තර්ක සංග්‍රහය - i
නිෂකර්ෂොණාය.
ANALYSIS.
පළමුවෙන් තර්කර ව්යාුකරණ යන මේ දෙක ශාස්ත්ර වශයෙන් ඉගැන්වු වේ සින්ඬු ග්රීවස් යන දෙරටෙහිය. මේ දෙරට වාසීහුම ආය්ය් නොවංශිකයෝයි. මොවුහු මුලදී එකම භාෂාවක් ව්යසවහාරකළ එකම රටක විසූවෝය යි සිතිමට කරුණු බොහොය. මොවුන් ගෙන් එක වර්ග යක් අනික් වර්ගමයෙන් මේ ශාස්ත්ර යම්කිසි කලකදි පසුව උගන්නාලදැයි යන කල්පනාවට හෙතු නොපෙණේ. මොවුන් යම් කලක එක පෙදෙසක විසූ බව සැබැ නම් පසුව දුරාරටවලට යම් කිසි හේතුවකින් විසිර ගිය නුමුත් ඒ මුල් රටේදි මේ ශාස්ත්රමයන්ගේ සිඬාන්ත දැනගෙණ සිටිය බව සිතියහැකි; එසේ නොවේ නම් වෙන්වුනායින් පසු අමුතුවෙන් සොයා දැනගත් ශාස්ත්ර වෙන්ටත් බැරි නොවේ.
ශාස්ත්‍ර කලින්කලට වෙනස්කර පහසුකරගැන්ම යූරෝපීය යන්ගේ ස්වභාවකි. ප්රාචීනයෝ එසේ නොව තමුන්ට ඇති ශාස්ත්රායදිය ඉක්මනට අමුතුකෙරිමට නොකමැතිවෙත් ග්රීක් වරුන්ගෙන් යූරෝපා දෙශයෙහි පතළ තර්කුන ශාස්ත්ර්ය එක ආකාරයකටත් සින්ධූදෙශවාසීන්ගේ තර්කප ශාස්ත්රමය ආන්යාකකාරය කටත් පවත්නේ මේ කරණකොට ගෙණයයි සිතියයුතුයි. වෙනස් වශයෙන් පෙණෙතත් දෙකේම සිඬාන්ත එකාකාරයි. මෙයින් කොයි ක්රයමය ඉගෙණගත්තත් ශාස්ත්රියෙන් වැඩි අඩු ලුහුඩක් වේයයි සිතන්ට කරුණු නොපෙණේ.
නුමුත් යුරෝපීය නවීන ශාස්ත්රැක්රකමය සහ ප්රාණචීන ශාස්ත්රග ක්රකමයන් උගත් ආචාය්ය්ණ මක්ස්මුලර් විසින් මේ තර්කයසඞ්ග්රණහ ආදියෙහි පෙණෙන නෛයාසික තර්ක් ශාස්ත්රයක්රුමය උතුම් කොට සලකණලදි.
යූරෝපීය (අරිෂේටාටලීය) තර්කක ශාස්ත්රආයත් නෛයාසික තර්කර ශාස්ත්ර යත් යමෙක් උගත් කල යුරෝපීය මතයෙහි විස්තරතාව ය සඳහා ස්තුති කරණකල්හිම මේ නෛයාසික ක්රමමයෙහි ගැඹුරුබව හා සංක්ෂෙතප භාවයක් සඳහා ඊට ගෞරව කරණවාට සැක නැත්තේය.
2
මේ තර්ක් සඞ්ග්ර හයෙහි කියාතිබෙන සියල්ලම තර්කේ ශාස්ත්රිය නොවේ. මෙය න්යා ය වෛශෙෂික සාඞ්ඛ්යර යොග පූර්වතමීමාංසා උත්තරමීමාංසා හෙවත් වෙදාන්ත යන මේ මත අතුරෙන් න්යා්ය වෛශෙෂක යන මත දෙකින් න්යාාය මතය මුල් කොට ගෙණ සඞ්ග්ර්හ කරණ ලද්දකි.
එසේ වී නම් මෙහි තර්කරශාස්ත්රදයයි වෙන්කොට ගතයුත්තේ කිනම් කාණ්ඩයෙක් දැයි යතහොත්, අනුමාල කාණ්ඩයයි. අනික් සියල්ල ප්ර්තික්ෂෙතපකරමුදැයි විචාරණලද්දේනම් ඒ එසේ නොකටයුතුයි. මෙකල යූරෝපීය ශාස්ත්රකඥයන් විසින් පිළිනොගන්නා යම් කිසි මතයක් මෙහි ඇතත් තවත් මෙහි දක්වන ලද බොහෝ උපදෙශ මෙම ශාස්ත්රනයට ඉවහල් බව දක්නා ලැබේ. මෙහි පෙණෙන ලෙස ආකාශ කාලාදිය ද්රාව්ය වුනත් නුනත් එයින් තර්ක ශාස්ත්ර ය බොරු නොවන්නේය.
ආකාශය ගුණධි කරණයි, එහෙයින් ආකාශය ද්රවව්යයකි; ය නු මෙහි දක්වනලද එක්තරා මතයකි; ගුණධිකරණවු සියල්ල ද්ර්ව්යයෝය. ආකාශය ගුණධිකරණයි යන මෙය පිළිගන්නා යමෙකුට ආකාශය ද්රණව්ය්කි යනු පිළිනෙගෙණම බැරිය. පළමු දැක්වු අවයව දෙනන සැබැද නැද්ද යනු තර්කුයට අයිති ශාස්ත්රරයක් නොව අනික් ශාස්ත්රයයකි. මේ ආදියෙන් තර්ක සඞ්ග්රයහයෙහි දක්වනලද සමහර මත යමෙක් පිළිගත්තත් නො ගත්තත් එයින් තර්ක ශාස්ත්ර යට පලුදුවක් නැති බව හැඟේ.
එහෙත් වෛද්යදශාස්ත්ර ය ගැණවත් නක්ෂයත්රසය ගැණවත් ධර්ම්මය ගැණවත් භාෂාවක් ගැණවත් වෙන කැමති දෙයක් ගැණ යහපත් ලෙස ලිවිමට ව්යාවකරණ ශාස්ත්රදය ඉවහල් වූ සෙයින්ම වෛද්ය ජ්යොශතිශ්ශාස්ත්ර ව්යායකරණ නීති යන මේ ආදි සියලු ශාස්ත්රහගැණම හරිලෙස විතකීණය කෙරිමට තර්කය ශාස්ත්ර ය ඉවහල්වන්නේය.
දෙනු කැමැත්තෝ කපටියෝ නෙවෙති;
මම දෙනු කැමැත්තෙකිම්; එහෙයින්
මම කපටියෙක් නොවෙමි.
යන මෙය ව්යා්ඝ්රයයා විසින් මගියා රවටන පිණිස යෙදු තර්කර යෙකැයි හිතොපදෙශයෙහි උපමා කථාවක් පෙණේ. මෙහි දෙනු කැමැත්තෝ කපටියෝද නැද්ද යන බව නීතිශාස්ත්රායෙන් නිශ්චය කටයුත්තේය. ව්යාකඝ්රපයා සැබවින්ම දෙනු කැමැත්තෙක්ද නැද්ද යනු උගේ සිත පරීක්ෂායකොට දැනගතයුත්තකි. මේ දෙකම සැබැ නම් ව්යාරඝ්රායා කපටියෙක් නොවන
3
බවද එකාන්ත සත්ය.යක් වියයුතුය. නුමුත් සැබවින්ම දෙනු කැමැත්තෙක් නුවුහෙයින් මම කපටියෙක් නොවෙමි. යන නිගමනයද බොරුවිය. එය නොවිමසා ක්රිමයා කළ මගියාද මරු මුවට පැමිණියේය.
ඇම තන්හිම පුතුන්ට වඩා පියෝම උතුම් වන්නෝය;
කොටළුවා ඌ නිසා සෛන්ධාව වෙළඹ බඩ උපන් ආජනෙය අශ්වයාගේ
පියාය; එහෙයින්
කොටළුවා ඌ නිසා සෛන්ධිව වෙළඹ බඩ උපන් ආජානෙය අශ්වයාට
උතුම් වන්නේය;
කොටළුවා අටමස්සක් අගනේය. ඌ නිසා සෛන්ධජව වෙළඹ බඩ උපන්
ආජානෙය අශ්වයාගේ අගය මෙතෙකැයි කිය නොහැක්කේය.
මෙයින් කොටළුවා ආජානෙයඅශ්වයාට උතුම් නොවන බව පෙණේ. නුමුත් මුලින් දැක්වු උදාහරණ අවයවය සහ හෙත්වත වයවය සැබෑ නම් කොටළුවා ආජානෙය අශ්වයාට උතුම් වියයුතුමය. ඒ අවයව වයෙනුත් කොටළුවා ඌ නිසා සෛන්ධ ව වෙළඹ බඩ උපන්න ආජානෙය අශ්වයාගේ පියාබව ඇත්තකි. එතකොට ඇම තන්හිම පුතුන්ට වඩා පියෝම උතුම් යන්න බොරු වියයුතුයි. වෙදෙහ රජ්ජුරුවෝද සෙනකාදි පණ්ඩිත වරාද ඇමතන්හිම පුතුන්ට වඩා පියෝම උතුමැයි කීවෝය. එය වරද බව දක්වනු සඳහා මහෞෂධපණඩිතයන් විසින් මේ තර්කවය යොදනලදැයි උමංදාවේ පෙණේ.
මේ ආදිය විමුස කල හරි ලෙස විතකීණය කෙරිම සියලු දෙනා විසින්ම උගන මනා ක්රිදයාවකැයි පෙණේ. නුමුත් තර්කිශාස්ත්රණය නුගත් බොහෝ දෙනද උවමනා කටයුතු ගැණ විත ර්කවණය කරති, එහෙයින් මෙයින් ප්ර්යෝජන කවරේදැයි අසනු ලැබේ. ගණිත ශාස්ත්ර,ය නුගත් බොහෝ දෙන ගණු දෙනු කර ගණන් බල බේරාගණිති. වෛද්යණ ශාස්ත්රුය නිසි ලෙස නූගත් බොහෝ දෙන වෙදකම් කර ලෙඩත් සුවකරති. මේ නිසා මේ ශාස්ත්ර එපා කරණ කෙනෙක් නැ තර්කමශාස්ත්රරයත් එසේමය.
ශාස්ත්රකය කොයි එක වූ වත් කටයුත්ත කොයි එක වූ වත් තර්ක ශාස්ත්රනයෙන්, විතර්කරණය පිණිස නිසි ලෙස භාෂාව යොදා ගන්ට උගන්වනු ලැබේ. තවද හරි විතකීණ මේය වරද විතකීණ මේ මේ යයි වෙන්කොට ගැන්මටද උපකාරවේ.
4
හොඳහැටි ව්යාරකරණ දැනගත්තෙකුට නමුත් තමා නුගත් අන්යබශාස්ත්රතයක් විසත්ර කර ලියන්ට බැරිවා සේම තර්කු ශාස්ත්ර ය මනාලෙස දැනගත්තත් තමා නොදත් ශාස්ත්රනයක ඇත්ත බේරාගත නොහැකි වේ. ඒ මෙසේ ය:-
මේ උණ රොගී තෙමේ රන් වන් නිය ඇත්තෙකි, එහෙයින් මේ තෙමේ ශෙලෂ්මාජවරයෙන් පෙළෙන්නෙකැයි යමෙක් කිවොත් මෙහි ඇත්ත නැත්ත සොයන්ට දන්නේ වෛද්යෙ ශාස්ත්ර ය උගතෙක් පමණයි. මෙහි අඬ්යාකහාරවු උදාහරණවයව යත් එකතුකොට යෙදු කල මෙසේය.
රන් වන් නිය ඇති සියලු උණරොගීහුම ශේලෂමාජවරයෙන් පෙළෙන්නෝය. මෙ උණ රොගීතෙමේ රන් වන් නිය ඇත්තෙ කි එහෙයින් මේ තෙමේ ශේලෂ්මාජ්වරයෙන් පෙළෙන්නෙකි.
මෙහි සෙවියයුත්තේ මොහුට වැලඳි තිබෙන්නේ වාතජ්වරයද පිත්තජ්වරයද ශේලෂ්මාජ්වරයද යනුයි. මොහුගේ නිය රන් වන් බව ප්රගත්යයක්ෂ,යි. නුමුත් රන් වන් නිය ඇති සැම උණ රොගිහුම ශෙලෂ්මාජ්වරයෙන් පෙළෙන්නෝය යන මෙහි ඇත්ත නැත්ත සොයා ගැණිම වෛද්යාශාස්ත්ර්යෙන් වියයුතුයි. රන් වන් නිය ඇත්තේ පිත්තජ්වර ලක්ෂයණයකැයි නොදැන මේ යට කී උදාහරණවයවය යමෙක් පිළිගත් කල මේ උණරොගී තෙමේ ශෙලෂ්මාජ්වරයෙන් පෙළෙන්නෙකි යනුද සැබෑවක් මෙන් පිළිගණි.
හෙතු උදාහරණ යන අවයව දෙක පිළිගන්නාලද්දේ නම් නිගමනයද සිතට පිළිගැණෙන බව මේ දැක්වු නිදර්ශේනයන් ගෙන් අඞ්ගිනාරයි. මිට හෙතු කවරේදැයි සොයා බැලියයුතුයි.
සියලු මනුෂ්යායෝම මැරෙණ සුලුය;
පරාක්‍රමබාහු මනුෂ්යමයෙකි; එහෙයින්,
පරාක්රමමබාහු මැරෙණ සුලුය.
යන මේ න්යා යයෙහි වාක්යේතුණක් වේ. තර්ක. ශාස්ත්රකයෙහි වාක්ය යකට පද දෙකකැයි සලකණුලැබේ. ශබ්ද කීපයක්වුනත් එයින් සිතට ආලම්බන වන කල්පනාව එකක්ම නම් එය එකම පදයක් වශයෙන් සැලකීම මෙහි යොග්ය යි. “සියලු සත්වනයෝම” යන්නෙන් අනුභව ඥනය එකක්ම බැවින් එය එකම පදයක් කොට සලකණු ලැබේ. “මැරෙණ සුලුය” යනුද එසේමය. මෙසේම පරාක්රකමබාහු මනුෂ්ය යෙකි යන මෙහිද පද දෙකක් වේ. පරාකර පදමබාහු මැරෙණ සුලුය. යන මෙහිද පද දෙකකි.
5
සියලු මනුෂ්යරයෝම මැරෙණ සුලුය. යන මෙහි “සියලු මනුෂ්ය යෝම” යන ප්රමමුඛ පදය විශෙෂ්යෙයි. එය විශෙෂණය කරණ මැරෙණ සුලුය යන පදය ප්රපකාරයයි කියති. මේ විශෙෂ්ය ප්රකකාර දෙදෙනාගේ සම්බන්ධමය සංසර්ගායයි. එ වු යන ධාතුවෙන් ප්රරකාශවේ. සියුල මනුෂ්ය යෝම මැරෙණ සුලුය යන මෙහි මැරෙණ සුලුවුවෝය, යන වූ ධාතුව අධ්යාිහාරයි. සියලු මනුෂ්යමයෝම මැරෙති. යන මෙහිද, මැරෙන්නෝ වෙති යයි අර්ථ්ක්රිායාවෙන් ද (වු යන ධාතුවෙන් සිඬවු) වෙති යන ක්රි,යාවෙන්ද යෙදිය හැකි වේ.
මෙම වාක්ය්යාගේ විනාගමනය වන මැරෙණ සුලුවු සමහරෙක් මනුෂ්යකයෝය, යන මෙහි මැරෙණ සුලුවු සමහරෙක් යනු වශෙෂ්ය්යි. මනුෂ්යකයෝය, යනු ප්ර කාරයි. අධ්යායහාරවු වෙත් යන ක්රිියාවෙන් ඒ විශෙෂ්යව ප්රෂකාර දෙදෙනාගේ සංසර්ගපය දන්නා ලැබේ.
මනුෂ්යකයෝ සිවුපාවෝ නොවෙති; යන මෙහිද සමහර මනුෂ්යඅයෝ නුවනැත්තෝ නෙවෙති; යන මෙහිද මනුෂ්යද යන පදය විශෙෂ්යයි සිවුපා නොවෙති, නුවනැත්තෝ නොවෙති යුන ප්රයකාරයෝයි.
ප්රෙකාරය නොපවත්නා තැන විශෙෂ්යුයද නොපවතී නම් එ ව්යායප්යි යන විශෙෂ්යතය පවත්නා සෑම තන්හිම මැරෙණ සුලුය යන ප්රොකාරයද පවතීත මනුෂ්යයයෙකන් ඇත්තම් මැරෙණ සුල්ලද එහි ඇත්තේය. මෙහි මනුෂ්යප යන විශෙෂ්යතය ව්යාමප්යුයි මැරෙණ සුලු යන ප්රෙකාරය ව්යානපකයි. මැරෙණ සුලු යන ප්රෙකාරය නැති තැන මනුෂ්යු යන විශෙෂ්යලයද නැත්තේය. මනුෂ්යි බව ඇති තැන මැරෙණ සුල්ලද ඇත්තේය. මෙසේවූ සාහචය්ය්ශ නියමය ව්යායප්තියයි.
මනුෂ්යසයෝ සිවුපාවෝ නොවෙති,
අසිවුපා නොවන්නෝ මනුෂ්යවයෝද නොවෙති,
යන මෙහිද ප්ර්කාරය නැති තැන විශෙෂ්ය්යද නැති බව එනම් සාහචය්ය් යනනියමය නොෙහාත් ව්යාවප්තිය ඇතිබව පෙණේ.
සමහර මනුෂයෝ සුදුය.
