ගුත්තිල කාව්‍ය වර්ණනා - වර්ණනා iv

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

241. ක ලා සපිරි මුවසඳ හස කැ ල් මෙ න් දු ලා දිමුතු මුතුහර ගඟුලැ ල්‍ මෙ න් බ ලා සිටින ලිය තම වෙත ඇ ල් මෙ න් බ ලා පුළුල් දිඟු නුවන’ග බැ ල් මෙ න් ගුත්තිල කාව්යද වර්ණවනා 163

කලා සපිරි, ෂොඩශකලා සම්පූර්ණ වූ; මුවසඳ, මුඛචන්ද්රමයාගේ; හස මෙන්, හාස නැමති කාන්තියෙන්; දුලා, උජ්ජ්වලන ප්රාුප්ත වූ; ගඟුලැල් මෙන්, ගංගානිර්ඣරයන් මෙන්; දිමුතු, දිප්තිමත් වූ; මුතුහර, මුක්තාභාරයෙන් යුක්ත ව (හෙවත් මුක්තාභාරයන් පැලඳ ගෙන); තම වෙත, තමා කෙරෙහි (රාජයා කෙරෙහි); ඇල්මෙන්, ආලයෙන්; බලා සිටින, අවලොකනය කරමින් සිටින්නා වූ; ලිය, ලතාවන් (කාන්තාවන්) ; පුළුල්, පෘථුල වූ; දිඟු. දීරඝ වූ; නුවන්, නෙත්රියන්ගේ; අග බැල්මෙන්, උපාන්ත නිරික්ෂණයෙන්; බලා, අව‍ෙලාකනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. දුලා දිමුතු මුතුහර ගඟුලැල්මෙන්

මෙහි ‘ගඟුලැල්’ යයි කී සමාස පදයාගේ විච්ඡින්න පදයෝ නම් ගංගා වාචි ගං (ගඟ්) ශබ්දය ප්ර ස්රදවණ වාචි උල් ශබ්දය, ජලධාරා වාචි ඇල් (ඇලි) ශබ්දය යන මොහුයි. ගංගාවන්ගේ සම්භවයට හෙතු වන්නා වු ප්රිස්රගවණයන්ගේ ජලධාරා යනු අර්ථයි.

සං. 2. රූපකයෙන් ද උපමාවෙන් ද සංඍෂට වූ ස්වභාවොක්තියි.

242. සු ර සෙ න් ගෙන සැදි සුදම් ස බා ව ට සතොසි න් පැමිණෙන සුරිඳු සු බා ව ට අ ව ස න් නොව දිලි රුව් ප බා ව ට ර ජ සෙ න් සහ රජ සිවිස1 ස බා ව ට සැදි, සජ්ජිත වු (අලංකෘථ වූ); සුදම් සබාවට, සුධර්ම නම් දිව්යශසභාවට; සුරසෙන් ගෙන, දිව්යැසෙනාවන් (පරිවාර කොට) ගෙන; ‍ස‍ෙතාසින්, සන්තොෂයෙන්; පැමිණෙන, ප්රා(ප්ත වන්නා වූ; සුරිඳු, සුරෙන්ද්රටයාගේ; සුබාවට, ලීලායෙන් (උපලක්ෂණාර්ථයෙහි සම්ප්රෙදාන විභක්තියි. 482. සං. 1. සමකර බලන්න); අවට, හාත්පසැ; අවසන්නොව, සිමාරහිත ව; රුවන්පබා, රත්ත ප්ර්භාවන්; දිලි, විරාජමාන වු; සබාවට. (වීණාවදා) සභාමණ්ඩපයට රජ, (බ්ර්හ්මදත්ත) රාජයා; රජසෙන් සහ, රාජසෙනා හා සමග; පිවිස, ප්රරවිෂ්ට ව - මතු සම්බන්ධයි

සං. 1. සුරසෙන් ගෙන සැදි සුදම් සබාවට

සුධර්මා නම් දිව්යහ සභා මණ්ඩපයෙහි විස්තර වර්ණනය පිණිස 416 වෙනි කවෙහි සිට 421 වෙනි කව දක්වා බලන්න. එහි පූර්ව කථාව පිණිස 404 වෙන් කවෙහි සංලක්ෂ්යය බලන්න.

සං. 2. උපමායෙන් සංකීර්ණ වූ උදාත්තාලංකාරයයි.

1. පිවිසි - කිසි 164 ගුත්තිල කාව්යප වර්ණ්නා

243. ස රා ලකළ කිරුළ’ග මිණි රැස් වැ ද ස රා උදය දිවයුරු බිඹු සිරි ල ද පු‍ රා උදුළ සේසත් සිහසුන් මැ ද අ රා පවර නිරනිඳු වැඩ1 උන් ස ද සරා, රාග සහිත වු (රක්තවර්ණයෙන් යුක්ත වු) ; ලකළ, අලංකෘත වූ; කිරුළ’ගාමිණි, කිරිටාග්රල මාණික්ය යාගේ;රැස්, රශ්මිය ; වැද, ප්රසවිෂ්ට ව‍ හෙවත් සපෘෂ්ට ව; සරා, ශරත් කාලයෙහි; උදය දිවයුරු බිඹු, උදය දිවාකර බිම්බයාගේ; සිරි, ශොභාව; ලද, ලද්දා වූ; උදුළ, උජ්ජවලිත වූ; සේසත්, ශෙවතච්ඡත්ර ඇති; සිහසුන්, සිංහාසනයාගේ; මැද, මධ්යදය; පුරා, පූර්ණ කොට; ආරා, ආරූඪ ව ; පවර, ප්රාවර වූ; නරනිඳු, නරෙන්ද්රළයා; වැඩ උන් සඳ, උපවිෂ්ට වඋ කල්හි - මතු සම්බන්ධයි. සං. 1. උපාමායෙන් සංකීර්ණ වූ උදාත්තාලංකාරයයි මෙසේ බ්ර.හ්මදත්ත රාජයාගේ මංගලමණ්ඩප සම්ප්රාකප්තිය වර්ණනා කොට තදනතන්තර ව වීණාවාද දර්ශනය පිණිස සමාගත වූ නෛකවිධ අන්ය‍ ජන පරිෂද් වර්ණනය කරන්නාහු “පලන් අබරණ” යනාදි එකිවංශති පද්යනයක් කියත්. 244. පලන් අබරණ දෝ වතුරෙන් සබය කර ‍දෝ ලොව පරසිදු සො ‍ඳෝ උන්නු සුවහස් ගණන් නිරි ‍ඳෝ පලන්, පිනද්ධ වූ: අබරණ, ආභරණයෙන්ගේ; දෝ, ද්යොවතිස් (කාන්තිය) නැමති; වතුරෙන්, ජලෞඝයෙන් (ගලායන්නා වූ විශාල ජලයෙන්); සබය, සභාව; දොකර, ධාවනය කොට(සොදා); සුවහස් ගණන්, ශතසහස්රො සංඛ්යාඋත වූ ; නිරි‍ඳෝ, (ප්රනදෙශ ) නරෙන්ද්‍සුයේ; උන්නු, අවස්ථිත වූහූ, කෙබඳ‍ු නරෙන්ද්රරයෝ ද යත්, සො‍ඳෝ, මනා සේ, ලොව, ‍ෙලාකයෙහි; පරසිඳු, ප්ර්සිද්ධ වූ; (“සුවහස් ගණන් නිරි‍ඳෝ” යයි සන්ධානය කරන්න.) සං. 1. උදාත්තාලංකාරයයි (36. සං. 2) සං. 2. (i) ‘නිරිඳු එ සඳ වදහළ බස් පිළිගෙන යනාදි 227 වෙනි කවෙහි සිට මෙතැන් දක්වා අෂ්ටාදශපද්යාතත්මක වූ කුලකයයි. දවාහ්යාදන්තු යුග්මකං ඥෙයං - ත්රිිහිඃශෙලාකෛර් විශෙසකම් චතුර්හිස්තු කලාපං ස්යා්ත් - පංචහිඃ2 කුලකං මතම්3

1.සඳ - කිසි. 2.”තදුර්ධ්වං” කිසිතැනෙක තදුර්ධවම්, එයින් (එනම් ශෙලාක සතරකින්) ව‍ැඩි වූයේ; (කුලකම්. කුලක යයි. මතම්, දන්නා ලදි.) 3.ද්වාහ්යා.න්තු (ශෙලාක) ද්වයකින් යුක්ත වඋ (බන්ධනය) තෙම; යුග්මකම්, යුග්මකයයි; ඥෙයම්, දතයුත්තේය; ත්රිකහිඃශ්‍ොලකෛඃ, ශෙලාකත්ර; යකින් යුක්ත වූයේ: විශෙෂකම්, විශෙෂක යයි(ඥෙයම්, දත යුත්තේය): චතුර්හිස්තු, චතුඃ ශෙලාකයකින් යුක්ත වු (බන්ධනයතම); කළපං ස්යාතත්, කලාපය වන්නේය.පඤ්චහිඃළු, පසකින් යකුත් වූයේ; කුලකම්, කුලක යයි; මතම්. දන්නා ලදි. ගුත්තිල කාවය වර්ණ නා 165

යයි වියුතන්හි කුලකයට ශ්ලොක පසකැයි කියන ලදි, මෙය අඩු සීමාව බව පෙනේ. කාව්යි ශෙඛරයෙහි ‘කෙළෙනා මුව පොල්ලාහා’ යන්නෙන් ආරබ්ධ ව’ වර එකුමරු බැලිය සිතු ඇළීය’ යන්නෙන් අවසාන වු කුලකය කව් අටකින් යුක්ත වුවකි. කුමාර සම්භවයෙහි - යං සර්වහහෛලාඃ පරිකලප්යය වතසං මෙරෞ ස්ථිතෙ දේග්ධරි දෙහදක්ෂෙ යනාදින් ආරබ්ධ වූ කුලකය අවසාන වි තිබෙන්නේ ශෙලාක සප්ත දශයකින්. තවද කාව්යන ශෙඛරයෙහි ම’ යසසින් ලොව පැතිර’ යනාදි කවෙහි සිට ‘දෙතිස් ලකුණෙන් පළ’ යනාදි කවිය අන්තිම කොට කව් තිස්පසකින් යුත් කුලකයෙන් ද බුදු ගුණ අලංකාරයෙහි ‘සකකුලඹර ළසඳ’ යනාදි කවෙහි සිට ‘උස්කරැ සිල්පවුර’ යනාදි කව අවසන් කොට කව් සිව් සකලිසකින් යුත් කුලකයෙක් ද පෙනේ. (ii) මේකුලකයෙහි - ‘ නිරිඳු මඟුල් මඩගල ගෙන උදුළි’ ‘ නික්ම එරජ රජ මැතිසෙන් සමගින්’ ‘අසමින් නරනිදු සඳ සිතු‍ පෑදේ’ ‘ රජසෙන් සහ රජ පිවිස සබාවට’ ‘අරා පවර නරනිඳු වැඩ උන්සඳ’

යන මේ තන්හි පූර්ව ක්රි යාදි අසමාපක ක්රිදයාවන් පසකට ම කර්තෘ ව සිටියා වු එක ම නරෙන්ද්ර්වාචි පදය ‘නිරිඳු’ ‘එරජ’ යනිදි වශයෙන් සමාපක ක්රිලයාවට ප්රෙථම පස්විටෙක නැවත නැවතත් යොදා තිබේ, ලුහුඞු වාක්යරයක නම් මේ සදොස් වෙයි. දික්වැකියක වුකලි පූර්වක්රිායාදින් අපෙක්ෂිත වු කර්තෘ එක් තැනෙක ප්ර කට වුවද අන්යා ස්ථානයන්හි ව්යලවහිත විමෙන් අර්ථව්යා්කුල්යඑය විය හැකි බැවින් යොගග්යද වූ තැන් බලා නැවත නැවතත් යෙදිම ශිෂ්ට ව්යවවහාර වේ. කාව්යය ශෙඛරයෙහි ‘අම බොන සුරන් ලෙස’ යනාදින් ආරබ්ධ වු කුලකයෙහි ‘මුනිඳු ලො සෙත්කළ’ යනිදි කවිය ද ‘එයින් දම් සබයට’ යනාදි කවිය ද සමකර බලන්න.

245. වෙද වෙද’ඟ නි පු‍ ණෝ සතර පිළිබිඹු දැ පු‍ ණෝ දිය වැඩෙහි දැ පු ණෝ පසෙක උන්නුය පෙරවි බ මු ණෝ වෙද, වෙදයන්හි ද; වෙද’ඟ. වෙදංගයන්හි ද; නිපුණෝ, ප්රලචිණ වූ; සතර පිළිබිඹු, ශාස්ත්රණ නමැති ප්රබතිබිම්බයන්ට ; දැපුණෝ, දර්පණ තල වැනි වූ; (යළිඳු) දියවැජඩෙහි. ජගදභිවෘද්ධියෙහි; දැපුණෝ, දර්පිත වූ; පෙරවි බමුණෝ. පුරොහිත බ්රාැහ්මණයෝ; පසෙක, පාර්ශ්වයෙක්හි; උන්නුය. අවස්ථිත වූහූ.

සං. 1. වෙද වෙද’ඟ නිපුණෝ 166 ගුත්තිල කාව්ය වර්ණෙනා

(i) වෙදය නම් අන්වර්ථ වශයෙන් දැනගැන්මයි. විශෙෂ වශයෙන් මහාබ්රමහ්මයා විසින් පූර්වමහර්ෂින්හට දන්වන ලද ඥෙය මණ්ඩලය තෙම වෙද නම් වේ. වෙදයෝ වනාහි සතරෙකි; ඍග්වෙද, යජුර්වෙද, සාමවෙද, අථර්වවෙද වශයෙනි. එක් ඒක් වෙදය මන්ත්රරය (නොහොත් සංහිතාය) බ්රාෙහ්මණය යන මේ වශයෙන් ද්විහෙද වේ. මන්ත්රස නොහොත් සංහිතා නම් වෙදයෙහි මූල පාඨයයි; බ්රාෙහ්මණ නම් එහි අර්ථ කථා සහිත වු විස්තර ටිකාව යයි සාමාන්යය ‍වශයෙන් දතයුතු. (ii) වෙදාංග නම් වෙදය මනා සේ ප්රමගුණ කර ගැන්ම පිණිස මූලාරම්භ වශයන් දතමනා කරුණු අන්තර්ගතකොට සම්පාදනය කරන ලදි ග්ර‍න්ථ විශෙෂයෙකි. අභිධර්මයට අභිධර්මාර්ථ සංග්රපහව මෙනි. වෙදාංගයෝ සයෙකි; ශික්ෂාම කලේපා වයාකරණං - නාරුක්තං ඡන්දසාඤවයඃ ජෙයාතිෂාමයනඤෛවව - වෙදාඞගානි ෂඩෙව තු යනුවෙන් හික්ෂාය, කල්පය, ව්යාදකරණය, නිරුක්තිය, ඡන්දසය, ජ්යො තිෂය යන මොහු ෂඩ් වෙදාංග‍යෝ වෙත්. මෙහි ශික්ෂා නම් මන්ත්රණයන්ගේ අනවද්ය් ශබ්දෙච්චාරණය සම්බන්ධ වූ ශික්ෂාවයි. කල්පය නම් හොම යාගාදි වත්පිළිවෙත් කටයුතු වු පිළිවෙළයි. ව්යා.කරණය නම් ශබ්දයන්ගේ අර්ථවබොධය පිණිස දතයුතු වු ශබ්දශාස්ත්රියයි. නිරුක්ත නම් ශබ්දයන්ගේ නිර්වචනය ප්රබතිපාදක වූ හෙවත් ශබ්දව්යුතත්පත්ති නිර්දෙශක වූ ශාස්ත්රමයයි. ඡන්දස නම් වෘත්ත ශාස්ත්රූයයි. ජ්යාපතිෂ නම් නක්ෂත්රු ශාස්ත්ර යයි දතයුතු. සං. 2. පසෙක උන්නුය පෙරවි බමුණෝ පුරොහිත බ්රා2හ්මණයෝ නම් රජුන්හට අර්ථයෙන් හා ධර්මයෙන්ද අනුශාසනය කරන්නා වූ ප්රිධාන මන්ත්රි විශෙෂයෙකි. දඹදිව ඒක එක් රජුහට පුරොහිත බ්රා්හ්මණයෙක් එසේ අනුහාසනය කෙරෙයි. විණාවාද ශ්රයවණය පිණිස සහස්ර‍ සංඛයාත නරෙන්ද්රයයන් සම්ප්රාහප්ත ව සිටි බැවින් ඒ ඒ නරෙන්ද්රකයන්ගේ පුරොහිතයන් ද පැමිණ සිටි බැව් මෙයින් සූචිත කළෝ.

සං. 1. පරිකරාලඞකාරයයි (212. සං.2) 246. යසින්1 නොකිලි ටි යෝ ලොව කප්තුරුසෙ සි ටි යෝ වාස ඇසි ය ටි‍ යෝ උන්නු සිටු තනතුරු2 පිහි ටි‍ යෝ යසින්, කිර්තියෙනන්; නොකිලිටියෝ, අක්ලිෂ්ට වූ (අක්ලිෂ්ට කිර්තියෙන් යුක්ත වු යයි යූසේයි); ලොව, ලොකයෙහි නොහොත් ලොකයාහට; කප්තුරුසෙ, කල්පවෘක්ෂයන් සේ; සිටියේ, අවස්ථිත වූ; සිටු තනතුරු


1. යසෙන් - බොහෝ 2. තනතුර - කිසි

ගුත්තිල කාව්ය වර්ණ්නා 167 පිහිටියෝ - සිටුතනතුරු, ශ්රෙ;ෂ්ඨිස්ථානාන්තරයෙහි; පිහිටියෝ, ප්රවතිෂ්ඨිත වූ; වාද ඇසිය අටියෝ, වාදශ්රසවණාභිලාෂිහු; උන්නු, උපවිෂ්ට වුහු. සං. 1. ලොව කප්තුරු සෙ සිටියෝ කල්පවෘක්ෂය මෙසේ දතයුතු. ‘ ඒ හිමාලයට දකුණුදිග දඹදිවට හිමි වූ දඹරුක පිහිටියේය. ඒ අඹරුකෙහි නමින් අඹදිව් නම් විය.ඒ දඹරුකෙහි කඳවට පසළොස් යොදුන. මුල පටන් අතුපරතර විහිදි නෙතට පනස් යොදුන. එයින් මුදුන නැඟි සාඛාව පනස් යොදුන: සතර දිගට ගිය සාඛා සතර පනස් පනස් යොදුන. ගස මුල පටන් මුදුන් අතු අගට සියක් යොදුන; පැදුම් ශාඛාග්ර යෙහි පටන් පශ්චිම ශාඛාග්ර්යටද දකුණු ශාඛාග්ර යෙහි පටන් උතුරු ශාඛාග්රදයට ද සියක් සියක් යොදුන, ශාඛාමණ්ඩලය වටින් තුන්සියයක් ‍යොදුන, ඒ ගස පංචශාඛාවන්ගෙන් ගංගා පසෙක් හුණුයේය. එහි දඹගෙඩි මහ දියකළයක් පමණ ඇත්තේය. ඒ දඹගෙඩි හුණු තෙනන් නගුලිස් පමණ රන්පැළ නැ‍ඟෙන්නේය. ඒ රන්පැළ ගංඉවුරෙහි රළ පැතිරිමෙන් ජින්න හින්න ව දියෙන් ගොස් දඹදිව් වදනේය. මේ ජම්බොනද කනක නම. ඒ දඹ ගස ද අසුර භව‍නයෙහි පළොල් ගස ද ගරුඩ භවනයෙහි ඉඹුල් රුක ද අපර ගොයානයෙහි කොළොම් රුක ද උතුරුකුරු දිවයික කප් රුක ද පූර්ව විදෙහයෙහි මහරි රුක ද ශක්රෙභවනයෙහි පරසතු රුක ද යන කල්පස්ථායි ඒ වෘක්ෂ යත ම එක උස මහත ඇත්තේරය. එයින් කීහ. නිපඤචයොජනක්ඛ.න්ධාු - පරිකෙකපා නගව්හයා පඤ්ඤාසයොජනකඛන්ධා‍ - සාඛායාමා සමනතතො

සතයොජනච්ත්ථිනණණා - තාවදේව ච උග්ගතා ජම්බු යස්සානුබාවෙන - ජම්බුදිපෝ පකාසිතො

පාටලි සිම් ලි ජම්බු - දෙවානං පාරිජච්චකො කදමේඛා කප්පරුකෙඛා ච - සිරිසො වෙත් සත්තමං

පාටලි අසුරානඤච - සුපණ්ණානඤච සිම්ඛලා ජම්බු ඉධ මනුස්සානං - දෙවනං පාරිඡත්තකො

කදමෙඛා’පරගොයානෙ - කප්පරුකෙඛා ච උත්තරෙ පුබ්බවිදෙහෙ සිරිසො ච- කප්පටඨායි ඉමේ මතා

ඛන්ධා පතතා මහාසාකා - උබෙබධා පරිමණ්ඩලා සබෙබ ඒකපරිචෙඡ - සබේබෙ තිට්ඨනත් යස්සතාති උතුරුකුරු දිවයින සත්ත්වයන්ට රොගාන්තරායයෙක්වත් විකලංග විකලෙන්ද්රිඋයයෙක්වත් නො ම ඇත්තේදය. හැමකල් සොළොස් ඇවිරිදි ස්ත්රිි පුරුෂයන් මෙන් ප්රෙථම යෞවනයෙහි පිහිටා සිටිනාහුය. කෘෂිවාණිජ්යාිදි වූ කිසි ජිවනොපාය කර්මාන්තයෙක ව්යිපෘත ‍නො වි කප්රුකින් ම වස්ත්රා්භරණ අන්නපානාදිය ගෙන කා බි හැඳ පැලඳ අහස ම ගෘහයක් කොට වැස දහසක් අවුරුදු ආයු වලඳා තමන් පෙර කළ කුශලානුභාවයෙන් හා කප්රුකෙහි අනුභාවයෙන් දිව්යඅසම්පත්තියක් මෙන් සකල ශ්රිල අනුභව කොට වසන්නාහුය. සද්ධර්මර්ත්නාකරය 167 ගුත්තිල කාව්ය් වර්ණකනා

සං. 2. උන්නු සිටු තනතුරු පිහිටියෝ සිටු තනතුර නම් ශ්රේෂ්ඨි යන ගරුනාමයෙන් යුක්ත වූ උතුම් පදවියයි. ශ්රොෂ්ඨි යන්නෙන් ‘වණිග් ජනයන්හට ශ්රෙමෂ්ඨ වූ තැනැත්තේ’ යන අර්ථය කිය වේ. පෙර කල ජම්බුද්විපයෙහි වණික් කර්මය බොහෝ ගරු වු ව්යාෂපාරයක් ව පැවතුණේය. මෙම ව්යාුපරය විශ් හෙවත් වෛශ්යා නම් වූ වංශයට හිමි වූ ව්ය‍පාරයය. මෙම වංශයට අයත් ජනයන් ලංකාවෙහි ද පෙර කල විසු බවත් ඔවුන්වගෙන් පැවත එන්නන් හෙට්ටි යන නාමයෙන් අද වනතුරු වසන බවත් පෙනේ. මේ පොතෙහි නම් සඳහන් වන්නා වු ජයපාල මන්ත්රිතශ්වරයා ද මේ වංශයෙහි උතුමෙකු බව පොතෙහි උපන්ය ස්තයි. මේ උතුම් ‍ශ්රේරෂ්ඨි නාමය කෙත්වත් දැසිදස් ගවමහිස රන්රිදි මුතු මැණික් ආදි මහත් ධන සම්භාරයෙන් යුක්ත වු නානාදෙස පතළ විශාල වණික් කර්මයෙහි උද්යුරක්ත වූ නානාදෙස ස්වකිය කෘත්යායෙහි යෙදි සිටි සියගණනන් දහස් ගණන් සෙවක ජනයා ඇති ශ්රිදමතුන්හට පෙරකල රජ දරුවන් විසින් රාජ සම්මානන වශයෙන් දෙන ලද්දේය. ක්රිමයෙන් සියලු ම උසස් වෙළඳුන්ට ද ඉන්පසු සාමාන්යව වශයෙන් සියුල ම වෙළඳුන්ට ද ඉන්පසු වෙළඳාම ව්යා පාරය කොට ඇති ජාතින්ට ද මේ නම පැතිරි ගිය බැව් දැනට ලංකාවෙහි පවත්නා ‘හෙට්ටි’ යන වචනයාගේ ව්යිවහාරයෙන් පෙනේ. සං. 3. පරිකරාලංකාරයයි (212. සං.2) 247. කියුණු නුවණැ ත් තෝ රට රකිනා කැමැ ත් තෝ කුවණෙන් ළතෙ ත්‍ තෝ උන්හ උන් වෙත රජ ඇමැ ත් තෝ තියුණු නුවණැත්තෝ, තික්ෂණඥන සම්පන්න වූ; රට රකිනා, රාෂ්ට්ර සංරක්ෂණයෙහි; කැමැත්කතෝ, අභිලාෂි වූ; ළ, (ස්වකිය) හෘදය; කුළුණෙන් තෙත්තෝ, කරුණෘවෙන් ආර්ද්ර් වු; රජ ඇමැත්තෝ, රාජාමාත්‍ සයෝ; උන් වෙත. ඒ ශ්රෙණෂ්ඨින් සමිපයෙහි; උන්හ, උපවිෂ්ට වූහ. සං. 1. කුළුණෙන් ළ තෙත්තෝ ‘ළතෙත් ඕ’ යයි සිටි තන්හි ‘ඕ’ ප්ර ත්ය.යට පෙරින් සිටියා වු ‘ත’ කාරයාගේ ද්විත්වයෙන් ‘ළතෙත්තෝ’ යනු සිද්දයි. ශබ්ද ධර්මයෙනි.

සං. 2. පරිකරාලංකාරයයි (212. සං. 2) 248. සමර සම සු රු වෝ අවිසිප් සරම1 සු රු වෝ නැණ2 බරණ දැ රු වෝ පසෙක උන්නුය3 රජ කුම රු වෝ

1. සරමැ - 1 2. නන් - 1 3. උන්නුව - ද ගුත්තිල කාව්යව වර්ණ නා 169

සමරසම, සමරයා (අනංගයා) හා සමන වූ; සුරුවෝ. මනා රූප ඇති; අවිසිප්සරම, ආයුධශිල්පාහ්යා9සයෙහි; සුරු‍වෝ, ශුර වු; නැණ බරණ, ඥනනැමති ආභරණය; දැරුවෝ, ධාරණය කළා වු හෙවත් පැලඳ සිටියා වු; රජ කුමරුවෝ, රාජකුමාරයෝ; පසෙක, පාර්ශ්වයෙක්හි; උන්නුය, උපවිෂ්ට වූහ.

සං. 1. පරිකරාලංකාරයයි (212. සං. 2)

249. රණ’ගින්1 නොතැ වි යෝ රජුගෙන්ලත් පද වි යෝ ජය සිරිනි නො වි‍ යෝ දෙසෙක උන්නුය රජ සෙනෙ වි යෝ රණ අගින්, සංග්රා ම නැමති වහ්නියෙන්; ‍‍ෙනාතැවියෝ, තප්ත නුවු; (යළිඳු) රජුගෙන්, රාජයා කෙරෙන්; ලත්, ලබ්ධ වූ; පදවියෝ, ස්ථානාන්තර ඇති; (යළිඳු) ජය සිරිනි, ජයශ්රිකය කෙරෙන්; ‍‍ෙනාවියෝ, වියුක්ත නුවු; රජසෙනෙවියෝ, රාජසෙනාපතියෝ; දෙසෙක, රක් ප්රයදේශයෙක්හි; උන්නුය. උපවිෂ්ට වූහ.

සං. 1. “රණ’ ගින් නොතැවියෝ” යන්නෙන් මේ සෙනාපතින් සංග්රාුම භූමියෙහි අචල ධෛය්ය්ෙ යෙන් යුක්ත වුවන් බැව් හා ‘ජයසිරිනි නොවියෝ’ යන්නෙන් හැමකල්හි විජය නැමති ශ්රිරකාන්තාව භජනය කරන්නවුන් බැව් ද දැක්වුහු. ශ්රි කාන්තාව නම් විෂ්ණු දිව්ය්රජයා‍ෙග් මහිෂි වු දිව්යාං ගනාවයි. එහෙයින් ශ්රිනකාන්තා භජනය දර්ශනය කිරිමෙන් මේ වීරයන් පරාක්රජමය කරණ කොට ගෙන විෂ්ණු දිව්යයරාජයා හා සමාන බැව් ද ද්යෙමතන‍ය කළෝ. සං. 2. පරිකරාලංකාරයයි (212. සං. 2) 250. රුපු රණ අරි ටි යෝ රට රැකුමෙහි බුහු ටි‍ යෝ රජ2 අණ දැව ටි යෝ උන්නු3 එක්පසෙක මහ රැ ටි යෝ රුපු රණ, ශත්රැර සංග්රාිමයෙහි; අරිටි‍යෝ, අරිෂ්ට වූ (හත්රැිසංහාරක වූ යයි යුසේයි); රට රැකුමෙහි, රාෂ්ට්ර සංරක්ෂණයෙහි; බුහුටියෝ, දක්ෂ වූ; රජඅණ, රාජාඥයෙහි; දැවටියෝ, වෙෂ්ටික වු; මහ, ශ්රෙ ෂඨ වු; රැටියෝ, රාෂ්ටිරිහු හෙවත් ජනපද නායකයෝ; එක්පසෙක, එක්පාර්ශ්වයෙක්හි; උන්නු, උපවිෂ්ට වුහ.

සං. 1. පරිකරාලංකාරයයි. (212. සං. 2)

1. රණගිම්- කිසි 2. රජු - කිසි 3. උන්හ - 1 170 ගුත්තිල කාව්යර වර්ණසනා

251. සරසවි වැල ඳි යෝ කව්1 නළු රසය වි ඳි යෝ සත්සිඳු කිමි ඳි යෝ පසෙක උන්නුය නොයෙක් හු දි‍ යෝ2 සරසවි, සරස්වතිය; වැලඳියෝ, ආලිගංගනය කළා වු; කව් නළු රසය, කාව්යැ නාටක රසය; විඳියෝ, වින්දනය කළා වු; (යළිදු) සත් සිඳු, ශාස්ත්රා නැමති සාගරයෙහි; කිමිඳියෝ, නිමග්න වු; නොයෙක් හුදියෝ. අනෙක සුධිහු; පසෙක, පාර්ශවයෙක්හි; උන්නුය, උපවිෂ්ට වුහ. සං. 1. සරසවි වැලඳියෝ සරස්වති නම් මහා බ්රවහ්මයාගේ දෙවිය. ඕතොමො වචනයට හා සියලු විද්යාුවන්ට ද ශිල්පයන්ට ද අධිපත් වන්නිය. දෛවී භාෂාව ද නාගරි අක්ෂර ද සරස්වතිය විසින් හරත නම් ඍෂිහු‍ගේ ආරාධනායෙන් සම්පාදනය කරන ලද්දාහුය. එහෙයින් ‍මෝහට භාරතී යයි ද නමක් වෙයි. මෝ තොමෝ රම්යර වු රූපශ්රිෙන් විරාජමාන වු ප්රවතනු දෙහයක් ඇත් අත්ධවල වර්ණ වූ කාන්තාවකි. පද්මයක් ‍මෝහට ආසනය වේ. මහාබ්ර හ්මයාග් මුඛය වාසස්ථාන වෙයි. චන්ද්ර රෙඛාවක් සරස්වතියගේ ලලාට මතුයෙහි ආභරණ ව බබළයි. මැ‍ෙග් හස්තයෙහි වීණාදණ්ඩක් ධාරණය කරනු ලැ‍ෙබ්. කිසි වි‍ටක සරස්වති තොමෝ ධවල හංසි‍යකුගේ රූපවිලාසයෙන් ද පෙනෙන්නීය. මෙය ආශ්රිවත කොට කාව්යාසදර්ශයෙහි ග්රනන්ථාරම්බ වු සරස්වති ආරාධන ශෙලාකය ස්වභාවොක්ති රූපයෙන් ද විචිත්රව වු රූපාකාලංකාරයෙහි යොදා කළ බැව් පෙනේ - චතුර්මුඛමුකාමෙහාජ - වනහංසබධූර්මළම මානසේ රමතාං නිත්යං- - සර්වමශුක්ලා සරස්විති (සදවා නිති මුව - තඹර වෙනෙනද සිව්මුව සරසවිය හස සව්සුදු - කිවි සිත් පුල් මදෙච්චිල්) සරස්වතියහට වාග්දෙවි යනු ද නාමයෙකි. වාග්දෙවි තොමෝ සත්ත්වයන්හට ප්රසඥාව ද වාක් පටුත්වය ද ප්ර දානය කරන්නිය සරස්වතිය‍ගේ ආධාරබලය මෙසේ වර්ණනා කර ති‍බේ. ල ද ය ම් කොනෙක් සෙරසවි බැලු’මසක් නි සි කෙතරම් වුවත් මුළුලොව කෙරෙති අතවැ සි පාඨයෙහි සරස්වතිය ආලිංගනය කළා වු යන්නෙන් දෛවිභාෂා නෛපුණ්යිය ද විද්යාිශීල්ප වෛශාරද්ය ය ද වාගිශතා සම්පත්තිය ද යන මොවුන්ගේ සම්ප්රාශප්තිය සංඥපිත කළෝ. සං. 2. පරිකරාලංකාරයයි (212. සං.2) මෙසේ මංගල මණ්ඩපාහ්යකන්තරයෙහි මහාරාජයා සිංහසනාරූඪ වූ පසු තම තමන්ගේ ස්ථානාන්තර පය්ය්ඩපායයෙන් ආසනොපවිෂ්ට වූ ප්රනභූ ජනයන් 1. කිවි - 3 2. යුදියෝ - 1 ගුත්තිල කාව්යෝ වර්ණයනා 171

දක්වා ඉක්බිති ඔවුන් අවට අවස්ථිත වූ (සිටගෙන සිටියා වූ) අවශෙෂ ජනතාව ද වර්ගාන්තර වශයෙන් විභක්ත කොට දක්වන්නාහු ‘බරත’ යනාදි කව් කියත්

252. බරත සැක හ ළු ‍වෝ රඟින් දන මන වෙ ළු වෝ වෙසින් සුලකු ළු ‍වෝ පසෙක සිටියෝ ය නන් න ළු වෝ බරත, භාරතයෙහි (සසංගිත නාටක ශාස්ත්රසයෙහි); සැක, සංශය; හළුවෝ, දුරු කළා වු; රඟින්, නෘත්යටයෙන්; දන මන, ජනයන්ගේ චිත්තය; වෙළුවො, වෙෂ්ටනය කළා වූ; වෙසින්, වෙහයෙන්; සුලකුළුවෝ, ස්වලංකෘත වූ; නන් නළුවෝ. අනෙක නාටකයෝ; පසෙක, පාර්ශ්වයෙක්හි; සිටියෝය, අවස්ථික වූහ.

සං. 1. බරත සැක බළු‍වෝ අලංකාර ශාස්ත්ර යයි ද කියනු ලබන්නා වු ගන්ධර්ව වෙද නම් සසංගිත නාටක ශාස්ත්ර ය සුත්රරබන්ධන වහයෙන් ප්රවථමකොට ග්ර න්ථාරූඪ කරන ලද්දේ භරත ඍෂිහු විසිනි. එහෙයින් ඔහු‍ගේ නාමාශ්රරයෙන් ශාස්ත්රරයට ද භාරතයයි කියනු ලැබේ. සං. 1. පරිකරාලංකාරයයි (212. සං. 2)

253. කිවි බසෙහි රැ ඳි යෝ දනන් සිත දුක් සි ඳි යෝ කැමති සිරි වි ඳි ‍යෝ දෙසෙක සිටියෝ නොයෙක් වැ දි යෝ කිවි බසෙහි, කාව්යි භාෂායෙහි; රැඳියෝ, රක්ත වූ; දනන් සිත, ජනයන්ගේ චිත්තයෙහි; දුක්, දුඃඛය, සිඳියෝ, ඡෙදනය කළා වු; කැමති සිරි, අභිමත සම්පත්තිය; විඳි‍යෝ, වින්දනය කළා වු; නොයෙක් වැදියෝ. අනෙක වන්දිභට්ටයෝ; දෙසෙක, එක දෙශයෙක්හි; සිටි‍යෝ, අවස්ථිත වූහ.

සං. 1. කැමති සිරි විඳියෝ මෙයින් වන්දිභට්ටයන්හට සැමකල් රාජයාගෙන් ධනසම්පත්තිප්රවදාන වශයෙන් සංග්රභහ ලැබෙන බැව් සූචිත කළෝ.

සං. 2. පරිකරලංකාරයයි (212. සං.2) මෙතෙකින් මංගල මණ්ඩපාහ්යවන්තරගත සකල පරිෂද් වර්ණනය කොට දැන් බහිරවස්ථිතවූවන් නිර්දිෂ්ට කරන්නාහු ‘නොයෙක් රට’ යනාදි කව් කියත්.


172 ගුත්තිල කාව්ය වර්ණනනා

254. ‍නොයෙක් රට වැ ස් සෝ වෙණනද අසන රි ස් සෝ එහිම නිසි නි ස්‍ සෝ සි‍ටියො මඩුවෙන් පිටත සෙ ස් සෝ වෙණනද අසන රිස්සෝ; වීණානද ශ්ර වණාභීලාපි වූ; නොයෙක් රට වැස්සෝ, අනෙක රාෂ්ට්රඅවාසිහු; නිසිනිස්සෝ; යොග්යන යොග්යෙ වූවෝ; එහිම, ඒ මණ්ඩලයෙහි දඤ සෙස්සෝ, අන්යනයෝ; මඩුවෙන් පිටත, මණ්ඩපයෙන් බ්රානහ්යහ වු ප්රඩදෙශයෙහි ද; සිටියො , අවස්ථිත වුහ.

සං. 1. ස්වභාවොක්තියි

255. මදැතුන්1 බලැ ත් තෝ රුපු සයුර මෙර ම ත් තෝ අවිසිප් උග ත් තෝ අවට සිටියෝය කඩුග ත් තෝ මදැතුන්, මදහස්තින්ගේ; බලැත්තෝ, කායබල ඇත්තා වූ; රුපු සයුර, ශත්රැහ සාගරයට; මෙරමත්තෝ, මෙරුමන්ථය වැනි වු; අවිසිප් උගත්තෝ, ආයුධ ශිල්පයෙහි දක්ෂ වු; කඩුගත්තෝ, ඛඞ්ගධාරිහු; අවට, හාත්පසැ; සිටි‍යෝය, අවස්ථිත වූහ.

සං. 1. මදැතුන් බලැත්තෝ

මදහස්තිහු නම් ශරිරයෙන් වැඩි ඉතා බලවත් අවස්ථායෙහි සිටියා වු ගලන මද ඇති හස්තිහුයි (291. සං.1)

සං. 2. රුපු සයුර මෙ මත්තෝ

‘මත්’ නම් මන්ථයයි. ‘මත්’ වූවෝ ‘මත්තෝ’. ‘ත’ කාරයාහට ද්විත්ව රූපයෙනි. ක්ෂිමර සාගරය අලළන ලද්දේ මන්දර පර්වතය මන්ථය කොට ගෙනයි (431.සං.2) මහාමෙරු පර්වතයෙන්යයි මෙහි ප්රනතීත කරන ලදි. මන්දර පර්වතය ද මහාමෙරු පර්වතය ද එක ම පර්වතයක් යයි ස්වදේශිය කවින් සැලකූ බැව් පෙනේ. රුවන් මලෙහි; මදුරු සද සුනෙර හිගස් සල් වෙසෙසැ වේ. සං. 3. අවිසිප් උගත්තො ශිල්පය නම් පරිචිතයෙන් දතයුතු දෙයයි. කලා යනු ද ඊට ම නමි. ඥනයෙන් දතයුතු දෙය ශාස්ත්රය හෙවත් විද්යාි නම් වේ. සං. 4. පරිකරාලංකාරයයි (212. සං. 2)

1. මතැතුන් - 1 ගුත්තිල කාව්යන වර්ණලනා 173

256. සැපමිණ1 නන් දෙ සෙ න් හියවුරු2 දරා එක සෙ න් විලසින් අසුර සෙ න් එ වෙන සිටියෝ නොයෙක් දුනු සෙ න් නන් දෙසෙන්, නානා දිශායන්; සැපමිණ සම්ප්රාමප්ත ව; එක අසෙන්, එකාංශයන්; හියවුරු, ඛාණාශ්ර යයන් (හි + අවුරු යන තන්හි ‘ය’ කාරාගම සන්ධියෙන් හියවුරු වේ. ‘හි’ යන තන්හි මාත්රානහානියන් සිද්ධ වු රූපයි; ‘අවුරු’ යනු ආවරණයි. හි ආවරණ යනු අර්ථයි); දරා, ධාරණය කොට හෙවත් අවලම්බනය කොට; අසුරසෙන් විලසින්, අසුරසෙනා විලාසයෙන්; නොයෙක් දුනුසෙන්, අනෙක ධනුර්ධර සෙනාවෝ; එ වෙත, ඒ සමිපයෙහි; සිටියෝ, අවස්ථිත වූහ.

සං. 1. උපමාලංකාරයයි. 257. නොහළ විරු සිරි ය හ රිප’ඳුරට3 රිවි උද ය හ පබල මෙර දිරි ය හ නැඟි රිය රියදුරෝ සිටි ය හ නොහල, වර්ජිත නො කළා වූ; විරු සිරියහ, විර ශ්රිටන් යුක්ත වූ (වීර යන්නෙන් යුද්ධයෙහි නො පසුබස්නා ගුණය කියනු ලැබේ; විරශ්රිු යනු එම ගුණ සම්පත්තිය නොහොත් එම ගුණ නැමති ශ්රිල කානාතාවයි); දොහෝ නොහොත් - නොහළ විරු, කිසිකලෙක වර්ජිත නො කරන ලද; යහසිරි, සෞභාගයශ්රි්න් යුක්ත වූ (හැම කල් විජයාශ්රිපත වු යයි යුසේය); (යළිදු) - රිප’ඳුරට (‘රිපු අඳු රට’) ශත්රැ් නැමති අන්ධකාරයට; රිවි උදයහ, සූ‍ෙය්ය්ළිදද්ගමනය බඳු වූ; පබල, ප්ර බල වූ; මෙර දිරියහ, මෙරුපර්වතයා සේ දෝහෝ නොහොත් - මෙරුපර්වතයාගේ ධෛය්ය්ර් ඇති (ධෛය්ය්ා නම් අචල වු භාවය හෙවත් ස්ථිර ගුණයයි) ; රියදුරෝ, රථාචාය්ය් දරයෝ; රියනැඟි, රථාරූඪ ව; සිටියහ, අවස්ථිත වූහූ.

සං. 1. නොහල විරු සිරියහ මේ ද්විතිය කෘතිය පාදින්ත වූ’හ’ කාරය තෙම ඡන්දෙහෙතුයෙන් කරන ලද ආගමයකි. ප්රාථම පාදයෙහි අවිනිශ්චිතයි. මේ ආගමයෙන් රචනා දීප්තිය විනා අර්ථයට හානියක් හෝ අර්ථාවබෝධයට බාධාවක් ‍‍හෝ නො වන බැවින් පූර්වාචාය්ය්න් යන්ථ විසින් උවමනා තනිහි ‘පස් පෙරැළි ඈ’ කළ ශොභමාන ප්රූකාරය මෙයින් පෙනේ.


1. සපැමිනි - කිසි 2. හියඋරු - කිසි 3. රුප’දුරට - කිසි

174 ගුත්තිල කාව්යු වර්ණරනා

සං. 2. පරිකරාලංකාරයයි. (212. සං. 2)

258. මිණි කිකිණි ගැ ට ලූ රන්කම් කලණ1 ප ට2ලූ රුපුන් මුහු’පු ට ලූ අසරු අස් සෙනඟ ගෙන ව ට ලු රුපුන් මුල් උපුටලූ, ශත්රෑූන් මූ‍ලොත්පාටනය කොට ලුවාවු; අසරු, අශ්වාරූඪභටයෝ තුමු; අස්සෙනඟ ගෙන, අශ්වසෙනාංග ග්රචහණය කොට; වටලූ, පරික්ෂෙපය කළාහුයි කෙබඳු අහ්වසෙනාංගයෙක් ද යත්; ලූ, (පෘෂ්ඨයෙහි) බහාලන ලද්දා වු; ගැටලූ, ග්රගන්ථිත කරන ලද; මිණිකිකිනි. මණිකිංකිණිකායෙන් යුක්ත වූ; (යළිදු) රන්කම්. ස්වර්ණකර්මයෙන්; කලණ, කල්යා ණ වු (හෙවත් ශොභාමත් වූ); පට, (ප්රහසාධන) පට්ටයන් (හෙවත් ආස්තරණයන්)ඇති; (අස් සෙනඟ ගෙන, අශ්වසෙනාංගය ග්රයහණය කොට; වටලු, පරික්ෂෙපය කළාහුයි.)

