ගුත්තිල කාව්‍ය වර්ණනා - වර්ණනා vi

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

405. රැඳි මිණි පවුරු ව ට මැද1 දිලි රුවන් සල් වැ ට සැඳි සිටි හැම වි ට පිවිස එනදුන් නදුන් වනය ට වට, හාත්පස්හි; රැඳි, රඤ්ජිත් වු; මිණි පවුරු, මණිමය ප්රා කාරයෙන් ද; මැද, මධ්යසයෙහි; දිලි, විරාජමාන වු; රුවන්සල් වැට - රුවන්, රත්නමය වු; සල් වැට, (ආනනාද) ශාලිවෘත්තින් දෝ හෝ නොහොත් (ආසන) හෛල වෘත්තින් ගෙන් ද; හැමවිට; සෑම කල්හි; සැදි සිටි සමලංකෘත වු; (මෙහි ‘සිටි’ යන්නෙහි වෙන් ව කියයුතු අර්තයෙක් නොමැත්තේය. එම පදය මෙහි ප්රිත්යතයයකට මදක් සම වේ); එ යථොක්ත වු; නදුන්, නන්දන වු; නදුන් වනයට; නන්දනාඛ්ය වනොද්යායනයට; පිවිස, ප්රමවිෂ්ට ව - මතු සම්බධයි.

සං. 1. උදිත්තාලංකාරයේන සංඍෂ්ට වු ස්වභාවොක්තිය් (36. සං.2; 371. සං.1)

1. බැඳ; බැඳි - ඇතැම් 2. සලවට - බොහෝ; තල්වැට - 2 270 ගුත්තිල කාව්යද වර්ණනනා

406. නිල්මිණි බිම පිහි ටි යෙන් එම උයන එකසැ ටි නිති උඩු යටිව සි ටි අසිරි දෙවුයන්1 දෙකක් සේ දි ටි එම උයන, යථොක්ත උද්යා නය; නිල්මිණිබිම, නීලමණි භුමියෙහි; පිහිටි යෙන් ,ප්රෙතිෂ්ඨත වු හෙයින්; නිති, නිත්යියෙන් ; එක සැටි, එකාකාරව ; උඩු යටිව, ඌර්ද්වාධඃ ව; සිටි, සිටියා වු; ආසිරි, ආහ්චය්ය්; මත් වු; දෙව් උයන් දෙකක් සේ, දව්යෛවාදයාන යුග්මයක් සේ; දිටි, දර්ශනය කෙළේයි.

සං. 1. උදාතාතාලංකාරයයි (371. සං.1.ii) තවද මහ බෝසතාණන්වහසේගේ නන්ද නම් පුෂ්කරිණිය දර්ශනය කළ බැව් දක්වන්නාහු ‘කෙළෙන ලද’ යනාදි පද්යනයක් කියත්.

407. කෙළෙන ලද පැල ඹි මත් හස පියුම් මී බි පිරි දිය නොකැල ඹි නදුන් පොකුණේ සිරිද නැර ඹි පියුම් මි බි, පද්ම මධුව පානය කොට; මත්, මත්ත වු; හස, හංසයන් විසින්; පැලඹි, ප්රනමොදලම්බිත ව; කෙළෙන ලද, ක්රි ඩනය කරන ලද්ද වු; (වර්තමානාර්ථයෙහි අතිත ක්රිමයායි. ‘කරනු ලබන ක්රි්ඩා ඇති’ යනු අභිප්රෙතතාර්ථයි); නොකැලඹි, නො කැලැත් ව; දිය. ජලයෙන්; පිරි, පුර්ණ වු; නදුන් පොකුණේ. නන්දා නම් පුෂ්පකරිණියෙහි; සිරිද, ශොභාව ද; නැරඹි, අවලේකනය කෙළේයි (404. සං. 1.6. 14.).

සං. 1. ස්වභාවොක්තියි දැන් මහ බෝසතාණන් වහන්සේ අමරාවති නගරයට ප්රංවිෂ්ට ව එම නගරයෙහි නානාවිධ වු වර්ණනා විධයාතික්රාපන්ත වු දිව්යම ශ්රින සෞභාග්ය. සම්පත්තිය දර්ශනය කෙරෙමින් ගොස් සුධර්මා නම් දිව්යා සභාව සමිපයට සම්ප්රාගප්ත වු බැව් දක්වන්නාහු ‘‍ගොසින් වැද’ යනාදින් ආරබ්ධ වු නව පද්යාපත්මක කුලකයක් කියත්. 408. ‍ගොසින් වැද සක්ව ළ විහිදෙන කිරණ පෙළ පෙ ළ සත් රුවනින් උදු ළ දෙසිය පනසක් පවුරු වටක ළ ගොසින් ගමනය කොට; සක්වළ; චක්රානවාඩයෙහි;වැද; සංඝට්ටිත ව; පෙළ පෙළ පංක්ති පංක්තිව; විහිදෙන; විස්තිර්ණ වන්නාවු; කිරණ; කාන්ති ඇති;


1. එවුයන් - 3. ගුත්තිල කාව්යව වර්ණ නා 271

සත් රුවනින්, සප්තවිධ රත්නයෙන්; උදුළ, උජ්ජ්වලිත වු; දෙසිය පනසත් ද්විශත පඤ්චාශතියක් වු; පවුරු, ප්රා කා‍රයෙන්; වටකළ, පරික්ෂිප්ත වු - මතු සම්බන්ධයි.

සං. 1. සත් රුවනින් උදුළ සප්තවිධරත්නයෝ නම්; ස්වර්ණය, රජතය ,මෞක්තිකය. ඉන්ද්රකනිලාදි මණිය, වෛදුර්යය, වජ්රරය, ප්රයවාලය යන මොහුයි. කියේ මැනෝ - සූවණ්ණං රජතං මුත්තා - මණිවෙළුරියානි ව වජිරං ච පවාළං ති - සත්තාහු රතතානි ‘මෙ මෙයින් ‘මණි’ යන්නෙන් ඉන්ද්රව නිල පද්මරාගාදි ප්රුබාස්වර පාෂාණයන් පමණක් ප්රිකාශිත බැව් ද’රත්ත’ යන්නෙන් මොවුන් ඇතුළු ව තවත් ස්වර්ණ රජතාදි ෂඩ්විධ වස්තුයෙක් ප්රකකාශිත බැව් ද පෙනේ. මෙහි වෛදුය්ය්කාශ යයි කි තන්හි සාමාන්ය් සිංහල භාෂායෙහි ‘වෛරොඩි’ යි ප්ර කට වු මනි විශෙෂය නො ව මදක් ප්රිවාලයට ආසන්න වු ස්වභාව ඇති සමුද්රහ වර්ණ වු පාෂාණ ව‍ිශෙෂයක් ගැනේ. වජ්රය යන්නෙන් සාමාන්යු භාෂායෙහි ‘දියමන්ති’ යයි ප්රශකට වු පාෂාණ විශෙෂය ගැනේ. මෙහි මෙය රත්න සංඛයාවට මුත් මනි සංඛයාවට අයත් න‍ුවු සේ දක්වා ත‍ිබේ. එහෙත් මණින්ද්රා, මණිරාජ යනු ද ඊට නමි. සං. 2. උදාත්තාලංකාරයයි. (36. සං.2; 371. සං. 1 ii.)

409. වැද දිගත පිරිමැ දි කසුන් කලදෝ දද බැ ඳි රැස් වතුරේ කිමි දි රුවන් වහසල් දහසකින් සැ දි වැද, ප්ර විෂ්ට ව; දිගත, දිශාන්කයන්; පිරිමැදි, පරිමාර්ජනය කළා වු (වර්තමානාර්ථයෙහි අතිත ක්රිවයායි ); කසුන් කලදෝ දද, කාඤ්චන කලධෞත ධ්වජය න්; බැඳි, බද්ධ වු (බද්ධ වු කාඤ්චන කලධෞත ධ්වජයන් ඇති; ) (යළිදු) රැස් වතුරේ, රශ්මි ප්රටවාහයෙහි කිමිදි, කිමග්න වු; රුවන්, රත්නමය වු; වහසල් දහසකින්. ‍ෙගාපුරද්වාර සහස්රවයකින්; සැදි, සජ්ජ්ත වු - මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලංකාරයයි (36. සං. 2; 371. සං. 1. ii).

410. කර රන්1 දද පිහි ලි වැහෙන නන් මිනි රැස් හැ ලි සැදි කුළු සිය කැර ලි දහස් සුවහස් පහ පෙළින් දි ලි රන් දද, ස්වර්ණ ධ්වජයන්; පිහිලි කර, ප්රා2ණාලින් කොට; වැහෙන, ස්ය න්දමාන වු; නන් මිණි රැස් හැලි, නානා මණි රශ්මි ධාරාවන් ඇති; කුළු සිය 1. නන් - 1 272. ගුත්තිල කාව්යත වර්ණ්නා

කූට ශතයන්හි; සැදි, සජ්ජිත වු; කැරලි, ශෘංගයන් ඇති ; දහස් සුවහස්, සහස්ර ශතසහස්රනසංඛයාත වු; පහ පෙලින්. ප්රාිසිදපංක්තින්; දිලි, හෙබියා වු - මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලඞ්කාරයයි (36. සං. 2; 371. සං.1. . ii).

411. ස‍තොසින් පින පි නා නිබඳ දෙවියන් කෙළි නා සුපිපි සල් සපු නා සුසැදි ගෙවුයන් පෙළින් හොබ නා සතොසින්, සන්තොෂයෙන්; පින පිනා, ප්රි2ණිත වෙමින්; නිබඳ, නිබන්ධයෙන් හෝ නිරන්තරයෙන්; දෙවියන්, දිව්ය යන්; කෙළිනා, ක්රා;ඩානය කරන්නා වු; (යළිඳු) - සුපිපි, සුපුෂ්පිත වු; සල්, ශාලාය; සපු, චම්පකය; නා,නාගය (යන මේ වෘක්ෂයන්ලේන්); සුසැදි, සුසජ්ජිත වු; ගෙවුයන් පෙළින්. ගෘහොද්යාරන පංක්තින්; හොබන්, ශොබමාන වු -මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි. 412. පිපෙන සුවඳැති ම ල් නොහැරම උදක් කල් ය ල් පිරි මිණි නිල් සිලි ල් ගෙදිඟු විල් සියපෙළින් මනක ල් කල්යල්, කාල සමයයන්; නොහැරම, වර්ජිත නො කර ම; උදක්, ප්රයචුරතායෙන්; සුවඳැති මල්ව, සුගන්ධවත් පුෂ්පයන්; පිපෙන, පුෂ්පිත වන්නාවු; (යළිදු) - මිණි, මණින් කරණ කොට ගෙන; නිල්, නිලවර්ණ වු (මෙහි ‘මිණි’ යන්නෙන් ඉන්ද්රුනිල මණින් කියු බැව් ප්රමතිතය); සිලිල්, ජලයෙන්; පිරි, පුර්ණ වු; ගෙදිඟුවිල්, හෘහදිර්ඝිකාවන්ගේ, සිය පෙළින්, ශත පංක්තින්ගෙන්; මනකල්, මනස්කාන්ත වු - මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලඞ්කාරයයි (36. සං. 2; 371. සං. 1. . ii).

413. රන් මිනි රැස් විහි දි බිහි දොර සියෙන් සිය සැ දි සව් සත සතන් බැ ඳි යොදුන් දස දහසකින් පිරිසි ඳි විහිදි, විස්තිර්ණ වු (වර්තමානාර්ථයෙහි අතීත ක්රි යායි); රන්මිණි රැස්, ස්වර්ණමාණි රශ්මින් ඇති; බිහිදොර, බහිර්ච්වාරයන්; සියෙන් සිය, ශතයෙන් ශතය; සැදි, සජ්ජිත වු; (යළිදු) සව් සත, සකල සත්ත්වයන්ගේ; සතන්, (චිත්ත)


ගුත්තිල කාව්ය් වර්ණරනා 273

සන්තානයන්; බැඳි, බන්ධනය කළා වු (වර්තමානාර්ථනයෙහි අතිත ක්රි යායි); (යළිදු) - යොදුන් දස දහසකින්, යොජන දශ සහස්ර යකින්; පිරිසිඳි, පිරිච්ඡ්න්න වු (ප්ර්මාණ කරන ලද්දා වු) - මතු සම්බන්ධයි.

සං. 1. බිහිදොර සියෙන් සිය සැදි බිහිර්ද්වාරය නම් ගෘහයක්හු‍ගේ දොරටුවාසලයි. ‍‍ෙගාපුරද්වාරය නම් නගරයක්හුගේ ප්රාරකාර දොරටුවයි. බහිර්ද්වාරයට තොරණ යයි ද කියනු ලැබේ. සං. 2. ‘ගොසින් වැද’ යනාදි කවෙහි සිට මෙතෙක් වර්ණිත වු ගුණ සියල්ල ම මතු කවෙහි පෙනෙන්නා වු ‘සක්පුර’යන්නට විශෙෂණ බැව් දත යුතු. සං. 3. ප්රවථම ද්විතිය පාදයේ උදාත්තයි. තෘතියපාදය හෙතුයි. චතුර්ථ පාදය ස්වභාවාක්තියි. මුථල්ල සංඍස්ටියි.

414. සුරතුරු සුවහ සි න් රන් දෙදෙනි සන් අහ සි න් විසිතුරු තුරු ‍ගො සි න් ‍සොබන සක් පුරට වැද සාතො සි න් සුරතුරු සුවහසින්, දිව්යි වෘක්ෂ හතසහස්රතයෙන් ද; රන් දෙදෙනි සන්, ස්වර්ණ ධ්වජයෙන් ජන්න වු (වැසුණා වු); අහසින්, ආකාශයෙන් ද; විසිතුරු, විචිත්රධවු (නානප්ර කාර වූ හෝ මනස්කාන්ත වු); තුරු ගොසින්, තුය්ය්සි ඝොෂායෙන් ද; සොබන, ශොබමාන වු; සක්පුරට, ශක්ර, පුරයට; සතොසින්; සන්තොෂයෙන්; වැද, ප්රමවිෂ්ට ව - මතු සම්බන්ධයි. සං. 1. උදාත්තාලංකාරයෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි(36. සං.2;371.සං.1. ii).

415. දැක සුරඹ සුවහ ස් කර නෙතෙහි දුක් නිදහ ස් සිත සපුරා ස‍තො ස් සුසැදි සුදසුන් වේ මැදින් ‍ගො ස් සුරඹ, දිව්යාං්ගනාවන්; සුවහස්, ශතසහස්ර්යන්; දැක, දර්ශනය කොට; නෙතෙහි, නෙත්ර්යෙහි (ජාති ශබ්දයෙන් චක්ෂුරින්ද්රි්යය කි හෙයින් නෙත්රද යුග්මය ම ගැනේ); දුක්, දුඃඛය; නිදහස කර, මුක්ත කොට; සිත, චිත්තය; සතෙස්, සන්තොෂයෙන්; සපුරා, සම්පූර්ණ කොට; සුසැදි, සුසජ්ජිත වු; සුදසුන් වේ මැදින්, සුදර්ශන විථි මධ්ය යෙන්; ගොස්, ගමනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. හෙත්වලංකාරයෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි.


274 ගුත්තිල කාව්යෙ වර්ණටනා 416. ඉසුරෙන් අග පැ මි ණි ස සග1 සුර සබ අග මි ණි රැස් රද2 දිග’ත මි ණි සුදම් සුරසබ වෙතට සැප මි ණි ඉසුරෙන්, ඓහ්චය්ය්ිි යෙන්; අගපැමිණි, අග්ර-ප්රාමප්ත වු; ස සග, ෂඩ් දිව්යෂ ලොකයෙහි; සුර සබ, දිව්යස සභාවන්ට; අගමිණි, අග්රරමණි වු; දිගත, දිශාන්තයෙන් හි වු (දිශාන්තයනිහි පැතිර සිටියා වු යයි යුසේයි); මිණි රැස් රද, මණි රශ්මි රාජාන් ඇති, සුදම් සුර සබ වෙතට, සුධර්මා නම් දිව්යි සභාව සමීපයෙට; ‍සැපමිණි, සම්ප්රාිප්ත වි (404.සං. 1.4.6.13)

සං. 1. ඉසුරෙන් අග පැ මි ණි සසග සුරසබ අග මි ණි (i) සසග. (සුගන්දර පර්වත මුදුනෙහි පිහිටි) චාතුර්මහා රාජිකයෙන් දෙසාලිස් දහසක් ‍යොදන්න් මත්තෙහි මහමෙර මුදුනැ දසදහසක් ‍යොදුන් අයම් විතර ඇති නොයෙක් දිව්ය‍ සම්පත්තින් බබළන්නා ව‍ූ තව්තිසා භවනය පිහිටියේය. මේ දෙදෙව්ලොව ම චක්ර‍වාඩ පරියාපන්න වැ පිහිටියේය. ඒ ශක්රි භවනයට දෙසාලිස් දහසක් යොදනින් මත්තෙහි යාම නම් දිව්යපලොකයට පිහිටියේය. එසේ ම තුසිත නම් දිව්යනලොකය (23.සං.1), නිර්මාණරති නම් දිව්යය ලොකය, පරනිර්මිත වශවර්ති නම් දිව්යනලොකය දැයි මෙසේ අනුක්රපමයෙන් මතු මත්තෙහි පිහිටි සදිව්යමලොකය ම කාමාවචර නම් වේ. - සද්ධර්මරත්නාකරය. (ii) අගමිණි. මෙහි ‘මිණි’ යනු ශ්රෙයෂ්ඨාර්තයෙහි වැටේ. මයුර සන්දේශයෙහි.- නුබමිණි කුල කිරුළු අග රඟමිණෙව් යෙ දු නවමිණි දෙරණිසුරු රජ කුමරුවන් ල දු ගුණමිණි අනගි අබරණ පැලඳි පිරිසි දු ලියමිණි බිසෝ හිමි රජකුල සිරින් සැ දු යන මෙහි ‘ලියමිණි’ යයි කියු තන්හි මෙනි. ‘අගමිණි’ යන්නෙන් සුධර්මා නම් දිව්යම දබාව අතිශොෂ්ඨ බව කියමින් අන්ය් දිව්යු සභාවන් ශ්රෙනෂ්ඨ බව ද ද්යො තනය ‍කළෝ. සභාමණිහු නම් ඔහු වෙත්; ඔවුන්ට අග්රුමණි නම් මෝ තොමො යි. සං. 2. ශක්ර;භවනයට ඉහලින් පිහිටියා වු දිව්ය ලොක සතර සැපතින් ද ආඪ්යනතර හෙයින් මෙහි ප්රුථම පාදය අතිශයොක්තියි (329. සං.2) දිවිතිය පාදය ස්වභාවොක්තියි. තෘතිය පාදය උදාත්තයි (371. සං.1. ii). ප්ර්ධාන වාක්යදය වු චතුර්ථපාදය ස්වභාවොක්තියි. මුළුල්ල මොවුන්ගේ සංඍෂ්ටිය. මහ‍ බෝසතාණන් වහන්සේ සුධර්මා නම් දිව්යි සභා මණ්ඩපයට සමිපස්ථ වු බැව් දක්වා තදනන්තර ව ප්රතස්තාවානුකූල වු තත් සභා වර්ණනය කරන්නාහු ‘තුන් සියයක්’ යනාදි පද්ය් පංචකයක් කියත්.

1. සසඟ - කිපත 2. රසරද - ‍බොහෝ; රැස් දස - 1

ගුත්තිල කාව්ය වර්ණපනා 275

417. තුන් සියයක් යොදු නි1 එ සුර සබ දිග පළලි නි පන්සිය යොදුනු යි නි යොදුන් නව සියයක් ය2 අටවි නි ඒ සුර සබ, ඒ දිව්යු සබා තොමෝ; දිග පළලින්, ආයාම විස්තාරයෙන්; තුන් සියයක් යොදුනි, ත්රි ශත යොජනයෙක් වෙයි; උසිනි, උච්ජ්‍ිසයයෙන්; පන්සිය යොදුන්, පඤ්වශත යොජන වෙයි; අවටිනි, ආවර්තකයෙන්; යොදුන්, යොජනයන්; නව සියයක් ය, නව ශතයෙකි (404. සං. 1. 13) සං. 1. ස්වභාවොක්තියි. 418. ටැම් ගන කසුන් ම ය බිතු දුල3 පිළි මැණික්4 ම ය බිම නිල් මැණික් ම ය බෙහෙක් නම් ලොව සබ දැක් ම ය (තත් සභ‍ායෙහි) - ටැම්. සතම්භ‍යෝ තුමු; ගන කසුන්මය, ඝන කාඤ්චනමය වෙත්; බිතු, බිත්තිහු; දුල පිලි මැණික්මය. ජවලන ස්ථටික මණිමය වෙත්; බිම, භූමි තොමෝ; නිල් මැණික්මය, නිල මණිමය වේ; ලොව, ලොකයෙහි; යෙහෙක් නම්, යහපතෙක් නම්; එ සබ දැක්මය, ඒ සබාව දර්ශනය මැයි. මෙහි ‘ලොව’ යන්නෙන් භුවනත්ර්ය ම කිහු. සං. 1. උදාත්තාලංකාරයයි (36. සං. 2; 371. සං. 1. ii) 419. සුසැදි රන් ටැම් උ ඩ උදුළ පිළිමිණි පේක ඩ රැස් දිලි5 දිගත් මැ ඩ එ සබ දුරු කල6 ගනි නෙත් මැ ඩ7 රන් ටැම් උඩ, ස්වර්ණ සතම්හ මස්තකයෙහි; සුසැදි, සුසජ්ජිත වු; උදුළ, උජ්ජවලිත වු; පිළිමිණ පේකඩ, ස්ඵටිකමණි කර්ණිකා මණ්ඩල ඇති; රැස්, (ස්ව) රශ්මින්; දිගත් මැඩව, දිශාවන් මර්දනය කොට; දිලි, විරාජමාන වු; එ සබ, ඒ සභා තොමෝ; දුටු කල, (තමා) දර්ශනය කළ කල්හි; නෙත්, නෙත්ර යන්; මැඩ ගනි, මර්දනය කොට ගන්නිය. සං. 1. උදාත්තාලංකාරයයි (36. සං.2; 371. සං. 1 ii)

1. න (එළිසතර ම) - කිසි 2. නවසියයකි - වනසියයකැයි - යෙකැයි - පොත්; නවසියයක යෙති - 1 3. දල - කිසි 4. බිතුදුල ිපළි මිණකිමය - බොහෝ. (බිතු, භිත්ති තොමෝ; දුල, ජ්වලිත වු; පිළිමිණක්මය, ස්ථටිකමනියෙක් මවේ - එක ස්ථටිකයෙක් ම ය යනු අර්තයි). බිතුදුල පිළිමිණිමය- 2; බිතුදුලන පිලිමිණිමය - 1 5. රැස් නිල් - 1 6. දුට කුළුගන් - 3; දිට කුළුගනි - 1 7. නෙත් වැඩ - කිප. 276 ගුත්තිල කාව්යි වර්ණෙනා 420. පබළ වග රූ රැ ස් සැදි සත්රුවන් ගෝනැ ස් විහිදි පල නන් රැ ස්1 එසබ දුටු කෙනෙකි ල්දදේ2 ඇ ස් ඇස් ලද්දේ, නෙත්ර්ලාභි වුයේ (කවරෙක් ද යත්); පබළ, ප්රිවාලමය වු; වග රූ රැස්, ව්යදඝ්රර රූප සමූහයෙන්; සැදි, අලංකෘත වු; සත්රුවන් ගෝනැස්. සප්ත රත්නමය ‍ෙගාපානසීන් යුක්ත වු; (තවද එයින්) විහිදි, විස්තිර්ණ වු; නන් රැස්, නානා රශ්මින් ඇති; පල, ජදනයන්ගෙන් යුක්ත වු; එ සබ, ඒ සභාව; දුටු, දර්ශනය කළා වු; කෙනෙකි, ජනයෙක් මය. සං. 1. ගෝනැස් නම් සෙවෙනියක් උසුලන්නා වු කෙළවරින් වක් වු දැව විශෙෂයක්. මේ වක් කෙළවනර බොහෝ විට ව්ය ඝ්රා දි පශු රූප කර්මයෙන් අලංකෘත කොට තිබේ. සං. 2. උදාත්තාලංකාරයෙන් සංකිර්ණ වු පය්ය්කෙළයොක්තයි. (371. සං. 1. ii; 5 සං. 2)

421. ක‍ලදෝ කැරැ ල් ලෙ න් ලෙළ දොන රන් කෙහෙ ල් ලෙ න් සැදි නේ3 සැඳැ ල් ලෙ න් ඒ සබ විසිතුරු වී4 සිය ල් ලෙ න් කලදෝ කැරැල්ලෙන්. ක‍ලධෞත ශෘංගයෙන් හා; ලෙළ දෙන, ලිලා දානය කරන්නා වු (කම්පිත වන්නා වු); රන් කෙහෙල්ලෙන්, ස්වර්ණ කෙතුයෙන් හා; සැදි, අලංකෘත වු; නේ සැඳැල්ලෙන්. අනෙක චන්ද්රි,කා ශාලායෙන් යුක්ත වු; එ සබ, ඒ ‍සබා තොමෝ; සියල්ලෙන්, සකල (අලංකාර) යෙන්; විසිතුරු වී, විචිත්රල වි,

සං. 1. සැදි නේ සැඳැල්ලෙන් චන්ද්රාවලොකස්ථල, චන්ද්රිැකාශාලා යනු අනෙයන්ය පය්ය්ි ය වු සමාස පදයි. චන්ද්‍ාව ලොකය නම් සඳ එළියයි. චන්ද්රියකා ද එමයි. මෙයින් ප්රසථම සාමසපදය සිහළට බි‍ඳෙන් කල ‘සඳලු තල’ කියා ද දිවිතිය පදය බි‍ඳෙන කල’ සැඳලි’ කියා ද හින්න වේ. ‘සඳලු තල’ යනු උපචාරයෙන් ‘සඳලු’ ද වේ.

1. රන් රැස් - 11 2. ලදුවේ - 2 3. සැදුණෙය - සැදුණේ - පොත් සැදුණය සැඳැ ල්ලෙන් එසබ විසිතුරු රූ සිය ල්ලෙන් රූ සියල්ලෙන්. රූප සාකල්ය යෙන්; විසිතුරු, විචිත්රකවු; එසබ, ඒ සබා තොමෝ; සැඳැල්ලෙන්. චන්ද්රිලකා ශාලායෙන්; සැදුණය. සජ්ජිත වුවාය; කෙබඳු ලක්ෂණයෙන් විශිෂ්ට වු ච්නද්රිෙකා ශාලා ද යත්; කල‍දෝ කැරැල්ලෙන් - පෙ 4. විසිතුරු රූ 5; විසිතුරු වු - 5 ගුත්තිල කාව්යු වර්ණ්නා 277 කුසජාතකයෙහි - වතිති සරි ඉ න්දු රුසිරෙන් දලනිඳු න්දු සදිසි පුර ල න්දු සඳලු තලවල කෙළිත් ප නිදු කිව්යත ශෙඛ‍රයෙහි - සඳලුවල ප න්දු කෙළිනා සොඳුරු ල න්දු රුසිරු නෙත ඇ න්දු සලෙලු සිත් තම වෙතට කැ න්දු මයුර සන්දේශයෙහි - සඳ මිණිනිල් සඳැලිය ලිය වත කම ල දැක නොමලන පුල් පියුමැයි කර කුහු ල දිසි පිළිබිඹු තුරු සෙන් සමගින් සක ල උදුරන ලොබින් වට වැනි බට පියුම් අ ල

සං. 2. උදාත්තාලංකාරයයි (36. සං. 2: 371. සං. 1.ii) මෙසේ මනොනයන ප්රී.තිප්රරමොදපනක රමණිය විශුද්ධ විචිත්රාකලංකාර සුවිරාජිත වු සුධර්මා නම් දිව්යැසබා මණ්ඩපයෙහි ශ්රිද සෞභාග්යදය වර්ණනා කොට දැන් සචාතුර්මහාරාජික ත්රි‍දශාලයාධිපති වු ශක්රගදෙවෙන්ද්රකයා එම සභා මණ්ඩපයට පැමිණ ආසනාරූඪව උන් පරිදි දක්වන්නාහු ‘මෙලෙසින්’ යනාදි කාව්යදත්රඑයක් කියත්. 422. මෙලෙසින් සැදි පව ර එ සුදම් සබා අබතු ර උස තුන් ගවු විත ර මැවුනු කුසුමාසනේ මනහ ර මෙලෙසින්, යථොක්තාකාරයෙන්; සැදි, සජ්ජිත වු ; පවර, ප්රනවර වු; එ සුදම් සබා, ඒ සුධර්මා නම් දිව්යා සභාවගේ; අඛතුර, අභයන්තරයෙහි; තුන්ගවු විතර, ත්රිව ගව්යුිත ප්රුමාණ වු; උස, උච්ඡ්ර යයෙන් ; මෑවුණු, නිර්මිත වු; මනහර, ච්ත්තාකර්ෂක වු; කුසුමාසනේ, පුෂ්පාසනයෙහි - මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලංකාරයයි. (36. සං. 2; 371. සං.1 ii)

1. නිල්මිණි, නිලමණිමය වු; සැඳලිය, චන්ද්රිෙකාශාලායෙහි; දිසි, දෘශයමාන වු; පිළිබිඹු, ප්රයතිබිම්බයෝ (කෙසේ ද යත්); ලිය, ලතාවන් ගේ; වතකමල, වක්ත්රරපද්මයන්; දැක, දර්ශනය කොට; නොමලන, මලාක නො වන්නා වු; පුල්පියුමැයි, ඵුල් ලපද්මයයි; කුහුලකර, කුතුහල කොව; බට පියුම් අල - බව, අවතිර්ණ වු; පියුම් අල, පද්ම ආලුකයන්; උදුරන ලොබින් උද්ධරණය කරන අභිලාෂයෙන්; සඳ, චන්ද්රතයා; සකල තුරු‍සෙන් සමගින්. සියලු තාරකා සෙනාවන් සමග; බව වැනි, අවතිර්ණ වු මෙනි.

