ගිරා සන්දේශ විස්තර වර්ණනා-2

Wikibooks වෙතින්

11


අර්ථය - කෛලාස පර්වතයෙහි රශිමියෙන් උජ්ජ්වලිත වූ කුවේරය‍ාගේ ආලකමන්දා නගරය මෙන් ප්ර සිද්ධ වූ නිතරම චන්ද්රරයා මෙන් මුළු ලෝකයෙහි බබලන්නා වූ නාථ දේවයාගේ සිනිඳු ශරීර කාන්තියෙන් ඒකාලෝක වන්නා වූ, පෙර සිට අතිශයින් හිතවත් වූ විසිතුරු තොටගමු විහාරයෙහි ස්ථිරසාර ගම්භීර ගුණයෙන් හා පිරිසිදු ප්රිතිපත්තියෙන් (යුක්තව) සිත් ගන්නා, පූජනීය සංඝ සමූහයා සමග වැජඹෙන්නා වූ ත්රි්පිටකය නමැති සාගරය මනාව උඩු යටිකුරු කර කලඹා ගැඹුරු තේරුම් නමැති මැණික් ලෝකයට දෙන්නා වූ ත්රිුපිටක වාගිශ්වර විජයබාහු ස්ථවිරතුමාහට ඉක්මනින් ගොස් සිට මේ සන්දේශය දන්වන්න.


විස්තර - හර ගිර - හර යනු ඊශ්වරායට නාමයකි. ඒ නිසා ඔහු වසන කෛලාස පර්වතය හරගිර නමින් හැඳින්වේ.

දිනිසුරු - දන ඉසුරු>දනිසුරු>දිනිසුරු. ධනයට අධිපති හෙයින් කුවේරයාට මේ නම යෙදේ. (8 වැනි කවියේ විස්තර බලන්න.)

නතිඳු - නාථ දිව්යර රාජයා; මහායාන බුදු සමයට අයත් බෝධිසත්වවරයෙකි. අවලොකිතේශ්වර යනුවෙන් හැඳින්වෙන්නේද මොහුමයැයි කියනු ලැබේ. වැඩි විස්තර සඳහා කේ. ජයතිලකගේ විමර්ශන සහිත තිසර සන්දේශයෙහි 04 – 211 පිටු බලන්න. විජයබා පිරිවෙනෙහි මහායාන අදහස්ද පැවති බැවින් එහි මොහු‍ගේ පිළිරුවක් විය.

ඉටු - හිතවත්කම

තෙ-වළා - අභිධර්ම, සූත්රි, විනය යන තුන් පිටකය.

රුවන’කර - රුවන්වලට ආකරයක් බැවින් සාගරයට රත්නාකරයැයි කියති.

තෙවළා රුවන’කර අළලා . . . විජයබා තෙරිඳු ත්රිාපිටකය ඉතා හොඳින් දන්නා නිසා එය ඒ මේ අත පෙරළා ගැඹුරු අර්ථ ඉදිරිපත් කිරීමෙහි සමත් වේ. ඒ ගැඹුරු අරුත් මැණික් මෙන් වටී.

තෙවළා වදනි’ සුරු - ත්රිිපිටකය පිළිබඳ මනා දැනීමක් ඇති බව මෙයින් කියවෙයි.

විජයබ තෙරිඳු - බෞද්ධ භික්ෂූන් වහන්සේලා නොයෙක් විට හැඳින්වුණේ තමන් ප්රරධානත්වය දරන අධ්යාෂපන ආයතනයේ නමිනි. මයූරපාද පිරිවෙන්පති මයූරපාද හිමි නම් විය. ගතාර පිරුවන් හිමි ගතාර හිමි නම් විය.

නොවළා - සැඟවීමක් නැතිව යනු මෙහි ප්රමකට තේරුමයි. ‘වැළකීමක් නැතිව’ යන තේරුමද ඉන් ගත හැකිය. පද යෝජනය අනුව එය මෙතැනට වඩා සුදුසු බව පෙනේ.



12


අර්ථය - මිත්ර ය, ඒ සන්දේශය ඉදිරියට කියන්නෙමි. ගිය තැන්වලදී විමසන ජනයා පුදුම වන ආකාරයට දැන් මේ නගරයෙහි ශ්රීිය විශේෂ කොට වර්ණනා කරන මේ වචන සතුටින් අසන්න.

විස්තර - (1) සන්දේශකරුවා ජයවර්ධනපුරය වර්ණනා කරන්නට අදහස් කරන්නේ එය ඇති පරිද්දෙන්ම නොවන බව මෙයින් කියවෙයි. එසේ කියන විට විමසන ජනයා විස්මයට පත් වන්නේ නැත. ඒ නිසා විශේෂයක් කළ යුතුය. කවි සමයානුගතව කිවහොත් එසේ වෙයි.

(2) සබඳ - බැඳීම් ඇති තැනැත්තා=මිත්රවයා පිළිවිසින - විචාරන, ප්රතශ්න කරන විස්ම - සමහරු මෙය ‘විෂ්මය’ කියා ලියති. එය වැරදිය. වෙසෙස් කර - විශේෂත්වයක් ඇති කර - මෙහිදී කවි සමයානුගතව, එය කරනු ලැබේ. මෙවදන් මිණි කොඩොල් තා සවන් සද - හොඳින් අසන්න යන අර්ථය වක්රා මාර්ගයෙන් කියූ සැටියි. පද්යහයේදී කවීහු නොයෙක් විට මේ වක්රෝාක්තිය ප්ර්යෝජන කර ගනිති.



13


අන්වය - මිතුර, ජයවද්දන දැනුම් ඇති පවර මැති යුත් රුපු මද්දන ගජ හය සෙන් නිතොර පිරි සග මොක් නොවරද්දන මුනි දහම් අකර ජයවද්දනපුර මෙය දනු. ‍ අර්ථය - මිත්රදය, ජය වර්ධනය කරන්නා වූ දැනුම සහිත උතුම් අමාත්ය යන් ඇති, සතුරන් මර්දනය කරන හස්ති අශ්ව සේනාවන් නිතර පිරුණු ස්වර්ග මෝක්ෂ සම්පත් නොවරදවා (ලබා දෙන) බුද්ධ ධර්මයට ආකරයක් වූ ජයවර්ධනපුරය මෙයයි දැන ගන්න.

විස්තර - (1) ජයවර්ධනපුර කෝට්ටේ ඉදි කරන ලද්දේ ගම්පළ 3 වැනි වික්රරමබාහු රජුගේ රාජ්යන කාලයේදී (නිස්සංක) අලගක්කෝනාර විසිනි. අලගක්කෝනාර හෙවත් අලකේශවරවරුන් අතර ඉතාමත් ප්රවකට තැනැත්තා මොහුය. එකල ලියවුණු නිකාය සංග්රඅහය ආදි පොතපතෙහි මේ බව අතිඋත්කර්ෂයෙන් සඳහන් වෙයි. කෝට්ටේ යුග‍යේ ලද හැම සන්දේශයකමත් මේ නගරය සඳහන් වන නමුත් ඒ කිසිවෙක් අලගක්කෝනාර ගැන සඳහන් කරන්නේ වත් නැත. මීට හේතුව ඔහු ගැන 6 වැනි පරාක්රසමබාහු රජතුමා තුළ පැවති නොපැහැදීම විය හැකිය. අද මෙන්ම එදාත් විරුද්ධවාදීන්ගේ නම් පිස දැම්මේ උත්සාහයක් පැවතිණි.

(2) ජයවද්දන - ජයවර්ධනය කරන, ජය වදන හෙවත් ප්ර්වේශ කරන යන තේරුම් දෙකම මින් ගත හැකිය. එහෙත් මද්දන යන වචනය බලන කල මුල් තේරුම ගන්නා ලදැයි සිතේ. වඩා ගැළපෙන්නේද ඒ අර්ථයයි. කෙසේ වුවද වර්ධන, මර්දන යන සංස්කෘත වචන දෙකම නියමාකාරයෙන් සිංහලයට තද්භව විය යුත්තේ වඩන, මඩන යනුවෙන් ‘ඩ’ කාරය සහිතවය. එහෙත් හැම සන්දේශයකම එන්නේ ජයවද්දන පුර යන යෙදුමය. එය අර්ධ - තත්සම පදයක් සේ ගත හැකියි.


හය - අසුන්


මුනිදහම’කර - බුද්ධ ධර්මය උගත් පඬිවරුන් සිටියාක් මෙන්ම බෞද්ධ පොත පතද ජයවර්ධන පුරයෙහි පැවති බව මෙයින් කියවෙයි.



14


අන්වය - වෙනස්ව ඇත්තේ පද දෙක තුනක් පමණි. එය ඔබටම පිළිවෙළ කර ගත හැකිය.

අර්ථය - මහ බඹු පළමුවෙන් ලෝකයෙහි ප්රමමාණය නොදැන මෙතැනම අඹා තිබූ චක්රයවාට පර්වතය මෙන් ප්රෙභාව විහිදුණු ප්රාාකාරයට, අනන්තයාගේ දරණ යොමු කොට (ඒ හා සමාන කොට) හරි නොයන්නේද යන්තමක් තමායැයි නොබියව කියමි.

විස්තර - (1) සක්වළ වටා පවුරක් මැවීමට මහා බ්රබහ්මයාට අවශ්යය විය. ඔහු එය මැව්වේ ජයවර්ධන පුරය වටේටය. එය සක්වළ සඳහා ප්රමමාණවත් නොවන බව දුටු ඔහු එය එහිම තිබෙන්ට හැරියේය. මේ ජයවර්ථනපු‍රයේ විශාලත්වයත් ඒ වටා ඇති ප්රාඑකාරයේ ප්රසභා සම්පන්නබවත් ව්යංවග්ය යෙන් කී සැටියි. වෙනත් වචනවලින් කියතොත් එය පුංචි ලෝකයක් වට කිරීමට වුවද ප්ර මාණවත්ය.

(2) බඹා.......ලොව පමණ නොදැන - වෛදික හින්දු විශ්වාසයට අනුව ලෝකය මැවූයේ බ්ර්හ්මයාය. (තමන්ම මැවූ ලෝකයේ ප්රවමාණය ඔහුම නොදැන සිටීමට ක්රේමයක් නැත.)

සක්වළ ගිරි සෙ මෙතැනමා - ලෝකයේ ප්රමමාණය නොදත් බ්රිහ්මයා සක්වළ ගිර මවා ඇත්තේ ජයවර්ධනපුරයෙහිය. චක්රරවාල පර්වතය යනු ලොව වටා ඇතැයි හින්දුන් විශ්වාස කරන පවුරක් වැනි පර්වතයකි.

නත - අනන්ත නම් නාගරාජයා. ‘අනත’ යන්නෙහි ‘අ’ ලෝපයෙන් මෙය සෑදී ඇත. කෙළවරක් නැති යන තේරුමක් ඔහු අනන්ත නම් වෙයි. ඔහුට මුව දහසක් ඇතැයි කියනු ලැබේ. හින්දු විශ්වාසයට අනුව විෂ්ණු මොහුගේ දරණ වැළ මත සැතපෙයි. අනන්තයා අගක් මුලක් නැති විශ්වය සංකේතවත් කරයි.

(3) මෙය ඒ තරම් රසවත් කවියක් නොවේ. කවියා යොදා ගන්නේ පැරණි කවීන් විසින් නිතර භාවිතා කිරීමෙන් පිළුණු වී ගිය උපමා රූපකය. ඒවා පවා පැහැදිලි චිත්ත


රූපයක් මැවෙන පරිදි ඉදිරිපත් කර නොමැත. පවුර සක්වළ ගිරටත් අනන්තයාගේ දරණ වැළටත් එකවර උපමා කරන්නට නොගියේ නම් අඩු වසයෙන් පද්යකයේ සරලත්වයවත් ආරක්ෂා වීමට ඉඩ තිබිණ.



15


අන්වය - පෙර කිරිසිඳු දුව තුටුව මෙපුර එන කල සිඳු රද විසින් ඇය රැකවරණට පිරිසිඳ කැටව එවුණු සිඳු කඩක් එව් පටුව නොව ඇම සඳ දිය පිරුණු අගල දුටුව ලොබ වෙයි.


අර්ථය - පූර්වයෙහි ශ්රීට කාන්තාව සතුටින් මේ නගරයට එන කල්හි සමුද්රව රාජයා විසින් ඇගේ ආරක්ෂාවට කපා එවන ලද මුහුදු කැබෙල්ලක් මෙන් විශාලව, හැම කල්හිම ජලයෙන් පිරුණු අගල දුටු කල්හි ආශාව ඇති වෙයි.


විස්තර - (1) කලින් පද්යනයෙන් නගරයෙහි මහත් බවත් පවුරෙහි ශෝභාවත් යන දෙකම එක වර වර්ණනා විය. මෙම පද්යකයෙන් නග‍රයේ සමෘද්ධිමත් දිය අගලෙහි විශාලත්වයත් එක වර වර්ණනා වෙයි.

කැබෙල්ලක් වුවත් මුහුදේ කැබෙල්ලක් වීම නිසා එය විශාලත්වයෙන් අධික විය.

(2) කිරි සිඳු දුව - ලක්ෂ්මි - සෞභාග්යදයට අධිපති දෙව්දුව ඇයයි. සුරයන් කිරි මුහුද අළලද්දී ඉන් පහළ වූ වස්තු දහහතර අතර ඈද වූවාය. එ බැවින් ඈ කිරි මුහුදේ දියණිය නැතහොත් කිරි සිඳු දුව නමින් හැඳින්වෙයි. මැය විෂ්ණු විසින් සිය භාර්යාව හැටියට ගන්නා ලදි. (ඇගේ වාහනය බකමූණාය. ආලෝකයට බකමූණා ඇස වසා ගන්නාක් මෙන් සෞභාග්යසමත් පුද්ගලයාද උගත්කමට ඇස් වසා ගන්නා බව මින් අදහස් කළා විය හැකිය.)

ලක්ෂ්මිය ජයවර්ධන පුරයට සතුටින් පැමිණියේ එය සමෘද්ධිමත් ස්ථානයක් වූ නිසාය.

ඇය රැකවරණට - පෙර රජවරුන් තම දුවණියන් වෙනත් රටකට සරණ යවන විට ඇගේ රැකවරණට පිරිසක් යැවීම සිරිතක් විය. විජායි කුමරිය විජය රජු වෙත. එන විටත් භද්දකච්චානා කුමරිය පඬුවස්දෙව් රජු වෙත එන විටත් මෙසේ පිරිස් පැමිණියහ.

කුස ජාතකය වැනි ජාතක කතාවන්හිද මේ සිරිත සඳහන් ‍වේ.

සිඳු කඩකෙ’ව් - සිඳු කඩක් + එව්; සින්ධු නම් සාගරයයි. එව් යන්නෙහි අර්ථය වැනි යනුයි.

පටුව නොව ඇම සඳ දිය පිරුණු - හැම විටම දිය පිරි පවත්නා විට අගල වීමට ඉඩක් නැත.



16


අන්වය - මිතුර, මනහර සුවිසල් අගල දිය තුළ පෙනෙන රළ අවුල් සසල පැහැසර රිවි සඳ මඬල තුඟු තුල් පවුරු හිස පැන යනු බැරිව හැර හැම වර රසහල් පිවිස යනු වැනි.

අර්ථය - මිත්රරය, සිත් ඇද ගන්නා සුවිශාල අගලෙහි පෙනෙන තරංගයන්ගෙන් අවුල්ව චංචල වූ රිවි (මඬල) හා සඳ මඬල උස මහත ප්රානකාරයට උඩින් යා නොහැකිව හැමවිටම රසාතලයට පැමිණ යන්නාක් වැන්න.

විස්තර - (1) ජයවර්ධන පුරය වටා ඇති පවුර ඉතා උසය, චන්ද්රි සූර්යයන්ට පවා එයට ඉහළින් යෑම දුෂ්කරයැයි සිතෙන තරම්ය. ඒවායේ ප්රපතිබිම්බ මහා දිය අගලෙහි පෙනෙන විට ඉර සඳ පවුර පැන යනු නොහැකිව යටින් රිංගා යනු වැනිය.

(2) තුඟුතුල් - උස හා මහත රසහල් - රසාතලය; පෘථිවියෙහි යට ප්රයදේශය. පුරාණ නාමාවලිය නාග ලෝකයට නමක් සේ දක්වයි.



17


අර්ථය - චන්ද්රමයා හා සූර්යයා තමන් රාහු මුඛයට පත් වූ අවස්ථාවන්හි රෑ දවල් ගන අඳුර බිඳ එළි කරනු පිණිස තම රශ්මිය නමැති වස්ත්රරය ප්රාවසාදාග්රනයෙහි බැඳ ගියාක් මෙන් යහපත් රන් රිදී කොඩි නගරයෙහි බබලයි.

විස්තර - (1) නගරෙයෙහි ගෙවල් මුදුනේ සුදු කොඩින් රන්පැහැ කොඩිත් ඔසොවා ඇත. එය සමෘද්ධියෙහි සංකේතයකි. නමුත් කවියාට මේ කොඩි කුමක් වැනිද? චන්ද්ර යාත්

සූර්යයාත් වරින් වර රාහු මුඛයට පත් වෙති. පරාර්ථයම ප්රාමර්ථනා කරන ඔවුන් විසින් ඒ අවස්ථාවලදී ලෝකය එළි කරන පිණිස තමන්ගේ රශ්මියෙන් ටික ටික බැඳ තබා ගියාක් වැන්න. සඳ රැස් සුදුය. එහෙයින් එය රිදී කොඩි වාන්න. හිරු රැස් රන් පැහැ නියා ඒවා රන් කොඩි හා සමානය.

(2) රහුමුව - පුරාතනයන්ගේ සාමාන්ය විශ්වාසයට අනුව චන්ද්රනග්ර්හණ හා සූර්ය්යාග්රුහණ ඇති වන්නේ ඒ ග්ර හයන් වරින් වර රාහු මුඛයට පත් වීමෙනි.

කිරි මුහුද අළලන අවස්ථාවේ පහළ වූ අමෘතය දෙවිවරා පානය කරන්නට වූහ. අසුරයෙකු වූ රාහුද දෙවියෙකු හැටියට වෙස් වළාගෙන ඉන් බිඳක් පානය කෙළේය. ඒ දුටු චන්ද්රායා විෂ්ණුට ඒ බව දැන්වීය. විෂ්ණු තම ගදායුධයෙන් ගසා එම අසුරයා දෙපලු කෙළේය. ඔහුගේ හිස පෙදෙස රාහු වූ අතර පහළ කොටස කේතු නම් විය. ඔහු නොමළේ අමෘතය බී සිටි බැවිනි.

තමාට විපත් පැමිණියේ හිරු සඳු නිසා බව දත් රාහු වරින් වර ඔවුන් ගිල දමන්නට විය.

අඳර - අඳුර යන පදයේ ස්වර සමීකරණයෙන් සිද්ධයි. දෙවෙහි - දව +එහි=දවෙහි=දෙවෙහි, දවල් කාලයෙහි කිරණ පට - රශ්මිය නමැති වස්ත්රණය.



18


අන්වය - හය කුර ගසින් නැඟි රදසින් අඹර හිවි, ගජ කන් තලින් එන පවනින් යුත් මෙපුර, නිතොර කෙළි සන්තොසින් රැඳි සලෙළුන්හට සැඬකර රැසින් සැඬ ගිමනින් කවර දුක්?

අර්ථය - අසුරන්ගේ කුර ගැසීමෙන් නඟින ධූලියෙන් ආකාශය වැසුණු, ඇතුන්ගේ කන්පෙති (ගැසීමෙන්) එන සුළඟින් යුතු මේ නගරයෙහි නිතරම ක්රී ඩා සන්තෝෂයෙන් සිටින සල්ලාල ජනයාට සූර්ය රශ්මියෙන් (හා) තද ග්රීිෂ්මයෙන් කුමන දුකක්ද?


විස්තර - (1) මේ එම නගරය ඇතුන්, අසුන් හා ප්රීරතිමත් තරුණයන්ගෙන් ගහණව පැවති බව ව්යංටග්යනයෙන් කියූ සැටියි. එහි අසුන් නිතරම ගමන් ගන්නා නිසා උන්ගේ කුර වැදී දූලි අහසට නඟී. මේ දූවිල්ල වියන් පටක් මෙන් අහසේ රැඳී තද හිරු රැස වළක්වා ලයි. ඒ නිසා තාපයක් ඇති නොවේ. අසුන් මෙන්ම අධික වූ ඇතුන්ගේ කන් පහරින් වදින සුළඟින් වීදිවල දූලි පහව යනවා පමණක් නොව ජනීජනයාට සිසිලසක්ද ඇති කරයි. එසේ නැතිව නගරය දූවිල්ලෙන් පිරී යන්නේ නම් එය කොතරම් දුකක්ද?

(2) හයකුර ගසින් - හය = අසුන්; ගසින්=ඝර්ෂයෙන්; අසුන්ගේ කුර පහරින්

රදසින් - දූවිල්ලෙන්; රජස් නම් ධූලියි.

හිවි - ගැවසි

සලෙළුන් - ක්රී ඩා ලෝල තරුණයන්; සල්ලාල යන්නට අද තරම් අවමානාත්මක හැඟීමක් එදා තිබෙන්නට නැති බව පෙනේ.

සැඬකර - චණ්ඩ වූ රශ්මිය ඇති නිසා සූර්යයා මෙනමින් හැඳින්වෙයි.



19


අන්වය - විසල් මෙපුර, අගිල් කපුරු දුම් කද පැතිර පිහිකුළු රන් දෙදෙන් උදුළ පහ කුළු, කුළු සිරස ළකල් සුර අඹ සිදු ලිය කෙළි ලකුළු හිමවු ගිරි කුළු සියල් සිරි රැපැයි.

අර්ථය - විශාල වූ මෙම නගරයෙහි අගිල් කපුරු දුම් පැතිරීමෙන් වැසුණා වූ රන්වන් කොඩියෙන් බබලන ප්රාළසාද මුදුන්, කඳු මුදුන් මත සිත් ගන්නා දෙවඟනන් හා සිද්ධාංගනාවන් ක්රීළඩා කළ අලංකාර හිමාල පර්වත ශිඛර සියල්ලෙහි ශෝභාව ගෙන හැර දැක්විය.

විස්තර - (1) හිමාලයෙහි පර්වත ශිඛර රාශියක් ඇත. එමෙන්ම මේ නගරයෙහිද විශාල මන්දිර රාශියක් වෙයි. හිමෙන් වැසුණු පර්වත ශිඛර පෙනෙනුයේ සුදු පාටටය. මන්දිරවල අගිල් කපුරු දවන නිසා ඒවායින් නඟින දුමෙන් ඒවාද සුදු


පැහැයෙන් පෙනෙයි. ගිරිකුළුවල දිව්යාංෙගනාවෝත් සිද්ධාංගනාවෝත් නටති, නගරයේ පහ මුදුනේ ලෙළ දෙන රන්වන් කොඩි එසේ නටන සිදඟනන් හා දෙවඟනන් වැන්න.

කාල්පනික ස්වරූපය නිසා මේ පිළිබඳ චිත්ත රූපය මවා ගැනීමට සමහරුනට දුෂ්කර විය හැකිය. එය මවා ගැනීමට හැකි වුවහොත් චමත්කාරයක් ලද හැකි කවකි. (2) අගිල් කපුරු - අගිල් හෙවත් අගරු, දල්වන විට සුවඳ විහිදෙන ලී වර්ගයකි. අද පවා ගෙවල මේ ද්රයව්යඑ දවනු ලැබේ.


පිහිකුළු - වැසුණු

රන් දෙදෙන් - රත්රන් කොඩියෙන්

සිදු ලිය - සිද්ධාංගන‍ාවෝ, සිද්ධයෝ නම් කැමති විටක කැමති වෙස් ගැනීමට සමත් දේව යෝනියකි.

සිරිපැයි - සිරි පෑය = සිරි පෙන්වීය

ළකල් හා ලකුළු = මේ වචන දෙක වෙනස් තේරුම් දෙයි. ළ + කල් යනු සිත් ඇද ගන්නා යනුයි. ලකුළු නම් ‘අලංකාර කළ’ යන්නයි.

(3) මෙම පද්යසයේ කුළු යනු ‍එකම තේරුමෙන් තෙවරක් යෙදී ඇත.



20


අන්වය - මෙපුර හය කුර ගසිනි උලැඟි රොන් පට පහ අග දිලි රන් කැරලි වසමිනි පැතිර අඹර ඇඹරී දද අතින් පිස යනු කෙවැනි? නි‍තොර සොඳුරු ගුරු පිරියම් කරනු වැනි.

අර්ථය - මෙම නගරයෙහි අසුන්ගේ කුර ගැටීමෙන් උඩට නැඟුණු ධූලි පටලය ප්රායසාදාග්රෙයෙහි බැබලෙන රන් කොත් වසමින් පැතිර, ආකාශයෙහි ඇඹරුණු කොඩි නමැති අතින් පිස යෑම කෙබඳුද? නිතරම හොඳ හැටි ගුරු ගාන්නාක් වැන්න.


විස්තර - (1) නගරයේ සිටින අසුන්ගේ කුර ගැටීම නිසා අහසට දූලි නඟී. ඒවා ගෙවල් මුදුනෙ ඇති රන් කොත් මත

පතිත වන නමුත් එහිම බැඳ ඇති, සුළඟට සෙලවෙන කොඩිවලින් පිස දැමෙයි. එය හරියට නිතරම ඒවායේ ගුරු පිරියම් කරන්නාක් වැන්න.

(2) ජයවර්ධනපුරයේ අසුන්ගේ කුර පහරින් අහසට දූලි නඟන බව මීට ඉහත පද්ය2යකින්ද කියවිණ. මෙසේ ටය නැවතත් කීම සුදුසු නැත. කොඩිවලින් කෙරෙන්නේ දූලි ගෑමක් නොව පිස දැමීමකි. එය පිරියම් කිරීමක් හැටියට දැක්වීමද සුදුසු නොවේ. ඔප දැමීමක් හැටියට දක්වන ලද්දේ නම් මැනවි.

(3) දිලි - ජ්වලිත; මෙය ‘දිළි’ යනුවෙන්ද යෙදේ.

කැරලි - විශාල මන්දිර මත සවි කොට ඇති කොත් වැනි දෙය මෙයින් අදහස් කෙරේ.

උලැඟි - උඩට නැගි

පට - පටම පටල. මෙහි දූලි පටලය ගැනේ.

පිරියම් - පිරි + කම් = පිරියම්; සායම් ගෑම.