ජානකීහරණය - iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

10. සග

i. විය පත් දශරථ රජ

1. සියපතෙව් යුග නෙත් - රජයන ලෙසින් රද නිය පුරඳුරු වන් එ දසරත - ඉක්මැවි කල් දහස් වස්

2. ඉක්බිති ඉහිල් සම් - එ නිරිඳු ගත වැළඳ ගත් ජරා ලියැ කුසුමෙව් නර - කෙස් තැනින් තැන දිස්වී

3. හැම’තින් තැන ම සෙට - ලා රැකි තමන් උතුමඟ මහලු වියැ නර කෙස’තින් - ගැන්ම නොසැහී නිරිඳා

4. නිරිඳු සඳ බලවත් - දිනෙක රද සබැ සිටියේ දෙටු පුත් බලෙන් ඇකයෙහි - හිඳුවා මෙ බස් පැවසී

5. නික්ම යෑමෙහි පණ - දද සෙ අබියසැ නැ‍ඟෙනා මහලු විය යම දූතිය - ළංවී සිටි මා වෙත

6. එම්බා පුත මෙ අප - ගත ජර රොවින් මැඬුණේ කම් රිසි ද දිරි සමව මැ - මඳ මඳ ලිහිල් කරනේ

7. උතුමඟ තැබූ කල - නර කෙස් අකුස මරුවා මොනවට දැමුණු රගු කුල - ගිජි‍ඳෝ හරිත් කම් සුව

8. අප කුලෙහි දිනුවන් - හදැ රා විරා දෙක වේ යොවුන් වියැ යුවතිය හා විය පත් කලැ වැහැරි වේ

9. දැනද’වි සිප් නොදිනු - නොයැජි ඇති වත් වත්කම් ජර වියෙහි රිසි කම් සුව - නිරි‍ඳෝ ලබති ගැරහුම්

10. අවසන් පා එළැඹ සිටියේ වුව ද දිවියෙහි නැති නම් විරා ඔහු හදැ - දැකියැකි වෙද කුළුණු ගුණ

11. ජර පත් වැ හෙන තෙක් - පමා නොව තව රක්නේ නැතහොත් තවුස් වතැ තුම් - පැවතුම් කැලම නස්නේ

12. දුබල වූ ඉඳුරන් - වැගිරෙන යටි තොලින් කෙළ කෙමෙන් තොර වී සිහියෙන් - බාලයකු සේ හැසිරෙන

13. නෙළුඹුදැලි හූ මෙන් - සොබා සිරියෙන් හොබනා යොවුන් විය ගිනි බත් වූ - අළු වන් නර කෙසින් යුත්


53



14. ජර වියෙහි මරණය - රිසි වන මසිතැ දිවි ලොබ නැතැයි අඟවන සේ හිස - දෙපසට සැලෙන නිරතුරු

15. සතයෙන් හුල් දසන් - වට වුණු රුදුරු මරු මුවැ වදිනට සැදෙන සේ ගත - හකුළුවා ගෙන කුදුවූ

16. රොවින් වියැළුණු මස් - ජරා නදියෙහි නැඟී උස් රළ පෙළ සදිසි ඉල ඇට - දරනා ළයෙහි වෑරුණු

17. උරනැඟිලි බිළිඳකු - සේ දසන් සුන් හැකිළුණු මුවින් තෙපලන ගැල ගැල - අවියත් බස් පරස්පර

18. බිඳි බැම යුගළ හා පිරි කබ කඳුළු නෙත් ඇති වෙවුලන නිබඳ උතුමඟ - ගොත ගසමින් දොඩන බස්

19. නොපොහොසත් සිය ගත - දරනට ද හේ ජරපත් රැකියැටි වුව තවුස් වත් - රක්නෙ ද කිසේ නම් එය

20. තපස් ම නිමිති කොට - වනවැසි දිවිය උදෙසා යන මා නැසූ කම් ලොබ - නොවළකනු මැන කඳුළෙන්

21. තොපට යහ පැවතුම් - පියොවින් ම ලද ඔවදන් නොවුව ද ඇවැසි මා සිත - සැනසුමට මෙය පවසම්

22. වදනකින් යම් රිපු - මැදහත් මැදහතා මිත් මිත් යෙ ද බවට බැතිමත් - එම වදන වේ යහපත්

23. ලෙවන් බුහුමන් හා හිතවත් කම් කැමැත්තෝ නොගරහති අනෙකකු කළ - කිසිවක් පතළ වනු වස්

24. තමන් දන හා පර - දන’තර බැඳුම පහපති එය නපුරකැයි නොකියත් - නැණැතියෝ දත් රද නිය

25. නැණැතියහු සෙමෙහි ම - පවතිත් නැසුම් රිසි වත් වැදි දන මරනු රිසි මිග - බැඳ ලති ඔවුන් ගියෙන්

26. ගිවිසුම දීම තොර - රැවටුමෙකැයි දනිති දන කරන දී නිසි පමණට - එය දැක්වී සිකුරු ගුරු

27. බුහුමන් නොලැබ දන - නොදෙව රද නිය දතුවෝ ගරහති දීම බුහුමන් - හා උවැටන් ලබනු බැරි

28. නිරි‍ ඳෝ නොමැඬියැකි - රිපු එකකු ලා එ පස මැ මඬිති ගින්නෙන් දිලියෙන - යගුළිය කුළින් තළන සෙ

29. කුල පරපුරෙන් එන - මහ ඇමති අන් ඇසුරට රිසි වුව රදකු වනසට - පත් වනු නොවැළකිය හැකි

54

30. සෙසු හැම උපා යෙදු - වැරදුණොත් රද නැණවත් රණ බිමට වැද නොපැකිළ - ලබයි රිසි පල මතු කල

31. නැතොත් දඹ නොසමති - ගොපල්ලා දෙන රැක්මෙහි සටනින් තොර වැ රදුනට - හැකි ද සුරකිනු මිහිතල

32. දඩ හා කරවුවර - හැර දන පිහිට රිසි රද යට හළ නොගත් අන් අත - හෙනු නියති සෙ මහල්ලකු

33. උපා හා බැඳි මේ - සිවු නියම පිළිපදනහු යස සඳ රැසෙව් නැසුමෙහි - නොපොහොසත් වෙති සතුරෝ

34. යෙහෙන් රක්නා ලද - දන මිනිස් ගුණ හඳුනන වඩත් මැයි නිති දනයෙන් - රද නය හසළ නොමසුරු

35. නොතැබිය යුතු උසස් - තැන හීනයා ගුණැතත් පා බරණ දුල රුවණින් - සදති ද කවුරු සිරසෙහි

36. කුලයෙන් උතුම් යැයි - පතළ වූ මුත් දස දෙස ගුණ ලවයකුදු නැති දද - දුරු කළ යුතු මතහ සේ

37. කුලවතකු ම උතුම් - උපද දහමින් පිවිතුරු තැබුමෙහි ඇමති තනතුරු - නොපමා වේ නැණැති රද

38. ඉටු වන තෙක් තමන් - කිස සුහද කම් පානහු හැර යති තරණු වස් ගඟ - ගත් පහුර ලා යන සේ

39. දෙදෙනකු අතර වන - මිතු දම හෙයක් නැතිව ම නොබි‍ඳෙන විනා මරණින් - කය හා පණ සෙ පවතී

40. යම දඩ කුවෙර දන - හා සිව ගිර පිහිට කොට රකිති ලෝ ලද එ තෙබල - රද හට බරෙක් වෙද එය

41. අනුයමින් රද නිය - පත් ‍කොට ඇමති මැති ගණ අබතුරැ හා බැහැරි රිපු - නසමින් රකින් මෙ දෙරණ

42. පිය නිරිඳුන් මෙ බස් - සැදු සවනතැ නිහඬව රම් කුමරා සොවින් දළ - තෙත් කෙළේ ළය කඳුලෙන්

43. ඉක්බිති එ දසරත - රද නිදන් සිරි සැපතට විදුරස්නැ හිඳුවා රම් - ඇරැඹී මඟුල අබිසෙස්

44. කයිකෙයි බිසව‍ සෙද - මන්තරි යවා රජු වෙත පෙරැ දෙවර සිහිපත් කොට - වළක්වා ලූ අබිසෙස

45. දසරත රද රවුළු - රිපු පියුම් නෙත් රමිඳුට වන වැද තුදුස් වසරක් - ගත කරන සෙ කෙළේ අණ

55

iii. රාම කුමාරයා චිත්‍ස්කූටයට යෑම

46. පියඹ හා රිය’රා - හුන් රම් පුරෙන් නික්මිණි ලක්සමණ පුත් සුමිතා - සමග ම පෙර මඟට බට

47. සොඳුරු ලිය සිතා - තමන් ළය පමණක් නොව වන මඟැ දන ළය ද අන් - තෙමුවා කඳුළු වැස්සෙන්

48. තුටු කළ ලෙවන් නෙත් - පිය වදනැති දොසින් මුත් රම් කුමරු හළ නිරිඳුට - නිගැනුම් සෙ ගියෙ ඔහු පණ

49. ඉකිබිති රියැදුරා - හරවා ගෙල බලා හුන් රද දූ පුතුන් තිදෙනා - එහි ලා ගියේ පෙරළා

50. සීතා මියුළු රද - දූ කිහිපයක් පියවර ගොස් ඉදිරියට විමැසූ - කොතෙක් තව යා යුතු දැයි

51. තුරු සා අගින් රම් - අතැ හිරු රස් වළකමින් යන කුමරියට පෙරටු වැ - ගියෙ ලක්සමණ කුමරා

52. සැදි කෙතින් ඉගු හැල් - බලමිනුතුරු කොසොල් දෙස උහු සැපත් වු බගිරත - ගං තෙරට සැදි උපුලෙන්

53. ඔවුනට කලිඳු ගඟ - වෙත නො එළඹැ අහස් ගඟ තරා බරදද අසපුව - හා සිත්කුළු ගිරට මඟ

54. හිතවත් වැ ගං හෝ - පෙදෙස් තුරු හා ගිරි හෙල් ඈ විසින් මඟ සලකුණු - කියා වැදි ගෙට ගිය කල

55. දෙ අඹුන්ගෙන් සයුරු - හිමි එතෙර කළ කෙවුලන් හා ලක්සමණ කුළු සිත් - නැති රම් සිත්කුළට ගියෙ

56. සීතා කුමරි වත - පියුම ලොබ බිඟු සේ වූ කවුඩාගේ ඇසක් රම් - කණ කෙළේ හැර සරයක්

IV. දසරත රජු මළ පුවත

57. ඉක්බිති කෙකය කුල - බරත දැවි දළ සොව’ගින් වෙහෙස ව ඇමති ගණ හා - ආයේ අසපුවට රම්

58. “කුළුණින් තොර එකෙක් - නැසූ රද මෙහි ආ බව කියව නිරිඳුට” යන බස - නැඟිණි දොර අසලින් එහි

59. ඉක්බිති ලද’වසර - රමිඳුගෙ බරත කුමරා සිය උරින’ඩක් අසපුව - තුළට නැමුවේ දොරිනෙ’හි

56


60. ‘අය්යේ’ කියාගෙන - රම් කුමරිඳු දෙපා මත හුණු බරත දැවි ‘සොව’ගින් - නොබිණි වදනකුදු වෙන

61. මළ පුවත පිය රද - හෙත් ම සවනෙහි බිඳි හද රම් කුමරු තම කඳුළෙන් - අවමඟුල ඉටු කළ වැනි

62. ඉක්බිති තම හට ම දෙස් දෙන නො ඇලි සැපතෙහි කරන සිය මව පිළිකුල් - බරතට මෙ සේ කී රම්

63. නොදනිමි පිය’ණ පෙර - කඩ කළ තැනක් දැන දැන එහෙයින් අපට නොහොබී - නො තැකීම ඔහු නියමය

64. ඉඳුරු ලෝ පත් පිය - රජ අණ ඉක්මැවීමෙහි මෙවන් සිතිවිල්ලක් තොප - සිතැ කිසි කලැ නොවේවා

65. සබවස රකින හිමි - රැක ගත යුතුය තොප මව නොපිදුම පුදට නිස්සන් - හෙයකි අයසට මතු කල

66. තැවෙත හොත් සිහි කර - තම වරද ‍කුලදෙටුවකු එ වරද ම ඔහු අබියසැ - කරනු නොහොබී අනෙකකු

67. බැණ මෙ බස් බරතට - නැමී හුන් තම පාමුල දිනි රම් වහන් යුග පැන් - සේ මරුකතරැ එකකුට

68. රම් කුමරා කලක් - දෙගිඩියාවෙන් පසු වූ සෙයක් පළ කළ සොහොයුරු - සනසා යැවී පෙරැළා

69. ඉක්බිති පස්රවණ - ගිර හැර යන රවුළු රිපු රම් දිටි ම‍ඟෙහි පස්වැටි - ගිනි විරද රකුසා

70. නිසසර රකුසු ඒ - පැහැර ගෙන යන සීතා නසා මතු කලැ කියැවෙන - දිගු පුවත ලුහු කළ වැනි

71. සරඟ මුව පොව්වන් - සරනා නිති නිදැල්ලේ පස්වටි අරණ පුරඳුරු - වන් රමිඳුට නිවෙස් වී

72. දෙන දන රදු කරා - දිව යන දිළිඳු සිත සේ සුර්පණකා රමිඳු වෙත - එළැඹුනු පතා රති සුව

73. බිය කළැයි සිතා - කිපි ලක්සමණ ඇයගේ මුව පියුමෙහි කෙමිය වන් - ගහණ සිඳ ලී රොස පා

v. රවුළා සීතා පැහැර ගෙන යෑම

74. කැඳවු ඇය වහා - කර දුසණ දෙබෑයන් වැසි මෙන් මුදත සර බල - සෙන් පිරිවැරූ දෙකුමරු

57


75. අසම සම දුනු දර - එ රම් කර හා දූෂණ දෙබෑයන් ගත රිහිරෙන් - නිවි පවස ගිජුලිහිණින්

76. තුඟු දළ උතුම‍ඟෙහි - සැදි වැජි වතැති කිසියම් තවුසකු එළැඹි අසපුව - වෙත දුටු බොළඳ සීතා

77. මෙහෙයු රම් කුමරු - මුව දඩෙහි දද වෙස් ගත් ගොර බිරම් ඒ රකුසා - දැක්වී තම පියෙවි රූ

78. දරා සිටිනට ඔහු - දස හිස් පිටුබලය වූ බියකරු තෙදැති රුව දුටු සීතා බියෙන් වෙවුලූ

79. සසල සිළු දසයක් - පහනෙව් තමා වෙත පත් රුව දෙස නෙතැර බැලුමට පවා ඕ අසමත් වූ

80. හඬ ගාමින් හිමිට - වැළපෙන ඉතිරි රුවනට මෙ බස් පැවසී රකුසා - අපහස් ලෙසින් රමිඳුට

81. ඔහු සර මියුලැසිය - කරට කර හා දුසණට දුසණ වුව මේ රවුළුට - කර හෝ දුසන නොම වේ

82. එරවණ අරා තෙද කිරණ - පතුරා දිගත්හි යන සඳ තිදස් පුර ම බල - සෙන් දකින කුහුලින් පුර දොරැ රැඳී හුන් නැතක් - සිදු ගණ අබය ලත් නරඹමි නෙත’ග බැල්මකින් - මඳ හස නඟා මම්

83. නැත මට පිහිට කිසි නියෙන් - නොලැබිණි දෙවෙල මගෙ රකුසෝ පැහැර ගතු මගේ - ගෙය ඈ ලෙසින් බස් බෙණෙමින් හඬා ගෙන පැමිණි - පිළිහැරිය වෙත මා සුර ගණ සරති මැදුරඟණැ - නිති සමග ලොපලුන්

84. මිහි තල රසාතල දෙක ම - සෙලැ වූ සුරන් සෙන් වනසා කෙලෙස් කුළ දැමූ - උපුටා මගේ මේ බා කන්වයිනැ හිස තබා - බෙණෙමින් මිවුරු බස් කම් සුව නොරිසි ලිය වෙති ද - මේ ලොවේ කොතැන්හි

85. නිළියක විලස් පා නුවන් - බැඳ ගත් රැඟුම්හී සලනා පවන් උරුවිසි - දිනු සඳ කැලුම් සේ රඳවා සෙමෙර අඟුබරණ - මත යළි රැගෙන ඒ ‍ සෙනෙහෙන් මෙ බා ඩහ නැඟුණු - අත ගා බලන්නී

86. මය දූ වැළඳ ගත් වන ම - යහනේ හොවිද්දී පා පිරිමැදීමෙහි යෙදි - හුන් තිලොත්තමි ගේ පියයුරු මඩල පා අගින් - අදරින් මඬිද්දී දැහැගත් ගතෙහි ලොමු ඇයගෙ - තව මත් එසේ මැයි

58


87. අසුරිඳු දියණි හා මෙමා - කම් දෙවි පෙ‍ළුම ලත් දූ කෙළි යෙදෙත රඹ ක‍ඳෙව් - යුග වටොර රම්බා පණ යැයි අසා කෙළි විඩා - ඉවසුම් නොමැත්තී නියමය අනඟ ඉටු කරනු - වස් එ කෙ‍ළි මෙහෙයා

88. සකල ම පවර දෙවඟනන් - දිරි පැහැර ගන්නා සුරු විරු තිලෝ පති මෙමා - වෙත හද පුදා පෙම් බුහුමන් ලබව ලිය උතුම් - වන්නේ ඇසු‍රෙනුයි සිව දළැ බැඳුණු ගඟ අහස් - කවුරුත් පුදත් මැයි

89. ළපලු සෙ කොමළ තිගෙ යුගත් - ගෙන දෙ අතකින් මා තව යුගළකින් වත උනා - තැන සුසැදි මෙවුලෙන් අත ලා අනෙක් අත්වලින් - කලැ වැළඳ ගන්නා හස සඳ රැසින් අද අදර - හෙබී මුව පුදන්නෙහි

90. ඉති බස් බිණූ පති රකුස් - ගෙන දියණි මී කත් මින් තුරු පෙ‍ළින් හා පතළ - රළ මේ කුළෙන් යුත් සමුදුර ගුවන් ගත නැව සෙ - නැඟී රුවල සීතා පුස්පක රියෙන් තම ගමන් - ඇරැඹී වෙයින් බෝ















59

11. සග

i. ජටායු සහ රවුළා අතර සටන

1. ඉක්බිති රකුස්පති - එ ගමන දත් ජටායු යුග පිය සැඬ නෙලෙන් හිරු - සොල්වා සැදිණි සටනට

2. ගුරුළිඳු හමුව පෙර - මඟැ ජනක දුව ගෙන යන වි අසුබ ළකුණක් මතු - විපත් පවසන රවුළුට

3. ගුරුළිඳු පියා සැඬ - නල පහළ සිය යානෙහි මැද හිමෙන් බිඳුණු හිස - රවුළා සැළිණි බෝ කල්

4. අපහසින් ගුරුළිඳු - සසල දස හිස් සුර රිපු ඇරැඹියෙන් සටනක් සෙද - වැසිණි නුබ සර වියනින්

5. මඬලක් සේ සැදි - සරන නුබ ගැබ ගුරුළා යුග පියෙන්සුවිසල් සර - වැළැහී තමා ලක් කළ

6. ගුරුළිඳු හා රකුස් - පනි අතිර වු යුදයෙහි දූනු දිය හා පියා සල - හඬ නැගිණි තුළැ ගිරි ලෙන්

7. ගුරුළිඳු පිය පතින් - නැගී නල වෙයින් පතිත වූ අවියෙන් ම තම පෙරළා - ලැබුවේ පහර රවුළා

8. හැම විට හැම තැන ම - පෙනෙමින් සරන නුබ තලැ ගුරුළු රද වට කළ වැනි - රවුළු තම රැස් මඩළින්

9. නුබ සයුරැ නා ලිය - වන් උවිඳු පා පියුමට නෙළුඹු දැලි වූ සුර ගඟ - විසිරිණි වෙයින් පියපත්

10. රැස් කළ පියපතින් - මේ කුළු රවුළු අබියසැ කඩතිර සේ ගුරුළු රද - ඔහු හිසැ තුඩින් පහළේ

11. රවුලිඳු බිම හෙළූ - පහරා මිටින් ගුරුළා දියුණුව මෙයින් යළි ඔහු වෙත පැමිණියේ පෙඳ සේ

12. කග නිය කොත’වියෙන් පහරත සිරස ‍රවුළිඳු විසිරිණි රුවන් කිරුළ’ග - දස’ත පිඟු පෑ ගන්වා

13. රවුළා ගුරුළු වත - පහළෙන් නොත’වියෙන් තම ඔහු ද පහළේ රවුළා - නිය පඳුරෙන් තියුණු වූ

60



14. ළෙහි වන් කොත’වියෙන් -යුත් පියා යුග විහිදූ ගුරුළා දඬු කඩක් මත - නැංවූ සතක් සේ වී

15. ඇද ලූ අවිය ළෙහි - එ කග සල තුඩ’ගින් තම උතුමඟ බරණ ර‍වුළිඳු - සිඳ ලා හිසෙහි පහ ළේ

16. රවුළිඳු මහඟ හිසැ - හෙත නිය අකුස් ගුරුළිඳු නැඟුණු හඬ මුව දසයෙන් - දස’ත රැව් පිළිරැව් දිණි

17. සැදී පෙඳ කවවෙන් - රුපු අවි නියෙන් වළහා කරන කග යුද දුටු සුර - කිඳුරෝ කීහ ‘සාදු’යි

18. ඉනික්බිති රවුළා - එරවණ කුඹු පැළුම්හී සමත් නිලුපුල් පෑ දුල - අසිපත අතට ගත්තේ

19. මනනට මෙන් අහස - විහිදු පිය යුග සුර මග වියනෙව් සැදෙත රවුළා - පහළේ කැසෙහි ගුරුළිඳු

20. ඉක්බිති කෙළෙහි ගුණ - දත් ගුරුළු රද සිරුර ද සුර’ඟන කඳුළු හා මල් - වැසි ද එක විට වැටුණේ

21. පණ අදින ගුරුළා - එ තැනට සැපත් විදි සේ රමිඳුට පැවසි රවුළා - සීතා රැගෙන ගිය වග

22. ‘මෙ පමණි ම යුද සවි - රකුසා ලෙහෙ’ළි ගෙන යේ’ කියනට රජුට දසරත - ගුරුළා ගියේ සුරපුර

23. දුනු හි දරා සිටි - සොයුරු දැක්මෙන් නට සෝ රම් දිටි සරන වන මැද - මහ ගිරක් වන් කවඳහු

24. මනනට මෙන් පොළොව - දිගු කළ යුග’ත සුර රිපු රද පුත් දෙදෙන මොහොතින් - සිඳ ලූ රඹ කඳන් සේ

25. පල බර තුරින් හෙබි - පතළ නිති රැව් සියොතුන් ඉසිමුක පව්ව තෙර රම් - ගියේ පිහිටෙන් හනුමත්

26. ගිනි දෙස් කොට රමිඳු - හා ගිවිස ගත් කපි පුත් හනුමත් බිඳැවි මහතුරු - වනසනු වස් වාලියා

27. සුගිව් වඳුරා හිරු - පුත් ගිවිසුම නිසා ඒ වාලියා නැසුමට රම් - කුමරුට කෙළේ ඇරැයුම්

ii. සුග්රීරව හා වාලියා අතර සටන

28. මෙහෙයුමෙන් රමිඳුගෙ - වඳුරු නා ලෙණ වෙත ගිය සුගිව ගුගුළේ මහ ගිර - එහි පිළි රුවින් සොල්වා

61

29. පිඟුවන් බරණ සැදි - පුපුරන වතැති කොව’ගින් වඳුරු නා ඇද වැටුණේ - රන් මෙර සේ ළහිරු නැඟි

30. නැඟු හඩ වාලි හා - සුගිව දෙදෙනා ලෙන් දොරැ ගිගුම් දුන් එ යුදෙහි අවි - වී ගිරි කැබැලි හා රුක්

31. මහ තුරු පෙළින් හෙන - පහළ සිරුරැති එ දෙදෙන ඔවුනොවුනගේ මායා - රූ ගැන සෙවූ මොහොතක්

32. පතිත හිසැ ගිරි තුරු - දුර ලනු පිණිස දිගු කළ අතින් හා අදරින් යුත් - සපා ගත් ලේ වැගිරෙන

33. උරි’නුර පැහැර ‘හ්ම්’ - හඬ දි වෙයින් ඔබ මොබ පතිත දිගටැදෙමින් සල - සළු පට වන් වල’ග යුත්

34. හිර ව කා බහනින් - නෙරූදර මුවැ ලේ පිරි දෙ පුතුන් අතර රිවිඳුරු - බාමය යුදෙක් වී එහි

35. විසි කරත උන් උන් - උසුලා ඔවුන් දෙදෙනා කුල පව යෙතැයි අහසින් - සිතිණි රම් කුමරිඳු හට

36. පිරික්සුම් සේ බල - හිරු පුත් සුගිව සැණෙකින් ඇද වාලියා ගුගුළේ - ‘දනුව මම වෙමි සුගිව’යි

37. නැවතී හුස්ම උඩ - නැගි නිසල දෙනෙතින් හා බා සපුන් හිර කර ගත් - රුහිරෙන් තෙත් ගෙලෙන් යුත්

38. විහිදි දෙපයින් තුරු - රැස බිඳ ලමින් ගුගුරන හිරු පුත් ගෙන බැමැවි නුබ - ගැබ වාලි පුරඳුරු පුත්

39. ඉති පුරඳරා පුත් - වාලි රිපු ගත පළමින් දක්වත තමන් බල රම් - සර ගිනි හෙණ සෙ විහිදිණි

40. බොළඳැයි කියා රම් - බිණු නිගා බස් බෝ කල් වාලි සර වන් තම ගත - හැර සුර සැපත් ලැබුවේ

41. රම් කුමරිඳු මලුන් - හා ගිරැ වලි සුරපුර නය රැක ලැබූ පැසසුම් - සුගිව රද තැන් පත් සඳ

42. විදුලි දහරින් පිඟු - හා සැඩ සුළං පහරින් ඔබ මොබ සරන සුදු පැහැ - සියොතුන්ගෙන් දිගත් සැදි

43. නද සර සහිත මේ - වළහන ගමන් දිය බිඳ වනනට යොවුන් සුව දෙන - සිත් කලු සොඳුරු කඳලැති

44. මතු යුදට යන ‍රද - පුත් ගිජිඳු මුව පට හා හිරු කෙසර මැදිරිසේ මේ - විසුළ වැසි කල එළැඹිණි

62

45. මලය මඳර විඳ - ගිරි කුළු යටන් මතැ සැදි දිය බිඳු මුතු පෙළින් හෙබි - මේ වියණින් වැසිණි ලෝ

46. ඇරැඹිණි ජය මඟුල - මියුරනි රඟව් කියමින් මේ කල විදුලි රන් දඬු - ගෙන වලා බෙර හැඬැවී

47. බල මගිය පෙර ඇය. හැර දැන් කුමට තැවෙහි ද අසා සෙන වැනි වන’ඟන - යුත් කඳල පත් විකසිත

48. වියො දනන් දැවියැටි - කම් දෙවි දරින් මේ කුළු සැදි නුබ සෑය නොමඳවු - විදුලි? අනලින් දැලිවී

49. මේ කල් දියුණු කළ - තෙද යුත් රතිඳුගොව් කැල මලවි සර වන් වියො දන - ගතින් හුණු ලේ බිඳු වැනි

50. ගන මේ කුළින් වැසි - ගිරි පෙළ හොබන ගඟුලෙන් රන්කමින් යුත් පලසින් - සැදි අසුර මදැතුන් වැනි

51. හඬ වන් මිහිඟු බෙර - සුගැඹුරු මේ නදින් තුටු නිල්ගෙල වැසි බියෙන් මෙන් - නඟා ගති සිය පිල් සත

52. කෙකිනිය නුබ සයුරැ - සක වන් හිවි වලා කුළු මද මත් ගිජිඳු සවනතැ - සෙමෙර ව සැරී මොහොතක්

53. පියුම් විල් කත පිරි - කිලිටි දිය නොකැලැල් වූ කළ කලහ නැමි මදයෙන් - කල හසුන්ගෙන් තොරවී

54. ඉඳු සැව්වෙන් දිගත - සැදි නව ගන වලා පෙළ නන් රුවන් රැස් පැහැ ගත් - සයු පෑ වැනි හරහට

55. මේ කුළෙහි පසෙකින් - තුරු පෙළින’ඩක් සැහැවෙත දිළිණි විදුකිඳු නුබ ගැබ - පළා නැඟි හිරැ රැස් සේ

56. නදී දිය පිවිතුරු - පූ ගන වලා කුළු පෙළ බරිනුදර වෙහෙසුණු මෙන් - ගිරි තෙලෙහි ලැග සිටිනේ

57. නැ‍ඟෙන නව ඉඳු සැව් - ගන මේ කුළැ මඳින් මඳ විරහිණි කොවින් දියැ ඉසි - තෙලිත්ත සෙ වී තැන තැන

58. තුරු පෙළ වසා ගෙන - සපුරන නදී මේ කුළ මොණරිඳු නඳින් තුටු කැරැ - ඇළුණකු කෙළේ පව්වෙහි

59. ගෙන යත ඉදිරියට - මරු මේ කුළ කලක් බෝ අරා සිට එය දිනිසුරු - භය පෙළ ගියෝ කොහිදෝ

60. පතළ නුබ වසමින් - මේ කුළු සිදුරකින් තම මඬල දක්වන දිනකර - වළවාන’ල සදිසි වී

61. නොතකා පමණ සිඳු - දිය පු හෙයින් උදරය පැළී නික්මුණු අතුණෙ’වි - ඇඳිණි මේ කුළැ විදුලිය

63


62. වසා හිරු රැස් මා - කරත’ඳුරු ලොව විදුලිය නසා ලයි යළි යළි එය - සිතන සෙ හැඬී මේ කුළ

63. නව වැසි නල සසල - කියඹු හා රත් නුවනැති මැඟියෝ සිය කඳුළු බිඳු - මුසු කළහ විසි බිඳු හා

64. කේතකි සුවඳ නල - දිය පතළ නද මියුරන් සහනු කෙලෙස ද හිමියනි - අසමින් හඬති අඟනෝ

65. නව මේ කුළු වසත - දිනමිණි කිරණ නුබ ගැබ බැහැරි වූ ගිම් තෙද පා - තැබූ වැනි විරහඟන ළයැ

66. දිය රොන් ගත් පවත් - පැතිරෙත බියෙන් සිසිලට මනයොන් වදි සෝ ගිනි - දැල්වෙන වියොව’ඟන භදැ

67. පෙවු පණ කළු පෑ - තියුණු සර වන් මනයොන් මුල් දිය දහර මේ කුළැ - පෙළී හද විරහිණියන්

68. පැතිරෙත වැසි අඳුර - වන බියැති දහවල්හි දු සක්වා හැඬී මුදු කොට - සැකයෙන් එළැඹිණැයි රෑ

69. මේ කුළු සපිරි දිය - හා මැඩි මඟී දන මන් මියුරනැති ලෝ පැවතුම - ඇසුරු ‍කරනෙද කවරෙක්

70. නව මේ කුළු ගජන් - කුඹු මත හෙත විදුලි කග පැහැ ගත් පළිඟු කඩ සම - දිය මුතු සෙ පතළේ

71. ඉඳුරුදැලියකු සේ - සිය සිප් හසළ මේ කුළ නුබ ගැබ පත් පෙඳක් වන් - හිරු ගිලිමින් වමාරා

72. මේ කුළු මත් ගජන් - රළ නුබැ වෙයින් දිව ගිය පත් වැ වෙහෙසට ඩහ බිඳු - දිය නොකඩ කොට වස්වා

73. විදුලිය කිඳු කියත් - ‍ළා මේ කුළු විසල් තුරු පළත හෙණ සුනු රැස මෙන් - වැටෙයි දිය බිඳු නොතොර ව

