Jump to content

ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව/ශකුන්තලා (1904)

Wikibooks වෙතින්

ශකුන්තලා නාටකය

(ක්‍රි.ව. 1904)

Airs by Visvanath Lavjee Pandit


සංඥාපනය

ශකුන්තලා නම් මධුර නාටකය සංස්කෘත භාෂාවෙන් කාලිදාස නම් මහා කවිහූ විසින් විරචිත ලෝකප්රාසිද්ධ දෘශ්යමකාව්ය යකි. මෙම නායකය මවිසින් සිංහලට නගා අවුරුදු 10 ට පමණ පූර්වයෙහි අච්චුගස්වනලදී. පළමුවෙනි වරට ප්රහසිද්ධකළ පොත් තුන් දාහක් නිමවූ බැවින් දෙවෙනි වරට තව පොත් තුන්දාහක් අච්චු ගැසුවෙමි. මෙහි පෙණන මධුර සින්දු සිංහල ජනයා අතරේ පුරුදුවී තිබෙන බවට සාක්ෂියක් නම් පිටිසර සිංහල ග්රාධමවල පවා කුඩා දරුවන් විසින් මෙහි පෙණෙන සින්දු කටපාඩම් කර කියන බව නොයෙක් දෙනා කියති.


මෙහි කථා ශරීරය ලුහුඩින් මෙසේ දතයුතුයි. ශකුන්තලා මේනක නම් දිව්යර ස්ත්රී ට රාජසෘෂියෙකුගෙන් දාව උපන් රූප ශොභනාවෙන් සුරඟනක් හා සමාන ස්ත්රියයෙකි. මේනක නම් දිව්යු ස්ත්රි ය මෙම ශකුන්තලා ප්රුශුතකර පොළවේ දමා දෙව්ලොව ගියාය. මොණරුන් තමන්ගේ පිල්වලින් වසාගෙණ මෙම දරුවා ආරක්ෂාකරගත් බැවින් ඈට ශකුන්තලා යන නම ව්ය්වහාර විය. මව් නැති ශකුන්තලා කන්වා නම් තපස්වරයාගේ ආරාමයේ අනසුය ප්රිරයම්වද යන තවත් ස්ත්රීලන් දෙදෙනෙක් සමඟ එකට වැඩුනාය. මෙසේ ආරාමයේ වැඩ කරගෙණ සි‍ටිනකල දුස්මාන්තා නම් හස්තිනපුර මහරජ එක් දිනක් මුවදඩ‍යමේ තමාගේ ‍රථයේ නැගී මුවෙකුට විදින්ට දුන්න අතට ගත්කල වනයෙන් ඉදිරියට එක්තරා තාපසයෝ දෙදෙනෙක් පැමිණ අසරණ සතාට නොවිද ඔය පෙණෙන කන්වාගේ ආරාමයට පැමිණ එහි සිටින ස්ත්රීණන් බලා සතුටුවෙනු මැනව කියා සැලකළෝය. රජ්ජුරුවෝ තවසුන්ගේ කීම භාරගෙණ රථයෙන් බැස ශකුන්තලා සිටි ආරාමයට පැමිණියෝය. පොතුහැට්ටයක් ඇඳ සිටිය ශකුන්තලාගේ රූපාලංකාරය දිටු දුස්මන්තා රජ ඈ හා කථාකර ගන්ධවී චාරිත්රට අනුව ඈ පාවාගත්තේය. අතේ තිබුන මුද්ද ඈට තෑගිකොට දුන්නේය. දුර්වවස නම් තාපසයාගේ සාපය හේතුකොට ගෙණ රජුට ශකුන්තාල පසුව හදුනාගන්ට බැරිවිය. එම සාපය අනසුය සහ ප්රි යම්වද යන ශකුන්තලාගේ යාළුවන්ගේ ඉල්ලීමපිට දුර්ව ස මදක් අඩුකළේය. එනම් මුද්ද දිටුකල පමණක් රජුට ශකුන්කලාව මතක්වෙන බව දුර්ව ස දැන්නුවේය. කන්වා නම් තපස්වරයා ආරාමයට පැමිණිකල ශකුන්තලා ගැබ්බරෙන් සිටින බව දැක ඇගේ පුරුෂයා දුස්මාන්තා රජු බව දැනගත්තායින් පසු ඈව ගෞතමි නම් මාතා සමග පිටත්කර හස්තින පුරයට ඇරියේය. මේ යන ගමනේදී ශකුන්තලා මූණ සෝදාගන්ට පොකුණකට බැස්සකල දුස්මාන්තා රජු දුන් මුද්ද පොකුනේ වැටී රෝහික නම් මාළුවෙක් එය ගිලගත්තේය. මස්මරන්නෙකුට මෙම ම‍ාළුවා අසුවී බඩපලා බැලූකල මුද්දක් තිබෙන බව දැක මාළුකූරියා සහ එම මුද්ද විකිණීමට පිණිස නගරයට ගෙණ ගියකල දුස්මාන්තා රජුගේ කොස්තාපල්වරුන්ට මුනගැසී ඔව්හු මාළුවෙළෙන්දා සහ මුද්දත් රජුකරා අරගෙණගියෝය. මුද්ද ලැබෙන්ට පෙර දුස්මාන්තා රජ සකුන්තලාව අඳුගාගන්ට බැරිවි එලවාදැමූකල ඕ තොමෝ විලාප කියකියා සිටියාය. එවිට දිව්යව ස්ත්රීඕයෝ වලාකුලෙන් පොළවට පැමිණ ශකුන්තලාව අරන් හේමකුට පර්වතයට අරන්ගියෝය. එහි කාශ්යීප මුනිගේ ආරාමයේ ශකුන්තලා නැවතී සිට සර්වදමන නමැති පුතෙක් වැදුවාය.


මුද්ද ලැබුන දුස්මාන්තා රජ ශකුන්තලාව මතක්වී දුක්මුසු විලාප කියමින් සිටිනකල ඉන්ද්ර සෙවියන්ගේ පණිවිඩයක් අරන් මාතලී නම් දිව්යපපුත්රැයා පැමිණියේය. මාතලී දුස්මන්තා රජු සමග දිව්යඅ රථයෙන් ඉන්ද්රමලෝකයට වඩිනකල මගදී හේමකුට ‍පර්වතයේ කාශ්යිපමුනිගේ ආරාමයේ රථය නැවතුකල සර්වදමන නමැති දරුවා දුස්මන්තා රජ දැක ඒ මගින් ශකුන්තලාව මුනගැහී දෙදෙනාම යලිත් හාදවී ඉන්ද්ර්සභාවට පැමිණ ඉන්ද්රශදෙවියන්ගේ ආශිර්වාද ලබා පොළවට පැමිණ නිවන් සැපේ තිබෙන උතුම්කම ප්රැකාශකළෝය. මෙහි කථාශරීරය ලුහුඩින් කීවෙමි. නාටකය බලා විස්තර හිතට ගතයුතුයි.


මේවගට


නීතිඥ ජෝන් ද සිල්වා

වර්ෂ 1917 ක්වූ මාර්තු මස 1 වෙනිදා

කොළඹ සංජෝසප් වීථියේ පිහිටි ‘විජය’ මන්දිරයේදීය.



නාට්‍යකරුවෝ


සූත්රදධාරී, දුස්මාන්තා (හස්තිනපුරයේ රජ), රියැදුරා (රජුගේ රථය දක්කන්නා ),තපස්වරයෝ දෙදෙනෙක්, ශකුන්තලා (මේනක නම් දිව්යෙස්ත්රි්ගේ දුව), අනසුය (ශකුන්තලා සමග එකට වැඩුන තරුණස්ත්රීල), ප්රි‍යම්වදා (ශකුන්තලාගේ යාළුවෙක්), මාධව්යණ (රජුගේ කවටයා). බ්රාවහ්මණයෙක් , ගෞතමි (ශකුන්තලාගේ ආරක්ෂාකාරි) දුර්ව ස (තාපසෙක්), කන්වා (තපසෙක්), ශාරන්ගවර්‍ (කන්වාගේ ශිෂ්යුයෙක්) ශරත්වත (කන්වාගේ ශිෂ්යගයෙක්), හංසමති (රජුගේ බිසව), දිව්යාංමගනාවක්, කුම්භීලක (එනම් මාළු වෙ‍ෙළන්දෙක්), සුවක (පොලිස්කාරයෙක්), ජලුක (පොලිස්කාරයෙක්), මාතලී (රථචාය්ය්ස්ක),පොඩිලමයෙක්, දාසියෝ දෙදෙනෙක්, කාශ්ය ප (මරිවි), ආදිති (දිව්ය් මාලිගාවේ සිටි දෙදෙනෙක්), ගුලාව (දිව්යි පනිවිඩ කාරයෙක්),


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස


පුවත.


(සුතුධාරී පැමිණේ, නාටිකාංගනාවක්ද පැමිණේ.)

අමිර්කල්යාන් - ත්රිකතාල

සූත්රකධාරි - සිරිසැප බෝලෙස හැමටම වේවා මේ ලක පාලන දෙව් අප රකීවා මධුර ශකුන්තලා නාටක සොඳිනා සාදා හැ‍ෙඟන සේ වාර පුරාණේ පාමු සභාතුළ අද රූ තොසිනේ ඒ දැක තුටුවී නොවී කෝපා.


අප අත දොස ඇත දුරලනු සුදි දන මෙමලක නිවසන සිය දන දියුණුව කළහැකි බව දනු කරලිය මගිනුද වේවා දේවාශීර්වාදේ බෝ.

ප්රි ය සොඳුර අද රාත්රි යේ මෙම නාට්ය මණ්ඩපයෙහි ශකුන්තලා නාටකය දක්වන්ට අදහස්කරතිබෙන බැවින් එය කව්රු විසින් කරණලද පුබන්ධයක්දැයි මෙහි පැමිණි සාධුජනයින්ට දැන ගන්ට සින්දුවක් කියනු ...

එමන්කල්යාන් - දුර්පිත්.

නාටිකාංගනාව - සවන පිනන මධුර කාව්යා නාටක සංස්කෘත ප්ර-බන්ධ බැන්ද කාලිදාස දක්ෂ මේවර සිහිවේය අපට

මෙකිවූ කිවිඳු බැන්ද පොරණ සකු ශකුන්තලාව සුදන සිංහලෙන් ප්ර බන්ධ කළෙය අප කිවිදා සිත්සේ.

(දෙදෙනාම නික්මයති.)


1 අංකය

[සංස්කරණය]

i. ජවනිකා - වනාන්තරයක්.

[සංස්කරණය]

(දුස්මාන්තා රජ රියැදුරා සමග රථයක නැගී මුවෙක් පාරේ ඊදුනු රුගෙණ එලවාගෙණයයි.)

රියැදුරා - දේවයන්වහන්ද අර මුවාදෙස සහ ඔබවහන්සේ දෙසත් ලනුව ඇදතිබෙන මාගේ දුන්න අතින් රැගෙණ බලනකල හරියටම වමතින් පිණක නම් දුන්න රැගත් මහෙෂ නම් දෙවියා මුවෙක් පාරේ එලවාගෙණයන ස්වභාව මට පෙණී යන්නේය.

දුස්මාන්තා - ඌ පාරේ අපි බොහොම දුර ලුහුබැඳ එලෙව්වෙමු. ඌ වරින්වර පස්සබලබලා දුවයි. අපේ දුන්නෙන් ඊතල පහර වදීය යන භයින් නළල රැළිගසාගණී. ඌ බොහොම හයියෙන් දුවයි.


රියැදුරා - පාරේ වළ ගොඩවල් තිබුන බැවින් අපේ අශ්වයන්ගේ ගමන බාධාවිය. දැන් පාර සමතලා බැවින් අශ්වයෝ ඉක්මණට දුවති.

දුස්මන්තා - එහෙනම් පටි බුරුල් කරපන්.

රියැදුරා - එසේ යහපති ස්වාමිනි.

දුස්මාන්තා - දැන් මුවා පසුකළෑකි.

(රජු දුනු ලනුවේ ඊතලය තබා මුවාට විදින්ට කුරු මානම් අල්ලනකල තිරෙන් පිට හඬක් ඇසෙයි) ඌ නොමැරිය යුතුයි. අහෝ රජ්ජුරුවන්වහන්ස මේ මුවා අපේ වනාන්තරයේ ලගින සතෙකි. ඌ නොමැරිය යුතුය.

රියැදුරා - (කන්දී අසා බලා කියයි.) ස්වාමිනි කුරුමානම හරි යාගෙණ එනකොටම තාපසයෝ දෙදෙනෙක් ඒ අතරට පැමිණ බාධාකර මේ දිසාවට එති.

දුස්මාන්තා - එහෙනම් රථය නවත්වාපන්.

(තපස්වරයෝ දෙදෙ‍නක් පැමිණෙති.)

සොරටි - දාදරා.

තපස්වරයෝ - නොමරනු ස්වාමි එමුව මෙවන වාසවී සිටි - සියුම් සැර හම කාගෙණ යාවි කුළුණු ගුණ පෙන්වනු මැනවි - පුළුන්ගොඩේහි ලු ගිනිසේ වෙයි වැදුනොතින් මෙ ඊ නොමරනු ස්වාමි.

රට රැකගන්ට දැරිම යුතුය ස්වාමිනේ අවි ඊයෙන් නොවිදිනු ඒ මුව බිතෙන් පණට ආලයෙන් දුව සැගවී - විදුම් නොසෑහෙ පව් ඇත බෝ ලෙසේ අසනු ස්වාමිනි.


දුස්මාන්ත - (තාපසයන්ට ආචාරකර ඊගස කොපුවේ දමයි.) එය කොපුවේ දැමුවෙමි.


තපස්වරයෝ - (අත්දෙක ඔසවාකියති) ඔබවහන්සේගේ මේ ක්රි යාව පුරුපෙළපතේ රජදරුවන්ට යෝග්ය වු උතුම් ක්රි යාවකි - මුළු‍ෙලාවටම රජකම්කරණ සත්පුරුෂ ලීලාව ඇති දරුවෙක් ඔබවහන්සේට ලැබේවා!

දුස්මාන්තා - බ්රා හ්මණයන්ගේ නියෝගයට ම‍ාගේ ගෞරවයෙන් පාත් කරමි.

1 තාපසයා - ස්වාමිනි පූජාවක් කෙරීමට දරසොයා මෙම මාලීනී ගංතෙර පිහිටි වනයට ආමු - අපේ ගුරුවර කන්වා විසින් තනාගන්නාවූ ශකුන්තලා තොමෝ මෙම වනයේ සිටින සතුන් ආරක්ෂාකරන්නීය. වෙන වැඩක් ඔබවහන්සේට දැනට නැත්තම් ඔය පෙණෙන අරඹයට පැමිණ එහි නිවසන ජනයන්ගේ භක්තියද සුචරිතයද දැක සතුටුවුනු මැනවි.

දුස්මාන්තා - නුඹේ ගුරුවර කන්වා ගෙදරද?

තාපසයා - ශකුන්තලාට පැමිණෙන්ට තිබෙන විපතක් මග අරවනු සඳහා අපේ ගුරුවරයා සෝම තීර්ථයට ගියේය - ඔහු ගෙදර නැතිවට පැමිණෙන අයින් ගරු නම්බු ඇතුව පිළිගන්ට ශකුන්තලාට අණදී තිබේ.

දුස්මාන්තා - සුඬවූ තාපසයානනි එහි යන්නෙමි - මා‍ගේ ආදර ගෞරවය ශකුන්තලා පරීක්ෂාකරබලා කන්වාට දන්වනවා ඇත.

තාපසයෝ - සපලවේවා! අපේ වැඩය ගැන යමු.

(නික්මයති.)

සොරට් - ලාවනි.

දුස්මාන්තා - ම‍ාගේ දේසේ බෝසේ සීල ධ්යා.නත් රක්නාවූ ජන ඉන්නා බව පෙණවි - බොහොම - ජන ඉන්නා බව පෙණෙවිය වන වාසෙන් සිත් පෑදී - කී ආරාමේ කිට්ටුයි ශුද්ධවාසේ බැව් තේරේ රථයෙන් දැන් බැස නොසිටා - මෙසොඳ - රථයෙන් දැන් බැස නොසිටාම යමි මා සිත සන්තෝසේ


රියැදුරා - මෙතන ශුද්ධවූ වාසයක් බවට ලකුණු තිබේ.

දුස්මාන්තා - එය කිළුටුකරන්ට නොහොබී - මෙහි රථය නවත්වාපන්

රියැදුරා - අවසර ලැබුනසේ රථය නැවැත්තුවෙමි.

(රජ්ජුරුවෝරථයෙන් බැස තම රාජාභරණ දෙසබලා මෙසේ කියයි.)

දුස්මාන්තා - ආගමේ කටයුතු කෙරෙණ මෙම අරඹයට රාජාභරණින් පැමිණීම යුතුනෑ. මේ ඇදුම් තියාගණින්. එහි වසන ජනයාබලා එනකල් උඹ රථය ලිහාලා අශ්වයන්ට වතුර පොවා නැවති සිටපන්.

(රියැදුරා රථය රැගෙණ රාජාභරණත් ප්රිවේසමට තියාගෙණ නික්මයි - රජ ආරාමය දෙසට ගමන්කරයි.)


ii ජවනිකා - වනාන්තරයේ පිහිටි ආරාමය.

[සංස්කරණය]

(ශකුන්තලා අනසුය සහ ප්රිායම්වද තිරයෙන් පිට සිටිත්. දුස්මාන්තා රජ තිරෙන් පිට ශකුන්තලා කරණ කතාව අසා ප්රීාතියට පැමිණෙයි.)

මාධී - ලාවනි.

ශකුන්තලා - කෝකිල හඬදෙන්නේ බෝසේ ආනන්ද සිත්වී යමු යාලු පිපීලා පුෂ්ප තිබේ මිදුලේහි ඒ නෙලමු ප්රපමාදේවෙන්ට සකි කිමාකාරී මා එක්ක වරෙල්ලා ප්රේරමයන්තියෝ තොසේවි

දුස්මන්තා - කෝමලවූ මධුරරැව් ලියන්ගේ වාගේ මා දකුණත වෙවුලයි සවනතවී රැව් උන්ගේ සිත බෝම ප්රීුතිවේ නාදඇසී ආරාමේ වින්දෙමි ලැබුපල මා කර්ණ මෙවර මනරාමේ.

(ශකුන්තලා අනසූයා සහ ප්රි්යම්වදා පැමිණෙති)

අනසුය - අහෝ මාගේ ශකුන්තලා. අපේ පිතෘවූ කන්වාගේ ගස් නුඹේ සමාගමේ ප්රීාතිව වැඩෙන්නාසේ පෙණියති. මේ පැල වටේ කපාතිබෙන අගල්වල වතුර පුරවා දැමීම මනාසේ පිපුනාවූ මල්ලිකා මලක් මෙන් කෝමලවූ නුඹට යෝග්යාවේ.


ශකුන්තලා - මාගේ පියාගේ නියෝගය නිසාම මෙම පැලවලට වතුර දමනවා නොව මෙම ලා පැලවලට මම සහෝදරියක්යයි සිතා පැන් වත්ක‍රමි.

ප්රි යම්වද - ප්රිිය මිතුරි - දැනට ග්රී ෂ්මසෘතුව පටන්ගෙණ තිබේ. නුඹ විසින් වතුතර වත්කළ මෙම පැලවල මල් මේ සෘතුවේදී පිපෙති. මල් පිපෙන කාලය ගෙවීගොස් ඇති අතර පැලවලට අපි වතුර වත්කරමු. මක් නිසාද යත් අ‍පේ සත්පුරුෂ ලීලාව වැඩිය අගයවන්නේ මසුරුකම මුදුන්පත් නූනාමයි.

ශකුන්තලා - ඉතා අනර්ඝ දැනමුතුකමකි.

(ශකුන්තලා වෙන පැලවලට වතුර වත්කරයි.)


පිපෙති. මල් පිපෙන කාලය ගෙවීගොස් ඇති අතර පැලවලට අපි වතුර වක්කරමු. මක් නිසාද යත් අපේ සත්පුරුෂ ලීලාව වැඩිය අගයවන්නේ මසුරුකම මුදුන්පත් නූනාමයි.

ශකුන්තලා - ඉතා අනර්ඝ දැනමුතුකමකි.

(ශකුන්තලා වෙන පැලවලට වතුර වත්කරයි.)

(දුෂ්මාන්තා රජ ශකුන්තලා දැක ඈට නොපෙනී හැංගි ඉඳගෙණ ඇගෙ රූප ශෝබනාව වර්ණ්නා කරයි.)

එමන්කල්යා්න් - ලාවනි.

දුස්මාන්තා - ඇගෙ ගෙළ දැක සක මූදේ මූදේ ගිලුනා ගිලුනා විළියෙන් සේ දෑසඳ මානෙල් තුණ්ඩ ගිරා නාසේ ඒ මූණ සරත්කල් චන්ද්රාාකාරේ

ඇගෙ ගෙළ දැක සත මූදේ මූදේ ගිලුනා ගිලුනා විළියෙන් සේ පිල්සිකි මූලා මල්ගවසා දිස්නේ උම්මාදවයයි මා සිත් ඇන්නෑවේ.

ඇගෙ ගෙළ දැක සක මූදේ මූදේ ගිලුනා ගලූනා විළියෙන් සේ නීචවැඩේහි මන්ද යෙදුවේ කන්වා ඈට අහෝ ස්නේහේ නෑ හේමා

ඇගේ ගෙළ දැක සක මූදේ මූදේ ගිලුනා ගිලුනා විළියෙන් සේ ගස්පොතු අන්දාලන්නේ පියා කන්වා බෝ ක්රෑොරකෙනෙක් දෝ තේරෙන්නේ නෑ.


ශකුන්තලා - අනසූය බලපන්, මේ ප්රි යම්වද පොතුහැට්ටේ තද කර බැඳලා මට බොහොම රිදෙනවා - මේක ලිහාපන්. (අනසූය ලිහයි.)

ප්රිඅයම්වද - මාගේ මිහිරි යාළුව, නුඹේ යෞවන වයසට සාක්ෂියක් වූ පපු දෙස බලා ප්රීරතිවෙයන්.

දුස්මාන්තා - (අභකව කියයි) ප්රි යම්වද ඇත්ත කීවා. නෑ. කහපාට පත්රමවලින් වැසී තිබුනත් රතුපාට මල් පෙණීයන්නාසේ ඇගේ උරේ පොතුවලින් සාදපු හැට්ටය දමා තිබුනත් ඇගේ ලක්ෂණය අඩුනොවන්නේය. වතුරේ වැවෙන මානෙල් මලේ මුදුන් හතුවලින් වැසී තිබුනත් එහි ලක්ෂණ ලක්ෂණමයි. පිනි සහිත රශ්මියෙන් යුතු චන්ද්ර යා‍ගේ කළු පුල්ලි හේතුකොට ගෙන ඒක වඩා දීප්තිමත් වන්නේය. කල්යාීන් - ත්රීලතාල්.

ශකුන්තලා - සුන්දර පත්‍ර සෙල්ලේ අර ආම්ර. වෘක්ෂේ දෝත වනා අඬගහනාලෙස පත්ර සෙල්ලේ මිතුරු ලඳුනේ මාගේ ප්රේ ම සපුරා ලත් ඒක කරායමු දැන් ඉන්ටහැකී අස්සේ (සියලුදෙනාම අඹගස දෙසට ගමන්කරයි.)

අනසුය - ශකුන්තලා බලාපන්. මේ අරඹේ ප්රීිතිය යන අර්ථ ඇතුව වනතෝෂිනි කියා නුඹ නම්දී තිබෙන මල්ලිකා වැල - මෙම මිහිරි අඹගස මනමාලයා කරගෙන තිබෙන හැටි

සකුන්තලා - පැල ජාතිවල පවා සරණ මංගල්ය යන් සිද්ධවෙන සෘතුව කොපමණ ප්රීසතිදායකද?


(ශකුන්තලා එය පරීක්ෂාකර බලාසිටි.)

ප්රිශයම්වද - අනසුය උඹ දන්නෙහිද ශකුන්තලා එපමණ ප්රී තියකින් මේ ගස්දෙස බලා ඉන්නේ මන්දකියා.

අනසූය - නෑ උඹ කියාපන්.

ප්රියයම්වද - මේ මොහොතේදී ශකුන්තලාට හිතී තිබෙන්නේ. මේ මල්ලිකා වැල සුදුසු ගසක් තෝරාගත්තා වාගේ ම ඇවිත් මනමාලයෙක් තෝරාගන්ට ඇත්නම් හොඳයි කියායි.

ශකුන්තලා - ඒ උඹට හිතිලා තිබෙන හැටි තමා.

(ශකුන්තලා වතුර කළය පෙරළයි)

ප්රිශයම්වද - අර පෙණෙන මාධවී වැලේ මල් පිපී තිබෙන්නා. ඉන් තේරේනනේ ශකුන්තලාට පුරුෂයක් ඉක්මණට ලැබෙන බවයි.

ශකුන්තලා - මෙහෙම පුදුම - මොන විකාරද ඔය

(ශකුන්තලා මාධවීවැලට පැන් වක්කරණකල මීමැස්සෝ මල්ලිකා මලෙන් නික්මැවිත් ඇගේ මූණේ වසයි. ඕතොමෝ හිස සොලවා මෙසේ කියන්නීය.)

මාඩී - ලාවනී

ශකුන්තලා - ගුමුනාදේ දෙන බඹරගෙ‍ දොසිනා කරදර විය බෝසේ ඒ මල ‍දමලා ආවේ ගුම් ගාලා මාගේ මූණ රිද්දා - වත මාගේ, මල වාගේ, දැක හෘංගේ, මෙහි රිංගේ. මම කාට කියමි හිරිහැරදෙන මේවා මාගේ මූණ රිද්දේ.

දුස්මාන්තා - ආණුඩු මෙදේසේ ඇත්තේය සොඳසේ. දුස්මන්තා රජුගේ. දැරු ශාන්ති, සොමිකාන්තී. ගුණවන්තී, යුතු භක්තී, මෙදෙසේ වැසි කව්දැයි හිරිහැර කෙරුවේ පවසන් සිරියාවි.


(ශකුන්තලා අනසූය සහ ප්රිේයම්වද සිත් සංවල්වී රජු දෙස බලති.)


අනසූය - ස්වාමිනි මේ දේසේ වැසියෙක් මෑට හිරිහැර කළේ නෑ - මී මැස්සෙක් ඇගේ මූණ වටේ ඉගිලි ඉගිලී කරදර කළේය.

දුස්මාන්තා - (ශකුන්තලා ලඟට පැමිණ කියයි.) නුඹේ අභිප්රා ය ඉෂ්ට වේවා.

(ශකුන්තලා බිම බලා සිටී.)

ප්රිශයම්වද - ශකුන්තලා මුන්නාන්සේට සත්කාර කෙරීම යුතු බැවින් නුඹ අපේ නිවසට ගොස් පෙට්ටියක් මල් සහ ගෙඩ් දමාගෙණ මෙහාට අරන්වරෙන්. මේ ග‍ඟේ වතුර අරන් පාදදෝවනය කළෑකි.

දුස්මාන්තා - ශුද්ධ වූ ලඳුනි - නු‍ෙඕ මිහිරි වචනයෙන්ම මට සෑහෙන තරම් නම්බු විය.

අනසූය - සප්ත පර්ණකොල අතුරා තිබෙන මෙම ගංතෙර විඩා මුදාගැනිමට ස්වාමිනි වැඩඉඳිනු මැනවි.

(සියළුදෙනාම ඉඳගණිති.)

දුස්මාන්තා - යහපත් ස්ත්රීවවරුනි නුඹලාගේ මේ ‍මනෝරම්යි යාළුවා කවුදැයි කීයව්.

අනසූය - කෞෂික නම් රාජසෘෂින්ට මේනක නම් දිව්යංගගනාවගෙන් උපන් ශකුන්තලා පොඩිකාලේ පටන් කන්වා නම් තපස්වරයා දරුකමට ඇති කරගත්තේය.

දුස්මන්තා - ශකුන්තලා එහෙනම් රජපවුලකට අයිති කෙනෙකි.

අනසුය - එසේය ස්වාමිනි.

ප්රියයම්වදා - අපේ ස්වාමි තවත් ප්රකශ්න අසන්ට කැමති පාටයි.

(ශකුන්තලා ප්රිවයම්වදට වැඩිපුර කථාකරන්ට අතින් එපයි කියයි.)

දුස්මන්කා - කන්වා තපස්වරයාගේ අදහස මෑව විවාහකර නොදෙන්ටද?


ප්රි්යම්වදා - මෙපමණකල් එසේ අදහස් තිබුන නමුත් ඔහු දැන් ඈව සරණ පාවාදීමට කැමතියි.

ශකුන්තලා - (තරහගොස් කියයි) අනසුය. ‍මම මෙහි වැඩිදුර තවත් නොසිටිමි.

අනසුය - අනේ මන්දා?

ශකුන්තලා - මම විගස අපේ ගෞතමි නම් මාතා කරා පැමිණ මේ ප්රි‍යම්වද කී සියල්ලක්ම දන්වන්නෙමි.

අනසුය - ඒක හරිනෑ. මුන්නාන්සේ මෙහිදමා යනඑක නුසුදුසු වැඩකි.

(ශකුන්තලා යන්ට පිටතවෙයි.)


ප්රිශයම්වද - කිපුනාවූ මාගේ යාළුවා යන්ට එපා - අපේ පොරොන්දුවේ හැ‍ටියට නුඹට තව පැල දෙකකට වතුර වක්කරන්ට තිබෙනවා - යනවා නම් ඒ ණය ගෙවලා පලයන්.

(ප්රියයම්වද ශකුන්තලාව අල්ලාගණි.)


මාඩි - කාƒපි

දුස්මාන්තා - බොහොම මාන්සි වී ඇති පාටයි මේ ශ්රිනයා - පැන් වක්කරලාලා - රම්ය ආදරී නොදෙනු දුකා - මුදුව ඉඳා ‍මාගේ - බොලඳ ලඳ - බොහොම වෙහෙසවී - ඒ කුලිගන්න මුද්දෙන්.

(දුස්මාන්තා ප්රිමයම්වදට මෙසේ කියා මුද්ද දුන්කල එහි දුස්මාන්තා යන නම් ශකුන්තලා සහ ප්රි්යම්වද කියවති.)

දුස්මාන්තා - ඔය මුද්ද එච්චර වටිනා එකක් නොවේ. නමුත් ඒකවටින්නේ රජුගෙන් ලැබුන තෑග්ගක් නිසායි.

ප්රිෙයම්වද - එහෙනම් ස්වාමිනි ඒක දෙන්ට හොඳ නෑ ‍මැගේ ණය ඔබවහන්සේගේ වචන මාත්ර්යෙන්ම ගෙවුන බව කියමි.

(මුද්ද ආපසු දෙයි - තිරෙන් පිට හඬක් ඇසෙයි.)


“අහෝ භක්තිවන්ත තාපසවරුනි මේ ශුද්ධ වනාන්තරයේ වසන සතුන් බේරා ගණිත්වා - දුස්මාන්තා රජ්ජුරුවෝ එහි දඩයම්කර හානි ගෙන දෙන සේක.

දුස්මාන්තා - (අහකට කියයි) අහෝ මාගේ මුලාදෑනි මා සොයන්ට ඇවිත් මේ ශුද්ධ වූ වාසස්ථානයට කැලඹීම් පමුණුවති.

ප්රිුවම්වද - ස්වාමිනි අපේ ආරාමය සමීපයේ වල් අලියෙක් පැමිණ අන්තරා කරණ බැවින් වහාම ගෙදර යන්ට අපට අවසර දුනමැනවි.

(ප්රිරයම්වද අනසූය සහ ශකුන්තලා නික්ම යන අතර කුස තණ ගසක් ශකුන්තලාගේ පයේ ඇනී දුස්මාන්තා රජු දෙස හැරි බල බලා ප්රි යම්වදගේ සහ අනසුයගේ දෑතේ හාන්සිවී හෙමින් හෙමින් ගමන්කරයි. ශකුන්තලා නොපෙණී යනකල් බලා ඉඳ දුස්මාන්තා රජ සුසුම්ලා මෙසේ කියයි.)

දානසරි - ලාවනි

දුෂ්මාන්තා - නන්ද දුන්න හද මගේ සෞම්ය සිරියා කෝ මේ යන්නේ මම කෙසේ.

ආලබැඳී හිත ඈගේ රුවටා සංකා වී සිත දැන් ස්වරූප ඇගේ කෙටුනෙත් සිත්හි නගලා පා යනු බෑ - උන්න මෙහි මගේ සෞම්ය සිරියා කෝ මේ - යන්නේ මම් කෙසේ.

රාග සැරා විද ඉන්නා අනග චිත්තා වේ කැලඹුම් ශරීර ඇ‍ගේ දිලිසේ රන්සේ නෙත ලූ සේ රසඳුන් උන්න මෙහි මගේ සෞම්යද සිරියා කෝ මේ යන්නේ මම් කෙසේ.


2 අංකය

[සංස්කරණය]

1. ජවනිකා - වනාන්තරයක් අසල සමතලා භූමියක් සහ රජුගේ කූඩාරම

[සංස්කරණය]

මාධව්යල - අපූරු ක්රී ඩාව ! මා වළපල්ලට යන්නට ලඟයි. මාගේ රාජකීය මිත්රයයා පුදුම ආශා ඇත්තෙකි. සිව්පාවුන් පස්සේ එලවා යන රජෙක් ගැන කුමට කියම්ද? මෙහි කොච්චරවත් කථාව ‘අන්න මුවෙක් දුවනවා මෙන්න ‍වල් ඌරෙක් යනවා’ මෙපමණයි - ඉරමුදුන් වේලාවටත් වල් මෘගයින් වාගේ උඩ පැන පැන එහෙමෙහෙ දුවන්ට ඕනෑ. හැබෑටම නහින්ටවත් කලක් නෑ. වතුර තිබහ නම් පල්වතුර බිබි බඩිකිනිනම් වේලාපු මුවමස් කකා ඉන්ට පුළුවනි - මාගේ පරණ තුවාල දැන් අළුත්වෙලා - මුවෙක් පාරේ එලවාගෙණ ගොස් රජ ශකුන්තලාට ආදරය බැඳපි - මේ කරදර නිසා මට රෑට නින්ද යන්නේ නෑ.

කල්යා න් - වල්ති.

මේක මිනිමළදානේ - ගෑනු ගැන මොට්ටවී කෙට්ටුවී දුකින් මේවා රාගදෝෂ වැලිමුවා එලවා ගොස් මෝඩ රාජාගෙ චිත්තයා සැලුම් මේවා ලෝක හොල්මන් රම්ය බාරියෝ ඇත්ත මාලාගේ බැන්දා සෙනේ අන්ගෑනුන්ගේ වෙත් නිදිමරා පණ නෑ දැන් මාගේ මේ පාද ඉන්ට බෑ කෙලින් හේත්තු වෙන්නෙමි මම්.


හ: හ: ඔයඑන්නේ. කොච්චර අමුතුවෙලාද. දුන්න ගෙණෙන්නා නුමුත් සිරසේ වන පුෂ්පදාමයක් තිබෙන්නා - රජ්ජුරුවෝ ඉක්මණටම එනවා - මගේ වැඩ පටන්ගාන්ට ඕනෑ

(සැරයටියක් හේත්තුවෙයි.)

(දුස්මන්තා පැමිනේ.)


මාධව්ය - ස්වාමිනි මා‍ගේ අත් හොලවන්ට බෑ- මාගේ තොල් වලින් පමණක් ඔබවහන්සේට ආශිර්වාදයක් කොඳුරා කියන්ට පුළුවනි - රජ්ජුරුවන්ට ජයවේවා.

දුස්මාන්තා - (මාධව්යු දෙස බලා සිනාසී කියයි) ම‍ාගේ මිත්ර් මාධව්ය2 උඹ වකුටුවුනේ කොහොමද?

මාධව්යු - ඔබවහන්සේ මාගේ ඇසට ඇනලා කඳුළු එන්නේ මන්ද කියා මගෙන් අහන්නා !

දුස්මාන්තා - තේරෙන්ට කථාකරපන්- මක්කියනවාද මට තේරෙන්නේ නෑ.

මාධව්යන - අර ගංතෙර තිබෙන වෙතස වෘක්ෂය දෙකට නැමී තිබෙන හැටි බලා ඒක නැමීතිබෙන්නේ ඒකෙම වැරැද්දෙන්ද ග‍ඟේ හැඩපාරේ වැරැද්දෙන් කියනු මැනවි.

දුස්මාන්තා - මට හිතෙනවා හැඩපහර නිසයි කියා.

මාධව්යන - එහෙනම් දැනගන්ට හොඳා මා වකුටුවෙලා ඉන්නේ ඔබවහන්සේගේ වැරැද්දෙන් බව.

දුස්මාන්තා - ඒ කොහොමද මාධව්යහ

කාමොද - නටකා

මාධව්ය - රස කෑම බීම ඒ දමලා - මරිමට්ට කෙට්ටකම් පාලා රජමාලිගාවෙ බිසෝලා - තබමින් මෙහිවිත් ජංජාලා හිත බෝ කලබොලවේ රාජා රාජා.

රාජායයි වල්පාරා - රැවටී ඉන්නා ලන්දා හිනදා

රාගේ මෝගේ රංග මේලෙසේ

කාටත් පාහේ නැද්ද විදිසේ

බැද්දේ ඉන්නේ මන්ද මේලෙසේ

රැත් නිදි නෑ දෝත් සවි නෑ

අත් පැ රිද්දේ - හුටපට වේවි

මගෙ පණයාවි - නින්දා වේවි

අයියෝ ඉන්ට බැරී රාජා රාජා.

පිස්සු විලාසේ පෙන්නයි රාජා

රාග විකාරේ සැදී වේදනාවෙන් දැන් ඉන්නේ

රාජ සේවවී ඉන්නා වාගේ

අන්තරා මේ ඇද්ද ලෝකේ

කන්ටත් බෑ බෑ නින්දත් නෑ නෑ

ගෑනුන් හින්දා හිංසා වෙන්නා

මෝලෙක් වාගේ රාජා ඉන්නා

රාගෙට ඇස් නෑ පොට්ටවූ අන්දම්

කාටත් පාහේ දැන් දැන් තේරේ

වෙයි වෙයි මේකෙන් නාස්ති බූපල්

ලෝකේ ඇද්දෝ රාගේ වාගේ - රෝග උලව්වේ පීඩා පීඩා

රජි‍ ඳේ මොකද අනේ මේවා මේවා.


දුස්මාන්තා - (අහකට කියයි) මේ දුප්පතාගේ දුක්බොහොමයි. මට කන්වාගේ දුව මතක්වෙන කොට රජකමවත් දඩයමවත් ඕනෑ නෑ.

මාධව්යේ - ඔබවහන්සේගේ හිතේ දැන් කුමක් තිබේද. මාගේ කන්නලම්ම බීරි අලියාට වේණා ගෑව වාගෙයි.

දුස්මාන්තා - මාගේ හිතේ තිබෙන්නේ උඹේ අභිප්රාේ ඉෂ්ටකර දැමීමයි.

මධව්යා - (ප්රීේතියෙන්) එහෙනම් රජ්ජුරුවෝ චිරාත්කාලයක් ජීවත්වෙත්වා (දුර්වලකම් හඟවනසේ අමාරුවෙන් නැගිටෙයි.

දුස්මන්තා - ඇහුම්කම්දී හොඳට අහගණින්.

මාධව්ය් - හොඳයි ස්වාමිනි.

දුස්මාන්තා - උඹ ටිකක් නිදාගත්තායින් පස්සේ උඹට මාන්සියක් නැති අන් වැඩක් ගැන මට උඹේ උපකාර ඕනෑ.

මාධව්යග - අනේ ඉඹුල් කිරිබත් කෑම නොවේනම් මාන්සි නැති වැඩේ වෙන කුමක්ද?

දුස්මාන්තා - මාධව්යු උඹේ ඇස්වලින් දකින්ට නිසි එකක් උඹ දැකලා නෑ.


මාධව්ය - ඇයි මගේ ඇස් ඉදිරියේ රජ්ජුරුවෝ ඉන්නේ.

දුස්මාන්තා - ඔව් කව්රුත් තමුන් ගැන පාරට්ටුකරගන්නනුමුත් මා උඹට කීවේ ශකුන්තලා ගැනයි.

මාධව්යක - ඕ තොමෝ බ්රා හ්මණයෙකුගේ දුවෙකි. තමුන්නාන්සේට සෑහෙන ස්ත්රියයක් නොවෙයි.

දුස්මාන්තා - නෑ රාජසෘෂියෙකුට දාව දිව්යංුගනාවෙකුගෙන් උපන්න ස්ත්රීනයකි.

මාධව්යන - මාලිගාවේ මාණික්ය.යන් වාගේ බිසවුන්නාන්සේලා ඉන්දැදී ඔබවහන්සේ මේ පිටිසර ගැටිස්සියෙකුට ආලබැන්ද එක හරියටම රටඉඳි එපාවී සියඹලා සෙවු මිනිහාගේ ක්රිහයාව වාගෙයි.

දුස්මාන්තා - මාගේ හිත ඈ කෙරෙහි ඇළුම් විය.

මාධව්යන - මුව දඩයමේ ගොස් අළුත් දඩයමක් පුරුදුවෙච්චි.

(බ්රා‍ග්මණයෙක් පැමිණේ)

බ්රාබහ්මණයා - ස්වාමිනි මේ වනයේ තිබෙන ආරාමයේ යක්ෂ උපද්රාද පැමිණී තිබෙන බැවින් ඔබවහන්සේ එහි පැමිණ එහි වසන ජනයා ආරක්ෂා කරදෙනු මැනවි.

දුස්මාන්තා - මාධව්යප කොහොමද ගමන් දෙකක් එකසැරේ කරන්නේ - දැන් තාපසයන්ගේ ආරාමයට පැමිණෙන්ටත් මව්ගේ ආරාධනාව පිළිගෙණ මව් බලන්ට යන්ටත් දෙකම එකසැරේ කරන්නේ කොහොමද?

මධව්යෙ - අහසටත් පොළවටත් අතරේ ත්රිකසංකු රජ සිටියා වාගේ ඔබවහන්සේත් ඔය ස්ථානදෙකට මැද්දේ හිටිනට හොඳා.

දුස්මාන්තා - මාධව්යද උඹ මාගේ රාජාභරණ පැළඳගෙන මා වෙනුවට ගොසින් මව්ගේ ඉල්ලීම ඉෂ්ටකර වරෙන්.

මාධව්ය - හරි හරි ශකුන්තලා මව්ට වඩා ලොකුවෙච්චි. (සියළුදෙනාම නික්මයති)


ii ජවනිකා - වනාන්තරයක්

[සංස්කරණය]

(ශකුන්තලා ප්රි යම්වදා සහ අනසුය සිටිත්. ප්රි යම්වද සහ අනසුය ශකුන්තලාට පවන්ගසිති.)


පිලූ කමාජ් - ලාවනි

ශකුන්තලා - මන් ‍ශෝකාවේ - ශක්ති මා දේහේ නෑ සාරා ශක්ති ‍මා දේහේ නෑ සාරා මේ - මන් ශෝකාවේ ගිනිසේ දිලිසේ සිත් තුළේ - ආදර අහෝ යාලූ විජිනිපතිනා ඒ නිවාලෑම නෑ හැක්කි.

මන් ශෝකාවේ - ශක්ති මා දේහේ නෑ සාරා ශක්ති මා දේහේ නෑ සාරා මේ - මන් ශෝකාවේ ඇදිලා තිබෙනා රූ අහෝ - මාගෙ හදයේ හය්යෙන් මකාලා දමනු කොයිලෙසේ - කෙට්ටුවී යන්නෙමි. (දුස්මාන්තා හැංගී බලාසිටි)

(ප්රි යම්වද සහ අනසුය ශකුන්තලාට පවන්ගසමින් මෙසේ කියති.)

බිහාග් - ලාවනි

ප්රිගයම්වද - තිබේ සෑදිලා මේ අන්තරා කාන්සාවි යාලූ - ලෙඩට ඔසු තිබේ සහ අනසුය පීඩානොවේවි පීඩා නොවේවි ලන්දේ ආදරේ සපලාවේ තී‍ෙග් - තිබේ සෑදිලා මේ අන්තරා කාන්සාවී යාලු - දිටුවසැණේ දුස්මාන්තාගේ රූ ඡායා සිරියාවී - මේ සිද්ධ වූ ලෙඩ සංසිදේ නොවෙනු ශෝක ඉතින්.

ලෙඩට ඔසු තිබේ පීඩා නොවේ‍වි - පීඩා නොවේවි ලන්දේ ආදරේ සපලාවේ තීගේ - තිබේ සෑදිලා මේ අන්තරා කාන්සාවි යාලු.

ශකුන්තලා - ඔහුට මාගේ ආදරය බඳුන වෙලේ පටන් මාගේ ශරීරය කෙට්ටුවී යන්නේය.

ප්රිටයම්වද - සකුන්තලා ඔහුට අරින්ට කවි දෙපදයක් සාදා ලියුමක් ලියාපන්.මේ කොළයෙක මා‍ෙග් නියපොත්තෙන් ලියන්ට පුළුවනි. කවි දෙපදය පමණක් සාදාපන්.


ශකුන්තලා - ඉන් පැමිණෙන විපාක ගැන කල්පනාකරන්ට ඕනෑ.

අනසුය - ප්රිඉයම්වදගේ උපාය කදිමයි කවි දෙපදය කියාපන්.

ශකුන්තලා - හිත ඔබේ කෙසේදැයි සොඳසේ නොදැ නා හිත මගේ තැවෙයි රාගිනි ‍වැද නිති නා

(දුස්මාන්තා රජ ඉදිරියට පැමිණ කියයි.)

දුස්මාන්තා - හිත තොපේ තැවෙනවා පමණයි අඟ නා හිත මගේ දැවෙයි දනු රාගිනි දොසි නා

අනසුය - (රජුදෙස ප්රීොතියෙන් බලා කියයි) සැරදේ රජ්ජුරුවන් වහන්ස මාගේ යාලුවාගේ අදහස් ප්රපමාද නොවී ඉෂ්ටවුනි.

(ශකුන්තලා නැගිට යන්ට කැමැත්ත ප්රදකාශකරයි.)

පිලු බරවා - දාදරා

දුස්මාන්තා - පාද පාද දැන් නගා - ඇයිද යන්ට නික්මුනේ සිත බැඳුනේ - දුටු එසැනේ - නෙතු පිනුනේය රූබරී -

පාමි පාමි මා සෙනේ- පාද පාද දැන් නගා ඇයිද යන්ට නික්මුනේ - කිරිටයේ දිලේන මේ සිරෝමණී බඳු - මගෙ මේ සිරෝමණී බඳු - තොප දැක කෙලසා ඉදිමි සොබන රුසිරැති ලඳා - පරසිදු රුසිරැති ලඳා කුලගන මේ මට නියමේ නුදුවනු මගෙ ආදරේ පාමි ප‍ාමි තී කෙරේ. (ශකුන්තලා බිම බලා සිටි.)

ප්රි යම්වද - බලසම්පන්නවූ රජුනි ශකුන්තලා මාගේ යාලුවා බැවින් ඒ වෙනවාට වචන ස්වල්පයක් කථා කරන්ට මට අවසර.

දුස්මාන්තා - සෞම්යක ස්ත්රිරය භයනොවී කියන්ට තියෙන එකක් කියාපන්.

ප්රිමයම්වද - අපේ යාළුවා ඔබවහන්සේට බොහොම ආදට බැඳ සිටිනවා.

දුස්මාන්තා - මමත් එසේමයි.


අනසුය - රජදරුවන්ට බොහෝ බිසෝවරු සිටිති. එබැවින් අපේ ක්රියයාවෙන් මේ අපේ යාලුවාට දුක් නොවෙන්ට ඔබවහන්සේට වග බලාගන්ට වෙයි.

දුස්මන්තා - හුඟක් ඒ ගැන කියන්ට ඕනෑ නෑ. මාගේ මාලිගාවේ කොපමණ ගෑනු සිටියත් මාගේ හිත ශකුන්තලා ගැනත්මවිසින් ආණුඩුකරන් මූදෙන් වටවූ පෘථුවිය ගැනත් පමණයි.

ප්රිුයම්වද සහ අනසූය - අපේ සැක දුරුවුනි. (ශකුන්තලා ප්රිපතිය හංගන්ට වෑයම් කරයි.)

අනසුය - (තිරෙන් ‍පිටිපස්ස බලා කියයි) ප්රිරයම්වද අපේ තරුණ මුවා අන්න දුවනවා - ඌ එකත් එකට මව් සොයා යනවා මම ඌට උපකාර පිණිස යමි.

ප්රිරයම්වදා - ඌ බොහොම ඉක්මණට දුවයි. උඹට තනියම ගොසින් ඌට උපකාරකරන්ට බෑ මමත් එමි.

(දෙදෙනාම නික්ම යන්ට සූදානම් වෙති.)

සකුන්තලා - උඹලා වඩා දුරයන්ට එපා මට තනියම ඉන්ට බෑ.

ප්රි්යම්වද ඇයි තනියම ලෝකය ආණ්ඩුකරණ රජ්ජුරුවෝ ඉන්නේ. සහ අනසුය (දෙදෙනාම නික්මයති.)

කමාජ් - දීප්වන්දි

දුස්මාන්තා - ආලෙන් නුඹවෙත සිරියාවී සිටි මාගේ සිත තුටුකර දමනු නොව කෝලී

ශකුන්තලා - මගෙ නරනින්දා - නොකරනු නින්දා

දුස්මාන්තා - සැරසී සිටියේ - සරණා වෙන්ටා හින්දා ලන්දා.

ශකුන්තලා - තනි මාගෙ කැමැත්තෙන් බැරිවේය රජ ස්වාමි.

(ශකුන්තලා පිටත්වී යන අතර දුස්මාන්තා ඇගේ වස්ත්රවයන් අල්ලයි.)


ශකුන්තලා - පුරුගේ පුත්ර ය, සිහිනුවණ ඇතුව ක්රි යාකරන්නට හොඳා. මේ අරඹය අමට තාපසයෝ සිටිති.

දුස්මාන්තා - ප්රිුය ශකුන්තලා ඔවුන් ගැන භයවෙන්ට එපා. කන්වා නීතිය දත් කෙනෙකි. අප අතරේ ගන්ධවී චාරිත්ර ය අනුව ගොස් සරණය කෙරෙණවාට ඔහු විරුද්ධවෙන්නේ නෑ (වටපිට බලා කියයි) මොකද කියන්නේ. මම එහෙනම් යන්ටද (ඇගෙන් ඈතට අඩි ගණනක් ගොස් පස්ස හැරී බලයි.)

ශකුන්තලා - (අඩි ගණනක් ගොස් පස්ස හැරී බලා කියයි) ඔබ වහන්සේට ටික වේලාවක් මා සමග කතාකරන්ට ඉඩදීලා ඉල්ලීම ඉෂ්ටනොකළාම අහෝ පුරුගේ පුත්ර යානනි ශකුන්තලා සහමුලින්ම මතකනැතිකර දමන්ට එපා.

දුස්මාන්තා - මේ පෘථුවියේ ‍ෙකාණට නූඹ ගියත් මාගේ හිත නූඹ සමගයි.

ශකුන්තලා - (අහකට) අරමල් පිපී තිබෙන කරුවක අස්සේ හැංගි ඉදන් තව දුරට පරීක්ෂා කර බලමි. (ගොස් හැංගෙයි)

දුස්මාන්තා - ආදරයෙන් පරිපූර්ණ වූ මා දමලා ශකුන්තලා නූඹ යන්නෙහිද?

ශකුන්තලා - (අහකට කියයි) මට දැන් යන්ට හිත නෑ.

දුස්මාන්තා - මේ අරඹයේ තනියම මම කුමක් කරම්ද. මාගේ රම්යය ශකුන්තලා මා තනිකර දමාගියා (වටපිට බලයි) ඇගේ පපුවේ අතුරා තිබුන උෂිර මුල්වලින් සුගන්ධවූ මල් වලල්ල මේ තිබෙන්නේ - ඇගේ අතින් ඒක වැටී මට ඈ මතක්වෙන්ට කරණු විය.

ශකුන්තලා - (අහකට) මාගේ මල් වලල්ල ගන්ට යන්නා වාගේ මම එහාට දෙවනුත් යමි. රජුගේ ආදරට ක්රිේයාවෙන් පෙණේ.

(ශකුන්තලා රජු වෙතට හෙමින් ගමන් කරයි.)

දුස්මාන්තා - (බොහෝ ප්රී තිව කියයි) මාගේ නුවන් පිනන සුන්දරී නැවතත් පෙණෙන්නා - පිපාසයෙන් සිටින වාතක

පක්ෂියා වතුර බින්දුවක් ඉල්ලු තැන ශීතලවූ ජලධාරාවක් උගේ හොටට මේඝයෙන් වැටුනා වාගෙයි.

ශකුන්තලා - මාගේ නිවාසය දෙසට යනකල අතේ තිබුන වලල්ල නැතිවී තිබෙනන බව මගදී මෙහි ආමි. ඒක ඔබ වහන්සේ ඇහිඳලා ඇතුවාට අනුමාන නෑ - කරුණාකරලා එය දුන මැනවි.

දුස්මාන්තා - එක පොරොන්දුවක් පිට මම වලල්ල දෙන්නෙමි.

ශකුන්තලා - මොන පොරොන්දුව පිටද?

දුස්මාන්තා - ඒ වලල්ල හිමි අතේ මවිසින් එය දමන පොරොන්දුවයි.

