ජානකීහරණය - i

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජානකීහරණය

JANAKIHARANAYA

(සිංහලානුවාදය)



පෙරවදන[සංස්කරණය]

'ජානකීහරණ’ නම් සංස්කෘත මහා කාව්ය යේ කතුවරයා සම්බන්ධයෙන් පඬිවරුන් අතර පවත්නේ මත භේදයකි.

කෝට්ටේ යුගයෙහි දී රචිත පැරකුම්බා සිරිතෙහි එන පහත සඳහන් පද්යටයෙන් කියැවෙන්නේ ජානකීහරණ මහා කාව්ය්ය කළ කුමාරදාස රජු කාලිදාස නම් කිවිඳු වෙනුවෙන් දිවි පිදූ බවයි.

වෙහෙර දසටක් පුරා කරවා දස අටක් මහ වැව් බැඳී
ව ස ර එක දා බිසව අබිසෙස් මහනුවම් තෙමඟුල් යෙදී
ඇ ජ ර කිවියර පිනින් ජානකිහරණ ඈ මහ කව් බැඳි
කු ම ර දස් රද කාලිදස් නම් කිවිඳු හට සිය දිවි පිදී

මුගලන් රජුගේ පුත් වූ කුමාරදාස රජ මහා පඬිවරයෙක් වූ බවත් ඔහු කාලිදාස නම් යහළුවා මළ දා ගිනි වැද පරලොව ගිය බවත් පූජාවලියෙහි සඳහන් වන අතර, මුගලන් රජුගේ පුත් වූ කුමාරදාසෙන් රජු මහා වියතකු වූ බවත්, ඔහු කාලිදාස නම් යහළුවා වෙනුවෙන් ගින්නට පැන දිවි පිදූ බවත් රාජාවලියෙහි සඳහන්‍ වෙයි.

කුමාරදාස රජ කාලිදාස කිවියා වෙනුවෙන් දිවි පිදූ බැව් කියැවෙන චිරාගත ජනප්රදවාදයක් ද වෙයි.

දිනක් වෙසඟනකගේ නිවසට ගිය රජු එහි බිත්තියෙහි

සියතඹරා සියතඹරා සියසෙ වැ නී
සියසපුරා නිදි නොලබා උන්සෙ වැ නී

යන පද්යාරර්ධය ලියා ඉතිරි අඩ සම්පූර්ණ කළ කෙනකුට ත්යාචගයක් දෙන බව ද ලියා ගියේ ල. ඉන් පසු එහි පැමිණි කාලිදාස කිවියා


ii


වනබඹරා මල නොතලා රොනට ව නි
මල දෙදරා පණ ගලවා ගිය සෙ වැ නී

යන දෙපදය ලියා එය සම්පූර්ණැ ‍කළේ ල එහෙත් ත්යා ගය වෙනුවට එයට ලොල් වූ වෙසඟන අතින් මැරුම් කෑ කාලිදාස කවියාගේ සොහොනට පැන කුමාරදාස රජ දිවි පිදුවේ ල.

පෑලියගොඩ විද්යාුලංකාර පරිවේණාධිපති ව වැඩ විසූ ශ්රීස ධර්මාරාම නාහිමි පාණන් විසින් ක්රි්. ව. 1891 දී පළ කරවන ලද ජානකීහරණ සංඥාපනයෙහි එහි කතුවරයා ගැන මෙසේ සඳහන් වෙයි.

“මුගලන් රජහු අවෑමෙහි ඔහුගේ එක ම පුත්රව තෙම කුමාරධාතුසේන නමින් ද, කුමාරදාස නමින් ද පොත්පත්හි ව්ය වහාර කරනු ලැබුවේය යනු නිසැක වේ. කුමාරධාතුසේන රජ අනිකෙක, මහා කවි කුමාරදාස අනිකෙක, කුමාරදාස නම් සිංහල නරපතියෙක් ද නුවූයේය යනාදීන් මෙ කල ඇතැම් ජනයා කියන විප්ර ලාප තෙපුල් මෙයින් නිරාකෘතයි.”

ඒ අවදියේ දී ධර්මාරාම නා හිමිපාණන්ට දක්නට ලැබුණේ ජානකීහරණයේ පුරාණ සන්නයේ පසළොස්වැනි සර්ගයේ දෙවිසිවැනි ශ්ලෝකය දක්වා පමණක් බවත්, එය වහල් කොට ගෙන ශ්ලෝක බන්ධනය කළ බවත් කියනු ලැබේ.

ක්රිව. ව. 1969 දී සම්පූර්ණ ජානකීහරණ මහා කාව්යතය දේවනාගරී අකු‍රෙන් ම එළි දැක්වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර සූරීහු විසිවැනි සර්ගාවසානයෙහි එන ශ්ලෝක හතරකින් යුත් කවිවංශවර්ණනාව පදනම් කර ගෙන කතුවරයා ගැන සිය කෘතියෙහි සංඥාපනයෙහි දී මෙසේ කියති.

