ගිරා සන්දේශ විස්තර වර්ණනා-6
51
අන්වය - දළදා පුදට දිවසෙන් එන ගුවන් මග, දුටුවන් නුවන් දඟ කර ඇමදා දිලෙන, කිරණ විහිදා බබලන රන් කැරලි අග සුසදා බඳ අග මිණක් රඟ මඳක් ඉඳ.
අර්ථය - දන්ත ධාතු පූජාවට දිව්යම සේනාව එන්නා වූ ආකාශ මාර්ගයෙහි දක්නා අයගේ ඇස් බැඳ ගෙන සැමදාම දිලිසෙන්නා වූ කාන්ති විහිදා බබලන්නා වූ රන් කොත් මුදුනෙහි අලංකාර කොට බඳින ලද අග්රහ මාණික්ය්යක් සේ ටික වේලාවක් ඉඳ
විස්තර - (1) මෙයද මනහර කවිසංකල්පනාවක් ඉදිරිපත් කරයි. රන්කොත අග වර්ණවත් ගිරවා සිටීම පියකරු දර්ශනයකි.
(1) නුවන් දඟ කර - ඇස් හිර කර ගෙන - වෙනත් දෙයක් දෙස බලන්නට ඉඩ නොතබා.
සුසදා - අලංකාර කොට
(3) දළදාවට ඉහළින් දූතයාට හිඳින්නට කීස සාමාන්ය් බෞද්ධ සම්ප්රසදායට එතරම් එකඟ නොවේ.
52
අන්වය - ඔබ තෙල රතු තුඩු අගින් පියාසර මැද, සල සිත් නොවී සතොසින් පියාසර කොට සර පියා යන නිල් උපුල් කලබ විලසින් නිල් අඹර අරා සෙද පියාසර කෙරෙමින්......
අර්ථය - ඔබේ ඔය රතු හොට කෙළවරින් පියාපත් සමූහය මැද සිත චංචල කර නොගෙන සතුටින් ප්රි්ය වූ නාද කොට විල හැර යන නිලු’පුල් මිටියක් මෙන් නිල් අහසට නැඟී වහා පියාඹා.....
විස්තර - පියාසර යන පදය මෙහි සතර වරක් යෙදී ඇත. ඒ අරැත් සතරකිනි. මින් පළමු පියාසර යන්නට නොයෙක් දෙනා නොයෙක් ආකාරයට අර්ථ කියා ඇත. සමහරු එය පියා + අසර කියා විසන්ධි කොට පියාපත් ආශ්රතය හෙවත් පියාපත් එකට ඇලී තිබීම ගනිති. සමහරු සාරවත් පියාපත්යැයි පවසති. අප මෙහි ගෙන ඇත්තේ සමූහය යන අර්ථයයි. අන් එකද අර්ථයක් වත් ගැනීමට වෙනත් පැරණි යෙදුම් යන තේරුමට වැඩියෙන් ප්රඅභා සමූහය යන තේරුම ගැනීම මැනවැයි සිතේ. ‘සර කොට පියා’ යන්නට කුමාරතුංග ‘චලනය කොට’ යන තේරුම දෙන නමතු එය පියා සර කොට යනුවෙන්ම ගෙන ප්රි ය වූ ශබ්ද කොට කීම වඩා සුදුසුය. චංචඤල සිත මැඬ ගැනීමට සතුටින් නාද කිරීම සුදුසු බැවිනි. ගිරවාගේ නාදය ප්රිදය බැවින් එය පියා සරකි.
(2) නිල’පුල් කලබ - නිල් + උපුල් යනු නිලපුල් යැයි සන්ධි කිරීම ව්යා2කරණ විරෝධිය. නිලපුල් කලබ යනු නිල් මානෙල් මිටියකි.
සර - විල යන අර්ථයි.
53
අන්වය - ගිරව, ති-දිව පුර සුර කුමරුවන් මිළි සරිව, නුවරුවන් සුරුව, උතුරුව මැළි නොව තරව ඉඳ ලොලව රන් රුවන් කිළි තබමින් කෙළනා සොඳ රුවන් කෙළි බලව.
අර්ථය - ගිරව, දිව්යන පුරයෙහි දිව්යර කුමාරයන් සමූහයක් මෙන් නගර වැසියන් දක්ෂව, උත්තරව (එකිනෙකාට යට නොවී) උනන්දුවෙන් ස්ථිරව සිට ආශාවෙන් රන් රුවන් ඔට්ටු තබමින් කරන රුවන් ක්රීකඩා බලව.
විස්තර - (1) මෙය මෙතෙක් කියවූ සෙසු කවිවලට වඩා මඳක් දුෂ්කර වූවකි. වඩා හුරු පුරුදු නොවන වචන කිහිපයක් මත් දක්නට ඇත.
ති - දිව - ත්රි් දිව, තුන් වැනි දිව්යශ ලෝකය යන තේරුම මෙන්ම පොදුවේ දිව්ය ලෝකය හැඳින්වීමටද යෙදේ. ‘දිව’ යනු දිව්යව ලෝකයයි. දිවංගත ආදිය විමසන්න.
මිළි - මුළුව, සමූහය
සුරුව - ශූරව නැතහොත් හුරුකම් ඇතිව
උතුරුව - උත්තරව හෙවත් සෙසු අයට දෙවෙනි නොවී
කිළි - ඔට්ටුව යන තේරුම දෙන දෙමළ වචනයකි.
54
අන්වය - 3 වැනි පාදය පමණක් ‘මනහර සුර අඹ ලා ගෙන පැතිර යන එන’ යනුවෙන් සකස් කර ගන්න.
අර්ථය - නිරන්තරයෙන් නාද දෙන්නා වූ මැණික් නූපුර දමා ගෙන යටිතොල, පතුල්, අත්තලවලින් සන්ධ්යාර වලා රැගෙන මනස්කාන්ත දිව්යාං ගනාවන් පරිද්දෙන් විසිරී යන එන උතුම් පුර ස්ත්රීාන්ගේ සැටි වීදි මාර්ගයෙහි බලා ගෙන
විස්තර - (1) මෙයද තරමක් සංකීර්ණ පද්‍බලයකි. එහෙත් ඒ සංකීර්ණත්වයේ තරමට දෙන ගැඹුර අර්ථයක් නොමැත. (2) එහා මෙහා යන එන ස්ත්රී න්ගේ යටිතොල, අතුල් පතුල් රතුපාටය. ඒ නිසා ඔවුන් සන්ධ්යාථ වලාකුළු රැගෙන යන්නාක් වැන්න. මෙතැන ගිගිරි නාදය වර්ණනා කිරීමට අවශ්යායතාවක් ඇත්තේ නැත.
(3) සරණ - පා
(4) ලාගෙන - ආකාරයෙන්
55
අන්වය - මෙතෙක් ලද අභ්යාරසයෙන් මේ කවෙහි අන්වය පිළිවෙළ කර ගැනීම ඉබට අපහසු නොවිය යුතුය.
අර්ථය - මිත්ර්ය, දීප්තිමත් චන්ද්රි කා ශාලාවල සෙල්ලම් කරන්නා වූ කාන්තාවන්ගේ යටිතොල් ඉතා රතුව බබලන කෝවක්කා ගෙඩියයි ආදර කොට ඇති තතු නොදැන ගොස් අසු නොවී (නොරැවටී) වහා අවුත් මේ විහාරය ඇතුළත...
විස්තර - බිඹුපල - කෝවක්කා. කාලිදාස විසින්ද මේඝ දූතයෙහි තන්වී ශ්‍යාමා ශිඛර දසනා පක්ව බිමිබාධරොෂ්ඨී’ යනුවෙන් තොල් බිඹුපලවලට උපමා කර ඇත.
මේ වෙහෙර - සන්දේශකරු මෙකියන විහාරයෙහි සිටි බව මෙයින් හැඟවෙයි. වෙහෙර නමින් අද සමහරුන් දාගැබද ගන්නා නමුත් පෙර එය යොදන ලද්දේ භික්ෂූන් වාසය කරන ස්ථානය හැඟවීමටය. ‘විහාර’ නම් වාසයයි.
56
අන්වය - මුනි සඳ සසුන් නැව සැදි ගන කසුන් කුමි අයුරු සිවු දළ දප හරන විනය නය දම් නය නුවණ පහනින දැක දැන දහම් විදුරු පාරින පිළි-ඇදුරු අරින සොඳුරු දහම් ඇදුරු මාහිමි සඳ සහ නිබඳ යහපත් සිල් සුවඳ විලවුන් ගෙන මෙත් පිරි නැණ කුලුණු මිණි අබරණ පැලඳ කෙලෙසුන් සිඳ පසිඳ දිය සෙත් කර වසන පිළිවෙත් සරු මහර මහ සඟ ගණ නැමද,
අර්ථය - බුදුන් වහන්සේගේ ශාසන නමැති නැව සජ්ජිත කළාවූ ඝන රන්කුඹක් වැනි සතර පිරිසිදු ශීලය නමැති චතුරංගිනී සේනාව ගෙන පාප බල නමැති රෞද්රූ අනංගයාගේ දැඩි දර්පය දුරු කරන, විනය නීතිය හා ධර්ම නීතියද නුවණ නමැති පහනින් දැක දැන ගෙන ධර්ම නමැති වජ්රන පහරින්
විරුද්ධ ආචාර්යවරුන් දුරු කරන යහපත් ධර්මාචාර්ය මාහිමි උතුමා සහ නිතරම සිල් සුවඳ විලවුන් ගා ගෙන මෛත්රි්ය පිරි, ඥානය හා කරුණා නමැති මැණික් ආභරණ පැලඳ කෙලෙසුන් සුනු විසුන් කොට ලෝකයට සෙත් කර වසන ප්රආතිපත්ති ගරුක පූජාවට සුදුසු මහා සංඝ සමූහයා වැඳ,
විස්තර - ඉතා අගනා ලෙස ආරම්භ කළ පද්ය යකි. එහෙත් එය ගොතා ගෙන යන්නා හාම කවියා උපමා රැසක පටලැවී පිටතට ආ නොහැකි ලෙස හිර වී ගිය බව පෙනේ. මේ බලන්න:
දහම් ඇදුරු මා හිමි බුදු සසුන නමැති නැවේ කුඹ ගසය. ඊ ළඟට උන් වහන්සේ සතර පිරිසිදු ශීලය නමැති සිවුරඟ සෙනඟ ගෙන පාප බල නමැති අනංගයාගේ එඩි මඩින සේක. ඊට පසුව නුවණ නමැති පහනින් විනය නීති, ධර්ම නීති දකිති. ධර්මය නමැති වජ්ර පහරින් විරුද්ධ ආචාර්යවරුන් දුරු කරති.
සෙසු සංඝයා වෙත එන කල කලින් චතුරංගිනී සේනාවක් යයි කී ශීලයම සුවඳ විලවුන් බවට පත්වෙයි. නුවණ මිණි අබරණ වෙයි. මේවා එකිනෙකට පටහැනි චිත්තරූප මවා පායි.
(පිළි ඇදුරු යන්නෙහි කුමාරතුංග ශ්ලේෂාර්ථයක් දකී. ඇදුරු යන්න පර්වතයටද ව්යරවහාර වන නිසා එය නුසුදුසු නොවේ. ‘පිළි’ යනු උපසර්ගයක් වුවත් සිදත් සඟරාවේ කියන පරිදි මෙහි වෙනම පදයක් ලෙස යෙදී ඇත.)
(3) සිව්, සිවු යන දෙකින් කුමක් ලියුවත් නිවැරදිය.
(4) කසුන් - රත්රන් කුම් - කුඹ ගස, කූපය.
සිවු පිරිසිදු සිල් (1) ඉන්ද්රියය සංවර (2) ප්රාඋතිමෝක්ෂ සංවර (3) ප්රගත්ය් සංනිඃශ්රි ත (4) ආජීව පාරිශුද්ධ යන ශීල සතර
සිවුරඟ සෙනඟ - ඇත්, අස්, රථ පාබල යන සතර විධ හමුදාව
මල්සැව් - අනංගයා; මලින් කළ චාපයක් හෙවත් දුන්නක් ඇති තැනැත්තා මල් සැවු. අනංගයාගේ දුන්න මල්වලින් තනා ඇතැයිද උක් දඬුවකින් තනා ඇතැයිද සඳහන් වේ. දුනු දිය බිඟු වැලකි. ඔහු මල් වර්ග පහක් පාවිච්චි කරන්නේ ඊතල හැටියටය.
වීදුරු - වජ්ර , දියමන්ති
මහරු - මහාර්ග, පූජාවට සුදුසු.
57
අන්වය - මිතුර තොප පවර යතුරට පොරණ රුසින් කී රිවි දින නිදොසින් දිනකර නැකත කිවි සුරගුර නොහැර සිටි කුමරි රැසින් තොසින් මෙත් සුතුර සිහිකර වඩින්
අර්ථය - සරලයි.
විස්තර - ගිරවා යෙදෙන්නේ උතුම් යාත්රා වක හෙවත් උතුම් ගමනකය. පෙර සිංහලයන් හැම වැදගත් ගමනක්ම ආරම්භ කෙළේ නැකතකිනි. ඉරු දින අවයෝග, මරයෝග ආදි දෝෂයන්ගෙන් තොර හත නැකතෙහි සිකුරු, බෘහස්පති දෙදෙනා කන්යා රාශියෙහි සිටි අමෘතයෝගය ගමන් සඳහා සුදුසුයැයි සැලකිණි.
විස්තර - පොරණ රුසින් - පුරාණ සෘෂිවරුන්. ‘සෘෂි’ යන පදය ‘ඉසි’ ‘රුසි’ යන දෙයාකාරයෙන්ම සිංහලයෙහි සිටී.
යතුර - යාත්රාීවට, ගමනට
දිනකර නැකත - හත නම් වූ නැකත
කුමරි රැසින්- කන්යාත රාශියෙන්
කිවි - සිකුරු
සුරගුරු - බෘහස්පති
මෙත් සුතුර - කරණීය මෙත්ත සූත්රනය
58
අන්වය - මී රැඳුණු විලඳ, රස ඇති මී අඹ පල කැමති දිගු උගු, සොඳට පැසුණු දෙළුමුදු තුරුණු කොමළඟ ළඟ ගෙන එන ත යන දකුණු දිග මග පැවති පෙර නිමිති මඟ.
105
අර්ථය - මී පැණි මිශ්ර විලඳ, රසවත් මී අඹ ගෙඩි, ආශා උපදවන දිග උක් දඬු, හොඳින් පැසුණු දෙළුම්ද, තරුණ කාන්තාව ළඟ ළඟ ගෙන එන්නා වූ ඔබ යන මාර්ගයෙහි තිබුණු පෙර නිමිති බලන්න.
විස්තර - (1) නැකත මෙන්ම පෙරමග නිමිතිද ගමන් යෑමේදී පුරාතනයෝ වැදගත් කොට සැලකූහ. මෙය මිථ්යාා විශ්වාසයක් වන්නේ වී නමුත් එය මගියා කෙරේ චෛකසික බලපෑමක් ඇති කරයි.
(2) කොමළ’ඟ - මුදු මොළොක් ශරීරයක් ඇත්තිය, කාන්තාව
මග - මාර්ගය, මග්ග
මඟ - බලව
59
අන්වය දුෂ්කර නැත. පහත සඳහන් වචන තේරුම් ගැනීමෙන් අර්ථයද වටහා ගත හැකිය.
විස්තර - නරපා - මෙහි පා යන උතුම් අර්ථයෙහි යෙදිණ. හිමිපා (ස්වාමිපාද) යනාදියෙහි මෙනි.
හිම් බැඳ - භික්ෂූන්ගේපොහොය ගෙවල් තැනීමට කලින් කලින් සීමාවන් ඇති කර ගත යුතුය. ඒ තුළ සාදන මාලකය සීමා මාලක නමි. එය කරන්නේද භික්ෂූන් විසින්මය. ‘සඟන ගෙන’ යැයි කීවේ ඒ නිසාය.
පොහොය කරවන - භික්ෂූන් එක් රැස්ව විනය කර්මනවල යෙදීම පොහොය කිරීම හෙවත් ප්රායතිමෝක්ෂ දෙසීම නමින් හැඳින්වෙයි. මේ සඳහා කැප වූ වෙනම ශාලාවක් තිබිය යුතුය. දිවයිනේ නොයෙක් ප්රයදේශවල නොයෙක් මාදිලියේ පොහොය ගෙවල් ඇත.
60
අන්වය - ඇමදාම වටින නොයෙක් බඩු ඇරගෙන වටින මිලට නොවිකොට වෙළඳාම කොට සිටින ලියන් දැක බණ දාම සිහි කර කෝම් ගස සෙවණේ නොරඳාම වඩින්.
විස්තර (1) මෙය සාමාන්යරයෙන් රසවත් රචනයක් සේ හඳුන්වා දීමට පුළුවන. එය කියවන විට ගසක් යට හෙට්ටු කරමින් වෙළඳාමෙහි යෙදී සිටින ගැහැනුන් පිරිසකගේ චිත්තරූපය අප සිතෙහි මැවී යයි. මෙය අද වුවද දක්නට ලැබෙන සමාජ දර්ශනයකි.
(2) අසාධාරණ ලෙස වෙළඳාම කරන ගැහැනුන් දකින විට ගිරවාට බණ දහම සිහි කරන්නට කීයේ එවැන්නක ඇති අනිෂ්ට විපාක බුදුන් වහන්සේ පෙන්වා දී ඇති හෙයිනි.
මෙහි එක්තරා උපහාස රසයක්ද ගැප්ව ඇත.