ශකුන්තලා - (අහකට කියයි) ඒ පොරොන්දුව නොවී කරන්නේ මොකද (රජු ලඟට යයි)

දුස්මාන්තා - මේක අතේ දමන්ට අර ගල උඩ ඉඳ ගම්මු (ඉඳගණී) මාඩි - දාදරා

ශකුන්තලා - රාජා මා හා ප්රීඉති ප්රීොති වෙලා බෝ දැන් අල්ලා හස්තා මා මල්දාමා දැන්ලාලා සිත්ප්රේමමා පා ඉන්නා - රාජා මා හා

රන්රසවාගේ ‍ෙසෟම්යා රජුන්ගේ බැඳිආලේ ආලේ ආලේ ආලේ ආලේ මා හා දැන් - රාජා මා හා

දුස්මාන්තා - සෞම්ය් ආදරේ රස ලබාගණිමි සිඹා මූණත් කදිම තමා දෙදෙන‍ෙග් ආදර ප්රේරමචාරත්

ශකුන්තලා - සුන්දර ගුණපාන, නොකර අවමාන, ආනන්ද කරලාන, අශාවිසිඹ මූණ, රාජා මාහට පාන, සෙනෙහස ගම්බීර සෑහෙයි බෝලෙ‍ස්, රාජා මා හා ප්රීරති

මාඩි - හිංචි

දුස්මාන්තා - ගියා ගියා රාග ශෝක නිවිලා රූපේ කෙටුනී මාගේ ළහී නුවන් මුවන් නේත්රළ ආකාර ශ්රීගයා දෑසේ ඉතින් මා නින්දා වි


ශකුන්තලා - ශෝකා ගිය රාජදේහේ වැදිලා දේහේ මගේ සෞම්ය බූපති මාගේ ලවන් මී නුරාවෙන් බීලා පෑවේය බෝම ප්රේුම බූපති

දුස්මාන්තා - සීදේවි මාගේ ඉතා ප්රී තිවේවි මාගේ මාලිගාව දැක්කෝතින්

(දෙදෙනාම කියති)

ප්රීදති දැන්වෙය් දෙන්නගේ චිත්ත බෝසේ දමාලා යමු වාස කන්ව‍ෙග් විශ්වාසේ බෝමවිය සෑහේය ජෝඩු දුස්මාන්ත රාජා ශකුන්තලා.

(තිරෙන් පිට ගෞතමී කතාකරයි)

සෙ‍ාරට් - ශර්දුල් වික්රිසඩිත වන්දස්.

ගෞතමි - රැව්දෙයි වක්රරවක සැන්දෑකාල පැමිණි ධෙනු සොයා මාලිනි ගංගාතිර සමීපෙහි මොරගා දවාල යයි යයි දැන්ගෙවි.

ශකුන්තලා - (කන්දී අසා භයවී කියයි) ගෞතමී මාතා මා සොයා ගෙන එනවා - ස්වාමිනි වහාම නිකම යනු මැනවි.

දුස්මාන්තා - එහෙමද මම විගස යමි (මූණ සිඹ පලායයි)

(ගෞතමි පැන් භාජකයක් අතින් රැගෙන පැමිණේ.)

ගෞතමි - (ශකුන්තලා දෙස උනන්දුකමින් බලා කියයි.) දුව මෙන්න උඹට ශුද්ධ පැන්. අසනීපෙන් ඉඳගෙන මෙහි තනියම ඉන්නවාද.

ශකුන්තලා - ප්රි.යම්වද සහ අනසුය මේ දැන් අර ගගට ගියා.

ගෞතමි - (ශුද්ධ පැන් ඉසිමින් කියයි) දුව ඇගේ උණ දැන් අඩු නොවෙද.

ශකුන්තලා - ගරුකටයුතු මාතා. දැන් සනීප අතට ගොසින් තිබෙනවා.

‍ගෞතමි - දීර්ඝායුෂ ලැබේවා - රෑ බෝවිගෙණ එයි ගෙදර යමු. (නික්මයති.)


3 අංකය

[සංස්කරණය]

i ‍ජවනිකා - ආරාමය අසල පිට්ටනියක්.

[සංස්කරණය]

(ප්රි‍යම්වද සහ අනසුය මල් සොයායති.)

කාලිංගඩා - දාදරා

අනසුය - රූපෙන් සෝබනී ප්රීසති දුනුන ශ්රී යාකාන්ත මෙනා දෑස දුටන්ගේ - ප්රේයමෙන් විසුව අපේ යාලු අනේ දේවි වුනේ දක්ෂ නිරිඳුන්ගේ - රූපෙන් සෝබන චිත්ත ම සකී සංවලාවී මාලිගාවේ ගෑනු ඕහට හිංසාදෙති වෛරකාරියෝ වී යාලු තේරී තේරී මේක සකී බෝම රිදී මාගෙ හද දුකින්.

ප්රිබයම්වද - දුස්මන්තා රජ ලෝකේ ශාස්ත්ර උගත් කිර්ති දැරූ උත්තමයෙන් වේ - හිංසා කිසිමකලේ වෙන්නේ නැතේ ආල හිතේ නැද්ද එ රජුන්ගේ -

ගැබ්බරවෙලා ශකුන්තලා පීතෘ මක් කියාවි ඒ ගැන සංකා සිතේ බෝවි රෑට නින්ද නේවි කෝලාහාලාවේද සකී පීතෘ කිපී බෝම සිත සැලුම්.


අනසුය - ඒ ගැන කන්වා අමනාපවෙන්නෙ නෑ. ඈට රජෙක් පුරුෂයා වුනාම ඔහු කොපමණ ප්රී්තිවෙන්ට ඕනෑද.

ප්රිමයම්වද - ඔව් උඹ කියනඑක හරි - යමු අපි තව මල්ටිකක් නෙළාගන්ට (දෙදෙනෙම මල් කඩති. තිරෙන් පිට හඬක් ඇසේ.)

බයිරවි - සාකි.

දුර්වස - ශාලා ඇතුලේ බාරියෝ මා - නොතකති සාපේ ලම් පේවී සිටින තී‍ෙග් සැමී - තිට දුක් කිපී කෙරේ ආදර සෙනේ පා වෙරී මතේ- වික‍ාරවූ කිසිවෙක් ඒ වෙරි සුන්වි ගියකලේ - සෙනේ පානු නෑ යලිත්.

(ප්රි යම්වද සහ අනසුය පුදුමවී කන්දී අසාගෙණ සිටිති.)

ප්රිපයම්වද - භයානක විපතකි. ශකුන්තලාගේ නොසැලකිලිකමෙන් ශුද්ධවන්තයෙකු කෝපාකර ඔහුගේ සාපය ඕ තොමෝ ලද්දීය.

අනසුය - වෙන්ට පුළුවනි. දුර්වස නම් තාපසයා ආපහු ඉක්මණට යයි.

ප්රියයම්වද - අහෝ තමා කෝපාකරණ සියල්ලක්ම ගිනි ජ්වාලාවෙන් වාගේ භෂ්මකරදමන්ට පුළුවන් දුර්වසට මිසක් වෙන කාටද - අනසුය. විගස ගොසින් ඔහු‍ගේ වැඳ කමාව ඉල්ලා මෙහාට කැඳවාගෙණ වරෙන්. එනකල් මම කෑම බීම මොකවත් පිළියෙල කරන්නෙමි.

(අනසුය නික්මයයි.)

(ප්රියයම්වද ඉක්මණට යනකොට කකුල ලිස්සා මල්කූ‍ඩේ වැටේ.)

ප්රිපයම්වද - මාගේ ඉක්මන් ගමන නිසා මල්කූඩේ වැටුනි. පූජා කටයුතුවලට ඕනෑකරණ මල් දෙනුවත් නෙළා ගන්ට විය.

(ප්රිටයම්වද මල් නෙලනෙලා සිටිනකල අනසුය දෙවනුත් පැමිණේ)

අනසුය - දුර්වසගේ කෝපාග්නිය නිවන්ට මාගේ යාච්ඤා ජලයෙන් බැරිවිය. බොහොම අමාරුවෙන් සාපේ ටිකක් අඩුකළේය.

ප්රිවයම්වද - ඒ ටිකවත් යන්තම් ඇති - මොකද කීවේ.

අනසුය - මාගේ වචනය අවලංගුකරන්ට බෑ. නමුත් ඒ වචනයෙන් උපන්නාවූ සාපවේගය රජුන් මුද්ද දිටු සැටියේ සංසිදීයයි.

ප්රිනයම්වද - ටිකක් සැනසිල්ලක් තිබේ. දුස්මාන්තා රජ ශකුන්තලාට දීපු මුදුවේ නමකොටා තිබෙන බැවින් එය ශකුන්තලා විසින් රජුට පෙන්නුවාම ඔය සාපේ මග ඇරෙයි.

අනසුය - මේක අපි රහසේ තබාගණිමු. මල්ලිකා මලකට උණු වතුර දමන්නා වාගෙයි මේක ශකුන්තලාට කිවොත්

(නික්මයති)


ii ජවනිකා - කන්වා තපස්වරයාගේ ආරාමය

[සංස්කරණය]

(කන්වා ගෞතමී ශාරන්ගර්ව ශරත්වත සහ ශකුන්තලා සිටිත්)

කල්යානන් - දීප්වන්දි

කන්වා - පාලා ස්නේහේ මා තැනූ දෝනී සැමියා බාරේ තබන ඕනෑවී බෝවේ ශෝකය දරුවා හින්දා රකීවා දෝනි සුරින්දා සෙත්දී තැනුව දෝනි සුගුණපාවී මාව තනිකර යන්ට පේවි බලාඋන්නේ ඉතා අදරීණ මෙදා යනවා තමා වෙන්වී දුකා බෝවී - පලා ස්නේහේ

(පියම්වද සහ අනසුය පැමිණෙති.)

ප්රිපයම්වද - (ශකුන්තලා දෙස බලා කියයි) අපේ යාලුවාගේ ඇදුම් කදිමයි.

අනසුය - මනාලියෙකුට ඔබින ඇඳුම

ගෞතමි - නුඹලාගේ යාලුවා අද ඉතින් වෙන්වී යනවාද?

ප්රිියම්වද - අපේ ගෙදර පත්තුවෙන පාන පිතා දුර අරින්ට හදනවාද?

කන්වා - දරුවනි චාරිත්රල පැවැත්විය යුතුයි.

අනසුය - එහෙම නම් ශකුන්තලා ඇරලන්ට අපිත් යමු.

කන්වා - නුඹලාගේ යෑම සුදුසු නෑ - මාගේ දුව සමඟ ගෞතමි ශාරන්ගතර්වද සහ ශරත්වත පිටත් වෙයව්.

ශකුන්තලා - පියානනි නුඹලාගෙන් වෙන්වී මම කෙසේ යම්ද.

කන්වා - දරුව ඉරනම් සිදුවුනා. ගෑනුදරුවෙක් උනාම පිටටමයි නියම - මටද ඇරලා ඉන්ට තද කණගාටුයි මාගේ මේ අවවාද සිතට ගණින්. (සියලුදෙනාම කනගාටුවෙන් සිටිති.)

කල්යාදන් - ලාවනි.

කන්වා - දියණි තොපහට උන්නෙමි ස්නේහෙන් මාගේ වදනාසන්- සවන්දී - මාගේ වදනාසන්

ගියකල රජුවෙත ආදර ගෞරව අඩුවෙන්නට නාරින්. රජුගෙ භවන ඇත බෝම බිසෝලා හිංසා ලැබුනෝතින් - ඔවුන්ගෙන් - හිංසා ලැබුනෝතින් එකටෙක නොකරණු දාසිය සේ ඉඳු සැප අත්වෙයි නිත්තෙන්

මේටික හිතටගෙණ නික්මෙනු දෝනි කල් නෑ වැඩි‍ෙයන් දැන් - නොවී දුක් - කල් නෑ වැඩියෙන් දැන් දිලිහෙය මගෙ හද ශෝකයවී තද සිඹගන්නෙමි දූ දැන්. (කන්වා ඉතා කනගාටුවෙන් ශකුන්තලාගේ හිස සිඹගණී.)

සාරංග - දීප්වන්දි.

ශකුන්තලා - මාකෙරේ පිතා බෝ පෑවා දරුසෙනේ යන්නෙම් ඉතින් මම ශෝකවී වී වී කෙරි යම්දොසා ඇත්නම් මා අතින් වේවා ඒ සමා මා පියානෝ පා ඔබේ මම් වැඳ අල්ලා යන්නෙමි වේවා දැන් සමා මාගේ පියාණෝ.

කන්වා - මා දුවේ නොවිදුක් ප්රී්තිවෙනු අනේ ඇත්නම් දොසක් වෙමි මම කමා

ප්රිමයම්වද - තී කෙරේ සෙනේ පා උන්නෙමි ප්රි ය සකී දැන්නම් ඉතින් බැරී දුක් හදේ වි වී

අනසුන - පියා දැන් කියා දුන්නාවූ වදන් තීගේ සිත් තබාගන් සකී පෑදී.


ගෞතමි - ප්ර_මාදවෙන්ට හොඳ නෑ ඉතින් පිටත්වෙමු. ශකුන්තලා - පිතා අර බඩින් සිටින මුවදෙන බලාගන්ට ඕනෑ. වැදුවාම මට පැටව් සහ මුවදෙනත් එවනු මැනවි.


කන්වා - දුව මම උන් හොඳට බලාගන්නෙමි.

ශකුන්තලා - මාගේ මිත්රට ප්රි යම්වද සහ අනසුය ඉතින් මම ගොසින් එඤ්ඤා.

ප්රි්යම්වද සහ අනසුය - දෙවියෝ ආරක්ෂා කරත්වා.

කන්වා - ශාරන්ගර්වහ. ශරත්වත, නුඹලා දෙදෙනා මාගේ ශකුන්තලා දියනිය ගෞතමී මාතාත් සමග ගොසින් දුස්මාන්තා රජ්ජුරුවන්ට බාරකර වරෙල්ලා.

(සියලුදෙනාම හිස් පාත් කර ගෞරවය පෙන්නා නික්මයති.)


vi ජවනිකා - විථියක්.

[සංස්කරණය]

(ශාරන්ගර්වා, ශරත්වත, ශකුන්තලා සහ ගෞතමි ගමන්කරති.)

කාƒපි - ලාවනි.

ශාරන්ගර්වග - වේ බෝ ‍සන්තෝසේ දැක්කම සිරියාවී රාජා මංගල ලක්ෂණ මේපාරේ දැන් පෙණීයාවී, දැන් පෙණී යාවී - වේ බෝ ‍සන්තෝසේ දැක්කම සිරියාවී රාජා

ශරත්වත - කෝකිල ප්රීීතිවී හැඬී - හොඳා පූර්වජනිමිති දිව්යත ස්ත්රිලයෝ නන්දවී සිරිපැතුවෝ සැරසී රාජභවන දුටුවාම ශෝකායයි තීගේ

ගෞතමී - හස්තිනපුරයේ සිටි බූවිපාල සුන්දර දාර - ගන්නට බාර

තිදෙනම - වේ බෝ සන්තෝසේ දැක්කම සිරියාවී රාජා මංගල ලක්ෂණ මේ පාරේ දැන් පෙණීයාවී - දැන්පෙණීයාවී

(නික්මයති)



4 අංකය

[සංස්කරණය]

i ‍ජවනිකා - දුස්මාන්තා රජුගේ මාලිගාව.

[සංස්කරණය]

(දුස්මාන්තා රජ සහ මාධව්ය තිරෙන් පිට වීණා ගායනා කරමින් කියන සින්දුවක් දාන් කෙළිමින් අසාගෙණ සිටිති.

ජිල්ලා - ලාවනි.

හංසමතී - බිව් මී ලෝලා රම්යු අඹමලේ බෝ රස පැනි සොඳ සෙව්වද උපුලේ මේක විකාරේ බෝ කැතකාරී මතකට නැතිවී - පළමු එ කොමලී බිව් මී ලෝලා.

මධුර වචන පෙරදී සිඹ මූණත සංචලවී සිත යනවද පෙරළී බිව් ‍මී ලෝලා.


දුස්මාන්තා - මිත්රළ මාධව්යී නුඹට ඒ ඇනුම්පදය ඇසුනද මාගේ හංසමතී හුඟක් කලකින් බලන්ට යන්ට බැරිවුනා - ඊට ඕතොමෝ කිපීසිටි - නුඹ ගොසින් ඒගැන මගේ කණගාටුව දන්වාපන්.

මාධව්යස - (හෙමින් නැගිටෙමින් කියයි) හොඳයි ස්වාමිනි නමුත් ඔබවහන්සේ අනුන්ගේ අතින් ගිනිඅඟුරු අල්ලවන්ට යන හැඩයි - ඔය කිපී සිටින බිසෝට පණිවිඩ කියන්ට ගියාම මට හොඳ සත්කාර ලැබෙයි.

දුස්මාන්තා - නුඹේ මිහිරි වචනවලින් ඈට සතුටු කළෑකි -

මාධව්යන - යස පණිවිඩය.

(නික්මයයි)

දුස්මාන්තා - (තනියම කියයි) අහෝ සවන පිනන මිහිරිනාදද නුවන් පිනන රූපාදියද කොපමණ තිබුනත් මනුෂ්ය යාගේ සිත සමහර වේලාවලදී දුකින් පෙළෙයි. පෙර ජාතිවලදී සිදු කර්ම හේතුකොටගෙණ මෙසේ සිදුවේ යයි සිතමි. (ශාරන්ගර්වු, ශරත්වත, ගෞතමී සහ ශකුන්තලා පැමිණෙත්)


පිලූ - ලාවනි.

ශාරන්ගර්වන - අපේ ස්වාමිනේ දැන් කන්වා එව්වේ දු සොඳ මේ ශකුන්තලා ලන්දා අප ස්වාමිනේ දැන් කන්වා ගර්භනී වී ඉන්නි රජුන්ටා මේවාරේ පිළිගණු ස්වාමිනේ ලන්දා අප ස්වාමිනෙ දැන් කන්වා.

දුස්මාන්තා - මොකද කියන්නේ. මම ඇගේ පුරුෂයාද. මේ බොරුව ගෙතුවේ ජයගන්ගට හිතාගෙණද?

ගෞතමි - (ශකුන්තලාට) දුව ලජ්ජාවෙන්ට එපා නුඹේ මූණ වැස්ම ටිකක් අහක්කරන්ට ඉඩදීපන් - එතකොට රජ නුඹව අදුනාවි -

දුස්මාන්තා - කාගේවත් මේ බඩදරු ස්ත්රිදයක් දෙස බලන්ට මට ඕනෑ නෑ - අනුන්ගේ ස්ත්රිපයන් දෙස බලන පුරුද්දක් ම‍ා අතරේ නැතිබව දැනගන්ට ‍හොඳා.

කල්යනන් - දාදරා.

ශකුන්තලා - චේතස අස්සේ පෑවාවූ සොද ආදර කෝ ‍දොඩන්නේ දැන් විහිලුදෝ මාගෙන් නැත දෝෂවුනේ කෝපවෙන්ට අහෝ නෑ නෑ නෑ නෑ - වේතස අස්සේ.

දුස්මාන්තා - ගොතලා මෙලෙසා මුසා වචන දෙඩිද අනේ තොපට කීවේ කව්දෝ පල්කාර මෝඩලියේ බිසෝවී ඉන්ට අහෝ කියාපි බින්න බොහෝ හා හා හා හා.

ගෞතමි - යෞවන දේවි ආවාට මෙහි කෝපවුනේ රජුගේ වල්මත නිසා මූණත් සිඹ ආදර කෝ දෝෂ කීවා රජෝ නිර්දෝෂවූ සුන්දරීගේ පහසලද්ද රජෝ - චි චී චී චී.


ශාරන්ගර්වල - නොසෑහේ රජුනේ මෙ කීව බස විකාර ලෙසේ කිසිම දෝෂා නැත්තේ පින්වන්ත දේවිකෙරේ බිසෝ සෙ බාර අරන් ඉඳිමි සෑහෙ ඉතින් විකාර මෝඩකතා බිණීම දෝෂ ඉතා රාජා රාජා

දුස්මාන්තා - කාගෙද ගෑනි පිස්සෙක්ද මම ගන්ට මෙසේ උලව්වේ පල් බොරු දොඩා නින්දාකර කීය කතා බින්න බෝම ගොතා කැන්දාගෙණ ආව කැතා වාහෙ ගන්ට හිතා - චී චි චී චී.

ශකුන්තලා - විකාරේ සැදිලා දොඩාවි මරිමට්ට ලෙසේ කෙරු‍ව ප්රේකමේ මා හා ඇන්නෑවෙ නැද්ද හිතේ අවංක ගෑනු අරන් මෙවංක දුෂ්ටරජා කියන්නේ මාගෙ දොසා තමන්ගෙ දෝෂ වසා - හා හා හා හා.

දුන් අර මුද්දේ ඇත්තේය ඔබ නාම කොටා එ දැක්කොතින් මතක වේ දෙන්නා සිටි වාරසුබා මාගෙ මූණ සිඹා

(ඇඟිල්ල දෙස බලා කියයි.)

අය්යෝ නැත මුද්ද මගේ ඒක ඇද්ද ග‍ඟේ හා හා හා හා


දුස්මාන්තා - තව බොරුවක් ගොතාපි. මුද්දක කථාවකුත් ඒ අස්සේ ගෙණත් දමාපි.

ගෞතමි - අහෝ මේ නිර්දෝෂ ස්ත්රිතව භාරගෙණ අපට යන්ට අවසර දුන මැනවි.


ශාරන්ගර්වන - නිකරුණෙ මේ ස්ත්රි ට ඔබවහන්සේ හිරිහැර කරයි. අපේ පිතාගේ පණිවිඩය පිට ශකුන්තලා මෙහි ඇරලායන්ට ආමු. නීතියේ ප්රවකාර ඕතොමෝ ඔබවහන්සේගේ භාය්ය්ු වය. ඒනිසා ඔබවහන්සේට භාරයි. ගෞතමි යන්ට පිටත්වෙමු.

ශකුන්තලා - මේ ප්රතයෝගකාරයා මා රැවටුවේය. නුඹලාත් මා දමා යන්නාහුද?

(ගෞතමි, ශාරන්ගර්වය සහ ශරත්වත නික්මයති.)

ගෞතමී - පුතේ අඬ අඬා ශකුන්තලා අප පස්සේ එනවා. කොහොමද අවිශ්වාස කළ රජු බාරේ ඈව තබා යන්නේ.

ශාරන්ගර්වක - (ශකුන්තලාට කිපී කියයි) අහෝ ස්ත්රිශය තම පුරුෂයාගේ දෝෂ සොයන්නෙහිද. මොකද නිදහස්ව සිටින්ටවත් කල්පනාකරගෙණද?

(ශකුන්තලා වෙවුලා නවතී)

බයිරවි - ගසල්

ශකුන්තලා - අපරාදේ සංකා කළේ - ආරාමේ ඉන්ටත් නැතිවී ගර්භ පිරිලා දරු‍වා සිටි මේ - ශෝක තාප සිද්ධවී අහෝ කොහේ යන්නෙම්ද ස්වාමි.

අපරාදේ සංකාකළේ - ආරාමෙ ඉන්ටත් නැති වී රජිඳු විශ්වාසෙන් මට මේක වෙච්චි තබපන් මහීකාන්තා මා අරන් ඔබගේ තුරුල්ලේ.

(වලාකුලකින් දිව්යංනගනාවෝ බැස ශකුන්තලාව අරන් යමින් මෙසේ කියති. රජු පුදුමවී බලාසිටි.

කල්යාවන් - ගසල්

දිව්යාං ගනාවෝ- රජු‍න්ගේ වරද සැලවී දැන් මෙහි ආමි සුන්දර ලඳුනේ - රජුන්ගේ වරදා. පෘථුවි වාස එපා දේවි විගස යමු ගුවන් වාසය එල්ලේ - රජුන්ගේා.

ශකුන්තලා - මා සිත බෝ සැනසුම් වී - උලව්වේ රජිඳා දැන් බෝම දෝෂ කියාසිටි - පේවී යමි ගුවන් සිද්ධ වේ විකාර බහුමාන - නරපති මෝහ බෝ සෙයිනේ

(ගුවන්තලේට නගිති.)


ii ජවනිකා - විථියක්.

[සංස්කරණය]

(කුම්භීලක මාළුවෙක් එල්ලාගෙණ ගමන් කරයි.)

කල්යාුන් - හංචි.

කුම්භීලක - මෙදා දැල්ගාලා ඇල්ලුවා ඒ පොකුණේ උන්නාවූ මාළුවා මෙදා දැල්ගාලා ඇල්ලුවා වාසිවුනි බෝසේ දැන් මාලු බොක්කේ තිබී සම්භවුනි මුද්දක් රන් කාටත් පාහේ හොබී මෙදා දැල්ගාලා ඇල්ලුවා ඒ පොකුණේ උන්නාවූ මාළුවා මෙදා දැල්ගාලා ඇල්ලුවා - මේක තක්සේරුව පාත් මේක තක්සේරුව පාත ලාන ඇද්ද වෙළෙන්දෝත් ගත්තෑකි සල්ලි දැන් බෝ හුගා ඉන්ට හැකී සන්තෝසෙන් මින්මත්තේ නෑ හිඟා මෙදා දැල්ගාලා ඇල්ලුවා ඒ පොකුණේ උන්නාවූ මාළුවා

(සුචක සහ ජලුක නමැති පොලිස් මුලාදෑනි දෙදෙනෙක් පැමිණෙති.)

සුචක - (කුම්භිලකට තලයි) ඉඳා මේක - රජ්ජුරුවන්ගේ නම කොටා තිබෙන මුද්ද තොපට කොයින්ද.

කුම්භීලක - අනේ හාමුදුරුවනේ මට තලන්ට එපා - ඒක මට ලැබුනහැටි කියඤ්ඤා.

ජලුක - සූචක. දුප්පතාට කියන්ට ඇරපන්.

කුම්භීලක - මස්මරා දිවි රැකගන්න දුප්පත් මා රෝහිත නම් මාළුවෙක් අල්ලා බඩපලා බැලූතැන මේ මුද්ද උගේ බොක්කේ තිබී මට ලැබුනා.


සූචක - (මුද්ද ඉඹ බලයි) මුද්ද බොහොම පිලිගඳයි - මේකාගේ කීම සැබෑවෙන්ට පුළුවන්න බැවින් රජ්ජුරුවන්ගේ මාලිගාවේ රදල කෙනෙකුට මෙය දන්වමි.

(සියලුදෙනාම පිටත්වී යන්ට සූදානම්වෙති.)

සූචක - ජලුක, මේකාත් සමඟ නුඹ මේ නගරයේ දොරටුව ලඟ නැවතියන් - මම ගොසින් මේක රජවාසලට සැලකර එඤ්ඤා.

(සූචක නික්මයයි.)

ජලූක - මගේ ඇඟිලි අග්ගිසි කසනවා තොට බෙදන්ට නැතුව.

කුම්භිලක - හාමුදුරුවනේ නිවැරදි මා මරන්ට එපා.

ජලූක - පරපණ ගසා තමපණ රැකගන්න ‍තගේ නිවැරැද්ද කුමක්ද?

කුම්භීලක - ඒ ක්රෑමර වැඩය කළත් මා කෙරෙහි සත්යදය ‍නොතිබෙන්ට කරුණ මොකද?

ජලුක - සූචක එන්නා - තොපට අඹුව බලන්ට යන්ට ලැබේවිද නැත්තම් නරින්ට ගොදුරුවේද කියාදන්නේ නෑ.

සූචක - ජලූත, රජ්ජුරුවෝ මොහුට කමාවී තෑගි එවාතිබේ. යන්ට ඇරපන් (තෑගිදෙයි)

කුම්භිලක - මගේ පණ බේරුවාට තමුන්නාන්සේලාට ස්තුති කරමි. මේ මුදල්වලින් අපි කාබී ප්රීපතිවෙමු.

(නික්මයති.)


iii ජවනිකා - දුස්මාන්තා රජුගේ මාලිගාව අසල උයන

[සංස්කරණය]

(දුස්මාන්තා සහ මාධව්ය පැමිණෙති.)

මාඩි - දීප්වන්දි

දුස්මාන්තා - මුද්ද ලැබුනා සුන්දරී සුන්දරී සුන්දරී නැතේ මුද්ද ලැබුනා සුන්දරී - දැන් සිහිවේවි අහෝ


සෙනෙහස පෑ මා ශ්රී යා රූබර දේවි කෝ අනේ කෝ අනේ කෝ අනේ අනේ මුද්ද ලැබුනා සුන්දරී - හාද වී ආරාමයේ සිටිබව කීවා අය්යෝ මේවූන කාරී බෑ දැරුම් බෑ දැරුම් බෑ දැරුම් පණේ මුද්ද ලැබුනා සුන්දරී


‍මාදව්ය_ - මොකද ස්වාමිනි දෙවනුත් ආදර නැමති වැහි කුණාටුවට අසුවෙලාද - මේවාට බේත් කොයින්ද?

දුස්මාන්තා - නිර්දෝෂවූ අයට දෝෂ පැවරුවාම පැමිණෙන විපත මගෙන් පෙණේ.මේ මුද්ද දැක ශකුන්තලාට තිබුන ආදරයද කළ කී සියල්ලද මට දැන් මතක්වී මාගේ පපුව පැලී යයි.

මධව්යල - හරියට නිල් කටුස්සා පාට වෙනස් කරගන්නා වාගේ ඔබවහන්සේගේ ස්වභාව පැයින් පැයට වෙනස්කර ගණී.

දුස්මාන්තා - ඒ ගැන පශ්චාත්තාපවෙමි. මාගේ සෞම්යෙ ස්ත්රීේ දැන් මතක්වේ. අනේ ඇගේ නිර්දෝෂකම හැඟවීමට කොපමණ වෙහෙසුනාද. අයියෝ අයියෝ අයියෝ මගෙන් සිදු අපරාධය.

මාධව්යඅ - ස්වාමිනි මෙහි තනියම ඉඳ ඔය ගැන වැඩිදුරටත් කල්පනා කරනු මැනවි. ඔබවහන්සේට සැනසෙන්ට මම ශකුන්තලාගේ රූපය අරන්එඤ්ඤා.

දුස්මාන්තා - මාධව්යව අනේ අරන්වරෙන්. ඒ බලා මගේ දුක මදක් සංසිඳා ගතෑකි.

(මාධව්යඤ නික්මයයි. රජ තනියම කණගාටුවී සිටිනකල තිරෙන් පිට මාධව්යඳ කෑගසයි.)

මාධව්යධ - බ්රායහ්මණයා මරන්ට එපා ඔහුගේ පණ ගලවාගණින්.

දුස්මාන්තා - අපොයි මොකද මාධව්යණ කෑගසන්නේ.

මාධව්යන - (දෙවනුත්) මම බ්රා්හ්මණයෙකි. මරන්ට එපා.

දුස්මාන්තා - (ඇහුම්කන්දී ඉදිරිටයයි) භයවෙන්ට එපා මිත්ර ය. භයවෙන්ට එපා.

මාධව්යන - මාගේ බෙල්ල ලගින් බිල්ලෙක් අල්ලාගෙණ තුනටිය උග්ගසක් මෙන් කඩන්ට හදනකල ඔබවහන්සේ භය වෙන්ට එපයි කියන්නා.

දුස්මාන්තා - මාධව්යබ භය නැතුව සිටපන් මාගේ දුන්න රැගෙණ විගස එමි.

(රජ දුන්න රැගෙණ මාධව්යය ඉන්න පඩිපේලි බැඳතිබෙන තාප්පයේ සමීපයට යයි - තිරේ මාරුවෙයි.)


iv ජවනිකා - පඩිපේලි - බැඳතිබෙන තාප්පයක්

[සංස්කරණය]

(මාතලී සහ මාධව්යම සිටිත්)

මාතලී - රජ්ජුරුවන් වහන්සය. ඉන්ද්රඳ දෙවියන්ගෙන් ඔබ වහන්සේට පනිවිඩයක් ති‍බේ. යකුන් වනසා දමන්ට ඔබ වහන්සේ සමග යන්ට කීවා.

දුස්මාන්තා - ආයුබෝවන් මාතලී

මාධව්යන - ස්වාමීනී මොකද මේ ගඩුවාට ඔපමණ සැකිල්ලක්. තව ටිකකදී ඕකා මගේ තුනටිය කැඩුවාවද?

මාතලී - (සිනාසෙමින්) සැරදේ ස්වාමිනි කලනෙමිගේ පරම්පරාවවූ දනවස නමැති යක් පිරිස මැඩ පැවැත්වීමට ඉන්ද්රර දෙවියන්ට බැරිවී ඔබවහන්සේව කැඳවාගෙණ යන්ට අවසර ලැබී ඇත.

දුස්මාන්තා - ඒක මට ලොකු ගෞරවයකි. නුමුත් ම‍ාගේ මේ අසරණ මාධව්යනට ඔපමණ හිරිහැර කළේ මන්ද?

මාතලී - ඔබවහන්සේ තද දුකින් පෙලීසිටින බව පෙණී ඉන් සිත මගඅරවාගන්ට එසේ කළෙමි.

දුස්මාන්තා - මාගේ මිත්ර ය ඉන්ද්රෙ දෙවියන්ගේ පනිවිඩයට නොගොසින් ඉන්ට බෑ. එහි ගොස් එනතුරු මාගේ අග්රෙ අමාත්ය්යාට රට බලාගන්ට කියාපන්.

(මාතලී සහ දුස්මාන්තා දිව්ය රථයට නැගී නික්මයති.)

කාƒපි - දාදරා

මාධව්යත - මාතලී සමග රතේ රජිඳු යතේ දිව්යිලෝක ඉන්ද්ර ගේ - මගෙ තුනටිය බෝමරිද්දු ගුණමකුවකි ඒත් - රුදුරු ගුණ මකුවෙකි ඒත් - හාදකම ඔය නෑ හොඳවෙන්නේ වැඩි විශ්වාසය දොස් ඒක මෝලුන්ගේ ගතී ඒ හැටි මෝඩවීම නොහොබි ලොවේ (නික්මයයි.)


5 අංකය.

[සංස්කරණය]

i ජවනිකා - වලාකුල් සහිත හේමකුට නම් පර්වයතයෙහි පිහිටි කාශ්ය ප සෘෂින්ගේ ආරාමය

[සංස්කරණය]

(දුස්මන්තා සහ මාතලී ශක්ර භවනේ සිට පොළවට රතයෙන් බැස එති.)

දුස්මාන්තා - හේ මාතලී ශක්රලයාගේ පනිවිඩය ඉෂ්ට කළාට ඔයහැටි මට ගරුනම්බු ලැබුන එක පුදුමයකි.

මාතලී - ඔබවහන්සේ කල වැඩයට සෑහෙන ගෞරවය ලැබුනා. ඒක ශක්රීදෙවියන්ට වැඩිත්තෑ ඔබවහන්සේට අඩුත් නෑ.

දුස්මාන්තා - අපේ රථය දැන් වලකුල් පලාගෙණ පොළව දෙසට ගමන්කරයි.

මාතලී - එහෙයි ස්වාමිනි දැන් පෘථුවිය ලඟයි.

දුස්මාන්තා - අර පෙණෙන කන්ද මොකක්ද?

මාතලී - එය කාශ්යඅප මුනි සිටින හේමකූට ආරාමය.

(පොඩි ලමයෙක් සහ දාසියෝ දෙදෙනෙක් ආරාමට අසලට පැමිණෙති. පොඩි ලමයා සිංහ පැටියෙක් සමඟ පොර බදයි.)

දුස්මාන්තා - පොඩි ලමයෙක් සිංහ පැටියෙක් අල්ලාගෙණ දඟලනව‍ා පෙණෙන්නා.


මාතලී - මේ අශෝක වෘක්ෂයේ සෙවනේ ඔබවහන්සේ නවතිනු මැනවි. ඔබවහන්සේ ආබව මම කාශ්යතප මුනිට දන්වා එඤ්ඤා.

(මාතලී නික්මයයි.) ‍ පොඩි ලමයා - සිංහ පැටියේ තොගෙ දත් ගණන්කරන්ට කට ඇරපිය.

1 දාසි - ඔය සතාට හිංසා කරන්ට එපා. සියලුම සතුන් හීලෑ කරණන බැවින් නුඹට සර්වදමන කියා තාපසයන් නමදී තිබෙන හැටි හොඳයි.

2 දාසි - සිංහ ධෙනුව මෙනුඹ කෑලිවලට ඉරාදමයි. ඇරපන් ඔය පැටියාට යන්ට

පොඩි ලමයා - ඔව් සිංහ ධෙනුවට තමා මම භය.

(නිර්භීතකම හැඟවීමට තොල විකාගණී)

1 දාසි - ‍මම හොඳ කෙලිබඩුවක් දෙඤ්ඤා. ඔය පැටියට යන්ට ඇරපන්.

පොඩි ලමයා - කෝ දියන් (අතදිගු කරයි.)

දුස්මාන්තා - (ලමයාගේ අල්ල දැක අහකට කියයි) ඔහුගේ අල්ලේ පිහිටි ලක්ෂණ උත්තමයෙකුට පිහිටන ලක්ෂණයි.

2 දාසි - සුව්රකත නුඹ ගොස් සංකෝචන යන නමින් මැටිවලින් සාදා තිබෙන මොණරා අරන් ඇවිත් මොහුට දීපන්.

1 දාසි - ඉක්මණට ගෙණත් දෙඤ්ඤා.

(සුව්රාත නික්මයයි.)

2 දාසි - ඈ ගියාවේ (ඇඟිල්ල ඔසවා කියයි) නුඹ මා කියන කිසිවක් අහන්නේ නැත්තේ මන්ද. (වටපිට බලයි) මෙහි අසල තාපසයෝ නැද්ද. (දුස්මාන්තාව දැක ඔහුට කියයි) මහතුනි මේ සිංහ පැටියා බේරායන්ට හරිණු.


දුස්මාන්තා - (හිනාවෙමින් ලඟට පැමිණේ) මම වෑයම් කරඤ්ඤා. ලමයා. තාපසයෙකුගේ දරුවෙක්වූ නුඹ මේ දුෂ්ටක්රිටයා කෙසේ කරන්නෙහිද?

                                        (ලමයා සිංහ පැටියාව යන්ට අරි.)

2 දාසියා - මහතුනි මොහු තාපසයෙකුගේ පුතෙක් නොවෙයි.

දුස්මාන්තා - (ලමයාගේ අත ගාවායින් අල්ලා ගණී) කදිම ලමයෙකි. මට මොහුගැන මෙපමණ ප්රී තිනම් මොහු ජාතක කළ පියාට කොපමණ ප්රීපති ඇද්ද.

2 දාසිය - පුදුමයි.

දුස්මාන්තා - මොකද නුඹ පුදුම වී සිටින්නේ?

2 දාසිය - ලමයාගේත් ඔබගේත් තිබෙන හැඩහුරුකම් එකවාගේ බැවින් මට පුදුම හිතුනා.

දුස්මාන්තා - තාපසයෙකුගේ දරුවෙක් නොවේනම් මොහු කාගේ දරුවෙක්දැයි කියාපන්.

2 දාසිය - පුරු පෙළපතේ දරුවෙක්ය. (සුව්රකත කෙලි බඩුව ගෙණෙයි.)

2 දාසිය - බලපන් සර්වදමන, ශකුන්තලාව නම්වූ මෙම කුරුල්ලා.!

ලමයා - (වටපිට බලයි) ශකුන්තලා. අනේ කෝ මාගේ ප්රේ.මනීය මව්! (දාසියෝ දෙදෙනෙම හිනාවෙති.)

1 දාසිය - මොහු මව්ට බොහොම ආ‍දරෙයි. කෙළි බඩුවේ නම කීවාම මොහුට මව් මතක්වුනා.

දුස්මාන්තා - (අහකට) අහෝ මාගේ ශකුන්තලා මොහුගේ මව්ද.

1 දාසිය - ලමයාගේ අතේ බැඳ තිබුන යන්ත්රේය කෝ - ඒක බිම වැටිලා.

දුස්මාන්තා - භයවෙන්ට එපා මොහු සිංහ පැටියා එක්ක සෙල්ලම් කරණකොට ඒක බිම වැටිලා. මම අහුලා අතේ දමඤ්ඤා.

දාසියෝ දෙදෙනම - ඒක අල්ලන්නේ ප්ර වේසම් වෙලයි.

1 දාසිය - අන්න ඒක අහුලා ලමයාගේ අතේ දමනවා.

දුස්මාන්තා - මන්ද ප්රඅවේසම් වෙන්ටෙයි කීවේ.

2 දාසිය - මොහු උපන් වේලාවේදී ආගමේ කටයුතු කරලා නිවාඩු උනායින් පසු මාරිවිගේ පුත්රපයා විසින් මෙම යන්ත්රලය මොහුගේ අතේ බැඳ යම්කලක එය බිම වැටුනොත් අහුලන්ට පුළුවන් මොහුගේ මවුටත් පියාටත් බව කීයේය. වෙන අය අහුලන්ට ගොස් මට්ටුවෙලා සිටිති.

දුස්මාන්තා - එහෙනම් මොහු මගේ දරුවා තමා (දරුවා සිඹ මෙසේ කියයි.)

දනාසිරි - ත්රිමතාල්.

සිත් දයා බැඳුනේ පුත අනේ මාහට දාවී ඉපදුන ප්රාඅණේ දිටුව සැණේ මනවෙලී අදරිනේ ප්රීවතිය - සැදුනේ පුතුනේ පුතුනේ ගෝර ශෝක හදෙන් දුරුවෙය මේ දැන් මාගේ සුන්දරී කෝ කැඳවාපන් දුක් දුක් දුක් ඉතින් ඇරුනේ ඇරුනේ.

2 දාසිය - සුව්රදත අපි ගොසින් මේක ශකුන්තලාට දන්වමු. (නික්මයති.)

පොඩි ලමයා - මගේ මව් බලන්ට යන්ට ඕනෑ.

දුස්මාන්තා - දරුව මා එක්ක ගියාම මව් සැනසෙයි.

පොඩිලමයා - දුස්මාන්තා මගේ පියාය. නුඹ දුස්මාන්තාද?

දුස්මාන්තා - දුස්මාන්නා නොවෙයි කීවත් මට ප්රීකතියි. (ශකුන්තලා කනගාටුව හඟවන ඇඳුමකින් කෙසේ වැටිය පිටට වැටෙන්ට බැඳගෙණ පැමිණෙ.)

පොඩිලමයා - (මව් දැක කියයි) මාතා මට මේ පිටමිනිහෙක් පුතා කියා කතාකරණවා.


(දුස්මාන්තා රජ ශකුන්තලාගේ කරේ අත දමාගෙණ දුක්වී මෙසේ කියයි.)

කාඳරා - ගසල්


දුස්මාන්තා - මම් ශෝක සංවල වී පණේ සිටිමි මෙතෙක් කල් තී නොදැකා මා අත සිදුවූ බෝ දොසින් දෙදරායයි මා ‍මන් අයියෝ දෙදරායයි ම‍ා මන් අත්ඇරුනේ මා හාදකම් චිත්ත මුලාවුනායින් - දේවි වේවා දැන් එ සමා.

ජිල්ලා - දීප්වන්දි

ශකුන්තලා - මහද මන්දිරේ දිලෙන දීප රංගේ සිටින ස්වාමිනේ මෙදා දෝෂ බංගේ දුර්වස සාපේ මෙවර ගෙවුනාදෝ රාජා මට වාසනා වේවා වේවා - මහද මන්දිරේ. සාප දැමුව හින්දා දුකා විකාර සෑදීලා අපහට මේ දෝසා සිද්ධවී විපත්ති පැමිණීලා දැන් නැත කෝපේ- රම්ය රජින්දේ ස්වාමි මට වාසනා වේවා වේවා!

පොඩි ලමයා - මාතා මේ මිනිහා කවුද?

ශකුන්තලා - දරුව ඒ නුඹේ පියාය.

ලමයා - මෙපමණකල් මාගේ පියා කොහේ සිටියාද?

ශකුන්තලා - (දුස්මාන්තාට )පේණවාද පුතා කළ ප්ර ශ්නය.

දුස්මාන්තා - පුතා මා ඈත සිටියත් මගේ හිත උඹලා සමඟයි. වරෙන් පුතා මෙහාට.

ලමයා - අද ලොකු ප්රී ති දවසකි. මාගේ පියා කවුද කියා අද දැනගතිමි.

                            (දුස්මාන්තා ලමයා ඉඹිනකල ලමයා මෙසේ කියයි.)


බයිරවි - ලාවනි.

ලමයා - කළේ ජාතක මා මේ පිතුරේ කුලේ දීප්තිය වෙන්ටා ලෝකේ මාගේ මාතා කියයි මේ පිතුරු නැතුව සිද්ධඋනා බෝදුක හැඩීය බොහොම සුසුම්ලලා මව් නෑරා එශෝක යයි යයි සිත පිරියාවෙමින් මේ කළේ ජාතක ‍මා මේ පිතුරේ.


ශකුන්තලා - ඔහෝ මේ අර මුද්දද?

දුස්මාන්තා - ඔව් මේක ලැබුනාම තමා මට සිහිය ආවේ.

ශකුන්තලා - එහි අනුහස බොහොමයි. මාගැන තිබුන අවිශ්වාසය මේක ලැබුනාම නැතිවුනාද?

දුස්මාන්තා - සොඳුර ඒක ඇඟිල්ලේ දමාගණු මැනව.

ශකුන්තලා - මට ඒක දෙවනුත් විශ්වාසකරන්ට බෑ. ඔබවහන්සේම එය තබාගණු මැනවි. (මාතලී පැමිණෙයි.) කාƒපිජිල්ලා - දිප්වන්දි

මාතලී - සම්භවෙලා දරු දේවි ඔබේ ළය පිරී ශෝකේ ගියේය ළය පිරි ශෝකේ ගියේය විරහ දුක බිරම්වූ යාය මැකී විරහ දුක බිරම්වූ යාය මැකී බෝ සොඳා සාමදානේ - බෝ සොඳා සාමදා‍න යන්ට කීවේය මාරිව් දෙව්පති ඔබතුම කැන්දා වහාම විරහ දුක බිරම්වූ යාය මැකී

දුස්මාන්තා - සුන්දරී දැන් යමු මාරීවි දේවපති කී සේ සුන්දරී. වේවි ඉසුරු බෝලෙස වේවි ඉසුරු බෝලෙස්


පුතුද රැගෙන දේවී යාම නිසි සිද්ධවේ බෝ සැපත සිද්ධවේ බෝ සැපත්.

(සියලුදෙනාම නික්මයති.)


ii ජවනිකා - විථියක්.

[සංස්කරණය]

(දුස්මාන්තා ශකුන්තලා පොඩි ලමයා සහ මාතලී ගමන්කරති)

කාƒපි - ලාවනි.

ශකුන්තලා - ලජ්ජා හිතේ මට දැන් ඇත දෙව්වෙත යනු යනු රජි‍ඳේ බෑ - නොගොසින් සිටිනෙම් - මම නම් විළියෙන් - ලජ්ජා හිතේ.

පොඩිලමයා - කෝල මන්ද ප්රේජමනීය මව්නි නික්මයන්ට දැන්ම කියමැනා

දුස්මාන්තා - සිත විලි නොව සොඳුර මෙවර දෙව්වෙත විගස යමු යමු යමු දැන්.


මාතලී - මාරිච්ගේ ආශිර්වාද එසේ මෙසේ නොවේය. එය ලබා ගන්ට මීට වඩා ප්රසස්තාවක් නොලැබේ.

දුස්මාන්තා - මාතලීගේ කීම බෝම සැබැයි - වහාම අපි සියලුදෙනාම එහි පැමිණෙමු.

ශකුන්තලා - මේ සිදුවී තිබෙන කාරණා සියල්ලක්ම උන්නාන්සේගේ දිව්යස ඇසට පෙණෙන්ට ඇති - එබැවින් මට ලජ්ජයි.

දුස්මාන්තා - අප අතින් කෙරිතිබෙන වැරදි ඕනෑකමට කරගත් ඒවා නොවේ නිසා ඒ ගැන ලජ්ජාවෙන්නේ කුමටද. ඉක්මන්කර යමු.

                                                 (සියලුදෙනාම නික්මයති.)
                   
                       

iii ජවනිකා - දිව්ය මාලිගාවක්.

[සංස්කරණය]

(කාශ්ය ප (මාරිව්) සහ ආදිත සිටිත්)කාඳරා - වර්වරි.

කාශ්ය ප - එල්ලා ඉන්ද්රා ගේ චාපේ - ලාපි භවනේ සුරිඳු දැකලා බූ ලොවේ


දුස්මාන්තා ‍රාජාගේ චාප මෙදිනේ ඒක බෝ හොඳා බැව් හැගී එල්ලා ඉන්ද්රාෝගේ චාපේ ලාපි භවනේ.

භූමිපාලන දක්ෂ රජිඳා අන්න දැන් එනවා මෙහි පානා‍ දේහ රූසිරි දේවි හා ඒ සෝබනා දරුවා සිඹා.

(දුස්මාන්තා, ශකුන්තලා, සර්වදමන සහ මාතලී පැමිණෙති.)

(සියලු දෙනාම හිස නමා ආචාර කරති.)

කාශ්යිප - පාථුවි ලෝකය ආණ්ඩුකරන්ට බොහෝ කාලයක් ජීවත්වේවා.

ආදිති - ජය පානය කරණ හේවායෙක් වේවා.

දුස්මාන්තා - ඔබවහන්සේගේ ආධාරයෙන් මගෙන් තුරන්වී සිටිය සොඳුර ලැබී ප්රීාතියට පැමුණුනෙමි.

කාශ්යපප - මාගේ පුත්රර දුස්මාන්තා. ශකුන්තලාගෙන් නුඹට දාව උපන් මේ දරුවාට ආදර කළෙහිද?

දුස්මාන්තා - සුඬවූ පියානනි. ඒ දරුවා මාගේ ගෝත්රඳය නමැති මහමූදේ පායා තිබෙන පූර්ණක චන්ද්රයයාය.

ආදිති - මේ සිද්ධවූ සියල්ලම දැන් ශකුන්තලා කන්වාට දන්වාපුවාවේ - ඇගේ මව් මේනක මේ සියල්ලක්ම දැන ගෙණ මාගේ පවුලේ සිටින්නීය.

ශකුන්තලා - ඔබවහන්සේ හරියටම මාගේ හිතේ තිබෙන කරුණම යෝජනා කළේය. (ගුලාව පැමිණෙයි.)

කාශ්ය ප - ගුලාව නුඹ විගස ගොසින් ශකුන්තලාට දුස්මාන්තා රජුගෙන් පුතෙක් ලැබී සැපසේ සියලු දෙනාම සාමදානයෙන් සිටින බව කන්වාට දන්වා වරෙන්

ගුලාව - කී ප්රසකාර එය දන්වා එන්නෙමි.


කාශ්යදප - පුත්ර දුස්මාන්ත - තම ස්ත්රි සහ දරුවන් අරන් මෙම රතේ නැගී ස්වකීය රාජ්යයයට නික්මයනු.

කාƒපි හෝරි - දීප්වන්දි.

දුස්මාන්තා - කිතුගොස යන්නේ ලෝ පැතිරා රම්යම ස්වාමිනේ තුති බෝ ලෙසින් දෙන්නෙමි ඉතින් ඔබගුණ සොඳින් දිස්නේ මෙදැන් පවුලේ සාමදානේ වුනා ඔබගෙන් ඒක වුනා රම්යේ ස්වාමිනෙ කිතුගොස යන්නෙ ලෝ පැතිරා.


කාශ්යොප - පුත දුස්මාන්තා. දැන් ඉතින් නුඹේ පවුලේ සාමදානය නොපවතින්ට කරුණක් නැත - මේ සියලු දෝෂ සිදුවුනේ දුර්වසගේ සාපය නිසයි. ඉතින් ගොසින් දශධර්මයෙන් රාජ්යව කරණු.

දුස්මාන්තා - ස්වාමිනා රජකම් කළත් කළකම් පඬිසන් දෙන එක නියමයි - ලෝ‍කයේ සියලුම තරාතිරම්වල අයට දුක සිද්ධවේ.

කාශ්යාප - එය එසේමයි. ඉන් මිදෙන්නේ ලෞකික සැපදුරලන අය පමණයි.

(දුස්මාන්තා, ශකුන්තලා, සර්වදමන ආචාරකර රතය දෙසට ගමන්කරති - යමින් දුස්මාන්තා මෙසේ කියයි.)

බයිරවි - ගසල්

දුස්මාන්තා - නාස්තිවී යන්නාවූ මේ ලෝකේහි උප්පැන්නෙත් දුකා - මා මුදාලා දෙන් සිවා සංසාරයෙන් වන් දුක් මකා - කිම්ද ලෝකේ මේ සැපා සෙව්වොත් සොඳා සජ්ජානා තේරුම්ගෙණා සංසාර දුක් ලාගන් සිඳා.

(සියලු දෙනාම නික්මයති.)

(සියලුම නාට්යනකරුවෝ පැමිණ කියති.)

කල්ය්න් - ලාවනි.

සියවංසේ මහතුනි නළු රස දැන් විඳපු දොසැත අපේ ඊට නොකිපෙත්වා මහතුනි නළු රස දැන් විඳපු සුන්යි වුනා ශාස්ත්රප අපේ, පොරණ අනේ, පැවතුන දීපේ මේ ඒ කිමදැයි දැනගතැකි බල මැනවී පැමිණ මෙහි පෙන්වන නෙ කතා. අසනු මැන බොහෝ සොඳා වැඩවේ මෙලකේ ඉන් සුදී.

............ // ............