කුස්තන්තීනු හටන-විවරණය ii

Wikibooks වෙතින්

90 එ ස ත් සයුර ගොස විලසින් නෙමි නා නු මු ත් පසඟ තුරු ගොස කරවමි නා යු හ ත් වතළ සැඬ සෙන හඬ ලෙසි නා දි ග ත් බිහිරි කර වෙඩි හරවමි නා

අන්වය :- එසත් සයුර ගොස විලසින් නෙමිනා නුමුත් පසඟ තුරු ගොස කරවමිනා යුහත් වතළ සැඬ සෙන හඬ ලෙසිනා දිගත් බිහිරි කර වෙඩි හරවමිනා,

පදාර්ථ :- ඒ සප්ත සාගරයෙහි ඝොෂාව මෙන් බොහෝ වූ අමුක්ත වූ පඤචතූර්යහ ඝොෂාව පවත්වමින් යුගාන්තයෙහි පැතුරුණා වූ චණ්ඩූ වූ අසනිධ්වනියක් මෙන් දිගාන්තය බිහිරි කොට වෙඩි පවත්වමින්,





(62)

ටිප්පණි. 1. යුගත් - යුගාන්තය. ලොක විනාශය. 2. වතළ - වතුරු (වැතිරුම්හි) ධාතුවෙන් නිපන් කෘදන්තය යි.


91 දා ර එ ස ත් සින්නම් සහ කොම්බු ත් වී ර කුලල් කාහළ නා සරමු ත් සාර තුරම් පෙත්තු න් සරමේල ත් නෑර ම පුම්බා නෙක මිග විරිදු ත්

අන්වය :- දාර එසත් සින්නම් සහ කොම්බුත් වීර කුලල් කාහළ නාසරමුත් සාර තුරම් පෙත්තුන් සරමේලත් පුම්බා, නෙක මිග විරිදුත් නෑර ම.

පදාර්ථ :- 1. කාහළ (ද), 2. ගඞබ (ද), 3. නාගසින්නම් සහ 4, කොම්බු නම් වූ තුයි භාණ්ඩ ද, 5, වීර නම් වූ නළා විශෙෂය ද. 6. නිඩ ද, 7. කාලම් ද, 8. නාග සලම් ද, 9. ශ්රෙ.ෂ්ඨ වූ තුරමුපේත්තු ද, 10. වරමේලද (යන තූර්ය,යන්) ධමනය කරවා, බොහෝ වූ සාඩම්බර කථා හා ජයවිරුද ශබ්ද ද වර්ජිත නො කොට,

සංලක්ය් ය :-ඉහත කී තූර්යා විශෙෂයන්ගෙන් තුරම්පේත්තු හා සරමේල යන වචන දෙක පෘතුගිරිසියෙන් ද, සක් හා කාහළ යන වචන දෙක හැර අනෙක් සියල්ල දෙමළෙන්ද බිදී තිබේ.

92 පෙරත් විරිදුනො’ද බිඳ ජය ග ත්තෝ ම හ ත් නිමද ගිජිදුන් සෙ බලැ ත්තෝ නි ර ත් තරව අවි සරඹ උග ත්තෝ පි ට ත් වූ ය බල ගතු කප්පි ත්තෝ




(63)

අන්වය :- පෙරත් විරිදුන් ඔද බිඳ ජය ගත්තෝ මහත් තිමද ගිජිදුන් සේ බල ඇත්තෝ නිරුත්තර ව අවි සරඹ උගත්තෝ බලගතු කප්පිත්තෝ පිටත් වූ ය.

පදාර්ථ :- පූර්වරයෙහි ද සතුරන් ගේ මානය හඩග කොට ජය ග්ර හණය කළා වූ මහත් වූ තුන් මද (ගලිත) ගජෙන්ද්ා‍රයන් සේ බල ඇත්තා වූ, නිරුත්තර සේ (= ඊට වඩා ශ්රෙෂ්ඨයන් නැති සේ) ආයුධ ශිල්පය උගත්තා වූ බලවත් කප්පිත්තෝ පිටත් වූහ.

ක්රිත: කා: ප: ස: - කප්පිත්තේ පිටත් වූ ය.

ටිප්පණි.

1. වරිඳු’නොද - විරිදුන් + ඔද , ස්වර සන්ධිපයයි.

යුදට පිටත් වීම.

93 පැ හැ ස ර අඩයටි කඩු වෙඩි දුනු ග ත් නොවිත ර සිය පිරිවර සහ බලව ත් ග ජ තු ර ගුන් නැගෙමින් තම තම ල ත් ප සු පෙ ර නික්මුනු ගරු අය හිම් නැ ත්

අන්වය :- පැහැසර අඩයටි කඩු වෙඩි දුනු ගත් නොවිතර බලවත් සිය පිරිවර සහ තමන් ලත් ගජ තුරඟුන් නැගෙමින් පසුපෙරනික්මුනු ගරු අය හිම් නැත්.

පදාර්ථ :- ප්ර භාසාර වූ අඩයටි ද, කඩු ද, තුවක්කු ද, දුනු ද, ග්රනහනය කළා වූ අප්ර්මාණ වූ බලවත් වූ ස්වකීය පරිවාර හා සමග තමන් තමන් ලද්දා වූ ඇතුන් හා අසුන් ආරූඪ ව පශ්චිම දිශා භාගයෙන් හා පූර්ව දිශා භාගයෙන් පිටත් වූ උතුම් ජනයෝ සීමා රහිතයහ.

ක්රිව: කා: ප: ස: - අස හිම් නැත්.

(64)

ටිප්පණි. 1. නික්මුණු - නිකුම් (නික්මීමෙහි) ධාතුවෙන් සෑදුණු කෘදන්තයයි. නිකුම් + උණු.


94 නු මු ත් බලැ’ති විරිදුන් වසනා ලා දි මු ත් විජය සිරි රැඳි උරසා ලා මහ ත් මයන් නැගි ගුණැති විසා ලා පි ට ත් වීය පමණක් න ති දෝ ලා

අන්වය :- නුමුත් බලැ’ති විරිදුන් වසනාලා දිමුත් විජය සිරි රැඳි උරසාලා (ඇති) විසාලා ගුණැති මහත්මයන් නැගි පමණක් නැති දෝලා පිටත් වී ය.

පදාර්ථ :- බොහෝ බලාන්විත වූ විරෝධින් විනාශ කොට දීප්තිමත් වූ විජය ශ්රි ය රඤජිත වූ උර මන්දිවර (ඇති) මහත් වූ ගුණයෙන් යුක්ත වූ මහාතමයන් නැංගා වූ ප්රරමාණාතික්රා න්ත වූ දෝලා නිෂ්ක්රා න්ත වී ය.

ක්රික: කා: ප: ස: - දෝලා පිටත් වී (ය.)

ටිප්පණි. 1. බල’ති - බල + ඇති, 2. වීය - ව (වීමෙහි) දයින් නිපන් ප්රජථම පුරුෂ එක වචනෛක ආකඛ්යාිතය යි. “පි‍ටත්” යනු එහි පූරණය යි. පිටත් වි ය යන්නේ උක්තය දෝලා යනුයි. නපුංසක ලිඞගික බහු වචන ශබ්දයන් උක්තය වශයෙන් සිටින ආකඛ්යා තයෝ එක සඞඛ්යාචව ම ගනිත්.


95 සුරත් හි ලෙළ අවි කැලුමෙන් වෙසෙ සේ දිගත් සදා රිවි සුවහස් නැගි සේ මහත් බලැ’ති අග මැති‍ඳෝ දෙප සේ පිටත් වූය සුර සෙනඟක් විල සේ

(65)

අන්වය :- සුරන්හි ලෙළ අවි කැලුමෙන් වෙසෙ සේ සුවහස් රිවි නැගි සේ දිගත් සදා මහත් බල ඇති අග මැති‍ඳෝ දෙ පසේ සුර සෙනගක් විලසේ පිටත් වූ ය.

පදාර්ථ :- ශූර හස්තයන්හි ලලිත වූ ආයුධයන් ගේ කාන්තියෙන් විශේෂයෙන් ශතසහස්ර් (සඞඛ්යාලත වූ) සූර්යශයන් උද්ගත වූ පරිද්දෙන් දිගාන්තය සදමින් මහත් වූ බලයෙන් යුක්ත වූ අග්ර්මන්ත්රීතන්ද්රවයෝ උභය පාර්ශරවයෙහි දිව්ය‍ සේනාවක් මෙන් පිටත් වූහ. ක්රි්:කා:ප:ස: - මැතිඳෝ පිටත් වූහ.

96 කලිඟු , තෙලිඟු, කන්නඩි. උරුමූ සී කාවිසික ‘බිසි, ආරබි, ඉස් බා සී ජාවක, කොංගන, සීන, පරා සී නික්මුණු අවි ලෙළවා බැණ වා සී

අන්වය :- කලිඟු , තෙලිඟු, කන්නඩි. උරුමූසී, කවිසිත, අබිසි, අරාබි, ඉස්බාසි, ජාවක, කොංගන, සීන, පරාසී, (යන මොවුහු) අවි ලෙලවා වාසි බැණ නික්මුනු

ක්රිා:කා:ප:ස: - (මොව්හු) නික්මුනු.

ටිප්පණි.

1. කලිඟු - බෙංගාලයේ උතුරුදිග පිහිටි එ නම් ප්රනදේශයේ වැසිසෝ.

2. තෙලිඟු - ඉන්දිලයාවේ ඩැකෑන් උස් පර්වනත භූමිකාවේ පූර්ව දිශාවේ මනුෂ්යු ගොත්රසයක්,

3. කන්නඩි- කර්ණාමව දෙශවාසීහු , Caroatic.

4. උරුමූසි - ඕර්මස් ප්රයදෙශයේ වැස්සෝ, ඔර්මස් කඩමත්ත පර්සියන් වරායේ කොටසකි. (66)


5. කවිසික - කාපිරි, අප්රිසකාවේ ස්වදේශික මනුෂ්යන වර්ගුයක්. 6. අබිසි - ඇබිසීනියන්වරු. 7. ඉස්බාසි - පාර්සිවරු 8. සීන - චීන්නු, 9. පරාසි - පර්සියන්වරු,


97 වෙරළත් මැඩ සත් කුල ගිරි සමගි න සයු ර ත් සහ ගොඩ ගත් රණ ගිර වෙ න බල ව ත් මැති සෙනඟත් පිරිවරමි න සිරි ම ත් රජ නික්මිනි මල්වානෙ න

අන්වය :- සත්කුල ගිරි සමඟින වෙරළත් මැඩ ගොඩ ගත් සයුරත් සහ රණගිර මෙන බලවත් මැති සෙනඟකි පිරිවරමින සිරිමත් රජ මල්වානෙන නික්මිනි.

පදාර්ථ :- සප්ත කුල පර්වරතයන් හා සමඟ වෙලාන්තය ඉක්මවා ගොඩට (ගමන්) ගත්තාවූ සාගරය ‍සහ හෙම පර්වලතය (මහමෙර) මෙන් බලවත් වූ මන්ත්රී-න් ද සේනාව ද පිරිවරමින් ශ්රී‍මත් වූ රජ තෙමේ මල්වානෙන් පිටත් වි ය.

ක්රි :කා:ප:ස: - රජ නික්මිනි.

විස්තරාර්ථන :- (කුස්තන්තීනු ජන) රජ හෙමපර්වවතයට ද, මන්ත්රී්න් සප්තකූල පර්ව‍තයනට ද, සෙනග ගොඩ ගමන් ගත් සාගරයට ද, මෙහි උපමා කැරිණ.

                                    1. මගවැණුම්

98 මෙ සැ ටි ගෙවුයන් වතු පෙත් දිලෙ නා ඕ වි ටි පිටි සුසැදුනු සස් වගි නා රූ කැ ටි අඟනන් තැන තැන සිටි නා මා පි ටි ගම සිරි නරඹා ගොසි නා (67)

අන්වය :- මේ සැටි දිලෙනා ගෙවු‍යන් වතු පෙත් (ඇති) සස් වගිනා සුසැදුනු ඕවිටි පිටි (ඇති) තැන තැන රූකැටි අඟනන් සිටිනා මාපිටිගම සිරි නරඹා ගොසිනා,

පදාර්ථ :- මේඝාකාරයෙන් දිලෙන්නා වූ ගෘහොද්යාතන හා වතු පඞක්තීන් ද ඇත්තා වූ ශස්යර වර්ග්යෙන් සජ්ජිත වූ ඕවිටි හා පිටි ද ඇත්තා වූ ඒ ඒ ස්ථානයෙහි රූපවත් වූ අඞගනාවන් සිටින්නා වූ මාපිටිගම (නම් ග්රාවමයෙහි) ශ්රි(ය බලා ගොස් -

ටිප්පණි.

1. මේ සැටි - මෙඝාකාර වූ ; වලාකුළු නිල් ය. මේ ගෙවුයන් වතුපෙත් ද නිල් ය. එහෙයින් ඒ කොටස සමාන වේ. ගාහොද්යානන හා වතු පඞක්තීන් වළාකුළුවලට උපමා කිරීමෙන් මාපිටිගම් ප්ර දෙශයෙහි සශ්රීීක භාවය දැක්විණ.

2. රූකැටි අගනන් - රාශිභූත වූ රූප ලක්ෂයණය ඇති ස්ත්රී න්,


99 දැ ගු ම් එරන් ලිය විලසින් තෙවු නා උ තු ම් රුවැ’ති ලඳ අගනන් කෙළී නා නොහිම් නෙරළු වනයෙන් සැදි සොබ නා දෙ හ ම් බඩෙහි සිරි දැක ගොස් තො සි නා

අන්වය :- දැගුම් එරන් ලිය විලසින් තෙවුනා උතුම් රුවැ ඇති ළඳ අගනන් කෙළීනා සොබනා නොහිම් නෙරළු වනයෙන් සැදි දෙගම්බඩෙහි සිරි තොසිනා දැක ‍ගොස් -




(68)

පදාර්ථ :- ජඞගම වූ ඒ ස්වර්ණග ලතාවන් පරිද්දෙන් භ්රාඳජමානවූ උත්තම රූපයෙන් යුක්ත වූ තරුණාඞගනාවන් ක්රී්ඩා කරන්නා වූ ශොභමාන වූ සීමා රහිත වූ නාරිකෙල (පොල්) වනයෙන් යුක්ත වූ දෙ ගම්බඩ (නම් ග්රාපමයෙහි) ශොභාව ස‍න්තෝෂයෙන් දර්ශ නය කොට ප්රායාණය කොට,

ටිප්පණි. 1. දැගුම් - ජඞගම වූ හෙවත් ඇවිදින, 2. රුවැති - රුව + ඇති = පූර්වොස්වර ලොප සන්ධිනය යි.


100 රුවින් තු ල් ල වන සිරිනා ලිය නා ලියන්ගොල් ල දිය කෙළිමින් යනෙ නා ප සන් වැ ල් ල යුතු මුතු පට ලෙසි නා කනන් පැ ල් ල තොටිනෙ’තෙර ව ගොසි නා

අන්වය :- රැවින් ලා ලියනා සිරි තුල්ල වන ලියන් ගොල්ල දිය කෙළිමින් යන එනා මුතු පට ලෙසිනා පසන් වැල්ල යුතු කනන් පැල්ල තොටින් එතරව ගොසින්.

පදාර්ථ :- රූප ශ්රී්යෙන් නාග මානවිකාවන් ගේ ‍ෙශාභාව තුල පවත්නා වූ කාන්තාවන් සමූහය ජලක්‍රීඩා කරමින් ගමනා ගමනය කරන්නා වූ මුක්තා පට්ටියක් මෙන් ප්රඩසන්න වූ වාල්ලෙන් යුක්ත වූ කනන්පැල්ල තිර්ථ්යෙන් එතර වී ගොසින්,

ටිප්පණි. 1. නා ලිය - නාග මාණවිකාවන්, නාග කාන්තාවන්, 2. තොටිනෙතෙර ව - තොටින් + එතෙර ව, ස්වර සන්ධිවයයි. 3. එ තෙර - ඉන්න තොට තෙරයි; අනෙක් තොට එතෙරයි.



(69)

101 බල වික් මැති සෙනඟක් පිරිවරමි න කර සක් ලෙස රාවණයුදයට ය න සරි සක් අප නරනිඳු සෙන් සමගි න කළුවක් ගල, කොස්ගම පසු කරමි න

අන්වය :- බල වික්මැති සෙනඟක් පිරිවරමින රාවණ යුදයට යන කර සක් ලෙස සක් සිරි අප නරනිඳු සෙන් සමගින කළුවග්ගල; කොස්ගම පසු කරමින,

පදාර්ථ :- බල වික්ර,මාන්වි්ත වූ සේනාවන් පිරිවරා කොටගෙණ රාවණ යුඬයට යන්නා වූ විෂ්ණු පරිද්දෙන් ශක්රරයා හා සදාශ වූ අස්මදීය නරෙන්ර්ව යා සේනාව හා සමඟ කළුවක්ගල හා කොස්ගම ද පසු ක‍රමින්,

ටිප්පණි. 1. කරසක් - සක්කර ය යි විය යුතු තැන පද පෙරළි වී කරසක් යයි යෙදිණි. කරෙහි (හස්තයෙහි) සකක් (චක්රාසයුධයක්) ඇති බැවින් විෂ්ණු දිව්ය. රාජයා හට මේ නම යෙදෙයි.

102 නගමින් කුඩ කොඩි නුබ තල වස මින් දිනි ඳු න් කිරණින් සරතස නොව මින් මහසෙන් සමඟින් අප හිමි දැහැ මින් මනමෙන් බෝපේ වනතුර වදි මින්

අන්වය :- කුඩ කොඩි නගමින් නුබතල වසමින් දිනිඳුන් කිරණින් සරතස නොවමින් අප හිමි මහසෙන් සමඟින් දැහැමින් බෝපේ වනතුර මනමෙන් වදිමින්

පදාර්ථ :- කුඩා කොඩි උද්ගත කරමින් අහස ප්රබචඡාදනය කරමින් සූර්ය්යා ගේ රශ්මියෙන් ශ්රාින්ත නො වෙමින් අසමදීය ස්වාමියා මනා සේ සේනාව හා සමඟ ධර්ම‍යෙන් බෝපේ වනාන්තරයට සිත් වූ පරිද්දෙන් ප්රමවිෂ්ට වැ,

(70)

ටිප්පණි.

1. දිනිඳුන් - දින + ඉඳු =දිනිඳු , පූර්වයස්වර ලොප සන්ධිිය යි. දවසට අධිපත් වූයේ දිනිඳුයි හෙවත් සූර්යදයා යි. 2. කිරණින් - රශ්මියෙන් , කිරණ + ඉන් = කිරණින්.

103 සි ය ඹ ර , ක ළු හ ර, ස ම ද ර, සබ රා පර‍ෙසාර, බුළු මොර, බිජු පු ර, මඳ රා කිණි හිර, අ න් ද ර, සි ඳු ව ර, දෙබ රා ව න තු ර, තු ර තු ර, බලමින් නොහැ රා

අන්වය :- සියඹර ක ළු හ ර සමදර සබර පර දොර බුළු මෙර බිජුජුර මඳර කිණිහිර අන්දර සිඳුවර දෙබර (යන) වනතුර තුර තුර නොහැරා බලමින්,

ටිප්පණි.

1. බිජුපුර - බීජපුර හෙවත් ලප්නාරං, 2. මඳරා - මදාරා (එරබදු) 3. සිඳුවර - නික, 4. දෙබර - බදරි(මසන්) 5. වනතුර - වනාභ්යකන්ත‍රයෙහි, 6. තුර’තුර - (තුර + අතුර) වෘක්ෂාසන්තරයන්,

2. මග වැණුම්.

104 දුම’වුල් ගිනි සිළු විලසින් පැහැප ත් කසමල් වෙත දුල් ගිනිදිව් කුසුමු ත් වනමල් හිස දුල් සිකි පිල් සිරි ග ත් ගිරිනිල් කැන් දකිමින් ගිරි මුදුන ත්


(71)

අන්වය :- දුම අවුල් ගිනි සිළු විලසින් පැහැපත් කසමල් වෙත දුල් ගිනිදිව් කුසුමුත් වනමල් හිස දුල් සිකිපිල් සිරි ගත් ගිරිනිල් කැන් ගිරි මුදුනත් දකිමින්

පදාර්ථ :- ධූමාකූල වූ වහ්නි සිඛාවන් පරිද්දෙන් ප්රිභා ප්රාිප්ත වූ කසමල් සමීපයෙහි උජ්ජවලිත වූ අග්නිජහවා (නියඟලා) පුෂ්පයන් ද වනපුෂ්ප මස්තකයෙහි මසුර පිච්ඡයන් ගේ ශොභාව ගත්තා වූ (ගිරිනිල්) ගින්නේරිය පුෂ්පය සමූහය ද පර්වතත මුදුනෙහි දර්ශපනය කරමින්,

විස්තරාර්ථල :- කසමල් නිල් පැහැයෙන් ද, ගිනිදිව (නියඟලා) මල් රන් පැහැයෙන්ද යුක්ත ය. ඒ නිසා ය කසමල් සමීපයෙහි වූ නියඟලා මල් දුම’වුල් ගිනිසිළු වැනි වූයේ.

105 ද ළ ද ළ පහරින් ගිනි රොන් ඉසිමි න මු ළ මුළ කෙණෙරුන් පොව්වන් සමගි න දොළ දොළ පැන බැස ගිලෙමින් කෙළෙමි න පළ ප ළ සිටි මත ගිජිඳුන් දකිමි න

අන්වය :- දළ දළ පහරින් ගිනි රොන් ඉසිමින මුළ මුළ කෙණෙරුන් පොව්වන් සමගින දොළ දොළ පැන බැස ගිලෙමින් කෙළෙමින පළ පළ සිටි මත ගිජිඳුන් දකිමින.

පදාර්ථ :- දෘඪ වූ දළ ප්රදහාරයෙන් වහනි රෙණුන් විකිණී කරමින් සමූහයක් සමූහයක් (පාසා) ඇතිනියන් ද පැටියන් සමග දොළක් දොළක් (පාසා) අවතීර්ණපව නිමග්න වෙමින් ක්රීූඩා කරමින් තැන් තැන්වල සිටියා වූ මත්ත හස්තීන් ද දර්ශරනය කරමින්,

ටිප්පණි. 1. දළ දළ පහරින් - දෘඪ වූ දංෂ්ට්රාප ප්රමහාරයෙන්, 2. මුළ මුළ - මුළක් (සමූහයක්) මුළක් පාසා, 3. කෙණෙරුන් - ඇතිනියන්,

(72)

106 වි ල් තෙර ගැඹුරැති වළවල් සා රා බොල් මඩ සියලඟ තවරා නෑ රා මු ල් බිඳ දමමින් දළ’ගින් පෑ රා ව ල් ඌරන් දැක එන වල් පී රා

අන්වය :- විල් තෙර ගැඹුර ඇති වළවල් සාරා සියලඟ බොල් මඩ නෑරා තවරා දළ අගින් පැහැරා මුල් බිඳ දමමින් වල් පීරා එන වල් ඌරන් දැක-

ටිප්පණි.

1. සියලඟ - සකල ශරීරයෙහි, 2. බොල් මඩ - බහල (ඝන) වූ මඩ, 3. ‍වල් පීරා එන - වනය පීර‍ා ගෙන එන්නා වූ,


107 සිහිලැ ල් විල් වැව් පියවිළි පනි මින ගගුලැ ල් වල් විදුනා නල විඳි මින තු ගු තු ල් ගල් තල සිහසුන ඉදි මින මනකල් රජ සිරි විඳ මග ගෙව මින

අන්වය :- සිහිලැල් විල් වැව් පියවිළි පනිමින ගගුලැල් වල් විදුනා නල විඳිමින තුගුතුල් ගල් තල සිහසුන ඉදිමින මනකල් රජ සිරි විඳ මග ගෙවමින,

පදාර්ථ :- අතිශයින් ශීතල වූ විල් හා වැව් නැමැති පාවඩ පනිමින්, නිර්ඣර නැමැති වාමරයන් ගේ මාරුතය වින්දවනය කරමින්, උස් වූ ද මහත් වූ ද ශෛල තල නැමැති සිංහාසනයෙහි ඉඳිමින් මනස්කාන්ත වූ රාජශ්රීෛය විඳිමින් මාර්ගයය අන්ක්රාපන්ත කොට,



(73)

විස්තරාර්ථ :- පාවඩ පිට යෑම, චාමරයන් ගේ මාරුත විදීම හා සිංහාසනයෙහි ඉඳ ගැණීම රාජශ්රිපය විදීමේ සමහර අඞගයෝ ය; ඒ මග ගියවුන් හට විල් හා වැව් පනිමින් යාම පාවඩ පිටින් යෑම වැනි වි ය ; මාරුතය දුන් නිර්ඣරයෝ චාමර වැනි වූහ.

108 ස ඳ ක් වැ ටි ය බබළන නිසි වුව නා උ ද ක් ක ටි ය මද දුනුමිට ලෙසි නා ර ට ක් ව ටි ය පිය ලිය පිය වද නා පු ව ක් පි ටි ය පසු කර ගොස් සෙදි නා

අන්වය :- සඳක් වැටිය බබළන නිසි වුවනා උදක්මද දුනුමිට ලෙසිනා කවිය රටක් වටිය පිය වදනා (ඇති)පිය ලිය පුවක් පිටිය සෙදිනා පසු කර ගොස්,

පදාර්ථ :- චන්ර්ා ්යකු මෙන් බබලන්නා වූ යොග්යය වූ මුහුණු ඇති, ඒකාන්තයෙන් අනඞගයා ගේ දුනුමිට මෙන් වූ මධ්යිප්ර්දේශය ඇති රටක් වටින්නා වූ ප්රිුය වචන (ඇති) ප්රි්ය කාන්තාවන් (ඇති) පුවක් පිටිය පසු කරමින් ගොස්,

ටිප්පණි.

1. වුවන - වකත්රිය හෙවත් මුහුණ, 2. මද දුනුවිට - අනඞගය‍ා ගේ දුන්නෙහි මිට,


109 ම තා එව් සව් සතහට පෙම්බ ර සි තා බිසොවුන් තව් රැක උන් සෙ ර ඒ තා නෙහි සැදු රජසිහ නරව ර සී තා වක නුවරට වැද පුවත ර



(74)

අන්වය :- මතා එව් සව් සතහට පෙම්බර සිතා බිසොවුන් පෙර තව රැක උන් ඒ තානෙහි රාජසිංහ නරවර සැදු පුවතර සීතාවක නුවරට වැද,

ටිප්පණි.

1. මාතා එවි- මාතාවක මෙන්,

2. සීතා බිසොවුන් - ජනක රජහු ගේ දුහිතෘ වූ මෝ තොමෝ රාම කුමාර‍යාහට හාර්ධාව වූවාය. රාවණ රජ තෙමේ ඈ පැහැර ගෙන ලංකාවට ගෙණාවේ ය. රාවණ රජු හා යුඬයට පැමිණි රාම කුමාරයා ජයග්රාහණය කොට සීතා කුමරිය ආපසු ලැබ ගත්තේ ය. 3. සීතාවක - මෙය සීතාවක් ඔය බඩ අවිස්සාවේල්ලට නුදුරු ව පිහිටි ගමකි. පළමු වැනි රාජසිංහ රජ තුමා ගේ රාජධානිය වූයේ සීතාවක යි.

110 ව ඳි මි න් තම ඉටූ දෙවියන් බැතියෙ න බු දි මි න් බොදුනුදු අම රස යුතු වෙ න සැදි නන් විසිතුරු යහනත මන මෙ න නි දි ගන් මින් පසු කෙළෙ රජ රෑ දි න

අන්වය :- තම ඉටූ දෙවියන් බැතියෙන් වඳිමින අමරස යුතු වන බොදුනුදු බුදිමින් නන් විසිතුරු සැදි යහනත මන මෙන නිදි ගනිමින් රජ රෑ දින පසු කෙළේ.





(75)

පදාර්ථ :- ස්වකීය ඉෂ්ට දෙවතාවන් භක්තියෙන් නමස්කාර කොට අමෘත රසය හා සමාන වූ භොජනයන් ද අනුභව කොට නා නා විචිත්රයයන්ගෙන් සජ්ජිත වූ යහනෙහි සිත් වූ පරිද්දෙන් ශයනය කරමින් රජතෙම රාත්රි් කාලය පසු කෙළේ ය.

ක්රින: කා: ප: ස:- රජ රෑ දින පසු කෙළේ.

ටිප්පණි.

1. වඳිමින් - පූර්ව ක්රිපයාර්ථයයෙහි මිශ්රෙ ක්රිසයාව යි. 2. බුදිමින් - මෙය ද පූර්ව් ක්රිපයාර්ථයයෙහි මිශ්රෙ ක්රිසයාව යි. 3. බොදුනුදු - බොදුන් + දු, භොජන ද, 4. අමරය - අමෘතය යනු දෙවියන් ගේ භොජනය යි. 5. කෙළෙ- කර කිරිමෙහි දයින් නිපන් කෘදන්ත නාමය යි. මෙහි ආඛ්යාණතය වශයෙන් යෙදිණ. කළ + ඒ = කෙළේ; මාත්රාස ගණන සම්පූර්ණය වීම පිණිස කෙළේ යනු හ්රකස්ව වී ‘කෙළෙ’ කියා යෙදී තිබේ.

  				3.මගවැණුම්

111 වි හි දු ව මි න් රැස් ගන’ඳුර දුරැ රා පු බු දු ව මි න් සිය පත් විල් නො හැ රා පෙර’ගහිසින් දිසි සඳ සහස ක රා පිබිද තා සි න් සෙන් සහ නර පව රා

අන්වය :- රැස් විහිදුවමින් ගන අඳුර දුර ඇර නො හැර සිය පත් විල් පුබුදුවමින් සහසකරා පෙර දිග හිසින් දිසි සඳ සෙන් සඟ නරපවරා තොසින් පිබිද,



(76)

පදාර්ථ :- රශ්මින් ව්යා්ප්ත කරමින් ඝනාන්ධසකාරය දුරුකොට වර්ජනය නො කොට ශතපත්ර තඩාගයන් ප්ර බොධ කරමින් සූර්ය්යා උදය පර්වොත මස්තකයෙන් දෘශ්යපමාන වූ කල්හි සේනාව සමග උතුම් වූ නරප්ර‍වරයා සන්තෝෂයෙන් අවදි වී ,

ටිප්පණි.

1. සියපත් - ශතපත්රන, මහනෙල්, 2. පෙර’ග - පෙර + අග, පූර්වද දිග පර්වනතය,

112 මු ළු තු න් ලොව මැවූ සත මෙත් කුළුණෙ න එ ක තු න් දෙවිඳු ගෙ පද වැඳ අදරි න ල ක තු න් රජයෙහි මහ සෙන් සමඟි න ද ස තු න් දිනයක් එ පුරෙහි වෙසෙමි න

අන්වය :- මුළුතුන් ලොව සත මෙත කුළුණෙන මැවූ එකතුන් දෙවිඳුගෙ පද අදරින වැඳ ලකතුන්රජයෙහි මහසෙන් සමඟින දසතුන් දිනයක් එ පුරෙහි වෙසෙමින,

පදාර්ථ :- සකල ජගත්ත්ර්යය ද, සත්වදයන් ද මෛත්රී කරුණාවෙන් නිර්මිත කළ එකත්රිප දෙවිතුමන් ගේ ශ්රී‍පාදය ආදරයෙන් අභිවාදනය කොට ලංකාවේ රාජ්යරත්ර යයෙහි මහා සේනාව හා සමග ව දින දහතුණක් ඒ නගරයෙහි වාසය කොට,

ටිප්පණි. 1. මැවූ - මැවූ කියා යෙදිය යුතු තැනි, 2. ලක තුන් රජය - කෝට්ටේ, සීතාවක හා රයිගම.




(77)

113 වි ක් මැති පරගී බළ සෙන් සමගි න ල ක් දිව මහ සෙන් ගනිමින් නොමඳි න ස ක් පණ සිරි අප නරනිඳු මන මෙ න ති ක් මිනි සිතා පුරයෙන් සතොසි න

අන්වය :- වික්මැති පරගී බළසෙන් සමගින ලක්දිව මහසෙන් නොමඳින ගනිමින් සක්පණ සිරි අප නරනිඳු මන මෙන සතොසින සීතා පුරයෙන් නික්මිණි.


පදාර්ථ :- වික්රිමාන්විත වූ පරංගි (පෘතුගිරිසි) භට සේනාව සමඟ ලංකා වීපයේ මහා සේනාව බොහෝ සේ ග්රමහණය කරමින් චකපාණිහු (විෂ්ණු‍) හා සදෘශ වූ අසම්දීය නරෙන්ර්තු යා සිත් වූ පරිද්දෙන් සන්තොෂයෙන් සීතාවක නගරයෙන් පිටත් වි ය.

ක්රි්: කා: ප: ස: - නරනිදු සීතා පුරයෙන් නික්මිණි,

ටිප්පණි.

1. සක්පණ - චක්රකපාණීහු, විෂ්ණු 2. නික්මිණි - නිකුම් (නික්ම්මෙහි) ධාතුවෙන් සෑදුනු ආකඛ්යා්තය යි. නිකුම් + ඉණි = නික්මිණි.

114 ර ස ඹි න් පිරි ඇළ දොළ වැව් අමු ණු සැ දි න න් පලතුරු විලසින් ඇමු ණු නෙමඳි න් කෙත් වත් අස් ගම් පටු ණු බ ල මි න් ගියෙ දෙ පසෙහි ගම් පටු ණු




(78)

අන්වය :- රස අඹින් පිරි ඇළ දොළ වැව් අමුණු (ඇති) ඇමුණු විලසින් සැදි නන් පලතුරු (ඇති) නොමදින් අස්වැද පැසුණු කෙත්වත් (ඇති) දෙ පසෙහි ගම් පටුණු බලමින් ගියෙ.

පදාර්ථ :- රස ජලයෙන් පිරුණු ඇල දොළ වැව් අමුණුවලින් යුක්ත වූ ද, අමුණන ලද්දාක් මෙන් සජ්ජිත වූ නා නා ළුල වෘක්ෂදයන් ඇති බො‍හෝ සේ ශස්යජ සම්පන්න ව පැසුණා වූ කුඹුරු හා වතු ඇති, උභය පාර්ශ වයෙහි ග්රාුම පට්ටනයන් දර්ශතනය කරමින් ගියේ ය.

ක්රි : කා: ප: ස: - (හේ) ගියේ (ය.)

ටිප්පණි.

1. රසඹින් - රස + අඹින් ; රස ජලයෙන්, 2. පටුණු - පට්ටන , නගර,

115 ර ඹ කැ න් පොල් වලු දිගු ඉගු සමගි න වි ලි කු න් අඹ දඹ වැල වරකා ගෙ න ස ද මි න් මඟ තොට සැස පිස දමමි න දන කැ න් සිටියෝ රැස් ව තැනින් තැ න

අන්වය :- රඹකැන්,පොල්වලු, දිගු ඉගු, සමගින විලිකුන්,අඹ,දඹ,වැල, වරකා ගෙන සැස පිස දමමින මඟ තොට සදමින් තැනින් තැන රැස් ව දන කැන් සිටියෝ (ය),

පදාර්ථ :- කෙසෙල් කැන් ය. පොල්වලුය, දීර්ඝ වූ ඉක්ෂූක ය (යන මොවුන්) සමඟ පැසුණා වූ ආම්රි, ජම්බු වැල වරකා ග්රනහණය කොට තෘණාදීන් ශුඩ කොට පහ කර දමමින් මාර්ගට තීර්ථගයන් සජ්ජිත කරමින් තැන් තැන්වල රැස් වී ජන සමූහයෝ සිටියහ.

ක්රින: කා: ප: ස: - දන කැන් සිටියෝ (ය)


(79)

   		 	                 ටිප්පණි.

1. සැස - (තෘණාදීන්) ශුඬ කොට,

2. දන කැන් - ජන සමූහ,

116 නො ද හ න් පෙර මද රජු මෙන් බබළ න රු සි රි න් දිසි අප නරනිඳු සසොබ න බ ල මි න් ඇසි පිය නො හෙළා සිටියෙ න සු ර’ ඹු න් සිරි’සිලු පිවිසර කුලඟ න

අන්වය :- නො දහන් පෙර මද රඡු මෙන් බබලන රුසිරින් දිසි සසොබන

                අප නරනිදු බලමින් ඇසිපිය නො හෙළා සිටියෙන් පි‍ටිසර                          
                කුලගන සුර අඹුන්  සිරි ඉසුලු. 

පදාර්ථ : (ඊශ්වරයා ගේ ලලාට නෙත්රියෙන්) දග්ධ නොවූ ප්ර කෘති කාමදේවයා මෙන් බබලන්නා වූ රූපශ්රිලයෙන් දෘශ්ය්මාන වූ සශොභන වූ අස්මදීය නරෙන්ර් රූයා නිරීක්ෂිණය කරමින් ඇසිපිල්ලන් නො හෙළා සිටි බැවින් පිටිසර කලාඞගනාවෝ දිව්යා්ඞගනාවන්ගේ ශොභාව උද්වහනය කළහ.

ක්රිය: කා: ප: ස: - කුලඟන සුරඹුන් සිරි ඉසුලු.

විස්තරාර්ථ  :- ‘මදරජ’ යනු අනඞගයා යි. එහි තේරුම් ‘ශරීරයක් නැත්තා’ යනුයි. මෙහෙසුරු නිසා පාර්ව තයගේ කුසින් කඳකුමරු උපදවා ගෙණ අසුරයන් පරදවනු කැමැති වූ ශක්රමයාගේ නියමයෙන් අනඞග තෙමේ, තපස් රකිමින් සිටි මෙහෙසුරා වෙත ගොස් මල් දුන්නෙන් විද, ඔහුගේ සිත චඤචල කෙළේ ලු. එයින් කිපුනු මෙහෙසුරා සිය නලලෙහි වූ ඇසින්



(80)

ගිනිදැල් විහිදුවා අනඞගයා දැවී ලු. එතැන් පටන් අනඞග (= න + අඞග = ශරීරයක් නැත්තා) ය යි ප්ර.සිඬ වී ලු. අනඞගයා අතිශය මනොහර රූප ශොභාවෙන් යුක්ත ය. දැවුණු පසු ද එතරම් රූප ශොභාසම්පන්න නම් දැවෙන්නට පෙර කොතරම් දැ යි සිතීම පවා අපහසු ය. මේ රජ ඒ නො දැවුනු අනඞගයා වැනි ය.

ටිප්පණි.

1. ඇසි පිය නො හෙළා සිටියෙන - සුරඟනෝ ඇසි පිය නො හෙළත්. යාගේ රූප ලක්ෂ ණයෙන් මත් වූ පිටිසර කුලකාන්තාවෝ ඇසි පිය නො හෙළා සිටියහ. එබැවින් ඔවුහු දෙවඟනන්ට සරි වූහ.

4. මග වැණුම්.

117 ද ප් බිඳ සතුරු වූ නිරිඳුන් නො ම ඳි න ක ප් හිමි කර තම යස සිටුවන මෙ න ස ප් හර තෙද යුතු අප නරනිඳු ජ න තෙප් පනාව යන ගමෙහි ලැගුම් ගෙ න

අන්වය :- නොමඳින සතුරු වූ නිරිඳුන් දප් බිඳ කප්හිමිකර තම යස සිටුවන මෙන සප්හර තෙද යුතු අප ජන නරනිඳු තෙප්පනාව යන ගමෙහි ලැගුම් ගෙන, ටිප්පණි.

1. සප්හර - ඊශ්වරයා යි. ඊශ්වරයා සර්පකයන් මුතුහර මෙන් පලදී. එහෙයින් හෙතෙමේ සර්පලහාර (=සප්හර) නම් වේ.


118 නොමඳා ගන’දුරු බිඳ රැස් විහි දා සු ස ඳා පෙරඹර පොබයා සර දා දි නි ඳා උදය’ග පත් සඳ පිබි දා ස මු දා සමගින් නික්මිනි නිරි දා


(81)

අන්වය :- රැස් විහිදා නොමඳා ගන අඳුරු බිඳ පෙර අඹර සුසදා සරදා පොබයා දිනිදා උදය අග පත් සඳ නිරිඳා පිබිදා සමුදා සමගින් නික්මිනි.

පදාර්ථ :- රශ්මින් විහිදුවා බොහෝ වූ ඝනාන්ධනකාරය නැති කොට පූවර්‍ දිග ආකාශය මනා කොට සරහා පද්මයන් ප්රවබොධ කොට සූර්යකයා උදය පර්වදතයට පැමිණි කල්හි රජ තෙම අවදි වී සමුදාව සමගින් පිටත් වී ය.


ක්රින: කා: ප: ස: - නිරිදා නික්මිනි.

ටිප්පණි.

1. යරදා - ‘සරොජ’ ශබ්දයෙන් භින්න යි. පද්ම වාවක යි. 2. උදය’ග - උදය පර්ව තය : කවීහු පූර්ව දිශාභාගයෙහි පර්වගතයක් ඇතැයි සලකති. එය උදය පර්වයතය යන නාමයෙන් දක්නා ලැබේ උදය අග යනු උදය පර්වරතාග්රවයෙහි හෝ උදය පර්ව්තයෙහි කියා අරුත් බිණිය හැක. “අග” යනු පර්ව තාවයෙහි ද වැටීම ඊට හේතුවයි.

119 පු ව ත ර ලක’ගන උර සුසැදුණු න ද පැහැසර නිල් මිණි වැළයක සිරි ල ද සි රි ස ර නිසි මහ කළු ගඟ තෙර බ ද ක ඳ වු ර තුර වැද සපරපුරෙහි සො ඳ

අන්වය :- පුවතර ලක් අඟන උර සුසැදුණු නද පැහැසර නිල්මිණි වැලයක සිරි ලද සිරි සර නිසි මහ කළුගඟ තෙර බඳ සොඳ සපර පුරෙහි කඳවුර තුර වැද,

ටිප්පණි. 1. උර - පපුවෙහි; 2. වැලයක - මාලයක 3. සිරිසර නිසි - ශ්රීොසාර වූ යොග්යැ වූ, (82)


120 අ හ සි න් යන ලිහිණියකුට මිස වෙ න කෙ‍නකුන් නොවදින විලසට වෙසෙසි න තර යෙන් කඳවුර බඳවා මන මෙ න එතැ නින් නික්මින මහ සෙන් සමගි න


අන්වය :- අහසින් යන ලිහිණියකුට මිස වෙන කෙ‍නකුන් නොවදින විලසට වෙසෙසින තරයෙන් කඳවුර බඳවා මන මෙන එතැනින් මහසෙන් සමඟින් නික්මිණ

ක්රිි: කා: ප: ස: - (හේ) නික්මිනි.

විස්තරාර්ථස :- අහසින් යන ලිහිණියකුට මිස වෙන කෙනෙකුන් නො වදින සේ කඳවුරු බැන්දේ යයි කීමෙන් සපර පුරයෙහි කඳවුර කෙ තරම් ශක්තිමත් ලෙස බැඳිණි දැයි විස්තර වි ය. සපර පුරය මැ‍ද්දේගම් නුවරට ළංව පිහිටි බැවින් එය එ තරම් තර කරනු ලැබී ය.


121 බලැ’ති සතුරු නිරිඳුන් දප බිදිමි න අ යි ති කර ම ගම් යස සිටුවන මෙ න යසැ’ති මෙ අප හිමි මහ සෙන් සමගි න නි වි ති ගලැයි යන පියෙස ලැගුම් ගෙ න

අන්වය :- බලඇති සතුරු නිරිඳුන් දප බිදිමිනගම් අයිති කරම යස සිටුවන මෙන යසැඇති මෙ අප හිමි මහසෙන් සමගින නිවිතිගලැයි යන පියෙස ලැගුම් ගෙන -

ටිප්පණි.

1. යස - කීර්ත තිය, 2. යසැති - යස ඇති, කීර්තනතිය ඇති,

(83)


122 බි ඳි මි න් ගන’ඳුරු කඳ ලොව එලි කො ට යොදමි න් සියොතුන් තැන තැන ගොදුර ට දි නි ඳු න් පත් ‍වත පෙර ගිර මුදුන ට එ තැ නි න් නික්මිනි නරනිදු නො ම සි ට

අන්වය :- ගන අඳුරු කඳ බිඳිමින් ලොව එලි කොට සියොතුන් තැන තැන ගොදුරට යොදමින් දිනිඳුන් පෙරගිර මුදුනට පත් වත නරනිදු නොම සිට එතැනින් නික්මිණි.

ක්රිඑ: කා: ප: ස: - නරනිදු නික්මිණි.

ටිප්පණි.

1. ගන’ඳුරු - ගන + අඳුරු, ඝනාන්ධිකාරය, පූර්වයස්වර ලොප සන්ධිතය යි. 2. පත් වන - ප්රා-ප්ත වත් ම,

5.මගවැණුම්

123 සැ ඬ කර පැමිණෙත අවරග මුදු නේ තු ඩ නො ම ලත බිඟු මුවරඳ ලොබි නේ වැ ඩ කරු අප හිමි මහ සෙන් රැගෙ නේ ම ඩ වල ගම රෑ දින සැතපෙමි නේ

අන්වය :- සැඩකර අවරදිග මුදුනේ පැමිණෙත බිඟු මුවරද ලොබිනේ තුඩ නො ම ලත වැඩකරු අප හිමි මහසෙන් රැගෙනේ මඩවල ගම රෑ දින සැතපෙමිනේ -

පදාර්ථ :- සූර්යියා අස්ත පර්ව තය මුදුනට ප්රානප්ත වන කල්හි හෘඬගයන් මකරන්ද ලොභයෙන් චඤවූ ප්රෘෙක්ෂපප නො කරණ කල්හි අභිවෘධිකර වූ අසමදීය ස්වාමියා මහා සේනාව ඇරගෙන මඩවල නම් වූ ග්රාදමයෙහි රාත්රි කාලයෙහි සැතපී -


(84)

ටිප්පණි.

1. සැඩ කර - සැඩ (චණ්ඩ) වූ කර (රශ්මි) ඇතියේ සැඩ කර යි. අන්යාණර්ථී සමාසයයි. සම්බන්ධෙය උක්තයි. 2. අවර’ග - යම් තැනකින් ඉර බැස යේ ද, එතැනට කවීහු ‘අවරග’ ය යි කියති. අපර දිශාවෙහි වූ පර්ව තය යනු අර්ථ යි. 3. මුවරඳ - මකරන්දය, මල්වල පැණි,

124 වි දා අඳුරු කඳ සිය කර විහි දා න ඳා දෙමින් සිය පත් විල නො ම දා යො දා සියොත් ගණ ගොදුරට පැහැ දා උ දා සනෙහි රිවි නික්මිනි නිරි ඳා

අන්වය :- සියකර විහිදා අඳුරුකඳ විදා සියපත් විල් නොමදා නඳා දෙමින් සියොත් ගණ ගොදුරට යොදා රිවි උදාසනෙහි නිරිඳා නික්මිණි.

පදාර්ථ :- ස්වකීය රශ්මීන් විහිදුවා අන්ධ කාර සකන්ධමය නැති කොට ශතපත්ර තඩාගයනට අමන්දර වූ ආනන්ද්ය දෙමින් පක්ෂිද සමූහයා ගොචරයෙහි නියුක්ත කොට ප්රනභාදායක සූර්යදයා උදා වූ ක්ෂරණයෙහි නරෙන්ර්දර තෙම නිෂක්රාදන්ත වී,

ක්රිය: කා: ප: ස: - නිරිඳා නික්මිණි,

ටිප්පණි. 1. විහිදා, විදා, දෙමින්, ‍සාදා යන ක්රිමයාවන්ගේ කර්තෘර රිවි සි.

125 බි ර ම් සතුරු නිරිඳුන් බිඳ ජය ගෙ න උ තු ම් යසස් හර දුන් උර දිගහ න පි යු ම් නැබ සෙ වික්මැති නරනිඳු ජ න කොහොම් පිටිය යන ගමෙහි ලැගුම් ගෙ න


(85)

අන්වය :- බිරම් සතුරු නිරිඳුන් බිඳ ජය ගෙන උතුම් යසස් හර දිගඟන උර දුන් පිසුම්නැබ සෙ වික් මැති ජන නරනිඳු කොහොම් පිටිය යන ගමෙහි ලැගුම් ගෙන,

පදාර්ථ :- භයඞකර වූ ශත්රැන රජුන් භග්න කොට ජය ග්රඟහණය කොට උතුම් වූ යශො ලක්ෂෙණ මුක්තාහරය දිශා ලක්ෂරණ අඞගනාවන්‍ ගේ පපුවෙහි දානය කළ විෂ්ණු දේවයා මෙන් වික්ර මාන්විත වූ ජන රාජයා කොහොම පිටිය නම් වූ ග්රාමමයෙහි ලැගුම් ගෙන,

ටිප්පණි.

1. පියුම් නැබ - බ්රකහ්මයා උපන් පද්මය විෂ්ණුහුගේ නාභියෙන් පැන නැගි බැවින් විෂ්ණුහට පද්මනාභ (පියුම් නැබ) යන නාමය ඇති වි ය. පියුමක් නැබෙහි වූයේ යමෙක්හු ගේ ද, හේ පියුම් නැබ = අන්යාරර්ථ සමාසය යි. පද්මයෙන් උපන් බැවින් බ්රහහ්මයාට ද පියුම් යොන් යන නම යෙදෙ යි.

126 දි නි ඳා උදය ග මුදුනත පත් සඳ ස මු දා වක් හරිමින් කරවා යුද නොම දා රුපුනිස් සිඳ ගෙන්වා සෙද ප න දා නික්මිනි සෙන් සමගින් සොඳ

අන්වය :- දිනිදා උදයඅග මුදුනත පත්සඳ සමුදාවක් හරිමින් යුද කරවා නොමඳා රුපුන් ඉස් සිඳ සෙද ගෙන්වා පනදා සොඳ සෙන් සමඟින් නික්මිණි.

පදාර්ථ :- සූර්යගයා උදය පර්ව්ත මස්තකයට පැමිණි කල්හි සේනාවක් යවා යුඬ කරවා බොහෝ වූ සතුරන් ගේ හිස් කපා වහා ගෙන්වා ගෙන දෙවෙනි දින සුන්දරර වූ සේනාව සමග නිෂ්ක්රාතන්ත වී.



(86)

ක්රි8: කා: ප: ස: - (නරනිඳු) නික්මිණි.

ටිප්පණි. 1. රූපුනිස් - රුපුන් + ඉස් = සතුරන්ගේ ශීර්ෂනයන් (ස්වර සන්ධිෘය යි) 2. පනදා - දෙ වැනි දින,


6.මගවැණුම්

127 කෙරෙමින් මල් මුවරඳ රස පැ නේ බි ඟු ස න් දෙත වල තුර තුර ගා නේ මහ සෙ න් සමගින් රජු අසමා නේ ල ගි මි න් නිසි පියෙසෙහි සංවා නේ

අන්වය :- මල් මුවරඳ රස පානේ කෙරෙමින් වල තුර තුර ගානේ බිඟු සන් දෙත අසමානේ රජු මහසෙන් සමඟින නිසි සංවානේ පියසෙහි ලගිමින්.

පදාර්ථ :- පුෂ්ප මකරන්දන රසය පානය කෙරෙමින් වනාන්තරයෙහි වෘක්ෂථයක් වෘක්ෂෂයක් පාසා භෘඞගයන් නාදය කරණ කල්හි අසදාශ වූ රාජයා මහා සේනාව සමග යොග්යා වූ සංවාත නම් වූ ප්රාදේශයෙහි නවාතැන් ගෙණ,

128 දු ල් ල ව රේ උදයග සිරසෙහි ස ඳ නි ල් ල ඹ රේ තුරු පෙණෙනත මඳින් ම ද පු ල් ල තු රේ නද දෙත බිඟු රොද බැ ඳ පොල්ලමු රේ ලගිමින් නරනිඳු ස ඳ

අන්වය - සඳ උදයඅග සිරසෙහි දුල්ලවරේ නිල් අඹරේ තුරු මදින් මඳ පෙනෙත බිඟුරොද බැඳ පුල්ල තුරේ නඟදෙන නරනිඳු සඳ පොල්ලමුරේ ලගිමින්,


(87)

ටිප්පණි.

1. දුල්ලවරේ - භ්රේජමාන වූ කල්හි, 2. නිල්ලඹරේ - නිල් + අඹරේ, නිලවර්ණම වූ අහසෙහි, 3. පුල්ලතුරේ - පුෂපිත (පිපියාවූ) වෘක්ෂ යන්හි, 4. රොද බැඳ - සමූහ වශයෙන් සැදි, පෙළ බැඳ,


129 පෙ ර ගි න් රිවි බබළත කිරණින් සැ ඩ එ තැ නි න් පිටත ව සෙන් සමගින් දි ඩ බි ඟු ස න් දෙත මුවර‍ඳෙහි ලමින් තු ඩ ල ගි මි න් නරනිඳු ගමෙහි බළන්ගො ඩ

අන්වය :- පෙර අගින් රිවි සැඩ කිරණින් බබලත දිඩ සෙන් සමගින් එ තැනින් පිටත ව බිඟු මුවරදෙහි තුඩ ලමින් සන් දෙත නරනිඳු බළන්ගොඩ ගමෙහි ලගිමින්,

ටිප්පණි.

1. රිවි සැඩ කිරණින් බබලන - සූර්යියා චණ්ඩ රශ්මියෙන් යුක්තව භ්රා.ජමාන වන කල්හි


130 දු හ දා රුපු රජු පුරයෙහි දරු ණු එ ම දා ගිනි කඳ ඇවිලෙන කරු ණු ප හ දා සෙනඟට නිමිතෙව් පෙණු ණු සු ස දා පෙරඹ’ර නැගි සඳ අරු ණු

අන්වය :- දුහදා රුපු රජු පුරයෙහි එ ම දා දරුණු ගිනිකඳ ඇවිලෙන කරුණු සෙනඟට පහදා පෙනුණු නිමිති එව් අරුණු පෙර අඹර සුසදා නැගි සඳ, පදාර්ථ :- දුෂ්ට හෘදයක් ඇති සතුරු රාජයා ගේ නගරයෙහි එ දින දරුණු වූ අග්නි ස්කන්ධසය ඇවිළෙන්නා වූ (88)

කාරණය සේනාවය ප්ර කාශ කොට පෙණුන ලක්ෂරණයක් (නිමිත්තයක්) මෙන් අරුණාලෝකය පෙර දිග ආකාශය මනා සේ සදා උද්ගත වූ කල්හි,

ටිප්පණි.

1 නිමිතෙව් - තිමිති එව්, නිමිත්ත (ලක්ෂනණය) මෙන්,


131 එ ක බ ද් දේ වෙඩි හරවා යුග කෙළ සෙනහඬ ලෙසිනේ ජ ය ස ද් ‍ දේ කරවා සත්සමුදුර ගොසලෙන නොමිනේ දි ත යු ද් දේ ජයගත්සුර සෙන් වන මහසෙන් රැගෙනේ වැ ද මැ ද් දේ ගම් නුවරට අප හිමි සඳ සිතු ලෙසි නේ

අන්වය :- යුග කෙළ සෙනහඩ ලෙසිනේ එක බද්දේ වෙඩි හරවා සත් සමුදුර ගොස ලෙස නොමිනේ ජය සද්දේ කරවා දිත යුද්දේ ජය ගත් සුර සෙන් වන් මහ සෙන් රැගෙනේ අප හිමි සඳ සිතු ලෙසිනේ මැද්දේගම් නුවරට වැද,

ටිප්පණි 1. යුග කෙළ - කල්පාන්තයෙහි, 2. එක බද්දේ - එකාබඬ ව, අතරක් නැතිව පිට පිට, 3. දින යුද්දේ - දෛත්ය (අසුර) යුඩය,


නුවර ගිනි ලෑම.

132 එ ව ර ඉසුරු හස කෙරෙමි න ති පු ර දහන කළ විලසි න ප ව ර මෙ අප නිරිඳු බසි න නු ව ර ද ගිනි ලූ මෙලෙසි න

අන්වය :- එවර ඉසුරු හස කෙරෙමින තිපුර දහන කළ විලසින පවර මෙ අප නිරිඳු බසින නුවර ද මෙලෙසින් ගිනි ලූ.

(89)

පදාර්ථ :- ඒ කාලයෙහි ඊශ්වරයා හාස්යෙ කොට ත්රීිපුරය භෂ්ම කළ පරිද්දෙන් උතුම් මේ අස්මදීය නරෙන්ර්රය යා ගේ වචනයෙන් නගරය ද‍ මේ ආකාරයෙන් ගිනි තිබූ හ.

ක්රි : කා: ප: ස: - (ඔවුහු) නුවර ද ගිනි ලූ.

ටිප්පණි.

1. තිපුර - අසුරයන් ගේ ප්රියෝජනය පිණිස මය නම් වූ අසුර රාජයා විසින් රන්, රිදී, යකඩ යන මේවායින් ආකාශය වාතය පෘථිවිය යන තුන් තැන්හි නිර්මිත කළ නගර තුන තිපුර හෙවත් ත්රී පුර නම් වේ ඊශ්වරයා ඒ නගර දවා භෂ්ම කෙළේ ය.

133 සු දා යහන් තුළ නිසි ගේ නි දා පියන රජු සිත ගේ උ දා ර වූ සැතපෙන ගේ ද දා වැටිනි ලෙස ගිනි ගේ

අන්වය :-නිසගේ සුදා යහන් තුළ (ඇති) රඡු සිත ගේ නිදා පියන උදාර වූ සැතපෙන ගේ ගිනි ගේ ලෙස දදා වැටිණි.

පදාර්ථ:- තිසර්ගණයෙන් සුබදායක වූ යහන් තුළ රාජයා සිත් වූ පරිද්දෙන් සාතපෙන්නා වූ මහත් වූ ශයනාගාරය ගිනි ගෙයක් පරිද්දෙන් දැවෙමින් පතිත වී.

ක්රි : කා: ප: ස: - ගේ දදා වැටිනි.

ටිප්පණි.

1. නිසගේ - නිසගියෙන් හෙවත් ප්රිකෘතියෙන්,


(90)

134 නේ සි ත් තම් සැදි මනර ම සි රි ම ත් සුර විමනත් ස ම ය හ ප ත් බලි බත් කූඩ ම ගි නි ග ත් රඟ කියනු ම කි ම

අන්වය :- මනරම් නේ සිත්තම් සැදි සිරිමත් සුර විමනක් සම යහපත්

                බලිබත් කූඩම ගිනි ගත් රඟ කියනු කිම?

ක්රි : කා: ප: ස: - රඟ කියනුම කිම?

ටිප්පණි.

1. නේ සිත්නම් - අනේක චිත්රඟ කර්මෘයන්; සිත් + කම් = සිත්තම්. පූර්වා රූප සන්ධිේයයි. 2. බලිබත් කූඩම - බලිබත් ශාලාව. කූඩම යනු ශාලාව යන අර්ථි ඇති දෙමළ “කූඩම්” ශබ්දයෙන් බිඳිණ.


135 චි ත් ත රූප යුතු නොමඳි නි බි ත් ති පෙළින් සැදි වෙසෙසි නි චි ත් ත කූට ගේ දවමි නි වෙත් වි ය බඹ තලට ම ගි නි

අන්වය :- නොමඳිනි චිත්තරූප යුතු වෙසෙසිනි බිත්ති පෙ‍ළින් සෑදි චිත්තකූට ගේ දවමිනි ගිනි බඹතලට ම වෙත් වි ය.

පදාර්ථ ;- බෙ‍ාහෝ සේ චිත්රි රූපයන් ගෙන් යුක්ත වූ විශෙෂයෙන් භින්නි පඞක්තියෙන් සැදුණා වූ චිත්රහකූට නැමැති ගෙය දණ්ඩ කරමින් වහනිය බ්ර්හ්ම තලයටම සමීපස්ථ වි ය.

ක්රින: කා: ප: ස: - ගිනි බඹතලයට වෙන් වි ය.


(91)

ටිප්පණි. 1. බඹ තලය - බ්රසහ්ම ලොකය.


136 ම ණ් ඩ න සිතියම් රූ යු තු ම ණ් ඩ ප සඟ සඳලු දිමු තු කු ණ් ඩ සාලය ද බලග තු ‍ඉ ණ් ඩ යෙදෙයි කළ හොත් ම තු

අන්වය :- මණ්ඩන සිතියම් රූ යුතු මණ්ඩප සඟ සඳලු දිමුතු බලගතු කුණ්ඩසාලය ද මතු කළ හොත් ඉණ්ඩ යෙදෙයි.

පදාර්ථ :- සැරසිලි හා චිත්රි කර්මස රූපයෙන් යුක්ත වූ මණ්ඩපයෙන් හා චන්රිථ ල කා ශාලා වන්ගෙන් දීප්තිමත් වූ උදාර වූ කුණඩසාලය නම් වූ ගෘහය අනාගතයෙහි නිර්මිතකළහොත් ඉඳීමට යොග්යද වේ.

ක්රිව: කා: ප: ස: - කළහොත් ඉණ්ඩ යෙදෙ යි.

ටිප්පණි.

1. මණඩන - සැරසිලි, හෙවත් අලංකාර. 2. මණඩප - මඩු , ශාලා. 3. සඳ ලු - චන්රිලිම කා ශාලා, ප්රාණසාදවල උපරිම තලයෙහි පිටට නෙරා

                        සිටි චන්රාිම  ලොකය වැටෙන සේ කැරුණු ශාලා.

4. කුණ්ඩසාලය - එ නම් ගෘහය.


137 න න් විසිතුරුවෙන් නො අ ඩුව මෙ න් දිසි සක් සුදම් ම ඬුව සෙ න් දකිනා මඟුල් ම ඬුව ගි න් නෙන් දා වී ය අ ඬුව


(92)

අන්වය :- නන් විසිතුරුවෙන් නො අඩු ව සක් සුදම් මඩුව මෙන් දිසි සෙන් දකිනා මඟුල් මඩුව ගින්නෙන් දා අඩුව වී ය.

ක්රි : කා: ප: ස: - මඩුව දා අඩුව වී (ය).

ටිප්පණි.

1. සක් සුදම් මඩුව - ශක්ර: දෙවෙන්ර්ෙන යා ගේ සුධර්මා. නම් වූ දිව්යය මණ්ඩපය; 2. මඟුල් මඩුව - රාජ දර්ශශන මඩුව , 3. දා - (දැමෙහි) දයින් නිපන් පූර්ව ක්රිුයාව යි.

138 මුළු තැන් ගෙය හෝම ගෙය ද නිරි ඳු න් මේ වඩන ගෙය ද උණුපැන් ගෙය රහස් ගෙය ද සම ගින් ගිනි ලූ එක බ ඳ

අන්වය :- මුළුතැන් ගෙය හෝම ගෙය ද, නිරිඳුන් මේ වඩන ගෙය ද, උණුපැන් ගෙය රහස් ගෙය ද, සමගින් එක බඳ ගිනි ලූ.

ටිප්පණි.

1. මුළු තැන් ගෙය - කුස්සිය, 2. හෝම ගෙය - ගිනි පුදන ගෙය, 3. මේ වඩන ගෙය - භොජන වළඳන ගෙය, 4. උණු පැන් ගෙය - සනානාදිය පිණිස උණු වතුර තබා තිබෙන ගෙය. 5. රහස් ගෙය - රහස් කාමරය.




(93)

139 ළ හෝ කරවමින් තොමි නා බොහෝ ගෙවල් ගිනි ලුවෙ නා බි හෝ වරුන් හට බදි නා අ හෝ ගෙයක් නැත ඔබි නා

අන්වය - නොමිනා ළහෝ කරවමින් බොහෝ ගෙවල් ගිනි ලුවෙනා ඉඳිනා බිහොවරුන් හට ඔබනා ගෙයක් නැත. අහෝ!

ක්රිා: කා: ප: ස: - ගෙයක් නැත.

ටිප්පණි.

1. ළහෝ කරවමින් - හෘදය ශොක කරවමින්, 2. බිහෝවරුන් - බිසෝවරුන් කියා යෙදිය යුතු තැනි. එළිසමය රැකීම පිණිස “ස” කාරයට “හ” කාරාදෙශය වී ය.

140 වි සි ත් වියන් වට තිර ඇ ද දි මු ත් එසුර විමනක් ලෙ ද බ රෙ ත් තු මැතිදුගෙ විමන ද පොරොත් තුවම ගිනි ලූ‍ සෙ ද

අන්වය :- විසිත් වියන් වට තිර ඇද එ සුර විමනක් ලෙද දිමුත් බරෙත්තු මැතිඳුගෙ විමන ද පොරොත්තු ව ම සෙද ගිනිලූ.

ක්රිඳ: කා: ප: ස: - (ඔවුහු) විමන ද ගිනි ලූ.

ටිප්පණි. 1. විසිත් - විචිත්ර වූ, 2. පොරොන්තුව ම - අවසථිතව ම, නතරවම,



(94)

141 ඇත්හල් අස් හල් වාස ල් බඩු හල් විදුහල් කම්ම ල් තුගු තුල් කෝවිල් සල්පි ල් මෙසියල් ල ම දැවූ එක ල්

අන්වය :- ඇත්හල්, අස්හල්,වාසල්, බඩුහල්,විදුහල්,කම්මල්, තුගුතුල්, කෝවිල්, සල්පිල් (යන) මේ සියල්ල ම දුවු.

ක්රිල: කා: ප: ස: - (ඔවුහු) සියල්ල ම දැවූ.

ටිප්පණි. 1. කම්මල් - කර්මා න්ත ශාලා, කම් + හල් = කම්මල්, පූර්ව් රූප සන්ධියය යි. 2. තුඟු - උත්තුඞග වූ, උස් වූ. 3. තුල් - මහත් වූ.


142 ළත ර සෙනඟ රඳනා සො ඳ විත ර නො වන විමන් වොර ඳ සත ර විදිය ද එක බ ඳ පත ර ව ගිනි ලූ එ ම ස ඳ

අන්වය :- සොඳ ළතර සෙනග රඳනා, විතර නොවන විමන් වොරඳ සතර විදිය ද එකබඳ එ ම සඳ පතර ව ගිනි ලූ.

ක්රිය: කා: ප: ස: - (ඔවුහු) සතර වීදිය ද ගිනි ලූ.

1. වෙ‍ාර ද - විරාජමාන වූ, 2. එකබඳ - එකාකාරයෙන්, 3. පතර ව - මහත් සේ,


(95)

4. ලූ - ලා (ලීමෙහි) දයින් නිපන් කර්තෘ් ක‍ාරක සකර්ම ක ප්රරථම පුරුෂ බහු වචන ආකඛ්යා‍ත පද යි. ගිනි යනු එහි කර්ම ය යි.


143 එපුර ඇවිළ උලැගි ලව ග පැතිරෙත වසමින් සුරම ග සඳින් සැදෑ වෙල ය යි ර ග කෙරෙමින් රැව‍ටිනි ප‍ඬෙර ග

අන්වය :- එ පුර ඇවිළ උලැඟි ලවඟ සුර මඟ වසමින් පැතිරෙන ප‍ඬෙරඟ සැඳෑ වෙල ය යි සඳින් රඟ කෙරෙමින් රැවටිණි.

ක්රි‍: කා: ප: ස: - ප‍ඬෙරඟ රැවටිණි.

ටිප්පණි.

1. උලැඟි - උල්ලඞඝිත වූ. උසට නැංගා වූ, 2. ලවග - ලැව් ගින්න , දාවාග්නිය , ‘දාව’ යනු වනයට නමකි. එහි හටගන්නා ගින්න දාවාගනි නමි. ඒ නම මෙහි යෙදීම සුදුසුය. 3. සුර මඟ - දෙවියන් ගේ මාගර්යී වන බැවින් අහසට මේ නම් යෙදිණ. 4. ප‍ඬෙරඟ - ප‍ඬෙර + අග, පාණ්ඩර (සුදු) අඟ (ශරීරය). සුදු පාට ශරීරයක් ඇති බැවින් ඊශ්වරයා හට මේ නම යෙදෙයි.

                          වැසියන්ගේ අදෝනාව

144 මෙ රජු න් වඩිනු අසමින් රුපු සෙනඟ සෙ‍ දේ උ නු නු න් ගිය අතක් නො ම දැන බියෙන් ත දේ දි වි ය න් දුටු මුවන් මෙන් වන තුරෙහි වැ දේ මෙලෙසින් සැළ කළෝ එ නිරිඳුට වැඳ වැ ‍ඳේ



(96)

අන්වය :- රුපු සෙනග සෙදේ මෙ රජුන් වඩිනු අසමින් උන් උනුන් ගිය අතක් නො ම දැන තදේ බියෙන් දිවියන් දුටු මුවන් ලෙදේ වනතුරේ වැදේ එ නිරිඳුට වැඳ ‍වැ‍ඳේ මෙ ලෙසින් සැළ කළෝ.

ක්රිර: කා: ප: ස: - සෙනග නිරිඳුට සැළ කළෝ

ටිප්පණි.

1. වඩිනු - වඩ (වැඩීමෙහි) දයින් නිපන් භාව කෘදන්තය යි. 2. ඒ නිරිඳුට - ඒ මායාදුන්නේ රාජයා හට

145 ගරු කොට හැ ම ට රටතොට දුන් නිසිලෙස ට උ ඩ ර ට ර ජු ට සදිකොට පැමිණි අයස ට කු රු වි ට ක ප ට ඵ නි ව ට මැතිඳුගෙ බස ට සො ළි ර ට නොසිට කු ම ක ට වැඩියෙ ද ලක ට

අන්වය :- හැමට ගරු කොට නිසි ලෙසට රට තොට දුන් උඩ රට රජුට සදි කොට අයසට පැමිණි කපට නිවට එ කුරුවිට මැතිඳුගෙ බසට සොළි රට නො සිට ලකට කුමකට වැඩියෙ ද?

ක්රිස: කා: ප: ස: - (පින්වතා) කුමකට වැඩියෙ ද?

ටිප්පණි.

1. උඩ රට රජුට - සෙනරත් රාජයා හට 2. සදි කොට - ද්රොතහ කොට 3. කුරුවිට මැතිඳුගෙ - අන්තොනි බරෙන්තු ගේ

146 කප ට ත් අසත් ගුණයෙන් යුතු වූ නොම ‍ඳේ අසතොත් බරෙන්තු පැවසූ තෙපුල හැ ම ස ‍‍ඳේ සෙනර ත් නිරිඳුහට වූ සදිය නිවර දේ ඔ බ ට ත් නොබෝ කලෙකින්, හිමි සඳිනි, යෙ දේ

(97)

අන්වය :- කපටත් නොමදේ අසත් ගුණයෙන් යුතු වූ බරෙත්තු පැවසූ තෙපල හැම ‍ස‍ඳේ අසතොත් නිව‍රදේ සෙනරත් නිරිඳු හට වූ සදිය හිමි සඳිනි, ඔබටත් නොබෝ කලකින් යෙදේ.

ක්රි : කා: ප: ස: - සදිස යෙදේ.

1. කපටත් - කපට වූ ද 2. අසත් ගුණයන් - අයහපත් ගුණයන් ගෙන් 3. සදිස - අනර්ථූය

147 ම හ ත් ඉසුරු දුන් සෙනරත් නරනිඳු ට පැ වැ ත් ත රහ දැන දැන ඒ සිහි නො කො ට බ රෙ ත් තු නම් ගුණමකු දු දනා බස ට ඇ වි ත් මෙ දුක වි ය, හිමි සඳිනි, මෙ නුඹ ට

අන්වය :- මහත් ඉසුරු දුන් සෙනරත් නරනිඳුට පැවැත්ත රහ දැන දැන ඒ සිහි නො කොට බරෙත්තු නම් ගුණමකු දුදනා බසට ඇවිත් හිමිසදිනි, මෙ නුඹට මෙ දුකවි ය.

ක්රිස: කා: ප: ස: - දුක වී (ය).

ටිප්පණි.

1. පැවැත්ත රඟ - පැවැති ආකාරය. 2. ගුණමකු - ගුණය මකන, දුර්ජන.


148 අ ස ත් දුදන පැවසූ බස් ගෙණ සිත ට ම හ ත් අය නසිත් කී තෙපුල පෙර සි ට බරෙ ත් තු මැති පැවසූ බස’සා ඔබ ට වි ප ත් වුවෙන් සැක හැර දුටුමු අත් පි ට


(98)

අන්වය :- අසත් දුදන පැවසූ බස හිතට ගෙණ මහත් අය නසිති (යි) පෙර සිට කි තෙපුල, බරෙත්තු මැති පැවසු බස් අසා ඔබට විපත් වූවෙන් අත් පිට සැක හැර දුටුමු.


ක්රින: කා: ප: ස: - (අපි) තෙපුල දුටුමු.


149 අන් තොනි බරෙන්තු කී බස අබ ද්දා දැන් බල බලා හිමි සඳ ඔබ පැරැ ද්දා පින් කළ නැණැති නිරිදෝ නම් පසි ද්දා මින් මතු දුදන පැවසූ බස් අස ද්දා

අන්වය :- හිමි සඳ, අන්තොනි බරෙත්තු කී බස අබද්දා ඔබ පැරැද්දා දැන් බල බලා පින් කළ නැණ ඇති පසිද්දා නිරි‍ඳෝ නම් මින් මතු දුදන පැවසූ බස් අසද්දා?

ක්රි : කා: ප: ස: - නිරිඳෝ අසද්ද?

1. අබද්දා :- ආබඩ ව, ආසකත ව 2. අසද්දා :- අසත් දා යනු පර රූප විධියෙන් අසද්දා ය යි වීය.


150 මහ ස ත් ගුණැති සෙනරත් රජුට නිවැර දී මඳ කු ත් නො සලකා යෙදුයෙන් නපුරු ස දී ගුණව ත් අසත් කුරුවිට මැති බසට යෙ දී විසුවොත් ඔබට මතු වන අවැඩ නොවැර දී

අන්වය :- මහ සත් ගුණ ඇති නිවැරදි සෙනරත් රජුට මඳකුත් නො සලකා නපුරු සදී යෙදුයෙන් අසත් ගුණවත් කුරුවිට මැති බසට යෙදී විසුවොත් ඔබට මතු වන අ වැඩ නොවරදී.

ක්රිය: කා: ප: ස: - අ වැඩ නොවරදි. (99)

ටිප්පණි.

1. මහ සත් ගුණ ඇති :- මහා සත්ව (බොධි සත්ව ) ගුණ ඇති, 2. විසුවොත් :- (වස වැසුම්හි) ධාතුවෙන් සෑදුණ අසම්භාව්ය‍ ක්රිපයාව යි. 3. අවැඩ :- අනභිවාධිය , අනර්ථාය.


151 ගු ණ යු ත් නපුරු කුරුවිට මැති බස අස ද ය හ ප ත් කොට සිතා ගෙණැවිත් කර මෙයු ද රිවිගොත් රජුන් කලෙකත් නො ම විඳි දුහ ද ඔ බ ල ත් රජු ඉසුරු හිමි සඳ දැන් සොඳ ද

අන්වය :- හිමිසඳ නපුරු ගණ යුත් අසද කුරුවිට මැති බස යහපත් කොට සිතා ගෙන ඇවිත් මෙ යුද කර රිවි ගොත් රජුන් කලෙකත් නොම විඳි දුඟද ඔබ දැන් ලත් රජ ‍ඉසුරු සොඳ ද?

ක්රිව: කා: ප: ස: - රජ ඉසුරු සොඳ ද?

