කෝකිල සන්දේශය-අරුත් වියකන-iii
101 යන බිඟු දැල් ඉඳු ළපලු විදු ළෙල
පිපි මන කල් පිය ඟඳ කුමුදු කොක වැළ
රුදු ගණ තුල් ගන සා තුඟු වන ගහළ
දැකැ හැම කල් රඟ දෙති මියුරු ගිරි කුළ
101 යන බිතු දැල් ඉඳු සැව්, ළපලු ලෙළ විඳු, පිපි මන කල් පිය ගඳ කුමුදු කොක වුළ රුදු ගණ තුල් ගන සා තුගු ගහළ දැකැ මියුරු ගිරි කුළැ හැම කල් රඟ දෙති. අරුත් වියකන (පියඹා) ගමනේ යෙදුනු මී මැසි සමූහයා නැමැති දේ දුනු ඇති, ළා දළු නැමැති ළෙලන විදුලිය ඇති, පිපුණා වූ, සිත් ඇදගන්නා සුවඳින් යුත් කුමුදු මල් නැමැති කොක් පෙළ ඇති මහත් වූ වැහි වලාවක් බඳු කැලෑ කැටිය දක්මින් මොනරු ගල් මුදුන් හි සිටැ සියලු විටැ නැටුම් කෙරෙත්.
මොනරු වැස්සට පිය වෙත්, වැසි වලා දක්නා විටැ ඌ තුමූ එ හෙයින් සතුටට පත් වෙති. සතුට ඇති වූ විටැ ගල් කුළු මතැ සිටැ නටති. ‘වහරේ කලැ මොනර තුටු වන මෙන් කෙකා කැර’
යැයි කීයේ ද එ හෙයිනි. උතුරු කළුතරටත් පොතු පිටියටත් අතරේ අද ‘වස් කඩුව’ යන නමින් පසිඳු පියෙස එදා වන ගැටයෙකි. එය වැසි වලාවක් බඳුයි. වන ගැටයේ දැල් බැදෑ සරන මී මැස්සෝ වෙති. එ මී මැසි දැල් වැසි වලාවේ දේදුනු බඳුයි. වන ගැටයේ ළා දළු ඇත්තේයි ඒ දළු වැහි වලාවේ ලෙළ දෙන විදුලිය බඳුයි. වන ගැටයේ පිපුණු, සිත් කලු සවඳ වහන කුමුදු මල් ඇති. ඒ මල් වැසි වලා ඇති විටර පියඹා යන කෙනෙකුන් පෙළ බඳුයි. එ හෙයින් මී මැස්සන් දැල් බැඳැ සරන, ළපලු සැලෙන, කුමුදු මල් ඇති වන ගැටය දක්නා මොනරු දේදුනු ඇති, විදුලිය ලෙළෙන, කොක් පෙළ සහිත වැහි වලාවෙකැයි තුටු වී ගල් කුළු මනැ නැගී යිටැ නැටුම් දක්වති.
වන ගැටය බෙහෙවින් සිය බසෙහි සදහන් වන්නේ ‘වන ගළ’ යන්නෙනි. මෙහි ‘ගහළ’ යනු එ පිණිසැ යොදා ඇති. ‘ගහළ’ යනු බෙහෙවින් ‘කසළ’ යන අරුතෙහි යෙදෙන්නේ. එ හෙත් පර බසෙහි ‘මහපණ’ ලකුණ සිය බසෙහි ‘හ’ යන්න හෙයන් ‘ඝට’ යන්න ‘ගහළ’ යි යෙදුවාට අපට දොස් නො නැගියැ හැකිය.
ධම් = දහම් ධාරා = දහරා ඣාන = දැහැන ඵාසු = පහසු
ඈ විමසා බලනු යෙදේ.
102 දි ගු රා වයෙන් නැගි තුගු ගණ කුළු සැටිය ව ගු රා ගත මූණ වැකි ගණ ගුරු මැටිය ගු ගු රා පොරට තැනැ තැනැ ගව රළ සිටිය ඉ ඳු රා බලන් සබදිනි සිටැ පොතුපිටිය
102. සබඳිනි, දිගු රාවයෙන් නැගි තුගු ගණ කුළු සැටි (ය), ගතැ, මුනැ වැකි ගණ ගුරු මැටි(ය) වගුරා, ගව රල පොරට ගුගුරා තැනැ තැනැ සිටිය පොතුපිටිය සිටැ ඉඳුරා බලන්.
යහළුව, දික් වූ ගැජුමෙන් හෙවත් දිගින් දිගට ගිගිරීම් සහිත වැ නැඟුණා වූ උස් වූ වැහි වලා කුළු බඳු, ඇගේ, මූණේ තැවැරුණු ගුරු පැහැ මැටි වගුරවමින් ගොනුන් රංචුව පොර ඇනැ ගැනීමට තෙපුල් ලමින් සිටින්නා වූ පොතුපිටිය (එහි) නැවැතී හරි හැටි දකින්නැ. පොතු පිටිය ගවයන් බහුල ගම් පියෙසක් බව:- ‘මෙ වන් ගොපලු අඟනන් දකු පොතු පිටිය’ යන පරෙවි අසුන් කරුන්ගේ පැවැසීමෙන් ද, ‘බැ දැ ලා ගවයන් වෙතැ ගව පලු ලිය සිටිය නො බ ලා මිතුර යාගන් මග පොතුපිටිය යන ගිරා අසුන් කරුවන් ගේ වැනුමෙන් ද පෙනී යයි.
103 බෝකර සුවඳ ගෑ තන රන් පාණයුරේ සේකර අඩෙව් දඝ නෙත් මද බාණයුරේ ආකර වන් ළදුන් රදනා පාණදුරේ යාකර මිතුරු දැකැ ඉදැ මල් මූණතුරේ
103. බෝ කැරැ සුවඳ ගෑ තන රන් පාණ යුරු, සේකර අඪ එව් දළ, නෙත් මද බාණ අයුරු ළදුන් රදනා ආකර වන් පාණදුරේ මූණ මල් තුරේ ඉදැ දැකැ යා කර.
යහළුව, බොහෝ කොටැ සුවඳ (සුනු) ගැල්ලූ නත රන් ගල් වැනි වූ,අඩ සඳ වැනි නළල ඇති, ඇස් මල් සරාගේ දුන්න වැනි වූ ගෑනුන් ගැවැසෙන ආකාරයක් වැනි වූ පාණදුරය මූණමල් ගසේ ඉඳැ දක්මින් ගමන් කරන්නැ.
පාණදුරය ගෑනු ආකරයක් බඳුයි. එහි ගෑනුන් ගේ තන රන් ගල් බඳුයි හෙවත් රන් වන් වැ ඉතා දැඩි වැ ඇත්තේයි. අඩ සඳ වැනියි උන් ගේ නළල. උන් ගේ ඇස් මල් සරා ගේ දුන්න වැනියි. ඌ නිතින් එ පුරේ සරති. එ හැටි පාණදුරය මූණ මල් ගසෙකැ ඉදැ බලා යන්ටයි ඒ කීයේ.
පාණයුරේ = පාණ අයුරේ බාණයුරේ = බාණ අයුරේ අඩෙව් = අඩ එව්
පාණයුරේ (පාන අයුරු), බාණයුරේ (බාණ අයුරු), මල මූණ තුරේ (මූණ මල් තුරේ) යන සියල්ල එළි විකාරයි. පාණදුරය යනු වෙණද තොටමුණ යන අරත දෙයි.
104 එ ක් වැ ලොබින් සි පා කැරැ වලා පෙළ දු ක් වැ නො යා හි සිටියා මෙන් වෙලළ ලක්සපතිය නමි පොල් උයන සුලකළ දැ ක් කා හැකි යැ මඳ තන් ගිය එයිනි’ගිළ
104. එයින් ඉගිළැ මඳ තැන් ගිය, වලා පෙළ එක් වැ, ලොබින් සිදු පා කැරැ, නො යා හි දුක් වැ වෙලළැ සිටියා මෙන් (පෙනෙන) සලකළ ලක්සපනීය නම් පොල් උයන දැක්කැ හැකියැ. එයින් (එ නම්, පාණදුරේ මූණ මල් ගසින් පියඹා මදක් දුරට ගියාම වලා සමූහය එක් තන් වී හෙවත් එකතු වී මද බිමෙන් (බඩ බර වැ) යා ගන්නට බැරි වැ දුක් වෙමින් වෙරළේ රැදී සිටියා සේ පෙනෙන, ලක්සපතිය නම් වූ මනා සේ සදන ලද පොල්වත්ත දැක්කැ හැකියවයි. ගිරා අසුන් කරුවෝ මේ පොල් උයනේ නම සදහන් නො කොටැ:-
‘ස බ ඳ මඳක් තන් ගිය මඟ දකුණු පසේ වි හි ද තිබෙන වලු බර පොල් උයන් රැසේ නොමඳ තරඟ පහරට බිය වැ නො කමසේ මු හු ද කැලුම් රැස් වු වැන්නැ වෙරළසේ’ යැයි එ ඇති බව පවසති.
එයිනිගිළ = එයින් ඉගිළ 105 ගෙනැ තෙළුන් සිටිනා- ගොපලු ලිය තුනු එළියේ මෙනැ සෝ අදුරු දුරු කරැ- දැකැ යව මොරටුඑළියේ
105. තෙළුන් ගෙනැ සිටිනා මොරටු එළියේ ගොපලු ලිය දැකැ තුනු එළියේ මෙනැ සෝ අදුරු දුරු කැරැ යව.
වස්සන් ඇරැ ගෙනැ සිටිනා වූ, මොරටු එළියේ ගව පල් අඟනුන් දක්මින් ඔවුන් ගේ සිරුරින් නික්මෙන කැලුමෙන් සිතේ සොව නැමැති අදුර දුරු කෙරෙමින් යන්නැ.
මොරටු එළිය ද පොතු පිටිය සේ මැ ගොපලු අඟනන් ගැවැසෙන පියෙසක් බව තිසර, ගිරා අසුන් කරුවෝ ද කියති. ‘ගෙරි කවමින් යනෙන ගොපලු අඟනන් ගේ තුනු එළියේ................. මොරටුව එළියේ’ යැයි තිසර අසුන් කරවෝ කියති.
අරුත් වියකන ‘පළෑ පළෑ පොරැනැ යන ගව මී රළ ගිගිළියෙන් ගවපල් කෙළින කෙළියෙන් යව ඉට් මොරටු එළියෙන්’ යනු කියත් ගිරා අසුන් කරුවෝ.
106 ග ත් දැඩි නූ මොළකැටි මල් දම් ලෙසින අ ත් පොඩි උඩ නඟමින් ළතඹුරු සිරින ම ත් වැඩි ලෙසැ ලිය ගී කියන රැවුවෙන අ ත් තිඩියේ සිටැ අසමින් යා සෙමෙන
106 දැඩි නු, මල් දම් ලෙසින් මොළකැටි ගත් (ඇති) ලිය, ළ තඹරු සිරින් අත් පොඩි උඩ නගමින් රැවුටවන මත් වැඩි ලෙසැ කියන ගී අත්තිඩියේ සිටැ අසමින් සෙමෙන් යා.
තද ගුණයක් නැති, මල් මාලා සෙයින් මෙළෙක් සිරුර ඇත් අඟනන් ළා නෙළුමි මල් සෙයින් අත් සිඟිති ඔසව ඔසවා හෙවත් උඩ නඟමින් රාවය නඟමින් (නැත්නම් නද පතුරුවමින්) දිගට ඇදැලා ගයන ගී අත්තිඩියේ රැඳී අසා සෙමෙන් සිටැ යව.
අත්තිඩිය සදහන අසුන් කරුවන් සඳහන් කරන්නේ එහි අඟනුන් ගී ගැයිමේ සමත් බවයි. නූ = නුවූ
22 රැදුම් (5)
107 ස ද දළ දළැසින් විසුරුණු සමානේ ස ද දෙව් දල පැළඹරැ දිසි මහානේ වැ ද නිදි ගන්ට සහයුරු වෙළපි යානේ සෙ ද නුඹ වඩිත් වෙහෙරට පැපිළියානේ
107. සද දළ ඇසින් විසුරුණු දළ සමානේ පැළ අඹර දිසි නේ සඳ දෙව් දල මහා, සහයුරු වෙළපි යානේ වැඳ නිදි ගන්ට නුඹ පැපිළියානේ වෙහෙරට සෙද වඩින්. මහ ඉසුරා ගේ නළල් ඇසින් පැතිරී ගිය ගින්න වැනි වැ බට ගිරි අහසේ පෙනුණු බොහෝ වූ සැඳෑ වලා බලා මී අඹ අතු බළ නැමැති ඇිඳේ වැදී නිදා ගන්නට ඔබ පැපිළියානේ හවහෙරට ඉක්මණින් යහපත් වන්නැ.
දළෙහි හෙවත් ජටායෙහි (අඩ) සඳ බඳිනුයේ මහ ඉසුරු දෙවියාට සඳ දළ යනු නමෙකි. ඔහු ගේ නළල මැද ඇතියි යෙන ඇසටයි ‘දළ ඇස’ යන නම කියන්නේ. කිපියා වූ මහ ඉසුරා එ ඇස ඇරැ බැලුව හොත් එයින් නිකුත් වන ගින්න තුන් ලොව මැ දවා අළු කරන පමණ වෙයි. ඒ ගින්නෙන් තමා මල් සරා දවා අළු කරන ලද්දේ (කු: ස:). සැදෑවට බට ගිරි අහසේ නො එක් වලා පෙනෙනු දහමි. ඒ වලා ගිනි පෑයෙන් යුත් වන බැවින් මෙහෙයුරාගේ නළල් ඇසින් පැතිරී ගිය ගින්න සමාන යැයි මෙහි කියන ලදී.
‘ අ ව ර අඳුරු මෙහෙසුරු රිවි දළ නෙතින නො හැ ර දිනත දින මින් දදහු වෙසෙසින පැ ති ර නැගුණු නල සිළු ගින් රොන් ලෙසින එ ත ර පෙනේ සද වෙලැ තුරු මඳ මදින’
යැයි ගිරා අසුන් කරුවෝ මේ මැ වැඩි විසිතුරට පවසති. ‘දෙව්’ යන්න මෙහි දී දෙන්නේ ‘වලා’ යන අරුතයි. පැපිළියානේ වෙහෙර අසැ මී අඹ රුකෙකි ගිරවාට ද යහන් තන් (නිදා ගන්නා තැන) වූයේ. ‘වෙළප’ නම් අතු බෙදුණු තැනැ බළය යි. දෙ බළ තුන් බළ ඈ නො එක් බළ රුක් හි ඇති.
දළැසින = දළ ඇසින පැළඹරැ = පැළ අඹරැ
23 නික්මුම් (5) 108 නි සා ලිය වියො වැ හැරැ තුරු පිරිවරද නි සා කර සොවින් එකකි වැ මැ ගිය සඳ ර සා යන නුවන් රූ සිරි සර සබඳ ල සා නො වැ ගසින් බසමින් හද පැහැද
අරුත් වියකන 108. නිසා ලිය වියෙ වැ නිසා කර සොවින් තුරු පිරිවර ද හැරැ එකකි වැ මැ ගිය සඳෑ, නුවන් රසායන රූ සිරි සර සබඳ අද පැහැදු ලයා නො වැ ගසින් බසිමින්-
රැය නැමැති අඟන වෙන් වීම නිසා සද ශෝකයට පත් වැ තරු නැමැති පිරිවරත් හැරැ දමා තනි වැ මැ ගියාම ඇසට රස අදුන් වූ රු සපතින් සරු යහළුව සිතේ පහන් බව (පැහැදීම) ඇති කොටැ ගෙනැ නො පමා වැ ගසින් බැසැ-
මෙහි රැය අඹුව හැටියට ද සද ඇගේ හිමියා හැටියට ද සලකවන ලදී.
24 වෙහෙර වැනුම් 109 රම් රදුට දිනිතිය-නකාසොලිඳු දූ රදු මෙන
පියකරු නව සඳෙව් සත නමදින වෙසස සිය ගුරු බිසෝ හිමි සද නමිනි නිසි ලෙස
අප පැරකුම් නුරිදු කැරැවු සොඳුරු වෙහෙරෙහි විසිතුරු සිරින් සපිරුණු මුනි මැඳුරතට මමිතුරු පිවිසැ මතු වන ලෙසැ නිවන තට
බි ඳැ ම න් වසවතු ගෙ බෝ මුලෙහි වැඩැ හිඳ ස ඳ ව න් යස සපිරූ දියතැ හැම සඳ දි ව ම න් මුනිඳු දුටු මෙන් ඒ මුනිඳු සඳ බැ ති යෙ න් නමඳු ම මිතුර තුන් සිත පැහැද
109. රම් රඳුට දිනිතිය, කොසොලිඳු දු රදු මෙන යත වෙසෙස නමදින පියකරු නව සද එව්, සිය ගුරු බිසෝ හිමි සඳ නමිනි, අප පැරකුම් නිරිඳු නිසි ලෙසැ කැරැ වූ, සොඳුරු වෙහෙරෙහි, විසිතුරු සිරින් සපිරුණු මුනි මැඳුරතට, ම මිතුරු පිවිසැ මතු තට නිවන වන ලෙසැ, බෝ මුලෙහි වැඩැ හිදැ වසවතු ගෙ මන් බිඳැ යසස ඇම සදැ දිගත සපිරු සද වන් ඒ මුනිඳු සද, දිවිමන් මුනිඳු දුටු මෙන් තුන් සිත පැහැද වැතිරැ නමදු.
රම් (රාම) රජුට මව වූ, කොසොල් රජු ගේ දූ කුමරිය මෙන් වූ, මිනිසුන් විශේෂයෙන් නැමැදීම කරන්නා වූ අලුත් සද වැනි වූ, තමා ගේ මව වන බිසෝ හිමි තුමන් නමිනු අපේ පැරකුම් රජු සුදුසු වන පරිද්දෙන් කැරැ වූ මනා වූ හෙවත් සොද වෙහෙරේ තනා සිතියම් සිරියෙන් සම්පූර්ණ බුදු ගෙට මගේ යහළුව (ඔබ) ඇතුළුවී, එන දවසේ ඔබට නිවන අත් වන නියායෙන්- බෝ ගසැ මුලැ වැඩැ හිඳිමින් වසවතා ගේ එඩි බිඳැ, යසස සියලු කල්හි දිසා කෙළවරට පතුරුවා හළ, බුදුන් දුටුවා සේ තුනු සිත පහදවා බිම වැතිරී නැමැදීම කරව.
එ කීයේ පැපිළියානේ වෙහෙරෙහි බුදු ගෙය තුළට වැදී පණ පිටින් වැඩැ හිඳිනා බුදුන් දුටුවා මෙන් ආදි, මධ්ය , අවසාන යන තන් සිත පහදවා ගෙනැ බුදු පිළිමය වඳිනටයි.
සඳ දිසා කෙළවරට මැ එළිය පතුරවයි. සිය යසස දිසා කෙළවරට මැ පතුලවා හළ බුදු රජ තෙමේ එළිය දිසා කෙළවරට පතුරුවන සද වැනියි. යසස සද එළිය බඳුයි. බුදු රජුන් යසස දිසා කෙළවරට පතුරවා හැරැ වදාළේ බෝ ගස මුලැ වැඩැ හිදැ වසවතු ගේ එඩිය බිඳැ හැරීමෙනි.
බුදු ගෙට වැදි එහි බුදු පිළිමය වඳින්නේ මතු එන දවසෙ නිවන අත් වනු සඳහා යි.
ඒ බුදු ගෙය පැපිළියානේ වෙහෙරේ ඇති එකෙකි. පැපිළියානේ වෙහෙර කරැවූයේ අපේ පැරකුම්බා රජ තෙමෙයි. එ රජු එ වෙහෙර කැරැ වුයේ තමා ගේ මව් බිසොවුන් ගේ නමිනි.
අරුත් වියකන
ඒ මව් බිසෝ තුමා විශේෂයෙන් මිනිසුන් විසින් නමඳිනු ලබන අලුත් හඳ වැනිය. එ සෙයින් මැ පිය කරුයි. එ සෙයින් මැ රාම රජු ගේ මව් වැනිය. රාම රජු ගේ මව නම් කොසොල් රජ ගේ දූ කුමරියයි.
පැරැකුම්බා රජු ගේ මව රාම රජුට මව වූ කොසොල් රජ දුව බඳු යැයි කීමෙන් පැරැකුම්බා රජු රාම රජු බඳු වන බව ඉබේ මැ පළ වෙයි.
‘රම් රජු ට දිනිතිය-කොසොල්ඳු දු රදු මෙන’ යනු තව ද හොබවා:-
‘දිනිතිය දිවයුරට-අදිතිය අයුරු රිවි කුලැ’ යැයි කියති ගිරා අසුන් කරුවෝ. එහි දී පැරැකුම්බා රජ තෙමේ ‘හිරු’ බදු වෙයි.
පැරැකුම්බා රජු මව් බිසොවුන් නමින් කැරැවූයේ එහි වෙහෙර නො වැ පිරිවෙන යැයි සලකන්නට සිදුවෙයි පරෙවි අසුන් කරුවන්ගේ:-
‘සිය ගුරු බිසෝ හිමි සඳ නමිනි පිරිවෙතක් කරවා පැපිළියානෙහි මහ සඟන නොයෙක්’ යන පවන ගැනැ සිතන විටැ.
රාවණ රජු විසින් ලක් දිවට ගෙනැ එන ලද සිතා කුමරිය ගේ හිමියා වූ රාම රජු ගේ පුවත ඉතා පසිදු එකෙකි.එ රාම රජු ගේ පියා අයෝධ්යා දේශයේ දශ රථ රජ තෙමේයි. මව කොසොල් රජු ගේ දූ තෙමෝයි. එ හෙයින් ඇයට ‘කෞශල්යාම’ යන පැවැසේ.
‘කොසොලිඳු දු රදු’ යනු නිවර ද වතු දු මනරම් යෙදුමෙක් නො වේ.
(6) පැරැකුම්බා රජු ගේ මව ඇගේ නමින් අසුන් කව්හි සඳහන් නොවේ. එ හෙත් පිරවනේ නමිනුත්:-
‘කාලිංගදේශ සඤ්ජාත භූමිපාලකුලෝදීභවා සනේත්රාී නාම දේවි සා පරාක්රලමභුජාං ප්ර්ස්රැස’ යන්නෙනුත් ඇගේ නම ‘සුනේත්රාර’ යැයි දත හැකි වෙයි.
කොසොලිදු = කෙසොල් ඉඳු සඳෙව් = සඳ එව්
110 න න් දද නිසර තුඟු කඳු පෙළ තරඟ වැළ ස න් පැහැ දළු පබළු ගණ පත් සිලිලුතුළ මෙ න් මිනකර බබළන දුමිඳුන් ලකළ ම න් තොස වෙමින් නමඳුව දෙනුව මන දොළ
110. නන් දද නියර, තුඟු කඳු පෙළ තරඟ වැළ, පැහැ සන් දළු පබළ, ගන පත් සිලිල් උතුළ මන අකර මෙන් බබළන ලකළ දුමිඳුන් මන දොළ දෙනුව මන් තොස වෙමින් නමදුව.
නො එක් (වගේ) කුරුල්ලන් (කොඩි හෝ) නැමැති මසුන් ඇති, උසු වූ කඳන් පෙළ නැමැති රළ පෙළ ඇති, පැහැයෙන් යුත් දළු නැමැති පබළු ඇති, ගහන වූ කොළ නමැති දිය උතුරන මූද වැනි (බෝ) රුක් රජුන් සිතේ අදහස සපුරා දෙනු පිණිසැ සිත තුටින් නමදින්නැ.
පැපිළියානේ වෙහෙරෙහි ඇති බෝ රුක මූද බඳුයි. මූදේ මස්සු ගැවැසෙති. බෝ රුකේ නෙ එක් වගේ කුරුල්ලෝ වෙති, තැන් නම් නො එක් වගේ කොඩි එල්ලා ඇති. මූදේ නැගෙන්නා වූ රළ පන්ති ඇති, බෝ රුකේ උස් වූ කඳන් (මේ කියන්නේ අතු කඳන් යැ) පෙළ ඇති, මූදේ පබළු ඇත්තේයි, බෝ රුකේ පැහැ පත් දළු ඇති, මූදේ දිය පිරි ඇති, බෝ රුකේ ඒ වෙනුවට ගන සැරේට කොළ ගැවැසී ඇත්තේයි.
දියෙහි සරන්නෝ යි මසුනට ‘නිසර’ යන නම් වෙයි.
‘දද’ යනු කොඩි (ධ්වජ) යටද කුරුල්ලා ( ද්විජ) ට ද බමුණාට ද නම් වෙයි.
සිලිලුතුළ = සිලිල් උතුළ මින කර = මිත් අකර දුමිඳුන් = දුම් ඉඳු + උන්
111 එවෙහෙර තඹරකර - සරහන රන තිසර යුරු
බිජු වල් කිරළ සෙමරෙව් සිහි ඇති වෙමින ඇමකල් සිතිල් සිවු පිරිසිදු සිල් රකින
නැණ දිනමිණි රැසින් - තුන් දොස් අඳුරු දුරු කළ PDF 231 සොඳුරු දස සිඳුරු කුඹු තල කන් තළය සිඳුරු සෙමෙර කළ නම තෙද යස දළය
ස ඳ ස ර පත් නො ලගණ මසුරු දිය බිදු නඳ ගුණ මෙත් සිලිලින් පිරි මහ මුහුදු වැද සැතැපෙන් සිත සේ තුර වන් පසිදු වැඳ එ සුනෙත් මහ දෙවි පිරුවන් තෙරිඳු
111. එ වෙහෙර තඹර අකර සරහන රන තිසර අයරු, බිජු වල් (රකින) කිරළ සෙමෙර එවි සිහි ඇති වෙමින් සිවු පිරිසිදු සිල් සිතින් රකිත, නැණ දිනමිණි රැසින් තුන් දොස් අඳුරු දුරු කළා තම දුල (ය) සිඳුරු සෙමෙර කළ, සඳ සර පත් මසුරු දිය බිදු නො ලගණ, නද ගුණ මෙත් සිලිලින් පිරි මහ මුහුඳු, වැදැ සිතැ සේ සැතපෙත් පිසිඳු තුර වන්, එ සුනෙන් මහිදෙවි පිරුවන් තෙරිඳු වැදැ-
එ වෙහෙර නැමති නෙළුම් විල සරහන්නා වූ රන් හසා බඳු වූ, බිජු රක්නා කිරළා, වල රක්නා ාසමෙර මුවා මෙන් මතක ඇති වැ මැ සිවු පිරිසිදු සිල් ඇල්මෙන් රක්නා වූ, තමාගේ බබළන තෙදන් යසසත් මනා වූ දිගු ඇතුන් ෙග් හිසෙඟින් කන් තලයෙහින් ගුරු අලෙවි හා සෙමරත් කළා වූ,
සිත නැමති නෙළුම් කොළයේ මසුරු බව නැමති දිය බින්දු ලැගෙන්නේ (රදා පවත්නේ) නැති, තොස ඇති කරවන ගුණයෙන් යුතු මෙන් (මෛත්රීද) නැමැති දියෙන් පිරුණු සයුරක් බඳු වූ, (සෙවණට) වැදි සිත් සේ සැතැපෙනවා නම් (ඊට) නම් දැරු ගස වැනි, ඒ සුනේත්රා මහා දේවි පිරුවන් නෙරිඳු වැදැ -
ඒ පැපිළියානේ වෙහෙර නෙළුම් විලක් වත් හොත් මේ නෙරිඳු තුමා එ විලට සැරැසිල්ලක් වන රන හංසයා යි. මෙ නෙරිඳු තුමා බිජු රක්නා කිරළා මෙන් සිහි ඇති වැ මැ ඉතා ආසාවෙන් සිවු පිරිසිදු සිල් රක්නේ යැ. ඉරු රසින් අඳුරු දුරු කරන්නා සේ මෙ තුමා තමා ගේ කුඹු තලයේ හෙවත් හිසේ ගුරු තවර සෙයින් සිටි. මෙ තුමාගේ තෙද, එ ඇතුන් ගේ කනේ බැඳි සෙමෙර සෙයින් සැදේ මෙ තුමා ගේ යසස. මෙ තෙරිඳු ගේ සිත නෙළුම් කොළයක් බඳුයි, මසුරු ගුණය දිය බිදු වැනියි. නෙළුම් කොළේ දිය බිඳු නො තැවැරෙත්වා සේ මෙ තුමාගේ සිතේ මසුරු ගුණය නො රඳයි.
මේ තුමා සයුරක් බඳුයි. එ සයුරේ පිරි ඇති දිය තමා සිතට තොස දෙන ගුණයෙන් යුතු මෙත්තාව.
අරුත් වියකන (මරු කතරේ ගමන් කරන්නවුනට සෙවණේ) වැදී සිතේ හැටියට සැතැපීමට ඇති පසිදු රුකක් බඳුයි. මෙ තෙරිඳු තුමා මෙ තුමා සුනේත්රාට මහා දේවි පිරුවනේ අදිපතියා යි. නිරළා මහත් ඇල්මෙහි බිජු රක්නේ. බිජු මතැ අහස බැදැ වැටෙතියි බියන් එ සේ වුව හොත් (බුජු මතැ නො වැටියැ දී) එය රඳවන සිතින් දෙ පස අහසට දිගු කොට එ කෙරෙතියි යෙති. වලට දැඩි ඇල්ම ඇතියෙන් සෙමෙර මුවා වල පඳුරෙකර දැවැටුණ හොත් ඉන් කෙන්දක් සිඳෙතියි බියෙන් නො සැලී සිටිතියි යෙති එයිති ‘බිජු වල් කිරළ සෙමෙරෙව් සිහි ඇති වෙමින .......... රකිනැ’ යි කියේ. මෙ තෙරිඳු තුමා සිටි පිරිසිදු සිල ඇම විටැ සිහි ඇති වැ ආදරයෙන් රක්නේ. කිරළා බිජුන් සෙමෙරා වලත් රක්නා සෙයිනි.
ප්රාාතිමෝක්ෂ සංවර ඉන්ද්රිිය සංවර ආජිව පාරිශුද්ධි ප්රවත්යසයන්තිශ්රීිත යන සතරයි සිවු පිරිසුදු සිල වනුයේ තුන් දොස අඳුර බඳුය. මෙ තුමා ගේ නුවණ ඉරු රස් බඳුයි. ඉරු රස් අඳුර දුරු කරන සෙයින් මෙ තුමා ගේ නුවණ තුන් දොස දුරු කරයි. වෙද සතරේ වා, පින්, සෙම් යැයි දොස් තුනක් ඇතත් මෙහි සැදැහෙන්නේ රාග, ද්වේෂ, මෝහ සහ දොස් තුනයි.
තෙද දිගු ඇතුන් ගේ කුඹු තලැ ගුරු තවරත් යස දිගු ඇතුන් ගේ කන් තලයේ සෙමෙන් වූ බව කීමෙන් අඟවන්නේ තෙදසත් යසසත් දිසා කෙළවරට පැතිරි බවයි.
අට දිගු කෙළවරැ සිටැ ඇතුන් අට දෙනකු මහ පොළොව දරතියි යෙති. ඌ තමා දිගු ඇත්තු.
කොවුල් සඳෙස්
ඵෙරාවණ (පෙර දිගැ) පුණ්ඬරික (අග්නි දිගැ හෙවත් ගිනි කොත) වාමන (දකුණු දිගැ) කුමුද (නිරිත ,, ) අඤ්ජන ( පැළ ,,) පුෂ්පදන්ත ( වයඹ ,,) සාර්වභෞම ( උතුරු ,,) සුපතික (ඉසාන ,,)
යැයි අට තමේකින් ඌ හඳුනවනු ලබති. එ අට ඇතුන් පිටැ පිළිවෙළින් :- ඉන්ද්රත අග්නි යම නිර්සාති වරුණ වායු සෝම ඊසාන යන අට දික් පතියන් ඉඳියි යෙති. තඹරකර = තඹර අකර තිසරයුරු = තිසර අයුරු සෙරෙව් = සෙමරෙ එවි. 112 වෙ හෙ ර අවට සල් සපු නා තුරු මුඳුන ප ව ර පුබුදු මල් මුවරද සුවඳ ගෙන නො හැ ර හමන සිහිලස පවන විඳිමින ම තු ර සොඳින් වැදැ යා ගන් සෙද ගුවන
112. වෙහෙර අවට සල් සපුනා තුරු බඳුනැ, පුබුඳු මල් පවර මුවරඳ සුවඳ නො හැරැ ගෙනැ ගමන සිහිලස පවන විඳිමින් සොඳින් ගුවන වැදැ යෙදින් යාගත්. අරුත් වියකත විහාරය හාත් පස (හෙවත් වටා ඇති පියෙසේ) සල්, සපු, නා ගස් මුඳුනේ පිපුණු සල්හි උතුම් වූ (මල්) පැණිත් පිස ගඳන් මන හරවන්නේ නැති වැ ගන්මින් ගමා බස්නා සිසිල් සුළඟ විදැ වැදැ සුවසේ අහසට නැගි වහා ගමන් ගත්තැ, පැපිළියානේ වෙහෙර වටා සල්, සපු, නා (ඈ) ගස් ඇති. එ ගස් මුඳුනේ මල් පිපී ඇති. මල් පැණි, මලු සුවඳ උතුම් දැයයි. එ දැව එක ගසෙකින් වන් මඟ හරවන්නේ නැති වැ ඇම ගසේ මලින් මැ ගෙනැ සුළඟ හමයි. එ සුවඳ සිසිල් වේ. එ සිහිල් සුළං විඳිසමින් සුවයෙන් යුතු වැ අහසට නැඟි වහා ගමන් ගන්නටයි එ කියේ.
මුඳුනැ = පැදියේ මුද්රනන ගෙනැ = ,, ගෙන විඳිමින් = ,, විඳිමින සියල්ල එළි පෙරැළියි. 113. ගැටියන කැනින් කැනැ වැදැ පවන නැටියන වැටියන සිතින් අඹ ගැළැවෙමිනි නැටියන පැටියන කවා කලඳුන් තුරගැ සැටියන අටි යන දැකැ නො සිටැ යා ගන්නැ යටියන
113. කැනින් කැනැ ගැටි යන පවන නැටි යන අඹ නැටියෙන් ගැලැවෙමිනි වැටි යන සිතින් කලඳුන් පැටියන් කවා තුර අගැ යන සැටි අටියෙන් දැකැ යටියෙනැ නො සිටැ යා ගන්නැ. වල්ලෙන් වල්ලේ හැපෙමින් හමන්නා වූ සුළඟ වැදි නැවැටී යන්නා වූ හෙවත් පැදි යන්නා වූ අඹ නැටියෙන් ගැලැවී වැටී යනවා ඇති යන අදහසින් ලේනුන් පැටියකට (ගොදුරු කවා) ගස් අගැ යන සැටි දක්මින් යටියන නම් ගමේ නො රැදී ගමන් ගන්නැ.
යටියන බොහෝ අඹ ගස් ඇති, එ ගස්හි අඹ කැන් (දික් හැඩේ වලු) ඇත්තේයි. එ අඹ වලුවලැ . ගැටි ගැටි පවන් හමවි. එ පවන් වැදි අඹ ගෙඩි නටැවී යයි හෙවත් පැද වෙයි. ර හෙයින් ඒවා නැටීමෙන් ගැලැවී වැටෙති යි ලේනුනට සැක සිතෙයි. එ විටැ අඹ බුදිමින් තම පැටියන් අඹ වල්ලේ සිටය හොත් ලේන පැටියන් ද එ අඹ ගෙඩි හා මැ වැටෙතියි බියෙන් ලේන්නු පැටියනට ද එ අඹ ගෙඩි හා මැ මුදුන්හි යති, වලු ඇති සරියට නො බැසැ. ඔවුන් දක්මින් යටියන රැඳී නො සිටැ යන්නට යි එ කීයේ.
ගැටි යන = පැදියේ ගැටියන නැටි යන = ,, නැටියන වැටි යන = ,, වැටියන නැටියෙන් = ,, නැටියන පැටියන් = ,, පැටියන අටියෙන් = ,, අටියන
එළි විකාර යි. 114. ලෙළ දුන් මිණි මෙවුල් තරු බර පුළුලුකුළ සොබමින් වළා රැදි දිගු යුවළක් කොමළ පයරන් සලඹ ගඬ යන එන ලියන් කෙළ අසමින් තපියබඳ තද යැයි නො වන් දොළ
114. මිණි මෙවුල් නරු බර ලෙළ දුන් පුළුල් අකුළා සොබමින් වළා රැඳි දිගු, කොමළ යුවළ අත, කෙළැ යන එන ලියන් පයැ රන් සලඹ හඬ අසමින් ත පිය බිඳ නද යැයි දොළ නොවන්. මැණික් සහිත දුවන වස්නා හෙවත් මෙවුල් දමා, බර වූ නෙරිය (නරුපට) ලෙළ දෙන පුළුල් වූ උකුළු පියෙස් ඇති, මොළොක් දික් අත් ඇති ළෙමින් හෙවත් සෙල්ලම් කරමින් යන්නා වූ ගෑනුන් ගේ පයේ රන් සලඹින් නැගෙන හඬ අසා ත ගේ බිරිය ගේ නාදය යැයි ආසා වඩවන්නට එපා.
අරුත් වියත යටියන අසල් පියෙස් ලියෝ මිණි මෙවුලින් සැරැ හුණෝ වෙති., විදෙන ලෙළෙන නරුයෙන් යුතු කොටැ සළු හඳිති. ඔවුන් ගේ උකුළු පුළුල් යැ. අත් දික් යැ, මෙළෙක් යැ, හොබනා වළලු ලා සදන ලද්දේ යැ. පසේ රන් සලඹ ලන්නෝයි. උන් යාම් ඊම් කරන්නේ නට නටායි. නටන විටැ ඔවුන් ගේ පයේ ඇති රන් සලඹින් හඬ නික්මේ. ඒ හඬ අසා තම පිය බඳ ගේ නාදය යැ යන සිතින් දොළ ඇති කොටැ නො ගත යුතු බවයි කොවුලාට කියේ.
සලඹේ හඬ කෙවිල් නද සරිසි මෙ අසුන් කරුවන් කියතුදු ඒ පසිදු පවතෙක් නො වෙයි. සමයයෙහි ‘ හලඹ’ හඬ අසා තම පිය බඳගේ නාදය යැ යන සිතින් දොළ ඇති කොටැ නො ගත යුතු බවයි කොවුලාට කියේ.
‘මිණි සලඹෙහි දිගැස කොලහල අසා රනහස පස්සේ යන විලස උගන්නා වැනි ගමන් එක ලෙස’ යනු සිරි රහල් වදනයි. ‘අප සර ගත් වළලුන් ලා තමන් දගා අප සර ගෙනැ සරමින් නිතොර මුර මහා අප සර ගත් තැනටත් බඳැ දෙති නිගා අප සර වෙති හසඟන පුරඟනන් මහා’
යනු හස් අසුන් කරුවෝ යෙති. ඒ සලකන මේ පැවැසීම් දුබලයි. පුළුලුකුළ = පුළුල් උකුළ යුවළත = යුවළ අත
115. පු ර න සොඳුරු සිල් තෙද දස සතපාය හ ර න දුරට පන් සර මෙන් සරපාය ක ර න පෝය නිති යති ගණ වරපාය දු රි න නො ගොස් දැකැ යන් පස සතපාය
115. ඳුරින නො ගොස් සොඳුරු සිල් පුරන, දස යත පා (ය) තෙද, සරපා (ය) මෙන් පන් සර දුරට හරන, යති ගුණ නිති පෝය කරන වර පාය දැකැ පය සතපා (ය) යන්. ඇතින් යන්නේ නැතිවැ - මනා සිල් පුරන්නා වූ ද, හිරුට බඳු තෙද අත්තා වූ දැ මහ බඹු මෙන් නම් දෙවියා ඈත් කොට යවන්නා වූ ද බික් සහ උතුමන් නිබඳ පොහෝ පවුරුණු කරන උතුම් වූ පෝය ගෙය දැකැ පය සතප්පා ගෙනැ යන්නැ.
