ගිරා සන්දේශ විස්තර වර්ණනා-1

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

===ගිරා සන්දේශ විස්තර වර්ණනා===


අන්වය - නන් වන් රුවන් රූවන්, සහ අකුරු මියුරු තෙපලෙන් සව් ලෙව් සතන් හදනා කිර රද සඳ සැරද.


අර්ථය - නොයෙක් පැහැති රතන රූපයක් වැනි වූ, අකෂර සහිත මධුර වචනයෙන් සියලු ලෝකයාගේ සිත් ඇද ගන්නා ගිරා රාජොත්තමය, බොහෝ කල් ජීවත් වව.


විස්තර - (1) සිංහලයේ සම්භාව්යස ගණයෙහි ලා සැලකෙන සන්දේශ කාව්යු අටක් ඇත. ඒවා නම් තිසර, මයූර, කෝකිල, පරෙවි, සැළලිහිණි, ගිරා, හංස හා සැවුල් යන සන්දේශයන්ය. මේ සෑම කාව්යසයක්මත් අවශේෂ, සන්දේශ සියල්ලමත් පාහේ ආරම්භ වනුයේ ‘සැරද’ යන පදයෙනි. එසේම පක්ෂි‍යාගේ නමට අගින් උත්තමාර්ථවාචී ‘සඳ’ යන පදයද එක් කොට ඇත. සැළලිහිණියා හැරුණු විට අනික් හැම පක්ෂියෙක්ම තමථ වර්ගයට අයත් රාජයෙකි. ‘කිර රද’ ‘සැවුලිඳු’ ආදි යෙදුම්වලින් ඒ බව හැඟවෙයි. පක්ෂියෙකු වුවත් රාජයෙකු දූත කාර්යක යෙදවීම නුසුදුසු බව වටහා ගත්තේ නුවණින් මුහුකුරා ගිය රහල් හිමියන් පමණකි.


(2) සාමාන්යුයෙන් දූතයන්ගේ වර්ණනා කෙරුණේ රූප ලාවණ්ය යයි. එහෙත් මයූර, කොවුල්, සැළලිහිණි හා ගිරා යන පක්ෂීන්ගේ කට හඬද වර්ණනා විය. සෙසු පක්ෂීන් ශබ්ද පමණක් නඟන අතර ගිරා, සැළලිහිණි දෙදෙනාට අකුරුද උච්චාරණය කළ හැකිය. එය ‘සුලකළ ‘කුරු’ යැයි සැළසිහිණියා සම්බන්ධයෙන් කියිවිණි. ‘සහ’ කුරු මියුරු

තෙපලෙන්’ යැයි ගිරවා සම්බන්ධයෙන් පැවසිණ. කුමාරතුංග මෙම වචනය ‘යහ’ කුරු - යහපත් අකුරු යැයි ගන්නා නමුත් පැරණි සංස්කණවල එන, ‘සහ ‘කුරු’ යන්න වඩා සුදුසු යැයි සිතේ. හරකාගේ හැඬීමට අපි ‘තප්පුලනවා’යි කියමු. ඒ වනාහි ‘තෙපුල් ලනවා’ යන්නෙහි විකෘතියකි. මෙසේ තෙපුල් ලනවා’ ආදි තැන්වල මෙන් අකුරු රහිත ප්ර කාශයද තෙපුලක් විය හැකිය. ගිරව‍ාගේ මියුරු තෙපල අකුරු සහිතය. එනම් ඌට මිනිසෙකුට මෙන් ශබ්දෝච්චාරණය කළ හැකිය. සැළලිහිණියේ එන ‘සුලකළ’කුරු’ යන්න දෙනුයේද ‘යහ ‘කුරු’ යන්නට වඩා වෙනස් තේරුමකි.


(3) කාව්යේය යනු ශබ්ද රසයේත් අර්ථ රසයේත් සංකලනයක් යැයි පෙර සිටම සැලකේ. නමුත් හොඳ කවියක නොයෙක් විට දෘශ්ය රසයක්ද පවතී. දෘශ්යග රසය යනු සුන්දර වාක් චිත්ර යක් ඉදිරිපත් කිරීමයි. ‘නන් වන් රුවන් රූවන්’ යැයි කී විට මෙම පැදියේ ශබ්ද අර්ථ යන රස දෙකට දෘශ්යී රසයක්ද එක් වෙයි. දූත වර්ණනයක ලා හොඳම දෘශ්යක රසය ඉදිරිපත් කරන්නේ ගිරා සන්දේශකරුවාය. සමස්ත වසයෙන් ගත් කල එතරම් වර්ණවත් නිර්මාණයක් නොවන හංස සන්දේශයේද මීට කිට්ටු දෘශ්යශ රසයක් ගැප් වෙයි.


(4) සතන් - සන්තානය, සිත


2


අන්වය - දැක්වීම අවශ්යන නැත. අර්ථය - දේ දුන්නෙහි පැහැය ජයගත් ශරීර ශෝභාවෙන් බබලන මාගේ මිත්රකය, කාන්තාවන්ගේ යහපත් යටිතොල වැනි ඔබේ ඔය හොට දුටු කල්හි කවරෙක් නම් සතුටු වී ලෝහ බැඳ ආදරය නොකරයිද? වනයෙහි (නුග ආදි) වන ප්රහධාන ගස්වලත් නගරයෙහි නගර ප්රහධානීන්ගේ මැඳුරුවලත් ප්රිකයංකර පහස නැතහොත් ප්රි්යාවන්ගේ අත් පහස නිතර ලබා සතුටුව හැම දාම උසස් ක්රීරඩාවන්හා යෙදෙමින් කල් ගෙවන්න.


ලෝකයෙහි දක්නා ලැබෙන සියලු පක්ෂීන්ගෙන් ගෞරවනීයව යහපත් කීර්ති කදම්බය කියවන (පතුරුවාලන) නුවණින් යුක්තව සෘෂිවරයෙකු මෙන් නිරන්තරව ප්රාබණඝාතයෙන් වැළකී කැමති පලාපල කමින් සතුටින් දවස් ගෙවන්න.


විස්තර - (1) වෙනත් සන්දේශවල දූත වර්ණනාවන්හි නැති තරම් දෘශ්යර රසයක් මෙහිද දක්නට ලැබේ. මීට ආසන්න වර්ණනයක් දක්නට ලැබෙන්නේ සැළලිහිණි සන්දේශයෙහිය. මෙය කියවන අපට ගිරවාගේ වර්ණවත් භාවයත් ඌ වනයේ විශාල ගස්වල මෙන්ම මහා මන්දිරවලත් කෙළිදෙළෙන් වාසය කරන සැටිත් මැවී පෙනෙයි.


(2) ඉඳු දුනු - ඉඳු නම් ඉන්ද්රර දෙවියාය. ඔහු පෙරදිගට මෙන්ම වර්ෂාවටද අධිපති දෙවියා හැටියට පුරාතනයෝ සැලකූහ. දේ දුන්න ඔහුගේ දුන්න යැයි කියනු ලැබේ. ‘ඉඳු දුනු පැහැ දිනූ තුනු සිරිනු ‘දුල’ යැයි කීමෙන් ගිරවා දේ දුන්නටත් වඩා ලස්සණ බව කියවිණ.


වනපති තුර- මෙනමින් (1) මල් නැතිව ගෙඩි හට ගන්නා ගස් (2) නුග ගස් (3) වනයෙහි ප්රඩධාන ගස් යන තුන් වර්ගයම ගැනේ. පුරපතීන් සමග සමාන වනු පිණිස මෙහිදී තුන්වැනි අර්ථය ගැනීම සුදුසුය.


පිය පියකර පහස - (වනයෙහිදී) ප්රි.යාවන්ගේ ප්රිමයංකර පහස හෙවත් සම්භෝගය (පුරයේදී) ප්රි(යාවන්ගේ-කාන්තාවන්ගේ ප්රිවය වූ හස්ත ස්පර්ශය යන තේරුම් දෙකම දෙයි.

පණිවායෙන් - ප්රා(ණඝාතයෙන්


පවර කෙළි නෙළ කෙළ - මෙයට කුමාරතුංග දෙන අර්ථය ‘වල්ලභයන් (ස්වාමිපුරුෂයන්) විසින් කෙළිනු ලබන කෙළිය’ යනුයි. ඒ මුදලිඳු ඩබිලියු. ඇfප්. ගුණවර්ධන කෝකිල සන්දේශයේදී දෙන සැක සහිත අර්ථ කථනයක් අනුව යැයි සිතේ. පවර යනු වල්ලභ අර්ථයක යෙදී ඇති බවක් අපි නොදනිමු. ‘පවර’ යන්නෙහි නියම තේරුම ප්රඅවර හෙවත් උසස් යනුයි. එය මෙතැනට නොගැළ-


පෙන්නේ නොවේ. මහා වෘක්ෂවලත්, මහා මන්දිරවලත් වෙසෙන ගිරවා පිළිහුඬු ආදි පක්ෂීන් යෙදෙන පහත් ක්රී ඩාවල යෙදෙන්නේ නොවේ. ක්‍ී ගඩාවන් අතුරෙන් උසස්ම ක්රී්ඩාව රති ක්රීකඩාව සේ ගතහොත් එයද මෙතැනට නොගැළපෙන්නේ නොවේ.


සියොතුන්ගෙන් ගුරුව - මෙය කුමාරතුංග ‘සියොතුන්ගේ ගුරුව’ යැයි සකස් කොට යොදයි. ‘ගිරවා සියලු පක්ෂීන්ගේ ගුරුය. පිරිසිදු අක්ෂරෝච්චාරණය ඇති හෙයිනි’යි අර්ථකථනයද කෙරෙයි. ගිරවා සෙසු පක්ෂීන්ට ඉගැන්වූයේ කුමක්ද ඌට පිරිසිදු අක්ෂරෝච්චාරණයක් තිබූ පමණින් ගුරු වූයේ කෙසේද?


‘ගුරු’ යන පදයෙහි ‘ගෞරවනීය’ ‘ගරු කටයුතු’ යන අර්ථද ඇත. (මෝනියර් විලියම්ස් - සංස්කෘත ශබ්දකෝෂය බලන්න.) සියලු පක්ෂීන් අතුරෙන් කවියාට අනුව ගෞරවනීය වූයේ ගිරවාය. එසේ වීමට හේතු තිබේ. මී ළඟ පද්යෙයෙන් දැක්වෙන පරිදි සියලු පක්ෂීන් අතුරෙන් ශාස්ත්රටයට අධිපති සරස්වති‍යගේ අතට පිවිසෙන්නට වරම් ලද්දේ ගිරවාම පමණකි.


නිසි යස රැස කියවන නුවණින් සරුව - කෙනෙකු බුද්ධිමත් කාර්යක් කළ කල්හි සෙසු ලෝකයා ඒ ගාන කතා කරති. ගිරවා මෙ කියන නුවණින් සාරවත්බව 5, 8 හා 9 යන පද්යටවලින් ප්රිකාශිතිය.


සං තුඬ, මැඳුර යන පද වර්තමාන සිංහලයෙහි තුඩ, මැදුර යනුවෙන් අනුනාසිකය රහිතව යෙදේ.



3


අන්වය - සරසවි නිසි බැලුම් අසක් ලද යම් කෙනෙක් කොතරම් වුවත් මුළු ලොව අතවැසි කෙරෙති. එතරම් පසිඳු සරසවි දෙවිය අත වැසි මනරම් සුබැසි, පරසිදු කෙනෙක් තෙපිමය.


අර්ථය - සරස්වතීගේ සුදුසු බැලුම් අංශුවක් (මාත්රැයක්) ලැබූ යම් කෙනෙක්, තරම කුමක් වුවත් මුළු ලෝකයාම ශිෂ්ය බවට පත් කෙරෙති. ඒ තරම් ප්රකසිද්ධ වූ සරස්වතී දේවියගේ අතෙහි වසන්නා වූ සිත් ඇද ගන්නා යහපත් වචන ඇත්තා වූ ප්රමසිද්ධ කෙනෙක් (තැනැත්තා) ඔබමය.


විස්තර - සරසවි - මුල් යුගයේ හින්දු විශ්වාසයන්ට අනුව වචනයට අධිපති දෙවඟනය. පසුව ඇය සියලු ශාස්ත්රුයන්ටම අධිපති සේ සැලකෙන්නට වූවාය. ඈ වාසය කරන්නේ ලෝක නිර්මාතෘ මහා බ්රුහ්මයාගේ මුවෙහිය. අත් හතරකි. එක අතක වීණාවක් වන අතර තවත් අතක ගිරවෙක් සිටී. යුදෙන් සැරසී සිටින ශ්රරභ්ර. වර්ණ ඇගේ වාහනය හංසයෙකි. බෞද්ධ හා ජෛන ග්‍රන්ථවල සරස්වතිය ගැන නිතර සඳහන් වෙයි. කවිත්වය ලැබෙනුයේ ඇගේ බැල්මෙනැයි කියති. ‘සරසවිය බැලුම’ සෙක්නි වෙත්වා කිවි දන’ යැයි කව්සිළුමිණෙහිද සඳහන් වෙයි.

අතවැසි - මෙහි නෛරුක්තික තේරුම ශිෂ්ය යනුයි. ව්යෙවහාර සිංහලයෙහි එය සේවත අර්ථයෙහිද යෙදෙයි. ඒ දෙකම මෙතැනදී ශත හැකි නමුත් ශිෂ්යළ යන්න වඩා සුදුසුය. (අන්තේ+වාසික>අතවැසි= ළඟින් වසන්නා) ආදියෙහිදී ශිෂ්‍ක්යෝ ගුරුන් වෙත වසමින් ඔවුන්ට ආවතේවකම්ද කළහ. දූතයාගේ ස්වාමියා උත්කර්ෂයෙන් වර්ණනා කිරීම වක් මගකින් දූතයා වර්ණනා කිරීමක්ම වන්නේය.

පසිඳු - පසිඳු, පරසිදු යන දෙකම ඒකාර්ථයි. මේ නිසා කුමාරතුංග සංස්කරණයෙහිදෙවැන්න ‘පිරිසුදු’ යැයි වෙනස් කොට ඇත. වඩා පැරණි සංස්කරණවල එනුයේ පරසිදු ක්රි්යාමය. සිංහලයෙහි දක්නට නැතත් පසිඳු හෙවත් ප්ර්සිද්ධ යන්නට වෙනත් තේරුමක් දීමටද බැරිකමක් නැත. එනම් ‘උසස් දෙයක් සිද්ධ කර ගත්’ ‘උසස් තත්වයකට පැමිණි’ යන්නයි. සරස්වතිය සම්බන්ධයෙන් එසේ කීම වැරදි නොවේ. ලොව උසස්ම ගෞරවය ලබන ශාස්ත්රහයට අධිපති බවට ඈ පත්ව සිටින බැවිනි.

සරසවි දෙවිය - මෙම ස්ත්රීවවාචි දෙවි ශබ්දය දුර්ලභය. එහෙත් ‘සරසවි කලි කල් නම්-දෙවි සිරිය කළ යැදමෙන්’ යැයි එය කව්සිළුමිණේද එයි.

පරසිදු සුබැසි - කුමාරතුංග සංස්කරණයෙහි මෙය එනුයේ ‘පිරිසුදු’ යනුවෙනි. ‘සුබැසි’ යැයි කී විට බසේ පිරිසිදුකම එයින්ම ඇඟවෙයි. සරස්වතී දේවියගේ අතෙහි වාසය කරන බවට ප්ර සිද්ධ තැනැත්තා ගිරවාය.


4


අන්වය - මනකල මිතුර, ලෙවන් විපුල සැප නොයෙක ලෙස කීවත්, මෙවන් ගුණෙන් යුතු තොපගේ පිය තෙපල සවන් පුරා පැමිණෙත නිවන් දකින තෙක් බල සැප නම් එමැයි.


අර්ථය - සිත් ගන්නාසුලු මිත්රමය, ලෝකයා මහත් සම්පත්තින් නොයෙක් ආකාරයට කීවත් මේ ආකාර ගුණයෙන් යුත් ඔබගේ ප්රිිය වූ වචනය කන් පුරා පැමිණෙන කල නිවන් දකින තුරු බලවත් සැපත නම් එයමැයි.


විස්තර - නිවන් දකින තෙක් - තුරු, තෙක් යන නිපාත යොදන විට ‘නිවන් නොදකින තුරු’ නිවන් නොදක්නා තෙක්’ යනුවෙන යෙදිය යුතු යැයි සමහරු කියති. නමුත් මෙයින් පෙනී යන්නේ අද බහුජන ව්ය වහාරයෙහි පවත්නා ආකරයට එම නිපාත පුරාතනයන් විසිනුත් යොදා ඇති බවයි.


විපුල සැප - මහත් වූ සැපත


5


අන්වය - පුරාතනෙහි තුර දිරා වැටන තුරු නොහැර තොසේ ඉඳ මුළු තෙ - දිය කුසේ ඒ ගුණ රැස පරසිදු ගිරා ‍කුලෙහි උපන් සකි තොපගෙ ඒ පුරා මිතුරු දම් සිත් ලෙස අමුතුව වනනු කෙසේ.


අර්ථය - අතීතයෙහි, ගස දිරා වැටෙන තෙක්ම අත් නොහැර සතුටින්, ගිරා කුලයෙහි උපන්නා වූ මිත්රේයා, ඔබේ ඒ පුරාණ මිත්ර් ධර්මය හිතේ හැටියට අලුතෙන් වර්ණනා කරන්නේ කෙසේද?


විස්තර - (1) ගිරා කුලයෙහි අතීතයෙහි උපන්නෙකුගේ ගුණ රාශිය දැනටමත් ලොව පුරා පතළය. එම කුලයෙහි උපන් ගිරවාගේ මිත්රෙ ධර්මයෙහි අගය හිතේ හැටියට අමුතුවෙන් වර්ණනා කිරීම දුෂ්කරය.


(2) පුරාතනෙහි - ‘පුරාතනයෙහි’ යනු ව්‍යවහාරයට ආසන්න වන පරිදි ‘පුරාතනෙහි’ යැයි යොදා ඇති සැටි සලකන්න. භාෂාවක් දියුණු වනුයේ මෙවැනි ව්ය වහාරයන්ට ඉඩ සැලසීමෙනි.


දිරා වැටෙන තුරු තුර නොහැර ඉඳ - මේ වනාහි පන්සිය පණස් ජාතකයෙහි 415 වැනි ජාතකය හැටියට එන මහා ගිරා ජාතකය ගැන ලද සඳහනකි.


එක් කලක බෝසත් තෙමේ ගිරාව ඉපද හිමාලය වනයෙහි දිඹුල් ගසක වෙසෙයි. ඒ ගසෙහි ගෙඩි නැති විට හෙතෙම දලු කොළ අනුභව කරන්ට විය. ඒවාච නියඟින් නැතිව ගිය කල්හි අන් ගසකට නොගොස් එහිම සුඹුලු ආදිය කා ජීවත් වෙයි. ඔහුගේ ගුණය නිසා ශක්රියාගේ පඬුපුල් අස්න රත් වී අවුත්, ඒ ගැන විමසූ විට ගිරවා කියන්නේ තමාගේ දිවි රැකීම සඳහා එතෙක් සිටි වෘක්ෂය හැර නොයන බවයි. ඔහුගේ මිත්ර් ධර්මය ගැන පැහැදුණු සක්දෙවි තෙමේ එම ගස තම බලයෙන් ඵල එල්ලව සහිත කොට ආපසු ශක්රප භවනයට යයි.


මෙහිද ‘තුරු’ යන නිපාතය යෙදී ඇති සැටි විමසන්න.


තෙදිය:- තුන්ලෝකය. මෙය කාම, රූප, අරූප, දිව්යන, මනුෂ්යබ (මර්ත්යය), පාතාල (නාග) ආදි වසයෙන් නොයෙක් ආකාරයට දක්වනු ලැබේ. මෙතැනදී මෙහි දැක්වූ දෙවැනන ගැනීම වඩා සුදුසුය.


පුරා මිතුරුදමි - මේ කවෙන් විස්තර වන පැරණි මිත්රහ ධර්මය. එයි කොයි තරම් ප්රනකටද යතහොත් දැන් සිත් ලෙස විස්තර කිරීම දුෂ්කරය.



6


අන්වය - පෙමා වඩන ඉටු සකි සඳිනි, නුවන යොමා මුළු මෙලෝ කුස දස දෙස බැලුවත්, මෙමා සිතන කටයුතු සිද් කරන ලෙස පමා නොවන මිතුරෙක් මෙතොප මිස නැත.


අර්ථය - ආදරය ඇති කරන්නා වූ ඉෂ්ට මිත්රෝපත්තමය, ඇස් මෙහෙයවා මුළු ලෝකයෙහි දස දිසාව බැලුවත් මා සිතන්නා වූ කටයුත්ත ඉටු කරනු පිණිස ප්ර මාද නොවන මිත්ර යෙක් මේ ඔබ විනා නොමැත.


විස්තර - ඉටු සකි සඳිනි - ඉෂ්ට මිත්රු උත්තමය. මෙතැන ‘සඳිනි’ යන්න අනවශ්යගයැයි සිතේ.


දස දෙස - සතර දිසා, සතර අනුදිසා හා උඩ යට දස දිසාවට ඇතුළත්ය. දිසාවට ඇතුළත් ය.


පමා නොවන - පරක්කු නොවන යන තේරුම මෙන්ම සැලකිලිමත් උද්යෝවගිමත් යන තේරුමද මින් ගත හැකිය - අප්පමාද පදයෙන් මෙනි.


තමන්ට පැවරූ කාර්ය ඉටු කිරී‍මේ ලා ඇතැම් විට මනුෂ්යියෝද ප්ර‍මාද වෙති. සුදොවුන් රජුගේ දූත කාර්ය ඉටු කිරීමට කාළුදායි ඇතුළු දහසක් ඇමැත්තන් ප්රිමාද වූ සැටි ප්රවකටය.



7


අර්ථය - උසස් (අපූරු) පියාපත් විසිතුරු වූ පිරිසිදු පැවතුම් ඇති උතුම් මිත්ර ය, පක්ෂීන් අතුරෙන් ඔබම පණිවුඩ ගෙන යෑමෙහි යෙදවීම පෙර සිරිතක්ම නොවේද?


විස්තර - පක්ෂ පත්ර - පියාපත්,


පවිත්ර චාරිත්රක - පිරිසිදු සිරිත් සිරිත් නම් පුහුණු කළ යුතු දේයි. විරිත් නම් නම් වැළකිය යුතු දේයි. කුමාරතුංග සංස්කරණය ‘චාරිත්රප’ යන පදය වෙනුවට ‘චාරිත්රව’ යන පදය මෙහිදී ගන්න නමුත් වැළකිය යුතු දේ පිවිතුරු සේ ගැන්ම කොතරම් උචිතදැයි නොකිව හැකිය.


නො - නොවේද? මේ නිෂේධාර්ථ නිපාතය මෙහිදී ප්රඋතිෂ්ඨාර්ථයෙහි යෙදී ඇත.



8


අන්වය මෙන්ම අර්ථයද ‍පැහැදිලිය.

විස්තර - හිමසෙල් - හිමාලය පර්වතය. මෙම පර්වත මුදුන සීතලට හිමෙන් වැසී පවත්නා නිසා මෙනම යෙදී ඇත. කෙළ ලක් - කෝටි ලක්ෂයක් - ඉතා විශාල සංඛ්යා‍වක් යන තේරුම දීමට යෙදිණ.

කුවෙර - කුවේරයා හෙවත් වෙසමුණි. පාද තුනක් දත් අටක් ආදි වසයෙන් විරූපි ශරීරයක් ඇති නිසා මෙනමින් හැඳින්වෙන මොහු යක්ෂයන්ගේ අධපතියාය. එමෙන්ම උතුරු දිශාවටද අධිපති මොහු සතරවරමු දෙවිවරුන්ගෙන්


කෙනෙකි. ඉතා ධනවතෙකු වූ ඔහු වාසය කරන්නේ කෛලාස පර්වතයෙහි පිහිටි අලක පුරයෙහිය. (ආලකමන්දාව)

අබතුර - අභ්යයන්තර - කුවේරයාගේ අඹ ගසෙහි නමයි.

ලොහොදැල් තුළට ‍වැද මී අඹ ගෙන දෙමිනි - පෙර බ්රඹහ්ම දත්ත නම් රජ කෙනෙකුගේ බිසව කුවේරයාගේ අඹ ගසේ ගෙඩි කෑමට ආශාවක් ඇති කර ගත්තාය. රජු විසින් අඹ ගෙන ඒම සඳහා තම ගිරවා යොදවන ලදි. ලෝ දැල්වලින් වසා රාක්ෂසයන් විසින් ආරක්ෂා කරනු ලබන අඹ ගස සොයා ගිය ගිරවා රාත්රිසයෙහි මුරකරුවන් නින්දට ගිය පසු ලෝ දැල්වල එල්ලා තිබූ මිණි ගෙඩි නාද වුයෙන් මුරකරුවෝ නැඟිට ගිරවා අල්ලා ගත්හ. තමා මරන්නට සූදානම් වූ රකුසන්ට ඌ කියා සිටියේ ස්වාමියාගේ කාර්යෙහි යෙදී මරණයට පත්වන තැනැත්තා ස්වර්ගයෙහි උපදින නිසා තමා මැරුවාට කමක් නැති බවයි. ස්වාමිභක්තික රකුසෝ මෙයින් සතුටුව ඌට මී අඹ කඩාදී යැවූහ.

මේ විස්තරය එනුයේ ජාතක පොතෙහි 284 වැනි අභ්ය න්තර ජාතකයෙහිය.

(2) මේ වනාහි ස්වාමි භක්තිය හැරෙන්නට වීර ක්රියයාවක්වත් ශූරකමක්වත් නොවේ. එහෙත් මෙහිදී අප සැලකිය යුත්තේ පැරණි සමාජයේ ස්ථාවරත්වය බොහෝ දුරට ස්වාමි භක්තිය මත රඳා පැවති බවත් එය අගය කරනු ලැබූ බවතය.

(3) රකුසන් විසිනි... කළ - මේ භාෂා ප්රවයෝගය බලන්න. ‘විසින්’ නිපාතය සමග ‘කරන ලද’ ‘කැරුණු’ ආදි යෙදුම් අවශ්ය‍ නොවන බව මින් පෙනී යයි.



9


අන්වය හා අර්ථයද සුගමයි.

විස්තර (1) මෙයින් විස්තර වනුයේ උම්මග්ග ජාතකයෙහි සඳහන් ප්‍රවෘත්තියකි. බ්ර්හ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ටයාගේ උපදෙස් පරිදි දඹදිව රාජ්යඳය පතා වේදේහ හැර සෙසු

රජුන් විස යෙදූ මත්පැන් පොව‍ා මරන්නට වැඩ පිළිවෙළ යෙදූහ. තම චරපුරුෂ ගිරවාගේ මාර්ගයෙන් මේ පුවත දැන ගත් මහෞෂධ පඬිතුමා ඒ විස මත්පැන් බඳුන් විනාශ කොට රජුන් බේරා ගති.

(2) රදුන්හට - කුමාරතුංග මේ කොටස ගෙන ඇත්තේ ‘බඹදත් රද රදන්හට’ යනුවෙනි. තේරුම ‘බඹදත් රජු අන් රජුන් හට’ යනුයි. එවිට චූලනී බ්රිහ්මදත්ත රජු අසු නොවන බව සැබවි. එහෙත් වේදේහ රජු ඉන් බේරෙන්නේ නැත. මේ නිසා වෙනස අර්ථ විරහිතය.

(3) ණෙන් පිරි මහ ඔසු පඬි - මහසත් ගුණ නම් බෝසත් ගුණයයි. මහෞෂධ පඬිතුමා බෝසතෙකු බැවින් මෙය අමුතවෙන් කිව යුතු නොවේ.

දිය සෙත් - ලෝක ශාන්තිය.

කිරි‍ෙඳකු - කිරි+ඉඳු = ගිරා රාජයෙකු

සඳා - නිසා

(4) දෙවැනි පද්ය යෙන් ආරම්භ කොට මෙතෙක් කෙරුණේ දූත වර්ණනාවකි. කාව්යෙ රසය අතින් බලන කල මෙය සැළලිහිණිය හැර වෙනත් සන්දේශවල එන දූත වර්ණනාවලට වඩා යහපත්යැයි සිතේ. සැළලිහිණියෙහි දූත වර්ණනාව වසයෙන් ඇත්තේ පද්ය දෙකක් පමණකි. ඒ දෙක අර්ත රසය අතින අනික හැම දූත වර්ණනාවකටම වඩා උසස්ය.



10


මෙහිද අන්වය, අර්ථය යන දෙකම පැහැදිලිය.

විස්තර (1) දූතයා කළ යුතු කාර්ය ප්රෙකාශ කිරීම මේ පද්යූයෙන් ආරම්භ වෙයි.

(2) දැන් වන - දැන් සිදු වන්නා වූ, මෙය ‘දැන්වෙන’ -දන්වනු ලබන’ යනුවෙන්ද ගත හැකිය. අතීත සේවය ගැන කීමෙන් ඉක්බිතිව කෙරෙන නිවේදනයක් නිසා ‘වර්තමානයෙහි සිදුවන’ යන තේරුම මෙතැනට වඩා ගැළපේ.