ගුත්තිල කාව්‍ය වර්ණනා - වර්ණනා v

Wikibooks වෙතින්

321. තොස් සිඳු කිමි න් දෝ තමන් ගුණ නොම සි න් දෝ1 එදිනෙහි වෙළ න් දෝ දැමු නන් වතිනි කඳු බැ න් දෝ තොස් සිඳු, සන්තෝෂ සාගරයෙහි; කිමින්දෝ; නිමග්න වූ; වෙළෙන්දෝ, වණිග් ජනයෝ තුමු; එදිනෙහි, තද්දනයෙහි; තමන් ගුණ. ආත්මිය (විනිමය) ගුණය; නොමසින්දෝ. අමර්හයෙන් (අස්මරණයෙන්) දෝ‍හෝ; දැමු, (තමන් විසින්) පරිත්ය ක්ත වූ; තත් වතිනි, නානා වස්තුනගෙන්; කඳු බැන්දෝ, සමුච්චයන් කළාහුයි. සං. 1. (i) ප්ර්ථම පාදය පරිකරයි. එහි ලක්ෂණ මෙසේ කීහු. අලංකාරඃපරිකරඃ - සාහිප්රාපයේ විශෙෂණෙ (විශෙෂණය අභිප්රායය සහිත කල්හි අලංකාරය තෙම පරිකර වේ.) මෙහි “තොස් සිඳු කිමින්දේ” යන වි‍ශෙෂනයෙහි අබිප්රා.ය නම් වස්තු පරිත්යාඳගයෙහි හෙතුව දැක්විමයි. නිදසුන් මෙසේයි. සුධාංශුකලිතොතිතංස - ස්තාස්පංය හරතු වඃ ශිවඃ (අමෘත ‍රශ්මි සම්පන්න වූ උත්තංස ඇති ශිව තෙමේ‍ තොපගේ ත‍ාපය දුරු කෙරේවා) 212. සං. 2. ද බලන්න (ii) ද්විතිය පාදය උත්ප්රෙඇෂායි. එහි ලක්ෂණ මෙසේ කිහු: සම්භාවනා ස්යා දුත්ප්රෙදක්ෂා - වස්තුහෙතුළුලාත්මනා (වස්ත්ව්ත්මක වශයෙන් හෝ හෙත්වාත්මක වශයෙන් හෝ ඵලාත්මක වශයෙන් හෝ සම්භාවනය උත්ප්රෙවක්ෂායි) මෙහි කරන ලද සම්භාවනය නම් හෙත්වේත්මක වශයෙනි. ඊට නිදසුන් මෙසේයි. මධ්යඃන කිං කුචයොර්ධෘත්යෛහ - ඛද්ධඃ කනකදාමහිඃ (ඉඟිටිය ස්වර්ණ දාමයන්ගෙන් බඳනා ලද්දේ කිමෙක්ද පයොධර යුග්ම යෙහි උද්වහනය පිණිස දෝහෝ!) (iii) ප්ර්ධාන වාක්යමයෙන් යුක්තවූ තෘතිය චතුර්ථ පාදයෝ අත්ශයොක්තියි. 329. සං.ස. (ii) (iv) එහෙයින් මුළුපද්ය)ය පරිකරයෙන් හා උත්ප්රෙ ක්ෂායෙන් සංකිර්ණ වඋ අතිශයොක්ත්යිලංකාරයයි.


1. නොකිමින්දෝ - 3; නොසිමින්දෝ - 5, (නොසිමින්දෝ, ස්මරණය නොකළහු. ‘සිමිඳි’ යනු ධාතුයි. ස්මරණයෙහි වැටේ.) ගුත්තිල කාව්යි වර්ණමනා 211

322 . මහ බෝසතුන් වෙ ණ නදින් සතුටුව අපම ණ සපාරූ ඇමති ග ණ ගණන් නොදනෙන දනින් රජඟ ණ මහ බෝසතුන්, මහා බෝධිස්තත්වයන්ගේ; වෙණ නදින්, විණා නාදයෙන්; අපමණ, අප්රඟමාණ සේ; සතුටුව සන්තුෂ්ට ව ඇමති ගණ අමාත්ය සමූහය තෙම; ගණන නොදැනෙන, සංඛ්යාා වශයෙන් අඥෙය වූ; දනින්, ධනයෙන්; රජඟණ, රාජාංගණය ; සපිරු, සම්පූර්න කළාහුයි. (79. සං. 2)

සං. 1. හෙතුයෙන් සංකිර්න වූ අතිහයොක්තියි (329. සං.1 ii) 323. සුතුටුව වෙණ නදි න දැමුවෙන් පලන් පලඳ න1 කඳුළෙන් නුවනඳ න ගියෙන් වන සිරි’සිලු පුරඟ න වෙණ න දින, වීණා නාදයෙන්; සතු‍ටුව, සන්තුෂ්ට ව; පලන්, ප්රචදාධිත වූ; පලඳන, ප්රුසාධනයන්; දැමුවෙන්, පරිත්යඅක්ත කළ හෙයින් ද; කඳුළෙන්, වාෂ්ප ජලයෙන්; නුවනඳන, නයනාඤ්ජනය; ගියෙන්, අපගත වු හෙයින් ද; පුරඟන, නගරාංගනාවේ තුමු; වන සිරි, වරහිණින්ගේ ස්වභාවය; ඉසිලු, උද්වහනය කළාහුයි.

සං. 1.හෙතුයෙන් හා උපමායෙන් සංකීර්ණ වූ අතිශයොක්ත්යතලංකාරයයි. (156. සං.1) 324. පහළ’ඹර මුරු බෙ ර පිළරැව් ලෙසින් මනහ ර වයති පුර දොර දො ර දහස් සුවහස් ගණන් ජය බෙ ර අඹර, ආකාශයෙහි; පහළ , ප්රා දුර්භූත වූ; මුරු බෙර, දිව්යන හෙරින්ගේ (කිසි තැනෙක ‍’වෙණ’ යන්නෙන් වීනා නාදය සේ ම මෙහි ‘බෙර’ යන්නෙන් හෙරි නාදය ම ප්ර්තිතයැ); මනහර, මනආප වූ; පිළිරැව් ලෙසින්, ප්රහතිරාව සෙයින්; පුර, නගරයෙහි; දොර දොර, ද්වාරයක් ද්වාරයක් පාසා; දහස් සුවහස් ගණන්, සහස්රි ශතසහස්රප සංඛයාත වූ; ජය බෙර, ජය හෙරින්; වයති, (ජනයෝ) වාදනය කෙරෙත්.

සං. 1. පහළ’ඹර මුරුබෙර


1. අබරණ - 9


212 ගුත්තිල කාව්යහ වර්ණ නා

‘අඹර’ ආකාශයෙහි; පහළ, පහරන ලද; මුරු බෙර, දිව්යන හෙරින්ගේ යයි ද සමහරු අර්ථ කියත් සං. 2. උත්ප්රෙික්ෂායෙන් සංකිර්ණ වූ උදාත්තාලංකාරයයි. (36.සං.2)‍ ‍ෙමහි උත් ‍ෙප්ර.ක්ෂා නම් වස්ත්වාෙත්මක වශයෙන් සම්බාවනයෙනි. (321. සං.1) දැන් වාරාණසි නගරයෙහි නාගරිකයන් විසින් විජයොත්සව ප්රබවර්තනය කර වූ පරිද් දක්වන්නාහු ‘එපුර’ යනාදි චතුර්දශ පද්යපයක් කියත්

325. එපුර සත සිත ‍තොස හෙ ළා විජය පුදකෙළි කෙළ කෙ ළා පිළි හිසවට වෙළ වෙ ළා රැපැයි ඔහු යස සිඳු ‍ස ළා එපුර, ඒ නගරයෙහි; සත, ජනතා තොමෝ; සිත, සිත්හි; තොස හෙළා, තුෂ්ටිය විහිත කොට; විජය පුද, විජය පූජා සම්බන්ධි වූ; කෙළි,ක්රි,ඩාවන්; කෙළ කෙළා, ක්රිතඩානය කොට කොට; පිළි, විස්ත්රතයන්; හිසවට, ශිර්ෂය හාත්පසැ; වෙළ වෙළා, පරිභ්රකමණය ‍කොට කොට; ඔහු , ඒ බෝධිසත්ත්වයන්ගේ; යස සිඳු, යශස්සින්ධුයෙහි; සළා, ජලාවර්තයන්; රැපැයි. නිරූපණය කරවි.

සං. 1. රැපැයි ඔහු යස සිඳු සළා ‘හැර පැයි’ කියා සිටි තනිහි හැර යන්නෙයි ව්ය ඤ්ජන වු හකාරයා (‘හ්’ - යන්න) අනුච්චාරණයට පැමිණිමේන් ‘ඇර පැයි’ කියා සිද්ධ වේ. ‘ඇර’ යන්නෙයහි ‘ඇ’ කාරය ද එසේ ම අනුච්චාරණයට පැමිණිමෙන් ‘රපැයි’ කියා වේ. මෙහි දවිතිය මාත්රායවෙහි ස්වරය ‘ඇ’ කාරය බැවින් ප්රයථම මාත්රාේ ස්වරය ද ඒ හා සුඛොච්චාරණය පිණිස ‍පිළිපෙරැළි විමෙන් ‘රැපැයි’ කියා සිද්ධ වේ. ‘හැර, හරණය කොට; පැයි, ප්රැකට කළේයි’ - ගෙනහැර දැක්වූයේයි යනු භාවයි. සං. 2. හෙතුයෙන් සංකීර්ණ වූ උපමාලංකාරයයි. 326. එතර නුබ මුරු බෙර හ ඞි න් දෙරණ දෙන ජය බෙර හ ඞි න් දනන් තුඩ ඔල්වර හ ඞි න් දිගත් පිරි පිළිරැව් හ ඞි න් එතර, ඒ ක්ෂ ණයෙහි; නුබ, ආකාශය තෙම; මුරු බෙර හඞන්, දිව්යි හෙරි නාදයෙන් ද; දෙරණ, ධරණි තොමෝ; දෙන, (ජනයන්) දානය කරන්නා වු (489.සං.2); ජය බෙරහඞින්, ජය හෙරි නාදයෙන් ද; දනන් තුඩ, ජනයන්ගේ.


1. පිළි හිසවට වටකළා- 2 පිළි හිසවට හෙළ හෙළා - 3 ගුත්තිල කාව්යළ වර්ණඞනා 213

මුඛය තෙම (10. සං.1); ඔල්වර හඞින්, උක්කුටඨි නාදයෙන් ද; දිගත්; දිශාන්තය තෙම; පිළිරැව් හඞින්, ප්රබතිරාව සංඛ්යානත නාදයෙන් ද; පිරි, පූර්ණ වි. . සං. 1. දිගත් පිරි පිළිරැව් හඞින් මෙහි ‘දිගත්’ යනු එක් දිශාන්තයක් පිණිස නො ව ජාත්යසපෙක්ෂාවෙන් සියලු දිශාන්තයන් පිණිස ම යොදන ලදි, එක් දිශාන්තයෙක් වි නම් ඒ කවරෙක් ද යනු අවිනිශ්චිත හෙයිනි. ‘දිගත්, දිශාන්තයෝ තුමු; පිළිරැව් හඞින්, ප්රවතිරාව සංඛ්යාුත නාදයෙන්; පිරි, පුර්ණ වූහ’ යි ද අර්ථ කිය හැකි වේ.(96. සං. 1) සං. 2. සමුච්චයාලංකාරයයි (151. සං. 2) 327. නොයෙක් වෙස් ගෙන රුති රු තී ගි යෙ ක් කර කියමින් තු තී අ යෙ ක් සිත තොස නොනැව තී සි යෙ ක් රඟ රඟ පෑයේ තී රුති රුති, රුචි වූ රුචි වූ; නොයෙක් වෙස්, නානා වෙශයන්; ගෙන, ග්ර හණය කොට; තුති, ස්තුතිය; ගෙයෙක් කර, ගිතයෙක් කොට (100. 4. වෙනි පලය); කියමින්, කථනය කෙරෙමින්; අයෙක්, කිසි ජනකෙනෙක් තුමු; සිත, (ස්ව) චිතිතයෙහි; තොස, සන්තොෂය; නොනැවති, නිවෘත්ත නොව1 ;‍සියෙක් රඟ, ශතාකාර වූ; රඟ, නෘත්යෂයන්; පෑ, ප්ර කාශ කෙරෙමින්; යෙති, ගමනය කෙරෙත්.

සං. 1. අයෙක් සිත තොස නොනැවති මෙහි ‘නොනැවති’ යනු හිනනකර්තෘක පූර්වක්රි;යායි. සිත තොස (සිතෙහි සන්තොෂය) යනු ඊට කර්තෘයි. අපර ක්රි;යාව නම් පෑ යෙති (ප්රශකාශ කෙරෙමින් යති) යනුයි.අයෙක් යනු මීට කර්තෘයි. මෙසේ පූර්වක්රිතයාවන් හින්න කර්තෘක ව යෙදෙන්නේ බො‍හෝ සෙයින් ම හෙත්වර්ථප්ර කාශයක් ඇති කලිහිය. උදාහරණ, රඝුවංශයෙහි - දිලිපානන්තරං රාජ්යෙන - තං නිශම්යක ප්රයතිෂ්ඨිතම් පූර්වං ප්රරධූමිතො රාඥං - හෘදයෙ ‘ගනිරිවොත්ථිාතඃ දිලිප රජුහට අනතුරු ව රාජ්යඥයෙහි පිහිටි ඔහු (ඒ රඝු රජහු) දැක අන්යෙ රජුන්ගේ හෘදයෙහි පෙර දුමමින් තුබු වහ්නිය සමුත්ථිිත වූවාක් මෙන් වි, හිතොපදෙශයෙහි - සංචිත්යශ සංචිත්යව තමුග්ර‍දණ්ඩං - මාත්යුංඃ මනුෂ්ය්ය්යය විචක්ඵණස්ය වර්ෂාම්බ්රහසික්තා ඉව වර්මබන්ධාඃ - සර්වෙ ප්රථයත්නාඃ ශිථිලභවන්ති


1.	‘සිත, ච්ත්තයෙහි; ‍‍ ෙනානැවති, නිවෘත්ත නුවු; තොස, සන්තොෂ අති; අයෙක්, කිසි ජනතාවක් ‍තොමෝ’ යයි ද අර්ථ කියත්. (79.සං.2)

214 ගුත්තිල කාව්යත වර්ණිනා

විචක්ෂණ වූ මනුෂ්යායාහට ඒ උග්ර‍දණ්ඩ වූ මරණය නිතර නිතර සිහි කොට (හෙවත් නිතර නිතර සිහි කිරිමෙන්) ඔහුගේ සියලු ප්රූයත්නයෝ තුමූ වර්ෂා ජලය ඉසුනා වූ චර්මබන්ධයන් මෙන් ලිහිල් භාවයට පැමිණෙත්. හංස සන්දෙශයෙහි - රු ව න් පහ නවුළුවෙන් පෙනෙන පුර ඟ න උ ව න් සඳ ද සඳමඞල ද දිසි ගුව න නු ව න් පුරා දිකිමින් දෙකම එක තැ න ලෙවන් සිත සතුටුවෙයි උවමට කිය න සං. 2. හෙත්වලංකාරයයි. 328. ත ව ර කර ගත දැලි ගු රූ වි ක ර වෙස්ගෙන විසිතු රූ එ පු ර දොර දොර නිරතු රූ පැ ති ර රඟ දෙති සමහ රූ ගත, ශරීරයෙහි; දැලි, කජ්ජලය; ගුරූ, ගෛරිකය (යන මේ ද්රකව්යසන්); තවර කර, වර්චිත කොට; විසිතුරු, විචිත්රූ වූ; විකර වෙස්, විකාර වෙශයන්; ගෙන, ග්රරහණය කොට; එපුර, ඒ නගයෙහි; දොර දොර, ද්වරයක් පාසා; නිරතුරූ, අන්තර රහිත ව; පැතිර, ව්යාඒප්ත ව සිට; සමහරූ, ඇතැම් ජනයෝ තුමු; රඟ දෙති, නෘත්ය දානය කෙරෙත්.

සං. 1. ස්වභාවොකිතියි. 329. එපුර ජය උත්සව සැ දූ විලස පසනු කාම උ දූ ‍නොහඳුනන පෙර රිවි ස දූ බැහැර කෙළ‍ කෙළ යෙති ල දූ එපුර, ඒ නගරයෙහි; ජය උත්සව, විජයොත්සවය; සැදු, ප්රතවෘතිත වූ; විලස, ආකාරය; උදූ, ඍජු ව (තත්වූ සේ); පවසනු කිම, කියනු ම කවරේද? පෙර, පූර්වයෙහිඤ රිවිසඳු, සූය්ය් උ චන්ද්ර; දෙදෙනා නොහඳුනන, සඤ්ඥනය ‍නො කරන්නා වූ; ලඳු, කානතාවෝ; බැහැර, බහිඃ ප්ර දෙශයන්හි; කෙළ කෙළ, ක්රියඩනය කොට කොට; යෙති, ගමනය කෙරෙත්,

සං. 1. නොහඳුනන පෙර රිවි සඳු මෙයින් එම කාන්තාවන් මන්දිරාහ්යරන්තරයෙහි ම සංවර්ධනයට පැමිණියා වූ කිසිකලෙක්හි මන්දිරයෙන් බහිර්ගමනය නො කළා වූ මෘදු කොමළ වරාංගනාවන් බව සන්දර්ශිත කළෝ. මෙහි නො හඳුනන යනු අතිතාර්ථයෙහි ගතයුතු වු තත්කාලින වර්තමානයි. 40. සං. 2. ද සමකර බලන්න.

1. රදු - 1 ගුත්තිල කාව්යන වර්ණිනා 215 සං. 2. (i) මේ පද්යයයෙහි දිවිතිය භාගය අතිශයොක්තියි. මුළුල්ල එයින් සංකිර්ණ වූ අර්ථාපතත්ය ලංකාරයයි. (ii) අතිහයොක්තියට මෙහි යෙදෙන්නා වූ ලක්ෂණ මෙසේයි :- විචක්ෂා යා විශෙෂස්යට - ‍‍ලොකසීමාතිවර්තිනි අසාවතිශයොක්තිඃ ස්යාට - ද’ලංකාරොත්තමා යථා (විශෙෂය හෙවත් ප්ර‍ස්තුත වස්තුවගේ උක්කර්ෂය සම්බන්ධි වූ ලොක සිමාව ඉක්ම පවත්නා වූ යම් කියටියක් ඇත් ද හෝ තෙමෝ අලංකාරයන්ට උතම් වූ අතිශයොක්තියි.) නිදසුන් මෙසේයි. 1. සෞධාග්රාසණි පුරස්යා ස්යත - ස්පෘශන්ති විධුමණ්ඩලම් (ඒ නගරයාගේ ප්රායසාදග්රසයෝ තුමූ චන්ද්ර මණ්ඩලය ස්පර්ශ කෙරෙත්.) 2. රාජන් සප්තාප්ය ’ කූපාරා - ස්ත්වත්ප1තාපා’ග්නිශොෂිතාඃ පුනස් ත්වද්‍ෙවෙරිවනිතා - බාෂ්පපූරෙ‍ණ පූර්තාඃ ( පින්වත් රාජය! සප්ත මහා සාගරයෝ ම තොපගේ තෙජොග්නියෙන් වියලුනාහ. නැවත තොප ශත්රැ්විනතාවන්ගේ නෙත්රල ජලප්රයවාහයෙන් පිරි ගියාහ. ) 184. සං. 1. ද බලන්න. (iii) අර්තාපත්තියෙහි ලක්ෂණ මෙසේ කිහු: දණ්ඩාපූපිකයා’න්යාහර්ථා - ‘ගමො’ ර්ථාපත්තිරි’ෂ්යිතෙ දණ්ඩාපූපිකා න්යා’යයෙන ‍අන්යා ර්ථ‍යක්හුගේ ආගමය හෙවත් සංසිද්ධි තොමෝ අර්තාපත්ති යයි කැමති වනු ලැබේ. ) දණ්ඩාපූපිකාන්යා්ය නම් මූෂිකයුකු විසින් දණ්ඩක් භක්ෂණය කරණ ලද්දේ නම් එහි අවුනා කුබු පූපය ගැන කියනු ම කවරේ ද? - යනුයි. උදාහරණ මෙසේයි : ස ජිතඃ ත්වේන්මුඛෙනෙන්දුඃ - කා වාර්තා සරසිරුහාම් (ඒ චන්ද්ර‍ තෙමේ තොප‍ගේ මුඛයෙන් දිනන ලදි, පද්මයන් ගැන කථා තොමෝ කවරි ද?) චන්ද්රෙයා ‍උදා වූ කල්හි පද්මයන් මුකිලිතවන හෙයින් ඔවුහු තුමූ ප්රතකෘතියෙන් චන්ද්රචයාගේන් දිනනු ලබන සුලුය. තොපගේ චක්ත්ර යෙන් චන්ද්රහයා දිනනු ලබන කල්හි එබඳු පද්මයන් ගැන කියනු ම කව‍රේ ද? 191. සං. 1. ද බලන්න.

330. නොමින් සත සිත තොස සැප ත් ක නි න් කන අම පිරිසෙ ව ත් තැ නි න් තැන බෝසත් පුව ත් උ නු න් හට මෙලෙසින් කිය ත් නොමින්, අප්රිමාණයෙන්; සත සිත, සත්තවයන්ගේ චිත්තයෙහි (10. සං. 1); සැපත්, සම්ප්රාරප්ති වූ; තොස, සන්තොෂය; කනින් කන, කර්ණයෙන් කර්ණයෙහි; අම පිරිසෙ, අමෘත ප්රතවාහයක් සේ; වත්, ප්රබවර්තමාන කල්හි (ජනයන් ගේ ප්රීිතිය අන්යොපන්ය යන් වෙත ප්ර‍කාශ කරනු ලබන කල්හි); තැනිත් තැන, ස්ථානයෙන් සථායෙහි; මෙලෙසින්, මේ චක්ෂ්යවමාණ ප්රනකාරයෙන්; බෝසත් පුවත්, බෞධිසත්ත්වයන්ගේ ප්ර්වෘත්තිය; උනුන්හට, අන්යො න්ය යන් හට; කියත්, (එම ජනයෝ) කථනය කෙරෙත්. 216 ගුත්තිල කාව්යත වර්ණ්නා

සං. 1. ප්රතථමබාගගත උපමායෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි. 331. රුදුරු ගුණ දසගිව්1 ස ඳා පිසිඳු වූ ලෙස රම් ර ඳා විරිදු මූසිලය ස ඳා පසිදුවිය අප පඬි ස ඳා රුදුරු ගුණ, රෞද්රග ගුණයෙන් යුක්ත වූ; දස ගිවිසඳා, දශ ග්රිුවයා හෙතු කොට ගෙන; රම් රඳා, රාම රාජයා; පසිඳුවු ලෙස, ප්රසසිද්ධ වූ සේ; විරිඳු, විරුද්ධ වු; මූසිලයා සඳා, මූෂිලයා හෙතුකොට ගෙන; අප පඬි සඳා, අපගේ පණ්ඩිත චන්ද්ර තෙමේ; පසිඳු විය, ප්ර සිද්ධ වි.

සං. 1. රුදුරු ගුණ දසගිව් ස ඳා පසිඳු වූ ලෙස රම්ර දා දශ ග්රිූවයා නම් පෙර එක් කලෙක දක්ෂිදණ ජම්බුදුවීපයට ද අධිපති ව ලංකායෙහි රාජ්යරය කළා වු රාවණ නම් බලසම්පන්න වූ රජදරුවෙකි. ඔහට ශිර්ෂයෝ දශයෙකි; ග්රියවයෝ ද දශයෙකි. ඒ නිමිත්ත කොට ගෙන ඕහට ‘දසිස්’ ‘දසගිව්’ යනාදි නම් වූහ. රාවණ තෙමේ මහා බ්රයහ්මයාගෙන් සම්භුත වූ පුලස්ත්ය නම් ඍසිහු ‍ෙග් පුත්රස වූ විශ්ර වස් නම් බ්රාණහ්මණ කුමාරයාගේ පුත්ර යෙකි. ඔහුගේ මව් තොමෝ සුමාලි නම් රාක්ෂය රජු‍ෙගේ දුහිතෘ වූ නෛකෂා නම් රාක්ෂය කුමාරියි. වෛශ්ර වණයා ද විශ්රිවස්ගේ පුත්ර්යකු බැවින් හේතෙමේ රාවනා හට භ්රාුතෘ විය. සැලලිහිණි සන්දේශයෙහි සඳහන් වූ විභිෂණ දෙවියා ද ඔහුගේ තවත් භ්රාරතෘ කෙනෙකි. රාවණ තම රාජධානිය ලංකායෙහි පිහිටුවා ගෙන ස්වකිය අග්රි රාජ්යවය කරන සමයෙහි ජම්බුද්විප රාජ්ය යන් අතුරෙන් සුප්රකකට අයොධය නම් දෙශයට අධිපති වු සෞය්ය්ි ජවංහික දශරථ රජුහට පුත්රක රාම නොහොත් රාමචන්ද්රධ නම් කුමර තෙ‍ෙම් තමහට සතුරුවු කුඩා මවකු විසින් පිය රජුගෙන් ගන්නා ලද වරයකින් රාජයයෙන් නෙරපන ලද්දේ ස්වකිය භාය්යාිව වු සිතා නම් විශිෂ්ට රූප ශ්රිය සම්පන්න සුකුමාර කුමාරිය ද සමග දුරු කතර ගෙවා ගොස් යමුනා ගෝදාවරි යනු ගංගාවන් අතුරෙහි පිහිටි දණ්ඩක නම් වනයට පැමිණ එ වනයෙහි පිහිටියා වු චිත්රංකූට නම් පර්වතයෙහි වාසස්ථානයක් පිහිටුවා ගෙන එහි වාසය කළේය. එසේ ඔවුන් වාසය කරන සමයෙහි රාවණ තෙම සීතා කුමරියගේ රූප සෞන්දය්ය් ිටය දැක ඈ කෙරෙහි පිළිබඳ වූ සිත් ඇත්තේ කුමරිය ලංකාවට පැහැර ගෙන ගියේය. රාම කුමාරයා ද තමහට පක්ෂ වූ මහත් සෙනාවක් පිරිවරා‍ගෙන ලංකාවට එතර වන සේ අන්තරස්ථවු සාගරය මැදින් මියරක් බන්දවා ඊපිටින් ලංකාවට පැමිණ අප්රවමාණ බල සම්පන්න වූ සෙනාවන් ඇති රාවණා සමග දොළොස් හවුරුද්දක් යුද්ධ කොට රාජද්රොනහි වූ විභිෂණයාගේ උපාක‍ාර ද ඇති ව රාවණා මරා තම භාය්යාි ව නැවත ලැබෙගෙන දිව්යවයන් හා මනුෂ්යළයන් අතරෙහි අතිවිශ්රැ ත වූයේ පිය රජුගේ ඇවෑමෙන් තමහට භාර ව තුබු රාජ්යියට නැවත පැමිණ එහි අභිෂෙකය ලබා රාම නම් රජ විය. සිදත් සඟරායෙහි “රව්ලා මැරි රම් රද” යයි කියු තන්හි ද, හංස සන්දෙශයෙහි - 1. දසමුව ගුත්තිල කාව්යබ වර්ණ නා 217

දි ය ර ම් බලවිකුම් පෙන්වු මුව‍දෙර ණ ම නර ම් මෙ නරනිඳුගේ දියහිය කර ණ මි හි ගුම් ඛුජ’ග දිලියම දිවසෙ කුරුප ණ ක ගනම් රුදු විරිදු රද මුදුන හෙන සෙ ණ යන මේ කවෙහි ‘රම්’ කියු තන්හි ද සන්දර්හිත වූයේ මේ රාමරාජයාය. රාමරාවණ කථාව විස්තර වශයෙන් රාමායණය නම් මහා ග්‍රන්ථයෙහි පෙනේ. සං. 2. වාක්යා ර්ථොපමාලඞ්කාරයයි. හෙතුයෙන් ද සඞ්කීර්ණයි. 332. අරිටු ලිය නුගුණය නි සා අසිරි මිණ1 ල්ක මෙන් කු සා මොදුටු මූසිලයා නි සා නුදුටු දෙය2 දුටිමුව3 ඇ සා4 අරිටු ලිය, අරිෂ්ට ලතාවක්හුලේ (ප්රිභාවතියගේ) ‍; නුගුණය නිසා, දුරුගුණය හෙතු කොට ගෙන; කුසා, කුශ ‍නරෙන්ද්රරයා; අසිරි මිණ, ආශ්චය්ය්ාර මත් (අෂ්ටවංක) මණිරත්නය; ලත් මෙන්, ප්ර තිලබ්ධ ‍කළාත් මෙන්; මෙදුටු මුසිලයා නිසා, මේ දුෂ්ට වූ මූෂිලයා හෙතු කොට ගෙන; නුදුටු දෙය, අදෘෂ්ටපුර්ව වූ විෂයයක්; ඇසා, නෙත්ර යෙන් (මන ඉන්ද්රිපයයෙන් නො ව වක්ප්රගරින්ද්රිූයයෙන් ම යයි යූසේයි; 112. සං.2); දුටුමුව, දර්ශනය කෙළෙමු. සං. 1. අරිටු ලිය නුගුනය නි සා අසිරිමිණ ලත් මෙන් කු සා මෙහි සඳහන් වන්නේ කුසජාතකයෙහි දක්වන ලද කථාවයි. ‘අරිටු’ යනු දුර්භාග්යෂ සෞභාග්යහ දෙකෙහි ම වැටේ. මෙහි රිසි සේ ගතහැකි. සා. 2. වාක්යා ර්ථොපමාලංකාරයයි. හෙතුයෙන් ද සඞ්කිර්ණයි.

333. දුටිමු5 සුරඟන මිහිතෙ ලේ6 නොතත් වෙණ නද මනක ලේ ඇසිමු7 අපි ඉන් එක ක ලේ ලදිමු8 ඇස් කන් ලත් ප ලේ සුරඟන, දිව්යාං කනාවන්; මිහිතලේ, මහිතලයෙහි ; දුටිමු, දර්ශනය කෙළෙමු; නොතත් වෙණ, අතන්ත්රියක වීනායෙහි; මනකලේ. මනස්කාන්ත වූ; නද,

1. මිණි - බොහෝ 2. දේ - කිසි 3. දුටවමු - 1; දුටුවෙමු - 3; දුටුමුව - 2; දුටුමෝ - 2 4. දුටුවේ තොසා - 1 5. දුටුමු - 5 6. මිතෙලේ - කිසි 7. ඇසුමු - 4 8. ලදමු - 3 218 ගුත්තිල කාව්යත වර්ණවනා

නාදය; ඇසිමු, ශ්රනවණය ‍කළෙමු; ඉන්, එසේ හෙයින්; අපි, අස්මත්හු තුමු; එක කලේ. එක ‍කාලයෙහි )එකවිට ම); ඇස් කන්, අක්ෂි කර්න උභයෙන්ද්රිෝයයන්ගේ ම ; ලත් පලේ, ප්ර තිලාභ ඵලය; ලදිමු, වින්දවනය කළෙමු.

සං. 1. ප්ර්බරෂණාලඞ්කාරයයි. කියන ලදි:- වාඤ්ජිතාද’ ධිකාර්ථස්යල - සංසිඞිශ්ව ප්රලහර්ෂණම් (ආශංසාවෙනුත් අධික ව අර්ථයාගේ සංසිද්ධිය ද ප්රලහර්වෂණයයි.) මෙහි වනාහි යථා සංඛ්යඅයෙන් ද සංකිර්ණයි. ප්රිභර්ෂණයට මෙහි යෙදෙන්නො වූ නිදසුන් මෙසේයි: චාතකස්ත්රි චතුරාන් පයඃකනාන් - යාචතෙ ජලධරං පිපාසසා සො’පි පූරයති විශ්වමම්භසා - බන්ත හන්ත මහතාමුදාරතා (වාතක පක්ෂි තෙමේ පිපාසා හෙතුයෙන් ජලලව තුනක් සත‍රක් පිණිස මෙඝය යදි, මෙඝය තෙම සියලු ලොව ජලයෙන් පූර්තිමත් කෙරේ. අහෝ බලව! මහතුන්මගේ උදාරතා තොමෝ ආශ්චය්ය්ලයෙ මැයි!)

334. දනෝ සවනත හුණු ම ති න් තමුන්1 තම නොදනිති ම ති න් එවන් වෙණ නද සුන් ත ති න් කිකල් අසමුද අපි ඉ ති න් සවනත, ශ්රනවණාන්තයෙහි; හුණු මතින්, (යම්බඳු වීණා නාදයක්) පතිත මාත්ර යෙන්; මතින්, මත්තභාවය කරණ කොට ගෙන; දනෝ, ජනයෝ තුමු; තමුන් තම බව, ආත්මයාගේ ආත්ම භාවය; නොදනිති, ඥනය නො කෙරෙද්ද; එවන්, එබඳු වු; සුන් තතින්, ජින්න තන්ත්රිහයෙන් (නිෂ්ක්රාඑන්ත වූ); වෙණ නද, වීණා නාදය; අපි, අස්මතුහු; ඉතින්, මින් මතුයෙහි; කිකල්, කවර නම් කාලයෙක්හි ; අසමු ද, ශ්රමවණය ක‍රමෝද? නො කිසි කලෙකිහි මැයි. සං. 1. අතිශයොක්තියෙන් සංකීර්න වූ ආක්ෂෙපාලංකාරයයි (329 - සං.2)(ii) 204. සං. 1.) 335. පොරණ පැන ගජකුඹු ත ලා ම ර ණ පත් මෙන් කැණහි ලා උ ර ණ වෙමින’ප ඇදුරු ලා ම ර ණ පත්විය මූසි ලා පොරණ, පුරානයෙහි; කැණහිලා, ශෘගාලයා; ගුජකුඹු තලා, හස්තිගුමබ තලයට; පැන, ලංඝනය කොට; මරණ පත් මෙන්, විනාශ ප්රාාප්ත වූ සේ; අප ඇදුරු ලා, අප ආචාය්ය්යෙ යන් විෂයයෙහි, උරණ වෙමින්, විරොධි වෙමින්; මූසිලා, මූෂිල තෙමේ; මරණ පත් විය, විඝාත ප්රානප්ත වි.

1. තමන් -1 ගුත්තිල කාව්යේ වර්ණයනා 219 සං. 1. පොරණ පැන ගජ කුඹු ත ලා ම ර ණ පත් මෙන් කැණහි ලා එක් සමයෙක්හි මහ බෝසතාණන් වහන්සේ සිංහයොනියෙහි ඉපද සිංහ රැළකට අධිපති ව වාසය කෙරෙති. දෙවදත්තයා ද කැණහිල් යොනියෙහි ඉපද එම සිංහ රැළට සෙවක ව වසනුයේ සිංහයන් විසින් ඝාතනය කරන ලද හස්තින්ගේ මස් බුදිමින් පුෂ්ටිමත් දෙහ ඇති ව වාසය කෙරෙයි. ‍එ‍ෙස් වසන කැණහිලුහට ‍ෙමබඳු දර්ප චිත්තයෙක් උපන. ‘මම ද තෙල සිංහයන් හා වාසය කරමි; ‍ෙමාවුන් සේ හස්තිබොජක ද වෙමි; මොවුන්හට හස්ති ඝාතනය හැකි කල කිමෙක් ද මට නොහැකි වේ දැයි” හස්ති ඝාතනය පිණස නික්මිණ , එවිට ඔහුගේ මන්ද අදහස් දුටුවා වූ බෝධිසත්ත්වයන් වහන්සේ ‘එම්බල බුද්ධිහීනය! තෝ සිවල ; සිංහ සෙවි වුව ද හස්ති ඝාතනයට තෝ නො සමත, නහමත් යා යි ඕහට අවවාද කළහ. උද්ධත වූ මනස් ඇති කැණහිල් තෙමේ ඒ සංලක්ෂණය ‍නො කොට හස්ති යුථයක් කරා ගමනය කොට ඇඟ කිළිපොළා සිවල් නද පවත්වා හස්ති රාජයක්හුගේ කුම්භතලයට පැන නැංගේය. එයින් කොපිත වූ හස්ත රාජ තෙම ඒ නිවට කැණහිලු සොඬින් ගෙන බිම හෙලා එකෙණෙහි පඤ්චත්වයට පැමිණවි, සං. 2. උරණ වෙමින’ප ඇදුරුලා මෙහි ‘ලා’ යනු පදපූරණ නිපාතයයි. මෙතන්හි ‘හට’ ‘කෙරෙහි’ යන විභක්තින්ගේ ද ‘වෙත’ යන නිපාතයාගේ ද අර්ථය ගෙන හැර දේ. සං. 3. හෙතුයෙන් සංකිර්ණ වූ වාක්යාැර්ථොපමාලංකාරයයි. දැන් වීණාවාදයෙන් පසු ගුත්තිලාචාය්ය්ණ යන් පූජා ප්රායතාභාය්ය් ඒ යෙන් යුක්ත ව ස්වකිය ගෘහයට ගමනය කළ බැව් දක්වන්නාහු ‍’මෙසේ’ යනාදි පද්ය ද්වයක් කියත්. 336. මෙසේ ජය කොලහ ල පැතිරෙත පුර1 දෙරණ ත ල ලත් පුදසිරි විපු ල ‍ මේ අප බෝසත් ඇදුරු ගුත්ති ල මෙසේ, උක්ත ප්රතකාරයෙන්; ජය කොලහට, විජයෝත්සව කොලාහලය; පුර දෙරණ තල, නගර ධරණි තලයෙහි; පැතිරෙත, ව්යාවපත වත් ම; විපුල, මහත් වූ; පුදසිරි, පූජාශ්රි ය; ලත්, ප්රාතිලාභ කළා වූ; මෙ අප බෝසත්, මේ අපගේ බෝධිසත්ත්ව වූ; ගුත්තිල ඇදුරු, ගුත්තිලාචාය්ය්ාද තෙමේ - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි. 337. ලත් දන දී දන ට බැඳ ජය කෙහෙලි දිඟු ය ට කර සත සිත සතු ට ගියේ පුද පෙළහරින්2 තමගෙ ට

1. මුළු - 1 2. පුද පෙරහරින් - 10 220 ගුත්තිල කාව්ය වර්ණුනා

ලත්, (ඒ) ප්රරතිලබ්ධ වූ; දන, ධනය; දනට දී, දාන විෂයයෙහි පරිත්යා ග කොට; දිඟු යට, දිශා යෂ්ටින්හි; ජය කෙහෙළි, ජය ධ්වජයන්; බැඳ, බන්ධනය කොට; සත සිත, සත්ත්වයන්ගේ් ච්ත්තයෙහි (10. සං.1); සතුට, සන්තුෂ්ටිය; කර, සලස්වා; පුද පෙළහරින්, පූජා ප්රා0තිහාය්ය්ජය යෙන් යුක්ත ව; තම ගෙට, ස්වකිය ගෘහයට; ගියේ, ගමනය කෙළේයි.

සං. 1. ද්ව්තිය පාදස්ථ පය්‍්ේයිතයොක්තයෙන් සංසෘෂ්ට වූ ස්වභාවොක්තියි. ප්රයථමපාදයෙහි ව්යයපෙත යමකයෙන් ද සංකිර්ණයි. විණාවාදයෙන් පසු විජයොතිසවයන් ප්රයවර්ථමාන කල්හි සම්ප්රායප්ත වූ සන්ධ්යාභවගේ ශ්රිව සෞභාග්යි වර්ණසම්භාරය අලංකාර මුඛයෙන දක්වන්නා හු ‘ජයකෙළි’ යනාදි පද්යවයන් කියත්.

338. ජය කෙළි කෙලින ස ත තැවෙතෙයි1 සිතාදෝ ග ත සැඩ කිරණ දස ස ත රැගෙන දිනිඳු ද අවර ගිරි ප ත ජය කෙළි, විජය ක්රි ඩාවන්; කෙළින, ක්රිජඩනය කරන්නා වූ; සත, සත්ත්වයනගේ; ගත, ශරිරය (10. සං.1) ; තැවෙතෙයි සිතා දෝ, තප්ත වෙත් යයි (93. සං. 1) චින්තනය කොට දොහෝ; දස සත, සහස්රැ සංඛ්යාපත වූ; සැඩ කිරණ, චණ්ඩ මරිචීන්; රැගෙන අවතරණය කොට ගෙන; දිනිඳු ද, දිනෙන්ද්රහයා ද; අවරගිරි, අපර පර්වතයට; පත, ප්රා;ප්ත වී. සූය්ය්ද් තෙමේ බට වී යනු අර්ථයි.

සං. 1. උත්ප්රෙවක්ෂාලංකාරයයි 339. මූසිලයා සත න පිරුණු සෝදුක් විලසි න දිඟු බිත වසිගෙ න වදිත ගනඳුරු කඳ පැතිර ගෙ න මූසිලයා සතන, මූෂිලයාගේ ච්ත්සන්තානයෙහි; පිරුණු, පූරණය කොට සිටියා වූ; සෝදුක් විලසින, ‍‍ෙශාකදුඃඛ සාදෘශ්යොයෙන්; ගනඳුරු කඳ, ඝනාන්ධකාර ස්කන්ධය; පැතිර ගෙන, ව්යනප්ති ග්රිහණය කොට; දිඟු බිත, දිශා නැමති හිතිතන්; වසාගෙන, ප්රිතිච්ඡාදනය කොට ගෙන; වදිත, ප්රණවිෂ්ට වත් ම - මතු සම්බන්ධයි.

සං. 1. උපමාලංකාරයයි.


1. තැවෙති - 3 ගුත්තිල කාව්යි වර්ණකනා 221

340. ලෙස ඇදුරු වෙණ න ද මියුරු නැත මී තොප බ ඳ1 ඉන් තඹර මුවර ද නොදෙමි මැයි බිඟුන’ළෙව්2 විල්ල ඳ

විල් ලඳ, සරසී නැමති කාන්තිව විසින්; බිඟුන්, මධුකරයන් - දෝහෝ නොහොත් කාමුකයන්; අළෙව් (අළ එව්), හරන ලද්දක් මෙන් වි, එහි ම විස්තර කිහු - සරසි මධුකර පක්ෂයෙහි; ඇදුරු වෙණ නද ලෙස, ආචාය්ය්ද යාගේ වීණා නාදය සේ ; තොප, යුෂ්මතුන් විසින්; බඳ, බද්ධ වූ (හෙවත් සම්පාදිත වූ); මි, මධු තෙම; මියුරු නැත. මධුර නො වන්නේය; ඉන්, එසේ හෙයින්; තඹර, තාමරසයෙහි; මුවරද, මකරන්දය; නොදෙම් මැයි, දිනය නො කෙරෙම් මැයි; (බිඟුන්, මධුකරයන්; අළ එව් යයි සන්ධානය කරන්න.) දෝහෝ නොහොත් - කාන්තා කාමුත පක්ෂයෙහි; ඇදුරු වෙණ නද ලෙස, ආචාය්ය් යාගේ වීණා නාදය සේ; තොප බඳ, යුෂ්මතුන් සම්බන්ධ වූ; මි, (ශෘංගාර ) මධුරසය ‍ෙතම; මියුරු නැත, මධුර නො වන්නේය; ඉන්, එසේ හෙයින්; රඳ, රාගයෙන් ආර්ද්රන වූ; තඹර මුව, තාමරස මුඛය (තාමරසය සේ සුන්දර වූ මුඛය); නොදෙම් මැයි. (චුම්බනය පිණිස) දානය නො කෙරෙම් මැයි; බිඟුන්, කාමුකයන්; අළ එව්, හරන ලද්දක් මෙන් වී යයි සන්ධානය කරන්න.) සූය්ය් ස යාගේ අස්තංගමයෙන් පසු සරසීන් කෙරෙන් ශෘංගයන්ගේ අපගමනය ද වූ බැව් නිර්දිෂ්ට කළෝ. සං. 1. ඉන් තඹර මුවර ද ‍නොදෙම්මැයි බිගුන’ ලෙව් විල්ල ද භෘංග ශබ්දය ද තත්පය්ය්ිගුය වූ භ්රනමර ශබ්දය ද ප්රගස්ද්ධාර්ථ වහයෙන් මධුකරයන් කෙරෙහි ද අප්රතසිද්ධාර්ථ වශයෙන් කාමුකයන් කෙරෙහි ද වැටෙත්. කාව්යස බන්ධනයෙහි ලා අප්ර කටාර්තයෙහි වචනයක් යෙදිම සාමාන්යෙ වශයෙන් දොෂයෙක්. එහෙත් යමක ශෙලෂාදියෙහි ඒ වානාහි ගුනයෙක් ය යනු කව්සම යයි. උදාහරණ, කාව්යා්දර්හයෙහි - රාජහං‍සොපහොගාර්භං - භ්රමමරප්රා ර්ත්යෂසෞරහම් සකි වක්ත්රා ම්බුජමිදං - තවෙති ශලිෂටරූපකම් සඛි, යෙහෙළිය! තව තීගේ; ඉදං වක්ත්රා්ම්බුජම්, මේ වක්ත්ර් නැමති පද්මය; රාජහිංස උපබොගාර්හම් - (මුඛ පක්ෂයෙහි); රාජහංස, රාජොත්තමයකු විසින්; උපහොග, සම්හොගය පිණස; අර්හම්, යොග්ය වේ; භ්රසමරප්රාිර්ථය සෞරහම්. (එම පක්ෂයෙහි) භ්රහමර, කාමකයන් විසින්‍; ප්රා;ර්ථ්යො පැතිය යුතු වු;

1. මියුරු නැති වී ‍තොපනද - 6. මධුකර පක්ෂයෙහි; තොපනද, තොපගේ නාදය; මියුරු නැති වී, මධුර නොමැති විය; දොහෝ නොහොත් - කාමුක පක්ෂයෙහි; තොප, යුෂ්මතුන් සම්බන්ධ වූ; නද, ආනන්දය (ශෘංගාර රසානන්දයයි); මියුරු නැති වි, මධුර නොමැති විය. 2. බිඟුනෙලෙව්- කිසි 222 ගුත්තිල කාව්යන වර්ණසනා

සෞරබම්, සෞන්දය්ය් වරය ඇත්තේය; දෝහෝ නොහොත් (පද්ම පක්ෂයෙහි) රාජහංස, රාජහංසයන් විසින්; උපභොග, අනුභවය පිණිස; අර්හම්, යොග්යප වේ; භ්ර මර, මධුකරයන් විසින්; ප්රාදර්ථය පැතිය යුතු වූ; සෞරහම්, සුගන්ධය ඇත්තේය; ඉති ශලිෂ්ට රූපකම්, මේ ශලිෂ්ට රූපකයි.1 සං. රූපකයෙන් සංකිර්ණ වූ ‍සශෙලෂ - උත්ප්රෙහක්ෂාලංකාරයයි. 341. බිඳ’ඳුරු කඳ රැ සි න් පහළ තුරු රැස් වෙසෙ සි න් තුටුව සුරවිල සි න් විසුළ අසෙනිය කුසුම් විල සි න් රැසින්, රශ්මියන්; අඳුරු කඳ, අන්ධකාර ස්කන්ධය; බිඳ, භග්න කොට හෙවත් විධ්වස්ත කොට, වෙසෙසින්, විශෙෂයෙන්; පහළ, ප්රයකට වූ; තු‍රු රැස්, කාරකා සමුහයා (කෙසේ ද යත්) ; සුර විලසන්, දිව්ය් විලාසිනින්; තුට‍ුව, සන්තුෂ්ට ව (විණා ගායන ශ්රෙවණයෙන් යයි අධ්යා හාර කරන්න) ; විසුළ, විකිරණය කළා වු; අ‍ෙසනිය කුසුම් විලසින්, අර්වනිය පුෂ්පයන් (240. සං. 1.iv.)මෙන් වී

සං. 1. උත්ප්රෙ ක්ෂාලංකාරයයි. වස්ත්වානතිමක වශයෙන් සම්භාවනා යෙනි. (321. සං. 1. ii ) නිදසුන් මෙසේය. බාළෙන්දුවක්රා න්යතවිකාසබාවාද් බභුඃ පලාශාන්ය තිලෝහිතානි සද්යොප වසනෙත්ත සමාගතානං නඛක්ෂපතානිව වනස්ථලිනාම් (බාල චන්ද්රායා සේ වක් වු අතිශයින් ලොහිතවර්ණ වූ පලාශ පුෂ්පයෝ තුමු - පලාශ පුෂ්පයෝ නම් කෑල මලි - අදිප්තිමත් භාවය කරණ කොට ගෙන වසන්තායා හ‍ා යුහුසුළු ව සමාගමට පැමිණියා වු වනස්ථලින්ගේ හෙවත් වන ප්රවදේශ නැමති කාන්තාවනන්ගේ නමලෙඛාවන් සෙයින් හෙබියාහු.)

342. එතර පැළදිඟු ල ඳ සඳවෙල පට දුහුල් ඇ ඳ2 තුරු3 වැළ හර පැල ඳ සැරුණු වෙනි4 ජය කෙළින ලෙස වැ ද එතර, එකල්හි; පැළදිඟු ලඳ, පශ්විම දිශා නැමති කාන්තාව; සඳවෙල, සන්ධ්යාවවලාහක නැමති; පට දුහුල්, පට්ට දුකුලයන්; ඇඳ, ආච්ඡාදනය කොට;

1. භෘංග ශබ්දය කාමුකාර්ථවත් බවට මෝනියර් විලියම්ස්, ආප්තෙි යනාදි ආචාය්යුර්ය න් ගේ මෙහා අකාරාදි කොශයන් බලන්න. 2. සැඳැවෙල පට්දුහුලැඳ - 1 - ද 3. තරු - 1 4. වැනි - ද ගුත්තිල කාව්යෙ වර්ණ නා 223

තුරුවැළ, තාරකාවලි නැමති; හර, මුක්තාභාරයන්; පැලඳ, පිනද්ධ කොට; වැද, ප්රුවිෂ්ට ව; ජය කෙළින ලෙස, විජය ක්රිුඩනය කරනු පිණිස; සැරුණු වෙනි. සජ්ජත වූ මෙන් වී.

සං. 1. රූපකයෙන් සංකිර්ණ වු උත්ප්රෙික්ෂාලංකාරයයි. 343. ජය කෙළියට එත ර1 දැක සැරසුනන් නොවිත ර තෙමෙද කුමුදක ර පුබුදු කුමුදින් ගතෙව් සුදඟ ර එතර, එසමයෙහි; නොවිතර, ප්රංමාණ රහිත ව;‍ ජය කෙළියට සැරසුණන්, විජය ක්රීදඩනය පිණිස සජ්ජිත වූවන්; දැක, දර්ශනය කොට; කුමුදාකර, කෛරවාකරයා; පුබුදු කුමුදින්, ප්රවබුද්ධ කෛරවයෙන්; තෙමෙද, තෙමෙත්; සුදඟර, ශෙවතාංගරාගය; ගතෙව්, ග්රදහණය කළාක් මෙන් වි,

සං. 1. පුබුදු කුමුදින් ගතෙව් සුදඟර අංගරාග නම් ශුද්ධිය පිණිස හා අලංකාරය පිණිස ද ශරිරයෙහි චර්චිත කරන්නා වු සුගන්ධ ද්ර ව්යියි. ශේවතාංගරාග නම් ශවෙතාංගරාග නම් ‍ශ්වෙතවර්ණ වු එබඳු ද්රුව්යායි. චන්දනය මෙනි. බ්රාාහ්මණ ද්රගවිඩාදි ජන‍යෝ අද දක්වා අංගරාග ග්රබහණය කරති සං. 2. උත්ප්රෙ ක්ෂාලංකාරයයි(321. සං. 1.ii ).

344. සඳ කිරණෙහි ගැ ලී2 වැහෙන සඳකත සිලි ලී ජය කෙළි දැක බ ලී ගලන තුටු කඳුළු සිරි කිය ලී සඳ කිරණෙහි, චන්ද්රර කාන්තියෙහි; ගැලි, නිමග්න ව (ඒ හෙතුයෙන්, 327. සං.1); වැහෙන, ස්යින්දමාන වු; සිලිලී, ජලය ඇති; සඳකත, චන්ද්ර්කාන්ත පාෂාණය තෙම; බලි, මහත් වු; ජයකෙළි. ජයක්රි්ඩාවන්; දැක, දර්හනය කොට; (ඒ හෙතුයෙන, 327. සං.1); ගලන, (තමන් කෙරෙන්) ස්යයන්දමාන වු; තුටු කඳුළු, සන්තුෂ්ටි බාෂ්පජලයාගේ; සිරි, ශොභාව; කායලි, උපන්යකස්ත කරවි.

සං. 1. වැහෙන සඳකත සිලිලි චන්ද්ර්කාන්ත පාෂාණය නම් චන්ද්රිමරිවින් කැටි ව ස්තබ්ධභාවයට පැමිණිමෙන් නිර්මිත වූ පාෂාණ විශෙෂයෙක; මේ පාෂාණයෙහි නැවතත් චන්ද්රතමරිවිය හුණු කල්හි ඒ මිරිවි ද පාෂා මතුයෙහි ඝන ව සියසේ වන්නේය. පාෂාණය ද ද්ර‍විභාවයට පැමිණෙන්නෙය. මෙයින් පාෂාණයෙන් දිය ගලන්නේය - යනු කවිසමයයි.

1. එවර - කිසි 2. ගිලි - කිසි.

224 ගුත්තිල කාව්ය වර්ණානා

සං. 2. උත්ප්රෙික්ෂානලඞ්කාරයයි.(341. සං. 1). දැන් නිශාකාලය සම්ප්රාතප්ත වූ බැව් දක්වමින් චන්ද්රා දය ද වර්ණිනය කරන්නාහු ‘තුරු බිබුළෙන්’ යනාදි පද්යපද්වයක් කියත්.

345. තුරු1 බිබුලෙන් දිමු ත එම රැස් මලෝ ලඹු ග ත නිල් නුබ වියන් යු ත සියල් දිය ජයමඟුල් මැදුර ත තුරු බිබුළෙන්, තාරකා නැමති බුද්බුදයෙන්: දිමුත, දීප්තිමත් වු; එම රැස්, එම තාරකාවන්ගේ රශ්මි නැමත්; මලෝලඹු. මාලාවලම්බයන්; ගත, ග්රුහණය කළා වු; නිල්නුබ, නිලාකාශ නැමති; වියන යුත, විතානයෙන් යුක්ත වු; සියල් දිය. සකල ජගත් නැමති; ජයමඟුල් මැදුරත, ජයහංගල මන්දිරාශයන් - තරය (මීට අනතුරු ‍කවෙහි ‘පිරිබඩගත්’ යන ක්රිදයාවට කර්මයි) - මතු සම්බන්ධයි.

සං. 1. සකල රූපකාලංකාරයයි. 346. පුන්සඳ සඳුන් ක ඩ උදය’ග සණෙහි ගා මැ ඩ ගෙන රැස් සඳුන් ම ඩ නිසා කල් ගත් කල්හි පරිබ ඩ පුන්සඳ, පුර්ණචන්ද්රක නැමති; සඳුන් කඩ; චන්දන ඛණ්ඩ ය; උදය’ග සණෙහි, උදය පර්වත නැමති පාෂාණයෙහි; ගා, ඝර්ෂණය කොට; මැඩ, මර්දිත කොට; රැස, රශ්මි නැමති; සඳුන් මඩ, වන්දන කල්කය; ගෙන, ග්රයහණය කොට‍; නිසා කල්, නිශා නැමති කාන්තාව විසන්; පරිබඩගත් කල්හි, පර්භණ්ඩග්රනහණය කළ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. නිසා කල් ගත් කල්හි පිරිබඩ නිසා කාන්තාව විසින් පරිභණ්ඩග්රතහණය කරන ලද්දේ හෙවත් බිම සඳුන්කලල ගෑමෙන් සුගන්ධවත් කරන ලද්දේ පූර්ව‍ කවියෙහි පෙනෙන ජයමඞ්ගල මන්දිරාභ්යනන්තරයයි. ‘නිසාකල් ජයමඟුල් මැඳුරක පරිබඩ ගත් කල්හි’ යනු මෙහි පදසම්බන්ධයයි. නිලාකාශ නැමති උඩුවියන්හි තාරකා නැමති බුබුල් රඳවා තාරකා රශ්ම නැමති මල්මලාවන් එල්වා සමලඞ්කෘත වූ ජයමඞගල මන්දිරාභ්යාන්තරය නිශාකාන්තාව විසින් බිමෙහි ද සඳුන් හෙවත් සුවඳ මැටි ගා


1.තරු - ඳ ගුත්තිල කාව්යව වර්ණුනා 225

සරසන ලද්දේය යනු මෙහි අර්ථයයි. ජයමඞගල ප්රභවර්තනය පිණිසය යනු ශෙෂයි. මඞ්ගල ප්රුස්තාවයන්හි ගෘහයන්ගේ සජ්ජනය සැමකල් සත් සරිති. මේ උත්ප්රෙ ක්ෂා්යෙන් චන්ද්රෘයා උද්ගත වී තන්මරිවි මාලා තොමෝ සකල ධරණි තලයෙහි ව්යාපපත වී යයි ප්ර්තිත කළෝ. සං. 2. අර්ථාත්ප්රො ක්ෂ්යෙන් සඞකීර්ණ වූ සකල රූපකාලංකාරයයි. මෙතෙකින් විජයොත්සව කාලයෙහි සම්ප්රාොප්ත වූ චන්ද්රනප්ර බාහාසිතමනොරම රාත්රි ය නානාවිධ උපමානොපමෙයාලංකෘතියෙන් වර්ණනය කොට දැන් ශක්රන දෙවෙන්ද්රරයා ස්වඛිය දව්‍යපුරයට ගොස් මහබෝසතාණන්ගේ වීණා වාදනය එහි කිර්තනය කළ බැව් දක්වන්නාහු ‘සුරසෙන්’ යනාදි කව් කියත්.

347. සුර සෙන් සහ නොම ද සිය සුර පුරට ගොස් වැ ද සික් දෙවිඳු උන් ස ඳ සිහිල් පඬුපුල් සලසනේ සො ඳ නොමද, බොහෝ වූ; සුර සෙන් සහ, දිව්යන සෙනාවන් හා සමග; සිය සුර පුරට, ස්වකිය දිව්ය; පුර‍යට: ගොස්, ගමනය කොට, වැද, ප්රයවිෂ්ට ව; සක් දෙවිඳු; ශක්රල‍ දෙවෙන්ද්රහයා; සිහිල්, ශිශිර වූ; සොඳ, සුන්දර වූ; පඞුපුල් සලස්නේ, පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි; උන් සඳ, උපවිෂ්ට වූ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. සිහිල් පඞුපුල් සලස්නේ සොඳ ශක්රඩයාගේ ආසන‍ය වනාහි ශෛලමය වෙයි. එය පාණ්ඩුවර්ණ කම්බලයන්ගෙන් අතුරන ලදිත් ඊට පාණ්ඩු කම්බල ශෛලාසන යයි කියනු ලැබේ. පාණ්ඩුකම්බල යනු සියබසට ‘පඬු ඇඹුල්’ යයි පළමු‍ කොට බිඳි ඉන් පසු ව පඞුපුල් යන රූපයක් ද එයින් ලැබේ. ‘ඇ’ කාරයාගේ ‍ලොපයෙන් හා සුඛොච්චාරණය පිණිස ‘ඹ’ කාරයාගේ විපය්යාද සයෙනි. පඞුපුල් යනු ‘පාණ්ඩු උපල’ යන්නෙන් හින්න යයි සමහර කෙනෙකුන් සිතිය හැකි. උපල යනු ද ශෛලාර්ථ හෙයිනි. එහෙත් එබඳු මතය කෂ්ට වේ. කවර හෙයින් ද යත් ‘පඞුපුල් සලස්න’ යනු එකල පුනරුක්ත දෙෂාන්විත වෙයි. තවද ඒ ශෛලයෙහි වර්ණය පාණ්ඩුවර්ණය නො ව රක්තවර්ණය වෙයි. එහෙයින්. (404. සං. 1 11)

සං. 2. ස්වභාවොක්තියි. 348. පුල් නිලුපුලැ සි යෝ මියුරු පිල් වරලැ සි‍ යෝ වැඳ1 සුර විල සි යෝ සුරිඳු ගිය කරුනු පිළිවි සි යෝ

1. වැද - 1 226 ගුත්තිල කාව්යව වර්ණොනා

පුල් නිලුපුල්, ඵුල්ල නී‍ලොත්පල බඳු වූ; ඇසියෝ, ඇස් ඇත්තා වූ; මියුරු පිල්, මයුරපිච්ඡොපම වූ; වරලැ‍සියේ, කෙශකලාප ඇති; සුර විලසියෝ, දිව්ය විලාසිනිහු; වැඳ, නමස්කාර කොට; සුරිඳු, සුරෙන්ද්රසයා; ගිය කරුණු, (මර්ය්ුපමලොක) ගත කාරණය; පිළිවිසියෝ, ප්ර්තිප්රවච්ඡනය කළාහුයි.

