කොමල හිනාව

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොමල හිනාව

හෙවත්

තරුණ ලෝකයට මල් පොකුරු



1 ල ක ළ පුන් සදසෙ වත රුසිරෙන් දිලෙ නා කොම ල දැත මල්දම් දෙක පරදව නා උ දු ල වතී කළ මදහස බැල්මයෙ නා කොම ල හිනාවෙන් මා සිත කිති කැවු නා

2 ඤා නේ ඇති ල‍ඳෙක් නැහැ නුඹවගේ හැ බැ යි පා නේ අදර කුමටද අන් අතක බ ය යි යා නේ ඉන්ට නොලදොත් නුඹ සමක ණ ය යි නෑ නේ නුඹ මගෙයි වෙන කාගෙවත් නොවෙයි

3 සි රි යා විය පනෙ දඹ රත්තරන් ක ඳ හ රි යා විද මන්දා අප සිතන ලෙ ද අ යි යා කැමති නැතිවට නම් මට මොක ද හි මි යා වන දවස තව කොපමණ දුර ද

4 පැ සු න් ද ර පුර සඳ වැනි උඹේ මු න හිත ගින්දර ඇවිලෙයි නුදුටොත් නැ න අර අ න් ද ර කතාවල් සිතට නොම ගෙ න බය ගින් දර නැතුව මා සනසන් නො න

5 අ සෙ නා විටදි ඔබගේ ගී හඬ කන ට හ ම නා සිසිල් සුලඟක් වැනිවිය ගත ට ප වි නා සිද්ද උනි තනියම මට ඉන් ට ය හ නා වේ මැවියන් පිලිරුව රෑ ට

6 නා ම ල රේනු නොසැලෙයි බිය නොවැමෙලෙ සේ මා ම ල තලන්නේ ‍රොන් ගන්නයි සුව සේ ලා ල ල කියා නැලවෙමි නුඹ සහ සතො සේ

   කෝමල හිනා කෝ මගෙ බෙලියඩ් මෙ     සේ

7 වැ ඳ ගෙ න එන්න කැළණිය එන වෙසක් වල බැ ඳ ‍ග න යමිය තී සමගින් කාර් වල හි ඳ ගෙ න කැළණිගංගාවේ ඉවුරු වල බු දු ගු ණ සිහි කරමු වනු වස් දිවි ස පල

( 2 )

8 දැ නු නා සැපක් මා සිත තුළ නොයෙක් ව ර වැ දු නා සර පහර තී හින්දා මෙ ව ර රෙ ජි නා පනේ වැද මල්සර හී ප හ ර රි දෙ නා සිත තව රිදවනු ඇයි සොඳුර

9 බ ඩ සාගින්න විඳගෙන ඔව් දරුණු ලෙසි න් ක ඩ යක් ගානෙ ලතවෙති තුරණො නෙක ලෙසි න් වි ඩ යක් දුටුව අර කලුවර වනය කො දැ න් අ ඩ සඳ මූණ පෙනෙවිද තිගෙ රෑ සීනෙ න්

10 යො වු න් කම නිසා ඇතිවනු ඔදින බ ර නි ක න් නසා නොගනුව වෙමිනි කරද ර රු ව න් පටින් වෙලමින් බැඳ ළතදක ර ජ ප න් බබෝ තව තව නොකර හිරි හැ ර

11 ව ල් වැදී නටන සෙබඩක් ලෙසිනි ‍‍ගො ර ස ල් මල් පෙති දකින් වැහෙද පැන් දිය ර අ ල් වා නෙලා ගන්නට කර සිඹ අද ර ක ල් යල් බලා පිපියන් මගෙ වන තඹ ර

12 න න් දා වතී සුරතල් මගෙ රන් කො වේ අ න් දා ‍ඉඟට තදකර සුදුපට සේ මේ ම න් මත් කරණ ලෙස ඉඳ හිට සිරියා වේ වි න් තාණි නවාපන් ඔය සිතිමා වේ

13 ඇ ඳ ගෙන දනට අඟලක් උඩ ගවුම් කො ටේ බි ඳ හිරි ඔතප් ගා සායම් දෙතොල ව ටේ ම ද හස පපා උරණා දුම් වැටිය ක ටේ ව ද යක් නොවේවිද ලඳුනට අපේර ටේ

14 අ ර පේනා වෙලේ අයිනක සඳ එ ලිය හැ ර ති අන්ඩගසනු වැනි සුරලොව නි ලිය ව ර ලැබ ගන්න මාගෙන් ඔය හැටි වි ලිය සු ර ගග නහන්නට එනු සොඳුරු කොම ලිය

15 බැ ක ල එලියෙ සමනල ගී කියන්න ට සිහි ලල නැද්ද තව තිට තිගෙ රඹ වන ට කල බල ‍කළොත් සැපතක් නැතිවෙයි ගත ට කෝමල හිනාවෙන් නැලවෙන් වී ලඟ ට


( 3 ) 16 ස ම් පත මගේ නුඹ වද සිරියා ම ‍ල් ලේ න ම් නැති විලස සැනසෙන් නොව දැගලි ල්‍ ලේ ව ම් පස රිදේවිද වැදි ඔය මල් මා‍ ලේ පෙ ම් පත මල් නෙලමු වැදිලා මල් ගො ල්‍ ලේ

17 වි ල් ව ල නටන වැනි සෙනෙහස වැටි එ ක්කා වි ල් ව ල වැදී හැංගෙන්නේ ඇයි ම ක්කා ති ප් ප ල වලින් බේරී දෙන්නා එ ක්කා ම ග ල රතේ බැඳ‍ගන යමු අපි ද ක්කා

18 වි නෝ ද ය ලබන්නට අප සිතැගි යු රූ ප මා ද ය නොවේ ගයනට ගී මියු රූ ස නා ත ය ලඳේ ඔබෙ සිතුවිලි ගැඹු රූ පි යා වි ය කියමු මංගල ගී මියු රූ

19 පි ය ල් ලක මලක වන සුන්දර ගිර ක ඇ සි ල් ලක් නොසිට යමි සොඳුරිය රෑ ක නි ම ල් රැජිනි සුන්දර තර මිණි කන ක හු රු ල් ලක් එවන්නෙමි කපුවෙකු අත ක

20 රැ ල වැදී බිඳෙන්නට එයි මගෙ පෙම් රුව සු ල ගින් රිදේවිද තිට තිගෙ මිනි රුව නැ ල වෙන්නට ලැබ ගුවනෙහි උඩු කුරුව ඇ ල වෙන්නට එපා සුන්දර නිල් තරුව

21 ම න ක ල් සිරියාව තිගෙ දෙනෙතින් නැගෙ න ව න ම ල් සැලෙයි පරවෙයි දැක තිගෙ උව න දැ ක නි ල් වලාකුළු සුදු ඔය සිරි යහ න ස ම න ල් වෙසින් විත් තිදියමි මම හොරෙ න

22 තොල් පෙති යුවල රතුකර ගත් බුලත් වි ඩි න් ම ල් පෙති පොහව ගත්තත් පිනි දියර ක ඩි න් ම ල් සමණලියකගෙ පෙම්බස් ගීත හ ඩි න් ඇ ල් මෙන් නලවමන් උඹෙ රම වතට උ ඩි න්





( 4 )

23 දෙ පා රඟ දෙවන බාරත නැටුමක දී ප පා අදර නලවන පෙම් තොටිල්ලෙ දී සැ පා සලසමින් දස අතට පැදි පැ දී ද පා නටන විට හරියට හිත පහ දී

24 දෙ නු ව න් දිලෙයි තිගෙ නිල්මිණි කැට සේ ම ර ස ව ත් තියේ නොහෙලන් උණුසුම් හුස් ම ග ය මි න් ගීත අප නලවන්නට පේ ම සි රි ර න් ඕවිල්ල පදවන්නේ කෝ ම

25 ව න දෙව් ලියක සිරිගත් තී පිරි ආ ල ම න පෙම් රැජින ඇයි ඔබ තවමත් කෝ ල සැ න සෙන්නට සුදුසු තිගෙ යහන මංග ල ම න කල් ලියේ ඉඳ ගන්නෙමි කොව කුහු ල

26 සිරි දෙව් දුවේ තිගෙ යස දෙපතුල පෑ ගී හිරි හැරයක් වෙයිද කවි ලෝකට තුං ගී සිරි යාවිගේ රුව දැක වී අනුරා ගී ඉරි සිය කරයි මහබඹු මනු ලොව හැං ගී

27 ම න් තොස වඩන දිගැසිය තී පෙම් ලොවි න ස න් සල නොවී මල්සරහුගෙ දැල් රැගෙ න ක න් කලු ගීත ගයමින් මා සනසව න වි න් නාමණි මගෙ රගපන් රැගෙණ වෙ ණ

28 සු‍ පෙ ම් ‍පඬුරු මගෙ සිරිබර සුදු කෙල් ල නෙ ළු ම් මලකි තී සුපිපුන පෙම් එ වී ල ඇ ළු ම් කරන දීගෙට ලඟදිම නිම ල දෙ ළු ම් කැකුල පරදයි පියයුරු යුව ල

29 සූ කි රි කැටිය මගෙ සුන්දර රස ආ ලේ මී කි රි තැටිය ඇයි නුඹ මගෙ පැනි බෝ ලේ රූ සි රි නටිය බැඳගන්නට පෙම් ආ ලේ මා කි රි කැටිය බැස නාමුව අමර වි ලේ

