කෝකිල සන්දේශය-සඳෙස-iii
201. ග න වි සි තු රු සරහන ගල පදක්කම
ක ර ව න තු රු ලිය නෙත රුසිරු වැක්කම
සැ දි වි සි තු රු තුරු මඟ දෙ පස එක්කම
බ ල ම මි තු රු සඳ අන්තාලමුක්කම
202. හැ ම ස ත් සිතැඟි වත් දෙන ලෙසිනි සුර තුර සි ය ප ත් මිතුරු කුල පැරකුම් නිරිඳු තුර තෙද කිත් ලෙසින් පැලැඹෙන නො හැරැ දිය තුර දි ව ස ත් නොසඳ සඳ දැකැ ලඟු තුරෙකතුර
203. වැස උදයඟ අග සිඳැ අඳුරු පව් රැසි ර ස කරගින් සර මිණි සුමුඟින් නොලැසි ලෙස මිතුරන බිඟු අක මල් ගන රිවිසි ඇ ස නිදි දැහැ නැඟි සිටැ යන්නැ සකි නිසි
204. යු ත්1 හිමි නද2 නුඹ දුන් තිනද අසමින සි ත් පිනමින් පෙර මඟැ ලූ වැටුපු මෙන ර න් මිණි කිරණ නැඟි සල් පිල් යහ දසන ය ත් මැනැවියැ නරඹා මාවටු2 පටුන
205. න යි ය න් යනැල් ගෙව් සරනා ගොයම් වෙල කොයියන් නෙදැයි නුඹ දැකැ එති මඟ අසල අ යි යන් කෝවිලට වැදැ නො වැ කල විකල ව යි ය න් නැමැඳැ දෙයියන්4 සිරි පා කමල
206. නොමඳ අමා රස මෙන් දෙන කනකනය
නි සි ඳ කියන ලිය ලිය ගී තැනතැනය
නොඉඳ1 මෙ තා පිය තද යැයි යනයනය
ස බ ඳ බලන් සිරිසර නො ගෙවෙනවනය
207. දි න කර කුලඟ පැරැකුම් රජු ගෙ තෙද ගන දි න දින දික් විජය කෙරෙමින් පැලැඹෙමින එ න වර කැටි ගැසී රැඳි විලස තැන තැන ව න තුරු ළතඹ පලු සුමු පෙනෙනු යැ දුලන
208. සු වි ම ල් සියුමැලි වැලි තල විල් පිට දෙප තුල් ළතඹුරු සරහා ඇම විට පි පි ම ල් රොන් ඇඟැ තවරා සුවඳට ව ත කල් බිලිඳුන් කෙළි නරඹන් සිට
209. සි ද ඹු වළා2 රැඳි පැහැ දුළේ ප ද සන් දුන් නිල් මිණි ගලතළේ න ද රජ හස පෙළ දිවැ දිවැ වෙළේ වැද රැවටී සිත ලොබ දුරු කෙළේ
210. ක මි න් මිරිස පලු සාමුව මුවදා බ මි න් ගසා කැස් පනිමින් එ සදා ල මි න් රුකුළු අත මී බි නොමඳා සෙ මි න් ඉඳිති රුකුවලැ වැදැ සමුදා
211. ගි රි මු දු න ත හැලීය ඇදැ හැලීය පි පි ව න පෙත සලීය සලි මලීය හෝ පලු3 පලු එලීය රත දිලීය තැනැ තැනැ සියුමැලිය සුදු වැලීය
212. සු ව දැ ති නි ලු පු ලී ය සුවිපුලීය
සුපිපි නෙ ළු ම් ම ලී ය රොන’වුලිය
නද දෙන මී ලො ලී ය වී ලොලීය
නැතැ නැතැ වන විලීය නෙත් කලිය
213. හෝපලු1 ඉදි න ලි ය කොබලලිය මී අඹ දොඹ ස ලි ය පලු දෙලිය මුව ලඹ සු ව ඳෙ ලිය රස බලිය දුටු දන සි ති වි ලිය නිති ඇලිය
214. සැ ට දා සු ව ඳැ ලී ය පියුමැලීය ක ළ ම ඬ ර ත්2 ඇ ලී ය මොනරැලීය පැසුණු නොයෙක් ඇලීය කෙත් මලීය ඇ ල් ගෙ වි ලි ය3 බැලීය රූ දිලීය
215. සැ දි සුවඳැල්ලා වනය උපුල්ලා රැඳි මිහිලොල්ලා පිපි වන විල්ලා බිද නව පල්ලා යන මුව ගොල්ලා4 දුට එ සියල්ලා නෙතු සිතු අල්ලා
216. පිපි මල් රොන් බරේය තුරු සිරේය පරපුටු රැවු කෙරේය අරතරේය සිකි පිල් දන ඇරේය රඟ කෙරේය දුටු ඒ සිරි සරේය ලොබ කෙරේය
217. පු රා වරලැ මල් ඇඳැ රිටි සුඹුලු පට ස රා තිලක සිරියෙල් නළලැ ඇම විට ගි රා මුගටියන් ගෙනැ සිටිනා අතට කි රා න අඟනන් නරඹව සිතු ලෙසට
218. ම ලී න් නො විදි සැදි තුඟු කුමුකු තුරු දුල ව ලි න් නැඟෙන සපුනැයි පෙණ කොටැ තුමුල ලො ලි න් සැලෙති ගසනුව මන් මියුරු කැල ව ලි න් එ සිරි දැකැ යා ගන්නැ මන කල
219. අ ඹ ල වෙයින් ගත පඬෙරඟ රඟන වර ල ක ළ කර කමලැ කබලතැ උරිරුතර වි සු ළ මෙත් දිගත අලු කැරැ අවරඹර ප තළ සඳ කැලුම් දැකැ ලගු තුරෙකතුර
220. ගැ ලෙත අවර සමුදුරතුර නිසාකර වි ද න වලග නිල් ගල පිල් කෙකා කර ස ර ත වගළ සඳ සර මල්සරා කර ත නෙ න පුරුදු නිදි දැහැ තුරෙනි යා කර
221. ම ල් මිණි මුතු මුවරඳ මුව රඳමිනි කුල් මන් බිඟු රැවු සවනත සදමිනි ඇ ල් නල විදැ තුනු ගිමි පා කෙරෙමිනි ම ල් විලසල තුඟු තුරකට අරමිනි
222. තු ල සිකි පිල් වරලස බැඳැ සුවඳැති මල් පටිනා දු ල ඉණැ මිණි වැළ දිස් වන දුහුලැඳැ මන නඳනා න ල ලෙළ රන් ලිය සේ රූ සිරි සියුමැලි ලියනා බ ල එ විලෙහි කෙළනා ඉපිලිපිලි දිය මුඳුනා
223. නිල් පැහැ සර සර පත් ඇතුළනා තුල් පිනි බිදු රැස් වන් ලෙළ දෙනා නිල් මිණි විනැ ඔත මුතු යැයි සිනා කල් බඳ රැවැටෙති ඇරැ ගෙනැ ඉනා
224. න ද දුනුකේ මල් රොන් ඉවුරතේ සෙ ද සැලුණෙන් නිලුපුල්1 සිය පතේ සො ඳ විලඹුව දුන් තම නෙත වතේ ස ඳ සුනු සඳ සුනු එක සිරි සුතේ
1. තිලිපුල් -කිසි
225. පු ල් නන් මල් රොන් පැහැ2 වි
නිල් සිලිලෙහි තිබෙනු හිවි
දු ල් රිවි කිරණන් නො තැවි
තුල් විලඹුව පට පෙරැවි
226. විහිදුණු රත සර වන රන හසේ ගත ඇති පැහැ වෙන් වනු කුම් ලෙසේ වෙතැ දිය කෙළනා ලිය තන ලෙසේ දැකැ විළියෙන් සිය වෙස් වළන සේ
227. නිසි ලෙසැ දිය පහරක් වැදැ කන වත වි සි රෙන දිය රොන් නොමඳ වැ දස අත සි සි රස් පතුරුවමින් නිල් ගුවනත දි සි රඟ කියෙලි යැ දුටු සත නෙත සිත
228. බැ ස සුරඟන කෙළිනා සුරඟන සේ තො ස දියුණු වැ දිය කෙළනා විලසේ ඇ ස පැහැ සර වත2 පියෙවුරු3 පිණිසේ හ ස පියුමුපුලින්4 සැදි විල එක සේ
229. යු ත් සර සත ලෙළ රළ සෙමරිනා ප ත් මනසන නිසරිඳු ඉදිමිනා ම න් බිගු වෙණ කොවුලන් ගීයෙනා නන් බලනු යැ විලසෙහි මියුරනා
330. පැනැගී යන මෙන් රණැ කම් ළතලේ5 පැනැගී කෙළෙනා මලගට විපුලේ පැනැගී නොපැකිලි කිවියර එ කලේ පැනැගී උවමක් නුදුටු යැ විකලේ