278 ගුත්තිල කාව්ය් වර්ණානා

423. යෙළ යාළක් සුව ඳ විලවුන් අලෙව් කර සො ඳ මිනි අබරණ පැල ඳ සැටක් ගැල් පිරිස හැකි මනන ඳ යෙළ යාළක්: සාර්ධශකට ප්රඳමාණ වු; ‍ෙසාඳ, සුන්දර වු; සුවඳ විලවුන්. සුගන්ධ විලෙපයන්; අලෙව් කර, ආලිප්ත කොට ගෙන; සැටක් ගැල්, පෂ්ටි ශකටයක්; පිරිය හැකි, පුර්ණ කළ හැක්කා වු; මනනද, මනොන්දන වු; මිණි අබරණ, මණයාභරණයන් ; පැළඳ, ප්ර සාධනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලංකාරයයි.(36. සං. 2; 71.සං. 1 ii) 424. ගව්වක් පමණ උ ස් පලන් කිරුළෙහි ප‍ිරිවෙ ස් දිදුලෙන් අහස් කු ස් නොසිස් කර උන් ස‍ඳෙහි සහසැ ස් ගව්වක් පමණ, ගව්යුසත ප්රඳමාණ වු; උස්, උච්ර්1ු ය ඇති; පලන් කිරුළෙහි, පිනද්ධ කිරිටයෙහි; පිරිවෙස්, පරිවෙශයාගේ (රශ්මි මාලාවගේ); දිදුලෙන්, උද්දිප්තියෙන්; අහස් කුස්. ආකාශ කුක්ෂිය; නොසිස්කර, රික්ත නො කොට (පූර්ණ කොට යයි යූසේයි); සහසැස්, සහස්රාමක්ෂයා; උන්සඳ, උපවිෂ්ට වු කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලංකාරයයි (36. සං.2; 371. සං.1. ii) දැන් දිව්යුසභා ප්රාතප්ත වු අන්ය6 මහෙශාක්යස දෙවතාවන් නාමධෙයයෙන් නිර්දිෂ්ට කරන්නා හු ‘වරුණය’ යනාදි පද්යායක් කියත්.

425. වරුණය පජාප ති ඊසාන යන නම් ඇ ති සුරන් උන් ඉක්බි ති අසුන්වල අඩ යොදුන් උස ඇ ති වරුණය, වරුණය; පජාපති,ප්රකජාපතිය; ඊසාන, ඊශානය; යන මේ ඇති, යන මේ නාමයන් ඇත්තා වු; සුරන්, දිව්යයරාජයන්; අඩ යොදුන් උස ඇති; අර්ධයොජන උච්ජ්‍ වයයෙන් යුක්ත වු; අසුන්වල, ආසනයන්හි; උන් ඉක්බිති, නිපණ්ණ වු පසු - මතු සම්බන්ධයි.

සං. 1. වරුනය පජාපති ඊසාන යන නම් ඇති ශක්ර යා තුන්ගව්වක් උස් වු ආසනයෙක්හි උපවිෂ්ට වු කල්හි අර්ධයොජන හෙවත් දෙගව් උස ඇති ආසනයන්හි උපවිෂ්ට වු මෙහි සඳහන් දිව්යප රාජයෝ තිදෙන නම් ශක්ර්යාහට දෙවැනි ව දිව්ය ලොකයෙහි අධිපතිකම් කරන්නා වු ගුත්තිල කාව්යය වර්ණ නා 279

ශක්රතයා හා සමවර්ණ හා සම ආයුඃ ප්රධමාණ ඇති තෙජස්වත් දෙවි‍යෝ තිදෙනෙක්. අසුර යුද්ධයෙහි ලා මොවුහු ශක්ර්යා හා සමග ම තවුතිසා භව‍නයෙහි දෙවයන්හට සෙනානායක ව නික්මෙති. එහි දි ඔවුන්ග්ා බලය හා පරාක්ර මය ද ශක්රදයාගේ බල පරාක්රියම සේ ම දිව්යෙසෙනාවන්ගේ ධෛය්ය්ුන්වර්ධනයට කාරණා වෙත්. වදිරන ලද මැයි ධජග්ග සුත්ර යෙහි - ‘භූතපුබ්බං භික්ඛ‍වෙ දෙවාසුරසංගාමෝ සමුපබ්බුළෙහා අහොසි. අථ ඛො භක්ඛ‍ෙව සක්කො දෙවානම්න්දක දෙවෙ තාවතිංසෙ ආමනෙතසි. සවෙ මාරාසා දෙවාලං සංගාමගතානං උප්පජේජ්ය්ය භයං වා ජම්බිත්තං වා ලොමහංසෙං වා මමෙව තස්මිං සමයෙ ධජග්ගං උල්ලොකෙය්ය ථ මමං හි වො ධජග්ගා උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං ‍ලොමහංසෝ වා සො හශියස්සති. නො වෙ මෙ ධජග්ගං උල්ලොකෙය්යාිථ අථ පජාපතිස්ස දෙව ර‍ාජස්ස ධජග්ගං උල්ලොකෙය්යා ථ. පජාපතිස්ස භි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ජම්හිතත්ං වා ලොමහංසො වා සෝ පහියිස්සති. නො චෙ පජාපතිස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්ය ත අථ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්යාවථ. වරුනස්ස හි වො දෙව රාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සත් භයං වා ජම්බාතත්තාං වා ලෝමහං‍ෙසා වා සො පහියිස්ස්ති. නො වෙ වරුනස්ස දොවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්යා්ථ අථ ඊසානස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්යාජථ ඊසානස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ජම්බිතත්තං වා ලොමහංසො වා සො පහියිස්සති. (භගවා එතදවොව , භාග්යභවත සර්වඥයන් වහ‍න්සේ මේ වදාළසේක) – මහණෙනි. පෙර ව‍ු දෙයක් කියමි. හේ කිමයත්; දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයෙක් උභයසෙනා සමාගමයෙන් එක්තැවන් විය, නොහොත් දෙ සෙනග යුද්ධ සම්බන්ධ ව රැස් විය. මහණෙනි. ඉක්බිත්තෙන් සක් දෙව් රජ තෙම තව්තිසා වැසි දෙවියන් කැඳවිය. කැඳවා ‍මෙසේ කිය. ‘නිදුකාණෙනි, යුද්ධයට ගිය දෙවියන්ට භයෙක් හෝ තැති ගැන්මෙක් ‍හෝ රොමොද්ගමයෙක් හෝ ඉදින් උපන්නේ වි නම් එසමයෙහි මාගේ ම යෙළ සියයක් යොදුන් පමණ දිග ඇති යටෙහි නහන ලද දෙසිය පණස් යොදුන් පමණ උස ඇති ධජයාගේ අග්රයය බලව්, මාගේ ධ්වජාග්රයය බලන්නා වු තොපට යම් භයෙක් ‍හෝ යම් තැති ගැන්මෙක් ‍හෝ යම් රොමොද්ගමයෙක් හෝ වේ ද හෙතෙම පහ වේ. මාගේ ධ්වජාග්රහය ඉදින් නො බලව් නම් ඉක්බ්ත්තෙන් ප්‍රජාපති නම් දෙව් රජහුගේ කොඩිය අග බලව්, ප්ර්ජාපති නම් දෙව් රජහුගේ කොජිය අග බලන්නා වු තොපට යම් භයෙක් ‍හෝ තැති ගැන්මෙක් ‍හෝ රොමොද්ගමයෙක් හෝ වේ ද එය පහ වේ. ප්රිජාපති නම් දෙව්රජහුගේ කොඩිය අග ඉදින් නො බලව් නම් ඉක්බිත්තෙන් වරුණ නම් දෙව් රජහුගේ ‍කොඩිය අග බලව්. වරුණ නම් දෙව් රජහුගේ කොඩිය අග බලන්නා ව‍ු තොපට යම් භයෙක් හෝ තැති ගැන්මේක් ‍හෝ රොමොද්ගමයෙක් හෝ වේ ද ඒ පහ වේ. වරුණ නම් දෙව්රජහු‍ගේ කොඩි අග ඉදින් නො බලව් නම් ඉක්බිත්තෙන් ඊසාන නම් දෙව් රජහුගේ කොඩි අග බලව්. ඊසාන නම් දෙවරාජයාගේ ‍‍කොඩි කෙළවර බලන තොපට යම් භයෙක් හෝ තැතිගැන්මෙක් හෝ රොමොද්ගමයෙක් හෝ වේ ද ඒ පහ වේ. - සාරාර්ථ දිපනි.)

සං. 2. ස්වභාවොක්තියි 280 ගුත්තිගල කාව්යම වර්ණිනා

426. සුරිඳුට එක් පසෙ ක ගවු උස අසුන් දෙතිසෙ ක පිරිවර ගෙන නොයෙ ක ඇවිත් වැඩ උන්1 සුරෝ දෙතිසෙ ක සුරිඳුට, සුරෙන්ද්රදයාහට; එක් පසෙක, එක් පක්ෂයෙක්හි; ගවු උස, (එක) ගව්යුුත උච්ජ්රරය ඇති; අසුන් දෙතිසෙක. ආසන ද්වාත්රිපගශතියෙක්හි; නොයෙක පරිවර ගෙන, අනෙක පරිවාරයන් ග්රාහණය කොට; ඇවිත්, ආගමනය කොට; වැඩ උන්, උපවිෂ්ට වූ; සුරෝ, දිව්යකරාජයෝ, දෙතිසෙක, ද්වාත්රිංොශත් කෙනෙකි (404. සං.්1.9). සං. 1. ශක්ර9භවනයට ත්රිෝදශාලය යනු නමකි. එහි අර්ථය නම් ත්රිකදශයන්ගේ භවනය යනු වේ. මෙහි ත්රි.දශ යනු ත්රිියස්ත්රිංිශත් යනු පිණිස උපවාරයෙන් යොදන ලද්දකි. එවිට ශක්රවදෙවෙන්ද්රහයා ප්රනමුඛ කොට ඇති ත්ර්යස්ත්රිං්ශද් (තිස්තුන්) ද්ව්යවරාජයන්ගේ භවනය යන අර්ථයි. සං. 2. ස්වභාවොක්තියි අලෙපශාඛ්ය දිව්යියන්ගේ සන්නිධානය නිර්දියට කරන්නායු ‘සුළගින්’ යනාදි පද්යශයක් කියත්.

427. සුළඟින් ගෙන එක ල පිළිවෙළින්’තුළ මනක ල මල්කෙමි අසුන්ව ල දහස් සුවහස් සුරන් උන් ක ල එකළ, තත්කිලයෙහි; සුළඟින් ගෙන, මාරුතයෙන් ග්රුහණය කොට (ආනීත කෙට යයි යූසේයි); පිළිවෙළින්, පරිපාටියෙන්; අතුළ, ආස්තෘත වු; මනගල, මනඃකල්යෙ වු ; මල්කෙමි අසුන්වල, පුප්කර්ණිකාමය ආසනයන්හි (බිම අතුරන ලද එක් එක් පුෂ්ප කර්ණිකා තොමෝ එක් එක් අලෙපශාඛය දෙවියකුහට ආසනය වි); දහස් සුවහස්, සහස්රට ශතසහස්රු සංඛයාත වූ; සුරන්, දිව්යකයන්; උන් කල, උපවිෂ්ට වු කලිහි- මතු සම්බන්ධයි. සං. 1. උදාත්තාලඞ්කාරයයි (36 සං. 2) මෙසේ මහත් තෙජොබල කිර්තිප්රයතාපාන්විත වු දිව්යිරාජයන් හා අවශෙප දෙවියන් ද රාශිභූත ව උන් ඒ සභාව ප්රකබොධනය කෙරෙමින් ශක්රුදෙවෙන්ද්රායාගේ ප්රිෙයකාන්තාවන් වු චතුර්දිව්යංඒගනාවන් සම්ප්රානප්ත වු බැව් දක්වන්නාහු ‘සුරිඳු සිත’ යනාදින් ආරම්ධ වු අෂ්ට පද්යියක් ද අන්ය් ශතසහස්රා සඞ්ඛ්යාවත දිව්යාරඞ්ගනාවන්ගේ සම්ප්රාිප්තිය දක්වන්නාහු ‘දහස් පිරිවර’ යනාදි පද්යශයක් ද කියත්.

1. වැද උන් - කිසි.


ගුත්තිල කාව්යන වර්ණයනා 281

428. සුරිදු සිත න ම මා ලද සුර ඉසුරු නි ම මා සුරලඳ සුද ම් මා සුරඹ පිරිවරමින් සුර ම් මා සුරිඳු සිත, සුරෙන්ද්රනයාගේ චිත්තය; නම්මා, නතු කරවා; සුර ඉසුරු, දිව්යෛ ශ්වය්ය් යන්; නිම්මා, කෙළවර කොට; ලද, ලද්දා වු; සුදම්මා සුරලඳ, සුධර්මා නම් දිව්යයකාන්තා තොමෝ; සුරම්මා, අතිරම්යව වු; සුරඹ, දිව්‍මාංගනාවන්; පිරිවරමින්, පරිවාර කොට ගෙන - මතු සම්බන්ධයි. (404. සං.1.3. 4. 13).

සං. 1. ස්වභාවොක්තියි. 429. මිහිඳුරු රැසින්1 ග න නන්2 තුරු මලින් නද දෙ න සුරසබ හිමව් ව න වසත් සිරි සිරි රැපැයි3 අවුදි න4 සුරසබ, දිව්යම සභා නැමති; හිමව් වන හිමාලය වනයට; අවුදින, ආගමනය කොට; වසත් සිරි, වසන්ත ශ්රිමයගේ; සිරි, ශොභාව; රැපැයි, ගෙනහැර දැක්වි, කෙබඳු ලක්ෂණයෙන් විශිෂ්ට වු දිව්යා සභාවක් ද කෙබඳු ලක්ෂණයෙන් විශිෂ්ට වු හිමාලය වනයෙක් ද යනු ශෙලෂාලංකාර මුඛයෙන් දර්ශිත කළෝ. සභා පක්ෂයෙහි; මිහිඳුරු රැසින්, මහෙන්ද්ර. රශ්මියෙන් (මහෙන්ද්ර, නම් ශක්රපයායි); ගන, සාන්ද්රන වු; නන්තුරු මලින් නදදෙන - නදදෙන, නාදදනය කරන්නා වු; නන්, නානාවිධ වූ; තුරුමලින්, තුය්ය්ු මාලායෙන් යුක්ත වු; දෝහෝ නොහොත් - හිමාලය පක්ෂයෙහි; නන්තුරු මලින් නදදෙන - නදදෙන, කූජනය කරන්නා වු; නන් තුරු මලින්, නානා පක්ෂි මාලායෙන් යුකත් වු: (විශෙෂ්යරය ද එයින් ම කිහ); මලින්, පුෂ්පයන් කරණ කොට ගෙන; නද දෙන, ආනන්ද ප්රවදායක වුඤ නන් තුරු, නානා වෘක්ෂයන් ඇති; හිමිඳුරු රැසින්, මහිධර (පර්වත) සමූහයෙන්; ගන, ඝන වු හෙවත් ගැවැසි ගත්තා වු;5 (සුරසබ, දිව්යර සභා නැමති; හිමව් වන, හිමාලය වනයට; අවුදින, ආගමන කොට; වසත් සිරි, වසන්ත ශ්රිියගේ ; සිරි, ශොභාව; රැපැයි. ගෙනහැර දැක්වි).

1. විහිදුණු රයින් (ගන) – 8. සබාපක්ෂයෙහි; විහිදුණු, විස්තිර්ණ වු; රසින්, රශ්මයෙන් හෙවත් කාන්තියෙන්‍; ගන, සාන්ද්රු වූ; දෝහෝ නොහොත් - හිමාලය පක්ෂයෙහි; ගනරසින්, මේෂ ජලයෙන්; විහිදුණු ව්යාෙප්ත වු)එහෙත් මේෂයන් වසන්තකාලයෙහි ඇති ලක්ෂණයන් බව නො පෙනේ.) 2. නම් - 1; ගත් - 1 3. වසත් සිරිසිරුපු - 3 4. ඇවිදින - 8 5. රැසින් ගන. රශ්මියෙන් සාන්ද්රා වු; මිහිදුරු, (ස්වර්ණ රජතාදි) පර්වතයන් ඇති දෝහෝ නොහොත්, මිහිදුරු රැසින්, මාගෙන්ද්රර සමූහයාගෙන්; ගන, බහුල වු - යයි ද මේ පක්ෂයෙහි ශ්රෑතසමාණ වු පදරුත්. 282 ගුත්තිල කව්යු වර්ණ්නා සං. 1. මිහිඳුරු රැසින් ග න නන් තුරුමලින් නද දෙ න (i) මෙහි නිර්දිෂ්ට වු වසන්ත ශ්රිගයගේ හෙවත් වසන්ත ඍතුහු‍ගේ ඓශ්චය්ය්ස්ව සෞභාග්යයය ශ්රිත කාලිදාස මහාකව්න් විසින් මෙසේ වර්ණනා කර තිබේ. ඍතුසංහාරයෙහි; නානාමනොඥකුසුමද්රැලමභුෂිතාන්තාන් හෘෂ්ටා න්යසපුෂ්ටනිනදාකුලසානුදෙශාන් ශෛලෙයජාලපරිනද්ධශිලාතලෞඝාන් දෘෂ්ටවා ජනඃ ක්ෂිිතිහෘතො මුදමෙති සර්වඃ (නෛකවිධ මනොඥ කුසුමද්රැිමයෙන් භූෂිත වු ප්රතත්ය‍න්ත ප්රයදෙශ ඇති හර්ෂප්රා ප්ත කොකිලයන්ගේ නිනාදයෙන් ව්යැප්ත වු මස්තක ප්රූදෙශ ඇති ශෛලෙය1 ජාලයෙන් වලඳනාලද ශිලාතල සමූහ ඇති මහිධරයන් දර්ශනය කොට සර්ව ජනතෙම ප්රෙමොද ප්රාෙප්ත වේ.) (ii) මහිධර යනු සීහළට බි‍ඳෙන කල ප්රනථමකොට ‘මිහිදුරු’ යයි බිඳි පසු ව අර්ධවර්ගාන්තයෙක්හුගේ නිෂ්පත්තියෙන් ‘මිහිඳුරු’ යයි වේ. ආදාන යනු අදිනු අඳිනු යයි කියා ද ආච්ඡාදන යනු හදිනු - හඳිනු යයි කියා ද හින්න වු මෙනි. ‘කුටජ’ යන්නෙන් ‘කෙලිඳ’ ය, ‘නිදාඝ’ යන්නෙන් ‘නියහ’ ය, ‍’වෛශාඛ’ යන්නෙන් ‘වෙසඟ’ ය යන මොවුන්ගේ බෙදය ද සමකර බලන්න. (iii) ආනන්දාර්ථවාචි වු ‘නන්ද’ ශබ්දය සීහළට බි‍ඳෙන කල ප්රනථමකොට ‘නඳ’ යයි බිඳි පසු ව අර්ධවර්ගාන්තයාගේ අභාවයෙන් ‘නද’ යනු ද වේ. මංගල යනු ‘මඟුල්’ යයි බිඳි පසු ව ‘මඟුල්’ යයි ද ව්යනවහාර ප්රා්ප්ත වු මෙනි. මේ කවෙහි ම:- මනමත් කරවන ‍දන මූළු දෙ රණා රස වත් වන වෙණනද ‍නද ක රණා යන තන්හි අනුප්රා‍ස හෙතු වු ‘නද’ ශබ්ද දෙදෙනාගෙන් එක් ශබ්දයක් ‍නම් ආනන්දාර්ථවාචි වඋ ‘නද’ ශබ්දයයි. (iv) ශෙලෂොපමාලංකාරයෙහිලා උපමාන උපමෙය එක් එක් පක්ෂයෙහි බන්ධනය තෙම වෙන් වෙන් වශයෙන් එකාර්ථවති. යුගලාර්ථ වන්නේ උභය බක්ෂය එක් වූ කල්හිය. එහෙයින් මෙහි උපමාන වූ හිමාලය පක්ෂයෙහි බනධනය තෙම එකාර්ථවත් වෙයි. එකල ‘නන් තුරු මලින් නද දෙන’ යන්නට මේ එක් ලක්ෂයෙහි ම විශෙෂණ විශෙෂ්යය යුගලාර්ථයෙක් කෙසේ ඇති වි ද යනු ප්රමශනයෙකි. ඊට උත්තර නම් එකාර්ථ බන්ධනයෙහි ද වක්ත්රිෙප්සාවෙන් අභිමත පද කෙනෙකුන් ශෙලෂයෙහි හෙවත් නානාර්ථයෙහි යෙදි මට බාධාවක් නොමැත්තේය යනුයි. උදාහරණ:- කාව්යණ ශෙඛරයෙහි - සියසරණ නියපෙ ළ රසින’න් රජ’ බිසෙස්ක ළ (රසින්, රශ්මි වශයෙන් වූ; රසින්, ජලයෙන්.) අනුරුද්ධ ශතකයෙහි - කල්යාදණා’පඝනං රජෝ හතිඝනං භක්ත්යා් නමෙ ශ්රිැඝනම් (රජස්, සංස්කාර වූ; රජස්, ධුලිය.)

1. ශෛල්යෙණ, ගලි සෙවෙල් හෙවත් පෙද. ගුත්තිල කාව්යෙ වර්ණරනා 283

කාව්යාලදර්ශයෙහි - චතුර්ම්ඛාම්හොජ - වනහංසවධුර්මම මානසෙ රමතාං නිත්යං - සර්වර්ගදක්ලා සරස්වති (මානසෙ, චිත්තලක්ෂණ වු; මානසෙ, මානස නම් විලෙහි.) මෙෂ දූතයෙහි - නිපං දෘෂටවා හරිතකපිශං කෙශරෛරර්ධරෑ‍ෛඪ - රිවිර්භුතප්රහථමමුකුලාඃ කන්ද්ලිශ්චානු කවජම් දගධාරණ්යෙපෂ්වධිකසුරහිං ගනධමාඝ්රා‍ය චොර්ව්යාඃා සාරඞ්ගාස්තෙ ජලලවචුචඃ සූවයිෂ්යංනති මාර්ගම් (සාරඞ්ගාඃ, මුවොය; සාරඞ්ගාඃ, කැඳැත්තෝය; සාරඞගාඃ, ඇත්තු ය යන මොවුහු; තෙ මාගර්මර; තොපගේ මාර්ගාය; සුවයිෂ්ය නති, දක්වන්නාහුයි.) සං. 2. අර්ථශ්ලෙෂයෙන් හා රූපකයෙන් ද සංකිර්ණ වු උපමාලංකාරයයි.

430. හැම1 සුර පබ න් දා දළ ලොබ සිඳු කුමු න්දා2 රුවින් මනන න් දා දිලිහි දිලිහී සුරඹ න න් දා හැම සුර, සකල දිව්යුයන්; පබන්දා, ප්රතබන්ධ වු (මහත් වු); දළ ලොබ සිඳු, දෘඪ ‍ලොභ නැමති සාගරයෙහි; කුමන්දා, නිමග්න කරවා; නන්ද සුරඹ, නන්දා නම් දිව්යාං ගනා තොමෝ; මනන්දා රුවින්; ම‍නොනන්දන වු රුපයෙන්; දිලිහි දිලිහි, විරාජමාන වෙමින් - මතු සම්බන්ධයි. (404. සං. 1.3.6.14).