74. කලල් කළ මීවුන් - රැඳී සියොත් පා සටහන් කුඹුක් තුරු පෙළ සැදි විල් - ඉවුර ද හිණි තළා හඬ

75. හිරු තෙදැති මිහි තලැ - පුරඳුරු වැසි යාග වත් සදත පෙළ සේ ගිනි සිළු - බැබැලිණි නියඟලා ලිය

76. නව වැටකේ කුසුම - තුළැ වන් පියඹ හා තම සපදි නොම දත් වැසි බිය - හොත්තේ සුව සෙ බෝ කල්

77. ළං වන මනු ලොවට - මේ කුළු පෙළ විදුලි දුල ගම් වදිනැතුන් වැනි හඬ - දී ලැබ පහර ගිනිපෙලි

64

78. නැත ද ලැව් ගිනි බිඟු - දුම් නැඟි නියඟලා මල් දකින මුවඟන නොහළෝ - ගිනි බිය රැඳි තමන් සිතැ

79. ගහණ නන් විහඟුන් - සිත් ගත් හසුන් සරැ දිය කලල් කර ලී ඉවුරෙහි - පෙරැළී තළා සියපත්

80. මෙ රතිඳුගොව් පෙළ ද - නැතොත් බඹු ගෙන නන් පෑ සදත ඉඳුසැව් හුණු ගුරු - දිය බිඳු ද තෙලි තුඩ’ගින්

81. නොකඩ වැ පතිත වෙද - රජත කෙඳි මෙන් වැසි දිය නැත බිම හෙතැයි මේ කුළු - රැඳැවු පළිඟු දඬු වෙද

82. ඉඳු සැව් සදත මේ - රැඳි වයිති අත් රැස දෝ නැත විදුලි රස යුත් එම - දුන්න සැස හළ කැබැලි ද

83. නැතොත් එද විකසිත - ලියනඟලා කුසුම් දෝ ඈ විතක් සිතිවිලි දන - හද තුළ පහළවූයේ

84. දැවෙන කම් ගිනි වැද - රම් ඉඳු සැව් වැළඳ ගත් මේ කුළැ රැඳුණු නෙතැති ව - කී මෙ ලෙස ලක්සමණට

85. බක්මී වන සලන - නෙලෙන් මේ කුළු මද රද වෙස් පා බමත දිරි නට - ලිය කෙසේ නම් ඉවසා

86. මතැතුන් පහර ලත් - රිපු ගිජිඳුනැයි සැකයෙන් මේ කුළු සරා ලෙන් දොරැ - ඔවුන් හඬ පිළිරැව් දෙන

87. උලා ගත් වැනි ගුරු - මැටි සුනු වැතිර ගිරි තලැ මේ කුළැ කැලුම් ඉඳු දුනු - දෙනෙතට වෙසෙස් මඟුලකි

88. ‘ලැව් ගිනි නැසූයෙමි - එ ගිනි බඳ ගත තිට දෙමි’ කියා දිය දෙන වැනි මේ - කුළ නියඟලා මල’තින්

89. සැඬ නෙලෙන් මේ කුළු - පව් එකිනෙක ගැටිමෙන් පහළ දිලියෙන ගිනි සිළු - විලසින් දිගත් බබළා

90. එමතු ද හෙබි ලියෙන් - විසම තුරු යට නද දෙන නල බියෙන් පියුමෙහි ලොබ - හළ බිඟු ද වෙති නටුවෝ

91. නැතිව ම හෙයක් හඬ තළා - හැඳි වත් උනා දා අබියසැ දනන් සිට පෙනී - පහණින් පහර දී ඉස්නා දිය ද උමතුවෙන් - පෙළෙනා එකකු සේ මේ කුළ බමයි නල වසඟ - නුබ හැර පහත් වී

ජා. හ. 5 65



92. නැඟ එන නොමඳ දිය කඳින් - මී කල නොකර සෙස් දස’තම වසා ගෙන පතළ - අඳුරෙන් බිරම් හා ගිරි මත ඇලී දෙන ගිගුම් - ගන මේ කුළෙන් යුත් මේ කල පැමිණ මුළු ලොව ම - ගිල ගත් වැනියි දැන්

93. වහරේ කලැයි යන නමින් - සරනා ලොවෙහි දැන් සිරි ලඳ දෙපා දුන් අලෙවි - ලතු රස සුරත් වූ දිය බිඳු ගැටීමෙන් දිය වැ - බිමැ හී රැඳි ගත් සලකුණු සෙයින් රතිඳුගොව් - පෙළ මේ හොබි මැයි

94. බි ගෙන නදී දිය මිහිරි - කෑදර කමින් බෝ උදරය පිරි බර දරා - ගත නුහුණු විලසින් හිඳ ගෙන තෙලෙහි ගිරි බරින් - මිදෙනා අටින් මෙන් මහ හඬ නඟා මේ වළා - කුළ දැන් වමාරයි

95. ‘හැර ගෙයි ඇලුම් යන මඟිය - තැන තැන යොවුන් සිරි නට තගෙ දිගැස ගේ දෙපිය - වුරු පමණ මේ ය යි දක්වන ලෙසින් නියඟලා - ළිය ගුමු නදින් යුත් සැදි බිඟු කැලන් පුබුදු වූ - කුසුමත් නැඟූ වැනි

96. හඬනා එකකු හැම පැතුම් - සුන් උකටලී වූ හදවත පළා ගෙන නැඟී - එන ලේ දහර සේ දෙටු මසැ විසිර යන දස’ත - ගුගුරා හඬින් උස් දිය සුන් වළාවෙහි නැ‍ඟෙයි - විදුලිය දෙසින් නන්

97. ගුරු පෑ ඉඳුරු දුනු කිරණැ - ලකුණෙන් සැදුම් ලත් නව මේ ගජන් රළ ගුවන් - තල ඇත් හලෙහි වූ දසතෙහි පතළ රසිනුදුල - දම් විදුලි දැක්මෙන් කැළඹී මහත් හඬ නඟා - ගුගුරනු ඇසේ දැන්

98. පානය කරන දිය සයුරු - ගිලි පියුමරා මිණි රැසිනෙක් අඩක් හළ නමුදු - සේ ඉඳුරු ගොව්වන් ඉතිරිය වලා කුළු උදර - තුළ රැඳුණු බෝ කල් නැඟ එන නවමු දුනු ඉඳුරු සිරි ගෙනැර දක්වා

99. ලද හොත් ඉදින් කුමරි පුන් - තන යුගළ නැව මම් ගොර තර මසුන් පිරි තෙරක් - නො පෙනෙන සයුර වන් නොදිලෙන තරුවකුදු නොමැති - සඳ රැස් බිඳක් වත් ‍ගන’ඳුර වසා ගත් ඉතා - දිගු රැය ගෙවන්නෙම්

100. රමිඳා දොඩන බස් මෙ වන් - ඉඳ හිට මලවී හා ලඹ දෙන වලා කුළු දියෙන් - ඉඳුනිල් කළස වන් දෙවෙනා පහණ යුත් ගඟුල් - ඇලි සැදි ගිරෙණි උස් වෙසෙමින් ගෙවී කල් වහර - දිනු සයුර ගිගුමෙන්

66



12. සග

i. සරත් කාලය

1. ඉක්බිති වඩන කම් - නුපුබුදු පියුම් තන ඇති සරා කල එළැඹුණු රම් - සෙවුනට රදු වෙන් වූ

2. නොලද කිසි සරසක් - කිරණට දිනුඳු භය පෙළ ගියහ සුව සේ මේ කුළු - මඩ නැතියෙන් ගැලෙන කුර

3. දිගත් මේ සැව හැර - පියෙවි සිරුර ම සෙවුනා රුවනින් ලකළ ඉඳු සැව් - විදු කිඳු බරණ හළුයේ

4. නැතියෙන් මේ සැපත් - දුර විල් ලිහිණි බරණැති දිලි තරු දිසා පිවි තුරු - මනහර නදි සේ වි

5. නැති ව දිය බිඳකුදු - සිඳී හැල් කෙත් වියැළිණි වත විපත සමදරුහට - යැපෙනුන් නැසෙනු අරුම ද

6. පියුම මුව පැරැයූ - ඇල් ගෙවිලිය සැදූ හිසැ තම තරඟ කරු ඉහළින් - තැබුම සත් දන සිරිතය

7. ලය නොබිඳ රද හස - ගයත අනුව ම සතරට විල් කත පිපෙන පියුමතැ - දලැඟිල්ලෙන් මිනූ කල්

8. පසන් දියැ නිසසල - දිසි තුරු විලැ සමග වැසි පතිත වූ මිහි තල මත - නුබ කඩක් සේ බබළා

9. පිළිබිඹුවෙන’ඩ සඳ - දිලි පළිඟු සෙ පසන් දියැ මුළා වූ හස රද යළි - නෙළුඹලෙහි තුඩ නොතැබී

10. වැසු වලින් ලද ලිය - මුව සිපින සෙ බෙලෙන් හිමි හස රද පියුම් කැකුළක් - පුබුදුවා ලී තුඩ’ගින්

11. පතුරන යසස කම් - දෙවි සරත් කල් තෙද දුටු රමිඳා බල මහිම එහි - පැවසී මෙ සේ මල් හට

12. වරලස ම මේ කුළු - වහරේ කලැ සිරින් හෙබි දිලෙයි පිළිමිණි පැහැ ගෙන - විය පත් වැ නර කෙස් මෙන්

67





13. පියයුරු පහස මේ - නොලබන ගියෙන් වැසි කල මෙ ගිර සැදි සිරසෙහි තම - හළේ මල් දම් සිකි ගණ

14. ළා නෙළුඹු දැළිවන් - සේ වලා පෙළ මෙ සරා පුළුන් කඳු වැනි දිග’ඹුන් - පොළා ලූ ඉඳු සැව්වෙන්

15. නුබ සයුරෙහි දිගත් - වනැ නියඟලා කුසුමෙන් දියුණු පෑ ඉඳු සැව් වන් - කිර ගණ තුටු කරත් ලෝ

16. මඳ පවන හා මුසු - පියුම් සුවඳින් තුටු වන හස පෙළ සරති ඔබ මොබ - සේ වලා කැටි සිරියෙන්

17. පහළ දිනකර රස් - පියුම් සර හස පතුරා තෙදැතියන් කළ නිගහ ද - ඉවසනු ලො දන සිරිතයි

18. කරලින් බර ව නැමි - පඬු පෑ දුල මෙ හැල් කෙත් මතු ගිරා තුඩ’ගින් වන - විපත් සිහි කර තැවෙනෙව්

19. නැගි දියෙන් පළමු ව - පියුම මේ රිපු තවමත් වෙදැයි විමසනු වස් අන් - සියපත් එවූ දූ වැනි

20. පිබිදෙන පියුම් දල - තෙත් සරා පිනි බිඳුවෙන් ළා හිරු රැසින් වියළනු - පිණිස තබනෙව් දිග හැර

21. කිරි වදින තම සස් - සැපත රක්නා ගෙවිලිය වළකන්නී නොවේ පසු - හා විහඟ ගණ පමණක්

22. ඕ පමණ නොතකා - වැඩෙන ඉඟ සුඟ පෙ‍ළමින් යුග පියොවුරු හරින් හා - දෙසවනින් දිගු දෙනුවන්

23. පඬු පෑ දිලි තෙවිලි - තෙක් නැඟ සිටි වසා රොද අතර නොතබා එකිනෙක - බැඳි යුග පියොවුරෙන් හා

24. ‍වෙහෙසන දෙදඟ මුදු - වැඩියෙන් නෙළුඹු දැලියට පුළුලුකුළ හා දෙවටොර - මෙවුල් දමිනුදු වළකා

25. පැලෑ ගිරවුනැ’සුර - ලද කෑල තුර සැදි වැනි ළපල්ලෙන් හා කැකුළෙන් - නිසි වන වසක් සිරියට

26. ගතැති මියුරකු වන් - එක් ලද ලියක් නිලුපුල් සැදි මුදා හළ පිටි කරැ - වරලින් සෙබඩ පොළඹා

27. පියුම් වන තුළ ගන - සැඟැවි ගත් සිය පියබඳ සක්වා ලිහිණි පියොවුරු - සඟලින් පුන් නොපිළිසන්

28. විලිකුන් වකුල පල - සම දෙඅදරින් රත් පෑ පලවනු වස් තමා බිණු - බස් උගත් ගිරවුන් හා

68

29. නව ලපලු හෝපලු - සිරි ගත’ත්ලෙන් මියුලන් පොළඹා කරන්නී දුරු - විපත් පත් සස් සැපතට

30. බඳු වද දල නියෙන් - සිඳ සැදු කොපුල් ගෙවිලිය නිය පහරෙකැයි අනෙකකු - සැකි හිමි කොව’ග මෙළැවු

31. ගොර හඬ දෙන වැහැප් - කුර අදිමින් තමන් ලද ජය ගණන් කරනෙ ද නැත - කැඳවා ද රිපු සටනට

32. හෙන දෙකොළින් බුදින - නෙළුඹල හූරු දෙන මේ වෙදැයි මත් දළ හූරකු - බලා සැකයෙන් ඇය පුත්

ii. ලක්ෂමණ සුග්රීිව කරා යෑම

33. මෙ සරා කලැ යුදට - නිසි වන පිළිණ නොතකන වඳුරු නා පුබුදනු මැන - පහරා සරෙන් මෙ වදන්

34. තළා හිස යම පුර - තා යවනුව සැදී සිටි පුරඳුරු පුත් වාලි ‍මම - නැසිමි එහි පලය ද මේ

35. එළැඹුණු මුත් සරා - කල් තව ම නුපුබුදු තෝ හරි වැළැඳි සිරි මේ කල් - වෙහිද නැත’රුම වඳුරකු

36. බෙලෙනිසුරු වූ මද - හැර පිලිණ සිහි කළ යුතු නොතිත් වේමැයි යමයා - පමණක් වාලියාගෙන්

37. කළ ගුණ දත් සුදන - කිසැ පල නසා දුදනා යළි නසනු නියතයි ඔහු - තම තැන නිපල දුදනන්

38. රම් බස තිර මෙරෙව් - ඇසු ලක්සමණ දත් නය ගියෙ වඳුරු රද නිවසට - නොතකා සිටි පිළිණ තම

39. ඉක්බිති ලක්සමණ - පිරිමදිමින් ම හියවුර දැන්වී නහා බැම යුග - පැවසූ වදන් සොහොයුරු

40. නය විකර කර ගත් - රමිඳු මල් ලක්සමණට නම කළ සුගිව මේ බස් - පැවැසි දුර ලන උදහස

41. තම සෙත සෑදු බා - නොතකා මත් වැ ඉසුරෙන් පිළිණ සිහි නොකළහු බිය - හළ ඔබ බා දිනේ ලොව

42. වැද පා සෙවනැ ඔබ - බා බෙලෙන් ලද සැපතින් වූ මපමද රැසෙව් සඳ - ඔබ යසස පතුරන වැනි

43. ගුණමකු මවෙත පෑ - කුළුණ ම වැඩුව යහපති’ නොදනිතත් තුර වඩනහු - හේ දක්වා දයාව ම

69


44. හට ගත් දෙය නැසෙනු - නියතැයි කිව ද බුදුවරු ඇසුර ඔබ වැනියන් හා - නොනැසේ අසිරියකි හා!