“මෙම කවිවංශ වර්ණනාවෙන් කියන විස්තර කුමාරදාස රජු සම්බන්ධ වංශකථාදියෙන් දාන ගත හැකි දේ හා නොගැළපෙයි. කුමාරදාස රජුගේ පිය තෙමේ ශ්රිෙමානිත නම්


iii


ක්ෂත්රිරයෙක් නොව, පළමුවන මුගලන් රජ ය. ජානකීහරණ කර්තෘගේ පීතෘ වූ ක්ෂත්රිරයයා රජ කෙනෙක් බව නොකියත්. එ සේ ම පිය රජුගේ ඇවෑමෙන් කුමාරදාස රජ වී යැ යි කියා ඇති නිසා කිවියා ගේ ‍උත්පත්ති දිනයෙහි ම පියා මළේ ය යන කීම ද කුමාරදාස රජුගේ ජීවිත කථාවට වෙනස් ය. එසේ ම කුමාරදාස රජුට ශ්රීාමේඝ හා අග්රථබෝධි නම් මයිලන් දෙදෙනෙක් වූහ යි යනුත් නොකියත්. අග්රරබෝධි යන නම වංශකථාවේ දකින්ට ලැබෙන්නේ කුමාරදාස රජුන්ගේ කාලයට ශතවර්ෂයකට පමණ පසුවයි. මෙම ඓතිහාසික කරුණු සලකා බලන විට කුමාරදාස රජ ජානකීහරණය කළේය යන පැරකුම්බා සිරිතේ එන ප්රේවෘත්තිය ප්ර තික්ෂෙප කළ යුතුයි.”

ඒ කෙසේ වුව ද, පැරකුම්බා සිරිතෙහි එන පද්යුයට හා චිරාගත ජනප්රේවාදයට අනුරූප ව මේ අනුවාදය “කුමාරදාස නිරිඳුන්ගේ ජානකීහරණය. (සිංහලානුවාදය)” යනුවෙන් නම් කිරීම මැනවැයි සිතීමි.

මේ අනුවාදය සකස් කිරීම සඳහා ශ්රීඅ ධර්මාරාම නාහිමිපාණන් සහ ආචාර්ය ගොඩකුඹුර සූරීන් විසින් පළ කරවන ලද ජානකීහරණ පොත් දෙක ම ඉවහල් වූ බැව් ගෞරව පූර්වක ව සඳහන් කළ මනා ය.

මෙහි බොහෝ අඩු ලුහුඬුකම් හා සදොස් තැන් තිබිය හැකියි. ගී විරිත තෝරා ගැනීම එයට ප්ර ධාන හේතුව විණැයි සිතේ. සංස්කෘත ශ්ලෝකයක සම්පූර්ණ අර්ථය දෙසාළිස්මත් ගි විරිතෙන් ඉදිරිපත් කිරීම අතිශයින් දුෂ්කර වූවකි. සංස්කෘත පද්යියෙහි බහුලව දක්නට ලැබෙන උපමා, රූපක සහ ශ්ලේෂාදිය ඒ සැටියෙන් ම සිංහලට නැඟීම ද පහසු කාර්යයක් නොවේ. නමුත් කවියාගේ හැඟීම් සංක්ෂිප්ත ලෙස හෝ කථා පුවතට හානියක් නොවන සේ ඉදිරිපත් කිරීමට වෑයම් කෙළෙමි. අටළොස්වැනි සර්ගයේ ඒකාක්ෂර බන්ධන හා චිත්රපබන්ධන ආදියෙන් යුත් ශ්ලෝක


iv


10 ක් අරුත් පැහැදිලි කර ගත නොහැකි වූ නිසා අත් හැරීමට සිදු විය. එබඳු අඩු ලුහුඬු කම් ගැන සුධීහු සමාධිය භජනය කෙරෙත්වා.

නාගරි අකුරෙන් මුද්රිුත ජානකීහරණය සම්පූර්ණයෙන් ම සිංහල අකුරෙන් මුද්ර ණය කරන ලදුව උපග්රතන්ථය වශයෙන් මේ පොතෙහි අගට එකතු කර ඇත.

මේ කාර්යයෙහි දී පොත් සපයා දීමෙන් ද, නිතර ම පාහේ ඒ ගැන කතා බස් කිරීමෙන් හා අගනා උපදෙස් දීමෙන් ද මා ධෛර්යමත් කළ හිත මිතුරු දො. ඩ. ඩයස් මහත්මා, ජයකොඩි සෙනෙවිරත්න මහත්මා, එච්. ඇම්. මොරටුවගම මහත්මා සහ කේ. බී. ඒ එඩ්මන්ඩ් මහත්මා යන විද්වද් ලේඛක භවතුන්ට මාගේ නොමඳ කෘතඥතාව පිරිනැමේ. අනුවාදයේ අත්පිටපත සකු පෙළ සමග සසඳා බැලීම සඳහා දින කීපයක් ම මා සමග ගත කරමින් සිය අගනා කාලයත් ශ්රගමයත් නොමසුරුව වැය කළ එඩ්මන්ඩ් මහත්මා දැක්වූ උනන්දුවද මෙහි දී කිසි සේත් අමතක කළ හැක්කක් නොවේ.

පොත මුද්රැණය කොට පළ කිරීමේ භාර දූර කාර්යය ඉතා කැමැත්තෙන් භාර ගෙන එය මැනැවින් හා කඩිනමින් ඉටු කළ ඇස්. ගොඩගේ මහත්මාට ද මගේ කෘතඥතාව හිමි වේ.


පියදාස නිශ්ශංක


නුගහේන

කිරිඳිවැල

"http://si.wikibooks.org/w/index.php?title=ජානකීහරණය_-_i&oldid=8359" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි