කුස ජාතක කාව්‍ය-කාව්‍ය iii

Wikibooks වෙතින්

230. තරු පිරිවණ ල ද සරා සඳමඬලක් ලෙ ද පිරිවර ලියන් මැ ද දිලෙයි පබවත් නමැති රජ ල ද

231 233 පබවත රුව පබ ඳ එමැතිඳු ගොස් එවි ට ඇමතියන් හට කී ස ඳ නම කෙරෙමින් නිරිඳු ට වඩමිනි සිතු ඔ ඳ මුදුනැඳිලි බැඳ සි ට සිසිකරණවන් කිරිසයුර ලෙ ඳ එතතු සැලකළ ස‍ෙඳහි නිසිකො ට

232 234 රන් රුව ගෙණ සුම ට රජු එතතු අසමි න වදිමින් රජ විමනත ට එ ආ මැතියන් අට දෙ න තම සිටි තතු රජු ට බහුමන් වඩමින් න කියන ලෙස කිවු අගමැතිඳු හ ට වෙතට කැඳවා දක්කවාගෙන න

230. "පබවත් නමැති රජලඳ දිලෙයි"

තරු පිරිවණලද, තාරකාරවන් විසින් හාත්පසින් වටකර ගන්නා ලද; සරාසඳ මඬලක් ලෙද, ශරත් චන්ර්ිරිමණ්ඩලයක් මෙන්; පිරිවර ලියන් මැද, පිරිවර ස්ත්රී න් සමූහයා අතරෙහි; පබවත් නමැති රජ ලද, ප්රරභාවති නම්වූ රාජස්ත්රිමය; දිලෙයි, බැබලේ.

213. පබවත රුව පබඳ, ප්රතභාවතීයගේ රූප ලක්ෂදණ; ඇමැතියන්හට, අමාත්යස පිරිසට; කිසඳ, කීකල්හි; සිසිකිරණවත් චන්ර්්න් රශ්මිය වැටුනු; කිරිසයුර ලෙද; ක්ෂීඅර සාගාරය මෙන්; ඔවුන්ගේ සිතුඔදවඩමිනි, චිත්තාහි වර්ධ්නය කර ගිණිමින්;

232. සුමට, මනොඥ වූ, රන් රුවගෙණ, රත්රන් පැහැය ගණිමින්; රජවිමනතට, රජ මාලිගායට; වදිමින්, ප්රිවිෂ්ටවෙමින්; තම සිටි තතු තමන් ඇවිත් සිටින ප්රතවෘත්තිය; රජුට, රජතුමන් හට; කියන ලෙස, කියන හැටියෙන්; අගමැතිඳුහට, ප්රවධාන අමාත්යනයාහට, කීව, කීවාහුය.

233. එවිට, ඒ කාලයෙහි; එමැතිඳු ගොස්, ඒ ඇමැතිවරයා ගොස්; නිරිඳුහට නම කෙරෙමින්, රජු හට නමස්කාර කරමින්; මුදුන, මස්තකයෙහි; ඇදිලි බැඳසිට, අඤජලීබන්ධනය කොට සිට; එත්තු, ඒ තොරතුරු; නිසිකොට, නිසි ආකාරයෙන්; සැලකළ ස‍ෙඳහි, සැලකළ කල්හි;

234. රජු ඒ මදුරාජයා; එතතු, ඒ තොරතුරු; අසමින, අසමින්; එ ආ, ඒ පැමිනි; ඇමැතියන් අටදෙන, අමාත්යමවරයන් අටදෙන; බුහුමන් වඩවමින්, ගරු බුහුමන් දක්වමින්; වෙතට කැඳවා, සමීප යට ගෙන්වා; දක්කවා ගෙන, දර්ශරනය ‍කරවා ගෙන,






62 වර්ණ;නා සහිත

235. නිරිඳුගෙ දෙරණිසු රු සුවඳුක් අසා අනතු රු මැතියන් අතින් ස රු ඇසී ‍තම වෙත සැපත් තොරතු රු

236 238 දස දහසක් යො දුන් පරව එකුමරු හ ට දඹදිව් තලෙහි නිරි ඳුන් ඔබ කුමරි මෙහෙසුන් කො ට හැමටම පත් මු ඳුන් ගැනුමට නියම කො ට ඔකාවස් නරනිඳුට සුරිඳු දුන් ගෙණ ආමු රන් රුව පඬුරු කො ට

237 239 සිව් සිප් මහ සයු ර අසා උන් කී බ ස් දුටු නැණ නැවින් පරතෙ ර ලදෙව් අමුතුව අබි‍සෙ ස් යුතුවූ කෙසර ස ර සිත සපුරා ‍ස‍තො ස් කුස කුමරු යනන නමින් පුවත ර මහත් රජ ‍පෙළහරින් එදව ස්

235. දෙරණිසුරු, පොළවට අධිපති: නිරිඳුගෙ, රජතුමාගේ; සුවදුක්, සැප හා දුක්; අසා, අසමින්: අනතුරු නැවත; මැතියන් අතින්, ඇමැතියන්ගෙන්; තමවෙත සැපත්, තමන් කරා පැමිනි; සරු, සාරුවූ; තොරතුරු, කරුණු; ඇසී, ඇස්වීය.

236. දසදහසක් යොදුන්, යොදුන් දස දහසක් ඇති; දඹදිව්තලෙහි, ජම්බුවීපයෙහි; නිරිඳුන් හැමටම, සියලු නිරිඳුන්ට ම; මුදුන් පත්, මසතකප්රා;ප්ත වූ; ඔකාවස් නරනිඳුට, ඔක්කාක වංශජ නරෙන්ර්හ යානට; සුරිඳු දුන්, ශක්රමයා විසින් දෙන ලද්දා වු.

237. සව් සිප් මහසයුර, සකල සිල්ප නමැති මහසාගරයාගේ; පරතෙර, පරතීරය; නැණ නැවිත් දුටු, ඤාණ නමැති නෞකා වෙන් තරණය කොට දැක්කා වු; කේසර සර යුතුවූ, කේසර සිංහ ස්වරයෙන් යුක්ත වු; කුසකුමරු යන නමින්, කුස කුමාරයාය යන නාමයෙන්; පුවතර, ප්රයසිද්ධ වූ.

238. පවර, ප්රෙවර වූ; එකුමරුහට, ඒ කුමාරයා හට; ඔබ කුමරි ඔබගේ දූ කුමරිය; මෙහෙසුන් කොට ‍මෙහෙසිය කොට; ගැණුමට ගැනීම පිණිස; නියම කොට, නිශ්චය කොට; රන්රුව, රත්රන් රූපය; පඬුරුකොට, තෑගි කොට; ගෙණ ආමු ගෙණ ආවෙමු.

239. උන් කී බස් කියන ලද වචන; අසා, ශ්රටවණය කොය; අමුතුව, අමුතුවෙන්; අබිසෙව්, අභිෂෙකය; ලදෙව් ලැබුවාක් මෙන්; සිත, චිත්තය; සතොස් සන්තෝෂයෙන්; සපුර, සම්පූර්ණස කොට; එදවස් ඒ දවසෙහි; මහත් වූ; රජපෙළහරින්, රාජ ප්රා;තිහාය්ය්අඅටයෙන්;




කුසජාතක කාව්ය ය 53

240 241 රන් රුව පඬුරු කො ට දඹදිව අගප ත් ගෙණ තමන් කුමරිය හ ට ඔකාවස් නරනිඳුට ත් එ ආ මැතිවරු හ ට පඬුරු බැඳ නන් වී ත් නොමඳ සර්වරසිරි දෙමින් ගරුකො ට පිටත් කළෙ වඩවමින් මෙන් සි ත්

තෙවන සග නිමි.

242 243 නික්මුවුත් මැති ද න ඔකාවස් නරව ර සිය යොදුන් මග ගෙවමි න සමගින් අගබිසෝ ව ර කිසි දුකක් නොවමි න දැක වැඳ කරඅද ර කුසාවත් පුර පිවිස සතොසි න කීය ආගිය කරුණු තොරතු ර

244 ඔවුන් කී තෙපුල ට නරනිඳු ‍වෙමින් සහතු ට සෙනඟ පිරිවර කො ට යන්ව සැරසී විචා මඟුල ට

240. තමන් කුමරියට, තමන්ගේ කුමාරිකාවන්හට; රන් රුව පඬුරුකොට ගෙණ, රත්රන් රූපය තෑගිකොට ගෙණ; එ ආ මැතිවරුහට, ඒ පැමිණි මැතිවරුන්හට, නොමඳ සව්සිරි දෙමින්, බො‍හෝ සම්පත් දෙමින්; ගරුකොට, ගෞරව දක්වා

241. දඹදිවව, ජම්බුවීපයට; අගපත්, අගතැන් පැමිණි; ඔකාවස් නරනිඳුටත්, ඔකාවස් රජතුමන්ටත්; නත්මන්, නානා වස්තූන්; පඬුරු බැඳ, තෑගිකොට; මෙක්සිත්, මෛත්රී චිත්තය; වඩමින්, උපදවමින්; පිටත් කළේ, යැවීය.

තුන්වන සගිය මෙතෙකින් නිමියේය.

242. මැතිදන, අමාතය සමුහයා; නික්ම වුත්, පිටත්ව අවත්; කිසිදුකක්, කිසියම් දුක්ඛයක්; නොවමින්, නොමැතිව; සියයොදුන් මග, යොදුන් සියයක් වූ මාර්ගටය; නොවමින්, පසු කරමින්; සතොසිත, සන්තෝෂයෙන්; කුසාවත් පුර, කුසාවත් නම් නගරයට; පිවිස, පැමිණ;

243. ඔකාවස් නරවර සමගින්, ඔකාවස් නම් නරේනන්ර්ු යා හා; අගබිසෝවර, අගමෙහෙසියද; දැක බලා; අදර කර, ආදර දක්වා; වැඳ, වන්දනය කොය; ආගිය කරුණු තොරතුරු, ගිය ආ කරුණු පිළිබඳ තත්ත්වය; කීය, සැල කෙළේය.

244. නරනිඳු රජතුමා; ඔවුන් කී, ඔවුන් විසින් කියන ලද; තෙපුලට, වචනයන්ව; සිතතුට වෙමින්, සිත සතුටු කර‍ගනිමින්; පිරිවර කොට, සේනාව පිරිවරා ගෙන; විවාගුලට, විවාහ මංගලය පිණිස; යත්ව සැරසී, යාමට සූදානම්ව




64 වර්ණ,නා සහිත

245 ගොස කරවා පස ඟ කුඩ කොඩි වසා නුබ ම ඟ සමගින් බිසොව අ ඟ නික්ම වුත් රජු ගෙවා'තර ම ඟ

246 248 යුගත සැඩතල වැ ද රජ විමනතට වැ ද ගොඩ ගත් සමුදුරක් ලෙ ද යුද තුළ මිණි අසුන් මැ ද මහසෙන් සහ ‍ නොම ද වැඩහිඳුවා එර ද එ සාගල පුර වෙතට පත් ස ද අදර කර නරනිදුන් උන් ස ද

247 249 මදු නරනිඳු එදි න කීප දිනයක් වැ ස සිවුරඟ සෙනඟ සමගි න සීලවති එබිසව ‍තො ස පෙරමගට අවුදි න තම හිමිහට වෙසෙ ස කැඳවමින් සිත සපිරු අදිරි න කීය පබවත් දකින අදහ ස

245. අගබිසොව සමගින්, අග මෙහෙසිය සමග; රජු, රජතුමන්; පසඟ, පංචාංගතූය්ය්අගබයන්; ගොස කරවා, වාදනය කරවමින්; නුඹමග, අහස, කුඩ කොඩි වසා, කුඩ කොඩිවලින් වසමින්; නික්මවුත්, පිටත්ව අවුත්; අතර මග ගෙවා, දෙනුවර අතර මග පසුකොට ගොස්

246. යුගත, යුගාන්තයෙහි; සැඩනල, චණ්ඩවු සුළඟ; වැද වැදී ගොඩගත්, ගොඩට පැමිණි; සමුදුරක් ලෙද, සමුද්රටයක් මෙන්; නොමද, බොහෝවූ; මහසෙන් සහ, මහ සේනාව සමග; එසාගල පුර වෙතට, ඒ සාගල පුරය කරා; පත්සඳ, පැමිණි කල්හි;

247. එදින, ඒ දවසෙහි; මදුනරනිඳු, මද්රිුරාජයා; සිවුරඟ සෙනඟ සමගින, චතුරංගනී සේනාව සමග; පෙරමගට, මග ඉදිරියට; අවුදින, ඇවිත්; සිත, සිතෙහි; සපිරු අදරින, සම්පූර්ණවු ආදරයෙන්; කැඳවමින්, ආමන්ත්රදණය කරමින්;

248. රජ විමනතට, රජ මාලිගාවට; වැද, ඇතුල්වී; සුදතුළ, සුදු ඇතිරිලි එලූ; මිනි අසුන් මැද, මැණික් ආසන මධ්යවයෙහි; එරද, ඒ ඔකාවස් රජතුමාත්; වැඩ හිදුවා, වැඩහිඳින්නට සලස්වා; අදරකර ආදරය දක්වා; නරනිඳුන්, මදුරදුන්, උන් සඳ, උන් කල්හි;

249. කීප දිනයක්, දින කීපයක්; වැස, වාසයකොට; තොස තොසපත් වූ, සීලවතී බිසව, සීලවතී බිසව් තොමෝ, තම හිමිහට, තමාගේ ස්වාමියාහට; පබවත් දකින අදහස, ප්රහභාවතිය දැකීමට ඇති කැමැත්ත; වෙ‍සෙසා, විශේෂයෙන්; කීය, කීවාය.




කුසජාතක කාව්යභ 65

250. එපවත් මදු රජු ට පවසා යවත එවමි ට එලෙස පබවත් හ ට කියා යැවි නැදි මයිල් දකින ට

251. සුපුල් කප්තුරන් හිස නිකුත් රණ ලිය ක්සේ නිමල් හසගනන් මැද කසුන් හසගන ක් සේ ලකල් තරු පිරිවරින් ගමන් ගත් සඳ ක් සේ විපුල් කෙණෙරගන පිරිවැරූ නාලිය ක් සේ

252. කතා මිණිබරණ ගෙන දරම් නේ යා නනා යෙහෙළි කිරිමවු සමගි නේ යා මනා ගුණ පබාවතී එම දි නේ යා පිනා නැදි මයිල් දැක සිටි තැ නේයා

250. එමවිට, එකල්හි; එපවත්, ඒ තොරතුරු; මදුරට, මදුරජහට; පවසා යවත, කියා යැවූ කල්හි; එලෙස, එපරිද්දෙන්; පබවත්හට, ප්රනභාවතියහට; නැදිමසිල්, නැන්දා හා මාමාද; දකිනට, දැකීම පිණිස; කියා යැවී, දන්වා යැවීය.

251. සුපුල්, මනාව පිපුනා වු; කප්තුරන්හිස, කල්පවෘක්‍ෂයන්ගේ මස්තකයෙහි; නිකුත්, ඇදී ගියාවූ; රණ ලියක්සේ, රත්රන් වැල්පටක් මෙන්ද; නිමල්, නිර්මවල වූ; හසගනන් මැද, හංසධෙනූන් මධ්ය යෙහි; කසුන් හ්ය ගනක්සේ, රණහංස ධෙනුවක් මෙන්ද; ලකල්, මනොඥ වූ; තරු පිරිවරමින්, තාරකා පිරිවරා ගෙන; ‍ගමන් ගත්, ගමන් කරන; සඳක් සේ, චන්ර්වූ්යා මෙන්ද; විපුල්, මහත් වූ; කෙණෙරඟන, ඇත්තිනියන්; පිරවැරු, පිරිවරණ ලද; නාලියක් සේ, මහා ඇත්තිනියක් මෙන්ද,

252. කනා මිණිබරණ ගෙන, රත්රන් හා මැණික් ආභරණ ගෙන; දරමිනේයා, පළදමින්; තනා යෙහෙළි, බොහෝ යහළු ස්ත්රීණන් හා ; කිරිමවු සමගිනේයා, කිරිමවුන් ද සමගින්; මනාගුණ පබාවතී, යහපත් ගුණ ඇති ප්රිභාවතිය; එම දිනේයා, එදිනෙහි; නැදි මයිලන්, නැන්දා හා මාමා; දැක බලා, පිනා, පිනමින්; සිටි තැනේයා, සිටිනා කල්හි.









66 වර්ණ,නා සහිත

253. නැදිමයිල් එදෙදෙ න පබවත රුසිරු නොමඳි න නරඹා සිය ඇසි න ඉතා සතුටුව සිතු මෙලෙසි න

254 256 විසුලු මුහුණින් යු ත් මෙ අප රජ පරජු ර අප කුමරු මුන් දු‍ටු‍ෙවා ත් පැවති සිරිතක් සිට පෙ ර නොරදයි ඔහුගෙ වෙ ත් සමකුල යුත් පව ර කුමක් කරමුද සිතා නැවත ත් කුමරියක කුමරෙකුට ගත් ව ර

265 257 තියුණු නුවණින් යු ත් එකුමරිහට‍ සොඳු රු සීලවතී නම් රජ ක ත් දරු ගැබක් පිහිටන තු රු උපායක් බලව ත් දහවල් දවසතු රු යොදා විමසා කියය් මෙසිරි ත් එළඳහට නොපෙණෙමින් එකුම රු

253. එ නැදි මයිල් දෙදෙනා. ඒ නැදිමයිලන් දෙන්නා; පබවත, ප්රාභාවතියගේ රුසිරු, රූපශ්‍ීම ය; නොමදින, බොහෝසේ; සිය ඇසින, සිය ඇස්වලින්; නරඹා බලා; ඉතා සතුටුව බතා සතුටට පැමිණ; මෙලෙසින මේ ආකාරයෙන්; සිතු කල්පනා කළහ.

254. විසුලු මුහුණෙන් යුත්. විරූප මුහුණකින් යුක්ත වූ; අප කුමරු, අපගේ කුමාරයා; මුන්, මොවුන් විසින්; දුටුවොත්. දක්නා ලැබුවොත්; ඔහුගේ වෙත්, ඔහු ළඟ; නොරඳයි, නොම රඳන්නේය; කුමක් කරමුද සිත, කුමක් කරමෝදැයි කල්පනා කොට; නැවතත්, පසුවද,

255. "සීලවතී රජකන් මෙ සිරිත් කියයි" තියුණු නුවණින් යුත් තීක්ෂකණ ඥානයෙන් යුක්ත වූ; සී වති නම් රජ කත්, සීලවතී නම් රජ බිසොව; බලවත් උපායක් යොදා, බලවත් ප්රුයෝගයක් කල්පනා කොට; විමසා පරීක්ෂාකොට; මෙ සිරිත් මේ චාරිත්රබ විධිය; කියයි කථනය කරයි.

256. "පැවති සිරිතකි" මෙ, මෙය; අපරජ පරපුර අපගේ රාජ පරම්පරාවේ; පෙර සිට පැවති සිරිතකි, ඉස්සර පටන් පවත්නා චාරිත්රතයක් වෙයි; සමකුල යුත්, සමාන කුලය ඇති; පවර, උතුම් වූ; කුමරියක, කුමාරිකාවක්; කුමරෙකුට කුමාරයෙකුට; ගත්වර, පාවාගත් කල්හි

257. එකුමරිහට, ඒ කුමාරිකාවහට; සොඳුරු යහපත් වු; දරුගැබක්, දරුවෙකුගේ පිළිසිඳ ගැනීමෙක්; පිහිටනතුරු සිදුවන තෙක්; දහවල් දවසතුරු, දාවල් කාලය ඇතුළත; එකුමරු, ඒ කුමාරයා; එලඳහට ඒ කාන්තාවට; නොපෙණෙමින් අදෘශ්ය මාන වෙමින්.




කුසජාතක කාව්ය ය 67

258. සමගන්ව රෑ දි න රිවි උදයට පළමු වේ න නැගී යනු යහතී න මෙ අප කුල සිරිතක පැවත එ න

259 261 එබැවින් මේ සිරි ත ‍එතෙපුල් අම රසි න ලෙස පවතිතොත් පබව ත සතුටු සිත් වු එදෙ‍දෙ න අසවයි කර තිය ත මුදුරජහට පෙමි න කියා යැව්වේ මදු නිරිඳු වෙ ත සොඳුරු පියබස් දෙමින් අප ණ

260 262 රජු එපවත් අ සා පබවත් ගෙණ එව ර තම දූ සඳුට පව සා කරවා මහත් පෙරහැ ර මැනවැයි කී ති සා පිළිවෙළිනි මග තු ර කිය නැදි මයිලන්ට තො සා ගෙවා ගොස් වැද කුසාවත් පු ර

258. රෑ දින, රාත්රීව කාලයෙහි; සවහත්ව, එක්ව වැස; රිවි උදයට, ඉර පෑයීමට; පළමුවෙන, ප්රවථමයෙන්; යහනීන, සයනයෙන්; නැගී යනු; නැගී යා; පැවත එන, පෙර පටන් සිදුවී ගෙන එන්නා වූ; මෙ අප කුළ සිරිතකි. මේ අපගේ කුල චාරිත්රුයකි.

259. එබැවින්, එසේහෙයින්; පබවත, ප්රතභාවතිය; මේ සිරිත ලෙස, මේ සිරිතේ හැටියට; පවතිතොත්, පවතින්නේ නම්; නිය කර, නිශ්චය ‍ෙකාට; අසවයි, විචාරවයි; මුදු නිරිඳු වෙත, මදුරාජයා කෙරෙහි: කියා යැව්වේ, කියා හැරියේය.

260. රජ, රජ තෙමේ; එපවත් අසා, ඒ තොරතුරු ශ්රයවණය කොට; තම දු සඳුය, ස්වකීය දුවතීයන්ට; පවසා, දන්වා; මැනවයි, හොඳය කියා; කී නිසා, කී හෙයින්; නොලසා, වහා; නැදි මයිලන්ව, නැදිමයිල් දෙදෙනාට; කීය කීවේය.

261. එතෙපුල්, ඒ වචන නමැති; අම රසින, අමාජලයෙන්; සතුටු සිත් වූ, සතුටු වූ සිත් ඇති; එ දෙදෙන, ඒ නැදි මයිල් දෙදෙනා; පෙමන, ආදරයෙන්; මදුරජුහට, මද්රියරාජයාහට, සොඳුරු, සුන්දර වූ; අපමණ, බොහෝ වූ; පියබස් දෙමින්, ප්රිමයවචන කථා කරමින්;

262. එවර, ඒ කාලයෙහි; පබවත්, ප්ර භාවතිය; ගෙණ, කැන්දා ගෙණ; මහත් පෙළහර කරවා, ‍මහත් වූ පෙළහර කරව මින්; පිළිවෙන්, ක්රවමයෙන්; මගතුර ගෙවා, දුරුමග ගෙවමින්; කුසාවත් පුර, කුසාවත් පුරයට; ගොස් වැද, ප්රෝවිෂ්ටව




68 වර්ණ;නා සහිත

263 265 මිනිසුන් සිරගෙව ල සුර පුරයක් ලෙ සා සියොතුන් සහ මැදිරිව ල තමන් පුරවර ‍සතො සා බැදී සිටී දම් ව ල කරවා තුරු ‍ගො සා මිදු සිවුපා කැලන් එහි ක ල රජ විමන් වැද මෙවන් සතො සා

264 265 රන් රිදී කල සා කුස කුමරුට පව ර මාරුක් මලින් සර සා විවා මගු ද සිදු ක ර ලද පස් මල් ඉ සා මැතින් සෙන් රැස් ක ර දෙපස රන්මිණි තොරණ ‍සර සා බාර කළේ රජ ඉසුරු එනුව ර

සිවුවන සග නිමි

267. මවුසඳ නියොහි නී දහවල් දවස තොපෙ නී පබවත සමගි නී විඳී සිරි රතී මි‍දන ලෙසි නී

263. එ‍කල, ඒ කාලයෙහි; සිරගෙවල, සිරගෙවල්හි වූ; මිනිසුන්, මනුෂ්යවයන්ද; මැදිරිවල, කූඩුවලවූ; සියොතුන් සහ; පක්ෂීළන් ද ; දම්වල බැදී සිටි, දම්වැල් රැහැන් වලින් බැඳ සිටියා වූ; සිවුපා කැලන්, සිවුපා සමූහයා ද; මිදූ, මුදා හැරියාහුය.

264. දෙපස, දෙපැත්ත; රන් රිදි කලසා, රත්රන් රිදී පුන් කලස් වලින්ද; මාරුක්මලින්, පොල්මලින්ද; සරසා අලඞකාර නොවේ; ‍ලදපස්මල් ඉසා, පොරිපස්වැනි කොට ඇති මල් ඉසිමින්ද, රන්මිනි ‍තොරණ, රත්රන් මාණික්යි තොරන්වලින්ද; සරසා අලඞකාර කොට.

265. තමන් පුරවර, තමන්ගේ නුවර; සුර පුරයක් ලෙසා, සුර පුරයක් මෙන්; සරසා, .සරසවා: තුරුගොස, පංචාතූය්ය්රත් ඝෝෂය; කරවා වාදනය කරව; සතොස වෙමින්, සතුටුවෙමින්; රජ විමන් මැද රජ මාලිගයට පැමිණ

266. පවර, උතුම් වූ; කුසකුමරුට, කුස කුමාරයාට; විවාමගුලද විවාහ මඞගලයද; සිදුකර, සිද්ධ කොට; මැතිසෙන්, ඇමැති සමූහයා; රැස්කර, එකතුකොට; එනුවර, ඒ නරගයෙහි; රජ ඉසුරු රජකමද; බාර කළේ , බාරදුනි;

සතර වන සර්‍ගය මෙතකින් නිමියේය.

267. "කුස සිරි රතී විඳී" මවුසඳ, මවුතුමියගේ; තියොගිනී, නියෝගයෙන්; දහවල් දවස, දවල් කා‍ලයෙහි; නොපෙණී. නොදකිමින්; පබවත සමගිනි; ප්රීභාවතිය සමග; රතී මදන ලෙසිනී, රතීය හා අනඞගයා මෙන් සිරි, සැපත, විඳී, විඳියි.




කුසජාතක කාව්ය ය 69

268. මහිමෙන් මෙ රජ තෙ ඳ පබවත උවනතින් සො ඳ නික්මෙන කැලුම් ක ඳ අදිසි වෙයි රිවි දුටු කදේ ලෙ ඳ

269 271 කුස නිරිඳු මන න ඳ අසමින්ම එහෙසු ල් කිවි නළු ගදෙව් රස වි ඳ තොප බිසොවහට මනක ල් රජ ඉසුරෙන් නොව ඳ දරු ගැබක් වන ක ල් නො‍බෝ දවසක් පසුව ගිය ස ඳ දැකුම් නොපැතුව මැනවි දහව ල්

270 272 මවු බිසොව අබිය ස කියතුදු ඒ ලෙසි නී පිවිස සුවදුක් පිළිවි ස පබවත දැකුම් අටියෙ නී දහවලෙක නිසිලෙ ස නොනවතිනා බැවි නී දැන්වී බවත් දකින අදහ ස නැවත පවසයි බිසව ‍ ‍මෙලෙසි නී

268. "කැලුම් කඳ අදිසි‍ වෙයි" මෙරජ, මේ කුසරාජයාගේ; තෙද මහිමෙන්, තේජානුභාවයෙන්; පබවත, ප්රයභාවතීයගේ; උවනතන්, මුහුණින්; නික්මෙන, පිටවෙන්නා වු; සොඳ, සුන්‍දර වූ; කැලුම් කඳ කාන්ති සමූහය; රිවි දුටු හිරු දුටුවා වූ; කදේ ලෙද, කනාමැදිරියකු මෙන්; අදිසි වෙයි, නොපෙණේ.

269. මනනද, මනොනන්දස වු; කුසතිරිඳු, කුසරජ තෙමේ; කිවිනළු ග‍ෙඳව් රසවිඳ, කාව්යැ නාටක ගන්ධ රසයන් වින්දනය කොට, නොමද, බොහෝ වු; රජ ඉසුරෙන්, රාජසම්පතින් යුක් තව; නොබෝ දවසක්, මද දිනක්; පසුව ගිය සඳ, ඉක්ම ගිය කල්හි.

270. මවු බිසොව අබියස, මවු බිසොව ළඟට; පිවිස, පැමිණ; සුවදුක්, සැපදුක්; පිළිවිය, විචාරා: පබවත, ප්ර භාවතිය; නිසිලෙ, නිසි ආකාරයෙන්; දහවලෙක, දවල් කාලයෙහි; දකින, දැකීමේ; අදහස, අභිලාෂය; දැන්වී, දැන්වූයේය.

271. එතෙපුල් අසමින්ම, ඒ වචන අසා; මනකල්, මනොඥ වු; තොප බිසවහට, තොපගේ බිසවහට; දරු ගැබක් වනකල්, දරු ගැබක් ඇති වනතුරු; දහවල්, දවල් කාලයෙහි; දැකුම්, දැකීම; නොපැතුව මැනවි, බලාපොරොත්තු නොවනු මැනවි;

272. "බිසව මෙලෙස පවසයි" එලෙසින, එයාකාරයෙන්, කියතුදු, කියනකල්හි: පබවත, ප්රලභාවතියගේ, දැකුම් අටියෙන්, දැකීම් අභිලාෂයෙන්; නොනවතිනා බැවින, නොනවත්නා බැවින්; නැවත, පසුව; බිසොව, බිසව්තොමේ; මෙලෙස, මෙයාකාරයෙන්; පවසයි, ප්රාකාශ කරයි.





70 වර්ණ,නා සහිත

273. රජ වෙස් වළා සෙ ද ඇත් ගොව්වන් මැදට වැ ද සිටිකල තොප එස ද රැකෙන පබවත් එමි කියා සො ද

274 276 යෙහෙළියන් සමගි නී එපහර වැද ඵල ඳ ඇත්හල තුළට වදිමි නී කරකැවී සරොසින් ත ඳ මිගුලැතුනක් දකිමී නී කොල තට කරන ව ද යන්ට නික්මුණු ස‍ෙඳහි සතොසි නී බලව අප හිමිහට කියා අ ද

275 277 කුසරජ අභිමතී න මෙසේ උන් කී ස ඳ ඇත්ගොඩ් මැදෙහි සිටගෙන න සීලවතී නම් බිසව ඳ ඇත් ඉලත්තියකි න කිපියා මෙන් නොම ඳ ගැසී පබවත් පිටව කරගෙන න ඔහුට තරයේ කියා තදබ ද

"මට පබවත රැගෙන එමි" 273. තොප, යුෂ්මතුන්; සෙද, මහා; රජවෙස්වළා, රාජ වෙශය හැර ;ඇත්ගොව්වන් මැදට මැද, ඇත් ‍එඩේරුන් මැදට පැමිණ; සිටිකල, සිටි කල්හි; එසඳ, ඒ කාලයෙහි; සොඳ, සුන්‍දර වූ; පබවත, ප්ර භාවතීය; රැගෙන එමි, හැරගෙන එන්නෙමියි; කියා, කියලා.

275. යෙහෙළියන් සමගින, ලේලිය, සමග, අත්හළතුළට විදිමින, ඇතුන් සිටින ශාලාව ඇතුළව ප්රාවිශ්ෂටව; මගුපැතුන්, මඞගල හස්තීන්; දකිමින්, බලා ; සතොසිනි සතුටින්; යන්ට නික්මුණු ස‍ෙඳහි, යන්නට පිටත් වු කල්හි;

275. "කුසරජ පබවත් පිටව ගැසී" කුසරජ, කුසරජතුමා; අබිතින, අභිමානයෙන්; ඇත්ගොව් මැදෙහි, ඇත් එඩේරුන් අතර; සිටගෙන, සිට; ඇත් ඉලත්තිය කීන, ඇත් බෙට්ටකින්; පබවත් පිටව, ප්රආභාවතියගේ පිට මැද්දට; කරයෙන, තදින්; ගැසී ගැසුවේය.

276. "‍‍ෙතා් වද බලව" ඵලද, ඒ ස්ත්රිෙය: එපහර මැද, ඒ පහර වැදීමෙන්; තද සොරොසින්, දැඩි තරහෙන්; කර කැවී, ආපසුහැරී, කොල, බොල කොල්ල; අද, අදම; අපහිමියන්හට කියා, අපගේ ස්වාමියාට දන්වා; තට කරණ වද; තා හට කරවන වධ බන්ධකන; බලව, බලාගනු

277. උන්, ඒ ස්ත්රිබය; මෙසේ, මෙයාකාරයෙන්; කීසඳ, කී කල්හි;ඤ සීලවතී නම් බිසොවද, සීලවතී නම් පිසවුන් වහන්සේද; නොමඳ, බොහෝ සේ; කිපියා‍මෙන්, කිපුනාක් මෙන්; ඔහුට, ඒ ඇත්ගොව්වහට; තරයේ දැඩිකොට; තදබද කියා, තද රොස් බැණු



72 වර්ණ නා සහිත

278 ඇත්ගොව්වෝ සිය ල නොපණත් කෙරෙහි හැමක ල එබැවින් උන් තැප ල ඉවසීම නිසි ගුණෙකි සුවිපු ල

279 281 පවසා මේ ලෙ සා මවුසඳ එඅසමි න යෙහෙළනියන් අස් ව සා අස්ගොව් වෙසක් ගනිමි න වඩනේ සිත් තො සා සිටුවයි පවසයි න වසන සඳ රජවිමන පිවි සා එපබවතී කැඳවමින් අවුදි න

280 282

එරජ පෙර ලෙස ටා අස්සල් තුළ පිවි ස අවුත් දිනිතිය වෙත ටා අසුන්ගේ නම් පිළිවි ස පබතෙ දකින ටා යෙහෙළින් සමග තො ස ලොල් වූ බව දැන්වීය එවි ටා නික්ම එත කුස නිරිඳු පෙරලෙ ස

278. “ඇත්ගොව්වෝ නොපණත් කෙරෙති.”

සියල ඇත් ගොව්වෝ, හැම ඇත් ගොව්වෝම; හැමකල, සියලු කල්හි; නොපණත්, නොකටයුතු දෙය; කෙරෙති, කරත්; එබැවින්, එසේ හෙයින්; උන්, ඔවුහු; තැපල, චපලවෙති; ඉවසීම, ඉවසා ගැණීම; සුවිපුල, මහත්වූ; නිසි, යොග්යවවූ; ගුණෙකි, ගුණයක්ය.

279. මේ ලෙසා, මෙයාකාරයෙන්; පවසා, ප්රලකාශකොට; යෙහෙළිනියන, ලේලිය; අස්වසා, සනසා; සිත්තොෂ, චිත්ත සන්තෝෂය; වඩමින්, දැඩිකරගණිමින්; රජවිමන, රජමාලිගයට; පිවිසා, පැමිණ; වසන සඳ, වාසයකරණ කල්හි;

280. “රජ දැන්වීය.”

එව්වා, ඒ කාලයෙහි; එරජ, ඒ කුසරජතොම්; පෙරලෙසටා; පෙරපරිද්දෙන්; දිනිතිය වෙතටා, මවුකාර; අවුත් පැමිණ, පබවත දකිනටා, ප්රශභාවතිය දැකීම පිණිස; ලොල්වූ බව, ආශා ඇති බැව්; දැන්වීය, දැන්නුවේ ය.

281. “අස්ගොව් වෙසක් ගණිමින් සිටුව”

මවුසඳ, මවුබිසොව; එඅසමින, ඒ අසා; අස්ගොවු වෙසක්, අස්ගොව්වෙකුගේ වෙශයක්; ගණිමන, ගෙණ; සිටුවයි, සිට මැනව කියා; පවසමින, ප්රවකාශ කරමින්; එපබවතී, ඒ ප්රමභාවතිය; කැඳවමින්, කැඳවාගෙණ; අවුදින්, අවුත්;

282. අස්සල්තුළ, අස්හලතුළට, පිවිස, පැමිණ; අසුන්ගේ නම්, අශ්වයින්ිගේ නම්ගොත්; පිළිවිස, විචාරමින්; තොස; සතුටුව; යෙහෙලින්සමග; ලේලිය සමග; නික්මී එනකල්හි; කුසනිරිඳු, කුසරජතුමා; පෙරලෙස, පෙර පරිද්දෙන්;



74 වර්ණෙනා සහිත

                             283                                                      284

අස්වසුරක් රැගෙ ණ සීලවතී රජ ල ඳ තරයේ පිටට ගැසුයෙ න යෙහෙලනියන් සමග සො ඳ රොසවූ එබිසවු න රජ විමනතට වැ ද අස්වසා පිය තෙපුල් කියමි න නො‍බෝ දවසක් වැස ඉඳින ස ඳ

                       385	මෙ න් සුරඟන තුනු රුසිරෙන් තෙවු		නා

ම න් පිනවන පබවති ලඳ සොබ නා පින් සරතම හිමි දැකුමට ලොබි නා නැන් දනියන්හට කිවු පිය බසි නා

               	386	එපවත් අසමින් එබිසව මෙතොප			ට 	

දරුපත් වන තෙක් තම හිමිදැකුම ට සරිනැත් තේයයි අප රජ කුලය ට තෙපලත් දිත් ඒ නොම ගෙණ සිතක ට

283 අසුවසුරක්, අසු‍අසූවිමඩක්; රැගෙණ, හැරගෙණ; තරයේ, තදින්; පිටට ගැසුයෙන, පිටට ගැසූ හෙයින්; රොසවු, තරහවූ; එබිසවු, ඒ ප්රණභාවතී දේවිය; පියතෙපුල්, ප්රිුය වචන; කියමින්, ප්රිකාශ කරමින්; අස්වසා, සනසා;

284. සීලවති රජලඳ, සීලවතී බිසොව; සොඳ, සුන්දරවූ; යෙහෙලනියන් සමග, ලේලිය සමග; රජවිමනතට, රජමාලිගයට; වැද, පැමිණ; නොබෝ දවසක්; මඳ දවසක්; වැස, වාසයකොට; ඉඳින සඳ, ඉන්නා කල්හි.

252. “පබවත ලඳ නැන්දනියන්හට කිවු.”

සුරඟන මෙන්, දෙවඟනක මෙන්; තුනුරුසිරෙන්, ශරීර ශ්රී යෙන්; තෙවුනා, බබලන්නාවූ; සොබන, සොභනවූ; මන්පිනවන, සිත් සතුටු කරන්නාවූ; පබවතිලඳ, ප්රදභාවතී දේවිය; පින්සර, පුණ්යෙසාරවූ; තමහිමි, තමන්ගේ ස්වාමියා; දැකුමට, දැකීම පිණිස; ලොබිනා, ලොභයෙන්; නැන්දනියන්හට, නැන්දම්මාට; පිය බසිනා, ප්රි;ය වචනයෙන්; කිවූ, කීවාය.

286. එබිසොව, ඒ බිසොවුන් වහන්සේ; එපවත්, ඒ කථාව; අසමින්, අසා; මෙතොපට, මේ යුෂ්මතියට; දරුපති වනතෙක්, දරුවෙකු ලැබෙනතුරු; තමහිමි, තමාගේ හිමියා; දැකුමට, දැකීම පිණිස; අප රජ කුලයට, අපගේ රාජපරපුරට; සරිනැත්තේයයි, නොසරියයි; තෙපලත් දිත්, ප්රුකාශ කරත්දීත්; ඒ, එය; සිතකට, සිතට; නොමගෙණ, නොගෙණ ම;






                                                 කුසජාතක කාව්ය ය                                                   75

287 ප බ ව ත් තම හිමි දැකුමට ලොබි නා නැව තත් පැවසූයෙන් අයදිමි නා ඇගෙසිත් පිණවා රසමුසු බසි නා නැව තත් එබිසෝ කීවු මෙ ලෙසි නා

288 සොබමන් එවරණ ගිජිඳුට නැගෙමි න සු ද සු න් වේ මැදිනෙන සුරරඳු මෙ න නැගෙමින් ගිජිඳුට සෙට දවසට එ න හි මි ය න් දැක සිත සනසව කී තැ න

289 රුසිරෙන් බබලන විලස රති න්දා සොබමන් එජයම්පති කුමරි න්දා බරණින් තුනු සරසා මනන න්දා මෙසෙසින් තුඟු මඟුලැත් පිට න්දා

287. “එබිසෝ කීවු.”

තමහිමි දැකුමට, තමාගේ ස්වාමිය දැකීම පිණිස; ලොබීනා, ලොභයෙන්; පබවත්, ප්රිභාවතිය; අයදිමිනා, යාච්ඤාකරමින්; නැවතත්, පසුවත්; පැවසුවෙන්, කී හෙයින්; ඇගෙ සිත්, ඇගේ චිත්තය; රසමුසු බසිනා, රසවත් වචනයෙන්; පිණවා, සතුටු කරවා; නැවතත්, ඉක්බිති; එබිසෝ, ඒ බිසව්; මෙලෙසිනා, මෙයාකාරයෙන්; කිවු කිවුවා ය.

288 “හිමියන් දැක සිත සනසව.”

සොබමන්, ශොභමානවූ; එරවණ ගිජිඳුට, ඓරාවණ නම් ගජ රජුට; නැගෙමින, නැගෙමින්; සුදසුන් වේ මැදින්, සුදර්ශදන නම් වීථි මදධ්ය යෙන්; එන, එන්නාවූ; සුරරදු මෙන, ශක්ර්යා මෙන්; ගිජිඳුට නැගෙමින්; ඇතුට නැගී; සෙට දවසට, හෙට දවසෙහි; එන, එන්නාවූ; හිමියන්, ස්වාමිපුරුෂයන්; දැක, බලා; සිත සනසව, චිත්තය සනසා ගණුවයි; කියමින, කියමින්

289. රනින්දා විලස, අනඬගයා මෙන්; රුවයෙන්, රූපශ්රීනයෙන්; බබලන, බබලන්නාවූ; සොබමන්, ශොභමානවූ; එ ජයම්පති කුම‍රින්දා, ඒ ජයම්පති නම් කුමාරයාගේ; තුනු, සිරුර; මනනන්දා, මනොඥවූ; බරණින්, ආභරණයෙන්; සරසා, අලඬකාරකොට; වෙසෙසින්, විශෙෂයෙන්; තුගු, උස්වූ; මඟුලැතුපිට, මඬගල හස්තියාගේ පිටෙහි; ඉන්දා, වාඩිකරවා;







76 වර්ණැනා සහිත

290 පි න් ව ත් කුසරජ දුප්පත් වෙසි නා ලෙසි නැත් ගොව්වෙකු මෙහෙකොට සිටි නා ම ගු ලැ ත් පසු අස්නේ හිඳුවමි නා එ ම හ ත් සිවුරඟ සෙන් පිරිවරි නා

291 න ද කරවා පසතුරු සිඳු ගොස යු ර පැ ද කුණු කොට පුර එන සහ පිරිව ර ර ද විමනත සීමැදුරත දොර හැ ර ල ඳ පබවත් බලමින් ඒ විසතු ර

292 මෙ ම ට සුදුසු හිමියෙකු ලදුවෙමි සො ඳ ස තු ට වෙමින් එබිසෝ සඳ සිටි ස ඳ ර දු ට පසුව උන් ඇත් ගොව්වෙකු ලෙ ද ක ප ට එකුස රජ වඩමින් සිතු ඔ ද

290. පින්වත්, පුණ්යුවන්තවූ; කුසරජ, කුසරාජයා; දුප්පත් වෙසිනා, දුප්පත් වෙසයෙන්, මෙහෙකොට සිටිනා, බැලමෙහෙ කොට සිටින; ඇත්ගොව්වෙකු ලෙසින්, ඇත්ගොව්වෙකුගේ විලාසයෙන්; මඟුලැත්, මගුලැතාගේ; පසු අස්නේ; පසු ආසනයෙහි; හිඳුවමින, හිඳුමවින්; එමහත්; ඒසා විශාල; සිවුරඟසෙන්, ඇත්, අස්, රිය, පාබල යන චතුරංගිණි සෙනඟ; පිරිවරිනා පිරිවරාගෙණ.

291 සිඳු ගොසයුර, සමුද්රප ඝොෂය මෙන්; පසතුරුනද, පංචාගික තූර්ය්යයනාදය; කරවා කරවමින්; පුර, නගරය; සහ පිරිවර, පිරිවර සමග පැදකුණුකොට, ප්ර දක්ෂිඳණා කොට; එත, එන කල්හි; ලඳ පබවත්, ප්රරභාවතී බිසව; රදවිමනත, රජමාලිග‍යේ; සීමැදුරත, සිංහ පංජර කවාටයේ; දොර, ද්වාරය; හැර, අරවා; ඒ විසිතුරු, ඒ අලඬකාරය; බලමින්, බලා.

292-293 “(මම) හිමියෙකු ලදුවෙමි.” “කුසරජ උන්”

එබිසෝ සඳ, ඒ ප්රවභාවතී බිසොව; මෙමට, මේ මාහට; සොඳ, සුන්දරවූ; සුදුසු, යොග්ය වූ; හිමියෙකු, ස්වාමියකු; ලදුවෙමි, ලැබුවෙමි; සතුටුවෙමින්, සන්තෝෂවෙමින්; සිටිසඳ, සිටිකල්හි; රදුට රාජයාහට; පසුව, පසු ආසනයෙහි; දුඹුලු, දුඹුලු පාටවූ සකුරුමෙන්






78 වර්ණමනා සහිත

293 දු ඹු ළු සකුරු මෙන් පිස දාගිය ර ළු නැබුළු පුවත් විලසින්ම ඉතා ක ළු රැ වු ළු නොමැති උවනින් ගහණත සු ළු උ සු ළු විසුළු පාමින් වනමින් සි ළු

294 ම ද තැ න් ඇතු මෙහෙයා සිටි බැවි නා බි ස වු න් පබවත් වෙත වුත් තොසි නා සොබමින් රුසිරැති තොපට ම ඔබි නා හි මි ය න් දුටු දැයි කිවු පිය බසි නා

295 උ ද ක් මෙලෙස එබිසෝ සඳ පවස ත නැ ත ක් කුහුල් සපුරා ගෙණ තම සි ත නොහික් ම සිටි ඇත්ගොව්වා යුතු මැ ත කු ම ක් පිණිස ඉඳවූ දැයි රජු වෙ ත

හකුරක් මෙන්ද; පිස, පිසීමෙහි; දාගිය, පිලිස්සී ගියාවු; රළු, සිලුටු නුවු; පුවක් විලසනිම, කැවුමක් මෙන්ම; ඉතාකළු, ඉතා ම කළු පාටවූ; රැවුළු නොමැති, රැවුලක් නැත්තාවූ; ගහනත, නාසය; සුළු, කුඩාවූ; උවනින්, මුහුණින් යුක්තව; සිළු වනමින්, කෙස්ස විදහමින්; උසුව විසුළු පාමින්, උසුළු විසුළු කරමින්; කපට එකුස රජ, කපටිවූ ඒ කුසරාජයා; සිතු ඔද, සිතේ සතුට; වඩමින්, වැඩි කරගනිමින්; ඇත්ගොව්වෙකුලෙද, ඇත් එ‍ෙඬ්රෙකු මෙන්; උන්, හුන්නේය.

294. මදතැන්, ටික දුරක්; ඇතු, ඇතා; මෙහෙයා සිටි බැවින, දක්කා ගෙණ ගොස් සිටි බැවින්; බිසවුන්, බිසවුන්වහන්සේ; තොසිනා, සතුටින්; පබවත් වෙත, ප්ර භාවතිය කෙරෙහි; අවුත්, පැමිණ; සොබමන්, ශොභමානවූ; තොපටම ඔබිනා, නුඹටම ගැළපෙන; රුසිරැති, රූපය ඇති; හිමියන්, ස්වාමියා; දුටුදැයි, දුටුවාදැයි; ප්රිපය බසිනා, ප්රිරය වචනයෙන්; කීවු, කීවාහුය.

295. උදක්, හුදෙක්; එබිසෝසඳ, ඒ බිසොවුන්; මෙලෙස; මෙයාකාරයෙන්; පවසත, ප්රාකාශ කරණ කල්හි; තම සිත, තමන්ගේ සිතෙහි; නැතක් කුහුල්, බොහෝ නොසන්සුන්කම්; සපුරා, සම්පූර්ණඑ කොට ගෙණ; මැනයුත, ආඩම්බරයෙන් යුක්තවූ; නොහික්ම සිටී; කිසි හික්මීමක් නැත්තා වූ; ඇත්ගොව්වා, ඇත් එ‍ෙඬ්රා; රජුවෙත, රජු ලඟ; කුමක් පිණිස, කුමකට ඉඳවුදැයි, හිඳවූ යේ දැයි;









                               කුසජාතක කාව්ය ය                                                                     79

296 කි ය මි න් සිටි පබවත්හට කුහුලි න නි රි ඳු න් හට රැකවරණට පසසු න වැ ද උ න් එක් ඇත් ගොව්වෙක කියමි න බි ස වු න් ගිය සඳ පිණවා උන් ම න

297 එ ත ම න් ඇතිකළ නිසි සුත පෙමි නා නිතියෙන් වෙත සිටි සේයා ලෙසි නා රහසෙන් කුද කැඳවා තොට ලසි නා මෙලෙසින් පවසාලයි පිය බසි නා

298 තී ගො සි න් එක් පෙදෙසක සිට බලමි න නැ ගෙ මි න් ඇතු උන් දෙදෙනා අතුරෙ න නි රි ඳු න් මෙයයි දැන එව නොලසි න බි ස වු න් කී සඳ කුද කී මෙලෙසි න

296. කුහුලින්, සැකයෙන්; කියමින්, කථා කරමින්; සිටි, සිටියාවූ; පබවත්හට, ප්ර භාවතියට; නිරිඳුන්හට, රජතුමන්ට; රැකවරණට, ආරක්ෂා ව පිණිස, පසසුන; ආසනයේ පස්නා පැත්තෙහි; වැදඋන්, හුන්නාවූ; එක් ඇත්ගොව්වෙක, එක් ඇත් ‍එ‍ඬ්රෙකැයි; කියමින්, කිය කියා; උන් මත, ඇගේ සිත; පිණවා, සතුටු කරවා; බිසවුන්, බිසොව; ගිය සඳ, ගිය කල්හි.

297 එතමන්, තමා; නිසි, සුදුසුවූ; සුතපෙමින, දරුපෙම් උපදවා; ඇති කළ, ඇති දැඩි කළාවූ; නීතියෙන්, නිරන්තරෙයෙන්; සේයා ලෙසින, ඡායාවක් මෙන්; වෙත සිටි, සමීපයෙහි සිටියාවූ; කුද, කුදිය; නොවලසිනා, වහා; රහසෙන්, රහසිගතව; කැඳවා, ආමන්ත්රිණයකොට; පියබසිනා, ප්රිනයවචනයෙන්; මෙලෙසින්, මෙයාකාරයෙන්; පවසාලයි, කියයි.

298. තීගොසින්, තී ගොස්; එක් පෙදෙසක, එක් තැනක; සිට, සිටගෙණ; බලමින, බලා; ඇතු නැගෙමින්, ඇතුට නැගී; උන්, හුන්; දෙදෙන අතුරෙන, දෙදෙනාගෙන්; නොලසින, වහා; නිරිඳුන් මේයයි, රජ මේ තැනැත්තේයයි; දැන එව, දැනගෙණ එනුයි; බිසොවුන්, බිසොව; කී සඳ; කී කල්හි; කුද, කුදිය මෙලෙසින, මෙසේ; කී, කීවාය.


80 වර්ණ;නා සහිත

299 ම ඳ කි න් මෙවදන් ඔබ කී පමණි න ඔහුවෙන් කොට මම දැන එමි කෙලෙසි න වෙනඅන් කරුණක් කිව ඔබ නුවණි න ර ජු‍ ඉ න් මේයයි දැන එමි නොලසි න

300 මෙ ව ද න් ඇය පැවසූ සඳ තතු ලෙ ද ඇතුගෙ න් පෙරටුව බටු අය සෙන් මැ ද ර ජු මි න් දැන එව කීවෙන් බිසෝ ස ඳ ඇ‍ගොසින් විමසා බලා සිටින ස ඳ

301 ප ර සි ත් අඳුනන අතැඹුල විලසි න ම හස ත් එපවත් නුවණින් දැනගෙ න ඇගෙසිත් පිණවා රස මුසු තෙපුලෙ න ප බ ව ත් හට ‍නො කියව පැවසූවෙ න

299. ඔබ, යුෂ්මතිය; මෙවදන්, මේ වචන; මදකින්, ටිකකින්; කී, කීවාවූ; පමණින, තරමින්; මම, අස්මත්තෙමේ; ඔහු වෙන්කොට, ඒ රජතුමන් වෙන් වසයෙන්; කෙලෙසින්, කවර පරිද්දෙන්; දැන එමි, දැනගෙණ එන්නෙම්ද; ඔබ නුවණින, ඔබ‍ෙග් ඥානයේන; වෙන අන් කරුණක්, වෙන අන්යමවූ කාරණයක්; කිව, කීවොත්; ඉන්, ඒ හැටියෙන්; රජු මෙයයි, මේ රජතෙමේයයි; නොලසින, වහා; දැන එමි, දැනගෙණ එන්නෙමි.

300. ඇය, කුදිය; තතුලෙද, තත්වා කරෙයෙන්; මෙවදන්, මේ වචන; පැවසූ සඳ, පැවසූ කල්හි; ඇතුගෙන්, ඇතාගෙන්; පෙරටුව, පළමුකොට; සෙන් මැද, සෙනඟ මධ්යෙයෙහි; බටු අය, බැස්ස තැනැත්තා; රජු, රජුය; මින්, මේ කාරණයෙන්; දැන එව, දැන ගෙණ එවයි; බිසොසඳ, බිසොව; කීවෙන්, කී හෙයින්; ඇ ගොසින්, ඈ ගොස්; විමසා, පරීක්ෂා කොට; බලා සිටින සඳ, බලා සිටින කල්හි.

301. පරසිත්, අනුන්ගේ සිත්; අතැඹුල විලසින, හස්තා මලකයක් මෙන්; අඳුනන, අඳුනන්නාවූ; මහසත්, මහාබොධි සත්ව,තෙමේ; එපවත්, ඒ කරුණ; නුවණින්, ඥානයෙන්; දැන ගෙණ, හැඳින ගෙණ; ඇගෙ සිත්, ඇගෙ සිත; රසමුසු තෙපුලෙන, රසවත් වචනයෙන්; පිණවා, සතුටු කරවා; පබවත්හට, ප්ර භාවතියට නොකියනුයි; පැවසුවෙන, කී හෙයින්.











කුසජාතක කාව්ය ය 81

302 බ ර ණි න් සැරසී විලසින් සුරර ද ලකුණෙන් යුතු තුඟු ගිජිඳුගේ මනන ද පෙ ර සු න් ඉඳ පෙරටුව බැසපුව ර ද ම ඇ සි න් දුටුයෙමි පැවසූ සඳ කු ද

303 ඇ වි සි න් පැවසූ බොරුබස් නොමි නේ එ ත ම න් බොරු බස් නොමදත් බැවි නේ නිසැකි න් සැබවයි අදහා රැගෙ නෙ බි ස වු න් සැනසී උන් සඳ තොසි නේ

304 සොඳුරු සිරින් පලකළ ලොවට සුරර ද ස පි රු දිගත තද තෙදගින් යුත් පබ ද ගැ ඹු රු කෙසර සර යුත් කුස නිරිඳු ස ඳ ම හ රු මවු බිසොව රැඳි රද විමත් වැ ද

302. තුඟු ලකුණෙන් යුතු, උත්තුඬග ලක්ෂ ණයන්ගෙන් හෙබියාවූ; මනනද, මනොඥවූ; ගිජිඳුගෙ, ඇතුගේ; පෙරසුන්, මුල් අසුනෙහි; සුරරද විලසින්, ශක්රම විලාසයෙන්; බරණින්, ආභරණයෙන්; සැරසී, අලඬකාරවී; ඉඳ, හිඳ; රද, රජතුමා; පෙරටුව, පළමුවෙන්; බැසපුව, බැස්සේය; කුද, කුදිය; මඇසින්, මගේ ඇසින්; දුටුවෙමි, බැලීමි; පැවසූ සඳ, ප්ර කාශ කළ කල්හි,

303. “බිසවුන් සැනසී උන්සඳ”

ඇ විසින්, ඒ කුදිය විසින්; පැවසූ, කියන ලද; නොමිනේ, බොහෝවු; බොරුබස්, මුසාවදන්; එතමන්, ඒ තමා; බොරුබස්, මුසාවාද; නොමදත් බැවින්, නොදත් බැවින්; නිසැකින්, සැකයක් නැතිව; සැබවයි, සත්ය;යයි; අදහා, විශ්වාසකොට; රැගෙණේ, බාරගෙණ; බිසවුන්, ප්රයභාවතී දේවිය; තොසිනේ, සතුටින් සැනසී උන්සඳ සැනසී උන් කල්හි

304. “කුසනිරිඳු අද විමන් වැද”

සොඳුරු, සුන්දරවූ; සිරින්. ශ්රීසයෙන්; ලොවට, ලෝකයට; සුරරද, දිව්ය රාජයා මේ යයි; පළකළ, ප්රනකාශ කළාවූ; තදතෙදගින්, දැඩිවූ තෙජස් නමැති ගින්නෙන්; දිගත, දිගන්තය; සපිරූ, සම්පූර්ණ‍ කළා වූ; පබඳ යුත් ප්ර,සිද්ධියෙන් යුක්ත වු ; ගැඹුරු; ගම්භිර වු; කෙසර සර යුත්, සංහනාදයෙන් යුක්තවූ; කුස නිරිඳු සඳ, කුසරාජයා; මහරු, මහාර්ඝඹවූ; මවුබිසොව රැඳි, මවුබිසොව වසන්නාවූ; රදවිමන්, රජමාලිගාවට; වැද, පැමිණ.







88 වර්ණ;නා සහිත

305 සුනි මල් වතින් බබලන ලෙස සරා සි සී සුර කල් සදිසි තුනු රුසිරෙන් නිතර දි සී මනකල් ගුණෙන් යුත් පබවත් නම් මෙහෙ සී අම තුල් බසින් කී දහවල් දකින රි සී

306 එ ප ව ත් අසා එබිසෝ සඳ මන නද න සු නි සි ත් නැණිනුපා විමසමින් වෙන වෙ න ප බ ව ත් රැගෙණ එම උයනට පිරිවරි න යුගනෙ ත් පුරා දැක සැනසෙව පැවසුවෙ න

307 එකල් කුස නිරිඳු සඳ උයනට පිවි සා මගුල් පොකුණ කට පමණක් දියට බැ සා විසල් නෙළුම් පතකින් වසමින් සිර සා සුපුල් පියුමකින් සිටිසඳ මුහුණ ව සා

305. “දහවල් දකින රිසි කිවු”

සරා සිසිලෙස, සරත් චන්ර්වු යා මෙන්; සුනිමල්, නිර්ම ලවූ; මතින්, මුහුණින්; බබලන, බබලන්නාවූ; නිතර, නිරන්තරෙයෙන්; දිසි, පෙණෙන්නාවූ; තුනු රුසිරෙන්, සිරුරු සිරියෙන්; සුරකල් සදිසි, දෙවඟනක් වැනිවූ; මනකල්, මනොඥවූ; ගුණෙන් යුත්, ගුණයන්ගෙන් යුක්තවූ; පබවත් තම මෙහෙසී, පබවත් නම් දේවිය; දහවල් දකින රිසි, දවල් දැකීමේ අභිලාෂය; අමතුල් බසින්, අමා වැනි වචනයෙන්; කී, කීය.

306. “මම උයනට එමි” “නුඹ සැනසෙමි”

එබිසෝ සඳ, ඒ බිසව; මනනඳන, සිත් සතුටු කරන්නාවූ; එපවත්, ඒ පුවත; අසා, ශ්රසවණය කොට; සුනිසිත් නැණින්, තියුණු නුවණින්; වෙන වෙන උපා, වෙන් වෙන්වූ උපායවල්; විමසමින්, පරීක්ෂාඟ කරමින්; පබවත් රැගෙණ, පබවතිය කැටුව; පිරිවරින, පිරිවර සමග; උයනට එමි, උද්යාරනයට පැමිණෙමි; යුගනෙත් පුරා දැක, දෙ ඇස් පුරා බලා; සැනසෙව, සැනසෙනුයි; පැවසුවෙන, කී හෙයින්.

307. “කුස නිරිඳු සඳ මුහුණ වසා සිටිසඳ”

එකල්, එකල්හි; කුසනිරිඳු සඳ, කුසරාජයා; උයනට, උද්යායනයට; පිවිසා, පැමිණ; මගුල් පොකුණ, මගුල් පොකුණෙහි; කට පමණක්, ගෙල පමණට; දියට බැසා දියට බසිමින්, විසල් නෙළුම් පතකින්, මහත් නෙළුම් කොල්ය කින්; සිරස වසා, හිස වසාගෙණ මුහුණ, උවන; සුපුල් පියුමතින්; පිපීගිය නෙළුම් මලකින්; වසා වසාගෙණ; සිටි සඳ, සිටි කල්හි.





                            කුසජාතක කාව්යිය                                                                83

308 අ න් දා සිනිඳු රන්කම් කළ සළු නිම ලා ර න් දා සමග මිණි බරණින් සරා ගෙ ලා නැ න්දා සුරඹමින් පබවතිය බිය ක ලා කැ න්දා ගෙණ උයන් කෙළියට පිටත් වෙ ලා

309 ත න වා සඳුන් පලු ගෙවුයන් පසෙහි යු ග එ න වා මදින් වද විඳ යෙහෙළින් සම ග උ න වා තුනු ගිමන් ‍අසමින් නදපස ග පි ණ වා දනන් මග ගෙවමින් විඳී ම ග

310 න ද මිහිලොල් ලිය ගී නද යුතු මියු රූ න ද කොවුලන් හඬ පසතුරු ගොස සපි රූ ම ද නල සසල ලිය ලිය රැඟුමැති සොඳු රූ වැද උයනට මදරද රඟහල අයු රූ

309. “නැන්දා පබවතිය නැන්දා ගෙණ උයන් කෙළියට පිටත් වෙලා”

සිනිඳු, මෘදුවූ; රන්කම්කළ, රණින් විසිතුරු කරණලද; නිමලා; නිර්මලාවූ; සළු, වස්ත්රි; අන්දා, අන්දවා ගෙණ; රන්දා සමග, රන්කම්කළ මුතුහර සමග; මිණිබරණින්, මැණික් ආභරණවලින්; ගෙල, ග්රී;වය; සරා, සරසා; නැන්දා, නැන්දනියෝ; සුරඹවන්, දෙවඟන වැනිවූ; මනකලා, මනොඥවූ; පබවතිය, ප්රදභ වතිය; කැන්දාගෙණ, කැඳවා ගෙණ; උයන් කෙළියට, උද්යානන ක්රීවඩාවට; පිටත්වෙලා, ගමන ආරම්භ කොට.

309. ගෙඋයන්, මල්වත්තෙහි; යුගපසෙහි; දෙපසවූ; සඳුන් පලු, සඳුන් ගස්වල දලු; තනවා, සොලවාගෙණ; මදින්මද, මද මදව; එන වා, හමන සුළඟ; යෙහෙළින් සමග, ලේලිය සමග; විඳ, විඳිමින්; තුනු, සිරුරෙහි; ගිමන්, ග්රීයෂ්මය; උනවා, නිවාගෙණ; පසගනඳ, පසඟතුරුනාදය; අසමින්, අස අසා; දනන් මන, ජනයන්ගේ සිත්; පිණවා, සතුටුකරවමින්; වීදිමග, වීථි මාර්ගලය, ගෙවමින්, පසුකරමින්.

310. “උයනට වැද”

මිහිලොල්, මී මැස්සන්ගේ; නද, නාද නමැති; මියුරු, මධුරවූ; ගීනද යුතු, ගීතිකා නාදයෙන් යුක්තවූ; කොවුලන්, කෝකිලයන්ගේ; නද, නාද නමැති; පසඟතුරුහඬගොස, පංචාංගික තූර්ය්යඋනාදයෙන් සපිරූ, සම්පූර්ණනවූ; මදනල, මදසුලඟින්; සසල, සෙලවුනාවූ; ලිය, ලතා නමැති; ලිය, ස්ත්රී්න්ගේ; සොඳුරු, සුන්දසරවූ; රැඟුමැති, නෘත්ය ය ඇත්තාවූ; මදරද, අනංගයාගේ; රඟහල අයුරු, රඟමඬල වැනිවූ; උයනට, උද්යාුනයට; වැද, පැමිණ;


84 වර්ණරනා සහිත

311 මී අඹ රසඹ පානය කරමින් වැ හෙ න නිලඹ පැහැති පරපුටු කැල තුටු රැවි න පියඹ සමග තුරු හිස දෙන නද නද න එපබ වතිගෙ තුති ගී කියනෙව් ‍ගුව න

312 එ වු යන ලිය ලියන් තුරු හිමි වලඳමි න ලෙලදෙන අතු අතින් සාමුව සුතන් ගෙ න සුපි පෙන පලු ලවන් යුත් කුසුමන් වති න න ල ව න වැන්න බිඟුසන් සුරතල් බසි න

319 ස පු නා පනා අඹ දඹ තුරු පෙල දිලෙ නා බි ඟු නා දිනා යුත් මන සවන පිණව නා ගි ම නා උනා ගත සුවඳැති නල හම නා න ත නා විනා කෙවණා සොබනා එ උය නා

311. “නද තුති ගී කියනෙව්”

මී අඹ රසඹ, මී අඹරසය; පානය කරමින්, බොමින්‍; වැහෙන, වාසය කරන්නාවූ; තුටුරැවින, සතුටු ගෙණදෙන රාවයෙන් යුක්තවූ; නිලඹ පැහැති, කලුවාලාකුළු වැනිවූ; පරපුටුකැල, කොවුල් සමූහයා; පියඹ සමග, ප්රි ය භාර්ය්යාකව සමග; තුරු හිස, වෘක්ෂී මතුයෙහි; දෙන, දෙන්නාවූ; නදන, නන්දරනීයවූ; නද, නාදය; එපබවතීගෙ, ඒ ප්රෙභාවතිය පිළිබඳවූ; තුති ගී, සතුට ගීතිකාවන්; ගුවන, අහසෙහි; කියනඑව්, කියන්නාක් මෙනි.

පරපුටු කැල - කොවුලන්ගේ වැඩීම කාක්කූඩුවල සිදුවන හෙයින් ඔවුන්ට මේ නමකි.

312. “ලිය ලියන් තුරුහිමි නලවන වැන්න.”

එවුයන, ඒ උද්යානනයෙහි; ලිය ලියන්, ලතා නැමැති ස්ත්රීින්; තුරුහිමි, වෘක්ෂ නමැති හිමියන්; වලඳමින, වැලඳ ගනිමින්, ලෙලදෙන; ලෙල දෙන්නාවූ; අතු අතින, අතු නමැති අත්වලින්; සාමුවසුතන්ගෙණ, රිලා වඳුරු නමැති දරුවන් ගෙණ; පලුලවන් යුතු, දලු නමැති තොල් ඇති; සුපි‍ෙපන, මනාව පිපෙන්නාවූ; කුසුමන් වතින, කුසුමන් නමැති මුඛයෙන්; බිඟුසන්, මීමැසි නාද නමැති; සුරතල් බසින, සුරතල් වචන වලින්; නලවන වැන්න, නලවන්නාක් වැනිය.

313. “නතනා වීනා එඋයන කෙවණා”

දිලෙන, බබලන්නාවූ; සපු නා පනා, සපුගස්, නාගස්, කොස්ගස්; අඹ දඹ තුරුපෙල, අඹගස්, ජම්බුගස් යන වෘක්ෂව සමූහය ඇති; මනසවණ පිණවන, සිත්කන් සතුටු කරන්නාවූ; බිඟු නදිනා යුත්, මීමැසි නාදයෙන් යුක්තවූ; ගත, සිරුරෙහි; ගිමනා, ග්රීලෂ්මය; උනා, නැතිකොට; සුවඳැති, සුවඳවත්වූ; නල, මාරුතය; හමනා, හමන්නාවූ; සොබනා, සොභමානවූ; එඋයන, ඒ උද්යාඳනය; නතනා විනා, අ..න්තයා හැර; කෙවණා, කවරෙක් වර්ණානා කෙරේද?



                                               කුසජාතක කාව්යතය                                                    85

314 නෙලමින් කුසුම් කැන් තැන තැන කෙළ ඇවි ද දිනුවෙන් සියල‍ෙඟහි ඩාබිඳු මදින් ම ද සොබමින් මදරද දූ පොකුණ තුළ වැ ද දොහොතින් ගණුත් දිය මුව දෝනට පැහැ ද

315 සොබමින් කුසනිරිඳු තම මවය පළ කො‍පට ව ස මි න් සිටිය නෙළුඹල පත් ඉවත් කොට වි ල සි න් දියරකුසු තර කෙසර නද කොට බි ස වු න් කොමල අත ගත් ස‍ෙඳහි තර කොට

316 විසු ළු මුහුණ දකිමින් එවි ස ‍ෙඳ්යා නැබු ළු යකෙක් මා අත ගති න දේය‍ා අවු ළු වමින් ලැම සෝගිනි ක ‍ෙඳ්යා කඳුළු සලා අඬමින් ඉකි බි ‍ෙඳ්යා

314 “මදුරද දූ දොහොතින් දිය ගණුත්”

තැන තැන, තැන් තැන්වල; කෙළ ඇවිද, සෙල්ලම් කරමින් ඇවිද; කුසුම් කැන්, මල් පොකුරු; නෙලමින්, සිඳිමින්; සියලගෙහි, සකල ශරීරයෙහි; ඩාබිඳු ඩහදිය බින්දු; දිනුවෙන්, ඇතිවූ හෙයින්; මදුරද දූ, ප්ර්භාවතී දේවිය; මුවදෝතට පැහැද, මුහුණ සේදීමට ප්රකසන්නව; සොබමන්, මනහරවූ; පොකුණුතුළ, පොකුණට; වැද, බැස; දොහොතින්, දෙඅතින්; දියගණුන්, ජලය ගණිත්ම.

315. “කුසනිරිඳු නම් මම ය”

සොබමින්, ශොභමානවූ; කුසනිරිඳු නම්, කුසරජහු නම්; මමය, මම වෙමියි; පළකොට, ප්රනකාශ‍ කොට; වසමින් සිටිය, වසා ගෙණ සිටිය, නෙලුඹල පත්, නෙලුම් කොළය; ඉවත්කොට, පැත්තකට දමා; දියරකුසු විලසින්, දියරකුසෙකු මෙන්; තර, දැඩි වශයෙන්; කෙසර නදකොට, සිංහනාද කොට; බිසවුන් කොමල අත, ප්රමභාවතී දේවියගේ මෙ‍ාලොක් අත; තර කොට, තදින්; ගත් ස‍ෙඳහි, අල්ලා ගත් කල්හි.

316. “යකෙක් මා අතගති”

එම ස‍ෙඳ්යා, එකල්හි; විසුලු මුහුණ දකිමින්, විකාරවූ මූනබලමින්; නැඹුලු, මහත්වූ; යකෙක්, යක්ෂ,යෙක්; මා අත, මගේ අත; තදේයා, තදින්; ගති, ගත්තේය; ලැම, හෘදයෙහි; සෝගින් ක‍ෙඳ්යා, ශොකගිනිරැස; අවුලුවමින්, දල්වා ගණිමින්; කඳුලු සලා, කඳුලු වගුරුවා; ඉකිබි‍ෙඳ්යා; ඉකිබිඳිමින්; අඬමින්, අඬ අඬා;






86 වර්ණිනා සහිත

317 සැපත් නල සසල රණලියක විලසි නී ගතත් වෙවුලමින් දසදිගෙහි වැනි වැ නී වතත් නෙතු යුගත් කොමලතිනි වසමි නී මගත් දුකින් සිට සැලකූය මෙලෙසි නී

318 ගහනත ඉතා මි ටි කොපුල් තල දැළී නොම සි ටී දාගිය පුවක් සැ ‍ටි උවනතින් දලරකුසුගේ සැ ටි

                 819                                                                 320

දවසැර ඉඳ මොහු ට මා අත ඇල්ලු ය ම් වඩා මේ ලැබෙන සැපත ට තැනැත්තෙකු කුසරජු න ම් අප මවුපිය වෙත ට එවක සිට අද හි ම් හමන යෙහෙකැයි සිතා තරකො ට මෙමට වෙහෙසුවෙ මොහුය සලක ම්

317. “මදුරදදූ මෙලෙසින් සැලකූය.”

නල, සුලඟ; සැපත්, වැදීමෙන්; සසල, චංචලවූ; රන්ලියක, රත්රන් ලතාවක; විලසිනි, විලාසයෙන්; ගතත්, සිරුරත්; වෙවුලමින්, වෙවුල වෙවුලා, දස දිගෙහි, දසදිසාවෙහි; වැනි වැනි, වැනෙමින්; වතත්, මුහුණද; නෙතු යුගත්, දෙඇසද; කොමලතිනි, කෝමල හස්තයේ; වසමින්, වසාගෙණ; මහත් දුකින් සිට, මහත්වූ දුඃඛයෙන් සිට; මෙ ලෙසිනි. මේ ආකාරයෙන්; සැලකූයා කල්පනා කළාය.

318. “ගහණත ඉතා මිටි.”

ගහණත, නාසය; ඉතා මිටි, ඉතාම පහත්ය; කොපුල්තල, කම්මුල්හි; දැළි, රැවුල; නොමසිටී, නොමැත්තේය; දාගිය, පිලිස්සී ගියා වූ; පුවක සැටි, පූපයක් සමානය; උවනතින්, මුහුණෙන්; දල, රෞද්රය; රකුසුගේ, රකුසෙකුගේ; සැටි, සැටියකි.

319. “මදුරදදූ ගමන යෙහෙකැයි සිතා”

මොහුට, මොහු හා; දවසැර, දවස් ගෙවමින්; ඉඳ, හිඳ; මෙ ලැබෙන සැපත‍ට වඩා, මේ ලැබෙන්නාවූ සම්පත්තියට වැඩිය; අප මව් පිය වෙතට, අපගේ මවුපියන් කරා; ගමන යෙහෙකැයි, යාම සුදුසුයයි; තරකොට, දැඩිසේ; සිතා, කල්පනාකොට.

320. “මම මොහුය සලකම්”

මා අත ඇල්ලූ, මගේ අත අල්ලා ගත්තාවූ; මේ තැනැත්තෙකු යම් අයෙක් වෙදද; (හේ) කුසරජු නම්, හේ; කුසරජතුමා වේනම්; එවක සිට; එදා පටන්; අද සිට, අද තෙක්; මෙමට, මේ මාහට; වෙහෙසුවේ, වෙහෙස කළේ; මොහුය, මේ තැනැත්තාය යි; සලකම්, සලකමි.

88 වර්ණමනා සහිත

321 පැවසු නියම කො ට නුවණැති දනෝ පෙර සි ට නුපුරුදු දීගය ට පුරුදු කනවැන්දුම යෙහෙකි ම ට

                        322                                                            324

සිතමින් ම එම ව ර රජු අසා එවද න තම කැටුව ආ පිරිව ර වැළකුව හොතින්මෙ ගමි න කැඳවා ගෙණ නොහැ ර පබවත් ලඳ දුකි න යන්ට නික්මුනු ස‍ෙඳහි සියපු ර පැලී මළයොත් නපුරි සිතමි න

                      338                                                              324

එපවත් තතු ලෙසි න පබවත අප පුර ට දැන මවු බිසව එම දි න බල විකුම් තෙද පළ කො ට කුසරජහට නද න ගෙණැවිත් කප් හිම ට පවසමින් යැව්වේය නොලසි න පතුරුවමි මගෙ යසස තෙදිස ට

321 “නුවණැති දනෝ පැවසූ”

පෙරසිට, පෙර පටන්; නුවණැති දනෝ, ඤාණවන්ත ජනයෝ; නියම කොට, නිශ්චය කොට; පැවසූ, ප්රණකාශ කළාවූ; නුපුරුදු, පුරුද්දක් නැති; දීගයට, හිමියෙකු සමග විසීමට වඩා; පුරුදු, හැමකල්හි පුරුදු කර්මඤ ඇති; කනවැන්දුම, හිමියෙකු නොලැබ විසීම; මට, මාහට; යෙහෙකි; හොඳය.

322. “පබවත් යන්ට නික්මුනු ස‍ෙඳයි”

සිතමින්, සිත සිතා; එමවර, එම කාලයෙහි; තස කැටුව ආ, තමන් සමග පැමිණි; පිරිවර, පිරිස; නොහැර, අත් නොහැර; කැඳවා ගෙණ, හඬගසාගෙණ; සියපුර, තමන්ගේ නගරයට; යන්ට නික්මුනු ස‍ෙඳහි, යන්නට පිටත්වූ කල්හි.

323. “මවු බිසව කුසරජහට පවසමින් යැව්වේය”

මවුබිසොව, මවු බිසොවුන් වහන්සේ; එමදින, ඒ දිනයෙහි; එපවත්, ඒ තොරතුරු; තතුලෙසින, තත්වාිකාරයෙන්; දැන, දැනගෙණ; නදන, පුත්වූ; කුසරජහට, කුසරජතුමන්ට; නොලසින, වහා; කියා යැව්වේය, කියා හැරියේය.

324. “පබවත් ලඳ පැලී මළහොත් නපුරි”

රජු, රාජයා; එවදන, ඒ කථාව; අසා, ශ්රවවණය කොට; මේ ගමන, මේ පිටත්වූ ගමන; වැළකුව හොතින්, වළකා ලුවොත්; පබවත් ලඳ, පබවත් කාන්තාව; පැලී මළහොත්, පැලී මැරු‍ෙණාත්; නපුරි, වරදයයි; සිතමින, සිතා;

325. “මම යසස් පතුරුවමි”

පබවත, ප්රයභාවතිය; අප පුරට, අපගේ නගරයට; බලවිකුම් තෙද, බලය වික්රමමය හා තේජස; පළකොට, ප්රනකාශකොට; ගෙණැවිත්, ගෙණැත්; ම‍ෙග් යසස, මගේ කීර්තිය; තෙදියට, තුන් ලොවට; පතුරුවමි, පතුරුවා හරින්

කුසජාතක කාව්ය ය 89

326 මෙලෙස සිත තර ක ර සමගින් එ ආ පිරිව ර යන මෙන් සිය නුව ර උන්ට දුකසේ දුනී අවස ර

පස් වන සග නිමි.

                        387                                                             329

එබිසෝ සඳ ම නා කුස නිරිඳුගෙ පබ ඳ නුවරින් නික්ම යෙදි නා වත විසුලුවූ කරුණු ද මගතුර ගෙවමි නා පබවත් බිසෝස ඳ පිවිස සිය පුරවරට තොසි නා එරජ වෙත නොකැමැතිවූ විලස ද

                      328                                                              330

වඩා බැති පෙම් බැ ඳ පෙර කලෙක එ දෙදෙ න ගුරු දෙදෙනාගේ සිරිප ද පින් කොට පැතූ විලසි න වැඳ පබාවත් ල ඳ පල ලද බව මෙත න වෙසෙයි ඇති තතු කියා සිතු ලෙ ද අසව් වියතුනි නමා දෙසව න

336. “කුසරජ අවසර දුනි”

මෙලෙස, මෙයාකාරයෙන්; සිත, චිත්තය; තර කර, තද කොට ගෙණ; එ ආ පිරිවර සමගින්, ඒ ආපු සෙනග සමග; සිය නුවර, ස්වකීය නගරයට; යනමෙන්, ගමන් කරණ මෙන්; අවසර, අවසරය; උන්ට, උන්හට; දුකසේ, දුකින්; දුනි, දුන්නේය.

පස් වැනි සගය මෙතෙකින් නිමියේය.

327. “එබිසෝ සඳ සියපුරවරට පිවිස”

මනා, යහපත්වූ; එබි‍සෝ සඳ, ඒ ප්ර්භාවතී බි‍සොව; සෙදිනා, වහා; නුවරින් නික්ම, නුවරින් පිටත්වී; මගතුර, අතර මාර්ගුය; ගෙවමින, ගෙවා; තොසිනා, සතුටින්; සිය පුරවරට, ස්වකීය නගරයට; පිවිස, පැමිණ;

328. “පබාවත් ලඳ වෙසෙයි”

පබවත් ලඳ; ප්රලභාවතී කාන්තාව; බැති පෙම් බැඳ වඩා භක්තිය ප්රෙ මය වර්ධ නය කොට; ගුරු දෙදෙනාගේ; මවුපිය දෙදෙන‍ාගෙ; සිරිපද වැඳ, ශ්රීෙපාදයන් නමස්කාර කොට; ඇති තතු කියා, සිදුවූ කරුණු කියා; සිතුලෙද, සිත් පරිදි; වෙසෙයි, වාසය කරයි.

329. කුස නිරිඳුගෙ, කුසරජතුමාගේ; පබඳ, ප්රකසිද්ධ වූ; වත, මුහුණ; විසුලුවූ, විකාරවූ; කරුණද, කාරණයද; පබවත් බිසෝ සඳ, ප්රිභාවතී බිසොව; එරජුවෙත, ඒ රජු කෙරෙහි; නො කැමතිවූ, කැමති නුවූ; විලසද, හැටි ද-

330. “වියතුනි දෙසවණ නමා අසව්”

පෙර, පූර්වනයෙහි; කලෙක, එක් කාලයක; පින් කොට, පින් කම්කොට; පැතු, ප්රාලර්ථුනා කළ; විලසින, විලාසයෙන්; මෙතැන, මේ කාලයෙහි; පල, ඵලය; ලදබව, ලත්බැව්; වියතුනි, ව්යකක්තයෙනි; දෙසවණ නමා, කන්දෙන යොමු කොට; අසව්, ශ්රුවණය කරව්.


90 වර්ණකනා සහිත

දෙකෙළෙඹියන්ගේ කථාව

331 පෙර බරණැස් නුව ර වෙත නමෙක සව්සිරිබ ර එක කුස ඔත් පව ර කෙළෙඹි දෙදෙනෙක් වූය මනහ ර

                         332                                                            334

එ දෙදෙන තුරෙනි දු ල් බාලවූ කුමරු ට බාලවෙයි කුස මිහිප ල් නැත්තෙන් ගෙයක් ඉඳින ට ඒ ග‍මෙහි ම එක ල් නොවෙනස්ව දෙටුහ ට කුමරියක් වී රුවැති මනක ල් පැවත ඉඳ දවසෙක කරුණක ට

333 335

වැඩි මහල් කුමරු ට ඔහු සා දී වල ට ගෙණ එළඳ සර‍ණය කො ට අතිරස පූ උදම් කො ට කුලසිරිත් විලස ට බුදිමින් පළමුකො ට ඔවුන් සුවසේ දවසරින වි ට තිබූ ඔහුටත් කොටස වෙන්කො ට

331. “කෙළෙඹි දෙදෙනෙක් වූ”

පෙර, පූර්වියෙහි; බරණැස්නුවර වෙත, බරණැස් නුවර සමීපයෙහි; සව්සිරි බර, සකලශ්රීුයෙන් පිරුණාවූ; ගමෙක, එක් ‍ගමක: එකකුස, එකකුසයෙහි; ඔත්, උපන්නාවූ; පවර, ප්රපවරවූ; මනහර, උතුම්වූ; කෙළෙඹින් දෙදෙනෙක්; කෙළෙඹි පුත්රඔයන් දෙදෙනෙක්; වූය, වූහ

332. “කුස මිහිපල් බාලවෙයි” “කුමරියක් වී”

‍එ දෙදෙන තුරෙන්, ඒ දෙදෙනා අතුරෙන්; දුල්, බබලන්නාවූ; කුසමිහිපල්, කුසරජතුමා; බාලවෙයි, වයසින් අඩුවෙයි; එකල්හි, ඒ කාලයෙහි; ඒ ගමෙහිම, ඒ ග්රාජමයෙහිම; මනකල්, මනොඥවූ; රුවැති, රූපයෙන් යුක්තවූ; කුමරියක් වී, කුමාරිකාවක්ද වූවාය.

333. “ඔවුන් දවසරින විට”

වැඩිමහල් කුමරුට, වයසින් වාඩිවූ කුමාරයාට; කුල සිරිත් විලසට; කුලචාරිත්රූ හැටියට; එලඳ, ඒ ස්ත්රිමය; සරණය කොටගෙණ; සරණපාවාගෙණ; ඔවුන් ඒ දෙදෙනා; සුවසේ, සැප පරිදි; දවසරින විට, දවස් ගත කරණ කල්හි.

334. බාලවූ කුමරුට, බාලවූ කුමාරයන්හට; ඉදිනට, හිඳීමට; ගෙයක්, ගෘහයක්; නැත්තෙන්, නැති හෙයින්; දෙටුහට, වැඩ මලාට; නොවෙනස්ව, වෙනසක් නැතුව; පැවත ඉඳ, නැවතී හිඳ; දවසෙක, දවසෙක්හි; කරුණකට, කරුණක් පිණිස.

335. “ඔහු වලට යාදී” “කොටස තිබූ”

ඔහු, බාලයා; වලට, වනයට; යාදී, ගිය කල්හි; අතිරස පූ, අතිරස කැවුම්; උදම් කොට, සාදා; පළමුකොට, පළමුවෙන්; බුදිමින්, අනුභව කරමින්; ඔහුටත්, ඒ බාල මලනුවන්ටත්; කොටස; පංගුව; වෙන්කොට, වෙන් වශයෙන්; තිබූ; තිබූහ. 92 වර්ණ“නා සහිත


336 සිඟා වැඩි එකල ට පසේ මුනි උතුමන් හ ට තිබූ පූ වෙන් කො ට එලඳ පිදුවා වඩවමින් තු ‍ට

337 339

පසේ මුනි එම වි ට ‍එපවත් අසා ලා එපූ පිළිගෙණ නිසි කො ට තොප දෙදෙන පූ කා ලා මඳ තැන් වැඩි කල ට අප කොටස දී ලා වලට ගිය ඔහු අවුත් මගි ගෙ ට කළෝ දැයි බෝසේ කිපී ලා

338 340

එස‍ෙඳහි ඔහුට ල ඳ ලුහු බැඳ ගොස් සෙදි න පසේ මුනිහට මතන ද පසේ මුනි පිළිගෙණය න පූ කොටස තොප ල්‍ ද පා තුළ අත ලම න පුදකෙළෙමි පින් ගණුව කී ස ඳ කැවුම්ගෙණ ඔහු සිටිත එමතැ න

336. “එලඳ පූ පිදුවා”

එකලට, ඒ වේලාවෙහි; සිඟා වැඩි, පිඩු පිණිස වැඩියාවූ; පසේ මුනි උතුමන්හට, පසේ බුදුරජානන් වහන්සේට; වෙන්කොට තිබූ, වෙන්කර තිබුනු; පූ, කැවුම්; එලඳ, ඒ ස්ත්රිදය; තුට වඩවමින්; සතුට වඩ වඩා; පිදුවා, පූජා කළාය.

337. “ඔහු ගෙට අවුත් වනි.”

පසේමුනි, පසේ බුදුන් වහන්සේ; එමවිට, ඒ කාලයෙහි; එපු, ඒ කැවුම්; නිසිකොට සුදුසුකොට; පිළිගෙණ, භ‍ාරගෙණ; මදතැන්, ටික දුරක්; වැඩි කලට, වැඩිකල්හි; වලට ගිය, වනයට ගියාවූ; ඔහු, ඒ මලයා; අවුත්, පැමිණ; ගෙට වති, ගෙට වැදුනේය.

238. “පූ පුදකෙළෙමි.” “පින් ගණුව”

එස‍ෙඳහි, එකල්හි; ලඳ, ස්ත්රිෙය; ඔහුට, බාලයාහට; තොප ලද, තොප විසින් ලැබූ; පූ කොටස, කැවුම් පංගුව; පසේ මුනිහට, පසේ බුදුන් වහන්සේට; පුද කෙළෙමි, පූජා කෙළෙමි; පින්ගණුව, පින් අනුමෝදන් වෙවයි; කී සඳ, කී කල්හි.

338. “තොප ‍දෙදෙන අප කොටස දීලා හළෝ ද?”

එපවත්, ඒ තොරතුරු; අසාලා, අසමින්; තොප දෙදෙන, නුඹලා දෙදෙනා; පූ, කැවුම්; කාලා; අනුභවකොට; අප කොටස, අපගේ පංගුව; දීලා, දානය කොට; හළෝදැයි, හැරියාදැයි; බෝසේ, බොහෝ සෙයින්; කිපීලා, කිපී.

340. “ඔහු සිටිත”

සෙදින, වහා; ලුහුබැඳ ගොස්, එලවාගෙණ ගොස් ; පසේමුනි, පසේ බුදුරදුන්; පිළිගෙන යන, හැරගෙණ යන; පා තුළ, පාත්රායෙහි; අතලමින්, අතදාමින්; කැවුම් ගෙණ, කැවුම් හැරගෙණ; ඔහු, ඒ තැනැත්තහු; එතැන, ඒ ස්ථානයෙහි; සිටිත, සිටින කල්හි.

                           කුසජාතක කාව්යැය                                                                        93

341 එලඳ තම නිවෙ සින් නික්ම වුත් එහි නොල සින් එතතු දැක සියැ සින් දුක්ව මවු වෙත ගොසින් විග සින්

342 344

සුරැකිව තුබු අලු ත් ලප නොමවන් සර ද ගිතෙල් කළයක් ගෙනැවි ත් සුපුන් සඳ මඬලක් ලෙ ද සපුරා මුනිඳු ප ත් විහිදෙන කැලුම් ක ඳ පතයි මෙලෙසින් එලඳ පින්ව ත් උවනතින් යුතු වෙමින් මනන ඳ

343 345

මහිමෙන් මෙපින් තෙ ද දිසි දෙවඟනක ලෙ ද උපනුපන් තැන නොවර ද දුටු දන මන නුවන් බැ ඳ අඩුකුලෙක නො ඉපි ද රුසිරෙන් යුතුව සො ඳ උතුම් කුලයෙක ඉපික මනන ද දිලෙම්වා නිති සව් ඉසුරු වි ඳ

341. “එලඳ මවු වෙත ගොසින්.”

එලඳ, ඒ ස්ත්රිවය; තම නිවෙසින්, සිය ‍ගෙයින්; නොලසින්, වහා; එහි, ඒ ස්ථානයෙහි; නික්මවුත්, නික්ම අවුත්; එතතු, එකරුණු; සියැසින්, තමන්ගේ ඇසින්; දැක, බලා; දුක්ව, දුක්වී; විගසින්, වහා; මවුවෙත, මවු කෙරෙහි; ගොසින්, පැමිණ;

342. “එලඳ මෙලෙසින් පතයි.”

සුරැකිව, පරෙස්සමට; තිබූ, තිබුනාවූ; අලුත්, අභිනව; ගිතෙල් කළයක්, එලඟිතෙල් බඳුනක්; ගෙනැවිත්, රැගෙන ඇවිත්; මුනිඳු පත්, බුදුන්ගේ පාත්ර ය; සපුරා, පුරවා; පින්වත්, පින් ඇතිවූ; එලඳ, ඒ ස්ත්රි;ය; මෙලෙසින්, මෙසේ; පතයි, ප්රාබර්ථ නා කරයි.

343. “උතුම් කුලයෙක ඉපද”

මෙපින් තෙද මහිමෙන්, මේ පිණේ තෙජානුභාවයෙන්; නොවරද, එකාන්තයෙන්; උපනුපන් තැන, උපන් උපන් තන්හි; අඩු කුලෙක, පහත් කුලයෙක; නොඉපද, ඉපදීම නොවී; මනනද, යහපත්වූ; උතුම් කුලයක, උසස් කුලයක; ඉපද, ඉපදී.

344. “උවනතින් යුතු වෙමින්.”

සරද, ශරත් කාලයෙහි; ලප නොමවන්, ලාංඡනයක් නොමැති; සුපුන් සඳමඬලක්, සම්පූර්ණ, චන්ර්ල මණ්ඩලයක්; ලෙද, අයුරින්; කැලුම්කඳ විහිදෙන, රශ්මි සමූහය පිටවෙන්නාවූ; මනනද, මනොනන්දලන්වූ; උවනතින්, මුහුණින්; යුතු වෙමින්, යුක්ත වෙමින්;

345. “(මම්) දිලෙම්වා.”

දිසි, දෘශ්යමමානවූ; දෙවඟනක ලෙද, දෙවඟනක් මෙන්; දුටු දනන්, දක්නාලද ජනයන්ගේ; මනනුවන් බැඳ, සිත් නෙත් බන්ධකනය කොට; සොඳ, යහපත්වූ; රුසිරෙන්, රූපශ්රීණයෙන්; යුතුව, යුක්තව; නිති, නිරන්තරයෙන්; සව්ඉසුරුවිඳ, සකල ‍ෙඑශචර්ය්යී වින්දරනය කොට; දිලෙම්වා, බැබලෙම්වා.