Jump to content

ගිරා සන්දේශ විස්තර වර්ණනා-11

Wikibooks වෙතින්

101

අර්ථය - මිත්රනය, ගස් සෙවනැල්ල සූර්ය රශ්මිය දුරු කළ, අනංගයා නටන රංග භූමිය වැනි සුදු වැල්ලෙහි සිතේ හැටියට ඇවිදින ප්රිසය වූ ස්ත්රී්න් සමූහය ඉදිරි මාර්ගය අලංකාර කළා වූ කලමුල්ල බලන්න.

විස්තර - (1) වෘක්ෂ ඡායවේන සෙවණ වුණු සුදු මුහුදු වැල්ලෙහි ඔබ මොබ ඇවිදින්නා වූ සුන්දර කාන්තාවන් නිසා ඉදිරි මාර්ගය අලංකාර වී ඇත.

(2) පතඟ - සූර්යයා

නරඟ - අනංගයා

සිතඟ - සිතැඟි; සිතෙහි කැමැත්ත


102

අන්වය මෙන්ම අර්ථයද පහසුය.

අන්වයි - වයි යා කරන් - ඉක්මනින් යන්න. ‘වයි’ යනු වහා යන අර්ථය දේ. ‘වයි යා කරන් මග සලකුණු නියම දැන’ යනුවෙන් සැළලිහිණියේද එයි.

පල’රම් - පල + අරම් = පලතුරු වතු


103

අර්ථය - සිත් සනසන්නා වූ රතු තොල් කෝවක්කා ගෙඩිය. ළං වන්නා වූ මිනිසුන් මත් වන්නා වූ මිහිරි වචනය. මිත්රොය, ඔබේ ඇස් දෙක ලත් ප්‍ මයෝජනය අත් වන, මත්ගොන ක්රීසඩාශීලි කාන්තාවන්ගේ ආකාරය දැක යන්න.

විස්තර - ලවනත - තොල්; ලවනත + අත. මෙහි අත යනු ස්වාර්ථයි. ලවනත ස්වාර්ථ තද්ධිතයකි.

බිඹු පල - කෙම් ගෙඩි, කෝවක්කා ගෙඩි

සකි - මිත්රෙය


104

අර්ථය - ස්වර්ණ පත්රා (පැලඳි) කන් ඇති නොකිළිටි මුස්ලිම් කාන්තාවන් සිටින රත්රන් හා මැණික්වලින් පිරි සල්පිල් වලින් අලංකාර වූ ගෙවල්වල බැඳි නොයෙක් කොඩිවලින් බබලන, මුහුද අසල බේරුවල (ට) ඔබ සන්තොසින් පිවිසෙන්න.

විස්තර - රන්පත් සවන් - බේරුවල ස්ත්රීලන් රනින් කළ පත්රි, කනෙහි පැළඳ සිටි බව මින් කියවේ. ‘පන්’ යනු ‘පර්ණ’ යන්නෙන් හින්නයි.

නිමල - නිර්මල; බාල ස්ත්රී න් අදහස් කළා විය හැකිය.

යොන් ලිය - අද මෙන් එදාද බේරුවල යොන් ලියන් හෙවත් මුස්ලිම් කාන්තාවන් සිටි බව පෙනේ.

රන් රුවන් - අදද බේරුවල මැණික් ආදියට ඉතා ප්රහසිද්ධය.

සන් - සැදි, සජ්ජිත වූ

බන් - බඳනා ලද

සිඳුනා - සිඳු යනු ගංගාවලටද නමි. ගංගාවන්ට නායක හෙයින් මුහුදට ‘සිඳුනා’ යි කියති.


105

අර්ථය - යහළුව, මත් වන්නා වූ ඉතා කර්කශ අබින් හා කංසා කා අත්තන මල් හා රත් මල් කනේ පැළඳ අලංකාර කර ගෙන පොලු ලෙළවා ගත් ගමන්ම රැවුල ඇද හිතේ හැටියට කැරකෙන බර්බරයන් බලන්න.

විස්තර - අබිං කංසා - අභිඵෙණ හා ත්රෛිලෝක විජයාතපත්ර ; මේ දෙකම මත් ද්ර්ව්ය ය.

රළුපරළු - අබින් හා කංසාවල නරක විපාක දැක්වීම සඳහා මෙසේ කියවිණ.

මුගුරු - ‍පොලු

බබුරන් - බර්බරයන්; මොවුන් අප්රිමකානු බර්බර්වරුන් යැයි සමහරුන් කියන අතර තවත් සමහරු ම්ලේච්ඡයන් යයි කියති. මෙපෙදෙස පෙර අප්රිඅකානු ජාතිකයන් සිටි බවද සිතිය හැකිය.


106

අන්වය - මල් පිටින් විදෙන වරලස නොබැඳ, පටින් පටින් ගිලිහෙන සළු තරව නොහැඳ, ත-වෙත පැහැද ලිය වටින් පිටින් දිව එත, සබඳ, තුටින් නොසිට බෙන්තොටින් යා ගන්න.

අර්ථය - මල් සහිතව පිට දිගේ විහිදී යන කේශකලාපය නොබැඳ පටින් පට ගිලිහී යන වස්ත්ර් තදින් නොහැඳ තා කෙරේ පැහැදී කාන්තාවන් වටින් පිටින් දිව එන කල්හි මිත්රගය සන්තෝෂයෙන් (එහි) නොසිට බෙන්තොටින් යා ගන්න.

විස්තර - (1) මල් පැළඳි කෙස් විදා ගෙන ඇඳි වත ලිහිල් කර කාන්තාවන් දිව ඒම සන්තෝෂයෙන් එහි නතර වීමට කාරණයක් නොවේ.

(2) මල් පිටින් - මල් සහිතව, මෙය කතා ව්යලවහාරයෙහිද එන යෙදුමකි.

පටින් පටින් - කාන්තාවන් සළුව පට කිහිපයකින් ඇඳ තිබූ බව පෙනේ.


107

අර්ථය - මිත්ර්ය, අනාගතයේ බොහෝ ස්වර්ග මෝක්ෂ සැප විඳින පිණිස වනවාස විහාරයට ගොස් ඇතුළුව ජීවමාන බුදුන් දුටුවාක් මෙන් පැහැදී සිට බොහෝ සෙයින් ගෞරව කරමින් වැඳ.

විස්තර - සග මොක් සිරි - මෙහි සිරි යනු සැපතය.

වන වාසේ - පොළොන්නරු යුගයේදී, ලංක‍ාවේ කලින් පැවති මහා විහාර, අභයගිරි භේදය යටපත් වී ගොස් වන වාසි, ග්රාලමවාසි භේදය ඇති විය. මින් බෙන්තොට වනවාස විහාරය ඉතිහාසයෙහි ඉතා ප්රදසිද්ධය.

දිවමන් - ජීවමාන, ජීවත් වන

බුහුමන් - ගෞරව


108

අන්වය - පරතරකය වැද, රුසිරින් දිව අසර කය දන සකය පෑ තිලකය ඇඳි නළලතෙහි අලකය සැදි නිසැකය සිටි ළද කොමළ අඟනක් දැක මග නොවැළක යව.

අර්ථය - පරතරකයට පැමිණ රූපශ්රීකයෙන් දිව්යො අප්සරාවන්ගේ ශරීරය ජනයාගේ ඇස්වලට පෙන්වූ තිලකය ඇඳි නළලෙහි කියඹුවැල ගැවසුණු සැකක් නැතිව සිටි තරුණ කාන්තාවන් දැක මග නොනැවතී යන්න.

විස්තර - දිව’සර - දිව + අසර, දිව්යඇප්සරාවන්; ගන්ධර්ව නම් වූ දිව්ය කුලයට අයත් අප්ස‍රාවෝ ඉතා රූමත්හ. නැටුම් ගැයුම්හි දක්ෂයහ.

කය - ශරීරය

සක - ඇස


109

අන්වය - රිවි අවට එළි කොට සිඳු මැඳුරතට බට, එක විට ලොවට එළි බට ගන අඳර කඳට සඳ රොස කොට යුදට අඹරට එන කලට මග නොසිට ලැගුමට වැලිතොට ගමට ගොස්

අර්ථය - සූර්යයා හාත්පස ආලෝක කර සමුද්රමය නමැති මන්දිරය ඇතුළට පිවිසි කල්හි එක වරම ලෝකයට පැමිණි ඝනාන්ධකාර සමූහයට චන්ද්රමයා කෝප වී යුද්ධ පිණිස ආකාශයට පැමිණෙන කල්හි මග නොනැවතී නවාතැන් පිණිස වැලිතොට ගමට ගොස් (ම. ස.)

විස්තර - (1) ‘මෙහි එළිකොට අවට’ යනුවෙන් කියවෙනුයේ සූර්යයා ගැනය. ඔහු සිඳු මැදුරතට බැස්සේ අවට එළි කොට නොව, අඳුරු කොටය. සූර්යයා ලෝකය එළි කරමින් සිටියේ දිවා කාලය තුළය.

(2) අඳර කඳ - අන්ධකාර සමූහය, ජල කඳ, වාතස්කන්ධය යනුත් මෙබඳුම යෙදුම්ය.

රොස කොට - කෝප වී; ‘රොසින් මෙන් එකලා-පහන නිවුවා කටින් පිඹලා’ යනු කව්සේකර යෙදුමි.


110

අන්වය - අම්බලම කෙරේ, නිල් පැහැ බර කොළ අතු විසිතුරු මැඳුරු, දිගු තරසර මනහර වීදි කඳ නොවිතර පියකර බිඟු දද සෙනඟ රැඳි, තුරු කඳවුර සැතපෙව.

අර්ථය - අම්බලම අසල නිල් පැහැයෙන් යුක්ත කොළ අතු නමැති විචිත්රව වූ මන්දිර, දික් වූ ස්ථිරසාර සිත් ගන්නා මහා වීදි නමැති කඳන්, අප්රදමාණ මීමැස්සන් (නැතහොත් සලෙළුන්) නමැති බමුණු (නැතහොත් පක්ෂි) සේනාව සිටියා වූ ගස නමැති කඳවුරෙහි සැතපෙන්න.

විස්තර - (1) මෙයද ඒ තරම් සිත් ගන්නාසුලු වර්ණනයක් නොවේ. ගසක් කඳවුරකට උපම‍ා කිරීම කොයි තරම් අනුචිතද? කොළ අතු මන්දිරවලටත්, කඳන් වීදිවලටත් උපමා කිරීම වැනි දේ කෙසේ ‍නම් රසිකයෙකුගේ සිත් ගන්නේද?

(2) දද - ද්විජ, බමුණෝ; දෙවරක් උපන්නේය යන අර්ථයෙන් බමුණෝද පක්ෂීමුද විජ නම් වෙති. බ්රාදහ්මණයන් දෙවෙනි වර උපදින්නේ උපනයනයෙනි. පක්ෂීන් බිජුවටින් එළියට ඒමෙනි.

නොවිතර - බොහෝ