ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-02-වළගම්බා චරිත (1906)

Wikibooks වෙතින්

වළගම්බා චරිත (ක්රිච.ව. 1906) __________________________________________________________________

To

The Hon.Mr.Macrae.M.A.(Cantab)

Director of Education

This Drama

is

Respectfully Dedicated

as a token of esteem for the special interest he evinces

in the study fo Ceylon History in our Schools

අප පාඨශලාවන්හි

ලංකා ‍ෙඑතිහාසිකාධ්යාtපනය දියුණු කිරීමට

කටයුතු කිරීමේ සැලකීමක් වසයෙන්

මෙම නාට්යර ග්ර්න්ථය

අධ්යාාපන අධ්යනක්ෂක තැන්පත්

ශාස්ත්රා‍චාය්ය්ධ්ය ගරු මැක්රෙ මැතිතුමන් වෙත

ගෞරවාදරයෙන් ඔප්පුකරණ ලදින්

එතුමන් විසින් සමාදරයෙන් පිළිගන්නා ලදී.

104 වළගම්බා චරිත

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.

කල්යතණි - දුරපත්.

සූත්රසධාරී - ලෝකානන්ද සමන් බහදුරුගේ සිරිපා සදා ම මුදුන බැතිනි බෝ සේ- මෙරටේ මහවංසෙ පේණ නරණිඳු වළගම්බා- චරිතේ කර නාට්යේ පාමි - සිහල බසිනි දීපේ- සින්දා දෝෂ මෙ නාට්යණ ගෙතු- කතු සහ නාට්යෙකාර මෙ අප රකිත දේවෝ- සෙත දී රුපු දර්ප භංග කරත මඩිත දීපේ- පවතී ඉතිහාසෙ නාට්යය ලොවට වැඩැති බෝ සේ-

(නාටිකාංගනාවක් පැමිණේ)

සූත්රාධාරි - නළඟන නුඹ බෑරක්ද?

නාටිකාංගනා - සංගීත මගින් බඩ රැකගන්ට යමි.

සූත්රාධාරි - සංගීතයට රැවටෙන ජනෝ ලක්දිව සිටිත්ද?

නාටිකාංගනා - දැනට එමට සිටිති - මධුර හින්දුස්තානි සින්දුවකට හෝ ගුජරාති සින්දුවකට හෝ ඔහෙ සිංහල වචන පුරවා අර මුල් සින්දුවේ ශබ්දය පමණක් තිබුනොත් ඒක තමා දැන් කාලේ සිංහල ජනයාට බොහොම ලක්ෂණ.

සූත්ර ධාරී - ඒ තරමට අපේ ජනයෝ රැවටෙත්ද?

නාටිකාංගනා - වචන රසවිඳින්ට සෑහෙන තරම භාෂාව නොදන්න බැවින් කණට මිහිරි ශබ්දය පමණක් සලකති.

සූත්රාධාරි - ඒක අපේ ජාතියේ දියුනුවට ලොකු බාධාවකි. පුරාණ නාට්යර කර්තෘාවරු තමන්ගේ නාටකවලට සිත ප්රේබොධකරණ කව් සිලෝ වාක්යම ආදිය යෙදුවා මිසක් දැන් වාගේ සංගීතය යොදා නොගත්තෝය.

නාටිකාංගනා - එතකොට දැන් සංගීතය යොදාගන්නේ මන්ද?



ජෝන් ද සිල්වා 105

සූත්රාධාරි - භාෂාව නූගත් සිංහල ජනයාගේ කර්ණ පිනීමෙන්වත් යම් කථා වස්තුවක් අවබෝධ කිරීමටයි.

නාටිකාංගනා - දැන් මට තේරුනා - එතකොට සිංහල රටේ සිංහල භාෂාව ඉගෙණගන්ට ‍ඉගෙණගන්ට නාට්යෂ ශාස්ත්ර යෙන් සංගීතය දොක්කම් වෙන්ට පුළුවනි.

සූත්රමධාරි - ඒක එහෙම තමා - බුද්ධිය වැඩීමට වාග්දේවී පිදිය යුතුයි.

නළඟන - අද රාත්රි යේදී මෙම රංග මණ්ඩලයේ දක්වන්ට අදහස් කළ නාටකය කුමක්ද?

සූත්ර ධාරි - බුද්ධිය ලෝකේ වැඩීමට නෙක් විහාර දාගැබ් ලංකාවේ තැනූ වළගම්බා මහරජානන්ගේ චරිතය නාට්යද කලා මගින් අද රෑ පෙන්වනවා ඇත.

නළඟන - වළගම්බා මහ රජ කාගේ කව්ද?

සූත්රනධාරි - දුටුගැමුණු මහරජානන්ගේ සහෝදර ශ්ර ඬාතිස්ස නම් රජානන් ගේ පුත්ර‍යෙකි.

නළඟන - ‍එහෙනම් මහාවංශයේ රජදරුවෙකි.

සූත්රතධාරි - ඔව් ඔව්. විජය රජුගේ පටන් මහසෙන් රජු දක්වා රජකම් කළ සිංහල රජ දරුවෝ මහාවංශයේ රජදරුවෝය. අනිත් රජ දරුවන්ට සුළුවංසේ රජදරුවෝයි කියා නමක් ව්යිවහාරවේ - රජ දරුවන්ටත් සෙසු අයට මෙන් නොයෙක් හිරිහැර පැමිණේ. මෙම වළගම්බා කුමාරයා පොඩිකා‍ලයේ ස්වකීය මෑණියන් වහන්සේ සමඟ පිට ගෙදරක වාසය කරද්දී ඒ ගෙදර ස්වාමි දූ බිසවුන් වහන්සේ ගේ කර උඩට නැගී අටුවෙන් වී අරන් බත් පිසීය - බිසවුන් වහන්සේගේ හැට්ට කරේ අර ස්වාමිදූගේ පාද ලකුණු දුටු කුමාරයා කිපී මවුත් සමග ඉන් පලා ගියේය. ඇතා වෑරුනත් කොරහේ නාවන්ට බැරිය කියන්නේ එය නිසා තමා.

නළඟන - සූත්රනධාරිතුමා. ඒ උතුම් රජුගේ චරිතය දක්වන්ට මගෙනුත් යමක් කෙරෙන්ට ඕනෑ නම් එය කරුණාවෙන් දන්වන්ට හොඳා.



106 වළගම්බා චරිත


සුත්රකධාරි - තිගෙනුත් මට ඊට ඕනෑකරණ වැඩ ඇත. වට්ඨගාමිණී අභය යන නාමය මෙරජුට මහාවංශයේ පෙණේ. - ඒ සිංහලට නැඟු නාම වළගම්බා කියා සෑදෙන බව සිතට ගණින් - මේ කාලයේ සමහර නාටකකාරයෝ වළගම්බා ‘වළගම්බාහු’ කියා ව්යහවහාර කරති.

නළඟන - අපි ‘හු’ යන්න ලොප්කර වළගම්බා යන නියම නාමයෙන් නාටකය දක්වමු.

සූත්ර ධාරි - මතුපරම්පරාවලට නියම සිංහල වචන අවබෝධවෙන්ට භාෂාව නරක් නොකර ලියන නාටක ලොව පවතී - කවුරු පිප්පුවත් එය ඔබ්බන්ට බෑ. මේ සභාව ප්රීකතිවෙන්ට මේ සින්දුවට නටන්ට හොඳා.

කල්යා ණි - ඳාදරා

දීපේ පුරාණ රජෙකුගේ - ජීවිත නාට්යරකර මෙර‍ඟේ- පාමු මේ රටේ ජනට අදරෙන්- අන්ධකාරයේ නොවැටෙන මෙන්- සත්යක ධර්ම රැක සිටි මෙලක රාජතුමෙකි වළගම්බා- සනිධප, නිධපම ගමසරි සා සා.. ගමගරි සා සා... ගමගරිසා ධාගිධ තක දොමිකිට තක.. ඣා නගධා ඣා නගධා ඣා නගධා

           (නික්මයති) 

1 අංකය

i ජවනිකා - අනුරාධපුර මහමෙඝ උයන.

දෙමළ සේනාපති පුලහත්ත, පනයාමර, පිළියාමර, බාහිය, දතිය, සහ තවත් දෙමළ ජනයෝ දෙදෙනෙක් වළගම්බා රජු සිංහාසනයෙන් නෙරපා සිංහල රාජ්යග අත්පත්කර ගැනීමට උපා යොදති.



ජෝන් ද සිල්වා 107

පුලහත්ත - සිංහල රාජධානිය දැන් පාලණයකරණ වළගම්බා රජුට තියා නම් බ්රාිහ්මණයා ලංකාවට ‍අපේ පැමිණීම දන්වා ඇරියාම ඒ රජ්ජුරුවෝ අපට විරුද්ධ සටන් කරන්ටෙයි කියා එම බ්රජහ්මණයා එවූ සේක.

පනයාමර - එම බ්රා හ්මණයා අපට විරුද්ධව කළ සටනේදී මැරුම් කෑවේය.

පිලියාමර - මෙම සිංහල රාජධානිය එළාල නම් රජුගේ කාලයේදී දෙමළ ජනයාට අත්විය. ඊට පසු මේ දෙවෙනි වරට එය අත්පත් කරගන්ට අපි විරිය ‍කරමු.

බාහිය - වළගම්බා රජුට අප හා යුඬයක්කර ජයගන්ට නොහැකිය.

දාතිය - කල් නෑර යුඬය පටන් ගනිමු.

හවෙනි සෙනෙවි - බුදුන්ගේ පාරිභොග ධතුවක් වූ පාත්රයධාතුව වළගම්බා රජුට ලැබී තිබෙන බව සැලයි.

හත්වෙනි සෙනෙවි - තියා නම් බ්රාධහ්මණයාගේ පරාජයවීම රජුට ආරංචි වීම කඩිමුඩිවෙලා කලබොලවී රජ අනුරාධපුරයෙන් පලායන බවසැලවී තිබේ.

පුලහත්ත - වලගම්බා රජ තිත්තාරාම දොරටුවෙන් සිය පවුලත් රැගෙණ පලායන බව සැලයි.

පනයාමර - ඒ තිත්තාරාම තිබෙන්නේ කොහෙද?

පිලියාමර - සිංහල පණ්ඩුකාභය නම් රජු විසින් අනුරාධපුරයට පැමිණෙන අන්යාෙගම්කාරයින්ට ලැගුම් ගැනීමට අනුරාධපුරයේ සාදා තිබෙන විශාල ආරාමයකි.

බාහිය - මේ සිංහල ජාතිය බුද්ධිය මුදුන් පත්කරගෙණ යන එකම ජාතියයි. අනික් සියලුම ජාති විශ්වාසය හෙවත් ශ්ර ඬාව මුදුන්පත් කරගෙණ තමන්ගේ ලොකොත්තර සැප සොයති. මොව්හු බුද්ධිය ලොවට ප්රලකාශකළ බුදුන්ගේ ධර්මයෙහි එල්ලී සිටිති. එම ධර්මයට විරුඬව අපේ ආගම ප්රිකාශකරන්ට ගියොත් සියලුම සිංහලයෝ අපට විරුඬ වන්නෝය.



108 වළගම්බා චරිත

දාතිය - ඔය ගැණ විවාද කෙරීම දැනට ඕනෑ නැත. දෙමළ සේසත ලක්දිව නංවා අපේ බලය ස්ථීරකර ගත්තාට පසු ධර්මය ගැන බලාගම්මු.

හවෙනි සෙනෙවි - අල බහින්ට මත්තෙන් ඒවා තම්බා කන හැටි මොකට කථාකරණවාද?

හත්වෙනි සෙනෙවි - ගෙයක් හදන්ට මත්තෙන් එහි සිතියමක් සාදා ගන්නවා නුවණට හුරුනොවේද?

පනයාමර - සිංහළරට පාලනයකරන්ට අපට බැරිද පුළුවන්ද කියා බලන්ට වහාම වළගම්බා රජු සහ සිය පවුලත් හිරගණනට අල්ලා ගනිමු. විගස යුඬයට පිටත්වෙමු.

පිලියාමර - අන්නහරි. කරන්ට තිබෙන වැඩේ කල්දමන තැනැත්තෝ මෝඩයෝයි.

දනාසරි - සාකි.

පනයාමර - නංවා සේසත් ලක්දිවේ අපේ බලේ පෙන්නා පන්නා සිංහල බූපතී ගම්මු සිංහල ද්වීප.

දනාසරි - වල්ති

අනික් සියලු දෙනාම- තිරසර බල ඇති දෙමළගේ යුද්දේ වාසිවී හානි දීපෙ සිංහලුන්ගේ රිස්ස යාය ඉන් නෑ සංකා- තිරසර බලඇති ආගමක් සිංහලුන්ගේ නාස්තිවේ දීපයේ මේ සේසතා නංවමු කල්නෑර ලංකාදීපේ

                                                            ___________________
                                                              (නික්මයති) 

ii ජවනිකා - තිත්තාරාම දොරටුව

වළගම්බා රජ යුඬයෙන් පැරදී සිය පවුලක් රැගෙණ බුදුන්ගේ පාත්රබධාතුව මතකනැතිවී තමා සෝමාදේවිද රථයෙන් බස්වා අනුලා බිසෝ සහ මහචූල මහානාම කුමාරයන් සමග වෙස්සගිරි වනයකරා පලායයි. මිථ්යාසද්රැිෂ්ටි ගිරි නම් පුද්ගලයා මේ දකින්නේය.


ජෝන් ද සිල්වා 109


සාරංග - ඳාදරා

වළගම්බා - සෝමදේවි බෝ බරයි රතෙන් බසින්ට කල් නොලා බේරියන්ට ඉක්මණින්ම සිදුවි අපට මේ කලා යුඬයෙන් පරාද අත්වි - බෝලෙසින් යෙදී විපත්ති පුරේ විසුම වී නොහැක්කි - දුවයමි වන වනවාස සිත්වී මේ අනර්ග රත්න දිලෙන තෑගි මෙන් ගණින්ශ්රියයේ පූර්ව කර්ම පලදෙති කාටමුත් මෙ පෘථුවියෝ -

සෝමදේවි - පුණ්යමවන්ත බූපතී රතේ සැහැල්ලු වෙන්නටා දැන් බසින්ට කීය තෑගි දී උතුම් මැණික් මටා ඔබේ අග්රකබිසෝ පුත්රැ - බේරගන්න නෑ වැරැද්ද ගර්භණීව ඉන්න දේවිගේ සැපා බලන් සැමී රූපසුන්දරීව මාර්ගයේ තබා දුවන් නැමී- ______________

වළගම්බා - අනුලාබිසෝ ගැබ්බරින් සිටින හෙයින් රථයෙන් ඈව ගෙණයමි. තිට එබඳු අමාරුවක් නැතිබැවින් රථයෙන් බසින්ට කීමි. දෙමළ යුඬ සේනාවෙන් බේරී පලායනු. අපිද මෙහි ප්රීමාද නොවී වෙස්සගිරි වනයකරා පලායන්නෙමු.

(වළගම්බා රජ අනුලා බිසව සහ කුමරයත් කැටුව රථයෙන් පලායයි.) 

ගිරි - මහ කලු සිංහලයා දුවන්නා.

පිලුබරවා - වල්ති.

දැක්ක ජනන් මනරංජන සුන්දර රූප සෝබනී ලංකාරාජා - බස්සා රතෙන් දැන්යන්නා - ඉක්මන්වී බියවැද්දී බෝසේ - ලෝකසාපේ වෙයි මේ හින්දා - රාජාතේජස් කෝපෑවා- පින්සිරියාවි හැංගි ඉඳිනුමැනා - දුප්පත් දේවිගේ - රූදෙව්දුවගේ ක්රෑපරවාරයක් පෑවේ රාජා - ක්රෑ රවාරයක්මයි පෑවේ- ___________________

සෝමදේවි - ගිරි! බියෙන් පලායන් රජ මටවඩා සියපණට ආදරය බව මෙයින් පෙනේ. ඒ ගැණ මගේ ආදරය කිසිසේත්

110 වළගම්බා චරිත

රජුට අඩු නොවන්නේය. මගේ ස්වාමිතුමා පතාගෙන දිවා රෑ ගත කරන්නෙමි.

       (ගිරි නික්මයයි.) 

දෙමළ සෙනෙවියෝ හත්දෙනා යුඬසේනාවත් සමග පැමිණෙති. සෝමදේවි භයවී සිටී.


සාරංග - හින්චි

පනයාමර - බිසෝ අන්න රාජාගේ ගම්මු දැන්බාරේ මුනිගේ පාත්ර-යත් තිබෙන්නා මේ පාරේ තිබෙන්නා මේ පාරේ - (පාත්රමය අහුලාගණි)

පිලියාමර - සූරවීර හේවායෝ මෙ සිංහලුන්ගේ ගියෝ හැංගි හැංගි දමා බූපල් උන්ගේ - දමා බූපල් උන්ගේ

පුලහත්ත - පුරේ වාසි සේරෝම ඉන්නාහු බීතෙන් දෙමළ වංශ දීපේ නගින්නා මේ යුද්දෙන් නගින්නා මේ යුද්දෙන්

බාහිය - තේජසාර රාජා දැන් කැලෑවැදීලා බියෙන් බෝම ඉන්නා මෙ දේවිත් දැන් වෙව්ලා මෙ දේවිත් දැන් වෙව්ලා

දාතිය - දිලේ කුණ්ඩලා කර්ණන රන්ඔංචිල්ලා සේ දෙබැම ඉන්ද්රදචාපේ සුදිස්නා ආකාසේ- සුදිස්නා ආකාසේ

6 ‍සෙනෙවි - ස්වර්ණ හංස රංගේමයි පයෝදරැගේ පෙණේ දෑස නිලෝත්පලා සේ දෙව්දූගේ

7 සෙනෙවි - මෙ මම් බාරගඤ්ඤාය දේවි ලංකාවේ නොතබ ඉන්දියාදෙසේ තබඤ්ඤා සිත්තොස්වේ තබඤ්ඤා සිත්තොස්වේ පාත්රාධාතු මුන්නැහේ ගනී බුදුන්ගේ (6 යා පෙන්නයි) තබා ඒක එඤ්ඤා රටේ නැදෑයන්ගේ _____________ ජෝන් ද සිල්වා 111

6 සෙනෙවි - මම පාත්ර ධාතුව රැගෙණ ඉන්දියාවට යන්නෙමි. ඔබවහන්සේලා මෙහි රජකම ගැණ වෙහෙසගන්නවා සො‍ඳේ .

7 සෙනෙවි - මෙම සෝමදේවී මම ඉන්දියාවට අරන් යන්නෙමි. දෙවනු මට පණිවිඩයක් ලැබුනාම දේවින්වහන්සේත් සමග එන්නෙමි.

පනයාමර - ඊට අවසර නොපට තිබේ.

(හත්වෙනි සෙනෙවි සහ සෝමදේවී හැර සියලුදෙනාම නික්මයති)

පිලූ - දිප්වන්දි


සෝමදේවී - මගේ වළගම්බා බූපති දීපේ - සතුරු දෙමළ පාසේ මා ලාපි සාපේ - මගෙ මෙවියෝග දුකිනි දිව් මා හානි - මාව අනේ කැන්දා යන්නේද ස්වාමි.

7 සෙනෙවි - තිගෙ හද ශෝකා බෝ නොම වෙයියා - බැඳුනි මෙතිට ආලබෝසේම ළෙයියා - තිගෙ - වනවාස නොනිසී දෙන්නා පෑසී - දේසබලා මාගේ යන්කො දිගෑසී . _____________ (නික්මයති)

iii වෙනි ජවනිකා - වෙස්සගිරි වනය

වළගම්බා, අනුලාබිසෝ, මහචූල, මහානාග ගමන් කරති.

ජිල්ලා - ලාවනි.

වළගම්බා - රෑණගිරා කෝකිල කොබෝ රැව් කණ පිනවති මේ වන මා ශ්රි්යාවි - පොකුණේ ජල බෝ පෑදී නිවතැකි නාතැකි සිත් සන්තෝස්වී -

අනුලා - වාසවනේ පක්ෂි තුටුවී රැව්දෙති - නරපති ආ බව දැන් තේරිලා - වඳුරෝ පනිති ප්රීුතිවෙලා බෝ - අතුසැම ‍සොල්ලති ගිම් පන්නලා-


112 වළගම්බා චරිත


මහචූල - ගෝනමුවෝ නාගසිවලෝ මේවන නිවසති - නෑ බිය උන්ගෙන් මාතා - තෙරුවන් කෙරෙහි භක්ති දැරීමෙන් - දුරුවනු සත්තකි උන්ගෙන් බිතා -

මහානාග - රාජසැපා හානිකළ සේනා - සැඩිදෙමළගෙ තේජස පාමින් ඉන්නා - එජනෝ කරති ක්රෑාර ක්රිසයා බෝ - මහරජ උන් සැම ලාමු පන්නා - _________________

වළගම්බා - පුතණ්ඩ සුදුසු කාලය පැමිණෙනතුරු පින්දම් කරගෙන මෙහි වසමු - ප්රණස්තා පැමිණි කල යුදකර මුන් එලවා දමමු.

අනුලා - මෙම වනාන්තරයේ ඉන්න කාලේදි මහරජ ශාසන දියුණුවට කටයුතු යමක් ඇද්ද එය අතපසු නොකර කරවමු.

වළගම්බා - ඒකහරි. බුදුන්ගේ පාරිභොග ධාතුවක්වූ පාත්රාාධාතුව දෙමළුන්ට අත්පත්වෙන්ට ඇත. ඒගැණ මට කණගාටුයි. ඉඩ ලැබුනු කල එය නැවත ලබාගන්ට වීරිය කරන්නෙමි.

(කුත්තික්කුල මහාතිස්ස භික්ෂුන්වහන්සේ ‍සහ තනසිව නම් දඩයම්කරු පැමණෙති.)

(රජපිරිස භික්ෂුන්වහන්සේට නමස්කාර කරති.)

කුත්තික්කුල - මහරජ තොපට මේ වනේ විසීමෙන් සනීපයට බාධා පැමිණෙන්ට පුළුවන. කලට වේලාවට ආහාර නොලැබී නොයෙක් දුක් පැමිණෙන්ට හැකිබැවින් මට ආවතේවකම් කරණ මෙම තනසිවගෙන් තොපට වැ‍ඩ ඇත.

වළගම්බා - ඔබවහන්සේට පින් ලැබේවා. එවැනි අයෙකුගෙන් අපට බොහොම ප්රනයෝජන ඇත.

තනසිව - මහරජ හා, මුව, ගෝනමස්, ආදියද මී පැණි, මී අඹ, පළු කන් හිඹුටු ආදි නොයෙක් පලතුරුද නිතරම පාහේ ඔබවහන්සේට පිළියලකර මට එවන්ට පුළුවන.



ජෝන් ද සිල්වා 113

මාගේ නිවසේ සිටින සොඳුර ලවා බත් මාළු පිස්සවා දෙවේලටම කෑම එවන්නෙමි.

වළගම්බා - අප මෙහි සිටින බව කිසිවෙකුට නොදන්වමු.

තනසිව - කිසිවෙකුට නොදන්වමි.

වළගම්බා - භික්ෂුන්වහන්ස, ඔබවහන්සේගෙන් නොයෙක් උපකාර තිබෙන හෙයින් මේ කේතක පත්රහයෙහි ‍සන්නසක් ලියා නොයෙක් ඉඩම් කඩම් සංඝ සන්තක කර පුදමි.

කුත්තික්කුල - ඉන් තොපට පින් ලැබෙන හෙයින් එය පිළිගන්නෙමි.

හිස්ඩෝල් - ත්රිතතාල්.

කුත්තික්කුල - පින වාගේ සම්පතා නෑ ලෝකේ - මහරාජා කලේය දාන තේරී ශාසනේ ලෝකේ දීප්තිමත් වෙයි නෑ සාංකා - සෑසීදම් වැනි සම්පත්ති කෝ ලෝකේ.

වළගම්බා - සංසාර තෝරා දී මොක් පෑ තිලෝනා - දුන් සේක ධර්ම ප්රමසන්නා මේ ලෝකවාසීහු එ දැන වාසනා - වෙත්මැයි පුදා සම්පත් මෙයාකාරේ පිනබෝදේය චිත්ත ශාන්ති සාදා. __________

(නික්මයති)

2 අංකය.

i ජවනිකා - තනසිවගේ නිවස

තනසිව සහ තම ස්ත්රීන සිටිත්.

තනසිව - දත්ත දිලිසි හාසිනි මා සිත් නිත් නදන් දුන් සුන්දරී දීප දැන් දෙමළාට අත්වී හිංසා පීඩා පිරී.

ස්ත්රීන - සිංහලුන්ගේ රාජධානි දෙමළ වංසේ සෙන් බිරම් අල්ලගත් හින්දා තමා දැන් විපත කාටත් කී නොහිම්.

තනසිව - වර්ෂ ගණනින් පහළොහක් වේ පස්මසක් උන් උන්නොතින් බූපති වනවාසවීමෙන් හිංසාවෙන්නා නිතින්. 114 වළගම්බා චරිත


ස්ත්රීව - බෝජනත් කීසේම ස්වාමි ඇරිමි සාදා සන්තොසින් දැන් ඉතින් ඉස්පාපු ඕනෑ පිසුම බෑ කෑමත් රසින්. _______________

තනසිව - සොඳුර රජ පවුලට සත්කාර කෙරීමෙන් අපට පාඩුවක් වන්නේ නැත වළගම්බා රජුට මෙම රාජධානිය අත්උනාම අප විසින් කළ උපකාර ගැණ උන්නාන්සේ අපට සලකනවා ඇත.

ස්ත්රීා - කොපමණ කල් මෙසේ කරන්ටද? පුලහත්ත රජකම අරන් තුන් අවුරුද්දක් සිටියේය. ඊට පසු ඔහුගේ මන්ත්රීප බාහිය රජවී දෑවුරුද්දක් උන්නේය. ඔහුගේ මන්ත්රීු පනයාමර හත් අවුරුද්දක් රජකම් කළේය. ඊට පසු ඔහුගේ මන්ත්රීර දාතිය අනුරාධපුර දෑවුරුද්දක් රජකම් කරන්නේය. මෙසේ බලනකල අවුරුදු 14 කුත් මාස හතක් මුළුල්ලේ අපිද වළගම්බා රජුට හා පවුලටත් ‍භෝජන පිලියෙල කර ඇරියෙමු. මේ කරදරය කොපමණ කල් කරන්ටද? ඔය එන්නේ අනුලා කෑම ගෙනයන්ට.

                   (අනුලා බිසව කෑම ගෙණයන්ට පෙට්ටිය අරන් එයි.) 

මාඩි - හිංචි

අනුලා - කෑම කෑවෙ නෑ ගන්ට ඒ ආමී- බොහෝ පින්සිදු වේමැයි අහෝ දානදීමෙනුයි - සිත ආනන්ද කළෑකි කුසගින්න පත් ජනා - කෑම කෑවේ නෑ ගන්ට ඒ ආමී.

තනසිව - පිසන කෑම නිර්ලෝභවී යවයි මගේ බිරිඳා රාජ භෝජනය දැන් සදා දෙන්න මාන්සි මුදා -

ස්ත්රීජ - සිඟා කන්නට බත් ටික පේවි - ආවි දේවි - නෑ ලජ්ජාවී කියාබොයි කයිබොයි බාරි දොයි- කයිබොයි කයිබොයි බාරී දොයි හැමදින කරදර මේ මරගාතේ - පිසපිස ඇරියෙමි මුව පස්සගාතේ.



ජෝන් ද සිල්වා 115

අනුලා - පින්සිදු වේමැයි - අහෝ දානදීමෙනුයි සිත ආනන්ද කළැකි - කුසගින්න පත් ජනා- කෑම කෑවේ නෑ ගන්ට ඒ ආමි. ____________

ස්ත්රී_ - පින්කරන්නේ පණතියාගෙනවද? මෙපමණ කල් කෑම දුන්නා මදෑ, කාට කරන්ට පුළුවන් මඟුලක්ද මේ.

අනුලා - තරහවෙන්ට එපා.සසර ගමන්කරණ සත්වයාට කොයි වේලාවේ දුකසැප පැමිණේදැයි කියන්ට බෑ - තිට දැනට අත මිට තිබුනාට මට හෙලා දකින්ට එපා.

ස්ත්රීබ - ඔය බණ ටික මට මොටද? මෙතන දාඩිය හලාගෙණ පණ යනකල් කෑම උය උයා ඇරියා මදෑ - ‍බලේ අනුන්ට දීලා කැලේ රජා වැදිලා අපේ රිස්සයි යන්නේ.

(මෙසේ කියා පෙට්ටියට පයින් ගසයි)

 (අනුලා බිසව අඬ  අඬා නික්ම යයි) 

බහිරෝ - ත්රිඬතාල්

අනුලා - කෝලාහාලාකරයි ලිය කෑ ගා මෙදා - මා වෙත රොස්වී වැදුනි බුරා කෝලාහාලා - මේ කාරි මම් ලියේ බූපලිට දෙම් තෝරා- තිගේ විනාසේ වේමැයි තිරා මා වෙත රොස්වී වැදුනි බුරා. ___________________

(නික්ම යයි)

තනසිව - සොඳුර තිගේ ක්රි_යාව නින්දිතයි. උත්තමයින්ට එහෙම ක්රි යා කිරීම හරි නෑ.

ස්ත්රීහ - උත්තමයා උත්තම විධියට ක්රිියා නොකර මොකටද අපෙන් උපකාර සොයන්නේ.

තනසිව - උඩඟුව විනාශයට පෙරටුව ගමන්කරණ බව දැනගනින්. උඹේ කට හැකරකමින් මගේ බෙල්ලෙත් තොණ්ඩුව වැටෙන්ට යන හැඩයි. රජුට මේක දැනගන්ට ලැබුන හැටියේ මට විරුද්ධව වැඩ කරණවා ඇත. ඊට ප්රැථම රජු මරන්ට මම යමි. 116 වළගම්බා චරිත

ස්ත්රීධ - ගෑණුන්ගේ වරද රජ පිලිනොගණී. සැමියා නොකිපී මෙහි සිටිනවා හොඳයි.

තනසිව - රාජ කෝපයට සීමාවක් නැත. එබැවින් දැන්ම ඒ ගැණ ක්රිොයා කරමි.

(තනසිව දුන්න රැගෙණ නික්ම යයි.)

ii ජවනිකා - වේලංග වනය.

වළගම්බා, මහචූල සහ මහානාග සිටිත්.

කාලිංගඬා - දීප්වන්දී

වළගම්බා - උන්නෙමි මම් බැද්දේ හැංගෙමින් - සිත්වී දැන් චණ්ඩ දෙමළුන්ගේ බලේ- මම් බින්දවම් මම් බින්දවම්.

මහ චූල - කාලේ නරක්වී බැද්දේ මේ ඉන්ටවී දුප්පත් වෙලා - වින්දේය රාජා බෝ නෙරෙක්කුත් ඉන්ටෙපා දැන් දුක්වෙලා

මහානාග - කාටත් දැන් ලෝකේ දුක් සැපෙන් යුත් - කාලයක්මයි කාලයක් - ඉන්බේරී වළගම්බා පිනැත් - සත්තයි නොමැති බැව් සත්තකයි.

වළගම්බා - කාලේ විකල්වේ කාටත් ලෝ පූර්ව කර්මෙවූ ලෙසින් සන්තාප වන්නේ මක්නිසාදෝ වීරියෙන් සෙත්වේ සොඳින්.

                                  ___________________

මහචූල - මෙම රට ගැණීමට දැන් කාලය හො‍ඳෙයි කියා කල්පනා කරමි.

මහානාග - ඔටුන්න හිමි රජුන්ට වැසියා එකතුකර ගන්ට බැරි නෑ.

වළගම්බා - වැසියා එකතුකරගෙණ යුඬයට ඕනෑකරණ කටයුතු ක්ර ම ක්රමමයෙන් සම්පාදනය කළ යුතුයි.

(අනුලා බිසව හඬ හඬා පැමිණෙයි)


ජෝන් ද සිල්වා 117

බයිරවි - දිප්වන්දි

අනුලා - පන්නපි දේවී රජුගේ - බැන්නා සොඳුරී සිවාගේ මෙම පෙට්ටිය පෙරලාපි පයිනේ - පන්නපි දේවිරජුගේ කිපිලා වල් බාරි - මා ජම්ම තේරී කෑමත් නොදී මා - පන්නාපි නිරි‍ඳේ පන්නපි දේවී රජුගේ

වළගම්බා - මින් යමු දේවී නොරඳා - වෙන්නේ බෝසේ උපද්රාස ලකුණක්ය සිදුවෙන්ට කැරලි - මින් යමු දේවී නොරඳා පුරණ සිල් සිත් සේ - බෝ ආනිශංසේ - මේකෙන් විනාසේ නෑවෙන්නේ මෙස‍ඳේ - මින් යමු දේවි නොරඳා ________________

මහානාග - පියානන් වහන්ස, කල්නොදමා නික්ම යමු. මෙපමණකල් කෑමදුන් තනසිවා දැන් ඉතින් අපේ හතුරා වෙනවාට සැක නෑ.

වළගම්බා - ඒක මටත් කල්පනා වෙනවා. මින් පලායමු.

        (තනසිවා දුන්නක් ඇද රජු විද මරන්ට පැමිණේ) 

බුප්කල්යානන් - ත්රිුතාල්

තනසිවා - මහ බඩ තොපගේ බංගවේ - සිදුරු කරයි මේ ඊතලේ මහ බඩ - මේ කාලකන්නි රජා උන්නොත් - දිව් මගේ වී හානි - පවුල නසා දුක් දෙයි අනේ -

(මෙසේ කියා විඳින්ට සැරසෙන කොටම වළගම්බාරජ තනසිවා විද මරයි.)

වළගම්බා - තනසීව තොපගේ සුන්දරී - කරපු වැඩෙන් මේසිඬවී- තනසිව - පරාණහානි ඉතින් තාගේ - වෙයි අහෝ නෑ බාධා - නොමැත මගේ දොස් දෙයියනේ-

           ________________

(තනසිව මැරී මළකුණ රජු ඇද දමා සිය පවුලත් රැගෙණ නික්මයයි.)


118 වළගම්බා චරිත

iii ජවනිකා - ‍ගංතෙර පිට්ටනියක්.

උත්තිය, මූලව, පබ්බත, තිස්ස ඇතුළුව නිලධාරි හත්දෙනෙක් වළගම්බා රජු ගැන සාකච්ඡා කරති.

උත්තිය - වළගම්බා රජ අර කන්දේ චේතිය අතුගාන්ට ගිය කපිසීස නම් ඇමතියා මැරුවේය.

මූලව - ඇයි?

පබ්බත - රජු අනුලා බිසව සමග එම චේතිය වන්දනාවට කන්ද නැග ගෙණ යනකොට කපිසීස මග ඉඳගෙන සිටි බැවින් කෝපවී රජ කඩුව ඇද ඇමතියාගේ පණ හානිකළේය.

තිස්ස - රජදරුවන් කෝපකරන්ට නරකෙයි කියන්නේ ඔය හින්දා තමයි.

සාලිය - නයාට ගසා පොල්ල වරද්දාගන්ට එපයි කියන්නේත් ඔය අන්තරා නිසා තමයි.

6 ඇමතියා - රජුන් කෙරෙහි විශ්වාසය තැබීම් අන්තරාදායකයි.ධර්මය දත් රජදරුවෝ නොකිපෙති.

7 ඇමතියා - ධර්මය දත් වළගම්බාරජු කපිසීස නම් ඇමතියා මැරුවේ මන්ද? මිත්රවවරුනි මේ රජු සමග හාදකම හොඳ නෑ. අපි මින් පලායමු.

උත්තිය - කපිසීසට කළ මරණය අපටත් නොකරයි කියා සිතන්ට බැරි බැවින් රජුගේ භජනය අත්හැර යාම නුවණට හුරුයි. පලා යමු.

මාඩි - දාදරා සියලුදෙනාම - නරන භජන කරණ එජන නිතින අන්තරා සෙවී කෝපවී පරාණ හානි කරණවාස මෝඩ වී- මේවරේ කල්යා ණමිත්රණ එ කපසීස මන්ත්රිස සූර-මැරුව රාජ සේවනයෙන් අපට අන්තරා තිබේ - කෝප වී පරාණ හානි කරණවාය මෝඩ වී- ______________

(නික්මයති.)


ජෝන් ද සිල්වා 119


iv ජවනිකා - කැලෑපාරක්

පල්හොරු ‍හතරදෙනෙක් මුගුරුගෙන සිටිති.

පුරියා - දිප්වන්දි.

හොරු 4 දෙනා - යන්ට එන මෙ පාර - උන්ට නෙක ප්ර කාර - පාමුකම් චණ්ඩි - කොල්ලකමු ඉන හිස් මගියාගෙන්- යන්ට එන මෙ පාර - උන්ට නෙක ප්රහකාර - වට්ඨගාමිණි රාජකාරි - කෑම නැත්තෙය මේ පුරේ මේ පාර වෞරපාර - බඩට කෑමට හීනැටි බත්- අපට ඕනැය හාවගේ මස් - යන්ට එන මේ පාර උන්ට නෙක ප්රගකාර - පාමුකම් චණ්ඩි - ________________

1 හොරා - කොයි එක කරන්ටත් කෑමටික පළමුවෙන් ලබාගත යුතුයි.

2 හොරා - ඒක නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ?

3 හොරා - සියලුදෙනාම රැකෙන්නේ කෑම ටික සපයාදෙන ගොවියාගෙන්ය.

4 හොරා - ඒක මොකට කියනවාද? ගොවිතැන වාගේ උතුම් රක්ෂාවක් මේ මහිපිට නැත.

1 හොරා - ඇයි අපේ රක්ෂාව ඊට නිවටද?

2 හොරා - වනචර ජීවිතය ශීලාචාර ජීවිතයට කෙසේ සමාන කලෑකිද?

3 හොරා - චණ්ඩිකම වනචර ජීවිතයක්ද?

4 හොරා - ඔව් ඔව් නොහික්මුන ජඩ ජීවිතයකි. අපෙන් ඔය වැඩේ කෙරෙතත් මනුෂ්ය_ නම දරණ කිසිවෙකුට හොඳ වැඩක් නොවේ. (උත්තිය, මූලව, පබ්බත, තිස්ස ඇතුළුව නිලධාරි හත්දෙනා පැමිණෙති.)



120 වළගම්බා චරිත

සාරංග - දාදරා

හොරු - දෙමුබැට මුන්නේ රිභී - යන්ට බෝ වෙර පාමිනා - කොල්ලකෑමෙන් බෝ ජයා - ඇඳුම් මේ කාඩාගෙණා චණ්ඩිකම් ඇති මේ රටේ - සණ්ඩුබෝවෙති මේ පොටේ දප් දප් දප් - බිඳිව් බිඳිව් තක්කිට තක - තක්කිට තක - තූ

              (මෙසේ කියා හොරු නිලධාරීන්ට තලා ඉන ඉහ කොල්ල කා දුවති.) 

උත්තිය - මිතුරණී නීතිය නැති රටේ මෙබඳු අපරාධ වෙනවා පුදුම නොවේ.

මූලව - නීතියට පයින් ගසන ජනයා නොහික්මුන අයයි.

පබ්බත - මේ පෘථීවියේ පටන් බ්රාහ්ම ලොව දක්වා සිටින සියලුම සත්වයෝ නීතියේ ප්රථකාර කල් අරිති. එසේ නොකළොත් ලෝක විනාසයකි.

තිස්ස - නීතියට ගෞරව නොකරණ ජනයෝ අනතුරට පත් වෙති. මේ වෞරයන්ට නිසිදඬුවම් පමුනුවා රට හරි ගස්සා දමමු.

සාලිය - ඒක දෙවනු බලාගම්මු දැනට පණබේරාගෙන හමුබුගල්ලක විහාරය කරා පැමිණෙමු.

6 නිලධාරියා - තිස්සහාමුදුරුවෝ එහි වැඩ වසන සේක

7 නිලධාරියා - උන්නාන්සේට මේ සිදු විපත විගස ගොස් දන්වමු. ඉන ඉහ සේරම කඩාගත් බැවින් ඇඳගෙණ යන්ටවත් මොකවත් නෑ.


(නික්මයති.)

v ජවනිකා - හම්බුගල්ලක විහාරය.

(කුත්තික්කුලතිස්ස සහ කුම්හීලක මහාතිස්ස නැමති භින්ෂූන් වහන්සේලා සිටිත්.)


ජෝන් ද සිල්වා 121

කල්යාදන් - දාදරා

කුත්තික්කුල - ශාසනෝපකාරිවූ බූපතී අපේ පුණ්යික්රිනයාවෙන් ලබයි බෝ ලොව්තුරා සැපේ-

කුම්භීලක - රාජධුර අත්වුනොත් සෙත් සිරින් රටේ - ඉන්ට ලැබේ කාටමුත් සිත් බෝ වඩා තුටේ -

කුත්තික්කුල - රාජකෝප අග්නිජ්වාලේ තනසිවා වැටී - දා වැනසී ඉන් හැගී යයි තේජසේ හැටී.

කුම්භීලක - රාජ ලේට දාවුපන් බූපතිතුමා පූජිතවේ ලෝකුසේ සව්දෙස් නොවී පමා.

කුත්තික්කුල - සිංහලුන්ගේ දීපයේ අන් ජනෝ පිරී ශාසන පාලු කරත් සද්ධර්ම නොතේරී

කුම්භීලක - කර්ම ශක්ති දත් ජනෝ පාපයෙන් මිදී පුණ්යීක්රිරයාවෙන් ලබත් බෝ ශක්ති ලෝකෙදී.

කුත්තික්කුල - මෝක්ෂ ශාන්තිමෙන් තමා ලොව්තුරා බුදුන් මෝහ සිඳී ධර්ම සෙව්වෝ ඒ දනිත් සොඳින් ________________ (උත්තිය, මූලව, පබ්බත, තිස්ස, සාලිය සහ අනිත් නිලධාරි පැමිණ භික්ෂුන්ට වඳිත්.)

නිලධාරි - ස්වාමින් වහන්ස, කපිසීස නම් ඇමතියා වළගම්බා මහරජු විසින් මරන ලදී. ඒ රජුගේ සේවනය අත්හැර අප පැනලා එද්දී නපුරු හොරු කණ්ඩායමකට අසුවී අපේ ඇඳුම් පැළඳුම් සියල්ලක්ම ඔව්හු කොල්ලකා අපට ගුටිබැට ‍දුන්නෝය. අපට සත්කාර කළ ම‍ැනව.

භික්ෂුන් - අපට ලැබී තිබෙන රෙදිපිලි තෙල් බත් ආදියෙන් තොපට සංග්රුහ කරන්නෙමු. රජු අත්හැර දමා යනු වරදයි. ශාසනය රකින්ට ක්රිකයාකරන්නාහුද? එසේ නැතුව දෙමළාට එකතු වන්නාහුද?

නිලධාරිහු - ‍ශාසනය රැකීමට ක්රිතයාකෙරීම යුතුකමකි.

භික්ෂු - එසේ ‍නම් තොප සියලු දෙනාම රජුට එකතුවිය යුතුයි. 122 වළගම්බා චරිත


නිලධාරිහු - ඔබ වහන්සේලාගේ අවවාදය අපි පිලිගණිමු.

භික්ෂු - රජු කරා විගස ගොස් තොප සියලු දෙනාම යාලුතර එන්නෙමු. එහි නික්මයමු. (නික්මයති.)

3 අංකය

i ජවනිකා

අනුරාධපුර දෙමළ දාතිය නම් රජුගේ මාලිගාව, දාතිය සිංහාසනේ සිටී. චාමර සලන ස්ත්රිදයෝ දෙදෙනෙක් දෙපස සිටිත්. ඇමතියෙක්ද නාටිකාංගනාවෝ දස දෙනෙක්ද සිටිත්. නාටිකාංගනාවෝ රැගුම් දක්වති.

මාඩි - හිංචි දාදරා

නාටිකාංගනාවෝ - සිංහලුන්ගේ දප් බින්දා - දාතිය නරසි - දාතිය නරසී - සිතු විලසී - සිංහලුන්ගේ දප් බින්දා සමර්ථ කෝ වළගම්බා රාජා මේ දීපේ අහෝ විපත්තියේදී සිංහලුන්ගේ සිත් තාපේ - (විහාරබුන්කෙරි) (3) සිවාගමේ රාජා කෝපේ (මේ රාජමන්දිරේ) (3) වාසනා ශ්රිජයාවාසේ වස්දොස් යයි සිඳී බූපතින්දා වෙසේවා - ජයවී සිංහලුන්ගේ දප් බින්දා - ______________

දාතිය - මෙම අනුරාධපුර දැනට ‍අවුරුදු දහහතරකුත් හත්මාසයක් පමණ අප දෙමළ වංශයට රජකම තිබුණේය. සිංහල රජ මෙපමණ කල් වනවාසව සිට දැන් සිංහල සේනාව එක්කරගන්න බව සැලවී තිබේ.

ඇමතියා - ඉන් හැ‍ඟෙන්නේ යුඬයට එන බවයි.

දාතිය - ඔව් අපේ යුඬසේනා රැස්කරගෙණ නිතරම සූදානම්ව සිටිය යුතුයි.

ඇමතියා - එහෙයි දේව. රට පාලනය කරණ රජ දරුවන්ගේ යුතුකම් අතුරෙන් සුවිනීත යුඬභටයන් ඇතුව සිටීම පළවෙනි එකකි.

(මුරකාරයෙක් පැමිණේ) ජෝන් ද සිල්වා 123

බිහාග් කමාජ් - දාදරා

මුරකාරයා - හේවායෝ ගම්වැද්දෝ නෙක් බෙලෝ - හූල්ලා - හූල්ලා - එන්නාහු ගම්බා හා එක්ව බෝ - සත්තාමේ බූපතී - අතින් අසිපත් දුනුත් පා‍නවෝ - මා නතා දැන් දිටී - එදැක්කම ඉක්මනින් ආමි බෝ - දන්වන්ටා බූපති. රාජ්ජෙන් රාජ්ජෙන් පන්නලා බූපතී ගන්නෝ ගන්නෝ - දිනා දිනා මෙ ලක්සිරි රණබිම විකුම්පපා බෝ - යුද කළහොතින් ජයාලො- බොහෝ ජනා විරෝධවී - එති බලා නගරසිරි රාජ්ජෙන් - පන්නලා බූපතී ගන්නෝ ගන්නෝ - දිනා මේ ලක්සිරි -

දාතිය - සිංහල සේනාවද ඔය යුඞයට සැරසී එන්නෝ.

මුරකාරයා - එහෙයි දේව. වළගම්බා නම් සිංහල රජු කැටුව මහත් යුඞ සේනාවක් මෙපුර එල්ලේ ගමන් කරණවා දිටිමි.

දාතියා - මේක සැබෑ ආරංචියක් වෙන්ට පුළුවන් බැවින් වහාම අපේ සේනාව එකතුකරගෙණ පෙරමුණට යමු.

ඇමති - එසේ යහපති නරදේව.

(සියලුදෙනාම නික්මයති.)

ii ජවනිකා - විටයක්

සිංහල ස්ත්රී් පුරුෂ දෙදෙනෙක් මල් අරන් ථූපාරාමය වඳීන්ට යති.

පහඩි - ගසල්

ස්ත්රීය - ලක්දිවේ පින් දම් කෙරේ ‍නම් රෝගපීඩා වේය සුන්- රෝගපීඩා වේය සුන් - පාපිහු දුක් වේදනාවෙන්- බෝ පෙලෙත් සිල් නෑ රැකුම් - මේ නිසා වංශේ අපේ දැන් පාත යාවී පව් බරෙන් -

පුරුෂයා - ලක්ෂණේ පින්දම් කිරීමයි ජීවිතේ මා සුන්දරී - ජීවිතේ මා සුන්දරී - කාබී සෙල්ලම් කලෝතින් - කෝ ‍පලේ


124 වළගම්බා චරිත

මේ දිව් දැරී වාසනා වෙන්නේ ලො සෙත් පුණ්ය කර්මෙන් බැව් පෙනේ. _______________

ස්ත්රී - ස්වාමිනි යුඬ කෝලහාල රටේ පවතින බැව් පෙනේ.

පුරුෂයා - ඔව් සොඳුර දෙමළ ජනයා අපේ රට අරන් ‍සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරුම්පුරා අපමහ බෝසතානන් ලත් බුද්ධියෙන් දෙවාවදාළ සත්යුවූ ධර්මය නැතිකරන්ට වීරියකරන්නා.

ස්ත්රීර - ඊට සතරවරම්දෙවියෝ ඉඩදෙත්ද? නොදෙත්මැයි.

පුරුෂයා - හේරිනාද ඇසෙන්නා, වළගම්බා රජුගේ සුවිනීත හේවා පිරිස මෙපුරකරා එනහැඩයි.

ස්ත්රීර - වහාම ගොසින් අප තිලෝගුරු බුදුහාමුදුරුවන්නේ අකුධාතුව නිදහන්කර තිබෙන ථූපාරාමය වැඳ‍ගම්මු.

පුරුෂයා - අකුධාතුව සොඳුර දන්නෙහිද?

ස්ත්රීා - අකුධා කියන්නේ කර හරහට තිබෙන ඇටෙයි.

පුරුෂයා - බොහොමයක් ඒක හක්කයය් කියති.

ස්ත්රීා - ඒ මතේ වැරදියි. ඉක්මණට යමු.

(නික්මයති.)

iii ජවනිකා - යුඬභූමිය

වළගම්බාරජ, මූලව, උත්තිය, පබ්බත, තිස්ස, සාලිය ආදී ඇමතිවරුන් යටතේ මහා සේනාවක් කඩු මුගුරු දුනු ඇතුව පැමිණෙති.

කල්යාඇන් - හිංචි

රජුහැර සියලුදෙන - වරෙව් දැන් ලංකා කෑ ජනා- ශ්රීත වළගම්බා රජ යුද්දෙන් දිනා - ක්රෑැර දෙමළාගේ නෙක් පූනු යයි හෝ ගගා - නෑර සිහලුන්ගේ සෙන් දෙත් මැයි උන්ටා නිගා වරෙව් දැන් ලංකා කෑ ජනා - ශ්රී වළගම්බා රජු යුද්දෙන් දිනා ජෝන් ද සිල්වා 125

දීපලංකා දැමු පාත - දීපලංකා දැමු පාත ක්රෑ රචණ්ඩිමගෝඩින් ආවොත් කපා දමව් පාගලා - තට්ට මොටේ ටොක්කක්දී බින්දම්මෝ මේකලා -

                              ___________

වළගම්බා - පක්ෂපාත ජනයිනි, දෙමළ සේනාව අප හමුවට එන හැඩයි. විගස සූදානම්වෙයව්.

සියලුදෙනා - බුදුවන්ඩ දෙයියෝ දහහතර අවුරුද්දක් උන්ට පොංගල් කෙලින්ඩ දුන්නා ඇති. අද උන්සේරම මරුවාගේ කටේ රිංගවන්නෙමු.

වළගම්බා - ඒකහරි. එකාවාගේ සිටගෙණ යුඬකරව්.

(දාතියනම් දෙමළ රජ තම යුඬසේනාවක් සමග පැමිණේ.)

සාරංග - වල්ති

දාතිය - වීරබලේ පා මේ දීපලංකා පාලන මාගේ දැන් වංශය පාගා ලන්ට හිතාදෝ වළගම්බා කරණ යුද්දේ ර් පරදී බූපා නැතවාසි-

වළගම්බා - කාගෙ බලේ දැයි මේදීපේ ලංකා දැක්කැකි යුද්දේදී- සිංහල වංශේ බූපතී මා බැව්දනු කාලා දෙන මේ බැටේ- තෝ පරවාදියා පණයාවී- _______________

සිංහලරට කොල්ලකා බුදුසමය නැතිකරන්ට ආ මෙම දෙමළ ජනයන් වහාම කප.

(සිංහලයෝ දෙමළ ජනයන් කපාමරති. දාතිය රජ මැරුණ බව දිටු අනික් දෙමළ ජනයෝ පලාදුවති - වළගම්බා රජුගේ සේනාවෝ ජයසක පිඹ ගමන්කරති.)

ජිංජුටි - වල්ති

සිංහල හේවායෝ - දීපේ දෙමළෝ කෑවෝ - සෑසී සසුන් බිඳ දැම්මෝ දාතිය රජසෙන් උන්ගේ - මාරයාගේ මුවෙහි අද ලැග්ගෝ සේසත් ලංකා නංවා - සෑසීගේ සත් දම් දුල්වා.

126 වළගම්බා චරිත

තැබිය වට්ඨගාමිණි - සිංහලුන්ගේ මෙදීප අද අල්ලා ලෝකේ තිබෙනා මෝහේ - සින්දාපු නිර්මල ධර්මේ ගෞත‍ම මුනිඳුන් ලෙස්නෙන් - දීප්ති වන්නේ විශෂ ලෙස දීපේ සේසත් ලංකා නංවා - සෑසීගේ සත් දම් දුල්වා තැබිය වට්ඨගාමිණි - සිංහලුන්ගේ මෙදීප අද අල්ලා

(නික්ම යයි.)

4 අංකය

i ජවනිකා - අනුරාධපුර මාලිගාව

(වළගම්බා මහරජ සිංහාසනේ සිටිනසේක.)

උත්තිය, මූලව, පබ්බත, තිස්ස සාලිනම් මන්ත්රි වරුද නාටිකාංගනාවෝද සිටිති.)

එමන්කල්යාාන් - ත්රිපතාල්

රජුහැර සියලුදෙනා - ජයසිරි මඩලග රඳන තෙදින සරු - දෙමළ බලය බිඳලන බූපා - මේ රකිනසුරෝ සිරිනි බොහෝ සිරිනි ‍ෙබහෝ - පක්ෂපාත ජනයා එක්කර - ජය සිරි මඬලග රඳන තෙදින සරු දෙමළ බලය බිඳලන බූපා-රටවැසියට බත බුලත ලැබීයේ - පරලොවට වැඩ ජන හිතට ගතීයේ- මුණිබණ දැනෙන අපේ මහරජ සමග රුපු කරපු යුද - පැරදි ගියාය - ලකට සෙතාවි - කිරුළ දිලේවී - සිරිසැපවේවි - ශාසන නැංවී - තේජස යාය - සකල දියත නිතර - ජයසිරි මඬලග ________________

(කවට ධුරන්ධර සිරෝමණී පැමිණේ.)

සිරරෝමණි - පස්වා දහසක් බුදුවන්ඬ දෙයියෝ මට කථාකරන්ට භය බෝයි.

වළගම්බා - ඇයි ? ඇයි ?

සිරෝමණි - ලබ්බට තිබ්බ අත නොවේද පුහුලට තියන්නෙත්


ජෝන් ද සිල්වා 127


වළගම්බා - ඒක ‍එහෙමතමා. කවුද ලබ්බ? කවුද පුහුල?

සි‍රෝමණි - ලබ්බ කවුදැයි ඔබවහන්සේ දන්නවා ඇති.

වළගම්බා - කවුදැයි මට තේරුමක් නැත. මතක්කරපන්.

සිරෝමණි - කපිසීස නම් ඇමතියාය. පුහුල මමය

වළගම්බා - එහෙමනම් එබඳු අන්තරායවලින් බේරී ක්රිනයාකරන්ට දන්නේ නැද්ද?

සිරෝමණි - රාජසේවය හරියටම ආකාශය වාගෙයි. කොයිවේලාවේ ගොරවනවාද කොයිවේලාවේ කෝප නමැති විදුලි කොටනවාද කොයිවේලාවේ ආදර නමැති වැහි කුණාටු පහළ වෙනවාදැයි කියන්ට බැරිය.

වළගම්බා - ප්රරඥසම්පන්න විධුර පණ්ඩිත පූර්ණවක යක්ෂයා සමග ඉරංදතිය වාසයකළ නාගහවනයට පිටත්වයද්දී තම දරුවන්ට රාජසේවය ගැණ දුන් දැනුමැතිකම් සිරෝමණි අහලා නැද්ද?

සිරෝමණි - අහලා තිබෙන හෙයින් මගේ බය බෝයි.

පිලූ - වල්ති

සිරෝමණි - මරගාතේ පැමිණේ රජුගේ කෝපේ - අග්නි මෙන් බෝ දිලේ මම නම් කෝලේ - සස්නේ රැක්කත් විශ්වාසේ නෑ - රජුගේ සේවේ. පින්පව් නැත්තේ - වට වට ගාලා දුන් බැට ලීලා - යක්කා සේ රිරී සලා රිරී සලා - මරගාතේ පැ‍මිණේ වා පිත් සෙම් කෝපෙන් රෝ සෑදී - යන්නා දිව් දේහෙන් - දොක්කම් වී රජුගේ කෝපෙන් දිව් වෙයි හානී - කව්දෝ ලෝකේ ඉන්නේ බේරී හිංසා පීඩා සත්තයි ලෝකේ - රාජා බිල්ලෙක්මයි මේ ලෝකේ


128 වළගම්බා චරිත

බූපත සේවෙන්. කාගෙත් ලේ දැන් වෙන්නා වතුරා හාම්පුතේ මා හාම්පුතෝ.

                          ______________________

වළගම්බා - රාජතේජය නොතකා ක්රි_යාකළාම තමා කපීසිය මැරුම් කෑවේ. එක ‍එකා තමාගේ ප්රොමාණය දතයුතුයි.

සිරෝමණි - දේව, සංසාර සාගරේ වැටී සිටින එක එක සත්වයාගේ ප්රෝමාණය කෙසේ දැනගතෑකියද?

වළගම්බා - මේ ජාතියේදි තමා සිටින තත්වයෙන් තමාගේ ප්රිමාණය දැනගන්ට බැරි නෑ.

සිරෝමණි - එහෙම නම් දේව කෝකිල ‍නම් පක්ෂියාගෙනුත් ජලේ ලගින මැඩියාගෙනුත් වඩා සැලකිය යුතු කවරේද?

වළගම්බා - කෝකිල පක්ෂියාය.

සිරෝමණි - ඒ මක්නිසාද?

වළගම්බා - ඌ මී අඹරස බී සවන පිනන මධුර නාදකර සිටින හෙයින්ය.

සිරෝමණි - ඒ නිසා ඌ මාඩියාට වඩා සැලකිය යුත්තාවන්නේ කොහොමද?

වළගම්බා - මැඩියා මඩවතුර බී බක බක යන අනුකරනයෙන් අමිහිරි ශබ්ද පවත්වනවාය. ඒ නිසා ජනයෝ ඌට අප්රිනය කරති.

සිරෝමණි - මේ රටේ මැඩියාට සමාන කරන්ට හැකි ජනයෝ සිටිත්ද.

වළගම්බා ‍ - එමට සිටිති. උන් අතුරෙන් උඹත් එක්කෙනෙක් තමා.

සිරෝමණි - ඒ මක්නිසාද?

වළගම්බා - අපේ කරුණාව ලබන්ට නිසි තරමට ශාස්ත්ර්ය නොදැන කවීන්ද්රය නාමය පට බැඳගෙණ සිටින හෙයින්ය. උඹට සිරෝමණි නාමය වෙනුවට කටගඳ කපුරුහාමි යන නාමය වඩා සුදුසුයි.



ජෝන්ද සිල්වා 129

සිරෝමණි - නමින් මිනිහෙකුගේ තරම කුමට සොයනවාද?

වළගම්බා - නමිනුත් තරම සොයා ගතහැකි.

සිරෝමණි - එහෙම නම් ඔබවහන්සේගේ නමිනුත් ඔබවහන්සේගේ තරම දැනගන්ට බැරි නෑ.

වළගම්බා - මන්ද බැරි?

සිරෝමණි - එය තෝරන්ට මට බය බෝයි.

වළගම්බා - භයවෙන්ට එපා තෝරාපන්.

සිරෝමණි - ‘වළ’ යනු වතුර පල් වෙවී තිබෙන තැනකි. ‘මඩවළ’ යනුනෙන් එය තේරුම්ගත යුතුයි. ගෙම්බා ගම්බා කියා මිහිරියට ශබ්ද කෙරීම පිණිස ව්යෝවහාරවී තිබේ. ඉතින් ඔබවහන්සේගේ නමින් තේරෙන්නේ මඩ වතුර බී බක බක යන අනුකරණයෙන් ශබ්ද පවත්වන ඔබවහන්සේ කී මැඩියා බවයි.

වළගම්බා - සිරෝමණි! වචනවල අර්ථ දැනගෙණ එය ‍තෝරාපන්.

සිරෝමණි - මෙසේ තේරුවේ වචනවල අර්ථ දැනගෙණයි.

වළගම්බා - ගෙම්බා යනු ගෙයිවාසය කරණ මිත්රයයා යන තේරුමක් ඇති නාම වචනයෙකි. මැඩියා මඩවතුරේ ලගින ‍සතෙකි. ඒ නිසා වළ මැඩියා කියා සමාසකරණවා මිසක් වළගම්බා කියා සමාස කිරීම අර්ථවිරෝධයි.

සිරෝමණි - මෙහි ආවේ ඔබවහන්සේ ලෝකෝත්තර වැඩ රාශියක් කරන්ට අදහස්කර සිටින බව ආරංචිවෙලයි එහි පංගු කාරයෙක්වී පරලොව පින්ටිකක් සොයා තබාගන්ටයි.

වළගම්බා - පින් නොකරන ජනෝ දුකට ගොදුරුවෙති. ඛඩ් ‍යෙන් මෝහ නමැති ගනඳුර දුරුවෙයි. බුද්ධාආලෝකය ලොවෙහි පතුරා මිසදිටු ගනඳුර දුරුකදල ත්රෛජලොක්යලචාය්ය්ාර්‍ බුදුන්ගේ ධර්මය නැති නොවෙන්ට උපා අප විසින් යොදා තැබිය යුතුයි.

සිරෝමණි - එය සර්වාකාරයෙන්ම යොග්යු වැඩකි. සර්වදේවෝ ඔබ වහන්සේට අනුබල දෙත්වා.

130 වළගම්බා චරිත

වළගම්බා - මාගේ යුඬදක්ෂ මන්ත්රි වරුද පින්කරගත යුතුයි. එබැවින් එකිනෙකාද විහාරය බැගින් සාදා පින්රැස්කර ගණිව්.

ඇමතියෝ - එසේ යහපති දේව.

වළගම්බා - පණ්ඩුකාභය රජු විසින් තැනූ නිගන්ඨාරාමය කඩා දමා එහි පිරිවෙන් දොලහක් ඇති විහාර‍යක්ද අභයගිරි විහාරයද සාදා මහාතිස්ස තෙරුන්නාන්සේට පුදන්නෙමි.

ඇමතියෝ - සාධු! සාධු!! ඔබවහන්සේට ඉන් ලැබෙන පින් අප්රිමාණයි.

සිරෝමණි - අපේ මහරජුගේ යහපත් වැඩ ගැණ අපේ ප්රීවතිය ප්රෙකාශ කෙරීම සුදුසුයි. මේ ප්රේස්තාවේදී මෙහි සිටින නළඟනන්ද ප්රීනතිය ප්රුකාශකරණවා ඇතැයි සිතමි.

පහඬි - ජංගලා - ලාවනි.

නළඟනෝ - සැප කිමා මේ ලෝකේ කුසල් විනා - කුසල් විනා - දෙසු තිලෝනා විනා සැප කිමා - මේ බූපතින් කී - එ රාජකාරි - පෑදී පෑදී ලංකාවාසී - පේවී කරව්.

                    (නික්මයයි.) 

ii ජවනිකා - අනුරාධපුර විථියක්.

වැසියෝ හතර දෙනෙක් ගඩොල් රැගෙණ අභයගිරි දාගැබ බඳින්ට යති.

1 වැසියා - යහළුවනි අපේ මහරජ අභයගිරි දාබැග බඳින්ට ඔය ස්ථානය නියමකර ගත්තේ මන්ද?

2 වැසියා - ඔය ස්ථානයේදී තමා ගිරිනම් නිඝණ්ඨයා අපේ රජුට සරදම් කළේ මහකළු සිංහලයා දුවන්නා කියා.

3 වැසියා - එය සිහිපත් කෙරීමට ඔය වෙහෙර අප මහරජ තනන්නේය.

4 වැසියා - අභයගිරි කියා නම තැබුවේ මන්ද?

1 වැසියා - වට්ඨගාමිණී අභය යනු අපේ රජුගේ සම්පූර්ණ නාමයයි. එම නමේ අන්තිම කොටස වූ අභය, ගිරි නම්


ජෝන් ද සිල්වා 131

නිඝණ්ඨයාගේ නම සමඟ අභයගිරි කියා නම දී තිබෙන බව පෙණී යයි.

2 වැසියා - වට්ඨ ‘වළ’ කියා සිංහලට බි‍ඳේ. ගාමිණි සිංහලෙන් ගම් කියා ව්යීවහාර කෙරේ. අභය අබා කියා යෙදේ. මෙසේ ‍අපේ මහරජුගේ නම පිරිසුදු සිංහලෙන් වළගම්බා කියා ව්යිවහාර කරණ බව දතයුතුයි.

3 වැසියා - බයාගිරි කියාත් මෙම වෙහෙරට නමක් නොවේද?

4 වැසියා - ඔව් අබාගිරි යන නම බයාගිරි කියා ව්යලවාහාර කෙරෙයි.

1 වැසියා - බුද්ධිම මුදුන්පත් කරගෙණ ධර්මය සොයන ජනයාට මේ වෙහෙර දැගැබ් මොනවාටද?

2 වැසියා - මේවා නොතිබුනොත් නූගත් ජනයාට ධර්මය අවබෝධ කරන්ට අපහසුයි.

3 වැසියා‍ - පොඩි ලමයින්ට අකුරු අවබෝධ කරන්ට ගුරුවරයා රූප මවා පෙන්වන්නා වාගේ නූගත් ජනයාගේ සිත් ධර්මය අතට යොමු කරගැණීමට මෙම විහාර දාගැප් උපකාරී වේ.

4 වැසියා - සාධු සාධු මින් අපට පින් ලැබෙන බැවින් මාන්සිවී අභයගිරි දාගැබ සහ විහාරයත් තනමු.

කාලිංගඩා - දාදරා

හතරදෙනාම - තිලෝගුරු නමෝ නමෝ - ධර්ම සංඝ නමෝ නමෝ භයාගිරි ථූප සදා - ධාතු තබා නමෝ නමෝ ලෝකොත්තර මෝක්ෂ සැපත - සොයත් - සොයත් නිරන්තරා.

(නික්ම යති.)

iii ජවනිකා - වනාන්තරයක්

වළගම්බා රජ භයාගිරි දාගැබේ වැඩකරුවන්ට ගෙවන්ට මුදල් නැතුව මුනින් බුදියාගෙණ සිටින කල දෙව්දූ කෙනෙක් පැමිණීම.

දෙව්දූ - මහරජ! මහරජ! පිබිදුනු මැනව. 132 වළගම්බා චරිත

වළගම්බා - (පිබිද කියයි.) දෙව්දූ මාගේ මුදල් භාණ්ඩාගාරය හිස්වී භයාගිරි දාගැබේ වැඩ කර්මාන්ත නිමකරන්ට බැරුව කණගාටුවෙන් සිටිමි.

දෙව්දූ - මහරජ ඒ ගැණ කණගාටු නූන මැනව, තොපට සෑහෙන තරම් රිදී ලබාගන්ට උපායක් කියමි.

වළගම්බා - එසේ නම් මැනවි.

iv ජවනිකා - ගොකස් මුද.

සෝමාදේවී නැවකින් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණේ. නැවියෝ තිදෙනෙක් රුවල් නැවක් පදිති.

පිලූ -ලාවනී

නැවියෝ - වේගේ හුළං බෝ සෙල්ලී පැදෙන්නා රැල්ල ගසා මේ නැව් මාමූදේ - රැල්ල ගසා මේ නැව් - ශ්රී වළගම්බා බිසෝ සිනාසී ස්වාමි කරා යන්නී- කර්මේ පරිද්දෙන් වෙන්වී ගියා මෑ සිංහල රාජාගෙන් ලංකාවේ - සිංහල රාජාගෙන්- කර්මය ආපහු ගෙණත් ‍දමන්නා දේවී මෙසේ තොස්නෙන්. _________________

සෝමාදේවී - නැවියෙනි, කර්ම ශක්තිය පුදුමයි. සමහර රජ දරුවෝ තමන්ට බලය තිබෙන සෙයින් කිසි යුක්තියක් නැතුව ජීවිත හානි කරති. මෙසේ කරණ ලද කර්මය තමන්කරා පැමිණ ඔවුන් නැති කරදමනවා මදිවාට තමන්ගේ රාජධානියලටද නිසි විපාක පමුණුවයි. කර්මය මෙසේ බල ඇති ශක්තියකි. මේ නිසා තමා තිලෝගුරු බුදුහාමුදුරුවන් මෙසේ වදාළේ-

“න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ න පබ්බතා නං විවරං පවිස්ස න විජ්ජතී සො ජගතිප්ප දෙසො යත්ථට්ඨි තො මුඤ්චෙය්යද පාපකර්මා”

නැවියෝ - මේ ගථාවේ තේරුම මොකද?


ජෝන් ද සිල්වා 133

සෝමදේවි - ඇයි එය තේරෙන්නේ නැද්ද?

නැවියෝ - පාලි භාෂාව අපට තේරෙන්නේ නැත.

සෝමදේවි - ඒ භාෂාව නොදන්නවා නම් මේ. ලෝකයේ දැනගත යුතු භාෂාව කුමක්ද? එම පාලි ගාථාවේ තේරුම මෙසේ දැන ගනිව්. “පාප කර්මය කළ පුද්ගලයා අන්තරීක්ෂයෙහි හෝ සමුද්රක මධ්යභයෙහි හෝ වීදුරු ගුහාවෙහි හෝ සිටියත් කර්මය ඔහු සොයා යයි. ඉන් මිදෙන්නට බැරිය.”

නැවියෝ - නැව දැන් ජම්බුකොළෝ වරායට පැමිණේ.

සෝමදේවි - මෙම වරායට තමා සංඝමිත්ත භික්ෂුණී දේවානම් පියතිස්ස රජුගේ කාලයේදී බෝධී ශාඛාව රැගෙණ ආවේ. පුරාණ පටන් ප්රගසිද්ධ නැව් තොටකි.

නැවියෝ - ඔබවහන්සේ කැටුව යෑමට මෙහි රජදූතයෝ ඇවිත් සිටිති.

සෝමදේවි - ඉක්මනට ගොඩ බැස අනුරාධපුරයට නික්ම යමි. මාගේ පුරුෂ වළගම්බා රජු දිටුකෙණෙහි මෙපමණකල් වියෝග දුකින් සිටි මට තද ප්රීුතියක් උපදිනවා සත්තකයි.

නැවියෝ - ජයස්තු! ජයස්තු!

(සෝමදේවි නැවෙන් ගොඩ බැස දූතයන් ගෙණන් තිබෙන දෝලාවකින් ගමන් කරයි.)

(නික්ම යයි.)

v ජවනිකා - ජම්බුකොළෝ සිට අනුරාධපුරයට යන විථියක්

(රාජදූත‍යන් සමග පැමිණි වැසියෝ සෝමදේවි රන්දෝලාවකින් ගෙණ යති.)

කමාජ් - දාදරා

වැසියෝ - සෝමදේවී නෙත් දුටන්ගෙ නන්දනා කළා රටේ- මෝහනී විලාස රුවිනි කෝ මෙසේ ලියෝ රටේ-


134 වළගම්බා චරිත

නළලත අඩ සඳකි නාස අංකුස දෑස මිණි සේ නීල- රත්න දාම බඳින බෙල්ලේ වටින බැව් පෙනේ දිලී- වට්ඨගාමිණි නිරින්ද බැන්ද ආදරේ සදා- කැන්දවාපි දේවි දෙමළ පාසයෙන් මුදා මෙදා කරුමෙට සිදු කැලල වට්ඨගාමිණි ඤාණ නිතර පාන ජාති රංග සුගුණ චිත්තෙන් හැර දමයි මනාප වී

5 අංකය

i ජවනිකා - අළුවිහාර.

රහතුන් වහන්සේලා පන්සීයක් රජුගේ අණපිට තුන් පිටකේ ලියන්ට සූදානම්වෙති.

1 සංඝයා - වළගම්බා මහරජු විසින් තනන ලද භයාගිරි ආරාමයෙහි වසන සංඝයාට මහ විහාරේ වසන සංඝයා විසින් මෙතෙක් කල් මුඛ පරම්පරාවෙන් දේශනාකර දුන් සද්ධර්මය දැන් වරද්දා දේශනා කරති.

2 සංඝයා - මහාවිහාරයෙන් පැනලා ගිය සංඝයා වහන්සේ භයාගිරි ආරාමයට වැදී අනුබල දෙයි.

3 සංඝයා - මේ නිසා පළමුවෙනි වරට අළුත් නිකායක් සෑදී තිබේ.

1 සංඝයා - සද්ධර්මය මෙසේ තෝරන්ට ගියොත් කලකදී නැතිවෙන බැවින් එය පොපතෙහි ලියා තැන්පත් කරමු.

2 සංඝයා - එය ඉතාම යෝග්ය වැඩකි.

3 සංඝයා - තුන්පිටකේ රත්රන් පත්ඉරුවල ලියා මෙම අළු විහාරයෙහි නිදන් කරමු.

4 සංඝයා - තවද පුස්කොලවලත් ලියාපදිංචි කරමු.

කාලිංගඩා - දාදාරා

සැමදෙනා - ලෝක ජනෝ දේශනාව - දනිතිය මෙලෙසේ - නිකායභේද වීමෙනි - දැන් - නිකාය භේද වීමෙනී - විරුඬ ධර්ම


ජෝන් ද සිල්වා 135

සෑදුනී - ලෝක ජනෝ - ලෝකනාථ බුදුන් දුන්න සත්ය ධර්ම ලක්දිවේ - කාලයක් තිබෙන්ට පාමු ඒ ලියා මෙ රන් පතේ -

(නික්මයති)

ii ජවනිකා - වනාන්තරයක්.

වනදේවතාවියෝ දෙදෙනෙක් දඹුළුවිහාරය වඳින්ට මල්නෙලති.

බිම්ප්ලාසි - හිංචි

1 දේවතාවි - ශාක්යුවංසේහි ඉපදුන මුනිඳුන්ගේ පිළිම වඳිමු රෑට- පුෂ්ප නෙලමු වන සුපිපී - ශාක්යා වංසේහී.

2 වනදේවතා - මේ පුෂ්ප සෙව්වන්දී - නාමල් තිබෙන්නා නෙලීම සැන්දෑහී - ප්රීදතිදෙවන්නා - ශාක්යීවංසේහි ඉපදුන මුණිඳුන්ගේ-

දෙදෙනාම - දඹුළුවෙහෙර සෑදු සිහල - නිරිඳුට ඇත මෝක්ෂ සැපත පුණ්යාකර්ම රැස්වී - සාක්යීවංසේහි ඉපදුන මුණිඳුන්ගේ. __________________ 1 දේවතාවි - දඹුළු විහාරය වළගම්බා රජු වනාන්තර ගතවී සිටින කාලයේදී කළු ගලෙන් කොටා තැනූ පුදුම විහාරයෙකි.

2 වනදේවතාවි - සියලුදෙනාම වැඳ පුදා ගත්තායින් පසු අපි එහි පැමිණ මේ මල් බුදුන්ට ජූජා කරමු.

1 වන දේවතා - මනුෂ්යෙයින්ට පමණක් නොව දෙවි දේවතාවුන්ටත් ධර්මය දේශනා කළ බුදුන්ට මල් පූජා නො කරණවා නම් අපි ‍කාට පූජා කරමුද?

2 වන දේවතාවි - ඒක එසේමැයි. තවම එම විහාරයෙහි විෂ්ණු රූපය කම්මුතු කර නැත.

1 වන දේවතාවි - එය විශ්වකර්ම දිව්යකපුත්ර යා විසින් තනන්ට යන බව සැලයි.

(විශ්වකර්ම පාරිජාත මල් අරන් පැමිණේ.)



136 වළගම්බා චරිත

කාලිංගඩා - කහරවා - දාදරා

විශ්වකර්ම - පුෂ්ප නෙලා - පෙට්ට පුරා - සැන්දෑ ජාමේ - සැන්දෑ ජාමේ දෙදෙනා කොයිදැයි යන්නේ - පුෂ්ප නෙලා පෙට්ටි පුරා - සැන්දෑ ජාමේ-

දේවිතාවියෝ - ආරාමේ සෑසීගේ - ආරාමේ සෑසීගේ - මෙ දඹුල්ලේ දීප්තී - මල් පූජා කරපෑදී පින් ගන්නා ලෙස පේවී යන්නෙම්මෝ සැන්දෑවේ - ජාමේහී - ජාමේහී බෝ සෙත් අත්වේ ඉන්.

                                       _______________

විශ්වකර්ම - දඹුළු විහාරයේ විෂ්ණු රූපය තැනීමට එහි මමද දැන් යන්නෙමි. තොප විසින් නෙලන ලද මල් සමග මවිසින් දිව්යය ලෝකයෙන් ගෙණා මෙම පරසතු මල්ද පූජා කෙරීමට විගස යමු.

දේවතාවියෝ - එසේ යහපති. නික්ම යමු.

(නික්ම යති.)

iii ජවනිකා - අනුරාධපුර මාලිගාව

(වළගම්බා රජ, මූල නම් මන්ත්රීාද, නාටිකාංගනාවෝද සිටිති.)

පිලු - ත්රි,තාල්

නාටිකාංගනා - රටේ සෙතා සැදී ජනෝ තුටුවෙත් - මේ රටේ සෙතා සැදී ජනෝ තුටුවෙත් - බූපාදීපා දිව්යත ලෝකාලෙස සරසායි - ‍රටේ සෙතා සැදී ජනෝ තුටුවෙත් බවදුක සින්දන - මුණිබණ දන්වන සඟන රැකීයන - දාන සලස්වන - සුරසැම නන්දන - කරවා සුගුණෙන - සසරේ දුක් දැන - සුසිරිත පායි රටේ සෙතා සැදී ජනෝ තුටුවෙත් - අකුසල සින්දා - පින්සිත රන්දා- සෙත් වී නන්දා මෙනි බන්දා - රුපු ඔද බින්දා - යුදසෙන් කැන්දා - ජයකොඩි බැන්දා මෙනිරින්දා - නෙක දරා - හිස පීරා - දෙත් නෑරා - සඳ මැද අන්දා - ලමු යස කන්දා - මේ බුවිපාල්

                           __________________

(වැසියෝ දෝලාවකින් සෝමදේවි අරන් පැමිණෙති. රජ විගස සෝමදේවි සිපාචාරකොට මෙසේ කියයි.)


ජෝන් ද සිල්වා 137

වළගම්බා - පිපාසයෙන් සිටින වාතක පක්ෂියාට ජලධාරාවක් ලැබූනා මෙනි මාගේ බිසෝගේ පැමිණීම.

කමාජ් - නටකා.

වළගම්බා - පත්තු මා සිත් මන්දිරේ මෙතෙක් - වියෝගාග්නී දැන් තී නව්වා - පත්තු මා සිත්-

සෝමාදේවී - මාගේ පතීව්රතතා සීලේ නොබින්දා - උන්නෙම් මෙතෙක් සැමි මම් - අහෝ ‍උන්නෙම් මෙතෙක් සැමි මම් - පතා මාගේ ස්වාමි බූපා බුඬ ‍ධර්ම තේරිලා ගොසින්.

වළගම්බා - ලෝකේට පානකී මාගේ ශ්රිොයාවි - වෙන්නෙම් බෝ අදර මම් තිකා - වෙන්නෙම් මම් බෝ ආදර ‍මම් - නැත්තේ සංකා මා සීදේවි - කර්මදෝසෙන් අන්තරා උනත් -

සෝමදේවි - ශීතා ප්රකමේශ්වරී රව්ළා ගෙණිව්වා - සින්දේ නෑ ශීල උතුම් තොමෝ - සින්දේ නෑ ශීල උතුම් - සැමි ඒවගේ මම් උන්නෙමි - ආල නූලේ එල්ලීලා මෙතෙක්-

වළගම්බා - මේ ලෝනිවාසී වූ ගෑනුන්ට දේවී - වෙන්නා ආදර්ශ උතුම් ඉතින් - වෙන්නා ආදර්ශ උතුම් - සිතේ නෑ සංකා ‍මා දේවි මාලිගාවේ වාසවී ඉඳින් -

              ____________________
  (දෙදෙනාම සිපාචර කර ගණිති.) 

මූලනම්මන්ත්රීෙ - මහරජ, මාගේ සිත කොයි තරම් මේ ගැන පැහැදුනා ද කීවොත් මෙම උතුම් දේවීගේ නාමය සහ මාගේ නාමයත් මුල්කර පොලොන්නරුවේ මූලසෝම නමින් විහාරයක් තැනීමට සිතක් පහළ වුනීය.

වළගම්බා - එය යහපත් සිතකි. එය කරවනු.

මූල - එසේ යහපති දේව.

(නළඟනෝ මෙසේ කියා නටති.)





138 වළගම්බා චරිත

බහිරවි - දාදරා

      සෙතා - සෙතා 	- 	වේවාය සිංහලුන්හටා ‍ලකේ - නිමල් දහම් දිලේ සෑසිගේ

ධර්ම - මිථ්යා සුන්වී ගොසින් - සෙතා - සෙතා - සෙතා වේවාය සිංහලුන්හටා ලකේ.

................//............