සුදු බව නැති තැන මනුෂ්යෝයෝද නැතැයි,
යන සාහචය්ය්ු නියමයක් නැති හෙයින් මෙහි ව්යාවප්තියද නැත්තේය. සමහර සත්ව යෝ නොවෙති. අසිවුපාවෝ
6
නැති තැන සත්වයයෝද නැතැයි යන සාහචය්ය්ව නියමයකුදු ෙනාමැත්තේය. මේ ආදිය විමසා බැලු කල විශෙෂ්යැයෙන් වාච්යැ සියල්ල ප්රයකාරයහා සම්බන්ධතවු කල ව්යා ප්තිය ඇති බවද ඒ විශෙෂ්යෙයෙන් කොටසක් පමණක් සම්බන්ධුවු කල ව්යා ප්තිය නොමැති බවද හැඟේ. *
සියලු මනුෂ්යයයෝම මැරෙණ සුලුය
පරාක්ර්මබාහු මනුෂ්යණයෙකි,
යන මේ වාක්ය් දෙක ඇසුනුතරමින්ම එහෙයින් පරාක්රපමබාහු මැරෙණ සුලුය, යන නිගමනයද සිතට පහලවේ. තර්කරශාස්ත්රහ ක්රලමයට මෙසේ එකිනෙකට සම්බන්ධමවු වාක්යද තුණක් යෙදු කල ඒ එක එක වාක්යරය න්යාවය අවයවයයි කියනු ලැබේ. යට කීලෙස ඒ එක එක අවයවයෙහි විශෙෂ්යකය ප්ර කාරය යි පද දෙක
- 1. අතිව්යාකප්ති ර්නායමා ලක්යෙ එ ලක්ෂිණස්යය සත්වංන, යථා ගොශ ශෘංගිත්වංම ලක්ෂුණමුක්තං වෙදලක්ය්ලෙසභූත ගොභින්න මහිෂාදාවතිව්යාණපතිඃ, තත්රා පි ශෘංගිත්වස්ය සත්වානත්.
2. අව්යාකපතිර්නානම ලක්ෂෛනක දෙශාවෘර්තෙතිත්වං තථා ගොනිති ලරුපවත්වංං ලක්ෂිණ මකුතාංවෙ චෙජ්වත ගවි නිලරූපා භාවාදව්යාලපතිඃ 3. අසංභවො නාම ලක්ය්ිලර මාත්රෙද කුත්රාතපි ලක්ෂාණසත්වාත යථා ගොරෙක ශවවත්වංව ලක්ෂාණමුක්තං වෙදෙගාසාමාන්යයස්යය විශඵවත්වෙත නෛක ශඵවත්වංස්යක කුත්රාෙප්යයසත්වාප දසම්භවඃ
-න්යායබොධිනි
1. අතිව්යානප්තියනම් අලක්ය්යයායෙහි ලක්ෂ ණයාගේ විද්යානමාන බවයි. එසේය ගොනුගේ අං ඇති බව ලක්ෂතණකොට කියන ලද්දේනම් අලක්ය්වාපවු ගවයන්ගෙන් වෙනවු මහිෂාදියෙහි අතිව්යා්ප්තිය වේ. ඔවුන් කෙරෙහිදු අං ඇති බව තමා විද්යාාමාන බැවිනි.
2. අව්යාාප්තිය නම් ලක්ය් අලයාගේ එක දේශයෙක්හි (ලක්ෂාණය) නොපවත්නා බවයි. එසේය ගොනුගේ කාලවර්ණය ඇති බව ලක්ෂ්ණකොට කියලද්දේ නම් සුදු ගවසා කෙරෙහි කාලවර්ණේය අවිද්යාඇමාන හෙයින් අව්යාකප්තිය වේ.
3. අසමභවය නම් ලක්ය්‍ලව මාත්රෙයෙහි කොතනක වත් ලක්ෂණය නැති බවයි. යම් සේ ෙගානුගේ තනි කූර ඇති බව ලක්ෂඅණ කොට කියන ලද්දේනම් ගවයන්ගේ සාමාන්ය ය තමා දෙකුර ඇති බැවින් එකකුර ඇති බව කොතනක වත් අවිද්යාගමාන හෙයින් අසම්භවය වේ.
7
දෙක ඇත්තේය. මෙසේ අවයව තුණේ පද යයක් ඇතැයි ගණන් වශයෙන් පෙණෙතත් අර්ථිවශෙයෙන් බැලු කල ලද තුණක් පමණක් ඇත්තේය.
සියලු මනුෂ්යියෝම මැරෙණ සුලුය, පරාක්රමමබාහු මනුෂ්යැයෙකි, එහෙයින් පරාක්රමමබාහු මැරෙණ සුලුය,
යන මෙහි මනුෂයෝය, මැරෙණ සුලුය, පරාක්රෙමබාහුය, යන පද තුණක් පමණක්ම ඇත්තේය. අනික් ශබ්දයෝ ඒ පදයන් සම්බන්ධන විශෙෂණ ආදියයි.
පරාක්ර මබාහු මැරෙණ සුලුය යන අනුමිතියට කරණය වන මුලින් දක්වන ලද වාක්ය දෙක අනුමානයයි කියති. අනුමිතියගේ විශෙෂ්යිය පක්ෂ නම්. ප්රවකාරය සාධ්යණ නමි. ඒ පක්ෂල සාද්යව දෙදෙනාහා සමානකරණු ලබන පදය හෙතු නමි. මෙසේ මෙහි පරාක්රයමබාහු යනු පක්ෂියි, මැරෙණ සුලුය යනු සාධ්යකයි, මනුෂ්යන යනු හෙතුයි. මේ අවයව තුණෙන් එකක හෙතුවත් සාධ්ය්යත් සමාන කර බලනු ලැබේ, ඊට උදාහරණ අවයවයයි කියති. එකක හෙතු වත් පක්ෂබයක් සමාන කර බලනු ලැබේ, ඊට හෙත්ව්වයවයයි කියත්. පක්ෂෂය සාධ්යුයෙහි අන්තර්ගාතය හෙවත් පක්ෂදයත් සාධ්යතයත් සම සමව පවතියයි ප්ර්කාශවන අවයවය නිගම න යයි කියති.
දුම් ඇති තැන ගිනිත් ඇත්තේ යනු උදාහරණවයවයි. පර්වතය දුම් වත්ය යනු වත්ය යනු හෙතු අවයවයි. පර්විතය වහ්නිමත්ය යනු නිමනයි.
මෙහි දුම් ඇති තැන ගිනිත් ඇත්තේයි යමෙක් පිළිගණි නම් දුම වහනියෙහි ව්යා ප්යත බවත් වහනිය ව්යාිපක බවත් පිළිගණි: එනම්, ගිනි නැති තැන දුමත් නැත්තේය: දුම ඇති සෑම තැනම ගිනිත් ඇත්තේයයි පිළිගණි. පර්වළතය දුම් වත් යයි යන පක්ෂ් ධම්ම තාව යමෙක් පිළිගණි නම් පර්වපතයෙහි එසේවු දුම පැවති බව පිළිගණි; කෙසේවු දුම්ද යත් යම් තැනක දුම් ඇත්තේද එහි ගිණිත් ඇත යන මෙසේවූ දුම ඇති බවයි. එතකොට වහනි යන සාධ්යතයට දුම් යන හෙතුව ව්යාෙප්ය යි. පර්වනත යන පක්ෂමය දුම් යන හෙතුවෙහි ව්යායප්යතයි. පර්වතතය දුමෙහි ව්යාෙප්ය නම් දුමවහනියෙහි ව්යා ප්ය නම් පර්ව්තය වහනියෙහි ව්යායප්යි විය යුතුයි; එනම් පක්ෂ ය සාධ්යයයෙහි ව්යාවප්යා වියයුතුයි. පර්වයතය වහ්තිමත්ය යන නිගමනය, මෙයින් සිඞ්යි යම් පදයක් යමක
8
ව්යා ප්යය වුයේ ද ඒ පදයෙහි ව්යා ප්යයවු අනිකක්ද එහි ව්යාප්යමයි. යනු මෙයින් උගත මනා සිඬාන්තයයි.
මනුෂ්යඬයෝ සිවුපාවෝ නොවෙති; උක්කුරාල මනුෂ්‍යයෙකි; එහෙයින් ඔහු සිවුපාවෙක් නොවේ.
මෙහිද සිවුපා නොවන බව අසිවුපා බව හෙයින් මනුෂ්යා යන පදය අසිවුපා බවෙහි ව්යාහප්යනයි. උක්කුරාල යන පදය මනුෂ්යද යන පදයෙහි ව්යාවප්යායි. එසේ හෙයින් උක්කුරාල යන පදය අසිවුපා යන පදයෙහි ව්යාකප්යදයි. අසිවුපා නම් අපා, දෙපා, සපා, අටපා, සියපා, යන මේ ආදි සියල්ලයි එය ව්යා පකයි. මනුෂ්යය යන පදය එහි ව්යාරප්යියි. මෙයද ඉහත දැක්වු සිඬාන්තයෙහිම අන්තර්ගඑතයි.
