කුස ජාතක කාව්‍ය-ප්‍රස්තාවනා
කුසජාතක කාව්යොය වනාහී මටසිලුටු බසින් ලියවුනු මනහර කාව්ය ග්රජන්ථයකි. මෙහි කථා ශරීරය පන්සිය පණස් ජාතක පොතෙහි කුසජාතක නමින් පෙණෙන චමත්කාරජනක කථා වස්තුවයි. එහි කථානායකයා කුසරජතුමායි. අප බුදුරජානන් වහන්සේ බුදුකුරු දම් සපුරණ සමයෙහි කුසරජ නමින් ප්රනදසිද්ධව සිට ප්රයඥාපාරමිතාවට ඉවහල්වන සේ කරුණු සපයා ගත් සේක. ඒ කතා පුවත සවිස්තර ලෙස කවි බසින් අන්වත්ථප වෙයි. පැරණි මුද්රිතත පොතෙහි මෙය සර්ගල වලට බෙදා වෙන්කොට දක්වා තිබේ. එය වනාහි මේ ග්රදන්ථය මහා කාව්යථ සඞඛ්යා වට ඇතුළත් කරන්ට ගත් උත්සාහයක් නොව ව්යරවහාර පහසුව පිණිස ග්ර්න්ථය කොටස් කොට දැක්වීමට ගත් මඟක් විය යුතුය. අපේ කුසජාතක කාව්යද වර්ණ්නාවෙහි ද එය එපරිද්දෙන් හ යෙදීමු. සර්ග ඛන්ධොත මහා කාව්ය්ම්" යන්න අනුව යෙදුනක් නොවන බැව් විශේෂයෙන් ම සැලකිය යුතුයි. මෙහි කර්තෘප සියනෑකෝරළයට අයත් හිස්වැල්ල නම් ගම ජන්ම භූමි කොට ඇති ධර්මිධව්ජ පඩිතුමාගේ පුත්රැරත්නය වූ අලගියවන්න මුකවෙටිතුමායි.
සීතාවක රජය කළ රාජසිංහ රජතුමාගේ කාලයෙහි විසූ මෙතුමා පසුව ලන්සිකතෝම්බු සම්පාදකයා වී ජගත් කීර්තියකින් වාසය කෙළේය. සැවුල් සන්දේශය, සුභාෂිතය, නීති සාරය, මහහටන, පරංගිහටන යනාදි කාව්ය්යෝ ද මෙතුමාෙග් කෘතීහු වෙති. සකවසින් එක්දහස් පන්සිය දෙතිස් වන වෙසන පොහෝදා මැණික්සාම් නම් කුලඟන‍්ෙග් ආරාධනයෙන් මේ ග්රන්ථය රචනා කළ බැව් එහිම සඳහන් වේ. මැණික්සාමි නම් කුලගන වනාහි සේපාල අධිකාරීතුමන්ගේ මිනිබිරියකි. එසේම රාජසිංහ රාජ සභාවෙහි ඇමැතිවරයෙක් වූ අත්තනායක මැතිතුමාගේ කිංකර භාය්ය් නමවය. මැය ගැණ විශේෂ වර්ණනනාවක් ග්රංන්ථාදියෙහි සඳහන්වේ.
මීට ප්රකථම රචිත කාව්ය් ග්රඳන්ථයන්හි පෙණෙන සමහර යෙදුම් අදහස් වශයෙන් ද කොටස් වශයෙන්ද මෙහි දී දක්නට ලැබේ. එයින් ග්රමන්ථ කර්තෘ්ගේ කීර්තිය එක් පසකින් මුවග වුවත් බොහෝ පොත් පත් කියවූවෙකු බව පැහැදිලි වේ. හැම කවිවලම වාගේ
ii
එ මේ යනාදි අන්ථහශුන්ය වචන පදපිරවීම් වස් මෙහි යෙදී තිබේ. ශාස්ත්රශය පිළිබඳව පැවැති අන්ධලකාර සමයක මේ ග්රපන්ථය බැදුන් හෙයින් එය ද කර්තෘඳට කැලලක් නොවිය යුතුය.
මෙහි පළමුවන සගෙන් ආරාධනය, සැවැත්පුර, කොසොල් රජ අනේපිඩු සිටු, දෙව් ම් සවණක් බුදුරැස් යන මොවුන් පිළිබඳ වැණුම්ද; දෙවන සගෙන්, කුසාවත්පුර, ඔකාවස් රජ, නුවරුන්ගේ කොලාහල, සීලාවතී බිසොව, සක්රද ගත් වෙස්, දෙව් ලොවට කැඳවාගෙන යාම පිළිබඳ වැණුම්ද; තෙවන සගෙන් කුස, ජයම්පති, රන්රුව පිළිබඳ වැණුම්ද; සිටුවන සගෙන්, කුසාවත්, ඔක වස්රජ, පබවත්, කුසකුමරුගේ විවාහය පිළබඳ වැණුම්ද, පස් වන සගෙන්, කුසරජ පබවත් බැලූ සැටි හා පබවත් බිෙසාව කුස රජු බැලූ සැටිද, පබාවතිය කුසරජු හැරදමා යාමද, සවන සහොන්, කෙළෙඹි දෙපුතුන්ගේ කථාවද; සත්වන සගෙන් පබවත් තිසා කුසරජ දුක්වීමද; බපවතිය පතා කුසරජු එහි අප්රවසිද්ධව පිවිසීමද; අටවැනි සගෙන්, පබවතිය ලබාගැනීමට කුස රජතුමා විඳි දුක්ද; නවවන සගෙන්, පබවතිය පතා සත් රජුන්ගේ පැමිණීම ද; පබාවතියගේ විලාප බස්ද; දසවන සගෙන්, වදකරු පැමිණීම ද; මවුබිසොවට කුසරජ පෙන්නීමද; එකොළොස්වන සගෙන්, පබාවතියට කුසරජතුමා ක්ෂාමාව දීමද, සත්රජුන් අල්ලා මදුරදුන් ඉදිරියට පැමිණවීමද, දොළස්වන සගෙන සත් රජුන් හට නගුන් සත්දෙනා පාවාදී පබවත්ද රැගෙන කුසරජතුමා කුසාවතියට පිටත්විමද; තෙළෙස්වන සගෙන්, කුසරජතුමා කුසාවතීයට පිටත්වීමද; තෙළෙස්වන සගෙන්, කුසරජතුමා කුසාවතී නගරයට පැමිණි අයුරුද සගී සංක්ෂෙනප කැමතිවන්නන් විසින් බලාගත හැකිවෙති.
වේරගොඩ අමරමොලි ස්ථවිර
1. 1949
විද්යො දය පිරිවෙණේදීය.