45. පා සෙවුනෙන් ඔබේ - ලද මා ඉසුර අසිරි ද? තුර වුව මිහිඳු ඇසුරෙන් - ලබා මැයි රිහිරි ගිජිඳුන්

46. පිහිටට රමිඳු වූ - පෙරළා පිහිට නොහොබී බල නටුවන් ම මිස අන් - එකෙක් එය නොපතා මැයි

47. පා සෙවුනා දනට - පිහිට වනුයේ සත් දන නොවේ පතමින් පිහිටක් - පුබුදන මෙනි කුමුදු සඳ

48. නොපතා තෙදැතියා - තම කිසට අන් පිහිටක් නස්නාඳුර වටා ලෝ - හිරුද පහනක් නොදරා

49. මුසුව ම ගුණාගුණ - පවතී ලෝ දනන් තුළ වැඩි වුව එකක් එ දෙකින් - අගයති එය ම සත් දන

50. අනෙකකු කෙරෙහි බැති - නොවන ම ගුණය සලකා පැමිණෙන තෙක් වඳුරු සෙන් - රැ‍ඳෙතොත් මෙහි ම යහපති

51. ඉති වඳුරු සෙන්පති - නළවා මනැති කුමරා ගත කර කිහිප දවසක් - ගියේ හමුවට රමිඳුන්

52. සුගිව රම් පද වැඳ - නිවී ඔහු සිතැ කෝ ගිනි උතුමන් උදහසට නිසි - පිළියම වැඳුම වේ මැයි

iv. සීතා සෙවීම පිණිස වඳුරන් යැවීම

53. ගය ගවය ගවකස - නිල් දුමර පහසය හා දරිමුක බිමු ද වක්’තර - තරු සරබ වැහැප් කෙසරි

54. ඉඳුදනු නල කුමුද - අඟ ද ගඳමාදන ඈ වඳුරන් ලවා වැඳැවී - රමිඳුන් පා වඳුරු නා

55. වඳුරු නා සතබලි - විනත සුසෙණ ද හනුමත් සිවු දෙන කුවෙර ඉඳුරු ද - වරුණ හා යම රක්නා

56. උතුරු පෙර බටහිර - දකුණු යන සිවු දෙසෙහි ම යැවුයේ සොයනු වස් ඒ - ජනක රද දූ සිතා

57. සූගිව රවුළා ගිය - මඟ සොයනු වස් මෙහෙයූ වඳුරු සෙන් නඟමින් - මහ හඬ සිහ ගැජුම් දිනු සීතා සෙවීමෙහි - අදිටන දියුණු කරමින් ගියෝ නික්මී සෙද - දස දෙස දිවෙන නෙතැති ව

70


13 සග

රම් කුමරු හා සුග්රීවව ඍෂ්යෙමුඛ පර්වතයෙහි

1. මනු කුල දිනූ රම් - කුමරා දැවෙන වියොවින් කිස වන ගතින් දින දින - ලැගුම් ගති ගිරි හිසැ ඒ

2. තරු සඳ හෙළ උපුල් - යුත් රැය සියක් යම් සේ විය ඔහුට “කිම මේ යම” - අසමින් නිදි වරා සිටි

3. පැරැදුණු පළමුවෙන් - රම් කුමරිඳුට මදරද පහළේ ලද’වසරයෙන් - හද ඔහුගෙ දැවී වියොවින්

4. වියැළෙන නෙතින් රම් - හෙළා කඳුළැලි දියුණු ව තෙමුව ද ළය තැවුල එහි නිවනට නොවී පොහොසත්

5. පිරි කඳුළින් දෙනෙත - නොදිටි ගිය මඟ හනුමත් ගොළු වූ මුව සොවින් දළ - නොවැණි ගුණ ද කුමරිය

ii. සුග්රීවව රම් කුමරු අස්වැසීම

6. වඳුරු නා ඉක්බිති - සිය පියඹ වෙන් වීමේ සොවගින් දැවී රමිඳු සිත - සනසනු වස් මෙ සේ කී

7. කපි කුල නිවෙස් වන - සැදි ලෙන් කඳුරු විසිතුරු පිරි දන මෙ ගිරි සිරියෙන් - පිනැවුව යෙහේ දෙනුවන්

8. නැඟුණේ මෙ ගිරි කුළ - තම හිසට ඉහළින් යන හිරු වළකනු පිණිස හෝ - ස‍ඳෙහි මිග දැක්මට වෙද

9. ගිර අවට වන හිස - මත්නි යන හය කුර නැගු ගුරු මැටි වැකුණු මූ කළ - හිරු ද බබළා ළහිරු සෙ

10. මෙ ගිර හිරුකන් මිණි - අනලින් තැවෙන දහවලැ නිසා කලැ සඳකැන් මිණි - දියෙන් සිසිලස ලබනේ

11. සතුරැතෙකැයි ඇතකු - දුන් පහරින් දැදුරු වූ ගිරි රද හළේ දිය කඳ - කිවනට මතැත් කෝ ගිනි

12. සෙසු ගිරි දිනු උසින් - මෙය සුරත් ගුරු මැටියෙන් ලෙණ දොර මුවැ හසුන් පෙළ - දසන් දක්වා සෙන වැනි

71




13. දෙරණුසුනලු සමත් - මේ ගිර වැකි ගුරු මැටි මඩ නව සඳින් හෙබි දළවන් - වෙණු වරහ වෙස දක්වා

14. මෙ ගිරි හිස මේ කුළු - හා බෙයද ඇති ගුරුමැටි මියුල’ඟන ලැව් ගිනි බිය - රඳවා ගනි බෝ කල්

15. ‘මෙ ගිරි හිසැ සැදි තුරු - පෙළ ඇළුණු තරු රැස දුල පුල් බකිණි තුරු රැස මෙන් - මියුරු සිතැ මද නැංවී

16. තුරු ලිය පෙළ මෙ ගිරැ - පියුම්රා මිණි පෑ දුල ගිය ද වහරේ කල් රත් - පෑ ළපල්ලෙන් සැරසේ

17. ලෙණ මුවින් වෑහෙන - සුවඟුරු දියෙන් දෙවෙනා මෙ ගිර යුද වැද රිහිරෙන් - තෙත් අසුර ගිජිඳකු වැනි

18. දිනකර රැසින් තැවි - මෙගිර සඳ රැස් දිය බී නික්මෙන ලෙණ මුවින් මහ - දිය ඇලි ලෙසින් නඟනේ

19. හිරුක’ත් මිණෙන් නැගී - අනලින් දැවී වෙනෙන් යුත් ගිරි හිසැ පැකිළ හිමකර - ගා ගත් වැනිය ගතැ දැළි

20. මත් මියුරු පහරට - බියෙනරුණ නා පාසැති රිය දිවයුරුගෙ මෙහෙයා - වෙයින් මෙ ගිරට ඉහළින්

21. සුවඟුරු මුසු නදී - දිය පූ මෙ කුථ සැඳෑ කල මෙන් නොවෙනස් - නුබැ අරුණු පෑ පතුරා

22. නල වෙයිනැදී ආ - මේ කුළ කරා රූපු ඇතු ගිර හිසැ දුවන වනැතුගෙ - මුවපට සෙයින් රැඳුණේ

23. ගුරු මැටි මුසු දියෙන් - පුන් හෙළ පියුම් පුබුදින ගඟ සැදී මෙ ගිර නිතඹෙහි - කසුන් දම් සිරි උසුලා

24. ගිරි හිසැ දෙසෙක එක් - පාවෙන නෙලෙන් මේ කුළ සනහා පැන් පොවනු වස් - ගෙන යන ඇත් රදකු වැනි

25. ගිරෙන් දළ පහරින් - හෙන ගුරු දියෙන් නැහැවුණු ගජ රළ ළහිරු ‍රැස් වැද - දිලෙන මහ මේ කුළු වැනි

iii. පෙරළා පැමිණි හනුමන් සීතා දුටු බැව් දැන්වීම

26. ඉති බෙණෙත කපි නා - තුටිනිපිළෙමින් හනුමත් බටුයේ නුබින් සහසා - මදු වනැ මි ද අතැතිව

27. සැලෙත රම් සවනට - අසුබ පුවතක් වේදැයි ‘දිටිමි’යි කියා පළමු ව - යළි මෙ සේ කී හනුමත්

72


28. යම දෙසෙහි වන් මා - සොයා ජානකී ඹබ’ණින් තණ පරණලුදු පෙරළත - ඉක්මිණි සරා කල් දුල

29. ගිය දෙසසා රවුළු - හිරු පිය දැවු ගැරුළුගෙන් පැන්නෙමි මිහිඳු ගිර මත - සයුරෙන් මලය ගිරැ සිට

30. ගලන ගුරු දිය ඇලි - ලෙණ මුවැති මහ ගිර ‍ඒ පිය ගැටුමෙන් පෙළි මා - හුණු ලේ නැඟූ සේ වී

31. උසුලා මපිය බර - සලිත එ ගිරෙහි කුළු හිස් එකිනෙක ගැටීමෙන් නැඟි - රදසින් වැසිණි නුබ ගැබ

32. සැලෙත ගිර කැළැඹුණු - නදී ගමනැර මිහි තලැ නඟා මහ හඬ අහසින් - ගොස් සමුදුරට බටුයේ

33. පැන පැන තුබූ මා - පා පහරින් පෙළුණු ගිර දිටිමි පිවිසෙනු මිහි ගැබ - කිස ගතින් සෙස් නොකර ම

34. මහ ගිර හිඳින ඇති - තුරු පෙළ තණ පඳුරු හා නදී හි විට මෙන් මට - පෙනිණි යන කල අහසෙහි

35. විසම බිම ගං හෝ - ඇල ඈ විසින් සම ව ද කඳුරැලි සැදි දැදුරු ගිරි - මට සිලිටි ව ද දිස්වී

36. ඉක්බිති පෙරට ආ - සයුරු තරණෙහි සුරසා රකුසිය දිනා ගිරි හිස් - බිඳ නියොනාමි පහළට

37. මඟුලුයනෙහි දසිස් - විමසත කලක් දුටුයෙම් ලඳ’බට දුන් වියෝගිනි - තිජටා පසු ගමන් ගත්

38. සතත සිතිවිලි නඟන කඳුළින් සුරත් නෙත් හා කියඹු යුත් සල ඇයගෙ වත සඳ දකින රකුසෝ සිටිත් සුතිමත් කුළුණු ඇති සේ

39. ඔබේ රුව සිතැ මවා සීතා බලා වට පිට නැඟී අසුනෙන් බඳිතැඳිලි සල නෙතැති රුපු සෙන් අතින් ගිලිහී වැටෙයි බිම අවි

40. ඔබට පිය හිමි සමග එක්වනු හැකිය නොනසා ඇල්ම සිත තුළ උකටලී නොව හිඳින් කියන සෙ මෙවුල හෙයි පා මුල පියෙන් පිය

73



41. පෙළෙන ව‍ියොවින් ම භදැ කම’ගින් තැවෙයි හිමි සඳ සිතා මෙන් ඈ නිසල නෙතගින් වැහෙන කඳුළැලි විසුරුවා ළය පුරා සුස්මෙන්

42. පෙළෙන මෙලෙසින් එ ලඳ සනසා දරා කිරුළිස රුපුන් සහරා නැ‍ඟෙත නුබ රවුළා මෙ මා ගතැ වෙලා නා කැල ලැවුයේ ගිනි

43. හඬින් ‘ජට ජට’ වලග දැමු මා ගිනි දලෙන් ගතැ සිඳිණි රිහිරි ද, නිරත වන සිය කිස මැ දන හා සබඳ කම් නොපවතී දැඩි සේ,

44. පුරය රිපු ගිනි බියෙන් හඬනා දුබල‍යන් රක්නා රකුස් දන කැළැඹී ගිජිඳුන් හා රුවන් රන් මඟැති නටබුන් බිමක් කෙළෙමි.

v. රම් කුමරා වඳුරන් සමග මුහුදු තෙරට යෑම.

45. අමා බිඳු වන් මෙ බස් සවනට අසා තුටු වූ තෙදැති බලවත් එ රද කුමරා සමග කපි සෙන් ගියේ හඬනා සයුරු වෙරළට

46. සරෙන් බිඳී සිඳු හා බියෙන් තොර විබිසණ නොපැන ම තමන් හිම් සකල ලෝ ගුළ පතළ යස කිත් රමිඳු පිදුමට පැමිණියේ සෙද









74

14. සග

1. ඉක්බිති සයුරු වර - ලද රම් රද හසළ නය කපිසුරන් හා බැණ හෙය - තැනුමෙහි යෙදැවි නලයා

2. බිඳුමෙහි සමත් ගිරි - බා බල යුත් වඳුරු සෙන් ගෙන’වසර නරසිහ රම් - නික්මුණු සමග හනුමත්

3. වඳුරු සෙන් අත්ලෙහි ඩහ පහණ සුනුයෙන් පිස ඇරැඹි කිස නිම කරනුව - යෙහෙන් මහ බඹු නම කොට

4. ගිගුම් දී එඩිතර - වටොරෙහි පැහැර රළු වූ දිගු මග වලග දම් තම - කටියෙහි තර ව බැඳ ගත්

5. පෙර නොවූ විරූ තම - වෙසෙසි බල විමසනු වස් පැහැර’තින් ගිරි හඬවා - බිඳ පෙනෙන සේ මැනැවින්

6. ‘හ්ම්’ හඬින් කපි ගණ - එක් වැ නැමු පව්වෙහි මුල් සෙලවෙත අඩක් ඒ හා - බැඳුණු මිහි තල ගුගුළේ

7. ඉක්බිති පවන පුත් - හනුමත් නදිය පැන ගොස් වනුසුලන සප් බැඳුමැති - මහ ගිර පළා ඉසිලි

8. හිසින් පහරා කපි - හෙළී තරු පෙළ දිග’තෙහි ඇළැළිණි තිලොව උපුටත - මිහි මඬල බැඳි රස තල

9. බිඳි හෙන පව්වෙන් - ගිරි කුළු නැඟූ මහ හඬ බල කපි ගොසින් දියුණු ව - සක්වල බිහිරි කරැවි

10. ගජ රළ රැඳි තලා - හා ගවර දද ගණ යුත් බෙයද සැදී මහ ගිරි පෙළ - සුනු වි සෙද මුණින් හි

11. සුණු කළ බෙලෙන් බා - කපි බේයද යුත් මහ ගිර නමත ලෙණ මුවිනා ගුරූ - දිය ලේ දහර මෙන් වී

12. ගිර සප් මුලැදි යට - හිසින් ගෙන කපි ඉහළට නඟත ගොර හඬ නඟමින් - බිඳුණේ බේයද පෙදෙසින්

13. නැමි කපි අතින් ගිරු - මුල් පදනමෙහි සෙල් තල වන පුර යුත් දෙරණ අන් - තැනෙකින් පළා මතු විණි

75




14. සසල ගිර දිය ඇලි - සැදි නඟත හඬ නොමඳ වු විහඟ රැවිනවුලට දියැ - පත් මිහි තලය වෙවුළී

15. බැදු කපි දැඩි සෙ ගිරැ - ලෙණ දොරිනඩක් බැහැරට ඇදුණු අජගර එ ගිරෙහි - දිවක් සේ විය මොහොතක්

16. උපුළෙන් පව් බිඳුණු - රසාතලැ රුවනින් හෙබි නා කැල රිහිරි වණ තුළ - පෙනෙනතුණු වැනි මිහිතල

17. උපුළ ගිරැ රසතල - මැටි බැඳි සෙල් ඇසුරු කළ නා කුල මහ ගතැති එහි - සැලෙන මුල් කෙළ සේ වී.