231. බෝ මුව රඳිනි රැඳි තඹරන උන් බමර
මේ දිගු වලින් වල් පහරත යනු විසිර
යාකුරු1 පතු වලින් උදුනතඹ2 ඉසි වර3
සේ නැගි නැඹුළු දුම් රොද සිරි පැයි නො හැර
232. සිය රැළි දී දිලි විදු මෙන් ගන ගබ අතුරතුරේ ලිය4 රැළිනිපිලි ගැලෙමින් දිය කෙළැ5 නිමි එ වරේ සිය සර රුපු එනවා6 දැකැ නො මැ සිටැ හස අඹරේ සිය කර බා ගෙනැ ලදිනෙව් ගොස් විනි පැළ සයුරේ
233. ප ව ර දිනිඳු හිමි වෙන් වෙමිනි යන නිසා
ල ක ර තඹුරු මුව හකුළමිනි7 එ විගසා
තු ස ර කඳුළු නිලුපුල් නෙතනි ඉස ඉසා
එ ව ර විලඹු8 බිඟු නදිනඬනු9 දී ගොසා
234. ත ද ලෙසැ වැලැදී සිය කර අකුළා පුවළ සෙ ද රිවි පිය ගියෙන් වැදැ සෝක හද තුළ ස ඳ ගට10 වදින කල ගෙලෙහි මුතු වැළ සි ඳ විසුළ මෙන් නුබතුරු පෙනෙ යැ තුරු වැළ11
235. ම හ ත් ගුණැති සුදනන් තම කිලුටු ඇත දි ය ත් නො සඟවා පවසන සේ නියත දි ග ත් පුරා පිරිසුදු සොමි රස් අනත වි ය ත් පැමිණි සඳ ලප දක්වා දිමුත
236. තු ගු රළනින් නැඟු නී රද සක විලස දි ගු හෙළි කැරැ සඳ කැන් වසන නුබ කුස බි ඟු ගුම් ගන මිණි මුතු කුමුදු වන බැස ල ගු එ මැ තුරැ මමිතුරු සඳිනි සිතු ලෙස
237. තොරව විලඹු පිය සර මුව මුකුලු කොට පෙ ර ව ගත් නැඹුළු ගන අඳුරු සළු පට ත ර ව කර කරින් හැරැ රිවි දිසි කලට ක ර ව පියාසර ලැගි තුරගින් නැඟිට
238. එ වි ල වෙනැ පිහිටි සැදි තුඟු පා තුළෙහි නි ම ල ගනින් සිරි පෑ කෙලෙසග කුළෙහි වි පු ල ගුණැති නනිඳු තුමන් දැකැ වෙළෙහි ස ස ල නො වී නමඳුව සතොස කැරැ ළෙහි
239. සේ වක සමග පැරකුම් නිරිඳු ගෙ විපුල ඒව වක පැමිණි සපුමල් කුමරිඳු පබල නේ වක ගුණැති කණ්ණඩියෙන් බිදි තුමුල ජා වක කෝට්ටය දැකැ යන් මඟ අසල
240. රැදි නව රිවි කිරණින් මිහඹ තුරු සිර සැදි එක බඳ ලෙළ දළු2 පල පත්3 පතර වි දි මගතුරු බැසනැරැ බිදැ4 ලොබ විතර ඉ දි ගුණ සකි සෙද වැදැ යන් සුනිල’ඹර
241. අසිත ගැඹුරු දිය මත නැගි තුගු රළය
විසිත සුමිත්2 පැනැ පැනැ ගැසෙන වෙලළය
එසිත ලොබින් ගනුවෙන දීවර වෙළය
තසිත ලෙසට ලුණු හොය බල කෙළ කෙළය
242. නි ලා තිබෙන එකඟන2 සහයුරු වනය ල ලා කෙළෙන කෙවිලඹ3 නෙත් සර මුනය නොලා ගතෙයි4 එ තැනින් තොස් කැරැ මෙනය ප ලා යව සබද නො රදා ගල්මුනය
243. පෙ ර සිරි ගන සිරි පිරි ලකට වැඩ කර තො ර නො වැ මෙහි විසු නිසි සර පහළ5 වර න ර බිය ගෙනැ රැස් වු ලෙසැ6 මුහුදු තෙර කො ර සැඩි තල් උයන් දැකැ සිත බිය නො කර
244. රන් වන් සුවන් සුව සර7රියද බිය වැ ලා උන් උන් තැනින් සෙදවුන් ගොදුරු කැරැ ලොලා රන් වන් කරල් සිඳැ යන ඇල් කෙතුදු බලා යන් මන් ලෙසින් මඟ බැසැ සඳලු වැලි තලා
245. පි නා සපු කැකුළු සිරි දී බමර වැළි ම නා ලෙසැ කරඳ මල් විලඳ ඉස යළි ත නා නයන පෙර මඟ පුළිත පිය විළි සිතා වතඹ කළ මල් මුවෙනි නො හැකිළි
246. රන් දද කිකිණි දැල් බැඳි පා පෙළැති රුඳු නැ න් නැත් සැදු මිණි මුතු දිගත අලු විදු න න් සිරි සපරි නිති කිඳුරිඳු ගෙ පුර බඳු ස ත් තොස්1 වෙමින් ගොස් යාපා පටුන් වදු
247. ත ර හිවි මහල් රැඳි රන් කැරලි මුඳුනත ව ර තුගු දොරටු සහ පිළිමිණි උර දිමුත ක ර පෙණ මඬුලු පෙළ විසිතුරු වැ මැ අනත නි ර තුරු බලන වැනි පුර සිරි සර අනත
248. ම න ක ල් දසත පවතින රන් දද අඹල ඉ ඳු නි ල් මිණි පා සෙවිනගෙහි මුතු වැළ පැ හැ දු ල් සලෙළ විදුලිය සහ බලා වැළ සු වි ස ල් ගතැයි සෙද රග දෙති ගෙසිකි පෙළ
249. ද ළ නව සඳ වරලස ගන කළබ හස ක ළ හස වන සත පත තන රන කලස ල ළ නල රත ලත ගත ගමන කල හස ද ළ සඳ සඳ වන කත නරඹව සකස
250. ල ව න් පැහැති සඳ කැන් සදිසි මන නඳ රු ව න් බරණ දිලි තුනු එ පුරඟ’න ළද වු ව න් සුපුන් සිසි සොමි කිරණින් වොරද3 ලෙවන් සඳ කිරණ ඔද කැරැවි යැ නොමඳ
251. පු ලා නිලුපුලෙව් දිගු නෙතිනි පැහැදුලා ක ලා පිරි සඳ වන් මුවැනි පුර කලා බ ලා මිනිස් බව නො ලදින් සුසුම් ලලා ලො ලා නො වන් උන්වෙතැ මිතුරැ දුකුසුලා
252. පු ර වේ දෙ පසැ දෙරැ දෙරැ රඹ තුරු රඳන න ර තුරු නැමි සිටිනා ලෙස පල බරිත කැ ර පුද කුසුම් මිහි මලඟට1 මුවැඳිලින ව ර නම් සුනත් රකිනට නම කරන මෙන
253. ක ර ළ ද ළ විරිඳු දප බිඳැ2 ඔ ළ මොළය දෙ මළ මළ ල දොලුවර සීහල බළය ප ට ළ ලෙළ වි සුරනිත්ගෙනැ කෙළ කෙළය ඔ ස ළ වෙළ ව දිවනු යැ5 එහි පෙ ළ පෙළය
254. මහ සෙත් ගෙනෙන ලෙසැ දස ගිව් යුදට පෙර වැස නි න්4 මහත්සේතු වබ ඳිනා එවර5 රැඳිමෙන් සයුරැ පැහැ තොටුනා ගන නිතොර සොබමන් රමිඳු සුරනිඳු බබලයි එ පුර
255. කුරුරු දරුණු තෙද රස් ගොස් වන්නාල සොඳුරු තරුණු සුර සර වන් මන්නාල අනත සපිරි6 රැඳි එ නුවර රන්නාල නිබඳ රඳන සුර දෙව් රද පුන්නාල
256. ඇ ම ව ර7 බිසරුවන් නොමඳ වැ8 වන උරණ එ ළි කැ ර දිගත දිසි මෙන් නිසි සිසි කිරණ නොමැහැර දිලෙන තැනැ තැනැ පිළිමිණි තොරණ මෙ නු ව ර සදිසි නුවරෙක් කො ද9 මුළු දෙරණ
257. ත ද තෙද මිණි ගිහිණි-යස මුතු සක් සුපිරිසුදු
ම ද ගළ වරණ ර ළ ගිරි කුළු පෙළ පුවළ සෙ ද හළ තුරඟ වැළ නැඟි තුගු රළ විසුළ
පසහතුරු ගුගුරන - දස දෙස පතළ රුදු ගොස
නිතර සපිරි සිරි දිය සුරනා ඔසළ ප න ර රුපු ගහළ නො නබා විසිදැ හළ වි ත ර වෙසෙස් දස දම් පුන් සඳිනුදුළ එ පු ර කිරණ සරසන තරණෙව් පුවළ
258. ස ක ලා අවි සිල්ප නතුගන් ලොව පැවති ස ක ලා ස දි සි සපුමල් කුමරිඳු නැමැති දැ ක ලා වන තුරුණු රුපු ඔහු ගෙ ව්කුමැති එ ක ලා වැ මැ ගජ දළ යානැ සැතැපෙති
259. ඇඳි මන හර නෙත්ර රූ රසඳන ලකළ ඉදි ගුණ ඔහු විතරණ දෙන සඳැ පුවළ සැදි කර නල දෙව් දිය වතුරින් උකුළ රැඳි සිතු මිණි නො පැකිලි දිවැ කිරණ තුළ
260. ප ත ඟ කුලග පැරැකුම් රජු ගෙ කුමරිඳු ස න ඟ පිහිටි මිහි මතගුන් තුරඟ රුදු නි ස ග නැඟී පවනෙව් විහිදුවා උදු ලෙ සැඟ වියැ උදේනි නකුල දෙ නිරිඳු
261. ළ ත ර විරිදු නිරිඳුන් රැඳි මුළු දෙරණ නිතොර නැටුම් කරවා සිය සිරි1 සරණ ප ව ර ඉසුරු බර සපුමල් නර වරණ නොහැර වජඹි සිරි ලක කැරැ රකවරණ
1. පිරි- ටික
262. බ ම න තෙදග මොහු රුපු වන පෙතැ පැතිර ද ම න සදෙහි වෙසෙයින් මදකුත් නො හැර දු ම න උතඹු සොවගින් හළු වැ මුතු හර ම ම න2 කඳුළු බිදු හර දරති තනතුර
263. දු කු ම න් පොකුරඹෙව් පහ කරන යදි සක වි කු මෙ න් පසිදු එ කුමරු රුසිරු නර සක ස කු මෙ න් ඉසුරු පැරැකුම් නිරිඳු අණ සක එ කු ව න් දරන අකුරෙක2 සදිසි වි නිසක
264. සි ර ත කිරැළු අග මුතු හර රළ පතර සු ර ත උදුළ සදහස සසල පැන සර ක ර ත ජය සයුරු මොහු කරගනිසි වර3 උ ර ත දිලිනි යස තෙද මුතු මිණි විසර4
265. සු රි ය සදිසි තද තෙද එ රජ හැම වර වී රිය පසිදු වන දස අට රට නො හැර කාරිය සිතට නො මැ ගෙනැ ගෙනැ දුක් පතර ආ රි ය සක්විතිහු ගිය රට ඇරැ එ තෙර
266. බු දු න් පා තඹර සැදි මුදුනැ කිරුළ සේ අ ඳු න් වමින් සක් දෙව් රද ඉසුරු රැසේ වැ දු න් යෙහෙන් යාපා පටුන5 නිසි ලෙසේ න දු න් මෙ හිමි සිරි ඇති ලෙසැ වනනු කෙ සේ
267. ඇම සඳ විහිදි ගන රන් පැහැය පල අගේ බ ඳ ද ද කිකිණි දැල් පවතින් කරන දගේ සුර රද පහය වුත් මෙහි පිහිටි එක රගේ සිරි නද සබා මඩුවෙහි සුසැදි මන රගේ
268. මනකල් නිමල්1 රකිනා මුනි සාසනය ඇමකල් මෙ සිරි ලකඹර සැදි2 සාසනය සුවි සල්3 කරන නිති නැණ ගුණ වාසනය සපු මල් කුමරු උන් සඳ සිංහාසනය
269. මහසෙන් අසුර ගුරු සුර ගුරු තන ගණිඳු අහ සින් අවුත් බැසැ සිටි විලසින් පසිදු මහසෙන් සමඟැ නිති මැති ගණ සිරි පුරුදු සහ සත් තොසින් වට කැරැ සිටි සඳැ තිරිඳු4
270. ක ල ක් නිල් කැලුම් වන් තුනු රුසිරු සොඳ ක ල ක් සිටැ වෙනෙහි පුරුදු වැ ආ සබඳ ම ල ක් සේ එ සබ මැදැ ගොස් න වන් සඳ මෙ ලක් දිව පසිදු නළු මුළු රැස් වැ සෙද
271. අ ඳි මි න් සුදු පට සළු හෙළ සඳුනෙන් තුනු තවරා ස ර මි න් උරැ මුතු හර සිරැ මලිගිය මල් සපුරා සොබමන් යුග සරණත නූපුර රැවු දී ඉඳුරා බ සි මි න් සබ මැදැ රඟ දෙති කියමින් ගී මියුරා
1. ලෙසින්-කිසි, 2. රැඳි-ටික, 3. සුවිමල්-කිසි, 4.සිටිති නරනිඳු-ටික
272. බඳිමින් මුතු පට රසිනද නව සද වන් නළලේ සලඹින් රන් රසුයෙන් නද දෙවමින් පා කමලේ අඟරන් තන තනමින් ලෙළ දී ඉණැ මිණි මෙවුලේ අඟරන් දෙන රඟ රඟ දුට කා නම් සිත නොඇලේ
273. හෙ ළ දිඟු නිල් මානිල් පෙති කැල්මා කෙ ළ වා දිගු නුවනත ලා බැල්මා ලෙ ළ දෙන පුළුලුකුළේ නරු සැල්මා න ළ ගන දෙන රඟ කෙළෙ සත ඇල්මා
274. ස ඳ ව න් දිය වක සැදි පටු නළලා සු ව ඳි න් පිරි පියොවුරු රන් කළලා ලෙළ දුන් ලිය තුනු නූ තල කැළලා න ළ ඳු න් දුටු පමණින් සිතු අළලා
275. ම ඳ හස රැඳි වත සඳ සිරි ඉසිලිය ම ද සත දැනැ ගත් නුවනග විසිලිය න ඳ රඟ දෙන මල් මොළකැටි නිසිලිය සෙද දුටු අවියත් සත සිත රිසිලිය
276. කි ස ල ත් සුපුල් නිලුපුල් ඇසින් ය ස ල ත් ලියන් රඟ දෙන තොසින් ගොස වත් මෙවුල් රැව් කුම් ලෙසින් ර ස ව ත් හඬෝනෙව් රස බසින්
277. දු න් සිරි නළලත රන්1සඳ මඬලේ බ න් මුතු පට රස්2 වන් මුව මඬලේ ස න් සඳ කිරණින් දිසි සඳ මඬලේ ස න්3 ළද4 ලිය රඟ දෙති රඟ මඬලේ
1. රන්-බොහෝ, 2.සේ -කිසි, 3. දුන්, තැන් -කිසි. 4. ලද-මු 278. ලෙළ දළ කියඹු වැළ සැදී වෙළ වරඟන ලිය වැලැඳී ද ළ මුතු හර මලෙහි බැඳී දොළ කරැ සත සිටිනි ළඳී
279. සි නා සුමුදු සුදු කුමුදන ව නා එ රඟ මඬල සොබන ත නා රඟන ලිය දකිමින උ නා සෝක ඇරැ පිය මන
280. බ ඳි මි න් නිල් වරලස ලා කුසුමන් සෙව්වන්දී කි ය මි න් මියුරස ගී නො වරදවා පද සන්දී න ඟ මි න් අත හෙළමින් සුබ රඟ රඟ බැලුමන්දී ර ඟ මි න් සිටි නළඹුන් බල ලෙළ දෙන රන් බන්දී
281. ස ඳ ට රවටන වත පුබුදු කැරැ සෙමෙන් සී විළිබර සිතා රුවට ගී මියුරෙහි ගලා1 රසයෙන් අනා සෙද කිය මනා ර ග ට බැසැ බැහැවුම් නැටුම් කළ කලුන් රඟ දුටු කැළැ මිනා ත ව ට පරසිදු තවසරහු වත් ලබති දිව ඇස් වෙසෙසිනා
282. ර ත ගිලි සල කිසල නිය රස් කුසු සිරි අ ත අතු සමඟ තත පල බැම බඹර සැරි ග ත ගී මියුරු රැවු පර පුටු හඬිනිතිරි නෙ ත පත නළඹ කැළැ වනැ වසැතැ රඟ දැරි
283. වෙසෙස සියලු නො වැරැදැ බරත තොරතුර ස ක ස ගී රැඟුම් වැයුමේ දැනැ විතර අ ල ස නොවැ තිළින් නළුවන් පෑ නො හැර මෙලෙස රැඟුම් අවසනැ වසර ලත් වර
1. රවට ගි මියුරස ගලා-මු.