30 ර න් තරු රිදී තරු ගනිමින් ගිය ම පිය ර ම් බර උවන දැක මගෙ ලා සිත පො පිය පෙ ම් රැජිනියේ දිගහැර කියවනු ලි පිය ම ං ගල ගීතයේ නැලවෙන්නේ අ පිය


( 5 )

31 දෙව් දුව සුවඳ පිඩ මගෙ රත්රන් මැණි ක ඉවසාගෙන යන්ඩ බැහැ මට වැඩි දුර ක වෙන්වී ගියොත් ඔව් ඔබ මා හැර දින ක සස්ගාලා පනිමි මම ඉඳ කඳු ගිර ක

32 ජයකොඩි නැංගුවොත් අපි පෙම් ලොව ගො යි යෝ මල්සැර විදීවිද එය කඩනට දෙ යි යෝ ශෘංගාරයේ රස විඳිනට බැරි ක යි යෝ කඳු හෙල් බලා ගොස් ඇත අප සුර ත ලි යෝ

32 ගනනින් පිටය අද අපි කව් ලොව ම ග ය සිහිවේවිද සුදෝ කවදාහරි ර ග ය සුලඟට වැනේවිද මන්දා අප යු ග ය සැබවින් බැරි උනත් සීනෙන් මම ල ග ය

34 මීපැනි බෝතලේ මගෙ සූකිරි කැ ට ය තව ටික දිනයි මම ඔබෙ ඔව් ඔබ ම ට ය රවුමක් ගැහුව මත්ඔ මාවත හිරි කො ට ය නොගනින් පනේ එලියට ඔය මිණි කැ ට ය

35 සිරිදෙවිය මගේ කව් ලොව මග පෑ දු රුචිරානණිය පෙම් ලොව කිතු රැස වි දූ අබිසේකය කරමු රහසින් පන් කා දු කවදා දෙනවාද නුඹෙ නොයිඳුල් හා දූ


36 පැන් කෙන්ඩිය නොවෙයි නුඹ ඉඳුනිල් තොත ලේ හා මට වැරදුනා ඔබ මගෙ සරුන්ග ලේ උපමාවකට පැදුති මම නිසන්ස ලේ ඔබ මට පුර හඳයි දිලිසෙන ගුවන්ත ලේ

37 දවසක් දෙකක් ඔබ ‍කෙනෙකුට ඇස් ගැහු වා යන ආරංචියක් මම ඊයේදි ඇහු වා මෙය ඇත්තක්ද නැහැ විය යුත්තක් වේ වා හා තරහා නොවෙත් මම බොරුවට කව් වා

38 කෝමල හිනා ඇති මගෙ සුරතලි ම ‍ත්තේ මයි මා හැපෙන්නේ කවි හිණ මුල් පෙ ත්තේ කරදර කොතෙක් වින්දත් ඔබ මේ වැ ත්තේ රැක ගත යුතුයි ලිය බඹසර සහ න ත්තේ


( 6 )

39 මැණිකේ මගේ ඔබ සහ වාසය පේ මෙන් පතනෙද ඔබත් ඔබෙ දිවි ඇතිතෙක් මා මෙන් නොයිඳුල් වෙන්න කෙල්ලෙකුගේ බැඳි පේ මෙන් බඹසර රකින්නම් නොමැරි ඹබෙ නා මෙන්

40 පාසැල් සමය ගතකළ අපි සිතැගි යු රා

         නෙත් සර පහර ලැබුවේ ඔබ මටත් හො     රා

පලුද්දක් නොකර සැනසෙන්නම් නිත රා තොත්තුව ජනිත කළෙ කවුදෝ හා හපු රා

41 සාරිය සුදෝ මා ගෙන් දුන් සෙල්ලම ට ඇඳ‍ගන ඉන්න වේලාවකදී හැඩ ට ඔබගේ විනෝදෙට මගෙ පොඩි සුදියක ට දෙනවද සුදෝ වත පොඩි කැමරාවක ට

42 යටගිය අතීතයෙ දුක් ඟන අඳුර ලැ බ මතුවෙන් අපේ සිනමා තීරයේ ඔ බ රස ජවනිකාවන් මවනෙමු සුදෝ පි ඹ දවසක එන්න වෙනවා ලෙස මගෙ පිය ඹ

43 නි ලා දිඟු වරල පීරා පිටට හෙ ලා ලො ලා වෙන් සුවඳ පවුඩරු මූනෙ උ ලා හ ලා වත කඩේ සිටි කොමලිය දැක ලා මු ලා වී ගියයි මගෙ හද ඉරි තැලි ලා

44 අ ර න් මැටි කලය උකුලට මන හා රේ එ ර න් වලලු දා අතකින් අල්ල ත රේ ලි ‍ඳෙ න් වතුර අදිනා කත දුටු වා රේ අ ර න් යන්ට සිතුනයි ගුවන යන්ත රේ

45 න න් සළු පිලි බරණ හැඳ පැළඳ සිතු අ ටී සු න් දර මුව පුන්ස ඳ දෙතන හස පැ ටි ම න් විසි කරන තුනු රුසිරෙන් දිලි ලප ටී දු ම් රිය තුල සිටිය කත මසු දහක් ව ටි

46 පු න් සඳ පෑව ලෙස දිලි මේ කුලෙන් ය ට ර ම් බර වතැති දුටු දුටුවන් ළ ගන් න ට පෙ ම් බර උවන සිඹ සනසා විටින් වි ට එ න් නද මමත් ල‍ඳෙ ඔන්චිලි පදින් න ට


( 7 )

47 සු හ දා වදන් තෙපලා යස සුකුමා ලී නි බ ඳා මහද තුටු කරවන එක වා ලි සු හ දා නිමල්වතියේ සිත ගත් බා ලී ක ව දා මේ නුඹ වෙන්නේද මගෙ මනමා ලී

48 අ ගී කරන නිති කුලදම් හොඳ තා ලේ ම ගී කෙරෙහි සිත උණුවන හැම වේ ලේ දු ගී උනත් මට කම් නැත නුඹ බා ලේ මැ ගී උඹයි මගෙ රස සූකිරි බෝලේ

49 මී රි වදන් දොඩවන නිති හරි කෝඩු කා රි කරන කාගෙත් නැතුවම ජෝඩු මේ රි ලඳුන් සිටියොත් මෙහි නො කෝඩු මී රි ගමට නැත වෙන්නේ අඩු පා ඩු

50 මා ය ම් පපා දුට සලෙලුන් පොළඹව න වේ ය න් ගොඩ පාරෙ සිටි යස යොවුනඟ න දැ සි න් මෙමා වෙත ඉගිකළ සැටි හොරෙ න හී‍ නෙ න් පව පෙනෙතිය මට සෑම දි න

51 ඉන්න සන්දියට නුදුරුව බොරැ ල්ලේ දන්න රති කලා සිව්සැට එක එ ල්ලේ නන්දා වතියෙ නුඹ සමගින් සිතු ලො ල්ලේ ඉන්නේ කවදාද පවසන් උදු ල්ලේ

52 සූකිරි බෝලෙ අපි දෙන්නා වැලී ක ත ර තාමත් පා නගමි ඉඳ හිට මග අ ත ර අන්තිම පිටුව කියවා බලනට ඉ ති ර යා යුතු වෙයි ද සැතපුම් කීයක් වි ත ර

53 මල්සර හීය විද ඇල්ලු පෙම් ආ ලේ බාරත ලොවේ සිහිමාවෙකි උසස් පෙ ලේ ලඟදී පිපුන සුදු සමනල මල් ගොල් ලේ සුරතල් තරුවක්ද හොලිවුඩ් ගුවන් ත ලේ

54 ආලයෙ අමුතු කැල්මෙන් හිත පාත් උ නා නෑ අරහිනාවෙන් මා සිත කිති කැවු නා‍ පිටිසර කෙල්ල නැ ඉරබටු තරුව පි නා ඔම් සීදෙවි මම සාලිය කුමර ම නා


( 8 )

55 පෙම් පිනි දියර ඉස කව් මල් මේසෙ මැ ද දෝතින් රැගෙන සරසනු ඔබෙ මඟුල් ඇ ඳ අත්වැල් බැඳන් ගොස් සරසවි මිහිර වැ ද රස ජවනිකා මවනා දින ලග නේ ද

56 පෙම් ලෝකයේ රඟහල නවනළු අත රේ ඉහලම පෙළේ අග අපෙ පිළිබිඹු වැති රේ කව් කාරයන් උන්නේ තෙලි තුඩු පැහැ රේ මංගල ඔබේ මුගින් ‍මී පැනි බේ රේ

57 කනක මිණ මගේ රුබර ලා තරුව ඇයිදෝ දුක් දෙන්නෙ මේ විලසට දුරුව මිකාඩො සුවඳ මගෙ නාසෙට ඉරුව කැළණිගගේ මතකද පැද්දෙන ඔරුව

58 පෙ ම් මාදරියෙ දන්වනු අඩුතැන් දියු ණූ ම ං ගල යහනාව ඔබමය රස පිරු ණු පෙ ම් ලෝකයේ වැද ඉගිලෙන අපි තුරු ණු ස ං ගීතායෙන් එල්ලී පළඳිමු ඔටු ණු

59 ආ ලෙ න් එකට අඉදලා රන්සරස යු ත්තේ මේ අ න් දමින් ඇයි මා පන්නා ග ත්තේ මෝ හෙ න් දුරුව ආවට සැක හැර වි ත්තේ ගෑ නු න් කන්න කොටැ නෑ අපෙ ගම් පැ ත්තේ