18. රැඳි රවන විහඟුන් - තුරින් සැදි තුඟු පව් පෙළ නමත ඒ තුරු නිසි සේ - රඳවන පොළොව ගුගුළේ

19. රුවනාර පව්වෙන් - හුණු පියුම්රා පෑ දුල මිහි කත් රිහිරැ ඉල්පුණු - හද මස සෙ බිය දැනැවි

20. කපි සෙන් උපුළ මහ - පව් නුබ තෙක් ම වැඩුණෙන් බර වී වැටුනවුන් වැනි - රසාතලයට සිදුරැති

21. ලෙණ මුව සියෙන් හඬ - නැ‍ඟෙන මුව ගණ සරනා තුඟු තුරු පෙළ දරා සිටි - පිනුමෙන් සිකින් සිත්කලු

22. ගැටුණු රිවි හය කුර කුළු මුදුනැති එ පව් රද ගෙන කපි සෙන් ගියෝ හඬ - තලමින් සිඳු වෙරළ වෙත

23. මෙ ගිරට අන්ත මුව - සැදි සව් සයුරු දිය කඳ බොතැක එක විට පැවසූ - රම් බැලී වත හනුමත්

24. ඉක්බිති පවන පුත් - සල් වන වලා මඳැතුන් හා බිය පත් ‍සපුන් යුත් - ගිර ඒ දැමී අහසෙහි

25. මේ පියැති දෙඇලෙහි - ලෙණ මුවෙහි සප් ලඹ දෙන ගිර නැ‍ඟෙන නුබ පණිඳකු අදනා ගුරුළු රද වැනි

26. ඉක්බිති ගිර පහළ - සයුරු දිය කඳ හිරු හා ගැටී මින් කැල’වුල් කළ - දිගතැ’ති ව නැගී මහ හඬ

27. එ ගිරි පහරින් වැඩි - වළබා ගිනි කොවින් දිලි සයුරුත් සුවෙල පව් තුරැ - බැඳි වන ම ගියෙ ඔබ මොබ

28. තුටිනි පිලි කපි සෙන් - කුළු මුදුන් හා රැව් දෙන සියොත් ගණ යුත් මහ පව් - දිවයුරු මඟැ හෙළා ලූ

29. බි‍ඳෙක පව නුබ තලැ - නැඟුණු ගුරු මැටි ඈ සුනු ඉඳුසැව්වෙන් වැටුණු නන් - පෑ ගත් ගුලු කුඩු සෙ වී

76

30. ඉඳු සයුරැ බබළන - අවිසද හඬ නඟන ගිර සෙට වුව ද කුල පරපුර - දිරිය නටුයෙන් සැලුණේ,

31. හෙත ගිර සයුරැ නැඟි - දිය පළිඟු දඬ මත රැඳි රස් මුතු දැලැති පුන් සඳ - සේසත බැබළි මොහොතක්

32. පව් තලැ ගැටී හෙන - දිය කඳ නැඟී පළමු ව හෙබියේ ලෙසින් වෙණු බා - දරා සිටිනා ගිරි රද

33. පරෙවි පොව් ගෙල පෑ ගිරි පෙළට වත උවදුරු දැදුරු වන තලැ තුරු රොන් - විහිදිණි කග වියන් නුබැ

34. වන ගොමු ලකළ ගිරි - බෙයදෙන් ගැලූ කඳුරැලි පෙනෙමින් සසල දිය මත - සප් කුල වසා පතළේ,

35. රජත කඳු මෙන් ගිරි - ලෙණ මුවැ නැඟි බුබුලු රැස දියෙහි වන් සුර ගිජිඳකු - සොඬඟ වූ වැනි සුස්මෙන්

36. අතර තුඟු සල දළ - රළ දිලි පබළු කෙසුරැති සයුරු පියුමෙහි හෙන රන් - ගිර එහි කෙමි විලස් පෑ

37. පහරත ගිරෙන් කපි - සිඳු කඬ ගොඩ ‍ගමන් ගත් සමගා තිමි පෙරැළුමෙන් - සුනු විසුනු වී තුරු සෙල්

38. පිරි නදින් තුඟු රළ - නොසම සීඳු දිය මතුයෙහි උස් පහත් වන බුජඟුන් - ලයනුව සෑලෙන අත් වැනි

39. සුදු සක් කැබැලි රැස පත් රළ වෙයින් වෙරළත ලද ගිරි පහර සයුරෙහි - බිඳුණු ඇට කටු සේ වී

40. ඇළල ගිරි පහරින් - ඉක්මූ වෙරළ හඬමින් සිඳු ගිර උපුළ අවටෙන් - පූ මෙන් නිස ව ගිය වැනි

41. සරනබියසැ පණිඳු - පහස් ලද රළතින් සිඳු ගිරි පහරින් ඇදෙන නුබ - උස් හඬ නැගි දියුණු ව

42. කපි ගිරෙනැළලු සිඳු - දිය කඳ නැගුණෙ අහසට දිනිඳු තෙද නස්නට හෝ - හරනට වෙද තරිඳු ලප

43. නැඟුණු පහරින් ගිරි - දිය කඳින් ගොස් බෙයදෙහි හුණු සප් බරින් තම ගත - බිඳි තුරු දැවී විස’ගින්

77




44. සිඳු මත කග අහසැ - මින් එ දෙවග ම මිහිතලැ මුසු කළ වැනි තිලොව කපි - එකෙකා බැඳි සතන්ගෙන්

45. සරා නුබ ඔබ මොබ - සිඳු තෙර නුදුටු සිකි ගණ බමා වෙය’නුව දිය කඳ - වන්හ මිහිසිඟු වනයෙහි

46. සිඳි මොහොරකු ගිජිඳු - සොඬ වණැ රිහිරි බිදුමෙහි ගිජු වූ සප් ගතින් තම - ගෙන දිණි සොබා සොඬැ යළි

47. නඟමින් හඬ බෙය දැ - හෙන තුරු ලියෙන් වැසි කුළු බුදින‍ පණ ගිර වැනැසී - දිගතෙහි පළ අසුර සෙන්

ii. වඳුරන් ගැන රම් කුමරුගේ කළකිරිම.

48. ඉක්බිති වඳුරු සෙන් - තුළු කිස නහමමින් සිටි එ රද විකුමැති පැවසී - මෙ පස් සිඳු ගොස දිනමින්

49. අළලත සයුර පෙළ - ගැසී මුළු දුන් තිමි ගණ ලූ ලූ ගිර ගිලිති මෙහි - හරුව සේ බැඳුම’දහස’

50. ගජ රළ හා සරබ - ගණ බිඳින මිහි තල යුත් හිවි ගිරි ලුව ද සිඳු තුළ - නැත්මැයි පලක් ඉන් වූ

51. නොසැලී සිටින තිමි - ගණ සිරුරු පව්වෙන් සැදි සිඳු සරෙන් පහරා සෙන් - පර තෙර පමුණුවාවා

52. මුවරැතුන් සප් සෙන් - පිරිවැරූ පබළු දලු වන සිදින දසනින් කපි නා - රද සිරිනෙතර වේව‍ා!

53. යුත් ගජන් සුරු යුද - මුවර ගණ හා අසුරන් සපිරි දිය සිඳු මා හැර - පිහිනා ද කිය කවරෙක්

iii. පාළම බැඳීමේ කාර්යයෙහි නල යෙදවීම.

54. සල රමිඳු එ බසින් - නල සොලවා දෙසනුදෙස් බැඳ මහ පව් පළමු කොට - හෙළුයේ මලය ගිර’වට

55. නල කපි නොහැර කල් - තර කළ පළමු පදනම නොබිඳියැකි සේ සෙල් හෙය - ඉදිකැරුම් කිස ඇරැඹි

56. වෙරළතැ සුසැදි ඒ - තිර පදනමැති සෙල් හෙය වැඩුණේ සයුරැ පැතිරෙන - මලය ගිරි අකුරක් සේ

57. ලද පහර හිවි පව - බියකරු මසුන් නෙත් යුත් සිඳු කොවින් රළ’තින් තම - පහළේ වඳුරු නා ළෙ

78


58. කපි නා නා ලියන් - මද සුවඳැති කඳුරු සැදි මහ පව් හෙළී දිය මත - පැතිරෙන වෙරළ දොවමින්

59. සසල කර දස’ත ම - හඬින් නල ලූ සමුදුරැ ගිර තිමි වලග පහරින් - නැඟුණේ යළිදු අහසට

60. නඟන ගොස කපි සෙන් - බලා සිටියදි විමති ව කැසුබු නා හුණු තම පිට - ගිර බැමැවී කලක් බෝ

61. පෙර පසැ මලය ගිරි - නිමැවූ අඩක් හෙය කපි සිඳු දිය රිසිවැ දිගු කළ - අසුරැතකු සොඬ සේ වී

62. පෙණ උවහස් සිනා - පෑ බෝ කලක් සමුදුර පහළේ අතින් දිය කඳ සුවෙල හිස සැදි කුසුමෙන්

63. දිලි අනල සේ නල - පව පහරින් වමන් මන් නම සප් කැලැති කැළැඹි - නඟන හඬ රළ රළපතරින්

64. ගුරු මැටි පෑ රැගත් - පව් දොවා කළ සක සේ සයුරු දිය කඳ දෙපසට - ගිරි හෙයින් වෙන් කැරැ ලී

65. එ සෙල් හෙය නිමැවුණු - වෙණු වරහ දළ නො සම වැ හෙත මිහිතලැ පසෙක එක් - නැඟී සිටි බිම් කඩෙකෙට

66. බැඳි පව් මලය හා - යුවෙල හෙය වැනි අජගර වල’ගින් ගෙන ඇතකු අන් - එකකු ගැනුමට දිගැදෙන

67. ගිරි සුරැතුන් මලය - හා සුවෙල හෙය දෙතෙරෙහි නොහැකිව සටන් යුග සොඬ - පටලා ගත් ලෙසක් පෑ

68. එ රම් රද ඉක්බිති - මනු කුලයට තිලක වන් බලා ගිරි හෙය කුහුලින් - සිතී මෙ ලෙසින් බෝ කල්

69. යා කළ මලය හා - සුවෙල ගිරි හෙය වෙද මේ නැතහොත් තුලාව ද සැදි - සම කරනුව දෙපව් බර

70. හිස් කර සයුරු දිය - තිමි මසුන් කැල ඉවතට ගනු වස් මරු කෙවුළු කළ - හිටි වෙහෙලි බැම්මක් දෝ

71. ගිරි පියොවුරු මඬල - මිහි කත් හා රකුස් නා දෙස පුවලුකුළ එක් කළ - මැද දෙස ද සැදි වලියෙන්

72. පෙර පැළ සිඳු කලහ - වළකන සේ දෙගිර මඟ උන් දෙදෙනතර දිගු කොට - බැඳි යුග බා ද තරයේ

73. ගැඹුරට ගිය ම සර - පහරින් පෙළී කිස වූ ලුණු සයුරසුර කුලැතකු - ඇටක් වද දිසි මතු වී

79

74. නැතහොත් පතළ ලෝ - පුළුල ගැන වූ කුහුලින් මැන බලනු වස් සමුදුර - ගත් මිනුම් දඬුවක් වේ ද?

vi. රාම කුමාරයා ගිරි හෙයට නැඟීම

75. පවන පුත් හනුමත් - දුන් සෙනෙහසින් අත ගත් රම් ගිරි හෙයට නැගුණේ - අසුරැතකු පිට නැ‍ඟෙන සෙ

76. නිසි වියෙහි සිටි යුද - රිසි වඳුරු සෙන් හා රම් තැරූ සිඳු තිමි ගණ නැඟු - රළ සුවෙල ගිර තෙමන සෙ

77. සැදි බෙයද කොපුලත - හිරු මඬල කො‍ඬොලින් හා නන් තුරු වන දිනු සුරන් - පිනවන සඳුන් වන යුත්

78. වැසි කඳුරැලි නදින් - නඟන හඬ මදැතුන් හා හෙළා දිය බිඳු ගුගුරන - ගන මේ කුළු පතළ නිති

79. තුඟු ගිරි ඛෙයද බිතැ - රන්මය දිදුල වියැ සෑදි රැහැනින් ඇඳි හිරෙන් රන් - දක්වන හිරු ගමන් මග

80. සිහ මනැති මිග රළ - සරන නිති උයනින් හා කඳ සුමිතුරු විහඟ ගණ - රවන උණ බට පඳුරැති

81. මිගිඳු මුව සලකුණ - හැඳින එය ඩැහැ ගැනුමට නඟත පිය නිය පහරට - බියෙන් සඳ යන දුරු වී

82. සරනැතුන් ඔබ මොබ - ගැවසෙන කුරිරු වැදි දන විල් ලිහිණි හා මුව ගණ - යුත් නදී දිය පැති‍රෙන

83. ගැටෙන නුබ මිණි රැස් - ලැව් ගිනි බිය දනන් හදැ දනවන සුවෙල පව්වට - නැඟුණේ එ රද කුමරා

84. දුල්තුඟු රැළින් යුත් පබළු - තුරු රැස් වැදීමෙන් බැස යන දියෙන් මුතු දිමුතු - මතු ‍වන ලෙසින් නන් පුරඳුරු බියෙන් ගිය පලා - ගිරි පෙල අබය ලත් සමුදුර නිවෙස් වූ වරුණ - නැරැඹී තුටින් රම්






80


15. සග

i. අඞගද රකුස් පුරයට යෑම

1. නිසි රවුළු දිනනට - කවර ද සිවු උපායෙන් විමසනුව’හද කපි විරු - යැවි රම් රකුසු පුරයට

2. සිටි එ මඟැ සරමින් නැති ව ගරු සරු වඳුරන් වල’ගින් පහළ සිය’ඟද - පිවිසිණි සුරසතුරු සබ

3. නොබිඳි නය එ අඟද - ලබා නිසි ගරු බුහුමන් නිහඬ ව ගෙවා මොහොතක් - මෙ වදන් බිණි සබයට

4. නුගුණයා හට වුව - පිදෙයි බැති සුරු බවැතොත් කෙරෙහි එ දෙක ම ඇතියන් - පවතිත් දසුන් මෙන් දන

5. නොනැසූ තොප බලය - අන් දන වැණූ ගුණ රැස එ ද තොප කෙරෙහි සිනෙහැති - කපි නා සිටී විළි වැද

6. අනිටු පල දෙන ඔහු - වදනරුත් සුන් නොකරව් යහ බස ම නය දතුවෝ - තකති අනෙකක් නොසිතා

7. නොතකනුවො පිළි ලබ - රොස බෙණෙති බස් හිතකර නොබෙණෙති කිසිත් වැඩ ඇති - ඉසුරු ලොබ දන අතවැසි

8. ඇතැමෙක් තමන් මන් - දක්වනු වස් යමක් බැණ පොළඹවා හිමි සටනට - නොයෙති එය දක්නට වත්

9. දැක රීපු දද’ග දුර - ඇතැමෙක් යුදට වලිකන සර වැසි වැටෙත හිස මත - නොතබති පෙරට පියකුදු

10. නසන’ටින් රිපු සෙන් - පෙරට ම යව් මුදව් සර ගොසන විරුවෝ පෙරමුණැ - නොවෙති පස් හය දෙනකුදු

11. මත් වී සුරාවෙන් - මිතුරන් ලියන් අබියසැ බිණු වහසි බස් යුදයෙහි - සමරණුවෝ දුලබ වෙත්

12. ඉසුරැතියන් සැපත් - බුදිනට කවුරු නොඑති ද යුදෙහි විපතට පත් ඔහු - සමග වන්නෝ දුලබ ය

ජා. හ. 6 81




13. එහෙයින් නොකොට ගරු - මිහිරි බස් අතවැසියන් නය’නුගත බස සැලැකිය - යුතුය සොයනහු ඇති තතු

14. සුකට දුකටැයි කම් - දක්වති අගම් දතුවෝ ගුණ දොස් ඈ විසින් එ ද - සතරෙකි නිපැයුමෙහි පල

15. දැන එ දෙක කටයුතු කළ හොත් නිගා නොවන සෙ ඔහු අත රැ‍ඳෙනු නියතයි - යහ පල නය’නුගත වන

16. හැර නිගා දෙන කිය - පත් ව ඇසුරට සත්දන යහ වැඩ කරන උන් වෙත - නෙළුළඹේ කිසි විපතක්

17. බලැතියන් හා වෙර - නිපලි පර’ඟන එ ලොවෙහි නොදෙයි සුව එ හෙයින් හැර - රම’ඹු වනු ඔහු මිතුරකු

18. ඉඳුරෝ නැණැතියන් - වුව බඳිති රූ ඈ හී නොව වසඟුනට ලොව යස් - පතුරන්නේ ම විරුවෙකි

19. යොවුන නොතිරැයි කය - දන නැසෙනසුලු යයි දත් උතුමෝ සැප සෙ පෙනුන ද - නොකරති අනිටු පල කම්

20. යම් කමෙකින් එ ලොව - සැප හා මෙ ලොව යසිසුරු ලැබෙයි නම් නැණවත් දන - කරති එම හැර සෙසු කම්

21. නසා රුව ජර දුක - එක්වීමෙහි ම වියොවැත දිගු වුව ගෙවී යයි දිවි - සෙවුනේ දහම යහපති

22. නොදිනියැකි මුනි වන් - මහිමැති ඔහු පියඹ ගැන දෙලොව ම නසන ලොබ සිත - හැර යස ලැබුව යහපති

23. ලැබ පියඹ තුටු වන - කළ ගුණැති රම් රොස හැර ජය‍ ගෙන සුරන් තොප පුර - වඩනේ ලෙසින් අතවැසි

24. ඔබ ඇමතියකු යම් - රිසි වුව ද නව පතියකු ‍වේ නම් නය විරුදු එය - ඔහු බස නුව නොයා යුතු

25. වීම මිනිසකු හෝ - වඳුරකු ලුහු කරන දප් නොවේ හෙය දන නැණවත් - රිසි වෙත් අඩු බලැතියන්

26. රද පුත් හසුන මේ - කිරුළ සෙ නොපිළිගත හොත් තෙපි හිස් බරින් ගිරිවන් - මිඳුමෙහි සුව ලබන්නහු

27. පුරඳුරු පුර දිනා - ලත් පුල් වැලුක් වන වන් තොප යස දවනු නියතයි - කිත් ලැව් ගිනි රමිඳුගේ

82




i. රකුස් සබය

28. වදන’ඟද එඩිය ම - පළ කෙළේ වුව කන්කලු බැඳුන සෙ කොවින් රකුසෝ - නොසැලුන ද වූ නොසතුටු

29. ඉක්බිති රකුස් ගණ - මහ හඬ ලා කොව’ග ගැබ් ගියහ දස අත විසිරී - මවමින් විලස් බියකරු

30. කම්පන සසළ හිස - අදරැති දසන් පෑ ගත් නඟමින් බැමක් වෙත’ඟඳ - හෙළී බැල්මක් නෙත’ගින්

31. ඉක්බිති කොවිනැළලි - තෙසිරස් පරපුරෙන් හිමි කිරුළු මිණි ගැටුමෙන් නැඟි - රැසින් නුබ කුස හෙබැවි

32. දිලි නුවන් මදයෙන් - ඉඳුරුජිත් ඩහ වගුළේ පළමු මද සේ දිගැතකු - තෙමමින් වැහෙන දෙකොපුල්

33. හෙළි කළ රමිඳු දු - හසුනැසු නිකුඹ රකුසා මුව සඳු වන් රැසින් හෙබි - බිමට යොමු කරැ සිටියේ

34. පුපුරන කොවින් හේ - ගිනි දලින් හළ දෙනෙතින් එ සබ මඬුවෙහි හිරුකත් - මිණි පෑ ටැම් වෙළා ලී

35. කුඹූ රකුසා තමන් - දුනු දියෙන් බිඟු වැල වන් බා මත සැදි කැළල දෙස - බැලි හකුලා දෙනුවන්

36. මඬිත ඉඳුනිල් මිණි - දම’තින් උරෙහි හුණු සුනු කරාලැයි පල රකුසා - විය බැඳි සෙ කළු මුව සම්

37. වැහෙන ඩහ බියකරු - දැකුමැති හේ කලක් බෝ වතින’ත රැඳවූ සිටියේ - බලා ගත් වන දූ දෙස

38. දිලි සුරත් පෑයෙන් - යුග නෙත් වළබ ගිනි හා සල’ත් දළ රළ පෙළ යුත් - දසහිස් සයුර ඇළැලිණි

39. ‘නය’නුගත යහ බස - නොතකා මැයි අසත් ලොව’ කීමෙන් මලයවත් ගති - අනෙක් විලසක් එ සෙබෙහි

40. ඉක්බිති විකර වෙස් - දුටු දසිස් හුන් සබයෙහි දදෙක් කොව’ගින් දැවුණේ - සැරැසිණි අඟද බැඳුමට

41. වල’ගින් ම පිටිකර - හයා බඳනට රකුසා තනත’ඟද ගියෙ සෙන් හා - නුබ නැඟ නසා සතුරන්

83



iii. මාල්යදවත් ගේ අදහස්

42. රකුස් ගණ විළි වැද - සිටිත දුටු නය පර තෙර මලයවත් කී මෙ ලෙසින් - රවුළුට මුහුණ හැකිළුණු

43. හිතකර බස්වසනු - අමිහිරි වුව ද මෙහි වූ වෙදෙක් දෙන්නේ නීරස - ඔසු තරහට නොවේ මැයි

44. රිපු ගුරු අපිය බස් - විරිදු වන මුත් සිරිතට වෙනසෙහි නිගැන්මට රිපු - ගුරු සෙනෙහසට වීමයි

45. තා බැහැර ලූ මුත් - ම බස මම එ මැ පවසම් සෙනෙහෙන් විනා අප’තර - නොවේ ඒ දිවි ලොබයෙන්

46. පවතින අත් නොහැර - විපතෙහි ද මෙන් යහපතැ නැණැතියන් බස් කන්කලු - උනුන් යහපතට ම වේ

47. යමෙක් සිය යහපතැ - බැඳුණු විමසුන් නුවණැති ගුරු බස් අසා නම් ඔහු - වෙත නොඑළැඹේ විපතක්

48. ඉසිමුක ගිරැ රමිඳු - පත් දා වාලි වෙත ගොස් ගිවිසුමක් කර ගති නම් - මේ විපත් නොවනු නියතයි

49. ඔහු වඳුරු සෙන් මෙහි - වදිනට පෙර යුදට හෝ යා යුතු ව තුබුණ ද එය - වැළැකිණි නිසා සිතැ ‍මන්!

50. මිත් අසුරපති තොප - අසුන රසතලැ පත් වූ ලබා දුන් යළි මිතු දම - වටී සමරනු මෙහි ලා

51. නයැදුරන් බස ලෙස - යා යුතු වුව ද යුදයට නොතැකූ එය රජය තොප - ගිලිණි රිපු සෙන් සයුරෙහි

52. නය දතුවෝ යමක් - දී රිපු හා මිතුරු වෙති වෙ නම් සෙත දීමෙන් ඇය - එ ද සෙට උපායෙක් මැයි

53. නොදතු ද තවෙත හෙන - නල කුවෙරගෙ හැවිලි හෙණ රකිනුව කුල’ප විපතින් - වෙණු වන් රම් පියඹ රකු

54. නොදිනිය හැකැයි රම් - සැක කෙළෙහි තො ද එකැතින් ලඳ ඒ තවුස් වෙස් ගෙන - පැහැර ගත්තේ එහෙයිනි

55. දනු ද රම් දූ තොප - පුතු අක්ස නැසු වග ඇසු හේ නිහඬ වී මුනිවත - මය නිසි දදුන් අබියස

84



iv. රවුළාගේ වහසි බස්

56. පසසත මලය වත් - රකුසන් එ බසසා සිටි රවුළා මෙ සේ පැවසී - විදහා ගිනි සෙ දිලි නෙත්

57. හිතකර වුව එ බස - වසඟ ඉඳුරන් එ තවුස් අපහස කළ ද පර ලොව - පතා ලබ වෙයි අප අත

58. නොවැසීමි සැකයෙන් - ගත මා තවුස් වෙසකින් නොනසීවයි එ ලඳ දුටු - දින ම ගත සැඟැවූයෙමි

59. සීතා ඈ බිසව් - වෙසෙත් තොර ව ම උපබෝ නන් රුවනැත ද රද සතු - කිරුළ’ග වනුයෙ කිහිපෙකි

60. දිගැත් දළ අවි බිඳි - රුවනැති අඟු බරණ සැදි ව බා මේ ලොල් යුදයෙහි - නොදේ ඉඩ ගිවිසුමකට

61. ඉඳුරා ඉසුරු නට දෙපා - මුල රිපු වැටේ නම් මන් බුන් සුරන් සෙමෙර නල - අනෙකෙක් ලබා නම් කියනු ම කිම ද ගැන නරන් - වැද බිය ගිලන් වූ වෙණු වුව රවුළු දිනු සුරැත් - නැත් මැයි දිනන්නේ

62. කඳ වුව යුදෙහි හුණු බාල - යකු සේ කරන්නෙම් නොතකමි පමණ තණ පතක් - දිනු තිලොව ඉසුරුත් ජල නා අතැති මල වරුණ - දිනු සේ ද දන්නෙම් නර හෝ වඳුරු යුද බියක් - වෙද මෙ මට කෙලෙසින්

63. දිරියැති නොසල රණ බිමෙහි - මම කෙළි පිණිස මෙන් දනපති කුවෙරයා වු ව ද - දුන් බා පහරකින් සුන් දත් මියෙන් හඬ තළන් - නකු කොට මහත් සේ මැසි පිට මේ මා බා හොවා - ගෙනෙමි නොවී ලස්

64. තොප’තර නිදොස් උස‍නසෙව් - සුරු නියැදුරා මේ නොසමති ගෙනෙනු පුත් එ රද - අඳ බාලයකු වූ පැවසූ රකුස් රද රැගත් - සුරඟන සිනා රැස් මුත්හර සදා පුළුලුරෙහි - එ සෙබෙන් පිටත් වී






85


16. සග

1. පුරඳුරු රිපු රවුළු - දහවල් කිස’වසන් බැව් දත් පිළිහැරියගෙන් රිවි - ගියෙ ලද’වසරින’ත් ගිරි

2. ඇදි අරුණ රැහැනින් - නැමි ගෙල දිනිඳු හය පෙළ රිය සක් සුනෙර නිතඹෙහි - ගටමින් බටහ පහළට

3. පතිත වූ සහසා - බිඟු පෙළින’ඳුරු පිහිකුළු ලෙසක් පෑ මො‍හොතෙහි රිවි - ගිඳුණේ සයුරැ බියෙනෙව්

4. ඉනික්බිති බිඟු රැළ - පිඟු වන් වැ සිටි මොහොතක් සිතුවෝ කුමුදු නිලුපුල් - හෝ රත් පියුම් වේ දැයි’

5. පියුම් මිණි වේදිය - බිඳි තරඟ රොන් විහිදෙත හැකිළිණි දිනත් සිහිලෙන් - මෙන් ගෙදිගුවිලැ සියපත්

6. ‘හැළෙයි දල පියුමෙහි - යයි අත්ගිරට දිනකර ගොහමින් ගෙදිගු විලැ එක් - බමරෙක් බැමී තැන තැන

7. එළඹෙත දින’ත මතැ - ලගිනා විහඟ අඳුරෙන් වැසි තුරු මඩලු සල හිස් - පෙළෙනුන් වැනි වියෙන් ජර

8. බසිත දිනකර රත් - සැඳෑ නුබ දිලි තුරු පෙළ සැදි වණ සුරන් සරයෙන් - රවුළු ළය හා සම වී

9. දිනකර බියෙන් සිඳු - තුළ සැඟැවි සිටි නිසයුරු ගියෙ ද දැන ගනු වස් ඔහු - රැසත් නැඟු වැනි අහසෙහි

10. පළමු අඳුරෙන් යළි - පිඟු තුරින් හා තෙවනු ව සිසි රැසින් හෙබි සැඳෑ කල - ගති සබා ගතැ මෙහෙසුරැ

11. පසෙකින් බසින හිරු - සහ පසින’න් නැ‍ඟෙන සඳ ඔසවා තැබු කලෙක වැනි - නුබ තුලා දෙතටුවෙ ලා

12. සැඳෑ මඳ රත් පෑ - පැතිරෙත නැ‍ඟෙන සඳ වට කරන වැනි මදු පානය - පෙර දිග විතින් පිළිමිණි

13. ලඳුන් සොර සැමි වෙත - ගිය උලනෙව් කොකුම් තනැ නන් පෑ ගත් වලා හිරු - යත සැඳෑ කැල්මෙන් දිලි

86




41. “කිම අළුයම දිසා - කත වලා පියයුරු හෝ මුදා ලන්නිද’ඳුරු සළු” - සිතමින් කුමුදු පෑ හස

ii. සඳ උදාව

15. උදා ගිරි පත් සඳ - මඬලින් කොවුල් පැ’ඳුරු වැස්ම බිඳ ලොව ලූවෙ ද - ලෙණක නැත වැනැසූ වෙද

16. නැමුණෙන් විල කුමුදු - රැස බරින් බිඟු කළු වන් සැකයෙකි හිණි ද මුව ලප - පෑ බිඳු සමග සඳ රැස්

17. හිමකර රැසිනුදම් - වූ තොරණ සඳකැන්මිණි පිළි ගති නොහැර කල් ඔහු - පුදමින් පළමු දිය බිඳු

18. වත් කැලුමෙන් රකුස් - අඟනන් පැරුදුනෙමි මම නෙත’ග බැල්මෙන් මෙ මුවා - අඟවන වැනි ලොවට සඳ

19. වැද සුවෙල ගිරි මත - පතළ රැස් නව දියැලියි මුළා වන නිතඹිනියන් - තුටු සිත් දියුණු කරමින්

20. වඩවමින් කම් ලොබ - මනැති අඟනන් හිමකර පත්වී උදා ගිරි දස - දිගැත් දළ පෑ ගන්වා

21. නිසයුරු රජත ගට - නුබ විලැ හෙත එ තුළැ වූ නිල් පෑ දිය තරඟ හා - පතළ සෙ අඳුර දුරු වී

22. පතළ ගන’ඳුර සිඳු - සඳ කිරණත් පහර ලත් සුරැතු සෙ ගියේ නොපැකිළ - දිග’ත හිම වන පසු කර

23. පතන හිමි සමහම් - වියොවඟන මුව පියුමෙව් කැල්මෙන් සස ලපැති සඳ - නිසා කල වූ සුලකළ

24. නැ‍ඟෙන සඳ මැඟිනෙන් - කැල්මෙන් පියුම්රා මිණි හා කිසෙන් සඳකැන් මිණි - අනුගත විලස් දැක්වී

25. සිත්තමින් යුතු බිඟු - නොවැසුණු දියෙන් සපුරා හෙළ පියුමැති කුමුදු විල - පෙරැවූ වැනි ය සිහ සම්

26. පිළි පිඹු වත දියෙහි - තරු පෙළ දිලි නිසා කලැ එ ද කුමුදු විලෙකැයි තුටු - හස පියා ගියෙ හුන් සර

iii. රකුස් අඟනෝ.

27. ඉති ගන’ඳුර බිඳිත - තරිඳු සොමි රැස් දහරින් විකර සිතිවිලි යොවුනන් - සිතැ කම් දෙවි විලස් පෑ 87 28. උදෙසා පෙම්වතා - සොඳුරඟනක් සැදු ‍තම සඳ වන් උවන කල් යත - සේදිණි කඳුළු දහරින්

29. පිය හිමි නැත මවෙත - මෙ වණින් කිම ද පල මට සිතු ලඳක් සිය යුග’දර - නොකළා අලෙව් ලතුවෙන්

30. අඟනක් තමන් හිමි - උර තෙලෙහි රැඳි අනෙකක ලතු පා ලකුණ නුදුටු - කො‍ඬොල් මිණි රස් පතළෙන්

31. කම් ලොබින් එක්වූ - ලිය තම ලතැ ම එල්බුණු හිමි නෙතැ වන් ළපලු රොන - හරනට මියෙන් නොපිඹු

32. ඉඳුරු රිපු සුරතෙහි - ලිය සවන් සැදි පියුමෙන් නිමුව ද පහන දුටු මුල - දෙවටොර රසන් මිණියෙන්

33. වළදිත උනා වත - ලඳ දූවනැ හා කුඹු තනෑ කොකුමඟර නැසුන ද එය - රැඳිණි සිහිනිඟැ පෙර සේ

34. රොස් වත පියඹ හිමි - ඇගෙ පා පියුම ගෙන තම හිසැ සදමින් වඩයි පෙම - කොපමණ ද ලබ ඇගෙ හා!