මාගල් කන්දේ වැසි සමහරු හොරුයයි ලොකප්රෙසිඬයි. එ සේ හෙයින් මම මාගල් කන්දෙන් ආයෙමියි යමෙක් කීවොත් බොහෝ දෙන ඔහුට තවාතැන් පවා නොදෙති. මේක ආරක්ෂාක ව පිණිස හොඳවා මිස තර්ක ශාස්ත්රහ ක්රගමයට නම් වරද කල්පනා වකි. සමහරවිට කල්පනාව හරි වෙන්ටත් පුළුවන, සමහරවිට වැරදි වෙන්ටත් පුළුවන. මෙය අවයව පිහිටියුතු පරිද්දෙන් යෙදු කල මෙසේය.
මාගල් කන්දේ වැසි සමහරු හොරාය; සිමන් මාගල් කන්දේ වැසියෙකි; එහෙයින් සිමන් ෙහාරෙකි. මෙය සැබෑනම්,
සමහර සිංහල මිනිස්සු හොරුය; ජුවන් සිංහල මිනිහෙකි; එ හෙයින් ජුවන් හොරෙකි; යන මෙයද සැබෑ වියයුතුයි. තර්කහ ශාස්ත්රහක්රනමයෙන් මේ දෙකේම වෙනසක්නෑ. නුමුත් ජුවන්ට මෙසේ කීවොත් ඔහුද, ඇයි? හැම සිංහල මිනිස්සුම හොරාද යි? අසනවාට සැක නොකරමු. හැම සිංහල මිනිස්සුම හොරු නම් ජුවන්ද සිංහල මිනිහෙක් නම් ඔහු හොරාවාට සැකනැ.
සැම සිංහල මිනිස්සුම හොරුය; ජුවන් සිංහල මිනිහෙකි; එහෙයින් ජුවන් හොරෙකි.
මෙය පළමු දැක්වු විධියෙහි අන්තර්ගතයි. නුමුත් සැම සිංහල මිනිස්සුම ෙහාරුය; යනු අයථාත්ථිතහෙයින් නිගමනයද නිබොරු නොවෙයි. බොරුමැයි. සිමන් මාගල් කන්දේ වැසියෙක් වන බැවින් හොරෙකි යනුද මෙසේමය.
9
මේ ආදියෙහි හෙතුව ව්යා ප්යකනොවේ. මාගල් කන්දේ වැසි සමහරු හොරානම් තවත් සමහරු නොහොරාය. සිමන් යන පක්ෂමය මෙ දෙකින් කිනම් පදයක ව්යාවප්යහදැයි නිසැකව නො වැටහේ.
මාගල් කන්දේ වැසි සමහරු හොරා නොවෙති; සිමන් මාගල් කන්දේ වැසියෙකි; එහෙයින් සිමන් හොරෙක් නොවේ.
මෙහිද හේතුව ව්යා.ප්යෙ නොවේ. එහෙයින් නිගමනයද සැක සහිතයි.
සමහර පල කැ යුතුයි; කදුරු පලයෝ යි; එහෙයින් කදුරු කැ යුතුයි. සමහර පල කෑයුතු නොවේ; දොඩං පලයෝයි; එහෙයින් දොඩං කෑයුතු නොවේ.
යන මෙයද යට කී න්යාෙයප්රතයොගය මෙන්ම සදොසි. මේ ආදිය විමසිය යුතුයි. මෙයින් හෙතු සාධ්යා දෙදෙනාගේ ව්යා්ප්ය ව්යා පකභාවයක් තිබිය යුතු බව අඞ්ගිකාරයි. පර්වනතය දුම්වත්ය යන මෙහි දුම් යන ව්යා්ප්ය ය පර්ව තය යන පක්ෂකයෙහි පැවැත්ම පක්ෂනධර්මුමතායි. කෙසේවු දුමෙක්ද යත් යම් තැනක දුම්ද එහි ගිනිත් ඇත යන ව්යා්පතියෙන් විශිෂ්ටවු දුම් ඇත්තේය. මෙසේ වු ව්යාමප්තියෙන් විශිෂ්ටවු පක්ෂ ධර්ම මතාව දැනිම පරාමර්ශයයයි. ඒ පරාමර්ශියෙන් උපදනා ඥනය අනුමිතියයි. සමහර පල කෑයුතුය. සමහර පල කෑයුතු නොවේ. කැයුතු යමක් නැති හැම තැනම පලත් නැතැයි යනුත් නොකෑයුතු යමක් නැති හැම තැනම පලත් නැතැයි යනුත් අනඞ්ගිකාරයි. එහෙයින් මේ දෙකේම ව්යානප්ති ලක්ෂයණ නොමැත්තේය. මෙයින් විශිෂ්ටවු පක්ෂන ධර්ම්මතාඥනයද පරාමර්ශමයක් නොවේ. එයින් උපන් ඥනය අනුමිතියකුත් නොවේ.
ඇස් තුනක් ඇත්තේ ඊශ්වරයායි; පොල්ගෙඩිය ඇස් තුනක් ඇත්තේය; එහෙයින් පොල්ගෙඩිය ඊශ්වරයායි.
යන මෙහි ව්යාඇපති විශිෂ්ට පක්ෂ් ධම්මතාවක් කණට ඇසෙතත් පරීක්ෂා කර බැලු කල උදාහරණවයවෙහි ඇස් තුන යන්නෙන් 2
10
රුපය ගන්නාන ඉන්රි යයක් වාව්ය බවද හෙත්ව්යෙහි ඒක සමාන රූපවු නුමුත් ඉන්රිගන් යනුවු අනිකක් එයින් වාච්ය බවද පෙණේ. මෙසේ මේ න්යාපය ප්රහයොගයෙහි අත්ථිග වශයෙන් බැලු කල හෙතුව ව්යායප්ය නොවේ. අත්ථිෙ වශයෙන් හෙතු දෙකක් පෙනේ එකල පදාත්ථිශ තුනක් වියයුතු තැන සතරක් වි තිබේ. මෙහි ව්යාමප්ති විශිෂ්ට පක්ෂතධම්මතාඥනයක් නොමැත්තේය. කම්මැලියෝ උපකාර ලබන්ට සුදුස්සෝ නොවෙති, සමහර මිනිස්සු කම්මැලයෝයි; එහෙයින් සිංහල මිනිස්සු උපකාර ලබන්ට සුදුස්සෝ නොවෙති.
මෙහි හෙත්වදවයවයෙහි පක්ෂකයෙන් වාච්ය වන්නේ සිංහල මිනිසුන් අතුරෙන් සමහරෙක් පමණකි. නිගමනයෙහි සිංහල මිනිස්සු යන්නෙන් සියලු සිංහල මිනිස්සුම වාච්යඋයි. එ නිගමනයෙහි පෙනෙන්නේ හෙත්ව වයවයෙහි කී පක්ෂමය නෙවෙයි. එහෙයින් මේ අනුමිතිය ද ව්යානප්ති විශිෂ්ට පක්ෂලධම්මතාඥනයෙන් උපන් ඥනයක් නොවේ.
හරක් අශ්වයෝ නොවෙති, මනුෂ්යශයෝ අශ්වයෝ නොවෙති:
යන මෙහි හරක් යන්නෙන් වාච්‍ය සියල්ල එක කොටුවක අන්තර්ග තයයි සිතමු, අශ්වයනොවන සියල්ලක ඊට මහත් කොටු වක අන්තර්ගතැයි සිතමු. මේ මහත් කොටුවෙහි අර කුඩා කොටු නව ව්යාවප්යඊයි. එනම් ඊතුළ පැවැත්ම ඇතිවේ. මනුස්යක යන්නෙන් වාච්ය් සියල්ල තවත් කොටුවක අන්තර්ගවතකරමු: ඒ මනුෂ්යොකොටුවද අශ්වනොවන්නන්ගේ කොටුවෙහි ව්යාතප්යඅයි, නුමුත් හරක්යම් කොටුවකද ඒ කොටුවෙන් පිටයි. එසේ හෙයින් මෙයින් අනුමිතියක් නුපදනේය මෙහි ව්යා්ප්තිවි ශිෂ්ට පක්ෂිධම්මතාඥනයක් නො මැත්තේය.
11
ඉංග්රීයසි දැනගැන්ම ප්රියොජනවති; සංස්කෘත දැනගැන්ම ඉංග්රීමසි දැනගැන්ම නොවේ, එහෙයින් සංස්කෘත දැනගැන්ම ප්රමයොජනවත් නොවේ.
මෙහිද සංස්කෘත දැනගැන්ම ඉංග්රීවසි දැනගැන්මෙන් බැහැර වු වත් ප්ර යොජනවත් දෙයින් බැහැර යයි අඞ්ගිකාර නුවුයේ වු වත් ප්රැයොජන වත් සියලු දැනගන්මම ඉංග්රිදසි දැනගන්ම නම් අනුමිතිය උපදි. එනම් ප්ර්යොජනවත් යනු ව්යානප්යද වියයුතුයි. මෙහි එසේ වි නැත. ප්රජයොජනවත් දෙයක් නැති තැන ඉංග්රීයසි දැනගැන්මත් නැතැයි යන ව්යාුප්තිය මෙහි නොමැත්තේය.
ව්යිවහාරයෙහි සැමතැනම න්යානය වාක්යන මෙසේ පිළිවෙළට නොයොදති. සංස්කෘත දැනගැන්ම ඉංග්රී්සි දැනගැන්ම නොවන හෙයින් ප්රායොජනවත් නොවේ යයි කීවොත් මෙහිද පක්ෂහ සාධ්යො හෙතු යන පද තුන පෙනේ. මෙයින් වාක්යය තුන යොදා ගත හැකි වේ.
තර්කය සඞ්ග්ර හයෙහි ප්ර තඥ හෙතු උදාහරණ උපනය නිගමනයයි න්යායයාවයව පසක් දක්වා තිබේ. පළමු පෙන්නු දෘෂ්ටාන්තාදියෙන් හෙතු උදාහරණ නිගමන යන මේ තුන අවශ්ය බව පෙනේ. යූරෝපිය ශාස්ත්රණයෙහි පිළිගන්නේ මෙපමණෙක් මය.
තවද මේ තර්කිසඞ්ග්රපහයෙහි අන්වෝය ව්යිතිරෙකි කෙවලාන්වමයි කෙවලව්යුතිරෙකි යයි ලිඞ්ගය තුන්වැදෑරුමැයි දක්වා තිබේ. එහි විභාග තර්කවසඞ්ග්රරහයෙන් බලා ගත යුතුයි. එය මනා භෙදයක් බව විමසු කල හැගේ.
නුමුත් යුරෝපීය තර්ක ශාස්ත්රතයෙහි වාක්යම සතර ආකාරයයි නියමකොට ඒ වාක්ය් න්යාරයාවයව වශයෙන් තුනතුනට බෙදි ගිය කල න්යාකය ගණ සිවු සැටකට ප්රුස්තාර වන බව දක්වා ඉන් දහනවයක් සෙඞ්තුයයි සමහර ආචාය්ය්් යන් විසින් පිළිගෙණ ඊට සුත්රු දක්වා තිබේ. මෙයිනුත් පසළොසක් ඉතිරි හතර ගණයේ අන්තර්ග ත බව කියති. ප්රසධාන හතරමේය. අරිෂේටාටල් නම් තර්කා චාය්ය්්ග යන්ගේ අඞ්ගසූත්රුයට අනුකුලව පවත්නේ එ සතර පමණකි. ඉතිරි පසළොසට උපාඞ්ග සුත්ර් තනා තිබෙන වත් ඇර මේ පළමු කීන සතර යෙදි තිබෙන අන්දමට ඒ වා පෙරලන පිණිස ගුරුකම් දක්වා තිබේ. මීට වඩා ඵාසු විධියක් යුරෝපීය පණ්ඩිතයන් විසින් සොයන්ට උත්සාහ දරතත් තව ම ඒ අදහස මුදුන් නොපැමිනි බව ආචාය්ය්් ජේවොන්ස් කියා තිබේ.
12
නිසිලෙස විනකීණය කෙරිමට තවත් බොහෝදෙයක් දැන ගතයුතු බව නෛයායික තර්කීශාසුත්රබයෙහි කියතත් එකම “ව්යාතප්ති විශිෂ්ට පක්ෂයධම්මතාඥනං පරාමශිඃ තජ්ජන්යිඥනමනු මිතිඃ” යන සූත්ර්යට යූරෝපීය තර්කය ශාස්ත්රංක්රජමයෙහි පෙනෙන සියලු සුත්රාම අසුවි තිබෙන බව ඉහත දක්වන ලදි. මේ සූත්රමය ෙගාඩඞ්න සුධින් විසින් “පක්ෂර නිෂ්ඨ විශෙෂ්යකතා නිරූපිත හෙතු නිෂ්ඨ ප්රශකාරතා නිරූපිත ව්යාහපති නිෂ්ඨ ප්රවකාරතා ශාලිඥනං පරාමශිඃ”යි නිෂ්කර්ෂ් කොට තිබේ. යූරෝපීය තර්කෂ ශාස්ත්රක ක්රංමයෙහි දක්වනලද බාර් බරා කෙලාරෙණ්ටි දරියි පෙරියෝ යනාදි න්යා ය ගණ දශනවයම විමසා බැලු කල ඒ හැම ගණයේම ව්යායප්තියක් ඇති බව ද පක්ෂ ධම්මතාව එයින් විශිෂ්ටබවද අනුමිතිය එයින් ඉපදි තිබෙනබවද මනා ලෙස හැඟේ. යූරෝ පිය ශාසත්රන ක්රමමයෙහි දුෂ්ප්රවයුක්ත යයි කියන ලද සතර වෙනි වර්ගයයේ “දිමාරිස්” නම් ගණය මෙසේය:
සමහර මනුෂ්ය යෝ සුදුකෙළිති; සුදුකෙළින්නෝ රට දියුණු විමට බාධකයෝය; එහෙයින් රට දියුණුවිමට බාධකවු සමහරු මනුෂ්යෝයෝය.
රට දියුණුවිමට බාධකවු සමහරු මනුෂ්යනයෝය යන මේ අනුමිතියට හෙතුව සුදුකෙළින බැවිනි යනුයි. එතකොට මෙය මෙසේ යෙදියයුතු බව පෙනේ.
සුදු කෙළින්නෝ රට දියුණුවිමට බාධනයෝය: සමහර මනුෂ්යනයෝ සුදුකෙළිති; එහෙයින්, සමහර මනුෂ්යනයෝ රට දියුණුවිමට බාධකයෝය.
පළමු කී දුෂුප්රදයුක්ත න්යාෙයප්රියොගයත් මේකත් සමකර බැලු කල මෙහි අමුත්තකට පෙනෙන්නේ නඑහි දෙවෙනි අවයවය මෙහි පළමුවෙනි කොටත් පළමුවෙනි අවයවය දෙවෙනි කොටත් යොදා ඒ බලයෙන් අනුමිතියෙහි විශෙෂ්යිය ප්ර කාරය කොටත්, ප්රිකාරය විශෙෂ්යයය කොටත් තබනලද බවයි. මෙය අරිස්ටොටල්ගේ අඞ්ගසුත්රවයට එකඟයි. එහෙයින් සමප්රකයුක්තයි. කියති. මෙහි සුදුකෙළන්නෝ රට දියුණුවිමට බාධකයෝය; යනු ව්යාසප්තියි සමහර මනුෂ්යුයෝ සුදුකෙළිති යනු ඒ ව්යා ප්තියෙන් විශිෂ්ට පක්ෂිධම්මතාවයි. සමහර මනුෂ්‍ළයයෝ රට දියුණු විමට බාධකයෝය යන අනුමිතිය එයින් උපන් ඥනයයි. දිමාරිස් යන්නෙහි මකාරයෙන් ඒ මකාරයාගේ දෙපසෙහි වාක්යය මාරු කළයුතු බවද සකාරයෙන් පද පෙරළිය යුතු බවද උගන්වා තිබේ. මෙහි අපවිසින් කරණලද්දෙත් ඒමය.
13
අර්ත1ථාපත්ති.
ව්යාතවහාරයෙහි තවත් විතර්කේණ ක්ර ම ස්වල්පයක් පෙණේ එයින් ප්රිධානවු සමහරෙක් මෙහි දක්වනු ලැබේ. 1. මහ මුගලන් තෙරුන්නාන්සේ ඍඬියෙහි කෙළ පැමිනි සේක් වි නම් සොරුන් විසින් පොළු ලදුව පිරිනිවන් පානු ෙනාහැක. 2. ඉදින් සොරුන් විසින් පොළු බාන ලදුව පිරිනිවන් පෑසේක් වී නම් ඍඬියෙහි කෙළනොපැමිනි සේක. මෙය මිලිඳු රජ්ජුරුවන් විසින් ප්රිශ්නයක් කොට නාගසේන තෙරුන්නාන්සේ ගෙන් විචරාණ ලදැයි මිලින්ද්පරවිසශ්නයෙහි කියා තිබේ. මේ වාක්ය දෙකෙන් පළමුවෙනි වාක්යුය විමසා බැලු කල මෙහි පූර්වතවෘත්තියකුත් උත්තරවෘත්තියකුත් ඇති බැව් පෙනේ. “ඉදින් මහමුගලන් තෙරුන්නාන්සේ ඍඬියෙහි කෙළ පැමිනි සේක් විනම්” යනු පූර්වමවෘත්තියයි. සොරුන් විසින් පොළු බාන ලදුව පිරිනිවන් පානු ෙනාහැකිය යනු උත්තරවෘත්තියයි. මිට “අර්තාපත්ති”යි කියති. මෙයද, පළමු දක්වන ලද න්යාරයාවයව නුයට නගා ව්යාඅප්ති විශිෂ්ට යනාදි සූත්රතයෙන් විනිශ්චය කළ හැක්කේ ය. නුමුත් ඊට වඩා ඵාසු විධියකින් විනිශ්චය කළහැකි බැව් තර්කාේචාය්ය්නුම වේටිලි විසින් කියාතිබේ. එනම් පූර්වයවෘත්තිය සැබෑනම් උත්තරවෘත්තියතක් සැබෑය. මුගලන් තෙරුන්නාන්සේ ඍඬියෙහි කෙළ පැමිනි බැව් සැබෑනම් සොරුන් විසින් පොළු බානලදුව පිරිනිවන් පානු නොහැකිය යනු සැබැවිය යුතුයි, අනික් අතින් උත්තරවෘත්තිය බොරාවිනම් පූර්වනවෘත්තියත් බොරුය. එනම්, මුගලන් තෙරුන්නාන්සේ සොරුන් විසින් පොළු බාන ලදුව පිරිනිවින් පෑ නොහැක්කේය යනු බොරු නම් (පිරිනිවින් පෑ සේක් නම්) ඍඬියෙහි කෙළ පැමිනිසේක යනුත් බොරු වියයුතුයි. එනම් ඍඬියෙහි කෙළ නොපැමිනි කෙනෙක් බව සැබැ විය යුතුයි.
නුමුත් පූර්වැවෘත්තිය බොරුවුනාට උත්තරවෘත්තිය බොරු විය යුත්තේ වත් උත්තරවෘත්තිය සැබෑ වුනාට පූර්විවෘත්තිය සැබෑ විය යුත්තේ වත් නැ කුමක් හෙයින්ද යත් කියන ලද පූර්වූන වෘත්තිය හැර අන්යය පූර්වුවෘත්තියකින් උත්තරවෘත්තිය සිදු විය හැක.
ඉදින් දුම ඇත් නම් ගිනිත් ඇති, දුම තිබේ; එහෙයින් ගිනිත් ඇති.
14
යන මෙහි කියන්නේ පූර්වහවාත්තිය සැබැයි, එහෙයින් උත්තර වෘත්තියත් සැබැ විය යුතුයි යනුයි. මේ අන්වයය ව්යා ප්තියෙන් අත්ථියපත්තියි.
ඉදින් දුම ඇත්නම් ගිනිත් ඇත්, නුමුත් ගිනි නෑ එහෙයින් දුමත් නැත්තේය
මෙහි කියන්නේ උත්තරවෘත්තිය බොරුය්; එහෙයින් පූර්ව් වාත්තියත් බොරුයි යනුයි-මේ ව්යතතිරෙක ව්යා ප්තියෙන් අත්ථිවපත්තියි.
ඉදින් දුම ඇත්නම් ගිනිත් ඇති; නුමුත් දුමනෑ, එහෙයින් ගිනිත් නැතැයි
කියනොහැක්කේය. එනම් පූර්ව වෘත්තිය බොරුවුනාට උත්තර වෘත්තිය බොරු විය යුතු නොවේ. රත් යවටෙහි දුම නැතත් ගිනි ඇත්තේය.
එසේම ඉදින් දුම ඇත්නම් ගිනිත් ඇත: ගිනි තිබෙයි, එහෙයින් දුමත් තිබියයුතුයි.
යන මෙසේ උත්තරවෘත්තිය සැබැ වුනාට පූර්වතවෘත්තිය සැබෑ වෙන්ට නොපිළිවන: රත්යටටෙහි ගිනි ඇතත් දුම් නැත්තා සේයි. මේ කෂායෙන් සුවය ලැබේ නම් මේ තැනැත්තාගේ රොගය උණකි. මේ කෂායෙන් සුවය ලැබුනි, එහෙයින් මේ රොගය උණකි.
මේ රොගය උණක් නොවේ එහෙයින් මේ කෂායෙන් සුවය නොලැබේ. යන මෙය සැබෑය. නුමුත් මේ කෂායෙන් සුවය ලෑබුනේ නෑ: එහෙයින්. මේක උණක් නොවේ: කියන්ට හෝ, මේ තැනත්තාගේ රොගය උණකි. එහෙයින් මේ කෂායෙන් සුවය ලැබිය යුතුය නියන්ට හෝ නොපිළිවන; උණ සුව වෙන අන්යෂ ඖෂධත් ඇති බැවිනි.
මේ ස්ථානය මේ කවයේ මැද නොවේ නම් අන් තැනක් මැදවිය යුතුයි. නුමුත් අන් තැනක් මැද නොවේ. එහෙයින් මේ ස්ථානය මේ කවයේ නොමැද නොවෙයි, මැදමැයි; යනු යුකලිඞ්ගේ ක්ෂෙථත්රේ ගණිතයෙහි පෙනේ.
වෛකල්පිත වාක්යක
එක්කෝ රන්හාමි වරදකාරයාය, නැත්නම් ඔහුටවිරුඬව සාක්ෂිේ කී විජයහාමි බොරුකාරයෙකි.
15
මේ වෛකල්පිත වාක්යෙයි. මෙයින් එක වාක්යටයක් බොරුයයි පිළිගන්නානලද්දේනම් ඉතිරි වාක්ය ය සැබැවිය යුතුයි. විජය හාමි බොරු කාරයෙක් නොවෙයි; එහෙයින් රන්හාමි වරදකාරයෙකි.
(1) මේ ඍතුව එක්කෝ වසන්තය, නැත්නම් ග්රී ෂ්මය, නැත්නම් වර්ෂාරය, නැත්නම් ශරත්ය, නැත්නම් හෙමන්තය, නැත්නම් ශිශිරය. (2) මේ ඍතුව වසන්තය නොවෙයි, ග්රීනෂ්මන නොවෙයි, වෂාත් නොවෙයි, ශරදත් නොවෙයි; එහෙයින්, හේමන්තා හෝ ශිශිර හෝ විය යුතුයි.
(3) මේ ඍතුව වසන්තය; එහෙයින්, මෙය ග්රීිෂ්මන් නොවෙයි, වර්ෂාාත් නොවෙයි, ශරදත් නොවෙයි, ශිශිරත් නොවෙයි.
මෙසේ යොදනලද අවයවයන් අතුරෙන් එකක් සැබැවිය යුතු බව මෙයින් හැඟේ. එකක් සැබැයයි. පිළිගත් කල අනික හෝ වැඩිගණනක් හෝ බොරු යයි කිව හැකි වේ. එසේම එකක් හෝ වැඩිගණනක් හෝ බොරු යයි කිව හැකි වේ. එසේම එකක් හෝ වැඩිගණනක් හෝ බොරු යයි පිළිගත් කල ඉතිරි අවයවය හෝ වැඩි ගණනක් නම් ඒ සියල්ල විකල්පයෙන් සැබැ යයි පිළිගත හැකි වේ. එසේවූවත් මේ අවයවයන්ගේ සම්බන්ධියක් ඇති විය යුතුයි. එක්කෝ ලංකාව වීපයක, නැත්නම් ඇතා අශ්වයෙක; යන මෙයින් යමක් ප්රකනීති නොවේ; සම්බන්ධවයක් නොමැති හෙයිනි.
මේ වාක්යියෝද අත්ථි්පත්ති මෙන් යොදතහැක. ඉදින් රන්හාමි වරදවකාරයා නොවේ නම් විජයහාමි බොරු කාරයෙකි; නුමුත් විජයහාමි බොරුකාරයෙක් නොවේ, එහෙයින්, රන්හාමි වරදකාරයෙකි, යන මෙසේය. එසේ වුව මෙය ද ‘ව්යාඑපතිවිශිෂ්ට’ යනාදියෙන් විනිශ්චය කළ හැකිවේ.
උභතොකොටික
අත්ථි පත්ති වර්ගදයෙකැයි ආචාය්ය්ක වෙට්ලිගේ කල්පනාවයි. අත්ථියපත්තියෙන්ද වෛකල්පික වාක්ය යෙන්ද සම්බන්ධවව යෙදි තිබෙන බව පෙණෙන්ට තිබේ. එහෙත් විනිශ්චය කටයුත්තේ අර්ථාපත්තිමෙනි.
(1) ස්වර්ගතයට පැමිණියෝ මනොරථ සිඬවකරගණු ලබන්නෝ නම් සුවපත්වෙති; (2) මනොරථයෙන් දුරුවුවෝ නම් ඒත් සුවපත්වෙති; (3) එක්කෝ ඔවුහු මනොරථ සිඬකරගණු
16
ලබති, නැත්නම් මනොරථයෙන් දුරුවුවෝ වෙති. එහෙයින් ඔවුහු සුවපත්වෙති.
මෙහි මනොරථ සිඬකරගණු ලබන්වනෝ නම්’ කියාද ‘මනොරථයෙන් දුරුවුවෝ නම්,’ කියාද පූර්ව වෘත්තික දෙකකි. මේ දෙකේම ඵලය ‘සුවපත් වෙති යන එකම උත්තරවෘත්තියයි තුන් වෙනි වාක්ය්යෙන් කියන්නේ මේ පූර්ව්වෘත්ති දෙකෙන් එකක්ක වත් සැබැ න්ම උත්තරවෘත්තිය සැබෑ විය යුතු බවයි.
මෙසේ පූර්වැවෘත්ති කීපයකින්ද උත්තර වෘත්ති කීපයකිස්ද යුත් උභතොකොටිකත් තිබේ. මෙහිද පූර්වතවාත්ති සැබෑයයි වි කල්පයෙන් පිළිගත්කල උත්තරවෘත්තිද විකල්පයෙන් සැබෑ යයි පිළිගත හැකි වේ.
කළුවා ගෙයක් බිඳින්නෙමැයි ගිවිස ගියේ යයි සිතමු. ඉදින් ඌ ගෙය බැන්දේ නම් නීතිය කඩකළ වරද කාරයෙකි; ගෙය නොබින්දේ නම් ගිවිසුම් කඩ කළේය: ඌ එක්කෝ ගේ බින්දේය නැත්නම් නොබින්දේය: එහෙයින්, ඌඑක්කෝ නීතිය කඩ කළ වරද කාරයෙකි, නැත්නම් ගිවිසුම් කඩ කළ කෙනෙකි.
ඩිමොස්තිනීස් නම් හෙල්ලින වාගිශ්වරයාගේ ප්රඩසිඬ කථාවක දි කරුණු සහිතව මෙසේ කියා තිබේ.
ඉදින් ඊශ්විනිස සැනකෙළි කෙළියේ නම්. ඔහු තැපලයෙකි; නොකෙළියේ නම්, ස්වදෙශ හිතකාරි නොවේ. ඔහු එක්කෝ සැනකෙළි කෙළියේය, නැත්නම් නොකෙළියේය; එහෙයින් ඔහු එක්කෝ තැපලයෙකි නැත්නම් ශ්වදෙශහිතකාරි නොවේ මෙහිද විකල්පයෙන් පූර්වකවෘත්ති පිළිගත් කල උත්තර වෘත්තිද විකල්පයෙන් පිළිගත යුතු බැව් හැඟේ. අනවඋත්යද ව්යානප්තියෙන් සිඬවු උභතොකොටිකයි.
මෙසේ ම පූර්ව්වෘත්ති කීපයක්ද ඒ එක එකට වෙන වෙනම උත්තරවෘත්ති නකිපයක්ද තිබුනේ වි නම් ඒ උත්තරවෘත්ති විකල්පයෙන් ව්යඋතිරික්ත කළ කල්හි, පූර්ව්වෘත්තිද විකල්පයෙන් ව්යවතිරික්ත කළ හැකිවේ. ලීලියස් නුවනැත්තෙක් නම් සෙල්ලමට බොරු නඩු නොකි යයි: ඔහු සතපුරුෂයෙක් නම් ආශාවෙන් බොරුනඩු නොකිය යි: නුමුත් ඔහු සෙල්ලමට හෝ ආශාවෙන් හෝ බොරුනඩු කියන්නා; එහෙයින්, ඔහු එක්කෝ නුවනැත්තෙක් නොවේ නැත්නම් සත්පුරුෂයෙක් නොවේ. 17
මේ ව්යෙතිරෙක ව්යාසප්තියෙන් සිඬවු උභතොකොටිකයි. උභතොකොටිකයන්ගේ භෙද බොහෝ යි; ග්රෙන්ථො ගෞරව බියෙන් නොලියනලදි. මෙයද අර්ථාපත්ති මෙන්ම ‘ව්යාරපතිවිශිස්ට’ යනාදියෙන් විනිශ්චය කළ හැකිවේ.
‘ව්යාවපති විශිෂ්ට පක්ෂ්ධම්මතාඥනං පරාමර්ශප තජ්ජන්යනඥන මනුමිතිඃ’ යන මෙයින් ග්රළහණය කටයුතුවු ප්‍රධාන තර්කධ විධි මෙහි සැකවින් දක්වනලදි.
ව්යානපති ග්රකහණය INDUCTION
යට කී පරාර්ථානුමානයෙන් නොදත් දෙයක් දැන ගත නොහැක්කේය; යම් තැනක දුමද එහි ගිනිත් ඇතැයි යමෙක් පිළිගත්තේ වි නම් දුම් ඇති පර්ව තාදි සෑම තැනම ගිනි ඇති බැව් පිළිගණු ලැබේ: එහෙයින් නිගමන යාගෙන් පලක් නැතැයි සමහරු කියති. සියලු දෙනාම තර්කඑකණය කරණ අන්දම මේය යනුන මිට උත්තරයි. එහෙත් සමහරරෙක් වරදවා තර්කහකණය කරණ බැවින් හරි තර්කඋකණ මේය වැරදි තර්කකකණ මේය යි වෙන් කර ගැන්මට එහි හැකි තරම් ගුරුකම් දක්වන ලද්දේය.
නුමුත් ව්යාලප්තිග්රතහණය වරදවා කරණ ලද්දේනම් නිගමන යද බොරුවිය යුතුයි. සියලු මනුෂ්යගයෝම සුදුයයි, යුරෝපා දෙශයේ පිටිසර ගමක වැසි බාලයෙක් නිතර සුදුමිනිසුන් දැක්මෙන් ව්යාාප්තිග්රාහණය කෙළේ වී නම්, අප්රිාකා දෙශවාසීහු ද මනුෂ්යදයෝය, එහෙයින් ඔවුහුද සුදුයයි නිගමනය සිඬයි; අප්රිොකා දෙශ වාසිහු සාමාන්යියෙන් කළු බැවින් මෙය සැබෑ නොවන නුමුත් යට කී ශාස්තරීහ ක්රාමවලට අනුව තිබෙන බව පෙණේ ය. පක්ෂ විපක්ෂ් නොවිමසා ව්යාතපතිග්රරහණනය කළහෙයින් මෙහි සැබැ නොවන නිගමනයක් පහළවිය.
යූරෝපීය තර්කයක ශාස්ත්රියෙහි ව්යා ප්තිග්රිහණය මනා ලෙස කෙරිමට ගුරුකම් වෙනම දක්වා තිබේ. න්යායය මතයෙහි මෙය එක්කොට සලකා යථාත්ථිරනුභවය සිව් වැදෑරුම්ය. ප්රිත්යක්ෂ ය, අනුමානය, උපමානය, ශබ්දයයි එහි කරණ චතුර්ව ධයිය දක්වනලදි. මෙසේ පරාමර්ශුයෙන් උපදින සියලු අනුමිතින්ගේ ඇත්ත නැත්ත පිහිටියේ ව්යාපප්තියෙහි බැව් පෙණේ. කාය්ය්ප් 3
18
කාරණයන්ගේ විශෙෂ විභාග දැනගැන්ම ව්යාතපතිග්රබහණය නොවරදවා කෙරිමට අත්යිනේතාපකාරිවේ.
යමෙක් කොළඹ සිට අනුරාධපුර ගොස් ඌරුමසුත් බතලත් බතුත් කා එහි වැවකින් පැන් බිවු කල ඔහුට උණ ගැණුනේයයි සිතමු. මම අනුරාධපුර යම් විටක ගියෙමි නම් එවිට මට උණ ගැණේයයි ඔහු සිතුවොත් ඒව්යාලප්තිග්රයහණය යුතුද? මෙහි උණ ගැණිම් කාය්ය්ු සයට කොළඹින් පිටයාම, අනුරාධපුර විසිම, ඌරුමස් කැම, බතල කැම, බත් කැම, වැවෙන් පැන් බිමයයි, පූර්විවෘත්ති සයක් පෙණේ. මෙයින් උණගැණිමට නියත පූර්වුවෘත්තිය (කාරණය) කවරේද?
(1.) ඔහු කොළඹ ඇවිත් නැවත ඌරුමස් සහ බතලත් බතුත් කා ලිඳකින් පැන් බිවේය; එවිට ඔහුට නැවතත් උණ ගැණුනේය. (2.) ඔහු ගාලුගොස් නැවතත් ඌරුමස් සහ බතලත් බතුත් කා එහි ලිඳකින් පැන් බිවේය; එවිටද උණ ගැණුනේය. (3.) එහිදි නැවතත් ඌරුමස් සහ බතලත් කා පැන් බීවේය. නැවතත් ඔහුට උණ ගැණුනේය. (4.) ඔහු කොළඹ ඇවිත් ඌරුමසුත් බතලත් කා පැන් නොබි වෙන බිමවර්ගනයක් බිවේය. එවිටද ඔහුට උණ ගැණුනේය. (5.) ඔහු නැවත කොළඹදි ඌරුමස් කා පැන් නොබි වෙන බිමජාතියක් බැවේය. එදාද ඔහුට උණ ගැණුනේය. (6.) ඔහු නැවත එහිදි ඌරුමසුත් බතුත් කා පැන්බීවේය, එදාද උණ ගැණේයයි.
එවිට ඌරුමස් මට විරාඬාගාරයෙක, මා විසින් ඌරුමස් කනලද විටම උණ ගැණේයයි මෙසේ ව්යාසප්තිග්රැහණය කළේ වි නම් එය (අන්යද පූර්වඋවෘත්තියක් කාරණය නොවිනම්) නිදොස් බැව් පෙණේ.
එසේම (1.) වල් කිඩාරන් අලන් නයිමිරිසුන් ජයපාලන් යන මේ තුණේ ගුණ වෙන වෙනම නොදන්නා ද පරදෙශියෙක් ඒ වා කැයේයයි සිතමු. එවිට ඔහුගේ කට කසන්ටත් දන්ටත් බඩ පාචනවෙන්ටත් පටන්ගති.
(2.) ඔහු නැවත කිඩාරන් අලත් නයිමිරිසුත් බතුත් කෑයේ ය. එවිට ඔහුගේ කට කසන්ටත් දන්ටත් විය: බඩගිනිද නිවුනේය.
19
(3.) ඔහු නැවත කිඩාරන්අලත් අමුසාලේ බතුත් පොලුත් කෑයේය; එදා ඔහුගේ කට කසන්ටත් මත්ගතියක් දැනෙන්ටත් කටට කිරිරසක් දැනෙන්ටත් විය; මෙසේ වු කල කිඩාරන් කට කසන ගුණ ඇත්තේයයි ඔහු ව්යා ප්තිග්ර හණය කරන්නේය.මෙහි සැක ඉපදිමට කරුණක් තිබේනම් කිඩාරන් අලවල කිසි ගුණයක් නොමැති වියි යුතුයි. නයිමිරිසුත් අමුසාලේ බතුත් කටකසන ද්ර්ව්යණ වියයුතුයි. එසේ නුවුයේ නම් මේ ව්යාසප්තිතග්රනහණය නිසැකයි.
මිට දිර්ඝ ගුරුකමක් යුරෝපීය මතයෙහි පෙණේ. එහි අදහස නම් යම් කාය්ය්ට යකට නොයෙක් වර එකම පූර්වෙවෘත්තියක් පෙණේද,ඒ සියලු වාරවලම නිතර පෙණෙන පූර්වවෘත්තිය ඊට නියත පූර්ව්වෘත්තියයි. නොහොත් කාරණයයි.
මේ සංයොගයෙන් ව්යාිප්ති ග්රටහණයයි.
2. යමෙක් ඌරුමස් සහ බතලත් බතුත් කැ සැමවරම උණ ගැණේ නම් බතලත් බතුත් කෑ සැම විටම උණ නොගැණේ නම් පළමු උණ ගැණිම් කාය්ය්බත යට නියත පූර්වගවෘත්තිය (කාරණය) ඌරුමස් කැමයයි පිළිගතහැක.
යම් මිනිසෙකුට ආහාර නොදි සිටිය කල ඔහු නිසී; ඔහුගේ ප්රාකණය ආරක්ෂානවිමට හෙතුවු ආහාරය වජිතකෙරිමේන ප්රාකණය හානිවුන බැව් සිතිය හැක.
මේ විභාගයෙන් ව්යාටප්තිග්රහහණයයි.
පළමු දැක්වු විධියෙහි සියලු දාෂ්ටාන්තවලම එක පූර්ව වෘත්තියක් නොකඩවම පැවතුනබව පෙණේ. මේ දෙවෙනි විධියෙහි ඒ පූර්ව වෘත්තිය එක දෘෂ්ටාන්තයක යොදා අනික් දෘෂ්ටාන්තයෙහි නොයොදා පරීක්ෂා කර බැලු බව පෙණේ. මේ දෙකින් එක විධියකින් පමණක් ව්යාාප්තිග්ර හණයාගේ සැක දුරුකර ගැන්ම උගහට බැවින් දෙයාකාරයෙන්ම පරික්ෂා්කර ගැන්ම විත්ව විධියයි කියති.
(1) වල් කිඩාරන් අලත් නයිමිරිසුත් ජයපාලත් යමෙක් කෑ විට ඔහුගේ කට කසන්ටත් දන්ටත් බඩ පාචන වෙන්ටත් පටන්ගත්තේයයි සිතමු.
(2) ඔහු නැවත කිඩාරන් අලත් නයිමිරිසුත් බතුත් කෑයේ ය. එවිටද ඔහුගේ කට කසන්ටත් දන්ටත් විය. බඩගිනිද නිවුනේය. (3) ඔහු නැවත කිඩාරන් අලත් අමුසාලේ බතුත් පොලුත්
20 කෑයේය, එදාද ඔහුගේ කට කසන්ටත් මත්ගතියක් දැනෙන්ටත් කිරිරසක් දැනෙන්ටත් විය.
මෙසේ ඔහු කිඩාරන් අල කෑමෙන් කට කැසිම් කාය්ය්ෙ සිදු වේයයි සිතා ගණි. නුමුත් විරුඬ පක්ෂ්ය විසින්. එසේ නොවේ ය, කිඩාරන් අල කට කැසීම් කාය්ය්ටත යට කාරණයක් නොවේ.
නයිමිරිස් ජයපාලල අමුසාලේබත් පොල් යන මේහි මේ ගුණය පවතියයි කිවොත්, ඔහු නැතව, කිඩාරන් අල අත්හැර
(1.) නයිමාරිසුත් ජයපාලත් කෑයේය. එවිට ඔහුගේ කට නොකසා දන්ටත් බඩ පාචන වෙන්ටත් පටන්ගත්තේය. (2.) නැවත නයිමිරිසුත් බතුත් කෑයේය, එවිට ඔහුගේ කට දැයේය, බඩගිනිද නිවුනේය, කට කැසුවේ නැත. (3.) නැවත ඔහු අමුසාලේ බතුත් පොලුත් කෑයේය. එවිට ඔහුට මත්ගතියක්ද කටට කිරිරසක්ද දැනුනේය. මෙසේ පරික්ෂා කළ කල කට කැසිමට හෙතුව කිඩාරන් අල මයයි නිශ්චය කර කිඩාරන් අල කට කසන ද්රකව්යකයකැයි සැක නැතිව ව්යායප්තිග්රවහණය කෙරේ.
මේ සංයොග විභාග දෙකින් ව්යාකප්තිග්රයහණයයි.
කාය්ය්ොග කිපයකට පූර්වගවෘත්ති කීපයක් තිබේනම් එයින් මේ මේ කාය්ය්ඩා යන්ට මේ මේ පූර්වභවෘත්ති කාරණයයි විමසා දැනගත් කල ඉතිරි කාය්ය්නම්යන්ට සෙසු පුර්වභවෘත්ති කාරණයෝයි.
කට දැම නයිමිරිසේන බවත් කටකැසිම කිඩාරන් අලයෙන් බවත් බඉගිනි නිවිම බතින් බවත් සොයා දැන ගත් කල ඉතිරි බඉ පාචනය සහ මත්ගතියත් ජයපාලෙන් සහ අමුසාලේ බතින් බව නිශ්චය කර ව්යාසප්තිග්රලහණය කරණු ලැබේ. වාහස්ජති නම් ග්ර්හයාගේ චන්ර්ව්යයින් සතර දෙනාගේ ග්රබහණ සිදුවෙන කාලය නියම කොට දැන ගත්තෙත් සමහර අවුරුදුවලදි වරුණ නම් ග්ර හයාගේ ගමනේ චපලතාවයක් දැක ඒ ග්රරහයාට ඉහලින් තවත් ග්ර්හයෙක් සිටියයුතුයයි, සිතා ජ්යොහතිශ්ශාස්ත්‍රාචාරින් වන ලැවරියර් සහ ඇඩැම්ස්, නැප්චූන් නම් ග්ර,හයා සොයා ගත්තෙත් මේ විධියෙනි.
මේ ශෙෂත්වනයෙන් ව්යායප්තිග්ර හණයයි.
යම් පූර්වයවෘත්තියක් වෙනස් වෙන පරිද්දෙන් කාය්ය්ාචායක්ද වෙනස් වේ නම් ඒ කාය්ය්ත් යාගේ නියත පූර්ව්වෘත්තිය එය බැව් කියති. විදුරු භාජනයක රසදිය වත්කර තැබු කල ඒ අවට වාතය උෂ්ණාධිකවු විට රසදිය අධික වෙන බවද උෂණ අවු වු
21
වීට රසදිය අඩුවෙනබවද පෙණේ. රසදිය අඩු වැඩි විම් කාය්ය්ිය යට කාරණය උෂණයයි හැඟේ. සූය්ය්දි යා පායන කල අවුව වැටේ බසින කල අවුවද බසී. අවුවට කාරණය සූය්ය්ද යයි නිසැකයි.
මේ අනුවෘත්තත්වයයෙන් ව්යාූප්තිග්රිහණයයි.
මේ ආදයෙහි කාරණය මේය කාය්ය්ය් මේයයි වෙන් කොට ගත නොහැකි තැන ඒ දෙදෙනාගේ සම්බන්ධකයක් ඇති බැව් පමණක් පිළිගතියුතු.
ජ්යොමතිශ්ශාස්ත්රබයෙහිද වෛද්යුශාස්ත්ර යෙහිද රස ශාස්ත්රයයෙහි ද වෙනත් නොයෙක් ශාස්ත්රබවලද අමුතු කරුණු මේ විධිවලින් සොයා දැනගණ තිබේ.
නිෂ්කර්ෂාණය නිමි.
අධොලිපිය:- මේ නිෂ්කර්ෂ ණයෙහි යූරෝපිය තර්කබශාස්ත්රස ක්ර මයත් සින්ධුදෙශියන්ගේ තර්ක ශාස්ත්ර් ක්රණමයත් එක්කොට සලකණ ලද බැවින් තර්කධසඞ්ග්ර් ආදියෙහි පෙණෙන සමහර සාඬේක තික ශබ්ද මෙහි මදක් අත්ථි වෙනස් කොට දක්වනලද බැව් සලකැයියුතු.