60 ද න වා පපුව සිහිවෙන කොට ඔබ ල න්දේ මොන වා උනත් මටමයි නුඹ බඹු ඇ න්දේ ය න වා මෙමට පිටි පා දී දුක් ක න්දේ දෙ න වා පපුව නුඹ වෙනුවට දනු ල න්දේ

61 සූ රි ය මල සදිසි වත දිලි මන න න්දේ පේ ම ය මෙ මගෙ උදුරා ගත් පියො ල න්දේ බා රි ය වෙලා ඉන්නට මිස සැප නි න්දේ කා ර ය මොකද පසු කරනට කල් බැ න්දේ

62 පැහැදුල් වතැති නාරඹර ලඳ ලියේ සො ඳ සුදු මල් ඉසුනු සාරිය බඳ වටිව ඇ ඳ සුවිපුල් දෙපියයුරු වැසෙනට හැට්ටෙ ඇ ඳ තදකල් පනාවෙන් මේ කොයි යනවා ද


( 9 )

63 ජ නේ ල දොරවල් ලියකම් වැඩි දිලෙ නා වි සා ල ගෙයි උඩුමාලේ වැස සිටි නා න සා ල විලි බිය සිටි අගනක් තරු නා ජ නේ ල යෙන් එබිකම් කර සිනා සු නා

64 ගෙ ල ව ට පැළඳ ගෙන රන්මාලයක් අ ග සු ර ත ට රැගෙන මල් පොකුරක් සිතැගි ර ඟ කො ත න ට යන්න යනවද ල‍ඳෙ මෙලෙස ම ග ත නි ව ට මමත් එන්නද දැන් නුඹ සම ඟ

65 නු ඹ යි මමයි සිටියත් පෙම් දමින් සො ඳ සො ය යි සතුරො නිතරම අපගෙ ඇද කු ද ක ර යි ඔවුන් නෙවිපත් අපහට නිබ ඳ නු බ යි ල‍ඳේ එනමුත් මගෙ රුවන් ක ඳ

66 මා ත ර ග‍ඟේ රෙදි සෝදන සලෙලු ලිය ඒ ත ර මට සිනිඳුවට ඇඳි සළු පි ලිය ඈ බ ර වැඩකි දැක තමුසෙගෙ දිය කෙ ලිය නා ඹ ර ඉසේ රන ගෝමර සළු නි ලිය

67 දිනු ආදරය හදතුල නැඟ එන වේ ගේ බිහිවන ජවනිකා තව තව ඉහළ නැ ගේ තී තටු සලන විට රන් සමනලිය ව ගේ උස් වෙයි පාත් වෙයි නොයිඳුල් පපුව ම ගේ

68 මිරකත මැණික් පුන්සඳ දිසි කිරණ වැ දී නැලවෙද්දි උකුලෙ මා සිරි ලබා ති දි පාවි සිහින ලොව යලි උඩ යට කිමි දී කිරි සාගරෙන් අම රස නුඹ හොරෙන් අ දී

69 ආලෝකයෙන් කිරි බේරෙ‍න සඳ සොඳු රු සීගිරි පව්ව මත සිතියම් කළෙ කවු රු මාවත දෙපස ලෙලදෙන නිල් තණ පඳු රු පිනි දිය ඉසින වැනි සුලඟට වැ‍නෙන යු රු

70 බය සල සලා ඉගිලෙන රෑන සමන ලේ දැක සොඳුරියෙ වඳිනට යමු සමන්ත ලේ මහදසයෙන් යුතුව වැඳ සිරිපා පතු ලේ තව දවසක් නාමු ගිලි සීතල ගගු ලේ

( 10 )

71 මදහස පප පපා ලැසි ගමනින් හෙමි න තද කර කර බොධිය ඇඳ සාරිය තදි න වද දෙන්නේ ඇයිද සොඳ ළමැදට නොමි න එන දින තව දුරද පවසන් පොඩි නෝ න

72 දැ ත් වනා පිටිපා යන කල ලො ල්ල මා ත් නැටෙනවා දැක ඉහටිය දු ල්ල කා ත් රැවටෙවි දැක්කොත් දැඟලි ල්ල තා ත් තට කියා ලියුවද ලියවි ල්ල

73 තිසා වැවේ පීනන රණහස පැට වෝ තිට සරදම් කරනා සැටියක් දැරු වෝ තී තනි බවට පලකරමින් පැන දිව් වෝ අසබඩ වෙලේ කෙළිනා සැටි බල හා වෝ

74 සී න් ඉඟට ඇඳ සාරිය සුදු පා ට වා න් හැඩට බැඳ කොන්ඩේ සීරුව ට පා න් තරුව මෙන් රූපෙන් දිලි අව ‍ට ආ න් හොඳ කෙනෙක් යනවා පන්සල ට

72 අ ඟ ර දඟර පාමින් කර කොමල හි නා අ ත ර මගක ගිය අඟනක් දැක නෙති නා ක ත ර ගමේ දෙවියනි මට සිදු හට නා අ ත ර මං වෙලා අයියෝ වල් වැදු නා

76 බැ ඳ ලා අදර නුඹ වෙත මිසිනෝනා ම ම උ සු ලා ගෙන ඉඳිමි ‍සිත පත් දුක් තව ම නි ම ලා බසක් නොලදොත් නුඹගෙන් වහ ම පැ න ලා කැළණි ගඟ මැද්දට වෙමි උරු ම

77 හ මු වු න දිනේ සිට වැස ඉඳ කොමල ක ර ම ගෙ ම න පිනෙව් සුරතලියේ නිරන් ත ර නු ඹෙ ප න මටයි මගෙ පන නුඹටයි බා ර ම ම වෙ න ‍කතෙක් නොපතන බව දනු සොඳු ර

78 බැ බ ලී දිලෙන අහසේ පුන් සඳ ලෙස ට කොම ලී බසින් මා සිත අරගත් රුව ට එ ම ලී නෝනො නුඹ දැකලා සැනසෙන් ට ඉ ගි ලී ‍එමි පනේ මම දැන් ඉක්මන ට


( 11 )

79 බො රු එපා පනේ ඔය හැටි දොඩන්න ට ක රු මයක් තමයි පලදුන්නේ දැන ට උ රු මයක් උනේ තනියම නිදන්න ට කෙ රු මෙ හොඳ නිසයි යෝදියෙ මෙම හ ට

80 හි න් බඳට පෙති ගෝමර මල් ඉසු න හී න් මැණිකෙ දුටු සැටියේ මගෙ නෙති න කා න් දමට යකඩය ඇදෙනා ලෙසි න මේ න් හනික මා සිත නුඹ වෙත බැඳු න

81 සා ග රේ බැරිය පීනා ගොඩ ය න්ට මේ ව රේ බැරිය පත් දුක ඉවස න්ට මා කෙ රේ ඇතොත් සෙනෙහස එක් වෙ න්ට ම මි තු රේ දෙන්න වදනක් සැනසෙ න්ට

82 ම ල ක් උනොත් එතනට බඹරුන් එන වා ලි ඳ ක් උනොත් කවුරුත් එහි දිය බොන වා ග ල ක් උ‍නත් හද මෙදුකට උණු වෙන වා ලි ය ක් අනේ තවමත් මා හඬවන වා

83 තුඩු දෙන්නේ වන බඹරා මල හෙමි න් හැඩ වෙන්නේ මල එනිසයි පුබුදු වෙමි න් දෙ ගුරුන්නේ සිත් නෙතලා මොඩ කමි න් නැලවෙන්නේ දෝ අප නිවසට ඇවිදි න්

84 අ රු ණ දිසි කිරණ වත පුන්සඳ සෝ මි කු ර ණ පලාතේ උන් ලිය මද කා මි ප ර ණ දෙයක් සිහිවී අද මෙහි ආ මී ස ර ණ වෙන්න සතුටුද කියපන් පේ මී

85 ඇ සි ප නේ මොකද ඔය හැටි බීත වෙ ලා ඇ ති හෙ නේ සැබෑනම් නුඹ මට බැඳ ලා නි ව සි නේ පිටව සරණෙට දින කිය ලා දෙ වි ය නේ එන්න මම ඉඳිමි මග බ ලා

86 උ දු ල් ලේ කතෙක් දුටුවෙමි හුරු පුරු දූ නි දැ ල් ලේ යනෙන තැන තැනද නුපුරු දූ වි දි ල් ලේ අයුරු ගසනා වැනිය ල දූ දැ පි ල් ලේ ගියොත් වෙයි ලඳුනට පලු දු


( 12 )

87 කො ම ල හිනාවෙන් තරුණ මත් කර න කැ වි ල ඉනාවක් නිව අදමල් මද න දෙ ම ල ලියක් උනමුත් නුඹ කිරි කප න ම ව ල තබවන්න හොඳ සිව දෙවි බව න

88 ආ ද ර බැඳුන මගෙ රස සූකිරි බෝ ලේ නා ඹ ර වයස අප දෙන්නගෙ හොඳ තා ලේ ආ ද ර බසක් දුන්නොත් ලඳෙ මට මෙක ලේ මා ති ර බසයි සැප දෙනවා මයි දෙවෙ ලේ

89 ප ත් උන මෙදුක බැරි කියලා ‍නිමව න්ට අ ත් උනෙ තනි යහන දැන් මට නිදිය න්ට ස ත් බස කැඩුව මිලිනෝනා දැක ග න්ට ප ත් තිනි දෙවියො හට අයදිමි සැනසෙ න්ට

90 ගී යා මමත රට රටවල ඇවිදින් ට මෙයා කාර අඟනක් නුදුටිමි නොත ට ද යා බර ගුණැති පේමියෙ සැප දෙන් ට පි යා සර කරන් එනවද නැලවෙන් ට