284. ළ ඳු න් රදු අත් ලිය වැලැඳි ඇම සඳ ස ඳු න් තුරක් වන් තුනු සිරි පිරි සුවඳ න ඳු න් එ නිරිඳ සඳ සිරි රැඳුණු පද මු ඳු න් දෙමින් සිටැ කිය මෙ අස්න සොඳ
285. සබඳ ඒ සුරේන්ද්රාමයමාන නරේන්ද්රතයා හට කීදැග්වාර්තා විශේෂයක් දක්වම් දෝ හෝ 286. ද ස ත මතින් දැනැ එ එ දෙමළ බණ නතු ව ස න දෙව් නුවර යතිදෙක් ලෙසට සිතු දෙසන ලෙසැ එව් මෙහසුන් රස නුමුතු අ ස න මැනැව් හිමි සිරි ලද මෙන් අමුතු
287. යස කුල නිදස පුර- පුරඳුරු අයුරු සිරිසර
සෑ සී1 මුනිඳු දැකැ ගිය විලස වසවතා සෑ සී රුපුන් එන පලවමිනි දස අතා
කමල’මල හසගන -තොස කෙළවමිනි උර සරැ
ද න් වා තියුණු අණ සක මුළු සක්වල ට පෙන්වා පැවැති යස පුන් සිසි රස් රඟ ට
දෙ ව මි න් ඉසුරු ඒ සුපුමල් නරවිරු ට කෙරෙමින් සතිර නඳ යාපා පටුන් රට රුති යෙන් රකින ලෙසැ පුල්වන් සුරිඳු හට බැති යෙන් එ යති අයදියි සෙත් පිරිත් කොට
288. මිණි දිවි රන් මැදුරැ-මිණි දිව් විලසැ බබළන
රු පු ර ම් බා රණ වන් මත ගිජිද්රැ වන පැරැකුම්බා නරනිඳු අදහස ලෙසින
1.පැසී - මු.
යෙහෙන් වෙසෙමින් නඳ සෙ මහඔසු පඬි වෙසෙසින
ස ත ර දිගට පලවා එන රුදු සතර
ස ත ර සසුන් සැදි ලක රකිනා සතර
මැ ති ඳු න් සහ සෙනහ වෙතැ ලමිනි දිව නෙත
රුති යෙන් ඉසුරු දී පිරිපත හැරැ ඉවත නිති යෙන් රකින ලෙසැ පුලුවන් සුරිඳු වෙත
බැති යෙන් සිටැ යදියි යති සඳ යස දිමුත
289 . පු න් හ ස් අයුරු රැදි රජ මිණි මිණි නදන පි න් රැ ස් කරන දැනැ සදහම් මුනි නඳන ස න් හ ස් බෝදි නය්නා කැමිඳුන් නිතින මන්තොස් වඩා රකිනුව යදි යැ අදරින
290. ර සි න් සපිරි මෙ හෙසුන් රැගෙනැ ගිය ළ සේ වෙ සි න් සුනිල් රසඳුන් සදිසි ඇස ඇසේ බ සි න් සිනිඳු කොවුලිදු සදිනී නොකමසේ තොසින් පවතු සිය සිය නෑ සමගැ වැසේ
291. උ ස දෙව් නුවර දිසි ඉරුගල් කුලට කිරුල් ය ස සිරි වඩන නිසි ගිරි වැසි තෙරිඳුට මල් තොස යුතු තිලක පිරුවන් හිමි පවර නිමල් ර ස කැරැ පැවැසු පරපුටු සදෙසරුත් ළකල්