ගැටලන ලද හෙවත් එල්වන ලද මණිකිංකිණිකාවන් ඇති ස්වර්ණකර්මයෙන් ප්රිනයදර්ශන වූ පට්ටවස්ත්ර මය ආස්තරණයන් (පිටෙහි) බහා අලංකාර කරල ලද අශ්ිවසෙනාංගය ගෙන පරික්ෂෙපය කළාහුයි. මණිකිංකිණිකාවන් එල්වන ලද්දේ අශ්වයා කෙරෙහි නො ව ආස්තරණයෙහි බව දත යුතුයි. සං. 1. අසරු අස්යෙනඟ ගෙන වටලූ මෙහි වටලූ යන ක්රිවයාවට සභාමන්ඩපය යනු අධ්යායහෘත කර්මය වේ. සං. 2. ස්වභාවොක්තියි

259. දිඟු සොඞ පිහි ල් ලෙ න් වැහෙන සෝ දිය හැ ල්‍ ලෙ න් දුර’ළ3 දුහු වි ල් ලෙ න් ඇතරු සිටියෝ ඇත වළ ල් ලෙ න් දිඟු, දිර්ඝ වු; සොඞපිහිල්ලෙන්, ශුණ්ඩ නැමති ප්රදණාලයෙන්; වැහෙන, ප්රගස්‍රැත වන්නා වු; සොදිය හැල්ලෙන්. සේවදජලධාරාවෙන්; දුර අළ, දූරිභූත කරන ලද; දුහුවිල්ලෙන්, ධුලියෙන් යුක්ත වු; ඇති වළල්ලේන්, හස්ත‍ිසෙනා වලයෙන් යුක්ත ව; ඇතරු, හස්ත්යානරූඪ භටයෝ; සිටියෝ, අවස්ථිත වූහ.

සං. 1. ස්වභාවොක්තියි.

1. කරන - 1 2. පිට - හැම 3. දුරලූ -ද

ගුත්තිල කාව්ය වර්ණමනා 175

මෙසේ ඇත් අස් රිය පාබල චතුරංගිනි සෙනාව ප්ර7තිලොම වශයෙන් මංගලමණ්ඩපය පරික්ෂිප්ත කොට සිටි බැව් සන්දර්ශිත කළෝ.

260. ඔවුන් වෙත රා සී වෙමින් වෙන වෙන දේ සී උනු’නැ’ඟ ගැසි ගැ සී සිටියො අතුරක් නොඳී1 ගැව සී ඔවුන් වෙත, ඒ හස්ත්ය රූඪ භටයන් සමිපයෙහි; රාසීවෙමින්, සමුච්චයි - භූත වෙමින්; වෙන වෙන දේසි, නානදෙශික ජනයෝ; උනුන් ඇඟ, අන්යොමන්යියන් ශරිරයෙහි; ගැසි ගැසි, ඝර්පිත ඝර්පිත වෙමින්; අතුරක් නොදි, අන්තරයක් දානය ‍නො කොට; ගැවසි, සංකාර්ණ ව; සිටියෝ, අවස්ථිත වූහ.

සං. 1. ස්වභාවොක්තියි 261. බිමසිට බැලිම ට අවසර නැතැයි2 උස්කො ට බැඳ මැසි එමැසි පි ට අයෙක් සිටියෝ වාද දැකුම ට බිමසිට, භූමිස්ථිත ව; බැලිමට, අවලොකනය පිණිස; අවසර නැතැයි, අවකාශ නොමැත්තේයයි; උස්කොට, උන්නත කොට (229. සං.1) මැසි; බැඳ, මංචක බන්ධනය කොට; වාද දැකුමට, වාද දර්ශනය පිණිස; අයෙක්, ඇතැම් ජනයෝ; එ මැසි පිට, ඒ මංචක මතුයෙහි; සිටියෝ, අවස්ථිත වුහ.

සං. 1. ස්වබාවොක්තියි 262. ඇවිත් පසු ප ස් සේ මිලදි රැගත් මැ ස් සේ වෙණ අසන රි ස් සේ අයෙක් සිටියෝය අසු අ ස් සේ පසු පස්සේ, පශ්චාත් පශ්චාත් කාලයෙහි; ඇවිත්, ආගමනය කොට; මිලදි රැගත්, මුළ්යශදානය කොට ග්රහහණය කළා වු; මැස්සේ, මංචයෙහි; වෙණ අසන රිස්සේ, වීණා ශ්රයවණ රුචියෙන් (203. සං. 1); අයෙක්, අන්යසතර ජනයෙක් (බහ්වර්ථයි); අසුඅස්සේ, අන්තරාන්තරයෙහි; සිටියෝය, අවස්ථිත වුහ. සං. 1. ස්වභාවොක්තියි

1. නොවි - 10 2. නැතුව - 1 3. අසුමස්සේ - 2

176 ගුත්තිල කාව්ය් වර්ණුනා

263. නැඟි නන් දන1 ‍‍සොඳු රු දුහුල’බරණින් නිරතු රු එදා එනුවර තු රු වීය කප්තුරු සිරින් විසිතු රු නැඟි, ආරූඪ වු; නන් දන, නානා ජනයන්ගේ; ‍‍ෙසාඳුරු, සුන්දර වූ; දුහුල් අබරණින්, දුකූලාභරණයෙන්; නිරතුරු, නිරන්තර වු (ඝන ව ගැවසීගත්තා වු); එනුවර තුරු, ඒ නගරයෙහි වෘක්ෂ‍යෝ තුමු; එදා, තද්දිනයෙහි; කප්තුරු සිරින් කල්පවෘක්ෂ ශොභායෙන්; විසිතුරු විය, විචිත්රජ වූහ (96. සං.1)

සං. 1. එදා එනුවර තු රු වීය කප්තුරු සිරින් විසි තු රු වීණාවාද දර්ශනය පිණිස මංචකයන්හි ද සිටිමට අවසර නොමැත්තා වූ ජන‍යෝ වෘක්ෂාරූඪ වි සිටියහ. ඔවුන් විසින් අඳනා ලද දුකූලාභරණයන්ගෙන් ඝන ව ගැවසීගත්තා වූ ඒ වෘක්ෂයෝ තුමු කල්පවෘක්ෂයන්ගේ ශොභායෙන් විචිත්රර වූහ. ඊට හෙතු මෙසේ දතයුතු දුකූල නම් ඉතා සිහින් වූ මෘදු වූ අනර්ඝ සළුයි. කල්පවෘක්ෂයන්ගේ වනාහි පල්ලවයෝ තුමු මේ සාටකයන්ගේ ස්වභාවයෙන් යුක්ත වෙති. තවද කල්පවෘක්ෂයෙහි වනාහි සම්භවප්රාගප්ත නානා විධ ආභරණයෝ ද ඇති වෙත්. (i) මේඝදූතයෙහි: ධුන්වන්කල්පද්රැෙමකිශල්යාේන්යංනශුකානි ස්වවාතෛර් නානා වෙෂෛටර්ජලද ලලිතෛර්නිර්විශෙස්තං නගෙනද්රයම් (හෙ මෙඝය! ස්වකිය වාතයෙන් කල්පවෘක්ෂයාගේ පල්ලව වූ අංශුකයන් හෙවත් දුකුලයන් කම්පිත කරවනුයේ නානාවිධ ලීලාගතියෙන් යුක්ත ව ඒ පර්වත රාජයා කෙරෙහි ප්රයවිෂ්ට වෙව.) (ii) සිංහලථුපවංසයෙහි: ‘කප්රුකින් දිවදුහුල් ගෙනවුත්හෝ සරහන්ට ශක්ති ඇත්තෙක්මි’ (iii) කුමාරස්ම්භවයෙහි: සතකෘතානුග්රාහාපෙක්ෂි තං මුහුරු දුතහාරිතෛඃ අනුකුලයතීනෙද්රාර’ පි කලපද්රැතමවිභූෂණෛඃ (සත්කාරයෙන් අනුග්රෛහ ප්රාවර්ථනය කරන්නා වූ ශක්ර තෙමේත් නොයෙක් විට දුතයන් ලවා යවන ලද කල්පද්රැකමයෙහි සම්භූත වූ ආභරණයන්ගෙන් ඔහු - ඒ තාරක නම් මහා අසුරයා - අනුකූලනය කෙරෙයි. හෙවත් මිත්රන සංස්තවය පිණිස සමාරාධනය කෙරෙයි.) (iv) තවත්, ‍ෙම්ඝදුතයෙහි;

1. රන්දද - ඇතම්; නන්දද = අනික් හැම ගුත්තිල කාව්ය වර්ණනනා 177

වාසශ්ඡිත්රං් මධු නායනයොර්විභ්ර;මාදෙහදක්ෂංි පුෂෙපාද්හෙදං සහ කිසලයෛර්භුෂණානාං විකල්පාන් ලාක්ෂාදරාගං චරණකමලන්යාෂසයෝග්යදසයොග්ය්ඤ්ච යස්යාත - මොකඃ සූතෙ සකලමඛලාමණ්ඩතං කල්පවෘක්ෂඃං චිත්රක වු වස්ත්ර්ය, නෙත්ර්යුග්මයෙහි ශෘංගාරාංගලීලාව දර්ශනය කරවිමෙහි දක්ෂ වු මධුවය, පැලඳිම පිණිස දලු සහිත වූ මිණිදැදිරි වූ මල්කැකුළුය, ආභරණනයන්ගේ විශෙෂයන්ය, වරණකමලයෙහි රංජනය පිණිස යොග්යත වු ළතුරසය යන මේ වශයෙන් යම් පුරියක්හි එක ම කල්පවෘක්ෂය තෙමේ කාන්තාවන්ගේ සකල සජ්ජ‍යනොපකරණය උද්භූත කෙරේ ද- (v) 246 වෙනි කවෙහි කල්පවෘක්ෂය සම්බන්ධ වූ සංලක්ෂ්යනය ද බලන්න. (vi) තවද 234 වෙනි කවෙහි චතුෂ්ෂෂ්ට්යාූභරණයෙන් සැරසුම් ලද්දා වු බ්රනහ්මදත්ත නරෙන්ද්රතයා උපලක්ෂණාර්ථයෙන් උපමිත කරන ලද්දේ පංචවිධ දිව්යැවෘක්ෂයන් අතුරෙන් මේ කල්පවෘක්ෂයට බව දතයුතුයි.

සං. 2. උපමාලංකාරයයි. 264. දනකැන් ‍නොයෙක දෙ ස කියනු කිම රැස් වු ලෙ ස පිරුණෙන් එ බරණැ ස නොවී අවසර පවා පවුරි ස නොයෙක දෙස, නානා දෙශිය වූ; දනකැන්, ජනසමුහයන්; දෝහෝ නො‍ෙහොත් - දනකැන්, ජනසමුහයන්; නොයෙක දෙස, (නගර) නානා දිශායෙහි; රැස්වු ලෙස, රාශිභූත වු ආකාරය; කියනු කිම, කියනු ම කවරේද? එ බරණැස, ඒ වරාණසි නගරය; පිරුණෙන්, පුර්ණ වුයෙන්; පවුරු ඉස පවා, ප්රාඑකාර ශිර්ෂයෙහි පවා; අවසර නොවි, අවකාශ රහිත වී.

සං. 1. ආක්ෂෙපාලංකාරයයි (204. සං.1) මෙසේ ජනසන්නිපාතය වර්ණනා කොට තදනන්තර ව මහ‍බෝසතාණන් වහන්සේගේ මංගල මණ්ඩපාගමනය වර්ණනය කරන්නාහු ‘බෝස්තද’ යනාදි කව් කියත්.

265. බෝසත් ද එ දි නා ජයසිරි සඳ වල ඳි නා ලෙස සිරුර න ද නා2 සුපිරිසිදු කර සුවඳ දි ය නා

1. නොවි අවසර පහ පවුරු හිස - කිසි 2. තදිනා - 1; නඳිනා - 1

178 ගුත්තිල කාව්යප වර්ණනනා

එදිනා, තද්දිනයෙහි; බෝසත්ද, බොධිසත්තවයන් වහන්සේද; ජයසිරි සඳ, විජයශ්රි,කාන්තාව; වලඳිනා ලෙස, ආලිංගනය කරනු පිණිස; නදනා, අනන්දකර වූ; සිරුර. (ස්ව) ශරිරය; සුපිරිසිදුකොට, අතිපරිශුද්ධ කොට (229. සං. 1); සුවඳ දිය. සුගන්ධ ජයල; නා, සනානය‍ කොට - මතු සම්බන්ධයි

සං. 1. ස්වභාවොක්තියි 266. රස මස’වුලෙන් යු ත් වළඳා බොජුන් රසව ත් ඇඳ සොඳ1 සිනිඳු ව ත් සඳුන් කොකුමෙන් සරා උර බි ත් රසමස් අවුලෙන් යුත් - රස, සූපය; මස්, මාංසය; අවුලෙන්, පිෂ්ටකය යන මොවුන්ගෙන්; යුත්, යුක්ත වූ; රසවත්, ෂඩ්විධ ර‍ෙසාපෙත වූ(ෂජ්විධ රසායෝ නම් මධුර, අමිල, ලවණ, කටුක, තික්ත, කපාය යන මොහුයි); දෝහෝ නොහොත් රසවත්, ආස්වාදවත් වු; බොජුන්, භොජනයන්; වළඳා, අනුභව කොට; සොඳ, සුන්දර වූ; සිනිඳු, සනිග්ධ වූ; වත්, වස්ත්රොයන්; ඇඳ, ආච්ඡාදනය කොට; උර බිත්, හෘදය හිත්තිය (හෙත් උරඃස්ථලය); සඳුන් කොකුමෙන්, චන්දන කුංකුමයෙන්; සරා, අලංකෘත කොට - මතු සම්බන්ධයි.

සං. 1. රස මස ‘වුලෙන් යුත් ‘මස් ‘ යන්නෙන් සත්ත්වමාංසය පමණක නො ව ඵල මාංසය ද වාව්යථයි.එයින් මෙහි ‘රස, මස්, අවුලු’ යනුයෙන් දියවර ව්යංුජනය ඵලමාංස (එලවලු) ව්යංනජනය, පුපාදි කාද්යසය යන මේ ද්රෙව්යඅයන් නිරූපිත කළ බැව් හැ‍ඟේ. වර්තමාන ව්යභවහාරයෙහි ද ඵලමාංස ව්යංමජනයන්ට උඩරටෙහි ‘මාලු’ යනු ද පාතරටෙහි ‘මාලු පිනි’ යනු ද සාමාන්යව නිමි. සං. 2. ස්වබාවොක්තියි. 267. මිණි කොඩොල1 සවන ත අඟු මිනිවළලු යුවළ’ ත එකාවැල උරබි ත සරා පැහැසර සලඹ සරණ ත මිණිකො‍ෙඞාල, මණිකුන්ඩලාභරණය; සවනත,ශ්රනවණාන්තයෙහිද ; අඟු, අංගදයන් හා; මිණිවළලු, මණිඛන්ධවලයයන්; යුවළ’ත යුගල හස්තයෙහිද; එකාවැළ, එකාවලිය; උරබිත, උරඃස්ථලයෙහි ද; පැහැසර සලඹ, ප්ර්බාස්වරවු නුපුරය; සරණත, වරණාන්තයෙහි ද (86. සං. 1) සරා, සජ්ජිත කොට - මතු සම්බන්ධයි.

1. සුදු - කිසි 2. කොඩල - ද

ගුත්තිල කාව්ය වර්ණසනා 179

සං. 1. මිණිකොඩොල සවනත - පෙ. මෙහි මිණිකොඩොල යන්නෙන් අසවල් ශ්රලවණයෙහි කුණ්ඩල යයි අනිර්දිෂ්ට හෙයින් ශ්රොවණ යුග්මයෙහි කුණ්ඩල යුග්මය ද. එසේ ම සලඹ යන්නෙන් වරණ යුග්මයෙහි නුපුර යුග්මය ද ගැනෙත් සං. 2. අඟු මිණිවළලු යුවළ’. මෙහි අත යන්නෙන් මුව බාහුව ම ගැණේ. අගු හෙවත් ‍අංගද නම් බාහු උපරිභාගයෙහි පලඳිනු ලබන වළල්ලයි. මිණි නම් මැණික් කටුවයි. එහෙයින් මිනිවළලු නම් මැණික්කටුව සමිපයෙහි පළඳිනු ලබන කුඩා වළලුයි. මහ බෝසතාණන් වහන්සේ බාහු මුලාභාගයෙහි අංගදාහරණය ද අග්රනභාගයෙහි මණිවලය ද පැලඳි බැව් දර්ශිත කළෝ. සං. 3. එකාවැළ උරබිත එකාවලිය නම් එකම වැළකින් (තනිපටකින්) යුක්ත වු මුතු ආදිය අවුනන ලද හෝ නො අවුනන ලද හෝ දාමයකි. මේ වනාහි වම් දසරුව මතුයෙහි සිට දකුණු ඇළයෙහි අධොබාගය දක්වා ආවලනය කොට පලඳිනු ලැබේ. සං. 4. සරා පැහැසර සලඹ සරණත මෙහි සරා යනු සජ්ජනාර්ථවාචි පූර්වක්රිලයායි. යමක් ‍යම් තැනෙක්හි සජ්ජනය කරනු ලැබේ ද ඒ ස්ථානය නිරදෙශක වු පදය තෙම ආධාර විභක්තිය භජනය කෙරේ. එහෙයින් මෙහි ‘සවනත, යුවල ත, උරබිත, සරණත’ යන මේ පදයෝ ආධාර විභක්තියෙහි වෙත්. (5 වෙනි කවිය ද බලන්න.) තවද ‘සර’ ධාතුව අලංකරණාර්ථයෙහි වැටෙන කල අලංකාරොපකරණ වාචි වු පදය කරණ විභක්තිය ද අලංක්රි(යමාණ වූ ස්ථානය වාචි පදය කර්මවිභක්තිය ද භාජනය කෙරේ. 266 වෙනි කවෙහි සිව්වෙනි පදය බලන්න. සං. 5. ක්‍රියාගත දිපකයෙන් සංකිර්ණ වු ස්වභාවොක්තියි.

268. ඉස පිනිදිය නොම ඳ සුවඳ මල්දම් මනන ඳ විසිතුරු කර පැල ඳ බහා ඇකයෙහි උතුරු සළු සො ඳ මනනද, ම‍නොනන්දන වූ; සුවඳ මල්දම්, සුගන්ධ පුෂ්පදාමයන්; නොමඳ පිනිදිය, බොහෝ වු තුෂාරජලය; ඉස, සෙවනය කොට; විසිතුරුකර, විචිත්රය කොට; පැලඳ, පිනද්ධ කොට; ඇකයෙහි, අංකයෙහි; සොඳ, සුන්දර වූ; උතුරුසළු, උත්තරසාටකය; බහා, ‍ක්‍ෙෂපය ‍‍ෙකාට - මතු සම්බන්ධයි.

සං. 1. බහා ඇකයෙහි උතුරුසළු සොඳ

උත්තර සාටකය නම් ශරිර උත්තර භාගයෙහි හෙවත් උපරිභාගයෙහි පලඳිනු ලබන සළුවයි. 180 ගුත්තිල කාව්යඋ වර්ණ නා

සං. 2. ස්වභාවොක්තියි 269. මෙසේ සැරසිගෙ න වීණාව ගෙන්වා ගෙ න සමඟ අතවැසි ද න නික්ම බාසුරු1 සිහ2 රජකු3 මෙ න මෙසේ, උක්තප්රයකාරයෙන්; සැරසීගෙන, ප්රපසාධිතව; වීණාව, පරිවාදිනිය; ගෙන්වාගෙන, අවාහනය කරවා ගෙන; අතවැසි දන සමග, අන්තෙවාසික් ජනයා හා සමග; බාසුරු සිහ රජකු මෙන, බාහුශුර සිංහ රාජයකු සේ; නික්ම, නිෂ්ක්රාවන්ත ව - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියෙන් සංකාර්ණ වු උපමාලංකාරයයි. 270. ජය වෙයි අද මොහු ට සිතවමිනි දුටු දනහ ට කර4 මුව පියුම තු ට පිවිස රජ5 උන් සබා6 මඩුව ට අද, මේ දවස්හි: මොහුට, මේ ගුත්තිලාචාය්ය්කු යාහට; ජය වෙයි. විජය වන්නේයයි; දුටුදනහට, (තමා) දර්ශනය කළ ජනයන්හට (හෙවත් ජනයන් ලවා); සිතවමිනි, චිත්තනය කරවමින්; මුවපියුම ස්වකිය මුඛ නැමති පද්මය (පදිමොපමවු මුඛයයි යුසේය); තුටකර, සන්තුෂ්ට කොට; රජ උන්, රාජයා උපවිෂ්ට වු; සබාමඩුවට, සභාමණ්ඩපයට ; පිවිස, ප්ර්විෂ්ට ව - මතු සම්බන්ධයි.

සං. 1. (i) මෙහි ප්ර,ථම පාදත්රවය හෙත්වලංකාරයයි. ප්රයථම ද්විතිය පාදයන්හි ඵලය දක්වා තෘතිය පාදයෙහි එයින් අනතුරු සේ හෙතුව දැක්වු හෙයින් කාය්ය්්ත නන්තරජයි (224. සං.1) (ii) තෘතිය පාදයෙහි ‘කර මුවපියුම තුට’ යයි කියු තන්හි තොෂණ ක්රිපයාව විසින් රූපකයෙන් වාච්ය වූ පද්මය‍ නො ව එම රූපකයෙන් ගිල්නා ලද උපමෙය වු වක්ත්ර ය ම ආශ්රිපත හෙයින් හේ වනාහි පරිණාමාලංකාරයයි. ඊට නිදසුන් මෙසේ දැකිවුහු. ශාන්තිමිච්ඡසි චෙදශු - සතාං වාගමෘතං ශෘණු හෘදය ධාරණාද්ය ස්ය- - න පුනඃ ඛෙදසම්භවඃ


1. බාසුර - බොහෝ 2. සි - ද 3. රදකු - ද 4. කැර - 1 5. රජු - ද 6. වැටුප් - 2; වුටුම් - 1 ගුත්තිල කාව්ය් වර්ණ;නා 181

(වහා ශාන්තිලාභාය කැමැත්තෙහි නම් පණ්ඩිතයන්ගේ වචන නැමති අමෘතය අසව, කෙබඳු ද යත්. හෘදයෙහි යමක්හුගේ ධාරණයෙන් නැවත ඛෙදොත්පත්තිය නො වන්නේ ද එබඳුවයි.) මෙතෙකින් මහ බෝසතාණන් වහන්සේ මංගල මණ්ඩපප්‍රාප්ත වූ පරිදි දර්ශනය කරවා ඉක්බිති ඔවුන් විසින් බ්රඩහ්මදත්ත රාජයා අභාවන්දනය කළ බැව් දක්වනු පිණිස රාජයා මණ්ඩපයෙහි වැඩඋන් ශ්රිිමත් උතුම් ර‍ාජලිලාව ප්රඅථම කොට වර්ණනය කරන්නාහු ‘රන්ගිරි’ යනාදි කව් කියත්

271. රන් ගිරි කුළු ඛෙය ද දෙපස දිලි හැලි මේන සො ද සිට දෙපසෙහි බොල ඳ ලඳුන් දුන්1 සෙමෙරනල විඳ වි ඳ රන් ගිරි කුළු බෙයද, ස්වර්ණ ගිරි කූට භෙදයක්හුගේ; දෙපස, උභය පාර්ශ්වයෙහි; දිලි, බබළන්නා වු; සොඳ, සුන්දර වූ; හැලිමෙන්, ජලධාරාවන් මෙන්; දෙපසෙහි. ආත්මොහයෙපාර්ශ්වයෙහි; සිට, ස්ථිතව; ‍‍ෙබාලඳ ලඳුන්, සුකුමාර කාන්තිවන්; දුන්. දානය කළා වු; සෙමෙරනල, චාමරානිලය; විඳ විඳ. වින්ද නය කොට කොට - මතු සම්බන්ධයි.

සං. 1. රන් ගිරි කුළු ඛෙය ද දෙපස දිලි හැලි මෙන් සො ඳ මෙහි ස්වරණ ගිරි කූටය නම් බ්රහහ්මදත්ත නරෙන්ද්ර යයා. දෙපස දිලි ජල ධාරාවෝ නම් උභය පාර්ශ්වයෙහි චාමර සලමින් සිටි බොලඳ කාන්තාවෝය. චාමරයෝ වනාහි ‍ඓණ මාලාවන් රූපිත කෙරෙත්. සං. 2. ලඳුන් දුන් සෙමෙරනල විඳ විඳ මෙහි ‘විඳ විඳ’ යන්නට කර්තෘ වූයේ 276 වෙනි කවෙහි ද්විතිය පාදයෙහි පෙනෙන්නා වූ බ්ර හ්මදත්ත් නරෙන්ද්රෘයාය. ‘ ලඳුන් දුන් සෙමෙරනල විඳ විඳ එඋන් බඹදත් නිරිඳු’ යන මේ ව‍ශයෙන් පදසම්බන්ධ‍ය වේ. එසේ ම 273-3-4-5 වෙනි කවිවල ද අන්තයෙහි වූ පූර්වක්රිනයාවන්ට කර්තෘ වූයේ එම බ්රධහ්මදත්ත නරේන්ද්ර යා බැව් දතයුතු. සං. 3. උපමායෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි 272. රජසෙන් කොඳ රැ සා නද සඳකැලුම් විල සා කර මඳ මඳ හ සා අමා රස බස් පවස පව සා


1. දෙන - 1 182 ගුත්තිල කාව්යා වර්ණටනා

රජසෙන්, රාජසෙනා නැමති; කොඳරැසා, කුන්ද සමූහයට; නද, ආනන්ද වූ; සඳකැලුම් විලසා, චන්ද්රටකාන්තිය සමාන වූ; මඳ මඳ හසා, මන්ද මන්ද හාස්ය්ය; කර, පහළ කරමන්; අමාරස බස්. අමෘත රස වචනයක්; පවස පවසා, ප්ර්කාශ කොට කොට - මතු සම්බන්ධයි.

සං. 1. ප්‍රථම පාදත්රබය රූපකයෙන් සංකිර්ණ වු උපමාලංකාරයයි. චතුර්ථ පාදය උපාමයෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි. මුළුල්ල සංඍෂ්ටියි. 273. සරණ සල සල ඹා රැවින්1දමනල කල ඹා2 සිටින නරවර ඹා රුසිරු රිසිලෙස3 නරඹ නර ඹා සරණ, වරණයන්හි; සල, චංචල වූ; සලඹා, නූපූර‍යන්ගේ; රැවින්, රාවයෙන්; දනමන, ජනමනස; කලඹා, කුල්මත් කෙරෙමින්; සිටින, අවස්ථානය කරන්නා වූ; නරවර’ඹා, නරශ්රෙඹෂ්ට වනිතාවන්ගේ; රුසිරු, රූපශ්රි්ය; රිසි ලෙස, රුචි වූ සේ; නරඹ නරඹා, අවලොකනය කොට කොට - මතු සම්බන්ධයි.

සං. 1. සිටින නරවර’ඹා ‍(i) නරවර’ඹා යන්නෙන් 236 වෙනි කවෙහි සඳහන් අන්තඃපුර ස්ත්රි්න් කීහු. (ii) මෙහි, ‘සිටින’ යනු තත්කාලින වර්තමානයි. සං. 2. ස්වභාවොක්තියි. 274. බැඳි4 තම තම නි සා කිවියර කියන වෙස සා කිවි බස් අස අ සා ගැඹුරු පදරුත් විමස විම සා කිවියර, කාව්යවකාරයන්; කියන,උද්ගායනය කරන්නා වූ; තම තම නිසා, ස්වකීය නාමය ආශ්රිසත කොට; වෙසෙසා, විශෙෂයෙන්; බැඳි, බන්ධනය කරන ලද; කිවිබස්, කාව්යා ලාපයන්; අස අසා, ශ්රිවණය කොට කොට; (ඒ කාව්යා ලාපයන්ගේ); ගැඹුරු, ගම්බිර වූ; පදරුත්, පදාර්ථයන්; විමස විමසා, විමර්ශනය කොට කොට - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි.


1. රුවින - 10 2. පොලඹා - 2. (නූපුරයන්ගේ යනු සම්බන්ධයි:- රුවින්, ශොභා‍වෙන්; දනමන, ජනයන්ගේ චිත්තය; පොලඹා, ප්ර ලුබ්ධ කොට;- පෙ) 3. නිසිලෙස - 1; සිරිසර - 1 4. බැඳ - බොහෝ ගුත්තිල කාව්යෙ වර්ණහනා 183

275. බමන බිඟු ඔබමො බ1 පිටුපත් පහර ලැබ ලැ බ සුවඳ කළ සබ ගැ බ සොඳුරු ඉඳුවර කලඹ ඉඹ ඉ ඹ ඔබ මොබ, එපස් මෙපස්හි; බමන, භ්රිමණය කරන්නා වූ; බිඟු, භෘඞ්ග යන්ගේ; පිටුපත් පහර, බාහ්යනපත්රම ප්රටහාරය (පිටි අත්හැඳි පහර); ලැබ ලැබ, ප්රාතිලාභය කොට කොට; සබගැබ, සභාගර්භය; සුවඳ කළ, සුගන්ධ කළා වු; සොඳුරු, සුන්දර වූ; ඉඳුවර කලඹ, ඉන්දිවර කලාපය; ඉඹ ඉඹ, චුම්බනය කොට කොට - මතු සම්බන්ධයි සං. 1. පිටුපත් පහර ලැබ ලැබ භෘංගාදි මක්ෂිකාවන්හට අන්තඃපත්රර යුගලය බාහ්ය පත්රඹ යුගලයයි මෙසේ පක්ෂපත්ර යුගල දවයෙකි. මෙයින් අන්තඃපත්රර යුගලය ක්ෂුයද්ර ය; බාහ්යොපත්ර යුගලය මහති. මේ මක්ෂිකවකු ‍ඔබ මොබ භ්ර මමාණ වන කල්හි යම් කෙනකුන්ගේ ශරිරයෙහි සපෘෂ්ට වත් හොත් බාහ්යිපත්රබ යුගලයයි. සං. 2. මෙහි ඉන්දිවර කලාපයෙහි සුගන්ධ සම්පත්තිය භංගියෙන්කී හෙයින් හේ වනාහි පය්ය්ෂ යොක්තාලංකාරයයි. (5. සං.2). මේ පද්යුය එයින් ද පාදාන්තානුප්රා සයෙන් ද සංකිර්ණ වූ ස්වභාවොක්තියි.

276. එ උන් වෙන් වෙළ පා බඹදත් නිරිඳු සිරි පා තොසින් කර2 පිණි පා වාස දිනමියි3 වෙමින් සද පා වෙන් වෙළපා - වෙන්, විෂ්ණුහු; වෙළපා, විඩම්බනය කෙරෙමින් (විෂ්ණුහු ගේ ශොභාව දක්වමින්); එ උන්, ඒ උපවිෂ්ට වූ; බඹදත් නිරිඳු, බ්රපහ්මදත්ත නරෙන්ද්ර යා‍ගේ; සිරිපා, ශ්රි,පාදයන්; තොසින්, සන්තොෂයෙන්, පිණිපා කර, ප්රනණිපාතකොට; වාද දිනමියි, විදයෙහි විජය කෙරෙමියි (යන සිතින්); සදපා වෙමින්, දර්ප සහිත වෙමින් - මතු සම්බන්ධයි.

සං. 1. එ උන් වෙන් වෙළ පා බඹදත් නිරිඳු සිරි පා මෙහි ‘උන්’ යන විශෙෂණාර්ථාදි වූ කෘදන්ත පදය තෙම 271 වැනෙනෙහි සිට 275 වැන්න අවසන් කොට ඇති පද්ය යන්ගේ අන්තයෙහි වූ ‘විඳ වි‍ඳ’ ‘පවස පවසා’ නරඹ නරඹා’ යනාදි වූ පූර්වක්රිහයාවන්ගේ අපර ක්රි‍යාවයි. මේ සියලු ම ක්රි්යාවන්හට එ උන් ‘බඹදත් නිරිඳු’ කර්තෘ වෙයි. ‘ලඳුන් දුන් සෙමෙර

1. ඔබිනොබ - ඔබිමොබ - (බිගු) නොමි නොබ - 10 2. කැර - 1 3. දිනමි - බොහෝ; දිනමැයි - 1; දිනවෙයි - 1

184 ගුත්තිල කාව්යද වර්ණ නා

නල විඳ විඳ, අමාරස බස් පවස පවසා, රුසිරු රිසි ලෙස නරඹ නරඹා, ගැඹුරු පදරුත් විමස විමසා, සොඳුරු ඉඳුවර කලඹ ඉඹ ඉඹ එ උන් බඔදත් නිරිඳු’ යනු මේ විශෙෂණ විශෙෂ්යම පදයන්ගේ සම්බන්ධයයි. සං. 2. තොසින් කර පිණි පා වාස දිනමියි වෙමින් සද පා මෙහි’ පිණිපාකර’ යන්නෙන් 270 වෙනි කවෙහි ‘පිවිස රජ උන් සබා මඩුවට’ යයි කියූ තන්හි ‘පිවිස’ යන පූර්වක්රි2යාවෙන් පසු විචිඡින්න ව කුබු ගුත්තිලාචාය්ය් ව යන් කර්තෘ කොට ඇති ක්රි යානුක්ර මණය ප්රකත්යාිරබ්ධ ක‍ළෝ. ‘බෝසත් ද එ දිනා රජ උන් සබා මඩුවට පිවිස, ලඳුන් දුන් සෙමෙරතල විඳ ‍විඳ පෙ- ඉඳුවර කලඹ ඉඹ ඉඹ උණ් බඹදත් නිරිඳු සිරිපා පිණිපාකර සුදුසු අස්නෙක ගොසින් උන් සඳ’ වාක්යියාගේ සංක්ෂෙපපස්යපන්දන දර්ශනයයි. සං. 3. උපමාලංකාරයෙන සංඍෂට වූ ස්වභාවොක්තියි. 277. ගුත්තිල ඇදුරු ස ඳ වීණා වයන ලෙස ඉ ඳ පසෙක පනවන ල ඳ සුදුසු අස්නෙක1 ගොසින් උන් ස ඳ ගුත්තිල ඇදුරුසඳ, ගුත්තිලාචාය්ය්්ය වරයන්; ඉඳ, උපවිෂ්ට ව; වීණා වයන ලෙස, වල්ලකි වාදනය කරනු පිණිස; පසෙක, පාර්ශ්වයෙක්හි; පනවන ලද, ප්රුඥප්ත කරන ලද්දා වූ; සුදුසු, යොග්ය් වූ; අස්නෙක,ආසනයෙක්හි; ගොසින්, ගමනය කොට; උන් සඳ, උපවිෂ්ට වූ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. ගුත්තිල ඇදුරු ස ඳ - පෙ - සුදුසු අස්නෙක ‍ගොසින් උන් ස ඳ මෙහි ‘ගුත්තිල ඇදුරු සඳ’ යන පදය වාක්ය යෙහි ද්විවිධ ප්රමයොජනයක් පිණිස මේ ආචාය්ය්අ පාදයෝ සූක්ෂම බුද්ධියෙන් බලා යෙදුහ. එක් ප්රබයොජනයෙක් නම් ආසනය ගුතිතිලාචාය්ය්ත් යන් හිඳ වීණා වයන පෙස විශෙෂ වශයෙන් ප්රිඥප්ත වූ බැව් දැක්වීමයි. ‘ගුත්තිල ඇදුරු සඳ ඉඳ වීණා වයන ලෙස පසෙක පනවන ලද සුදුසු අස්නෙක’ යනාදි වශයෙන් වේ. ‘ගොසින්’ ‘උන් සඳ’ යන ක්රිියාවන්හට 265 වෙනි කවෙහි ‘බෝසත්’ යනු කර්තෘයි. අන්ය ප්ර යොජනය නම් ඒකර්තෘවාචක වු පදය බොහෝදුර ව්යිවහිත වි ගිය බැවින් අර්ථ ප්රරසාදය පිණිස නැවතත් මෙයින් කර්තෘහු නිර්දිෂ්ට කිරිමයි (244. සං. 2. ii ) ‘ පසෙක පනවන ලද සුදුසු අස්නෙක ගුත්තිල ඇදුරු සඳ ගොසින් උණ් සඳ’ යන මේ වශයෙනි. සං. 2. ස්වභාවොක්තියි. ඉකිබිති මූෂිලයාත් සභාමණ්ඩපයට ප්රිවිෂ්ට වූ බැව් ද ශක්ර්දෙවෙන්ද්ර යා දිව්යදගණයා පිරිවරා අහස්කුස්හි පැමණ සිටි බැව් ද දක්වන්නාහු ‘නොදැනම’ යනාදි පද්යවයන් කියත්.

1. අස්නේ - 1 ගුත්තිල කාව්ය වර්ණයනා 185

278. නොදැන ම තමා බ ල සබයට ඇවිත්1 නොපැකි ල වැඳ රජු2 පද කම ල දෙසෙක මූසිලයාද උන් ක ල තමා බල, ආත්මීය බලය; නොදැන ම, පරිඥනය නො කොට ම; නොපැකිල, ත්ර ස්ත නො ව; සබයට, සභාවට; ඇවිත්, ආගමනය කොට; රජු, රාජයාගේ; පද කමල, පාද පද්මය; වාඳ, අභිවන්දනය කොට (270. සං. 1. ii ) ; මූසිලයාද, මූෂිල නම් ගන්ධර්වයා ද; දෙසෙක, පාර්ශවයෙක්හි; උන් කල, උපවිෂ්ට වූ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. පරිණාමයෙන් - සංඍෂ්ට වූ ස්වභාවොක්ත්යනලංකාරයයි 279. සිදුවේමැයි වෙසෙ ස මහ බෝසතුන් අදහ ස ඉන් සුරපුරෙන් බැ ස ඇවිත් බෝසත්හු දිනවන ලෙ ස මහ බෝසතුන්, මහා බෝධිසත්ත්වයන්ගේ; අදහස, අධ්යාලශය තෙම; වෙසෙස, විශෙෂයෙන්; සිදුවේමැයි. සිද්ධි සම්ප්රා්ප්ත වේ මැයි; ඉන්, එසේ හෙයින්; බෝසත්හු දිනවන ලෙස, බොධිසත්ත්වයන් වහන්සේ විජයි කරවනු පිණිස; සුරපුරෙන්, දිව්යෙ නගරයෙන්; බැස, අවතිර්ණ ව; ඇවිත්, ආගමනය කොට (මීට අනතුරු කවෙහි ‘සුරන් සහ සහසැස්’යනු මේ පූර්ව ක්රි යාවට කර්තෘයි) - මතු සම්බන්ධයි.

සං. 1. හෙත්වලකාරයයි 280. කර3 මිණි බරණ රැ ස් රැසින්4 සුරසැව් සුවහ ස් සුරන් සහ සහසැ ස් නොකර සිටියෝ5 අහස්කුස්6 හි ස් මිණිබරණ, මණ්යාහභරණයන්ගේ; රැස් රැසින්, රශ්මි සමූහයෙන්; සුරසැව් සුවහස්, ඉන්ද්රසචාප ශතසහස්රහයන්; කර, නිර්මිත කොට; සහසැස්, සහස්රා ක්ෂ තෙමේ; සුරන් සහ, (පරිවාර) දිව්යනයන් හා සමග; අහස්කුස්, ආකාශකුක්ෂිය; හිස් නොකර, රික්ත නො කොට; සිටියෝ; අවස්ථිත වූහ.


1. අවුත් - ද 2. රජ - කිසි. 3. කැර - 1 4. ලෙසින් - 4 5. මෙසේ හැම 6. කුස - කිසි. 186 ගුත්තිල කාව්ය වර්ණානා

සං. 1. සුරන් සහ සහසැ ස් නොකර සිටියෝ අහස් කුස් හි ස්

මෙහි ‘සිටියෝ’ යන ක්‍රියා පදයට ‘සහසැස්’ යනු කර්තෘ යනු කර්තී හෙයින් ක්රිකයා පදය ප්රටකෘති වශයෙන් එකවචනයෙහි විය යුතු නමුදු ගෞරවාර්ථය පිණිස බහුවචනයෙහි යෙදු සේ පෙනේ. තවත් මතයෙක් නම් ‘සුරන් සහ සහසැස්’ යන්නෙන් දෙව සමූහයක් නිර්දිෂ්ට හෙයින් ඒ සලකා ක්රි යාපදය බහ්වර්ථයෙහි ම යොදන ලද්දේය යනුයි. ‘අහස්කුස හිස් නොකර’ යයි කියූ තන්හි ‘හිස් නොකර’ යන පූර්ව ක්රි යාවට කර්තෘත්වයෙන් ශක්රරයා පමණක් නොව ඒ මුළු දෙව සමූහයා ම සම්බන්ධ යයි ඊට කාරණා වශයෙන් දක්වති. පූර්ව ක්රිඒයාවෙහි එබඳු සම්බන්ධය ඇති කල අපර ක්රිෙයාවෙහි ද එම සම්බන්ධය ඇතිවිය යුතු යයි කියත්. ඇතැම් අන්යල භාෂාවන්හි ද කිසිවිටෙක මේ යොගය ලැබිම මීට සාධනය ද කෙරෙත්. ‘සුරන් සහ. (පරිවාර) දෙවයන් හා, සහසැස්, සහස්රාෙක්ෂ තෙමෙත්; අහස්කුස්, ආකාශකුක්ෂිය; හිස් නොකර. රික්ත නො කොට; සිටියෝ, අවස්ථිත වූහ. මෙය මෙසේ ගත් කල මේ වනාහි ව්යකහිවාර ගෙවත් අනියම් යොගයෙක් යයි පිළිගැන්ම යුතු වේ. මේ සම්බන්ධ වු තුන්වන මතයෙක් ද පවති. ප්රිශ්නය ගරු හෙයින් එද මෙහි සඳහන් කටයුතු වේ. ඒ මතය නම් මෙහි ‘සිටි‍යෝ’ යනු සාවද්යමය: ඒ වානාහි ලිපිකරු දොෂයෙක, ‘සිටියේ’ යයි ශුද්ධ කටයුතු වේ යනුයි.

සං. 2. උදාත්තාලංකාරයෙන් සංකිර්ණ වු අතිශයොක්තියි - ‍බෝසත් ද එදිනා යන්නෙන් ආරබ්ධ වූ පොඩශ පද්යාශත්මක කුලකය ‘කර මිණිබරණ’ යනාදි මේ කවෙන් සමාප්තයි. මෙසේ වීණාවාදය පිණිස විහිත වූ සියලු ආරම්භ සංවිධානයන් දක්වා නැවත වාදශ්රීවණදර්ශනාදිය පිණිස සමාගත වූ බ්ර්හ්මදත්ත නරෙන්ද්රායා ප්රමමුඛ කොට ඇති සකලජනපරිෂද් වර්ණනය කොට ඉක්බිති ව වාදරම්භය හා තදනුක්ර‍මාදිය සර්වත්ර පවිත්රි විචිත්රි වර්ණනාමුඛයෙන් දර්ශනය කරන්නාහු ‘දෙදෙනම’ යනාදි කව් කියත්.

281. දෙදෙනම ඉඳ දෙපි ට සව් සත සතන් තුටු කො ට සුර ගදඹුන් ලෙස ට පටන්ගෙන වෙණ ගායනාව ට දෙදෙනම, ආචාය්ය්ය ය ශිෂ්යමය යන උභය ජනයා ම; දෙපිට, උභය පාර්ශ්වයෙයි; ඉඳ, උපවිෂ්ට ව; සව් සත, සකල සත්ත්වයන්ගේ; සතන්, (චිත්ත) සන්තානය; තුටු කොට,සන්තුෂ්ට කොට;සුර ගදඹුන් ලෙසට;දිව්ය ගන්ධර්වයන් සේ; වෙණ ගායනාවට, වීණා ගායනය පිණිස; පටන්ගෙන; ආරම්භය කොට - මතු සම්බන්ධයි.

ගුත්තිල කාව්ය වර්ණටනා 187

සං. 1. පටන්ගෙන වෙණ ගායනාවට සංස්කෘත මාගධි භාෂාවන්හි ‘අ’ කාරාන්ත වූ ඇතැම් ශබ්ද කෙනෙක් සිහළට තත්සම ව එන විට ආකාරාන්ත ව එන බැව් පෙනේ. මෙහි ‘ගායනා’ යනු එබඳු ශබ්දයකි. සං. 2. ස්වභාවොක්තියි. 282. නවතා ගිගි රි යේ අසන ලෙස සිත් පි රි යේ කර කන් බිහි රි යේ කරත වෙණ ගායනා ස රි යේ ගිගිරියේ, කලකලය; නවතා, නිවෘත්ත කොට (ජනයන් විසින් යයි අධ්යාවහාර කරන්න); සිත් පිරියේ, චිත්ත ප්රිකතියෙන්; අසන ලෙස, ශ්රාවණය කරනු පිණිස; කන්, කර්ණයන්; බිහිරියේ කර, බධිරිකෘත කොට (උන්නත ස්වරයෙන් යයි යූසේයි); සරියේ. සමාන සේ; වෙණ ගායනා, වීණා ගායනය; කරත, කරත් ම - මතු සම්බන්ධයි

සං. 1. මෙහි ‘ගිගිරියේ’ යනු ඡන්දෙහෙතුයෙන් අන්ත ‘අ’ කාරයාහට ‘ඒ’ කාරාදෙශ කොට සිද්ධ කළ පද රූපයකි. පිළිපෙරැළියි. ‘පිරියේ’ යන තන්හි කර්ණාර්ථයෙහි ආධාර විභක්තියි (203. සං.1) ‘බිහිරියේ’ යන තින්හි ‘ය’ කාරය ඡන්දෙහෙතුයෙන් කරන ලද පදපූර්ණයි. ‘යේ’ යයි පිළිපෙරැළියෙන් සිද්ධයි. ‘සරියේ’ යනු ආධාර විභක්ති රූපයෙන්සිටි නිපාතයයි. මෙහි කරන ලද ‍ආදෙශාදියෙන් රචනා දිප්තිය මුත් අර්ථයට බාධාවක් ‍හෝ හානියක් ‍හෝ නො වන බැවින් ඒ වනාහි ‘සද දහමින් සඳහෙනිහොත පස් පෙරැලි ඈ කරනු’ යන මේ සූත්රනයෙහි ප්රහයෝජනය ජෙක‍යන් විසින් ගනු ලබන ආකාරයේ නිදර්ශනයකි.;

සං. 2. මෙහි තෘතිය පාදයෙන් උන්නත ස්වරය සන්දර්ශිත හෙයින් මේ වනාහි පය්යා් ග යොක්තාලංකාරයයි (5. සං.2) 283. අප බෝසතුන් මි ස අනිකකු නොම අසන1 ලෙ ස සුරරජ2 සිට අහ ස තතක් සිඳුවයි කීය එවිග ස අප බෝසතුන් මිස, අපයේ බෝධිසත්ත්වයන් වහන්සේ විනා; අනිකකු, අන්යක ජනයකු; නොම අසන ලෙස, ශ්රසවණය නො කරන පරිද්දෙන්; සුරරජ, දිව්යිරාජ තෙමේ; අහස සිට. ආකාශෂ්ථ ව; තතක්, තන්ත්රියයක්; සිඳුවයි. ජෙදනය කරවයි; කීය, කථනය කළේයි. එ විගස, ඒ ක්ෂතණයෙහි (‘ගුත්තිල මහ සිපි ‍- බමර තත පළමුවෙන් සිඳපි’ යනු හැ සම්බන්ධයි.)

1. ඇසෙන - කිසි 2. රද - ද 188 ගුත්තිල කාව්යක වර්ණුනා

සං. 1. ස්වභාවොක්තියි. 284. ගුත්තිල මහසි පී සක්දෙව් බසින් සැත පි මින් දිනමැයි1 දැ පී බමර තත පළමුවෙන් සිඳ පී (‘එ විගස’ යනු මෙහි සම්බන්ධ කරන්න. එවිගස, ඒ ක්ෂගණයෙහි) - ගුත්තිල මහ සිපි, ගුත්තිල නම් මහා ශිල්පි තෙමේ; සක්දෙව් බසින්, ශක්ර‍ දෙවෙන්ද්රයයාගේ වචනයෙන්; සැතපි, සන්තර්පිත ව; මින්, මේ කරණ‍කොට ගෙන; දිනමැයි,විජය කෙරෙමැයි (යන සිතින්); දැවි, අර්පිත ව; පළමුවෙන්, ප්ර ථමකොට;‍ බමර තත, භ්රෙමර තන්ත්රිනය; සිඳපී, ජෙදනය කොට හළේයි.

සං. 1. බමර තත පළමුවෙන් සිඳපි මෙහි ‘සිදප‍ි’ යන තන්හි දෘශ්යපමාන වූ ‘පි’ යනු ප්රරත්යකයක් හෝ පද පූරණයක් හෝ වශයෙන් මෙබඳු තන්හි වර්තමාන කාලයෙහි සලකනු ලබන නමුත් පදවිග්රදහයෙන් බලන කල ඒ එසේ නො ව අවසාන ක්රිවයාපදය වෙයි. ‘සිද, ඡෙදනය කොට; පී, හළේයි. ‘පිය’ යනු ධාතුයි. ත්යා.ගයෙහි වැටේ. භ්ර මර තන්ත්රි ය නම් වීණාවෙහි පළමුවෙන් තන්ත්රිාය බව පෙනේ. සං. 2. ස්වභාවොක්තියි. සං. 3. ‘දෙදෙනම ඉඳ’ යනාදි කවෙහි සිට ‘ගුත්තිල මහ සිපි’ යන කවිය අවසන් කොට චතුෂ්පද්යම බැවින් කලාපයි.

285. තත මතුද සි නි දේ පිළිමල් දපද සි නි දේ යස දිගත ඇ න් දේ විජය සිරිසඳ2 ගෙන වැල න්‍ දේ සින්දේ, ජෙදනය කලේ; තත මතුද, තන්ත්රි මාත්ර’යෙක් ද? (නොවේ මැයි); පිළිමල් දපද, ප්රලතිමලල දර්පය ද; සින්දේ, ඡෙදනය ‍කළේයි; යස, (ස්ව) කිර්තිය ; දිගත, දිශාන්තයන්හි; ඇන්දේ, අක්ත කෙළේයි; විජය සිරිසඳ, විජය ශ්රිසකාන්තාව; ගෙන, ග්රාහණය කොට; වැලැන්දේ, ආලිංගනය කෙළේයි.

සං. 1. විජය සිරිසඳ ගෙන වැලැන්දේ මෙහි විජයශ්රි ආලිංගන රූපයෙන් ජයග්රේහණය නිරූපිත කළෝ සං. 2. (i) සමුච්චයාලංකාරයයි. ඊට නිදසුන් මෙසේ දැක්වුහු. ධුනොති වා ‘සිං තනුතෙ ච කිර්තිම්

1. දිනවෙයි - 1 2. සිරිසර - 1 ගුත්තිල කාව්යර වර්ණ නා 189

(බඩ්ගය ලෙළවයි. කිර්තිය ද පතුරුවයි) (ii) ‍ෙම් සමුච්චයාලංකාරය වනාහි තෘතිය පාදයෙහි එකදෙශ විවර්ති රූපකයෙන් සංකිර්ණයි. කිර්ති නැමති ‘වර්ණකය’ දිශා නැමති භිත්තින්හි ඇඳි බැව් අර්ථ සාමාර්ථ්යායෙන් ප්රිතීයමාන හෙයිනි. (iii) චතුර්ථ පාදයෙහි ශලිෂ්ට රූපකයෙන් සංකිර්ණයි. 286. සුන් එ තතින් එස ඳ පසුකර සුරන් වෙණන ද දියුණු දියුණුව1 න ද නික්ම පැතිරෙත2 දස’ත3 විනිව ද එසඳ , එසේ ඡෙදනය කළ කල්හි; සුන්, ජින්න වූ; එ තතින්, ඒ තන්ත්රිැයෙන්; සුරන් වෙණනද, දිව්ය්යන්ගේ වීණානාදය; පසු කර, පශ්චාද්ශූත කොට; නද, නාදය; දියුණු දියුණුව, ද්විගුණ ද්විගුණ ව; නික්ම, නිෂ්ක්රාූන්ත ව; දස’ත, දිශාන්තයන්ඤ විනිවිද, විනිවෙධනය කොට; පැතිරෙන, ව්යාපප්ත වත් ම- මතු සම්බන්ධයි.

සං. 1. දියුණු දියුණු ව නද මෙහි නාදයාගේ දියුණුව නම් ද්විගුණ වීඹයි; නැවත දියුණුව නම් චතුර් ගුණ විමයි. නැවතත් දියුණුව නම් අෂ්ටගුණ විමය. මේ ආදි වශයෙන් මෙහි අර්ථය අනන්ත බැව් දතයුතු. (290 වෙනි කව ද බලන්න) සං. 2. ද්විතිය පාදගත ප්ර තිපාලංකාරයෙන් (198. සං.3) සංඍෂ්ට වූ අතිශයොක්තියයි.

287. කෙළෙහි ගුණ සි න් දේ මූසිල අන්දම න් දේ ජයෙහි ලොබ බැ න් දේ තමි වීණා තතද4 සි න් දේ කෙළෙහි ගණ, කෘතියෙහි ගුණය (කෘතොපකාර ගුණය); සින්දේ, ඡෙදනය කළ තැනැත්තේ; (එනම්)- අන්දමන්දේ, අන්ධබාල වූ; මූසිල, මූෂිල තෙමේ; ජයෙහි, විජයෙහි; ‍‍ෙලාබ බැන්දේ, ලොභ බන්ධනය කළේ; තමා වීණා, ස්වකීය වීණායෙහි; තතද, තන්ත්රිෙය ද; සින්දේ, ඡෙදනය කළේයි.

සං. 1. පරිකලරාලංකාරයයි (212. සං. 2)

1. තියුණුව - 1 2. පැතිරෙයි - බොහෝ 3. දෙසත - 1 4. විණාව තත - කිසි


190 ගුත්තිල කාව්යර වර්ණිනා

288. අනුවණ කම් ක ළේ ගුරුන් ගුණ සිහි නොක ළේ නද ඉන්‍ නොපත ළේ අයසමය මුළු දියත පත ළේ ගුරුන් ගුණ, ආචාය්ය්ර යන්ගේ ගුණය; සිහි නොකළේ, ස්මරණය නොකළ තැනැත්තේ; අනුවණ කම්, අඥාන කර්මයක්; ‍ක‍ෙළ්, කෙළේයි (තන්ත්රිවච්ඡෙද වශයෙනි); ඉන්, ඒ කර්මයෙන්; නද, නාදය; නොපතළේ, ව්යාරප්ත නොම විය; මුළු දියත, සකල ජගත්හි; පතළේ, ව්යාකපත වූයේ නම්; අයසමය. අපකිර්තිය මැයි.

සං. 1. අයසමය මුවදියත පතළේ මෙහි ‘මුළු’ යනු ද්රාළවිඩභාෂිය ශබ්දයෙකි. සං. 2. ගුරුන් ගුණ සිහි නොකළේ මෙහි ‘ගුරුන්’ යනු ගෞරවාර්ථයෙහි බහුවචනයයි. සං. 3. විෂමාලංකාරයයි (201. සං. 1)

289. දෙවෙනි තුන්වෙනි ත ත සතරවෙනි පස්වෙනි ත ත සවෙන සත්වෙනි ත ත මෙසේ සිඳි සඳ මෙඅප බෝස ත දෙවෙනි තුන්වෙනි තත, ද්විතිය තෘතිය නන්ත්රි ය ද; සතරවෙනි පස්වෙනි තත, චතුර්ථ සඤ්චමි තන්ත්රිනය ද; සවෙනි සත්වෙනි තත, ෂෂ්ඨි සප්තමි තන්ත්රිපය ද ; මෙසේ , මේ අනුක්ර මයෙන්; මෙ අප බෝසත, මේ අප‍ගේ බෝධි සත්තවයන් වහන්සේ; සිඳි සඳ, ඡෙදනය කළ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි. 290. දිය දිය ගොස පළකෙරෙමින්1 සැප මිණි2 ගිය ගිය තැන ඉස්වා රන් මුතු මිණි ගිය ගිය දියනද3 එනමෙන් ගෙන මිණි4 සිය සිය ගුණයෙන් වෙණනද නික් මිණි5 සපැමිණි, (ඒ මහ බෝසතාණන් විසින්) සම්ප්රාාප්ත වූ (ප්රබතිලබ්ධ වූ); දිය, විජයයෙහි ගොස, ඝොෂය (කිර්තිමත් ප්රැවෘතිතය); දිය, ජගත්හි; පණ කෙරෙමින්, ප්රයකාශ කෙරෙමින්; ගිය ගිය තැන, ගත ගත ස්ථිනයෙහි;

1. කරමින් - කිසි 2. සපැමිනි - කිසි 3. දිවනද - 1; දිනනද - බොහෝ 4. රැණි - 10; ගිය ගිය නද එනමෙන් ගෙන රදමිණි - 1 5. නික්මුණි - 5 ගුත්තිල කාව්යු වර්ණෂනා 191

රන් මුතු මිණි, ස්වර්ණ මුක්තා මණින්; ඉස්වා, සෙවනය කරවා (විකිරණය කරවා යයි යූසේයි); ගිය ගිය, නිෂ්ක්රාමන්ත නිෂ්ක්රාවන්ත වූ; දියනද, ජයනාදය; මිණි ගෙන, ප්ර තිධ්වනි ග්රසහණය ‍ෙකාට; එනමෙන්, ප්රරත්යා ගමනය කරන්නාක් මෙන්; වෙණනද, වීණානාදය තෙම; සිය සිය ගුණයෙන්; ශත ශත ගුණයෙන්, නික්මිණි, නිෂ්ක්රා,න්ත වී.

සං. 1. ප්රීථම පාදයෙහි පාදාදි යමකයෙන් ද අන්ය් පායන්හි ලාටානුප්රාරසයෙන් ද සංකිරණ වූ අතිශයොක්ත්ය්ලංකාරයයි. මෙසේ වීණා වාදනුක්රතමය දක්වා දැන් මහබෝසතාණන් වහන්සේගේ ශත්රැ විජය කාරණ වූ වීණාගායනයෙහි ප්රොමත්කර්ෂය ප්රාපංචයෙන් දක්වනු කැමැත්තාහු තත් ශ්රො තෘසත්ත්වයන්ගේ අවිචිඡින්නාභිරතිය නිරූපණය කෙරෙමින් ‘පියසන්’ යනාදි චතුර්දශ පද්යරයක් කියත්.

291. පි ය ස න්1 නොව බිඟුදැල් රැඳි කොපු ලී අ ව ස න් නොවවෙණනදටම කුහු ලී ම ද ස න් සුන් පි‍ෙයාවින් සිටි නොසැ ලී ග ජසෙන් සිතියම් ගජ සිරි කිය ලී පියසන් නොව, පක්ෂිව්වන රහිත ව; බිඟුදැල්, භෘංගජාලයන් ; රැඳි, රක්ත වූ; කොපුලි, ක‍පොලතල ඇති; වෙණනදටම, වීණා නාදය කෙරෙහිම (172 සං.1); අවසන්නොව, අවසාන රහිත ව(ප්රහවෘත්ත වූ); කුහුලී, කුතුහල ඇති (කුතුහල නම් තත්ත්වඥනාභිලාෂයයි); සන්සුන් මද, සංජින්න වූ (සන්සිඳුණා වූ) මත්ත භාවය ඇති; ‍නොසැලි, චංචල නො ව; පියොවින් සිටිව, ප්රණකෘතියෙන් සිටියා වූ; ගජසෙන්, හස්තිසෙනා තොමෝ; සිතියම් ගජ, චිත්රු කර්ම හස්තින් ගේ; සිරි, ස්වභාව; කියලි

ප්රනකාශ ‍කොට ලූවා.

සං. 1. මද සන්සුන් - පෙ ‘මද’ යනු රාගයෙන් ජනිත වූ මත්තභාවයෙහි ද එම මත්තභාළවයෙන් යුක්ත වූ හස්තින්ගේ ක‍පොලතලයෙන් වැගිරෙන්නා වූ නාලිකෙර පුෂ්ප සුගන්ධයට බඳු වූ සුගන්ධයක් ඇති ධාතු විශෙෂයෙහි ද වැටේ. මෙහි මදමත් හස්තින්ගේ මත්තභාවය ඔවුන්ගේ වීණානාද ශ්රශවණයාහිරතියෙන් උපශාන්ත වූ බව ද, එයින් හස්තින් නිශ්චල වසිට විණානාද ශ්රශවණය කළ බව ද ඊට බාධා වන බියෙන් කර්ණතාලය නො කළ බව ද. එයින් ඔවුන්ගේ කපොලතලයන්හි මදරෙණු හ්ර හණය පිණස සම්ප්රාලප්ත වූ භෘංගශ්රෙතණින් නිරුපද්රැනත වි සිට පක්ෂයකුදු චලනය ‍නො කොට එසේ ම වීණානාද ශ්ර වණය කළ බව ද දැක්වුහු. භෘගයන්ගේ ස්වනය හෙවත් රාවය අටගන්නේ වෙගවත් පක්ෂ කම්පනයෙන්. එයින් ඊට පක්ෂ ස්වන යයි කියනු ලැබේ. සං. 2. පරිකරයෙන් (212.සං.2) සංකිර්ණ වූ උපමාලංකාරයයි.

1. බයසන් - බොහෝ 192 ගුත්තිල කාව්යර වර්ණුනා

292. ක න් කලු වෙණනද ඇසුමෙහි ලොබි නේ ර න් රසු දැල් කොලහලවන බියෙ නේ ස න් සල නොව එහි පිළිරූ ලෙසි නේ න න් හයසෙන් සිටියේ සිටිමති1 නේ කන් කලු, කර්ණකාන්ත වු (කර්ණය ට ප්රි ය වූ); වෙණ නද, වීණා නාදය; ඇසුමෙහි, ශ්රණවණය කිරිමෙහි; ‍‍ෙලාබිනේ, අභිලාෂයෙන්; රන් රසු දැල්, ස්වර්ණ කිංකිණි ජාලයන්; කොලහලවන බියෙනේ, අලොලික වන භිතියෙන්; එහි, ඒ ස්ථානයෙහි; සන්සල නොව, චංචලභාව රහිත ව; පිළිරූ ලෙසිනේ, ප්රදතිරූප ලීලායෙන්; සිටිමතිනේ, ස්ථිතමාත්ර යෙන් ම (සිටිවන ම); නන් හ‍යසෙන්, නානා අශ්වසෙනාවෝ; සිටියෝ, ස්ථිත වූහ. සං. 1. කාව්යෝලිංගයෙන් (49. සං. 3) සංකීර්ණ වූ අතිශයොක්ත්යනලංකාරසයි.

293. නි ති නිරිඳුගේ රැකවලෙහි නියු ත් ‍තෝ රු ති ලෙස රුපුනොද බිඳ ජයග ත්‍ තෝ පැ ති රෙන වෙණනද බැඳුණු සිතැ ත් ‍තෝ අ ති නවි ගිලිහෙන බව නොමද ත් තෝ නිති, නිත්ය යෙන්; නිරිඳු‍ෙග, (බ්රසහ්මදත්ත) නරෙන්ද්රොයා‍ගේ; රැකවලෙහි, ආරක්ෂාකෘත්යියෙහි; නියුත්තෝ; නියුක්ත වූ; රුති ලෙස, රුචි වූ සේ; රුපුන් ඔදබිඳ, ශත්රෑ න්ගේ මානභංගය කොට; ජයගත්තෝ, විජයග්රසහණය කළාහු (රජපුරුෂයෝ තුමු); පැතිරෙන, ව්යානප්ත වන්නා වූ; වෙණනද, විණානාදයෙහි; බැඳුණු, බද්ධ වූ; සිතැත්තෝ; වෙතස් ඇත්තාහු; අතින්, (ස්ව) හස්තයෙන්; අවි, ආයුධ‍යන්; ඉගිලි, උද්ඝාටිත ව (මුක්ත ව) හෙන බව, පතිත වන භාවය; නොමදත්තෝ, ඥනය නො කළාහුයි.

සං. 1. නිති නිරිඳුගෙ රැකවලෙහි නියුත්තෝ මෙහි රැකවලි යනු’ වල්’ ප්රතතයෙන් සිද්ධ වූ බහුවචනයක් නොව ප්රවකෘති ශබ්ද රූපයෙකි. ප්රා කෘත ‘රක්හ්වාලි’ යන්නෙන් හින්නයි.

‘රැකවල්’ යනු රක්ෂකයා කෙරෙහි ද වැටේ. එකල ‘රක්හ්වලා’ යන්නෙන් හින්නයි.

සං. 2. පරිකරයෙන් (212. සං. 2) සංකිර්ණ වූ අතිහයොක්ත්යනලංකාරයයි:-




1. සිටිරඟිනේ - 1 ගුත්තිල කාව්යඟ වර්ණෙනා 193

294. ම න1 ම ත් කරවන දන මුළු දෙර ණා ර ස ව ත් වන වෙණ නද නද කර ණා සව‍නො’ත් සඳ පුරඟන ලොබ දිටු ණා නො දනිත් දරුවන් ඇකයෙන් වැටු ණා මුළු,දෙරණා, සමස්ත ධරනිතලයෙහි; දන, ජනයන්ගේ; මන, චිත්තය (10. සං.1); මත කරවන, මූර්ජිත කරවන්නා වූ; නද කරණා, ආනන්ද කාරණ වු: රසවත්වන, මධුරාන්විත වූ; වෙණ නද, වීණා නාදය; ලොබ දිවුණා, ලොභය ද්විගුණ ‍කොට (වර්ධනය කොට යයි යූසේය): සවනොත් සඳ, ශ්රඅවණයෙහි පතිත වූ කල්හි; පුරඟන, නගරාංගනාවෝ තුමූ ; - දෝහෝ නෙහොත්, සවනොත් සඳ, ශ්රකවණයෙහි පතිත වූ කල්හි; දිවුණා, ද්විගුණ වූ (වර්ධිත වූ යයි යූසේයි); ‍ෙලාබ, ලෝභය ඇති; පුරඟන, නගරංගනාවෝ තුමු; දරුවන්, (ස්ව) දාරකයන්; ඇකයෙන් වැටුණා, අංකයෙන් පතිත වු බව; නෙදනිත්: ඥනය නො කෙරෙත්. (අවිඥ වූහයි යුසේයි. තත්කාලික වර්ත මාන ක්රිේයාවයි).

සං. 1. පරිකරයෙන් (212.සං.2.) සංකිර්ණ වු අතිශයොක්ත්යනලංකාරයයි. 295. ප න් සිළු වීණා නද පසු බැ ස් වු ම න් පිනවන වෙණ නදයෙන් තො ස් වු න න් දනකැන් දුට‍ුවද2 බිය සි ස් වු ම න් රළ’වුත් ගං වෙරළට රැ ස් වු පන්සිළු, පංචශිඛයාගේ; වීණා නද, වල්ලකී නාදය; පසු බැස්වු, පශ්චාත් භූත කළා වූ: මන් පිනවන, චිත්ත ප්රිදණනය කරවන්නා වු; වෙණ නදයෙන්. වීණා නිදයෙන්; තොස්වු: තුෂ්ටිමත් වු; (යළිදු) නන් දනකැන් දු‍ටුවද, නාන ජනසමූහයන් දර්ශනය කළ නමුදු; බියසිස්වූ, භිතින් වියුක්ත වූ; මින් රළ, මත්ස්යන සමූහය තෙම; ගංවෙරළට, ගංගාවෙලාන්තයට; අවුත්, ආගමනය කොට; රැස්වු, රාශිභූත වූහ. (79. සං. 2).

සං 1. ප්ර්ථමභාග ගත ප්රලතීපාලංකාරයෙන් (198. සං. 3) සංකීර්ණ වූ අතිශයොක්ත්යරලංකාරයයි.

296. ව ර වෙණ නද අසමින් සිත ‍සතොසි නි ස ර හැර සියොතුන්3 පියපත් විදමි නි පු ර ඹර වසමින් සිටි රඟ කුම් වැ නි4 සු ර සෙනඟට සුර’සුන් පැනවු වැ නි4

1. මද - හැම 2. දුටුසඳ - 1 3. සියතුන් - බොහෝ 4. වෙනි - කිප

194 ගුත්තිල කාව්යඟ වර්ණනනා

වර, විශිෂ්ට වූ; වෙණ නද, වීණා නාදය; සිත සතොසිනි, චිත්ත සන්තොෂයෙන්; අසමින්, ශ්රසවණය කෙරෙමින්; සි‍යොතුන්, පක්ෂින්, සර හැර, ස්වර විවර්ජිත කොට; පියපත්, පක්ෂපත්රරයන්; විදමිනි, ප්ර්සාරණය කෙරෙමින් (පූර්වක්රි යාර්ථයෙහි මිශ්ර ක්රි්යායි); පුර’ඹර වසමින්, නගරාකාශය ප්ර ව්ජන්න කෙරෙමින්; සිටි රඟ. අවස්ථික වු ආකාරය; කුම් වැනි, කෙබඳු ද යත්; සුර සෙනඟට, දිව්යිසෙනාංගයට; සුර අසුන්, දිව්යාැසනයන්; පැනවු වැනි, ප්රපඥප්ත කළාක් මෙන් වි.

සං. 1. සර හැර සියොතුන් පියපත් විදමිනි - පෙ. ස්වර නගමින් ආකාශයෙහි පියාසර කරන්නා වූ පක්ෂිහු ද වීණා නාදය සවන්හුන් කෙණෙහි තමන්ගේ ස්වර නිවෘත්ත කොට විදහූ පක්ෂයන්හි ම රඳා සිටගෙන වීණා නාදශ්ර වණයොහි තත්පර වූහයි ප්රහතිත කළෝ. සං. 2. අතිශයොක්තියෙන් සංකීර්ණ වූ (156. සං. 1) උපමාලංකාරයයි.

297. සු දා1 සවන්2 වෙණ නද රස3 සුල බව න දා එකඟ සිත් වත4 නොම5 සකො බව ස දා කුලය නොහැරම එන අසු බව එ දා ගියේ6 රිළවුන් සන්සල බව සවන්, ශ්රනවණයන්ට; සුදා, අමෘතායමාන වූ; වෙණ නද රස, වීණා නාද රසය; සුලබව,, සුලාභිව; නද, ආනන්දිත වු; සිත්, චිත්තය; නොම සකොබව, සංක්ෂොභ රහිත ව (කැළඹුම් නොමැති ව) ; එකඟ වත, සන්සුන් වත් ම; සදා කුලය, ස්වජාත කුලය;දෝ‍හෝ ‍ෙනා‍ෙහාත්; සදා සැමකල්හි; කුලය, (ස්වකීය) අන්වය; නොහැරම, වර්ජනය නො කොට ම ; අසුබව, අශොභන ව; එන, ආගමනය කරන්නා වූ; රිළවුන් සන්සල බව, කපින්ගේ චංචල භාවය; එදා, තදිදිනයෙහි; ග‍ියේ, අපගත වී.

සං. 1. ප්රකථම පාදගත උපමායෙන් ද, ප්රලථම භාගයෙහි හෙතුයෙන් ද සංකිර්ණ වූ අතිශයොක්ත්යාලංකාරයයි. 298. එ මා සත්හු එ නදට7 අස මා න ය ස මා නොවෙති කොවුලෝ උප මා න ය ත මා ‍නාද මිහිරැයි යන මා න ය ද මා එයින් වින්දෝ අව මා න ය

1. සදා - 1; සොඳා - 1; යොදා - 10 2. සවන - 1; නදන - 2 3. රැස් - 2 4. වෙත - 1 5. නොව් - 1 6. ගියෝ - 4 7. වෙණනද - 1 ගුත්තිල කාව්ය වර්ණයනා 195

එ මාසත්හු, ඒ මහාසත්ත්වයාණන්ගේ; අසමානය. අප්ර තිසම් වූ; එ නදට, ඒ වීණා නාදයට; උපමානය, සමීකරණයෙහි (සමකර බැලිමෙහි දී); කොවුලෝ, කොකිල‍යෝ තුමු; සමා නොවෙති, තුල්යබ නො වෙත්; (මෙහි කොවුලෝ යන්නෙන් කොකිලස්වරය ම උපචාරයෙන් ගැනේ) ; එයින්, ඒ හෙතුයෙන්; තමා නාද විහිරැයි, තමන්ගේ නාදය මධුර යයි; යන සම්මත වු; මානය, චිත්තොන්නතිය; දමා, ප්රිතික්ෂෙප කොට; අවමානය, අවඥව; වින්දෝ, වින්දනය කාළාහුයි.

සං. 1. මධුර ස්වරයෙන් යුක්ත වූ කොකිලයෝ ද තමන්ගේ රවණය ‍නිවෘත්ත කොට වීණානාද ශ්රධවණය කළාහු යයි ප්රිතිත කළෝ. සං. 2. සර්වපාදත්ත යමකයෙන් හා උත්ප්රෙකක්ෂායෙන් ද සංකිර්ණ වූ ප්ර්තිපාලංකාරයයි (198. සං. 3)

299. අ ස න රිසින් නයි කැල ඔස ළෝ යා ඔ වු න වෙතම1 සිටිනා ගුරු ළෝ යා ව යි න එ වෙණනද ලොබම ක ළෝ යා එ දි න වයිර සිත සිහි නොක ළෝ යා අසන රසින්, (වීණා නාද) ශ්රහවණ රුචියෙන්; ඔසළෝයා, අවඍත වූ (සමාගත වූ) ; නයි කැල, නාග සමූහයද; ඔවුන වෙතම, ඔවුන් සමිපයෙහි ම; සිටිනා, අවස්ථිත වූ; ගුරුළෝය, ගරුඞයෝ ද ; වයන, වාදනය කරනු ලබන්නා වු (489. සං. 2); එවෙණනද, ඒ වීණානාදය කෙරෙහි; ලොබම, ලොභය ම; කළෝයා, නිපදවූහූ; එදින, තද්දිනයෙහි; වයිර සිත (අන්යොොන්යනයන් කෙරෙහි වූ) වෛරි චිත්තය; සිහිනොකළෝයා, සමරණය නො කළාහුයි.

සං. 1. මෙහි ප්රඑථම දිවිතිය පාදයන්හි ‘යා’ කාරය නම් ඡන්දොහෙතුයෙන් වූ ආගමයය; තෘතිය චතුරුථපාදයන්හි එම හෙතුයෙන් කරන ලද මාත්රාෙ වෘද්ධි සමුපෙතයයි. සං. 2. අති‍ශයොක්ත්යයලංකාරයයි (156. සං.1)

300. බැ ඳි දන මන වැයුමෙහි ඇ දු රෝ යා වි ඳි සත්සර වෙණනද ම දු රෝ යා රැ ඳි සතොසින් සැනහුණු ඉ දු රෝ යා වැ ඳි දන සිරි ගත්තුය කි ඳු රෝ යා දන මන බැඳි, ජනයන්ගේ මනොබන්ධනය කළා වූ; වැයුමෙහි, වාදනයෙහි; ඇදුරෝයා, ආචාය්ය්න වූ; විඳි, විඳිනා ලද; සත්සර වෙණ නද, සප්තස්වර වීණා නාදය සම්බන්ධි වූ; මදුරෝයා, ආස්වාද ඇති‍; සතොසින්, සන්තොෂයෙන්;

1. වෙතෙහි - 11 196 ගුත්තිල කාව්ය වර්ණ,නා

රැඳි, රක්ත වූ; සැනහුණු, ආශ්වසිත වූ; ඉඳුරෝයා, ඉන්ද්රිරයයන් ඇති; කිඳුරෝයා, කින්නරයේ තුමු; වැදිදන සිරි, වන්දිජන ශොබාව; ගත්තුය, ග්රෙහණය කළාහුයි.

සං. 1. වැදිදන සිරිගත්තුය කිඳුරෝයා කින්නරයේ තුමු යක්ෂයන් හා සමග ම මහා බ්රතහ්මයාගේ පාදාංගුෂ්ඨයෙන් උත්පාදිත වූ සත්ත්ව විශෙෂයෙකි, කාශ්යරප මුනිහුගේ අපත්ය් යයි ද කියනු ලැබෙත්, මොවුහු ‍වනාහි යක්ෂයන් සේ ම උත්තරාධිපති වූ වෛශ්රාවණයා හට සෙවය කෙරෙමින් කෛලාස පර්වතයෙහි වාසය කෙරෙත්. මොවුන්ගේ මුහුණ අශ්වමුඛාකාර වෙයි. අවශෙෂ ශරිරය මනුෂයශරිරයට සම වෙයි. මොවුහු වනාහි ගායන වාදනයන්හි නෛසර්ගික සාමර්ථ්යෙයපෙත වු ගන්ධර්වයන් සේ ම ස්වර්ගයෙහි ද ප්රහසිද්ධ වූ ගායක විශෙෂයෙකි. ඔවුන් ගේ ලයාන්විත වූ මධුරස්වරානන්ද ගිතිකාවන්ගේ ශ්ර‍වණයෙන් කර්නාරාධනය හා චිත්තොපශමනය ද වන්නේය. ගායන සෞන්දය්ර්ග‍යයෙනන් මොවුන්ගේ ස්ත්රිය පුරුෂ දෙපක්ෂය ම එක සේ විශිෂ්ට මැයි. ‍එහෙයින් ‍ෙමහි ඔවුන් වාදනයෙහි ආචාය්ය්් බැව් කීහ.

බෞද්ධ ප්ර්තිමාගෘහාදියෙහි දක්නා ලැබෙව චිත්ර කර්මයන්ගේ ප්රනකාරයට නම් කින්නරයෝ වානහි පක්ෂිශරිරයකින් හා මනුෂ්ය මුහුණකින් ද යුක්ත වුවො වෙති.

වන්දිභට්ටයෝ තුමූ යම් රජක්හුගේ ස්තුති පඨනය පිණිස එම රාජයාගේ ආගමනය බලමනින් යම් සේ සන්සුන් ව උත්කණ්ඨඑ ව සිටිද්ද සප්තස්වර වීණා නාදයෙන් සන්සුන් වු ඉන්ද්රි්යයන් ඇති කින්නර‍යෝ තුමු තන්නාද ශ්රැනතියෙහි නිරත වූවෝ එම වන්දින් සේ උත්කණ්ඨ ව සිටියාහු යයි මෙහි කීහ. සං. 2. පරිකරයෙන් (212. සං. 2) හා අතිශයොක්තියෙන් ද සංකිර්ණ වූ උපමාලංකාරයයි.

301. ස තො ස් කරණා වීණා නද ඇසුම ට නොහොස් සිටින පිල්බර ගණ ගොදුර ට වෙ සෙ ස් රුවින් තම මැව්වත් බඹහ ට ස ඳැ ස් සවන් නොකළැයි වූ නොසතු ට සතොස් කරණ, සන්තොෂ කාරණ වූ; වීණා නද, වීණා නාදය; ඇසුමට, ශ්රසවණය කරනු පිණිස; ගොදුරට නො‍ගොස්, ගොවර පණිය ප්රායාත නො ව; සිටින, අවස්ථිත ව; පිල්බර ගණ, පුච්ඡහාරි (මයුර) සමූහය තෙම; වෙසෙස් රුවින්, විශිෂ්ට රූපයෙන් යුක්ත කොට; තම මැව්වත් , ආත්මයා නිරිමිත කළේ මුත්; සඳැස්, චන්ද්රා ක්ෂින්; සවන් නොකළැයි, ශ්රමවණයන් නො කළේ යයි; බඹහට, බ්රසහ්මයා කෙරෙහි (104. ව්යාළඛ්යා ; 172. සං. 1); නොසතුට වූ; අසන්තුෂ්ට වූහ (79. සං. 2)


ගුත්තිල කාව්ය වර්ණ.නා 197

සං. 1. වෙසෙස් රුවින් තම මැව්වත් බඹහට

සමයාන්තර කථා නයෙහි ප්ර්කාරයට සකල ලොක මූල හෙතු වූ ස්වයම්භු වූ පරමාත්මය තෙම බ්රහහ්මය, විෂ්ණුය, ශිවය යන ත්රිරමූර්තියකින් ව්ය ක්ත භාව ප්රා ප්ත විය. මෙයින් බ්රයහ්ම තෙමේ සකල භුවනත්රිය හා සකල සත්තවයන්ද සකල වස්තුන් ද නිර්මාපණය කළේය. විෂ්ණු තෙම ඒ නිර්මිත සංරක්ෂණය කෙරෙයි. ශිව තෙමේ කාලානුරූප වශයෙන් ඒ විනෂ්ට කරන්නේය. (මෙයින් බ්රනහ්ම යන්නෙන් සත්ත්වභූතාදින්ගේ උත්පත්ති හෙතුව ද විෂ්ණු යන්නෙන් ඔවුන්ගේ වර්ධන ප්රඒවර්තන හෙතුව ද ශිව යන්නෙන් නිරොධ හෙවත් විනාශ හෙතුව ද පැනෙත්.) බ්රනහ්මයාගේ විශිෂ්ට ගුණාංගයක් නම් නිතර ධ්යාහන සමාපත්තියෙහි සමවැද සුඛවිහරණය කිරිමය. හොමයාගාදින් නිසි සේ කිරිම හැකිවනු පිණිස හා සත්ත්වයාහට හිත පිණිස ද චතුර්වෙදයන් මනුෂ්යමයාහට ප්රරකාශ කරන ලද්දේ මොහු විසිනි. වචනයට අධිපති වූ සරස්වති දෙවි තොමෝ ‍මෝහට භාය්යාැ ව වෙයි. (251. සං.1). මොහුට මුහුණු සතරක් හා අත් අටක් ද ඇත්තේය. මොහුගේ එක් අතෙක ඡත්රරයක් ධාරණය කරනු ලැබේ. මොහු‍ගේ වාහනය නම් හංසයෙකි. බ්රේහ්මයාගේ දවසක් මනුෂ්යහයාගේ කාලමාන සංඛයායෙන් මහායුග දහසක් (237. සං.

2 i) හෙවත් කල්පයක් වෙයි. රාත්රියයක් ද එසේ ‍මැයි. මොහු‍ෙග් දිවසාන්තය වන කල කල්පාන්තය පැමිණ ලොකවිනාශය වන්නේය. මොහුගේ රාත්රිිය වූ කල්පය මුළුල්ලේහි හෙවත් ඔහු නිදන සමයෙහි සංවර්ත ස්ථිතිය හෙවත් ශුන්යගතා තෙමෝ පවති, නැවත දිවසාරම්භයෙහි දි හෙවත් ඔහු‍ගේ ‍ප්‍රබොධයෙහි දි ගුවනත්‍කනයාගේ නිර්මිතිය නැවත ද සිදු වන්නේය. මේ බ්රමහ්මයාගේ ආයුඃ ප්රසමාණය ඔහු‍ෙග් වර්ෂ සංඛ්යාියෙන් හවුරුදු සියයකි. දැනට එයින් අවුරුදු පනසක් ගත වි තිබේ. දැනට පවත්නා වූ ලොකස්ථිතිකාලය නම් ඔහුගේ ආයුසයෙහි පනස් එක්වැනි වර්ෂය වූ ශේවත වරාහ නම් කල්පයයි. කිසි කථා නයක ප්ර කාරයට ස්වයම්භූ වූ පරමාත්මය විසින් ප්රමථම කොට ජලය මවා තමන් විසින් ජලයෙහි බහාලන ලද හෙමාණ්ඩයෙක්හි තමා ම පිළිසිඳගෙන ඉන් බ්ර්හ්ම ව උපන් හෙයින් බ්රෙහ්මයාට ස්වර්ණගර්භ (රන් ගැබ) හිරණ්යහගර්භ. යනාදි නම් යෙදෙත්. අන්ය කථා නායක ප්ර්කාරයට බ්ර හ්ම තෙම විෂ්ණුහුගේ නාභියෙන් උද්භුත වූ පද්ම‍යකින් දර්ශන ප්රා්ප්ත විය. එයින් ඕහට පියුමයොන්, වෙන්පුත් යනාදි නම් යෙදෙත්. සර්වපූර්ව වූ ස්වයම්භුත වූ පර්මාත්මයහට ද බ්රනහ්ම හෙවත් මහාබ්ර හ්ම යනු නමි.‍ ‍ලොකනිර්මාපක වූ බ්ර්හ්මයා‍ මේ මහා බ්රබහ්මය‍ාගේ එකාංගමාත්රනයක් බව යට කි කරුණුවලින් දතයුතු. ඕහට ද සාමාන්යා ව්යහවහාරයෙහි මහාබ්‍රහ්මයාය කිමේ අර්ථය ද එසේ එයින් ම දතයුතු. බ්රාහ්මභක්තිකයන්ගේ භක්තියෙහි


198 ගුත්තිල කාව්ය වර්ණරනා

ප්ර කාරයට මොක්ෂය නම් මේ සවයම්භු වූ මහාබ්ර්හ්මයා හා සමග ආත්මිභාවය හෙවත් එකාත්ම භාවයට පැමණිමයි. සාගරයෙන් සම්භව ප්රාතප්ත වූ නදි ස්රොමතස් ආදින් නැවත සාගරය හා එක්විම මෙනි. සං. 2. සඳැස් සවන් නොකළැයි වූ නොසතුට චන්ද්රාාක්ෂි නම් මොනර පිලෙහි දෘශ්යූමාන වූ ඇස් හෙවත් නෙත්රාොකාරවු විහ්නයි. ‍ලොක නිර්මාපණ සමයෙහි දි බ්රශහ්මයා විසින් මයුර තෙම ඉතා ‍ෙශාභන රූපශ්රි න් යුක්ත කොට මවන ලද්දේය. එතකුදු වුවත් මයුරයාහට මේ වීණාවදා සමයෙහි දි ඔහු‍ගේ අලංකාරවත් වු චන්ද්රා.ක්ෂින්ගෙන් යම්කිසි ප්රදයොජනයෙක් නොමැති විය. ඒ අක්ෂින් කර්ණයන් කොට මැවි නම් මේ මධුර වීණා නාදයෙහි සෞන්දය්ය්ප ය ඒ කර්ණයන්ගෙන් ද සිත්පුරා අනුභව කළ හැකි වෙයි. එසේ නො මවන ලදින් වූයේ හානියකැයි මහුරයෝ තුමු බ්රරහ්මයා කෙරෙහි අසන්තුෂ්ට වූහයි කිහු. සං. 3. මෙයින් වීණා නාදයෙහි මාධුය්ය්කිහ සම්පත්තිය භංගියෙන් දැක් වු හෙයින් මේ වනාහි පය්ය්අ යොක්තියෙන් සංකිර්ණ වූ උදාත්තාලංකාරයයි. 302. වෙසෙසින් යන නද දිගත පු රා යා අ ස මි න් තුරුහිස රඳාන1 ගි රා යා උ මු වෙන්2 ගත් මීඅඹ මියු රා යා3 දැ මු වෙන් වෙණ නද ම ය මියු රා යා4 වෙසෙසින්, විශෙෂයෙන්; දිගත පුරායා: දිශාන්තයන් පුරිත කොට: යන, නිෂ්ක්රානන්ත වන්නා වූ; නද, විණා නාදය; අසමින්, ශ්රයවණය කෙරෙමින්; තුරුහිස, තරු ශිර්ෂයන්හි; රඳනා, රඤ්ජමාන වූ; ගිරායා, කිරපක්ෂින් විසින්; උමුවෙන්, උන්මුඛායෙන් (ආශායෙන්); ගත්, ගෘහිත වු; මියුරායා, මධුර වූ; මී අඹ, සහකාර ඵලයන්; දැමුවෙන්, ප්රතතික්ෂිප්ත හෙයින්; මියුරායා, (එකාන්තයෙන්)මධුර වූයේ නම්; වෙණ නද ම ය, වීණා නාදය මැයි.

සං. 1. අතිශයොක්තියෙන් සංකිර්ණ වූ ප්රිතිපාලංකාරයයි (198.සං. 3.i).

303. රු ති වනපෙතිනැ’ විදින් ස මු වෝ යා නි ත් මියුරුති වෙණ නද ළ මු වෝයා සි ති විලි නැති රූ මිලස මු ‍වෝ යා නැති නොගනිති මිනිසුන් හ මු වෝ යා5 රුති, රුචි වූ; වනපෙතින්, වනපංක්තියෙන්; සමුවෝයා, සමූහ ව; ඇවිදින්, ආගත ව; නිති මියුරුති, නිත්යි මධුරොපෙත වූ; වෙණ නද, වීණා නාදය;

1. ඉඳින - 1 2. ලමුවෙන් - 4 3. මිහිරායා - බොහෝ 4. මිහිරායා - 10 5. සමුවෝයා - ද ගුත්තිල කාව්යය වර්ණුනා 199

ළමුවෝයා, හෘදයාභිමුඛ; සිතිවිලි නැති, චෙතනා රහිත වූ; රූ විලස, රූපයන් සේ; මුවෝයා, මෘගයෝ තුමු; මිනිසුන්, මනුෂ්යතන්හට; හමුවෝයා, සම්මුඛ වූවාහු; නැති නොගනාති, ත්රාමසග්ර9හණය නො කෙරෙත් (වකිත නො වෙති) සං. 1. අතිශයොක්ත්යෝලංක‍ාරයයි.

304. නොගොසින් සිට සිටිවන1 නිබ ‍ඳේ යා වෙ සෙ සි න් සුර නර සෙන් නොම ‍ඳේ යා ස තො සි න් විඳ විඳ ලොබ නොසි ‍ඳේ යා මෙ ලෙ සි න් වෙණනද අසන ස ‍ඳේ යා නොගොසින්, අපගමනය නො කොට; ‍‍ෙනාම‍ෙඳ්යා, බො‍හෝ වු; සුර නර සෙන්; දිව්යප මනුෂ්ය; සෙනාවන්; වෙසෙසින්, විශෙෂයෙන් ; සිටිවන, සිථිත ප්ර්කාරයෙහි ම; නිබ‍ඳේයා, නිබද්ධව; සිට, අවස්ථිත ව; ලොබ නොසි‍ඳේයා. ලොහාවිච්චින්න ව(327. සං. 1); ස‍තොසින්, සන්තොෂයෙන්; විඳ විඳ, (රස) අනුභව කොට කොට; මෙලෙසින්. උක්තප්රයකාරයෙන්; වෙණ නද, වීණා නාදය; අසන ස‍භවඳේයා, ශ්ර්වණය කරන කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි. මෙසේ ‍මහබෝසතාණන්ගේ වීනානාදය සකලජන කර්ණමනඃ ප්රරසාදනය කෙරෙමින් මංගලමණ්ඩලය එකනින්නාද කොට දිශාව්යයප්ත ව ප්රරවෘත්ත වන කල්හි මහබෝසතාණන් වහන්සේ දෙවෙන්ද්ර්දත්ත වූ ගුටිකාත්රතය ගගනතලයට ප්රණක්ෂෙප කළ බැව් ද ඒ නිමිත්තයෙන් ශතොන සහස්රයයක් දිව්යාං ගනාවන් අවතිර්ණ ව නෘත්යාලරම්භ කළ බැව් ද දක්වන්නාහු ‘පටන් සුරිඳු’ යනාදි පද්යවය කිහ.

305. ප ට න් සුරිඳු දුන් උපදෙස් සිහි කො ට ඉ ට න් බෙලෙන්2 දැමුවෙන් ගුළි අහස ට තු ටන් වඩන සුර අඟනෝ බැස සි ට ප ට න් ගත්තු නව සියයක් නැටුම ට පටන්, ප්රයථමයෙහි; සුරිඳු, සුරෙන්ද්රෘයා විසින්; දුන්, දානය කරන ලද; උපදෙස්, උපදෙශය; සිහිකොට, ස්මරණය කොට; ගුළි, ගුටිකාවන්; අහසට, ආකාශයට; දැමුවෙන්, ක්ෂෙපණය කළ හෙයින් (ගුත්තිලාචාය්ය්වන යන් විසින් යනු අධ්යාෙහාරයි); ඉටන් බෙලෙන්, (දෙවෙන්ද්ර යා‍ෙග්) අධිෂ්ඨාන බලයෙන්; තුටන් වඩන, තුෂ්ටි වර්ධනය කරන්නා වූ; නව සියයක්, නව ශත සංඛ්යා ත වූ; සුර අඟනෝ, දිව්යාංවගනාවෝ; බැස සිට, අවතිර්ණ ව සිට; නැටුමට, නෘත්යයයය පිණිස; පටන් ගත්තු, ආරම්භග්‍රහණය කළාහුයි.

1. සිටි සිටි වන - 1. සිටි වන වන - 5 2. බලෙන් - ද

200 ගුත්තිල කාව්යග වර්ණවනා

සං. 1. තුටන් වඩන සුර අඟ‍නෝ බැස සිට මෙහි ‘තුටන්’ යයි කියු තන්හි හලන්ත ‘න’ කාරය තෙම ඡන්දොහෙතුයෙන් වූ ‍ආගමයයි. යොග්යයස්ථානයෙහි යෙදු කල වාක්යන රචනාව දිප්තිමත් කොට කර්ණරසායනය වර්ධනය කෙරෙයි. තවත් උදාහරණයෙක් නම් - ‍සොබමන් පබාවති සිය පිරිවර රැගෙ න ගි ග ම න් තම පුරට හිමිහට දුක් දෙමි න ස ම ග න් සිය කිරණ හකුළා තඹුරු ව න අ ව ර න් ගිර සැපති විය දිනකර එදි න සං. 2. පටන් ගත්තු නවසියයක් නැටුමට එක ගුටිකාවක් දිව්යාංයගනාවන් තුනිසියයක්හුටගේ අවතරණයට නිමිත්ත බැවින් ගුටිකාත්රවයෙන් දිවයාංගනාවෝ නවසියයෙකි. සං. 3. ස්වභාවොක්තියි දිව්යාං්ගනාවන් විසින් ආරබ්ධ වූ ජන මනොනයනාකර්ෂණ ශ්රිේ සෞභාග්යබ සමුපෙත වු නෘත්ය‍යෙහි විශෙෂය දාන් වර්ණනය කරන්නාහු ‘ළඟ ළඟවා’ යනාදි අඡ්ටපද්යෙයක් කියත්.

306. ළ ඟ ළ ඟ වා1 උනුනට කර වා ද ය නොවර ද වා වීණා පද වා ද ය ර ඟ අ ඟ වා සුරඟන රඟ බේ ද ය සෙ ද කර වා රජ සබය පබෝ ද ය ළඟ ළඟවා, ආසන්නාසන්න ව; උනුනට, අන්යොවන්යභයන්හට; වාදය කර, ස්පර්ධනය (තරඟය) කොට; වීණාපද, වීණා රාගයන් සම්බන්ධි වූ ; වාදය, ගායනය නොවරදවා, භ්රනෂ්ට නො කොට (ඊට අනුකූල‍ කොට යනු අර්ථයි. මීට අනතුරු කවෙහි ‘රඟගත් රඟ’ යනු හා සම්බන්ධයි); සුරඟන, දිව්යාංණගනාවන්ගේ; රඟ බේදය, නෘත්ය විශෙෂයන්හි; රඟ, ස්වභාවය; අඟවා අවබෝධ කරවමින්; සෙද, වහා: රජ සබය, රාජ සභාව; ප‍බෝදය කරවා, ප්රකබුද්ධ කරවා (ප්‍රිතියෙන් ප්රබමොදිත කරවා යයි යූසේයි) - මතු සම්බන්ධයි

සං. 1. ස්වභා‍ෙවාක්තියි. 307. ය ට සි න් ලන බැල්මෙන් සුර විල සී වෙසෙසින් දනමන මත්කර එක සී අ හ ස න් බැස රඟ ගත් රඟ කෙලෙ සී දි සි මෙන් විය විදුලිය සියදහ සී සුර විලසි, දිව්යස විලාසිනින්; අහසින්, ආකාශයෙන්; බැස, අවතිර්ණ ව; යටසින්, අධරාක්ෂියෙන් (අක්ෂ්යටධරාන්තයෙන් යයි යූසේය); ලද, හෙළන්නා වු; බැල්මෙන්, නිරිකිෂණයෙන් (යටසින් ලන බැල්මෙන්, ‘කටාක්ෂයෙන්’ 1. අඟවා - 1 ගුත්තිල කාව්ය වර්ණෂනා 201

යනු සමුදායාර්ථයි); වෙසෙසින්, විශෙෂයෙන්; දනමන, ජනමනස; එකසී, එකහෙළ; මත්කර, මූර්ජිත කොට (අත්යෂර්ථයෙන් ප්රිමණනය කොට යයි යුසේයි); රඟගත් රඟ, නෘත්ය ග්රජහණය කළා වූ ආකාරය; කෙලෙසි, කෙසේ ද යත්; විදුලිය සියදහසි, විද්යුෂල්ලතා ශතසහශ්රයයන්; දිසිමෙන්, දෘශයමාන වූ සේ; විය, වූයේයි.

සං. 1. දිසි මෙන් විදුලිය සියදහසි

මෙහි ‘විදුලිය’ යනු ආගන්තුක ‘ය’ කාරයකින් යුක්ත වූ සප්රණත්යමය පද රූපයක් නො ව ප්රිකෘති ‘ය’ කාරයකින් යුක්තව සිටි සමාසපදයකි. ‘විදු - ලිය’ යනු එහි පදවිච්ඡෙදයයි. දෛවී භාෂායෙහි ‘විද්යුුත් - ලතා’ (විද්යුසල්ලතා) යන්නෙන් හෝ මාගධි ‘විජ්ජුල්ලතා’ යන්නෙන් හෝ හින්නයි. මෙසේ හින්න වූ ශබ්ද ප්ර කෘතියෙහි ‘ය’ කාරයා අනුසුරු වීමෙන් ‘විදුලි’ යයි ද්විතිය ශබ්ද ප්ර කෘතියක් බි‍ඳේ. ‘විදුලි සිරි රඳනා’ යනාදි පද්යායෙහි යොදනලද්දි තොමෝ මේ ප්රිකෘතියයි.

සං. 2. උපමාලංකාරයයි.

308. දි මු තු යසස් වන් කුසුම සරා ගේ නුමු තු සුවඳ මල් පැලඳ සරා ගේ ද කි තු රඟන සුරඟන රඟ ලා ‍ගේ උ ම තු නොවෙද කෙලෙසක සිත කා ගේ කුසුම සරාගේ, පුෂ්ප ඛාණයාගේ (අනංගයාගේ); දිමුතු, දිප්තිමත් වු; යසස් වන්, කීර්ති සදෘශ වු; නුමුතු සුවඳ, අමුක්ත සුගන්ධොපෙත වූ (තොර නුවු සුවඳ ඇති); සරාගේ, රාග සහිත වු(වර්ණවත් වු) ; මල්, මාල්ය යන් ‍හෝ මාලාවන්; පැලඳ, පිනද්ධ කොට; රඟන, නෘත්යත කරන්නා වු; සුරඟන, දිව්යාං ගනාවන්ගේ; රඟ, නෘත්යධයෙහි; ලාගේ, ආකාරය; දකිතු, දර්ශනය කරත් හොත්; කවරක්හු‍ෙග් (වුවත්): සිත, චිත්තය නම්; කෙලෙසක, කවර ආකාරයකින්; උමතු නොවෙද උන්මත් නො වන්නේ ද?

සං. 1. උමතු නොවෙද කෙලෙසක සිත කාගේ

මෙහි ‘උමතු’ යන්නෙන් චිත්තවෛකල්යෘය නො ව අසභ්යක ප්රි්තිය නිර්දිෂ්ට කළෝ.

සං. 2. උපමා සංඍෂ්ට හෙතුයෙන් සංකීර්ණ වූ අතිහයොක්ත්යරලංකාරයයි.



202 ගුත්තිල කාව්යප වර්ණතනා

309. රූ රැ සේ අඳිනා1 ලෙසේ අත් ලෙළදිදි ‍විදුලිය ප බා රන්රසේ එක්වන ලෙසේ වෙණ නාද’නූ පා2 තබ ත බා කම්පසේ3 සැර දෙන4ලෙසේ දෙස5 බලබලා නෙතගින් ස බා මම් කෙසේ පවසම්6 එසේ වර සුරලඳුන් දුන් රඟ සු බා7

රූරැසේ, රූප රාශියක්; අඳින් ලෙසේ, ආලිඛ්යස කරන්නාක් මෙන්; විදුලිය පබා, විද්යුසල්ලතා ප්ර බා ඇති; අත්, හස්තයන්; ලෙළදිදී, ‍‍ෙලාලිත කෙරෙමින්; රන් රසේ. ස්වර්ණ පාරද දෙදෙනා (පාරද නම් රසදියයි); එක්වන ලෙසේ, එකිභූත වන්නාක් මෙන්; වෙණනාදනූ, වීණානාද අනුගත කොට; පා, පාදයන්; තබතබා. වින්යණස්ත කෙරෙමින්; කම්, කාමදෙවයා (අනංගයා); පසේසැර, පඤ්චබාණයන්: දෙනලෙසේ, දානය කරන්නාක් මෙන්; නෙතගින්, නෙත්රා පාන්තායන්; සබාදෙස, සභාප්රමදෙශය; බලා බලා, නිරික්ෂණය ‍කොට කොට; සුරලඳුන්, දිව්යං ගනාවන්; දුන්, දානය කළා වූ; සුබා, මනොඥවු රඟ, නෘත්යාය; දෝහෝ නොහොත්, දුන්, දානය කළාවු; රඟ, නෘත්යියෙහි; සුඛා, ශොභාව; එසේ වර, උක්තප්රසකාර වූ කල්හි; මම්, අස්මත් තෙම; කෙසේ, කවර ආකාරයකින්; පවසම්, ප්රයකාශ කෙරම්ද ?

සං. 1. රන්රසේ එක්වන ලෙසේ - පෙ ස්වර්ණය හා පාරදය අන්යෝන්යකස්පෘෂ්ටකල්හි පාරදය තෙම ස්වර්ණයෙහි සර්වව්යාහප්ත ව සිටගනිල. එයින් මොවුන්ගේ සම්බන්ධය අන්යවන්ත බැව් පෙනේ. සං. 2. වෙණනාද නූ පා තබ තබා ‘නාද+අනු’ යයි සිටි තන්හි පරස්වර ලොපසන්ධියෙන් ‘නාදනු’ යයි සිදු කොට ඡන්දොහෙතුයෙන් ‘නු’ කාරස්ථ වු ‘උ’ කාරය දිර්ඝකල කල්හි ‘නාදනු’ යනු සිද්ධයි. අර්ථසම්බාධක ‍නො ව රචනාදිප්තිය කෙරෙයි. එළි පිණිස කරන ලද්දක් නම් මෙය සංලක්ෂ්යායට ප්රවමාණ වූ වෙනසක් නො වේ. සං. 3. කම් ‍පසේසැර දෙන ලෙසේ - පෙ (383. සං. 1) සං. 4. ශෘංගාර රසයෙන් සමාකීර්ණ වූ, උපමායෙන් සංසෘෂ්ට වූ, ආක්ෂෙපාලංකාරයයි. (i) ශෘඞ්ගාර රසය මෙසේ වර්නිත යැ;-

1. අදිනා - 1. රූ රැසේ, රූප සමුහයක්; අදිනාලෙසේ, (සුත්රොරපකරණයෙන්) ආකර්ෂණය කරනු ලබන්නාක්මෙන් - පෙ 2. නුපුර - 1 3. කම් රසේ - 4: කම් රොසේ - 2 4. දෙනසැර - හැම. 5. සෙද - 2 6. පවසමි - බොහෝ 7. සුරලඳුන් රහදුන් සුබා - 6 ගුත්තිල කාව්යු වර්ණබනා 203

ශෘඞගං හි මන්මථොද්හෙද - ස්තදාගමනහෙතුකඃ උත්තමප්ර කෘතිප්රාණයො - රසඃ ශෘංගාර උච්යතෙ (ශෘඞ්ගය නම් මන්මථයාගේ උද්ශෙදයයි හෙවත් ප්රාඃදුර්භාවයයි. ඔහුගේ ඒ ආගමනයට හෙතුක වූ උතුම් ප්රයකෘති භාවයකට මදක් සම වූ රසය තෙම ශෘංගාර යයි කියනු ලැබේ.) ඊට මෙහි යෙදෙන්නා වූ නිදසුන් මෙසේයි: සෙයං මමාංඞගෙෂු සුධාරසව්ඡටා සුපූරකරපූරහලාකිකා දෘශොඃ ම‍පනොරථශ්රිකර්මනසඃ ශරීරිණි ප්රා‍ණෙශ්වරි ‍ලොචනගොචරං ගතා (මාගේ අංගයන් කෙරෙහි අමෘත රස වෘෂ්ටියකට සමාන වූ නෙත්ර යුග්මයෙහි අතිපූර්ණ කර්පූර ශලාකයකට බඳු වු මනොරථයෙහි ඉෂ්ටාර්ථ සම්පත්තිය වූ චිත්තයට විෂය වූ රූප ඇති ඒ මේ ප්රාහණෙශ්වරි තොමෝ මාගේ නෙත්ර ගොචර භාවයට පැමිණිය හෙවත් මා විසින් දක්නා ලද්දිය) ‍(ii) මෙහි ආක්ෂෙපය නම් විචක්ෂිතාර්ථය කථනය කොට නො කි සේ දැක් වූ හෙයිනි. ‍ඊට ‍ෙමහි ‍ෙය‍ෙදන්නා වූ නිදසුන් ‍ෙම‍ෙස්යි: චන්ද්රි සන්දර්ශයාත්මාන - මථවා’ස්ති ප්රිදයාමුඛම් (චන්ර්iදකය! ආත්මයා ම දකු, දෝහෝ නො‍හොත් කාන්තා මුඛයක් විද්ය:මාන දෝ!) ජේයානත්සනා මෞක්තිකදැම චන්දනරසඃ ශිතාංශුකාන්තද්ර වඃ කර්පූරං කදලි මෘණාලවලයාන්යත මහෝජිනි පල්ලවාඃ අන්තර්මානසමැ සත්වයා ප්රයභවතා තස්්යාඃල ස්ථුලි‍ෙඪගාතකර ව්යාරපාරය භවන්ති හන්ත කිමනෙනොකෙත්න න බ්රෑයමහෙ චන්ද්රිාකාය, මෞක්තිකදාමය, චන්දන රසය, චන්ද්රදකාන්තමණිජලය, කර්පුරය, කදලිය, මෘණාලවළලුය, පියුම් පෙතිය, ලපලුය. යන මොවුහු අහෝ තොප විසින් ධූරිණ වූ චිත්තාභ්ය්න්තර ප්ර භුත්ව ඇති ඇගේ පුලිඟු ව්යාදපරය පිණිස හෙවත් දහනොත්පත්තිය පිනිස වන්නාහ. අදෝ මය! මෙය කිමෙන් ප්ර යොජන කිම? එහෙයින් අපි නො කියමු.) 310. පු න්1 ම දා රා මල් දමින් - මුදුදිඟු2 සුනිල් වරලස ගො තා ම න් ම දා කිතු ලිය ලෙසින් උරතුර සරා දිලි මුතු ල තා ම න් න දා වන මිණි මෙවුල් නද වෙණ නදින් එක්කොට ඉ තා උ න් එ දා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් ප තා පුන්, පූර්ණ වූ; (අනුන වූ); මදාරා මල් දමින්. මන්දර කුසුම දාමයෙන්; දොහෝ නොහොත් - පුන් මදාරා මල් දමින් පුල්ල මන්දර කුසුම දාමයෙන්; මුදු මෘදු වු; දිගු, දිර්ඝ වූ; සුනිල්, අතිනිල වූ, වරලස, ධම්මිල්ලය: ගොතා, ග්ර න්ථිත කොට; මන්මදා මන්මථයාගේ (අනංගයා‍ගේ); කිතු ලිය ලෙසින්, කිර්ති ලතාවන් මෙන්; දිලි, දිප්තිමත් වූ; මුතු ලතා මුක්තා ලතිකාවන්; 1. පුල් - 1 2. දිඟුමුදු -

204 ගුත්තිල කාව්යථ වර්ණවනා

උරතුර, හෘදයාශ්යවන්තරයෙහි; සරා, සජ්ජිත කොට; මන් නදා වන, මනොනන්දන වූ; මිණිමෙවුල් නද, මණිසමඛලා නාදය; වෙණ නදින්, වීණා නාදය හා; ඉතා අත්යමර්ථයෙන්; එක්කොට, එකිභූත කොට; උන්, ඒ දිව්යාාගනාවන්; එදා, තද්දිනයෙහි; දුන්, දානය කළා වු; රඟ, නෘත්යනය; දුටොත්, දර්ශනය කළ හොත්; තව. ඉන් අන්යමතර වූ; සක් සැපත්, ශක්ර සම්පත්තියක්; කවරෙක්, කවර නම් ජනයෙක් තෙම; පතා, ප්රා;ර්ථනය කෙරේ ද? (හෙම ප්රාකර්ථනියෛක ශක්ර සම්පත්තිය වී යයි යූසේයි.)දෝ හෝ නොහොත් ‍ ‍ - කවරෙක්, කවර නම් ජනයෙක් තෙම; තව, තදන්ය තර වූ, සක්සැපත්, චක්පුරනනුභොග සම්පත්තියක්; පතා, ප්රාතර්ථනා කෙරේ ද? ‍(හෙම පරමදර්ශනිය මැයි යූසේයි.) සං. 1. පුන් මදාරා මල්දමින් (ඵුල්ල මන්දාර කුසුම දාමයෙන්) සංස්කෘත මාගධි භාෂා‍වන්හි සම වූ ‘ඵුල්ල’ යනු හෙළු බසට බිඳි එන කල ‘පුල්’ යුන වේ. හෙළුබසෙහි ලා හල් ‘ල’ කාරයකුහට ඇතැම් විටෙක ‘න’ කාරයෙක් ආදෙශ වේ. මෙහි එසේ විමෙන් ‘පුල්’ යනු ‘පුන්’ වේ. ‘මුලුසික’ යනු ‘මුල්සික’ වි එයින් ‘මුන්සික’ වූ මෙනි. ශබ්දයන් තද්හට වන කල්හි ස්වර සහිත වූ ‘ල’ කාරයාහට ‘න’ කාරයා ආදෙශ විම ‍නොයෙක් විට දක්නා ලැබේ. උදාහරණ නම් සං. ලාංගුල, සං. නගුට; සං. පා. ලලාට. සං. නළනල යනාදියයි. සං. 2. ශෘංගාර රසාන්විත (309. සං.4) ප්ර තිපයෙන් සංකිර්ණ වූ (198 සං. 1) ආක්ෂෙපාලංකාරයයි. (204. සං. 1) ද්විතිය පාදයෙහි උපමායෙන්ද සංසෘෂ්ටයි.

311 පිපි සමන් කු සු ම න් ප ටි න් තන රන්හසුන් මන්මෙන් බ‍ැ‍ ‍ෙඳ් ලඹ සවන් දි ඟු ර න් ප සි න් දනනෙත් මුවන් බඳිමින් බැ ‍ඳේ මද පවන් වැද ලෙළ ප හ න් සිළුමෙන් රැඟුම් දෙන රන් බ ‍ඳේ දිලි ඔවුන් රූ සි රි 1 නු ව න් වන් බඹ උවත්2 දැහැනින්3 මි‍ ‍ඳේ පිපි, පුප්පිත වූ; සමන් කුසුමන්, සුමනා කුසුමයන්ගේ; පටින්, දාමයෙන්; තන, සතන (පයොධර) නමැති - : රන් හසුන්, ස්වර්ණහංසයන්; මන්මෙන්; සිත් වූ සේ; බැ‍ඳේ, බන්ධනය කොට: ලඹ ලම්බමාන වූ; සවන්, ශ්රයවණ නැමති; දිඟු, දිර්ඝ වූ; රන්පසින්, ස්වර්ණපාශයෙන්; දනනෙත්, ජනනෙත්රස නැමති; මුවන්, මෘගයන්; තදේ,ස්තබ්ධ කොට: බඳිමින්, බන්ධනය‍ කෙරෙමින්; මද පවන් වැද, මන්දමාරුත ප්ර්විෂ්ට ව; ලෙළ, ලොලිත වු (කම්පිත වූ); පහන් සිළු මෙන්, ප්ර්දිප ශිඛා මෙන්‍; රැඟුම් දෙන නෘතයදානය කරන්නා වූ; රන්බ‍ඳේ, ස්වර්ණවර්ණ දෙහයෙන් යුක්ත වූ; ඔවුන්, ඒ දිව්යාං ගනාවන්ගේ; දිලි, විරාජ මාන වූ; රූසිරි, රූපශ්රි න්; නුවන්වන්, නයන ප්ර විෂ්ට වූ; බඹ උවත්, බ්ර්හ්මයා වි නමුත්; දැහැනින්, ධ්යා්නයෙන්; මිදේ, මුක්ත වේ මැයි.

1. රුසිරු - ද. (501.සං. 1) 2. වුවත් - ද 3. දැහැමින් - හැම. ගුත්තිල කාවය වර්ණනනා 205

සං. 1. ශෘංගාර රසයෙන් සංකීර්ණ වූ (309.සං. 4). රූපකයෙන් ද උප මායෙන්ද සංඍෂ්ට වූ අතිශයොක්ත්යෘලංකාරයයි. (329. සං. 2.ii).

312. පා පියුම් බිඟුරොන් සලා වන් දිලි රුවන් නූපූර ගො සේ පා දගම් රා නාද’ නූ කොට ගත් නැටුම් සුර’ ඟන රැ සේ ලු බැලුම් පමණින් සුරන්සිත් මත් කෙරෙත් මැයි නොකම සේ ඒ රැඟුම් රඟ දුටු දනෝ1 නුමුළා වෙතෙයි2 පවසනු 3 කෙ සේ පාපියුම්, පාදපද්මයන්්ගේ; බිඟුරොන් සළා වන්, ශෘංග සහිත රෙණුච්ඡටා වැනි වූ; දිලි,දිප්තිමත් වූ; රුවන් නුපුර; රත්න සිහිත නුපුරයන්ගේ; ‍‍ූෙගා‍ෙස්, ඝොෂය ද; පාදගම්. පාදාහරණයන්ගේ; රා, රාවය ද; නාද’ නූකොට, (වීණා) නාදය හා අනුගත කොට; නැටුම් ගත්, නෘතය ග්ර්හණය කළා වූ; සුර’ඟන රැසේ, දිව්යාං ගනා සමූහය තෙම; ලූ, (තමන් විසින්) හෙළන ලද; බැලුම් පමණින්, දෘෂ්ටිමාත්රගයෙන් ; සුරන් සිත්, දිව්යනයන්ගේ චිත්තයන්; නොමකසේ, අක්ෂාෘම්යශ සේ(ඉසිලි නො හැකි සේ හෙවත් අත්යතර්ථයෙන්); මත් කෙරෙත්මැයි, ප්රනමත්ත කෙරෙත් මැයි; (එහෙයින්) ඒ රැඟුම් රඟ, ඒ නෘත්ය් ලිළාව; දුටු, දර්ශනය කළා වූ; දනෝ, ජනයෝ; නුමුළා වෙතෙයි. මුර්ජිත නො වෙත් යයි; පවසනු, ප්රකකාශ කරනු; කෙසේ, කවර ආකාරයකින් වන්නේද?

සං. 1. පාපියුම් බිඟුරොන් සළාවන් දිලිරුවන් නූපුර ගොසේ නූප‍ුර‍ය නම් ගුල්ඵයෙහි හෙවත් ඇස්වටයෙහි පලඳිනු ලබන්නා වූ වලයාකාර වූ ආභරණ විශෙෂයකි. මේ ආබරණය වනාහි අන්තර්භාගයෙහි කුහරයකින් හා එහි බහාලන ලද ලොහ වටකයන්ගෙන් ද යුක්ත වෙයි. මේ කරණ කොටගෙන ආභරණය චංචල වන කල්හි නිරතුරු ව ඝොෂය නික්මවයි. මෙහි පාඨයෙහි නූපූරාභරණය පාදපදිමය මතුයෙහි රෙණුච්ඡටාවට ද ආභරණයෙහි මතුපිට විරාජමාන වූ රත්නයන් එම රෙණුච්ඡටායෙහි ආසක්ත වූ ශෘංගයන්ට ද සමාන කොට දක්වා නුපුර ඝොෂය එම රෙණුච්ඡටායෙහි ප්ර්වෘත්ත වූ ශෘංගරාවය උපමා සාමාර්ථයයෙන් සම කොට ගන්නා සේ යෙදුහු. හේ එකදෙශ විවර්ති රූපකයි(434. සං.1). මෙහි සඳහන් වු නුපුරාබරණයන් වර්තමානකාලයෙහිද ද්රාවිඩ කාන්තාවෝ පලඳිත්, ඔවුන්ගේ භාෂයෙන් ඊට ‘ශිලම්බු’ යයි කියනු ලැබේ. මෙයින් සිහළ ‘සලඹ’ යනු හින්න වි, සං. 2. පාදගම් රා නාද’නු කොට - පෙ පාදගම් යනු ද්රා විඩබාෂිය ‘පාඩගම්’ යන්නෙන් හින්න වූ ශබ්දප්රිකෘතියයි. මෙයින් ‍නිර්දිෂ්ට වූ ආභරණය ද නුපුරය සේම අන්තර්භාගයෙහි කුහරයකින් හා


1. දනත් - 6 2. වෙතියි - 1; වෙතැයි - 1 3. පවසමු - 1 (දෙවනු). 206 ගුත්තිල කාව්යය වර්ණමනා

එහි ලොලිත වීමෙන් ශබ්දෙත්පාදය කරන්න වූ ලොහ වටකයන්ගෙන් ද යුක්ත වෙයි. ආකාරයෙන් පමණක් ප්රබභෙදවති. මෙය පලඳිනු ලබන්නේ ගුල්ඵයෙහි නො ව පාදයෙහි මතුපිටයි. ද්රනවිඩ කාන්තාවෝ මේ තාක් පළඳිති. සං. 3. ලූ බැලුම් පමණින් සුරන් සිත් මත් කෙරෙත් මැයි නොකමසේ උක්ත කර්තෘ වූ සමුහවාචි පදයක් එක වචනයෙහි වුව ද ස්වභාවයෙන් බහ්වර්ථ ප්ර්කාශක බැවින් තදුක්තකර වූ ක්රි්යාපදය එකවචනයෙහි හෝ බහුවචනයෙහි ‍හෝ යොදනු ඡෙකාභිමත විකල්පයකි. මෙහි දිව්යාං ගනාවන් සමුදාය වශයෙන් නො ව වෙන් වෙන් වශයෙන් දිව්යපයන්ගේ සිත් ප්රවමත්ත කිරිමට හෙතු භූත වු බැවින් බහ්වර්ථය ම මුඛය වෙයි. එහෙයින් මෙහි ‘රැසේ’ යන්න උක්තකර වූ ක්රිහයාපදයාගේ බහුවචනත්වය විකල්පයෙන් උචිත පමණක් නො ව අර්ථාපෙක්ෂාවෙන් ද අහිමත වූ යොගයකි. (79. සං. 2) අන්ය‍ සමහර භාෂා‍වන්හි ද මේ යොගය ලැබේ. සං. 4. ශෘංගාර රසයෙන් සමාකිර්ණ වු (309. සං. 4.i) රූපකයෙන් ද ස්වභාවොක්තියයෙන් ද සංඍෂට වූ අතිශයොක්ත්යමලංකාරයයි.

313. පෑ උ දු ල් සිතියම් ලෙසින් සිටි නේ සුරන් සහසක් නු බේ රූ නි මල් සුරලිය ‍තොසින් බැස රඟ කෙරෙත් නරරජ ස බේ මීරි ක ල් තත්සුන් වෙණින් බෝසත් ඔවුන් කරවයි ලො බේ මේ සියල් ‍විසිතුරු උතුම් එකතැන දැකුම් කිකලෙක ලැ බේ පෑ, ප්ර කාහිත වූ; උදුල්, උජ්ජ්වලිත වූ; දෝහෝ නොහොත්, - පෑ උදුල්, ප්රසබාවොජ්ජ්වලිත වූ; සිතියම් ලෙසින්, චිත්ර කර්මයන් සේ; සුරන් සහ, දිව්යොයන් හා සමග; සක්, ශක්රූතෙමේ; නුබේ, නහස් තලයෙහි; සිටිනේ, සථානය කෙරේ; ‍‍ෙදාහෝ නොහොත්, - නේ සුරන් සහ, අනෙක දිව්යලයන් හා සමග, සක්, ශක්ර‍තෙමේ; නුබේ, නහස්තලයෙහි; සිටි, ස්ථානය කෙරේ; රූනිමල්, රූපයෙන් නිර්මල වූ; සුරලිය, දිව්යහලතාවෝ; බැස, අවතිර්ණ ව; නර රජ සබේ, මනුෂ්ය් රාජ සභායෙහි; තොසින්, සන්තොෂයෙන්; රඟ කෙරෙත්, නෘත්යව කෙරෙති; බෝසත්, බොධිසත්ත්ව තෙමේ; මිරි, මධුර වූ; කල්, කල්ය‍ වූ; තත් සුන්, තන්ත්රිා ශූන්යොවු; වෙණින්, වීණායෙන් (එම වීණායෙහි නාදය පිණස උපචාරයි); ඔවුන්, ඒ දිව්ය්ලතාවන්; ලොබේකරවයි. ප්රහලුබ්ධ කරවයි; මේ. උක්තප්රබකාර වූ; උතම්, උත්තම වූ; සියල් විසිතුරු, සකල විචිත්රහයන්; එකතැන, එකස්ථනයෙහි; දැකුම්, දර්ශනය; කිකලෙක, යළි කවර කාලයෙක්හි; ලැබේ, ප්රෙතිලබ්ධ වන්නේද? කිසිකලෙක්හි නො වන්නේ මැයි.

සං. 1. සමුච්ච‍යයෙන් සංකිර්ණ (151. සං.2.) භාවිතයෙන් සංඍෂ්ට වූ ආක්ෂෙපාලංකාරයයි (204. සං.1)භාවිතයෙහි ලක්ෂණ මෙසේ කිහු;

අද්භූතස්යක පදාර්ස්ය4 - භූතස්යා ’ථ භවිෂ්ය තඃ යත්ප්රකත්යාක්ෂායමාණත්වං - තද්භාවිකමුදිහෘතම්

ගුත්තිල කාව්යය වර්ණ4නා 207

(අතිත වූ හෝ අනාගත වූ හෝ අද්භූත පදාර්ථයක්හුගේ යම් ප්රකත්ය ක්ෂ කරනු ලැබිමක් ඇත් ද ඒ වනාහි භාවිතයයි කියන ලදි) ඊට යෙදෙන්නා වු නිදසුන් මෙසේයි. අහං විලොකයෙ’ද්යාිපි - යුද්ධ්යුන්තෙ’ත්රෂ සුරාසුරාඃ (මෙහි සුරයෝ ද අසුරයෝ ද යුද්ධ කෙරෙතියි මම මේතාක් දකිමි)

මෙසේ වීණාවාදය හා මහබෝසතාණන් වහන්සේගේ ජයග්රමහණය ද දක්වා එයින් තුෂ්ටිමත් වූ දිව්යාං ගනාවන්ගේ මනොනයනකාන්ත වූ නෘත්යකය ද වර්ණනා කොට දැන් යළිඳු කථොපාඛ්යාවන ප්රගබන්ධයට බස්නාහු ‘නද වෙණනද’ යනාදි කව් කියත්.

314. නද වෙණ නද සම ඟ කරවන දනන් මන ද ඟ සුර’ඟන රඟන ර ඟ බලා තුටුවී නිරිඳ‍ු දියත’ ග නද, ආනන්දකර වූ; වෙණ නද සමඟ, වීණානදා (ශ්ර්වණය) හා සමග; දනන්, ජනයන්ගේ; මන, චිත්තයන්; දඟ කරවන, බන්ධනය කරවන්නා වූ; ස‍ුර’ඟන, දිව්යාංුගනාවන්; රඟන, නෘත්ය කරන්නා වූ; රග, නෘත්යනය; බලා, අව‍ලොකනය කොට; දියතග, ජගදග්රත වූ; නිර‍ිඳු, නරෙන්ද්ර; තෙම; තුටුවි, සන්තුෂ්ට වි.

සං. 1. සුරගන රඟන රඟ රඟන, නෘත්යු කරන්නා වූ; රඟ, ආකාරයයි ද සමරු අර්ථ කියත් හෙද ‍අයොග්ය් නොවේ. එහෙත් ‘රඟන රඟ’ (‘නටන නැටුම්’) යනාදිය සිංහල භාෂාරිතියෙහි ලැබෙන්නා වූ බහුල ව පැවති වාග්ව්යරවහාරයකි. මේ කාව්යමයෙහිම ‘ජය කෙළි කෙළින සත’ (338) යනාදි තන්හි ද, සාමාන්යර ව්යනවහාරයෙහි ‘ගිය ගමන’ ‘බලන බැල්ම’ යනාදි තන්හි මිට නිදසුන් පෙනේ. සං. 2. ස්වභාවොක්තියි 315. බැඳි විළි ක ඹ යෙ න් තැතිගෙන ජය සකො බ‍ යෙ න් උන් මූසිල බ‍ යෙ න් පිටත් කළෙ එරජ රජ ස බ යෙ න් විළි කඹයෙන්, ව්රී ඩා නැමති රජ්ජුයෙන්; බැඳි, බද්ධ ව; ජය, (මහ බෝසතාණන් වහන්නේගේ) විජයෙන් (ජනිත වූ); සකොබයෙන්, සංක්ෂොබයෙන් හෙවත චිත්ත සංවෙගයෙන්; තැති ගෙන, ත්රාසස ග්රධහණය කොට; බයෙන්, භිතියෙන් යුක්ත ව; උන් නිපණණ වූ; මුසිල, මූෂිලයා; එරජ, ඒ බ්රනහ්මදත්ත නරෙන්ද්රං තෙමේ; රජ සබයෙන්. රාජ සභායෙන්; පිටත් කළෙ වහිර්ගත කරවි,

208 ගුත්තිල කාව්යන වර්ණකනා

සං. 1. ස්වභාවොක්තියි. ප්රතථම පාදයෙහි රූපකයෙන් සංඍෂ්ටියි. 316. යන ඔහු අසර ණි න් දුටු දුටු දනෝ උර ණි න් තමන් බල පම ණි න් දෙමින් බැට කැට මුගුරු පහ ණි න් අසරනින්, අනාථ භාවයෙන්; යන, ගමනය කරන්නා වූ; ඔහු, ඒ මූෂිලයා; දුටු දුටු, දර්ශනය කළ කළා වූ; දනෝ, ජනයෝ තුමු; උරණින්. රොෂයෙන් යුක්ත ව; තමන් බල පමණින්, ආත්ම ශක්ති ප්රාමාණයෙන්; කැට මුගුරු පහනින්, ලොප්ට මුද්ගර පාෂානාදියෙන්; බැට, ප්රණහාරයන්; දෙමින්, දානය කරමින් - මතු සම්බන්ධයි

සං. 1. ස්වභාවොක්තියි.

317. මූසිල මෙපුර ත ට නුවරෙක් නොවෙයි ඉඳින ට ඉන් තෝ මෙහි නොසි ට යවයි නෙරපූය යම පුරය ට මූසිල, කොල මූෂිලය! මෙපුර, මේ නගරය වනාහි; තට, තාහට; ඉඳිනට, වාසය කරනු පිණිස; නුවරෙක් නොවෙයි, (යොග්යන වූ) නගරයෙක් ‍නො වෙයි; ඉන්, ඒ කාරණයෙන්; තෝ, යුෂ්මත් තෙම; මෙහි, මේ නගරයෙහි; නොසිට, වාසය නො කොට; යමපුරයට, යම නගරයට; යවයි, ගමනය කරවයි; නෙරපූය, නිඃසාරණය කරවූහූ.

සං. 1. යවයි නෙරපූය යන පුරයට ‘යම’ නම් නරකාධිපිතයාය. යමපුරය නම් ඔහුගේ නගරය හෙවත් රාජධානිය වූ නිරයයි. සං. 2. ස්වභාවොක්තියි. ‘දැන් මතු ද මෙනිවට’ යනාදින් ලක්ෂිත වූ දුෂ්ට මූෂිලයාගේ අකෘතඥ ගුණපාක විනාශ ප්රාතප්තියෙහි කථොපාඛ්යාිනය මෙතෙකින් නිමවා ශ්රකද්ධාවත් සත්පුරුෂ සුධිජනතාගත පරමාර්ථ කාමිත්වය පිණිස මහා බෝධිසත්ත්ව චරිතාවදානය තවත් විවරණය කොට දක්වන්නා වූ සර්වඥයන් වහන්ිසේ විසින් දෙශනා කර වදාරන ලද කථාප්ර බන්ධය වර්ණනය කරන්නා වූ මේ ආචාය්ය්ේ පාදයෝ විජයශ්රිධප්රාරප්ති ප්රරතික්ෂණ ප්‍ප්මොදිත සමස්ත ජනතාව විසින් ගුත්තිලාචාය්ය්ා යන් පූජාකළ පරිදි දක්වන්නාහු ‘තොස් සිඳු’ යනාදි සප්ත පද්යියක් කියත්.



ගුත්තිල කාව්යබ වර්ණානා 209

318. තොස් සිඳු මැද පිවි සි වස්වත සුරන් මල් වැ සි ලෙසින් සිව් දිව් වැ සි වැස්වි නරනිඳු සත් රුවන් වැ සි ‍තොස් සිඳු මැද, සන්තොෂ නැමති සාගර මධ්යකයෙහි; පිවිසි, ප්රකවිෂ්ට වූ; සුරන්, දිව්යොයන්‍; මල් වැසි, පුෂ්ප වර්ෂවන්; වස්වත, වර්ෂණය කරවත් ම; සිව් දිව් වැසි ලෙසින්, චාතුර්මහා දිවිපික වර්ෂාවක් මෙන්; නරනිඳු, බ්ර හ්ම දත්ත නරෙන්ද්රස තෙම; සත් රුවන් වැසි, සප්ත, විධ රත්න වර්ෂාවක්; වැස්වි, වර්ෂණය කරවි, නරෙන්ද්ර; තෙමේ බොහෝ රත්නයන්ගෙන් පණ්ඩිතයන් පිදුහයි යූසේයි.

සං. 1. ප්රබථම භාගයෙහි රූපකයෙන් ද ද්විතිය භාගයෙහි උපම‍ායෙන් හා පය්ය්ද්රයොක්තයෙන් ද සංකිර්ණ වූ උදාත්තාල කාරයයි. 319. වෙණ සඳුගෙන් මු දු පුබුදු කළ2 මන කුමු දු බෝසත්හට පි දු කිරුව සුවහස් පෙදෙස්3 නිරි දු මුද, මෘදු වූ; වෙණ සඳුගෙන්, වීණා නැමති චන්ද්රයයාගෙන්; පුබුදු කළ, ප්ර්බුද්ධ කරන ලද; මන කුමුදු. චිත්ත නැමති කුමුදයන් ඇති; පෙදෙස් නිරිඳු, ප්ර්දෙශ නරෙන්ද්ර,යෝ තුමු; බෝසත්හට, බෝදිසත්ත්වයන් වහන්සේට; සුවහස්, ශතසහස්රර සංඛ්යාුත වූ; කිරුළු, කිරිටයන්; පිදු පූජා කළාහුයි.

සං. 1. වෙණ සදුගෙන් මුදු මෙහි ‘සඳුගෙන්’ යනු කර්ත්රටර්තයෙහි කරණ විභක්තියි. චන්ද්රවයා විසින් යනු අර්තයි. සං. 2. ප්රාථම භාගගත රූපකයෙන් ද හෙතුයෙන්ද සංකිර්ණ වූ උදාත්තාලංකාරයයි.

320. බන්4 මිණිමුතු පබ ළු ‍රන්හූ සමඟ සුලකු ළු ගෙන පෙරවි තුරු ස ළු දැමු සතොසින් පෙරවි විප්මු ළු


1. දන - 3 2. කර - 3. ගණන් - 3, (සුවහස් ගණන් නරිඳු, ශතසහස්රද සංඛයාත නරෙන්ද්රියෝ; කිරුළු, කිරිටයන්; පිදු, පූජා කළාහුයි. 244 වෙනි කවිය බලන්න.) 4. රන් ‍- කිසි.


210 ගුත්තිල කාව්යක වර්ණණනා

බන්,බඳනා ලද; මිණි මුතු පබළු, මණි මුක්තා ප්රරවාලයන් ඇති; සුලකුළු, ස්වලංකෘත වූ; රන්හු සමඟ, සවර්ණමය (එකාවලි) සූත්රනයන් හා සමග; පෙරවි, ප්රාංවරණ ගත වූ; තුරු සළු, උත්තර සාටකයන්; ගෙන, ග්ර හණය කොට; පෙරවි විප්මුළු, පුරොහිත බ්රාඟහ්මණ සම‍ූහය තෙමේ; සතොසින්, සන්තොෂ හෙතුයෙන්;‍ දැමු, පරිත්යාොග කළාහුයි. (79. සං.2) සං. 1. හෙත්වලංකාරයයි.