එ කියේ ජය වද්දන පුර අසැ මැ (6) සිරි පැරැකුම්බා රජු විසින් කරවන ලද පෝය සීමා ගෙයයි.
‘නො මඳ තෙදැති සිරි පැරැකුම් නරපාය පැ හැ ද සඟන ගෙනැ හිමි බැදැ ගළපාය නි බ ඳ පොහොය කරවන ලෙසැ කල පාය ස බ ඳ වඩන දැකැ නෙත සිත සතපාය’ යනුයෙන් ගිරා අසුන් කරැවන් සඳහන් කරන්නේ ද මේ පාය මැ යි.
මේ පෝය සීමා ගෙයි පොහෝ පවුරුණු කරන පැවිදි උතුමෝ මනා වූ සිල් පුරන්නෝ වති. හිරුට බඳු තෙද ඇතියෝ වෙති, කම් දෙවියා දුරු කිරීමෙහි ලා මහ බඹු වැන්නෝ වෙති. ‘දස සත පා’ යනු දහසක් කිරණ ඇත්තේ යි හිරුට තමෙකි.
‘පන්සර’ යනු සර පසක් (පළමු සැදැහිණි 111) ඇත්තේ යි මල් සරාට හෙවත් කම් දෙවියාට නමෙකි. ‘සරපා’ යනු සරා (ස්වරා) ව ගේ හිමියා යි. මහ බඹුට නමෙකි. ‘ස්වරාව’ බඹු ගේ අග බිරියයි. බඹු කම් දෙවිය, දුරට හරිනා බව නම් ඇත්ත තමා, එ හෙයින් ඔහු ගේ පැවැත්ම ‘බඹසර’ (බුහ්මචර්යාව) යන නමින් සඳහන් වෙයි.
අරුත් වියන
එ වතුදු මල් සරා හෙවත් කම් දෙවියා දුරු කරන්නකු ඔහුගේ බිරිය නමින් සැදැහිම මඳක් විසුළු සේ පෙනේ. බිරියක ඇත්තකු කම් දෙවියා ඈත් කිරීමෙහි සමත් නො වනු ඇති. කම් දෙවියා නැත බිරිය ගෙන් ද කම් නැති. බිරියක ඇත කම් දෙවියා ඇසුරු කළ යුතු මැයි. සර (ස්වරාව ගේ) පා ( හිමියා) ‘සරපා’ යි. 116. කුල් මත් ළඳුන් පිහි නන උඬුකුරු වැ සෙඳ දුල් වුවනත් පියොවුරු කුකුළු මින නඳ පු ල් පිසුමෙනි කැකුළෙනි සුසැදුණු නොමඳ ගල් පොකුණේ දිය නා ගිම් නිවා තඳ 116. කුල්මත් ළදුන් උඬුකුරු වැ සෙද පිහිනන දුල් වුවනත්, මනනද කැකුළු පියොවුරු පුල් පියුමෙහි කැකුළෙහි නො මඳ සුසැඳුණු ගල් පොකුණෙන් දිය නා තද ගිම් නිවා- උස් වැ නැංගා වූ රාගයෙන් මත් වූ ගැනුන් උඩු බැල්මෙන් වහ වහා පීනන විට (ඔවුන් ගේ) දිලෙන මුහුණුත් සිත් තුටු කරවන කැකුළු පියොවුරුත් නැමැති පිපුණු නෙළුම් මලින් හා නෙළුම්මල් කැකුළිනුත් බෙහෙවින් මනා වැ සැරැසුණු ගල් පොකුණින් දිය තා දැඩි ගිමන නිවා ගෙනැ-
ගල් පොකුණේ ළද අඟනෝ දිය කෙළිති. ඌ තුමු කිපුණු නුරා ඇතියෙන් මත් වූවෝයි. දිය කෙළිනා ඌ උඩු බැල්මෙන් පිනති. පීනීම කරන්නේද වහ වහා යි. උඩු බැල්මෙන් දිය පිටැ පීනන වුන් ගේ බබළන මුණු පිපුණු නෙළුම් මල් බඳු වැ පෙනේ. පියොවුරු තව මැ වැඬෙන ඒවා යි. දුටන් සිත් සතුටු කරවන ඒවා යි. ඒ පියොවුරු නෙළුම් මල් කැකුළු බඳුය. ඒ ළඳුන් වහ වහා පීනීම් කරන හෙයින් පොකුණු දිය තලය ඇම් තැනැ මුණූත් පියොවුරුත් පෙනේ. එ විටැ පොකුණු පිපුණු නෙළුම් මල් බොහෝ ගණනෙකිනුත්, නෙළුම් මල් කැකුළු මහත් රැසෙකිනුත් ගැවැසුණු සෙයක් පාමින් මනා වැ සැරැසේ.
කොවුල් සදෙස් කවි සිළුමිණි කරුවෝ ද පියොවුරු නෙළුම් කැකුළු බඳු කොටැ දකින් :- පියොවුරු ළගැ වුවන් වත් මුහුදු නුමුහුලු තෙපියුම් (vi. 16) යැයි.
177. ග ජ බා නිරිදු කැරැවු පහය මෙන් පෙර ම හ බා මෙ පැරැකුම් නරනිඳු සසිරි බර සසොබා රන් කොතින් කැරුවූ සිරි මැඳුර න ර ඹා පතිනි පුද වැදැ යා ගත් මිතුර
117. මතුර, පෙරැ ගජබා නිරිඳු කැරැ වූ, පහය මෙන් සසිරි බර, මහ බා ාම පැරකුම් නරනිඳු කැරැ වූ, රන් කොතින් සසො බා සිරි මැඳුරු පතිනි පුද නරඹා යායන්.
යහළුව, ආදි දවස්හි ගජබා රජු කැරැවූ පාය, වැනි කොටැ සැපතින් බර වූ මහ පින් ඇති අපේ පැරැකුම්බා රජු කැරැ වූ රන් කොතින් හොබනා සිරිමත් මැඳුරට වැදි පතිනි පූජව බලා ගමන් ගත්තැ.
ගල් පොකුණින් ගිය ඉකිබිති හමු වන්නේ පතිනි දෙවොලයි. එ ද එ ළගැ මැ වූ සැටියි. එ දෙවොල මෙහි සඳහන් වන්නේ ‘සිරි මැඳුර’ යන නමිනි. එය පැරැකුම්බා රජු විසින් කරවන ලද බවයි මේ අසුන් කරු කියන්නේ. එය කවුරුන් කැරැවුවත් මේ දවස්හි දෙවියන් පිදීම ජලවද්දන පුර පියෙසේ ද වූ බව පෙනී යයි. දෙවියන් පිදීම දෙමළ දනන් විසින් කරන ලද්දක් හෙයින් මේ දවස්හි ජලවද්දන පුරය බද පියසේ ද දෙමළුන් වූ බව සලකා ගත හැකිය.
මේ දෙවොල මැඳුරු පැරැකුම්බා රජු විසින් කරවන ලද බව මෙහි සඳහන් වෙනත් ජයවද්දන කෝට්ටය කැරැ වූ අලගක්කෝනාරයන් විසින් මෙහි සිවු දෙවියන් පිහිටවනු ලද බව සඳහන් වෙයි. සිවු දෙවි යන්නෙන් ලක් දිවට අරක් ගත් කිහිරැලි උපුල් වත්, සමන් බොක්සල්, කතරගම කඳ.
අරුත් වියකන
කුමරු කැලැණියේ විබිසර යන දෙවියන් ගණන් ගැනීම් පසිදු සිරිත වුව ද විටින් විටැ හෝ තැනිත් තැන තැනැ හෝ ඒ වෙනස් වැ මෙහෙයුරු, පතිනි, කඳකුමර, ගණිඳු ඈ දෙවියන්ද එ ගොඩට වැටෙන බව දක්නට ලැබේ. මේ පතිනි දෙවොල සිවු දෙවියන් පිහිටුවන ලද තැනින් එකෙක් ද වෙනස් එ කෙක් ද යනු ඉඳුරා සඳහන් නො වෙනත් කරුණු පිරික්සීමේ දී පෙනී යන්නේ සිවු දෙවොලින් එකක් සේ යැ.
කොන්නගත් නොවින් එ තෙරැ වු තැනැ මැ ඉසුරු කෝවිල වූ බවත්, එහි පැවැසුණේ දෙමළ ගී බවත් පවසන සැල ළිහිණි අසුන් කරුවෝ දකුණු පයින් කතරග මැ කඳ දෙවිඳු(මහ සෙන් දෙවි රඳු) ගේ දෙවොල වූ බව පවසති. හස් අසුන්කරුවෝ ද ද/ල දා මැඳුරට නුදුරේ සමන් සුරිඳු මැඳුර වූ බව අගවති. මේ පතිනි දෙවොල පුරේ පෙර පසින් හෝ පැළ පයින් හෝ වියැ යුතු. කොවුලා ගේ ගමන් මඟ සලකන ඒ පැළ පසට බර වැ පෙනී යයි.
පෙරැ ගජබා නිරිඳු කැරැ වූ පහය මෙන් මේ පහය කරවන ලද බව පැවසීමේන් පෙනෙන්නේ ලක් දිවේ මට පළමු ද පතිනි දෙවොල වූ බවයි.ගජබා රජු පතිනි සලඹක් දකුණු දඹ දිවේ පඬ රටින් ගෙනැ ආ පවතෙක් මේ දිවයිනේ මිනිසුන් අතර ඉතා පසිඳු වැ පවතින්නේ වේ. මෙ දිවයිනේ දකුණු දඹදිවට රාජකාරියට මිනිසුන් යාම නවත්වා එයින් තෙළෙස් දහසක් මිනිසුන් එ රජු මෙහි ගෙනැ ආ පවත් වංස කතාවන්හි නො සඳහන් වෙනත් සෙසු තන්හි සඳහන් වෙයි. දකුණු දඹ දිව් වැසියන් විසින් වඳනු පුදනු ලබන පතිනි සලඹ පිහිටුවා මේ රජු පතිනි දෙවි මැඳුර කරන්නට ඇති එයින් එක් පහයෙකි මෙහි සඳහන් වූයේ. කිසි පඬි කෙනෙක් එ රජු සිය මව ද හා හවුලේ කරවන ලද ‘රාජ මාතු විහාරය’ පිළිබඳ පවත මහා වංසයෙන් ඇදැ දක්වමින් එ සඳහන් වන්නේ මෙ පහස පිළිබඳ පවත යැයි ගනිත්.
කොවුල් සඳෙස්
‘සුත්වා සෝ මාතු වචනං මාතු අත්ථාය කාරයි කදම්බ පූප්ඵඨානමිහි රාජමාතු විහාරකං’
යන මහාවංස ගාථායේ ‘කදම්බපුප්ඵ ඨානමිහි’ යනු කොළඹ පූගොඩ සඳහා කියන ලද සේ ඒ පඬුවෝ දකිනිත එහෙත් ඒ නිකම ළදරු සිතුම් මතෙකි.
බුදුනු පවත් පිණිසැ මැ ඇරුණු වංස කථා කාරයෝ ගජ බා රජු දකුණු දඹ දිවේ පළ වැ සිටි සඳහන් නොකරෙති. එ වුවත් කටින් කටැ පැවැතැ එන නො එක් පුවතින් ද, දෙවොල් පුවතින් ද පළ වෙයි.ගජ බා රජු (කි:ව: 174-196) දකුණු දඹ දිවින් මෙහි රාජකාරියට මිනිසුන් ගෙනැ ආ බවත් එ ගමන් මැ දෙමෙළ දනන් ගේ පුද වතක් වූ පතිනි සලඹ හා ගෙනැ ආ බවත්. කේරළයේ පතිනි දෙවොලක් නිමවා ඉක්බිති වැ පවත්වන ලද පුද මඟුලෙක් හි ලකි දිවේ ගජබාහු (කායවාගු) හවුල් වූ බව එහි ලිපියෙකැ සඳහන් වෙයි. එ වකට කේරළයේ සිටියේ (i) සෙන්ගුට්ටුවාත් රජ නෙමෙයි.
ලක් දිවේ පතිනි පුද පිළිබඳ ආදා කතුවරයා හැටියට සඳහන් වන ගජබා රජු පතිනි දෙව් මැදුර ලක් දිවේ නො එක් තැනැ කරවන්නට ඇති.එ දා පතිනි දෙවිය අද දවසේ නො එක් අතින් වැඩි දියුණු වූ පතිනිය ගෙන් වෙනස් වූ. ලක් දිවේ මේ දෙවිය පිදීම කො තරම් බෝ වි ද යත් පසු කලැ බුදුනු ඇඳුරෝ ඇය බොසත් බැවින් පුදා සසුන් ගත කැරැ වූහ. අද කපුවෝ උපත අනු වැ එක් මැ පතිනිය සත් පතිනි කෙනකුත් හැටියට සඳහනි.
‘මලෙ ති ජලෙති සළුවෙනි එක් වරෙකැ උපන්නේ ගලෙ නි දළෙනි ගන්නෙකි එක් වරෙකැ උපන්නේ මෙ වැනි සවැනි සත් වැනි නිල් අඹෙන් උපන්නේ මෙ වැනි මේ සත් පත්තිනි ඔබෙ අණ නමදින්නේ’ යි
සත් පතිනියෝ සඳහන් වෙති.
අරුත් වියකන
පතිනි දෙවොල පසු කළ ඉළ ඉක්බිති හමු වනනේ ජයවද්දනැ පුරේ වෙහෙර බව ‘පළමුවෙන් වඳු මනරට වෙහෙරතට’ ඈ පැදියෙන් පළ වෙයි.
118. මලය ගි නේ එන මුද නල සිහිල් කොට ගත ගිම්නේ දැහැ විදැ වැදැ සිතු ලෙසට ඉටු ස කි නේ මහැ නො රදා වැඩම කොට පළමු වෙනේ වදු මන රම වෙහෙරකට
118. ඉටු සකිනේ, මලය අගිනේ සිසිල් කොටැ එන සඳ නල සිතු ලෙසට වැදැ වැදැ ගතැ ගිමනේ දැහැ මඟැ නො රඳා වැඩම කොටැ පළමුවෙනේ මනරම් වෙහෙරතට වදු.
ඉටු මිතුර, මලය කන්ද අසරින්, සිසිල් බව ඇති කොටැ ගෙනැ හමන්නා වූ මඳ සුළඟ සිත් සේ විදිමින් ඇඟේ හිමන දුරු කොටැ ගනිමින්, අතර මඟැ නවත්වන්නේ නැති වැ ගමන් කොටැ මුලින් මැ සිත් අලවන්නා වූ වෙහෙර තුළට විදින්නැ.
‘මලය’ යන්නෙන් අඟවනු ලබන්නේ අද පැළ දිග (බට හිරි) ‘ඝාවි’ යන්නෙන් සඳහන් වන කඳු වැටියයි. සිසිල් ගුණය නිසා ඉතා පසිදු වන සුදු හඳුන් ගස් අටගන්නේ මෙ කදු වැටියේ යැයි යෙති. එ කුදු පියෙසින්, එහි ඇති සඳුන් ගස්හි දළු පිරි මැදැ හමා බස්නා පවන සිසිල් ගුණයෙන් ගතට සුව පහස් දී සිත පුබුදුවතියි පෙරැ සිට මැ දඹ දිවි වැසියෝ කියති. දකුණු දිග පවන් යැයි ඌ මේ සුළග සඳහති ජයවද්දන පුර අසැ දී මලය පවන් විදින්නට කිම් හුදෙක් කඳු පියෙස මතු පිටින් එන පවන සඳහා මිසැ මලය කඳු මතින් එන පවන මැ සඳහා වේ නම් ඒ පැසැසියැ නො හැකි.
මෙහි ‘දේශ විරෝධ’ නම් දොස නැතියි යෙන වියත්හු නො දන්නා ‘බිම් විතරක්’ ඇදැ බැමින් ‘එකක් කඩ තොලු මකන්නට ගොස් දෙකක් ඇති කොටැ ගැන්මේ’ නියායෙන් නිවට වෙති. ඔවුන් කියන්නේ දකුණු දඹ දිවේ පැළ පස වෙරළ අසැ පිහිටි මලය කඳු අසරින් හමන පවන ලක් දිවේ පැළ පසැ වෙරළ අසැ වූ ජයවද්දන පුරට මුහුදු මතුයෙන් පැමිණෙනු ඇති යන්නයි. එ ගෙන් හින්දු සයුරු පිටින් පැළ පසු හෝ ගිනි කොන හෝ බලා හමා බස්නා සුළගෙක් නැත්තේයි. අවුරුද්දේ හමසක් ඊසාන දෙසින් නිරිත බලා ද, අවුරුද්දේ හමසක් ඊසාන දෙසින් නිරිත බලා හමා යන පවනෙක් නැති. ඊසාන දිගින් හමන සුළඟ මලය කඳු ඉක්මැ වූ පසු පැමිණෙන්නේ සයුරු තලයටයි. එ පවන් ලක් දිව පහසින්නේ නැති. නිරිත දිගින් හමන පවන මලය කඳු ඉක්මවා පිවිසෙන්නේ දඹ දිව් තලයටයි. ඒ තමා දකුණු දිග පවන් යන්නෙන් ද එහි දනන් හඳුන ‘මලය පවන’ නම්. එ ද ලක්දිවට නො පැමිණේ.
මලයගිනේ = මලය අඟින් ගිමනේ = ගිමන් පළමුවෙනේ = පළමුවෙන් 119. පුවතර විමල කුල - කිරණව සුපුන් සඳ යුරු මිහිපල් කිරුළු මිණි රස් සඳ වෙල ගිමිණී සුවි මල් පද තඹර නිය තව සඳ දිලිණි
හර සර පිරි ඉතිරි-කුළුනඹ වතුරු පැතිරෙන
හෙම් පත් අයුරු සදැහම් සී තෙල රඳන දම් කින් මෙ මා හිමි සඳු සමග උදුළන
මු නි ඳු සසුන් වර සුර ගඟෙහි ඇති වුණු සි නි ඳු සිහිල් සිල් මුවරඳිති ගැවැසුණු පු බු දු යතිදු සර ගුණ සුවඳ විහිඳුණු න ම දු මිතුරු සඳ සඳ තුටු කැරැ දියුණු
119. මිතුරු සඳ, පුනතර විමල තුල කිරි අණව සුපුන් සඳ අයුරු, මිහිපල් කිරුළු මිණි රස් සඳ වෙල ගිහිණ්, සුවිමල් පද තඹර නිය නව සඳ දිලිණ්,සර සර පිරි ඉතිරි කුලුණු අඹ වතුරු පැතිරෙන, සදහම් සී තෙල රදන හෙට පත් අයුරු, මෙ දම් කින් මා හිමි සඳු සමගැ උදුලන වර මුනිඳු සසුන් සුර ගඟෙහි ඇති වුණු සිනිඳු සිහිල් සිල් බුවරඳිති ගැවැසුණු ගුණ සුවඳ විහිඳුණු පුබුදු යති ඉඳු (පුබුඳු) සර සදැ තුටු දියුණු කැරැ නමඳු.
