ගුත්තිල කාව්‍ය වර්ණනා - වර්ණනා iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

161.මදක් සැතපි ඉඳ මහබොසතුන්ගේ සොඳ වෙණ රැගෙන මනනද වැයිමට ඔහු පටන්ගත් ස ඳ මඳක්, ස්වල් වෙලාවක්; සැතපි ඉඳ, සන්තර්පිත ව හිඳ; මහ බෝසතුන්ගේ, මහා බෝධිසත්ත්ව්යන්ගේ; සොඳ, සුන්දර වූ; මනනද, මනොනන්දන වූ; වෙණ, වීණාව; රැගෙන, ග්රකහණය කොට; ඔහු, ඒ මූෂිලයා ; වැයිමට, වාදනය පිණිස; පටන්ගත් සඳ, ආරම්භ කළ කල්හි - මතු සම්බන්ධයි.

118ගුත්තිල කාව්යය වර්ණලනා

සං. 1. ස්වබාවොක්තියි.

162. අඳ මවුපිය දෙදෙන ඔහු වයන බව නොමදැන කතී1 වෙණ මී යන සුසූයයි අත2 ගැසූ සැකයෙ න අඳ, අන්ධ වූ; මවුපිය දෙදෙන, මාතෘ පිතෘ දෙදෙනා; ඔහු වයන බව, ඒ මුෂිලයා වාදනය කරන භාවය; නොමදැන, ඥානය නොක කොට; වෙණ, විණාව; මී, මූෂකියෝ තුමු; කති, ඛාදනය කෙරෙත් යයි(කපත් යයි) ; යන සැකයෙන; යන මේ ශංකාවෙන්; සුසූයයි, සූ සූ යන ශබ්දය පවත්වා; අතගැසූ , හස්ත ඝට්ටනය කළාහුය (යම් වස්තුවෙක්හි යයි අද්ධ්යා,හාර කරන්න).

සං. 1. සූසූයයි අතගැසූ සැකයෙන

යම් ශබ්ද යුග්මයක් දිර්ඝ ශබ්දයක්හුගේ ද්විත්ව වීමෙන් සම්භව වී නම් එයින් පළමු ශබ්දය හ්රයස්ව වනු ශබ්දධර්මයි; දිදී යයි සිටිතන්හි දිදි යයි වූ මෙනි. මෙහි ද සූස‍ූ යනු එසේ ම විප්සාවෙන් සූසූ වි. සං. 2. භ්රා න්තියෙන් සංකිර්ණ වූ ස්වභා‍වොක්තියි

163. එ අසා වෙණ තබා සිතෙයි3 ගරුමන්4 නොත බා උන් පද හිස5 තබා නැමද මෙලෙසින් කියයි6 ගද ඹා එ අසා, ඒ ශ්රරවණය කොට; වෙණ, විණාව; තබා, ප්රතතික්ෂිප්ත කොට; සිතෙයි, චිත්තයෙහි; ගරුමන්, ගර්වය හා මානය (නොහොත් ගරු කටයුත්තෙක් මි යන මානය); නොතබා, රක්ෂිත නො කොට (හෙවත් වර්ජිත කොට); උන් පද, ඔවුන් ගේ පාදග්රයයෙහි; හිස තබා, ශිර්ෂය පිහිටුවා; නැමද, නමස්කාර කොට; ගදඹා, ඒ ගන්ධර්ව තෙමේ; මෙලෙසින්, මේ වක්ෂ්ය මාණ ප්රිකාරයෙන්‍; කියයි, කථනය කෙරේ.

සං. 1. ස්වභාවොක්තියි


1. කතියි - ද (2); කපති - 1 2. අත් - 1 3. සිතේ - 3 4. ගුරුකම් - 7 5. ඉස - 2 6. කීය - 3 ගුත්තිල කාව්යම වර්ණොනා 119

164.උදේනී1 පුරසි ට වීණා2 සිප් ඉගැන්මට ගුත්තිල පඞි වෙත ට ආමි කොද ඒ හිමි කියව මට3 උදේනිපුර සිට, උජ්ජයිනි නගරයෙහි සිටලා; වීණා සිප්, වල්ලකි ශිල්පය; ඉගැන්මට, උද්ග්ර්හණය පිණිස; ගුත්තිල පඞි වෙතට, ගුත්තිලාචාය්ය්ාර යන් කරා; ආමි, ආගමනය කෙළෙමි; ඒ හිම, ඒ ස්වාමි තෙම; කොද, කොහි (වේ) දැයි; මට, අස්මත්හට; කියව, කථනය කරව්.

සං. 1. ආමි කොද ඒ හිමි කියව මට ‍ මෙහි ‘කියව’ යනු සඳහා 144 වෙනි කවෙහි සංලක්ෂ්යරය බලන්න. සං. 2. ස්වභාවොක්තියි.

165. සගය ඒ ඇදු රා කිසි කාරියක නුදුරා ගියෙය නොව බැහැරා කිවුය දැන් දැන්5 එතියි6 ඉඳු රා සගය, බාලය; ඒ ඇදුරා, ඒ ආචාය්ය්ාමි තෙමේ; කිසි කාරියක, යම් කාය්ය්ටස යක් උදෙසා; නුදුරා, අවිදුර (ස්ථාන) යකට; ගියෙය. ගමනය කෙළේය; බැහැරා නොවු (තෝ) බහිර්ගත නො වව (නො ගොස් හිඳුවයි යූසේය); ඉඳුරා, එකාන්තයෙන්; දැන් දැන් එතියි, වහා ආගමනය කෙරෙත් යයි; කිවුය, කථනය කළාහුයි.

සං. 1. කිවුය දැන් දැන් එතියි ඉඳුරා

මෙහි ‘ඉඳුරා’ යයි නියතාර්ථ වාචිපදයක් යෙදුට ද ගුත්තිලාචාර්යයන්ගේ ප්රාත්යේගමනය වහා කෙරෙත්ය යනු චිතර්කයක් විනා නිශ්චිතයක් නුවු බැවින් ඒ සන්දෙහාර්ථය සෙව් වු ක්රිකයාපදය ද ‘එතියි’ යයි සන්දෙහාර්ථවාචි බහු වචනයෙහි යොදන ලදි. 93 වෙනි කවෙහි සංලක්ෂ්ය‍ බලන්න. සං. 2. ස්වභාවොක්තියි.


1. උදේනිය - 1 2. වේණා - 2 3. ආමි කොද දැන් එහිමි කිය මට 0 7. ආමි කොයිදැයි එහිමි කිය මට - 4. 4. නොම බැහැරා - 3 5. දැන් දැක් - 3 6. එති ‍- 2. 120ගුත්තිල කාව්ය් වර්ණමනා

166. කියත උන් මෙතෙපල1 ආයෙය2 ඇදුරු ගුත්ති ල වැඳ ඔහු පද කමල තමා ආතතු කීය3 මූසිල උන්, ඒ මාතෘ දෙදෙනා; මෙතෙපල, මේ වචනය; කියත, කථනය කරත් ම; ගුත්තිල ඇදුරු, ගුත්තිලාචාය්ය්ිශ තෙම; ආයෙය, ආගමනය කෙළේය; ඔහු, ඒ ආචාය්ය් යාගේ; පදකමල, පාදපද්මය; වැඳ, වන්දනය කොට; මූසිල, මූෂිල තෙමේ; තමා ආතතු, ස්වකියාගමන ප්රෘ ත්තිය; කීහ. ආරොචනය කෙළේය.

සං. 1. කියත උන් මෙතෙපල මෙහි ‘මෙතෙපල’ යන්නට අරුත් වියකන්හි ‘මේ වචනය’ යි කියන ලදි. මෙහි ‘වචනය’ යන්නෙන් එක් ශබ්දයක් ‍හෝ පදයක් හෝ නො ව වාක්ය යක් නොහොත් වාක්යච පංක්තියක් ම ගැනේ. අභාප්ර තාර්ථය සේ ය. මීට පය්ය්ාක්ය නම් ‘උක්ති’ යනු යි. සං. 2. වැඳ ඔහු පද කමල මෙහි පදකමල යයි එකවචනයෙන් කි නමුදු අසවල් පාදපද්ම යයි විශෙෂ නො දැක්වු හෙයනි උපචාරයෙන් පදයුග්මය ම ගතයුතු. සං. 3. ස්වභාවොක්තියි.

167. බලමින් ලකුණූ ග ත දුදන ගුණ දැන ඔහු සිත නොවසව තෙපි4 මවෙත සිල්ප නොදෙමැයි5 කිවෙන් මහස ත ගත, (ඒ මූෂිලයාගේ) ශරිරයෙහි; ලකුණු, ලක්ෂණයන්; බලමින්, නිරික්ෂණය කොට; ඔහු සිත. ඔහු‍ගේ චිත්තියහි වු: දුදන ගුන, දුර්ජන ගුණය; දැන, ඥානය කොට; තෙපි, යුෂ්මත්හු; මවෙත, අස්මත් සමීපයෙහි; නොවසව, වාසය නො කරව; සිල්ප නො දෙමැයි, ශිල්පදානය නො කෙරෙම් යයි; මහසත, මහාසත්ත්වයන් වහන්සේ; කිවෙන්. කථනය කළ හෙයින් - මතු සම්බන්ධයි.

සං. 1. නොවසව තෙපි මවෙත


1. මෙතෙපුල - 2 2. ආයේ - 1; ආවෙය - 1 3. කියයි - 1 4. තොපි - 9 5. ‍නොදෙමියි - 2; නොදෙමි - 1

ගුත්තිල කාව්යො වර්ණෙනා121

තෙපි, තොපි, යනාදි බහුවචන රූප සර්වනාම පදයෝ ‍බො‍හෝ විට ඡෙක ප්රියොගයෙහි එක්වචනාර්ථය පිණස ද යොදනු ලැබෙත්. තො යයි කී විට නින්දාර්ථ ප්රිකාශක බැවිනි. උතුමෝ තමන් කථායෙහි අනුන්හට නිකරුණේ නො ගරහත්. මේ කාව්යියෙහි ම - සො‍ඳේ තොප පෑ දය ඉගුන්නූ විලස වෙණ වා දය - යනු ද

තෙපලන අප සස ඳ මෙ තොප කවරෙක්දැයි ඇසු ස ඳ - යනු ද සමකර බලන්න. නින්දාර්ථය උවමනාතන්හි ‘තෝ’ යයි යෙදු සැටි 149 වෙනි කවෙහි බලන්න. වෙන වෙණැදුරකු බල නෑසීද තෝ මූසි ල කොපිත වූ බ්ර හ්මදත්ත රජහු මූෂිලයාහට තර්ජනය කරන සමයෙහි සර්ව නාමයාගේ යොගය මෙසේ වි: මේ ගුත්තිල ඇදු රු කෙළෙහි තෝ දැන් තට ගුරු එබැවින් තගේ නිසරු තෙපුල් කෙලෙසක නොවන්නෙද බොරු සං. 2. ස්වභාවොක්තියි. 168.අඳ මවුපියන් හට නිතර1 අත්පා මෙහෙ2 ‍කො ට උන්ගෙන් මහසතුට කියවි වෙණ සිප් ඉගුන්විම ට3 අඳ, අන්ධ වූ; මවුපියන්හට, මාතෘ පිතෘ දෙදෙනාහට; නිතර, අනවරතයෙන්; අත්පා මෙහෙකොට; හස්ත පාද පරිචය්ය්යන්ව කොට; උන්ගෙන්, ඔවුන් කෙරෙන්; (ඔවුන් ලවා යයි යූසේයි); වෙණ සිප් ඉගැන්විමට, (තමහට) වීණා ශිල්පය උගන්වනු පිණිස; මහසතුට, සහාසත්ත්වයන් වහන්සේහට; කියවි, කථනය කර වි. සං. 1. ස්වභාවොක්තියි. 169. මෙලෙසින් නොයෙක වර දෙමවුපිය කී මෙහෙවර නොකළහොත් අනදර වෙතියි4 ඔහු‍ගේ නුගුණ නොසම ර

1. නිතොර - 1 2. මේ - 1 3. කියවි වීණා සිප් ඉගැන්මට - 3. 4. වෙති - 1; වෙතෙයි - 3 122ගුත්තිල කාව්යප වර්ණ නා

මෙලෙසින්. යථොක්ත ප්රවකාරයෙන්; නොයෙකවර, අනෙක වාරයන්හි; දෙමවුපිය, මාතෘපිතෘ දෙදෙනා විසින්; කී, කථිත වූ; මෙහෙවර; නියොගය; නොකළ හොත්, සිද්ධ නො කරන ලද්දේ නම්; අනදර වෙතියි, අනාදරයක් වන්නේ යයි (සිතා); ඔහුගේ, ඒ මුෂිලයාගේ; නුගුණ, අවගුණය; නොසමර, ස්මරණය නො කො - මතු සම්බන්ධයි.

සං. 1. නොකළ හොත් අනද ර වෙතියි ඔහු‍ුගේ නුගුණ නොසම ර මෙහි ‘වෙති’ යනු සංශයාර්ථවාචි බහුවචනයි. 93 වෙනි 165 වෙනි කවිවල සංලක්ෂ්ය‘යන් බලන්න. සං. 2. ස්වබාවොක්තියි

170. හිමි තම නැණ නැවී න්1 සැදි ගී තරඟ බෙහෙවි න් වෙණ සිප් මහණ වි න් කෙළේ ඔහු පරතෙරට මැන වි න් හිමි, ස්වාමි තෙමේ; තම, තමන්ගේ; නැණ නැවින්, ඥාන නමැති නෞකාව කරණකොටගෙන; බෙහෙවින්, බොහෝ වූ; ගී තරඟ, ගීත නමැති තරංගයන්ගෙන්; සැදි, සජ්ජිත වූ; වෙණ සිප් මහණවින්, වීණා ශිල්ප නමැති මහාර්ණවයෙන්; ඔහු, ඒ මූසිලයා; මැනවින්, මනා සේ; පරතෙරට, පරතීරයට; කෙළේ, (ප්රාඔප්ත) කර වි.

සං. 1. හිමි තම නැණ නැවින් මෙහි ‘නැණ’ යන්නෙන් ශිල්පඥනය හෙවත් ශිල්පයෙහි ප්රිවීණතාව ගැනේ. සං. 2. සැදි ගි තරඟ බෙහෙවින් මෙහි වීණා ශිල්පය මහා සමුද්ර යට සම කෙට ගිතය තරංගයට සම කරන ලදි, එයින් තරංගයන් සමුද්රපයෙහි අංගයක් මෙන් ම ගීතයන් යථොක්ත ශිල්පයෙහි අංගයක් කොට සැලකූ බව පෙනේ. ශිල්පින්ගේ පිළිගැන්ම ද එසේ ම වු බව ප්ර තීයමාන වෙයි. වීණාවාදනය පිණිස යොදන ලදින් (134) එම කර්තව්ය යෙහි ව්යාපෘත වු මූෂිලයා විසින් (136) මධුරස හිගිතාවන් ද ගායනය කළ බන (143) සලකන්න. සං. 3. රූපකාලංකාරයයි. ගුත්තිලාවාය්ර්ස‍යයන්ගේ උපදේශයෙන් විණාවාදන ප්ර4විණතා ප්රා‍ප්ත වූ මූෂිලයා රාජසෙවය ප්රාරර්ථනා කොට රාජාභිමුඛයට පැමණ ස්වකීයාචාය්ය්යයෙයන් වාදයට ආහ්වානය කළ බැව් දැන් දක්වන්නාහු ‘වීණා සිප්’ යනාදි කව් කියත්.


1. මහ නැවින් - හැම

ගුත්තිල කාව්යව වර්ණංනා123

171.වීණා සිප් සක ස නොහැරම ඇදුරු උවදෙස1 ‍ඉගෙන ගෙන සිතු ලෙස සිතී2 මූසිල ගදඹ මේ ලෙස සකස, සකස් කොට හෙවත් ප්රසමාද භ්රයමාදි රහිත ව; වෙණ සිප්, වීණා ශිල්පය; ඇදුරු උවදෙස, ආචාය්යාත පදෙශය; නොහැරම, වර්ජිත නො කොට ම; සිතු ලෙස, සිත් ව පරිද්දෙන්; ‍ඉගෙනගෙන, උද්ග්රහහණය කොටගෙන; මූසිල ගදඹ, මූෂිල නම් ගන්ධර්ව තෙමේ; මේ ලෙස, මේ වක්ෂ්ය මාණ ප්රරකාරයෙන්; සිති, චින්තනය කළේය.

සං. 1. ස්වබාවොක්තියි. 172.මුව දඹදිව්තල ට මෙනුවර උතුම3 මෙකලට සේවය කළ රජු ට ගුරුද පත්විය මහලු වයසට මෙනුවර, මේ වාරාණසි නගරය තෙම; මෙකලට, මෙ වර්තමාන කාලයෙහි; මුළු දඹදිව්තලට, සකල ජම්බුද්විපතලයට; උතුම, උත්කෘෂ්ට වෙයි; රජුට, රාජයාහට; සේවයකළ, වීණොපස්ථානය (වීණා සෙවාව) කළා වු; ගුරුද, ආචාය්ය්ද තෙමේ ද; මහලු වයසට, වෘද්ධාවස්ථාවට; පත්විය. ප්රා,ප්ත වී.

සං. 1.මෙනුවර උතුම මෙකලට මෙහි ‘මෙකලට’ යනු ආධාරාර්ථයෙහි සම්පදාන විභක්තියි. 104 ව්යාිඛ්යා,, 301 ව්යා ඛ්යාට බලන්න. සං. 2. ස්වභාවොක්තිය.

173. එයින් මේ බරණැස නිරිඳුගෙ රැගෙන අදහස ගුත්තිල ඇදුරු ලෙස දවස් අරිමැයි4 සිතා සිතු ලෙ ස එයින්, එසේ හෙයින්; මේ බැරණැස, මේ වාරාණසි නගරයෙහි; නිරිඳුගේ, නරෙන්ද්ර,යා‍ගේ; අදහස, අධ්යාරශය හෙවත් අනුමතිය; රැගෙන, ග්ර්හණය කොට; ගුත්තිල ඇදුරු ලෙස, ගුත්තිලාචාය්ය්සදායා මෙන්; සිතු ලෙස, සිත් වු පරිද්දෙන්; දවස් අරිමැයි, කාලාති ක්රලමණය කෙරෙම් යයි; සිතා, චින්තනය කොට - මතු සම්බන්ධයි.


1. උපදෙස - 2 2. සිතිය - 5 3. උතුම් - 1 4. අරිමියි - 1; හරිමියි - 2 124ගුත්තිල කාව්ය වර්ණලනා

සං. 1. ස්වභාවොක්තියි 174. හිමි මෙතොප අවසර දුනහොත් රජුට1 මෙනුවර සේවය කර නිතොර මෙහිම ඉඳිමියි3 කීය4 දවසැ ර හිමි, සවාමිනි; මෙතොප, මේ යුෂ්මතුන්ගේ; අවසර, අවකාශය (අනුමතිය); දුනහොත්, දානය කළේ වී නම්; මෙනුවර, මේ නගරයෙහි; රජුට, රාජයාහට; නිතොර, නිරන්තරයෙන්; සේවයකර, උපස්ථානය කෙරෙමින්; මෙහිම, මේ නගරයෙහි ම; දවසැර, කාලාතික්රරමණය කොට; ඉඳිමියි, වාසය කෙරෙම් යයි; කීය, කථනය කළේයි.

සං. 1. ස්වභාවොක්තියි. 175. එසඳ මහබෝසත් කර ඔහු කෙරෙහි මෙත් සි ත් දැක නිරිඳු බඹදත් නැමද දන්වා5 ලීය මෙපව ත් එසඳ, තත්සමයෙහි; ‍මහ‍ෙබා්සත්, මහාබොධිසත්ත්ව තෙමේ; ඔහු කෙරෙහි, ඔහු විෂයෙහි; මෙත්සිත්කර, මෛත්රිා චිත්තය උපදවා; බඹදත් නිරිඳු, බ්රෙහ්මදත්ත නරෙන්ද්රෙයා; දැක, දර්ශනය කොට; නැමද, නමස්කාර කොට; මෙපවත්, මේ වක්ෂ්ය්මාණ ප්රමවෘත්තිය; දන්වාලිය, නිවෙදනය කරලූයේය.

සං. 1. ස්වභාවොක්තියි 176. අප අතවැසි ඔබ ට සේවය කෙරෙයි හැමවිට රිසියෙත හිමි ඔබට වැටුප් දුන මැනවි දිවි රැකුම ට අප අතවැසි, අපගේ අන්තෙවාසික තෙම; ඔබව, ඔබ වහන්සේහට: හැම විට, සෑමකල්හි; සෙවය කෙරෙයි, උපස්ථනය කරන්නේය; (ඔහුගේ ඒ



1. රදුට - 1 2. නිතර - 2 3. ඉදිමැයි - 2 4. කිවෙන් - 1 5. දක්වා - 1 6. වැටුමට - 1 ගුත්තිල කාව්යට වර්ණෙනා125

සෙවය) හිමි, ස්වාමිනි; ඔබව, ඔබව වහන්සේහට; රිසියෙත,රොචමාන වත් හොත්; දිවි රැකුමට, ජිවිත රක්ෂණය පිණිස; වැටුප්, වෘත්තියක්; දුන මැනවි, දානය කළ මැනවි.

සං. 1. ස්වභාවොක්තියි.

177. බසට එනර සි පින්වත තොප අතවැසි තොප වැටුමෙන් නිසි අඩක් වැටුමට යෙදෙයි පැව සි එබසට, ඒ වචනයට; එනරසී, ඒ නරොත්තම තෙමේ; පින්වත, පුනයවන්තය; තොප අතවැසි, තොපගේ අන්තෙවාසික තෙම; තොප වැටුමෙන්, තොපගේ වෘත්ති යන්; නිසී, නිශ්චික වූ; අඩක් වැටුමට, අර්ධයක් වෘත්තියට; යෙදෙයි, යොග්යා වන්නේ යයි; පැවසී, ප්ර කාශ කෙළේයි.

සං. 1. ස්වභාවොක්තියි 178. එ අතවැසි එම ස ඳ1 නරනිඳු පදකමල2 වැඳ දෙහොත් මුදුනේ බැඳ කියයි මෙතෙපුල් සිට එ සබ මැ ද එ අතවැසි, ඒ ‍අන්තෙවාසික‍ තෙම; එම සඳ, ත් සමයෙහි; නරනිඳු, නරෙන්ද්රතයා‍ගේ; පදකමල, පාදපද්මය (166. සං. 2); වැඳ, වන්දනය කොට; දෙහොත්, අංජලිය; මුදුනේ, මස්තකයෙහි; බැඳ, බද්ධ කොට; එ සබමැද, ඒ සභා මධ්යතයෙහි; සිට, ස්ථිත ව; මෙ ‍තෙපුල්, මේ වචනයන්; කියයි, කථනය කෙරේ.

සං. 1. විතිය පාදස්ථ පරිණාමාලංකාරයෙන් සඞ්කීරණ වූ ස්ළුබාවොක්තියි (270. සං. 1 .ii)

179. හිමි සඳිනි ‍ෙ‍ම සමේ බැලුව මුළු දඹදිවමේ මියුරු වෙණ වැයුමේ සමව සිටිනෝ3 අපි දෙදෙන මේ


1. ඒ අතවැසි එසඳ - 2 2. පද කමල් - 5 3. සිටිනේ - හැම. ච්න්ත්යඞයි. 126ගුත්තිල කාව්යේ වර්ණරනා

හිම සඳිනි, ස්වාමි චන්ද්රණයා‍ණනි; මේ සමේ, මේ කාලයෙහි; මේ මුව දඹදිව, මේ සකල ජම්බුද්විපයෙහි; බැලුව, පරික්ෂණය කළ නමුදු; මියුරු වෙණවැයුමේ, මධුර වීණාවාදනයෙහි; සමව සිටිනෝ, සමාන ව සිටින්නෝ නම්; අපි දෙදෙන මේ , අස්මත්හු දෙදෙනා මැයි. සං. 1. ස්වභාවොක්තියි 180. හිමි ඔබ ඉදි රි යේ වැයුවත් වෙණ ඉදිරි යේ සිල්ප එක ස‍රි‍ යේ එයන් දුන මානවි පඩි සරි යේ හිමි, ස්වාමිනි; ඔබ ඉදිරියේ, යුෂ්මතුන් අභිමුඛයෙහි;ඉදිරියේ, විරොධි ව; වෙණ වැයුවත්, විණාවාදනය කරන ලද්දේ නමුදු; සිල්ප, ශිල්ප නෛපුණ්ය ය තෙම; එක සරියේ, එක සමාන වෙයි; එයන්, ඒ කාරණයෙන්; පඩි, වෘත්තිය; සරියේ, සමන සේ; දුන මැනවි, දානය කළ මැනවි.

සං. 1. මෙහි ඉදිරි යන ශබ්දය ද්රාකවිඩ භාෂිය වූ ‘එදිර්’ යන්නෙන් හින්නයි. එසේ ම ‘සරි’ යනු ද්රා විඩ ‘ශරි’ යන්නෙන් හින්න වු ශබ්දයි. ‍ සං. 2. ස්වභාවොක්තියි.

181. එසඳ එ නිරිඳු සඳ මෙතෙපුල් කීය මනනද දියත දිය දද බැඳ පසිඳු පිළි ඇදුරන්ගෙ මන්බි ඳ එසඳ, තත් සමයෙහි; එ නිරිඳුසඳ, ඒ නරෙන්ද්ර් චන්ද්රද තෙමේ( චන්ද්රන යනු මෙහි උත්තමාර්ථය පිණිස වේ); මනනද, මනොනන්දන වූ; මෙතෙපුල් මේ වචනයන්; කීය, කථනය කෙළේය; (කිනම් වචනයක් ද යත්); පිළි ඇදුරන්ගෙ, ප්රතතිපක්ෂාචාය්ය්න් යන්ගේ; මන්බිඳ, මානහංගය කොට; දියත. ජගත්හි; දිය දද බැඳ, ජය ධ්වජ බන්ධනය කොට; පසිඳු, ප්රචසිද්ධ වූ (මිට අනතුරු කවෙහි ‘මේ ගුත්තිල ඇදුරු’ යනු විශෙෂ්ය්යි) - මතු සම්බන්ධයි.

සං. 1. (i) මෙහි ප්රයථම භාගය ස්වභාවොක්තියි. (ii) විතීය භාගයෙහි පූර්ව්පදයෙන් කියන ලද්දේ ප්රවකෘත ධ්වජබන්ධනයක් නො ව දිශාන්තයෙන්හි ජයඝොෂය. පැතිර විම හෙයින් “ උපමෙය ස්යොනපමානෙන නිගිර්යාධ්යනසානමතිශයොක්තිඃ” (‘උපමෙයයා උපමානයා විසින් ගිලිනු ලැබ එයින් වන්නා වු අධ්යහවසානය හෙවත් දෘඪතර විචිත්රත රූපණය නම් අතිශයොක්ති වේ’) යයි කියන ලදින් ඒ වනාහි අතිශයොක්ත්යතලංකාරයයි. නිදසුන් පිණිස 184 සං. 1.බලන්න. (iii) චතුර්ථ පාදයෙහි තත්පූර්වපාදර්ථයට හෙතුව කියන ලදින් ඒ වනාහි හෙත්වලංකාරයයි. ගුත්තිල කාව්යව වර්ණතනා127

(iv) තවද මෙහි ප්රයථම භාගයෙහි වාක්යයය ප්රිධාන වාක්ය4ය වේ. අන්ය. භාගය හා මී ළඟ කවිය ද ඒ උපාශ්රවය කොට ඇති හෙයින් මෙහි අලංකාරමය නම් ප්රධථම භාගයෙහි පෙනෙන්නා වූ ස්වභාවොක්තියි. විතිය භාගයෙහි පෙ‍නෙන්නා වූ හෙත්ලංකාරය හා අතිශයොක්තිය ද මී ළඟ කවියෙහි පෙනෙන්නා වූ කාව්ය‍ලිඞ්ගාලඞ්කාරය ද එහි ගර්හිත වෙත්. 182. මේ ගුත්තිල ඇදු රු කෙළෙහි1 තෝ දැන්2 තට3 ගුරු එබැවින් තගෙ නිසරු තෙපුල් කෙලෙසක නොවන්නෙද5 බොරු මේ ගුත්තිල ඇදුරු, මේ ගුත්තිලාචාය්ය්ූ කයන්; තෝ, යුෂ්මත් තෙම; දැන්, මේ අවස්ථායෙහි; තර, යුෂ්මත්හට; ගුරු කෙළෙහි, ආචාය්ය්ත කෙළෙහිය (ආචාය්ය්ෙ යයි ප්රෙතිග්ර ණය කෙළෙහිය යනුයි); එබැවින්, ඒ භාවයෙන්; තගෙ,යුෂ්මත්හුගේ; නිසරු, නිඃසාර වූ; තෙපුල් වචනයේ වනාහි; කෙලෙසක, කවර ප්ර කාර‍යකින්; බොරු නොවන්නේද, අසත්යූ නො වන්නාහුද? (96. සං.1) සං. 1. මෙහි සමර්ථනිය වූ වස්තුවක්, එනම් මූෂිලයාගේ කථායෙහි මෘෂාභාවය, සමර්ථනය කළ හෙයින් මේ නාහි කාව්ය්ලිඞ්ගාලඞ්කාරයයි. එහි ලක්ෂණ මෙසේ කිහ. සමර්ථනියස්යා.ර්ථස්යක - කාව්ය ලිඞ්ගංසර්ථනම් (සමර්ථනය කටයුතු වූ අර්ථයක්හුගේ සමර්ථනය නම් කාව්යයලිංගයයි). සමර්ථන යන්නෙන් සාමාන්යු ව්යහවහාරයෙහි’ඔප්පු කිරිම’ යන අර්ථය කිය වේ. කාව්යන ලිංගට නිදසුන් මෙසේ දැක්වුහු :- චිත්රා්ර්ථාං න වෘහතකථමචකථං පුත්රාුම්නි නා සං ගුරොර් දෙව ත්ව ද්ගුණවණිනං කථමහං කර්තුං ජඩං ශක්නුයාම් (චිත්රාවර්ථයෙන් යුක්ත වු මහත් කථාවක් නො කෙළෙම්; ගුරුවරයක්හුගේ මනා පාලනයෙහි නො සිටියෙමි; දෙවයන්වහන්ස! මූඪ වූ මම ඔබගේ ගුණ වර්ණනය කිරිමට කෙසේ හැකි වේම් ද? 49. සං.3. 183. ඇතත් සිතු6 ආ සා තම දිවි රැකුම් පිණිසා සිටි මවුපිය ලෙ සා7 නොකිය බස් ගුරුවරුන්8 වෙහෙ සා 1. කෙළෙයි - 2 2. දැන් තෝ - 3. 3. දැන් තො හට - 2 4. ගෙළෙහි වද තට සිප් ගුරු- 1 5. නොවන්නේ - 1 6. ඇතත් සිත - 9 7. නිසා - 1 8. ගුරුවරන් - 5 128ගුත්තිල කාව්යස වර්ණහනා

තම, ආත්මීය වූ; දිවි රැකුම් පිණිසා, ජිවිත රක්ෂණය පිණිස; සිතු ආසා චිත්තාභිලාෂය; ඇතත්, ඇත්තේ වි නමුත්; මවුපිය ලෙසා, මාතෘ පිතෲන් සේ; සිටි, ප්රමවෘත්ත වූ; ගුරුවරුන්, ආචාය්ය්ණන වරයන්; වෙහෙසා, විහිංසිත කොට (ගුරුවරයන්හට අපහාස කොට); බස්, වචනයක්; නොකිය, කථනය නො කර.

සං. 1. ස්වභාවොක්තියි. තෘතිය පාදයෙහි උපමායෙන් සංඍෂ්ටයි.

184. වඩවන දන අ ටී මොහු ඉදිරියේ1 බුහුටී පන්සිළු ද නොසි ටී එයින්2 තෙල තගෙ තෙපුල් නොව ටී දන, ජනයන්ගේ; අටී, ආශාව; වඩවන, වර්ධනය කරවන්නා වූ (වීණා වාදනයෙන් යයි අධ්යායහාර කරන්න); බුහුටී, විශාරද වූ; මොහු, මේ ආචාය්ය්් වරයාගේ; ඉදිරියේ, අභිමුඛයෙහි; පන්සිළු ද, පංචසිඛයා ද (111.සං. 1); නො සිටි, (ප්රාතිපක්ෂ ව) ස්ථිතිය නො කෙරේ; එයින්, එසේ හෙයින්; තගෙ, තාගේ; තෙල තෙපුල්, මේ වචනයෝ; නොවටි, උචිත නො වෙත්. (96. සං.1)

සං. 1. (i) ප්රරථම පාදත්රථය අතිශයොක්ත්යිලඩ්කාරයයි. එහි මීට යෙදෙන්නා වූ ලක්ෂණ මෙසේ කීහ; අත්යු ක්තිරද්භුතා’ තථ්යර - ගෞර්යෞදාර්යාදි වණිනම් (අද්භුත වූ අත්ථ්ය් වූ ශෞර්ය ඖදාර්යාදියෙහි වර්ණනය අතිශයොක්ති වේ) නිදසුන් මෙසේයි; ත්වසයි දාතර රාජෙන්ද්රව - යාචකාඃ කල්පශාඛිනඃ (රාජෙන්ද්රයය! තොප දෙන තැනැත්තහු වූ කල්හි කල්පවෘක්ෂයෝ තුමු යාචකයෝයි).

(ii) මුළුපද්යරය යථොක්ත අතිශයොක්තියෙන් සංසෘෂ්ට වූ කාව්ය ලිංගාලංකාරයයි (182. සං.1)

185. කර ඔහුට නින් දා සෙබෙහි සත සිත අන් දා කියත නරනින් දා එතෙම පැවසි බසි මෙබන්දා


1. ඉදිරියෙහි - 2 2. මෙයින් - 1. ගුත්තිල කාව්ය් වර්ණදනා129

ඔහුට, ඒ මූෂිලයාහට; නින්දාකර, අපහාස කොට; සෙබෙහි. සභායෙහි (වු)‍; සත, සත්ත්වයන්ගේ; සිත, චිත්තයන්හි; අන්දා, අංජනය කරවා (කරුණු ගන්වා යයි යූසේයි); නරනින්දා, නරෙන්ද්ර,යා; කියත, (මෙසේ) කථනය කරත් ම(කථනය කළ කල්හි) එතෙම, ඒ මූෂිල තෙම; මෙ බන්දා, මේ චක්ෂ්යයමාණ ප්රඑකාර වූ; බස්, වචනයන්; පැවසී, ප්රූකාශ කෙළේයි.

සං. 1. ද්විතිය පාදය හෙත්වලංකාරයයි. 26. සං. 2. (1). අවශෙෂ පාදයෝ ස්වභාවොක්තියි. මුළුල්ල සංඍෂ්ටියි.

186. මැදහත් නිරිඳු තු ම වන බව අප නොසම සම තෙපලනු කිම වෙනම සිල්ප දුටු විට දැනෙයි ඔබට ම මැදහත්, මධ්ය ස්ථ වූ; නිරිඳුතුම, නරෙන්ද්රොංත්තමය; අප, අස්මතුන්; සම නොසම වන බව, සමාන හෝ අසමාන හෝ වන භාවය; වෙනම, වෙන් වෙන් කොට; තෙපලනු, කථනය කිරිම; කිම, කවර අර්ථයක් පිණිසද? සිල්ව දුටුවිට, ශිල්ප දර්ශනය කළ කල්හි; ඔබමට, ඔබවහන්සේහට ම; දැනෙයි, විඥාත වේ.

සං. 1. ස්වබාවොක්තියි 187. නිරිඳු සඳ එබසට ‍බෝසත්හු මුව තඹරට සිය නෙත් බිඟු විහිට එසඳ පැවසී තෙපුල් මෙලෙස ට නිරිඳු සඳ, නරෙන්ද්ර චන්ද්රඔ තෙම; එබසට, ඒ වචනයට (ඒ වචනය අසා යයි යූසේයි); බෝසත්හු, බොධිසත්ත්වයන්ගේ ; මුවතඹරට, මුඛතාමරසයට; සියනත්, ස්වකිය නෙත්රච නැමති; බිඟු, ශෘංගයන්; විහිට, විඍෂ්ට කොට (මෙහෙයා); එසඳ, එකල්හි; මෙලෙසට, මේ වක්ෂ්යුමාණ ප්රටකාරයෙන්; තෙපුල්, වචනයන්; පැවසී, ප්රතකාශ කළේය.

සං. 1. රූපකයෙන් සංකීර්ණ වූ ස්වභාවොක්තියි 188. නොබා අපවාද ය කෙරෙමියි කියයි වාද ය සො‍ඳේ තොප පෑද ය ඉගැන්න විලස වෙණ වා ද ය අපවාදය, අපකීර්ත්තියට; නොබා, අභිත ව; වාදය, විචාර යුධය; කෙරෙමියි, කරන්නෙමි යයි; කියයි (මේ තෙම) කථනය කෙරේ; තොප, යුෂ්මත්හු;


130ගුත්තිල කාව්යර වර්ණ්නා

පෑදය, ප්ර්සන්න ව; වෙණවාදය, වීණාවදනය; ඉගැන්නූ විලස, උද්ග්රෂහණය කරවූ ආකාරය; සො‍ඳේ. යහපති.

සං. 1. ‍සො‍ඳේ තොප පෑදය. මෙහි ‘සො‍ඳේ’ යනු ව්යාඋජොක්තියි. සං. 2. කාව්යොලිංගයෙන් සංකිර්ණ වූ (49. සං.3) ව්යුජස්තුතියි ව්යායජ ස්තුතියට මෙහි යෙදෙන්නා වු නිදසුන් මෙසේයි. සෙතාත්රාන්ත්රස තෙ මහදිදං ඝන ධර්මරාජ සහාය්යරමර්ජයසි යත් පථිකාන් නිහත්ය (එම්බා මෙඝය! තෙපි පථිකයන් නසා යම රාජයාගේ සභයත්වයට පැමිණෙවූ ද එයින් තොපගේ මේ ස්තුතිය වනාහි මහති)

189. ගුරු වූයෙන් ත මා දැනෙයි මොහු සිප් තරමා එබැවින් නොව පමා කියව පුළුවන්ද1 වෙණ වැයු මා තමා, ආත්මයා හෙවත් තමන්; ගුරුවුයෙන්, ‍(මොහුට) ආචාය්ය්ස වූ හෙයින්; මොහු, මොහුගේ; සිප්තරමා, ශිල්ප ප්ර මාණය; දැනෙයි. තොපට විඥාත ‍වෙයි; එබැවින්, ඒ භාවයෙන්; පමා නොව, ප්රටමාද නොව; කියව, කථනය කරව; වෙණ වැයුමා, (මොහු හා) විණාවාදනය; පුළුවන්ද, ශක්ය; ද?

සං.1. කාව්යොලිංගයෙන් ද හෙතුවෙන් ද සංකිර්ණ වූ ස්වභාවොක්තියි. 190. එබසට නොපැකිලී සිතුවිලි2 දමෙහි3 පැකිලී තෙපලින්4 මනකලී එසඳ බෝසත් මෙසේ තෙප ලී එබසට, ඒ වචනයට; නොපැකිලි, ප්රරස්ඛලිත නොව (පසුබට නො වි); සිතුවිල් දමෙහි, චින්තා නමැති දාමයෙහි; පැකිලී, ප්රඛක්ෂියෙන් ශෘඞ්ඛලිත ව (තරයේ බැඳි - මෙයින් සංවෙගවත් කල්පනාවෙහි ප්රහවෘත්ත බැව් කිහු) මනකලී, මනස්කාන්ත වූ; තෙපලින්, වචනයෙන්; එසඳ එකල්හි; බෝසත්, බෝධිසත්තව තෙමේ; මෙසේ, මේ වක්ස්ය මාණ ප්රිකාරයෙන්; තෙපලී, කථනය කෙළ්යි.

සං. 1. රූපකයෙන් සංඍෂ්ටඑ වූ ස්වබාවොක්තියි


1. පිළිවන්ද - 1 2. සිතවිලි - 1; සිතිවිලි - 5 3. දමෙයි - 1 4. තෙපුලින් - 1 ගුත්තිල කාව්යි වර්ණනනා131

191. ගින්නෙන් නැගුණු1 දු ම් දවත හොත්2 වැද මහදු ම් රම ගිනිකඳ එ දු ම් කුමැයි3 නොදවාද කර4 විහිදුම්5 ගින්නෙන් නැගුණු, වහ්නියෙන් උද්ගත වූ; දුම්, ධුමය; වැද, ප්රේවිෂ්ට ව; මහ දුම්, මහත් ද්රැනමයන්; දවත හොත්, දහනය කරත් හොත්; එම ගිනිකඳ, එම වහ්නිස්කන්ධය තෙම; එදුම්, ඒ ධුමය; විහිදුම්කර, විසර්ජනය කොට හෙවත් ඉවත් කොට; කුමැයි, කිමෙක් ද; නොදවාද, (යථොක්ත ද්රැජමයන්) දහනය නො කෙරේ ද? කෙරේ මැයි. මෙයින් මීට අනතුරු කථනයට දෘෂ්ටාන්ත දැක්වූහූ. ‘එදුම් විහිදුම්කර’ යිය කීමෙන් ශත්රැදපරිහරණය නිරිදෙශ්යක හෙයින් තමන්ගේ අධිකතර කෞශල්ය ය ප්රමතිත කළෝ.

සං. 1. මෙහි වනාහි වහ්නිස්කන්ධයෙන් කථා නායකයා ද, ධුමයෙන් ප්රිතිනායකයා ද, වෘක්ෂදහනයෙන් වීණාවදනය ද, ධුමයෙහි විසර්ජනයෙන් ප්ර තිනායකයාගේ පරිහාරය හෙවත් අභිභවනය ද උපමිතයි. ප්රෙතිනායකයාහට වීණාවාදනය හැකි කල්හි කථානායකයාහට ඔහු අභිභවනය කෙරෙමින් එම වාදනය කළ හැකි බැව් සන්දර්ශිත කළහ. අර්ථාපත්ත්ය ලංකාරයයයි. ඊට නිදසුන් මෙසේ දැක්වූහු. විලලාප ස වාෂ්පගද්දං - සහජාමප්යයපහාය ධිරතාම් අභිතපන්මයෝ’පි මාර්දවං - භජ‍ෙත කෛව කථා ශරිරිණාම් (ඒ අජරාජ තෙම තමහට සහජ වූ ධිරභවය පහකොට කඳුළු සහ ඉකි බිඳිම් සහත ව හැඞි. තැවුනා වු යකඩය ද මෘදුභාවය භජනය කෙරේ, ශාරිරිකයන් ගැන කියනු ම කිම?)

192. වැඳ මගෙ සරණ තල වෙණ සිප් උගත් අඳබල මොහුට6 පුළුවන් කල මෙමට බැරි කිම පුරුදු හැම කල මගෙ, අස්මත්හුගේ; සරණතල, වරණතලය; වැඳ, වන්දනය කොට; වෙණසිප් උගත්, වීණා ශිල්පොද්ග්රලහණය කළා වූ; අඳබල, අන්ධබාල වූ; මොහුට, මෝහට; පුළුවන් කළ, ශක්ය් වූ කල්හි; හැම කල පුරුදු, සියලු කල්හි පරචිත වූ; මෙමට, මේ අස්මත්හට; බැරි, භාර හෙවත් අශක්ය වන්නේ නම්; කිම, කවර හෙයකින් ද? සං. 1. අර්ථාපත්ත්ය ලංකාරයයි. (191. සං.1)

1. නැගෙන - 2 2. දවතහොත - 2 3. කිමැය - 2 4. හළ - 1; ලද- 5 5. මිහිදුම් - 2 6. ඔහුට - 5 132ගුත්තිල කාව්යර වර්ණ නා

සං. 2. මේ පද්යිය මීට පූර්ව පද්ය යත් සමග ගත් කල්හි දෘෂ්ටාන්තාලංකාරයයි. (15.සං. 3.)

193. අතවැසිවද නොදැ මි මොහු හා වාද නොතරමි එතකුදු උවත් හි මි සිල්ප සත්වෙනි දවස දක්වාමි අතවැසිවද, අන්තෙවාසික ව ද; නොදැමි, අදින්ත වූ: මොහු හා, මේ පුඟුලු හා සමග; වාද, විවාද; නොතරමි, ප්ර්මාණ නො වන්නේය; එතකුදු උවත්, එසේ වූ නමුදු; හිමි ස්වාමිනි; සිල්ප, විණාශිල්පය; සත්වෙනි දවස, මින් සප්තම දිනයෙහි; දක්වමි, දර්ශනය කරවන්නෙමි.

සං. 1. එතකුදු උවත් හිම. 159 සං. 1. බලන්න. සං. 2. ශිල්ප සත්වෙනි දවස දක්වමි. 14. සං. 2. බලන්න සං. 3. ස්වභාවොක්තියි. දැන් මූෂිලයාගේ ගුරුද්රොභහයෙන් ජාත වූ උද්වෙග ඇති මහබෝසතාණන් වහන්සේ ඔහු‍ගේ අවගුණය සංලක්ෂණය කෙරෙමින් පශ්චාත්තාපිත වූ බව ද, මොහුගෙන් පරාජිත ව අවමන් නො විඳිමි’ යි සිතා වනගත වූ බව ද, උන්වහන්සේගේ ගුණානුභාවයෙන් ශක්රමදෙවෙන්ද්රුයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුණු වූ බව ද, දක්වන්නාහු ‘ නිරිඳු පද’ යනාදි චතුර්දශ පද්යාාත්මක කුලකය කියත්.

194. නිරිඳු පදනිය රැ ස් පිරිසිදු දියෙන් සිහිලැස් කර මුදුනත’බිසෙ ස් එතර බෝසත් තමා ගෙට ගොස් නිරිඳු, නරෙන්ද්රසයාගේ; පද නිය රැස්, පාද නඛ රශ්මි නැමති; සිහිලැස්, ශිතල වූ; පිරිසිදු දියෙන්, පරිශුද්ධ ජලයෙන්; මුදුනත, මස්තකය (තමා සිරස); අබිසෙස්කර, අබිෂෙක කොට (රාජයා‍ගේ පාදයන් නැමද යයි යූසේයි) ; එතර , එකල්හි; බෝසත්, බෝධිසත්ත්ව තෙමේ; තමා ගෙට ස්වකීය ගෘහයට; ගොස්, ගමනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. රූපකයෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි.

195. වැඳ ගුරුවර සර ණ ඉගෙන වෙණ සිප් අපමණ නොසිතයි කෙළෙහි ගුණ මෙසේ සලකා ඔහුගේ අවගුණ ගුත්තිල කාව්යග වර්ණපනා133

ගුරුවර, ආචාය්ය්ක වරයාගේ; සරණ, චරණය; වැඳ, වන්දනය කොට; අපමණ, අප්රවමාණ වූ; වෙණ සිප්, වීණා ශිල්පය; ඉගෙන, උද්ග්රඳහණය කොට; කෙළෙහි ගුණ කෘතඥ ගුණය; නොසිතයි, චින්තනය නො කෙරේ යයි; ඔහුගෙ, ඒ මූෂිලයාගේ; අවගුණ, අසත්ගුණය; මෙසේ, මේ වක්ෂ්ය මාණ ප්රාකාරයෙන්; සලකා, සංලක්ෂණය කොට - මතු සම්බන්ධයි. කෙසේ සංලක්ෂණය කොට ද යත් -

සං. 1. ස්වභාවොක්තියි. 196. ඔහු සිරුරෙහි නපු රු ලකුණු දැක1 එන උවදුරු දැන දැනම2 අප ගු රු බසින් නොකෙළෙමි4 එදා මොහුදු රු ඔහු සිරුරෙහි, ඔහුගේ ශරීරයෙහි; නපුරු, අනිෂ්ට වූ; ලකුණු, ලක්ෂණයන්: දැක, දර්ශනය කොට: එන, මතු පැමිණෙන්නා වූ; උවදුරු, උපද්රේවයන්; දැන දැනම, ඥනය කෙරෙමින් ම; අප ගුරු බසින්, අප දෙගුරුන්ගේ වචනය කරණ කොට ගෙන; මොහු, මේ දුෂ්ටශිලිහු; එදා, තද්දිනයෙහි (අප කරා එළඹි දිනයෙහි); දුරු නොකෙළෙමි. දුරිභූත නො කෙළෙමි.

සං. 1. ස්වභාවොක්තියි

197. කිසි සිප් නොදත්තහු5 දුරු රට6 සිට පැමිණියහු ලෙස සිය7 පිය සුතහු සොඳයි8 ඇතිකළ නියා9 අප මො හු නිසිසිප්, කවර ශිල්පයකුදු; නොදත්ත්හු, ඥනය නොකළා වූ; දුරු රට සිට, දුර දෙශයකින්; පැමිණියහු, ප්රාොප්ත වූ; මොහු, මේ දුස්ටශිලිහු; සිය පිය සුතහු ලෙස, ස්වකීය ප්රිිය පුත්රියකු මෙන්; අප, අප විසින්; ඇතිකළා නියා, වර්ධිත කළ ප්රුකාරය; සොඳයි, මනොඥ මැයි. සං. 1. උපමායෙන් සංකීර්ණ වු ව්යා;ජස්තුතියි (188. සං.2.)

1. දැන් - 9 2. දැන දැනද - 3 3. දැන දැන අප දෙගුරු - 1 4. නොකළෙමි - 7; නොකළමි - 2 5. නොදන්නහු - 1 6. දුරරට - 3 7. ලෙසතම - 2 8. සො‍ඳේ - 1; සො‍ඳෝ - 1; හොඳයි - 1 9. ‍නිසා - 2 134ගුත්තිල කාව්යේ වර්ණ්නා

198. දියෙහි යන දණ්ඩ ට පිහිටක් වෙතත් පෙරසිට1 දුදනන්හට පිහි ට නෙවව්2 යන බස සැබෑ කෙළෙ ම ට දියෙහි යන, ජලයෙහි යන්නා වූ; දණ්ඩට, කාෂ්ඨයට; පිහටක් වෙතත්, ප්රෙතිෂ්ඨාවක් වත් මුත්; දුදනන්හට, දුර්ජනයන්හට; පිහිට නොවව්, ප්රකතිෂ්ඨා ‍නො වව්යයි; පෙර සිට, පූර්වයෙහි සිට; යන, උව්යපමාන වූ; බස, ආප්ත වචනය; මට අස්මත්හට; සැබෑකෙළෙ. (මේ තෙම) සත්යය කෙළේය.

සං. 1. දියෙහි පාවි යන දණ්ඩ නම් අතිශයින් ලඝු සංඛ්යායවෙහි ගැණෙන් නා වු අවෙතන වූ වස්තුවකි. ඊට යම් පිහිටක් වන ලද්දේ නම් එයින් යම් කෘතඤ භවයක් ජාත නො වේ. කර්තෘහට යම් වැඩක් හෝ අවැඩක් හෝ නො වන්නේම ය. එහෙත් දුර්ජනයාහට පිහිටක් වුව එහි ඵලය ‍එසේ නො වේ. ඔහු කෙරෙහි කෘතඥ භාවය නො ලැබෙනු පමණක් නොව ද්රොවහි භාවය ලැබෙනු ද වේ. එයින් කර්තෘහට වන්නේ අනර්ථය මැයි. එසේ මට අනර්ථය වන පිණිස මොහු විසින් ද්රො හිත්වය පෙන්වන ලදැයි යනු මෙහි භාවයයි. සං. 2. මෙහි කී ආප්ත වචනය මෙසේයි: (ජාතක පාලියෙහි) – සච්චං කිරෙවමාහංසු - නරා එකවචියා ඉධ කට්ඨං විප්ලවිතං සෙ‍ෙය්යාර - න ‍ෙත්වෛකච්චියෝ නරො (‍‍ෙලාක‍ෙයහි සමහර ජන‍ෙයා් තුමු සත්යතයක් මෙසේ කියත්: පාවි යන්නා වු දණ්ඩ තෙම මැනවිය, සමහර ජනයෙක් වුකලි නො මැනවි මැයි) සං. 3‍. (i) මෙහි ආප්තවචනය සන්දර්ශක වු කොට්ඨාසය ප්රෙතීපාලංකාරයි. උපමෙයය විසින් ස්වධර්මතායෙන් උපමානය ප්රචති‍ක්ෂෙප කළ හෙයින්. නිදසුන් මෙසේය: අහමෙව ගුරුඃ සුදාරුණානා - මිති හාලාහල මා ස්ම තාත දෘප්යඃ නනු සන්ති භවාදෘශාන් භූ‍යෝ - භුවනෙ’ස්මන් වචනානා දුරුජනානාම් (එම්බා තාත හලාහල විෂය! මම අතිශයින් දරුණු වුවන්හට ගුරු වෙමියි. දර්පිත නො වෙව. මේ ලොකයෙහි තොපහට සදෘශ වු බොහෝ දේ එනම් දුරුජනයන්ගේ වචන නො මැත්තාහු ද?) (ii) මුළු පද්යේය යථොක්ත ප්රයතිපයෙන් සංකිර්ණ වූ පය්ය්දුරයොක්තාලංකාර යයි. දුරුජනයන්ගේ ද්රොතහිත්වදර්ශනය නියත බැව් හංගියෙන් කී හෙයිනි. (5. සං. 2)


1. හැමවිට - 1 2. නොවයි - 2; නොවෙයි - 9 ගුත්තිල කාව්ය වර්ණේනා135

199. කොපමණ1 ගුණ කළ ත් දුදනෝ නොවෙති යහප ත් කිරිදයෙනි2 දෙවිය ත් අඟුරු සුදුවන3 ‍කලෙක් නම් නැත් ‍කොපමණ ගුණ, කතමප්රෙමාණ වූ උපකාර හෝ; කළත්, කරන ලද නමුත්; දුදනෝ. දුර්ජනයෝ තුමු; යහපත් නොවෙති, (කෘතඥ) සාධුහු නො වෙත්; (ඒ ‍එසේ මැයි) කිරිදියෙනි, ක්ෂිරොදකයෙන්; දෙවියත් ධොවනය කරන ලද්දේ නමුදු; අඟුරු, අංගාරය; සුදුවන කලෙක් නම්, ශ්වෙතවර්ණ වන්නා වූ කාලයෙක් නම්; නැත්, නොමැත්තේ මැයි. සං. 1. අවඥලංකාරයයි. ඊට නිදසුන් මෙසේයි: නිෂණාතො’පි ව වෙචනෙත - වෛරාග්යංි නෛති දුර්ජනඃ චිරං ජලනිධෞ මගෙනා - මෛනාක ඉව මාර්දවම් (වෙදන්තයෙහි ප්ර වීණතර වූයේ ද දුර්ජන තෙමේ විරාගභාවයට නො පැමිණේ. චිරකල් සාගරයෙහි ගැලිසිටියා වූ මෛනාක පර්වතය තෙමේ යම් සේ මෘදු භායට නො පැමි‍ණියේ ද එමෙනි)

200. දුරුකර හිරි ඔතප් පෙන්විය4 දුදන ගුණ ගැප් මොහුට අප දුන් සිප් පෙවු කිරි වැන්න විසගොර ස ප් හිරි, ශ්රිොය (ලජ්ජාව) හා; ඔතප්, අපත්රලපාව (පාපභය); දුරුකර, දූර්භූත ‍කොට; ගැප්, ගර්හිත වූ (ඇතුළත් හි වූ) ; දුදන ගුණ, දුර්ජන ගුණය; පෙන්විය, දර්ශනය කරවිය; මොහුට, මේ පුඟුලුහට; අප දුන්, අස්මද්දත්ත වූ; සිප්, ශිල්පය තෙම; වසගොර සිප්, විෂඝොර සර්පයකුහට; පෙවූ, පානය කරවන ලද; කිරි වැන්න; ක්ෂිරරය මෙනි. සං. 1. උපම‍ායෙන් සංකීර්ණ වූ විෂමාලංකාරයයි (201. සං.1)

201. නුවණ නොසියුම් ම ට ගෙන ගියෙම සිප් නිම්ම ට මා කළ නොදැන්5 ම ට යෙදේ6 මු7 කරන දේ8 දන්5 මට 1. කෙපමණ - 9 2. කිරිදියෙහි - 10 3. සුදුවෙන - 4 4. පෙන්වි - 1 5. දම් - කිප 6. සොදේ - 6 7. මොහු - 2 8. දෑ - 1 136ගුත්තිල කාව්යය වර්ණනනා

නුවණ, ඥනයෙන් ; නොසියුම්, අසූක්ෂ්ම වූ; මට, කුණ්ඨ වුවහු (දග්ධ තැනැත්තහු); සිප් නිම්මට, ශිල්පයාගේ නිෂ්ඨාවට (කෙළවරට); ගෙන ගියෙමි, ආනනයනය කෙළෙම්; මා කළ, අස්මත් කෘත වූ; නොදැන්මට, අඥාන ක්රි යාවට; දැන්, මේ කල්හි; මට, අස්මත්හට; මූ කරන දේ, මොහු කරන ක්රාටයා තොමෝ; යෙදේ, යොග්ය් වේ (විපාක වශයෙන් සුදුසු වේ මැයි).

සං. 1. විෂමාලංකාරයයි. එහි ලක්ෂණ මෙ‍සේ කියනලදි. යත් කර්තෘ කෙවලමහිෂ්ටං තත් එලම් න ලහෙත්, යාවදප්රා‍ර්ථිතමප්යකනර්ථං විෂයමා සාදයෙත් ස විෂමඃ. මෙහි අදහස මෙසේයි:- ඉදින් කර්තෘ තෙම තමා විසින් යම් ඵලයක් අභිෂ්ට ද එය නො ලබනු පමණක් නොව තමා විසින් ප්රා ර්ථිත නුවු අනර්ථයෙන් යුත් විෂයකට පැමිණේ ද, හේ වනාහි විෂමාලංකාරයයි. ඊට නිදසුන් මෙසේ දැක්වූහූ: දූරිකර්තුං ප්රි යං බාලා - පද්මෙනාතාඩයද්රැැෂා ස බාණෙන භතසෙත්ත - තාමාශු පරිෂස්වජෙ (බාලිකා තොමෝ ස්වකිය ප්රෙලමාන්විතයා දුරු කරනු පිණිස පද්මයකින් කොපයෙන් තැළි. හේ තෙමේ ඒ අනංග ශරයෙන් පහරන ලද්දේ වහා ඇය සිපගත).

202. බලව දැන් වූ දේ ඉගෙන අප දන්වූදේ කෙරෙමි යෙයි1 වාදේ මෙසෙවු අයටත් සිල්ප සෑ දේ දැන්, මේ සමයෙහි; වු, සිද්ධ වූ; දේ, සිද්ධිය (ආශ්චය්ය්ටංයය); බලව, අවලොකනය කරව්; අප, අස්මත්හු විසින්; දැන්වු, උපදිෂ්ට වූ; දේ, දැය; ඉගෙන, උද්ග්රයහණය කොට; වාදේ කෙරෙමි, විවාදය කෙරෙම් යයි; යෙයි, කියයි; මෙසෙවු, මේ උක්තස්වභාව ඇති; අයටත්, ජනයන්හටත්; සිල්ප, ශිල්පය තෙම, සෑදේ. සිද්ධ වේ. අ‍ඇඳෝමයි!

සං. 1. විෂමාලංකාරයයි. ඊට මෙහි යෙදෙන්නා වු ලක්ෂණ මෙසේයි. ‘සත්යශපි කාය්ය්ය ස්යා කාරණරූපානුකාරෙ යත් තයොර් ගුණෞ ක්රිලයෙ ච පරස්පරවිරුද්ධතාං ව්රයජතඃ ස විෂමඃ’ මෙහි අදහස මෙසේය:- කාය්ය්ඃ යා කෙරෙහි කාරණයාගේ අනුරූපත්වය ඇත්තේ වී නමුදු ඔවුන්ගේ ගුණ දෙදෙනා හා ක්රිණයා‍වන් දෙදෙනා ද වෙන වෙනම අන්යොේන්ය් විරුද්ධභාවය භජනය කෙරෙත් ද හේ වනාහි විෂමාලංකාරයයි. ඊට නිදසුන් මෙසේ දැක්වූහූ: සද්යඃද කරස්පශිමවාප්ය: චිත්රං - රණෙ රණෙ සය්යර කෘපාණලෙඛා තමාලනීලා ශරදිනදුපාණ්ඩු - යශස්ත්රි ලොකාභරණං පුසුතෙ

1. යයි - 5 ගුත්තිල කාව්යන වර්ණ්නා137

(යම් රජක්හුගේ ඛඩ්ගලතා තොමෝ තමාලය සේ නිගවර්ණ වූවා යුදයෙහි යුදයෙහි ඔහුගේ හස්ත ස්පර්ශය ලැබ අහෝ ආශ්චය්ය්ම යකි! ශරච්චන්ද්රුයා සේ ධවල වූ ත්රිේලොකාභරණ වූ කීර්තිය ප්ර්සූත කෙරේ ද- ) 203. උගත1 සිප් සොඳ සේ සිටිය බලවත් වය සේ මට මහලු වය සේ බැරිය වෙණ ගායනා පෙරසේ සිප්, ශිල්පය; සොදසේ, මනා සේ; උගත, උද්ග්ර හණය කෙළේය; බලවත්, ශක්තිසම්පන්න වූ; වයසේ, ශරීරාවස්ථයෙහි; සිටිය, ස්ථිත විය (මේ තෙමේ යනු අධ්යාසහාරයි); මට, අස්මත්හට; මහලු ව‍යසේ, මේ වෘද්ධාවස්ථායෙහි; පෙරසේ, පූර්වයෙහි මෙන්; වෙණගායනා, වීණාවාදනය, බැරිය, භාරයි (අශක්යේය යීසේයි). සං. 1. මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙර සේ සප්තමි (ආධාර) විභක්තියෙහි ‍හෙත්වර්ථය ද ඇති බැව් ඡෙකප්රුයොගයෙහි පෙනේ. එසේ ගත් කල මෙහි අර්ථය: මට, අස්මත්හට; මහලු වය‍සේ, වෘද්ධාවස්ථාව බැවින්; පෙරසේ, පූර්වයෙහි මෙන්; යනාදි වේ. බුදුගුණ අලංකාරයහි ; පුතුහට සෙනෙහසේ පසව ඉවසන මවසේ යන තන්හි ‘සෙනෙහසේ’ යනු හෙත්වර්ථයෙහි වූ මෙනි. සැලලිහිණි සන්දේශයෙහි: රිවිතැවුලේ පිපිකමලේ විල් ගැවසි මත කොවුලේ තුරු වදලේ හඞන නි සි එසේම උපලක්ෂණාර්ථයෙහි ද සප්තම් විභක්තිය කිසි තැනෙක පෙනේ.මෙ කවෙහි ම: දි ය ත ‍සතන් මන බැඳි වැදි සහසේ කිය ත නොයෙක් විරුදිවලි සතො සේ - නවතා ගිගිරියේ අසන ලෙස සිති පිරි යේ යනු උදාහරණයි. සං. 2. විරොධාලංකාරයෙන් සංකිර්ණ වූ හෙතවලංකාරයයි. හෙත්වලංකාරයට මෙහි යෙදෙන්නා වු නිදසුන් මෙසේය. ගතඃ කාමකථොනමාදො - ගලිතො යෞවනජ්වරඃ ග‍තො මොහශ්ව්යු-තා තෘෂ්ණා - කෘතං පූණ්යාටශ්රෙමෙ මනම් (කා කථායෙහි උන්මාදය හෙවත් දෘඪ ආශාව විගතය, යෞවන නැමති ජ්වරය විගලිතිය, මොහය විධ්වස්තය, තෘෂ්ණාව ව්යු තය, එයන් චිත්තය තෙම පුණ්යාවශ්රැමයෙහි හෙවත් තපොභූමියෙහි පිහිටුවන ලද්දේය)

1. උගති - 3 138ගුත්තිල කාව්යි වර්ණශනා

204. ම වෙණ අස මා න ය

ඉන් කෙළෙමි පෙර මා න ය

දැන් මට ස මා න ය

ඉතින් විඳ කිම්ද අවමා න ය

වෙණ, වීණා (වාදන) යෙන්; ම, මාගේ හෝ මාහට; අසමානය, සමානයෙක් නොමැති වී; ඉන්, එහෙයින්; පූර්වයෙහි; මානය කෙළෙමි, අභිමානය කෙළෙම්; දැන්, දැන් වූකලි; මට, අස්මත්හට; සමානය, සම වුවෙක් ඇත්තේය; ඉතින්, එසේ වු කල; අවමානය විඳ, අපකීර්තිය වින්දනය කොට (හිඳිමෙන්); කිම්ද, ඵල කවරේද ? සං. 1. අපකීර්ති වින්දනය අර්ථ රහිතය යනු මෙහි අභිප්රානයයි. ඒ අභිප්රා යය නිරුද්ධ ‍කොට හෙවත් නො කියා හැරිමෙන් වඩා විචිත්ර් සේ හඟවන ලදින් මේ වනාහි ආක්ෂෙපාලංකාරයයි. කියන ලද මැයි - “ නිෂෙධශවාරුරා‍ ක්ෂෙපඃ “ යි (ම‍නොඥ වූ නිෂෙධය තෙම ආ‍ක්ෂෙයයි.) ඊට මෙහි යෙදෙන්නා වූ නිදසුන් මෙසේයි: අහං ත්වා යදි නෙ‍ෙක්‍න්ය - ක්ෂවනමප්යුළතසුකා තතඃ ඉයදෙවා ‘ස්ත්ව‍’ තො න්යෙහන - කිමුකෙතනාප්රියයෙණ තෙ (ඉදින් මම ක්ෂසණයකුදු තොප නො දක්නෙම් ද එයින් විත්තොද්විග්න වෙම්. එය ම ප්රෙමාණ වේවා. ඉන් අන්යකතර වූ තොපගේ මේ අප්රිවය වඩනයෙන් කිම් කිම?)

205. අතවැසිව සිටි ම ට මොහුගෙන්3 වන නිසරුවට නොපැමින පළමුකොට ගමන යෙහෙකැයි සිතා වනයට මට, අස්මත්හට; අතවැසිව සිටි, අන්තෙවිසික ව සිටියා වූ; මොහුගෙන්, මේ තැනැත්තහුගෙන්; වන, වන්නා වු; නැසරුවට, අගෞරවයට; නොපැමිණ, අප්රා්ප්ත ව; පළමුකොට, ඊට ප්රගථමයෙන්; වනයට, අරණ්යිට; ගමන, ප්රසයාණය; යෙහෙකැයි, යහපතෙකැයි; සිතා, චින්තනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. ගමන යෙහෙකැයි සිතා වනයට 194 වෙනි කවෙහි’ එතර බෝසත් තමා ගෙට ගොස්’ යන්නෙන් ආරම්ධ ව 195 වෙනි කවෙහි ‘මෙසේ සලකා ඔහුගේ අවගුණ’ යන්නෙන් පසු අවගුන සංලක්ෂණ වහයෙන් විචිඡින්න වූ වාක්යසය දැන් මෙහි ‘ගමන යෙහෙකැයි සිතා’ යනිනෙන් ප්රෙත්යාවරබ්ධ කළෝ.

1. මවෙත - 3 2. වන - 3 3. මුගෙන් - 3

ගුත්තිල කාව්ය් වර්ණරනා139

සං. 2. ස්වභාවොක්තියි

206. නික්ම පුරයෙන් සෙද එපුරට නුදුරු වන මැද ගනසා මඞුලු බ ද සිහිල් සෙවණැති රුකක් මුල සො ඳ1 පුරයෙන්, නගරයෙන්; සෙද, වහා; නික්ම, නිෂ්ක්රාවන්ත ව; එපුරට, ඒ නගරයට; නුදුටු, අවිදුර වූ; වන මැද, අරණ්ය මධ්යවයෙහි; ගනසා මඞුලු, ඝන ශාඛා මණ්ඩලයෙන්; බද, බද්ධ වූ(සංජන්ත වු); සොඳ, සුන්දර වු; සිහිල් සෙවණැති, ශිතච්ඡායා ඇති; රුකක් මුල, වෘක්ෂයක්හුගේ මූලයෙහි හෙවත් සමිපයෙහි - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි.

207. උන්සඳ තැවි තැ වී ඔහු ගුණ තෙදින් මැනවී මෙර මුදුනත2 හි වී සුරිඳු පඞුපුල් අස්න උණු3 වී තැවි තැවි, (පශ්චාත්තාපයෙන්) තප්ත වෙමින්; උන්සඳ, උපවිෂ්ට වූ කල්හි; ඔහු, ඒ පඬිහු‍ගේ; මැනවි, මනොඥ වූ; ගුණ තෙදින්, ගුණානුභාවයෙන්; හිවි, උස් වූ; මෙරමුදුනත, මෙරු මස්තකයෙහි (වු); සුරුඳු, (ශක්ර,) දෙවෙන්ද්රයයා‍ගේ; පුඞුපුල් අස්න, පාණ්ඩුකම්බල ශෛලාසනය; උණු වි, උෂ්ණ වී.

සං. 1. 194 වෙනි ක‍වෙහි ‘නිරිඳු පදනිය රැස්’ යන්නෙන් ආරබ්ධ වූ චතුර්දශ පද්යාතත්මක කුලක කාව්යෛය මෙහි ‘උණු වී’ යන්නෙන් අවසාන වී. ‘නිරිඳු පද වැඳ බොසත් තමා ගෙට ගොස් මෙසේ (එනම් 196 වෙනි කිවෙහි සිට 204 කව අවසන් කොට දක්වන ලද සේ) ඔහු‍ගේ අවගුණ සංලක්ෂණය කොට වනයට ගමන යෙහෙකැයි සිතා පුරයෙන් නික්ම වනමැද සිහිල් සෙවණැති රුකක් මුල තැවි තැවි උන්සඳ සුරිඳු පඞුපුල් අස්න උණු වී’ යනු මේ කුලක කාව්යියෙන් උව්යඳමාන වූ සංක්ෂෙප වාක්යදයයි. සං 2. ස්වභාවොක්තියි. ශක්රුදෙවෙන්ද්රවයා තමන් ආසනය උෂ්ණාකාර දැක් වූ බැවින් කිමෙක්දෝහෝ යි ලොකය බලා වනවන් මහ බොසතාණන් දැක ඔවුන් වෙත පැමිණ කරුණු විචාරා මූෂිලයා ‍දිනනු පිණස උපදෙස් දී ගුටිකා ත්රකයක් දානය කෙට ගිය බැව් දක්වන්නාහු ‘සිහිල් සැප’ යනාදි කව් කියත්.

1. ඉඳ - 6 2. මුදුනතෙ - 6 3. හුණ - 1 140ගුත්තිල කාව්ය වර්ණදනා

208. සිහිල් සැප පහ සි න් සිත තොස වඩන වෙසෙසි න් එ අසුන්1 ඒ2 ලෙසි න් වන්ට3 කාරණ බලා දිව4සින් සිහිල්, ශිශිර වූ; සැප පහසින්, සුඛ ස්පර්ශයෙන්; වෙසෙසින්, විශෙෂයෙන්; සිත තොස, චිත්ත සන්තොෂය; වඩන, වර්ධනය කරන්නා වු; එ අසුන්, ඒ ආසනය; ඒ ලෙසින් වන්ට, තදාකාරයෙන් යුක්ත විමට; කරණා, ‍‍ෙහතුව; දිවසින්, දිව්යවචක්ෂුසින්; බලා, අවලොකනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි. 209. වග වලසුන් නොයෙක හසරින් නොවි බිය සැක සිත සතොසින් වැළක එසේ උන්5 බෝසතාණන් දැක නොයෙක, අනෙක වු; වග වලසුන්, ව්යමඝ්රඅයන් හා හල්ලුකයන්ගේ; හසරන්, සංචාරයෙන්; බිය සැක නොවි, භය ශංකිත නො ව; සිත සතොසින් වැළක, චිත්ත සන්තොෂයෙන් නිවෘත්ත ව; හෙවත් වර්ජිත ව; එසේ, උක්තාකාරයෙන් (සන්තප්ත ව යිසේයි); උණ්, උපවිෂ්ට වූ; බෝසතාණන්, බොධිසත්ත්වයන් වහන්සේ; දැක, දර්ශනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තයි. 210. සක් සුරලොවිනැ’විත් සැපමිණ6 බොසතුන් වෙත් එ වනමැද සහස ත් තනිව උන් කාරණා පිළිවත් සක්, ශක්රබ දෙවෙන්ද්රශ තෙමේ; සුරලොවින්; දිව්යකලොකයෙන්; ඇවිත්, ආගමනය කොට; බොසතුන් වෙත්, බොධිසත්ත්වයන් කරා; සැපමිණ, සම්ප්රාරප්ත ව; මහසත්, මහා සත්ත්වයන් වහන්සේ. තනිව, එකාකි ව(හුදකාල ව); එ වනමැද, ඒ වනාන්තරයෙහි; උන්, උපවිෂ්ට වූ; කාරණා. හෙතුව; පිළවිත්, ප්රනතිප්රවච්ඡනය ක‍ළේයි.

සං. 1. තනිව උන් කාරණා පිළිවිත්

1. එහසුන් - 1 2. මේ - 2 3. වන්ඩ - 1 4. දිවැසින් - 1. (දෙවනු) 5. වු - 2 6. සපැමිණ - 11. (සැලකියුතු) ගුත්තිල කාව්යණ වර්ණ්නා141

මෙහි ‘කාරණා’ යනු ‘කාරණ’ යන තන්හි අන්තස්වරයාගේ වෘද්ධියෙන් සිද්ධයි. ‘ගායන’ යනු ‘ගායනා’ වූ මෙනි.

සං. 2. ස්වභාවොක්තියි. 211. ඇසු එතෙපුල් සොඳ බෝසතු1 විසින් මනනද තෙපලන අප සස ඳ මෙ තෙපි2 කවරෙක් දැයි ඇසූ ස ඳ3 ‍සොඳ, සුන්දර වූ; එතෙපුල්, ඒ වචනයන්; ඇසු, ශ්රයවණය කළා වූ; බෝසතු විසින්, බොධිසත්තවයන් විසින්; මනනද, (එම්බා) මනොනන්දනය; අප සසඳ, අප හා සංසක්ත ව(එක් ව); තෙපලන කථනය කරන්නා වූ; මේ තෙපි, මේ යුෂ්මත්හු; කවරෙක් දැයි. කිනම් තැනැත්තේක් දැයි; ඇසූ සඳ, ප්ර්ච්ඡනා කළ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි. 212. ‍දහසක් දිවස්4 ඇ ති දෙදෙව්ලොවටම5 අදිපති මට ඉඳුරු දික් ප ති ‍දනෝ සක්දෙවිඳු යයි පවසති දිවස්, දිව්ය චක්ෂුසයන්; දහසක්, සහස්ර යක්; ඇති, ඇත්තා වූ; දෙදෙව් ලොවටම, (චාතුරුමහාරාජිකය, ත්රමයස්ත්රිංහශත්ය යන) දිව්ය ලොකදවයට ම; අදිපති,ඊශ්වර වූ; ඉඳුරු දික් පති, පූර්ව දිශාධපති වු: මට, අසමත්හට; දනෝ, ජනයෝ ත‍ුමු; සක්දෙවිඳුයයි, ශක්රර දෙවෙන්ද්රව යයි; පවසති, අවක්ෂණය කෙරෙත්.

සං. 1. මට ඉඳ‍ුරු දික්පති දනො සක්දෙවිඳු යයි පවස ති ශක්රත ‍දෙවෙන්ද්රරයාගේ විශිෂ්ට නාමය නම් ඉන්ද්රර නමි. හේ තෙමේ ප්රාඅචීන දිශාවට අධිපත් වෙයි. ඉන්ද්රදයා අධිපති වූ දිශාව මෝය යන අර්ථයෙන් ඒ දිශාවට ‘ ඉන්ද්රසදික්’ යයි ද ‍නම් වැටේ. ඉන්ද්ර තෙමේ මනුෂයවර්ගයාහට බො‍හෝ හිතවත් වූ ඉෂ්ට දෙවතාවකි. ඔහුගේ භවනය මහාමෙරු වර්වත මස්තකයෙහි වෙයි. යම් සජ්ජන කෙනෙකුන්හට අසජ්ජන කෙනෙනුන්ගෙන් විපත් පැමිණෙන්නේ ද එකල


1. බෝසත් - 2 2. මෙතොප - හැම. (චින්ත්යජයි) 3. මෙ තොප කවුදැයි කියා කීසඳ - 5 4. නුවන් - 1 5. ‍ලොවකට - 1 142ගුත්තිල කාව්යි වර්ණලනා

ඒ අසජ්ජනයා මැඩ සජ්ජනයාහට අභය ගෙනදිම සක්දෙවිඳුගේ විශ්ෂ්ට ගුණාංගයකි. මේ ගුණාංගය දැක්විම පිණිස ඔහුගේ පාණ්ඩුකම්බල නම් ශෛලාසනය ද ඕහට ඉවහල් වෙයි. මේ ආසනය වනාහි ප්රුකෘති වශයෙන් සිහිල් සුවපහස් ගුණයෙන් සමුපෙත වෙයි. යම් පින්වතකුහට විපතක් පැමිණෙන්නේ ද එකල එම සිහිල් ගුණය වර්ජිත කොට උෂ්ණාභාවයට පැමිණෙයි. මේ ලකුණෙන් සක්දෙව්රජ තෙමේ දිවස් යොමා මිනිස්ලොව බලන්නේය. මේ ශක්රවදෙවෙන්ද්රණයා චාතුර්මහාරාජිකය ත්රමයස්ත්රිංසශත්ය යන දෙදෙව් ලොවෙහි සියලු දෙවියන් අතුරෙහි අධිපතිකම් කෙරෙයි. එබැවින් ඕහට දෙව‍රාජ යන නාමය ගෞරවාර්ථයෙන් පමණක් නො ව අන්වර්ථයෙන් ද යෙදේ. සමස්ත දිව්ය් ගණයා අතුරෙන් ශක්ර දෙවෙන්ද්රථ තෙමේ අතිශයාලංකාර ලිලාවෙන් හා කිර්තිමත් ස්වභාවයකින් විරාජිත ව වාසය‍ කෙරේ. අපමණ දෙවයන් ‍හා දෙවඟනන් පිරිවරා සැණකෙළි උයන්කෙළි ආදියෙහි නොයෙක් විට යෙදි චිතතප්රමමොදයට පැමිණේ. කිසිවිටෙක ශක්රහයා දෙව්පිරිස් පිරිවරා අසුරයන් හා යුදයට ද එළඹෙයි. එසේ එළඹියා වු බො‍හෝවිට ඔහුට ජය ලැබේ. කිසිවිටෙක පරාජය ද ලැබි හෙතෙම පලායෙයි. වෙපවිත්ති නම් අසුර රාජයාගේ දුහිතෘ වු නෙත්සිත් පිණවන රූපශ්රිෙසම්බාරයෙන් ශොභාමත් වු සුජාතා නම් අසුර කන්යා ව මේ තෙමේ අත්පත් කොට ගෙන තමහට විරොධි ව ආවා වූ අසුරයන් පරදවා සුරපුරයට හැරගෙන ගියේය. කුසජාතක කාව්යියෙහි. අමර වරණිඳු නැඟි සුරසෙන් පිරිවරා පෙර සුරන් ජයගෙන පවර රුසිරැති සුජාතිවන් රැගෙන සුරපුරවන් සුරිඳ‍ු මෙන යනුවෙන් සඳහන් වුයේ මේ ප්රැවෘත්තියයි.

සියලු පෞර්ණමාය (පසළොස්වක්) දිනයන්හි සක්දෙවිඳු තෙම සුධර්මා නම් වු තම දිව්ය සභාවට පැමිණ සියලු මහෙශාඛ්යය දෙවියන් විසින් පිරිවරන ලදුව මිනිස් ‍ලොව සියලු සත්ත්වයන් විසින් කරන ලද කුශලාකුශල කර්මයන් ගණන් ගන්නේය. මේ සභාවට ධෘතරාෂ්ට්රව, විරූඪ, විරූපාක්ෂ, වෛශ්රපවණ යන සතර වරම් දෙවයෝ ද පැමිණ තම තමන්ගේ පොත්හි සටහන් කොට ගෙනෙන ලද ඒ ඒ කර්මයන් පෙන්වා සිටිත්. මෙයින් ධෘතරාෂ්ට්ර් නම් වරම් දෙවි තෙමේ ගන්ධර්ව නම් දෙව නිකායයට අධිපති වුයේ සක්දෙවිඳුහට දෙවැනි ව පූර්ව දිශාව පාලනය කෙරෙයි. විරූඪ නම් වරම් දෙවි තෙමේ කුම්බාණ්ඩ නම් දෙව විශෙෂයට අධිපති වූයේ දක්ෂිණ දිශාව පාලනය කෙරෙයි. විරූපාක්ෂ නම් ‍වරම් දෙව් තෙමේ දිව්යානාගයන්ට අධිපති වූයේ පශ්චිම දිශාව පාලනය කෙරෙයි. වෛශ්ර වණ නම් දෙවි තෙමේ යක්ෂයන්ට අධිපති වූයේ උත්තර දිශාව පාලනය කෙරෙයි. මෙසේ ශක්ර යාට මෙහෙ කරන්නා වූ සතර වරම් දෙවියන් සත්ත්වයන් විසින් කරන ලද ක්රි යාවන්ගේ සටහන් සභාවට පෙන්වා සිටි කල සභගත දෙවියෝ පළමුකොට අකුශල ක්රි්යාවන් බලා බො‍හෝ වූ හෘදය ශොකයට පැමිණ රොදනය කෙරෙත්. ඉන්පසු කුශල ක්රිහයාවන් බලා අප්ර මිත සන්තුෂ්ටියට

ගුත්තිල කාව්යට වර්ණුනා143

පැමිණ නැවත නැවතත් සාධුකාර පවත්වති. සක්දෙව් රජ ද තමන් ආරූඪ වු ආසනයෙන් නැහි සිට තුන්ගව්වක් උස් වූ තමන්ගේ මණිමය කිරිටය පලන් හිස නමා ඒ කුශල කර්මයන් කළා වු සාධුජනයාහට ආචාර කෙරේ. මෙසේ සක්දෙව් රජ අත්යුයත්තම වූ විශිෂ්ට සත්පුරුෂ ගුණාංගයන්ගෙන් යුක්ත වුවත් පෘථග්ජන හෙයින් රාග දෙවෂාදි කෙලශයන්ගෙන් තොර නුවුවෙකි. මේ තෙමේ බලවත් සේ තපස් රක්නවුන්හට භය ව අප්සරාවන් යවා ඔවුන්ගේ ශිලභෙදය කරවයි.

ශක්රපයාගේ වාසභුමි වු රාජධානි තොමෝ අමරාවති නමි. ඔහු‍ගේ ප්රානසාදය වෛජයන්ත නමි. උද්යාානය නන්දන නමි. පාරිජාත මන්දාරාදි පංචවර්ගික දිව්ය්වෘක්ෂයෝ මේ උද්යඋනයෙහි ඇත්තාහ. ශක්ර.යාගේ රථය ද වෛජයන්ත නමි. රියැදුරු මාතලි නමි. ඔහු‍ුගේ හස්ති තෙම ‍‍ඓරාවත (හෙවත් ඓරාවණ) නමි. එද එක් දිව්යුපුත්රයයෙකි. අශ්ව තෙම උච්වෛඃශ්ර වස් නමි. දෙව්දුන්න ශක්රරයගේ චාපයයි. එබැවින් ඊට ‘ඉන්ද්රාෝයුධ’ ‘ඉන්ද්ර ධනුස්’ ආදි නම් යොදත්. ශක්රරයා අතෙහි ‘වජ්රානයුධ’ නම් අවියක් ඇත්තේය. මෙ වනාහි චක්රානකාර වූ අතිශය බලසම්පන්න වූ ආයුධයකි. මේ ආය‍ුධයෙන් සිදුරු කළ නොහැකි වු වස්තුවෙක් නම් ත්රියශුවනයෙහි නො මැත්තේ ල. මේ ආයුධය යම් වස්තුවක් වෙත ගසන කල භ්රතමණය කොට ගසනු ලැබේ. එවිට එහි භ්රආමණ වේගයෙන් ගිනිදැල් නික්ම විද්යු්ල්ලතා ඇති වෙත්. ආකාශධාතුව කැලඹිමෙන් සෙනහඞ ද අටගනි. එම වෙගය කරණකොටගෙන ආයුධයාගේ ප්රලහාරය ද සෙනපහර සේ වදින්නේය. ශක්රෙයාහට නෙත්රා සහස්රරයක් ඇත්තේය. ඒ අර්ථයෙන් ඕහට සහස්නෙත් යනු ද නමකි. සං. 2. පරිකරාලංකාර‍යයි. එහි ලක්ෂණ මෙසේ කිහ. උක්තිර්විශෙෂණෛඃ සාහි - ප්රා‍යෛඃ පරිකරො මතඃ (අභාප්රාෂය සහිත වූ විශෙෂණයන්ගෙන් යුක්ත කොට කිම පරිකර යයි දක්නා ලදි.)

ඊට නිදසුන් මෙසේයි: විජරාජ කලාධාර - විශ්වතාපනාවාරණ කථං මාමබලාං ක්රෑිරෛඃ - කරෛදහසි නිදිය (කලාධාර වූ සියලු සන්තාපය නිවාරණය කරන්නා ව‍ු කාරකා රාජය එම්බා දයාශිනය! දුර්වල වු මා ක්රෑරර රශ්මින්ගෙන් කෙසේ දහනය කෙරෙහි?)

ප්රශස්තුන ස්ථානයෙහි විශෙෂණයන්ගේ අභිප්රාරය නම් ශක්රනදෙවෙන්ද්රියා සහස්ර නෙත්රන හෙතුයෙන්තමා කථානායකයා‍ගේ සන්තප්තභාවය දර්ශනය කල බව ද, දිව්යාිධිපති ව මහානුභවසම්පන්න හෙයින් කථානායකයාගේ එම ව්යදවසනයෙහි දි පිහිට විම තමාහට හැකි බව ද ප්රනතිත කරවිමයි. 217 වැනි කව ද බලන්න.


144ගුත්තිල කාව්යත වර්ණඑනා

213. මෙලෙසින් පුරඳ රා කී බස් අසා සොඳු රා සිත සතොසින් පු රා කීය මෙ බස් එ අප ඇදුරා මෙලෙසින්, උක්තප්රවකාරයෙන්; පුරඳරා කී, පුරන්දරයා විසින් කථනය කරන ලද; ‍සොඳුරා, සුන්දර වූ; බස්, වචනයන්; අසා, ශ්රමවණය කොට; සිත, චිත්තය; සතොසින්, සන්තොෂයෙන්; පුරා, පූර්ණ කොට; එ අප ඇදුරා, ඒ අස්මදීයාචාය්ය ර්‍ තෙමේ; මේ බස්, මේ නිර්දෙශ්යස වචනයන්; කීය, කථනය කෙළේයි.

සං. 1. ස්වභාවොක්තියි. 214. අවගුණයට පිවි සි නර රකුසකු ලෙසින් දිසි කළ කුණ නොදත් කිසි පවිටු දුදනක කෙළෙමි අතවැසි අවගුණයට, අසද්ගුණයට; පිවිසි, ප්රොවිෂ්ට වූ. නර රකුසකු ලෙසින්, නර රාක්ෂයකුගේ විලාසයෙන්; දිසි, දෘහයමාන වූ; කළ ගුණ, කෘතොපකාර ගුණය; කිසි, අල්පමාත්ර යකුදු; නොදත්, ඥනය නො කළා වු; පව්ටු, පාපිෂ්ඨ වූ; දුදනකු, දුරුජනයකු; අතවැසි කෙළෙමි, අන්තෙවිසාක කෙළෙමි.

සං. 1. ද්විතිය පාදයෙහි උපමායෙන් සංඍෂ්ට වූ පරිකරාලංකාරයයි (212. සං.2) 215. ඔහු මවෙත රඳ වා දුනිම් වෙණසිප් සො‍ඳ වා එතෙම දැන් තද වා වාද කෙරෙමියි මෙමා කැ ඳ වා ඔහු, ඒ දුර්ජනයා; මවෙත, අස්මත් සමිපයෙහි; රඳවා, නිවාසභුත කරවා; සොඳවා, මනා සේ: වෙණසිප්, වීණාශිල්පය; දුනිමි, (ඕහට) දානය කෙළෙම්; දැන්, ඉදං කාලයෙහි; එ තෙම, ඒ දුර්ජන තෙමේ; වාදකෙරෙම්යි, විවාද කෙරෙම්යයි(කියා); මෙමා, මේ අස්මත්හු; තදවා, සතබ්ධ සේ; කැඳවා, ආහ්වානය කෙරේ.

සං. 1. දුනිමි වෙණසිප් සොඳවා සොඳ යයි සිටි ගුණ වචනයට ව යන නිපාතය යෙදිමෙන් ‍සොඳව යන ක්රි යා විශෙෂණය නිෂ්පාදිත වූ කල්හි වකාරස්ථ ස්වරායාගේ මාත්රා වෘද්ධිය කිරිමෙන් ‍සොඳවා යයි සිද්ධියි. තෙවන පාදයෙහි තදවා යන‍ු ද මෙසේ මැයි. ඡන්දස් හෙතුයෙනි.


ගුත්තිල කාව්යූ වර්ණහනා 145

සං. 2. ස්වභාවොක්තියි 216. අගමුල නොවිම සා දුනිමි වෙණසිප්1 සකසා ඔහු සමවන නි සා වනිමි සුරරජ මෙවන පෙදෙසා අගමුල නොවිමසා, අග්රසමූලයන් විමර්ශනය නො කෙට; (පරික්ෂා රහිත ව යයි යූසේයි); වෙණසිප්, වීණාශල්පය; සකසා, මනා සේ; දුනිම්, දිනය කෙළෙමි; ඔහු ඒ පුගුල්හු; සමවන නිසා, දැන් මාහට සමාන වන බැවන්; සුරරජ, දෙවරාජය; මෙවන පෙදෙසා, මෙ වන ප්ර දේශයට; වනිමි, (මම) ප්රරවිෂට විමි.

සං. 1. හෙතුයෙහි ද ස්වභාවොක්තියි. ද එක සේ ගත හැකි හෙයින් සංකිර්ණාලංකාරයි.

217. දහසක් නුවන් ල ද මුළු ලොව බලන හැම සද පසිඳු සක්දෙව් ර ද මෙමට ඔබ2 හැර පිහිට කවුරුද දහසක්, සහස්රැසංඛ්යාාත වු; නුවන්, නයනයන්, ලද, ලද්දා වූ; හැම සඳ, සෑම කල්හි; මුළු ‍ලොව, සකල ලොකය; බලන, අවලොකනය ක‍රන්නා වු; පසිඳු, ප්රහසිද්ධ වූ; සක්දෙව් රද, ශක්රනදෙව රාජය; මෙ මට මේ අස්මත්හට; ඔබ හැර, යුෂ්මතුන් විනා; පාහිට, ප්ර තිෂ්ඨා නම්; කවුරුද, කවරේද?

සං. 1. පරිකරාලංකාරයය (212. සං. 2)

218. එබැවින් ඔහු දි නා දියද දියත3 ‍බ ඳි නා ලෙසට මහ තෙ දි නා සුදුසු වරයක් දෙවයි යදි නා එබැවින්, එසේ හෙයින්; ඔහු, ඒ දුඃහිලිහු; දිනා, විජය කොට; දියත, ජගත්හි; දියදද, ජයධවජයන්; බඳිනාලෙසට, බන්ධනය කරනු පිණිස; මහතෙදිනා, මහා තෙජස්ක වූ; සුදුසු, යොග්ය1 වූ; වරයක්, අනුග්රේහයක්; දෙවයි. දානය කරවයි; යදිනා, යාච්ඤා කරන්නා වු - මතු සම්බන්ධයි. මෙහි යදිනා යනු මීට අනන්තර වු‍ පද්ය යෙහි ඇදුරු යන්නට විශෙෂණයි. සං. 1. දිය දද දියත බඳිනා

1. දුන්නෙමි සිල්ප - 4 2. තොප - 1 3. දියත දියදද - 1 146ගුත්තිල කාව්යප වර්ණිනා

මෙයින් ජයකොඩි බැඳිමක් ම නොම විජයශ්රි‍න් ලහ්ය්මාන වු යශොඝොෂය ජගත්හි රංජිත කරවීමෙහි ඊප්සාව වෛචිත්රටයයෙන් සන්දර්ශිතයි. කාරණයෙන් කාය්ර්ේ‍යය දැක්වු තැනි. සං. 2. ද්විතිය පාදගත පය්ය්් යොක්තයෙන් සංඍෂ්ට වු ස්වභාවොක්ත්යරලංකාරයයි. 219.ලෙස උදය දිවයු රු දුරුකර ඇදුරු දුක’ඳුරු පොබයා මුව තඹු රු මෙසේ පැවසී තෙප‍ුල් පුරඳුරු ඇදුරු, ආචාය්යාය යගේ; දුක්, දුඃඛය; උධය දිවයුරු අඳුරු ලෙස:- උදය දිවයුරු, උදය දිවකරයා; අඳුරු ලෙස, අන්ධකාරය (ඳුරු කරන්නා ) සේ; දුරුකර, දුරිභුත කොට; මුව තඹුරු, (ස්වකිය) මුඛ තාමරසය; පොබයා, ප්රුබුද්ධ කොට; පුරඳුරු, පුරන්දර තෙමේ; මෙසේ, මේ වක්ෂ්යාමාණ ප්රතකාරයන්; තෙපුල්, වචනයන්; පැවසි, ප්ර කාශ කෙළේයි.

සං. 1. උපමායෙන් ද රූපාකයෙන් ද සංඍෂ්ට වු ස්වභාවොක්තියි.

220. ගුත්තිල ඇදුරු සඳ ඔහු වාදයට වන් සඳ වයව තත් සිඳ සිඳ නැ‍ඟෙයි නද සිඳි තතින් මනන ද ගුත්තිල ඇදුරුසඳ, ගුත්තිලාචාය්ය්යෙ වරය (මෙහි සඳ යනු උත්තමාර්ථයි); ඔහු, ඒ විරොධිහු; වාදයට වන්සඳ, විවාද ප්රුවිෂ්ට වූ කල්හි; තති සිඳ සිඳ, තන්ත්රි්න් ඡෙදනය කොට කොට; වයව, වාදනය කරව; සිඳතතින්, ජින්නතන්ත්රිතයෙන්; මනනද, මනොනන්දන වූ; නද, නාදය; නැ‍ඟෙයි. උද්ගත වෙයි.

සං. 1. නැ‍නඟෙයි නද සිඳි තතින් මනනද මෙහි නැ‍ඟෙයි යනු වර්තමාන කාල රූපයෙන් සිටි අනාගත කාලාර්ථ වාචි ක්රි යාපදයයි. සං. 2. චතුර්ථපාදගත අනුප්රාලසයෙන් සංකිර්ණ ව‍ු ස්වභාවොක්තියි. 221. දියුණුව1 නොයෙක ලෙ ස කර සව් සතන්2 සිත3 තොස4 ඉතිරගෙන බරණැස පැතිර යන සඳ5 එ නද දසදෙස

1. දිවුණුව - ද 2. සතුන් - 4 3. සිතු - 1; මන- 2 4. කැර සව්සත සතන් තොස - 3 5. ලෙස - 1 ගුත්තිල කාව්යව වර්ණ නා147

නොයෙක ලෙස, අනෙකාකාරයෙන්: දියුණුව, ද්විගුණ ව (අධික වී යයි යූසේයි); සව් සතන්, සකල සත්ත්වයන්ගේ; සිත, චිත්තය (10. සං.1) තොස කර, සන්තුෂ්ට කෙරෙමින් (මිශ්රා්ර්ථයෙහි පූර්වක්රි්යාවයි); බරණැස, වාරාණසියෙහි; ඉතිරගෙන, අතිරික්ත ව; එ නද, ඒ වීණානාදය; දසදෙස, දශදිශා‍වන්හි; පැතිර, ව්යාකප්ත ව; යන සඳ, ගමනය කරන කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. පැතිර යනසඳ එනද දසදෙස දශද‍ිශාවෝ නම් 11 වෙනි කවෙහි 1 වෙනි සංලක්ෂ්ය යෙහි සදහන් අෂ්ට දිශාවන් හා උපරිදික් (ඉහළය) අධොදික් (පහළය) යන මොහුයි. මෙහි අධොදික් යන්නෙන් රසාතලය ගතයුතුයි. දිව්යධ වීණානාදයක් රසාතලයට ද පැතිර යනු ආශ්චය්ය්න ස නො වේ. සං. 2. උදාත්තලංකාරයයි (95. සං.3)

222. මෙයින් එක ගුලිය ක් දමව ඉන් තුන් සියය ක් සුරඟන බැස පස ක් සතුටු කර නටති1 දන මනසක් මෙයින්, මේ ගුටිකාවන්ගෙන්; එක ගුළියක්, එක ගුටිකාවක්; දමව, නිඃක්ෂයප කරව; ඉන්, එ නිමිත්තයෙන්; තුන් සියයක්, ත්රිඑශතසංඛ්යානත වු; සුරඟන, දිව්යාංරගනාවෝ; බැස, අවතිර්ණ ව; පසක්, ප්රතත්යයක්ෂ ව; දන, ජනයන්ගේ; මනසක්, මනශ්චක්ෂුසයන්; සතුටු කර, සන්තුෂ්ට කොට; නටති, නෘත්යත කෙරෙත් (අනාගතාර්ථයෙහි වර්තමාන කාලරූප ක්රිතයාවයි)

සං. 1. ස්වභාවොක්තියි.

223. මෙබඳු මෙ ගුළි තුන තෙපි යව ඇදුර2 ඇරගෙන මමද එමි එමදි න කියා ගිය ස‍ඳෙහි සක්දෙවිඳුන මෙබඳු, උක්තගුණොපෙත වූ; මේ ගුළි තුන, මෙ ගුටිකාත්රතය; ඇරගෙන, ග්රඳහණය කොට; ඇදුර, ආචාය්ය්ා ය; තෙපි, යුෂ්මත්හු; ටව, ගමනය කරව (144. සං. 1); එමදින, ඒ විවාද දිනයෙහි; මමද, අස්මත් තෙමේ ද. එමි, ආගමනය කරන්නෙමි(යි); කියා, කථනය කොට; සක්දෙවිඳුන, ශක්රනදෙවෙන්ද්රණයන්(ගෞරවාර්ථයෙහි බහුවචනයි); ගිය ස‍ඳෙහි, ගමනය කළ කල්හි - මතු සම්බන්ධයි


1. රහති - 1 2. ඇදුර - බොහෝ 148ගුත්තිල කාව්යත වර්ණවනා

සං. 1. ස්වභාවොක්තියි.

224. පුන් සිසි කැලුම් බට කොඳ මෙන් සතන් තුටුකොට දිනමියි1 ඔහු මෙවි ට ගියේ බෝසත් තමාගේ ගෙට පුන් සිසි කැලුම්, පූර්ණ චන්ද්ර කාන්තිය; බට, අවතීර්ණ වූ; කොඳ මෙන්, කුන්දය මෙන්; සතන්, (ස්ව) චිත්ත සන්තානය; තුට‍ු කොට, සන්තුෂ්ට කොට (ගෙන); මෙවිට, මෙ සමයෙහි; ඔහු, ඒ විරොධිහු; දිනමියි, විජය කෙරෙමැයි (නිඃශංකාත ව); බෝසත්, බෝධිසත්ත්ව තෙමේ; තමාගේ ගෙට, ස්වකීය ගෘහයට ; ගියේ, ගමනය කෙළේයි.

සං. 1. (i) මෙහි ප්රගථම භාගයෙහි දැක්වු චිත්ත සන්තොෂයට හෙතු වූයේ ද්විතිය භාගයෙහි දක්වන ලද ‘ඔහු දිනමි’ යි යන චෙතනාවයි, එහෙත් හෙතුව ඵලයට අනතුරු සේ දැක්වු හෙයින් ඒ වනාහි කාය්ය්ි නන්තරජ හෙත්වලංකරයයි. උදාහරණ මෙසේයි: පශ්චාත් පය්ය්ින්ස්යර කිරණා - නුදීණීං චන්ද්රහමණ්ඩලම් ප්රාාගෙව හරිණාක්ෂියණා - මුදීණො රාගසාගරඃ (රශ්මින් විහිදුවා චන්ද්රි මණ්ඩලය තෙම පසු ව උද්ගතවි, මෘගාක්ෂින්ගේ රාග සාගරය තෙම ප්රමථම කොට උදම් වි.)

(ii) මෙහි ප්රකධාන වාක්යනය වූ අන්තිම පාදය ස්වභාවොක්තියි. එයින් මුළු පද්යතය හෙතුයෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්ත්ය‍ලංකාරයයි. ඉක්බිති වීණා වාදනය පිණිස බ්ර්හ්මදත්ත නරෙන්ද්රයයාගේ ආඥයෙන් මංගල මණ්ඩලය නිර්මිත කළ පරිදි හා එම නරෙන්ද්රයයන් ඇමති ගණ පිරිවරා එම මංගල මණ්ඩපයට ප්රාමප්ත වූ පරිදි ද වර්ණනා මුඛයෙන් දක්වන්නාහු ‘පුරඳුරුවන්’ යනාදි කව් කියත්.

225. පු ර ඳුරු වන් බඹදත් නර පවරා සැ‍ ර හී වෙණ නද අසනුව2 මියරා පු ර වැසියන් රැස්වන ලෙස නොහැ රා බෙර පියවී කරවා මුළු නුවරා පුරඳුරු වන්, පුරන්දර වරණ වූ (ශක්ර යාහට බඳු වූ); බඹදත් නර පවරා, බ්රඳහ්මදත්ත නර ප්රනවරතෙමේ; මියුරා වෙණ නද, මධුර වීණා නාදය; අසනුව, ශ්රඳවණය කරනු පිණිස; පුරවැසියන්, නගරවාසීන්; සැරහී, විභුෂිත ව; නො


1. දින මැයි - 1 2. අසනය -1 ගුත්තිල කාව්යැ වර්ණසනා149

හැරා,(ප්රනස්තාව) වර්ජිත නො කොට; රැස්වන පෙස, රාශිභූත වන සේ; මුළු නුවරා, සමස්ත නගරයෙහි; බෙර පියවි කරවා, හෙරි ප්රවයොගය කරවා (හෙවත් බෙර හසුරුවා) - මතු සම්බන්ධයි.

සං. 1. උපමායෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි. 226. පි රි ව ර රජසෙන් සමඟුව1 ඉඳිනට ස රි ක ර පුරඳුරු විජයොත් පායට2 මෙනු ව ර මැද මඩුවක් විසිතුරු කොට මෙහෙවර කි කරවයි අගමැති හ ට පිරිවර, පරිවාර වූ; රජසෙන් සමහර, රාජසෙනාව හා සමග; ඉඳිනට, (රාජයා විසින්) උපවෙෂණය කරනු පිණිස; පුරඳුරු, පුරන්දරයාගේ; විජයොත්පායට. වෛජයන්ත ප්රා)සාදයට; සරි කර, සමාන කොට; මෙනුවරවැද, මේ නගර මධ්යනයෙහි; මඩුවක්, මණ්ඩපයක්; විසිතුරු කොට, විචිත්රය කොට (විචිත්රත වූ සේ යනු අර්ථයි); කරවයි, නිපදවයි; අගමැති හට, අග්රා මිත්යාමහට; මෙහෙවර කී, විධානය කෙළේයි.

සං. 1. උපමායෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි. 227. නි රි ඳු එ සඳ වදහළ බස් පිළිගෙන පු රු ඳු සියල් සිප් සතරෙහි වෙසෙසින ප සි ඳු නොයෙක් ඇදුරන් රැස්කරමින මැතිඳු නිදොස් දිඟු පුළුලැති බිම ගෙන එසඳ, එකල්හි; නිරිඳු වදහළ, නරෙන්ද්ර,යා විසින් කථිත වූ; බස, වචනය; පිළිගෙන, ප්ර තිග්රරහණය කොට; සියල් සිප් සතරෙහි. සකල ශිල්ප ශාස්ත්රසයෙහි; වෙසෙසික, විශෙෂයෙන්; පුරුදු, පරිචිත වු; පසිඳු, ප්ර සිද්ධ වු; නොයෙක් ඇදුරන්, අනෙකාචාය්ය්ස යන්; රැස්කරමින, රාශිභූත කොට (පූර්වක්රි යාර්ථයෙහි මිශ්ර ක්රිායායි); මැතිදු, මන්ත්රිචන්ද්ර තෙමේ; නිදොස්, නිර්දොෂ වූ; දිඟු පුළුලැති, දිර්ඝතා පෘථුලතාන්විත වූ; බිම. භුමි (භාග) යක්; ගෙන, ග්රොහණය කොට - ‍මතු සම්බන්ධයි.

සං. 1. පසිඳු නොයෙක් ඇදුරන් රැස්කරමින මෙහි ‘ඇදුරන්’ යනු ‘රැස් කරමින’ යන මිශ්ර ක්රිනයාවට හා මිට අනන්තර වු කවෙහි ‘යොදවා’ යන පූර්ව ක්රිනයාවට ද කර්මයි.

සං. 2. ස්වභාවොක්තියි.


1. සමඟිව - කිසි 2. පහයට - බොහෝ 150ගුත්තිල කාව්ය් වර්ණුනා

228. පු ර වා සින් සමඟව රජු ඉඳ යා වෙණවා දය අසනුව1 රස විඳ යා යොද වා දන මන වන ලෙස න ද යා ක ර වා මහ මඞුවක් පුර මැද යා රජු, රාජයා විසින්; පුරවාසින් සමඟව, නගරවාසින් හා සමග; ඉඳයා, උපවිෂ්ට ව; වෙණ වාදය, වීණා වාදනය; රස විඳයා. රසානුභවය කොට; ‍අසනුව, ශ්ර වණය කරනු පිණිස; යොදවා, (යථොක්තාචාය්ය්ස වයන්) යොජිත කොට; දන මන, ජන මනස; නදයා වන ලෙස, අනන්දිත වන සේ; මහ මඬුවක්, මහා මණ්ඩපයක්; පුර මැදයා, නගර මධ්යලහෙයි; කරවා, නිර්මාපණය කොට- මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියයි. 229. ඇඳ සිතියම්3 සිත තුටු කර ඇම ගේ නද දෙන හැම සඳ මද මද සුළ‍‍ඟේ නද මුතුමිණි රන්රසු දැල් පල’ ගේ4 බැඳ රන්දද බබළන5 මිණි යට’ගේ ඇමගේ, සකල ජනයන්ගේ; සිත, චිත්තය(10. සං. 1); තුට‍ුකර, සන්තුෂ්ට කොට; සිතියම්, චිත්රිරූපයන්; ඇඳ, අංජනය කොට; මද මද සුළ‍ඟේ. මන්ද මන්ද මාරුතයෙහි(කරණාර්ථයෙහි සප්ත මි මිභක්ති. 203. සං.1); හැම සඳ, සෑම කල්හි; නද දෙන, නාද දානය කරන්නා වූ; නද, මනොනන්දන වූ; මුතුමිණි, මුක්තාමණින් යුක්ත වු; රන් රසුඳැල්, ස්වරණ කිංකිණිජාලයන්; පල’ගේ, ඡදනාග්රණයෙහි ද; බබළන, භ්රාසජමාන වූ; රන් දද, ස්වර්ණා ධ්වජයන්; මිණි යට’ගේ, මණි යෂ්ටින් අක්හි ද; බැඳ, බන්ධනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. ඇඳ සිතියම් සිත තුටුකර ඇම‍ෙග්

‘කර’ යන ධාතුවෙන් සිද්ධ වූ ‘කර’ ‘කොට’ යන මේ පූර්ව ක්රිදයා තොමෝ සමාසන්ත වූ කල්හි කිසිතැනෙක ‘වන සේ’ යන නෛමිත්තිකාර්ථය ගෙන හැර දේ මෙහි ‘කර’ යනු එසේය. ‘ඇමගේ, සියලු ජනයන්ගේ; සිත. චිත්තය; තුටුකර, සන්තුෂ්ට වන සේ; සිතියමු, චිත්රමරූපයන්; ඇඳ, අංජනය කොට; - පෙ. මේ කවෙහි ම -


1. අසනුය - 1 2. ‍සොඳවා - 5 3. සිතුයම් - 1 4. සමගේ - 9 5. බබළයි - 7 ගුත්තිල කාව්යම වර්ණගනා151

සුරඟන බැස පස ක් සතුටුකර නටති දන මනසක් - යූ තනිහි ද

පි රි ව ර රජසෙන් සමඟව ඉඳිනට ස රි ක ර පුරඳුරු විජයොත් පායට මෙනුවර මැද මඩුවක් විසිතුරු‍කො ට මෙහෙවර කී ‍කරවයි අගමැති හට - යයි කියූ තනිහි ද කර, කොට යනු මීට තවත් උදාහරණයි ගිරා සන්දේශයෙහි (ව්ය ස්ත වද) – දෙ ස න දහම් දනමන කර විකාසය සොබන එයතිසඳුගේ ගුණ නිවාසය න ස න වදන් නළඟන පෑ විසේසය ර ඟ න පවර රඟබිම විය සබා සය මෙබඳු ස්ථානයන්හි ‘කර’ ‘කොට’ යනු පූර්වක්රි යාරූපයෙන් සිටි නමුත් අර්ථයෙන් නිමිත්ත වූ ක්රිවයාවට අපර වූ බැව් සැලකිය යුතුයි. අන්තිම නිදර්ශනයෙහි ම‍නොවිකාශය ධර්මදෙශනාවට අනුව වේ. සං. 2. ස්වභාවොක්තියි 230. සු දු පරිසිදු වියනුත් උඩ බඳ වා මු දු ඉඳුවර මල්දම් එහි රඳ ව‍ා වි දු කිඳුයුරු රන්රසු දැල් යො ද වා සැඳු සුරසිඳු බඳු වටතිර අද වා1 සුදු, ශෙවතවරණ වූ; පිරිසිදු, පරිශුද්ධ වූ; වියනුත්, විතානයන් ද; උඩ, උපරිහභාගයෙහි බඳවා, බන්ධනය කරවා; මුදු, මෘදු වූ; ඉඳුවර මල්දම්, ඉන්දිවර පුෂ්පදාමයන්; එහි, ඒ විතානයන්හි; රඳවා, අවලම්බනය කරවා; විදු කිඳුයුරු, විද්යුාත් කදම්බාකාර වූ; රන් රසුඳැල්, ස්වර්ණ කිංකිණිජාල‍යන්; යොදවා, යොජිත කරවා; සැඳු, සජ්ජිත වූ; සුරසිඳු බඳු, දිව්යිනදි සදෘශ වූ; වටතිර, ජවනිකාවන්; අදවා, ආකෘෂ්ට කරවා - මතු සම්බන්ධයි. සං. 1. සැදු සුරසිඳු බඳු වටතිර අදවා ශුභ්රුවර්ණ වු‍ූ හෙයින් හා මාරුතයෙන් කම්ප්යුමාන කල්හි තරංගාවලින් යුක්ත වු හෙයින් ජවනිකාවෝ තුමු ආකාශ නදියගේ ස්වභාවය දැක්වුහු, (233. සං.1). මෙහි ‘සුරසිඳු බඳු, දිව්යසදන්ති හෙවත් ඓරාවණ හස්තිරාජයාට බඳු වු (චිත්ර.රූප ඇති),- දොහෝ නොහොත්, උච්චෛඃශ්රිවස් නම් දිව්යත සෛන්ධවයාට බඳු වූ (චිත්රලරූප ඇති)’ යයි කියා ද අර්ථ කියත්. සං. 2. උපමායෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි.

1. සුදු සුඳු බඳු වටතිර වට අදවා - 3. (සුදු සිඳු බඳු, හේවත සෛන්ධවොපම වූ; වටතිර, ජවනිකාවන්; වට, හාතපසැ, අදවා, ආකෘෂ්ට කරවා) 152ගුත්තිල කාව්යට වර්ණානා

231. සු ව ඳි න් බිම පිරිබඩ ගෙන මොනව ට ස ද මි න් සිහසුන1 මුතුසේසත් යට ත බමි න්2 දෙපසෙහි දිලි රන්මිණි වට3 ඉ සි මි න් අසෙනිය මල් විසිතුරුකො ට බිම, භූමිය; සුවඳින්, සුගන්ධයෙන්. මොනවට, මනා සේ; පිරිබඩ ගෙන, පරිභණ්ඩ ග්රඅහණය කොට (ආලිප්ත කොට); මුතු සේසත්, මෞක්තික ශෙවතච්ඡත්රරයාගේ; යට, අධඃප්ර(දේශයෙහි (සෙවණෙහි); සිහසුන, සිංහාසනය; සදමින්, සජ්ජිත කොට; (පූර්ව ක්රිේයාර්ථයෙහි මිශ්රේ ක්රිුයායි); දෙපසෙහි, උභය පාර්ශ්වයෙහි; දිලි, ජ්වලිත වූ; රන්මිණි වට, ස්වර්ණමණිමය ප්රිදිපයන්; තබමින්, උපන්ය්ස්ත කොට (පූර්වක්රි යාර්ථයෙහි මිශ්රි ක්රිථයායි); විසිතුරු කොට, විචිත්රි වූ සේ (229. සං. 1); අසෙනිය මල්, අරවනීය පුෂ්පයන් (240. සං. 1. iv); ඉසිමින්, විකිරණය කොට - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි 232. වෙසෙ සි න් දුට‍ු දුටු සත සිත පාදා4 මෙලෙ සින් මනහර එමඩුව සුසදා සි ර සි න් රජු5 සිරි සරණත නැමදා ස‍තො සි න් දැන්වු සඳ ඒ මැතිදා දුටු දුටු සත, දර්ශනය කළ කළ සත්ත්වයන්ගේ; සිත, චිත්තය (10. සං. 1); වෙසෙසින්. විශෙෂයෙන්; පාදා, ප්රමසන්න කොට (ප්ර සන්න වන සේ යනු අර්ථයි) (229.සං.1); මෙලෙසින්, උක්තප්රොකාරයෙන්; මනහර, ම‍නොහර වූ; එ මඩුව, ඒ මණ්ඩපය; සුසදා, සුසජ්ජිත් කොට; ඒ මැතිඳා, ය‍ථොක්ත මන්ත්රිුන්ද්රයයා; රජු, රාජයාගේ; සිරිසරණත, ශ්රි් චරණාන්තය; සිරසින්, ශිර්ෂයෙන්; නැමදා, ප්රිණාමය කොට; සතොසින්, සන්තොෂයෙන්; දැන්වු සඳ, සංඥාපනය කළ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. හෙතුයෙන් සාඍෂ්ට වූ ස්වභාවොක්තියි මෙසේ අග්ර මන්ත්රියහු විසින් මණ්ඩප නිර්මාණය බ්‍රහ්මදත්ත රාජයාහට නිවෙදනය කළ කල්හි රජහු චතුෂ්ෂෂ්ට්යානහරණ ප්රවසාධනයෙන් විභූෂිත ව රාජකාන්තාවන් පිරිවරා සමන්ත්රි මණ්ඩලසෙනාව සමගින් නික්ම ‍‍ගොස් මංගල මණ්ඩප ප්රතවිෂ්ට ව වීණාවාද ශ්ර්වණය පිණිස සිංහාසනාරූඪ ව උණ් සැටි වර්ණනය කරන්නාහු ‘සොඳ පුන්සඳ’ යනාදි කව් කියත්


1. සිහසන - ‍‍ ‍‍ෙබා‍ෙහා් 2. තනමින් - 8 3. වැට - 10; යට - 1 4. පහදා - ද 5. රජ - ‍බොහෝ.

ගුත්තිල කාව්ය් වර්ණහනා153

233. සොඳ පුන්සඳ සොමි කිරනින් පිහිකුළු වැ ද සුරගඟ රල වට කළ සුලකුළු න ද සිරිසර පාමින් රන්ගිරි කුළු ඇ ඳ පිරිසිදු සුදු සිනිඳු කසී සළු සොඳ, සුන්දර වූ (අක්ලිෂ්ට වූ); පුන්සඳ, පූර්ණචන්ද්රදයාගේ; සොමි කිරණින්, සෞම්ය කාන්තියෙන්; කාන්තියෙන්; පිහිකුළු, ප්ර්තිකෘෂ්ට වූ (රැඳුම්ලද්දා වු යනු අර්ථයි); සුරගහ, දිව්යානදියගේ; රළ, තරංගයන් විසින්; වැද, ප්ර්විෂ්ටව; වට කළ, ආවෘත කරන ලද; සුලකුළු. ස්වලංකෘථ වූ; රන්ගිරි කුළු, ස්වර්ණගිරි (මෙරු පර්වත) ශිඛරයාගේ; නද, ආනන්දකර වඋ; සිරිසර, ශ්රිරසාරය; පාමින්, ප්‍රකාශ කෙරෙමින්; පිරිසිදු, පර්ශුද්ධ වූ; සුදු, ශෙවත වර්ණ වූ; සිනිඳු, සනිග්ධ වූ; කසී සළු, කාශික ශාටකයන්; ඇඳ, ආච්ඡාදනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. වැද සුරගඟ රළ වට කළ සුලකුළු සුරගඟ හෙවත් ආකාශ ගංගාව මෙසේ දතයුතු:

අයම් විතරින්තුන් තුන් දහස් යොදුන් පමණ වූ උසින් පන්සියයක් යොදුන් පමණ ඇති සුවාසූදහසක් රන්රිදි මැණික් පර්වතයෙන් ප්ර තිමණ්ඩිත වූ හැම කල් හිමයට වාසස්ථාන හෙයින් හිමාලය නම් වූ වනප්රපදෙශයෙහි අනොතත්ත නම් විලෙක් ඇත්තේය. ඒ විල වට කොට සුදර්ශනකූටය චිත්රපකූටය කාල කූටය ගන්ධමාදන කූටය කෛලාසකූටයි පර්වත පසෙක් පිහිටියේය. ඒ පර්වතයන්ට දෙවියන්ගේ අනුභාවයෙන් මසකට සතර වැස්සෙක් වස්නේය. එයින් පර්වත මුදුනෙහි ගත් දිය ගංගා මෙන් ගලා බස්නේය. ඒ හැම නදිහු අ‍නොතත්ත විලට ම වදනාහුයි. අනොතත්ත විලට දෙවියන් විසින් කරන ලද රිදි පවුරෙක් ඇත්තේය. ඒ පවුර තැනින් තැන ‍ෙසාපාන මාලාවෙන් යුක්ත වු තහන තොටවලින් හොබනේය. ප්රා්ණින් රහිත වූ නිර්මල ජලය බුදුපසේබුදු මහරහතුන් වහන්සේලාට ද සිද්ධවිද්යා.ධරාදිවු දෙවියන්ට ද ප්රවයොජනවත් විය. එ විල සතරදිගින් ගංගා සතරෙක් හුණුයේය. පශ්චිමොතතර පූර්ව දිශාවෙන් නික්මුණු තුන් ගංගාවෝ තුන් තුන් වට විල වට ප්ර දක්ෂිණා කොට මහවන මැදින් ම ‍ගොස් සමුද්රුයට වදනාහ. දකුණට නික්මුණු ගංගාව තුන්වටක් විල වටා පැදකුණු කොට දකුණුපස මහ ගලතලක් මුදුනෙන් සැට යොදුනක් තැන් ගොස් සරස සිටි පර්වතයක් පැහැර තුන්ගව්වක් පමණ වට ඇති දිය කඳ අහසට පැනනැගි සැට යොදුනක් තැන් අහසින් ගමනය කෙරේ. මේසේ අහසින් ගමන්ගත් ජලධාරා තොමෝ ආකාශ ගංගා නම් විය.

අනොතත්ත නම් විල පිහිටි වනප්රිදෙශය දශවිධ සුගන්ධයකින් යුක්ත බැවින් එම විලෙහි නිර්මල ශිතල ජලය තෙම එම සුගන්ධයෙන් සම්පෘක්ත විය. එහෙයින් ආකාශ නදියෙහි ජලය තෙම අශවිධ සුගන්ධයකින් සුරහි වූ


154ගුත්තිල කාව්ය වර්ණසනා

ප්රයණිත ජලයෙකි. මේ ජලය වනාහි අතිනිර්මල වූ ශ්ර භ්රන වර්ණයකින් ශොභාමත් වෙයි. ජලය මාරුත සම්ප්රාාප්ත ව සතත කම්පිත හෙයින් නදි තොමෝ ශ්රරභ්ර වර්ණ තරංග මාලායෙන් හැමකල් මනොනයනාභිරාම ව බබළා.මේ නදියෙහි නානාවර්ණයෙන් හා නානස්වරයෙන් ය‍ුක්ත වූ ආකාශචාරි පක්ෂිමාලාවෝ නිතර සංචරණය කෙරෙති. සිද්ධවිද්යා ධර දිව්යූදිව්යාං ගනාවෝ ද එහි බැස ජල ක්රි ඩනයෙන් අප්රයමෙය ප්රිණතියට පැමිණෙත් පුරාණයන්හි ආ කථානයෙහි ප්රයකාරයට ආකාශ ගංගා තොමෝ විෂ්ණු දිව්ය‍ රාජයාගේ පාදාංගුෂ්ඨයන් නික්ම ආකාශපථයෙහි පතිත ව ගමන්ගෙන කෛලාසකුට නිවාසි ඊශ්වරයාගේජටායෙහි රැඳි ජටා මුළුල්ලෙහි සැරිසරා ඉන් බහිරාගත ව’ගංගා’ ආදි සප්තසින්ධු වශයෙන් පෘථිවියට බැස ගලා යන්නිය. කුස ජාතකයෙහි: පිළි මිණි පවුර ළ ඟ බබළන දිය අගළ රඟ ගත හර බහුරිර ඟ කෙලෙස වට හුණු වැන්න සරග ඟ යයි කියු තන්හි ලක්ෂ්යරමාණ වූයේ මේ ඊශ්වරයාගේ ජටායෙහි ආකාශ නදිය රංජමාන වූ බවයි. කව්යව ශෙඛරයෙහි: අහස් ගඟ යමු නා එක්වූ තැනෙහි සොබනා පයා ගඟදිය නා1 ගිමන් සැනහි කුමරු දියනා යයි කිවෙන් ආකාශ නදිය පෘථිවියහි ගලායන්නා වූ යමුනා නම් නදිය හා එක්වනතු‍රු ආකාශ ගංගා නමින් ප්රිකට වූ බැව් ද එතැන් සිට පෘථිවි ගංඟා හෙවත් ගංඟා නමින් ප්රදකිට වූ බැව් ද සැලකිය යුතු. සං. 2. බ්ර හ්මදත්ත නරෙන්ද්රදයා සුපරිශුද්ධ වූ ශේවතවර්ණ වූ කාශික ශාටකයන් ප්රබසාධනය කොට ගත් කල්හි දිව්යඑ නදියගේ තරංගාවලින් පරික්ෂිප්ත වූ ස්වර්ණගිරි කූටයාගේ ශ්රිරසාරය ප්රටකාශ කළේයයි මෙහි දැක්වි, ස්වර්ණ නදි තොමෝ කෛලාසකූටය කරා පැමිණෙන්ට ප්රිථම මහාමෙරු පර්වත ශිඛරයෙහි ද පතිත ව එන්නි යයි කිසි තැනෙක පෙ‍නේ. එයින් මෙහි එසේ පතිත වු ස්වර්ණදිය පර්වත ශිඛරය සිසාරා සිටගත් බැව් සම්භාව්යෙ වි, තවද මේරු ශිඛරයාගේ ද ස්වර්ණදියගේ ද සම්බන්ධය මෙයිනුත් පෙනේ. නි කු ත් සු රි ඳු මෙන් සුරගඟ තරඟ පිටින් ඇ වි ත් සි නිඳු පිරිසිදු පියවෙළියපිටින් සං. 3. සධර්මවස්තූපමාලංකාරයයි.

1. (පයා. ප්රමයාගයෙහිලා; ගඟදිය, ගංගානදි ජලය; නා, සනානය කොට)

ගුත්තිල කාව්යය වර්ණසනා155

234. හිම කර සුරසිඳු කොඳ මුත හරෙ හී පැහැසර යුරු සුදඟර ගෙන වෙරෙ හි1 මල2කර3 පල පලු වැනි සුරතු රෙහී මන හර සිවුසැට බරණින් සැරෙ හී හිමකර, ශිතාංශූය (චන්ද්රියාය); සුරසිඳු, දිව්යලනදි හෝ දිව්යි දන්තිය; කොඳ, කුන්දය; මුතුහරෙහි, මුක්තාභාරය යන මේ වස්තුන්හි; පැහැසර යුරු, ප්රකහාසාරය වැනි වූ; සුදඟර, ශේවතාංගරාගය; වෙරෙහි, (ස්ව) ශරිරයෙහි; ගෙන, ග්රකහණය කොට (හෙවත් ආලිප්ත කොට); සුරතුරෙහි, දිව්ය වෘක්ෂයෙහි; මල්, පුෂ්පය; අකර, අංකුරය; පල, ඵලය; පලු වැනි, පල්ලවය (යන මොවුන්) සදෘශ වූ; මනහර, මනආප වූ(සිති පැහැර ගන්නා වු) සිවුසැට බරණින්, චතුඃපෂ්ට්යාසභරණයෙන්; සැ‍රෙහි, සමලංකෘත ව - මතු සම්බන්ධයි.

සං. 1. හිමකර සුරසිඳු කොඳ මුතුහරෙහි පැහැසර යුරු සුදඟර ගෙන වෙරෙහි

(i) හිමකර, ශිතාංශුය (චන්ද්රටයාය.) (400. සං. 2) (ii) සුරසිඳු, දව්ය නදිය (233. සං.1) දිව්යර දන්තිය (473.සං.1)

	(iii)	කොඳ, කුන්දය (33. සං.1)

මේ සියලු ම වස්තුහු අතිශයන් ශෙවතවර්ණ ව වස්තුයි. සං. 2. මල’කර පල පලුවැනි සුරතු රෙහි මන හර සිවුසැට බරණින් සැරෙහි

(i) චතුඃපෂ්ට්යා්හරනයෝ මේ මේ යයි විස්තර වශයෙන් දැක්වු තැනක් සොයාගැන්ම දුෂ්කර බව පෙනේ. එයින් සමහරක් මේ වක්ෂ්යුමාණ පාඨයෙහි දෘශ්යුමානයි. (ඒ සෙනිතොමෝ) රාජ රා‍ජමහාමාත්යා්දින් විසන් පලඳනා ලද්දා වු කනක, කටක, රසනා, නුපුර, කාඩංක, වලය, තියරපට, අවුල්හර, උධරබන්ධන, ගැට, නිමුල්හර, පස්රූ, පස්වළලු, පේරැස්, එක්වැටි, පාම‍ුදු, පාඩගම්, පාසලඹ, පාදජාල, පාදත්රය, පදාහරණාදි වු ශරිරාහරණයෙන් ද හොබනිය.’ තවත් තැනෙක. ‘ඉක්බිති දුට‍ුගැමුණු මහරජ සුවඳ පැන් ‍සොළොස් කළයකින් නහා රන්සළු හැඳ රන්පට, රුවන්සෝලු, කර්ණකුන්ඩලාභරණ, කාඩංක, තෝඩු, තාඩගම්, කාදුකාප්පු, මුතුපට, කට්ටෝඩම්, බාහුදණ්ඩි, පාදසංඛලා, පාදහරණ, පාසළඹ, කිංකිණිකජාල, මේ අදි වූ සූසැට ආභරණ

1. උරෙහි - 1 (උරෙහි වක්පෘෂ්ථලයෙහි) 2. වල - බොහෝ 3. කුර - 1

156ගුත්තිල කාව්ය වර්ණිනා

යන් ද, සිද්ධඔටුනු, මිණිඔටුනු, සිංහඔටුනු, ව්යංඝ්රංඔටුනු, රුවන්ඔටුනු යන මෙකි පස් ඔටුන්නෙන් රුවන් ඔටුන්නක් ද පැලඳ * * * මහත් වු පෙරහරින් පස්වරු දාගැබ බඳින් ස්ථානයට නික්මුණාහ. (ii) මෙහි ‘සැරෙහී’ යනු ‘සැරහී’ යයි කිවමනා තන්හි රචනාදිප්තිය පිණිස ස්වරයක්හුගේ විපය්ය්න සයෙන් සිද්ධයි, මෙයින් කර්ණරසායනය හා පද්යතයාගේ අලංකාරය ද වර්ධනය වනු මිස අර්ථය ස්වල්ප මාත්රසයකුදු හානියක් හෝ බාධාවක් හො නො වන හෙයින් මේ වනාහි පෙර පඩිවර‍යන්ගේ සාමාර්ථ්යු සාධක වු විපය්ය්ධාවසයන්ගේ උදාහරණයකි. මෙහි විපය්ය්්වලයස විවර්ජිත කළ කල්හි ද පද්ය්යට හානියක් නො වන හෙයින් එහි සාමාර්ථ්යමය තවත් දුරට පෙනේ. 235. වි රි දු නිරිඳු සෙන් අඳවා පියළි පුරු දු ඔවුන් සිරි ගැනුමෙහි පියළි1 මු හුදු වසන් මිහි රකිනා2 නොමැළි නිරි ඳු මඟුල් මඞලග3 ගෙන උදුළි විරිදු නිරිඳු, විරොධි වූ නරෙන්ද්රෙයන්ගේ; සෙන්, සෙනාවන් ලවා නොහොත් සෙනාවන්හට; පියළි, විස්ත්රනඛණ්ඩයන්; අඳවා, ආච්ඡාදනය කරවා; පියළි, ප්රි්ය එළවන්නා වූ; ඔවුන් සිරි, ඔවුන්ගේ ශ්රි; සම්පත්තිය; ගැනුමෙහි, ග්රළහණය කිරිමෙහි; පුරුදු, පරිචිත වූ; (යළිදු) - මුහුදුවසන්, සමුද්රහය අවසාන කොට ඇති; මිහි, මිහිතලය; නොමැළි, අලස නො ව; රකිනා, රක්ෂණය කරන්නා වු; නිරිඳු, න‍රෙන්ද්රමයා; උදුළි, උජ්ජවලිත වූ (දීප්තිමත් වූ); මඟුල් මඬලග, මංගල මණ්ඬලාග්රෙය (මඟුල් කඩුව); ගෙන, ග්රතහණය කොර - මතු සම්බන්ධයි. සං. 1. වි රි දු නිරිඳු සෙන් අඳවාපි ය ළි පුරු දු ඔවුන් සිරි ගැනුමෙහි පි ය ළි (i) මෙයින් බ්ර හ්මදත්ත රාජයා විරොධි නරෙන්ද්රියන්ගේ සෙනාවන් පරාජිත කොට ඔවුන්ගේ ධනය පැහර ගැන්මෙහි පරිචිත බැව් කියන ලදි, සෙනා යන්නෙන් එම සෙනාවන්ට අධිපත් වු නරෙන්ද්රතයෝ ද ගැනෙත්. මෙසේ අනුන් සතු දෙය පැහැර ගැන්ම රජක්හු‍ගේ ධර්මයෙක් දැයි ප්රතශ්නයක් ඉපදිය හැකි. ඒ අධර්ම නො වෙයි. යුදයෙහි ලා විජය කළ අය විජිත වූ අයගෙන් දිනු ධනයට හිමි වනු ලොකසම්මත ධර්මයකි. කියන ලද මැයි - මනුනීතායෙහි:

රථාශ්වං හස්තිනං ඡත්රංය - ධනං ධාන්යංල පශුන් සත්රිනයඃ සර්වද්ර ව්යායණි කූප්යංැ ච - යො යජ්ජයති තස්යු තත් රාඥශ්ව දද්යු‍රුඞාර - මාත්යෙ ෂා වෛදිකී ශ්රැතතිඃ රාඥ ව සර්වයොධෙභ්යෝ - දාතව්ය මපෘථග් ජිතම්

1. ගැනුමෙන් සියලි - 1 2. මිනිකිරනින් - 1 3. මඩගන - 1

ගුත්තිල කාව්යි වර්ණ නා 157

රථාශ්වය හස්තිය ඡත්ර ය ධනය ධාන්ය1ය මෘගයන්ය දාස්යා්දි ස්ත්රිඃන්ය ගුඩලවණාදි සියුලු ද්ර ව්යධය රන් රිදි විනා අනිකුදු තාම්රාිදි ධනය (යනාදි වශයෙන්) යමක් යමෙක් දිනා ද ඒ (දිනන ලද) දෙය ඔහුගේ වන්නේය. රාජයාගේ උද්ධාරය (රන්රිදි මුළුල්ල හා අනිකුදු වස්තුයෙන් ෂෂ්ඨාංශය) දෙත්වා යන මෝ තොමෝ වෛදිකී (වෙදයෙහි කියන ලද) ශ්රැනති වෙයි. රාජයා විසින් ද හුදකලා නො ව දිනන ලද දෙය සියලු යොධයන් හට ද‍ිය යුත්තේය.

(ii) මෙහි දෙවෙනි පාදයෙහි ‘පියළි’ යනු ‘පියළ යන සමාස පදයෙහි අන්ත ‘අ’ කාරයාහට එළි පිණිස ‘ඊ’ කාරාදෙශ කිරිමෙන් සිද්ධයි. සතර වෙනි පාදයෙහි ‘උදුළ’ යන ශබ්දයාහට එසේ ම ස්වරාදෙශ (හෙවත් පිළි පෙරැළි) විමෙන් ‘ උදුළි’ යයි වූමෙනි. ප්රිබය එළවන්නා වූ අර්ථයෙන් ‘පිය ඵළ’ වේ. ‘පිය ඵළ’ යනු පූර්වස්වර ලොපසන්ධියෙන් ‘පියෙළ’ වේ. ‘පියෙළ’ යන තන්හි ද්විතිය වර්ණයාගේ ස්වර විපය්ය්ි සයෙන් ‘පියළ’ වේ. ශිතල ඵළවීමේ අර්ථයෙහි ‘සිහිලළ’ යනු ද සුවඳ ඵළවිමේ අර්ථයෙහි ‘සුවදළ’ යනු ද මෙනි.

සං. 2. වීරරසාලංකාරයයි. 236. පිරි රු සි රෙ න් බ බ ළන සක් සුරඟ න ස ල නු ව න න් මිස වෙන සක් නොම වන නවයොවුනෙන් ද න ම න සක් පිනවන පි රි ව ර මි න් ද ස ද හ සක් වරඟ න පිරි රුසිරෙන්, පූර්ණ වූ (අනූන වූ) රූපශ්රිඵන්; බබළන, විරාජමාන වූ; (තවද) සල නුවණින් මිස, චලනයනයෙන් විනා; සක් සුරඟන, ශක්ර් සුරාංගනාවන්ගෙන්; වෙනසක්, විශෙෂයක්;‍ ‍ෙනා ම වන, නොමැති වන්නා වු (දිව්යාංනගනාවෝ නෙත්ර්චලනය හෙවත් නෙත්පිය හෙළිම නො කරති); නවයොවුනෙන්, අබනව යෞවන අවස්ථායෙන්; දන, ජනයන්ගේ; මනසක්, මනශ්චක්පුසයන්; පිනවන, ප්රී ණනය කරවන්නා වූ; වරඟන, වරාංගනාවන්; දසදහසක්, දශසහග්රවයක්; පිරිවරමින්. පරිවාර කොට ගෙන - මතු සම්බන්ධයි.

සං. 1. පිරිවරමින් දසදහසක් වරඟන ‘වරඟන’ යන්නෙන් උතුම් රූපශ්රි න් විරාජමානප වූ ස්ත්රිසන් කියත්. මෙහි රාජයාගේ අන්තඃපුර ස්ත්රිනන් සන්දර්ශිත කළෝ. ඔවුන් සැවොම වරිෂ්ඨ රූපශ්රිනන් විරාජිත හෙයිනි.

සං. 2 වි‍නොක්තියෙන් ද (152.සං.1.) උපමායෙන් ද හෙතුයෙන් ද සංඍෂ්ට වූ ස්වභාවොක්තියි.


158ගුත්තිල කාව්යි වර්ණ නා

237. දි ය ත සතන් මන බැඳි වැදි සහසේ කිය ත නොයෙක් විරුදිවළි ස‍තොසේ දි ග ත බිහිරි කර යුගසිඳු ගොසසේ කර ත පසඟතුරු ගොස සිටි දෙපසේ දියත, ජගත්හි; සතන්, සත්තවයන්ගේ; මනබැඳි, ම‍නොබන්ධනය කළා වූ; වැදි සහසේ, වන්දි සහස්රියන්; සතොසේ, සන්තොෂයෙන් (203. සං.1.); නොයෙක්, අනෙක වූ; විරුදු ආවල, ස්තුති පාඨවලීන්; කියත, කථනය කරත් ම; යුගසිඳු, යුගින්ත සමුද්රැයාගේ; ‍‍ෙගාස සේ, ඝොෂය මෙන්; දිගත, දිශාන්තයන්; බිහිරිකර, බධිරිකෘත (කොට හෙවත් තුමුලයෙන් ආකුල කොට); දෙපසේ සිට, උභයපාර්ශවයෙහි ස්ථිත ව; පසඟතුරු ගොස, පංචාංගිකතුය්ය්වල ඝොෂය; කරත, කරත් ම - මතු සම්බන්ධයි.

සං. 1. දි ය ත සතන් මනබැඳි වැදි සහ සේ කියත නොයෙක් විරුදිවළ ‍සතොසේ වන්දීහු හෙවත් වන්දිභට්ටයෝ නම් රාජයක්හු‍ගේ ස්තුති ගිතිකා කීමෙහි නියුක්ත වු සෙවක පංක්තියකි. උදෑසන කාලයෙහි රාජයා නින්දෙන් පුබුදුවනු පිණිස මන්දිරාභිමුඛයෙහි සිට රාජයාග් ස්තුතිවර්ණනාමුඛයෙන් කරන ලද ගීතිකාවන් උන්නත රාවයෙන් කිම ද, රාජයා සිංහාසන මණ්ඩපයට හෝ රාජභවනයෙන් බැහැර හෝ වඩනා කල්හි එසේ ව විරුද කථනය ‍ද මොවුන්ගේ මෙහෙවර වෙයි. මොවුහු වනාහි එක්තරා කුලයක අය වෙත්. වන්දි කුලය තෙම ක්ෂ ත්රිිය පියකු හා ශුදු වංශික මවක මුල් කොට ඇති කුලයකි.

සං. 2. දිගත බිහිරිකර යුග සිදු ගොසසේ මෙහි යුග යන්නෙන් යුගාන්තය කියනු ලැබේ. කල්ප යන්නෙන් නිසි තැනෙක කල්පාන්තය කියවෙන මෙනි. (i) යුගාන්තය නම් යුගයන්ගේ අන්තයයි. යුග‍යේ නම් කාලමාන විශෙෂයකි. ඔහු වනාහි කෘතයුගය, ත්රෙිතායුගය, ද්වාපරයුගය, කලියුගය යන මේ වශයෙන් සතරෙක් වෙත්. එයින් කෘතයුගය වර්ෂප්රෙමාණයෙන් හවුරුදු 1728000ක් වෙයි; ත්රෙකතායුගය හවුරුදු 1296000ක් වෙයි; ද්වපර යුගය හවුරුදු 864000ක් වෙයි; කලියුගය හවුරුදු 432000ක් වෙයි. මේ යුගයන්ගේ අන්යොහන්යා පෙක්ෂිත පරිමාණයතෙම 4;3;2;1 යන මේ සංඛ්යා4වන්ගේ පරස්පරාන්වය මෙනි. මේ යුගයන් සතර එක් වු කල්හි අවුරුදු 4320000කින් යුක්ත වු මහා යුගයක් වෙයි. මහාහුග සහස්ර්යක් එක් වු කල මහාබ්ර0හ්මයාගේ දිවාරාත්රි්යෙන් යුක්ත වු එක් දවසක්. ඊට කල්පය නොහොත් මන්වන්තර යයි කියත්. යටකී යුගයන් සතරට ස්වර්ණයුගය, රජතයුගය, තාම්රකයුගය, අයොයුගය යි පිළිවෙළින් කියනු ලැබේ. එයින් ස්වර්ණයුගයෙහි බැලුව වර්ෂ ප්රරමාණය වැඩි සේ ම එකල විසූ ජනයන්ගේ ශරිර ප්ර මාණය ද ධාර්මිකත්වය ද බොහෝ විය. අනයයුගයන්ට වර්ෂප්රූමාණයේ ප්රාකාර ක්රධමයෙන් අඩු වි අවුත් වර්තමාන ගුත්තිල කාව්ය් වර්ණානා159

වූ අයො නම් කලියුගයෙහි ඒ ගුණයෝ ඉතා හීන ව පවතිත්. ස්වර්ණයුගයෙහි වනාහි මනුෂ්ය යන්ගේ ආයුඃප්රඒමාණය සහස්රහසංඛ්යාවත විය. මේ කලි යුගයෙහි වූකලා එ ද අතිශය හීන සිමායෙහි පවති.

කලියුගයෙහි ආරම්භය ශ්රිඒ සම්බුද්ධ වර්ෂයට හවුරුදු 2558 කට ඔබ්බෙහි ද ක්රිගස්තු වර්ෂයට හවුරුදු 3101කට ඔබ්බෙහි ද විය. ක්රිවස්තු වර්ෂ 1899 යෙහි දි මේ කලියුගයෙහි 5000ස් වෙනි වර්ෂය විය.

මහායුගයක්හුගේ අවසානයෙහි යුගාන්තය හෙවත් ‍ලොකවිනාශය වන්නේය. මීට ‘ප්රකලය’ යයි ද කියනු ලැබේ. ප්රයලයයෙහි පැමිණෙන්නා වු ලකුණු වලින් එකක් නම් අත්යපර්ථයෙන් වෙගවත් වු චණ්ඩමාර්තයන් අටගෙන එයින් කම්පිත වූ සමුද්රෙය උද්ඝොෂ තරංග භංගමාලායෙන් සීමා උල්ලංඝනය කොට ගෙන ගොස් මුළු පෘථිවිතලය පරිප්ලුත කරලීමය. එහෙයින් කයන ලදි - ප්රීලයෙ හින්නමය්ය් දා - භවන්ති කිල සාගරාඃ (ප්ර ලයයෙහි වනාහි සාගරයෝ තුමු බුන් වෙලල ඇත්තාහු වෙත්.)

(ii) බුද්ධ ධර්මයෙහි ප්රයකාරයට කලිද්වාපර ත්රෙෙතා කෘත, කෘත ත්රේතා ද්වාපර කලි යන මේ වශයෙන් අෂ්ටයුගයෙක් අන්තඃකල්පයෙකි. අන්තඃකල්පය නම් මනුෂ්යකයාගේ ආයුඃප්රශමාණය දශවර්ෂයෙහි සිට ක්රරමයෙන් දශවර්ෂ ප්ර්මාණ වනතුරු ගතවන්නා වූ කාලාන්තරයයි. අන්තඃකල්ප විස්සක් එක් වු කල් අසංඛ්යේය කල්පයෙකි. සංවර්තය සංවර්තස්ථායිය විවර්ථය විවර්තස්ථායිය යන මේ වශයෙන් නම් වූ අසංඛ්යෙමය කල්පයෝ සතරෙක් මහා කල්පයෙක් වෙති.

සංවර්ත අසංඛ්යෙ ය කල්පයෙහි දී ලොකවිනාශය හෙවත් සංවර්තය පැමිණේ. මේ වනාහි තෙජස් සංවර්තය, ආපස්සංවර්තය. වායුසංවර්තයයි ත්රිේවිධ වේ. සූය්ය්වර යන් සත්දෙනෙක් උද්ගත ව ඔවු‍න්ගේ තෙජසින් සංජාත වූ වහ්නියෙන් (යුගාන්ත නලයෙන්)සකල ලොකය හස්මිකෘත ව ආකාශ ධාතුවට පෙරළවනු ලැබේ ද ඒ වනාහි තෙජස් සංවර්තය වේ. ජලයෙන් සකල වක්රවවාලය පරිප්ලුත ව විනෂ්ට ව ආකාශධාතුවට පමුණුවනු ලැබේ ද ඒ තෙම ආපස්සංවර්තය වේ. වායු වෙගයෙන් ස්ථලස්ථායි වූ වෘක්ෂ පර්වතයන් උද්ධරණය කොට සමුද්රංයෙහි ගසා සමුද්ර ජලය මහා පර්වතයන් සේ තරංග භංගමාලා වශයෙන් උද්ගත කරවා භයංකර ඝොෂයෙන් හා වෙගයෙන් ස්ථලයෙහි ගස්වා එයින් කරන ලද යම් විනාශයෙක් ඇද්ද ඒ තෙම වායුසංවර්තය නමි. මෙසේ අසංඛ්යෙකය කල්පයක් මුළුල්ලෙහි සංවර්තය වු පසු දෙවැනි අසංඛ්යෙසය කල්පයෙහි වක්රරවාලයන්ගේ ශුන්‍ුදතාතොමෝ පවති, ඒ අර්ථයෙන් ඊට සංවර්තස්ථායි යනු නමි. තුන්වෙනි අසංඛ්යෙදය කල්පයෙහි ධාතුන්ගේ විවර්තනයෙන් නැවත චක්රනවාලයන්ගේ සමුද්භවය වේ. ඒ

169ගුත්තිල කාව්ය වර්ණයනා

අර්ථයෙන් ඊට විවර්ත යනු නමි. සතරවෙනි අසංඛ්යෙිය කල්පයෙහි දි විවර්ත්තප්රාටප්ත වූ චක්ර්වාලයන් ප්රෙකෘතිමත් ව පවත්නා බැවින් ඊට විවර්ත්තස්ථායි යනු නමි. විවර්ත්තස්ථාය අසං‍ෙඛ්යයය කල්ප‍යාගේ කෙළවරෙහි මහා කල්පයක් අවසාන වන බැවින් නැවතත් සංවර්ත්තප්රා්ප්තිය පෙර සේ මැයි. කල්පයෝ වනාහි බුද්ධොත්පාද වශයෙන් ශුන්‍ය කල්පය, අශුන්යම කල්ප යයි ද්විවිධ වෙත්. බුද්ධොත්පාදයෙක් නොමැති කල්පය ශුන්යා කල්පයයි. ඇති කල්පය අශුන්යධ කල්පයයි. එක් බුදුකෙනෙකුන් වහ‍න්සේ ලොව පහළ වන කල්පයට සාරකල්ප යයි ද, දෙදෙනකුන් වහන්සේ පහළවන කල්පයට මණ්ඩකල්ප යයි ද, තෙදෙනකුන් වහන්සේ පහළ වන කල්පයට වරකල්ප යයි ද, සතරදෙනකුන් වහන්සේ පහළ වන කල්පයට සාර මණ්ඩල කල්පය යයි ද පස් දෙනකුන් වහන්සේ පහළ වන කල්පයට භද්රයකල්පය හෙවත් මහා භද්ර කල්ප යයි ද කියනු ලැබේ. වර්තමාන කල්පයට කකුත්ස්ය‍න්දෙ, කනකාගම, කාශ්යටප, ගෞතම, මෛත්රේය යයි මුනිවරයන් පස්දෙනකුන් වහන්සේ බැවින් මේ වනාහි භද්රාකල්පයෙකි. දැන් පවත්නා යුගය භද්ර කල්පයෙහි කලියුග යයි කි තන්හි භද්රවකල්ප යන්නෙහි අර්ථය මෙසේ දතයුතු. සං. 3. කරත පසඟතුරු ගොස සිට දෙපයේ පංචාඞ්ගික තූය්ය්.වන ඝොෂය නම්: ආතතංචෙච විත්ත - මාත්තවිත්තං ඝනං සුසිරංවෙති තුරියං - පංචඞ්ගිකමුදිරිතං යනුවෙන් ප්රතකාශිත වූ පංචවර්ගික තූය්ය්න සමූහයකින් කරනු ලබන්නා වු නාදයයි. තූය්ය්් නම් ලයාන්විත නාදොත්පාදයට උපකරණ වූ භාණ්ඩයි. මෙයින් ආතත නම් සමින් වළඳනා ලද එක් මුහුණින් යුතු තූය්ය්රණ විශෙෂයෙකි. තම්මැට ආදිය මෙනි. විතත නම් දෙමුහුණු ඇති බෙර විශෙෂයි. ආතත විතත නම් සතර මුහුණින් යුත් බෙරයි. ‍‍ෙගාමුඛාදි මෙ බඳු වු බෙර පූර්වයෙහි ඇතිවූහ. ඝන නම් ද්ර විඩ භෂානුසාරි ව සියබසින් ‘තාලම්’ හෙවත් ‘කයිතාලම්’ යයි කියනු ලබන්නා වූ ‘කංසතාල’ ආදියයි. සුසිර නම් වස්දඬු කුලල් සක් ආදි පිඹිනු ලබන්නා වු තූය්ය් විශෙෂයි. (වීණාව මෙයින් කුමන පක්ෂයකට ඇතුළත් වී ද යනු චින්ත්යියි) සං. 4. පූර්වභාගය ස්වභාවොක්තියි. ද්විතිය භාගය උපමායෙන් සංකීර්ණ වු අතිශයොක්ත්ය ලංකාරයයි. මුළුල්ල සංඍෂ්ටියි.

238. එ ක් ව සිනිඳු වල්විදුනා සුළඟි න් නික් ම දුවන ඉඳුවර දම් සරඟි න් සක් ව දිලෙන අබරණ රැස් තරඟි න් නික් ම එරජ රජමැතිසෙන් සමඟි න්

1. ආතතය, විතතය, ආතත විතතය, ඝනය. සුසිර යයි මෙසේ තූය්ය්තිශය තෙම පංචාංගික යයි කියන ලදි. මෙහි “තූය්ය් න ” යන්නෙන් එක් තූය්ය්මෙ භාණ්ඩයෙක් නෙව තූය්ය්ාං ජාති තොමෝ නිර්දිෂ්ටයි.

ගුත්තිල කාව්ය වර්ණතනා161

සිනිඳු, සනිග්ධ වූ; වල්විදුනා, (රාජයාහට චලනය කරනු ලබන්නා වූ) වාලිවිජනයන්ගේ; සුළඟින් එක්ව, මාරුතය හා සම්බන්ධ ව; නික්ම, නිෂ්ක්රාවන්ත ව; දුවන, ධාවනය කරන්නා වූ; ඉඳුවරදම්. (රජයා විසින් පලන්) ඉන්දිවර දාමයන්ගේ; සරඟින්, සද්රාදගයෙන්(යහපත් වර්ණයෙන්) යුක්ත ව; සක්ව, චක්රා්කාර ව දොහෝ නොහොත් සමුහ සමූහව; දිලෙන, භ්රා්ජමාන වූ; අබරණ රැස්, ආබරණ රශ්මින්ගේ; තරඟින්, කල්ලොලයෙන් (යුක්ත ව); එරජ, ඒ බ්ර්හ්මදත්ත රාජයා; රජමැතිස්න් සමඟින්, රාජාමාත්යන සහිත වු සෙනාව හා සමග; නික්ම (මන්දිරයෙන්) නිෂ්ක්රානන්ත ව - මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලංකාරයයි (36. සං.2) 239. වෙසෙසින් දැන පරසිදු සිව් වේ‍දේ සැ බ ව න් බොරු ‍නොකරන කී කී දේ බ මු ණ න් පවසන ජය තුති නා දේ අ ස මි න් නරනිඳු සඳ සිතු1 පෑ‍ ‍දේ සිව් වේදේ, චතුර්වෙදය (245. සං. 1); වෙසෙසින්, විශෙෂයෙන්; දැන, අවබොධ කොට; පරසිඳු, ප්ර්සිද්ධ වූ; (යළිඳු) කී කී දේ, තමන් විසින්කථිත වූ කථිත වූ දැය; සැබවින්. එකාන්තයෙන්; ‍‍ෙබාරු නොකරන, අසත්යි නො කරන්නා වු; බමුණන්, බ්රා‍හ්මණයන්; පවසන, ප්රෙකාශකරන්නා වූ; ජය තුති නාදේ, ජය ස්තුති නාදය; නරනිඳු සඳ, නරෙන්ද්රප චන්ද්රපයා; සිතු පෑදේ. චිත්ත ප්රේසන්න ව; අසමින්, ශ්ර්වණය කරමනි - මතු සම්බන්ධයි.

සං. 1. හෙත්වලංකාරයයි. 240. දිලි හෙන1 නුබ ඉඳුසැව් සිය විලසි න් විහිසෙන මිණි අබරණ රැස සහ සි න් පු බු දි න මුතඹරැති පුර විල සි න් වි සු ර න3 අසෙනිය මල් දැක ස‍තොසි න් නුබ. වහස්තලයෙහි (ආකාශයෙහි); දිලිහෙන. විරාජමාන වන්නා වු; ඉඳුසැව් සිය, ඉන්ද්රයචාප (දෙව්දුනු) ශතන්ගේ; විලසින්, ආකාරයෙන්ඤ විහිදෙන, විස්තීර්ණ වන්නා වු; මිණිඅබරණ. මණ්යාිභරණයන්ගේ; රැස් සහසින්. රශ්මි සහස්රීයෙන්; පුබුදින, ප්රසබුද්ධ වන්නා වූ; මු තඹරැති, මුඛ (මුහුණු) නමැති තාමරස‍යන් ඇත්තා වු; පුර විලසින, නගර විලාසිනින් (කර්තෘ කාරකයි) විසුරන, විකිරණය කරන්නා වූ; අසෙනිය මල්, අර්වනිය පුෂපයන; සතොසින්, සන්කොෂයෙන්; දැක, දර්ශනය කොට - මතු සම්බන්ධයි.

සං. 1 (i) දිලිහෙන නුම ඉඳුසැව් සිය විලසින්

1. සිත - 4 2. දිලියෙන - කිසි 3. ඉසුරන - ද 162ගුත්තිල කාව්ය වර්ණමනා

නහස්තලයෙහි කිසි කලෙක ඉන්ද්රිචාප ශතයක් එකවිට විරාජමාන නො වන බැවින් මේ වනාහි අවිද්යකමාන වස්තුවක් විද්යඑමාන ස්වභාවෙක්හි පිහිටුවා කියන ලදින් අද්භුතොපමාලංකාරයයි. සැළලිහිණි සන්දේහයෙහි - සි රි ස ර හිඟුල් විලැ සේ හස වැළෙව් ගන සු ර ව ර සලෙළරත ලවනත දළ දුළන ම නහර සඳවලා පෙළ කෙළවර පෙනන පැහැසර ළසඳ යුවළෙක් ඇත්නම් එමෙන යයි කියු තන්හි මෙනි. මේ අලංකාරය මම්මටාදි ආචාය්ය්ු යෝ අතිශයොක්තියෙහි ඇතුළත් කළහ. (ii) විහිදෙන මිණි අබරණ රැස් සහසින් උදාත්තාලංකාරයයි. (iii) පුබුදින මුව තඹරැති පුර විලසින් සුය්ය්ාල යාගේ රශ්මි සහස්රියෙකි. ඒ රශ්මි සහස්රහයෙන් තාමරසයෝ ප්රයබොධයට පැමිනණත්. බ්රශහ්මදත්ත රජහුගේ මණ්යා භරණ රශ්මි සහස්රවයෙකි.එයින් ආභරණ විභූෂිත වූ රජ තෙම සූය්ය්මුවයා මෙන් භ්රාරජමාන විය; තදශ්රිාත වූ රශ්මින්ගෙන් නගරාජගනාවන්ගේ මුඛ නැමති තාමරසයෝ ද ප්රැබොධයට පැමිණියාහුය. හෙතුයෙන් සංකීර්ණ වූ රූපකාලංකාරයයි. (iv) විසුරන අසෙනිය මල් දැක සතොසින් (1) උතුමන්හට කුසුමයෙන් පිදිම හෙවත් උපහාරය කිරිම පුරාතනයන්ගේ මනා සිරිතකි. එසේ උපහාරය පිණිස ගනු ලබන්නා වු කුසු‍මයෝ වනාහි විවධ වෙත්, එයින් ප්රිධාන වූ විශෙෂයෙක් නම් ලාඡය හෙවත් වීපොරියි. පුෂ්පයන් සේ විකසිත වූ අර්ථයෙන් මිට ද පුෂ්ප යයි කියනු ලැබේ. රාජ කුමාරාදින් ගමන් ගත් කල්හි ඔවුන් අබිමුඛ ගමන් මාර්ගයෙහි ජාතිසුමනා ලාජාදි පුෂ්පයන් විසිරවිම යට කි සිරිතෙහි භෙදයකි. මෙහි වනාහි අසෙනිය කුසුම යන්නෙන් ලාජ සංඛ්යාිත වූ අර්වනිය පුෂ්පයන් නිර්දිෂ්ට කළෝ. මෙහි අර්වනිය යන්නෙහි අර්ථය නම් අර්චනයට හෙවත් පිදිමට යොග්යඅ වු යනුයි. ඡ සංඥත ‘ඊය’ ප්රඅත්ය යයි. (2) තවද මෙහි රාජයාගේ සන්තොෂය නම් ප්ර සන්න මුඛ යුත් කාන්තාවන් අර්වනීය පුෂ්පයන් විකිරණය කරනු දැකිමෙන් සංජාත විය. එහෙයින් මේ වනාහි හෙත්වලංකාරයයි. (v) මේ මුව පද්යදයෙහි අලංකාරය නම් අද්භුත‍පමාය, උදාත්තය. හෙතුයෙන් සංකීර්ණ වූ රූපකය යන මොහුන්ගේ සංඍෂ්ටි ඇති හෙත්වලංකාරය වේ.