ජානකීහරණය - ii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

ජානකීහරණය

1. සග

i. අයෝධ්යී පුර

1. අයොදය නම් පුරෙක් - වී බරිනිසුරු මිහි බට සුර පුරෙව් පිරි සැපතින් - කැත’ගට සැමි තුරක් වූ

2. සඳ පියුම්රාමිණි - රස් වතළ පුර පහ අග රත් පෑ විය රොසින් මෙන් - පැරැදුණු වතට පුර’ඟන

3. හැම් එ පුරැ ඉසුරෙන් - තුටු වුව ද අබිසරු ලිය නොවූ තුටු ගන තම රැස - නැසූයෙන් රන් තොරණැ මිණි

4. එ පුරැ තුඟු පහ මත - ලෙළ චීන සුදු පටපිළි හිමකර පැකිළ කුළු අග - හළ සැව පට සෙ දිස්වී.

5. පුර විලැ වදිනු බැරි - පැන පවුර හස දිය ගලැ සිහි කළෝ බුගුරම් පෙර - කල කොස්බෙයද විදැ ලූ

6. එ පුරැ වේ පහ බිතැ - තම පිළිබිඹුව පහරා මද ගඳ නොලත් ගිජි‍ඳෝ - සිතු නැත්මැයි රුපු ගජ

7. තුඟූ මහ පහ’ගැ එහි - රැඳි ළා නෙළුඹු දැලි වන් සේ වලා වැද මඳ නල - විහිදෙත ලෙළ දදෙව් වී

8. පුර අඟන නෙත්කලු - මුතුමය අඟ පසඟ මුදු රන් වත පබළු හිස හා - එක්කොට මැවූ වැනි බඹු

9. සරදෙහි වලා සුදු - රැඳි මතු මහලැ විටකෙහි හෙළා තම නද මුඳ’‍ඟෙහි - පහ සිරින’ඩක් රිස්වී

10. මේ කුළු ළහා වත - වෙත රන්මය පතාකා පෙරැළිය විදුලි තුල් තුටු - කෙළෙ මියුරු ගණ එ පුරේ

ජා. ග. 1 1





11. නැසුම ද වැඩුම තම - කළ පියුමරා නිල් මිණි තොරණ රොස පමොද ද - වැඩි රෑ සරන ලිය හදැ

ii. දසරත රජ

12. පේ බිඳි රදුන් පෙර - දිවයුරෙව් තද තෙදසින් විය නිරි‍ඳෙක් කැත් කුලැ - දසරත නමින් එ පුරේ

13. නොනට අබිමන් යුත් - ලද අන් රදුන් බුහුමන් යසරැසිනොහුගෙ ගුණ දැරු - ගති රජත පෑ දස දිග්

14. බැඳුණු දික් විජයෙහි - එ නරවර දත් සව් සත් දමා දිනි ඉඳුරන’සුන් - සදෙන ම රිපුන් අබතුරැ

15. බලය බලි කැරැ සුන් - තිලොවට ම පෑ තෙවිකුම් කළ’සුන් දරණ නත හරි - සේ එ රද වී අනලස්.

16. දිනීමෙහි මී තල - ලොල් එ නිරිඳුගේ බළසෙන් විහිදුණෝ මැඩ අඟු රට - දෙසටිඳුරු සෙ රොවක් උණ

17. ඉක්මැ වූ සමුදුර - එ නිරිඳු‍ගෙ තෙද ගිනි රැස පෙර දෙස තවා නැංවී - ඩහ කටහ නිරිඳුන් ගත

18. ගත් මන වෙළඳ දන - දකුණ’සැ පුර කාංචි අබිසරු ලිය පහස රද - ලැබී බලයෙන් අසිපත්

19. පණ බුදින අසුරන් - අවි දැරු එ රද සරයට ලක් වී සිට ද යොන් රද - නොහළේ සිත්හි අබිමන්

20. රද තෙද, ගින් දැවෙත - තුරුක් දෙස යුත් සිරිවටු පැතිරෙන සුවඳ දුම් සේ - කිතු රැස දිග’ත පතළේ

21. පර පවනින් සතුරු - කෝ ගිනි වැඩුණු නිරිඳුගෙ රූප’ඹුන් සුරත් නෙතිනෙන - නිවුණේ කඳුළු වැස්සෙන්

22. බිඳී රුපුනෙ’ක් සරෙන් - එ නිරිඳු පා පියුම් යුග අන් රද කිරුළු මිණි රස් - ලතු රසිනද වැ බැබැළී

23. පැතිරෙත මිහි තෙලෙහි - ඔහු යසස සුදු හර සේ සඳ නොනැගි වග නුපුබුදු - කොඳ වන පසක් කරැවි

24. උතුම’ග පෙදෙසි රද - සැදි තෙද රදුගෙ දසරත කිරුළ’ග පියුම්රා මිණි - රස් මෙන් බැබැළි උන්ගේ

25. මිහිකත බරණ වූ - එ නිරිඳු යසස් සඳ රැස රුප’ඹුන් නුවන් සඳ කැන් - මිණි දියට වී කාරණ

2


26. සම ඉසුරුට එ රද - තෙදැති රමිඳුට මා වන කැත් කුමරියක සමගින් - විවා වී ගිනි දෙස් කොට

27. යුග පා එ බිසවුන් - කෙළැ නුපුබුදු පියුම් වන් නිය පෙළ රසිනුදුල පුද - කළ මුතු සෙ වී ඕ හට

28. ගති විලස් එ බිසව - න‍ිතැතින් ම වූවක් මිස මතැතුගෙන් හෝ හසගෙන් - ගත්තක් නොවී උදුරා

29. දුට ඇය වටොර මල් - සර නියති නොබලා එය මවනු ද නොහැකි බඹ එය - කෙළෙද කෙලෙසින් සිති රද

30. එ ලඳගෙ කිය ගතැති - නිතඹ පමණට වැඩියෙන් වැඩෙතැයි තව ද සැක කොට - බැඳ ලූ වැනි රසන්දම

31. ඇගෙ සොඳුරු දසනැ’ති - උදර සිරි ගත් අන් වත් නැතැයි ගණිමින් තිලොව ම - බඹු ඇඳි ඉරිය තුන් විලි

32. පිරිපුන් වෑ යෙ‍ාවුනෙන් - සිටි නිලුපුලැසිය‍ෙග දිගු‍‍ උසුලා දෙපියයුරු බර - ඉඟ සුඟ වැහැ‍ර ගිය වැනි

33. කියඹු වැල ‍ඇගෙ බඹු - සරසත තෙලි තුඩින් හුණු කළු වයිති බිඳ පහළට - ගිය මඟ වැනි වසා පෙළ

34. වෙන් නොකරන තමන් - වත ඇයගෙ සඳ වැනි අන් වතක් මිස නොවෙතැයි සඳ - සිතූ තන යුග සක්වා

35. එ’ලඳගෙ සොඳුරු යුග - අත හෙබි මනා බෙදුමෙන් යුත් වන හුයෙන් සිදුරෙන් - පරදා ලී නෙළුඹුදැලි

36. ඈගෙ දෙඅදරෙහිවී - දින’තෙහි වලා සිරිසර එ මතුද ගෙදිගු විලැ රත් - සර පියුම් පෑ අත්ලෙහි

37. නුබැ සඳ හා ඇයගෙ - මුව සඳ අතර වෙනසෙකි නුබැ සඳ දරයි සස ලප - මුව සඳ උගේ දෙනයන

38. පැහැයෙන් පියුම්රා - මිණි දිනූ දෙවතෙකි ලොවැ එකක් දියැ පිපි පියුම යැ - ඇගෙ ‍වත පියුම අනෙකයැ

39. නිලුපුල් හා ඇයගෙ - නෙතුපුල් අතර වෙනසෙකි නිල් උපුල් සඳ නොබලා - මුව සඳ බලා නෙතුපුල්

40. නිලුපුලැසියගෙ බැම - සිටියේ මැදින් උස් වී දුරු වූ මෙනි බියෙන් සල - කුටිල ඇසි පිය ඇසුරට

41. වරලින් පැරදි ඇගෙ - පිල් කළඹැති මියුරු ගණ වල් වැදුණු සතුනට වුව - දැනෙයි විළි පැරැදීමෙහි

3

42. දෙසැතත් රකුස් බිය - නැසුමට හෙයක් වන එද දසරත රදුට වූ අන් - බිසවකුදු සිදගනවන්

43. සුමන්තර රියැදුරු - කළ එනිරිඳුට දසරත සුමිතායි අන් බිසවක් - වූ උමයඟන සිරිගත්

44. රිසි වන මුත් පුතුන් - සිරිතෙන් කුලෙනුසස් වූ පුතකු ඒ මෙහෙසියගෙන් - නොලත් රද වී දොම්නස්

iii. දඩකෙළි

45. දිනෙක හිම පල්ලා - නෙරපා දනන් බලු වැදි හිමවන පියස පිවිතුරු - කළැයි දැන්වී නිරිඳුට

46. වැළැකූ අයුතු කම් - බල දෙවිඳු හා තුල් වන සිහ ගමනැති එ රද මුව - දඩ පිණිස වල් වැදුණේ

47. උමයඟන ඇකයෙහි - වැඩි දරු මුණුපුරන් වන් තුරු ලිය දරන මල් බර - පව්ව වේ මැයි හිමවත

48. මේ කුළු විසිර යත - පවනින් දකින ගුරු බිම තැති ගතු බියෙන් සිදගන - හම ගසතියි සිතා ගිර

49. නික්මි ලෙණිනඩක් - ගිලිත සප් කැල ගොදුරූ තම මුව අයා හිමගිර - සතුන් ගිලිනෙව් දිස්වී.

50. දෙව’ඟන මිණි බරණ - කැල්මෙන් අඳුර නැසුණ ද වන විලැ සුපිපි පියුමෙන් - දැක්විණි වෙනස දිව රූ

51. හිමගිර තලැති හෙල් - පිල් බර සුරත් පිය යුග පිටිනුසුලන දෙවිඳු කඳ - සුර මියුරු සිරි ඉසිලි

52. රිවි තුසර දහරින් - නැහැවෙන අරන් ළමඬලැ ගල්වා උදෑසන රත් - පෑ කොකුමඟර අරුණලු

53. රද කුවෙර වන් සර - සැදි දුනු දරා සුරතෙහි හිමවතැ සසල කළුවැල් - පැමුල් පෙදෙසැ හැසිරිණි.

54. එ රද තිර නුවණැති - ඇද දුනු දිය මුවන් එන මගැ ඔබ මොබ පනින අසු - අරා සිටියේ නොසැලී

55. නැගු කනින් වලගින් - හා සසල දෙනෙතින් යුත් මුව රළ පනින පෙද සේ - රද දුරු කෙළේ භියෙන්

56. මහ බලැති ඔබ මා - මැද දෙස පෙ‍ළති දැඩි සේ කියනු රිසි දුනු දිය ඇද - නැමුණේ පෙරට නිරිඳා

4


57. විත් කෑ මුවා කළු - කැටි කළ වෙයින් පෙර නුබ නැඟුණේ පසු ගමන් සේ - තම සිතට යන සුර පුර

58. තබමින් හුන් ළපලු - පත් අග උනුන් මුවෙහි මුව යුවළ නොවිදි රද - ලොල් නැළැවුමෙහි පියඹුන්

59. එ කෙණෙහි පෙළට ආ - රළැ පෙරටුවැ ම හුන් මුව මුවෙහි විදි ‍සරයෙන් උන් - හැම දෙන ගියෝ ඇමිණි

60. දිව ආ වෙයින් එක් - මියුවකු නළලැ වන් සර ගොස් දළ සිරුර විනිවිද - දෙවන වලගක් සේ වී

61. එ රද ඇත් ගමනැති - තැත් කළ නැසීමට අසු දිවියා සුනු විසුනු කෙළෙ - පිට පිට යවා සිය සර

62. පළත කඟවේණා - සැත්ලා රද වෙදකු සේ නැඟි මරහඬින් තැති ගත් - පව්ව ද නැඟී එ හඬ ම

63. රද කඳ දෙවිඳු සම - සිය පෙර මඟට වදිමින් ගුගුරන කොවින් සූකර - හෙළි එක් පහරින් හී

64. විඩා පත් නිරිඳා - මෙසේ මුව දඩ කෙළියෙන් නල වැද සසල වෙඅගින් - සැදි විල් තෙර ලකළ කෙළෙ

65. හෙල්මැලි සුවඳ හා - විල් ලිහිණි සර ඇද ගත් නල පතළ සියපත් රොන් - කෙළේ රජු ගත පිඟුවන්

iv. සන්ධ්යා්ව

66. අත්ගිර වෙත සැපත් - මේ කුළු ගැටෙන තැන තැන රිවි මඩල කිණිහිර මත - තැළෙන රත් යවටක් වී

67. සුනිල් බිතැ ලඹ දෙන - රන් තල්වැටක සිරිගත් පැළදිග මඬල දිනකර - ලක් විය නෙතට නරනිඳු

68. විල් තෙරැ සඳ රැසින් - සිසිල් සෙල් තලැ සැතපී දුරු කෙලෙ විඩා නිරිඳා - ‍පවනින් රොනැද ගත් දිය

69. එ රද දඩ කෙළි ලොල් - නොලැබ නිදි රූ තුන් යම ගෙවත සඳ ලප යුත් මිග - බියෙන් පැන ගොස් සිටියේ

v. තපෝ වනය

70. දඩ ලොල් සුරත් රිවි - උදයග මත සැපත් වී මුව රළ වෙතට නරනිඳු - මෙහෙයි රසින් අරුණලු

5


71. පුරඳුරු සදිසි වන - කිත් රැසින් හෙබි නිරිඳා දුනු හී රැගෙන අලුයම - අරා සිටියේ මඟුලසු

72. ලක් වන සෙ සරයට - එන සතකු දුටු නිරිඳා දුනු දියැද මෙහෙයි සෙද - සරබමුව වෙයිනසු තම

73. එ කෙණෙහි සතා එම - ඇඳි සේ ඉරක් නුබ ගැබ දිව ගොස් තවුස් අරණට - වැදිණි විල් තෙරැ තමසා

74. දුනු හී සහය කොට - සිටි රද විසම බිමැ අසු මුදා හැර පිය සටහන් - ලුහුබැඳ ගියේ වන මැද

75. මනු කුල කොත් එ රද - විලෙහි කළසක් පුරවනු අසා ඇතුනැයි ඒ මුනි - පුතු ලක් කෙළේ සරයට

76. විත් කෑ තවුස් පුත් - නෙතු දියෙනද වළප සර විද තම සරය පසු පස - එන නිරිඳුගෙ බිඳී හද

77. මෙ වෙනෙ අඳ අසරණ - දෙගුරුනගෙ මා විය පත් කණවැල කුමට නැසුවෙහි - ඇසි හේ නරනිඳුගෙන්

78. විදින එක් ලකකට - ඹබ තිදෙනකු ම වැනැසූ රැකිය යුතු වන මවිසින් - මව පියා සහ මා යන

79. වැද හිඳ මහ වෙනෙහි - වුව සුරැකි අඳ දෙගුරුන් පල වැල අහර කොට ගත් - කිම ද වූ දොස මා’තින්

80. නසා මා මුජි තණ - කා බහණ ලතු පිළියම් මෙ කළස හෝ වැහැරි ගෙන - යුතු දෑ කළ එකකු වව

81. හැඳ වැහැරි උණුසුම - සිසිල විඳ වන පලයෙන් රැකෙන කුළුණට නිසි මට - හිමි විය තගෙන් මරණය

82. පවින් මුත් අසරණ - තවුසෙක් අඳ පියාණට කණවැල ද වූ මා දිවි - නැසුමට පෙළැඹුණේ කිම?

