ගිරා සන්දේශ විස්තර වර්ණනා-5

Wikibooks වෙතින්

41


අන්වය - මෙය දීර්ඝ කවියක් වුවත් සාමාන්යා ගද්යඩ වාක්යතයක පද පෙළ බොහෝ දුරට අනුගමනය කර ඇත.

අර්ථය -අහස් ගඟෙහි රළ පෙළ මැදට පැමිණි පූර්ණ චන්ද්රගයා පරිද්දෙන් බඳින ලද සුදු වියන් යට, වටා මුතු වැල් යෙදූ සිත් ගන්නා නිර්මල දළ පුඬු සේයතින් අලංකාර කළ හැම විටම දිලිසෙන පිරිසිදු කෛලාස පර්වතය හා සමාන සිංහාසනයෙහි, ශරත් ආකාශයෙහි උදය සූර්යයා මෙන් වර්ණවත් ආභරණ රශ්මියෙන් සභාව ඒකාලෝක කොට, ස්ත්රීෙන් රන් මිණි වළලු හඬ නඟන මොළොක් අතින් සලන සුදු සිනිඳු සෙමෙර පවන් විඳිමින් විවිධ දිව්ය් සේනාව මැදට පැමිණි ආනන්දජනක ශක්රදයා පරිද්දෙන් ඉතා උතුම් ශ්රීධ පරාක්ර මබාහු රජතුමා උන් කල්හි (මතු සම්බන්ඛයි)

(1) විස්තර - මේ වනාහි මෙතෙක් අපට ගිරා සන්දේශයෙහි කියවන්නට ලැබුණු ඉතාම සුන්දර පද්යතය පමණක් නොව මුළු ගිරා සන්දේශයෙහිම එන උසස් පද්ය ස්වල්පයෙන්ද එකකි. ඉතාම උචිත වාං මාලාවකින් අපූරු කාව්යබමය සංකල්පනයක් මැවීමට මෙහිදී කවියා සමත් වී ඇත. සියලු සුදු වස්තූන් උචිත පරිදි එකිනෙ’ක ඉදිරිපත් කරමින් ඉතා පූර්ණ ධවල චිත්ර යක් මැවීමෙන් ඉක්බිතිව ඒ මැද තේජස්වි රජුගේ ප්රරතිබිම්බය වර්ණවත් ලෙස මවා ඇති සැටි මනස්කාන්තය. එකම දෝෂය හැටියට දැක්විය හැක්කේ එක තැනකදී රජු උදාගිර අරා සිටි දිවයුරු වැනියැයි පවසා නැවත සුර සෙනඟ මැද උන් සුරනිඳු වැනියැයි කීම පමණකි. එයද තැන්වල මෙන් එකිනෙකට එතරම් පටහැනි නො‍වේ.

(2) සුර ගඟ - ආකාශ ගංගාව

සෙල් වියන් - සේල විතාන, සුදු වියන්

දළ පුඬු සේසත - ඇත් දළින් කළ පුඬුව (මිට) සහිත සුදු ඡත්රරය

හරසෙල් - හර නම් ඊශ්වරයාය. ඔහුගේ පර්වතය කෛලාසයයි. එයද ඉතා සුදුය.

සරා උදය - ශරත් කාලයෙහි උදය. වප්, ඉල් දෙමස ශරත් කාලයයි. මේ කාලයේ ආකාශය ඉතා පැහැදිලිය.

සරා බරණ - වර්ණවත් ආභරණ

වල් විදුනා - සෙමෙර වලිගයෙන් තනා ගත් පවන් ගසන උපකරණය.



42


අන්වය හා අර්ථය - පැහැදිලිය විස්තර - සුරඹ - සුර + අඹ = දිව්යාංසගනාවන්

සලඹ - පයෙහි දමන ගිගිරි වළලු, ශිලම්බු යන දෙමළ පදයෙන් භින්න වූවකි.

ගොසින් - ඝෝෂයෙන්, ශබ්දයෙන්

රණහස රැව් නිසරු කොට - ‘සලඹ ගොසින් රන හස රැව් නිසරු කෙළේය’ යන්නෙන් අදහස් වනුයේ සලඹෙහි නාදය හංසයන්ගේ හඬට වඩා මිහිරි වූ බවයි.



43


මෙයද දුෂ්කර කවියක් නොවේ. ඒ නිසා තේරුම් ගැනීම පහසුය.

විස්තර - සුබඳ - යහපත් කොට බඳනා ලද

සිවු වේ - චතුර්වේදය, සෘග්, යජුර්, සාම හා අථර්වන් යන සතර

කසුන් හූ - රත්රන් නූල්, මෙතැන කහපාට ගෑ පූන නූල සඳහා යෙදිණ.

ජය තුති නද - පෙර රජ වාසල්වල රජුන්ට ස්තෝත්රා ගායනය සිරිතක්ව පැවැතින.

අනතුරුව - පසුව



44


අන්වය - නොයෙක රද නිය ඉගෙන අදිකරණ දැන නිතින පෙමින් ලක මුළු සත් වගරකින, එදින පැමිණ කටයුතු නිසැක දන්වා දෙපස සිටින හැම මහ මැතිවරන් දැක (මතු සබඳි)

අර්ථය - නොයෙක් රාජ නීති ඉගෙන, යුක්තිය අයුක්තිය විසඳන ක්රැමය දැන නිරතුරුව ආදරයෙන් ලංකාවේ සියලු සත්ව වර්ගයා ආරක්ෂා කරන්නා වූ, එදින පැමිණි කාර්යන් නිසැක ලෙස දන්වා දෙපැත්තෙහි සිටින සියලු මහා ‍මන්ත්රීාවරුන් දැක (මතු සම්බන්ධයි)


විස්තර - ‍රදනිය - රාජනීති

අදිකරණ - යුක්ති අයුක්ති විනිශ්චය



45


අන්වය - ඇමකලා සැඬ නෙලෙනි මුදලිඳු බෙයද වැද වැද උළැඟි වන සිඳු තරඟ සිරි උසුලා රද පද තඹුරු කිරුළු අග මිණි රැසින් ගලා වැඳ වැඳ නැ‍ෙඟන පිරිවර නරනිඳුන් බලා (මතු සම්බන්ධයි)

අර්ථය - (1) මෙයද මනහර කවි කල්පනාවකි. මුහුදු රළ එකක් වෙරළේ වැදී උඩට නැඟී ආ පසු යන කලියෙන් තව එකක් අවුත් එහි වදී. මෙසේ තොරතෝංචියක් නැතිව රළ වදින්නාක් මෙනි, පැරකුම් රජු වෙත ප්රාවදේශික රජවරුන් පැමිණ වැඳ වැඳ නැඟී සිටීම. රළ සුදු පාටය. එහෙත් කිරුළු මිණි විවිධ වර්ණය. ඒ නිසා මෙය නොගැළපෙතියි කෙනෙකුට සිතීමට පුළුවන. එහෙත් මහා මේරු පර්වතයෙහි එක එක පැති එක එක වර්ණයෙන් යුක්තය. ඒ වර්ණය මුහුදු රළටද වදින නිසා මෙය නොගැළපෙන්නේ නොවේ.

(3) මුදලිඳු - මෙයද ‍මහාමේරු පර්වතයට නමකි.

බෙයද - පර්වත ප්රාුන්තය

උලැඟිවන - උඩට නැ‍ෙඟන

ගලා - නිමග්න කොට



46


අන්වය - දුෂ්කර ලෙස පෙනුණත් එසේ නොවේ. පද්යනය ලියා ඇත්තේ බොහෝ දුරටම පද පිළිවෙළ අනුවමය.

අර්ථය - වෙනත් රටවලට අධිපති රජවරුන් විසින් එවන ලද අලංකාර වූත් විචිත්ර වූත් මහත් සේ අගනා මැණික්, මුතු, රත්රන්, වස්ත්රව, පබළු, පිරිසිදු කපුරු, කස්තුරි, යහපත් කසී සළු (ආදී) ප්රි,ය උපදවන තෑගි රජුහට දැක්වූ ඉක්බිති (මතු සම්බන්ධයි)


විස්තර - දෙස’තුරු - දේශාන්තරයෙහි, වෙනත් රටවල; අන්තර් යන පදය දෙනුයේ ‘ඇතුළ’ යන තේරුම පමණකි. මෙය ඊට වෙනස්ය.

පියෙදු - එවන ලද

පට - රෙදි

කසී සළු - කසී රට පෙර පටන්ම මහඟු වස්ත්රඊ සඳහා ප්රගසිද්ධය.

පැසුළු - පසුව යන අරුති.



47


අන්වය - දස අට රට පරසිදු කිවිඳු තෙපුලෙන් බැඳි මෙනිරිඳු විරිදු නම් තෙසිය සැට නොහැරම, ලෙළ විදු රත් අත් රැඳි වැඳි ගණ දෙපිට සිට, දලනිදු ගොස එව්, තුති ගොස කර නැවති විට. (මතු සබඳි)

අර්ථය - දහ අට දේශයෙහි ප්රරසිද්ධ කවීන්ද්රනයන්ගේ වචනයෙන් බැන්දා වූ මෙම රජුගේ විරුද නම් තුනිසය හැට අත නො හැරම, ලෙළ, දෙන්නා වූ විදුලිය වැනි අත් සහිත ස්තුති ඝෝෂා කර නැවති කල්හි

විස්තර - (1) මීට කලින් පද්යනයකද (43) ජය තුති ගායනයක් ගැන කියවිණ. ඒ පරෙවි බමුණන්ගේය. මේ වන්දි භට්ටයන්ගේ විරුද ගායනාය.

දසට රට - මෙය ක්ර්මදෙකකට දැක්වේ. එක් ක්රිමයකට අනුව ජම්බු, ජලක්ෂ, ශාල්මලි, කුශ, ක්රෞරඤ්ච, ශාක, පුෂ්කර, ඉන්ද්රන, කුශේරුමත්, තාමුවර්ණ, ගහස්තිමත්, නාග, සෞම්යම, ගන්ධර්ව, වාරුණ’ හලාවෘත්ත්, සර්ව, චන්ද්රමදිත්යතසම්ප්ර්භ යනු දසට රටයි.

අනික් ක්රසමයට අනුව, සිංහල, ශෝණක, ජාවක, චීන, තුලක්, කුඩව, කොංගන, කණ්ණඩ චෝළ, තෙළිගු, කලිඟු, වංග, කංග, මගධථ කඩක, ගෞඩ, කෝශල, ද්රණවිඩ, යන දහ අට ගැනේ. මින් දෙවැන්න ගැනීම වඩා සුදුසුයැයි සිතේ.

විරිදු නම් තෙසිය සැට - විරුදාවලි 360, කෙනෙකුගේ ගුණ වර්ණනාත්මක අතිරේක නාම. පැරකුම්බා රජුට මෙවැනි නම් තුන්සිය හැටක් තිබූ බම මින් කියවේ. ඉන් සමහරක් පැරකුම්බා සිරිතෙහි දක්නා ලැබේ.

වැඳි - වන්දි භට්ටයෝ. පැරණි රජවරුන්ට ස්තෝත්රම ගායනය සඳහා වැටුප් ගෙවා යොදවා සිටි පිරිසකි. මොවුහු ක්ෂත්රිරය පියෙකුගෙන් හා ශුද්රා මවකගෙන් පැවතෙන වෙනම කුලයකට අයත් සේ සැලකෙති.

දලනිඳු - සමුද්රකය

අර්ථය - කාන්තාවන් කියන්නාවූ ලයාන්විත ගී අත් ‍නොහැර රස විඳිමින් වියන වර්ණවත් කරන මැණික් රශ්මියෙන් යුතුව උන්නා වූ උතුම් වූත්, සිත් සතුටු කරන්නා වූත් පරාක්ර ම රජු හැඳින ගෙන. එකල්හි ඔබ යන්නා වූ ගමන දන්වා වහා අවසර ගන්න.

ලිය ගී - ලයාන්විත ගී; තාලයට අනුකූලව ගයන ගී.

වියන රඳන මිණි කිරණ - රජු‍ෙග් ඔටුන්නෙහි මැණික් කොතරම් දීප්තිමත්ද යතහොත් එහි කාන්ති වියනේ වදි.

නයන නඳන - ඇස පිනවන්නා වූ

ගන’වසර - ගන් + අවසර



49


අර්ථය - සිත්කලු මැණික් භූමි හා භික්ති කාන්තියෙහි ගිලී නොපෙනී, කාන්තාවන් කියන ගී ලොබින් නොසිට ඒ සභාවෙන් ටික දුරක් අවුත් (මතු සම්බන්ධයි)

විස්තර - මැණික් බිමෙන් මෙන්ම බිත්තිවලින්ද කාන්තිය විහිදෙයි. ඒ නිසා අවශ්යේ නම් ගිරවාට එහි නොපෙනී සිට ගීතවලට සවන් දිය හැකිය.



50


අන්වය - මිතුර, පෙර උවිඳා ගිරිඳා ගෙන කිරි සයුර කලඹන දා නැඟි නොමඳා ගොස අයුරු තුරු සමුදා ඇමදා නොහැර නදා දෙන දළදා ගෙට වැද දළදා වඳු.

අර්ථය - මිත්රැය, අතීතයෙහි විෂ්ණු මන්දාර පර්වතය ගෙන කිරි මුහුද කළඹන දිනයෙහි නැඟුණ අනන්ත වූ ඝෝෂාව පරිද්දෙන් වාද්ය භාණ්ඩ සමූහය දවසක් නෑර නාද දෙන්නා වූ දළදා මැඳුරට වැද දන්ත ධාතුව වඳින්න.

විස්තර - පුරාණොකිතීන්ට අනුව අතීතයේදී අසුරයන්ගෙන් දෙවිවරුන්ට හෙවත් සුරයන්ට බොහෝ හිරිහැර සිදුවිය. අමෘතය පානය කළහොත් තමන් අමරණීය වන බව දත් දෙවිවරු එය ලබා දෙන ලෙස ශක්රවයා අයැදියහ. මෙහිදී දෙවිවරුන් වෙනුවෙන් විෂ්ණු මන්දාර පර්වතය දණ්ඩක් හැටියටත් වාසුකී නාගරාජයා රැහැනක් හැටියටත් ගෙන කිරි සයුර කැලඹීය. මෙහිදී අමෘතය මෙන්ම ලක්ෂ්මිය ආදි වටිනා වස්තු දහහතර පහළ විය. දළදා මැඳුරේ තූර්ය ඝෝෂය මේ අවස්ථාවේ නැඟුණ ඝෝෂාවට උපමා කෙරිණ.

(2) උවිඳා - උපේනද්රතයා, විෂ්ණුට නමකි.

ගිරිඳා - පර්වත රාජයා, මහාමේරූවට නමි. නමුත් මෙහිදී මන්දාර පර්වතය අදහස් කෙරිණ.

තුරු සමුදා - තුරු සමුදාය. තූර්ය භාණ්ඩ සමූහය.