91 කදිමයි උවන කදිමයි පුන් සඳක් බ ඳු කදිමයි මුකය කදිමයි දත් සුදෝ සු දු කදිමයි වයස කදිමයි දෙන්නම සුමු දු කදිමයි ‍ල‍ඳේ දෙන්නකො හාදුවක් හු දු

92 ඉ ද ලා එක්ව රන්රස ලෙස අපි දෙන් නා හැ ර ලා මාව ගියෙ ඇයි එමලින් නෝ නා ක ප ලා මාව දැමුවත් දෙගුරුන් දෙන් නා බ ල ලා යන්ට එමි දවසක සුදු නෝ නා

93 රන් බඳේ ඉසුනු පෙති ගෝමර ස න්දා මම් ල‍ඳේ බැන්දෙ බොට ආලය න න්දා දැන් ‍ව‍ඳේ විඳිමි නොමි දැක දෙනෙති න්දා මම ලඳේ ඔඹව කාරෙව ගමි කැ න්දා




( 13 )

94 දු ටු දා පටන් නුඹ වෙත මම බැඳි ආලේ සැ ම දා රකිමි මගෙ පන මෙන් සැම වේලේ ක ව දා ඇවිත් මා සනසා සිතු ලීලේ ලැ ම දා නැගුනු ගිනි නිවනුද කිය බාලේ

95 ලැ ම රණ හස පැටියන් ගන කඩින් බැ ඳ බැ ම දෙක නගා ඉඟි මරමින් ඇසින් සො ඳ ලැ ම මත අත තබා ගඟ දිය කෙළින අ ද කොම ලිගෙ හිනාවට මා සිත බැඳුනි සෙ ද

96 වෙ ලා මුල සිටින් අඟවන තුරු හොඳ ට මු ලා වෙන් නොසිට සිත ක‍රගෙන සතු ට හෙ ලා මුටු කඳුළු නුඹෙ නොදැනුම් කම ට බ ලා පන් ල‍ඳේ අවගති හැර දුර ට

97 දුකක් නුඹට දී යම් කිසි සැපතක ට මගක් මම නාබැළුවෙමි දිවි රකින්න ට කලක් හොඳ කලක් නරකක් එකවෙක ට අට ක් ලෝ දහම ලෙස පැමිණෙයි සැම ට

98 එ‍ ලෙ සා මගෙ මෙකාලය නරක බැව් ප නේ ප ව සා ඇත දැනුන ලෙස ඉසි බස ලෙසි නේ කෙ ලෙ සා අන් කමක් නුඹ සිතුමුත් මෙව නේ ස හ සා මම දනිමි මගෙ ලිය නුඹය අ නේ

99 කි සි දු ක ක් නුඹට දී ලබනා ඉසු ර කෙ ල පි ඩ ක් විලසවත් නොතකිමි සොඳු ර ප ඬි බ ස ක් උගත් අය ලෝදන අතු ර හො ඳ රු ක ක් දුලබ මෙනි ගන වන අත ර

100 සො බ ම න් පියො බඳිනි මා මනනුවන් සැ ඳු ස තො සි න් මවෙත එව් පත පෙර ලෙස පුරු දු වි ග සි න් රැහෙන කියවා බලමින් යලි දු අ ස දැ න් ම බස සිත තොස වඩවන සුමු දු




( 14 )

101 දී ම ට මගෙ සිරස වෙන්කර නුඹෙ නම ට නෑ ම ට කිසි දිනක සැකයක් කිසිම වි ට ලෝකෙට අප දෙදෙනගේ බරනම් දැන ට කී ම ට උවම් නැත මහමෙර කුඩා කො ට

102 සි තු න ම රෝස මල සිඹින්ට මගෙ නෝ න එ වි ට ම මම තබමි මගෙ වත නුඹෙ මු න ඇ සු න ම නුඹේ නද කොවුලන් පසු බා න ම ම හෙ ම සුර සැපත නොපතමි අනු මා න

103 පි රි ක ම ලා ලියවන් තුනුරුවන් පා න යො වු න ක ලා රඟ දෙන රති ලිය නූ න ව ය ස බ ලා පිය පිය රොසලින් නෝ න ක ම ලා බ ලා පල කිම නුඹෙ මිස මූ න

104 ය න කා ලේ මින් සැම අන් බව වෙත මා සු ර ආ ලේ වත් දුක් ගෙන දෙයි තොප මා හැ ම කා ලේ මව තොස ගෙන දෙන ජෙ මා ගි ය කා ලේ කළ පිනකින් නුඹ දැකු මා

105 සි තෙ නා කලට නුඹෙ ගුණ ගන රම නීය පැ ලෙ නා මෙමගෙ හදවත පිය කල කීය එ මෙ නා නුඹට සිතෙනෙත් පිය කය නීය සෙ ද නා මෙ නුඹ අහසින් එත සිතෙ නිය

106 ක රු‍ මේ මේ අප දෙදෙනා ලං නොවන්න ට යෙ දු මේ විනය හතුරෝ කැල විටින් වි ට ද රු මේ ව ට ගිය මේ කලියුගේ කො ට කො හො මේ යමක් කරන්නේ යුතු අන්දම ට

207 එ න වා මෙ නුඹ දින දින සුර ල‍ඳේ ලෙදේ ඳ න වා එ සී වෙනකොට පියො බ‍ඳේ හ දේ කැ ඳ වා මෙ නුඹ ලැබුනොත් සිටිනුදේ න දේ මො නවා උන නමුත් මට උඹ හො‍ඳේ ලදේ




( 15 )

108 ම ද ම ද සිනාවෙන් යුත් මුව සිරි දැ රිය ස ඳ බ ඳ උවන සියගන සුරගන ස රිය න ද න ද සලෙල තොසකළ නුඹෙ වත පි රිය වෙ ද ඉ ඳ සිඹින ලෙස මගෙ පිය ආද රිය

109 උ ව නා සිඹ දෙඅත ලංකර ගෙල වැල ඳ ර සි නා අම රසින් රස බස් දී බොල ඳ සි ටි නා මිස මෙ නුඹ වෙත සුර සැප පබ ඳ ප ත නා අය සිතමි මහ මෝඩයක ත ඳ

110 ස රා සඳ සිදිසි නුඹෙ සිරි රැඳි මූ න ද රා මව සිටිනු බැරි දුටු විට පී න ත රා සර අදර සලෙලුන් සිතු පා න හැ රා මට සැපත කිම නුඹ මිසි නෝ න

111 පා නා නිබඳ දෙඇසින් මඳලස බැල්ම ගී නා දයට නයිටින්ගෙල් වන් ඇල්ම මා නා දික කඳුනි ඉවතට වැඩි බැල්ම පා නා කිම කරුණ නැතිවද මට ඇල්ම

112 පු න් ස ඳ උවන නෙතු නිළුපුල් සරි රම නී ර න් ක ඳ විලස දිසි සලෙළුන් තොස වඩ නී පෙ ම් බැ ඳ මේ නුඹ වෙත නිවසන එක හිති නී දැ න් ව ද මෙමට දෙනු කිම යහපත් ලඳු නී

113 සි තා මම උනිමි නුඹ ලැබෙන තුරු අනේ ක තා වක් පමණ නැත නු‍ඹගෙ අප ගැ නේ ව තා වත් කරන ලෙස මෙ නුඹ මතු දි නේ සි තා වත් සිටිද කිසිවෙකුට මගෙ ප නේ

114 සි තු ව ත් සිතුව දේ හරි හැටි සිදු ව න්න යු තු ව ත් යුතු නැතිමය පින් ‍මදයෙ න්න පැ තු ව ත් දැන් මාගෙන් නුඹ වෙන් වෙ න්න ම තු ව ත් මට නුඹමයි හොඳ එක් වෙ න්න




( 16 )

115 බ ල න ට සතුට මල් නැත නුඹෙ වතට ස රි සි ඹි න ට කුසුම් ලොව නැත මුව වැනි අසි රි මෙ දු ක ට හෙලා මා වැනි පෙම්වතෙක් පි රි ස තු ට ට පත්ව නුඹ සිටිනෙකවද අසි රි

116 ත න වා මමන කොඳ හිර ලෙද වතිනි න දේ ය න වා මෙනුඹ දැන් දැන් ගරු නොකර හ දේ වෙ න වා පෙර කරුම මෙම අත්බැවේ සො ඳේ දෙ න වා මපන නුඹ වෙනුවට දිනක ල ‍ඳේ

117 ස බා බස රකින සිය දිවි ළෙසින් තු ට ප බා ගුණ රඳන මා ගැන විටින් වි ට වි බා කිසි නැතුව අසතුටු වියෙන් ඉ ට ත බා පණ මොටද නුඹ නැතිවිනම් ම ට

118 ග ති නා ක නා ලිය දිනුගමන නාලිය ත ති නා ර නා තැඹිලිය පරද නාලිය ප වි නා මෙ නා නුඹෙ සිත මවෙත නෑලිය එ යි නා ත නා සිටිනෙමි කඳුලෙ නාලිය

119 දි න දි න නුඹට දෙන සුමිහිරි බස් පී න හෙ න සෙ න විලස නුඹ සලකන බැව් පේ න අ ම මෙ න් නු‍ඹගෙ බස් මා සලකන මා න ඉ ති කි න මෙමට පවසන් රොස්ලින් නෝ න



—— සිද්ධිරස්තු ——

"https://si.wikibooks.org/w/index.php?title=කොමල_හිනාව&oldid=5534" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි