ගිරා සන්දේශ විස්තර වර්ණනා-22
211
අන්වය - දද බඳ ලැල් පැහැ රද දස අතේ පැතිර නඳ සඳ කැල්මෙන් කෙලෙස කුළු යුතේ දිලි කොඳ සඳ කල් සුනුවම් උදුළ පල බිතේ, වහසල් කැරලි මුදුනතේ මඳ කල් ඉඳ
අර්ථය - කොඩිවල බඳිනා ලද මුතුවැල්හි වර්ණ කාන්තිය දස අතේ පැතිර (සිත්) සතුටු කරවන සඳ රැසින් කෛලාස කූටය මෙන් දිලිසුණ කුමුදු හා සඳුන් මෙන් මනහර ලෙස සුනු ගෑම් කළ පියස්සෙන් හා බිත්තියෙන් බබලන වාසල කොත් කැරැල්ල මුදුනෙහි ස්වල්ප වේලාවක් ඉඳ
විස්තර - (1) තොටගමු විහාරය ඉදිරිපිට විශාල දොරටුවක් වෙයි. බිත්තියෙහිත් වහලෙහිත් සුදු හුණු පිරියම් කොට ඇත. ඒ නිසා එය කෛලාස පර්වතය වැන්න. මෙහි බඳ කොඩිවල කුඩා මුතුවැල් එල්ලා ඇත. ඒවායින් වාසලට වැටෙන දීප්තිය කෛලාස පර්වතයට සඳ රැස් වැටී බබලනු හා සමානය.
(2) ලැල් - ලතිකා, මුතුපට
පැහැරද - ප්රරභාරාජිය; මුතුවලින් නික්මෙන වර්ණ කාන්තිය.
කොඳසඳ - කුමුදු හා සඳුන්; මෙහිදී සුදු සඳුන් ගැනේ.
කල් - විලාසය (රුවන්මල 121)
වහසල් - මෙය දොරටුව යන අර්ථය ඇති දෙමළ වචනයකි. පසුව මාලිගාව හැඟවීම සඳහාද මෙය යෙදෙන්නට විය.
212
අන්වය - බොහේ දුරට ඇති සැටියෙන්මය.
අර්ථය - පැහැදිලිව පෙනෙන සුදු වලාවන්හිද තුෂාරයෙහිද හිමාලය පර්වතයෙහිද ආනුභාවය දුරු කොට ආකාශ ගංගාවෙහි පැතුරුණා වූ තරඟ පන්තියෙහි ශෝභාව පරදවා, (කලඹන අවස්ථාවෙහි) ඇඹරුණා වූ කිරිසයුරෙහි පෙණ සමූහය මෙන් වැහැරී නොගොස් බබලන්නා වූ විහාරයෙහි පෝය මළුවෙහි ශ්රී සමෘද්ධිය බලන්න.
විස්තර - පහළ - ප්රහකාශිත, පැහැදිලිව පෙනෙන.
සිත’බ - සිත් + අබ = ශ්වෙතාභ්රී, සුදු වලාකුළු
වතළ - වැතිරුණා වූ
හිම - පින්න
මහිම - මහිමය, ආනුභාවය (අනුභාව)
කිරණ - කිරි + අණ = ක්ෂීරාර්ණවය, කිරි මුහුද
පොහොය මළු - උපෝසථාගාරයෙහි මිදුල, භික්ෂූන් විනය කර්ම කරන ගෙයි මළුව.
213
අන්වය - මිතුර, නිතොර මුනි පුදට රඳන සඳ රස් ලෙස සතර මළු පිට නොහැර බැබලි පැහැසර පැතිර ඇඹර කඳ ගෙන අවට සිටි මෙන් උදුල මහ අවුර දුට සතුටු වෙයි.
අර්ථය - මිත්රවය, නිතරම බුදු පුදට රැඳීක සිටින සඳ රැස් මෙන් (විහාර) මළු සතර මත එක දිගට බබලන ප්ර භාසාරය විහිදී ඇඹරී ස්කන්ධගතව වටේට සිටියාක් මෙන් බබලන මහා ප්රා කාරය දුටු කල්හි සතුට ඇති වෙයි.
විස්තර - (1) තොටගමු විහාරය සුදෙන් බබලන බව එක දිගට කීමෙන් එහි පාරිශුද්ධිය ධ්වනිත වේ.කලින් කී පරිදි එහි වාසල සුදු පාටය. දැන් කියවෙන පරිදි වෙහෙර මළුවද සුදු පාටය. ඒ අවට ඇති ප්රාදකාරයද සඳ රැස් කැටි වුවාක් මෙන් සුදු පාටය.
(2) රඳන - රැඳී සිටින.
පැහැසර - ප්රාභා සාරය. පැහැයෙහි තදගතිය.
කඳ ගෙන - පැහැය ඝන වස්තුවක් බවට පත් වීම මින් අදහස් කෙරේ.
මහ’වුර - මහ + අවුර, මහා ප්රා.කාරය; අවුර යනු ප්රාළකාරයයි. ‘මහ පවුර’ වුවද මහවුර වීමට පුළුවන.
214
අන්වය - ගුවන් කුස පැතිරි රන් කැරලි මිණි රැසේ. පවන් වැද ලෙළෙන දද මිණි කිකිණි ගොසේ හිම ගිරි කුළු එක ලෙසේ ලෙවන් සතුටු කළ, ඉඳුරු දෙසේ දිලිහෙන සවන් මැඳුර බල
අර්ථය - ආකාශ ගර්භයෙහි පැතුරුණා වූ රන් කොත්හි මාණික්යු රශ්මියෙන්ද සුළඟ වැදී සෙලවෙන කොඩිවල මිණි කිංකිණ නාදයෙන්ද (යුක්ත වූ) හිමාලය පර්වත කූටය මෙන් ලෝකයා සතුටු කළා වූ. නැෙඟනහිර දිශාවෙහි දිලිසෙන්නා වූ බුදු මැඳුර බලන්න.
විස්තර - මිණි කිකිණි - මැණික් අල්ලා කළ කුඩා මිණිගෙඩි. ‘රසු’ යනුවෙන්ද පුරාණ පොත්වල එයි; ගෙජ්ජි
ලෙවන් - ලෝකයා
සවන් මැඳුර - සවන් යනු සර්වඥ යන්නෙන් බිඳුණේය. එහෙයින් බුදුන්ට නමකි. සවන් මැඳුර යනු බුදුගෙයයි.
ඉඳුරු දෙසේ - ඉන්ද්රන හෙවත් ශක්රියා අධිපති දිශාව, නැෙඟනහිර
215
අන්වය - නරණ නොකමසේයා සකොබ කළ සඳ කිරණ අමරස පිඬුව දිසි ලෙසේයා. දෙරණ පසිඳු එවෙහෙර වම් දෙසේයා කිරණ විහිදී දහ ගැබ තොසේයා බල.
අර්ථය - විෂ්ණුහු විසින් එක දිගටම කැළඹූ කල්හි ක්ෂීර සාගරයෙහි අමෘතය කැටිව පෙනුණාක් මෙන් ලෝකයෙහි ප්රුසිද්ධ ඒ විහාරය වම් පැත්තෙහි කාන්ති විහිදුණු දාගැබ සතුටින් බලව.
විස්තර - නරණ - නාරායන, විෂ්ණුට නමකි.
සකොබ කළ - සංක්ෂෝභ කළ, හොඳින් කැළඹූ.
216
අන්වය - යහළු, විදු කිඳු වැලඳි මුදුනත කළු අබ කුළු රැඳි, උදු රුදු කෙලෙස ගිරි කුළු පැහැ සිරි රුකුළු මුදු දිදුලන දළු නිල් සා බර ලකළු සුදු රුදු කඳින් උදුල දුමිඳුන් බල.
අර්ථය - මිත්රුය, විද්යුරත් කාන්තිය වැලඳගත් මුදුනෙහි කළුවලාකුළු රැඳුණා වූ සෘජු විශාල කෛලාස පර්වත ශිඛරයෙහි වර්ණශ්රීලය ගෙන හැර පෑ මෘදු දළු බබලන නිල් පැහැති අතුවලින් බර අලංකාර සුදු මහත් කඳින් බබලන බෝ ගස බලන්න.
විස්තර - විදුකිඳු විද්යුිත් කාන්තිය, විදුලියෙහි කැල්ම
රුකුළු - ගෙන හැර දැක්වූ; ‘රුකුර’ ධාතුවෙනි.
දිදුල - දිලිසෙන්නා වූ
දුමිඳු - බෝ ගස, ගස්වල නායකයා
217
අන්වය - පතඟ කිරණ දුරු කළ දද ගළපාය සරඟ කවුළු බිම් බිතු පිළිපාය දිලි සුරපහ සිරි වෙළපාය නිසග බැබලි විජයබ මහ පාය උතුරු දිග බලග.
අර්ථය - සූර්ය රශ්මිය දුරු කළා වූ කොඩි එක් කොට බැඳ වර්ණවත් කවුළු භූමිය නියම කොට පෙන්වූ දිව්යූ ප්රාුසාදයෙහි ශෝභාව ඉක්මවා නිසර්ගයෙන් බැබලුණු විජයබාහු මහා ප්රා්සාදය උතුරු දිශාවෙහි බලන්න.
විස්තර - (1) මෙය තරමක් පැටලිලි සහිත කවියකි. මෙයට කුමාරතුංග දී ඇති තේරුම මෙසේය.
‘කොඩි ගළපා (බඳැ) සූර්ය රශ්මිය දුරු කළාවූ, කාවාට, භූමි, භිත්ති (ආදි) අංගයන් සාර (ශක්තිමත්) වූ ස්ඵටික පාද (පළිඟු ටැම්) බැබැළුණාවූ දිව්යර ප්රානසාදයෙකැ ආකාරය විජම්බනය කොටැ නිසර්ගයෙන් (සම්භාවයෙන්) දිලිහුණා වූ, විජයබාහු මහා ප්රා සාදය උත්තර (දිශායෙහි) බලන්නැ’. මෙහ ‘සරඟ’ සර + අඟ = අඟසර ‘අංගයෙන්සාර’ හෙවත් ‘ශක්තිමත්’ යැයි අරුත් පවසා ඇත. එබඳු තද බල විකෘත කිරීම්වලින් පසුව ලැබෙන ‘අඟසර’ පදයෙහි පවා ‘ශක්තිමත්’ යන තේරුම ඇද්ද යනු අතිශයින්ම සැක සහිතය.
පිළි මිණි පවුරු ගැන සඳහන් වෙතත් ‘පිළිපා’ ගැන සඳහන් වන තැනක් නොලැබේ. ඉන් ‘පළිඟු ටැම්’ යන අදහස ලැබේද යනුත් සැක සහිතය.
(2) අප අර්ථයට අනුව මෙහි ‘දද’ යනු සූර්ය රශ්මිය වළකනු පිණිස ජනෙල් අසල බැඳි කොඩිය. ඒවා සරඟය. එනම් වර්ණවත්ය. ඒ නිසා බිත්තිවල ජනෙල් පිහිටි ප්ර දේශය නියම කොට දැක්වෙයි. ‘පිළිපා’ යන්නෙහි ඒ අර්ථය ඇති බව සෝරත ශබ්ද කෝෂය කියයි.
(3) පතඟ - පතංග, සූර්යයා
සරඟ - නියම කොට දැක්වීම
පිළිපා - නියම කොට දැක්වීම
විජයබ මහ පාය - විජයබා පිරිවෙන් බිමේම විජයබ නමින් ගොඩනැඟිල්ලක් වූ බව මින් පෙනේ.
218
විස්තර - විශුද්ධ - ඉතා ශුද්ධ
සමෘද්ධ - ආඪ්යද
අසාධාරණ - වෙනත් ස්ථානවලට පොදු නොව
219
අර්ථය - සිත් ගන්නා වූ විහාරයෙහි තැනින් තැනට පැමිණ සිතුවම් සහිත බණපොත් වැසුම් දිග හැර සිතෙහි අපමණ සන්තෝෂයෙන් බුදු ගුණ සිහි කරමින් අභිධර්ම පාඨයන්හි අර්ථ විමසා බලන සංඝ සමූහයාය.
විස්තර - බණ වසුන් - බණ පොත් වසා බැඳි රෙදි කඩ. මේවායේ චිත්රඒ ඇඳ තිබූ බ ‘සිතියම් බණ වසුන්’ යැයි කීමෙන් පෙනේ.
විදහා - දිග හැර යන අර්ථයෙනි.
අබිදම් පෙළ - අභිධර්ම පාළිය; බුදු දහම ප්රිධාන වසයෙන් විනය, සූත්ර , අභිධර්මයැයි පිටක තුනකට බෙදේ. ඉන් සිත පිළිබඳ විවරණය වන පිටකය අභිධර්ම පිටකය නමි. පෙළ හෙවත් පාළිය යනු අටුවා ආදිය ලිවීමට කලින් පැවති මුල් පාඨයයි.
අභිධර්මය බුදුන් වහන්සේ විසින් දෙවියන්ට දේශනා කරන ලැදැයි ඇතැම් පොත්වල සඳහන් වන අතර එය බුද්ධ භාෂිතයක් නොවේයැයි නූතන සමහර පඬිවරු කියති.
220
අන්වය - උතුරු ගුණෙන් පිළිවෙත් මගය සපැමිණ සත වෙත මෙත් මහ ගඟය පතුරුවමින් සිවු අව මගය අතුරදහන් කෙරෙමින් සුතුරු දහම් පවසන සමහර සඟය.
අර්ථය - ඉතා උසස් ගුණයෙන් ප්ර තිපත්ති මාර්ගයට සම්ප්රාපප්ත සත්වයා වෙත මෛත්රිම නමැති මහා ගංගාව යොමු කොට සතර අපාය මාර්ගයන් නැති කරමින් සූත්රර ධර්මය කියන්නා වූ සමහර සංඝයාය.
විස්තර - සිවු අව මග - සතර අපා මාර්ගය; නරකය, තිරිසන් යෝනිය, ප්රේ,ත යෝනිය, අසුර නිකාය යනු සතර අපායයි. සුතුරු දහම් - සූත්රු පිටකය; පිටකත්ර්යේ දෙවැන්න. මෙය දීඝ, මජ්ජිම, බුද්දක, සංයුක්ත, අංගුත්තර නමින් නිකාය පහකට බෙදේ.