සං. . හෙත්වලංකාරයයි. 431. වර කත3 රඟින් ස ර සුර සිරි සඳට ආක ර සුර සබ කිරි සයු ර පුව‍ුටු සඳ රැස් ලෙසින් මනහ ර සුර සබ, දිව්යෙ සභා නැමති; කිරි සයුර, ක්ෂි.ර සාගරයට; මනහර, මනොහර වූ; සඳරැස් ලෙසින්, චන්ද්ර මරිවිය මෙන්; පුවුටු, ප්රෙවිෂ්ට වූවා, කෙබඳු ලක්ෂණයෙන් විශිෂ්ට වු දිව්ය,සභාවක් ද කෙබඳු ලක්ෂණයෙන් විශ්ෂට වු ක්ෂි,ර සාගරයෙක් ද යනු ශෙලෂාලඞ්කාර මුඛයෙන් නිර්දිෂ්ට කළෝ. සභාපක්ෂයෙහි; වර කත, වර ස්ත්රියන්ගේ; රඟින්, නෘත්යටයෙන්; සර, සාර වු; සුරසිරි, දිව්යෛ ශ්චය්ය්ර සය සම්බන්ධ වු: සඳට, ජන්දයට (හෙවත් ආනන්දයට); ආකාර, උත්පත්තිස්ථාන වු: දො‍හෝ නොහොත් -

1. සැම - බොහෝ 2. කුමන්දා - 1 3. චනකත - කිසි 284 ගුත්තිල කාව්ය් වර්ණශනා ක්ෂි.ර සාගර පක්ෂයෙහි; වර, උතුම් වු; කතරඟින් සර - සර, ගමන්ගත්තා වු; කතරඟින්, ජලතරං‍ගයෙන් (යුක්ත වු); සුර සිරි සඳිට - සුර, සුරා දෙවිය; සිරි, ශ්රි‍ කාන්තාය; සඳට, චන්ද්රායා යන මොවුන්ට; අකාර, උත්පත්තිස්ථානය වු; (සුර සඛ, දිව්යාසභා නැමති; කිරි සයුර, ක්ෂි්ර සාගරයට; මනහර, ම‍නොහර වු; සඳ රැස් ලෙසින්, චන්ද්රය මරිවිය මෙන්; පුවුටු, ප්රිවිෂ්ට වූවා.) සං. 1. වරකත රඟින් සර වරකත (වරස්ත්රිව) යන්නෙන් ප්රමථම කොට උත්තම ස්ත්රි,හු ද, දෙවනු කොට උතුම් රූපශ්රියල් ශොබාමත් වු ස්ත්රි හු ද කියනු ලැබෙත්. දිව්ය ලොකයෙහි වනාහි උතුම් ස්ත්රිොහු නම් දිව්යාිගනාවෝ වෙති. එයින් මෙහි පරමාර්ථය ගත් කල වරකත යන්නෙන් දිව්යාංරගනාවෝ ගැනෙත්. දිව්ය් ලොකයෙහි පවා රූපශ්රි සෞන්දය්ය්්ථයයෙන් සුප්ර ශස්ත වු කාන්තාවෝ නම් අප්සරාවෝය. එයින් මෙහි දිවිතියාර්ථය ගත් කල වරකත යන්නෙන් අප්සරාවෝ ගැනෙත්. කියන ලද මැයි. අප්සු නිර්මිථනාදෙව - රසාත් තසමාද් වරස්ත්රියයඃ උතෙප්කමර්නුිජශ්රොෂ්ඨ - තසමාදප්සරසෝ’ භවන් (ජලය කෙරෙහි පත්වන ලද නිර්මථනයාගේ හෙතුවෙන් එම්බා නර ශ්රෙෝෂ්ඨ්යඃ! වරස්ත්රි හු සම්භූත වුහ. එම කාරණයෙන් ඔවුහු ජලාර්ථවාචි අප්ශබ්දය මුල්කොට ඇති අප්සරස් යන නාමයෙන් ප්රෙකට වුහු.) අප්සරාවන්ගේ උත්පත්තිය ගැන මිට අනතුරු වු සංලක්ෂ්යුය බලන්න. සං. 2. සුර සිරි සඳට ආකාර ක්ෂිරර සාගරය. සුරා දෙවිය, ශ්රිල කාන්තාය, චන්ද්රරයාය යන මොවුන්ට උත්පත්තිස්ථාන වු පරිදි කිසේය යත්: එක් සමයෙක්හි දුර්වාසස් නම් ඍෂිවර තෙම ශක්රයදෙවෙන්ද්රරයාහට මල්මාලාවක් පරිත්යාෙග කෙළේය. ශක්ර යා විසින් ඒ මල් මාලාව තම වාහන වු ඓරාවත නම් හස්තිහුගේ සරසෙහි පළඳනාව ලද්දි හස්තිහු විසින් සොඬින් ගෙන ධරණි තලයෙහි හෙළන ලද්දිය. ඒ දුටු දුර්වාසස් නම් ඍෂිතොමේ ‍කොපයෙන් පහරන ලද සිත් ඇත්තේ ශක්ර යාට ශාප කළේය. ඒ ශාපය කරණ කොට ගෙන ශක්රියාගේ තෙජෝහානිය වුයෙන් අසුරයන්ගේ බල වර්ධනය ද වි, එයින් නිඃශ්රිටකබාවගත වූ දව්යනයෝ භුවනාරක්ෂක වූ විෂ්ණු දෙවයා වෙත එළඹ උපකාර යැදුහ. විෂ්ණු දෙව තෙමේ ‘සුරයෙනි. මම තොපට පිටිවහල් වන්නෙමි; තොප අසුරයන් හා සමාදානයට පැමිණ තොප හා උන් හා එක් ව කිරි සයුරෙහි නොයෙක් ඔසු බහා මන්දර පර්වතය මන්ථය කොට ගෙන අනනතයාහට සොහොයුරු වු වාසුකි නම් නාග රාජයා මත් රැහැන කොට ගෙන ඒ රැහැනින් ඒ මන්ථය වෙළා බහාලන ලද ඔසු ඇති ඒ සයුර අලළව් යයි කීහ. ‘එසේ අලළන කල පෙර මහා සම්ප්ලවයෙන් අන්තර්හිත වු අමෘතයාගේ ප්රොතිසමභවය වන්නේය. ඒ පාන කිරිමෙන් තොපට විය්ය් වැඩෙයි. තොපි අමරයෝ වෙති. අසුරයන් හට ව්යාෙයාමය මුත් අමෘත පානයක් නො වන සේ මම කාය්ය්යුර සම්පාදනය කරන්නෙමි වේදැ. යි කීහ. එකල්හි සුරයෝ අසුරයන් හා සන්ධානයට පැමිණ කිරි සයුරෙහි ‍නොයෙක් ඔසු බහා මන්දර පර්වත නැමති මන්ථය වාසුකි නාගරාජ නැමති රැහැනින් වෙළා කිරිසයුර අලළන්නාහු වෙනු විසින් ප්ර ථමයෙන් දෙන ලද උපදෙස් ‍ඇත්තෝ නාරජු‍ෙග් ලාඞ්ගුල පක්ෂය අල්ලා ගත්හ. අසුරයෝ වනාහි ග්රිෙවා පක්ෂය අල්ලාගත්හුය. මේසේ ගුත්තිල කාව්ය් වර්ණහනා 285 අල්ලාගෙන මථනය කරන සමයෙහි නාරජහු විසින් හරනා ලද උෂ්ණ වු නිඃශ්වාස වාතයෙන් සමීපස්ථ වු අසුරයෝ පෙළෙන්නාහ; එම වාතය අහසට නැඟි වලාකුල් භාවයට පෙරළි ලාඞ්ගුල ප්රයදේශයට ගමනය කිරිමෙන් තත් ප්ර දෙශස්ථ වු සුරයෝ වනාහි සන්තර්පයට පැමිණෙන්නාහ. විෂ්ණු දිව්යකරාජ තෙමේ සමුද්රර මධ්යඞයෙහි කූර්ම වෙශයක් මවා ගෙන මන්දර පර්වතයාගේ භ්රිමණය පිණිස තම පෘෂ්ඨය ම ඊට අධිෂ්ඨානය කොටම ගෙන සිටියේය. තෙමේ ම තවත් නොයෙක් වෙස් මවා ගෙන මත් රැහැන ආකර්ෂණය පිණිස සුරාසුරයන් මධ්යරයෙහි උපස්තම්භක ව ද සිටියේය. තවද විශාල වූ ශරිර ඇති ‍ෙ‍වශ‍යක් මවාගෙන බර දෙනු පිණිස මන්ථ මතුයෙහි නැඟි සිටියහ. මෙසේ මථනය කරනු ලබන්නා වු ක්ෂිබර සාගර ගර්භයෙන් පළමු කොට හොමඝෘතයට උත්පත්තිස්ථනා වු දෙවපූජ්යන වු සුරහධෙනු තොමෝ ප්රානදූර්භුත වුවා. එයින් සුරාසුර‍යෝ ප්රපමෝදයට පැමිණියහ. ප්රිුතියෙන් අධික වු සිත් ඇතිතාහු බාෂ්ප ජලයෙන් පූර්ණ වු නෙත්ර්යෙන් ද යුක්ත වූහ. ඉන්පසු ව ගුවන් තලයෙහි සිද්ධ‍යන් ‘මේ කුමන දර්ශනයෙක් දෝ හෝ ‘යි විස්මය සිතින් බලමින් සිටින කල්හි සුරා මදයෙන් බමන්නා වු නෙත් ඇත්ති සුරා දෙවි තොමෝ උද්භූත ‍වි ‍ආවා. කියන ලද මැයි, විෂ්ණු පුරාණයෙහි - කිමෙතදිති සිද්ධානං - දිවි චින්ත‍යතාං තතඃ බභුව වාරුණි දෙවි - මදඝුර්ණිතලොචනා යළිදු කරන ලද ආවර්ත ඇති ඒ ක්ෂිවර සාගර ගර්බයෙන් ස්වකිය පුෂ්ප සුගන්ධය කරණ කොට ගෙන මුළු දියත අධිවාසනය කරන්නා වු සුර සුන්දරින්හට නන්දන ජනන කාරණ වු පාරිජාත වෘක්ෂය තොම උද්භූත විය. ඉන් පසු රූපෞදාය්ය් ක ගුණොපෙත වු අප්සරස්සමූහය තෙමෙ සමුත්පන්නවිය. ඊට අනතුරුව ශිතාංශුයෙන් රමණිය වු චන්ද්රණ තෙමේ උද්භූත වි. මහෙශ්වර තෙම ඒ ග්රටහණය කෙළේයි. විෂයෙක් සමුත්ථිත වි නාගයෝ ඒ ග්ර හණය කළාහුයි. එයින් කිහ: නතඃ ශ්තාංශුරහවත් - ජගෘහෙ තං මහෙශ්වරඃ ජගෘහුශ්ව විෂං නාගාඃ - කිසිරොදිච්ච සමුත්ථිතම් විෂයෙන් ලෝකය විනෂ්ට වන්නේය යන සිතින් මහෙශ්වරහු විසින් එය පානය කරන ලද්දේය. එයින් ඔහු‍ගේ කණඨය නිලවර්ණ වි යයි ද කියනු ලැබේ තදනන්තර ව ධන්වන්තරි නම් දිව්ය‍ වෛද්ය තෙමේ ශේවතවර්ණ වස්ත්රනයෙන් සමලංකෘත වුයේ අමෘතපූර්ණ වු කමණ්ඩලුව හස්තයෙහි ධාරණය කෙරෙමින් උද්ගත වි ආවේය. එයින් සියලු සුරාසුර මුනින් සහිත වු පරිෂද් තොමෝ ප්රිමුදිත වුව. ඉන්පසු සුත් ඵුල්ල කමලාසනාරූඪ වු හස්තයෙන් ගන්නා ලද කමලක් ඇති සකල ජන ම‍ෙනානයනානන්දවින්දනය කරවු රූප සෞභාග්ය්ශ්රිතන් විරාජමාන වු ශ්රිල දෙවි තොමෝ සමුද්ර ගර්භයෙන් සමුද්භුත වුවා . කියන ලද මැයි තතඃ ස්ඵ රත් කාන්තිමති - විකාසිකමලෙ ස්ථිතා ශ්රිසර්දෙවි පයසස් තස්මා - දාත්ථිතා ශෘතපඩ්කජා ඒ ශ්රිඵ දෙවියගේ දර්ශනයෙන් ජාත වු ප්ර්මොද සිත් ඇති මහර්ෂිහු ශ්ර‍ සූක්ත නම් ගිතය ගායනයෙන් ඈ සන්තුෂ්ට කළහ. ගන්ධර්වයෝ ගිත වාදිතයෙන් යුක්ත ව ඈ පෙරටුයෙහි ගමන් කලහ. ඝාතාවි ප්රශමුඛ වු අප්සරාවෝ තුමු ඈ හමුයෙහි නෘත්යට කළහ. ගංගාදි සරිත්හු ඇ‍නගේ ස්නානය පිණිස ජලයෙන් උපස්ථිත වූහ. දිග්ගජයෝ තුමු හෙමපාත්රකස්ථ වු නිර්මල ජලය ගෙන දෙවිය සර්ව‍ලොක මහෙශ්වරිය කොට අභිෂෙක කළාහුය. ක්ෂි්රසාගරය තෙම 286 ගුත්තිල කාව්ය වර්ණෙනා

ඈහට මලින නො වන්නා වූ පද්මදාමයක් සතුටු පඞුරු කොට ඵළවිය. විශ්ව කර්ම දිව්යලපුත්රව තෙමේ දිව්යුභරණයෙන් ඇගේ රම්යා වූ ශරිරය සමලංකෘත කළේය. මෙසේ සනානය‍ කොට දිව්යව සළු දිව්ය් මාලායෙන් සැරසුම් ලද්දා වු දිව්යාකභරණයෙන් විභූෂිත වූ විද්යුරල්ලාතා ශ්රි න් විරාජිත ශරිරප්රලබායෙන් නෙත්රවයන්. කම්පිත කරවන්නා ව‍ු අනුපමෙය කල්යාදණ රූපසෞන්දය්ය්‍ සයෙන් චිත්තාපහර‍ණ කර වූ ශ්රිණ දෙවි තොමෝ සියලු දෙවියන් බලමින් සිටින සමයෙහි විෂ්ණු දිව්ය‍රාජයාගේ වක්ෂඃස්ථලයට ගමනය කළා. එසේ ගමනය කොට හරි වක්ෂස්හි ලග්න වු ඒ ලක්ෂ්මිය විසින් දිව්යවයන් දෙස බලන ලද්දේය. එයින් ඔවුන්ගේ සිත් එකහෙළා පරම ප්රිවති ප්ර මෝදයෙන් පූර්ණ විය. ඉන්පසු විෂ්ණු දිව්ය.රාජ තෙමේ විප්රිචිත්ති ප්ර්මුඛ වු දෛත්යමයන්ගෙන් පරාඞ්මුඛ විය. එයින් ලක්ෂ්මි ද ඔවුන්ගේන් පරාඞ්මුඛ වුවා. එකල මාහවීය්ය්වක් යුත් ඒ දෛත්යනයෝ ධන්වන්තරි අත තුබු ඒ අමෘත කමණ්ඩලුව පැහැර ගත්තාහුය. එවිට විෂ්ණු දිව්යවරාජ තෙමේ ප්රයණිත රූප ශ්රිඒ සමුපෙත කාන්තාවකගේ මායා විලාසයෙන් ඔවුන්ගේ සිත් ප්රෛලුබ්ධ කොට එ කමණ්ඩලුව නැවත ගෙන දිව්ය යන්හට ම ප්රයතිදානය කෙළේය. එකල ශක්රාධදි දෙවියයෝ අමෘතය පූහ. අසුරයෝ වහා අවිගෙන යුද වන්හ. යුදයෙහි ලා ඔවුන්ගේ සමුදාය තෙම අමෘතපානයෙන් නැවත ලද්දා වු වීය්ය්විග ඇති දෙවියන් විසින් බිදිනා ලද්දේ පලා ගොස් නැවත පාතාලයට ම වන්නේය සං. 3. සුරසබ කිරිසයු ර පුවුටු සඳරැස් ලෙසින් මනහ ර චන්ද්ර කාන්තිය ක්ෂි ර සාගරයට ප්ර විෂ්ට වූ කල සාගරය තෙම උද්දම භාවයට පැමිණ අත්ය්ර්ථයෙන් ශොබාමත් වෙයි. එමෙන් ම නන්දානම් දිව්යාං ගනාව දිව්යම සභාවට ප්රයවිෂ්ට වූ කල්හි මුළු සභාව ප්රිනතියෙන් පිනා ගොස් උද්දම භාවයට පැමිණි බැව් මෙයින් දර්ශිත කළෝ. සං. 4. ශබ්දශෙලෂ - අර්ථශෙලෂයන්ගෙන් හා රූපකයෙන් ද සංකිරිණ වූ උපමාලංකාරයයි.

432. ස දෙව් ලොව වෙඟ න පසු කර රුවින් බබළ න සුරිඳුට පියඹු ව න එසඳ සිත් නම් පවර සුරඟ න සදෙව් ලොව, ෂ‍ඞ් දිව්ය ලොකයෙහි; දෙවඟන, දිව්යාංකගනාවන්; රුවින්, රූපශ්රිොය කරණ කොට ගෙන; පසකර, පශ්චාද්භූත කොට; බබළන, විරාජමාන වූ; (යළිදු) සුරිඳුට, දිව්යලරාජයාහට; පියඹුවන, ප්රිනයකාන්තා වු; සිත් නම්. චිත්රා නම් වු; පවර සුරඟන, ප්රිවර දිව්යාං්ගනා තොමෝ; එ සඳ, තත්සමයෙහි - මතු සම්බන්ධයි. (404. සං.1.3.7. 15)

සං. 1. සදේව් ලොව දෙවඟන ෂඞ් දිව්යනලොකය (416. සං.1) සං. 2. ප්රවථම භාගයෙහි අතිශයොක්තියෙන් සංඍෂ්ට වූ ස්වභාවොක්තියි ගුත්තිල කාව්ය වර්ණලනා 287

433. සුර සෙන් පසන් ව න මැද රැඳි හසුන් තඹර න1 සුර සබ විල වදි න උදය රිවි රැසි ලෙසින් ගොස් ව න සුර සබ, දිව්ය සභා නැමති; විල, තඩාගයට; වදින, ප්රතවිෂ්ට වන්නා වු; උදය රිවි රැස් ලෙසින්, උධය සූය්ය්සභ රශ්මිය පරිද්දෙන්; ගොස්, ගමනය කොට; වන, ප්රදවිෂ්ට වූවා. කෙබඳු ලක්ෂණයෙන් විශිෂ්ට වු දිව්ය‍ සභාවක් ද, කෙබඳු ලක්ෂණයෙන් විශිෂ්ට වූ තඩාගයෙන් ද යනු ශෙලෂාලංකාර මුඛයෙන් දර්ශිත කළෝ. සභා පක්ෂයෙහි; හසුන්, ආසනීභූත වු; තඹරන, තාමරසයන්ගේ; මැද, මධ්යපයෙහි; රැඳි, රඤ්ජිත වු හෙවත් නිෂණ්ණ වු; පසනවන, ප්ර සන්නවර්ණ වූ; සුර සෙන්, දිව්ය සෙනාවන් ඇති (427.); දො හෝ නොහොත් - තඩාග පක්ෂයෙහි; සුරසෙන්. මනාරසයෙන් යුක්ත වු; පසන්, ප්රයසන්න වූ; වන, ජලය ඇති; තඹරන මැද, පියුම්වන මධ්ය යයෙහි; රැඳි, රඤ්ජිත වු; හසුන්, හංසයන් ඇති; (සුර සඛ, දිව්ය් සභා නැමති; විල, තඩාගයට; වදින, ප්රාවිෂ්ට වන්නා වු; උදය රිවි රැස් ලෙසින්, උදය රශ්මිය පරිද්දෙන්; ගොස්, ගමනය කොට; වන, ප්රයවිෂ්ට වූවා.)

සං. 1. ශබ්දශෙලෂ - අර්ථශෙලෂයන්ගේන් හා රූපකයෙන් ද සංකිර්ණ වු උපමාලංකාරයයි. 434. සුරන් සිත් මුහු දා කලඹන රුවින් නොම දා සහසුරඹ සමු දා සුදා නම් සුර ලඳ ද එස ඳා සුන් සිත්, දිව්යායන්ගේ චිත්ත නැමති; මුහුද, සමුද්රාය; රුවින්, රූපශ්රිෂන් ; නොමදා, බොහෝ සේ; කලඹන, ආලොලනය කරන්නා වු; සුදා නම් සුර ලඳ ද, සුජාතා නම් දිව්යබ කාන්තාව ද; සුරඹ සමුදා සහ, දිව්යාංුගනා සමුහය සමගින්; එ සඳා. තත් සමයෙහි - මතු සම්බන්ධයි.

සං. 1. සුරන් සිත් මුහු දා කලඹන රුවින් නොම දා මෙහි ‘සුරන් සිත්’ යන්නෙන් දිව්යායන්ගේ ච්ත්තයන් වෙන් වෙන් වශයෙන් නොව සමුදාය වශයෙන් ‍ගෙන එම ච්ත්ත සමුදායය මහා සමුද්ර්යට සමාන කළෝ

උපමාන වස්තුයෙහි වහාලත්වයෙන් රැස් ව උන් දිව්ය  සංඛ්යාරයෙහි මහත්ත්වය ද ලක්ෂිත කළෝ. මේ විශාල චිත්ත සාගරය‍ාගේ මථන රූපණයෙන්සුරාදීන් විසන් පෙර කරල ලද ක්ෂිසරාර්ළුවාලොලනය චිත්තාභිමුඛ 


1. බබළන - 2, බඹලන - 1, බඹරන - 1

288 ගුත්තිල කාව්ය් වර්ණතනා

කොට එම ආලොලනයට මන්දර පර්වාතය යම් සේ මන්ථය වි ද එසේ ම මේ චිත්තසාගරයාගේ ප්ර්ලොහ ලක්ෂණ වු ‍ආලොලනයට සුජාතාවන්ගේ රූපා සෞනදය්ය්ත්තය මන්ථයය වියයි එකදෙශවිවර්ති රූපකාලංකාරයෙන් ආර්ථ කොට නිර්දිෂ්ට කළෝ. කියන ලද මැයි - යස්ය කස්යදවිදර්ථර්ව - මෙකදෙශවිවර්ති තත් (යස්ය‍ කස්යශවිත්, යමිකිසි ආරොප්ය් වස්තුවක්හුගේ; ආර්ථත්වම්; ආර්ථත්වය හෙවත් අර්ථයෙන් ගත යුතු භාවය වන්නේ ද; තත්, හෙතෙම; එකදෙශ විවර්ථිව. එක දෙශවිවර්ති නම් රූපකාලංකාරයයි.) මෙහි අර්ථයෙන්ගත යුතු වු ආරොප්යං වස්තුව නම් සුජාතාවන්ගේ රූප සම්පත්තියට උපමාන වු මන්දර පර්වතයයි. සං. 2. සුදා නම් සුර ලඳද එයඳා සුජාතාවෝ නම් ජන්මයෙන් අසුර කාන්තාවකි. (404. සං.16) ශක්රත දෙවෙන්ද්රථයාහට ප්රිතයකාන්තාව වු පසු දිව්යිසංඛ්යාජයෙහි ගණනා ලද්දිය. සං. 3. රූපක‍යෙන් සංකිර්ණ වූ උදාත්තාලංකාරයයි.

435. උතුම් ‍පෙරහර කො ට සැපමිණි විවා මඟුල ට සුර රජු උන් තැන ට1 සමර මල්දම් ලෙසින් ගොස් බ ට විවා මඟුලට, විවාහ මංගල්ය යක් පිණිස; සැපමිණි, සම්ප්රාරප්ත වු; සමර‍ අනංගයාගේ; මල්දම් ලෙසින්. පුෂ්පදාමකාරයෙන්; පෙර, පූර්වකායයෙහි (පූර්වකාය නම් ශරිරයෙහි උපරිතන භාගයයි; මෙහි වක්ෂඃස්ථලය ගැනේ); උතුම්, උත්තම වු; හර, මණිබාර මුක්තාභරයන්; කොට, සලස්වා; සුරරජු, දිව්යට රාජයා; උන්තැනට, උපවිෂ්ට වූ ස්ථානයට; ගොස්, ගමනය කොට; බට, අවතිර්ණ වූවා. එහි ම විස්තර ශෙලෂාලංකාර මුඛයෙන් කිහු- විවා මඟුලට, (වාරාණසියෙහි) වාවාද මංගල්යුය පිණිස; උතුම්, උත්තම වූ; පෙරහර, ප්රාැතිභාය්ය්ිි යන්; කොට, දක්වා; සැපමිණි‍, (ඉන්පසු) දිව්‍යරෙලාක සම්ප්රාුප්ත වු; සුර රජු, දිව්යය රාජයා; උන්තැනට, උපවිෂ්ට වූ ස්ථානයට; සමර, සමරයාගේ; මල් දම් ලෙසින්, ප්රරතිමල්ල බන්ධනයක් සේ; ගොස්, ගමනය කොට; බට, අවතිර්ණ වුවා.

සං. 1. සමරයාගේ ප්රිතිමල්ලයෝ නම් කාමසම්පත්තිය කෙරෙහි නො ලග්නා සිත් ඇති අයයි. ඔවුන්ගේ බන්ධනය නම් එසේ කාමයෙන් විරත වු තම සිත් පවා ප්රනලෝහනය කළ හැකි වු රූප සෞන්දය්ය්්ගේයෙන් උදාර වු කාන්තා රත්නයකි. සුජාතාවන්ගේ රූප සෞන්දය්ය්ු රය මෙසේ උදාර බැව් මෙයින් ද්යො තනය කළෝ. සං. 2. අර්ථශෙලෂයෙන් සංකිර්ණ වු උපමාලංකාරයයි.

1. කලට - 1

ගුත්තිල කාව්යප වර්ණලනා 289

436. දහස් පිරිවර ගෙ න සුවහස් ගණන් දෙවඟ න සිටියෝ මනනද න රුවින් සුරිඳුන් පිරිවරා ගෙ න දහස් පරිවර ගෙන, සහස්රන සංඛ්යාලත පරිවාර ග්රකහණය කොට; සුවහස් ගණන්, ශතසහස්රි සංඛ්යාරත වු; දෙවඟන, දිව්යාංොගනාවෝ; මනනදන, මනොනන්දන වූ; රුවින්, රූපශ්රිරන් (ශොබිත වු); සුරිඳුන්, දිව්ය රාජයා; පිරිවරා ගෙන, පරිවෘත කොට ගෙන; සිටියෝ, අවස්ථිත වූහ

සං. 1. උදාත්තාලංකාරයයි (36. සං.2). මෙසේ සභායෙහි රාහිභූත වු දිව්යාපරිෂද් වර්ණනය කොට දැන් යළිදු කථා ප්රේවර්ථනයට බස්නාහු මහබෝසතාණන් සහාප්රාණප්ත වු බැව් දක්වනු පිණිස ‘රන්ගිරි’ යනාදි පද්යහ චතුෂ්කයන් කියත් 437. රන් ගිරි මෙන් ර ඳා කැල්මෙන් එ සබ මුහු දා සමග සුර සමු දා මෙසේ1 උන් සඳෙහි සක්දෙවි ඳා රන් ගිරි මෙන්, ස්වරණ පර්වතය මෙන්; එ සබ මුහුදා, ඒ සභා සමුද්රරය; කැල්මෙන්, කාන්තියෙන්; රඳා, රඤ්ජිත කරවා (යම් සේ ස්වර්ණ පර්වතය ස්වරශ්මින් සමුද්ර ය රඤ්ජිත කරවා ද එසේ තම ශරිර රශ්මියෙන් දිව්යරසභාව රඤ්ජිත කරවා (66. සං.2.400. සං.2); සුර සමුදා සමඟ, දිව්යි සමුදාය හා සමග; සක් දෙවිඳා, ශක්ර. දෙවෙන්ද්ර යා; මෙසේ, උක්තප්ර කාරයෙන්; උන් ස‍ඳෙහි, උපවිෂ්ට වූ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලංකාරයයි (36. සං. 2.) 438. මාතලි රියදු රා ‍ගොස් දැක වැඳ පුරඳ රා එ ගුත්තිල ඇදු රා ඇවිත් සිටිති කීය ඉඳු රා මාතලි රියදුරා, මාතලි නම් රථාචාය්ය් තෙමේ; ගොස්. ගමනය කොට; පුරඳරා දැක, පුරන්දරයා දර්ශනය කොට; වැඳ, නමස්කාර කොට. එ ගුත්තිල ඇදුරා,ඒ ගුත්තිලාචාය්ය්ීය යා; ඇවිත් සිටිති; ආගමනය කොට සිටිත් යයි; ඉඳුරා, යථාර්ථයෙන්; කිය, නිවෙදනය කෙළේයි.


‍ 1. මෙලෙස - කිසි 290 ගුත්තිල කාව්ය් වර්ණානා

සං. 1. ඇවිත් සිටිති කිය ඉඳුරා මෙහි ‘සිටිති’ යනු ගෞරවාර්තවාචි බහුවචනයි. ‘සිටිතියි’ කිවමනා තනිහි ය කාර‍ෙලාපයෙන් ‘සිටිතිඉ’ වී සන්ධියෙන් ‘සිටිති’ වේ. සං. 2. ස්වභාවොක්තියි. 439. සුරඟන1 අදහ සී එක්කර සිනිදු සුබැ සී තෙපලින් සහසැ සී වහා කැඳවා එවයි පැව සී සුරඟන, දිව්යාංභගනාවන්ගේ; අදහසි, අද්යාිශය; සිනිඳු, සන්ග්ධ වු; සුබැසි, සුභාෂිත වු; තෙපලින්, වචනයෙන්; එක්කර, එකිභුත කොට (ස්වකිය වචනය දිව්යාං ගනාවන්ගේ අධ්යිශයට ම අනුරූප කොට)ඤ සහසැසී, සහස්රා ක්ෂ තෙමේ; වහා, ශිඝ්රගත්වයෙන්; කැඳවා එවයි. අහ්වානය කොට එවයි (පණ්ඩිතයන් යනු අධයාහාරයි); පැවසි, ප්රඅකාශ කෙළේයි.

සං. 1. ස්වභාවොක්තියි. 440. සුර රජු‍ගේ එ බස ට තුටුව රියදුරු එම වි ට එ පවත් බෝසතු ට කියා කැඳවා ගියේ සබය ට සුර රජුගෙ, දිව්යව රාජයාගේ; එ බසට, ඒ වචනයට; තුට‍ුව, සන්තුෂ්ට ව; රියදුරු, රථාචාය්ය්ේ එ තෙමේ; එම විට, තත් සමයෙහි; එ පවත්, ඒ ප්රුවෘත්තිය; බෝසතුට, බෝධිසත්ත්වයන්හට; කියා, කථනය කොට; සබයට, සභාවට; කැඳවා, අනයනාය කොට (බෝධිසත්ත්වයන් යයි අධ්යාළහාර කරන්න); ගියේ, ගමනය කෙළේයි.

සං. 1. ස්වභාවොක්තියි. දැන් දිව්ය සභා ප්රාිප්ත වූ මහා බෝසතාණන් වහන්සේ විසින් සභා පර්ෂද් අවලොකනය කොට පසු ශක්රයදෙවෙන්ද්රා්භිමුඛ වු බැව් දක්වන්නාහු ‘රිවි කිරණට’ යනාදි සත් පද්යාොත්මක කුලකයක් කියත්.

441. රිවි කිරණට2 හ මු ව පිපි පියුමන් සෙ නව මු ව සක් දෙවිඳුට යො මු ව

                 පසන් සුර සෙනඟ දැක පළ     මුව


1. සුරගණ - කිසි. (සුරගණ, දිව්ය්සමූහයාගේ; අදහසි, අධ්යා ශය) 2. කිරණින් - 1

ගුත්තිල කාව්යන වර්ණනනා 291

රිවි කිරණට, සුය්ය්සි කාන්තියට; හමුව, සම්මුඛ ව; පිපි, පුෂ්පිත වු; පියුමන්සෙ, පද්මයන්ගේ සේ; සක් දෙවිඳුට, ශක්රන දෙවෙන්ද්ර යාහට; යොමුව, අභිමුඛ ව; පසන්, ප්රිසන්න වු; නම මුව, අභිනව මුඛ ඇති; සුර සෙනඟ, දිව්යඛ සෙනාංගය; පළමුව, ප්රිථම කොට; දැක, දර්ශනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. මෙහි ශක්රථ දෙවෙන්ද්රගයා සූය්ය්්ශ දිව්ය රාජයාහට ද ඕහට අභිමුඛ ව ප්රයසනන් වු අන්යව දිව්යියන්ගේ අභිනව වක්ත්රගයන් සූය්ය්ශ භිමුඛයෙන් ප්රධඵුල්ල වු තාමරසයන්ට ද උපමිත කළෝ, ‘නව මුව’ යන්නෙන් දිව්යියන්ගේ වක්ත්රයයන්හි හැමකල් පැවති ‍යොවුන් භාවය හෙවත් නිර්ජර භාවය දර්ශිතයි. සං. 2. උපමායෙන් ද හෙතුයෙන් ද සංඍස්ට වු ස්වභාවොක්තියි.

442. විහිදෙන මිණි ප බා වතුරෙන් සබය කල ඹා දෙපස උන් මහ බා දෙතිස් සුරිඳුන්ගේ සිරි නර ඹා විහිදෙන, විස්තිර්ණ වන්නා වු; මිණි පබා, මණි ප්රැබා නැමති; වතුරෙන්, ජලප්රෙවාහයෙන්; සබය, සභාව; කලඹා, ආ‍ලොලිත කොට; දෙපස උන්, උභය පාර්ශ්වොපවිෂ්ට වූ; මහ බා, මහා භාග්යි වූ; දෙතිස් සුරිඳුන්ගේ, ද්වාත්රිංඋශද් දිව්ය්යන්ගේ; සිරි, ශොබාව; නරඹා, අවලොකනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලංකාරයෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි (36. සං. 2) 443. නොදැක මෙ සසර හි මි දහන්1 ලද2 සත3 කෙතර ම් මුසා කරවන තර ම් බලා අසරන්ගේ5 රුව මනර ම් මෙ සසර, මේ සංසාර‍යා‍ගේ හිම්, සිමාව; නොදැක, දර්ශනය නොකොට; කෙතරම්, කතර ප්රරමාණ වූ; දහන්, ධ්යා;න සම්පත්තියක් හෝ; ලද, ලද්දා වු; සත, සත්වයකු; මුස කරවන, මුර්ජිත කාරාපණයෙහි; තරම්, ප්රපමාණ වූ; අසරන්ගේ, අප්සරාවන්ගේ; මනරම්. ම‍නොරම වූ; රුව, රූපශ්රිපය; බලා, අවලොකනය කොට - මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලංකාරයෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි (36. සං.2) 1. දහම් - 11 2. දහස්කල - 1 3. සිත - 1 4. ‍කොතරම් කිසි. 5. එසුරන්ගේ - ‍බොහෝ 292 ගුත්තිල කාව්යස වර්ණහනා

444. වල්විදුනා දැ රූ සුරඟන1 සමඟ රුසි රූ සක් දෙවිඳු පිළි රූ පෙනෙත නන්2 මිණි බිතින්3 සොඳු රූ වල්විදුනා, වාලව්යිජනයන්; දැරූ, ධාරණය කළා වූ; රුසිරු, රුචිර වු (සිත් කලු වු); සුරඟන සමඟ, දිව්යාංුගනාවන් හා සමඟ, සක් දෙවිඳු, ශක්ර;‍ දෙවෙන්ද්රවයාගේ; පිළිරූ, ප්රඟතිරූපයන්; සොඳුරු, සුන්දර වු; නන් මිණි බිතින්, නාන මණිභිත්තියෙන්; පෙනෙත. දෘශ්ය මාන වත් ම - මතු සම්භන්ධයි.

සං. 1. වල්විදුනා දැ රූ සුරගන සමග රුසි රූ මෙහි සෞන්දය්ය්ිව ශ්රිූන් ශොබාමාන වූ දිව්යු කුමාරින් විසින් වාලව්යිජනයන් (චාමරයන්) ධාරණය කරන ලද්දේ ශක්රරදෙවෙන්ද්ර යාහට පවන් සැලිම පිණිස වේ. මෙයින් ශක්ර්දෙවෙන්ද්රකයා ර‍ාජලිලායෙන් වැඩඋන් බැව් නිර්දිෂ්ට කළෝ. සං. 2. උදාත්තාලංකාරයයි. (36. සං. 2.)

445. නො හැඳින පුරඳු රූ වැන්දයි කියා පිළි රූ වන බියෙනි නිස රූ විමස විමසා සිටිත5 ඇදු රූ පුරඳුරු, පුන්දරයා; නො හැඳින, සඤ්ඥානය නො කොට; පිලිරූ, ප්රයතිරූපය; වැන්දයි කියා, වන්දනය කෙළේය කියා; නිසරූවන, නින්දාවක් වන්නේය යන; බියෙනි, භිතියෙන්; ඇදුරා ආචාය්ය්ිසරයා; විමසා විමසා, විමර්ශනය කොට කොට; සිටිත, අවස්ථිත වූ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි. 446. දුරැර ඔහු කුහු ලි මෙහෙයා නෙතිඳු මිණි ලි6 පුරඳුරු මනක ලි සතුටු විය යුතු තෙපුල් තෙප ලී


1. සුරසෙන් - කිසි. 2. රන් - කිසි. 3. පෙළින් - කිසි. 4. නුදුරු - කිසි. 5. සිටිති - බොහෝ; සිටි - 1 6. නිමලි - බොහෝ. ගුත්තිලා කාව්ය වර්ණසනා 293

ඔහු, ඒ ආචාය්ය්ණසියාගේ; කුහුලී, සංශය; දුරැර, දූරිභුත කොට; නෙතිඳුමිණි, නෙත්රි නමැති ඉන්ද්රස (නීල) මණින්ගේ; ලී, ‍ආ‍්ෙලා්කය; මෙහෙයා, ප්රෙ රිත කොට; පුරඳුරු, පුන්දර තෙමේ; මනකුලි; මනස්කාන්ත වු (සිතට ප්රිෙය වු); සතුටු විය යුතු, සන්තෝෂ ජනන හෙතු වු; තෙපුල්, වචනයන්; (යම්බඳු වචනයන් කරණ කොට ගෙන සතුටු විය‍ යුතු ද එබඳු වචනයන්); තෙපලී, කථනය කෙළේයි.

සං. 1. ස්වභාවොක්තියි. තදනන්තර ව මහබෝසතාණන් වහන්සේ විසින් ශක්රඑ දෙවෙන්ද්ර යා‍ අභිවාදානය කළ පසු ඔවුන් දෙදෙන හා දිව්යාංේගනාවන් ද අතරෙහි ප්රනවෘත්ත වූ අන්යොයන්යභ ප්රි්යසංවාදය දක්වන්නාහු ‘ඔහු කී’ යනාදි කව් කියත්.

447. ඔහු කී බස් අ සා නැමද බෝසත් සක සා දෙන පඩුරක් ලෙ සා මෙලෙස රසමුසු බසින් ‍පව සා ඔහු කී, ඔහු විසින් කථිත වූ; බස්, වචනයන්; අසා ශ්ර්වණය කොට; බෝසත්, බෝධිසත්ත්ව තෙමේ; සකසා, සත්කෘතියෙන්; නැමද, නමස්කාර කොට; දෙන, දානය කරන්නා වූ: පඬුරක් ලෙසා, උපහාරයක් සේ වූ; රස මුසු බසින්, රස මිශ්රය භාෂායෙන්; මෙලෙස, මේ වක්ෂ්ය මාණ ප්ර කාරයෙන්; පවසා, ප්රමකාශ කෙරේ.

සං. 1. දෙන පඩුරක් ලෙසා රාජයකු සමිපයට අවශෙෂ ජනයකු පැමිණි විට රාජයාහට සන්තුෂ්ටි ප්රාරහෘතයක් උපහරණය කිරිම පෙර පැවති සදාචාර ධර්මයකි. දැනුදු ජම්බුද්විපයෙහි මේ සිරිත පවති. මෙහි ගුත්තිලාචාය්ය් යන් විසින් ස්වකිය මධුර වචනයන් ම ප්රායභෘතයක් සේ උපහාර කළ බැව් කීහ. සං. 2. ස්වභාවොකිතියෙන් සංඍෂ්ට වූ උපමාලංකාරයයි.

448. සුර රුපු යස පැහැ ස1 පෙන්නු2 තමා යස රැ ස සුර ඉසුරන් සිර ස සරණ තඹරින්3 සැදු සහසැ ස සුර රුපු, දිව්යැ ශත්රෑෂන්ගේ; යස, කිර්තියට; පැහැස, ප්රලහාස‍ කොට; තමා සය රැස, ආත්මිය යශො රාශිය; පෙන්නූ, ප්රමකාශ කළා වු; (යළිදු) සුර ඉසුරන්

1. පහස - 10; පිවිස - 1 2. පෙන්වු - ද 3. තඹරන් - කිසි

294 ගුත්තාල කාව්ය0 වර්ණෑනා

! (සිරස, දිව්යෙසශ්වරයන්ගේ ශිර්ෂය (10. සං.1); සරණ තඹරින්, වරණ තාමරසයෙන්; සැදු, සජ්ජිත කළා වු; සහසැස, සහස්රාළක්ෂ්යා සම්බොධනයයි.) මතු සම්බන්ධයි.

සං. 1. උදාත්තාලංකාරයයි (36. සං.2)

449. දුරු කර නො දැ න් මා ලබමි මතු සුර දැ න් මා පිහිටි නර දැ න් මා කිමෙක ගෙන්නූ1 කරුණු දැ න් මා ‍ෙනාදැන්මා, අඥනය; දුරු කර, දූරිභූත කොට; මතු අනාගතයෙහි; සුර දැන්මා. දිව්යඥ ඥනය; ලබමි. ප්ර තිලම්ධ කෙරෙම් (14. සං.2); නර දැන්මා, මනුෂ්යක ජන්මයෙහි; පිහිටි, ප්රුතිෂඨිත වූ; මා, අස්මත්හු; දැන්, ඉදං සමයෙහි; ගෙන්වු, අහ්වානය කළා වූ; කරුණු. කාරණය; කිමෙක, කවරේද?

සං. 1. ස්වභාවොක්තියි. මෙසේ පෘෂ්ට වූ ශක්ර දෙවෙන්ද්රඥයා විසින් වක්ෂ්යිමාණ සේ ප්රහත්යු්තිතර දෙනු ලැබේ. 450. තෙර සුරඟනෝ යැ ද ඇදුර තොප‍ගේ වෙණ න් ද කිවුය ඇසියටි ස ඳ2 එයින් ගෙන්වූයෙමි මෙ තොප අ ඳ ඇදුර, ආචාය්ය් ය; තෙල සුරඟනෝ. මේ දිව්යාං ගනාවෝ; යැද, යාච්ඥා කොට; තොපගේ වෙණ නද, යුෂ්මත්හු‍ගේ විණා නාදය; ඇසිය අටි සඳ, ශ්රගවණාභාලාෂි වු චිත්තය; කිවුය, ප්රාකාශ කළාහුය; එයින්, ඒ කාරණයෙන්; අද, වර්තමානය දිනයෙහි; මෙ තොප, මේ යුෂ්මත්හු; ගෙන්වුයෙමි, ආහ්වානය කෙළෙමි.

සං. 1. ස්වභාවොක්තියි.

451. මින් උවම නා යා අස්නෙක හිඳ3 ම නා යා තුටු කර ම නා යා කියත කරවයි ගාය නා යා


1. ගෙන්වු - ද 2. කිවු ඇසි යව සසඳ - 1 3. ඉඳ - ද

ගුත්තිලා කාව්යස වර්ණ නා 295

මින්, මේ ආසනයන් අතුරෙන්; උවමනායා, යොග්යු වූ; මනායා, මන ආප වූ; අස්නෙක, ආසනයෙකිහි; හිඳ, නිෂණ්ණ ව; මනායා, චිත්ත‍යන්; තුටු කර, සන්තුෂ්ට කොට; ගියනායා, (වීණා) වාදනය; කරවයි. පවත්වවයි. කියත, කථනය කළ කල්හි - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි. ආචාය්ය් යන්ගේ ප්ර්ත්යුවත්තරය දැන් දක්වනු ලැබේ. 452. හිමිසඳිනි සුරප ති ගදඹ ඇදුරන්ගේ නි ති පවතින මේ සිරි ති නො මිලයේ ගායනා නොකර ති සුරපති, දෙවාධිපති වු; හිමිසඳිනි, ස්වාමි චන්ද්රනයිනි; ගදඹ ඇදුන්ගේ, ගන්ධර්වාචාය්ය් න යන්ගේ; නිති, නිත්ය්යෙන්; පවතින, ප්රූවර්තමාන වු; වේ., ඉත්ථම්භූත වු; සිරිති, චාරිත්රනයෙක් වෙයි. නො මිලයේ, මුල්යග රහිත ව (203. සං.1); ගායනා නොකරති; (වීණා) වාදනය නො කෙරෙත්.

සං. 1. ස්වභාවොක්තියි. මිට ශක්ර.යාගේ ප්රවත්යුරත්තරය දැන් දක්වනු ලැබේ. 453. කරව සිතූ පැ දේ වෙණ ගායනා මෙ ස ‍ඳේ මෙ තොප දෙළ පසි ‍ඳේ දෙමැයි2 කී දෙවිඳු රිසි රිසි දේ මෙ ස‍ඳේ, ඉදංකාලයෙහි; සිතු ‍පෑදේ, චිත්ත ප්රලසන්න ව; වෙණ ගායනා, වීණා වාදනය; කරව, පවත්වව; මෙ තොප, මේ යුෂ්ටමත්හුගේ; දොළ, දෞහෘදය; පසි‍ඳේ. ප්රකච්ඡින්න කොට; රිසි රිසිදේ, රුචි රුචි වු දෙය (යමක් යමක් උදෙසා රුචිය ද ඒ ඒ දෙය); දෙමැයි. දානය කෙරෙමැයි; දෙවිඳු, දෙවෙන්ද්ර තෙමේ; කී, කථනය කෙළේයි.

සං. 1. ස්වභාවොක්තියි. ඊට පණ්ඩිතයන්ගේ ප්රවත්යුතත්තරය දැන් කියනු ලැබේ.

454. මෙ සුරඹ පෙර දව ස කළ පින් කියත තතු ලෙ ස කර අප සිත සතො ස එමය මිල දිම නම් සහසැ ය

1. ‍ෙනාමකරෙති - ද 2. දෙමියි - 1.

296 ගුත්තිල කාව්ය වර්ණ නා

මෙ සුරඹ, මේ දිව්යාංිගනාවන්; පෙර දවය, පූර්ව කාලයෙහි; කළ, කළා වූ; පින්, පුණ්යේයන්; අප සිත, අපගේ චිත්තය; සතොස කර, සන්තොෂ කොට; තතු ලෙස, තත් වු පරිද්දෙන්; කියත, කථනය කරත්හෝත්; සහසැස, සහස්රාදක්ෂය; මිල දිම නම්, මුල්යෙ දානය නම්, එමය, තත් කථනය මැයි.

සං. 1. ස්වභාවොක්තියි. දිව්යාං ගනාවන් ප්රවත්යු ත්ර දුන් බැව් දැන් කියනු ලැබේ.

455. බෝසතුගෙ එ බ සි න් සිත සිත පිරුණු සතො සි න් යුතු මද මද හ සි න් කිවුය සුර අඟනෝ ද මෙලෙ සි න් බෝසතුගෙ, බෝධිසත්ත්වයන්ගේ; එ බසින්, ඒ වචනය කරණ කොට ගෙන; සිත සිත, චිතතයක් චිත්තයක් පාසි; පිරුණු, පූර්ණ කොට ප්රනවෘතත වූ; සතොසින්, සන්තොෂයෙන් හා; මද මද හසින්, මන්ද මන්ද හාස්ය්යෙන්: යුතු, යුක්ත වු; සුර අඟනෝ ද, දිව්යාංමගනාවෝ ද; මෙලෙසින්. මේ වක්ෂ්යනමාණ ප්ර කාරයෙන්; කිවුය, කථනය කළාහුයි.

සං. 1. ස්වභාවොක්තියි. 456. අප කළ කුසල් පෙ ර පසුව පවසමු සැක හැ ර කල් නො යනා ඇදු ර දැන්ම වීනා ගායනා ක ර පෙර, පූර්වයෙහි; අප කළ, අප විසින් කරන ලද; කුසල්, කුශල කර්මයන්; පසුව, පශ්චාත් කාලයෙහි; සැක හැර, ශංකා දුරු කොට; පවසමු, ප්ර්කාශ කරන්නෙමු; ඇදුර, ආචාය්ය්න ය; කල් නොයවා, කාලක්ෂෙපය නො කොට; දැන්ම, වහා; වීණා ගායනා, වීණා වාදනය; කර, පවත්වව.

සං. 1. දැන්ම වීණා ගායනා කර මෙයින් වීණා වාදන ශ්රදවණයෙහි දිව්යාංනගානවන්ගේ ඖත්සුක්ය;ය දර්ශික කළෝ.

සං. 1. ස්වභාවොක්තියි. දැන් මහ බෝසතාණන් වහන්සේ විසින් දිව්ය. සභායෙහි විණා වාදනය කළ බැව් දක්වන්නා හු ‘යනු මේ’ යනාදි කව් කියත් .


ගුත්තිල කාව්යණ වර්ණසනා 297

457. යන මේ බස් අ සා මුවෙන් නො නො බැණම ඉව සා එ සබ එක් පෙදෙ සා සුදුසු අස්නෙක්හි ඉඳ සතො සා යන, උකතප්රොකාර වු; මේ බස්, මේ වචනයන්; අසා, ශ්රපවණය කොට; මුවෙන් නො බැණම; මුකයෙන් හණනය නො කොට ම; ඉවසා, අධිවාසනය කොට; එසබ, ඒ සභායෙහි; එක් පෙදෙසා; එක ප්ර්දෙශයෙක්හි; සුදුසු, යොග්යක වූ; අස්නෙක්හි, ආසනයෙක්හි; සතොසා, සන්තොෂයෙන් ; ඉඳ, නිෂණ්ණව - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි. 458. මහ බෝසත් ඇදු රු සත් සර නඟින සුමුයු රු සත් තතකින් ‍සොඳු රු සඳා වීණාව ගෙන විසි තු රු මහ බෝසත්, මහා බොධිසත්තව වූ; ඇදුරු, ඒ ආචාය්ය් ෙශ තෙමේ; සුමියුරු, අතිමධුර වූ; සත්සර, සප්තස්වරයක්; නහින, උද්ගත වන්නා වු (යමකින් උද්ගත වේ ද එබඳු වු); සත් තතකින්, සපත් තන්ත්රිනයකින්; විසිතුරු, විචිත්ර වූ; සොඳුරු, සුන්දර වු; වීණාව, පරිවාදිනිය; ගෙන, ග්ර්හණය කොට ; සදා. සජ්ජිත කොට - මතු සම්බන්ධයි.

සං. 1. සත්සර නහින සුමියුරු සංගිත වාද්යය විද්යා,යෙහි වෙන් වෙන් වශයෙන් දැනගත යුතු වු සප්ත ස්වරයෝ නම් ඍෂිහය,ධෛවතය, ෂඩ්ජය, ගන්ධාරය, මධ්යතමය. පඤචමය, නිෂාදය යන මොහුයි. කියන ලද මැයි - ‘උසහො ධෙවතො වෙච - ඡජ්ජගන්ධාිරමජ්ක්ධි්මා පංචමො ච නිසාදොත් - ස‍ත්තේ’තෙ ගදිතා සරා වීණා ශිල්පයෙහි ‘සරිගමපදනි’ යන සූත්රදයෙහි වර්ණයෝ සත්දෙන ක්රයමයෙන් මේ සප්තස්වරයන්හට කරන ලද සංඥයි. සප්තස්වරයෝ වීණාදියෙන් උද්ගත වුව ද සත්ත්වයන්ගේ කණ්ඨයෙන් උද්ගත වුව ද ඔවුනොවුන්ගේ පරස්පර ප්රඋභෙදය එක සේම වන බැවින් ඒ ස්ථුට කරණු පිණිස මෙසේ උදාහරණ ද‍ැක්වුහු පූර්වාචාය්ය් සේයෝ - නදනති උසහං ගාවො - තුරංගා ධෙවතං තථා ඡජ්ජං මුයරා ගන්ධාරං - අජා කොඤ්වා ච මජ්ඣිමං පඤ්චමං පරපුට්ඨාදි - නිසාදම්පි ච වාරණා ගා‍වො, ගවයෝ, උසභං, ඍෂභ නම් ස්වරය ද; තථා, එසේ ම ; තුරංගා, අශ්වයෝ; ධෙවතං, ධෛවත නම් ස්වරය ද; මයුරා, මයුරයෝ; ඡජ්ජං, ෂඬ්ජ නම් ස්වරය ද; අජා, එළු‍වෝ; ගන්ධාරං, ගන්ධාර නම් ස්වරය ද ; කොඤ්වා. 298 ගුත්තිල කාව්ය වර්ණංනා

ක්රෞංඤ්ව පක්ෂිහු; මජ්ඣිමං, මධ්‍යම නම් ස්වරය ද; පරපුට්ඨාදි, කොකිලාදිහු; පඤ්චමං, පඤ්චම නම් ස්වරය ද ; වාරණා, හස්තිහු; නිසාදම්පිව, නිපාද න්ම ස්වරය ද; නදන්ති , නාද කෙරෙත්. මෙයින් පරිපාටියෙහි ප්රදථම වු ගවයන් විසින් කරනු ලබන ඍෂභ නම් ස්වරය අතිශයින් ලිහිල් ව රළු බව ද, ද්විතිය වූ අශ්වයන් විසින් කරනු ලබන ධෛවත නම් ස්වරය බොහෝ සේ ලිහිල් ව රළු වමඳකි දෘඪ සිනිඳු බවද තෘතිය මයුරයන් විසින් කරනු ලබන ෂඩ්ජ නම් ස්වරය වැඩියෙන් ලිහිල් ව රළු ව අඩුවෙන් දෘඪ සිනිඳු බව ද චතුර්ථ වූ අජයන් විසින් කරනු ලබන ගන්ධාර නම් ස්වරය රළු සිනිඳු දෙකින් සම බව ද එතැන් සිටි ස්වරයන් සිනිඳු භාවයෙන් වැඩි වී ගොස් අන්තිම වූ ඇතුන් විසින් කරනු ලබන නිෂාද නම් ස්වරය අතිශයින් දෘඪ ස්නිග්ධ බව ද දතයුතු.

459. උන් සුර සෙන් ස බා එක එක සරින්1කල ඹා දිව ගදඹ පසු බා වැයි සතියක්ම බා නොත බා උන්, උපවිෂ්ට වු; සුරසෙන් සබා, දිව්යිසෙනා සභාව; එක එක සරින්, එකෛක ස්වරයෙන්; කලඹා, ආ‍ලොලිත කෙට; දිව ගදඹ, දිව්යක ගන්ධර්ව‍යන්; පසුබා, පශ්චාද්භුත කොට; සතියක්ම, සප්තාහයක් තුරෙහි ම; බා නොතබා, (එම වීණාව) ප්රකතික්ෂෙපය නො කොට (බහා නො බහා); වැයි, වාදනය කෙළේයි.

සං. 1. තෘතිය පාදයෙහි ප්රතතිපාලංකාරයෙන් (198. සං.3.i .) සංඍෂ්ට වූ ස්වභාවොක්තියි. ‘යන මේ බස්’ යනාදි කවෙහි සිට මෙතැන් දක්වා විශෙෂකයි. දැන් වීණා වාදනයෙන් දිව්යයසභාව සන්තුෂ්ට වු බැව් දක්වන්නාහු ‘වැලඳි’ යනාදි කවක් කියත.

460. වැලඳි සත් තත් වි දු වෙණ මේ කුළින්2 පිරිසි දු සර වැසි වසිත රු දු සතොස් වතුරෙන් පිරුණි3 සබ සි දු සත් තත් විදු, සප්ත තන්ත්රිි නැමැති විද්ද්යුාල්ලතායෙන්; වැලඳි, විනද්ධ වූ; පිරිසිදු, පරිශුද්ධ වු; වෙණ මේ කුළින්, විණා නැමති මෙඝ කූටයෙන්; රුදු,


1. බසින් - බොහෝ 2. කුළෙන් 3. පිරි - කිසි

ගුත්තිල කාව්ය් වර්ණ නා 299

රෞද්රි (මහත් වු); සරවැසි, විණානාද නැමති වර්ෂාව; වසිත, වෘෂ්ට වත් ම; සබ,සිඳු, සභා නැමැති සින්ධු (නදී) තොමෝ; සතොස් වතුරෙන්, සන්තොෂ නැමති ජලප්ර්වාහයෙන්; පිරුණි, පූර්ණ වි,

සං. 1. සතොස් වතුරෙන් පිරුණි සබ සිඳු ‘සිඳු’ යනු පුංලිංගයෙහි සමුද්රබයට නමි. එහෙත් මෙහි ස්ත්රි ලිංගයෙහි නද්යවර්ථය ම රුචි වෙයි. මහත් වර්ෂායෙන් වුවත් සමුද්ර යාගේ පූරණයක් නොමැති බැවිනි. වනත් ගං හෝ පැන නොයනෙව් සිඳු වෙරළ පැන යනු මෙහි ස්මරණියයි. සං. 2. සකල රූපකාලංකාරයයි. දැන් වීණානාද ශ්ර.වණයෙන් සන්තුෂට වූ දිව්යාංූගානවන් පණ්ඩිතයන්හට තුෂ්ටි ප්රා හෘත වශයෙන් තමන් තමන් විසින් පුර්වයෙහි කරන ලද පූණ්යනකර්මයන් කථනය කළ බැව් දක්වන්නාහු ‘සුර සබ’ යනාදි යුග්මක කාව්යණයක් කියත්.

461. සුර සබ සකොබ1 ක ර වීණා වයා මනහ ර උන් ඇදුරුට පව ර සතුට‍ු සුර අඟනෝ තමන් පෙ ර සුර සබ, දිව්යන සභාව; සකොබ කර, සංක්ෂොභ කොට (කැළඹිමට පමුණුවා); මනහර, සිත් පැහැර ගන්නා සේ; වීණා වයා, වීණාවාදනය කොට; උන්, උපවිෂ්ට වූ; පවර, ප්රභවර වු; ඇදුරුට, ආචාය්ය්ළ හට (මිට අනතුරු කවෙහි ‘කිවුය’ යනු හා සම්බන්ධයි); සතුටු, සන්තුෂ්ට වූ; සුර අඟනෝ, දිව්යාංළගනාවෝ තුමූ; තමන්, ආත්මයා;‍ ‍ෙපර, පූර්වයෙහි - මතු සම්බන්ධයි.

462. සිල් රැකි දන් දි දි කසුපි මුනි සමයේ දී2 පින් කළ රඟ යෙ දී කිවුය වෙන වෙනම සිදු3 පැහැ දී සිල් රැක, ශිල රක්ෂණය කොට; දන් දිදි, දාන ප්රනදානය කෙරෙමින්; කසුප්මුනි සමයේ දි, කාශ්යකප, මුනින් කාලයෙහි; යෙදි, නියුක්ත ව හෙවත් තත්පර ව; පින් කළ රඟ, පුණ්යා කර්මයන් කළ පරිදි; සිතු පැහැදී, චිත්ත ප්රිසන්න ව; වෙන‍ වෙනම, පෘථක් පෘථක් ව; කිවුය, කථනය කළාහුයි.

1. සතොස - 1 2. සමයෙහිදි - ද 3. සිත - ද 300 ගුත්තිල කාව්ය වර්ණයනා

සං. 1. සිල් රැක දන් දිදි මෙහි ‘දන්’ ‘දිදී’ යන තන්හි ව්ය වහාරය ‘නින්දක් නිදමි’, ‘ගමනක් යමි’, ‘වචනයක් කියමි’ යනාදි තනිහි මෙනි.

සං. 2. කසුප් මුනි සමයේ දි කාශ්යද මුනිවරයේ නම් ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහළ වු මේ මහා භද්ර‍ කල්පයට (237. සං.2. ii) තුන්වැනි සර්වඥයන් වහ‍න්සේය. උන්වහන්සේගෙන් පසු ගෞතම බුදු වු බොධිසත්ත්වයො නම් මේ ගුත්තිලාචාය්ය්) යෝ ම ය. එහෙයින් පණ්ඩිතයන් වහන්සේහට ශක්ර භවනයෙහි සම්මුඛ වූ දිව්යාං්ගනාවන් කාශ්යනප මුනින් කාල‍ෙයහි පින් කොට දෙව් ලොව පැමිණි බැව් ‍කියන ලදින් පණ්ඩිතයන්ගේ (ගුත්තිල) භවය හා දිව්යො ලොක ගමනය වුයේ කාශ්යලප මුනිවරයන්ගේ පරිනිර්වාණයෙන් පසු බැව් ප්‍රතිත වේ.

සං. 3. ස්වභාවොක්තියි. දිව්යාංවගනාවන්ගේ පුණ්යතකර්මය කථනය ශ්රයවණය කෙරෙමින් ප්රාශප්ත ව දෘඪ සන්තොෂ ඇති මහ බෝසතාණන් වහන්සේ ඔවුන්ට සෙතාත්රථ කළ පරිදි ද ඉන්පසු ශක්රොදෙවෙන්ද්ර ගේ ආදෙශයෙන් මාතලි නම් දිව්ය පුත්ර යා උන් වහන්සේ නැවත වාරාණසි නගරයට ගෙන ගොස් ඇරලු පරිදි ද දක්වන්නාහු ‘උන් කළ පින්’ යනාදි පංච පද්ය යක් කියත්.

463. උන් කළ පින් අ සා සිතෙයි සපිරුණු වෙසෙ සා උතුළෙව් දළ තො සා කිය බෝසත් තෙපුල් මෙ ලෙ සා උන් කළ, ඒ දිව්යාංාගනාවන් විසින් කරන ලද; පින්, පුණ්යය කර්මයන්; අසා, ශ්ර වණය කොට (ඒ හෙතුයෙන්. 327. සං.1); සිතෙයි, චිත්තයෙහි; වෙසෙසා, වශෙෂයෙන්; සපිරුණු, සම්පූර්ණ කෙට පහළ වු; ‍දළ ‍ෙතාසා, දෘඪ තොපය. උතුළෙව්, උත්සික්ත වුසේ; බෝසත්, බෝධිසත්ත්ව තෙමේ; මෙ ලෙසා, මේ වක්ෂ්යණමාන ප්රිකාර වූ; තෙපුල්, වචනයන්; කිය,කථනය කළේයි.

සං. 1. හෙතුයෙන් සංඍෂ්ට වූ උත්ප්රෙ;ක්ෂාලංකාරයයි. 464. දිවි සපල වූ යේ ඊමකින් වැඩ වූ යේ කනට සැප වූ යේ අදය වෙසෙසින් පහන් වූ යේ


ගුත්තිල කාව්යප වර්ණ නා 301

දිවි, (අස්මජ්) ජිවිතය; සපල වූයේ, ඵලසහිත වුයේත්; ඊමකින්, (අස්මදිය) ආගමනයකින්; වැඩ වුයේ, අභිවෘද්ධියක් වුයේත්; කනට. (අස්මත්) කර්ණයට; සැප වූයේ. සුඛයක් වුයේත්. වෙසෙසින්, ව‍ිශෙෂයෙන්; පහන් වුයේ, (අස්මත්හට) ප්රවභාත වූයේත් (එළි වූයේත්): අදය, ඉදං දිවස්හි මැයි,

සං. 1. සමුච්චයාලංකාරයයි (151. සං. 2). ඊට මෙහි යෙදෙන්නා වු නිදසුන් මෙසේයි. උදිතං මණ්ඩලමින්දා - රුදිතං සදේයාළ වියොගිවගෙණ මුද්තඤව සකලයුවජන - වූඩාමනිශාසනෙන මදනෙන (චන්ද්රලයාගේ මණ්ඩලය තෙමේ උදිත වී; විරහි වර්ගයා විසින් එකෙණෙහි හඬන ලදි; තරුණ ජනයන්හට වූඩාමණි වු ශාසන ඇති අනංගයා විසන් සන්තුෂ්ට ද වන ලදි.)

465. මුන් දැක සිය ස කි න් ඇසුයෙමි පින් නිදු කි න් ඇඹෙයි මට මෙතෙ කි න් ‍ගොසින් පින් රැස් කෙරෙමි ඉති කි න් මුන්, මේ දිව්යාංිගනාවන්; සිය සකින්, ස්වකිය චක්ෂුසයෙන්; දැක, දර්ශනය කොට; නිදුකින්, නිර්දුඃඛයෙන්; පින්, (ඔවුන්ගේ) පුණයකර්මයන්; ඇසුයෙමි. ශ්ර්වණය කෙළෙම්; මෙතෙකින්, මේ ප්රනමාණයෙන්; මට, අස්මත්හට; ඇඹෙයි, පය්ය්ොසිප්ත වෙයි (සෑහෙයි); ඉතිකින්, දැන් වනාහි; ගොසින්, ගමනය කොට; පින් රැස්කෙරෙමි. පුණ්යවසම්භාරය කෙරෙම්.

සං. 1. ස්වභාවොක්තියි. 466. ‍බෝසතුගේ තෙපුල ට තුටුව බරනැස් නුවර ට ඔහු ගෙන යන ලෙස ට කීය සක් දෙවිඳු මාතලි හ ට බෝසතුගෙ, බොධිසත්තවයන්ගේ; තෙපුලට, වචනයට (482. සං.1); තුටුව, සන්තුෂ්ට ව; ඔහු, ඒ බෝධිසත්ත්වයන්; බරණැස් නුවරට, වාරාණසි නගරයට; ගෙන යන ලෙසට, ප්ර ත්යා නයනය කරන සේ; සක් දෙවිඳු, ශක්රන දෙවෙන්ද්රශ තෙමේ; මාතලි නම් දිව්යමපුත්රසයාහට කීය, විධානය කෙළේයි.

සං. 1. ස්වභාවොක්තියි. 467. ඒ ‍ස‍ඳෙහි මාත ලී සුදු සිඳු පෙළින් උදු ලී දිව රතයෙන් බ ලී ඇදුරු සිය නුවරෙහිම ඇර ලී 302 ගුත්තිල කාව්ය් වර්ණවනා

එ ස‍ඳෙහි, තත්සමයෙහි; මාතලි, මාතලි නම් දිව්යි පුත්රා තෙමේ; සුදු සිඳු පෙළින්, ශ්වෙ‍ත සෛන්ධව පංක්තියෙන්; උදුලි, උජ්ජවලිත වු; බලි, මහත් වු; දිව රතියෙන්, දිව්යී රථයෙන්; ඇදුරු, ආචාය්ය්ි යන්; ඇර, ආනයනය කොට, සිය නුවරෙහි ම, ස්වකිය නගරයෙහිම ලී, හළේයි.

සං. 1. ස්වභාවොක්තියි. දැන් මහ බෝසතාණන් වහන්සේ ප්රකත්යාවගමනය ශ්රධවණය කළ ජනයන් සමාගත ව දිව්‍මහලොක ශ්රි් සම්පත්ති ශ්රමවණයෙහි අභිලාෂය ප්රතකාශ කළ බැව් දක්වන්නාහු ‘ආවයි’ යනාදි යුග්මකයක් කියත්.

468. ආවයි යනු අ සා සිටි සිටි තැනින් නොල සා1 ඔහු දකිනා2 නි සා ඇවිත් රැස්වු දනෝ සහ සා ආවයි යනු, (පණ්ඩිතයන් වහන්සේ) ප්රශත්යාභගමනය කළේය යනු; අසා, ශ්ර වණය කොට; ඔහු, ඒ පණ්ඩිතයන් වහන්සේ; සහසා, ශිඝ්ර ව; දකිනා නිසා, දර්ශනය කරනු පිණිස; සිටි සිටි තැනින්. ස්ථිත ස්ථිත ස්ථානයෙන්; නොලසා, අනලස්ය ව; ඇවිත්, ආගමනය කොට, රැස්වු, රාශිභුත වු; දනෝ, ජනයෝ තුමු - මතු සම්බන්ධයි.

සං. 1. ස්වභාවොක්තියි. 469. නරන් නිසි පින් ක ර ‍ගොස් ලබන සිරි සුර පු ර තොප දුටුවෙන් මෙ ව ර එ දැන් කියවයි කිවුය සැක හැ ර3 නරන්, මනුෂයයන්; නිසි පින්කර, යොග්ය වූ පුණ්යයකැර්මයන් කොට; ගොස්, ප්ර්යාත ව, සුර පුර, දිව්යිලොකයෙහි, ලබව, ප්රනතිලාභය කරන්නා වු: සිරි, ඓශ්චය්යකය; මෙවර, ඉදං කාලයෙහි; තොප, යුෂ්මත්හු; දුටුවෙන්; දර්ශනය කළ හෙයින්; එ; තදෛශ්වය්ය ය; දැන්.ඉදං සමයෙහි; සැක හැර, ශංකා ව‍ිනොදනය කොට; කියවයි. කථනය කරවයි; කිවුය, අබියාචනාය කළාහුයි.

සං. 1. ස්වභාවොක්තියි. පණ්ඩිතයන් වහන්සේ නාගරිකයන්ගේ ඒ අබියාචනය ප්රවතිග්රිහණය කොට ධර්මදෙශනා කළ බැව් දක්වන්නාහු ‘එ සඳෙහි’ යනාදි කවක් කියත්.

1. නොලෙසා - කිසි 2. දක්නා - 1 3. මනහර - 1, ගෙනහැර - කිසි


ගුත්තිල කාව්ය වර්ණගනා 303

470. එ ස‍ඳෙහි තම ගො සි න් දු‍ටු සුර පුරෙහි වෙසෙ සි න් සිරි පවසන ලෙ සි න් දෙසී නිසි දම් දෙසුම් මෙ ලෙ සි න් ඒ ස‍ඳෙහි, තත් සමයෙහි; තම ගොසින්, ආත්මයා ගමනය කොට; සුර පුරෙහි,දිව්ය පුරෙහි, වෙසෙසින්. විශෙෂයෙන්; දුටු දර්ශනය කළා වු; සිරි, ඓශ්චය්ය්‍ දය; පවසන ලෙසින්, ප්රෙකාශ කරනු පිණිස, නිසි, යොග්ය වු; දම් දෙසුම්, ධර්ම දෙශනාවක්; මෙ ලෙසින්; මෙ වක්ෂ්යනමාණ ප්රපකාරයෙන්;‍ ‍ෙදසි, දෙශනා කෙළේයි.(462. සං.1)

සං. 1. ස්වභාවොක්තියි. දැන් ගුත්තිලාචාය්ය්් යන් විසින් නාගරිකයන්හට දිව්යපලොක වර්ණනා මුඛයෙන්කරන ලද ධර්මදෙශනාව ගෙනහැර දක්වන්නාහු සමුද්රනඝොෂ වෘත්තයෙන් බඳනා ලද ලොකොත්තරාර්ථ රස පරිපුර්ණ විච්ත්රස ශබ්දර්ථ මාධු‍ෙය්ය්කොතපෙත වූ ත්ර යංස්ත්රිං්ශත් මුක්තක කිව්ය යක් කියත්. ත්ර්යස්ත්රිංයශද් භවන වර්ණනයෙහි මේ පද්යද සංඛ්යාිව උචිත මැයි.

471. සි ය ද හ ස ක් දිව පහයෙන් කර සතො ස ද ස ද හ ස ක් යොදුනෙහි1 සැදි සුනෙර හි ස මි ස ප ස ස ක් පැවසිය ‍නොහැකි ඇති ලෙ ස දිටි යෙමි ස ක් පුරවර සිරි නොයෙක් ලෙ ස සිය දහසක්, ශතසහස්රන සංඛ්යා ත වු; දිව පහයෙන්, දිව්යැ ප්රායසාදයෙන්; සතොස කර,සන්තොෂ (ජනනය) කෙරෙමින්; සුනෙර හිස, සුමෙරු මස්තකයෙහි; දස දහසක් යොදුනෙහි, දශ සහස්ර) යොජන ප්රතමාණ වූ භූමියෙහි; සැදි , සජ්ජිත වු

(යළිදු) පසසක් මිස, පඤ්ච වක්පුස්හු විනා (අන්ය,යකු විසින්); ඇති ලෙස, තත් වු පරිද්දෙන්; පැවසිය නොහැකි, ප්ර්කාශ කළ නො හැක්කා වු; සක් පුරවර, ශක්රරපුරප්රවචරයාගේ; ‍‍නොයෙක ‍ෙලස, අනෙකාකාර වු; සිර, ඓශ්චය්ය්තත්ය; දිටියෙමි, දර්ශනය කෙලෙඹි.

සං. 1. දස දහසක් යොදුනෙහි සැදි සුනෙර හිස තව්තිසා දෙව් නුවර මෙර මුදුනෙහි පිහිටියේ දිගින් සතලිස් දහස් ගව්වෙක් පමණ වෙයි.පළලින් ද එපමණ වෙයි, (404. සං. 1.10) (සතර ගව්වක් යොදුනක් බැවින් සතලිස් දහස් ගව්වෙක් දසදහසක් යොදුනෙකි.) මෙයින් ශක්රස භවනය ද ජම්බුද්විපය ද අයම් විතරන් සමප්රකමාණ බැව් පෙනේ. සං. 2. උදාත්තාලංකාරයයි.

1. ‍යොදුනෙක - යොදුනෙක් - ඇතැම් 2. සහසක් - කිසි 3. නොයෙක් - කිසි 304 ගුත්තිල කාව්යද වර්ණදනා

472. කිමෙක කියනු සුරපුර සිරිසර වෙසෙ ස මෙලොව සියක් අවුරුදු එහි එක දව ස එවෙනි1 එ සුරපුර සිරිසැප2 ලබල ලෙ ස කරව3 කුසල් තොපි4 මදකත් නොව අල ස සුරපුර, දිව්යි පුරය සම්බන්ධ වූ: සිරිසර, ශ්රි සාර‍යාගේ; වෙසෙස, විශෙෂය; කියනු කිමෙක, කියනු ම කවරේ ද? මොලොව, මේ ‍ලොකයෙහි; සියක් අවුරුදු, ශතසංවත්සරයෙක් වනාහි; එහි, ඒ දිව්යොපුරයෙහි; එක දවස, එක් දිවසයෙකි; එවෙනි, තත්ප්රවකාර වූ; එ සුර පුර, ඒ දිව්යදපුරයෙහි; සිරි සැප, ශ්රිඑ සම්පත්තිය; ලබන ලෙස, ප්රපතිලාභය කරනු පිණිස; තොපි, යුෂ්මත්හු; මදක්තු, මන්දයකුදු; අලස නොව, ආලස්යර ‍‍නො ව ; කුසල් කරව, කුසලකර්මයන් කරව (144. සං.1) සං. 1. අර්ථාපතත්යිලංකාරයයි (191. සං.1) 473. ඇ‍ තෙ ක දෙතිස් කුඹු දළ සිවසැටක්5 ඇ ති ගෙ ය ක රුවන් ටැම් සැතැතෑදහස් ඇ ති රි යෙ ක යොදන ලද සුදු සිඳු දහස් ඇ ති එ ස ක සැපත් පවසා කිම ඉමක්6 නැ ති කුඹු, කුම්භයන්; දෙතිස්, ද්වාත්රිං ශතියක් හා; දළ, දංෂ්ට්රාසවන්; සිව් සැටක් ඇති, චතුෂ්පෂ්ටයක් ඇත්තා වු; ඇතෙක, හස්තියෙක; රුවන් ටැම්, රත්න සත්මහසන්; සැත්තෑ දහස් ඇති, සප්තති සහස්රළයක් ඇත්තා වු; ගෙයක, ගෘහයෙක; යොදන ලද, යොජිත කරන ලදඤ සුදු සිඳු, ‍ශ්වෙත සෛන්ධවයන්; දහස් ඇති, සහස්ර යක් ‍හෝ සහස්රඇයන් ඇත්තා වූ; රියෙක, රථයෙක් )යන මේ ආදි වශයෙන්) එත සක සැපත්, ඒ ශක්රන සම්පත්තිය; පවසා, ප්රනකාශ කොට; කිම, (ප්රා‍ප්ය මාණ වු) කතමාර්ථයෙක් ද? ඉමක් නැති. අවසානයෙක් නොමැත් මැයි. තත් සම්පත්තියෙහි හෝ වර්ණනායෙහි හෝ යනු ශෙෂයි. සං. 1. ඇතෙකු දෙතිස් කුඹු දළ සිව් සැටෙක් ඇති. මෙහි නිර්ද්ෂ්ට වූ හස්තියා නම් මඝ මානවක කථායෙහි සඳහන් වූ ඓරාවන නම් හස්තියාය. මොහු ගැන යටේක්ත වස්තුයෙහි මෙසේ කියා තිබේ. ‘ඇත් ඓරාවණ නම් දෙව්පුත් ව උපන. දෙව්ලොව තිරිසනුන් නැති හෙයින් සක්දෙවිඳු උයන් කෙළියට යන කල ඓරාවණ නම් දිව්යහ ප්රිත්රතයා තමාගේ දිව අත්බැව හැරලා දිගින් ගවු සසියයක් විතර දිග ඇති තුන්සිය සැටගව්වක් විතර උස ඇති ඇත් වෙසක් මවයි. ශක්රරයන් ඇතුළු වු තෙතිස්දෙනාට කුඹු තෙතිසක් මවයි. එක්ව පින් කළ දෙතිස්දෙනාට මැවු කුඹු දෙතිසට මධ්ය යෙහි

1. එවැනි - ද 2. සැපසිරි - කිසි 3. කරවු - 1 4. තෙපි - ද 5. ස‍ැටෙක් - 9 6. ඉමෙක් - 10 ගුත්තිල කාව්ය වර්ණසනා 305

ශක්රතයන්ට මැවු කුඹ දිගින් පළලින් එක්සිය විසි ගව්ව් විතර දිග පළල ඇත්තේය. සෙසු කුඹු ගවු දෙගවු පමණය. ශක්ර යන්ට මැවු එක්සිය විසි ගව්වක් විතර කුඹ මුදුනෙහි අටසාලිස් ගව්වක් විතර දිග පළල ඇති රුවන් මණ්ඩපයක් මවයි. එක් ව පින් කළ දෙතිස්දෙනාට මැවු කුඹුරු දෙතිසට මධ්යඇයෙහි ශක්රියන්ට මැවු ඒ මණ්ඩපය ඇතුළත අතරතුරේ රුවන් මුවා සතර ගව්වක් පමණ උස ඇති ධජ වෙති. මණ්ඩප කෙළවර මද මද සුළින් සැලුණු කලට මනහර නාද පවත්වන රන්රසු දැලෙක් එලෙයි. මණ්ඩප මාද ශක්රුයන් හිඳිනට සතර ගව්වක් උස ඉඳු නිල්මිණි මුවා හස්නෙක් පැනවි තිබෙයි. ශක්රනයෝ එහි ඉඳිති. මෙසේ කියන ලදින් පාඨයෙහි සඳහන් වු කුඹු දෙතිස පරිවාර දිව්යම රාජ්යබයන් දෙතිස් දෙනා පිණිස මවනු ලබන්නා වු කුඹු දෙතිස යයි සැලකිය යුතු. දංෂ්ට්රානවෝ එක් එක් කුම්භයට සතක් බැගින් මවනු ලබත් යයි මඝ මානවක කථාදි නොයෙක් තැන පෙනේ. එතකුදු වුවත් දෙකක් බැගින් ‍මවනු ලබන බැව් ද සමහර තැනක දක්නා ලැබේ. සංයුත්ත නිපාත අට්ඨකථායෙහි; තස්ස එකෙකස්මිං කුම්හෙ වෙ වෙ දන්නා හොන්ති. (ඔහු‍ගේ එක් එක් කුම්භයෙහි දෙදෙනෙක් දෙදෙනෙක් දන්ත‍ෙයා වෙති.) මෙසේ කියන ලදින් මධ්යනයෙහි වු කුම්භයට දංෂ්ට්රාන ඇතිවිය නො හැකි බැවින් අවශෙෂ දෙතිස් කුඹට දළ සිවුසැටක් බැව් පාථයෙහි කියන ලදි. මේ හස්තිරාජයා‍ගේ ශරිරය තෙම සුවිශ්රෙඩ වූ අති ධ්වල වර්ණයෙන් ශොභාමත් වෙයි හස්තිරාජ තෙමේ ද මඞ්ගල වස්තුන් අතුරෙන් එකකි. සං. 2. ගෙයක රුවන් ටැම් සැත්තෑ දහස් ඇති මේ ගෘහය නම් ශක්ර.යාගේ විමානය වු වෛජයන්ත ප්රා සාදයයි (404.සං.1.2.10) සං. 3. රියෙක් යොදන ලද සුදු සිඳු දහස් ඇති. මේ රථය නම් වෛජයන්ත රථයයි. ගුත්තිලාචාය්ය්ඇත යන් දිව්යතපුරයට ගමනය කළේ මේ ‍රථයෙනි. එහි විස්තරය මෙසේ කීශ. සාරාර්ථ දිපනියෙහි - ‘සක් දෙවි රජහු‍ගේ රථය වනාහි එක්සිය පනස් යොදුන් පමණ දිග ඇති. රථයෙහි පශ්චිම කෙළවර පනස යොදුනෙක, මැද රථ මැදිරිය පනස් යොදුනෙක. රථ සන්ධියෙහි පටන් රථ හිස දක්වා පනස් යොදුනෙක, එම ප්ර මාණය ම දිවිගුණ කොට තුන්සියක් යොදුනැයි කියාත් කියත් මය1. එහි යොදුනක් පමණ පර්යංකයක් ඇතු ව තිබෙන්නේය. තුන් යොදුනක් පමණ ශේව්තචඡත්රනයක් මස්කතයෙහි නහා ත‍ිබෙන්නේය. එක ම යුගයෙක්හි දහසක් ආජඤ්ඤයෝ2 යොදන ලද්දාහ. සෙසු අලංකාරයෙහි පමණක් නම් නැත. මේ රථයෙහි නංවන ලද ශක්රෝයා‍ගේ ධජය වනාහි දෙසිය පණස් යොදුනක් උස ඇත්තේය. මේ ධජය වාතයෙන් පහරනු ලබන කල්හි පඤ්චාංගික තූය්ය්් නාදයට බඳු වු ශබදයක් න්ක්මවයි.


1. සසියක් යොදුන් බව ද කිසි තැනක පෙනේ. (404. සං.1.16) 2. ආජඤ්ඤයෝ නම් උතුම් කුලයෙහි අශ්වයේයි.

306 ගුත්තිල කාව්යත වර්ණඅනා

වෛජයන්ත රථයෙහි එක් යුගයකට ජාති සෛන්ධයන් දහසක් කි හෙයින් කිසි විටක අලංකාරය පිණිස එකක් ඉදිරියෙහි එකක් බැගින් සෛන්ධව දහසින් දහසන් යුත් යුගයන් කිපයක් යොදනු ලබන බව ද එයින් ම ප්රැතිත කළෝ. සං. 4. උදාත්තාලංකාරයයි (36. සං.2) 474. ග සෙ ක1 පැහැය ගවුදෙසියක2 දි සේ යා ම ලෙ ක සුවඳ සිව් සිය ගවු ඇ සේ යා ග ලෙ ක මොළක උන් සක්නැබ වැ සේ යා නොයෙක එ සග3 සිරි4 පවසමි කෙ සේ යා ගසෙක, වෘක්ෂයක්හු‍ගේ; පැහැය, ප්රයභාතොමේ; ගවුදෙසියක, ගව්යුලත ද්විශතයෙක්හි; දිසේයා, දෘශ්යතමාන ‍වේ; ‍මලෙක: පුෂ්පයක්හුගේ; සුවඳ, සුගන්දය තෙම; සිව් සිය ගවු. චතුශ්ශත ගව්යුමතයෙක්හි; ඇසේයා, ආඝ්රාුත වේ; ගලෙක, ශෛලයක්හුගේ; ‍ෙමාළක, මෘධුභාවය (කෙසේ ද යත්); උන්, තදුප විෂ්ට වු (එහි හිඳියා වු); සක්, ශක්රභයාගේ; නැබ, නාභි තොමෝ; වැසේයා, ප්ර්තිච්ඡන්න වේ; ‍(මෙසෙයින්) නොයෙක, අනෙකවිධ වූ; එ සග සිරි, ඒ ස්වර්ග සම්පත්තිය; කෙසේයා, කවර ප්ර්කාරයකින්; පවසමි, ප්රබකාශ කෙරෙම් ද?

සං. 1. මෙහි නිර්දිෂ්ට වූ වෘක්ෂය නම් පාරිජාත වෘක්ෂයයි; පුෂ්පය නම් එහි පුෂ්පයයි. ශෛලය නම් ‍යථොක්ත වෘක්ෂ මූලයෙහි පිහිටියා වූ පාණ්ඩු කම්බල ශෛලාසනයයි (404.සං.1.5.11). සං. 2. උදාත්තාලංකාරයයි (36. සං.2)

475. ‍ලො වැ ති සියලු විසිතුරු සිරිසර අසෙ කි කැ ම ති උවොත් එක ගසකින්ම ලද හැ කි පැ ව ති මෙසෙවු සුරපුර සිරිසැප නොයෙ කි කි ය ති කවුරු සිතිනුත් ‍නොම සිතිය හැ කි ලොවැති, ‍ෙලාකයෙහි විද්යමමාන වූ; අසෙකි, අසංඛ්යස වූ; විසිතුරු, විචිත්රක වූ; සියලු සිරි සර, සකල ශ්රි‍ සාරය; කැමති උවොත්, අභිමත වුවහොත්; එක ගසකින්ම, එක ව‍ෘක්ෂයකින්ම ; ලද හැකි, ප්රනතිලාභය කළ හැකි වෙයි; සුරපුර, දිව්ය්පුරයෙහි; පැවති, ප්රසවෘත්ත වූ; මෙසෙවු, උක්තප්රහකාර වූ; නොයෙකි සිරි සැප, අනෙකවිධ වූ ශ්රිර සම්පත්තිය; කවුරු, කවර නම් ජන කෙනෙක්; කියති. කථනය කෙරෙත් ද? (93. සං.1); සිතිනුත්, චිත්තයෙනුදු (සිතින් පවා); නොම සිතිය හැකි, වින්තනය කළ නො හැක්මයි.

1. ගෙයක - කිසි 2. සියයක් - කිසි 3. එසක - කිසි 4. සැප - පොත්

ගුත්තිල කාව්ය් වර්ණතනා 307

සං. 1. මෙයින් පූර්ව කවෙහි වර්ණිත වු පාරිජාත වෘක්ෂය ප්රතමුඛ කොට ඇති පංඤචවිධ දිව්ය් වෘක්ෂයන්ගේ ඉච්ඡා ප්රවදායකත්වය වර්ණනය කළෝ (8. සං.3) සං. 2. උදාත්තයෙන් සංඍෂ්ට වූ අර්ථාපත්ත්යකලංකාරයි (36. සං.2; 191. සං. 1)

476. ර න් පහයෙක් එහි සත්සිය යොදුනු ස ය තු න් සිය යොදුන් දිග ලෙළදෙන දද රැ ස ය ම න් තොස වඩන සුරඟන එහි සුවහ ස ය පි න් කොට එකකු2 ලද සග සිරි මේ ලෙ ස ය එහි, ඒ දිව්යඟ පුරයෙහි; රන් පහයෙක්, ස්වර්ණ ප්රාටසාදයෙක් තෙම; සත් සිය යොදුන්, සප්ත ශත යොජනයෙක්; උසය, උච්ජ්රිපත වේ; ලෙළදෙන, ලොලිත වන්නා වු; දද රැසය, ධ්වජ රාශා තෙම; තුන් සිය යොදුන්; ත්රිලශත යොජනයෙක්; දිග, දිර්ඝ වේ; එහි තත් ප්රාාසාදයෙහි; මන් ‍තොස වඩවන, ච්තසන්තොෂය වර්ධනය කරවන්නා වු; සුරඟන, දිව්යාංෙගනාවෝ; සුවහසය, ශත්සහස්ර යකි. එකකු , එන් ජනයකු විසින්; පින් කොට, පුණ්යාකර්මයන් කොට; ලද, ප්රසතිලබ්ධ වූ; සග සිරි, ස්වර්ගශ්රිය (දිව්ය සම්පත්ති) තොමෝ; මේ ලෙසය, උක්තප්ර කාර වේ.

සං. 1. මෙයින් ශක්රඟ දිව්ය්රාජයාගේ පරිවාර දිව්යාංටගානවන් හා ඔවුන් ගේ විමානයන් වර්ණනය කළෝ, මේ සම්පත්තියගේ ප්රංතිලාභය පිණිස පුණ්ය්කර්මයන් කළා වු ජන තෙමේ නම් මඝ මානවකයායි (404. සං.1) සං. 2. උදාත්ත‍යෙන් සංඍෂ්ට වූ හෙත්වලංකාරයයි.

477. මුනිඳු කිවද නො ගෙවෙන3 සග සිරි සැප ත සුරි ඳු ඉස‍ුරු දැන් පවසනු කිම අන ත පසිඳු නොවන එන දෙවියක් සිරි සිත ත4 දිලිඳු බවෙක මුළු දඹදිව රජ සැප ත මුනිඳු, සර්වඥයන් විසින්; කිවද, වදරන ලද නමුදු; නොගෙවෙන, පය්ය්යන්වසානප්රාැප්ත නො වන්නා වූ; අනත, එහෙයින් අනන්ත වූ; සග සිරි සැපත, ස්වර්ග ශ්රික සම්පත්ති සංඛ්යාිත වූ; සුරිඳු ඉසුරු, සුරෙන්ද්රෛපශ්වය්ය්්වරය; දැන්, ඉදං සමයෙහි; පවසනු, ප්රූකාශ කරනු; කිම, කතමාර්ථයක් පිණිස ද? පසිඳු නොවන, ප්රලසිද්ධ නො වන්නා වු; එක දෙවියකු එක දිව්යකයකුගේ; සිරි, ඓශ්චය්ය්දැනය;


1. ලෙළ රන් ‍- කිසි. 2. එකෙකු - කිසි 3. නොගෙවේ - 1 4. සිරි සැපත - 1; එක දෙවියකුගේ සැපත - 2; එක දෙවියකු‍ගේ සිරිත - 1

308 ගුත්තිල කාව්යේ වර්ණසනා

සිතත, චින්තනය කරත් හොත්; මුළු දඹදිව, සකල ජම්බුද්විපයෙහි; රජ සැපත, රාජ සම්පත්ති තොමෝ; දිලිඳු බවෙක්, දර්ද්ර් භාවයෙකි. තත්තුලතායෙහි යුන ශෙෂයි.

සං. 1. අර්තාපතත්යලලංකාරයයි. 478. උ ප න් දිනෙහි හන් සළු පැලඳි දිව ම ලි ඔ වු න් මියන තෙක් පවතිය දිලි දි ලි මෙවන් එ සග සිරි දෙන පින්කමට බ ලි ලෙවන් ඉඳින රඟ බල නොකර ඇදහි ලි උපන්දිටනෙහි, උත්පන්න වූ දිනයෙහි; හන්, (දිව්ය කෙනකුන් විසින්) ආච්ඡාදනය කරණ ලද ; සළු, සාටක ද; පැලඳි, ප්ර්සාධනය කරන ලද; දිව මලි, දිව්යද මාල්යො ද; ඔවුන්, එම දිව්යියන්; මියන තෙක්, ව්යුදත වන තාක් ම; දිලි දිලි, දුවිරාජිත වෙමින්; පවතිය, විද්යවමාන වේ. මෙවන්, උක්තප්රුකාර වූ; එසග සිරි, ඒ ස්වර්ගශ්රිූය; දෙන, දානය කරන්නා වු; බලි, බලවත් වූ; පින්කමට, පුණ්යි කර්මයට (යොග්යර වූ); ඇදහිලි, ශ්ර ද්ධාලුතාය; නොකර, නොම කොට: ලෙවන්, ‍ලොකයන් (ලොක ජනයන්); ඉඳින, ප්රනවර්තමාන වු; රඟ, ආකාරය; බල, අවලොකනය කර.

සං. 1. උදාත්තයෙන් සංඍෂ්ට වූ විෂාදාලංකාරයයි. 479. සි ය ඟ රැසින් එළිකර ලොව දසදිග ත සි ත ඟ ඉසුරු ලද දෙවියන්හට සත ත නි ස ග අනිටු1 අරමුණු පමණකුත් නැ ත එ ස ග සැපත් විඳිතෙත් කරව පින් සි ත2 සියඟ රැසින්, ස්වකියාංග රශ්මියෙන්; ලොව, ලොකයෙහි; දසදිගත, දශ දිශාන්තයන්; එලිකර, ආලොකවත් කොට, සිතහ, චිත්තානුරූප වූ සේ; ඉසුරු, ඓශ්චය්ය්න්්යන්; සතත ලද, නිරන්තර ලද්දා වු; දෙවියන්හට, දිව්යසයන් හට; නිසග, නිසර්ගයෙන්; අනිටු, අනිෂ්ට වූ; අරමුණු පමණකුත්, ආලම්බන මාත්රගයකුදු(අශුභවින්තා හෙතු මාත්රදයක් පවා ); නැත, නොමැත්තේය. එ සග සැපත්, ඒ ස්වර්ග සම්පත්තිය; විඳිතොත්, ප්රුතිලාභය හෝ අනුභවය කරත් හෝත්; පින්, පුණ්යාය; සිත කරව, චිත කරව් හෙවත් රාශි භුත කරව්.

සං. 1. උදාත්තයෙන් සංඍෂ්ට වූ හෙත්වලංකාරයයි (95. සං.3) හෙතු‍වට මෙහි යෙදෙන්නා වු නිදසුන් මෙසේය:- අසාවුදෙති ශිතාංශු - ර්මානච්ඡෙදය සුභ්රැතවාම් (මේ චන්ද්රා තෙමේ යහපත් බැම ඇත්තියන්ගේ මානච්ඡේදය පිණිස උධ්ගත වෙයි). 483. සං.1. ii.

1. අරිටු - කිසි 2. සත - කිසි (සත, සත්ත්වයිනි ; පින්කරව, පුණ්යුකර්මයන් කරව්). 144.සං.1.

ගුත්තිල කාව්ය වර්ණසනා 309 480. ප ස ඟ තු ර න්1 නදයුරු2 මිණිකිකිණි ‍ගො සේ ස ම ඟ රු ව න් පහයෙන් යනෙන නුබකු සේ සි ත ඟ ලෙසින් කෙළි නළු විඳින නොකම සේ එ ස ග සු ර න් සිරි නුබුදුව කියමි3 කෙ සේ පසඟ තුරන්, පඤ්චාංගික හෙවත් පඤ්චවිධ තූය්ය්නච යන්ගේ; නදයුරු, නාදයට බඳු වු; මිණිකිකිණි ගොසේ සමඟ, මණිකිංකිනිඝොෂය සහිත ව; රුවන් පහයෙන්, රත්තප්රාණසාදයෙන්; නුබ කු සේ, නහඃකුක්ෂියෙහි; යනෙන, ගමනා ගමනය කරන්නා වු; (යළිඳු)නොකමසේ., අක්ෂම වූ සේ; සිතඟ ලෙසින්, ච්ත්තානුරෑප වූ පරිද්දෙන්; කෙළිනළු විඳින, ක්රිේඩා නාට්ය්යන් වින්දනය කරන්නා වු; එසගසුරන්, ඒ ස්වර්ගයෙහි දිව්යියන්ගේ ; සිරි, ඓශ්චය්ය්්නායන්ගේ; සිරි, ඓශ්චය්ය්ප්රය; නුබුදුව, බුද්ධත්වයට නො පැමිණ; කෙසේ, කවර ප්රිකාරයකින්; කියමි, කථනය කෙරෙම් ද? නො හැක්කෙම් මැයි. සං. 1. පස’ඟ තුරන් නද යුරු මිණිකිකිණි ගොසේ තූය්ය්නු යෙක් නම් නාද ප්රුවර්තනයට උපකරණ වූ භාණ්ඩයකි. පඤ්චාංගික තූය්ය්ැමියෝ නම් පස් වැදෑරුම් වූ එබඳු භාණ්ඩයෝගි. 237. සං.3. සං. 2. දිව්යභයන්ගේ ශ්රි3 සම්පත්තියෙහි අනන්තභාවය භංගියෙන් සූචිත කළ හෙයින් මේ වනාහි පය්ය්ම් යොක්තාලංකාරයයි (5. සං. 2) හෙද ප්රිථම පාදත්රසයෙහි උදාත්තයෙන් සංඍෂ්ටයැ.

481. වි හි දි සුවඳ හැම සඳ සැප පහස් දෙ න4 පැ ල ඳි රුවන් බරණින් අඳුරු දුරු ල න ම හි දි මහිම සුරසෙන් දිටිමි වෙසෙසි න නොවිඳි මෙවෙනි5 සග සැප දද බැවින් ද න හැම සඳ, සැම කල්හි; සැප පහස් දෙන, සෞඛ්යං ස්පර්ශදානය කරන්නා වූ; විහිදි සුවඳ, ව්යාිප්ත වූ සුගන්ධ ඇති; (යළිදු) - පැලඳි, ප්රේසාධිත වූ; රුවන් බරණින්, රතනාභරණයෙන්; අඳුරු දුර ලන, අන්ධකාරය දූරිභුත කරන්නා වූ; ‍මහිදි, මහර්ද්ධි වූ; මහිම, උත්කර්ෂවත් වු; සුරසෙන්, දිව්යුසෙනාවන්; වෙසෙසින, විශෙෂයෙන් ; දිටිමි, දර්ශනය කෙළෙමි. දන, ජන තෙමේ; දද බැවින්, දන්ධ භාවයෙන්; මෙවෙනි, උක්තප්රුකාර වූ; සග සැප, ස්වර්ග සම්පත්තිය; නොවිඳි, ප්රෙතිලාභය හෝ අනුබවය ‍ෙනා‍ කෙරෙයි. සං. 1. ප්රෙථම පාදත්ර ය උදත්තයෙන් සංඍෂ්ට වු ස්වභාවොක්තියි. චතුර්ථ පාදය හෙත්වලංකාරයයි (483. සං.1.ii). මුළුල්ල සංඍෂ්ටියි.

1. පසඟ තුරෙහි - පොත් 2. නදයුතු - 1. නදදෙන - 1 3. කියනු - ද. කියනු, කථනය කරනු; කෙසේ. කවර ප්රරකාරයකින් වන්නේද? 4. “නා” (සතර පෙළෙහි ම) කිසි 5. මෙවැනි - ද

310 ගුත්තිල කාව්ය් වර්ණරනා

482. වි සූ වද එසග නොදැනෙයි සිරි1 තොප ට ඇසූ වයි කෙසේ දැනෙනුද2 නියම කො ට ති සූ සුරඹ වෙණ වැයුමට3 පඬුරු කො ට දෙසූ කුසල් පමණක් ඉන් අසව4 තු ට එසග, ඒ ස්වර්ගයෙහි; විසුවද, වාසය කළ නමුදු; සිරි, තදෛශ්වය්ය්ාර ය; තොපට, යුෂ්මතුන්හට: නොදැනෙයි, අවිඥාත වෙයි; නියම කොට, නිශ්චිත කොට; ඇසූවයි. ශ්රරවණය කරන ලද්දේ යයි ; කෙසේ, කවර ප්රශකාරයකින්; දැනෙනුද, විඤාත වන්නේද? කවර ප්රයකාරයකිනුදු නො වන්නේ මැයි. ඉන්, එසේ හෙයින්; වෙණ වැයුමට, විණා වාදනයෙන්; තිසූ, තුෂ්ට වූ; සුරඹ, දිව්යාංෙගනාවන් විසින්; පඞුරු කොට, උපහාර කොට; දෙසු, දිෂ්ට වු (ප්ර කාශ කරන ලද); කුසල් පමණක්, පුණ්යඞක්රි යා මාත්රාය; තුට, සන්තුෂ්ටියෙන්; අසව ශවණය කරව් (144. සං.4).

සං. 1. තිසූ සුරම වෙණ වැයුමට පඬුරු කොට මෙහි ‘වෙණ වැයුමට’ යන තන්හි විභක්ති තොමෝ හෙත්වර්ථයෙහි චතුර්ථි විභක්තියි (151. සං.1). මෙ‍ කවෙහි ම: පිපි සිය පත් රොන ට පුරෙහි වත්සුණු සුවඳ ට හැසිරෙන බමරව ට ‍ෙහළූ මිණිදැල් වැන් අරක ට ‘වැස්සට ළදලු ලයි අව්වට එදලු මෝරයි යන මෙබඳු වාක්යරයන්හි ද එම ව්යිවහාරය ලැබේ (110. පාද 2) සං. 2. ප්රුථම භාගය අර්ථාපත්තායි. ද්විතිය භාගය ස්වභාවොක්තියි. මුළුල්ල සංඍෂ්ටියි. මෙතැන් සිට ශක්රපදෙවෙන්ද්ර යාහට පාදපරිවාරිකා වූ සතියක් දිව්යාං ගනාවන් අතුරෙන් කිසිවකුන් විසින් කරන ලදැයි ප්ර කාශිත වූ පුණය කර්මයන් ‘එක් අඟනක්’ යනාදින් ආරම්ධ වූ විංශති කාව්ය්යකින් දර්ශනය කෙරෙත්.

483. එක් අඟනක් සිවුරට දුන් වතින් සො ඳ ද ක් වන මෙන් පින්පින්පල සුරඟනන් මැ ද සක් දෙවිඳුගෙ මන පිනවන රුසිරු ල ද දු ක් නොවිඳිනා පින්මය කළමනා සො ඳ

1. එසග සැප නොදැනෙයි (තොපට - 1); එසග සිරි - පෙ - 1 2. දැනෙනුය - 1 3. වැයුමෙහි -ද. (වෙණ වැයුමෙහි. වණාවාදනය කෙරෙහි; තිසූ ප්ර සන්න වූ -පෙ; 203. සං.1.ද බලන්න) 4. අසව් - 1 ගුත්තිල කාව්යෙ වර්ණනනා 311

එක් අඟනක්, එකතම කාන්තාවක්; සිවුරට, විවරයක් පිණිස; දුන් දානය කළා වූ; ‍සොඳ, සුන්දර වූ හෙවත් අනර්ග වූ; වතින්, වස්ත්රනයක් කරණ කොට ගෙන, පින් පල, පුණ්ය ඵලය; දක්වන මෙන්; දෘෂ්ටාන්ත කරවන්නාක් සේ; සුරඟනන් මැද, දිව්යාංමගනාවන් මධ්ය යෙහි; සක් දෙවිඳුගෙ, ශක්රා දෙවෙන්ද්රටයාගේ; මන පිනවන, ච්ත්ත ප්රීණණනය කරවන්නා වු; රුසිරු, රූපශ්රිරය; ලද, ලද්දිය. කලමණා, කටයුතු වූ; සොඳ, යහපතෙක් නම්; දුක් නොවිඳිනා, දුක්ඛාවින්දන හෙතු වූ; පින්මය, පුණ්යුකර්මය මැයි. සං. 1. (i) ප්රනථම පාදත්ර්ය උත්ප්රෙරක්ෂායෙන් (321. සං.1. ii; 311. සං.1) සංකිර්ණ වූ හෙත්වලංකාරයයි. චතුර්ථ පාදය අනුමානාලංකාරයයි. මුවල්ල සංඍෂ්ටියි. (ii) හෙත්වලංකාරයෙහි ලක්ෂණ මෙසේ කිහ යත්රොාත්පාදයතඃ කිඤ්චි - දර්ථං කර්තුඃ ප්ර්කාශ්ය තෙ තද්යොාගතා යුක්තිරසෞ - හෙතුරුක්තො බුධෛර්යථා (යම් තැනෙක් හි යමිකිසි අර්ථයක් උත්පාදනය කරන්නා වු කර්තෘහුගේ එහි යොග්යමතාව ප්රිකාශ වේ ද මේ යුක්ති තොමේ හෙතු යයි ප්රා ඥයන් විසින් කියන ලදි, ඊට නිදසුන් මෙසේයි. අත්යුන්තමසදාර්යාණ - මනාලොචිතවෙෂ්විතම් අතස්තෙපාං විවර්ධන්තෙ - සත්තං සර්වසම්පදඃ (ආය්ය් වියන්සගේ හෙවත් උත්තමයන්ගේ වනාහි කල්පනාව පෙරටු නො කොට කරන ලද ක්රියයාවක් නම් අත්යයන්තයෙන් ම නොමැත්තේය. මේ හෙතු යෙන් ඔවුන්ගේ සියලු සම්පත් හැමකල් වැඩෙත්.) (iii) චතුර්ථ පාදය පූර්වය පාදත්ර යෙන් අනුමිත කොට කී හෙයින් මුළු පද්ය ය වනාහි යථොක්ත හෙතුයෙන් සංකීර්ණ වූ අනුමානාලංකාරයයි. අනුමානයෙහි ලක්ෂණ මෙසේ කිහු. ලිංගාද්යුිල්ලිංගිනෝ ඥන - මිනුමානං තදුව්යනතෙ

(ලිංගාදියෙන් යුක් ත වු උල්ලි ගිහුගේ ඒ ඥනය හෙවත් පරාමර්ශය අනුමාන යයි මෙහි කැමති වනු ලැබේ.) ලිංග නම් විශෙෂ ලක්ෂණයි (362.සං.2). ඒ ලක්ෂණාදියෙන් යුක්ත වු යම් ධර්මයක් එම අනුසාරයෙන් විවෙචනය කොට ගනු ලැබේ ද ඊට අනුමාන යයි මේ ශාස්ත්රරයෙහි කියනු ලැබේ. අනුමානයට නිදසුන් මෙසේයි.

ගජජනේත බේ මෙහා - ඵුල්ලා ණිවා පණටධිආ මොරා ණාටෙඨා වන්දුජේජාඔ - වාසා රතෙනා හලා පතෙතා

(අහසෙහි මෙගයෝ ගුගුරත්. නිපයෝ පුෂ්පිතයහ. මයුරයෝ ප්රනනර්තිනයහ. ‍ෙවන්දිද්ද්යාහතය නෂ්ටයසේනෙහිනිය! වර්ෂර්තුව ප්රාුප්තය. ) මෙහි උද්දිෂ්ට ලක්ෂණයන්ගෙන් වර්ෂර්තුවගේ ප්රාාප්තිය අනුමිත හෙයින් අනුමානාල කාරය වේ (102. සං.2. ii).

312 ගුත්තිල කාව්යව වර්ණෂනා

484. නි ම ල් සුමන1 මිල් දමකින් පිදුවේ නි ළ ක ල් කුලඟනක් ‍ගොස් සහ පිරිවරි නි සි ය ල් පිරින්2 පැලඹෙයි දෙව්ලොව දෙවේ නි3 එ ම ල් පැලඳ ලද හැකිදෝ සැප මෙවෙ නි4 නිමල්, නිර්මල වු; සුමන මල් දමකින්, සුමනා පුෂ්ප දාමයකින්; පිදුවෙනි, පූජා කළ හෙතුවෙන්; ළකල්, හීදය කාන්ත වූ; කුලඟනක් කුලාංගනාවක් තොමෝ; ගොස් ප්රෙයාත ව; සහ පිරිවරිනි පරිවාරයෙන් යුක්ත ව; දෙවෙනි දෙව් ලොව, දිවිතිය දිව්යලලොකයෙහි (මිහිතලයෙහි සිට බලන කල චාතුර් මහා රාජිකය ප්රුථම දිව්‍ියලොකය ද තව්තිසා භවනය ද්ව්තයි දිව්යනලොකය ද වෙයි. 402. සං.1); සියල් සිරින්, සකලෛශ්වය්ය්භ යෙන්; පැළඹෙයි. ප්රුමොදාලම්බනය කෙරෙයි. එමල් පැලඳ, ඒ පුෂ්පයන් ප්ර සාධනය කොට; මෙවෙනි. උක්තප්ර කාර වූ; සැප, සම්පත්තිය; ලද හැකිදෝ, ප්රධතිලාභය කළ හැකිදෝ? නො හැකි මැයි. සං. 1. ප්රහථම පාදත්රරය හෙත්වලංකාරයයි (483. සං. 1) චතුර්ථ පාදය ආක්ෂතපාලංකාරයයි (204. සං.1: 309. සං.4. ii). මුළුල්ල සංඍෂ්ටියි.

485. සි ය සි තු පැහැද අඟනක් ඇඳින පින් කෙ ත පි ය යු තු5 සුවඳ දී ගොස් පුරඳරා වෙ ත සි ය ස තු6 සුරඹ දහසක් පිරිවරා ග ත දි ය යු තු නොවන දේ කිම7 සිතු8 සැදෑ ඇ ත අහනක්, අන්ය තර කාන්තාවක් තොමෝ; පින්කෙත, පුණ්යි ‍ෙක්ෂචත්රමය; ඇඳින, ඥානය කොටඤ සිය සිතු පැහැද, ස්වකිය චිත්ත ප්ර සාදය කොට; පිය යුතු, ප්රනතික්ෂෙප කටයුතු වු; සුවඳ, සුගන්ධයක්; දී, දානය කොට; පුරඳරා වෙත, ‍පුරන්දරයා කෙරහි; ගොස්, යාත වඤ සිය සතු, සවකිය සාන්තික වූ; සුරඹ, දිව්යාංනගනාවන්; දහසක්, සහස්රඤයක්; පිරිවරා ගත, පරිවාර කොට ගත්තිය. සිතු, චිත්තයෙහි; සැදෑ ඇත, ශ්රොද්ධා ඇති වී නම්; දිය යුතු නොවන, දානය කට යුතු නො වන්නා වු; දේ, ද්රොව්යායෙක් නම්; කිම, කවරේ ද? ප්ර්තික්ෂෙප කටයුතු වු සුගන්ධයක්හුගේ දානය තෙම මෙවන් සම්පත්තියට නිදානය වි, එසේ කල ශ්රනද්ධා පමණෙක් විද්යා්මන වී නම් දානය කටයුතු නො වන්නා වු වස්තුවෙක් නම් කවරේද? කවරෙකුදු ‍නොමැත් මැයි.

සං. 1. පියයුතු සුවඳ දි ගොස් පුරඳරා වෙත 1. සුවඳ - කිසි 2. රුවින් - සැපෙන් - කිසි. 3. දෙවැනි - කිසි 4. මෙවැනි - කිසි 5. දියයුතු - 2 6. තමසකු - 2, තමනතු - 8 7. දෙයකිම - කිසි, දෙය කිය - 1 8. සිත - 1 ගුත්තිල කාව්යම වර්ණ,නා 313

මෙහි කියන ලද සුගන්ධ ද්රයව්ය‍ය ගැන ගන්ධුත්තම වන්දනාදි යයි පරමත්ථ දිපකියෙහි කියා ත‍ිබේ. එහෙයින් එය ප්ර ත්ක්ෂෙපයට කාරණ වූයේ මෙහි පුණ්යපක්ෂෙත්රක යන්නෙන් කියන ලද සංඝයාහට ගන්ධවිලෙපනාදියෙහි අකප්පිය භාව යයි පිළිගතයකු බව පෙනේ, අකප්පිය වු එහෙයින් ප්රලති‍ෙක්ෂවකෙටයුතු වු වස්තුවක් වුව ද චිත්තප්ර‍සාදයෙන් දානය කිරිම මහත් දිව්යන සම්පත්තියට හෙතුභුත විය. එසේ හෙයින් ශ්රුදධාව ඇත්නම් දිය යුතු නො වන්නේ කුමන වස්තුවක්ද? සං. 2. සියසතු සුරඹ දහසක් පිරිවරා ගත 487 වෙනි කිවයෙහි සංලක්ෂයය බලන්න සං. 3. හෙතුයෙන් සංකිර්ණ වූ අනුමානාලංකාරයි (483. සං.1.iii).

486. එ ක් අඟනක් සඟනට1 පත් අතර ම ඟ උක් රසයක් දුන් කුසලින් ඉපිද ස ඟ සක් දෙවිඳුගෙමන වඩමින් වෙසෙයි ළ ඟ දු ක් දුරලන බල මහ පින්කමක2 ර ඟ එක් අඟනක්, එකතම කාන්තාවක්; අතරමඟ පත්, අන්ත මාර්ග ප්රාතප්ත වු; සඟනට, සංඝයාවහන්සේහට: උක් රසයක්, ඉක්ෂු සාරයක්; දුන්, දානය කළා වු; කුසලින්, කුශලකර්මයෙන්; සග, ස්වර්ගයෙහි;ඉපිද, උපන්න ව; සක්දෙව්ඳුගෙ, ශක්රකදෙවෙන්ද්රතයාගේ ; මන වඩමින්, (තුෂ්ට) මානස වර්ධනය කෙරෙමින්; ළඟ, සමිපයෙහි; වෙසෙයි. වාසය කෙරෙයි. දුක් දුරලන, දුඃඛයන් දුරිභූත කරන්නා වු; මහ, බලවත් වූ;මහ, බලවත් වූ; පින්කමක, පුණ්යපකර්මයක්හුගේ; රඟ. ස්වභාවය; බල, අවලොකනය කර.

සං. 1. හෙතුයෙන් සංකිර්ණ වූ අනුමානාලංකිරයයි. (483. සං. 1. iii) 487. ර න් දැගැබෙක‍ පෙර අඟනක් සැඳෑ යු තු දු න් නෙන්3 සුවඳ පසඟුල් පහදවා සි තු පි න් සර සුරඹ දහසක් පිරිවරා ග තු ඉ න් මුනිමය පිරිනිවියද4 පිදිය යු තු පෙර, පූර්වයෙහි; සැදෑ යුතු, ශ්රතද්ධා සම්පන්න වූ; අඟනක්, කාන්තිවක් තොමෝ; රන් දාගැබෙක, ස්වර්ණමය ධාතු ගර්භයක් කෙරෙහි; සිතු පහදවා, ච්ත්තප්ර;සාදය කරවා; සුවඳ පසඟුල්, සුගන්ධ පඤ්චාඤ්ජලියක් (සුවඳ පස් අතක් - මෙහි සුවඳ යන්නේන් සුගන්ධ ද්රකවය ගැනෙත්); දුන්නෙන්, දානය කළ හෙයින්; පින්සර, පුණ්යදසාර වු; සුරඹ, දිව්යාංපගනාවන්දහසක්, සහස්රි

1. සඟහට - කිසි 2. කෙතක - කිසි 3. දුන්නේ - 9 4. පිරිනිවියෙද - 2, පිරිනිවියත් - 1. පිරිනිවි දිය - 4

314 ගුත්තිල කාව්යු වර්ණානා

යක්; පිරිවරාගතු, පරිවාරකොට ගත්තිය; ඉන්, එසේ හෙයින්; පිරි නිවියද, පරිනිර්වාණප්රාලප්ත වූ සේක් ද; පිදිය යුතු, පූජා කටයුත්තේ නම්; මුනිමය, සර්වඥයන් වහන්සේ මැයි.

සං. 1. පින්සර සුරඹ දහසක් පිරිවරා ගතු මෙහි ‘පිරිවරාගතු’ යන තන්හි පදන්ත වූ ‘උ’ කාරය තෙම අන්ය්කාරකෛ කාර්ථයෙහි අතිත ක්රිියා ප්රදත්යයය යි. එතැනැ බුදා සිරි සයුරෝරෙ කුමුටු යයි කියු තන්හි මෙනි. මයුර සනදෙශයෙහි: නුබමිණි කුල කිරුළු අග රඟ මිණෙව් යෙ දු නවමිණි දෙරණිසුරු රජ කුමරුවන් ල දු ගුවමිණි අනගි අබරණ පැලඳි පරිසි දු ලියමිණි බිසෝ ‍හිමි රජකුල සිරින් සැ දු මේ ‘උ’ ප්රකත්යදය හා 485 වෙනි කවෙහි ‘පිරිවරා ගත’ යන තන්හි ‘අ’ ප්රතත්ය ය ද බොහෝ කොට ස්ත්රිුල‍ිංගික සම්බන්ධයෙහි යෙදෙන බව පෙනේ. සං. 2. හෙතුයෙන් සංකිර්ණ වු අනුමානාලංකාරයයි(483. සං. 1.iii) 488. පැ හැ ද දිනෙක අටසිල් රැක පිනින් එ ම ‍ ඉ ප ද1 සුරිඳු පුර පසුබා සුරඹ හැ ම නොමද ඉසුරු ලද අඟනක2 දුටිමි ම ම නි බ ඳ පොහොය සිල් රැකියෝති කියනු කි ම දිනෙක, එක් දිනයෙක්හි; පැහැද, ප්රපසන්න ව; අටසිල් රැක, අෂ්ටාංග ශිලය රක්ෂණය කොට; එම පිනින්, එම පුණ්යනක්රි යායෙන්; සුරිඳු පුර, පුරෙන්ද්රර පුරයෙහි; ඉපද, උත්පන්න ව; හැම සුරඹ, සමස්ත දිව්යාංකගනාවන්; පසුබා, පශ්චාද්භූත කොට; නොමද, බොහෝ වු; ඉසුරු, ඓශ්චය්ය්යාංයන්; ලද, ලද්ද වු; අඟනක, කාන්තාවක්; මම, අස්මත් තෙම; දුටිමි, දර්ශනය කෙළෙමි. නිබඳ, නිරන්තරයෙන්; පොහොය, තපො දිනයෙහි; සිල් රැකියොත්, ශිල රක්ෂණය කළහොත් (තජ්ජන්ය වූ විපාකයන්); කියනු කිම, කියනු ම කවරේද? අප්රුමාණ මැයි. සං. 1. හෙතුයෙන් සංකිර්ණ වු අනුමානාලංකාරයයි (483. සං.1.iii)

489. උ න් සඟ දැක යෙහෙකැයි දය ල දෝ ති න‍ි දු න් අඟනක් බොන පැන් පමණ දෝ ති නි දැ න් සුරපුර බබළයි රුසිරු දෝ ති නි පි න් කෙත් ඇඳින දන් දෙව දන් දෙ තෝති නි දිය, පැනිත්තක්; ලදෝතිනි (ලද හොතින් - ලද ඔතිනි - ලදෝතිනි). ලබ්ධවි නම්; යෙහෙකැයි, මැනටි යයි; උන්, උපවිෂ්ට වූ; සඟ, සංඝයා වහන්සේ

1. ඉපිද - ද 2. අහනක් - බොහෝ.

ගුත්තිල කාව්ය වර්ණනනා 315 නමක්; දැක, දර්ශනය කොට: බොන පැන්, පානය කටයුතු වු ජලය: දෝතිනි පමණ, දවිහස්ක පුටයෙන් (ගෘහ්යොමාණ වු) ප්ර මාණයක්; දුන් , දානය කළා වූ: අහනක් කාන්තාවක් තොමෝ; දැන්, ඉදං කාලයෙහි; සුර පුර; දිව්ය පුරයෙහි: රුසිරු දෝතිනි. රූපශ්රික ‍ෙද්තෙයෙන් (කාන්තියෙන්) ; බබළයි. භ්රා‍ජමාන වන්නිය. දන් දෙතෝතිනි. දාන පරිත්යාතගය කරත්හොත් ; පින්කෙත් ඇඳින. පුණ්ය ක්ෂෙත්ර. සඤ්ඥානය කොට; දන් දෙව, දාන පාරිමිතයාගය කරව් (144. සං.1). දාන පරිත්යාඤගය නම් දාන විෂයයෙහි පරිත්යායගයයි.

	සං. 	1.	දුන් අඟනක් බොන පැන් පමණ දෝතිනි

‘පැන්’ යනු ‘පානිය’ යන්නෙන් හින්න හෙයින් පිය යුතු දෑ යනු එහි අර්ථයි. එහෙයින් මෙහි ‘බොන පැන්’ (‘පිය යුතු පානිය’) යනු පුනරුක්තියක් සේ පෙනිය යුතු වෙයි. එහෙත් ‘පැන්’ යනු මෙ තන්හි නිර්වචනාර්ථයෙහි නොව ජලපය්ය්’ හය වූ සාමාන්යානර්ථයෙහි යෙදු බැව් පෙනේ. මුව දොවන පැන්, පා දෙවන පැන් යනාදි තන්හි මෙනි. මෙබඳු ස්ථානයන්හි ‘පැන්’ යනු පානි යාර්ථයෙක්හි නො ව හුදෙක් ජලාර්ථයෙහි ම වැටේ. සද්ධර්මරත්නාවලියෙහි; මේ සාලාවට ආවුන්ට බී පියන්ට පෑනුත් නා පියන්ට පැනුත් ඇත මැනව යනු ඡෙකප්රයයොගයෙහි නිදසුන් වේ. මෙහි වනාහි බොන පැන් යනු පානිය පරිභොජනිය 1 උදකයන් අතුරෙන් පානිය උදකය වෙනස් කරනු පිණිස යෙදු බැව් විමානවස්තු ප්ර කරණයෙහි ආ කථා නයින් දැනගත යුතු. ලෙව් ලැකියෙහි ‘එක් කුසැ උපන් සොහොයුරු යනු ද, කව් ලැකියෙහි; පියකත දෙන රැඟුම් ගී නොම තොම ස්වීය පබවත නැති මෙරජ විමනත ගි ස්විය යන‍ මෙහි ‘පිය කත’ යනු ද, පියං වදං නීතිපථා ‘නුවත්තිනිං සදා පජානං පනිකංච මාතරං යන මෙහි ‘ජනිකං මාතරං’ (‘වැදු මවු’ ) යනු ද තවත් මෙබඳු ව්යිවහාරයි. සං. 2. යළිඳු ‘බොන පැන්’ කී තන්හි ‘බොන’ යන කෘදන්ත පදය වනාහි කර්තෘ වාචකය. එහෙයින් එය ‘පැන්’ යන්නට විශෙෂණ වි නම් ‘පැන්’ යනු එම පාන ක්‍රියාවට කර්ත බව මුත් කර්මය බවක් එයන් කෙසේ ප්රනකට වන් නේද? යනු තවක් මෙහි ප්ර ශ්නයකි. ඊට උත්තර නම් මෙසේය. ‘බොන යනු මෙහි සාමාන්ය‍ ව්යේවහාරයෙහි ප්රනකාර නම් රූපයෙන් කර්තෘ වාචක වෙයි. එහෙත් ‘න’ ප්රිත්ය‍ය මෙබඳු තන්හි කර්තෘ කර්ම උභය කාරකයට ම සාධාරණ යයි ව්යිකාරණයෙහි දක්වන ලදි. මෙහි කර්මාර්ථය භජනය කෙරේ. තවත් නිදසුන් මෙසේයි: හංස සන්දෙශයෙහි - වෙතින නිතොර ඇම උවදුරු ම දුරුකො ට ක ර ත සතුරු වියවුල් අතුරුදන් කො ට නි ති න මෙ ‍නරනිඳු වෙත දියුණු කො ට ර කි න ලෙස අයදු විබිසණ සු‍රිඳු‍හ ට

1. පරිභොජනිය, ධොවනාදි පිණිස ගතයුතු වු

316 ගුත්තිල කාව්ය වර්ණිනා

සැළලිහිණි සන්දෙශයෙහි - ලකළ පුළුලුකුළ බැඳි මිණි මෙවු ල් ලා සමඟ රන්සළඹ රැව් දි වෙමු ල් ලා වයන පදට තබමිනි පද කම ල් ලා රඟන ලඳුන් බල රූසිරි සිය ල් ලා මෙ කවෙහි ම - හිමි සඳ නුඹ වී සින් බුදුවන කලැයි වෙසෙ සින් - යනු ද

එතර නුම මුරුබෙර හඬින් දෙරණ දෙන ජයබෙර හඬින් - යනු ද

එනුවර තුර බැබ ළි දුටහ කෙළිනා මහත් සැණකො ළි - යනු ද දෘෂ්ටාන්තයි.

සං. 3. හෙතුයෙන් සංකිර්ණ වූ අනුමානාලංකාරයයි (483. සං. 1iii). 490. ස‍ රො ස ව පරුස තෙපලන නැඳි මයිල න් ට නිරො ස ව පැවති අඟනක් සක් දෙවිඳු න් ට පි ය ඹු ව1 වෙසෙයි වැඩියෙන්2 සෙසු අඟන න් ට නොකිපෙව ඉන් මදකුත් වැඩි සිටිය න් ට සරොසව, රොප සහිත ව හෙවත් කොපිත ව; පරුස තෙපලන, පාරුෂ්යම කථනය කරන්නා වූ; නැඳි මයිලන්ට, ශවශ්රැෙශ්වශුරයන්හට; නිරොසව, රොෂ රහි. ව; පැවති, ප්රිවෘත්ත වූ; අඟනක්, කාන්තාවක් තොමෝ; සක් දෙවිඳුන්ට, ශක්රඊ දෙවෙන්ද්රනයන් හට (ගෞරවාර්ථයෙහි බහුවචනයයි); සෙසු අඟනන්ට වැඩියෙන්, අවශෙෂ කාන්තාවන්ට අධිකතර සේ; පිය, ප්රි)ය වූ; අඹුව, වල්ලාහාවක් ව; වෙසෙයි, වාසය කෙරෙයි.ඉන්, එසේ හෙයින්; වැඩි සිටියන්ට, ජ්යෙකෂ්ඨයන්හට; මදකුත්, ස්වල්ප මාත්ර;යකුදු; නොකිපෙව, කොපිත නො වව් (144. සං. 1) සං. 1. හෙතුයෙන් සංකිර්ණ වූ අනුමානාලංකාරයයි (483. සං. 1.iii) 491. පෙ ර එ ක් දැ ස ක්3 තම පත් බත් බෙදා දි ලැබගෙන නොයෙක් සුරසිරි පිරිවරා දි ක ර ව ය එ ස ක් දෙවිඳුගෙ සිත සමා දි ල ද එ ක් පි ඩ ක් වත් වලඳව බෙදා දී පෙර, පූර්වයෙහි; එක් දැසක්, එක් දාසි‍යක් තොමෝ; තම ලත්, ආත්මයා විසින් ලබ්ධ වූ; බත්, භක්තය: බෙදා, විභජනය කොට; දී, (එක භාගයක්) දානය කොට; නොයෙක්, අනෙක වූ; පිරිවරාදි, පරිවාරාදා වු; සුරසිරි, දිව්යෛසශ්වය්ය්කොහය;

1. පියඹව - 2 2. වැඩියක් - 2 3. දැසෙක් - බොහෝ ගුත්තිල කාව්ය් වර්ණතනා 317

ලැබ ගෙන, ප්රරතිලාභ කොට ගෙන; එ සක් දෙවිඳුගෙ, ඒ ශක්ර දෙවෙන්ද්රියාගේ; සිත, ච්ත්තය; සමදි කරවයි, සන්තර්පිත කරවයි. ලද. ලබ්ධ වූ; එක් පිඩක් වත් එක පිණ්ඩයක් වුව ද; බෙදා, විභක්ත කොට; දාන විෂයයෙහි පරිත්යා්ග කොට; (ශෙෂය) - වලඳව, අනුභව කරව්ත සං. 1. හෙතුයෙන් සංකිර්ණ වු අනුමානාලංකාරයයි (183; සං. 1. iii). 492. පෙර කිරි බතක් බික් සඟනට සිතු1 පෑ ද දන් දුන් කතක් සුරපුර රන් පරසා ද2 ලැබ ගතු නැතත් පිරිවර ඒ කෙ වනා ද දන්4 ඉන් සිත ක් ඇති මිනිසෙක් නොම දේ ද පෙර, පූර්වයෙහි; සිතු පෑද, ච්ත්ත ප්ර සාදිත ව; බික් සඟනට, භික්ෂු සංඝයා වහන්සේ හට; කිරි බතක්, ක්ෂි ර භක්තයක්; දන් දුන්, දානයෙහි පරිත්යාිග කළා වු; කතක්, කාන්තාවක් තොමෝ; සුරපුර, දිව්ය පුරයෙහි; රන් පරසාද, ස්වර්ණ ප්රාසසදයෙක්හි; නැතක්, බොහෝ වූ; පිරිවර පරිවාරය; ලැබ ගතු, ප්රරතිලාභය කළා, ඒ, එම ඓශ්චය්ය්ක ය; කෙ වනාද, කවරෙක් වර්ණනය කෙරේ ද? (කිසිවෙක් නො හේ මැයි). ඉන්, එසේ හෙයින්; සිතක් ඇති මිනිසෙක්, සච්ත්තක මනුෂ්යුයෙක් නම්; දන් නොමදේද, දාන පරිත්යාලගය නො කෙරේද ? කෙරේ මැයි.

සං. 1. හෙතුයෙන් සංකිර්ණ වු අනුමානාලංකාරයයි (483. සං. 1. ii). 493. උක් දඬු කඩක් සඟනට දි කෙලෙස් දෙ වි5 පිළි සිඳ ල ඳ ක් සුර පායෙක් පිනින් මැ වි ලැබ ගත එසක් දෙවිඳුට මෙහෙසුන් පද වි6 තම හට වැඩක් සිතතොත් දන් දෙනු7 මැන වි කෙලෙස් දෙවි, කෙලශ ධාවනය කළා වූ; සඟනට. සංඝයා වහන්සේහට; උක්දඪු කඩක්, ඉක්සු දණ්ඩ ඛණ්ඩයක්; දී, දානය කොට; ලඳක්, කාන්තාවක් තොමෝ; පිනින් මැවි, පුණ්ය යෙන් මාපිත වූ; සුර ප‍ායෙක, දිව්යා ප්රා සාදයෙක්හි; පිළිසිඳ, ප්රමතිසංහිත ව (උත්පන්න ව); එ සක්‍ දෙවිඳුට, ඒ ශක්රත දෙවෙන්ද්රායාහට; මෙහෙසුන්. මහිෂි වු; පදවි. ස්ථානාන්තරය; ලැබ ගත, ප්රාඒප්ත වී, තමහට, ආත්මයාහට: වැඩක්, අභිළවෘද්ධියක්; සිත‍තොත්, ප්රාගර්ථනය කරත් හොත්; දන් දෙනු, දාන පරිත්යාසගය කරනු; මැනවි, යොග්යො වේ. සං. 1. ලැබ ගත එසක් දෙවිඳුට මෙහෙසුන් පදවි

1. සිත - බොහෝ 2. පාසාද - කිසි 3. ලැබගත - කිසි 4. දන් - බොහෝ 5. වි (සතර පෙළෙහි ම) - හැම පදෙවි - 1 දුන - කිසි 318 ගුත්තිල කාව්යත වර්ණසනා

‘මෙහෙසුන් පදවි’ මහිෂයගේ ස්ථානාන්තරය යනු අර්ථ යි. ‘මෙහෙසුන්’ යනු සබඳ විබත් බහුවදනයි. බහුවචනය ද ගෞරවාර්ථය පිණිස වේ. සං. 2. හෙතුයෙන් සංකිර්ණ වු අනුමානාලංකාරයයිත(483. සං.1. iii). 494. ති ඹි රි පලක්1 දුන් අඟනක් සඟන දැ ක ඉ ති රි සැපත් ලදු2 ගන3 රන් විමානෙ ක ස පි රි එ ලඳ පිරිවරැ ලියොම දසෙ ක ඉ දි රි පිහිට පින්මය ඉන් නොවව් සැ ක සඟන දැක, සංඝයා වහන්සේ දර්ශනය කොට; තිඹිරි පලක් දුන්, තින්දුක ඵලයක් දානය කළා වූ; අඟනක්, ‍කාන්තාවක් ‍‍ෙතා‍ෙමා් ; ගන රන් විමානෙක, ඝන ස්වර්ණ විමානයෙක්හි; ඉතිරි, අතිරික්ත වූ (අධිකතර වූ යයි යූසේයි); සැපත්, සම්පත්තිය; ලදු, ලද්දිය (487. සං.1). එ ලඳ, ඒ කාන්තාවගේ; සපිරි, සම්පූර්ණ වු; පිරිවරැ, පරිවාරයෙහි ; ලියොම, ලතාවෝ ම; දාසෙක. සහස්රියෙකි. ඉදිරි. මකු කාලයෙහි; පිහිටි, ප්රකතිස්ඨාව නම්; පින්මය, පුණ්යයය මැයි. ඉන් එසේ හෙයින්; සැක නොවව්, (පුණ්යාක්රිියායෙහි) ආශංකි නොම වව්.

සං. 1. හෙතුයෙන් සංකිර්ණ වූ අනුමානාලංකාරයයි (483. සං. 1. iii). 495. ලැ දි5 ලියක් කැකිරක් දී එයන් පෙ ර6 සැ දි රුවන් පායෙක පුරඳරා පු ර වි දී කැමති සිරි සුරනිඳු සියෝ ක ර මෙදි කිමැයි නොකරව7 සිත අනාද ර ලැදි ලියක්, ලබ්ධිමත් (ශ්රීද්ධා සම්පන්නා වූ) කාන්තාවක් ‍ෙතාමෝ; පෙර, පූර්වයෙහි ; කැකිරක්, කර්කටි ඵලයක්; දීථ දානය කොට; එයන්, ඒ හෙතුයෙන්; පුරඳරාපුර, පුරුන්දරයාගේ පුරයෙහි; සැදි, සජ්ජිත වූ; රුවන් පායෙක. රත්න ප්රාරසාදයෙක්හි; සුරනිඳු. දෙවෙන්ද්රායා ; සියෝ කර, සංගත කොට (ස්වකිය ස්වාමි කොට යයි සුසේයි); කැමති සිරි, අභිම‍ෛතශ්වය්ය්ජ්ජය; විඳි වින්දනය කරයි. මෙදි, මේ දානය කොට; කිමැයි, කතමාර්ථයෙක් දැයි; සිත, චිත්තයෙහි ; අනාදර, අනභිරුචිය; නොකරව, නහමක් කරව් (144. සං. 1).

සං. 1. හෙතුයෙන් සංකිර්ණ වූ අනුමානාලංකාරයයි (483. සං. 1.iii)

1. තිඹිර් පකක් - කිසි, පකක්, පක්ව වු හෙවක් ඉද්ර ණ වූ (තින්දුක ඵලයක්ත) 2. ලද - ද 3. (ලැබ) ගත - කිසි. (රන්විමානෙත, ස්වර්ණ විමානයෙක්හි; ඉතිරි සැපත්, අතිරික්ත සම්පතිතිය; ලැබගත, සම්ප්රා ප්ත වි) 4. සසිරි - කිසි 5. උදි - 1 6. රා (සතර පෙළෙහි ම) - කිසි 7. නොසිකවංකිසි ගුත්තිල කාව්යව වර්ණළනා 319

496. ගිනි ක බ ල ක් දුන් අඟනක් කර අද ර පි ටි ව හ ල ක් කර එම ඉපද1 සුර පු ර කෙළි කමල ක් මෙන් උළු සක් දෙවිඳු ක ර2 බ ල කු ස ල ක් දෙන රඟ සග ඉසුරු බ ර අදර කර, ආදරය කොට; ගිනි කබලක්, අග්නි කපාලයක්; දුන්, දානය කළා වු; අඟනක්, කාන්තාවක් තොමෝ; එම, තත් පුණ්ය කර්මය; පිටිවහලක්කර. ප්රකතිෂ්ඨාවක් කොට; සුරපුර, දිව්යු පුරයෙහි; ඉපද, උත්පන්න ව; සක් දෙවිඳු කර, ශක්ර් දෙවෙන්ද්රකයාගේ හස්තයෙහි; කෙළි කමලක් මෙන්, ක්රිඉඩා පද්මයක් මෙන්; උව, විය. කුසලක්, කුශල කර්මයක්; සග ඉසුරු බර, ස්වර්ගෛශ්වය්ය්ෙන භාරය; දෙන රඟ, දානය කරන්නා වූ ප්රහකාරය; බල, අවලොකනය කර.

සං. 1. ප්රයථම පාදත්රයය හෙත්වලංකාරයයි (483. සං.1). තොපි ද පින් කරව් යනු චතුර්ථ පාදයෙහි ඵලිතාර්ථය හෙයින් හේ වනාහි පය්ය්ාර යොක්තයි (5. සං. 2). මුළුල්ල සංඍෂ්ටියි. 497. සැ ඳැ හැ ති ලියක් දන්දි මුලපලා අ ල ලැ බ රු ති රුසිරු3 සුර පිරිවර සසෝ බ ල සු ර ප ති සමඟ සිරි විඳි වඩ වඩා ලො ල නොක ර ති මෙසෙවු පලදෙන පින් නිරාකු ල සැදැහැති, ශ්රපද්ධාසම්පන්න වූ; ලියක්, කාන්තාවක් ‍ෙතාමෝ; මුල පලාඅල, මූලකශාකාලුකයක්; දන් දි, දාන විෂයෙහි පරිත්යාකග කොට; රුති, රුචි වූ; රුසිරු, රූපශ්රිාය ද; සුර පිරිවර, දිව්යහ පරිවාරය ද; සයෝ බල, කිර්ති (සම්පන්න) මහිමය ද, ලැබ ප්රාතිලාභය කොට; සුරපති සමඟි, දෙවෙන්ද්ර යා හා සමග; ලොල, (ඔහු‍ ගේ) ලොලය; වඩ වඩා, වර්ධනය කෙරෙමින්; සිරි විඳි, ඓශ්වය්ය්හා නුභවය කෙරෙයි. මෙසෙවු, ඉත්ථම්භූත වූ. පල ප්රිතිඵලයන්; දෙන, දානය කරන්නා වූ; නිරාකුල, ආකුල නුවු (ක්රිමයාය විපාකය යන මොවුන්ගේ නියත අනුගමනය ඇති); පින් පුණ්යන කර්මයන්; නොකරති, (ජනයෝ තුමු) නො ම කරත්.

සං. 1. සැදැහැති ලියන් දන්දි මුල පාල අල මෙහි ‘මුල පලා අල’ යනු ‘මූලක’ ශබ්දයෙන් හෝ ‘මූල’ ශබ්දයෙන් හෝ හින්න වු ‘මුල’ ශබදයාගේ ද, ‘පලාස’ ශබ්දයෙන් හින්න වු ‘පලා’ ශබ්ද‍යාගේ ද, ‘ආලුක’ ශබ්දයෙන් හින්න වු ‘අල’ ශබ්දයගේ ද සමාසයෙන් සිද්ධ වූ පදයයි.

1. ඉපිද - ද 2. රා (සතර පෙළෙහි ම) - කිසි. (සක්දෙවිඳු කරා, ශක්ර දෙවෙන්ද්ර්යාගේ හස්තයෙහි දෝ හෝ නොහොත් සම්පයෙහි) 3. ඉසුරු - 1 4. තිරාකල - බොහෝ. (නිරාකල පලදෙන. විර කාලයක් ප්රරතිඵල දෙන්නා වු; පින් - පෙ)

320 ගුත්තිල කාව්යත වර්ණිනා මෙයින් ‘මූල’ යනු ‘මූලක’ ශබ්දයෙන් හින්න වි යයි ගත්කල ‘මුල පලා’ යන්නෙන් ‘මූලක’ නම් ශාක හෙදය හෙවත් ‘රාබු’ යන නමින් ප්ර්කට වූ පලා වර්ගය ගැනේ. විනය පාඨයෙහි පෙනෙන්නේ මේ ‘මූලක’ යන නාමයයිත කුදුගොත්සඟි යන්නයෙහි ද’ මුල පලා මිටක්’ යයි අර්ථ කිමෙන් පලා වර්ගයක් ම අභිප්රෙදත බැව් පෙනේ. කුදුගොත් සහි පාඨයෙහි සන්දර්ශිත වූ නමය නම් ‘මූල’ යනු යි. ‘මූලං අහමදාසිං භිකඛුනො පිණ්ඩාය වරන්තස්ස එවං කරිත්වා් කම්මං සුගතිං උප්පජ්ජ මොදාමි තස්සා මෙ පස්සා විමානං ‘මුල පලා’ යනු මේ ‘මූල’ ශබ්දයාගේ ආශ්රැයෙන් හින්න වි යයි ගන්නා ලද්දේ නම් ‍එයන් ශූරණය හෙවත් කිඩාරම් නම් ආලුත භෙදය කියනු ලැබේ. මෙහි ‘මුලං’ යයි එක වචනයෙහි කි හෙයින් මේ කුදු‍ගොත්සහි පාඨඑයෙහි වනාහි කිඩාරම් අලයක් ම අභිප්රෙෙත බැව් පෙනේ. සං. 2. මෙහි ‘යසෝබල’ ‘නිරාකුල’ යනු ‘යශස්’+බල, නිර් + ආකුල’ යන මොවුන් සන්ධි කළ තැන් බැවින් සංස්තෘත සන්ධි යි. සිහළට තත්සම කොට ගන්නා ලදැයි සැලකිය යුතු. සං. 3. (i) ප්ර්ථම පාදත්රහය හෙතුයි (483.සං.1). චතුර්පාදය උල්ලාසාලංකාරයයි. මුළුල්ල සංඍෂ්ටියි. (ii) උල්ලායයෙහි ලකෂණ මෙසේ කිහ; එකස්ය් ගුණදොෂාහ්යාෙ - මුල්ලාසො’ න්ය ස්ය. තෞ යදි (එකක්හුගේ ගුණදොෂයන් කරණ කොට ගෙන ඉදින් අනිකක්හුගේ ඔවුහු වෙත් ද ඒ උල්ලාස නම් අලංකාරය වේ.) ඊට මෙහි යෙදෙන්නා වු නිදසුන් මෙසේයි.) දානාර්ථිනො මධුකරා යදි කර්ණතාලෛර් දුරිකෘතා කරාවරෙණ මදාන්ධබුද්ධ්යා් තස්යෛෘව ගණ්ඩයුගමණ්ඩනහානාරෙෂා භෘංගාඃ පුනර්විකවපද්මවනේ වරන්ති (මද රෙණුයෙහි අභාලාෂි වු මධුකරයේ ඉදින් හස්ති රාජයා විසින් මදයෙන් අන්ධ වු බුද්ධිායෙන් කර්ණ තාලයන් කරණ කොට ගෙන දුරු කරන ලද්දාහු ද මේ කපොල යුග්මාලංකාරය සම්බන්ධි වු හානිය ඔහු‍ගේ ම ය. යළි භෘංගයෝ තුමු පුල්ලපද්ම වනයෙහි සංචාරය කෙරෙත්.) මෙහි භෘංගයන්ගේ අලංක්රි යා නමැති ගුණය කරණ කොට ගෙන හස්තියා විසින් කරන ලද ඔවුන්ගේ දුරිකරණය අගුණය විය. එසේ ම ප්රචස්තුත පද්ය යෙහි ද දිව්යාංණගනාවගේ ඓශ්චය්යාය නුභවය නැමති ගුණය කරණ කොට ගෙන ජනයන්ගේ උදාසින භාවය අගුණය වි 1. කිඩාරමට ‘අර්ශොසන’ යනු ද නමකි. ‘අර්ශස්’ රොගයට පථ්යම වු හෙයිනි. මෙම රොගයට ද්ර විඩ භාෂායෙන් ‘මූලම්’ යයි කියනු ලැ‍බේ. සිහළ බසිනුදු ඒ අනුව ‘මූල’ යයි කියනු ලැබේ. එහෙයින් මුලයට පථ්යා පු පලා වර්ගය ‘මූල පලා’ යයි නම් වි. ඉන් පසු ‘මුලපල’ නම් වි යයි ද සැලකිය හැකි.

ගුත්තිල කාව්ය වර්ණපනා 321

498. නැසී දිලිඳු අඟනක් දි කොසඹ කො ළ නි සී තිදස පහයෙක වැස1 රුවන් දු ළ2 රු සී2 රුවින් පුරවයි සුරනිදුන් දෙ ළ කු සී නොවව් පලදේමය4 කුසල් ක ළ දිළිඳු අඟනක්, දරිද්රාං ගනාවක්; කොසඹ කොළ දී, නිම්බපත්රියන් දානය කොට; නැසි, ප්රියාතව; තිදස, ත්රි දශපුරයෙහි. නිසි, යොග්යූ ව‍ූ; රුවන් දුළ, රත්නොජ්ජවලිත වූ: පහයෙත , ප්රා සාදයෙක්හි ; වැස, වාසය කෙරෙමින් (මිශ්රාිර්ථයෙහි පූර්ව ක්රිතයා යි); රුසි රුවින්, රුචිර රූපශ්රවන්; සුරනිඳුන් දොළ, දෙවෙන්ද්රායාගේ දෞහෘදය (‘සුර නිඳුන්’ යනු ගෞරවාර්ථයෙහි බහුවචනයි); පුරවයි, පුරණය කරවයි.කළ කරන ලද; කුසල්, කුශල කර්මයෝ වනාහි; පලදේමය, ප්රණතිඵල දානය කෙරෙත් මැයි (96. සං.1). (එහෙයින්) කුසි නො වව්, (පුණ්යාක්රි්යායෙහි) කුෂිද නොම වව් (මැළ නොම වව්).

සං. 1. හෙතුයෙන් සංකිර්ණ වු අනුමානාලංකාරයයිත (483. සං.1.iii). 499. දු න් අඟනක් පෙර සඟනට ඇඹුල් කැ ඳ නන් සිරිසර5 සුරපායෙක් ගොස්නි’ප ද6 ම න් පිනවන පිරිවර දෙව්සරන්7 ල ද ඉ න් දුන මනා දන්මය8 සිල්වතුන් ල ද පෙර, පූර්වයෙහි; සඟනට, සංඝයා වහන්සේ හට; ඇඹුල් කැඳ දුන්, ආම්ල කඤ්ජිකයක් දානය කළා වු; අඟනක්, කාන්තාවක් තොමෝ; ගොසින්, ප්රූයාතව; නන් සිරිසර, නානා ශ්රිඟසාර වූ; සුර පායෙක, දිව්ය ප්රාරසාදයෙක්හි; ඉපද, උත්පන්න ව; මන් පිනවන, මනඃප්රිටණනය කරවන්නා වූ; පිරිවර දෙව් සරන්, පරිවර දිව්යාංිගනාවන්; ලද, ලද්දිය, ඉන්, එසේ හෙයින්; සිල් වතුන්, සිලවන්තයන්; ලද, ලදහොත් දො හෝ නොහොත් ලද්දාහු විසින්; දුන මනා පරිත්යා ග කටයුකු නම්; දන්මය, දානය මැයි. සං. 1. හෙතුයෙන් සංකිර්ණ වු අනුමානාලංකාරයයිත (483. සං. 1.iii) 500. එක තල් වැටක් දුන් ලිය මුනි සුතන් හ ට හැම කල් පිපෙන මල්වතු විල් සැදි අව ට9 මන කල් සු‍රිඳු පුර පහයෙක වෙසෙයි තු ට නි ර වු ල් මෙසෙවු දන් දුන මැනවි හැම වි ට

1. වැද - කිසි (පහයෙක) පිද - 1 2. රුවිනුදුළ - ද; (රුවින්, ශොභායෙන්; උදුළ, උජ්ජ්වලිත වු) 3. රසි - 1; රැසි - කිසි 4. (පලදේ) මහ - කිසි 5. සරසිරි - බොහෝ 6. ගොස් ඉපද - කිසි 7. සුරඟනන් - 1 8. දන්මයි - බොහෝ 9. සැදුණුවට - ද; සැදුවට - කිසි 322 ගුත්තිල කාව්ය වර්ණසනා

මුනි සුතන් හට, සර්වඥ පුත්රණයන්හට (සංඝයාහට); එක තල් වැටක් දුන්, එක තාල වෘන්තයක් (පවන් පතක්) දානය කළා වූ; ලිය, කාන්තාවක් ‍ෙතාමෝ; සුරිඳු පුර, සුරෙන්ද්ර පුරයෙහි; හැම කල් පිපෙන, සමස්ත කාලයෙහි පුෂ්පිත වන්නා වු; මල්වතු මාල්යන වාස්තුන් හා ; විල්. තඩාගයන්ගෙන් ද; අවට, හාත්පස්හි සැදි, සජ්ජි. වූ; මනකල්, මනස්කාන්ත වු; පහයෙක, ප්රාදසාදයෙක්හි; තුට, සන්තුෂ්ටියෙන්; වෙසෙයි. වාසය කරයි. මෙසෙවු, ඉත්ථම්භුත වූ; නිරවුල්, නිරාකුල වු (497. ව්යාඛ්යාානය ); දන්, දානයන්; හැම විට, සෑම කල්හි; දුන, ප්රවතිෂ්ඨානපනය කළහොත්; මැනවි, යෙහෙකි.

සං. 1. හෙතුයෙන් සංකිර්ණ වූ අනුමානාලංකාරයයිත (483. සං. iii) 501. ව හ න් දෙකක් දුන් අඟනක් ඉසුරු ප තා යොදුන් උසැති පහයෙක් ඉපද පැහැ ප තා නු ව න් සහස් තුටුවන තුනු රුසිරු ප තා මෙවන් සැපත් දෙයි පින් කරව නිති ප තා ඉස‍ුරු පතා, ඓශ්චය්ය් ුව ප්රාසර්ථනා කොට; වහන්දෙකක්, පාදුකා යුගලක් (මිරිවැඩි සඟළක්); දුන්, දානය කළා වු; අඟනක්, කාන්තාවක් ‍ෙතාමෝ; යොදුන් උසැති, (අනෙක) යොජනොච්ඡය ඇත්තා වු; පැහැපතා, ප්රකභාස්වර වූ; පහයෙක, ප්රා්සාදයෙක්හි; ඉපද, උත්පන්න ව; නුවන් සහස් තුටුවන. නයන සහස්ර්යා (ශක්රරයා) සන්තුෂට වන්නා වු(හෙත්වර්ථයෙහි ගුණ වචනයයි); තුනු රුසිරු, තනු රූපශ්රිාය; පතා, ප්රා(ප්ත වී, නිතිපතා, අනවරතයෙන්; පින් කරව, පුණ්යුකර්මයන් කරව් (144. සං. 1) (ඒ පුණ්යී කර්මයෝ වනාහි ) මෙවන් සැපත් ඉත්ථම්භු. වූ සම්පත්තිය ; දෙයි, දානය කෙරෙත් (96. සං.1).

සං. 1. නුවන් සහස් තුටුවන තුනු රුසිරු පතා

මෙහි රුසිරු යනු රූසිරි යන්නෙන් විපය්ය්න ස්ත වූ ශබ්ද රූපයකි. රූසිරි නම් රූපශ්රි හෙවත් සෞන්දය්ය්් සම්පත්තියි. (රූපං, සෞන්ද‍ෙය්ය්බ්ද යනු ආචා‍ෙය්ර්මකේතියි.) එහෙයින් තුනු රුසිරු යන්නෙන් ශරිරයාගේ සෞන්දය්ය්පං සම්පත්තිය හෙවත් සුප්රරශස්ත වූ ශරිර ලාවණ්යනය කියනු ලැබේ.

මේ රුසිරු ශබ්දය තෙම රුසිරි - රූසිරරු - රූසිරි - රුසිරු යයි සිව් වැදෑරුම් රූපයකින් දක්නා ලැබේ.

තව ද සුන්දර, මධුර, මනොහර යනාදි අර්ථයන්හි වැටෙන්නා වු රුචිර ශබ්දයෙන් හින්න වු රුසිරු ශබ්දයෙක් ද ඇති ඒ වනාහි නාම විශෙෂණ ශබ්දයෙකි. අන්ය ය තෙමනාම ශබ්දයෙකි. මේ ශබ්ද දෙදෙනාගේ අර්ථ විශෙෂය පිණිස උදාහරණ නමි:



ගුත්තිල කාව්යක වර්ණබනා 323 (1) රුසිරු, සෞන්දර්ය සම්පත්තිය: දුටුවද නොයෙක ක ල දුටුද අමුතුව මනත ල රිසි එක ලෙසම ක ල කෙසේ පවසති රුසිරු කිවි කැ ල (කාව්යිශෙඛරය) (2) රුසිරු රුවිර වූ හෙවත් සිත්කලු වු: රුසිරු සිරුරු නනබරණින් ස රා ගෙ න විමල් උතුරු සළුපට කර ද රා ගෙ න කියන වැදි ගණන් තියු කන පු රා ගෙ න පසිඳු පඬිවරන් සිය පිරිව රා ගෙ න (කාව්යවශෙඛරය) සං. 2. හෙතුයෙන් සංකිර්ණ වු අනුමානාලංකාරයයි (483. සං. 1. iii) 502. පි න් පල අසා දි අඟනත් පත් කු ඩ ය ර න් පහයෙක ලෙළ රසු දැල් ගත් හ ඬ ය මන් ලෙස වෙසෙයි සෙසු අඟනන් අත් මැඩ ය පින් මිස අනිත් කිම කරතොත් අත් වැ ඩ ය පින් පල අසා, පුණ්ය ඵල ශ්ර වණය කොට; අඟනක්, කාන්තාවක් තොමෝ; පත් කුඩය, පත්ර‍ච්ඡත්ර යක් (‍‍ෙගාටු අත්තක්); දි, දානය කොට; ලෙළ; ලොලිත වූ: රසු දැල්, කිංකිණි ජාලයන්ගේ; හඬය, කවණනය; ගත්, ග්රොහණය කළාවු; රන් පහයෙක. ස්වර්ණ ප්රා සාදයෙක්හි; සෙසු අහනන්, අවශෙෂ කාන්තාවන්; අත් මැඩය, ආත්මයාහට වග්ග කොට ගෙන; මන් ලෙස, ච්ත්තානුරූප ව; වෙසෙයි. වාසය කරයි. අත්වැඩය කරතොත්, ආත්මාභිවෘද්ධිය සම්පාදනය කරත්හොත් (ඊට හෙතුපකරණ නම්); පින් මිස, පුණ්යභ කර්මය විනා; අනික් කිම, අන්ය; කවරක්ද? සං. 1. හෙතුයෙන් සංකිර්ණ වු අනුමානාලංකාරයයි (483. සං.1. iii). 503. සැකව මදක් නො සිතව කීයෙමි මෙ ති නි ති දි ව1 මෙහැම සිරි දුටුයෙමි2 මගෙ නෙ ති නි කි ර ව එසග සිර‍ි සැප ලබතොත් ස ති නි ක ර ව කුසල් නිතරම3 පිරිසිදු සි ති නි මදක්, අල්පමාත්ර යකුදු; සැකව, ශංකා සහිත ව; නො සිතව, චින්තනය නො කරව් (144.සං. 1) ‍; මෙතිනි, මෛත්රිතයෙන්; කියෙමි. කථනය කෙළෙමි, තිදිව, ත්රි දිවයෙහි; මෙහැම සිරි, මේ සමස්තෛශ්වය්ය්, වය; මගේ නෙතිනි, මාගේ

1. තෙදිය - කිසි 2. දුටුවෙමි - 2 3. නිතොරව - කිසි

324 ගුත්තිල කාව්යා වර්ණහනා

නෙත්ර යෙන්; දුටුයෙමි, දර්ශනය කෙළෙමි, තිරව, ස්ථිර සේ; එසග සිරි සැප, ඒ ස්වර්ග ශ්රි් සම්පත්තිය; ලබතොත්, ලබත්හු නම්; සතිනි, සත්ත්වයෙනි; නිතරම, අනවරතයෙන් ම; පිරිසිදු සිතිනි. පරිශුද්ධ චිත්තයෙන්; කුසල් කරව, කුශල කර්මයන් කරව් (144. සං. 1)

සං. 1. නිරව එසග සිරිසැප ලබතොත් සතිනි මෙහි ආලපන විභක්ති බහුවචනයෙහි වූ ‘සතිනි’ යන පදය තෙම සාමාන්යරයෙන් ‘සත්නි’ යයි සිටිය මනා තනිහ් ‘ඇ අ ආ එක තැබුහු බසැ - ඉන් එන්නෙන් ඉයුතුදු නි’ යන උපාංග සූත්ර්යෙන් ‘නි’ ප්රශක්යබය පූර්ව ශබ්දාන්තයෙහි ‘ඉ’ කාරයොගයෙන් සිද්ධ වු පදරූපයි. ‘නෙතිනි නරඹ් මුනි රූ’ යි කියු තන්හි මෙනි. සං. 2. ස්වභාවොක්තියි මෙසේ ගුත්තිකලාචාය්ය්ස්වයන් විසින් කරන ලද ධර්ම දෙශනාව ගෙන හැර දක්වා දැන් එහි ඵල දක්වන්නාහු ‘සුරපුර’ යනාදි පද්ය චතුෂ්කයක් කියත්.

504. සුරපුර සිරි සිය ල් පැවසූ තමන්1 මෙ තෙපු ල් රිවි කිරණින් නිම ල් පුබුදු කරවිය දනන් මන වි ල් සුරපුර, දිව්යෙපුරයෙහි; සිරි සියල්, ඓශ්චය්ය්. ම සාකල්ය’ය; පැවසූ, ප්රංකාශ කළා වූ; තමන්, ආත්මයාගේ; මෙ තෙපුල්, මේ වචන නැමති; නිර්මල වු; රිවි කිරණින්; සුය්ය් ක රශ්මියෙන්; දනන් මන, ජනයන්ගේ මනස් නැමති; විල්, තඩාගයන්; පුබුදු කරවිය. ප්ර්බුද්ධ කරවි (ගුත්තිලාචාය්ය්ම තෙමේ යයි. අධ්යා හාර කරන්න.)

සං. 1. මෙහි‍ මෙ තෙපුල් රිවි කිරණින් යනු පද්ය‍යාගේ දිවිභාග මධ්යයයෙහි සන්සස්දිත වු සමාස පදයකි. මෙබඳු සමාසයෝ ඍෂි වචන දත් විදග්ධයන් හට රුචි නෙ වෙත් යයි ප්ර තිරාජ පරිවෙණාධිපත්නි විසින් කියන ලදි, එහෙත් මේ උක්තියෙන් නිර්දිෂ්ට වු නයය සංස්කෘත මාගධි භාෂාවන්හි නියත නමදු සිහළ භාෂාවෙහි නියත යයි අප උසස් පඬිවරයන් බොහෝ දෙන විසින් නො පිළිගත් බව පෙනේ. (1) මුවදෙව් දා කවෙහි අනේ නුවර දෙලෙනු - දුල දඹදිව්තල විමල් රුවන් පියුමැ’ත් කෙමි එව් - බිජි මියුලු නුවර නම් (2) කව්සිළුමිණෙහි: සිව් සයුරත් දෙරණ - කරතෙක සතො’හු සරණ නියරැස’ හස් ගඟ දරා - රුපු රජ ලද ‍ඉසුරුතන්


1. තමා - කිසි ගුත්තිල කාව්යෙ වර්ණසනා 325

(3) කොකිල සන්දෙශයෙහි: සිටිනා මනා රඟ මඟ අස තුරු රැ න් ද බිඟුනා දිනා පිරි පිපි සපු එරහැ න් ද මලිනා වනා එන මද නල මක ර න් ද ගිමනා උනා විඳ විඳ යන මිතුරි න් ද (මඟ අස මාර්ග සමිපයෙහි; මනාරඟ, මනොඥ සේ; සිටිනා, ස්ථානය කරන්නා වු හෙවත් ප්ර තිෂ්ඨික වු; තුරු, වෘක්ෂයන්හි ; රැන්ද, රඤ්ජිත වූ; බිඟු, භෘංගයන්ගේ; නාදිනා, නාදයෙන්; පිරි. පූර්ණ වු; (මතු කියනු ලබන මන්ද මාරුතයට විශෙෂණයි); යළිදු- පිපි, පුෂ්පිත වු; සපු එරහැන්ද මලිනා, චම්පක ශම්පාක පුෂ්පයන් කෙරෙන්; මකරන්ද වනා, මධුව කම්පිත කොට; එන ආගමනය කරන්නා වු; මදනල, මන්දාරුතය; ගිමනා උනා විඳ විඳ, (යුෂ්මද්) ඝර්මවය විමුක්. කෙරෙමින් වින්ද නය කොට කොට; මිතුරින්ද, මි‍ෙත්රා ත්තමය; යව, ගමනය කර.) (4) ධර්මධ්වජ කවින් විරච්ත වු දහම්සොඬ ‍කවෙහි: බඹඋපතින් සැප ත් මහා සම්මත රජ ගො ත් නුබතල රැඳි දිමු ත් සරා පුන්සඳ මඩල සිරිග ත් (5) අලගියවන්න මුකවෙටි තුමාගේ කුස දා කවෙහි: යසසින් ලොවැ පසි ඳු අත්තනායක මැතිස ඳු සුරතුර වැළඳි මු ඳු සුපුල් ලෙළ රන් ලතාවක් බ දු (6) ගුත්තිල කාව්යවයෙහි ම 31 වෙනි කවියෙහි බඹසඳ පියුම්වන යනු ද සමකර බලන්න. සං. 2. රූපකාලංකාරයයි. 505. දෙරණ උඩුයටි කො ට එහි අම රසය කැටි කො ට දෙන මෙන් මුළු ලොව ට නිවන් දෙන දම දෙසන හැම වි ට දෙරණ, ධරණි තලය; උඩුයටි කොට, ඌර්ධ්වාධඃ කොට; එහි, තදිය වූ; අම රසය; අමෘතරසය; කැටි කොට, පිණ්ඩනය කොට; මුළු ලොවට. සමස්ත ලොකයාහට දෙන මෙන්, දානය කරන්නාක් මෙන්; හැම විට, සෑම කල්හි; නිවන් දෙන දම්, නිර්වාණ දායක ධර්මය; දෙසන, දෙශනා කරන්නා වු (මතු කවෙහි බුදු කෙනකුන් යනු හා සම්බන්ධයි.) සං. 1. අභූතොපමාලංකාරයයි. එය මෙසේ දැක්වුහු; සර්විපද්ම ප්රභහාසාරඃ - සමාහෘත ඉව ක්වුච්ත් ත්වවද්නනං විහාතිති - තාම ‘භූතොපමාං විදුඃ

326 ගුත්තිල කාව්යහ වර්ණඃනා

(සියලු පද්මයන්ගේ ප්රතහාසාරය කිසිතැනක කැටි කරන ලද්දක් සේ තොපගේ මුහුණ බබළයි යන‍ මෙයි අභූතොපමා කොට දත්හු) මේ අභුතොපමාලංකාරය නම් වස්තුන්ප්රෙ ක්ෂා මැයි. සම්භාවනා මුල් කොට ඇති හෙයින් උත්ප්රොක්ෂා වෙයි. එම සම්භාවනාව වස්තුවක් ආත්ම කොට ඇති හෙයින් වස්තුත්ප්රේත්ෂා වෙයි (321. සං. 1. ii; 398. සං. 2.) 506. බුදු කෙනකුන් ලෙ සා නිති පරවැඩ ම උදෙ සා පැවසූ බණ අ සා එ කල් මුළු ලොව දනෝ වෙසෙ සා1 බුදුකෙනකුන් ලෙසා, සර්වඥවරයක්හු මෙන්; නිති පරවැඩ ම, නිත්ය පරාභිවෘද්ධිය ම; උදෙසා, උද්දෙශ කොට; පැවසූ, (මෙසේ ගුත්තිලාචාය්ය්ධ යන් වහන්සේ විසින්) ප්ර කාශ්ත වු හෙවත් දෙශිත වු; බණ, ධර්මය; අසා, ශ්රරවණය කොට; එ කල්, තත් කාලයෙහි; මුළු ලොව දනෝ, සමස්ත ලොකයෙහි ජනයෝ; වෙසෙසා, විශෙෂයෙන් - මතු සම්බන්ධයි. සං. 1. ප්රෙථම පාදත්රිය උපමායෙන් සංඍෂ්ට වු හෙත්වලංකායයි. චතුර්ථපාදය මීලඟ කවිය හා සම්බන්ධයෙන් ගතයුතු. 507. සුර සැපතෙහි යෙ දී2 දස අකුසලෙහි නො යෙ දී3 සිහි නුවණින් යෙ දී නොමද පින් රැස් කළෝ පැහැ දි සුර සැපතෙහි, දිව්යි සම්පත්තිය කෙරෙහි; යෙදි. යොජිත ව (දිව්යෙ සම්පත්තිය පිණිස කුශල කර්මයෙහි යෙදි යයි යූසේයි) ; දශ අකුසලෙහි, දශ අකුශල කර්මයෙහි; නොයෙදි, ‍අ‍ෙයාජිතය (එයින් තොරව යයි යුසේය); සිහි නුවණින්; ස්මෘතිඥනයෙන්; යෙදි, යුක්ත ව; පැහැදි, ප්රයසන්න ව; (භක්ති සම්පන්න ව යයි යූසේයි); නොමද, බොහෝ සේ; පින් රැස් කළෝ, පුණ්ය සම්භාරය කළාහුයි. සං. 1. සමුච්චයාලංකාරයයි (151. සං.2; 464 සං. 1) පූර්ව පද්යනය සමග ගත් කල්හි හෙත්වලංකාරයෙන් ද සංකිර්ණයි. බණ ඇසිම පින් රැස් කිරිමට හෙතු වු හෙයිනි. ‘දෙරණ’ යනාදි තැන් සිට මෙතැන් දක්වා විශෙෂකයි. මෙතෙකින් ඉකුත්වතෙහි ගුත්තිලාචාය්ය් ම යන් විසින් දිව්ය ලොක සම්පත්ති වර්ණනා මුඛයෙන් කරන ලද ධර්ම දෙශනාව ද එහි ප්ර‍තිඵල දර්ශනය ද එම ඉකුත්වත ද නිමි. දැන් වෙළුවන විහාරයෙහි ධර්මසභා මණ්ඩපයෙහි දි එම ඉකුත් වන දෙශනා කර වදාළා වු ලොව්තුරා බුදු රජාණන් වහන්සේ විසින් නැවතත් එහි ස්මබන්ධයට බැස කථාව ඝටනය කළ පරිදි දක්වන්නා හු ‘සත

1. මෙ ලෙසා - බොහෝ 2. බැදි - 1 3. නොබැඳි - 1

ගුත්තිල කාව්යි වර්ණේනා 327

වෙත’ යනාදි මුක්ත පද්යණයක් ද කථාවසානය දක්වන්නාහු ‘සග මොක්’ යනාදි යුගමක පද්යවයක් ද කියත්

508. සත වෙත පතළ මෙ ත් වෙර බැඳ මවෙත මැදහ ත් අනුවණ මෙ දෙව්ද ත් මෙසේ නැසුණේ වේද පළමු ත් සත වෙත, සත්ත්වයා කෙරෙහි; පතළ, ව්යායප්ත වු; මෙත්, මෛත්රිවය ඇති; මැදහත්; මධ්ය්ස්ත වු, මවෙත, මා කෙරෙහි; වෙර බැඳ, වෛර බන්ධනය කොට; අනුවණ, අඥාණ වු; මෙ දෙව්දත්, මේ දෙවදත්ත තෙමේ; පළමුත්, පුරුවයෙහි ද; මෙසේ, මේ උද්දිෂ්ට ප්රරකාරයෙන්; නැසුණේ වේද, නෂ්ට වූයේ වද.

සං. 1. විරොධයෙන් සංකිර්ණ වු හෙත්වලාකාරයයි. 509. සග මොක් දෙන නි සී එක එක බසින් සුබැ සී තුටු කර එ නර සී ඇසූ බඹසුරනරන් එක සි සුබැසි, සුභාෂිත වු; එක එක බසින්, එකෛක වචනයෙන්; සග මොක්; ස්වර්ග මොක්ෂ (සම්පත්තිය) ; නිසි, නිශ්චයයෙන්; දෙන, දානය කරන්නා වු, එ නරසි, ඒ නෘසිංහ (වු සර්වඥ) යන් වහන්සේ; ඇසු, (මට සුභාෂිත වචනයක්) ශවණය කළා වු; බඹ සුරනරන්, බ්රිහ්මාමරමර්ත්ය යන්; එකසි, එකහෙලා; තුටුකර, ස්න්තුෂට කොට - මතු සම්බන්ධයි.

සං. 1. හෙත්වලංකාරයයි. 510. අටඟින් යුතු න දා මියුරු බඹ ගොස විහි දා සිවිසස් සහ යො දා දෙසා නිමවි මෙ ගුත්තිල දා අටඟින් යුතු, අෂ්ටාංගයකින් යුක්ත වු; නදා, ආනන් වු; මියුරු, මධුර වු; බඹ ගොස, බ්රිහ්ම ඝොෂය; විහිදා, පතුරුවා; සිවිසස් සහ, වස්ස්ත්ය;යන් හා; යොදා, යොජිත කොට; මෙ ගුත්තිල දා, මේ ගුත්තිල ජාතකය; දෙසා. දෙශනා කොට; නිමවි, සමාප්ත කළ සේකි. සං. 1. අටඟින් යුතු න ද මියුරු බඹ ‍ගොස විහි ද බඹ ‍ගොස නම් බ්රිහ්ම ඝොෂය හෙවත් බ්රිහ්මස්වරයයි. සර්වඥයන් වහන්සේ බ්රුහ්මස්වර පරිදි කිසේය යත්; සෙස්සෝ ජින්නස්වර වෙත් ම ය; හින්න ස්වර වෙත් ම ය; බුදුහු වු කලි මහාබ්ර හ්මයාගේ ස්වර සදෘශ ස්වරයෙන් 328 ගුත්තිල කාව්යහ වර්ණ්නා

සමන්වාගතයහ. බ්රකහ්මයාගේ ස්වර පිත්ති ශෙලෂ්මාදින් අපරිරුද්ධ වන බැවින් විශුද්ධ වෙයි. බුදුහු විසින් කරන ලද පින් කම් ඔවුන්ගේ වස්තු සෝදයි. වස්තු ශුද්ධ වන බැවින් නාභිය පටන් ගෙන සමුත්ථිත වන ස්වරය විශුද්ධ ව අෂ්ටාංග සමන්වාගත ව සමුත්ථිත වෙයි. කුරවි කෙවිල්ලන් හඩ මෙයින් මධුර වේ මැයි - ධර්මප්ර දිපිතා (89. සං.1) තව ද සර්වඥයන් වහන්සේගේ බ්රලහ්මසිවරයෙහි අෂ්ටාංගයෝ නම්. විස්ස ටඨමඤ්ජුව්ඤෙඤය්යා ස්වණියාං විසාරිනෝ බින්දු ගම්භිර නන්නාදි තෙවව්මටඨංගිකෝ සරො ‘ති (විඍෂ්ට මඤ්පු විඥෙය යන අංගයෝ ය. ශවණිය අවිසාරි යන අංගයෝය, බින්දු ගම්භිර නින්දාදි යන අංගයෝ යි මෙසේ ස්වරය තෙමෙ අෂ්ටාංගික වේ.) මෙයින් විඍෂ්ට යන්නෙන් නික්මිමෙහි අංගය ද, මඤ්ජු යන්නෙන් සිත්කලු වු භාවය ද, විඥෙය යන්නනෙන් අර්ත්ථ ව්යඅක්තිය ද, ශ්රිවණිය යන්නෙන් ශ්රෙවණ ප්රි8ය භාවය ද, අවිසාරි යන්නෙන් නො විසිර පවත්නා බව ද, බින්දු යන්නෙන් ස්නිග්ධ භාවය ද; ගම්භිර යන්නෙන් ගැඹුරු බව ද, නිනනාදි යන්නෙන් පටුත්වයෙන් යුත් නද ඇති බව ද කිහු. සං. 2. ස්වභාවොක්තියි. දැන් ග්ර.න්ථවසානය දක්වන්නාහු ‘මුළු ලොව’ යනාදි ආශිර්වාද පද්යභයක් කියත්.

511. මුළු ලොව වැ වේ වා දුබික් දුක් දුරු වේ වා සුසිරි ළඟ වේ වා රජුට දිය වැඩ මඟුල් වේ වා මුළු ලොව, සකල ලොකය; වැවේවා; වෘද්ධිමත් වේවා; දුබික් දුක්, දුර්බික්ෂ දුඃඛය; දුරු වේව්. දූරීභුත වේවා. (අවිද්යමමාන වේවා යයි යුසේයි); සුසිරි, සුචිතය; ළඟ වේවා. සමිපස්ථ වේවා (විද්යේමාන වේවා යයි යුසේයි) ; රජුට, රාජයාහට; දියවැඩ, ජයාශවෘද්ධි සංඛ්යාූත වු; මඟුල්, මංගලය තෙම; වේවා, සිද්ධ වේවා.

සං. 1. රජුට දිය වැඩ මඟුල් වේවා මෙහි රාජයාහට ජය මංගලය නො ව ජයාහිවෘද්ධි මංගලය ප්රාාර්ථිත හෙයින් ශ්රින ලංකාධිපති වු සෞය්ය වංශාභිජාත ෂට් වැනි ශ්රිර පරාක්රිමබාහු නරශ්රෙ ෂ්ඨයා ජයශ්රිටන් විරාජිත ව පවත්නා බැව් ප්රවතිත කෙරෙමින් මතු ද එම ජයශ්රිිය‍ගේ වර්ධනයෙහි ප්ර‍වෘත්ත ‍වේවා යයි ආශංසනය කළෝ. එයන් එක වාක්ය මුඛයෙන් ම රාජයාහට ස්තුතියක් ද රාජයාගේ ශුභාබාවෘද්ධිය පිණිස ප්රාරර්ථනාවක් ද කළාහුයි. සං. 2. ආශිරලංකාරයයි

ගුත්තිල කාව්යා වර්ණකනා නිමි.