සං. 1. ලුප්තොපමායෙහි සංඍෂ්ටි ඇති ස්වභාවොක්තියි. සං. 2. ‘තුරු බිබුළෙන්’ යනිනෙහි සිට මෙතැන් දක්වා කලාපයි.

349. කරන තොප කන්ක ලු පන්සිළු පසුකරන සු ලු වෙණ වැයුමෙන්1 සිය ලු පදඹ කුල සිළුමිණෙක සිරි’සි ලු තොප, තොපගේ; කන්, කර්ණයන්; කලුකරන, කාන්ත කරන්නා වු; (ප්රියතිමත් කරන්නා වු); පන්සිළු, පඤ්චශිඛයා; පසු කරන සුළු, පශ්චාත් කරන ශිලි වූ; වෙණ වැයුමේන, වීණා වාදනයෙන්; සියලු ගදඹ කුල, සකල ගන්ධර්ව වර්ගයාහට; සිළුමිණෙක, චූඩාමණියක්හුගේ; සිරි, ශොබාව; ඉසිලු, උද්වහනය කළා වු - මතු සම්බන්ධයි.

සං. 1. ප්රාථම පාදය ස්වභාවොක්තියි; ද්විතියපාදය ප්රලතිපයි. (198. සං. 3. i); තෘතිය චතුර්ථ පාද‍යෝ උපමාලංකාරයි. මුළුල්ල සංඍෂටියි. 350. ගුත්තිල නම් ඇදු රු සුන් තත් වෙණෙහි විසිතු රු නද අසනුව සොඳු රු මම ද ගියෙහි යි2 කීය පුරඳු රු ගුත්තිල නම්, ගුත්තිල නාමොපලක්පිත වු; ඇදුරු, ආචාය්ය්ල යාගේ; සුන් තත් වෙණෙහි, ජින්න තන්ත්රිාක වීණායෙහි; සොඳුරු, සුන්දර වූ; විසිතුරු, විචිත්ර වූ; නාද, නාදය;අසනුව, ශවණය කරනු පිණිස; මම ද , අස්මත් තෙමෙත්; ගියෙහි යි. ගමනය කෙළෙම් යයි; පුරුඳුරු, පුරන්දර තෙමේ; කීය, කථනය කෙළේයි.

සං. 1. ස්වභාවොක්තියි. ඉක්බිති ගුත්තිලාචාය්ය්වභ න් දිව්යු පුරයට කැඳවනු පිණිස දිව්යාං ගනාවන් විසින් දෙවෙන්ද්රුයා ආයාචිත බැවි දක්වන්නාහු ‘සුරිඳුගෙ’යනාදි යුග්මක කාව්යනය කියත්.


1. වැයුමෙහි - කිසි 2. ගියමි - කිසි; ගියමියි; අන්යය හැම. ගුත්තිල කාව්ය වර්ණ නා 227

351. සුරිඳු‍ෙග එබස’ සා සුරත්1 මුදුන’ත්2 සල සා සිට සුරඟන රැ සා දෙවිඳුහට සැලකළෝ මෙලෙ සා සුරඟන රැසි. දිවයාංගනා සමූහය තෙම; සුරිඳුගෙ, සුරෙන්ද්රයයාගේ ; එබස්, ඒ වචනයන්; අසා, ශ්ර වණය කොට; සුරත්, අති රක්ත වූ; අත්, හස්තයන්; මුදුන්, මස්තකයෙහි (සිරසෙහි); සලසා, සජ්ජනය කොට; සිට, ස්ථිත ව; මෙලෙසා, මේ වක්ෂයමාණ ප්ර;කාරයෙන්; දෙවිඳුහට, දෙවෙන්ද්රටයාහට; සැලකළෝ, නිවෙදනය කළාහුයි.

සං. 1. ස්වභාවොක්තියි 352. යන්ට බරණැ ස් ස මු දෙව නැත ඔහු තොපැ ස් ස මු කරව අප ඇ ස් ස මු අපිද වෙණනද අසන රි ස් ස මු බරණැස, වාරාණසි නගරයට; යන්ට, ගමනය කරනු පිණිස; සමු දෙව, අනුඥ දානය කරව; නැත, එසේ නැතහොත්; තොප ඇස්සමු, තොපගේ අක්ෂිසම්මුඛ වූ; ඔහු, ඒ ආචාය්ය්ැතහයා; අප ඇස්සමු කරව, අප‍ගේ අක්ෂිසම්මුඛ කර; අපි ද, අස්මත්හු ද; වෙණ නද අසන, වීණා නාද ශ්රයවණයෙහි ; රිස්සමු, රුචි ඇත්තමු.

සං. 1. ස්වභාවොක්තියි. දිවයාංගානවන් විසින් ආරාධිත වු ශක්රයදෙවෙන්ද්ර්යා තම වෛජයන්ත නම් රථය ගුත්තිලාචාය්ය්වන යන්ගේ ආගමනය පිණිස වාරාණසි නගරයට උපානීත කරවූ බැව් දක්වන්නාහු ‘උන් බස්’ යනාදි කව් කියත්.

353. උන් බස් ළෙන් ද රා මාතලි නම් රියදු රා අමතා පුරඳ රා මෙසේ පැවසිය බස් ඉඳු රා උන් බස්, ඒ දිව්යාංිගනාවන්ගේ වචනයන්; ළෙන්, හෘදයයෙන්; දරා, ධාරණය කොට; මාතලි නම්, මාතලි නාමොපෙත වූ; රියදුරා, රථාචාය්ය්ුත්යා; අමතා, ආමන්ත්රවණය කොට; පුරඳරා, පුරන්දර තෙමේ; මෙසේ, මේ වක්ෂ්යරමාරණ ප්ර කාර වූ; බස්, වචනයන්; ඉඳුරා, නියත කොට; පැවසිය, ප්ර කාශ කෙළේයි. කෙබඳු වචනයන් ද යත් -


1. සුරන් - කිසි 2. මුදුනත - හැම 228 ගුත්තිල කාව්යො වර්ණනනා

සං. 1. ස්වභාවොක්තියි. 354. දහසක් සිඳු යො දා විජයොත් රතය පබ ඳා ලොව කැලුමෙන් ර ඳා1 දිලෙන රන්දද පෙළින් සුස ඳා සිඳු, සෛන්ධවයන්; දහසක්, සහස්රුයක්; යොඳා, යොජිත කොට; පබඳා. ප්රුසිද්ධ වූ; විජයොත් රතය, වෛජයන්ත නම් රථය; ලොව කැලුමෙන් රඳා දිලෙන-ලොව, ලොකය. කැලුමෙන් රඳා, (ස්ව) කාන්තියෙන් රඤ්ජිත කොට; දිලෙන. බබළන්නා වූ; රන් දද පෙළින්, ස්වර්ණ ධ්වජ පංක්තියෙන්; සුසඳා, සුසජ්ජිත කොට - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි 355. ගෙන ගොස් බරණැස ට ගුත්තිල ඇදුරු රතය ට නංවා අදර කො ට කීය කැඳවා එවයි මෙපුර ට බරණැසට, වාරාණසි නගරයට; ගෙන ගොස්, උපනයනය කොට (රථය යනු කර්මය බව ස්මරණියය); ගුත්තිල ඇදුරු, ගුත්තිලාචාය්ය් ක යන්; අදර කොට, ආදරය කොට; රතයට නංවා, රථාරූඪ කරවා;‍ ‍ෙමපුරට, මේ (දිව්ය ) පුරයට; කැඳවා එවයි, ආනයනය කරවයි; කීය. කථනය කෙළේයි.

සං. 1. ස්වභාවොක්තියි. 356. එ ස‍ඳෙහි එ දෙව් සු ත1 ගුවන් සිඳු මැද ගමනො ත රන් නැව් යුතු එර ත රැගෙන බරණැස් පුරට යාග ත එ ස‍ෙඳහි, තත් සමයෙහි; එ දෙව් සුත, ඒ දිව්‍ය පුත්රර තෙමේ (සුත යනු මෙහි පදපූරණයි); ගුවන් සිඳු මැද, ගගන නැමති සමුද්රේ මධ්යයයෙහි; ගමනොත, ගමන් ගත්තා වූ; රන් නැව් යුතු, ස්වර්ණ නෞකාවක් බඳු වු; ඒ රත, ඒ රථය; රැගෙන, ආනයනය කොට; බරණැස් පුරට වාරාණසි නගරයට; යා ගත, යාත්රාෙ ග්රෙහණය කෙළේයි.

සං. 1. රූපකයෙන් සංකීර්ණ වූ උපමාලංකරයාගේ සංඍෂ්ටි ඇති ස්වභාවොක්තියි.


1. නදා - කිසි 2. පුත - ද

ගුත්තිල කාව්යහ වර්ණසනා 229

වාරාණසි නගරය වෙත ධාවනය කෙරෙමින් එන්නා වූ දිව්යර රථයාගේ වක්ර්නාදය ශ්රාවණය කළා වූ නගරවාසින් මේ කිමෙක් දෝ හෝයි කුතුහල ප්රාේප්ත ව තම තමන්ගේ ශංකාධ්යාණශයන් ප්රිකාශ කළ පරිදි දක්වන්නාහු ‘නන් දද’ යනාදි කව් කියත්. 357. නන්1 දද නෙලෙන්2 සැ ඩ කෙරෙමින්3 වලා කඩ ක ඩ රසින්4 ගනඳුරු මැ ඩ අසා දිව එන රතෙහි සක් හ ඩ නන් දද, නානා ධ්වජයන් සම්බන්ධි වූ; සැඬ නෙලෙන්,චණ්ඩානිලයෙන්, වලා, වලාහකයන්; කඩ කඩ කෙරෙමින්; ඛණ්ඩ ඛණ්ඩ කොට; රසින්; රශ්මියෙන්; ගනඳුරු, ඝනාන්ධකාරය; මැඩ, මර්දිත ‍කොට; දිව එන, ධාවනය කොට එන්නා වූ; රතෙහි, ‍රථ‍ය‍ාගේ; සක් හඩ, වකු නාදය; අසා ශ්ර වණය කොට, (අනතුරු කවෙහි ‘දන රැස’ යනු මීට කර්තෘයි) - මතු සම්බන්ධයි. සං. 1. ස්වභාවොක්තියි. 358. එපුර වැසි5 දන රැ ස තමන් දොර දොර එළිබැ ස වඩා කහුල’දහ ස නරඹ නරඹා සිටිත6 පෙර දෙ ස එපුර වැසි, ඒ වාරාණසීනගරවාසි වූ; දන රැස, ජන සමූහයා; තමන් දොර දොර. ස්වකිය ද්වාරයෙක් ද්වාරයෙක්හි; එළිබැස, බහිරවතිරිණ ව; කුහුල් අදහස, කුතුහලාධ්යාශය; වඩා, වර්ධනය කෙරෙමින්; පෙර දෙස, පූර්ව දිශා භාගය (212. තෘතිය පාදය); නරඹ නරඹා. නිරිකිෂණ්ය් කොට කොට; සිටිත, සිථානය කරත් ම - මතු සම්භන්ධයි. සං. 1. ස්වභාවොක්තියි. 359. සිය රැළියෙන් සොඳු රු විඳුලිය වලන් තහවු රු සඳවෙල කුළු7 අයු රු8 පෙනිණි9 ගන රන් රතය විසිතු රු

1. රන් - කිසි 2. පෙළෙන්; පෙළින් - කිසි 3. කරමින් - ද 4. රැසින් - ද 5. විසි - 1. 6. සිටිති - 10 7. කුළ - කිසි 8. සැඳැවෙල කුළුයුරු - 1 9. පෙනුණි - 10 230 ගුත්තිල කාව්යු වර්ණ නා

සොඳුරු, සුන්දර වූ; සිය රැළියෙන්, ශත සංඛ්යාිත වූ ඌර්මින් කරණ‍ කොට; තහවුරු විදුලිය වලන් - තහවුරු, ස්ථාවර වූ; විදුලිය, විදයුල්ලතාවන් විසින්; වලන්, වලඳනා ලද;සඳවෙල කුළු, සන්ධ්යා වලාහක කූටයක්හු‍ගේ; අයුරු, ආකාර ඇති; විසිතුරු, විචිත්ර වූ; ගන රන් රතය, ඝන ස්වර්ණ රථය තෙම; පෙනිණි, දෘශ්යුමාන වි. විශෙෂකයි (244. සං. 2.)

සං. 1. උපමායෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි 360. දුර දුටුවෙන් වෙන ස දැනගත නොහි ඇති ලෙ ස සමහර දන මෙලෙ ස කියති සිට තම සිතෙයි1 අදහ ස දුර, දුරයෙහි; දුට‍ුවෙන්, දර්ශනය කළ හෙයින්; ඇති ලෙස, විද්යාරමාන වූ සේ; වෙනස, විශෙෂය; දැනගත නොහි. විභක්තකොට ගත නො හැකි ව; සහමර දන, ඇතැමි ජන‍යේ; සිට, සථිත ව; තම සිතෙහි, ආත්ම චිත්තයෙහි (10. සං.1); අදහස, අධ්යායශය; මෙලෙස, මේ වක්ෂයමාණ සේ; කියති. කථනය කෙරෙත්.

සං. 1. ස්වභාවොක්තියි 361. කියනු කිම වෙන මේ අප පඬි සඳුගේ මහි මේ දකින් ලෙස මෙස මේ දිවෙන2 පරසක්වළ ස‍ඳෙක මේ වෙනමේ, අන්ය්ත්ව කොට; කියනු, කථනය කරනු; කිම, කතමාර්ථයක් පිණිස ද? ‍මේ, මේ වනාහි; අප පඞිසඳුගෙ, අස්මත් පණ්ඩිතොත්තමයාගේ; මහිමේ, මහත්ත්වය; මේ සමේ, මේ වජයොත්සම සමයෙහි; දකින ලෙස, දර්ශනය කරනු පිණිස ; දිව එන, ධාවනය කොට එන්නා වු; පරසක්වළ, පරචක්ර වාලයක්හුගේ; ස‍ඳෙක, චන්ද්ර යෙකි.

සං. 1. (i) නිශ්චයාලංකාරයයි. එහි ලක්ෂණ මෙසේ කිහු; සන්ය‍න් නිෂිධ්ය ප්රකකෘත - ස්ථාපනං නිශ්චයඃ පුනඃ (තවද අන්යය වූවක් නිෂිද්ධ කොට ප්රකකෘතයාගේ ස්ථාපනය නිශ්චය නම් ‍අලංකාරය වේ.) නිදසුන් මේසේයි. වකොර නෙන්දුඃ කාන්තාස්යංූ - කිං චණ්චුපුටචාල‍ෛනෙඃ


1. සිතේ - 4; සිතෙහි - 2 2. දිවන - බොහෝ

ගුත්තිල කාව්යක වර්ණහනා 231

(චකොරය! ඒ චන්ද්ර‍යා‍ නො වේ. කාන්තාවක්හුගේ චක්ත්රඅයයි. එහෙයින් තොප‍ෙග් තුඩු පුටය සෙලවිමෙන් කිම් කම?) චකොරයා නම් චන්ද්ර කාන්ති සංඛයාත අමෘතය පානය කරන්නා වූ පක්ෂයෙකි. චන්ද්රරයා ද‍ුටු කල හෙතෙම කාන්ති පානය පිණිස චඤචුපුටය විවෘත කොට සොලවා. ප්රුස්තුත පද්යායෙහි වනාහි ‘කියනු කිම වෙනමේ’ යන්නෙන් අවිඛ්යාණත වු අන්යහය නිෂිද්ධය, ‘දිවෙන පර සක්වළ ‍ස‍ඳෙක මේ’ යන්නෙන් වක්තෘහු‍ගේ සංකල්පය ලෙස ප්රිකෘතය ස්ථාපිතය. (ii) එහෙත් පූර්ව පද්යතයන් සමග ගත් කල්හි වක්තෘහුගේ සංකල්පය සාවද්ය් හෙයින් මේ වනාහි ඒ සම්බන්ධයෙන් භ්රායන්තිමත් අලංකාරය වේ. එහි ලක්ෂණ මෙසේ කිහු; සදෘශ්යාිද් වස්ත්වයන්තරප්රරතීතිර් බාන්තිමාන් (සදෘශ හෙතුයෙන් අන්යව වස්තවක්හු‍ෙග් ප්ර තිති තොමෝ භ්රාදන්තිමත් අලංකාරය වේ.) නිදසුන් මෙසේයි. රාමං සන්ග්ධතරශ්යාවමං - විලොක්ය වනමණ්ඩලෙ ධාරාධරිධියා ධීරං - නෘත්යතනති සම ශිඛාවලංඃ (අතිසිනිඳු ශ්යරමවර්ණ වු රාමකුමරු වනමණ්ඩලයෙහි දැක ස්ථිර වූ මෙඝකූටයෙක්ය යන බුද්ධියෙන් මයුරයෝ තුමු නෘත්යව කළාහුයි.)

362. උන් බස් කර නිස රු මෙලෙසින් කියති සමහ රු නොදොඩව් තොපි විය රු ස‍ඳෙක් නම් ස ලකුණෙන් වෙද දු රු උන් බස්, ඔවුන්ගේ වචනයන්; නිසරු කර, නිස්සාර කොට; සමහරු, අන්යෙ කිසි ජනකෙනෙක්; මෙලෙසින්, මේ වක්ෂ්ය මාණ ප්රනකාරයෙන්; කියති, කථනය කෙරෙත්; තොපි, යුෂ්මත්හු; වියරු, විකාර‍යන්; නොදොඩව්. ප්රිලපනය නො කරව්; ස‍ඳෙක් නම්, චන්ද්රයයෙක් නම්; ස ලකුණෙන්, ශශ ලක්ෂණයෙන්; දුරු වෙද, වියුක්ත වේ ද? (මේ වනාහි ශශලාඤ්ඡනයෙන් වියුක්තය; එහෙයින් චන්ද්රනයෙන් නො වන්නේය යනු ඵලිතාර්ථයි.) සං. 1. ස‍ඳෙක් නම් ස ලකුණෙන් වෙද දුරු

‘ස’ යනු සසයා කෙරෙහි වැටේ. එහෙයින් සසයාගේ ලකුණ ස+ ලකුණයි. චන්ද්රෂයා‍ කෙරෙහි ස ලකුණ ඇති වු පරිදි කිසේය යත්; යටගිය දවස එක් සමයෙක්හි සහ බෝසතාණන් වහන්සේ යස යෝනියෙහි ඉපද වනයෙක්හි සිල් රක්ෂා කරන සේක. එකල ශක්ර යේ උන්වහන්සේගේ සිල් පරික්ෂා කරනු පිණිස බමුණු වෙශයකින් අවුත් දානයක් යැදුහ. බෝධිසත්ත්වයන් වහන්සේ ප්රි ති‍න් ප්රතමොද්ත ව බමුණ තට දි ලන්ට මාගේ උඳු මුං ආදි කිසිවකුත් නැත, මාගේ මාංස‍ය දානය කරමි; ගින්නක් මොළවා පියවයි’ කිසේක. ශක්රනයෝ තමන්ගේ අනුභාවයෙන් ගින්නක් මවාලි ගිනිමොළවා පිමි’යි කිහ. එවිට බෝධිස්ත්තවයන වහන්්සේ එතැනට ගොසින් පියුම්ගැබ 232 ගුත්තිල කාව්යබ වර්ණවනා

කට ප්රඳවිෂ්ට වන්නා වු රාජහංසයකු සේ සතුටු සිත් ඇති ව ගිනිමැදට පැනපු සේක . ඒ ගින්නෙන් බෝසතාණන්ගේ ‍ලොම කූපයකුදු නො තැවිණ, හිම ගර්බයකට වන්නා සේ සියලු ශරිරය සිහිල් විණ. එකල තුටුපහටු වු ශකු දෙවෙන්දු තෙමේ බෝධිසත්ත්වයන් තිරිසන් ව ද කළා වු මේ අරුමය මෙම භද්රඑකල්ය (237. සං.2 අන්තිම) මුළුල්ලෙහි සියලු සත්ත්වයන්ට ප්රාකාශ ව පෙනෙනු පිණිස චන්ද්රල මණ්ඩලයෙහි සසරූපය ඇඳ බෝධිසත්ත්වයන් ‍වහන්සේ වඩා ගෙනවුත් ඒ වනලැහැබ අලුත් හිතණ ඇතිරියක් පිට වඩා හිඳුවා තමන්ගේ දිව්‍ශවොල්කයට ගියහ. විස්තර යස ජාතකය බලා දැනග්ත යුතුයි. සං. 2. චන්ද්රනයා නොවන බැව් ශහලංඥඡනරාහ්ත්යස නැමති ලිඞ්ගයෙන් ආක්ෂියප්ත හෙයින් මේ වනාහි ලිඞ්ගයෙන් සඞ්කිණි වු ආ‍ෙක්ෂශපාලංකාරයයි. ලිඞ්ගයෙහි ලක්ෂ්ණ මෙසේ කිහු. තල්ලිංගං නාම යත්රි ස්යාිද් - වර්ණ්යනවිහ්නේ ප්රැමාණතා (ප්රංස්තුත වස්තුව‍ගේ ලක්ෂණයෙහි ප්රවමාණත්වය යම් තැනෙක්හි ද හේ වනාහි ලිංගයයි.) ප්රුමාණත්වය නම් සාක්ෂයය බවයි. ලිංගයට නිදසුන් මෙසේයි. ත්‍ිය්ලොක්යඃි ශංකරඃ සාක්ෂි - ත්රි හිර්නෙත්රෛඃස ප්ර්ති‍යතෙ (ත්රි‍ලොකියහට ඊශ්වරතෙමේ සාක්ෂිය යනු ත්රි්නෙත්රියෙන් ප්ර්තිත වේ.) මෙසේ චන්ද්රම මණ්ලයක් නො වන බව ව්යයතිරෙකයෙන් සූචිත කළ බැව් දක්වා නැවත සූය්ය්න් මණ්ඩලයක් වන බව අන්වයෙන් කි බැව් දක්වන්නාහු ‘අප පඞිගෙ’ යනාදි පදයයක් කියත්.

363. අප පඞිගේ ජය කෙ ළි කෙලිනට නොවන ලෙස මැ ළි කෙරෙමියි1 දස’ත හෙ ළි ‍උදාවන රිවි මඞලමය ය ළි අප පඞිගෙ, අස්මදිය පණ්ඩිතයන්ගේ; ජය, විජයසම්බන්ධ වූ; කෙළි, ක්රිඞඩාවන්: කෙළිනට, ක්රි්ඩනය කරනු පිණිස; මැළිනොවන ලෙස, (ජනයන්) අලස නො වන සේ ; දස’ත. දිශාන්තයන්; හෙළි කෙරෙමියි, ආලොකවත් කෙරෙමියි (සිතා); යළි, නැවතත්; උදාවන, උද්ගත වන්නා වූ; රිවි මඩලමය, සූය්ය්තා මණ්ඩලය මැයි. (බට වූ සූය්ය්උදායා නැතත් උද්ගත ව ආ වනැයි ඔවුන්ගේ සංකල්පය මෙයින් කිහු.)

සං. 1. පුර්වපද්ය)යත් සමග ලත්කල මේ පද්යයය වනාහි නිශ්චයාලංකාර යයි (361. සං.1 i) සම්බන්ධයත් සමග ගත්කල භ්රායන්තිමත් අලංකාරය යයි. (361. සං. 1. ii) අන්ය්යන් ඒ ප්ර තිෂිඞ කළ බැව් දක්වන්නාහු ‘උන් බස්’ යනාදි කියත්.



1. කෙරෙමින් - 8; කරමියි - 2 ගුත්තිල කාව්යෙ වර්ණදනා 233

364. උන් බස් මැඩ එක ල අයෙක් පවසත් මෙතෙප ල1 උවහොත් රිවිමඬ ල පියුම් නොපිපෙද මෙහි ගෙදිඟුව් ල2 එ කල, තත් සමයෙහි; උන් බස්, ඔවුන්ගේ වචනයන් ; මැඩ, අබිබවනය කොට; අයෙක්, අන්ය2තර ජනයෙක්; මෙතෙපල, මේ වචනය; පවසති, ප්රාකාශ කෙරෙත්; රිවිමඬල උවහොත්, සූය්ය්්ර මණ්ඩලය වි නම්; මෙහි, ඉදම් ප්රපදෙශයෙහි. ගෙදිඟුවිල, ගෘහදීර්ඝ තඩාගයෙහි; පියුම්, පද්මයෝ; නොපිපෙද (96. සං.1), පුෂ්පිත නො වෙත් ද? (සුය්ය්බැ මණ්ඩලය නම් එයින් පද්මයන්ගේ විකාසය විය යුතුයි; මේ දිර්ඝිකායෙහි වානාහි එබඳු පද්මවිකාසයෙක් නො මැත්තේය; එහෙයින් මේ සූය්ය්යෙක මණ්ඩලය නො වේ යනු භාවයි.) සං. 1. ලිංගයෙන් සංකිර්න වූ ආක්ෂෙපාලංකාරයයි.(362. සං. 2) මෙසේ ප්ර.තිෂිද්ධ කොට ගරුඩ පක්ෂියේක යයි සමුදිරණය කළ බැව් දක්වන්නාහු ‘පඩි පුදයෙහි’ යනාදි තවක් කියත් 365. පඬි පුදයෙහි නොයෙ ක බඳ දද සැලෙනු දුර ඳැ ක කර සප් කැලැයි සැ ක පියා විදහා දිවෙන ගුරුළෙ ක පඬි පුදයෙහි, පණ්ඩිත පූජායෙහි; බඳ, බඳනා ලද; නොයෙක දද, අනෙක ධ්වජයන්; සැලෙනු, චලිත වනු; දුර දැක, දුරාද්දර්ශනය කොට; සප් කැලැයි. සර්ප සමූහයයි; සැකකොට, ශංකාකොට; පියා විදහා, පක්ෂප්රටසාරණය කොට; දිවෙන (දිවඑන), ධාවනය කොට එන්නා වු; ගුරුළෙක, ගරුඩ පක්ෂියෙකි. (සර්පයන් ගරුඩයන්හට ‍‍ගොචර බැව් දතයුතු)

සං. 1. පූර්වපද්ය‍යත් සමග ගත්කල්හි නිශ්චයාලංකාර යයි. සම්බන්ධය සමගින් ගත්කල භ්රාදන්තිමත් අලංකාරයයි (361. සං. 1) මේ සංකල්පය ද නිරස්ත කොට අනයන් ස්වමතය ප්රිකාශ කළ පරිදි ද, ඒ ව්යසතිරෙකයෙන් තවත් අනයයන් තමන් මතය කි පරිදි ද යන මේ වශයෙන් ප්රුවෘත්ත වූ අන්යොකන්යකයන්ගේ තර්කණය දර්ශනය කරවන්නා හු ‘සමහරු’ යනාදි කවි කියත්.

366. සමහරු මෙබ න් දා පවසති උන්ට නි න් දා උවොත් ගුරුළි න් දා අඳුරු දුරලන3 රැස් කොයි න් දා

1. මෙතෙපුල - කිසි 2. පියුම් නොපිපේද මේ දිගුවිල - කිසි 3. දුරුලන - ; දුරුවන - 1 234 ගුත්තිල කාව්යද වර්ණකනා

සමහරු, අන්යයතර ජනයෝ; උන්ට, ඔවුන්හට; මෙබන්දා, මේ වක්ෂ්යයමණ ප්රරකාරයෙන්; නින්දා, නිග්ර හයන්; පවසති, ප්රරකාශ කෙරෙත්; ගුරුළන්දා උවොත්, ගරුඩ රාජයා වී නම්; අඳුරු දුරලන, අන්ධකාරය දූරිභුත කරන්නා වූ; රැස් , රශ්මිය; කොයින්දා, කුතොජාත ද? (මේ ආගාමුක වස්තුයෙහි අන්ධකාර දූරිභූතකර වූ රශ්මියෙක් ඇත්තේය; එහෙයින් මේ ගරුඩ රාජයෙක් ‍නො වෙයි යනු භාවයි.)

සං. 1. ලිංගයෙන් සංකිර්ණ වූ ආක්ෂෙපාලංකාරයයි (362. සං.2) 367. ගුත්තිල ඇදුරු ල ද1 අප රදුට සිව් දිව් ර ද ‍සිදු කරනුව මෙස ඳ මෙ එන සක් රුවනමය මනන ද මේ, මේ දෘශ්යදමාන වූ වස්තුව නම්; ගුත්තිල ඇදුරු ලද, ගුත්තිලාචාය්ය්ෙර යන් (ස්වාධිනකොට) ලද්දා වූ; අප රදුට, අප‍ගේ රාජයාහට; සිව් දව් රද, චාතුර්මහා දිවිපික රාජ්යටය; සිදු කරනුව, සිද්ධ කරනු පිණිස; මෙසඳ, ඉදං සමයෙහි; එන ආගමනය කරන්නා වූ; මනනද, මනොනද්දන වූ; සක්රුවන ම ය, චක්ර,රත්නය මැයි.

සං. 1. ගුත්තිල ඇදුරු ල ද අප රදුට සිව්දිව් ර ද - පෙ. මේ මඟුල් සක්වළ දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ ‍ෙපාළව මතුයෙහි සුවසූදහසක් යොදුන් ගැඹුරු වු මහාසමුද්රවය වටින් සතිස්ලක්ෂ දස දහස් තුන්සිය පණස් ‍යොදුන් පමණ වු සක්වළගබ පැහැර සිටින්නේය. ඒ සමුද්ර ය අතරතුරු පිහිටි සතර මහාද්විපයෙන් එකි එකි දිවයිනක් පිරිවරා පන්සියයක් පනිසියයක් කොදෙව් බැගින් දෙදහසක් කොදෙව් පිහිටියේය. එයින් සකට සණ්ඨාන ව තුනැස් වු ‍මේ ජම්බුද්විපය අයම් විතරින් දසදහසක් දසදහසක් යොදුන් පමණ ඇත්තේය. ආදාස සටහන් ව වට වු අපර‍ෙයාගයානය අයම් විතරින් සත් සහස් සත්දහස් යොදුන් පමණ ඇත්තේය. පිඨසටහන් ව සතරැස් වු උතුරුකුරු දිවයින අයමි විතරින් අටදහස් අටදහස් යොදුන් පමණ ඇත්තේය. අර්ධචන්ද්ර සටහන් ව දෙ‍කොන් වූ පුර්විවිදෙහය අයමි චිතරින් සත්දහස් සත්දහස් යොදුන් පමණ ඇත්තේය. වෙන වෙන ම මේ සතරදිවයනි වසන මනුෂයන්ගේ මුහුණුත් ඒ සටහන් ම විය‍. මේ චතුර් මාහද්විපයෙන් මුළු ලොකය ම කියනු ලැබේ. එහෙයින් චාතුර් මහාද්විපික රාජ්යුය නම් මුළු ලොව සියලු රජදරුවන්ට අධිපති වූ මහා රාජ ස්ථානාන්තරයයි. එම ස්ථාන්න්තරයෙහි පිහිටි රජකුහට ‘චක්රුවර්ති රාජ’ යන නාමය ව්යාවහාර වි. ඔහුගේ රථය තෙම චක්රතරත්නයයි නම් වි. චක්රර වර්ති රාජත්වයෙහි සලකුණු නම් මේ චක්රවරත්නය පහළ වීමයි. මේ රාජාධිරාජ වූ ස්ථානාන්තරයට සුදුසු වන්නේ රජුන් අතුරෙන් ඉතා පුණ්යෙවත් වු රජ දරුවෙකි. බ්රටහ්මදත්ත නරෙන්ද්ර යාහට ගුත්තිලාචාය්ය්යවතයන් 1. සඳ - 4

ගුත්තිල කාව්යඳ වර්ණරනා 235

අධින ව සිටි බැවින් ඒ නරෙන්ද්රසයා අතිශය පුණ්ය්වත් රජකු විය යුතුයි. එබැවින් ඕහට චක්ර වර්ති රාජ්යනය පමුණුවනු පිණිස තච්චිහ්න වු චක්රිරත්නය පහළ වි එන්නේය යනු ඇතැම් ජනයාගේ සංකල්පය විය යනු මෙහි භායයයි. සං. 2. පූර්ව පද්යෙයත් සමග ගත්කල්හි නිශ්චයාලංකාරයයි. දිවිතිය පද්යියෙහි ප්රමථමපාද වු පරිකරයෙන් ද සංකිර්ණයි. (321. සං.1) සම්බන්ධය සමගින් ගත්කල්හි භ්රා්න්තිමත් අලංකාරයයි. (361. සං.1).

368. උන් බසිනි නොවැළ කි දනන් පවසන විලස කි1 සක්රුවන නම ස කි ‍නොයෙක් රුවනුදුල2 එක් රතය කි3 උන් බසිනි, උන්ගේ වචනයෙක්; නොවැළකි, නිවෘත්ත නොව ; දනන්, (අන්යි) ජනයන්; පවසන, ප්රකකාශ කරන්නා වූ; විලසකි. (‍ෙමබඳු) ප්රිකාරයෙක් වි; (කිමෙක යත්; ) සකි, මිත්ර ය (ඒක ඒක ජනයකු විසින් සම්බේධනය ඒක එක් ජනයකුහටයි); සක් රුවන නම්, චක්රර රත්නය නම්; නොයෙක් රුවන් උදුල, අනෙක රත්නයෙන් උජ්ජවලිත වු; එක්, කෙවල වූ (හස්ත්ය ශ්වාදින් වියුත වූ යයි යූසේයි); රතයකි. යානයෙකි.

(මේ එබන්දක් නො වේ. එයෙයින් මේ වනාහි චක්රෙරත්නය ‍නො වේ යනු එලිතාර්තයි) සං. 1. මෙයින් චක්රනවර්ති රාජයක්හු‍ගේ චක්රතරත්නය වනාහි වර්තමාන කාලයෙහි විද්ර් එ ත් ආදි යම් බලයකින් වාල්යජමාන වූ ද්වන්ද්වචක්ර‍මය වූ රථයකට සම වී යයි සිතිය හැකි බැව් පෙනේ. සං. 2. ලිං‍ගයෙන් සංකිර්න වු ආක්ෂෙපාලංකාරයයි (362. සං. 2)

369. වැ නෙ යි සැඩ පවනෙ හි ර නෙ යි පෑ දද ගුවනෙ හි පෙනෙයි රන්4 සක් මේ හි පැනෙ යි5 සුදුසුඳු පෙළ ඉදිරියෙ හි මෙහි, මේ දෘශ්යසමාන වූ වස්තුයෙහි; රනෙයි පෑ, ස්වර්ණයා‍ගේ ප්ර භාවයෙන් යුක්ත වු: දද, ධවජයෝ; සැ පවනෙහි. චණ්ඩ මාරුතය කරණ කොට ගෙන (203. සං.1); ගුවනෙහි. ගගනයෙහි; වැනෙයි, චලිත වෙත් (96. සං.1); රන් සක්, ස්වරණ චක්ර්යේ;පෙනෙයි, දෘශ්යහමාන වෙත්. (96. සං. 1);

1. විලසෙකි - ද 2. රුවිනුදුල - කිසි 3. රතයෙකි - ද 4. නන් - 2 5.පෙනෙයි - 1 236 ගුත්තිල කාව්යං වර්ණසනා

සුදු සිඳු පෙළ, ශුද්ධ (ශෙවත වර්ණ) සෛන්ධව පංක්තිය; ඉදිරියෙහි. අභි මුඛයෙහි; පැන, ප්රයස්කන්දනය කෙරෙමින් (වෙගයෙන් දුවමින්); එයි. ආගමනය කෙරෙයි.

සං. 1. රනෙයි පෑදද ගුවනෙයි ‘රනෙහි’ යන තන්හි හකාරයාහට යකාරාදෙශ විමෙන් ‘රනෙයි’ කියා සිදු වේ. නපුංසක ලිංගිකෛක වචන සම්බන්ධ විභක්තියි. මෙහි සිද්ධි 360 වෙනි කවෙහි ‘සිතෙහි’ කිව මනා තන්හි සිතෙහි වූ මෙනි (ආධාරයෙහියි) මෙ ද සම කර බලන්න. හංස සන්දෙශයෙහි - ලෙළ මුතුළැල් දළපුඩු සේසතෙය් ය ට තු ළ සුදුපට තුඟු සිංහාසනේ පි ට ක ළ ලොව එකෙළි රිවි නැ‍ගිමෙන් උදයග ට දු ළ පැරමකුම් බුජ නරනිඳු උන්කල ට - සබඳවිබත්

තැ වි යදැල් පැනැ නැඟි ගිනි ක‍ඳේයිදී පෙවි පණ සිපත මදැකුන් බ‍ඳේයිදී ලැ වි ඔප කගින් කග වන් යුදේයිදී නි වි රුපුන් බියගම් පුර මැදේයිදී - අදරවිබත්

සං. 2. ස්වභාවොක්තියි. මෙසේ දෘශ්යුමාන වු ලක්ෂණයන්ගේ නිමිත්තයෙන් දිව්යඅ රථයෙක් යයි නිර්දණය කොට ගෙන ඒ ප්ර කාශ කළ බ දක්වන්නාහු ‘වෙණ නද’ යනාදි පද්යණයක් කියත්. 370. වෙණ නද ඇසිම ට ඇදුරා සුරිඳු පුරය ට කැඳවා යන ලෙස ට එවු දිව රතයෙකැයි මෙපුර ට වෙණ නද, වීණා නාදය; ඇසිමට, (ඔහුගෙන්) ශ්රාවණය කරනු පිණිස; ඇදුරා, ගුත්තිලාචාය්ය්යි යා; සුරිඳු පුරයට, දෙවෙන්ද්රක නගරයට; කැඳවා යන ලෙසට,ආනිත කොට ගමනය කරන සේ; මෙපුරට, මේ නගරයට; එවු; ප්ර්හිත වූ; දිව රතියෙකැයි, දිව්යම රථයෙක් යයි - මතු සම්බන්ධයි.

සං. 1. පුර්ව පදයයත් සමග ගත් කල්හි අනුමානාලංකාරයයි 102. සං. 2. (ii) ඉනුත් පූර්ව පද්ය.යත් සමග ගත් කල්හි අනුමානයෙන් සංකිර්ණ වූ නිශ්චයාලංකාරයයි (361. සං. 1 . i.) මෙසේ ජනයන්ගේ කථනය ප්රංවර්තමාන කල්හි වෛජයන්ත රථය ගුත්තිලාචාය්ය්ථන යන්ගේ ගෘහද්වාරයට සමිපස්ථ වූ බැව් දක්වන්නාහු ‘කියමින’ යනාදි පද්යතයක් කියත්,

ගුත්තිල කාව්යය වර්ණතනා 237

371. කියමින් සිටි කල ට සඳ රිවි දහස් එකවි ට බටෙ’ව් එළිකොට ව ට පැමිණි1 දිව රතය පඬි ගෙදෙර ට2 (පුර්ව කවෙහි ‘දව රතයෙකැයි’ යනු හා සම්බන්ධයි. දිව රතයෙකැයි. දිව්යුරථයෙක් යයි; ) කියමින්, කථනය කෙරෙමින්; සිටි කලට, ස්ථිත වූ කල්හි; සඳ රිවි දහස්, චන්ද්රෙ සූය්ය්කිය සහස්රරයන්; එකවිට, එක වාරයෙහි ම; බටෙ’ව්, අවතිර්ණ වූ සේ; වට , හාත්පස; එළිකොට, ආ‍ෙලාකවත් කොට; දිව රතය, දිව්ය් රථය තෙම; පඞි ගෙදොරට, පණ්ඩිතයාගේ හෘහාද්වාරයට; පැමිණි, ප්රාරප්ත වි. සං. 1. කල්පිතොපමායෙන් සංකිර්න වූ උදාත්තාලංකාරයයි. (i) කල්පිතොපම‍ායෙහි ලක්ෂණ මෙසේ කිහ; ‘අසම්භූතොපමානස්යය - වර්ණනං කල්පිතොපමා’ (අසම්භූත වූ උපමානය සම්බන්ධ වර්ණනය තෙම කල්පිතොපමා නම්.( නිදසුන් මෙසේයි. කෞංකුම්ස ති‍ලකො හාලේ - චන්ද්රෙො භෞම ඉව ප්රි යෙ (සුන්දරිය! කොකුම් තිලකය තිගේ නළලෙහි භූම්ය වතිර්ණ වූ චන්ද්රෙයා කෙරෙහි මෙන් බබළා.) (ii) උදාත්තාලංකාරයෙහි ලක්ෂණ මෙසේ කිහ; ‍ෙලාකාතාශයසම්පත්ති - වර්ණනොදත්තමුචයතෙ (ලොකාතාශය වු හෙවත් ලෞකික සිමාව ඉක්ම පවත්නා වූ සම්පත්ති වර්ණනය තෙම උදාත්ත යයි කියනු ලැබේ, ) නිදසුන් මෙසේයි. තසමින් මණිව්රා තහතාන්ධ කාරෙ පුරෙ නිහාලොපවිධානද‍ුෙක්ෂධ සද්යොනවියුක්තාත දිවසාව‍සානං කොකාඃ සශොකාඃ කථයන්ති නිත්යනම් (රත්න සමුහයන් විසින් නසන ලද අන්ධකාර ඇති, රාත්රිනයගේ නිරාකරණ විධානයෙහි දක්ෂ වූ ඒ නගරයෙහි වනාහි වහා වියොගයට පැමිණියා වූ ශොක සහිත වු සක්වා ලිහිණිහු හැමකල් දිවසාවසානය ප්රාකාශ කෙරෙත්.) මේ නගරයෙහි සක්වා ලිහිණින්ගේ ද‍ුක්මුසු රාවය හැර දිවසාවසානය දැන ගැනිමට වෙන මාර්ගයක්‍ නොමැත්තේය රත්නප්රමබාවන්ගේ හෙතුයෙන් දිවා රෑ දෙ‍ක්හි ම නගරය එක‍ සේ ආලොකවත් හෙයිනි. මේ පද්යතයෙහි පර්යවසානයයි. ඉක්බිති ගුත්තිලාචාය්ය්්ම යන් හා මාතලි නම් රථවාය්ය් න යන් හා අතරෙහි වු සම්බාෂණය දක්වා තදනන්තර ව බොධිස්ත්ත්වයන් වහන්සේ දිව්යිරථයට ආරූඪ ව‍ු බැව් ද දක්වන්නාහු ‘එසදෙහි’ යනාදි අෂ්ට පද්යමයක් කියත්.

1. පැමිණ - කිසි 2. ගෙදරට - බොහෝ 238 ගුත්තිල කාව්යස වර්ණයනා

372. එස‍ඳෙහි අප ඇදු රු දිව රියෙහි උන් රියදු රු1 දැක සිට නොවි දු රු මෙසේ පිළිවිසියෝ ය2 තොරතු රු එ ස‍ඳෙහි, තත් සමයෙහි; අප ඇදුරු, අස්මදාචාය්ය් ් යන් වහන්සේ; දිව රියෙහි උන්, දිවය රථයෙහි උපවිෂ්ට වූ; රියුදුරු, ර‍ථාචාය්ය්‍දකයා; දැක, දර්ශනය කොට; නොවි දුරු, අවිදුර ව; සිට, ස්ථිත ව; මෙසේ, මේ වක්ෂයමාණ ප්ර්කාරයෙන්; තොරතුරු, ප්රදවෘත්තින්; පිළිවිසියෝය, ප්රේතිප්ර ච්ඡනය කළාහුයි. (ගෞරවාර්ථ බහුවචනයි.)

සං. 1. ස්වභාවොක්තියි. 373. රන් ගිරි කුව මුදු න ළහිරු මඞලෙව් බබළ න රන් රතයෙහි මෙතැ න3 මෙ තෙපි කවරෙක්දැන් දිලිහෙ න4 රන් ගිරි කුළු, ස්වර්ණ පර්වත කූටයක්හුගේ; මුදුන, මස්තකයෙහි; බබළන, භ්රාගජමාන වූ: ළහිරු මඩලෙව්, බාලාර්ක මණ්ඩලයක් මෙන්; දැන් ඉදංකාලයෙහි; මෙ තැන, මේ ස්ථානයෙහි; රන් රතයෙහි, ස්වර්ණ රථයෙහි; දිලිහෙන, විරාජමාන වූ; මෙ තෙපි, මේ යුෂ්මත්හු ; කවරෙක්ද, ‍කතම ජනයෙක් ද?

සං. 1. යථාසංඛ්යෙයෙන් සංකිර්ණ වූ උපමාලංකාරයයි 374. වෙයි ද අසුරි න් දා නැතහොත් සක් දෙව් න් දා මසිත් සැක සි න් දා කියව තොප නම් ගොත් කුම න් දා අසුරින්දා වෙයි ද, අසුරෙන්ද්රදයා වන්නෙහිද? නැතහොත්, අන්යකථාවි නම්; සක් දෙවින්දා (වෙයි ද), ශක්රර දෙවෙන්ද්රයයා වන්නෙහිද? මසිත, මාගේ චිත්තයෙහි; සැක, සංශය; සින්දා, උච්ඡින්න කරවා; කියව, කථනය කර; තොප, යුෂ්මත්හුගේ; නම් ගොත්, නාම ‍‍ගොත්රායෝ තුමු; කුමන්දා, කවරහුද?

සං. 1. වෙයි ද අසුරින්දා - පෙ.


1. රියැදුරු - 2 2. පිළිවිසියේය - 2 3. මෙතන - 10 4. දිලිසෙන - දිලියෙන - ද


ගුත්තිල කාව්යෙ වර්ණ නා 239

මෙහි ‘ඉන්දා’ යනු අධිපත්යාර්ථ වාචාකයි. අසුරයන්ගේ අධිපති වෙහි ද නැතහොත් සුරයන්ගේ අධිපති වෙහි ද? යනු මෙහි ප්රයශ්නයි. සං. 2. විකල්පාලංකාරයෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි. විකල්පා ලංකාරයෙහි ලක්ෂණ මෙසේ කිහු. විරොධෙ තුල්යිබලයොර් - විකල්පාලංකෘතිර්මතා (සමාන බල දෙදෙනකුන්ගේ විරොධයෙහි විකල්පාලංකාරය තෙම දන්නා ලදි.) නිදසුන් මෙසේයි. පද්යඃන - ශිරාංසි චාපාන් වා - නමයන්තු මහිභුජඃ (මහිපාලයෝ තුමු ස්වකිය ශිර්ෂයන් හෝ චාපයන් හෝ වහා නමත්වා.)

375. එ බසට මාත ලී ලෙසින් සියරැල විද‍ු ලි තුනු කැලුමෙන් දි ලි මෙසේ කන්කලු බසින් තෙප ලි සියරැළි, ශතොර්මින්ගෙන් යුක්ත වූ; විදුලි ලෙසින්, විද්යුෙල්ලතොපම වු; තුනු කැලුමෙන්, ශරිර කාන්තියෙන්; දිලී, විරාජමාන වු: මාතලී, මාතලි නම් දිව්යු පුත්රථ තෙමේ; එ බසට, ඒ වචනයට; මෙසේ, මේ වක්ෂ්යපමාණ ප්රීකාරයෙන්; කන්කලු බසින්, කර්නකාන්ත වචනයෙන්; තෙපලි, ආවක්ෂණය කෙළේයි.

සං. 1. උපාමාලංකාරයෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි. 376. රිපුය1 අසු රා න ම් මිහිමිය පුරඳ රා න ම් දනුව ඉඳු රා න ම් මමය මාතලි රියදු රා නි ම් අසුරා නම්, අසුරෙන්ද්රුයා නම්; රිපුය, ශත්රැපය; පුරඳරා නම්, පුරන්දරයා නම්; මහිමිය, මාගේ ස්වාමිය; නම්, (මා‍ගේ) නාමය; ඉඳ‍ුරා, ඍජු සේ; දනුව, ඤානය කරව; මාතලි රියදුරා නම්, මාතලි නම් රථවාය්ය්ක් තෙමේ; මම ය, අස්මතා මැයි.

සං. 1. විරොධාලංකාරයෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි 377. තොප වෙණ නද සුර ඹ අසනුය2 නිවුය3 කර ලො බ එයින්’ප සුරිඳු මො බ එවි කැඳවා යන ලෙසට ඔ බ

1. රුපුය - ද 2. අසනුව - 5 3. කිවුව - 2

240 ගුත්තිල කාව්යම වර්ණ නා

සුරඹ, දිවයාංගනාවෝ; තොප වෙණ නද, යුෂ්මත්හු‍ගේ වීණා නාදය; අසසුය, ශ්රඹවණය කරනු පිණිස; ලොබකර, ලොභ කොට, කිවුය: (තත් ප්රපවෘත්තිය) නිවෙදනය කළාහුය (සුරෙන්ද්ර යා හට යනු අධ්යාලහාරයි); එයන්, ඒ කාරණයෙන්; ඔබ, යුෂ්මතුන්; කැඳවා, ආනයනය කොට; යන ලෙසට, ගමනය කරනු පිණිස. සුරිඳු, සුරෙන්දු ‍ෙතම; අප, අස්මත්හු; මොබ, මේ නගරයට; එවි, ප්රෙිරණය කෙළේයි.

සං. 1. ස්වභාවොක්තියි 378. එයින’ප හා සස ඳ සුරිඳු පුරයට මනන ද වඩිනු මැනවැයි යැ ද1 පවර දිව රතය ළං කළ ස ඳ එයින්, එසේ හෙයින්; අපහා, අප සමග; සසඳ, සංසක්ත ව (එක් ව)‍; මනනද, මනොනන්දන වූ; සුරිඳු පුරයට, සුරෙන්ද්රප නගරයට; වඩිනු මැනවැයි, ගමනය කරනරු මැනවි යයි; යැද, යාච්ඥ කොට; පවර, ප්රවවර වූ; දිව රතය, දිව්යජ රථය; ළංකළ සඳ, සමිපස්ථ කළ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි 379. සුර කුමරකු2 ලෙස ට සැරි බෝසතු රතය ට නැ‍ඟෙත සිත‍3තුටු කො ට රියද පැන නැංගේය අහස ට සුර කුමරකු ලෙසට, දිව්යු කුමාරයකු සේ; සැරි, සමලංකෘත ව; බෝසතු බෝධිසත්ත්වයන් වහන්සේ; සිත තුටු කොට, චිත්තය සන්තුෂ්ට කොට; රතයට නැ‍ඟෙත, රථයට ආරූඪවත් ම; රිය ද, රථය ද; අහසට ආකාශයට; පැන නැංගේය, උත්පතිති වී.

සං. 1. ප්රකථමභාගගත උපමායෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි දැන් මහබෝසතාණන් වහන්සේගේ ආකාශ ගමනය වර්ණනාකරන්නාහු සමුද්ර ඝොෂ වක්ර වාකාදි සුලලිත සුමධුර මනොහර වෘත්තයන්ගෙන් බදනා ලද අතිපරිශුද්ධ සුකොමල චමත්කාර රසාවහනයකර වූ ‘තඹවතුරෙව්’ යනාදින් ආරබධ වඋ චතුර්විංශති පදයයත් කියත්. මෙයින් ‘තමවතුරෙව්’ යනාදි ප්රානරම්බක පද්යපයෙන් මහබෝසතාණන් දිව්යතරථාරූඪ ව ආකාශ ප්ර.විෂ්ට වූ කල්හි රාත්රිා භාගය ගෙවි ගොස් තදනනතර දිනයෙහි අරුණොද්ගමන කාලය වූ බැව් දැකිවුහු.

1. අද - බොහෝ 2. කුමරෙකු - සමහර 3. ලොව - ඇතැම්. (ලොව තුටු ‍කොට, ලොකයා සන්තුෂ්ට කොට) ගුත්තිල කාව්යක වර්ණැනා 241

380. තඹ වතුරෙව් තුරු බිජු රැඳි නුබ කෙත ට දිලි ළවගෙව් ගනඳුරු හුණු වන පෙත ට දින පතිදෙව් රද1 එන මඟ නියමකො ට බැඳි දද එම් අරුණ’ලු නැහි පෙර ‘ඹර ට තුරු බිජු, තාරකා නැමති විජයන්; රැඳි, රඤ්ජිත වු; නුඹ තෙකට, න‍ෙහා ලක්ෂණ ‍‍ෙක්ෂාත්රනයට; තඹවතුරෙව්. තාමර (වර්ණ) ජලෞඝයක් බඳුවු; (යළිඳු) ගනඳුරු, ඝනාන්ධකාර නැමති; හුණ වන පෙතට, වෙණු වන පංකිතියට; දිලි, උද්දිප්ත වූ; ළ‍වගෙව්, දිවාග්නියක් බඳු වු; (යළිඳු) දිනපති දෙව් රද, දිවස්පති දිව්යපරාජයා; එන, ආගමනය කරන්නා වු; මඟ, මාර්ගය; නියම කොට; නිශ්චිත කෙට; බැඳි, බද්ධ වූ; දද එව්, ධ්වජෝපම වූ; අරුණ’ලු, අරුනාලෝකය තෙම; පෙර’ඹරට, පූර්වදිගාම්බරයට; නැගි, උද්ගත වි.

සං. 1. තඹ වචරෙව් තුරු බිජු රැඳි නුඹ කෙතට තාව්රප ජලෞගයක් ‍‍ෙක්ෂ ත්ර යකට වන් කල්හි ‍ෙක්ෂමත්ර’යෙහි වීජ සියල්ල අන්තර්ධනගත වෙයි. එමෙන් බාලාර්කයාහට පුරස්සර වූ අරුණා‍ලෝකය ආකාශයට වන් කල්හි ආකාශයෙහි තාරකා සියල්ල අන්තර්දානගත වි, දාවාග්නියක් හුණවනජගක්තියෙක්හි අටගත් කල්හි හුණවනපංක්තිය විගසින් විනෂ්ට වෙයි. එමෙන් අරුනාලෝකය වන් කල්හි ඝනාන්ධකාරය විගසින් විනෂ්ට වි. මෙහි අරුණාලෝකය දාවාග්නියට උපමිතියි. ඝනාන්ධකාරය හුණවනයට උපමිතියි.

සං. 2. රූපකයෙන් සංකිර්ණ වූ උපමාලංකාරයයි. 381. එ ත ර දිනිඳු හිමි දැක විලඹුවෝ හැ මා බ ම ර කිකිණි සැදි සියප්ත මෙවුල්ද මා ති ස ර දිමුතු මුතුහුර පැලඳ මනර මා නොහැර පහස විඳිනට සැඳුණු2 නොව ප මා එතර, තත්සමයෙහි; දිනිඳු හිමි, දිනෙන්ද්රන නැමති ස්වාමියා; දැක, දර්ශනය කොට; හැමා විලඹුවෝ, සකල සරසි කාන්තාවෝ; බමර, භ්රාමර නැමති; කිකිණි සැදි, කිංකිණිකායෙන් සජ්ජිත වූ; සියපත් මෙවුල්දමා, ශතපත්රර ලක්ෂණ මෙඛලාදාමය ද; තිසර, හංස නැමති (හංස යන්නෙන් මෙහි හංසාවලි ගත යුතු) ; දිමුතු, දිප්තිමත් වු; මනරමා, මනොරම වු, මුතුහර, මුක්තාහරය ද; පැලඳ, ප්රුසාධනය කොට; නොහැර, ප්රපස්තාවවර්ජිත නො කොට; පහස විඳිනට, ස්පර්ශය වින්දනය කරනු පිණිස; නොව පමා, ප්රපමාද නො ව; සැඳුණු, සජ්ජිත වුහු.


1. රදු - ද (කිසි) 2. සෑදුණි - 10; සැරුණි - 1


242 ගුත්තිල කාව්යට වර්ණවනා

සං.1. අරුණෝද්ගම කාලයෙහි තාමරසයන්ගේ ප්රපබොධය ආරම්ධ වූ බැව් ද එම තාමරසයන් කරා භෘංගයන් හා හංසයන්ගේ එලඹිම වූ බැව් ද මෙයින් සන්දර්හිත ‍කළෝ. සං. 2. සකල රූපකයෙන් සංකිර්ණ වූ පය්‍්සන්දෙයාක්තාලංකාරයයි. (5.සං.2) මෙසේ අරුණෝද්ගමය දර්ශනය කොට දැන් තදනුයාත වූ සූය්ය්්‍්ද්ගමය දක්වන්නාහු’ සොඳුරු තරුණු’ යනාදි පද්ය්යක් කියත්.

382. සොඳුරු තරුණු සියපත් සිය රැස් වතු ර ඉ ඳු රු දෙසෙන් වැද නුබ ගඟ එක පැති ර අ ඳු රු සෙවෙල් තුරු සියපත් සිසි තිස ර අ තු රු දහන් කර පිරුනෙය ලොව නොහැ ර සොඳුරු, සුන්දර වූ; තරුණු, බාල වූ; සියපත් සිය, ශතපත්ර( බන්ධුහු‍ගේ (සූය්ය්දහ යාගේ); රැස් වතුර, රශ්මි නැමති ජලෞඝස; ඉඳුරු දෙසෙන්, ඓන්ද්රි දිශායෙන්; වැද, ප්රසවිෂ්ට ව ; නුබ ගඟ, නහොලක්ෂන ගංගායෙහි; එක පැතිර, එක ප්රාස්තෘත ව; අඳුරු, අන්ධකාරය නැමති; සෙවෙල්, ශෛවාලය ද ; තුරු, කාරකා නැමති; සියපත්, ශතපත්රුයන් ද; සිසි, චන්ද්රො නැමති; තිසර, හංසයා ද; අතුරු දහන් කර, අන්තර්දානගත ‍කොට; නොහැර, නිරවශෙෂයෙන්; ලොව, ලොකයෙහි; පිරුණෙය, වයාප්ත වි.

සං. 1. සොඳුරු තරුණු සියපත්සිය රැස් වතුර සූය්ය්ය් යාහට කවර අර්ථයකින් ශතපත්රසබන්ධු යයි කියත් ද යත්, සූය්ය්නැ යා‍ගේ උද්ගමනය සමග ශත පත්රතයේ ප්රරබුද්ධ වෙති. එයින් ඔවුන්ගේ ඒ ප්රදබෝධය සූය්ය්ලොකයා විසින් කරනු ලැබේ යයි කිවිහු සංලක්ෂණය කළෝ. තවද සූය්ය් ය යාගේ හස්තයෙහි පද්මයක් ධාරණය කරනු ලැබේ. එයින් ද සූය්ය්ය් දිවය රාජයා හා ශතපත්රමයන් අතරෙහි සම්බන්ධයක් ඇති බැව් සලකා ඔවුන්හට අන්යොළන්ය බනධු යයි කියනු ලැබේ. සං. 2. සකල රූපකාලංකාරයයි. දැන් සූය්යාඇ දය කාලයෙහි ප්ර වර්තමාන වූ විශෙෂ ලක්ෂණයන් වර්ණනය කරන්නාහු ‘බොල් පිනි’ යනාදි පද්‍යය කියත්.

