ගිරා සන්දේශ විස්තර වර්ණනා-17

Wikibooks වෙතින්

160, 161, 162

අර්ථය - (160) අනාගතයෙහිද ලංකාව තම පරම්පරාවට එක්සත් වන ආකාරයට රාජ චාරිත්ර පෙන්නුම් කොට මනු රජු මෙන් මධ්යිස්ථ විය.

(161) මොහුගේ ජය ඝෝෂාව, යුගාන්තයෙහි සාගර ඝෝෂාව පරිද්දෙන් මුළු ලෝක කුක්ෂියට වැදී විරුද්ධ රජුන්ගේ කීර්තිය මර්දනය ‍කොට කවර තැනක නම් නොපැතුරුණේද?

(162) දශ දිශාවට ගොස් පෙනුණා වූ මොහුගේ ආඥා චක්රකය සැණකෙළි මල්දම් අයුරින් කවර නම් රජෙක් විශේෂයෙන් හිසින් නොදැරුවේද?

විස්තර - (1) මධ්යආස්ථ රජෙකු සිටින විට එය ඔහුගේ පරම්පරාවේ අයටද වාසියකි. ඒ අයටද ඔහුගේ ගති ගුණ පිහිටා ඇතැයි මහජනයා සිතන බැවිනි. පැරකුම්බා රජු මනු රජු මෙන් යහපත්ය. ඒ වනාහි මතුත් ඔහුගේ පරම්පරාවට ලංකාව එක්සත් කළ හැකි වන ගුණයකි.

රජු මධ්යතස්ථ වී යයි කීවද ඥාති සංග්‍රහයෙහි යෙදුණුබව ‘ඉසුරින් සිය කුල සියන්’ සිත් ගත්තේයයි කීමෙන් පෙනී යයි.

(2) යුග කෙළ සයුර - යුගාන්තයේදී (ලෝක විනාශයේදී) මහා සාගරය මහා හඬ නඟමින් ගොඩ ගමන් ගනී.

අණසක - රජෙකුගේ ආඥාව චක්රපයෙන් සංකේතවත් කෙරෙයි.


163, 164, 165

අර්ථය - (163) සියලු ලෝකයෙහි දිලිසී සිටි මොහුගේ නිර්මල ආඥාව හැර කවරෙකුගේ බලවත් ආඥාව අන්ය1 රජුන් නමැති ඇතුන්ට හැකිලි (යදම්) වීද?

(164) සෑම දුර්ගයකම වාසය කරන රෞද්රත සතුරු රජුන්ගේ එඩි දුරු කෙළේ, විෂ්ණුද ඉක්මවා ලීය. මොහු නොකෙළේ කවර වික්රගමයක්ද?

(165) දස දහසක් යොදුන් ජම්බුද්වීපයෙහි සියලු විරුද්ධකරුවන් ජයගත් ධර්මා6ශෝක රජු හැර කවරෙක් මේ රජුට සමානද?

බලී - බලවත්

විස්තර - පර රජ ගජන් හැකිලි - පැරකුම්බා රජුගේ අණ වෙනත් රජවරුන් නමැති ඇතුන්ට හැකිල්ලක් විය. මෙහි අදහස ඔහු ඔවුන් අවනත කළ බවයි.

උවිඳු - උප්රේයන්ද්රට; විෂ්ණු - වරක් විෂ්ණු ඉන්ද්ර යාට (ශක්ර යාට) බාල සොහොයුරුව උපනි. ඒ නිසා ඔහුට (උප + ඉන්ද්ර්) උපේන්ද්ර යැයි කියනු ලැබේ.

දප’ළේ - දප + අළේ; දප හැරියේ. දර්පය නැති කෙළේය.

දම්සෝ - දඹදිව එක්සත් කළ ධර්මා‍ශෝක රජතුමා. ලංකාවට බුද්ධාගම එවන ලද්දේද මෙතුමා විසිනි. මොහු ලෝකයේ සිටි ශ්රෙරෂ්ඨම රජුන්ගෙන් කෙනෙකි.


166

මේ කවිය ඉතා පහසුය.


167

අන්වය - සරණ අවි තුරු සිරේය රැව් කෙරේය. පුල් සරේය බිඟු පැහැද හැසිරේය. අරුණු රැස් තුමුල් ගන අඳරේය හැර පෙර අඹරේය පැතිරේය.

අර්ථය - කුකුළා ගස මුදුනේ හඬලයි. පිපුණු පියුමෙහි භෘංගයා ප්රැසන්නව හැසිරෙයි. අරුණාලෝකය මහත් වූ ඝනාන්ධකාරය දුරු කර පෙරදිග අහසෙහි පැතිරෙයි.

විස්තර - සරණ’වි - සරණ + අවි; සරණ හෙවත් කකුල අවියක් කර ගත් තැනැත්තා, කුකුළා; කුකුළා පහර දෙන්නේ පයිනි.

සිරේ - මුදුනෙහි

සරේ - විලෙහි; පියුමෙහි යන අර්ථ දෙකම දෙයි.

තුමුල් - මහත්

වීමර්ශනය - කලින් දින රාත්රි යේද නිදා නොගත් (98) දූතයා මෙදිනද නිදි නොලද බව පෙනී යයි.


168

අන්වය - මඳ පවන් වැඳ ලෙළ දෙන ලිය වදල සහයුරු පලු කසට කට පරපුටු තෙපුල් මඳ මඳ ඇසේ.

අර්ථය - මඳ සුළඟ වැදී සෙලවෙන්නා වූ වැල්ගොමුවල මී අඹ දලු (කෑමෙන්) කහට වූ කටින් (එන)කෝකිලයන්ගේ නාදය ටික ටික ඇසේ.

විස්තර - ලිය වදල - වැල් එකට එතී ගොනු වූ තැන් ලිය වදල හෙවත් ලිය වදුල් නමින් හැඳින්වේ.

සහයුරු පලු - සහකාර පල්ලව; මී අඹ දලු; සහකාර නම් මී අඹයි.

පරපුටු - කෝකිලයා; කෙවිලිය බිජු දමන්නේ කපුටු කූඩුවෙහිය. කපුටිය ඒවා රකිනු ලැබ පැටවුන් එළියට අවුත් වැඩෙන්නට වූ කල කොටා පන්නා දමයි. මලු කාලයේ තම මව නොව වෙනත් තැනැත්තියක විසින් පෝෂණය කරනු ලැබූයෙන් කෝකිලයා පරපුටු යන නාමය ලබයි.



169

අර්ථය - මිත්රිය, චන්ද්ර් රශ්මිය නමැති වතුර ලෝකයෙහි පිරී බසින විට ගස් මුදුන් අතරෙහි විසිරී රැඳුණාවූ පෙණ සමූහය මෙන්, එදා උදය බො‍හෝ වූ කැලෑ මල් දැක සිතේහි සන්තෝෂය වර්ධනය කර මඳක් තැන් ගොස් ....


170

අන්වය - පබළ කැල සමග රැඳි පෙණ පෙළ ලකළ තරඟ විසුළ පුවළ නිල් සිඳු පළ කළ, සුළඟට ලෙළ දළු මල් තුරු වැළ වතළ උදුළ නැබළ වන ගළ පෙර මගබල

අර්ථය - පබළු සමූහය සමග රැඳුණා වූ පෙන සමූහයෙන් අලංකාර වූ රළ විසිරුණු ප්රෞයඩ වූ මුහුදෙහි (ආකාරය) ප්රළකාශ කළ, සුළඟට ලෙළ දෙන දළු මල් (සහිත) වෘක්ෂ සමූහය වැතුරුණා වූ බබලන, මහත් වනරේඛාව ඉදිරි මාර්ගයෙහි බලන්න.

විස්තර - (1) ඈත වන ඝටය නිල්ය. එහි රතුපාට දළුද සුදු පාට මල්ද විසිරී තිබේ. ඒවා හරියටම පබළුවලින් හා පෙණවලින් ගැවසී සමුද්රඑය වැන්න. මේ දළු හා මල් සුළඟින් සෙලවීම මුහුදේ පබළු හා පෙණ තරඟවලින් චලනය වීම වැනිය.

(2) පුවළ සිඳු - ප්රෞපඩ වූ සාගරය

වන ගළ - වන ඝටය, වන පන්තිය