ගුත්තිල කාව්‍ය වර්ණනා - ආමුඛය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

ආමුඛය


ගුත්තිල කාව්යx වර්ණනාව සිංහල කාව්ය යක විස්තරාර්ථ උගන්නවුන්ගේ ප්රiයෝජනය තකා ලියන ලද එම වර්ගයේ ප්ර ථම කෘතිය වේ. මෙම කෘතියෙන් පසුව වුවද සිංහල කාව්යෂයන් වර්ණනා කිරිම සදහා ලියැවුණු ව්යාලඛ්යා6 විවරණ ආදියෙන් එකකුදු ගුත්තිල කාව්යෂ වර්ණනාව මෙන් සකලාංග සම්පූර්ණ නො විය. එසේ වීමට හේතුව එම විස්තර වර්ණනා හැම එකක් ම පාහේ යම් කිසි විශේෂ අධ්යලයන පඩ්කතියකට හෝ පරික්ෂණයකට හෝ නියමිත ග්රේන්ථයක් පිණිස පළකරවන ලද්දක් වී‍මත් ඒ ඒ තත්ත්වයේ ශිෂ්යනයන්ට වූවමනා කරුණුවලට පමණක් එම පොත් සීමා කරනු ලැබීමත් ය. එහෙත්, ඩබ්ල්යුු. ඇfප්. ගුණවර්ධන මුදලි තුමාගේ ගුත්තිල කාව්ය වර්ණනාව කිසියම් විශේෂ අධ්යියන පඩ්කතියක් හෝ පාඨ පරික්ෂණයක් හෝ නිමිති කොට ගෙන පිළියෙළ කරන ලද්දක් නො වේ. ගුත්තිල කාවට පාඪශොධන පුර්වක වර්ණාවක් සැපැයිමෙන් විශිෂ්ට ශාස්ත්ර ය සෙවයක් කළ හැකි බැව් පෙනුණු නිසා ම මෙම වර්ණනාව ලිවීමට මුදලිතුමා පෙළඹුණු බව පෙනේ. එතුමා ගුත්තිල කවෙහි පෙළ ශුද්ධ කොට කවිවල පදාර්ථ භාවාර්ථ හා විස්තරාර්ථ ද දැක්විය. ඒ ඒ කවිවල අලංකාර විභාග කළේය. එපමණකුදු නො වේ. සැලැකිය යුතු තන්හි පදවල නිරුක්ති හා වියරණ ද පැහැදිලි කරමින් වියරණ පිළිබද ව එවකට උගතුන් අතර පැවැති ඇතැම් සාම්ප්රවදායික මත විවේචනයට ලක් කළේය. කාව්යා කරණයෙහි දි කිවින් විසින් බෙහෙවින් ආශ්රිරත අලංකාර විශේෂයන් විවිධ අලංකාර ග්රයන්ථ ආශ්රෙයෙන් විස්තර කොට අලංකාර දර්ශන නම්ත් විශිෂ්ට නිබන්ධයක් ද ලියා එය වර්ණනාවෙහි මුලට යෙදුවේය. ඉක්බිති පොතට ලියු දීර්ඝ සංඥපනයෙහි දි ගුත්තිල කවි රචිත කාලයේ ලංකාවේ දෙශපාලන ඉතිහාසය හා සිහිත්යට ඉතිහාසය ද විදහා පෑවේය. එබැවින් ගුත්තිල කාව්යේ වර්ණනාව කියවන ආධුනිකයෝ ගුත්තිලයෙහි කවිවල අරුත් හා විස්තර පමණක් නො ව සිංහල භාෂාවේ වියවරණ්යව හා අලංකාර ශාස්ත්රෙය පිළිබද පුඵල් දැනුමක් ද තත්කාලින සාහිත්යේ තොරතුරු පිළිබද මනා අවබෝධයක් ද ලබා ගනිති. සිදත් සඟරායෙන් ‍උගත නො හැකි නොයෙක් සියුම් වියරණ නිති මතු කොට සිංහල භාෂාවට වටිනා සෙවයක් සිදු කළ පඬිවරයකු හැටියට මුනිදාස කුමාරණතුංග මහාතගේ නම සුප්රිකටය. එහෙත්, එම මහතාගේ විවරණ වලින් හෙළි කළ විශේෂ වියරණ නිති බොහොමයක් ම පළමු කොට විචාරයට ලක් කෙළේත් සිදත් සඟරාව පරික්ෂණයකට භාජන කොට වියරණයක් වශයෙන් ‍එහි ඇති අඩුලුහුඩුකම් කෙරෙහි පළමුවරට උගතුන්ගේ සිත් යොමු කළේත් ගුණවර්ධන මුදලිතුමාය1 කුමාරතුංග මහතුන්ගේ

1.සිදධනත පරික්ෂණය - ඩබ්ල්යුණ.ඇfප්.ගුණවර්ධන මුදලිඳු: 1959 යේ දෙවෙන මුද්රනණය බලන්න


ii


විවරණවල දි එළිදරව් කරන ලද නොයෙක් සියුම් වියරණ නිති ඊට බොහෝ කලෙකට පෙර ගුණවර්ධන මුදලිතුමා විසින් විමැසුණු බව ගුත්තිල කාව්යබ වර්ණනාවෙන් ඔප්පු වේ. තවද, සිංහල හදාරන්නන් අතර අලංකාර ශාස්ත්රග ඥානය දියුණු කරලීමට ගුණවර්ධන මුදලි තුමා දැරූ ආයාසය ද උදාරය. ගුත්තිල කාව්යණයෙහි එක් එක් කවෙක අලංකාරව නිර්ණය කොට ඇත්තේ එම අලංකාරයෙහි ලක්ෂණ හා ඊට තව බැහැරින් උදාහරණ ද ගෙනහැර පෑමෙනි.මේ කරුණ නිසා එම අලංකාර ශාස්ත්ර ය ගැන මෙතරම් ආයාසයක් ගන්නා ලද්දේ එම ශාස්ත්රනය කෙරෙහි මේ රටේ එවකට පැවැති උදාසිනතාව නිසාය. ගුත්තිල කාව්යක වර්ණනාවේ ඒ ඒ රටේ එවකට අලංකාර නිර්ණය දර්ශන නම් නිබන්ධයත් හොඳින් හා පොතෙහි මුලට යොදන ලද අලංකාර දර්ශන නම් නිබන්ධයත් හොඳින් කියවන කෙනෙකුට අලංකාර ශාස්ත්රනය පිළිබඳ අනූන ප්රනවීණත්වයක් ලැබේ. ගුත්තිල කව සිංහල සාහිත්යශයේ ඇති ඉතා ම රසවත් කාව්යිය යැයි වර්තමාන විවෙචකයෝ එකහෙළා පිළිගනිති. එහෙත් ගුණවර්ධන මුදලි තුමා ඒ බව නිශ්චය කළේ විසිවැනි ශතවර්ෂයේ මුලදි ම ය. සම්භාවනීය වර්ණනාවකින් එම කවි සැරැසිමට අදහස් කරන ලද්දේ එ බැවිනි. ගුණවර්ධන මුදලිතුමාගේ වර්ණනාව පළවීමෙන් පසුව ද උගත් නූගත් කීප දෙනෙක්ම එම කාව්යයයට අත ගැසූහ. ඔවුනතුරෙන් එම කාව්ය ය විචරයට භාජන කළ සමහර පණ්ඩිතම්මන්යතයෝ එහි එන බොධිසත්ත්ව් චරිතය කා දැමූහ. ඔවුන්ගේ ඊනියා විචාර බුද්ධියට අනුව ගුත්තිල ගදඹ ඇදුරුතුමා ඊෂ්යා් කාරයෙකි. කුහකයෙකි. මූසිලයා විපතට පත් වුයේ ගුත්තිල ඇදුරුගේ වරදිනි. යල් පැනපු මතවලත් සිරිත්විරිත්වලත් ඇදැහිම්වලත් නො එල්ලි නිදහස් ලෙස කල්පනා කිරිමට කිරිමට තරම් ප්රොබුද්ධයම්හ යි උද්දාම වන වේ “වියත්තු” මූසිලයා ගුරු ද්රො හියකු නො වෙතියි ද ගුත්තිල ඇදුරු තරමට ම ඔහු වීණා ශිල්පයෙහි දක්ෂයකු බැවින් ගුත්තිල ඇදුරුට සමාන වැටුපක් ඔහුටද නො දිමට කරුණක් නැතතැයි ද, මූසිලයා සම වැටුප් ඉල්ලා සිටි කල්හි ඔහුත් තමා සේ ම නිපුණයකු බවත් එබැවින් තමාට දෙන වැටුප ම ඔහුටත් දිය යුතු බවත් ගුත්තිල ඇදුරු තුමා රජුට සැල නො කිරිම ගෝලයාගේ දියුණුවට ඊෂ්යාටවෙන් පෑ කුහක ගතියකැයි ද කියති. එහෙත් පැරැණි දේට සරදම් කරන මේ “ප්ර බුද්ධ” යන්ට වර්තමාන සිරිත්විරිත්වල පවා තමන් අන්ධයන් බව නො දැනේ. එක ම අධ්යෙයන සුදුසුකම් ඇති, එක ම විභාගයෙන් සමර්ථ වූ අයට පවා ගෙවනු ලබන පඩි නඩි දැනුදු එක සමාන නො වේ. අවුරුදු පතා පඩි වැඩිවිම අනුව බහුතර කාලයක් මෙහෙයෙහි යෙදි සිටියවුන් විශාල පඩි ලබන අතර ඔවුන්ට සේ ම සුදුසුකම් ඇතත් මෙහෛයෙහි කනිෂ්ඨයන් ඊට වඩා අඩු පඩි ලබන බවක් තතු දන්නෝ දනිති. බී.ඒ.විභාගයෙන්


4


සමර්ථ වන කෙනෙකු පටන් ගැනීමේ දි ලබන පඩිය මෙන් දෙගුණයක් හො ඊටත් වැඩි පඩියක් එහ විභාගයෙන් ම සමත් වූ දීර්ඝ කාලයක් මෙහෙයෙහි යෙදී සිටි කෙනෙක් ලබති. එම විෂමතාව අයුක්තියකැයි කියන්නෝ නැත. තමාත් එතරම් ම නිපුණයෙකැයි කියා පාමින් යමෙක් විසිතිස් වසක් සෙවයෙහි යෙදි සිටි කෙ‍නකුන් ලබන පඩියම සෙවයට පත්වන දා ම ඉල්ලා සිටියේ නම් ඔහුගේ ඉල්ලිමට ඇහුම්කන් දෙන්නෝ ලොව කොහි සිටිත්ද ? කරුණු මෙසේ හෙයින් දීර්ඝ කාලයයක් රාජ සෙවයෙහි යෙදි සිට විශ්රලම ගැනීමට තරම් මහලුවියට පැමිණි, අවුරුදු පතා පඩි වැඩි කිරිම් ලබා උපරිම වෙතන සීමාවට පවා පැමිණ බොහෝ කල් ගත කර සිටි කෙනෙකැයි සිතිය හැකි ගුත්තිල ඇදුරුතුමා ලැබු පඩිය ම එදා-සෙවයට පත්වීමට කථා කළා දා ම- මුසිලාය ඉල්ලා සිටිම කොතරම් අයුතු ද? එම අයුතු ඉල්ලිම ඉටු කරන ලෙස රජතුමාට පෙ‍රැත්ත කිරිමට ශක්තියක් හෝ බලයක් ගුත්තිල ඇදුරු තුමාට නො තිබුණේය. එබැවින් ගුත්තිල ඇදුරු මෙහි දි නිශ්ශබ්ද වීම ගෝළයාට ඊෂ්‍ඉලර්‍ කිරිමක් හෝ කුකුහක ගතියක් පෑමක් හෝ නොවේ. එතුමා ‍ගෝළයාගේ දියුණුවට ඊෂ්‍්ීා කළ කුහකයෙක් නම් ගෝළයා කැටුව රජු බැහැදැකීමට ගොස් ඔහු රජුට හැඳුන්වා දි රාජසෙවයට බැඳගන්නා ලෙස ඉල්ලා නො සිටියි. වීණා ශිල්පය හොඳින් ඉගැන්විමෙන් ද, ඉගෙන ගත් පසු රාජ සෙවයට ඉදිරිපත් කරලීමෙන් ද ගුරුවරයෙකු වශයෙන් තමාට කළ හැකි සියල්ල ම ගුත්තිල ඇදුරු නො පිරිහෙළා ඉටු කළේය. එහෙත් මූසිලයා එයින් නිසි ප්රමයෝජන නො ගත්තේය. හෙතෙම අයුතු ඉල්ලීමක් කොට රජුගේ සිත් දූෂ්යස කළා පමණක් නො ව ගුරුවරයාට වඩා තමාගේ හැකියාවේ කිසිත් අඩුවක් නැති බව ඔප්පු කිරිමට එතරම් කරුණාවෙන් තමාට ශිල්ප ඉගැන වූ කාරුණික ගුත්තිල ඇදුරු තුමා සමග තරඟ වීණා ගායනාවකට ද ඉදිරිපත් විය. ගුත්තිල ඇදුරිඳුගේ වරදකින් නො වේ. ගුත්තිල විචාරකයන් විසින් අවිචාරයෙන් කියන ලද නොයෙක් අනම්මනම් වලට යක්කඩුවේ ශ්රී ප්රාඥරාම නා හිමියෝ ස්වකීය “ගත්තිල විචාර විචාර යෙන් “ කදිම පිළිතුර දෙති. ගුත්තිල විචාරක “ප්රාබුද්ධයන්” ස්වකීය සැබෑ අප්රෙබුද්ධ භාවය හෙතු කොට ගෙන බොධිසත්ත්ව චරිතය කෙලෙසන්නට වෑයම් කළ නමුදු ගුත්තිල කවට අතිශයින් ම ප්රශශස්ත වර්ණානාව සැපැයු ගුණවර්ධන මුදලිතුමා අතින් සුදු වූණේ එම කවත් එහි කර්තෘත් කථා ශරිරයත් වඩ වඩා බැබැලිමය. ගුණවර්ධන මුදල්තුමා වනාහි අපරදිග භාෂා ශාස්ත්ර්යන්හි මෙන් ම සිංහල, දෙමළ, පාලි, සංස්කෘත, ප්රරකෘතාදි පෙරදිග භාෂා ශාසත්රියන්හි ද හසළ බුද්ධිමත් විශාරද පඬිවරයෙකි. පැරැණි පොත පත විවෙචනය කිරිමට සුදුස්සේ නම මෙබඳු නියම පාණ්ඩිත්යියෙන් හෙබි


5


බහුශ්රැවතයෝය. නිසි ගුරූපාශ්රසයක් නැති උඩගු හිතුවක්කාර අඥ පුද්ගලයන් සාහිත්යස විවෙචනයට බැස ආධුනික ලොකයාට කර ඇති විපත අනල්පය. පැරැණි සාහිත්යධ කෘතීන්ට ව්යානඛ්යා විවරණ විචාරණාදිය සපයන්නන්ට ආදර්ශවත් වූ ද, වර්තමාන ශාස්ත්රොනන්නතියට උසස් ආභාසයක් ගෙන දුන් කෘතියක් වු ද ගුත්තිල කාව්යි වර්ණනාව ආධුනිකයන් විසින් අනිවාය්යායෙන් කියවිය යුතු වූ ග්ර න්ථයක් වුව ද එහි මුද්ර ත පිටපත් නිම වී යෑම හෙතුකොට ගෙන දැනට වර්ෂ කීපයක පටන් ම පොත ඉතා දුර්ලභ ව පැවැත්තේය. එබැවින් මේ පොත නැවැත මුද්රනණය කරවිම කාලොචිත ශාස්ත්ර් සංග්රතහයෙකි. මෙම වැදගත් කාය්යකය ඉටුකර ලිමට ඉදිරිමපත් වු , ග්රදන්ථකාචාය්යි ධුරන්ධර ආචාය්යැ එම්.එම්.ඇfප්. ජයසූරිය මහතුන්ට ද, පොතේ ප්ර කාශන කාය්ය්රණය භාරය ඉසුලු ලංකාවේ සිමාසහිත එක්සත් ප්රඑවෘත්ති පත්ර. සමාගමට ද සිංහල සාහිත්ය යේ දියුණුව පතන්නන්ගේ හෘදයංගම ස්තුතිය හිමි වෙයි.


එම.ශ්රිම රම්මණ්ඩල

ලංකා වශ්ව විද්යා‍ලය,

පේරාදෙණිය.

1962-3-12.