383. ‍බො ල් පිනි බිඳු බැමිය1 අතු නැ මී ය ම ල් මුවරද තොමිය නල හැ මී ය පු ල් තඹරෙහි බිමිය බිඟු බි මී ය ම ල් සැර2 සැව් දැමිය රිය හි මී ය

1. දුමිය - 1; හැමිය - 1; බිමිය - 6(බොල් පිනිබිඳ බිමිය - බොල්, බහල වූ ; පිනිබිඳු, තුෂාර බින්දුහු; බිම්, භූමියෙහි; ඊය, පතිත වුහු) 2. සර - බො‍හෝ


ගුත්තිල කාව්ය වර්ණ‍නා 243

අතු, (තුෂාර ජලයෙන් භරිත වු) ශාඛාවන්; නැමිය, අවනත ව (ඒ හෙතුයෙන්; 327.සං.1); බොල් පිනිබිඳු - බොල්, බහල වු (ඝන වු) ; පිනිබිඳු, තුෂාර බින්දුහු; මිය, භූමියට ; බැ (බෑ), බටවුහු (96. සං.1); මල්මුවරද. පුෂ්ප මකරන්දයෙන්; තෙමිය, තිමිත ව; නල, මාරුතය තෙම; හැමිය, චලිත වී; පුල්තඹරෙහි, ඵුල්ල තාමරසයෙනි; මිය, මධුව, බි (බි) පානය කොට; බිඟු, භෘංග තෙමේ; බිමිය, භ්රිමමාණ වි; රියහිමය, රතිස්වාමි (අනංග) තෙමේ. මල් සැර සැව්, පුෂ්ප ඛාණ චාපය; දැමිය, ප්රනතික්ෂෙප කෙළේයි.

සං. 1. මල්සැර සැව් දැමිය රියහිමිය රතිස්වාමි නම් කාමදෙවයායි. මේ තෙමේ ශ්රි කින්තාව‍ෙග් පුත්රන වු සියලු දෙවියන් අතුරෙන් ඉතා අභිරාම වු රූපසම්පත්තින් ශොභාමත් වු තරුණයෙකි. රති නම් පරම රමණිය රූපසෞන්ද‍ෙය්ය්ත්තපලක්ෂිත වු තරුණ දිව්යාං ගනා තොමෝ මෝහට භාය්ය්ද වි. ඒ අර්තයෙන් මොහුට රතිස්වාමි යන නාමය යෙදේ. දෙවදෙවාංගානවන් නෘත්යද ගිතාදියෙන් පිනවන්නා වු අප්සරස් නම් කාන්තා විශෙෂය ද මොහු‍ගේ ගැතියෝ වෙත්. සත්ත්වයන්ගේ ච්ත්තයෙහි කාම චෙතනාවන් ඉපදවිමෙහි මේ තෙමේ කර්තෘභූත වෙයි. එක් සමයෙක්හි ප්රනසංඛ්යා න (භාවනා) යෙහි යෙදි සිටියා වු ඊශ්වරයාගේ හෘදයෙහි තමාහට පූජොපවාරය පිණිස පැමිණි තරුන පාර්වතිය සම්බන්ධ වු චෙතනාවන් මොහු විසින් අරමුණු කරවන ලදින් ඒ ගැන කොපිත වු ඊශ්වරතෙමේ ස්ව ලලාටාක්ෂියෙන් මොහු දෙස බලා එයින් ‍නිෂ්ක්රා න්ත වු වහ්නිජ්වාල‍ෙයන් මොහුගේ දෙහය හස්ම කරවි (‘තිනෙත්හු විසින් කම් දම්’) එයින් අංග රහිත වුයේ ‘අනංග’ යන නමින් ද ප්රාකට විය. නැවත ඊශ්වරයා ‍ෙගන් ලබන ලද අවසර ඇත්තේ විෂ්ණුහු‍ෙග් අවතාරයක් වු කෘෂ්ණ නම් විරයා හා ඔහුගේ නියත භාය්යාද ව වු රුක්මිණි ‍ෙදවියහට ද පුත්රය ව මනුෂ්යා ලොකයෙහි ඉපද’ප්ර ද්යු්ම්න’ යන නමින් ද ප්රටකට විය. කාමදෙවයාගේ වාහනය නම් කිර පක්ෂයෙකි. ඔහු විසින් තම හස්තයෙහි දුන්නක් ගෙන යනු ලැ‍බේ, ඒ දුන්නහි දණ්ඩ නම් උක් දඩුවකි. දුනුදිය නම් භෘංගාවලියකි. එම ද‍ුන්නට හි පසෙක් ඇත්තේය. එක් එක් විශෙෂ වු පුෂ්පයෙකි. ‘මල්හි’ යන්නෙහි අර්ථ්ය නම් මෙය. ඒ හි පස නම්: අරවින්දමශොකඤච - චූතඤ්ච නවමල්ලිකා නීලොත්පලඤව පඤෛචතෙ - පඤ්චඛාණස්යක සායකාඃ (පද්මය, අශොකය, ආම්ර්ය, ජාතිසුමනාය, නිලෝත්පලය, යන මේ පස පඤ්චඛාණයාගේ ශර‍යෝ වෙත්.) මෙසේ වු මේ හි ගෙන යමකුගේ හෘදයට විද කල එහි උපදින්නා වු වෙදනා නම් කාවචෙතනාවේ වෙත්. රාත්රින භාගය අවසාන වු පසු කාමදෙවයා තම චාපය ප්ර තික්ෂෙප කළේය යන්නෙන් දිවාරම්බය සමග ඔහු‍ගේ බලහිනතාව ද වු බැව් ප්ර කාශ කළෝ.


244 ගුත්තිල කාව්යව වර්ණවනා

සං. 2. මේ පද්යබයෙහි ‘බැමිය’ යන තන්හි ‘බැ’ යනු ද ‘බිමිය’ යන තැනෙක්හි ‘බි’ යනු ද ඡන්දෙහෙතුයෙන් කරන ලද මාත්රාණ හානි ඇති පදයි. ඔවුන්ගේ නියම මාත්රාහයෙන් සිටිකල ව්යෙඛ්යාරනයෙහි දැක්වු සේ ‘බෑ’ කියා ද ‘බි’ කියා ද වෙත්. සං. 3. ඡෙකානුප්රානයෙන් සංකිර්ණ වූ ස්වභාවොක්තියෙහි ද පය්ය්ද මයොක්තයෙහි ද (5. සං.2) සංඍෂ්ටියි. දැන් තවත් උදය වර්ණනයක් කෙරෙමින් සූ‍ ෙය්ය් ස්ද්ගමනය සමග ආකාශස්ත වු දිව්යතරථයා‍ෙග් ප්ර මාණය වූ බැව් දක්වන්නාහු ‘වැද තුල්’ යනාදි පදය්යාක් කියත්.

384. වැ ද තු ල් ළහිරු රැස් යුගනල1 ගිම් ගිහි ණි2 තු රු ම ල් පතළ3 පෙණ4 ගනඳුරු සිඳු සිඳි ණි5 ම න ක ල් කමලු’පුල්වන මිණි ගණ පෙනි ණි6 එ ම ක ල් දෙවෙනි දින දෙව්7 රියද නික්මි ණි8 තුල්, අතුල වූ (මහත් වූ); ළහිරු රැස්, බාලාර්ක රශිම් නැමති; ගිම් ගිහිණි, ඝර්මයෙන් ගහන වු; යුගනල, යුග්න්තවහ්නිය (237. සං. 2.ii ) ; වැද, ප්ර්විෂ්ට ව; තුරු මල්, තාරකා මාලා නැමති; පතළ පෙණ, ප්රාස්තෘත වූ ‍ෙඑණ (මාලා) ඇති; ගනඳුරු සිඳු, ඝනාන්ධකාර නැමති සමුද්ර ය; සිඳිණි, ශුෂ්කි භූත වී; මනකල්, මනස්කාන්ත වු; කමලුපුල්වන, පද්මොත්පලවන නැමති; මිණි ගණ, මණි සමුහය; පෙනිණි. දෘශ්ය මාන වි; එමකල්, තත් කාලයෙහි;‍ දෙවනි දින, (තද්) දිවිතිය දිනයෙහි; දෙව්රියද, දිව්යවරථය ද: නික්මිණි. නිෂ්ක්රා න්ත වී. සං. 1. මෙහි උඩින් ස්වර්ගය ද යටින් පෘථිවිය ද සමග මුළු අන්තරික්ෂය සමුද්රායකට උපමිත කරන ලදි. සමුද්ර යෙහි මතුපිට සිට පතුල දක්වා බලන කල යථා ක්රකමයෙන් මේ ලක්ෂණ ඇති වෙත්. මතුපිට ඓණ මාලා පැතිරි තිබෙත්. එතැන් සිට ජලය වේ. ජලාන්තයෙහි පතුල වේ. පතුලෙහි නානාවිධ වූ මණිසමූහය වේ. ඒ ක්ර මයෙන් මෙහි කර්තෘහු විසින් උපමානයෙන් රූපිත වු සාගරය අකනිටා බඹලොවෙහි සිට නෙත් යොමා බලත්හොත් එහි ඓණ මාලා නම් අන්තරික්ෂයේ උපරිතන වූ දිව්යය විමාන සංඛ්යාලත තාරකා සමුහයි. ජලය නම් එතැන් සිට පොළව දක්වා ගැවසි සිටි ඝනාන්ධකාරයයි. පතුල නම් එම ජලානතයෙහි වු පෘථිවිතලයයි. මණිසමුහය නම් මෙහි නිර්දිෂ්ට කාලයෙහි විකිසිත වු කමලොත්පල වනයයි. කමල යන්නෙන් සියලු

1. යුගකෙල - 11 2. සුවිපුල් ළහිරු රැස්යුගතග වැදගිහිණි - 1 3. පතර - 1 4. පෙළ - 4 5. සිඳුණි - කිසි 6. පෙනුණි - 2 7. දිවු (රියද) -1 8. නික්මුණි - 6

ගුත්තිල කාව්යු වර්ණිනා 245

වර්ගයන්හි පියුම් ද, උත්පල යන්නෙන් සියලු වර්ගයන්හි මහනෙල් ද කියනු ලැබෙත්. එයින් මෙහි කමලොත්පලවනයෙන් අනෙකවර්ණ වූ නානාවිධ මණින් උපමිත් කළෝ, බාලාර්කයාගේ ස්වර්ණවර්ණ රශ්මිය යුගාන්ත වහ්නියට සම කොට දැක්වුහු. මේ වහ්නිය වැද ඓණ සහිත සමුද්‍්මජලය වියලි ගියේය.සමුද්ර යාගේ පතුලෙහි වු මනිසමූහය පෙනි ගියේය යන්නෙන් ස්වර්ණ වර්ණ වූ ළහිරු රැස් වැද තාරකාවෝ නිෂ්ප්ර.බාවොපගත වුහ. ඝනාන්ධකාරය විධ්වංසනප්රා ප්ත විය, පෘථිවිතලයෙහි විකසිත වු නානාවර්ණු පද්මොත්පල සමූහයෝ දර්හන ප්රාවප්ත වුහ යනු මෙහි භාවාර්ථයි සං. 2. ප්රපථම පාදත්රයය සකල රූපකාලංකාරයි. චතුර්ථපාදය ස්වභාවොක්තියි. මුථල්ල සංඍෂ්ටියි. මෙසේ දිව්යෂරතයාගේ ගමනාරම්භය දක්වා දැන් දිවාභාගයෙහි රථයෙන් ගමනය කරන්නා වු මහබෝසතාණන් වහන්සේ විසින් මාර්ගයෙහි දක්නා ලද නානාවිධ වචිත්ර දර්ශනයන් වර්ණනය කරන්නාහු ‘කෙරෙමින්’ යනාදි කව් කියත්. 385. කෙරෙ මි න් සිය යසස බඹ සිරස සේ ස ත් තෙ ද’ගි න් ඉඳුර සුන්1 උණු කරත2 පෝ ස ත් වෙ‍ සෙ ‍සින් තමා දැකි තොස වඩන ලෝ ස ත් බ ල ම න් එසඳ දෙව්ලොව වඩින3 බෝ ස ත් සිය යසස, ස්වකිය කිර්තිය; බඹ සිරස, බ්රනහ්මයාගේ ශිර්ෂයෙහි; සේසත් කෙරෙමින්, හෙවතච්ඡත්ර් කෙරෙමින් (මෙයින් ‍මහබෝසතාණනගේ කිර්ති ප්රෙතාපය බ්රෙහ්මාණ්ඩය කෙළවර කොට උස් ව බැබළි බැව් නිර්ද්ෂ්ට කළෝ); තෙද අගින්, (ස්ව) තෙජස් නැමති අග්නියෙන්; ඉඳුරසුන්, ඉන්ද්රයයා‍ගේ ආසනය (පවා) ; උණු කරත, උෂ්ණ කරත් මුත්; පෝසත්, ප්රරභූ වූ (207); තමා, ආත්මයා; දැක, දර්ශනය කොට; වෙසෙසින්, විශෙෂයෙන්; තොස වඩන, සන්තොෂය වර්ධනය කරන්නා වු ; ලෝසත්, ලොක සත්ත්වයා;බලමින්. අවලෝකනය කරමින් ; එසඳ, තත්කාලයෙහි ;දෙව් ලොව වඩින, දිව්ය් ලොක ගමනය කරන්නා වු; බෝසත්, බෝධිසත්ත්වයන් වහන්සේ - මතු සම්බන්ධයි.

සං. 1. කෙරෙමින් සිය යසස බඹ සිරස සේසත් මහබෝසතාණන් වහන්සේ ස්වකිය කිර්තිය බ්රසහ්මයාගේ ශිර්ෂයට ශෙවතච්ඡත්රො කළ බැව් කිසේය යත්; මහබෝසතාණන් හා මූෂිලයා හා දෙදෙනාගේ වීණා වාදය දක්නා පිණිස දිව්යතලෝකයෙන් දෙවියෝ ද ඇවිත් දිටියහ. මහබෝසතාණන්ගේ ජයග්රරහණයෙන් පසු දෙවි‍තයෝ සොම්නස් ව මල්වැසි වස්වා තම තමන්ගේ දෙව්ලෝ


1. විදුරසුන් - 7 2. කරන - හැම 3. වඩන - 5; මෙද මැනවි. 246 ගුත්තිල කාව්යම වර්ණසනා

බලා ගියහ. එසේ ගිය දෙවියෝ ඒ ඒ දිවයලොකයන්හි උන් වහන්සේගේ කිර්තිමත් ප්ර වෘත්තිය පතළ කළාහ. පසු මහබෝසතාණන් ඉන්ද්රේබවනයෙහි ද වීණාගායනය පිණිස එන බැව් සියලු දිව්‍ය ෙලාකයන්හි කිර්තිත වුව. එයින් ව්යාාප්ත බ්ර්හ්මලොකයෙහි ද එසේ ම කිරිතිත විය. මෙසේ බ්ර‍හ්මාණ්ඩයෙහි ද උන්වහන්සේගේ කිර්තිය පතළ වී ගියෙන් එම කිර්තිය උඩින් බ්ර හ්මාණ්ඩය කෙළවර කොට සිටගත් බැව් මේ ආචාය්ය්්ත යෝ ස්වබුද්ධි චක්ෂුසින් බලා එය බ්ර්හ්මයාගේ ශර්ෂයට ඡත්රැ වියයි කිහු. තවද කිර්තිය නිඃකෙලශත්ව හෙතුයෙන් උපමායෙහිදි ධවල වස්තුවකට සම කොට සලකනු ලබන බැවින් එම යශශ්ජත්ර්ය ශ්වේතවඡත්ර් වියයි දි කිහු. සං. 2. ප්රාථම පාදය උපමායෙන් සංකිර්ණ වූ පය්‍්්ි යොක්තයි. (5. සං. 2) දිවිතිය පාදය උදාත්තාලංකාරයි. තෘතියපාදය හෙත්වලංකාරයි. චතුර්ථ පාදය ස්වභාවොක්තියි. මුළුල්ල සංඍෂ්ටියි.

386. සැ ලී සුපිපි සපු නා තුරුවල1 දිමු තු දි ලි කුසුම් බිඳ බිඳ නම නමා අ තු ඇ ලී ඉඳින කොමළඟ තුනු සිරින් යු තු බැ ලී තැනින් තැන සැදි සොඳ උයන් ව තු සැලි, ‍ශ්වේතවර්ණ වු; සුපිපි, සුපුෂ්පිත වූ; දෝහෝ නො‍හොත් - සැලි (මාරුතයෙන්) කම්පිත ව; සුපිපි, සුපුෂ්පිත වූ; දිමුතු, (එහෙයින්) දිප්තිමත් වු; සපු නා තුරුවල, චම්පක නාග තරු වනයෙහි; අතු, ශාඛාවන්; නම නමා, අවනත කොට කොට; දිලි, ශොබාමත් වූ; කුසුම්, පුෂ්පයන්; බිඳ බිඳ, ආදානය කෙරෙමින්; තුනු සිරින් යුතු, නනු ශ්රි,න් යුක්ත වු; කොමළඟ, සුකුමාරංගනාවන්; ඇලි ඉඳින, ආසක්ත ව හිඳින්නා වු; තැනින් තැන සැදි, ස්ථානයෙන් ස්ථානයෙහි සජ්ජිත වු; සොඳ; සුන්දර වු, උයන් වතු, උද්යා්න වස්තුන්; බැලි, අවලොකනය කෙළේයි.

සං. 1. දිලි කුසුම් - පෙ මෙහි දිලි යනු ඡන්දොහෙතුයෙන් මාත්රානවෘද්ධි කොට දිලි යන්නෙන් සිද්ධ කළ පද රූපයයි. සං. 2. ස්වභාවොක්ත්යි. 387. ක ලා නදන කැලුමෙව් න‍ුබ ත ලා යා දු ලා සරන හසවැළ දිය ත ලා යා ලොලා බමන බිඟුදැල් මන ක ලා යා ප ලා ‍ගොසින් පුල් විල් බල බ ලා යා



1. වැල - 7 ගුත්තිල කාව්යැ වර්ණ නා 247

නුබ තලායා, නහස්තලයෙහි; කලානදන කැලුමෙව්, කලානිධානයාගේ (චන්ද්රවයාගේ)කාන්තිය මෙන්; දිය තලායි, ජලතලයෙහි (ජලය මතුපිට); දුලා, දිප්තිමත් ව; සරන, සඤ්චාරය කරන්නා වු; හසවැළ, හංසාවලින් ඇති‍; (යළිදු) - ලොලා, ලොලයෙන්; බමත, භ්රවමණය කරන්නා වු, මන කලායා, මනස්කාන්ත වූ; බිඟුදැල්, භෘංගජාලයන් ඇති; පුල් විල්, ඵුල්ල තාටාකයන්; බල බලායා, අව‍ලොකනය කොට කොට; පලා ගොසින්, ශිඝ්රමතායේන ගමනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. ක ලා නදන කැලුමෙව් නුඔ තලායා දු ලා සරන හසවැළ දිය තලායා මෙයින් නඩාගයන්ගේ ජලතලයන් ආකාශය මෙන් නිල්වන් ව බැබැළි බැව් ද එහි සඤ්චරණය කරන්නා වූ හංසයන් චන්ද්රමකාන්තිය මෙන් ශ්වෙතවර්ණ් ව විරාජමාන ව‍ු බැව් ද දැක්වුහු. සං. 2. ප්ර්ථමභාගගත උපමායෙන් සංඍෂට වු ස්භාවොක්ත්ය්ලංකාරයයි.

388. අ හ ස් ගඟෙහි වැද එන සුවඳ මද න ලේ ප හ ස් ලදින් සතුටුව කෙළින මිහි ත ලේ1 ව හ ස් බැලුම් ලැබ පුරඹුවන මනක ලේ ද හ ස් ගණන් පුර නරඹමිනි ගිය ක ලේ අහස් ග‍ඟෙහි, ආකාශ ගංගාවෙහි; වැඳ, ඝට්ටිත ව; එන, ආගමනය කරන්නා වු; ස‍ුවඳ මද නලේ, සුගන්ධ මන්ද මාරුතයෙහි (233. සං.1); පහස්, ස්පර්ශය, ලදින්, ප්රිතිලබ්ධ හෙයින්; සතුටුව, සන්තුෂ්ට ව; මිහිතලේ, මහිතලයෙහි; කෙළින, ක්රිමඩනය කරන්නා වු; මනකලේ, මනස්තාන්ත වු; පුරඹුවන, පුරාම්බිකාවන්ගේ; වහස් බැලුම්, විහාස නිරික්ෂණයන් (විහාස නිරික්ෂණය නම් මන්දස්මිතයෙන් යුක්ත වු බැල්මයි); ලැබ, ප්රනතිලාබය කොට; දහස් ගණන්, සහස්ර් සංඛ්යාවත වු; පුර, නගරයන්; නරඹමිනි, නිරික්ෂණය කරමින්; ගිය කලේ, ගමනය කළ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි 389. දු ටු ය ම් සතුන් නෙත් සිත් විසි2 කරන උ දු3 මන ර ම් රුවන් සල්පිල් සිය දහස් සැ දු ය ස4කම් නිමල් පහකුව සියෙනි සම් සු දු දි ටි5 ගම් නියම්ගම් ස් සිරින් පරසි දු


1.මිහිතෙලේ - 2 2. තුටු - 1 3. බදු - 10 4. යහ - 4 5. දුටි - 3 248 ගුත්තිල කාව්යන වර්ණරනා

දුටු, දර්හනය කළා වූ; යම් සතුන්, කවර සත්ත්වයන්ගේ වුව ද; නෙත් සිත්, නෙත්රි ව්ත්තයෙන්; උදු, ඍජුව (නියතයේන); විසිකරන, වශග කරන්නා වු; මනරම්, මනොරම වූ සේ; සැදු, සජ්ජිත කරන ලද; රුවන් සල්පිල්, රත්න පණ්යමශාලාවන්, සිය දහස්, ශත සහස්ර)යන් ඇති; (යළිඳු) - යසකම් මනොශවු (සුධා) කර්මයෙන්;නිමල්; නිර්මල වු; පහකුළු සියෙනි, ප්රා)සාදකුට ශත‍යන්ගෙන් (ප්රා‍සාදකූට නම් මහත් පර්වතයන් සේ විශා වූ ප්රා සාදයි) ‍‍; සව් සුදු, සර්ව ගුක්ල වු; සව් සිරිනි, සකලෛශ්වය්ය්ව යෙන් පරසිදු, ප්රඳසිද්ධ වු; ගව් නියම් ගම්, ග්රාගම නිගමග්රා;මයන්; දිටි, දර්ශනය කෙළේයි. විශෙෂකයි.

සං. 1. ප්රිථමභාගයෙහි හෙත්වලංකාරයෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි.

390. ල ද ඇ ල් ගෙවි1 ලියන් ඉඳ කියන රා ගි ය ම ද ක ල් සිට අසමින් කන් පුරා ගි ය සු ව ඳැ ල් කෙත් රන්දම් සේ පැසි ගි ය සු වි පු ල් සිත් ස‍්තොසින් දැක පිනා2 ගි ය ලද, බොලඳ වූ; ඇල් ගෙවිලියන්, ශාලි ගොපි ලතාවන්; ඉඳ, උපවිෂ්ට ව‍; කියන, කථනය කරන්නා වූ; කන් පුරා ගිය, ශ්රතවණයනි පූරිත කොට ගමන් ගත්තා වූ; රා, රාගවත් වු ‍‍දෝහෝ නොහෝත් රාවසහිත වූ; ගිය, ගිතිකාව; මදකල්, මන්ද කාලයක්; සිට, නිවෘත්ත ව, අසමින්,ශ්රයවණය කරමින්; යළිදු රන්දම් සේ, ස්වර්ණදාමයන් සේ ; පැසී ගිය, පරිණතභා‍වොපගත වූ (“ ශස්ය මඤ්ඡරින් ඇති” යයි අධ්යායහාර කරන්න. පරිණත වූ එහෙයින් ස්වර්ණ වර්ණ වූ ශස්ය මඤ්ඡර්න් ඇති;) සුවඳැල් කෙත්, සුගන්ධ ශාලි‍ෙක්ත්රෙයයන්; දැක, දර්ශනය කොට; සුවිපුල්, අතිවිපුල වූ; සිත් සතොසින්, චිත්ත සන්තොෂ‍යෙන්; පානා, ප්රිොණිත ව; ගිය, ගමනය කෙළේයි.

සං. 1. ලද ඇල්ගෙවිලියන් ඉඳ කියන රාගිය මෙහි ඇල්ගෙවිලියන් යනු විශෙෂණ හෙවත් තුල්යා්ධිකරණ සමාසයෙකි. ඇල්ගෙවි යනු එහි පූර්ව පදයයි. ලියන් යනු උත්තර පදයයි. තුල්යාරධිකරණ සමාසයෙහි වනාහි උක්තපුංස්ක වූ පූර්වපදය පුල්ලිංගයෙහි මෙන් විය යුතු යයි සංස්කෘත මාගධි චෛයාකරණයන් විසින් කියා ති‍බේ, මෙහි පුර්වොත්තර උභය පදය ම ස්ත්රිිලිංගයෙහි යොජිතය. එහෙයින් මෙය යුක්ත වූ සමාසයෙක් ද යනු ප්රයශ්නයෙකි. ඊට ප්ර ත්යුරත්තරය නම් යථොක්ත නයය සිංහල ව්යානකරණයෙහි නියත බැව් නො පෙනේ යනුයි. සිදත් සඟරායෙහි හෙලිලි අඹු = හෙලිල්ලඹු යනු යුක්ත සමාස ‍පදයක් මෙන් පෙන්වා තිබේ. තවද ඇල්ගෙවි යන්නෙන් ස්ත්රික විශෙෂයක් නිර්දිෂ්ට හෙයින් නැවතත් ඊට ලියන් යනු සමාසකර කියනු පුනරුක්ත නො වේ ද යනු තවත් මේ සම්

1. ඇල්ගොවිලියන් - 6, (ලද, බොලඳ වූ; ඇල්ගොවිලියන්, ශාලිගොප ලතාවන්) මේ පාඨය ගත්කල සමාසයා‍ේග පුරවපදය උක්තපුංස්ක වේ. 2. පලා - 5

ගුත්තිල කාව්යව වර්ණරනා 249

බන්ධ වූ ප්රිශ්නයකි. හේ පුනරුක්ත නො වේය යනු ආචාය්ය්ූව මතයයි. මෙහි සමසයාගේ ප්රධධාන පදය නම් ලියන් යනුයි. කෙබඳු වූ ලියන් ද යන වොදතාවට ඇල්ගෙවි ලියන් යනු පරිභාරයි. ලියන් යනු සාමාන්යප ලතාවාචක බැවින් ඇල්ගෙවිලියන් යන්නෙන් විශෙෂ ලතා විභාගයෙක් දර්ශිතය යනු යථොක්ත මතයට කාරණයයි. ඡෙක ප්රැයොගයෙන් තවත් උදාහරණ නම් :- මයූර සන්දෙශයෙහි - ලෙ ව න් බැලුම් කිඳු දිඟුනිල් යොත් ලුව ද නු ව න් යුවල මින් යු‍වලෙකි එහි නොබ ද මෙ ව න් ගුණෙන් රැඳි එබිසෝ ලඳුන් සො ඳ උ ව න් යුත නත මිස වනනු කො ද සැලලිහිණි සන්දෙශයෙහි - සත නෙත දුන් රූසිරි රස අ ඳු න් ව න පත නරලො පුරඳුරු සිරි අ ඳු න් ව න විකුමෙන් දඹදිවැ නිරිඳුන් මු දු න් ව න අප පැරකුම් නිරිඳුට දුල ඳු න් ව න කාව්යරශෙඛරයෙහි - කමිසය දත් සොඳු රු එබමුණු වර සඳුන් තු රු වැලඳි රන්ලිය යු රු බැමිණි අහනක් විය පියක රු එහිම ගහන් සිටි තුඟු බා මො‍හොතින් නුවන් සුල බා බැමිණි ලිය සසො බා එපුත් රුවනග වැදු මහ බා කොකිල සන්දෙශයෙහි - පු න් ස ඳ කිරණ පෙර දිගිනෙත විපු ල් ලේ නන්කොඳ කුමුදු විකසිත වන ඇසි ල් ‍ෙල් දු න් න ඳ සපද තුරුමැද වෙහෙර තු ල් ‍ලේ ම න් බැ ඳ ලගින් කෙවිලඟනක1 තුරු ල් ලේ තවද කව්ලැකියෙහි සිරිසඳ, උමාකත යනාදිය ද තවත් මීට‍ උදාහරණයි. එතකුදු වුවත් මේ ව්යෙවහාරය අතිව්ය ක්ත නුවු අය අතෙහි කලුෂ හෙතුවක් විය හැකි බව ද සැලකිය යුතුයි. සං. 2. හෙත්වලංකාරයයි.

1. කිසි පොතෙක්හි : කොවුලහනක - ද


250 ගුත්තිල කාව්යක වර්ණකනා

391. වන තුරු පටින් දිලිහෙන මනක ලා ව න් සිඳු1 නි ල ර න් සුසැදුණු මිහි ක ලා ව න් මිණි මුතු පෙළින් බබළන මෙක ලා ව න් දැක දැකගොසින් ගං ‍හෝ වැලි ත ලා ව න් මනකලාවන්, මනස්කාන්ත වූ; වන තුරු පටින්, වන නැමති උත්තර පට්ටයෙන් හෙවත් උතුරුසළුවෙන්; දිලිහෙන, විරාජමාන වූ; (යළිඳු) - සිඳු, නිලඹරින්, සමුද්ර් නැමති නිලවස්ත්රරයෙන්; සුසැදුණු, සුසජ්ජිත වූ: මිහි කලාවන්, මහි නැමති උත්තම කාන්තාවගේ (බහුවචනයෙන් උත්තමාර්ථ සූචිතයි); මෙකලාවන්, මෙඛලාදාම රූපක වූ; ‍ෙකබඳු මේඛලාදම ද යත් - මිණි මුතු පෙළින්, මණි මුක්තා පංක්තියෙන්; බබළන, භ්රා;ජමාන වූ; (මේකලාවන්, මේඛලාදාම රූපක වූ); ගං හෝ, ගංගා ස්රො තස් ඇති; වැලි තලාවන්, වාලුකා ස්ථලයන්; දැක දැක, දර්ශනය කොට කොට; ‍‍ෙගාසින්, ගමනය කොට - මතු සම්බන්ධයි. සං. 1. මෙහි පෘථිවිය උතුම් කාන්තාවක්හට සමාන කරන ලදි. නානාවර්ණ විචිත්රව විකසිත පුෂ්පයන්ගෙන් හා කිසලයත්රා දින්ගේන් ශොභාමත් වු වනපංක්තිතොමෝ මේ කාන්තාවගේ උත්තර පට්ටය හෙවත් නානා විධ ස්වර්ණ පුෂ්ප කර්මාදියෙන් සමලංකෘත වු ඔසරිය විය. ස්වභා‍වයෙන් නීලවර්ණ වූ සමුද්රනය තෙම ඈ විසින් මනා සේ හඳනා ලද නිලවස්ත්රවය විය. ගංගා ස්රොවත‍යයන්ගේ උභය පාර්ශ්වයෙහි ආයත ව සැදි සිටියා වු වාලුකාස්ථලය තෙම බඳනා ලද මෙඛලාදමය විය. හේ මැදින් ගලා යන්නා වු නදි නොහොත් හොය වනාහි මේ මෙඛලාදාමයෙහි ඔබ්බන ලද විරාජමාන වු මණිමුක්තා පක්තිය වී, සං. 2. රූපකයෙන් සංකිර්ණ වු උපමායෙහි සංඍෂ්ටි ඇති ස්වභාවොක්ත්ය2ලංකාරයයි.

392. රැගෙන රඳාගත් මෙන් ඉඳුනි ලින් නිල3 න ඟ න සුනිල් ගල විදහා පි ලින් පිල ම ඟ න මොනරඟන වට රැකව ලින් වල ර ඟ න ‍මොනර ගණ දිටි4 මඟ5 ග ලින් ගල ඉඳුන්ලින්, ඉන්ද්රටනීලයෙන්; නිල, නීලවර්ණය; රැගෙන, අප හරණය කොට; රඳාගත් මෙන්, රඤ්ඡනය කර ගත්තාක් මෙන්; සුන්ල්, අතිනිල වූ; ගල, ග්රි;වාව විදහා, ප්රරසාරණය කොට (ආයත කොට); පිලින් පිල, (බර්හයාගේ) පිච්ඡයෙන් පිච්ඡය; නඟන, උන්නත කරවන්නා වූ; (යළිදු) - වල, වනයෙහි; රැක‍වලින්, රක්ෂා ස්ථානයෙන්; මොනර’ඟන වට, මයුරාංගනාවන් හාත්පස;

1. සුදු - බොහෝ 2. තලාවන් - කිසි 3. ලා - (එළිසතරම) - කිසි 4. දු‍ටි - කිස 5. මහ -1 ගුත්තිල කාව්යර වර්ණමනා 251

මඟන, (පරික්ෂාවෙන්)) අවලොකනය කරන්නා වූ, (යළිඳු) - රඟන, නෘථ්ය කරන්නා වු; මොනර ගණ, මයුර සමුහයා; මඟ, මාර්ගයෙහි; ගලින්ගල, පර්වතයෙන් පර්වතියහි; දිටි, දර්ශනය කෙළේයි.

සං. 1. ලාටානුප්රා සයෙන් හා ඡෙකානුප්රාඟසයෙන් ද සංකිර්ණ වූ තව ද ප්රලථමභාගයෙහි උත්ප්රෙනක්ෂාවෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි. 393. බැ හැ ර නොගොස් වැද වැද සිට ර ළි න් ර ළ1 නොහැර පහර දෙන මෙන් යා කු ළි න් කු ළ පැ හැ ර පුලිඟු ඉසිනා අං බ ළි න් බ ළ ළ ත ර මුවන් පොර දිටි2 මඟ ප ළි න් ප ළ බැහැර නොහොස්, බාහ්යිගමනය ‍ෙ‍නා කොට; රළින් රළ, සමූහයෙන් සමූහය; වැද වැද, ප්රනතිවෙශනය කොට කොට; සිට ස්ථිත ව; නොහැර, නිවෘත්ත නො කොට; යාකුලින් කුළ, අයස් කූටයෙන් කූටයට; පහරදෙන මෙන්, ප්රැහාර දානයකරන්නාක් මෙන්; අංඛළින් බළ, ශෘංග භෙදයෙන් හෙදයට; පැහැර, ප්රයහරණය කොට; පුලිඟු, ස්ථුලිංගයන් (ගනිපුපුරු); ඉසිනා, විකිරණය කරන්නා වූ: ළතර , හෘදයස්ථිර වු (පසු නොබස්නා සුලු වු ධෛය්ය්ුර ඇති); මුවන්, මෘගයන්ගේ; ‍‍කෙපාර, යුද්ධ‍යන්; මඟ, ගමන මාර්ගය සම්බන්ධි වූ; පළින් පළ, ස්ථානයෙන් සථානයෙහි; දිවි, දර්ශනය කෙළේය.

සං. 1. නොහැර පහර දෙනමෙන් යා කුළින් කුළ ‘යකුළින්’ යයි කිව මනා තන්හි ඡන්දෙහෙතුයෙන් යකාරස්ථ වු ආකාරයා හට මාත්රාුවෘද්ධි කොට ‘යාකුළින්’ යයි කියන ලදි. ‘ය’ නම් යකඩ නම් වු ලොහවර්ගයයි. යකඩ යන ශබ්දය ද ‘ය’ යන්නෙන් සාධිතයි. ‘ය + කඩ’ යනු යකඩ වේ. අයස්ඛණ්ඩ යනු අන්වර්ථයි. එහෙත් කඩ යනු ‍මෙහි අර්ථ රහිත බැවින් අයස් යනු සමුදාය පදාර්ථයි. ‘ය’ කිවමනා තන්හි ‘යකඩ’ යනු ‘දි’ කිවමනා තන්හි ‘දිකිරි’ යයි කියනු මෙනි. සං. 2 ලාටානුප්රාහසයෙන් සංකිර්ණ වු ද්විතිය තෘතිය පාදයන්හි උපමායෙන් ද අතිශයොක්තියෙන්ද සංඍෂ්ට වූ ස්වභාවොක්තියි.

394 . ගිලි රොනවුල් ම ලිය පෙණ ම ලී ය දිව එන පිලි3 පිලීය පිල4 පි ලි ය සඳ කැලුමෙව් හැලීය ඇද හැ ලී ය හෙනු දිටි ගඟුලැලී ය සිහි ලැ ලී ය5

1. ළා (සත‍රපෙළෙහි ම) - කිසි 2. දුටි - කිසි 3. පිල් - 2; පල - 1 4. පල - හැම 5. සිහිලැලිය ගඟුලැලිය - 5

252 ගුත්තිල කාව්යල වර්ණෙනා

මලිය ගිලි, පුෂ්පයන්ගෙන් ගලිත වූ; රොන්, රෙණුයෙන්; අවුල්, ආකුල වූ; පෙණ මලිය, ඓණ මාලාවන් ද; ඉපිලි ඉපිලිය; සතතොත්පිලුත වෙමින්; දිව එන, ධාවනය කොට එන්නා වු; පිල් අපිලිය, ඵලාඵලයන් ද (මහත් කුඩා ඵයන් ද) යන මොවුන්; ඇද,ආකර්ෂණය කොට; ගඟුලැලීය, ගංගානිර්ක්ධරයන්; හැලිය, කම්පිත ව; හෙනු, පතිත වනු; දිටි, දර්ශනය කෙළේයි. කෙබඳු වූ නිර්ඣරයන්ද යත් - සඳකැලුමෙව්, චන්ද්රනකාන්තිය මෙන්; හැලිය, ධවල වර්ණ වූ; සිහිලැලීය, අතිශිශිර වූ (ගංගානිර්ඣරයන් ඓණ මාලා ඵලාඵලයන් ආකර්ෂණය කොට කම්පිත ව පතිත වනු දර්ශනය කෙළේයි)

සං. 1. ගිලි රොනවුල් - පෙ. මලියගිලි, පුෂ්පයෙන් ගලිත වූ; රොන්, රෙණුයෙන්; අවුල්, ආකුල වූ; පෙණ මලිය, ඓණමාලාවෙන් ද; ඉපිලි ඉපිලිය, සතතොත්ප්ලුත වෙමින්; දිවඑන, ධාවනය කොට එන්නා වු; පිල් අපිලිය, ඵලාඵලයෙන් ද (යුක්ත වු); යළිදු සඳකැලුමෙව්, චන්ද්රවකාන්තිය මෙන්; හැලිය, ධවල වර්ණ වූ; සිහිලැලීය, අතිශිශිර වු; ගුඟුලැලිය. ගංගානිර්ඣරයන්; ඇදහැලීය, (උන්නතස්ථාන යෙන්) ගලිත ව; හෙනු, (නිමිනස්ථානයෙහි) පතිත වනු; දිටි, දර්ශනය කළේයි. යයි සමහරු අර්ථ කියත්. එහි ‘ඇදහැලිය හෙනු’ යන්නට සාධක වූ පාඨයෙක් ථුපවංශයෙහි :-කඩු තලයෙන් මුඛය පියාගෙන ‘කිමෙක්ද නිවට දෙමළැ’ යි බැණ නැඟි රජු‍ගේ මුඛයට විදිමියි හල්ලුකයා හී‍යක් හැරපිය. ඒ හීය ද ගොස් කඩුව පිට වැදි බිම වැටී හීන. සං. 2. දිවඑන පිලිපිලිය පිලපිලිය (i) එසේ ම ‘ඉපිලි ඉපිලී’ යයි කිවමනා තන්හි ඉකාර ලොපයෙන් ‘පිලි පිලි’ විය. ඉන්පසු පද පූරණය පිණිස වූ ‘ය’ කාරාගමයෙන් ‘පිලිපිලිය’ විය. (ii) එසේ ම ‘පිල් අපිල්’ යයි කිවමනා තන්හි සන්ධියෙන් ‘පිලපිල්’ විය. ඉන්පසු ඡන්දොහෙතුයෙන් කරන ලද පදාන්ත ‘ඊ’ කාරාගමයෙන් ‘පිල පිලි’ විය. ඉන්පසු එම හෙතුයෙන් ම කරන ලද පදපූරණ ‘ය’ කාරාගමයෙන් දක්නා ‘පිලපිලිය’ විය. (iii) මෙසේ ඡන්දොහෙතුයෙන් පාදාන්ත ව අර්ධපාධාන්ත ව හෝ වන්නා වු ‘ඊ’ කාරාගමය ද ‘ය’ කාර නම් පදපූරණය ද බන්ධයෙහි නොයෙක් විට ලැබේ. මේ පද්යගයෙහි ම- ගිලි රොනවුල් මලීය පෙණ මලීය යයි කි තින්හි දෙවිටක් ම ඔවුහු පැනෙත් සං. 3. හෙනු දිටි ගඟුලැලීය සිහිලැලීය මෙහි සිහිල් ඇලිය යන උභය පදය ම ශිශිරාර්ථවාචි බැව්න් අධික වචන මධිකාර්ථං ගමයති’ යයි කී නයෙන් ඔවුන්ගේ සමුදායාර්ථය අතිශිශිර යයි වේ. සං. 4. සර්වපාද මධ්යායන්ත ව්යදපෙත යමකයෙන් සංකිර්ණ වූ තෘතිය. පාදයෙහි උපමායෙන් සංසෘෂ්ට වූ ස්වභාවොක්තියි.


ගුත්තිල කාව්යෂ වර්ණොනා 253 395. රන් සරි වස1 නිඟා ය සිහි නි ඟා ය සුරඹ රුසිරුළ ඟා ය කොමළ ඟා ය කිදුරඟනන් ර ඟා ය ගිරි ර ඟා ය ගියේය රිවි මඟා ය මඟ ම ඟා ය රන්සිර‍ිවස, ස්වර්ණ ශ්රිසවත්සයට; නිඟාය, නිග්රා හක වූ; සිහිනිහාය, ක්ෂිහණ වූ මධ්යිදෙශ ඇති; රුසිරු, රූපශ්රියන්; සුරඹ, දිව්යාං ගනාවන්හට; ළහාය. ආසන්නවු; කොමළඟාය, සුකොමළ ශරිර ඇති; කිඳුරඟනන්, කින්නරංකලාවන් ගේ; ගිරි රඟාය, පර්වත නර්ත මණ්ඩලයන්හි (කරනු ලබන්නා වු); රහාය, නෘත්යායන්; මඟ මඟාය. අවලොකනය කොට කොට; රවි මඟාය, සූය්ය්න් පථයෙහි; ‍ගි‍ෙය්ය, ගමනය කෙළේයි.

සං. 1. රන් සිරිවස නිඟාය සිහිනිඟාය (රන්සිරිවස, ස්වර්ණ ශ්රිහවත්සයට නිඟාය, නිග්රාංහක වූ ; සිහිනිහාය, ක්ෂිෙණ වු මධ්යයදෙශ ඇති.) ශ්රිර විෂ්ණු දිව්යරරාජ‍යාගේ වක්ෂඃස්ථලයෙහි එක්තරා රොමරාජියක් තොමෝ විශෙෂ ලක්ෂණයක් වශයෙන් විරාජමාන වේ. හෝ තොමෝ දක්ෂිණාවර්තය වරණයෙන් ශුක්ලය. අලංකාරවත් ගෙත්තමින් සරහන ලද උඩැක්කියක් ගෙන කෙළින් සිටුවන ලද්දේ නම් එහි රූපාකාරය යම් සේ වන්නේ ද මෙහි රූපාකාරය ද එබඳුය. සිහින් වු මධ්යේදෙශය උභය වස්තුයෙහි ම සාධාරණ වූ විශෙෂ ධර්ම ය හෙයිනි. ඒ මේ රොමරාජිය නම් ශ්රමවස්ත යයි. ජලයෙන් ජනිත වූ කෞස්තුහ නම් ප්රනභාවත් මණිරත්නය ද විෂ්ණුහු විස‍ින් ‍ෙම රොමරාජිය ට ආසන්න ව පලඳිනු ලබන බව පෙනේ. කියන ලද මැයි- ප්ර‍භානුලිප්තශ්ර් වත්සං - ලක්ෂපමිවිභ්රකමදර්පණම කෞස්තුභාඛ්යහ’මපාංසරං - බිභ්රාබණ ව්ය තො රසා ස්වකිය ප්රයභාවෙන් අනුලෙප කරන ලද ශ්රි වතස ඇති, ලක්ෂ‍මියගේ ලිලා‍වන්හට දර්පණ වු කෞසතුහ නම් වු ජල‍යන්ගේ සාරාංශයට මහත් වක්ෂසස්ථලයෙන් උසුලන්නා වු - විෂ්ණුහු යනු විශෙෂයයි. දුටහ යනු ශෙෂයි. කින්නරාංගනාවන්ගේ මධ්යනදෙශය වූකලි ක්ෂියණ භාවයෙන් මේ ශ්රිසවත්සය දිනයි. වර්ණයෙන් ස්වර්ණය දිනය.එහෙයින් සමුදායෙන් ස්වර්ණමය වු ශ්රි්වත්සයෙක් අත්නම් ඒ දිනයි. මෙහි ස්වර්ණ ශ්රිසවත්සය වනාහි සමභාව්යේයි. එනම් ච්තතයෙන් උත්පාචිත කොට අවලොකනියයැ. සං. 2. (i) සර්වපාද මධ්ය‍න්ත ව්යමපෙත යමකයෙන් සංකිර්ණ වූ ප්රතථම පාදයෙහි ප්ර තීපාලංකාරයෙන් ද(198. සං.3. i) ද්විතිය පාදයෙහි උපමාලංකාරයෙන්ද සංඍෂ්ට වූ ස්වභාවොක්තියි. (ii) මෙහි ප්රාථම පාදගත ප්ර9තිපාලංකාරය වනාහි සම්භාවනායෙන් ද සංකිර්ණය.


1. සිරිවැස - කිසි 254 ගුත්තිල කාව්යත වර්ණපනා

1. සම්භාවනායෙහි ලක්ෂණ මෙසේ කිහු; සම්භාවනං යදිත්ථං ස්යාල - දිත්යුංහො’න්යෙස්යය සිද්ධයෙ (ඉදින් මෙසේ වි නම් අන්ය ක්හු‍ගේ සිද්ධිය පිණිස වන්නේ යයි ඌහනය හෙවත් චිතර්කණය තෙම සම්භාවනාලංකාරයයි. ඊට නිදසුන් මෙසේ දැක්වුහු: යදි ශෙෂො භවෙද් වක්තා - කථිතාඃ ස්යුනර් ගුණාස්තව (ඉදින් අනන්තයා වක්තෘ වී නම් තොපගේ ගුණ කියන ලද්දාහු වෙත්.) 2. ප්රනතිපාලංකාරයට මෙහි යෙදෙන්නා වු ලක්ෂණ මෙසේයි. වණි්යදනාන්යවස්යොරපමායි - අනිෂ්පත්තිවවශ්ච තත් (ප්රනස්තුත වස්තුව හා සදෘශභාවයට අප්රවස්තුත වස්තුවගේ ‍නො පැමිණිමෙහි වචනය ද එමයි හෙවත් ප්රාතිපයි.) ඊට නිදසුන් මෙසේ දැක්වුහු: මුධාපවාදො මුග්ධාක්ෂි - ත්වන් මුඛාහං කිලාම්බුජම් (එම්බා සුන්දරාක්ෂිය අනර්ථ වු අපහාස වචනයක් පවති. පද්මය තෙම තොපගේ වක්ත්ර්යට සමානලු.) වක්ත්රකය පද්මයට වඩා අත්යතර්ථයෙන් ශොභමාන හෙයින් යථොක්ත වචනය තෙම අනර්ථ වූ අපහාසයකි. 396 . පැ මි ණි ස‍ඳෙහි අඹරට තම නොපිහි කු ළු නෙමිණි1 රැසින් නන් පැහැ කරන ගන කු ළු ගි හි ණි සුරඹ ලිය කිඳුරන්ගේන ල කු ළු පෙනිණි2 සුවාසු දහසක් හිමව් කු ළු තම, අන්ධකාරයෙන්; නොපිහිකුළු,ප්රළතිකෘෂ්ට නුවු (මුවහ නුවු); අඹරට, ආකාශයට; පැමිණි ස‍ඳෙහි, ප්රා,ප්ත වූ කල්හි; නෙමිණි රැසින්, අනෙක මණි රශ්මියෙන්; ගන කුළු, මෙඝ කූටයන්; නන් පැහැ කරන, නානා වර්ණ කරන්නා වූ: (යළිඳු) - ගිහිණි, ගහන වූ; සුරඹ, දිවයාංගනාවන්ගේන් හා; ලිය කිඳුරන්ගෙන්, ලතා කින්නරයන්ගෙන් ද (කින්නර ලතාවන්ගෙන් යයි යූසේයි); දෝ හෝ නො‍හොත් - ලිය කිඳුන්ගෙන්, ලය කින්රයන්ගේන ද (ලය කින්නරයෝ නම් කෘත්යි ගිත වාදිත ත්රසයෙහි නියුක්ත වූ කින්නරයෝයි) ; ලකුළු, අලංකෘත වූ; හිමව් කුළු, හිමාලය කූටයන්; සුවාසු දහසක්, චතුරශිත් සහස්රනයක්; පෙනිණි, දෘශ්ය මාන වී,

සං. 1. පෙනිණි සුවාසූ දහසක් හිමව් කුළු සතර මහාද්විපයන් (367. සං.1) අතුරෙහි දස දහසක් යොදුන් දිගු පුළුල ඇති ජම්බුද්විපයෙන් සාරදහසක් යොදුන් පමණ තැන් පරිභොගාර්භ ජනයන්ගේ කුශල ක්ෂයයයේන මුහුදු විය. තුන්දහසක් යොදුන් තැන් හිමාලය පර්වතය විය. තුන්දහසක් යොදුන් තැන් සයානූලක්ෂයක් පටුන්ගමින් හා සපණසක් රුවන් ආකාරයෙන් හා නවානූලක්ෂ්යාක් ද්රොනණ මුඛයෙන් හා 1. ‍නොමිණි - 9 2. පෙනුණි - කිසි

ගුත්තිල කාව්යි වර්ණරනා 255

උත්තම මධ්යවම අධම කාලයෙහි සුවාසු දහසක් තෙසැට දහසක් ඒ සියක් රාජධානියෙන් යුක්ත වු ජම්බුද්විපය මනුෂ්යෙන්ට වාසස්ථාන විය. හිමාලය පර්වතය අයම්විතරන් තුන් තුන් දහස් ‍‍යොදුන් පමණ විය. උසින් පන්සියයක් යොදුන් පමණ විය. සුවාදූදහසක් රන්රිදි පර්වතවල්නි ප්රනතිමණ්ඩිත විය. එයින් කීය පූර්වාචාය්ය්නු යන් විසින් - යොජනානං සහස්සානි - තිණි ආයත විත්ථතො චතුරසීති සහස්සෙහි - කූටෙහි පතිමණ්ඩිතො - යි ඒ හිමාලය පර්වතය හිමයට වාසස්ථාන ව රිදි පර්වතයක් මෙන් දුරට පෙනෙන හෙයින් හිමාලය පර්වතය නම් විය - සද්ධර්මරත්නාකරය. සං. 2. ස්වභාවොක්තියි. 397. ම න ක ල් නිමල් සරනා සක්වළ නිබ ඳ කෙළිලොල් වතළ මින් රළ රළ ‍‍ගොස පබ ඳ සු වි ස ල් නොයෙක1 තැන දිසි ගිරිකුළු නොම ද ග න ක ල් අහස මෙන් දිටි නිල් මහ මුහු ද නිල් මහ මුහුද, නීල වර්ණ වු මහා සමුද්රුය; ගනකල් අහස මෙන්, මෙඝ කාලයෙහි ආකාශය මෙන්; දිටි, දර්ශනය කෙළේය. කෙබඳු ලක්ෂණයෙන් විශිෂ්ට වූ නීලවරණ මහා සමුද්රහයා ද කෙබඳු ලක්ෂණයෙන් විශිෂ්ට වූ මෙඝ කාලයෙහි ආකාශය ද යනු ශෙලෂාලංකාර ම‍ුඛයෙන් දර්ශනය කළෝ. (සමුද්රා පක්ෂයෙහි); මනකල්, මනස්කාන්ත වූ; නිමල්, නිරමාලාවන්: සරනා, සරණය හෙවත් ගමනය කරන්නා වු; සක්වළ, චක්ර වාලයෙන්; නිබඳ, නිබද්ධ වු (සීමාකරන ලද්දා වු); (යළිදු) - කෙළිලොල් වතළ, ක්රි,ඩා ලොලයෙන් විස්කෘත වූ; මින් රළ, මත්ස්යි සමූහ ඇති; පබඳ, ප්රිබන්ධ වු (මහත් වු හෝ අඛණ්ඩ වු); රළ ‍ගොස, තරංගඝොෂ ඇති; සුවිසල්, අති විශාල වූ; (යළිදු), නොයෙක තැන, අනෙකස්ථානයෙහි; දිසි, දෘශ්යුමාන වු; නොමද, බොහෝ වූ; ගිරිකුළු, පර්වතකූට ඇති - දොහෝ නොහොත් - (මෙඝකාලාශය පක්ෂයෙහි): මනකල් මනස්කාන්ත වු; නිමල්, නීරමාල; වන්; සරනා, සරණය කරන්නා වු; සක්වළ, චක්රනවාලයෙන්; නිබඳ, නිබද්ධ වු, කෙළිලොල් වතළ මින්රල රළ - කෙළි ලොල්, ක්රි;ඩා ලොලයෙන්; වතළ විස්තෘත වු; මින් රළ රළ, මිනරංක සමුහ ඇති (මිනරංක යනු මත්ස්ය යන් කෙරෙහි කෘපණ වු හෙවත් ලොල් වු අර්ථයෙන් පිලිහුඩුවන් කෙරෙහි ද වැහි ලිහිණියන් කෙරෙහි ද වැටේ. මෙහි වැහිලිහිණි ගැනෙත්); පබඳ, ප්ර බන්ධ වු; ගොස, නිර්ඝොෂ හෙවත් ගර්ජන ඇති; සුවිසල්, අතිවිශාල වූ; නොයෙක තැන දිසි නොමද ගිරිකුළු - නොයෙක තැන, අනෙක සථානයෙහි; දිසි, දෘශ්යොමාන වූ; නෙමද, බොහෝ වු; ගිරි කුළු, වලාහක කූටයන්

1. නොයෙක් - බොහෝ


256 ගුත්තිල කාව්යව වර්ණහනා

ඇති; (ගනකල් අහස මෙන්. මෙඝකාලයෙහි ආකාශ‍ය මෙන්; නිල් මහ මුහුද, නිල වර්ණ වු මහා සමුද්රකය; දිටි, දර්ශනය කෙළේය.)

සං. 1. කෙළිලොල් වතළ මින් රළ රළ ගොස පබඳ සංස්කෘත ‘මිනරංක’ යනු ශුද්ධ සිංහලට ‘මින් රළ’ යයි බිඳි ඊම ‘රාජක යනු’රදළ’ යයි කියි ද, ‘ශිඛා’ යනු ‘සිළු’ යයි කියා ද, ‘අංක’ යනු ‘ඇක’යයි බිඳි ඉන්පසු ‘ඇළ’ යයි කියා ද බිදි ඊම මෙනි. සං. 2. සුවිසල් නොයෙක තැන දිසි ගිරි කුළු නොමද ‘ගිරි’ යනු වර්තමාන ව්යැවහාරයෙහි පර්වත වාචි පමණෙකි. එහෙත් පෙරකළ දඹදිව වැසි ජනයෝ අහසෙහි ගමන් කරන්නා වු වලාහක කූටයන් දැක ඔහු වනාහි පියාපත් ඇති ව පියාසර කරන්නා වු පර්වත කූටයෝ යයි සැල කූහ. දෘෂ්ටිමණ්ඩලය අවට නොයෙක් විට මේඝකූට පංක්තින්ගේ ස්ථිතිය පර්වතකූටපංක්තීන්ගේ ස්ථිතිය මෙන් පෙනි යෑම මීට හෙතුභුත විය. මේ කරණ ‍කොට ගෙන යථොක්ත ජනයන්ගේ ව්යිවහාරයෙහි පර්වත වාචි වූ නොයෙක් වචන අර්ථවිහෙෂ හෙයින් මෙඝවාචි ද වුහ. ‘ගිරි’ යනු එයින් එකකි. ‘අශ්මන්, ග්රා්වන්, පර්වත, ගොත්රර’ යනාදිහු ද තවත් මීට නිදසුන් වෙත්. කියන ලද මැයි - (අහ්නො ද්වාදශනාමානි) - මෙඝො’බ්භ්රාං පර්වතෝ’සුරඃ අශ්නො ගොත්රොව ඛලො ග්රාකවා - වෘෂන්ධි ර්වෘත්ර ඔදනඃ පුරු‍ෙ‍භාජා අද්රිාරශ්මා - වලිශානෝ ගිරිශ්චරුඃ උපරඃශම්බරඃ කොශ- උපලශ් වමියො ව්ර ජඃ

  වරාහෝ රෞහිණහෛවච - රෙවතො’හිර් බලාහකඃ

දෘතිඃ එලිග ඉත්යෙහචං - ත්රිංෙශන් ‍නාමානා වාරිදෙ

සං. 3. අභින්නපද ශලෙ‍ෂොපමාලංකාරයයි 398. මිණි පේකඩින් බඳ නිල් මිණි තලා පි ට සුර ලොව රිදි ටැම් දක්නට පළමු කො ට දිසි නිමිතෙව් සිලිලෙන් මද නිකුත් කො ට ගුරුළුන් රැගත් උරගුන් දිටි1 සයුර පි ට සුරලොව, දිව්යි ‍ලොකයෙහි; නිල් මිණි තලාපිට, නිල මණි ස්ථල මතුයෙහි; මිණි පේකඩින්, මණි කර්ණිකා මණ්ඩලයෙන් යුක්ත කොට; බඳ; බද්ධ වු; රිදි ටැම්, රජතමය සතම්භයන්; දකිනට. දර්ශනය කිරිමට; පළමු කොට: ප්රිථමයෙන්; දිසි, දෘශයමාන වූ

නිමිතෙව්. ලක්ෂණය මෙන්; ගුරුළුන්, ගරුඩ යන් විසින්; සිලිලෙන් මද නිකුත් කොට; සලිලයෙන් මන්ද නිෂ්ර ක්රාුන්ත කොට; රැගත්. ගෘහිත වූ; උරගුන්, සර්පයන්; සයුර පිට; සාගරය මතුයෙහි; 

1. දුටි - කිසි


ගුත්තිල කාව්ය වර්ණසනා 257

සං. 1. නිර්මල වු නිලවර්ණ වු සාගර පෘෂ්ඨය ස්වර්ගයෙහි නිලමණි භූමිය මෙන් වි. සාගර ජලයෙන් මන්දනිෂ්ක්රාමන්ත වු සර්ප ශරිරයෝ වනාහි ‍එම භූමියෙහි බඳන ලද රජතමය සතම්හයන් මෙන් වුහු. සර්පයන් ග්රරහණය කොට උඩින් සිටි ගරුඩරාජයෝ එම යතම්හයන්ගේ මණිමය කර්ණිකා මණ්ඩලයන් මෙන් දෘශ්‍යමාන වුහු. මහා සමුද්ර්යෙන් යට රසාතලය හෙවත් පාතාලය වෙයි. පාතාලය නම් නාගයන්ගේ ලොකය හෙවත් භවනයයි. මනුෂ්යව ලොකයෙහි මනුෂයයන් සේ ම නාගලොකයෙහි නාගයෝ ද බොහෝ ශ්රිය සම්පත්තින් සමෘද්ධ ව වාසය කෙරෙත්. ඔවුන් ට ද රාජ රාජ මහා මාත්යො කුලජ්යෙිෂ්ඨාදි උත්තමයෝ ඇත්තාහ. ඔවුන්ගේ අග්රජපුරි‍ හෙවත් ‍රාජධානි තොමෝ භොගවති නම් වේ. මොවුන්ගේ මානවිකාවෝ වනාහි දව්යාං ගනාවන් සේ රූපශ්රිගන් සම්පන්නයහ. ඔව්හු ශික්ෂාහෙතු වු සියලු වද්යාගශිල්පයන්හි නිපුණව සදාචාර සමුපෙතයහ. ප්රනකෘත් වශයෙන් නාගයෝ වනාහි මුහුණකින් ද එණ මණ්ඩලය සහිත වු ග්රිෙවාවකින් ද සර්ප ශරිරයකින් ද යුක්ත වු සත්ත්ව විශෙෂයකි. එහෙත් කැමති විටෙක මුළු මනුෂය ශරිරයක් මවාගැනිමට ඔවුන්හට ඍද්ධි තිබේ. මේ සත්ත්වයෝ නිසර්ගයෙන් ගරුඩයන්හට ගොචර වෙත්. ගරුඩරාජයකු වෙගයෙන් අවුත් පක්ෂ පත්ත්රයද්වයෙන් සමුද්රෙජලයට ගැසු කල ජලය බෙදි පාතාලය දක්වා විවෘත වෙයි. එවිට යම් නාගයෙක් ගරුඩයිහට අබිමුඛ වන්නේ ද ඒ නාගයා රැගෙන ගරුඩ තෙමේ අහසට පැන නගි. මෙහි පාඨයෙහි දක්වන ලද්දේ එසේ නාගයන් ග්ර හණය කොට ගරුඩයන් අහසට පැන නැග සිටි නියාවයි. මේ නාගයන් රජතමය සතම්බයන්ට සමකළ හෙයින් ඔවුන්ගේ ශරිරයන් අතිධවල වර්ණ වු බැව් ප්ර්තිත කළෝ. සං. 2. වස්තුන්ප්රෙ‍ක්ෂාලංකාරයයි. ඊට නිදසුන් මෙසේ දැක්වුහු. රාජ්යා්භිෂෙකමාඥය - ශම්බරා සුරවෛරිණඃ සුධාබිර්ජගතිමධ්යංෙ - ලිම්පතිව සුධාරකරඃ (ශබ්බරා’සුර වෛරිහුගේ හෙවත් කාමදෙවයාගේ රාජ්යාඃභිෂෙකය ආඥප්ත කොට චන්ද්ර්යා අමෘතයන්ගෙන් හෙවත් ස්වකිය අමෘත අශ්මින් ගෙන් ලොකාභ්යභන්තරය ආලිප්ත කරන්නාක් මෙන් වි)

399. ව ලා පෙළින් ගැවසුණු මෙන් සුනිල’ඹ ර දු ලා උලැඟි රළ පතරනි පිරි නිතො ර ග ලා සිටින සිඳු මැද සක්වල අත ර බ ලා කොදෙව්1 සහ මහ දිවයින් සත ර සුනිල’ඹර, අතිනිලාකාශය; වලා පෙළින්, වලාහක පංක්තියෙන්;ගැවසුණු මෙන්, ගහන වූ සේ; දුලා, දිප්තිමත් ව: උලැඟි උද්ගත වූ; රළ පතරින්. තරංග ප්ර්ස්තාරයෙන්; නිතොර, නිරන්තරයෙන්; පිරි, පුර්ණ වු; (යළිදු) - සක්වළ අතර, චක්රලවාලාභ්යනන්තරයෙහි; ගලාසිටින, ව්යා්ප්ත ව සිටින්නා වු; සිදු,

1. කොදිව් - 1 258 ගුත්තිල කාව්ය් වර්ණෙනා

සමුද්රකයාගේ; මැද, මධයයෙහි (ප්රභතිෂ්ඨිත වු); කොදෙව් සහ, කුඩා ද්විපයන් හා; මහ දිවයින් සතර, මහාද්විප චතුෂ්කය; බලා, අවලොකනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. ගලා සිටින සිඳු මැද සක්වළ අ තර බලා කො‍දෙව් සහ මහ දිවයින් ස තර යට අජටාකාශ මත්තෙහි නවලක්ෂ සැටදහසක් යොදුන් බොල ඇති වාපොළොව පිහිටියේය. ඒ වාලොළොව මත්තෙහි සාරලක්ෂ අසූදහසක් යොදුන් බොල ඇති ජලපොළොව පිහිටියේය. ඒ ජලපොළොව අනන්තා පරියන් හැම සක්වලට ම ආධාර ව පැතිර සිටියේය. ඒ ජලපොළොව මුදුනෙහි පිහිටියා වු සියලු සක්වළවල් පාංශු ජල ශෛලාදියෙන් මදක් තබා පිරූ පාත්රළ සමුහයක් වටින් වට ගසා දිය පිටි තැබුවාක් මෙන් පිහිටියෝ ය. එයින් සක්වළ තුනක් එක් වු තැන් අතුර තුනැස් ව‍ූ අවකාශයෙහි ලොකාන්තරික නරකය අප්රපමාණ ව පිහිටියේය. විෂයක්ෂෙත්ර‍, ආඥක්ෂෙත්රක, ජන්මක්ෂෙත්රන යයි කියන ලද ඒ හැම සක්වළවල සලපොළොවෙහි පටන් බ්ර‍හ්මාණ්ඩය දක්වා චක්රරවාඩ පය්ය්කි න්ත ව මේ අතුරෙහි පිහිටි ධාතු ජිව මූලාදි වූ පෘථිවි පර්වත දවිප වෘක්ෂලතා දෙව බ්රරහ්ම භවනාදි වු සියලු වස්තුන් ම සාධාරණ උවත් ඒ හැම සක්වළින් මේ මඟුල් සක්වළ ගුණානුභාවයෙන් උතුම් වන්නේය. සියලු අර්ථයෙනුදු වැඩිතරම් වූයේය. මේ සක්වළෙහිත් යට එක්ලක්ෂ විසි දහසක් යොදුන් ඝනකඩ බෝල් යල පොළොව එක්ලක්ෂ විසි දහසක් ඝන වු පස්පොළොව දරාගෙන පැතිර චක්ර්වාඩ පර්වතය වටින් උද්ගතව සිටිනේය. ඒ සල පොළොවත් පස් පොළොවත් එක් වදෙලක්ෂ සතළිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළොව යයි ලෝකප්රසස්ද්ධ විය. එහි මුදුනෙහි සුවාසු දහසක් යොද‍ුන් ගැඹුරු වු මහා සමුද්රරය වටින් සතිස්ලක්ෂ දහසක් තුන්සිය පණස් යොදුන් පමණ වු සන්වළගබ පැහැර සිටිනේය. ඒ සමුද්රරය අතරතුර පිහිටි සතර මහත්ද්විපයෙන් එකි එකි දිවයිනක් පිරිවරා පන්සියයක් කොදෙව් බැගින් දෙදහසක් කොදෙව් පිහිටියේය - සද්ධර්මර්තනාකරය. (දැන් 367 නෙන් කවෙහි සං. 1.බලන්න) සං. 1. උපමායෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි.

400. පෙර සුර පුරට පවුරෙව් මෙර වටා සි ටි ස මු දු ර තරඟ සෙමෙරට1 ලූ2 කිරණ මි ටි යු ග දු ර3 පටන් අඩකින්4 එකිනෙකට මි ටි ම න හ ර රුවන් සත් කුලපව් වළලු5 දි ටි 1. සෙමරට - ද 2. වු - 1 3. යුගරද - 1 4. අඩෙකින් - 3 5. සත්කුල පච්චනුත් - 3 6. දුටු - 3

ගුත්තිල කාව්යත වර්ණළනා 259

පෙර සුර පුරට, පූර්ව සුරපුරයට (අසුර භවනයට); පවුරෙව්. ප්රා.කාරයක් මේන්; මෙර වටා, මෙරුපර්වතය සිසාරා; සිටි පිහිටියා වු; (යළිදු) සමුදුර තරඟ, සමුද්රාතරංග නැමති; සෙමෙරට, චාමරයන්ට: ලු,බාහලන ලද; කිරණ මිටි, කාන්ති නැමති මුෂ්ටින් ඇති; (යළිදු) යුගදුර පටන්, යුගන්ධරය ආදිකොට; අඩකින්, අර්ධයකින්; එකිනෙකට, අන්ය)යෙන් අන්ය්යට; මිටි. නිම්න වු; මනහර, මනොහර වු; රුවන්, රත්නයන්ගේන යුක්ත වු; සත් කුල පව් වළලු, සප්ත කුල පර්වත වලයයයන්; දිටි, දර්ශනය කෙළේයි.

සං. 1. පෙර සුරපුරට පවුරෙව් මෙර වටා සිටි පූර්වසුර නම් වු අසුරයන් දෛත්යතය දානවය යනු විශෙෂක නම් වේ. දිතියගේ පුත්රක පෞත්රාුදිහු දෛත්‍සුයෝ නම් වෙත්. එසේ ම දනු නම් කාන්තාවගේ පුත්රුපෞත්රාෞදිහු දානවයේ නම් වෙත්. මොවුන්ගේ ප්රයථම නිවාස භූමිය මහාමෙරු මස්තකයෙහි පිහිටි ප්රවවරාති සුන්දර අප්ර මෙය ශ්රිි සම්බාර මනොහර වූ අමරාවති පුරය රාජධානි කොට ඇති වර්තමාන දිව්යාරවාසය විය.. අදිතියගේ පුත්රභ පෞත්රාොදි වු ආදිත්යජයෝ හෙවත් දිව්යියෝ මොවුන් වෙත තරයේ වෛර බැඳ ශක්රියාගේ ආධිපත්යයයෙන් බොහෝ යුද්ධ කොට ‍අනෙකවාර පරාජය ලැබ අන්තිමයෙහි මොවුන් අභිභවනය කොට ඔවුන්ගේ අතුල්යද ශොභන වූ ප්ර චුරාබිරාම වු රාජ්ය ය පැහැර ගෙන, (මහා මෙරු පර්වතය තෙම පාතාලයෙහි අන්ය පර්වත තුනක් මතුයෙහි පිහිටා තිබෙයි. සං.2) ඒ ත්රියකූටාභයන්තරයෙහි ව‍ු දසදහසක් යොදුන් පමණ වූ ප්රහදෙශයට ඒ මේ දෛත්යග දානවයන් නෙරපා ලූහ. මෙසේ පූර්වයෙහි සුර පුරය හිමි වුවන් බැවින් මොවුන්හට ‘පෙර සුර’ යන නාමය යෙදේ. මාහ මෙරු පර්වතයාගේ අධොභාගයෙහි දැන් ඔවුන්ගේ භවනය ඇති හෙයින් එම පර්වතය අවට සිටියා වු යුගන්ධරාදි පර්වත වළලු වනාහි අසුරපුරයට ප්රාමකර සේ වි යයි මෙහි උත්ප්රෙිකෂාලංකාරයන් කිහ. 398. සං. 2.(මෙරු පර්වතයාගේ විස්තර පිණිස මිට අනතරු සංලක්ෂ්යාය බලන්න.) ‘මෙර වටා සිටි’ ‍යන‍ මෙහි ‘වටා’ යනු ප්ර කෘති වු නිපාත පදයක් මිස ඡන්දස් පිණිස ‘වට’ යන්නෙන් මාත්රා්වෘද්ධි කොට නිපදවන ලද්දක් නො වේ.

සං. 2. යුග දුර පටන් අඩකින් එකිනෙකට මි ටි මනහර රුවන් සත්කුලපව් වළලු දි ටි

තවද මහමුහුද කෙතෙක් කල්වැසිවටත් නියං කළත් අඟලක් පමණත් අඩුවැඩි නො වන්නේය. තවද මේ මහැ සමුද්රයය හැමකල්හි ක්ෂුවද්රි මහත් වට දිගු ආදි අනෙකවිධ ම‍ුතු ද රතු නිල් ආදි නොයෙක් පැහැයෙන් යුක්ත මැණික් ද වංශවර්ණ මහරිමල් වර්ණාදි ව‍ු අනෙකවිධ වු වෙරළුමිණි ද දක්ෂිණාවෘතත දඹොදර ධමන සංඛාදි අනෙක හෙද වු සක් ද සෙත කාළ මුග්ග වර්ණාදි වු විවිධ ශෛල ද කුදු මහත් මදරත් ඝනරත් දිඟු ලුහුඩු වු නානාවිධ පබළු ද කර්බුරාද් වු ‍ොනයෙක් පැහැඇති මැසිරිගල්දැයි මෙසේ අපමණ වු රත්නයෙන් බබළන්නේය.

260 ගුත්තිල කාව්යා වර්ණ නා ඒ මහමුහුද මැද සල පොළොවෙහි පටන් පැන නැඟි ත්රිපකූට නම් වූ පර්වත තුනක් මුදුනෙහි එක්ලක්ෂ අට සැට දහසක් යොදුන් උෂ ඇති හෙරිසණ්ඨාන වු අෂ්ට වර්ණයකින් බබළන මහාමෙරු පර්වතය පිහිටියේය. ඒ මහමෙර සුවාසූදහසක් යොදුන් මුහුද ගැලි සිටිනේය. සුවාසු දහසක් යොදුන් උද්ගතව සිටින්නේය. ඒ මහමෙර පල්ලේ ත්රිදකූට අතර දසදහසක් ‍යොදුන් පමණ තැන් අසුර භවනය පිහිටියේය. ඒ මහාමෙරු පර්වතය සතර මහදිග සතර පැහයෙක. සතර අනුදිග සතර පැහැයෙකැයි අට පැහැයෙක් ඇත්තේය . එයින් පුර්වදිගු පළිඟුවන් සුදු පැහැය; දකුණු දිග ඉඳුනිල් මිණිවන් පැහැය: පශ්චිම දිග පබළුවන් රත් පැහැය; උතුරු දිග ඝනරන්වන් පැහැය; ඊශන දිග සුදුරන් වන් මිශ්රමක වු පැහැය; අග්නිදිශාව සුදු නිල්මිශ්රහ පැහැය; නිරිත රත් නිල් මිශ්රර වු පැහැය; වායුදිග රත්රන් මිශ්රර පැහැයය. මෙයින් සතර මහදිග සතර අනුදිග පර්වත සමුද්රා දිය ස්වකිය වර්ණකරමින් සක්වළගල පැහැර සිටිනේය. එසේ හෙයින් පුර්වදිශාවෙහි සමුද්රමය කිරි මුහුද නම් විය; දක්ෂින දිශාවෙහි සමුද්රේය නිල් මුහුද නම් විය. පශ්චිම දිශාවෙහි සමුද්ර්ය පබළු මුහුද නම් විය. උත්තර දිහාවෙහි සමුද්රයය ස්වර්ණ සාගරය නම් විය. සතර අනු දිග ද ඒ ඒ වර්ණ වි, ජම්බුද්වීපය, අපර‍ගොයානය, උතුරුකුරු දිවයින. පුර්වවිදෙහ යයි යන කොදෙව් පරිවර කොට ඇති මේ සතරමහත් දිවිපයට ම මහාමෙරු පර්වතය උතුරුදිග ම විය, චක්රරවාල පර්වතය දකුණු දිග ම වී1. මාහාමෙරු පර්වතයාගේ හාත්පස්හි පුළුල්න් ද උසින් ද පන්දහසක් පන්දහසක් යොදුන් පමණ නාගාලින්දය, ගරුඩාලින්දය. කුම්භණ්ඩාලින්දය යක්ඛාලින්දයයි තව්තිසා භවනයට අරක්ගෙන සිටින උන් උන්ගේ නාමයෙන් ම ප්රුසිද්ධ වු ආලින්ද සතරෙක් වි. ඒ මහාමෙරු පර්වතය සිසාරා සුවාසු දහසක් ‍යොදුන් උස ඇති යුගන්ධර පර්වතය පිහිටියේය. එයින් දෙසාලිස් දහසක් යොදුන් උස සයුර ගැලි සිටිනේය. දෙසාලිස් දහසක් යොදුන් උද්ගත ව සිටිනේය. ඒ යුගන්ධර පර්වතය සිසාරා දෙසාලිස් දහසක් ‍යොදුන් උස ඇති ඊශධර පර්වතය පිහිටියේය. එයින් එක්විස් දහසක් යොදුන් උස දියෙහි ගැලි සිටිනේය. 1. මහාමෙරු පර්වතය සතර මහත් ද්විපයට ම උතුරුදිග ද චක්ර වාල පර්වතය දකුණු දිග ද වු පරිදි මෙසේ දතයුතු :- මේ මහා පෘථිවයෙ අවට චක්රසවාල පර්වතය පිහිටියේ ය. එයින් සීමා කරන ලද භූමන්ඩලය මධ්යහයෙහි මහාමෙරු පර්වතය පිහිටියේය. මහාමෙරු පර්වතය අවට සතර මහත් දිව්පයෝ පියුම් කෙමි‍යක් අවට පෙත් සතරක් සේ පිහිටියාහුය. තවද මහාමෙරු පර්වත මස්තකය අවට ස්වර්ගයෙහි සූය්ය්ට චතෙමේ ගමනය කෙරෙයි. එයින් චතුර්මහා ද්විපයට දිවා රෑ දෙක වන්නේය. ‍ඉදන් යම් සත්ත්ව කෙනෙක් යම් මහා ද්ව්පයෙක්හි සිට උදය දිවා කරයා දෙස බල්ලේ නව් ඔහුගේ වාම හස්තය මෙරු පර්වතය දෙසට වෙයි. මහණ දිවා කාරයා දෙසට වෙයි. දක්ෂින හස්තය චක්රහවාලය දෙසටවෙයි.පෘෂ්ඨය දිවාකරයාගේ අස්තංගමය වන්නාවු ප්රනදෙශයට වෙයි. මෙයින් වාම හස්ත පක්ෂය උත්තර දිශාවයි, මුහුණු පක්ෂය පෙරටු බැව්න පුර්ව දිශාවය. දක්ෂිණ හස්ත පක්ෂය අර්ථානුසරයෙන් දක්ෂිණ දිශාවයි. පෘෂ්ඨපක්ෂ්යන එසේ ම අර්ථානුසාරයෙන් පශ්චිම දිසාවයි. යථොක්ත සත්තව‍යාගේ ස්ථිතිය කවර මහාත්දිවිපයෙක්හි වුවත් දිශාවන්ගේ ප්රිතිෂ්ඨාව මෙසේ ම වන‍ හෙයින් මෙරු පර්වතය සතර මහත් ද්විපයට ම උත්තර දිශා‍ව බව ද චක්රෂවාස පර්වතය දක්ෂිණ දිශාව බවද මෙයින් දන්නේයි. ගුත්තිල කාව්යග වර්ණ නා 261

එක් විසි දහසක් යොදුන් උස උද්ගත ව සිටිනේය. ඒ ඊශධර පර්වතය සිසාර එක්විසි දහසක් යොදුන් උස ඇති කරවික පර්වතය පිහිටියේය. එයින් දසදහස් පනිස්යයක් යොදුන් උස දියෙහි ගැලි සිටිනේය, එපමණ උද්ගත ව සිටිනේය. ඒ කරවික පර්වතය සිසාරා දස දහස් පන්සියයක් යොදුන් උස ඇති සුදර්ශන පර්වතය පිහිටියේය. එයින් පන්දහස් දෙසිය පණස් යොදුනක් උස දියෙහි ගැලි සිටිනේය. එපමණ ම උද්ගත ‍සිටි‍ෙන්ය. ඒ සුදර්ශන පර්වතය සිසාරා පන්දහස් දෙසිය පණස් යොදුන් උස ඇති නෙමින්ධර පර්වතය පිහිටියේය. එයින් දෙදස්සසිය පස්විසි යොදුන් උස දියෙහි ගැලි සිටිනේය. එපමණ ම උද්ගත ව සිටිනේය නෙමින්ධර පර්වතය සිසාර දෙදාස්සසිය පස්විසි යොදුන් උස ඇති චිනතක පර්වතය පිහිටියේය. එයින් එක්දාස් තුන්සිය දොළොස් යොදුන් දෙගව්වක් පමණ දියෙහි ගැලි සිටිනේය. එපමණ ම උදග්ත ව සිටිනේය. එ විනකත පර්වතය සිසාරා එක්දහස් තුන්සිය ‍දොළොස් යොදුන් දෙගව්වක් පමණ උස ඇති අශ්වකර්ණ පර්වතය පිහිටියේය. එයින් සසිය පසණස් යොදුන් එක් ගව්වක් පමණ දියෙහි ගැලි සි‍ටිනේය. එපමණ උද්ගත ව සිට‍ිනේය. එයන් කිහ පූර්වාචාය්ය්ක් යෝ: චතුරසිති සහස්සානි - ආජ්ඣොගිල්හෝ මහණණවෙ අච්චුග්ග‍තො තාවදෙව - සිනෙරු පබ්බතුත්තමො

පාවින පස්සං රජන’ - දක්ඛිණං ඉන්දනීලකං පච්ඡිමං එළිකං පස්සං - උත්තරං කඤ්චනාමයං

ත‍තො උපඩ්ඪු පඩ්ඪෙන - පමාණෙන යථාක්කමං අජ්ඣෙගාළ්හුග්ගතා දිබ්බා - නානාරත්ත ච්ත්තිතා

යුගන්ධාරො ඊසධරො - කරවිකො සුදස්ස‍නො නෙමින්ධළරො ව්න්ත‍කො - අස්සකණෙණා ගිරිබ්රපහා

එතෙ සත්ත මාහාසෙලා - සිනෙරුස්ස සමන්තතො මහාරාජාන’මාවායා - දෙවයක්ඛ නිසෙවිතා - යි.

“ සිනෙරු පර්වතතොත්තම තෙම මහාර්ණවයෙහි චතුරශිතිසහස්ර-යක් (යොදුන්) ගිලි සිටිනේ එපමණෙක්ම උද්ගත ව සිටියි. ඔහුගේ ප්රා්චින පාර්ශවය රජතමය වෙයි. දක්ෂිණ පාර්ශවය ඉන්ද්රඋනිලමය වෙයි. පශ්චිම පාර්ශ්වය ස්ථටිකමය වෙයි. උත්තර පාර්ශ්වය කාඤ්ඤචන (ස්වර්ණමය) වෙයි. ඔහු‍ගෙන් උපාර්ධොපාර්ධ වශයෙන් යථා ක්රචමයෙන් ගිලි ද උද්ගතව ද සිටින්නා වු දිව්යි වු නානාරත්නයන්ගෙනල් ච්ත්රි‍ක වු- යුගන්ධරය, ඊශධරය, කරවිකය, සුදර්ශනය, නෙමින්ධරය, විනතකය අශ්වකර්ණ නම් මහත් පර්වතය යන මේ සප්ත මහා පර්වතයෝ වනාහි සුමෙරු පර්වතයාගේ හාත්පස චතුර්මහා රාජයන්ගේ (සිව්වරම් දෙවියන්ගෙ) අවාස වුවාහු දෙවයක්ෂයන් විසින් සෙව්නා ලද්දාහු වෙත්.” මහමෙරට හා යුගන්ධර පර්වතයට අතුරෙහි සුවාසු දහසක් යොදුන් පුළුල ඇති සිදන්ත සමුද්ර යා පිහිටියේය. ඒ සමුද්රදයෙහි ජලය ඉතාම සියුම් ව ‍මොනර පිලක් දැමුවත් ගැලි යන හෙයින් සිදන්ත සාගර නම් විය. ඒ සිදන්ත සාගරයෙහි සප්ත කුලපර්වතයෝ අනුපිළිවෙලින් මිටි ව වෙදිකාකාරයෙන් පිහිටියාහුයි. එයින් යුගන්ධර පර්වතය මුදුනෙහි සතරවරම් රජුන්ට වාසස්ථාන වු චාතුර් මහාරාජික් දිව්‍ යලොකය පිහිටියේය. ඒ සිව්මහ රජය එක්සිය අට පාදයකින් 262 ගුත්තිල කාව්යො වර්ණරනා

යුක්ත වු සත්විති සහ නකකනින්ද දොළොස් රැසින් ද නවග්රසහයන්ගෙන් ද යන මේ ආදිවු බො‍්හෝ තාරකා විමානයෙන් ගැවසි ගත්තේය. එහෙයින් චන්ද්රආ මණ්ඩලය අයම් විතරින් උසින් උනුපණස් යොදුන් පමණය. වටින් එක්සිය සත්සාලිස් යොදුන් පමණයැ. මේ චන්ද්රස විමානය ඇතුළෙන් ඉන්ද්රපනිල මණියමය විය. පිටින් රිදිමය විය. එසේ හෙයින් ඇතුලතින් ද පිටතින්ද සිහිල විය. එයින් නීහ, පූර්වාචාය්ය්සාලයෝ - ස නිසා‍කරො තෙසු වසෙය්ය් අනෙතා මණිනා කතෙ බැහිර‍තො විමානෙ රජතාවනදේධ පවරෙ මනුඤෙඤ සිතප්පහා බාහිර මිත්ථමන්තරං1 - යි. සූය්ය්හා මණ්ඩලය අයම්විතරින් උසින් පණස් යොදුන් පමණ විය. අවටින් එක්සිය පණස් යොදුන් පමණ විය. ඇතුළෙන් රන්වන් පැහැ ඇත්තේය. පිටතින් පබළුවන් පැහැ ඇත්තේය. එසේ හෙයින් ඇතුලතිනු දු පිටතිනු දු උෂ්ණ විය. එයින් කිහ පුර්වාචාය්ය්ය යෝ සෝ භානුමා කනකමයේ විමා‍ෙන අනොත් බහි එළකමයෙ වසෙය්ය උණහං පහං අධිකම‍හොසි තස්ස උභයමපි තං උණ්හතරං තථාපි - යි මෙසේ චන්ද්රණසූය්ය්ි දෙදෙන ම ගිමන් හිමන් වසන් තුන් ඍතුව ම අජ ගජ ‍‍ගො විථියයි යන තුන් විථියෙහි හැසිර පූර්වාපර දකෂිණ උතතර සතර දීපයක දෙදෙහසක් දිවයින්වලින් තුනක් අධික යෙළ දහසක් දිවයින්වනලට එකවිට ම ආලොකය පතුරුවා සිය විමන්හි බබළන්නාහුයි. චාතුර්මහාරාජිකයෙන් දෙසාලිස් දහසක් යොදුනින් මත්තෙහි මහ මෙර මුදුනැ දසදහසක් යොදුන් අයම් විතර ඇති නොයෙක් දිව්ය්සම්පත්තින් බබළන්නනා වු තව්තිසා භවනය පිහිටියේය. - සද්ධර්මර්තනාකරය. සං. 3. ප්රරථපාදගත වස්තුන්ප්රේක්ෂායෙන් ද (341. සං.1) දිව්තිය පාදගත රූපකයෙන් ද සංඍෂ්ට වු ස්වභාවොක්තිය්.

401. පැහැපත් පහ’ග නන් රන් මිණි යට’ග බ ඳ දි ඟු බිත් එකෙ’ළිකර ලෙල දද පවන වැ ඳ මහ සත් දසන ලොබ කර සුර කැලන් න ද කළ අත් සනෙව් දිටි තම එන ලෙසට සෙ ද පැහැපත්, ප්ර භාප්රා ප්ත වූ; පහ’ග, ප්රාසසාදග්ර)යන්හි; නන් රන් මිණි යට’ලා නානා ස්වර්ණ මණි යෂ්ටින් අග්ර යෙහි; බඳ, බඳනා ලද; පවන වැද, මාරුත ප්ර්විෂ්ට ව ‍හෝ මාරුත ඝට්ටිත ව (එ හෙතුයෙන් 327 සං.1) දිඟුබිත්, දිශා හිත්තින්; එකෙ’ළිකර, එකාලොක කොට; ලෙළ, ලොල වූ; දද, ධවජයන්; නද, ආනනද වු; මහසත් දසන, මහාසත්තව දර්ශනයෙහි; ලොබ කර, ලොභ

1. සිතප්පහා හාසුර මිත්ථිමාකරො - පොත්. ගුත්තිල කාව්යප වර්ණ්නා 263 කොට; සුර කැලන්, දිව්ය6 සමූහයන්; තම, ආත්මයා (මහා සත්ත්වයන්); සෙද එක ලෙසට, ශඝ්ර් ව ආගමනය කරන සේ; කළ, කළා වු; අත් සනෙව්. හස්ත සඤ්ඥාවන් මෙන්; දිටි, දර්ශනය කෙළේයි. සං. 1. වස්තුත්ප්රෙකක්ෂාලංකාරයයි (398. සං.2) 402. සි ව් දිගිනෙ’න දෙව් රුපු සෙනඟ ලුහුබැ ඳ ලෙව් ර කි නා දෙව් රද රඳන හැම ස ඳ ස ව් සිරි දෙන දෙව් තුරු සියෙනි මනන ද සි ව්1 රජ දෙව් පුරයට ගොසින් වැ ද සිවි දිගින්, චතුර් දිශායෙන්, එන, ආගමනය කරන්නා වු; දෙව් රුපු සෙනඟ, දෙව ශත්රැද සෙනාංගයන්; ලුහුබැඳ, පලායනය කරවා; ලෙව් රකිනා, ලොක රක්ෂණය කරන්නා වු; දෙව්රද, චතුර්මහා දිව්යලරාජයන් (සිව්වරම් දෙවියන්); හැම සඳ, සෑම කල්හි; රඳන, රඤජමාන වු; සව් සිරි දෙන, සර්වෛශ්වය්ය්ියන දායක වු; දෙව්තුරු සියෙන්. දිව්යා වෘක්ෂ (8. සං.3) ශතයන්ගෙන්; මනනද, මනොනන්දන වු; සිව්මහරජ දෙව්පුරයට. චාතුරුමහාරාජික දිව්යද පුරයට; ගොසින්, ගමනය ‍කොට; වැද, ප්රවවිෂ්ට ව - මතු සම්බන්ධයි. සං. 1. සිව්දිග නම් පූර්ව දක්ෂිණ පශ්චිමොත්තර යන මේ සතර මහ දිශාවයි. මිට ධෘතරාෂ්ට්රා විරූඪ විරූපාක්ෂ වෛශ්රවවණ නම් සතරවරම් දෙවියෝ ක්රකයයෙන් අරක්ගෙන සිටිත්. මේ දෙවියන්හට චතුර්මහාරාජ යන නම් යෙදේ. ඒ නාමය අනුව ඔවුන්ගේ වාසභවනය වූ ශක්රදපුරය වටා සිටි ප්රාජකාර වලයයක් බදු වු යුගන්ධර මස්තකයෙහි පිහිටි දිව්යනලොකයට චාතුර්මහාරාජික යයි කියනු ලැබේ. පූර්වයෙහි ස්වර්ගයට හිමි වු දෙවශත්රෑ‍න් හෙවත් අසුරයන් ඔවුන්ගේ ඒ රම්යා ප්රූදෙශය නැවත ග්රිහණය කරනු පිණස වරින් වර දිව්යොයන් හා සටනට එළඹෙන බැව් පෙනේ. යම් කලෙක මෙසේ ඔව්හු යම් දිශාවකින් ආගමනය කෙරෙද්ද ඒ දෙසට ස්වකිය සොනාව ගෙන ගොස් ඔවුන් හා සටන් කොට ඔවුන්ගේ පාලායනය කරවිම එ දෙස අරක්ගත් වරම් දෙව් රජහුගේ භාරය වෙයි. (මොවුන්ගේ සෙනාවන් ගැන 212 වෙන් කවෙහි සංලක්ෂය වාක්යයයෙහි 5 වෙනි අනුවාක්යනය බලන්න.)2 මෙයින් චතුර්

1. සව් - හැම. 2. 400 වෙනි කවෙහි ද්විතිය සංලක්ෂයයෙහි තව්තිසා භවයනට අරක් ගෙන චතු‍රාලින්දයෙහි සටින්නා වු සෙනා‍වෝ නාග, ගරුඩ. කුම්බාණ්ඩ යක්ෂ සෙනාවෝ යයි දක්වා තිබේ. එයන් පුර්ව සංලක්ෂයයෙහි (212. සං.1) ගන්ධර්වයෙන් වෙනුවට මෙහි (400 සං. 2) ගරුඩයෝ පෙනෙත්. සිව්වරම් දෙවියන් මොවුන්ට අධිපතිව උසස් රැකවලෙහි සිටින බව බුස්තරණයෙහි මෙසේ කිහ. තවද සිනේරුපාමුල්හි දසදහසක් යොදුන් අසුර සුරය විය. ශක්රු ‍ෙතම තමාගේ පුරයට අසුරයන් නො එන පිණිස මෙර පළමුවන සිමායෙහි (පළමුවන සිමා නම් අසුර භවනයට ඉතා සමීප වු සිමාවයි) නයින් සිටවිය. දෙවනු සිමායෙහි (පෙර සිමායෙන් යොදුන් දහස් ගණනක් උස් වු තන්හි) ගරුඩයන් සිටවිය. තුන්වන සිමායෙ හි (එනම් තවත් යොදුන් දහස් ගණනක් උස්වු තන්හි) දානව රාක්ෂසයන් සිටවිය. (මෙහි ‘දානව රාක්ෂ’ යනු කුම්භාණ්ඩ හෝ ගන්ධර්ව හෝ වෙනුවට ලිපිදොධයකින් වැටි තිබෙන බැව් පෙනේ. දනව නම් අසුරයේම; රාක්ෂ‍ස නම් දෙව ශත්රෑ පංක්තියකි.) සතරවන සිමායෙහි (එනම් දිව්යම ලොකයට සමිප වු ඉතා උසස් රැක‍වලෙහි) සිව්වරමුන් සිටවිය.)

264					ගුත්තිල කාව්යය වර්ණානා

මහාරාජයන් ශක්රතයාගේ සෙනාපතින් මෙන් අධිකාරයෙහි නියුක්ත බැව් පෙනේ. ඔවුන්ජගේ ඒ මේ ධුරය මනා සේ උසුලන බැව් මෙහි ප්රනථම භාගයෙන් ද්යෙවතනය කළෝ. සං. 2. තෘතිය පාදගත උද්තාතලංකාරයෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි.

403. මන නද ගඳෙව් රස විඳ විඳ ම එක එක රිය ඇද ඉවත යන සිත් තුරඟ රැක රැක1 සුර ලඳ විදින් නෙත් සැර පහර2 එකලෙක3 ගිය සඳ එ දෙව් පුර සිරි සැපත දැක දැක මනනද, මනොනන්දන වු; ‍ග‍ඳෙව් රස, ගන්ධර්ව රසයන්; එක එක, එකක් එකක් පාසා; විඳ විඳම, වින්දනය කොට කොටය ම; (යළිදු) - රිය ඇද, රථය ආකර්ෂණය කොට; ඉවත යන දුරව යන්නා වු; සිත් තුරඟ ගෙවන සෛන්ධවයන් (369. පද 4) රැක රැක, නිවෘත්ත කොට කොට; සුර ලඳ, දිව්යාං්ගනාවන් ; විදින, ප්ර්ක්ෂෙප කරන්නා වු; ‍නෙත් සැර පහර, නෙත්ර ශර ප්ර හාරයන්ට (මෙහි නෙත්ර0 යන්නෙන් දෘෂ්ටිය ම ගතයුතු ); එකලෙක, අසහාය ලක්ෂ්ය,යක් ව (ලක්ෂය නම් ඉලක්කයයි) ; එ දෙව් පුර, ඒ චාතුර් මහාරාජිත දිව්යධ පුරයෙහි; සිරි සැපත, ශ්රි් සම්පත්තිය; දැක දැක; දර්ශනය කොට කොට;ගියසඳ, ගමනය කළ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. තෘතිය පාදයෙහි රූපකයෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි මෙතෙකින් මහ බෝසතාණන් වහන්සේගේ ආකාශ ගමන වර්ණනය සමාප්තයි. දැන් දිව්යහරථය චාතුරමහාරාජිත දිව්යරලොකය පසු කොට ගොස් ශක්ර් භවනය වූ ත්ර්යස්ත්රිංචශද් දිව්යරලොකයට උපයාත වු හෙයින් ඒ බැව් දක්වමින් පසු දිව්ය‍ලොක වර්ණනය කරන්නාහු අන්යංභෙද වු ඡන්දො වෘත්තයකට බැස ‘පින් පලං යනාදි කව් කියත්.

404. පින් පල අ ඳු න් ව න සත නෙත රස අ ඳු න් ව න දහසක් යොඳුන්ව න පෙනුනි විසිතුරු වන න ඳු න් ව න පින් පල, පුණ්ය ඵලය; අඳුන්වන, සඤ්ඥාත කරවන්නා වු; සත නෙත, සත්තව නෙත්රපයන්ට; රස අඳුන්වන, රසාඤ්ජනායමාන වු; දහසක් ‍යොදුන් වන, (විශාලත්වයෙන්) සහස්රුයක් ‍යොජන වු; විසිතුරු වන, විචිත්රව වු; නදුන වන, නන්දන වනය; පෙනුනි. දෘෂ්ය මාන වී.

1. රුක රුක - බොහෝ 2. පහස - 1 3. දැක දැක - හැම


ගුත්තිල කාව්යැ වර්ණඳනා 265

සං. 1. පෙනුනි විසිතුරු වන නදුන් වන මෙයින් ආරබ්ධ ව කරනු ලබන්නා වු ශක්රු සම්පත්ති වර්ණනයෙහි සුඛාවභොධය පිණිස මාහිලිප්රකශ්න වස්තුයෙන් මෙහි ප්රාතස්තාවික වු කරුණු දැන් සංක්ෂෙප කොට ගෙනහැර දක්වනු ලැබේ. 1. යටගිය දවස මච්ඡල නම් ගමැ මඝ නම් ළදරුවාණ කෙනෙක් වි හේ තෙමේ එක් කරුණක් නිමිත්ත කොට ගෙන මෙසේ සිතනුයේ ‘සිත් කලු වු තැන් කවුරුන්ටත් ප්රිැය නායා වේ ද; මෙවක් පටන් යන්ට එන්ට දුර්ග මං පෙත් ඉදි කළෙම් නම් ඒ මහ නිසා පැවති කුසල් මහින් දෙව්ලොවට යා හැකැ’යි සිතා උදාසන ම අවුත් මං තනමින් කපා හළ යුතු කැල කපා හරිමින් ඇවිදිති. උන් ඒ කරන දෑ දැක අනික් කෙනෙක් ‘සබඳ, කුමක් කෙරෙව් දැ’යි විචාරා ‘දිව්‍ කෙලාකයට යන්ට මඟක් ඉදි කෙරෙමියි.’ කි කල්හි ‘මමත් ‍තොපට සහය වෙමි’ යි කීහ. ‘යහපත සබඳ, ස්වර්ග සම්පත් නම් කාටත් යහපත් වේදැයි’ කියාලා එවක් පටන් දෙන්නෙක් වූය. තවත් එසේ ම විචාරාත් අසාත් අනික් කෙනෙකුත් සහාය වු යයි එක් දෙතිස් දෙනෙක් මුළු වු ඌ හැම දෙන ම කැති පොරෝ උදළු හැරගෙන මං ඉදි කෙරෙමින් සතරගව් පමණ යෙති. ‍උන්හැම ‍ෙදන මෙලස කරන්නවුන් දැක එගම ගං මුදලියා මු හැම මං ඉදි කරන්නෝ යයි කියාලා නො කළ මනා දෙයක් කෙරෙති; මු හැම දෙන ම වලට ‍ෙගාසින් දඩමස් කුඩමස්සන් ‍ගෙනවුත් කත්නම් හෝ රායෙක් බොත් නම් හෝ අනිකුත් එබන්දක් කෙරෙත් නම් ‍හෝ ඉන් පිඩි ආදිය මමත් ලබම්. සිතා උන් හැම ගෙන්වාලා ‘කුමක් කොට ඇවිදිනා නියාදැයි’ විචාළේය. ‘අපි ‍ෙදව්ලොවට යන්ට මං ඉදිකරම්හ’යි කි කල්හි ‘ගිහි ව රැකෙන්නවුන්ට තෙලේ කළ මනා දෙයක් නො වෙයි. දඩයම් කොට දඩමස් හෝ ගෙනව මැනව; කුඩ මස් ‍හෝ මරාගෙන ගෙනව මැනව; රා හෝ පුව මැනව; තව තවත් රැකෙන්ට මඟකි කළ මැනව; තෙලෙකරන්නේ ‍‍ෙනා මඟක් මුත් මගක් නො වෙ’ යි කිය. ඌ ඒ නො ගිවිස්යෝය. තව තවත් කිවත් නො ගිවිස්සෝ ය. එ තෙමේ තමා කි ලෙස නො කරන හෙයින් කිපි පියා. ඊට නිහඩ දනිමි’යි රජ්ජුරුවන් ළඟට ‍ ගොසින් මුළුව ගෙන සොරකම් කොට ඇවිදිනා සොරුන් මුළක් දුටිමි’ කියාලා ‘පිරිස් ඇරගෙන ගොසින් අල්ලාගෙන එවයි’ විධාන ලදින් එන්නට කියා ලු පමණින් එන ඇත්වුන් ගෙනවුත් රජ්ජුරුවන්ට කියා පෑය. රජ්ජුරුවෝ ද ආද්යයන්ත නො සලකා ‘ඇතුන්ට ලවා පියව’යි විධාන කළහ. මඝ මානවකායෝ ඒ අසා සෙස්නන්ට ඔවා දෙන්නෝ ‘සබඳිනි, අපට මෙතැන්හි දි මෙත් පිහිටට වඩා අනික් පිහිටෙක් නැත. තොපි කිසි කෙනෙකුන් කෙරෙහිත් සිත නො ගටා රජ්ජුරුවන් වහන්සේ කෙරෙහිත් විෂමකර්ම යෙදු ගම්මුදලියා කෙරෙහිත් නියොගයෙන් මඩනා ඇතු කෙරෙහිත් මෙත් පවත්වා යි කිවුය. උයිත් එලෙස ම කළහ. උන් හැම දෙනාගේ මෙත්තානුබාවයෙන් ඇතාහට උන් මඩනා තබා ගිනි වැටක් ළඟට මැස්සකු පරිද්දෙන් ළං වියත් ‍නො හිණ. රජ්රුරුවෝ ඒ අසා කාරණයක් ඇත මැනවැ’යි උන් හැම ගෙන්වා ගෙන ඇයි සගයෙනි මා නිසා කුමක් නො ලබව් ද? මෙසේ කරන්නේ හියි දැ’යි විචාරා ‘කුමක් ද


266 ගුත්තිල කාව්ය වර්ණ්නා

රජ්ජුරුවන් වහන්සැ’ යි විචාළ කල්හි ‘තොප වල් සොර ව ගෙන සොරකම් කෙරෙතියි ඇසිමි’ කිවුය. ඔහු හැමදෙන ඒ අසා ස්වාමින් අප කරන සොරකම් නැත; සොරකම් නම් අපායට මඟක් හෙයින් ‍බුදු හමුවක් ‍නො වන හෙයින් ‍ෙදව්ලොවට යන්ට අනික් මඟක් ‍ෙනා දැක නිවන්පුරට යන්ට මං පානවුන් නැති හෙයින් නිකම් හිඳිනා ගමන් දෙව්ලොවට මං ඉදි කරම්හ’යි කියාලා ‘ගම්මුදලි නොයෙක් පව්කමැ යොදා අප නො යෙන හෙයින් අපට විනාසකමට කිවුය’යි කීහ. රජ්ජුරුවෝ ඒ අසා ‘අනේ, තිරිසන්නු පවා තොප හැමගේ තරම් දත්තු: මම දන්නා තරමේ සිටත් නො දත්තෙමි; නො දැන කළ දෙයට ක්ෂහමා කරවා’යි කියාලා අඹු දරුවන් පිටින් මුදලියා උන්ට ප්රාසාද කොට දෙවා පියා ඇතත් නැඟි ඇවිදින්ට දිලා වචලගමත් පමුණු ‍කොට දුන්හ.

2. ඌ හැම දෙනත් අප කළ පිනෙහි විපාකය මේ ‍ලොවැ ම ලදුම්හ’ යි. බලවත් ව සතුටු ව ලද්දා වු ඇතා දවස එක් කෙනෙකුන් ඕබාදියෙන් නැඟි ඇවිදිනාහු ‘මෙතරම් පිනකින් මෙතරම් ලෙසක් ‍ලත් ‍කල වැඩි යුරුවක් ලබනු නිසා වැඩි යුරුවක් පින්කම් කරන්ට වුවමනා වේද; කුමක් කරමෝදැ’යි කථා කොට ‘මාවත් බඩෙක යන එන්නවුන් සැතපෙන ලෙස තර පවුරු කොටලා සිව්රැස් ‍ගෙයක් කරම්හ’ යි නියම කොට ගෙන වඩුවකු ගෙන්වා ගෙන ඌ ලවා සාලාව කරවන්ට පටන් ගත්හ. තමන් හැමදෙනා රජ්ජුරුවන් කරා ගෙනයන නියාව දැක්වුයේ ද ‘යහපතැ’ යි සතුටු වු හෙයින් විරක්ත වු සිත් ඇති ව පසුවත් එක්ව යෙදේදෝ හෝයි ගෑනු කෙනෙකුන් ම එතමන් කරන පින්කම් ම‍ුසු නො ‍ෙකාට සාලාව කරවන්ට සිතති.

3. මඝ මානවකයන්ගේ ගෙයිත් නන්දාවෝය. චිත්රා වෝය, සුධර්මාවෝය, සුජාතා‍වෝ යයි අඹුවෝ සතර දෙනෙක් ඇත, උන් සතර දෙනාගෙන් සුධර්මාවෝ ඒ පින්කම්ට තමන් එක් නො කරන හෙයින් වඩුවාට සංග්රනහයක් කොට ඌ සිත් ගෙනලා ‘අයිය මේ පින්කම තොපගේ බලයෙන් මාත් මුසු කරව යි කිවුය. උයිත් අත්ලස් බලයෙන් ‘යහපතැ ‘යි ගිවිස පළමු කොට කැණිමඞලට නිසි දණ්ඩක් කපා දිය බස්සවා ගෙන සැප විද කැණිමඩල පත්ලෙහි ‘මේ සාලාව සුධර්මාවන්ගේ සාලාවය’යි අකුරු කොටා ලා කඩෙකින් වසා ලා තබාලූය.

4. ඉක්බිත්තෙන් ඒ සාලාව නාමවාලා කැණි මඞල නඟන දවස්හි ‘ස්වාමිවරියනි ලකුණු නො කළ දෙයක් ‍ඇතැ’යි කියා ‘කුමක් දැ’යි විචාළ කල්හි කර්ණිකා මණ්ඩලයෙකැයි කියා ‘ගෙනෙම්හ’ යි කි කල්හි ‘දැන් ගෙනා දඞු දියබස්නට නැති හෙයින් ගෝණැස් පුරවාලු කලට සිථිල වෙයි; එහෙයින් ඉන් කට නො හැක්ක. කොට නිමවා තුබු කැණිමඞලක් ලදොත් යහපතැ’යි කිවුය. ‘එසේ වන්නා කළමනා කුමක්දැ’යි විචාළහ. ‘ඉදින් කිසි කෙනෙකුන්ගේ ගෙයි විකුණන්ට තිබෙන කැණි මඞුල්ලෙක් ඇත් නම් ඒ සෙවිය යුතුය’ යි කිවුය. උයිත් ‍සොයන්නාහු සුධර්මාවන්ගේ ගෙයි ත‍ුබු කැණිමඩල දැක මසු දහයකට ඉල්වාත් පින්මිල මුත් රන්මිලයෙන් කම් නැති හෙයින් උන්ගෙන් නො ලත්හි. ‘ඒ පින්තම මුසු කරතොත් දෙමි’ යි කි කල්හි, ‘කැණි


ගුත්තිල කාව්යන වර්ණිනා 267

මඞල ම පමණකට මුසු නො කරම්හ’යි කිවුය. වඩුවාණෝ කියන්නෝ ‘මුඹ දැහිටි ම කියන්නේ කුමක් ද? බඹලොව හැර ගැනුන් නැති තැනකුත් ඇද්ද? කැණිමඞල පමණකින් ම මුසුවන්නෙන් කිම් ද? කැණිමඩල ගත මැනව: අපගේ කර්මාන්තය නිමවා යන්ට වුවමනා වේදැයි’යි කිවුය. උයිත් ‘යහපතැ’යි කැණි මඞල හැරගෙන මඞුලු නංවා සාලාව නිමවාලා එක් භාගයෙක් පොහෝසතුන් සැතපි හිඳිනා ලෙස හා එක් ‍භාගයෙක දුක්පතුන් හා එක් භාගයෙක් ගිලන් මිනිසුන් හා සැතපි හිඳිනා ලෙසට තුන් භාගයක් කොට බොදාලුහ. තෙතිස් දෙන පුවර‍ තෙතිසකුත් ලාලා ඇතුට ආගන්තුක කෙනෙකුන් අවුත් යම් කෙනෙකුන් ලු පෝරුව පිට හුන්නු නම් උන් පිට හිඳුවා ගෙන අවුත් පෝරැව ලු තැනැත්තවුන්ගේ ගෙහිලා ලවයි විධාන කළහ. ඇතාත් ‍එලෙස ම කෙරෙයි.එදවස් උන්ට කළමනා සම් සා දෙසක් ඇත් නම්‍ පෝරුව ඇති තැනැත්තෝ ම කෙරෙති. 5. මඝ මානවකයෝ සාලාවට නුදුරු කොට කොබෝලිල පැළයක් හිඳුවා ලා ඒ පැළය මුල ගල්ලෑල්ලක් ලවාලුය. 6. සාලාවට වන් කෙනෙක් කැණිමඩලෙහි අකුරු කියවාපියා සුධර්මා නම් සාලාවයයි කියති. වෙහෙර කළවුන් සිත ඇන්දු සේ තෙතිස්දෙනාගේ ‍නමෙක් ‍නො පෙනෙයි. නන්දාවෝ සිතන්නෝ ‘මු සාලාව කළ ගමනේ අප මුසු නො කළෝය; සුධර්මාවෝ තමන් නුවණැති හෙයින් මුසුවුහ. මාත් මුසු වුව මැනව; කුමක් කෙරෙම් දෝ හෝ යි සිතා ‘ මේ සාලාවට ආවුන්ට බී පියන්ට පැනුත් නාපියන්ට පැනුත් ඇත් මැනව; පොකු‍ණක් කරවමි’යි එලෙස ම පොකුණක් කර වුය. එයින් පින්කමට මුසු වුය. 7. ච්ත්රා්වෝ සුධර්මාවෝ කැනිමඩලක් කළ වුය; නන්දාවෝ පොකු‍ණක් කැණ වුය; මාත් එකක් කර පින්කමට මුසුවුව මැනවැ යි සාලාවට ආවුන් නහා පැන් බී යන කල මල් පැලැන්ද මනා වෙයි. මල් වත්තක් කරවමි’යි සිතා මල්වත්තක් කර වූය. බොහෝ සේ මල් වත්තෙහි මල් ගන්නා ‍ගසින් නැති ගසෙක් නො විය. 8. සුජාතාවෝ ‘මම මේ මඝ මානවකයන්ට සෙස්සවුන් සේ නො වෙමි. නැදිමයිල් සරණය, උන් කළ පින් කමෙක් ඇත් නම් මෙම කෙළෙම්ය, මා කළ පින්කමෙක් ඇත් නම් ඔවුහු කළෝය’ යි සිතා පිනෙක පහළ දෙයක් ම නො කොට දෙතිස් කුණු කොටසින් පිරුණු අත් බැව් ම පිරිමැසුහ. 9. මඝමානවකයෝ ද දෙමවුපියන්ට උපස්ථාන කිරිම ආදි වු පින්කමැ දිවි පමණින් හැසිර ආයු කෙළවර තව්තිසා දෙව්නුවර සක්දෙව් රජ ව උපන්හ, එක් ව පින්කළ දෙතිස් දෙ ද එම දෙව්ලොව ම උපන්හ. වඩුවාණෝ ද විස්තම් දෙවිපුත් ව උපන්හ. 10. තව්තිසා දෙව් නුවර මෙර මුදුනෙහි පිහිටියේ දිගින් සතලිස් දහස් ගව්වෙක් පමණ වෙයි. පළලින් ද එපමණ වෙයි. එනුවර වටා සිටි රුවන් මුවා පවුරෙහි යත් රුවන් මුවා ම දොරටු දහසෙක් ඇත. එනුවර තෙම උයන්වලිනුත් පොකුණුවලිනුත් සැදි සිටියි. එනුවර මැද මඝ මානවකයන්ගෙල් සාලාවෙහි අනුයසින් එක්දහස් දෙසියයක් පමණ ගවු උස ඇති ධජ හා එක් වි නම්

268 ගුත්තිල කාව්යා වර්ණිනා

ගවු යාරදාසක් පමණ උස ඇති විජයොත් නම් පාපයෙක් පහළ විය. ඒ මාලිගාව වටත් පවුර ළහත් රන්ලි අග මැණික් ධජ එලෙයි; මැණික් යට’ග රන්ධජ ඵලෙයි; පබළු යට’ග මුතුධජ ඵලෙයි; මුතු යට’ග පබළු ධජ එලෙයි; සත්රුවන් යට’ග සත්රුවන් ධජ ඵලෙයි. 11. කොබෝලිල පැලය ලාලූ අනුහසින් අද දක්වා සාරසියයක් ගවු උස ඇති වටින් එක් දහස් දෙසියයක් ගවු වට ඇති පරසතු ගස ඇති විය. ගල්ලෑල්ලෙහි අනුසසින් පරසතු රුකමුල ගවු දෙසියයක් පමණ දිග ඇති සතලිස් ගව්වක් පමණ පළල ඇති සැට ගව්වක් පමණ බොල ඇති බඳුවද මල් ‍ගොඩක් සේ රත් වු පඞු ඇඹුල් සල අස්න පහළ විය. 12. ඇත් ඓරාවණ නම් දෙව්පුත් ව උපන්හ. දෙව්ලොව තිරිසනුන් නැති හෙයින් සක්දෙවිදු උයන් කෙළියට යන කලැ ඓරාවණ නම් දිව්ය පුත්රවයා තමාගේ දිව අත්බැව හැරලා දිගින් ගවු සසියයක් විතර දිග ඇති තුන්සිය සැට ගවුවක් විතර උස ඇති ඇත් වෙසක් මවයි. 13. සුධර්මාවෝ මිය එම දෙව්ලොව ම සුධර්මා නම් දිව්යාඋඞ්ගනාව උපන්හ රියනක් උස කැණි මඬලෙහි අනුසසින් දිගිනුත් පළලිනුත් එක්දහස් දෙසියයක් ගවු විතර දිග පළල ඇති උසින් දෙදසක් ගවු විතර උස ඇති වටින් තුන් දාස් සසියයක් ගවු විතර වට ඇති සුධර්මා නම් වු ඊට වඩා අනික් සිත්කලු තෙනෙක් නැති දිව්යු මණ්ඩපයක් පහළ විය. 14. නන්දිවෝත් මිය නන්දා නම් දිව්යා්ඞ්ගනාව ව උපන්හ. උන් විසින් කණවන ලද පොකුණෙහි අනුසසින් නන්දා නම් පුෂ්කරිනිතොමෝ පහළ විය. 15. චිත්රානවෝත් මිය චිත්රාය නම් දිව්යාිඞ්ගනාව ව උපන්හ. උන්ගේ කුසලානු‍භාවයෙන් ගවු දෙදසක් පමණ දිග පළල ඇති සිතුලිය නම් උයනෙක් පහළ විය. 16. සුජාතාවෝත් මිය කිසි පිනක් නො කළ හෙයින් හිමාලය වනයෙහි කඳු රැලියක කන කෙකියක් ව ඉපද සක්රදහු දෙන ලද අවවාදානුශාසන ඇති ව පන්සිල් රැක තිරිසන් බැවින් සැව මිනිස් බැව්හි කුඹල් දුවක් ව ඉපද එහිදු පන්සිල් රැක ඉන් චුත ව අසුර බවනයෙහි ශක්රවයන් හට පරමචෛරි වූ වෙප චිත්ති නම් අසුර ර‍ාජයන්හට දුව ව උපන්හ. ජාති දෙකක පන්සිල් යාපත්ව රැකිහෙයින් රූපත් වුහ රන් වනහ. වෙපච්තිත නම් අසුරිඳු දුවණියන් විචාරා ආ අසුර කෙනෙක් ඇත්නම් ‘තොපි අපගේ දුවණියන්ගේ රුව තරමට තරම් නොවෙයි; කිසි කෙනෙකුන්ටත් පාවා නො දිම දූ තමාට තරම් කෙනෙකුන් තොමෝ ම නිලකරවන්නේ යයි අසුරයන් රැස් කොටලා ‘තොපට තරම් ‍කෙනකුන් තොරා ලව යි උන් අතට මල් දමක් දුන්හ.එවෙලෙහි සක්දෙවිඳු මාලු අසුර වෙසක් මවා ගෙන ගොසන් පිරිස් කෙළවර සිටියහ. අසුරාංගනාවෝ ද ඈත් මෑත් බල පෙර ඇති පෙම් බලයෙන් මහවතුරක් එක් අතකට වඩනා සේ මහලු ලෙසින් සිටි ශක්රෙයන් සැටියෙන් මාලු වුවත් තමන් මාලු නො වන හෙයින් උන් කැමති ව මල්වඩම උන් ම‍ුදුනට දමාලුහ. අසුරයෝ ද


ගුත්තිල කාව්යද වර්ණමනා 269

ඒ දැක අනේ අපගේ අසුර රජ්ජුරුවන් වහන්සේ මෙතෙක් කල් මුළුලලෙහි දුවණියන්ට තරම් කෙනෙකුන් නො ලදත් අද ලත් සේක. මුන් දෑගේ ස්වාමිකම කුමක් වුවත් මුතුන් කමට හෝ සම්භව වු නියාය යහපතැ’යි සරණ සොයාගිය තුමු ම ලජ්ජාව ගෙන සිටියහ. ශක්රහයෝ ද උන් අත අල්ලා කොල, මම අසුරයෙක් නොවෙමි. ශක්රටයාය’යි කියාලා අහසට පැන නැංගෝ ය. අසුරයෝ ද ‘ජරා ශක්රෙයා අප රවටා පීහ ‘යි ලුහුබඳවා ගත්හ. මාතලි නම් රියැදුරු ද දිගින් සසියක් පමණ විජයොත් රථය ගෙනවුත් අතුරු මඟ සිටියේ ය. ශක්රරයෝ සුජාතාවන් රථයෙහි ලා ගෙන දෙව්නුවර බලා නික්මුණාහ. ගුරුළුන්ගේ හිඹුල් වනයට ආසන්න ව රථය ගිය කල්හි රිය හඬ අසා ගුරළු පැටවුන් අඩන්ට වන්හ. මුන් හඬන හඬ අසා ශක්රරයෝ මාතලින් අතින් තෙල කුමක් දැ යි වාචාරා රිය හඬට බිය පත් ව ගුරුළු පැටවුන් හඬන නියාවය යි කීකල්හි මා එක තැනැත්තවු නිසා මෙතෙක් දෙනා රථයෙන් මිරිකි නස්නට කාරණා කවරේදැ ‘යි සිතා ‘රථය ආපසු කොට තවතා ලව’යි කිවුය. මාතලින් අසුන් දහසට සැමිටියෙන් ගසා රථය නවතාලුය; රථය ආපස්සට නැවති නියාව දැක ‘ජරා ශක්රමයන්ගේ ආපස්සේ රථය නවතාලිය; පිටපුරා එන දෙව්පිරිසක් ඇතිය’යි කියා අසුරයෝ බිඳි ගොස් අසුර භවනයට ම වැද නැවත ඉසක් ඔසවාලන්ට බල නැති වුහ. සික්දෙවිඳු සුජාතිවන් දෙව්නුවරට ගෙන ‍ගොසින් අඩුතුන් කෙළක් සුරඟනන්ට නායක කළහ. සං. 2. ප්රයථ මපාදායහි පය්ය්වන්යොක්තයෙන් ද (5. සං.2) ද්විතිය පාදයෙහි ලුප්තොපමාලංකාරයෙන් ද සංඍෂ්ට ව‍ු ස්වභාවොක්තියි. දැන් මහ බෝසතාණන් වහන්සේ ශක්රව භවනයෙහි නන්දන වනොද්යටනයට සම්ප්රානප්ත වු බැව් දක්වන්නාහ‍ු ‘රැ‍ඳිමිණි’ යනාදි පද්ය ද්වයක් කයත්.