ටිප්පණි.

1. ගෙන + ඇවිත් - ගෙනැවිත්, පූර්ව් ස්වර ලොප සන්ධියයයි. 2. රිවි ගොත් රජුන් - සූර්යි වංශයෙහි රාජයන්


1.යුඬය.

152 මෙලෙසින් නුවර ද ගිනි ලා රුපු සෙනඟ දැ ලුහුබඳිමි න මහ සෙ න් පිරිවරා ඉඹුල්පය යන පියෙසට වඳිමි න බල යෙ න් යුතු සෙනඟක් ඌවට යවමින් යුදජයගෙ න මන මෙන් අප නරනිඳු යළි සිය නුවරට වදිනා දි න


(100)

අන්වය :- මෙලෙසින් නුවර ද ගිනි ලා රුපු සෙනඟ ද ලුහුබඳිමිනමහසෙන් පිරිවරා ඉඹුල්පය යන පියෙසට වඳිමින බලයෙන් යුතු සෙනඟක් ඌවට යවමින් යුදජයගෙන අප නරනිඳු යළි මන මෙන් සිය නුවරට වදිනා දින-


153 මහත් බලැති පරංගින්ට සේනා‍පති සිරි ල ත් පිලිප් පුදොළුවෙර කියන කප්පිත්තා මෝරු ත් දිමුත් ලුවිසු තිසේර යන සේනාපත් උතුම ත් නුමුත් බලැති මැතියන් සහ තෝරා බළ සෙනඟ ත්

අන්වය :- මහත් බලඇති පරංගින්ට සේනා‍පති සිරි ලත් පිලිප්පු දොළුවෙර කියන කප්පිත්තා මෝරුත් දිමුත් ලුවිසු තිසේර යන සේනාපති උතුමත් නුමුත් බල ඇති මැතියන් සහ බළ සෙනඟ ත් තෝරා

ටිප්පණි.

1. සරි ලත්:- ලබ්ධ ශ්රී් ඇති - ලත් සම්පත් ඇති.


154 එ න රුපු සෙනඟට නො පෙණෙන විලසටමඟ අස වනතු ර තැ න තැන සිටුවා බලගත මැතියන් සහ බළන් ළත ර ජ න මහ නිරිඳුට වඩිනට යොදමින් සහ සිය පිරිව ර ර න ගිරි යුවලක් සෙ දෙදෙන ලෙල්ලෝපිටියෙහි සිටිව ර

අන්වය :- එන රුපු සෙනඟට නොපෙණෙන විලසටමඟ අස වනතුර තැන තැන බල ගතු මැතියන් සහ ළතර බළන් සිටුවා ජන මහ නිරිඳුට සිය පිරිවර සහ වඩිනට යොදමින්(සේනාපති) දෙ‍ දෙන රන් ගිරි යුවලක් සෙ ලෙල්ලෝ පිටියෙහි සිටි ‍වර -



(101)

ටිප්පණි.

1. මග අස - මාගියා ගේ ආසන්නයෙහි වූ 2. ළතර බළන් - හෘදය ස්ථිර වූ භටයන් ද 3. රණ ගිරි යුවලක් සේ - ස්වර්ණභ පර්වනත, (මහාමේරු) දෙකක් සේ 4. දෙ දෙන - පිලිප්පු දොළුවේර හා ලුවිසු තිසේර යන සේනාපතීන් දෙ දෙන

155 ගො ස් රට හැර යළි මෙ ලකට ආ මායාදුන්නේ රජු ත් දො ස් අවගුණ යුතු අන්තොනි බරෙත්තු නම්ලත් මැතිඳු ත් ති ස් දෙදෙනකු මුදලිවරුන් සහ බලගතු සෙනග ත් ප ස් සෙන් පැන කොටන ලෙසට එවු ය කර මින් නෙකතැත්

අන්වය :- රට හැර ගොස් යළි මෙ ලකට ආ මායාදුන්නේ රජුත් අව ගුණ දොස් යුතු අන්තොනි බරෙත්තු නම් ලත් මැතිඳුන් මුදලි වරුන් තිස්දෙදනකු සහ බලගතු සෙනගත් පස්සෙන් පැන කොටන ලෙසට නෙක තැත් කරමින් එවු.

ක්රි : කා: ප: ස: - රජත් මැතිඳුන් සෙනගක් එවූ,


156 ම හ දැ ල් මඩියට වදිමින් නසිනා මින් රළක් මෙන් ද ර ස ත ල් තුළ නො බා පිවිස වැනැසෙන මැඩියන් ලෙසින් ද ගි නි දැ ල් මැද පනිමින් නසිනා පළඟැටියන් සෙයින් ද යුදලොල් කර රුපුසෙන් එන සඳ රකුසන් මෙන් පබන් ද

අන්වය :- මහදැල් මඩියට වදිමින් නසිනා මින් රළක් මෙන් ද නො බා රස තල් තුළ පිවිස වැනැසෙන මැඩියන් ලෙසින් ද ගිනි දැල් මැද පනිමින් නසිනා පළ ගැටියන් සෙයින් ද රුපු සෙන් පබන්ද රකුසන් මෙන් යුද ලොල් කර එන සඳ.



(102)

ටිප්පණි.

1. මහ දැල් මඩියට - මහා ජාල කොශයට 2. මින් රැළක් - මතස්යායන් සමූහයක් 3. රස තල් - රසා තලය, නාගයන් ගේ වාස සථානය; පෘථිවියෙහි යට ප්ර්දේශය රසාතලය යන නමින් දක්නා ලැබේ. 4. පබන්ද - ප්රනසිඬ වූ

157 අ ර වා නෙක වෙඩිලි සුගත පහළ රුදුරුසෙනහඬ මෙ න ක ර වා පසතුරු ගොස ගොඩ ගත් සත් සයුරක් විලසි න පුරවා අවි කැලුමෙන’හස වතළ විදුලි සුවහස් මෙ න තරවා හඬ ගසමින් සෙන් සතුරන් මැදට ම පනිමි න

අන්වය :- යුගත පතළ රුදුරු සෙන හඬ මෙන නෙක වෙඩිලි අරවා ගොඩ ගත් සත් සයුරක් විලසින පසතුරු ගොස කරවා අහස වතළ සුවහස් විදුලි මෙන අවි කැලුමෙන් පුරවා තරවා හඬ ගසමින් සෙන් සතුරන් මැදට ම පනිමින -

ටිප්පණි

1. සුගත පතළ - යුගාන්තයෙහි (කල්ප විනාශයෙහි) පැතුරුණ 2. අවි කැලුමෙන් පුරවා - ආයුධ කාන්තයෙන් පුරවමින්

158 සමහරෙක් රුදු රුපුන් බඳ අල මදන් විලසට පොලු ගස ත් සමහරෙක් තල් පොල් ලෙසින් රුපුනිස්තරම් සිඳ ගොඩ ගස ත් සමහරෙක් රුපු බෙලෙන් අල්ලා කන් නාසඅත් පා කප ත් සමහරෙක් දස පස්දෙනා හට ඇන මිසක් අඩි පසු තො ල ත්

අන්වය :- සමහරෙක්රුදු රුපුන් බඳ අලදමන් විලසට පොලු ගසත්, සමහරෙක් රුපුන් ඉස්තරම් සිඳ තල් පොල් ලෙසින් ගොඩ ගසත්. සමහරෙක් රුපු බෙලෙන් අල්ලා කන් නාස අත් පා කපත්. සමහරෙක් දස පස් දෙනා හට ඇන මිසක් අඩි පසු නො ලත්.

(103)


ක්රි1: කා: ප: ස: - i සමහරෙක් බඳ පොලු ගසත්. ii සමහරෙක් ඉස්තරම් ගොඩ ගසත්. iii සමහරෙක් කන්, නාස, අත්, පා, කපත්. iv සමහරෙක් අඩි පසු නො ලත්.

ටිප්පණි.

1. බඳ - ශරීරය 2. මඳන් - පැළමඳ 3. රුපුනිස් - රුපුන් + ඉස් = සතුරන්ගේ ශීර්ෂගයන් ස්වර සන්ධි්ය 4. පොළු ගසත් - කෑලිවලට කපත්. 5. ඉස්තරම් - ඉස් යනු ද තරම් යනු ද ඔළු යන අර්ථ=ය යෙදෙන පදයෝ ය.

159 සමහරෙක් සතුරන්ට ඇන ලන්සයට ගෙන අහකට දම ත් සමහරෙක් එක එක වෙඩිල්ලෙන් දෙතුන් දෙන එක තැන හෙළ ත් සමහරෙක් තම දෙපා වැඳි‍යන් පින් පිණිස නො කොටා හරි ත් සමහරෙක් පිටි පෑ රුපුන් නො මරා ම අල්ලා බැඳ ගෙණෙ ත්

අන්වය :- සමහරෙක් සතුරන්ට ඇන ලන්සයට ගෙන අහකට දමත්. සමහරෙක් එක එක වෙඩිල්ලෙන් දෙතුන් දෙන එක තැන හෙළත්.සමහරෙක් තම දෙපා වැඳි‍යන් පින් පිණිස නො කොටා හරිත්.සමහරෙක් පිටි පෑ රුපුන් නො මරා ම අල්ලා බැඳ ගෙනෙත්.

ක්රිග: කා: ප: ස: - i සමහරෙක් සතුරන් දමත්. ii සමහරෙක් දෙ තුන් දෙන හෙළත්. iii සමහරෙක් වැදියන් නො කොටා හරිත්. iv සමහරෙක් රුපුන් බැඳ ‍ගෙනෙත්.


(104)

160 සමහරෙක් මද මත් ගජන් ලෙස විරිදු රඹ’රණ පොඩි කෙරෙ ත් සමහරෙක් සී රළක් විලසින් රුපු ගජන් හිස් කුඹු බිඳි ත් සමහරෙක් උර කැලක් මෙන් රුදු විරිදුන්ගෙ පණ පවන බො ත් සමහරෙක් රුපු නා කැලන් හට ගුරුළුන් ගෙ ගති පළ කෙරෙ ත්

අන්වය :- සමහරෙක් මද මත් ගජන් ලෙස විරිදු රඹ අරණ පොඩි කෙරෙත් සමහරෙක් සී රළක් විලසින් රුපු ගජන් හිස් කුඹු බිඳිත් සමහරෙක් උර කැලක් මෙන් රුදු විරිදුන්ගෙ පණ පවන බොත් සමහරෙක්රුපු නා කැළන් හට ගුරුළුන්ගෙ ගති පළ කෙරෙත්.

ක්රිළ: කා: ප: ස: - i සමහරෙක් විරිදුරඹ අරන පොඩි කෙරෙත්. ii සමහරෙක් හිස් කුඹු බිදිත්. iii සමහරෙක් පණ පවන බොත්. iv සමහරෙක් ගති පළ කෙරෙත්.

ටිප්පණි.

1. රඹ අරණ - කෙසෙල් වනය, 2. සී රළක් - සිංහ සමූහයක්, 3. උර කුලක් - නාග සමූහයක්,

3. යුඬය.

161 සමහරෙක් රාවණ යුදට වන් රම් රජුගෙ බල පෙන්නව ත් සමහරෙක් පෙර සුර දිනූ කඳකුමරු විකුමන් පළ කෙරෙ ත් සමහරෙක් බාරත යුදින් දිනු නකුල සහ දෙව් රූ පැල ත් මෙලෙසවික් මන් පෙන්නමින් යුද දිනූ අප බළසෙන් මහ ත්




(105)

අන්වය :- සමහරෙක්රාවණ යුදට වන්රම් රජුගෙ බල පෙන්නවත්- සමහරෙක් පෙර සුර දිනූ කඳකුමරු විකුමන් පළ කෙරෙත්-සමහරෙක් බාරත යුදින් දිනු නකුල සහ දෙව් රූ පැලත්- අප බල සෙන් මෙ ලෙස මහත් වික්මන් පෙන්නමින් යුද දිනූ.


ක්රිෙ: කා: ප: ස: - i සමහරෙක් බල පෙන්නවත්. ii සමහරෙක් විකුමන් පළ කරත්. iii සමහරෙක් රූ පෑ ලත්. iv සෙනඟ යුද දිනූ.

ටිප්පණි.

1. කඳකුමරු විකුමෙන් - සකන්ධත කුමාරයාගේ වික්ර්මයෙන්, කඳ කුමරු ඊශ්වරයා ගේ පුත්රවයා යි. 2. බාරත යුද - මහා භාරත යුඬය. දඹදිව හස්තිනා පුරයෙහි රජ කළ චන්ර්යා වංශ රජුන් ගෙන් පැවත ආ ධාතරාෂ්ට්රා හා පාණ්ඩු යන දෙ බෑයන් ගේ පුත්රුයන් අතර පැවැති යුඬයකි. කුරු රජු ගෙන් පැවත ආ බැවින් ධෘතරාෂ්ට්රියන් ගේ පුත්රුයෝ කෞරව යන නාමයෙන් දක්නා ලැබූහ. පාණ්ඩුහු ගේ පුත්රුයෝ පාණ්ඩව යන නාමයෙන් දක්නා ලැබූහ.

යුධිෂ්ධිර, භීම, අර්ජුන, නකුල සහ දේව යන පස් කුමරුවෝ පාණ්ඩුහු‍ ගේ පුත්ර,යෝ ය; නකුල අශ්වාරොහයෙහි දක්ෂ යකු වශයෙන් ද, සහදෙව බඬග ශිල්පයෙහි දක්ෂ;යකු වශයෙන් ද ප්ර සිඬ වූහ.

ප්රෙථම කොට කෞරවයෝ පාණ්ඩවයන් ගේ රාජ්ය ය පැහැර ගත් හ; එයින් පසු පාණ්ඩවයෝ කෞරවයන් හා යුඬයට ගොස් ජය ගත්හ. පාණ්ඩව



(106)

කෞරව යුඬය කෙ‍රුණ රණ බිම කුරුක්ෂෙයත්ර ය යන නාමයෙන් දක්නා ලැබීය. නකුල, සහදේව යන දෙ දෙනා ප්ර‍සිඬියට පැමිණියේ මේ යුඬයෙන් පසුව ය.

162 දහ ස් රස් ලෙස් නිදොස් තෙද යුතු මෙ අප නිරිඳුගෙ සෙන් විපු ල් දහ ස් සුවහසු ගණන් රුපු’නිස් සිඳ දමා යුද දිනූ එක ල් රකු ස් යක් බූ පිසස් සමගින් උකුස් ගිජු කා බලු සිව ල් මිනි ස් මස් කුස් පුරා බුදිමින් කළෝ තැන තැන කෙළි මඟු ල්

අන්වය :- දහස් රස් ලෙස් නිදොස් තෙද යුතු මෙ අප නිරිඳුගෙ විපුල් සෙන් දහස් සුවහසු ගණන් රුපුන් ඉස් සිඳ දමා යුද දිනූ කල්රකුස් යක් බූ පිසස් (යන මොවුන්) සමගින් උකුස් ගිජු කා බලු සිවල් (යන මොවුහු)මිනිස් මස් කුස් පුරා බුදිමින් තැන තැන කෙළි මඟුල් කළෝ.

ක්රිස: කා: ප: ස: - (මොවුහු) කෙළි මඟුල් කළෝ.

ටිප්පණි.

1. දහස් රස් - දහසක් රැස් ඇත්තේ යමෙකුට ද හේ දහස් රස් - සූර්යණයා. 2. රුපු’නිස් - රුපුන් + ඉස්, ස්වර සන්ධිරය යි. 3. රකුස්, යක්, බූ, පියස් - රාක්ෂි, යක්ෂ , භූත, පිශාච.


163 එ ක නායක විජයරත්න වීරප්පුලි සෙනරත් ය න නෙ ක නම් ලත් රුපු මැතියන් සමඟින් රුපු බළන් නොමි න එ ක කුත් ගැලවිය නො ම දී සිර කොට අල්ලා බැඳ ගෙ න නෙ ක පා ඉස්තරම් උන්ගෙ උන් ලවා ම ගෙන්වා ගෙ න




(107)

අන්වය :- එකනායක, විජයරත්න, වීරප්පුලි සෙනරත් යන නෙක නම් ලත් රුපු මැතියන් සමඟින් නොමින රුපු බළන් එකකුත් ගැලවිය නොම දී සිර කොට අල්ලා බැඳ ගෙන උන්ගෙ නෙකපා ලවාම ගෙන්වා ගෙන,

ටිප්පණි.

1. රුපු බළන් - ශත්රැන භටයන්, 2. ඉස්තරම් - ශීම්යන්,

164 අ හ ස් පොළෝ මැවූ සුරිඳුටත් ප්රෙතිකල් රජුට ත් අ ප ස් සකම් කළ අන්තොනි බරෙන්තුගේ බලව ත් දෙ ති ස් දත් ම බිඳ හළ ලෙස පොඩි කර යුග කොපුල ත් දෙ ති ස් දෙන ම රුපූ මැතියන් නො යා දෙමින් එකකු ත්

අන්වය :- අහස් පොළෝ මැවූ සුරිඳුටත් ප්රුතිකල් රජුටත් අපස්ස කම් කළ බලවත් අන්තොනි බරෙන්තුගෙ යුග කොපුලත් පොඩිකර දෙතිස් දත් ම බිඳ හළ ලෙස රුපු මැතියන් දෙ තිස් දෙනම එකකුත් නො යා දෙමින්.

ටිප්පණි.

1. අපස්ස කම් කළ - අපක්ෂකකම් (විරුඬකම්) කළා වූ, 2. නොයා දෙමින් - යා නොදී.

165 වෙසෙස් විකුම් යුතු අප සෙන් තම බුජ බල පළ කෙරෙමි න ද හ ස් ගණන් රුපු සෙබළුන් හිඳිමින් යුදයෙන් ජය ගෙ න දෙ ති ස් දෙනම රුපු මැතියන් දෙන්න දෙන්න ඇඳා ගෙ න ස තොස් වෙමින් කුස්තන්තිනු නොරොඤ්ඤ ජන රජු දුටු තැ න

අන්වය :- වෙසෙස් විකුම් යුතු අප සෙන් තම බුජ බල පළ කෙරෙමින දහස් ගණන් රුපු සෙබළුන් සිඳිමින් යුදයෙන් ජය ගෙන රුපු මැතියන් දෙතිස් දෙන ම දෙන්න දෙන්න ඇඳා ගෙන සතොස් වෙමින් කුස්තන්තීනු නොරෙඤ්ඤ ජන රජු දු‍ටු තැන,

(108)

ටිප්පණි. 1. වෙසෙස් විකුම් යුතු - විශෙෂ වික්රනමයෙන් යුක්ත වූ 2. දුටු තැන - දර්ශ-නය කළ කල්හි,

166 එ දැක රජ තො ස් වි ය විරිදු ජය සඳ ගැ ස් වි ය තිළින වැසි වැ ස් වි ය මෙ අප සෙන් ලොව ගිමන් නැ ස් වි ය

අන්වය :- රජ එ දැක තොස් වි ය. (රජ) වීරුදු ජය සද ගැස්වී ය. (රජ) තිළින වැසි වැස්වි ය. (රජ) මෙ අප සෙන් ලොව ගිමන් නැස්වී ය.

ක්රි.: ක: ප: ස: - i රජ තොස් වි ය. ii (රජ) ජය සඳ ගැස්විය. iii (රජ) තිළින වැසි වැස්විය. iv (රජ) ගිමන් නැස්විය.

ටිප්පණි 1. විරිදු ජය සද - සතුරන් (විරෝධීන්) දිනීම ප්රජකාශ කරණ ඝොෂාව. 2. තිළින වැසි - ත්යානග වර්ෂාීවන් 3. අප යෙන් ලොව - අප ගේ සේනා ලෝකයෙහි

අවසානය.


167 යුද දිනු සෙනඟ ට උනුනුත් තරා තිරම ට ගම් බිම් පවෙණි කො ට දි නි ය බඳවා ගරු ඇමැති ප ට


(109)

අන්වය :- යුද දිනු සෙනඟට උන් උනුත් තරා තිරමට ගම් බිම් පවෙණි කොට ගරු ඇමැති පට බඳවා දිනි ය.

ක්රිග: කා: ප: ස: - (ඔහු) ඇමැති පට දිණි (ය).

ටිප්පණි.

1. තරාතිරමට - තත්ව:යන්ට අනුරූප ව 2. පවෙණි කොට - පරම්පරා ගත කොට 3. ඇමැති පට - අමාත්යා පට්ටය, නළල් පට,


168 නරණ සරි විකුමෙ න පිලිප්පු දොළු වේර ය න උතුමා ද සතොසි න දිනි ය සෙනඟට ඉසුරු වෙන වෙ න

අන්වය :- විකුමෙන තරණ සරි පිලිප්පු දොළුවෙර යන උතුමා ද සතොසින සෙනඟට වෙන වෙන ඉසුරු දිනි ය.

ක්‍රි: කා: ප: ස: - උතුමා ද ඉසුරු දිනි (ය).

ටිප්පණි.

1. නරණ - නාරායණ, විෂ්ණු,

169 විකුමෙන් යුතු පබ ඳ උතුමා ලුවිසු තියෙර ඳ තම සෙනඟට නොම ඳ දිනි ය නම් ගම් තනතුරු ද සො ඳ

අන්වය :- පබඳ විකුමෙන් යුතු ලුවිසු තිසෙර උතුමා ද තම සෙනඟට නො මඳ සොඳ ගම්, නම්, තනතුරු ද දිණි (ය). ක්රිො: කා: ප: ස: - උතුමා නම් ගම්, තනතුරු දිණි (ය). (110)

170 අසුර පුර ජය ගෙ න සුර සෙනඟ පිරිවරමි න සුරපුර වන් සොබ න පසක් සක් දෙවි විලස පාමි න

අන්වය :- අසුර පුර ජය ගෙන සුර සෙනඟ පිරිවරමින සුර පුර වන් සොබන පසක් සක් දෙවි විලස පාමින,


171 මහ සෙන් ගෙණ නොමි නි විජය කෙළි කෙළ මන මෙ නි ජන මහ රජ තොසි නි පවර මල්වාන නම් පුර ව නි

අන්වය :- නොමින මහසෙන් ගෙන විජය කෙළි කෙළ එන මෙනි ජන මහ රජ තොසිනි පවර මල්වාන නම් පුරවනි.


ක්රිජ: කා: ප: ස: - ජන මහ රජ පුර වනි.

172 ගුණයෙන් මහ ත්තු ලොව රැකුමෙහි නියු ත්තු අසිරි ඉදුම ත්තු රකින් ලොව යේසුස් කිරි ත්තු

අන්වය :- මහත්තූ ගුණයෙන් ලොව රැකුමෙහි නිසුත්තූ අසිරි ඉදු මත්තූ යේසුස් කිරිත්තු ලොව රකින්.

ක්රිස: කා: ප: ස: - කිරිස්තු ලොව රකින්.

ටිප්පණි.

1. මහත්තූ - මහත් වූ , පූර්වම රූප විධියෙන් මහත්තූ යයි සිඬ විය, නියුත්තූ ඉදුමත්තූ යන වචනයන් ගේ සිඬිය ද මෙ සේ ම ය. (111)

2. අසිරි ඉඳුමත් වූ - ආශ්චර්යයවත් වූ ද, සෘඩිමත් වූ ද,

173 රණහස වනී තා ගුණයෙන් යුතු විනී තා තෙදිය නෙක මා ත‍ා රකින් මුළු ලොව යේසු මා තා

අන්වය :- විනීතා ගුණයෙන් රණගස වනීතා යුතු තෙ දියත එක මාතා යේසු මාතා මුළු ලොව රකින්.

ක්රි : කා: ප: ස: - මාතා ලොව රකින්.

ටිප්පණි.

1. වනිතා - වනිතා කියා යෙදිය යුතු තැනි. මාත්රාර ගණය සමවීම පිණිස මෙසේ යෙදිණ. 2. රණහස වනිතා යුතු - ස්වර්ණි හංසාඞගනාවක වැනි වූ, 3. තෙදිය නෙ’ක - තෙ දියත + එක,


174 මුළු තුන් ලොව ඇ සා යේසු සුරිඳුනි වෙසෙ සා කුස්තන්තිනු ද සා රජු රකින් සව් ඉසුරු සල ස‍ා

අන්වය :- මුළු තුන් ලොව ඇ සා (වැනි) යේසු සුරිඳුනි, (ඔබ) කුස්තන්තිනු ද සා රජු සව් ‍ඉසුරු සලසා වෙසෙසා රකින්.

ක්රි : කා: ප: ස: - (ඔබ) රජු රකින්.

(112)

175 රජ දි ගා වේ වා! රුපුනට නි ගා වේ වා! සිරි ළ ගා වේ වා! සිරින් මුළු ලොව ව ගා වේ වා!

අන්වය :- රජ දිගා වේවා. රුපුනට නිගා වේවා. සිරි ළඟා වේවා. මුළු ලොව සිරින් වගා වේවා.

ක්රිස: කා: ප: ස: - i රජ දිගා වේවා! ii රුපුනට නිගා වේවා! iii සිරි ළඟා වේවා! iv ලොව වගා වේවා!

ටිප්පණි.

1. දිගා - දිගු + ආ , පූර්ව ස්වර ලොප සන්ධිරය යි. දීර්ඝාියුෂක, 2. සිරි - ශ්රී+ කාන්තාව,

සමාප්ත යි.