35. බල සලෙල රති මත් - ලියක දසනින් බුන් තොලැ රුදා පහ කරනට එය - තෙමනෙහි ද නිති කඳුළෙන්

36. බෙණෙනුයෙ කිම වසා - මුව පියුම් දල වන’තින් බුන් තොල සැඟැවුමට හෝ - වෙ ද ගරු සරුව පානට

37. රොසැතියනිති - බෙණෙත - ලිහිල් වූ රති වැළැඳුම් රකුසඟනෝ දෙඩූ රළු - බස් නෙතැ කඳුළු රඳවා

38. සිටිය ද වෙතැ පියා - මලෑ’දර යුග සුස්මෙන් කැලුම් හෝ තෙත් කුළුණෙන් - නෙත’ඩ බැල්මක් නුදුටීම

39. වැළැකුමත් පියොවුරැ - බෙණෙතුදු රැක්ම මුනිවත හසෙහි රොස හා අඟනුන් - දෙන දඩ යැ තම පියනට

40. පැළෙයි තිගෙ ළය මතු - එ හෙයින් නොවව රොස් ඈ යෙහෙළින් බසින් පහවී - රකුස’ඟන සිතැ අබිමන්

41. බල දුතිය හිමි මා - පමා වී නම් එකැතින් තැන් වෙ ද කිසේ මෙ රොස්ට - තී තොල සපා ගත්තෙහි

42. රැකියෙමි මිතු දහම - මදු හා මල් බෙදා ගෙන මෙ ද ඔහු සමග මා හා - රති සුව බෙදා ගැන්මෙකි

43. දිසෙයි පහර ද දත් - සසල ය ගත වතෙහි ඩහ කියග සලෙලිය යුග’දර - නොසැපී ද හේ ගති වක් 88


44. සැබැවි බස් පෙර කී - නැතැයි අප’තර වෙනසක් තිට හැම ලැබෙයි හිමිගෙන් - මා එය තැතින් ලද යුතු

45. සසල දිරි ඩහ වැකි - වතැති හස හා දප් සුන් රකුසඟන කී මෙ ලෙසින් - රොස් බස් දුතියට තම

46. නට’දර පෑ අතින් - මැඩි රකුසඟන පත ලේ හෙළි කළෝ සිත් අදරින් - හිමිට සපැමිණි කලෙකින්

47. වැළැකු‍වෙන් පිරිවර - දුතිය පසු පසින් විත් සැඟැවි සිටි සැමියෝ තුටු - සිතිනැසූ බස් යුවතින්

48. බිඳි තොල නොවේ තෙත් - අඹ රසෙන් මුසු මදුවෙහි කොපුලතෙහි තොප මේ දළ - නිය පහරට කිම ද හේ

49. කොල චපලය යුවති - නෙත් සිපිත එහි රසඳුන් කෙලෙසින් හෝ රැඳී ඇත - උඩු තොලැ මෙනව රවුලැති

50. නො ඇසේ ම පස් තට - රැඳි නෙත් උවනැ යුවතින් පියෙවි වක් ගති හා මදු - මුවැති තගෙ නෙතැ කඳුළු ය

51. මත් රත්න් තුරුණහු - වෙත ලූ නෙත් නොසල පිය රකුස් ලිය බිණු පා හස - කොව අදර දප් මුසු බස්

52. පොළඹා ගතින් තම - ගෙනෙන මදැතකු ඇතිනි සෙ මනොහු ගත්තෙහි තී සත් - දන නොතකති එ මිතු දම

53. සකී මා උදෙසා - දළ දුකිනෙවන් පෙළෙනා බිඳුණේ තිගේ යට’දර - පමණි එ නමුත් ම හදය

54. ඉති යෙහෙළිය මුවට - නැංවූ හස සුරත් නෙත් සඳ වත් රකුසි දූතිය - පිට ලා බිණූ රොස් බස්

55. ලැසි වූ නුරාවෙන් - ලද ලිය පියුම්රා මිණි විතෙහි මදු පූ සැකයෙන් - කිසේ විණිදැයි රස මේ

56. එ මදු යෝනන් ළය - වත නෙතෑ තැන මනකල් රඳවා සොබා ඩහ සේ - නික්මිණි පෙරී කොපුලෙන්

57. පුන් සඳ නිල් උපුල් - මුකුළිත කරත එහි රැඳි කුරඟ මුව් ලප එකුසුම් - පෑ මදු විතැ පැතිරවි

58. මදු මතින් නට ගුණ - පියනගෙ විළි නුරා මත් බෙල සුන් යොවුනඟන හදැ - පිය තුබුමද නොරිසි වී

59. ළහිරු බිඹු පෑ ගත් - මනහර යොවුන් අඟනෝ පිරැවු මදුවෙන් පෙරළා - මිණි සක් උදුල පියුමෙව්

89

iv. රවුළා රකුසඟනන් සමග

60. ඉක්බිති තිදස් රිපු - නල පිළිහැරිය අණ ලත් පහ කළ රදස් සඳ රැස් - නොනැසූ මේ කුළෙන් තෙත්

61. අනුගත සුර’ඹ ගී - වෙන නද දස’ත රැව් දෙන මතු මහල් තලැ කම් දෙවි - වර ලද’ඟන සමග වී

62. රන් සක් දසයකින් - බොන මදු දස මුවෙන් තම දසිස් දිනුවේ දස’තින් - එන නදි දිය බොන සිඳු

63. තත ය විතත ය ඈ - තුරු එක් වර ම වයමින් යොවුන’ඟන බැමවී මුව - අටෙකින් ගයා තෙලයෙන්

64. තම එකෙකත කතුන් - ගතැ ලා දස මුවින් උන් මුව පියුම් සිපැ එක්වර - නොතැබි රොසට අවසර

65. සපත එකියක ඔහු - එක් මුවෙක’දර දස මුවැ ‘ස්’හඬැසු සෙසු අඟනෝ - පහළහ හිස් නවය අන්

66. මදු ඔඩම වූ තට - මමුවැ යටි තොල සැපුවෙගි මුවවිට සපනු බඳනෙහි - මතින් බමනහු සිරිතයැ

67. බුන් දත්නෙකක තගෙ - යට’දර බෝද අනෙකක් ඈ බස් බිණූ රවුළුට - යුවතියෝ බැම නඟමින්

v. උදස

68. සුනෙර කුළැ සඳහා - රැඳි ගුරු බෙයදැ මතැතකු බරණ කර සඳ හා සපු - අළු ගා ගත් තිනෙත් වැනි

69. තිලොවට දෙන වෑදි - බිය නව ස‍ඳෙව් දළ යුත් අසුරිඳු වෙත ‍සැපත් සුර - ගඳඹෝ ගැයූ නොබියව

70. හිමකර සැපත් වී සුනෙර - ගු‍ණයෙන් සිසිල් වූ අඳුරෙන් කෙළේ වෙන් පෙරඩ - මිහි තලැ අරුණු රැස් බිඟු ගණ කුමුදු ලොල් නඟන - රැව් ලිහිණියන් හා සැදි පෙළ තරඟ විල් සසල - කර නල හමා යේ

71. දිය කඳ සයුරු නිසි කලැයි - වෙරලින් ඈත් වේ සරතී අහස් කුස විහඟ - ගණ පුබුදු නින්දෙන් කළ සේ අරුණු පෑ අලෙව් - බබළා දිගත් සව් හිමකර කිරණ ලැබ උදුල - තරු පෙළ නිවී යේ

90



72. තර කොට වැසූ දොර වළස් - සෙන් බිඳ හෙළද්දී බිහිසුණු තියුණු අවි දරා - ලක්සමණ එද්දී සුරු විරු රමිඳු හා ඔවුන් - සෙන් පහර දෙද්දී කවරෙක් සමක් වෙද සටන් - කර ජය ලැබුම් හි

73. යෙදැවූ රකුස් කුල නැසී - මෙහි බා යුගෙන් යුත් සුර අවි දැරීමෙහි හසළ - තෙද බල නොහිම් වූ කුමරා පැමිණි යුද පිණිස - අප සිත් වෙවුල්වා නිදනුයෙ කිම ද පුර දනන් - හඬ කනැ නොවන් සේ

74. කුඹු පියොවුරෙන් ලිය එළලු - මනයොන් පහර ලත් තරණා නිසා කල සයුර - මු‍වරුන් නිවෙස් වූ නිරතුරු ඇලීමෙන් සුරතැ - රවුළා බැගෑපත් කරවා පුබුදු සුර ගදඹ - බෙර සක් නිහඬවී
















91


17. සග

i. දෙවි පුද

1. ඉක්බිති සුරැකි නය - රම් කුමරා නැමඳ බඹු පුදා ගිනි දෙවි විදි සේ - නික්මිණි යුදට නො ලසා

2. සතුරු සෙන් දිනුමේ - වර පතා සුර රිපුහු ද කළහ බිලි හා ගිනි පුද - මය අසුරිඳුට හිතකර

ii. රවුළා සිය සබය අමතයි

3. ඉතිබිති පිවිසි සබ - දසහිස් අඳුන් ගිර වන් පැවසී මෙ බස් පොබයා - මිතුරු මුව නෙත් කැල්මෙන්

4. මා තොප අතර වන - තිර බැඳුම පිරි කුළුණින් දෙගුරු පුතු හෝ පතිනිය - පති අතර ද නොවේ මැයි

5. කිසි දිනෙක තෙපි මට - නොකළහු අහිත කිසිවක් නය සේ තොප ම රැකි මා - කිත් රැස නසනු හැකි වෙද

6. ගැන්මෙහි තිනෙතිසුරු - හෝ බියෙළවුවමැ දිනිඳුට සමත්හු නො තෙපි හැම දා - නැති වෙද එ යහපත දැන්

7. කවුරුද නොබීඳුණෝ - වැද සටන් බිමැ තොප හා පුරඳරා හුන් රියරා - වුව මෙවුලී හඬින් තොප

8. පෙර රණ බිමෙහි තෙපි - බැගෑ නුවහු රිපුනට බල’ප වත යුදයෙහි හුදු - තඬව නළුවෙකි ඉසුරා

9. සොරෙකී වරුණ විස - සප් මල නරන් ගෙලැ ලන දිනියැකිය ඔහු සැණෙකින් - රැවුම් පමණින් තොප ගේ

10. බූ සෙන් හා විසුළ - හැම අත තිනෙත් තැති ගෙන සිටිත’ප දිනනු නො හැකි ව - කවුරු නොවෙති ද බිය’පට

11. විදුදර දිව ගදඹ - සිඳි ගජ රිහිරි නැහැවුණු කඳ ද දුරු කළ හැකි තොප - නදින් ගොර මේ ගැජුමෙව්

12. දිනව් රුපු සෙන් සුරු - නය හසළ සුර ගුරු වුව මන් බිඳ තළා බඳනට - පෙර තෙපි සමත් වූ වහු

92




13. පෙන් වුව ද අණ සක - මත් තෙදින’පට දනදා හික්මුණු යුදෙහි මොනවට - සියසෙට සෙන් අතැර යා

14. ඉඳුරා බල සතුරු - මුලිනුපුටා තොරණ පුර දිනු තොප ගදවි පමණත් - ගැනුමෙහි නොවී සමතෙක්

15. නට බල විකුමිඳුරු - එ යුදැ ජය රිසි කවරෙක් බියෙළවන රිපුනට අත - පුළුලුරැ හෙළා නොගති ද

16. දිනුවෙම් නොවෙමි මම - සුර සෙන් බෙලෙන් අවියෙහි උහු තොපට කළ අයදුම් - නැමී සිටියහ පා මුල

17. එ රද සෙන් පිහිටෙන් - අසුරන් දිනූවෙක් වෙද නොසැඟී එ සෙන් බියපත් - මිතුරු වූවෝ තොප හා

18. වාසුකී මෙහෙයූ - නොඉවසුම් හස පා සෙද යුදැ වන් පෙණැති සප් සෙන් - වසඟව තොප මිතුරු වූ

19. පතළ දියුණු ව තොප - තෙද රසින් වන් යුදයෙහි නටුයේ දිලුම නතනා - විසෙන් තම රිපු නසනා

20. ඉති පෙළන රුපු තෙද - යුත් තෙපි දිනව් යුදයෙහි බඳනා මෙවුල් කුස තණ - ඒ අමුතු දුටු නරයා

21. දප’ප රැක පෙර කලැ - කුල මුදුන් මල්කඩ වූ සේකර නසා වෙර පෑ - මට දුදනා නැසිය යුතු

22. නොසිටී අප’බියසැ - ඉඳුරා ද නට කිත් රැස වඳුරන් රැළක් ගෙන ආ - නරයකු ගැන කියනු කිම

23. නොසහමී කිසිවකු දු - යසසට අහිතකර මා හොවා ඔහු පා මුල බා - යුග ගිනි දෙවිට පුදනෙම්

24. නසා මා නෙත් බිඟු - මුව කමලැ මන කම් ලැගි දවතොත් එ ලඳ හිමි හා - මල් මරු මුව දකීවා

25. හිමි නෑසියන් හා - හෙනු දැක යුදෙහි ලඳ ඒ බැ‍ඳෙතොත් කෙරෙහි මා දුක් - සිඳ සුව ලබා එකැතින්

iii. රකුසෝ යුද පිණිස නික්මෙති

26. ඔහු බසැසුවෝ සබැ - සැදී හරින’ඟුබරණින් ගෙන දිලි ගදවී නික්මුණු - බිඳින’දිටනින් රිපු සෙන්

27. යට’දර දෙපියයුරු - කඳුළෙන් තෙමූ තුනුවඟ කියඹුවෙ හෙළා සිටී නෙත් - රකුසෙක් ගියේ නිවසින්


93

28. රකුසෙක් දුන් පියඹ - මදු මතිනැය වැළඳ උරැ රැඳි කොකුම් සමගම ගියෙ - ගෙන’තින් වත සිඹින බිම

29. පිළියෙන් වෙළා බඳ - කවදින් සැදුණු රකුසෙක් මද මත් අසුර කුල හෙළ - ඇතු මෙහෙයවී සටනෙහි

30. නොලස යුදැ අනෙකෙක් - දැඩි කවදයෙන් සැදුණේ වඩවන තුට වෙයින් තම - මත් ගිජිඳු පිට නැඟුණේ

31. රදසින් මේ කුළෙව් - වසමින් දිගත් හය පෙළ බල වතුරු සෙ දි වූ කුර - පහ‍රින් පොළෝ ගිල්වා

32. පුරයෙන් නිකුත් සෙන් - විසක් වැනි වූ පෙර මඟ යුද වෙය දියුණු කළ රිපු - වඳුරු නා වෙත එළැඹුණු

iv. සටන ඇරැඹෙයි

33. එඩිතර රුදු වඳු‍රු - සෙන් මතින් ලැසි ගමනැති ගෙන පබළු තුරු ගිජිඳුන් - පහළෝ සදිසි ගිරි කුළු

34. රිහිරෙන් නැහැවෙමින් - මෙහෙයත සෙන් සටන් රුදු මය රකුසා පැමිණි එහි - ගියේ මොහොතින් පැරැදී

35. පහර දුන් සතුරන් - සපුනැතුළැ වූ පව්වෙන් රකුසෙක් විසිර සම් මස් - හුදු ඇට සැකිල්ලක් වී

36. සැදි කැදලි විහඟුන් - මහ නුග තුරක් බි‍ඳෙකෙක් ගිරක් හා රැඳි මේ කුළු - හෙළි බිය කර සතුරන්

37. අනෙකෙක් මේ කුළක් - ගත් මහ ගිරක් පෙරළා වළකා ගදවි රිය’ඩක් - බිඳ යුද බිම පිවිසියේ

38. සැත් පහරින් රිහිරි - විලෙක වැද හොත් අනෙකකු හඬවමින් සුනකෙක් හා - රැව් නැඟු සියොත් කා දැමූ

39. තුරක් ගෙන සතුරකු - කොකුමෙන් පිඟු ගෙලෙහි දුන් පහරින් එකෙක් සිටියේ - බිමැ හී රිහිරි පෙරමින්

40. රිපුන් ගිජිඳුන් හා - නා කැල වෙසෙන පව්වෙන් දුන් පහරින් එකෙක් - ඇද වැටිණි හිස පිපිරී

41. එකෙක් පැසසුම් ලත් - විකුමෙන් සතුරු පහරින් වැතිර සිටියේ මිහි මත - විදහා යුගත ලද කිත්

94



42. රිපු පහරට ලක් වැ - ඩහදිය කඳුළු පෙරමින් රකුසෝ වන්හ පුර තුළ - පැකිළෙමින් සම බිමෙහි;

43. තැති ගත් බවක් සෙන් තමන් - කිසි දා නොවු සේ අසමින් කොවින් රත් මුවින් - යුත් ලකිසුරා ඒ හෙළන සෙ මුවෙහි මරු කුමරු - වෙන් වූ පියඹගෙන් යැවි සිප් සයුරු දුනු එතෙර - පත් පුත් ඉඳුරුජිත්





















95

18. සග

i. ඉන්ද්රුජිත් සටනට යෑම

1. යුද රිසි ඉඳුරුජිත් - සෙනෙහෙන් තමා වට කොට මෙහෙයූ නුවන් පෙළ යුත් - රවුළා කෙළේ පැදකුණු

2. දත් සිය සමය හේ - වැඳ බැතින් මය අසුරා නික්මිණි පුරෙන් බල සෙන් - සමග ලෙළවා දද පෙළ

3. ගඳින් රිහිරෙහි ඔද - වැඩි ඔවුහු දුනු හඬවා වස්වමින් මහ සර වැසි - වන්හ යුදයෙහි බිහිසුණු

4. ගිරි කුළෙව් ගිජිඳුන් - කුඹු වන් මුවින් හෙන ලේ දහරින් තෙමෙන විරුවන් - දෙස බැලුමුදු නොහැකි වී

5. කැටකින් පහර ලත් - ඇතු තොලෙන් විහිදුණු ගිනි පතළේ දසත බිඳිමින් - ගන’ඳුර නැඟුණු රදසින්

6. උරසින් හා සොඳුරු - වටොරින් හෙබි ඉඳුරුජිත් සැරි ඔබ මොබ නසමින් - සතුරන් ගැඹුරු නද දී

7. ඉඳුරුජිත් බැඳි නා - පසින් දසරත දෙපුතුන් සිත්තම් කරන ලද වැනි - ගල ලෙයින් හා රදසින්

8. ඉක්බිති ඔවුන් එහි බැඳ ලූ කුරිරු විලසින් ඉඳුරුජිත් තම පුරයට - පිවිසියේ ඇත් ගමනින්

9. සොහොයු‍රනගේ රම් - ලක්සමණ හදැ සෝ ගිනි සීතා නිසා අසරණ - සත ගුණයකින් වැඩුණේ

10. පුරඳරා සිහි කළ - පමණින් එළැඹි තම වෙත ගුරුළිඳුට දන්වා එම - පුවත මඳ හස දක්වා

11. නසන අප මිතුරන් - පත් විපතැ මේ නා රද අන් දිව නයකු පිහිටෙන් - මැඬලිය යුතු යි පැවසී

12. මුදවත විහඟපති - කුමරුන් නා පසින් බැඳි අපොළන හඬින් කපි සෙන් - ඇළැලී ගියේ දස දිග

13. කළ මනා කිස දත් - සපුනට ගුරුළ තොපගේ ගමනින් නැසේ රිපූ රිසි - රකීවා වෙණු දෙකුමරු

96




ii. රකුසෝ කුම්භකර්ණයා අවදි කරවති

14. ඉක්බිති රකුස් සෙන් - සැඬ නෙලෙන් ළෙහි පහරා විඳ වෙහෙස බෝ කුඹුකන් - අවදි කැරැවූ නින්දෙන්

15. කර ගෙන මුව විකර - ලූ රළු බැලුම් වෙත සෙන් හිඳ ගති හේ මුදුන් ‍තල - අබියසැ එ පුර පවුරේ

16. ඉව කර රිහිරි ගඳ - උඩ ලමින් ගිරි කුළු හේ පැමිණ පා පහරින් බිඳ - පුර දොර සැරි තැන තැන

17. ‘ටං’ යන හඬින් මහ - වඳුරන් හිස් සපන ඔහු දෙකොළින් පෙරෙන රිහිරෙන් - තෙමුණේ ළමැද සැණෙකින්

18. සුල’වියෙන් කුඹුකන් - විසුළහ බිඳී රිපු සෙන් සැලුණේ දිසා එ පුවත - දැන්වී පිතුට අඟද’ත

19. නූන බල විකුමැති - දිරියෙන් අබිමනින් යුත් මහ සෙන් සතුරු එඩිතර - හැසිරෙති යුදෙහි සැහැසිව

20. කුඹුකන් පෙරටු කොට - යන ඉදිරියට රිපු සෙන් යුදෙහි පිටු පා සිටි තොප - වලග සිඳිනට රිසි වෙත්

21. හනුමත නොව බැගෑ - වදුව සටනෙහි නොබියව නැති කිසි දයා ගුණ ළෙහි - ඔහු තා විදිනු නියතයි

22. දිනූ කිරි මුහුදෙන් - සුසෙන් පුත් දන්වන්තරි පිටු පා යෙත’න් කවරෙක් - යේ ද එහි රස විඳුමට

23. එම්බල නිවට තෝ - ගැති වූයෙහි ද අනුනට වෙද මෙ සුරුබව’තින් ගෙන - කැටක් නස්නෙ ද රකුසා

24. කුඹුකන් යහ ගුණැති - නොලස් වූයේ යුදයෙහි වළකනු නියති තා දිනූ - සුර‍යන් දැපී තෙදසින්

25. ඔහු අත පත් ව ඇත - අද කේසරී තැති ගත් රකුස් කිඹුලන් මුව තුළ - හෙද කවර නම් වඳුරෙක්

26. බල නටුවන’බියසැ - වැරුව ඔහු නොදිනු ද තා හර සරැතියහු පුත්හු ද - නොදිනුවෝ වෙත් මැයි උන්

27. පිරිහේ සැපත් සිය - බියෙන් නයිකසි පුතුනට මේ ගිරි වන රජය ද තගෙ - රැකෙනුයේ විජයෙන් මැයි

28. සුරු සර යැවුම්හී - හිරු වන් තෙදැති මිහි තල නමතුදු සමත් හනුමත - උන් බල නිසරු කළ මැන


ජා. හා. 7 97

29. සුරයකු මෙන් සැහැසි - කපි නා සමග විබිසණ සිටියේ පිටත කුඹුකන් - දෙස බලා සිය සෙන් ගෙන

30. සිටියහ දුරැර බිය - සෙන් සර මැද වෙයින් එන වෙත මැ වූයෙන් හිමි හද - හැර ගියේ බිය පතිනිගෙ

31. ගෙහි ම ය එකකු මරු - යුද සුව දේ අනෙකකුට එහෙයින් බියව සටනට - හිමි අත්හැරුම නොහොබී

32. තැති ගෙන රකුසු සෙන් - දැක රණ බිමෙන් මඟ හැර මුළු වැද වඳුරු සෙන් මේ - ගැරහුම් ලබනු කුමට ද?

33. සුර රිපු රකුස් සෙන් - හා කරන රුදු සටනෙහි පළ කොට බල විකුම් හැම - ඉටු කළ යෙහේ තම කිස

34. හෙත සර රමිඳු වෙත - කිම ලක්සමණ සිය සිප් දක්වනුව සුබ මොහොතක් - එන තෙක් බලා සිටියෙ ද

35. රකුස් සෙන් බියකරු - වස්වා තියුණු සර වැසි නසමින් වඳුරු සෙන් අප - දක්වති උසුළු විසුළු ද

36. දිරියෙන් නොපසුබට - සුර රිපු සෙන් නොවී ලස නැහැවෙමින් කපි රුහිරෙන් - එනු නොපෙනෙ ද ඉදිරියට

37. ගිජිඳුනි පිරි සිරින් - තෙපි මහත් පල එළවන උදාවෙහි වුව සෙට බැව් - සෙන්පති නොවනහු ද මෙහි

38. ‘එම්බල වඳුරු රද - යස කිත් රැසින් යුතු වුව යතොත් රණ බිම හැර තොප - පැළැඹීමෙක් නොවේ මැයි

39. දත් නය හා සිරිත් - නට ද දිරි රම් කුමරා සුන් වූවකු සෙ යස කිත් - හැර දා නොයේ රණ බිම

40. අන් ලොවක් බිහිසුණු - රණ බිමෙහි පල දේවා සැපත නම් මෙහි හැම කල - සුර පුර සැපත් වීමයි

41. රකුසන් ගනු නියති - කපි සෙන් දැලෙන් බැඳි සේ දැන් තෝ නොදත් ඇති සේ - නන් දොඩන්නෙහි බිය වී

42. බොළඳ කපි සෙන් තොප - කා දමනු වස් සැරසී එති රකුස් සෙන් එ‍ හෙයින් - යුතු වව කයින් තෙදවත්,

43. බියෙන් සටනට ඒ - ගුණෙනුසස් සෙට දන හා හළොත් නොනැසෙ ද තොපගේ - යස රැස සේ වලා වන්

44. සත හට සර යසස් - ගෙන දීමෙහි සමත් වන මෙ සෙන් දිරිමත් නිරතුරු - නොපසුබට දිරියෙන් යුත්

98

45. මත් වී දපින් හා - විජයසිරියෙන් අත පත් සිටිතී නොවී අවනත - බෙණෙමින් වහසි රස මුසු

46. යන පැතිර මේ සෙන් - නඟමින් ගැඹුරු බෙර හඬ ඇළැලුණු සුනෙර මතනෙන් - කිරි සිඳු විලස් දක්වත්

(47 – 49 ජාල බන්ධන‍යකි. අර්ථය ව්යාතකුලයි)

50. විහිදෙන නන් දෙසින් - අසිපත් කිරණ තුළ දුල සැඟැවී ගැටෙන එක්නෙක - සර හඬ වැකිණි සවනත

(51 – 54 ජාල බන්ධනයකි. අර්ථ ව්යාරකුලයි)

55. බිඳීමෙහි අමු මස් - ගිජු මෙ හනුමත් කපි නා පහණ වැස්සෙන් සරතුන් - වැසි ගිය සේ දිස්වේ

56. දස දෙස වසා ගෙන - පතළ හිරු කිරණ සෙ දිලි රිපුනවි රැසින් බිය පත් - අප සෙන් සිටිති වෙවුලා

57. හනුමත ඉසුරු සම - තෙද ගමනැති සෙනඟ තොප විසුරුණහ දැන් සතුරන් - කා මෙ අප කර දිරිමත්

iii. වඳුරන්ගේ උ‍ද්යෝකගය

58. එයැසූ වඳුරු සෙන් - පෙරළා හැරුණු එකෙණෙහි සත් දන සදොස් මඟ ගත් - වළකන අකුස නිගහ යැ

59. නඟමින් යාග ගොස - නිසි පුද කළ යුදෙහි රිපු යටහත් වැ පා මුල වැඳ - වැටුන ද කළහ වනසම

60. වැසෙන සේ කුඹුකන් - නල හා නීල යුද කැමි වැස්වූවෝ මහත් වැසි - ගිරි කුළු තුරු නොතොරව ම

(61 – 63 අර්ථ ව්යා කූලයි)

64. ඉක්බිති මරු මුවෙහි - පත් වෙත නල අග්නි පුත් රකුසෝ පෑහ ගිජු බැව් - බිදුමැ අමු මස් රුපු සෙන්

65. සතුරෝ දිනුම් රිසි - පතුරුවමින් මහත් ගොස ඔබ මොබ දිවෙන නෙතැතිව - පෙරට ම වන්හ නොනැවත

66. ඇද ගෙන යත සුගිව - කුඹුකන’වී පහරින් හුණු සිහි ලැබ නැඟී යළි ඔහු - ගහණ සිඳැ ලී දසනින්

67. නොදැන රිපු කා දැමූ - සිය සෙන් කොවින් කුඹුකන් අඟු පව සිඳී වැටුණේ - පහරින් රමිඳු තියුණවි

99


68. රැඳි බිඟුන් කොපුලත - මදැතුන් සදිසි රුපු සෙන් මැනැවින් මෙහෙයැවුණු සෙන් - පෙර ම‍ඟෙහි රැක සිටියෝ

69. හෙබි විසිතුරු වතින් - වැහෙන මද පොද කොපුලත දද රැගත් මහ ගජ සෙන් - වැනසූ දිරිය සතුරන්

iv. රම් කුමරු සටනට පිවිසීම.

70. බිඟු කග පියුම් යුත් - විලට බසිනෙව් ගිම් කලැ රිපු රණ බිමට බටි රම් - රැඳි කපි සෙන් කුමුද හා

71. රිපු මතුරු බල උන් - ගජ සෙන් නිසරු කර ලු එකෙක් දළ සුන් ගි‍ජිඳා - දිස් වී විනායක සේ

72. ඇද දැමූ සොධගින් - උණ වියන’සුන් ඈ යුත් බිම රඟ ‍හළෙක සිරි ගති - විසුරුවා හළ සුර සෙන්

73. හෙන මද මේ කුළෙව් - සුදු දළැති ගිජිඳුන් හේ වැනසී සරා කල නුබ - ගැබ නැඟි වලා පෙළ සේ

74. මද සුන් සිය සරෙන් - සතුරු ගජ සෙන් රමිඳා හළේ පලවා මොහොතින් - දිරූ බට දඬු පහරින්

75. රම් කුමරු හළ සර - පහරින් රකුස් සෙන් ගිර දැදුරු වුව රිපු සෙනඟට - එය දරනු නොහැකි ම වී

76. විදුලි දිව් මුවරැස් - හා සුවිසල් උදර යුත් සුර නර ගණ නසන නිති - පරහස්ත ඈ රකුසන්

77. සිය වල’ගින් වෙළා - ගෙන පහර දී කටියෙහි ගෙන’තින් විසල් නන් තුරු - සිටින ‍කපි සෙන්පතියන්

78. නැසිණැයි ඉඳුරුජිත් - අසා දසහිස් පෙරළා පැමිණෙත වඩා ගත් දිරි - සෙන් නැඟු ජය ගොසින් හා

79. දුනු දිය හඬින් නුබ - මිහිතල සසල කරමින් ඇවිලිණි සටන තැවුලෙහි - ලූ ලක්සමණ කුමරා

v. රවුළා සටනට පිවිසීම

80. සරයෙන් ලක්සමණ - දුනු බිඳි කොවින් දසහිස් නසන’ටින් ඔහු සුරතට - ගති අඩයටිය බියකරු

81. ඉක්බිති දිලි කොවින් - රවුළා නඟා මහ හඬ සකවියෙන් බා යුදයක් - කෙළේ වනසන ගිජිඳුන්

100


82. කෙළේ යුද රවුළා - නසමින් සතොස වඳුරන් කරවන සසල රිපු සෙන් - යුද‍යකි කෙළේ රමිඳු ද

83. රවුළා සකවි ගත් - විකුමෙන් දිලෙන බලවත් ලක්සමණ එඩි මඬනට - නන් අයුරින් කෙළේ තැත්

84. පහරින් තමන් මිහි - පිට හුණු ලක්සමණ දුටු රවුළා රමිඳු සෙනගට අණ දිණි නික්ම යන සේ

85. මිතුරුව දුගුණ හළ - සුර සතුරු සෙන් බියපත් නමඳින රමිඳු විබිසණ - ඈ දන යමග එහි වූ

vi. රාම කුමරු සිය සෙන් මෙහෙයැවීම

86. අබියසැ රවුළු වන නිසරු - ගිරි තුරු හෙළීමෙන් මෙහෙසව පලා යන සසල - බැලුමැති අවුල් වූ බෙල සුන් තමන් සෙන් යළිත් - මෙහෙයුමැ සටන්හී පොහොසත් නොවූයේ වඳුරු - ඇණියෙහි එකෙක්වත්

87. පහරින් දරුණු සුර සතුරු - දහරින් වැහෙන ලේ පිඟුවන් සිරුර ගෙන නැඟී - සිටුමත් නොහැකි වූ සල නෙත් බියෙන් සුගිවයන් - අණ ඉක්මවා ලූ පිරිහුණු බළන් හැර සටන් - රිසි කොහි ගියේ දෝ

88. වෙවුලත බියෙන් සුගිව හා - හනුමත් වඳුරු නා බබළන පියුම්රා මිණෙහි - කැල්මෙන් මුවින් හා දසනින් නියෙන් හෙබි සුසුදු - රමිඳා තමන්ගේ පා දුනු සරෙන් සැදි මගදි - බල සෙන් වැළැක්වී

"https://si.wikibooks.org/w/index.php?title=ජානකීහරණය_-_iii&oldid=5827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි