Jump to content

ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-04-සීතාහරණ හෙවත් ගිනිගත් රාමායණය (1886)

Wikibooks වෙතින්

සීතාහරණ හෙවත් ගිනිගත් රාමායණය (ක්රිර.ව. 1886)


සීමාසහිත පූර්වතදිග ලංකා නාටය සමාගම විසින් 1886 මැයි මස 31 වෙනි දින දී නැටුම් දක්වන ලද ප්ර6සිද්ධ නාටකය

SITAHARANA OR “GINIGATH RAMAYANA” ACTED BY THE CEYLON ORIENTAL DRAMATIC COMPANY LTD

සංඥාපනය.

රාමායණය නම් වාල්මික සෘෂින් විසන් සංස්කෘත භාෂාවෙන් කරණ ලද මාහැගි ප්ර්බන්ධයකි. හින්දුදේශවාසින් විසින් අද දක්වා ගරුකොට සලකන මෙම මධුර මනෝහර ප්රලබන්ධය දෙමළ කිවිවරණවු කම්බ නම් අය විසින් දෙමළ භාෂාවට නගා තිබේ - මෙම දෙමළ රාමායණය ලක්දිවැ මෑත කාලෙකවිසු සීනිගම ස්ථවිරයන් වහන්සේ විසින් පළමුවෙනි වරට සිංහලට නගණ ලදැයි ඇතැමි අයගේ මතයකි - පුරාණ ලංකාව සම්බන්ධව නොයෙක් කරුණු රාමායණයෙහි පෙණේ - එය දැනගැණිම සිංහල මිනිසුන්ට වටින බැවින් වාල්මික සෘෂින්ගේ රාමායණය නමැති මහා සමුද්‍රයෙන් ගත් දිය දොතක් බඳු මෙම සීතාහරණය නාටක ශාස්ත්රිය අනුව ගොස් සිංහල භාෂාවෙන් මධුර වු හින්දුස්තානි වෘත්ත‍යන්ගෙණ සින්දුකර අඩුමිළේට දෙනු සඳහා ප්රුසිඬ කළෙමි. සිමාසහිත පූර්ව‍දිග ලංකානාට්යඩ සමාගම විසින් මෙම කථාව කොළඹ මල්වත්තේ පුෂ්පමන්දිරයෙහි නටවනකල එම මන්දිරය ගින්නෙන් දා විනාශ වි ගිය බැවින් සොඳාකරා නැටුම් පෙන්විමට එම සමාගමේ මහතුන්ට ඉඩ නොලැබුන එක කණගාටුවට කරුණකි - මෙම කථාව “නටන්ට බැරිය, වස්ගහනවාය” යනු බොහෝදෙනාගේ මතයකි එම මතය සර්ථ රවිමට වා‍ගේ ‍මම සිතාහරණය මුළින් කි මන්දිරයෙහි නටවන කල එම මන්දිරය


50 සීතාභරණ


ගිනි ඇවිලි විනාශ වි ‍ගියේ ය - මේ නිසා මෙම සීතාහරණයට “ගිනිගත්” රාමායණය කියාද නම් තබන ලදි - මෙහි කථාශරීරය සං‍ෙක්ෂහපයෙන් දක්වමි - අයොධ්යි දේශයේ දශරථ නම් රජ්ජුරුවන්ට දාව උපන් රාම ලක්ෂමණ භරත කියා කුමාරයෝ තුණ්දෙනෙක් සිටියෝය - මොවුන්ගෙන් වැඩුමලාවන රාමකුමාරයා එක්දිනෙක පියහඹන පක්ෂියන්ට තමාගේ දුන්නෙන් විදිමට කැමතිව උයනට ගොස් සිටිනකල ඒ උයන පාරේ යන්ට ආ මහලු කුදියෙක් ව‍ු කුණිට තම චාපෙන් විද්දේය - මේ කරණකොටගෙණ ඈ‍ගේ කුදේ දිගඇරිගිය නුමුත් ඊට ඇගේ සිත කෝපව භරත කුමාරයොගේ මව්වන කෛකෙයි බිසව කරා පැමිණ කියන්නි රාමකුමරයාව දශරථ රජුවිසින් අයොධ්යරදේශයේ රජකමට පත්කරණු ලැබුවොත් ඔබවහන්සේට සහ පුත්රයවු භරත් කුමාරයාටත් සිඟාකන්ට සිදුවේය - එබැවින් ප්රිරයසැමිවු දශරථ රපුගෙන් භරත කුමාරයාට රාජ්යිය ලබාදෙන්ට විරිය අරන්නැයි කිවාය - ඒ ඇස කෛකෙයබිසව පළමුවෙන් අමනාප වු නුමුතු දෙවනුව කු‍ණිගේ වචනය සිතට ගෙණ දශරථරජුගෙන් පොරොන්දුවක් ලබාගන්නට විරිය කළාය - මීට ප්රිථම විශ්වාමිත්රප නම් සෘෂින් ධ්යා න භාවනාවෙන් තමන්ගේ මල් උයනෙහි සිටින කල තාඩකා නමි රකුසි විසින් ඔහුට හිරිහ‍ැර කරන ලදි - විශ්වවාමිත්‍ෂිෙතමේ දශරථරජු කරා පැමිණ මේබව සැලකර එම රකුසිව මරා දැමිමට රාම කුමාරයා පිටත්කර අරින්ටෙයි කිවේය - ඊට දශරථරජ පළමුවෙන් අමනාපව දෙවනු වශිෂ්ට සෘෂින්ගේ කිමපිට රාම ලක්ෂ මණ යන දෙදෙනාටම විශ්ව‍ාමිත්රව කැටුවයාමට අවසර දුන්නේ ය.

මොවුන් තිදෙනා මුළින් කී උයනට පැමිණිකල තාඩකානම් රකුසි එම උයනේ මල් ආදිය කඩා විනාශ කරණවා දැක රාම කුමාරයාද තමා‍ගේ දුන්නෙන් ඈට විද්දේය - මෙසේ තාඩකා‍ගේ දිවිහානිකර ආපසු සිය රටට යාමට මිතිල දේශය පාරේ රාම කුමරුන් එද්දි එම දේශයේ ජනක නම් රජු‍ගේ දෝනියන් වන ජානකී හෙවත් සීති නම් රූපාලංකාර වු‍ ස්ත්රි ව දැක රාමා‍ගේ සිත සැලුම් වි ඈ ගැණ තොරතුරු තම ගුරුවරවු විශ්වාමිත්රිගෙන් විචාළේය - විශ්වාමිත්රගද ඊට නිසි පිළිතුරුදි රාමා සහ ලක්ෂෙමණත් කැටුව ජනක රජු කරා පැමිණ රාමකුමාරයාව එම රජුට අඳුන්වාදි සිතා සමග සරණ බන්ධනයට ඇතුල්විමට ස‍ුදුස්සේක් බව

ජෝන් ද සිල්වා 51


කීමේය - ජනකරජ්ජුරුවෝ ඊට සතුටුව දුන්නක් එහි ගෙන්වා එම දුන්න නැවුවොත් රාම කුමරුන් හට මාගේ දියනියන් සරණපාවා දෙන්නෙමියි කිවේය - රාම කුමරුන් විසින් ඉතා පහසුවෙන් දුන්න නමණ ලද්දෙන් ජානකි තෝමේ ඔහු‍ගේ ප්රිියභාය්යනර්ව් වුනාය - මෙසේ සිදුවෙන ලද සරණ මංගල්යතයට දශරථ රජුද පැමිණියේ ය - කලක් පසුවෙනාතර රාම ලක්ෂමණ යන දෙදෙන සීතාදෙව් කැටුව තමන්ගේ සිය රටට යාමට නික්මව එහි ගිය කල කෛකෙයි බිසව විසින් තම පුතනුවන්වන භරතට රාජයය ලබාදෙන්ට උත්සහ කරන බව රාම තෙමේ අසා ඒ ගැණ ඉතා සතුටුව රාජ්ය්ය මල්ලාටම බාර දෙන්ටෙයි කියා පිය රජුගෙන් ඉල්ලා අවසර රැගෙන සිතා දේවි සහ ලක්ෂ්මණත් කැටුව ඉන්දියාවේ දක්ෂිණපල්තේ පිහිටි ඉතා විශාල වනයක්වු දණ්ඩකනම් වනයට ගියේය - මෙසේ වනාන්තර ගතවු පුතනුවන් ගැණ දශරථ රජ මහත් ශෝකයෙන් පෙලි එම ශෝකය කරණ කොටගෙණ නාම ශෙෂ බවට පැමිණියේය - දණ්ඩකනම් වනයෙහි ධ්යානන භාවනාවෙන් විසු අගස්ති නම් සෘෂින් රාමාට සම්භ වි දෙදෙනා අතරේ කථාවක් පැවතුනේය - අගස්ති සෘෂින් කියන්නේ මෙම වනයෙහි යක්ෂ උපද්ර්ව බොහෝ තිබේ - ලංකාවේ රාක්ෂතසයින් විසින් වනය පාලු කරණ ලදි කියා අගස්ති සෘෂ්න් එර්ධියෙන් ගියේය - මෙසේ රාමාලක්ෂ්මණ සහ සීතාදේවිද එම වනයෙහි සිටින කල එවකට ලංකාද්විපයේ රජකම් කළ රාවණා නම් රාක්ෂියාගේ සහෝදර වන සූර්ප්ණඛා තොමෝ දණ්ඩක නම් වනයට මල් නෙලිම පිණිස පැමිණ රාමකුමරුන්ව දැක ඔහුගේ රූපශොභනාවෙන් තම සිත කැළඹි කියන්නි “කුමරුවනි මා ඔබගේ දේවිමෙන් පාවාගණු මැනව” රාමකුමරුද ඊට අසතුටුව ලක්ෂමණ ඈට හදුන්වා ඔහු හා සරණ වෙන්ටෙයි ඈට කි කල නූනූවන ස්ත්රිහ තොමෝ දෙනුවන යොමා ලක්ෂයමන් කුමරුන් දෙස බලා මා සරණ පවාගන්ටෙයි කීවාය.ඤාණසාර ලක්ෂ්මණ ඊට කිපි සූර්පෂණඛා‍ෙග් පයොධර නාස ආදි අවයවයන් කපා පලා ගියේය - අසරණ ස්ත්රි් තොමෝ වේදනාව ඉවසිය නොහැකිව සිරිලකට පැමිණ රාවණ කරා ගොස් බොරු ගතුවක් යොදා කියන්නී සහෝදරයානනි දණ්ඩක නම් වනයෙහි රූපශොභාවෙන් විරාජමානවු දිව්යසස්ත්රිකයක් බඳු අඟනක් සිටිනවා දැක ඈව නුඹට ජෝඩු කරගෙණ මෙහි කැඳවාගෙණන්ට ම විසින් විරිය


52 සීතාභරණ


කරණ කල ලක්ෂාමණ නමැති අය මාගේ නාසය ආදි ශරිර අවයවයන් කැපුවේය - රාවණ තෙමේ මීට කිපි මාරිව නම් තම අමාත්යැයාට මුව වෙස්ගෙණ එහි යන්ට නියමකර තමාම හිඟන්නෙක් මෙන් එහි යාමට සුදානම් විය. මෙසේ මාරිව මුව වෙසයෙන් දණ්ඩක වනයට පැමිණ සිතාදේවි රාම ලක්ෂ මණ යන තිදෙන සිටිය සමිපයෙන් යනකල මුවාදිටු ජානකි කියන්නි ප්රිියවඩණ ප්රුයරුෂයානනි අර යන මුවා මට අල්ලාදුන මැනව - ලක්ෂ්මණ ද තම සහෝදරයා ඌව අල්ලන්නට යන්ට එපාය රාවණාගේ දඟයක් යයි කි නමුතු එය කණට වැදද නොගෙණ රාම තෙමේ ම‍ුවා පාරේ ලුහුබඳවා ගියේය - ටික වේලාවකට පසු ලක්ෂ් මණ යන නම ශබ්දවෙනවා ඇසු ජානකි කියන්නි “ ලක්ෂ්මණ රාමකුමරුන් බලන්ට පලයන් මක්වුනාද දන්නේ නැත” යනු කීකල ලක්ෂාමණ කියන්නේ “යන්ට එපය කියද්දි ගියා නම් මට යන්ට බැරිය” එවිට ජානකි මෙසේ කිවාය “අයියා නැතිවුනාම මල්ලිට සෙතේවද. ඒ නිසා තමා යන්ට බැරිය කියන්නේ” මේ වචන ශ්රේවණය කළ ලක්ෂ්ාමණ එහි නොසිට රාම කුමරුන් බලන්ට ගිය කල රාවණා හිඟන්නෙක් මෙන් තමාගේ රථයෙන් පැමිණ රථය ඈත නවත්වා සීතා කරා පැමිණ කුසගින්න නිවා ගැනිමට බොජුන් ටිකක් දෙන්ටෙයි කියා ඈගේන් ඉල්ලුවේය - සීතා ද බොජුන් ගෙණත් රථය ලඟට පැමිණි කල රාවණා ඈව රථයෙන් රැගෙණ ලංකාවට පැමිණියේය - රාමා සහ ලක්ෂ්මණ නැවත එහි පැමිණ සීතා දේවි නැති බව දැක කණගාටුවෙන් සිටිකල අඤ්ජනන්දේවිගේ පුත්රණ වු හණුමා පැමිණ රාම කුමරුන්ට හාද වි ඔහුගේ මුද්ද රැගෙණ සිතිදේවිව සොයනු සඳහා ලංකාවට නික්ම ගියේය. මෙසේ ලංකාවට යන කල රාවණාගේ මුරකාරයෙක් සම්භවි ඔහුව මරා ජය පානය කර හෙලදිවැ රුහුණු රට තිබෙන අශෝකා නම් වනයට ප්රමවිෂ්ට සිතාදේව සම්භ වි රාමකුමරුන් ගේ මුද්ද ඈහට දානයකර ඇගේ මුද්ද රැගෙණ රාමකුමරුන් කරා ගියේය. රාවණ සිතාදේවිව අශෝක වනයෙහි විභිෂණගේ දුවවු ත්රිේජටා බාරේතබා රාගයෙන්මත්ව ඈ‍ගේ පහස ලැබිමට විරිය කළ නුමුත් පතිවෘතාශිලය රැක්ක ඒ ස්ත්රිගතොමේ ඊට අමනාපවුනාය - හණුමා සීතාදේවි‍ෙග් මුද්ද රැගෙණ රාමකුමුන් කරා පැමිණ එම මුද්ද බාරදි යුද්දයට යනු පිණිස සුදානම් වෙනවා සො‍ඳෙයි කියා ලොකු පිරිසක් කැටුව රාම ලක්ෂ්ටමණ


ජෝන් ද සිල්වා 53

සමග ලංකාවට පැමිණියේ ය - යුධසේනාව දිටු ගම්වැසියෙක් විගස රාවණ කරා පැමිණ “සාගරය ගලා එන විලසින් ඉති බලසම්පන්න සේනාවක් ලක්දිවට පැමිණ යුධයට සුදානම් වෙන බැවින් ඒ බව ඔබවහන්සේට දැනුම්දෙන්ට ආමි” කියා ගම්වැසියා නික්ම ගියාට පසු රාවණා‍ගේ සහෝදර ව‍ූ විභිෂණ සමාදානය පැවැත්විම යෙහෙකැයි සිතා හතුරන් සමඟ සමාදානයෙන් වෙසෙමුයයි රාවණට කීවේය - ඊට රාවණ අසතුටු වුනු බැවින් විභිෂණ රාමා‍ගේ පාර්ශ-වයට එකතුවෙන බව කිවුකල රාවණ ඔහුට පයින් ගැසුවේය - කිපුනාවු විභිෂණ රාමා කරා පැමිණ ඔහුට එකතුව සහෝදරයාට විරුද්ධව ක්රිායාකළේය - තවද ශක්රිදෙවියන් පවා පරාජය කළයි කියන රාවණගේ පුත්රිවු ඉන්ද්රමජිත් ලංකාපුර යුඬ භුමියට පැමිණ හණුමා සමග යුධ කරණ කල හණුමා කිපවිටක්ම මැරි උපදින බව දැක සිතාගෙ හිස වැනි බොරු හිසත් රැගෙණ යුධභුමියට ආවේය - ඒ දිටු හණුමා කණගාටුවෙන් හිසේ අත්ගසාගෙණ රාමකුමරුන් වෙත හොස් ඒ බව සැළකළකල්හි රාමා දිවිහානිකර ගැනිමට සිතට ගත්තේය - එවිට විභිෂණ ඒ ගැණ කරුණු තෝරා ද‍ුන්නාට පසු ලක්ෂේමණ් සහ හණුමාද රණබිම කරා ගියෝය මේ වතාවේදි කරණ ලද යුදධයෙන් ඉන්ද්රකජිත් මරුමුවට පැමිණියේ ය - මේ බව ඇසු රාවණද එම යුද්ධ භූමියට පැමිණ ය‍ුද්ධකර රාමකුමරුන්ගේ ඊතලෙන් විද මැරුම් කෑ‍වේය. මෙසේ රාම තෙමේ ලක්දිවැ රවණගේ බලය මැඩපැවත්වා ඔහ‍ුගේ සහෝදර වු ව්භිෂණට ලංකාද්ව්පයේ රජකම බාරදී සිතාදේවිව රැගෙණ තම ස්වකිය රාජ්ය්යට යාමට නික්මුණේය - රාමකුමරුන්ගේ සි‍තේ සැක දුරුකරණු සඳහා ශක්රුයා ගුවනින් වැඩමකර සිතාදේවිගේ පතිවෘකාශිලය රැක්ම ගැණ කරුණු කියා ගියේය - මේ කථාන්තරයේ කථාශරිරයෙ හැකි පමණින් ලුහුඩු කර මෙසේ කී‍වේමි - රාමායණයෙහි පෙණෙන කථාන්තරයට යම්සේ මෙම කථාශරිරය අසමානවෙතත් එසේ වෙනස්විමට හේතු‍ නාටක ශාස්ත්ර ය අනුව ගොස් මෙම පොත කළනිසා බව සියලුදෙනාම දතයුතුයි. තවද මෙම සිතාහරණය යම් නෘත්ය් සමාගමක් විසින් නැටවිමට කැමති නම් පොත් කතෘගෙන් අවසර ගන්ට ඔනෑ බවත් මෙයින් දතයුතුයි.


වර්ෂහ 1886 ක්වු මැයි මස 31 වෙනි දින කොළඹ මසන්ගස්විථියේ දිය. 54 සිතාහරණ


රා මා ය ණ ය 1 අංකය i චිත්ර වස්ත්ර.ය - මල් උයනක්

ධ්යාානභාවනාවෙන් විශ්වාමිත්රර සෘෂින් සිටිනකල තාඩකා නම් රකුසි පැමිණ එය කඩකරයි. සෘෂින් වහන්සේ මෙසේ කියා නික්මයයි.

වෘත්තය - හ රේ ලා ල දේ වො.

යෙදේ බෝම බාදි - යක් විමන් මෙන් මෙභූමි - සිඳා දාවි මා ධ්යාවන මේරාක්ෂමසි - බලාගන්න දේවාති දේවේන්ද්ර-නේ - මගේ ධ්යායන මේවාරේ යාවි මැකි.


ii චිත්ර වස්ත්ර ය - උයනක්

රාමා පක්ෂියන්ට විද විද සිටි. වෘත්තය - සේස්කෙබල මහෝ ඉන්ඩෝලා.

රාමා - නාස්තිකාරමි මේ දුන්නෙනා ගුවන පක්ෂියන් - දුන්නෙනා ගුවන පක්ෂියන් - දුන්නෙනා ගුවන පක්ෂියන් - නාස්ති කරමි.- විදිමි විදිමි පක්ෂියනට ‍සොඳුරු මේ චාපෙන් - රණ්වන් පාට පක්ෂිනයන්ට විදිමි මේ චාපෙන් - මම දැන් විදිමි මේ චාපේන - නාස්තිකරමි.


කුණි - පැමිනෙයි. කුණිට රාමාවිද්දකල ඇ‍ෙග් කුදේ දිග ඇරේ. ඈද මෙසේ කියන කල රාමා නික්ම යයි.

වෘත්තය නෙහාත්කන්ඩජානෙයින්යි.

කුණි - විදී රාමා කුදේයන්ටා - තම චාපේනි මේ බෝසැරෙන් මාහට - පලි ගන්නේම් උපා සලස්වා - ඉතින් වෙය් වනේ සිකුරුමය් මෙදා - (නික්මයයි ) ජෝන් ද සිල්වා 55

iii චිත්රල වස්ත්ර ය දශරථරජු‍ගේ මාලිගා‍වේ ඇතුල්ගෙයක්. කෛකෙයි බිසව සහ කුණි අතරේ කථවක්.

වෘත්තය - චාලොරේසාහි.

කුණි - ආදරේ බොවී දේවිට මා‍ගේ මෙදා - අස සවණ යොමලා මගෙ වදනා.

කෛකෙයි - කිමිද මේ කිවේ මාහට නු‍ෙඕ අදරා - බැදී අදර මවෙත කිය මෙසඳා

කුණි - දේවි‍ගේ ස්වාමි රාමාට ස්නේහෙන් සිටි - සොඳ කිරුල හිමිවේ එම පුතුටා - සොඳ බරත පුතුට - නැත කිරුළා.රාජ්ජය දුනොත් රාමාට පිය රජිඳා - හිගමනට පැමිණෙ ඔබෙ කුමරා.

කෛකෙයි - මේ දෙසේ ආණ්ඩු රාමාට සෑ‍හේ දනු - නැත කිසිම වෙනස මගෙ පුතු හා

කුණි - අත්පිට ඔප්පු‍වේ මගෙ බස ඔබටා කැට කඩමි පුතුට වෙය විපතා.


(කුණි නික්ම යයි.) iv චිත්රම වස්ත්ර‍ය - දශරථරජු‍වගේ මාලිගාව දශරථ සිංහාසනේ සිටින කල වශිෂ්ට සෘෂිවරයා පැමිණ කියයි.

වෘත්තය - රාජාහුන්මය්කවිමකා.

වශිෂ්ට - රාජා දැන්මේ දේසයේ සුන්දරවාසිහු සන්තොසයෙන් බෝ වාස වි වෙති සිතේ සෝදුක් මේදේසේහි තාඩකා නම් රකුසිගෙන් බෝ ගම්තොටු නාස්ති වි ඉතා අලාභහානිවේ.

56 සිතාභරණ දශරථ - මා‍ගේ සිත්වේ සංවලා යක්ෂමනී මේදෙසෙ සත්හට හින්සා දි අහෝ වෙසේ ඉතා ක්රො ධෙන්.

වශිෂ්ට - එකිගේ රංගා දුටොත් සිත් බියවේවි බෝ නෙත් දෙක අග්නිසේ දිලේ ඉතා භයානික‍ය් ඈ‍ගේ යාමෙන් භූමියේ හෙල් කඳු කම්පාවේ වල්කොල ඈ‍ගේ හුස්ම යෙන් තැවි සැලේ බෝසේ.

(විශ්වාමිත්රන රාමා සහ ලක්ෂ්මණ පැමිණෙති.) වෘත්තය - හරේකෙවුනහේතු.

විශ්වාම්ත්රි - පුරේ සෙදුන හානි දරා බෑ ඉඳුම් රුදු රාක්ෂරයි ආවේ වනසන්ට මල්

දශරථ - අ‍පේ මේ දේවාසින් මරා ලේ බොනා රකුසි‍ගේ ඒ දර්පේ බිඳලන්ට බෑ.

විශ්වාමිත්රි - මරාදැමිම ඒකි හැකිවේ මීපල් ‍ඔබේ රාම ශ්රි‍ පුත්රැ ඇරියොත් මෙකල්.

දශරථ - කෙසේ කුඩාවු රාමා මරය්දෝ යකුන් ඔ‍ෙබ් කිම සෑහේය මරවන්ට පුත්.

වශිෂ්ට - රටේ සැමොම පාඩු විඳිති මෙයින් අරිනුමැනා රාම බලවන්ත පුත්.

දශරථ - අනේ මෙ බාල රාමා කුඩා වු බැවින් ම‍ෙග් යාම සෑහේය නමත් ඒ පුත්.

වශිෂ්ට - මැලි නොවේනු ස්විමා අරිනු මෙ පුත් රකුසි‍ගේ ඒ දර්පව බිඳලන්ට නම්.

දශරථ - පුතේ මෙ කිව කාරි අසාලා ගොසින් මරාදානු එකිව නවතින්ට දොස්.

රාමා - ම‍ගේ පියානනි ඒ රකුසි‍ගේ දප් සිඳා දාමි ප්රිවතිව නිවසුම් සො‍ි‍නඳේ.

ජෝන්ද සිල්වා 57


ලක්ෂමණ - ඔදේ තාඩකා‍ගේ සිඳා ප්රි‍තියෙන් මෙදා ඒම සෑහේය යමු දැන් එදෙස්.

(විශ්වාමිත්රම රාමා සහ ලක්ෂාමණ නික්ම යත්.) v චිත්ර්වස්ත්රාය - මිටිලදේහයේ මල් උයනක් තාඩකා මල්පාගා විනාශකරයි රාමා ලක්ෂ්මණ සහ විශ්වාමිත්රා පැමිණෙති.

වෘත්තය - ඔෂනමිආලමේර.

රාමා - දේස දැන් පාලුවේවි ර‍ාජා‍ගේ සත් ජිවිත හානි වේවි ‍බොසේ කිම් ති‍ගේ නාමේ නාස්තිවේ පෑගු මල් හරිමි දැන් මම් මෙ රාක්ෂල ගත් තිගේ. වෘත්තය - ඒකමාරමේගරුම්කි

තාඩකා - තෝවපාගලාදමන්ට හැකිවු තාඩක රාක්ෂකසි මාබැව් දනු මනුෂ්ය රුධිරා උරන්ට මෙවරා, වේ සිත තාගේ මාලු කා

ලක්ෂරමණ - බෝම කෝපවේ යකින්නි මෙවරා වේ රත‍නේත්ර් අග්නිසේ - විද මරන් සොහොවුරා දුවන්ට නොහැරා, දී සෙත දේසවාසීන්ටා.

රාමා - මා‍ගේ ඊතලෙන් විනාශකරමි තාඩකරාක්ෂාසීයේතීති‍ගේ විකුම් විසුනු වේ මැරෙන්ට සිද‍දුවේ, මල් උයනේහි මේ වාරේ.

(රාමා ලක්ෂෙමණ සහ විශ්වාම්ත්රශ නික්මයති. තාඩකා මරුමුවට පැමිණ මෙසේ කියයි.) වෘත්තය - අජප්වේරා.

තාඩකා - සැණින් යාවි මගේ හුස්ම අහාහාහා ඔහෝ හෝ හෝ - මෙදැන් මාගේ යය් ප්රාාණේ - අහාහාහා ඔහෝ හෝ

58 සිතාභරණ


හෝ - මෙදෙස්වාසි වෙතිතෝසා - ‍මගේ ප්රාඅණේ වුනොත් හානී ඉතින් බෑ ලේ එය් හෝගා - අහාහාහා ඔහෝ හෝ හෝ

(තාඩකා නසි.) vi චිත්රයවස්ත්රවය. මිටිලදේහයේ විටියක් අසල පිහිටි ජනක රජුගේ මාලිගාව (සීතාදේවි කවුළුවකින් බලාසිටි) රාමා ලක්ෂේමණ සහ විශ්වාමිත්ර පැමිණෙති

වෘත්තය - දිල්මෙරාතුජේ.

රාමා - දුල්සඳාව‍ෙග් ඈ‍ගේ මූණ නෙත් ක්ලාන්ත වෙවි නිල්කේශකලාපේහි ඈ‍ගේ වර්ණේ විසිරේ

ලක්ෂකමණ - සිතිසැල් ගියේ ඈ‍ගේ මුණෙ රූ කාන්තියෙනි පින්සාර දයාවන්ත සාමි කව්දෝ එ කාන්තා?

විශ්වාමිත්රව - දුල්රුසිරෙන් සාර ජානකි කාන්තා සිරු උස් මාල තුලේ වැස්ම වේවි අං‍ෙග් ශ්රිායාසේ

රාමා - මම්කෙසේ ඇගේ ප්රිදය සැමි වෙන්නෙම්ද ස්වාමි නෙත් නිලුපුලා අන්තපේලි දිස්නේ මුතුසේ.

විශ්වාමිත්රල - පිත් කරා යමු ජානකිගේ වම්හුම් දතෑකි පුත් රාමකුමාරේන්ද්රේ සීරු සිත්සේ දතෑකි.

(තිදෙනම නික්මයති.) vii චිත්රකවස්ත්රනය - ජනක රජු‍ගේ මාලිගාව ජනක සහ මන්ත්රි් අතරේ කතාවක් වෘත්තය - ආයේසfපා නෙයාර්සfපා

මන්ත්රිම - දේසේතුලා නිරන්තරා වාස රාක්ෂකසි - ආයෝධ්යනයේහි වාසාමෙදා රාජපුත්තෙමේ. ඊයෙන් විදා මරා දැමි ශාන්ත දාන්තවු - මීපල් අසා එකාරි මෙදා ප්රිිතිවි මැනා. ජෝන් ද සිල්වා 59

ජනක - මා‍ගේ කණේ මධු මෙනේ කිව කාරණ - අයොධ්යතයේ කුමාරතුමා තේජගම්හිරා, - දේසේ අ‍පේ විනාශ පෑ තාඩකා මැරෑ - මිපල් සුතාකෙ කිර්ති ‍ගොසා ලෝතු‍ලේ ඇසේ

(රාමා ලක්ෂ්මණ සහ විශිවාමිතු පැමිනෙති.) වෘත්තය - බාත්තතේරිනමානූංගමාදල්.

විශ්විමිත්රත - යුක්තබේරා දෙනා සිරුඤාණෙන් - තුංග රාජේන්ද්රල කර්ණ යොමා තුම් - මා‍ෙග වදන්මේ අසා දු රජුන්ගේ දක්ෂධ රාමාට බන්දා දෙවන් දැන් - තුංග රාජේන්රාග ව .

ජනක - කීර්ති දේසේපුරා පෑවා රාම්ටා - ස‍ුන්ද්රා සිතාව බන්දාදෙනා මෙන් - යාලු සමින්දා ඇසු මුත් මේ මාගෙන් බන්දවාදිම වෙන්නේ මෙලෙස්නෙන්. (රාමාට කියයි.)

රාක්ෂාසිවු‍ රුදු තාඩකා දප් - රොස්ව බින්දාපු පුත්මේ තමානම් - ගේණ එ දුන්නා නමා පෙන්නුවෝත් දැන් කල් නහා කාර බැන්දැකි තොස්නෙන් - රොස්ව බින්දාප පුත් මේ තමානම්

ව ච න ය

විගසගොස් දුන්න ගෙන්වාගෙණ එනු මන්ත්රිවයනි. (මන්ත්රින න්ක්මයයි) (වැඩකරුවෝ දුන්න ගෙණෙති)

වෘත්තය - කුබිවාලෙඅතුමෝස්ක.

වැඩකරුවෝ - මෙම දුන්න බර බෝය විරියෙන් බොහෝ - ඉස්සිම සෑහේය යාලු දැන් දැන්, - දෑතම වෙව්ලා - නෑ දැන්වාරූ වේ ගත මාන්සි - හාන්සිවේමු‍ - පරාක්රාමෙන් දැන් කුමාර ලෝකයේ - පුජිතවේවි මේ නැව්වොත්(දුන්න බිම තබති)


60 සිතාභරණ

ජනක - ම‍ගේ දුව හා සරණබන්ධනයට ඇතුලත්වෙන්ට නම් මේ ගෙණා චාපේ නමනු - (රාමාදුන්න උස්සයි)

වෘත්තය - දාරනර්දර්දර්කර්සාබර්.

රාමා - සූර බූපල් දුන් දැන් මා වෙත් - චාප නැව්වොත් අත් වෙයි එකල් - සීතා ආ‍ෙල මාවෙත්වේවා නිත්තේන්.

ලක්ෂ්ආමණ - තාඩකා දප් බුන් උත්සාහෙන් - චාප නැව්වොත් මංග‍ල්ලේ වෙයි - සීරුමාරූ පාපන් රාමෝ දැන් දැන්.

රාමා - චාප තොස්නෙන් තොස්නෙන් මල්ලි - මෙතන නැව් වෙමි ඉක්මන්විමම් - ඈ හා ‍කාරේ වේ දැන් සාරා සත්තය්

ජනක - දෝනි දෙන්නෙම් කිත් සෙව් තා වෙත් - වීරයුත් පුත්.අත්පත්වේකල් -මා‍ගේ රාමෝ ප්රිවතිවේවා නිත්තෙන්.


(වචනය) දශරථ රජු මෙහි කැන්දවනු මන්ත්රි යනි මන්ත්රිු නික්මයයි.

2 අංකය i චිත්රිවස්ත්ර්ය - ජනක රජු‍ගේ මාලිග‍ාව.

ජනකරජ දශරථ විශ්වාමිත්ර රාම‍ ලක්ෂ‍මන සහ ජානකි සිටිත්. වෘත්තය - ආයේ සපානෙයාර් සපසේ බිගාර් ගහි.

ජනක - මාගේ දු‍වේ ඉතින් මෙකුමාරයා උතුම් - තිගේ සැමි මෙනා බැරගැන්ම දැන් නිසි - ආලේ සැමි වෙතේ සඳ ලපා සේ බැඳි කීකෝරුවී සමාදානයෙන් වැස නිති.

සිතා - මා‍ගේ පියානනි ඔබ කීව බස් ලෙසේ එක් ප්රා-ණසේ සමාදානයෙන් සිටින්නෙමි. ජෝන් ද සිල්වා 61


ජනක - ස්වාමි අ‍පේ සිරිත් ලෙස දෝනියන් අපේ දැන් කාරබන්දවා දානු මේ කුමාර හා.

විශවාමිත්ර් 1 - පානා ව යස කැන් ලොවේ යමුනු ගංගාහි නැගි ආ රැලෙව් - පේණ පුන්සඳසේ ඉතා සොමි ගුණෙන් දෙන්නා නිමල් බන්දනෙන් - මේලෝ පාලන දෙව්බෙලෙන් සැප ලබා බෝකල් සමාදානයෙන් - සීනෙන්වත් නොයෙදි දුකක් සුබමගුල් විල්හි දිලෙත්වා සරෙව්.

              2	-	ලිස්සා යය් වැටුනොත් නෙළුම්පකතහි පැන් එසේ දුටොත් යම් දොසක් - සිත්තුල්හි නොතබා දොඩා සුමුදු බස් දෙන්නා ඉතා ආදරෙන් - මේ ලෝ පාලන දෙව් බෙලෙන් සැප ලබා බෝකල් සමාදානයෙන් - සී‍ෙනන්වත් නොයෙදි දුකක් සුබ මගුල් විල්හි දිලේත්වා සරෙව්.


ii චිත්ර්වස්ත්රගය - දශරථ රජු‍ෙග් මාලිකාව. ‍කෛකෙයිබිසව සහ දශරථ රජු අතරේ කථාවක්. වෘත්තිය - මය්කාතිහුඅචුර්නාවිසදා.

කෛකෙයි - කිත්කාන්තා සුවිමල් ලෝවිහාදා පාලනා නරා - රාජේන්ද්රියානනි මාගෙ දුකා බෝ වි මේවරා - සන්තෝෂ හදේ වෙවි නිමල් ම‍ාගේ ශ්රි පුතා - අහො නිමල් මාගෙ ශ්රිෂ පුතා හට දෙන් අනෙ ඔටුන්න සැමි‍ගේ බසායුරා.

දශරථ - සිත්ශාන්ති වූ නිමල් සීරුලියේ තී කිවු මෙනා - බෑ කිරිට මාපුතු රාමහටා දිම සෑහෙනා - සංවාස වරේ කිව නුමුත් ප්රේිමවු කතා - කළ නුමුත් ප්රේාම වු කතා වැඩිමල් මගේ ඒ පුත්රවයටා දීම සෑහෙනා

කෛකෙයි - වෙම් නාස්ති මෙවිපුල් ශොක වැදී මා හදේ තුලා - මා පුත්ර-යා මෙම දේසෙ රජා වීම සෑහෙනා - දැන් කාලේ අනේ කාගේ බසුත් වේ මුසාබසා - රජ බසුත් වේ මුසාබසා - ගිවිසුම් කළෙ මා එක්ක රජ මීට දෝ එදා.


භරත පැමිණෙයි. 62 සීතාභරණ

වෘත්තය - සදිජල්ව‍ාර්හෝගුල්fපාම්.

දශරථ - වැඩුමල් මා‍ගේ පුත් රාම් මෙදා පන්නාලා - නුඹහට දෙන්ට කියය් රාජ්ජේ තා අම්මා මේ

භරත - පැනවත් අය්යාවු රාම් විනා ඇන්නෑ‍වේ - හිස පළඳින්ට කිරුල් විරයෝ නෑ දේසේ - නුඔ මව් කීවේ ඇය් ඊෂ්යාේ වු බස් බෝසේ - රජකම දෙන්ට මෙදෙස් රාම් පුතා නිස්සාවේ.

කෛකෙයි - මනලොල් මා‍ෙග් පුත් කිම් මගේ සත්තාවේ රජකම දෙන්ට පොරොන්දු උනා මුන්නෑහේ.

(රාමා සිතා සහ ලක්ෂ් මණ පැමිණෙති) වෘත්තය - බෝතිදිනුම් කා පිචඩා

දශරථ - මා කිරිට රාම්ටා පලදා හිසේහි - දීමෙන් වේමැය් සිත මා‍ගේ තුෂ්ටි - කෝපා බිසව වේමැය් නිර්දෝෂ නෑ මම් මා දීපු වචනා දේ කාරි නුනොත්.

භරත - මේ දේශ හින්දා ඩබරා නොවේවා - බෝ සාංකාවෙය් සිත මාගේ දැන්මේ - මාතා නොදැන කි බස් රිද්දාවි තා සිත් - ආයෝධ්යද කිරුලා වේවා තමාවෙත්.

රාමා - පිතෲනි කිරිටා භරතාහටාමේ - දීමාසෑහෙය් නිර්දෝෂ වෙන්ටා - සීතා සමග යන්නේමි සන්තොෂවි මම් - මේ දේශ හැරලා බැද්දේ වසන්ටා.

ලක්ෂටමණ - මා ප්රේටම රාම් හා මෙවරා වනේහි - වාසේ විමෙන් තොස්වේ මසිත්හි දේසේ නොසිට යන්නේම් දැන් කී වනේ වෙත් - රාමාව දමාලා වාසේ නොවෙමි.


(රාමා ලක්ෂවමණ සහ සීතා නික්මේයති) ජෝන් ද සිල්වා 63

වෘත්තය - වොමන්බතාකේපරි

දශරථ - පුතුන් නිසා සෝකෙනි - ගින්නැවිලි දාය් ලෙය්යා ගින්නැවිලි දාය් ලේය්යා - දුල් ශ්රිියාවි දාය් - ලේය්යා පුතුන් නිසා - මට දැන් කී ඇත්තේ බසා - වනේ නිවාසේවි - ගල් ලෙනේ වාසේ වෙත් - මගේ රාම ලක්ෂාමණ

iii චිත්රුවස්ත්ර ය - දණ්ඩකවනය

රාමා ලක්ෂිමණ සහ සීතා ගමන් කරති.

වෘත්තය - චලියාරේමෛතු සහ සාදෙකුඩුණඩන

රාමා - මෙ‍ම වාරේ සිත සනසා ගණු සුන්දරි - සනසා ගණු සුන්දරා නේත්ර පිණෙවි මේ වන දැක සිරියා - භෘංග නදේ ගුමු ගුමු ගාවේ - සිත සනසා ගණු සුන්දරි - අඹදඹ නාමි සාල රණෝරා බෙලිය තලීය නිකලීයා - දනු මෙන්න -බෙලි ය තලිය නිකලියා - සිත සනසා ගණු සුන්දරි

ලක්ෂසමණ - හඬලාවි රිටු වෙචනා මන නන්දන - මෙචනා මන නන්දන - කෝකිලනාද ශොබන ලෙස ඇසෙනා - නාන් ඩ තිබේ දියගිලිලා - මේ රිටු මෙවනා මන නන්දන - තුඩ තුඩ නාදේ වේවි මෙවාරේ - ඇසේද එනාද සොහොය‍ුරා - කොව්ලන්නේ - ඇසේද එනාද සොහොය‍ුරා - රිටු මෙවනා මන නන්දන.

සීතා - ලකලා වේ රැඳි තුරු හා මුව රඤ්චුද - තුරු හා මුවරඤ්වුද - රාජප්රනදේශ ශොබනසිරි රඳනා - ඉන්ඩවනේ මට පිරියා වේ - රැඳිතුරු හා මුවරංචුද - ලැබුපලනේත්රෙඉ - ‍මෙ වර වින්දෙමි විශාල වනේ මෙදැක ශ්රිවයා - දෙනෙතින් මා විශාල වනේ මෙදැක ශ්රි‍යා - රැ දි තුරු හා මුව රංචුද.



64 සිතාභරණ


(අගස්තීසෘෂීන් ධ්යාිනහාවනාවෙන් සිටිනවා දැක රාමා ලංවි කථාතරයි)

වෘත්තය - අරිහොසරි සප්ස ආබි‍ෙහ් අයාල්

රාමා - රකිදෝ ඉසි ධර්මර ශි‍ලේ නිමල් - වනේ වාසවි අත්හැරා ලෝසැපා?

අගස්ති - රකිමි නිති ධර්‍මශලේ උතුම් - වනේ පාලුවේ යක්ෂරයින් ගෙන් මෙදා.

ලක්ෂතමණ - තිබේදෝ මෙහි යක් උපද්රාත විපුල් - මැරු තාඩකා සුන්ද්රග රාම් මේතමා.

අගස්ති - අනේ මේ වනේ ඉන්න ලංකා යකුන් - මරා දාමිනේ වාසවෙත්වා තුමු - රකිණ අපේ ධර්ම්ශිලේ උතුම් - ම‍ෙග් ආසිරිවාද වේවා බොහෝ.


(සෘෂන්වහන්සේ නොපෙණි යයි.)

වෘත්තය - ක්යානකටන්කලේපාතේරා.

රාමා - ඒ ඉසින්බ‍ලේවේ සාරා - රාත්විගියේ මාදාලා - රාත්වි ගියේ මාද‍ලා ‍- හෝ - රාත්වි ‍ගි‍ෙය් මාදාලා - මෙහි ලැගුම් සොඳාමගේ සොඳුරි - නිවාගණිවා ඇඟපත රුසිරි - දා ඩියෙනි දුල්ගත තේමි - තිබෙනා පෙණේ දැන් බාරි - ගිමි මුදාගනු මා ශ්රිමයාවි දැන් - මුදාගණු මා ශ්රි යාවි

(සිතා ටිකක් ඈතින් ඉඳගණි.)

ලක්ෂසමණ - (වචනය) මේ වනේ තිබෙන වාඩිය සම්පේ වාඩිවෙමු

(රාමා සහ ලක්ෂටමණ වාඩිවෙති) (සූර්පසණබා පැමිනෙයි) ජෝන් ද සිල්වා 65


වෘතතය - ඌරෝංගියෙඋසත‍තුඩුතියේ

රාමා - රූකාන්තිව‍ූ ලපනැති වන උලිඳා මෙනා ලකල් - වත උලිඳා මෙනා ලකල් - නිලම්බ‍රයේ පේණ වලා කුල් මෙනා වරල් මා මන් කොඳ නද වන වනගුවනේ දිලි සඳා - වන ගුව නේ දිලි සඳා - වේමැයි ඔබ ශ්රිස රූප මෙදා මල්මදා විලස්.

රාමා - ආලෙන් දෙසුබස මගෙ කණෙ වැටුනේ මධු ලෙසින් - කණේ වැටුනේ මධු ලෙසින් - ශ්රිුමෙන් රුසිරි ‍තිගෙන මා මා හටා කියන්.

සූර්පේණඛා - ලංකාණ්ඩුව මගේ සොහොය‍ුරු මෙදිනේ කරය් සොඳන් - අනු මෙදිනේ කරය් සොදින් - මා ගන්න අනේ දේව මෙනා මේ ‍ව‍ෙන් විපුල්.

රාමා - ශ්රි කාන්තගේ සිරිසිලි නුඹ ලඳුනේ මෙ මල්ලි හා - න‍ුඹ ලඳුනේ මෙ මල්ලි හා - කාරේ බැඳලා වාස සොඳා මා හැරා සිතින්.


වෘත්තය - මූවේගිංගිං

ලක්ෂතමණ - ආ‍වේ දැන් දැන් කාගේ බෙල්ලේ එල්ලෙන්ටා මේ බාරි - එල්ලෙන්ටා මේ බාරා - හෝ - එල්ලෙන්ටා මේ බාරි - ආවේ දැන් දැන්.

සූර්පයණඛා - ආවේ ලොල්වි සෞම්ය- කුමරාට සිත් මා පාදා දෙන්ටා.

ලක්ෂ්මණ - නාසේ මම් දැන් ති‍ගේ වේසි කප්පාලා මේ දාමි - කප්පලා මේ දාමි - හෝ - කප්පාලා මේ දාමි

(නාසයකපයි)

වෘත්තය- කුදායා හුම්පොආයේකියා.

සූර්පයණඛා - අහෝ මාගේ - මෙ නාසේ තුඟු - කපාදාලාගියා හේමා - තුරුගා ලේ ගලා - මෙදැන් එන්නා - අහාහාහා -ඔහෝ 66 සිතාභරණ

හෝහෝ - මෙකාරි මම් - කියා රාවණ - ලවාමාගේ පළිගන්නේම් - ලකිඳා මේ බලා කිපෙය් මුන්ලේ - ඔදේ යාවි විනාසේ වේ. (නික්මයයි) 3 අංකය i චිත්රය වස්ත්ර ය - රාවණගේ මාලිගාව

රාවණා, ඉන්ද්රවජිත්, මාරිව, විභිෂණ, ආණ්ඩුව ගැණ කථාකර සිටිති. රාවණ සිංහාසනේ පිට සිටි.

වෘත්තය - මෙරේපියාරිබුල්බුල්.

රාවණ - (ම‍ෙග් ආණ්ඩුවෙන් දැන්) 2 - ලංකා තුලේ, සිදී දේෂ නොමිනා ශාන්ති සෑ‍දේ.

මාරිව - (මෙලෝ කීර්තියෙන් තුම්) 2 - රාජේන්ද්රංයා, සිඳා දෝෂ සත‍ෙග ආණ්ඩුකෙරේ.

විභිෂණ - (රටේ පේණ කෙත්වත්) 2 - සශ්රි්කවේ, දෙසේ හානි නොයෙදේ ආණ්ඩු සොඳා.

ඉන්ද්රසජිත් - (දශරාජ ධර්මෙන්) 2 - ආණ්ඩු කෙරේ, අපේ පිතෘ නරණ ලංකාතු‍ෙල්.

(සූර්‍ු‍ණබා පැමිණෙයි.) වෘත්තය - කෙය්සේකබරියා.

සූර්පයණබා - පත්මේකි උවනා - අංකුස නාසේ - අත්දෙක රණ ලතා - අත් මුතුසේමා - තොල් දෙක ඈ‍ෙග - බිඹුපල ‍වා‍ෙග් නලළත අඩසඳ - නෙත් නිලුපුල්සේ - කොණ්ඩේද තමලු - පුන්තන පන්දූ - ලක්ෂණ එම ලඳ දෙවිලිය වාගේ - අය්යට ජෝඩු කරණු කැමැත්තේන් - දොඩන කලට කැපි නාසේ ලක්ෂ්ඩමන්.


ජෝන් ද සිල්වා 67

වෘත්තය - ලගිටොරිනෙයිනන්දි

රාවණ - නොහඬණු මා නංගි - ගණිමි පලි ඒ ගැණ නොහඬණු ඒ ගැණ - ගණිමි පලි ඒ ගැණ මන්ත්රිඒ නුඔ මුවාවෙලා එහි යනු මේ කෙණේ ඔද බිඳලමි උගේ කළේ අවමාන්නයා.

මාරිව - කොලහලයෙන් කම්නෑ - කමාවදෙනු ස්වාමිනේ යුදවෙය ලක්දිවේ - එ කාරි ගැණ ස්වාමිනේ යන්ටකිවු නිසා යමි - මුවෙසයෙන් මෙදා කළ එම නිගා මකා දමා ගතෑකි පසු (නික්ම යයි)

ඉන්ද්රකජිත් - සොමිගුණයෙන් චන්ද්රාෙවිලාස අප නැන්දගේ රණකුසවන් නහේ කැපුව ජඩ ලක්ෂ්මණ සම්හ වුනොත්නේ උගෙන් පලි අරගන්නෙමි පියනිරිඳුනි සිදු නිලා සිඳලන් අහෝ.

විභිෂණ - සොහොයුර ඉක්මන් වි - කිපිම පුහු ඤාණෙකි අවැඩම ඉන් යෙදේ - කමාවදෙනු මේවරේ යුඬ කොලහලා වුනොත් - මම සතුරාවෙමි එබැවිනි කමාවෙනු - සිදු නිගා යයි කෙණේ.

රාවණ - පරසිදු ලක්දිව්හි මෙ ම‍ාගෙ බල වේ තිරා - මගෙ බල වේ තිරා - ගණිමි පලි මේ ගැණ - ගන්ට පලි මෙදානිසි නොකිපෙනු මාවෙතේ - රණකුසමන් ‍නහේ කැපුව පලි මේවරේ.

ii චිත්රුවස්ත්රුය - දණ්ඩක වනය. රාමා ලක්ෂමමණ සහ සීතා සිටිති.

රාමා - (වචනය) රජකම් කරන අයට අපට මේවනේ තිබෙන සැපෙන් අර්ධයි තරමවත් නැත.

68 සීතිභරණ

ලක්ෂයමණ - රජකමට වඩා ලොකු එකක් තවත් ඇද්ද?

රාමා - රජකම් කරණ අයට නිදාගන්ටවත් හිත විවේකව නැත - (මාරිව මුව වෙසයෙන් එයි)

සීතා - ප්රි(ය ස්වාමිනි අර යන මුවා මට අල්ලාදුන මැනව.

ලක්ෂයමණ - ඔය මුවා එවා ‍ත‍ිබෙන්නේ එකත් එකට රාවණය. ඌව අල්ලන්ට යන්ට එපා.

රාමා - කමක් නෑ මම ඌ අල්ලා ගෙණෙන්නෙමි (රාමා මුවා අල්ලන්ටයයි)

(සිතියමෙන් පිට “ලක්ෂ මණ” යන වචනයෙන් හඩක් ඇසේ.)

සිතා - ලක්ෂටමණ විගස පලයන් ම‍ාගේපුරුෂයා කෑගැසුවා මට ඇසුනා.

ලක්ෂසමණ - එපයි කියද්දි ගිය බැවින් මට යන්ට බෑ.

සිති - හහා. අයියා නැතිකල මල්ලිට සෙතේවද? ඒක තමා යන්ට බැරිය කියන්නේ.

ලක්ෂ්මණ - එහෙම සිතනමා නම් මෙන්න මම යමි. (ලක්ෂ‍මණ රාමා බලන්ට යයි.) (ආඬියෙක් මෙන් පැලඳ රාමණ පැමිනෙයි) වෘත්තය - ලායසසාදේකොමය්.

රාවණ - වාස වෙනා මේ වනේ - දේසෙ හිනිදුස්තාන් ඉන්ද්රායනි බඳ ලක්ෂවණ - ලන්දා පෙණේ මෙදැන් මේ දිගැසාගේ රුවින් - මා සිත් තොස්වේ දැන් මේ බැදදෙ සුපුල්මල් නැත - අය්යෝ මෙසේ ලකල් බෝ බඩගින්නේ මෙ මම් - ආවෙමි ලන්දා වෙත් අත්වෙයි ඔබටා පිනිසිරි - දුන්නොත් බොජුන් ටිකක් ජෝන් ද සිල්වා 69

සිතා - තා කව්දැයි මාහටා දන්වා දෙන් මෙදැන් බැද්දේහි බොජුන් ඇත්තේ ටිකය් සත්තමය් වදන් ඒ ගෙණෙනාකල් පමාවෙන් මේ ස්ථානේ කාපන් සතුටින් සාමි බොජුන් මේ රථෙ ඉඳන්.

රාවණ - මා කවුදැයි තී හටා - තේරුම් දැන් වේවි ආකාශ ගමන් පෙන්වමි මම් තී හටා මෙදැන්.


(රාවණ රථයෙන් සීතා රැගෙණ යයි.) (රාමා හා ලක්ෂසමණ පැමිණෙති.)

වෘත්තය - බලදිලජානි

රාමා - මගෙ සිරියාවි - කොහේ ගියා දෝ අනේ - කොහේ ගියා දෝ අනේ - කොහේ ගියාදෝ අනේ - මගෙ සිරි - මා නෙත වැනිලඳ - නැති සෝදුක් හදේ - වෙය් මේ නිසා ප්රාවණයය් මේවරේ.

ලක්ෂවමණ - නු‍ෙඔ සිරියාවි - මෙහේ විසුවා අනේ - මෙහෙ විසුවා අනේ - මෙහේ විසුව‍ිා අනේ - නු‍ෙඔ සිරියාවි. කෑගැසුකලා නුඹ ලඳ බෝ සංවලේ - යැව්වා මෙමා ඉක්මනින් ඒ වරේ.

(හණුමා පැමිණෙයි) වෘත්තය - අහමර්ගෙයියෝමොහන්නා.

රාමා - සොඳකුණ්ඩලා දිලෙන්නා නු‍ෙඔ කර්ණයේ - දිලෙදිලේ කර්ණයේ - දිලෙන්නා නු‍ඹෙ කර්ණයේ - නාමය පහදා දෙනු - මාහට තාගේ - මා සිත ප්රියති වෙන්ට මේවරේ.

හණුමා - මම අංජනන් දේවින්ගේපුතු හණුමා - අනු මම අංජනන් දේවින්ගේ පුතු හණුමා - සෝකය මුණෙන් පෙණේ - කාරියකිම්දෝ රූසරු නන්දා සුන්ද්ර ස්වාමිනේ 70 සීතාභරණ

ලක්ෂ මණ්‍ - ප්රිරය සුන්දරි - දැන් හංගාගෙණ රාවණ - ගියේ ගියෙ රාවණ - දැන් හංගාගෙණ රාවණ - ඒ ගැණ අය්යාම‍ෙග සෝකෙනි ඉන්නා - සෝබන සීරූ සුන්ද්රාය හණුමා.

හණුමා - එම සුන්දරි සොයන්ටා යමි මේසැනේ - මම යමි මේ සැනේ - සොයන්ටා යමි මේසැනේ - සෝකය මුදාලමි -මේ මොහොතේදි - ආදරි සමිබවෙවි ස්වාමිනේ.

රාමා - ගෙණ මුද්ද මේ - ඒ ලන්දාහට දි සකි - මෙහි වර දි සකි - ඒ ලන්දාහට දී සකි - පුරණ සඳා බඳු - රූබර සීතා ප්රේහමෙනි උන්නා අය්යෝ මාවෙතා. (හණුමා නික්මපයයි) 4 අංකය i චිත්රය වස්ත්ර ය - ලංකාවේ වනයක්. හණුමා ගමන්කරය්. වෘත්තය - රබියල්අවල්කේ

හණුමා - යමි මම් සොයන්ටා දේවිව රාම‍ගේ - සෙව්වෙමි නෙක් දෙසේ - දෙව්ව මම් ‍රොසේ - යමිමම් - සීතා ඇති මෙ හී - සොයන්නෙමිමෙසැනේ - වෙස් බෝ අසිරු - ලංකාහි ගමනේ - ලංකාහේ ගමනේ - ලංකාහි ගමනේ - යමිමම්

(රාවණ‍ෙග් මුරකාරයා පැමිණෙයි.) වෘත්තය - සරිගරිගරිගරිනිදපදා.

මුරකාරයා - බක බක බක බක ගා හඬණා - මේකාගේ ඔද යාවි මෙදා - මේකාගේ ඔද යාවි මෙදා - මේකාගේ ඔද යාවි මෙදා - කිමද මෝඩේකු මෙන්ද දොඩා - ගමන මෙදේ සෙහි බෝ සැරෙණා -ඉල ඇට බිදලා දාමි මරා - පාගාලා ත‍ෙග රිරි සලා.

හණුමා - කටමැත බොහොමට කාට කියා - පෑවේ දැන් කුණු මෝල් මොටා - පෑවේදැන් කුණු මෝල් මොටා - පෑවේ දැන් කුණු මෝල් මොටා - කටමැත බොහොමට - ජෝන් ද සිල්වා 71 තරම තේරේවි දැන් මෙමගේ - ඉරමි බිරූ කට මෝඩ ය‍ගේ - ගුටිබැට පිට පා කෑම මෙදා - සෑහේ ත‍ා හට මෝල් මොටා. වෘත්තය - රාබියල්අව‍ල්කේ. යමි මම් සොයන්ටා දේවිව රාම‍ගේ.

ii චිත්ර වස්ත්රිය - ලංකාවේ අශොකවනය. රාවණ සිතා සහ ත්රිොජටා සිටිත්.

රාවණ - (වචනය) මේ ස්ත්රිේබාරේ නුඔ වේ වනේ සිටපන්.

ත්රි ජටා - මහප්පා‍ෙග අණප්රාකාර මෙහි සිටින්නේමි.

රාවණ - නුඹේ පියාවන විභිෂණට මෙහි නුඹව නැවැත්තු බව දැනුම් දෙන්නෙමි. (සී තා ට) සොඳුරි මා දෙවනු එනකල් ත්රි(ජටා සමග සිටපන් නුඹව දාලායන්ට පය නැගෙන්නේ නෑ. (රාවණ නික්ම යයි) වෘත්තය - ගර්කේතන්හාමුජේ.

සිතා - දුක්වේ දැන් මා හදේ - කාන්සාවෙන් රාම් ගැණ සොබ මන් රාම් ගැණ - මේ විඩේ යය් මාපණ - මෙලෙසින් - මෙ ‍ලෙසින් - මේ ලෙසින් - ජිවිතේ දැන් වෙයිහානි - සෝකෙන් ලයි මේ පෙලේ - ‍මා ගෙණත් ඉන්දා වනේ -දුක බෝ දෙය් රාවණ - මෙලෙසින් - මෙලෙසින් මේ ලෙසින්.

ත්රිනජාටා - ගත්තේ කිම්දෝ පලේ - කාන්සාවෙන් රාම් ගැණ - සුගු ණෙන් රාවණ - සාගරේ මෙන් ගම්හිරා - සැනසෙන් - සැනසෙන් - සැනසෙන් - ආදරේ සත්තයි තී වෙත් - අත් වෙය් සැපා තී හටා - රාවණ ලංකාද්විපේ - කරවා ලය් ආණ්ඩුමේ - පැනසෙන් - සැනසෙන් - සෑනසෙන්.

හණුමා ඇතුල්වෙයි.

72 සීතාභරණ වෘත්තය - නාරිවල්ලිපාරනේහ

හණුමා - ශොකවෙන්නේ දුක් පවසා මේවරේ වනාන්තරේ නාමෙ කිම්ද ලන්දු තිගේ පුරන සඳා වගේ.

සිතා - කාලකන්නි බාරියෙකි - නාම ජානකි - නාමෙ ජාන කීය මගේ - නාමෙ ජනකී - කාලකන්නි. (හණුමා ගසින් බැස සීතාලඟට යයි.)

හණුමා - නාඩඉන්ට මුද්දසැමි මා අතේ එවා තිබේ ශෝක තාප වෙන්ට කමක්නෑ අහෝ මෙදා ල‍ඳේ. මුද්ද දෙයි.

සීතා - (මුද්ද ඉඹ කියයි) මාගෙ මුද්ද තේජසාර ස්වාමියා හටා ස්වාමියා හටා දෙනු - ස්වාමියාහටා - මාව එක්ක යන්ට කියාපන් මගේ සමිඳුටා - දාය හෘද වස්තුව මා ශෝක බෝ වැදී වැදී - (හණුමා නික්ම යයි)

ත්රිබජාටා - සීරුවන්ත රාවණ‍ගේ ‍ප්රේ ම ගම්හිරේ - ප්රේ ම ගම්හිරේ වේය - ප්රේජමගම්හිරේ - සීරුවන්ත - ආලපෙන්නපෙන් න වෙසේ රාජ ‍‍තේජකීර්තියෙන් - ශෝක වෙන්ට කිම් ද අනේ - කාරණ ල‍ඳේ මේ දැන්.

(රාවණ පැමිණෙයි) වෘත්තය - මයිඋණ්ඉණගරකු. රාවණ - නෙත් අංජන වන්වු රූප ශ්රි.යාවි ම‍ා‍ගේ - ශ්රි යාවි ම‍ාගේ සිත යාවිය තී වෙත් නුරාගිනි බෝවේවි - පින් අත්වේය මාගේ රාග නිවාලා දානු - නිවාලා දානු යොමාල් නෙත මාවෙත් බලා වෙනු සන්තෝසේ.

ත්රිලජටා - ඇය් පිස්සුද දැන් මේරාගවිකාරෙන් ඉන්නේ - විකාරෙන් ඉන්නේ - පරදාර ක්රිසයාවෙන් දෙලෝ සැපා නෑ වෙන්නේ

සීතා - සිත් බින්දවන බස් මේ කාට කියා දැන් පාවි - කියා දැනි පාවි එක ස්වාමි විනා මම් ලොවේ පැතුවේ නෑ නෑ.‍ ජෝන් ද සිල්වා 73

රාවණ - පෙන්වන්නෙමි මාගේ ආල ර‍ඟේ මේවාරේ - ර‍ඟේ මේ වාරේ - එකස්වාමි මෙමා බැව් දැනේ ල‍ඳේ මින්පස්සේ.

රාවණ කිපි යයි. වෘත්තය - ලා ය ස කා.

සිතා - රාමකුමාරේන්ද්ර නේ - රම්බරි නුඹේ - මේ බැද්දේ ‍අහෝ දැන් නසී දුක් බෝ වැදි ලයේ ‍ලෝක මවාලු බඹා - හිස් මතේ කෙටු -

අයෝධ්යෝයෙහි රාජා පුත් කොයි කාලේහි පෙණේ - ලා දෙදරා යය් දුකින් දුෂ්ට රාවණා - මාගේ පතිවෘතාව සින්ද ලය්ද මේ වනේ -

ත්රිනජාටා - ආල ම‍ගේ ජානකි - නාඩනු පණේ - එක්ප්රාහණ ලෙසේ උන්න ස්වාමි දැක්කැකි තොසින් - මුද්ද බලා එය් සැමි - ඊ ගසේ සැරෙන්. නාඩන් සිරියාවන්තවු දේවි ඉතින් දුකින් -


iii චිත්රනවස්ත්රනය - දණ්ඩකවනය. (රාම සහ ලක්ෂතමණ සිටිති.)

වෘත්තය - අර්ථදුල්මර්තුහුයා.

රාමා - වක්ත්ර පුන් සංදු මෙනා - පිළිමිණ වැන්නේ ගුණ පිළිමිණ වැන්නේ ගුණ - යුවලැසද වන් මාලඳා සම්භවීමෙන් මේ ලහි - යය් සෝදුක මා කොන්ලා

ලක්ෂවමණ - දුක්ඛයෙන් කම් නෑ මෙදා - වටලමු ලංකා පුරා වටලමු ලංකා පුරා - බිඳලමු උන්ගේ ඔදා මට්වු වේ ඉන් රාවණ - ගම්මු පලි මේ රංගා


(හණුමා පැමිණෙයි)

74 සිතාභරණ

වෘත්තය - ගර්සෙය්යාකෝනකුදා.

හණුමා - දුක්වෙන්ටා කාරා තමා දේවි ඉන්නා ශොක දරා - දේවි ඉන්නා ශෝක දරා - දුක් මුසු බස් බෝම කියා ස්වාමා මතක්වි හැඩුවා

මුද්දක් වේ දිපි ලඳා ආලපෙන්නා ස්වාමි වෙතේ ආලපෙන්නා ස්වාමිවෙතේ - ඈව අරන් ඒම ගැණා යාම සොඳා මේ විඩයේ.

රාමා - දුක් ‍නම් බෑ වානු මෙදා ආල පෙන්නු මාගේ ලඳා ආල පෙන්නු මාගේ ලඳා - ඉන්න වනෙන් ශෝක මුදා - කැන්ද එමි මා සබඳා

ලක්ෂ මණ - ලක්දිව්හී වාස මෙදා කාලකන්නි වු නිරිඳා - කාල කත්නි වු නිරිඳා - රොස් සිතකින් දිපු නිගා දාමු මකාලා නොපමාව.

හණුමා - ඇන්නෑවේ රාවණගේ තේජ ගම්හිරේ බොහොමා - තේජ ගම්හිරේ බොහොමා - මක්ක වුනත් යුද්ධ කෙරුම් සෑ‍හේ මෙදා ස්වාමිතුමා.

රාමා - සින්දලා රාවණ‍ගේ තේජ ගම්හිරේ සැනිනා - තේජ ගම්හිරේ සැනිනා - සුන්ද්රත ලඳුන් කැන්ද එමි ම‍ගෙ බලේ පා නොමිනා (නික්ම යති )

5 අංකය i චිත්ර වස්ත්රමය - රාවණගේ මාලිගාව (රාවණ විභිෂණ සහ ඉන්ද්රතජිත් සිටිති.)

වෘත්තය - සවෛරාජ බංගලාමේ.

විභිෂණ - මෙලංකාවේ යුද්ධවේය මෙම කාරියෙන් - මේ දිනා වේ හිනා - ඇරලාපන් බාරි - යෙදෙය් මාගේ ස්වාමිනි ඉන් පාඩු දැන්. ජෝන් ද සිල්වා 75 රාවණ - නොවෙය් හානි යුද්ධයේනි වනසමි උන් - බියෙනා දොඩාවි - කැළඹේ දැන් මල්ලි - පෙණෙය් ව‍ාරෙ මෝඩේකු සේ තාගෙ දැන්.

ඉන්ද්ර ජිත් - කුමක් වේද යුද්ධයේනි බය පෑවේ දැන් - සතුරාව නාස්තා - කරලා මම් දාමී - ඉතින් හේතු කෝ ඊට භය වෙන්ට දැන් - (ගම්වැසියෙක් පැමිණෙයි )

වීතිතය - ජුටිතරප්ත්ත

වැසියා - පවතින ආණුඩු විශාල මෙම දේශයේ - විශාල මෙම දේශයේ - පවතින ආණ්ඩු - වෙය්යුද්ධ සත්තකමා - සාගරේ ගැලුසේ - අහො - එයි සෙනගා - බෝ බියෙනා ආමි සිත සෙල්ලි - විශාල මෙම දේශයේ

රාවණ - මගෙබල පාමි විනාශකර දුර්ජනා - විනාශකර දුර්ජනා කොයියුද්ධත් සිරුවෙනා පානෙමි දානාලා - බියවෙන්ට එපා - යුද්ධ දිනා ලාමි යන කොල්ලා - විනාශ වෙති දුර්ජ නා - (වැසියා නික්ම යයි)

ඉන්ද්රසජිත් - (වචකය) මෙම යුද්ධය කෙරුණොත් මම රාමාගේ පාර්ශෙවයට එකතු වෙන්නෙමි.

ඉන්ද්රමජිත් - යුද්ධ කරන්ටම ඕනෑ.

රාවණ - අසත්පුරුෂයා. රාමාට එකතුවෙන්ට කල්පනා කළෙහිද? දැන්ම තුරන්වෙන්ට හොඳා. (රාවණ විභිෂණය පයින් ගසා එලවයි.)

iv චිත්රෂ වස්ත්රලය - රණ භුමියක්

හණුමා සහ ඉන්ද්රයජිත් යුද්ධ කරති - හණුමා මැරි නැගිටෙනව‍ා දිටු ඉන්ද්රඑජිත් තෙවේ සිතා දේවිගේ හිසවැනි බොරු හිසක් රැගෙණ විත් එය එල්ලාගෙණ මෙසේ කියයි 76 සීතාභරණ

වෘත්තය - ඛන්ඟරා. ඉන්ද්ර ජිත් - ප්රාුණේ ව‍ගේ - එක ප්රාගණේ වගේම - රාම සැමි ආදරෙන් විසු - ප්රා්ණේ වගේ - බැන්ද දයා ලන්දු හාසා සින්දා දමාලා - එම මල්ලාගෙණා - සුරතිනි - එල්ලාගෙණා රංගබලා යුදධ කරාවා.


(හණුමා කණගාටුවෙන් දුවයි.)

v චිත්රා වස්ත්රිය - ලංකාවේ වනයක්.

(රාමා ලක්ෂමණ සහ හේවා පිරිස සිටිති)

විභිෂණ - (වවනය) හණුමා යුද්ධයට ගොස් සිටි, තොපිත් යුද්ධයට පිටත්වෙයව් (හේවා පිරිස නික්ම යති ) (විභිෂණ පැමිනෙයි)

වෘත්තය - යෙක්බොයෙක්ජොහවාපලා

රාමා - ඉක්මනින්මට දන්වලා දෙනු තාගේ නම්ගම් මේ සැනේ‍ - බෝ දයාවන්තේකු සේ - පෙනෙ තාගේ අන්දම් මේවරේ.

විභිෂණ - ලක්දිවේ සිංහාසනේ ලත් රාවණගේ මල්ලි මම් - හාද වි ස්වාමි හටා - උපකාර වෙන්ටය් ආවෙ දැන්.

ලක්ෂමණ - රාවණ යන නාමැසු කල මා ‍ඇ‍ඟේ මාලු නටයි - ඒ කෙසේ වුවත් අපෙන් - නෑ වෙන්නුපද්රා වක් තටා

(හණුමා පැමිණෙයි)

හණුමා - ස්වාමිනි අස දේවිගේ හිස ඉන්ද්රාජිතු සින්දලා යුද්ධ භුමියේදි මාගේ - නේත්ර් සාක්ෂිුයක් කළා

රාමා - ලත් පලේ කිමිදෝ අනේ මාගේ ඉඳිමෙන් ලෝ‍කයේ දේවිගේ ප්රා ණේ නිසා - මගෙ ප්රාකණයත් පූජාවෙවා.

(රාමා පිහියෙන් ඇනගන්ට යයි.) ‍ ජෝන් ද සිල්වා 77

විභිෂණ - ඉන්ද්ර්ජිතුගේ මායමක් බව ස්වාමිනි දත්තේත් සො‍ඳේ ජානකි සහ මා දුවත් - දැන් වාස වෙත් මාය් ලක් වනේ

ලක්ෂිමණ - රාවණා සිංහාසනේ ඉන්ටා අරින්නේ නෑ ඉතින් දැන් යමන් ඌ‍ගේ ඔදා - බිඳ ලන්ට ඉක්මන් වි මෙයින්.


(හණුමා සහ ලක්ෂ මණ නික්ම යති) vi චිත්රල වස්ත්රනය - රණ භුමිය ඉන්ද්රුජිත් හණුමා පාරේ එලවා යයි.

වෘත්තය - එකචතුරනාර.

ඉන්ද්ර ජිත් - යුද නිපුන සේම හමුවට මෙමාග - අද පැමිණි තාගෙ දිවි වෙය විනාශ - නෙක යුදෙහි සුර‍ මගෙ බල දතහැකි - වැනසෙන්ට නොවෙද ලංකාවට ආවෙ තොපි - මා ඊතලයෙනි විදලාමි සැනින නෑ වෙන්නේ තොපට ජය මෙම යුදයෙනි.

හණුමා - කට තිබෙනවාට දොඩවන ප්රදලාප - මිස මෙ මගෙ කාරි තට දැනෙනවාද - ජඩ අමන නිච තාගෙ ඔද බිඳලමි - දිසි චන්ද්රද ගුවන් නේත්රාා යොමාලාම දැක - , භූ භූ භූ භූ, යන හඩ පාවි සුනක - ඒ නාදෙවිලස ගොරවයි තකතිරු.

ඉන්ද්රලජිත් - කළු වඳුරුවාගේ නකුටය වැනිම - ගෙමැඩියෙකු සේම බක බක ගැසිම - මිස කුමන දේද බොල තට කළහැකි - විද සුන්යමකරමි බින්දා ඔද තාගෙ මම - යාවි තගෙ පණ රණභූමියේ පිට - හා යන්නේ කිමද වටපිට බලමිනි.

(හණුමා පස්ස බල බලා යන කල ලක්ෂමණ පැමිණෙයි)

ලක්ෂමණ - මගෙ මිතුරු පාරෙ එලවන විකාර - ලෙස දොඩවන සාර නැති බස උජාර - විද මරමි රාවණ‍ගේ පුත පරසිදු - අප සුන්ද්ර අඟණ හංගාගිය රාවණගේ - ලෝලේ වඩ වන පුතු තෝවද බොල - මේ භුමියෙ පිට වැනසෙනු ජඩ කොලු 78 සීතාභරණ

(ලක්ෂමණ සහ හණුමා යති)


වෘත්තය - නාලෝ නාලේ බටා.

ඉන්ද්ර ජිත් - ආ‍ලේ ආ‍ලේ මෙලෝකේ දැන්යාවි - ප්රාරණේ සැඟවේ අහෝ මේ සැනේඳි - ලෝකේ ලෝකේ මවාලු දෙව් ස්වාමි - බේරා දමනු මෙමා මේ පොටේදි - කාලේ කාලේ (විභිෂණ ලංවෙයි)

විකා‍ෙ‍ල් ‍දැන් ලෝකේ - නෑයෝ සතුරෝ වෙති අවිචාරේ - ආවේ ආවේ මෙමා‍ෙග් දැන් දානේ - කාලා යනසේ පිවිතාවසානේ - (ඉන්ද්රාජිත් මැරෙයි)

වෘත්තය - කුඛරජායා.

විභිෂණ - මගෙම ඡායාරූපේම වන්වු - දෙව්ලොවේ ශ්රිි පුත්රෙ කු සේවු - පුතුට විපත මේ උනේ කිව්ව කාරා - ගත්තේ නැති හින්දමය් සිත්හි සීරු.

කී නොහැකි වු පාඩුවකි මේ - කොය් ලෙසේ වෑවෙන්නේද රාජා - මැරුණේ මෙකල්හි - බලවන්තයා මා - යුද්දේ විමෙන් සිදු පාඩු තේරේ.

vii චිත්රම වස්ත්ර ය - රාවණ‍ගේ මාලිගාව.

රාවණ කල්පනාවෙන් යුක්තව ඇවිද ඇවිද සිටිනා තර පණිවිඩකාරයෙක් පැමිණෙයි.

පණිවිඩකාරයා - (වචනය) දේවයන්වහන්ස කුමරු‍ගේ ප්රා ණය යුද්ධ භූමිසේදි හා නිවිය.

රාවණ - මාගේ පුතා මැරුණා ?

පණිවිඩකාරයා- එහෙයි ස්වාමිනි බොහෝ දුකින් පණ ගියේය. ජෝන් ද සිල්වා 79

වෘත්තය - බුලාවෙකානමයිකු.

රාවණ - මුලාවෙ මාගෙ මේ හිස - ශ්රිණ කුමාර නාස්ති වී - මෙදා පුතේ යාවි ප්රාතණේ - මුලාවෙ මාගේ මේහිස - සිත් ක්රෝ්ධ වේය මීට - පුත් නාස්ති වීද දාස - ලා පැලේවි මාගෙ - පුතා අහෝ නාස්ති වි - මුලාවෙ මාගෙ මේ හිස - ශ්රිල කුමාර නාස්ති වී - හඩා කෙසේ වාමිලාය - මේ ශෝක කාට පාමි - දැන් වේවි කෝලහාල - කා දමාමි මාලු - පුතා මැරූ කෲරයාගෙ.

(රාවණ යුඬයට නික්ම යයි.) viii චිත්රට වස්ත්ර.ය - රන භුමිය

වෘත්තය - පිචඩාහුමයිබාරබරස්කා.

රාවණා - හපනා කෝ දැන් මාගෙ පුතුන්ගේ ජිවිත හානි දුන් සුන්කර දැනි ඌ පාගාදමි - මෙරණ භූමියේ.

හණුමා - නොදොඩා යාගන් තාගේ දසිස් ලේ පාමි පලා දලා දැන් ගොරවන්නේ බල්ලා සේ මු නොදැනාහේමා මා

රාවණා - කුමටාවේදැන් බෝම කුලප්පු මාගේ බලේ සාරා සුන්වෙන රංගාපාමි පාමි හපනා වේ වාරේ.

හණුමා - පලලාදාමි තගෙ දසිස් ‍ෙම්කාට බුරා ලෑවේ - කොන් වෙනු සුන්වේ තා‍ලගේ ප්රාෙණේ - මෙරණ භූමියේ.

(දෙදෙන පොරකති)

රාමා - මාපණසේ උන් මාගෙ බිරින්දා හංගා ගති මේකා - මම් ඔදබින්දා දාමි දාමි - ජඩයා මේ වාරේ.

රාවණ - දුදනාගේ සිත් බෝම සරොස් වි බාරි නිසා ආවේ දැන් තගෙ රිරි යාවි යිවි - ගලලා භූමියේ.

80 සිතාභරණ

රාමා - විදලා තා දිවි හානි කරන්නෙමි මේ රණ භුමියේ සුන්දර ලන්දු කෝ මේ මාගේ - නසිනු මේවාරේ.

(රාවණට විද්ද කල වැටි මෙසේ කියා නසි.)

වෘත්තය - යාරිරකතුමුසෙයාර.

රාවණා - සිඳි පසිඳු මගේ සාරබල සාගරේ - සිඳි අහෝ - සර්වාංදග වෙව්ලිවි මේ - වෙන් වෙය ප්රාුණේ ම‍ගේ - විද මා දාලා කුමාර ගියෙ බෝ සැරයේ - සිඳි පසිඳු.

ix චිත්රව වස්ත්රඳය - අශෝක වනය.

(සිතා සහ ත්රි‍ජටා සිටිත්) – (හණුමා පැමිණෙයි) වෘත්තය - ජුලතරාතතෛ්සන්.

හණුමා - වී සෙත රාජ්ජේ දැන් - අසනුමැන - වි සෙත රාජ්ජේ දැන් - ශොක මුදා ගණු මැන සිරියා - ලකිඳුගෙ පණ ගියෙදැන් - එ අනදර - ලකිඳු‍ගේ පණගියෙ දැන්.

සීතා - මසිත ප්රි ති දැන් - එ ගැණ සකි - මාසිත ප්රිිති දැන් - රාම සැමි ප්ර මාදද හණුමා - ඔහු දකිනට සිත දැන් - කොකියනවා - ඔහු දකිනට සිත දැන්.

හණුමා - ආවෙමි ප්රිිතියෙන් - එකියනට - ආවෙමි ප්රිේතියෙන් - ඒවි සැමි ප්රමමාදය නොවනා - විදුලිය ලෙස තිගෙ වෙත් - සොඳුරු ලඳ - විදුලිය ලෙස තිගෙ වෙත්.

ත්රිලජටා - ජිවිත නාස්ති වෙන්ට - සිදුදෙය - මාහට තේරුම් නැත් ආල වැඩු ප්රිමාණය - නොවනා - අප පිය සොහොයුරු තුම් - එරණබිම්හි මැරුණද කිය මට දැන්.

(රාමා ලක්ෂ්මණ සහ විශිෂණ පැමිණෙති.)

ජෝන් ද සිල්වා 81 වෘත්තය - ආයේසපානෙයාර්සප. රාමා - මාගේ ලඳාම සිත් තුටු‍ෙව්ය දැක්මෙනි - දුක් දිපු රාවණ නාස්ති විය යුද්දෙදි.

සිතා - වෙවි සැපා මසිත් තුල කිව බස් ඇසි - දැන් මාහිසේ ම‍ෙග මාලදාම ලුමෙනි - මාගේ සැමිතුමන් නැති ශෝක දැන් ලහි - යය් සිරුවේ මැකි මාගෙ ස්වාමි දැක්මෙනි.

රාමා - ආ‍ලේ මගේ විපුල් වෙය මාගෙ ලන්දුනි - දැන් මේ වනේ හැරා යාම සොමිනසින් වටි.

සිතා - ප්රේිමෙන් මෙමා කෙරේ විසු යාලු ලන්දුන් - දැන් ති මෙහි තබා යන්ට කාරා සිද්ධවි - මා‍ගේ දුකා මකා ලන සේම බස්දෙඩු - ලන්දේ යමි මෙදා තිට බෝම ස්තුති.

ත්රිේජටා - ප්රේිමේ ලඳා ම‍ගේ පවතිය සිත් තුලේ - ස‍ිත්සේ සැපෙන් දෙසේ වාස වේව සිදේවි.

ලක්ෂවමණ - පෑවේ ඉතා උතුම් කරුණාව යුද්දෙදි - අය්යා මොහු තමා ප්රේ්ම පෑම දැන් වටි.

රාමා - මා‍ෙ‍ග් සකි මෙදෙස් වැසියන්ගේෙ දුක් සිඳා - ආණ්ඩු කරන් නිති රාජ ධර්ම‍යෙන් සොඳා.

විභිෂණ - වේවා බොහෝ තුති කුමරේන්ද්රදයානනි - කිවිසේ ලකේ සදාලාමි ආණ්ඩු ඤා‍ෙණනි.

හණුමා - වේවා ර‍ටේ ඉතින් ජයමංගලම් උතුම් - ලංකා තුලේ සමාදාන වේ නිරන්තරෙන්!

(ශක්රනයා ගුවනේන් වඩි.) වෘත්තය - සබාමේ ආමදේනි.

රකිවි ධර්මධ ශිලේ - රම්බරි තා‍ගේ - රකිවි පතිව්රසතා සදාකල් - රකි දේවි - ලබාගත් - ජානකි මේ - පුත් 82 සිතාභරණ

සොමි සේ වේ - ලබාගත් - දරා දුක් බෝ සිඳා පාපේ - රකි ශිලේ - සමාදානේම බෝවි දෙන්නාගේ ආලේ සමාදාන - වඩා පෙන්වා රකිව් ධර්මේ - පුරා ශිලේ.


(නික්මයති) නෘත්යිකරුවෝ.

දශරථ - අයොධ්යන දේහයේ රජ ජනක - මිථිල දේශයේ රජ රාමා - දශරථ රජු‍ගේ වැඩුමල් පුතා ලක්ෂ්මණ - දශරථ රජු‍ගේ පුතෙක් භරත - දශරත රජු‍ගේ පුතෙක් විශ්වාමිත්රි - එනම් සෘෂින් වහන්සේ වශිෂ්ට - එනම් සෘෂින් වහන්සේ අගස්ති - එනම් සෘෂින් වහන්සේ හණුමා - රාමා‍ෙග් මිත්රහවු වානර සේනාපතියෙක් රාවණ - ලංකාවේ රජ විභිෂණ - රාවණගේ සහෝදරයෙක් ඉන්ද්රමජිත් -‍ රාවණගේ පුතා මාරිව - රාවණගේ මන්ත්රිදවරයෙක් සිතා හෙවත් ජානකි - ජනක රජගේ දුව-රාමා‍ගේ ස්ත්රිෙ කෛකෙයි - භරත කුමාරයාගේ මව් - දශරථ රජු‍ගේ බිසව තාඩකා - එනම් රකුසියක් සූර්පිණඛා - රාවණගේ සහෝදරි කූර්ණි (කුදි) - මහලු ස්ත්රිථයක් ශක්රණයා - එනම් දෙවියෙක්

මුරකාරයෙක් - ගම්වැසියෙක් - ඇමතියෙක් - සහ යුධ සේනාවල්