ගිරා සන්දේශ විස්තර වර්ණනා-12

Wikibooks වෙතින්

111

විස්තර - නිවාස ග්ර හණය - නවාතැන් ගැන්ම

ශාලො’පගත - ශාලා + උපගත ‍= ශාලාවට පැමිණි

නෛක ජන - නොයෙක් ජනයා

අන්යොනන්ය් වර්ණනාලාප - උනුන් වර්ණනයට කියන කියුම්; ආලාප යනු වචනය. (කියුම්ය)

ස්වර්ණාලංකාර - කනට අලංකාරයක් වනුයේ කර්ණාභරණයි. එය ස්වර්ණයෙන් කළ විට වඩාත් වටී. කනට රන් බරණක් කරන්නට කීමේ අර්ථය ඉතා හොඳින් අසා ගන්න යනුයි.

විමර්ශනය - මේ ප්රිවේශයෙන් පසු ආරම්භ වනුයේ සිංහල සන්දේශ සාහිත්යයයට සුවිශේෂ ආභරණයක් බඳු විස්තර වර්ණනාවකි. කවියා පැරකුම්බා රජ කෙරේ තමා තුළ ඇති භක්තිය ප්රවකාශ කිරීමට මේ අවස්ථාව උපයෝගි කර ගෙන ඇත්තේ ඉතා සියුම් ලෙසය.


112, 113

අර්ථය - වෙනත් දේශයන්ගෙන් පැමිණ මග ගමනින් වෙහෙසට පත්ව, (එහි) සැදී තිබූ නොයෙක් පලතුරුවලින් සන්තර්පිතව සතුටු වූ ජනයා අතුරින් සමහරු අපාය මාර්ගය වළක්වන්නා වූ බොහෝ සම්පත් ගෙන දෙන්නා වූ සිංහල බණ (කතා) ඉගෙන බුදුන්ගේ ගුණ කියති.

විස්තර - දෙසතුරින් - දෙස්+ අතුරින් = වෙනත් දේශවලින්, දේශාන්තර යන්නෙහි තේරුම වෙනත් දේශ යනුයි. මෙසේම ‘ජාත්යුන්තර’ යනු වෙනත් ජාතීන්ය. ඒ නිසා ජාතීන් අතර යන තේරුම දීම සඳහා යෙදිය යුත්තේ ‘අන්තර් ජාතික’ යනුයි.

සැතපුණු - සන්තර්පණය වූ

අවා මග - අපාය මාර්ගය

අවරණ - ආවරණය කරන, වළක්වන

එළු බණ - සිංහල බණ කතා



114, 115

අර්ථය - නොයෙක් කාව්ය නාටක රස දැන ගත්තා වූ මිථ්යාන දෘෂ්ටි ගත් කෙනෙක් පූර්වයෙහි තම තමන් ඉගෙන ගත්තා වූ රාම සීතා කතා කියති. උදාරම් (උදාරකම් සිතට ගත්) සමහරු ඔවුනොවුන්ට අවස්ථාව දෙමින් වචනයෙන් වචනය පාදා සිත් නාම පද තෝරා කියති.

විස්තර - මිස දිටු - මිථ්යාො දෘෂ්ට; එක් ආගමක් අදහන් තැනැත්තා අනික් ආගම් මිථ්යා දෘෂ්ටි හැටියට සලකයි.

රාම සීතා කතා - රාමායණයේ කතා

උදාර - මෙහි තේරුම උසස් යනුයි. ඒ උසස්කම බොරුවට හිතට ගත්විට කටවහරෙහි එයට ‘උදාරම්’ යැයි කියනු ලැබේ. ‘උජාරු’ යනුත් එම තේරුම දෙයි. මෙහිදී වඩා ගැළපෙන්නේ කටවහරෙහි එන ඒ තේරුමයි.

වාරා - වාරය, අවස්ථාව

බසින් බස සාරා - පදයෙන් පදය මතු කරමින්

සිත් නාම - දැනට තුන් තේරවිලි, නොපිට පද ආදි වසයෙන් ගැනෙන තේරවිලි විය යුතුයි.


116, 117

අර්ථය - සමහරු වෙන වෙනම එක් වී (තැන් තැන්වල කාණ්ඩ ගැසී) එකිනෙකාට වහසි බස් කියමින්, සිනාසී සීපද, දෙපද බොහෝ කියති.

තවත් අයෙක් සතුරන්ගේ එඩි බිඳ ලූ, ලෝකය කෙළවර ජයකොඩි නැංවූ රජුගේ නාමයෙන් බැඳවූ සින්දු කියති.

විස්තර - වාසි - වහසි බස්, අභියෝග කිරීම්

දෙපද - සීගිරි කවීන් බොහෝ විට ගී හඳුන්වා ඇත්තේ ‍ ‘දෙපද’ හැටියටය.

දිය දද - ජය කොඩි, ලෝකය කෙළවර ජය කොඩි බැඳවිය හැක්කේ ලෝකය ජය ගත් අයෙකුට පමණි.


118, 119

අර්ථය - සමහරු රජුට බඳනා ලද සුන්දර, විචිත්රි කීර්ති ශ්ලෝක මිහිරි පදාර්ථයන් කියා දැන ගෙන කට පාඩම් කරති.

සමහරු ඔවුන්ගේ කියමන්වලින් පිබිදී ඉඳ විශේෂයෙන් රජුගේ විරුදාවලී මහ හයියෙන් සතුටින් කියති.

විස්තර - යස සොලෝ - කීර්තිය පුකාශ කරන සිලෝ හෙවත් ශ්ලෝක

වන පොත් කරති - කට පාඩම් කරති.

සැඬ ගොසින් - චණ්ඩ වූ ඝෝෂාවෙන්, හය්යෙන්

විරුදාවලි - විරුද + ආවලි; ප්රසශස්ති රචනා පන්ති


120

ඉතා පහසුය.