83. කුළුණු ඇස සුදනා - හෙළයි වෙත වුව සතුරා දුදනා තමා දක්නට - එන්නහුට ද කරයි වෙර

84. මානය බලය අවි - කළ පහත් පැවතුම් ඇති තා දිනූ රද කුල තුම් - කුමට ද කිලිටි කරනේ

85. පැවතුම් හා මනා - යහ ගුණැති නිරිඳුට මේ නොකරව නිගා කියන සෙ - පණ හිර කෙළේ ඔහු ගෙල

86. රුපුන් නැසූ දසරත - රද තෙදින් යම දෙවි වන් කලස ගෙන සුරතින් වත - බැලී තවුසුගෙ හඬනා 6


87. නොකටයුත්තක් ඒ - තවුසුට කළ ද නරනිඳු සැබවක් ම කීවෙන් ඔහු - ගත නොම දැවිණි කොව’ගින්

88. දිනූ ඉඳුරන් මහ - ඉසි සිය පුතුගෙ මරණය අසා වැද ගිනිමැලයට - හැවී නිරිඳුට යහපත්

89. සුසැදි වනං කුසුමින් - ළඟා වීමත් දුකර වූ ‍ෙවණු නිය පහරින් බුන් - වටොර යුග හා කොපුල් යුත් සිරිකත සිරියෙන් දුල් - එදඩ බිම ඇසුරැ බෝ කල් සිටි නරවර පෙරළා - ගමන් ඇරැඹි තොසින් සිත්

90. සැඟැවි ගත් අරුත් හා - පදැති එකිනෙක වෙනස් වූ නොඑන සේපියන්හි - දයින් බුන් කිරිය රූ යුත් තු-හි-න යන නිපා බෝ - සේ යෙදීමෙන් නුමුත් දොස් කුකවි පබඳ මෙන් වූ - එගිර හරිමින් ගියේ හේ

91. විහඟ ගණ රුවින් යුත් - සරණ ගිජිඳුන් ද සන්සුන් දිලෙන නොයෙක රුවනින් - වෙරළතින් දුල් සයුර වන් සුසැදි නෙමිණි බරණින් - කොමළඟන හට නිවෙස් වූ පුරවරට තමන්ගේ - නිරිඳු සඳ ඒ සැපත් වී















2. සග

i. රවුළුට පැරැදුණු දෙවිවරු විෂ්ණු හමුවෙති.

1. ලැව් ගිනි වන් තෙදැති - රවුළුට යුදෙහි පැරැදුණු සුරෝ බැහැදුටු වෙණු දෙවි - ගොස් පෙරටු කොටැ පුරඳුරු

2. සේස නා සුස්මෙන් - සිය ගත බරින් පෙළෙනා පෙරළා එන පෙරට ගොස් - දිය කඳ යුත් රසාතලැ

3. සිටියදී එ සපු වෙතැ - තම කිරුළු මිණි ගිළිහී වැටෙත කඩ වූ නිදි සුව - නිසා රතු වූ දෙනයන

4. වෙසෙන ඇත් මොහොරුන් - දෙසට වැද සප් බිළිඳුන් දක්වන හරඹ නහමන - රජකුට හොබන විලසින්

5. දරණසුන සප්හුගෙ - නොසැලේවයි බොහෝ දුර සිට ම නැමි බැතිත’දරින් - ගුරුළිඳු විසින් සෙවුනා

6. බියෙන් රිවි කිරණට - මෙන් රසාතලැ වෙසෙනා සිරිකත වත තරිඳු වෙත - යොමු වූ යුග නුවන් ඇති

7. දෙනුවන් තම වතෙහි - රැඳැවූ සිරිකතගෙ නැබ පිරිමදින පා පියුමෙන් - විළුඹැති ඇයගෙ ඇකයෙහි

8. වින්දිය ගිරි දෙපසැ - රිවි සඳ නැඟී කලෙක මෙන් වම් ‍පසෙහි සක හා තම - සකවිය දකුණු පසැ වූ

9. නැමඳ වෙණු දෙවි පද - සනාතන පුරිසා වන පුර’ඳුරු පෙරටු කොට සිටි - මුරු ගණ බිණූ මෙ ලෙසින්

10. ඇළැලුමෙහි සමුදුර - බැමැවූ මඳර ගිර හා ගෑටෙතබරණ සුසැදි ගත - බැබළිණි දින’ත තරුසේ

11. නොමැඩෙන වේරැති ඔබ - නුබ සයුරට සඳක් වූ නා ලෝ පතිගෙ යස පිඩු - සදිසි සක ගතු උපුට‍ා

12. තෙපද විකුමෙහි හිරු - සදු දෙ උරැ ළමැදෙහි තරු බරණ කළ ඔබ හට විරු - නම කළහ ගණ සව මුරු

13. පෙර කල මෙහෙයු ඔබ - මරු වැද බමණ මේ කුළු තරු හිරු ඇතුළු නුබ හා - සයුර ද එක් වැ ඇළැලිණි

8




14. මායාවෙන් සැතැපි - ඔබ නැබ පියුමැ අත ලූ තැළූ මදු හා කයිබට - පණුවන් සෙයින් අත්ලෙන්

15. මුළු තිලොව වනසා - සිටි නිදි සුවය ලබමින් ඔබ දිස් වූහ සමුදුර - දිය කඳ සෙ මහ නිල්වන්

16. ඇසුරු කොට සත් ගුණ - මුළු තුන් ලොව ම රක්නා තමස දුර ලන සිහි කළ - මතින් ඔබ පා නමදිමි

17. තෙබේ වන මුත් ලොවැ - මැවුම් පැවතුම් නෑසුමැයි තෙගුණ ම දරනුවෝ වෙති - ඔබ සත් රදස් තමසැයි

18. බඹා තුන් ලෝ ගුරු - සැරිසරා ඔබ කුස තුළ තිලොවෙහි ම බර දැරුමෙහි - ඔබ ම සමතැයි දත්තේ

19. සග සුව විඳින මුරු - ගණ මෙබස් පැවසූ සඳ ලොවැ සව් වැ‍සන දුර ලන - වෙණු දෙවි මෙසේ තෙපළී

20. පබල රිපු සෙන් වුව - නැසුමෙහි සමත් අවි දැරූ කිම ද සුර ගණ නැසුණේ - ඉරණමැ අනිටු පල සේ

21. මිරිකෙත සොවින් හද - සහසැස් තිදස්පති ගේ රතුපුල් සෙයින් මුකුළිත - දිස්වනුයේ කිම ද දැන්

22. අතැ නා පසැති රිසි - වෙස් ගතැකි විරුවකු වන මෙ වරුණ කුරුලු වැද්දකැ - සෙයින් පෙළුවෝ කවුරු ද?

23. මේ මාතරිස්වා - පවන පියොවින් කිස වූ සුසුම් ලෑමෙන් බොහො සේ - කිම යළි මහත් වූයේ?

24. දහන වන මුත් නම - සොව’ගින් දැවෙයි මේ ගිනි ඉරණම සෙ වන සැපතෙහි - පෙරැළෙන සොබා ඇත්තේ

25. සිසිල් හා උණුසුම් - ගුණැති සඳ හිරු දෙවිවරු දෙදෙන වුව වැනැසෙත් මැයි - පෙරැළියෙන් තෙද තම සතු

26. සගද නම් වුව මා - කිම ද පල එය දැරුමෙන් සිතු සිව මිතුරු වෙසමුණි - ගද’විය හළැයි හඟිනෙම්

27. වාහනය අවියැති යම කෙවිටක් අතින් ගෙන රක්නා මහලු මියුවකු - බාලයකු සේ දිස්වේ

28. අඩයටියෙන් මියුරු - මෙහෙයන හෙළූ තාරක කප් කෙළ නල සෙ බියකරු - කඳ දෙවි කිම බැගෑවී

29. බැම දුනු හා නෙත’ඩ - බැලුම් සර පමණක් හැර උඹයහන සතු යුද අවි - පැහැර ගත්තෙ ද කවරෙක් 9


30. සුසුම් ගිනි වැද පිඟු - මුව’ගින් වැහෙන නා ලේ කර්කෝට නා ගෙලැ රැඳි - කගරද වැනිය ගිරවකු

31. වාසුකි රදුගෙ නා - ගිනි නඟන දිව විදු කිඳු රැඳි පෙණ කල’ග වාරේ - වලා සේ කිම මිලිනව

32. බිඳින ඔද සුර රිපු - ගණ දෙවිඳුගේ දෙකොපුලැ සිඳී ගොස් මද පෙරැ වූ - කිම පෙරැළියක් වූයේ?

33. නොනැසෙන නුවණ ඇති - ජගදිසුරු වෙණු මෙ ලෙසින් විමසත බිණූ මෙවදන් - බඳැදිලි වැ හුන් සුරගුරු

34. සවන ඔබ හට මම - පවසමි දෙය ම දත් ඔබ තම හිමිට අතවැසි දන - දුක කියනු නොහොබින මුත්

35. පුලතිසි පුතුන් පුත් - වූ මනින් අග තැන්පත් ලොව’රක නැසූ දසමුව - නම් රකුස් පතියෙක් වේ.

36. වනසන බලය ලොව - පිණිස ම තෙදැතියා ඒ රැකියේ තපස් බෝ කල් - හැඳ වැහැරි ගිනි අබියසැ

37. කුරිරු ඇත් මුවරුන් - පහරද්දිත් දතින් ළැම රැක්මෙහි කැප ව පෙහෙවස් - තපස ම සුරැකියේ හේ

38. තොස පත් එ තපසින් - පිතාමහ සිවු මුව යුත් එ විරුට මේ මුළු තුන් ලෝ - දිනුමේ වරය පිදුවේ.

39. සතුරු වූ සුරනට - හේ එක් කලෙක මහ හඬ දී කෙලෙස් කුළ පැළුවේ - මෙහෙසුරු හට නිවෙස් වූ

40. සැලෙන ගිරි මුදුනින් - හෙන ගඟුලැලි පහස ළත් හිරු දෙවි කෙණහි ‘ජුම්’ නද - දසත’ම පතුරුවද්දී

41. එ ගිර බිඳ වැටෙතැයි - බිය පත් ඔහුගෙ රියැදුරු රැහැනැදි අසුන් කර බා - අන් පසෙකින් දිවෙද්දී

42. උතුරු සළු පට සේ - මත් එකකුගෙ සුරාවෙන් බමණ ගිරගින් ඇද හෙන - දිය කඳ කණිද්දී මිහි

43. උමයඟන බිය පත් - වැළඳ ගැන්මේ පහසින් උදම්වූ මෙහෙසුරු සිතැ - කෝ ගිනි සිසිල් වෙද්දී

44. මෙහෙසුරු දළෙහි බද - නා රද පෙණය බා ගෙන කබලැතුළට මිනී හිස් - නෙත් සිදුරෙන් වදිද්දී

45. ඇළුණු මව ඇකයට - කඳ කුමරා වෙවුලමින් එළු බිළිඳු තම රන්මය - යුහුසුලු ව සඟවද්දී 10


46. වැළැකියෙන් රොස සිත - බිඳුණු මියුවා දිරිමත් සිය හිමි බිඳුණු බැම වෙත - යොමු වූ නෙතින් සිටියදි

47. ඇළුණු යට සුදු පෑ - සප් කැලම මුල් කොට ගත් බබළන ඉහළ තුරු පෙළ - සුපිපි කුසුමෙන් බර වූ

48. රවන ළෙණ සිහ කැල - ලිය ගොමු නදී හඬ දෙන සැදි ගිරැ ඒ උමාපති - දැඩි සේ පියන් පහළේ

49. බරිනෙ ගිර බා මැඬි -රවුළා දස මුවින් තම දෙන දිගතැ රැව් පිළිරැව් - බියකරු මහ හඬක් නැගි

50. පිළි කඩෙක තැබු නිල් - කොකුමෙන් සැදි මඬුලු යුත් වණ සකින් සිඳී තම හිස් - රවුළා එ දෙවි පිදුවේ

51. සිය අණ අස දිග’ත - පතුරනු පිණිස පෙර සේ එ රකුසු මුහුණු දසය ම - මැවී ඉසුරා නැවතත්

52. විදුරවිය පුරඳුරු - නුනුවණට හා පවට ද නිවෙස් වන් ඔහු වෙත ගොස් - මොට වී හළේ සිය තෙද

53. පුර’ඳරා තවමත් - නොදිනියැකි විරුවකු වන ඔහු සිත්හි වෙර සිඳිනට - පුදයි රුවනින් දොස මුත්

54. නට’දර කෙරෙහි හිමි - පුලොමිය සිනා පාමින් පුදා විදුරවි හිමි මුව - විලියෙන් හෙළූ පහතට

55. දන දෙන රචුළිඳුට - වෙසමුණි දනද නම් වේ ලැබ සකල දන තුටු වන - රවුළා ම වේ දනිසුරු

56. යමයා දහම් කිස - හැර මසට ලොල් රකුසා තුටු කර යි ඔහු රිසියෙන - බොදුන ම පුද කිරීමෙන්

57. රචුළිඳුගෙ හිරුකත් - මිණි තොරණ ගිනි විහිදත තෙදිනෙහි බිය ව දිනකර - ඉටු කරයි මෙහෙ දුර සිට

58. පියුම් විල් මුකුළිත - නො කර ම සඳ කුමුදු වන විකසිත කැරුම පමණක් - කළ යුතු ලු රවුළුගෙ ඒ

59. සිතුවම් පැහැ වෙනස් - නොවන සෙ දුඹුටු බැඳුමෙන් පහන් වැට කිස කරනට - ගිනි දෙවිඳුට ලැබිණි අණ

60. රවුළුට කරන මෙහෙ - වර ලැබූ වා දෙවි පුත් නිවමින් වෙහෙස රති කෙළි - සිටී දැන් ඔහු ඇසුරෙ ම

61. මහ සයුර රකුසුට - රසාතල හද පත්ලෙහි පියුම්රා මිණි උපුටා - අග මස සෙ පිළිගන්වයි 11


62. කල්හි ද මේ කුළැති - නිමද නමදෑ මහ නදි තොස පත් කරයි රවුළිදු - විදුරවි සතුරු විදුරෙන්

63. දත් සිතැඟි රවුළුගෙ - හිමකල් කලුන් පහසින් තුටු කරනු වස් නිරතුරු - පැමිණේ ඔහු වෙතට රෑ

64. බැහැර ව සුර පුරෙන් - සිටිනා වසත් දෙව් පුත් සරසා උයන් රවුළිඳු - මලින් උතුබේ නොතකා

65. ඇරැයුම් නොලද හැකි - ඔහුගේ ඇසුර පතමින් එන තෙක් දිනය දිය කෙළි - හිම කල් බලා සිටිනේ

66. ගැනුමෙහි බියෙන් ගෙල - මනැතියන් තැති ගැනුමෙහි තුටු වත ඔහු නොකල්හිදු - ගිගුම් දේ ලකැ මේ කුළු

67. අත’ටින් නොව වෙහෙස - වට කොට පවන් සැලුමට සමතැයි සිතා හේ තම - සෙමෙර දැරිය කෙළෙ උමා

68. සැලුනොත් සවන් තම - බිම’තුළ කුසුම් විසිරෙන බියෙන් කන් තල නොගසා - ගණදෙවි වඳී ඔහු පා

69. පිළිහැරිය මඳලස - බැල්මෙන් තමා ආ බැව් සැළ කළ කල්හි මල්සර - බැහැදකියි ගොස් රවුළිඳු

70. අනග සිත පිවිතුරු - රවුළිඳු අණින් ඇතොරට පිවිස කලුනට උවදෙස් - දෙයි සුවය ගැන සමහන්

71. දෙවියනට දෙවි බඹ - රැකුම් ලත් සුරපුරයට බියෙලවති ද කෙසේ මේ - රකුසෝ සරන රෑ කල

72. බා බෙලෙනොබ සොයුරු - ඉඳුරා මඩිත සතුරා නිදනු කිම ඔබ වැනි වූ - සුරයකු නා දරණ තුළ

73. වාසනා ගුණ’පට - ඇති බැව් ඔබ දැකීමෙන් දතිමු එය නැති උන් හට - ඔබ දැක්මෙක් නොවේ මැයි

74. වදන්පති සුරගුරු - මෙ බස් තෙපලූ ඉක්බිති මොහොතක් නිහඬ වත සබ - උවිඳා මෙ සේ පැවසි

75. උසුලන බර තිලොව - උදරය තුළ පිහිටි මම නිවනුව සොව’ග තොප හදැ - වැස මිනිස් ලියකගෙ කුස

76. රම් නමින් පතළ ව - සුර සතුරනට නා වන රවුළා එක් මැ සරයෙන් - නසමි සිඳ හිස් දසය ම

77. වදනින් කිව නොහෙන - වේ නිපුණන් ම දත යුතු ඉඳුරු මල් වෙණු දෙවි තම - සමුදුර යහන හැරියේ 12


78. නැතක් කල් වැදහොත් - අන්ත නා සෙද පිබිදී පෙණ රැස විහිදමින් හළ - සුස්මෙන් සයුර ඇළැලිණි.

79. ගැටෙතැයි බියෙන් බිම කෙළක් - වෙන් කත් වහා වන් නැංවූ උතුරු සළු පටින් - හෙබි දසරුවෙන් යුත් බෝ කල් නිදා හුන් බැවින් - රත් පැ රැගත් නෙත් කොයිබ ද ගියේ හරි දිනූ - ගතියෙන් ගජන් මත්






















3. සග i. වසත් කල

1. සිරි ලියගෙ පණ වන් - වෙණු මනු ලොවැ බසිනු රිසි දත් වසත් පළමුව එහි - බැස ලොව මලින් සැරසී

2. කරන වේ විදි ලෙස - පුදට දන දෙන්නකු වෙත යන නිදන බමුණකු සේ - රවි ගියෙ දනද නිවෙසට

3. සුසැදි නව කැකුළෙන් - සපු තුරු පෙළ වසත් හට තැබූ වත කල් දල්වා - පහන් රුක් සේ බැබැළි

4. හැකිළී සිසිර කලැ - වැද සිටි බියෙන් දිය තුළ නැඟුණේ පියුම් ඉහළට - ලබනුව වසත් උණුසුම

5. කොමළඟ’න සවනතැ - ලඹ දුන් ළපලු හෝපලු ලැබ කැලුම් සල දිගු නෙත් - මූ කළ පත් සෙ දිස්වී

6. ඇඳුණු තුරැ කිණිහිරි - නව කැකුළු රත් රුහිරු සෙ දියුණු ව පෙළන වියො දන - අනඟ සර තුඩු සේ වී

7. නුපුරෙන් යැදි ලතු - රසින’ද පා පහර ලිය ලැබු වඳ හෝපලු තුර - තුටු වෙයි බර ව කුසුමෙන්

8. ගිර මත මියුරු ගෙල - වන් බිඟු මිණෙන් ඉඳුනිල් බෙදුණු නව කිණිහිරි තුර - කිරුළ ය නිරිඳු උතුම’ඟ

9. නටුයෙන් වසත් හිරු - රැසින් හිම කල් සතුරා තුටින්’පිළෙන තඹුරු වන - පිබිදේ නුවන් සනහා

10. කුසුමෙහි ම සහයුරු - පියොවින් බැඳුණු බිඟු කැල ගිනි සිළු වන් කුසුම් බර - හෝපලු වනය හැරැ පූ

11. වැළඳ ගත් කොඳ ලිය - කුසුමෙන් බර කැහැල රුක මල්සර දැවු ගිනි සේ - දිලිණි රැඳි මත අළු රැස

12. වසත් රිවි කිරණින් - පෙළෙනා තුරැ පබළු වන් දළු සුරත් වෙහෙසින් දළ - ඇදෙනා දිව සෙ දිස්වී

13. ලුහු යැ රැය හිම කල - හිමි වියොවින් හැකිළි සේ මඳ යැ දහවල පෙළුණ සෙ - සැඩ වසත් රිවි කිරණින්

14




ii. උයන් කෙළි.

14. සරන නිති දෙහිරුන් - බබළන සුරත් පෑයෙන් උයනැ’සුරැ වනි නිරිඳා - මල්සර උයන් සිරි ගත්

15. සැදි ළපලු විහඟුන් - පියපත් නෙලෙන් නැළැවෙන සරන බිඟු ලියගෙහි රද - සෙවියේ කලුන් රහසින්

16. “දරව බර දුව‍ඟෙහි” – ‘ලැසි නොව ව පියැ’ උනුනට බිණියේ මෙවුල නූපුර - කලුනගෙ කෙළින ලියගෙහි

17. නැසූ දිරි කම් දෙවි - කලක් දුරැ පිපි මල් කැන නෙලනා වැජින් බා මුල් - දැක්වූ අඩ බැලුම් ලා

18. රද කොමළ අඟනක - පා ලතු රසින ලෙව් දෙත ඉසි මනැ’ති අනෙකක නෙතැ - දියුණුව පෙනිණි එම පෑ

19. එකියක මුව පියුම - උරන සෙ සැදෙනු දුටු අන් එකියක් නැත ද මල් රොන් - පිඹැ ලූ නෙතට නිරිඳා

20. වැළැඳි රද හස පා - අනෙකක සදත මල් කැන් යෙදු එහි තම’ත් තල පෑ - ගත් කැහැල පත මූ කළ

21. පුවඟු සම පෑයෙන් - මනහර කියඹු’වෙන් හා හොබනා සොඳුරු දසනින් - මුවෙන් නරනිඳු මන ගත්

22. නළලෙන් සෑදි තිලක - අදරින් පළොල් පලු වන් බැඳ මන නුවන් උතුමකු - සමග එක් වූ තී හට

23. කරුණු වූ වෙහෙසට - කීම පල උයන් කෙළියෙන් තී ම යැ උයන් සිරි මේ - යෙහෙළියො බිණූ ඕ හට

24. දිගැසක සවනැ හිමි - සැදි හෝපලු ළපලු රත් පෑ දුරු ව නෙත් කැල්මෙන් - රැඳිණි අනෙකක දෙනුවනැ

25. ඉක්බිති ගුණ සයුරු - වන් රද තුටු බැලුම් ලා පිළිහැරියකට වෙතැ පත් - පැවසි මෙ බස් සතොසින්

26. මෙ තුර සැදි කුසුමෙන් - නහමන ලද’ඟනෝ එය මුව බිළිඳුනගෙ නෙත් වන් - පැහැයෙන් කෙරෙති විසිතුරු

27. අදිනු ලැබ සුවඳින් - සපු කැකුළු මත සරනා බිඟු වැළ දිසේ දුම් සේ - නැ‍ඟෙනා පහන් සිළුවෙන්

28. බට විලට පැන් රිසි - මුව’ඟන නුවන් පෑ ගෙන බබළා සිරින් ඉඳුවර - රතුපුල වෙත මැ සුපුබුදු 15


29. වියතින් පියුම් රොන් - පිළිසන් දියෙහි සරනා හස රද බෙදා දෙන වැනි - සියොතුනට වන සියපත්

30. වියළනු වස් පියා - විහිදූ විල් ලිහිණියා ‘මට මෙ පමණ පමණි’ - දක්වන වැනි රදුට හස

31. රත මෙ හෙළ පියුමෙහි - රෂ වැද ගියෙ ද සේදී නැතහොත් මැවූ එය බඹු - නොකෙළෙ ද තව ම රත් පෑ

iii. දිය කෙළි.

32. ඉති බෙණෙමින් නිරිඳු - සඳ පිරිවරින් වර’ඟන සොඳුරු ලැසි ගමනින් ගොස් - බටි මඟුල් විලැ රිසි සේ

33. ඒ නරනිඳු කුල කොත් - උරැ රළ අතින් විල් කත් සැදූ රොන් පෙළ සියපත් - රන් හූ පටෙව් දිලුණේ

34. පියුම් සර කැමියකු - සේ බට දියෙහි ලද ලිය නිතඹ සිවිපුල් රළ’තින් - පහළේ නැ‍ඟෙන සේ හඬ

35. බස්නා ලිය දියෙහි - නිතඹින් දුරු වැ ඉඟ සුඟ වෙතැ’දෙන තරඟ නැවතත් - දුරු වෙයි පියොවුරෙන් පුන්

36. කටු දඬ’ග සියපත - නොනෙලූ ළඳක් ඉඳුවර සිදැ ලූ බලය තම දන - පෙන්වත් නොදැඩියන්ට ම

38. පැහැදි දිය තුළැ වන් - ලියක වෙතැ’දුණු නිරිඳුගෙ සුන් විය සිතැඟි නුනුවණ - දන පැහැදුමෙන් පල නැති

39. රද ලියක සමගින් - සැඟවුණු පියුම් ගොමුවෙකැ රහස කීමට බිඟු ගණ - ගියහ සෙසු ලිය හමුවට

40. පෙම් කලහෙදි නිරිඳු - සිඳැ ලූ එක් ලියක හරැ මුතු පොකුරු පතැ දිය බිඳු - හා නොවෙනස් වැ බැබැළි

41. දිය කෙළියෙහිදි බුන් සක් වළලු කඩ අඟනක නෙළුඹු දැලි යන සැකයෙන් - ගෙන ඉවත ලී හස රද

42. යෙදෙත රද සසගෙහි - ලිය ගෙයකැ දිගැසක හා රසන් දම් හඬ මැඬ නැඟී - කලහස රැව් රැකී ඔහු

43. රද දිය තුළෙහි වන් - අඟනක වැළඳ ගත් වග ඇහැවී හස වළකා සල - යට’දර කොපුල් ලොමු දැහැ

16


44. යුවළක් නිල් උපුල් - නොපිපෙතැයි පියුමක් නම් සිතු රද හස තරණ සර - නොලි තුඩ වතැ එ ළඳගෙ

45. සුවඳින් සුසුම් තම - මුව වෙත ඇදෙන දෙහිරුන් නොහැකි ව අතින් වළකනු - දිගැසක් වැදුණු දිය තුළ

46. චීන පිළි විනිවිද - දිලි මිණි මෙවුලැ ලොබ කොට මසකු තුඩ ලත නිතඹෙහි - තැති ලතු බියෙන් දිගැසක්

47. රද පැහැර ගත් වත - දිගැසක් කපට විලසින් දියෙහි ම රැඳුණු නිසි තැන කපට වැ හෝ රැකෙත් දන

48. හිමි පැහැර ගත් වත - නොලත් පෙරළා විලි බර අඟනක් කඳුළු සලමින් - කැළැඹි පැදි විල් දිය

49. තුඩ ලනු නොදී ගැබ - තුළ අඩක් පිපි පියුමෙහි ගැනුමට ළපැටි කළ හස - තුරිත වැ ගියා දීගැසක්

50. රළ වෙයිනැ’දෙන තම - පියොවුරු ගැටෙත රද ගතැ දිගැසක් බුහුටි තරයේ - වැළඳ ගති ඔහු තුටු කොට

51. පහවත රළින් රද - ගතැ කොකුමඟර පෙරැ තම ‍නියෙන් වූ සලකුණු දුටු - අඟනක් සිතූ අනෙකක්

52. සඳ සිරි රැගත් මේ - හස රද තුඩ පබළුවෙන් සැදිණි ද නැතොත් රත්සර - කෙසරු පෑ රැඳිණි ද එහි

53. විණී ද ඉඳුවර පෑ - වැදුණෙන් එ තුළැ මේ බිඳු නැතොත් තම පෑ දි එහි - රොන් රස උරා ගතිදෝ

54. තෙමෙන වැද රළ බිඳු - ලතු අලෙව් පිය නඟමින් සිරි ලඳ දිගු කලක් එහි - සැරූ වනැයි සිතූ අනෙකක්

55. බමරෙක් බිජුවටක් - වෙද නැත බඹුගෙ මැවුමෙක් වේ දැයි සිතූ අඟනක් - නෙළුඹැ’ටක් ගත් උපුටා

56. වත ගිළිහුණු කතක - නිතඹෙහි රැ‍ ඳෙත හිමි නෙත් ඇය’තින් නැඟි දහර දිය - ඔහු වත පියුම් දඬු වී

57. එක් ලද’ඟනක් ‍මත් - බමරකු සමග මුකුළිත පියුමක් නෙලා නරනිඳු - සවනතැ තබා හැඬැ වූ

58. හිරු බසිත විල් කත - කුමුදු කුසුමෙහි ලොබ බැඳි බිඟු පියුම් නෙතැ රස’ඳුන් - මුසු කඳුළු සෙ කළා දුරු

59. නරනිඳුට පරවැඩ - දිනිඳුට ඉසුඹු සූව වේ පියුම් විල හළි ඉනෙකෙක් - අනෙකා ගිළිණි සයුරෙහි ජා. භ. 2 17


60. තඹුරු විල රද සෙවි - මුකුළිත පියුම් නෙත් හා වලයැති බුන් නෙළුඹුදැලි - වී ගිලන් ලදඟන සේ

61. බිඟුන් වෙත නෙත’ඳුන් - පෑ අදර රත රතු පුලැ තැබූ ලිය සර තමනට - කළ උවසරට තිළිණ සෙ

62. ‍හළ දිගැසියන් හා - සර නරදෙට ඉසුරු වන් පියඹුන් සුසැදි බරණින් - සමග වැජැඹිණි පහ තුළැ

iv. සන්ධ්යාබ කාලය.

63. රැගත් වල්විදුනා - නැමි බරින් පුන් පියොවුරු කලකට සැඳෑ සිරි දැරූ - පැවසී මෙ බස් නිරිඳා

64. කොකුම’ඟරින් සුසැ දි - තනමඩල වන් දිනකර ගිලෙයි පැළ දිග සයුරෙහි - ලා තැවුල හදැ විරහිනි

65. දින’තෙහි සුරත් පෑ - ගත් රිවි මැවුම වන පඹු කෙළේ මුකුළිත සියපත් - හා කර පියුම මෙහෙසුරු

66. ගිලෙන රිවි සයුරෙහි - දිය කඳ පමණ මෙතෙකැයි දක්වා රැස් දහරැඟිලි - විහිදා සල තරඟ මත

67. දිවා කලැ දිවයුරු - තෙදින් දැඩි සේ පෙළෙමින් සිටි ලොව නිවෙයි අඳුරෙන් - මඳින් මඳ පෙර දිගිනෙන

68. හිමකර හස සිරිය - පැතිරෙත ඉඳුරු දෙස සිට අඳුරෙන් අඳුන් පෑ ගත් - මිදෙන නුබ සැව හරිනෙව්

v. මධුපානය

69. මෙ බස් අවසනැ ලද - ‍අවසරින් අඟනක දුන් මී විත පෙවූ නිරිඳුට - වෙතැ හුන් කලක් දොඩමලු

70. තොලු ගා පිය කලක - දුන් මී විත සුවඳ කළ පූ රදුට ඇගෙ දෙරදර - ළපලු ම කටගැස්ම වී

71. අමතා සැතිරියක - නමින් රදු පිදු මී විත නොපී මුත් ලද’ඟන ඇගෙ - යුග නුවන් වී රත් පෑ

72. මුව සඳින් පැහැසර - වන සඳ පියුම් මුකුළිත මී විතෙහි වූ පිළිබිඹු - ලඳ නෙත් පියුම් සිරි ගති

73. ඇගෙ මුව පියුම වෙත - යනු රිසි පිළිබිඹුව සඳ රති මතින් ගති වෙවුළුම් - මී විත තුළ මැ එ කෙණෙහි

18


74. මද සසල දෙනුවන් - හෙළුව ද රජත ඔඩමෙහි ලද’ඟන නුදුටු මදු එහි - වැසුණු සිසි පිළිබිඹුවෙන්

75. නොකළ ද පෙර පුරුදු - මදු එ ලඳුනගෙ මන් බිඳ බැඳිදෝ සුරබි මුවැ රත් - පෑ නෙතැ හා අනඟ ළෙහි

vi. වන්දීන්ගේ තුති ගී

76. බැගෑ වී මදුවෙන් - වැදැහොත් පියඹ ඇකයෙහි බඹ තෙදැති රද වැඳි දන - පොබැයූ ගයා තියු ගී

77. මැති ගණ මඩල සැදි - තෙදැ’ති මුළු ලෝ සුපතළ නසන පව් තම දිනිඳුට - නිසි කලි උදා වීමට

78. පැන ගියෙන් කල නිසා - සඳත්ගිරැ සැපත්වී තී මුහුළු රත් පියුම් - තව ම නොහරිනු කිම ද? අසන මෙන් උරණ වූ - ළහිරු සිය කිරණ’තින් පමොද වන කෙළැ නිදන - විල’ඟනට පහර දේ

79. හඬවා යදම් අද්දවා - පසු පා ලසින් මෙන් පළවා බිඟුන් රැඳි කොපුල් - තලැ කන් සැලීමෙන් රන්දා දළ’ග සොඬ නමා - මුවිනු’ඩ බලා ගත් සි‍ටිතී නැඟී එක්වන් වැ - ගජසෙන් ඔබේ මේ

80. පිබිදී පණා බෙර හඬින් - නිල්ගෙල යටග ලැගි සමගින් පියාපත පයක් - දිගු කොට බලා පසු සියලඟ සලා රැඳි තුසර - බිඳු දුරු කරන්නේ පතුරයි කෙකාරව ගෙලෙන් - යුතුව ම නඟා ගත්

81. ඉති ගයත වැඳි දන - තුති ගී උළිඳු රස් වන් සේ යහනින් නැ‍ඟෙන - රද උරු වතළ සඳුන’ඹ ඇතිරිලි හෙළ පියුම් - රළ වියන් සැදි සර හැර නැඟී රද හස සිරින් - හෙබියේ තෙමුණු පිය යුග






19



4. සග

i. යාගය

1. ගිම් කල එළැඹි සඳ - සුතන් ලොබ නරවර ඒ කරැවී සතොම යාගය - පුදා දන දද ගුරුනට

2. නිසි පල එ යාගෙන් - නොලදින් නමින් ඉසිසිඟ පතළ ඉසිවර නිමැවි - යාගය පුතකු උදෙසා

3. එ සඳ එක් පැහැපත් - පුරිසෙක් රන් බඳනැ ලූ කිරිබත රැගෙන නැඟුණේ - හෝම ගින්නෙන් නිරිඳුගෙ

4. කඳුළු වැසි වළකනු - පිණිස පැරැදුණු සුරනගෙ සතරට බෙදුණු තම’තින් - වෙණු පිවිසියේ එ බතෙහි

ii. පුතුන් ලැබීම.

5. හෙබි තෙද රැසිනනත - මුනිවර එළැවූ ජප කොට කිරිබත වැළඳු බිසවුන් - තිදෙන ගැබ් ගතු නිරිඳුගෙ

6. කුසලා කොසොල් රද - දු රම් කෙකය රද දු කයිකෙයි බරත සුමිතා - වැදු දෙදෙනකු නිඹුලන්

7. ඉනික්බිති දිව ඉසි - කළ දෑ කම් සකර ඇති කිරිබතිනුපන් කුමරහු - වැඩුණෝ දත් කැකුළු පා

8. “නැත මෙහි රම් කුමරු - කොහි ගියෙදැ”යි අසත ලිය වසා මුව දෝතින් හේ - දක්වයි ලෙසක් සැඟැවුණු

9. උලා ගත’ඳුන් මුව - සිවු දතින් හෙබි කුමරා සිරි පෑ වතැ වතළ මද - සිවු දළ ගිජිඳකුගෙ සුර

10. කවුරු ද පියා ඔබ - අසන කිරි මවුනට හේ අත දිගැර පා නරනිඳු - තුටු සිත වැඩී ඔහුගේ

11. “රගුනාත මෙ තැනින් - අපි කිසිවක් ලබමුදැ”යි වෙතැ පත් ගුරු ළයට මුව - දී සෙන හේ වඩා තො

12. “කෝ සිවු දසන් එය - ගතු ද ඔබ මීයකුගෙන්” අසත බිළිඳා සුපුරුදු - සේ දක්වයි කැකුළු දත්

20




13. තම තම මව විසින් - මෙහෙයැවුණු සෙසු කුමරහු කොමළතින් පිය පා යුග - හැඹු සයනෙහි වැදැ හොත්

14. රෑ යහනැ ‍ඟොත් රද - කුස තුණ වදින’ටින් මෙන් කළ කලහ දරුවෝ තුටු කළහ. සිත් මවු‍නගෙ උන්

15. කිරිබතිනු’පන් රම් - කුමරු වැඩුම ද සිරුරින් සුර රිපු රවුළු ආසිරි - පිරිහුඹ ද වි එක්වන්

iii. විශ්වාමිත්රි ඉසි රම් කුමරුගෙ සහය පැතීම

16. සිටියදි රම් කුමරු - පත් වැ දුනු සිප් පර තෙර යාග නට තවුසෙක් එක් - දිටි දසරත නරනිඳු

17. සිළුමිණි රැස් දියෙන් - දෙවු ඉසි පා බැති පා යළි දොවුන් දියෙනුදු නිසි - දෙවී රද පුනරුත් සේ

18. මිණි පළඟැ වැඩ සිටි - මුනිවර පළමු සුවදුක් විමසා පැසුළු බිමැ හුන් - නිරිඳුට මෙ බස් පැවසි

19. සියන්ගෙන් වන වින - පිය බස් දොඩන කුපුරිස් අරිනැ’ති රද කමෙක හිඳ - ඔබ සුව ලබනු යහපති

20. විපත් අත් නොහරී - නො ඇලී ලොවී සැපතෙහි සිඳ ලන සසර බැමි අප - දවා සිතැ අරි දැහැනින්

21. වස්නා රිහිරි වැසි - හැම තැන දිගත් යාගෙහි ගිලිහෙන කුසුම් නටුවෙන් - කෑල වන සේ දිස්වේ

22. සතුරෝ පැහැර ගෙන - යති ගිනි දෙවිඳු පුද හා සැළි සරළු ඈ උවරණ - බලා සිටියදී තවුසන්

23. වේ නය සෙ නිසි කල - යාගෙහි නිරත ඉසි ගණ රකිනුව නසව යුදයෙහි - සොර රකුසු රම් හීයෙන්

24. තොප රැකුම් ලද ඉසි - ගණ නැසුමට ඉඳුරුරිපු රවුළා නො ඒ බාසුරු - නොමරා ඉඳු ඇසුරු මිග

25. රකුසන් ගහට ලද - ඉසි ඔබ බා සඳුන් තුරු සෙවනට එති සපුන් සේ - විපතට පත් රැසින් ගිම්

26. රැකුණු හිරු ගොතින’පි - නො පතමු පිහිට අන් රද සමුදුරැ දිය ම ලොල් මේ දිය කඩිත්තෙකැ නොඇලේ

27. කුළුණ’සක් මිස ඔබ - අන් මහ ඉසුරු නොපතම් වැසි දිය පොද ම මිස අන් - දිය නොබොති කුල ‍කෑඳැති 21


28. ඉති බිණූ තවසර - නිහඬ වූයේ මොහොතක් ඇවිටිල්ලෙන් තමන් බස - නොකෙලසත් මැයි උතුමෝ

29. ‘පතළ කිත් දෑකම් - සකරින් ද පිවිතුරු වූ මපුත් හෙට යේ සටනට - රකිනු වස් ඔබ’ බෙණෙමින්

30. කළ සිත සතුටු රද - පතා ආ තම පිහිට ම දිනි දන නොරිසි තවුසුට - ගිනිහල් ගෙය රැඳුම් වස්

iv. රම් කුමරුට පිය ඔවදන්

31. තවුස් හට බුහුමන් - පිණිස ආ පුතු ඇකයට ගත් රද නැතක් කලෙකින් - පැවසී මෙ සේ පිය බස්

32. පැතු අප පිහිට ඔහු - බස නොතැකීම නොහොබී නසා තොප සරෙනු’වදුරු - ලබව කිත් නිසි කුලයට

33. විනා දික් විජයෙන් - මිහිකත රකිනු නොහැකියි අවසරය මේ එහෙයින් - දුලබ ලැබුමෙකි තොප ලත්

34. එකෙක් සුරකී ලොව - අනෙකෙක් රකි සිය දන රක්නේ තමා තවෙකෙක් - කිසිවකුට එද නොහැකියි

35. එඩිතර රගුහු මේ - සිවු ගණයෙන් මුල් මැ ගණ හොබවමින් සිය කුලයට - නිසි යසස රක්නෝ වෙත්

36. මෙරමා සෙත සදන - දන වෙත සැපත් පත් වේ පතනුවෝ සැපතම තම - පිරිහුම බෙජෙති එකැතින්

37. මිතුරු සෙත සැදුමත් - සතුරන් නැසීමත් යන දෙකිස පිණිස ම පරමත් - මැවි යුග බා නරන්ගේ

38. නොමඩන රිපුන් එඩි - නොරකින සරණ පතනහු බා නොවේ මැයි බා නම් - මිස’රළු සිරුරු තුරිනැදි

39. පරවැඩ හා යසස - නොතකා බඩ ම ව‍ඩනා දන තණ බුදින පසු හා - සම යැයි කියති පඬුවෝ

40. හේ රුවින් ගවයෙක් - නොවේ ගුණයෙන් මිනිසෙක් දෙකට ම නැති එකකු ලොවැ - කුමකට මැවි ද පරමත්

41. නොබිඳින බල රිපුන් - නොරකින ඇසුරැ වන උන් අතිනැ’ති පලය නම් කන - කැසුම් පමණක් නොම වෙද?

42. නොවඩන යසස් හා - යහ මඟැ නොයන කිසිවෙක් නොවේ පුතකු ඔහු වැදූ - ලිය වඳ නොවූ පමණින් 22


43. බොදුනෙහි රසය දෙන - දිව් වන මුත් සතන් මුවැ ‘අබය’යි බෙණෙනු පොහොසත් - දිවක් දැක්මත් දුලබය

44. සැක වුව දිවිය කුල - සිරිත බිඳ ලනු නොහොබි සුලබ මුත් යළි ඉපැදුම - දුලබ ය දැහැමි සිත නම්

45. අබිසෙස් මඟුලැ බෙර - ‍මොහොතකින් වෙයි මළ බෙර මෙ ලෙසින් නැසෙන දිවි සැප - ලොබින් හළැකිද යහ මඟ

46. රැස් කරව යසස ම - ලොබැර තම සුව නැතහොත් යහපති තවුස් පිළිවෙත - පසුහු ද විඳිති කම් සැප

47. නොලැබෙයි යසින් පින - දැහැමියනට නියති යස එ දෙක ම ලැබෙයි දහමින් - යහමඟ මැ යව එහෙයින්

48. රැකීමෙහි සත් දන - පල කිසි කලෙක නො නැසෙන සඳ රැසින් හෙබි සුවඳැති - පිපි කුමුදු වන් යසස යැ

49. විකුම’තින් පිවිතුරු - විස්වාමිතුරු තවසර හා ගොස් අසපුවට සෙද - නසව ඒ රුදු රකුසා

v. රාම-ලක්ෂ්මණ දෙසොහොවුරෝ තවුසා කැටුව යති

50. සවන් දුන් එ බසට - සිදු වනට යායැටි වූ මල් සමග රම් කුමරා - නමැදි යුග පා පිය රද

51. පහන් වූ ඉක්බිති - රද දෙපුත් මතුරෙන් සුදු දත් වේ තවුස් ඉසිහට - දැක්වී නමා උතුමඟ

52. තවසර අනුව යන - කුමරුනට මින් අවැඩක් වෙදැයි නෙත් පිරි කඳළෙන් - පුර ‍දන වන්හ පසු පයැ

53. මඟැ පෙර පවත් මුනි - මුවිනසමින් ගමන් ගත් බල විදු මතුරු බල ලද - කුමරුට නොවිණි වෙහෙසක්

54. පෙරු විදුරවි දරන - ඉඳුරු සැනැහීමෙන් පළ රකුසිය නැසූ පුර ඒ - දුටු රම් මෙ බස් පැවැසී

55. විසුළැට සැකිලි හා - හිස් කබල් නෙත් සිදුරෙන් නැඟි ළතණැ’ති මෙබිම පෙරැ - වූ පුර සි‍රි නොරක්නේ

56. එ පුරැ මා පිළිරූ - සිරසැ එල්බෙන සප් කැල දිසෙයි වරල සෙ එක් වෙණි - කළ පුර පලුගෙ වියොවින්

57. මුත් හරක් බිමැ හුණු - සපෙකැයි බියෙන් තැති ගත් මීයෙක් අතින් බාසුරු - මළ ඇතු සො‍ඬෙහි සැඟැවේ 23


58. වැසුණු නෙත් සුදු පෑ - මකුළු සටුවෙන් පිළිරූ ඇළැලී බියෙන් ඉමහත් - හැඬුවක විලස් පානේ

59. පුර බිතැ ලිහිල් වූ - වැඩෙන තුරු මුල් විහිදත සිතුවම් කළ කලුන් රූ - හද වැනි සොවින් දෙදරන

66. ජර පත් දොරටුපල් පිළිරූ මුවෙන් පිටතට කොවින’දී එක් නකුලෙක් - පණිඳකු සසල දිව සේ

iii. තාඩකා රකුසිය නැසීම

61. බෙණෙත ඉති රම් යක් - රුව අගතිසි බෙලෙන් හළ තාඩකා රකුසිය රුදු - පහළ වූ උන් අබියසැ

62. අබරණ කළ සිරස - කොමළඟන අත් බිඳ ගත් ගොර හඬ දෙන මිනී හිස් - කබල් මෙවුලැති උකුළෙහි

63. අතුණු පහණින් එක් - කොට බැඳි අවුල් වරළින් හා රිහිරි වැකි දෙතනින් - යුත් රකුසි වූ බියකරු

64. ඇගෙ විලස බිහිසුණු - දුටු රද කුමරු දෙදෙනා හීයෙන් සදා දුනු දිය - සිටියෝ තවුස් දෙඇළෙහි

65. වසිටු පුතුන’ත නට - රදුට සග දොර හැර දුන් විස්වමිත් ඉසි මඳහස - පා මෙ බස් කී කුමරුට

66. හැමට සෙත දෙන දෙස - වසනන ඇය නොනැසුවොත් නොහැසි‍රෙතියි දහමැ තොප - කියනු නියතයි පඬි දන

67. සිවු කුල රැකීමෙහි - අටින් ඉඳුරා පෙර කලැ නැසී විදුර’වියෙන් තම - හිරු දූ මන්තරා නම්

68. ඉතිරි හෝ පුම රූ - ගෙන රිපු පෙනී සිටය ද කුළුණැස හෙළනු හිතකර - නොවේ සතහට රූ ඇති

69. රමිඳ ලොව සත් දන - සැතිරියක දිවි නැසුව ද තොප විකුම් සම නොකරති - අසත් දන පැවතුම් හා

70. රොස හා එඩි යුදෙහි - දන කළ තොප යසස මේ තවුසන් නසනු රිසියන් - වෙත නොයන බව දත මැන

71. උරුම අවි සටන ම - හිරු ගොත් තොප දෙදෙන හට බමුණනට නිසි විය පත් - වත නම් නොහොබනේ මැයි

24



72. බසින් විස්වාමිත් එ රගුපති සර දැදුරු කෙළෙ රකුසි ළය සෙද කයින් ඇගෙ නික්මුණේ පළමු වැ පණ නල ද සරයදැ යි සැකයෙකි

vii. දිව අවි ලැබීම

73. රකුස් ගේ පානයෙහි තත්පර දිලෙන ගිනි සේ දිගත් අලු කර පිදී දිව අවියෙන් එ මහ ඉසි රමිඳු රගුපති සුරැකි යාගය

74. අඩ සඳ මෙන් වක් දෙකොණින් තියුණු රුදුරු දත් සතරැති ගිනි දැල් පැහැයෙන් බබළන එ අවි රමිඳු අතැ පත්විණි

75. යාගෙහි දවා ලන රකුස් - පුද වත් අනල රම් දිව අවි පෙණෙලියෙන් වැඩූ - මහ ඉසිවරා ඒ සමගින් මුවන් පෙර ගමන් - ගත් පිළි ගැනුම් වස් අසමින් කොවුල් ගි තපෝ - වනයට සැපත් වී















5. සග

i. තපෝවනය

1. වැඩෙන තුරු පෙළ දිය - ලැබ තවුස් දැරියන’තින් සම් වේ ලය නොබිඳ නිති - රඟ දෙන මියුරු ගණ යුත්

2. තැබූ තුරු යට පැන් - බඳුන් විහඟුන් උදෙසා වියළනු පිණිස රැඳැවූ - වැහැරින් නැමුණු තුරු හිස්

3. ගෙන යන තම කොටස - ඌරුහැල් මුදු දෝතින් රත් පෑ කොපුල් සාමුව - ගණ සරන සෙල් කඳුරින්

4. බි‍ඳෙතැයි නිදි තමන් - උකුළැ හොත් මුව බිළිඳුන් නොතකා වෙහෙස නිසල වැ - හිඳින විය පත් තවුසන්

5. සැදි නෙතැන ගිනිහල් - ලියමඩුලු බැඳි දුම් හා පල බර තුරු සෙවණැ හොත් - තවුසන් බොදුන් වැළැඳූ

6. ගිනි පුද පිණිස බලි - කම් කරත තවුසඹුවන් හඬන උන් දරුවන් මුව - අඟන නළවන ලෙව කා

7. විසුළ බලි පුදයෙහි - ලද ගෙන යන කුහුඹුවන් නැසෙතැයි සෙමින් කුස’ගින් - පිසින ගිනි හල් තවුසන්

8. තවුස් දරුවන් බිම - හුණු කුරුලු පැටවුන් හට හිඹුල් පුළුනෙන් තැන තැන - කළ කැදැලි ද මැඳුරු මුදු

9. පසෙකැ දිය පිරි මැටි - බඳුන් බිජුවට හැප්සෙන කෙළි ලොල් මුව බිළිඳු පා - පහරින් විසුළ ඉඟිනැ’ට

10. පවනිනු’දම් සුවඳ - යාගෙහි රවන සිකි ගණ කවුස’රණට පිවිසි ඉසි - කුසික ගොත් දෙකුමරු හා

11. සුර සෙත පිනිස වන - යාග රැක්මෙහි අනලස් කුමරුට එ කිස පුරනට - කී ඉසි ඇරැඹි කලෙකින්

12. දල්වත තවුස් ගිනි - සර සැදි දුනු දියැදි රම් වන සිරින් ඔද වැඩුණේ - මල් හට මෙ බස් පැවසී

13. මෙ අරණ ඌරු හැල් - සැදි හොබන පියුමාරෙන් නොකළ සර හා නොවපුළ - වෙසෙස් සස් පල දරනේ

26



14. හසළ වෙද’‍ඟෙහි - තවසර අවිය පද වන පුරාපුරිසා ලොවැඩට - මෙහි තවුස් වත රැකියේ

15. සකවි’යෙන් සිඳි දර - රැසැ දදිඳු පිය පවනින් නැඟි හෝම ගිනි’සුරුමය - නිසි පුද වතින් පිදි හේ

16. නසන’රි හරි තවුස් - වත පුරත දැමුණ’සිපත කුස හා දර ම සිදියේ - නොරිසි වි ලෙය රකුසු’රැ

17. එ සඳ ඔහු ගද’විය - බෙර හඬිනැ’ළලි බිහිසුණු රණ බිම වැද සතුරු හිස් - බිඳ නොබිඳියේ මද එහි

18. නව තුරු ලැබී දිය - පස්ජන සකින් ගෙන ආ දන හට නොදිණි බිය රණ - ගොස වැනි වූ වියළි හෙණ

19. පියුමසුන’රා හිඳ - ලඹ පියෙන් සල රළ මත ලද පහස් වෙන්කිතෙ’කලැ - නොගැයූ ල මනහර කොට

20. දද රද සපුන් ගෙන - නැගෙ’ත සයුරින් තෙත් වන පිය යුග උදය ගිරැ හිඳ - නොවියැළී රිවි කිරණින්

21. වන විහර රිසි වත් - දෙන හැර වැහැරී සමගින් උනමින් දළ ගියෙ ල හරි - බලි බැඳුම් වස් මෙතැනින්

22. ඉක්බිති වෙණු ගුණෙන් - මුත් අන් යත් පෙළීමෙන් සැඬ මිග ගණ සරති මෙහි - තවුසනට සුව එලවන

23. මෙ දිවියා දෙස බල - තවුස් දරුවෝ වල’ගින් ගෙන වයිතියෙන් කළ වැනි - ලප ගණිති බිය දුර ලා

24. පෙළී ගිමෙන’ළ රොස - මිගිඳා මතැත් කුස හා මැඬියා පණිඳු පෙණ සත - යට වැද හොවිති සුව සේ

ii. රාම ලක්ෂ්මණ දෙසෝයුරන් පිශාචයන් නැසීම.

25. බෙණෙත ඉති දිටි හේ - පැතිරෙන සැඩ නෙලෙන් ලොවැ අළලන එ වන කාහන - ගත් දෙදෙන් සෑදි රුපු සෙන්

26. සරද’හසැ පෑ ගත් - කගැ පිළිබිඹුව රකුසුගෙ එ දකින උන් රිහිරි ලොබ - කොට පුලන යමයා වැනි

27. රකුස් පිසස් ගණ ද - රිය සක් රදස් තම රැස පිරි ලොව තෙසත් ගුණයෙන් - පිරිණැයි වියූ එහි සෙන්

28. ලක් කෙළෙ බලෙනුතුරු - රම් නුබ කුස සතුරු සෙන් ඔහු මල් නැසූ විරුවන් - ඇතුන’සුන’රා බිමැ හුන් 27


29. පැළී රම් සරයෙන් - ගෙන වලා කුළු ඇද ගෙන ගජ සෙන් නැසූ බිම හුන් - බල මුළු සිය පස ම ගත්

30. රමිඳු සර දියෙහි ද - මග ද ලකෙහි ද නුදුටු සතුරෝ උර බිඳුණවුන් - සේ වූ හෙයක් නැතිව ම

31. දුනු දිය රැව් සමග - නැඟි සතුරු සෙන් හෙන හඬ වෙයිනැ’දී යන රම්සර - නදින් දියුණු ව නැඟුණේ

32. සුර සතුරු සර ලක - නොදැක නැඟි රම් හීයෙන් සැඩ නෙලෙන් බෝ කල් නුබ - ගැබ සැරී පරණැල් සේ

33. නගා පතකඩ හඩ - යන සර නෙලෙන් කුම්රහු පිළිගමන් ගත් තම හී - වැද පෙළුණෝ රකුස් සෙන්

34. රමිඳු විත් කෑ සුර - රිපු සෙන් සුව නොඑළවන මිහි පිට හෙන බියෙන් තම - පණ නල හළහ මගදි ම

35. තැති ගෙන පියෙන’කුසු - සිරසට නඟා ගහණත් හඬ’නැත් තමන් පහරන - අයදින වැනිය රමිඳුට

36. සතුරැතෙක් අනෙකකු - ළඟ පතිත බිඳී දළ දැක පිවිසුණු සේ අනහ සිතැ - මොහොතක් කෙළේ කලබල

37. පහරනු වස් රමිඳු - හකුළත සොඬය ගිජි‍ඳෙත් මුව හා බැඳුණු සරයෙන් - එය මුදනට කෙළේ තැත්

38. හළ සරයෙන් රමිඳු - බැඳි යුග ඌරු තුරඟා කළ ද වරදක් තැති ගෙන - සිටියේ නොසැලි රකුසා

39. බැඳි දැඩි ව අසුනෙහි - රකුසෙක් සතුරු සර යුග වැද දෙදන සිඳුණ ද අසු - පිටින් නොවැටිණි දිය යන

40. සතුරා නසනු වස් - දිව ආ වෙයින් රකුසෙක් සිඳුණ ද සිරස සරෙකින් - ඇදුණේ මඳක් පෙරට ම

41. මේ කුළු කුඹෙහි වැද - දෙකඩවු සේ වලාවක් දෙසවන් සෙමෙර කළ අරතු - නුබැ මෙහෙයැවී රකුසෙක්

42. එකෙක් මෙහෙයැවි බිම - කුසිනැ’දෙන බුන් සරයෙන් අතුණු තම පෙර කුරගින් - බිඳ බිඳ දුවන තුරඟකු

43. එක් රකුසෙක් රුදුරු - ලක්සමණ සුමිතා පුත් සක’වියෙන් සිඳි අත ගෙන - අවීය සෙ පැහැරි එ කුමරු

44. කුමරුගෙ සක’වියෙන් - අඩක් රිපු දඬ’විය තුළ ගිලෙත එය පරසුව සේ - ගෙන හේ කුමරු පහළේ 28


45. සැතිනතින් ගිළිහුණු - වැනැසූ රිපුන් නන් සේ හේ යුදට ඇදි කොපුවෙන් - අසි පණිඳකු සෙ තුඹසින්

46. දෙපලුවු රිපු සිරුරු - අසිපතින් ලක්සමණගෙ එක්කළේ රම් සරයෙන් - කෙළියට ද නැත කොව ට ද

47. හකුළා ගත් සොඬය - සටනට දුවන ගිජිඳුගෙ සිඳි කඩ කඩ වන සේ - කුමරා එක් මැ පහරින්

48. දෙකඩ කගින සරුහු - දළ බැඳුමැ’ති පසඩ කය නොවැටිණි පෙර’ඩ එල්බිණි - අතින් ගත් පෙර රැහැනින්

49. නට ද දප් මන් රිපු - හට පිටු පානු නොකැමැති රකුසා උඩුකුරු ව හිණි - හෙළන අසිපත සමග ම

50. ගැලෙත කග කුස තුළ - නැහැවුණු ලෙයින් රකුසෝ ඔවුනොවුන් දුන් පහරින් - නැඟී නෙලෙන් සෙද වියැළුණු

51. රත් පෑ කළ ලෙයින් - අඹර කුමරා බෝ කල් තුටු කෙළේ දද කුල රිසි - බොදුනෙන් පානයෙන් හා

52. මරු ගිනි සරින් දැවු - මාරිව සුබාහු නම් දෙරකුසන් රම් කුමරා - පැලැවී දුබල රුපු සෙන්

53. කුළුණැති ‍යුදෙහි වුව - කුමරා සැදු ලිහිල් සේ සරයෙන් දුවන පිටුපා - ගිජිඳුන් දුවන පහළේ

54. රිපු යුදෙහි බල වත් - සෙන් ගිනි හෙණ සෙ සර හළ කප් කෙළ හිරු තෙදැ’ති රම් - කුමරු ද මල් ද නොසැහූ

55. පිහිටා නො සැලි මැද ගුණෙහි - සැණෙකින් මිදී ඉන් පෙරට ම ඇදි යන වෙයින් - තියුණු වු හිසින් යුත් මොනවට සැදුණු සර රමිඳු - සුර සබ වදිනු වස් දුන්නේ රුපුන් හට ඔවා - සැකි ගොත් බිකුන් සේ

56. වනසැයි නමින් පළ හෝම - ගින්නෙහි සතුරු සෙන් පුද වත් කොටින් එ නරවිරු - ජය සිරිය අත් ගත් මගුලෙහි කවඳ රැස රිහිරි - හිරියල් අලෙව් දුන් රණ බෙර ගිගුම් මැද රැඟුම් - පෑ සේ යැ නන් සේ

57. දෙකඩ වැ කැපුම් ලැබ මැදින් - පහරින් තියුණු සැත් බිමැ හි ඉදු වැ සිටි උඩ’ඩ - කා රැස රිපුන්ගේ පිටු පා දිවත නිසසරන් - සටනට අමුතුවෙන් බිඳ ගෙන පොළොව එන අසුර - ඇණියක් සෙයින් වී

29



58. අවියෙන් කැපුම් ලද තියුණු - රමිඳුන් යුදෙහි වන් රකුසන් ගතින් ගල රිහිරි - දහරින් සුරත් පෑ ඇදැ ගත් වලා පෙළ අහස් - කුස තුළ මවා ලී සන් සුන් සැඳෑවක් නොකල් - මෙහෙසුරු පිදුම් වස්

59. ගුගුරන ගජන් රිය අසුන් - මහ මේ කුළින් මුත් තොර වූ පතිත නන් දෙසින් - සර වැසි තියුණු වූ ලෙල දෙන සුරත අසිපතින් - නොඇදෙන විදුලි ලේ දිනකර රසින් හෙබි සුරත් - සිරි නුබ තෙලේ වී


















30



6. සග

1. ලොවින’ඩක් මැවු හේ - අරඹා සිටි සාගයක් මියුළු දෙස් පති නිරිඳුට - දිරි දෙනු වස් පි‍ටත්වී

2. සැඳෑ විදි සැනැහුම - නිසා වඩනා තුනු සිරි ගිනි සිළු සිරින් දිලියෙන - හැල් බූ පිඟු දළෙන් සැදි

3. පිරි තෙද රැසින් හා - සෙට මුදු කුළුණු ගුණයෙන් එක්ව මැ නැගුණු දිනකර - හා හිමකර සයුර වන්

4. ඇට වැල සිරසැ ළඹ - දෙන පින් තොටින් ගෙන ආ දියෙන් වැඩි සුහුඹුල් ලෙස - දළ ලියෙහි පල වැනි වූ

5. වන දෙවි බලි මඟුල් - තෙදසින් නූන තවසර මේ කුළෙකින් මිදෙන හිරු - සේ යාග ගෙන් නික්මී

6. ඇති දැඩි කළ තමා නික්මුණු තමා සමග ම මුව ගණ යවා පෙරළා - කඳුළු බිඳු හෙන දෙනෙතින්

7. පතා ගමනට වර - යුග පා වඳින ඉසිනගෙ සුවඳැති යාග පුද වත් - පහස ලැබ මුදු අත්ලෙන්

8. දැරියන්ගෙන් තවුස් ලබා පුද හා ආසිරි දැකියැටි සිතිනි’සුරු දුනු - ගියේ රද දෙපුතුන් හා

ii. අහල්යාි මුණගැසීම

9. ගිනි වන් තෙදින් දිලි - විස්වාමිතුරු ඉසිවර ගොයුම් තවුසසපුව තුළ - පිවිසි හළ කලෙකට පෙර

10. විසම කුටි අඟනෙහි - පැතිරී වැඩුණු සුහුඹුල් තණ හා ඉලුක් ලොබ බැඳි - ගිජිඳුන්ගෙන් නොසිස් වූ

11. තැනෙක ලෙවි වේයන් - ජර පත් වැහැරි පිළි හා ‍දෙසෙක’න් අඳුන් දිවි සම් - කපා හළ වල් මියන්

12. ජර පත් කුඹු මුවින් - තුරු පා මුලැ දමා ලූ බැහැරට ඈදෙන පණිඳුන් - වැගිරෙන දිය දහර සේ

31





13. කිසි තැන නකුල ගණ - වෙණු පිළිරුවෙහි කුසැ සැඳි සිදුරෙන් අකුණු මෙන් එහි - සපුන් අදනා පිටතට

14. රම් අරමෙහි දි ඒ - සෙල් රුවට පා පහරක් දී යළි උපත සිදු කොට - විමැසී හෙය හැමිල්ල ට

15. ‘සකා’ධි විළියෙන් - වත බිමට බර කළ ඕ ඇඟැවී නොසැබි පැවතුම - සිදුවූ තුරුණු වියැ තම

iii. මිථිලා පුරය

16. ගියේ ‍රම් කුමරා - ඉක්බිති නැසූ ඉඳුරා දරු ගැබෙහි නන් කොටසින් - ජව පවනු’පන් පෙදෙසට

17. ගෙවමින් අදන් මග - ගොස් හේ දිටි පුර ඒ මිණි රසිනුදුල නෙතොරණ - ව‍ට කළ සෙ ඉඳු සැව්වෙන්

18. තවුස් ඉසි සිදුනට - නිවෙස් වූ පෙදෙසක් වන් එ පුර නහමා රමිඳුට - පුවසි මෙ බස් සතොසින්

19. පුර අවට මතැතුන් - බැඳි දමින් සුන් සුඹුලැති තුරු පවසනු වැනි ය. ඒ - පුරවර දිනිය නොහැකැයි

20. දිලෙන නුබ තුරු පෙළ - පහස් ලද යුත් මඬලින් සඳ පුර පවුර මත ව‍ට - සැදි පියනෙහි විලස් පෑ

21. රැගත් මේ කුළු සිරි - නිලුපුලෙන් හා පියුමෙන් සැදි දිය අගල සයුර ය - දැරු පියුම් නිදි මී තල

22. පහ පෙළ එකිනෙ’කට - බැඳි පුර පවුරු අජගර ගහණට අසු වැ මිරිකී - සිටින වැනි බියෙනැ’ළලී

23. හිමකර රිය අදින - ජව වෙයින් පත් වෙහෙසට අස්හු බොති පුර දොර හිසැ - සඳකැන් මිණි පහන් දිය

24. හිරු බිඹු කොබෝගෙඩි - වළලු අත පත් ගහ පෙළ බුගුරම් වැනි කලහ කළ - අර්ජුන සමග සහසත්

25. මෙ පුර නුබ මැද පත් - දිනකර උදය හිරු වෙස් ගන්නේ දෙවොල් කොතැ සැදි - පියුම්රා මිණි පෑයෙන්

26. දුරු වූයෙන් අඳුරු - මිණි රෙසෙන් එහි පග අග පුර අට දෙපසැ වෙනසක් - නොදකිත් දනෝ පුරවැසි

27. මග යන තුරුණු දන - පුර කවුළු වෙත ළං වන වෙසඟනන් සඳ වත් දැක - පැකිළෙති පියෙන් පියට ම

32


28. එ පුරැ පහ මත හුන් - මියුරු රැව් වන් සවනත දිනිඳු තුරඟුන් ගලතන - සප් බැඳුම ද ලිහිල් වේ.

29. පුර ගෙවලැ හිණි පෙළැ - රුවනින් අඳුර නැසුණෙන් නොවෙතී ගිලන් වියොවින් - සක්වා ඇසුරැ වන් විල්

30. භය පෙළ දිනිසුරුගෙ - ළං වන එ පුර පහ වෙත වෙණ නද කෙරෙහි යොමු වූ - සිතින් යෙති ලැසි ගමනින්

31. ජනක නරනිඳු හට - නිවෙස් වූ මියුළු දෙස් පති එ පුර පිරි සිරි සැපතින් - පැරැදවී පුර විදුරවි

32. විස්වාමිතුරු ඉසි - යාග පති නරනිඳුගේ පුරවරට පිරි ඉසුරෙන් - සැපත් වී කුමරුන් හා

33. නිරිඳු තුටු කඳුළෙන් - ලද පා දෙවුම් ඉසිවර සැදි මිගිඳු සමැ’තිරියෙන් - වෙසෙස’සුන හෙබැ වූයේ

iv. විශ්වාමිත්රත ජනක හමුව

34. පැසසුම් බසින් ඉසි - නරනිඳු කෙළේ දිරිමත් ලොබින් මුත් වන පැසසුම - පබුන’බිමුවැ ද හොබනේ

35. පැසසුම් බසින් ඉසි - නරනිඳු කෙළේ දිරිමත් ලොබින් මුත් වන පැසසුම - පබුන’බිමුවැ ද හොබනේ

35. සගරෑ මුතුන් තොප - පෙර යාගයෙහි රැක ගත් එකක් සත් දම් පිළිවෙත් - ඉටු කළහු තෙපි සම්රද

36. මේ මහ යාග පුද - සැපත් රැස හිමි කර ගත් ජර පත් වුව ද තොප තෙද - කිත් පළ කරනු නියතය.

37. ගෙවෙත නියමිත කල - හකුළා ගෙන වහා වත යන වෙස’ගන සෙ තොප යස - ගියේ එපිටට වෙරළින්

38. තම සුවයම පිණිස - වෙද මෙ යාගය තොපගේ නැතොත් පිළිලබ නොතකා - නිදන දන ‍උදෙසා වෙද?

39. මේ කුළ සෙ සිඳු දිය - බී ගොඩ බිමෙහි වස්වන අය ගෙන දනැතියනගෙන් - තෙපි යදියනට දෙන්නහු

40. යහපතට රජයෙහි - වැය කොට තුරුණු විය තම රක්නහුය තෙපි විය පත් - කලැ දනන් කුළුණැස පා

41. යුදෙහි තොප විකුමෙන් - නට සතුරනගෙ අසරණ අඹු දරුවන් යෙහෙන් රැක - ගන්නහු ය ලෙස නෑසිය

42. දහම දන කම් යන - තෙව’ගෙහි අග දෙවග හා සම වුව තුරුණු වියැ දැන් - රක්නහු යැ හුදු දහම ම ජා. හ. 3 33 v. මෙහෙසුරාගේ දුන්න

43. තවුස් බසිනික්බිති - රම් ලක්සමණ කුමරුන් දුන්න තම දක්නට රිසි - බවැසී තවුසුගෙන් රද

44. නැමි යුග බැම ජනක - නිරිඳුගෙ අසුරු සැණයෙන් මෙහෙයැවී අතවැසි දන - ගෙනෙන සෙ දුන්න බලගතු

45. හිමි සඳ වත තරිඳු - ගිලින’ටින් යුත් රාහු ද වළකන’ගුල ද වැනි වූ - සීතාගේ විවා සුව

46. මෙහෙසුරු හළ බැවින් - දැවි දැවි දළ‍ සොව’ගින් ළෝ දෙණ තුළ නැතක් කල් - වැද හොත් හඬක් නොනග

47. දුන් පෙර ඉසුරු දෙවි - රජු ද නමනට නොසමත් පහත් කුලැ දිනුවකු හා - සම දළ ගුණෙන් යුත් වූ

48. සීතා ගැනුම් මිල - වූ දුන්න ගත් රමිඳා නිය රැස් සවන් අබරණ - කර ඇද බිඳී සැණෙකින්

49. නැගී බි‍ඳෙන දුන්නෙන් - මහ නද රම් කුමරුගේ යසස පතුරන බෙර හඬ - ලෙස දස දිග’ත පතළේ

Vi. විවාහ ගිවිස ගැන්ම

50. සීතා සහිත වූ - පවුරු මියරින් ව‍ට කළ සපල ගුණ නිජ බිම වූ - පුරවර සැලිණි එ කෙණෙහි

51. හදැ තුටු බිජුවටින් - නැඟී පැළෙව් දැහැ ගත් ලොමු නෙතු දියෙන් තෙමමින් රද - පැවසී මෙ බස් තවුසුට

52. දුනු බිඳුමට උතුම් - ණය සේ පිදුම දැරියක වළකයි මහලු වියෙහිදු - මා’දහස යන තපසට

53. ඉතිරි දන විකුමෙන් - දිනූ රම් කුමරුට හා උරුමිලා ඔහු මල් හට - පාවා දිණැයි දත මැන

54. අත ගැන්ම දියණිය - කල් යෑමෙන් නිරිඳු හද රිදැවූ උල දැමී ඇද - තවසර බසින් ‘වේවා’

55. අබිලස වන දෙරද - අන් නිරිඳුන් කරන තුටු මගුල් රිය අයොදය වෙත - මෙහෙයැවී අතවැසියෙක්

34



vi. පුරවැසි තුති

56. ජය ලත් නමුත් තුනු රුවින් - අග පත් කුමරු රම් කුසුම’වි සිත්හි අසින’සක් - වත් දුක් නොවන්නේ යහපත පතා ඔහුගේ ම - ඉසුරිඳු නළල් නෙත් අනලින් එ පස් කඳ දවා - හළු කළ හෙයින් මැයි

57. පිරිපුන් දෙවුර සැදි මහත් - උරසෙහි විසල් වූ බර බිඳ ලුවොත් ඉඟ සිහින් - නපුරැයි සිතා මෙන් මවමින් පානබල දෙකක් - වන් බාහු යුගළක් තිර කොට තැබූ වැනි බඹා - ගත ඔහු රුවින් තුම්

58. නුවන’ග අදර යුග දෙඅත් - තල ළපලු සිරි ගත් හෙබි පබසරින් ළහිරු රැස් - කොකුමෙන් අලෙව් දුන් සුපුබුදු පියුම් පෙති සුරත් - දිනු ඒ වෙසෙස් වූ පැහැයෙන් යළිදු සැදි ලෙසක් - පවසා පතුල් මේ.

59. දැනුමය නුවණ යයි ලොවේ - සුපතළ නිමල් වූ පැවැතුම් සබා ගුණ දෙකෙන් - යුත් කුමරුගේ මේ දෙනෙතින් එකක් වෙත සවන් - පමණක් ම යා දී දිව ගොස් සිටි නෙත අනෙක් - පර තෙරට සව් සත්

60. හිමි හා සබඳ වූ බස් - පුර දන බෙණෙද්දී සෙද ලේ ඇදෙන දෙකොපුලෙන් - හෙබි කුමරි සීතා පිවිතුරු දසන් අග සුසුදු - පෑ සඳ රැසින් දුල් තෙමමින් අදර යුග ළපලු - නෙත් බිමැ හෙළා ලූ






35






7. සග

i. රාම කුමාරයා සීතා දකී.

1. පිය අණ සෙ ඉක්බිති - සීතා නදනි මිහි කත් පිරිවරිනැතොරපල් පා - වඳනට ගියෝ තවසර

2. පියොවුරු බරින් ඇත් - කුඹු වන් නැමී නිතැතින් නැඟුණු ඕ වැඳ තවුසා - තැතිනෙ’ම බර ද උසුලා

3. හදැ නුරා ගිනි සිළු - බැලුම් ඇයගේ සෙනෙහස තෙලින් දියුණු ව දනදා - වන් හිමි දි‍රිය දැවුයේ

4. පෙර ගමනෙහි අනඟ - තන රන් කුඹු සුසැදි ඇගෙ ළය මඬල තෙමුණ ද ඩහ - නැඟ සිත රදස් නොමැඩිණි

5. තුටු දුනු බිඳීමෙන් - හෝ දිගැස මෙහෙයුම් ලද මල්සර වැළඳ වෙහෙසී - රම් කුමරිඳු අසුර රිපු

6. සුර බඹුනට වුව ද - නිසි සැමරුමට ඇගෙ රුව නහමා අඩ නෙතින් රම් - එ ගැන ම සිතී මෙ ලෙසින්

7. නිය රැස් වෙසින් ඇගෙ - පා මුල වැටී තුරු පෙළ අයදි නිගා නොකරන - සේ මුව සඳින් තරිඳුට

8. බරිනුකුළු සිහිනිඟ - බි‍ඳෙතැයි සිතූ මහ බඹු යුග වටොර රන් ටැම් මත - නංවා තැබූ වැනි එය

9. පියොවින් ම උණුසුම් - කැකුළු තණ මා දැවුව ද මැදහත් නිදොස් තුන් වලි - කිම මා දවනු මෙ ලෙසින්

10. පියයුරු ද ඇගෙ ළය - පුරා සිටි කුඹු පිළිබිඹු නැතොත් වෙ ද පිඬු යුගළෙක් - පිරි ගතිනිතිරි යොවුනෙන්

11. රා ගිනි දුම් හිරෙව් - දිලි වසා රද මහබඹු උන් උන් ගැටෙන පියයුරු - මඬල වෙන් කළ ඉම වැනි

12. සැදි අඟුබරණ මේ - බා මැද වඩයි කම් ලොබ සොඳුරු අත් මිණිබහනින් - පුබුදුවා මැයි මල් සර

13. සම වනු පිණිස මැගෙ - උවනට කලා සොළස ම පුරා පසුබට තරිඳු ද - කිස වෙයි සොවින් දින දින

36




14. නිල් උපුල් මුව’ඟන - නෙත් පළමු ව මවා ‍ලද පුහුණුවෙන් බඹු මෙ දිගැස - දෙනුවන් මැවී දෝ යළි

15. නැමි බැම සඟල දිගු - සිතුකලු දිගැසගේ මේ කොවිනිසුරා මැදින් සිඳ - හළ අනඟ දුනු දෙකඩ ය

16. එ ලඳ නෙත් සසලැයි - කියනුව දෙබැම නැත හොත් දෙබැම වක්යැයි කීමට - දෙනුවන ගියෙ ද සවනට

17. කන්කලු සරින් මේ - තුනුවහ පැරැදි කොටුලිඳු දැවී කොව’ගින් දිගු කල් - කළු පෑ විණැයි හඟිනෙම්

18. මනයොන් ම වෙත සර - මෙහෙයුම නොවේ අරුමය රුවිනඳ මෙ ලඳ හේ තම - සර විද ගනී තම හට

19. සිතිවිලි දමින් රම් - වෙළෙත පැවැසී නිරිඳා ‘තවුස් පා වැඳ ඇතොරට - යෙහෙළි පිවිසෙනු යෙහෙකැයි’

20. දැරූ බර පියොවුරු - යුවළෙහි ද පුළුලුකුළෙහි ඇයගෙ ඒ ලැසි ගමනට - තෙවන හෙය වී කුමරා

21. කිසිවක් බෙණෙනු රිසි - දිගැස අනුගත පිරිසට නමා වත පසෙකට අඩ - බැල්මක් හෙළූ රමිඳුට

22. එ ලඳ ගිය ඉක්බිති - රද තවුස් හා දෙපුතුන් කැටි ව ගියෙ දකිනටියෙන් - යාගය ඇරැඹු බමුණන්

23. ගතින් වූ වියොවින් - දැවෙන සිය හද පැළෙතැයි බියෙන් එය රැක ගනු වස් - නොහළේ එ ලඳ හද රම්

24. රමිඳුන් දැකුම්කලු - යෙත හිස් දිගුන් දැක්මෙන් කිමැයි පල නැඟි කඳුළෙන් - වැසිණි ඇගෙ දිගු දෙනුවන්

25. මා’ත ගෙන සිටියදි - මෙ ළදබොළඳිය අනෙකකු හා බැඳිණැයි රොසින් මෙන් - හළේ ඇගෙ අතැ අඟුව ද

26. හද තුළ ඇගෙ අනඟ - දැල්වූ තැවුල් ගින්නෙන් නැඟී ගිනි සිළු සෙ රත් පෑ - යුග නුවන් දුටු යෙහෙළියො

27. රමිඳු රා ගිනි යුත් - හදැ කලක් විසුවෙන් හෝ තම හදෙහි ඔහු දරුවෙන් - කිස වූ සේය එ දිගැස

28. සිතැ පැවැතුමෙන් ඔහු - දැක්මෙක් මේ ද දුර වුව සිටිය ද වෙත මැ පවෙකින් - වෙද වියොව ම සිතූ ඕ

29. මුදු නව දළු ඇතිරි - සැදි සෙල් තල ද සිහිලැල් වි මල’වි සර යහන ම - රුහිරෙන් තෙත් එ ලඳ හට

37

30. නැඟුණ ද තුසරකර - නොහැකිළෙයි ඇගෙ‍ නෙතු පුල් සඳ වත කෙළෙනෑ’සුරු හෝ - වෙසෙනුයෙන් හදැ හිමි සඳ

31. යෙහෙළියන් එ දිගැස - ළෙහි සැදු පළිඟු පෑ ගත් කදලි දළු වැනි පිළි කඩ - බැඳි වණ මලවි සර වන්

32. දුටු මතින් අනෙකකු - තමන් පා‍ සෙවුනා මා නොතකතැයි සිතූ නුපුර - හළේ පා යුග ඇය ගේ

33. ඕ විරහ පැවතුම් - ඇති ඇසුරෙහි ද යෙහෙළින් දැවි ගතින් සඳ රැසිනුදු - ගෙවූ මඳ දින ගණනක්

ii. විවාහ මංගල්යදය

34. යාගෙහි අන් රදුන් - නා ජනක රද බමුණන් හා සෝම පානෙන් පව් - නසමින් එ කිස නිමැවි

35. ඉනික්බිති දසරත - රද අනෙක් දෙපුතුන් හා මෙහෙයූ රියෙන් සුමිතුරු - පිවිසිණි ජනක පුරයට

36. වේ නියම දත් රද - පෙරෙවි උවදෙස් ගරු කොට විවා පත් කරැවි පුතු - සුබ මොහොතින් සිරිත් සේ

37. දද ගණ වේ හසළ - අරා මදැතුන් සැනහූ ගත් පින්තොටින් දිය කුඹු - රැගෙන එති රද මැදුරට

38. වේ දෙපසැ සැදි රන් - කළසැ සියපත් සුවඳින් මුසු දුම් කළුඅගිල් ඈ - පැතිරෙයි වසා නුබ තල

39. වැඳි දන තුඩ’ග රැඳි - රුම් කුමරිඳුන් දිය ගොස මඟුල් සක් හා පසතුරු - නඳින් දියුණු ව පැතිරේ

40. ලද දිය කුසතණැයි - හඬ නඟන යුහුසුලු වී අතවැසි දන පෙරට යති - එ වත් සපයනුවන් හා

41. පෑතැටියෙ පැවැතුම් - නහමනුන් පිය ගැටුමෙන් සැදි මඟින’ඩක් ගොස් එති - අතවැසි දන ද පෙරළා

42. ළඟ ම යැ සුබ මොහොත - කිමදැයි පමා දෙකුලෙහි වැඩිහිටි දන කුමරු රම් - සැනැහුම්හි තත්පර වූ

43. පැවති එහි නන් ගොස - මැඬ ගෙන මඟුල් ගී නද මුසු වී සමග බෙර හඬ - පැතිරිණි දස දිගත්හි

44. රද මඟුල දැකියැටි - සෙසු දන දොරටුපලුවෝ පැලැවූ වනා වේවැල් - ‘හ්ම්’ හඬින් රැඳි මුවගෙහි

38


45. දද දත් විවා විදි - සවි නමින් කළ යුතු පෙර සකර පිළිලොම් කොට මෙන් - ඉටු කළහ රද දුවට ද

46. නොසතුටින් ‘හ්ම්’ හඩ - නගමින් මුවට ළං කළ කර’ග සලමින් ඇතැමෙක් - දොඩමලුවන් වළක්වති

47. මඟුල් කියැ සුරු කිසි - අතවැසි කෙනෙක් සහසා නොදතුවන’තින් උවරණ - හැර ගෙන ඉටු කළෝ එය

48. ලද එ ලඳ කම් සර - සැනැහී සැදි බරණින් පෙරෙවි දද කළ දෙවි පුද - මගුල් පිළ වෙත ළංවූ

49. දත් වේ පෙරෙවි දද - හිමි නොනට ලිය පිරිවැරූ හැකිළි විළියෙන් තුනුවඟ - දිණි රමිඳු හට පාවා

50. තුටින් බුන් සිතැ දිරි - බා යුත් පණිඳු කඳ වන් රමිඳා ගති සුරත මුදු - සීතා සොඳුරු දිගැසිය

51. ඉක්බිති බඹ තෙදැති - යහ ගුණ ම දන කොට ගත් නැසූ පව් දද පැණසරදි - විදි සේ පිදී ගිනි දෙවි

52. ගුණයෙන් යුත් උතුරු - තුනුවඟ සමග හිමි සඳ පැදකුණු කොට නැමඳ ගිනි - සිටියහ දදුපදෙස් සේ

53. මිහිකත් දු කොපුල් - සිරි වැඩු ඩහ බිඳට හෙය විණි ද රා ගිනි නැතහොත් - පසක් ගිනි වන මඟුලෙහි

54. අත්ලැ සෑදි සක් අවි - අති’නත පෙළත තම හිමි ‘හී’ හඬ නැඟූ ඈ ගිනි - රැස් වැදි ලෙසක් අඟවා

55. කම් ලොබ නොහඳුනන - සඳ වතින් හෙබි තුනුවඟ ලෙස පෙරෙවි දද උවදෙස් - පිදූ ලද මඟුල’නලෙහි

56. හිමි තම’ත ගත් තොස - යෙහෙළියනට නොදක්වනු පිණිසැ’යට ඉවහල් වී - කඳුළ ම යාග දුම් නැඟූ

57. බැඳි පියඹ හා රම් මෙහෙයුම් ලෙස පෙරෙවි දද අනු පිළිවෙළින් නැමදී - දසරත හා ජනකපා

58. සුර නදිය අත ගත් - වරුණ සිරි පා වැජඹෙන පුත් කුමරු නහමා රද - නැහැවී නුවන් කඳුළෙන්

59. කම සෙනෙහෙ පෑ තුටු - කඳුළෙන් එපුර පබු දන නැමූ හිස් පතිනිට හා - පතිට දැරු කැසැ සේසත

39


60. පසු මඟුල් උළෙලින් - ඉක්මෙත කිහිප දවසක් මනයොන් බලා නිසි කල් - පහළේ රම් කුමරු හද

61. මෙහෙසුරු තෙදැති රැම් - උමයඟන වන් සීතා අත ගෙන පිවිසියේ තම - මැඳුරට සපිරි සැපතින්

62. දැක අබියසැ සැදි යහන හදින් සල වැළඳ රුවන් ටැඹ හෙළන කඳුළු බිඳු බොළඳ‍ එ ලඳ මුව සිප ගත් රමිඳා පත් කර ගති ඇය යහනට රිසි සේ













40








8. සග

i. සම්භෝගය

1. බල පෑමට රමිඳු - එරෙහි ව බොළඳ එ දිගැස කළ කලහ උන් හද කුළ - වැඩුවේ තොස ම දියුණුව

2. බැඳි කම් සුවෙහි හිමි - වැළඳ පියබඳ ඇකයෙහි හිඳැවුව විටින් විට ඕ - රිසි වූ නැඟී සිටිනට

3. සිට පිටු පසින් රම් - සිප කියත තම කම් රිසි නඟන මඳහස පියොවින් - එ දිගැස සුණු නඟා හඬ

4. ඇගෙ ඇඟිලි ගෙන රම් - ළය මඬලෙහි නියෙන් රතු අඳිත ඉරි ඇද අතැ’ඟිලි - නමා ගතු ඕ මන් ඇති

5. බෙ‍ෙණති ද රොසින් කුම් - ‍දනු රිසින් සුරතට ගත වළඳින සෙ අයදිත හිමි - හෙලූ ඕ රළු බැල්මක්

6. මල්සරින් බුන් දිරි - රම් සිතැඟි දැන මඟ හැර යන යෙහෙළියන් වැළැක - හැඳි වත් කොණින් ඇද ඕ

7. එ කුමරි සරා පෙළි - සරිනන’හැසුර කුමරුන් හා ඔහුගෙ වියොව ද රිසි - නොවූ එක් වරැ එක සේ

8. වෙත තම මිණි මෙවුල - ඇදෙන ඔහු අත වළහන දිරි නට සසල එ දිගැස - කඳුළෙන් ඇඟැවු නොසතුට

9. රමිඳු බලහත් කම් - කරත තුනුවඟ යුග නෙත් හෙළි අසු බි‍ඳෙතැයි මතු - සැලිණි බිය පත් දෙඅදර

10. නොතබමි අත රසනැ - තර කොට වැළැඳියොත් මා කියත හිමි සඳ යන්තම් - වැළඳ ගතු ඕ හස පා

11. පාහැර ගෙන තම වත - යන හිමි වත් කොණින් විළි වසා ගත් එ දිගැස ඔහු - වැළඳ ගතු සිට පසු පස

12. රැක ගනුව හැඳි වත - රෑ නිවිබැඳුම දැතින් ගත් වන ම තර කොට ඕ - සැතැපුණු හිමිට පිටු පා

13. නිවිබැඳුමෙන් සුරැකි - වතට’ත තබත හිමි ඕ හැඬූ අවදිවැ මාහැඟි - වතක් සොරු ගත් කලැ සේ

41




14. මුවෙන් මුව ගා රම් - පුබුදු කළ වත සිපියෙ ද නොතිත් වී රද හස මෙන් - රත්සර කැකුළ පොබ කළ

15. දළ පෙමිනෙලඳ රම් - සැපුවෙ ද ළදල යට’දර යළි එය උරා කුළුණින් - දුර ලී රිදුම මොහොතින්

16. නනුපායෙන් කුමරු - දුනුදැ’ය මුවට යට’දර නොගෙනෙ ම දසන’ගින් තම - හළහ එය ඕ මන් ඇති

17. තොර වතිනුකුළු දෙස - බලත හිමි සඳ හොරැහින් දුනු තම රතොට තුනුවඟ - නැතිව ම පෙළැඹුමක් කිසි

18. රතියෙන් මලවියෙන් - විලියෙන් හා බියෙන් මුසු පැවැතුම් විලස් එ දිගැස - කියනු කෙලෙස ද බසෙකින්

19. අඩලකෙළි මඟ හැර - සිටින’ටින් ලදඟන ඒ යෙදු උපා රතියෙහි ඇගෙ - තුට තව දියුණු කැරැ ලී

20. නොබැණ ම මුවිනෙලඳ රති වෙහෙස කඳිළින් හා තුට ලොමු දෙහෙන් ඇඟැවූ - නිළියක සෙ හව් නළු වෙහි

21. සැහැසි ව කළ දෙයින් - රති මත් හිමි එ ලඳ ලද වෙහෙස දුරු විය යළි යළි - කරත එ කිස ම සුමුදුව

22. ඉක්බිති ජනක දූ - සකසත ඉහිල් වරලස හිමි නෙත් ගියෙන් කැස වෙත - නැමුණු පා හස විළිබර

23. ඉති නුරා ගිනි වැද - තැවෙන කුමරිය විළියෙන් ගෙවුයෙන් කිහිප දවසක් - කිස ගතැතියක වූවා

24. මැඩ ගත් විළි එ ලඳ රෑ කල නිවි බැඳුම වෙත පත් හිමි අත නොවළහා - සිටියා ලැබූ සේ නිදි

25. එ ලඳ රෑ සිහිනෙන් - බිය වී රමිඳු උර තලැ තබා කුඹු යුග පියයුරු - වැළඳ ගතු ඔහු තරයේ

26. එ ලඳ දත් කැමි රස - බියෙනැඳිලි බිඳින සෙ තම යුගත ගතු ඉවතට හිමි - තබත අත නිවි බැඳුමෙහි

27. සමර යුද උවදෙස් - දෙත රම් කුමරි දත් දැ වුව නොදත් සේ ඇඟැවූ වැ‍ඩියෙන් අසනු රිසියෙන්

28. රැඳුණු ඩහ ගහණග - සලත් යුග ලිය එ කුමරි ගලරැව් දුන ද කුමරා - නොතිත් වූයේ සුරතෙහි

29. කුමරිඳු ඉතිරි කිසැ - නිපුණ කරවත පියබඳ මල් සරින් නට විළි ඕ - කම් කතු බවට පෙරැලූ

42

30. පියබඳ නුරා බස් - හිමි උවහසින් පවසත මඳ හසිනෙ’ය ම යළි යළි - පැවසූ එ ලඳ පෙරැළී

31. ‘සහනු බැහැ හරුව’යි - මෙවුනෙහි බසැසු ගිරවා බෙ‍ණත ඕ දුනු පහරක් - අසැ වූ මැදිරියට උගෙ

32. රමිඳු වතැ ඩහ බිඳු - නැසූ තැන් කොකුට පියොවුරු දුටු යෙහෙළියන් මඳ හස - දැක ඕ ගියා මඟ හැර

33. පෙළැඹීමෙන් මල’වි - සුරත කෙළියෙහි අනලස් ජනක දු පියොවින් ලද - විළි බිය හළේ ඈගෙ සිත

34. ගෙදිගුවිල් රළ වැද - සල කුසුම් අබරණ හළ උහු වෙළෙමින් උනුන් ගතැ - සැනැහුණේ දිය රිසි සේ

35. ලද අවසරින් පල - නෙලනු රිසි රම් කුමරා සැරැසී පියඹ දෙපතුල් - ළපලු පෑ දිනු ලතුවෙන්

36. කොකුමෙන් ළහිරු පෑ - සදත අග ඇගෙ දෙ පතුල් සසල’ත කුමරුගේ රම් - නැගුණේ කෙමෙන් ඉහළට

37. මෙවුලෙන් සදත ඔහු - නිතඹ’ත ගියේ තැන තැන වෙද සොයනු වස් ගිළිහුණු හූ පට හෝ වතක් අන්

38. සඳුන’ලෙව් දෙන ලඳ - ගතැ කොමළ රම් කුමරා යුග පියොවුරෙහි පුන පුන - ගැල්වී අතින් ලොමුදැහැ

39. සැදු රසඳුනෙන් ලිය - නෙත තමා රම් කුමරිඳු සිඹිත සවනතැ හෝපලු - පත් දිලිණි සිය පැහැයෙන්

40. තුඩ’ගින් දබරැඟිලි - සදත පත සවනැ ද එහි කුමරා නෙතින් අඩවන් - හෙබි මුව පියුම සිප ගති

41. පීමෙහි රතොට ලොල් - රමිඳා එ ලඳ යුග’දර යළි යළිදු ලතු රසයෙන් - සැදුමෙහි මැ යුහුසුලු වී

42. සරසත රද කුමරු - පියබඳ මලින් රුවනින් ඕ රිසි නොවූ කැටපත - ලිය ලකර හිමි තොස මය

43. නුරා සිරි පෑ ලඳ - එක් වට මැ සිප ගැනුමත් නහමුත් නොහැකි ව රම් - පත්වී මහත් අවුලට

44. ඇතැම් දෑ කී හිමි - නොකොට තම රිසි කළ ඕ හද මිණ විකොට ගත් රම් - රිසි සේ කළෝ පිරිබෝ

45. යම් කිසකින් තමන් - තුටු විණි ද සිත පියබඳ පෙරළා ලැබී රම් එම - යහ වැඩ පල කෙණෙහි වේ

43

46. ඩහ බිඳු තම වතෙහි - හිමි ළයෙහි හෙත ඔහු නෙත් රැ‍ඳෙනු දුටු රසනෙහි ඕ - පුළුලුර තලැ වැතිර ගතු

47. දඩ සේ මුනිවතට - ඇගෙ තොල සැපී සැමියා ලබන’ටිනෙ’දඩ බෝ කල් - සිටියා එ ලඳ නොබැණ ම

48. පියොවුරු තබා ළෙහි - දෙන මුව පියුම සිපියැටි කුමරා නැත ද දොස ඇගෙ - පෙන්වි රොස විටින් විට

49. පති පතිනි එ දෙදෙන - දොස් මතෙකිනුදු රොස් වෙත් කෙළ පැමිණ සිටි වැඩුමෙහි - සෙනෙහස ද වේ පෙළුමෙක්

50. ගින්නෙහි රති කළහ - ලා පණ පෙවූ කඳුළින් යුග නෙත් බැලුම් සර ඇගෙ - සිඳී දිරි රම් කුමරුගෙ

51. කලක් සමහම් නූ - රොසිනෙ’ලඳ නිදි ගත් හිමි වෙත එළඹැ සිප ගතු ඔහු - සල කො‍ඬොල’තින් වළහා

52. රති කලහෙහි රමිඳු - හොර නිදි ගත් එ ලඳ වත ඇද දමත ඕ ඔහු තොල - සැපූ ‘සොරා’ යි බෙණෙමින්

53. එ දෙදෙන නිසා මන් - පසුවන නොවී සමහන් උරිනුර ගටා දබර ද - වු‍ නෙත් හෙලා අන් දෙස

ii. සන්ධ්යාදව

54. නහමනු වස් සැඳෑ - හිරු රසින’ද නුබ වියන් නැඟිණි රම් මෙහෙසුරු වන් - සඳලු තලැ හා පියබඳ

55. හෙබි සුමුදු වරලින් - සල මඳ නල පහස් ලැබ ජනක රද දූ හට රම් - පැවැසි බසක් මේ වන්

56. හකුළා ගෙන කිරණ - යන කොයිබදෝ දිනකර නහමන වැනි ලොබින් ලොව - හිඳ ඇසුරැ හත්ගිරි සිර

57. බැස යන දිනිසුරුගෙ - තෙද සුන් කිරණ රැහැනින් බැඳී ඇදෙන සෙ පසු පස - පැතිරෙයි අඳුර දස අත

58. දිනකර මඩල රත් - ගිලෙන සිඳු මැඳ ඇඳුරෙහි කප් කෙළ ලොවෙව් තමසට - ඉඩැ’ර පිවිසෙන සිව තුළ

59. රිවි මඩල සිඳු මැද - වට කරන’ඳුර හැම’තින් බිඟු කැලෙව් එන සුවිපුල් - පියුමට දඩැ’ති ගිලි දියැ

60. නැ‍ඟෙත පුන් සඳ රිවි - මඬල හත් ගිරැ පත් වූ නුබ රියෙහි ගුරු මැටියෙන් - ඔප ලූ එක් සකක් වැනි

44

61. රැස් කරන හකුළා - කිරණින් පිපෙන රිවි බිඹු ගිලෙයි මඳ මඳ සයුරෙහි - පමණට බරින් වැඩි වන

62. සොබා හිරු මඬලෙහි - වැසෙන තරඟින් සමුදුරැ පතළේ කිරණ උඩුහුරු - විලසින් වළබ ගිනි සිළු

63. පෙර දිගට’දුණු රැස් - දහරින් සැඳෑ වැළැහුණු තම රැස සිඳු දියෙව් වැසි - කැලැ ගඟ දියෙන් වෙන් වූ

64. ‍ළපල්ලෙන් සැදි මේ - වන රැඳි සැඳෑ හිරු රැස් පැතිරෙත’ඳුර ලබන වැනි - මූකුරු සැපත මඳ මඳ

65. පැතිරෙත හාත්පසැ - ගන’ඳුර කළු නයකු මෙන් බිය ‍පත් සේ දිග’ත් හැම - හැකිළෙයි දසුන වළහා

66. මත් මියුරු ගෙල වන් - කළු ගන’ඳුරින් පිහිකුළු නුබ තල රිවි පහන් දැළි රැස් කර ගත් විලස් පෑ

67. කළු සප් පැහැ රැගත් - නුබ තෙලෙහි සිදුරක් මෙන් පළමු වැ දිලෙන දිනකර - රැසින් මෙ තරුව නහමනු

68. පැළ නුබැ සුරත් තරු - දිවයුරු රියෙහි ලොහො සක මෙර මත ගැටී විසිරෙන - ගිනි පුළිඟු සේ බබළා

69. දිනකර කර පහර - ලැබ බිය පත් දිසා මේ පියා හුන් නෙත් දල්වන - සේ තුරු නැ‍ ඟෙයි හැම තැන

70. පෙර සමුදුර මතින් - දැක්වූ කලා එකිනෙක හිමකර’ද එක් මොහොතින් - වැඩුම’ඩ මසෙක පානේ

71. බිඟු දැලෙව් පෙරඹරැ - නැඟි මෙ තම කඳ පැළ දිග බලා යේ රස’තින් සිසි - මෙහෙයූ ලෙසින් ඇකයට

72. දිලෙන මුත් හර සේ - සුසුදු කිරණින් හිමකර ඉල්පෙන සෙ කිරි සයුරෙහි - ගිරි මතිනු’දය නැඟ ඒ

73. තම රැස හළ දුරට - මෙ දිසා මඬුලු හැම’තින් පුළුල් වෙයි දි අවසර - පැතිරෙන තරිඳු කිරණට

74. ගිනියම් හිරු තෙදින් - ගුවනැ වන් කිස හිමකර කිරණ පැතිරෙන වැඩෙමින් - දිය වැ ඔහු වැගි‍රෙන වැනි

75. දිලී රත් පෑයෙන් - නැඟි තුසරකර හැර යේ පෙර දිග සොවින් පඬු වන් - ගතින් මඳ මඳ කිස වන

76. හිමකර පූ අඳුරු - රැස බිඟු දැලෙව් කළු වන් සස ලප සේ දිසෙයි ඔහු - ගත වන හෙයින් සුනිමල්

45

77. තුරුපති විරහ ලිය - මුව පියුමෙන් උකා ගත් පබසරින් කිස අව පසැ - තම බිඹුව සපුරන වැනි

78. බිඳිත දළ හන’ඳුරු - කඳ රස’තින් සිසිරකර ඔහු බිඹු මත රැඳුණු සුනු - දිස්වේ ලෙසින් සස ලප

79. උදා ගිරි හිසැ මල් - කඩෙව් හිමකර විහිදා තම රැස’ත් විටප’තුරෙන් - ගනු රිසින’ඳුර වලැ වන්

80. නිදන පරපුටු කැල - හා බිඟු ගණ කුමුදු ලොල් රක්නා වැනිය ඉතිරිය - ගන’ඳුරැ නට රැසින් සඳ

81. ගන සේ පත් දැලෙන් - බැඳි තුරු යට මඳ ව හා තැනි බිමෙහි අන් බහල වැ - හළ වැනි රස් කළඹ සිසි

82. කුමුදෙහි පුබුදු වන - වැටෙති හැම’තින් බිඟු කැල හිමකර රසින් බුන් ඟන - අඳුරු බිඳු සේ නුබිනෙන

83. දුල රජත කඩ සේ - තුරු පෙළ මොහොතකින් තව එන මඟ උළිඳු දිග’ඟන - අතුළ ලද සේ හොබනේ

84. ගෙදිගුවිල් මුකුළිත - සියපත් නොදැක දිනකර වැළපෙන වතින් මැළැවුණු - ලියන් වැනි හිමි වියොවින්

85. හිමකර රසිනුදුල - වැලි පෙතැ පිඬ සෙ සඳ රැස් සැතැපී රද හස නොදකින - හස’ඟන නඟා සෝ රැව්

86. දිනිඳු හිමි වියොවෙහි - දැක්ම සඳ රැසින’ද ලොව නොසඟන පියුම් විල් කත - දෙනුවන් පියා ‍නිලුපුල්

87. පැතිරෙන කුමුදු වන - දියුණුව සොඳුරු සිරියට සලසනු වස් තව ද ඉඩ - මුකුළිත වෙයි පියුම් රැස්

88. ලපැති සස නිලුපුල් - පෑ ගත් මඬල හිමකර සම් වන’ඟන උවන් බිඹු - රැඳි රජත කැඩපතෙකෙව

89. පැරදුණු විළින් තොප - පඬු පෑ තුරුණු උවනට සැඟවෙයි වළා තුළ සඳ - හකුළා ගෙන කිරණ තම

90. උසුලා මෙන් වලා - කඩකැළුණු තම ගත මැද නික්මෙයි සස ලපැති සඳ - මේ කුළ මැදින් මඳ මඳ

91. සස ලප කොඳ කැකුළු - වන් තොප දසන් සදනුව කොටසක් මැදින් උපුටා - ගත් තැන වැනි ය මහ බඹු

92. පැරදුණු වතින් ‍තොප - හිමකර කැලල නහමා සෝ කඳුළු සෙ හෙළා දිය - සඳකැන් මිණි තොරණ මේ 46

iii. රාත්රිළ මධුපානය

93. මෙ ලෙසින් පිය වදන් - බෙණෙමින් රම් කුමරු ඒ සෙල් තල යහන් පත්වී - ලැසි ගමනින් කුමරි හා

94. සුරත යා නිම කළ - පුදා කම් නලැ මන් වත් රම් කුමරා ඇරැඹි මදු - පානය පියඹ සමගින්

95. පිය හිමි තොල් පහස් - ලද තැනින් මදු බොන ලොබ පත් කෙළෙ කුමරි අතැ රන් - සක මිණි ඔඩම පලවා

96. මදු මදන දෙමතින් - වැඩි එඩි යොවුන් යුවළගෙ දස්නට බියෙන් දෙ අදරැ - රත් පෑ රැඳිණි දෙනුවනැ

97. නොහැර ම මොහොතකුදු - රම් බිඟු වඩා මදු ලොබ සිපි මන රැගත් සුවඳින් - එ ලඳ වත පියුමෙක්මැයි

98. පෙළෙත මදුවෙන් බිඳි - තොල බැම යුගළ හැකිළෙන එ දිගැස තම මූවින් ගත් - මදු පත් කළා ඔහු මුවැ

99. වන් මෙලෙස සුරතෙහි - යුවති පති දෙදෙනා ඒ කුසුම් දම් හූ පමණක් - රැඳි හිසින් රැය ඉක්මූ

iv. උදෑසන

100. ඉක්බිති නන් වීරිතෙන් බඳ වෙණ වස්දඬු බෙර නද මුසු ගීයෙන් කන්කලු වැඳි ලිය කළහ පුබුදු එ නව යුවළ

101. මැකුණු සඳුන් යුග පියොවුරු දසනින් හිමි බුන් දෙඅදර සුරත් නුවන් ගෙන එ දිගැස හළහ යහන පසු හිමිහට








47 9. සග

i. සිතා පිය රජුගෙන් සමු ගැනීම

1. ගෙවතෙ පුතු සුවයෙන් - මස් කිහිපයක් රද අන් තෙපුතු ද විවා කරවා - නික්මිණි බලා සිය පුර

2. ලැසි ගමනැති එ ලඳ - සොවින් හා බරිනුකුළෙහි ගමනට සැදි හිමි හා - තෙමූ කඳුළෙන් පිය පා

3. ඉක්බිති එ පිය රද - ගුණ නැණ පෙරටු කර ගත් දියණිට මෙසේ උවදෙස් - දිණි නිසි පතිනියන්හට

4. රුව ගුණ යොවුන් බව - වෙයි මට පියා රදෙකැ’යි මන් නොවව ලියකට හිමි - විනා අන් පිහිටෙක් නැත්

5. නොදිලුන ද හිමි ලිය - ගෙන් ඕ දිලෙයි හිමිගෙන් බබළයි හුදු ව මේ කුළ - නැතොත් එය නැත විදුලේ

6. රොස වුව හිමි කෙරෙහි - නොබෙණෙව රළු බසක් කිසි තරවටු කළ ද හිමි තුම් - අඟනෝ රකිත් මුනිවත

7. හිමි සිය වසඟයට - ගනී සිල්වත් පතිනිය යහ කුල සිරිත් නැසු ළිය - ගැරහුම් ලබයි හිමිගෙන්

8. තොප සිරිතක් සවන් - වන් කල මහලු මා හද නො පැළෙ ද දහස් කඩකට - අනුව යව සිරිත ම ඒ

9. මහදැ විස්වස තොප - ගැන නොනසව කෙසේ වත් කියත නිරිඳුගෙ විය පත් - ගෙල හිර කෙළේ දළ සෝ

ii. රාම කුමාරයා සීතා සමග අයෝධ්යාකව බලා පිටත් වීම

10. ඉක්බිති පති පතින් - සිළුමිණෙන් හා මුහුලසැ මල් දමින් පිස පිය පා - නික්මුණු ලැබ සුබාසිරි

11. වෙන් වැ යන සොව දුව - හා හිමි නිසා වන තුට විසුමට ජනක රජු සිතැ - වාද කළ වැනි මොහොතක්

12. කාහල නද ගැඹුරු - බෙර හඬ සමග මුසු වන දැන්වි ගමන කුමරුගෙ - බල දෙවිඳු සම විකුමෙන්


48



13. සියතුනට රද ගෙහි - බිය දෙන ගජන් මිණි හඬ වැඩෙමින් රුවින් කෙණෙරුන් - පතළේ දිගත සැණෙකින්

14. තම පිඟුවන් රැසින් - හෙබි නුබ නැ‍ඟෙන හිරු සේ රමිඳා සමග කුමරිය - නැඟිණි රියැ කළ රන් කම්

15. සිරසින් සුමුගු පැසි - හා කිර මැදිරි වෙණතින් ගත් ලිය ගමන් ගතු රිය - පසු පස රමිඳු මෙහෙයු

16. වැදැ මෙදෙන’ඳැත් පව් - හඬ දෙන තුරඟ තරඟැති බල සෙන් නදිය නික්මිණි - පුරෙන් රද පුරඳුරුවන්

17. නැඟු රිය සක් රදස් - පවනින් තමන් කන් තල දුරු නොවිණි නම් මදැතුන් - නොදකිනු නියති පෙර මග

18. පසු කරත පුර වේ - ගෙදිගුවිල් පවනින් සල සියපත් රොනින් එ දිගැස - කොපුලත පැහැය වැඩුණේ

19. ගැටුමෙන් කැටෙක රිය - සැලෙතෙය පිහිට සෙවුමට හෙය කොට වැළඳ ගතු හිමි - එ ලඳ සෙන් අබියසැ වුව

20. රිය හඬින් වන මැද - තැති ගෙන නඟ‍ා වල් හිස් ඉදු කර සවන් පැන යන - ගව රැළ නැරැඹූ එ කුමරි

21. සවනිනැ’ල් හසඟන රැව් පතළ සෑදි පියුමෙන් පසු කරත තම දෙස් හිම - නදිය ලඳ හද තැවුණේ

22. පෙරළා බලත තම - නිජ බිමෙහි පවු මිහි තලැ ගිලෙනු මෙන් දුටු එ කුමරි - දෙකොපුල් තෙමිණි කඳුලින්

23. වන මඟැ ගිජිඳු දළ - පහර ලත් ඉන්සලු රුක් ගඳැති නල සලමින් ලිය - ලැබි වත් පහස අඟනන්

iii. රාම - පරශුරාම සටන

24. බියෙලවන රමිඳුට - දිවා කලැ වුව එ ම‍ඟෙහි ගන’ඳුර පලවමින් සෙද - හිරු රැස් දිගත පතළේ

25. තැවුලෙන් රූ විකර - වී උඩුහුරු සුසුම් ලන විපත් පත් උන් මුව සේ - දස දෙස ම වී මූසල

26. ඉක්බිති මොහොතකින් - උතුරු දිගෙ’කලු කරමින් අබියසැ පහළ පුරිසකු - වන් තෙදක් දුටු බල සෙන්

27. රතුපුලැයි සැකයෙන් - කෙළ’සැ දෙනුවන් සවන’ගැ රැඳි බිඟු පෙළෙව් වියැළුණු - නෙළුඹැට දමක් පැළඳූ

ජ. හ. 4 49


28. තවුස් ගිනි රොන් වැද - සැදි බිඳු සෙයින් විසිතුරු දිවි සම දරන වම් උරැ - කිස වූ උද‍රයෙන් යුත්

29. සැදි සර නසන රිපු බියෙලවන දුනු වමතින් හා දුගම මං තෙර දුටු - පරසුව දරා දකුණෙන්

30. තපස නම් වන ගිනි - සිළු වන් උදුල පිඟු පෑ සැඩපලු සසල සුළඟින් - නැඟි වෙයින් තම ගමනෙහි

31. අන් වෙසක් වන් බඹු - බුගුරම් සිනා ගිනි දැල් කරවත සසල බල සෙන් - බිණි රම් කොවින් මේ බස්

32. අන් රදකු මෙන් බල - නොසිත දිනනට මෙ රම් සුරු වුව බිඳුමැ ගංතෙර - වැහැප් මහ ගිරි නොහෙළයි

33. නොරඳා විකුම් තගෙ - අබියසැ මේ රම් රගු කුලැ දද මසුන් බිදුමෙහි සුරු - නොසමති මඬිනු උරගිඳු

34. දුනු සිප් දුන් තොපට - මෙහෙසුරුගෙ මේ දුන්නෙන් සිදුවන විපත් ගැන තා - නොඇසූ වනැයි හගිනෙම්

35. එ බසැසූ බුගුරම් - රගු රම් කික් යසස් වැඩු දුනු බිඳුම පිළිබඳ වු - පුවත ගැන කී මෙ ලෙසින්

36. එම්බල නව ඉසුර විස්කම් නොවරදින සර දැඩි දුනු දෙකක් නිමවා - දුනි ල පෙර පුරඳුරු හට

37. ඉනෙකක් පුරඳරා - දිනි අසුර රිපු වෙණු හට අනෙක දිනි මෙහෙසුරු හට - රිසි වූ තෙපුර දැවුමෙහි

38. පවන් පති පුරඳර - එ දුනු තෙද දකින’ටියෙන් තැති’නැති කෙළේ සටනක් - අතර වෙණු හා මෙහෙසුරු

39. සක’වි ඈ හළ ඒ - දෙදෙන දෙවි සිය වසරක් අවුරා දිගත් සරයෙන් - කළහ යුද සේ දිරිමත්

40. හළිසුරු ලිහිල් වූ දුන්න තා’තින් බිඳුණේ අනෙක වෙණු දෙවි සතු වූ - කෙමෙන් මා අත පත්වී

41. ගුණ දෙකක් වෙ මෙහි - දළ නම් ගුණය ලොදනන් සවනතෙහි හා දිය නම් - අනෙක වේ මා සවනත

42. වෙණු සවනතට දුනු - දියැදුම ගැන කියනු කිම බලවතුන’තර ඉසුරෙකි - තෙපි ද එය වක් කළ හොත්

43. මෙ දුනු දිය සපුරා - අදිත මාතින් වන මර බුහුමනකි තට කී හේ - තැබී දුනු හී රම් අතැ

50

44. ඉක්බිති දසිස් රිපු - රම් කුමරා නොවෙහෙසී ඇදැ ලී තෙක් මැ සවනත - දුනු දිය නැඟූ හඬ

45. බුගුරම් යුදෙහි එම - ගුණ දෙකෙහි දෙකිස ම ගැන වෙහෙසී බලය පා තම - නැමුවේ දුන්න දැඩිතර

46. ඉක්බිති රමිඳු හළ - සර සග පුර සැපත් ලොල් කැත් කුල නසනු රිසි ඒ තවුසත් බව සුරැකියේ

iv. රාම කුමාරයා අයෝධ්යා පුරයට සැපත් වීම.

47. සතුරා නොදිනියැකි - දිනා ලද දන බුහුමන් කුමරා කිහිප දවසක් - සුව සේ ගෙවා’තර මග

48. පිවිසෙන හළ දොරින් - ගොහමීන් වතුරු බල සෙන් සයුර බොන අගතිසි මහ ඉසිවර සිරුර වැනි වූ

49. දෙපස මැ මඟුල් වේ - කළුවැල් දුමින් මනනඳ මිණි තොරණසැ සුසැදී - රන් කුඹු සපිරි පියුමෙන්

50. හඬවමින් රන් රසු - දැල් සුවඳ මඳ පවනින් සැලෙන දද පෙළ නිරතුරු - සැඩ රිවි කිරණ වළහන

51. සසල වැද මඳ නල - පතළ කළ බිඟු ගුමු නද කුසුම් දම් රැඳි විසිතුරු - මිණි තොරණ සැදි පුරයට

52. පිවිසි දසරත පුත් - බඳැඳිලි කරවමින් දන නුබ වන් තරිඳු රත්සර - පියුම් මුකුළිත කරනෙව්

53. නොලත් කුලදෙටු වර - කුලඟන රමිඳු දක්නට කවුළු අසැ වූ එහැටියි - සැබි බව රගු කුලය රැකි.

54. ලිය කවුළු පීරිවැරූ - සල නුවන් මුව පියුමැති නිලුපුලින් සැදි සියපත් - විල් හරස් කොට පෑ වැනි

55. රැඳි දැල් කවුළු වෙත - කොමළඟන ලෙළ දිගු නෙත් සරනා පියුම් නල’තර - පෙටි මසුන් සිරි කියැලී

56. ලතු නොවියැළුණු පා - යුහු ව තබමින් යත ලිය හිණි පෙති ගැටීමෙන් වූ - පැහැය ම පත්ලැ ලතු වි

57. වියැකුණු ඩහ දියෙන් - පත ලේ කවුළු වෙතැ පත් ලිය කොපුලතැ සැදිණි යළි - එවත ම ගැටෙත අනෙකක

58. සැරසුම් රිසි කලක් - තුඬිනැ’ඟිලි කන ඇද ගත් වන ම පතැ’තිව සුරතෙහි - සහසා සැපත් වූ එහි

51


59. ඉහිල් වරලින් හා - ඉහ බිඳු රැඳුණු උවනින් ගාටන විඩා පත් ලිය - ලක් වූ සපත්නිරොසට

60. කවුළුවක් වෙතැ කුදු - වන් දෙඅඟන කොපුල් තල ඇලෙත එකිනෙක දෙවත ම - බැබැළිණි එක මැ කොඩොලින්

61. කලක් සඟවා ගත් විඩා පත් වත හිමිගෙන් කවුළුවෙන් පිටතට යොමු - කළා දුර යත කුමරිඳු

62. යුග පුන් පියොවුරෙන් - අවුරත ලියක කවුළුව යෙහෙළියො දකිනු රිසි සෙන් - වන්හ ඈගෙ මැද කිස දෙසැ

63. කිස උදරැති අනෙක් - අඟනක් සිය පිළිඳු පුතු හිඳුවා කවුළු එළිපතැ - බඳැවූ ඇදිලි නිරිඳුට

64. ලිය දක්වත’ත් පා - රම් ලක්සමණ සීතා කර තලැ පළොල් පෑ මුසු - නිය රැස් ගුවනැ පතළේ

65. ජය වැණුමෙහි කුමරු - නුබුහුටි අඟන පතිනිට පැතූ සුබ “හිමි සඳ ගත් - මඟ මැ යෙත්වා” කියමින්

66. නදී දිය කොපමණ - ලදත් නොපිරෙන සිඳු සේ වනත් හැම’තින් මහ සෙන් - නොපිරිණි එ පුර මඳකුත්

67. සැපත් වාහල’ඟණ - මීපල් බඳැඳිලි වැ හුන් මහ සෙන් නෙතින් සඟනා - පිවිසියේ රද මැඳුරට

68. ඉක්බිති කෙකස රද තවුස් - වතැ බැඳි දිනූ දෙස් යුදජිත් පුතුට දී ඔහු ම - මෙහෙවරැ යොදා දූ දක්නට තමන් දියණි හා පුත් කුමරු ඇයගේ රිසි බැව් කියා යැවි එ දස-රත හට ඉඳුරු මිත්

69. ගුණ දම් වැඩිම ම තැකූ - ‍කුමරිඳු බරත හා යුදජිත් තමන් දෙස බලා - එ පුරෙන් පිටත්වී දසරත අනෙක් පුතුනගෙන් - වූ සෙත ම සමරා වියො දුක තුනී කර යෙහෙන් - ගෙවුයේ කලක් බෝ

"https://si.wikibooks.org/w/index.php?title=ජානකීහරණය_-_ii&oldid=5826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි