කුස ජාතක කාව්‍ය-කාව්‍ය i

Wikibooks වෙතින්

වර්ණ්නා සහිත

කුස ජාතක කාව්යාය



1. තිත් ගනඳුරු මිතු රු විනෙදන කුමුදු තිසයු රු ගුණ මිණි මහ සයු රු වඳිම් මුනි උතුමන් තිලෝගු රු

2 3 සව්කෙලෙස් මුලුපු ට බඹසුර නර මු දුන් බුදුව මොක් සිරි ප‍ළකො ට සිය සිරිපා කමල දුන් දෙසු සව් ලෙව් හ ට පින් තෙක් ගුණ බ දුන් අනගි සදහම් වඳිම් හැම වි ට වඳිම් මහසග ලොවට ‍ෙසත දුන්

1. "මම මුනිඋතුමන් වඳිම්"

තිත්ගනඳුරු - ති‍නවර්ක නැමැති ගන අදුරට; මිතුරු - හිරු වූ, විනෙ දත කුමුදු - හික්මවිය යුතු ජන නැමැති කුමුදුවලට, නිසසුරු සඳු වූ, ගුණ මිණි - ගුණ නැමැති මැණික්වලට, මහ සයුරු - මහමුහුදු වූ, තිලෝගුරු - තුන් ලොවට එකම ගුරු වූ මුනිඋතුමන් බුදුරදුන්, වදිම් - වඳිමි.

තුන්ලොව - සවර්ග ; මර්ත්ය්, පාතාල නැතහොත් කාම, රූප අරූප යන ලෝ තුණ විනෙදන - උද්ඝටිතඥ, විපවිතඥ‍ ඤෙය යන තිදෙන,

2. "මම සදහම් වඳිමි"

සව්කෙලෙස් - සකල ක්ලෙශ්යුන්; මුලුපුට - මුලින් - උදුරා දමා බුදුව - බුදුබව ලබා, මොක්සිරි - නිවණ, පළකොට - හෙලි කොට. සව්ලෙව් හට - සියලු සතුන්හට, දෙසූ දේශනා, කළා වූ, අනගි සඳහම් - උතුම් ශ්රීට සද්ධර්ම ය, හැමවිට - හැමකල්හි, වඳිම් - වඳිමි.

කෙලෙස් ලෝභ, දෝෂ, මෝහ යන මොවුන් ‍මුල්කොට ගෙණ සිත කිලුටු කරන අකුසලධර්මභයන්,

3. "මම මහසඟ වදිම්"

බඹ සුර නර මුදුන් - බ්ර හ්ම දිව්යු මනුෂ්යම යන මොවුන්ගේ හිසෙහි සිය සිරි පා කමල - තමන්ගේ පා නැමැති පියුම්, දුන් තැබුවා වූ, පින් කෙත් - පින් බිජු වැපිරීමට කෙතක් වූ, ගුණ බඳුන් - ගුණයන්ට බඳුනක් වූ ලොවට - ලෝවස්සනට, සෙත දුන් ‍- සෙත සැලැස්වූ, මහසඟ - අෂ්චාය්ය්න්ට පුද්ගල මහාසඞඝයා වදිම් - වදිමි.

මහසඟ - සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මග පලවලට පැමිණි අට නම,




2 වර්ණ නා සහිත 4 6 සත් අත් සක් සක ත් නරනිඳුගෙන් ම හරු වත් අත් තිතෙත් බරගෙන ත් ලත් මහ ඇමති තන තුරු පත් මත් තලත් න ත් වෙළෙඳ කුල පිවි තුරු සෙත් කෙරෙත් සත් ලොවට මෙසුග ත් සේපාල අදිකාරි නම් ගරු

5 7 මුනි සරණ මුදු නත මැති සඳුට මිනි බිරි තෙවළා දහම් සව ණත රුසිරෙන් දෙවගනක සරි විජය සිරි කග පත රස බසැති සුම් හිරි සැදු බුවනෙකබාහු නම් යුග උබය කුලයෙන් සදිසි සක කිරි

4. " මෙසුත් සෙත් කෙරෙත්"

සත් අත් - මහා බඹය, සක් - දෙවිඳුය; සකත් - විෂ්ණුය, වත්අත් - ගණදෙවිය, තිනෙත් - ඊශ්වරය, බරනෙත් - කඳ කුමරුය, පත්මත් - හිරුය, තලත් - බල භද්ර ය, නත් - අනන්ත නම් තා රජුය යන, මෙසුගත් - මේ දෙවිවරු, සත් ලොවට - සත්වව ලෝකයට; සෙත් - ශාන්තිය, කෙරෙත් - කෙරෙත්වා

කෙරෙත් - ආශිර්වාද ක්රි යාව වර්තිමාන අන්ය් කාරක වශයෙන් දැක්වුයේයි.

5. "බුවනෙක බාහු මුනි සරණ (තෙවළා දහම් විජයසිරි) සැදූ"

මුදුනත - හිසෙහි මුනි සරණ - බුදුරදුන්ගේ ශ්රී) පාදයද සවණත - ‍(දෙ) කණෙහි තෙවළා දහම් ත්රිනපිකටය ධර්මහයද, කගප - කඩුවෙහි, විජයසිරි - ජයශ්රීනයද, සැදූ - සෑදුවා වූ, බුවනෙක බාහු නම් සුත - බුවනෙකබාහු යන නමින් යුක්ත වූ;

මුදුනත සවණත යන දෙතන්හි වූ 'අත්' යන්න ස්වාත්ථීඩයෙහියි. බුවනෙක බාහු - බුද්ධ වර්ෂන 21 වැනි ශතවර්ෂ යේ රජ වූ සත් වෙනි බුවනෙකබාහු රජුයි.

6. මහරු නරනිඳු‍ගෙන් - උතුම් රජුහුගෙන්, මහ ඇමැති තනතුරු - අග ඇමැති නිලය, ලත් - ලැබුවා වූ; වෙළෙඳ කුල - වෛශ්යශවංශයෙන්, පිවිතුරු - පවිත්රය වූ සේපාල අදිකාරි නම් සේවලා අධිකාරිතුමා යයි ප්ර සිද්ධ වූ, ගරු - ශ්රේයෂ්ඨ වු;

7. මැතිසඳුට - මහ ඇමැතිතුමාගේ, මිනිබිරි - මිනිබිරියක් වූ, රැසිරෙන් - රුවින්, දෙවගනක සරි- දිව්ය ස්ත්රිගයක් වැනි වූ, සුමිහිරි - ඉතා මිහිරි වූ, රස බසැති - ප්රිමය වචන කියන්නා වූ, උබය කුලයෙන් - මවුපිය දෙපසින්, සකකිරි සදිසි - සකෙහි කිරි මෙන් එකට පැහෙන්නා වූ;




කුසජාතක කාව්යැය 3

8 10 රිවිකුල කොත් ප බඳ කුලගන නළල සැ දු රජසිහ රජුගේ මන නද සොකුම් තිලංකව පිරිසි දු සිරි ‍පද සෙවන සොද දිලෙන වරගන මු දු මැඩුනු සැපසේ සව්ඉසුරු විද මැණික්සාමි නමින් පරසී දු

9 11 යයසින් ලොව පසි දු තෙරුවන් වෙන තිදෙ ස අත්තනායක මැති ස දු සපිරි සැදැහැති මේ දිගැ ස සුරතුර වැලදී මු දු විශාකාවන් මි ස සුපුල් ලෙල රන් ලතාවක් බ දු වෙතින් සරිවෙනි කවුරු දිය කුස

8.රිවිකුල - සූය්යාර්‍ වංශ‍යෙහි; පබඳ - ප්රහසිද්ධ වූ; කොත් කොඩියක් වූ; මනනඳ - සිත් කරන්නා වූ; රජසිහ රුජගේ රාජසිංහ රජතුමාගේ සොඳ - යහපත් වු; සිරිපද සෙවණ - පා සෙවනෙහි; සර්වහ ඉසුරු විඳ - සියලු සැපත් දෙ; සැපසේ - සැපයෙන්; වැඩුනු - ඇතිදැඩි වූ;

රජසිහ රජුගෙ - සීතාවක රාජධානිය කොට ගෙන බුද්ධවර්ෂත යෙන් 21 වැනි ශතවර්ශයෙහි විසූ 1 රාජසිංහ රජතුමායි.

9. ලොව - ලෝයෙහි, යසසින් - කීර්තියෙන්; පසිඳු - ප්ර සිද්ධ වූ; අත්තනායක මැති සඳු අත්තනායක මන්ත්රී-තුමා නමැති, සරතුර කල්ප වෘක්ෂකයෙහි,වැලදි - එතුනා වූ, මුදු - මෘදුව, සුපුල් - හොඳින් පිපිණා වු, ලෙල - ලෙලෙදෙන්නා වූ, රන් ලතාවක් - රන් වැලක්, බඳු - වැනි වූ. සුරතුර - පරසතු නම් කප්රුකයි. එයනි කැමැති කැමැති සම්පත් ලබාගෙන හැකි වෙයි.

10. කුලගන - කුල ස්ත්රීින්ගේ, නලළ සෑදු - නළල සැරසුවා වූ, පරිසිදු - පැහැදිලි වූ, කොකුම් තිලංකව - කොකුම් තිලකයක් මෙන්, දිලෙන - බබලන්නා වූ, මුදු - කොමල වූ. මැණික්සාමි නමින් පරසිදු - මැණික්සාමි ය යන නමින් ප්රිසිද්ධ වූ, වරගන - උතුම් ස්ත්රි යක් වූ.

11. 'මෙදිතැස සපිරි සැදහැති" මෙදිගැස - මේ කුල කාන්තාවෝ, තෙරුවන් වෙත - තුණු රුවනෙහි, නිදෙස - අකලඞක වූ, සපිරි - සම්පූර්ණ වූ, සැදැහැති ශ්රහද්ධාව ඇත්තියක, දිවකුස - ලෝකයෙහි, විශාකාවන් මිස - ‍වීසා බාධාවන් හැර, වෙතින් කවුරු - අන් කරව කෙනෙක්. සරිවෙති - සමානවෙත්ද? තෙරුවන් - බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්ර යය. විශාකාවන් - බුදුරදුන්ගේ අග්රා උපාසිකාවකි. පඤ්ච කල්යා ණයෙන් යුත් ස්ත්රිමයකි.





4 වර්ණ-නා සහිත

12 14 රකින තම බිජු වල් සිරි රති පළමු වෙ න කිරල සෙමරෙව් හැම කල් සැක හැර මවා බලමි න පොහො දවස අට සිල් යළි ලොවැදුරු විසි න රකී නිති පිරිසිදුව පන් සිල් මවාලු වැනි රුසිරු මෙකලු න

13 15 සිත සවනත සැප ත වනත් ගංහෝ පැ න මුනි දම් මහ සඟන වෙ ත නොයනෙව් සිදු වෙරළ පැ න සලසාලයි සත ත මහත් වුව ඉසුරෙ න එයින් මුන් සරි කවුරු මෙදිය ත උඩගු නොව දවසරී නුවණි න

12. "මෙදිගැස පන්සිල් (අටසිල්) රකී" හැමකල් - සියලු කල්හි, තම - තමන්ගේ, බිජු වැල් - බිත්තර හා වලිගය, රකින - රකින්නා වූ, කිරල සෙමරෙව් - කිරලුන් හා සෙමරි මවුන් මෙන්. (මෑ) පොහොදවස - පොහෝ දිනයෙන්හි, අටසිල් - අෂ්ඨාන ශීලයද, නිති - හැමදා පන්සිල් - පඤ්චසීලයද, පිරිසිදුව, කඩානොකොට, රකී - ආරක්ෂා කරයි. බිජු වැල් රකින කිරල; සෙමරෙව් - බිජු රැකීම කිරලුන් විසින් ද, වල් රැකීම සෙමරුන් විසින් ද කෙරෙති. පොහො දවස - මාසේ පසළොස්වක දෙපෝ දිනයෙහි; 13. මුනිදම් මහ සඟන වෙත - බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනෙහි, සිත සවණත සැපත - සිතද, කණද, වස්තුවද, සතත - හැම කල්හි, සලසාලයි - යොදයි, එයින් - එසේ හෙයින්, මෙදියත - මේ ලෝකයෙහි, මුන් සරි - මුන්ට සමාන, කවුද - කවරෙක්ද, මුනි වෙත සිතද, දම්වෙත කණද, සගවෙත සැපතද යොදා යයි සේයි. මෙය ක්රමමාලඞකාරයෙන් යුක්ත වේ. 14. "ලොවැදුරු වසින මෙකත මවාලූ වැනි වේ." ලෙ වැදුරු විසින - ලොකාචාර්ය්ලූ වූ මහා බ්ර හ්මයා විසින්, සරි ශ්රීක කාන්තාවද, රතී - අතී නම් දෙවගනද, පළමුවෙන් - පළමු කොට, මවා බලමින් - මවා බැලීමෙන්ථ සැක හැර - සැකයක් නොමැතිව, යළි - නැවථ රුසිරු - රූමත් වූ; මෙකලුත - මේ ස්ත්රිීය; මවාලු වැනි මවන ලද්දාක් වැනි වේ. සිරි රති - රුවින් අගතැන් පැමිණියෝ මොවුහු වැනි යයි කවි සමයෙහි එයි. සිරි - විෂ්ණු‍හුගේ භාය්ය්ු වව, රතී - අනංගයා ගේ භාය්ය්‍න්ව 15. "මෙකලුන උඩඟු නොව දවසරී" ගංහෝ - ගංහොයවල පැන දින වනත් පැමිනි කල්හිද, සිඳ සමුදය, වෙරළ පැන වෙරළ ඉක්මවා නො‍යනෙව් -‍නොයනතාක් මෙන්, ඉසුරෙන - සම්පත්තියෙන්, මහත්වුව - අධික වූ ක්ලහිද, උඩගු නොව -ආඩම්බර නොවී, නුවණිත - ඤාණයෙන් යුක්ත ව, දවසරි - කල් යවයි. පනත්, වුව ‍කාලාත්ථිොයෙහි අසම්භාවන ක්රි-යාවෝයි. නොව - 'ව' විමෙහි දයින් උපන් පෙර කිරියකි.





කුසජාතක කාව්ය ය 5

16 18 නිසි සිතු රුවන ම න නිල් මුහුළ දෙව්වන් නිම්ලිමිණි යුගය දෙනුව න නැමි බැම සුරිඳු සැව්වන් මැණික් සාමි ය න නිසි පරිස දෙවුවන් නම යෙදෙය මේ ලදව එබැවි න පතළ කුළුණෙන් ලොවටම වුවන්

17 19 එලු මග ද සකු බ ස මෙකුලඹ සිතු පැහැ ද යුත් පොත් කියත මෙදි ගැ ස බුදුන් පෙර සිරිතක් සො ද පද සබඳ තැන මි ස ඇසි සැටි සිතින් යැ ද අතරතුර නොසිටී මොවුන් බ ස කෙළෙන් ආර දනා මන න ද

16. "මැණික් සාමි යන නම යෙදෙයි"

මන - සිත, සිතුරුවන - චින්තාමාණික්ය යටද, දෙනුවන - දෙ ඇස, නිල්මිණි යුගය - නිල්මැණික් දෙකකට ද, නිසි - සුදුසුය, එබැවින - එසේ හෙයින්, මෙ‍ලදව - මේ ස්ත්රි යට, මැණික් සාමි යන නම - මැණික්සාමිය යන නාමය, යෙදෙයි - සුදුසු වෙයි. සිතුරුවන - සිතූ පැතූ සම්පත් දෙතැයි සැලකෙන මැණිකක්.

17. " මේ දිගැස පොත් කියන" "බස නොසිටී"

මෙදිගැස - මේ ස්ත්රි ය, එලුම්ගද සකුඛස යුත් - සිංහල පාලි සංස්කෘත භාෂාවලින් යුක්ත වූ, පොත් කියන - පොත් කියන කල්හි, මොවුන් බස - මේ ස්ත්රිසයගේ වචන, පද සබඳ තැන මිස - පද සම්බන්ධ වන තන්හි හැර; අතුරතුර - නුසුදුසු තන්හි, නොසිටී නො නැවතෙයි. පද - විබතක් අවසන් කොට ඇත්තේ පදනම්.

18. "මුව වන් වේ."

නිල් මුහුළ - කලු වූ කේහ කලාපය, දෙව්වන් - කලු වළාකුළු බඳුය. නැමි බැමි - නැමි ගිය දෙබැම, සුරිඳු යැව්වන් - දේදුනු වැනිය. උවන් - මුහුණ, පිරි සදෙව් නිසි -පුන් සඳ, එකයුරු ය. පතළ කළුණෙන් - පැතිරි කරුණාවෙන්, ලොවට - ලෝකයාට, මවුවන් කුමක් වැනිය.

නිල් - මෙහි නිල් යනු කලු පැහැයයි.

19. 'මෙකුලඹ ආරාධනා කෙළෙත්"

මෙකුළඹ - මේ ස්ත්රිාය විසින්,සිතූ පැහැද - සිත පැහැදී බුදුරදුන්ගේ සොද - යහපත් වූ, පෙර සිරිතක් - අතීත චරිත ගාථාවක්, ඇසිසැටි සිතින් අසනු - කැමැති සිතින්, යැද ආයාචනා කොට මනනද - මනොඥ වු, ආරාධනා - ආරාධනාවක්, කළෙන් - කළ හෙයින්

පෙර සිරිතක් - අතීත ජාතික කථාවක්; මෙහි දැක්වූයේ කුස ජාතක කතාවයි.




6 වර්ණ නා සහිත

20 22 සුගතිදු ගුණ කැඹ ර ලොව සියලුම සැප ත් මකියම් සිතන වැරය ර සැපත් තැන් මෙන් සිරි ග ත් මදුරු දිළිනෙකව ර දඹදිව් තම මත ත් සුනෙර විදිනට තැත් කරනු යු ර සැවත් නම් වි පුරෙක් යහප ත්

21 23 මකියන මේ පද රැ ත සව් සිරි පිරි එපු ර දුරුකර දොසක් ඇත හො ත වටරැක රැඳි ගැඹුර ත ර මුනිසඳු ගුණ මහ ත අගල පිළිමිණි ව ර අසව් වියතුනි නවා සවණ ත සිටින් නා සුර දෙපුර හිමික ර

20 "මේ ගුණ කියම්" "තැත් කරණ යුර"

සුගතිඳු - බුදුරදුන්ගේ, ගැඹුර ගුණ ගැඹුරු වූ ගුණය,මකීයම් - මම කියම්යි. සිතන - සිතම්, මැරසැර - වීරසාරයි, (එය) මදුරු දලින් - මදුරු තුඩකින්, එකවර - එකපාරටම, සුනෙර - මහා මේරුම, විදනට - සිදුරු කිරීමට, කරැණු තැත් යුර - කරැණු ලබන උත්සාහයක් මැන්න.

21. "තෙපි මුනිසඳු ගුණ අසව්"

වියතුනි - නුවණැත්තෙකි. මකියන - මා විසින් කියනු ලබන්නා වූ, මේපදරැත - මේ පදාන්ථිතාගේ, දොසක් ඇතහොත වරදක් ඇත්නම්, දුරුකර - ඇත්හැරදව, මුනිසඳු - බුදුරදුන්ගේ, මහත ගුණ - මහත් වූ ගුණයක්, සවනත නමා - කන්දී, අසව් - අසන්න,

22. "පුරෙක් වී" ‍ෙලාව - ලෝකයෙහි, සියලුම සැපත් - සියලුම වස්තුව, සැපත් තැන් මෙන් - එක් වූ තැනක් මෙන්. සිරිතත් - ශ්රීැය කාන්තා වූ, මහත් - විශාගල වූ, දඹදිව් තල - දඹදිව, සැවැත්තව - සැවැත්නම් වූ, යහපත් - මනොඥ වූ, පුරෙක් වී - නුවරක් විය. සැවැත් - මෙකල සහෙන් මහෙත් නමින් පවත්නේය. 23. "අගල පිළිමිණිවුර සිටිත්"

සර්වතසපිරි - සියලු සැපතින් පිරුණා වූ, එපුර - ඒ නගරය, වටකර - වටකොට, රැ‍ඳි - රැඳුනා වූ, ගැඹුරතර - ඉතා ගැඹුරු වූ, අගල - දිය අගලද, පිළිමිණිවුර - පිළිඟුවලින් කළ ප්රානකාරයද, තා සුර දෙපුර - නාලොව හා දෙව් ලොව, හිමිකර - සීමාකොට, සිටිය පවතිත්,

නාසුර දෙපුර හිමිකර - අගල නාලොව දක්මැද, පවුරු දෙව්ලොව දක්වාද පැතිර පැවැති බැව් මෙයින් කීහ.




කුස ජාතක කාව්යයය 7

24 26 එහි පහ මුදුන බ ද පහඟ කොත් මිණි රැ ස ලෙලෙන රන් දද නල වැ ද වැද රත් තරිඳු මැද ස ස හිමි වූ කුළුහිස සො ද බෝසත් සස දව ස කෙලින වැනී සිඳගනුත් හැමස ද රුපැයිගිණි රැස් මැදට පැගිලෙස

25 27 මිණි බිතු වෙත දිගැ ස ගනබ නිලුපුල් ස ර රඟන පිළිබිඹු දිලි ලෙ ස රනකුස මුතු පබලකු ර සුරගන වුත් තිද ස සක් නෙ දම් තිද ර පුරුදු කරනෙව් රැගුම් එකලෙ ස ලකල් රනලිව සරති එනුව ර

24. "සිදඟනුන් කෙළින මැති" එහි හ් නගරයෙහි; පහමදුන බඳ, ගෙවල් මුදුන්වල වූ; නල මැද, සුළං මැදිමෙන්, ලෙලෙන - ලෙලෙදෙන්නා වූ; රන් දද - රන් කම් කළ කොඩි හිමවුකුළුගස, හිමාලය කදුමු‍දුනෙහි; සොඳ, යහපත් වූ; සිදගනුන්, සිද්ධ ස්ත්රී න්, හැමසඳ, හැමකල්හි, කෙළින වැනි, සෙල්ලම් කරන්නාක් මෙනි. මෙයින් ගෙවල්වල උස දැක්වූහ. ‍හිමව් කුළු - හිමාලය කන්ද ඉන්දියාවේ උතුරු දිග සීමාව වසා සිටියේය. මෙම ප්ර්ධාන මුදුන එවරැස්ට් නම් වෙයි. 25. "සුරගන රැගුම් පුරුදු කරණව්" දිගැස, ස්ත්රීරන්; රගන, නටන කල්හි; වෙත මිණිබිතු, ළග" බිත්තිවල; පෙණුනු, පිළිබිඹු ලෙස, සෙවනැලි වල හැටියට, තිදස, දෙව්ලොවින්; මුරගනදුන්, දෙවගනන් අවුත්; එකලෙස ඒකාකාර වූ; රැගුම්, තාත්යෙය, පුරුදු කරන් එම,පුරුදු කරන්නාක් ‍වැනි වෙයි. 26. "සස බෝසත් හැරපැයි" පහග, ගෙමුදුන්වල; කොත් මිනි රැස, කොත්වල මාණික්යණ රශ්මිය; වැද හැපී; රත්, රතු වූ; තරිඳු මැද, සඳ මැදෙහි වූ, යස, සාවා; යස දවස, සදා ජාතියෙහිදී; බෝසත්, බෝදිසත්ව,යන්; ගිනි මැදට පැනි ලෙස, ගිනි මැදට පැන්න හැටි, රැපැයි;‍ ගෙනහැර දැක්වී. සස දවස - යස ජාතකය පොතෙන් බලන්න. රැපැයි - හැරැපැයි යන්නෙහි 'හැ' ලොප්වීමෙන් සිද්ධිය. 27. 'රතලිය සරති" ගනබ, කලුවාලාවකුල්; නිලුපුල්, මහනෙල්; සර, නෙලුම්, රන කුස, අකුස්සය; මුතු, මුත්තාය; පබලු දලුස; හක්, හක්ය; රන්දම්. රත්රන් දාමය; තිසර හං‍සයන් මොවුන්ගෙන්; ලකල්, අලංකාර වූ, රනලිය. සවර්ණකලතාවෝ; එපුර ඒ නගරෙයහි; සරති, හැසිරෙති මෙහි වලාකුළු නිලුපුල් පියුම්, රන් අකුසු මුතු, පබලුදලු, හක්, රන්දම්, හංස සන ‍මාව්හු ස්ත්රීලන්ගේ කෙස්, ඇස් මුහුණුනැහැය, දත්‍, තොල්, ගෙල, අත්, පියයුරු යන මේවාට පිළිවෙළින් උපමා මෙන්.




8 වර්ණපනා සහිත

28 30 වත නෙත කමලුපු ල හස තනිඳුවර ගෙ තී දුවන් වැලි තල පැහැදු ල බමර බැම පුල් සරව ති එපුර ලිය තුනුවි ල නිල් සෙවෙල් වරලැ තී සරසසලෙලුන් නුවන් මිහිලො ල එපර විල් කල් බඳුන් එකයු තී

29 31 රතදරිනි නාලිය උදුල දළ කොක වැ ල ගමනින් සදිසි නාලිය ගනරන් පොරොදු විදු ලෙ ල එපුර සර ණාලිය ‍මදවාසී පොදු වන ල කවුරු නම් හැකි වෙති වණාලිය සරණ ගණ කුළු වැන්න ගජ ර ල

28. "නුවන් මහිලොල සරන" එපුර - ඒ නගරයෙහි. මසනෙත - මුහුණු හා නෙත් නැමැති, කමලුපුල - පියුම් හා උපුල් ඇති, දුවන - උකුළු නමැති, වැලිතල - වැලිතලා ඇත්තා වූ, පැහැදුල - බබලන්නා වූ, ලිය - ස්ත්රීවයගේ, තුනුවිල - සිරුරු නමැති විල්හි, සලෙලුන් - කාමුකයන් ගේ, නුවන් මිහිලොල - ඇස් නැමැති මීමැස්සෝ, සරත් - හැසිරෙති. දුවන් - 'ජඝන' යන්නෙන් හින්නයි. 29. "කවුරු සරණ ලිය ‍මණාලිය හැකි වෙති" එපුර - ඒ නගරයෙහි, රතදරිනි - රත් වූ තොල් කරණ කොට ගෙන. නාලිය - නාදලු වලට ද, ගමනින් - ගමන් අයුරු කරණ කොටගෙන, නාලිය - ඇතින්නට ද, සදිසි - සමාන වූ, සරණාලිය - හැසිරෙන ස්ත්රී හු, කවුරු නම් - කවරෙකු විසින් නම්, මණාලිය හැකි වෙති - වර්ණදනා කොටලිය හැක්කේ මෙන්ද, 30. "විල් එක යුති." එපුර - ඒ නගරයෙහි, විල් - තඩාගයෝ; ගසතන - හංස නැමැති පයෝධර ඇති, ඉඳුවරකෙත - මහනෙල් නැමැති නෙත් ඇති. බමර බැමි - මීමැසි නැමැති බැම ඇති, පුල් සර වසි - පිපී ගිය නෙලුම් නැමැති මුහුණු ඇති. නිල් සොවෙල් වරළැති - නිල්පාට සෙවෙල නැමැති කේශ කලාපය ඇති, කල් බදුන් - මනහර ස්ත්රී්න් හා එකයුති - ඒකාකාර වෙති. තඩාග පක්ෂශයෙහි- හස, ඉඳුවර, බමර, පුලු සර , නිල් සෙවෙල් ද , යත්රීපක්ෂයයෙහිතන, නෙත්, බැහී, මත් වරල්ද වෙති, 31. "ගජ රැළ ගනකුළු වැන්න" ගජරළ - හස්ති සමූහයා, උදුල - බබළන්නා වූ; දළ කොකවැල - දත් නැමැති කොක් පෙළ ඇති, ගනරන් පො‍රොදු ගනරණිත් කළ පොරොදු නමැති, විදුලෙල - ලෙලදෙන විදුලිය ඇති. වතල පැතුරුණා වූ, මද වැසිපොද - මද බින්දු නැමැති වැහිපොද ඇති, සරණ ගණකුළු වැන්න - සුගින් ගෙන යන වළාකුලු වැනිය. හස්ති පක්ෂ"යෙහි - දළ, ගණරන් පො‍ෙරාදු, මද යන මොහුය. මෙය පක්ෂ්යෙහි - කොක වැල. ලෙලවිදු, වැසිපොද යන මොහුයි.





කුස ජාතක කාව්යක 9 32 34 නරවර සුනෙර දු ල ජයගත් අසුර ‍ සෙන් ඇමැති ගන කුලගිරි පෙ ල විකුමෙන් සදිසි මහ සෙන් පුර කිරණව නැබ ල දිනා නෙක රැපු සෙන් විසුල රළ පෙළ වැන්න හයවැ ල එපුර හැසිරෙයි තුමුල බළ ‍ සෙන්

33 34 සුදු සිඳු යොදන ල ද සුරපුර යුත් බප ද රන් දද නැගු මනන ද එනුවර සව් ඉසු‍රැව් ද එපුර රිය සක් න ද කොසොල් රජ මනන ද පැතිර පවතී දිගත විනි වි ද නිතර වැජඹේ සක් දෙවිඳු ‍ලෙද

32. "හයවැල රළපෙළ වැන්න" හයවැල. අස් සමූහයා, දුල, දිලිසෙන්නා වූ; තරවර, රජතුමන් නැමැති; සුනෙර. මහමෙර ඇති; ඇමැති කන, ඇමැති සමූහයා; නැමැති, කැලගිරිපෙළ , කුල පර්ව පෙළක් ඇති; පුරකි‍රණව, නගර නමැති කිරිමුහුදෙහි; කැබල මහත් වූ; විසුල, පැතිරී ගිය; රළ පෙළ වැන්න, තරංග පන්තිය වැනිය. කුලගිරි - යුගන්‍ධර, ඊ‍යධර; කරව්ක, සුදස්සන; නෙමින්ධවර, විනතක, අස්සකණ්ය යයි කුලං‍ෙව් සතෙකි.

33. "රියසක් නද පවතී" සුදුසිඳු සුදු අසුන්; යෙදූ යොදන ලද; මනනද, මනොඥ වූ; රන්දද නැගූ රන්කොඩි යොදන ලද, රියෙක්, රථ රෝදවල; නද, හඬ; එපුර ඒ නගරායෙහි; පැතිර, වයාජ නම්; දිගත, දිශාන්තයන්; විනිවිද, කාගෙන ගොස් ; පවතී, පවතියි.

33. "බලසෙන් හැසිරෙයි" විකුමෙන්, වික්ර්මයෙන්; අසුරුසෙන්, අසුර සෙනඟ; ජයගත්, පරාජය කළා වූ; මහ‍සෙන් සදිසි, කඳකුමරහු වැනි වූ, තුමුල බළසෙන්, මහත් හටසෙනග; අනෙක රැපුසෙන් දිනා, නොයෙක් සතුරු සෙනග පරාජය කොට; එපුර ඒ නගරයෙහි; හැසිරෙයි, හැසිරේ. මහසෙන් - සුරා සර යුදයෙහි දී සුරයන්ගේ දිනීමට බෙහෙවින් උපකාර වූයේ මේ තෙමේය. උමා ඉසුරු දෙදෙන මොහුගේ මවුපියෝය.

35. "කොසොල් රජ වැජඹේ" සුර පුර යත් - දෙව්ලොව වැනි වූ; පබඳ, ප්රූසිද්ධ වූ; එ නුවර, ඒ නගරයෙහි; සර්වසඉසුරු විද, සියලු සැපත් අනුභව නොව; මනනද, මනොඥ වූ; කොසොල් රජ; කොසොල් රජ තෙමේ, නිතර නිතරම; සක්දෙවිදු ලෙද, ශක්රමයා මෙන්; වැජඹේ, වාසය කරයි.





10 වර්ණ-නා සහිත

36 38 රජදම් නුම පසි ඳු ‍ මෙරජ තෙද නල වැ ද සපැමිනි මෙරජ පුන් ස ඳු රැපු‍රජ අගිලැවිල සෙ ද ගුණ අම රැසින් මු දු යස දුම යෙත විහි ද උදම් කෙළෙ සව් සතුන් පෙම් සි දු මිදු රුපුකල් වරල් එකඬ ද

37 39 වදන් අම රසි නා පුවතර මෙරජ වණ ගුණමිණි තිලින රැළි නා විකුම් ‍සබවස වින රණ මෙ නරවර දිය නා රජ දහමින් පො රණ වැජඹිමනනය වෙරළ නො පැ නා සතර වෙනි කොට රකී සිය පණ

36. "මෙරජ පුන්සඳු පෙම්සිඳු උදම් කෙළෙ" රජදම් නුඹ; දශරාජ ධර්මන නැමැති අහසට; සපැමිණි, පැමිණි යාවූ; පසිඳු ප්රේසිද්ධ වූ; මේ රජ පුන් සඳු මේ රාජ නමැති පූර්ණ චන්ර්ජ ධයා; මුදු මොලොක් වූ; ගුණ අමරසින්, ගුණ නැමැති අමා රැසින්; සව්සමතුන්, සියලු සතුන්ගේ; පෙම් සිදු. ප්රේ්ම නමැති සමුද්රාය; උදම් කළේ, උසස් කළේය. රජදම් - දානය, සීලය, පරිත්යා ගය, ඍජුකව, මෘදු බව, තපස, මෛත්රීාය, අවිහිංසාව, ඉවසීම, අවිරුද්ධතාවය යන මේ ද‍ශදෙන වෙති.

37. "මෙ‍නරවර දියනා වැජඹී" වදන් අඹරසිනා, වෙන නමැති අමාදිය රැසින්ද; ගැණමිණි. ගුණ නැමැති මැණික් වලින් ද යුක්ත වූ; මෙනරවර දියනා, මේ රාජ නමැති සමුද්ර ය; මනුන්ය වෙරළ, මනුනීති නමැති වෙලාතමය, නො පැන, නො ඉක්මවා; වැජඹී,විසී මනුනය - මනු පරපුරෙන් පැවතෙන රාජය පාලන වීඩි.

38. "රුපුකල් මරල් මිදු"

මෙරජ තෙද නල, මේ රජුගේ තේජස නමැති ගින්න; මැද වැදී; රුපු රජ අගිල්, සතුරු රජ නමැති අගිලි; සෙද, මහා ඇවිල, අවිලී; යසදුම, යසස් නමැති ධුමය; විහිද යෙත, පැතිරෙන කල්හි; රුපුනල්, සතුරු රජුන්ගේ ස්ත්රීකහු; එකබද, ඒකාකාර වු; වරල් කෙස්වලු; මිදු, ලිහා දැමූහ, සිය ශිෂ්ය යන්ගේ විනාශය ඇසූ ශත්රැේවතීතාවෝ කෙස්සවලු ලිහාගෙන හැඬූහ ‍යි සේයි.

39. "මෙරජ මිණ සිය පණ රකී"

පුවතර, උතුම් වූ; මෙරජමණ, මේ රාජ ශ්රේවෂ්ඨ තෙමේ; විකුම්, වික්රිමය; සබවස, සත්යග වචනය; විතරණ, ත්යා්ගය යන මේවා; සියපන, ස්වකීය ජීවිතය; සතරවෙනිකොට, සතරවෙනි තැන තබා; පොරණ රජදහමින්, පැරණි දශ රාජ ධර්මහයෙන් අනුව: රකී, ආරක්ෂා් කෙරේ. වික්රරමය, සත්‍යවචනට, ධ්‍යානය, යන මේවා ජීවිතයටත් වඩා ආරක්‍ෂා කෙරෙයි.





කුසජාතක කාව්යමය 11

40 42 තෙසක් සිවුපායෙ න සිවු පණස් කෙළ ද න සතග දස රජ දහම් න වියදම්කර ගණන් ද න සිවුසඟරා වතී න කරවූ නිසි ලෙසි න සතන් රැක පවතීය සතතී න පතර තුගු පස පෙළින් බබලන

41 43 එනිරිඳුගෙන් මහ රු බිගුපෙළ මුවැර ග ත් ලත් අනගි සිටු නතතු රු සුවදමල් තුරු පෙලසු ත් යස දස දිගත පි රු දෙව්රම් නම් මහ ත් අනේ පිඬු සිටුතුමා පින් ස රු ‍බීජි වෙහෙරක් බඹ ලොවෙකයුත්

40. "රජකෙහ සතන් රැක පවතී" තෙසක්, ත්රිහවිධ ශක්තිය; සිවුපායෙන, සතරාකාර උපාය; සතග, සප්තාඞගය; දසරාජ දහමින්, දශරාජ ධර්මවය; සිවුසගරා මතින, සතරසංග්රාාහ වස්තුය යන මෙයින්; සතතින, නිතර; සතන් රැක, සත්වයා ආරක්ෂා කො; පවතී, වසයි. තෙසක් - තේජස, උත්සාහය, මන්ත්රතණය යන තුණ සිවුපා - සාම, දාන, බේද, දණ්ඩ යන සතර සතග - ස්වාමි, අමාත්යී, මිත්රත, කොෂ, දුර්ග, රට සෙනග යනුයි. දසරජ දම් 6 බලනු සිවුසගාරවත - දාන, ප්රි,ය වචන, අන්ථිතචය්යාොෂත , සමානාත්මතා යන මොහු. 41. "අනේ පිඬු සිටුතුමා කරවූ දෙව්රම් නම් වෙහෙරක් බිජි" එනිරිඳුගෙන්, ඒ කොසොල් රජුගෙන්; මහරු, උතුම් වූ; අනගි, අනරර්ඝන වූ; සිටුතනතුරු ලත්, සි‍ටුතනතුරු ලැබූ; යස, කීර්තිය; දශදිගත, දශ දිශායෙහි; පිරු පුරණ ලද්දා වු; පින්සරු, පිණෙන සාරවූ; අනේපිඬු සිටුතුමා, එනම් සිටුතුමා විසින්; අනේපිඬු සිටුතුමා බුදුරජාණන්පගේ අග්ර, වූ දායක මහතාය. මෙතුමාගේ මුල් නම සුදන්තය. පසුව එය වැසී ගියේය. 42. සිවුපණස් කෙළදන, පනස් හතර කෝටියක් වස්තුව; ගණන් දැන, ගණන් තබාගෙනඤ විදයම් කොට; නිසි ‍ලෙසින, සුදුසු හැටියට; කරවූ කරවන ලද්දා වු; පතර, විශාල වු; තුගු, උස් වූ; පහ පෙළින්, ප්‍ මාසාද පන්තියෙන්; බබලන, බලලන්නා වු; සිවු පණස් කෙළ බිමි ගැනීමට කෝටි 18ක්ද, ගොඩනැගිලි සෑදවීමට කෝටි 18ක් ද, බඩුමුට්ටුවලට කෝටි 18ක් දැයි මෙසේ පනස් හතර කෝටියක් විදයම් කෙළේය. 43. මුවැරගත්, රේණු ගත්තා වු; බිගුපෙළ, මීමැසි සමූහයා ඇති; සුවඳ මල් තුරුපෙලයුත්, සුවඳ මල් ගස් පෙලින් යුක්ත වූ; බඹ ලොවෙකයුත්, බ්රයහ්මලෝකය හා එකයුරුව දෙව්රම් නම්, ජෙතවනාරාම නම් වූ; මහත් වෙහෙරක්, මහත් විහාරයක්; බීජි, විරාජමාන විය. දෙව්රම් - මෙය බුදුරදුන්ට අනේපිඬු සිටු විසින් කරවා පුද කරන ලද විහාරයයි.

'මුවෙන් බොහෝ



12 වර්ණ නා සහිත

45 46 බඹ සුරනර උරි දු රිවි තරිඳු සුවහ ස මුතිඳුව පිදු පැහැ වී දු එකවිට පහළ වූ ලෙ ස නව මිණි කිරුළු බ දු පසග කොත් මිණි රැ ස දිලෙන් රන්මිණි කොත් පහග සැ දු වැද එකලුවේ වෙහෙරඹර කු ස

45 47 මහ‍ස ගගනගෙ ඉ දු සදහම් නද මත ල සතර පිරිසිදු සිල් ක දු නිල්මිණි පම මුදුන දු ල විලස සතරතැ සැ දු රන් දද පවනඹ ල දිලේ පිළිමිණි සිවු පවුරකු දු දැක ගනැයි නදදේ ගෙසි කිකැල

44. "මිණි කොත් දිලෙත්"

බඹසුරතර උරිඳු, බ්රිහ්ම දිව්යැ මනුෂ්ය , නාගයන් විසින්; මුනිදුව, බුදුරදුන්ට; පිදු, පුදන ලද; පැහැවිදු, ප්රුභාවිහිදෙන්නා වූ; නම් මිණි කිරුළු බදු, අභිනම් මාණික්ය කිරීටයක් බඳු වූ; පසග සැචි කොත්, ප්රා සාද ග්රුයන්හි වූ කොත්; දිලෙත්, බැබලෙත්.

45. "සිවු ජවුරකුදු දිලේ"

ඉදු, ඍජුවු; මහසග‍නගෙ, මහාසඞඝ්යාඅගේ; සතර පිරිසිදු සිල්කඳුවිලස, චතුපාරිශුද්ධිශීලංකන්ධ ය මෙන්; සතරත සැදි, සිවු දිගට සැදුනාවු; පිළිමිණි, පිළිගු මුවා වූ; සිවු පවුරකුදු, සතරැස් ප්රා්කාරයෙක්ද; දිලේ, බැබලේ. යතර පිරිසිදු සිල් කඳු - ප්රා තිමොක්ෂ සංවර ශිලය ඉන්රී ගේ ය සංවර ශීලය, ආජීව පාරිශුද්ධි ශීලය. ප්ර ත්ය්ය සන්හිශ්රීපත ශීලය, යන උතුම් සිල්ගුණ හතරයි.

46. "මෙහෙරඹරකුස එකලුවේ"

රිවිතරිඳු සුවහස, දහස් ගණන් සුය්ය්ශීල චන්ර්හතරයන්; එකවිට එකවර; පහළ වූ ලෙස, පෑවු කලක් මෙන්; පහග, ප්රා,සාදා ග්රසයන්හි; කෙතාත් මිණිරැස්, කොත්වල මැණික් ආලෝකය; මැද. වැදී; වෙහෙඹර කුස, විහාරාකාශය; එකලුවේ, ඒකාලෝක වේ.

රිවිතරිඳු යන්නෙන් රෑ දවල් දෙක්හි වෙනසක් නොමැතිවම එකාලෝකව පවතී යනුයි.

47. "ගෙසිකී කැල නදදේ"

සදහම් කදවතළ, සද්ධර්මිනාදය පැතිර පවතින්නා වූ; නිල්මිණි පහ මුදුන, නිල්මිණියෙන් කළ ගෙවල් මතුයෙහි; පවනඹල, සුලගින් ලෙල දෙන්නා වූ; දුල. නිල්පැහැයෙන් බබලන්නා නවු; රන්දද, රත්රන් මැසිකල කොඩි; දැක, බලා. ගෙසිකිකැල, ගෘහ මයුර සමූහයා; ගනැයි, මේඝයයි සිතා. නදදේ, හඩනගස්, සදහම් නද, මේඝගර්ජනා ලෙසද; නිල්මිණිරැස් මැද ලෙල දෙන දද ගමන් කරන කළුවලාකුළු ලෙසද මයුරයෝ මරදමා සිතා ගත්හ.




කුසජාතක කාව්යරය 13

48 50 වදින ලෙස සමතැ ස එක් දිනෙක පියක රු පැමිණෙන බඹ අමර රු ස සිල් මිණි හද නිදන දැ රු වියන් සිතියම් ලෙ ස පින් කෙතේ ගුණ ගැඹු රු දිලේ හැමවර වෙහෙරඹර කු ස සුපිළිපන් මහ සඟන පින් ස රු

49 51 බඹ අමර නර නා දිමුත් මිණිකව සින් කිරුළු මිණි රැස් තොයි නා ගඳගජ පෙළක් විල සින් දෙවු සරණැති ම නා එතම තම නිවෙ සින් වසන වර ඒ වෙහෙර සව නා නික්ම වුත් හැඳ පෙරව මෙසෙසින්

48. "වෙහෙරඹර කුස දිලේ" සමතැස, බුදුරදුන්; වදින ලෙස, වැදීම් අයුරින්; බඹ අමර රැස, බ්රළහ්ම දිව්යඝ සමූහයා; පැමිණෙන පැමිණෙන කල්හි; වෙහෙරඹරකුස, විහාරාකාශය; හැමවර, හැමකල්හි; වියන් සිතියම් ලෙස, වියනක සිත්තමක් මෙන්; දිලේ, බැබලේ. විහාරාකාශය නිතර වැදීමට එන යන දෙවි බඹුන් ගෙන් නොසිස් පරිදි කීසේයි.

49. "සවනා ඒ වෙහෙර වසන වර" බඹ අමර නරනා, 'බ්රරහ්ම දිව්යො මනුෂ්යස නාගයන්ගේ; කිරුළු මිණිරැස්තොසින් ඔටුනු මාණික්යනවල ආලෝකය නැමැති දියෙන්; මනා, මනාකොට, දෙවු සේදු; සරණැති, ශ්රී පාද ඇති; සවණා සර්ව ඥයන් වහන්සේ; ඒ වෙහෙර, ඒ විහාරයෙහි; වසනවර, වසන කල්හි,

50. එක් දිනෙක. එක් දවසෙක; පියකරු, හිතකැමති වූ; සිල්මිනි හද නිදන දරු, සිල් නමැති මැණික් හෘදය නමැති නිධානයෙහි දරුවා වූ, පින්කෙත් පුන්යා ක්ෂෙරත්රවවූ; ගැඹුරු ගුණ, බහල ගුණ ඇති; පින්සරු, පුණ්ය සාර වූ; සුපිළිපන්, මනාව පිළි පන්නා වු; මහසගන, මහා සඞඝ්යා වහන්සේ; සුපිළිපන් මනා ලෙස හැඳ පොරවා ගත්,

51. "(මහ‍සඟන) නික්මවුත්" මිණිකවසින්, මැණික් කම් කළ යන්නාහයෙන්; දිවුත්, බබලන්නා වු; ගදගජපෙළක් විලසින්, ගන්ධ‍ හස්ති සමූහයක් මෙන්; වෙසෙසින්, වි‍ශේෂයෙන්; හැඳ පෙරව, අදනය හැඳ තුන්සිවුරු පොරවාගෙන; තම තම නිවෙසින්, තම තමන්ගේ නිවෙස්වලින්; නික්මවුත්, පියත්වී අවුත්. ගදගජ - දසකුළ ඇතුන්ගෙන් එක් කුල‍යක් ගන්ධ යෙනි තම





14 වර්ණදනා සහිත

52 54 විහිදෙන මිණි ප බා කම්රසෙහි පිය ලී පලගෙහි මුතු දැල්ල බා ස්සනෙහි වූ උකට ලී ජයගත් සුර ස බා මහණෙකුගෙ තෙප ලී දම්සබා අබතුරෙහි ‍සසො බා පහළ විය ඒ සෙබෙහි එක ලී

53 55 සංසුන් වෙමින් න ද බඹ විමනෙව් උදු ල මගලු පිළිවෙළ නොවිහි ද මහ ‍ගඳකිළි තුළෙහි තු ල බුදුගුණය පිළිබ ඳ යගනතෙහී නිකස ල මියුරු රස බස් පවසමින් ඉ ඳ මුනිඳු වැඩහිඳ ලොවට සෙක් කළ

52. මිණිපබා විහිදෙන, මැණික් ආලෝකය විහිදෙන්නා වූ; පලගෙහි, පියසි අග; මුතුදැල් ලඹා. මුතුදැල් එල්වූ; සසොබා, ශෝභමාන වූ; සුරසබා, දිව්යෙ සභාව; ජයගත්, දිනූ; දම්සබා අබතුරෙහි ධර්මප සබාව මධ්යියෙහි;

සුරසබා - ශක්ර‍යාගේ සුදම් නම් දෙව්සභාව;

53. "සගගන රසබස් පවසමින් ඉඳ" සංසුන් වෙමින්, කලබල නොවෙමින්; නද, සතුටු ගෙන දෙන්නා වූ; මහලු පිලිවෙළ, වැඩිමහල් පිළිවෙළ; නොවිහිද, නො හැර; බුදුගුණය පිළිබඳ, බුද්ධ ගුණයක් පිළිබඳ වූ; මියුරු රස බස්, මිහිරි රස වචන; පවසමින්, පවස පවසා; ඉඳ, වැඩසිට;

මහලු පිළිවෙළ - උපසම්පදාවෙන් වූ වැඩිමහල් පිලිවෙළ 54. "මහණෙකුගෙ තෙපලී පහළ විය" එකලී, ඒ වේලාවෙහි; කම්රසෙහි පියලී. පංචකාමානුභවයෙහි ප්රිඉය බැව් ඇති; සස්නෙහි උකටලී වූ, බුද්ධශාසනයෙහි කලකිරුණා වූ; මහණෙකුගෙ තෙපුල්, භික්ෂුතවකගේ වචන; එසෙබෙහි, ඒ සභාවෙහි; පහළවිය, ප්රෙකට කළේය. කම්රස - රූප, ශබ්ද, ගන්ධප, රස, ස්පර්ශයයන් විදීමෙහි ඇති ආශාව;

55. "මුනිද වැඩහිඳ" උදුල, බබලන්නා වු; බඹ විමනෙව්, බ්රටහ්ම විමානයක් වැනි වූ; මහගඳකිළි තුළෙහි, මහා ගන්ධ,කුටිය ඇතුළෙහි; ඇතුළ, ඇතිරිලි එලු; යහනෙහි, යහනෙහි; නිකසල, රාගාදි කිසි කසලක් නොමැති; ලොවට සෙත් කළ, ලෝකයාට ශාන්තිය ගෙන දුන්නා වූ; මුනිඳු, බුදුරජාණන් වහන්සේ; වැඩහිඳ, වැඩහිඳීම කොට;

ගඳකිළි - බුදුරදුන් වැඩ වසන ගෙටම මෙය විශේෂ නාමයකි.




කුසජාතක කාව්යනය 16

56 58 එපවත් තතු ලෙසි න රැඳු තෙත් ලා ර ස දිව සවණතින් අසමි න බදු වද කුසුම් පට ලෙ ස නැගීසිට සමවති න දෙපට අදනය තො ස සරණ දෙරණත තබන වෙසසි න වඩා තෙමඩුලු වසා නිසි ලෙ ස

57 59 පලා නැගි දෙරණ ත තුගු කසුන් ගිරි ර ද සත් බුමු පියුම් මුදුන ත වට වොරැඳී විදුලිය ලෙ ද තබා යුග සරණ ත පර්ථතදා මනත ද මුනිඳු වැඩ හිඳ පින්සිරින් යු ත දෙපට සරිකොට එමතු පිට බැඳ

56. "මුනිඳු සරණ දෙරණත තබන" එපවත් ඒ තොරතුර: තතු ලෙසින, ඇති සැටියෙන්; දිව සවණතින් දිව කණින්; අසමන, අසා; වෙසෙසින, විශේෂයෙන්; සමවතින, සමාපත්තියෙන්; නැගිසිට, නැගිට; සරණ, ශ්රීඳ පාදය; දෙරණත, පොලොවෙහි; තබන, තබන කල්හි;

සමවතින ඵල සමාපත්තියෙනි

57. "මුනිදු වැඩහිඳ" දෙරණත පලා නැගි පොළොව පලාගෙණ පැනනැංගා වු; සත්බුමු පියුම් මුදනත, තට්ටු සතකින් යුත් පියුම් මතුයෙහි; යුග සරණත තබා, දෙසිරි පා තබා; පින් සිරින් යුත, පුණ්ය ශ්රී යෙන් යුක්ත වූ; මුනිඳු, සර්වාඥයන් වහන්සේ; වැඩහිඳ, වැඩ සිට; සන්බුමු පියුම් - බුදුරදුන් බිම පා තබන කල්හි සත්බුමු පියුම් නැගී ශ්රීබ පාදයන් පිලිගණිති.

58. "අදනය වඩා" තෙත්ලාරස, තොවියලී ගිය ලාදියෙන්; රැඳු, නැහැවූ; බදුවද කුසුම් පටලෙස, පොකුරුවදමල් වස්ත්රනයක් වැනි වූ; දෙපට අදනය, දෙපටක් ඇති අඳනා සිවුර; තොස, සතුටින් නිසිලෙස නිසිගැටියෙන්; තෙමඬුලු වසා, සිරුරෙහි නාබිය දෙදන යන තුන් කොටස් වසා; වඩා, ඇඳ;

59. "මුනිඳ්රි පථිදා බැඳ" තුගු උස් වූ; කසුන් ගිරිරදවට, මහමෙර වටේ; වොරැඳි, බබලන්නා වු; විදුලිය ලෙද, විදුලිය මෙන්; මනනඳ, මනොඥවු; පථිදා, පථීධාතු‍ව; දෙපට සරිකොට, දෙපට එක හැටි‍කොට; එමතුපිට ඒ අඳනය මතුයෙහි; බැඳ, බැඳලා. කසුන් ගිරි රඳ - මහමෙර සඳහා කියන ලදී. එක් එක් දිගක් රත් පැහැය වෙයි.





15 වර්ණඳනා ‍සහිත

60 62 සැඳැ වෙලකින් සුර ත් විලසින් කලිඳු ග ඟ වසනෙව් තරිඳු පැහැප ත් ඉඳුනිල් ඉඳුවරන් ර ඟ නුගපලවන් දිමු ත් සුනිල් රැස් දස දී ඟ සුගත් සිවු රන් වසත බුදු ග ත් පැතිර නික්මිති වසා සුර ම ඟ

61 63 සතොස කර සුර න ර උතුරු සිඳු කුල පැ න මුනිඳු සිරුරෙන් පැහැය ර මෙර විලිනව ගියා මේ න සවණක් රැස් පත ර රන් වන් රැස් සොබ න මෙසේ නික්මුනි දිගත අලුක ර දිවී සක්වල ගිරි හිසින් පැ න

60. "මුනිදෑ බුදුගත් වසත" සුරත්, ඉතා රතු පැහැය වූ; සැඳැවෙලකින්, සන්‍ාථීධ වලාවකින්, පැහැපත් ප්රනභාවෙන් යුක්ත වූ; තරිඳු චන්‍ද්රීයා; වසනෙව්, වසන්නාක් මෙන්; නුගපලවන්, ඉදුනු නුගගෙඩිමෙන්, දිමුත් දීප්ති මත් වු; සුගත් සිව්රෙන්, සුගත් චීවරයෙන්; බුදුගත්, බුද්ධ ශරීරය; වසත, වසන කල්හි;

සැඳවෙල - උදය හා සවස වශයෙන් දෙසැන්දෑවකි. මේ කාලයෙහි වලාකුල් රත් පැහැයට හැරේ.

61. "සවණක් රැස්පතර නික්මුනි" සුරනර දෙව්මිනිසුන්; සතොසකර, සන්තෝෂ කොට; මුනිඳ්රාල සිරුරෙන්, බුද්ධ ශරීරයෙන්; පැහැසර, බබලන්නා වු; සවණක් රැස් පතර, පට්ටවර්ණෙ රශ්මි මාලාව; දිගත අලුකර, දිශාන්තයන්ද ආලෝක කොට; මෙසේ මේ ආකාරයෙන්; නික්මුනි නික්ම ගියේය. සවණක් රැස් නීල, පීන, ලොහිත, අවදාත, මාංජෙෂ්ඨ, ප්රගභා ස්වර ගන සය,

62. "සුනිල් රැස් නික්මුනි" කලිඳුගග විලසින්, යමුනා නදියේ දියසේද; ඉඳුනිල්, ඉන්ර්ික් නීල මැණික් හා; ඉඳුවරන් රඟ, මහනෙල් වැනීවුද; සුනිල් රැස්, ඉතා නිල් ආලොක්යරක්; දිසදිග පැතිර, දශදිශාවෙහි පැතිරී; සුර මහ වසා, අහස වසාගෙන; නික්මුනි, නික්ම ගියේය.

කලිද්රග ගඟ - ගංගානම්ග‍ෙඟ් ප්රගධාන ශාඛාවකි. මෙව මහ ගඟට එක්වෙන තැන පුණ්යර තීත්ථි-යක් මෙන් සලකති.

63. "රන්වන් රැස් දිවී" උතුරු සිඳු පැන තුළ, උත්තර සාගරයාගේ ජලය වැනි වූ; මෙර විලිනව ගියා මෙන, මහමෙර දියවී ගියාක් වැනි වු; සොබන, ශෝභමානවූ; රන්වන් රස්, රත්රන් පැහැය ඇති ආලෝයක්; සක්වළ ගිරි හිසින් චක්රබවාට පර්වෝත මස්තකයෙන්; පැන, ඉක්මවා; දිව්, දිව්වේය.



කුසජාතක කාව්ය ය 17

64 66 පියුම් රාමිණි ර ඟ සපැමිණි බුදු පුදු ට සැදෑ වෙල පබල සිඳුර ඟ බඹසුරනශෙව් පැහැ කො ට බඳුවද කුසුම් ර ඟ බුදු රැස් මන් මඳ ට සුරත් බුදුරැස් දිවි දස දී ඟ දිවී සක්වල ගලින් පිටත ට

65 67 දවහත් තරු සිරි න ලොවැසි හැම පැහැයෙ න නිත යුගෙහි කිරිසිදු මේ න කළ සිතියම් පටක් ගෙ න සුදු බුදු රැස් සොබ න විදහා පාන මෙ න දිවි මුළු සක්වල නවරම් න දිවි පබසර කැලුම් හැම තැ න

64. "සුරත් බුදුරැස් දිවී" පියුම්රාමිණිරස, පද්මරාගමාණික්යාසකාරවුද; සැදෑවෙල, සන්ධ,යා වළාකුල් වැතිවුද; පබල සිඳුරඟ, පබලු මුහුදෙහි ජලය වැනි වුද; බදුවද කුසුවරග, පොකුරු වදමල් පැහැය ඇති; සුරත් බුදු රැස් ඉතා රතුපාට වූ බුද්ධාලොකයක්; දසදිග, දශදිශාවෙහි; දිවි, ධාවනය කෙළේය. පියුම්රාමිණි - රතු මැණික්; දසදිග - නැගෙනහිර, ගිනිකොණ, දකුණ, නිරිත, බස්නාහිර. වයඹ, උතුර, ඊශාන හා උඩයට දෙදිගද යන දසයයි.

65. "සුදුබුදුරැස් දිවී" දවහත් තරු සිරිත, දවහත් තරු විලාසය මැතිවුද; තිතයුගෙහි, ත්රොතා යුගෙහි; කිරිසිදු මෙන, කිරිමුහුදු වැනි වුද; සොබන, ශෝභමාන වු; සුදු බුදුරැස්, සුදු බුද්ධාලෝකයක්; මුළු සක්වළ තවරමින්, මුළු සක්වල වසා ගතිමින්; දිවි, දිවිය. දවහත්තරු - ඉරබටු තරුව හෙයත් සිකුරු තරුව;

66. "බිඳවමින් බුදුරැස් දිවී" බුදුපුදට, බුද්ධ පූජාවට; සැපමිණි, පැමිණියා වූ; බඹසුර නරන්, බ්රදහ්ම දිව්යද මනුෂ්යදයන්; අගෙව් පැහැකොට ගිනිබඳු පැහැය කොට; මදවවන්, බුදුරැස් පාටින් යුත් බුද්ධාලෝකයක්; සක්වළ ගලින්, වක්රහවාට පර්‍ියතයෙන්; පිටතට, ඈතට; දිවි දිවීය.

67. "පබසර කැලුම් දිවි" ලොවැති, ලෝකයෙහි විද්යාකමාන වූ; හැම් පැහැයෙන්, හැම් පාටින්; සිතියම් කළ, සිත්තම් කළ; පටක්, වස්ත්රමයක්; ගෙණ, රැගෙන; විදහාපාන මෙන, දිගහැර පෙන්වන්නාක් මෙන්; හැමතැන, සියලු තැන්හි; පබසර කැලුම්, කලවන් පැහැයක්; දිවි, දිව්යර පබසර - නීල, පීත, ලොහිත. අමදෘශ, මාංජෙක්ඨ්, යන පස් පැහැය කවම් වී මත් සෑදුනු පැහැය.





18 වර්ණ නා සහිත

68 70 කිම්ද වා පොළොවෙ හි තරු පිරිවරන ල ද උලැගිව වැදී බවගෙ හි සාර සඳ මඬලක් ලෙ ද පැතිරී දස දිගෙ හි දම් සෙබෙහි සඟ මැ ද අසිරි බුදුරැස් දිවි ‍සව‍ංග හි සැදූ අස්නෙහි මුනිඳු වැඩහි ඳ

69 71 එසදෙහි මුනි දියැ ස මහණෙනි මේ තැන ට රන් කිරිලෙන තුළෙහි වැ ස අප ඊමට පළමු කො ට නිකුත් සී රජු ලෙ ස කී පුවතක් පළ කො ට සුවඳ ගඳකිළි තුළෙන් එළි බැ ස උන්නුදැයි මදහළේ සඟන ට

69. "බුදුරැස් දිවී" මා පොළොවෙහි කිම්ද, කිම්ද වා පොළොවට ගොස්; උලැගිව, මතුවී; බව‍ගෙහි වැදී. අකතීවා බඹලොවට පැමිණ; දස දිගෙහි, දිශදිශාවෙහි; පැතිරී, විහිදී; සවනෙහි, වර්ණ. සයකින් යුත්; අසිරි බුදුරැස්, ආශ්චර්ය්දිශ වූ බුද්ධ රශ්මිය; දිවි, දිවිය.

69. "මුනි එළිබැස" එ‍සඳෙහි, එ කාලයෙහිහි; දියැස, ලොවට එකම ඇසක් වු; මුනි, සර්‍වඥයන් වහන්සේ; රන්ගිරිලෙන තුළෙහි, රත්රන් පර්ව්ත ගුහාවක් ඇතුළෙහි; මැස, වාසය කොට; නිකුත්. නික්මුනා වු; සී රජු ලෙස, සිංහරාජයෙකු මෙන්; සුවඳ ගඳකිළි තුළෙන්, සුගන්ධ ගන්ධත කුටිය තුළින්; එළිබැස, එළියට වැඩමවා;

70. "මුනිඳු මැඩහිඳ" තරු පිරිවරණ ලද, තාරකාවන් පිරිවණ ලද්දා වූ; සරා සඳ මඬලක්, සරත් කාලයෙහි සඳමඬලක්; ලෙද අයුරින්; මුනි සර්ව ඥ යන් වහන්සේ; දම් සෙබෙහි; ධර්මන ශාලාවෙහි; සඟමැද, සංඝයා වහන්සේගේ මද්ධය; ියෙහි; සැදූ, සැදුවා වූ; අස්නෙහි, බුද්ධාසනයෙහිද. වැඩහිඳ වැඩහිඳලා.

සරා - වප්, ඉල් දෙමස;

71. "මුනි වදහළේ" මහණෙනි, භික්ෂුසණි; මෙතැනට; මේ තැනට; අප ඊමට, අපගේ පැමිණි‍මට; පළමුකොට, ‍පළමුවෙන්; කී පුවතක්, කිනම් තොර තුරක්; පළකොට, ප්රේකාශ‍ කරමින්; උන්නුදැයි, උන්නාහුදැයි; සංගට, සංඝායා වහන්සේට, වදහලේ, වදාළේය.





කුසජාතක කාව්ය ය 19 72. එතෙපුල් අමරසි න තෙත් මහ සඟන අතුරෙ න යති‍ෙඳක් ගුණ නද න 566 සෙබෙන් නැගී සිටි සෙමෙන් අවුදි න

73 74 පසඟ ඔබමින් යි ම හිමිසඳිති පව් නැ සු මුනිසඳුට වඩමින් පෙ ම නොකියන ලෙසට ඔබ දෙ සු මුහුලත් යුග පියු ම දෙතිසක් ‍කතා මු සු මුදුන් මලසුන පුදා මනර ම දෙයක් නොම පැවසුමු නුසුදු සු

72. "යතිදෙක් නැගි සිට" එතෙපුල්, ඒ වචන නැමැති; අමරසිත, අමාදියෙන්; තෙත්, තෙත් වු; මහසගන අතුරෙන, මහා සංඝයා වහන්ස් අතුරෙන්; ගුණ ‍නදන, ගුණයන්ට නිධානයක් වූ; යතිදෙක්, යතීන්ර්ම යෙක්; සෙබෙන්, සභාවෙන්; නැගිසිට, නැගිට; සෙමෙන්, හෙමි හෙමින්, අවුදින, ළඟට පැමිණ;

73. "(යතිදෙක්) මුහුලත් පුදා" පසඟ, අවයව පසක්; බිම ඔබා, බිමට වඳින සේ හිඳ; මුනිසඳුට, බුදුන් වහන්සේට; පෙම වඩමින්, ප්රේ;මය වර්ධුනය කරමින්; මුහුලත් යුග පියුම, හැකුලු දෙඅතින් සෑදු දෙපියුම; මනරම, මනොඥ වූ; මුදුන් මලයුන; මස්තක නමැති මල් අසුනෙහි; පුදා, පූජාකොව; පසඟ - දෙඅතුල් දෙදන මඬල හා නළල යන පස්තැන;

74. "අපි නුසුදුසු දෙයක් නොම පැවසුමු" පව්නැසූ, පාපයන් ප්රෙහීණ කළා වු; හිමිසදිනි, ස්වමින්ර්ියුයානෙනි, මෙඔබ, යුෂ්මතුන් වහන්සේ; නොකියන ලෙස දෙසූ, නොකියන ලෙසට ‍වදාළ වූ; දෙතිසක් කතාමුසු, දෙතිස් කතාවන්ට අයත් වු; නුසුදුසු දෙයක්, අයොග්ය දෙයක්; නොම පැවසුමු, නොකීවෙමු. දෙතිස් කතා:- 1. රජුන් පිළිබඳ කථා, 2. සොරුන් පිළිබඳ කථා, 3. ඇමැතියන් පිළිබඳ කථා. 4. සේනාවන් පිළිබඳ කථා, 5. භයජනක කථා, 6. යුද පිළිබඳ කථා, 7. කෑම පිළිබඳ කථා, 8. බීම පිළිබඳ කථා, 9. රෙදි පිළිබඳ කථා, 10. මල්මාලා පිළිබඳ කථා, 11. සුවඳ දෑ පිළිබඳ කථා, 12. නෑයන් පිළිබඳ කථා, 13. යාන වාහන පිළිබඳ කථා, 14. ගම් පිළිබඳ කථා, 15. නියම්ගම් පිළිබඳ කථා, 16. නගර පිළිබඳ කථා. 17. ජනපදයන් පිළිබඳ කථා, 18. ස්ත්රී න් පිළිබඳ කථා, 19. දක්ෂ යන් පිළිබඳ කථා, 20. මත්පැන් පිළිබඳ කථා, 21. වීථි පිළිබඳ කථා, 22. ක‍ළදෑසින් පිළිබඳ කථා, 23. මළගිය නෑයන් පිළිබඳ කථා, 24. තන් වැදෑරුම් හිස් කථා, 25. ලොකකඛායික හෙවත් ඇට සුදු බැවින් කොක්කු සුදුය යනාදි කථා, 26. සාගරය පිළිබඳ කථා, 27. ලොව ‍සාදාකාලිකය යනාදි කථා, 28. මරණින් මතු ඉපදීමක් නැත උ‍ච්ඡේදය යනාදි කථා, 29. අසවලා රූප ශෝභාදියෙන් යුක්තය යනාදි කථා, 30 පරිහානි පිළිබඳ කථා, 31. කම්සුව පිළිබඳ කථා, 32. අතත්කිලමතානු යෝගය පිළිබඳ කථා යන මොහුයි.





20 වර්ණ.නා සහිත

75 77 ඔබ සස්න පැවී දී ඉති යති සැලකර ත් වෙමින් පිළිවෙත නොයෙ දී අසමින් මුනි කුළුණු සි ත් කම් රසයෙහි බෑ දී බෝසත්හුද පෙර ත් තපොගුණයක් සිතෙහි නොයෙ දී ලඳුන් වෙත වඩමින් ලොබ සිත්

76 78 සස්නෙහි වෙමිනල ස නොකටයුතු මෙහෙ කොට ට ගුණදම් නසා මුල් පි ස දැඩි දුක් විඳ නිසරු කො ට වසන මහණෙකු දෙ ස යළි ‍සිතැගි සිදු කො ට පවස පවසා උනිමු සබකු ස පැමිණ‍ියෝ යයි මහත් යසස ට

75 " තපෝගුණයක් නොයෙදී" ඔබ සස්න, නුඹ වහන්සේගේ ශාසනයෙහි; පැවිදිවෙමින් මහණ වී; පිළිවෙත, ප්රඳතිපත්තියෙහි හෙවත් පිළිපැදිය යුතු චාරිතු ර්ධේමවල; නොයෙදී. නියුක්ත නොවී, කම්රසයෙහි, පංචකාහ ගුණයන්හි; බැදී, බුද්ධව; තපෝගුණයක්, තසස් නමක්; සිතේ, චිත්තයෙහි; නොයෙදී,නොපිහිටි;

පැවිදීවෙමින් මෙහි වූ මිශ්රයක්රියයා ව පූර්වනක්රීියා අර්ථියෙහි යි.

76. "අපි මහණකු දොස පවස පවසා උනිමු" සස්නෙහි, ශාසනය පිළිබඳ වතාවත් කිරීමෙහි; අලස වෙමින්, කම්මැලි වී, ගුණදම්, ගුණධර්මථයන්; මුලිපිස, මුලොචෙඡදනය කොට? නසා, වනස; වසන, වාසය කරන්නා වු; මහණෙකු දෙස, භික්ෂුවකගේ වැරදි; පවස, පවසා, කිය කියා; සබකුස, දම් සභාවෙහි; උනිමු හුන්නෙමු. ගුණදම් - සීලාදියයි ඩුල්පිස - අලොභ, අදොස, අමොහ යන මුලුත් සමග නසා; උනිමු - 'හිඳ' ධාතුයි.

77. "යති ඉති සැලකරත්" යති, මහණ තෙමේ; ඉති, මෙසේ; සැලකරත්, පවසු කල්හිඤ කුළුණු සිත් කරුණා සිත් ඇති; මුනි සර්වයඥයන් වහන්සේ; අසමින්, අසා; පෙරත්, පෙරකල; බෝසත්හුද, බෝධි සත්වයන් වහන්සේද; ලඳුන් වෙත, ස්ත්රිසයක් කෙරෙහි; ලොබ සිත්, ලොභ විත්තය; වඩවමින්, වර්ධානය කරමින්; බෝසත්හු බුද්ධත්වය පතා බුදුකුරුදම් සර්මහපූණීකරණ උතුමා බෝසත් නාමයෙන් හඳුන්වනු ලැබේ.

78. "බෝසත්හු යසසට පැමිණියෝ" නොකටයුතු කිරිමට නුසුදුසු වූ; මෙහෙ කොට, දස්කම් කොට. තිසරු කොට, ගරුසරු නොකොට; දැඩි දුක්විඳ තද දුක් විඳ; යළි නැවත; සිතැගි, සිතේ අදහස; සිදු කොට, ඉටු‍ෙකාට ගෙන; මහත් යසසට, මහත් වු අභීවෘද්ධියට; පැමිණියෝයයි; පැමිණියාහුයයි. නොකටයුතු - රජෙකු විසින් කිරීමට නුසුදුසු වූ;





කුසජාතක කාව්ය 21

79 81 ඉති මේ පද පවස ත පිළිමිණි පවුර ල ඟ අසනු ලොබකර එ සිරි ත බබලන දිය අගල ර ඟ ; එයති සඳ අයදි ත ගත හර බහුරි ර ඟ මුනිඳු සඳ දැක්වී ඉකුත් ව ත කෙලෙස වටහුනුවැන්න සුර ඟ

80 82 දඹදිවතල උතු ම් නෙතුමුව කුසුමුදු ල සව්සිරි සපිරි නොව මි ම් කර'දර සරණ නර්ව්ද ල මල්ල දෙස මනර ම පුන් තන අමාප ල විය නුවරෙක් කුසාවතී න ම එපුරලිය කප් ළියන් එකතු ල

79. "මුනිඳු සඳ ඉකුත් වත දැක්වී" ඉඟි, මෙසේ; මෙපද, මෙ වචනයන්; පවසන, පවසන කල්හි; එ සිරිත, ඒ චරිතය; අසනු, ඇසීමට; ලොබකර, ආහා උපදවා; එයති සඳ, ඒ භික්ෂු්න් වහන්සේ; අයදිත, අයැද කල්හි; මුනිඳු සඳ, බුදුරජනන් වහන්සේ; ඉකුත්වත, අතීත කථාව; දැක්වී, ප්රිකාශ කළහ

ඉකුත්වත - මේ කුසජාතකය;

80 "නුවරෙක් විය"

උතුම්, උත්තම වූ; දඹදිව්තල, ජම්බුද්වීපයෙහි: නොවහිම්, ඉමක් නොමැති; සව්සිරි, සියලු සම්පත්; සපිරි, මැරුණා වූ; මනරම් මනොඥ වූ; මල්ලදෙස, මල්ලදේශ‍යෙහි; කුසාවතී නම්, කුසාවතී නම් වූ; නුවරෙක්, නගරයක්, විය, වූයේය. මල්ල දෙස - බටහිරින් ‍ශාක්යගජනපදයද දකුණිත් වජ්ජි රටද රල්ල රටට සීමාවෝයි. කුසාවතී - නේපාලයට අයත් හොරක්පූර් සමීපයෙහි පිහිටි කුශීනගරය පෙර කුසාවතී තමන් විය.

81. "සුරගන වැන්න" පිළිමිණි පවුර ලග, පළිඟු ප්රා කාරය සමීපයෙහි; බබලන, බබලන්නා වූ; දිය අඟල, දිය අඟලෙහි; රඟ, ආකාරය; හර මෙහෙසුරු; බහුරි රග, බහුරි නම් නාත්යනය; ගත, ගත් කල්හි; කෙලෙසවට, කෛලාශ පර්වමතය හාත්පස; හුනු වැටුනාවූ; සුරගන වැන්න, ආකාශ ගංගාව වැනි වෙයි.

කෙලෙස - හිමාලය කන්දේ මුදුනකි.

82. "එපුර ලිය කප්ලියන් එකතුලා" තෙතු මුව කුසුමුදුල නෙත් හා මුහුනු නැමැති මලින් ගැවසුනා වූ; කරදර සරණ, අත් පා තොල් නැමැති; නවදල, ලදලු ඇති; පුන්තක, පිරුණු තන නැමැති; අමංපල, අමෘත භල ඇත්තා වූ; එපුර ලිය, ඒ නගරයෙහි ස්ත්රීුහු; කප්ලියන්, කල්පනාවෙන් හා; එකතුල, ඒකාකාර වෙත්. කප්ලිය සිතු පැතූ සම්පත් දෙන දෙව්ලොව ඇතැයි සලකනු ලබන වැලකි.





22 වර්ණපනා සහිත

83 85 සඳුන් පලු ත නවා වතීන සරි ඉ න්දු හිමි වන පෙතින් එ නවා රුසිරෙන් දලනිඳු න්දු ‍සලෙලු හිම් උ නවා සදිසි පුර ල න්දු නැවත කෙළිදෙළෙහි ලොබ ද නවා සඳළු තලවල කෙළිණි ප න්දු

84 86 කනා ලිය සිරි නා සතරක විහිදි අ තු පිනා ගෙවුයන් කෙළි නා කුසුම් පලුපල රසයු තු මනා පුරලිය නා තුගු තුරු පල දිමු තු විනා තනනා විනා කෙව නා සැදුනු එපුරෙහි නෙ උයන් ව තු

83. "ලොබ දනවා"

සඳුන් පලු, සඳුන් දලු; තනවා, සොලවා; හිමවන පෙතින්, හිමාලය වන ‍ෙරාදින්, එන, එන්නාවු; වා, සුළඟ; සලෙලු, කාමුකයන්ගේ; ගිම්, ග්රී,ස්මය; උනවා, දුරුකොට; නැවත, යළි; කෙළි දෙළෙහි, සුරත ක්රීලඩාවෙහි; ලොබ, ආශාව; දනවා, ඇති කරයි.

84. "කෙ වණා" කනාලිය සිරිනා, රන්ලිය අයුරින්; පිණා, සතුටුව; ගෙවුයන්,‍ගෘහොද්යා;නයන්හි; කෙළිනා, ක්රීරඩා කරන්නා වූ; මනා පුර ලියනා. මනොඥ පුර ස්ත්රීාන්; විනා, ගණදෙවිද; තනනා, අනන්තයාද; විනා, හැ‍ර; කෙ, කවරෙක්; වණා, වර්ණනනා කෙරේද ගෙවුයන්- ගෙවල් අසල වූ මල්වතු; විනා - මෙහෙසුරුගේ පුත් වූ ගණ දෙවි තෙමේයි. නතනා - නාලො‍වට අධිපති අනන්ත නම් නාරජුහු;

85. "පුරලන්දු පන්දු කෙළිති" වතිනි, මුහුනින්; ඉන්දු සරි, චන්‍ද්රෙයා වැනි වූ; රුසිරෙන්, රූප ශ්රී යෙන්; දලතිදුන්දු සදිසි. ශ්රීනක නතාව වැනි වූ; පුරලන්දු, පුර ස්ත්රීනහු; සඳළුතලවල, සඳලුතලන්හි; පන්දු කෙලිති. පන්දු ගසති. දල තිඳුන් දු - ශ්රීර දේවිය මුහුදෙන් උපන් හෙයින් මෙසේ දැක්වීය. සඳළුතල - ගෙයි මහල් තල වල පියස්සක් නොමැතිව පහසුවෙන් සඳ එළිය වැටෙන සේ තැනූ මදුල්;

86. "නෙක උයන් වතු සැදුනු" එපුරෙහි, ඒ නගරයෙහි; සතරක, සතර දිගය; විහිදී අතු, පැතිර ගිය අතු ඇති; රසයුතු, රසවත් වූ කුසුම් පලපල, මල් දලු ගෙඩි ඇත්තා වු; තුගු, උස් වූ; තුරුපෙළ, වෘක්ෂ පංක්තියෙන්; දිමුතු, දීප්තිමත් වූ; නෙක උයන්වතු; බො‍හෝ උද්යාතයෝ; සැදුනු, සැදුනාහ.




කුසජාතක කාව්යිය 23

87 89 රැඳි ඉවුරු ඉඳුනී ල් රහසග වලග ක ර සරණ රණහස මිහිලො ල් සතර පය සුපිහිටි ද ර සිහිලඹ පිරි නිමි ල් දකුණු දළ තුගුන ර පතැස් පොකුණෙන් සැදුනි සුවිස ල් කලණ මතගජ සරති එනු වු ර

88 90 දවහස කුර ග සින් තිය පඳුරෙන් සුව ළ නුඹ වසත නැගි ‍රොද සින් පළමින් ගජන් කුඹු ත ළ නො තැව් රිවි රැ සින් උරිරැග තවර ක ළ එපුර ‍සලෙලෝ සරති සතො සින් කෙ‍සර පෙලවැනි සරණ හසරළ

87. "එපුර සැදුනි" ඉඳුනිල් රැඳි, ඉන්දුිනීල මාණික්යුයන් ගෙන් යුක්ත වූ; ඉවුරු, ඉවුරු ඇත්තා වු; රණහස, රණහංසයන් ද; මිහිලොල්, මී මැස්සන්ද, සරණ, හැසිරෙන්නා වු; නිමල්,පැහැදුනු; සිහිලඹපිරි, සීතල ජලයෙන් යුක්ත වූ; සුවිසල්, ඉතා විශාල වූ; පතැස් පොකුණෙන්, පතැසින් ගා පොකුණුවලින්; සැදුනි, සජ්ජිත විය. රණහස - හොටය පා රත් පැහැය වූ හංසයෝ මෙතමින් හඳුන්වනු ලැබෙති. පතැස් - ජලය පිරි විශාල වළවල්

88. "සලෙලෝ සරති" දව, දුවන; හය, අසුන්ගේ; කරගසින්, කැරහැපීමෙන්; නැගි. නැංගා වූ; රොදසින්, දූවිල්ලෙන්; නුබ; ......... වසන, කල්හි; එපුර, ඒ නගර‍යෙහි; සලෙලෝ, සංලා‍ලයෝ. රිවි රැසින් සූය්යශර්‍ රශ්මියෙන්; නොතැවී, පීඩා නොවිද: සතොසින් සන්තෝසයෙන්; සරති, හැසිරෙති; මෙයින් අසුන්ගේ මහත්ව ය කීහ.

89. "කළණ මතගජ සරති" රහසග, ලිගු; වලග, වාලධිය; කර සොඬ; සතරපස, පා සත රද යන සප්තාවයව, දර පොළොවෙහි; සුපිහිටි, මනාව පිහිටි යාහුය; හෙවත් පෘථිවිය ස්පර්ශසකරන්නාහුය; දකුණු දළ, දකුණු පැත්තේ දල; තුගුතර, ඉතා දික්ය; කලණ මතගජ, මේ කල්යා;ණ ලක්ෂවනයන්ගෙන් යුක්ත වූ; මත්තහස්තීහු; එ නුවර, ඒ නගරයෙහි; සරති, හැසිරෙති. උතුම් ඇතුන්ගේ ලක්ෂෙණ මෙයින් කිහ.

90. "සණ හය රළ කෙසර පෙළ වැනි වේ" සරණ, හැසිරෙන්නා වූ; හයරළ, අශ්වය සමූහය; පුවළ, ශක්තිමත්වු; තිය පඳුරෙන්,තීය සමුහයෙන්; ගජන්, ඇතුන්ගේ; කඹුතල, කම්භස්ථලය; පලමින්; ඉරමින්; උරිරු, ලෙස; ඇග, සිරුරෙහි; තවරකළ, තවරාගත්; කෙසර පෙළ, සිංහ සමූහයා වැනි වේ. අසුන්ගේ නිර්භීතකම ‍කීහ.



24 වර්ණභනා සහිත

91 93 රන්දද පලග ලෙ ල ගජ හස රිය සෙන ග මුදුන රන්කොත් සුලක ල ගොස පැතිර ගොස් දසදි ග යහන් සැදි සු දතු ල පසතුරු ගොස සර්ථ ග පමණ නොකළැකි එපුරරිය පෙ ල එපුර ගුම් ගති යුගත සිඳු ර ග

92 94 අතලෙලවි තන් ව ග සිත දුසිරිත පැහැ ර කවසින් බැහු සිය ල ග සර්වදසත කළ පිණින් පෙ ර වැරසරු මහ සෙන ග වැඩඹේ එපුර ව ර නිතර හැසිරේ එපුර වේ ම ග ඔකාවස් නම් රජෙක් පුවත ර

91. "රියපෙළ පමණ නොකළැකි" එපුර, ඒ නග‍රයෙහි; පලගලෙල, වහල කොනේ ලෙල දෙන්නා වු; රන් දද, රන් කම් කළ කොඩි ඇති; මුදුන, වහල මුදුනෙහි; සුලකළ, මනොඥ වු; රන්‍ කොත්, රන් කොත් ඇති; සුද තුළ, සුදු ඇතිරිලි එලූ; යහන් සැදි, අසුන් මලින් යුක්ත වු; රිය පෙළ රථ පන්තිය; පමණ නොකළැකි, ප්රුමාණ නොකළ හැක්කේ වෙයි.

92. "මහසෙනග නිතර හැසිරේ" එපුර, ඒ නගරයෙහි; මේ මග, වීථි මාර්‍ගයෙහි; අත ලෙල, අත්වල ලෙල දෙන; නන්වශ අවි, නානාප්ර කාර ආයුද ඇති; සියලඟ, සියලු සිරුරෙහි; බැහු, ලන ලද; කවසින්, සනනාශ ඇති; වැරසැර, විරසාර වූ; මහ සෙනග - මහා සේනාව, නිතර, නිරන්තරයෙන්; හැසිරේ, හැසිරෙයි.

සන්නාශ - යුධ ඇඳුම්

93. "එපුර ගුම් වද" ගජ හය රිය සෙනඟ ඇත් අස් රිය පාබල යන සේනාවන්ගේ; ගොස, නාදය; දස දිග, දශ දිශාවෙහි; පැතිර, ගොස්, පැතිරී; පසතුරු, පංචතූය්ය්දශතයන්ගේ, ගොස සමග, හඬ හා එක්වීමෙන්; එපුර, ඒ නගරය; යුගත සිඳුරඟ, කල්පාන්තයෙහි සමුද්රුය මෙන්; ගුම් ගති, ඝෝස ග්රනහණය කෙළේය. පසතුරු - ආතතය, විතතය, ආතතවිතය, ඝනය, සුසිරය යන පංච වර්ගය තූයයන්ගේ හඬ

94. "ඔකාමිස් නම් රජකේ වැජඹේ" පෙර, පූර්වසයෙහි; සිත, සිතෙහි; සුසිරිත, දුශ්චරිතය; පැහැර, දුරු කොට; සර්ව, සහ, සකල සත්වයා විසින්; කළ, කරන ලද; පිණින්, පින්කම හේතුවෙන්; එපුරවර, ඒ නගරයෙහි; පුවතර, ප්ර්වරතර වු; ඔකාවස් නම් රජෙක්, ඔකාවස් නම්වූ රජතුමෙක් වැජඹේ. වාසය ‍ෙකරෙයි.





කුසජාතක කාව්යිය 25

95 97 සිසි කෙමි වලා ද ල මොහු තෙදග රුපුන ද උළුරිළු කෙස පෙල දු ල වැද පෙණුති නල සිළු ලෙ ද ඔහු යස සේ කම ල මතු ද රූපඹුන් හ ද බීජි පුබුදුව මෙමුලු දියවී ල පිවිස දිසි නෙත් රතෙව් විනිවි ද

96 98 සැඩකර වේ දිති ඳු මොහු බුජය සිරිම ත් මසින් මස අඩු‍වේ ඉ ඳු රැදි කගාරාහු බලව ත් නල වැද සැලේ සි ඳු රුපුන් තෙද රිවි ග ත් එයින් උවමෙක් කොද මෙරජබ ඳු මතුද ගති උන් යසස් තරිඳු ත්

95. "ඔහු යසසේකවල බිජි" සිසිකෙමි, චන්ර්හු නැමැති, කෙමියක් ඇති; වලාදල, වලාකුල් නමැති පත්රර ඇති; උළුරිළු තාරකා සමූහ නමැති කෙසර පෙල, කෙසරු පන්ති ඇති; දුල ජවලිතවූ; ඔහු ඒ රජුගේ; යස සේ කමල යසස් නමැති ශේවත පද්මය; මේ මුළු දිය විල, මේ සියලු ලෝක නම තිලෙහි; පුබුදුව, පිපී, බීජී භ්රා ජමානවි

96. "උවමෙක් කොද" දිනිඳු, සූය්ය්" යා; සැඩ කරවේ, චණ්ඩ රශ්මිය ඇත්තේ වේ; ඉඳු චන්ර්ීජීයා; මසින් මස අඩුවේ; මසක් මසක් පාසා හීනවෙයි; සිඳු, සමුද්රතය; නලවැද, මාරුතය හැපීමෙන් සැලේ, සෙල වේ; එයින්, එසේ හෙයින්; මේ රජ බඳු, මේ රාජයා හා සමාන; උවමෙක් උපමාකටයුතු වස්තුවක්; කොද කොයින්ද මසින් මස අඩුවේ :- චන්ද්රුයා මාසේ පොහොය ගිය පසුදින පටන් ක්රවමයෙන් පිරෙමින් ගොස් පසළොස්වක දිනයෙහීදී සම්පූර්න වෙයි. පස‍ ෙ‍ළාස්වක ගිය පසුදින පටන් අඩුවෙමින් ගොස් මාසේ පෝය දිනයෙහි එහෙම පිටින් ම නැතිවී යෙයි.

97. "නෙත් රතෙව් දිසි" මොහු, මේ නරනිඳුගේ; තෙදග, තේජස් නැමැති ගින්න; රුපුන් සතුරන්ගේ; හද, හෘදයට; වැද, වැදී; නලසිළුලෙද, ගිනි සිළු අයුරින්. පෙණුනි පෙණුනේය; මතුද එපමණක්ද; රූපඹුන් ශත්රැන වනිතාවන්ගේ; හද හෘදයට; පිවිස, වැදී; නෙත් නෙත්රපය; රතෙව්, රතුවුවාක් මෙන්; විනිවිද දිසි විනිවිද පෙනුනේය. පිවිස - හින්න කර්තෘටක පූර්වික්රි යාවකි. පිවිස යන්නට තෙදග යනු ද දිසි යන්නට බලන්නන් ද පිළිවෙළින් කර්තෘ පද වෙති.

98. "කගරාහු රුපුන් රිවිගත්" සිරිමත්, ශ්රීුමත් වූ; මොහු, මේ රාජයාගේ; බුජග, බාහු නමැති ආකාශයෙහි; රැඳි, රංජිත වූ; බලවත්, ශක්තිමත් වූ; කගරාහු, කඩුව නමැති රාහු අසුරිඳු තෙමේ; රුපුන් තෙද රිවි, සතුරන්ගේ තෙජස නමැති සූය්ය්, තයා; ගත්, ගත්තේය; මතුද, එපමණක් ද; උන්, ඒ සතුරු රජුන්ගේ, යසස් තරිඳුන්, කීර්ති නමැති චන්ර්මත්යාද; ගති, ගත්තේය.

රාහු - සඳ හිරු ගිල දමයි, මොහු කහ රුපුන් තෙද යසස විනාශ කරයි.




26 වර්ණ නා සහිත

99 101 රජ යුව රජ ඇම ති පුරඟන රුසිරු ස රු දනන් සමගින් නුවනැ ති සොළොස් දහසක් පිරිවැ රු විමසා ලොව රකි ති සීලවති නම් දැ රු එයින් එනිරිඳු සරිකෙනෙක් නැ ති බිසොව කර අගබිසෝ තනතු රු

100 102 විහිදෙන මිණි කිර ණ කුළුණු ගුණයෙන් හ ද පැළඳි මාහැගි අබර ණ සත රැක මවුලියන් ලෙ ද සිටි වයසෙහි තරු ණ රජ දහම පිළි පැ ද සුරඟනන් ලෙස දිලෙ සක ල ණ එරජ එනුවර රජ කරණ ස ද

99. "එනිරිඳු සරි කෙනෙක් නැති"

රජ යුව රජ ඇමති, රජ උප රජ ඇමැති යන මොහු; නුවණැති, නුවණ ඇත්තා වු; දහන් සමගින්, ජනයන් හා එකතුව; විමසා. පරීක්ෂායකොට; ලොව, ලොකයා; රකිති, රකිත්; එයින්, එසේ හෙයින්; එනිරිඳු සරි කෙනෙක්, ඒ නිරිඳුට සමාන කෙනෙක්; නැති, නැත්තේය.

100. විහිදෙන මිණි කිරණ, මැණික් ආලෝක්ය් විහිදෙන්නා වූ; මාහැගි, උතුම් වූ; අබරණ පැළඳි, ආභරණ පැළන්දා වූ; තරුණ වයසෙහි, බාල වයසෙහි සිටියා වු; සුරගනන් ලෙස දෙවගනන් වැනිව; දිලෙන, බබලන්නා වු; කලණ, කල්යාටණ ගුණ යෙන් යුක්ත වු;

101. රුසිරුසරු, රූපශ්රීරයෙන් යුක්ත වු; පුරඟන, පුර ස්ත්රීණන් සොළොස් දහසක්. දහසක්; පිරිවැරු, පිරිවරණ ලද; සීල වති නම්දුරු, සීලවති යන නමක් ඇති; බිසොව, බිසව; අගබිසෝ තනතු‍රු අග බිසෝ තනතුරට; කර, පත්කොට

102. "එරජ රජ කරණ සඳ"

එරජ, ඒ රාජයා; හද, හෘදයෙහි; කුළුණු ගුණයෙන්; කරුණා ගුණයෙන්; මව්පියන් ලෙද, මවුපියන් මෙන්; සතරැක, සත්වසයා ආරක්‍ෂා කොට; රජදහම පිළිපැද, දශරාජ ධර්මේයන් නොහැර එනුවර, ඒ නගරයෙහි; රජ කරණ සඳ, රජය කරවන කල්හි.







කුසජාතක කාව්යැය 27

103 105 පින් සිරි යුතු නොම ඳ සිත් සත් ගුණ සපි රු එබිසෝ ලඳුන් ගව සො ඳ රජ යුව රජ ඇමති ව රු මතු සත රකින ලෙ ද නුවරුන් සමග ස රු නැති බැවින් දරු කෙනෙකු මහන ද ඇතුළු නුවරට පිවිස නොවතු රු

104 106 හිතාහිත සත වේ ත සිව හළ දොර ල ගා පහළ කරුණා මෙත් සි ත යුග කෙළ සිදු ගොස ර ගා දැන ගත් ලොව සිරි ත සියලු දන සම ගා සියල් සතරෙහි හසල නැණ යු ත මෙපුර නසිතෙ යි කිවුය මොර ගා

103. නොමඳ, බොහෝ වූ; පින් සිරිත යුතු, පුණ්යිශ්රීටයෙන් යුක්ත වු; සොඳ, ‍මනොඥ වු; එබිසෝ ලදුනහට, ඒ බිසව හට; මතු, මත්තෙහි, සත රකින ‍ලෙද, සත්වයා රක්‍ෂා කරන හැටියට; මනනද, මනොඥ වූ, දරු කෙනෙකු, පුතනු කෙනෙකු, නැති බැවින්, නැති හෙයින්.

104. හිතහිත සත වෙත, හිතවුද අහිතවුද සත්ව යන් කෙරෙහි; කරුණා මෙත් සිත, කරුණා‍ මෛත්රී චින්තනය; පතළ, පැතුරුවා වූ; ලොව සිරිත, ලොව සිරිත් විරිත්; දැනගත්, දැනගත්තාවු; සියල් සතරෙහි, සකල ශාස්ත්ර යෙහි; හසළ, පරිවිත; නැණ යුත, ඥානයෙන් යුක්ත වූ.

කරුණා - දුකට පත් සත්‍ෙහයෙකු අරමුණු කොට ‍උපදනේ කරුණාවයි. සියලු සතුන් අරමුණ‍ුකොට උප‍දනේ මෛත්රීොයයි.

105. සිත්, සිතෙහි; සත් ගුණ, සත්පුරුෂගුණ‍යන්; සපිරු, සම්පූර්ණ කරන ලද්දා වූ; රජ, රජතුමාද; යුවරජ ඇමැතිවරු, උප රාජයා හා ඇමති මණ්ඩලයද; සරු, නුවණින් සාර වූ; නුවරුන් සමග, නුවර වැසියන් හා එක්ව; නොවතුරු, අතරක් නොමැතිව; අතුළු නුවරට, නුවර ඇතුළට; පිවිස, පැමිණ

106. හළ දොරළඟ, විවෘත කළ දොර සමීපයෙහි; සිට, සිටගෙන; යුග කෙළ, යුගන්තයෙහි; සිදුගොස, සමුදුඝෝෂය; රඟා, අයුරින්; මෙපුර නසිතෙයි, මේ නගරය නසින්නේයයි; මුරගා මහත් ශබ්දකොට; කිවුය, කීවාහුය.







28 වර්ණුනා සහිත

107. එයසා නර පව් ර සිමැදුරු කවුළුව හැ ර බලමින් සිය එම ර මෙසේ පැවසි තෙපුල් පැණ ස ර

108 110 රජ දහමට වෙන ස එබැවින් මෙනුවර ට නැතිය අප අණ කිසි දො ස අන් නිරිඳුන් පැමිණ වී ට රට නැසෙයි! යන බ ස නස්නෙස මතු මෙර ට කීමෙක පවසනු මේ අප අබිය ස එයින් මුරගා කීමු මෙඔබ ට

109 111 රජ මෙලෙස පවස ත රජ එපවත් අ සා මැතිවරු කිවුය මෙපුව ත දරු ලබන තතු විම සා මතු රකිනව දිය ත කියවයි කී නි සා ඔබට නිසි දු දුරු කෙනෙක් නැ ත ඇමැති ගනසැල කෙළේ මෙලෙසා

107. "නර පවර පැණසර තෙපුල් පැවසී" තර පවර, රජතෙමේ; එයසා, එය අසා; සීමැදුරු කවුලුවේ, ප්රයධාන ජනේලය; හැර, විවෘත කොට; බලමින් සිය, බලා සිට එවර, ඒ කාලයෙහි; මෙසේ, මෙයාකාරයෙන්, පැණසර, ප්රේඥන් වී ත; තෙපුල්, වචන; පැවසී, ප්ර කාශ කළේය.

108. "තෙපි කීමෙක පවසනු" රජ දහමට වෙනස, රාජධර්මුයන්ට වෙනස් වූ; කිසිදෙස්, කිසියම් වරදක්; අප අණ, අපගේ ආඥාවෙහි; නැතිය, නොමැත්තේය; මෙ අප අබියස, මේ අප ඉදිරියෙහි; රට නැසෙයි යන බස රට නැසෙයි යන වචනය; කීවෙක, කැමක් මෙයින්; පවසනු පවසන්නුහුද?

109. "මැතිවරු මෙපුවත කීවුය" දූ දරු කෙනෙක් නැත. රජ, රජහු; මෙලෙස, මෙයාකාරයෙන්; පවසන, පැවසු කල්හි; මැතිවරු, අමාත්‍යවරු; මතු, අනාගතයෙහිදී; දියත රකිනව්, රට රැකීම පිණිස; ඔබට, නුඹවහන්සේට; නිසි, යෝග්යප වූ; දූ දරු කෙනෙක්, දූ දරුවෝ; නැත, නැත්තාහුය යන; මෙපුවත. මේ කාරණය; කිවුය, කීවාහුය.

110. "මෙරට නස්නෙය" "අපි මුරගා කීමු" එබැවින්, එ‍සේ හෙයින්; මතු, අනාගතයේදී; මෙනුවරට, මේ නගරයට: අන් නිරිඳුන්, අන් රජුන්; පැමිණිවිට. පැමිණි කල්හි; මෙරට, මේ නුවර, නස්නෙය, විනාශ වන්නේය; එයින්, එසේ හෙයින්; මෙ ඔබට, මේ ඔබ වහන්සේට; මුරුගා. ඝෝෂා කොය; කීමු, කිවෙමු;

111. "ඇමැති ගන සැලකෙළේ" රජ, රජතුමා; එපවත් අසා, ඒ තොරතුරු අසා; දරු ලබන තතු, දරුවන් ලබන අයුරු; විමසා, සොයා ; කියවයි, කියව කියා; කී නිසා, කී‍ හෙයින්; ඇමැතිගන, ඇමැති සමූහයා; මෙලෙස, මේ ආකාරයෙන්, සැ‍ළකෙළේ, ප්රිකාශ කෙළේය.




කුසජාතක කාව්ය ය 29

112. හිමිසදිනි පුවත ර රඳනා ඔබ ඇතුළු පු ර සුලු නලඟනන් ව ර හළ මැනවි රැකවලින් දුරැක ර

113 115 උන් හැම අතුරෙනු ත් එබස සිත ර දවා දරු උපතක් නොලද හො ත් නොමද දරු පෙම බ දවා අග මෙහෙසියන්මු ත් පුරඟන නමො දවා කළ මැනවි පුරඟනන් අනිකු ත් හළේ රජ රැකවලින් මු දවා

114 115 ඔවුන් හැම අතරෙ න මැතින් කී විලසි න පිණැති කෙනෙකුන් කු‍සයෙ න සොළොස් දහසක් වරග න උපන් කෙනෙකුත් ගෙ න ‍උනුන් දෙස යන මෙ න රට රකිමු කීවු නැණැති හැම දෙ න දෙවි අවසර නිරිඳු නොලසි න

112. "සුළු නළගනන් හළ මැනවි" පුවතර, උතුම් වූ; හිමි සිදිනි. ස්වාමින්ර්ේද යාණෙනි; ඔබ, නුඔ මහත් සේ‍ගේ; ඇතඵු පුර, අනත්පුරයෙහි; රඳනා, වසන්නා වු; වර, උතුම් වූ; නළගනන්, නාට්යාංෙගනාවන්; රැකවිලින්, ආරක්‍ෂාවලියෙන්, දුරු කර, වෙන් කොය; හළ මැනවි, කළොත් යහපති. ඇතුළුපුර - රජතුමන්ගේ නළගන්නන් වසන ගෙය

113. "අනිකුත් පුරඟනන් හළ මැනවි" උන්හැම අතුරෙනුත්, උන් සියල්ලන් අතුරෙන්ද; දරු උපතක්, දරුවෙකුගේ උත්පත්තියක්; නොලද හොත්, නොලැබුවහොත්; අග මෙහෙසියමුත්, අගමෙහෙසියන් හැර; අනිකුත් පුරඟනන්, අනික් පුර ස්ත්රීනන්; හළ මැනවි, හලොත් යහපති. පුර - අන්තපුරය ගැණේ.

114. "අපි රට රකිමු" ඔවුන් හැම අතුරෙන, උන් හැමදෙනා අතුරෙන්; පිණැති, කෙනෙකුත්, පින් ඇති ස්ත්රිඅයකගේ; කුසයෙන, කුසින්; උපන් කෙනෙකුන්, උපන් දරු කෙනෙකුත්; ගෙන, ‍හදා ගෙන; රට රකිමු රට ආරක්ෂාස කර ගනිමු;

115. "රජ පුරඟන හළේ" රජ, රජතෙමේ; එබස, ඒ වචනය; සිත රඳවා, සිතට ගෙණ; නොමද, බොහෝ වූ; දරුපෙම්, දරු ප්රේදමය; බඳවා, උපදවාගෙන; නොමද පුරගන, බොහෝ පුර ස්ත්රී න්; රැකවලින් මුදවා, රැක වලින් වෙන් කොට; හළේ. හැරියේය.

116. "නිරිඳු අවසර දෙවි" නිරිඳු, රජතෙමේ; මැතින් කී විලසින, අමාත්යීයන් කියන ලද ක්රරමයෙන්; සොළොස් දහසක් වරගන, දහසය දාහක් පුර ස්ත්රී"න්ට; උනුන් දෙස, උනුන් කරා; යන මෙන, යන ලෙසය; නොලසන, නොලසන, පනා,අවසර දෙමි, අවකාශ යෙදවී.