යහළු තුමෙති, පසිඳු වූ ‘විමල කුලය’ නැමති කිරි මුහුදට සපිරුණු සඳ වැනි වු (ද, අජුන් ගේ වොටුණු බඳ මැණික් (සිළුමිණි) රස් නැමති සැඳෑ වලා- ගහන වැ රදුණු ඉතා පිරිසුදු පා පියුම් හි නිය නැමැති අලුත් සඳ දිලෙන්නා වූ , ගරු බුහුමන් පිරි ඉතිරැ යන කරැණා නැමැති දිය දහර ගලා බසිමින් පැතිරැ යන්නාවූ, බුදු පසේ බුදු මහ රහත් උතුමන් ගේ මනා දහම නැමති සිහ තෙල් රදා පවත්නා රන් බඳුනක් (පාත්රපයක්) බඳු, මෙ දහම් කින් සහ රජ උතුමා හා (වෙසෙමින්) බබළන්නා වූ, උතුම් වූ බුදු සසුන නැමැති අහසේ ගගේ හටගත්, සිදිඳු වූ, සිහිල් වූ, සිල් නැමති මල් පැණියෙන් ගැවැසුණු ගුණ නැමති සුවඳ පැතුරුණු (සිත්) පුබුදු වූ පැවිදි උතු න් නැමැති පියුම සිතේ සතුට වඩමින් නමදුව.
එ දවස්හි ජයවද්දන පුර වෙහෙරේ වැඩැ විසූ දමකිත් සහ රජ උතුමනුන් ඔවුන් වහන්සේ සමගින් වින්නට කීමෙන් ගිරා අස්නිත් ද එ මැ පළ වෙයි.
ජයවද්දන පුර වෙහෙරේ එ දවසැ සහ රජ හිමියෝ වැඩැ වුසු. එ තුමෝ ‘දම් කිත්’ (ධර්ම කීර්ති) යන නමින් සඳහන් වූ.ඔවුන් වහන්සේ ‘විමල’ කැලැ දුනු (උපන්) සේක්ල. විමල තුලය පසිඳු (පුවතර) එ කෙකි.
කොවුල් සඳෙස්
විමල කුලය කිරි මුහුද නම් මේ හිමියෝ එ කිරි මුහුදට පැසු සොලොස් කලාවෙන් සපිරුණු සඳ වැනි වෙති. සඳ පහතින් මුහුද ඔද වැඩේ. එ විටැ සඳ එළිය පෙරළා පතුරුවන මුහුදු තලය සඳ මහන සෙයින් පිරිසුදු වැ දිලෙයි. මහ මුහුද තලය සුනිල් වේ. සුනිල් මහ මුහුදු තලය සඳින් ඔද වැඩී සඳ පාන සේ පිරිසුදු වැ බැබැළේ නම් පිරිසුදු මැ වූ කිරි මුහුද සඳින් ඔද වැඩුණු විටැ පළ වන පිරිසුදුව ගැනැ කවර කතා ද, සඳින් කිරි මුහුද ඔද වැඩි දිළෙන්නා සේ විමල කුලය මෙ හිමියන් නිසා ඔද වැඩි බබළන බවයි ඒ කීයේ.
මෙ හිමියන්ගේ කිරි සිරි පතුල් ඉතා පිරිසුදුයි. එ ඉතා පිරිසුදු සිරි පා සහළ නෙළුම් මලක් බඳුයි. රජහු තුමු එ සිරි පි (නළල බිමැ ගාවා) වඳිති.එ විටැ ඔවුන් ගේ සිළු මිණි හෙවත් වොටුනු අඟැ පළන් මිණි රස් එ සිරි පතුල් හි නිය පෙළේ ගැටේ. ඒ මිණි රත් ගත වූසැදැ වලා පෙළේ ලැතුණු අලුත් සඳ (ලේ) බඳු වැ පෙනේ.
මෙ මාහිමියන් හට දනෝ බොහෝ ගරැ බුහුමන් දක්වති. ඒ හර සර හෙවත් ගරැ බුහුමන් ඔවුන් වහන්සේ තුළැ පිරි ඉතිරි යයි. මෙ මාහිමියන් ගේ සිත කරුණා ගුණයෙන් පිරි ඇති. කරුණා ගුණය( සිසිල් බැවින්) දිය බඳුය. දිය ගලා බස්මින් වතුරක් වැ පැතිරෙන සේ මෙ මා හිමියන් ගේ කරැණා ගුණ දහර වතුර ගෙනැ පැතිරේ.
සිහ තෙල රන් බදනෙහි මිසැ සෙසු බදනෙකැ නො රැදිතියි යෙති. සදගම හෙවත් බුදු පසේ බුදු මහ රහතන් උතුමන් සෙවි හෙයින් මනා (සත්) වූ දහම් සිග තෙල බඳුයි. මෙ මා හිමියෝ එ සදහම් නැමැති සිත තෙල රඳන රන් පාත්ර ය බඳු වෙති. ( බුදු ඈ උතුමන් ගේ දහම රැදෙන්නේ අනුබුදු උතුමන් කෙරේයි).
අරුත් වියකන
බුදුන් ගේ සසුන උතුම් වූ එකකි.ඒ උතුම් වූ බුදු සසුන අහස් ගඟ බදුයි. මෙ මා හිමියන් හැ වැඩැ වසන යති ගණයා එ අහස් ගඟේ අට ගත් නෙළුම් මල් බඳුයි. මෙ සති ගණයා කෙරේ ඇති සිල් නෙළුම් මල්හි ගැවැසී ඇති, සිනිඳු වූ සිහිල් වූ මල් පැණි බඳුයි. මේ සති ගුණයා කෙරෙන් පළ වන ගුණය නෙළුම් මල් කෙරෙන් විහිදෙන මනා ගද (සුවඳ) බඳුයි. මේ සති ගණයා ගේ සිත් පහන් වීම නෙළුම් මල් පිපීම බඳුයි.
මෙ දහම් කිත් මා හිමියන් ‘ සද්ධර්ම රත්නාකරය කළ. ධම්මදින්නා වරිය විමල කින්ති හිමියන් බවයි. එ දැක්වුණු ලකුණින් පළ වන්නේ. අයෙක් සිතති නිකාය සංග්රකහ්යය කළ දම් කිත් හිමියෝ මුන් වහන්සේ වන සේකැයි. එ හිමියෝ විමල කුලෙහි නො වන බව නිකාය සංග්රහය මැ කියයි.
කිරණව = කිරි අණව කුලුණඹ = කුලුණු අඹ
25 පුරවැනුම් (8) 120. සැ දු මිණි බරණ මිහි ලිය හස ලෙසට මු දු පුලින දිසි වෙ මගැ නිසි ලෙසට රු දු ගජ තුරග සෙන් සරන හැම විට ව දු මෙ වන් ජයවද්දන පුර වරට
120. මිණි බරණ මිහි ලිය හස ලෙසට දිසි බුදු පුලින නිසි ලෙසට සෑදූ වේ මගැ රුඳු ගජ තුරඟ සෙත් හැම විටැ සරන, මෙ වන් ජයවද්දන පුරවරට වදු. මැණික් අබරණ පළන් මිහි කත ගේ සිනාව සෙයින් පෙනෙන රළු නැති වැලි සුදුසු සේ අතුරා සරසන ලද විදි මගැ සිවලු විටැ මහත් ඇත් අස් සෙත් ගැවැසෙන්නා වූ මේ අසුරු ජයවද්දන නම් උතුම් පුරට වඳින්නැ.
කොවුල් සඳෙස් පොළොව අඟනකි. (ඇයට මහී කාන්තාව යැයි කියත්, අඹ දිවි වැසියෝ). පොළොවේ මැණික් ඇති. ඒ පොළෝ අඟන ගේ මැණික් අබරණයි. ජයවද්දන පුරේ වීදි මඟ සිනිදු වූ සුදු වැල්ලෙන් සුදුසු පරිදි සරසා ඇති. වීදියේ අතුළ සියුම් සුදු වැල්ල පෙනෙන්නේ මිහි කත ගේ (මඳ) සිනාව සෙයිනි. ඒ වීදියේ නිබඳ මෑ පාහේ මහත් වූ ඇත් සෙනඟ ද අස් සෙනඟ ද සරනු පෙනේ.
‘ මිණි අබරණ’ යනු අරුතින් වෙනසක් නැති වැ මිහි මඬලටත් ලියටත් වෙසෙසුන් වෙයි. එ අයුරු එක් මැ අරුත දෙ පසට (උපමේය උපමාන යන දෙකට) මැ පොදුවේ සිටින්නට යෙදීම අරුත් සෙලෙස් යැයි කිවියෝ සලකති.
සැල ළිහිණි අස්නේ:-
‘සැදි රත තඹර පෙළ රන නිසරුන් රුවැති
විදි දිය දහර ලෙළ දෙන දුගු නරු පටැති
රැඳි රළ රැළැති හොය දියවන්නා නැමැති
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි කිති’
යන පැදියේ ද ඒ දක්නට ඇති.
121 ගි රි ඳු යුරු නිසල වාසල් පෙළිනුදුල
වි හි ඳු මිණි පවුර තන ලූ දරණ වැල
ප සි ඳු පුර කිරණ යුතු හය තරඟ පෙළ
නි රි ඳු සඳ සඳින් හැම සඳැ උදම් කළ
121. ගිරි ඉඳු අයුරු නිසල වාසල් පෙළින් උඳුළ, විහිඳු මිණි පඩුරු අනත ලු දරණ වැළ, හය තරග පෙළ යුතු පසිඳු පුර කිරි අණ නිරිඳු සඳ සඳින් හැම සඳ උදම් කළ.
මහ බෙර බඳු නො සැලෙන්නා වූ පුර දොර පෙළින් උස්. වැ බබළන, පැතිරියා වූ (පිළි) මිණි හෙවත් පළිගු තාප්පය නැමති අනන්තයා ලුවා වූ දරණ පෙළ ඇති, අසුන් හෙවත් අස් සෙනඝ නැමති රළ ඇති, තම පතළා වූ (මෙ ජයවද්දන) පුර නැමති කිරි මුහුද ( 6 සිරි පැරැකුම්බා) රජතුමා නැමති සඳ නිසා සියලු ඔද වඩවන ලද්දේයි.
(ජයවද්දන කිරීමෙන්) නම් දැරැවා වූ හෙවත් නම ගියා වූ මේ පුරය කිරි මුහුදයි. කිරි මුහුද මැද්දේ මහ මෙර පිහිටියේ වෙයි.මේ පුර නැමති කිරි මුහු දේ ඇති මහ මෙර තමා වාසල් දොර පෙළ කිරි මුහුද මහ මෙර නිසා බබළයි. කිරි මුහුදේ අනත් නම් නා රජ දරණ ගසා ගෙනැ සිටි. මෙ පුර නැමති කිරි මුහුදේ අනත් නා දරණ වැළ තමා පුර වටා විහිදි ඇති පළිගු තිප්පය.
‘ විහිදු මිණි පවුර තන ලූ දරණ වැළ’ ‘ පුර කිරණ’ ‘හය තරඟ පෙළ’ ‘ නිරිඳු සඳ සඳින්’ යන සියල්ල අයත් වන්නේ රූ (රූපක) ලකර ගණයට යි. ‘ගිරිඳු අසුරු නිසල වාසල්’ යැයි ගැන්මෙන් එ බැඬ මඳ බව මහ හරවන්නන්ට බැලුවත්’ වාසල් පෙළින් උදුළ, විහිදු මණි පවුර නත ලූ දරණ වැළ’යි කි විටැ නත ලූ දරණ වැළට වාසල් පෙළින් සැපැයෙන කිසිත් නැතියෙන් ඉනුන් වැඩෙත් නො සිදු වෙයි.
‘ගිරිඳු යුරු තිසල වාසල් පෙණිනුදුළ’ යැයි පිරියමක් කළ හොත් නම් මඳකට ඉන් වැඩක් ගත හැකියි. නිති කොවුල් අස්න ගුරු තන්හි තබා තනක අලගියවන්න රාලහාමිහු ද:-
‘තඟු ගොපුර පෙණ කර නත ලූ දරණ වැළයුර එ පුරැ පිළිමිණිවුර දිලෙයි සුර පුර හිම වැ හැම වර’ යැයි කියති (දහම් 26) පිළිමිණි (පළිගු) හෝ මිණි සෙල් (කිරිගරැඪ) හෝ පවුර අනත් නා දරණ වැළට සරි කිරීම කිවියනට බොහෝ හුරුය.
මෙහි මැ 257 වැන්න ද විමසා බලනු. ‘ ප බා විහිදි පවුරට නත දරණ යොමා නොබා කියමි නො සරි ද යම් තමක් තමා යැයි ගිරා අසුන් කරුවෝ කියති. ‘ කිරි සිඳු රිඳ එ පුර වැන්නැ වට කළ පිරි මහවුරු’ යැයි සිරි රහල් හිමියෝ වදාරති. අස් පෙළ රළ වැළට සරි කොටැ දැක්ම ද එ සෙයින් මැ කිවියනට හුරු යි. ‘නො වහළ විරල රළ පෙළ හෙළ දහරසළ ර සු දු ළ ළකල හය පෙළ බල සකි කොමළ’ යැයි පරවි අස්නේ සැඳැහෙයි. ‘තුරඟ යෙන් වැනි තරඟ සයුරේ’යි කියති විදාගම් මෙන් හිමියෝග
‘විසුළ හය රළ වැන්නැ දිය රළ’ යැයි අලගියවන්න රාලහාමිහු කියති. ‘නිරිඳු සඳ සඳින් හැම සඳ’ යනු අනුප්රානසය සහිත යෙදුමෙකි.
ගිරිඳු යුරු = ගිරි ඉඳු අයුරු පෙළිනුදුළ = පෙළින් උදුළ නත = අනත කිරණ = කිරි අණ 122. ලොස් වැ දිනිඳු පැලැඹුණු පඬි නිරිඳු පෙර රොස් වැ මෙ දිව් එන වරැ මෙ බියෙනි තර රැ ස් වැ තැනෙක සිටියා මෙන් එ පුර වර උ ස් වැ පෙනෙයි නිල් මිණි මහ කුළු පතර 122. පෙරැ සිරිඳු ලෙස් වැ පැලැඹුණු පඬි නිරිඳු රොස් වැ මෙ දිවැ එන වැරැ මේ තර බියෙහි රුස් වැ තැනෙකැ සිටියා මෙන් එ පුරවරැ පතර නිල් මිණි පහ කුළු උස් වැ පෙනෙයි. ඉහතැ කී (සක්) දෙව් රජු සේ වැ පෙනෙමින් හැසුරුණා වූ පඬි රජු උදහස් වී මෙ දිවයිනට එන පිටැ වැසි වලා දැඩි බියෙන් එක් තැනෙකැ රුස්වී (ගොඩ ගැසී) සිටියා සේ එ උතුම් පුරයේ මහත් වූ නිල් මැණික් මැඳුර මුඳුන් උස් වී පෙනෙයි.
එ පුරවරයේ මහ මැඳුරු ඇත්තේයි. එ මැඳුරු නිල් මිණි මැඳුරුයි. ඒ වායේ මුඳුන් කොත් ද නිල් මිණියි. උස් වූ එ මැඳුරු මුඳුනේ අහසේ ගැටෙමින් දුරට පෙනේ. ඒ දක්නා විටැ ඇඟෙන්නේ අහසේ වැසි වලා එක් තැන් වැ එහි රැදි පවත්නා සෙයකි. කවුරුන් වුයද එක් තන් වැ එහි රැදි පවත්නා සෙයකි. කවුරුන් වුවද එක් තත් වී එක් මුළුවක් වැ සිටිනේ තද බියක් ඇති වූ විටැයි. වැසි වලා මෙහි එකට මුළු වී සිටිනේද තද බියකින් වියැ යුතු. කවර හෙයින් ඒ තඳ බිය ඇති වී ද වැසි වලාවනට? සුරිඳු රොස් වී එන සෙයක් පෙනුණු හෙයිනි. සුරිඳා - ඉඳුරු දික් පති සුරිඳා වැස්සට අදිපති දෙවියායි. තමනට අදිපති දෙවියා රොස් වී එන සේ දුටුවා ම වැසි වලා දැඩි බියෙන් මිරිකෙනු දහමි. එ හෙත් වැසි වලා දැඩි බියෙන් මිරිකී මෙහි එක් රැස් වැ සිටැ ගත්තේ අනෙකකු එනු දැකැ ඔහු සුරිඳු වෙතියි රැවැටීමෙනි.
ඇත්තේ හැටියට රොස් වී මෙහි පැමිණියේ පඬි රජ තෙමෙ යි. ඔහු සරිඳු සෙයින් පෙනෙමින් සිටි නිසායි වැසි වලා ඔහු රොස් වැ එනු දැකැ සුරිඳු රොස් වැ එතියි බිය වූයේ පඬි නිරිඳු රොස් වී (පෙරැ) මෙහි ආයේ කවර හෙයින් ද?
ලක් දිවින් වැඩි සරියත් කුරුනෑගල් අවදියේ සිටැ මැ පඬි නිරිඳු තතු වැ පැවැත්තේයි. එ නිරිඳු වෙනුවෙන් රට රකිමින් යාපනයේ රැඳුණු සෙන් පති තෙමේ කෙමෙන් කෙමෙන් ලක් දිවේ සෙසු සරිය ද පඬි නිරිඳු තතු කිරීමේ යෙදී සිටියේයි. එ පඬි සේනාවන් හට සතුරු වැ සිටීමටයි. අලඟක්කෝනාර පාදයා ජයවද්දන බල කොටුව ගොඩ නැංවුයේ. එ කොටුන ගොඩ නංවා ගත් ඉක්බිති හෙ තෙමේ පඬි රජු වෙනුවෙන් අය ගන්නා මිනිසුන් එල්ලා සතුරු කම් දක්වා සිටියේයි. එයිනුයි පඬි රජු රොස් වැ නැගී සිටියේ. අයෙක් සිතති මෙහි සඳහන් වූයේ දෙමළුන් පොලොන්නරුව ගත් අවදියේ පවත යැයි. පොළොන්නරුව තතු කොටැ ගන්නා ලද්දේ සොළී නිරිඳු මිසැ පඬි නිරිඳු නො වේ. එ දා සොළී නිරිඳුට රොස් වීමට කරුණෙක් ද නො වී.
123. පුරන මන නුවන සිරි එ පුරෙහි නිතින හරන නැබුළු ගණ කුළු ගණ රන් කොතින සරන සොඳුරු පා සිරසී දද බියෙන වරන සුපුන් සිසි නොළඟින් වි යැ ගහන 123. ගහන නිතින සිරි මන නුවන පුරන එ පුරෙහි, ගණ රන් කොතින් ගණ කුළු හරන පා සිරසී දද බියෙන වරන, නො ළඟින් සරන සුපුන් සිසි වි යැ. හිරු නිරතුරු සැපත් නෙත් සිත් පුරන්නා වූ එ පුරේ ගණරන් කොතින් ගණ කුළු හරන පා සිරසී දද (ගණ රතින් කරන ලද කොතින් වැහි වලා අදින්නා වූ මහල් මුඳුනේ දෙ බළ කොඬි) බියෙන් මඟ හරවන්නා වූ, එ පිණිසැ ඈතින් සරන්නා වූ පුරා හඳ වුයේයි.
එ පුරේ වැසි වලාවෝ මහල්හි ගණ රන් කොත් මුඳුනේ රැදී පවත්නේයි. එ හෙයින් පුර අහසේ හිරු, රස් නැති වැ පෙනේ. එ විටැ සිතෙන්නේ ඒ දුරින් සරන පුන් සඳ යැ කියායි. ඇයි සඳ දුරින් සරන්නේ? පහ මුඳුනේ දද තම ගමනට සරස් වෙතියි බියෙන් එ මඟ හරවනු පිණිසැ යි. ගහ නා, යනු එළී නිසා ‘ගහන’ යි සිටියේ යි. 124. සැප තිත් සපිරි එ පුරෙහි පසිඳු පහ අගේ ල ප සුන් තරිඳු රන් කොත් දිලෙන සුර මගේ අ ප සිය හිමි නරඹන ලොබිනි සිතු රගේ සැ ප මිණි දිනිඳු සහ කිරණින් සිටිති හැගේ 124. සැපතින් සපිරි, පසිඳු එ පුරෙහි මහ අගේ රන් කොත් සුර මගේ දිලෙන, (එයින්) ලප සුන් තරිඳු අප සිය හිමි සිත රඟේ නරඹන ලොබිනි දිනිඳු සැපැමිණැ සහ කිරණින් සිටිතියි හැගේ. සම්පතින් සපුරා සැඳුණු, පසිඳු වන, එ පුරේ මහල් මුඳුන්හි ඇති රන් කොත් අහසේ බබළන විටැ ඉන් ලප මැකී ගිය සඳ දුටුවා මැ, තම හට නෑයා වන අපේ රජු සිතේ හැටියබෙලන ආසායෙන් ඉරු පැමිණි කිරණ සහිත වැ මැ සිටිතියි හැඟෙයි. පළමු (123) පැදියෙන් කීයේ ඉර ඈතින් සරන ලද සඳ වෙතියි සිතෙන බවයි. දැන් මේ පැදියෙන් කියන්නේ සඳ ළඟින් සරන ඉර වෙතියි සිතෙන බවයි. ඉර සරන්නේ අහසේ දුරිනි., සඳ සරන්නේ ළගැ අහසේයි. එ හෙයින් ඉර සඳ හැටියට දක්වනන විටැ ඈතින් සරක සදැයි පවසා ඈත් වන්නට කරුණු වූයේ දද බිය බව කියැවිණි. සඳ ඉර කොටැ පවසන අනෙක් අතට එය ළගින් සරන ඉර යැයි පැවිසියැ යුතු විණි. ළගින් සැරීමට කරුණ හිතේ හැටියට රජු දැකැ ගැන්මේ ආසාවයි. රජ හිරු ගොතින් එන හෙයින් ඉරුට නෑයෙකි. එ හෙයින් ‘සිය’ යන්න යෙදුණේ. ‘සහ කිරණින්’ යැයි කියෝ සඳට හිරු රස් බදු කිරණ තැතක් රන් කොතින් විහිඳුවා කැලුම් රිවි කිරණ බඳු වන බව අඟැවීමටයි.
මෙ සේ එක් අයුරෙකින් පවත්නා ඇත්තේ දැයක් අනෙක් අයුරෙකින්, තැත්තක් ඇත්ත කොටැ පැවැසීම ‘උපේ ලකර’ හැටියට ලකර ඇඳුරෝ වෙසෙස් කෙරෙති.
125. වැ දු පුර වේ මැදැ මතැතුන් සෙද දිවෙන බ ඳ රසු වැළ සිඳැ ගිලිහෙන ලෙස අනත ම ද ලොබ කැරැ බිඟු මුළු පැමිණි කෙපොලන ත ද කන් තළ නැළුමෙන් වෙතැ විසුළ යු්රොත 125. මඳ ඇතුන් පුර වේ මැඳ සෙද දිවෙන බද අනත රසු දැල් සිඳි ගිලිහෙන ලෙස මද ලොබ කැරැ කෙපොලතැ පැමිණි බිඟු මුළු තද කන් කළ තැළුමෙන් වෙතැ විසුළ යුත්. මද වැහෙන ඇතුන් පුරේ විදිය මැදින් වහා දිවෙත් මැ ඔවුන් කවදන්හි බඳිනා ලද ඉමක් නැති මිණි ගෙඬි දැල් කැඩී වැටෙන හැටියට මද දියට සමූහයන් දැඩි වූ කන් තළ ගැසීමෙන් තැළී ඔවුන් ළගැ වැටෙනවා වැතියි. මෙ පුරේ ඇත් සේනාවෝ වෙති. එ සෙනගේ ඇත්තු මද වැහෙන, ඉවසුම් නැති සත්තු යැ. ඌ විදිය මැදින් දිවෙත්. මද ඇතුන් නිසා දිවීමි වහ වහා කැරේ. එයින් ඔවුනට බැඳි මිණි ගෙඩි දැල් සිඳි වැටෙයි. ඒ දැල් ද ඉක්ම තැන නැති පමණට බොහෝයි. ඒ මිණි ගෙඩි සහිත දැල් කෑලි වැටෙන විටැ පෙනෙන්නේ මද දිය ලොබින් කොපොල් තලයේ වැසූ බමර සමූහයෙන් දැඩිසේ ගසන කන් තළ පහරින් තැළී උන් ළගැ වැටෙනවා මෙනි.
බමරා (මී මැස්සා) ඇත් මඳට ලොබ කරන බව තව ලොවේ ඉතා පිසිදු යි. ‘ගිජිදුන් සත් මඳේ සත් පත් කුසුම් සුවඳේ නො මැ ඇඳිනැ ඇවිඳේ බමර මුළු විඳි වෙහෙස නොමඳේ’ යැයි සිරි රහල් හිමියෝ වදාරති. ‘ගිජිඳුන් තිමද ගළ වෙන නද අසා ඔහු කළ නො සොල්වත කත් තළ තමන් මන දොළ පුරති බිඟු රළ
යැයි ගුත්තිල දා කවි කරුවෝ ද යෙති. 126. සිටිනා තුඟු ලකුථ යුග පියොවුරු බරිති මිටිනා ගතැකි ඉඟ සුඟ දසත නැමෙමිනි වටිනා මෙ මුළු ලොව මුව මඳ හස දෙමිනි සිටිනා කලුන් බල දොර දොරෙහි පෙතෙමිනි
126. සිටිනා, තුඟු, ලකුළු පියොවුරු යුග බරින්, මිටිනා ගත හැකි සුඟ ඉඟ දස අත නැමෙමින්, මුව මද හස දෙමින් දොර දොරෙහි පෙනෙමින්, සිටිනා මෙ මුළු ලොව වටිනා කඳුල් බල. කෙළින් නැගී සිටිනා හෙවත් ලිහිල් වැ පාත නො වැටුණු උස් වූ, සැරැසිලි කරන ලද දෙ තනේ බරට මිටින් ගත හැකි සිහින් ඉඟ දහ අතේ නැමි නැමී, මුහුණින් මඳ සිනා දක්ව දක්වා දොර කඬක් දොර කඬක් අසලැ පෙනී පෙනී සිටිනා මේ මුළු මහත් ලොව වටින්නා වූ ගෑනුන් බලව.
එ පුරේ මුඳුරු දොරක් මැඳුරු දොරක් පාසා මඳ සිනායෙන් සැදූ මුහුණ පාමින් සිටිනා ලියෝ වෙති. ඌ තුමු මිල කරන හොත් මුළු මහත් ලොව එකක වටිනා ලියෝ යි. ඔවුන් සිටිනේ සිහින් ඉඟ නිසා දස අතේ වැනෙමින් යැ. ඒ ඉගැ සිහින මටින් ගත හැකි පමණ වෙයි. පියොවුරන් ගේ බර ඒ සිහින් ඉඟ දස අතේ වැනීමට කරැණු වෙයි. පියොවුරු කෙලින් සිටිනේයි, උස් යැ තන් විලවුනින් මලින් සදන ලද්දේ යැ.
කෙ බඳු ඉඟෙකින් වුව ද, කවර බරෙකින් වුව ද ගෑනුන් දස අතේ වැනෙන බව කීම විසුළුයි. අට දිගත් උඩත් යටත් දස දිග වේ. අට අතට නම් වැනෙනු හැකියි. උඩු අතට නැමීම අසිරියි
අලගියවන්න රාලහාමිහු ද, ‘ගතන් වෙවුලමින් දස අතෙහි වැනි වැනී’ යැයි කුස දා කවේ දී මේ විසුළුව කියති. එහෙත් දහම් සොඬ වග:-
‘තන යුගැති සිටිනා ඉඟ සුඟ ගතැකි මිටිනා මෙ මුළු ලොව වටිනා සඳලු සුසැදිණි කලුන් සිටිනා’ යි වැනි මේ කතාව නැති වැ මේ මැ පවසයි.
මිටින්, නැමෙමින්, යනු එළිනිසා ‘මිටිනා, නැමෙමිනි’ යි යෙදිණි. 127. උ ම ගණ වන් ලිය සුමුවට පරැදැ සඳ ත ම ලප දැහැ යළි දිය බල ලබන ලෙඳ අ ම ඔසු විමසනුව තුරු සෙන් ගෙනැ නොමඳ ඇ ම සඳැ වෙහෙස විදැවිදි රන් ගිරි බෙයද
127. උම අඟන වන් ලිය සුමුවට සඳ පැරැදැ තම ලප දැහැ යළි දිය බල ලබන ලෙද අම ඔසු විමසනුව සඳ නොමඳ තුරු සෙන් ගෙනැ රන් ගිරි බෙය දැ ඇම සදැ වෙහෙස විඳැ ඇවිදි. උමා ළද වැනි ගෑනුන් ගේ මනා වූ මුහුණට පැරැ දී තමාගේ ලලය හෙවත් කළු කබරය නැති කොටැ පෙරළා ජය ගැනීමේ බල ලබාගන්නා පිණිසැ අමා බෙහෙත් විසනුවට සඳ බොහෝ තරු පිරිවර ගෙනැ රන් ගිරේ හෙවත් මහ මෙර පවුයේ පසෙකැ සියලු කල්හි මහන්සි වෙමින් ඇවිදි.
ගිරි බෙයද නම් බින මෙන් සිටිනා කඳු පසයි. බෙහෙවින් කඳු බිඳුණු කල්හි දු ගිරි කුළු ළං ළං වැ නැගී සිටිනා කල්හි දූ එ බඳු තන් ඇති වේ.
‘මිණි ගිරි බෙය ද තැන හිඟුල් සිරියෙල් අඳුනිත නිති සිතියම් කරන පසිඳු විදුදරගණන් ගැවැසෙන’ (ක. සේ. iv 6) යන්නෙන් ඇඟැවෙයි එ බඳු තන්හි දෙවි ලියන් සිත්තම් අඳිනා බව.
රන් ගිරි නම් මහ මෙරයි. රන් ගිරි බෙය ද නම් මහ මෙර පසයි. හිරැ සඳු මහ මෙර පසින් වන එන බව පුරාණ කරුවෝ යෙති.
සඳ මහ මෙර පැසැ සරන්නේ තනි වැ නො වෙයි. බොහෝ තරු පිරිවර ද සමගිනි. එ සෙත් පිරිවරත් සමගින් සඳ මෙර පසැ අවිදැ ඇවිදැ වෙහෙස විදින්නේ හෙවත් මහන්සිය දරන්නේ ‘අමා’ බෙහෙද සොයන්නට. කුමට දැ සඳට ඒ ඔසුව? තමාගේ ලපයත් මකා ගෙනැ ජය ගැන්නේ බලයත් ලබන පිනිසැ යැ. කා ජය ගන්නට ද?
මෙ ජයවද්දන පුරේ ගෑනුන් ජය ගැනීමට යි. මේ පුරේ ලියෝ මහ ඉසුරු පියාව වූ උමා ලිය වැනියහ. උන්ගේ මනා වූ මුහුණ සඳට වැඩියෙන් හොබනේ යි. එ හෙයින් හොබනා සොමි ගුණෙන් සඳ උන්ගේ මනා වූ මුහුණට පැරැදුණේයි. (ඉන් විළි වන් සඳ) එන දවසේ එ මුහුණ පරදවා දිනනු පිණිසැ යැ මේ ඔසු විමසමින් ඇවිදැ වෙහෙස විදින්නේ. උමඟන = උම අඟන විදැවිදි = විදැ ඇවිදි (හිමවූ පවු රජ ගේ දූ වූ, මහා ඉසුරා ගේ පියාව වූ, කඳ කුමරා ගේ මව වූ උමාව රූමත් දෙවියක හැටියට පසිඳුයි. අය පිළිබඳ පවත ‘කුමාරසම්භව’ නම් සකු කවෙන් විසිතුරට පළ වෙයි)
128. ප යි න් කොමළ ලිය රන් සලඹ සල සලා වෙසින් කෙළෙන ලෙස නිල් වරලැ මල් සලා මෙයින් ගලන දිය බිදු විලස සිතු නොලා මෙයින් පිටත් කෙ උවම කියති කිවි බලා
128. කොසළ ලිය පයින් රන් සලඹ සල සලා, නිල් වරලැ මල් සලා වෙසින් කෙළෙන ලෙස බලා, මෙයින් දිය බිදු ගලන ලෙස සිතු නො ලා මෙයින් පිටත් තෙ උවම කිවි කියති? මුදු වූ හෙවත් ළා ගතින් යුතු ගෑනුන් පයින් රන් සලඹ සලමින්, වරලේ මල් සලමින් වේගයෙන් සෙල්ලම් කරන හැටි බලා වැසි වලායෙන් දිය බිදු ගලන හැටි සිහි පත් නො කොටැ මින් බැහැරැ වූ කවර නම් උපමානයක් කිවියෝ කියති ද? මෙ පුරේ ලියෝ මෙළෙක් සිරුරු ඇත්තෝ වෙති. උන් ගේ පයේ රන් සලඹ ඇත්තේයි. උන් ගේ වරලේ පැළැදි මල් ඇති. ඔවුන් සෙල්ලම් කරන්නේ වේග දනවමිනි. එ විටැ උන් ගේ පයේ රන් සලඹ සැලෙයි වරලේ මල් ද සැලෙයි. ඔවුන් කෙළින්නා බලා වැසි වලාවෙන් දිය බිඳු ගලන හැටි සිහි පත් නො කොටැ මින් බැහැරැ වූ කවර තම උපමාන පවසත් ද කිවියෝ. කෙළෙනා ළඳුන් ගේ වරලේ මල් සැලෙනු දක්නා විටැ නම් වැසි වලායෙන් දිය බිඳු ගලන විලස මිහි පත් වනු ඇති පයින් සලන රන් සලඹ, වෙයින් සැලෙන සිරුර කුමක් සිතට නඟා දැයි නො පළ හෙයින් මේ උවම සපිරි නො වන සැටියි. ‘මෙයින් ගලන යනුත් මනරම් යෙදුමෙන් නො වේ ගලන යන්න වෙනුවට වැඟෙනැයි යෙදිණි නම් මඳක් එකග වියැ හැකි. සලඹ ගොස වැසි ගොස බඳු නො වේත සැලෙන සිහින් කය නම් විඳු ලිය බඳු වියැ හැකි.
128. ම ල් සුඹුළු බැඳි නිල් වරල ගණ කුළු තන කැකුළු ගණ රන් කලස සුලකුළු තුනු බැබළු ලිය ලිය සදිසි පන්සි ළු දු ටු සලෙළු වෙති ලෙස ඇකිලි පස වෙළු
129. මල් සුඹුළු බැඳි නිල් වරල ගණ කුළු, කුකුළු තන සුලකුළු ගණ රන් කලස, පන් සිළු ලිය සදිසි තුනු බැබළු ලිය දුටු සලෙළු ඇකිලි පය වෙළූ ලෙසැ වෙති. මල් දම් දරණ: බැඳි නිල් පැහැ වරල වැහි වලා කුළු වැනි වූ කැකුළු තන වැ සැරැසූ රන් කලස් වැනි වූ, පන්සිළු දෙවියා ගේ පියාව හා සම වැ සිරුර බැබළි ගෑනුන් දුටු සලෙළ දනෝ විලංගු ලා පස වෙළූ කල්හි මෙන් වෙති. මෙහි ලියන් ගේ වරලේ මල් දම් දරණ බැදැ ඇති. එ හෙයින් එ වරල් (දිව දුනු සහිත) වැසි වලා කුළු බඳු යි.මුන් ගේ තන දැඬියි. එ දැඬි තන මනා වැ සැරැසු රන් කලස් බඳුයි. මුන් ගේ සිරුර බබළයි. එ බබළන්නේ පන්සිළුවා ගේ ලිය ගේ සිරුර මෙනි. මොවුන් දුටු සලෙළ දනෝ ඇකිලි හෙවත් විලංගු දමා පස වෙළූ සෙයින් නො යා හි සිටිති.
වරල හුදු වැ දූ ගණ කුළු බඳුය. මල් සුබුළු බැඳීමෙන් දෙව්දුනු සහිත ගණ කුළු දක්වයි. කියති පඬු ඉඳුහු ද:-
වසන් පොද මමන පැහැසර සරඟ මල් දම් බඳ මුහුලස හැඟැමි ගණ කුළු විටැ සුර්ඳු සැව්’ (vi 20) යැයි. ‘ තන කැකුළු’ යන්නට ‘පයෝධර කුඩිමලයන් ඇති’ යි අයෙක් යෙති. ‘ කුඩ්මල’ වගේ කැකුළු තන රන් කලස් බඳු නො වියැ හැකි. එ කැකුළු තන නො පිපුණු නෙළුම් වැනි බව:
‘පියොවුරු ළගැ වුවන් වන් මුහුලු, නුමුහුලු තෙ පියුම්’ යන කවි සිළුමිණි උවමින් හැඟැවේ. මෙහි ‘කැකුළු’ යනු දැඬි බව අඟවනු පිණීසැ යෙදිණ. උමංදා කරුවෝ නන්දා දේවිය ගේ පියෝවුරේ දැඬි බව මහ ඉහළින් සලකවති.
‘පන්සිළු ලිය’ යනු පළ උවමෙක් නො වේ. පන්සිළු තෙමේ සක් දෙවිඳු ගේ වෙණ වයන ඇදුරායි. එ හෙයින් ‘පන්සිළු’ යනු මල් සරා සඳහනැ යෙදුණු සේ අඟවන පඬි ‘දනෝ ‘පන් සිළු’ යනු ‘පඤ්වශීලීහු ගේ’යි දෙස් බසට නඟමින් එපමණෙකින් නිහැඬි වෙති. මල් සරාට ‘පඤ්වශීලී’යි නමක් ඇති සෙයෙක් නො පෙනේ. ‘ශීලී’ යනු ‘සිළු’යි හෙළ බසට නැගෙනු ද නැති. පන් සිළුවා ‘සුර්ය වව්වසා’ නම් රෑමත් ලියකට දැඩි ඇල්මෙන් සිටි බව නම් ‘සක් දෙවි රජු ට ආ වැඩීම’ පිළිබඳ පුවතේ සඳහන් වෙයි.
130. ත ල ලෙළ රන් ලිය වන් පුරඟන නිමල දු ල මුව ගැබැ පිරි මඳ හස පන පැකිල ලොල වඬමින් නිති දැවැටී නුවන් දැල බ ල සකි සඳ සිටිනා සලෙළ මුව කැල
130. සකි සඳ, නල ලෙළ නිමල රන් ලිය වන් පුර අඟන මුව ගැබැ පිරි මඳ කය පන හැකිලැ ලොල වඩමින් නුවන් දැලැ නිති දැවැටි සිටිනා සලෙළ මුව කැල බල.
මිතුරු තුමෙනි, සුළගින් ලෙළ දෙන, පිරිසුදු රන් වැල් බඳු පුර ලියන් ගේ කට පුරා ඇති මඳ සිනාව නැමති මඳු වැලේ පැටැලී නිතින් (උන් ගේ) ඇස් නැමැති දැලේ එතී සිටිනා සලෙළ දනන් නැමති මුව රළ බලව.
එ පුරේ සුළඟට ලෙළ දෙන පිරිසුදු රන් වැල් බඳු වෙත්. ඌ තුමු කට පුරා මඳ සිනා පහළ කෙරෙති. ඒ සිනාව වර මන්දක් බඳු වෙයි. වර මන්දේ ගුටුණු මුවා මල පුඞුවට හසු වන්නා සේ උන් කට පුරා සෙන මඳ සිනාවට හසු වූ සලෙළ දවෝ වුන් තතු වෙත්. එ අඟනෝ බැලුම් හෙළති. උන් නෙත් අඟින් ලන බැල්ම දුටු සලෙළු මුවන් දැලේ එතෙන්නා සෙයින් උන් විසි වෙති.
මෙ වැනුම පළමු (129) පැදියෙන් කැරැණු වැනුමෙන් එ තරම් වෙසෙස් නො වෙයි. ‘එ පුරඟනන් ගෙ දුල දැවැටි නෙත් කැලුම් දැල මඳ හස පන පැකිල සිටිති යා නො වැ සලෙළ මුව කැල’ යැයි දහම් සොඬ වග කවෙහි ‘පැකිලා’ ‘දැවැටි’ යනු මාරු කොටැ මේ මැ යොදා ඇති.
131. දෙකෙකින් සතර තිස වන විසි මා පසැති අනූ අට තුනු නව සා අක් දැළැති අසූ අත ගණන් එක් කොටැ සැටින් නිති එ පරැ ලියෝ විසි එකෙකික් දස කෙරෙති 131. දෙකෙකින් සත තිස වන විසි මා පස ඇති, අට තුනු අනූ නව යා අක් දඏ ඇති, එ පුරැ ලියෝ අසූ ගණන් සත සිටින් එක් කොටැ විසි එකෙකින් දස කෙරෙති. දෙ වරක් සතකුන් තිස විසි (හෙවත් සැට සතරක්) මහා මල පුඬු ඇත්තා වූ, අට තුනුවාට අනුවැ අලුත් සඳ දළ ඇති, එ පුරේ ගෑනු අසූ වූ ගණන් දනන් කපට බැවින් එක් කොටැ ගෙනැ එක් වදනෙකින් දස් බැව්හි හෙළති. එ පුරේ ගෑනු (7x 2 + 30+ 20) සැට සතරක් මායා දන්නෝ යැ. ඒ මහා නම මහා මල පුඬු සරි දැයයි. ඒ ලියෝ නව සා අක් දඏ ඇතියෙන් අට තුනු වැනි වෙත්. අට තුනුවාට නව සා අක් දළ (අලුත් සඳ බැඳි ජටාව) ඇත්තේ යැ. මෙ පුරේ ලියෝද නව සා අක් දළ (අලුත් සඳට බඳු නළල) ඇත්තෝ වෙති. ඌ තුමු අසු වූ (අසූ) තාක් දනන් (සත) කපට උපායෙන් (සැටින්) එක් කොටැ ගෙනැ එක් වදනෙකින් (විසි එකෙකින්) තම හට දාසයන් කෙරෙත්. අඟනතට, බල්ලනට දියේ ලීනන්නට හුරු ඇති සෙයින් ඉබේ මැ හුරු වූ මායා (රැවටිලි) සැට සතරෙකැ පුරුදු කම් ඇතිසි යෙති. නන් අයුරින් ගැමියන් සඳහන් කරන එ මායා පනේ පොතේ සඳහන පමණට වැදගත් නො වෙයි. ‘ මඳ මඳ සිතා යුත් ඇඟෙ නුවනගින් බැල්මන් මොළ කැටි රස බසත් මඳ ද බදිනුව දුටු දනන් සිත් (ක. සේ. xiii.37) ‘නැති ගුණය පෙන්නා පිරිමින් නිති ළ ගන්නා බොළද කම් දන්නා කවුරු අඟනන් පියති පන්නා (ක. සේ. xiii.11)
යනු ‘මියි’ දැක්වීම සඳහනැ පැවැසිණි. (වැඬි විස්තර ‘කැම කලා’ නම් පොතින් දන්නේ යි) ‘අට තුනු’ යනු ගත් (හෙවත් මූර්ති) අටක් ඇත්තේ යි මහ ඉසුරාට නමෙකි.
‘ජලං වග්නිස්තථා යෂ්ටා සූර්යා චන්ද්රසමසො තථා ආකාශාද්වාසුරවති මූර්තයෝෂ්ටෞ පිනාකිනැ’ (දිය, ගිනි, යාග කරු, ඟිර, සඳ, අහස, වායු, පොළොව යනු ඉසුරා ගේ අට තුනුවයි) යනුයෙන් ඒ අට තුනුව සඳහන් වේ.
‘සුර මඟ සමිරණ, කිනු මඟ, සිලිල්, මෙ දෙරණ හොතුරු, සඳ, නුබ මෙණ තො මැ යැ අට තුනු උළිඳු සිළුමිණ යැයි සිරි රහල් හිමියෝ ද අට තුනුව සඳහා වදාරති (ක. සේ. xii. 14) පසැති = පස ඇති දළැති = දළ ඇති අසූ = අසු වූ 132. පත මු ළු ස ක් වළැ සිරි එක තැනෙකැ පිරි ගණ වි ල ස ක් පානා එ පුර වර සිරි සිත වෙන සක් නො වැ පවසන අනත සිරි වත ද හ ස ක් තව ලදුවොත් මිසක් බැරි
132. මුළු සක්වළැ පත සිරි එක තැනෙකැ පිරිගත් විලසක් පානා එ පුරවරැ සිරි සිත වෙනසක් නො වැ පවසන අනත සරි වන දහසක් තව ලඳුවොත් මිසක් බැරි.
මුළු මහත් සක්වලට (පොදුයේ) පිමිණි සැපක් එක් තැනෙක්හි පිරි ගත් හැටියක් දක්වන්නා වූ, එ පුරවෙරේ සැපත් සිතේ අමුත්තක් නැති වැ (එ නම් සිතේ හැටියට) කියනවා නම් අනත් නයාට මෙන් මුව දාහක් වැඩිපුර ලැබුවෝතින් මිසැ නැති නමි බිරි වෙයි. මෙ වනාහි බොහො කිවියන වැනුම් අවසනැ කියන කතාවෙකි. මුළු ලොවැ ඇති සැපත් එක තැනැ මැ වු සිරි ගත්’ යනු ජයවද්දන පුර සඳහනෙහි හස් අසුන් කරුවෝ ද පවසති. 133. දු ල නා සොඳුරු පුරඳුරු විජයොත් පාය තු ල නා දෙරණ සැපැමිණි තුඟු මහ පාය ර ඳ නා පසිඳු මහසෙන් දෙව් රද පාය බැතිනා සපිරි දැකැ යන් කැරැ පිණිපාය 133. දෙරණ සපැමිණි, පුරඳුරු විජයොත් පාය තුලනා දුලනා, සොඳුරු, තුගු, සහ පායැ රඳන මහසෙන් දෙව් රජ පා (ය) දැකැ සපිරි බැතින් පිණ්පා (ය) කැරැ යන්.
බිමට බැස්සා වූ, සක් දෙවි රජු ගේ විජයහොත් පාය සම වන්නා වූ බබළන, මනා වූ උසු වූ, මහත් වූ පහයේ රැදී සිටිනා මහසෙන් (කඳ කුමර) දෙවි රජ තුමන් දැකැ, සපිරුණ වූ බැතින් වැදැ යව.
රජ ගෙට නුදුරේ ඇති දළ දා මැදුර ගාවා මැ කතරගමේ දෙව් රජු ගේ මැඳුර වෙයි. යුද අදිපති දෙව් රජු හැටියට පසිදු එ තුමා වඳිනු පුදනු ජයවද්දන පුරේ රජන් ගේ පුරුද්දෙකි. මේ දෙවොල පෙනෙන්නේ සක් දෙවි රජු ගේ විජයොත් (වෛජයන්ත) පාය බිමට බැසැ සිටිනා සෙයක් අඟවමිනි. ‘ර ත් පායෙක් එහි සත් සිය යොදුනුසාය තුන් සිය යොදුන් දිග ලෙළ දෙන දද රැසය’ යන්නෙන් ගුත්තිල දා කවි කරුවෝ විජයහොත් පායේ පමණ සඳහති. ‘ග නේ මිණි බැබැළි කිරණෙව් සතපාය ර නේ යටගැ සැවුලිඳු දද ගළපාය අ නේ ලකර කළ පුරැ අපුනරපාය පෙනේ දකුණැ මහසෙන් දෙව් රද පාය’
යනුයෙන් සිරි රහල් හිමියෝ සැල ළිහිණියාට මේ පායේ හැටි වදාරති. එ හිමියෝ මැ:- ‘දි ත් රද පිණිසැ සුරු පියුමැයි නැමැති මොළ ග ත් සිය අතින් කොතිනැතැ මෙර සිඳුරු කළ ග ත් තෙද රැසෙව් මහ සෙත් දෙව් රදුනුදුළ සි ත් සහ තොසින් නමදුව දෙනුව මන දොළ’ යැයි පරෙවියාට මෙ මැඳුරේ මහ සෙන් දෙව් රදු ගේ සැටි වදාරති.
‘ලොවත් මෙ පරැ රජුනුත් රැකැ සිටි විසිනි ස ව ත් සුර්ඳු මැඳුරට වැදැ වැදැ ගොසිනි’ යි හස් අසුන් කරුවෝ පවසති. ‘පුර විදාරණය කරන්නේ’යි සක් දෙවියාට ‘පුරඳුරු’ යි නමෙකි. බුදුනුවෝ:- ‘පුරේ පුරේ දානං දදානි පුරන්දරු’ (පුරෙක්හි පුරෙක්හි දන් දෙන්නෝ යි පුරඳර නමි) යි යෙති. 134. දි නි ඳු මඬල අපහස කරන විලසිනේ වි හි ඳු කිරණ යුතු කළ ලකළ ගණ රනේ ප සි දු විමනැ මුනි දසනිදුට සතොසිනේ සි ති ඳු නදැති මමතුරු සඳිනි නමදිනේ
134. සිනිඳු නද ඇති ම මිතුරු සඳිති, දිනිඳු මඬල අපහස කරන විලසින් (විලසිනේ) විහිඳු කිරණ යුතු, ගණ රනේ ලකළ කළ, පසිඳු විමනැ මුනි දසනිඳුට නමදින් (නමඳිනේ).
රළු නුවු නද ඇති මගේ මිතුරු තුමෙනි, හිරු මඬලට නින්දා කරන අයුරින් පතුරුවා හළ කුලුම් ඇති ගණ රතීන් සැරැයුම් කරන ලද පළ වූ මැදුරේ බුදුන් ගේ දළ දා හිමියනට නැමැඳීම කරන්නැ.
මහසෙන් දෙව් රද පාය එක් වැ මැ රජ මාළිගය පසින් වූයේ දළ දැ මැඳුරෙයි, රතින් සැරැසිලි කරන ලද එයින් රස් පැතිරැවීම හිරු මඬලට අවහස් කරන අයුරිනි එ මැඳුරු තුළැ රැඳි දළ දා සමිඳු වඳිනටයි එ කියේ.
විලසින්, රකින්, සතොසින්, නමදින් යනු එළි නිසා විලසිනේ, රතේ, සතොසිනේ, නමඳිනේ, යි යෙදිණි. ‘මඬල අපහස කරන, දසනිඳුට නමදින්’ යනු ද හැඬ ඇති යෙදුම් නො වේ. දසනිඳු = දසන් ඉඳු නදැති = නද ඇති 135. සබඳ, ඒ පුරාධිප ප්රණභාකරනකුලෝද්භූත නරශ්රෙොෂ්ඨයා ගේ ගුණ විශේෂයක් ශ්රතවණය කර
135. සබඳ, ඒ පුර අධිප ප්ර භාකර කුල උද්ගුත, නර ශ්රෙුෂ්ඨයා ගේ ගුණ විශේෂයක් ශ්රසවණය කර.
යහළුව, ඒ පුර වූ, හිරු ෙගාතින් පහළ රජු ගේ ගුණ වෙසෙසක් හෙවත් කැපී පෙනෙන ගුණයක් අසව. පුරාධිප = පුර අධිප කුලෝද්භූත = කුලැ උද්භූත 136. උ තු ර දිපති දිරි පරැකුම්බා සුරිඳු ප ව ර බරණ දිලි මනරම්බා ගිරිඳු ප ත ර තෙද යසිනි රිවි බිම්බා තරිඳු එ පු ර වජඹී සිරි පැරැක්ම්බා නිරිඳු 137. සිරි උතුර අදිපති, පැරැකම්බා සුරු ඉඳු, පවර අබරණ දිළි මන රම් රම් බා ගිරි ඉඳු, පතර තෙද යසින් රිවි බිම්මා නරිඳු සිරි පැරැකුම්බා නිරිඳු එ පුරැ වජඹී.
සැපතින් උතුරට අදිපතියා වූ, පැරැක්මෙන් හෙවත් පර සතුරන් මැඩීමෙන් සිහ රද වූ, උතුම් වූ අභරණ දිලිසිමෙන් පැතිරෙන සිත් අලවන්නා වූ කැල්මෙන් මහ මෙර වූ මහත් තෙදින් යසසින් ඉද සඳ (වැනි) වූ, සිරි පැරැක්ම්බා රජ ර පුරේ වෙසෙස් වැ පෙනෙමින් සැකක් බියක් නැති වැ සිටි.
වැජැඹීම නම් කැපී පෙනෙමින් සැක බිය නැති වැ පැලැඹීමයි. ජයවද්දන පුරේ වැජැඹෙන්නේ සිරි පැරැක්ම්බා රජ තෙමෙයි. එ තුමා දනයෙන් උතුරු දිගට අදිපතියා හෙවත් කුවෙරයායි.
වෙසවුණු (වෛශ්රපවණ) යැයි පසිඳු යක් කිඳුරු ඈ තිසසරන් ගේ රජ වූ උතුරු දිගට අදිපතියාට අනයට ද අදිපති වෙයි. ඔහුට :- 1 2 ‘ මහා පද්මශ්ව පදිමිශ්ව 3 4 5 ශබ්බී මකර කච්ජපෞ 6 7 8 මුකුන්ද කුන්ද නිලාශ්ව 9 ස්වර්වශ්ච නිධයෝ නව යැයි නව මහ නිදහනක් වෙතියි යෙති. දනය අතින් බලන විටැ මේ පැරැක්ම්බා රජ රජ ඒ වෙසවුණු රජ යැ.
‘බාසුරු’ යනු සිංහයාට නමෙකි. බා කරණෙන් සුරු වූයේ ‘ බාසුරු’යි පතිරජ පිරුවන් හිමියන් වදාරතන් ‘භාසුරක’ යනු සකුයෙහි සිංහයාට යෙදේ. ‘බිහිසුණු’ යනු ‘භාසුර’ යන්නෙන් පළ කරති බමුණු ඇඳුරෝ. පරන් ඇක්මිමෙහි හෙවත් මැඬිමෙහි මෙ රජ තෙමේ සිඟ රජෙකි.
මේ රජ තෙමේ උතුම් අබරණ පැළැඳැ සිටි. එ අබරණ දිලෙයි. එ විටැ සිත් අලවන කැලුම් විහිදේ. ඒ අතින් බැලුවාම මෙ රජ පවු රජයි, හෙවත් මහ මෙරයි. මහ මෙර සිවු වනක් කැලුම් විහිදුවමින් දිලෙන්නෙකි.
මෙ රජු ගේ තෙද මහති. මහත් තෙදින් මේ හිරුයි, මහත් යසසින් සඳු යි. උතුරදිපති = උතුරැ අදිපති (බා) සුරිදු =(බා) සුරු ඉඳු ගිරිදු = ගිරි ඉඳු නරිදු = තරු ඉඳු නිරිඳු = නර ඉඳු 137. දෙ ව රද වන් මිහි මඬලට ඟිම ගිහිණි සි ව් සයුරත රැදි යස තෙද සෙ මුතු මිණි ස ව් සිරි සර පැරැක්ම්බා මෙ රඳ මිණි ලෙව් තුටු කෙළෙ සිරි ලක රජ සිරි පැමිණි.
137. ගිම් ගිහිණි මිහි මඬලට දෙව් රඳ වන්, මුතු මිණි සෙ යස තෙද සිවු සයුරු අතැ රැදි, සව් සිරි සර මෙ පැරැක්ම්බා රද මිණි සිරි ලකැ රජ සිරි පැමිණි ලෙව් තුටු කෙළෙ. (නියතින්) ගිම්න බොහෝ වූ පොළෝ තලයට මහ වැස්ස වැනි වූ, මුතුන් මිණිත් සෙයින් සතර සයුරු කෙළවරු යසසත් තෙදසත් රැඳුණා වූ, සියල් සැපතින් සරු වූ මෙ පැරැක්ම්බා රජ රුවන සිරි ලකේ රජ සැපතට පත් වැ ලෝකයාට තොස පැමිණැවි.
‘දෙව් රද’ නම් දෙවියන් ගේ රජ වූ ඉන්ද්රටයායි. (ශක්රු යනු ද ඔහුට මැ නමෙකි.) ඉඳුරු දික් පති ඉන්ද්රුයා වැසි දෙවියායි. එ හෙයින් වැස්ස ඔහු ගේ නමින් ද බොහෝ විටැ සඳහන් වෙයි. මෙහි දු ‘දෙව් රද’ යනු වැස්ස අඟැවීමට යෙදිණි.
සිවු සයුර අත හෙවත් සතර සයුරේ තෙර රජුන ගේ බලය පැතිරැ පවත්නා සරියේ ඉම හැටියට දැක්වීම එ රජු ගේ අණ සක ලො පුරා පතළ බව පැවැසීමෙකි. ‘කරනෙක සත් සි සයුරත් දෙරණොහු සරන....... ‘ එ වදනසා රජ සිවු සයුරත් මුළු දෙරණ.........’ යන තැන් ද විමසා බලනු යෙදේ (ක: සි: i. 62, vii. 36)
‘රද මිණි යනු ‘උතුම් රජ’ යනු ඇඟවීමට යෙදිණි. ‘රත්න, මිණි ඈ මැණික් අරුත දෙන වදන් ‘උතුම් බව, අඟනා බව ඇගැවීමට යෙදේ. පමා රුවන, ඉතිරි රුවන, පුත් රුවන ඈ යෙදුම් සලකනු- ‘රජ රුවන මන රඟ සිවු සැට බරණ හා ඇඟ’ යනු සිරි රහල් වදැනි.
138. රන් දාරා නේ මිණි සමඟ කළ නද රන රදා නදසා මෙ හිමි ගේ නද රන් දාරා පිය වෙස් ගෙනැ විරිදු රද රන දාරා ගිය සිය සුතඹු ගෙනැ සෙද
138. මෙ හිමි ගේ නේ මිණි රා රන්දා නඳ කළ රන් දාරා තද නද අසා විරුඳු රද රන් දාරා පිය වෙස් ගෙනැ සිය සුතඹු ගෙනැ සෙද රන් දාරා ගිය.
මෙ සම් දරුවා ගේ (එ නම් මෙ පැරැක්ම් රජු ගේ) නො එක් මැණික් හි පැහැය රඳවා පිය තරු කළ රන් හොරණෑවේ මහත් හඬ අසා සතුරු රජහු වැදි වෙස් ගෙනැ වහා අඹු දරුවනුත් කැටි වැ වන දෙවනන් කෙරෙමින් ගියහ.
යුද අස්වන හොරණෑ හඬ ගැනැයි එ කියේ. තමා යුදට එන බව අඟවා මේ රජු මහත් හඬින් හොරණෑව පිමැවූ විටැ බියට පත් සතුරු රජුන් වහා සිය අඹු දරුවන් ද ගෙනැ වනයට පැලෑ බව එයින් ඇඟැවේ.
‘රන් දාරාවෝ’ නම් වැදි ලියෝයි. රන් යනු ‘අරණ’ යන්න ‘අරත්’ යැයි ගෙනැ මුලකුරු ලොප් කිරීමෙන් සපයන ලද්දේ වෙයි. ‘දාරාවෝ’ නම් ‘අඹවෝයි’ අරන්දාරාවන් ගේ වැදි වෙස ගෙනැ පැලෑ බව කීයේ.
‘රන් දාරා’ යනු එළි වැට සතරකට ගන්නට නැමුණු හෙයිනි. මේ අයුරු විකර පද යොදන්නට වුයේ.
එක් තැනෙකැ ‘රන්දාරා’ යනු ‘රා’ (පැහැය) රන්දා (රදවා) යැයි ගන්නවෛ්. තව තැනෙකැ ‘රන් දාරා’ (රනින් කළ හොරණැ) යැයි ද, අනෙක් තැනෙකැ ‘රන් දාරා’ (අරන් පළා ගෙනැ) යැයි ද ගත යුතු වේ. රන් වේවා, රිදි වේවා මැණික් පැහැ රඳවා කළ දාරාව (හොරණෑව) ‘මිණි කාලාම’ යවුයෙනුසි සඳහන් වනු සුදුසු. සුතඹුව = සුත අඹුව
139. සවන් දෙසූ තෙවළා දම් අත් රසින සවන් පුරා නිරතුරු සුසිරි වඩමින සවන් අකුරු මෙ නිරිඳු තිළින තඹරන සවන් මිණි රොනින් යදි බිගු කෙළෙ නඳන 139. සවන් දෙසූ තෙවළා දම් අන් රසින් සවන් පුරා නිරතුරු සුසිරි වඩ මින් සවන් අකුරු මෙ නිරිඳු තිළින තඹර වන (තඹරන) සවන් මිණි රොනින් යදි බිගු තුටු කෙඝෙ. බුදුන් වදාළ තුන් පිටක දහමේ අරුත් රසයෙන් කන් පුරා නිබඳ මනා පැවතුම් බෝ කරමින් බුදු කුරු වූ මෙ රජු ගේ දීමනා නැමැති නෙළුම් වනය යදියත් නැමැති බමරුන් කත සදන මිණි ගෙවත් කනැ පළන් මිණි අබරණ (රස්) නැමැති රොනින් තුටු කෙළේයි. මෙ රජ තෙමේ බුදුන් වදාල තුන් පිටකයේ අරුත් අසා දත්තේ යැ, කන් පුරා දහම් අරුත් ඇසූයෙන් නිරතුරු සුසිරි වඩන්නේයි, එ හෙයින් මැ බෝසතෙකි. එයින් යදියනට තෑගි දෙයි. මෙ රජු ගේ දීමනා නෙළුම් වනයෙකි. එහි රොනට වදිනා මී මැස්සෝයි යදියෝ. ඔවුන් ගන්නා රොන් නම් රජු ගේ කන් පළදනා මැණික් යැ. කන් පළදනා මැණික් ලැබීම යන්නෙන් අදහස් කරන ලද්දේ රජු ගේ ඇහුම් කන් ලැබීමයි. යදියන් යදිනා දැය දන්නට රජ ඇහුම් කන් දී දැනැ එ දැය දෙයි.
‘සවන්’ මිණි රොනින්’ යන්නට ‘ෂඬ්වර්ණ මිණි නැමැති රේණුයෙනැ’ යි අරුත් දීම විසුළුයි. එ නමින් මැණික් වෙසෙසෙක් මෙ ලොවේ නැති. ‘ෂඬ්වර්ණ’ යනු සිය බසෙහි සිටිනේ ‘සවනක්’ කියායි.
‘සවන්’ යනු එළි වැට සතරකට ගන්නට යාමෙන් මෙහි ‘රූපකය’ පළුදු වූ සැටියි. මියුරු අස්නේ:- ‘ස ව න් මිණි දහම සදනා සවන් මිණි ලෙවන් රිසිය වන් දෙවනා දෙවන් මිණි’ ඈ පැදිය ගුරු කමට ගන්නට සිතූ සැටියෙකි මෙහි පෙනෙන්නේ.
‘අර්ථ රසය’ ‘අත් රසය’ යන්නෙන් සැදැහිම ද සනරම් නො වේ. ‘අර්ථ’ යනු බෙහෙවින් සිය බසෙහි සිටිනේ ‘අරුත්’ යන්නෙනි.
අරුත් සහිත තුන් පිටක දහම මෙ රජු සවන් පුරා මැ අසන්නට ඇති.
‘නොසී කරන මිස දිටුවන් බස් අබඳ නි සී නැණැති සිරි පැරැක්ම්බ රජුට නඳ ර සී සුවාසු දහසක් දහම් කඳ’ යන්නෙන් ගිරා අසුන් කරුවෝ කියති මෙ රජුට සිරි රහල් හිමියන් අසූහාර දහසක් දහම් කඳ දෙසූ බව. ඒ තෙවළා දහම තමා.
‘සවන්’ (සර්වඥ) අකුරු (පැළය) නම් බොසතායි. තඹරන = තඹර වන 140. ප හ ළා විලස යුග කෙළ රිවි බිඹු ලෙළව පු ව ළා මෙ හිමි සඳ තද තෙදනල මොළව නොවළා රුපු සයුරු වියළා වැදැ වෙළව ස ස ළා සළා දී බබළයි මුළු පොළව
140. මෙ හිමි සඳ පුවළ නද තෙදනල යුග කෙළැ රිවි ලෙළ වැ පහලා ලෙසැ මොළ වැ නො වළා වැදැ රුපු සයුර වියළා මුළු පොළොව වෙළ වැ සසළා සළා දී බබළයි. මෙ හිමි තුමා ගේ (මෙ රජ ගේ) මහත්, දැඩි තෙද ගින්න කප කෙළවරැ ඉරැ ලෙළි පහළ වූ සෙයින් සැහැසි වැ හෙවත් සැඬ වැ වගා වැදි සතුරන් නැමැති මහ මූද වියළා මුළු මහත් පොළොව වෙළා ගෙනැ මහත් වූ සුළි නගමින් බබළ යි.
තෙද ගින්න කප අගැ හිරු රස් සරි කොටැ පැවැසීම් අපේ කිවියන් අමතක නො කරන්නෙකි. ‘සසළා’ යනු ‘මහත්’ යන අරුත දෙන බව:-
මහ මහත් මහවුරු දැඩි විපුල් සසළා දළ ඔලාරි, උළාර, නුඹුළු විසරු, නැබළ, (එක රුත්)
යන්නෙන් රුවන් මල අඟවයි. තෙදනල = තෙද අනල ‘පුවළ’ යනු එළියත් විරිතන් නිසා ‘පුවළා’ යි වි.
141. මි හි තු ල් නිසල ගුණ මෙ නිරිඳ සඳ සතන දි ගු නි ල් පැහැද යුඟ බැම නව මේ නඟන පි ළි ම ල් තුමුල් කිඳුලිය පා කැරැ නැවත සු හු ඹු ල් කෙළේ සර්වඳ සත සතොස ඇල් කෙත
141. මිහි තුල් සතන නිසල ගුණ මෙ නිරිඳු සඳ දිගු නිල් පැහැ අද (පැහැ ද) යුග බැම නව ටම්, නගණ පිළිමල් තුඹුල් කිඳුලිය පා කැරැ, නැවතැ සව් සත සතොස ඇල් කෙත සුහුඹුල් කෙළේ.
පොළොව සේ සියලු කැලැ නො සැලෙන ගුණයෙන් යුත් මේ රජ තුමා, දික් වූ, නිල් පැහැයෙන් ඔප වැටුණු දෙ බැම නැමැති අලුත් වැසි වලාව නගණ වැටැ සතුරන් නැමැති මහත් වූ මල් රොද දුරු කොටැ, නැවතැ සතන් ගේ සතොස නැමැති ඇල් කෙත සුහුඹුල් කෙළේ මනා වැ වැඩෙන්නට සැලැස්සී යැ- මෙ ද ඉතා පසිදු වෑනුමෙකිත ‘නිරතුරු නිතොර වැ එ තරවරා බැම ලියෙන් මමි විපත් සුපක්නට කුරුරු මරණ පිය කරණ’ යැයි මුව දෙව් දා කවි කරුවෝ කියති. (39)
‘තම කළ සත හැලේ සිහිලේ සැප සිලිලි බිය සෙණ රුපු කලේ තුමුලේ දෙන නො කලී නළලත ගිරි නෙලේ සුනිලේ රැසිනිපිලී දුර රද දෙ බැමලේ ගතලේ සිරි කියෙලි’
යැයි සිරි රහල් හිමියෝ සැල ළිහිණි අස්නෙහි සඳහති. ‘ගණ ලේ’ යනුයි මෙහි ‘නව මේ’ යි සඳැහෙනු.
‘රැකුම් නැකුම ලොවැ ඔහු බැම ලියෙන් පත’ යැයි මියුරු අසුන් කරුවෝ කියති. ‘නිඳුලිය’ ‘නිඳෙලියෙන්’ වෙනස් බව සැලැකිය යුතු. ‘කිඳෙල්’ යනු වගුරු වළ කඬට නමෙකි.
‘සමුදුර සියල් කිඳලෙකි., තුඹසෙහි සුනෙර’ යනු අලගියවන්න රාළහාමි තෙමේ ද කියයි. ‘කිඳෙල්’ යනු ‘මකුළු දැල්’ ඇඟවීමට යෙදුණු සේ ගැන්ම විසුළුයි. මකුළු දැල් ඇල් කෙතට කවර සරසෙක් ද? මකුළු දැල් සිඳිනු නිසි නිවහන්හි මිසැ වැසි දිය ගෙන තන්හි නො වේ. වැස්සෙන් මකුළු දැල් සිඳෙනු පතන්නෝ නො වෙති.
142. කිවි කුල කමලකර පොබයන රිවි මඬල සිරි කල කුල නිවෙස් මෙ නිරිඳුට රිවි තුල සම බල තෙදැති නිරිදකු නූ බව මෙ කල මහ වල තුරක් නැති මෙනි දෙවි තුරට තුල
142. කිවි කුල කමල පොබයන නව රිවි මඬල, සිරි කල කුල නිවෙස්, රිවි කැලැ මෙ නිරිඳුට මස බල තෙදැති නිරිඳකු මෙ කලැ නූ බව මහ වලැ දෙව් තුරට තුල තුරක් නැති මෙනි.
කිවි සමූහය නැමති නෙළුම් පුබුදුවන අලුත් හිරු මඬල වූ, සිරි කතට පවුලේ නිවහන, නැත් නම් නිති දා හිමි ගෙය වූ, රිවි කුලයෙන් පහළ මෙ රජුට බලයෙන් සම වූ තෙද ඇති රජකු මෙ දවස්හි ඇති නො වීම මූකළානේ පරසතු රුකට සම ගසක් ඇති නො වීම බඳුය.
නෙළුම් හිරු රසින් පුබුදු වෙතැයි යෙති. හිරු රසින් නෙළුම් පුබුදු වීමත් මෙ රජු ගේ ගුණයෙන් කිවියන් පුබුදු වීමත් එක් අයුරුයි. කිවියන් තුටු වන්නේ විසිතුරට වැනුම් කිරීමට දැය ඇති විටැයි. මෙ රජු ගේ යස තෙද ඈ ගුණ විසිතුරට වැනිය හැකිය.
සිරි කත පරවෙණි නිවස හැටියට ගෙනැ නිති වසන්නේ මෙ රජු කෙරේයි. මෙ දවස්හි මෙ රජුට සම බල ඇති හෝ මෙ රජු ගේ තෙදට සම තෙද ඇති හෝ රජෙක් නැති මූකළානේ ගස් ඇතත් පරසතු රුකට සම වවන එක් ගසෙක් දු එහි නැත්. පැරැක්ම්බා රජුට එකකු නැති බවද එ අයුරුයි. තෙදැති = තෙද ඇති 143. පලග වන් වියන් දද තුටු වන්ට බලී පලග අවි රැගත් වරැ මෙ විරු රුපු කලී පලග හුණු මුහුණු සහඳුන් කඳුළු හැලී පලග අඬ ගහණ මිලි නරිඳු සිරිසිලී
143. වියන් දද තුටු වන්ව බලි පලග වන් මෙ විරු පලග අවි රැගත් වරැ රැපු කලී සහඳුන් කඳළු හැලි පලග හුණු මුහුණු පලග අඬ ගහණ මිලි නරිිඳු වැනි.
වියතුන් හෙවත් උගතුන් නැමැති කුරුල්ලනට තුටු වීම පිණිසැ මහත් වූ පල තුරක් වැනි මේ වීරයා පලිය සහිත ආයුධ අතට ගත් විටැ සතුරු අඹුවන් ගේ අඳුන් වැ ඇති කඳුළු දහාරා වැගිරෙන අලකාවලිය වැටී ඇති මුහුණ රාහු අඬක් ගත් දුමුරස වූ සඳවැනියි.
වියත් දනෝ - වෙසෙසින් කිවියෝ - කුරුල්ලෝයි. මේ රජ තෙමේ මහත් වූ පල තුරෙකි හෙවත් පල දරන ගසෙකි. පල ඇති රුකට කුරුල්ලන් පියාඹා අවුත් වසා පලබුදිමින් තුටු වන්නා සේ මෙ රජ කරා වියත්තු පැමිණැ සැපත් ලබති. පල රසින් මත් කුරුල්ලන් නද දෙන්නා සේ සැපත් ලැබීමෙන් තුස්නා වියත්තු මෙ රජු පසසිත්.
එ අයුරු වූ මෙ රජු සටනට පලිස් කඩු දුනු ඈ අවි ගත් විටැ සතුරනට මර නියතයි. එ බව දන්නා සතුරු අඹවෝ සිය හිමියන් ගෙන් වන වියෝව සලකා සොවින් සැලෙත්, ඔවුන් ගේ අලකා වැළ මුහුණට වැටෙයි. ඇසින් කඳුළු දහර ගලයි. එ කඳුළින් ඇසැ අඳුන් සේදී යයි. මුහුණ දුමුරස හෙවත් දිඹිරි ගැසේ.
අලකාව නම් ඉදිරි පිට දෙ පැතතේ හෙළන, මලින් මුතුයෙන් සෑදූ කෙස් රොද දෙකයි. ‘කියඹු’ වැළ යනු ද මීට මැ නමෙකි. ‘කියඹු වතළ දළ කැළලොත ළසේකර’ යැයි මියුරු අසුන් කරුවන් කීයේ එ හෙයිනි. මෙය දෙ කොපොල පහසිමින් පියොවුරු මතට වැටෙන සේ හෙළව බවයි:- ස්තනාහෝගේ පතන් භාති කපොලාත් කුටිලෝල: ශශාංකබිම්බතෝ මේරෞ ලම්බමාන ඉවෝරග: (කොපොලින් තන මඩලෙහි වැටෙන්නා වූ වක් හෙවත් වැකැටි ගැසුණු අලකාව සිසි බිඹුයෙන් මේරුයෙහි එල්ලෙන වයකු සේ පෙනේ) යන්නෙන් පළ වෙයි. මුහුණ සඳ මෙනි, නළල් තලයට අලකා රොද වැටුණාම එහි (මුහුණේ) පසක් වැසෙනුයෙන් අඬක් අසු වූ සඳ මෙන් එය පෙනේ. කඳුළින් දිය වැ සේදුණු අඳුන් වැකීම නිසා දුඹුරු ගැසුණු අයුරෙන් ද පෙනේ.
මෙ වනාහි සස දා කවි කරුවන් ගේ:- ‘එ රජ රුපු කලුන් කියඹු වැළ හුණු වුවනත් පලග අඬ ගහණ ඔත මැලැ සඳ සිරි ඉසිලි’ (211) යන්න සිහිපත් කරවන්නෙකි. කඳුළින් අඳුන් සේදී යාම:- ‘ගසත රතන ළෙහි ගලනැස්දරිනඳන දෙවැ නුවනත සුනිල් කැල්මන් පියන විලසින් පාමින්’ (ක: සි: xiii 26) යන්නෙන් ද පළ වෙයි. (1) පලග = පල අග සහඳුන් = සහ අඳුන්
144. ස වි සිරි දෙන සෙවුනා සත හට නිබඳ දෙ වි කුඹු වන් මෙ නිරිඳු රජ කරන සඳ ලෙ වි තුරු රුපු නිරිඳුන් පැලඹෙනු කෙ බඳ එ වි සරනා රිවි අබියෙසැ කදෝ රඳ 144. සෙවුනා සත හට නිබද සව් සිරි දෙන, දෙව් කුඹු වන මෙ නිරිඳු රජ කරන සඳ ලොව තුරු රුපු නිරිඳුන් පැලැඹෙනු කෙ බඳ? රිවි අබියෙසැ කදෝ රද සරනා එවි.
ඇසුරු කරන දනන් හට නිතොර වැ සියලු සැපත් දෙන, ( එ හෙයින්) බදුරු කළය වැනි මේ රජු රජ කම් කරන කලට ලෝ කැසේ සතුරු රජුන් ගේ පැවැත්ම කවර අයුරු ද කියනවා නම් ඉරු ඉදිරියේ කනා මැදිරි රොද මෙනි.
දෙවි කුඹ නම් බදුරු කළයයි. එය සිතන පතන සැපත් දෙන ගණයේ එකෙකි. ‘අදෝ කදෝ වැනි දෝ හිමිට සරි කළ, යැයි පරවී අස්නේ ද මේ කතා මැදිරි උපමාව දක්නලෙැබේ.
145. අ මා කිරණ කැළලැනියන් පළමු කොට ත මා මැ සරි නො මැ වනු යෙන් හැරැ දුරට ත මා මැ නුම් හට සරි මොහු ගුණ රැසට යොමා බලනු කිවිසර උපමා කුම ට
145. අමා කිරණ කැළල ඇතියෙන් තමා මැ සරි නො මැ වනුයෙන් පළමු කොටැ දුරට හැර තමා මැ තම හට සරි මොහු ගුණ රැස්ව කිවිසර යෙිබා බලනු කුමට. සඳ, එයට කැළලක් ඇති හෙයින්, එය මැ සරි වන බව පළ කරන හෙයින් ඈතට යවා තමාට මැ තමා සරි වන මේ රජු ගේ ගුණ රැසට උපමා යොමා යොමු කොටැ බලන්නේ කුමට ද?
මෙ රජු ගේ ගුණ සමූහයට සිරි වන ගුණ මඳක් හෝ වී තම ඒ වුයේ සදේයි. එ ගෙන් සඳ සකැළල් යැ. මෙ රජු නිකැළල් යැ. ‘කැළලක් ඇති මා කුමට ද නිකැළල් රජුට සම වන්නට ඉදිරි පවත්වන්නේ’යි සඳ කල් තියා මැ ඈත් වියැ. මෙ රජ සඳට එ සෙයින් ඈත් වන්නට හැරැ තමා තමාට මැ පමණක් සරි වූයේයි. එ සේ වූ ඔහු ගේ ගුණ සමූහයට කිවියෙන් උපමා ඉදිරිපත් කොටැ සරි දැයි බලන්නේ කුමට ද? එයින් වරඬෙක් වො වේ.
‘අමා’ යනු සඳ කැනට ද නමෙකි. එ හෙයින් අමා කිරණ යනු සඳට යෙදේ. කැළලැතියෙන් = කැළල් ඇතියෙන් 146. රිවි ගොත් කිරි මුහුද ඔද කළ සිසි ලෙසට ම හ ස ත් ගුණයෙන් වැජැඹෙන නිති මෙ මුළු රට දිය කොත් මෙ නිරිඳුන් තෙද යසස වැනුමට කි වි ව ත් නො වෙත් වත් වෙත් සරසවි නෙතට
146. රවි කිරි මුහුද ඔද කළ සිසි ලෙසට මහසත් ගුණයෙන් මෙ මුළු රටැ වැජැඹෙන, දිය කොත් මෙ නිරිඳු තෙද යසස වැනුමට කිවි වත් නො වෙත්,සරසවි නෙත් අට වන් වෙන්.
හිරු කුලය නැමැති කිරි මුහුද ඔද වැඩු සඳ පරිදි වැ, බෝසතුන් ගේ ගුණෙන් යුතු වැ මේ මුළු මහත් රටේ ඉහළින් පෙනී සිටිනා, ලොවට කොත වූ හෙවත් ලෝ මුඳුන් පත් මේ රජු ගේ තෙදන් යසසත් වැනුම් කිරීමෙන් කිවියෝ සමත් නො වෙති. සරසවියත් මහ බඹාත් සමත් වෙත්.
කුලය නැමැති කිරි මුහුද ඔද කළ සුපුන් සඳයුරු යන උපමාව ද අපේ කිවියන් ගේ පරවේණි එකෙකි. ‘පුවතර විමල කුල - කිරණව සුපුන් සඳයුරු’යි මෙහි මැ මිට පළමුන් කියැවිණි (119) ‘සරසවිය’ නම් වදන් පති දේවියයි. ඇය බඹු ගේ මුව ගබේ වෙසෙතියි යෙති. එයින් කීහ දණ්ඬිත ඇදුරෝ, කාව්යාිදර්ශ පුරමින්:-
‘චතුර්මුඛ මුඛාම්භෝජ වන හංසවදූර් මම මානසේ රමතාං නිත්යං් සර්වශුක්ලා සරස්වතී’ යි
චතුර්මුඛ යන මුහුණු සතරක් ඇත්තේ යි බඹුට නම්. එ හෙයින් මෙහි ඔහු ‘නෙත් අට’ යන්නෙන් සඳහන් වූයේ.
කිවියන් ගේ බස දැන්ම සීමා සහිතයි. වදන් පති වූ, සිවු වේදය ලොවට හැදෑරෑ වු සරසවිය (වාක් දේවිය) ත්, සතර වේදය පහළ කළ මහ බඹාන් සීමා රහිත වදන් සවිය ඇතියෝ වෙති.
නෙතට = නෙත් අට 147. සඳ කැන් සදිසි බබළන පිළිමිණි දෙරණ ගණ රන් ටැඹින් සුලකළ විහිදෙන කිරණ සැදි නන් රුවින් රුවිනග නවහම් වරණ සොබ මන් සබා මඬුයෙහි නිති පිය කරණ
148. තුරු පිරිවර සුපුන් - සඳ බබළනෙවි නුබ මැදැ
නන් මිණි පෙළින් පෙළ විසිතුරු ලෙසට ඔබා බන් සොඳ වියන් යට සේ සතිනි හිවි පබා
රම් කම් කළ රුසිරු - පුවතර මුවර තොරණින්
හිම සෙල් නිමල් සුවිපුල් සී අස්න මතු සුවි මල් රුවන් බරණින් සැරැසී දිමුතු
දි ගැ ස සොඳුරු කර සල සෙමෙර පවතින නොලස මිණි කැරුළැ මුතු ලැල් ලෙළවමින දෙ ප ස නිරිඳු කුල අත් මුඳුන දෙවමින මෙලෙස එ අප පැරැක්ම් රජු උන් සඳින
25 රජ සබ වැනුම් (1)
147, (148) සඳ කැන් සදිසි බබළන පිළිමිණි දෙරණ, කිරණ විහිදෙන ගණ රන් ටැඹින් සුල කළ, නන් රුවන් සැදි, රුවින් අග නවහම් වරණ, නිති පිය කරණ, සොබමන් සබා මඬුයෙහි-
148. තරු පිරිවර සුපුන් සඳ නුබ මැඳ බබළන එවි, නන් මිණි පෙළින් පෙළ විසිතුරු ලෙසට ඔබා බන් හොඳ වියන් යටැ, පබා හිවි සේසතින් (යුත්) පුවතර මුවර තොරණින් රුසිරු රන් කම කළ හිම සෙල් නිමල්, සුවිපුල්, සී අසුන් මතු- සිවිමල්, ළකල්, දිමුතු බරණින් සැරැසී-
සොඳුරු දිගැස කර සල සෙමර පවතින් මිණි කිරුළැ මුතු ලැල් නො ලසැ ලෙළවමින් - දෙ පසැ නිරඳු කුල මුඳුන් අන් දෙවමින්, අප පැරැක්ම් රජු මෙ ලෙසැ උන් සඳින- සඳ කැලුම් හා එක් බඳු වැ බබළමින් පෙනෙන පළිගුයෙන් කළ පිළි ඇති, රස් පැතිරෙන්නාවූ හුදු රන් කණුවලින් මනා සේ සැරැසුණු, නො එක් මැණික් යොදා කරන ලද සොඳුරු පෙනීමෙන් ඉහළ මැ තැනට පත් සැරැසිලි සහිත ඇවුරුම් ඇති, ඇස පිනා යාමට කරුණු වන, හොබන සබා මඬුයේ-
තාරකාවන් ගෙන් වට වූ හෙවත් අවට තරු සහි., අඩු නැති වැ මැ පිරුණු හඳ අහස මුඳුනේ දිලෙන්නා මෙන්, නො එක් මැණික් පේළියෙන් පේළිය සිත්තම් සෙයින් සිටිනට ඔබ්බා බඳිනා ලද මනා වූ වියන යටැ, දිලෙන උස් වූ සේ සතින් (යුත් වැ)
පිසිදු වූ මකර තොරණ සිතට අල්ලන පරිදි රන් කමින් කළා වූ, හිම ගල සේ පිරිසුදු වූ, මහත් වූ සිහ අස්න මත්තේඉතා පිරිසුදු හෙවත් මද වූ ද දොසක් නැති, සිත් ඇදැ ගන්නා, දිලිසුම් සහිත පළඳනා පැළැඳැ -
මනා වූ හෙයින් රුවින් යුතු අඟනන් ගේ අත්න් සලනු ලබන සෙමෙර පවතින් මැණික් වොටුන්නේ මුතු ලැල් විගසැ විගසැ ලෙළ දෙමින්, දෙ පැත්තේ සිටිනා රජ කැලන් දොහොත් මුදුන් දෙවමින්, අපේ ඒ පැරැක්ම්බා රජ මේ විදියට උන් වෙලායේ- රජු සබා මඬුයේ සිහසුන් අරා උන් පරිදියි ඒ කීයේ. වැනුම් සැකෙවි කරන විටැ සුදුසු පමණට වැඩියෙන් පවත් එහි ගැන්නීම නිසා එහි විසිනුරටත් අරුත් පළ ගුණයටත් හානි පැමිණැ ඇති බව පෙනේ.
පළමු පැදියෙන් කියැවෙන්නේ මඬුයේ සැටියි:- එහි පිළ පළිගුයෙන් කරන ලද්දේ වෙයි. කණු ගණ රනින් නිමියේයි. (පියස්ස ද සහිත) ඇවුරුම මැණික් සහිත කොටැ කරන ලද ඉතා ඉහළ පෙළේ සැරැසුමෙන් යුතු වෙයි. සෙසු ගත් කරුවන් සබා මඬු පිළ, මැඳුරු පිළ ඉඳුනිල් මිණි යොදා කරන ලද බව කියතත් මෙ ගත් කරුවන් ගේ සබා මඬු පිළ පළිගු බවයි පැවසී ඇත්තෙ. එ සබා මඬු උසුලන්නේ රුවන්ටඹයි. මෙය ගණ රන් ටැම පිටැ සිටි. පියැස්සේ නම සම බව පෙනේ.
‘විමලිඳු නිල් මිණි බිම ඔත් අසෙතිය කුසුම්’ යැයි කවි සිළුමිණි කරුවෝ සබා මඬු පිළ සඳහති (vii. 27) මෙ වැනුමට ගුරු කම් දෙන සබා මඬු වැනුමේ ද:- ‘අසෙනිය මල් තුරු විමල් ඉඳුනිල් මිණි තල ගුවනැ සිහසන සරා සිසි බිඹු සොමි මමන්නා’යි මඬු පිළ ඉඳුනිල් මිණි කොටැ දැක්වේ (ක: සි: iv. 6)
‘නවහම්’ යන්නට ‘අභිනව කර්මයන්’ යන අරුත බොහෝ වියතුන් දෙතන් පැරැණි ගත් කරුවන් එය යොදා ඇත්තේ ‘අමුතු සැරැසිලි’ යනු අැගැවීමටයි. සිරි රහල් හිමියෝ ද :- ‘සදන මෙන් කස මල් වසනෙව් දිය මෙරළි මල් අතුරන ලෙසිඳුනිල් කරන නවහම් මෙන් මොනර පිල්’ යනු වදාරති (ක: සේ: i. 109)
මොනර පිලින් කරන කවර පිරියමෙක් ද සැරැසිල්ලක් මිසැ?
සබා මඬුයේ පියන මැණික් ඔබ්බා සදා ඇති. මැණීක් පෙළින් පෙළට ඔබ්බා ඇත්තේ නො එක් සිත්තම් දේ දැදී පෙනෙන පරිදියි. ඒ වියන අහස බඳුය. එහි මැණික් තරු බඳුයි. වියනේ වදිනා පමණට උස් වූ කැලුම් සහිත සේ සත තරු සහිත අහස මුඳුනේ දිලෙන පුරා හඳ වැනියි.
එ අයුරින් කීමට නම් වියන නිල් වියැ යුතු. එ හෙත් වියතින් උඬුවියන් සුදු වියැ යුතු. එ හෙයින් ගිරා අසුන් කරුවන්ගේ:- ‘සුර ගඟ තරහ වැළ - මැදැ වන් සුපුන් සඳ රඟ
බඳ සෙල් වියන් යට වට මුතු ලැලින් යෙදූ මන කල් නිමල් දළ පුඬු සේසතින් සෑදූ
ඇම කල් දිසි නිමල් - හර සෙල් සිදිසි සිහසුනැ.......’ යි කළ වැනීම මීට වැඩියෙන් හැඩයි.
මෙහි සිහසුන ‘හිමි සෙල් තිමල්’ යැ ‘හිම සෙල’ යනුකුළු රැසට සුදුසු නමක් නො වන්නා සේ මැ තනි සිහසුන හිමවුව බඳු කොටැ පැවැසීම ද ‘හර සෙල’ (කෛලාසය) බඳු කොටැ කීම පමණ ගැඬ නැති.
මෙ සිග අසුන රන් කමින් යුත් වේ. එහි රන් කමින් කොටැ ඇත්තේ මුවර (මකර) තොරණයි. රජුගේ සිහ අස්නේ මුවර තොරණ යෙදීම නුසුදුසු නො වේ.
එ වනැහි සිරි ලක් දිවේ වෙහෙර අරම්භි, වෙසෙසින් අරම් දොරැ, පිළිම ගෙහි දොර ඈ තන්හි දක්නට ලැබෙන පසිඳු සැදුමෙකි. එ හෙත් බඹසර දම් රක්තවුන් රඳන් නන් සඳහා සුබ වන ලකුණෙනක් නො වේ එය. ‘ගජේන්ද්රනවක්ත්රුම් කෘතපාදසිංහම් හරාලදන්නතං හනුමන්තනේත්ර්ම් වරාභකර්ණං මකරස්වහාවම්’ යැයි කලා ඇදුරෝ මකර තොරණේ සැටි දක්වති. එහි මකරා ඇත් මුහුණ, සිහ පා, ඉදිරියට නෙරූ බිහිසුණු දළ, හනුමන් නෙත්, වල් හුරු කන්, මකු ගේ සිරුර යන මෙයින් යුතු වනු සුදුසු වෙයි.
රජු සිහ අස්නේහුන් විටැ දෙ පසේ සිටැ ලියෝ සෙමෙර සලති. හස් අසුන් කරු ගේ:- ‘ඇසි පිය පමණෙකින් පෑ නරඟනන් රඟේ සි ත පි ත වඩන රුසිරෙන් නිරනිඳන් ළඟේ සි ටි පි ය නො සොල්වා සිටි වරඟනන් රඟේ දැකැ පිය මිතුරු නෙත සිත සතුටු කැරැ තඟේ’ යන්න මෙ සෙමෙර සලන ලියන් සිටිනා සැටි පළ වෙයි. ‘රන් ගිරි කුළු බෙවද දෙ පසැ දිලි හැලි මෙන් සොඳ සිටැ දෙ පසෙහි බොලද ළඳුන් දුන් සෙමෙර නල විඳ විඳ’ යැයි ගුත්තිල දා කවි කරුවෝ සෙමෙර මනැසේ අදවති. එ හෙයින් රජ සබයෙකැ සිටිනා හැටි පළ වන්නේ හස් අසුන් කරුවන් ගේ පැවැසුමෙනි.
ළඳුන් දෙ සෙමෙර නල වැදි කිරුළේ මුතු ලැල් ලෙළන බව පැවැසීමෙන් පරැකුම්බා රජු ගේ කිරුළ හාත් පසැ මුතු ලැල් වූ බවෙක් පළ වෙයි. හස් අසුන් කරුවෝ:- ‘වැනෙන සුනෙර ගැලි මෙන් ඉතිරැ ගෙනැ නුබේ ස ල න සෙමෙර පවතින් ඉතිරැ ගෙනැ සබේ දු ව න සිහිල් සොද සුවඳැති පහස ලැබේ ගි ම න නිවෙයි නරනිඳු දුටු තැනැ මැ ඉබේ’ යැයි අන් පවතක් කියති රජු සිහසුන අරා හිඳින් මැ පෙදෙසි රජුන් දොහොත් මුදුන් දී සිටිනා බවක් ද සලකවති මෙ අසුන් කරුවෝ. රුමිනග = රුවින් අඟ නවහම් = නව කම් බබළනෙව් = බබළන එවි බරණින් = අබරණින් දිගැස = දිගු ඇස 149. පබ සර මිණි කිරුළු බළඳිමිනි සිතු ලෙස සුබ කර මෙ සිරි ලක රකිනා එන දවස නැබ සර විකුම් රජ කුමරුන් සිටි විසල දඹ තුර දෙ පසැ රනතුරු සිරි පැයි වෙසෙස 149. වන දවසැ, සුබ කර මෙ සිරි ලක රකිනා, නැබසර විකුම් රජ කුමරුවන් පබසර මිණි කිරුළු සිතු ලෙස පළදිමින් සිටි විසල ද තුර දෙ පැස අකුරු සිරි වෙසෙස පැයි. මතුවට පැමිණෙන දවස්හි හෙවත් ඉදිරියට ලබන අවදියේ දී සෙත සලසමින් මේ සිරි ලක් දිව රක්නා වූ, වෙනු(වාෂ්ණු) දෙවියාට බඳු, සතුරන් මැඩීමේ සපන් කම් ඇති රජ කුමරුන් පැහැයෙන් සරු වූ මැණික් වොටුනු සිත් තිසා දරාගෙනැ (රජු දෙ පසේ) සිටි හැටිය වෙසෙසින් දඹ ගස දෙපැත්තේ රන් පැළ පවත්නා අයුරු දක්වයි.
රජ කුලෙහි උපන් කුමරුවෝ සිය අස්නේ හිදිනා රජු දෙ පසේ සිටිති. ඔවුන් සිත් පරිදි කිරුළු පැළැඳැ ගෙනැ සිටිනු පෙනේ. නන් කැලුමෙන් යුතු මැණික් කිරුළුයි ඔවුන් පැළැදි සිටිනේ. ඌ තුමු මතු සිරි ලක් දිවට සෙත සලසමින් මෙය රැක්මට සිටිනෝ වෙති. එයට සමත් විකුම් අයුරුයි. (වෙනු දෙවියා තෙවිකුම් යැයි පසිඳු අරුම සමත් කමු, උපා නැණ ඇත්තෙකි. මීට පළමු ඒ සැඳැහිණි.) නැබින් සරක් හෙවත් නෙළුම් මලක් නැඟි පිපී ඇතියෙන් වෙන් දෙවියාට ‘නැබසර’ යන නම පැවැසේ. මෙහි දඹ තුරැයි කීයේ දඹ දිවට සලකුණු වූ දඹ ගස සලකායි හිමිවත් පියෙසේ දකුණු දිගින් ඇතියි යෙන මේ දඹ (දම්) ගසේ පල මහ දිය කළ පමණ මහත් ලූ. ඒ පල වැටුණු වැටුණු තැනැ නැඟෙන්නේ රන් පැළ ලූ රනකුරු = රන් අකුරු 150. දි ය ත් පසිදු රිවි සඳ අනල කුලෙනුදා ම හ ත් සොළි පාඬි කේරළ නිරිඳු සඳා දි මු ත් මකුට මිණි මල් සරණ තලැ පුදා සි ටි ත් පසෙකැ කර තල තඹුරු මත යොදා 150. දියත් පසිඳු රිවි සඳ අනල කුලෙන් උදා, මහත් සොළි, පාඬි, කේරළ නිදිඳු සඳ දිමුත් මකුට මිණිමල් සරණ නලැ පුදා කර තල තඹුරු මතැ යොදා පසෙකැ සිටිත්. ලොවේ පළ වැ සිටින හිරු ගොතින්, සඳ ගොතින්, අනල ගොතින් පහළ උදාර වූ සොළි, පාඬි, කේරළ රජ තුමෝ කුලුම් යුතු වොටුණු, මැණික් මාලා පත්ල මතැ පූජා කොටැ අත් තල නැමැති නෙළුම් මලු හිස් මුඳුනේ පිහිටුවා ගෙනැ පැත්තෙකැ සිටිත්. එ කියු පඬුරු පිදීමට එ අජුනට දින පතා මෙහි එනු බැරිය. මෙහි සඳගන්නට ඇත්තේ ඒ රජුන් වෙනුවෙන් මෙහි පෙනී සිටිනා නියොදුවන් ගේ පවත් වියැ යුතු. සොළී රජුන් හිරු ගොතින් (සූර්ය වංශයෙන්) ද, පාඬි (පාණ්ඩ්යි) රජුන් සඳ ගොතින් (චන්ද්රහ වංශයෙන්) ද, කේරළ රජුන් අනල ගොතින් ( අග්නි වංශයෙන්) ද පැවැතැ එන බවයි එයින් කියැවුණේ. හිරු, සඳු ගොත් දෙක ලක් දිවේ ද පසිඳුයි. ‘අග්නි’ යන්නෙන් මෙහි සඳහන් වන්නේ පරශුරාමයා ගේ පියා වූ ජමදග්නියා ගේ කුලයයි. තමන් ගේ ආදි පුරුෂයා පරශු යැයි කේරළයෝ කියති. සොළී රටට දළ වශයෙන් අද ත්රිරවීනපොලී, තඤ්ජෝර යන දනවූ දෙ පියෙස අයත් වෙයි. කාවේරි නදියෙන් දිය බස්නා එ පියෙසේ මහ නුවර වූයේ ‘උරයියුර්’ (උරගපුර) යන නමින් පසිදු නැතයි. කාවේරි නදී මෝයේ උතුරු ඉවුර බද ‘කාවිරිපට්ටිනම්’ යනුවෙන් පසිඳු වූයේ එහි තොටමුණයි ‘පුහාර්’ යනු ද එයට මැ නමෙකි. අද මඳුරා තින්ත වෙලි දනවූ සහිත රාමනාදයේ කොටසකුත් ත්රඑවන්කොන් කොවිනයේ කොටසකුත් පෙර පාණ්ඩ්යත (පඬු) රටට අයත් වැ පැවැති බව පෙනේ.තාම්රපපර්ණි, කෘතමාලා හෙවත් වසිගයි යන නදින් ගෙන් දිය බස්නා එ පෙදෙස් මහ නුවර (දකුණු) මඳුරාව යි. රූපකයෙන් දකුණේ මැදි ත්රණවාන්කොරයේ කන්නෙති පියස නෙත් පැතිරැ පැවැත්තේ කේරළයයි. පෙරියාර් නදියෙන් දිය බස්නා එ පියසේ මහ නුවර වූයේ ඒ නදිය අසැ වූ වාජ් පුරයයි. අපේ ජයවද්දන කොටුව ගොඩ නරංවූ අලඟක්කෝනාර පාදයා කේරළ පරපුර ඇත්තෙකි. සොළී දනන් ගේ කොඩිව වග (ව්යාඅඝ්රො) සතීන් ද, පණ්ඩු දනන් ගේ කොඩිය මින (මත්ස්ය ) භනින් ද, කේරළ දනන් ගේ කොඬිය ඇද අටවන ලද දුනු හනින් ද යුතු වෙයි. අද සොළී, පාඬි, කේරළ යන රජ පරපුර තුනින් එකෙකුත් නැත්තේ යි.