 2. අම ඔසු - අමෘත ඖෂධයක්

64 රුදු සතුරු බිය වැ ද මෙ ලක උන් තැන තැන වැ ද හැම සතන් කර න ද නැවින් ගොඩ බැස මෙ අප හිමි ස ඳ

අන්වය :- රුදු සතුරු බිය වැද මෙලක තැන තැන වැද උන් හැම සතන් නද කර මෙ අප හිමි සඳ නැවින් ගොඩ බැස

පදාර්ථ :- රෞද්ර් වූ සතුරන් ගේ භයට වැදීමෙන් ඒ ඒ ස්ථානයට‍ ගොස් සිටි සියලු සත්වියන් ආනන්දව කොට මේ අප ගේ ස්වාමි චන්ර්නයටයා නෞකාවෙන් ගොඩට පැමිණ

65 කොළොම්පුර වඳිමි න එහි රැඳි පදානින් ගෙ න සිරි ලකෙහි පවති න පුවත් විමසා අසා දැන ගෙ න



(45)

අන්වය :- කොළොම්පුර වඳිමින එහි රැඳි පදානින් ගෙන සිරි ලකෙහි පවතින පුවත් විමසා අසා දැන ගෙන

පදාර්ථ : - කොළොම් පුරයට ප්රිවිෂ්ට ව ඒ පුරයෙහි වාසය කළා වූ ප්රරධානයන් ගෙන් ශ්රීො ලඞකාවෙහි ප්රනවෘත්ත වන්නා වූ ප්රරවෘත්තීන් විමංසනය කොට ශ්රීවණය කොට දැන ගෙන.

66 මෙ අප හිමි සසොබ න මල්වාන පුර විදිමි න සිවු දිසාපතිය න දක්කවා ගෙණ සෙනග සමගි න

අන්වය :- සසොබන මෙ අප හිමි මල්වාන පුරයට විදිමින සිව් දිසාපතියට සෙනග සමගින් දක්කවා ගෙන

පදාර්ථ :- සශොභන වූ මේ අපගේ ස්වාමියා මල්වාන (නම් වූ) නගරයට ප්රරවිෂ්ට වෙමින් චතූර් දිශා පතීන් සේනාව හා සමග දශර්නමය කරවා ගෙන

ටිප්පණි.

1. මල්වාන - හේවාගම් කෝරළයෙහි පිහිටි මේ ගම් අසවේදු (ක්රිට: ව: 1594 - 1612) ගේ කාලයේ පටන් ප්රටධාන පිත්ත තැනගේ වාසස්ථානය වී ය. දොන් ජුවන් ධර්මේපාල රජ් මළ පසු පෘතුගිරීසීන්ට අයිත් ප්ර දෙශවල විසූ ප්ර්ධානයන් ගෙන් දිවුරුම් ගෙන ඇති කළ මල්වානේ ගිවිසුම පෘතුගිරිසි සමයට අයත් වැදගත් සිඬියකි.

2. සිව් දිසා පති - ඒ කාලයේ පෘතු ගිරිසීන් අසත් ප්රඇදේශය ප්ර ධාන දිසා සතරකට බෙදින ලදී. සතර කෝරළය, සත් ‍කෝරළය, මාතර හා සබරගමුව ඒ දිසාවෝ වූහ.


(46)

67 මහ සෙනඟ දිඩ ත ර පිරිවරා නො ම ඉඩ හැ ර අප නිරිඳු වැඩ ක ර පුරට සපැමිණ මැණික් කඩව ර

අන්වය :- දිඩතර මහ සෙනඟ ඉඩ නො ම හැර පිරිවරා වැඩ කර අප නිරිඳු මැණික් කඩවර පුරට සපැමිණ

පදාර්ථ :- දෘඪ තර වූ මහා සේනාව අවකාශ නො හැර පිරි වරා ගෙන අභිවෑධිකාරී වූ අප ගේ නරෙන්ර්දෘඪ තෙම මැණික් කඩවර (නම් වූ) පුරයට සම්ප්රාූප්ත වී -

ටිප්පණි.

1. සපැමිණ - ‘ස’ උපසර්ගත පූර්වව ‘පමුණු’ දයින් සිද්ධ පූර්වි ක්රිොයා යි. 2. මැණික් කඩවර - සතර කෝරළේ පිහිටි ගමකි. මෙය පෘතුගිරිසීන් ගේ ප්රිධාන යුද කඳවුරක් වි ය.

68 එ පුර රැඳි තිර කො ට පුරුදු කල් මහ සෙනඟ ට පඩි දී නිසි ලෙස ට ළ තර කප්පිත්තනුත් තොස කො ට

අන්වය :- එ පුර තිර කොට රැඳි පුරුදු කල් මහ සෙනඟට නිසි ලෙසට පඩි දී ළතර කප්පිත්තනුත් තොස කොට -

පදාර්ථ :- ඒ නගරය ස්ථිරිකෘත කොට වාසය කළ ප්ර්තිකාල් මහා සේනාවට යථාකාරයෙන් වැටුප් දී ස්තබ්ධ වූ හෘදය ඇති කප්පිත්තන් ද සන්තෝෂ කොට -

ටිප්පණි. 1. පුරුදු කල් - ප්රඇතිකාල්. 2. ළ තර - ස්ථිර හෘදය ඇති. (47)

69 මායා දුනු, සත ර කෝරළෙහි - සෙන් පුවත ර දක්වා ගෙණ නො හැ ර පිළිසඳර බස් කියා අම යු ර

අන්වය :- මායා දුනු සතර කෝරළයෙහි පුවතර සෙන් නො හැර දක්වා ගෙණ අම යුර පිළි සඳර බස් කියා -

පදාර්ථ :- මායා දුනු කෝරළයෙහි ද සතර කෝරළයෙහිද ප්රවසිඬ වූ සේනාවන් වර්ජිත නො කොට දර්ශඳනය කරවා ගෙන අමෘතාකාර වූ පටිසත්ථාටර වචන ප්රාකාශ කරමින් -

ටිප්පණි

1. පිළිසඳර බස් - සුවදුක් විචාරීම් ආදී ප්රීපතිජනක කථා යි. 2. අම’යුර - අමෘතාකාර වූ, අම + අයුර.


70 සහ තරු පිරිවරි න ගමනොත පුන් සඳක් මෙ න සිය සෙනග සමගි න මෙ අප හිමි මල්වාන පුර ව නි

අන්වය :- සහ තරු පිරිවරිනි ගමනොත පුන්සඳක් මෙනි මෙ අප හිමි සිය සෙන් සමගිනි මල්වානපුරයට වනී. පදාර්ථ :- තාරකා පරිවාරයෙන් යුක්ත ව ගමනෙහි යෙදුණ පූර්ණ චන්ර්ර යකු ගේ විලාසයෙන් මේ අසමදීය ස්වාමි තෙම ස්වකීය සේනාව සමග මල්වාන පුරයට ප්රාමප්ත විය.

ක්රිම: කා: ප: ස:- හිමි පුර වති.

ටිප්පණි. 1. වති - ‘වද’ දයින් සිද්ධ අතීතාඛ්යහත එකවචනයි.

(48)

71 විකුම් යුතු සරො සා තෙද’ණින් සරි සිය රැ සා කුස්තන්තිනු ද සා නැමැති අප හිමි තුමා වෙසෙ සා

අන්වය :- සරොස විකුම් යුතු තෙද අණින් සිය රැසා යුතු කුස්තන්තිනු දසා නැමැති අප හිමි තුමා වෙසෙසා හිමි තුමා -

පදාර්ථ :- රොෂ සහිත වූ වික්රුමයෙන් යුක්ත වූ ආඥා තේජසින් සූය්ය් එ යා හා සමාන වූ කුස්තන්තීනු දසා නම් වූ අප ගේ විශිස්ට වූ ස්වාමි උත්තමයා. ටිප්පණි.

1. තෙද ණින් - තෙද + අණින් = තෙදණින් 2. සියරැසා - සිය ගණන් රශ්මි ඇති හෙයින් සූය්ය්= ායා මෙනම් වේ.

72 වර සුර සෙනඟ මැ ද උන් පසක් සක් දෙව් ලෙ ද දෙ සෙන් පිරිවර මැ ද සේ සතින් සැදි අසුන් වැඩ හි ඳ

අන්වය :- වර සුර සෙනඟ මැද උන් පසක් සක් දෙව් ලෙද දෙ සෙන් පිරිවර මැද සේ සතින් සැදි අස්න් වැඩ හිඳ -

පදාර්ථ :- උතුම් වූ සුර සේනාව මධ්යඇයෙහි පැමිණි ප්ර්ත්යයක්ෂ‍ ශක්රය දේවයා පරිද්දෙන් උභය සේනා පිරිවර මධ්යුයෙහි ශෙව්තචඡත්රයයෙන් යුක්ත වූ ආසනයෙහි වැඩ හිඳ -

ටිප්පණි. 1. පසක් සක් දෙව් ලෙද - ඇසට පෙණෙන ශක්රෙදෙව ලීලාවෙන්. 2. සේ සතින් - ශෙවතචඡත්රසයෙන් = සුදු කුඩයෙන්.

(49)


73 වුවනත් පුන් සි සී කිරණින් පුබුදු එක සී කොඳ කුසුම් සදි සී දසන් පැහැ පෑ මඳ සිනා සී

අන්වය :- වුවනත් පුන් සිසී කිරණින් එකයි පුබුදු කොඳ කුසුම් සදිසී දසන් පැහැ පෑ මඳ සිනාසී

පදාර්ථ :- චක්ත්රස ලක්ෂිණ පූර්ණබ වන්ර් යාගේ රශ්මියෙන් එකහෙලා පිපියා වූ දන්තයන් ගේ ප්රඳභාව දක්වා මන්දක සමිතයක් (මඳ හිනාවක්) කොට -

ටිප්පණි. 1. වුවනත් :- වුවන ම = වුවනත්. ‘වුවන්’ සදින් ස්වාර්ථයෙහි ‘අත්’ ප්ර්ත්ය ය යි. චක්ත්රසය හෙවත් මුහුණ. 2. කොඳ - සඳ රැස් වැටීමෙන් පිපෙන මල් විශෙෂයක්. 3. දසන් - ‘දසන’ ශබ්දයෙන් භින්න යි දත්.

74 සෙන් වත් සුපුල් ස ර දෙසෙහි නෙක් කැන් බිඟු හැ ර විජය කග ලෙල ක ර මෙසේ පවසයි තමන් වැර ස ර

අන්වය :- සෙන් වත් සුපුල් සර දෙසෙහි නෙක් කැන් බිඟු හැර විජය කග ලෙළ කර මෙසේ තමන් වැරසර පවසයි.

පදාර්ථ :- සේනාව ගේ මුහුණු නැමැති මනා කොට පිපියා වූ පද්මහ දෙස නෙත්රථ කාන්තිය නැමැති හාඞගයන් විහිදුවා විජය බඩ්ගය ලෙලවා මෙ ලෙසින් ස්වකීය වීධි සාරය ප්ර කාශ කරයි.

ක්රිා: කා: ප: ස - (හෙතෙම) මෙ‍ සේ පවසයි.


(50)

ටිප්පණි.

1. සෙන්වත් - සෙන්ගි වත් = සෙන්වත්, විබත් සමස්

2. සුපුල් සර දෙසෙගි - මනා සේ පුල් = සුපුල් ; ද ඒ සර ද ඒ මනු යි = සුපුල් සර. වෙසෙසුන් සමස්. ‘සර’ යනු නෙලුම් මලට නමකි.

3. නෙත් කැන් බිඟු - නෙත්හි කැන් = නෙත් කැන් නෙත් කැන් ම බිඟු = නෙත් කැන් බිඟු.

75 ගිජිඳුන්ගෙ තුන් ම ද කුඹු පිරිමදින විලස ද පිවිස ගිනි කඳ මැ ද නැසෙන පළගැටියන් විලසට ද

අන්වය :- තුන් මද ගිජිඳුන් ගෙකුඹු පිරිමදින විලසද, ගිනිකඳ මැද පිවිස නැසෙන පළගැටියන් ගෙ ලෙසට ද -

පදාර්ථ :- තුන්මද (ඇත්තා වූ) ගජෙන්ර්් යන්ගේ කුම්භයන් පරිමාජිනයකරන ආකාරයෙන් ද, අග්නි සකන්ධූ මධ්යෙයට ප්රමවිෂ්ට ව විනාශ වන්නා වූ පළගැටියන්ගේ ආකාරයෙන් ද -

ටිප්පණි.

1. තුන් මද ගිජිඳුන් - ත්රිටමද (ගලිත) ගජෙන්ර්ම යන්ගේ, ඇතුන්ගේ ස්ථාන දශයකින් මද ජලය වැගිරේ. එය මද පැණක් ලෙස සලකනු ලැබේ. උමන්දාවෙහි ඒ ගැන මෙ සේ කියන ලදී - “දෙකපෝලය හා කොෂය යන තුන් තැනින් වැහෙන එක් මදයකින් ද, යථොකත ස්ථාන තුන හා දෙකන් සිදුරු දෙ ඇස් සිදුරු ය යි යන සප්ත ස්ථානයෙන් වැහෙන්නා වූ එක් මදයකින් ද, එම


(51) සපත සථානය හා දෙනාස පුටය ගුද මාර්ග ය යන දශ සථානයෙන් වැහෙන්නා වු ඵක් මදයකින් දැ යි මෙසේ තුන්මදයකින්” යනු යි.

2. කුඹු - කුම්භ, ඇතුගේ හිසෙහි උස්ව පිහිටි මස් පිඩු දෙක කුම්භ නම් වේ.

76 මායාදුන්නෙ ර ද සහ අන්තොනි බරෙත්තු ද අප බල නො දැන ත ද පෙරළි සරසති වන්නි බද ඉ ද

අන්වය :- මායාදුන්නෙ රද සහ අන්තොනි බරෙත්තුද අප බල නො දැන වන්නි බද ඉඳ පෙරළි සරසති.

පදාර්ථ :- මායාදුන්නේ රාඡයා හා අන්තෝනි බරෙන්තුන් අප ගේ ද්රරඪතර බලය ඡානනය නො කොට වන්නිකර ඉද කැරලි සුදානම් කරති.

ක්රින: කා: ප: ස - රද සහ බරෙන්තු ද පෙරළි සරසති.

ටිප්පණි.

1. සරසති - සරස (සැරසීමෙහි) ධාතුවෙන් සෑදුන කර්‍තෘ කාරක වර්ත.මාන කාල ප්ර ථම පුරුෂ බහු වචන ආඛ්යානත පදය යි.


77 ඔවුන් හට දී බැ ට මෙ ලක්දිව එක්සත් කො ට මෙ මා කිතු මුතු ප ට පලඳවම් අට දිග’ඹුවන් ක ට

අන්වය :- ඔවුන් හට බැට දී මෙ ලක්දිව එක්සත් කොට මෙ මා කිතු මුතු පට අට දිග’ඹුවන් කට පලඳවම්.

(52)

පදාර්ථ :- ඔවුන්ට ප්ර්හාර දානය කොට මේ ලඞකා විපය එකචඡත්රක කොට අසමදීය කීර්ත:ති ලක්ෂ්ණ මුක්තා කලාපය අෂ්ට දිශා නැමැති කාන්තාවන්ගේ කණ්ඨයෙහි පලඳවමි.

ක්රිත: කා: ප: ස - (මම) කිතු මුතු පට පළඳවම්.

ටිප්පණි. 1. කිතු මුතුපට - කීර්තකතිය සුදු සේ කවීහු සලකති. මුතු ද සුදු ය. එහෙයින් කීර්තමතිය මුතු ‍පටක් සේ ගන්නා ලදී.

2. පලඳවම් - පලඳ (පැලඳුම්හි) ධාතුවෙන් සෑදුණු ප්රරයොජ්යත කර්තෘඳ කාරක සකර්මඳක වර්තයමාන කාල උත්තම පුරුෂ එක වචන ආඛ්යාෙත පදයි.

78 සත් සිදු අගළ ව ට සත් කුල පවුරු පසු කො ට නැගී මෙර මුදුන ට ගණිමි සුර පුර වත් සිතූ වි ට

අන්වය :- සත් සිදු අගල වට සත්කුල පවුරු පසු කොට මෙර මුදුනට නැගී සුරපුර වත් සිතූ වි ගනිමි.

පදාර්ථ :- සප්ත සාගර ලක්ෂටණ පරිඛාවෙන් වට කරන ලද සප්ත කුල පර්ව්ත ලක්ෂූණ ප්රා කාර‍යන් පසු කරමින් මේරූ පර්ව ත මස්තකයට නැගී දිව්යෂ පුරයවත් සිතූ ‍විටක ග්රපහණය කරමි.

ක්රික: කා: ප: ස - (මම) සුර පුරවන් ගනිමි.

ටිප්පණි.

1. සත් සිඳු - සීදන්ත සාගර මේ මුහුදු හත මේ රූ පර්විතය ව‍ටා පිහිටි යුගන්ධිර ආදී පර්වතතයන් අතරෙහි පිහිටා තිබේ.


(53)

2. සත් කුල - මේරූ පර්ව තය වටා පිහිටි යුගන්ධමර, ඊශධර, කරවීක, සුදර්ශින, නෙමින්ධ්ර, විනතක, අශ්වකර්ණට, යන පර්වනත සත.

3. සුර පුර - ශක්රනයා ගේ අමරවතී නම් රාජධානිය. මෙය මහා මේරු පර්ව.තය මුදුනේ පිහිටා තිබේ.


4. ගණිමි - ගන් (ගැනීමෙහි) ධාතුවෙන් සෑදුණ කර්තෘම කාරක සකර්ම්ක අනාගත කාල උත්තම පුරුෂ එක වචනෙක අකඛ්යා ත පදය යි.

79 ගෙන මෙ ජය කග ප ත සමර මැද වැද නො නැව ත සිඳ රුපු රදුන් ග ත කෙරෙම් රණ බිම පබළ සිඳු යු ත

අන්වය :- මේ ජය කහ පත ගෙන නො නැවත සමර මැද වැද රුපු රදුන් ගත සිඳ රණ බිම පබල සිඳු යුත කෙරෙම්.


පදාර්ථ :- මේ විජය බඩ්ග පත්රොය ගෙන නිවෘත්ත නො වී රණ මධ්යෘයට ප්රරවිෂ්ට ව සතුරු රජුන් ගේ ශරීර‍ච්ඡේදනය කොට යුඬ භූමිය ප්රරවාල සාගරය හා සදාශ කෙරෙම්.


ක්රි්: කා: ප: ස - (මම) රණ බිම පබළ සිඳුයුත කෙරෙම්.


ටිප්පණි. 1. පබල සිඳු - ප්රමවාල සාගරය, මෙය මහාමේරු පර්ව)තයා ගේ පශ්චිම දිහා භාගයෙහි පිහිටියේය. ඉතා රත්ත වර්ණයය. ලෙයින් වැසුණු යුද බිමක්ද එ බඳු වේ.


(54)

80 පෑ විකුම් දි රියේ රණ මැද වැද නොබි රියේ කඳ උවිඳු ස රියේ විකුම් පානෙම් තොප ඉදි රියේ

අන්වය :- නොබිරියේ රණ මැද වැද දිරියේ විකුම් පෑ කඳ උවිඳු සරියේ තොප ඉදිරියේ විකුම් පානෙමි.

පදාර්ථ :- අභීරුකව යුඬ මධ්යවයට ගොස් ධෛර්යටවත්ව වික්රමමයන් දැක්වූ සකන්දථකුමාරයා හා උපෙන්ර් යා මෙන් යුෂ්මතුන් අභිමුඛයෙහි වික්රථමයන් පෙන්වමි

ක්රිර: කා: ප: ස - (මම) විකුම් ප‍ානෙමි.

ටිප්පණි. 1. කඳ - සකන්දා කුමාරයා මේ තෙමේ දෙවියන්ගේ සේනාපතියා ය. දෙවියන්ට බොහෝ සතුරුකම් කළ තාරක නම් වූ අසුරයා පරාජය කරණ ලද්දේ ස්කන්ද කුමාරයා විසිනි, එ බැවින් ඕ හට “තාරක ජිත්” යන නාමය ද යෙදෙයි.

2. උවිඳු :- උපෙන්ර්ි යා හෙවත් විෂ්ණු; විෂ්ණු දිව්යය රාජ තෙමේ නව අ ව තා ර යෙ ක් හි මහත් වික්රඋමයන් කෙළේ ය. විෂ්ණු තෙමේ වාමනාවතාරයෙහි බලි නම් අසුරයා ජය ගත්තේ ය.

යුදට සැරසීම.

81 මෙ ලෙස ට එ නර සී විකුම් පෑ ලෙස තර සී වදාරා සැහැ සී යුදට වඩිනට සැදිනි මෙලෙ සී


(55)

අන්වය :- මේ ලෙසට එ නරසී විකුම් පෑ නරසී ලෙස සැහැසී වදාරා මෙ ලෙසී යුදට වඩිනට සැදිණි.

පදාර්ථ :- මේ ආකාරයෙන් ඒ නර ශ්රෙනෂ්ඨයා වික්රාමයන් දැක්වූ නාසිංහයා (විෂ්ණු) මෙන් සාහසිකව කථා කොට මේ ආකාරයෙන් යුඬයට යාමට සජ්ජිත වී.

ක්රිට: කා: ප: ස - එ නරසී වඩිනට සැදිණි.

ටිප්පණි. 1. නරසී - නරනට සී. (සිංහ) = තරසී, “සී” යනු ශ්රෙමෂඨාර්ථ්ය දැක්වීම පිණිස යෙදිණි. ශ්රෙ:ෂඨාර්ථයය දැක්වීම පිණිස වෘෂභ, චන්ර්මය යා ආදී ශබ්ද ද යෙදේ. 2. සෑදිණි - “සඳ” (සෑදුම්හි) ධාතුවෙන් සෑදුණු ස්වයම් කර්ම ස්වයම් කර්තෘේක අතීත එක වචනෛක ආඛ්යාෙත පදය යි.


82 මි ල ක ර බැලුවත් මුළු තුන් ලොව’ග න පැ හැ ස ර පට සළු සැට්ට ද වඩමි න ම න හ ර නව මිණි බරණ ද දරමි න සු ර පු ර කුමරකු විලසට සැදෙමි න

අන්වය :- මිල කර බැලුවත් මුළු තුන් ලොව අගන පැහැසර පට සළු සැට්ට ද වඩමින මනහර නව මිණි බරණද දරමින සුරපුර කුමරකු විලසට සැදෙමින -

පදාර්ථ :- මූල්යි කොට පරීක්ෂාක ‍කළත් සකල ජගත්ත්රවය වටින්නා වූ ප්රරභාසාර වූ පට සළු හා සැට්ට ද අඳිමින් මනෝහර වූ නව රත්න ආභරණයන් පලඳිමින් දිව්යු පුරයෙහි කුමරකු ගේ විලාසයෙන් සජ්ජිත වී;



(56)

ටිප්පණි. 1. තුන් ලොව - දිව්ය , මනුෂ්ය්, පාතාල යන ලොකත්ර්ය හෝ කාම, රූප, අරූප යන ‍තුන් ලොව.

2. නව මිණි - නව විද රත්නයෝ - 1. මුතු, 2. පද්මරාග,(රතු කැට) 3. පුෂ්ප රාග, 4. වජ්රව , (දියමන්ති) 5. මරකත, (පච්ච) 6. වෛදූයි, (වයිරෝඩි), 7. පබළු, 8. නීල, 9. ගොමෙද;

83 ලොවනන් සත සහ නුබ තල දෙරන ඳ ම ව මි න් රකිනා කුළුණෙන් හැම ස ඳ සොබමන් ජේසුස් ක්රිනස්තුස් සිරි ප ද අ ද රි න් නම කර මුදුනතැ’දිලි බැ ඳ

අන්වය :- ලොවනන් සත සහ නුබ තල දෙරණ ද මවමින් හැමසඳ කුළුණෙන් රකිනා සොබමන් යේසුස් ක්රිනස්තුස් සිරිපද මුදුනත ඇදිලි බැඳ අදරින් නමකර,

පදාර්ථ :- ලෝකයෙහි වූ නා නා සත්වියන් සහ නභස්තලය ද, ධරණි තලය ද නිර්මිත කොට සියලු කාලයෙහි කරුණාවෙන් රක්ෂදණය කරන්නා වූ යේසුස් ක්රිවස්තුස් (ස්වාමි දරුවන්) ගේ ශ්රීදපාදය මස්තකයෙහි අඤ්ජලී බන්ධ‍නය කොට ආදරයෙන් වැඳ -

ටිප්පණි. 1. රකිනා - රක් (රැකිමෙහි) ධාතුවෙන් සෑදුණ කර්තෘ කාරක කෘදන්ත පද යි.

2. මුදුනතැ’ඳිලි - මුදුනත + ඇදිලි = පූර්වෘ ස්වර ලොප සන්ධියය යි.



(57)

84 නු ව ණි න් යුතු පාදිරි සව් සත ද ත් දෙලොවින් වැඩ සිදු වන යුතු පද’රු ත් අ ස මි න් පවසන නිස පෙර ගසමු ත් පි ණ මි න් මන සිදු මෙන් සඳ නඳ ප ත්

අන්වය :- සව් සත දත් නුවණින් යුත් පාදිර පවසන දෙලොවින් වැඩ සිදු වන පද අරුත් යුතු නිසි පෙර ගසමුත් අසමින් සඳ තදපත් සිඳු මෙන් මත පිණමින් -

පදාර්ථ :- සකල ශාස්ත්ර්ය දැනගත්තා වූ ඥානයෙන් යුක්ත වූ පියවරුන් ප්රරකාශ කරන උභය ලොකයෙන් අභිවෘධිය සිඬ වන්නා වූ පදාර්ථ යෙන් යුක්ත වූ යොග්ය වූ දෙශනාවන් ද අසමින් චන්ර්ථයෙයා (කරණ කොට ගෙන) ආනන්දඅ ප්රාෙප්ත වූ සමුද්ර්ය මෙන් චිත්තය ප්රිකණනය කරමින් -

ටිප්පණි. 1. පවසන - පවස (පැවසුම්හි) ධාතුවෙන් සෑදුණ කර්තෘර කාරක වර්ත‍මාන කාල කෘදන්තය යි

2. සඳ නඳ පත් සිඳු මෙන් - කවීහු චන්ර්් යා ප්රා‍ප්ත වූ සාගරයෙහි ඕජස අධික වන බව කියති. යහපත් වූ දෙශනාවක් ඇසීමෙන් කුස්තන්තීනු ද සා ගේ චිත්තය ද ප්ර.සන්න වූ බව මෙයින් විස්තර විය.


85 පැ හැ ස න් දිඟු මුණ විසදිව් ලෙලව න යු ද ව න් රුපු නිරිඳුන් පණ නල බො න සොබමන් උරඟ රජකු මෙන් බබළ න බ ඳි මි න් රන් කග ගන රන් පටියෙ න



(58)

අන්වය :- පැහැසන් දිඟු මුණ විසදිව් ලෙලවන යුද වන් රුපු නිරිඳුන් පණ නල බොන සොබමන් උරඟ රජකු මෙන් බබලන රන් කග ගන රන් පටියෙන බඳිමින්,

පදාර්ථ :- ප්ර භාච්ඡන්තාවූ දීර්ඝ කොණ නැමැති විෂ දිව ලෙල වන්නා වූ යුඬ ප්රාටප්ත වු ශත්රැා රජුන් ගේ ප්රාමණ වායුව පානය කරන්නා වූ ශොභමාන වූ නාග රාජයකු මෙන් බබලන්නා වූ රන් කඩුව ඝන කනක පටියෙන් බඳිමින්,

86 උ දා ර අප නරනිදු හට තිර සර යු දා ර මන නො ම දැන තම වැර සර උ දා කරන රුපු නිරිඳුන් හට මර අ දා ගයද එකසෙක බැඳ පැහැ සර

අන්වය :- උදාර තිරසර අප නරනිඳුහට තම වැරසර නො ම දැන යුද අරඹන රුපු නිරිඳුන් හටමර උදා කරනපැහැසර ආදාගය ද එක අසෙක බැඳ;

පදාර්ථ :- මහත් වූ ස්ථිර සාර වූ අස්මදීය නරෙන්ර් අරයා හට තමන් ගේ වීධි සාර ගුණය අවබොධ නො කොට යුඬ ආරම්භ කරන්නා වූ ශත්රැු රජුන් හට මරණය උදා කරන හෙවත් ඇති කරන්නාවූ ප්රරභාසාර වූ අදාග නම් වූ කඩුව ද එකා ශයක බන්ධ්නය කොට,

ටිප්පණි.

1. යුදාරඹන - යුද + අරඹන = යුදරයන , පූර්වටස්වර ලෝප සන්ධිිය යි. සවර්ණණ දීර්ඝවත්වයයෙන් යුදාරඹන ය යි විය. (සමාන ස්වර දෙකක් වෙනුවට ඒ වර්ග යේ ම දීර්ඝව ස්වරය පැමිණවීම සවර්ණය දීර්ඝෂයයි.) 2. අදාග - කොට කඩු විශෙෂයක්,



(59)

87 නොමදින් තර සර තුඟු ගිරි බිදි නා සු රි ඳු න් සුරතින් ගත් ලෙලවමි නා සොබමන් විදුරවි විලසින් තෙවු නා ග නර න් යටියක් ගෙණ තම අති නා

අන්වය :- ලෙලවමිනා සුරිඳුන් සුරතින් ගත් නොමදින් තිරසර තුගු ගිරි බිදිනා සොබමන් විදුරවි විලසින් තෙවුනා ගන රන් පටියක් තම අතිනා ගෙන,

පදාර්ථ :- ලලිත කරමින් ශක්ර දෙවෙන්ර්අන යා දකුණතින් ග්රකහණය කළා වූ බොහෝ ස්ථිර සාර වූ උත්තුඔග වූ පර්ව තයන් බිඳින්නා වූ ශොභමාන වූ වජ්රාියුදයාගේ ආකාරයෙන් බබලන ඝන කනක යෂ්ටියක් ස්වකීය හස්තයෙන් ගෙන,

ටිප්පණි. 1. සුරතින් - ශූර හස්තයෙන්; දකුණත හුරු අතය. 2. විදුරවි - ශක්රහ දෙවෙන්ර් ය යා ගේ වජ්රාතයුධය. වීදුරු + අවි = විදුරවි, පූර්වුස්වර ලොප සන්ධිරය. පුරාතන යෙහි පර්ව තයෝ පියාසර කළෝල. ඔවුන්ගේ ඒ ක්රිගයාව අහසින් යන සුරයන්ට මහ හිරිහැරයක් වි ල. එහෙයින් ශක්රඒයා වජ්රා්යුධයෙන් පර්වැතයන්ගේ පියාපත් සිඳ දැමී ල. මෙහි ‘තුගු ගිරි බඳිනා’ යි කියන ලද්දේ එහෙයිනි.


88 ම න හ ර සේ රසි’නෙලි කළ දිගු බි ත් එ ක ව ර නැගි පුන් සඳ යුවලක් යු ත් සි රි ස ර හිර වරණත් සක් පලිස ත් සි ය සි රි මුදුනත නංවා පැහැප ත්




(60)


අන්වය - මනහර සේ රසින් දිගු බිත් එළි කළ එකවර නැගි පුන්සඳ යුවලක් යුත් සිරිසර හිර වරණත් සක් පළිසන් පැහැපත් සියසිර මුදුනත නංවා,

පදාර්ථ - මනොහර වූ ශ්වේත රශ්මියෙන් දිශා නැමැති භික්තීන් ආලොක කළා වූ එක ක්ෂොණයෙහි උද්ගත වූ චන්ර්මියයන් දෙ දෙනකු වැනි වූ ශ්රීොසාර වූ කුඩයත් වක්ර් ළුලකය ත් ප්රනභා ප්රා‘ප්ත වූ ස්වකීය ශීරො මස්තකයෙහි නංවා ගෙන,

ටිප්පණි. 1. රසි’නෙලි - රසින් + එලි = රසිනෙලි, ස්වර සන්ධිූය යි. 2. දිගු බිත් - දිශා නැමැති භිතනි, 3. ගිරවරණ - කුඩයු, හිර අවුරණුයේ හිරවරණ = කර්ම‍ විභක්ති සමාසය.


89 පැ හැ දු ල් නව මිණි බැඳ රන් කම් ක ළ ම න ක ල් දළ කඩ මෙහෙයෙන් සුලක ළ මු තු ලැ ල් සමගින් සෙමෙර පවන් ලෙ ළ නි සි ප ල් ලැක්කියකට නැගි සිරිදු ළ

අන්වය :- පැහැදුල් නවමිණි බැඳ රන්කම් කළ මනකල් දළකඩ මෙහෙයෙන් සුලකළ සෙමෙර පවන් ලෙල මුතුලැල් සමගින් සිරිදුල නිසි පල්ලැක්කියකට නැගි.

පදාර්ථ :- ප්රකභොජ්වලිත වූ නව රත්නයන් බැඳීමෙන් සවර්ණෙ කර්ම් කරන ලද මනස්කාන්ත වූ ඇත් දත් කර්ම‍යෙන් අතිශයින් අලඞකෘත වූ චාමර මාරුතයෙන් ලිලෝපෙත වූ මුකතාලතිකා සමග ශ්රිායෙන් උජ්ජවලිත වූ යොග්යා වූ පල්ලැක්කියට නැංගේය.



(61)

ටිප්පණි. ක්රිප. කා. ප. ස. – (එනරසි) පල්ලැක්කියකට නැගි.

1. දළ කඩ මෙහෙයන් - ඇත් දත් කැබැලිවලින් කරන ලද වැඩවලින් 2. සෙමෙර - චාමර , පවන් සැලීමට ගනු ලබන සෙමෙර මුවන් ගේ වලගවලට මේ නම් යෙදේ. 3. පල්ලැක්කිය - මෙය උසුලාගෙන යනු ලබන ඇඳකි. 4. නැඟි - ‘නඟ - නැගීමෙහි’ දයින් සිද්ධ අතීත කර්තෘග කාරක ප්රකථම පුරුෂ එක වචන යි. 81 වන කවෙහි ‘එනරසී’ යන්න ම මෙහි කර්තෘෘ පද ය යි.